Sinhala Dictionary – සිංහල ශබ්දකෝෂය

Sinhala Dictionary - සිංහල ශබ්දකෝෂය.

මෙහි වචන 46000 පමණ දැනට අන්තර් ගතව ඇත.
එම නිසා ” සිංහල ශබ්දකෝෂය” පූරණය වීම සඳහා තරමක කාලයක් ගත වේ.

වචනයසමාන පදමාලාව
1. සිංහල හෝඩියේ මුල් අකුර සහ එහි මුල් ස්වරය.
2. (ව්‍යාක.) විරුද්ධ ප්‍රතිෂේධ ආදි අර්ථවල යෙදෙන අව්‍යයක්; නිද. අකුසල්; අහිංසක. 3. විෂ්ණු දෙවි.
අං[නා.ප්‍ර.] ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි ඉහළට නෙරා පවතින උල් අවයවය; අඟ; ශෘඞ්ගය.
අං අත්ත[නා.] අතු වශයෙන් බෙදීගිය අඟ; අංපොකුර.
අං ආබරණ[නා.බහු.] අංකෙළි පුදට යෝග්‍ය කොට පත්තිනි දෙවියන්ට කැප කළ අං.
අං ඇදිල්ල, අං ඇදීම[නා.] විවිධ උවදුරු දුරු කිරීම සඳහා පත්තිනි දේවිය උදෙසා පැවැත්වෙන අභිචාර ක්‍රීඩාවක් හෙවත් රැඟුමක්.
අං කූටය1. [නා.] අත්පාවල මහ ඇඟිල්ල; මහපට ඇඟිල්ල.
2. [නා.] ඇතැම් මත්ස්‍යයන් ගේ එක් හකුවකින් වැඩී තිබෙන ඇඟිල්ලක් වැනි ස්පර්ශක උපාංගය.
අංක ගණිතය[නා.] ඉලක්කම් උපයෝගී කරගෙන ගණන් සෑදීමේ ශාස්ත්‍රය.
අංක, අඞ්ක[නා.ප්‍ර.] අංකය; අඞ්කය බ.
අංකන සංගුණකය[නා.] වීජ ගණිතයෙහි ඝාතයක අංකයෙන් දක්වන සාධකය.
අංකනය1. [නා.] ඉලක්කම්වලින් සංඛ්‍යා දැක්වීම; අංක යෙදීමේ කාර්යය. 2. [නා.] අංක රාශි ආදිය සංකේත මගින් නිරූපණය කිරීම; එසේ නිරූපිත සංකේත පද්ධතිය.
අංකය, අඞ්කය1. [නා.] ඉලක්කම; සංඛ්‍යාව; 0 සිට 9 තෙක් ඕනෑ ම ඉලක්කමක් නිරූපණයට යොදන රූපය.
2. [නා.] ලකුණ; සටහන.
3. [නා.] පොත් සඟරා ආදියේ පරිච්ඡේදය/ කොටස.
4. [නා.] නාට්‍යයක ජවනිකාව
අංකරය, ඇංකරය1. (කථා.) [නා.] නැංගුරම.
2. [නා.] දබරය; පොරය; රණ්ඩුව.
අංකිත[වි.] ලකුණු කරන ලද; ඉලක්කමෙන්/ අංකයෙන් දක්වන ලද.
අංකිත කෝදුව[නා.] අනුපිළිවෙළින් අංක දක්වන මාන උපකරණය.
අංකීරා, අංකූරා1. (කථා.) [නා.] කූරු වැනි උල් අං ඇති ගොනා; අනින ගොනා.
2. (රූඪි.) [නා.] කෛරාටික පුරුෂයා.
අංකුට්ටා[නා.] අඟුළු වර්ගයේ මිරිදිය මත්ස්‍යයෙක්.
අංකුර බද්ධය[නා.] ශාකයක අංකුරයක් අනෙක් ශාකයකට සම්බන්ධ කිරීම.
අංකුරය, අඞ්කුරය1. [නා.] ශාකයක නොවැඩුණු ළපටි අවස්ථාව.
2. (පාරිභා.) [නා.] ජීවියකුගේ ශරීරයෙන් ලියලා නව ජීවියකු බවට අලිංගික ව වැඩෙන නෙරුම(=bud).
අංකුරිත[වි.] අංකුර හටගත්; පැළ වූ.
අංකුරෝත්පත්තිය[නා.] අංකුරයක උපත; ළපටි පැළ හටගැනීම.
අංකුලාව[නා.] අඟින් කළ කොපු විශේෂයක්; හෙප්පුව.
අංකුශ චාරණය[නා.] සිවුසැට කලාවලින් එකක් වන අංකුශ භාවිතය; අලි-ඇතුන් හැසිරවීමේ ශාස්ත්‍රය.
අංකුශ, අංකුස, අඞ්කුශ, අඞ්කුස[නා.ප්‍ර.] අංකුශය, අංකුසය, අඞ්කුශය, අඞ්කුසය බ.
අංකුශ, අඞ්කුස1. [නා.ප්‍ර.] අලි-ඇතුන් හසුරුවන, තියුණු උලකින් හා කොක්කකින් යුතු උපකරණය; හෙණ්ඩුව; අකුස්ස.
2. [නා.ප්‍ර.] කෙක්ක; දෙහෙටිල්ල.
අංකුශාභය(පාරිභා.) [නා.] කෙළවර කොක්කක් මෙන් නැමුණු; අස්ථිය (=unciform bone).
අංකූඩුව(කථා.) [නා.] ගෝණ, මුව ආදින්ගේ අතු වශයෙන් බෙදී ගිය අං.
අංකෙළිය[නා.] පත්තිනි දේවියගේ නමින් පවත්වනු ලබන ජාතික ක්‍රීඩාවක්.
අංකොං, අංකොන්(කථා) [නා.] වෙනස්කම; අනාදරය; අහිතවත් බව.
අංකොක්ක[නා.] ඇඳුම් ආදිය එල්ලීම සඳහා අං, ලී ආදියකින් අඟක හැඩයට කළ කොකු විශේෂය.
අංග පරිත්‍යාගය[නා.] අත්, පා, ඉස් ආදි ශරීරාංග පරිත්‍යාග කිරීම.
අංග රක්ෂක[නා.ප්‍ර.] පෞද්ගලික ආරක්ෂකයා; පෞද්ගලික ආරක්ෂක භටයා.
අංග රාගය, අඞ්ග රාගය[නා.] ඇඟ ගල්වන සුවඳ විලවුන්; ඇඟ සුවඳ ගන්වන සඳුන් කොකුම් ආදි ආලේපය.
අංග ලක්ෂණ[නා.ප්‍ර.] සිරුරෙහි ලකුණු; දේහ ලක්ෂණ.
අංග විද්‍යාව[නා.] ශරීර ලක්ෂණ පිළිබඳ වූ ශාස්ත්‍රය; දේහ ලක්ෂණ විද්‍යාව; සාමුද්‍රිකා ශාස්ත්‍රය.
අංග වෛද්‍යයා[නා.] ශාරීරික ආබාධවලට වෙදකම් කරන තැනැත්තා; සර්වාංග වෛද්‍යවරයා; කාය චිකිත්සකයා.
අංග සම(පාරිභා.) [වි.] හැම අතින් ම සමාන වූ (= congruent).
අංග සාදය[නා.] ඇඟෙහි වෙහෙස; ශරීර අවයවවල විඩාව.
අංග සාම්‍යය(පාරිභා.) [නා.] අංග සමබව; සියලු අතින් සම වීම (= congruency).
අංග සූත්‍රය[නා.] ප්‍රධාන සූත්‍රය; ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි ප්‍රධාන රීතිය.
අංග සූලය[නා.] ශරීරාංගවල හට ගැනෙන තියුණු වේදනාව.
අංග, අඞ්ග[නා.ප්‍ර.] අංගය, අඞ්ගය බ.
අංගකූට[නා.ප්‍ර.] හොරට බඩු කිරීම; හොර වෙළඳාම.
අංගජ[වි.] ශරීරයෙන් උපන්.
1. [නා.ප්‍ර.] ලේ.
2. [නා.ප්‍ර.] හිසකේ.
3. [නා.ප්‍ර.] පුත්‍රයා.
අංගජාතය[නා.] ස්ත්‍රී/පුරුෂ නිමිත්ත; ලිංගය; රහසඟ.
අංගණය1. [නා.] මිදුල; මළුව; එළිමහන් බිම.
2. (පාරිභා.) [නා.] ලයිකනයක මතුපිට රේඛාවලින් හෝ බිඳුමකින් හෝ සීමා වී තිබෙන කුඩා ඉඩ ප්‍රමාණය (=arcola).
3. [නා.] කිලුට; කැළල.
4. [නා.] පාපධර්මය.
අංගතිලක, අඞ්ගතිලක[නා.ප්‍ර.] සිවුසැට ආභරණ අතරින් එක් ආභරණයක්.
අංගදාභරණය[නා.] ඉහළ බාහුවේ පලඳිනු ලබන ආභරණය; අඟුපලඳනාව; කේයුරය.
අංගදාහය[නා.] ඇඟ දෑවිල්ල ඇති කරන රෝගාබාධයක්.
අංගනාව, අඞ්ගනාව[නා.] ස්ත්‍රිය; කාන්තාව.
අංගපුලාව1. (කථා.) [නා.] යහපත් පැවැත්ම.
2. [නා.] මනා හැඩහුරුකම.
අංගම1. [නා.] මතුරා පිඹින නපුරු මන්ත්‍ර විශේෂයක්.
2. [නා.] දේවපූජා සඳහා පවත්වන නැටුම් විශේෂයක්.
අංගම් පොරය1. [නා.] දෙදෙනකු අතරේ කරන කඩු හරඹය; ද්වන්ද්ව යුද්ධය.
2. [නා.] මල්ලවපොර වැනි ක්‍රීඩා විශේෂයක්.
අංගය, අඞ්ගය1. [නා.] අතපය ආදි ශරීරයේ කොටස්; ශරීර අවයවය.
2. [නා.] සිරුර; කය; ශරීරය.
3. [නා.] කොටස; භාගය; ප්‍රභේදය.
4. [නා.] ලක්ෂණය.
5. [නා.] ගුණය; ශීලය; ව්‍රතය; ප්‍රතිපත්තිය.
6. [නා.] පිළිවෙළ; ක්‍රමය.
7. [නා.] කුඹුරක කෙළවරක පිහිටි නෙරාගිය තීරය; වෙල්යායකින් පසෙකට විහිදී ගිය පටු තීරය.
අංගවිකල[වි.] ශරීර අවයව හරියාකාර ව නොපිහිටි; අංග විකෘති.
අංගහාරය[නා.] අත පා ආදි අවයව සෙලවීම; අංග චලනය.
අංගහීන[වි.] ශරීරයේ අවයව අඩු වූ; අසම්පූර්ණ අවයව ඇති.
අංගාංගී[අංග+අංගී]
[නා.ප්‍ර.] අංග සහ උපාංග; ශරීරය සහ අත් පා ආදි අවයව.
[වි.] අංග සහ උපාංග දරන.
අංගාණිය[නා.] කඩ වීදිය; වෙළඳ වීථිය.
අංගාර ධානිකාව[නා.] අඟුරු කබල; ගිනි කබල.
අංගාර මාංසය[නා.] ගිනි අඟුරෙහි ලා පුලුස්සා ගත් දඩමස; ගින්නේ පළහන ලද මස.
අංගාරකය1. [නා.] ගිනි අඟුර; නිවුණු ගිනි අඟුර.
2. [නා.] අඟහරු හෙවත් කුජ ග්‍රහයා.
අංගාරකරණය1. (පාරිභා.) [නා.] ද්‍රව්‍යයක් අඟුරු කාබන් හෝ කෝක් බවට පත් කිරීම.
2. (පාරිභා.) [නා.] පිටපත් ගැනීම සඳහා කඩදාසියක කාබන් ආලේප කිරීම (=carbonisation).
අංගාරධර(පාරිභා.) [වි.] අංගාරධර පාෂාණ පිළිබඳ; ගල්අඟුරු සාදන (=Carboniferous)
අංගාරමය[වි.] අඟුරු වූවාක් ලෙස පෙනෙත; කාබන් ඇතුළත් අවසායිත නිධි පිළිබඳ වූ (=Carbonaceous)
අංගාරය, අඞ්ගාරය1. [නා.] අඟුර; ගිනි අඟුර.
2. [නා.] අඟුරුවල ඇති කාබන් නම් වූ තාත්වික පදාර්ථය.
අංගාරිකාම්ලය[නා.] අංගාර ධාතුව දැවීමෙන් හෝ සංයුක්ත වස්තු කුණු වී පැසීමෙන් හෝ හටගන්නා වායුව; කාබන් සහ ඔක්සිජන් සංයෝග වූ කාබන්ඩයොක්සයිඩ් වායුව.
අංගිය1. [නා.] සිරුරක් ඇත්තී; ස්ත්‍රිය.
2. [නා.] ඇඟ ලන සැට්ටය; කංචුකය.
අංගී[වි.] අවයව ඇති; සිරුරක් ඇති; අංගවලින් යුක්ත.
අංගීරස[නා.ප්‍ර.] බුදුන්වහන්සේ.
[වි.] සිරුරෙන් විහිදෙන රැස් ඇති; බබළන සිරුරක් ඇති.
අංගුට්ට(කථා.) [නා.] අත්පාවල මහ ඇඟිල්ල; මාපටැඟිල්ල.
අංගුටු මිට්ටා(කථා.) [නා.] අඟුටුමිට්ටා.
අංගුත්තර නිකාය[නා.ප්‍ර.] පාලි සූත්‍ර පිටකයේ නිකාය ග්‍රන්ථ පහ අතුරින් එකක්; මෙහි නිපාතයක් පාසා පිළිවෙළින් අංග වැඩි වන සේ යොදා තිබෙන බැවින් එනම් විය.
අංගුලය[නා.] ඇඟිලි මිම්ම; අඟල; වියතින් නවයෙන් කොටස.
අංගුලි පර්වය[නා.] ඇඟිලි පුරුක; ඇඟිල්ලේ එක් එක් සන්ධියකින් සීමා වූ කොටස.
අංගුලිකා1. [නා.ප්‍ර.] ඇඟිල්ල; කුඩා ඇඟිල්ල; සුළැඟිල්ල.
2. [නා.ප්‍ර.] බඩවැලෙහි ඇඟිලි හැඩය ගත් කෙඳි වැනි ප්‍රසර.
අංගුලිය[නා.] ඇඟිල්ල.
අංචිත[වි.] පුදන ලද; වන්දනය කරනු ලැබූ.
අංචිය, අඤ්චිය1. (කථා.) [නා.] යමකුට කරදර කිරීමෙහි යොදන උපාය; උගුල.
2. [නා.] ඇබැද්දිය; අකරතැබ්බය.
අංජන කැට[නා.ප්‍ර.] ඇස්වල ගෑමට ගන්නා ඛනිජ ධාතු විශේෂයක්.
අංජන කුලය(නා. ) කාළවර්ණ වූ ඇත් කුලයක්.
අංජන ශලාකාව[නා.] අඳුන් ගාන තෙලිකූර.
අංජනදලූ, අඤ්ජනදලූ[නා.ප්‍ර.] ලී ලෝහ ආදියෙහි කැටයම් කරනු ලබන ලියකම් විශේෂයක්.
අංජනම, අඤ්ජනම1. [නා.ප්‍ර.] අඳුන; ඇසෙහි ගාන රසායන බෙහෙත.
2. [නා.ප්‍ර.] පේන බැලීම පිණිස ජීවම් කරගන්නා ලද ආලේප විශේෂය.
අංජනම් දේවී, අඤ්ජනම් දේවී[නා.] අංජනම් එළියෙන් ශාස්ත්‍ර කීමට උදවු වෙතියි විශ්වාස කරනු ලබන දෙව්දුව.
අංජනය, අඤ්ජනය[නා.] ඇස අඳුන් ආලේප කිරීම; ඇස ගාන ආලේපය.
අංජලි, අඤ්ජලි[නා.ප්‍ර.] අංජලිය; අඤ්ජලිය බ.
අංජලිකරණය, අඤ්ජලිකරණය[නා.] දොහොත් මුදුන් දී කරන නමස්කාරය; ඇඳිලි බැඳීම.
අංජලිපුටය, අඤ්ජලිපුටය[නා.] ඇඟිලි එකතු කොට ගොටු ගසා එසවූ දෙඅත්ල; නමස්කාර වශයෙන් එක් කොට නැඟූ දෝත.
අංජලිය, අඤ්ජලිය[නා.] ඇඟිලි එකතු වන සේ ඔසවා ගත් දෙඅත; අභිවාදනයට නැඟූ දෝත.
අංබරුවා, අංබාරුවා(කමත්.) [නා.] ගවයා; මීමා.
අංමඩුව[නා.] අං ආබරණ පේ කොට තබන මඩුව.
අංමුවා[වි.] අඟින් සාදන ලද.
අංශ රූපය[නා.] අංශයක් පෙන්වන රූපය; පාර්ශ්වයක ආකාරය දක්වන ප්‍රතිබිම්බය.
අංශකය1. [නා.] කොටස; භාගය.
2. [නා.] වෘත්තයකින් 1/360 පංගුව.
3. [නා.] පෘථිවිගෝලය පරික්ෂේප කොට තිබෙන රේඛාවකින් 1/360 කොටස.
4. (පාරිභා.) [නා.] උෂ්ණත්වය මැනීමේ ඒකකය; කෝණ මැනීමේ ඒකකය(=degree).
අංශභාගය, අංසභාගය[නා.] ශරීරයේ එක් අංශයක් පණ නැති වීම ලක්ෂණ කොට ඇති රෝගය; පක්ෂාඝාතය.
අංශය1. [නා.] භාගය; පංගුව.
2. [නා.] දිශාව; පැත්ත.
3. (පාරිභා.) [නා.] පාර්ශ්වය (=lateral); කොටස (=inaredient); පාදය (=side).
4. [නා.] යම්කිසි කාර්ය මණ්ඩලයක ශාඛාව.
අංශුක1. [නා.ප්‍ර.] සිනිඳු රෙද්ද.
2. වැස්ම; කබාය; හැට්ටය.
අංශුධර[නා.ප්‍ර.] රශ්මි ධාරා දරන්නා; හිරු; සූර්යයා.
අංශුමාත්‍රය[නා.] ඉතා ටික; ඉතා ස්වල්පය; බිංදු මාත්‍රය.
අංශුමාලාව[නා.] රැස්මාලාව; ආලෝකධාරාව.
අංශුමාලී[නා.ප්‍ර.] රැස්මාලාවක් ඇති තැනැත්තා; සූර්යයා.
අංශුව1. [නා.] ඉතා කුඩා කොටස; කුඩා කැබැල්ල; ස්වල්පය.
2. [නා.] ආලෝක ධාරාව; රශ්මිය.
අංස මර්මය[නා.] උරහිස හා ගෙල අතර පිහිටි මරුපළ.
අංසකඩය, අංසකඩේ[නා.] භික්ෂූන් වහන්සේ සිවුරට යටින් වම් උරය වසා අඳින සැට්ට විශේෂය.
අංසකය1. [නා.] උරහිස. 2. [නා.] ශරීර පාර්ශ්වය. 3. [නා.] අංසකඩය.
අංසකූටය[නා.] උරහිස; දසරුව.
අංසානම[නා.] ජල යාත්‍රාවල රුවල ගැට ගසන රිට; රුවල් ලීය.
අංසිනය[නා.] අංශයක් දුබල වීම; අංශයක් හානි වීම; අබ්බගාතය.
අඃ[නි.] කෝපය, සන්තාපය, ඛේදය, පසුතැවිල්ල ආදි අර්ථ ප්‍රකාශ කරන නිපාත පදයක්.
අඍක්[නා.ප්‍ර.] ලේ; රුධිරය.
අක1. [නා.] දුක; ශෝකය; වධය; වේදනාව. 2. [නා.] ඇස; නේත්‍රය. 3. [නා.] දාදු කැටය. 4. [නා.] දූ කෙළිය. 5. [නා.] වී ඇට විස්සක බර. 6. [නා.] වී ඇට විස්සක බරින් යුත් රන් කාසිය. 7. [නා.] ටික; ස්වල්පය. 8. [නා.] රියෙහි අලවංගුව. 9. [නා.] ලකුණ; සටහන. 10. [නා.] අංකය; ඉලක්කම. 11. [නා.] විදුලිය. [වි.] පටු; හැකුළුණු.
අකටයුතු[වි.] කිරීමට නුසුදුසු; නොකළ යුතු වූ; අයුතු.
අකටවිකට[නා.ප්‍ර.] විහිළු තහළු; විගඩම්; උසුළු විසුළු.
අකඩ[වි.] නොකැඩුණු; අඛණ්ඩ.
අකණ1. [නා.] පින් කළ නොහැකි කාලය; නුසුදුසු කාලය; අක්ෂණය. 2. [නා.] විදුලිය; අකුණු පහර; විද්යුල්ලතාව.
අකත[වි.] නොකළ; නොසාදන ලද.
අකනිටා, අගනිටා[නා.ප්‍ර.] බ්‍රහ්මලෝක දහසයෙන් එකක නාමය.
අකපට[නා.] නවගුණවැල; අක්ෂමාලාව. [වි.] කපටි නොවූ.
අකපටු1. [වි.] හැකුළුණු. 2. [වි.] ගැවසී ගත්.
අකප්පිය(විනය.) [වි.] නුසුදුසු; අකැප; අසාරුප්‍ය.
අකබඹරු, අක්බඹුරු[වි.] අගින් කරකැවී ගිය; අග වකුටු වූ;
අකම්, අකර්මක(ව්‍යාක.) [වි.] කර්ම පදයක් නොගන්නා; කර්මයක් නොමැති.
අකම්ප, අකම්පිත, අකම්ප්‍ය[වි.] නොසෙල්වෙන; කම්පා නොවන.
අකමැති, අකැමැති[වි.] කැමැත්තක් නැති: අරුචි
අකර1. [නා.] අකුර; අක්ෂරය. 2. [නා.] අංකුරය; මොරෙය්යා. 3. [නා.] යම් යම් දේ එකතු වී ඇති තැන; ඛනිජ සම්පත් එක්රැස් වී ඇති ස්ථානය; ආකරය. 4. [නා.] ආකාරය; අයුර.
අකරණීය[වි.] නොකටයුතු; නොකළමනා; අකර්තව්‍ය.
අකරතැබ්බය[නා.] බලාපොරොත්තු නොවූ කරදරය.
අකරදාරුව[නා.] ප්‍රථම භාර්යාවගෙන් දික්කසාද නොවී දෙවන භාර්යාවක් පාවා ගැනීමේ දී පුරුෂයකු විසින් එම දෙවන කාන්තාව වෙත දෙනු ලබන පොරොන් පත්‍රය.
අකර්ණනය[නා.] ඇසීම; ශ්‍රවණය කිරීම.
අකර්තව්‍ය[වි.] නොකළ යුතු; නොකටයුතු.
අකර්මක ක්‍රියාව(ව්‍යාක.) [නා.] කර්මයක් අපේක්ෂා නොකරන ක්‍රියා පදය.
අකර්මක ධ්‍රැවය(පාරිභා.) [නා.] වැඩියෙන් ම බීජාන්නය ඇත්තා වූ ද ඩිම්බ න්‍යෂ්ටියෙන් හැකිතාක් දුරස්තර වූ ද මතුපිට වූ ලක්ෂ්‍යය (=vegetative pole).
අකර්මක ධාතුව[නා.] (ව්‍යාක.) කර්මයක් අපේක්ෂා නොකරන ධාතුව හෙවත් ක්‍රියා මූලය.
අකර්මජ[වි.] කර්මයෙන් නූපන්; කර්මයෙන් නොහටගත්.
අකර්මණ්‍ය1. [වි.] යම් කටයුත්තක නොයෙදිය හැකි; අලස; කුසීත. 2. [වි.] පොලී ගෙවීමක් නැති; වැඩකට නොයොදන ලද.
අකල[නා.] නුසුදුසු කාලය; අනියම් කාලය.
අකලංක, අකලඞ්ක[වි.] කැළැල් නැති; ලප නැති.
අකල්1. [වි.] අකාලයෙහි වූ; නොකල්හි සිදු වන; අවේලාවෙහි වු. 2. [වි.] යහපත් නොවූ; ප්‍රිය නොවූ; අකල්‍ය. [නා.ප්‍ර.] නුසුදුසු කාලය; අනියම් කාලය.
අකල් මරණය[නා.] අකාලයේ සිදු වූ මරණය.
අකල්මාෂ[වි.] ලප රහිත; නොකැළැල්.
අකල්ලකයා[නා.] ලෙඩ වූ තැනැත්තා; රෝගියා.
අකවටුව[නා.] උක්කුටික ව හිඳ ගැනීමේ ක්‍රමයක්.
අකවනවා1. (කථා.) [ක්‍රි.] හිරකරනවා; අවුරනවා. 2. [ක්‍රි.] (කුඹුරක වතුර) නවත්වනවා.
අක්[නා.ප්‍ර.] අග; කෙළවර; මුදුන.
අක් දකිනවා[ක්‍රි.] කෙළවර දකිනවා; යම් කටයුත්තක් නිමාවට පැමිණෙනවා.
අක් දලුව[නා.] මුදුනේ ඇති දලුව; අකුරුදල්ල.
අක් දහර[නා.] කඳුල; අක්ෂි ධාර; අශ්‍රධාරාව.
අක් දූව[නා.] පස ඇට දමන සූදුව; කැටගැසීම.
අක් දෙරිය[නා.] ගෙයක ඉදිරිපස වූ පිල් කෙළවර; ආලින්දය; නිසවත්ත.
අක් වැල්ල[නා.] ගොඩබිම කෙළවරෙහි මුහුදු ජලය හා ස්පර්ශ වෙමින් පවතින වැලි තීරුව.
අක් වැස්ම[නා.] පැළෑටියක මුලේ කෙළවර පවතින ආරක්ෂක කොපුව.
අක් වැස්ස[නා.] ග්‍රීෂ්ම සෘතුව අග දී කලක් වැසි නැති ව තිබී වසින වැස්ස; අලුත් වැස්ස.
අක්උවටා[නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නවුන් ගෙන් අගතැන්පත් තැනැත්තා; අග්‍රෝපස්ථායකයා.
අක්කණ්ඩි1. [නා.] වැඩිමහල් සහෝදරිය; අක්කා. 2. [නා.] තමාට වඩා වැඩිමහල් ස්ත්‍රිය.
අක්කම්මා(කථා.) [නා.] මව ගේ වැඩිමහල් සොහොයුරිය; ලොකු අම්මා; මහම්මා.
අක්කමාව[නා.] පැකිලීම; පසුබෑම; අක්ෂමාව.
අක්කර[නා.ප්‍ර.] අක්කරය බ.
අක්කර ඉඩම[නා.] ආණ්ඩුවෙන් මැන බේරුම් කළ ඉඩම; අක්කර වශයෙන් ආණ්ඩුවෙන් මිලට ගන්නා ඉඩම.
අක්කර බද්දඉඩම් අයිතිකරුවන්ගෙන් ඉඩම් භුක්තිය වෙනුවෙන් අය කරන වාර්ෂික බදු මුදල.
අක්කරම්, අක්කාරම්[නා.ප්‍ර.] කුඩා දරුවන් ගේ දිවෙහි බැඳෙන සුදු හෝ කළු මැලියම් සහ එය ලක්ෂණ කොට ඇති රෝගය; උල්ලෝගම්.
අක්කරමාව( කථා) [නා.] අකුරක ප්‍රමාණය; ඉතා ස්වල්පය අක්ෂර මාත්‍රය.
අක්කරය[නා.] වර්ග යාර 4840 ක හෙවත් රූඩ් හතරක හෙවත් පර්චස් එකසිය හැටක බිම් ප්‍රමාණය; හෙක්ටයාර් 0.405 ක ක්ෂේත්‍රඵලය.
අක්කල්[වි.] දුර්වල; පිරිහුණු.
අක්කල් කැස්ස[නා.] කක්කල් කැස්ස. හුස්ම ගැන්මට අපහසු වන තෙක් දැඩි කැස්සක් ඇති කරන රෝගය.
අක්කස්ස[නා.] කුඹුර; කෙත.
අක්කා1. [නා.] වැඩිමහල් සහෝදරිය; දෙටු සොහොයුරිය. 2. (කථා.) තමාට වැඩිමහල් ස්ත්‍රිය.
අක්කැත්ත1. [නා.] අග කොටස; අන්තිම කෙළවර. 2. [නා.] යුෂ සඳහා කිතුල් මලක් හෝ පොල් මලක් අවසාන වරට කැපීම. 3. [නා.] කුඩා කැත්ත.
අක්කැමියා[නා.] අගය නියම කරන්නා; තක්සේරුකරු.
අක්කියාළ(කථා.) [නා.] ගොයම් කපා පළමුවෙන් ම බුදුන් වහන්සේට හෝ දෙවියන්ට හෝ වෙන් කරන කොටස.
අක්කෝසකයා[නා.] ගරහන්නා; පරිභව කරන්නා.
අක්කෝසනය[නා.] ගැරහීම; පරිභව කිරීම.
අක්කෝසය[නා.] පරිභවය; ආක්‍රෝශය.
අක්ඛ1. [නා.ප්‍ර.] රථයක අලවංගුව; අක්ෂය. 2. [නා.ප්‍ර.] දූ කෙළිය; දූ කෙළියේ දී භාවිත කරන දාදු කැටය. 3. [නා.ප්‍ර.] විනිශ්චය ශාලාව.
අක්ඛ ධූර්තයා[නා.] දූ කෙළියෙහි ලොල් තැනැත්තා.
අක්ඛ සොණ්ඩයා[නා.] සූදුකාරයා; දූ කෙළියට ඇබ්බැහි වු තැනැත්තා.
අක්ඛරය1. [නා.] අකුර; අක්ෂරය. 2. [නා.] වෙනස් නොවන තැන; නිවන.
අක්ඛි මල[නා.] ඇසෙහි ඇති වන මල; කබ.
අක්ත පත්‍රය[නා.] නිල හෝ පදවි පැවරීමේ දී පිරිනැමෙන ලියවිල්ල; තානාන්තර බලපත්‍රය.
අක්තලය(පාරිභා.) [නා.] කෘමීන්ගේ අවසාන උදර දෛහ පිණ්ඩයේ පිටිතලය (=pygidium).
අක්දිවි[නා.ප්‍ර.] සූදුකාරයා; අක්ෂධූර්තයා.
අක්නිය1. [නා.] නිය පොත්තේ කෙළවර; නිය අග. 2. බඩගින්න; කුසගින්න ජඨරාග්නිය.
අක්පතළය, අක්පතළාව[නා.] ආහාර පිසීමට ගනු ලබන කට පළල් ලොකු මැටි බඳුන; ඇතිළිය; අප්පල්ල.
අක්පය[නා.] පයෙහි අග කොටස; පා අග; පාදාන්තය.
අක්පා මට්ටම(පාරිභා.) [නා.] ජම්බාර කනු බැස්සීමේ දී එහි පත්ල රඳවන මට්ටම.
අක්පාව(පාරිභා.) [නා.] වේල්ලක යටිගං පැත්තෙහි පිහිටි පතුල් කෙළවර.
අක්පිටුවඅ. [නා.] පිටපැත්තේ කෙළවර; අග පිට පැත්ත.
අක්පිල්ල[නා.] මාළු බාන බිළී පිත්තෙහි කෙළවර.
අක්පෙනුම(පාරිභා.) [නා.] යම් දෙයක කෙළවරකින් බැලූ විට එය පෙනෙන ආකාරය.
අක්බමරය[නා.] පුවක් ගෙඩියක හැඩහුරුකමට ලීයෙන් තනා නූලක් ඔතා බිම ගසා කරකවන බමර විශේෂයක්.
අක්බරුව[නා.] කිතුල් මල්, කෙහෙල්මල් ආදිය පහතට නැමීම සඳහා බර පිණිස අගට එල්ලන ගල
අක්මඩිය(පාරිභා.) [නා.] ඇතැම් සන්ධිපාදිකයන් ගේ සිලෝමිත ප්‍රණාලයක් අවසාන වන කුඩා සිලෝමිත කෝෂය.
අක්මනවා1. [ක්‍රි.] පාගනවා; පා තබනවා; මඬිනවා. 2. [ක්‍රි.] පරාජය කරනවා; මඬිනවා. 3. [ක්‍රි.] ඉක්මවනවා; අතික්‍රමණය කරනවා.
අක්මා ශාකය(පාරිභා.) [නා.] බ්‍රියෝපීට ශාක කාණ්ඩයට අයත් පාසි වර්ගවලට නෑකම් කියන පැතලි ශාක වර්ගයක් (=liverwort).
අක්මාක්රේනය(පාරිභා.) [නා.] ග්ලැසියරයක් දිය වී දොළක් බවට හැරෙන ප්‍රදේශයෙහි, ඒ මගින් එ තෙක් ගෙන යනු ලබන ඇති පස් සහ කුඩා ගල්කැට ආදියෙන් යුත් තැන්පත්වූ ගොඩැල්ල.
අක්මාපැතැල්ලා(පාරිභා.) [නා.] ගව, එළු, බැටළු ආදි සතුන් ගේ පිත්ත ප්‍රණාලයේ සිටින ට්‍රෙමටෝඩා පණුවෙක්.
අක්මාව[නා.] හදවතට හා පෙණහලු දෙකට යට මහා ප්‍රාචීර පේශියට පහතින් ඇති විශාල ග්‍රන්ථිය; කැවුත්ත.
අක්මී[නා.ප්‍ර.] වේ තුඹස ඇතුළේ පිහිටි වදය; වේයන්ගේ කූඩුව; වේ වදය.
අක්මුල්[නා.ප්‍ර.] අග සහ මුල; පටන්ගැන්ම සහ අවසානය; දෙකෙළවර; ආදිය හා අන්තය.
අක්යල් වී(කථා.) [නා.ප්‍ර.] බැත මනින විට පළමු ව දෙවියන්ට පූජා කිරීමට වෙන් කරන වී ලාහ; අක්යාළ.
අක්රානියා(පාරිභා.) [නා.ප්‍ර.] කෝඩාටා වංශයේ කපාල හෝ හනු කශේරුකා හෝ සඟල වරල් හෝ නැති සතුන් ඇතුළත් මහා බෙදුම.
අක්ලිෂ්ට[වි.] කිලිටි නොවූ; පිවිතුරු.
අක්වටය(පාරිභා.) [නා.] වෘත්තාකාර හෝ අණ්ඩාකාර හැඩයක් දරන්නා වූ ද බොහෝ විට අංක දැක්වීමට සූචකයක් සවි කර ඇත්තා වූ ද ක්‍රමාංකිත තහඩුව; අංක මූණත (=dial).
අක්වරුව(කථා.) [නා.] වී හුළං කිරීමේ දී හොඳ වී ගොඩ අගට එකතු වන හොඳින් කිරි නොවැදුණු කොටස.
අක්ෂ කශේරුකාව[නා.] බෙල්ලේ දෙවැනි කශේරුකාව.
අක්ෂ ක්‍රීඩාව[නා.] දාදු කැට දැමීමෙන් කරන ක්‍රීඩාව; දූ කෙළිය; සූදුව.
අක්ෂ කීලය(පාරිභා.) [නා.] ඇතැම් ප්‍රොටොසෝවා ජීවීන් ගේ සිහින්, නැමෙන-සුලු, ඓන්ද්‍රීය ස්වභාවය ගත් කූරක් වැනි අවයවය (= axostyle).
අක්ෂ දණ්ඩ[නා.] වාහනයට රෝද සවි වී තිබෙන හරස් දණ්ඩ; ඇක්සලය; අලවංගුව (= axle).
අක්ෂ ධූර්තයා[නා.] දු කෙළියෙහි ලොල් වූ තැනැත්තා.
අක්ෂ භේදය[නා.] පොළවේ අක්ෂය පිළිබඳ ස්ථානයන්ගේ වෙනස; අක්ෂාංශයන්ගේ වෙනස.
අක්ෂ මාත්‍රාව[නා.] බුළු ගෙඩියක ප්‍රමාණය; තුන් කළඳක බර.
අක්ෂ මාලාව[නා.] නවගුණවැල; ජපමාලය.
අක්ෂ සූත්‍රය[නා.] ජප කිරීමට භාවිත අක්ෂමාලාව; නවගුණවැල.
අක්ෂක[නා.ප්‍ර.] උරහිසෙහි ඉදිරිපස සිරස් අතට පිහිටි ඇටය; අකු ඇටය, අක්ෂකාස්ථිය. [වි.] අක්ෂකාස්ථියට අයත්; අක්ෂයට සම්බන්ධ.
අක්ෂකාස්ථිය[අක්ෂක+අස්ථිය] (පාරිභා.) [නා.] උරයෙහි ඉදිරිපසින් තිරස් අතට පිහිටි ඇටය; අකුඇටය(=collar bone).
අක්ෂණ1. [වි.] අවස්ථාවට නොගැළපෙන; කාලෝචිත නොවන. 2. [වි.] බොහෝ කල් පවතින; චිරස්ථායි.
අක්ෂණ දේශනාව[නා.] කුසල් කිරීමට නුසුදුසු වූ හෝ අවකාශ වූ කාල අට පිළිබඳ ව කරන දේශනාව.
අක්ෂම[වි.] නොහැකි, බැරි, නොසමත්.
අක්ෂය1. [නා.] රථයක අලවංගුව; අක්ෂ දණ්ඩ. 2. [නා.] යම්කිසි වස්තුවක් තුළින් ගමන් කරතැයි සැලකෙන සත්‍ය වූ හෝ කල්පිත වූ සරල රේඛාව. 3. [නා.] සමාකාර ව දෙපැත්තට විහිදෙන ශාඛා දරා සිටින ඕනෑ ම ශාක කොටසක්; පාර්ශ්වික ශාඛා ඇති ශාක කැබැල්ල. 4. [නා.] දාදු කැටය; පස ඇටය; දාදුව. 5. [නා.] ජපමාලා සෑදීමට ගන්නා රුද්‍රාක්ෂ ආදි ඇට. 6. [නා.] බර ප්‍රමාණයක්; තුන් කළඳ. 7. [නා.] ඇස, නේත්‍රය; අක්ෂිය. 8. [නා.] විනිශ්චය; තීරණය. 9. [නා.] උසාවිය. [වි.] අඩු නොවන; නොගෙවෙන; ක්ෂය නොවන.
අක්ෂර[වි.] නොනස්නා; ක්ෂය නොවන. [නා.ප්‍ර.] අකුර.
අක්ෂර කෞශල්‍යය[නා.] කියවීමෙහි හා ලිවීමෙහි සමත්කම; අක්ෂර විද්‍යාවෙහි නිපුණ බව; උගත්කම.
අක්ෂර දෝෂය[නා.] අකුරු පිළිවෙළ වෙනස් වීමෙන් වන වරද; අකුරෙහි දෝෂය; වැරදි වර්ණ වින්‍යාසය.
අක්ෂර මාලාව[නා.] හෝඩිය; වර්ණමාලාව; අක්ෂරාවලිය.
අක්ෂර වින්‍යාසය[නා.] අකුරු යෙදීමේ පිළිවෙළ; අකුරු නිසි පරිදි ව්‍යවහාර කිරීම.
අක්ෂරය[නා.] අකුර
අක්ෂරාගමය[අක්ෂර+ආගමය] (ව්‍යාක.) [නා.] අමුතුවෙන් අකුරක් පැමිණවීම; බාහිර හෝ අභ්‍යන්තර සන්ධියක දී අකුරක් අමුතුවෙන් පැමිණවීම; අකුර ආගම වීම.
අක්ෂරාදේශය[අක්ෂර+ආදේශය] (ව්‍යාක.) [නා.] අකුරක් වෙනුවට අන් අකුරක් පැමිණීම නොහොත් පැමිණවීම.
අක්ෂරාභ්‍යාසය[අක්ෂර+අභ්‍යාසය] [නා.] ලිවීම හා කියවීම පුරුදු වීම; අකුරු ඉගෙනීම; අකුරු පුහුණු කිරීම.
අක්ෂරෝච්චාරණය[අක්ෂර+උච්චාරණය] [නා.] අකුරු හරිහැටි ශබ්ද කිරීම; අකුරුවලට පාදක වූ ශබ්ද උත්පත්ති ස්ථාන අනුව නියම ලෙස උච්චාරණය කිරීම.
අක්ෂරෝත්පත්තිය[අක්ෂර+උත්පත්තිය] [නා.] අකුරු ඉපදීම; අකුරු හටගැනීම; අක්ෂරවල උපත.
අක්ෂාංශය[නා.] සමකයේ සිට උතුරු දෙසට හෝ දකුණු දෙසට අංශකවලින් මනිනු ලබන දුර ප්‍රමාණය; සමකයේ පටන් නියමිත කෝෂික දුරක් ඇති ස්ථානය; කක්ෂතලයේ පටන් ඇති කෝණික දුර.
අක්ෂාම්‍ය[වි.] ඉවසිය නොහැකි; ක්ෂමා කළ නොහැකි.
අක්ෂාර ලවණ[නා.ප්‍ර.] මූදු ලුණු; සවිඳ ලුණු.
අක්ෂි[නා.ප්‍ර.] ඇස; අක්ෂිය
අක්ෂි උන්මීලනය[නා.] ඇස ඇරීම; ඇස් විදහා බැලීම.
අක්ෂි කාචය1. (පාරිභා.) [නා.] ඇසෙහි විනිවිද පෙනෙන ලක්ෂණයෙන් යුත් කොට (=eye lens). 2. [නා.] ඇසෙහි සෑදෙන පටල රෝගයක්.
අක්ෂි කූටය1. [නා.] ඇස් ගුළිය; අක්ෂි ගෝලය. 2. [නා.] ඇසට ඉහළින් නෙරා සිටි කොටස.
අක්ෂි කූපය[නා.] ඇස් ගෙඩිය පිහිටා තිබෙන කුහරය; ඇස් වළ; ඇස් කෙවෙණිය.
අක්ෂි ගුලය, අක්ෂි ගෝලය[නා.] ඇසෙහි ගෝලයක් වැනි කොටස; ඇස් ගුළිය.
අක්ෂි ගූථය[නා.] ඇසින් වැගිරෙන මල; කබ.
අක්ෂි ධාරා[නා.බහු.] ඇසින් වැගිරෙන දියර; කඳුළු.
අක්ෂි නිමේෂය1. [නා.] ඇසිපිය ගැසීම. 2. [නා.] ඇසිපිය ගැසීමට ගතවන කාලය; ඇසිල්ල.
අක්ෂි පක්ෂ්මය[නා.] ඇස් පිහාටුව; ඇස්පිල්ල; ඇසිපිය.
අක්ෂි පටලය1. (පාරිභා.) [නා.] ඇසේ පිහිටි සියුම් සිවිය (= conjunctiva). 2. [නා.] ඇසේ දෘෂ්ටිය ආවරණය කරන පටල රෝගය.
අක්ෂි පථය[නා.] ඇසට පෙනෙන තෙක් මානය; ඇසට විෂය වූ ප්‍රදේශය. අක්ෂි පුටය [නා.] ඇසිපිය.
අක්ෂි ප්‍රතියෝජනය(පාරිභා.) [නා.] විවිධ දුර ප්‍රමාණවල තිබෙන දේ පැහැදිලි ව දැක ගැනීම සඳහා නාභීය දුර අනුව හුරු කර ගැනීමට ඇසට ඇති හැකියාව (= accommodation of the eye).
අක්ෂි ප්‍රාවරය[නා.] අක්ෂි ගෝලය ඇතුළත් පටලමය කෝෂය.
අක්ෂි මණ්ඩලය[නා.] ඇසෙහි ගෝලයක් වැනි කොටස; ඇස් ගුළිය.
අක්ෂි ලපය1. (පාරිභා.) [නා.] කලලයක පිහිටන ඇසෙහි මූලික ස්වරූපය. 2. [නා.] ඇතැම් ජීවීන්ගේ හා ශාකවල තිබෙන ආලෝක සංවේදී වර්ණක තිත (=eye spot).
අක්ෂි විද්‍යාව[නා.] ඇස පිළිබඳ උගන්නා ශාස්ත්‍රය; දෘෂ්ටි විද්‍යාව.
අක්ෂි විෂය[නා.ප්‍ර.] ඇසට හමු වන දෙය; නේත්‍රයට විෂය වූ වස්තුව; චක්ෂුපථය.
අක්ෂිකාධරය(පාරිභා.) [නා.] අක්ෂිකාවක් දරා සිටින චංචල ප්‍රසරය; අක්ෂි වෘත්තය (= ommatophore).
අක්ෂිකාව(පාරිභා.) [නා.] ගෝනුස්සන් වැනි ඇතැම් සතුන්ගේ සංයුක්ත ඇස සෑදී තිබෙන දෘෂ්ටි ඒකකය(=ommatidium).
අක්ෂිගත1. [වි.] ඇසෙහි වූ; ඇසට අයිති. 2. [වි.] ඇස හමුවට පැමිණි; ප්‍රත්‍යක්ෂ.
අක්ෂිය[නා.] පෙනීම ලබා දෙන ඉන්ද්‍රිය; ඇස; නේත්‍රය.
අක්ෂීණ[වි.] නොගෙවුණු; ක්ෂීණ නොවූ; නොපිරිහුණු.
අක්ෂෞහිණිය1. [නා.] එකේ ඉලක්කම සහ බින්දු 11 කින් නොහොත් 42කින් නොහොත් 43කින් සමන්විත සංඛ්‍යාව. 2. [නා.] අංග සම්පූර්ණ මහා යුද සේනාව; ඇතුන් 21,870ක්, අසුන් 65,510ක්, රිය 21,870ක් සහ පාබළ 109,350ක් සහිත මහා සිවුරඟ සේනාව.
අක්සනය(පාරිභා.) [නා.] ස්නායු කෙළවරක පිහිටි අක්ෂයක් වැනි සිලින්ඩරාකාර ප්‍රසරය (=axon).
අක්‍රම[වි.] පිළිවෙළක් නැති; ක්‍රමානුකූල නොවන.
අක්‍රමික[වි.] පිළිවෙළක් නැති; ක්‍රමානුකූල නොවන; විධිමත් නොවූ.
අක්‍රමිකතාව[නා.] අකටයුත්ත; නිත්‍යනුකූල නො වූ ක්‍රියාව; වංචනික හා දූෂිත කටයුත්ත.
අක්‍රිය(පාරිභා.) [වි.] ක්‍රියාකාරී නොවන; ක්‍රියා විරහිත.
අක්‍රිය අංකුරය(පාරිභා.) [නා.] වර්ධනය වීම හෝ වෙනස් ක්‍රියාවලි හෝ පවතින බව නොපෙන්වනඅංකුරය; සුප්ත අංකුරය (=restingbud).
අක්‍රිය දෘෂ්ටිය(අභි.) [නා.] කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ කළ හැකි ක්‍රියාවක් නැතැයි යන විශ්වාසය; කර්මය නොඇදහීම; අකිරියවාදය.
අක්‍රිය බීජාණුව(පාරිභා.) [නා.] ප්‍රරෝහණයට පෙර සාමාන්‍ය‍යෙන් සෑහෙන කලක් නිසසල ව පවතින ඉඩෝරය හෝ අනික් අහිතකර තත්ත්වයක් හෝදැරිය හැකි ඝන බිත්ති සහිත බීජාණුව(=resting spore).
අක්‍රිය මුදල්[නා.ප්‍ර.] සංසරණය නොවන මුදල්; පරිහරණයට එක් නොකර තැන්පත් කර ඇති මුදල්.
අක්‍රිය වාතය(පාරිභා.) [නා.] යම් ද්‍රව්‍යයක් දැවෙන විට ඊට උපකාර නොවී ඉතිරි වන වායුව; ක්‍රියාශීලී නොවන වායුව; නිෂ්ක්‍රිය වායුව.
අක්‍රිය හවුල්කරු(පාරිභා.) [නා.ප්‍ර.] කළමනාකාරිත්වයට සහාය නොවන හවුල්කරුවා.
අක්‍රියතා පරිවෘත්තිය(පාරිභා.) [නා.] යම්කිසි අවයවයක් හෝ ජීවියකු විවේකී ව පසු වන විට එකීඅවයවයෙහි හෝ ජීවියාගේ පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය (=basal metabolism).
අක්‍රියා භාරය[නා.] වැරදි කටයුතුවල බරපතලකම; නොකටයුතු ක්‍රියාවල බැරෑරුම් බව.
අක්‍රියාව1. [නා.] නොකිරීම; ක්‍රියාවෙන් වැළකීම. 2. [නා.] අයුතු ක්‍රියාව; නොකටයුත්ත; ක්‍රියාවක් නොවීම.
අකාඩය1. [නා.] මල්ලවපොර පිටිය. 2. [නා.] අඩමානය; සැක සහිත බව. 3. [නා.] අනිසි වේලාව.
අකාබනික(පාරිභා.) [වි.] (කාබනේට් හා සයනයිඩ් හැර) කාබන් අඩංගු නැති; ජීව සම්බන්ධයක් නැති (=inorganic).
අකාබනික රසායන විද්‍යාව[නා.] කාබන් හැර ඉතිරි රසායනික මූල ද්‍රව්‍යත් ඒවායේ සංයෝගත් පිළිබඳ වූ ශාස්ත්‍රය.
අකාමකා[පූර්ව.ක්‍රි.] යටපත් කොට; අමතක කොට; නොසලකා හැර.
අකාරක[වි.] නොකරන.
අකාරණය[නා.] හේතුවක් නැති දෙය; නොකරන; නොකටයුත්ත; අයුක්තිය.
අකාරය[නා.] “අ” යන අක්ෂරය; “අ” යන්න.
අකාර්යක්ෂම[වි.] කටයුත්තෙහි දක්ෂ නැති; කාර්යයෙහි අදක්ෂ.
අකාර්යය[නා.] නොකළ යුතු දෙය; නොකළ යුත්ත.
අකාරාදිය[නා.] “අ”කාරය ආදි කොට ඇති අකුරු අනුපිළිවෙළින් සකස් කළ වචන මාලාව; ශබ්දකෝෂය.
අකාරාන්ත[වි.] “අ” කාරයෙන් කෙළවර වන. [නා.ප්‍ර.] ‘අ’ කාරයෙන් අවසන් වන ශබ්දය.
අකාල[වි.] නියම කාලයෙන් බැහැර වූ; නොනිසි කාලයෙහි වූ; අවාරයෙහි වූ.
අකාල මරණය[නා.] නියම කාලයට පෙර සිදු වන මරණය; අකල් මරණය.
අකාලඥ[වි.] සුදුසු කාලය නොදන්නා වූ.
අකාලය[නා.] කාලය නොවන අවස්ථාව; අවේලාව; අනියම් කාලය.
අකාලවාදී[වි.] කථා කිරීමට සුදුසු කාලය නොදන්නා වූ; නොකල්හි කථා කරන.
අකාලික1. [වි.] නියම කාලයෙන් බැහැර වූ; නොනිසි කාලයෙහි වූ. 2. [වි.] කර්මයට අනතුරු ව විපාක දෙන; කාලය නොඉක්මවා පල දෙන. 3. [වි.] කාල සීමාවකට යටත් නොවූ; කාල සීමාවක් නිශ්චය කළ නොහැකි.
අකැප[වි.] කැප නැති; අසාරූප්‍ය.
අකැමැත්ත, අකමැත්ත[නා.] කැමැති නැතිබව; අකමැතිබව.
අකිංකර[වි.] අණට කීකරු.
අකිංචන, අකිඤ්චන1. [වි.] තමා සතු කිසිදු වස්තුවක් නැති; දිළිඳු. 2. [වි.] රාගාදියෙන් හෝ විඤ්ඤාණයෙන් හෝ තොර වූ.
අකිරිය1. [වි.] ක්‍රියාවෙන් තොර; සුචරිතාදිය නොකරන. 2. [වි.] ක්‍රියාවක් නැතැයි සලකන; කර්මය නොඅදහන.
අකිරිය වාදය[නා.] කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් ක්‍රියාවකට විපාකයක් නැතැයි යන දෘෂ්ටිය; කර්මඵල විශ්වාස නොකිරීම.
අකීර්තිය[නා.] අපකීර්තිය; නින්දාව; අවමානය.
අකු ඇටය[නා.] උරයෙහි ඉදිරිපසින් තිරස් ව පපුවේ මැද සිට උරහිස් සන්ධි කරා විහිදී ගිය අස්ථිය.
අකුටිල1. [වි.] ඇද නැති; වකුටු නොවූ; කුටිල නොවූ. 2. [වි.] අවංක; අකපට.
අකුණ[නා.] විදුලිය; විදුලි කෙටීම; හෙණය.
අකුණ්ඨ[වි.] මොට නොවූ; මුවහත් සහිත; තියුණු.
අකුණු නිවාරකය[නා.] (අකුණුවලින් ඇති වන අධිවෝල්ටියතාවෙන්) විදුලි උපකරණ ආරක්ෂා කරන උපකරණය.
අකුණු පහන[නා.] විදුලි කෙටීමේ දී ඇති වන ආලෝකය; අකුණු එළිය.
අකුණු පහර[නා.] විදුලිය කෙටීමේ දී පොළොව කරා විහිදෙන විද්‍යුත් ප්‍රහාරය; සෙණ පහර.
අකුණු සන්නායකය[නා.] (ගොඩනැගිලි නැව් ආදියට) අකුණු වැදීම වළක්වන ලෝහමය උපකරණය.
අකුතෝභය[වි.] බිය වීමට හේතුවක් නැති; කොතනකින් වත් පැමිණෙන බියක් නැති.
අකුධාතුව[නා.] ආදාහනයෙන් පසු ඉතිරි වූ, බුදුරජාණන් වහන්සේගේ උරයෙහි ඉදිරිපසින් හරස් ව පිහිටා තිබූ අස්ථිය.
අකුප්‍යය[නා.] අමිශ්‍ර හෙවත් පිරිසිදු ලෝහය.
අකුර1. [නා.] භාෂාවක ශබ්ද ඒකකයක් ලියා දැක්වීම සඳහා යොදා ගනු ලබන සංකේතය; හෝඩියේ හෝ වර්ණමාලාවේ සංකේතවලින් එකක්; වර්ණය. 2. [නා.] ඉගෙනීම; පොත්පත් හැදෑරීම. 3. [නා.] වාහනයක රෝද සවි වී තිබෙන හරස් යකඩය; අලවංගුව. 4. [නා.] පැළය; අංකුරය. 5. [නා.] දලුව; ළපටි රිකිල්ල. 6. [නා.] සිරුරෙහි හටගන්නා මස් රොද. 7. [නා.] ගල් කැටය; බොරලු කැටය.
අකුරට[වි.] නියම කළ ලෙස; අඩුවක් නැති ව; ඉතා නිවැරදි ලෙස.
අකුරට යනවා[ක්‍රි.] ඉගෙනීමට යනවා; පාසැල් යනවා.
අකුරට වැඩ කරනවා[ක්‍රි.] අමතර කටයුතුවලින් වැලකී නියම වී ඇති වැඩ කොටස පමණක් කරනවා.
අකුරු කරනවා[ක්‍රි.] අකුරු ඉගෙන ගන්නවා; අධ්‍යයනය කරනවා; අධ්‍යාපනය ලබනවා.
අකුරු පෝරුව[නා.] අකුරු ලිවීමට භාවිත කළ ලෑල්ල; වැලිපිල්ල.
අකුරු මරනවා[ක්‍රි.] අකුරු වරද්දනවා.
අකුරු හරඹය[නා.] ගල් කැට විදීමේ ක්‍රීඩාව.
අකුරු හල[නා.] අකුරු උගන්වන ස්ථානය; පාසැල
අකුරුමැටි[නා.ප්‍ර.] ගල්කුඩුවලින් සෑදුණු මැටි වර්ගයක්
අකුල1. [නා.] අවුල; අවහිරය; බාධාව. 2. [නා.] කුඩා ගස්වැල් ආදියෙන් ගහණ වූ ස්ථානය; ළැහැබ. 3. [නා.] රිකිලි ගහණ වූ අත්ත.
අකුල් හෙළනවා[ක්‍රි.] අවහිර කරනවා; බාධා කරනවා; වළක්වනවා.
අකුලෙ ගහනවා(කථා.) [ක්‍රි.] (මළ මිනියක්) වළ දමනවා; භූමදාන කරනවා.
අකුව1. [නා.] අකු ඇටය. 2. [නා.] හනුව. 3. [නා.] කූර; උල.
අකුශල කර්ම පථය[නා.] අපායගාමී වීමට හේතු වන පව.
අකුශල කර්මය[නා.] පව; පාප ක්‍රියාව; පාප සිතිවිල්ල.
අකුශල, අකුසල1. [වි.] අදක්ෂ; අසමත්. 2. [වි.] කුසල් නොවූ; පාපකර.
අකුශලය, අකුසලය[නා.] කුසල් නොවූව; පාපය.
අකුස[නා.] හෙණ්ඩුව; අංකුසය.
අකුසල මූලය[නා.] පවට මුල් වූ කාරණය; අකුශල හේතුව.
අකුස්ස1. [නා.] අලි ඇතුන් මෙහෙයවන උපකරණය; හෙණ්ඩුව. 2. [නා.] ටික; ස්වල්පය; අල්පමාත්‍රය.
අකුළනවා1. [ක්‍රි.] දිගහැර ඇති පැදුරු ආදිය දිගැටි බෙර හැඩයට ඔතා කැටි කරනවා; කඹ ආදිය වළලු ගසනවා; ඔතනවා; වකුටු කරනවා. 2. [ක්‍රි.] පොත්, ඇස් පිහාටු ආදිය වහනවා. 3. [ක්‍රි.] වැනූ ධාන්‍යාදිය නැවත එකට එකතු කරනවා.
අකෘත[වි.] නොකළ; නොකරන ලද. [නා.ප්‍ර.] නිර්වාණය.
අකෘතඥ[වි.] කෙළෙහිගුණ නොදත්; කළගුණ නොසලකන; ගුණමකු.
අකෘතඥයා[නා.] කෙළෙහිගුණ නොදත් තැනැත්තා; කළගුණ නොසලකන්නා; ගුණමකුවා.
අකෘත්‍යය[නා.] වරද; නොකටයුත්ත.
අකෙව්1. [නා.ප්‍ර.] වැළැකීම; ප්‍රතික්ෂේපය. 2. [නා.ප්‍ර.] ආක්ෂේප නම් කාව්‍යාලංකාරය.
අකොව[නා.] ක්‍රෝධ නැති බව; අක්‍රෝධය.
අකොස[නා.] නින්දා කොට බැණීම; ගර්හාව; ආක්‍රෝශය.
අකෝණික රේඛාව(පාරිභා.) [නා.] කෝණ රහිත ඉර; චුම්බක විචලන නැති රේඛාව (=agonic-line).
අකෝලිතයා(රෝ.ක.) [නා.] දිව්‍ය පූජා මෙහෙයෙහි දී සහාය වන්නා; පරිවාසනයා.
අකෝවිද[වි.] නූගත්; අදක්ෂ.
අකෞශල්‍යය[නා.] කුශලතාවෙන් තොරබව.
අඛණ්ඩ[වි.] නොකැඩුණු; නොබිඳුණු; අවිච්ජින්න.
අඛණ්ඩ ශීලය[නා.] සිල් පදයක් නොකැඩුණු, පිරිසිදු ලෙස රක්ෂා කළ ශීලය
අඛිල[වි.] මුළු; සියලු; සමස්ත.
අග1. [වි.] උතුම්; ශ්‍රේෂ්ඨ; උත්කෘෂ්ට; ප්‍රමුඛ; අග්‍ර. 2. [වි.] අවසාන; කෙළවර; පර්යන්ත. 3. [නා.ප්‍ර.] මුදුන; සිරස; මස්තකය; ශීර්ෂය. 4. [නා.ප්‍ර.] ගින්න; වහ්නිය; අනල. 5. [නා.ප්‍ර.] දුක; ගැහැට. 6. [නා.ප්‍ර.] සර්පයා. 7. [නා.ප්‍ර.] ගෙය; නිවස; කුටිය. 8. [නා.ප්‍ර.] මිල; වටිනාකම; තක්සේරුව. 9. [නා.ප්‍ර.] අහස; ගුවන. 10. [නා.ප්‍ර.] කන්ද, ගිර, පර්වතය. 11. [නා.ප්‍ර.] ගස; රුක; වෘක්ෂය. 12. [නා.ප්‍ර.] සූර්යයා. 13. [නා.ප්‍ර.] නිවන.
අග උවටා[නා.] ප්‍රධාන උපස්ථායකයා; බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා; අක් උවටා.
අග තනතුර[නා.] සමූහයක් අතුරෙන් මුල්තැන; අග්‍රස්ථානය; ශ්‍රේෂ්ඨ ධුරය.
අග දන[නා.] පළමු අස්වැන්නෙන් දෙන දානය; අග්‍ර දානය; අග්‍ර දක්ෂිණාව.
අග දල[නා.] ගිනිදලුව; ගිනිදැල්ල; අග්නිජාලාව.
අග දෙවියා[නා.] දෙවියන් අතර ප්‍රධානයා; සක්දෙවිඳු.
අග දේවිය[නා.] අග බිසව; අග මෙහෙසිය
අග දොර[නා.] පළමු දොර; ප්‍රධාන දොරටුව.
අග නරනා[නා.] අගරජ; අගනිරිඳු; අග්‍රරාජයා.
අග නුවර[නා.] රටක පාලන මූලස්ථානය පිහිටි නගරය; ප්‍රධාන නගරය.
අග පලය[නා.] උත්තම ඵලය; අග්‍ර ඵලය; අර්හත් ඵලය.
අග පුඟුල්[නා.ප්‍ර.] ගුණ නුවණින් උත්තම පුද්ගලයා; ශ්‍රේෂ්ඨ පුද්ගලයා; බුදුරජාණන් වහන්සේ.
අග බත[නා.] අස්වැන්නෙන් පළමු ව දේව ආදින් වෙත පූජා කරන බත; අග්‍ර දක්ෂිණාව.
අග බමුණා[නා.] නායක බමුණා; අග්‍ර බ්‍රාහ්මණයා; පුරෝහිත බමුණා.
අග බිම[නා.] ශ්‍රේෂ්ඨ භූමිය; අග්‍ර භූමිය; නිර්වාණය.
අග බිසව, අග බිසොව[නා.] රජකුගේ අග මෙහෙසිය; අභිෂේක ලත් ප්‍රධාන දේවිය.
අග මග, අග මඟ[නා.] ශ්‍රේෂ්ඨ මාර්ගය; රහත් මඟ; අර්හත් මාර්ගය.
අග මැණ[නා.] උතුම් මැණික; අග්‍ර මාණික්‍යය.
අග මෙහෙසිය[නා.] අගබිසව.
අග රජ, අග රද[නා.ප්‍ර.] අග්‍ර රාජයා; මහා රාජයා; අධිරාජයා.
අග රජය[නා.] ප්‍රධාන රාජ්‍යය; අධිරාජ්‍යය.
අග රස[නා.ප්‍ර.] අග්‍ර රසය; ප්‍රණීත සූප ව්‍යඤ්ජන ආදිය.
අග රුවන[නා.] උතුම් මැණික; අග්‍ර මාණික්‍යය; සිළුමිණ.
අග වර[නා.] ගින්නෙහි ලා තැවීම; ගිනියම් කිරීම; ගිනි කැවීම.
අග වරුව1. [නා.] වී හුළං කිරීමේ දී හොඳ වී රාශිය අගට තැන්පත් වන බොල් වී කොටස; අක්වරුව. 2. [නා.] දවසේ අග භාගය; සවස් වරුව.
අග සස්, අග හස්[නා.ප්‍ර.] ගොවිතැනින් ලබන පළමු අස්වැන්න; අග්‍ර සස්‍යය.
අගඩි මගඩි(කථා.) [නා.ප්‍ර.] තක්කඩිකම; වංචනික වැඩ; ප්‍රයෝගය.
අගණනීය, අගණය[වි.] ගණන් ගත නොහැකි; ගිණිය නොහැකි.
අගණිත[වි.] ගණන් නැති; අනන්ත; අප්‍රමාණ.
අගත1. [වි.] අධිගමය නොකළ; වටහා ගත නොහැකි. 2. [වි.] ආවා වූ; පැමිණි; ආගත. [නා.] කුඹුරු යායක අග කොටස; අගාවත.
අගත පූර්ව[වි.] ප්‍රතිවේධ නොකළ; පෙර නොපැමිණි.
අගතිත(පාරිභා.) [නා.] උතුම් වූ ත්‍රිත්වය; ත්‍රිමූර්තිය
අගතිය1. [නා.] යුක්තියට පිටු පා ක්‍රියා කිරීම; අයුක්තියෙහි ගමන් කිරීම. 2. [නා.] ප්‍රගතියට විරුද්ධ ස්ථානය; දුගතිය.
අගද[නා.] ඉතා ගැඹුරු; පතුල දැකිය නොහැකි; අගාධ. 1. [නා.ප්‍ර.] බෙහෙත; ඖෂධය. 2. [නා.ප්‍ර.] මුදල්.
අගදය[නා.] බෙහෙත; ඖෂධය.
අගද්‍යතාව(පාරිභා.) [නා.] බුද්ධි හීනතාව නිසා කථා කර ගත නොහැකි වීමේ ආබාධය (=adogia).
අගන, අගනා[වි.] වටිනා; මහඟු; අනර්ඝ.
අගමඟ නුවණ[නා.] අර්හත් මාර්ග ඥානය.
අගමල[නා.] සතුන් බැඳීමට අටවන මද්ද; මල පුඩුව; උගුල.
අගම්[වි.] ග්‍රාම්‍ය නොවූ; ශිෂ්ට. 1. [නා.ප්‍ර.] ශිෂ්ට බව; අග්‍රාම්‍යතාව. 2. [නා.ප්‍ර.] (ශ්‍රද්ධා භක්තියෙන් ඇති කර ගත්) විශ්වාසය; ඇදහිලි ක්‍රමය; ආගම. 3. (ව්‍යාක.) [නා.ප්‍ර.] අකුරක් අමුතුවෙන් පැමිණීම; අක්ෂරාගමය. 4. [නා.ප්‍ර.] පාළු වූ ගම්; විනාශ වූ ගම්; ජනශුන්‍ය ග්‍රාම.
අගම් සඳ(ව්‍යාක.) [නා.] පද දෙකක් මධ්‍යයෙහි ආගන්තුක අකුරක් පැමිණීමෙන් සෑදෙන සන්ධිය; ආගම් සන්ධිය.
අගම්පඩි1. [නා.ප්‍ර.] ලංකාවේ මධ්‍යකාලීන සමයෙහි වේතනයට හේවාකම් කළ විදේශික භට හමුදාව. 2. [නා.ප්‍ර.] මෙහෙකරුවන්ට වැටුප් වෙනුවට දෙන වී.
අගම්මැටි(පාරිභා.) [නා.ප්‍ර.] ජලය, අයිස් හෝ සුළඟ කරණ කොට ගෙන එක් තැනකින් තවත් තැනකට ගෙන යෑමෙන් තැන්පත් වූ මැටි; ඇළ දොළ ආදියෙහි රාශිභූත වූ මැටි (= secondary clay).
අගම්යෝගය(පාරිභා.) [නා.] එක ම වර්ගයේ විවිධ ශාකවල මල්වලින් අන්‍යෝන්‍ය ව ඇති වන පරාගණය; පරසංසේචනය (= xenogamy).
අගම්විදිය[නා.] (ව්‍යාක.) ආගම විධිය; පද සන්ධි කිරීමේ දී අමුතුවෙන් අකුරක් පැමිණවීම.
අගම්‍ය[වි.] නොඑළඹිය යුතු; සේවනය නොකළ යුතු.
අගමැති[නා.ප්‍ර.] අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා; අග්‍රාමාත්‍යවරයා.
අගය කරනවා1. [ක්‍රි.] මිල කරනවා; තක්සේරු කරනවා. 2. [ක්‍රි.] උසස් කර කියනවා; වර්ණනා කරනවා. 3. [ක්‍රි.] උසස් ලෙස සලකනවා; ගරු කරනවා.
අගය තබනවා[ක්‍රි.] මිල නියම කරනවා; වටිනාකම දක්වනවා.
අගය පෙන්වනවා1. [ක්‍රි.] මිල කරනවා; තක්සේරු කරනවා. 2. [ක්‍රි.] උසස්කම කියා පානවා; පුරසාරම් කියනවා.
අගය වඩනවා1. [ක්‍රි.] මිල වැඩි කරනවා; වටිනාකම වැඩි කොට කියනවා. 2. [ක්‍රි.] අහංකාරකම් පෙන්වනවා.
අගය හෙළනවා[ක්‍රි.] මිල අඩු කරනවා; වටිනාකම පහත දමනවා.
අගය, අගේ1. [නා.] වටිනාකම; මිල; තක්සේරුව. 2. [නා.] වැදගත්කම; සැලකිය යුතු බව. 3. [නා.] ආඩම්බරය; උජාරුව; අහංකාරය.
අගයනවා[ක්‍රි.] වටිනාකම පෙන්වනවා; අගය මනිනවා; ගුණාත්මක තත්ත්වය විමසනවා.
අගරපට, අගරපොට[නා.] ඇඳි රෙද්දෙහි හිණ පහළට එල්ලී වැටෙන රෙදි කොන; නරුපොට; නෙරිය.
අගර්භ සෙය්‍යකයා[නා.] මවු ගැබක නූපදින්නා; මවු කුස පිළිසිඳ නොගන්නා තැනැත්තා.
අගර්වය[නා.] උඩඟු නොවන බව; නිරහංකාර බව; නිහතමානි බව.
අගරු[වි.] ගරු නොවූ; ගරු බුහුමන් රහිත.
අගරු කරනවා1. [ක්‍රි.] ගරු සැලකිලි නොදක්වනවා. 2. [ක්‍රි.] පිළිගත නොහැකි චෙක්පතක් ප්‍රතික්ෂේප කරනවා.
අගරු පස්ත[වි.] ප්‍රධාන උපස්ථායක වූ; අග්‍ර උපස්ථායක වූ.
අගරුක[වි.] බර නොවූ; බැරෑරුම් නොවන. [නා.ප්‍ර.] බර නොවූව; බලවත් නොවන කුශලාකුශල කර්ම.
අගරුකය[නා.] බර නොවූව; බලවත් නොවන කුශලාකුශල කර්ම
අගරුව[නා.] ගරු බුහුමන් නැතිකම; අගෞරවය; අවමානය.
අගරොන්[නා.ප්‍ර.] විසිරී යන කුඩා ගිනි පුපුරු; ගිනි පුලිඟු.
අගල, අගළ1. [නා.] කඳු බෑවුම් ප්‍රදේශවල වැහි වතුර බැස යාමෙන් හෑරුණු ඇළ; ඉඩමක මායිම දැක්වීම හෝ සෝදාපාළුව වැළැක්වීම සඳහා හාරනු ලබන කානු. 2. [නා.] පුරාණ නගර වටා ආරක්ෂාව සඳහා ඉතා ගැඹුරට හා පළලට කණින ලද පරිඛාව.
අගවිට[නා.] ආලින්දය; අක්දෙරිය.
අගසවු[නා.ප්‍ර.] අග්‍රශ්‍රාවක.
අගසස් දන්[නා.ප්‍ර.] පළමු අස්වැන්නෙන් දෙන දානය; ඉඳුල් නොකර දෙන ප්‍රථම දානය.
අගහර1. [නා.] රජුන් විසින් පුදන ලද ගම්වරය; ප්‍රවේණි කර දුන් කෙත්-වත් ආදිය. 2. [නා.] අනගි මුතුපට; අගනා මුතු මාලය.
අගහරුව[නා.] අවමානය; අපහාසය; අගෞරවය.
අගහිග, අගහිඟ[වි.] අඩුපාඩු ඇති; නැති බැරිකමින් යුත්; දුප්පත්. [නා.ප්‍ර.] නැතිබැරිකම; දුප්පත්කම.
අගහිඟය[නා.] නැතිබැරිකම; දුප්පත්කම.
අග් දලුව[නා.] අග ඇති ඉතා ළපටි කොළය; මුදුන් දලුව.
අග් බත[නා.] කුඹුරක අස්වැන්න ලැබීමෙන් පසු කමත් පරිභෝග කිරීමට පෙර මහණ බමුණන්ට දෙන දානය; අගහස් දන.
අග් බඹර, අග් බඹුරු[වි.] අගින් වකුටු වූ; අක් බඹරු.
අග් මල[නා.] තල්, කිතුල්, පොල් ආදි ගස්වල මුදුන් මල.
අග් මෙහෙසුන්[නා.ප්‍ර.] අග මෙහෙසිය; අග බිසව; අභිෂේක ලත් ප්‍රධාන බිසව.
අග්ග1. [වි.] උතුම්; ශ්‍රේෂ්ඨ. 2. [වි.] කෙළවර වූ; අවසාන වූ.
අග්ග බීජය[නා.] පැළවෙන අතු අග්ගිස්ස; කරටිය ම බීජය වූව.
අග්ගලා, අග්ගළා[නා.ප්‍ර.] බැදපු සහල් ආදී ධාන්‍යපිටි පැණියෙන් අනා ගුළි කර සාදා ගැනෙන කැවිලි විශේෂයක්.
අග්ගස්ස[නා.] අගසස්.
අග්ගස්ස දානය[නා.] අගසස් දන්.
අග්ගහ කැළේ(කථා.) [නා.] මහා කැළය; මූකළාන; මහා වනය.
අග්ගි ජාල[නා.ප්‍ර.] ගිනිදැල්ල; ගිනිදලුව.
අග්ගි දාහය, අග්නිදාහය[නා.] ගින්නෙන් දැවී යාම; පිළිස්සී යෑම.
අග්ගි හෝමය, අග්නි හෝමය[නා.] ගිනි පූජාව; ගිනි දැල්වීමෙන් ගිනි දෙවියාට කරන යාගය.
අග්ගික[වි.] ගිනි දෙවියා පුදන.
අග්ගින්න1. [නා.] අහරින් හිස් වූ ආමාශයෙහි ඇති වන දාහය; බඩගින්න. 2. [නා.] අර්ශස් ගඩු හටගැනීමෙන් ඇති වන රෝගය; අර්ශස් රෝගය; අග්නිමූලය.
අග්ගිපරිචරණය[නා.] ගිනි දෙවියන් උදෙසා පූජා පැවැත්වීම.
අග්ගිය[නා.] ගින්න; වහ්නිය.
අග්ගිරය, අග්ගිරේ(කථා.) [නා.] කෙළවර; අවසානය; අන්තය.
අග්ගිස්ස, අග්ගිහා[නා.] අගකොන; අන්තිම කොටස; තුඩ; කෙළවර.
අග්ගොන(කථා.) [නා.] කුඩා ළැහැබ; අකුල; කුඩා වනරොද.
අග්ඝාපනික[නා.ප්‍ර.] භාණ්ඩවල මිල නියම කරන්නා; තක්සේරුකරු.
අග්ඝිකාව1. [නා.] පහන් ගස. 2. [නා.] මලින් හෝ පහනින් කළ සැරැසිල්ල. 3. [නා.] දාගැබ්වල සතර දිශාභිමුඛ ව තැනූ තොරණ; වාහල්කඩ.
අග්න්‍යගාරය, අග්න්‍යාගාරය1. [නා.] ගිනි තපින ගෙය; ගිනිහල් ගෙය. 2. [නා.] ගිනි දෙවියා පුදන ශාලාව.
අග්න්‍යාශය[නා.] ආහාර දිරවන, ආග්නේය රසය උපදවන ඉන්ද්‍රිය; ඇලදිව.
අග්න්‍යාශයික ප්‍රණාලය[නා.] අග්න්‍යාශයෙහි පවත්නා ස්‍රාවය ගෙන යන කුඩා නාලය.
අග්න්‍යුන්මාදය[නා.] ගේදොර දේපළ ආදියට ගිනි තැබීමේ පිස්සුව; ගිනි උමතුව.
අග්නි[නා.ප්‍ර.] අග්නිය බ.
අග්නි කණිකා[නා.ප්‍ර.] ගින්නෙන් ඈතට විසිරී යන ගිනි පුපුරු; ගිනි පුලිඟු.
අග්නි කපාලය[නා.] ගිනි අඟුරු දැමූ කබල; ගිනිකබල.
අග්නි කර්මය[නා.] ගින්නෙන් දැවීමෙන් කරන ප්‍රතිකාර විධිය; සිරුරෙහි යම් යම් තැන් පිළිස්සීමෙන් සිදු කරන පිළියම.
අග්නි ක්‍රීඩාව[නා.] ක්‍රීඩාවක් වශයෙන් මල්වෙඩි සාදා පත්තු කිරීම.
අග්නි කාය[නා.ප්‍ර.] ලෝකයේ පවත්නා නිත්‍ය පදාර්ථ සතෙන් එකක්.
අග්නි කාෂ්ඨය[නා.] ගිනිගත් දර ලීය; ගිනිපෙනෙල්ල.
අග්නි කුණ්ඩය[නා.] ගිනි දල්වන කබල; අඟුරු කබල.
අග්නි කෝණය[නා.] දකුණටත් නැගෙනහිරටත් අතර අනු දිශාව; ගිනිකොන.
අග්නි ගණය[නා.] ඡන්දස් ශාස්ත්‍රයෙහි එන අට ගණයෙන් එකක්; ‘ර’ ගණය.
අග්නි ගර්භ[නා.ප්‍ර.] සූර්ය තාපය ගැබ් ව ඇතැයි සැලකෙන පාෂාණ විශේෂය; පළිඟු.
අග්නි ජාලය, අග්නි ජාලාව[නා.] ගිනිදැල්ල; දැල්වෙන ගින්න.
අග්නි තාපය[නා.] ගින්නෙන් රත් කිරීම.
අග්නි දග්ධ[වි.] ගින්නෙන් දැවුණු. 1. [නා.ප්‍ර.] ගින්නෙන් දැවීමෙන් සිදු වූ තුවාලය. 2. [නා.ප්‍ර.] ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ගින්නෙන් පිලිස්සීම; අග්නි කර්මය.
අග්නි දිගගිනිකොණ: අග්නි කෝණය බ.
අග්නි දීපක[වි.] බඩගිනි වඩන; ආමාශයෙහි ගින්න වඩන; ආහාර පැසවීමේ ශක්තිය වැඩි කරන.
අග්නි දීපනය[නා.] ආහාර පැසවීමේ ශක්තිය වැඩි වීම; ජඨරාග්නිය දියුණු වීම.
අග්නි දේවතාවා1. [නා.] ගින්නට අධිපති දෙවියා; ගිනි දෙවියා. 2. [නා.] හිරු ග්‍රහයාට ස්වාමි වූ දෙවියා.
අග්නි ධරය1. [නා.] වාතයට හසු වීමත් සමඟ ම ගිනි ගැනීමේ ස්වභාව ඇති දෙය; ගිනි ගන්නා සුලු දෙය. 2. [නා.] ගිනිකන්ද.
අග්නි ධර්ම[වි.] ගින්නට බඳු ස්වභාව ඇති; ගිනි වැනි.
අග්නි ධාතුව1. [නා.] ගිනි පිළිබඳ මූල ධාතුව; තේජෝධාතුව. 2. [නා.] සිරුරෙහි ගින්න වඩන මූල ද්‍රව්‍යය; පිත්තය.
අග්නි පාෂාණය[නා.] එකිනෙක ගැටීමෙන් ගිනි හටගන්නා ගල්වර්ගය; ගිනිගල.
අග්නි පුටය[නා.] ඖෂධ ශුද්ධ කිරීම හෝ විෂ නැති කිරීම සඳහා භාවිත කෙරෙන රසායනික පාක ක්‍රමයක්.
අග්නි පුත්‍ර[නා.ප්‍ර.] ධූමකේතු හෙවත් වල්ගාතරු විශේෂයක්.
අග්නි පූජාව1. [නා.] ගිනි දෙවියන් පිදීම; ගිනි පිදීම. 2. [නා.] ගින්නෙහි දමා පිලිස්සීම; ගිනිබත් කිරීම.
අග්නි බලය[නා.] ආහාර දිරවීමේ ශක්තිය; බඩගිනි උපදවන බලය.
අග්නි භය[නා.ප්‍ර.] ගින්දරෙන් හටගන්නා බිය; පංච මහා භය අතුරෙන් එකක් වන ගිනි බිය.
අග්නි භූ ධරය[නා.] මුදුනේ විවරයකින් උණු අළු ලෝදිය ආදිය නිකුත් වන පර්වතය; අභ්‍යන්තරයේ තැන්පත් ව ඇති ලෝදිය කවර විටක හෝ විවරයකින් නිකුත් වීමට ඉඩ ඇති පර්වතය; ගිනිකන්ද.
අග්නි මණ්ඩලය1. (ජ්‍යෝති.) [නා.] ගින්න සහිත ව භූමිකම්පා සිදු වන නැකැත් ඇතුළත් සීමා ප්‍රදේශය; පුස, කැති, විසා, බෙරණ, මා පුව පුටුව, පුවපල් යන නැකැත් අයත් මණ්ඩලය. 2. [නා.] පූජාව සඳහා මණ්ඩලාකාර ව තැනෙන ගින්න; ගිනි මඬල.
අග්නි මානය(පාරිභා.) [නා.] දැඩි උෂ්ණත්වය මනින උපකරණය; ඉහළ උෂ්ණත්ව මාපකය (=pyrometer).
අග්නි මුද්‍රාව[නා.] භාරතීය නාට්‍යවල දක්නට ලැබෙන මුද්‍රාවක්.
අග්නි මූලයමූලග්ගින්න.
අග්නි යෝගය(ජ්‍යෝති.) [නා.] ගිනි බියට කාරණ වන අශුභ නැකැත් යෝගයක්.
අග්නි රක්ෂණය1. [නා.] ගිනි දෙවියන් පිදීම සඳහා ගෙයි ගිනි නිවෙන්නට නො දී රැකීම. 2. [නා.] ගින්නෙන් වන හානි පිළිබඳ ව කරන රක්ෂණය; ගිනි රක්ෂණය.
අග්නි වර්ණය[නා.] ගිනි පැහැ; ගින්දර පාට.
අග්නි වර්ධකය[නා.] බඩගිනි වඩන දෙය.
අග්නි විද්‍යුතය(පාරිභා.) [නා.] ස්ඵටිකයක උෂ්ණත්වය සුදුසු පරිදි වෙනස් කිරීමෙන් එහි විවිධ කොටස්වල එකවර උපදින ධන හා සෘණ විදුලි ආරෝපණය (= pyro-electricity).
අග්නි ශාලාව1. [නා.] ගිනි පුදන ශාලාව; ගිනිහල. 2. [නා.] ගිනි තපින ගෙය; ගිනිහල් ගෙය.
අග්නි සංගය, අග්නිසඞ්ගය[නා.] කුසගිනි අඩුකම; අග්නිමන්දය.
අග්නි ස්කන්ධය[නා.] කඳක් මෙන් නැගී සිටින ගින්න; ගිනිගොඩ.
අග්නි ස්තම්භනය, අග්නි ස්තම්භය1. [නා.] ගින්දරෙහි දැවෙන ස්වභාව මැඬ පැවැත්වීම. 2. [නා.] සූසැට කලාවලින් එකක් වන ගිනි-සිසිල් කිරීම.
අග්නි ස්ථානය(ජ්‍යෝති.) [නා.] ගින්නට හිමි වූ රාශිය; කුජ ග්‍රහයා අධිපති රාශිය.
අග්නි ස්ඵූරණ(පාරිභා.) [වි.] වාතය හා ගැටුණු විට වහා ගිනි ගන්නා සුලු (= pyrophoric).
අග්නි හේළිමානය(පාරිභා.) [නා.] පෘථිවියට ලැබෙන සෘජු සූර්ය විකිරණයේ තීව්‍රතාව මනින උපකරණය (=pyrheliometer).
අග්නි හෝත්‍රය[නා.] ගින්නට කිරි ගිතෙල් වෙඬරු දමා ගිනි දෙවියා පිදීමේ හින්දු චාරිත්‍රය; ගිනි පූජාව.
අග්නිකර[වි.] කුසගින්න ඇති කරන; බඩගිනි වඩන.
අග්නිජ[වි.] ගින්නෙන් හටගත්; ගින්නෙන් උපන්.
අග්නිද්‍රව්‍ය(පාරිභා.) [නා.] ලෝහයකින් අළු ලබා ගැනීමත් අළුවලින් ලෝහය ලබා ගැනීමත් යන කරුණු දෙකට පොදු වූ දෙය.
අග්නිධරා[නා.] සිරුරෙහි ගින්න දරා සිටින සියුම් සිවිය; පිත්තධරා කලාව.
අග්නිභ[නා.ප්‍ර.] ගිනි පැහැගත් ලෝහය; රත්රන්; ස්වර්ණ
අග්නිමන්ත්‍රය[නා.] ගිනිදෙව් පූජාවේ දී ගයන මන්ත්‍රය.
අග්නිමන්දය, අග්නිමාන්ද්‍යය[නා.] බඩගිනි අඩුකම; කෑම නොදිරවීමෙන් ඇති වන ආබාධය; මන්දාග්නිය.
අග්නිමය[වි.] ගින්නෙන් සෑදුණු.
අග්නිමිතික[වි.] ගිනි රස්න මාපකය පිළිබඳ වූ; අග්නි මානය සම්බන්ධ.
අග්නිය1. [නා.] ගින්න; ගින්දර. 2. [නා.] ආහාර දිරවීමෙන් පසු කුසෙහි ඇතිවන ගින්න; බඩගින්න. 3. [නා.] ගිනිදෙචියා.
අග්නිවාර[නා.ප්‍ර.] ගින්නෙන් රත් කිරීම; ගිනියම් කිරීම.
අග්නිසාහි[වි.] ගිනි නොගන්නා; ගින්නට ඔරොත්තු දෙන.
අග්නීෂ්ටකාව[නා.] ගිනි ගඩොළ.
අග්‍ර1. [වි.] උතුම්; උසස්; ශ්‍රේෂ්ඨ. 2. [වි.] නායක; ප්‍රධාන. 3. [වි.] මුලින් උපන්; වැඩිමල්; දෙටු. 4. [වි.] කෙළවර පිහිටි.
අග්‍ර කාය[නා.ප්‍ර.] සිරුරෙහි ඉහළ කොටස; උඩුකය; ඌර්ධ්වකාය.
අග්‍ර කුලය[නා.] උතුම් කුලය; උසස් වංශය.
අග්‍ර කේතුකය(පාරිභා.) [නා.] පෘෂ්ඨ වංශීන්ගේ සුෂුම්නාවේ කේතුකාකාර කෙළවර (=conus terminalis).
අග්‍ර කෝටිය1. [නා.] අග කෙළවර; අන්තිම කොන. 2. [නා.] ඉළ ඇටවල තරුණාස්ථි පපු ඇටය හා සන්ධි වූ තැන.
අග්‍ර දක්ෂිණාව[නා.] උතුම් දානය; ඉඳුල් නොකොට ඉතා පිරිසිදු ව සකස් කළ උතුම් දානය.
අග්‍ර දර්ශනය[නා.] උත්තම දෘෂ්ටිය; ශ්‍රේෂ්ඨ දර්ශනය.
අග්‍ර දානය1. [නා.] බුද්ධත්වයට පැමිණීමෙන් පසු බුදුවරයකු ලබන පළමු දානය. 2. [නා.] අස්වැන්නේ පළමු කොටසින් දෙන ප්‍රථම දානය; නොඉඳුල් දානය.
අග්‍ර දූතයා1. [නා.] මුලින් ම දූත මෙහෙවරෙහි යෙදෙන්නා; ශ්‍රේෂ්ඨ දූතයා. 2. [නා.] (ක්‍රිස්ති.) උසස් ගණයට අයත් වන දේව දූතයා.
අග්‍ර දේවී[නා.] රජකුගේ අගමෙහෙසිය; අභිෂේක ලද බිසව.
අග්‍ර ප්‍රාප්තයා[නා.] අගතැන්පත් තැනැත්තා; ප්‍රධාන තැනට පත් තැනැත්තා.
අග්‍ර පුරෝහිතයා[නා.] (රජ කෙනෙකුගේ) ප්‍රධාන පුරෝහිතයා; ප්‍රධාන උපදේශකයා; අග පෙරෙවියා.
අග්‍ර ඵලය1. [නා.] අ. යම් කාර්යයකින් ලැබෙන උපරිම තත්ත්වය; යම් දෙයක ඉහළ ම ප්‍රතිලාභය. 2. [නා.]උතුම් වූ ඵලය; මාර්ගඵල අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ඵලය; අර්හත් ඵලය.
අග්‍ර බාහුව[නා.] අතේ වැළමිට සිට මැණික් කටුව දක්වා ඇති කොටස; අත් දණ්ඩෙහි පහළ කොටස.
අග්‍ර භාගය1. [නා.] අග කොටස; අවසන් කොටස. 2. [නා.] මුල් කොටස; ප්‍රධාන කොටස.
අග්‍ර භෝජනය1. [නා.] පළමුවෙන් පිළියෙල කළ බොජුන්; නොඉඳුල් ආහාරය. 2. [නා.] අලුත් අස්වැන්නෙන් මුලින් ම පිරිනමන දානය.
අග්‍ර මාණික්‍යය[නා.] උතුම් මැණික; අගමිණ.
අග්‍ර මාර්ගය1. [නා.] ශ්‍රේෂ්ඨ මාර්ගය; රහත්මඟ. 2. [නා.] ආර්ය අෂ්ටාංගික මාර්ගය.
අග්‍ර මාර්ගාධිගමය[නා.] අර්හත් මාර්ගයට පැමිණීම; රහත් වීම.
අග්‍ර රන්ධ්‍රය[නා.] ඇත් සොඬ අග; ඇත් සොඬෙහි කෙළවර.
අග්‍ර රසය[නා.] මිහිරි රසය; ප්‍රණීත බව.
අග්‍ර රාජධානිය[නා.] අගනුවර; ප්‍රධාන නගරය.
අග්‍ර රාජ්‍යය[නා.] මහා රාජ්‍යය; අධිරාජ්‍යය; ප්‍රධාන රාජ්‍යය.
අග්‍ර විනිශ්චයකාරයා[නා.] අධිකරණයෙහි නායක; විනිශ්චයකාරයා; ශ්‍රේෂ්ඨාධිකරණයේ නායකයා.
අග්‍ර ශස්‍යය, අග්‍ර සස්‍යය[නා.] මුල් අස්වැන්න; ගොවිතැනින් ලබාගන්නා පළමු පලදාව; අගසස්.
අග්‍ර ශ්‍රාවකයා[නා.] බුදුවරයෙකුගේ අගසවු තනතුර දරන්නා; බුදුවරයෙකුගේ ප්‍රධාන ශ්‍රාවකයා; අගසව්වා.
අග්‍ර ශ්‍රාවිකාව[නා.] බුද්ධ ශ්‍රාවිකාවන් අතර ප්‍රධාන තැනැත්තිය; ජ්‍යෙෂ්ඨ ශ්‍රාවිකාව.
අග්‍ර ස්ථානය[නා.] මුල්තැන; ප්‍රධාන තැන; නායක ධුරය.
අග්‍ර ස්ථානාන්තරය[නා.] උතුම් පදවිය; ශ්‍රේෂ්ඨ ධුරය; අග තනතුර.
අග්‍ර සූත්‍රිකාව(පාරිභා.) [නා.] ඇතැම් පෘෂ්ඨවංශීන්ගේ සුෂුම්නාවේ පශ්චාත් කෙළවර දික්වීමෙන් සෑදෙන සිහින් ස්නායු කෙන්ද (=filum terminale).
අග්‍ර හස්තය[නා.] උතුම් අත; ඇත් සොඬ.
අග්‍රකය1. (පාරිභා.) [නා.] වෘක්ෂලතාදියක යම් නාරටියක් දික්වීමෙන් සෑදෙන කෙටි තියුණු තුඩ(=apiculus). 2. (පාරිභා.) [නා.] ඇතැම් ප්‍රොටො- සොවාවන්ගේ තිබෙන අග්‍රස්ථ තුඩ (= apiculus).
අග්‍රකාය[නා.ප්‍ර.] මනා ව වැඩුණු ශරීරය; හොඳින් වර්ධනය වූ දේහය.
අග්‍රගණ්‍ය[වි.] උතුම් කොට සැලකිය යුතු; ඉතා උසස්; ශ්‍රේෂ්ඨතම.
අග්‍රගණ්‍යයා1. [නා.] අග මුලට ම ගණන් ගත යුතු තැනැත්තා; ප්‍රධානයා. 2. (පාරිභා.) ක්ෂීරපායී සත්ත්වයන්ගේ ඉතා දියුණු තැනැත්තා (=primates).
අග්‍රගාමී[වි.] ඉදිරියෙහි ගමන් කරන; පුරෝගාමී.
අග්‍රජ[වි.] මුලින් උපන්; පළමුව හටගත්; දරුවන් අතුරෙන් වැඩිමහල්.
අග්‍රජයා1. [නා.] දරුවන් අතුරෙන් පළමු ව උපන් දරුවා; කුළුඳුල් දරුවා; වැඩිමහල් සහෝදරයා. 2. [නා.] බ්‍රාහ්මණයා.
අග්‍රදක්ෂිණාර්හ1. [වි.] දන් ලැබිය යුත්තන් අතර ප්‍රමුඛ; උත්තම දක්ෂිණාව ලැබීමට යෝග්‍ය වූ; අග්‍රදක්ෂිණීය. 2. [වි.] ඉතා පින්වත් වූ.
අග්‍රප්‍රාප්ත1. [වි.] කෙළවරට පැමිණි; කෝටිප්‍රාප්ත. 2. [වි.] ප්‍රධාන; නායක.
අග්‍රය1. [නා.] කෙළවර; තුඩ; අන්තය. 2. [නා.] මුදුන; මස්තකය; ශීර්ෂය. 3. [නා.] උතුම් තැන; උසස් තැන. 4. [නා.] බැටරියක හෝ විදුලිය සැපයීමේ ප්‍රභවයක සන්නායක දෙකොනින් එකක්.
අග්‍රරාජ[නා.ප්‍ර.] ප්‍රධාන රජු; අධිරාජයා; අගරජ.
අග්‍රරාජගුරු[නා.ප්‍ර.] රෝමානු කතෝලික සභාවේ නායක පූජක පදවිය; ප්‍රධාන බිෂොප් පදවිය; අගරදගුරු.
අග්‍රරාජගුරුප්‍රසාදි[නා.ප්‍ර.] රෝමානු කතෝලික සභාවේ නායක පූජකවරයා; ප්‍රධාන බිෂොප්වරයා.
අග්‍රවර්ධය(පාරිභා.) [නා.] ඇතැම් ක්ෂීරපායීන්ගේ කශේරුකාවේ අග කෙළවරෙහි පුරායෝගිවර්ධවලට ඉහළින් පිහිටි ප්‍රසරය (=metapophysis).
අග්‍රශ්‍රාවක ඥානය[නා.] බුදුවරයෙකුගේ අගසවූ තනතුර සඳහා ලැබිය යුතු ඥානය.
අග්‍රශ්‍රී[නා.ප්‍ර.] උතුම් සම්පත; උසස් ශෝභාව; ශ්‍රේෂ්ඨ ශෝභාව; ශ්‍රේෂ්ඨ සම්පත්තිය.
අග්‍රසරු, අග්‍රේසර[වි.] පෙරටුව යන; ඉදිරියට ගමන් කරන; පුරෝගාමී. [නා.ප්‍ර.] ඉදිරියෙන් ගමන් කරන්නා; පුරෝගාමියා.
අග්‍රස්ථ[වි.] අවසානයෙන් හෙවත් අගින් පිහිටියා වූ; කෙළවර පිහිටි. ප්‍රධාන; ප්‍රබල,
අග්‍රස්ථ ඛණ්ඩිකාව(පාරිභා.) [නා.] (අවයව ආදියක) අගින් පිහිටා ඉදිරියට නෙරා හෝ එල්බෙමින් තිබෙන හෝ කොටස (=terminal lobe).
අග්‍රස්ථ මංජරය(පාරිභා.) [නා.] සපුෂ්ප ශාකයක ප්‍රරෝහයේ මල් හට ගන්නා අග කොටස (=terminal inflorescence).
අග්‍රස්ථ වර්ධනය(පාරිභා.) [නා.] දිලීර සූත්‍රිකාවල අග්‍රයෙහි පමණක් වර්ධනය නිසා සිදුවන දික් වීම (=apical growth).
අග්‍රස්ථ විභාජකය(පාරිභා.) [නා.] කඳක හෝ මුලක කෙළවරෙහි ඇති විභාජක සෛල සමූහය (=apical meristem).
අග්‍රස්ථසෛල(පාරිභා.) [නා.ප්‍ර.] සූත්‍රිකාවක හෝ බහු අවයවයක අග පිහිටි සෛලික සෛලයක් (=apical cell).
අග්‍රසේනාධිපති[නා.ප්‍ර.] ප්‍රධාන සෙන්පතියා; අග සෙනෙවියා.
අග්‍රහාරය[නා.] (රජුන්) බමුණන්ට පුදන ලද ගම්වරය; බමුණන්ට ප්‍රවේණි කොට දුන් කෙත්වතු ආදිය; අගහර.
අග්‍රාංකුරය[නා.] මුදුනේ ඇති දලුව; අක් දලුව.
අග්‍රාංගුලිය[අග්‍ර+අංගුලිය] [නා.] ඇඟිල්ලෙහි කෙළවර; ඇඟිලි අග.
අග්‍රාණ්ඩුකාරයා[අග්‍ර+ආණ්ඩුකාරයා] [නා.] ඩොමිනියන් රාජ්‍යයක ප්‍රධානයා.
අග්‍රාභරණය[අග්‍ර+ආභරණය] [නා.] අගනා පලඳනාව.
අග්‍රාභිමුඛ(පාරිභා.) [වි.] අග්‍රය පැත්තට හැරුණු (=acroscopic).
අග්‍රාභිසාරී(පාරිභා.) [වි.] ශාකයක වැඩිමහල් අවයව පාදය අසල ද බාල ඒවා අග්‍රය අසල ද සිටින පරිදි අනුක්‍රමයෙන් අවයව විකසනය වන (=acropetal).
අග්‍රාම්‍ය1. [වි.] ගමෙහි නොවූ; පිටිසර නොවූ; නාගරික. 2. [වි.] අශිෂ්ට; ග්‍රාම්‍ය නොවූ.
අග්‍රාමාත්‍යයා[අග්‍ර+අමාත්‍යයා] [නා.] අමාත්‍ය මණ්ඩල ප්‍රධානයා; අගමැතිවරයා.
අග්‍රාසනය[අග්‍ර+ආසනය] [නා.] මුල් අසුන; ප්‍රධාන ආසනය.
අග්‍රිම1. [වි.] අග්‍ර; ජ්‍යෙෂ්ඨ; උත්තම 2. [වි.] කෙළවරෙහි වූ; අග.
අග්‍රිම ක්‍රමය(පාරිභා.) [නා.] සුළු වියදම් සඳහා එක්තරා මුදල් ප්‍රමාණයක් ලබා ගෙන සුළු වියදම් පිළිබඳ ව ගණන් තැබීමේ ක්‍රමය; කල් තබා කරන ගෙවීම් පිළිවෙළ (=imprest system).
අග්‍රිමය1. (පාරිභා.) [නා.] සුළු වියදම් සඳහා ලබා ගත් මුදල්; කල් තබා කළ ගෙවීම; අත්තිකාරම් මුදල (=imprest). 2. [නා.] කෘමීන්ගේ මුඛය ඉදිරිපස පෙදෙස (=acron).
අග්‍රේශයා(පාරිභා.) [නා.] මිනිසා, වඳුරා ආදින් ඇතුළත් ක්ෂීරපායී සත්ත්වයන්ගේ උසස්තම ගෝත්‍රය; ප්‍රීමාටේ ගෝත්‍රය (=primate).
අග්‍රෝදකය[අග්‍ර+උදකය] 1. [නා.] දක්ෂිණාර්හයන් හෙවත් දන් ලබන්නන් වෙත පළමු ව පිරිනැමෙන පැන් බඳුන. 2. [නා.] නොඉඳුල් දිය; පරිභෝග නොකළ ජලය.
අග්‍රෝපස්ථානය[අග්‍ර+උපස්ථානය] [නා.] උසස් සත්කාරය; උතුම් උවටැන.
අග්‍රෝපස්ථායකයා[අග්‍ර+උපස්ථායකයා] [නා.] උපස්ථාන කරන්නන් අතුරෙන් ප්‍රධානයා.
අග්‍රෝපස්ථායිකාව[නා.] උපස්ථාන කරන්නවුන් අතුරෙන් අගතැන්පත් තැනැත්තිය.
අග්‍රෝපාසිකාව[අග්‍ර+උපාසිකාව] [නා.] තෙරුවන් සරණ ගිය කාන්තාවන් අතුරෙන් ප්‍රධාන වූ තැනැත්තිය; බුදු සසුනෙහි සැදැහැවත් උවැසියන් අතර ප්‍රධාන කාන්තාව.
අගාතය[නා.] තද කෝපය; අඝාතය.
අගාධ[වි.] ඉතා ගැඹුරු; පතුල නොපෙනෙන. [නා.ප්‍ර.] ඉතා ගැඹුරු ස්ථානය; පත්ල නොපෙනෙන තරම් ගැඹුරු වළ.
අගාධ ගොහොරුව(පාරිභා.) [නා.] මුහුදු පත්ලෙහි ඉතා ගැඹුරු ප්‍රදේශයක් වසා පැතිර පවත්නා ගොහොරු ද්‍රව්‍ය තැන්පතුව; ආගාධ නිධිය(=abyss deposit).
අගාධ ගෝලය(පාරිභා.) [නා.] අන්තර් ගෝලය (= bathysphere).
අගාධ තැන්න(පාරිභා.) [නා.] ගැඹුරු මුහුදුතැන්න; සාගර පත්ලෙන් තුනෙන් දෙකක් පමණ වසා සිටින ගැඹුරු ප්‍රදේශය (= deep sea plain).
අගාධ ප්‍රපාතය[නා.] ඉතා ගැඹුරු පල්ලම; පතුල නොපෙනෙන බෑවුම; පර්වත ප්‍රාන්තය.
අගාධ පාෂාණ(පාරිභා.) [නා.බහු.] පෘථිවි කබලෙහි ඉතා ගැඹුරෙහි ඝනීභූත ව පවත්නා ආග්නේය පාෂාණ (=abyssal rocks).
අගාධ භීතිකාව(පාරිභා.) [නා.] ගැඹුරක් දැකීමෙන් ඇති වන බිය (=bathophobia).
අගාධ මනෝවිද්‍යාව(පාරිභා.) [නා.] අවිඥානක මානසික ක්‍රියාවලි විස්තර කරන මනෝවිද්‍යාව (= depth psychology).
