You dont have javascript enabled! Please enable it!

Proposed Projects

උපෝසථඝරය / සීමාමාලකය

මහාසංඝරත්නය විසින් ශීල පාරිශුද්ධභාවය ගොඩනංවා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන්ම ඇසුරු කරන ස්ථානය උපෝසථඝරයයි. වර්තමාන ව්‍යවහාරයෙහි සීමාමාලකය වශයෙන් ද බොහෝ දෙනා මෙය හඳුන්වති. ලක්දිව පැරණිතම උපෝසථඝරය වශයෙන් දැක්වෙන්නේ අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහාසංඝරත්නය විසින් සම්මත කොට පිහිටුවාලන ලද අනුරාධපුර, මහමෙවුනා උයනෙහි පිහිටි ලෝවාමහාපායයි. ලක්දිව බුදුසසුන පිහිටි මුල් කාලයෙහි සිට ම දිවයිනේ විවිධ ප්‍රදේශවල සීමාමාලක සම්මත කොටගෙන ස්වකීය විනයානුකූල ජීවිත ගොඩනගා ගැනීමට මහාසංඝරත්නය විසින් කටයුතු කරන ලදී.

සීමාමාලක සම්මත කරගැනීම බුදුරජාණන් වහන්සේ විසින් ම අනුදැන වදාළ දෙයකි. සීමාවක් සම්මත කර ගැනීම සඳහා මෙන් ම සීමාවක් උගුළුවා දැමීම සඳහා භාවිත කළ යුතු කර්ම වාක්‍ය, එම කර්ම වාක්‍ය කීම සඳහා භික්ෂූන් වහන්සේලාට තිබිය යුතු සුදුසුකම්, භූමිය තෝරාගත යුතු පිළිවෙළ, සීමාව සඳහා යොදා ගත යුතු හා යොදා නොගත යුතු සලකුණු, සීමාවල විවිධ ප්‍රමාණයන්, සීමාවක් සංකර විය හැකි ආකාර, එම දෝෂ මගහරවා ගත යුතු විධි හා සීමාවක දී භික්ෂූන් වහන්සේලා හැසිරිය යුතු පිළිවෙළ ආදී බොහෝ දේ බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරා තිබේ. සීමාමාලක වර්ග කිහිපයක් ම වන අතර පාලි අට්ඨකථා හා ටීකාවල ඒවා පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දක්නට හැකිය. භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා කිරීම සීමාමාලකයක දී ම සිදු කෙරෙන බැවින් එය භික්ෂූන් වහන්සේලාගේ තිඹිරිගෙය වැනි ය. තව ද උන්වහන්සේලාගේ ශීල පාරිශුද්ධත්වය සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝ විනය කර්ම සිදු කිරීම පිණිස සීමාමාලක අත්‍යවශ්‍යය වූවකි. එබැවින් අතීතයේ පටන් ම මහාසංඝරත්නය තමන් වහන්සේලා වැඩ වසන ප්‍රදේශ ආශ්‍රිතව සීමාමාලක පිහිටුවා ගත්හ.

ගෘහස්ථාදීන්ගෙන් වෙන් ව මහාසංඝරත්නයට අදාළ විනයානුකූල කටයුතු සිදු කරගැනීම සඳහා සීමාමාලක සම්මත කරගැනීමට මෙන් ම එහි උපෝසථඝරය ගොඩනැංවීම සඳහා දායකත්වය සැලසීම මහාපින්කම්ය. මහාසංඝරත්නයට ගුණදහම් පුරාගැනීමට මෙන් ම සම්බුදු සසුනේ චිරපැවැත්මට අත්‍යන්තයෙන් උපකාරක වන මෙවැනි කටයුතු සඳහා ශක්ති පමණින් දායක වීමෙන් රැස්කරගන්නා කුසල් දෙලොව යහපත පිණිස මෙන් ම උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගැනීම සඳහා ද හේතු වේවා යි ආශිංසනය කරමු.

බලංගොඩ ධම්මහදය සේනාසනයේ
සීමා මාලකය,බෝධිඝරය, බුදු මැදුර, ධර්ම ශාලාව, දාන ශාලව හා භාවනා ශාලාව ඉදිකිරීම.

       අප සේනාසනයේ මේ වනවිට භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයට අවශ්‍ය කුටි සහ සක්මන් මලු සැදැහැවතුන්ගේ පරිත්‍යාගයෙන් ඉදිවී ඇත. දැනට මේ පින්බිමට සීමාමලකයක අවශ්‍යතාවයක් ඇත. සීමාමාලකයක් ඉදිකිරීමෙන් භික්ෂුන් වහන්සේලාගේ සියලු විනය කර්ම සැතපුම් ගණනක් ඈත නොගොස් අරණ්‍ය භුමිය තුලම සිදුකරගත හැක. මේ යෝජිත ගොඩනැගිල්ල සීමා මාලකයක් පමණක්ම නොව, බෝධිඝරය, බුදු මැදුර, බණ ශාලාව, දාන ශාලව, භාවනා ශාලාව ආදි බහු කාර්යන් සඳහා යොදවා ගැනීමට හැකිවන පරිදී සකස් කරනු ඇත.

        අභිනවයෙන් ඉදිවෙන සීමා මාලකය පිළිබද මේතාක් කාලයක් ඒ පිලිබඳව සමාජ මාධ්‍ය තුලවත් දැනුවත් කිරීම් සිදුනොකලේ රටේ පැවති කොරෝනා තත්වය සහ ආර්ථික ගැටලු නිසාය. සීමාමලකය මේ වන විට රු ලක්ෂ 90ක් පමණ වියදම් කර ඇති අතර වැඩ නිම කිරීමට වැයවන මුදල රු ලක්ෂ 20 පමණ වේ. නමුත් එම මුදල දැරිමට අපහසු නිසා පින් කැමති සැදැහැවතුන්ට තමන්ගේ ශක්ති ප්‍රමාණය අනුව දායකත්වය භාර ගැනීමෙන් මෙම පුණ්‍ය කර්මය සදහා සහභාගි වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

ගිණුමේ නම               ධම්මහදය සේනාසනය.

ගිණුම් අංකය        109761005375

බැංකුව               සම්පත් බැංකුව.

ශාඛාව          බලංගොඩ.

( විමසීම සඳහා +94 70 216 4642 / +94 71 429 2645 )

තෙරුවන් සරණයි !!!

ධම්මහදය සේනාසනය.
වටවල.
මුල්ගම.
බළංගොඩ.

error: Alert: Content is protected !!