Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 289

අපේ බුදුහාමුදුරුවෝ 289 (සන්තිකේ නිධානය)   වප්ප තවුසා සෝවාන් ඵලයට පත්වීම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දෙව්‌ රජුන්‌ දෙදෙනෙකුගේ මහා සංග්‍රාමයක්‌ එළඹුණ. එම සටන් බිමට බොහෝ දෙවියෝ රැස්වුනා. එනිසාම මහා ඝෝෂාවක්‌ හටගත්ත. මේ අවස්ථාවේ එය දුටු ලෝකයාගේ පූජාවන්‌ පිළිගත්නා වු තුන්‌ ලෝ මැනවින්‌ දත්‌ ශාස්තෘ වු පදුමුත්තර බුදුරජාණන්‌ වහන්සේ බුදුරැස් විහදවමින්

Read More »

Ape Budu Hamuduruwo 290

අපේ බුදුහාමුදුරුවෝ 290 (සන්තිකේ නිධානය)   පස්වග මහණන් සියලු කෙලෙස් නසා රහත්භාවයට පත්වීම මිට පෙර කියූ පරිදී ඇසළ පුණු පොහො දිනෙන් දෙවෙනි දිනයෙහි අන් සිවුදෙන පිඬු පිණිස යවා භාග්‍යවතුන් වහන්සේ ආරාමයෙහි හිඳ, වප්ප තවුසාණනට දර්මය දේශනා කරනු ලැබුවා. . වප්ප තවුසාණෝ ද, භාග්‍යවතුන් වහන්සේ දුන් කමටහන් වඩා පෑලවිය දා ම

Read More »

Ape Budu Hamuduruwo 291

අපේ බුදුහාමුදුරුවෝ 291 (සන්තිකේ නිධානය)   මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 01 මොනෙය්‍ය වත සඳහා විවරණ ලැබීම. ලොව්තුර බුදුපියාණන් වහන්සේ නමක විසින් පිහිටුවනු ලබන උතුම් වූ බුද්ධ සාසනයක සියලුම ශ්‍රාවක පිරිස් විසින් රකින පිළිපදින අනුගමනය කරන අනුගමනය කලයුතු වත්පිළිවෙත් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් එකම එක ශ්‍රාවකයන් වහන්සේනමක විසින් පමණක්ම

Read More »

Ape Budu Hamuduruwo 292

අපේ බුදුහාමුදුරුවෝ 292 (සන්තිකේ නිධානය)   මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 02 මහා බෝසතුන් වහන්සේ බුදු වූ කල ධර්මශ්‍රවනය සඳහා තම දෙසවන් රැකගැනීමට දියෙහි නොගිලුණු නාලක තරුණයා ඉන්පසු දක්‍ෂ වූ රන්කරුවකු විසින් කෝවා මුවෙහි ලා මොනොවට ඝටා තවනලද වූ ම දිලියෙන රණක් වන් ශෝභායෙන් බබලන රූසපුයෙන් යුත් පුත්කුමරු ශාක්‍යයෝ

Read More »

Ape Budu Hamuduruwo 293

අපේ බුදුහාමුදුරුවෝ 293 (සන්තිකේ නිධානය)   මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 03 පංච කෝලාහලය ලෝකයෙහි 1.කල්ප කෝලාහලය, 2.චක්‍රවර්තී කෝලාහලය, 3.බුද්ධ කෝලාහලය, 4.මංගල කෝලාහලය, 5.මෝනෙය්‍ය කෝලාහලය යැයි පස් වැදෑරුම් කෝලාහලයෙක් ඇතැයි බෞද්ධ ග්‍රන්ථ වල සඳහන්වනවා. මෙහිදී මෝනෙය්‍ය කෝලාහලය ගැන යම් කරුණක් සඳහන් කලයුතු යැයි හැඟුණ නිසා මෙම මෙම ලිපිය මෙලෙස

Read More »

Ape Budu Hamuduruwo 294

අපේ බුදුහාමුදුරුවෝ 294 (සන්තිකේ නිධානය)   මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 04 ලොවෙහි සහ සාසනයෙහි ප්‍රභලතම අත්හැරීම මෝනෙය්‍ය කෝලාහලය තවත් සත් වසකින් පසු බුදුරදුන් වෙත පිවිසෙන මහණ කෙනෙකු මෝනෙය්‍ය ධර්ම හෙවත් බුද්ධකාරක ධර්ම විචාරති යි එක්තරා දෙවි කෙනෙක් සක්වළ පුරා ඇවිද කළ ප්‍රකාශයකින් සතුටට පත් සියලු සත්වයන් විසින් කරන

Read More »