අගාධ මානය(පාරිභා.) [නා.] ජලයෙහි ගැඹුර මැනීම සඳහා භාවිත කරන උපකරණය (=bathymeter).
අගාධය1. (පාරිභා.) [නා.] ඉතා ගැඹුරු ආවාටය. 2. [නා.] සාගරයේ ගැඹුරු ම කොටස.
අගානිගාව1. [නා.] අපහාසය; අවමානය; නිගාව. 2. [නා.] අගහිඟය; නැතිබැරිකම.
අගාර කුඹුර[නා.] ඇළ දොළ ආදියෙන් වතුර නොලැබෙන කුඹුර; ඕබඩ නොපිහිටි කුඹුර; දෙණි කුඹුර.
අගාර විනය[නා.] ගිහියන්ගේ හික්මීම සඳහා බුදුරදුන් දේශනා කළ දහම; ගිහි විනය.
අගාරක[වි.] ගිහි වූ; පැවිදි නොවූ; ගෘහස්ථ.
අගාරය1. [නා.] ගෙය; කුටිය; ගෘහය. 2. [නා.] ගිහිගෙය. 3. [නා.] උස්බිම් දෙකක් අතර පිහිටි කුඹුර හෝ දෙණිය. 4. [නා.] ජලය රඳා සිටින පහත් බිම. 5. [නා.] වතුර බැස යන ඇළ; පිට ඇළ.
අගාරික[වි.] ගිහි; ගෘහස්ථ; ගෘහවාසී. [නා.ප්‍ර.] ගිහියා; පැවිදි නොවූ පුද්ගලයා; ගෘහපතියා.
අගාරිකයා[වි.] ගිහි ජීවිතය හා සම්බන්ධ; ගිහියන්ට අයත්; ගිහිගෙයි වසන.
අගාරිය[වි.] ගිහි ජීවිතය හා සම්බන්ධ; ගිහියන්ට අයත්; ගිහිගෙයි වසන.
අගාරෙ අරිනවා[ක්‍රි.] ඉවත ගලා යන්ට අරිනවා; අහක අරිනවා; අපතේ හරිනවා.
අගාලුව(පාරිභා.) [නා.] දොරුවක හැඩය ඇති වන සේ පස් කපා ඉවත් කිරීමේ දී දෙපැත්තෙහි ඉතිරි වන පස් කණ්ඩිය (=balk).
අගිනවා, අගනවා[ක්‍රි.] මිල වෙනවා; වටිනාකම දරනවා.
අගියාව(කථා.) [නා.] අදි-මදි කිරීම; ඇළි-මැළි කිරීම; පසුබට වීම; පැකිළීම.
අගිරි ගානවා(කථා.) [ක්‍රි.] වේදනාවෙන්, ශෝකයෙන් කෙඳිරි ගානවා; බැගෑ හඬ නගනවා.
අගිස්ස, අග්ගිස්ස, අග්ගිහ[නා.] අග කොන; මුදුන් හෝ අග කෙළවර.
අගිස්සනවා(කථා.) [ක්‍රි.] යමකුගේ බසෙහි සැබෑ-බොරුබව අන්‍යයකුගෙන් විමසා බලනවා; ඇත්ත නැත්ත විමසනවා; හගිස්සනවා.
අගු කවනවා(කථා.) [ක්‍රි.] පිඳුරු, බටකොළ ආදිය සෙවිලි කළ වහලක දිරා ගිය කොටස් ඉවත් කොට අලුතින් ඒ තැන් හෙවිලි කරනවා.
අගු කොන[නා.] අගු කෙළවර; පිළිකන්න.
අගු පත1. [නා.] ගෙයි පිටිපස; අගුව; පිළිකන්න. 2. [නා.] කුඹුරකින් පිටට නෙරා ගිය ලියදි කැබැල්ල.
අගු පීල්ල[නා.] වහළ කෙළවරින් වැටෙන වැහි ජලය බැස යෑම සඳහා සවි කර ඇති පිහිල්ල.
අගු බලනවා[ක්‍රි.] රජුට පිළියෙල කරන ලද භෝජන ඉඳුල් කොට පරීක්ෂා කර බලනවා.
අගු වඩනවා[ක්‍රි.] අගය වැඩි කොට දක්වනවා.
අගුණ[වි.] ගුණ නැති; අහිත. [නා.ප්‍ර.] දොස; වරද; නුගුණය.
අගුරු[වි.] බර නොවූ; බරපතල නොවූ; සැහැල්ලු.
අගුල් කණුව, අගුළු කණුව[නා.] අගුළ සවි වන කණුව; අගුළ දමන කණුව; අගුළ වැටීමට උළුවස්සේ සවි කළ කණුව.
අගුල් තට්ටුව, අගුළු තට්ටුව1. [නා.] ලීවලින් කළ යතුරු කූඩුව; දෙපියන් දොරක සවි කළ කුට්ටම් අගුළ. 2. [නා.] හංවඩු සටහනක්; විහාර ගම්වල ගවයන් ගේ පිටෙහි හංවඩු ගසන අඩයාළම.
අගුල්පත්[නා.ප්‍ර.] බණ දෙසුමක් හෝ වෙනත් දෙසුමක් කරන විට දෙන ප්‍රතිවචනය; පිළිවදන.
අගුව1. [නා.] ගෙයක පියසි අගින් වැසෙන බිම් කොටස. 2. [නා.] ගෙට යාබද බිම; ගෙමිදුල. 3. [නා.] අන්තය.
අගුළ[නා.] දොර වසා, ඇරීමට නොහැකි වන සේ ඇතුළතින් යොදන හරස් ලීය; දොර වසා අවුළුවන ලී කැබැල්ල; ලීයෙන් හෝ ලෝහයෙන් හෝ තනා දොරේ සවි කළ ඇරෙන වැහෙන දිවත.
අගුළු ඉද්ද[නා.] දොරක අගුළක් සේ අරින වහන පොල්ල; අගුළු පෙත්ත මැද විද දමන කූර; ඉදි අගුළ.
අගෘහීත[වි.] නොගත්; නොගන්නා ලද.
අගොස(ව්‍යාක.) [නා.] අඝෝෂාක්ෂරය; සිංහල හෝඩියේ එක් එක් වර්ගයේ පළමුවන, දෙවන අකුරු හා ශ,ෂ,ස, (අ) යන අකුරු.
අගෝචර1. [වි.] නුසුදුසු වු; නොගැළපෙන. 2. [වි.] විෂය නොවූ; ප්‍රත්‍යක්ෂ නොවූ. 3. [නා.ප්‍ර.] නුසුදුසු දෙය; නොගැළපෙන්න. 4. [නා.ප්‍ර.] විෂය නොවන දෙය; ප්‍රත්‍යක්ෂ නොවූව. 5. [නා.ප්‍ර.] නුසුදුසු තැන; අගෝචර ස්ථානය.
අගෝර(කථා.) [වි.] නුසුදුසු; නොනිසි; අනියම්.
අගෝස, අඝෝෂ[වි.] ඝෝෂා රහිත; නින්නාදවත් නොවන.
අගෝස්තු[නා.ප්‍ර.] ඉංග්‍රීසි මාස ක්‍රමය අනුව අට වන මාසය
අගෞරවය[නා.] ගරු නොකිරීම; බුහුමන් නොකිරීම; නිගරුව.
අඝ1. [නා.ප්‍ර.] දුක; ගැහැට; ව්‍යසනය; දෝෂය. 2. [නා.ප්‍ර.] පව; පාපය; අකුසලය. 3. [නා.ප්‍ර.] ආකාශය, අහස, ගුවන.
අඝටිත[වි.] නොබැඳුණු; නොගැළපුණු; නොයෙදුණු; වෙන් වූ.
අඝමූල[වි.] දුකට මුල් වන; දුකට හේතු වන; පාපයට මුල් වන.
අඝර්ෂ[වි.] ගැටීමෙන් තොර; නොගැටුණු.
අඝාත වස්තුව[නා.] ක්‍රෝධය ඉපදීමට හේතු වන කාරණාව.
අඝාතය1. [නා.] ශරීරයේ යම් කොටසක් චලනයට හෝ උත්තේජනයට ප්‍රතිචාරයක් ඇති කිරීමේ බලය නැතිව යෑම; පරාශ්ලථය (=paralysis). 2. [නා.] කෝපය; වෛරය; ද්වේෂය.
අඝානක[වි.] ඝ්‍රාණේන්ද්‍රිය නැති; ගඳ සුවඳ දැනීමේ හැකියාවෙන් තොර.
අඝෝර[වි.] බියකරු නොවූ; භයානක නොවූ; රෞද්‍ර නොවූ. [නා.ප්‍ර.] ඊශ්වර; මහදෙවි.
අඝෝෂ[වි.] ශබ්දඝෝෂා රහිත; හඬ නැති. [නා.ප්‍ර.] ස්වර තන්තු කම්පනය නොවී උපදින අකුරු වර්ගයන්ගේ පළමු, දෙවන අකුරු සහ ශ, ෂ, ස, අ(ඃ) යන අකුරු.
අඞ්කපාලි[නා.ප්‍ර.] අංකපාලි.
අඞ්කය[නා.] අංකය.
අඞ්කුරය[නා.] අංකුරය.
අඞ්කුශ[නා.ප්‍ර.] අංකුශ.
අඞ්ගතිලක[නා.ප්‍ර.] අංගතිලක.
අඞ්ගනාව[නා.] අංගනාව.
අඞ්ගය[නා.] අංගය.
අඞ්ගරය[නා.] අංගාරය.
අඞ්ගරාගය[නා.] අංගරාගය.
අඟ1. [නා.] ශරීරය; ඇඟ; කය. 2. [නා.] ඇඟෙහි කොටස්; අවයව. 3. [නා.] කාරණය; ලක්ෂණය; අංගය. 4. [නා.] ශීලය; ධුතාංගය. 5. [නා.] ගව, මුව ආදි සතුන්ගේ හිසෙහි උල් ව වැඩෙන අවයවය. 6. [නා.] අඟක් වැනි උල. 7. [නා.] බාහු මූලයෙහි පලඳින වළල්ල; අඟු පලඳනාව; කේයූරය.
අඟ ලකුණු[නා.ප්‍ර.] සිරුරෙහි ලකුණු; දේහ ලක්ෂණ; අංග ලක්ෂණ; ශරීරාවයවවල පිහිටි ශුභාශුභ ලක්ෂණ.
අඟණ[නා.ප්‍ර.] මිදුල; මළුව; එළිමහන් භූමිය.
අඟදාභරණය[නා.] අඟු පලඳනාව; කේයූරය.
අඟන[නා.] ගැහැනිය; ස්ත්‍රිය; අංගනාව.
අඟපසඟ[නා.] සිරුරේ ලොකු කුඩා අවයව; අත් පා ආදි ශරීරයේ අංග; අංග ප්‍රත්‍යංග.
අඟර1. [නා.] ඇඟ ගල්වන සුවඳ විලවුන්; ශරීරයේ ආලේප කරන සඳුන් සුනු ආදි සුගන්ධ කල්කය; අඟරා. 2. [නා.] හාවභාව විලාස; ඔමරිය; අනුරාගී බැලුම්.
අඟර කරනවා, අඟරනවා1. (කථා.) [ක්‍රි.] ඔමරි කරනවා; ඇඟ නටවනවා. 2. [ක්‍රි.] ගවයන් පොර වදින්නට පෙර කෝපයෙන් ඊට අර අඳිනවා; පොරපස් බිඳිනවා.
අඟරග[නා.ප්‍ර.] ඇඟ ගල්වන සුවඳ විලවුන්; අංගරාගය.
අඟරදඟර1. [නා.ප්‍ර.] ඔමරිය; අනුරාගලීලාව. 2. [නා.ප්‍ර.] පටලැවිලි බව; අවුල් බව.
අඟල[නා.] අඩියෙන් දොළහෙන් පංගුව වන මිනුම් ඒකකය.
අඟවනවා[ක්‍රි.] යමක් ඉඟියෙන් වටහා ගැනීමට සලස්වනවා; සංඥාවක් මගින් පෙන්නුම් කරනවා.
අඟහරු[නා.ප්‍ර.] කුජ ග්‍රහයා.
අඟාරනවා1. [ක්‍රි.] පළල් කරනවා; විවෘත කරනවා. 2. [ක්‍රි.] දෙපා ඈත් කොට අඩි තබනවා; ගාටනවා.
අඟිනවා[ක්‍රි.] හඟිනවා; වැටහෙනවා; සිතෙනවා.
අඟු1. [නා.ප්‍ර.] ඇඟ; ශරීරය; සිරුර. 2. [නා.ප්‍ර.] අතේ ඉහළ කොටසෙහි පලඳින වළල්ල; අඟුව; කේයූරය.
අඟු පලඳනාව[නා.] බාහු මූලයෙහි පලඳින වළල්ල; අංගදාභරණය.
අඟුට්ට1. [නා.] අත්පාවල මුල් ඇඟිල්ල; මහපටැඟිල්ල. 2. [නා.] කකුළු, පොකිරිසි ආදින්ගේ නළ වැනි අවයවය; අණ්ඩ. 3. [නා.] වකුටු වී ගිය දෙය.
අඟුටු1. [වි.] මිටි; කොට; කුරු. 2. [වි.] වකුටු; හැකිළුණු.
අඟුටු බොරදම(පාරිභා.) [නා.] ලීස්තරවල කපන කැටයමක් (=mould, sumk thumb).
අඟුටු මස්ස[නා.] පැරණි කාසි විශේෂයක්; කොකු රිදී කාසිය; රිදී මස්ස.
අඟුටුමිට්ටා[නා.] ඉතා මිටි තැනැත්තා; කුරු මිනිහා; වාමනයා.
අඟුටුමිටි[වි.] සිරුර ඉතා කෙටි; කුරු; කොට.
අඟුරු1. [නා.ප්‍ර.] දා ගිය ලී ආදියෙහි (අළු වීමට පෙර) කළු ගැන්වී ඉතිරි වන ගන කොටස. 2. [නා.ප්‍ර.] ගිනි පුපුරු; ගිනි අඟුරු. 3. [නා.ප්‍ර.] ගල් අඟුරු; රට අඟුරු.
අඟුරු ඌෂ්මකය(පාරිභා.) [නා.] නිවාගත් අඟුරු කැට දමා දල්වන දැඩි රස්නයක් සහිත උදුන් විශේෂයක් (=charcoal furnace).
අඟුරු කබල[නා.] ගිනි අඟුරු දරන බඳුන, දුම් කබල.
අඟුරු කොක්ක[නා.] ගවයින් හන ගැසීමට භාවිත කරන යකඩ කොක්ක.
අඟුරු මස1. [නා.] අක්මාව; කැවුත්ත. 2. [නා.] ගිනි අඟුරෙහි ලා පිලිස්සූ දඩ මස; අඞ්ගාර මාංසය.
අඟුරු මැළය1. [නා.] දැල්වෙන අඟුරු ගොඩ; ගිනි ගත් අඟුරු රැස. 2. [නා.] සතුන් මරා පුලුස්සා කෑ අය හා මස් රස කර කෑ අය උපදින උස්සද නිරයන්ගෙන් එකක්.
අඟුරු වර්ෂාව[නා.] ගිනි අඟුරු කැට වර්ෂාවක් මෙන් පතනය වීම.
අඟුරුමාව[නා.] අක්මාව; කැවුත්ත; යකෘත්පිණ්ඩය.
අඟුල1. [නා.] ඇඟිල්ල. 2. [නා.] ඇඟිල්ලෙන් මනින මිම්ම; වියතින් නවයෙන් කොටස; අඟල; අඟුල් මානය.
අඟුල් මානය[නා.] ඇඟිල්ලෙන් මනින මිම්ම; වියතින් නවයෙන් කොටස; අඟල; අඟුල.
අඟුල්දසරු[නා.ප්‍ර.] පුරාණ ස්ත්‍රීන් ඇඟිලිවල පැලඳි ආභරණ විශේෂයක්.
අඟුල්මල්[නා.ප්‍ර.] අංගුලිමාල.
අඟුව[නා.] අඟු පලඳනාව; කේයූරය.
අඟුළ[නා.] නිශ්චල ජලයෙන් යුත් ගංගා වැව් ආදියෙන් යාත්‍රා කිරීමට සුදුසු වූ ද, ඔරු කඳන් දෙකක් සම්බන්ධ වන සේ ඒ මත ලෑලි ගසා සාදා ගැනෙන්නා වූ ද යාත්‍රා විශේෂයක්.
අචක්‍රීය(පාරිභා.) [වි.] මලක කොටස් වලයාකාර නොවී සර්පිලාකාර ව පිහිටි (=acylic).
අචල[වි.] ස්ථිර; නොසැලෙන.
අචල ආරෝපණය(පාරිභා.) [නා.] යම්කිසි වස්තුවක් සතු විදුලිය ප්‍රමාණය අඩු වැඩි නොවෙනස් ව නොවී ස්ථාවර ව පැවතීම (=fixed charge).
අචල ගුණය[නා.] නොසැලෙන ගුණය; ස්ථිර ගතිය; වෙනස් නොවන ගුණය.
අචල ජන්මාණුව(පාරිභා.) [නා.] චලනය නොවනසුලු ජන්මාණුව (=aplanogamete).
අචල බීජාණුධානිය(පාරිභා.) [නා.] බීජාණු සෑදෙන චලනය නොවන අවයවය (=aplano sporangium).
අචල බීජාණුව(පාරිභා.) [නා.] චලනය නොවනසුලු බීජාණුවක් (=aplanospore).
අචල භූමිය[නා.] සෙලවිය නොහැකි බිම; අනෙකකු විසින් ජය ගත නොහැකි ස්ථානය; අපරාජිත භූමිය.
අචල ස්වර[නා.] ස්වර සප්තකයෙහි වෙනස් බවට නොපැනෙන ස්වර; ෂඩ්ජ හා පඤ්චම ස්වර.
අචලංකය, අචලාංකය(පාරිභා.) උෂ්ණත්වය මැනීමේ දී එය ලකුණු කිරීමට යොදා ගන්නා නොවෙනස් අංකය; උෂ්ණත්ව පරිමාණයක් තීරණය කිරීමට යොදාගන්නා ස්ථිර ව පවත්නා මට්ටම (=constant).
අචලතාප(පාරිභා.) [වි.] පරිවෘත්තික ක්‍රියා අනුව පරිසරයේ උෂ්ණත්වයට වඩා අධික ශරීර උෂ්ණත්වය ඇති; පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම අනුව දේහ උෂ්ණත්වය වෙනස් නොවන (=homoiothermic).
අචලතාපියා(පාරිභා.) [නා.] පරිසරයේ උෂ්ණත්වය අනුව ශරීර උෂ්ණත්වය වෙනස් නොවී පවත්නා වූ සත්ත්වයා (ක්ෂිරපායී සත්තු හා පක්ෂීහු මෙම ගණයට අයත් වෙති).
අචලධෘති[නා.ප්‍ර.] ඡන්දස් ශාස්ත්‍රයෙහි ඇතුළත් මාත්‍රා සම වෘත්තයක නාමය.
අචලලක්ෂ්‍ය(පාරිභා.) [නා.ප්‍ර.] උෂ්ණත්ව පරිමාණයක් තීරණය කිරීමට භාවිත කරන සම්මත උෂ්ණත්ව දෙක; ද්‍රව බවට පත්වන අයිස්වල උෂ්ණත්වය හා නටන ජලයෙන් පිටවන හුමාලයේ උෂ්ණත්වය (=fixed points).
අචලිත[වි.] නොසෙල්වුණු; අකම්පිත වූ; චංචල නොවූ.
අචවන[වි.] චුත නොවන; නොනැසෙන; නොමැරෙන.
අච්චන්ත[වි.] අන්තයක් නැති; අතරක් නැති; නිරන්තර. [නා.ප්‍ර.] සංස්කාරයන් නැසීමෙන් ලැබෙන දෙය; නිවන.
අච්චන්ත සංයෝගය[නා.] (ව්‍යාක.) නිරන්තර සම්බන්ධය; ක්‍රියා, ගුණ, ද්‍රව්‍ය යන මොවුන් හා සමග කාලයාගේ හෝ මාර්ගයාගේ හෝ අනන්තර සම්බන්ධය.
අච්චය1. [නා.ප්‍ර.] ඉක්ම වීම; අතික්‍රමණය උල්ලංඝනය; දෝෂය; වරද. 2. [නා.ප්‍ර.] මරණය; අභාවය.
අච්චායික[වි.] ඉක්මන්; ඉතා අවශ්‍ය; හදිසි.
අච්චාරුව1. [නා.] පැසි විශේෂයක්; (ආහාර රසවත් කරන) අවුළුවක්. 2. (රූඪි.) [නා.] පිළිවෙළකට නැති දෙය (අවඥා සහගත ව යෙදේ).
අච්චි[නා.ප්‍ර.] සිංහල රජ සමයේ පැවති නිලයක නාමය.
අච්චිමන්ත[වි.] ගිනිසිළු ඇති; දිලිසෙන; වහ්නිමය.
අච්චු අකුරු[නා.] මුද්‍රණය සඳහා භාවිත කෙරෙන ලෝහ ආදියෙන් තනා ගත් අකුරු; එම අකුරු භාවිතයෙන් හෝ නවීන ක්‍රම භාවිතයෙන් හෝ මුද්‍රණය කරන ලද අකුරු.
අච්චු කන්තෝරුව[නා.] මුද්‍රණ කටයුතු කරන යන්ත්‍රාලය; මුද්‍රණාලය.
අච්චු කඳ1. [නා.] කරත්තයේ අලවංගුව සවිකරන හරස් ලීය. 2. [නා.] තුවක්කුවේ අතින් අල්ලා ගන්නා කොටස; තුවක්කු වල්ල; අච්චු වල්ල.
අච්චු කරනවා, අච්චු දෙනවා[ක්‍රි.] කරන ලද වරදකට දඬුවම් දෙනවා; දඬුවම් පමුණුවනවා.
අච්චු කූර[නා.] තුවක්කුවේ වෙඩිල්ල සවි කිරීමට යොදන කූර; තුවක්කුවේ වෙඩි බෙහෙත් කොටන කෙවිට.
අච්චු ගසනවා[ක්‍රි.] පොත්, පුවත්පත් ආදිය මුද්‍රණය කරනවා.
අච්චු බටය(කථා.) [නා.] හීන් බටලී නළයකට කිරිල්ල ආදි ගෙඩි වර්ග යොදා වෙඩි තබන සෙල්ලම් බට තුවක්කුව.
අච්චු මුද්‍රණය(පාරිභා.) [නා.] අච්චු මෝස්තරයකට අනුව රෙදි ආදිය මෝස්තර මුද්‍රණය; (=block printing).
අච්චු යන්ත්‍රය[නා.] මුද්‍රණ යන්ත්‍රය; මුද්‍රණ කටයුතු සඳහා යොදා ගන්නා යන්ත්‍රය.
අච්චු ලෑල්ල1. [නා.] යම් ආකෘතියක සටහනින් යුත් පුවරුව හෙවත් ලෑල්ල. 2. [නා.] කරත්තයේ අච්චු කඳට උඩින් සවි කළ හරස් පුවරුව.
අච්චු වල්ල[නා.] තුවක්කුවේ අතින් අල්ලන ලී මිට සහිත කොටස; තුවක්කු මිට.
අච්චුත, අච්‍යුත[වි.] පහ නොවන; නොගිලිහෙන. [නා.ප්‍ර.] චුත නොවන තත්ත්වය; නිර්වාණය.
අච්චුව1. [නා.] ඉටි, මැටි ලෝහ ආදියෙන් පිළිම, රූ ආදිය අඹා ගැනීම පිණිස කරන ලද ආකෘතිය; කාසි, ආභරණ, උළු, ගඩොල් ආදිය සෑදීමට ඒ ඒ සැලැස්ම අනුව තනා තිබෙන රාමුව හෝ කෝව. 2. [නා.] පිටපත් ගැනීම සඳහා ලෝහයෙන් හෝ ලීයෙන් හෝ කැපූ අකුරු සටහන; මුද්‍රාකඩය. 3. [නා.] එක සමාන හැඩරුව ඇති දෙය. 4. [නා.] රෙදි විවීමේ දී භාවිත කරන ලී රාමුව. 5. [නා.] කරත්තයේ තට්ටුව දරා සිටින හරස් ලීය; කරත්ත අලවංගුව. 6. [නා.] තුවක්කුවේ අතට අල්ලා ගන්නා කොටස; තුවක්කු වල්ල; අච්චු වල්ල. 7. [නා.] යම් වරදකට දෙනු ලබන දඬුවම; විපාකය; වධය.
අච්චෝදාත[වි.] ඉතා සුදු; අධික සුදු පැහැ ඇති.
අච්ඡ[වි.] පැහැදිලි; බබළන; ප්‍රසන්න.
අච්ඡකාස්ථිය(පාරිභා.) [නා.] උර ඵලකාස්ථියේ කෙළවරින් පටන් ගන්නා ඇටය; ග්‍රීවාස්ථිය (= clavicle, collar bone).
අච්ඡන්දික[වි.] ඇල්මකින් තොර; ඡන්දයෙන් තොර වූ; (කුසල් කිරීමෙහි) කැමැත්තක් නැති.
අච්ඡන්න[වි.] නොවැසුණු; වසන් නොවූ; ප්‍රසිද්ධ.
අච්ඡරා[නා.ප්‍ර.] අප්සරාව; දෙවඟන.
අච්ඡාදනය1. [නා.] හැඳීම; පෙරවීම. 2. [නා.] වස්ත්‍රය; පිළිය; සළුව; අඳනය.
අච්ඡිද්‍ර1. [වි.] සිදුරු නොවූ; කුහර නැති. 2. [වි.] අකලංක.
අච්ඡිද්‍ර නාභිය[නා.] සිදුරු රහිත නැබ; බුදුරජාණන් වහන්සේගේ අසූ අනුව්‍යඤ්ජන ලක්ෂණවලින් එකක්.
අච්ඡින්දනය[නා.] පැහැර ගැනීම; උදුරා ගැනීම; බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.
අච්ඡින්දාපනය[නා.] අනුන් ලවා සොරකම් කරවා ගැනීම.
අච්ඡින්න1. [වි.] නොකැඩුණු; නොබිඳුණු; අඛණ්ඩ. 2. [වි.] පැහැර ගන්නා ලද; සොරකම් කළ.
අච්ඡින්න ධාරාව[නා.] නොකැඩී වැගිරෙන දිය ධාරාව; නොනැවතී වැගිරෙන දියත්ත.
අච්ඡේදනය[නා.] සිඳ නොදැමීම; නොකැපීම; ඡේදනය නොකිරීම.
අච්ඡේද්‍ය[වි.] සිඳලිය නොහැකි; වෙන් කළ නොහැකි; කැඩිය නොහැකි.
අච්ඡේද්‍ය පටලය(පාරිභා.) [නා.] අක්ෂි ගෝලයේ තන්තුමය වැස්මේ පූර්ව කොටස; ශුක්ල මණ්ඩලය; කූණිතය; ස්වච්ඡය (=cornea).
අච්‍යුති[වි.] විනාශයෙන් තොර; නොනැසෙන.
අචිත්තජ[වි.] සිතින් හට ගැනීමක් නැති; සිතින් නූපදවන.
අචිත්තීකෘත[වි.] ගරු බුහුමන් නොලද; අගය කොට නොසලකන ලද; විසිතුරු නොකළ.
අචින්තක[වි.] සිත් රහිත; සිතක් නැති; චිත්ත විරහිත. [නා.ප්‍ර.] සිතිවිලි රහිත භාවය; හැඟීමක් නොමැති වීම.
අචින්ත්‍ය[වි.] නොසිතිය යුතු; සිතාගත නොහැකි; චින්තනයට විෂය නොවන.
අචින්තෙය්‍ය[වි.] සිතා ගත නොහැකි; සිතා වටහා ගත නොහැකි.
අචින්තෙය්‍යරූපී[නා.ප්‍ර.] සිතා නිම කළ නොහැකි විසිතුරු රූපයකින් යුතු තැනැත්තා; බුදුරජාණන් වහන්සේ.
අචිර[වි.] වැඩිකල් නොපවතින; කෙටි කාලයක දී සිදු වන; වැඩි කල් නොවන.
අචිර කාලය[නා.] කෙටි කාලය; මඳ කාලය.
අචිර ශාකය(පාරිභා.) [නා.] ඉතා කෙටි කාලයක දී සම්පූර්ණ ජීවන චක්‍රය අවසාන කරන ශාකය (= ephemeral plant).
අචිරද්‍යෝතය[නා.] විදුලිය; අකුණු එළිය; විදුලි එළිය; ක්ෂණික ආලෝකය.
අචේතන, අචේතනික[වි.] චේතනා රහිත; සිතුවිලි නැති; සිතින් දැක ගැනීමක් නැති; අප්‍රාණික.
අචේතනයා[නා.] චේතනා රහිත තැනැත්තා; සිතුවිල්ලෙන් තොර තැනැත්තා.
අචේතසික, අචේතස්ක1. [වි.] සිතුවිලි නැති; චේතනා රහිත. 2. [වි.] ස්වේච්ඡාවෙන් ක්‍රියා නොකරන; කැමැත්ත අනුව පාලනය නොවන; අනිච්ඡානුග.
අචේල[වි.] රෙදිපිළි නොඅඳින; නිර්වස්ත්‍ර; නග්න.
අචේලකයා[නා.] නිර්වස්ත්‍ර ව තපස් රකින්නා; නිගණ්ඨ තාපසයා.
අජ[වි.] ඉපදීමක් නැති; නූපන්. 1. [නා.] එළුවා. 2. (ජ්‍යෝති.) [නා.] දොළොස් රාශියෙන් ප්‍රථම රාශිය; මේෂ රාශිය. 3. (ජ්‍යෝති.) [නා.] නැකැත් විසිහතෙන් එකක්; පුවපුටුප නැකත. 4. [නා.] බ්‍රහ්මයා. 5. [නා.] ඊශ්වරයා. 6. [නා.] විෂ්ණු.
අජ පථය[නා.] එළුවන්ට පමණක් ගමන් කළ හැකි මාර්ගය; උස් වූ ගිරි මුදුන් ආදියෙහි නැගී යන දුෂ්කර මඟ.
අජගර[නා.ප්‍ර.] පිඹුරා.
අජගර භෝගය[නා.] පිඹුරාගේ දරණ වැළ.
අජගව[නා.ප්‍ර.] ශිව දෙවියාගේ දුන්න; මෙහෙසුරුගේ දුන්න.
අජගු[නා.ප්‍ර.] ඊශ්වරයා; මෙහෙසුරු.
අජටාකාශ යානය[නා.] අජටාකාශයට පිවිසීම සඳහා නිපදවූ විශේෂ යානාව.
අජටාකාශගාමියා[නා.] අභ්‍යවකාශයට හෙවත් අජටාකාශයට යන තැනැත්තා.
අජටාකාශය[නා.] ජටා හෙවත් බාධා සේ ම වාතය පවා නැති හිස් අහස.
අජන[වි.] ජනගහනය නැති; ජනාවාස නොවූ; ජනශූන්‍ය.
අජනක[වි.] නූපදවන; ජනිත නොවන.
අජන්මවත්[වි.] උසස් කුලයෙහි නූපන්; කුලීන නොවූ.
අජන්මාණුව(පාරිභා.) [නා.] සංයුක්තියෙන් තොර ව කෙළින් සුහුඹුලකූ බවට වැඩෙන ප්‍රොටොසොවාවෙක් (=agamete).
අජපාල1. [නා.ප්‍ර.] එළුවන් රකිනා තැනැත්තා; එඬේරා. 2. [නා.ප්‍ර.] බුදුන්වහන්සේ බුද්ධත්වයට පැමිණි පසු පස් වන සතිය ගත කළ ස්ථනයෙහි වූ නුග රුක.
අජර[වි.] ජරාවක් නැති; නොදිරන; මහලු නොවන. 1. [නා.ප්‍ර.] ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා; ආචාර්යවරයා. 2. [නා.ප්‍ර.] නිවන; නිර්වාණය. 3. [නා.ප්‍ර.] සුරගුරු; බෘහස්පති. 4. [නා.ප්‍ර.] යහපත් හැසිරීම. 5. [නා.ප්‍ර.] රත්රන්; ස්වර්ණ.
අජරාමර[වි.] ජරාව, මහලු බව හා මරණය නැති; නොදිරන; නොමැරෙන.
අජල1. [වි.] ජලය නැති; නිර්ජල. 2. (කථා) [වි.] කෑමට බීමට ගිජු; කෑදර. 3. [වි.] අලස; කම්මැළි. 4. [වි.] මෝඩ; අනුවණ; අඥාන.
අජලේය(පාරිභා.) [වි.] ස්ඵටික ජලය හෝ සංයෝජනය වූ ජලය හෝ රහිත.
අජව්‍රත[නා.ප්‍ර.] ඇතැම් තාපසයන් එළුවකු සේ හැසිරීම් අනුකරණය කරමින් පවත්වාගෙන යන චර්යාව.
අජ්ඣත්ත, අජ්ඣත්තික[වි.] තමා පිළිබඳ වූ; ඇතුළතින් හටගන්නා වූ; ආධ්‍යාත්මික.
අජ්ඣත්තික නිදානය[නා.] යම්කිසි ක්‍රියාවක් කිරීමට තමා තුළ ම හටගන්නා කරුණාදි හේතුව; අභ්‍යන්තර නිදානය.
අජ්ඣත්තික රූප[නා.බහු.] (අභි.) තමා පිළිබඳ රූප; ස්වසන්තානගත රූප.
අජ්ඣත්තික වාදය(පාරිභා.) [නා.] සකල ඥානය හුදෙක් ආත්මීය සහ ආනුෂංගික බව දක්වන දාර්ශනික මතය (= subjectivism).
අජ්ඣත්තිකායතන[නා.බහු.] (අභි.) තමා පිළිබඳ ආයතන හෙවත් තමා තුළ පිහිටි ඉන්ද්‍රිය.
අජ්ඣසනය[නා.] අනුභව කරන ලද ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීම; අධ්‍යශනය.
අජ්ඣාචාරය1. [නා.] (විනය.) ඉක්මවා හැසිරීම; වැරදි හැසිරීම. 2. [නා.] ඇවත; ආපත්තිය.
අජ්ඣායක1. [නා.ප්‍ර.] උගන්වන්නා; ගුරුවරයා. 2. [නා.ප්‍ර.] ශිෂ්‍යයා.
අජ්ඣාසය[නා.] අදහස; අභිප්‍රාය; අධ්‍යාශය.
අජ්ඣේසනය[නා.] ඉල්ලා සිටීම ආරාධනය; ආයාචනය.
අජ්ඣෝකාසය[නා.] එළිමහන් තැන; නිරාවරණය වූ ප්‍රදේශය.
අජ්ඣෝත්ථරණය[නා.] වසා ගෙන පැතිරීම; යට කිරීම.
අජ්ඣෝසිත[වි.] තෘෂ්ණාවෙන් ඇලුණු; තෘෂ්ණාවෙහි ගිලී සිටි.
අජ්ඣෝහරණ[වි.] අනුභව කරන; ගිලින. [නා.ප්‍ර.] ආහාර ගැනීම; අනුභව කිරීම.
අජ්වලිත[වි.] නොදැල්වුණු; බැබළීමක් නැති.
අජාංගුල, අජාඞ්ගුල[වි.] කැලයෙහි වාසය නොකරන; වනචාරී නොවූ; හීලෑ.
අජාත[වි.] නොඉපදුණු; නූපන්; පහළ නොවූ. [නා.ප්‍ර.] නිවන; නිර්වාණය.
අජාත බුද්ධි, ආජාත බුද්ධික[වි.] (නූපන් බුද්ධියෙන් යුතු යනු වාච්‍යාර්ථයි) බුද්ධිය මෝරා නැති; කාරණාකාරණ නොවැටහෙන.
අජාතයා[නා.] නොඉපදුණු තැනැත්තා; නූපන් පුද්ගලයා.
අජාති[නා.] නොපිළිසිඳෙන; නූපදින.
අජානීය, අජානේය[වි.] උසස් වර්ගයෙහි උපන්; ශ්‍රේෂ්ඨ ජන්ම ඇති.
අජායාංගි(පාරිභා.) [වි.] ජයාංගය නොපිහිටීමේ අසාමාන්‍ය ලක්ෂණය ඇති (= agynous).
අජිත[වි.] පරාජය නොකරන ලද; නොපැරදුණු; අපරාජිත.
අජිතය[නා.] ජය නොලැබූ කාලය; පරාජිත යුගය.
අජිනමෘග[නා.ප්‍ර.] කළු පැහැති මුව විශේෂයක්; අඳුන් දිවියා.
අජිහ්ව(පාරිභා.) [වි.] දිවක් නැති (=aglossate).
අජීරණය, අජීර්ණය1. [නා.] කෑම නොදිරවීම; ආහාර නොපැසවීමෙන් හටගන්නා රෝගය; ආමය. 2. [නා.] නොදිරවන ලද කෑම; ආමාශයෙහි නොපැසවන ලද ආහාරය.
අජීව[වි.] ජීවයෙන් තොර; අප්‍රාණී. 1. [නා.ප්‍ර.] ජෛන ධර්මයෙහි සඳහන් මූලික වස්තුව හෙවත් ‘තත්ත්ව හතෙන්’ එකක්. 2. [නා.ප්‍ර.] අවලක්ෂණ; විරූපී; අශෝභන.
අජීව උපත(පාරිභා.) [නා.] (කුස තුළදී) මිය ගිය දරුවකුගේ උත්පත්තිය; මළ දරු උපත (= still birth).
අජීව ජනනය(පාරිභා.) [නා.] අජීව ද්‍රව්‍යවලින් ජීව ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම හෝ ජීවීන් ඉපිදවීම (=abiogenesis).
අජීව ලෝකය[නා.] පණ නැතැයි සැලකෙන වස්තූන් පිළිබඳ ලොව; අජීව වස්තු සමූහය; ගල් පර්වත ආදි අප්‍රාණික දේ.
අජීව වස්තුව[නා.] පණ නැති දෙය; අජීව ද්‍රව්‍යය; අචේතනික දෙය.
අජීවඅංශු[නා.ප්‍ර.] වායුගෝලයේ පාවෙන දූවිල්ලෙහි අඩංගු වන (කාබන්, වූල්, කපු ආදි) ජීවයක් නැති ඝන ද්‍රව්‍යවල ඉතා සියුම් කැබලි.
අජීවෝත්පන්න[අජීව+උත්පන්න] (පාරිභා.) [වි.] (කුස තුළ) මිය ගොස් බිහිවුණු; ප්‍රාණය නිරුද්ධ ව උපන් (=stillborn).
අජූත, අජූද[නා.ප්‍ර.] කඩදාසි කුට්ටමෙන් කරන තරග ක්‍රීඩාවක්; දූ කෙළියක්.
අජූව[වි.] විරූපී; හැඩයක් නැති.
අජෙය්‍ය[වි.] පැරදවිය නොහැකි.
අජෝඩුව1. (කථා.) [නා.] නොගැළපෙන, නොපෑහෙන ස්වභාවය. 2. [නා.] අඩුපාඩුව. 3. [නා.] බාධාව. 4. [නා.] අත් වැරැද්ද. 5. [නා.] අමාරුව; හිරිහැරය. 6. [නා.] බලාපොරොත්තු කඩ වීම.
අඤ්ජනම[නා.]අංජනම.
අඤ්ජනම්දේවි[නා.ප්‍ර.] අංජනම් දේවි.
අඤ්ජලි කරණය[නා.] අංජලි කරණය.
අඤ්ජලි පුටය[නා.] අංජලි පුටය.
අඤ්ඤ[වි.] වෙනත්; අනෙක්; පිටස්තර. 1. [නා.ප්‍ර.] වෙනත් දෙය; අන්‍යය; අනෙක. 2. [නා.ප්‍ර.] අර්හත් බව. 3. [නා.ප්‍ර.] අණ; ආඥාව.
අඤ්ඤ වාදකයා[නා.] (විනය.) (සංඝයා මැද) යමක් ඇසූ කල ඊට පිළිතුරු නො දී වෙනත් දෙයක් කථා කරන්නා.
අඤ්ඤතර[වි.] කිසියම්; එක්තරා; නම් ආදි වශයෙන් අප්‍රකට.
අඤ්ඤදත්ථුහරයා[නා.] කිසියම් ලාභයක් බලාපොරොත්තුවෙන් මිතුරුකම් පවත්වන්නා.
අඤ්ඤභාගී, අඤ්ඤභාගීය[වි.] අනෙක් පක්ෂයක් ආශ්‍රිත වූ; අනෙකක් භජනය කරන්නා වූ.
අඤ්ඤමඤ්ඤපච්චය[නා.ප්‍ර.] (අභි.) අන්‍යෝන්‍යයන්ගේ උත්පත්තියටත් පැවැත්මටත් උපකාර ධර්මතාව; අන්‍යෝන්‍ය ප්‍රත්‍යය.
අඤ්ඤමඤ්ඤය1. [නා.] ඔවුනොවුන් පිළිබඳ දෙය; අන්‍යෝන්‍ය වූව; එකිනෙකට සම්බන්ධ වූව. 2. (කථා.) [නා.] එකිනෙකා පිළිබඳ තොරතුරු; ඕපාදූප.
අඥයා[නා.] නොදන්නා තැනැත්තා; අනුවණයා; මෝඩයා.
අඥාත රාශිය(පාරිභා.) [නා.] (වීජ ගණිතයේ දී) අගය නිර්ණය නොකරන ලද රාශි (= unknown quantity).
අඥාතය(පාරිභා.) [නා.] නොදන්නා දෙය; අප්‍රකට සාධකය (=unknown).
අඥාතයා[නා.] නොදන්නා තැනැත්තා; අවබෝධ නොකළ පුද්ගලයා.
අඥාන වාදය[නා.] බුද්ධ කාලීන භාරතයේ පැවති මිථ්‍යා දෘෂ්ටි සතරින් එකක්.
අඥාන විජෘම්භණය[නා.] අනුවණකම පළ කිරීම; මෝඩකම ප්‍රකට කිරීම.
අඥානාත්මක[වි.] අනුවණ බව ආත්මය කොට ඇති; මෝඩකම ප්‍රධාන ලක්ෂණය කොට ගත්.
අඥානෝපේක්ෂාව[අඥාන+උපේක්ෂාව] [නා.] නොදන්නාකම නිසා ඇති වන මැදහත් බව; ඇති තතු නොදැන දක්වන උපේක්ෂාව.
අඥේය වාදය[නා.] (දර්ශන.) දාර්ශනික ප්‍රශ්නවල දී ‘මා දන්නේ නැතැ යි’ පැවසීමේ න්‍යාය (=agnosticism).
අට1. [නා.ප්‍ර.] සතට එකකින් වැඩි නවයට එකකින් අඩු වූ සංඛ්‍යාව. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කෙනකු උපන් ලග්නයේ සිට අටවැනි රාශියය; මාරක ස්ථානය; ආයු ස්ථානය. 3. [නා.ප්‍ර.] කැලෑව; වනය; අටවිය; අරණ්‍යය. 4. [නා.ප්‍ර.] ගමන; පියාසර කිරීම; ප්‍රයාණය. 5. [නා.ප්‍ර.] කෝලාහලය; කලහය; සංග්‍රාමය. 6. (කථා.) [නා.ප්‍ර.] දවසෙහි (පෙරවරු හෝ පස්වරු) අටවැනි පැය; ඔරලෝසුවේ අටේ කණිසම. 7. [නා.ප්‍ර.] තේරුම; අර්ථය.
අට අඟ1. [නා.ප්‍ර.] කොටස් හෝ අවයව අට; අට වැදෑරුම් අංග. 2. [නා.ප්‍ර.] අට ආකාර වූ රාජ්‍ය අංග; අෂ්ට රාජ්‍යාංග. 3. [නා.ප්‍ර.] ආර්ය මාර්ගයෙහි ඇතුළත් අට ආකාර අඟ.
අට අරිපුඟුලෝ[නා.බහු.] බුදු සමයෙහි සතර මගට හා සතර ඵලයට පැමිණි පුද්ගලයන් අට දෙනා; අෂ්ට ආර්ය පුද්ගලයෝ.
අට අරිසඟ, අට අරීසග[නා.ප්‍ර.] සතර මඟ සතර ඵලයට පැමිණි මහ සඟ ගණය.
අට ඇස[නා.] ඇස් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
අට ඉස්බ[නා.] පැරණි මිණුම් ක්‍රමය අනුව ගවුවකින් දහයෙන් කොටසක් හෙවත් බඹ 280 ක දුර ප්‍රමාණය.
අට කර[නා.] අත් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
අට කලන්ය[නා.] විශාල බිම් ප්‍රදේශයක්; කලන්ද අටක ප්‍රමාණය.
අට කසිණය, අට කිසුණ[නා.] දස කසිණයෙන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත යන කසිණ අට.
අට කුරුව, අට කූරුව[නා.] කාර්ය කොට්ඨාස අට; සිංහල රාජ සමයෙහි ඇතුන්ගේ කටයුතු පිළිබඳ ගජනායක නිලමේට භාර වූ කාර්ය අට.
අට කුසලය[නා.] (අභි.) කාමාවචර කුසල් සිත් අට.
අට කොන[නා.] අට දිශාව; සතර දිශා හා සතර අනුදිශා.
අට ගණය1. [නා.] ගණ අට; සාම්ප්‍රදායික සිංහල කාව්‍ය ශිල්පයෙහි සඳහන් වන ම, න, බ, ය, ජ, ර, ස, ත යන ගණ අට. 2. [නා.] පුරාණයෙහි ලක්දිව පැවති ප්‍රධාන බෞද්ධ ආයතන අට.
අට ගන්නවා1. [ක්‍රි.] උපදිනවා; ජනිත වෙනවා. 2. [ක්‍රි.] ඇති වෙනවා; පැන නගිනවා. 3. [ක්‍රි.] (රෝගයක්) සෑදෙනවා; වැලඳෙනවා. 4. [ක්‍රි.] පැළ වෙනවා.
අට ගුණය1. [නා.] අට වරකින් වැඩි වූ ප්‍රමාණය; අටෙන් ගුණිත වූ ප්‍රමාණය. 2. [නා.] ගුණධර්ම අට. 3. [නා.] බුදුරජාණන් වහන්සේගේ විශේෂ වූ ගුණ අට.
අට තන, අට තැන[නා.] විචිකිච්ඡා වශයෙන් සැක නොඉපදවිය යුතු බුද්ධාදි ස්ථාන අට.
අට තුනු[නා.] මූර්ති අටක් ඇති ව ලොව පහළ වන ඊශ්වර හෙවත් ශිව දෙවි.
අට තුරා[අට+උතුරා] [වි.] අටකින් වැඩි; අටක් අධික ව සිටි; අටෝරා.
අට දහස් රට[නා.] එකළොස් වන දොළොස් වන සියවස් තුළ දී රුහුණු ප්‍රදේශය බෙදා තිබුණු ප්‍රධාන කොටස් දෙකින් එකක්.
අට නාකුල[නා.බහු.] හස්ති කුල අට.
අට නැණ[නා.] (අභි.) අට වැදෑරුම් වූ විදසුන් නුවණ; විදර්ශනා ඥාන අට.
අට නෙත[නා.] (අභි.) නෙත් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
අට පහ1. [නා.] අට වැදෑරුම් ශික්ෂාපද සහ පස් වැදෑරුම් ශික්ෂාපද; අටසිල් හා පන්සිල්. 2. (කථා.) (රූඪි.) [නා.] වරද නිවරද; හොඳ නරක; ඇත්ත යුක්ත.
අට පැන්[නා.ප්‍ර.] භික්ෂූන්ට විකාලයෙහි දී වැළඳිය හැකි පාන වර්ග අට; අටවිධ පාන; අෂ්ට පානය.
අට පිරිකර[නා.] භික්ෂූන්ට අවශ්‍ය, එනිසා භික්ෂූන් විසින් පරිභෝග කිරීමට සුදුසු අඳනය, තනිපට සිවුර, දෙ පට සිවුර, පාත්‍රය, පටිය, දැලිපිහිය, ඉදිකටුව සහ පෙරහන්කඩය යන පිරිකර අට; අෂ්ට පරිෂ්කාරය.
අට මගල, අට මඟල1. [නා.] මංගල සම්මත වස්තු අට; සිංහයා, වෘෂභයා, හස්තියා, පූර්ණ ඝටය, වල්විදුනාව, ධ්වජය, ශංඛය, ප්‍රදීපය යන අට; ඒ මංගල ලකුණු යෙදූ කොන් අටකින් යුත් රේඛා සටහන. 2. [නා.] බලිතොවිල් වල දී ආතුරයා ළඟ තැබීමට ගන්නා තොලබෝ, හීරැස්ස, සහල්පත, පොල්ගෙඩිය, දිවිහිස හෝ දිවිකදුරු ලීය, කැත්ත, මල්ල, මෝල්ගහ යන ද්‍රව්‍ය අට. 3. (රූඪි.) [නා.] පිළිවෙළකට නැතිව සෑදූ මඩුවක් හෝ එවැනි යම් ඉදිකිරීමක්.
අට මඟ[නා.] කොටස් අටකින් යුක්ත මාර්ගය; ආර්ය අෂ්ටාංගික මාර්ගය.
අට මහ කුසලය[නා.] කඨින දානය, අටපිරිකර දානය, ආවාස දානය, බුදු පාමොක් සඟනට දන්දීම, බණ පොත් ලියවීම, කෙත් වතු, බුදු පිළිම කරවීම, වැසිකිළි කරවීම යන පුණ්‍ය ක්‍රියා අට.
අට යොන්, අට යෝනි[නා.ප්‍ර.] පද්‍යාරම්භයෙහි ද නාමයක උභය පාර්ශ්වයෙහි ද යොදන ඒ ඒ වර්ණ පිළිබඳ ශත්‍රැමිත්‍ර යෝනි අට; නකුල, මියු, මහවත්, වග, සපු, තුරඟ, බිලිපුටු, සරඟ යන අෂ්ට යෝනිය.
අට ලෝ දහම[නා.] මනුෂ්‍යයා කරා පැමිණෙන ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සුඛ සහ දුක්ඛ යන අට වැදෑරුම් ලෝක ධර්මය; අෂ්ට ලෝක ධර්මය.
අට වරල1. (කථා.) [නා.] ඇලෙන සුලු තද මැට්ට. 2. [නා.] ඇලෙන මැටි සහිත කුඹුර; ලිස්සන මඩ ඇති කුඹුර.
අට විදු[නා.] අෂ්ට විද්‍යාව; අෂ්ට විධ ඥානය.
අට විධ පාන[නා.] විකාලයේ දීත් පැවිද්දන්ට කැප අඹ, දඹ, සියදෑ මිදි, මස් කෙසෙල්, ඇට කෙසෙල්, මිදි, ඕලු, බොරලුදමුන් යන පාන වර්ග අට.
අට වියැට[නා.] වී ඇට අටක බර ප්‍රමාණය; මදටියක බර.
අට සක[නා.] ඇස් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
අටං පහුර, අටන් පහුර, අටම් පහුර1. (කථා.) [නා.] හදිසියෙන් කඩාවැටිය හැකි තරම් දුබල මැස්ස. 2. [නා.] තේරුම් ගත නොහැකි අවුල; ආකූලව්‍යාකූල වූ දෙය.
අටඅකණ, අටකණ[නා.ප්‍ර.] පින් කිරීමට ඉඩ නොලැබෙන නපුරු කාල අට; අෂ්ට දුෂ්ටක්ෂණය.
අටක්[අට+අක්] [නා.ප්‍ර.] ඇස් අටක් ඇති තැනැත්තා; මහා බ්‍රහ්මයා.
අටඟ[නා.] අංග හෙවත් අවයව අට; කොටස් අට.
අටඟ බඹගොස[නා.] බුදුරජුන් දම් දෙසන කල නික්මෙන අෂ්ටාංග බ්‍රහ්ම ස්වරය.
අටඟ මඟ[නා.] ආර්ය අෂ්ටාංගික මාර්ගය.
අටඟ මිණ[නා.] වක් අටකින් යුත් මිණි රුවන; සක් දෙවිඳුන් විසින් කුස රජු ගෙලෙහි පලඳවන ලදැයි කියන මාණික්‍යය; අෂ්ටවංක මාණික්‍යය.
අටඟි[වි.] අංග අටකින් යුත්; කොටස් අටකින් සමන්විත.
අටඟුල[අට+අඟුල] [නා.] අඟල් අට.
අටටය1. [නා.] පුරාණ ව්‍යවහාරයෙහි පැවති විශාල සංඛ්‍යාවක්. 2. [නා.] නිරයක නාමය; අටට නරකය.
අටතිස් චෛතසික[නා.බහු.] (අභි.) ආශ්‍රව නොවන චෛතසික තිස් අට.
අටතිස් මඟුල්[නා.ප්‍ර.] මංගල සූත්‍රයෙහි දක්වන ලද මංගල කාරණා තිස් අට.
අටතුරා දහස[නා.] අටකින් වැඩි දහස; එක් දහස් අට.
අටතුරාසිය[නා.ප්‍ර.] අටකින් වැඩි සියය; එක්සිය අට.
අටදස විදු[නා.බහු.] දස අට වැදෑරුම් විද්‍යා; අටළොස් ශිල්ප.
අටදා[නා.ප්‍ර.] ජාතක අට; තේමිය, මහාජනක, සාම, නිමි, භූරිදත්ත, නාරද කස්සප, විදුර, ඛණ්ඩහාල යන ජාතක කථා අට හෝ වෙසතුරු, කට්ඨහාරි, මඛාදේව, කුස, නිමි, ඛණ්ඩහාල, විධුර, සිවි යන ජාතක කථා අට.
අටදෑ මුතු[නා.] මුතු වර්ග අට.
අටදික්[නා.ප්‍ර.] අට දිග; අටදිශා.
අටදික් බාගය[නා.] අට කොන; අට දිශාව; සතර දිශා හා සතර අනු දිශා.
අටදිට[නා.ප්‍ර.] නෙත් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
අටන1. (කථා.) [නා.] සටන; යුද්ධය. 2. [නා.] යුද්ධවල දී සතුරන් යට කර මැරීම සඳහා අටවා ඇති උගුල; හබකය. 3. [නා.] තැනින් තැන ඇවිදීම. සැරිසරා යෑම; සංචාරය.
අටපට්ටම්[නා.ප්‍ර.] කෝණ අටක් හා පාද අටක් ඇති බහු අස්‍රය.
අටපද1. [නා.ප්‍ර.] දාම් ලෑල්ල. 2. [නා.ප්‍ර.] පාද අටකින් යුක්ත පද්‍යය; පේළි අටක් ඇති පද්‍ය බන්ධනය.
අටමස්ථානය1. [නා.] අනුරාධපුරයෙහි පිහිටි දකුණු මහාසෑය, ශ්‍රී මහා බෝධිය, ලෝවාමහාපාය, පිරිත්ලාගෙය, ජන්තාඝර පොකුණ, ථූපාරාමය, රුවන්වැලිසෑය, මිහින්තලේ සේල චේතිය යන ප්‍රධාන සිද්ධස්ථාන අට. 2. [නා.] වර්තමාන අටමස්ථානය ලෙස සලකන ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය, ථූපාරාමය, ලංකාරාමය, මිරිසවැටිය, ලෝවාමහාපාය.
අටමහ නරකය[නා.] මහා නිරය අට; සඤ්ජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යන නිරය අට. අටමහ පිරිස [නා.] බුදුරජාණන් වහන්සේලාගෙන් බණ ඇසීමට රැස් වන රජ, බමුණු, ගොවි, මහණ යන පිරිස් ද සිවුමහරජ සහ තව්තිසා දෙවියෝ ද මාරයෝ ද බ්‍රහ්මයෝ ද යන අට වැදෑරුම් පිරිස; අටවණක් පිරිස.
අටමහ ලෝ වැඩ[නා.] ධර්ම ව්‍යාඛ්‍යානයකින් හෝ බුදුගුණ කථාවකින් හෝ ලෝකයාට සිදු වන අෂ්ටවිධ අභිවෘද්ධිය; රාජ, රජමෙහෙසි, මැති ඇමති, මහතෙර, සබ්‍රහ්මචාරි, ධර්මකථික, කල්‍යාණ සත්පුරුෂ හා ප්‍රත්‍යන්ත වාසී ස්ත්‍රී පුරුෂ යන ජනයාට ඇති වන අර්ථ සිද්ධිය.
අටර[නා.] අටළොස; දහඅට.
අටරාසිය[නා.] අටක් වැඩි සියය; එකසිය අට; අටෝරාසිය.
අටලවණ[නා.] බෙහෙතට ගන්නා ලුණු අට වර්ගය.
අටල්ල[නා.] උස් කොට තැනූ මුරගෙය; හාත්පස පෙනෙන සේ උස් තැනක ඉදි කළ තාවකාලික ගොඩනැඟිල්ල; අට්ටාලය.
අටලු ගෙය[නා.] උස් තට්ටුවක් ඇති ගොඩනැගිල්ල; උස් ව තැනූ මැසි ගෙය; ප්‍රාකාර මතුයෙහි තැනූ උඩුමහල් ගෙය.
අටවක1. [නා.] චන්ද්‍රමාස ක්‍රමය අනුව පුර පක්ෂයෙහි හා අව පක්ෂයෙහි අටවැනි දිනය; චන්ද්‍රයාගේ අටවැනි කලාව. 2. [නා.] වක් අට; වක් අටක් ඇති මැණික; අෂ්ට වංකය.
අටවක මිණ, අටවක් මැණික[නා.] වක් අටක් ඇති මැණික; සක් දෙවිඳුන් විසින් කුසරජු ගෙලෙහි පලඳවන ලද අෂ්ටවංක මාණික්‍යය. මිණිරුවන;
අටවනවා1. [ක්‍රි.] රඳවනවා; (උගුලක්) මානනවා. 2. [ක්‍රි.] තනනවා; සාදනවා; ඉදි කරනවා. 3. [ක්‍රි.] (කුඩ ආදිය) දිග අරිනවා; විහිදනවා.
අටවිය[නා.] මහා කැලෑව; ආරණ්‍යය; වන ප්‍රදේශය; අඩවිය.
අටවිසි නැකැත්[නා.ප්‍ර.] චන්ද්‍රයා ගමන් කරන වලයාකාර පථයෙහි පිළිවෙළින් පිහිටි පංති විසි අට.
අටවිසි පිරිත[නා.] අටවිසි බුදුවරයන් වහන්සේලාගේ නම් සඳහන් පිරිත් ගාථා සමූහය.
අටවිසි බුදුහු[නා.බහු.] තණ්හංකර බුදුරජාණන් වහන්සේ පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ තෙක් ලොව පහළ වූ බුදුවරයන් විසි අට නම.
අටවිසි බෝධි[නා.බහු.] අටවිසි බුදුවරයන් වහන්සේලා පිට දුන් වෘක්ෂ විසි අට හඳුන්වන නාමය.
අටස්, අටැස්1. [නා.ප්‍ර.] ඇස් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා. 2. [නා.ප්‍ර.] අට පැත්තකින් යුක්ත වූව. 3. [නා.ප්‍ර.] උතුමකු ඉදිරියේ සිට කතා කිරීමේ දී නොසිටිය යුතු පැති අට. [වි.] පැති අටක් ඇති; අට පට්ටම්.
අටසිල්[නා.ප්‍ර.] ශික්ෂාපද අටකින් යුත් ගිහි ශීලය.
අටළොස[නා.] දහ අට; අෂ්ටා දශය.
අටළොස් ආවේණික ධර්ම[නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේලාට ම හිමි ගුණ දහ අට; සර්වඥ ස්වභාව අටළොස.
අටළොස් කුලය1. [නා.] දෙවන පෑතිස් රජු කල දක්ෂිණ බෝධි ශාඛාව දඹදිව සිට වැඩමවාගෙන ඒ දී එහි ආවතේව කටයුතු පිණිස ධර්මාශෝක රජු විසින් එවනු ලැබූ ජන සමූහය. 2. [නා.] අතීතයේ දී විවිධ කර්මාන්ත පවත්වා ගෙන යෑම පිණිස බැඳී සිටි ජන කණ්ඩායම් හැඳින්වූ නාමය.
අට්ට ගැහෙනවා[ක්‍රි.] වේළෙනවා; කර වෙනවා.
අට්ටම[නා.] පැත්ත; අංශය; පාර්ශ්වය.
අට්ටල[නා.] හිරිහැරය; වෙහෙස.
අට්ටවාලය1. [නා.] වහලයක ආධාරක වශයෙන් ඇති කුරුපා, බාල්ක ආදියෙන් යුතු කොටස. 2. [නා.] වහලයක මුදුන් යටලීය හා බිත්ති යටලීය අතර කොටසෙහි යොදන යටලීය; මැද යටලීය (=purlin).
අට්ටාලය1. (පාරිභා.) [නා.] උස් කොට තැනූ මුරගෙය; හාත්පස පෙනෙන සේ උස් තැනක ඉදි කළ තාවකාලිකව තැනූ කූටිය; ආරක්ෂක කුටිය. 2. [නා.] (හේන් රැකීම් සතුන් දඩයම් කිරීම් ආදිය සඳහා) ගස් උඩ තැනූ පැල. 3. [නා.] යමක් තාවකාලිකව තැන්පත් කර තැබීමට සුදුසු මැස්ස.
අට්ටිය(කථා.) [නා.] කිසියම් දෙයක් පිළිවෙළකට, පේළි හා තට්ටු වශයෙන් අසුරා සකස් කරන ගොඩ.
අට්ඨ1. [නා.ප්‍ර.] අට හැඳින්වෙන සංඛ්‍යාව. 2. [නා.ප්‍ර.] අරුත; සංඛ්‍යාව.
අට්ඨ කථාව[නා.] ත්‍රිපිටක පාළියෙහි පද සඳහා කළ අර්ථ වර්ණනාව.
අට්ඨ කල්ප1. [නා.ප්‍ර.] කල්ප අටක කාලය. 2. [නා.ප්‍ර.] නිරයක නාමය.
අට්ඨංග, අට්ඨංගික[වි.] අවයව අටක් ඇති; අංග අටකින් යුක්ත.
අට්ඨක[නා.ප්‍ර.] අටකින් සැදුණු ගොඩ; අටකින් යුත් රාශිය.
අට්ඨාරස[නා.ප්‍ර.] දහ අට; අටළොස.
අට්ඨි කල්‍යාණය[නා.]ස්ත්‍රීන්ගේ රූපශ්‍රීය පිළිබඳ පඤ්චකල්‍යාණයෙන් එකක් වන ප්‍රභාසම්පන්න වූ දන්ත පන්තීන් ඇති බව.
අට්ඨික[වි.] ශරීරයෙහි ඇට පිළිබඳ වූ.
අට්ඨික සංඥාව[නා.] ඇටසැකිල්ලක් යන හැඟීම; ඇටසැකිල්ලක් බවට සංඥාව.
අට්ඨිසංඛලික1. [නා.ප්‍ර.] ඇටසැකිලි වැනි රූ ඇති ප්‍රේත විශේෂයක්. 2. [නා.ප්‍ර.] ඇටසැකිල්ල; ඇට කූඩුව.
අට්ඨුප්පත්තිය[නා.] (ධර්ම දේශනයක් සඳහා) කරුණක් පැන නැගීම; හේතුවක් ඉදිරිපත් වීම; අවස්ථාවක් එළඹීම.
අටානූව[අට+අනූව] [නා.] අනූ අට.
අටි[වි.] කැමති; රිසි; අභිලාෂි.
අටිය[නා.] අදහස; කැමැත්ත; අභිලාෂය.
අටු ඇට[නා.ප්‍ර.] තම්බා අටුවේ ලා වියළා ගත් කොස් ඇට හෝ මදුළු; අටුකොස්.
අටු කොටු[නා.ප්‍ර.] වී ආදිය රැස්කර තබන ධාන්‍ය ගබඩාව.
අටු පොල්[නා.ප්‍ර.] අටුවෙහි පරණ වූ පොල්; කොට්ට පොල්.
අටුමැස්ස1. [නා.] අටුවේ වී ආදිය රැස්කර තබන මැස්ස; අටුගෙයි ලෑලි තට්ටුව. 2. [නා.] උදුන ඉහළින් තිබෙන මැස්ස; දුම්මැස්ස.
අටුව1. [නා.] උස් ව තැනූ මැස්ස. 2. [නා.] සාම්ප්‍රදායික කුස්සිවල ලිපට ඉහළින් තැනූ මැස්ස. 3. [නා.] වී ආදි ධාන්‍ය ගබඩාව.
අටුවන් කොළය(කථා.) [නා.] පුවක් අත්තෙහි මුල කොටස; පෝපත; කොළපත.
අටුවා1. [නා.ප්‍ර.] ත්‍රිපිටකයට අයත් මුල් ග්‍රන්ථවල දුෂ්කර පද විස්තර කිරීම සඳහා ලියූ ග්‍රන්ථ ගණය; අර්ථකථා. 2. (කථා.) [නා.ප්‍ර.] විස්තර වර්ණනාව.
අටුවාචාරියා[නා.] ත්‍රිපිටකයට අයත් වූ මුල් ග්‍රන්ථවල දුෂ්කර පද විවරණය කරමින් අටුවා ග්‍රන්ථ කළ ඇදුරා.
අටෝරා[වි.] අටතුරා.
අටෝරාසිය[නා.] අටක් වැඩි සියය; එකසිය අට; අටරාසිය.
අඩ1. [නා.] දෙකට බෙදූ කොටස; භාගය; අර්ධය. 2. [නා.] බදු වශයෙන් ගෙවන කොටස; බද්ද; අඳය. [වි.] භෝග සම්පත් ඇති; ආඪ්‍ය; සමෘද්ධ.
අඩ උපෝසථය[නා.] එක් රැයක් හෝ එක් දවාලක් රකින උපෝසථ සීලය; අර්ධ උපෝසථය.
අඩ කවය[නා.] වෘත්තාකාර ව ඇඳි රූපයකින් අර්ධය; අර්ධ වෘත්තය; කව පළුව.
අඩ කිරිය[නා.] කිරියකින් දෙකෙන් කොටසක හෙවත් දෙ අමුණක ධාන්‍ය වැපිරෙන බිම් ප්‍රමාණය.
අඩ කුරුපාව[නා.] මුදුන් යටලීය දැරීමට බාල්ක මත සවි කරන ලද කෙටි කණුව.
අඩ කුළුදුල, අඩ කුළුදුල්ල1. [නා.] ද්‍රව මැනීමේ පැරණි මිම්මක්; අඩපත; පත භාගය. 2. [නා.] වියළි ද්‍රව්‍ය මැනීමේ පැරණි මිම්මක්; පලම.
අඩ කෙළ[නා.] පනස් ලක්ෂය; කෝටි භාගය.
අඩ තැන[නා.] භාගයක් දුර; දුර ප්‍රමාණයෙන් අර්ධය.
අඩ තැන්න[නා.] සේදී යෑමෙන් හා ජීර්ණයෙන් විෂම ලෙස සකස් වූ තැනිතලා භූමිය; අර්ධ තැනිතලාව.
අඩ නින්ද[නා.] මඳ නින්ද; කපි නිද්‍රාව.
අඩ පය[නා.] නිසි බිම නොසිටින පය; ඇද කර බිම තබන කකුල.
අඩ පෙහෙවස, අඩ පෝය[නා.] එක් රැයක් හෝ එක් දවාලක් රකින උපෝසථය; අර්ධ උපෝසථය.
අඩ බම[නා.] අර්ධභ්‍රමය; හතර පදයෙන් යුත් පද්‍යයක එක් එක් පේළියෙහි මුල් අකුරු සතර බැගින් ගෙන, වම සිට දකුණටත්, ඉහළ සිට පහළටත් කියවූ කල එක ම ලෙසට කියැවෙන රචනා විලාසය.
අඩ බැලුම, අඩ බැල්ම[නා.] අඩැසින් බැලීම; නෙතඟ බැල්ම; කටාක්ෂ නිරීක්ෂණය.
අඩ මත[නා.] මාත්‍රාවකින් අඩ කොටස; ලඝු අක්ෂරයක් උසුරුවන කාලයෙන් අර්ධය; අර්ධ මාත්‍රාව.
අඩ මස1. [නා.] මාසයකින් අර්ධය; දින පහළොවක කාලය. 2. [නා.] මෑ, උඳු, මුං වැනි ධාන්‍ය ඇටයකින් භාගයක බර ප්‍රමාණය.
අඩ මස්ස[නා.] මස්සකින් අඩ කොටස; සතර වියට හෙවත් වී ඇට හතරක බර; හුනිඳ හෙවත් ඔලිඳ ඇටයක බර.
අඩ මුකුළු[වි.] පිපී ගෙන එන; මඳක් විකසිත වූ. [නා.ප්‍ර.] යන්තමින් පාන සිනා; මඳ සිනා; අඩ සිනා.
අඩ යටිය[නා.] යටියෙන් භාගයක් වූ ආයුධය; තෝමරය; හෙල්ල.
අඩංගම, අඩංගාව(කථා.) [නා.] ගවයන් රැළේ වැටීම; සිවුපාවුන්ගේ මද
අඩංගු[වි.] ඇතුළත්; අයිති.
අඩක්කම1. [නා.] රැක බලා ගැනීම; රක්ෂාවරණය. 2. [නා.] සිර වීම; අඩස්සි වීම.
අඩකුඹු කරනවා[ක්‍රි.] රාජ්‍යනායක අභාව ආදි අවස්ථාවලදී ශෝකය ප්‍රකාශ කිරීම පිණිස ජාතික කොඩිය අර්ධ වශයෙන් ඔසවා තබනවා; කුඹ ගසේ ඉහළට නොඔසවා එහි අඩක් උසින් ඔසවා තබනවා.
අඩකෝට්ට, අඩක්කෝට්ට[නා.ප්‍ර.] අවහිරය; බාධාව; වැළකීම.
අඩගහණ[නා.ප්‍ර.] පෘථිවිය හා සූර්යයා අතරට සඳ ද සූර්යයා හා සඳ අතරට පෘථිවිය ද පැමිණීමෙන් සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ ප්‍රභාව අර්ධ වශයෙන් වැසී යෑම.
අඩඩ[අඩ+අඩ] [නා.] අඩින් අඩ; භාගයෙන් භාගය; සතරින් කොටස.
අඩතල[වි.] සම ව නොපිහිටි; සමතල ව නොසිටි.
අඩදඩ1. [වි.] ඉක්මන්; කලබල; කැලඹුණු, 2. [වි.] කලහකාරී.
අඩදමු, අඩදඹු[වි.] අඩක් දැවුණු; බාගයක් දා ගිය.
අඩදැණි[වි.] අඩක් දණ ගැසූ; එක් දණක් බිම එබූ; අර්ධ ජානුක.
අඩන්තේට්ටම්[නා.ප්‍ර.] හිංසාව පීඩාව; අතින් පයින් තැළීම; බලහත්කාරකම.
අඩපණ[වි.] ශක්තිය අඩු; බෙලහීන; දුර්වල; මලානික.
අඩපද1. [නා.ප්‍ර.] හරි හැටි නොගැළපීම. 2. [නා.ප්‍ර.] කෙටි රබන් පදය. 3. [නා.ප්‍ර.] පද්‍යයක පාදයකින් අර්ධය.
අඩපන්න[නා.] කර්මාන්තයකට අවශ්‍ය උපකරණ; මෙවලම්; ආම්පන්න.
අඩපලක්[නා.ප්‍ර.] මෙහෙණින් හිඳගන්නා ක්‍රමය; එක් පයක් හකුළුවා බැඳ ගන්නා පර්යංකය; අර්ධ පර්යංකය.
අඩප්පරය[නා.] කම්මුල් ඉදිමෙන රෝගයක්; කම්මුල්ගාය.
අඩමාන[වි.] අනුමාන; සැක සහිත; අස්ථිර. [නා.ප්‍ර.] සැකය; අනුමානය.
අඩය, අඩ්ඩය[නා.] යමක් නොසෙල්වෙන සේ සිර කොට තබනු ලබන කැටය හෝ කොටය හෝ ආධාරකය.
අඩයටිදර[නා.ප්‍ර.] හෙල්ලක් දරන්නා; කඳකුමරු.
අඩයාලම1. [නා.] සලකුණ; සටහන; ලාඤ්ඡනය. 2. [නා.] සිහි වීමට දෙන ලකුණ; නිමිත්ත. 3. [නා.] හැඩහුරුකම; ස්වරූපය. 4. [නා.] හරකුන්ගේ සිරුරේ ගහන හන; හංවඩුව.
අඩයාලම් කොඩිය[නා.] රූපයක් ඇඳ තිබෙන ධජය; සටහන සහිත ධ්වජය.
අඩල, අඩළ1. [නා.] අඩක් ඉතිරි වූ දෙය. 2. [නා.] කොටසක් ඉතිරිකොට ගාන ලද පොල් බෑය.
අඩලා ගන්නවා(කථා.) [ක්‍රි.] අනුන් සතු ඉඩකඩම් අත්පත් කර ගැනීමට වැටකටු ආදිය ශුද්ධ කරනවා; මායිම් එළිපෙහෙළි කරනවා.
අඩවල්, අඩවළු, අඩවාළු[වි.] යන්තම් ඇරුණු; සම්පූණයෙන් නොවැසූ; අඩවන්.
අඩව්ව1. [නා.] නැටුම් පදයක්; නැටුමක විරාමයකට පෙර පාන නැටුම; කෙනෙකූට ගෞරව කිරීමක් වශයෙන් නටන නැටුම. 2. [නා.] පය පැකිලීමෙන් හෝ නොසැලකිල්ල නිසා හෝ සිදුවන වැටීම; අනතුරුදායක අවස්ථාව. 3. (රූඪි.) [නා.] මතභේදාත්මක වූ අවස්ථාව; ගැටුම්කාරී අවස්ථාව.
අඩවිය1. [නා.] මහා වනය; වනාන්තරය; අරණ්‍ය ප්‍රදේශය; මූකලාන; අටවිය. 2. [නා.] අඩයටිය; හෙල්ල.
අඩවිය දර[නා.] හෙල්ල දරන්නා; කඳකුමරු; අඩයටිදර.
අඩස, අඩහ[නා.] දෙකට බෙදූ කොටස; අර්ධය; අඩ.
අඩසඳ පහණ[නා.] සඳ පළුවක හැඩහුරුකමට කපා සකස් කළ ගල; සඳකඩ පහණ,
අඩසඳ, අඩහඳ1. [නා.] අඩක් පිරුණු සඳ; අටවක දවසෙහි පායන සඳ; අර්ධ චන්ද්‍රයා. 2. [නා.] සම්පූර්ණ අඩ කවයක සටහන; අර්ධ වෘත්තාකාර රූපය. 3. [නා.] සඳ පළුවක් වැනි මූණතක් ඇති ඊගස.
අඩස් බැල්ම[නා.] අඩැසින් බැලීම; මඳක් පියාලූ ඇසින් බලන බැල්ම; අර්ධ නිරීක්ෂණය.
අඩස්සි පොල්ල(කථා.) [නා.] යමක් හරස් කර බඳින පොල්ල; අවහිර කරනු පිණිස බඳින පොල්ල.
අඩස්සිය1. [නා.] මලමූත්‍ර ආදිය සිර වීම; වාතය හිර වීම. 2. [නා.] අවහිරය; වැළැක්වීම; නැවැත්වීම.
අඩසිරය, අඩසිරේ[නා.] වැළැක්වීම; සිරකිරීම.
අඩ්ඩාළ්හ[නා.] අඩ නැළිය; මනාව.
අඩ්ඩුපෝසථය[නා.] දවසින් අර්ධයක් රකින පෙහෙවස; අඩ පෙහෙවස.
අඩාළ[වි.] අඩක් ඉතුරු වූ; අවසාන නොවූ; අසම්පූර්ණ.
අඩාළ කරනවා[ක්‍රි.] (කෙරීගෙන යන කටයුත්තක්) අඩපණ කරනවා; බාධා කර වළක්වනවා; සම්පූර්ණ කිරීමට ඇති මං අසුරනවා.
අඩාළ පොහොය[නා.] එක් රැයක් හෝ එක් දවාලක් හෝ පමණක් රකින පෙහෙවස; අඩ පෙහෙවස; අර්ධ උපෝසථය.
අඩැස[නා.] අඩක් පිය වූ ඇස.
අඩැසි බැල්ම[නා.] අඩ බැල්ම.
අඩි කුරය(කථා.) [නා.] ගවයන්ගේ කුර සටහන.
අඩි කොළය[නා.] පැළයක මුල් කොළය; පළමුවෙන් ඇදුණු පත්‍රය.
අඩි කෝඩය, අඩිකෝඩෙ1. [නා.] කලබලය; නොසන්සුන්කම. 2. [නා.] විගඩම; කෝලම; විහිළුව. 3. [නා.] අමනුෂ්‍ය ශබ්දය. 4. [නා.] කුණාටුව; සුළි සුළඟ.
අඩි කෝදුව[නා.] දිග මැනීමේ උපකරණයක්; අඩියක් හෙවත් අඟල් දොළහක් දිග ඇති මිම්ම.
අඩි පට්ටලය(කථා.) [නා.] ලෝහ තහඩු ආදිය තබා තළන කිණිහිර.
අඩි පල්ල1. [නා.] පයේ යටි පැත්ත; යටි පල්ල; යටිපතුල. 2. [නා.] වළඳේ පතුල; බඳුනක අඩිය. 3. [නා.] වළඳ පතුලේ ඇලී පවතින කෑම. 4. [නා.] කමතේ දැමූ කුඩා ගොයම් කොළ කැටිය; පාවර පල්ල.
අඩි පාර1. [නා.] පයින් ගමන් කිරීම නිසා ඇති වූ පාර; පයින් පමණක් යා හැකි පටු මාර්ගය. 2. [නා.] කිසිවකුගේ පා සලකුණ. 3. [නා.] යම් පුද්ගලයකු ජීවිතය ගෙවූ පිළිවෙළ.
අඩි පෙට්ටිය(කථා.) [නා.] කකුල් සවි කර ඇති පෙට්ටිය.
අඩි මඩක්කුව(කථා.) [නා.] අඩිය ඇති මැටි කෝප්පය; අඩි සහිත වූ කට පළල් මැටි භාජනය.
අඩි මාත්‍රය(කථා.) [නා.] නැටුමට පෙරාතුව ඒ මාත්‍රයට කියන කවි පදය; අඩව්වට පළමු ව පද තාලයට කරන ගමන.
අඩි හප්පනවා(කථා.) [ක්‍රි.] (තරහ පෙන්වීම වශයෙන්) (කෝපය ප්‍රකාශ කිරීමේ දී) වැරෙන් පය බිම හප්පනවා; වේගයෙන් අඩිය බිම ගසනවා.
අඩිංචිය(කථා.) [නා.] ලීයක් ඉරා කපා ඉතුරුවන කොට කැබැල්ල; ඉරන ලද ලීයේ ඉතුරු කොටස.
අඩිතාලම1. [නා.] ගොඩනැගිලි තැනීමට බඳින මුල් බැම්ම; අත්තිවාරම. 2. [නා.] යම් කාර්යයක මුල් පියවර.
අඩිපලු බෝය[නා.] (කමත්.) ගොයම් කොළයක් එකතු කරන විට දමන මුල් ගොයම් පිඩ; කමතේ කොළ කැටිය සෑදීමේ දී දමන මුල් උප්පිඩ.
අඩිය1. [නා.] පය; කකුල. 2. [නා.] පා සටහන. 3. [නා.] පියවර; පය උස්සා තබන දුර ප්‍රමාණය. 4. [නා.] (භාජනයක) පතුළ; පල්ල. 5. [නා.] මුල් කොන; මුල් කෙළවර. 6. [නා.] යමක් දරා සිටින සේ සාදන ලද ආධාරකය. 7. [නා.] තරාතිරම; තත්ත්වය. 8. [නා.] අඟල් දොළහක් දිග මිනුම් ප්‍රමාණය. 9. [නා.] වරකට බොන මත්පැන් ප්‍රමාණය; පානය පිණිස වත් කරගත් සුරා කොටස. 10. [නා.] සින්දුවක පද්‍යයක පාදය. 11. [නා.] චීන අඩි සටන් ක්‍රමයට අත් පා ආදියෙන් දෙන පහර.
අඩිය අල්ලනවා(කථා.) [ක්‍රි.] (ලිප තැබූ ව්‍යඤ්ජන ආදි බඳුන්) කර වෙනවා; රොස් වෙනවා.
අඩිවට්ටම(කථා.) [නා.] නැට්ටුවකු පදය අනුව නටන්නට පෙර යන වට ගමන; නැටුමට පළමු පා තබමින් යන වටය.
අඩු1. [වි.] හිඟ; මදි; පාඩු; ඌන. 2. [වි.] කුඩා; සුළු; කෙටි; ලුහුඬු. 3. [වි.] අසම්පූර්ණ; ඛණ්ඩ. 4. [වි.] බාල; මිලයෙන් පහත්; වටිනාකමින් හීන; අග‍යෙන් නොවැඩි. 5. (කථා.) [වි.] පහත්; හීන; නීච.
අඩු කිරීම(පාරිභා.) [නා.] (ගණිත.) දී ඇති විශාල අගයකින් ඊට වඩා කුඩා අගයක් ඉවත් කිරීම (=deduction).
අඩු කුලය[නා.] හීන යැයි සම්මතකුලය.
අඩුක්කරනවා(කථා.) [ක්‍රි.] එකපිට එක තබනවා; පිළිවෙළකට තබනවා; සකස් කොට අඩංගු කරනවා; අහුරනවා.
අඩුක්කු සප්පායම1. (කථා.) [නා.] (පැරණි ප්‍රභූවරුන්) ආහාර අනුභවය; බොජුන් වැළඳීම. 2. [නා.] කමතේ දී ආහාර ගැනීම; (විශේෂයෙන්) දිවා ආහාරය ගැනීම.
අඩුක්කුව1. [නා.] උයා පිළියෙල කළ කෑම; පිසින ලද ආහාරය. 2. [නා.] යම් ගෙදරකින් තව ගෙදරකට තෑගි වශයෙන් ගෙන යන කෑම. 3. [නා.] උසස් රදළවරුන් සඳහා පිළියෙල කළ භෝජනය. 4. [නා.] දෙවියන්ට පුද පිණිස ද යකුන්ට දොළ පිණිස ද සකස් කළ භෝජනය. 5. [නා.] කෑම භාජන එක එක තබා සෑදූ ඒකකය; කෑම වළන් අසුරා බැඳගත් කද; දන්කද. 6. [නා.] ඇතැම් භාණ්ඩ පිළිවෙළට එක මත එක තබා සකස් කර ගැනෙන ඒකකය.
අඩුත්තු[වි.] ඇතුළත්; අඩංගු; අයිති; අන්තර්ගත. 2. (කථා.) [ක්‍රි.] එකඟ වෙනවා; සම්බන්ධ වෙනවා. 3. (කථා.) [ක්‍රි.] යටත් වෙනවා; අවනත වෙනවා.
අඩුදඹු(කථා.) [වි.] මඳක් පිලිස්සුණු; භාගයට තැම්බුණු.
අඩුපාඩුව[නා.] අගහිඟය; අඩුව; ඌනතාව; අසම්පූර්ණ බව.
අඩුම-කුඩුම1. [නා.] බඩු මුට්ටු; උපකරණ. 2. [නා.] කෑම පිසීම ගන්නා අඩු වැඩිය.
අඩුරු-පඬුරු(කථා.) [නා.බහු.] පුද පඬුරු; පාක්කුඩම්.
අඩුලුහුඬුව[නා.] අඩුපාඩුව; අඟහිඟය.
අඩුව1. [නා.ප්‍ර.] අඩුබව. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] විසි වැදෑරුම් වියරණ විධිවලින් එකක්; මාත්‍රා හානිය; ස්වරයක උච්චාරණ කාලය කොට කිරීම.
අඩුවැඩි[වි.] එකිනෙකට සම නොවූ වෙනස්කම් ඇති නොයෙක් දේ ඇති විවිධ අඩුවැඩිය. 1. [නා.] අඩු හෝ වැඩි බව; ඌනාධිකභාවය. 2. [නා.] අඩුපාඩු; දොස්; ඇද පලුදු. 3. [නා.] අවශ්‍ය දෑ; බඩුමුට්ටු; උපකරණ.
අණ1. [නා.] නියෝගය; විධානය; ආඥාව. 2. [නා.] මුහුද; සයුර; සාගරය; අර්ණවය. 3. [නා.] ජීවය; ප්‍රාණය.
අණ කරනවා1. [ක්‍රි.] නියෝග කරනවා; නියම කරනවා; විධාන කරනවා; ආඥා කරනවා. 2. [ක්‍රි.] අණ පිළිපදිනවා; ආඥාවට කීකරු වෙනවා.
අණ තහනම1. [නා.] තහනමක් වශයෙන් කරන නියෝගය; තහනම් කිරීමේ බලපත්‍රය. 2. [නා.] සම්මුතියෙන් කරන වර්ජනය.
අණ දෙනවා[ක්‍රි.] නියෝග කරනවා; විධාන කරනවා.
අණ පණිවුඩ[නා.ප්‍ර.] පණිවුඩ පනත්; නියෝග සහ විධාන; රාජ නියෝග.
අණ පාමොක්(විනය.) [නා.] (බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පැනවූ අවස්ථාවෙහි පටන්) සංඝයා විසින් පිළිපදිනු ලබන ශික්ෂාපද සමූහය; ආඥා ප්‍රාතිමෝක්ෂය.
අණ පොල්ල1. [නා.] කිසියම් ස්ථානයකට ඇතුළුවීම තහනම් බව හැඟවීමට සිටුවා ඇති හෝ හරස් කර ඇති දඬුකඩ. 2. [නා.] රාජාඥාව පිළිබඳ දක්වනු ලබන යෂ්ටිය; සෙංකෝලය.
අණ බෙරය[නා.] ආඥා නියෝග ප්‍රවෘත්ති දැන්වීම සඳහා ශබ්ද කරවන බෙරය; ආඥා භේරිය.
අණ බෝලය(කථා.) [නා.] වැව් කුඹුරු ආදියට ඇතුළුවීම තහනම් කොට ලීයක් සිටුවා එහි බඳින කොළ අත්ත.
අණකරය(පාරිභා.) [නා.] ගනුදෙනු කරුවකුගේ මුදල් පිළිබඳ එක් බැංකුවකින් තවත් බැංකුවකට දෙන නිල සහතිකය (=draft).
අණගුණ[නා.] අනුහස්; හාස්කම්; තෙදබල.
අණඟිල්ල, අණැඟිල්ල(කථා.) [නා.] ආඥාවක් හෝ නියෝගයක් කිරීමේ දී ඔසොවන ඇඟිල්ල; අතෙහි මහපටැඟිල්ල ළඟ පිහිටි ඇඟිල්ල; දබරැඟිල්ල; තර්ජනාඞ්ගුලිය.
අණදෙන නිලධාරියා[නා.]සේනාවක් හෝ බලඇණියක් හෝ මෙහෙයවන නිලධාරියා.
අණපනත්[නා.ප්‍ර.] නියෝග සහ පැනවීම්; ආඥා සහ ප්‍රඥප්ති රාජාඥා.
අණබණ[නා.] ආඥාව හා අනුශාසනය; නියෝගය හා උපදේශනය.
අණව[නා.] මුහුද, සාගරය, සමුදුර; අර්ණවය.
අණවනවා[ක්‍රි.] නියම කරනවා; නියෝග නිකුත් කරනවා; විධාන කරනවා; අණ කරනවා.
අණස[නා.] මුහුද; සාගරය.
අණසක[නා.] නියෝගයක් හෝ නීතියක් හෝ සතුව ඇති බලය; ආඥා චක්‍රය.
අණසක්විති[නා.ප්‍ර.] මුළු මහත් පොළෝතලයට ආඥා පතුරුවන රජතුමා; අධිරාජයා.
අණසුන්පත[නා.] ආඥා සඳහන් අසුන්පත; රජුගේ නියෝග සඳහන් ලියවිල්ල.
අණ්ඩ1. [නා.ප්‍ර.] කකුළු ගෝනුසු ආදින්ගේ ශරීරයේ ඉදිරිපස කොටසේ පිහිටා ඇති කතුරක හැඩය ඇති අවයවය. 2. [නා.ප්‍ර.] කකුල; පාදය; ගාත්‍රය. 3. [නා.ප්‍ර.] කෝප්ප, ජෝගු ආදිය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා සවි කොට ඇති කොක්ක. 4. [නා.ප්‍ර.] වෘෂණය.
අණ්ඩ කෝෂය1. [නා.] පුරුෂ ව්‍යඤ්ජනයට අයත් අණ්ඩ යුග්මය සහිත කෝෂය; මුෂ්කය; වෘෂණය. 2. [නා.] පුරුෂ ව්‍යඤ්ජනය සම්බන්ධ අණ්ඩ දරා සිටින කොපුව. 3. [නා.] බිත්තරයෙහි කෝෂය; බිජුවක පිට කටුව; බිත්තර කටුව.
අණ්ඩ ජන්මාණුකතාව(පාරිභා.) [නා.] විශාල අචල අණ්ඩයක් කුඩා පුං ජන්මාණුවකින් සංසේචනය වන අසම ජන්මාණුකතාව (=Oogamy).
අණ්ඩ ජලාබුජතාව[නා.] ගර්භාශය තුළ බිත්තර පුපුරා පැටවුන් එළියට ඒම; ඩිම්බ ජලාබුජතාව.
අණ්ඩ දමනවා[ක්‍රි.] වස්ත්‍රයක හෝ ලී බඩු ආදියක අබලන් වූ තැනකට අමතර කැබැල්ලක් යොදා අලුත්වැඩියා කර ගන්නවා.
අණ්ඩ පාතනය(පාරිභා.) [නා.] බිත්තර දැමීම; බිජු දැමීම (=spawning).
අණ්ඩ පෝෂණය(පාරිභා.) [නා.] බිජු රැකීම (=incubation).
අණ්ඩ මෝචනය1. [නා.] බිත්තර දැමීම; බිජු දැමීම (=ovulation). 2. (පාරිභා.) [නා.] ක්ෂීරපායින්ගේ ඩිම්බය ඩිම්බ කෝෂයෙන් පිටතට ඒමේ ක්‍රියාවලිය; ඩිම්බ මෝචනය; ඩිම්බ නීහරණය.
අණ්ඩ වාතය, අණ්ඩ වායුව[නා.] අණ්ඩ කෝෂයෙහි හට ගන්නා ආබාධයක්; අණ්ඩයෙහි වාතය හෝ දිය පිරීම; අණ්ඩය මහත්වීම.
අණ්ඩ වෘත්තය(පාරිභා.) [නා.] ඕවලාකාර වෘත්තය; ඉලිප්සය (=ovel).
අණ්ඩ සෛලය[නා.] ඡායා ජන්මාණු සෛලය; ප්‍රථම ධ්‍රැවීය. දේහ ඇති වීමට පෙර වූ චුම්බය; සංසේචනයට සුදුසු වන්නට පෙර අණ්ඩයක ළපටි අවස්ථාව.
අණ්ඩකෝෂ්ඨය(පාරිභා.) [නා.] ඇතැම් ප්‍රොටොසොවාවන්ගේ සංයුග්මන ජන්මාණු යුගලයක් වටා සෑදෙන කෝෂය (= oocyst).
අණ්ඩච්ඡේදය[නා.] අණ්ඩ සිඳ දැමීම; වෘෂණ ඉවත් කිරීම; කර ඇඹීම.
අණ්ඩජ[වි.] පක්ෂි, උරග, මත්ස්‍යාදි බිජු ලන සත්ත්ව ගණය පිළිබඳ වූ; බිත්තරයෙන් උපදින; අණ්ඩයෙන් ජනිත වූ. [නා.ප්‍ර.] බිත්තරයෙන් උපදනා සත්ත්ව ගණය.
අණ්ඩජනක[වි.] බිජුවටින් පැටවුන් උපදවන; බිත්තර දමන.
අණ්ඩජයා1. [නා.] බිත්තරයෙන් උපන් සත්ත්වයා; අණ්ඩයෙන් ජනිත වන්නා. 2. [නා.] පක්ෂියා. 3. [නා.] සර්පයා. 4. [නා.] මත්ස්‍යයා.
අණ්ඩධානිය(පාරිභා.) [නා.] අණ්ඩ දරා සිටින කෝෂය; ඩිම්බධානිය (=receptaculum ovorum).
අණ්ඩනාඩි[නා.බහු.] ස්ත්‍රීන්ගේ ගර්භාශය දෙපස සිටි බීජ වාහිනී නාල යුග්මය; අණ්ඩ නාල.
අණ්ඩප ධරය[නා.] මලක රේණු ද අණ්ඩප ද අතර තිබෙන දික් වූ ග්‍රාහය.
අණ්ඩපය[නා.] ආවෘත බීජක පැළෑටියක බීජයන් දරා සිටින පියල්ල; සපුෂ්ප ශාකවල ඡායා ප්‍රජනක අවයවය; මහා බීජානුපත්‍රය.
අණ්ඩපාතය1. [නා.] මත්ස්‍යයන් වැනි සතුන් දමන බිත්තර වැදැල්ල. 2. (පාරිභා.) [නා.] මෝචනය වූ ශුක්‍රාණු (=spawn).
අණ්ඩපාලයා(කථා.) [නා.] කපටියා; තක්කඩියා; ප්‍රයෝගකාරයා; අණ්ඩයා.
අණ්ඩපීත(පාරිභා.) [නා.ප්‍ර.] බිත්තරයේ කහමදය (=yolk).
අණ්ඩර දෙමළ(රූඪි.) [නා.ප්‍ර.] නොතේරෙන බස; නොතේරෙන බසකින් ලියූ හෝ කියූ දෙය.
අණ්ඩාකාර[වි.] බිත්තරයක හැඩහුරුකම ඇති; ඕවාල.
අණ්ඩාකාර ගවාක්ෂය(පාරිභා.) [නා.] මැද කනෙහි ඇතුල් බිත්තියේ ඇති අණ්ඩාකාර සිදුර; කුම්බිකා කවාටය (=fenestra ovalis).
අණ්ඩාණුධානිය(පාරිභා.) [නා.] අක්මාශාක, පාසි, මීවන ආදි ශාකවල ද නොයෙකුත් විවෘත බීජක වල ද ඡායාලිංගේන්ද්‍රිය; ආකිගෝනිය (=archegonium archegon).
අණ්ඩාශය, අණ්ඩාසය1. (පාරිභා.) [නා.] අණ්ඩකෝෂය. 2. [නා.] ස්ත්‍රී ප්‍රජනන සෛල තැන්පත් ව ඇති පැස; බීජකොපුව; ඩිම්බකෝෂය (=ovary). 3. [නා.] ශාකයක බීජයක් රඳා සිටින කෝෂය.
අණ්ඩෝද්භවය[අණ්ඩ+උද්භවය] (පාරිභා.) [නා.] බිත්තර හට ගැනීම; ඩිම්බ ඇති වීම හා විකසනය වීම; අණ්ඩ ජනනය (=oogenesis).
අණ්ඩෝරුව(කථා.) [නා.] පෙරහැරෙහි දේවාභරණ වැඩමවන දෝලාව.
අණ්ණවියා[නා.] (රෝ. ක.) රෝමානු කතෝලික දේවස්ථානයක ගිහි භාරකාරයා හා එහි ආගම උගන්වන තැනැත්තා.
අණ්වීක්ෂ ඡායාරූපය[නා.] අණ්වීක්ෂයෙන් දැකිය යුතු ක්ෂුද්‍ර වස්තුවක ඡායාරූපය.
අණ්වීක්ෂය[නා.] කුඩා දේ විශාල කොට පෙන්වන කන්නාඩිය; අණුදක්නය.
අණාඥාව1. (කථා.) [නා.] නියෝගය; විධානය; අණ. 2. [නා.] උසාවියෙන් කෙරෙන කැඳවීම; සිතාසිය.
අණිමා[නා.ප්‍ර.] ශරීරය අණුවක (පරමාණුවක) ප්‍රමාණයට පැමිණ වීමේ ඍද්ධිබලය; සූක්ෂ්ම රූප නිර්මාණය.
අණිලනවා[ක්‍රි.] යුද කිරීම පිණිස බලඇණි පෙළ ගැසෙනවා; යුදයට පෙළ ගැසෙනවා.
අණු[නා.ප්‍ර.] අණුව.
අණුක ආකර්ෂණය(පාරිභා.) [නා.] අණුවක් තවත් අණුවක් වෙත ඇදගන්නා ශක්තිය; අණු පිළිබඳ ආකර්ෂණය.
අණුක කම්පනය(පාරිභා.) [නා.] අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ බලපෑමක් නිසා අණුවල ඇතිවන ඉක්මන් චලනය; අණු පිළිබඳ කම්පනය (=molecular vibration).
අණුක ක්ෂේත්‍රය(පාරිභා.) [නා.] අණු පැතිර පවත්නා ප්‍රදේශය; අණු පිළිබඳ ක්ෂේත්‍රය (=molecular field).
අණුක ඝනත්වය(පාරිභා.) [නා.] අණුවක පරිමා ඒකකයක ස්කන්ධය; අණු පිළිබඳ ඝනභාවය (= molecular density).
අණුක චුම්බකය(පාරිභා.) [නා.] අණු පිළිබඳ වූ කාන්දම් බලය (=molecular magnet).
අණුක දෝලනය(පාරිභා.) [නා.] අණු පිළිබඳ වූ විද්‍යුත් චුම්බක තරංග විකිරණය කිරීම (=molecular oscillation).
අණුක බලය(පාරිභා.) [නා.] චලනය විය හැකි වස්තූන් කෙරෙහි ක්‍රියා කළ විට වස්තුවේ චලනයෙහි ත්වරණයක් ඇති කරන අණු පිළිබඳ බලවේගය (=molecular force).
අණුක වාදය[නා.] සත්ත්වයන් සහිත විශ්වය සෑදී ඇත්තේ පරමාණුවලින් යැයි පළ කරන දර්ශනය; පරමාණුක වාදය (=molecular theory).
අණුක සාන්ද්‍රණය(පාරිභා.) [නා.] ද්‍රාවණයක ග්රෑම් 1000 ක තිබෙන අණු සංඛ්‍යාව (=molecular concentration).
අණුක සූත්‍රය[නා.] අණු පිළිබඳ සුත්‍රය; රසායනික සංයෝගයක අණුවෙහි තිබෙන පරමාණු වර්ග හා සංඛ්‍යා පෙන්වන අතර, ඒවායේ පෙළ ගැස්ම නොපෙන්වන සූත්‍රය (=molecular formula).
අණුකය1. [නා.] වස්තුවක කුඩා කොටස; ක්ෂුද්‍ර වස්තුව. 2. [නා.] පරමාණුව.
අණුකස්ඵටික[නා.ප්‍ර.] අණුවෙන් වෙන් වශයෙන් හඳුනා ගත හැකි කිසියම් නිත්‍ය රටාවකට අනුව අණු පිහිටීමෙන් සෑදුණ ස්ඵටික.
අණුජීවියා[නා.] අනු දක්නයකින් දැකිය යුතු බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ප්‍රාණියා; අතික්ෂුද්‍රප්‍රාණියා.
අණුතර[වි.] ඉතා කුඩා; ස්වල්පතර.
අණුදක්නය[නා.] කුඩා දේවල් විශාල කොට පෙන්වන කාච කිහිපයකින් සමන්විත උපකරණය; කුඩා දේ ලොකු කර පෙන්වන කන්නාඩිය; අණ්වීක්ෂය.
අණුමාත්‍රය[නා.] ඉතා සුළු කොටස; ස්වල්ප ප්‍රමාණය; ස්වල්ප මාත්‍රය.
අණුව1. [නා.] ද්‍රව්‍යයක් බෙදිය හැකි ඉතා කුඩා කොටස; ද්‍රව්‍යයක කුඩාම පංගුව; පරමාණුව. 2. [නා.] සියුම් මිනුම් ප්‍රමාණයක්; කලා හතරක කාල ප්‍රමාණය. 3. [නා.] දඬුවම. 4. [නා.] නියෝගය; අණ; ආඥාව.
අඬ1. [නා.] ශබ්දය; නාදය; රාවය; හඬ. 2. [නා.] බිත්තරය; බිජුවට. 3. [නා.] වෘෂණය.
අඬ ඇඬියාව1. (කථා.) [නා.] කෙනෙකුගේ යස ඉසුරු සැප දැක අන් කෙනෙකු ඒ ගැන ඊර්ෂ්‍යා සිතින් කියන දෙය. 2. [නා.] අවලාද නැගීම; ශාප කිරීම. 3. [නා.] යමකුගේ ගුණ හෝ අගුණ නිතරම කියා පෑම.
අඬගසනවා, අඬගහනවා1. [ක්‍රි.] හඬ නගා අමතනවා; කෑ ගසා කියනවා; ඝෝෂා කරනවා. 2. [ක්‍රි.] අභිමුඛයට පමුණුවනවා; කැඳවනවා.
අඬදබරය[නා.] කෝලාහලය; කලහය; දබරය; අරගලය.
අඬදිටි[නා.ප්‍ර.] නෙත් කොනින් බැලීම; අඩ බැල්ම; නුවනඟ බැලීම.
අඬනවා1. [ක්‍රි.] වැලපෙනවා; කඳුළු හෙලනවා; රෝදනය කරනවා. 2. [ක්‍රි.] ශබ්ද නඟනවා; හඬක් නිකුත් කරනවා. 3. [ක්‍රි.] රැව් දෙනවා; නාද කරනවා.
අඬබෑය[නා.] තම්මැට්ටමේ දකුණු පළුව.
අඬමුර ගසනවා[ක්‍රි.] මහත් සේ ශබ්ද නඟා කථා කරනවා; ඝෝෂා කරනවා; කෑකෝ ගසනවා.
අඬලනවා1. [ක්‍රි.] කෑ මොර දෙනවා. 2. [ක්‍රි.] (කුකුළා) නාද කරනවා; රැව් දෙනවා.
අඬසන[නා.] “හූ” ශබ්දයක් ඇසෙන තරම් දුර; කෑගසන කටහඬ ඇසෙන දුර ප්‍රමාණය.
අඬහැරය, අඬහැරේ1. [නා.] මහා හඬින් කෑගැසීම; කෑමොර දීම; උස්හඬ. 2. [නා.] සී සෑම් ආදියේ දී හරකුන් මෙහෙයවීම සඳහා ගී තාලයට නගන උස් හඬ. 3. [නා.] වන සතුන් පලවා හැරීමේ දී ගොවියන් නගන හඬ. 4. [නා.] ඔරු පැදීමේ දී නඟන හඬ. 5. [නා.] ගවයන්ගේ ගෙලෙහි බැඳි සොකඩයෙන් නඟින හඬ.
අඬා බසිනවා[ක්‍රි.] ශබ්ද නඟා ගෙන ගලා බසිනවා; හඬ නඟා ගෙන ඇද හැලෙනවා.
