Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 313

අපේ බුදුහාමුදුරුවෝ 313 (සන්තිකේ නිධානය)   පඤ්චම ප්‍රාතිහාර්‍ය්‍යය බලන්න මෙච්චර කාලයක් පාරමිතාවන් පුරමින් අනේකවිධි පින්කම් කරමින් පැමිණි උරුවෙලකස්සප බුදුරජාණන් වහන්සේ මුණගැහිලත් තවත් ප්‍රමාද වන සැටි. ඒ තමයි මේ භිහිසුණු සසරේ හැටි. බුදුරජාණන් වහන්සේ තවමත් නිශ්චිත හෝරාව එනතෙක් බලමින් උරුවෙල් දන්ව්වේම වැඩසිටිනවා. දැන් එයටත් බාධාවක් පැමිණෙමින් තිබෙන මොහොතක්. ඒ පාර දැන්

Read More »

Ape Budu Hamuduruwo 314

අපේ බුදුහාමුදුරුවෝ 314 (සන්තිකේ නිධානය) ඒ තවත් එක් භාග්‍යවන්ත දිනයක්. මම එහෙම ලියුවේ භග්‍යවතුන් වහන්සේනමක් ජීවමානව මේ මිහිමඬල ස්පර්ශ කරමින් වැඩසිටින නිසා. උන්වහන්සේ වව බැහැ දැකීමට කල්ප කාලාන්තරයක් පෙරුම් පුරමින් පැමිණි පිරිස් මුළු දඹදිව පුරය පුරාම විසිරිලා. භාග්‍යවතුන් වහන්සේ තවමත් උරුවෙලකස්සප ඇතුළු පිරිසට විමුක්තිය උදා කිරීමට උරුවෙලෙහි වැඩසිටිනවා. භාග්‍යවතුන් වහන්සේට

Read More »

Ape Budu Hamuduruwo 315

අපේ බුදුහාමුදුරුවෝ 315 (සන්තිකේ නිධානය)   ඒ තවත් පැහැබර හිමිදිරියක්. බුදුපියාණන් වහන්සේ තවමත් උරුවෙලෙහි වැඩ සිටින්නේ. රන් හා සමාන කාලය දිනෙන් දින දියවෙන බව උරුවෙලකාශ්‍යපජටිල තවුසාට වැටහෙන්නේ නැති හැටි හරිම පුදුමයි. ඔබ බුදුන් බැහැදකින්න කියලා කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බුදුපියාණන් වහන්සේ දැන් ඔබ අසල. ඔබ ගානකට නොගෙන සුපුරුදු ලෙසම තවුස්වත්

Read More »

Ape Budu Hamuduruwo 316

අපේ බුදුහාමුදුරුවෝ 316 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 07 හිරු දෙවියන් පිදීම සහ ගිනි දෙවියන් පිදීම ඉන්දියාවේ තාපසයන් අතර කල්පගනනාවක සිට පැමිණි චාරිත්‍රයක් කියා පෙනෙන්නේ ජාතක කතා අට්ට කතා කියවීමේදී. අපේ බෝසතාණන් වහන්සේත් තපස් පැවිද්දෙන් සිටි අතීත අත්මභාවයන්හිදී එම චාරිත්‍ර පිළිපැද තිබෙන බව ඉදිරි ලිපිවලින් සමහරවිට ඒ ඒ අවස්ථානුකුලව

Read More »

Ape Budu Hamuduruwo 317

අපේ බුදුහාමුදුරුවෝ 317 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 08 ක්‍රම ක්‍රමයෙන් කාලය ගතවීමෙන් පසු දැන් සීත කාලයත් එළඹිලා. දැඩි සිතය තදින්ම පවතින හේමන්තඍතුව එළඹෙන්නේ නවම් සහ මැදින් මාසවල. ජටිලයෝ මෙම දෙ මස අතර රාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි නේරඤ්ජරානදියෙහි පැන් පහසුවන්නේ චාරිත්‍රයක් හැටියට වෙන්නට ඇති. ඔවුන් මෙදින රාත්‍රියේත් දියනාමින් දියෙහි

Read More »

Ape Budu Hamuduruwo 318

අපේ බුදුහාමුදුරුවෝ 318 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 09 මෙලෙස බුදුරජාණන් වහන්සේගෙන් සමුගත් උරුවේලකාශ්‍යප ජටිල තවුසා තම ජටිල පිරිස ඉන්නා තැනට ලහි ලහියේ පියමැන්නා. ජටිල පිරිවර වෙතට පැමිණි උරුවේලකාශ්‍යප තවුසා ජටිලයන්ට මෙහෙම කියා සිටියා. “භවත්නි, මම මහාශ්‍රමණයා වෙත බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්ට කැමැත්තෙමි. භවත්හු යම් සේ සිතත් ද, එසේ කෙරෙත්වා” තම