Ape Budu Hamuduruwo 295

අපේ බුදුහාමුදුරුවෝ 295 (සන්තිකේ නිධානය)   මහත් වූ දානයෙහි පිනෙන් කල්ප එක්දහස්‌ අටසියයක්‌ දෙව්ලොව සැරිසැරූ යසකුල පුත්‍රයා 01 නාලක තෙරුන් යලිත් කිසිදා නොඑන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන නොපෙනී ගියා. සමහර බුද්ධ සාසන වල ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශණා කර අවසන් වනවිටම ලක්ෂ සංඛ්‍යාත සංඝ පිරිසක් ප්රිවිර ලෙස ඇති වී අවසානයි. ඒත්

Read More »

Ape Budu Hamuduruwo 296

අපේ බුදුහාමුදුරුවෝ 296 (සන්තිකේ නිධානය)   මහත් වූ දානයෙහි පිනෙන් කල්ප එක්දහස්‌ අටසියයක්‌ දෙව්ලොව සැරිසැරූ යසකුල පුත්‍රයා 02 යසකුල පුත්‍රයාගේ මාලිගා තුන සහ අන්තපුරය මෙලෙස එම පින්කමේ චිපාක වශයෙන්‌ දෙව්‌ මිනිස්‌ දෙගතියේ සැරිසැරූ හෙතෙම සිද්ධත්​ව භාග්‍යවතුන්‌ වහන්සේගේ කාලයේ දි සිටුපුතෙක්‌ ව මහ බෝ මැඬට සත්විධ රත්නයන්ගෙන්‌ පූජා කරනු ලැබුවා. මෙසේ

Read More »

Ape Budu Hamuduruwo 297

අපේ බුදුහාමුදුරුවෝ 297 (සන්තිකේ නිධානය)   යසකුල පුත්‍රයා 03 අප බුද්ධ සාසනයේ පළමු තෙවාචික උපාසක (තිසරණය සරණ ගිය) වූ යසකුල පුත්‍රයාගේ පියා (බරණැස සිටු) මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මිහිතලයට තවත් දිනකට හිරු උදාවෙමින් තිබුනේ. යසකුලපුත්‍රයාගේ මවුතුමිය ඔහු නිදා සිටි මාලිගයට හිමිදිරියේම දුවගෙන පැමිණියේ ඔහු එහි නොමැති බවට සේවකයන්ගෙන් ලැබුණු පණිවිඩයකින්

Read More »

Ape Budu Hamuduruwo 298

අපේ බුදුහාමුදුරුවෝ 298 (සන්තිකේ නිධානය)   සාසනයේ සත්වැනි රහත් භික්ෂුව, යසකුල පුත්‍රයා 04 යසකුල පුතු අරහත්වයට පැමිණීම, සිටුවරයා දැන් දැන් තම පුතු මෙතැනට පැමිණේවි යැයි බලාපොරොත්තුවෙන් සිටියේ මව මාලිගයේ වැළපෙන බව යලි යලිත් සිහියට නැගෙන බැවින්. යසකුල පුත්‍රයා තම පියාණන් හට නොපෙන්වා අතුරුදන් කිරීමෙන් බුදුරජාණන් වහන්සේ කාරනා දෙකක් බලාපොරොත්තු වුනා.

Read More »

Ape Budu Hamuduruwo 299

අපේ බුදුහාමුදුරුවෝ 299 (සන්තිකේ නිධානය)   අප සාසනයෙහි ප්‍රථම තේවාචික උපාසිකාව – සුජාතාව බරණැස සිටුවරයා භාග්‍යවතුන් වහන්සේගේ වැඩම කිරීමට සහ දානයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටියේ. ඒ සමගම සසරේ පාරමී පුරා පැමිණි තවත් තැනැත්තියක් ඒ සදහා සුදානම් වෙමින් සිටිය. ඒ තමයි ඔබ හොඳින් දන්නා සුජාතාව. බරණැස් සිටුවරයාගේ පුණ්‍යවන්ත භාර්යාව.

Read More »

Ape Budu Hamuduruwo 300

අපේ බුදුහාමුදුරුවෝ 300 (සන්තිකේ නිධානය)   ප්‍රථම රහතුන් එකොළොස් දෙන අතරට පැමිණි විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති සිටු කුමාරවරු ආයුෂ්මත් යසතෙරුන් වහන්සේට සිටි යහළුවන් අතරින් සුවිශේෂී එකම පවුලේ උපන් හොදම යහළුවෝ සතර දෙනෙක් සිටියා. එනම් බරණැස් නුවර සිටුඅනුසිටුකුලයන්ගේ පුත්‍ර වූ විමල, සුබාහු, පුණ්ණජි, ගවම්පති, යන සතර දෙනායි. ඔවුනට “යසකුලපුත්‍රයා ඉසකේ රවුල්

Read More »