අඬාරය1. (කථා.) [නා.] හඬ නඟමින් ගලා බසින කුඩා දිය පාර. 2. [නා.] උසට තැනූ අතු පැල හෝ කුඩාරම; උස් වූ මඩුව. 3. [නා.] වල් කොටා ගිනි තැබීමෙන් පසු ඉතිරි වන අකුල්ගොඩ. 4. [නා.] අතු රාශියක් හැම අතට ම විහිදෙමින් උසට වැඩුණු ගස.
අඬු1. [නා.ප්‍ර.] බීජ; බිජුවට. 2. [නා.ප්‍ර.] අණ්ඩ; මුෂ්ක. 3. [නා.ප්‍ර.] අඬුව; අණ්ඩ.
අඬු පූට්ටුව(කථා.) [නා.] දත කට පියවීම; දත් යතුරු වැටීම.
අඬු බහුරා(කථා.) [නා.] අඬු රැසක් ඇති සතා; පත්තෑයා; ශතපදියා.
අඬු මැස්සා[නා.] දික් අඬු ඇති මැසි වර්ගයක්; කිරි වදින කාලයේ ගොයමට හානි කරන මැස්සෙක්.
අඬු මිටිය(පාරිභා.) [නා.] ඇණ ගැලවීම සඳහා එක් පැත්තක් පෙතැලි කොට අඬුවක් බවට පත් කරවන ලද මිටිය (=claw hammer).
අඬුපඬු[නා.ප්‍ර.] කුරුමිණි ආදි සතුන්ගේ අඬු වැනි අවයව; ස්පර්ශිකා.
අඬුබරියා1. (කථා.) [නා.] අඬුවලින් බර වූ හෙවත් අඬු රැසක් ඇත්තා; ඉස්සා. 2. [නා.] ගෝනුස්සා; නුහුසුවා.
අඬුමස්ස[නා.] පැරණි කාසියක්; රිදියෙන් බිලී කොක්කක හැඩයට සාදන ලද්දකි.
අඬුව1. [නා.] යමක් තදින් අල්ලා ගැනීම සඳහා හෝ උගුල්ලා ගැනීමට හෝ පාචිච්චි කරන ලෝහයෙන් තැනූ උපකරණය; ශල්‍ය අඬුව; යහඬුව; ඩැහි අඬුව සන්දංශය. 2. [නා.] ආත්‍රපෝඩා වංශයට (කකුළු, ගෝනුසු වැනි) අයත් සතුන්ගේ ඉදිරිපස ඇති කතුරක හැඩය ගත් අවයවය. 3. [නා.] කෝප්ප, ජෝගු ආදිය අතින් අල්ලා ගැනීමේ පහසුව සඳහා ඒවාට සවිකොට ඇති කොක්ක. 4. [නා.] කැලෑරොද; ළැහැබ.
අඬෝරය(කථා.) [නා.] සමූහයක් එකතුව කරන මහත් ඝෝෂාව; කෑ මොර ගැසිල්ල; ගාලගෝට්ටිය.
අත1. [නා.] උරහිස සිට ඇඟිලි කෙළවර දක්වා වූ ශරීරාවයවය. 2. [නා.] බඹයෙන් හතරෙන් කොටස; රියන; දෙවියත. 3. [නා.] අඟල් හතරක පළල; අත්ලෙහි පළල. 4. [නා.] හොඬවැල; ඇත්සොඬ. 5. [නා.] සිවුපාවුන්ගේ ඉදිරි ගාතය. 6. [නා.] පුටුවෙහි වාඩිවී අත තබා ගන්නා ඇන්ද; පුටු ඇන්ද. 7. [නා.] නඟුල්, යන්ත්‍ර ආදියෙහි මිට. 8. [නා.] ක්‍රීඩාවක දී ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩා පිලකට ලැබෙන වාරය. 9. [නා.] බුලත් කොළ හතළිහකින් සමන්විත මිටිය; බුලත් අත. 10. [නා.] කෙළවර; අග; අද්දර. 11. [නා.] පැත්ත; දිසාව. 12. [නා.] ඇතුළ; අභ්‍යන්තරය. 13. [නා.] තමා; ආත්මය. 14. [නා.] සිත; මනස; චිත්තය. 15. [නා.] ප්‍රයෝජනය; ශුභ සිද්ධිය; අභිවෘද්ධිය. 16. [නා.] ධනය; වස්තුව. 17. [නා.] තේරුම; අරුත. 18. [නා.] ඉර බැස යෑම; අස්තඞ්ගත වීම; අස්ත පර්වතය.
අතංගුව, අතඟුව[නා.] කුඩා මසුන් ඇල්ලීම සඳහා අතින් මෙහෙයවන දැල් ගොටුව.
අතඅරිනවා, අතහරිනවා1. [ක්‍රි.] ග්‍රහණය ඉවත් කරනවා; නිදහස් කරනවා; මුදා හරිනවා. 2. [ක්‍රි.] හැර දමනවා; බැහැර කරනවා; නොතකා හරිනවා.
අතඋඩ(කථා.) [ක්‍රි.වි.] වැඩි කරදර වීමක් හෝ වෙහෙසීමක් නැති; ඉතා පහසුවෙන්.
අතක්කාවචර[වි.] තර්කයෙන් ඔප්පු කළ නොහැකි; තර්කයට විෂය නොවූ.
අතක්කුව(කථා.) [නා.] අසීරුව; අමාරුව; හදිසි උවමනාව.
අතකුර[නා.] එක් අතක දබරැ ඟිල්ලෙන් අනෙක් අතේ දබරැ ගිල්ල තදින් පසු පසට ඇද එහි රඳවා ඉලක්කයට විදින ගල් කැටය.
අතකුරු[අත්+අකුරු] [නා.බහු.] අතින් ලියූ අකුරු.
අතකුළුව, අතකොළුව1. [නා.] එක් දැව කුට්ටියකින් සාදා ගැනුණු මිටි විශේෂයක්. 2. [නා.] පඬු පෙවූ සිවුරු තැළීමට ද කොහු තැළීමට ද ගැනෙන කෙටි ලී මුගුර; දඬු මුගුර. 3. (රූඪි.) [නා.] උපාය වශයෙන් යොදා ගනු ලබන්නා; කෙනෙකුගේ කීම අනුව යටත් පහත් මෙහෙයෙහි යෙදී සිටින්නා.
අතග[අත්+අග] [නා.] අවරගිර; අස්ත පර්වතය.
අතගැනුම, අතගැන්ම[නා.] පාණිග්‍රහණය; ආවාහ විවාහය.
අතගුළ[අත+අගුළ] [නා.] අතින් අරින වහන දොර අගුළ.
අතතය[නා.] එක් මුහුණක් ඇති බෙරය; එකැස් බෙරය.
අතථ්‍ය1. [වි.] සැබෑ නොවූ; බොරු. 2. (පාරිභා.) [වි.] කාල්පනික (=virtual).
අතථ්‍ය යථාර්ථය[නා.] පරිගණකයක උපකාරයෙන් නිර්මාණය කර ගන්නා කෘත්‍රිම පරිසරය.
අතථාකාර[වි.] සත්‍ය ආකාරයෙන් තොර.
අතථාභූත[වි.] එසේ නොවූ.
අතදරුවා[නා.] ළදරුවා; බිලිඳා.
අතන්ද්‍ර, අතන්ද්‍රිත[වි.] අනලස්; නොමැළි.
අතපත්තුව[නා.] සිංහල රාජ්‍යයෙහි සේවා මඬුල්ලක්; ආරක්ෂක සේවය භාර පිරිස.
අතපය[නා.] අත් හා පාද; හස්ත පාද.
අතපය කඩුත්තුව[නා.] අතපයෙහි රුදාව; අතපයෙහි වේදනාව.
අතපිට මුදල[නා.] එවේලේ ම ගෙවන මුදල.
අතපුර1. [නා.] බිසෝවරුන් වසන ඇතුළු මාලිගාව; අන්තඃපුරය. 2. [නා.] ඇතුළු නුවර; නගර අභ්‍යන්තරය.
අතබාල[වි.] ළපටි; ළාබාල.
අතබැඳි ණය(කථා.) [නා.] පෞද්ගලික විශ්වාසය පිට ගත් ණය.
අතබැලීම(කථා.) [නා.] අත්ලෙහි රේඛා ලකුණු බලා පලාපල කීම.
අතමාරුව[නා.] හදිසි උවමනාවන් සඳහා පොලී රහිත ව ඉක්මනින් ආපසු දීමට පොරොන්දු වී ලබා ගන්නා ණය.
අතමිට[නා.] කෙනෙකු සන්තක දෙය; වස්තුව; මිල මුදල්.
අතමේ1. [නා.ප්‍ර.] අතින් කරන මෙහෙය; මෙහෙවර; අත් උදවුව. 2. [නා.ප්‍ර.] සිංහල රාජ්‍ය කාලයේ දී යම් යම් කටයුතු ගම්වැසියන්ට දැනුම් දීමට නියම සිටි තැනැත්තා.
අතඹුල, අතැඹුල[නා.] (අත්ලෙහි තිබූ නෙල්ලි ගෙඩිය යනු වාච්‍යර්ථයි) ඉතා පැහැදිලි ලෙස යමක් දැකීම; අවබෝධ කිරීම; ඇඟවීම.
අතයට[ක්‍රි.වි.] අප්‍රසිද්ධියේ; හොර රහසේ.
අතයටත[නා.] අත් අඩංගුව; වසඟය.
අතරණ1. [නා.] සන්නාහය; කවචය. 2. [නා.] ඇතිරිල්ල; ආස්තරණය.
අතරමැදි[වි.] දෙකක් හෝ දෙපිරිසක් අතරෙහි වූ; දෙකකට අතර මැද පිහිටි; අන්තඃස්ථ.
අතරමැදියා[නා.] දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර සිදුවන ගනු දෙනුවක දී හෝ ක්‍රියාවක දී ඊට සම්බන්ධ වී ක්‍රියා කරන පුද්ගලයා.
අතරවාරය[නා.] අතරතුර වේලාව; යම්කිසි අවස්ථා දෙකක් අතර කාලය.
අතර්ක්‍ය[වි.] සිතිය නොහැකි; අචින්ත්‍ය.
අතල[වි.] ඉතා ගැඹුරු; අගාධ. [නා.] අත්ල; හස්තතලය.
අතලස්පර්ශ[වි.] පතුල ස්පර්ශ නොකළ හැකි තරම් ගැඹුරු; ඉතා ගැඹුරු; අගාධ.
අතලෙහෙවුව, අතලේහුව(කථා.) [නා.] අත්උදවුව.
අතලොඹුව, අතොලොඹුව1. [නා.] (ආධාර වශයෙන්) එල්ලීමට හෝ අල්ලා ගැනීමට දෙන අත. 2. [නා.] ආධාරය; පිහිට; පිළිසරණ.
අතවරය, අතෝරය1. [නා.] හිරිහැරය; වධය. 2. [නා.] ස්ත්‍රී දූෂණය. 3. [නා.] බලිතොවිල් වල දී කරන ආවතේවය. 4. [නා.] භාරගත් කටයුත්තක් පිළිබඳ බැඳී සිටීම.
අතවස, අතවැස, ඇතවස[නා.] වර්ෂා කාලය; වර්ෂා ඍතුවෙහි භික්ෂූන් වස් වසන කාලය.
අතවැසියා, අතවැස්සා[නා.] යම් ජ්‍යෙෂ්ඨයෙකු වෙත වසන සේවකයා; අන්තේවාසිකයා; ශිෂ්‍යයා.
අතවුරු, අතඋරු, ඇතොවුරු1. [නා.ප්‍ර.] බිසෝවරුන් වසන ඇතුළු මාලිගය; අවරෝධය; ශුද්ධාන්තය. 2. [නා.ප්‍ර.] ඇතුළු මාලිගාවෙහි වසන බිසෝවරුන් සමූහය; අන්තඃපුර ස්ත්‍රීහු. 3. [නා.ප්‍ර.] ඇතුළු නුවර.
අතහ(කථා.) [නා.] බැම්ම; කඳු නැග යන තවලම්වල ගවයන් පිට පැටවූ බර පහළට ලිස්සා නොයන සේ ගවයාගේ ඉස්සරහ කකුල්වලට ඉහළින් වූ බැම්ම.
අතහන[නා.] අත්සන; සලකුණ.
අතළගල[නා.] ගල්තලාව; ගල්පොත්ත.
අතළය, අතළාව, අතළේ[නා.] කුඩා කළ විශේෂයක්.
අතළොස්ස1. [නා.] බොකු ගැසූ අත්ල. 2. [නා.] බොකු ගැසූ අත්ලෙහි රඳනා ප්‍රමාණය; ස්වල්පය; ටික.
අත්[නා.ප්‍ර.] යව හෝ සහල් හෝ බැඳ සුනු කරගත් පිටි; අත්සුනු.
අත් අඩංගුව[නා.] අත යටත; වසඟය; සිරභාරය.
අත් අළුව(කථා.) [නා.] රෙදි වියන අත් යන්ත්‍රය.
අත් ඇණය(කථා.) [නා.] කුරහන් ගල කරකැවීම පිණිස එහි ඇණයක් මෙන් සවිකර තිබෙන මිට.
අත් උණුසුම[නා.] මඳ රස්නය.
අත් කරත්තය1. (කථා) [නා.] අතින් තල්ලු කරගෙන යන කුඩා කරත්තය. 2. [නා.] රික්ෂෝ රථය.
අත් කුළල[නා.] නළාවක් සේ පිඹීමට මුව තබා සකස් කරගත් දෙඅත.
අත් කොපු(පාරිභා.) [නා. බහු.) අත්වැසුම්; අත් මේස් (=gloves).
අත් කොළය1. [නා.] පාගා ගන්නා තුරු කමතෙහි තාවකාලිකව ගසා තිබෙන කුඩා කොළය. 2. [නා.] අතුරෙහි යෑමට සාදා ඇති අත්වැල.
අත් ගිගිරිය[නා.] පෙරදිග තූර්ය භාණ්ඩයක්; නළු නිළියන් පලඳින ගිගිරි වළල්ල.
අත් ගුණය[නා.] යමක් සාර්ථක වීම සඳහා එය කරන්නා කෙරෙහි පවතිතැයි හඟින ගුණ විශේෂය; ලෙඩ සුව වීම සඳහා වෛද්‍යවරයා සම්බන්ධයෙන් ද වගාව සාර්ථක වීම සඳහා ගොවියා සම්බන්ධයෙන් ද ඇතැයි විශ්වාස කරන විශේෂ ගුණය.
අත් ගොබය[නා.] අතෙහි වැළමිට හා මැණික් කටුව අතර වූ කොටස.
අත් තිරිංගය[නා.] මෝටර් රථයක් නවත්වා තැබීමේ අරමුණින් රථ චක්‍ර හිර කිරීම සඳහා අතින් ඇද ක්‍රියා කරවන උපකරණය.
අත් දණ්ඩ, අත්දඬුව, අද්දණ්ඩ1. [නා.] අතෙහි මැණි කටුවත් වැළමිටත් අතර කොටස; අත්ගොබය. 2. [නා.] අතෙහි වැළමිටත් උරහිසත් අතර කොටස. 3. [නා.] වෑ පොරෝ ආදියෙහි මිට. 4. [නා.] තරාදියෙහි දණ්ඩ, තුලා දණ්ඩ 5. [නා.] ආසනයක අත තබා ගන්නා ඇ; අත් ඇන්ද. 6. [නා.] හැරමිටිය; සැරයටිය. 7. [නා.] රෙදි වියන යන්ත්‍රයෙහි අවයවයක්. 8. (කමත්.) [නා.] ගොයම් මැඩීමේ දී අල්ලා ගෙන සිටීම සඳහා හරහට බඳින ලීය.
අත් නූල1. [නා.] (පැරණි සිරිත් අනුව) විවාහයේ දී මනමාලියගේ වම් අතේ බඳින නූල; මඟුල් හුය. 2. [නා.] විවාහ මංගල්‍යයේ දී විවාහ වන යුවළගේ දෙඅතේ මහපට ඇඟිලි දෙක හෝ සුළැඟිලි දෙක එක් කොට බඳින නූල
අත් පට[නා.] දුනුදිය ඇදීම පිණිස අසරුවන් භාවිත කළ අත් වැස්ම.
අත් පටිය[නා.] දරන නිලය හෝ කරන සේවය ඇඟවීමට බාහුවෙහි බඳින පටිය.
අත් පඬුර1. [නා.] කාර්යය ඉටු කරන පොරොන්දුව පිට කලින් දෙන මුදල හෝ තෑග්ග. 2. [නා.] යමකු දැකීමට / බැහැ දැකීමට යන විට ගෙන යන තෑග්ග.
අත් පන්දම[නා.] තෙල් පෙවූ පාන්කඩ, කොප්පරා කැබලි ආදිය දැල්වීම සඳහා දිග මිටක සවි කළ මාලාවක් සහිත වූ ද පූජා පෙරහැර ආදියෙහි ගෙන යනු ලබන්නා වූ ද පහන් විශේෂයක්.
අත් පොත1. [නා.] වැදගත් කරුණු වහා සටහන් කර ගැනීම සඳහා අතේ තබා ගන්නා කුඩා පොත. 2. [නා.] යම් විෂයයක් සඳහා වූ උපදෙස් පොත; යම් විෂයයක් පිළිබඳ ව ප්‍රධාන කරුණු පමණක් සම්පිණ්ඩනය කර සකස් කළ පොත. 3. [නා.] මෙහෙයුම් පෙළ පොත; පාඨ්‍ය ග්‍රන්ථය (= text book).
අත් පොම්පය[නා.] ළිං ආදියෙන් උඩට වතුර ඇදීම සඳහා අතින් ක්‍රියා කරවනු ලබන පොම්පය.
අත් පොරය[නා.] අත්වලින් කරන තරග සටන; මල්ලව පොරය; බාහු යුද්ධය.
අත් පොරොව[නා.] ගස් කැපීම සඳහා තනි අතින් මෙහෙයවිය හැකි කොට මිටියකින් යුත් කුඩා පොරොව,
අත් බන්ධනය[නා.] කරකාර බැඳීම; ආවාහ විවාහ වීම; කසාද බැඳීම.
අත් බමරය, අත් බඹරය[නා.] නූලක් වටේට ඔතා බිමට විසි කළ විට වේගයෙන් කරකැවෙන ක්‍රීඩා භාණ්ඩය; අගින් හෙවත් තුඩින් භ්‍රමණය වන ක්‍රීඩා භාණ්ඩය.
අත් බලිය[නා.] ශාන්තිකර්ම සඳහා අතේ තබා ගත හැකි ප්‍රමාණයෙන් කුඩා කොට මැටියෙන් සාදා ගනු ලබන බලිය.
අත් බැලීම[නා.] අතෙහි එනම් අල්ලෙහි රේඛා ලකුණු බලා පලාපල කීම; හස්ත රේඛා ශාස්ත්‍රය.
අත් බුරුමය[නා.] අතින් කරකවා ලී ආදිය විදින උපකරණය.
අත් බෙහෙත, අත් බේත(කථා) [නා.] වෛද්‍ය උපදෙස නොලබා පළපුරුද්දෙන් සාදා දෙන බේත; අත්දුටු බේත.
අත් බෝම්බය[නා.] අතින් දමා ගැසීම සඳහා තනන බෝම්බය; කුඩා බෝම්බය.
අත් මිටිය(කථා.) [නා.] තනි අතින් ගෙන වැඩ ගත හැකි කුඩා මිටිය.
අත් මුගුර[නා.] (අතෙහි දැරිය හැකි) පොල්ල, කුඩා මුගුර.
අත් මුදල1. [නා.] තමාගේ ම ධනය; තමාගේ මුදල. 2. [නා.] අතට ම ගෙවන මුදල; අත්පිට ගෙවන මිල.
අත් මෙහෙය[නා.] අත වෙහෙසා කරන වැඩ පළ; අතින් කරන වැඩ.
අත් රිට[නා.] නොගැඹුරු දියෙහි ඔරු පාරු පැදීමේ දී දිය පත්ලට රුවා අතින් මෙහෙයවන දණ්ඩ.
අත් රිය[නා.] දෑතින් ඇද ගෙන හෝ තල්ලු කරගෙන හෝ යන රථය; රික්ෂෝ වැනි රථ සඳහා යෙදේ.
අත් රියන(කථා.) [නා.] (වැඩුණු කෙනෙකුගේ) අතේ වැළමිට සිට මැදඟිල්ලේ අග දක්වා ඇති දිග ප්‍රමාණය.
අත් රෝදය(පාරිභා.) [නා.] යන්ත්‍රයක හෝ මහන මැසිමක කොටසක් වූ අතින් ක්‍රියා කරවන රෝදය (=hand wheel).
අත් රෝධකය(පාරිභා.) [නා.] රථයක ධාවනය එක්වර නවතාලීම සඳහා අතින් තද කරන රථ මෙවලම ; අත් තිරිංගය (=handbrake).
අත් ලියවිල්ල[නා.] අත් අකුරින් ලියූ ලියුම; අත්පිටපත; අත් ලිපිය.
අත් වෑය[නා.] එක් අතකින් මෙහෙය වන වෑය; කුඩා වෑය.
අත් විඳීම[නා.] ඇතැම් රෝගාදියෙන් වැළකීම පිණිස අතට බෙහෙත් විඳීම්; අත් එන්නත් කිරීම.
අත් විලංගුව[නා.] අත්වලට දමන විලංගුව; අත්මාංචුව.
අත් වෙදකම්(කථා.) [නා.] වෛද්‍ය උපදෙස් නොලබා කරගන්නා සුළු වෙදකම; පළපුරුද්දෙන් හෝ අත්දුටු සුළු බෙහෙතින් කරන පිළියම්.
අත් වෙනවා[ක්‍රි.] අයිති වෙනවා; අත්පත් වෙනවා.
අත් වෙළුව(කථා.) [නා.] (ලණු, කඹ, යොත් ආදිය ඇඹරීමේ දී) අතින් කරන දඟකැවීම; වෙළු දැමීම.
අත් හන්දිය(කථා.) [නා.] අත සිරුරට සම්බන්ධ වී තිබෙන සන්ධිස්ථානය; උරහිස් සන්ධිය.
අත් හරඹය(කථා.) [නා.] බලි නැටුම් ආදියේ දී නැට්ටුවන් කරන අත් ලෙළවීම්.
අත් හරිනවා1. [ක්‍රි.] නවත්වනවා; බැහැර කරනවා; ඉවතලනවා. 2. [ක්‍රි.] වගකීම් පැහැර හරිනවා; යුතුකම් ඉටු නොකර හරිනවා (=aban don).
අත් හෝදිසිය[නා.] අතින් ගෙන කරන හෝදිසිය; යමක් අතට ගත් විට ඇති වන බර ආදිය පිළිබඳ නිශ්චය; පිස්තෝල ආදි අවියකින් අතේ හුරුකම් ඇසුරින් එල්ලය ගැනීම.
අත්ඇන්ද1. [නා.ප්‍ර.] අත්තටුව; පියාපත 2. [නා.ප්‍ර.] පුටුවේ අත තබා ගන්නා ඇන්ද.
අත්කට(පාරිභා.) [නා.] ඇඳුමක අත දමන විවරය (=armhole).
අත්කම[නා.] අතින් කරන කර්මාන්තය; හස්ත කර්මාන්තය.
අත්කර[නා.] මැණික් කටුව; අග්‍ර බාහුව.
අත්කැමියා1. [නා.] අත් උදවුකාරයා 2. [නා.] අත්කම් කරන්නා.
අත්ගල1. [නා.] අවරහිර; අස්ත පර්වතය; අත්ගිර. 2. [නා.] කහ, මිරිස් බෙහෙත් ආදිය අඹරන ගලේ උඩගල. 3. [නා.] අතින් දමා ගසන ගල. 4. [නා.] වළන් සැදීමේ දී මට්ටම් කිරීමට භාවිත කරන ගල.
අත්ගහ(කථා.) [නා.] (කමත්.) ගොයම් ඇවිස්සීමට භාවිත කරන ලීය; දැතිගොයියා; උකුනු ගහ.
අත්ත1. [නා.ප්‍ර.] ගසක ශාඛාව. 2. [නා.ප්‍ර.] අතු ගෑමට සාදා ගත් කොළ රහිත කෝටු මිටිය. 3. [නා.ප්‍ර.] පොල් අත්ත. 4. [නා.ප්‍ර.] ප්‍රධාන යමකින් බෙදී ගිය කොටස. 5. [නා.ප්‍ර.] සිවුරේ සමාන දිග ඇති පළල තීරුව; සිවුරේ ආයත චතුරස්‍රාකාර පටිය.
අත්තකිලමථානුයෝගය[නා.] කෙලෙස් තැවීම සඳහා ශරීරයට දුක දීම ප්‍රධාන ලක්ෂණය සේ ගත් තාපස ව්‍රතය.
අත්තටුව, අත්තට්ට[නා.] අත්හැන්ද; පියාපත.
අත්තනය, අත්තනීය[වි.] තමා පිළිබඳ වූ; ආත්මය සම්බන්ධ වූ.
අත්තනෝමතික[වි.] තමාගේ මතයට අනුව ක්‍රියා කරන.
අත්තප්පා(කථා.) [නා.] මවගේ හෝ පියාගේ හෝ පියා; සීයා; මුත්තා.
අත්තභාව[නා.ප්‍ර.] ආත්මභාවය; භවය; ජාතිය; උපත.
අත්තම1. [නා.] අතින් කරන කර්මාන්තය; හස්ත කර්මාන්තය. 2. [නා.] ප්‍රති-උපකාර වශයෙන් කරන වැඩය; අත්උදවුව. 3. [නා.] කම්කරුවකු දවසක් තුළ දී ඉටු කරන වැඩ කොටස.
අත්තම්මා(කථා.) [නා.] මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය; ආච්චි.
අත්තරු[නා.ප්‍ර.] අත්තම් කරන්නා; හස්ත කර්මාන්තකාරයා.
අත්තල[නා.ප්‍ර.] අල්ල; අත්ල; හස්ත තලය.
අත්තලයා, ඇත්තලයා[නා.] ඇතුන් බලන්නා; ඇත්ගොවුවා.
අත්තවාදය[නා.] ආත්මයක් ඇතැයි යන මතය; ආත්ම දෘෂ්ටිය.
අත්තසඤ්ඤා[නා.ප්‍ර.] මමය මාගේය යන හැඟීම; ආත්මය යන සංඥාව.
අත්තසම්මා පණිධානය[නා.] තමා හෙවත් තමාගේ සිත ශීල ශ්‍රද්ධාදී ගුණයෙහි මනා කොට පිහිටුවීම.
අත්තා1. [නා.ප්‍ර.] මවගේ හෝ පියාගේ හෝ පියා; සීයා. 2. [නා.ප්‍ර.] මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය; ආච්චි.
අත්තාණ[වි.] ආරක්ෂාවක් නැති; රැකවරණයක් නැති.
අත්තාණිය1. [නා.] සභාව, 2. [නා.] රාජසභාව. 3. [නා.] රාජසභාවෙන් නිකුත් කළ නියෝගය.
අත්තානුදිට්ඨිය[නා.] ආත්මයක් ඇතැයි යන දෘෂ්ටිය.
අත්තානුවාදය[නා.] තමා තමාට ම දොස් පවරා ගැනීම.
අත්තාලම්[නා.ප්‍ර.] දෑතින් ගෙන තාලානුරූප ව එකට එක ගැසීමෙන් තියුණු හඬ නංවන ලෝහමය කුඩා තැටි; කයිතාලම්.
අත්තිකාරම[නා.] යම් කටයුත්තක් කර ගැනීම පිණිස කල් තබා කරන ගෙවීම; යම් දෙයක් මිල දී ගැනීමට ගිවිසගෙන කලින් ගෙවන මුදල් කොටස.
අත්තිවාරම1. [නා.] ගොඩනැගිල්ලක් තැනීමේ දී විශේෂයෙන් බිත්ති ඉදි කිරීම සඳහා බිම හාරා දමන සවිමත් පදනම. 2. [නා.] මූලාධාරය.
අත්තුක්කංසනය[නා.] තමා උසස් කොට සිතීම.
අත්ථ1. [නා.ප්‍ර.] අභිවෘද්ධිය; යහපත. 2. [නා.ප්‍ර.] ඵලය, 3. [නා.ප්‍ර.] අධිකරණය. 4. [නා.ප්‍ර.] තේරුම ; අදහස.
අත්ථඞ්ගතය[නා.] (ඉර) බැස යෑම; අස්තඞ්ගත වීම.
අත්ථන්තරය[නා.] වෙනස් අරුත; අනිත් අර්ථය.
අත්ථරිත[වි.] අතුරන ලද; එළන ලද.
අත්ථාවහ[අත්ථ+ආවහ] [වි.] අර්ථයක් සිදු වන; අභිවෘද්ධිය ගෙන දෙන.
අත්ථි සුඛය[නා.] (වස්තු ආදිය) ඇත යන අවබෝධය නිසා උපදනා සුවය; වස්තු තිබීම නිසා උපදනා සැපයි.
අත්ථුද්ධාරය[නා.] අරුත් මතු කිරීම; ශබ්දයක ගැබ්වුණු විවිධාර්ථ පෙන්වා දී අභිප්‍රේත අර්ථය ඉස්මතු කිරීම.
අත්දඬු බෝය, අත්දඬු ලීය[නා.] (කමත්) පසින් ගොයම් මඩින විට අල්ලා ගෙන සිටීම සඳහා හරහට බඳින ලීය.
අත්දඬුවාව[නා.] අත් දණ්ඩක් තරම් මහත කඳ ඇති ගසින් යුත් කැලෑව; ලන්දටත් මූකළානටත් අතර වැඩීම් අවස්ථාවේ පිහිටි කැලෑව.
අත්දැකීම, අද්දැකීම[නා.] යමක හෝ කිසියම් ක්‍රියාවක පිළිවෙළ, ප්‍රතිඵල ආදිය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකීම; ප්‍රත්‍යක්ෂයෙන් දැනීම, පළපුරුද්ද
අත්දෙණිය, අද්දෙණිය[නා.] අතපය සේදීම සඳහා භාවිත වන ලී හෝ ගල් භාජනය.
අත්පතල, අත්පතලය, අත්පතලාව[නා.] ආහාර පිසීමට ගන්නා කට පළල් මැටි බඳුන් විශේෂය; ලොකු ඇතිලිය; අප්පල්ල.
අත්පත්[වි.] අතට පැමිණි; අත් වූ; ලැබුණු; හස්ත ප්‍රාප්ත.
අත්පත්‍රිකා[නා.ප්‍ර.] අන්‍යයන්ගේ දැන ගැනීම සඳහා යම් පණිවුඩයක් හෝ දැන්වීමක් සඳහන් කොට පොදුවේ බෙදා හරින මුද්‍රිත පත්‍රිකා විශේෂයක්.
අත්පද[නා.ප්‍ර.] (ව්‍යාක.) යම් ක්‍රියාවක මුඛ්‍ය ඵලය කර්තෘ නිමිති කොට ඇති බව හඳුන්වන පදය ; වාච්‍ය පදය; ආත්මනේ පදය; අත්තනෝපදය.
අත්පස1. [නා.] අතේ දුර; අත සමීපය; හස්තපාශය. 2. [නා.] යමකුගේ සමීපය වශයෙන් සලකනු ලබන එක්රියන් හමාරේ සිට දොළොස් රියන දක්වා දුර ප්‍රමාණය. 3. [නා.] මල පහ කරන ස්ථානය; වැසිකිළිය; වච්චකුටිය. 4. [නා.] මල පහ කිරීම; සිරුරුකිස; ශරීර කෘත්‍යය. 5. [නා.] මල; අශූචි; අමේධ්‍යය.
අත්පස්ගෙය[නා.] වැසිකිළිය; වච්චකුටිය.
අත්පසුර, අත්පහුර1. [නා.] අතේ ඇඟිලි හා නිය 2. [නා.] යමක් අල්ලා ගැනීමට හැකි වන පරිදි විදහා ගත් ඇඟිලි හා නියවලින් යුත් අත 3. [නා.] පතෝල, කරවිල ආදි වැල්වලට යම් ආධාරකයක් වෙත රැඳී සිටීමටත් ඉහළට නැගීමටත් උපකාර වන දඟරය; ප්‍රතානය.
අත්පා මෙහෙවර[නා.] අත් පා මෙහෙයවා වැඩිහිටියනට කරන සේවය; සම්බාහනය; වතාවත.
අත්පිට[නා.ප්‍ර.] අල්ලේ පිට පැත්ත; පිටි අල්ල. 1. [වි.] එවේලෙහිම ගෙවන ; කාසි නෝට්ටු ආදි මුදලින් ගෙවන. 2. [වි.] නිසැකවම; ප්‍රත්‍යක්ෂ වශයෙන්.
අත්පිටපත[නා.] (පොත්පත්, ලියකියවිලි, චිත්‍රපට හා නාට්‍ය ආදියේ) අතින් ලියූ පිටපත හෝ පරිගණක ගත කළ පිටපත; අමුද්‍රිත පිටපත.
අත්පිඩි ගසනවා, අත්පිඩු ගසනවා, අත් පිඬු ගසනවා[ක්‍රි.] අත්ලෙන් අත්ල ගසනවා; අත්පොළසන් දෙනවා.
අත්පිඩි, අත්පිඩු, අත්පිඬු[නා.ප්‍ර.] හඬ නගින සේ එකට ගැසීම සඳහා එකට එකතු කළ දෙඅත්ල; හැකුළූ අතුල්තල.
අත්පියොව[නා.] තමාගේ උපක්‍රමය; ස්වකීය ප්‍රයෝගය.
අත්පිස්නාව[නා.] අත පිහින රෙදි කැබැල්ල; අතපිස්නාකඩ; ලේන්සුව.
අත්පුට[නා.ප්‍ර.] ගොටුවක් මෙන් එකතු කළ දේ අත්ල; බොකු කළ දෝත; හස්තපුටය.
අත්පුටුව1. [නා.] අත් තබා ගැනීම සඳහා වූ ඇඳි සහිත පුටුව 2. [නා.] කෙනෙකු ඔසවා ගෙන යෑම සඳහා දෙදෙනෙකු දෙපස සිට චතුරස්‍රයක් බැඳ ගැනීමෙන් සාදා ගත් අසුන. 3. (කථා.) [නා.] කුඹුරේ මඩ සමතලා කරන පෝරුවේ සවි කොට ඇති ඇන්ද; පෝරුවේ ඉහ,
අත්පුරුද්ද(කථා.) [නා.] යම් කිසිවක් නිතර කිරීමෙන් ලැබෙන පරිචය; පළපුරුද්ද; කෘතහස්ත භාවය.
අත්පොඩිය, අත්පොඩ්ඩ[නා.] කුඩා අත; සිඟිති අත.
අත්පොළසන්[නා.ප්‍ර.] අත්පිඩි ගසන හඬ; අත්පිඩි ගැසීම.
අත්බන්දි[නා.ප්‍ර.]. නැට්ටුවන් බාහුවේ උඩ කොටසෙහි පලඳින වළලු විශේෂයක්; පන්තේරු ක්‍රීඩකයන් අතේ බඳින ලොකු පිත්තල වළලු; අතෙහි පලඳින බන්දි වළලු.
අත්බඳ[නා.] බිරිඳ; අඹුව ; භාර්යාව.
අත්බඹ(කථා.) [නා.ප්‍ර.] දෙපසට දෑත දිගු කළ විට තිබෙන දුර ප්‍රමාණය; බඹයක ප්‍රමාණය; අඩි හයක දුර.
අත්බර1. [නා.] විවාහ කර ගත් ස්ත්‍රිය ; භාර්යාව. 2. [නා.] අත් දොළස ( කඳ කුමරු සම්බන්ධයෙන් යෙදේ). 3. [නා.] අතින් ගෙන යා හැකි බර ප්‍රමාණය.
අත්බව, අත්බැව, අත්භව1. [නා.ප්‍ර.] සසර සැරිසරන සත්ත්වයෙකු යම් තැනක ලබන උපත; ආත්මභාවය; භවය. 2. [නා.ප්‍ර.] ස්වරූපය; ශරීරය; දේහය.
අත්බා වසනවා[ක්‍රි.] අතවැසිව සිටිනවා; යටත්ව වසනවා; ගැතිව සිටිනවා.
අත්බෝලය(කථා. ගොවි.) [නා.] නගුල් මිටෙහි අතට හසු වන රවුම් කොන.
අත්භූත, අද්භූත[වි.] පුදුම; විස්මයජනක.
අත්ම1. [නා.ප්‍ර.] ආත්මය; ආත්මභාවය; ශරීරය 2. [නා.ප්‍ර.] ස්වරූපය.
අත්මග, අත්මඟ1. [නා.] කුඹුරක් අද්දරින් දිවෙන කුඩා පාර. 2. [නා.] කුඹුරක් අද්දර පිහිටි බඩවැටිය.
අත්මඝාතකයා[නා.] සිය පණ නසා ගන්නා තැනැත්තා; තමා විසින් ම ජීවිතය හානි කර ගන්නා පුද්ගලයා.
අත්මත[නා.] මත් ගාන හෙවත් කලතන ලී කැබැල්ල; පතු ගාන උපකරණය; මන්ථය.
අත්මද්ද, අත්මන්ද(කථා.) [නා.] (හරකුන් ඇල්ලීමට) අතින් ගසන මන්ද; අත්රෑන.
අත්මල්ල[නා.] තනි අතින් එල්ලා ගෙන යා හැකි මල්ල; එක් අතින් ගෙන යා හැකි පැස.
අත්මාංචුව[නා.] අත්වලට දමන මාංචුව; අත්විලංගුව.
අත්මානම1. [නා.] බෝල, ගිගිරි වළලු ආදිය මාරුවෙන් මාරුවට උඩ දමා ඇල්ලීම; අත්මානම් ක්‍රීඩාව. 2. [නා.] දෙදෙනෙකු මුහුණට මුහුණ ලා සිට ඔවුනොවුන් අත්මාරු ගසමින් බෙර වැයීම.
අත්මාරු කපනවා(කථා.) [ක්‍රි.] (දස්කම් පෑම් වශයෙන්) දෑකැත්ත දෑතට මාරු කරමින් ගොයම් කපනවා.
අත්මාරු ගසනවා(ක්‍රි.) (සමත්කම් පෑමට) අත් දෙක මාරු කරමින් බෙර, දවුල්, උඩැක්කි ආදිය වයනවා.
අත්මාරු පදය(කථා) [නා.] අත් දෙක මාරු කරමින් ගසන රබන් පදය; දෑත මාරු කරමින් ගසන බෙර පදය.
අත්මැසිම[නා.] රෝදය අතින් කරකවා ක්‍රියාත්මක කරන මැහුම් යන්ත්‍රය.
අත්මිට1. [නා.] අතෙහි ඇඟිලි හැකිලූ කල සෑදෙන ගුටිය; මුෂ්ටිය. 2. [නා.] අතින් අල්ලා ගැනීම සඳහා කියත් ආදියට සවි කරන ලද ලී කැබැල්ල.
අත්මිටි හරඹය[නා.] මිට මොළවා පහර දීමෙන් කරන සටන ; මුෂ්ටි ප්‍රහාර දීමේ මල්ලව පොරය.
අත්මිණි[නා.ප්‍ර.] බලිතොවිල්වල දී ඇදුරා සෙත්කවි කියමින් විටින් විට හඬවන මිණිගෙඩිය; අතෙහි භාවිත කුඩා මිණිගෙඩිය.
අත්මිදීම[නා.] (වරදකින්, කරදරාදියකින්) නිදහස් වීම; ගැලවීම; විමුක්තිය.
අත්යන්ත්‍රය1. [නා.] අතින් ක්‍රියා කරවිය හැකි යන්ත්‍රය. 2. (පාරිභා.) [නා.] අතින් ක්‍රියා කරවමින් රෙදි වියන යන්ත්‍රය (=handloom).
අත්රස1. [නා.ප්‍ර.] අතින් පිළියෙල කරන්නාගේ (විශේෂයෙන් භාර්යාවගේ) ශූර බවින් ආහාරයේ ඇති වන රසය; පිසීමේ දක්ෂකමින් භෝජනයේ ඇති වන විශේෂ ප්‍රණීත බව. 2. [නා.ප්‍ර.] වචනාර්ථයෙන් උද්දීපනය වන රසවත් බව; අර්ථ රසය.
අත්ල[නා.] අතේ ඇඟිලිත් මැණික් කටුවත් අතර කොටසෙහි ඇතුළු පැත්ත; අල්ල; අතුල.
අත්ලස1. [නා.] වැරදි වැඩකට කෙනෙකු පොලඹවා ගැනීම සඳහා දෙන වැරදි දීමනාව; කිසියම් කාර්යයක් කරදීම වෙනුවෙන් ලබන නීති විරෝධී දීමනාව; අල්ලස; පගාව. 2. [නා.] යමක් මිලට ගැනීමට හෝ කාර්යයක් ඉටු කිරීමට පොරොන්දු වී කලින් ලබා ගන්නා මුදල; අත්තිකාරම.
අත්ලීය1. (කථා.) [නා.] ගොයම් පෑගීමේ දී අල්ලා ගැනීම සඳහා කමතේ හරහට බඳින ලීය; අත්දණ්ඩ. 2. [නා.] ඔරුවේ පැත්තෙන් බඳින කුඩා කුඹ ගස.
අත්ලෙන්සය[නා.] කුඩා දේ ලොකු කර පෙන්වන අතේ ගෙන යා හැකි කාචය; අත් කාචය.
අත්වට[නා.] රස කැවිලි වර්ගයක්; අග්ගළා; අත්සුණු.
අත්වතු[නා.බහු.] ගණන් ලේඛන; සංඛ්‍යා ලේඛන.
අත්වරද, අත්වැරැද්ද[නා.] හිතා මතා නොකළ වරද; බැරිවීමකින් සිදුවුණු වරද.
අත්වරල්[නා.බහු.] මාලුවාගේ ඉදිරිපස දෙපැත්තේ තිබෙන වරල් දෙක.
අත්වසම(කථා.) [නා.] අත්අඩංගුව; අත යටත.
අත්වාරාව(කථා.) [නා.] (කිසියම් වැඩක් හෝ කාර්යයක්) කෙනෙකුගෙන් අත්හැරී තවත් කෙනෙකු අතට යෑම; යමකු කරගෙන ගිය වැඩක් තව දුරටත් ඔහුට නොලැබී යාම.
අත්වාරුව(කථා.) [නා.] අතේ වීරිය; අතේ සවිය; අතෙහි උපකාරය.
අත්වාසිය1. [නා.] යමක් සාර්ථක ලෙස කිරීමට කෙනෙකුට පළපුරුද්දෙන් ලැබූ දක්ෂකම නිසා ඇතිවන ගුණය. 2. (කථා.) [නා.] දොරක් ඇරීමේ දී හා වැසීමේ දී අතින් අල්ලා ගැනීම සඳහා දොරට සවි කරන ලී කැබැල්ල.
අත්වැට1. [නා.] අතෙහි සෑදූ ගුළිය; අතින් තැනු වටිකාව. 2. [නා.] අතේ ගෙන යන පහන; අත්පන්දම.
අත්වැඩ1. [නා.ප්‍ර.] තමාගේ ශුභ සිද්ධිය; ස්වකීය අභිවෘද්ධිය; ආත්මාර්ථය; ස්වාර්ථය. 2. [නා.ප්‍ර.] අත මෙහෙයවා කරන වැඩ; මැහුම් ගෙතුම්, ලණු ඇඹරීම ආදී ශිල්ප; අත්කම්; හස්ත කර්මාන්තය.
අත්වැඩ සාදනවා[ක්‍රි.] තමාගේ ශුභ සිද්ධිය සලසා ගන්නවා; ස්වාර්ථය සිද්ධ කරනවා.
අත්වැඩකරුවා[නා.] වැඩට උපකාර කරන්නා; අත්උදවුකාරයා.
අත්වැදවිය, අත්වැදෑවිය[නා.] අලුත දරුවකු වැදූ ස්ත්‍රිය; මෑතක දී දරුවකු ප්‍රසූත කළ ගැහැනිය.
අත්වැනුම1. [නා.] අර්ථ කථනය; අර්ථ වර්ණනාව. 2. [නා.] තමා ගැන වර්ණනා කිරීම; ආත්ම වර්ණනාව.
අත්වැල1. [නා.] දෙදෙනකු හෝ කිහිප දෙනෙකු අතින් අත අල්ලා ගැනීමෙන් සෑදෙන වැල. 2. [නා.] උපකාරය; පිහිට. 3. [නා.] එකට බැඳී පැවැත්ම; සංයෝගය; සම්බන්ධය. 4. [නා.] පියගැට, ඒදඬු, අතුරු ආදියෙහි ගමන් කිරීමේදී අල්ලා ගැනීමට ඇති ආධාරකය. 5. [නා.] එල්ලී සිටීමට ආධාර වන දෙය. 6. [නා.] යමකුගේ ගායනයට උපකාර වශයෙන් තවත් අය ගයන පාදය හෝ පාද කොටස.
අත්වැල් ගායනය[නා.] යම් ගායනයකට උපකාර වශයෙන් වෙනත් කීප දෙනෙකු කරන ගායනය.
අත්වැස්ම[නා.] අතට දමන ආවරණය; අත්මේස්
අත්වැසියා, අත්වැස්සා[නා.] යටත්වාසී පුද්ගලයා; අතවැසියා.
අත්විකාර[නා.ප්‍ර.] භය වීමෙන්, කෝපයෙන් හෝ විකට ක්‍රියා වශයෙන් අතින් කරන විපරීත ක්‍රියා; හස්ත විකාර.
අත්සතර[නා.ප්‍ර.] අර්ථ ශාස්ත්‍රය; ධනය පිළිබඳව උගන්වන ශාස්ත්‍රය; භෞතික සම්පත් පරිහරණය පිළිබඳ ශාස්ත්‍රය.
අත්සන1. [නා.] ලියවිලි ආදියක් තමාගේ බවට සහතිකයක් වශයෙන් සිය අතින් එහි පහත ලියන තමන්ගේ නම් හෝ තමන්ගේ නම වෙනුවට යොදන සලකුණ. 2. [නා.] අතින් කරන සංඥාව; අත වැනීමෙන් කරන ලකුණ.
අත්සම[නා.ප්‍ර.] රැක බලා ගන්නා තැනැත්තා; ආරක්ෂකයා; භාරකාරයා.
අත්සර1. [නා.] (අනුන්ගේ) හිත වැඩ පිණිස හැසිරීම; (අනුන්ගේ) අභිවෘද්ධිය සඳහා ක්‍රියා කිරීම; අර්ථචර්යාව. 2. [නා.] සාරවත් දෙය; සාර වස්තුව; අර්ථසාරය. 3. [නා.] අතෙහි ගෙන යෑමට සුරක්ෂිත ව තබා ගැනීමට සුදුසු ඉතා වටිනා දෙය; හස්තසාරය.
අත්සුඟ[නා.] කුඩා අත; අත් සිඟිත්ත.
අත්සුනු[නා.ප්‍ර.] බැද කුඩු කර ගත් යව හෝ සහල්; බැදපු හාල්පිටි; විලඳ සුනු.
අත්හකුර[නා.] ගස්හි කොළවලට විද රූප සටහන් මැවීම් සඳහා අතේ භාවිත කළ හැකි ගල් කැටය.
අත්හදා බැලීම[නා.] යමක ක්‍රියාකාරීත්වය පිරික්සා බැලීම; පරීක්ෂණය; පර්යේෂණය.
අත්හැන්ද1. [නා.] (පක්ෂීන්ගේ) අත්තටුව; පියාපත. 2. [නා.] පුටුවේ අත තබා ගන්නා පත්ත; පුටුපත්ත; අත් ඇන්ද.
අත්හැඳි පුටුව(කථා.) [නා.] අත තබා ගැනීම පිණිස දෙපස ඇඳි ඇති පුටුව.
අත්හිටවූ සිර දඬුවම්[නා.] වරද කරුවකුට අධිකරණයෙන් නියම කරන ලද හිර දඬුවම තාවකාලිකව ක්‍රියාවේ නොයොදවා තැබීම (=suspended sentences).
අත්හිටීම[නා.] (යමක්) අතරමඟ නැවතීම; ක්‍රියාකාරිත්වය නතර වීම; ඇනහිටීම.
අත්හිත(කථා.) [නා.ප්‍ර.] අදහස් උදහස්; ගතිගුණ.
අත්හිස1. [නා.] උරහිස; උරය; දසරුව. 2. [නා.] අතෙහි මුදුන් කොටස (=head of arm).
අත්හුරු[වි.] අතට හුරු වූ; හුරු පුරුද්ද ඇති; පළපුරුදු; දක්ෂ.
අත්‍යණුක[අති+අණුක] (පාරිභා.) [වි.] ඉතා සියුම්; අතිසූක්ෂ්ම; අතිශය ක්ෂුද්‍ර (=infinitesimal).
අත්‍යන්ත[අති+අන්ත] 1. [වි.] කෙළවරක් නැති; නිමක් නැති; සීමාව ඉක්මවා සිටි. 2. [වි.] අප්‍රමාණ; ඉතා අධික; අතිශය. 3. [වි.] සම්පූර්ණ; පරිපූර්ණ ; පරම.
අත්‍යන්ත භාවය[නා.] (තර්ක.) යමක් කාලත්‍රයෙහි ම සම්පූර්ණයෙන් නොපවත්නා බව.
අත්‍යන්ත සංයෝගය1. [නා.] අතරක් නැතිව යෙදීම; නිරන්තර සම්ප්‍රයෝගය. 2. [නා.] (ව්‍යාක.) කාලය හා මාර්ගය පිළිබඳ නිරන්තර සම්බන්ධය ප්‍රකාශ කරන විභක්ති අර්ථය.
අත්‍යන්තයෙන්[ක්‍රි.වි.] අධික වශයෙන්; අතිශයින්; සම්පූර්ණයෙන්.
අත්‍යන්තර[වි.] ඉතා ඈත් වූ; අතිශය දුර ඇති.
අත්‍යන්තෝපකාර, අත්‍යන්තෝපකාරක[අත්‍යන්ත+උපකාර] [වි.] බොහෝ සේ උපකාර වන, අධික වශයෙන් ආධාර වන; අතිශයින් පිහිට වන.
අත්‍යන්තෝපශම[අත්‍යන්ත+උපශම] [නා.ප්‍ර.] සම්පූර්ණයෙන් සන්සිඳීම.
අත්‍යනුරාගය[අති+අනුරාගය] [වි.] ඉතා අධික රාගය; දැඩි කැමැත්ත.
අත්‍යර්ථයෙන්[ක්‍රි.වි.] අධික වශයෙන්; අතිශයින්; මුළුමනින්.
අත්‍යලඞ්කාර[අති+අලඞ්කාර] [වි.] අතිශය අලංකාර; අති ශෝභන; ඉතා සුන්දර.
අත්‍යල්ප[අති+අල්ප] 1. [වි.] ඉතා මඳ; ප්‍රමාණයෙන් ඉතා සුළු. 2. (පාරිභා.) [වි.] ඉතා කුඩා; අති සූක්ෂ්ම; අත්‍යණුක (=infinitesimal).
අත්‍යල්පමාත්‍ර[වි.] ඉතා කුඩා ප්‍රමාණ වූ; අතිශය ලඝු ප්‍රමාණ වූ.
අත්‍යවශ්‍ය[අති+අවශ්‍ය] [වි.] ඉතා අවශ්‍ය; අතිශයින් උවමනා.
අත්‍යවශ්‍ය සේවා[නා.බහු.] සමාජයේ දියුණුව හා එදිනෙදා ජීවන කටයුතු සඳහා ඉතාමත්ම අවශ්‍ය වූ ආහාර බෙදා හැරීම, වෛද්‍ය කටයුතු, ගමනාගමනය ආදි වූ සේවා.
අත්‍යශන[නා.ප්‍ර.] පමණට වඩා කෑම; පමණට වඩා ආහාර අනුභවය.
අත්‍යාදර[අති+ආදර] [වි.] ඉතා ආදරවත්; අතිශය හරසරින් යුත්.
අත්‍යායත[අති+ආයත] [වි.] ඉතා දික් වූ; බෙහෝ දිගැති; අතිදීර්ඝ.
අත්‍යායික[වි.] වහා කළ යුතු; ඉක්මන් හදිසි.
අත්‍යාරම්භ[අති+ආරම්භ] [නා.ප්‍ර.] අතිශය උත්සාහයෙන් ආරම්භ කළ වීර්යය.
අත්‍යාසන්න[අති+ආසන්න] [වි.] බොහෝ ළං වූ; ඉතා කිට්ටු.
අත්‍යුක්තිය[නා.] මහත් කොට කීම; අධික වර්ණනාව; අතිශයෝක්තිය.
අත්‍යුග්‍ර[අති+උග්‍ර] [වි.] ඉතා උග්‍ර; ඉතා වැඩි; අතිශයින් බලවත්.
අත්‍යුත්කර්ෂ[අති+උත්කර්ෂ] [වි.] ඉතා අධික ; ඉමහත්.
අත්‍යුත්කෘෂ්ට[අති+උත්කෘෂ්ට] [වි.] ඉතා උසස්; අතිශ්‍රේෂ්ඨ.
අත්‍යුත්තර[අති+උත්තර] [වි.] ඉතා උස්; බොහෝ උසස්.
අත්‍යුත්තුඞ්ග[අති+උත්තුඞ්ග] [වි.] අතිශය උත්තුඞ්ග; ඉතා ඉහළ.
අත්‍යුත්සන්නතාව[අති+උත්සන්නතාව] [නා.] ඉතා බලවත් බව; ඉතා අධික බව.
අත්‍යුද්ගත[අති+උද්ගත] [වි.] ඉතා උස්ව වැඩී ගිය; අතිශයින් ඉහළ නැඟුණු.
අත්‍යුද්වේග[අති+උද්වේග] [වි.] සිතෙහි හැඟීම් බලවත් සේ ඇති කරන; මහත් උද්වේගය දනවන.
අත්‍යුදාර[අති+උදාර] [වි.] ඉතා උතුම්; අතිශය උදාර වූ.
අත්‍යුෂ්ණය[නා.] තද උණුසුම; දැඩි උෂ්ණය.
අත්‍යෝදාත[අති+ඕදාත] [වි.] ඉතා සුදු; අතිශය ශුභ්‍ර වර්ණ.
අත්‍රජ1. [නා.ප්‍ර.] තමන්ට දාව උපන් පුතා; ස්වකීය පුත්‍රයා; ඖරසයා. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කේන්ද්‍රයක රාශි චක්‍රයේ පස්වන තැන; පුත්‍ර ස්ථානය.
අත්‍රාණ ශාලාව1. [වි.] අසරණයන් සඳහා වූ ශාලාව. 2. [වි.] ගිලනුන් සඳහා ඇති ශාලාව; ගිලන්හල.
අත්‍රාණයා[නා.] පිහිටක් නැත්තා; අසරණයා; අනාථයා; ආරක්ෂාවක් නැත්තා.
අත්‍රිච්ඡ[වි.] මහත් ආශා ඇති; දැඩි සේ තණ්හාව තිබෙන; තමාට ලබා ගැනීමේ ආශාවෙන් යුත්.
අත්‍රිලිඞ්ග[අ+ත්‍රිලිඞ්ග] [වි.] (ව්‍යාක.) (ලිඞ්ගත්‍රයට අයත් නොවූ යනු වාච්‍යාර්ථයි) ලිඞ්ගික නාම ගණයට නොගැනෙන; ව්‍යාකරණයෙහි ආඛ්‍යාත ප්‍රත්‍යය සම්බන්ධයෙන් ව්‍යවහාරයි.
අතාත්වික1. [වි.] අස්වාභාවික; නියත තත්ත්වයට වෙනස්; අසත්‍ය ස්වභාවයෙන් යුත්. 2. [වි.] සත්‍ය වශයෙන්ම නැතත් ප්‍රතිඵල තිබෙන; කල්පිත (=virtual).
අතාවුද1. [නා.ප්‍ර.] ආයුධ සන්නද්ධ මුර හේවායා; ආරක්ෂක හේවායා. 2. (කථා.) [නා.ප්‍ර.] කෙත් අයිතිකරු වෙනුවෙන් අස්වැන්න ආරක්ෂාවට හා බෙදාගෙන ඒමට තැනැත්තා.
අතැන්වැසි[වි.] තැන්පත් නොවූ; නොහික්මුණු.
අති[වි.] අධික, අතිශය යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.
අතිඅණ්වීක්ෂය(පාරිභා.) [නා.] අති සියුම් වස්තුවල හැඩය නොව ඒවා ඇති නැති බවද පෙන්වන අණ්වීක්ෂයක් (=ultra micro scope).
අතික්‍රමණය, අතික්‍රමය[නා.] ඉක්මවීම; පසු කර යෑම; එතෙර වීම; (කාලය) ගත කිරීම.
අතිකාල[නා.] නියමිත වේලාවට වඩා වැඩියෙන් වැඩ කිරීම; රාජකාරී වේලාවට අමතරව වැඩිපුර කරන වැඩ කොටස.
අතිකාලදීමනා[නා.ප්‍ර.] නියමිත කාල වේලාවට අමතරව රාජකාරි කරන කාලය සඳහා මුදලින් ගාස්තුව.
අතිජාත[නා.ප්‍ර.] පියාට වඩා සෑම අතින්ම උසස් තත්ත්වයට පත් වන්නා; මව්පියන්ට වඩා යසසින් තනතුරු ආදියෙන් ඉහළ තත්ත්වයක් ලබා ගන්නා පුත්‍රයා.
අතිධ්වනිය[නා.] කනට නො ඇසෙන ප්‍රමාණයේ ධ්වනිය; මිනිස ශ්‍රව්‍යතාවේ උඩත් සීමාවට වඩා වැඩි සංඛ්‍යාතවලින් යුතු කම්පන තරංග.
අතිපණ්ඩිත[වි.] පමණට වඩා උගත්කම් පෙන්වන; නැති පණ්ඩිතකම් පෙන්වන; පණ්ඩිත ප්‍රතිරූපක.
අතිපාතය[නා.] නැසීම; වැනසීම.
අතිමඤ්ඤනාව[නා.] (තමන්) උසස් කොට සිතා ගැනීම; (අනුන්) හෙළා දැකීම.
අතිරක්තය1. [නා.] ඍතු ලෙය අධික ව වහනය වීම; ලේ මාලය. 2. [නා.] රක්ත වර්ණය නිසා මුතුවල ඇතිවන පලුද්දක්. 3. [නා.] ඖෂධයක නාමය; සාදිලිංගම්.
අතිරස, අතිරහ[නා.ප්‍ර.] පාරම්පරික රස කැවිලි වර්ගයක්; පූප විශේෂයක්.
අතිරික්ත1. [වි.] ඉතිරි වූ; ශේෂ වූ. 2. [වි.] වැඩිමනක්; අධික. 3. [වි.] උතුරා ගිය; ඉතිරී ගියා වූ. 1. [නා.] ඉතිරි කළ භෝජනය. 2. [නා.] වැඩිමනත් පංගුව; අධිකය. 3. (පාරිභා.) [නා.] වර්ෂාපතන හිමපතන ආදියෙන් පොළවට උරා නොගෙන, වාෂ්ප නො වී සමුද්‍රය කරා බැස යන ජලය ( run off).
අතිරේකය1. [නා.] වැඩිපුර කොටස හෝ දෙය; අධිකය. 2. [නා.] ප්‍රවෘත්ති පත්‍ර ආදියෙහි වැඩිපුර පළ කරන විශේෂ කොටස.
අතිරෝග[නා.ප්‍ර.] ක්ෂය රෝගය.
අතිවරණය, අතිවරය[නා.] අනාචාරය; කාමමිථ්‍යාචාරය.
අතිවර්ති[වි.] ඉක්මවා පවතින; අතික්‍රමණය කරන.
අතිවර්ෂ[නා.ප්‍ර.] අධික වර්ෂාව.
අතිව්‍යාප්තිය1. [නා.] (න්‍යාය.) ප්‍රමාණය ඉක්මවා පැතිර යෑම; ප්‍රස්තුත කරණය ඉක්මවා පැවතීම. 2. (පාරිභා.) [නා.] සීමාවෙන් ඔබ්බෙහි යමක් වසා ගෙන පැතිරීම (=overlap).
අතිවාක්‍ය[නා.ප්‍ර.] ඉක්ම පැවති තෙපුල්; ආක්‍රෝශ වචන; ගර්හා වචන.
අතිවේගය1. [නා.] අධික වේගය; අති ශීඝ්‍රතාව. 2. [නා.] බලවත් රෝග වේදනාව.
අතිශක්මතාව(පාරිභා.) [නා.] අධික විදුලි ශක්තියක් ඇති බව; අතිශය විදුලි බල වේගය දරන බව (=high tension).
අතිශය ප්‍රත්‍යය[නා.ප්‍ර.] (ව්‍යාක.) අතිශයාර්ථයෙහි හෙවත් විශේෂාර්ථයෙහි යෙදෙන තර, තම ආදි ප්‍රත්‍යය.
අතිශය, අතිසය[වි.] ඉතා වැඩි; අධික. [නා.] අධිකතාව.
අතිශයාලංකාරය[නා.] අතිශයෝක්ති වූ කාව්‍යාලංකාරය.
අතිශයෝක්තිය1. [නා.] අධික කොට කීම; අධික වර්ණනාව. 2. [නා.] එනම් කාව්‍යාලංකාරය; ලෝක සීමාව ඉක්මවා කීම.
අතිශයෝපමාව[නා.] උපමානයට වඩා උපමේයෙහි යම්කිසි අධික බවක් ප්‍රකට කරන උපමාව.
අතිසත්වාදය1. (පාරිභා.) [නා.] සාමාන්‍ය වචනවලින් නිරූපණය වන්නේ සත්‍ය පැවැත්ම බව යථාර්ථයෙන් ම ඇදහීම (=super realism). 2. [නා.] ප්‍රොයිඩ්ගේ සිද්ධාන්ත අනුව උපවිඥානයේ සිහින නිරූපණය කරන නූතන කලා නිර්මාණ ක්‍රමයක් (= surrealism).
අතිසරණය[නා.] පමණ ඉක්මවා මල පහ වීම.
අතිසර්ගය1. [නා.] දීම. 2. [නා.] අවසර දීම; අනුදැනීම.
අතිස්ථාන[නා.ප්‍ර.] අධික වේලාවක් නැඟිට සිටීම.
අතිස්වේදය1. [නා.] අධික ලෙස ඩහදිය ගැලීම; අතිශයින් ස්වේද වහනය වීම. 2. [නා.] අධික ලෙස ඩහදිය ගැලීම ලක්ෂණ කොට ඇති රෝගයක්.
අතිස්‍රාවය1. [නා.] ස්ත්‍රී රෝගයක්; අධික ව ලේ යෑම. 2. [නා.] ලේ වහනය වන මූත්‍ර රෝගයක්.
අතිසූක්ෂ්ම1. [වි.] ඉතා සියුම්; තේරුම් ගැනීමට බෙහෙවින් අපහසු. 2. (පාරිභා.) [වි.] ඉතා කුඩා; අත්‍යණුක; අතික්ෂුද්‍ර. [නා.ප්‍ර.] (සංගී.) නාදයෙහි පස් වැදෑරුම් වූ ප්‍රභේදවලින් එකක්.
අතිසේක(පාරිභා.) [නා.ප්‍ර.] ද්‍රවයක යම් ද්‍රාව්‍යයක් දිය වීමේ සම්පූර්ණ අවස්ථාවට පැමිණීම; සන්තෘප්තිය (=saturation).
අතිහරණය1. [නා.] ගමන් කිරීමේ දී නැඟු පය ඉදිරියට තැබීම. 2. [නා.] යම් කිසිවක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යෑම; ඉවත් කිරීම.
අතිහසිතය[නා.] විකාර ස්වභාවයෙන් හිස, දෙ අත්, දෙ උරහිස ආදිය නටවමින් කරනු ලබන අධික සිනාව; සවැදෑරුම් සිනාවන් අතුරෙන් එකක්.
අතීක්ෂ්ණ1. [වි.] නොතියුණු; නොසියුම්. 2. [වි.] මන්ද; බාල; මුග්ධ.
අතීත1. [වි.] ගත වූ; පසුගිය; ඉකුත් වූ. 2. (කථා.) [වි.] ඉතා හිතවත්; ඉතා කුලුපග වූ.
අතීත ඥානය[නා.] අතීත භවය දක්නා නුවණ; පෙර ඉපිද සිටි ජාති පිළිබඳ ව දැනගන්නා නුවණ.
අතීත හේතු[නා.බහු.] (අභි.) පටිච්ච සමුප්පාදයෙහි දැක්වෙන පරිදි වර්තමාන භවයට ප්‍රත්‍යය වූ ද, අතීත භවයට අයත් වූ ද හේතු.
අතීතංස[නා.ප්‍ර.] අතීත භවය.
අතීතකාල ක්‍රියාව[නා.] (ව්‍යාක.) යම් ක්‍රියාවක් කර අවසාන වූ බව හඟවන ආඛ්‍යාත රූපය; කර නිම වූ අර්ථයක් ප්‍රකාශ කරන ක්‍රියාව.
අතීතාරම්මණ, අතීතාලම්බන[වි.] අතීතය අරමුණු කොට ඇති; ඉක්ම ගිය සංසිද්ධි ආදිය අරමුණු කොට පවත්නා.
අතීන්ද්‍රිය[වි.] ඉන්ද්‍රිය ගෝචර නොවූ; ඉන්ද්‍රිය මාර්ගයෙන් දැන ගැනීමට නොහැකි. [නා.ප්‍ර.] සිත; ආත්මය.
අතීසාරය[නා.] අධික ලෙස චිරේචනය වීමේ රෝගය; පාචනය.
අතු කේලම(කථා.) [නා.] කෙනෙකුගෙන් අසාගෙන තව කෙනෙකුට කියන කේලම.
අතු කොටුව1. (කථා.) [නා.] මසුන් ඇල්ලීම පිණිස වැව් ගංගා ආදියෙහි අතු කැබලි, කෝටු ආදිය හරස් කොට බැඳ සාදාගත් කොටුව. 2. [නා.] වැසිකිළි, කැසිකිළි කටයුතු සඳහා යොදා ගන්නා පොල් අතුවලින් ආවරණය කළ කොටුව.
අතු ගංගාව[නා.] ගංගාවකට ගලා බසින ශාඛා නදිය.
අතු බැඳීම1. (පාරිභා.) [නා.] ගසේ තිබිය දී ම අත්තක් මුල් ඇද්දවීම එය බිමට පාත් කොට කොටසක් පස යට කිරීම (=gootee layering). 2. [නා.] වහලයක් පොල් අතුවලින් සෙවිලි කිරීම.
අතු මීය(කථා.) [නා.] (ගසක) අත්තක බැඳි මීය; දඬුවැල් බෑ මීය.
අතුට1. [පූර්ව.ක්‍රි.] එළා; දිග ඇර. 2. [පූර්ව.ක්‍රි.] විසුරුවා; ඉස.
අතුණු බහන1. [නා.] මහ බඩවැල; මහාන්ත්‍රය නැමුණු තැන්වල බැඳගෙන සිටිනා සිවිය. 2. (පාරිභා.) [නා.] අතුරු නොදී එපිට මෙපිට නොයන ලෙස බැඳ සිටින සිවිය; අන්තරංගයෙන් කොටසක් දරා සිටින පටක නැම්ම (=mesentery).
අතුනතු[වි.] තමා අයිති; තමන් සතු.
අතුපතර[නා.ප්‍ර.] විහිදී ගිය අතු; පැතිර සිටින ශාඛා.
අතුපත්[නා.බහු.] අතු හා කොළ; ශාඛා හා පත්‍ර.
අතුබළය[නා.] ගසක කඳකින් අත්තක් බෙදී යන තැන; කරුව; දෙබල; වෙළය.
අතුර1. [නා.ප්‍ර.] මැද්ද; මධ්‍යය; අභ්‍යන්තරය. 2. [නා.ප්‍ර.] අතරතුර කාලය. 3. [නා.ප්‍ර.] ඉඩ; අවකාශය. 4. [නා.ප්‍ර.] ‍තොරතුර; පුවත. 5. [නා.ප්‍ර.] ගසින් ගසට මාරු වී යෑම පිණිස ඒවා ඉහළින් ඈඳා සෑදූ රැහැන් මග. 6. [නා.ප්‍ර.] කුඹුරක එක් වරකට හෑ යුතු කොටස වෙන් කර ගැනීම පිණිස පළමුවෙන් ගසන හීවිට; සී සෑම පිණිස හී විටක් ගසා කුඹුරක වෙන් කර ගන්නා තීරුව. 7. [නා.ප්‍ර.] අනතුර; අන්තරාය; උපද්‍රවය; ආපදාව 8. [නා.ප්‍ර.] ඇතිරිල්ල; ආස්තරණය; ඇතිරිය.
අතුරතුර[නා.ප්‍ර.] අතර වූ අවකාශය.
අතුරනවා1. [ක්‍රි.] එළවනවා; දිග අරිනවා; විසුරුවනවා. 2. [ක්‍රි.] ඉසිනවා. 3. [ක්‍රි.] ඇතිරිලි එළා පිළියෙල කරනවා; පනවනවා.
අතුරන්නාව[නා.] (කමත්.) ලොකු පැදුර; මාගල.
අතුරැල්ල(කථා.) [නා.] පොල් අතු සෙවිලි කළ වහල කෙළවරින් පාතට එල්ලා වැටෙන කොළ පෙළ.
අතුරිත[වි.] ඉක්මන් නොවූ; කඩිනම් නොවූ; අලස.
අතුරිත චාරිකාව[නා.] බුදුන් වහන්සේ පිඬු සිඟා වැඩීම, දහම් දෙසීම ආදිය සඳහා ගම්නියම්ගම්වල පිළිවෙළින් සැරිසැරීම.
අතුරු1. [වි.] මැදි; මැද පිහිටි; මධ්‍යගත. 2. [වි.] අමතර. 1. [නා.ප්‍ර.] ඉඩ; අවකාශය. 2. [නා.ප්‍ර.] වෙනස; අමුත්ත; විශේෂය.
අතුරු අන්තරාව(කථා.) [නා.] උපද්‍රව; ආපදාව; අනතුර.
අතුරු අවුණ[නා.] කඩ වීදිය; අංගාණිය.
අතුරු ආබාධය1. [නා.] ආබාධයක් පවතින අතර හට ගැනෙන අන් ආබාධය. 2. [නා.] එක් ආබාධයකට ප්‍රතිකාර පිණිස ගන්නා ඖෂධ නිසා ඇති වන වෙනත් සංකූලතා.
අතුරු කඩ(පාරිභා.) [නා.] දත් අතර පවතින හිදෑස (=diastema).
අතුරු කතාව[නා.] කථාවක් මැද එයට ඇතුළත් යම් කරුණක් පැහැදිලි කරනු ලබන විස්තරය.
අතුරු කද[නා.] මැදින් බර එල්වා දෙදෙනෙකු විසින් දෙකෙළවරින් උසුලාගෙන යන කද.
අතුරු ගිවිසුම(පාරිභා.) [නා.] ප්‍රධාන පොරොන්දු පත්‍රයට අදාළ කාරණය පිළිබඳ ව ඇති කර ගන්නා අනෙක් පොරොන්දුව (=sub contract).
අතුරු දශාව[නා.] (ජ්‍යෝති) කේන්දරයක මහ දසා අතරට වැටෙන අනු දසාව; අන්තර් දශාව.
අතුරු නියෝගය(පාරිභා.) [නා.] අවසාන තීන්දුවට කලින් දෙන අතර මැදි නියෝගය (=interlocutory order).
අතුරු පලය(පාරිභා.) [නා.] යමක් නිෂ්පාදනය කිරීමේ දී සෑදෙන වෙනත් ඵලයක් (= by product).
අතුරු බත[නා.] උදය, දවල් අතරතුර කාලය; ආහාර වේල් දෙකක් අතරතුර කාලය; පෙරවරුව; අන්තරාභක්තය.
අතුරු මැතිවරණය[නා.] මහ මැතිවරණයකින් පසු ඇති වූ මන්ත්‍රී පුරප්පාඩුවක් පිරවීම සඳහා පවත්වන මැතිවරණය.
අතුරු මෝසම්(කථා.) [නා.] නඩුවක් විභාග වන අතරතුර දී අමුතුවෙන් කාරණයක් ඇතුළත් කිරීම සඳහා උසාවියේ අවසර ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරන ඉල්ලීම.
අතුරු වගාව(පාරිභා.) [නා.] ප්‍රධාන භෝග වගාව ඇති බිමෙහි ම කරන සුළු අතිරේක භෝග වගාව (=inter cultivation).
අතුරු වසා[නා.ප්‍ර.] අඳනය; අන්තරා වාසකය; තුන් සිවුරෙන් එකක්.
අතුරු ව්‍යවස්ථාව1. [නා.] පැතුරුණු ව්‍යවස්ථාවක් සංශෝධනය කොට පැන වූ ව්‍යවස්ථාව. 2. [නා.] නීතියක් යටතේ පැනවූ රීතිය; රෙකුලාසිය.
අතුරු වැටිය(කථා.) [නා.] හේන් එළි කිරීමේදී කඳු වැටියක් මුදුනේ නොකපා ඉතිරි කරනු ලබන කැලෑරොද.
අතුරු සිදුරු[නා.බහු.] ඉඩ කඩ; අවකාශය; පරතරය.
අතුරුණුව1. (පාරිභා.) [නා.] මාවවුලු ආදි සතුන්ගේ පියාපත් වශයෙන් ක්‍රියාවේ යෙදෙන චර්ම පටලය (=patagium). 2. [නා.] ඇතුළත වැස්මක් හෙවත් පෝරුවක් වශයෙන් අතුරන ලද්ද (=lining).
අතුරුදන් වෙනවා, අතුරුදහන් වෙනවා1. [ක්‍රි.] නොපෙනී යනවා. 2. [ක්‍රි.] පහ වෙනවා; දුරු වෙනවා.
අතුරුපස[නා.ප්‍ර.] ප්‍රධාන ආහාර වේල් වලින් පසුව ගන්නා පලතුරු හෝ වෙනත් රසවත් කැවිලි පෙවිලි ආදිය.
අතුරුමග, අතුරු මඟ[නා.] මාර්ගයක් හෝ ගමනක් අතරතුර කොටසක්; විහිදී ගිය මඟ.
අතුරුමාව[නා.] අක්මාව; කැවුත්ත.
අතුරොද[නා.] ගස් වලින් එල්ලා වැටෙන අතු සමූහය.
අතුල[වි.] අසමාන; අසම; අතුල්‍ය. 1. [නා.] අල්ල; අත්ල 2. [නා.] අත්ල යොදා ගත හැකි ප්‍රමාණය.
අතුල් ඇටය(පාරිභා.) [නා.] අත්ලට ඇඟිලි සම්බන්ධ වන තැන පිහිටා ඇති ඇටය (=metacarpal bone).
අතුල් තලය[නා.] අත්ල; අත්තල.
අතුල් පහර, අතුල් පාර[නා.] අත දිගහැර ගහන පාර.
අතුල් රේඛා[නා.බහු.] අල්ලෙහි පිහිටි ඉරි; හස්තරේඛා.
අතුල්පත(කථා) [නා.] හතරැස් ආකාරයට පන්වලින් වියන ලද වට්ටි විශේෂයක්.
අතුල්පතුල්[නා.බහු.] අත් තල සහ පාද තල.
අතුල්ලනවා1. [ක්‍රි.] තවරනවා; ගානවා 2. [ක්‍රි.] උළනවා; පිරිමදිනවා.
අතුල්සුඟ[නා.ප්‍ර.] කුඩා අල්ල; කුඩා දරුවකුගේ අත්ල.
අතුවැල1. (කථා) [නා.] ගොවිපළක සතුන් එළවීම සඳහා යොදා ඇති උපකරණය; ටක පෝරුව 2. [නා.] ඒ දඬු, තරප්පු ආදියෙහි අතින් අල්ලා ගැනීම සඳහා ඇති ආධාරකය; වැට.
අතුසන, අතුහන1. [නා.] කැලෑ මාර්ගවල අතු කඩා දැමීමෙන් පෙන්නුම් කරන සලකුණ 2. [නා.] ගෙයක හෝ සීමාවක දොසක් හෝ කිල්ලක් හෝ දක්වන ලකුණ.
අතුස්වා[නා.ප්‍ර.] තූර්ය වාදකයා.
අතුහේන[නා.] ගස් වල අතුවලින් හෙවී ගිය පටු කැලෑපාර.
අතුළ1. [වි.] එළන ලද; දිග අරින ලද. 2. [වි.] විසුරුවන ලද; ඉසින ලද. 3. [වි.] පිළියෙල කරන ලද; සකස් කරන ලද; පනවන ලද. [නා.] අතළගල; ගල් තලාව.
අතෘප්ත[වි.] සෑහීමට පත් නුවූ.
අතෙවුරු[නා.ප්‍ර.] අන්තඃපුරය.
අතේකිච්ඡ[වි.] පිළියම් කළ නොහැකි; අසාධ්‍ය.
අතේජස්ක[වි.] තේජස නැති; ශක්ති විරහිත.
අතොවිනවා, අතෝනවා[ක්‍රි.] තූර්ය භාණ්ඩ වාදනය කරනවා; වයනවා.
අතෝනිය, අතෝලිය(කථා.) [නා.] මසුන් ඇල්ලීමට උපයෝගී කරනු ලබන්නා වූ ද ජාකොටුවල ඇද තබනු ලබන්නා වූ ද දැල් විශේෂය.
අතෝරය[නා.] අතවරය.
අථර්ව වේදය[නා.] අථර්වර්ණ වේදය; චතුර්වේදයෙහි සතර වැන්න.
අථර්ව, අථර්වන්1. [නා.ප්‍ර.] ලෝක නිර්මාතෘ වූ මහා බ්‍රහ්මයාගේ වැඩිමල් පුත්‍රයාගේ නම. 2. [නා.ප්‍ර.] ගිනි පුදන්නා; ගිනි දෙවියන් පුදන පූජකයා.
අථල[නා.ප්‍ර.] ථලය හෙවත් ගොඩබිම නොවන බිම් පෙදෙස; දිය රැඳි බිම.
අථාවර[වි.] එහා මෙහා ගෙන යා හැකි; ස්ථාවර නොවූ; චංචල (දේපළ පිළිබඳ යෙදේ).
අද1. [නා.] උදා වී පවතින දිනය; මෙදා. 2. [නා.] එළුවා; අජයා. 3. [නා.] එළු රැස; මේෂ රාශිය. 4. [නා.] අනංගයා; කාම දේවයා. 5. [නා.] හදවත; ළය; හෘදය. 6. [නා.] හිත; චිත්තය. 7. [නා.] කෑම අනුභව කිරීම; භක්ෂණය. 8. [නා.] කන තැනැත්තා; අනුභව කරන්නා; කන්නා; භක්ෂකයා. 9. [නා.] නැකැත් විසි හතෙන් එකක්. 1. [වි.] තෙත් වූ; තෙමුණා වූ; ආර්ද්‍ර වූ. 2. [වි.] නොවියළි; අමු. 3. [වි.] අලුත්; නව.
අද ඇති[වි.] තමා පිළිබඳ; තමාට අයත් වූ; අධ්‍යාත්මය පිළිබඳ වූ; ආධ්‍යාත්මික.
අදක්ෂ[වි.] දක්ෂ නොවූ; අසමර්ථ; සූර නොවූ.
අදත්තාදාන පරිභෝගය[නා.] නුදුන් දෙය (සොර සිතින්) ගෙන පරිහරණය කිරීම; සොරා ගත් වස්තුව භුක්ති විඳීම.
අදත්තාදානය[අදත්ත+ආදානය] [නා.] නුදුන් දෙය ගැනීම; අන්සතු වස්තුව සොර සිතින් ගැනීම; සොරකම් කිරීම.
අදද1. [වි.] තෙත්; තෙමුණු; ආර්ද්‍ර. 2. [වි.] මොළොක්; මෘදු.
අදනය[නා.] කෑම; අනුභවය; භුඤ්ජනය.
අදන්1. [නා.ප්‍ර.] කාලය. 2. [නා.ප්‍ර.] දිගු මං; දීර්ඝ මාර්ග. 3. [නා.ප්‍ර.] වෙහෙස; පීඩාව. 1. [වි.] වෙහෙසට පත්; පීඩිත. 2. [වි.] පුරුදු; ඇබ්බැහි.
අදන්ත1. [වි.] දත් නැති; ලොඹු. 2. [වි.] දමනය නොවූ; නොදැමුණු; නොහික්මුණු; හීලෑ නොවූ. [නා.ප්‍ර.] නොදැමුණු තැනැත්තා; නොහික්මුණු පුද්ගලයා.
අදන්මග, අදන්මඟ, අධන් මග, අධන් මඟ[නා.] දිගු මඟ, දීර්ඝ මාර්ගය.
අදම්‍ය[වි.] දමනය කළ නොහැකි; යටත් කළ නොහැකි.
අදමිටු, අදැමිටු[වි.] දැහැමි නොවූ; යුක්ති සාධාරණයෙහි නොපිහිටි; අධර්මිෂ්ඨ.
අදමිත[වි.] හීලෑ නොකරන ලද; දමනය නොකළ.
අදර1. [නා.ප්‍ර.] යටි තොල; උඩුතොල; අධරය. 2. [නා.ප්‍ර.] ඇල්ම; ආදරය; ගෞරවය, භක්තිය. 3. [නා.ප්‍ර.] (යමක්) දරා සිටින දෙය; ආධාරකය; ආධාරය; ප්‍රතිෂ්ඨාව 4. (ව්‍යාක.) [නා.ප්‍ර.] ආධාර විභක්තිය. 1. [වි.] උපකාර වන; ආධාර වන. 2. [වි.] ජරාවට පත් නොවන.
අදර කිරිය[නා.ප්‍ර.] (ව්‍යාක.) උපකාරක ක්‍රියාව; ක්‍රියාවක අර්ථ පරිපූර්ණයට යොදන අතිරේක ක්‍රියාව.
අදර විබත්[නා.ප්‍ර.] (ව්‍යාක.) ආධාරාර්ථය පැවසෙන විභක්තිය; ආධාර විභක්තිය.
අදරකරු[නා.ප්‍ර.] (ව්‍යාක.) ආධාරාර්ථය හඟවන කාරකය; ආධාර කාරකය.
අදර්ශනාර්හ[වි.] දැකීමට නොනිසි; දර්ශනයට නුසුදුසු.
අදර්ශනීය1. [වි.] දැක්මට නොනිසි; නොදැකිය යුතු. 2. [වි.] දැකුම් කලු නොවූ.
අදර්ශිත[වි.] නොදක්වන ලද; පෙන්වා නොදෙන ලද; අනිර්දිෂ්ට.
අදරාලේපය[නා.] තොල්වල ගාන ආලේපය; අධරයෙහි ගල්වන ආලේපය.
අදවක[නා.] මේ දවස; අද දිනය.
අදවක්[ක්‍රි.වි.] අද දවස දක්වා; මේ දවස වන තුරු; මෙතෙක්.
අදස1. [නා.] (මුහුණ බලන ) කන්නාඩිය; කැඩපත. 2. [නා.] අදහස; අධ්‍යාශය; අභිප්‍රාය. [වි.] දක්නට නැති; නොපෙනෙනසුලු; අදෘශ්‍ය.
අදස්[වි.] දක්ෂ නොවූ; දස්කම් නැති; අදක්ෂ.
අදස්තල[නා.] කැඩපත මතුපිට; ආදර්ශ තලය; දර්පණ තලය
අදහනවා, අදානවා1. [ක්‍රි.] ඇත්ත හැටියට පිළිගන්නවා; (යමක්) විශ්වාස කරනවා. 2. [ක්‍රි.] තමන්ගේ ආගම අනුව දක්වා ඇති සිරිත් පිළිපදිනවා; පුද පූජා පවත්වනවා.
අදහම1. [නා.] දහමට විරුද්ධ වුව; ධර්මයට පටහැණි වූව; මිථ්‍යා ධර්මය 2. [නා.] අයුක්තිය, අයහපත.
අදහස1. [නා.] සිතිවිල්ල; කල්පනාව; අධ්‍යාශය. 2. [නා.] අභිප්‍රාය; අභිලාෂය. 3. [නා.] අරමුණ; අපේක්ෂාව. 4. [නා.] (යමක් කිරීමේ හෝ ලැබීමේ) දැඩි චින්තනය; අධිෂ්ඨානය; ප්‍රණිධිය. 5. [නා.] කැමැත්ත; රුචිය; ආශාව. 6. [නා.] අනුමතය; අනුදැනීම. 7. [නා.] තේරුම්; අරුත; අර්ථය.
අදහස් උදහස්[නා.බහු.] අනුකූල සිතිවිලි හා විරුද්ධ සිතිවිලි; එකඟ අදහස් හා පටහැණි අදහස්.
අදහැනි[වි.] ඇත්ත හැටියට පිළිගත යුතු වූ; විශ්වාස කටයුතු; ඇදහිය යුතු.
අද්ථෝද්දේශය[අර්ථ+උද්දේශය] [නා.] අර්ථය දැක්වීම; අර්ථ විවරණය.
අද්දර1. [නා.] කෙළවර; අයින. 2. [නා.] ළඟ; අසල; සමීපය.
අද්ධ1. [නා.ප්‍ර.] අඩ; අර්ධය. 2. [නා.ප්‍ර.] මඟ; මාර්ගය. 3. [නා.ප්‍ර.] කාලය; සමය.
අද්ධාන ක්ලාන්තයා[නා.] දුර මඟක යෑමෙන් පීඩාවට පත් පුද්ගලයා.
අද්ධාන ගමන[නා.] දීර්ඝ මාර්ගයක ගමන් කිරීම; දුර ගමනක් යෑම.
අද්ධාන පරිච්ජේදය[නා.] (අභි.) ජීවත් වන කාලය පිරිසිඳ දැන ගැනීම; ජීවත් වන වකවානුව නියම කොට දැන ගැනීම.
අද්ධාන පරිශ්‍රමය[නා.] දුර මඟක යෑමෙන් ඇති වන වෙහෙස; ගමන් විඩාව.
අද්ධානය[නා.] දීර්ඝ කාලය; කාලාන්තරය.
අද්ධිකයා[නා.] මාර්ගයෙහි ගමන් කරන්නා; මගියා.
අද්ධුනක, අධුද්නන[වි.] සිත් කම්පා කරන; අඳෝනා මුසු.
අද්ධුව[වි.] ස්ථීර නොවන; අස්ථීර; අනිත්‍ය.
අද්බුදය[නා.] සංඛ්‍යා නාමයක්; අක්ෂෞභිණි දස දහස.
අද්භූත ධර්මය1. [නා.] ආශ්චර්ය ධර්මය; විශ්මය ජනක දෙය. 2. [නා.] ආශ්චර්ය අද්භූත ධර්ම ප්‍රතිසංයුක්ත සූත්‍රාන්ත දේශනා.
අද්භූතය1. [නා.] පුදුමය; විස්මය; ආශ්චර්යය. 2. (අලං.) [නා.] සිතේ පහළ වන විස්මය සහගත හැඟීම; නව නාට්‍ය රසයෙන් එකක්. 3. [නා.] ඔට්ටුව; පරදුව.
අද්භූතාකෘති[අද්භූත+ආකෘති] [නා.ප්‍ර.] පුදුම. ආකාරය; විස්මයජනක ස්වරූපය.
අද්භූතාත්මක[වි.] ආශ්චර්යවත්.
අද්භූතෝපමාව[නා.] (අලං.) යම්කිසි වස්තුවකට ලෝකයේ හමු නොවන අද්භූත වස්තුවක් උපමා කර දැක්වීම.
අද්මිනිස්ත්‍රාසි[වි.] උසාවියෙන් ලත් බලය පිට දේපළක් හෝ බූදලයක් හෝ පාලනය කරන.
අද්මිරල්, අද්මිරාල්[නා.ප්‍ර.] යුද නැව් හමුදාවක ප්‍රධාන නිලධරයා; නාවික සේනාධිපති.
අද්වකාත්[නා.ප්‍ර.] ජ්‍යෙෂ්ඨ නීතිඥයා; අධිනීතිඥයා.
අද්වය[නා.ප්‍ර.] දෙකක් නොවන බව; ඒකත්වය.
අද්වයවාදී[නා.ප්‍ර.] වචන දෙකක් නොකියන්නා; දෙආකාර නොවූ එක ම සත්‍ය වචනය ප්‍රකාශ කරන්නා; බුදුරජාණන් වහන්සේ පිළිබඳ කියැවේ.
අද්විතීය[වි.] දෙවැන්නෙකු නැති; දෙවැනි නොවන; අසහාය.
අද්වේෂය[නා.] ද්වේෂ රහිත බව; අවෛරය; මෛත්‍රිය.
අද්වේෂී[වි.] ද්වේෂ රහිත; ක්‍රෝධ නැති; අවෛරී.
අද්වෛත[වි.] දෙයාකාරයක් නැති; ඒකාන්ත. [නා.ප්‍ර.] පරමාත්මය හා ජීවාත්මය එකක් ම යැයි යන මතය.
අද්‍ය[නි.] අද; මේ දවස.
අද්‍යතන[වි.] අද පවත්නා; මේ කාලය පිළිබඳ; වර්තමානය හා සම්බන්ධ.
අද්‍රවණශීල කලිලය(පාරිභා.) [නා.] පහසුවෙන් දිය නොවන මැලියම් වැනි සංශ්ලේෂණ ද්‍රව්‍යය (=lyophobic colloid).
අද්‍රවණශීල, අද්‍රවණශීලී(පාරිභා.) [වි.] දිය නොවන ස්වභාවය ඇති; පහසුවෙන් දිය නොවන (=lyophobic).
අද්‍රව්‍යය[නා.] ද්‍රව්‍යයක් නොවූව; ද්‍රව්‍ය ගණයට නොගැනෙන වස්තුව.
අද්‍රව්‍යවාචක[වි.] ද්‍රව්‍යයක් ප්‍රකාශ නොවන.
අද්‍රාව්‍ය(පාරිභා.) [වි.] දිය කළ නොහැකි (=insoluble).
අද්‍රිජා[නා.ප්‍ර.] පර්වතයෙන් උපන්නී අරුතින් උමා දේවී; පාර්වතී; දුර්ගා.
අද්‍රිරාජ[නා.ප්‍ර.] පර්වත අතර ප්‍රධාන හිමාලය පර්වතය.
අද්‍රෝහ[වි.] ද්‍රෝහි නොවූ; පස මිතුරු නොවූ; අවිරුද්ධ.
අදාගය[නා.] ඇනීමට භාවිත කළ කුඩා කොට කඩුව.
අදාන්ත[වි.] දමනය නොවූ; නොදැමුණු; නොහික්මුණු; සංවරයක් නොමැති.
අදාරනවා1. [ක්‍රි.] කට පාඩමින් හඬ නඟා කියනවා. 2. [ක්‍රි.] ඉගෙන ගන්නවා; හදාරනවා.
අදාස[වි.] ගැති නොවූ; දාස නොවූ; නිදහස්; ස්වෛරී .
අදාහ්‍ය(පාරිභා.) [වි.] ගින්නෙන් නොදැවෙන; දැවිය නොහැකි; පිලිස්සිය නොහෙන (= incombustible).
අදාළ1. [වි.] සුදුසු; උචිත; යෝග්‍ය. 2. [වි.] අනුකූල; සම්බන්ධකමක් ඇති. 3. [වි.] උපයෝගී; උපකාරී. 4. [වි.] උගත්; හැදෑරූ; අධ්‍යයනය කළ. 5. [වි.] සුදුසු; නියම කරන ලද.
අදිකයා1. [නා.] වැඩිපුර ඇති තැනැත්තා 2. [නා.] රොඩී මිනිසුන්ගේ නායකයා; කුප්පායමේ ප්‍රධානයා; හුලවාලියා.
අදිකාරම[නා.] මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන තන්ත්‍රයේ පැවති ප්‍රධාන තනතුරක්; තනතුර දැරූ උසස් නිලධාරියා; මහනිලමේ.
අදිකාරී[නා.ප්‍ර.] සිංහල රාජ්‍ය පාලන සමයෙහි සිටි උසස් නිලධාරියෙක්; අධිකරණ නායකයා.
අදිගම[නා.] ඵල ප්‍රයෝජනය; ලාභය.
අදිටන[නා.] (යමක්) තරයේ සිතා ගැනීම; ඉටා ගැනීම; අධිෂ්ඨානය.
අදිටන්පැරුම්[නා.ප්‍ර.] පාරමිතා දහයෙන් එකක්; අධිෂ්ඨාන පාරමිතාව.
අදිට්ඨය[නා.] නුදුටු දෙය; නොදක්නා ලද්ද.
අදිති1. [නා.ප්‍ර.] හිරු; සූර්යයා. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] පුනාවස නම් නැකත.
අදිති නන්දන1. [නා.ප්‍ර.] දිව්‍ය පුත්‍රයා; දෙවියා. 2. [නා.ප්‍ර.] හිරු; සූර්යයා.
අදිතිය[නා.] ප්‍රජාපතිහුගේ දියණිය; සූර්යයාගේ මව; දේව මාතාව.
අදින යොත[නා.] ගිනි ඉපදවීමට ගිනි ගානා දඬු ක්‍රියා කරවීම සඳහා බැඳි ලණුව.
අදින රැහැන[නා.] දොරක අගුළ ක්‍රියා කරවන ලණුව.
අදිනවා1. [ක්‍රි.] තමා වෙතට ගන්නවා; හයනවා; ආකර්ෂණය කරනවා. 2. [ක්‍රි.] උසුලාගෙන යනවා; රැගෙන යනවා; උද්වහනය කරනවා. 3. [ක්‍රි.] (තිර ආදිය) දිග හැර එල්ලනවා; විදහාලනවා; ප්‍රසාරණය කරනවා. 4. [ක්‍රි.] (උගුල් ආදිය) අටවනවා; යොදනවා; මානනවා. 5. [ක්‍රි.] (ඇවිළිලි, උළුක්කු ආදිය) පිළියම් පිණිස අදලනවා. 6. [ක්‍රි.] (යමක් කිරීමට) පැකිළෙනවා; අදිමදි කරනවා; පසුබට වෙනවා. 7. [ක්‍රි.] පැත්තකට බරව ක්‍රියා කරනවා; පක්ෂග්‍රාහී ව කටයුතු කරනවා. 8. [ක්‍රි.] (ගොබ, දලු ආදිය) වැඩෙනවා; ලියලනවා. 9. [ක්‍රි.] හාරා බලනවා; අවුස්සනවා.
අදින්න[වි.] නොදෙන ලද; නුදුන්. [නා.ප්‍ර.] නොදෙන ලද්ද; නුදුන් දෙය.
අදින්නාදාන පාරාජිකාව[නා.] (විනය.) පැවිද්දකු විසින් අන්සතු දෙයක් සොරා ගත් කල්හි සිදු වන පැවිද්ද අහිමි වන බරපතළ ආපත්තිය හෙවත් ඇවැත.
අදින්නාදානය[නා.] (නුදුන් දෙය ගැනීම යනු වාච්‍යාර්ථයි) සොරකම් කිරීම; අන්සතු වස්තුව සොර සිතින් ගැනීම.
අදිප1. [නා.ප්‍ර.] ප්‍රධානයා; අධිපතියා; නායකයා. 2. [නා.ප්‍ර.] ඉස මුදුනේ ඇති රෝමාවර්තයට හෙවත් සුළියට ඇතුළින් පිහිටි මර්මය; අධිපති මර්මය.
අදිපත්තු1. [වි.] ආඪ්‍ය, සමෘද්ධිමත්. 2. [වි.] මාහැඟි; අගනා.
අදිප්පුව1. [නා.] ගරාදි වැට. 2. [නා.] අඩයක් මෙන් සවි කරන ලී පටිය. 3. [නා.] අල්මාරියක පිටුපස කොටස. 4. [නා.] වැලි හුනු ආදිය හැලීම පිණිස ගන්නා දැල් තට්ටුව; රැයිසිය.
අදිමදි කරනවා(කථා.) [ක්‍රි.] ඇලිමැළි කරනවා; පැකිළෙනවා; පසුබට වෙනවා.
අදිමොක්[නා.ප්‍ර.] අරමුණෙහි සිත යෙදීම; අධිමෝක්ෂය.
අදියර1. [නා.ප්‍ර.] වැඩක හෝ ව්‍යාපාරයක එක් එක් ව්‍යාපෘතිය හෝ කොටස; පියවර. 2. [නා.ප්‍ර.] පාලනය; අධිකාරය. 3. [නා.ප්‍ර.] නිලය; තනතුර. 4. [නා.ප්‍ර.] (ග්‍රන්ථයක) පරිච්ඡේදය; අධ්‍යාය. 5. [නා.ප්‍ර.] විෂය; මාතෘකාව. 6. [නා.ප්‍ර.] විශිෂ්ට ක්‍රියාව; බුදු බව පතන්නකුගේ ප්‍රාර්ථනාව සමෘද්ධ වීම පිණිස එක් තැන් විය යුතු අෂ්ට ධර්ම අතරින් එකක්; බුදුන් කෙරෙහි තම ජීවිත පරිත්‍යාග කිරීම සංඛ්‍යාත ක්‍රියාව.
අදිවේද දූතයා[නා.] (රෝ.ක.) ක්‍රිස්තුස් වහන්සේගේ මුල් ගෝලයා; අපොස්තුලුවරයා.
අදිශ රාශිය(පාරිභා.) [නා.] විශාලත්වය ඇති නමුත් අවකාශයේ විශේෂ දිශාවක් අනුව නොපවතින රාශිය; දිග්විහීන රාශිය (=scalar quantity).
අදිස[නා.] ආදර්ශය; අනුගමනයට සුදුසු
අදිසි1. [වි.] නොපෙනෙන; අදෘශ්‍ය; අදෘශ්‍යමාන; අදිස්. 2. [වි.] අහම්බෙන් සිදුවන; බලාපොරොත්තු නොවන.
අදීන[වි.] යටත් නොවන; බැගෑපත් නොවන; දීන නොවන
අදීප්ත1. [වි.] පැහැදිලි නැති; අපැහැදිලි; අඳුරු 2. [වි.] ආලෝකය නිකුත් නොකරන; දීප්තියක් නැති; අභාස්වර (=nonluminous).
අදීප්ත දැල්ල(පාරිභා.) [නා.] දීප්තියක් නැති ගිනි දැල්ල; අදීප්තිමත් ගිනි දැල්ල (=non luminous flame).
අදීර්ඝ දෘෂ්ටිය[නා.] දෘෂ්ටියෙහි දුබලකම් නිසා දුර නොපෙනීම; ඈත නොපෙනීම; හ්‍රස්ව දෘෂ්ටිය.
අදුඃඛ[වි.] දුක් නැති; දුක් රහිත; දුක් වේදනා නැති.
අදුඃඛමසුඛ[වි.] සැපත් නොවූ, දුකත් නොවූ; උපේක්ෂා සහගත.
අදුඃඛමසුඛ භූමිය[නා.] (අභි.) දුකක් හෝ සැපක් නොවන බිම; චතුර්ථ ධ්‍යානය.
අදුක්ඛම සුඛ වේදනා[නා.] (අභි.) දුකක් හෝ සැපක් නොවන වේදනාව උපේක්ෂා වේදනාව; ත්‍රිවිධ වේදනා වලින් එකක්.
අදුතිය[වි.] දෙවැනි නොවන; දෙවැන්නකු නැති; අද්විතීය.
අදූර[වි.] දුර නොවූ; නුදුරු; සමීප; ළං වූ.
අදූර දෘෂ්ටිය1. [නා.] දුර නොදකින බුද්ධිය; නුවණ මඳකම; මන්ද බුද්ධික බව. 2. [නා.] දුර නොපෙනීම.
අදූරස්ථ[වි.] නුදුරෙහි පිහිටි; නුදුරු වූ.
අදෘශ්‍යමාන[වි.] නොපෙනෙන; දෘශ්‍යමාන නොවන.
අදෘෂ්ට[වි.] නොදක්නා ලද; නුදුටු.
අදෘෂ්ට මිත්‍රයා[නා.] නුදුටු මිතුරා; හමු නොවී මිතුරුකම් ඇති කරගත් තැනැත්තා.
අදෘෂ්ටපූර්ව[වි.] පෙර කිසි කලෙක නුදුටු; නුදුටුවිරූ.
අදෙස්1. [නා.ප්‍ර.] අවවාදය; උපදෙස; ආඥාව. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] පදයක (අරුතට හානි නොවන පරිදි) අකුරක් වෙනුවට අකුරක් යෙදීම; ආදේශ විධිය. 3. [නා.ප්‍ර.] යමක් වෙනුවට තවත් දෙයක් යෙදීම; ආදේශ කිරීම.
අදේව දෘෂ්ටිය[නා.] දෙවියකු නැත යන විශ්වාසය; දෙවියන් ඇදහීමෙන් තොරවීමේ දෘෂ්ටිය.
අදෝ1. [වි.] ආලෝකය නැති; දීප්තිමත් නොවූ. 2. [වි.] පහත; යට.
අදෝමග[නා.] අධෝමාර්ගය; මල මාර්ගය; ගුදය.
අදෝවායුව[නා.] අධෝමාර්ගයෙන් නිකුත් වන වාතය.
අදෝෂ[වි.] දොස් නැති; නිදොස්; නිර්දෝෂ.
අදෝස[නා.] ද්වේෂය හෙවත් තරහ නැති බව; අද්වේෂය; අවෛරිභාවය.
අධඃඅන්ත්‍රය[නා.] (කායි.) මහ බඩවැලේ ගුදයට සම්බන්ධ වූ කොටස; ගුද මාර්ගය.
අධඃඋදරය[නා.] උදරයේ පහත කොටස; යටිබඩ.
අධඃකෘත[වි.] පහතට දමන ලද; පහතට හෙළන ලද; යටි අතට හැරවූ.
අධඃප්‍රදේශය[නා.] පහළ කොටස; යටි පෙදෙස.
අධඃපාතය[නා.] පහතට වැටීම; පහතට හෙළීම.
අධඃපීඩනය(පාරිභා.) [නා.] යටට තෙරපීම; යටිකුරු පීඩනය (=downward pressure).
අධඃපුටය1. (පාරිභා.) [නා.] කකුළු ආදි කවචයන්ගේ මුඛ විවරයට පහත කොටස; යටි තොල (=hypostome). 2. [නා.] කොඳු ඇට නොමැති සතුන්ගේ ඉස්සී ඇති මෞඛ කේතුව.
අධඃශීර්ෂ[වි.] යටිකුරු වූ හිස ඇති; පහතට නැමුණු හිසින් යුක්ත.
අධඃස්ථෝදර කුහරය[නා.] යටි බඩෙහි කුහරය.
අධන, අධනී[වි.] ධනය නැති; නිර්ධන; දුප්පත්.