Read More »

Ape Budu Hamuduruwo 319

අපේ බුදුහාමුදුරුවෝ 319 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 10 උරුවෙල කාශ්‍යපත් නදීකාශ්‍යපත් ඇතුළු පිරිස දැන් මිත්‍යාදෘෂ්ඨියෙන් මිදී සාසනයේ පැවිද්ද ලබා අවසන්. එහෙත් ගයාකශ්‍යප බාල සොහොයුරා තවමත් ඔහුගේ පිරිසත් සමග සුපුරුදු තවුස් වත් පුරමින් නදියේ තවත් පහල ජීවිකාව පවත්වමින් යනවා. ඒ වෙලාවේ තමයි හදිසියේම තම සහෝදරයන් දෙදෙනා ඇතුළු පිරිසගේ හිසකේ

Read More »

Ape Budu Hamuduruwo 320

අපේ බුදුහාමුදුරුවෝ 320 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 11 ගයා තීර්ථ, සහ ගයා ශීර්ෂය ඉතින් ඔය විදිහට මහත් වූ කරුණාවෙන් දයාවෙන් වෙහෙසෙන් තුන්දහස් පන්සියයක් පමණ වූ ප්‍රාතිහාර්ය පාමින් උරුවෙල කස්සප ඇතුළු ජටිලයන් දහස දමනය කරගත් අපේ බුදුහාමුදුරුවෝ උරුවෙල්දනව්වෙහි කැමැති තාක් වාසය කොට පුරාණජටිලයන් වූ දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා

Read More »

Ape Budu Hamuduruwo 321

අපේ බුදුහාමුදුරුවෝ 321 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 12 ආදිත්‌තපරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කොට දහසක් පුරාණ ජටිල හිමිවරු අරහත්වයට පත්වීම. භාග්‍යවතුන් වහන්සේගේම සෘද්ධියෙන් පහළ වූ පා සිවුරු දරන ඒ දහසක් ශ්‍රමණයන් රැගෙන මීට ඉහත සඳහන් පරිදී උන්වහන්සේ ගයා ශීර්ෂය වෙත වැඩම කරනු ලැබුවා. උන්වහන්සේ භික්ෂූන් විසින් පිරිවරණා ලදුව වැඩ

Read More »

Ape Budu Hamuduruwo 322

අපේ බුදුහාමුදුරුවෝ 322 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 13 ඵුස්ස බුදුරජාණන් වහන්සේව සඟවාගත් මහින්ද රජතුමා 01 මිට පෙර ලිපියෙහි බුදුරජාණන් වහන්සේ විසින් උරුවෙල කස්සප ඇතුළු පිරිසට දේශනා කරනු ලැබූ ආදිත්තපරියාය සූත්‍ර දේශනාව සහ එහි දේශනාව කරන අවස්ථාවෙහි එහි තිබූ පාරිසරක කරුණු සහ එහි අනුපිළිවෙල කතාව ගැන යම්තමින් ලීවේ විනය

Read More »

Ape Budu Hamuduruwo 323

අපේ බුදුහාමුදුරුවෝ 323 (සන්තිකේ නිධානය)   උරුවේලකාශ්‍යප ජටිල දමනය 14 ඵුස්ස බුදුරජාණන් වහන්සේව සඟවාගත් මහින්ද රජතුමා 02 ඉතින් මීට පෙර කියූ පරිදී කුමරවරුනට වරයක් දීපු රජතුමා අවසානයේදී කුමාර වරුන්ගෙන් වරයක් ඉල්ලන තරමටම අසරණ වුණා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කිරීමට අවරුදු සතකුත් මාස සතකුත් දින සතකුත් ඉල්ලපු රජතුමාට හිමිවුණේ

Read More »

Ape Budu Hamuduruwo 324

අපේ බුදුහාමුදුරුවෝ 324 (සන්තිකේ නිධානය)   බුදුවරුන් අත්නොහළ ලක්බිම අපේ බුදුරජාණන් වහන්සේට පෙර අපේ හෙළ දිවයිනට බුදුරජාණන් වහන්සේලා තුන්නමක් වැඩි බව ත්‍රිපිටකයේ විනය අට‍්ඨකථාවේ සඳහන්. ඒ මේ ආකාරයට. කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ අපගේ හෙළබිම ඔජදීප නමින් හැඳින්වුයේ. ඒ කාලයේ ඔජදීපයෙහි සත්ත්‍වයෝ මහා උණ රෝගයකින් විපතට පත්වෙලා සිටියේ. හරියටම අද කොරෝනා