Ape Budu Hamuduruwo 301

අපේ බුදුහාමුදුරුවෝ 301 (සන්තිකේ නිධානය) බුදුන් වැඩ සිටි අඳුන් වනය යට කරමින් පැමිණි මහා ජලකඳ සෘද්ධි බලයෙන් අහසට නැංවූ ගවම්පති මහ රහතන් වහන්සේ. දැන් මම ඔබට කියන්න යන්නේ යසකුල පුත්‍රයාගේ හොදම යාළුවන් සතර දෙනාගෙන් එක්කෙනක් පිළිබඳ. උන්වහන්සේගේ ගිහිකල නම ගවම්පති. උන්වහන්සේත් මීට පෙර පහල වූ බුදු වරු හමුවේ බොහෝ පින්කම්

Read More »

Ape Budu Hamuduruwo 302

අපේ බුදුහාමුදුරුවෝ 302 (සන්තිකේ නිධානය)   යස කුල පුතුගේ තවත් යහළුවන් පනස් දෙනෙක් පැවිදිවීම සහ රහතුන් සැටඑක් නමක් ලෝකය තුල බිහිවීම. යස මහරහතන් වහන්සේ ගේ ගිහිකල වංශවත් කුල පරම්පරාවේ පරම්පරා ගණනක් සිට සමීපයෙන් ඇසුරු කරමින් පැමිණි සමීප ඥාතී සහ ඥාතී නොවන පිරිසක් සිටියා. ඒ පිරිස අතර යස මහරහතන් වහන්සේගේ ගිහිකල

Read More »

Ape Budu Hamuduruwo 303

අපේ බුදුහාමුදුරුවෝ 303 (සන්තිකේ නිධානය)   ඒරක පත්ත නා රජුගේ කථා පුවත 01 මේ ඔබ කියවන්නට යන්නේ තම සංසාරික ගමනට ඉතාමත් වැදගත් පණිවිඩයක් දෙන කතා පුවතක්. විශේෂයෙන්ම තම අතින් යම් ඇවැතක් වරදක් සිදුවුනත් එය ගැන සිත සිතා ලතවිම තමාට මෙලොව මෙන්ම පරලොවද අවැඩක් ගෙනෙන බව මෙයින් මනාවට ප්‍රකාශ වෙයි. එමනිසා

Read More »

Ape Budu Hamuduruwo 304

අපේ බුදුහාමුදුරුවෝ 304 (සන්තිකේ නිධානය)   ඒරක පත්ත නා රජුගේ කථා පුවත 02 ඒ අපගේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණ සත්සතිය ගෙවා බරණැසට වැඩ දම්සක් දෙසා පළමු වැසි සමයෙහි ඉසිපතන්හි වසන කාලේ, එක් පසොළොස්වක් දිනෙක අලුයම්හි සිරිත් පරිදි නිවන් අවබෝධ කළ හැකි සත්ත්වයන් සොයනු පිණිස ලොව දෙස දිවැස යොමු කළා. අප

Read More »

Ape Budu Hamuduruwo 305

අපේ බුදුහාමුදුරුවෝ 305 (සන්තිකේ නිධානය)   ඒරක පත්ත නා රජුගේ කථා පුවත 02 මීට ඉහත කි පරිදී, උත්තර මාණවකයා ඉතා සතුටින් එම ගී පාඩම් කරගත්තා. අර්ථ මෙනෙහි කළා. ඒ මොහොතේම සෝවාන් ඵලයට පත්වුණා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පිටත් වුණා. ඒ වෙලාවේ නාගපෙණය මත සිටින නාග මානවිකාව ලස්සනට නටමින් ගීය ගයනවා.

Read More »

Ape Budu Hamuduruwo 306

අපේ බුදුහාමුදුරුවෝ 306 (සන්තිකේ නිධානය)   චරථ භික්ඛවේ චාරිකං, බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. පළමු ධර්ම දූත පිරිස වූ භික්ෂූන් හැට නමක් ඇතුළු බුදුපියාණන් වහන්සේ දර්ම ප්‍රචාරය සඳහා වැඩම කිරීම. යසකුල පුත්‍රයා ඇතුළු පිරිසගේ සසරෙහි සැඟවුන තවත් ලස්සන කතාවක් තිබුණා. එයත් දැනගැනීම හොඳයි කියා සිතුවා. ඒ කතාවෙන් කල්‍යාණ

Read More »

Ape Budu Hamuduruwo 307

අපේ බුදුහාමුදුරුවෝ 307 (සන්තිකේ නිධානය)   භද්‍රවර්ගික කුමාරවරු සහ ඔවුනගේ සසර ගමන කෙටිකල වෛශ්‍යාව මාර දිව්‍ය පුත්‍රයා නැවත නැවතත් පරාජය වීම. පසුගිය ලිපියෙන් කියවුනේ ප්‍රථම දර්මධුත පිරිස පිටත්කර හැරීම පිලිබඳ කතාවයි. බුදුරජාණන් වහන්සේ එම කාර්යය ඇරඹීමට පෙර නැවතත් මාර දිව්‍ය පුත්‍රයා පැමිණ උන්වහන්සේට බාධා කරන්නට වුනා. එය පිලිබන්ධව විනය පිටකයේ