අධනයා[නා.] ධනය නැත්තා; දුප්පතා.
අධන්‍ය[වි.] අභාග්‍ය සම්පන්න; පින් නැති.
අධම[වි.] ඉතා පහත්; නීච.
අධම දසාව[නා.] (ජ්‍යෝති.) අශුභ කාලය; නරක කාලය.
අධම පක්ෂය[නා.] ඉතා අඩු තරම; ඉතා පහත් ප්‍රමාණය.
අධමයා[නා.] පහත් තැනැත්තා; නින්දිත පුද්ගලයා; නීචයා.
අධමාධම[අධම+අධම] [වි.] ඉතා පහත්; අතිශය නිහීන.
අධමාන්තයෙන්[ක්‍රි.වි.] ඉතා අඩු තරමින්; යටත් පිරිසෙයින්.
අධර[වි.] පහත්; යටි; අධඃස්ථ. [නා.ප්‍ර.] යටිතොල; යටිතොල හෝ උඩුතොල; ඕෂ්ඨ.
අධර ඩිම්බ කෝෂය(පාරිභා.) [නා.] මලක ග්‍රාහකයේ පතුලෙහි පිහිටි ඩිම්බ කෝෂය හෙවත් අණ්ඩාශය (=inferior ovary).
අධර පල්ලවය[නා.] තොල නමැති දලුව; ළා දලුවක් බඳු තොල.
අධර මහා ශිරාව(පාරිභා.) [නා.] ශරීරයේ පහළ කොටස්වලින් දකුණු හෘත්කර්ණිකාවට ලේ ගෙන එන්නා වූ මහා ශිරාව (=inferior vena cava).
අධර සෝපානිකාව(පාරිභා.) [නා.] කර්ණශඞ්ඛය බෙදා ඇති සෝපානිකා වැනි කොටස් තුනෙන් පහත කොටස (=scala tympani).
අධර හන්වස්ථිය(පාරිභා.) [නා.] යටි හකු ඇටය.
අධර හරස්පේශිය(පාරිභා.) [නා.] අක්ෂිකූපයේ අධෝභාගයෙහි වූ පේශිය (=inferior oblique muscle).
අධරපුට(පාරිභා.) [නා.ප්‍ර.] සියුරු හඬලෑමේ දී දෙ තොල එක් කිරීමෙන් සෑදෙන ගොටුව හෙවත් කුහරය.
අධර්ම කර්මය[නා.] (විනය.) ව්‍යවස්ථා වලට අනුකූල නොවන පරිදි සිදු කරන විනය කර්මය; ධර්මයට පටහැණි කර්මය හෙවත් ක්‍රියාව.
අධර්ම චරණය, අධර්ම චර්යාව[නා.] අධර්මයෙහි හැසිරීම; වැරදි ක්‍රියාවල නිරත වීම.
අධර්ම චෝදකයා[නා.] (විනය.) අධර්මයෙන් චෝදනා කරන්නා; අභූත වස්තුවෙන් චෝදනා කරන පුද්ගලයා.
අධර්ම වාදය[නා.] ධර්මයට වඩා අධර්මය උසස් යැයි හෝ වැඩි යැයි හෝ යන මතයෙහි පිහිටා කරන වාදය.
අධර්ම වෙළඳාම් පස[නා.] බෞද්ධයකු විසින් නොකළ යුතු අධාර්මික වෙළඳාම් පස; ආයුධ, සතුන්, මස්, මත්ද්‍රව්‍ය, විෂ වර්ග යන මේ පස වෙළඳාම් කිරීම.
අධර්මකාරී[වි.] අධර්ම ක්‍රියා කරන.
අධර්මය[නා.] ධර්මයට විරුද්ධවූව; අධාර්මික ක්‍රියාව; නීති විරෝධී ක්‍රියාව.
අධර්මිෂ්ඨ[වි.] දැහැමි නොවූ; අදමිටු; අධාර්මික.
අධර්මිෂ්ඨයා[නා.] දැහැමි නොවූ පුද්ගලයා; අදහමට යොමු වුණු තැනැත්තා; අධාර්මිකයා.
අධරාක්ෂිය[අධර+අක්ෂිය] [නා.] ඇසේ යට කෙළවර; යටැස.
අධරාරණිය[නා.] එකිනෙක ගැටීමෙන් ගිනි ඉපදවීමට ගන්නා දඬු දෙකෙන් යටින් තබන දඬුව.
අධරිකාව(පාරිභා.) [නා.] ඕකිඩ් මලක පහතින් පිහිටි දලය හෙවත් මල් පෙත්ත (=labellum).
අධරෝෂ්ඨ, අධරෞෂ්ඨ[නා.ප්‍ර.] යටිතොල; යටිතොල හා උඩුතොල.
අධශ්චේතනාව[නා.] යටි සිත; යටි සිතේ පැවති කල්පනාව.
අධශ්ශ්‍රෝතස[නා.ප්‍ර.] යටි අතට ගලා යන දිය දහර.
අධශ්ශිරස්[වි.] යටිකුරු වූ හිස ඇති; පහතට හැරවූ හිසින් යුක්ත.
අධ්වක්ෂම[වි.] දිගු කලක් පැවතිය හැකි; දිගු කල් පවතින; චිරස්ථායී.
අධ්වත්‍රය[නා.ප්‍ර.] අතීත, වර්තමාන, අනාගත යන කාල තුන.
අධ්වය1. [නා.] මාර්ගය; පථය. 2. [නා.] කාලය.
අධ්වයෝගය[නා.] (ඡන්ද.) ඡන්දසක වෘත්ත පැතිර වීමට අවශ්‍ය භූමි ප්‍රමාණය.
අධ්වශ්‍රමය[නා.] ගමන් වෙහෙස; ගමන් විඩාව.
අධ්‍යක්ෂ, අධ්‍යක්ෂක[නා.ප්‍ර.] කාර්යාංශයක් පාලනය කරන්නා; වෙළඳ සමාගම් ආදියෙහි පරිපාලන කටයුතු කරන්නා; පරිපාලකයා.
අධ්‍යයන නිවාඩු[නා.ප්‍ර.] ස්වකීය උසස් අධ්‍යාපන කටයුතුවල යෙදීම සඳහා නිලධාරීන්ට රජය මඟින් පඩි සහිත ව නිර්දේශ කරනු ලබන නිවාඩුව.
අධ්‍යයන පරිපාටිය[නා.] ඉගෙනීම පිළිබඳ වැඩ පිළිවෙළ; අධ්‍යයනය පිළිබඳ නිර්දේශ කරන ලද ක්‍රමය.
අධ්‍යයනය[නා.] ඉගෙන ගැනීම; හැදෑරීම; උද්ග්‍රහණය.
අධ්‍යවගාහනය[නා.] බැස ගැනීම; අවතරණය.
අධ්‍යවස්තරණය[නා.] වසාගෙන පැතිරීම; යට කර ගැනීම; මැඬ ගැනීම.
අධ්‍යවස්තෘත[වි.] වසාගෙන පැතුරුණ; යට කර ගත්; මැඬ ගන්නා ලද.
අධ්‍යවසාය1. [නා.ප්‍ර.] උත්සාහය; වීර්යය. 2. [නා.ප්‍ර.] විනිශ්චය; තීරණය.
අධ්‍යශනය[නා.] කෑ අහර දිරවීමට පෙර නැවත කෑම; අනුභව කළ විගස ම නැවත අනුභවය.
අධ්‍යාචරණය[නා.] ඉක්ම හැසිරීම; ව්‍යතික්‍රමණය.
අධ්‍යාචාරය1. [නා.] ඉක්ම හැසිරීම; වරදවා හැසිරීම; ව්‍යතික්‍රමය. 2. [නා.] වරද; ආපත්තිය.
අධ්‍යාතතිය(පාරිභා.) [නා.] අධික රුධිර පීඩන;, රුධිර පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිම (=hypertension).
අධ්‍යාත්ම[වි.] තමා පිළිබඳ. 1. [නා.ප්‍ර.] තමාගේ සිත; තම සන්තානය. 2. [නා.ප්‍ර.] ජීවාත්මය වශයෙන් පවත්නා පරමාත්මය.
අධ්‍යාත්ම ලෝකය[නා.] පසිඳුරන්ටත් තර්කයටත් ගෝචර නොවන අද්‍රව්‍ය වූ ලෝකය; අධ්‍යාත්මය පිළිබඳ ලෝකය.
අධ්‍යාත්ම වාදය1. [නා.] අධ්‍යාත්මය හෙවත් ජීවාත්මය විග්‍රහ කිරීම පිළිබඳ මතය. 2. [නා.] සිත පිළිබඳ දර්ශනාත්මක මතය.
අධ්‍යාපන ආයතනය[නා.] ඉගැන්වීම කරන ආයතනය; විද්‍යා ආයතනය.
අධ්‍යාපන විද්‍යාව[නා.] ඉගැන්වීම පිළිබඳ ශාස්ත්‍රය; අධ්‍යාපන කටයුතු පිළිබඳ විද්‍යාව.
අධ්‍යාපනය[නා.] විද්‍යා ශාස්ත්‍ර ඉගැන්වීම; විද්‍යා ශාස්ත්‍ර පුහුණු කරවීම; හැදෑරවීම.
අධ්‍යාපිත[වි.] උගන්වන ලද; හදාරන ලද.
අධ්‍යාය[නා.ප්‍ර.] ග්‍රන්ථයක පරිච්ඡේදය; එහි අධිකාරය.
අධ්‍යායාසය[අධි+ආයාසය] [නා.] අධික වෙහෙසීම; බොහෝ ලෙස විඩාවට පත් වීම; අතිශය ආයාසය.
අධ්‍යායී[නා.ප්‍ර.] ධ්‍යාන නොවඩන්නා; දැහැනට නොසමවදින තැනැත්තා.
අධ්‍යාරෝපණය[නා.] උඩට නැංවීම; ආරෝපණය කිරීම; ආරූඪ කිරීම.
අධ්‍යාශය[නා.ප්‍ර.] අදහස; මතය; හැඟීම.
අධ්‍යාහාරය1. [නා.] (ව්‍යාක.) අමුතුවෙන් ගැනීම; වැකියක කිවයුතු නමුත් නොකියන ලද පදයක් නිසි තැන යොදා සම්පූර්ණ කර ගැනීම. 2. [නා.] අනුමිති වශයෙන් වටහා ගැනීම.
අධ්‍යාහෘත1. [වි.] (ව්‍යාක.) අධ්‍යාහාර කරන ලද. 2. [වි.] අනුමිති වශයෙන් වටහා ගත්.
අධ්‍යුපේක්ෂණය[අධි+උපේක්ෂණය] [නා.] මධ්‍යස්ථ වීම; උපේක්ෂා සහගත බව.
අධ්‍යේතෘ[නා.ප්‍ර.] හදාරන්නා; ඉගෙන ගන්නා; ශිෂ්‍යයා.
අධ්‍යේය[නා.ප්‍ර.] හැදෑරිය යුතු; උගත යුතු දෙය.
අධ්‍යේෂක1. [නා.ප්‍ර.] ඉල්ලීමක් කරන්නා; යමක් තමාට දෙන ලෙස යදින තැනැත්තා. 2. [නා.ප්‍ර.] යමකු ක්‍රියාවට මෙහෙයවන තැනැත්තා.
අධ්‍යේෂණය[නා.] ඉල්ලීම; ආයාචනය; නියෝජනය; මෙහෙයවීම.
අධ්‍යෝසානය[නා.] යමකට බැස දැඩි ව අල්ලා ගැනීම; බලවත් ඇල්ම.
අධ්‍රැව[වි.] තිර නැති; අස්ථිර; අනිත්‍ය.
අධාතුක[වි.] (ව්‍යාක.) ආඛ්‍යාත මූලයක් හෙවත් ධාතුවක් නැති.
අධාතුජ[වි.] (ව්‍යාක.) ධාතුවකින් නූපන්.
අධාර්මික[වි.] දැහැමි නොවූ; දහමට අනුව නොගිය.
අධි මානය[නා.] ඉතා උඩඟු බව; තද මානය; අධික මානය.
අධි මාසය[නා.] අධික වූ මාසය; සූර්ය මාසයක් තුළ ලබන චන්ද්‍ර මාස දෙකෙන් ප්‍රථම මාසය; යම් වර්ෂයකට අයත් සූර්ය මාස දොළොස තුළ චන්ද්‍ර මාස තෙළෙසක් ඇති වීමෙන් වැඩි වන මාසය.
අධික1. [වි.] වැඩි; බහුල; අතිශය. 2. [වි.] වඩා උසස්; ශ්‍රේෂ්ඨතර; උත්තරීතර.
අධික අවුරුද්ද[නා.] දිනයක් වැඩිවීමෙන් දින 366 කින් යුක්ත වන අවුරුද්ද; සතර වර්ෂයකට වරක් පෙබරවාරි මාසය දින 29 කින් යුක්ත වන සේ ගැනෙන අවුරුද්ද; අධික වර්ෂය.
අධික කෝණය(පාරිභා.) [නා.] ඍජු කෝණයකට වඩා මහත් වූ සරල කෝණයකට වඩා කුඩා වූ කෝණය (=obtuse angle).
අධික පීඩන තීරය(පාරිභා.) [නා.] පෘථිවියෙහි වැඩි වායු පීඩන ඇති තීරුව (=high pressure belt).
අධික පීඩනය(පාරිභා.) [නා.] වැඩි පීඩනය; වැඩි වායු පීඩනය (=high pressure).
අධික රුධිර පීඩනය(පාරිභා.) [නා.] ධමනීන් තුළ ලේ අධික වශයෙන් පීඩනය වීම; රුධිර පීඩනය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවීම (=hypertension).
අධිකතම පදය(පාරිභා.) [නා.] ඉතා ම වැඩි පදය; ගණිත ප්‍රකාශනයක ඇති පද අතර අගයෙන් ඉතා ම වැඩි පදය (=greatest term).
අධිකතම සංගුණකය(පාරිභා.) [නා.] ඉතාම වැඩි සංගුණකය (=greatest coefficient).
අධිකරණ බලපත්‍රය[නා.] පුද්ගලයකු හිරභාරයට ගැනීමේ බලපත්‍රය; වරෙන්තුව.
අධිකරණ විනිශ්චය[නා.] නඩු විසඳීම; යුක්තිය විචාරීම; නඩු විනිශ්චය කිරීම.
අධිකරණ ශාලාව[නා.] නඩු විසඳන තැන; උසාවිය; විනිශ්චය ශාලාව.
අධිකරණ සමථ[නා.බහු.] (විනය.) භික්ෂූන් අතර ඇති වන අධිකරණ සන්සිඳුවීම සඳහා පනවන ලද ව්‍යවස්ථා.
අධිකරණ සිද්ධාන්ත[නා.ප්‍ර.] (න්‍යාය.) මූලික සිද්ධාන්ත; පිළිගත් මතය.
අධිකරණය1. [නා.] යුක්ති විචාරය; නඩු විසඳීම; විනිශ්චය. 2. [නා.] විනිශ්චය ශාලාව; යුක්තිය විසඳන තැන; උසාවිය. 3. [නා.] විවාදය; ආරවුල; නඩුව. 4. (විනය.) [නා.] භික්ෂූන් අතර විවාදයට කාරණය; භේදකර වස්තුව. 5. [නා.] ආධාරය; ආශය. 6. (ව්‍යාක.) [නා.] ක්‍රියා සිද්ධියට ආධාර වන ස්ථානය; ආධාර කාරකය.
අධිකරණාධිපතියා[නා.] විනිශ්චයකරුවන්ගේ නායකයා; අධිකරණ නායකයා; අග්‍රවිනිශ්චයකාරයා.
අධිකරණීය[නා.] යකඩ තැලීමේ දී භාවිත කරනු ලබන උපකරණය; කිණිහිරය.
අධික්ෂණය[නා.] උසස් මොහොත; ශ්‍රේෂ්ඨ අවස්ථාව.
අධික්ෂිප්ත1. [වි.] යමක් මතුයෙහි හෙළන ලද; තබන ලද. 2. [වි.] අවමන් කරන ලද; නින්දා කරන ලද.
අධික්ෂේපය1. [නා.] බැහැර කිරීම; ප්‍රතික්ෂේපය. 2. [නා.] අවමානය; නින්දාව.
අධික්‍රමය1. [නා.] නැඟීම; ප්‍රභූත්වය; ආධිපත්‍යය. 2. [නා.] බලෙන් පැමිණීම; රටකට බලහත්කාරයෙන් ඇතුළු වීම; ආක්‍රමණය.
අධික්‍රියාව[නා.] සීමාව ඉක්මවා සිටි ක්‍රියාව; අයථා ක්‍රියාව.
අධිකාධික[අධික+අධික] [වි.] එකිනෙකට වැඩි; පිළිවෙළින් වැඩි.
අධිකාර ප්‍රදේශය[නා.] නිලධාරියෙකුගේ පාලනයට යටත් ප්‍රදේශය; වැයික්කිය.
අධිකාර සහතික පත්‍රය[නා.] බලපත්‍රය; උපාධියක් පත්‍රය; පිරිනැමීමේ ලේඛනය.
අධිකාරණය[නා.] ප්‍රධාන කාරණය; පරම හේතුව.
අධිකාරය1. [නා.] පාලන බලය; පාලනය; ආධිපත්‍යය. 2. [නා.] නිලය; රාජ කාර්යය; සේවය. 3. [නා.] විධාන කිරීමට හෝ ක්‍රියා කිරීමට ඇති අයිතිවාසිකම. 4. [නා.] පරිච්ඡේදය; අධ්‍යාය. 5. [නා.] බුදුන් වහන්සේ කෙරෙහි තම ජීවිතය පරිත්‍යාග කිරීමේ සංඛ්‍යාත විශිෂ්ට ක්‍රියාව 6. [නා.] ප්‍රාර්ථනාව. 7. [නා.] පූජා සත්කාරය.
අධිකාර්ථ[වි.] බොහෝ අර්ථ ඇති; අතිශයාර්ථය පැවසෙන. 1. [නා.ප්‍ර.] සීමාව ඉක්මවා සිටි අර්ථය; අතිශයාර්ථය. 2. (අලං.) [නා.ප්‍ර.] (ප්‍ර. යෙදේ.) අධික අර්ථ ඇති විශේෂ්‍ය පද යෙදීමේ කාව්‍ය දෝෂය.
අධිකාර්ථ වචනය[නා.] (ව්‍යාක.) ස්තුති හෝ නින්දා කිරීම පිණිස ආරෝපණය කරන ලද අතිශයාර්ථ කියමන.
අධිකාරී[වි.] නීත්‍යනුකූල බලය දරන; ස්වාමීත්වය ඇති; ප්‍රධාන. 1. [නා.ප්‍ර.] අධිපතියා; ප්‍රධානයා; ස්වාමියා. 2. [නා.ප්‍ර.] සිංහල රජ සමයෙහි සිටි උසස් නිලධරයෙක් හැඳින්වූ නාමය.
අධිකාරී මණ්ඩලය[නා.] පාලක සභාව; විධායක සභාව.
අධිකෘත[වි.] ප්‍රධාන ස්ථානයෙහි තබන ලද.
අධිකෝපමාව[අධික+උපමාව] [නා.] (අලං.) හීන වූ වස්තුවකට ශ්‍රේෂ්ඨ වස්තුවක් උපමා වශයෙන් දැක්වීම.
අධිගත1. [වි.] පැමිණි; එළඹුණ. 2. [වි.] අවබෝධ කළ; මාර්ග ඵලයට පැමිණි.
අධිගතයා[නා.] මාර්ගඵලයට පැමිණි පුද්ගලයා; අධිගමය ලැබූ පුද්ගලයා.
අධිගන්තව්‍ය[වි.] පැමිණිය යුතු; අවබෝධ කළ යුතු.
අධිගම ඥානය[නා.] මාර්ගඵල අවබෝධයෙන් ලැබු නුවණ.
අධිගමනය[නා.] වැටහීම; අවබෝධය.
අධිගමය1. [නා.] පැමිණීම; එළඹීම; දැනගැනීම; අවබෝධය; ප්‍රතිවේදය. 2. [නා.] ලෝකෝත්තර මාර්ගඵල හා සතර ප්‍රතිසම්භිදා, ෂඩ් අභිඥා, ත්‍රිවිද්‍යා යන සියල්ල අවබෝධ කර ගැනීම, රහත් බවට පැමිණීම.
අධිග්‍රහණය(පාරිභා.) [නා.] ආහාර ගැනීම; ආහාර, බෙහෙත් ආදිය ශරීරය තුළට ගැනීම(=ingestion).
අධිගුණය[නා.] ශ්‍රේෂ්ඨ ගුණය; අධික ගුණ විශේෂය.
අධිගෘහීත[වි.] අයිති කරගත්; අරක්ගත්.
අධිචර්මය(පාරිභා.) [නා.] පැළෑටිවල කඳන්, මුල් සහ කොළ යන අංගවල පිටතින් ඇති ආරක්ෂක ස්තරය (=epidermis).
අධිච්චසමුප්පන්න වාදය[නා.] ආත්මයත් ලෝකයත් හේතු ප්‍රත්‍යය රහිත ව පහළ වුණේ යැයි කීම.
අධිචිත්තය[නා.] (අභි.) විදර්ශනා පාදක අෂ්ට සමාපත්ති චිත්තය හෝ මාර්ගඵල චිත්තය.
අධිට්ඨාතව්‍යය[වි.] අධිෂ්ඨාන කළ යුතු.
අධිතක්සේරුව1. (පාරිභා.) [නා.] ප්‍රමාණයට වඩා වැඩි වටිනාකමකින් යමක් හෝ යම් පුද්ගලයෙකු පිළිබඳ ව සිතීම හෝ කටයුතු කිරීම; නැති අගයක් ලබා දීම. 2. [නා.] ඉතා වැඩියෙන් තක්සේරු කිරීම (=over valuation).
අධිතප්ත(පාරිභා.) [වි.] අධික වශයෙන් රත් කළ; සන්තෘප්ත තත්ත්වයේ පවත්නා උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයකට පැමිණවීම සඳහා රත් කරන ලද (=super heated).
අධිතාපනය(පාරිභා.) [නා.] අධික ලෙස රත් කිරීම; සන්තෘප්ත තත්ත්වයේ පවත්නා උෂ්ණත්වයට වඩා අධික උෂ්ණත්වයකට පැමිණවීම සඳහා රත් කිරීම (=superheating).
අධිද්‍රාවණය(පාරිභා.) [නා.] ද්‍රවයක් මගින් යම්කිසි ද්‍රව්‍යයක් ක්ෂණික ව දිය කරමින් ද්‍රාවණයක් සෑදීම (= dead melting).
අධිදේවතා[නා.ප්‍ර.] අරක්ගත් දෙවියා; අධිගෘහිත දේවතාවා.
අධිධ්වනි විද්‍යාව[නා.] අධිධ්වනීන් (කනට නෑසෙන තරම් අධික සංඛ්‍යාතයක් ඇති ධ්වනි) පිළිබඳ විද්‍යාව.
අධිනායක[නා.ප්‍ර.] ප්‍රධාන නායක; අධිපතියා.
අධිනීතිඥයා[නා.] ජ්‍යෙෂ්ඨ නීතිවේදියා; අද්වකාත්.
අධිපඤ්ඤා[නා.ප්‍ර.] ශ්‍රේෂ්ඨ ප්‍රඥාව; සංස්කාර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පිරිසිඳ දක්නා විදර්ශනා ඥානය; මාර්ගඵල සිත්වල යෙදෙන ප්‍රඥාව.
අධිපති[නා.ප්‍ර.] ප්‍රධාන; නායක; ස්වාමි; පාලක.
අධිප්පාය[නා.ප්‍ර.] අදහස; අදහස් කළ කාරණය; අභිප්‍රාය.
අධිප්පේත[වි.] අදහස් කළ; කල්පනා කරන ලද.
අධිපාලනය[නා.] ශ්‍රේෂ්ඨ පාලනය; විශේෂ පාලනය.
අධිබල[වි.] වැඩි බලයෙන් යුත්; අධික ශක්තිය ඇති.
අධිභරණය(පාරිභා.) [නා.] වැඩියෙන් පැටවීම; වැඩි බර දැරීම (=overloading).
අධිභාෂණය[නා.] ගෞරවාන්විතව කීම; සැලකිලිමත්ව කරන ප්‍රකාශය.
අධිමාධ්‍යය(පාරිභා.) [නා.] සාමාන්‍ය අකුරුවලට අමතර ව රූපය, ශබ්දචලන, චිත්‍ර වැනි වෙනත් මාධ්‍යයන් ද අඩංගු සම්බන්ධිත ලේඛන (=hypermedia).
අධිමිල(පාරිභා.) [නා.] භාණ්ඩයක ස්ථාපිත සාමාන්‍ය හෝ නාමමාත්‍ර මිලත් එය ලබා ගත හැකි මිලත් අතර වෙනස (=Premium).
අධිමුක්ත1. [වි.] නැමුණු; ඇලුණු; ආසක්ත. 2. [වි.] නිශ්චිත.
අධිමුක්තිය1. [නා.] සිත නැමීම; ඇලීම; අභිප්‍රාය. 2. [නා.] තද විශ්වාසය; ඇදහීම. 3. (අභි.) [නා.] සසරින් මිදීම; නිර්වාණයට සැපත් වීම.
අධිමුච්චනය1. [නා.] අරමුණෙහි නිශ්චයනය; තද විශ්වාසය; ඇදහීම. 2. [නා.] ආවේශ වීම; අනුන් තමා ලෙස ක්‍රියා කරන මෙන් ඉටීම.
අධිමූර්ඡාව1. [නා.] අධික සිහි නැතිවීමෙන් හට ගන්නා තද නින්ද. 2. [නා.] අතිශය නිද්‍රාවෙන් යුතු රෝගය.
අධිමොක්ඛය, අධිමෝක්ෂය[නා.] (අභි.) අරමුණ සනිටුහන් කිරීම; නිශ්චය කිරීම.
අධියර1. [නා.ප්‍ර.] ප්‍රධාන හෝ ශ්‍රේෂ්ඨ කාර්යය. 2. [නා.ප්‍ර.] පරිච්ඡේදය; මාතෘකාව. 3. [නා.ප්‍ර.] ප්‍රාර්ථනාව. 4. [නා.ප්‍ර.] අදියර; අවස්ථාව. 5. [නා.ප්‍ර.] පූජා සත්කාරය.
අධියෝගය[නා.] (ජ්‍යෝති.) ශ්‍රේෂ්ඨ ග්‍රහ යෝගය.
අධිරාජයා[නා.] ප්‍රධාන රජ; අගරජ; ප්‍රදේශ හෝ රටවල් බහු සංඛ්‍යාවක රජ.
අධිරාජ්‍යය[නා.] එක පාලකයකු නොහොත් පාලන බල මණ්ඩලයක් යටතේ පවතින රටවල් නොහොත් රාජ්‍ය සමූහයක්; අග්‍ර රාජ්‍යය.
අධිරාජ්‍යවාදය[නා.] රාජ්‍යයක බලය සහ බලපෑම දේශපාලන සම්බාධක හෝ යුද්ධ බලය මගින් ව්‍යාප්ත කිරීමේ රාජ්‍ය තන්ත්‍රය.
අධිරික්තය(පාරිභා.) [නා.] අතිශයින් වාත ශුන්‍ය වූ ස්ථානය (=high vacuum).
අධිරූඪ[වි.] අධිපතිව නැඟී සිටි; පිටට නැඟුණු; ආරෝහණය කළ.
අධිරෝපණය1. (පාරිභා.) [නා.] අනෙක් සතකුගේ ශරීර කුහරයක් තුළ අවයවයක් හෝ අවයව කොටසක් වගා කිරීම. 2. [නා.] කෙනෙකුගේ සිතට යම් මතයක්, අදහසක් ඇතුළු කිරීම.
අධිරෝහණිය, අධිරෝහිණිය[නා.] ඉණිමඟ; සෝපානය; පඩිපෙළ.
අධිවචනය1. [නා.] අභිධානය. 2. [නා.] පර්යාය ශබ්දය.
අධිවර[වි.] ඉතා උතුම්; ප්‍රධාන.
අධිවසනය[නා.] වාසය කිරීම; පදිංචිව සිටීම.
අධිවාසනය1. [නා.] ඉවසීම; විඳදරා ගැනීම. 2. [නා.] දැරීම; ඉසිලීම. 3. [නා.] විරුද්ධ නොවී නිසොල්මන්ව සිටීමෙන් එකඟ වීම; බාර ගැනීම; පිළිගැනීම; ඉවසීම. 4. [නා.] සුවඳ විලවුන් ගැල්වීම; සුවඳ කැවීම.
අධිවෘක්ක ග්‍රන්ථිය(පාරිභා.) [නා.] උසස් පෘෂ්ඨවංශීන්ගේ වෘක්කය අසල තිබෙන අන්තරාසර්ග අවයවයක්; උපරිවෘක්ක ග්‍රන්ථිය (=adrenal gland).
අධිවේගී මාර්ගය[නා.] දීර්ඝ හා නිශ්චිත ගමනාන්ත සඳහා නගර යා කරමින් දිවෙන ප්‍රධාන මාර්ගය.
අධිවේදනය[නා.] භාර්යාව සිටිය දී ම තවත් ස්ත්‍රියක පාවා ගැනීම; බහු භාර්යාභාවය.
අධිශ්‍රයණ1. [නා.ප්‍ර.] ළිප උඩ තැබීම; උණු කිරීම; පිසීම. 2. [නා.ප්‍ර.] උදුන.
අධිශික්ෂා[නා.ප්‍ර.] උසස් ශීලය; එම ශීලයෙහි හික්මීම.
අධිශීතකරණය, අධිශීතනය[නා.] යම්කිසි ද්‍රවයක් ඝනීභවනය නොවන සේ එහෙත් හිමාංකය ඉක්මවා ශීත කිරීම (=super cooling).
අධිශීලය, අධිසීලය1. (පාරිභා.) [නා.] ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය; මාර්ගඵල සම්ප්‍රයුක්ත වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. 2. [නා.] උපසම්පදා සීලය.
අධිශෝෂණය(පාරිභා.) [නා.] ද්‍රව්‍යයක් මතුපිට තුනී තට්ටු වශයෙන් වායු හෝ ද්‍රව හෝ ද්‍රාවණ හෝ ඝනීභවනය වීම (=adsorption).
අධිශෝෂිතය(පාරිභා.) [නා.] අධිශෝෂණය වන වායුව හෝ ද්‍රවය හෝ ද්‍රාවණය (=adsorbate).
අධිෂ්ඨාන පවාරණය[නා.] (විනය.) සෙසු පවාරණ විනය කර්ම කිරීමට තරම් භික්ෂූන් නැති කල්හි එක් භික්ෂුවක් පමණක් වී නම් ඒ භික්ෂුව විසින් කරන පවාරණ විනය කර්මය; ඉටන් පවුරුණ; පුද්ගල පවාරණය.
අධිෂ්ඨානය1. [නා.] (මතුයෙහි) පිහිටීම; පිහිටා සිටීමට ආධාරය; මූලාධාරය; පාදකය; පදනම. 2. [නා.] පාලනය; ආධිපත්‍යය; බලය. 3. [නා.] දැඩි ලෙස යමක් සිතා ගැන්ම; යමක් ස්ථිර ලෙස සිතෙහි පිහිටුවා ගැනීම; අචල සමාදානය. 4. [නා.] "මෙය මෙසේ වේවා," යි අභිඥා නුවණින් ඉටා ගැනීම; ඍද්ධි බලපෑමක් සඳහා අභිඥා නුවණින් ඉටා ගැන්ම.
අධිෂ්ඨිත1. [වි.] අධිපතිව සිටි; පාලනය කරන ලද; සෙවුනා ලද; අරක් ගත්. 2. [වි.] ඉටාගත්; අධිෂ්ඨාන කළ.
අධිසංවේදිතාව(පාරිභා.) [නා.] අධික සංවේදී බව; ඉතා ඉක්මනින් ප්‍රතික්‍රියා පෙන්වීමට ඇති හැකියාව (=hypersensitivities).
අධිසීලසික්ඛාව[නා.] අධිශීලයෙහි හික්මීම; ප්‍රාතිමෝක්ෂ සංවර ශීලයෙහි හික්මීම.
අධීක්ෂණය[නා.] මෙහෙයවීම; පාලනය කිරීම; පරීක්ෂා කිරීම.
අධීත1. [වි.] හදාරන ලද; අධ්‍යයනය කරන ලද; උගත්. 2. [වි.] ප්‍රකාශිත; කථිත.
අධීන[වි.] වසඟයට පැමිණි; යටත්; අයත්.
අධීනයා[නා.] (යමකුගේ) වසඟයෙහි සිටින්නා; යටත් පුද්ගලයා.
අධීශ[වි.] ප්‍රධාන; අග්‍ර; අධිපති. [නා.ප්‍ර.] අධිපතියා; ස්වාමියා.
අධීශ්වර[වි.] අධිපති; අධීශ.
අධෛර්යය[නා.] උත්සාහයෙන් තොර බව; ධෛර්යය නැතිකම.
අධෝ අන්ත්‍රය[නා.] මහ බඩවැලෙහි ගුදයට සම්බන්ධ වූ කොටස; ගුද මාර්ගය.
අධෝ බලය[නා.] පහළට තෙරපීමේ බලය.
අධෝ බින්දුව(පාරිභා.) [නා.] පොළොව මතුපිට සිටින්නකුගේ පාදයට කෙළින් පොළොවේ අනෙක් පැත්තෙහි වූ අහසේ මුදුන; ශිරෝ බින්දුවට විෂ්කම්භාභිමුඛ ව පිහිටි ඛගෝලයේ ලක්ෂ්‍යය (=nadir).
අධෝ භාවය[නා.] පහත්බව; නීචභාවය.
අධෝ භුවනය[නා.] පාතාලය; නාගලෝකය.
අධෝ මාර්ගය[නා.] ගුදය; මල මාර්ගය.
අධෝ මුඛය[නා.] ආහාර මාර්ගයේ කෙළවර; මල මාර්ගය; ගුදය.
අධෝ ලම්බය[නා.] පහතට වැටෙන සෘජු රේඛාව; ලම්බකය.
අධෝ ලිපිය[නා.] පොතක පිටුවක හෝ ලේඛනයක හෝ යටින් දක්වන විශේෂ සටහන; පාඨාන්තරය.
අධෝ වායුව[නා.] ආහාර මාර්ගයේ යටි අතට ගමන් කොට අධෝ මාර්ගයෙන් පිටවන වාතය; අපාන වාතය.
අධෝ විරේචනය[නා.] මල ආදිය අධෝමාර්ගයෙන් නිකුත් කරවීම; බඩ විරේක කිරීම.
අධෝ හනුව[නා.] පෘෂ්ඨවංශීන්ගේ යටි හක්ක; යටි හනුව.
අධෝගත[වි.] පහතට ගිය; පහළට බැස්සූ.
අධෝගතයා[නා.] නාරක, ප්‍රේත හෝ තීර්යක් යන පහත් භවයකට පැමිණි තැනැත්තා; අපාගත සත්ත්වයා.
අධෝගමනය[නා.] පහතට යෑම හෝ බැසීම.
අධෝගලිත[වි.] පහතට වැටෙන; එල්බෙන.
අධෝගාත්‍රා[නා.බහු.] ශරීරයෙහි අධෝ භාගයෙහි වූ ගාත්‍රා; කකුල්; පාද.
අධෝගාමි, අධෝගාමී[වි.] පහතට යන; යටි අතට බසින.
අධෝභාගය[නා.] යට පෙදෙස; යටි පැත්ත; ශරීරයේ පහත කොටස.
අධෝභාගිය[වි.] යට භාගයට හෙවත් කාමලෝකයට අයත්.
අධෝමුඛ[වි.] යටි අතට හැරුණු මුහුණ හෝ කට ඇති; යටිකුරු.
අධෝරක්තකිරණ(පාරිභා.) [නා.ප්‍ර.] සාමාන්‍ය ආලෝකයට වඩා පදාර්ථ විනිවිද යෑමේ හැකියාවක් ඇතිව වර්ණාවලියේ රතට වඩා පහළින් තිබෙන විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක් (=infrared rays).
අධෝලම්බ[වි.] පහතට එල්ලෙන; පහතට වැටෙන.
අධෝශීර්ෂ[වි.] පහතට හැරවූ හිසින් යුක්ත; යටිකුරු හිස ඇති.
අනංග, අනඞ්ග[වි.] ශරීරයක් නැති.
අනංගයා, අනඞ්ගයා[නා.] කාමයට අධිපති දෙවියා; කාම දේවතාවා.
අනග[වි.] අගය කළ නොහැකි; ඉතා වටිනා; මහඟු; අනර්ඝ. 1. [නා.ප්‍ර.] කුශලය; පින. 2. [නා.ප්‍ර.] අනංගයා.
අනග පියෙස[නා.] එළිමහන් ප්‍රදේශය; පිට්ටනිය; පිටිය.
අනගාරික, අනාගාරික[වි.] ගෘහවාසය නැති; ගිහිගෙයින් නික්මුණු; පැවිදි වූ.
අනගාරිය[නා.ප්‍ර.] පැවිදි බව; පැවිද්ද.
අනගි, අනඟි1. [වි.] අගය කළ නොහැකි; ඉතා වටිනා; අනර්ඝ; අනග. 2. [වි.] පාපයෙන් දුරු වූ; පාපයෙන් තොර; නිදොස්.
අනඝ[වි.] පාපයෙන් දුරු වූ; පවින් වැළකුණු; නිදොස්; පිරිසිදු.
අනඞ්ග පීඩාව[නා.] අනුරාගය නිසා ඇති වන දුක් වේදනාව; කාම පීඩාව.
අනඞ්ග පූජාව[නා.] වසන්ත සමයෙහි දී අනඞ්ගයා උදෙසා පැවැත්වෙන උත්සවය; කාම දෙවියන් පිදීම.
අනඞ්ගක්‍රීඩා[නා.ප්‍ර.] ස්ත්‍රී පුරුෂ සංසර්ගය; කාම සේවනය; මෙවුන්දම.
අනඞ්ගණ[නා.ප්‍ර.] කෙලෙස් නැති; නික්ලේශී.
අනඞ්ගධ්වජය[නා.] මත්ස්‍ය හෝ මකර රූපයක් සහිත කාම දේව කොඩිය.
අනඞ්ගපරිදාහ[නා.ප්‍ර.] රාග නැමැති දැවිල්ල; කාම දාහය.
අනඞ්ගය1. [නා.] අහස; ආකාශය. 2. [නා.] සිත; මනැස. 3. (ජ්‍යෝති.) [නා.] හත්වන භාවය; කලත්‍ර ස්ථානය.
අනඞ්ගීකෘත[වි.] නොපිළිගත්; නොසලකනු ලැබූ.
අනඟරිපු, අනඟරුපු[නා.ප්‍ර.] අනංගයාගේ සතුරා; ශිව දෙවි; ඊශ්වර.
අනඩුව1. [නා.] බොරු නඩුව. 2. [නා.] නීති විරෝධී ක්‍රියාව; අයුක්තිය.
අනණ[වි.] ණය නැති; ණය ගැති නොවූ.
අනත[නා.] ආත්මයක් නැති බව; අනාත්මය; මමය මාගේය යන මමත්වයෙන් තොර වීම. 1. [වි.] නොනැමුණු; ඍජු. 2. [වි.] පිහිටක් නැති; අසරණ; අනාථ.
අනතකර[වි.] අවැඩ කරන; අයහපත කරන, අනර්ථකර.
අනත්[වි.] කෙළවරක් නැති; අනන්ත. [නා.ප්‍ර.] අනර්ථය; අවැඩ; අයහපත.
අනත්දම්[නා.ප්‍ර.] අනාත්ම ධර්ම; අනාත්ම ස්වභාවය; සියලු ධර්ම ආත්මයෙන් තොරය යන්න දැකීම.
අනති ධාවනය[නා.] ඉක්මවා නොයෑම; අතිධාවනය නොකිරීම; උල්ලංඝනය නොකිරීම.
අනතික්‍රමණය[නා.] නොඉක්මවීම; පසු කර නොයෑම.
අනතික්‍රමය[නා.] කාල, බල, ප්‍රමාණ ආදිය නොඉක්මවීම.
අනතික්‍රාන්ත[වි.] නොඉක්මවූ; (කාලය) ගත නොකළ.
අනතිචාරිණී[නා.ප්‍ර.] කාමයෙහි වරදවා නොහැසිරෙන තැනැත්තී; පතිවත රකින ස්ත්‍රිය.
අනතිදූරය[නා.] ඉතා දුර නොවූ තැන; ආසන්නය; සමීපය.
අනතිමාන[නා.ප්‍ර.] අධික මානයෙන් තොර බව; බොහෝ සේ උඩඟු නොවූ බව; නිරහංකාර බව.
අනතිරේක[වි.] ප්‍රමාණයට වැඩි නොවූ; අධික නොවූ.
අනතිවත්තන, අනතිවර්තන[වි.] ඉක්මවා නොපවතින; නොඉක්මව. [නා.ප්‍ර.] නොඉක්මවා පැවැත්ම; නොඉක්මවීම.
අනතීත[නා.ප්‍ර.] අතීතයට අයත් නොවන කාලය; වර්තමානය.
අනතුර[නා.] විපත; ආපදාව; හානිය; අන්තරාය.
අනතුරු[වි.] අතරක් නැති; අනන්තර; ඊළඟ; ඉක්බිති. 1. [නා.ප්‍ර.] උපද්‍රව; විපත්. 2. [නා.ප්‍ර.] දකුණු දිසාව.
අනද1. [වි.] නාද රහිත; නිශ්ශබ්ද. 2. [වි.] ප්‍රීතියෙන් තොර; අසතුටු. [නා.ප්‍ර.] සතුට; ප්‍රීතිය, ආනන්දය.
අනදරය1. [නා.] ආදරයක් නැති බව; අනාදරය. 2. [නා.] කරදරය; හිරිහැරය. 3. [නා.] අවමානය; අගෞරවය.
අනදුරු[නා.ප්‍ර.] අවමානය; නොසැලකීම.
අනධ්වනිය[වි.] බොහෝ කල් නොපවතින; වහා නැසෙනසුලු.
අනධ්‍යාචරණය[නා.] උල්ලඞ්ගනය නොකිරීම; සීමාව නොඉක්මවීම.
අනධ්‍යාපිත[වි.] නූගන්වන ලද; අධ්‍යාපනය නොකරන ලද.
අනධික[වි.] අධික නොවූ; වැඩි නොවූ; නියම ප්‍රමාණයට වඩා නොවූ.
අනධිකෘත[නා.ප්‍ර.] ආධිපත්‍යයෙහි නොපිහිටුවන ලද්ද; මුල්තැන නොතබන ලද්ද.
අනධිගතය[නා.] අවබෝධ නොකළ දෙය; වටහා නොගත් දෙය; අධිගම නොකළ දෙය.
අනධිගන්තව්‍ය[වි.] අවබෝධ කළ නොහැකි; ලබා ගත නොහැකි.
අනධිගමය[නා.] අවබෝධ නොවීම; අධිගමයට නොපැමිණීම.
අනධිවාසනය[නා.] නොපිළිගැනීම; නොඉවසීම.
අනධීත1. [වි.] ඉගෙන නොගත්; නොහදාරන ලද. 2. [වි.] නොකියන ලද; සඳහන් නොකළ.
අනන1. [නා.ප්‍ර.] මුහුණ; මුව; වත. 2. [නා.ප්‍ර.] ප්‍රාණියා; සත්ත්වයා.
අනනපස[නා.] සිංහයා; පඤ්චානනයා.
අනනවා1. [ක්‍රි.] කලවම් කරනවා; මිශ්‍ර කරනවා. 2. [ක්‍රි.] පවසනවා.
අනන්ත[වි.] කෙළවරක් නැති; අන්ත රහිත; අපරිමිත; අප්‍රමාණ. 1. [නා.ප්‍ර.] කෙළවරක් නොදැකිය හැකි වූ හෝ අපරිමේය වූ වස්තුව. 2. (පාරිභා.) [නා.ප්‍ර.] අපරිමිත සංඛ්‍යාව; ගිණිය නොහැකි ගණන (=infinity).
අනන්ත ජීවිතය[නා.] (රෝ. ක.) මෝක්ෂ රාජ්‍යයෙහි සදාකාලික ජීවිතය; මෝක්ෂය.
අනන්ත දශමය[නා.] (ගණිත) බෙදීමෙන් කෙළවරකට නොපැමිණෙන දශමය ( නිදසුන් : 10÷3 = 3.33333).
අනන්ත බුද්ධි[නා.ප්‍ර.] අප්‍රමාණ වූ බුද්ධිය ඇති තැනැත්තා; මහත් වූ ප්‍රඥාව ඇත්තා; බුදුරජ.
අනන්ත ශ්‍රේණිය(පාරිභා.) [නා.] කෙළවර වීමක් නොමැති ව අනන්තය දක්වා යන ශ්‍රේණිය (=in- finite series).
අනන්ත සංඛ්‍යාව, අනන්ත සඞ්ඛ්‍යාව(පාරිභා.) [නා.] අපරිමිත ගණන; පද ගණන සීමාවක් නැතිව යෙදෙන සංඛ්‍යාව (=infinite number).
අනන්තජින[නා.ප්‍ර.] නිවන දිනා ගන්නා තැනැත්තා; බුදුන් වහන්සේ.
අනන්තර[වි.] අතරක් නැති; ඊළඟ; ඉක්බිති; අනතුරු.
අනන්තරනිරුද්ධ[වි.] අනතුරු ව පැවැත්ම නැවතුණු; ඉක්බිත්තෙන් නැති වූ.
අනන්තරය[නා.] අනතුරු භවය; අනතුරු ඵලය හෙවත් ඵල චිත්තය.
අනන්තරායික[වි.] අන්තරායට භාජන නොවන; අනතුරු කළ නොහැකි.
අනන්තරිත[වි.] අතරක් නැති; නොවෙනස් වූ.
අනන්තාපරිමිත[අනන්ත+අපරිමිත] [වි.] කෙළවරක් නැති හා පරිමාණ නොකරන ලද.
අනන්තාපරිමෙය්‍ය[අනන්ත+අපරි] [වි.] කෙළවරක් නැති හා ප්‍රමාණ නොකළ හැකි වූ.
අනන්තාපරියන්ත[අනන්ත+අපරියන්ත] [වි.] කෙළවරක්, සීමාවක් නැති.
අනන්වය[නා.ප්‍ර.] (අලං.) යම්කිසි වස්තුවක් එයටම සමාන කිරීමේ කාව්‍යාලංකාරය; අන්‍යාසදෘශෝපමාලංකාරය.
අනන්‍ය1. [වි.] නොවෙනස්; අන්‍ය නොවූ; එක ම; අනෙකකු නොහොත් අනෙකක් හා සම නොවන. 2. [වි.] පොදු නොවූ; සීමා කරන ලද.
අනන්‍යතා පත්‍රය(පාරිභා.) [නා.] යමකු හඳුනා ගැනීමට උපකාරී වන සහතිකය; හැඳුනුම්පත (=identity card).
අනන්‍යතාව1. [නා.] අනෙකකට සම්බන්ධයක් නැති බව; අනෙකකු නොහොත් අනෙකක් හා සම නොවන බව. 2. [නා.] ඒකත්වය; නොවෙනස්බව.
අනන්‍යථා[වි.] අන් ආකාරයකින් නොවන; නොවෙනස්; අවිපරීත.
අනන්‍යප්‍රතිබෝධිත[වි.] අනිකකු විසින් අවබෝධ නොකරන ලද; අන්‍යයකු විසින් නුපුබුදුවන ලද.
අනන්‍යසදෘශ[වි.] අන්‍යයකු නොහොත් අන්‍ය දෙයක් හා සමාන නොවූ; අසදෘශ.
අනන්‍යසාධාරණ[වි.] අන්‍යයන්ට සාධාරණ නොවූ; පොදු නොවූ; අසමසම; අසදෘශ.
අනන්‍යාකාරය[නා.] (ගණිත.) අනන්‍යතාව; සර්වසාම්‍යය.
අනන්‍යාර්ථ[වි.] එක ම අර්ථ ඇති; සමාන තේරුම් සහිත.
අනනුකූල[වි.] නොගැළපෙන; නුසුදුසු; අනුකූල නොවන.
අනනුකූලතාව(පාරිභා.) [නා.] සත්ත්වයෙකු හෝ අවයවයක් හෝ යථා කාලයේ දී ප්‍රමාණයෙන් වෙනස් වීම (=disharmony).
අනනුගත[වි.] අනුව නොගිය; අනුගත නොවූ.
අනනුගාමික[වි.] අනුව නොපවත්නා; අනුගාමික නොවන.
අනනුච්ඡවික[වි.] නුසුදුසු; අයෝග්‍ය.
අනනුබෝධය[නා.] අවබෝධ නොවීම; වටහා නොගැනීම; නොවැටහීම.
අනනුභාසනය[නා.] එක් වරක් පමණක් කීම; නැවත නැවත නොකීම.
අනනුභූත[වි.] හට නොගත්; දැන නොගත්; අනුභූත නොවූ.
අනනුමිතිය[නා.] පූර්වාවයවයන් අනු ව සිදු නොවන නිගමනය.
අනනුයෝගය[නා.] නිතර පුරුදු නොකිරීම; නැවත නැවත නොයෙදීම.
අනනුරූප[වි.] නුසුදුසු; අයෝග්‍ය; අනුරූප නොවන.
අනනුලොම්[වි.] නුසුදුසු; අයෝග්‍ය; අනුරූප නොවන.
අනපත්‍ය[වි.] දරුවන් නැති; අපුත්‍රක.
අනපත්‍රපාව[නා.] (අභි.) පාපයෙහි භය නැති වීම; ඔත්තප්පයෙන් දුරු වීම.
අනප්[වි.] අනල්ප; මහත්.
අනපේක්ෂ[වි.] බලාපොරොත්තු නැති; ආශා නැති; අපේක්ෂා රහිත.
අනපේක්ෂිත[වි.] අපේක්ෂා නොකරන ලද; බලාපොරොත්තු නොවූ.
අනපේත[වි.] බැහැර නොවූ; පහ නොවූ; යුක්ත වූ.
අනභ්‍යාසය[නා.] පුරුදු නැතිකම; නුපුරුද්ද; අභාවිතය.
අනභිජ්ඣාව[නා.] දැඩි ලෝභයෙන් තොර බව; අලෝභය.
අනභිඥාත[වි.] මනා සේ නොදත්; අඥාත.
අනභිප්‍රාය[වි.] නොකැමති; අභිලාෂ රහිත, අනභිප්‍රේත.
අනභිභවනය[නා.] පරාජය නොවීම; අපරාජිත භාවය; අභිභවනය නොකිරීම.
අනභිභවනීය[වි.] පරාජය කළ නොහැකි; යටත් කළ නොහැකි.
අනභිභූත[වි.] යටත් කරනු නොලැබූ; නො මඬනා ලද.
අනභිමත[වි.] කැමැති නොවූ; රුචි නොවූ; අභිමත නොවූ.
අනභිමානය[නා.] අභිමානයෙන් තොර බව, නිරහංකාරබව; නිහතමානීභාවය.
අනභිමුඛ[වි.] ඉදිරියෙහි නැති; අභිමුඛයෙහි නොවන.
අනභිරතසංඥා[නා.ප්‍ර.] නොඇලෙන හැඟීම; ඇල්මෙන් තොර හැඟීම; උකටලී සංඥාව.
අනභිරමණය[නා.] නොඇලීම; අභිරමණය නොකිරීම; සම්භෝගයෙහි නොයෙදීම.
අනභිලාප්‍යය[නා.] නොකිව හැකි දෙය; වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දෙය.
අනභිවෘත්තිය[නා.] සිද්ධ නොවීම; නොපැවැත්වීම; නොනිපදවීම.
අනභිවෘද්ධිය[නා.] අයහපත; අවැඩ; අනර්ථය; අභිවෘද්ධියෙන් තොර බව.
අනභිවේසය[නා.] ආශා නොකිරීම; නොඇල්ම.
අනභිෂික්තයා[නා.] අභිෂේක නොකරන ලද රජ; කිරුළු නොපලන් රජ.
අනභිසංස්කෘත[වි.] මනා ව සකස් නොකරන ලද; යහපත් බවට පත් නොකරන ලද; හොඳින් හැඩ නොගැසුණු.
අනභිහිත[වි.] නොකියන ලද; අනුක්ත.
අනමතග්ග[වි.] කෙළවරක් දැන ගත නොහැකි; අක්මුල් නැති (සංසාරය පිළිබඳව යෙදේ).
අනම්‍ය1. [වි.] නැමිය නොහැකි; නොනැමෙන. 2. [වි.] අවස්ථානුරූප ව වෙනස් කළ නොහැකි.
අනම්‍ය සැපයුම(පාරිභා.) [නා.] වරින් වර අඩු හෝ වැඩි හෝ නොවී සම තත්ත්වයේ පවත්නා සැපයුම (=inelastic supply).
අනම්‍යතාව(පාරිභා.) [නා.] නොනැමෙනසුලු බව; අනම්‍ය බව; දෘඪතාව.
අනය[නා.ප්‍ර.] හානිය; අවැඩ; අනභිවෘද්ධිය. [වි.] නීතියක් නැති; අනීතික.
අනයව්‍යසනය[නා.] හානිය හා විපත.
අනර්ඝ[වි.] ඉතා වටිනා; අගය කළ නොහැකි; ශ්‍රේෂ්ඨ.
අනර්ථ1. [වි.] තේරුමක් නැති; නිෂ්ඵල. 2. [වි.] අහිතකර.
අනර්ථ පරිහාරය[නා.] අයහපත වැළැක්වීම; අවැඩ දුරු කිරීම; විපත් බැහැර ලීම.
අනර්ථකදෝෂ[නා.ප්‍ර.] පද පූරණය උදෙසා අරුත් රහිත නිපාත ආදිය යෙදීමෙන් සිදු වන කාව්‍ය දෝෂය.
අනර්ථකර[වි.] අයහපත ඇති කරන; විපත්තිකර; අනර්ථය පමුණුවන.
අනර්ථකාම[වි.] අයහපත කැමති; අවැඩට කැමති; අනර්ථය පතන.
අනර්ථකාරී[වි.] හානි කර; අනර්ථකර.
අනර්ථමූලක[වි.] අයහපතට හේතු වන; අවැඩට මුල් වන; පරිහානියට මුල් වන.
අනර්ථය[නා.] අයහපත; හානිය; විපත.
අනර්ථසංහිත[වි.] අයහපත හා සම්බන්ධ වූ; අනර්ථය හා යෙදුණු.
අනර්ථාවහ[වි.] අවැඩ පමුණුවන; අයහපත ගෙන දෙන; අනර්ථය ඇති කරන.
අනරිය1. [වි.] හීන; පහත්; අධම. 2. [වි.] අනාර්ය; ආර්ය නොවන.
අනරුත්[වි.] තේරුමක් නැති; අරුත් රහිත; අවැඩදායක. [නා.ප්‍ර.] අවැඩ; අනර්ථය.
අනල1. [නා.ප්‍ර.] ගින්න; වහ්නිය. 2. [නා.ප්‍ර.] ගිනි දෙවියා; අග්නි දේවතාවා. 3. [නා.ප්‍ර.] ජීර්ණ ශක්තිය.
අනලඞ්කෘත[වි.] අලංකාර නොකරන ලද; සැරසිලි නොකළ.
අනලස, අනලස්[වි.] කම්මැළි බවින් තොර; උද්‍යෝගවත්.
අනල්ප1. [වි.] අල්ප නොවන; බොහෝ. 2. [වි.] උදාර; ශ්‍රේෂ්ඨ.
අනවකාශ, අනෝකාස[වි.] ඉඩ නැති; අවකාශ නොමැති.
අනවගමය[නා.] අවබෝධ නොවීම; නොදැන්ම; අවගම නොවීම.
අනවජ්ජ[වි.] නිවැරදි; නිදොස්; නිර්දෝෂ.
අනවජ්ජ සුඛය[නා.] නිවැරදි ක්‍රියාවෙහි යෙදීමෙන් උපදනා සොම්නස.
අනවඥප්ති[නා.ප්‍ර.] අවමානයක් නොලබන බව.
අනවතරණීය[වි.] එළඹීමට නොහැකි; අවතරණය කළ නොහැකි; බැසිය නොහෙන.
අනවතීර්ණ[වි.] බැස නොගත්, එතෙර නුවූ; නොඑළඹි.
අනවද්‍ය[වි.] නිදොස්; නිවැරදි; දෝෂ රහිත.
අනවධානය[නා.] නොසැලකිල්ල; ප්‍රමාදය; කල්පනා රහිත බව.
අනවබද්ධ[වි.] එක් ව නොබැඳුණු; එකට සම්බන්ධ නොවූ.
අනවබෝධ[වි.] වටහා නොගත්; අවබෝධ නොකළ; නොවැටහුණු.
අනවමදර්ශී[වි.] ඉතා යහපත් දැනීම් ඇති; මනා අවබෝධ ඇති.
අනවරණ[වි.] ආවරණ නැති; නොවැසුණු; බාධා රහිත; නොවැළකුණු. [නා.ප්‍ර.] අන්‍යයා; අමුත්තා.
අනවරත[වි.] නොකඩවා පවතින; නැවැත්මක් නැති; නිරන්තර.
අනවරතේ[වි.] (කථා.) වරදක් නැතිව; කිසිදු සාධාරණ හේතුවක් නැතිව; කිසියම් අරුතකින් තොරව නිකරුණේ.
අනවරා[වි.] නැවැත්මක් නැති; නොකඩවා පවතින.
අනවරාග්‍ර[වි.] කෙළවරක් නොදැකිය හැකි; සංසාරය සේ අක් - මුල් නැති.
අනවරාව, අනෝරාව[නා.] (කථා.) නොකඩවා පවතින වැස්ස; මහා වර්ෂාව.
අනවරෝධය[නා.] බාධා රහිත බව; අවහිර නැතිබව.
අනවලෝක්‍ය[වි.] කිසිවකු විසින් නොදැකිය හැකි; කිසිවකු විසින් අවලෝකනය නොකළ හැකි.
අනවශේෂ[වි.] ඉතිරි නැති; අවශේෂ රහිත; සම්පූර්ණ.
අනවසර[වි.] අවසරයක් නැති; ඉඩක් නැති.
අනවස්ථිතිය[නා.] ස්ථිරව නොපිහිටි බව; අස්ථිරබව; චපල බව.
අනව්[නා.ප්‍ර.] මුහුද; සමුද්‍රය; අර්ණවය.
අනවින[නා.බහු.] උවදුරු පමුණුවන මන්ත්‍ර, ගුරුකම්, කොඩිවින, සූනියම්.
අනශන[නා.ප්‍ර.] ආහාරයෙන් වැළකීම; කෑම අනුභව නොකිරීම.
අනෂ්ට[වි.] නොනැසුණු; නෂ්ට නොවුණු.
අනස්ත[වි.] අයිතිය නැති; අහිමි.
අනස්තග[වි.] අස්තයට නොපැමිණි; හිරුට සමීප වීමෙන් අදර්ශනයට නොගිය.
අනස්ථික[වි.] ඇට නැති; අස්ථි රහිත.
අනහ1. [නා.ප්‍ර.] මල බද්ධයෙන් හෝ මලමූත්‍ර බද්ධයෙන් හෝ ඇති වන රෝගයක්. 2. (කථා.) [නා.ප්‍ර.] අදහස් කළ දෙයට ඉඳුරා වෙනස් වූ දෙය.
අනහත්[නා.ප්‍ර.] ආත්මයක් නැති බව; මමය, මාගේය යන මමත්වය නැතිකම.
අනහම්[වි.] අනගි; වටිනා; අනර්ඝ.
අන් බඳ[වි.] අනුන් හා සම්බන්ධ වූ; අනුන්ට අයිති; අන් සතු වූ.
අන්කම් පානවා(කථා.) [ක්‍රි.] වෙනස්කම් පෙන්වනවා.
අන්කරය[නා.] නැංගුරම; අංකරය.
අන්කරු[නා.ප්‍ර.] (ව්‍යාක.) අන්‍ය කාරකය; අන්‍යශබ්ද කාරකය.
අන්ගතිකයා[නා.] අනුන් පිහිට කොට ඇත්තා; අනුන් සරණ ගිය තැනැත්තා; අන්‍යගතිකයා.
අන්ත1. [නා.ප්‍ර.] අග කෙළවර; අවසානය; වාටිය. 2. [නා.ප්‍ර.] බඩවැල; අතුණ. [වි.] පහත්; හීන.
අන්ත මුග්ධයා[නා.] මහමෝඩයා; මහමුග්ධයා; මහාමූඛයා.
අන්ත යුග්මය[නා.] අත්තකිලමථානු යෝගය හා කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙක.
අන්ත සතර[නා.] බුද්ධ ධර්මයට අනු ව සේවනය නොකටයුතු ලාමක ධර්ම සතර; එනම් ශාශ්වත දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටිය,කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය යනුයි.
අන්තඃ[අව්‍ය.] අභ්‍යන්තරික; අතර; අන්තර.
අන්තඃකරණය[නා.] සිතීමේ හා හැඟීමේ ප්‍රභවස්ථානය; හෘදය.
අන්තඃකර්ණය[නා.] ඇතුළු කන.
අන්තඃකර්ණිකාව[නා.] (මලක) බීජකෝෂය.
අන්තඃකල්පය[නා.] අසංඛ්‍ය කල්පයක් ඇතුළත වූ කුඩා කල්පය; අතුරුකප.
අන්තඃපත්[නා.] (මීමැසි ආදි කුඩා සතුන්ගේ) අභ්‍යන්තර පියාපත්.
අන්තඃපුති[වි.] ඇතුළත දුඟඳ හමන්නා වූ; ඇතුළත කුණු වූ.
අන්තඃපුරය1. [නා.] රජ මාළිගාව. 2. [නා.] ඇතුළු නුවර. 3. [නා.] දෙවන බිසෝවරුන්ගේ වාසස්ථානය; ඇතොවුර; ශුද්ධාන්තය. 4. [නා.] ඇතොවුරෙහි වසන ස්ත්‍රී සමූහය.
අන්තඃස්තරණ[නා.ප්‍ර.] ඇතුළත වසා සිටි සිවිය.
අන්තඃස්ථ, අන්තස්ථ[වි.] ඇතුළත වූ; අන්තර්භූත; කෙළවර පිහිටි; අතරෙහි වූ.
අන්තඃස්ථද්විච්ඡේදකය(පාරිභා.) [නා.] රේඛා ගණිතයෙහි ඇතුළතින් දෙකට කපන ඉර.
අන්තඃස්‍රාවය(පාරිභා.) [නා.] ග්‍රන්ථිවලින් වෑහෙන (හෙවත් ස්‍රාවය වන) ද්‍රව්‍ය (=secretion).
අන්තකයා[නා.] මාරයා; යමරජ.
අන්තක්‍රිස්තු, අන්තික්‍රිස්තු[නා.ප්‍ර.] ක්‍රිස්තුස්වහන්සේගේ සතුරා; ක්‍රිස්තු විරෝධියා.
අන්තග[වි.] කෙළවරට ගිය; නිවනට පැමිණි.
අන්තග්‍රාහි[වි.] අන්තයට ම ගිය දෘෂ්ටි ගත්; අන්තග්‍රාහික.
අන්තගුණ[නා.ප්‍ර.] බඩවැල නැමුණ නැමුණ තන්හි බැඳගෙන සිටිනා පටලය හෙවත් සිවිය; අතුණුබහන.
අන්තදශමය(පාරිභා.) [නා.] කෙළවරකට පැමිණෙන දශමය; බෙදීමෙන් කෙළවර වන දශමය.
අන්තද්වය1. [නා.ප්‍ර.] දෙකෙළවර; දෙකොන. 2. [නා.ප්‍ර.] ශාස්වත දෘෂ්ටිය සහ උච්ඡේද දෘෂ්ටිය යන දෘෂ්ටි පිළිබඳ අන්ත දෙක. 3. [නා.ප්‍ර.] අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙක.
අන්තධ්‍රැවය(පාරිභා.) [නා.] විද්‍යුත්කෝෂ, බැටරි ආදියේ අග්‍රද්වයෙන් එකක්; ධනධ්‍රැවය හෝ සෘණධ්‍රැවය (=negative pole).
අන්තපක්ෂය[නා.] චන්‍ද්‍ර මාසයක අග භාගය.
අන්තභූත1. [වි.] කෙළවරෙහි වූ; අග වූ. 2. [වි.] අවසානයේ සිදු වූ.
අන්තය1. [නා.] අග; කෙළවර; අවසානය; සීමාව. 2. (ව්‍යාක.) [නා.] විභක්ති ප්‍රත්‍යය. 3. [නා.] නිර්වාණය. 4. (ජ්‍යෝති.) [නා.] දොළොස්වන රාශිය; මීනය. 5. [නා.] බඩවැල.
අන්තර1. [වි.] ඇතුළු; අභ්‍යන්තර; අතරතුර වූ. 2. [නා.ප්‍ර.] බඩවැල; අන්ත්‍රය. 3. [නා.ප්‍ර.] ඇතුළ; අභ්‍යන්තරය; මැද; අතර වූ අවකාශය; අතරතුර කාලය. 4. [නා.ප්‍ර.] වෙනස; භේදය. 5. (ගණිත.) [නා.ප්‍ර.] අඩුකිරීමෙන් පසු ඉතුරු ගණන. 6. ඉම; සීමාව. 7. සිදුර; ඡිද්‍රය.
අන්තර ඇපෑල[නා.] ප්‍රාදේශීය උසාවියක් මගින් නඩු තීන්දුවක් වෙනස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සම හෙවත් ඉල්ලීම (=interlocutory appeal).
අන්තර කල්පය[නා.] අසංඛ්‍ය කල්පයක් ඇතුළත වූ කුඩා කල්පය; අතුරුකප; අන්තඃ කල්පය.
අන්තර ක්‍රියාව(පාරිභා.) [නා.] ද්‍රව්‍ය අතර පවත්නා අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය (=interaction).
අන්තර ඛජ්ජක, අන්තර් ඛජ්ජක[නා.ප්‍ර.] භික්ෂූන් විසින් උදය කැඳටත් දහවල් අහරටත් අතර වළඳන කැවිලි; අතුරුපස.
අන්තර දීපය[නා.] නදී ශාඛා අතර ඇති භූමි ප්‍රදේශය; අන්තර් දිවයින; අන්තර ද්වීපය.
අන්තර පුරුක(පාරිභා.) [නා.] (ගසක) කඳේ ගැට දෙකක් අතර ප්‍රදේශය; පර්වය.
අන්තර භක්තය[නා.] හීල් දානය හා දවල් දානය අතර කාලය; පෙරවරු කාලය.
අන්තර භිත්තිය(පාරිභා.) [නා.] උදර කුහරයෙන් උර කුහරය වෙන් කරන මස් පිඬුව; මහාප්‍රාචීරය.
අන්තර භෝගය[නා.] රජුන් දෙදෙනකු යටතේ පාලනය වන දෙරටක් අතර පිහිටි භූමිභාගය.
අන්තර මකරන්ද මිශ්‍රණය(පාරිභා.) [නා.] මල් එකිනෙක අතර පරාග සංයෝග වීම; පරපරාගණය (=cross pollination).
අන්තර මස්තිෂ්කය(පාරිභා.) [නා.] (සත්ව.) පෘෂ්ඨවංශීන්ගේ මස්තිෂ්ක අර්ධගෝල, මධ්‍ය මස්තිෂ්කයට සම්බන්ධ කරන පූර්ව මස්තිෂ්කයේ අපර කොටස (=diencephalon).
අන්තරංග, අන්තරඞ්ග1. [වි.] ඇතුළත්හි වූ; අභ්‍යන්තර; තමා පිළිබඳ 2. (ව්‍යාක.) [වි.] ශබ්දයක ප්‍රකෘතිය හෝ ප්‍රධානාංගය හෝ පිළිබඳ වූ. 1. [නා.ප්‍ර.] පදයක ඇතුළු අවයවය; ප්‍රකෘතිය. 2. (පාරිභා.) (සත්ව.) [නා.ප්‍ර.] උරකුහරය හෝ උදරකුහරය හෝ තුළ පිහිටි අවයවය (=viscus / viscera). 3. [නා.ප්‍ර.] ගාත්‍රයක ඇතුළු පැත්තේ ඇති ප්‍රසරය (=endite).
අන්තරගණ්ඨි[නා.ප්‍ර.] බඩවැල ගැට ගැසීමේ ආබාධය.
අන්තරග්නිය[නා.] ජඨරාග්නිය; බඩගින්න.
අන්තරතර[වි.] අනික්; අන්‍ය වූ; අන්‍යතර.
අන්තරධාන1. [නා.ප්‍ර.] පියන; වැස්ම. 2. [නා.ප්‍ර.] නොපෙනී යෑම; අතුරුදන්වීම; දුරුවීම; පහවීම.
අන්තරන්තරයෙහි1. [ක්‍රි.වි.] අතරතුර; අතුරෙහි; තැනින් තැන. 2. [ක්‍රි.වි.] වරින් වර; නැවත නැවත.
අන්තරර්ථය[අන්තර්+අර්ථය] [නා.] ඇතුළත සැඟවුණු අර්ථය; අභ්‍යන්තර අර්ථය; බාහ්‍යාර්ථය යන්නට විරුද්ධාර්ථය.
අන්තරවලෝකනය(පාරිභා.) [නා.] (දර්ශන.) තමා දෙස, තම සිතේ ස්වභාවය හා එහි ක්‍රියාකාරීත්වය දෙස බැලීම; අන්තරාවලෝකය (=introspection).
අන්තරවාසකය[නා.] භික්ෂූන්ගේ තුන් සිවුරෙන් එකක්; අඳනය.
අන්තරවෘද්ධි, අන්ත්‍රවෘද්ධි[නා.ප්‍ර.] අතුණු බහන ඉරී බඩවැල පහත් වී ගැටයක් මෙන් ඉකිළියෙහි සිටීමෙන් හෝ අණ්ඩකෝෂයට බැසීමෙන් හෝ හටගන්නා රෝගය.
අන්තරස්ථ1. [වි.] අන්තර්භූත; අන්තර්ගත. 2. (පාරිභා.) [වි.] අභ්‍යන්තරස්ථ; ඇතුළත්; ඇතුළෙහි පිහිටි (=intrinsic). 3. (පාරිභා.) (උද්භි.) [වි.] අනෙක් දේවල් අතර පෙළට පිහිටි; කඳක හෝ සූත්‍රිකාවක හෝ යම් ස්ථානයක පිහිටි (=intercalary). 4. (සත්ව.) [වි.] එකතු කළ; ඇතුළු කළ (=intercalated).
අන්තරස්ථතාව(පාරිභා.) [නා.] (දර්ශන.) බුද්ධිමත් හා මැවුම්කාර මූලධර්මයක් විශ්වය විනිවිද ඇතැයි විශ්වාස කිරීම(=immanence).
අන්තරහිත[වි.] සැඟවුණු; නොපෙනී ගිය; අතුරුදන් වූ.
අන්තර්[අව්‍ය.] ඇතුළු; අභ්‍යන්තරික; අතර; අන්තර.
අන්තර් අණුක අවකාශය(පාරිභා.) [නා.] (රසා.) අණු අතර වූ ඉඩ (=intermolecular space).
අන්තර් ගර්භය[නා.] ඇතුළු ගැබ; ඇතුළු කාමරය.
අන්තර් ග්‍රහණය1. [නා.] ඇතුළත් කර ගැනීම; සංගෘහිත කිරීම. 2. (පාරිභා.) (ආර්ථි.) [නා.] උරා ගැනීම; ශෝෂණය; දිරවීම (=absorption). 3. (දර්ශන.) [නා.] වාස්තවික සාරධර්ම ලෝකය තමාගේ ම හරය හා සංයෝජනය කොට සත්භාවය අවබෝධ කර ගැනීම (=introception). 4. (සත්ව.) [නා.] අධිග්‍රහණය (=ingestion).
අන්තර් ගෘහය[නා.] ගෙයි ඇතුළත; ඇතුළු ගෙය; ඇතුළු කාමරය.
අන්තර් ගෝලය(පාරිභා.) [නා.] (භූගෝ.) පෘථිවියේ බාහිර කබොල්ලට හෙවත් ශිලාගෝලයට යටින් පිහිටා තිබෙන කොටස; ගුරු මණ්ඩලය; මධ්‍යගෝලය (=bathysphere).
අන්තර් චෝද්‍යය[නා.] සිත තුළ උපදින විමර්ශනාත්මක ප්‍රශ්නය.
අන්තර් ජඨරය[නා.] ආහාර බොක්ක; ආමාශය.
අන්තර් ජන්තු(පාරිභා.) [වි.] (උද්භි.) සතකු තුළ ජීවත් වන; සතකු විසින ආහාරයට ගෙන නිරුපද්‍රිතව පහකිරීමෙන් බීජ ව්‍යාප්ත වන (=endozoic).
අන්තර් දශාව[නා.] (ජ්‍යෝති.) මහදශාවක් තුළ ඇති වන අතුරු දශාව.
අන්තර් දිශාංශය[නා.] කොම්පාසුවේ හෙවත් මාලිමාවේ මූලික දිශාංශයන් අතර වූ දිශාංශය.
අන්තර් දේව විඥානයා[නා.] යෝගී ක්‍රමයකින් හෝ විඥානයෙන් දෙවියන් ගැන දැන ගන්නා තැනැත්තා; පරම විඥානාර්ථවාදියා.
අන්තර් නිගූඪ[වි.] ඇතුළත සැඟවුණු; ගුප්ත; රහස්.
අන්තර් නිධ්‍යානය[නා.] ඇතුළත දැවීම; ඇතුළතින් කල්පනා කිරීම.
අන්තර් නිමිත්ත[නා.] සිත තුළ වූ අරමුණ.
අන්තර් නිවිෂ්ට[වි.] ඇතුළට පිවිසුණු; ඇතුළට ගිය.
අන්තර් නිවේශනය(පාරිභා.) [නා.] (ගණිත.) ශ්‍රේණියක මධ්‍ය පදයක් ඇතුළු කිරීම (=interpolation).
අන්තර් නිශ්‍රිත[වි.] ඇතුළත සිටි; ඇතුළත ආශ්‍රය කළ.
අන්තර් භවන[නා.] ඇතුළු ගෙය; ඇතුළු කාමරය; ඇතුළු ගැබ.
අන්තර් මෝසම්[වි.] එක් මෝසම් සුළඟක අවසානයත් ඊළග මෝසම් සුළගේ ආරම්භයත් අතර වූ
අන්තර් මෝසම් වර්ෂාව(පාරිභා.) [නා.] අන්තර් මෝසම් කාලයෙහි ඇති වන වර්ෂාව (=inter monsoonal rain).
අන්තර් යෝගය(පාරිභා.) [නා.] (උද්භි.) එක ම ශාකයේ මල් දෙකක් අතර සිදුවන පරාගණය; සහෝදර ඡායා ජන්මාණු දෙකක් සංයෝජනය වීම (=endogamy).
අන්තර් රික්තය(පාරිභා.) [නා.] අභ්‍යන්තරාවකාශය.
අන්තර් වස්තු(පාරිභා.) [නා.බහු.] ඇතුළත් දේ; අන්තර්ගත කරුණු (=contents).
අන්තර් විනිමය(පාරිභා.) [නා.ප්‍ර.] අන්‍යෝන්‍ය (මුදල්) හුවමාරුව.
අන්තර් වෘත්තය(පාරිභා.) [නා.] ත්‍රිකෝණයක ඇතුළත එහි භූජයන්ට ස්පර්ශ වන සේ අඳිනු ලබන වෘත්තය; අන්තඃ වෘත්තය (=inscribed circle, in circle).
අන්තර් වෘද්ධ[වි.] ඇතුළෙන් වැවී එන.
අන්තර් හෘත්කෝෂික ආවාරය(පාරිභා.) [නා.] හෘත්කෝෂිකා අතර පවතිමින් ඒවා දෙකකට වෙන් කරන්නා වූ ප්‍රාචීරය (=interventricular septum).
අන්තර්ගත[වි.] ඇතුළත්; අඩංගු; සංයුක්ත.
අන්තර්ගතික1. [වි.] සිත ඇතුළට ගමන් ගන්නා; චිත්තාභ්‍යන්තරයට ගමන් ගන්නා; බහිර්ගතික යන්නට විරු. 2. [වි.] ආභ්‍යන්තරික; අලෞකික.
අන්තර්ගම්‍ය[වි.] ඇතුළට යන; කාවදින; පසාරු කළ හැකි.
අන්තර්ගූඪ[වි.] ඇතුළත සැගවුණු; රහස්.
අන්තර්ජටා[නා.ප්‍ර.] ඇතුළත අවුල; තණ්හාව සම්බන්ධයෙන් කියනු ලැබේ.
අන්තර්ජන්‍ය1. [වි.] එකම කුල පරම්පරාවෙන් හටගත්; එක ම වර්ගයෙන් හටගත්; අන්තර්ජාත. 2. (පාරිභා.) (උද්භි.) [වි.] ශාකයක අන්‍ය අවයවයක් තුළ හටගත් (=endogenous). 3. (සත්ව.) [වි.] ධාරකයා තුළ බීජාණු සාධනය සිදුවන ස්පොරාසොවාවන් පිළිබඳ; පටක සෑදෙන පරිවෘත්තියට සම්බන්ධ (=endogenous).
අන්තර්ජාත[වි.] අභ්‍යන්තරයෙහි උපන්; සහජ; ජන්ම.
අන්තර්ජාතික[වි.] ජාතීන් අතර පවත්නා; ජාතීන් අතර වන.
අන්තර්ජාතික දාතම රේඛාව(පාරිභා.) [නා.] ජාතීන් විසින් සම්මත කර ගන්නා ලද දාතම රේඛාව; සම්මත දින රේඛාව (=international date line).
අන්තර්ජාතික වෙළෙඳාම[නා.] ජාතීන් හෝ රටවල් අතර කෙරෙන වෙළෙඳාම; ජාත්‍යන්තර වෙළඳාම.
අන්තර්ජාලය[නා.] දත්තමය, රූපමය හා ශබ්දමය තොරතුරු ක්ෂණිකව හා එකවර සන්නිවේදනය කරගත හැකි වන සේ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන පරිගණකමය ජාලය (=lnternet).
අන්තර්ඥානය[නා.] සහජයෙන් ලත් නුවණ; ප්‍රතිභානය.
අන්තර්දාහය[නා.ප්‍ර.] ශරීර අභ්‍යන්තරයෙහි ඇති වන දාහය; දැවිල්ල.
අන්තර්දේශීය[වි.] රට මැද වූ; දේශාභ්‍යන්තරික.
අන්තර්දේහය(පාරිභා.) [නා.] (සත්ව.) න්‍යෂ්ටි දේහය; වර්ණදේහය (=endosome).
අන්තර්ධානය[නා.] නොපෙනී යෑම; අතුරුදහන් වීම; නැති වී යෑම.
අන්තර්ධාපිත[වි.] අන්තර්ධාන කරන ලද; අතුරුදහන් කළ.
අන්තර්ධූප කරනවා[ක්‍රි.] ඇතුළත දුම් පිටට නොයන ලෙස සැළියක මැටි බැඳ කට අහුරා බෙහෙත් වර්ග දවා ගන්නවා.
අන්තර්භාව[නා.ප්‍ර.] ඇතුළත් වීම.
අන්තර්භූතාර්ථය[අන්තර්භූත+අර්ථය] [නා.] අභ්‍යන්තරගත අර්ථය; ඇතුළත අදහස.
අන්තර්භෞම[වි.] පොළොව තුළ පිහිටි.
අන්තර්භෞම ශ්මශානය[නා.] පොළොව යට පිහිටි සොහොන.
අන්තර්භෞමාගාරය[නා.] පොළොව තුළ පිහිටි ශාලාව හෝ ගුහාව; බිම්ගෙය.
අන්තර්මධ්‍ය[වි.] අතරමැදි වූ; අන්තර්සයෝග (=intermediate).
අන්තර්මධ්‍යම[වි.] මධ්‍යස්ථිත; අතරතුර වූ; මූලික හා අවසාන තත්ත්වයන් අතර මැද වූ.
අන්තර්මන්‍යා ශිරාව(පාරිභා.) [නා.] කපාලයෙන් ලේ ගෙන යෑම සඳහා බෙල්ලෙහි පිහිටි මහා ශිරාව (=internal jugular vein).
අන්තර්මනෝහර[වි.] ඇතුළු සිත පිනවන; අභ්‍යන්තර චිත්තය ඇදගන්නාසුලු.
අන්තර්මුඛ(පාරිභා.) [වි.] (උද්භි.) ඇතූඵ පැත්තට නැමුණු; අන්තරාවර්තී; අභ්‍යන්තරාවනත (=introrse). [නා.ප්‍ර.] ශල්‍යකර්මවල දී භාවිත වන ඇතුළු පැත්තෙහි විවරයක් සහිත කතුරු විශේෂයක්.
අන්තර්යාකෘතික(පාරිභා.) [වි.] යකෘතය හෙවත් අක්මාව තුළ වූ.
අන්තර්යාමනය[නා.] අභ්‍යන්තර ගතවීම; ඇතුළත මෙහෙයවීම; (පරමාත්මයා හෙවත් පරමේශ්වරයා) සෑම ජීව දේහයකම හෘදය දේශයෙහි අභ්‍යන්තරව අනුප්‍රවිෂ්ට වීම.
අන්තර්යාමි[වි.] ආධ්‍යාත්මික හැඟීම් පාලනය කරන; ඇතුළත ක්‍රියාවන් හෙවත් චිත්තාභ්‍යන්තර ගති මෙහෙයවන.
අන්තර්රාෂ්ට්‍රීය[වි.] නොයෙක් රටවල් අතර පවත්නා; අන්තර් ජාතික.
අන්තර්ලම්බ කෝණය(පාරිභා.) [නා.] සෘජුකෝණයකට අඩු වූ කෝණය; සුළු කෝණය.
අන්තර්ලිඛිත(පාරිභා.) [වි.] ඇතුළත නොහොත් අතර සටහන් කරන ලද (=inscribed).
අන්තර්ලිඛිත වෘත්තය(පාරිභා.) [නා.] යම්කිසි රූපයක් ඇතුළත එහි පරිධියෙහි හෝ පරිවරණයෙහි හෝ ඇතැම් ලක්ෂ්‍යයන්හි ස්පර්ශ වන පරිදි අඳින ලද වෘත්තය; අන්තර්වෘත්තය (=inscribed circle).
අන්තර්ලිඞ්ග1. [වි.]ලෝකෝත්පත්තියට හේතු වූ ශක්තියෙන් යුත්. 2. (පාරිභා.) (සත්ව.) [වි.] ස්ත්‍රී පුරුෂ ලක්ෂණ දෙකට ම අතරමැදි ලක්ෂණ පෙන්වන (=intersex).
අන්තර්ලීන[වි.] ඇතුළත සැඟවුණු; අදහස් කරන; සිතෙහි තිබෙන.
අන්තර්ලේඛා[නා.ප්‍ර.] අභ්‍යන්තර රේඛාව.
අන්තර්වර්තනය(පාරිභා.) 1. [නා.] (වෛද්‍ය.) අවයවයක් කණපිට පෙරළීම (=introversion). 2. [නා.] බාහිර ලෝකය ගැන නොව තමා ගැන වැඩියෙන් වෙහෙසීම (=introversion).
අන්තර්වර්ති සීමිත සන්නිවේදනය(පාරිභා.) [නා.] සන්නිවේදනයේ දී නිශ්චිත සත්ත්ව සමූහයකට සීමා වූ සංඥා ශබ්දාදි නිවේදන විධිය (=intraspecific communication).
අන්තර්වර්තී[වි.] අතරෙහි පවත්නා වූ; අතර වූ.
අන්තර්වසා(පාරිභා.) [නා.ප්‍ර.] කර්ණේන්ද්‍රිය තුළ වූ පටලමය ගහනයෙහි ඇති ද්‍රවය; අන්තර්ද්‍රව; කර්ණාන්ත ජල; අන්තර්ලසිකා (=endolymph).
අන්තර්වාණය[නා.] අභ්‍යන්තරගත තෘෂ්ණාව.
අන්තර්වාහී1. (පාරිභා.) [වි.] ඇතුළට වහනය කරන; ඇතුළට ගෙන එන; අභිවාහී (=afferent). 2. [වි.] ඇතුළත ගලායන.
අන්තර්විවාහ[නා.ප්‍ර.] තමන්ගේ ජාතියේ නොවන අය සමග කෙරෙන විවාහය; විජාතීය විවාහය (=inter marriage).
අන්තර්විෂ්ට[වි.] ඇතුළට පිවිසුණ; ඇතුළත්හි වූ.
අන්තර්විසරණය(පාරිභා.) [නා.] වායුවල හෝ ඝනවල හෝ ඇති වන අන්‍යෝන්‍ය විසරණය (=interdiffusion).
අන්තර්ශ්ශිරා(පාරිභා.) [වි.] ශිරාවක් තුළ පිහිටි හෝ ශිරාවකට ඇතුළු කරන ලද (=intravenous).
අන්තර්හිත[වි.] ඇතුළත තබන ලද; සැඟවුණු; නොපෙනී ගිය; ගුප්ත.
අන්තරා පරිනිබ්බායී, අන්තරා පරිනිර්වායී[නා.ප්‍ර.] පඤ්ච සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි තැනක ඉපිද මැද ආයුෂයට පැමිණීමට පෙර හෝ පැමිණ හෝ අර්හත්වය ලබන අනාගාමී ආර්ය පුද්ගලයා.
අන්තරා මරණය[නා.] ජීවත් වීමට ආයුෂ කාලය ඉතිරිව තිබිය දී මිය යෑම; අකාල මරණය.
අන්තරා වෙනවා[ක්‍රි.] මිය යනවා; කාලක්‍රියා කරනවා.
අන්තරාක්ෂරය[නා.] ප්‍රාණාක්ෂර දෙකක් අතර පිහිටි ගාත්‍රාක්ෂරය.
අන්තරාග්නිය[නා.] ආහාර පැසවීමේ ශක්තිය; ජඨරාග්නිය.
අන්තරාගාමිකයා[නා.] රජ කෙනකුගේ මරණයෙන් පසු සිහසුනට හිමිකම් ඇත්තා; අනුප්‍රාප්තිකයා.
අන්තරාත්ම[නා.ප්‍ර.] සිත හෝ හෘදය.
අන්තරාදායක[වි.] අනතුරු ගෙන දෙන; විපත්ති සිදු කරන; උවදුරු පමුණුවන.
අන්තරාදායක, අන්තරායදායක[වි.] අනතුරු ගෙන දෙන; විපත්ති සිදු කරන; උවදුරු පමුණුවන.
අන්තරාපත්තිය[නා.] (විනය.) ප්‍රධාන ආපත්තියකට (වරදකට) අනතුරු ව පැමිණෙන ඇවත.
අන්තරාභවය[නා.] සත්ත්වයකුගේ මරණයටත් නැවත ඉපදීමටත් අතරෙහි ඇතැයි සැලකෙන භවය.
අන්තරාභවිකයා[නා.] ප්‍රතිසන්ධියක් බලාපොරොත්තුවෙන් (අන්තරාභව‍යේ) වසන සත්ත්වයා; ගන්ධබ්බයා.
අන්තරාභිජනනය(පාරිභා.) [නා.] වෙනස් ශාක හෝ සත්ත්ව විශේෂ හෝ ප්‍රභේද හෝ දෙමුහුන් කිරීම (=interbreeding).
අන්තරාය[නා.ප්‍ර.] අනතුර; උවදුර; උපද්‍රවය; ආපදාව; විපත්තිය.
අන්තරායකර[වි.] උපද්‍රව හෝ බාධා ඇති කරන; අනතුරු සිදු කරන.
අන්තරායකර ඖෂධ පනත(පාරිභා.) [නා.] (නීති.) උපද්‍රව, අනතුරු, විපත්ති ආදිය ඇති කරන ඖෂධ වර්ග භාවිත කිරීම නවත්වාලීම සඳහා රජය මගින් පනවන ලද නීතිය (=dangerous drugs act).
අන්තරායකර ධර්ම1. [නා.ප්‍ර.] මාර්ගඵලාවබෝධයට බාධා කරන ධර්ම; අකුසල ධර්ම; මෙය කර්ම, ක්ලේශ, විපාක, උපවාද හා ආණාවීතික්කම හෙවත පඤ්ඤත්තිවීතික්කම යනුවෙන් පස් වැදෑරුම් වේ. 2. [නා.ප්‍ර.] උපසම්පදාවට බාධක කරුණු හෙවත් අයෝග්‍යතා.
අන්තරාල නගරය(පාරිභා.) [නා.] ආයාත - නිර්යාත වෙළඳාම හා රැස් කිරීමේ, බෙදා හැරීමේ වෙළඳාම කෙරෙන නගරය.
අන්තරාල වෙළඳාම(පාරිභා.) [නා.] විවිධ රටවලින් භාණ්ඩ ගෙන්වීම සහ වෙනත් රටවලට ඒවා බෙදා හැරීම සම්බන්ධ වෙළඳාම; ආයාත හා නිර්යාත වෙළඳාම (=entrepot trade).
අන්තරාලය1. [නා.ප්‍ර.] මධ්‍යයෙහි හෙවත් අතර වූ අවකාශය; අතරතුර ප්‍රදේශය; කාලය හෝ වේලාව. 2. [නා.ප්‍ර.] විහාරයක ඇතුළු වාහල්කඩ. 3. [නා.ප්‍ර.] විවරය. 4. (පාරිභා.) [නා.ප්‍ර.] ඉස්කුරුප්පුවක ඇණපොටවල් අතර ප්‍රමාණය (=pitch).
අන්තරාලාපය[අන්තර්+ආලාපය] [නා.] (සංගී.) ගීතයක හෝ රාගයක අන්තරා කොටසෙහි හෙවත් දෙවන කොටසෙහි ස්වරයන්ට සීමා වූ ආලාපය.
අන්තරාව1. [නා.] අනතුර; උවදුර; උපද්‍රවය. 2. [නා.] අන්තරය.
අන්තරාවනත[අන්තර+අවනත] [වි.] ඇතුළට නැමී තිබෙන.
අන්තරාවර්ති(පාරිභා.) [වි.] (උද්භි.) ඇතුළු පැත්තට නැමුණු; මලක මැද දෙසට විවෘත වන අන්තර ඇති (=introrse).
අන්තරාසර්ග(පාරිභා.) [වි.] (සත්ව.) ඇතුළත ස්‍රාවය කරන; අභ්‍යන්තර ස්‍රාවී (=endocrine).
අන්තරික1. [වි.] අතරෙහි වූ; අතර පිහිටි. 2. (පාරිභා.) (රසා.) [වි.] ආවර්තිතා පද්ධතියෙහි මැද වූ (=transitional).
අන්තරික මූලද්‍රව්‍ය(පාරිභා.) [නා.ප්‍ර.] (රසා.) ආවර්තිතා පද්ධතියෙහි මැද භාගයට අයත් මූලද්‍රව්‍ය (=transitional ments).
අන්තරිත1. [වි.] වෙන් කළ; ඈත් වූ. 2. (පාරිභා.) [වි.] කලින් කල හෝ වරින් වර පවත්නා; සවිරාම (=intermittent). [නා.ප්‍ර.] අභ්‍යන්තරය.
අන්තරින්ද්‍රිය[නා.ප්‍ර.] සුඛ දුක්ඛ ආදිය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ඉවහල් වන අභ්‍යන්තරික ව පවත්නා ඉන්ද්‍රිය; දැනීම පිළිබඳ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය.
අන්තරීක්ෂ කිරණ(පාරිභා.) [නා.බහු.] (භෞති.) ඈත අවකාශයේ සිට පෘථිවියේ වායුගෝලය මත පතිත වන විදුලිය ආරෝපණය වූ පරමාණුක අංශු (=cosmic rays).
අන්තරීක්ෂ, අන්තරික්ෂ1. [නා.ප්‍ර.] අහස් පියෙස; නභෝගර්භය; අන්තලික්ඛය; ආකාශය. 2. [නා.ප්‍ර.] සා නැකත. 3. [නා.ප්‍ර.] දශ සංඛ්‍යා. 4. (වාස්තු.) [නා.ප්‍ර.] ත්‍රිවිධ උත්පාත ප්‍රභේද අතුරෙන් එකක නාමය; අනෙක් දෙක දිව්‍ය හා භෞම නම් වේ. 5. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කේතු ග්‍රහයාගේ ත්‍රිවිධ ප්‍රභේද අතුරෙන් එකක නාමය. 6. (වාස්තු.) [නා.ප්‍ර.] ගෘහ කෝෂ්ඨයෙහි අෂ්ටම ගර්භය.
අන්තරීක්ෂකීය[වි.] අභ්‍යවකාශය හා සම්බන්ධ වූ.
අන්තරීක්ෂකේතූ[නා.ප්‍ර.] තෙවැදෑරුම් කේතූන්ගෙන් එක් වර්ගයක නාමය; නක්ෂත්‍රයෙහි දිව්‍ය, අන්තරික්ෂ (අහස) භෞම හෙවත් පෘථිවිය යනුවෙන් මේ තුන් කොටස හැඳින්වේ.
අන්තරීකාව1. [නා.] අන්තරය; අතර; සිදුර. 2. [නා.] හෘදයෙහි වම් හා දකුණු කෝෂ හෙවත් කක්ෂවලට බෙදන පේශිමය භිත්තිය.
අන්තරීප[නා.ප්‍ර.] දිවයින; දීපය.
අන්තරීය[නා.ප්‍ර.] ඇතුළතින් අඳින රෙද්ද; අඳනය; නිවාසනය; අන්තරවාසකය.
අන්තලක්ෂ්‍යය(පාරිභා.) [නා.] අනුමාපනයක දී ප්‍රතික්‍රියාව සම්පූර්ණ වන අවස්ථාව (= end point, terminal point).
අන්තලික්ඛය[නා.] අහස; ආකාශය.
අන්තවාද දෘෂ්ටි[නා.ප්‍ර.] බුද්ධ ධර්මය අනු ව දෙසැට දෘෂ්ටිවලින් එකක්; ආත්මය හා ලෝකය යන දෙකෙහි කෙළවරක් ඇත යන මතය.
අන්තවාදි[වි.] යම් මතයක දැඩි ලෙස එල්බ සිටින; සීමාන්තික.
අන්තශ්චර1. [වි.] ඇතුළත හැසිරෙන. 2. [වි.] ඔත්තුකාර.
අන්තශ්චර්මය(පාරිභා.) 1. [නා.] ශාකවල බාහිකයෙහි පිෂ්ට කණිකා අඩංගු ඇතුළු ම ස්තරය (=endodermis). 2. [නා.] සිලෝමන්ත්‍රධරයන්ගේ අභ්‍යන්තර දෙවැනි සෛල ස්තරය: කලල අවස්ථාවෙහි ඇතුළු ප්‍රස්තරය (=endoderm).
අන්තශ්චාක්‍රිකය(පාරිභා.) [නා.] වෘත්තයක අභ්‍යන්තර පරිධිය වටා පෙරළෙන තවත් වෘත්තයක පරිධියෙහි පිහිටි ලක්ෂ්‍යයකින් ඇඳෙන චක්‍රය (=hypocycloid).
අන්තශ්ශාකය(පාරිභා.) [නා.] පරපෝෂිත නොවන නමුදු ශාකයක් තුළ ජීවත් වන අනෙක් ශාකයක් (=endophyte).
අන්තසංඥා[නා.ප්‍ර.] ලෝකය අන්තවත්ය, කෙළවරක් ඇත්තේ ය යන හැඟීම හෝ මතය.
අන්තසත[නා.] බුද්ධ ධර්මයට අනු ව සේවනය නොකටයුතු ලාමක ධර්ම සත; එනම් කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය, ශාස්වතදෘෂ්ටිය, උච්ඡේදදෘෂ්ටිය, ලෝභය, ද්වේශය, මෝහය යනුයි.
අන්තස්[අව්‍ය.] අන්තර්; ඇතුළු; ආභ්‍යන්තරික.
අන්තස්තත්වය[නා.] අභ්‍යන්තර ස්වභාවය; දේශීය ස්වභාවය.
අන්තස්තරණ[නා.ප්‍ර.] කෙළවර හෙවත් අන්තය දක්වා පැතිරීම.
අන්තස්ත්වක්[නා.ප්‍ර.] ශරීරය වසා තිබෙන අභ්‍යන්තර චර්මස්තරය; ඇතුළු සම.
අන්තස්තාපය[නා.] සිතෙහි බලවත් වේදනාව; මනස්තාපය.
අන්තස්ථ[වි.] කෙළවර පිහිටි; අන්තයෙහි වූ.
අන්තස්ථාක්ෂර[නා.බහු.] (ව්‍යාක.) ය, ර, ල, ව යන අක්ෂර සඳහා ව්‍යවහාර කරන නාමය.
අන්තස්වරය[නා.] වචනයක කෙළවර පිහිටි අක්ෂරයේ ඇති ස්වරය හෙවත් ශබ්දය.
අන්තස්සර[වි.] ඇතුළත හැසිරෙන; ඔත්තුකාර.
අන්තසාර[නා.ප්‍ර.] අඳුන්; රසඳුන්; රසාඤ්ජන.
අන්ත්‍ය[වි.] අන්තිම; අවසාන.
අන්ත්‍ය උපචය[නා.] යම්කිසි පදයක අගට වර්ණ එකතුවීම; ප්‍රත්‍යය හා විභක්ති වශයෙන් මෙය බෙහෙවින් සිදු වේ.
අන්ත්‍යඡයා[නා.] නීච කුලයෙහි උපන් තැනැත්තා; හීනයා; චණ්ඩාලයා.
අන්ත්‍යදරණ[නා.ප්‍ර.] චන්ද්‍ර මණ්ඩලයේ පර්යන්තයෙන් (සඳ මඬලෙහි) ආලෝකය ඇති වී මධ්‍යයෙහි අන්ධකාරය ඇති අවස්ථාව.
අන්ත්‍යඵල[නා.ප්‍ර.] අවසාන ඵලය; අර්හත් ඵලය; රහත් ඵලය.
අන්ත්‍යය1. [නා.] අන්තිම වූව; අන්තයෙහි වූ දෙය; අවසානය. 2. (ජ්‍යෝති.) [නා.] රාශි චක්‍රයේ අවසාන රාශිය.
අන්ත්‍යේෂ්ටි[නා.ප්‍ර.] මළ කෙනෙකු වෙනුවෙන් කරන අන්තිම යාඥකර්මය; අවසාන කෘත්‍යය.
අන්ත්‍ර ජ්වරය[නා.] උණ සන්නිපාතය (=typhoid fever).
අන්ත්‍ර වෘද්ධිය[නා.] අතුණ හෙවත් බඩ වැල මහත් වීම; අතුණු බහන ඉරී බඩවැල පහත්වී ගැටයක් මෙන් ඉකිලියෙහි සිටීමෙන් හෝ අණ්ඩ කෝෂයට බැසීමෙන් හෝ හටගන්නා රෝගය.
අන්ත්‍රක්ෂත[නා.ප්‍ර.] බඩවැලෙහි ඇති වන තුවාලය.
අන්ත්‍රකූජනය[නා.] අතුණු හැඬීම; බඩ ගෙරවීම; බඩ කෑගැසීම.
අන්ත්‍රජ[වි.] බඩවැලෙහි උපන්; බඩවැල සම්බන්ධ වූ.
අන්ත්‍රපථය[නා.] බඩවැල් මාර්‍ගය.
අන්ත්‍රය[නා.] බඩවැල; අතුණ; අන්තකය.
අන්ත්‍රවලී[නා.ප්‍ර.] කුඩා බඩවැලේ ශ්ලේෂ්මල පටලයේ පිහිටි රැලි.
අන්ත්‍රස්ථ[වි.] බඩවැලෙහි අන්ත්‍රයෙහි පවත්නා. වූ;
අන්ත්‍රාටෝපය[නා.] ආමාශයේ හා බඩවැල්වල වාතය පිරීම; බඩ පිපුම.
අන්ත්‍රානුබද්ධ[නා.ප්‍ර.] උණ්ඩුකය; අන්ධාශය (=appendix).
අන්ත්‍රාව[නා.] අනතුර; උපද්‍රවය; විපත්තිය; අන්තරාය.
අන්ත්‍රාශ්මරි(පාරිභා.) [නා.ප්‍ර.] අන්ත්‍රය තුළ සෑදෙන කාබනික ද්‍රව්‍ය, හුණු, බිස්මත් හෝ මැග්නීසියම් ලවණ අන්තර්ගත ගල් විශේෂයක් (=enterolith).
අන්තාක්ෂරය[නා.] වචනයක අවසාන අකුර.
අන්තානන්තය[නා.] කෙළවරක් ඇති බව හා කෙළවරක් නැති බව.
අන්තානන්තවාදය[නා.] අන්තවත් බව හෝ අනන්තවත්බව හෝ පිළිබඳ මතය.
අන්තානන්තික[වි.] ලෝකයෙහි ද ආත්මයෙහි ද අන්තවත්බව හෝ අනන්තවත් බව හෝ පිළිබඳ වූ.
අන්තානුනනය(පාරිභා.) [නා.] න්‍යෂ්ටි විභාජනයකින් තොර ව වර්ණාංශු ද්විගුණවීමෙන් බහුගුණකතාව ඇතිවීම; අන්තර්භාජනය (=endomitosis).
අන්තාර්තික[වි.] දක්ෂිණ ධ්‍රැවීය; ඇන්ටාක්ටික්.
අන්තාවර්තනය(පාරිභා.) [නා.] (සත්ව.) නිත්‍ය අරමුණක් ඇති ව කෙරෙන සත්ත්ව චලන (=telotaxis).
අන්තික[වි.] කිට්ටු; ළඟ; සමීප; ආසන්න.
අන්තික්‍රිස්තු[නා.ප්‍ර.] ක්‍රිස්තුස් වහන්සේගේ සතුරා; ක්‍රිස්තු විරෝධියා.
අන්තිම1. [වි.] අවසානයෙහි වූ. 2. [වි.] ඉතා ම පහත්; අධම.
අන්තිම කැමති පත්‍රය[නා.] (නීති.) කෙනකුගේ දේපළවල අයිතිය තමාගේ මරණින් පසු හිමිවිය යුතු පිළිවෙළ දැක්වෙන ලේඛනය; කෙනකුගේ අන්තිම කැමැත්ත ප්‍රකාශ කළ විධිමත් ලේඛනය.
අන්තිමදේහධාරී[නා.ප්‍ර.] අවසාන වරට ශරීරය උසුලන හෙවත් දරන තැනැත්තා; රහතන් වහන්සේ.
අන්තිමසෙය්‍යාව[නා.] අවසාන නින්ද; මරණ මඤ්චකය.