Read More »

Ape Budu Hamuduruwo 325

අපේ බුදුහාමුදුරුවෝ 325 (සන්තිකේ නිධානය)   තවුතිසාවට පමණක් දෙවැනි වූ උතුරුකුරු දිවයින දැන් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරි පාද චාරිකාව වැටී ඇත්තේ කපිලවස්තුව දෙසට. ඒ තම පියාණන් මෙන්ම ගිහි ජීවිතයේ සංසාරය පුරාවට පැමිණි බිරිඳ යසෝදරාව, නෑ හිතමිතුරන් පිරිස බැලීමට ගොස් ඔවුන්හට දර්මය දේශනා කොට නිවන් මගට පැමිණිවීමටයි. එහෙත් ඔබට හිතේවි සමහරවිට

Read More »

Ape Budu Hamuduruwo 326

අපේ බුදුහාමුදුරුවෝ 326 (සන්තිකේ නිධානය)   අපට යන්න අවසර නැති අනෝතත්ත විල මින් පෙර ලිපියෙහි කියූ පරිදී අප මහා කාරුණිකයන් වහන්සේ අපගේ මවු බිමට ප්‍රථමවතාවට පැමිණීමට පෙර අති රමණීය වූ ඉතාමත් පුණ්‍යවන්ත මිනිසුන්ගෙන් පිරිපුන් වූ උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය සදහා වැඩම කරනු ලැබුවා. දැන් උන්වහන්සේ එම පිණ්ඩපාත දානයත් සමග ලොවෙහි ඇති

Read More »

Ape Budu Hamuduruwo 327

අපේ බුදුහාමුදුරුවෝ 327 (සන්තිකේ නිධානය)   බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය උතුරුකුරු දිවයිනෙන් ලත් පිණ්ඩපාත දානය හිමාලය පෙදෙසෙහි අනවතප්ත විල ඇසුරු කොට වළඳා අනාගතයෙහි සසුන පිහිටන්නේ ලංකාවෙහි බව දැන එහි යක්ෂයන් දමනය කිරීමට රට මැද මහවැලි ගඟ අසබඩ පිහිටි මහානාගවන නම් උයනට උන්වහන්සේ වැඩම කරනු ලැබුවා. බුද්ධත්වයට නව මසක් ගත වූ තැන

Read More »

Ape Budu Hamuduruwo 328

අපේ බුදුහාමුදුරුවෝ 328 (සන්තිකේ නිධානය)   බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය මෙලෙස ඒ යක්ෂ සමාගමට භාග්‍යවතුන් වහන්සේ විසින් ගිරිදිවයිනෙහි ඉඩකඩ ලබාදීම නිසා අපේ මේ පුංචි දිවයින තවත් මහා උවදුරකින් බුදුවරයෙක් විසින්ම බේරාගනු ලැබුවා පමණක් නෙවෙයි අද වනතුරුම ඒ ආරක්ෂාව එලෙසම පවතිනවා. තවමත් භාග්‍යවතුන් වහන්සේ විසින් එලාගත් පත්කඩේන් ගිනිදාරා දසත නික්මෙනවා. ඒ ගින්දැල්

Read More »

Ape Budu Hamuduruwo 329

අපේ බුදුහාමුදුරුවෝ 329 (සන්තිකේ නිධානය)   අති සුන්දර මෙන්ම බොහෝ අතීත බුදුවරුන් විසූ රජගනුවර අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙර කී පරිදී බුද්ධත්වයෙන් පසු තම ඥාතී වර්ගයා දැකීමටත් පෙර ශ්‍රී ලංකා භූමියට වැඩම කරනු ලැබුවේ අධිෂ්ඨාන පූර්වක බලාපොරොත්තුවකින් වෙන්නට ඇති. බුදුවරුන්ගේ අධිෂ්ඨාන කිසිදා බල රහිත වන්දේ නෙවෙයි. ඒ වගේම ඉන්දියාව සහ ශ්‍රී

Read More »

Ape Budu Hamuduruwo 330

අපේ බුදුහාමුදුරුවෝ 330 (සන්තිකේ නිධානය)   රජගහ නුවර බුදුන් වැඩ සිටි තල්වනය සහ වැල්මී වනය ඉතින් මින් පෙර කි පරිදී අපේ භාග්‍යවතුන් වහන්සේ ගයාසීසයෙහි කැමැති තාක් වැඩ වාසය කොට පුරාණජටිලයන් වූ භික්‍ෂූන් දහසක් පමණ වූ මහත් භික්‍ෂුසඞ්ඝයා ද සමග රජගහනුවර බලා වැඩියා. භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකා කරණසේක් රජගහනුවරට වැඩ එහි