Read More »

Ape Budu Hamuduruwo 308

අපේ බුදුහාමුදුරුවෝ 308 (සන්තිකේ නිධානය)   තිස්දෙනෙක් වූ දෙවැනි ධර්මදූත පිරිස සහ ජටාධර සහෝදර තවුසන් තිදෙනා. මෙලෙස භාද්‍රවර්ගික කුමාරවරුන් තිස්දෙනාම ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. හරිම පුදුමයි මිට ඉහත ආත්මභාවයක අප මහා බෝසතාණන් වහන්සේ හට ඔවුන්ව මුණ ගැසෙන්නේ මෙලෙසම විනෝදකාමී යහළුවන් පිරිසක් ලෙස උත්සවයක් අතරතුර කෑමට තිබු මස් ඉවරවිමෙන්

Read More »

Ape Budu Hamuduruwo 309

අපේ බුදුහාමුදුරුවෝ 309 (සන්තිකේ නිධානය)   ප්‍රථමප්‍රාතිහාර්‍ය්‍ය බුදුපියාණන් වහන්සේ පෙර කී පරිදී උරුවේලකාශ්‍යප ජටිලයාගේ අවසරය ගෙන ගිනිහල්ගෙය තුල සමාධි සුවයෙන් වැඩ සිටියා. ඒ මහා බලසම්පන්න නාගයෙකු දමනය කරන්නට නොවෙයි. උරුවේලකාශ්‍යප, නදීකාශ්‍යප, ගයාකාශ්‍යප, යන අයට දර්මය අවබෝධ කර දීමට. ඔවුන් ඒ වනවිටත් අරහත් ඵල ලාභීන් ලෙස සිතාගෙන සිටියේ. එවැනි වැරදි දෘෂ්ඨියකට

Read More »

Ape Budu Hamuduruwo 310

අපේ බුදුහාමුදුරුවෝ 310 (සන්තිකේ නිධානය)   ද්වීතියප්‍රාතිහාර්‍ය්‍ය පෙර දින එතරම් විශාල ප්‍රාතිහාර්යය ප්‍රමාණයක් සියසින් දැකලත් උරුවේලකාශ්‍යපගේ හිත තමා තවමත් බුදුරජාණන් වහන්සේට වඩා උසස් අරහත්වයට පැමිණි සුවිශේෂී පුද්ගලයෙක් බව කියන්නට වුනා. අතීත බුදුරජාණන් වහන්සේලාගේ කාලයේත් මෙවැනි දේ මේ ආකාරයෙන්ම සිදුවී තිබුනා. ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේට එය සුවිශේෂ සිද්ධියක් උනේ නැහැ.

Read More »

Ape Budu Hamuduruwo 311

අපේ බුදුහාමුදුරුවෝ 311 (සන්තිකේ නිධානය)   තෘතීය හා චතුර්‍ත්‍ථප්‍රාතිහාර්‍ය්‍යය. තෘතීයප්‍රාතිහාර්‍ය්‍යය එදිනත් පෙරසේම තවත් සුවිශේෂ රාත්‍රියක්. රෑ පෙරයම ඉක්ම ගිය පසු විශිෂ්ට ශරීරවර්‍ණ සහිතව සියලු වනලැහැබ බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ සක්දෙව්රජතෙමේයි. එම ආලෝක කදම්භ පෙරදා සතර මහා රජදරුවන් වෙතින් නික්මුණ ආලෝකයන්ට වඩා විශාල වශයෙන් ප්‍රභලයි කියලත් කියනවා. අපිටත් දකින්නට ලැබුණානම්

Read More »

Ape Budu Hamuduruwo 312

අපේ බුදුහාමුදුරුවෝ 312 (සන්තිකේ නිධානය)   උරුවෙලකස්සප තෙරණුවන්ගේ අතීත කතා පුවත ඔබට දැන් හිතෙනවා ඇති ඇයි මෙතරම් කාලයක් බුදුපියාණන් වහන්සේ උරුවේල කාශ්‍යප වෙනුවෙන් උරුවෙල් දනව්වේ වැඩ සිටියේ කියලා.එයට එක් කරුණක් තමයි ඔහුගේ පිරිස. දෙවැන්න ඔහුගේ පාරමිතා පුර්ණය. කස්සප කියන්නේ ඔහුගේ ගෝත්‍ර නාමයයි. උරුවෙල දනව්වේ වැඩසිටි නිසා කස්සප නාමයට ගමේ නමත්

Read More »