අන්තිරින්ද්‍රිය[නා.ප්‍ර.] (දර්ශන.) මනසට මනසේම අභ්‍යන්තරික ක්‍රියාකාරිත්වය පිළිබඳ පරීක්ෂාවෙන් කල්පනා කළ හැක්කේ යැයි කියනු ලබන පුළුවන්කම (=internal sense).
අන්තුවා[නා.ප්‍ර.] අන්තයට ම ගිය තැනැත්තා.
අන්තේවාසිකයා[නා.] ආචාර්යවරයකු වෙත වසන්නා; යමකු යටතේ සිටින්නා; ශිෂ්‍යයා; අතවැසියා.
අන්තොටුවා[නා.] වෙනත් ආගමික නිකායකට අයත් තැනැත්තා; අන්‍ය ලබ්ධිකයා.
අන්තෝ[අව්‍ය.] ඇතූඵ; ආභ්‍යන්තරික; ඇතුළත.
අන්තෝගත[වි.] ඇතුළට ගිය; ඇතුළත් වූ; අන්තර්ගත.
අන්තෝජටා[නා.ප්‍ර.] ඇතුළත අවුල; තමාගේ පිරිකර, ආත්මභාවය හා ආධ්‍යාත්මිකායතන කෙරෙහි පවත්නා තෘෂ්ණාව සඳහා යෙදේ.
අන්තෝජනයා[නා.] (ගෙදර) ඇතුළත ජනයා; ගෙදර උදවිය; පවුලේ අය.
අන්තෝජාත[නා.] නිවසෙහි උපන් දාසයා; ගෘහ දාසයකුට දාව ගෘහ දාසියගේ කුසින් උපන් තැනැත්තා.
අන්තෝනිවේසනය[නා.] ගෙය ඇතුළ; ඇතුළු ගෙය.
අන්තෝනීත[වි.] කෙළවරට ගෙන ගිය; අන්තයට පමුණුවන ලද.
අන්දකයිප්පු(කථා.) [නා.ප්‍ර.] සිත් අවුල් කරවන මත් ද්‍රව්‍යයක්.
අන්දබූත(කථා.) [වි.] සිත අවුල් සහිත; අන්දුන්කුන්දුන් වූ; වික්ෂිප්ත.
අන්දම[නා.] ආකාරය; ක්‍රමය; පිළිවෙළ.
අන්දමන්ද[වි.] සිහිමුළා වූ; අන්දුන්කුන්දුන් වූ; මෝඩ; අඥාන; මුර්ඛ.
අන්දමසන්දම(කථා.) [නා.ප්‍ර.] ස්වාභාවික තත්ත්වය හා සංවර ගතිය.
අන්දම් තබනවා[ක්‍රි.] අලංකාර ව පෙනෙන ලෙස කෙහෙ රැවුල් කපා හැඩ තබනවා; හිසකේ විලාසිතාකාරව පීරනවා.
අන්දර1. (කථා.) [නා.ප්‍ර.] උකුළ; ඉඟ. 2. [නා.ප්‍ර.] එදිරිය; විරුද්ධකම; ප්‍රතිපක්ෂතාව.
අන්දරකෙක්ක(කථා.) [නා.] ඇවිළි ඇවිළී රණ්ඩුසරුවල් කරන තැනැත්තා; කලහප්‍රිය තැනැත්තා; දබර කරන්නා.
අන්දරය(කථා.) [නා.] මිථ්‍යා ප්‍රබන්ධය; කථා පුවත; අසත්‍යය.
අන්දරසින්දර(කථා.) [වි.] අන්දුන් කුන්දුන්; ව්‍යාකූල; වික්ෂිප්ත.
අන්දායම1. [නා.] ඔරුවක හෝ පාරුවක හෝ ලෑලි දෙකක් සන්ධි වන තැන. 2. [නා.] යුද සෙනඟ නැවතී සිටින තැන; කඳවුර; වාඩිය.
අන්දිටුවා[නා.] වෙනත් ආගමකට අයත් තැනැත්තා; අන්‍ය දෘෂ්ටිකයා; මිථ්‍යා ලබ්ධිකයා.
අන්දිරම්(කථා.) [නා.ප්‍ර.] කෙළවර; කොන; අන්තය.
අන්දු, අන්දූ1. [නා.ප්‍ර.] අත්පා හිර වන සේ දමන දම්වැල; විලංගුව. 2. [නා.ප්‍ර.] ස්ත්‍රීන් පයෙහි පලඳින වළල්ල; නූපුරය.
අන්දුකය, අන්දූකය1. [නා.] ඇතුන්ගේ පය බඳින දම්වැල; යදම. 2. [නා.] ස්ත්‍රීන් පයෙහි පලඳින වළල්ල; නූපුරය. 3. [නා.] අත් පා හිර වන සේ දමන දම්වැල.; විලංගුව; හැකිල්ල.
අන්දුඝර[නා.ප්‍ර.] බන්ධනාගාරය; හිරගෙය.
අන්දුන්කුන්දුන්[වි.] කුමක් කළ යුතු දැයි නොදන්නා; ව්‍යාකූල; වික්ෂිප්ත.
අන්දූබන්ධනය[නා.] අත් - පා යදමෙන් බැඳ තැබීම; විලංගු ලෑම; දඬුකඳෙහි ගැසීම; සිරගෙයි දැමීම.
අන්දෝරුව(කථා.) [නා.] කෙනෙකු වාඩි කරවා ඔසවා ගෙන යෑම පිණිස තැනූ යානා විශේෂය; පල්ලැක්කිය; දෝලාව.
අන්ධ1. [වි.] දෑස ම නොපෙනෙන; ඇස් නැති. 2. [වි.] නුවණ නැති; මෝඩ; අඥාන. 3. [වි.] ආන්ධ්‍ර දේශයට / තෙලිඟු රටට අයත්.
අන්ධ භක්තිය[නා.] කරුණු හරි හැටි නොවිමසා අන්ධයකු මෙන් ඇති කර ගන්නා මූඪ විශ්වාසය.
අන්ධ විශ්වාසය[නා.] අන්ධයකු මෙන් කරුණු නොවිමසා ඇති කර ගන්නා විශ්වාසය; බොළඳ විශ්වාසය.
අන්ධකාරය1. [නා.] අඳුර; කළුවර; තිමිර; කළු පැහැය. 2. [නා.] ඇසේ පෙනීම අඩුකම.
අන්ධතාමස[නා.ප්‍ර.] කට්ට කළුවර; ගන අඳුර.
අන්ධපර්යන්තය[නා.] අක්ෂිගෝලයෙහි අභ්‍යන්තර දර්ශනජාලයට අයත් වූව ද, පෙනීම ගෙන දීමේ ශක්තියක් නොමැති ස්ථානයක්; අන්ධ බින්දුව.
අන්ධබාල[වි.] නුවණ මඳකමින් අන්ධ වූ; අනුවණ; මෝඩ; අඥාන; අඳබාල.
අන්ධබින්දුව[නා.] අන්ධ පර්යන්තය.
අන්ධමූගබධීර[නා.ප්‍ර.] (විනය.) පැවිදි නොකළ යුතු අඳ වූත් ගොළු වූත් බිහිරි වූත් අය.
අන්ධවේණි පරම්පරාව[නා.] හරි අවබෝධයකින් තොර ව යමක් අනුකරණය කිරීම; සත්‍යය නොදක්නවුන් පසුපස මුළා වී ගමන් කිරීම.
අන්ධානුකරණය[නා.] කරුණු නොවිමසා යම් භාවිතයක් අනුගමනය කිරීම.
අන්ධාශය(පාරිභා.) [නා.] කුහරයකින් හෝ නාළයකින් හෝ බෙදුණු කෙළවර වැසුණ නළය හෙවත් කෝෂය; උණ්ඩුකය; අපනාමය.
අන්න[නා.ප්‍ර.] ආහාරය; භෝජනය.
අන්නකථා[නා.ප්‍ර.] (විනය.) භික්ෂූන් විසින් නොකළ යුතු දෙතිස් කථාවලින් එකක් වන ආහාරය පිළිබඳ කරන කථා.
අන්නජ[වි.] ආහාරයෙන් උපන්; කෑමෙන් හටගත්.
අන්නදානය[නා.] ආහාර දන්දීම; බුදු දහමේ එන දස වැදෑරුම් බාහිර දානයන්ගෙන් එකක නාමය.
අන්නනාළය[නා.] උගුරේ සිට පහතට ආහාර ගමන් කරන නළය; ගලනාලය; අන්නස්‍රෝතය.
අන්නපන්න(කථා.) [නා.ප්‍ර.] බඩුමුට්ටු; මෙවලම්.
අන්නප්පට්ටුව1. [නා.ප්‍ර.] (දේපළ) අන් අය සතු වීම; අන්‍යයන් අතට පත් වීම. 2. [නා.ප්‍ර.] ආපදාව; විපත්තිය.
අන්නප්‍රාශනය[නා.] ඉඳුල් කට ගෑම; කුඩා දරුවන්ට නැකතට බත් කැවීම.
අන්නපාන[නා.ප්‍ර.] කෑම සහ බීම; ආහාර පාන.
අන්නමඩය(කථා.) [නා.] අනින හුල; මසුන්ට ඇන මැරීමට භාවිත කරන ආයුධ විශේෂයක්.
අන්නවිරාල(කථා.) [නා.ප්‍ර.] පල්ලියේ යාච්ඤා පොත කියවන්නා; අන්නාවි.
අන්නස්‍රෝතය[නා.] ග්‍රසනිකාවත් ආමාශයත් අතර වූ ආහාර මාර්ගයේ කොටස (=oesophagus).
අන්නා කොටවනවා(කථා.) [ක්‍රි.] ඔවුනොවුන් අවුළුවා දබර ඇති කරවනවා; ඇනකොටා ගන්න සලස්වනවා.
අන්නාවි[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) දේවස්ථානයේ / පල්ලියේ ගිහි නිලධරයකුට ව්‍යවහාර වන නාමය.
අන්නෑ[නා.ප්‍ර.] අණ; ආඥාව.
අන්නෑය, අන්නෑව, ඇන්නෑව1. [නා.] න්‍යායට නොහොත් නීතියට පටහැණි වූ දෙය; අයුක්තිය; අධර්මය. 2. [නා.] කරදරය; හිරිහැරය. 3. [නා.] නිෂ්ඵල කාරණය; නිරර්ථක දෙය.
අන්නේෂක(පාරිභා.) [වි.] ආහාර සොයා ඇවිදින (=foraging).
අන්බව[නා.] අන්‍යාකාරය; අන්‍යභාවය.
අන්වක්ෂ1. [වි.] පෙනෙන; දෘශ්‍යමාන. 2. [වි.] පැහැදිලි; ප්‍රත්‍යක්ෂ.
අන්වද්ධමාස[වි.] අඩ මසකට වරක් සිදු වන; අඩමසක් පාසා සිදු වන.
අන්වය1. [නා.ප්‍ර.] අනු ව ගිය දෙය; අනුගතිය. 2. [නා.ප්‍ර.] වාක්‍යයක පද අනුපිළිවෙළ; පදවල පරස්පර සම්බන්ධය. 3. [නා.ප්‍ර.] පරම්පරාව; වංශය.
අන්වයාගත[වි.] පරම්පරාවෙන් පැවත ආ; වංශානුගත.
අන්වර්ථ[වි.] අර්ථයට එකඟ වූ; අර්ථයට අනුකූල වූ.
අන්වාඛ්‍යාත[අනු+ආඛ්‍යාත] [වි.] විස්තර කරන ලද.
අන්වාදේශ[නා.ප්‍ර.] (ව්‍යාක.) කියන ලද්දක් නැවත කීම; කථිතානුකථනය.
අන්වාධේය[නා.ප්‍ර.] ස්ත්‍රිය විවාහයට පසු පතිකුලයෙන් ලබන දායාදය; පසු ව ලබන ධනය.
අන්වාපත්[නා.ප්‍ර.] (විනය.) තුන්සිවුර සකස් කිරීමේදී රෙදි ප්‍රමාණවත් නොවන කල්හි සිවුරකට ඇල්ලීමට කැප වූ අමුතු රෙදිකඩ.
අන්වායාම(පාරිභා.) [වි.] දිගට පවත්නා; දිග අතට වූ; අනුලම්බ (=longitudinal).
අන්වාස්‍රවණය[නා.] නැවත නැවත වැගිරීම; නැවත නැවත පැවැත්ම; නොසිඳී පැවැත්ම.
අන්විත1. [වි.] අනු ව ගිය; අනුකූල; ගැළපෙන; අනුරූප. 2. [වි.] යුක්ත; සම්පන්න; අන්තර්ගත.
අන්වීක්ෂකයා[නා.] සොයා බලන්නා; පරීක්ෂා කර බලන්නා.
අන්වීක්ෂණය1. [නා.] පරීක්ෂණය; ගවේෂණය. 2. (දර්ශන.) [නා.] ‘වහා’ ‘ඉඳුරා’ යන ගුණ සහිතව ප්‍රතිභාඥානය හා ප්‍රත්‍යක්ෂය හැඳින්වීමට ඥාන විභාගයෙහි යෙදෙන වචනයකි (=anschauung).
අන්වේෂණ ආලෝකය(පාරිභා.) [නා.] දුර පිහිටි දෑ බැලීමට යොදන විදුලි එළිය (=search light).
අන්වේෂණය[නා.] අනු ව සෙවීම; සොයා බැලීම; පරීක්ෂණය.
අන්වේෂ්ටා[නා.] සොයා බලන්නා; පරීක්ෂකයා.
අන්වේෂී[වි.] සොයන; සොයා බලන. [නා.ප්‍ර.] පරීක්ෂකයා; සොයන්නා; පතන්නා.
අන්වේෂී මූලද්‍රව්‍යය(පාරිභා.) [නා.] (භෞති.) විකිරණශීල මූලද්‍රව්‍යය (=tracer element).
අන්වේසනය[නා.] (විනය.) අයුතු ක්‍රමවලින් සිවුපසය සෙවීම; අනෙස්න.
අන්සතු[වි.] වෙන කෙනෙකුට අයිති වූ; අනුන් සන්තක වූ.
අන්සීනයා, අංසීනයා[නා.] හීන වූ අංශයක් ඇති තැනැත්තා; විකල් වූ අවයව ඇති තැනැත්තා.
අන්‍ය[වි.] අන්; අනෙක්; වෙනත්.
අන්‍ය පදාර්ථය[නා.] (ව්‍යාක.) සමාස කරනු ලබන පදයන්ගෙන් අන්‍ය වූ පදයක අර්ථය.
අන්‍යගතික[වි.] අනුන්ගේ පිහිට පතන්නා වූ; අන්‍යයන් සරණ යනසුලු.
අන්‍යජාතික[වි.] වෙන ජාතියකට අයිති; විජාතික.
අන්‍යතම[වි.] බොහෝ දෙනකුන් අතුරෙන් යමෙක් වූ; වෙනස් වූ; එක්තරා; යම්කිසි.
අන්‍යතර1. [වි.] දෙකින් එකක් වූ; අනිකක් වූ; අනෙක්; වෙනස් වූ. 2. [වි.] එක්තරා; එක්.
අන්‍යතරාන්‍යතර[වි.] විවිධ; නානා; එක්තරා.
අන්‍යත්‍ර[ක්‍රි.වි.] අනිත් තැනක; වෙන තැනක.
අන්‍යතීර්ථකයා[නා.] අන්‍ය ලබ්ධිකයා; මිථ්‍යාදෘෂ්ටිකයා.
අන්‍යථා[ක්‍රි.වි.] අන් පරිද්දකින්; වෙනස් ආකාරයෙන්.
අන්‍යථාභූත[වි.] අන් පරිද්දෙකින් වූ; වෙනස් වූ.
අන්‍යදෘෂ්ටිකයා[නා.] අන්‍යාගම්කාරයා; වෙනත් ආගමක් අදහන්නා.
අන්‍යප්‍රවර්තනීය[වි.] අනෙකකු විසින් පැවැත්විය හැකි.
අන්‍යපුරුෂය[නා.] (ව්‍යාක.) අන්‍ය ශබ්දකාරකය හෙවත් ප්‍රථම පුරුෂය.
අන්‍යපුෂ්ට[වි.] අනෙකකු විසින් පෝෂණය කළ; පරපුටු·
අන්‍යභවය[නා.] දැනට සිටින උත්පත්තියෙන් චුත ව වෙනත් උපතක් ලැබීම.
අන්‍යභෘත[වි.] අනෙකකු විසින් පෝෂණය කරන ලද; අන්‍යපුෂ්ට.
අන්‍යමනස්ක[වි.] අන් කරුණක පිහිටු වූ සිත් ඇති; අනවධාන.
අන්‍යලබ්ධික[වි.] අන්‍ය ආගමික; වෙනත් ආගමකට අයිති වූ.
අන්‍යවර්ග කිරීම(පාරිභා.) [නා.] එක් වර්ගයක ගණනක් ඒ ජාතියේ ම වෙන වර්ගයකට පැමිණවීම. නිද. අඩි අඟල්වලට හෝ අඟල් අඩිවලට පැමිණවීම (=reduction).
අන්‍යවිහිතය[නා.] අන් කරුණකට යොමු වූ සිත් ඇති බව; වික්ෂේපය.
අන්‍යශාස්තෘ[නා.ප්‍ර.] වෙනත් ආගමක ශාස්තෘවරයා.
අන්‍යස්මෘතික[වි.] අනෙක් කරුණක් වෙත සිත යොමු කළ.
අන්‍යසාමාන්‍ය[නා.] අන්‍යයන් හා සමාන බව.
අන්‍යාධීනයා[නා.] අනුන්ට අයත් තැනැත්තා; යටත් තැනැත්තා.
අන්‍යාපදේශය[අන්‍ය+අපදේශය] [නා.] අනිකක් දැක්වීම හෝ ගෙන හැර පෑම.
අන්‍යාය[නා.] නීතියට විරුද්ධ වූ දෙය; අයුක්තිය.
අන්‍යෝන්‍ය[වි.] අන්‍ය අන්‍ය; ඔවුනොවුන් පිළිබඳ; එකිනෙක හෝ එකිනෙකා පිළිබඳ.
අන්‍යෝන්‍ය ආකර්ෂණය(පාරිභා.) [නා.] එකිනෙක වෙත ඇද ගන්නා බලය (=mutual attraction).
අන්‍යෝන්‍යප්‍රේරණය(පාරිභා.) [නා.] දඟර දෙකකින් එකක ධාරාව වෙනස් වීමෙන් තවත් දඟරයකට සම්බන්ධ වූ ස්‍රාවයේ වෙනස් වීමක් ඇති වී, පසු ව කී දඟරයේ විද්‍යුත්ගාමක බලය ඇති කිරීම (=mutual induction).
අන්‍යෝන්‍යස්ථ[වි.] එකිනෙක කෙරෙහි පිහිටි.
අන්‍යෝන්‍යාධාරය[අන්‍යෝන්‍ය+ආධාරය] [නා.] ඔවුනොවුන්ට උපකාර වීම; එකිනෙකාට ආධාර වීම.
අන්‍යෝන්‍යාභින්න[වි.] එකිනෙකට වෙනස් වූ; ඔවුනොවුන් හා වෙනස් වූ.
අන්‍යෝන්‍යෝපකාරය[අන්‍යෝන්‍ය+උපකාරය] [නා.] ඔවුනොවුන්ට උපකාර වීම.
අනා[වි.] නොආ; නොපැමිණි; ඉදිරි කාලයට අයත්; අනාගත. 1. [නා.] අන් තැනැත්තා, අන්‍යයෙක්. 2. [නා.] පිහිට වන්නකු නැති තැනැත්තා; අසරණයා.
අනාකල්[නා.ප්‍ර.] නොපැමිණි කාලය; අනාගත කාලය.
අනාකූල1. (පාරිභා.) [වි.] අවම ප්‍රතිරෝධයක් ඇති වන පරිදි ගලන දිය ධාරාවක මාර්ගය වැනි වූ සීමා ඇති. 2. [වි.] ආකූල නොවූ; නොකැලඹුණු; නිරවුල්; පැහැදිලි.
අනාඛ්‍යාත[වි.] නොකියන ලද; ප්‍රකාශ නොකරන ලද; විස්තර නොකළ.
අනාගත[වි.] නොපැමිණි.
අනාගත දර්ශියා[නා.] මතු කාලයෙහි සිදු වන දේ නුවණැසින් දක්නා තැනැත්තා; දිවැස් ඇත්තා.
අනාගත ධර්මය[නා.] (ක්‍රිස්ති.) මරණය, විනිශ්චය, ස්වර්ගය, නිරය යන අන්තිම අවස්ථා පිළිබඳ ඉගැන්වීම; අන්තිම භාව විද්‍යාව.
අනාගත භවය[නා.] මතු උපදින ආත්මභාවය; මතු අත්බව.
අනාගත වාක්‍යය[නා.] මතු සිදුවන දෑ කල්මත්තෙන් කීම; ඉදිරි කාලයෙහි සිද්ධ වන කාරණ පිළිබඳව කලින් කරන ප්‍රකාශය.
අනාගතංස[නා.ප්‍ර.] අනාගත වූ කොටස; අනාගතය.
අනාගතංස ඤාණය, අනාගතංස ඥානය[නා.] අනාගතය හෙවත් අනාගතයෙහි සිදු වන දෑ දක්නා නුවණ.
අනාගතභාවී[වි.] අනාගතයෙහි වන්නා වූ; මතු කාලයෙහි සිද්ධවන්නා වූ
අනාගතය[නා.] නොආ හෙවත් නොපැමිණි කාලය; මතු කාලය.
අනාගතවක්තෘ[නා.ප්‍ර.] මතු සිදු වන දෑ කල්මත්තෙන් කියන්නා; ඉදිරි කාලයෙහි සිද්ධ වන කාරණ කලින් ප්‍රකාශ කරන්නා.
අනාගතිය[නා.] නොපැමිණීම; අසම්ප්‍රාප්තිය.
අනාගමනය[නා.] ආපසු නොපැමිණීම.
අනාගම්‍ය[වි.] ළං විය නොහැකි; දුර්ගම; පැමිණීමට අපහසු.
අනාගාමියා[නා.] පිළිසිඳීම වශයෙන් කාමලෝකයට (කාම භවයට හෙවත් කාම ධාතුවට) පෙරළා නොඑන්නා වූ තෘතීය මාර්ග ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා.
අනාගාමී[නා.] නිර්වාණ මාර්ගයෙහි තුන්වන ඵලය.
අනාගාමී ආර්යයා[නා.] අනාගාමී මාර්ගඵල අධිගම කළ ආර්ය හෙවත් උතුම් පුද්ගලයා; අනාගාමියා.
අනාගාමී ඵලය[නා.] අනාගාමී මාර්ගයෙන් හටගන්නා වූ ඵලය හෙවත් විපාකය; අනාගාමියකු විසින් සාක්ෂාත් කරන ලද ඵලය.
අනාගාමීමග්ග[නා.ප්‍ර.] (අභි.) පියවර හතරකින් යුත් ආර්ය මාර්ගයෙහි තුන්වැන්න.
අනාගාර[වි.] ගෙයක් නැති; ගිහි ගෙයින් ඉවත් වූ; පැවිදි වූ.
අනාච්ඡාදනය[නා.] වැස්ම ඉවත් කිරීම; නොවැසීම.
අනාචාරය1. [නා.] ආචාර ධර්මයට විරුද්ධව හැසිරීම; අවකල් ක්‍රියාව; දුරාචාරය 2. [නා.] කාමයෙහි වරදවා හැසිරීම; පරදාර හෝ පරපුරුෂ සේවනය; කාමමිථ්‍යාචාරය. 3. (විනය.) [නා.] සිතින්, කයින් හෝ වචනයෙන් ශික්ෂාපද කඩ කිරීම; ත්‍රිවිධද්වාරයෙන් සිදු වන ශික්ෂාපද උල්ලංඝනය.
අනාචාරශීලී[වි.] ආචාර ධර්මයට විරුද්ධ පැවතුම් ඇති; අවකල්ක්‍රියාවේ යෙදෙන.
අනාචාරි1. [වි.] ඇදුරකු නැති. 2. [වි.] ආචාර ධර්මයන්ට විරුද්ධ හැසිරිම් ඇති; දුරාචාර ගති පැවතුම් වලින් යුතු.
අනාචාරියා[නා.] ආචාර ධර්මයට විරුද්ධව හැසිරෙන්නා; දුසිරිතට ඇබ්බැහි තැනැත්තා.
අනාඥේය[නා.ප්‍ර.] නොදත හැක්ක; අවබෝධ කළ නොහැක්ක (මහායාන ධර්මයෙහි නිර්වාණය හඳුන්වන පදයකි).
අනාත්ම[වි.] ආත්මයක් නැති.
අනාත්ම ලක්ෂණය[නා.] (අභි.) තමා හෝ තමාගේ හෝ නොවන ස්වභාවය; මමය මාගේය යනුවෙන් ගත හැකි ආත්මයක් ශරීරය තුළ නැතැයි සැලකීම.
අනාත්මය[නා.] ආත්මයක් නැතිබව; මමය මාගේය යන මමත්වය නැති බව.
අනාත්මවාදය[නා.] ආත්මය යැයි වෙන් කොට දැක්විය හැකි කිසිවක් සත්ත්වයකු තුළ නැතැයි උගන්වන දර්ශනය; ආත්මයක් නැතැයි පිළිගැනීම.
අනාතුර[වි.] ලෙඩක් නැති ; රෝගයකින් තොර.
අනාථ[වි.] පිහිටවන්නකු නැති; ස්වාමියකු නැති; සරණක් නැති; අසරණ.
අනාථ නිවාසය[නා.] අසරණයන් සඳහා පිහිටුවා ඇති නිවාසය; අනාථ මඩම.
අනාථනාථ[වි.] අසරණයන්ට පිහිටවන; පිහිටක් නැති අයට සරණ වන. 1. [නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේ හඳුන්වන නාමයක්. 2. [නා.ප්‍ර.] නාථදෙවි.
අනාදරිය1. [නා.ප්‍ර.] ආදරය නැති බව; නොසැලකිල්ල. 2. [නා.ප්‍ර.] අගෞරවය; අවමානය.
අනාදවස[නා.] ඉදිරියට එන කාලය; මතු දවස; අනාගත කාලය.
අනාද්‍යන්ත[වි.] පටන් ගැනීමක් හා කෙළවරක් නොමැති; අක්මුල් රහිත.
අනාදි1. [වි.] ආදියක් හෙවත් පටන් ගැන්මක් නැති; ආරම්භයක් නොපෙනෙන; පුරාතන. 2. [වි.] මුල නොපිහිටි; ආරම්භයෙහි නොවූ. 3. [වි.] වචනයක ආදිය නුවූ; ස්වර දෙකක් මධ්‍යයෙහි හෙවත් අතරෙහි වූ. [නා.ප්‍ර.] පැරණි කාසි වර්ගයක්.
අනාදෘත[වි.] නොසලකන ලද; සැලකිල්ලට නොගත්; ආදරය නොකරන ලද.
අනාදෙය්‍ය, අනාදේය[වි.] නොපිළිගත යුතු; නොගත යුතු; නොසැලකිය යුතු.
අනාධෘෂ්‍ය[වි.] පරාජය කළ නොහැකි; දමනය කළ නොහැකි; අදම්‍ය.
අනාධෙය්‍යාතිසය[වි.] දැනගත යුතු හෙවත් සිතෙහි දැරිය යුතු තවත් දෙයක් නැති; පරිපූර්ණ
අනානන්තර[වි.] අතරක් නැති නොවූ; නො කඩවීමක් නැති; අනන්තර නොවූ.
අනාපත්තිය[නා.] (විනය.) (විනය නීති කඩ කිරීමෙන්) වරදකට නොපැමිණවීම; ඇවැතකට පත් නොවීම; ආපත්තියක් නොවූව.
අනාපස[නා.ප්‍ර.] ( ව්‍යාක.) අනාගත කාලය හඟවන ප්‍රත්‍යය.
අනාප්ත1. [වි.] අප්‍රාප්ත; අධිගමයට නොපැමිණි. 2. [වි.] ඥානවත් නොවූ; දැනුමක් නැති.
අනාපාථය[නා.] ඇස් හමුයෙහි නොපිහිටි දෙය; ඇසට පෙනෙන සීමාවෙන් බැහැරවූව.
අනාපුච්ඡාව[නා.] නොපිළිවිසීම; නොවිචාරීම; අසා නොවිමසීම.
අනාබව[නා.ප්‍ර.] මතු උපදින ජන්මය; අනාගත උපත; ඉදිරි භවය.
අනාබස[නා.] අනාගත වාක්‍යය.
අනාභෝගය[නා.] නොසිතීම; මෙනෙහි නොකිරීම; අධිෂ්ඨාන නොකිරීම.
අනාමක[වි.] නමක් නැති; නමක් නොලැබූ.
අනාමට්ඨ පිණ්ඩපාතය[නා.] ඉඳුල් නොකරන ලද පිණ්ඩපාතය.
අනාමන්තචාරය[නා.] කඨිනයක් ඇතිරීම කළ භික්ෂුවක් දොළොස් රියනක් ඇතුළත සිටින භික්ෂුවකට නොදන්වා විහාරයෙන් නික්ම යෑම; නොවිචාරා ගම් වැදීම.
අනාමය[නා.ප්‍ර.] ලෙඩ නැතිකම; නිරෝගී භාවය.
අනාමර්ශ[වි.] අත නොගෑ යුතු; නොඇල්ලිය යුතු; ස්පර්ශ නොකටයුතු. [නා.ප්‍ර.] කල්පනා නොකිරීම; සැලකිල්ලට නොගැනීම.
අනාමාස[නා.බහු.] (විනය.) උපසපන් භික්ෂුවක් විසින් අත නොගෑ යුතු එනම් ඇල්ලීමට නුසුදුසු වස්තු.
අනාමිකාව[නා.] අත්පාවල මැද ඇඟිල්ල හා සුළැඟිල්ල අතර පිහිටි ඇඟිල්ල; මුදැඟිල්ල; වෙදැඟිල්ල
අනාමෘෂ්ට1. [වි.] අත නොගෑ; නොඅල්ලන ලද; ස්පර්ශ නොකරන ලද. 2. [වි.] තෘෂ්ණා දෘෂ්ටි ආදි කෙලෙසුන් විසින් නොගන්නා ලද; භවභෝග සම්පත් නොපැතූ.
අනායත්[වි.] අනුන්ට අයිති; තමන් සතු නොවූ; අන්සතු.
අනායත්ත[වි.] අනුනට යටත් නොවූ; නිවහල්; දමනය නොවූ.
අනායාස[වි.] උත්සාහයකින් තොර; නිරුත්සාහික; ආයාස රහිත.
අනායූහනය1. [නා.] උත්සාහයක් නොමැතිකම; උද්යෝගයක් නොමැතිකම; අනුත්සාහය. 2. [නා.] මතු භවයෙහි ප්‍රතිසන්ධියට හේතු වූ කර්මය රැස් නොකිරීම; නිර්වාණය.
අනාරක්ෂිත[වි.] ආරක්ෂා නොකරන ලද; නොරක්නා ලද.
අනාරබ්ධ[වි.] පටන් නොගත්; ආරම්භ නොකළ.
අනාරම්භ1. [වි.] පටන් ගැනීමක් නැති; ආරම්භයක් නොමැති. 2. [වි.] උපද්‍රව රහිත [නා.ප්‍ර.] පටන් නොගැනීම.
අනාරම්මණ[වි.] (අභි.) අරමුණු රහිත; අරමුණු නොගන්නා; ආලම්බන ස්වභාවයෙන් තොර.
අනාර්ය1. [වි.] උතුම් නොවූ; ශ්‍රේෂ්ඨ නොවූ; හීන පැවතුම් ඇති; ම්ලේච්ඡ. 2. [වි.] ආර්ය නම් මානව කොට්ඨාසයට අයත් නොවූ; ම්ලේච්ඡ. 3. [වි.] මාර්ග ඵලයකට නොපැමිණි; පෘථග්ජන; පුහුදුන්.
අනාර්යයා1. [නා.] ආර්ය නම් මානව කොට්ඨාසයට අයත් නොවන්නා; අශිෂ්ටයා; ම්ලේච්ඡයා. 2. (අභි.) [නා.] මාර්ග ඵලයකට නොපැමිණි තැනැත්තා; පෘථග්ජනයා; පුහුදුනා.
අනාර්හ[වි.] සුදුසු නොවූ; නුසුදුසු.
අනාරාධික[වි.] ආරාධනයක් නොලැබූ; ඇරයුමක් නොලත්.
අනාරූඪ1. [වි.] අර්ථව්‍යාඛ්‍යානයට නොනංවන ලද; විස්තර නොකරන ලද. 2. [වි.] ඇතුළත් නොකරන ලද; අන්තර්ගත නොකළ.
අනාරූප්‍ය[වි.] අරූප ලෝකයට අයත් නොවන; අරූපාවචර නොවන; රූපාවචර.
අනාරෝචනය[නා.] (විනය.) නොදැන්වීම; ආරෝචනය නොකිරීම.
අනාලම්බ[වි.] එල්ලී සිටීමට දෙයක් නොමැති; අල්ලා සිටීමට උපකාර වන යමක් නැති.
අනාලම්බන[වි.] (අභි.) අරමුණක් නැති; අරමුණක් නොගන්නා; ආලම්බන ස්වභාවයෙන් තොර.
අනාලය1. [වි.] නිවසක් නැති; නිවාසයක් නොමැත්තා වූ, 2. [වි.] ඇල්මක් නැති; ආශා රහිත; නොඇලෙන. 1. [නා.ප්‍ර.] පඤ්චකාමයෙහි නොඇලෙන ස්වභාවය. 2. [නා.ප්‍ර.] ආශා නැති බව; අතෘප්තිය.
අනාලස්‍ය[වි.] කම්මැළිකම නැති; අලස නොවන; කුසීත නැති; අනලස්.
අනාලාපය[නා.] කථා නොකිරීම; නොබිණීම; නිහඬව සිටීම.
අනාලෝචිත[වි.] නොසිතා බලන ලද.
අනාලෝළිත[වි.] නොකැලඹුණු; නොකලඹවන ලද.
අනාව[නා.] නොපැමිණි කාලය; ඉදිරි කාලය, මතු දවස.
අනාවරකය(පාරිභා.) [නා.] කිසියම් දෙයක් සැඟවී තිබේ දැයි සොයා ගැනීමේ උපකරණය; නිරීක්ෂණය නොවනසුලු ක්‍රියාවක් සොයා ගැනීමේ උපකරණය (=detector).
අනාවරණ1. [වි.] නොවැසුණු; ආවරණය නොවුණු. 2. [වි.] බාධා රහිත; නොවැළකුණු.
අනාවරණ ඥානය[නා.] දැනගත යුතු සියලු දෙය අවහිරයක් නැතිව දන්නා නුවණ; බුදුවරයෙකුට පමණක් ඇති ෂඩ්විධ අසාධාරණ ඥාන අතරින් එකකි.
අනාවරණය1. [නා.] නොවැසුණු බව; එළිදරවු වීම. 2. [නා.] සොයා දැනගැනීම; සැඟවී තිබුණු දෙයක් මතු කර ගැනීම.
අනාවැකිය[නා.] මතු කාලයෙහි මෙවැන්නක් වෙතියි කල් තබා කරන ප්‍රකාශය; අනාගත වාක්‍යය.
අනාවිකරණය[නා.] හෙළි නොකිරීම; (ප්‍රකාශ කළ යුතු කරුණක්) ප්‍රකාශ නොකිරීම.
අනාවිල[වි.] නොකැලඹුණු; පැහැදිලි; ප්‍රසන්න.
අනාවෘත[වි.] නොවසන ලද; නොඅවුරන ලද; බාධා රහිත.
අනාවෘත්ත[වි.] වට නොකරන ලද; හාත්පසින් කොටු නොකරන ලද.
අනාශ්වාසයා[නා.] අස්වැසිල්ලක් නොලබන්නා; සැනසිල්ලක් නොමැත්තා.
අනාශ්‍රව[වි.] (විනය.) ආශ්‍රයක් නැති; වෙන් වූ; තනි.
අනාසක්තිය[නා.] නොඇල්ම; ආශා රහිත බව.
අනාසව[වි.] ආසව හෙවත් කෙලෙස් නැති.
අනාස්වාදිත[වි.] රස විඳ නොගත්; ආස්වාදය නොකළ.
අනාසේවිත[වි.] සේවනය නොකරන ලද; භාවිත නොකරන ලද; ඇසුරු නොකරන ලද.
අනාහත[වි.] තුවාල නොකළ; පහර නොදෙන ලද.
අනාහාර[වි.] ආහාර රහිත, නිරාහාර.
අනාහිත[වි.] නොතබන ලද; නොදැල් වූ; යාග හෝම පිළිබඳ ගිනි සම්බන්ධයෙන් කියනු ලැබේ.
අනාහූත[වි.] නොකැඳ වූ; ආරාධනා නොලැබූ; නිමන්ත්‍රණය නොකරන ලද.
අනික්ෂිප්ත[වි.] අත් නොහළ; බහා නොතැබූ; නික්ෂේප නොකළ.
අනිකේත1. [වි.] ගෙයක් නැති; නිවසක් නොමැත්තා වූ; නිවාස රහිත. 2. [වි.] ගිහි ජීවිතයක් ගත නොකරන; ගෘහස්ථ නොවන; අනගාරික.
අනිකේතවාසී[වි.] (කථා.) ගෙයක නොවසන; තමන්ගේම යැයි කිව හැකි වාසස්ථානයක් නොමැති.
අනිගස්සනවා(කථා.) [ක්‍රි.] හානි පමුණුවනවා; හිරිහැර කරනවා.
අනිග්ගහීත[වි.] අවහිර නොකරන ලද; නිග්‍රහ නොකරන ලද.
අනිග්‍රහය1. [නා.] මැඩ නොපැවැත්වීම; අසංවරය. 2. [නා.] නින්දා නොකිරීම; අවමන් නොකිරීම. 3. [නා.] ආයුර්වේද ශල්‍ය උපකරණයක්.
අනිච්ච[වි.] හැමකල්හි එක සේ නොපවතින; නිත්‍ය නොවන; වෙනස්වනසුලු; අනිත්‍ය.
අනිච්ඡ1. [වි.] ආශාවෙන් තොර; කැමැත්ත නැති; ඉච්ඡා රහිත. 2. [වි.] කැමැත්තක් නැතිව සිදු වන.
අනිච්ඡානුග(පාරිභා.) [වි.] සිය කැමැත්තක් අනුව සිදු නොකරන; තම කැමැත්තට අනුව ක්‍රියා නොකරන.
අනිච්ඡාව[නා.] ආශා රහිත බව; ඉච්ඡා විරහිතකම; නොකැමැත්ත.
අනිච්ඡිත කර්මය[නා.] (ව්‍යාක.) කර්තෘගේ කැමැත්තක් නැති ව ඉබේට ම කෙරෙන කර්මය; අනිප්සිත කර්මය.
අනිඤ්ජන[වි.] නොසැලෙන; කම්පා නොවන. [නා.ප්‍ර.] නොසැලෙන ස්වභාවය; නොසැලීම.
අනිටු[අන්+ඉටු] [වි.] ප්‍රිය නොවූ; යහපත් නොවූ; ශුභ නොවන.
අනිටු ගණය[නා.] (ඡන්ද.) අශුභ ගණය; ඡ, ර, ස, සහ ත යන අශුභ ගණ හතර.
අනිත්ලකුණ[නා.ප්‍ර.] නිත්‍ය නොවන ස්වභාවය; අනිත්‍ය ලක්ෂණය.
අනිත්‍ය[වි.] සදාකාලික නොවන; නස්නාසුලු; අස්ථිර. [නා.ප්‍ර.] නිත්‍ය ස්වභාවයක් නොමැති බව; සදාකාලික නොවන බව.
අනිත්‍යානුදර්ශනය[නා.] (අභි.) විශ්වයේ ඇති සියලු සංස්කාර ධර්ම අනිත්‍ය වශයෙන් නුවණින් දැකීම; අනිච්චානුපස්සනාව.
අනිත්‍යානුස්මරණය[නා.] සියලු සංස්කාර ධර්ම වෙනස් වන සුලුය, වැනසෙනසුලුය යනුවෙන් මෙනෙහි කිරීම.
අනිදර්ශන, අනිදස්සන[වි.] (අභි.) ඇසට විෂය නොවන; නොපෙනෙන; චක්ෂුර් විඥානයට ගෝචර නොවන; දෘෂ්ටියට හසු නොවන්නා වූ.
අනිද්‍ර[වි.] නිදි නැති; නිද්‍රාවෙන් තොර.
අනිද්‍රාව[නා.] නින්ද නොයෑම; නිදා ගැනීමට නොහැකිකම හා සම්බන්ධ රෝගය.
අනිධානගත1. [වි.] නිදන් නොකරන ලද; සඟවා නොතබන ලද. 2. [වි.] මුල්බැස නොගත්; නිදන්ගත නොවූ; යටපත් නොවූ ( රෝග පිළිබඳව කියැවේ).
අනිනපද[නා.ප්‍ර.] ඇනුම්පද.
අනිනවා1. [ක්‍රි.] අඟින්, හිසින් හෝ දළින් පහර දෙනවා; සිදුරු වන ලෙස පහර දෙනවා. 2. [ක්‍රි.] (විළුඹ, දණ, වැළමිට ආදි කෙළවරක්) පෘෂ්ඨයක වද්දවනවා/ ඝට්ටනය කරනවා. 3. [ක්‍රි.] වංචාවෙන් පැහැර ගන්නවා; රවටා ගන්නවා; අලාභ කරනවා.
අනින්ද්‍රිය1. (අභි.) [වි.] ඉන්ද්‍රිය රහිත; ඇස්, කන් නාසාදි ඉඳුරන් නැති; අප්‍රාණික. 2. [වි.] ඉන්ද්‍රිය හා නොබැඳුණු.
අනින්දිත1. [වි.] නින්දා නොකරන ලද; අවමන් නොලද; විවේචනයට ලක් නොවූ. 2. [වි.] වරදක් නැති; අඩු පාඩුවක් නැති; නිරවද්‍ය.
අනිප්ඵන්න[වි.] නොනිපන්; හේතු ප්‍රත්‍ය ඇසුරින් නොඋපන්.
අනිබද්ධ1. [වි.] නොබැඳුණු; අවහිරයක් නැති; සීමා රහිත. 2. [වි.] නියමයක් නැති; අනියත.
අනිබද්ධ චාරිකාව[නා.] එක් විශේෂ පුද්ගලයකු නියම කොට නොගෙන ලෝවැඩ සඳහා ගම් නියම්ගම් සිසාරා පිළිවෙළින් සැරිසැරීම; අතුරිත චාරිකාව.
අනිබද්ධ සයනය[නා.] ස්ථිර නොවූ නිදන තැන; නිත්‍ය නොවන සයන ස්ථානය.
අනිබද්ධවාස[වි.] එක් තැනක නිරතුරු වාසයක් නොමැති; එක තැනක ස්ථිර ලෙස නොවසන.
අනිමන්ත්‍රණ බත[නා.] ආරාධනා නොකොට පිළිගැන්වූ භෝජනය; ආගන්තුක භෝජනය.
අනිමිත්ත[වි.] නිමිති නැති; අරමුණු නැති; හේතු රහිත.
අනිමිත්ත ධාතු[නා.ප්‍ර.] නිවන; නිර්වාණ ධාතුව.
අනිමිෂ, අනිමිස[වි.] ඇසිපිය නොහෙළන; නිමේෂ රහිත.
අනිමිසලෝචන පූජාව[නා.] ඇසිපිය නොහෙළා බලා සිටීමෙන් කරනු ලබන උපහාරය.
අනිමේෂයා[නා.] ඇසිපිය නොහෙළන නැතැත්තා; දිව්‍ය යෝනියකට අයත් තැනැත්තා; දෙවියා.
අනිය1. (කථා.) [නා.] හානිය; කරදරය; අකරතැබ්බය. 2. [නා.] නීති කඩ කිරීම.
අනියත1. [වි.] නියත නොවූ; අවිනිශ්චිත; ස්ථිර නොවූ 2. [වි.] වෙනස් වනසුලු. [නා.ප්‍ර.] (විනය.) පාරාජිකා, සංඝාදිසේස, පාචිත්තිය යන තුන් ආපත්ති වර්ගය අතුරින් කවර එකකට අසු වේ දැයි නියත ලෙසින් කිය නොහැකි ඇවැත.
අනියත චලනය(පාරිභා.) [නා.] වෙනස් වනසුලු චලනය; සෑම විට ම ඒකාකාර ව නොපවත්නා චලනය (=variable motion).
අනියත ප්‍රයෝගය[නා.] (ව්‍යාක.) ස්ථිර ලෙසින් නොවන ප්‍රයෝගය හෙවත් යෙදුම.
අනියත මිථ්‍යා දෘෂ්ටිය[නා.] ශාස්වත හෝ උච්ඡේද හෝ වශයෙන් දැඩි ව නොගත් මිථ්‍යා දෘෂ්ටිය; ගුරුවරුන්ගේ අවවාද අනුශාසනයෙන් අත්හැරිය හැකි මිථ්‍යා දෘෂ්ටිය.
අනියත විවරණය[නා.] බුදු වන්නට හේතු වාසනා ඇතැයි පූර්ව බුදුවරයකු විසින් (නියත විවරණ ලැබීමට පෙර) බෝධිසත්වවරයකුට කරන ප්‍රකාශය.
අනියතගතික[වි.] මරණින් මතු අසවල් තැනක ප්‍රතිසන්ධිය ලබන්නේ යැයි නිශ්චය වශයෙන් කිව නොහැකි.
අනියම[වි.] නියම හෙවත් නිශ්චය නැති; ඒකාන්ත නොවූ; අනිශ්චිත.
අනියම භාගය(පාරිභා.) [නා.] හරයට වඩා ලොකු හෝ හරය හා සමාන හෝ ලවයක් ඇති භාගය; විෂම භාගය(=improper fraction).
අනියම්1. [වි.] නියම නැති; නිශ්චය නැති; අහම්බෙන් ඇති වන. 2. [වි.] නීති විරෝධි; නීත්‍යනුකූල නොවූ; ක්‍රම විරෝධි.
අනියම් ඇලපත[නා.] වැවක වතුර මුර බෙදාගෙන ගොවිතැන් කරන කාලයෙහි කුඹුරු යායක ඉහළ පැත්තෙන් සහ පහළ පැත්තෙන් තාවකාලිකව වෙන් කරනු ලබන බිම් තීරය.
අනියම් කම්කරුවා[නා.] ස්ථිර සේවයෙහි නො යෙදී අවස්ථාවක් ඇති වූ විට පමණක් වැඩ කරන කම්කරුවා.
අනියම් කියමන(පාරිභා.) [නා.] (නීති.) නඩුවක දී විනිශ්චයකාරයකු විසින් නීතිය පිළිබඳ කරුණක් ගැන ආගන්තුක වශයෙන් කරන ප්‍රකාශය (=casual dictum).
අනියම් රුජාව[නා.] ප්‍රසව රුජාව ඇති වීමට පෙර ගර්භණියකගේ උදරයෙහි වරින් වර ඇති වන වේදනාව.
අනියම් සිතාසි දීම[නා.] (නීති.) නියම ලෙස සිතාසි බාර දීම සඳහා නඩුවක විත්තිකරුවකු සොයාගත නොහැකි අවස්ථාවක දී අවිධිමත් ලෙස එය භාරදීම; ආදේශික බාරදීම (=substituted service).
අනියම්නිවාඩු[නා.ප්‍ර.] හදිසි කටයුත්තක් සඳහා ආගන්තුක වශයෙන් ගන්නා නිවාඩු (=casual leave).
අනියමාර්ථය[නා.] නිශ්චිත නැති බව අඟවන අරුත; අසම්භාව්‍ය ක්‍රියාව යෙදෙන අර්ථ දෙකෙන් එකක්.
අනියමිත සංචිතය(පාරිභා.) [නා.] නීත්‍යනුකූල නොවූ සංචිතය හෙවත් රැස් කරන ලද ධනය (=non-legal reserve).
අනියා[නා.ප්‍ර.] අයුක්තිය; වැරැද්ද; අනීතිය. [වි.] අයුතු; වැරදි; අයුක්තිසහගත; සාවද්‍ය.
අනියා කැබැලි[නා.බහු.] අයුතු ලෙස අල්ලාගත් බිම් කොටස්; නීති විරෝධී ලෙස අයිති කර ගත් ඉඩම් කැබලි.
අනියායම(කථා.) [නා.] අයුක්තිය; අසාධාරණය; අපරාධය; අවනඩුව; වැරැද්ද.
අනිර්ණේයතාව(පාරිභා.) [නා.] නිර්ණය කළ නොහැකි බව; නිත්‍ය අගයක් නැති බව.
අනිර්දිෂ්ට1. [වි.] නොදක්වන ලද; පෙන්වා නොදෙන ලද්දා වූ. 2. [වි.] නිර්දේශ නොකරන ලද; නිර්දිෂ්ට නොවූ.
අනිර්මිත[වි.] නොනිමවන ලද; නිර්මාණය නොකරනු ලැබූ.
අනිර්වාපණිය[වි.] නිවාලිය නොහැක්කා වූ.
අනිර්වාහක(පාරිභා.) [වි.] සන්නයනය නොකරන, වහනය නොකරන; අසන්නායක; අප්‍රවාහී.
අනිරාකෘත[වි.] නොවළක්වන ලද; බාධා නොකරන ලද්දා වූ.
අනිරාස්වාද[වි.] අසතුටු නොවූ; අතෘප්තියට නොපැමිණි.
අනිරුද්ධ[වි.] නොවළක්වන ලද; බාධා නොකරන ලද්දා වූ; නොසඟවන ලද. [නා.ප්‍ර.] බාධා නොකරන ලද දෑ.
අනිල1. [නා.ප්‍ර.] සුළඟ; වාතය; මාරුතය. 2. [නා.ප්‍ර.] අහස; ආකාශය; ගුවන. 3. [නා.ප්‍ර.] සා නැමැති නැකත.
අනිල ප්‍රස්තාරය(පාරිභා.) [නා.] අනිල දර්ශකයෙන් ලැබෙන සුළං වේග සටහන.
අනිලදර්ශකය(පාරිභා.) [නා.] සුළං වේගය හා සුළං හමන දිශාව සටහන් කරන උපකරණය.
අනිලපථය[නා.] අහස; ආකාශය.
අනිලමානය(පාරිභා.) [නා.] සුළඟේ වේගය මැනීම සඳහා භාවිත වන උපකරණය (=anemometer).
අනිවතුන්[වි.] නොනවත්වන; නැවැත්විය නොහැකි; අවශ්‍යයෙන් යා යුතු.
අනිවරණ1. [වි.] වැළැක්වීමක් නැති; අතරමඟ නැවතීමක් නැත්තා වූ; වළක්වාලිය නොහැක්කා වූ. 2. [වි.] නීවරණ වලින් තොර; පඤ්ච නීවරණයෙන් මිදුණු.
අනිවර්තිත[වි.] ආපසු නොහරවන ලද; නොනැවැත්වූ; නවත්වන්නට බැරි.
අනිවාර්ය1. [වි.] වැළැක්විය නොහැකි; නිවාරණය කළ නොහැකි; නවතාලිය නොහැකි. 2. (පාරිභා.) [වි.] එක ම ක්‍රමයකට ජීවත් වන හෝ ක්‍රියා කරන; වැළැක්විය නොහැකි හෙවත් අවශ්‍යයෙන් ම විය යුතු. [නා.ප්‍ර.] වැළැක්විය නොහැකි දෙය; නොවැරැදී ම සිදුවන දෙය.
අනිවාර්ය විෂය[නා.ප්‍ර.] පරීක්ෂණයක් සඳහා ගත යුතු ම වූ විෂය; විභාගයකින් සමත් වීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම සමත් ලකුණු ලබා ගත යුතු විෂය.
අනිවාරිත[වි.] නොවළක්වන ලද; බාධා නොකරන ලද.
අනිවෘත[වි.] කාමාදියෙන් කිලුටු නොවූ; අක්ලිෂ්ට.
අනිවෘත්ත[වි.] නොනැවතුණු; ආපසු නොහැරුණු.
අනිවේශිත[වි.] ඇතුළත් නොකරන ලද; නිවේශනය නොකරන ලද.
අනිෂ්ට1. [වි.] කැමැත්ත ඇති නොකරන; සතුට නූපදවන. 2. [වි.] නපුරු; දුර්විපාක ගෙන දෙන; අහිතකර; මඞ්ගල නොවූ.
අනිෂ්ට කර්මය[නා.] යහපත් ප්‍රතිඵල ගෙන නොදෙන ක්‍රියාව; අයහපත් කාර්යය; අකුශල කර්මය.
අනිෂ්ට ප්‍රසඞ්ගය[නා.] අනභිමත යෙදීම; අනපේක්ෂිත එක් වීම.
අනිෂ්ට සමෝධානය[නා.] නොකැමති අය සමග එක් වීම; අනභිමත පුද්ගලයන් සමග ආශ්‍රය; අප්‍රිය සම්ප්‍රයෝගය.
අනිෂ්ටගණ[නා.ප්‍ර.] (ඡන්ද.) කවි තැනීමෙහි දී සැලකෙන ගණ අට අතුරෙන් අශුභ යැයි සම්මත ජ, ර, ස සහ ත යන ගණ සතර.
අනිෂ්ටාර්ථය[අනිෂ්ට+අර්ථය] [නා.] අදහස් කළ දෙයට විරුද්ධ තේරුම; අදහස් නොකළ තේරුම.
අනිෂ්ටාලම්බනය[අනිෂ්ට+ආලම්බනය] [නා.] ප්‍රිය බවක් නූපදවන අරමුණ; දුඃඛ වේදනාවට කාරණ වූ ආරම්මණය.
අනිෂ්පත්තිය[නා.] සිද්ධ නොවීම; කටයුතු ඉටු නොවීම.
අනිසම[වි.] හදිසි අවස්ථාව; අහම්බය.
අනිස්තිර(කථා.) [වි.] ස්ථිර නොවන; වෙනස්වන සුලු; කල් නොපවතින; තාවකාලික.
අනිස්සිත1. [වි.] අනිශ්‍රිත, තෘෂ්ණා, දෘෂ්ටි දෙකින් ඇසුරු නොකරන ලද. 2. (විනය.) [වි.] නිස සමාදන් වීමෙන් මිදුණු; ඇදුරු කෙනෙකු ඇසුරු නොකළ.
අනිසි[වි.] නිසි නොවන; නුසුදුසු; උචිත නොවන.
අනිහිත[වි.] (විනය.) නොතබන ලද; ඉවත නොලන ලද.
අනීකට්ඨයා1. [නා.] සෙබළා; යුද්ධ භටයා. 2. [නා.] රජුගේ පෞද්ගලික ආරක්ෂක භටයා; අඞ්ගාරක්ෂකයා; රජගෙය රකින භටයා.
අනීකය1. [නා.] යුද්ධ සේනාංකය; බල ඇණිය. 2. [නා.] යුද්ධය; සටන. 3. [නා.] ක්‍රමික ව ඉදිරියට ගමන් කරන භට කණ්ඩායම.
අනීතික1. [වි.] නීතියට එකඟ නොවන; නීත්‍යනුකූල නොවන්නා වූ; නීති විරෝධී. 2. [වි.] රීති රහිත; උවදුරු නැති; පීඩා නැති.
අනීප්සිත[වි.] කැමති නොවන ලද; අපේක්ෂා නොකරන ලද; අනභිමත; අනපේක්ෂිත.
අනීශ[වි.] ප්‍රධානයකු නැති; අධිපතියකුගෙන් තොර.
අනීශ්වර1. [වි.] අධිපතියකු නැති; නායකයකු නැත්තා වූ. 2. [වි.] සර්වබලධාරී දෙවියකු ඇතැයි නොඅදහන; අදේවදෘෂ්ටික.
අනීශ්වරවාදය[නා.] සර්වබලධාරී දෙවියකු විසින් ලෝකය මවා පරමාධිපත්‍යය ඇති ව පාලනය කරනු ලැබීමක් නැතැයි යන මතය; අදේව වාදය.
අනු[උ.] පසුව, කැටුව, සමඟ, නැවත, පාසා, පිළිවෙළින්, සමාන, එකඟ, සුදුසු, දෙවැනි, අප්‍රධාන, උප, කුඩා, ආසන්න, සමීප, යටතෙහි යන අර්ථවල යෙදෙන උපසර්ගයක්. [වි.] අනු ව යන; අනුගත; අනුකූල.
අනු අත්සන[නා.] අත්සන් තබන ලද ලියවිල්ලක් සහතික කරනු වස් තබන දෙවැනි අත්සන.
අනුකථනය1. [නා.] කියන ලද්දක් නැවත කීම; පුනර්වචනය. 2. [නා.] පවසන ලද්දක් පිළිබඳව කතා බහ කිරීම; සාකච්ඡාව.
අනුකථාව[නා.] පසුව කරන කථාව; පවත්වන ලද කථාවක් හෝ දේශනයක් අනු ව විවරණ වශයෙන් හෝ ඌනපූරණ වශයෙන් හෝ කරනු ලබන දේශනය.
අනුකම්පා[වි.] අනුකම්පා කළ යුතු.
අනුකම්පාව[නා.] අනුන්ගේ දුකෙහි දී සිත කම්පා වීම; පර හට පැමිණි විපතේ දී ළය මෙළෙක් වන ගතිය.
අනුකරණ ශබ්දය[නා.] කරනු ලබන ශබ්දයට හෝ නැගෙන හඬට අනු ව ශබ්ද කාරකය හැඳින්වීමට යොදන නාමය (කිකිණි, ගිගිරි ආදිය මෙනි).
අනුකරණය1. [නා.] අනුන් කළ දෙයක් බලා ඒ අනුව ක්‍රියා කිරීම. 2. [නා.] සමාන වශයෙන් ගන්නා ප්‍රධාන ශබ්දය.
අනුකර්ෂණය1. [නා.] ඇද ගැනීම; ආකර්ෂණය. 2. (ව්‍යාක.) [නා.] ව්‍යාකරණයෙහි පසු සුත්‍රයෙන් පෙර සූත්‍රයට යොමු කිරීම.
අනුකලනය(පාරිභා.) [නා.] චක්‍රයකින් වැසුණු ප්‍රදේශයක ක්ෂේත්‍ර ඵලය; චක්‍රයක දිග ආදිය සෙවීමේ ක්‍රමයක්; අවකලනයේ ප්‍රතිලෝමය (=integration).
අනුකලාව[නා.] දිග මැනීමේ මිම්මක්; වඩු අඟුලෙන් දහසයෙන් කොටස; කලාවෙන් සතරෙන් පංගුව.
අනුක්ඛිත්ත[වි.] (විනය.) උක්ඛේපනීය කර්මය නොකරනු ලැබූ; උකෙව්නීකම නොලත්; පිට මං කිරීමේ දඬුවමකට හසු නොවූ.
අනුක්ත1. [වි.] උක්ත නොවූ; නොකියූ; ප්‍රකාශ නොකළ. 2. (ව්‍යාක.) [වි.] සමාස, තද්ධිත, ආඛ්‍යාත, කිතක යන පදයකින් උක්ත නොවූ.
අනුක්ත කර්මය[නා.] (ව්‍යාක.) ක්‍රියා පදයෙන් හෝ කෘදන්ත පදයෙන් උක්ත නො වී වාක්‍යයක යෙදෙන කර්ම විභක්ති රූපය.
අනුක්තකර්තෘ[නා.ප්‍ර.] (ව්‍යාක.) වාක්‍යයක ක්‍රියා පදයෙන් හෝ කෘදන්ත පදයෙන් උක්ත නොවී යෙදෙන කර්තෘ විභක්ති පදය.
අනුක්ෂුද්‍ර, අනුක්ෂුද්‍රක[වි.] පිළිවෙළින් (එකිනෙකට ) කුඩා; ඉතා කුඩා; ඉතා සුළු.
අනුක්‍රම1. [වි.] ක්‍රමයෙන් වැඩිවන; පිළිවෙළින් පවත්නා, 2. (පාරිභා.) [වි.] දිගු කලක් තිස්සේ ඉතා හිමින් සිදුවන; දීර්ඝකාලීන. [නා.ප්‍ර.] පිළිවෙළ; අනුපිළිවෙළ.
අනුක්‍රමණය1. [නා.] පිළිවෙළින් යෑම; අනු පිළිවෙලින් පැවතීම. 2. (පාරිභා.) [නා.] බෑවුම, බෑවුමේ ප්‍රමාණය. 3. (පාරිභා.) [නා.] ආනතිය.
අනුක්‍රමණිකාව1. [නා.] ග්‍රන්ථයක ඇතුළත් ප්‍රධාන කරුණු පිළිවෙළින් දක්වන ආරම්භක සටහන; පටුන. 2. [නා.] අකාරාදි පිළිවෙළින් සකස් කළ වචන මාලාව; සූචිය.
අනුක්‍රමාඞ්කනය[අනුක්‍රම+අඞ්කනය] [නා.] පිළිවෙළින් වූ සලකුණ; කෝදුවක අඟල්, අඩි යාර දැක්වීමට අනුපිළිවෙළින් යොදා ඇති රේඛා ලකුණ.
අනුක්‍රමික[වි.] නියම පිළිවෙළට සකස් වූ; ක්‍රමානුකූල; ක්‍රමික; විධිමත්.
අනුක්‍රියාව[නා.] සමාන ක්‍රියාව; අනුකරණය; යම්කිසිවකට අනු ව හෙවත් අනුකූල ව අනිකකු කරන ක්‍රියාව; අනුලෝමය.
අනුකාරය[නා.] යමක් අසා සිට හෝ බලා සිට හෝ ඒ සමානව ම කිරීම; අනුකරණය.
අනුකාර්ය1. [නා.ප්‍ර.] (ව්‍යාක.) අනුකරණය කළ යුතු වූව; අනු ව කළ යුත්ත. 2. [නා.ප්‍ර.] අනුකරණ ශබ්දයෙන් කියැවෙන ශබ්දය; අනුකරණ ශබ්දය කරණ කොට ගෙන සදෘශ කරනු ලබන ශබ්දය.
අනුකිරිය[නා.ප්‍ර.] (කිසියම් ක්‍රියාවකට) සමාන ක්‍රියාව; ක්‍රියාවක් හා සදෘශ කොට කරනු ලබන ක්‍රියාව; අනුකරණය.
අනුකූරු[වි.] සමාන; අනුකාරි.
අනුකූල[වි.] අනු ව පවත්නා; අනුරූප; යෝග්‍ය; ගැළපෙන; අවනත.
අනුකූල අභිජනනය(පාරිභා.) [නා.] නුමුහුන් ව අභිජනනය වීම (=breeding true).
අනුකූලචාරිණී[වි.] (සැමියාට) එකඟව හෙවත් අවනතව හැසිරෙන.
අනුකූලතාව[නා.] එකඟ බව; අනුරූපතාව; පක්ෂපාත බව; අවනත බව.
අනුකූලනය1. [නා.] එකඟ වීම; ගැළපෙන සේ පැවතීම. 2. (පාරිභා.) [නා.] අලුත් දේශගුණයකට හෝ පරිසරයකට හෝ පුරුදු කිරීම.
අනුකෘත[වි.] අනුව කළ; අනුරූප ව කළ, සමානව කළ.
අනුකෘත්‍යය1. [නා.] අනු ව කරන දෙය; අනුකූල ව අනිකකු කරන කාර්යය. 2. [නා.] අප්‍රධාන කටයුත්ත; සුළු වැඩය.
අනුකෘතිය1. [නා.] (යම් කිසිවකට) අනු ව කළ දෙය; අනුකරණය; සාදෘශ්‍යය. 2. (පාරිභා.) [නා.] ආරක්ෂාව පිණිස එක් විශේෂයක් අනික් විශේෂයක වර්ණය, ව්‍යූහය හා ගති භාර ගැනීම (=mimicry).
අනුගත[වි.] අනුව ගිය; එක් ව ගිය; අනු ව පවත්නා.
අනුගතික[වි.] අනු ව යන; අනුකූල.
අනුගතිය[නා.] අනු ව යෑම; අනුගමනය; අනුකරණය.
අනුගම්‍ය[වි.] අනුගමනය කළ යුතු; අනු ව යා යුතු; අනුකරණයට සුදුසු.
අනුග්‍රහ කාලය[නා.] (පොරොන්දු පරිදි නියමිත දිනෙන් පසු ව යම් කාර්යයක් ඉටු කිරීමට ඉඩ දෙන) සහන කාලය.
අනුග්‍රහ බුද්ධිය[නා.] අනුකම්පා සහගත ව යමක් ඉටුකර දීමේ චේතනාව; අනුග්‍රහ කිරීමේ බලාපොරොත්තුව.
අනුග්‍රහණය[නා.] උපකාර කිරීම; අනුග්‍රහ කිරීම.
අනුග්‍රහය1. [නා.] උදවුව; උපකාරය. 2. (රෝ.ක.) [නා.] ආශීර්වාදය.
අනුග්‍රාහක[වි.] අනුග්‍රහ කරන; උපකාරක; ආධාර දෙන.
අනුග්‍රාහ්‍ය[වි.] අනුග්‍රහ කටයුතු.
අනුගාමි, අනුගාමී1. [වි.] අනු ව යන. 2. (පාරිභා.) [වි.] පිළිවෙළින් යෙදුණු; අනුපූර්ව.
අනුගාමිනි, අනුගාමී1. [වි.] අනුගාමික; කැටුව යන; අනු ව යන; එක්ව යන. 2. (පාරිභා.) [වි.] පිළිවෙළින් යෙදුණු; අනුපූර්ව.
අනුගාමීසඞ්ඛ්‍යා(පාරිභා.) [නා.ප්‍ර.] පිළිවෙළින් යෙදී ඇති සංඛ්‍යා; අනුපූර්වයෙන් සිටින සංඛ්‍යා.
අනුගායනාව[නා.] ගායනයකට අනු ව කරන ගායනය; එක්ව කරන ගායනය.
අනුගීතිය[නා.] සූත්‍රාන්තයක ගද්‍යයෙන් පැවසූ අර්ථයට ගැළපෙන අර්ථ සංග්‍රහ කොට පසුව දැක්වෙන ගාථාව.
අනුගුණ[වි.] සමාන ගුණ ඇති; හුරු; අනුකූල; එකඟ.
අනුගෘහිත[වි.] අනුග්‍රහ කරන ලද; සංග්‍රහ කරන ලද; උපකාර කරන ලද.
අනුචරිත[වි.] නැවත නැවත හැසිරුණු; ගැවසුණු ආකීර්ණ
අනුච්ඡදය(පාරිභා.) [නා.] ගවේෂණය පිණිස වෙන්කොට ගත් ශාක ප්‍රදේශයක් (=transect).
අනුචාර[නා.ප්‍ර.] අනුව හැසිරීම; අනුගමනය.
අනුජ[වි.] පසුව උපන්; දෙවනු ව උපන්; බාල. [නා.ප්‍ර.] ප්‍රචාරණය පිණිස තෝරාගත් ශාකයකින් ග්‍රාහක කඳකට බද්ධ කරන අංකුරයක් හෝ අංකුර කිහිපයක් සහිත කුඩා රිකිල්ල.
අනුජඞ්ඝාස්ථිය[නා.] ජඞ්ඝාවෙහි හෙවත් කෙණ්ඩයෙහි වූ අස්ථිය හා එක් ව බැඳුණු කුඩා නලකාස්ථිය.
අනුජයා[නා.] පසුව උපන් තැනැත්තා; බාල සොහොයුරා.
අනුජාත1. [වි.] පසු ව උපන්; බාල. 2. [වි.] කුල පරම්පරාව හා සම්පත්තිය රැක ගනිමින් මව්පියන් හා සම ව සිටින ලෙසින් උපන්.
අනුජීවකයා, අනුජීවියා[වි.] යමකු යටතෙහි ජීවත් වන්නා; උපජීවියා.
අනුඥාත[වි.] අනුදන්නා ලද; අවසර දෙන ලද; අනුමත කරන ලද.
අනුඥාව1. [නා.] අනුදැනීම; අවසර දීම; අනුමතිය; කැමැත්ත. 2. [නා.] නියමය; අණ.
අනුට්ඨාන සෙය්‍යාව[නා.] නැවත නොනැඟිටින සේ සයනය කිරීම; නැඟිට ගත නොහැකි සේ ඔත්පල වීම.
අනුට්ඨානය1. [නා.] නොනැඟිටීම. 2. [නා.] උත්සාහ නොකිරීම; වීර්ය නොකිරීම. 3. [නා.] ක්‍රියාවෙහි යෙදීම; සංවිධානය.
අනුටීකාව[නා.] ටීකා ග්‍රන්ථයක ඇති දුරවබෝධ ස්ථාන සරල කර දැක්වීමට ලියූ ව්‍යාඛ්‍යාව.
අනුතප්ත1. [වි.] රත් වූ; ගිනියම් වූ. 2. [වි.] පසුතැවිලි වූ.
අනුතර්කණය[නා.] නැවත තර්ක කිරීම; යමක් අනු ව කල්පනා කිරීම.
අනුත්තර1. [වි.] වඩා උසස් කෙනෙකු නැති; වඩා උසස් දෙයක් නැති; අති උත්තම; සර්ව ශ්‍රේෂ්ඨ. 2. [වි.] උත්තර නැති; පිළිතුරු දිය නොහැකි.
අනුත්තරියධර්ම[නා.ප්‍ර.] උත්තරීතර අන් කිසිවක් නැති; උත්තම ධර්මය හෙවත් දෙය; අත්‍යුත්කෘෂ්ට වශයෙන් සලකන ලද්ද.
අනුත්තාන1. [වි.] නොපැහැදිලි. 2. [වි.] අප්‍රකට; ගූඪ. 3. [වි.] උඩුකුරු නොවූ; යටිකුරු. [නා.ප්‍ර.] නොනැඟිටීම.
අනුත්පත්තික[වි.] නොඋපන්; මතු නොඋපදනා.
අනුත්පත්තිය, අනුප්පත්තිය[නා.] නො ඉපදීම; නොහටගැන්වීම.
අනුත්පන්න[වි.] නොඋපන්; නොහටගත්; ජනිත නොවූ.
අනුත්පාදනය[නා.]නොඉපදවීම; නොහටගැනීම; අනුත්පාදය.
අනුත්සද[වි.] අධික නොවූ; උත්සන්න නොවූ.
අනුත්සාහය[නා.] උත්සාහ රහිතබව; වීර්ය නොකිරීම; මහන්සි නොවීම.
අනුත්‍රස්ත[වි.] බිය නොවූ; තැති ගැනීම් රහිත.
අනුත්‍රාසය[නා.] භය නොවීම; තැති නොගැනීම.
අනුතාපය[නා.] පසුතැවිල්ල; පශ්චාත්තාපය.
අනුතීර[වි.] වෙරළ දිගට පවතින; වෙරළ දිගේ ඇති; වෙරළ සමීපයේ පිහිටි. [නා.ප්‍ර.] වෙරළ දිගේ හෝ වෙරළ සමීපයෙහි පිහිටි කොටස.
අනුතීර ප්‍රවාහය(පාරිභා.) [නා.] (වෙරළ) සමීපයෙහි ගමන් ගන්නා දියවැල.
අනුතීර වෙළඳාම(පාරිභා.) [නා.] නැව් තොටවල් අතර කෙරෙන වෙළෙඳාම.
අනුතුරු1. [වි.] වඩා උසස් කෙනෙකු නැති; වඩා උසස් දෙයක් නැති; අති උත්තම. 2. [වි.] උත්තර නැති; පිළිතුරු දිය නොහැකි. 3. [වි.] උතුර නොවන, දකුණු.
අනුථේර[නා.ප්‍ර.] වැඩිමහලු පිළිවෙළින් මහ තෙරුන්ට දෙවැනිව සිටි තෙරනම.
අනුදක[වි.] දිය නැති; නිරුදක.
අනුදත්[වි.] අවසර දෙන ලද; අනුදක්නා ලද. අනුදයාව, අනුද්දයා(ව) [නා.] කරුණාව.
අනුදර්ශනය[නා.] නුවණින් සලකා බැලීම; මෙනෙහි කිරීම; අනුපස්සනාව.
අනුදල[නා.ප්‍ර.] කුඩා මල්පෙති.
අනුදහනය[නා.] දැවීම; පිළිස්සීම.
අනුද්ධත[අන්+උද්ධත] [වි.] උඩඟු නොවූ; ආඩම්බර නොවූ; නිරහඞ්කාර.
අනුද්භූත[වි.] ප්‍රකට නොවූ; අප්‍රකට.
අනුද්වාරය[නා.] ඩිම්බයක අග්‍රයෙහි පිහිටා ඇති පරාග නළය ඇතුළු වන කුඩා සිදුර.
අනුදාත්තය1. (ව්‍යාක.) [නා.] උස් නොවූ හඬින් උච්චාරණය කරන ලද ශබ්දය. 2. [නා.] ස්වර පහත් හඬින් උච්චාරණය කිරීම. 3. [නා.] එසේ උච්චාරණය කරනු ලබන ස්වරය.
අනුදාර[අන්+උදාර] [වි.] උසස් නොවූ; උතුම් නොවූ; ශ්‍රේෂ්ඨ නොවූ.
අනුදාහෘත[අන්+උදාහෘත] [වි.] උදාහරණ වශයෙන් නොදක්වන ලද; ගෙනහැර නොපෑ.
අනුදැනීම, අනුදැනුම, අනුදැන්ම[නා.] අවසරය; අනුමතය; කැමැත්ත.
අනුදිග[නා.] ප්‍රධාන දිශා දෙකක් අතර පිහිටි දිශාව; ඊශාන, ගිනිකොන, නිරිත, වයඹ යන දිසා හතර.
අනුදිත[අන්+උදිත] 1. [වි.] නොකියන ලද. 2. [වි.] උදා නොවූ; නොනැඟුණු.
අනුදිව[නා.] කුඩා දිවයින; කුඩා දූපත.
අනුදෙස[නා.ප්‍ර.] ප්‍රධාන දිශා දෙකක් අතර පිහිටි දිශාව.
අනුදෝලනය[නා.] යමක කම්පනය අනු ව එය සමීපයෙහි වූ තව කිසිවක් කම්පනය වීම.
අනුධම්මචාරී[වි.] ධර්මයට අනුරූප වූ පිළිවෙතෙහි හැසිරෙන.
අනුධර්ම[නා.ප්‍ර.] ධර්මයට අනුරූප වූ පිළිවෙත.
අනුධ්‍යානය[නා.] නැවත නැවත සිතීම හෙවත් කල්පනා කිරීම.
අනුධ්‍රැවය(පාරිභා.) [නා.] නිත්‍ය චුම්බකයක අන්ත දෙකින් ඈත් වූ ස්ථානයක ඇති වන ධ්‍රැවය; අනුගාමී ධ්‍රැවය (=consequent pole).
අනුධාවනය[නා.] පස්සෙන් දිවීම; අනු ව දිවීම.
අනුනද[නා.ප්‍ර.] දෝංකාරය; ප්‍රතිරාවය; ප්‍රතිධ්වනිය; අනුනාදය.
අනුනය1. [නා.ප්‍ර.] ඇල්ම; රාගය; කැමැත්ත. 2. [නා.ප්‍ර.] සිත සතුටු කිරීම; සිත නැළවීම හෙවත් සැනසීම; ප්‍රසාදනය. 3. [නා.ප්‍ර.] ප්‍රාර්ථනය.
අනුනයනය[නා.] සිත් දිනා ගැනීම.
අනුන්නත[අන්+උන්නත] [වි.] උන්නත නොවූ; උඩට නොනැමුණු.
අනුන්‍යෂ්ටි(පාරිභා.) [නා.ප්‍ර.] සෛලයක න්‍යෂ්ටියේ ඇති ගෝලාකාර වස්තුවක් (=nucleolus).
අනුනා1. [නා.ප්‍ර.] අනුනායක තනතුර. 2. [නා.ප්‍ර.] දෙවැනි නායක ථෙර; උප ප්‍රධාන ස්ථවිර.
අනුනාද නළය(පාරිභා.) [නා.] ප්‍රතිධ්වනිය ඇති කරන නළය.
අනුනාදකය[නා.] ප්‍රතිධ්වනිය ඇති කරන උපකරණය.
අනුනාදය[නා.] දෝංකාරය; ප්‍රතිරාවය; ප්‍රතිධ්වනිය.
අනුනාසිකය, අනුනාසිකාව1. (ව්‍යාක.) [නා.] නාසිකානුගත හෙවත් නාසය හා ආශ්‍රිත ශබ්ද හා සම්බන්ධ ව මුඛයෙන් උච්චාරණය කරනු ලබන වර්ණය; නාසිකාද්වාරය විවෘතව තිබිය දී උසුරුවනු ලබන අකුර. 2. (ව්‍යාක.) [නා.] අනුස්වාරය; නිග්ගහීතය; බින්දුව.
අනුප[වි.] දියට ආසන්න; ජල බහුල; තෙතමනය ඇති. [නා.ප්‍ර.] ජල බහුල භූමිය.
අනුපක්ලිෂ්ට[වි.] නොකෙලෙසුණු; කිලිටි නොවූ; පරිශුද්ධ.
අනුපක්ෂීණ[වි.] අඩු වී නොගිය; නොගෙවුණු; නොපිරිහුණු; විනාශ නොවූ.
අනුපගත[අන්+උපගත] [වි.] ළඟට නොපැමිණි; සමීපයට නොඑළඹුණු.
අනුපගන්තව්‍ය[අන්+උපගන්තව්‍ය] [වි.] නොඑළඹිය යුතු; නොවටහා ගත යුතු.
අනුපගමනය[නා.] ළගටනොපැමිණීම; සමීපයට නොයෑම; නොඑළඹීම.
අනුපච්ඡින්න[වි.] නොකපන ලද; නොසිඳින ලද.
අනුපචාරය[නා.] ළඟ නොවන තැන; ආසන්න නොවූ ස්ථානය.
අනුපචිත[වි.] රැස් නොකරන ලද; එකතු නොකරන ලද.
අනුපජාත[වි.] නොඋපන්; නොහටගත්.
අනුපට්ඨානය[නා.] එළඹ නොසිටීම; ළං නොවීම; අනුපස්ථිතිය.
අනුපද1. [වි.] පියවර අනුව යන. 2. [වි.] පදයෙන් පදය; පදානුගත.
අනුපද්‍රව[වි.] උවදුරු නැති; නිරුපද්‍රව.
අනුපද්‍රැත[වි.] උවදුරු රහිත; අනතුරක් නැති; නිරුපද්‍රැත.
අනුපදිශේෂ නිර්වාණ ධාතුව[නා.] (අභි.) පංච උපාදාන ස්කන්ධ ඉතිරි වීමකින් තොර ව ලබන නිවන.
අනුපදිශේෂ, අනුපාදිශේෂ[වි.] (අභි.) පංච උපාදාන ස්කන්ධ ඉතිරිව නැති.
අනුපනිශ්‍රය[වි.] හේතු නොවන; කාරණ නොවන; උපකාර නොවන.
අනුපනීත[අන්+උපනීත] [වි.] (ගුරුන් වෙතට) නොපමුණුවා ගත්; (වේදාධ්‍යයනයට සුදුසු වන සේ) උපනයනය නොකළ.
අනුපපත්ති[වි.] උපතකට නොපැමිණෙන; සිද්ධ නොවන. [නා.ප්‍ර.] නැවත නොඉපදීම; පුනර්ජන්මයක් නොවීම.
අනුපපන්න[වි.] නූපන්; අනුත්පන්න; සිදු නොවූ; අසිද්ධ.
අනුපපරීක්ෂාව[නා.] නො විමසා බැලීම; වීමංසනය නොකිරීම.
අනුපම, අනූපම[වි.] උපමා රහිත; සමාන කළ නොහැකි; අත්‍යුත්තම.
අනුපමර්දනීය[වි.] නොමැඬිය හැකි; යටපත් කළ නොහැකි.
අනුපමෙය්‍ය, අනුපමේය[වි.] උපමා කළ නොහැකි.
අනුපයුක්ත[වි.] තැනට නොගැළපුණු; අයෝග්‍ය; අනුචිත.
අනුපයෝගී[වි.] නොගැළපෙන; නොයෙදෙන්නා වූ; අනුකූල නොවන්නා වූ.
අනුපරිභෝගය[නා.] පරිහරණය; ප්‍රයෝජන ගැනීම.
අනුපලබ්ධිය[නා.] (න්‍යාය.) නොපෙනීම; දෘෂ්ටිපථයට හමු නොවීම; ප්‍රත්‍යක්ෂ නොවීම.
අනුපලබ්භනීය[වි.] නොලැබිය යුතු; නොලැබිය හැකි.
අනුපලිප්ත[වි.] නොතැවරුණු; නොගෑවුණු; නොවැකුණු; නොඇලුණු.
අනුපවාද[වි.] දෝෂාරෝපණ නැති; උපවාද රහිත.
අනුපවුර[නා.] කුඩා පවුර; පවුරක් ශක්තිමත් කිරීම සඳහා ඊට යාබදව බඳින ලද මිටි පවුර; පදනම; අනුප්‍රාකාරය.
අනුපශම[නා.ප්‍ර.] නොසන්සිඳීම; නොසන්සුන් බව.
අනුපශය[නා.ප්‍ර.] රෝගය නොසන්සිඳෙන හේතුව; අහිතකර ආහාර ඖෂධ විහරණාදියෙන් රෝගයට වන අනිෂ්ටඵලය; අසාත්ම්‍යය.
අනුපශාන්ත[වි.] නොසන්සුන්; උපශාන්ත නොවූ; කැලඹුණු.
අනුපසපන්[වි.] උපසම්පදාව නොලැබූ; උපසම්පදා විනය කර්මයට භාජන නොවූ; සාමණේර වූ.
අනුපසමය[නා.] නොසන්සුන්බව; අසංවරය.
අනුපස්තම්භනය[නා.] පිහිටක් හෝ අනුබලයක් හෝ නොවීම.
අනුපස්ථිතිය[නා.] ඉදිරියෙහි නොවීම; අනභිමුඛය.
අනුපස්සනාව[නා.] නැවත නැවත නුවණින් විමසා බැලීම; නැවත නැවත මෙනෙහි කිරීම.
අනුප්පාදය[නා.] උපතක් නැති තැන; නිර්වාණය.
අනුප්‍රඥප්තිය[නා.] (විනය.) මුල් ප්‍රඥප්තියකට සම්බන්ධ ව පසු ව පනවන ලද ප්‍රඥප්තිය.
අනුප්‍රදානය[නා.] අනු ව දීම; දානය කිරීම; පිළිගැන්වීම.
අනුප්‍රබන්ධය[නා.] පිළිවෙළින් බැඳී සිටීම; නොකඩවා පැවැත්ම; අවිච්ඡින්නතාව.
අනුප්‍රභව[වි.] ප්‍රභව වූවකින් නැවතත් ප්‍රභව වූ; මුලින් බිඳුණු ශබ්දයකින් තව දුරටත් බිඳුණු.
අනුප්‍රභා[නා.ප්‍ර.] බැබළීම; ප්‍රභාව; දීප්තිය.
අනුප්‍රයෝග[නා.ප්‍ර.] (ව්‍යාක.) අනු ව යෙදීම; පසුව ගැළපීම.
අනුප්‍රව්‍රජිත[වි.] අනු ව පැවිදි වූ; අනිකකු අනුගමනය කරමින් මහණ වූ.
අනුප්‍රවිෂ්ට[වි.] ඇතුළට පිවිසි; ඇතුළු වූ, අන්තර්ගත වූ.
අනුප්‍රවේශන[නා.ප්‍ර.] ඇතුළට පිවිසීම; ඇතුළු වීම.
අනුප්‍රසක්ත[වි.] ඉතා දැඩි ව බැඳුණු; අතිශයින් ඇලුණු.
අනුප්‍රසවකාල(පාරිභා.) [වි.] ප්‍රසවයෙන් පසු කාලය හා සම්බන්ධ වූ; ප්‍රසවයෙන් පසු ඇති වන (=puerperium).
අනුප්‍රස්ථ(පාරිභා.) [වි.] හරස් අතට වැටුණු; හරස්; තිර්යක්.
අනුප්‍රස්ථ පාටිකය(පාරිභා.) [නා.] හරස් අතට වෙන් වී යන බික් සහිත කරල; සලාකිතය.
අනුප්‍රස්ථච්ඡේදය(පාරිභා.) [නා.] හරස් අතට කැපුම; හරස්කඩ.
අනුප්‍රස්ථතරඞ්ග(පාරිභා.) [නා.ප්‍ර.] හරස් අතට ගමන් කරන තරඞ්ග; තිර්යක් තරඞ්ග.
අනුප්‍රාකාරය[නා.] කුඩා පවුර; පවුරක් ශක්තිමත් කිරීම සඳහා ඊට යාබද ව බඳින ලද පවුර.
අනුප්‍රාණිත[වි.] පණ පිහිටුවන ලද; ප්‍රාණවත් කරන ලද.
අනුප්‍රාපණය[නා.] පැමිණවීම; එළඹවීම.
අනුප්‍රාප්ත[වි.] පැමිණි; එළඹි; අධිගත.
අනුප්‍රාප්තිය[නා.] කෙනෙකුගේ පදවියට ඔහුගෙන් පසු අනිකකු පැමිණීම; කෙනෙකුගේ ඇවෑමෙන් පසු ඔහුගේ දේපළ අනිකකුට අයිතිවීම පිළිබඳ නීතියෙන් පිළිගත් ක්‍රමය.
අනුප්‍රාසය[නා.] (අලං.) ශබ්ද මාධූර්යය ඇති වන පරිදි සමාන අක්ෂර, පද ආදිය ළඟ ළඟ යෙදීම.
අනුප්‍රිය[වි.] ප්‍රිය; ප්‍රීති උපදවන.
අනුප්‍රියභාණී[වි.] ප්‍රීති උපදවන පරිදි කථා කරන; චාටු බස් කියන; ඉච්චාකාර.
අනුප්‍රේක්ෂණය[නා.] නැවත නැවත බැලීම; විමසා බැලීම.
අනුපාඩාව[නා.] හකු පාඩාව හෙවත් හකු ඇටය; හක්ක; හනුව.
අනුපාතය1. [නා.] නැවත නැවත පතනය වීම; නැවත නැවත වැටීම. 2. (පාරිභා.) [නා.] එක ම වර්ගයේ රාශි දෙකක් අතර ඇති ප්‍රමාණාත්මක සම්බන්ධය (=ratio). 3. (පාරිභා.) [නා.] අනුපාත දෙකක් අතර ඇති සමානත්වය (=proportion).
අනුපාතික, අනුපාති(පාරිභා.) [වි.] අන්‍යෝන්‍ය; අනුකූල; ප්‍රමාණයෙන් සම වූ; අනුපාත සම්බන්ධී; සමානුපාතික.
අනුපාදානය1. [නා.] දැඩි සේ නොගැනීම; තදින් අල්ලා නොගැනීම. 2. [නා.] කාමාදි උපාදානවලින් හෙවත් ග්‍රහණවලින් තොර වීම.
අනුපාදානිර්වාණ ධාතුව[නා.] (අභි.) භවෝත්පත්තියට හේතූ වූ උපාදානවලින් තොරව පිරිනිවීම; අනුපාදා නිර්වාණය.
අනුපාදින්න[වි.] (අභි.) කර්මයෙන් නොහටගත්; අකර්මජ; අචේතනික.
අනුපාදිශේෂ නිර්වාණ ධාතුව[නා.] (අභි.) උපාදි නම් වූ රූපාදී පඤ්ච ස්කන්ධයන්ගේ ඉතිරිවීමක් නැතිව ලබන නිවන.
අනුපාදිශේෂ, අනුපාදිසේස[වි.] (අභි.) උපාදි නම් වූ රූපාදී පඤ්ච ස්කන්ධයන්ගේ ඉතිරිවීමක් නැති.
අනුපාදේය[වි.] නොගත යුතු; නොපිළිගත යුතු; ප්‍රතික්ෂේප කළ යුතු.
අනුපානය, අනුපානුව[නා.] බෙහෙතකට අනු ව හෝ බෙහෙතකට මිශ්‍ර කර හෝ ගන්නා පාන වර්ගය; කෂායකට මිශ්‍ර කරන සීනි, මීපැණි ආදි ප්‍රතිවාපය; ඖෂධයක් ගැනීමෙන් පසු ව බොන කිරි, මෝරු ආදි පානය.
අනුපාය[නා.ප්‍ර.] වැරදි උපාය; වැරදි මාර්ගය; නොනිසි මඟ; උත්පථය.
අනුපායාස[නා.ප්‍ර.] දැඩි ආයාසය නැති වීම.
අනුපාර්ශ්ව[වි.] පැත්තට අයිති වූ; අංශයෙහි වූ.
අනුපාලක[නා.ප්‍ර.] නිතර රැකීම කරන්නා; පාලකයා; ආරක්ෂකයා; අනු ආරක්ෂකයා.
අනුපාලනය[නා.] නිතර රැකීම; පාලනය; අනුරක්ෂණය; ආරක්ෂණය.
අනුපාලිත[වි.] නිතර රක්නා ලද; අනුරක්ෂිත; ආරක්ෂිත.
අනුපාහන[වි.] පාවහන් නොදැමූ; වහන් නොපැලැඳි.
අනුපියභාණී[වි.] චාටු බස් කියන; ඉච්චාකාර.
අනුපිළිපදිනවා[ක්‍රි.] අනු ව යනවා; අනු ව පවතිනවා; හික්මෙනවා.
අනුපිළිමය[නා.] (බුද්ධ) ප්‍රතිමාවක පසෙකින් වූ සහාය පිළිමය; උපපිළිමය.
අනුපිළිවෙත[නා.] සුදුසු වූ පිළිවෙත; අනුකූල වූ ප්‍රතිපත්තිය.
අනුපිළිවෙළ[නා.] එකකට පසු ව අනෙක සකස් වී පැවැත්ම; අනුපටිපාටිය; අනුක්‍රමය.
අනුපුබ්බ[වි.] පිළිවෙළින් වූ.
අනුපුබ්බඞ්ගුලිතා[නා.ප්‍ර.] ක්‍රමයෙන් සිහින් ව ගිය ඇඟිලි ඇති බව; බුදුරජුන්ගේ මහා පුරුෂ ලක්ෂණයකි.
අනුපුබ්බසික්ඛා[නා.ප්‍ර.] බෞද්ධ ශ්‍රාවකයකු විසින් පිළිවෙළින් ලැබිය යුතු ශික්ෂාව; පුහුණුව.
අනුපූ[වි.] පිළිවෙළින් යුක්ත වූ; අනුපූර්ව. [නා.ප්‍ර.] අනුපිළිවෙළ; ක්‍රමය.
අනුපූට්ටුව[නා.] හකු පාඩා තදවීම; දත කට පියවීම; දත් යතුරු වැටීම.
අනුපූරක(පාරිභා.) [වි.] අඩුව සම්පූර්ණ කරන; ඌනපූරක (=complementary).
අනුපූරක ඇස්තමේන්තුව[නා.] කලින් කරන ලද ඇස්තමේන්තුවලට අමතර ව (යම් කාර්යයකට මුදල් ලබා ගැනීම සඳහා) කරනු ලබන මුදල් ප්‍රතිපාදන ඉල්ලීම.
අනුපූරක කෝණය(පාරිභා.) [නා.] ඍජුකෝණයකට අඩු වූ කෝණයක් ඍජුකෝණයක් කිරීමට එකතු කළ යුතු කෝණය (=complementary angle).
අනුපූරකවර්ණ[නා.ප්‍ර.] සුදු ආලෝකය ඇති කිරීමට මිශ්‍ර කළ යුතු වර්ණ යුග්ම; පූරක වර්ණ.
අනුපූර්ව, අනුපූර්වක[වි.] පළමුවැන්න අනු ව යන; පරිපාටිය නොඉක්මවන; පිළිවෙළින් වන; ක්‍රමානුකූල.
අනුපූර්වකථා[නා.ප්‍ර.] අනුපිළිවෙළින් කරනු ලබන ධර්ම දේශනාව; පිළිවෙළ කථාව; ආනුපුබ්බී කථාව.
අනුපෙත්ත[නා.] මලක කුඩා පෙත්ත.
අනුපේක්ෂණය, අනුපේක්ෂාව[නා.] උපේක්ෂා රහිතබව.
අනුපෝෂ්‍ය[වි.] රැකබලා වැඩිය යුතු; පෝෂණ කටයුතු.
අනුපෝසථය[නා.] උපෝසථ නොවන දිනය.
අනුබද්ධ1. [වි.] එකට බැඳුණු; නිතර සම්බන්ධ වී පවත්නා. 2. (පාරිභා.) [වි.] පරස්පර සම්බන්ධයකින් බැඳුණු. 1. (පාරිභා.) [නා.ප්‍ර.] ප්‍රජනනය සඳහා ලිංගික වශයෙන් සම්බන්ධ වීම. 2. [නා.ප්‍ර.] ක්ෂුද්‍රාන්ත්‍රය මහාන්ත්‍රයට සම්බන්ධ වන ස්ථානය සමීපයෙහි පිහිටි පණුවකු වැනි අවයවය; උණ්ඩුක පුච්ඡය; උණ්ඩුකය.
අනුබද්ධ ප්‍රදාහය(පාරිභා.) [නා.] උණ්ඩුක පුච්ඡයේ ඇති වන ප්‍රදාහය; ඇපෙන්ඩිසයිටිස් (=appendicitis).
අනුබද්ධනාභි(පාරිභා.) [නා.ප්‍ර.] එකකින් නිකුත් වන ආලෝක කිරණ අනිකේ දී හමු වන පරස්පර සම්බන්ධයක් ඇති ලක්ෂ්‍ය දෙකක්; ප්‍රතිබද්ධ නාභි.
අනුබද්ධව්‍යාධි[නා.ප්‍ර.] මුල් ව්‍යාධියකින් හටගන්නා දෙවන ව්‍යාධිය.
අනුබන්ධනය1. [නා.] එකට බැඳීම; උපාඞ්ගයක් වශයෙන් එකතූ කිරීම. 2. [නා.] අනු ව යෑම; ලුහුබැඳීම; පසුපස්සෙහි යෑම.
අනුබන්ධය1. [නා.] බැඳීම; සම්බන්ධය; එක් ව පැවතීම. 2. (ව්‍යාක.) [නා.] යම්කිසි කාර්යයක් සඳහා සලකුණක් වශයෙන් ධාතු ආදියට සම්බන්ධ කරනු ලබන වර්ණය. 3. [නා.] සාහිත්‍ය කෘතියක අවශ්‍ය අංගයක්. 4. (පාරිභා.) [නා.] උණ්ඩුක පුච්ඡය; අනුබද්ධය.
අනුබඳ[වි.] එකට බැඳුණු; නිතර සම්බන්ධ වී පවත්නා; අනු ව ගිය; ලුහුබැඳි. [ක්‍රි.වි.] නිතර; නොකඩවා.
අනුබඳිනවා[ක්‍රි.] අනු ව යනවා; පසු පස්සෙන් යනවා; ලුහුබඳිනවා.
අනුබලය1. [නා.] යුද්ධ හමුදාවක් පසුපස ගමන් කරන බළ පිරිස; පශ්චාත් භටහමුදාව; ආධාර පිණිස යවන බළඇණිය. 2. [නා.] ආධාරය; උපකාරය; පිටිවහල; රුකුල.
අනුබ්‍යඤ්ජිත[වි.] ලකුණු කරන ලද; ලක්ෂිත වූ.
අනුබ්‍රෑහිත[වි.] වැඩූ; දියුණු කරන ලද.
අනුබුද්ධ[වි.] අවබෝධ කළ; චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ.
අනුබුදු[නා.ප්‍ර.] බුදුන්වහන්සේට දෙවැනි වූ මහතෙරුන් වහන්සේ (මිහිඳු, සැරියුත්, මුගලන් ආදි මහ රහතන් වහන්සේ සම්බන්ධයෙන් ව්‍යවහාර යි); අනුබුද්ධ.
අනුබුව[නා.] දිය සහිත බිම; අනූපය.
අනුභව වස්තුව[නා.] උපභෝග කළ යුතු වස්තුව; අනුභවයට සුදුසු දෙය.
අනුභවනය[නා.] භුක්ති විඳීම; වැළඳීම; විඳීම.
අනුභවනීය[වි.] විඳිය යුතු; අනුභව කළ යුතු.
අනුභවය1. [නා.] භුක්ති විඳීම; ප්‍රයෝජන ගැනීම; පරිභෝගය. 2. [නා.] ආහාර වශයෙන් ගැනීම. 3. [නා.] ස්මෘතියෙන් අන්‍යතර වූ නුවණ.
අනුභාවය1. [නා.] මහිමය; තේජස; ප්‍රභාවය; බලය. 2. (අලං සහ නාට්‍ය.) [නා.] මනෝගත භාවයක් හෙවත් හැඟීමක් පිටතට ප්‍රකාශ කරන කටාක්ෂපාත හෙවත් ඇස් කොන් බැලුම්, ප්‍රියාලාප, මුඛ විකාර ආදි ක්‍රියා. 3. (පාරිභා.) [නා.] නීතියක් හෝ ගිවිසුමක් හෝ පිළිපැදීම හෝ නොපිළිපැදීම හා සම්බන්ධ තෑග්ග හෝ දඬුවම.
අනුභාෂණය[නා.] පසු ව කීම; නැවත කීම; යළිත් ප්‍රකාශ කිරීම.
අනුභාෂාව[නා.] මූල භාෂාවකින් බිඳී පවතින භාෂාව; උප භාෂාව.
අනුභුක්ත[වි.] වැළඳූ; අනුභව කළ.
අනුභූත1. [වි.] අනුභව කළ; විඳිනු ලැබූ. · 2. [වි.] දැනගත්; අවබෝධ කළ.
අනුභූත ඥානය[නා.] (තර්ක.) ස්මෘතියෙන් අන්‍යතර වූ නුවණ.
අනුභූතපූර්ව1. [වි.] පූර්වයෙහි අනුභව කරන ලද; පෙර විඳිනු ලැබූ. 2. [වි.] පූර්වයෙහි අවබෝධ කළ; කලින් දැනගත්.
අනුභූතිය1. [නා.] අනුභවය; විඳීම; අත්දැකීම. 2. (තර්ක.) [නා.] ස්මෘතියෙන් අන්‍යතර වූ නුවණ; ඉන්ද්‍රියාදියෙන් ජන්‍ය වූ ඥානය.
අනුභූයමාන[වි.] දක්නට ලැබෙන; වළඳිනු ලබන; විඳිනු ලබන.
අනුභේදය[නා.] උප බෙදීම; ප්‍රභේදය.
අනුභෝග වස්තු[නා.ප්‍ර.] අනුභවයට සුදුසු දේ.
අනුභෝගය[නා.] භුක්ති විඳීම; පරිභෝගය; පාවිච්චි කිරීම.
අනුභෝග්‍ය[වි.] භුක්ති විඳිය යුතු; පරිභෝග කටයුතු.
අනුමජ්ජන[නා.ප්‍ර.] පිරිමැදීම; නැවත නැවත නුවණින් සලකා බැලීම.
අනුමත[වි.] මැනැවැයි පිළිගත්; අනුදත්; අවසර දෙන ලද.
අනුමතිපුච්ඡා[නා.ප්‍ර.] තමන් විසින් ප්‍රකාශ කරනු ලැබූ කාරණයක් ගැන සෙසු අයගේ අදහස දැනගැනීමට ප්‍රශ්න කිරීම.
අනුමතිය[නා.] එකඟ වීම; කැමැත්ත; අවසරය; අනුඥාව.
අනුමරණය[නා.] අනු ව මිය යෑම; හිතවතකු හෝ නෑයෙකු මළ විට ඒ අනු ව අන්‍යයන් ද මිය යෑම.
අනුමස්තිෂ්කය[නා.] අභිමස්තිෂ්කයෙහි පසු පාර්ශ්වයෙහි උකුණුවළට ආසන්නයෙහි වූ මොළයේ කොටස; කුඩා මොළය.
අනුමාත්‍රය[නා.] ස්වල්ප ප්‍රමාණය; ඉතා සුළු කොටස; ස්වල්පය.
අනුමාන[වි.] අවිනිශ්චිත; සැක සහිත.
අනුමාන සමෝච්ච රේඛාව(පාරිභා.) [නා.] සමෝච්ච රේඛා අතර අනුමාන වශයෙන් ලකුණු කරගනු ලබන්නා වූ රේඛා විශේෂය (=form line).
අනුමාන හිමිකම[නා.] අඩමාන වශයෙන් හෙවත් අවිනිශ්චිත ලෙස අයිතිවාසිකම් දැක්වීම.
අනුමානය1. [නා.] හේතු අනු ව යමක් සිතා ගැනීම හෝ තීරණය කර ගැනීම. 2. (න්‍යාය.) [නා.] අනුමිති කරණය; යම්කිසි නිගමනයකට හේතුව. 3. [නා.] සැකය; අවිනිශ්චිතබව. 4. [නා.] හොඳ හිත; ප්‍රසාදය.
අනුමාර්ගණීය[වි.] සෙවිය යුතු; අන්වේෂණය කටයුතු.
අනුමැතිය[නා.] එකඟවීම; කැමැත්ත; අනුඥාව.
අනුමිතික(පාරිභා.) [වි.] පිළිගනු ලැබූ සත්‍ය ආශ්‍රය කොටගත් තර්කණයෙන් තීරණයට පැමිණෙන; නිගමනාත්මක; අපෝහන.
අනුමිතිය1. [නා.] (න්‍යාය.) දක්වන ලද හේතු හෝ අනුමාන අනු ව කරන නිගමනය. 2. (පාරිභා.) [නා.] කාරණානුසාරයෙන් සිතා බැලීම හෝ තීරණය කිරීම; නිගමනය.
අනුමෙවෙනි කරනවා[ක්‍රි.] දන්දීමෙහි අනුසස් දක්වා දායකයාගේ සිත සතුටු කරනවා.
අනුමෙවෙනි බණ[නා.] දානමය පුණ්‍යකර්මයක් අවසානයෙහි දායකයාගේ සිත සතුටු කිරීම සඳහා කරන ධර්මදේශනය; අනුමෙවෙනි ධර්ම දේශනාව.
අනුමේය[නා.ප්‍ර.] අනුමාන කළ යුත්ත; හේතු අනු ව නිගමනය කළ යුත්ත.
අනුමෝ[නා.ප්‍ර.] අනුමෝදනය; පින් අනුමෝදන් වීම.
අනුමෝදනය, අනුමෝදනාව[නා.] පින් අනුමෝදන් වීම; දන්දීම් ආදියෙහි දී කරනු ලබන ධර්මදේශනාව.
අනුමෝදනාවත[නා.] දන් වැළඳීමෙන් පසු දන් දීමෙහි අනුසස් දක්වා දායකයාගේ සිත සතුටු කිරීම සඳහා දහම් දෙසීමේ සිරිත.