Read More »

Ape Budu Hamuduruwo 331

අපේ බුදුහාමුදුරුවෝ 331 (සන්තිකේ නිධානය)   බිම්බිසාර රජ ඇතුළු පිරිස සෝවාන් ඵලයට පත්වීම බිම්සර රජතුමා එක් ලක්‍ෂ විසි දහසක් බමුණන් හා ගැහැවියන් පිරිවරමින් බුදු රජුන් වෙත එලැඹ සක් ලකුණින් විසිතුරු වූ සිරිපා පතුලෙහි රන් සළු වියනක් මෙන් කාන්ති විහිදෙන උන් වහන්සේගේ පාදයන් හිසින් වැටී නැමැද පිරිස් සමග එකත්පසෙව සිටිය. රජතුමා

Read More »

Ape Budu Hamuduruwo 332

අපේ බුදුහාමුදුරුවෝ 332 (සන්තිකේ නිධානය)   බුදුරජාණන් වහන්සේව රජගනුවර තෙක් වැඩම්මවූ ශක්‍ර දෙවිඳු රජගහ නුවරම එදා මහා මංගල්‍යකට සරෙසෙනවා වගේ අමුතු අසිරියක්. රජගහ නුවර මේ අසිරිය දෙස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත වටවී බලා සිටිනවා වගේ තමයි ඉහල අහසේ සිට බලන කෙනෙකුට පෙනෙන්නේ. බලා සිටිනවා පමණක් නෙවෙයි,. ඒ

Read More »

Ape Budu Hamuduruwo 333

අපේ බුදුහාමුදුරුවෝ 333 (සන්තිකේ නිධානය)   ප්‍රථම ආරම පුජාව වූ වේළුවන පූජාව ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දෙවියන් සහසැස් පිරිවැරූ සක්දෙව්රජු මෙන් බඹගණ පිරිවැරූ මහා බ්‍රහ්මයා මෙන් දහසක් පමණ බික්සඟන පිරිවරා රජගහ නුවරට පිවිසිය. බිම්බිසාර රජතුමා ඇතුළු පරිවාර පිරිස උන්වහන්සේව පිළිගන්නට උදෑසන සිටම පෙරමග බලමින් සිටියා. මුළු නගරයම මහා උත්සශ්‍රියෙන් බබලන්නට ඇති.

Read More »

Ape Budu Hamuduruwo 334

අපේ බුදුහාමුදුරුවෝ 334 (සන්තිකේ නිධානය)   ප්‍රෙතයනට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව මෙම කතාවට මුලපිරීමක් වශයෙන් මේ සටහන ලියන්නට ඕනේ කියලා සිත කිවා. එය බුද්ධ දේශනාව උපයෝගී කොටගෙන ලියවුනු “තිරොකුඩ්ඩ සූත්‍රය” ඇසුරෙන් සකසනු ලැබූවක්. බොහෝ උත්සව, විශේෂයෙන්ම දානමාන පින්කම් කරන අවස්ථාවෙහි ඥාතිප්‍රේතයෝ තමන් පෙර විසූ ගෙය

Read More »

Ape Budu Hamuduruwo 335

අපේ බුදුහාමුදුරුවෝ 335 (සන්තිකේ නිධානය)   ප්‍රෙතයනට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව 02 ඉතින් එදා බිම්බිසාර රජතුමා බුදුපාමොක් බික්සඟනට දන් පුදා අප බුද්ධ සාසනයේ පළමු වතාවට සාසනයට පූජා කරනු ලැබූ දඹදිව වේළුවන මහාවිහාරය පූජාකොට නිමවා බොහෝ වෙහස මහන්සි ඇතිවයි නින්දට ගියේ. එවැනි වෙහෙසකාරී දිනක සයනයක සැතපුන

Read More »

Ape Budu Hamuduruwo 336

අපේ බුදුහාමුදුරුවෝ 336 (සන්තිකේ නිධානය)   ප්‍රේතයන්ට පින් පෙත් දෙන අයුරු කියා දුන් තිරොකුඩ්ඩ සුත්ත දේශනාව 03 ඔවුන්ගේ භාණ්ඩාගාරික වූ එක් ගෘහපති පුත්‍රයෙක් බිරිඳ සමගම තුනුරුවන් කෙරෙහි ඉතා පැහැදී ශ්‍රද්ධා සම්පන්න වුණා. ඒ නිසාම ඔවුන් බුදුන් මුල් කොට ඇති මහා භික්ෂු සංඝයාට ඉතා ඉහලින්ම දානය පිලියල කරනු ලැබුවා. ඒ දාන

Read More »