අනුයාත1. [වි.] අනු ව යන ලද; පිළිවෙළින් පැවත ආ. 2. (පාරිභා.) [වි.] අනුක්‍රමික; අනුපූර්ව. 3. [වි.] අතිරේක.
අනුයුක්ත1. [වි.] සම්බන්ධ වූ; එකතු වූ. 2. [වි.] යෙදුණු; නියුක්ත; පත්කරන ලද. 3. [වි.] ප්‍රශ්න කළ; ඇසුවා වූ.
අනුයුඤ්ජනය1. [නා.] නැවත නැවත යෙදීම; නිතර නිතර පුරුදු කිරීම. 2. [නා.] ප්‍රශ්නය විභාග කර බැලීම; පරීක්ෂණය.
අනුයොන්[නා.ප්‍ර.] ප්‍රශ්නය; පිළිවිසීම; විභාග කර බැලීම.
අනුයෝගය1. [නා.] නැවත නැවත යෙදීම; නිතර නිතර පුරුදු කිරීම. 2. [නා.] ප්‍රශ්නය විභාග කර බැලීම; පරීක්ෂණය. 3. [නා.] අදහස; මතය; විවාදය.
අනුයෝජනය(පාරිභා.) [නා.] අනු ව යෙදීම; සම්බන්ධ කිරීම (=coupling).
අනුරක්ත[වි.] ඇලුණු; ආසක්ත; ස්නේහවත්.
අනුරක්ෂණය[නා.] නිතර රැකීම; රැකබලා ගැනීම; පාලනය කිරීම.
අනුරජ[නා.] දෙවන රජ; උපරජ; ප්‍රතිරාජයා; යුවරජ.
අනුරඤ්ජකයා[නා.] (සංගීතාදියෙන්) පිනා යන්නා; සන්තෝෂ වන්නා.
අනුරඤ්ජනය1. [නා.] ඇල්ම; ආසක්තිය. 2. [නා.] සතුටු කිරීම; සතුට; ප්‍රීතිය.
අනුරත[වි.] ඇලුණු; අනුරක්ත.
අනුරතිය[නා.] ඇලීම; ඇල්ම.
අනුරා[වි.] රතියෙහි ඇලුම් කළ; කාමුක. [නා.ප්‍ර.] ඇල්ම; ආදරය; සෙනෙහස; අනුරාගය.
අනුරාග1. [නා.ප්‍ර.] ඇල්ම; ආදරය; ස්නේහය; වාත්සල්‍යය. 2. [නා.ප්‍ර.] ආලය; කාමාශාව; සම්භෝග රසය. 3. [නා.ප්‍ර.] නිරත වීමේ ආශාව; උද්‍යෝගය. 4. [නා.ප්‍ර.] රතුපාට; රක්ත වර්ණය.
අනුරාවය[නා.] හඬ අනු ව නගින හඬ; දෝංකාරය; ප්‍රතිරාවය.
අනුරිවින්[ක්‍රි.වි.] අනුරූප වශයෙන්; සුදුසු පරිද්දෙන්.
අනුරුත්[වි.] (ව්‍යාක.) අර්ථයට අනුකූල වූ; අන්වර්ථ.
අනුරුව1. [නා.] යම් රූපයක් අනු ව නිෂ්පාදිත තවත් රූපයක්. 2. [නා.] සම හැඩය; සමාන ආකාරය.
අනුරූප[වි.] අනුකූල; ගැළපෙන; සමාන; සදෘශ; යෝග්‍ය. 1. [නා.ප්‍ර.] අනුරුව. 2. [නා.ප්‍ර.] සැලැස්ම; ආකෘතිය.
අනුරූපතාව[නා.] ගැළපීම; සුදුසුකම.
අනුරෝධය[නා.] එකඟබව; අනුකූලබව; අවිරුද්ධබව.
අනුලම්බය(පාරිභා.) [නා.] සිතියම් සෑදීමේ දී භාවිත වන ප්‍රධාන මිනුමට සෘජුකෝණික හරස් මිනුම (=offset).
අනුල්ලඞ්ඝනය[නා.] ඉක්මවා නොයෑම; අතික්‍රමණය නොකිරීම.
අනුල්ලඞ්ඝ්‍ය[වි.] ඉක්මවිය නොහැකි; අතික්‍රමණය කළ නොහැකි; අනතික්‍රමණීය.
අනුලිප්ත[වි.] තවරන ලද; ගාන ලද.
අනුලිම්පනය[නා.] තැවරීම; ගෑම; ආලේප කිරීම.
අනුලේඛන[වි.] පිටපත් කිරීම හා සම්බන්ධ; පිටපත් කිරීමට ගැනෙන. [නා.ප්‍ර.] පිටපත; උපුටා ගත් සටහන.
අනුලේපනය1. [නා.] ඇඟ ගෑම; තෙල් ආදි සුවඳ විලවුන් ගැල්වීම හෝ තැවරීම; ආලේප කිරීම. 2. [නා.] (සිරුරෙහි ඇට සමින් සේ) වැසීම. 3. [නා.] කල්කය; ආලේපය.
අනුලොම1. [නා.] මුල පටන් අග දක්වා වූ පිළිවෙළ; යථාක්‍රමයට අනුකූලතාව; ක්‍රමානුගතබව. 2. [නා.] සමාන බව; සදෘශ්‍යභාවය; අනුරූපබව.
අනුලොම් පිළිලොම්[නා.ප්‍ර.] මුල පටන් අග දක්වා පිළිවෙළ හා අග පටන් මුල දක්වා පිළිවෙළ; අනුලෝම- ප්‍රතිලෝමය.
අනුලෝම1. [වි.] යථා ක්‍රමයට අනුකූල; නියම පිළිවෙළට අනුකූල; ක්‍රමානුගත. 2. [වි.] අනු ව පවත්නා; අනුකූල; අනුගත. 3. (පාරිභා.) [වි.] සරල; අවිලෝම.
අනුලෝම ප්‍රතිපදාව[නා.] නිවනට අනුකූල වූ ආර්ය මාර්ග සංඛ්‍යාත ප්‍රතිපදාව.
අනුලෝම ප්‍රතිලෝම[නා.ප්‍ර.] අනුලොම් පිළිලොම්.
අනුලෝම සමානුපාතය(පාරිභා.) [නා.] එක් රාශියක් වැඩිවන හෝ අඩුවන අනුපාතය අනු ව අනික් රාශිය ද වැඩිවන හෝ අඩුවන ප්‍රකාර ඇති ප්‍රමාණයන්ගේ සමානත්වය (=direct proportion).
අනුලෝමනය[නා.] මුල පටන් අග දක්වා පිළිවෙළින් ගැනීම සහ එසේ ගැනීමේ ක්‍රමය.
අනුව1. [ක්‍රි.වි.] අනුකූල ව; අනුගත ව; එකඟ ව. 2. [ක්‍රි.වි.] අනතුරු ව; ඉක්බිති ව; පසු ව. 3. [ක්‍රි.වි.] ඔස්සේ; දිගේ; අනුසාරයෙන්. 4. [ක්‍රි.වි.] යටත් ව; වසඟ ව. [නා.] හක්ක; හනුව.
අනුවණ[නා.] නුවණ නැතිකම; මෝඩකම.
අනුවත්[වි.] අනු ව පවතින; අනුකූල ව පවතින.
අනුවරයා[නා.] අනුව යන්නා; අනු ව හැසිරෙන්නා; සහචරයා.
අනුවර්තක[වි.] අනු ව පවතින; අනුකූල වන.
අනුවර්තකයා[නා.] අනු ව පවතින්නා; අනුකූල ව පවතින්නා; අනුගාමිකයා.
අනුවර්තනය1. [නා.] අනු ව පැවැත්ම; අනුකූල වීම. 2. [නා.] එකඟ ව පැවැත්ම; පක්ෂපාත වීම. 3. (පාරිභා.) [නා.] සුදුසු සේ සකස් කරගැනීම (=adaptation). 4. [නා.] සේවය; ආරාධනය. 5. (ව්‍යාක.) [නා.] සූත්‍රයකින් තවත් සූත්‍රයකට යම්කිසි පදයක් අනුකූල වීම.
අනුවර්තිත[වි.] අනු ව පැවතුණ; අනු ව ගිය.
අනුවර්තිනී1. [වි.] අනු ව පවතින; අනුකූල ව පවතින. 2. (ව්‍යාක.) [වි.] අධිකාර වශයෙන් ප්‍රවර්තක.
අනුවර්තීවාදය[නා.] මනසත්, ශරීරයත් අතර සම්බන්ධතාව තේරුම් කරන ධර්මය හෙවත් දෘෂ්ටිය.
අනුවහන[නා.ප්‍ර.] අනු ව පැවැත්ම; අනුව යෑම.
අනුව්‍යඤ්ජනය1. [නා.] මහා පුරුෂයකුගේ ශරීරයෙහි වන අනුලක්ෂණයක්; මහා පුරුෂ ලක්ෂණයන්ට දෙවනුව සිටි ලක්ෂණ ප්‍රකාශක වූ කුඩා ලකුණ. 2. [නා.] සවිස්තර ලක්ෂණය; ශරීර අවයව ආදින්ගේ ආකාර හෝ හැඩහුරුකම. 3. [නා.] පසු ව එන අක්ෂර සමූහය; එකිනෙක ව්‍යඤ්ජනාක්ෂර.
අනුවාක්‍යය1. [නා.] අප්‍රධාන වාක්‍යය. 2. [නා.] වාක්‍ය ඛණ්ඩය; ලියවිල්ලක කොටසක්.
අනුවාතය[නා.] සුළඟ හමන අත; සුළඟ හමා එන පැත්තට අභිමුඛ වූ පැත්ත; යටි සුළඟ.
අනුවාදකය[නා.] අර්ථයක් පැහැදිලි කරන හෙවත් විස්තර කරන පදය; අර්ථසූචකය.
අනුවාදය1. [නා.] නැවත කීම; පුනරුක්තිය. 2. [නා.] විස්තර කථනය; අර්ථය පැහැදිලි කිරීම. 3. [නා.] අන් බසකට පෙරළීම; පරිවර්තනය. 4. [නා.] අපවාදය; දෝෂාරෝපණය; චෝදනාව.
අනුවාද්‍ය[වි.] පහදා දිය යුතු; විස්තර කළ යුතු.
අනුවාදිත[වි.] අනුවාද කළ; විස්තර කරන ලද; පැහැදිලි කරන ලද.
අනුවාසනය1. [නා.] (රෙදි) සුවඳ කැවීම; බෙහෙත් දුම් ගැස්වීම. 2. (වෛද්‍ය.) [නා.] බඩට තෙල් වස්ති කිරීම හෙවත් විදීම.
අනුවැති[වි.] අනු ව පවතින; අනුකූල ව පවතින; අනුවර්තී.
අනුවිචරණ, අනුවිචාරණ[නා.ප්‍ර.] යම් අරමුණක නැවත නැවත සිත හැසිරවීම; භාවනා කිරීම.
අනුවිජ්ජකයා[නා.] (විනය.) පරීක්ෂා කරන්නා; විචාරන්නා (අධිකරණ විනිශ්චය කරන භික්ෂුව සඳහා යෙදේ).
අනුවිතර්කණය[නා.] නැවත නැවත විචාරීම හෙවත් කල්පනා කිරීම.
අනුවිද්ධ[වි.] සලකුණු කරන ලද; අංකිත.
අනුවිධාන[නා.ප්‍ර.] අනු ව පැවැත්ම; අනුකූලතාව.
අනුවින්දනය[නා.] විඳ ගැනීම; අනුභවය.
අනුවිලෝකනය[නා.] නැවත නැවත බැලීම හෝ සැලකීම; සමාලෝචකය.
අනුවිවෘත්ත[වි.] නැවත විස්තර කරන ලද; වැඩිදුරටත් පැහැදිලි කරන ලද.
අනුවිසි[වි.] වසඟ වූ; යටත් වූ. [නා.ප්‍ර.] දහ නවය.
අනුවෘංහණය[නා.] වැඩීම; වර්ධනය කිරීම; දියුණු කිරීම.
අනුවෘත්තය(පාරිභා.) [නා.] වක්‍ර රේඛාවක ප්‍රාන්ත දෙක ක්‍රමයෙන් පළල් ව ගොස් සෑදෙන සටහන; පරවලය; පරාවලය (=parabola).
අනුවෘත්තිය1. [නා.] අනු ව පැවැත්ම; එකඟකම. 2. (ව්‍යාක.) [නා.] පසු ව එන සූත්‍රයක පදයක් පූර්ව සූත්‍ර පදයකට අනුකූල වීම.
අනුවෙනවා1. [ක්‍රි.] අනු ව පවතිනවා; අනුකූල වෙනවා; සමාන වෙනවා. 2. [ක්‍රි.] අනු ව යනවා; පසු පස්සෙහි යනවා; ලුහුබැඳ යනවා; එක් ව යනවා.
අනුවේගී කම්පනය[නා.] (භෞති.) වස්තුවක් කම්පනය වන විට ඒ වස්තුවේ සංඛ්‍යාතයට සමාන වූ සංඛ්‍යාත ඇති වස්තුවක ඇති වන කම්පනය.
අනුවේදනය[නා.] සංවේගය; කනගාටුව.
අනුවේදනීය[වි.] සංවේගය හෝ කනගාටුව ඉපදවිය හැකි; සංවේගාත්මක.
අනුශය1. [නා.ප්‍ර.] පසුතැවිල්ල. 2. [නා.ප්‍ර.] ද්වේශය; වෛරය. 3. [නා.ප්‍ර.] අතට පැමිණි වස්තුව.
අනුශයනය[නා.] නිදා සිටීම; ක්‍රියා විරහිතව සිටීම.
අනුශයාවස්ථ[වි.] සත්වයන්ගේ සිත්හි අප්‍රකටව පවත්නා; ක්‍රියා විරහිත අවස්ථාවෙහි පවත්නා.
අනුශ්වාසනළය, අනුශ්වාසනාළය[නා.] නාසයේ පටන් පෙණහැල්ල දක්වා හුස්ම ගෙන යන නාලය; ශ්වාසනාලය.
අනුශ්‍රවණය[නා.] ඇසූ පුවත; ජනශ්‍රැතිය; ජනප්‍රවාදය.
අනුශ්‍රැතය[නා.] මුඛ පරම්පරාවෙන් අසන ලද්ද.
අනුශ්‍රෝතය[නා.] ජලධාරාවක යටි අත; යටි ගඟ.
අනුශාඛාව[නා.] මහ අත්තකින් බෙදී විහිදී ගිය කුඩා අත්ත.
අනුශාසනය, අනුශාසනාව, අනුසාසනය, අනුසාසනාව1. [නා.] අවවාදය; උපදේශය. 2. [නා.] නියෝගය; ආඥාව. 3. [නා.] විස්තර කථනය; දේශනාව. 4. [නා.] පින්කමක අවසානයේ දී කරන අනුමෝදනාව.
අනුශිෂ්‍යයා[නා.] (ශිෂ්‍ය පරම්පරාවක මුල් ශිෂ්‍යයන්ට) පසු ව එන ශිෂ්‍යයා.
අනුශීර්ෂය[නා.] ප්‍රධාන මාතෘකාවට පසු ව එන මාතෘකාව; දෙවන මාතෘකාව හෙවත් මැය.
අනුශීලනය[නා.] නැවත නැවත අභ්‍යාස කිරීම; නොකඩවා හැදෑරීම.
අනුශෝචනය[නා.] නැවත නැවත ශෝක කිරීම; පසුතැවිල්ල.
අනුෂඞ්ගය[නා.] එක් වීම; දැඩි සම්බන්ධය; ආසක්තිය.
අනුෂඞ්ගික, ආනුෂඞ්ගික[වි.] කිට්ටුවෙන් සම්බන්ධ වූ.
අනුෂඤ්ජනය[නා.] අනු ව සම්බන්ධ කිරීම; පූර්වය පසුව එන දෙය හා සම්බන්ධ කිරීම.
අනුසඤ්චරණය[නා.] (අභි.) (චිත්ත චෛතසික අරමුණකට) අනු ව හැසිරීම හෙවත් පැවැත්ම.
අනුසදෘශ[වි.] එක සමාන; තුල්‍ය; අනුරූප.
අනුසන්ධානය1. [නා.] සම්බන්ධ කිරීම; ගැළපීම. 2. [නා.] විමසීම; අන්වේෂණය. 3. [නා.] සැසඳීම; සංසන්දනය.
අනුසන්ධිය1. [නා.] හකු ඇට සන්ධි වන ස්ථානය. 2. [නා.] ගැළපීම; සම්බන්ධය.
අනුසප්තාහ[වි.] සත් දිනක් පාසා.
අනුසය[නා.] (අභි.) ඇල්ම; පක්ෂපාත බව හෝ නැමුණු බව; සත්ත්වයන් කෙරෙහි අත් නොහැර බැඳී සිටගෙන ප්‍රත්‍යය ලත් කල ඉදිරියට පැමිණෙන්නා වූ පාප ස්වභාවය.
අනුසර[නා.ප්‍ර.] සිහි කිරීම; අනුස්මරණය.
අනුසරණය[නා.] අනු ව යෑම; අනුගමනය; අනුකරණය.
අනුසස1. [නා.] යහපත් ප්‍රතිඵලය; කුශල විපාකය; ආනිශංසය. 2. [නා.] ශක්තිය; බලය; ආධිපත්‍යය.
අනුස්ථාපනය(පාරිභා.) [නා.] නව සේවකයකුට හෝ පුහුණුවන්නකුට (තම රැකියාව කෙරෙහි සෘජු හෝ වක්‍ර ලෙස බලපාන සමාගම් ප්‍රතිපත්ති, සැලසුම් කාර්ය පටිපාටි හා පිළිබඳ) දැනීමක් ඇති කර ගැනීමට හැකි වන පරිදි සැකසූ පුහුණු කිරීමේ ක්‍රමයක් (=orientation).
අනුස්ඵරණය[නා.] පැතිරීම; ව්‍යාප්ත වීම.
අනුස්මරණය[නා.] සිහිකිරීම; ස්මරණය කිරීම.
අනුස්මාරක[වි.] සිහි කරවන; මතක් කරවන (ස්මාරක ගොඩනැගිලි ආදිය සඳහා යෙදේ).
අනුස්මෘතිය[නා.] (අභි.) සිහි කිරීම; අනුස්මරණය; අනුස්සතිය.
අනුස්වාරය[නා.] (ව්‍යාක.) අනුනාසික ශබ්දය; අනුනාසික ශබ්දය දක්වන සලකුණ; බින්දුව.
අනුස්සතිය[නා.] නැවත නැවත සිහි කිරීම.
අනුස්සන්න[වි.] උස් නොවූ; උස් නොකළ; අධික ව නොවැඩුණු.
අනුස්සවය[නා.] ඇසූ පුවත; ජනශ්‍රැතිය; ජනප්‍රවාදය.
අනුස්සුතික[වි.] ජනප්‍රවාදය අදහන; අනුශ්‍රැතියෙහි විශ්වාසය තබන.
අනුසායික[වි.] සැඟවී පවත්නා; නිදන්ගත.
අනුසාර[වි.] අනු ව යන; අනුරූප.
අනුසී[නා.ප්‍ර.] (අභි.) නැවත නැවත සිහි කිරීම.
අනුසුරුවීම[නා.ප්‍ර.] නොකියා හැරීම; අනුච්චාරණය.
අනුසූක්ෂ්ම[වි.] ඉතා කුඩා; ඉතා සියුම්.
අනුසෙරෙන්[ක්‍රි.වි.] අනුසාරයෙන්; අනුරූපව.
අනුසෝතගාමි, අනුසෝතගාමී[වි.] දිය පහර ඔස්සේ යන (පව්කාරයකු මෙන්) යටි හොයට ගමන් කරන.
අනුහස1. [නා.] යහපත් ප්‍රතිඵලය; කුශල විපාකය; ආනිශංසය. 2. [නා.] ශක්තිය; බලය; ආධිපත්‍යය; විශේෂ බලය.
අනුහාරිත්වය[නා.] අනුකරණය කරන බව; අනුකරණය.
අනූන[අන්+ඌන] 1. [වි.] අඩු නැති; සම්පූර්ණ. 2. [වි.] අප්‍රධාන නොවූ; නොදෙවෙනි වූ.
අනූනාධික[අන්+ඌන+අධික] [වි.] ඌනත්වයක් හො අධිකත්වයක් හෝ නැති; හරියට ම හරි.
අනූප[වි.] දියට ආසන්න; ජල බහුල වූ; තෙතමනය ඇති. [නා.ප්‍ර.] ජල බහුල භූමිය.
අනූපමේය, අනූපමෙය්‍ය[වි.] උපමා නොකළ හැකි.
අනූපේත[අන්+උපේත] [වි.] සම්පන්න; යුක්ත.
අනෘත[වි.] අසත්‍ය; බොරු.
අනෙස්න[නා.] (විනය.) අයුතු ක්‍රමවලින් සිවුපසය සෙවීම; අන්වේෂණය.
අනේකවිධ[වි.] නොයෙක් ආකාර වූ; නානාප්‍රකාර; විවිධ.
අනේකාකෘති[අනේක+ආකෘති] (පාරිභා.) [වි.] බහු රූපාකාරයෙන් ස්ඵටිකීකරණය වන.
අනේකාග්‍ර[වි.] ඒකාග්‍ර නැති; එකඟ නැති. අනේකාන්තවාදය [නා.] කිසි දෙයක් ඇත කියා හෝ නැත කියා හෝ ස්ථිර මතයක නොපිහිටීම ලක්ෂණ කොට ඇති දර්ශනය.
අනේකාර්ථ[අනේක+අර්ථ] [වි.] නොයෙක් අර්ථ ඇති; බොහෝ තේරුම් ඇති.
අනේකාවයවතාව(පාරිභා.) [නා.] වෙනස් වෙනස් අණුකභාර ඇති වන පරිදි එක ම මූලද්‍රව්‍ය ලෙස සංයෝජනය වී සෑදුණු බව.
අනේවාදහස්[නා.ප්‍ර.] නොයෙක් දහස් ගණන් අවුරුදු; බොහෝ වර්ෂ දහස් ගණනක්.
අනේළමුග[වි.] කෙළතොලු නොවූ; නුවණැති.
අනෛකාන්තික[වි.] ඒකාන්ත නැති; ඒකාන්තයෙන් නොවන; වෙනස් විය හැකි.
අනෛන්ද්‍රිය(පාරිභා.) [වි.] ඉන්ද්‍රිය රහිත; අකාබනික.
අනෛන්ද්‍රිය රසායන විද්‍යාව(පාරිභා.) [නා.] කාබන් සංයෝග හැර අනිකුත් රසායනික මූලද්‍රව්‍ය හා ඒවායේ සංයෝග පිළිබඳ ව උගන්වන විද්‍යාව.
අනොත්තප්පය[නා.] (අභි.) පවට බිය නැතිබව.
අනොබ[නා.] අන්‍ය වූ ස්ථානය; අනික් තැන.
අනෝදරික[වි.] කෑමෙහි ගිජු නොවූ; කෑදර නැති.
අනෝදිස්සක[වි.] යම් තැනැත්තකු උදෙසා නොවූ; එක් පුද්ගලයකුට සීමා නොවූ.
අනෝපමේය, අනෝපම්‍යය[වි.] උපමා නොකළ හැකි; අසමාන.
අනෝම[වි.] පහත් නොවූ; අලාමක; උසස්; ශ්‍රේෂ්ඨ.
අනෝරපාර ඇති[වි.] එතෙර මෙතෙර නැති; පරක් තෙරක් නැති.
අනෝරා(කථා.) [වි.] ඉවරයක් නැති; නැවතීමක් නැති.
අනෝලෝ, අනෝලෝකිත[වි.] (කිසිවකු විසින්) නොදැකිය හැකි.
අනෝවස්සක[වි.] වැස්සෙන් නොතෙමෙන.
අනෝවාදක[වි.] අවවාදයෙහි නොපිහිටන; අකීකරු.
අනෞචිත්‍ය[නා.ප්‍ර.] අනුචිත භාවය; නුසුදුසුබව.
අඳ[වි.] ඇස් නොපෙනෙන; අන්ධ. 1. [නා.ප්‍ර.] අන්ධයා. 2. [නා.ප්‍ර.] භාගය; පංගුව; වගාව සඳහා දෙන ලද ඉඩමකින් නොහොත් කුඹුරකින් අස්වැන්නෙන් අයිතිකරුට හෝ ගොවියාට හිමිවන කොටස; බිම් අඳය හෝ ගොවි අඳය.
අඳ පරවේණිය[නා.] භූමියෙන් අර්ධයක අයිතිය, වගා කරන්නාට හිමි ව ඇති රාජසන්තක ඉඩම.
අඳ මුත්තෙට්ටුව[නා.] ඉඩම් හිමියාට අස්වැන්නෙන් අඩක් දෙන පොරොන්දුව පිට වගා කරන කුඹුර.
අඳඅස්වනු[නා.ප්‍ර.] කුඹුර අඳේට දීමෙන් ඉඩම් හිමියාට ලැබෙන අස්වැන්නේ කොටස.
අඳකාරයා, අඳගොවියා[නා.] අඳේට දෙන ලද භූමි වගා කරන ගොවියා.
අඳන1. [නා.ප්‍ර.] පැවිදිකෙනෙකු පොරෝනා සිවුරට යටින් හඳනා වස්ත්‍රය; අන්තර වාසකය; අඳන කඩය. 2. [නා.ප්‍ර.] ඇස ගානා කළු ආලේප විශේෂය; අංජන.
අඳනාව[නා.] ඇඳුම; වස්ත්‍රය; කබාය; අඳනය.
අඳබල[වි.] අන්ධ බාල; අනුවණ; මුග්ධ.
අඳර[නා.] කළුවර; අන්ධකාරය.
අඳිනවා1. [ක්‍රි.] ගානවා; ආලේප කරනවා. 2. [ක්‍රි.] (රේඛා රූප ආදිය) චිත්‍රයට නංවනවා; සලකුණු කරනවා; සිත්තම් කරනවා. 3. [ක්‍රි.] ඇඳුමෙන් සැරසෙනවා.
අඳුන1. [නා.] ඖෂධයක් වශයෙන් ඇස ගානා කළු ආලේප විශේෂයක්; නේත්‍රාඤ්ජනය; රසාඤ්ජනය. 2. [නා.] අඤ්ජනම් එළියක් බැලීමේ දී භාවිත කරන ආලේපය; පහන්දැලි; දැලි.
අඳුනනවා[ක්‍රි.] මනාව දන්නවා; පළපුරුද්දෙන් නොහොත් ආශ්‍රයෙන් දැනගෙන ඉන්නවා.
අඳුන්[නා.ප්‍ර.] කාලවර්ණ මුවකුගේ සම; අඳුන් දිවිසම.
අඳුන් කුළ[නා.] හිමාලයේ පිහිටා ඇතැයි සලකනු ලබන ෂට් කූටවලින් එකක්; අඤ්ජන කූටය.
අඳුන් දිවියා[නා.] අඳුන් වන් සමක් ඇත්තා වූ මුවා; කාලවර්ණ මුවා.
අඳුන් නවනවා[ක්‍රි.] (ගොවි.) වී මැනීම ආරම්භ කිරීමට පළමු ව බැත කන්දෙන් (වී ගොඩෙන්) වී ටිකක් ගෙන ලාහට දමනවා.
අඳුන්වන්[වි.] කාලවර්ණ වූ; කළුපැහැ ඇති.
අඳුබන්[නා.ප්‍ර.] දඬුකඳේ ගැසීම; අත් පා විලංගු දැමීම.
අඳුර[නා.] කළුවර; අන්ධකාරය.
අඳුරු1. [වි.] කළුවර වූ. 2. [වි.] ඍජු; අවංක.
අඳුරුරුපු1. [නා.ප්‍ර.] අඳුරේ හතුරා වන සූර්යයා; හිරු. 2. [නා.ප්‍ර.] පහන.
අඳෝනාව[නා.] විලාපය; පරිදේවය.
අඳෝමය, අඳෝමයි1. [නි.] ඛේදය, සංවේගය හැඟවීමෙහි යෙදේ. 2. [නි.] පිළිකුල හැඟවීමෙහි යෙදේ.
අප1. [උ.] වියෝගය, භ්‍රංශය, විරෝධය යනාදි අර්ථ දෙනු සඳහා නාම සහ ක්‍රියා පද හා යෙදෙන උපසර්ගයක්. 2. (සර්ව.) [උ.] අපි යන්නෙහි අනුක්ත රූපය. [නා.ප්‍ර.] ජලය; පැන්; වතුර.
අපකර්මය(පාරිභා.) [නා.] පිරිහීම; පරිහානිය (=degeneration).
අපකර්ෂක[වි.] පහතට අදින; පහත් කරන.
අපකර්ෂණය(පාරිභා.) [නා.] ඉවතට ඇදීම; එකිනෙකට ඈත් වීම; විහිදවා යැවීම (=repulsion).
අපක්ෂ1. [වි.] පියාපත් නැති. 2. [වි.] පක්ෂයක් නැති; මධ්‍යස්ථ.
අපක්ෂපාත1. [වි.] පක්ෂයක් නොගත්; මධ්‍යස්ථ. 2. [වි.] පක්‍ෂපාත නොවූ; විරුද්ධ.
අපක්ෂවාදියා[නා.] පක්ෂයක් නොගත් තැනැත්තා; මධ්‍යස්ථව සිටින්නා.
අපක්ෂේපණය[නා.] (න්‍යාය.) පහත හෙළීම; වැටීම; දර්ශනයෙහි එන පඤ්චවිධ කර්මවලින් එකක්.
අපක්‍රමණය1. [නා.] ඉවතට යෑම; පලා යෑම. 2. (පාරිභා.) [නා.] ඇලවීම; නැමීම (=deflection).
අපක්‍රමය1. [නා.] ඉවතට යෑම; පලායෑම. 2. (අලං.) [නා.] පද බෙදීමේ නිසි ක්‍රමය උල්ලංඝනය වූ කාව්‍ය දෝෂය.
අපක්‍රාන්තිය(පාරිභා.) [නා.] පිරිහීම; පරිහානිය (=degeneration).
අපක්‍රියාව[නා.] වැරදි ක්‍රියාව.
අපකාරය[නා.] අනූපකාරය; හානිය; අවැඩ.
අපකිරණය(පාරිභා.) [නා.] විසුරුවා හැරීම; ප්‍රිස්මයක මාර්ගයෙන් ආලෝක ධාරාවක් එහි සංරචක වර්ණ කරා විසුරුවා හැරීම (=dispersion).
අපකීර්තිය[නා.] අයස; නින්දාව; අවමානය.
අපකෘත[වි.] යහපත් දිවිපෙවෙතින් පහ කරන ලද; අපකාරයක් වශයෙන් කළ.
අපකෘෂ්ට[වි.] පහත්; නීච; අධම.
අපඛ්‍යාත[වි.] ප්‍රතික්ෂේප කළ; හළ,
අපඛ්‍යානය[නා.] ආක්‍රෝශය; පරිභවය.
අපගත1. [වි.] ඉවතට ගිය; පහ වූ. 2. [වි.] මළ; මියගිය. 3. [වි.] වෙන් වූ; නොඇලුණු.
අපගමනය1. [නා.] ඉවතට යෑම; පහ වීම; අතුරුදන් වීම. 2. [නා.] යම් අගයක් මාධ්‍ය අගයෙන් වෙනස් වන ප්‍රමාණය (=deviation).
අපගමය[නා.] පහ වීම; අතුරුදන් වීම; ඉකුත් වීම.
අපගර්භ[වි.] නැවත ඉපදීමක් නැති; පුනර්භවය නැති.
අපග්‍රහ[නා.ප්‍ර.] දඬුවම; අච්චුව.
අපගාමී(පාරිභා.) [වි.] පිටතට යන (=outgoing).
අපගුරුත්වාවර්තනය(පාරිභා.) [නා.] පැළෑටියක් ගුරුත්වයට විරුද්ධව උඩු අතට වැඩෙන ගතිය (=apogeotropism).
අපඟ[නා.ප්‍ර.] නෙත්කොන.
අපචය1. [නා.ප්‍ර.] අඩු වීම; ක්ෂය වීම. 2. (අභි.) [නා.ප්‍ර.] කෙලෙස් පහ කිරීම; පුනරුත්පත්තිය අවසන් කිරීම; නිර්වාණය. 3. [නා.ප්‍ර.] භාව චක්‍රයේ පළමු, දෙවන, සිවුවන, හත්වන, අටවන, නවවන හා දොළොස්වන ස්ථාන.
අපචර්යාව(පාරිභා.) [නා.] ආගමට හා ඇදහීමට නින්දා කරන පැවැත්ම (=scandal).
අපච්චනීක[වි.] ප්‍රත්‍යනීක නොවන; විරුද්ධ නොවන.
අපචායනය[නා.] ගරුබුහුමන් කිරීම; ගරු සැලකිලි දැක්වීම; පිදීම.
අපචාරය[නා.] අයෝග්‍ය හැසිරීම; නරක පැවැත්ම; වැරදි ක්‍රියාව.
අපචිත[වි.] බුහුමන් කරන ලද; පුදන ලද; අභිවාදනය කළ.
අපචිතනය[නා.] විසිරීම; විකිරණය; සුනු විසුනු කිරීම; විධ්වංසනය.
අපචේතෘ[නා.ප්‍ර.] ආදායමට වඩා වියදම් කරන්නා; අනවශ්‍ය දේ සඳහා වැය කරන්නා; නාස්තිකාරයා.
අපණ්ණක[වි.] අවිරුද්ධ; බාධා නොමැති; නිවනට පමුණුවන; නෛර්යාණික.
අපතර්පණය[නා.] රෝගයක මුල් අවස්ථාවේ දී ආහාර නොගෙන සිටීම.
අපත්, අපවත්1. [වි.] නොපවතින; නැති. 2. [වි.] මියගිය; අභාවප්‍රාප්ත. [නා.ප්‍ර.] ආපදා; විපත්; විනාශ.
අපත්යීකරණය(පාරිභා.) [නා.] (නීති.) දරුකමට හදා ගැනීම (=adoption).
අපත්‍ය[නා.ප්‍ර.] දරුවා; පුත්‍රයා.
අපත්‍ය පථය[නා.] යෝනි මාර්ගය; යෝනිය.
අපත්‍යාගය(පාරිභා.) [නා.] (නීති.) විධිමත් ව හෝ පැහැර හැරීමෙන් හෝ අත්හැරීම (=abdication).
අපත්‍ර1. [වි.] පියාපත් නැති; අත්ඇඳි රහිත. 2. [වි.] කොළ නැති.
අපත්‍රපා1. [නා.ප්‍ර.] විළිය; ලජ්ජාව. 2. (අභි.) [නා.ප්‍ර.] පාපධර්ම කෙරෙහි බිය; පවට බිය වීම.
අපතේ යනවා[ක්‍රි.] නාස්ති වෙනවා; ප්‍රයෝජනයක් නොවී අහක යනවා; නිරර්ථක ලෙස වියදම් වෙනවා.
අපථය[නා.] නොමඟ; වැරදිමඟ.
අපථ්‍යය1. [නා.] අයෝග්‍යය; නුසුදුස්ස. 2. [නා.] සනීපයට අහිත ආහාරපානාදිය; සුබදායක නොවන කෑමබීම.
අපද1. [වි.] පාද රහිත; පා නැති. 2. [වි.] අමූලික; අසත්‍ය; ප්‍රතිෂ්ඨා රහිත. [නා.ප්‍ර.] අනතුරු; විපත; ආපදාව.
අපදන්1. [නා.ප්‍ර.] අහකට ගැනීම; ඉවත් කිරීම; පහ කිරීම. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] අවධි විභක්තියේ අර්ථය; අවධිකාරකය. (කථා.) [වි.] නාස්ති වූ; අපතේ ගිය; නිෂ්ඵල ලෙස වියදම් වූ.
අපද්‍රව්‍යය[නා.] පිරිසිදුකම නැති කරන ද්‍රව්‍ය; කසල; බැහැර කළ යුතු අපිරිසිදු ද්‍රව්‍යය.
අපදානය1. [නා.] උදාර චරිතය; සාධු චරිතය. 2. [නා.] උදාර ක්‍රියා සහ පුණ්‍ය ක්‍රියා පිළිබඳ කථාව; ජීවිත කථාව; කථා ප්‍රවෘත්තිය. 3. [නා.] ඛුද්දක නිකායට අයත් තෙළෙස් වැනි ධර්ම සංග්‍රහය.
අපදේශය, අපදේසය1. [නා.] පෙන්වා දීම; දැක්වීම. 2. [නා.] ධර්ම විනය පිළිබඳ කරුණක් සඳහා නිශ්චය වශයෙන් ඉදිරිපත් කෙරෙන සාධකය. 3. [නා.] වෙස් වළාගැනීම; ව්‍යාජ වේශය.
අපනයනය1. [නා.] ඉවත් කිරීම; පහ කිරීම; බැහැර කිරීම. 2. [නා.] ඉවතට ගෙන යෑම; ද්‍රව්‍ය ආදිය විදේශ කරා පැමිණීම.
අපනායක(පාරිභා.) [වි.] පිටතට ගෙන යන; අපහාරික (=abductor).
අපනීත[වි.] ඉවත් කළ; පහ කළ; අහක් කළ.
අපපාඨය[නා.] වැරදි පාඨය; සදොස් පදය.
අපභ්‍රෂ්ට[වි.] බැහැර කළ; ඉවත දැමූ.
අපභාෂාව[නා.] සමාජයේ පහළ ජනකොටස් විසින් ව්‍යවහාර කරනු ලබන ග්‍රාම්‍ය භාෂාව; අසම්මත බස (=slang).
අපමණ[වි.] ප්‍රමාණයක් කළ නොහැකි; අප්‍රමාණ.
අපමානය[නා.] අගෞරවය; අපකීර්තිය; අවඥාව.
අපමානිත[වි.] අවමානයට භාජන වූ; නින්දා විඳින ලද; ගර්හිත.
අපමෘත්‍යු[නා.ප්‍ර.] හදිස්සියෙන් හෝ අතුරු අන්තරාවකින් හෝ සිදුවන මරණය.
අපයාත[වි.] පහව ගිය; ඉවත් ව ගිය.
අපයානය[නා.] ඉවත් ව යෑම; පසු බැස්ම; පලායෑම.
අපර1. [වි.] වෙනත්; අනෙක්; ඉතිරි. 2. [වි.] පසු; ඊළඟ. 3. [වි.] බටහිර. 4. (තර්ක.) [වි.] වඩා පටු; පරිමිත; විස්තීර්ණ නොවූ. 5. (තර්ක.) [වි.] දුර; ඈත; අපරත්ව. 6. (පාරිභා.) [වි.] අවයවයක පිටිපස්සෙහි පිහිටි.
අපර ක්‍රියාව1. [නා.] (ව්‍යාක.) වාක්‍යයක අවසානය ප්‍රකාශ කරන ආඛ්‍යාත පදය; අවසාන ක්‍රියාව. 2. [නා.] අවමඟුල් කටයුතු; අවමංගල්‍ය චාරිත්‍ර.
අපර පක්ෂය[නා.] චන්ද්‍ර මාසයෙහි කාල පක්ෂය.
අපර පරාගණය(පාරිභා.) [නා.] එක ම විශේෂයට අයත් ශාකයන් අතර පරාගණය (=cross pollination).
අපර භාගය1. [නා.] පසු භාගය; දෙවන කොටස. 2. [නා.] දිනයේ දෙවන භාගය; පස්වරුව.
අපර මස්තිෂ්කය(පාරිභා.) [නා.] අනුමස්තිෂ්කය සුෂුම්නා හා ශීර්ෂකය ඇතුළත් මොළයේ පශ්චාද් භාගය (=hindbrain).
අපර සාමාන්‍යය[නා.] (තර්ක.) පරිමිත හෙවත් විස්තීර්ණ නොවූ සාමාන්‍යය.
අපරකාලය1. [නා.] පසුකාලය. 2. [නා.] හිරු අවරට ගිය කාලය; පස්වරුව.
අපරකාලීන[වි.] පසු කාලයට අයත්; මෑත භාගයට අයත්.
අපරගිර[නා.] බටහිර දිශාවේ ඇතැයි සැලකෙන එනම් කල්පිත පර්වතය; ඉර බැස යන පර්වතය.
අපරතා[නා.ප්‍ර.] (තර්ක.) පටුබව; විස්තීර්ණ නොවන බව.
අපරදර්ශය(පාරිභා.) [නා.] මුල් දර්ශාදර්ශයට අමතර විරුද්ධ ලිංගික දර්ශාදර්ශයක් (=allotype).
අපරදිග1. [නා.] බස්නාහිර පැත්ත; බටහිර දිශාව; පශ්චිම දිශාව; අපරන්තය. 2. [නා.] පෙරදිග නොවන (රටවල්) බටහිර.
අපරස්වරය[නා.] (ව්‍යාක.) සන්ධි වන පද දෙකකින් දෙවන පදයේ මුල සිටි ස්වරය.
අපර්යන්ත[වි.] පර්යන්තයක් නැති; කෙළවරක් නැති; සීමා රහිත.
අපර්යන්ත වික්ෂේපය[නා.] දෘෂ්ටියෙහි හෝ වචනයෙහි හෝ සීමාරහිත ව්‍යාකූලතාව.
අපර්යේෂිත[වි.] නොසොයන ලද.
අපරා[නා.ප්‍ර.] වැදෑමහ; ගර්භවේෂ්ටනය.
අපරාජිත[වි.] පරාජය නොකරන ලද; අභිභවනය නොකළ.
අපරාජිත පර්යංකය[නා.] නොපරදවන ලද ආසනය; බුදුරජාණන් වහන්සේ මාර පරාජය කොට බුද්ධත්වයට පැමිණෙන අවස්ථාවෙහි බෝධිමූලයෙහි වැඩ හුන් ඌරුබද්ධ ආසනය.
අපරාධ නීතිය[නා.] (නීති.) අපරාධ පිළිබඳ නීතිය; ක්‍රිමිනල් නීතිය.
අපරාධකරුවා[නා.] වරදකරුවා; නීති විරෝධී ක්‍රියාවක් කළ තැනැත්තා.
අපරාධය[නා.] වරද; අයුක්තිය; නොකටයුතු දෙය; නීති විරෝධී ක්‍රියාව.
අපරාන්තය1. [නා.] අග කොන; අවසාන කෙළවර. 2. [නා.] බටහිර දිග; පශ්චිම දිශාව.
අපරාන්ත්‍රිකය(පාරිභා.) [නා.] බඩවැලේ කෙළවර කොටස (=hind-gut).
අපරාපර[වි.] එකිනෙක අනුව පවත්නා; ඊළඟ; අනතුරු.
අපරාපරිය[වි.] (අභි.) භවයෙන් භවයට නොසිඳීයන.
අපරාපරියවේදනීය කර්මය[නා.] යම්කිසි මතු භවයක දී විපාක විඳිය යුතු කර්මය.
අපරාමසන[නා.ප්‍ර.] නොගැනීම; නොකියා හැරීම.
අපරාරම්භය[අපර+ආරම්භය] [නා.] අනෙක් කොටසේ පටන් ගැන්ම; අවසාන කොටසේ ආරම්භය.
අපරාර්ධ ගෝලය[අපර+අර්ධගෝලය] [නා.] පෘථිවිගෝලයෙහි අපරදිග භාගය.
අපරාර්ධය[නා.ප්‍ර.] පසු භාගය; දෙවැනි කොටස.
අපරාව(පාරිභා.) [නා.] වැදෑමහ (=placenta).
අපරාවර්තනය[නා.] නැවත පසෙකට හැරීම.
අපරාහ්ණය[නා.] දවසේ පසු භාගය; පස්වරු කාලය; සවස් කාලය.
අපරික්ෂිප්ත[වි.] වට නොකරන ලද; වැට පවුරු ආදියකින් හාත්පසින් පරික්ෂේප නොකළ.
අපරික්ෂීණ[වි.] හීන නොවූ; ක්ෂය නොවූ; නොගෙවුණු.
අපරිග්‍රහය[නා.ප්‍ර.] වස්තුව පිළිබඳ තම අයිතිය අත්හැරීම.
අපරිග්‍රාහක[වි.] දැඩි කොට අල්වා නොගන්නා වූ.
අපරිගෘහිත1. [වි.] දැඩි කොට අල්වා නොගන්නා ලද; තරයේ නොගන්නා ලද. 2. [වි.] අයිතිවාසිකම් නොකියන ලද.
අපරිච්ඡින්න[ක්‍රි.වි.] සීමාවක් නැති; නිම්හිම් නැති.
අපරිච්ඡේද[වි.] සීමාවක් නැති; නිම්හිම් නැති.
අපරිචිතය, අපරිචිතිය[නා.] දැන පුරුදු නැතිකම; නාඳුනන බව.
අපරිඥාත[වි.] නොදත්; අවබෝධ නොකළ; ප්‍රතිවේධ නොකළ.
අපරිඥේය[නා.ප්‍ර.] ඉඳුරා නොදත හැක්ක; අවබෝධ නොකළ හැක්ක.
අපරිණත1. [වි.] නොවැඩුණු; නොමේරූ; නුමුහු කළ. 2. (විනය.) [වි.] නියත අයිතිකරුවකුට වෙන් නොකරන ලද; බෙදා වෙන් නොකරන ලද; පවරා නොදෙන ලද.
අපරිණාම[වි.] වෙනස් නොවනසුලු.
අපරිත්‍යක්ත[වි.] අත් නොහරින ලද; ඉවත් නොකළ.
අපරිත්‍යජනය[නා.] අත්නොහැරීම; දුරු නොකිරීම.
අපරිනායක1. [වි.] නායකයකු නැති; මඟ පෙන්වන්නකු නොමැති. 2. [වි.] තනි ව යා නොහැකි.
අපරිනිෂ්ඨිත[වි.] සම්පූර්ණ නොවූ; අසම්පූර්ණ.
අපරිපක්ව1. [වි.] පරිපාකයට නොගිය; නොමේරු; නොවැඩුණු. 2. [වි.] නොදිරවූ; ජීර්ණ නොවූ; අජීර්ණ වූ.
අපරිපූර්ණ[වි.] පරිපූර්ණ නොවූ; නොපිරිපුන්; අසම්පූර්ණ.
අපරිභූත1. [වි.] නොඉක්මවූ; නොපැරයූ. 2. [වි.] පරිභව නොකරන ලද; නින්දාවට භාජන නොවූ; අනින්දිත.
අපරිභෝගය[නා.] පරිහරණය නොකිරීම; භාවිතයට නොගැනීම.
අපරිමණ්ඩල[වි.] හාත්පසින් වට නොවූ; පිරිමඬුලු නොවන.
අපරිමර්දිත[වි.] නොමඬින ලද; පිරි නොමදින ලද.
අපරිමාණ[වි.] ප්‍රමාණයක් හෝ මිනුමක් නැති; මිනිය නොහැකි; සීමා කළ නොහැකි.
අපරිමිත1. [වි.] මිනිය නොහැකි; ප්‍රමාණ රහිත. 2. (පාරිභා.) [වි.] දිගින් හෝ ප්‍රමාණයෙන් හෝ සීමා කළ නොහැකි (=infinite).
අපරිමුක්ත[වි.] නොමිදුණු; නිදහස් නොවූ.
අපරිමේය1. [වි.] මිනිය නොහැකි; සීමා කළ නොහැකි; සීමා රහිත; අප්‍රමාණ. 2. (පාරිභා.) [වි.] පොදු මිම්මෙන් මිනිය නොහැකි; පොදු (පූර්ණ හෝ භාග හෝ) මානයක් නොමැති (=irrational).
අපරිරුද්ධ[වි.] අවහිර නොවූ; බාධා නොවූ.
අපරිවර්තන[වි.] පෙරළිය නොහැකි; වෙනස් නොවන.
අපරිවර්තී ගෝලය(පාරිභා.) [නා.] (වායු ගෝලයෙහි) පරිවර්තී ගෝලයට උඩින් තිබෙන වායු ගෝලීය ස්තරය (=stratosphere).
අපරිව්‍යක්ත[වි.] මනා ව පැහැදිලි නොවූ; හොඳින් ප්‍රකට නොවූ.
අපරිශුද්ධ, අපරිසුද්ධ[වි.] අපිරිසිදු; අපවිත්‍ර; අශුද්ධ.
අපරිශේෂ[වි.] ඉතිරි නොවන; සියල්ල ඇතුළත්.
අපරිසංකිත[වි.] සැක නොකරන ලද.
අපරිසඞ්ඛ්‍යේය[වි.] ගණන් කළ නොහැකි; අපරිමාණ; අපරිමිත.
අපරිසමාප්ත[වි.] අවසන් නොකළ; සම්පූර්ණ නොකළ; නිමාවට නොපැමිණි.
අපරිස්පන්දනය[නා.] නොසෙල්වීම; කම්පා නොවීම; චලනය නොවීම.
අපරිහානිය[නා.] නොපිරිහීම; අඩු නොවීම.
අපරිහානීය[වි.] හීන භාවයට නොපමුණුවන; අභිවෘද්ධිකර.
අපරිහාර්ය[වි.] නොවැළැක්විය හැකි; අනිවාර්ය.
අපරිහීණ, අපරිහීන[වි.] කඩ නොකරන ලද; අචිච්ඡින්න; නොපිරිහුණු.
අපරීක්ෂාකාරී[වි.] විමසීමකින් තොර ව ක්‍රියා කරන; අනවධාන.
අපරුෂ[වි.] රළු නොවූ; කඨෝර නොවූ.
අපරෝක්ෂ[වි.] ඇසට පෙනෙන; ප්‍රත්‍යක්ෂ; ඉන්ද්‍රිය සංයෝගයෙන් හටගත්.
අපරෝක්ෂ ඥානය[නා.] (න්‍යාය.) විෂය ගෝචර හා ඉන්ද්‍රිය සංයෝගයෙන් හටගත් දැනුම; ප්‍රත්‍යක්ෂ ඥානය.
අපරෝපක්‍රම[නා.ප්‍ර.] අන්‍යයන්ගේ උපක්‍රමයෙන් මැඩිය නොහැකි දෙය.
අපල1. [වි.] පල නැති; නිෂ්ඵල. 2. [වි.] අනිෂ්ට ග්‍රහ දෝෂ සහිත; අගුණ. 1. [නා.ප්‍ර.] අනිටු විපාකය. 2. [නා.ප්‍ර.] අශුභ කාලය.
අපලක්ෂණකයා[නා.] අශුභ ලකුණු ඇති තැනැත්තා; අභාග්‍යවත් පුද්ගලයා.
අපලාප1. [නා.ප්‍ර.] ඇත්ත සැඟවීම; අපහ්නවය. 2. [නා.ප්‍ර.] ආදරය; සැලකිල්ල.
අපලායි[වි.] පලා නොයනසුලු; ස්ථිරසාර; නිර්භීත.
අපලිබුද්ධ[වි.] පලිබෝධ රහිත; බාධා නැති.
අපලෝකනය1. [නා.] පිටිපස බැලීම. 2. (විනය.) [නා.] සංඝයාගේ අවසරය ලැබීම සඳහා විචාරීම.
අපවත්[වි.] නොපවත්නා; පැවැත්ම නැති; අභාවයට ගිය; මියගිය; අභාවප්‍රාප්ත; අපගත; කාලක්‍රියා කළ.
අපවත් වෙනවා[ක්‍රි.] විශේෂයෙන් භික්ෂූන් මිය යනවා; පරලෝකප්‍රාප්ත වෙනවා; අපගත වෙනවා.
අපවරකය[නා.] ඇතුළු ගබඩාව; ඇතුළු කාමරය.
අපවර්ගය1. [නා.] (ව්‍යාක.) අභිමත ඵලය සිද්ධ වූ කල්හි ක්‍රියාව නිමවීම. 2. [නා.] නිවන; නිර්වාණය.
අපවර්තකය(පාරිභා.) [නා.] විශාල සංඛ්‍යාවක් ඉතුරු නැති ව බෙදිය හැකි කුඩා ගණන (=factor, submultiple, measure).
අපව්‍යය[නා.] පමණ ඉක්මවා වියදම් කිරීම; අධික වියදම.
අපවාද1. [නා.ප්‍ර.] දෝෂාරෝපණ; චෝදනා; නින්දා; නිග්‍රහ. 2. [නා.ප්‍ර.] ආඥා; නියෝග. 3. [නා.ප්‍ර.] විශේෂ විධි; ව්‍යභිචාර.
අපවාදක[වි.] අගුණ කියන; දෝෂාරෝපණ කරන; චෝදනා කරන.
අපවිත්‍ර[වි.] අපිරිසිදු; කිලුටු; දූෂිත.
අපවිලයනය(පාරිභා.) [නා.] වායුවල හෝ ද්‍රව්‍යවල හෝ අණු ඒකාකාර සංයුක්තියක් ඇති කරන පරිදි අන්‍යෝන්‍යව මිශ්‍ර වීම; විසරණය (=diffusion).
අපශබ්දය[නා.] ව්‍යාකරණ විරෝධි වචනය.
අපශාඛාව(පාරිභා.) [නා.] ගංගාවකින් බෙදී යන ශාඛාව; අපපාඨය.
අපශූලත්වය[නා.] ආයුධ රහිත බව; නිරායුධ බව.
අපශෝධනය(පාරිභා.) [නා.] (නීති.) මැනීම; කටුගෑම; විලෝප කිරීම.
අපසංක්‍රමණය[නා.] පසු බැසීම; අපසරණය.
අපසක්[වි.] ඇසට විෂය නොවන; නොපෙනෙන; අප්‍රත්‍යක්ෂ.
අපසද[නා.ප්‍ර.] වැරදි වචනය; ව්‍යාකරණ විරෝධී වචනය; අපශබ්දය.
අපසර[නා.ප්‍ර.] දෙවඟන; අප්සරාව.
අපසරණය1. [නා.] ඉවත් ව යෑම; පිටත්ව යෑම; වෙන්ව යෑම. 2. (පාරිභා.) [නා.] පොදු කේන්ද්‍රස්ථානයකින් එකිනෙකට ඈත් වෙමින් විහිදීම.
අපසර්ජනය1. [නා.] අත්හැරීම; දුරු කිරීම. 2. [නා.] කිසියම් දෙයක් පිරිනැමීම.
අපස්නාව(කථා.) [නා.] අගුණ කීම; දොස් කථා කිරීම.
අපස්මාරය[නා.] සිහි නැති වීමක් සහිතව හෝ රහිතව මොළයේ සංවේදී කොටස්වල ක්‍රියාව හදිසියේ අවුල්වීම ඇති කරවන රෝගය; මීමැස්මොරය.
අපස්මෘතිය[නා.] මතක නැති වීම; සිහියෙන් තොර වීම.
අපස්වාදය1. [නා.] පක්ෂ ව කථා නොකිරීම; පක්ෂ නොවීම; විරුද්ධ වීම; ද්‍රෝහි වීම. 2. [නා.] අගුණ කීම; දෝෂාරෝපණය; චෝදනාව.
අපස්සය[නා.] පුටු ආදියේ ආසනවල හේත්තු වන ඇන්ද; දෑලයෙහි අත් තබන ඇඳි දෙක.
අපසාදකරය[නා.] අප්‍රසාද කරවන දෙය; හෙළා දැකීම උපදවන ක්‍රියාව.
අපසාදනය1. [නා.] පහ කිරීම; නෙරපීම. 2. [නා.] ගැරහීම; අවමානය.
අපසාරි, අපසාරී(පාරිභා.) [වි.] පොදු කේන්ද්‍රස්ථානයකින් එකිනෙකට ඈත් වෙමින් විහිදී යන.
අපහත[වි.] නසන ලද; පහ කරන ලද.
අපහර[වි.] දුරු කළ; පහ කරන ලද.
අපහරණය1. [නා.] ඉවත් කිරීම; පහ කිරීම; දුරු කිරීම. 2. [නා.] පැහැර ගැනීම; සොරා ගැනීම. 3. (ජ්‍යෝති.) [නා.] යම්කිසි කෙනෙකු උපත ලැබූ විට ඔහු උපන් දශාවෙන් කොපමණ කාල ප්‍රමාණයක් ගත වී තිබේ දැයි ගැන බැලීම.
අපහසිත[වි.] අපහාස කරන ලද; නිගා කරන ලද.
අපහසුගාය, අපාසුගාය(කථා.) [නා.] (සරම්ප, පැපොල වැනි) බෝවන රෝගය.
අපහසුව, අපාසුව1. [නා.ප්‍ර.] පහසු නොවනබව; අමාරුව; දුෂ්කරතාව. 2. [නා.ප්‍ර.] අසනීපය; ආබාධය; රෝගය.
අපහ්නවය[නා.ප්‍ර.] වැළකීම; සැඟවීම; ප්‍රතිෂේධය.
අපහාරක, අපහාරී1. [වි.] බැහැර ගෙන යන. 2. [වි.] සොරකම් කරන. 3. [වි.] සඟවන. 4. [වි.] වනසන.
අපහාරය1. [නා.ප්‍ර.] ඉවත් කිරීම; පහ කිරීම; දුරු කිරීම. 2. [නා.ප්‍ර.] පැහැර ගැනීම; සොරා ගැනීම.
අපහාසය1. [නා.] අවමානය; නින්දාව; පරිහාසය. 2. [නා.] අවඥාව.
අපහිත[වි.] සැඟවුණු; ප්‍රකට නැති.
අපහෘත[වි.] පැහැරගෙන යන ලද; බැහැර කරන ලද; ඉවත් කරන ලද.
අප්[නා.ප්‍ර.] සතර මහා භූත අතරින් එකක් වන ආපෝ ධාතුව; ජලය.
අප්කිසුණු[නා.ප්‍ර.] (අභි.) ආපෝ ධාතුව හෙවත් ජලය අරමුණ වශයෙන් ගෙන කරන කසිණ භාවනාව; ආපෝකසිණය.
අප්ධාතුව[නා.] (අභි.) ජලයේ මුල ස්වභාවය; ද්‍රවතාව; තෙත් ගතිය; ආපෝ ධාතුව.
අප්පච්චි[නා.] පියා; තාත්තා.
අප්පටිභා[නා.ප්‍ර.] නොවැටහීම; අනවබෝධ.
අප්පටිවේධ[නා.ප්‍ර.] අවබෝධ කර නොගැනීම; නොදැනුම.
අප්පටිසන්ධි[නා.ප්‍ර.] ප්‍රතිසන්ධි රහිතබව; නැවත ඉපදීමක් නැතිබව.
අප්පණාව[නා.] (අභි.) සිත ධ්‍යානගත කරවීම; සිත අරමුණෙහි පිහිටුවීම.
අප්පණිහිත[වි.] (අභි.) රාග, දෝස, මෝහ, ප්‍රණිධි නැති. තෘෂ්ණා සඞ්ඛ්‍යාත ප්‍රාර්ථනා නැති.
අප්පමඤ්ඤා[නා.ප්‍ර.] අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි පවත්වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන බ්‍රහ්ම විහරණ සතර.
අප්පමාණ[වි.] සීමා රහිත; අනන්ත; අප්‍රමාණ.
අප්පමාද[නා.ප්‍ර.] නොපමාව; සිහියෙන් යුතු ව විමසීම.
අප්පමෙය්‍ය[වි.] මැනිය නොහැකි; ප්‍රමාණ කළ නොහැකි; අප්‍රමාණ.
අප්පල්ල[නා.] ආහාර පිසීමට ගන්නා කට පළල් මැටි බඳුන.
අප්පවාරිතය[නා.] (විනය.) නොපවරන ලද දෙය; බාර නොකළ දෙය.
අප්පා[නා.] පියා; තාත්තා; අප්පච්චි.
අප්පානකයා[නා.] ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අවයව නොමැති ව උපදින සත්ත්වයා.
අප්පිච්ඡතාව[නා.] ස්වල්ප වූ ආශා හෝ බලාපොරොත්තු ඇතිබව; අල්පේච්ඡතාව.
අප්පිඩි, අප්පුඩි[නා.ප්‍ර.] හඬ නගින සේ එකට ගැසීමට, එක් කළ අතුල්තල.
අප්පිඩිලෑල්ල, අප්පුඩිලෑල්ල[නා.] හේනේ හෝ කුඹුරේ හෝ කුරුල්ලන් එළවීම සඳහා අටවාගන්නා ටකපෝරු විශේෂයක්.
අප්පිරියාව[නා.] නොකැමැත්ත; අරුචිය; ප්‍රිය නොවීම.
අප්පු කරනවා[ක්‍රි.] හප්පනවා; වද්දනවා.
අප්පුච්චා(කථා.) [නා.] පියා.
අප්රසය[නා.] දියෙහි ඕජාව; ජලයෙහි සාරය.
අප්සරා[නා.ප්‍ර.] ගාන්ධර්ව ප්‍රියාවන් වන සුරංගනා විශේෂයක්.
අප්‍රකට1. [වි.] පැහැදිලි නැති; පැහැදිලිව නොපෙනෙන. 2. [වි.] අප්‍රසිද්ධ; සැඟවුණු.
අප්‍රකම්ප්‍ය[වි.] සෙලවිය නොහැකි; කම්පා කළ නොහැකි.
අප්‍රකාශ1. [වි.] නොදිලිසෙන; නොබබළන. 2. [වි.] පැහැදිලි නොවූ; ප්‍රකට නොවූ; සැඟවුණු. 3. (උද්භි.) [වි.] ආලෝකය නැති හෝ දුර්වල හෝ තැන වැඩෙන(=aphotic).
අප්‍රතිදාන(පාරිභා.) [වි.] ආපසු නොදෙන (=unrequited).
අප්‍රතිපන්න[වි.] නොපැමුණුණු; නොඑළඹුණු.
අප්‍රතිභාග[වි.] සමාන වූ අනිකකු නැති; අසමාන.
අප්‍රතිම[වි.] උපමා කළ හැකි අනිකකු නැති; අනුපම; අසමාන.
අප්‍රතිවේධ[නා.ප්‍ර.] සත්‍යාවබෝධයෙන් තොරබව; අනවබෝධය.
අප්‍රතිෂ්ඨ[වි.] රැඳී සිටීමට උපකාර වන දෙයක් නැති.
අප්‍රතිෂේධය[නා.] නොවැළැක්වීම.
අප්‍රතිසම[වි.] සමානයකු නැති; සදෘශයකු නැති; අසම.
අප්‍රතිසරණ[වි.] පිළිසරණක් නැති; පිහිටක් නොමැති.
අප්‍රතිහත[වි.] බාධා නොකරන ලද; නොවළකන ලද.
අප්‍රතීත[වි.] නොසතුටු; අප්‍රසන්න.
අප්‍රදාලිත[වි.] නොපැළුෑ; නොනැසූ.
අප්‍රධාන[වි.] ප්‍රධාන නොවන; නොවැදගත්.
අප්‍රබුද්ධ1. [වි.] නොපිබිදුණු; පිබිදී නැති. 2. [වි.] නුවණ මුහුකුරා නොගිය; ප්‍රාඥ නොවූ. 3. [වි.] විනාශයට නොපැමිණි; විකසිත නොවූ; නොපිපුණු.
අප්‍රභව[වි.] ප්‍රභවයක් නැති; හේතුවක් හෝ මූලයක් හෝ නොමැති.
අප්‍රභ්‍රංශ, අපභ්‍රංස1. [නා.ප්‍ර.] ඉන්දියානු ප්‍රාකෘත භාෂාවක්. 2. (රූඪි.) [නා.ප්‍ර.] නොතේරෙන බස; දූෂිත භාෂාව; ව්‍යාකරණානුකූල නොවූ භාෂා ව්‍යවහාරය.
අප්‍රභූත[වි.] ප්‍රමාණවත් නොවන; නොසෑහෙන.
අප්‍රමත්ත[වි.] (කුසල් කිරීමෙහි) ප්‍රමාද නොවූ; සිහියෙන් යුක්ත ව වසන.
අප්‍රමාණ1. [වි.] ප්‍රමාණ රහිත; සීමා රහිත. 2. (න්‍යාය.) [වි.] සාක්ෂ්‍ය රහිත; පිළිගත නොහැකි.
අප්‍රමාද[වි.] පමා නැති; ප්‍රමාද රහිත.
අප්‍රමිත[වි.] ප්‍රමාණ නොකළ; අප්‍රමාණ.
අප්‍රමේය[වි.] ප්‍රමාණ කළ නොහැකි; මැනිය නොහැකි; අප්‍රමාණ.
අප්‍රයුක්ත[වි.] නොයොදන ලද; භාවිත නොවූ; අභාවිත.
අප්‍රයෝගය1. [නා.] නොයෙදීම; ව්‍යවහාර නොකිරීම. 2. [නා.] උපාය රහිතබව.
අප්‍රයෝගී[වි.] නොයෙදෙන; ව්‍යවහාර නොවන; භාවිත නොවන.
අප්‍රලම්බ1. [වි.] නොඑල්බෙන; එල්ලීමක් නැති. 2. [වි.] ප්‍රමාද රහිත; නොපමා; කඩිනම්; ඉක්මන්.
අප්‍රවර්ත[වි.] ප්‍රවර්තනය නොවන; ක්‍රියා නොකරන; ක්‍රියාවිරහිත.
අප්‍රව්‍රජිත[වි.] පැවිදි නොවූ; ගෘහස්ථ.
අප්‍රවෘත්තිය[නා.] නොපැවැත්ම; ක්‍රියා විරහිත වීම; අභාවය.
අප්‍රසන්න1. [වි.] නොපහන්;නොසතුටු; අප්‍රිය. 2. [වි.] නොපැහැදිලි; (ජලය) බොර වූ; මඩ වූ.
අප්‍රසාදය[නා.] නොපහන්බව; නොසතුට; අප්‍රසන්නය.
අප්‍රසිද්ධ[වි.] අප්‍රකට; ප්‍රසිද්ධ නැති.
අප්‍රසිද්ධිය[නා.] අප්‍රකට භාවය; ප්‍රසිද්ධ නැතිබව.
අප්‍රහීණ[වි.] පහ නොකළ; දුරු නොකළ.
අප්‍රාණක[වි.] ආශ්වාස ප්‍රශ්වාස නොකරන; හුස්ම ගැනීමක් නැති.
අප්‍රාණික, අප්‍රාණි[වි.] පණ නැති; ජීවයෙන් තොර; අචේතනික.
අප්‍රාණිවාචක, අප්‍රාණිවාචි[වි.] පණ නැති වස්තුවක් ප්‍රකාශ කරන; අචේතනික දෙයක් අඟවන.
අප්‍රාප්ත1. [වි.] නොපැමිණි; නොඑළඹුණු. 2. [වි.] නුසුදුසු; අනුචිත; අයුක්ත.
අප්‍රාමාණ්‍ය1. [වි.] හේතු යුක්ති විරහිත; සාධන නැති. 2. [වි.] අප්‍රමාණ සත්ත්වයන් විෂය කොට පවත්නා. [නා.බහු.] (අභි.) අප්‍රමාණ සත්වයන් විෂය කොට පවත්නා මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සිතුවිලි සතර; බ්‍රහ්මවිහාර.
අප්‍රාර්ථිත1. [වි.] බලාපොරොත්තු නොවූ; නොපැතූ. 2. [වි.] නොඉල්වන ලද.
අප්‍රිය[වි.] අරුචි; අකැමැති.
අප්‍රේරක(පාරිභා.) [වි.] විදුලිබලය ආගමනය නොවන; විදුලිබලය නොපැමිණෙන.
අපා1. [නා.ප්‍ර.] පා නැත්තා; අපාදකයා; සර්පයා. 2. [නා.ප්‍ර.] අපාය.
අපාංග නිරීක්ෂණය, අපාඞ්ග නිරීක්ෂණය[නා.] නෙත් කොනින් බැලීම; කටාක්ෂ නිරීක්ෂණය.
අපාක1. [වි.] නොපැසවූ; අමු. 2. [වි.] ජීර්ණ නොවූ; නොදිරවූ. [නා.ප්‍ර.] කෑ ආහාර නොදිරවීම; ආමය.
අපාකරණය[නා.] දූරිභූත කිරීම; පහ කිරීම.
අපාකෘත[වි.] පහ කරන ලද; අත් හරින ලද; ඉවත් කළ.
අපාගත[වි.] අපායට ගිය; නිරයට පැමිණි.
අපාචී[නා.ප්‍ර.] දකුණු දිග; දක්ෂිණ දිශාව.
අපාටවය[නා.] නිපුණ නොවන බව; අව්‍යක්තතාව.
අපාත්‍ර[වි.] ප්‍රතිග්‍රාහක වීමට නොනිසි; නුසුදුසු.
අපාදකයා[නා.] පාද නොමැති සත්ත්වයා; පා නැත්තා (සර්ප, මත්ස්‍ය, ගැඩවිල් ආදිහු).
අපාදානය1. [නා.] අහකට ගැනීම; ඉවත් කිරීම; පහ කිරීම. 2. (ව්‍යාක.) [නා.] අපාදාන කාරකය; අවධි කාරකය.
අපාන1. [නා.ප්‍ර.] මල මාර්ගයෙන් පිට වන වාතය; ගුද වායුව. 2. [නා.ප්‍ර.] මල මාර්ගය; ගුදය.
අපානේන්ද්‍රිය[නා.ප්‍ර.] මල මාර්ගය; ගුදය.
අපාය1. [නා.ප්‍ර.] බුදු දහමට අනු ව සංසාරයෙහි දුක් විඳවන ස්ථානය; දුගතිය. 2. [නා.ප්‍ර.] වියෝගය; හානිය; දුර්භාග්‍යය. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] වැය සම්බන්ධ වූ තැන; ව්‍යය ස්ථානය; ජන්ම කේන්ද්‍රයක දොළොස් වන භාවය; අපායස්ථානය.
අපාය අක්ෂර, අපායාක්ෂර[නා.බහු.] අශූභ යැයි සලකනු ලබන ‘එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, අං’යන අකුරු; අනිෂ්ටාක්ෂර; අවාකර.
අපායනය(පාරිභා.) [නා.ප්‍ර.] ආලෝක ධාරා එක ම ලක්ෂයක් පසු කර නොයෑම හෙවත නොමඟ යෑම; භ්‍රංශය (=aberration).
අපායෝත්පත්තිය[නා.] අපායෙහි ඉපදීම.
අපාර[වි.] පරතෙරක් හෝ නිමාවක් හෝ නැති; අපර්යන්ත.
අපාරගම්‍ය(පාරිභා.) [වි.] පසාරු කර ගෙන යා නොහැකි; විනිවිද යෑමට නොහැකි (=impermeable impervious).
අපාරගම්‍ය පාෂාණ(පාරිභා.) [නා.ප්‍ර.] ජලය උරා නොගන්නා පාෂාණය (=impermeable rock).
අපාර්ථ1. [වි.] ප්‍රයෝජන නැති. 2. [වි.] තේරුමක් නැති; අර්ථ රහිත; එකිනෙකට සම්බන්ධ නොවූ.
අපාශ්‍රය[වි.] ආශ්‍රය රහිත; පිහිටක් නැති; අසරණ. 1. [නා.ප්‍ර.] ආසනයක හේත්තු වීම සඳහා ඇති පුවරුව; අත තබා ගන්නා ඇන්ද; හාන්සි වන ලෑල්ල. 2. [නා.ප්‍ර.] පිහිට; සරණ; උපකාරය.
අපාශ්‍රයණය[නා.ප්‍ර.] උපකාර වන දෙය; පිළිවෙතට මුල් වන දෙය.
අපි[සර්ව.] ‘මම’ යන්නෙහි බහු වචනය; උත්තම පුරුෂ ප්‍රථමා විභක්ති බහු වචනය. 1. [අව්‍ය.] සංවරණාර්ථයෙහි උපසර්ගයක් වශයෙන් යෙදෙන පදයක්. උදා:- අපිධානය. 2. [අව්‍ය.] අවධානාර්ථ නිපාතයක් වශයෙන් වාක්‍යයක මුල යෙදෙන අව්‍යයක්. 3. [අව්‍ය.] උඩ, මතූපිට යන අර්ථයෙහි උපසර්ගයක් වශයෙන් යෙදෙන අව්‍යයක්. උදා:- අපිචර්ම.
අපිකපාලය(පාරිභා.) [නා.] (සත්ව.) හිස් කබල මතුපිට වූ සම, කෙස් ආදි සියලු ම දෙය; කෘමීන්ගේ හිසෙහි ඇස් දෙක අතර ද ඇස් දෙකට පිටිපසින් ද පිහිටි ප්‍රදේශය.
අපිකර්ණික(පාරිභා.) [වි.] කනට උඩින් පිහිටි; කනෙහි අස්ථි ප්‍රාවරයෙහි උඩ කොටසට අයත්.
අපිකේන්ද්‍රය(පාරිභා.) [නා.] පෘථිවි තලයෙහි භූ කම්පන නාභියට උඩින් ඇති කේන්ද්‍ර ස්ථානය හෙවත් ලක්ෂ්‍යය (=epicentre).
අපිචක්‍රය(පාරිභා.) [නා.] වෘත්තයක පරිධියෙහි ස්ථානයක් කේන්ද්‍ර කොට ඇති කුඩා වෘත්තය.
අපිචර්මය1. (පාරිභා.) (උද්භි.) [නා.] පැළෑටිවල කඳන්, මුල් සහ කොළවල පිටින් ඇති ආරක්ෂක ස්තරය (=epidermis). 2. (පාරිභා.) [නා.] ස‍මෙහි පිටස්තරය (=epidermis).
අපිච්ඡදය(පාරිභා.) [නා.ප්‍ර.] (සත්ව.) නිදහස් පෘෂ්ඨයක් වසාගෙන සිටින්නා වූ හෝ නළයකට හෝ කුහරයකට ආස්තරයක් වශයෙන් තිබෙන්නා වූ හෝ පටකය හෙවත් සිවිය (=epithelium).
අපිජනනය(පාරිභා.) [නා.] (ජීව.) කළලයක් විකසනය වන්නේ එහි කොටස් අනුක්‍රමයෙන් සෑදීමෙන් සහ සංවිධාන වීමෙන්ය යන මතය (=epigenesis).
අපිජන්තු(පාරිභා.) [වි.] (උද්භි.) පණ ඇති සතෙකු මත වැඩෙන; සතුන් විසින් ව්‍යාප්ත කෙරෙන ඇට හා ඵල ඇති; අපිසත්ත්ව (=epizoic epizous).
අපිජීහ්විකාව(පාරිභා.) [නා.] (සත්ව.) පොලිසෝඩාවන්ගේ අපිපුටය; කෘමීන්ගේ අපිග්‍රසනිකාව; ක්ෂීරපායින්ගේ දිවෙහි මුලත් ස්වරාල ද්වාරයත් වසා තිබෙන තන්තුමය කාටිලේජීය පියන (=epiglottis).
අපිධානය1. [නා.] වැසීම; සැඟවීම. 2. [නා.] වැස්ම; පියන; පිධානය.
අපිපත්‍ර(පාරිභා.) [වි.] (උද්භි.) පත්‍ර හෙවත් කොළ උඩ වැඩෙන (=epiphyllous).
අපිපුෂ්පපත්‍ර(පාරිභා.) [වි.] මලක පුෂ්ප පත්‍ර උඩ පිහිටි (=epitepalous).
අපිභෞම(පාරිභා.) [වි.] බීජපත්‍ර පොළොවෙන් උඩට ඇදෙමින් ප්‍රරෝහනය වන (=epigeal).
අපියුනිය(පාරිභා.) [නා.] ඇතැම් උරගයින්ගේ හා උභය ජීවීන්ගේ ශ්‍රෝණි යෝගයේ මධ්‍යස්ථ කාටිලේජය; අපිශ්‍රෝණිය (=epipubis).
අපිරමාණය(කථා.) [නා.] සැකය; අවිශ්වාසය; විශ්වාස කළ නොහැකි දෙය.
අපිරි1. [වි.] රුචි නොවන; ප්‍රිය නොවන; අප්‍රිය. 2. [වි.] නොපිරුණු; අසම්පූර්ණ.
අපිරිපුන්[වි.] නොපිරුණු; අසම්පූර්ණ; අපරිපූර්ණ.
අපිරියාසය(කථා.) [නා.] කෑම සඳහා ඇති අරුචිය.
අපිරිසිදු, අපිරිසුදු[වි.] පිරිසිදු නැති; අපවිත්‍ර; අශුද්ධ.
අපිලාපන[නා.ප්‍ර.] (අභි.) ඉල්පෙන්නට ඉඩ නොදීම; චෛතසික ධර්ම ස්ථිර වශයෙන් අරමුණෙහි පිහිටුවීම.
අපිශාකතාව(පාරිභා.) [නා.] (උද්භි.) ශාකයක් මත අන්‍ය ශාකයක් රෝපණය වීම (=Epiphytism).
අපිශාකය(පාරිභා.) [නා.] (උද්භි.) ශාකයක් මතුපිට රෝපණය වන අන්‍ය ශාකය (=epiphyte).
අපිස්[වි.] මඳ ආසා ඇති; අල්පේච්ඡ.
අපිස්සතොස්[වි.] ලද දෙයින් සතුටු වන; අපිස් බවින් හෙවත් අල්පේච්ඡතාවෙන් හට ගැනෙන; සන්තෝෂයෙන් යුත්. [නා.ප්‍ර.] ලද දෙයින් සතුටු වීම; අල්පේච්ඡතාව හා සන්තෝෂය.
අපිළිවෙත්[නා.ප්‍ර.] වැරදි පිළිවෙත; දුෂ් ප්‍රතිපත්තිය.
අපිළිවෙළ[නා.ප්‍ර.] පිළිවෙළක් නැති බව.
අපීතික(පාරිභා.) [වි.] (සත්ව.) කහමදය සවල්පයක් ඇති නැතහොත් කහමදය නැති (=alecithal).
අපුත්‍රකයා[නා.] දරුවකු නැති තැනැත්තා; පුත්‍රයකු නැති තැනැත්තා.
අපුනරාවර්තික, අපුනරාවෘත්තිය[නා.] ආපසු නොපැමිණීම; නැවත නොඉපදීම.
අපුලනවා, අපුල්ලනවා1. [ක්‍රි.] ගලේ ගසා රෙදි සෝදනවා; රෙදි සෝදනවා. 2. (කථා.) [ක්‍රි.] පහර දෙනවා; ගුටිබැට දෙනවා; තළනවා.
අපූර්ව1. [වි.] පෙර නොවූ; අමුතු. 2. [වි.] පුදුම; අද්භූත.
අපූරු1. [වි.] පුදුම සහගත; අද්භූත. 2. (කථා.) [වි.] ඉතා හොඳ.
අපේක්ෂකයා[නා.] බලාපොරොත්තු වන්නා; තනතුරු විභාගාදියට ඉදිරිපත් වන තැනැත්තා.
අපේක්ෂාව[නා.] බලාපොරොත්තුව; ආශාව; කැමැත්ත.
අපේක්ෂිත[වි.] අපේක්ෂා කරන ලද; බලාපොරොත්තු වූ; කැමති වන ලද.
අපේත[වි.] වෙන් වූ; පහ වූ.
අපේරණය(පාරිභා.) [නා.] නියම මාර්ගයෙන් ඉවත්ව යෑම; විපථනය; නොමග යෑම.
අපොන්තමේන්තුව[නා.] නඩු තීන්දු පිටපත.
අපොස්තල්, අපොස්තුලු[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) ධර්මදූතයා; ධර්මදානය සඳහා ක්‍රිස්තුස් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්මදූත දොළොස් දෙනා.
අපොළනවා[ක්‍රි.] අත්පුඩි ගසනවා; අත්පොලසන් දෙනවා.
අපෝ වෙනවා1. (කථා.) [ක්‍රි.] අමතක වෙනවා. 2. [ක්‍රි.] පුරුදු නැති වෙනවා. 3. [ක්‍රි.] එපා වෙනවා.
අපෝහක[වි.] තර්කානුකූල (=dialectic).
අපෝහනය1. [නා.] තර්කණය; තර්කණ ශක්තිය යොදා සැක ආදිය දුරු කිරීම. 2. (පාරිභා.) [නා.] අඩු කිරීම.
අපෝහය1. [නා.] (න්‍යාය.) බැහැර කිරීම. 2. [නා.] සුව කිරීම. 3. [නා.] තර්ක කිරීමෙන් සැක දුරු කිරීම. 4. [නා.] අපර තර්ක බැහැර කිරීම. 5. [නා.] ප්‍රශ්නයට ඇතුළත් නොවූ දෙය බැහැර කිරීම.
අපෝහවාදය(පාරිභා.) [නා.] (දර්ශන.) තර්ක කිරීමෙහි කලාව.
අඵල1. [වි.] ගෙඩි හට නොගත්; පලදාව නැති; වඳ. 2. [වි.] පලක් නැති; ප්‍රයෝජනයක් නොමැති; නිෂ්ඵල. 3. [වි.] අශුභ.
අඵාසු[වි.] අපහසු; දුෂ්කර.
අබ1. [නා.ප්‍ර.] වලාකුළ; මේඝය. 2. [නා.ප්‍ර.] කුඩා ඇට සහිත කරල් හට ගන්නා පැළෑටි වර්ගය; එහි ඇට. 3. [නා.ප්‍ර.] බිය නොමැතිබව. ඈ. එළිය; ආලෝකය.
අබක[නා.] වනසතුන් ඇල්ලීම පිණිස අටවන උගුල් විශේෂය; හබක.
අබග්ගය1. [නා.] අවාසනාව; අභාග්‍යය. 2. (කථා.) [නා.] ආපදාව; විපත; හදිසිය.
අබතුර1. [නා.] ඇතුළත; අභ්‍යන්තර. 2. [නා.] චිත්තාභ්‍යන්තරය; සන්තානය; සිත. 3. [නා.] මිනුම් ප්‍රමාණයක්; රියන් විසිඅටක දිග. [වි.] ඇතුළු; අභ්‍යන්තරය.
අබද්ධ1. [වි.] නපුරු; අයහපත්; දුෂ්ට. 2. [වි.] එකට නොබැඳුණු; විසුරුණු.
අබඳ1. [වි.] එකට බැඳුණු; නිරතුරු පවත්නා. 2. [වි.] එකිනෙකට සම්බන්ධකමක් නැති; එකිනෙකට විරුද්ධ.
අබබය1. [නා.] අතිවිශාල සංඛ්‍යාවක් හඳුන්වන නාමය; නහුත සියක් ලක්ෂයක්; විෂ්කම්භ කෝටියක්; නිරබ්බුද සියයක්. 2. [නා.] උස්සදනිරය එකසිය විසි අටෙන් එකක නාමය.
අබබ්බයා(කථා.) [නා.] වැඩකට නැති මිනිහා; අවාසනාවන්තයා.
අබය[වි.] භය නැති; නිර්භය; ආරක්ෂාව. 1. [නා.ප්‍ර.] භය නැතිබව; නිර්භය. 2. [නා.ප්‍ර.] සමාව.
අබර1. [නා.] වලාකුළ. 2. [නා.] අහස; අඹර; ආකාශය. 3. [නා.] අම්බරය; වස්ත්‍රය. [වි.] බරනැති; සැහැල්ලු.
අබරණ[නා.ප්‍ර.] ශරීරය අලංකාර කිරීම සඳහා පලඳින වළලු, මාල ආදි පලඳනා.
අබල1. [වි.] බල නැති; දුර්වල; දුබල. 2. [වි.] අපොහොසත්; නොහැකි; බැරි.
අබලන්[වි.] දුබල වූ; දුර්වල වූ.
අබලි1. [වි.] බලහීන; දුබල. 2. [වි.] පරණ; අබලන්; දිරාපත්.
අබව[නා.] නොපැවතීම; අභාවය.
අබවස1. [නා.] එළිමහන; මුවාවක් නැති තැන. 2. [නා.] අභ්‍යවකාශය.
අබස්[නා.ප්‍ර.] එළිය; ආලෝකය; ආභාසය.
අබළුව[නා.] අබ පියල්ල; අබ ඇටයක පළුව.
අබ්ජ[වි.] ජලයෙහි උපන්; ජලජ. 1. [නා.ප්‍ර.] හක්ගෙඩිය. 2. [නා.ප්‍ර.] කපුරු. 3. [නා.ප්‍ර.] පියුම; පද්මය. 4. [නා.ප්‍ර.] චන්ද්‍රයා.
අබ්ජයෝනි1. [නා.ප්‍ර.] බ්‍රහ්මයා. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] රෙහෙණ නැකත.
අබ්දය1. [නා.] වලාකුළ; මේඝය. 2. [නා.] වර්ෂය; සංවත්සරය.
අබ්ධි1. [නා.ප්‍ර.] පොකුණ; විල. 2. [නා.ප්‍ර.] මුහුද; සාගරය. 3. [නා.ප්‍ර.] සතර; චතුස් සංඛ්‍යාව. 4. [නා.ප්‍ර.] සියාවස නැකත.
අබ්ධිජ[නා.ප්‍ර.] මුහුදින් උපන් දෙය; මුහුදු පෙණ.
අබ්බ[නා.ප්‍ර.] තලාතු මිනිරන්; මිනිරන්.
අබ්බගාත(කථා.) [වි.] කොර; අබලන් අත් පා ඇති.
අබ්බෑසය, අබ්බෑසිය(කථා.) [නා.] පුරුද්ද; භාවිතය; අභ්‍යාසය.
අබ්බෝහාරික1. [වි.] ගණනට නොගත යුතු; නොසැලකිය යුතු. 2. (විනය.) [වි.] විනය ප්‍රඥප්තියට විෂයය නොවන; ඇවතට හේතු නොවන.
අබ්භ1. [නා.ප්‍ර.] වලාකූළ; මේඝකූටය. 2. [නා.ප්‍ර.] අහස; ගුවන.
අබ්භෝකාසය, අබ්බෝකාසය[නා.] ආවරණය නොවූ ස්ථානය; එළිමහන් බිම; අභ්‍යවකාශය.
අබ්‍යංගය[නා.] සිරුරේ තෙල් ගෑම නොහොත් ගැල්වීම; ශරීරයේ කල්කාදිය ආලේප කිරීම.
අබ්‍යාකත ධර්ම[නා.ප්‍ර.] (අභි.) කුසල් - අකුසල් වශයෙන් නොදක්වන ලද ධර්ම; විපාක නොදීම ලක්ෂණ කොට ඇති ධර්ම; විස්තර නොකරන ලද ධර්ම.
අබ්‍යාධිය[නා.] ව්‍යාධි රහි ත ස්ථානය; ක්ෂේම ස්ථානය; නිර්වාණය.
අබ්‍යාපාද[නා.ප්‍ර.] ව්‍යාපාද රහිත බව.
අබ්‍යාපිත[වි.] පැතිර නොසිටි; නොපැතුරුණු; ව්‍යාප්ත නොවූ.
අබ්‍රහ්මචර්යාව[නා.] බඹසරින් මිදීම; මෙවුන්දමෙහි යෙදීම; කාම සේවනය.
අබා[අ+බා] 1. [නා.ප්‍ර.] අභය; බිය රහිත බව; නිර්භය භාවය. 2. [නා.ප්‍ර.] නිර්වාණය. 3. [නා.ප්‍ර.] ඇතැම් සිංහල රජවරුන්ගේ අභිෂේක නාමයෙන් කොටසක්. 4. [නා.ප්‍ර.] අභාග්‍යය; අවාසනාව.
අබැද්දිය(කථා.) [නා.] බලාපොරොත්තු නොවූ දෙය; විපත; කරදරය.
අබිදම්[නා.ප්‍ර.] ත්‍රිපිටකයෙන් එක් පිටකයක්; අභිධර්ම පිටකය.
අබිදාන[වි.] නම් වූ; නම් ඇති.
අබිනික්මන[නා.ප්‍ර.] පැවිද්ද සඳහා ගිහිගෙයින් නික්ම යෑම; අභිනිෂ්ක්‍රමණය.
අබිමන්[වි.] මානයෙන් යුක්ත; අහංකාර.
අබිමුව[නා.] ඉදිරිය; ඉස්සරහ; අභිමුඛය.
අබියස, අබියෙස[නා.] සමීපය; ළඟ; ඉදිරිපස.
අබිරහස[නා.] ගැඹුරු රහස; ගූඪ කාරණය; ගුප්ත දෙය.
අබිරු, අබිරූ[වි.] භය නැති; නිර්භීත; අභීත.
අබිසර, අබිසරුව[නා.] අභිසාරිකාව; වෙසඟන; ගණිකාව.
අබිසෙව්[නා.ප්‍ර.] අභිෂේකය.
අබිසෙස්[නා.ප්‍ර.] අභිසෙව්.
අබු1. [නා.ප්‍ර.] ස්ත්‍රිය; කාන්තාව. 2. [නා.ප්‍ර.] ආවාහ කරගත් ස්ත්‍රිය; අඹුව; බිරිඳ; භාර්යාව.
අබුතු[වි.] බොරු; අසත්‍ය; අභූත.
අබුද්දස්ස කාලය1. (කථා.) [නා.] බුදුවරයෙකු නැති කාලය; අබුද්ධෝත්පාද කාලය. 2. [නා.] පුදුම දේ සිදුවන කාලය.
අබේ[වි.] භේදයක් නැති; වෙනසක් නැති.
අබෝධ්‍ය[වි.] තේරුම් ගත නොහැකි.
අභද්‍ර1. [වි.] අවාසනාවන්ත; අශුභ; අභාග්‍යවත්. 2. [වි.] අයහපත්; පාපී; දුෂ්ට.
අභබ්බ[වි.] බියෙන් තොර; නිර්භය; නිර්භීත; අභීත. 1. [නා.ප්‍ර.] භය රහිත බව; ආරක්ෂාව. 2. [නා.ප්‍ර.] රක්ෂා ස්ථානය; අභය ස්ථානය. 3. [නා.ප්‍ර.] සමාව; ක්ෂමාව; අභය. 4. [නා.ප්‍ර.] සැවැන්දරා.
අභබ්බ පුඟුලෝ[නා.බහු.] නුසුදුසු පුද්ගලයෝ; අභව්‍ය පුද්ගලයෝ.
අභය1. [වි.] නිර්භය; සුරක්ෂිත. 2. [වි.] නිර්භීත; අභීත. 1. [නා.ප්‍ර.] බිය රහිත බව; ආරක්ෂාව. 2. [නා.ප්‍ර.] රක්‍ෂාවරණය; රක්‍ෂාස්ථානය. 3. [නා.ප්‍ර.] ක්‍ෂමාව.
අභය මුද්‍රාව[නා.] ආරක්ෂාව දෙන බව හෝ නිර්භය බව හෝ හඟවන හස්ත මුද්‍රාවක්; අත මඳක් ඔසවා අත්ල පිටතට හරවා ඇඟිලි ඉහළට දිග හැර ගත් බව දක්වන මුද්‍රාව.
අභය වචනය[නා.] ආරක්ෂාව සලසා දෙන බවට පොරොන්දුව.
අභය සංඥාව[නා.] බිය නැතැයි යන හැඟීම; බියෙන් තොරබව දක්වන සලකුණ.
අභය ස්ථානය[නා.] භය රහිත තැන; ආරක්ෂා සහිත තැන; ක්ෂේම ස්ථානය.
අභයදානය1. [නා.] රැකවරණය දීම; ආරක්ෂාව සලසා දීම. 2. [නා.] මරණයට නොපමුණුවා දිවි මුදා හැරීම; ජීවිත දානය.
අභයපුරය1. [නා.] බියෙන් තොර පුරය. 2. [නා.] නිවන; නිර්වාණය.
අභයභූමිය[නා.] වන සතුන් ඝාතනය තහනම් කළ ප්‍රදේශය; වන සතුන්ට ආරක්ෂා සහිත ව නිදහසේ ජීවත් වීම සඳහා වෙන් කොට ඇති කැලෑ පෙදෙස.
අභවය[නා.] විපත; අභාග්‍යය; විනාශය.
අභව්‍ය1. [වි.] නොවිය යුතු; අශුභ; විකල. 2. [වි.] සුදුසු නැති; නුසුදුසු; නොනිසි.
අභ්‍යක්ත[වි.] තෙල් ගල්වන ලද; කල්කාදිය ආලේප කරන ලද.
අභ්‍යඞ්ගය, අභ්‍යංගය[නා.] තෙල් ඇඟ ගැල්වීම; කල්කාදිය ආලේප කිරීම.
අභ්‍යඤ්ජකය, අභ්‍යංජකය(පාරිභා.) [නා.] ස්නේහකය; පහසුවෙන් යන්ත්‍ර ක්‍රියා කිරීමට යොදන තෙල; උපස්නේහන ද්‍රව්‍යය (=lubricant).
අභ්‍යඤ්ජනය1. [නා.] ඇස අඳුන් ගෑම; අඤ්ජනය. 2. [නා.] ආලේප ද්‍රව්‍යය; ආලේපය. 3. [නා.] යමක් මෘදු ලෙස ක්‍රියා කරවීමට ගානා තෙල් ආදිය; ස්නේහනය.
අභ්‍යන්තර1. [වි.] ඇතුළු; අන්තර; මධ්‍යගත. 2. [වි.] ඉතා කිට්ටු සම්බන්ධතා ඇති; කුලුපග. 3. [වි.] පෞද්ගලික.
අභ්‍යන්තර මුහුද(පාරිභා.) [නා.] සම්පූර්ණයෙන් හෝ බොහෝ දුරට හෝ හාත්පසින් ගොඩබිමින් වැසුණු මුහුද (=inland sea).
අභ්‍යන්තරස්ථ[වි.] ඇතුළත පිහිටි; අන්තඃස්ථ.
අභ්‍යන්තරාර්ථය[නා.] නියම අර්ථය; සැබෑ අභිප්‍රාය.
අභ්‍යර්ථතාව[නා.] විශේෂ ඉල්ලීම; ප්‍රාර්ථනය.
අභ්‍යවකාශය1. [නා.] වායුව ද ඇතුළු කිසිවක් නැති අවකාශ ප්‍රදේශය. 2. [නා.] අහස; අජටාකාශය.
අභ්‍යවහරණය[නා.] ආහාර ගැනීම; අනුභවය.
අභ්‍යස්ත, අභ්‍යාසිත[වි.] පුරුදු කරන ලද; පරිචිත; පුහුණු කරන ලද.
අභ්‍යාඛ්‍යානය[නා.] බොරුවෙන් චෝදනා කිරීම; මිථ්‍යාපවාදය.
අභ්‍යාගත[වි.] උරුමයෙන් ලැබුණු.
අභ්‍යාගමනය[නා.] ඒම; පැමිණීම; ආගමනය; සම්ප්‍රාප්තිය.
අභ්‍යාස විද්‍යාලය[නා.] පුහුණු කටයුතු සිදුකරන විදුහල.
අභ්‍යාසය1. [නා.] නැවත නැවත යමක යෙදීම; භාවිතය; පුහුණුව; පරිශීලනය. 2. [නා.] පුහුණුව සඳහා දෙනු ලබන වැඩ. 3. [නා.] ළඟ; සමීපය.
අභ්‍යාහත[වි.] පහර දෙන ලද; මඩින ලද; ගසන ලද.
අභ්‍යාහිත[වි.] තබන ලද; රැස් කරන ලද.
අභ්‍යුච්චය[නා.ප්‍ර.] වැඩීම; වර්ධනය.
අභ්‍යුදය[නා.] නැඟීම; වැඩිදියුණුව; අභිවෘද්ධිය; සමෘද්ධිය.
අභ්‍යුන්නතිය[නා.] උසස් බව; වැඩි දියුණුව; අභිවෘද්ධිය.
අභ්‍යුපගත[වි.] එළඹුණු; පැමිණි.
අභ්‍යුපගමය1. [නා.] අනුමත කිරීම; පිළිගැනීම. 2. [නා.] එළඹීම. 3. (ගණිත.) [නා.] උපකල්පනය.
අභ්‍යුපාය[නා.ප්‍ර.] උපක්‍රමය; උපාය.
අභ්‍යුහන(පාරිභා.) [වි.] අනුමානික නිදසුන් හා ඔප්පු කරන; ආනුමානික (=inductive).
අභ්‍රකූටය[නා.] වලාකුළු; වලාකූටය.
අභ්‍රපටලය[නා.] වලාකුළු සමූහය.
අභ්‍රය1. [නා.] වලාකුළ; මේඝය. 2. [නා.] අහස; ආකාශය. 3. [නා.] දූවිලි. 4. [නා.] රන්. 5. [නා.] කපුරු.
අභාග්‍ය[වි.] පින්මඳ; අවාසනාවන්ත.
අභාජන[වි.] පාත්‍ර නොවන; අසමර්ථ; නුසුදුසු; භව්‍ය නොවන.
අභාජ්‍යතාව(පාරිභා.) [නා.] නොබෙදිය හැකි බව (=indivisibility).
අභාවප්‍රාප්ත[වි.] මියගිය; මළ; විනාශයට ගිය.
අභාවය1. [නා.ප්‍ර.] නොවීම; නැතිබව. 2. [නා.ප්‍ර.] මරණය; විනාශය; දිරාපත් වීම. 3. [නා.ප්‍ර.] අභාවිතය; අව්‍යවහාරය.
අභාවිත[වි.] භාවිත නොකළ; පුරුදු නොකරන ලද.
අභාෂණය[නා.] කථා නොකිරීම; නිහඬ වීම; තුණ්හීභාවය.
අභාෂිත[වි.] නොකියන; ප්‍රකාශ නොකරන ලද.
අභාස්වර(පාරිභා.) [වි.] නොබබළන; නොදිලිසෙන; ප්‍රභා රහිත (=non-luminous).
අභි[උ.] සිංහලයෙහි තත්සම වශයෙන් යෙදෙන උපසර්ගයක්; වෙත, ඉදිරිපස, මතුයෙහි, ඉතා අධික, උසස්, ශ්‍රේෂ්ඨ, විශිෂ්ට, අතිශය ආදි අර්ථවල යෙදෙන (තත්සම) උපසර්ගයක්.
අභික්කමන, අභික්‍රමණ, අභික්‍රම1. [නා.ප්‍ර.] ඉදිරියට යෑම; අභිමුඛ වීම. 2. [නා.ප්‍ර.] ප්‍රහාරය; යුද්ධය. 3. [නා.ප්‍ර.] නැගීම.
අභිකීර්ණ[වි.] විසුරුවන ලද; ඉහින හෙවත් ඉසින ලද; වගුරුවන ලද.
අභිඛ්‍යාව1. [නා.] නාමය; අභිධානය. 2. [නා.] කීර්තිය; යසස. 3. [නා.] ශෝභාව; ලක්ෂණය.
අභිගත[වි.] වෙතට පැමිණි; එළඹි; එළඹුණු; සපැමිණි; සම්ප්‍රාප්ත වූ.
අභිගමනය, අභිගමය1. [නා.] වෙතට යෑම; එළඹීම; ළඟා වීම; පැමිණීම; සම්ප්‍රාප්ත වීම. 2. [නා.] ස්ත්‍රීන් වෙත යෑම; කාම සම්භෝගය.
අභිගර්ජනය[නා.] භයානක ලෙස ගෙරවීම; ඝෝර නාද කිරීම.
අභිඝාතය1. [නා.] වේගයෙන් ගැසීම; ගැටීම; හැපීම. 2.[නා.] තැළීම; තුවාලය. 3. [නා.] තැළීමක් හෝ තුවාලයක් හෝ නිසා හටගන්නා උණ; අභිඝාතජ්වරය. 4. [නා.] මරා දැමීම.
අභිචරයා[නා.] අනුගාමිකයා; අනු ව යන තැනැත්තා; සේවකයා.
අභිචාරක[වි.] අනවින, කොඩිවින, හදි හූනියම් ආදිය පිළිබඳ වූ.
අභිචාරය[නා.] ඒ ඒ සංස්කෘතීන්හි දක්නට ලැබෙන ඇදහිලි, ශාන්තිකර්ම අනුකරණ ආදිය; මිනිසුනට හානි පමුණුවන අනවින කොඩිවින ආදි දේ.
අභිචාරිකාව, අභිසාරිකාව[නා.] පරපුරුෂ සේවනයෙහි යෙදෙන ගැහැනිය, වෙසඟන; අබිසරුලිය.
අභිචින්තනය[නා.] නැවත නැවත කල්පනා කිරීම; යළි යළිත් සිතා බැලීම.
අභිජනනය[නා.] (ජීව.) බෝවීම; බෝකර ගැනීම (=breeding).
අභිජනයෝ[නා.බහු.] මුතුන්මිත්තෝ; පෙර නෑයෝ; පූර්ව ඥාතීහු.
අභිජ්ඣාව[නා.] අන්සතු දෙයට ඇති අධික තණ්හාව; දැඩි ලෝභය.
අභිජාත1. [වි.] උසස් උපතක් ඇති; ශ්‍රේෂ්ඨ පරපුරක උපත ලත්. 2. [වි.] උගත්; නැණවත්. 3. [වි.] ශ්‍රේෂ්ඨ උපතකට හිමි දේහ ලක්ෂණ ඇති; රූප සම්පත්තියෙන් යුත්.
අභිජාතිය[නා.] උතුම් ඉපදීම; ශ්‍රේෂ්ඨ උත්පත්තිය.
අභිජානන[නා.ප්‍ර.] මනා සේ දැන ගැනීම; මනා අවබෝධය; අත්දැකීම් ඇසුරින් ලත් අවබෝධය; ප්‍රත්‍යක්ෂ කර ගැනීම.
අභිජිත්1. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] සත්විසි නැකතට අතිරේක ව උතුරුසළ හා සුවණ යන නැකැත් දෙක අතර වූ නැකත. 2. [නා.ප්‍ර.] එනම් තරුව. 3. [නා.ප්‍ර.] දිනක මධ්‍යාහ්නයේ වැටෙන අටවන මුහුර්තය.
අභිඤ්ඤාත1. [වි.] විශිෂ්ට ප්‍රඥාවෙන් දන්නා ලද; ශ්‍රේෂ්ඨ ඥානයෙන් අවබෝධ කළ. 2. [වි.] ප්‍රකට; ප්‍රසිද්ධ.
අභිඤ්ඤාව[නා.] විශිෂ්ට ප්‍රඥාව; ශ්‍රේෂ්ඨ ඥානය.
අභිඥානය[නා.] හඳුනා ගැනීම; හඳුනා ගැනීමේ ලකුණ; සිහි වීමේ සංකේතය.
අභිඥාව[නා.] විශිෂ්ට ප්‍රඥාව; සෘද්ධිවිධ ආදි ශ්‍රේෂ්ඨ ඥානය.
අභිඥේය[වි.] විශිෂ්ට සේ දැනගත යුතු; අවබෝධ කටයුතු; පිරිසිඳ දත යුතු.
අභිණ්හ[නි.] නිතර; නිරන්තරයෙන්; අනවරතයෙන්.
අභිතප්ත[වි.] අතිශයින් තැවුණු; දැඩි ලෙස වියැළුණු හෝ රත් වූ.
අභිත්ථවන[නා.ප්‍ර.] ස්තුති කිරීම.
අභිතාපය[නා.] දැඩි සිත්තැවුල; අධික සන්තාපය.
අභිතුණ්ණ[වි.] පහර දෙන ලද; පෙළන ලද.
අභිද්‍යමාන[වි.] නොකැඩෙන. නොබිඳෙන;
අභිද්‍රෝහය1. [නා.] පීඩාව. 2. [නා.] ගර්හාව; ආක්‍රෝශය.
අභිධර්ම[නා.ප්‍ර.] ගැඹුරු ධර්මය; සියලු ධර්ම චිත්ත චෛතසික රූප සහ නිබ්බාන වශයෙන් වදාළ ධර්මය.
අභිධර්ම පිටකය[නා.] අභිධර්ම පාලිය ඇතුළත් පිටකය; ත්‍රිපිටකයේ තුන්වන පිටකය.
අභිධ්‍යානය1. [නා.] තණ්හාව; දැඩි ආශාව. 2. [නා.] භාවනාව.
අභිධ්‍යාව[නා.] අධික තණ්හාව; දැඩි ලෝභය.
අභිධානකය[නා.] ශබ්දය; හඬ.
අභිධානය1. [නා.] දැක්වීම; ඇඟවීම. 2. [නා.] නාමය; ගරු නාමය; සංඥාව. 3. [නා.] ශබ්දකෝෂය; අකාරාදිය; නිඝණ්ඩුව.
අභිධායි[වි.] කියන; ප්‍රකාශ කරන.
අභිධාව[නා.] ශබ්දයක මුඛ්‍යාර්ථය හෙවත් ප්‍රධාන අර්ථය ප්‍රකාශ කිරීමේ ශක්තිය; වාච්‍යාර්ථය දැක්වීමේ හැකියාව.
අභිධාවනය[නා.] ඉදිරියට දිවීම; වේගයෙන් දිවීම.
අභිධෙය්‍ය, අභිධේය[වි.] සඳහන් කළ යුතු වූ; කිය යුතු වූ; ප්‍රකාශ කළ යුතු වූ. 1. [නා.ප්‍ර.] කිය යුත්ත; අභිප්‍රාය; අර්ථය; (ග්‍රන්ථාදියක) ඇතුළත් කරුණු. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] නාමපදය; කර්තෘ පදය; උක්ත පදය.
අභිධෙය්‍යාර්ථය[නා.] ප්‍රකාශිත අර්ථය; සම්මත අර්ථය.
අභිනන්දනය1. [නා.] අධික ප්‍රීතිය; සන්තෝෂය; ප්‍රබෝධය. 2. [නා.] ගුණ ගායනය; ප්‍රශංසාව; ස්තුතිකරණය. 3. [නා.] සමාදරයෙන් පිළිගැනීම.
අභිනය1. [නා.ප්‍ර.] ඉඟිය. 2. [නා.ප්‍ර.] රංගනයේ දී බැල්මෙන් හා අංග චලනයෙන් මනෝභාව නිරූපණය කිරීම; නෘත්‍යයේ දී දෘෂ්ටි විලාසයෙන් හා අංග චලනයෙන් හෘද්ගත භාවය දැක්වීම; නෘත්‍යයෙන් දක්වන රංගන ඉඞ්ගිතය.
අභිනයනය(පාරිභා.) [නා.] වෙතට ඇද ගැනීම; ආකර්ෂණය (=adduction).
අභිනව1. [වි.] අලුත්; නව; නවීන; නූතන. 2. [වි.] තරුණ; ළපටි; ළා. 3. [වි.] නුපුහුණු; ආධුනික.
අභින්දනීය[වි.] බිඳිය නොහැකි; අභේද්‍ය.
අභින්න1. [වි.] නොබිඳුණු; නොසිඳුණු; අවිච්ඡින්න; වෙන් නොවූ. 2. [වි.] නොවෙනස්; එක් වැනි; එක ම ආකාර.
අභින්නය1. [නා.] නොසිඳින ලද නොහොත් නොබිඳින ලද දෙය; නොකැඩුණු දෙය; සමස්තය. 2. (පාරිභා.) [නා.] පූර්ණ සංඛ්‍යාව; අඛණ්ඩ ගණන.
අභින්නාර්ථය[අභින්න+අර්ථය] [නා.] (අලං.) පුනරුක්තිය; දශ වැදෑරුම් කාව්‍යදෝෂ අතරින් එකක්.
අභිනායක(පාරිභා.) [නා.ප්‍ර.] වෙතට ඇද ගැනීම කරන්නා; ආකර්ෂකයා.
අභිනික්මන[නා.ප්‍ර.]අබිනිෂ්ක්‍රමණය.
අභිනිම්න[වි.] නැඹුරු වූ; නතු වූ; නම්න වූ.
අභිනිර්වර්තක[වි.] ඉෂ්ට කරන; සිද්ධ කරන; ලබාදෙන; නිපදවන; එළවන.
අභිනිර්වෘත්තිය[නා.] හටගැනීම; ඇති වීම; ඉපදීම; නිෂ්පාදනය.
අභිනිවර්ජනය, අභිනිවර්තනය[නා.] සහමුලින් ම බැහැර කිරීම; නිරවශේෂයෙන් ඉවත ලීම; ප්‍රතික්ෂේපය.
අභිනිවිෂ්ට[වි.] ඇතුළට බැස ගත්; දැඩිව ගත්; කා වැදුණු; එල්බ ගත්.
අභිනිවේශය, අභිනිවේසය1. [වි.] එක ම කාරණයක තත්පර වීම; එල්බ සිටීම; එක ම කරුණක් ගැන නොපසුබට උත්සාහය. 2. [වි.] ප්‍රවේශය. 3. [වි.] ඇදහීම; විශ්වාසය.
අභිනිශ්‍රය[නා.ප්‍ර.] පිහිට; ආශ්‍රය.
අභිනිෂ්ක්‍රමණය[නා.] උතුම් අරමුණකින් නික්මයෑම; ගිහිගෙයින් පැවිදිවීම සඳහා නික්මයෑම; අබිනික්මන.
අභිනිෂ්පත්තිය[නා.] සිදුවීම; නිපැදීම; නිෂ්පාදනය; සිද්ධිය.
අභිනීත1. [වි.] ළඟට පමුණුවන ලද; ඉදිරියට පැමිණ වූ. 2. [වි.] සරසන ලද; සැරසූ. 3. [වි.] සුදුසු. 4. [වි.] කරුණාවන්ත. 5. [වි.] හික්මවූ.
අභිනීල[වි.] අතිශයින් නිල්වන් වූ; තද කළු පැහැයෙන් යුත්.
අභිනීහරණය[නා.] ඉදිරියට මෙහෙයවීම හෙවත් යොමු කිරීම.
අභිනීහාරය[නා.] පැතුම; ප්‍රාර්ථනාව; මනෝ ප්‍රණීධානය; බුදු, පසේ - බුදු හෝ රහත් බව ලැබීම සඳහා අධිෂ්ඨාන කිරීම.
අභිප්ප්‍රසාදය[නා.] ශ්‍රද්ධාව; භක්තිය; ගුණ දැන පැහැදීම.
අභිප්‍රමෝදය[නා.] දැඩි සතුට; අධික ප්‍රීතිය හෙවත් සොම්නස; අතිශය සන්තෝෂය.
අභිප්‍රසන්න[වි.] බෙහෙවින් පැහැදුණු; දැඩි භක්තියෙන් යුත්.
අභිප්‍රාය, අභිප්‍රාව1. [නා.ප්‍ර.] අදහස; කැමැත්ත; අභිලාෂය; අපේක්ෂාව; අභිමතාර්ථය. 2. [නා.ප්‍ර.] තේරුම; අදහස. 3. [නා.ප්‍ර.] කැමති වූ. [වි.] බලාපොරොත්තු වූ; අදහස් කළ.
අභිප්‍රේතය[නා.] අදහස් කළ දෙය; බලාපොරොත්තු වූ දේ.
අභිප්‍රේරණය(පාරිභා.) [නා.] ඉදිරියට යැවීම; දිරිමත් කිරීම; පෙලඹවීම.
අභිපීඩිත[වි.] බොහෝ සෙයින් පීඩාවට පත්; අතිශයින් පෙළුණා වූ.
අභිපූජිත[වි.] වෙසෙසින් පිදූ; බොහෝ පිදුම් ලද.
අභිභවනය[නා.] යටත් කිරීම; පරාජය කිරීම; මැඩ පැවැත්වීම.
අභිභවනීය[වි.] යටත් කළ හැකි; පැරදවිය හැකි; දමනය කළ හැකි; මැඩ පැවැත්විය හැකි.
අභිභූත[වි.] මඩනා ලද; පැරද වූ; යටපත් කරන ලද; අභිභවනය කරන ලද.
අභිමංගල, අභිමඞ්ගල[වි.] ඉතා ශුභ; අතිශයින් වාසනාවන්ත වූ.
අභිමතය[නා.] කැමැත්ත; අදහස; ආශාව; රුචිය.
අභිමතානුසාරි බලතල(පාරිභා.) [නා.බහු.] යම් නිලයක් දැරීම හේතූවෙන් නීතිය උල්ලංඝනය නොකොට යමක් තීරණය කර ගැනීමේ බලතල (=discretionary powers).
අභිමතාර්ථය[නා.] අභිප්‍රාය; අපේක්ෂාව; පරමාර්ථය; කැමති දෙය.
අභිමන්ත්‍රණය[නා.] කැඳවීම; ආරාධනය; නිමන්ත්‍රණය.
අභිමර්දනය[නා.] පෙළීම; මැඩීම; යටත් කිරීම; අවනත කර ගැනීම.
අභිමර්දය1. [නා.] මැඩීම. 2. [නා.] යුද්ධය; සංග්‍රාමය; සටන. 3. [නා.] මද්‍ය; සුරාව; මත්පැන.
අභිමස්තිෂ්කය(පාරිභා.) [නා.] මහ මොළය; මස්තිෂ්කය (=cerebrum).
අභිමානය1. [නා.] නම්බුව; තෙදවත් බව. 2. [නා.] දර්පය; ගර්වය; අහංකාරය; ආඩම්බරය; මානය.
අභිමුඛය[නා.] ඉදිරිය; ඉදිරිපස; සම්මුඛය.
අභිමුඛිකරණය[නා.] ඉදිරිපත් කිරීම; යොමු කිරීම; සම්මුඛ කිරීම.
අභියාචනය[නා.] නැවත සලකා බැලීම සඳහා කරන ඉල්ලීම; අයැදුම.
අභියුක්තයා1. [නා.] යම් කටයුත්තක් සඳහා යොදවන ලද තැනැත්තා; අන්තේවාසිකයා; කැපකරුවා; ඇබිත්තයා. 2. [නා.] පණ්ඩිතයා; විශාරදයා; විශේෂඥයා.
අභියුඤ්ජනය[නා.] අයිතිවාසිකම් කීම.
අභියෙස්[නා.ප්‍ර.] ඉදිරිය; ළඟ; සමීපය.
අභියෝගය1. [නා.] භාවිතය; නිරන්තර අභ්‍යාසය; යත්නය; උත්සාහය. 2. [නා.] චෝදනාව; දෝෂාරෝපණය. අයිතිවාසිකම් කීම. 4. [නා.] තරගයට හෝ සටනට කැඳවීම.
අභියෝග්‍යතාව(පාරිභා.) [නා.] කිසියම් විශේෂ කාර්යයක් කිරීම සඳහා පුද්ගලයකු තුළ ඇති ශාරීරික, මානසික හා උද්වේගීය යෝග්‍යතාව හෙවත් හැකියාව (=aptitude).
අභිරංජනය, අභිරඤ්ජනය[නා.] සිත් ඇලවීම; අභිරමණය.
අභිරංජිත, අභිරඤ්ජිත[වි.] උසස් ලෙසින් සායම් පොවන ලද; සායම් ගාන ලද; වර්ණවත් කරන ලද.
අභිරක්ත1. [වි.] ඉතා ඇලුණු; ආසක්ත. 2. [වි.] තද රතුපාටින් යුත්; අතිරක්ත.
අභිරත[වි.] බෙහෙවින් සිත් ඇලුණා වූ; ආසක්ත.
අභිරතිය1. [නා.] අතිශය ඇල්ම; ආශාව; කැමැත්ත; අභිරුචිය. 2. [නා.] එක් ව විසීමේ ආශාව; අනුරාගය; අභිරමණය.
අභිරමණය[නා.] අතිශය වශයෙන් සිත් ඇලවීම; රතිසැපය; සම්භෝගය.
අභිරම්‍ය[වි.] අතිශයින් රමණීය; සිත්කලු; මනහර.
අභිරවණය[නා.] නාද කිරීම; රැව් දීම; ප්‍රතිනාදය.
අභිරහස[නා.] බෙහෙවින් සැඟවුණු කාරණය; දැඩි රහස; ගුප්ත කරුණු.
අභිරාම1. [වි.] අතිශයින් රූමත්; රමණීය; ශෝභන. 2. [වි.] දැඩි සේ ඇලුම් කරන; අනුරක්ත.
අභිරුචිය[නා.] දැඩි ආශාව; ඇල්ම; කැමැත්ත; අභිරතිය.
අභිරූඪ[වි.] ඉහළට ම නැගුණු.
අභිරූප1. [වි.] විශිෂ්ට රූ ඇති; අධික රූප සම්පත්තියෙන් යුත්; අතිප්‍රියංකර. 2. [වි.] උගත්; පණ්ඩිත.
අභිරූපිකාව[නා.] ඉතා රූමත් ස්ත්‍රිය; විශිෂ්ට රූප ශෝභාවක් ඇති කාන්තාව; රූප සුන්දරිය.
අභිලක්ෂිත1. [වි.] විශේෂ කොට සලකුණු කළ; වෙන් කොට දැක් වූ. 2. [වි.] මනා සේ සලකන ලද; අභිප්‍රේත.
අභිලම්බය, අභිලම්බකය(පාරිභා.) [නා.] ලම්බක වූ රේඛාව; ලම්බකය (=normal).
අභිලෂිත, අභිලසිත[වි.] බෙහෙවින් කැමති වූ; ආශා කළ; රුචි කළ.
අභිලාපනය, අභිලාපය[නා.] කීම; කථනය.
අභිලාෂය[නා.] තද ආශාව; කැමැත්ත; අනුරාගය.
අභිලේඛනය(පාරිභා.) [නා.] පෞරාණික ලේඛනය (=epigraphy); රන්, රිදී, තඹ ආදි ලෝහ පත්වල හෝ ගඩොල්, ගල්තලාවල හෝ පුස්කොළ ආදි පත්‍රවල හෝ ලියන ලද පෞරාණික ලේඛනය.
අභිවදන්[නා.ප්‍ර.] ආශීර්වාද වචන; ගෞරවාන්විත වචන; ප්‍රියජනක වදන්.
අභිවන්දනය, අභිවාදනය, අභිවාදය[නා.] ගෞරව සම්ප්‍රයුක්ත නමස්කාරය; වැඳීම.
අභිවය[නා.ප්‍ර.] තරුණ වයස; යෞවනය.
අභිවර්ධන[වි.] වැඩි දියුණු වන; අභිවෘද්ධියට පත් වන.
අභිවර්ෂණය1. [නා.] වැහි වැටීම; වර්ෂණය. 2. [නා.] මනා සේ මල්, ආදිය ඉසීම.
අභිවහනය(පාරිභා.) [නා.] වාතයේ තිරස් චලනයෙන් සිදුවන තාපයේ සංක්‍රමණය (=advection).
අභිව්‍යක්ත[වි.] අතිශයින් ප්‍රකට; ඉතා පැහැදිලි; ප්‍රත්‍යක්ෂ.
අභිව්‍යඤ්ජක[වි.] මැනවින් ප්‍රකාශ කරන; දක්වන.
අභිව්‍යාපක[වි.] හාත්පස පැතිර පවතින; විසිර ඇති; අවට විහිදෙන.
අභිව්‍යාප්තිය[නා.] බෙහෙවින් පැතිර පැවැත්ම.
අභිවාහි(පාරිභා.) [වි.] ගෙන එන; වෙතට ගෙනෙන; අභිවහනය කරන; අන්තර්වාහී; සංවේදක; තිරස්ගතික (=advective, advehent, afferent, incurrent, inhalant).
අභිවික්‍රමය[නා.] අතිපරාක්‍රමය; මහත් වීර්යය.
අභිවිඤ්ඤාණය[නා.] ශ්‍රේෂ්ඨ වූ ඥානය.
අභිවිධිය[නා.] (ව්‍යාක.) ව්‍යාප්ත කොට ප්‍රවෘත්ත කිරීම; පිරිසිඳි හෙවත් සීමා කරනු ලැබූ වස්තුවක් සමග ම ගනු ලබන සීමාව; යමක් යම් ශ්‍රේණියකට නිශ්චිත ව ඇතුළු කොට ගනු ලබන සීමාව.
අභිවිරක්ත[වි.] බෙහෙවින් නොඇලුණු; අතිශයින් රාග රහිත; බොහෝ කලකිරුණු.
අභිවෘද්ධ[වි.] බොහෝ දියුණු; දියුණුවට පත්; වැඩුණු.
අභිවෘද්ධිදායක[වි.] දියුණුවට හේතු වන.
අභිවෘද්ධිය[නා.] අතිශය දියුණුව; වැඩීම; වැඩි දියුණුව; සමෘද්ධිය.
අභිශඞ්කාව[නා.] බලවත් සැකය; දැඩි අවිශ්වාසය.
අභිශෝෂණය1. (පාරිභා.) [නා.] පෝෂ්‍යභාවය ඇද ගැනීම හෙවත් උරා ගැනීම (=absorption). 2. [නා.] වියළී යෑම; වර්ෂණ ජලය මිනිස් ක්‍රියාකාරීත්වය නිසා රූරා බැසීම (=exsiccation).
අභිෂඞ්ගය1. [නා.] ඇල්ම; ආශාව; අභිලාෂය. 2. [නා.] ආක්‍රෝශය; මිථ්‍යාපවාදය; පිරිහීම;ව්‍යසනය; ශාපය. 3. [නා.] කාම, ශෝක, භය, ක්‍රෝධාදියෙන් පෙළීම; යක්ෂාදි අමනුෂ්‍යාවේශයෙන් ඇති වන ජ්වරය.
අභිෂික්ත[වි.] ඉසින ලද; අභිෂේක කරන ලද.
අභිෂේකධර[වි.] ඔටුනු දරන; ඔටුනු පලන්; අභිෂේකය දරන.
අභිෂේකය, අභිසේකය1. [නා.] රජකමට පත් කිරීම; රජකුමරකු රාජපදප්‍රාප්ත කරවීමේ දී මතුරන ලද ජලය හිසට වත්කිරීමෙන් රාජත්වය ප්‍රකාශ කිරීම. 2. [නා.] ඉසීම. 3. (ක්‍රිස්ති.) [නා.] ආලේපය; විලේපය (=unction). 4. (ක්‍රිස්ති.) [නා.] පවිත්‍ර කිරීම; ශුද්ධිය ප්‍රතිෂ්ඨාපනය; කැප කිරීම (=consecration).
අභිෂේකෝදකය[අභිෂේක+උදකය] [නා.] අභිෂේෂ්ක ජලය; ඔටුනු පැලඳවීමේ උත්සවයේ දී අභිෂේකය පිණිස ගන්නා (ශුද්ධ ගංගාවල) ජලය.
අභිසංස්කරණය1. [නා.] මනා සේ සකස් කිරීම; පිළියෙල කිරීම; සම්පාදනය කිරීම. 2. [නා.] කුසලාකුසල කර්ම රැස් කිරීම.
අභිසංස්කාරය1. [නා.] මනා සේ සකස් කිරීම; පිළියෙල කිරීම. 2. (ව්‍යාක.) [නා.] නවාංගයක් ගෙන දීම; උත්කර්ෂ කිරීම; අතිශයාරෝපණය. 3. [නා.] ගරු බුහුමන් දැක්වීම; පුද පූජා කිරීම. 4. (අභි.) [නා.] කර්ම රැස් කිරීම.
අභිසංස්කෘත[වි.] මනා සේ සකස් කරන ලද; පිළියෙල කරන ලද; සංවර්ධනය වූ; දියුණු වූ.
අභිසඞ්ඛත[වි.] උසස් අයුරින් සාදන ලද; පිළියෙල කළ; සකස් කළ.
අභිසජ්ජිත[වි.] මනා ලෙස සරසන ලද; විශිෂ්ට ලෙස අලංකාර කරන ලද.
අභිසන්ධානය[නා.] විශිෂ්ට ආකාරයෙන් සම්බන්ධ කිරීම; එකතු කිරීම; සන්ධි කිරීම.
අභිසමය[නා.ප්‍ර.] ප්‍රතිවේධය; බුද්ධ ධර්මය හා චතුරාර්ය සත්‍ය ධර්ම පිරිසිඳ දැන ගැනීම; මාර්ග ඵලාවබෝධය.
අභිසමයඥානය[නා.] චතූරාර්ය සත්‍යය පිරිසිඳ දැන ගැනීමේ නුවණ; ප්‍රතිවේධ ඥානය.
අභිසම්බන්ධය[නා.] මනා ගැළපීම; සම්බන්ධය; සංයෝගය.
අභිසම්බුද්ධ[වි.] විශිෂ්ට අවබෝධය ලත්; බුද්ධත්වයට පැමිණී.
අභිසම්බෝධිය[නා.] බුද්ධත්වය; බුදු බව; සම්මාසම්බෝධිය.
අභිසම්භවය[නා.] විශිෂ්ට උපත; උත්පත්තිය; සම්භවය.
අභිසම්මත[වි.] විශිෂ්ට සේ පිළිගත්; මැනැවැයි සම්මත.
අභිසමාචාරය[නා.] අධිශීල ශික්ෂාවට ඇතුළත් උත්තම සමාචාර; ශ්‍රේෂ්ඨ වූ හැසිරීම.
අභිසරණය(පාරිභා.) [නා.] පොදු කේන්ද්‍රසථානයක් හෝ ලක්ෂ්‍යයක් හෝ මත එක් වීම (=convergence).
අභිසරයා[නා.] අනු ව හැසිරෙන්නා; අනුචරයා.
අභිසර්ග(පාරිභා.) [වි.] අනෙක් ලිංගිකයාගේ සිත ඇදී යන (=epigamic).
අභිසර්පණය(පාරිභා.) [නා.] පෘථිවි අක්ෂයේ දෝලනාත්මක චලනය; වැඩෙන ශාකවල කඳන්හි, පත්‍රයන්හි අග වෘත්තාකාර ව පැද්දෙන ස්වභාවය (=Nutation).
අභිස්පන්දනය(පාරිභා.) [නා.] හෘදයෙහි ස්පන්දනය වැඩි වීම (=palpitation).
අභිසාමග්‍රිය[නා.] එක් කිරීම; ඒකරාශි කිරීම.
අභිසාරිකාව[නා.] අනාචාරයෙහි හැසිරෙන ස්ත්‍රිය; කාම සේවනය සඳහා පුරුෂයන් සම්මුඛ වීම පිණිස යන්නා වූ කාන්තාව.
අභිසාරිතාව1. (පාරිභා.) [නා.] පොදු කේන්ද්‍රස්ථානයක් හෝ ලක්ෂ්‍යයක් හෝ මත (රේඛා හෝ කිරණ හෝ) එක් වෙන ස්වභාවය; යම් ශ්‍රේණියකට අයත් පදවල ඓක්‍යය නිශ්චිත සීමාවක් කරා ආසන්න වන ස්වභාවය (=convergence). 2. (පාරිභා.) [නා.] අනුක්‍රමයෙන් අග්‍ර එකිනෙකට ළංවීම. 3. (පාරිභා.) [නා.] ආරම්භයේදී වෙනස් ජීවීන්ගේ හෝ සමූහයන්හි හෝ ඇතැම් ලක්ෂණයන්හි සමානකමක් ඇතිවන පරිදි පරිණාමය වීම (=convergence).
අභිසාරී1. [වි.] කාමසේවනය සඳහා පුරුෂයන් නියම කළ තැනට යන. 2. [වි.] පොදු කේන්ද්‍රස්ථානයක් හෝ ලක්ෂ්‍යයක් හෝ මත එක් වෙන.
අභිසාරීකිරණ(පාරිභා.) [නා.බහු.] පොදු කේන්ද්‍රස්ථානයක් හෝ ලක්ෂ්‍යයක් හෝ මත එක් වෙන රශ්මි (=convergent rays).
අභිසිඤ්චනය[නා.] මනා සේ ඉසීම.
අභිසෙව්[නා.ප්‍ර.] සේවනය; නිතර සේවනය කිරීම.
අභිහත[වි.] පහර දෙන ලද; ගැසූ.
අභිහනනය[නා.] වේගයෙන් ගැසීම; ගැටීම; අභිඝාතය.
අභිහිතය[නා.] (ව්‍යාක.) ප්‍රකාශ කරන ලද්ද; උක්තය.
අභීක්ෂ්ණ[ක්‍රි.වි.] නිතර; අනවරතයෙන්.
අභීත[වි.] භය නැති; නිර්භීත.
අභීත නාදය1. [නා.] නොබිය ව කරන ප්‍රකාශය; ප්‍රබල ශබ්දය; නිර්භය දේශනාව. 2. [නා.] සිංහ නාදය.
අභීප්සා(පාරිභා.) [නා.ප්‍ර.] (දර්ශන.) ආශාව මෙහෙයීම (=appetition).
අභීප්සිත[වි.] විශේෂයෙන් කැමති වන ලද ; ආශාවෙන් බලාපොරොත්තු වන ලද; විශේෂයෙන් අදහස් කළ; අභිලෂිත.
අභීරු[වි.] භය රහිත; නිර්භීත; බිය නැති.
අභීෂ්ට[වි.] බෙහෙවින් රුචි කළ; විශේෂයෙන් කැමති වූ.
අභීෂ්ටාර්ථය[නා.] කැමති දෙය; සිතූ පැතූ දෙය; අභිමතාර්ථය.
අභූත[වි.] නොවූ; නැති; අසත්‍ය; බොරු.
අභූතපූර්ව[වි.] පෙර නොවූ; පෙර නොපැවති.
අභූතය[නා.] සිදු නොවූ දෙය; බොරුව; අසත්‍යය.
අභූත් කර්මය[නා.] අහෝසිකර්මය; විපාක නොදෙන බවට පැමිණි කර්මය.
අභූමි[නා.ප්‍ර.] නුසුදුසු බිම; අයෝග්‍ය භූමිය.
අභූෂිත[වි.] සරසනු නොලැබූ; භූෂණය නොකරන ලද; අනලඞ්කෘත.
අභේද1. [වි.] නොබෙදුණු; නොකැඩුණු. 2. [වි.] නොවෙනස්; සමාන; අභින්න.
අභේදකාය[නා.ප්‍ර.] (බෝධි චිත්තය උපදවා ගත් බෝසතුන්ගේ ශරීර සේ) බැඳීමක් කැඩීමක් ලේ වැගිරීමක් නොවන ශරීරය; තුවාල කළ නොහැකි ශරීරය.
අභේදය[නා.] බිඳිය නොහැකි දෙය; වෙන් කළ නොහැකි දෙය.
අභේද්‍ය1. [වි.] නොබිඳිය හැකි; බෙදිය නොහැකි. 2. [වි.] වෙන් නොකළ හැකි.
අභේද්‍ය අස්ථිය[නා.] කොඳු ඇට පෙළෙහි පහත කෙළවර අන්තිම කටී කශේරුකාවත් අනු ත්‍රිකාස්ථියත් අතර පිහිටි ඌර්ධව භාගය පළල් වූ මඳක් නැමි කීලාකාර ඇටය; ත්‍රිකාස්ථිය.
අභේදිත[වි.] නොබෙදූ; නොබෙදුණු.
අභේදෝපචාරය[නා.] (ව්‍යාක.) වෙනස් වූ දෙයක් නොවෙනස් කොට සැලකීම.
අභෝජ්‍ය[වි.] නොකෑ යුතු; අනුභව කිරීමට නුසුදුසු.
අම1. [වි.] මරණයක් නැති; මරණ රහිත; අමරණීය. 2. [වි.] මිහිරි; අමෘතය සේ සුව දෙන. 1. [නා.ප්‍ර.] නිර්වාණය; නිවන. 2. [නා.ප්‍ර.] දිව්‍ය භෝජනය; සුධා භෝජනය. 3. [නා.ප්‍ර.] ජලය; දිය.
අම ඔසුව[නා.] දිව බෙහෙත; දිව්‍ය ඖෂධය; අමෘතෞෂධය.
අම පැන[නා.] අමෘත පානය; අමෘතය.
අම රසය[නා.] දෙවියන්ගේ සුධා භෝජනය; අමෘතය.
අමං[නා.ප්‍ර.] වැරදි මඟ; නොමඟ.
අමකර[අම+අකර] 1. [වි.] අමෘතය වැනි; අමෘතාකාර වූ; ඉතා මිහිරි; සුමධුර. 2. [වි.] කිරිමුහුද.
අමකිරණ1. [නා.ප්‍ර.] අමෘත රශ්මිය. 2. [නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
අමග, අමඟ[නා.] නරක මාර්ගය; වැරදි මඟ; නොමඟ.
අමට්ටනවා(කථා.) [ක්‍රි.] බලෙන් ඇද දමනවා; කරකවා වේගයෙන් අදිනවා; සොලවනවා.
අමණ[නා.ප්‍ර.] ජල ආවරණය; අමුණ. [වි.] ලජ්ජා නැති; අශීලාචාර.
අමණ්ඩනය[නා.] සැරසිලි රහිත බව; නොසැරසීම.
අමණ්ඩි, අම්මණ්ඩි1. [නා.] වැඩිහිටි තැනැත්තිය; මව. 2. [නා.] නැන්දා; නැන්දම්මා. 3. (කථා උඩ.) [නා.] ඇවැස්ස මාමා; මවගේ සහෝදරයා. 4. [නා.] ස්වාමියාගේ හෝ භාර්යාවගේ පියා.
අමණ්ඩිත[වි.] නොසරසන ලද; විසිතුරු නැති; අලංකාර නොකරන ලද.
අමත1. [නා.ප්‍ර.] මරණයක් නැති බව; නිර්වාණය. 2. [නා.ප්‍ර.] දෙවියන්ගේ සුධා භෝජනය; අමෘතය; දිව්‍ය පානය. 3. [නා.ප්‍ර.] ලෙඩ; රෝගය. 4. [වි.] නොදන්නා ලද; අඥාත.
අමත පද[නා.ප්‍ර.] මරණ රහිත තැන; නිර්වාණය.
අමතක[වි.] මතක නැති; කල්පනා රහිත.
අමතනවා[ක්‍රි.] ආමන්ත්‍රණය කරනවා; කථා කරනවා; කැඳවනවා.
අමතර[වි.] වැඩිපුර; අතිරේක; වැඩිමනත්.
අමත්[නා.ප්‍ර.] භෝජන පාත්‍රය. [වි.] මත් නොවූ.
අමත්තුව1. [නා.] වරින්වර පැවතීම; අස්ථිර ආකාරය; නැවතීම; මැඩ පැවැත්වීම. 2. [නා.] තර්ජනය.
අමද1. [වි.] අඩු නැති; බොහෝ වූ; අමන්ද. 2. [වි.] මාන රහිත; අහංකාර නැති. 1. [නා.ප්‍ර.] සතුට; ආනන්දය. 2. [නා.ප්‍ර.] සුගන්ධය.
අමද්‍ය[වි.] මත් නොකරවන; මද්‍යසාර නැති.
අමද්‍යප[වි.] මත්පැන් නොබොන; මද්‍යපානයෙන් වැළකුණු.
අමදිනවා[ක්‍රි.] කොසු, මුසුන් ආදියෙන් බිම පිස දමනවා; අතුගානවා.
අමන1. [වි.] ලැජ්ජා නැති; අශික්ෂිත;අශීලාචාර. 2. [වි.] බුද්ධිය නැති; මෝඩ; අනුවණ; අඥාන.
අමනයා1. [නා.] ලජ්ජා නැති තැනැත්තා; අශීලාචාර පුද්ගලයා. 2. [නා.] මෝඩයා; අනුවණයා.
අමනවා1. [ක්‍රි.] (සුළඟ සේ) ඉදිරියට යනවා; ගමන් කරනවා. 2. [ක්‍රි.] හමනවා; ගඳ සුවඳ වහනය වෙනවා; පැතිරෙනවා.
අමනසිකාරය[නා.] නොසිතීම; මෙනෙහි නොකිරීම.
අමන්ද[වි.] මඳ නොවන; ස්වල්ප නොවන; බොහෝ වූ.
අමන්දනවා(කථා.) [ක්‍රි.] ගානවා; අතුල්ලනවා.
අමන්දානන්දය[අමන්ද+ආනන්දය] [නා.] නොමඳ සතුට; අධික ප්‍රීතිය; දැඩි සන්තෝෂය.
අමන්දු[නා.ප්‍ර.] ශමනය; සංසිඳීම.
අමනාපය[නා.] නොකැමැත්ත; අසතුට; අසන්තෝෂය.
අමනුෂ්‍ය[වි.] මනුෂ්‍ය නොවූ; යක්ෂ, රාක්ෂ, ප්‍රේතාදි වූ. [නා.ප්‍ර.] මනුෂ්‍ය නොවූ තැනැත්තා.
අමනුෂ්‍ය පථය[නා.] මනුෂ්‍ය වාසයක් නොවූ ප්‍රදේශය.
අමනුෂ්‍යෝපද්‍රවය[අමනුෂ්‍ය+උපද්‍රවය] [නා.] යක්ෂ, භූත, ප්‍රේතාදි අමනුෂ්‍යයන්ගෙන් වන පීඩාව.
අමනෝඥ[වි.] සිත් නොගන්නා; මනහර නොවන; අසුන්දර.
අමපා[නා.ප්‍ර.] දෙවියා.
අමයුරු[අම+අයුරු] [වි.] අමෘතය හා සමාන; ඉතා රසවත්.
අමර[වි.] නොමැරෙන; අමරණීය. 1. [නා.ප්‍ර.] නොමැරෙන තැනැත්තා; දෙවියා. 2. [නා.ප්‍ර.] තිස්තුන. 3. [නා.ප්‍ර.] නේත්‍රරෝගයක්; අර්මය.
අමර ගඟ[නා.] අහස්ගඟ; සුරගඟ.
අමර දෙන[නා.] සුරභිධේනුව; කාමධේනුව.
අමරගුරු[නා.ප්‍ර.] බෘහස්පති දේවතාවා; සුරගුරු.
අමරඟන[අමර+අඟන] [නා.] දිව්‍ය ස්ත්‍රිය; දිව්‍යාංගනාව; සුරඟන; අමරාඞ්ගනාව.
අමරණීය[වි.] නොමැරෙන.
අමරතුරු[නා.ප්‍ර.] කල්පවෘක්ෂය; සුරතුර; කප්රුක.
අමරදද[නා.ප්‍ර.] අනංගයා; අමරධ්වජයා.
අමරසර[නා.] දෙවඟන; දිව්‍ය අප්සරාව.
අමර්ෂය[නා.] නොඉවසිල්ල; කෝපය; කේන්තිය.
අමරාලය[අමර+ආලය] [නා.ප්‍ර.] දෙවියන්ගේ වාසසස්ථානය; දිව්‍යලෝකය; ස්වර්ගය.
අමල[වි.] මල රහිත; නිර්මල; පිරිසිදු. 1. [නා.ප්‍ර.] දෑවාණ; පළිඟු; ස්ඵටික. 2. [නා.ප්‍ර.] මිනිරන්. 3. [නා.ප්‍ර.] නෙල්ලි ගස. 4. (කථා.) [නා.ප්‍ර.] කළුනික.
අමලින[වි.] කිලිටි නොවූ; පිරිසිදු.
අමළිය1. (කථා.) [නා.] අධිකකම; බහුලත්වය. · 2. හදිසිය.
අම්බර1. [නා.ප්‍ර.] අහස; ආකාශය. 2. [නා.ප්‍ර.] ඇඳුම; වස්ත්‍රය. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කේන්ද්‍රයක දසවැනි ස්ථානය. 4. [නා.ප්‍ර.] තල්මසුන්ගේ බඩෙහි හටගැනෙන ඉටි වැනි සුවඳ ද්‍රව්‍යය. 5. [නා.ප්‍ර.] අමූලික බොරුව.
අම්බරුවා1. [නා.] (කමත්.) ගවයා; මීමා. 2. [නා.] තිත්මුවා; ගෝනා.
අම්බලම(කථා.) [නා.] මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මහා මාර්ගය අසල කරවන ලද විශ්‍රාම ශාලාව; ගිමන්හල.
අම්බලම් පාළුවා(කථා.) [නා.] අම්බලම් වැනි පාළු ගෙවල යට ලී පරාල ආදිය සිදුරු කොට බෙන සාදාගන්නා කුරුමිණි විශේෂයක්.
අම්බා(ව)1. [නා.] මව. 2. [නා.] ස්ත්‍රිය. 3. [නා.] අඹුව; භාර්යාව. 4. [නා.] කරදරය; හිරිහැරය. 5. [නා.] බොරුව. 6. [නා.] වෙහෙස මගහරවා ගැනීමට කියන සාමුහික කවිය; රුකුල් කවිය.
අම්බැට්ටයා, ඇම්බැට්ටයා1. [නා.] දැළිරැවුල් කපන්නා; කරනැවෑමියා. 2. [නා.] (නීච) සහායකයා.
අම්බිකාව1. [නා.] මව. 2. [නා.] ස්ත්‍රිය. 3. [නා.] අඹුව; භාර්යාව.
අම්බිලිය1. [නා.] ඇඹුල් රසය; අම්ලය. 2. [නා.] ඇඹුල් රස ඇති දෙය.
අම්බු1. [නා.ප්‍ර.] දිය; ජලය. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කේන්ද්‍රයක සිවුවැනි ස්ථානය; සතරවැන්න. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] පුවසළ නම් නැකත.
අම්බුජ[වි.] ජලයෙහි උපන්; ජලජ. [නා.] නෙළුම්මල; පද්මය.
අම්බුද[වි.] ජලය දෙන. 1. [නා.ප්‍ර.] වලාකුළ; මේඝය. 2. [නා.ප්‍ර.] කලාඳුරු.
අම්බුධිය1. [නා.] ජල සම්භාරය; සාගරය. 2. [නා.] මුහුදු ලුණු. 3. [නා.] සතර; සිවුවැන්න.
අම්බුනිධිය1. [නා.] ජල නිධිය; සාගරය. 2. (ජ්‍යෝති.) [නා.] සියාවස නම් නැකත.
අම්භෝරුහ[නා.ප්‍ර.] නෙළුම; පද්මය.
අම්මා1. [නා.] මව; මාතාව. 2. [නා.] තලතුනා ස්ත්‍රිය.
අම්මාවරු[නා.] බෝවන රෝග ඇති කරවතැයි සලකනු ලබන දෙව්දූවරු හත්දෙනා.
අම්රස, අම්රහ[නා.] අමිහිරි රස; අප්‍රිය රස.
අම්ලකර(පාරිභා.) [නා.ප්‍ර.] ඔක්සිජන් වායුව (=oxygen).
අම්ලපාෂාණ(පාරිභා.) [නා.ප්‍ර.] සිලිකා 66% කට වඩා අඩංගු ආග්නේය පාෂාණ (=acid rocks).
අම්ලය1. [නා.] ඇඹුල; ඇඹුල් රසය. 2. [නා.] ඇඹුල් රසය ප්‍රධාන ලක්ෂණය කොට ඇති රසායනික ද්‍රව්‍ය සමූහයක් (=acid); විනාකිරි.
අමා1. [වි.] මරණයක් නැති; මරණ රහිත; අමරණීය. 2. [වි.] දිව්‍යමය; අමෘතමය; ඉතා ප්‍රණීත; අතිශයින් මිහිරි; අමෘතය සේ සුව දෙන. 1. [නා.ප්‍ර.] අමාවක; අමාවක තිථිය. 2. [නා.ප්‍ර.] දෙවියන්ගේ ආහාර; අමෘත; සුධාභෝජන.
අමාඇදුරු[නා.ප්‍ර.] අමෘතයට හෙවත් නිවනට මඟ පෙන්වන ආචාර්යවරයා; බුදුරජාණන් වහන්සේ.
අමාකර1. [නා.ප්‍ර.] අමෘත රශ්මි ඇත්තා; චන්ද්‍රයා. 2. [නා.ප්‍ර.] අමෘතයාගේ උත්පත්ති ස්ථානය; කිරිමුහුද.
අමාකරු[නා.ප්‍ර.] නිර්වාණය අවබෝධ කරවන තැනැත්තා; බුදුරජාණන් වහන්සේ.
අමාකැන්[නා.ප්‍ර.] අමෘත කාන්ති ඇත්තා; හඳ; චන්ද්‍රයා.
අමාත්සර්ය1. [වි.] මසුරු නැති. 2. [වි.] ඊර්ෂ්‍යා නැති.
අමාත්‍යයා[නා.] පැරණි රජදරුවන්ගේ පාලන සමයෙහි කාර්යාංශයක් භාරව සිටි තැනැත්තා; රජයේ කාර්යාංශයක් භාර ව සිටින තැනැත්තා; ඇමතිවරයා.
අමාත්‍යාංශය[අමාත්‍ය+අංශය] [නා.] අමාත්‍යවරයකුට බාර වූ රජයේ කාර්යාංශය.
අමාත්‍ර[වි.] ප්‍රමාණ රහිත; අපරිමාණ.
අමාත්‍රඥ[වි.] පමණ නොදන්නා වූ; භෝජනයෙහි ප්‍රමාණය නොදන්නා වූ.
අමානුෂික[වි.] මිනිස් නොවන; අමනුෂ්‍ය.
අමාපල, අමාඵල1. [නා.] අමෘතය තරම් මධුර වූ ඵලය; අමෘතය නම් ඵලය. 2. [නා.] අරළු.
අමාපුරය[නා.] මරණයක් නැති පුරය; නිවන.
අමාමක[වි.] මමත්වයෙන් තොර; මාගේ යැයි නොසිතන.
අමායා[වි.] මායා නැති; වංචා රහිත. [නා.] අමාරුකාර පුද්ගලයා; කපටියා.
අමාර්ගය1. [නා.] වැරදි මග; නොමඟ. 2. [නා.] වැරදි ක්‍රියා පටිපාටිය; දුරාචාරය.
අමාරැස්[නා.ප්‍ර.] චන්ද්‍ර රශ්මිය; සඳරැස්.
අමාරුව1. [නා.] අපහසුව; දුෂ්කරතාව; අවහිරය. 2. [නා.] ආබාධය; අසනීපය.
අමාවක[නා.] අව පසළොස්වක; මාසෙ පෝය දවස; කළුවර පක්ෂයේ පසළොස්වක දවස; කළුවර පොහොය.
අමික්තුව[නා.] (රෝ.ක.) පූජා කටයුතු සඳහා පූජා ප්‍රසාදීන් පලඳින සළුව.
අමිත[වි.] අප්‍රමාණ; අනන්ත.
අමිත්[වි.] මිතුරු නොවූ; සතුරු.
අමින්[වි.] අප්‍රමාණ; අපරිමිත; බොහෝ. [නා.ප්‍ර.] රාශිය; සමූහය.
අමියාව[නා.] ආහාර නොදිරවීම; අජීර්ණය; ආමය.
අමිල[වි.] මිල කළ නොහැකි; අමූල්‍ය; අනර්ඝ.
අමිශ්‍ර1. [වි.] මිශ්‍ර නොවූ; නුමුසු. 2. (පාරිභා.) [වි.] පිරිසිදු; ශුද්ධ (=pure, unalloyed).
අමිශ්‍ර පොළිය[නා.] ණයට දුන් මුල් මුදලට පමණක් උපදින පොළිය; සුළු පොළිය.
අමිශ්‍ර භාගය[නා.] (ගණිත.) ලවය සහ හරය ඛණ්ඩ සංඛ්‍යාවලින් නොව සම්පූර්ණ සංඛ්‍යාවලින් යුක්ත වූ භාග ගණන (=simple fraction).
අමිශ්‍රිත[වි.] මිශ්‍ර නොකරන ලද; අසංකීර්ණ; පාරිශුද්ධ.
අමිශ්‍රෝදක[අමිශ්‍ර+උදක] [වි.] ජලය හා මිශ්‍ර නොවූ.
අමු1. [වි.] නොපිසින ලද; නොතැම්බූ; නොතැම්බුණු; නොපුලුස්සන ලද. 2. [වි.] (රත් කොට) ශුද්ධ නොකරන ලද; සකස් කර නොගත්. 3. [වි.] නොපැසුණු; නොඉදුණු. 4. [වි.] නොදිරූ; නොපැසවූ; අජීර්ණ වූ.
අමු අමුවේ1. [ක්‍රි.වි.] දරුණු ලෙස; නිර්දය ලෙස. 2. [ක්‍රි.වි.] පණ පිටින්. 3. [ක්‍රි.වි.] පවතින තත්ත්වයෙන්.
අමු බොරුව(කථා.) [නා.] සම්පූර්ණ අසත්‍යය; අමූලික බොරුව.
අමු සොහොන, අමු සෝන[නා.] මළ සිරුරු නොදවා, නොවළලා එළිමහනේ තැන්පත් කරන තැන; ආමක සුසානය.
අමුක්කනවා(කථා.) [ක්‍රි.] දත් නැති අයකු මෙන් තලුම්බු කරනවා; සෙමින් සෙමින් හපනවා.
අමුක්කුව1. (කථා.) [නා.] බාධාව; හිරිහැරය; අමාරුව. 2. [නා.] හදිසි අනතුර. 3. [නා.] තුවක්කුවේ කොකා හෙවත් කක්කනාව.
අමුඩය, අමුඩේ[නා.] රහසග පෙදෙස පමණක් වැසෙන සේ අඳින රෙදිකඩ; කැසපට.
අමුණ1. [නා.] පෑළ හතරකින් යුක්ත ධාන්‍ය මිණුම් ප්‍රමාණය. 2. [නා.] පෑළ හතරක ධාන්‍ය වැපිරීමට ගැනෙන වපසරිය දැක්වෙන බිම් මිණුම් ප්‍රමාණය. 3. [නා.] වැව්, ඇළ, දොළ ආදිය හරස් කර ඉදි කරන ලද බැම්ම; වේල්ල. 4. [නා.] ජලය රැඳවූ ඇළ. 5. [නා.] වේල්ලකින් රැඳවූ ජලය.
අමුණනවා[ක්‍රි.] (නූල් ආදියෙන්) එකිනෙක සම්බන්ධ කරනවා; පබළු, මල් ආදිය ගොතනවා; අවුළුවනවා; පටලවනවා; උල් ආදියෙන් සවි කරනවා; (කොකූ ආදියෙන්) ආඳනවා.
අමුණු ගිල්ම1. [නා.] ස්ථිර බැම්මක් ඇති දිය අගළ. 2. [නා.] නගරයක හෝ බළකොටුවක හෝ ජලාශය.
අමුතු1. [වි.] නව; අලුත්; අභිනව. 2. [වි.] වෙනත්; අන්‍ය; ආගන්තුක; අසාමාන්‍ය. 3. [වි.] නොගැලවුණු; නොමිදුණු; අමුක්ත. 4. [වි.] බැඳි.
අමුතු තෙර[නා.] ආගන්තුක ස්ථවිර; වෙනත් විහාර සීමාවකින් පැමිණි භික්ෂුව.
අමුතු බත1. [නා.] අමුත්තන්ට පිළියෙල කරන ලද බත. 2. [නා.] ගොයම් කැපීමෙන් පසු අලුත් සහලින් පළමුව පිසින ලද බත.
අමුතුව, අමුත්ත1. [නා.] අලුත් දෙය; විශේෂ දෙය. 2. [නා.] වෙනස; වෙනස් වූ දෙය.
අමුතුවත්[නා.ප්‍ර.] ආගන්තුකයන්ට කරන වත් පිළිවෙත්.
අමුතුවා[නා.] අමුත්තා; බැහැරින් ආ තැනැත්තා; ආගන්තුකයා.
අමුද්‍රව්‍ය1. [නා.ප්‍ර.] කර්මාන්ත සඳහා අවශ්‍ය එහෙත් සකස් නොකළ ද්‍රව්‍ය; දළ ද්‍රව්‍ය. 2. [නා.ප්‍ර.] නොවියළි බෙහෙත් ද්‍රව්‍ය.
අමුරන්[නා.ප්‍ර.] ශුද්ධ නොකළ රන්; හිරණ්‍ය.
අමුරෙදි[නා.ප්‍ර.] ප්‍රකෘති වර්ණය වෙනස් නොකළ රෙදි; තම්බා සුදු නොකළ නූලෙන් වියූ රෙදි (=grey cloth).
අමුව1. [නා.] ආහාර නොදිරවීම; අජීර්ණය; ආමය. 2. [නා.] පටන් ගැන්ම; ආරම්භය; ආමුඛය.
අමුසිංහල(කථා.) [නා.ප්‍ර.] අශිෂ්ට සිංහල ව්‍යවහාර; අසභ්‍ය වචන; අමු හිංගල; කුණුහරුප.
අමූල්‍ය[වි.] මිල කළ නොහැකි; අගය කළ නොහැකි; අගනා.
අමූලික[වි.] මුලක් නැති; හේතුවක් හෝ කාරණයක් නැති.
අමූලික බොරුව[නා.] කිසි ම හේතුවක් හෝ පදනමක් නැති බොරුව; අමු බොරුව; අසත්‍යය.
අමූළ්හ[වි.] මුළා නොවූ; උමතු නොවූ; සිහි විකලත්වයට නොපැමිණි.
අමූළ්හවිනය[නා.ප්‍ර.] සිහිවිකල කාලයෙහි සිදු වූ ඇවතක් ගැන භික්ෂුවක් හට දෙන අධිකරණ සමථය; උමතු වූ භික්ෂුවක් ශ්‍රමණ සාරුප්‍ය නොවූ ඇවතට පැමිණේ ද, උමතු බැවින් මිදුණු පසු ඒ ඇවත ගැන ඒ භික්ෂුවට චෝදනා කිරීමට අනික් භික්ෂූන්ට අවසර නොලැබෙන සේ පැනවූ විනය නීතිය.
අමෘත[වි.] මරණ රහිත; අමරණීය; දිව්‍යමය.
අමෘත පද[නා.] මරණ රහිත ස්ථානය; නිවන.
අමෘත පානය[නා.] අමෘත ජලය; අමා පැන්.
අමෘත හස්තය1. [නා.] ස්පර්ශයෙන් පවා ගුණදෙන අත; අත්ගුණය ඇති අත. 2. [නා.] නෘත්‍යයේ එන හස්ත මුද්‍රාවක නාමය.
අමෘතකර[නා.ප්‍ර.] අමාරැස් ඇත්තා; චන්ද්‍රයා.
අමෘතය1. [නා.] දෙවියන්ගේ සුධා භෝජනය; අමාව. 2. [නා.] ජලය; දිය. 3. [නා.] කිරි. 4. [නා.] ගිතෙල්, වෙඬරු. 5. [නා.] බත්. 6. [නා.] රන්. 7. [නා.] රසදිය.
අමෘතාකරය[නා.] අමෘතයේ උත්පත්ති ස්ථානය; කිරි මුහුද.
අමෘෂාව[නා.] බොරු නොවූව; මුසා නොවූව; සත්‍යය.
අමෘෂාවාදය[නා.] නිබොරු තෙපුල; සත්‍යවාදය.
අමේධ්‍යය[නා.] අපවිත්‍ර දෙය; අශූචි; මල.
අමෝඝවාදියා[නා.] හිස් නොවූ තෙපුල් ඇත්තා; බුදුරජාණන් වහන්සේ.
අමෝදය1. [නා.] සතුට; සන්තෝෂය; ආනන්දය. 2. [නා.] සුගන්ධය; සුවඳ ද්‍රව්‍යය.
අමෝරනවා[ක්‍රි.] (පහර දීමට පළමු ආයුධාදිය) තර්ජන වශයෙන් ඔසවනවා; ලෙළවනවා; උරුක්කු කරනවා.
අමෝරාව(කථා.) [නා.] විරුද්ධතාව.
අමෝහය[නා.] මෝහ විරහිත බව; නුමුළා බව; අවිද්‍යාවෙන් තොර බව.
අඹ1. [නා.ප්‍ර.] මියුරු රසැති කහවන් මදය සහිත ඝර්ම කලාපීය පලතුරු වර්ගය. 2. [නා.ප්‍ර.] දිය; ජලය. 3. [නා.ප්‍ර.] මව; අම්මා. 4. [නා.ප්‍ර.] අඹුව; භාර්යාව. 5. [නා.ප්‍ර.] වලාකුළ; මේඝය. 6. [නා.ප්‍ර.] බත; ආහාරය.
අඹ යහළුවා[නා.] ඉතා කුළුපග මිත්‍රයා; අතිශයින් හිතවත් යාළුවා.
අඹනවා1. [ක්‍රි.] පිරිමදිනවා; සම්බාහනය කරනවා. 2. (කථා.) [ක්‍රි.] අණ්ඩ පහ කරනවා; බීජෝද්ධරණය කරනවා; කර අඹනවා. 3. [ක්‍රි.] පිළිම කැටයම් ආදිය සාදනවා; තනනවා; නිර්මාණය කරනවා. 4. [ක්‍රි.] ලුහු බඳිනවා; එළවාගෙන යනවා.
අඹර1. [නා.ප්‍ර.] අහස; ආකාශය. 2. [නා.ප්‍ර.] ඇඳුම; වස්ත්‍රය. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කේන්ද්‍රයක දසවැනි ස්ථානය.
අඹරනවා1. [ක්‍රි.] එකට ඔතනවා; වෙළනවා. 2. [ක්‍රි.] සුනු කරනවා; කුඩු කරනවා; පිටි කරනවා. 3. (රූඪි.) [ක්‍රි.] අමාරුවට පත්කරනවා.
අඹරාව1. [නා.] කරත්තයක් හෝ පාරුවක් මත ආරුක්කු හැඩයට සාදන ලද ආවරණය; පියස්ස; වහල. 2. [නා.] (ගමන බිමන සඳහා) කොළපතෙහි බැඳ ගත් කැවිලි.
අඹරෝර[අඹර+ඕර] [නා.] ගුවන් ගැබ; නුබ කුස; ආකාශ කුහරය.
අඹහළුවා1. (කථා.) [නා.] අධික ලෙස කෑම කන තැනැත්තා; කෑදරයා. 2. [නා.] අධික ලෙස කථා කරන්නා; වාචාලයා.
අඹළ[වි.] ඇඹරූ; කරකැවූ; භ්‍රමණය වූ.
අඹා ගන්නවා[ක්‍රි.] ලුහු බඳිනවා; එළවාගෙන යනවා; ලුහු බැඳ ගොස් අල්ලා ගන්නවා.
අඹා යනවා[ක්‍රි.] පසුපස එළවා යනවා.
අඹුව1. [නා.] ආවාහ කරගත් ස්ත්‍රිය; භාර්යාව. 2. [නා.] ස්ත්‍රිය; කාන්තාව; වනිතාව. 3. [නා.] ලුණු කැඳ; කාඩි දිය; බෙහෙත් කැඳ.
අය1. [නා.ප්‍ර.] තැනැත්තා. 2. [නා.ප්‍ර.] තැනැත්තෝ; පුද්ගලයෝ; දනා; පිරිස. 3. [නා.ප්‍ර.] ආදායම; ධනය; අයබදුවලින් ලැබෙන මුදල; වාසිය. 4. [නා.ප්‍ර.] යකඩ. 5. (කථා.) [නා.ප්‍ර.] දිළිඳු බව; නැති බැරිකම.
අය පඬුර1. [නා.] තුටු පඬුර; තෑග්ග. 2. [නා.] අයබදු; කරවුවර.
අය ප්‍රවේණිය[නා.] අයබදු ගෙවීමෙන් උරුමයට අයිති වූ ඉඩම.
අය පුස්තකය[නා.] ආදායම ලියා තබන ලේඛනය.
අය බද්ද[නා.] ආදායමින් හෝ දේපළ වටිනාකමින් පුරවැසියකු රජයට ගෙවිය යුතු කොටස; ආදායම් බද්ද.
අය මුඛය1. [නා.] ආදායම් උපදින මාර්ගය. 2. [නා.] ආදායම.
අයඃකාන්ත[නා.ප්‍ර.] කාන්දම; චුම්බකය.
අයඃශූලය[නා.] යකඩින් කළ උල; යකඩ උල; යවුල.
අයකරනවා1. [ක්‍රි.] බදු එකතු කරනවා; කරවුවර ගන්නවා; අයබදු වශයෙන් මුදල් ලබනවා. 2. [ක්‍රි.] භාණ්ඩ හෝ සේවා සඳහා මිලක් නියම කොට මුදල් ලබා ගන්නවා.
අයකැමියා1. [නා.] අයවැය විස්තර ලියා තබන්නා; ගණන් තබන්නා. 2. [නා.] වතුපිටි ආදියෙන් උපදින අය හෙවත් ආදායම එකතු කරන්නා. 3. [නා.] රජයේ භාණ්ඩාගාරයට ලැබෙන භාණ්ඩ තක්සේරු කරන නිලධාරියා; ගණන් පරීක්ෂකයා.
අයට වැටෙනවා[ක්‍රි.] විපතට පත් වෙනවා; දුප්පත් වෙනවා; නැති බැරිවෙනවා.
අයඩින්, අයිඩින්[නා.ප්‍ර.] (රසා.) අලෝහ හා හැලජන් පවුලට අයත් මූලද්‍රව්‍යයක්.
අයත්නයෙන්[ක්‍රි.වි.] උත්සාහයක් නැති ව; නිරුත්සාහයෙන්; නිරායාසයෙන්; ඉබේ.
අයතැන්1. [නා.ප්‍ර.] පුරාණයෙහි ලක්දිව පැවති ප්‍රධාන බෞද්ධ ආයතන හෙවත් මූලස්ථාන අට. 2. [නා.ප්‍ර.] බෞද්ධ ආයතනයක හෙවත් මූලස්ථානයක ප්‍රධානියා.
අයථා[වි.] නුසුදුසු; අයෝග්‍ය; අයුතු; වැරදි.
අයදනවා, අයදිනවා[ක්‍රි.] ඉල්ලා සිටිනවා; ආයාචනය කරනවා; යාච්ඤා කරනවා.
අයදීම, අයදුම[නා.] ඉල්ලා සිටීම; ආයාචනය.
අයදුම්කරුවා[නා.] ඉල්ලුම්කරුවා; අපේක්ෂකයා.
අයදුම්පත1. [නා.] ඉල්ලුම් පත්‍රය. 2. [නා.] දිවුරුම් පත.
අයදුම්පොත[නා.] බඩු ඉල්ලා යවන ලියුම්වල පිටපත තබා ගන්නා පොත.
අයන ගෝලය(පාරිභා.) [නා.] පෘථිවි පෘෂ්ඨයට උඩින් පිහිටි අයනීකරණය සිදු වන්නා වූ ප්‍රදේශය (=ionosphere).
අයන සංචරණය(පාරිභා.) [නා.] යම්කිසි බලයක මෙහෙයවීමෙන් නම් කරන ලද දිසාවක් කරා අයන ගමන් කිරීම (=migration of ions).
අයනය1. [නා.] ගමන යෑම. 2. [නා.] මාර්ගය; මාවත. 3. [නා.] සූර්යයා දක්ෂිණායනයේ සිට උත්තරායනයට හෝ උත්තරායනයේ සිට දක්ෂිණායනයට හෝ ගමන් කිරීමට ගන්නා මාස හයක කාලය.
අයනාංශකය(පාරිභා.) [නා.] කිසියම් දිනක හිරු මුදුන් වන අක්ෂාංශකය.
අයනීකරණය(පාරිභා.) [නා.] (රසා.) විදුලිය මගින් උදාසීන වූ ද්‍රව්‍යයකින් අයන ජනනය කිරීම (=ionisation).
අයප[වි.] (විනය.) අකැප; නුසුදුසු; යෝග්‍ය නුවූ.
අයපති[නා.ප්‍ර.] (ජ්‍යෝති.) කේන්ද්‍රයක අයස්ථානය හෙවත් එකොළොස්වැන්න අධිපතියා.
අයපස්[නා.ප්‍ර.] යකඩ සහිත පස; පොළොවෙන් හාරා ගනු ලබන විවිධ ප්‍රමාණයෙන් යකඩ ලෝහයෙන් යුක්ත පස්; යපස්.
අයපළ[නා.] අයබදු එකතු කරන ස්ථානය.
අයම[නා.] දිග; ආයාමය.
අයම් විතර[නා.] දිග හා පළල.
අයලයා, අයාලයා(කථා.) [නා.] (ගෙයක් දොරක් නැති ව) දඩාවතේ ඇවිදින තැනැත්තා; ඉබාගාතේ යන්නා.
අයවැය[නා.] ආදායම හා වියදම; අය විය යුතු හා වියදම් කළ යුතු මුදල.
අයවැය ඇස්තමේන්තුව[නා.] රජයේ ආදායම හා වියදම ගණන් බලා පිළියෙල කරනු ලබන වාර්ෂික ලේඛනය.
අයවැය ලේඛනය[නා.] අවුරුද්දේ අයවැය පිළිබඳ වාර්තාව (=budget).
අයශස්[නා.ප්‍ර.] අපකීර්තිය; අවනම්බුව.
අයශ්ශලාකාව[නා.] යකඩයෙන් තැනූ හුල; යහුල; යකඩ උල; යවුල; අයශූලය.
අයස1. [නා.] අපකීර්තිය; අවනම්බුව. 2. [නා.] වෙහෙස; පීඩාව; ආයාසය.
අයස්[නා.ප්‍ර.] යකඩ.
අයස්කාන්තය[නා.] යකඩ ඇද ගන්නා කාන්දම; චුම්බකය.
අයස්කාරයා[නා.] යකඩ වැඩ කරන්නා; කම්මල්කාරයා.
අයස්කූටය[නා.] යකුළ; කුළුගෙඩිය.
අයස්තානය, අයස්ථානය[නා.] (ජ්‍යෝති.) යමකුගේ ජන්ම කේන්ද්‍රයේ ආදායම් ආදි ලාභ ප්‍රයෝජන ගැන කියවෙන ස්ථානය; කේන්ද්‍රයක එකොළොස් වන රාශිය.
අයහපත[නා.] යහපත් නොවන දෙය; අශුභය.
අයා ගන්නවා1. [ක්‍රි.] (තමා වෙත) ඇදගන්නවා. 2. [ක්‍රි.] විවෘත කරනවා; විදහනවා.
අයාමෙන්[ක්‍රි.වි.] පසු වීමෙන්; ගත වීමෙන්; අභාවයෙන්; මරණයෙන්.
අයාල[වි.] දඩාවතේ ඇවිදින; ඉබාගාතේ යන.
අයිත්තම, ආයිත්තම[නා.] ශරීරාලංකාරය සඳහා ගැනෙන වස්ත්‍ර හා ආභරණය; ඇඳුම.
අයිතිකාරයා[නා.] අයිතිය ඇති තැනැත්තා; හිමියා.
අයිතිය, අයිතිවාසිකම[නා.] හිමිකම; උරුමය.
අයින1. [නා.] රෑන; රොත්ත; රංචුව; සමූහය. 2. [නා.] කෙළවර; අද්දර; පැත්ත.
අයිනාදන[නා.] අදින්නාදානය; සොරකම.
අයිරාව1. [නා.] අධිකය; අතිරේකය. 2. [නා.] තමාගේ ජංගම ගිණුමෙහි ශේෂය ඉක්මවා බැංකුවෙන් ගන්නා මුදල.
අයිරාවණ[නා.ප්‍ර.] ශක්‍ර දිව්‍යරාජයාගේ හස්තියා; ඓරාවණයා.
අයිලය1. [නා.] යක්ෂ ප්‍රේතාදීන්ට පුදන ආහාරය. 2. [නා.] යක්ෂ ප්‍රේතාදීන්ට ආහාර තබන මැස්ස. 3. [නා.] යකුන් නැටීමේ දී කට්ටඩියාගේ නැටුමට සාදා ගන්නා අට්ටාලය.
අයිස්[නා.ප්‍ර.] මිදුණු දිය
අයිස් සමය(පාරිභා.) [නා.ප්‍ර.] පෘථිවියේ උත්තරාර්ධ ගෝලයෙන් වැඩි කොටසක් අයිස්වලින් වැසී පැවති ආදි යුගය; පොළොවේ විශාල කොටසක් අයිස් තට්ටුවකින් වැසී සාගරය ශීතල වී තිබුණු භූ යුගය (=ice age).
අයු[වි.] ඉකුත් වූ; ගත වූ; පසුගිය; යටගිය; අතීත. 1. [නා.ප්‍ර.] ආයුධ; ශස්ත්‍ර. 2. [නා.ප්‍ර.] ආයුකාලය; ආයුෂය.
අයුකල්, අයූකල්(ව්‍යාක.) [නා.ප්‍ර.] අතීත කාලය.
අයුක්ත[නා.ප්‍ර.] අයුක්තිය; අධර්මය; අකටයුත්ත.
අයුක්තාර්ථය[නා.] නොගැළපෙන අර්ථය; නුසුදුසු අර්ථය.
අයුක්තිය[නා.] නුසුදුස්ස; වරද.
අයුණ[නා.] අගුණය; දොස; වරද; නුගුණය.
අයුත්ත[නා.] ආසාධාරණය; වැරදි ක්‍රියාව; අකටයුත්ත.
අයුතු[වි.] නුසුදුසු; නොනිසි; අයුක්ති සහගත.
අයුර1. [නා.] පිළිවෙළ; ආකාරය; හැඩය. 2. [නා.] ගුණය; ලක්ෂණය.
අයෝගය[නා.] එක් නොවීම; වෙන් වීම; අසම්බන්ධය.
අයෝග්‍ය[වි.] නුසුදුසු; නොගැළපෙන.
අයෝද්වාරය[නා.] යකඩ දොර; යදොර.
අයෝනි[නා.ප්‍ර.] යෝනි රහිත බව; ඕපපාතික භාවය.
අයෝනිසෝ මනස්කාරය[නා.] වැරදි කල්පනාව; නුනුවණින් මෙනෙහි කිරීම.
අයෝමය[වි.] යකඩින් කළ; යමුවා.
අයෝමුද්ගරය[නා.] යමුගුර; යකඩ පොල්ල.
අර[වි.] තෙල; පෙනෙන හරියේ තිබෙන.
අරඅඳිනවා[ක්‍රි.] සටනට සැරසෙනවා; පොර වදින්ට මාන බලනවා.
අරක[නා.] ආරක්ෂාව; ආරක්ෂා සංවිධානය; රැකවල. (කථා.) [සර්ව.] අර එක; පෙනෙන්නට තිබෙන දෙය.
අරක් ගන්නවා, අරග් ගන්නවා1. [ක්‍රි.] ආරක්ෂාවට සිටිනවා; ආරක්ෂා කරනවා; රැකවල් කරනවා. 2. [ක්‍රි.] අධිගෘහිත වෙනවා; අයිති කර ගන්නවා.
අරක්කැමියා, අහරකැමියා[නා.] ආහාර පිසින්නා; කෝකියා.
අරක්ගල, අරග්ගල(කථා.) [නා.] මන්ත්‍රවලින් ජපකර ධාන්‍ය ආරක්ෂාව පිණිස කමතක අරක්වලේ තබන ගල; ආරක්ෂා ගල.
අරක්වළ[නා.] ආරක්ෂා ද්‍රව්‍ය තැබීම සඳහා කමතක් මැද හාරන කුඩා වළ.
අරගලය, අරගළය[නා.] දබරය; ආරවුල; කෝලාහලය.
අරඤ්ඤ[නා.] ආරණ්‍යය; වනය.
අරඤ්ඤායතනය, අරණ්‍යායතනය[නා.] භික්ෂූන් සඳහා අරණ්‍යයෙහි වූ ආයතනය; වනවාසී භික්ෂු ගණය.
අරටුව[නා.] සාරය; ගසක කඳේ මේරූ මැද කොටස; හරය.
අරණ[නා.ප්‍ර.] ආරණ්‍යය; වනය.
අරණ්‍ය, ආරණ්‍යය[නා.] වනය; කැලෑව.
අරණ්‍යවාසියා[නා.] ආරණ්‍යයෙහි වසන්නා; වනවාසියා.
අරණි කාෂ්ඨය[නා.] ගිනිගෑම පිණිස ගන්නා දඬුව; ගිනි ගානා දණ්ඩ.
අරණි මථනය[නා.] ගිනි ගානා දඬු එකට ගැටීම; ගිනි නැංවීම පිණිස ලී දඬු දෙකක් එකට මැදීම.
අරතර1. [වි.] අරටුවෙන් තර වූ; හර සහිත වූ. 2. [වි.] ඉතා දැඩි; දෘඪතර; ස්ථිරතර. 3. [වි.] උතුම් වූ; බලවත් වූ.
අරතිය[නා.] නොඇල්ම; අරුචිය; පිළිකුල; කලකිරීම.
අරනවා1. [ක්‍රි.] නගිනවා; ආරෝහණය කරනවා. 2. [ක්‍රි.] සිද්ධ වෙනවා; පිහිටනවා. 3. [ක්‍රි.] (අත් ආදිය) ඔසවනවා.
අරන්ධ්‍ර[වි.] පැල්මක් නැති; සිදුරු නැති.
අරපරිස්සම, අරපරෙස්සම[නා.] සුරක්ෂිත භාවය; ආරක්ෂාව; සකසුරුවම්කම; පරෙස්සම.
අරපිරිමැස්ම(කථා.) [නා.] අඩු වියදමෙන් කටයුතු කර ගැනීම; සකසුරුවම.
අරබයා, අරභයා[නි.] (පටන්ගෙන යනු වාච්‍යාර්ථයි) උදෙසා; නිසා; ගැන; මුල් කොට; සඳහා.
අරම[නා.] භික්ෂූන් හෝ තාපසයන් හෝ වසන තැන; ආරාමය.
අරමිණිය[නා.] දෙපා නමා බැඳ හිඳීම; පර්යඞ්කය.
අරමුණ1. [නා.] (අභි.) සිත ක්‍රියා කරවීමට පදනම් වන දෙය; සිතට ගෝචර වන දෙය; චක්ෂුරාදි ඉන්ද්‍රිය වෙත ගෝචර වන රූපාදිය. 2. (අභි.) [නා.] අදහස; අභිප්‍රාය; ඉලක්කය. 3. [නා.] උවමනාව; අවශ්‍යතාව.
අරමුදල1. [නා.] රාජකීය ධනය තැන්පත් කොට තබන ස්ථානය; භාණ්ඩාගාරය. 2. [නා.] රක්ෂිත මුදල; තැන්පත් මුදල; ව්‍යාපාරයක යොදන මුල් මුදල.
අරඹනවා[ක්‍රි.] පටන් ගන්නවා; ආරම්භ කරනවා.
අරය1. [නා.] රෝදයක ගරාදිය; රිය සකක දැවිය. 2. (පාරිභා.) [නා.] වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා අඳින ලද සරල රේඛාව; අර්ධ විෂ්කම්භය. 3. [නා.] අරටුව; සාරය.
අරයනවා1. [ක්‍රි.] පටන් ගන්නවා; පුරනවා; අරඹනවා. 2. [ක්‍රි.] සිත් දිනාගන්නවා; සතුටු කරනවා. 3. [ක්‍රි.] අයැද සිටිනවා; ආයාචනා කරනවා.
අරවින්ද[නා.ප්‍ර.] නෙළුම්මල; පද්මය.
අරහ[වි.] සුදුසු; යෝග්‍ය; සෑහෙන. [නා.ප්‍ර.] අර්හත්වය; රහත්බව.
අරහන්ත[නා.ප්‍ර.] රහත් ඵලයට පැමිණි ආර්ය පුද්ගලයා; රහතුන් වහන්සේ.
අරළු[නා.ප්‍ර.] ඖෂධීය ඵල හට ගැනෙන ගස් විශේෂයක්.
අරළුව1. [නා.] නුග වැනි ඇතැම් ගස්වල අතුවලින් පහතට බස්නා මුල් විශේෂය; ඇටුවම. 2. [නා.] හැන්ද.
අර්ක1. [නා.ප්‍ර.] සූර්යයා. 2. [නා.ප්‍ර.] ගින්න. 3. [නා.ප්‍ර.] උත්‍රපල් නැකත. 4. [නා.ප්‍ර.] මද්‍යසාරය.
අර්කදීපය(පාරිභා.) [නා.] මද්‍යසාරයෙන් දැල්වෙන පහන; ස්ප්‍රීතු ලාම්පුව (=spirit lamp).
අර්කමණ්ඩලය[නා.] සූර්ය මණ්ඩලය.
අර්ගය(පාරිභා.) [නා.] සෙන්ටිමීටර, ග්රෑම්, තත්පර ඒකක ක්‍රමයෙහි කාර්ය ඒකකය හෝ ශක්ති ඒකකය (=erg).
අර්ගලය1. [නා.] අගුළ. 2. [නා.] බාධාව. 3. [නා.] දියරළ; තරඞ්ගය. 4. [නා.] අරගලය; කෝලාහලය.
අර්ඝණය(පාරිභා.) [නා.] ලෝපස්හි හෝ මිශ්‍ර ලෝහයෙහි හෝ ප්‍රමාණය නිර්ණය කිරීම.
අර්ඝය1. [නා.] අගය; මිල; වටිනාකම. 2. (පාරිභා.) [නා.] ප්‍රමාණය; වේගය (=rate).
අර්ඝිකාව[නා.] පහන් රුක; පහන්වලින් සැරසූ තොරණ විශේෂයක්.
අර්චනය[නා.] පිදීම; ගරු බුහුමන.
අර්ණය, අර්ණවය[නා.] මුහුද; සමුද්‍රය.
අර්ථ චරියාව, අර්ථ චර්යාව[නා.] (අනුන්ගේ) හිතවැඩ පිණිස හැසිරීම.
අර්ථ දූෂණය[නා.] ධනය විනාශ කිරීම; වස්තුව නිකරුණේ නැති කර දැමීම.
අර්ථ නිරූපණය[නා.] අදහස පැහැදිලි කිරීම; අර්ථය විස්තර වශයෙන් දැක්වීම.
අර්ථ පදය[නා.] අර්ථය හෙවත් යහපත දක්වන වචනය; ධර්ම වචනය.
අර්ථ වර්ණනාව[නා.] අර්ථය පැහැදිලි කිරීම පිණිස ලියනු ලබන විස්තරය; අර්ථ ව්‍යාඛ්‍යාව.
අර්ථ ව්‍යාඛ්‍යාව[නා.] අර්ථය පැහැදිලි කිරීම පිණිස ලියනු ලබන විස්තරය හෝ ග්‍රන්ථය; විස්තර ප්‍රකාශය.
අර්ථ වාචකය[නා.] අර්ථය ප්‍රකාශ කරන පදය හෙවත් වචනය.
අර්ථ විග්‍රහය, අර්ථ විග්‍රහව[නා.] යම් කෘතියක අන්තර්ගත කරුණු වෙන් වෙන් ව බෙදා එහි අර්ථ ද අන්‍යෝන්‍ය සම්බන්ධය ද දැක්වීම.
අර්ථ විභාගය[නා.] යම් කෘතියක අන්තර්ගත කරුණු වෙන් වෙන් ව බෙදා එහි අර්ථ දැක්වීම.
අර්ථ විවරණය[නා.] අර්ථ විවෘතව පහදා විස්තර කිරීම.
අර්ථ ශාස්ත්‍රඥයා[නා.] ආර්ථික ක්‍රමය පිළිබඳ තතු දන්නා; ආර්ථික විද්‍යාව මනා කොට උගත් පුද්ගලයා.
අර්ථ ශාස්ත්‍රය1. [නා.] විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, ධනය ඉපැයීම හා සම්බන්ධ විද්‍යාව; ආර්ථික විද්‍යාව. 2. [නා.] කෞටිල්‍යය නම් බ්‍රාහ්මණ උපදේශකයා විසින් රචිත රාජ්‍ය පාලනය හා ආර්ථිකය සම්බන්ධ විග්‍රහ කෙරෙන සුප්‍රසිද්ධ ග්‍රන්ථයේ නාමය.
අර්ථ ශූන්‍ය1. [වි.] තේරුමක් නැති; අර්ථ රහිත; නිරර්ථක. 2. [වි.] ප්‍රයෝජනයක් හෝ වැඩක් හෝ නැති; ඵල රහිත.
අර්ථ සිද්ධිය[නා.] යහපතක් සිදු වීම; අදහස මුදුන්පත් වීම; ඉෂ්ටාර්ථ සිද්ධිය.
අර්ථ හානිය[නා.] ධන හානිය; වස්තු විනාශය.
අර්ථකථනය[නා.] අරුත් කීම; තේරුම් දැක්වීම; විවිධාකාර අර්ථ ප්‍රකාශය.
අර්ථකථාචාර්යයා[නා.] අරුත් විවරණය හෙවත් අර්ථ කථාව කළ ඇදුරුවරයා; අටුවාචාරියා.
අර්ථකථාව1. [නා.] අරුත් විවරණය. 2. [නා.] (ත්‍රිපිටක පාළියට කළ) අට්ඨකථාව; මුල් ග්‍රන්ථයක අර්ථ පැහැදිලි කර දෙන ග්‍රන්ථය; අටුවාව.
අර්ථකර[වි.] යහපත ඇති කරන; හිතකර.
අර්ථකරණය[නා.] නඩු ඇසීම; යුක්තිය පසිඳලීම.
අර්ථක්‍රියාව1. [නා.] යහපතට හේතුවන ක්‍රියාව. 2. (ව්‍යාක.) [නා.] ක්‍රියාවක් කරන්නා හඟවන නාම පදය; ක්‍රියා නාම හෙවත් කෘදන්ත පදය.
අර්ථකාමී[වි.] (තමහට) හිත වැඩ කැමති; අභිවෘද්ධිකාමී.
අර්ථඥ[වි.] අර්ථ දන්නා වූ.
අර්ථධ්වනිය[නා.] වචනාර්ථයෙන් නොව එය අනුසාරයෙන් අවබෝධ වන අර්ථය; කාක්තියක ව්‍යංග්‍යාර්ථය.
අර්ථනය[නා.ප්‍ර.] අර්ථ දැනගැනීමේ ක්‍රමය.
අර්ථපතිත්වය[නා.] දායකත්වය දැරීම; යමක් වෙනුවෙන් ධනය වැය කිරීම.
අර්ථය1. [නා.] තේරුම; අදහස. 2. [නා.] අභිමතාර්ථය. 3. [නා.] ප්‍රයෝජනය; යහපත; ඉෂ්ටාර්ථය. 4. [නා.] ධනය; වස්තුව; සෞභාග්‍යය. 5. [නා.] හේතුව; නිමිත්ත. 6. (අභි.) [නා.] හේතුවක ඵලය; හේතු ඵලය.
අර්ථවත්1. [වි.] අර්ථයෙන් යුක්ත වූ; අර්ථයෙන් පරිපූර්ණ වූ. 2. [වි.] ධනවත්. 3. [වි.] ප්‍රයෝජනවත්.
අර්ථසංවර්ණනා[නා.ප්‍ර.] අර්ථය පැහැදිලි කිරීම පිණිස සපයනු ලබන විස්තරය හෝ ග්‍රන්ථය; අර්ථ ව්‍යාඛ්‍යාව.
අර්ථසාධක[වි.] වැඩ සාදා දෙන; හිතකර.
අර්ථසාධක අරමුදල(පාරිභා.) [නා.] රැකියාවෙන් විශ්‍රාම ගත් විට සේවකයාගේ ප්‍රයෝජනයට ගැනීම පිණිස මාස් පතා ඔහුගේ වැටුපෙන් කොටසක් ද සේවා යෝජකයාගෙන් කොටසක් ද දමා එකතු වෙන්නට හරින අරමුදල (=provident fund).
අර්ථසාර[වි.] අර්ථයෙන් පරිපූර්ණ වූ; අර්ථයෙන් සාර වූ; අර්ථවත්.
අර්ථසූචක[වි.] අර්ථය ප්‍රකාශ කරන.
අර්ථහීන1. [වි.] ධනහීන; දිළිඳු. 2. [වි.] තේරුමක් නැති; නිරර්ථක.
අර්ථානර්ථ[අර්ථ+අනර්ථ] [නා.ප්‍ර.] යහපත හා අයහපත; වැඩ අවැඩ.
අර්ථාන්තර1. [නා.ප්‍ර.] අනික් තේරුම; අන්‍ය වූ අර්ථය. 2. [නා.ප්‍ර.] අනිත් කාරණය හෝ වස්තුව.
අර්ථාන්විත[අර්ථ+අන්විත] 1. [වි.] ධනවත්; පොහොසත්. 2. [වි.] අර්ථයට අනුකූල; අන්වර්ථ.
අර්ථානුගත[අර්ථ+අනුගත] [වි.] අර්ථය අනු ව ගිය; අර්ථය අනු ව පැවති; අන්වර්ථ.
අර්ථානුවර්ති[අර්ථ+අනුවර්ති] [වි.] අර්ථයට අනු ව පවත්නා.
අර්ථාලංකාරය[නා.] අර්ථය ම පදනම් කොට ගත් අර්ථයම පිළිබඳ වූ කාව්‍යාලංකාරය.
අර්ථාවබෝධය[නා.] අර්ථය වටහා ගැනීම; තේරුම් දැනගැනීම.
අර්ථාවහ[වි.] ප්‍රයෝජන ගෙන දෙන; හිතසුව එළවන.
අර්ථි[වි.] ආශා කරන; කැමති වන.
අර්ථෝත්පත්තිය[අර්ථ+උත්පත්තිය] [නා.] කාරණයක උපත හෙවත් සම්භවය; ධර්ම දේශනාවකට අවස්ථාවක් එළඹීම.
අර්ථෝද්දීපනය[අර්ථ+උද්දීපනය] [නා.] අර්ථයට ආලෝකයක් සැපයීම; තේරුම් පැහැදිලි කිරීම; අර්ථ විවරණය; අර්ථය මතු කර දැක්වීම.
අර්ථෝපායනය[අර්ථ+උපායන] [නා.] ධනය සැපයීම.
අර්ධ[වි.] දෙකෙන් කොටසක් වූ; අඩ; භාග.
අර්ධ ග්‍රහණය[නා.] පෘථිවි, චන්ද්‍ර, සූර්ය ආදි එක් ආකාශ වස්තුවක් තවත් ආකාශ වස්තුවකින් හෝ එහි සෙවණැල්ලෙන් අඩක් වැසීයෑම; අඩක් රාහු ඇල්ලීම.
අර්ධ චන්ද්‍රග්‍රහණය[නා.] හඳෙන් කොටසක් පෘථිවි සෙවණැල්ලට වැසීයෑම; අඩක් රාහු ඇල්ලීම.
අර්ධ චන්ද්‍රයා[නා.] භාගයක් පිරුණු හඳ; අඩ සඳ.
අර්ධ නිරීක්ෂණය[නා.] අඩැසින් බැලීම; යටැසින් බැලීම; අඩ බැල්ම.
අර්ධ පරජීවියා[නා.] අර්ධ වශයෙන් අනුන් නිසා ජීවත් වන සත්ත්වයා; අර්ධ පරපෝෂිතයා.
අර්ධ පර්යංකය[නා.] එක් පයක් හකුළුවා කළ පර්යංකය; අඩපළඟ.
අර්ධ පරිධිය[නා.] (ගණිත.) වෘත්තයක සීමාව දක්වන රේඛාවෙන් අර්ධයක්; පරිධියක අර්ධය (=semi-circumference).
අර්ධ පරිමිතිය(පාරිභා.) [නා.] ජ්‍යාමිති ක්ෂේත්‍රයක හෙවත් රූපයක සීමා රේඛාවෙන් හෝ එම රේඛාවෙහි ආයාමයෙන් අර්ධයක් (=semi-perimeter).
අර්ධ විෂ්කම්භය(පාරිභා.) [නා.] වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා ඇති සරල රේඛාව හෝ එහි දුර ප්‍රමාණය; විශ්කම්භයෙන් අර්ධය; අරය (=semi-diameter).
අර්ධ වෘත්තය(පාරිභා.) [නා.] විශ්කම්භයකින් බෙදන ලද වෘත්තයක අරය හෝ එහි පරිධියෙන් අර්ධය (=semi- circle).
අර්ධඅනුනාසික[නා.ප්‍ර.] (ව්‍යාක.) සඤ්ඤකය; ඟ, ජ, ඬ, ඳ, ඹ යනාදි අක්ෂරවල උනුමතින් හෙවත් අර්ථ වශයෙන් උච්චාරණය කරනු ලබන අනුනාසික ශබ්දය; අර්ධ වර්ණ.
අර්ධකය(පාරිභා.) [නා.] සම කොටස් දෙකකට බෙදන රේඛාව; ද්විභාජකය; සමච්ඡේදකය.
අර්ධද්වීපය[නා.] එක් දිශාවකින් හැර අන් සෑම දිශාවකින් ම ජලයෙන් වට වූ ගොඩබිම.
අර්ධාක්ෂි නිරීක්ෂණය[නා.] අඩැසින් බැලීම; යටැසින් බැලීම; අඩ බැල්ම; අර්ධ නිරීක්ෂණය.
අර්ධාර්ධ[අර්ධ+අර්ධ] [නා.ප්‍ර.] හතරෙන් පංගුව.
අර්පණය1. [නා.] (අභි.) එකඟ වූ සිත අරමුණෙහි තැබීම; භාවනානුයෝගී වීම. 2. (පාරිභා.) [නා.] භ්‍රෑණයේ දික් අක්ෂය මව්ගේ දික් අක්ෂයට දක්වන සම්බන්ධය (=presentation). 3. (ගණිත.) [නා.] (යමක්) මත තැබීම; ආරෝපණය.
අර්පිත[වි.] තබන ලද; පිහිටුවන ලද.
අර්බුදය1. [නා.] ආරවුල; වියවුල; විප්ලවය. 2. [නා.] වැඩෙන දරු ගැබෙහි අවස්ථාවක්; දෙවන සතියට එළඹ සිටි දරුගැබ. 3. [නා.] ශරීරයෙහි මස් පිඬක් මෙන් හටගන්නා ගෙඩිය. 4. (කායි.) [නා.] ශරීරයෙහි සමහර ඇටවල උස් ව පිහිටි පිණ්ඩය. 5. [නා.] දශ කෝටිය (=100000000)
අර්වාචීන1. [වි.] පසු කලට අයත්; පසු ව වූ; නූතන; අලුත්. 2. [වි.] බටහිර ප්‍රතිචීන.
අර්ශස්[නා.ප්‍ර.] ගුදවලි තුනෙහි හට ගන්නා වූ මාංසාංකුර; ගුදාංකුර හටගැනීම නිසා ඇති වන රෝගය.
අර්හ[වි.] සුදුසු; යෝග්‍ය.
අර්හත් ධ්වජය[නා.] අර්හත් වූ ආර්ය පුද්ගලයාගේ ධ්වජය හෙවත් සංකේතය; භික්ෂු චීවරය.
අරා ගන්නවා[ක්‍රි.] නඟිනවා; ගොඩ වෙනවා; ආරූඪ වෙනවා.
අරාගි, අරාගී[වි.] රාගය නැති.
අරාජක, අරාජික[වි.] රජකු නැති; රාජ ශුන්‍ය.
අරාජිකය[නා.] රාජශූන්‍ය කාලය; රජෙකු නැති කාලය.
අරාති[නා.ප්‍ර.] සතුරා; විරුද්ධකාරයා.
අරාබි ඉලක්කම්[නා.ප්‍ර.] ඉන්දියානුවන්ගෙන් අරාබින්ටත් අරාබීන්ගෙන් යුරෝපයටත් ලැබී ලොවෙහි දැනට ප්‍රචලිතව භාවිත වන ඉලක්කම්.
අරාමානය[අර+ආමානය] (පාරිභා.) [නා.] අරය මැනීමට භාවිත කරන උපකරණය.
අරාව[නා.] කුඹුරු යායෙන් වෙන් ව පිහිටි අලුතෙන් අස්වද්දන ලද කුඩා කුඹුර; වතුර සහිත ඉඩම; වගුරු බිම.
අරි1. [නා.ප්‍ර.] සතුරා; විරුද්ධකාරයා. 2. [නා.ප්‍ර.] ආර්යයා. [වි.] උතුම් වූ.
අරි අටඟිමඟ[නා.] දුක්ඛ නිරෝධය පිණිස බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මාර්ගය; ආර්ය අෂ්ටාඞ්ගික මාර්ගය.
අරි පුඟුලා[නා.] ආර්ය පුද්ගලයා; මාර්ගඵල අතරින් යටත් පිරිසෙයින් පළමුවැන්න වත් ලැබූ බුද්ධ ශ්‍රාවකයා.
අරික්කාල[නා.] කාලෙන් බාගය; අටෙන් කොටස.
අරිටි, අරිටු[වි.] අරිෂ්ට; අශුභ; දරුණු.
අරිනවා1. [ක්‍රි.] යවනවා; පිටත් කොට යවනවා; මුදාහරිනවා. 2. [ක්‍රි.] විවෘත කරනවා.
අරිමඟ[නා.] ආර්ය මාර්ගය; අති උත්තම මාර්ගය.
අරිම්බුව1. [නා.] ඉතාමත් ළපටි දලුව. 2. [නා.] රන් රිදී ආභරණවල සියුම් කැටයම් වැඩ. 3. [නා.] සිත්තර මෝස්තරයක්.
අරිය භූමිය[නා.] සතර මඟ සතර ඵල අතුරෙන් එකකට වත් පත් ආර්ය පුද්ගල තත්ත්වය නොහොත් අවස්ථාව.
අරිය වාසය[නා.] ආර්ය පුද්ගලයකු වාසය කිරීමේ පිළිවෙළ.
අරිය විහාරය[නා.] ආර්ය පුද්ගලයකුගේ දිවි පැවැත්ම; ආර්ය විහරණය.
අරියනවා1. [ක්‍රි.] සිත් දිනාගන්නවා; සතුටු කරනවා; ගෞරවය දක්වනවා. 2. [ක්‍රි.] අයැද සිටිනවා; ආරාධනා කරනවා; ආයාචනය කරනවා; ප්‍රාර්ථනය කරනවා.
අරියවංස, අරියවස්, අරිවස්1. [නා.ප්‍ර.] භික්ෂූන්ගේ පාරම්පරික ප්‍රතිපත්ති; සතර ආර්යවංශ; චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන දෑ ලද පමණින් සතුටු වීම හා භාවනානුයෝගී ව විසීම. 2. [නා.ප්‍ර.] සූත්‍ර දේශනාවක්.
අරියාදුව(කථා.) [නා.] විරුද්ධකම; සතුරුකම; යමකුගේ වැඩට කරන බාධාව.
අරියූපවාදය[නා.] ආර්ය පුද්ගලයන්ට පරිභව කිරීම; චෝදනා කිරීම.
අරියූපෝසථය[නා.] ආර්ය ශ්‍රාවකයන් වසන පෙහෙවස; කිලිටි වූ සිත පිරිසිදු කිරීම සඳහා බුද්ධාදින්ගේ ගුණ සිහි කිරීමෙන් වසන පෙහෙවස.
අරිරාජ[නා.ප්‍ර.] සතුරු රජ.
අරිවාරම්(කථා.) [නා.බහු.] ආඩම්බර කථා; පුරසාරම් වචන.
අරිෂ්ට[වි.] අශුභ; විපත්තිකර; නපුරු. [නා.ප්‍ර.] පෙරා ගත් ඖෂධ සංයෝගයක්; මද්‍යසාර.
අරිසඟ, අරීසඟ[නා.] බුද්ධ ශ්‍රාවක වූ ආර්ය සඞ්ඝයා.
අරිසව්වා, අරීසව්වා[නා.] ආර්ය ශ්‍රාවකයා; බුද්ධ ශ්‍රාවකයා.
අරීධන[නා.ප්‍ර.] සද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සුත, චාග හා පඤ්ඤා යන සප්තවිධ ආර්ය ධනය.
අරීය ජලවහනය(පාරිභා.) [නා.] පොදු උස් බිම් ප්‍රදේශයකින් පටන්ගන්නා වූ ඇළ දොළ මාර්ගවලින් හතර දිශාවට ජලය වහනය වීම (=radial drainage).
අරුංගලය, අරුංගෝලය[නා.] කන පලඳින ආභරණයක්; කුණ්ඩලාභරණ විශේෂයක්.
අරුචිය[නා.] නොරිස්සුම; රුචි නොවීම; අකමැත්ත; අප්‍රියකම.
අරුණ[නා.ප්‍ර.] හිරු උදා වන විට අහසෙහි ඇති වන රක්ත වර්ණය; මඳ රත් පැහැය; අරුණාලෝකය.
අරුණෝදය[නා.ප්‍ර.] අරුණ ආරම්භ වීම.
අරුත1. [නා.] තේරුම; අදහස; අර්ථය. 2. [නා.] ප්‍රයෝජනය; ලාභය.
අරුත් වියකන[නා.] අර්ථ ව්‍යාඛ්‍යානය; අර්ථ කීම; සන්නය.
අරුත් සතර[නා.] අර්ථ ශාස්ත්‍රය.
අරුත්කිරිය[නා.ප්‍ර.] (ව්‍යාක.) ක්‍රියාවක් කරන්නා හඟවන නාම පදය; ක්‍රියා නාම හෙවත් කෘදන්ත පදය; අර්ථ ක්‍රියාව.
අරුත්සරු1. [වි.] අර්ථයෙන් හෙවත් තේරුමෙන් සාර වූ; අර්ථයෙන් පරිපූර්ණ වූ. 2. [වි.] ධනවත්; භවභෝග සම්පත්තියෙන් ආඪ්‍ය වූ.
අරුතිය[නා.] (කෑමට) රුචි නැති වීම; අරුචිය.
අරුබස්ස(කථා.) [නා.] යමකු සන්තක සියලු වස්තුව; සියලු දේ; හරුබස්ස.
අරුමපුදුම(කථා.) [වි.] ආශ්චර්යවත්; අද්භූත; විස්මයජනක.
අරුමය[නා.] අපූර්වය; ආශ්චර්යය; පුදුමය.
අරුමැක්කේ1. (කථා.) [ක්‍රි.වි.] පුදුමයක් මෙන්; මවිතයට කරුණක් මෙන්. 2. [ක්‍රි.වි.] අහම්බෙන්; හදිසියෙන්. 3. [ක්‍රි.වි.] බොහෝ කලකින්; කලාතුරකින්.
අරුමෝසම්1. [වි.] අලංකාර එහෙත් වටිනාකමින් අඩු; කෞතුක ලක්ෂණ සහිත. 2. [වි.] හැඩවැඩ ලෙස හැසිරීමේ විලාසිතාවට අයත්; නව පන්නය අනුව විචිත්‍ර ලෙස සැරසී සිටීම.
අරූ කඳු[නා.බහු.] (අභි.) අරූපස්කන්ධ; පඤ්චස්කන්ධයෙහි රූපස්කන්ධය හැර වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ සතර.
අරූ තලය[නා.] (අභි.) රූපය නැති බ්‍රහ්මලෝක; අරූපාවචර භූමිය.
අරූප1. [වි.] රූපය රහිත; රූපය නැති; අරූපී. 2. (කථා.) [වි.] අවලක්ෂණ.
අරූප භවය[නා.] (අභි.) නාම ධර්ම පමණක් පවත්නා රූප රහිත ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන නම් වූ චතුර්විධ අරූප ලෝකය; අරූපාවචර භූමිය.
අරූපධර්ම, අරුපධම්[නා.ප්‍ර.] (අභි.) පඤ්චස්කන්ධයෙහි නාම ධර්මයට අයත් වේදනා, සඤ්ඤා, සඞ්කාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර.
අරොව, ආරෝව1. [නා.] ආරාවුල; කලහය; රණ්ඩුව. 2. [නා.] අයුක්තිය; හිංසාව.
අරෝග, අරෝගි, අරෝගී[වි.] රෝග නැති; ලෙඩින් තොර; නිරෝග.
අල[නා.ප්‍ර.] ඇතැම් ගස්වැල්වල බල්බයක් සේ මහත් ව වැඩෙන මුල් හෝ දඬු විශේෂය; කන්දය.
අලංකරණය, අලඞ්කරණය[නා.] සැරසීම; භූෂණය; ප්‍රසාධනය.
අලංක්‍රියමාණ[වි.] අලංකාර කරනු ලබන.
අලංකාර[වි.] ශෝභන; මනෝහර; විසිතුරු. 1. [නා.ප්‍ර.] භූෂණ; සැරසීම්; ප්‍රසාධන; ආභරණ. 2. (අලං.) [නා.ප්‍ර.] කාව්‍යාලංකාරය. 3. [නා.ප්‍ර.] ශෝභාව; සෞන්දර්යය.
අලංකාරෝක්තිය[අලංකාර+උක්තිය] [නා.] අලංකාර යෙදූ කීම; උපමා ආදි අලංකාර සහිත කියමන.
අලංකෘත[වි.] අලංකාර කළ; සැරසූ; භූෂිත
අලංඝන[වි.] උල්ලංඝනය නොකරන; කඩ නොකරන.
අලංඝ්‍ය[වි.] උල්ලංඝනය නොකළ යුතු වූ; කඩ නොකළ යුතු වූ.
අලකඩය[නා.] දිරා ගිය ලීය.
අලකපුරය, අලකාපුරය[නා.] කුවේරයාගේ රාජධානියේ අගනුවර.
අලකය, අලකාව1. [නා.] කියඹු වැල; ස්ත්‍රීන්ගේ නළල මත හෝ දෙකපොල මත වැටෙන වකුටු වූ කෙස් රොද. 2. [නා.] වැල්වල හටගන්නා දඟර වැටුණු සිහින් කෙන්ද; ප්‍රතානය.
අලකලංචිය1. [නා.] කරදරය; හිරිහැරය. 2. [නා.] කෝලාහලය; දබරය.
අලක්ත, අලක්තක[නා.ප්‍ර.] ලතු; ලතු දිය; ලාකිරි.
අලකාවලිය[නා.] කියඹු වැල.
අලගර්දයා1. [නා.] සර්පයා. 2. [නා.] පූඩා හෙවත් කූඩලු විශේෂයක්.
අලග්න[වි.] නොඇලුණු.
අලගුව[නා.] යම් ද්‍රව්‍ය රාශි වශයෙන් ගණන් කිරීමේ දී ප්‍රධාන ගණනක් පිරුණු විට තබන ලකුණ; ගණකය.
අලජ්ජ, අලජ්ජි1. [වි.] ලජ්ජා නැති; පවට ලජ්ජා නැති. 2. [වි.] කෑමට ගිජු; කෑදර.
අලතය, අලාතය[නා.] ගිනිපෙනෙල්ල.
අලතා[නා.ප්‍ර.] ලතු; ලතුදිය; ලාකිරි.
අලපත[නා.] ගහල කොළය.
අලප්1. [නා.ප්‍ර.] ඇමතීම; ආමන්ත්‍රණය; ආලපනය; කථාබහ; සල්ලාපය. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] ඇමතීම හා සම්බන්ධ ආලපන විභක්තිය.
අලයට්ටුව, අලයාට්ටුව(කථා.) [නා.] හිරිහැරය; කරදරය; අමාරුව.
අලවංගුව1. [නා.] හෑරීම සඳහා ගැනෙන දිග යවුල; යකඩ ඉන්න; නාරාසනය. 2. [නා.] ගැල් අකුර; රථයක රෝද අමුණන හරස් යකඩ පොල්ල.
අලවනවා1. [ක්‍රි.] ගානවා; ආලේප කරනවා. 2. [ක්‍රි.] බඳවනවා; වශී කරනවා.
අලස[වි.] ක්‍රියාශීලි නොවන; කටයුතු කිරීමේ උදාසීන; කම්මැළි.
අලසයා[නා.] ක්‍රියාශීලී නොවන තැනැත්තා; කම්මැළියා.
අලළනවා1. [ක්‍රි.] කළඹනවා; කලතනවා; චංචල කරනවා; කම්පා කරනවා. 2. [ක්‍රි.] සියුම් ලෙස පරීක්ෂා කරනවා; මනාව හදාරනවා.
අල්අකුර[නා.ප්‍ර.] හල් කරන ලද අකුර; ස්වර නොගැන්වූ අකුර.
අල්කුරාන්[නා.ප්‍ර.] මහම්මදිකයන්ගේ ආගමික ග්‍රන්ථයේ නාමය; කුරාන් පොත.
අල්ගේ1. [නා.ප්‍ර.] අළුව හෙවත් රෙදි වියන යන්ත්‍රය පිහිටි මඩුව. 2. [නා.ප්‍ර.] රෙදි වියන යන්ත්‍රය.
අල්ට්‍රාවයලට්(පාරිභා.) [නා.ප්‍ර.] පාරජම්බූල; පායා එන හිරුගේ රශ්මිය(=ultra violet).
අල්තාරය1. [නා.] (ක්‍රිස්ති.) පූජාසනය; පූජා පීඨය. 2. [නා.] වාහල්කඩ.
අල්ප[වි.] මඳ; ටික; ස්වල්ප; කුඩා; සුළු.
අල්ප බුද්ධිය[නා.] මන්ද බුද්ධිය.
අල්පඥයා[නා.] මඳ නුවණ ඇත්තා; මෝඩයා.
අල්පතාක්කය, අල්පදාක්කය(කථා.) [නා.] ගෙයක පිටිපස ඉස්තෝප්පුව.
අල්පප්‍රාණ[නා.ප්‍ර.] (ව්‍යාක.) උච්චාරණ ප්‍රයත්නයේ දී ප්‍රාණවායුව අල්පව යොදා ශබ්ද කළ හැකි අක්ෂර; මහාප්‍රාණ නොවන අකුරු.
අල්පභක්ෂ, අල්පභක්ෂ්‍ය[වි.] කෑම හිඟ; ආහාර නැති.
අල්පමාත්‍ර[වි.] ස්වල්ප ප්‍රමාණ වූ; ඉතා මඳ; සුළු.
අල්පශ්‍රැතයා[නා.] ඇසූ පිරූ තැන් නැත්තා; බහුශ්‍රැත නොවන්නා; නූගතා.
අල්පාබාධ[අල්ප+ආබාධ] [වි.] ලෙඩ අඩු; රෝගාබාධවලින් බෙහෙවින් තොර.
අල්පායු[අල්ප+ආයු] [නා.ප්‍ර.] ස්වල්ප වූ ආයුෂ ප්‍රමාණය; කෙටි ජීවිත කාලය.
අල්පාහාරික[අල්ප+ආහාරික] [වි.] ස්වල්ප වශයෙන් ආහාර අනුභව කරන; ප්‍රමාණය සලකා අනුභව කරන.
අල්පීභූත[වි.] කුඩා වූ; ඉතා සුළු.
අල්පේච්ඡයා[අල්ප+ඉච්ඡයා] [නා.] ස්වල්ප වූ ඉච්ඡා ඇත්තා; ලද දෙයින් සතුටු වන්නා.
අල්පේච්ඡාව[නා.] ස්වල්ප වූ ඉච්ඡා ඇති බව; ලද දෙයින් සතුටු වන බව.
අල්පේශාඛ්‍ය[අල්ප+ඊශ+අඛ්‍ය] [වි.] අල්ප වූ යශස් ඇති; ස්වල්ප අනුභාව ඇති; බලයෙන් අඩු.
අල්පෝත්සාහ[වි.] ස්වල්ප වූ උත්සාහයෙන් යුත්; මඳ වීර්යය ඇති; මන්දෝත්සාහී.
අල්පෝදක[අල්ප+උදක] [වි.] ජලය හිඟ; නිරුදක.
අල්බය[නා.] දිව්‍ය පූජාවට සූදානම් වන පූජා ප්‍රසාදිතුමා අඳින දීර්ඝ ධවල වස්ත්‍රය.
අල්මුසුව, අමෝසුව[නා.] උදේ කෑම; උදය භෝජනය; පාතරාසය.
අල්ල1. [නා.] අතෙහි ඇතුළු පැත්ත. 2. [නා.] අහුර; ස්වල්පය. 3. [නා.] අඳුන්. 4. [නා.] කුඹලාගේ මැටි පත්ත. [වි.] තෙමුණු; තෙත.
අල්ලනවා1. [ක්‍රි.] අත තබනවා; ස්පර්ශ කරනවා; අල්ල ගන්නවා. 2. [ක්‍රි.] දැඩි ලෙස ග්‍රහණය කරනවා; බැඳ ගන්නවා; අලවනවා; සවි කරනවා; සම්බන්ධ කරනවා. 3. [ක්‍රි.] ඇතුළත් වෙනවා; අඩංගු වෙනවා. 4. [ක්‍රි.] ඇලෙනවා; බැඳී තද වී සිටිනවා. 5.[ක්‍රි.] ආරම්භ කරනවා; පටන් ගන්නවා. 6. [ක්‍රි.] (ලෙඩක්) වැලඳ ගන්නවා. 7. [ක්‍රි.] හපනවා; කනවා.
අල්ලා1. [නා.ප්‍ර.] ඉස්ලාම් භක්තිකයන්ගේ දෙවියන් වහන්සේ. 2. [නා.ප්‍ර.] අම්මා; මව. 3. [නා.ප්‍ර.] කොත්තමල්ලි.
අල්ලාප[නා.] කථාව; ආලාපය.
අල්ලාප-සල්ලාපය[නා.] කථාබහ; සතුටු සාමීචි කථාව; ප්‍රිය සංවාදය.
අල්ලිය1. [නා.] කොටුව; කොට්ඨාසය; ස්ථානය; බිම් කැබැල්ල. 2. (කථා.) [නා.] අම්බලම; නවාතැන. 3. [නා.] රෙදිවල මෝස්තරයක්.
අල්ලීන[වි.] ඇලුණ; ආසක්ත.
අල්ලුව[නා.] යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට හෝ යොදන උපකරණය; කයිපුඩිය; කලම්පය.
අල්ලේ දවස්[ක්‍රි.වි.] අනතුරු දින; පසු දා.
අලාබය, අලාභය1. [නා.] නොලැබීම; අප්‍රාප්තිය. 2. [නා.] නැති වීම; විනාශය; පාඩුව.
අලාභහානිය[නා.] පාඩුව; හානිය; විනාශය.
අලාමක[වි.] පහත් නොවන; නීච නොවන; උසස්; ශ්‍රේෂ්ඨ.
අලාමුළා[නා.ප්‍ර.] සිහි මුළාව; සිහි විකාරය.
අලි1. [නා.ප්‍ර.] අලියා. 2. [නා.ප්‍ර.] මී මැස්සා; භෘංගයා; බමරා. [වි.] ලොකු; විශාල.
අලි ගාල[නා.] වල් අලින් ඇල්ලීම සඳහා වනය මැද කණු හිටුවා බඳිනු ලබන විශාල කොටුව; ඇත්ගාල.
අලිංග[වි.] ස්ත්‍රී-පුරුෂත්වයක් නැති.
අලින්දය, ආලින්දය[නා.] පිල්කඩ; ඉස්තෝප්පුව.
අලිප්ත[වි.] ආලේපන නොකරන ලද; නොතවරන ලද.
අලිමංදාව(කථා.) [නා.] කැලෑවේ අලි ගමන් කරන පාර,
අලිම්පනය[නා.] නොතැවරීම; නොකිලිටි වීම.
අලියා[නා.] සිවුපාවන්ගෙන් ප්‍රමාණයෙන් විශාලතම සතා; දළ නැති හස්තියා.
අලිස් කටුව, ඇලිස් කටුව[නා.] ඇණ ඇල්ලීමට පළමු ලී ආදිය විද ගැනීම පිණිස වඩුවන් විසින් පාවිච්චි කරනු ලබන වානේ කටුව.
අලීකය[නා.] බොරුව; අසත්‍යය; මුසාව.
අලීන[වි.] කුසීත නොවූ; අලස නොවූ.
අලීනගත්තතා[නා.ප්‍ර.] නොහැකුළුණු ශරීර ඇති බව; අශීති අනුව්‍යඤ්ජනයන්ගෙන් විසිහතරවැන්න.
අලුක්කාල[නා.] දැනට භාවිත නොවන තඹ කාසි විශේෂයක්; සතයකින් හතරෙන් කොටසක වටිනාකම ඇති කාසිය; දොයිතුව; ශතකාල.
අලුකුත්තේරුවා1. [නා.] වේශ්‍යා ස්ත්‍රීන් සපයන්නා; තැරැව්කාරයා. 2. [නා.] මුඛරි තැනැත්තා; වාචාලයා. 3. [නා.] පහත් තැනැත්තා; නින්දිත පුරුෂයා.
අලුත[ක්‍රි.වි.] අභිනවයෙන්; නොබෝදා; මෑත දී; ළඟ දී.
අලුත්[වි.] නව; අභිනව.
අලුත් ගිවිසුම[නා.] බයිබලයේ එක් කොටසක්; අලුත් තෙස්තමේන්තුව.
අලුත්බත් දානය[නා.] පළමු අස්වැන්නෙන් දෙන දානය; අගහස් දන.
අලුත්වැඩියාව[නා.] ප්‍රතිසංස්කරණය; පිළිසකර කිරීම.
අලුප්ත1. [වි.] නොසිඳූ. 2. (ව්‍යාක.) [වි.] ලොප් නොකළ.
අලුබ්ධ[වි.] ලෝභ නැති; අලෝභි; ගිජු නැති.
අලුමූසාව, අලුමුසුව[නා.] උදේ කෑම; උදය භෝජනය; පාතරාසය.
අලුයම[නා.] අරුණෝදය; ප්‍රභාත කාලය; පාන්දර.
අලුයම් ධුරය[නා.] විහාරස්ථානයක හෝ දේවාලයක හෝ අලුයම් තේවය සඳහා පවත්වනු ලබන බෙරවාදනය.
අලුයේ දවස්[ක්‍රි.වි.] දෙවෙනි දවසෙහි; පසුදිනයෙහි.
අලුව1. [නා.] එළිය; ආලෝකය; ප්‍රභාව. 2. [නා.] අලුයම.
අලුළිත[වි.] අවුල් නොවූ; විසිරී නොගිය.
අලෙලුයා, අලෙළුයා[නි.] (ක්‍රිස්ති.) ගීතිකාවල හා ස්ත්‍රෝත්‍රවල දෙවියන් වහන්සේට ස්තුති ප්‍රකාශ කිරීම සඳහා යොදා ඇති වචනයක්. [නා.ප්‍ර.] දෙවියන් වහන්සේට කියන ස්තුති ගීතිකාවක් (=alleluia).
අලෙව්ව1. [නා.ප්‍ර.] ගෑම; තැවරීම; ගැල්වීම; ආලේප කිරීම. 2. [නා.ප්‍ර.] චිත්‍රය; සිත්තම.
අලෙවු පට[නා.] සිතියම් කරන ලද වස්ත්‍රය; ආලේඛ්‍ය පට්ටය.
අලෙවු රූ[නා.ප්‍ර.] සිත්තම් කරන ලද රූපය.
අලෙස, අලස[වි.] ක්‍රියාශීලී නොවන; උදාසීන.
අලෝහය(පාරිභා.) [නා.] ලෝහ නොවන අඞ්ගාර වැනි ද්‍රව්‍ය මූලය (=non-metal).
අලෝහලය[නා.] කලබලය; කෝලාහලය.
අලෞකික[වි.] ලෞකික නොවන; මේ ලෝකයට අයත් නොවූ; ලෝකෝත්තර.
අව1. [උ.] අහක; පිටත; බැහැර. 2. [උ.] ඌන; හිඟ; අඩු. 3. [උ.] නරක; නොමනා; අයහපත්. 4. [උ.] විරුද්ධ; ප්‍රතිවිරුද්ධ. [නා.ප්‍ර.] චන්ද්‍රයාගේ ආලෝක ප්‍රදේශය අඩු වන වකවානුව; අවපක්ෂය.
අව කපනවා[ක්‍රි.] අවමංගල හෙවත් අශුභ වචන කියනවා; බාධා කරනවා.
අවකංස[නා.ප්‍ර.] අඩුම ප්‍රමාණය.
අවකර පරිණාමකය(පාරිභා.) [නා.] අධිවෝල්ටීයතා සැපයීමක් අඩු වෝල්ටීයතා සැපයීමකට හැරවීමට යොදනු ලබන පරිණාමකය; අවරෝහී පරිවර්තකය (=step- down transformer).
අවකරණය(පාරිභා.) [නා.] අඩු කිරීම; හීන කිරීම; ඌන කරණය (=reduction).
අවකරය(පාරිභා.) [නා.] එන්ජිමක් ක්‍රියා කරවන වාෂ්ප හෝ වායු හෝ ද්‍රව ප්‍රමාණය උවමනා අන්දමට පාලනය කිරීමට යොදනු ලබන වෑල්වය (=throttle valve).
අවකර්ෂණය[නා.] ඉවතට ඇදීම; ඉවත් කිරීම.
අවකර්ෂය1. [නා.] (තත්ත්වයෙන්) පහත වැටීම; අවමානයට පැමිණීම හෝ පැමිණවීම; පහත් බව. 2. [නා.] අඩු ප්‍රමාණය; අපකර්ෂය.
අවකලනය(පාරිභා.) [නා.] අවිච්ඡින්න ව වෙනස් වන රාශි පිළිබඳ වූ ගණිත ක්‍රමයක්; අවකලනය කිරීම (=differential calculus).
අවකල් ක්‍රියාව[නා.] නොමනා හැසිරීම; අනාචාරය; දුරාචාරය.
අවකල්පනය[නා.] ඇදහීම; ගුණ සලකා පැහැදීම.
අවකහ1. (කථා.) [නා.] ඉඩ; ඉඩකඩ; අවකාශය. 2. අවස්ථාව; ඉඩ ප්‍රස්තාව.
අවකහඩා චක්‍රය[නා.] මන්ත්‍ර ගුරුකම්, සෙත් කවි, වස්කවි සෑදීමේදී ඉෂ්ටානිෂ්ට ගණ, යෝනි, අක්ෂර යොදා ගැනීම සඳහා චක්‍රයක් වශයෙන් පිළියෙල කරගත් බන්ධන (කොටු) විශේෂය.
අවක්තව්‍ය[වි.] නොකිය යුතු; නොපැවතිය යුතු; නොබිණිය යුතු.
අවක්ෂේපණය1. [නා.] හෙළීම; වැටීම. 2. [නා.] අපහාසය; නින්දා වචනය; තද ඇනුම්පදය. 3. (රසා.) [නා.] විමෝචනය; නික්ෂේපණය; අවක්ෂේප කිරීම. (=precipitation).
අවක්ෂේපය1. [නා.] අපහාසය; නින්දාව. 2. [නා.] ද්‍රාවණයේ සිදු වන ප්‍රතික්‍රියාවකින් සෑදෙන අද්‍රාව්‍ය ඝන ද්‍රව්‍යය; මණ්ඩි හෝ රොඩු බොඩු.
අවක්‍ර[වි.] වක්‍ර නොවූ; ඇද නැති; ඍජු.
අවක්‍රමණය1. [නා.] පහතට යෑම; බැසීම. 2. [නා.] යටපත් කිරීම; පැතිරී යෑම. 3. (භූගෝ.) [නා.] ගොඩබිම ගෙවී යෑම (=degradation).
අවක්‍රාන්ත[වි.] බැසගත්; එළඹුණු; පිවිසුණු.
අවක්‍රාන්තික ප්‍රීතිය[නා.] සකල ශරීරය පිනවා පැතිරී ගොස් අවසන් වන ප්‍රීතිය.
අවක්‍රාන්තිය1. [නා.] බැසගැනීම; මවු කුසට පිවිසීම හෙවත් පිළිසිඳ ගැනීම; ප්‍රතිසන්ධිය. 2. (භෞති.) [නා.] විඝටනය; විශ්ලේශණය වීම; විභේදනය (=disintegration).
අවක්‍රියාව[නා.] වැරදි ක්‍රියාව; පාපී ක්‍රියාව.
අවකාරය, අවගාරය[නා.] ලීවල ලොකු සිදුරු විදීමට භාවිත කරන වඩු උපකරණය.
අවකාශය, අවකාසය1. [නා.] සීමා රහිත දිග පුළුලින් යුක්ත ව මුළු විශ්වය සිසාරා පවතින පුළුල් ඉඩ කඩ. 2. [නා.] අහස; ගුවන. 3. [නා.] අවස්ථාව; ඉඩ ප්‍රස්තාව. 4. [නා.] අවසරය; අනුමැතිය. 5. [නා.] අතරතුර ඉඩ; විවේකය. 6. [නා.] ඡිද්‍රය; සිදුර. 7. [නා.] අනන්තය.
අවකැටය1. [නා.] සීසාන විට නඟුලෙන් හෑරී පෙරළෙන පස් පිඩ. 2. [නා.] නඟුලේ පලු ඇණය. 3. [නා.] යතු කැටයක තලය සවි කිරීමට ගසනු ලබන ලී අඩය.
අවකැපෙනවචන[නා.ප්‍ර.] අශුභ දායක ප්‍රකාශ.
අවකීර්ණ1. [වි.] විසුරුණු; ගැවසුණු. 2. [වි.] විනාශ කළ; නැසූ.
අවකුජ්ජ[වි.] යටිකුරු වූ; මුහුණින් නැමූ; අධෝමුඛ වූ.
අවකේශී[වි.] ඵල රහිත; ගෙඩි නැති.
අවකෝචනය(පාරිභා.) [නා.] කොනීඩියකින් පහළ කොටසේ ශාඛාවක් සෑදීම ආරම්භ වීම; අත්තක් කැපූ තැනට පහළින් මොටෙය්යාවක් ඇදීම (=abstriction).
අවඛණ්ඩනය[නා.] (පිළිවෙළ) කඩ කිරීම; විච්ඡේදය.
අවගණ්ඩය[නා.] මුහුණෙහි හට ගැනෙන ගඩුව හෙවත් කුරුලෑව.
අවගත1. [වි.] පහතට ගිය; බැසගත්. 2. [වි.] දක්නා ලද; වටහා ගත්; අවබෝධ කළ.
අවගතිය[නා.] නරක ගතිය; දුෂ්ට පැවැත්ම; දුරාචාරය.
අවගමනය1. [නා.] පහතට යෑම; පසු බැසීම. 2. [නා.] වැටහීම; අවබෝධය.
අවගමය[නා.] දැනීම; වැටහීම; අවබෝධය.
අවග්‍රහය[නා.] නියඟය; ඉඩෝරය.
අවගා[නා.ප්‍ර.] ගිල්වීම; ගිල්වා තැබීම; ගැල්වීම.
අවගා ඔරුව[නා.] බෙහෙත් තෙල් හෝ ද්‍රව වත් කොට රෝගියකු ගිල්වා තබනු සඳහා තැනූ ඔරු විශේෂය; බෙහෙත් ඔරුව.
අවගාරය, අවගාරෙ[නා.] ලීවල ලොකු සිදුරු විදීම සඳහා භාවිත කරන වඩු උපකරණය.
අවගාහනය1. [නා.] නිමග්න වීම; දිය යට ගිලීම. 2. (ක්‍රිස්ති.) [නා.] ප්‍රසාද ස්නානය; බවුතීස්මය.
අවගුණ[වි.] විපරිත ගුණ ඇති; ගුණ රහිත.
අවගුණ්ඨිත[වි.] වසන ලද; හිස වසා පොරවන ලද.
අවඝර්ෂණය[නා.] ඉළීම; තදින් ඇතිල්ලීම.
අවඝාතය[නා.] පහර දීම; ගැසීම.
අවඞ්ක[වි.] නොවක්; ඇද නැති; ඍජු.
අවච[වි.] කුඩා; පහත්.
අවචතාරතාව(පාරිභා.) [නා.] පහත් ස්වර මානය (=low pitch).
අවචර[වි.] හැසිරෙන; ගැවසෙන.
අවච්ඡායාව[නා.] (ජ්‍යෝති.) සෙවණැල්ලේ ආධාරයෙන් පියවර මැන වේලාව සෙවීමේ දී, සූර්යයාගේ ඇල ව ගමන් කිරීම අනු ව අඩු කරනු ලබන ප්‍රමාණය.
අවච්ඡේදය[නා.] කපා දැමීම; සිඳ දැමීම.
අවජ්ජ[නා.ප්‍ර.] වරද; දෝෂය.
අවජාත1. [වි.] ගුණයෙන් මව්පියන්ට වඩා පහත් ගති ඇති ව උපන්. 2. [වි.] නීත්‍යනුකූල කසාදයකින් තොර ව උපන්.
අවජුන්[නා.ප්‍ර.] සිහි කිරීම; සිතා බැලීම.
අවඥාත[වි.] අවමන් කරන ලද; හෙළා දකින ලද.
අවඥාව[නා.] අවමානය; හෙළා දැකීම.
අවට[වි.] හාත්පස පිහිටි; වටේට ඇති. 1. [නා.ප්‍ර.] වටේට ඇති ප්‍රදේශය; හාත්පස ප්‍රදේශය. 2. [නා.ප්‍ර.] වට ප්‍රමාණය; පරිධිය. 3. [නා.ප්‍ර.] ලියගොමුව.
අවතංසකය[නා.] මුදුන්මල්කඩ; ඔටුන්න; සිළුමිණ.
අවතංසය1. [නා.] මල්දම; මල්මාලාව. 2. [නා.] කුණ්ඩලාභරණය. මුදුන්මල්කඩ; ඔටුන්න.
අවතරණය1. [නා.] බැසීම; ගොඩබැසීම; සමුද්‍රයෙන් එතෙරවීම. 2. (පාරිභා.) [නා.] පරිණත වීමේ විභාජනවල දී සමප්‍රභව වර්ණදේහ යුගල අතර සිදු වන අන්‍යෝන්‍ය හුවමාරුව (=crossing-over).
අවතල(පාරිභා.) [වි.] යටට නෙරාගිය; බොකු ගැසුණු.
අවතල කාචය(පාරිභා.) [නා.] යටට නෙරාගිය හෙවත් බොකු ගැසුණු කාචය (=concave lens).
අවතල බෑවුම(පාරිභා.) [නා.] යටට නෙරා ගිය හෙවත් බොකු ගැසුණු බෑවුම (=concave slope).
අවතල භඞ්ගය(පාරිභා.) [නා.] හිස්කබල යටට නෙරා යන සේ නැතහොත් වළ ගැසෙන සේ බිඳී යෑම (=depressed fracture).
අවත්තය[නා.] (ක්‍රිස්ති.) අවසාන සක්‍රමේන්තුව (=last sacrament).
අවත්ථරණය1. [නා.] පැතිරීම; පැතිරවීම. 2. [නා.] යටපත් කිරීම; මැඩපැවැත්වීම.
අවත්ථාන[නා.ප්‍ර.] දැඩි අධිෂ්ඨානය; මුහුකුරා ගිය අධිෂ්ඨානය.
අවතායම[නා.] ප්‍රයෝගය; වංචාව.
අවතාරය1. [නා.] බැසීම; ගොඩබැසීම; සම්ප්‍රාප්තිය. 2. [නා.] දෙවියකු අන් අයුරකින් පහළ වීම. 3. [නා.] හොල්මන; භූත වේශය. 4. [නා.] ප්‍රස්තාවනාව; ප්‍රවේශය. 5. [නා.] වේශය; රූපය; විලාසය. 6. [නා.] සිදුර. 7. [නා.] ඉඩ ප්‍රස්තාව; අවකාශය.
අවතාරිකා[නා.ප්‍ර.] ප්‍රස්තාවනාව; ප්‍රාරම්භය.
අවතැන්[වි.] උන්හිටි තැන් අහිමි වූ; වාසස්ථාන අහිමි වූ.
අවතීර්ණ1. [වි.] බැසගත්; බට; පිළිපන්. 2. [වි.] එළඹ සිටි; පැන නැගුණු. 3. [වි.] එතෙර වූ.
අවදනවා[ක්‍රි.] සිත නමනවා; යොමු කරනවා; සිතා බලනවා; විමසා බලනවා.
අවද්‍ය1. [වි.] දෝෂ සහිත; වැරදි ඇති. 2. [වි.] පහත්; නීච. 1. [නා.ප්‍ර.] වැරැද්ද. 2. [නා.ප්‍ර.] වැරදි නොවූව; නිවැරදි වූව.
අවදාත[වි.] පවිත්‍ර; ශුභ්‍රවර්ණ; සුදු.
අවදානම1. [නා.] සැකය. 2. [නා.] අනතුර; උවදුර.
අවදි කරනවා1. [ක්‍රි.] නින්දෙන් නැගිටුවනවා. 2. [ක්‍රි.] යමක් වෙත සිත යොමු කරනවා.
අවදියෙන් ඉන්නවා1. [ක්‍රි.] නින්දෙන් තොර ව ඉන්නවා. 2. [ක්‍රි.] කල්පනාකාරී ව සිටිනවා.
අවදිවෙනවා[ක්‍රි.] නින්දෙන් නැඟිටිනවා; පිබිදෙනවා.
අවදුක[නා.] අපා දුක.
අවධ්‍ය[වි.] වධ නොකටයුතු; නොනැසිය යුතු.
අවධානය[නා.] ඇහුම්කන් දීම; සිත යොමු කිරීම.
අවධාරණය[නා.] නිශ්චය කිරීම; කාවැද්දීම.
අවධි අවස්ථාව1. [නා.] කාලය හා ප්‍රස්තාව; සුදුසු වේලාව. 2. (පාරිභා.) [නා.] වායුවක අවධි ලක්ෂ්‍යයේ දී එය වායුමය සහ ද්‍රවමය අවස්ථා අතර පැවතීම (=critical state).
අවධි උෂ්ණත්වය(පාරිභා.) [නා.] වායුවක් යම් උෂ්ණත්වයකින් ඉහළ දී පීඩනයෙන් පමණක් ද්‍රව නොකළ හැකි ද එම උෂ්ණත්වය (=critical temperature).
අවධි කෝණය(පාරිභා.) [නා.] ආලෝක කිරණයක් සම්පූර්ණයෙන් අභ්‍යන්තර පරාවර්තනයට භාජන වන අඩු ම පතන කෝණය (=critical angle).
අවධි තලය(පාරිභා.) [නා.] (භූගෝ.) ශිඛර තලය හෙවත් මතුපිට (=summit plane).
අවධි පරිමාව(පාරිභා.) [නා.] අවධි උෂ්ණත්ව හා පීඩන තත්ත්ව ඇති විට ද්‍රව්‍යයකින් ඒකක ස්කන්ධයක පරිමාව (=critical volume).
අවධි පීඩනය(පාරිභා.) [නා.] වායුවක් එහි අවධි උෂ්ණත්වයේ දී ද්‍රව බවට පත් කළ හැකි පීඩනය (=critical pressure).
අවධි විභක්තිය[නා.] (ව්‍යාක.) පහවීමේ සීමාව දැක්වෙන නාම පදය යෙදෙන එනම් විභක්තිය.
අවධිය1. [නා.] කාලය; වකවානුව; යුගය. 2. [නා.] සීමාව; ඉම; මායිම. 3. [නා.] සංඥාව; සිහිය.
අවධුනනය, අවධූනනය[නා.] අධෝමුඛ කොට චලනය කිරීම; යටිකුරු කොට සෙලවීම.
අවධූත[වි.] සොලවන ලද; සොලවා දමන ලද.
අවනඩුව[නා.] බොරු නඩුව; නීති විරෝධී ක්‍රියාව; අසාධාරණය.
අවනත1. [වි.] පහතට නැමුණු. 2. [වි.] යටහත් වූ; කීකරු.
අවනතිය1. [නා.] ගෞරවයෙන් වැඳීම. 2. [නා.] පහතට බැසීම; පිරිහීම. 3. (පාරිභා.) [නා.] ඇලවීම; පතනය.
අවනද්ධ[වි.] වැසුණු; වෙළුණු; බැඳුණු. [නා.ප්‍ර.] මෘදඞ්ග, ඩැක්කි වැනි සමින් වසන ලද මුඛ ඇති වාද්‍ය භාණ්ඩ විශේෂයක්.
අවනම්බුව[නා.] අපකීර්තිය; අවමානය; නින්දාව; පරිභවය.
අවන්1. [නා.ප්‍ර.] වෙළඳසැල; ආපණශාලාව; සල්පිල. 2. [නා.ප්‍ර.] සුරාසල. [වි.] පැමිණි; (ඇවැතට) පත්.
අවන් කෙළිය[නා.] මධුපානෝත්සවය.
අවන්හල1. [නා.] වෙළඳසැල; සල්පිල; ආපණ ශාලාව. 2. [නා.] සුරාපානය කරන තැන.
අවනි තලය[නා.] පෘථිවිතලය; පොළොව.
අවනි, අවනී[නා.ප්‍ර.] පොළොව; පෘථිවිය.
අවනිපති[නා.ප්‍ර.] රජ; භූපති.
අවනීතිය[නා.] නීතියට විරුද්ධ වූව; අසාධාරණය.
අවපක්ෂය[නා.] පුර පසළොස්වකට අනතුරු දිනය (අව පෑළවිය) පටන් අමාවක අවසන් කොට ඇති චන්ද්‍ර මාසයේ අපර පක්ෂය; කාළ පක්ෂය.
අවපස[නා.] අපර පක්ෂය.
අවපසළොස්වක[නා.] චන්ද්‍ර මාසයෙහි අව පක්ෂයේ පසළොස්වක් දිනය; අමාවක් දිනය.
අවපාඨය[නා.] වැරදි පාඨය; අපපාඨය.
අවපාත කෝණය(පාරිභා.) [නා.] චුම්බක මධ්‍යාහ්න රේඛා තලයේ ලක්ෂ්‍යයක් හරහා පෘථිවි බල රේඛාව වැටී ඇති දිශාවත් තිරස් රේඛාවත් අතර කෝණය (=angle of dip).
අවපාතය1. [නා.] පහත බැසීම; වැටීම. 2. [නා.] ද්‍රව්‍යයක යටට බසින බොර; මණ්ඩිය. 3. [නා.] පහත වායුගෝලයෙහි හටගැනෙන අඩු වායු පීඩන මධ්‍යය.
අවපෑළවිය[නා.ප්‍ර.] චන්ද්‍ර මාසයේ අව පක්ෂයෙහි පළමුවන දිනය.
අවපොහොය[නා.] අව පසළොස්වක පොහොය; අමාවක් පොහොය.
අවබල අණ්වීක්ෂය(පාරිභා.) [නා.] අඩු බලයෙන් යුතු අණු දක්නය (= low power microscope).
අවබාල[වි.] තරුණ; නවයොවුන්.
අවබෝධය[නා.] වැටහීම; දැනගැනීම; ප්‍රත්‍යක්ෂ ඥාන; පරිඥානය.
අවභාෂණය[නා.] අවර්ණනාව; නින්දා කිරීම.
අවභාසය1. [නා.] එළිය; ආලෝකය. 2. [නා.] අදහස් සෘජු ව නොකියා අන් අයුරකින් ප්‍රකාශ කිරීම.
අවම1. [වි.] පහත්; නීච. 2. [වි.] අඩු ම; ඉතා සුළු.
අවමගුල, අවමඟුල[නා.] මඞ්ගල නොවන සිද්ධිය; අශුභ කාරණය; කෙනකු මිය ගිය ශෝකජනක අවස්ථාව; මළගම.
අවමඞ්ගල මෙහෙය[නා.] මෘත ශරීරයක් පිළිබඳ අවසන් කටයුතු කිරීමේ දී කෙරෙන ආගමානුකූල පූජාවිධි සමූහය.
අවමඞ්ගල්‍ය කෘත්‍යය[නා.] මෘත ශරීරයක් පිළිබඳව කෙරෙන ආදාහනාදි අවසන් කටයුතු; අවමඟුල් චාරිත්‍ර.
අවමඞ්ගල්‍යය[නා.] අශුභ සිද්ධිය; මරණය; මළගම.
අවමඟ1. [නා.] නොමඟ; වැරදි මාර්ගය; දුෂ්ට උපාය. 2. [නා.] අපායට පමුණුවන මාර්ගය; අපාය මාර්ගය; අවාමඟ.
අවමන්[නා.ප්‍ර.] නින්දාව; නිග්‍රහය; අවඥාව; අනාදරය.
අවමරණය[නා.] නියම වයසට නොපැමිණ මිය යෑම; අකාල මරණය.
අවමර්ශය[නා.] ස්පර්ශය; ගැටීම.
අවමර්ශවාදය[නා.] පරුෂ වචනයෙන් කථා කිරීම; ජාති ආදිය ගටා බැණීම.
අවමානය, අවමාන්නය[නා.] නින්දාව; නිග්‍රහය; අවඥාව.
අවමාන්‍ය[වි.] අවමන් කටයුතු.
අවමාලු(කථා.) [වි.] දිරාගිය; පරණ.
අවයවය[නා.] අඞ්ගය; හස්ත පාද ආදි ශරීරාංගය; ඉන්ද්‍රියය.
අවයෝගය[නා.] (ජ්‍යෝති.) අනිෂ්ට යෝගය; ඇතැම් නැකැත් තිථි හා දින එකට යෙදීමෙන් සෑදෙන අශුභ යෝගය.
අවර1. [වි.] පහත්; නුසුදුසු. 2. [වි.] අන්‍ය; අනෙක්; ඊළඟ. 3. [වි.] බටහිර; ප්‍රතිචීන. 4. [වි.] බැස යන; අස්තඞ්ගත වන. 5. [වි.] නුදුරු; ළඟ. 1. [නා.ප්‍ර.] බටහිර; අපරදිශාව. 2. [නා.ප්‍ර.] පිරිහීම; වයෝවෘද්ධ අවස්ථාව. 3. [නා.ප්‍ර.] සූර්යයා. 4. [නා.ප්‍ර.] පස්වරු සමය.
අවර දිග[නා.] බස්නාහිර පැත්ත; බටහිර දිශාව.
අවර පෙත්ත(පාරිභා.) [නා.] අහස් යානාවක් හෝ ජල යාත්‍රාවක් හෝ ඉදිරියට ගමන් කරවීම පිණිස සවිකරන ලද ප්‍රේරකය (=propeller).
අවර භාගය[නා.] දවසේ දෙවැනි භාගය; පස්වරුව.
අවරගිර[නා.ප්‍ර.] අපරදිග ඇතැයි සැලකෙන එනම් කල්පිත පර්වතය.
අවරණය[නා.] වැස්ම; ආවරණය.
අවර්ණ[වි.] පාට නැති; නිර්වර්ණ.
අවර්ධිත[වි.] වර්ධනය නොකළ; නොවැඩුණ.
අවරුද්ධ[වි.] වළක්වන ලද; බාධා කරන ලද.
අවරෝධකය[නා.] බාධකය (=buffer).
අවරෝධය1. [නා.] බාධාව; වැළැක්වීම; අවහිර කිරීම. 2. [නා.] ආවරණය; වැස්ම.
අවරෝහණය[නා.] බැසීම; අවතීර්ණවීම.
අවරෝහය[නා.] ගසක ශාඛාවකින් බසින මුල; අරළුව; ඇටුවම.
අවල1. [නා.ප්‍ර.] පැටලීම; අවුල්වීම. 2. [නා.ප්‍ර.] කලහය; දබරය. 3. [නා.ප්‍ර.] ජල යාත්‍රාවක් ගමන් කරවීම සඳහා අතින් මෙහෙයවන උපකරණය; ලොකු හබල. 4. [නා.ප්‍ර.] රති ක්‍රීඩාව. 1. [වි.] පැටලුණ; අවුල් වූ; ආකූල. 2. [වි.] ගැවසී ගත්; වැසීගිය.
අවල කෙළිය[නා.] රති ක්‍රීඩාව; කාම සේවනය.
අවලංගු[වි.] වලංගු නැති; නිෂ්ප්‍රභා කළ; ප්‍රතික්ෂේප කළ.
අවලංසය[නා.] කඳු බෑවුමක් ඔස්සේ වේගයෙන් පහතට ඇද හැලෙන පස් සහ අයිස් මිශ්‍ර විශාල හිම කැට කදම්බය.
අවලක්ෂණ[නා.ප්‍ර.] අශෝභන ලක්ෂණය. [වි.] කැත; විරූපී; අශෝභන.
අවලම්බ1. (පාරිභා.) [වි.] (පහතට) එල්ලෙන. 2. [වි.] තිරස් තලයට ඍජුකෝණාකාර ව ඇති.
අවලම්බ තලය[නා.] තිරස් තලයට ලම්බාකාර ව පිහිටි තලය; සිරස් තලය.
අවලම්බන කේන්ද්‍රය(පාරිභා.) [නා.] යම්කිසි වස්තුවක් එල්ලා තබන කේන්ද්‍රය (=centre of suspension).
අවලම්බන යෂ්ටිය[නා.] සැරයටිය; හැරමිටිය.
අවලම්බනය1. [නා.] එල්ලීම; එල්ලා තැබීම. 2. (අභි.) [නා.] සිත එල්බ සිටිනා වස්තුව; අරමුණ.
අවලම්බය1. [නා.] එල්ලා තැබීම; එල්ලීම. 2. [නා.] පහසුවෙන් පැද්දීමට එල්ලනු ලබන වස්තුව. 3. [නා.] තිරස්තලයකට ඍජු කෝණාකාර ව පිහිටි රේඛාව.
අවලමා[නා.] ගෙන් ගෙට යන්නා; රස්තියාදුකාරයා; සල්ලාලයා.
අවලස්සණ[වි.] ලස්සන නැති; අවලක්ෂණ; විරූප; කැත.
අවල් ගානවා[ක්‍රි.] අවල් භාවිතයෙන් ජල යාත්‍රාවක් ගමන් කරවනවා; අවල් ආධාරයෙන් පැද යනවා.
අවලාගය[නා.] දෝෂය; වැරුද්ද; විපත.
අවලාදය[නා.] දෝෂාරෝපණය; මැසිවිල්ල.
අවලිප්ත[වි.] පිටත ආලේප කරන ලද; ගාන ලද.
අවලීඪ[වි.] වටලන ලද; වෙළී ගිය; ආකූල වූ.
අවලීලාව[නා.] අයහපත් විලාසය; අප්‍රිය දර්ශනය.
අවලේපනය, අවලේපය[නා.] ගෑම; තැවරීම; ආලේප කිරීම.
අවලේහනය[නා.] ලෙවීම; ලෙවකෑම.
අවලෝකනය1. [නා.] බැලීම; නැරඹීම. 2. [නා.] කියවීම; පඨනය කිරීම. 3. (පාරිභා.) [නා.] නිරීක්ෂණය (=observation).
අවලෝකිත[වි.] බලන ලද; දකින ලද.
අවලෝකිතේශ්වර[නා.ප්‍ර.] මහායාන බෞද්ධ සමයෙහි උසස් ලෙස සලකනු ලබන බෝධිසත්වවරයකුගේ නාමය.
අවලෝලිත[වි.] කලඹන ලද; කලතන ලද.
අවවාද ප්‍රාතිමෝක්ෂය[නා.] බුදුරජාණන් වහන්සේ දෙසතියකට වරක් මුල් අවුරුදු විස්සෙහි පොහොය කිරීම් වශයෙන් වදාරන ලද අවවාද හෙවත් අනුශාසනා ගාථා.
අවවාදක්ෂම[වි.] අවවාද ඉවසනසුලු.
අවවාදය[නා.] දෝෂයක් දුටු කල දෙන උපදේශය; දැනුමැතිකම; කටයුතු නොකටයුතු දේ පෙන්නා දීම.
අවවාදානුශාසනා[අවවාද+අනුශාසනා] [නා.ප්‍ර.] දොස් දැක්වීම හා උපදේශය; දැනුමැතිකම; ගුරුහරුකම.
අවවිභාගය[නා.] (ක්‍රිස්ති.) වැරදි කල්පනාව; දුර්මතය.
අවශ්‍ය1. [වි.] වුවමනා; ඕනෑ කරන. 2. [වි.] ළඟ නෑකම් ඇති; ඇවැස්ස.
අවශ්‍යය[නා.] උවමනාව; ඕනෑකම.
අවශ්‍යයා1. [නා.] උවමනා කරන තැනැත්තා. 2. [නා.] කිට්ටු ඥාතියා; ළඟ නෑයා.
අවශිෂ්ටය[නා.] ඉතිරි කොටස; ශේෂය.
අවශේෂ, අවසේස[වි.] ඉතුරු; සෙසු; අනෙක්; අන්‍ය. [නා.ප්‍ර.] ඉතුරු ව; සෙස්ස.
අවශෝෂණය[නා.] උරා ගැනීම; බී ගැනීම.
අවස[නා.] ආවාසය; කුටිය; ගෙය. [වි.] වසඟ නොවන; යටත් නොවන; රිසි සේ නොපවත්නා.
අවසඟ[වි.] වසඟ නොවන; යටත් නොවන.
අවසන්ධිය[නා.] ඇටයක් පැන්නා වූ සන්ධිය; සන්ධි භඞ්ගය.
අවසරය1. [නා.] අවස්ථාව; ප්‍රස්තාව. 2. [නා.] ඉඩ; අවකාශය. 3. [නා.] අනුමැතිය; කැමැත්ත; අනුදැනීම.
අවස්තරණය[නා.] යටපත් කිරීම; මැඩ පැවැත්වීම.
අවස්ථාචෝචිත, අවස්ථෝචිත[වි.] අවස්ථාවට සුදුසු; තැනටත් කාලයටත් ගැළපෙන.
අවස්ථානය1. [නා.] සිටීම; පිහිටීම. 2. [නා.] තැන; වාසස්ථානය.
අවස්ථාන්තර[නා.ප්‍ර.] අන්‍ය අවස්ථාව.
අවස්ථාපිත[වි.] පිහිටුවන ලද; සංස්ථාපිත.
අවස්ථාව1. [නා.] තත්ත්වය; ස්වභාවය. 2. [නා.] කාල සීමාව; අවධිය; වේලාව.
අවස්ථිත[වි.] පිහිටි; අචල; ස්ථිර.
අවස්ථිතිය1. [නා.] පැවැත්ම; ජීවත්වීම. 2. (පාරිභා.) [නා.] නිශ්චල ව තිබෙන වස්තුවක් චලිත නොවී සිටීමට හෝ චලිත වස්තුවක් එහි චලිත ක්‍රමය වෙනස් නොවන සේ රැක ගැනීමට හෝ තැත් කිරීම; සංඛ්‍යාත ලක්ෂණය (=inertia).
අවසාදනය1. [නා.] (වණයක උඩට ලියලා ඇති මස ඖෂධ ප්‍රලේපාදියෙන්) පහතට හෙළීම; අඩු කිරීම. 2. [නා.] ජලයෙහි හෝ සුළගෙහි රැඳී පැමිණ තැන්පත් වන වැලි, ගල්, මඩ ආදි දේ.
අවසාදිත[වි.] මණ්ඩි එකතු වූ; අවසාදනය වූ; ස්තරීභූත. (=sedimentary).
අවසානය1. [නා.] කෙළවර; අන්තය; නිමාව; සමාප්තිය. 2. [නා.] මරණය.
අවසීදනය[නා.] කිඳා බැසීම; ගිලා බැසීම.
අවහරණය1. [නා.] ඉවත් කිරීම; පැහැර ගෙන යෑම; බලෙන් ගෙන යෑම. 2. (විනය.) [නා.] යමක් සොරා ගැනීම; පරිස්සමට තිබූ බඩුවක් නොදී ලබා ගැනීම.
අවහසිත[නා.ප්‍ර.] දෙඋර සහ හිස කම්පනය කෙරෙමින් කරන සිනහව.
අවහාරය[නා.] පැහැර ගැනීම; සොරකම් කර ගැනීම.
අවහාසය[නා.] නින්දාව; අපහාසය.
අවහිත1. [වි.] තබන ලද; ස්ථාපිත. 2. [වි.] වැසුණු. 3. [වි.] හොඳින් යොමු කළ; අවධානයෙන් යුක්ත.
අවහිරය[නා.] බාධකය; බාධාව; වැළැක්වීම.
අව්හානය[නා.] කැඳවීම; අඬ ගැසීම; ආමන්ත්‍රණය.
අව්‍යක්ත1. [වි.] ප්‍රකට නොවූ; අදෘශ්‍යමාන; නොපැහැදිලි. 2. [වි.] නූගත්; අඥාන; මෝඩ.
අව්‍යතික්‍රමණය, අව්‍යතික්‍රමය[නා.] නොඉක්මවීම; කඩ නොකිරීම; උල්ලඞ්ඝනය නොකිරීම.
අව්‍යභිචාරය1. [නා.] වෙන් නොවීම; වෙනස් නොවීම. 2. [නා.] පතිව්‍රතය.
අව්‍යභිචාරිණී[නා.ප්‍ර.] පතිදම් රකින ස්ත්‍රිය.
අව්‍යය[වි.] ව්‍යය නොවන; වෙනස් නොවන; ක්ෂය නොවන. [නා.ප්‍ර.] (ව්‍යාක.) ලිඞ්ග විභක්ති ආදිය වර නොනැඟී ඒ වචන භේදයෙන් වෙනස් නොවන නිපාත සහ උපසර්ග යන පද.
අව්‍යවධාන[වි.] අතරක් නැති; යාබදව පිහිටි.
අව්‍යවස්ථිත[වි.] ව්‍යවස්ථානුකූල නොවූ; නියම නොකළ; වෙනස් වන.
අව්‍යවහිත[වි.] වෙන් නොවූ; අතරක් නැති; යාබද.
අව්‍යවහෘත[වි.] ව්‍යවහාර නොවූ; භාවිතයෙහි නැති.
අව්‍යාජ[වි.] ව්‍යාජයෙන් තොර; සැබෑ; අවංක.
අව්‍යාධික[වි.] රෝග නැති; නිරෝග.
අව්‍යාප්ත[වි.] නොපැතිරුණු.
අව්‍යාපෘත, අව්‍යාවෘත[වි.] නොයෙදුණු; නිරත නොවූ.
අව්‍යාහෘත[වි.] නොකියන ලද; ප්‍රකාශ නොකරන ලද.
අව්‍යුත්පන්න1. [වි.] (ව්‍යාක.) බෙදා වෙන් කළ නොහැකි; නිරුක්ති හෝ ව්‍යුත්පත්ති දැක්විය නොහැකි. 2. [වි.] පළපුරුද්ද නැති.
අව්‍යුපශාන්ත[වි.] උපශාන්ත නොවූ; නොසංසිඳුණු; නොසන්සුන්.
අවා1. [නා.ප්‍ර.] අපාය; නරකාදිය. 2. [නා.ප්‍ර.] මනාලිය කැඳවාගෙන ඒම; ආවාහය.
අවා ගැනුම[නා.] කාන්තාවක භාර්යාව වශයෙන් පාවා ගැනීම; ආවාහය.
අවා පුරය[නා.] අපාය නමැති පුරය; අපාය; නිරය; නරකය.
අවා බිම[නා.] අපාය තලය; සතර අපාය.
අවාකර, අවාකුරු[නා.ප්‍ර.] අපාය අක්ෂර.
අවාච්‍ය[වි.] නොකිය හැකි; කියා නිම කිරීමට නුපුළුවන්.
අවාචී[නා.ප්‍ර.] දකුණු දිශාව.
අවාදුක[නා.] අපායෙහි පවත්නා දුක.
අවාන[නා.] පවන්පත; විජිනිපත.
අවාබිය[නා.ප්‍ර.] අපාය භය; අපායෙහි ඉපදීම ගැන ඇති භය.
අවාරය[නා.] අනියම් කාලය; අකාලය; ගස්වැල්වල සාමාන්‍යයෙන් මල් පල හට නොගන්නා කාලය.
අවාරවැහි[නා.ප්‍ර.] අවාරයේ ඇති වන වර්ෂාව; නොකල් වැස්ස.
අවාර්ය[වි.] නොවැළැක්විය හැකි.
අවාරිත[වි.] නොවැළකූ; ආබාධිත.
අවාවිවා[නා.ප්‍ර.] ආවාහ විවාහ; හිර ගනුදෙනු.
අවාසනාව[නා.] වාසනාවෙන් තොරබව; අභාග්‍යය; අහේතුව.
අවාස්තවික(පාරිභා.) [වි.] කාල්පනික; අභූත; අතථ්‍ය (=unreal).
අවාසි[වි.] පාඩු; අලාභ.
අවැඩ[නා.] අයහපත; අනර්ථය; හානිය.
අවැඩදායක[වි.] අනර්ථදායක; හානිකර.
අවැස්ස, ඇවැස්ස[වි.] ළඟ නෑකම් ඇති; කිට්ටුවෙන් ම ඥාති වූ.
අවි ආයුධ[නා.බහු.] ආයුධ; ශස්ත්‍ර.
අවි ශිල්පය[නා.] ආයුධ භාවිතය පිළිබඳ වූ ශිල්පය; ආයුධ ශිල්පය.
අවිකප්පනය[නා.] විකල්පනය නොකිරීම; වෙනස් ව කල්පනා නොකිරීම.
අවිකම්පනය[නා.] කම්පනය නොවීම; නොසෙලවීම.
අවිකල[වි.] ප්‍රකෘති තත්වයෙන් පවතින.
අවිකලාඞ්ග[අවිකල+අඞ්ග] [වි.] විකල නොවූ හෙවත් පරිපූර්ණ වූ ශරීරාවයව ඇති.
අවික්ෂිප්ත[වි.] නොකැලඹුණු; සිත් අවුල් නුවූ.
අවික්ෂේපය1. [නා.] කලබල නොවීම. 2. (අභි.) [නා.] නොයෙක් අරමුණුවල සිත විසිර නොයෑම; සිතෙහි එකඟ බව.
අවිකාර්ය[වි.] වෙනස් නොකළ හැකි.
අවිකෘත[වි.] විකෘත නොවූ; නොවෙනස්.
අවිකෝපනය[නා.] විනාශ නොවීම; නොනැසීම.
අවිගත[වි.] පහ නොවූ; ඉවත් නොකළ.
අවිඝ්න[වි.] බාධා නැති; උවදුරු නැති.
අවිච්ඡින්න[වි.] නොසිඳුණු; නොකැඩුණු; අඛණ්ඩ.
අවිච්ඡේදය1. [නා.] නොසිඳී පැවැත්ම; නිරන්තර ව පැවතීම. 2. [නා.] ප්‍රජාවගේ අසම්භින්න පැවැත්ම; පරම්පරාව.
අවිචාරය1. [නා.] විචාරයෙන් තොරබව; විමසා නොබැලීම. 2. (අභි.) [නා.] සිත අරමුණෙහි නොපැවැත්ම.
අවිජහිත[වි.] අත් නොහරින ලද; අත් නොහළ.
අවිජ්ජාව[නා.] (අභි.) නොදැනීම; චතුරාර්ය සත්‍යය නොදැනීම; අවිද්‍යාව.
අවිජානනය[නා.] නොදැනීම; වටහා නොගැනීම.
අවිඤ්ඤාණ[වි.] විඤ්ඤාණයක් නැති; සිත් පිත් නැති; අචේතනික.
අවිඤ්ඤු[නා.ප්‍ර.] කාරණාකාරණ නොදත් තැනැත්තා; අඥාන පුද්ගලයා.
අවිඥාත1. [වි.] නොදන්නා ලද; නොදත්; අවබෝධ නොකළ. 2. [වි.] අප්‍රකට; අප්‍රසිද්ධ.
අවිඥේය[වි.] දැනගත නොහැකි; තේරුම් ගැනීමට නුපුළුවන්.
අවිතථ[වි.] අසත්‍ය නොවන; සැබෑ.
අවිතර[වි.] අප්‍රමාණ; නොයෙක්.
අවිදග්ධ[වි.] අත්දැකීම් නැති; පළපුරුද්දෙන් තොර; බොළඳ.
අවිද්‍යමාන[වි.] නොපවන්නා; නොපෙනන.
අවිද්‍යාව[නා.] නොදැනීම; චතුරාර්ය සත්‍යය නොදැනීම.
අවිදිත[වි.] නොදන්නා ලද; අඥාත වූ; අවබෝධ නොකළ.
අවිදු1. [නා.ප්‍ර.] නොදැනීම; අවිද්‍යාව. 2. [නා.ප්‍ර.] නූගතා; මෝඩයා. 3. [නා.ප්‍ර.] අසුර ලෝකය.
අවිදුර[වි.] දුර නොවූ; ආසන්න.
අවිදුර දෘෂ්ටිකත්වය1. [නා.] දුර නොපෙනීම; ළඟ පමණක් පෙනීම. 2. [නා.] බුද්ධි ශක්ති හීනතාවය; නුවණ මඳකම.
අවිනය[නා.ප්‍ර.] විනීත බවින් තොරබව; නොහික්මීම.
අවිනයවාදියා[නා.] විනයට විරුද්ධ මත ප්‍රකාශ කරන පුද්ගලයා.
අවිනශ්වර[වි.] විනාශ විය නොහැකි; නැසිය නොහැකි.
අවිනෂ්ට[වි.] විනාශ නොවූ; නොනැසුණු.
අවිනාභාවය[නා.] වෙන් නොවී පැවතීම; වෙන් කළ නොහැකි සම්බන්ධය.
අවිනිබ්භෝග[වි.] වෙන් වෙන් ව නොපවත්නා; සමඟ පවත්නා; වෙන් කළ නොහැකි.
අවිනිර්මුක්ත[වි.] නොමිදුණු; තොර නොවූ.
අවිනිශ්චිත[වි.] විනිශ්චය නොකළ; විසඳුමක් හෝ තීරණයක් නැති.
අවිනීත[වි.] විනීත නොවන; නොහික්මුණු; අශිෂ්ට; ආචාර සම්පන්න නොවූ.
අවිපරීත[වි.] විපරීත නොවූ; නොවෙනස් වූ; විරුද්ධ නොවූ.
අවිපරීත දර්ශනය[නා.] නිවැරදි දෘෂ්ටිය; සම්‍යක් දර්ශනය.
අවිප්පවාසය1. [නා.] වෙන් නොවී විසීම; අවිප්‍රවාසය. 2. (විනය.) [නා.] තුන් සිවුරෙන් ඈත් නොවීම.
අවිප්‍රයෝගය[නා.] වෙන් නොවී පැවතීම; වෙන් නොවීම.
අවිභක්ත[වි.] බෙදා නොදක්වන ලද; වෙන් නොකළ; විභාග නොකළ.
අවිභූත[වි.] නොපැහැදිලි; අප්‍රකට.
අවිමුක්ත, අවිමුත්ත[වි.] නොමිදුණු; නිදහස් නොවූ.
අවිය1. [නා.] ආයුධය; ශස්ත්‍රය. 2. [නා.] ඉර. 3. [නා.] කන්ද.
අවියත්[වි.] අව්‍යක්ත; නූගත්; අඥාන.
අවියුක්ත[වි.] වෙන් නොවූ; එකට බැඳුණු.
අවියො[නා.ප්‍ර.] වියෝ නොවීම; වෙන් නොවීම; අවියෝගය.
අවියෝජනීය(පාරිභා.) [වි.] වෙන් නොකළ හැකිසේ බැඳුණු (=integral).
අවිරක්ත[වි.] විරක්ත නොවූ; ආශා සහිත; ඇලුණු.
අවිරල, අවිරළ1. [වි.] තුනී නොවූ; ඝන වූ; ගහන වූ. 2. [වි.] දුර්ලභ නොවූ; බහුල.
අවිරූළ්හි[වි.] නොවැඩෙන; වර්ධනය නොවන.
අවිරෝධය[නා.] විරුද්ධ නොවන බව; අනුකූලතාව; පටහැණි නොවීම.
අවිලඞ්ඝනීය[වි.] උල්ලඞ්ඝනය නොකළ යුතු; නොඉක්මවිය හැකි.
අවිලම්බ[වි.] ප්‍රමාද නැති; අප්‍රමාද; කඩිනම්.
අවිලයනීය(පාරිභා.) [වි.] රත් කොට ද්‍රවයක් බවට පත් කළ නොහැකි (=infusible).
අවිලිප්ත[වි.] නොතැවරුණු; නොගෑවුණු.
අවිලෝම[වි.] අවිරුද්ධ; අවිපරීත.
අවිවර[වි.] විවර හෙවත් හිදැස් නැති.
අවිවරදන්ත[නා.ප්‍ර.] විවර නැති දත්; අතරෙහි හිදැස් නැති දත්; දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකකි.
අවිවාද[වි.] විවාදයක් නැති; මතභේද රහිත.
අවිවාහක[වි.] විවාහ නොවූ; කසාද නොබැඳි.
අවිවික්ත[වි.] වෙන් නොවූ.
අවිවේක[වි.] විවේක රහිත; කාර්ය බහුල.
අවිශද, අවිසද[වි.] නොපැහැදිලි; හොඳින් නොපෙනෙන.
අවිශ්වාස1. [වි.] විශ්වාස නැති; ඇදහිය නොහැකි. 2. [වි.] සැක කටයුතු.
අවිශ්‍රාන්ත[වි.] විඩා නොවූ; නොකඩවා පවත්නා වූ.
අවිශිෂ්ට[වි.] විශේෂයෙන් නොදක්වන ලද; විශේෂ නොවූ.
අවිශුද්ධ[වි.] පිරිසිදු නොවූ; අපිරිසිදු.
අවිෂය[වි.] විෂයට හෙවත් ඉන්ද්‍රිය පථයට ගෝචර නොවන; අවබෝධ කළ නොහැකි.
අවිසංවාදය[නා.] නොරැවටීම; සත්‍යවාදී බව.
අවිසද1. [වි.] නොපැහැදිලි; අප්‍රකට; තීක්ෂ්ණ නොවූ. 2. [වි.] අපිරිසිදු.
අවිසරම[නා.] ආයුධ සරඹය; ආයුධ ශිල්පය; ආයුධවලින් සටන් කිරීම.
අවිස්ඵාර[වි.] කෘශ; කෙට්ටු.
අවිස්මෘත[වි.] අමතක නුවූ.
අවිසිප්[නා.ප්‍ර.] අවි ආයුධ භාවිතය උගන්වන ශිල්පය; ආයුධ ශිල්පය.
අවිහිංසක[වි.] හිංසා පීඩා නොකරන; අහිංසක.
අවිහිත[වි.] නොකළ; නියම නොකළ.
අවීචිය[නා.] අට මහා නිරයන්ගෙන් එකක්; මහානිරය ලෙස ද හැඳින්වේ.
අවු අත්ත[නා.] අවුවෙන් ආවරණය වීම සඳහා පෙර භාවිත උපකරණයක්; තල් අත්ත; අවුපත.
අවු කනවා[ක්‍රි.] අවුවෙන් තැවෙනවා හෝ පීඩා විඳිනවා; අවුව වැදීමෙන් හානියට පත් වෙනවා.
අවු ගස්වනවා[ක්‍රි.] අවුවෙන් වේළනවා.
අවුකාෂ්ටය[නා.] ඉතා තද ඉර අවුව.
අවුණ[නා.] වෙළඳ සල; සල්පිල; ආපණය.
අවුණුව[නා.] ඔරුව; ද්‍රෝණිය.
අවුත්[පූර්ව.ක්‍රි.] ආගමනය කොට; පැමිණ.
අවුන්සය[නා.] රාත්තලෙන් දහසයෙන් කොටසක් වන බර ප්‍රමාණයක්.
අවුපත1. [නා.] තල් අත්තෙන් කළ ආවරණය. 2. [නා.] තල් අත්තෙන් කළ වටාපත.
අවුර[නා.ප්‍ර.] පවුර; ආවරණය; ප්‍රාකාරය.
අවුරුණු[නා.ප්‍ර.] ඇවිරීම; වැසීම; වැළකීම; ආවරණය.
අවුරුණු වත්කම්(පාරිභා.) [නා.] පහසුවෙන් මුදල් බවට පරිවර්තනය නොකළ හැකි වත්කම් (=frozen assets).
අවුරුද්ද1. [නා.] දොළොස් මාසයක කාල පරිච්ඡේදය; සංවත්සරය; වර්ෂය. 2. [නා.] බක් සමයට අයත් ව අප්‍රේල් මාසයෙහි දෙවැනි සතියෙහි පැවැත්වෙන අලුත් අවුරුදු දිනය හා ඒ උත්සව කාලය.
අවුල1. [නා.] ආකූලය; පැටලිල්ල; අවුල් වීම. 2. [නා.] කලහය; ඩබරය.
අවුල්1. [වි.] අවුලට පත්. 2. [වි.] ගැවසී ගත්; ගහන; වැසීගිය.
අවුල් ජාලය[නා.] අවුල් දැල; බේරීමට බැරි තරම් අවුල; මහා පටලැවිල්ල.
අවුල් පවුල්[වි.] අතිශයින් අවුල් වූ; ආකූල ව්‍යාකූල.
අවුල්පත්, අවුළුපත්[නා.ප්‍ර.] කැවිලි; කැඳ සුරා ආදිය රුචි කරවීම පිණිස ගන්නා කට ගැස්ම.
අවුල්පාස්[නා.ප්‍ර.] දොර ජනෙල් උළුවහු ආදිය බිත්තියට හොඳින් සවිවීම පිණිස ගසන ඇණය (=holdfast).
අවුල්හර1. [නා.] පපුව මත පලඳිනු ලබන අලංකාර ආභරණ විශේෂයක්. 2. [නා.] උඩරට නැට්ටුවන් ළය මත පලඳින ආභරණය.
අවුසදය[නා.] ඖෂධය; බෙහෙත් ද්‍රව්‍යය; බෙහෙත.
අවුස්සනවා1. [ක්‍රි.] වැසුණු යමක් හාරා මතු කරනවා. 2. [ක්‍රි.] පොලඹනවා.
අවුළනවා1. [ක්‍රි.] දල්වනවා; මොළවනවා. 2. [ක්‍රි.] අමුණනවා; පුරුද්දනවා; පටලනවා. 3. [ක්‍රි.] බැඳගන්නවා; ආශා කරනවා. 4. [ක්‍රි.] ඇහිඳිනවා; එකතුකරනවා.
අවුළු1. [නා.ප්‍ර.] රස කැවිලි; කට ගැස්ම. 2. [නා.ප්‍ර.] මාළු; සූපාදිය.
අවේක්ෂණය1. [නා.] බැලීම; විමසා බැලීම; නැරඹීම. 2. [නා.] ඉතා පරීක්ෂාකාරීව සිටීම.
අවේදයිත[වි.] නොවිඳිනා ලද; විඳීමක් නැති; විඳීමෙන් තොර.
අවේද්‍ය[වි.] නොදත හැකි; අවබෝධ කිරීමට දුෂ්කර වූ.
අවේර[වි.] වෛර නැති; මිත්‍ර.
අවේලාව[නා.] නොනිසි කාලය; නුසුදුසු අවස්ථාව.
අවෛරී[වි.] වෛරයෙන් තොර; ද්වේෂ සහගත නොවූ.
අශක්‍ය[වි.] නොහැකි; නුපුළුවන්; අසමර්ථ.
අශඞ්ක[වි.] සැක නැති; නිසැක.
අශන1. [නා.ප්‍ර.] ආහාරය; භෝජනය. 2. [නා.ප්‍ර.] අනුභව කිරීම; වැළඳීම.
අශනිපාතය[නා.] අකුණු පාත්වීම; හෙණ ගැසීම.
අශනිය[නා.] හෙණය; අකුණ.
අශ්මරි, අශ්මරී[නා.ප්‍ර.] මූත්‍ර බොක්කේ හටගන්නා ගල්; මූත්‍රගල්; එයින් හටගැනෙන රෝගය; මූත්‍රරෝධය.
අශ්මසාර1. [නා.ප්‍ර.] යකඩ. 2. [නා.ප්‍ර.] රසාඤ්ජන.
අශ්ලීල[වි.] ශිෂ්ටත්වයෙන් තොර; ග්‍රාම්‍ය.
අශ්ව කෝච්චිය[නා.] අසුන් යොදවා ගමන් කරවූ රෝද හතරක් ඇති රථය.
අශ්ව පෝතකයා[නා.] අස් පැටවා.
අශ්ව බලය(පාරිභා.) [නා.] යන්ත්‍රයක කාර්යය කිරීමේ ශීඝ්‍රතාව මනින මිනුමක්.
අශ්ව මණ්ඩලය[නා.] තරගයට අසුන් දුවවන භූමිය; අශ්ව රේස් පිට්ටනිය.
අශ්ව මේධය[නා.] රජකුගේ යසශ්‍රීය අපේක්ෂාවෙන් අශ්වයකු බිලි දීම ප්‍රධාන කොට ඇති පුරාණ ඉන්දියානු යාගය.
අශ්ව යානය[නා.] අශ්වයකු යොදාගත් වාහනය; අශ්ව රථය.
අශ්ව රාජයා[නා.] අසුන්ගේ රජකු වැනි අශ්වයා; උතුම් අශ්වයා.
අශ්ව ලාඩම[නා.] අශ්ව කුර ආරක්ෂා කිරීම පිණිස එහි යටින් සවි කරන අර්ධකවාකාර යකඩ පතුර.
අශ්ව සේනාව[නා.] අස් බළඇණිය; අශ්වාරෝහක හමුදාව.
අශ්වතරයා1. [නා.] කොටළුවකුට දාව වෙළඹක කුස උපන් දෙමුහුන් සතා. 2. [නා.] උසස් වර්ගයේ තරුණ අශ්වයා.
අශ්වදමකයා[නා.] අශ්වයන් දමනය කරන්නා; අශ්වයන් පුරුදු කරන්නා; අශ්වාචාර්යයා.
අශ්වදම්‍ය සාරථියා[නා.] හික්මවිය යුතු අසුන් දමනය කරන්නා හෙවත් හික්මවන්නා; අශ්වාචාර්යයා.
අශ්වපාලයා[නා.] අස්ගොව්වා; කුදිරකාරයා.
අශ්වයා[නා.] දිග පාද, කුර සහ කේශර සහිත වූ ද, බර ඇදීමේත් දිවීමේත් විශේෂ ශක්තියෙන් යුක්ත වූ ද ක්ෂිරපායී සිවුපාවා; තුරඟා.
අශ්වරේස්[නා.ප්‍ර.] තරගයට අසුන් ධාවනය කරවීම; තුරඟතරග.
අශ්වව්‍රත[නා.ප්‍ර.] අසකු සේ හැසිරීමේ තපස් ක්‍රියාව.
අශ්වාචාරියා, අශ්වාචාර්යයා1. [නා.] අසුන් හික්මවන්නා; දක්ෂ ලෙස අසුන් පිට යන්නා; අශ්වාරෝහකයා. 2. [නා.] (ප්‍ර. යෙදේ) අසුන් වෙළඳාම් කරන්නා; අස් වෙළෙන්දා.
අශ්වාභරණය[නා.] අශ්වයකුට පලඳවන අලංකාර ඇඳුම් පැලඳුම්; අශ්වාලඞ්කාරය.
අශ්වාරූඪ[වි.] අසකු පිට නැඟි.
අශ්වාරෝහ, අශ්වාරෝහක[නා.ප්‍ර.] අසුපිට යන්නා; අසරුවා; අසු පිට නැඟි භටයා.
අශ්වාරෝහණය[නා.] සූසැට කලාවෙන් එකක් වන අසුන් පිට යෑම.
අශ්වාරෝහී[වි.] අසකු පිට නැඟි.
අශ්වින්[නා.ප්‍ර.] සූර්ය උදාවට පළමු ලොවට ආලෝකය ගෙනෙන සූර්යයාගේ රියැදුරන් ලෙස ද සැලකෙන වෛදික දෙවිවරු දෙදෙනා.
අශ්විනී[නා.ප්‍ර.] පළමුවන නැකත හෙවත් අස්විද නැකත.
අශ්‍රවණීය[වි.] ශ්‍රවණයට නුසුදුසු; ඇසීමට නොරිසි.
අශ්‍රව්‍ය, අශ්‍රාව්‍ය1. [වි.] නෑසෙන. 2. [වි.] ඇසීමට ප්‍රිය නැති; කනට අමිහිරි.
අශ්‍රාන්ත[වි.] විඩාවට නොපත්; නොවෙහෙසුණ.
අශ්‍රැ[නා.ප්‍ර.] කඳුළු; බාෂ්ප.
අශ්‍රැ ග්‍රන්ථිය[නා.] ඇස සේදී දූලි ඉවත්වනු පිණිස කඳුළු ස්‍රාවය වන ඇසේ පිටි කොන අසල ඇති ග්‍රන්ථිය (=lachrymal gland).
අශ්‍රැ මුඛය[නා.] කඳුළු පිරි මුහුණ.
අශ්‍රැත1. [වි.] නොඅසන ලද; නොඇසූ. 2. [වි.] නූගත්; ශිල්ප ශාස්ත්‍ර නොදත්.
අශ්‍රැධාරාව[නා.] කඳුළු ගැලීම; අශ්‍රැ ප්‍රවාහය.
අශ්‍රැපාතනය, අශ්‍රැපාතය[නා.] කඳුළු වැගිරවීම (හැඬවීම සඳහාද යෙදේ).
අශ්‍රැපීඨාස්ථිය[නා.] ඇසේ කඳුළු එකතු වන කෝෂය පිටුපස පිහිටා තිබෙන ඇටය.
අශ්‍රීක1. [වි.] අවාසනාවන්ත; අභාග්‍යසම්පන්න. 2. [වි.] පහත්; අධම.
අශ්‍රේෂ්ඨචරියාව, අශ්‍රේෂ්ඨචර්යාව[නා.] මෛථුන සේවනය; මෙවුන්දමෙහි හැසිරීම.
අශාශ්වත[වි.] සදාකාලික නොවූ; නිත්‍ය නොවූ.
අශාස්ත්‍රීය[වි.] ශාස්ත්‍ර නියමයට එකඟ නොවූ; ශාස්ත්‍රානුකූල නොවන.
අශික්ෂිත[වි.] ශික්ෂණයක් නොලත්; නොදැමුණු; නොහික්මුණු; අශිෂ්ට.
අශිථිල[වි.] ලිහිල් නොවූ; ස්ථිර.
අශිෂ්ට[වි.] ශිෂ්ට නොවූ; නොහික්මුණු; අවිනීත; අශීලාචාර.
අශුචි, අසුචි1. [නා.ප්‍ර.] අපවිත්‍ර දෙය; කැතකුණු. 2. [නා.ප්‍ර.] වර්චස්; ගූථ.
අශුද්ධ1. [වි.] ශුද්ධ නැති; අපිරිසිදු; අපවිත්‍ර . 2. [වි.] වැරදි සහිත; දෝෂ සහිත.
අශුද්ධිය1. [නා.] අපිරිසිදු බව; අපවිත්‍රතාව. 2. [නා.] මාස් ශුද්ධිය නොවීම; ඍතු ලෙය පහ නොවීම.
අශුභ, අසුභ1. [වි.] ප්‍රසාද ජනක නොවූ; පිළිකුල් සහගත. 2. [වි.] අයහපත්; අනිෂ්ට; විපත්තිදායක.
අශුභලකුණු1. [නා.ප්‍ර.] විපත්තිකර ලක්ෂණ; අයහපත් වෙන ලකුණු. 2. [නා.ප්‍ර.] පිළිකුල් ස්වභාවය.
අශූන්‍ය[වි.] හිස් නොවූ; තුච්ඡ නොවූ.
අශේෂ[වි.] ශේෂයක් නැති; ඉතිරියක් නැති; සියලු.
අශෛක්ෂයා[නා.] අර්හත් ඵලයෙහි සිටි පුද්ගලයා; රහතන් වහන්සේ.
අශෝච්‍ය[වි.] ශෝක නොකළ යුතු; දුක් නොවිය යුතු.
අශෝධිත[වි.] ශුද්ධ නොකළ; පිරිසිදු නොකළ.
අශෝභන[වි.] නොහොබනා; අමනෝඥ; නොබැබළෙන; අසෝභන.
අෂ්ට අක්ෂණ, අෂ්ටක්ෂණ[නා.] කුසල් කිරීමට නුසුදුසු වූ හෝ අනවකාශ වූ කාල අට; පින් කළ නොහැකි කාල අට.
අෂ්ට කර්මය[නා.] වශීකර්ම, මෝහන, විද්වේෂණ, උච්චාටන, ආකර්ෂණ, භේදන, ස්ථම්භන හා මාරණ යන අෂ්ටවිධ මන්ත්‍ර ගුරුකම්.
අෂ්ට කෝණය[නා.] කෝණ අටක් ද පාද අටක් ද සහිත බහු අශ්‍රය; අටපට්ටම; අෂ්ටාශ්‍රය.
අෂ්ට ගරුධර්ම[නා.බහු.] (විනය.) භික්ෂුණීන් විසින් දිවි හිමියෙන් ගරු කොට විසිය යුතු ධර්ම අට; උපසපන් වීමෙන් සියක් වස් ඇති භික්ෂුණියක වුවත් එදවස් උපසපන් භික්ෂුවට ගරු බුහුමන් කිරීම, අඩ යොදුනක් තුළ භික්ෂූන් නැති ආවාසයක භික්ෂුණියක් වස් නොඑළඹීම, භික්ෂුණීන් විසින් අඩමසක් පාසා භික්ෂූන් වෙත එළඹ පොහෝ විචාරා අවවාද ලැබීම, වස් විසූ භික්ෂුණිය උභතෝ සංඝයා කෙරෙහි පවාරණය කිරීම, ගරුකාපත්තියට පැමිණි භික්ෂුණිය උභතෝ සංඝයා කෙරෙහි මානත හැසිරීම, දෙවසක් කරුණු සයෙක්හි හික්මුණු ශික්ෂමානාව උභතෝ සංඝයා කෙරෙහි උපසම්පදා වීම, භික්ෂුණියක විසින් කිසිම ක්‍රමයකින් භික්ෂුවට නින්දා පරිභව නොකිරීම, භික්ෂුණියක විසින් භික්ෂූන්ට අවවාද නොකිරීම යන කරුණු අට.
අෂ්ට දුෂ්ටක්ෂණ[නා.බහු.] කුසල් කිරීමට නුසුදුසු වූ හෝ අනවකාශ වූ කාල අට; පින් කළ නොහැකි කාල අට.
අෂ්ට ධර්ම[නා.] බුදුබව පතන බෝධිසත්ත්වවරයකු වෙත පිහිටිය යුතු ධර්ම අට. - මිනිසත්බව, පිරිමිබව, ඒ ජාතියෙහි ම රහත් වන්නට නිසි කුසල් ඇතිබව, බුදුන් දැකීම, පැවිදිවීම, ධ්‍යානාභිඥාදි ගුණ සම්පත්තිය, බුදුන්ට පිදූ දිවි ඇතිබව හා බුද්ධත්වය පිළිබඳ අදහස.
අෂ්ටක[නා.ප්‍ර.] ස්තෝත්‍ර වශයෙන් හඬනඟා කීම පිණිස ශ්ලෝක ගාථාදි පද්‍ය අටකින් රචනා කළ නිබන්ධය.
අෂ්ටක කියනවා[ක්‍රි.] මඞ්ගල උත්සවයන්හි දී මනාල යුවළ පෝරුවට නැංවීමෙන් පසු ඔවුනට ආරක්ෂාව පතා එ සඳහා නිබන්ධිත ස්තෝත්‍ර හඬ නගා කියනවා.
අෂ්ටකර්ණ[නා.ප්‍ර.] කන් අටක් ඇත්තා හෙවත් මහා බ්‍රහ්මයා.
අෂ්ටතල[වි.] අෂ්ටාංශ ඝනයක හැඩය ඇති; අෂ්ටාංශ ඝනයට අයත්. (පාරිභා.) [නා.ප්‍ර.] අෂ්ටාංශ ඝනය; පැතලි තල අටකින් වට වූ වස්තුව.
අෂ්ටත්‍රිංශත්[නා.ප්‍ර.] අටතිස; තිස්අට.
අෂ්ටදෝෂ[නා.] අෂ්ට නිෂද්‍ය දෝෂ; උත්තමයන් සමීපයෙහි හිඳ කථා කරන්නකු විසින් දුරු කළ යුතු සේ දැක්වෙන දෝෂ අට.
අෂ්ටනාරි රථය[නා.] කාන්තා රූ අටකින් සෑදුණු රථයක් නිරූපණය වන සිංහල සැරසිලි මෝස්තරයක්.
අෂ්ටපර්ෂද්[නා.ප්‍ර.] පිරිස් අට; බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට රැස් වන අට වැදෑරුම් වූ දෙව්-මිනිස් පිරිස.
අෂ්ටපරිෂ්කාර[නා.බහු.] අටපිරිකර.
අෂ්ටම[වි.] අටවැනි.
අෂ්ටමාධිපතියා[නා.] ජන්ම කේන්ද්‍රයක ලග්නයෙහි අටවැනි රාශිය හිමි ග්‍රහයා; අටවැන්න අධිපතියා.
අෂ්ටමිය[නා.] පුර පසළොස්වක් නොහොත් අමාවක් දිනයෙන් අටවන දිනය; අටවක් දිනය.
අෂ්ටයෝනි[නා.ප්‍ර.] ශුද්ධ සිංහල හෝඩියේ වර්ණ බෙදනු ලබන වර්ග අට.
අෂ්ටලෝක ධර්මය[නා.] අට ලෝ දහම.
අෂ්ටවඞ්ක[නා.ප්‍ර.] වක් අට.
අෂ්ටවඞ්ක මාණික්‍යය[නා.] වක් අටක් ඇති මැණික.
අෂ්ටවිධ[වි.] අට ආකාර වූ; අට වැදෑරුම්.
අෂ්ටශ්‍රමණපරිෂ්කාර[නා.ප්‍ර.] අට පිරිකර.
අෂ්ටාඞ්ග ශීලය[නා.] අංග අටකින් යුත් සීලය; අටසිල්.
අෂ්ටාඞ්ගය[නා.] අඞ්ග හෙවත් අවයව අට; අෂ්ටාඞ්ග මාර්ගයෙහි කොටස.
අෂ්ටාවශේෂ[වි.] අටින් එකක් ඉතිරි වූ; අටින් එකක් බවට පත් වූ.
අෂ්ටාශ්‍රය, අෂ්ටාස්‍රය[නා.] කෝණ අටක් හා පාද අටක් ඇති බහු අස්‍රය; අටපට්ටම.
අෂ්ටි1. [නා.ප්‍ර.] ගෙඩිවල ඇටය හෝ මදය. 2. [නා.ප්‍ර.] අස්ථිය.
අෂ්ටි කලාපය[නා.] ඇටසැකිල්ල; ඇටකූඩුව.
අෂ්ටි ධාතුව[නා.] බුද්ධාදි මහෝත්තමයන්ගේ ශරීරයෙන් ඉතිරි වූ ඇට; අෂ්ටි සඞ්ඛ්‍යාත ශේෂභාගය.
අෂ්ටි ඵලය(පාරිභා.) [නා.] අභ්‍යන්තරයෙහි ඇටයක් ඇති මස් සහිත ගෙඩිය හෝ මදයක් ඇති ගෙඩිය (=drupe).
අෂ්ටි සඞ්ඛලිකය[නා.] ඇටසැකිල්ල.
අෂ්ටිලය, අෂ්ඨිලා(පාරිභා.) [නා.] මුහුදු වෙරළෙහි දක්නට ලැබෙන වටකුරු බොරලු (=shingle).
අෂ්ටෝත්තර ශතය[නා.] අටකින් වැඩි සියය; එකසිය අට.
අෂ්ඨිය[නා.] ගෙඩියක ඇටය නොහොත් මදය.
අස1. [නා.] දසරුව; උරහිස. 2. [නා.] අද්දර; කෙළවර; වාටිය; ගැට්ට; ඉවුර. 3. [නා.] ප්‍රදේශය; දිශාව. 4. [නා.] සමීපය; අසල. 5. [නා.] අභිප්‍රාය; කැමැත්ත; රුචිය; ආශාව. 6. [නා.] ඇස; ඇහැ; අක්ෂිය. 7. [නා.] ඡිද්‍රය; සිදුර. 8. [නා.] ස්වල්පය; ලේශය.
අසංකය[නා.] ගණන් කළ නොහැකි සඞ්ඛ්‍යාව; ප්‍රමාණ කළ නොහැකි ඉතා දීර්ඝ කාලය.
අසංඛතය[නා.] ප්‍රත්‍යයකින් සකස් නොවූව; ප්‍රත්‍යයකින් නොහටගත් දෙය; නිර්වාණය.
අසංචිය[නා.] අතරතුර නැවැත්ම හෝ කඩවීම.
අසංයත[වි.] නොහික්මුණු; සංවර නොවූ; අවිනීත; අසංයම.
අසංවරය[නා.] සංවරය නොමැති බව; ඉන්ද්‍රියයන් නොහික්මුණ බව.
අසංවර්ධිත[වි.] සංවර්ධනය නොකරන ලද; දියුණු නොකරන ලද; නොදියුණු.
අසංවාසික, අසංවාසි[වි.] එකට වාසය නොකරන; එකට නොපවතින හෙවත් සම්බන්ධ නොවන.
අසංවුත, අසංවෘත[වි.] නොවැසුණු; සංවෘත නොවූ; විවෘත.
අසංශෝධිත1. [වි.] පිරිසිදු නොකළ; ශුද්ධ නොකරන ලද. 2. [වි.] වැරදි අස් කිරීමෙන් සංශෝධනය නොකරන ලද.
අසංසට්ඨ[වි.] මිශ්‍ර නොවූ හෙවත් ආශ්‍රය නොකරන.
අසංසර්ගය[නා.] එක් නොවීම; ආශ්‍රය නොකිරීම.
අසංස්කෘත1. [වි.] සකස් නොවූ; අශිෂ්ට; අසත්‍ය; ග්‍රාම්‍ය; හික්මීමක් නැති. 2. (අභි.) [වි.] ප්‍රත්‍යයකින් හට නොගත්.
අසංස්කෘත ධර්මය[නා.] (අභි.) හේතු ප්‍රත්‍යය අනුව පහළ නොවූ ධර්මය.
අසංස්ථිත[වි.] ස්ථාවර නොවූ; නිතර වෙනස් වන සුලු.
අසංස්පෘෂ්ට[වි.] ස්පර්ශ නොකරන ලද; නොගැටුණු.
අසංසෘෂ්ට[වි.] සම්බන්ධ නොවූ.
අසංහත[වි.] සංහත නොවූ; ඝන නොවූ; බුරුල්.
අසංහිත[වි.] එක් නොකළ; සන්ධි නොවූ.
අසංහීර[වි.] නොමැඬිය හැකි; අනභිභවනීය.
අසක1. [වි.] සැක නැති; නිසැක. 2. [වි.] ස්වකීය නොවූ; අන්‍ය.
අසක්කුව(කථා.) [නා.] නැති බැරිකම; අමාරුව; හදිසි අවශ්‍යතාව.
අසක්ත[වි.] නොඇලුණු; ඇලී ගැලී නැති.
අසකි1. [වි.] ගණන් කළ නොහැකි; අප්‍රමාණ. 2. [වි.] අශක්‍ය; නොහැකි.
අසඞ්කල්ප්‍ය[වි.] සිතිය නොහැකි.
අසඞ්ක්ලිෂ්ට[වි.] කිලිටි නොවූ; නොකෙලෙසුණු.
අසඞ්ක්ලේශ[නා.ප්‍ර.] සුපිරිසිදු බව.
අසඞ්කීර්ණ[වි.] සඞ්කර නොවූ; නිරවුල්; සරල.
අසඞ්කුචිත[වි.] නොහැකිළි; නොහැකිළුණු.
අසඞ්ඛතය[නා.] (අභි.) හේතු ප්‍රත්‍යයකින් නොහටගත් දෙය; නිර්වාණය.
අසඞ්ඛලිත[වි.] පැකිළීමක් නැත්තා වූ.
අසඞ්ඛ්‍යාත[වි.] සංඛ්‍යා විරහිත.
අසඞ්ඛාරික[වි.] (අභි.) පූර්ව ප්‍රයෝගයෙන් හෝ පෙලඹවීමෙන් හෝ තොර.
අසඞ්ඛෙය්‍ය1. [නා.] ගණන් කළ නොහැකි සංඛ්‍යාව; ප්‍රමාණ කළ නොහැකි ගණන. 2. [නා.] ප්‍රමාණ කළ නොහැකි දීර්ඝ කාල පරිච්ඡේදය.
අසඞ්ග[වි.] නොඇලුණු.
අසඞ්ගත[වි.] අයෝග්‍ය; අයුතු; නොගැළපෙන.
අසඞ්ගතිය[නා.] අයෝග්‍ය බව; නොගැළපීම.
අසඞ්ගෘහිත[වි.] ඇතුළත් නොවූ; අඩංගු නොවූ.
අසඟ[නා.ප්‍ර.] අසංසර්ගය; වෙන් වීම; ඈත් වීම.
අසජ්ජනයා[නා.] අසත්පුරුෂයා; අයහපත් තැනැත්තා; ගුණ ධර්මයෙන් හීන පුද්ගලයා.
අසඤ්චලිත[වි.] නොසැලුණු; කම්පා නොවූ; අකම්පිත.
අසඤ්ජාත[වි.] නොහටගත්; ජනිත නොවූ.
අසඤ්ඤ, අසංඥ[වි.] (අභි.) සංඥා (නාමස්කන්ධය) නැති.
අසඤ්ඤත[වි.] නොහික්මුණු; සංවර නොවූ; අවිනීත.
අසඤ්ඤසත්තය[නා.] (අභි.) නාමස්කන්ධ සතර නොමැති සත්ත්වයන්ගේ හෙවත් අසංඥ සත්ත්වයන්ගේ ලෝකය; රූපාවචර බ්‍රහ්ම ලෝකය.
අසඨ[වි.] කපට නොවූ; අවඞ්ක.
අසත්[වි.] සත්‍ය නොවන; අසත්‍ය; අතාත්වික; කල්පිත.
අසත් ගුණය[නා.] අවිද්‍යමාන හෙවත් නැති ගුණය; ව්‍යාජ ගුණය; අගුණය; දුශ්චරිතය.
අසත් සම්භාවනාව[නා.] ලාභ ප්‍රයෝජන තකා තමා තුළ නැති ගුණ ප්‍රකාශ කිරීම.
අසත්ක්‍රියා[නා.ප්‍ර.] අයහපත් ක්‍රියා; නුසුදුසු ක්‍රියා; පාප ක්‍රියා.
අසත්දම1. [නා.] අසත්‍ය ධර්මය; අසද්ධර්මය; මිථ්‍යා ධර්මය. 2. [නා.] මෛථුන ධර්මය; ග්‍රාම ධර්මය.
අසත්පථය[නා.] අයහපත් මාර්ගය; වැරදි මාර්ගය.
අසත්ප්‍රාය[නා.ප්‍ර.] අයහපත් දෙය; අයෝග්‍ය දෙය. [වි.] අයහපත්; අයෝග්‍ය.
අසත්සමවාය[නා.ප්‍ර.] අසත්පුරුෂයන් හා සමාගමය; නරක මිනිසුන් ඇසුරු කිරීම.
අසත්‍යය[නා.] සත්‍ය නොවූව; බොරුව.
අසතී[නා.ප්‍ර.] පතිවත නොරකින ස්ත්‍රිය; ලාමක ස්ත්‍රිය.
අසද[වි.] සුව කළ නොහැකි; අසාධ්‍ය. [නා.ප්‍ර.] ශ්‍රද්ධා රහිතබව; අශ්‍රද්ධාව.
අසද්ධර්මය[නා.] අසත්‍ය ධර්මය; මිථ්‍යා ධර්මය.
අසදෘශ, අසදිස[වි.] සමාන නොවූ; අතුල්‍ය.
අසන1. [නා.ප්‍ර.] කෑම; අනුභවය. 2. [නා.ප්‍ර.] ආසනය.
අසනවා1. [ක්‍රි.] ප්‍රශ්න කරනවා; විමසනවා. 2. [ක්‍රි.] ශ්‍රවණය කරනවා; සවන් දෙනවා; විමසනවා. 3. [ක්‍රි.] නාසයෙන් ගඳ සුවඳ දැන ගන්නවා; ආඝ්‍රාණය කරනවා.
අසන්[වි.] ආසන්න; සමීප; ළඟ.
අසන් මාර්ගය[නා.] වැරදි මග; අයහපත් මග.
අසන්තක[වි.] අයිති නැති; හිමි නැති.
අසන්තාසය, අසන්ත්‍රාසය[නා.] තැති ගැනීම් නැතිබව; භය රහිත වීම.
අසන්තුෂ්ටිය[නා.] අසතුට; අප්‍රසාදය.
අසන්ථවය[නා.] සමාජය හා සම්බන්ධයක් නැති ව විසීම; හුදකලා වාසය.
අසන්දිග්ධ[වි.] සැකයක් නැති; නිසැක.
අසන්දේහ[නා.ප්‍ර.] සැකයක් නැති බව; නිසැකබව.
අසන්නායකය(පාරිභා.) [නා.] විද්‍යුත් ධාරා හෝ තාපය හො සන්නයනය නොවන ද්‍රව්‍යය (=non-conductor).
අසන්නිහිත[වි.] ළං කොට නොතැබූ; ළං නොවූ; සමීපයෙහි නොවූ.
අසනි චක්‍රය[නා.] හෙණ පහර; හෙණය.
අසනි පතනය[නා.] අකුණු පාත් වීම; හෙණ ගැසීම.
අසනිය[නා.] අකුණ; හෙණය.
අසනියමල්[නා.ප්‍ර.] විලඳ; වී පොරි.
අසනීපය[නා.] සනීප නැතිබව; රෝගය; ව්‍යාධිය; ලෙඩ.
අසප්පාය[වි.] අයහපත්; නුසුදුසු; අසත්ප්‍රාය.
අසපුව[නා.] තවුසකුගේ (ආරණ්‍යක) නිවාසය; ආශ්‍රමය.
අසඵල[වි.] සාර්ථක නොවන; නිෂ්ඵල; නිසරු.
අසබඩ, අසබොඩ[නා.ප්‍ර.] අසල; සමීපය; අද්දර.
අසබා[වි.] සැබෑ නොවූ; බොරු.
අසභ්‍ය[වි.] සභ්‍ය නොවූ; අශිෂ්ට; ග්‍රාම්‍ය; අශීලාචාර.
අසම[වි.] සම නොවූ; අසදෘශ වූ.
අසම පරිණතිය(පාරිභා.) [නා.] එක ම පුෂ්පයෙහි රේණු හා කලංක එකවිට පරිණත නොවීම (=dichogamy).
අසමජ්ජාතිකයා, අසමජ්ජාතියා(කථා.) [නා.] පහත් පුද්ගලයා; නින්දිත තැනැත්තා.
අසමර්ථ[වි.] නොහැකි; අදක්ෂ.
අසමවායි[වි.] (න්‍යාය.) නිත්‍ය සම්බන්ධයක් නැති.
අසමසම[වි.] අසමයන්ට සමාන; අනුත්තර; අසදෘස.
අසම්පජඤ්ඤය[නා.] සිහි නුවණින් තොර බව; අඥාන බව.
අසම්පන්න[වි.] සමෘද්ධ නොවූ; ඵලදායී නොවූ.
අසම්ප්‍රයුක්ත[වි.] සම්බන්ධ නොවූ; නොයෙදුණු.
අසම්ප්‍රයෝග[නා.ප්‍ර.] එක් ව නොයෙදීම; වෙන් ව පවත්නා බව.
අසම්ප්‍රාප්ත[වි.] නොපැමිණි හෝ ළඟා නොවූ; නොලැබුණු.
අසම්පීඩ්‍ය(පාරිභා.) [වි.] සම්පීඩනය කළ නොහැකි; සංකෝචනය කළ නොහැකි (=incompressible).
අසම්පූර්ණ1. [වි.] සම්පූර්ණ නොවූ; අඩුපාඩුකම් ඇති; ඌන. 2. (පාරිභා.) [වි.] සම්පූර්ණ නොකළ; පටන්ගත් ගමන්. (=inchoate).
අසම්බන්ධ1. [වි.] සම්බන්ධ නැති; නොගැළපෙන. 2. (පාරිභා.) [වි.] විච්ඡින්න.
අසම්බාධ[වි.] බාධා නැති; අවහිරයක් නැති.
අසම්භවය[නා.] සම්භව නොවීම; ඇති නොවීම; නොහටගැන්ම.
අසම්භාවනාව[නා.] ඇදහීමට හෙවත් විශ්වාස කිරීමට නොහැකි වීම.
අසම්භාවනීය1. [වි.] සම්භාවනීය නොවන; බුහුමන් නොකළ යුතු. 2. [වි.] විය නොහැකි; අනුචිත.
අසම්භාව්‍ය1. [වි.] විය නොහැකි; සිතාගත නොහැකි. 2. [වි.] පරස්පර විරෝධී; අන්‍යෝන්‍ය විරුද්ධ. 3. [වි.] ඒකාන්ත සේ නොසැලකිය හැකි; අනියත.
අසම්භාව්‍ය ක්‍රියාව[නා.] (ව්‍යාක.) අනියමාර්ථයක් හෝ කාලාර්ථයක් හෝ ප්‍රකාශ කරන ක්‍රියාව.
අසම්භාවිත[වි.] සම්භාවිත නොවූ; සිතිය නොහැකි; විය නොහැකි.
අසම්භින්න1. [වි.] කුල පරම්පරාවෙන් අභින්න හෙවත් අමිශ්‍ර. 2. [වි.] අමිශ්‍ර වූ; දිය නොමුසු.
අසම්භීත[වි.] නිර්භය; නිර්භීත; එඩිතර.
අසම්භූත[වි.] නොවූ; නොවූ විරූ; අභූත.
අසම්භෝගය1. [නා.] භුක්ති නොවිඳීම. 2. [නා.] භික්ෂූන්ගේ ධර්මාමිෂ සම්භෝගය නැති වීම.
අසම්මත[වි.] සම්මත නොකළ; නොපිළිගත්.
අසම්මතකාරී[වි.] අදක්ෂ; දක්ෂ නොවූ.
අසම්මර්ශන[නා.ප්‍ර.] සම්මර්ශනය නොකිරීම; වටහා නොගැනීම; අවබෝධ නොකිරීම.
අසම්මිශ්‍ර[වි.] මිශ්‍ර නොවූ; නොගැටුණු.
අසම්මුඛ[වි.] ඉදිරියෙහි නොවූ; අනභිමුඛ; මුණ නොගැසුණු.
අසම්මූඪ[වි.] සිහි මුළා නොවූ; ශාන්ත; සන්සුන්.
අසම්මෝදන[නා.ප්‍ර.] එක් ව සතුටු නොවීම.
අසමාන[වි.] සමාන නොවූ; වෙනස්; අසදෘශ; නිරූපම.
අසමාපන්න[වි.] නොපැමිණි; නොඑළඹි; නොසමවැදුණු.
අසමාහාර[වි.] එක් නොවූ; එක් නොකළ.
අසමාහිත[වි.] නොසන්සුන්; නොදැමුණු; වික්ෂිප්ත.
අසමීක්ෂණය[නා.] සිහි පරීක්ෂාවෙන් කටයුතු නොකිරීම.
අසය්හ[වි.] නොඉවසිය හැකි; ජය ගත නොහැකි.
අසර1. [නා.ප්‍ර.] හැසිරීම; පැවැත්ම. 2. [නා.ප්‍ර.] ඇසුර; ආශ්‍රය. 3. [නා.ප්‍ර.] මාවත; මාර්ගය.
අසරණයා[නා.] සරණක් හෙවත් පිහිටක් නැති තැනැත්තා; අනාථයා.
අසරණසරණ[වි.] අසරණයන්ට පිහිට වන; අනාථනාථ වූ.
අසරමිණිය[නා.] දෙපා නමා අරමිණිය ගොතා හිඳීම; පර්යඞ්කය.
අසරු[වි.] සරු නැති; නිසරු; වඳ. [නා.ප්‍ර.] අසු පිට යන්නා; අසරුවා.
අසරුප්[වි.] නුසුදුසු; අනුචිත; අසාරුප්‍ය.
අසරුපෙළ[නා.] අශ්වාරෝහක ශ්‍රේණිය; අසරු පිරිස.
අසල[වි.] නිසල; නොසෙල්වෙන. 1. [නා.] ළඟ; සමීපය; ආසන්න ප්‍රදේශය. 2. [නා.] පර්වතය; කන්ද.
අසල්වාසී, අසල්වැසි[වි.] සමීපයෙහි වසන; ළඟපාත වාසය කරන.
අසවල්, අසුවල්[වි.] එවැනි; එබඳු; ඒ අකාර.
අසවලා[නා.ප්‍ර.] එවැනි තැනැත්තා; එබඳු පුද්ගලයා.
අසවු සන්ධිය(පාරිභා.) [නා.] අසවුවක ආකාරයට සම්බන්ධය වූ අස්ථි සන්ධියක් (=hinge- joint).
අසවුව[නා.] සරනේරුව.
අසස1. [නා.] (නාසයෙන්) වාතය ඇතුළට ගැනීම; හුස්ම ගැනීම. 2. [නා.] අස්වැසීම; සැනසිල්ල.
අසස්වත[වි.] සදාකාලික නොවූ; නිත්‍ය නොවූ; අචිරස්ථායි; අස්ථිර; අශාශ්වත.
අසහනය[නා.] නොඉවසීම; ඉවසිය නොහැකි බව; දැරිය නොහැකි බව.
අසහ්‍ය[වි.] ඉවසිය නොහැකි; විඳිය නොහැකි; දැරිය නොහැකි.
අසළ[වි.] පුරුදු කළ; පරිචිත; ප්‍රගුණ කළ.
අස්1. [නා.ප්‍ර.] දසරුව; උරහිස. 2. [නා.ප්‍ර.] ලාඤ්ඡනය; මුද්‍රාව.
අස් ඇණිය[නා.] අශ්ව සේනාව; අස් හමුදාව.
අස් ඔබනවා[ක්‍රි.] ලාඤ්ඡනය හෝ මුද්‍රාව තබනවා; සීල් තබනවා.
අස් කරනවා1. [ක්‍රි.] ඉවත් කරනවා; පසෙකට කරනවා. 2. [ක්‍රි.] තැන්පත් කරනවා.
අස් දම්සැරියා[නා.] අසුන් දමනය කරන්නා; හික්මවන්නා; අස්සදම්ම සාරථි.
අස් වළල්ල[නා.] සටන් පිණිස වලයාකාරයෙන් එනම් වළල්ලක හැඩයෙන් කවාකාර ව සැදි අසුන් පෙළ; අස්බළ ඇණිය; අශ්වාරෝහ හමුදාව.
අස්ඉල[නා.ප්‍ර.] අස්ලොම්.
අස්කඩ1. [නා.] රෙදි කැබෙල්ල; (කථා.) කොණ්ඩය බැඳීමට ගන්නා රෙදිපටිය. 2. [නා.] භික්ෂූන් සිවුරට යටින් එක් උරයක් වසා පොරවන සිවුරුකඩ; අසංකඩ.
අස්කබල(කථා.) [නා.] ඉරී ගැහුන පරණ වළඳ; ආප්ප ආදිය පිළිස්සීමේදී උඩින් තබන ගිනි කබල.
අස්කොන[නා.ප්‍ර.] වියූ පැදුරු ආදියෙන් කපා ඉවත් කරන කෙළවරවල්.
අස්තගත, අස්තඞ්ගත[වි.] බැස ගියා වූ; අදෘශ්‍යමාන වූ.
අස්තඞ්ගමය1. [නා.] ඉර හෝ සඳ හෝ බැස යෑම. 2. [නා.] අදෘශ්‍යමාන වීම.
අස්ථි කුහරය(පාරිභා.) [නා.] ඇටයක ඇති කුඩා විවරය; ඇට කුහරය; කෝටරකය (=sinus).
අස්ථි කෝණය(පාරිභා.) [නා.] අස්ථියක් වෙනත් අස්ථියක් හා සම්බන්ධ වන රවුම් වූ කොණ (=condyle).
අස්ථි ධාතුව[නා.] ඇට සාරව; ඇටමිදුලු.
අස්ථි පඤ්ජරය[නා.] ඇටසැකිල්ල; අස්ථිපුඤ්ජය.
අස්ථි පටලය[නා.] ශරීරාස්ථි වසා සිටින ඝන පටලය; ඇටසිවිය; අස්ථි ආවරණය.
අස්ථි පරික්ෂය[නා.ප්‍ර.] ඇටයක දිරායෑම.
අස්ථි බන්ධනය[නා.] ශරීරාස්ථි එකට බැඳ තබන පටක විශේෂය; බන්ධනිය.
අස්ථි භවනය(පාරිභා.) [නා.] අස්ථිවල නිර්මාණය; ඇටකටු සෑදීම (=ossification).
අස්ථි විද්‍යාව[නා.] ශරීරාස්ථි පිළිබඳ ශාස්ත්‍රය; ශරීරයේ ඇටකටු පිළිබඳ විද්‍යාව.
අස්ථි සඞ්කලිකාව[නා.] ඇට සැකිල්ල.
අස්ථිකය, අස්ථිකාව1. [නා.] ඇටය. 2. [නා.] භාවනාවට අරමුණු කරගනු ලබන දශ අශුභ අතරින් එකක් වන ඇටසැකිල්ල.
අස්ථිමජ්ජා[නා.ප්‍ර.] ඇටමිදුලු.
අස්ථිය[නා.] පෘෂ්ඨවංශීය සත්ත්වයන්ගේ ඇටසැකිල්ල සෑදී ඇති එක් එක් විශේෂ කොටස; ඇටය.
අස්ථිර[වි.] ස්ථිර නොවූ; අනිත්‍ය; අවිනිශ්චිත.
අස්ථිසඞ්ඝාත[නා.ප්‍ර.] අස්ථි සමූහය; ඇට රාශිය; ඇටසැකිල්ල.
අස්ථිසන්ථි විච්ඡේදය[නා.] ශරීරස්ථ සන්ධි වෙන් කිරීම; සන්ධි කපා දැමීම.
අස්ථිසාරය1. [නා.] ඇටසාරය; ඇටමිදුලු. 2. [නා.] ඇටවලින් හෙවත් මස් කටුවලින් සාදනු ලබන සාරය හෙවත් සුප්.
අස්දම[නා.] අස්හලේ දී අසුන් බඳින රැහැන හෝ දම්වැල.
අස්නිග්ධ[වි.] සිනිඳු බවින් තොර; රූක්ෂ; රළු.
අස්පරස් කරනවා, අස්පස් කරනවා[ක්‍රි.] අස් කරනවා.
අස්පෂ්ට[වි.] පැහැදිලි නොවන; නොපැහැදිලි.
අස්පෘශ්‍ය[වි.] ස්පර්ශ නොකළ යුතු; නොඇල්ලිය යුතු.
අස්පෘෂ්ට[වි.] ස්පර්ශ නොකරන ලද; නොගැටුණු; එකිනෙකට නොගාවන ලද.
අස්ඵටික(පාරිභා.) [වි.] ස්ඵටිකරූපී නොවූ; නියම හැඩයක් නැති (=amorphous).
අස්ඵුට[වි.] ස්ඵුට නොවූ; ප්‍රකට නොවූ.
අස්මත්[සර්ව.] අප; මා.
අස්මරි[නා.ප්‍ර.] මූත්‍ර බොක්කේ ගල් සෑදීම නිසා ඇතිවන රෝගය; මූත්‍රගල්.
අස්මිමානය[නා.] තමා සම්බන්ධයෙන් උපදනා මානය; මම ශ්‍රේෂ්ඨ වෙමියි සිතීම නිසා උපදින මානය.
අස්මී[නා.ප්‍ර.] තුඹසක් තුළ වේයන් විසින් මී වදයක් වැනිව සාදනු ලබන කැදැල්ල.
අස්මුද්ද[නා.] හංස රූපය සහිත මුද්‍රාව; රාජමුද්‍රාව.
අස්මෘතිය[නා.] අමතක වීම.
අස්රිපු[නා.ප්‍ර.] මහිෂයා; මීමා.
අස්රෙද්ද(කථා.) [නා.] ලිපෙන් වළන් බෑමට පාවිච්චි කරන රෙදි කෑල්ල; දැලි රෙද්ද.
අස්වච්ඡ[වි.] විනිවිද නොපෙනෙන; පාරදෘශ්‍ය නොවූ.
අස්වච්ඡන්දය[නා.] සිය කැමැත්ත සේ ක්‍රියා නොකරන බව.
අස්වද්දනවා, අස්සද්දනවා1. [ක්‍රි.] කුඹුරු වගා කරනවා; ගොවිතැන් කරනවා. 2. [ක්‍රි.] යම් භූමියක් ගොවිකමට යෝග්‍ය වන සේ පිළියෙල කරගන්නවා.
අස්වදිනවා[ක්‍රි.] සස්‍ය හටගන්නවා; අස්වැන්න ඇතිවෙනවා.
අස්වනවා[ක්‍රි.] ශ්‍රවණය කරවනවා; කියවනවා; නැවත නැවත කියවනවා; පුහුණු කරනවා.
අස්වනු[නා.ප්‍ර.] අස්වැන්න.
අස්වස1. [නා.] හුස්ම ගැනීම; ආශ්වාසය. 2. [නා.] අස්වැසිල්ල; සහනය.
අස්වසනවා[ක්‍රි.] සනසනවා; සහනය සලසනවා.
අස්වස්ථ[වි.] ස්වස්ථභාවයෙන් තොර; රෝගාතුර වූ.
අස්වාදු[වි.] මිහිරි නොවන; අමිහිරි; නීරස.
අස්වාභාවික[වි.] ස්වාභාවික නොවූ; අසාමාන්‍ය; කෘත්‍රිම.
අස්වාමික1. [වි.] හිමියකු නැති; අයිතිකරුවකු නැති. 2. [වි.] අවිවාහක.
අස්වාස්ථ්‍ය[නා.ප්‍ර.] රෝගීබව; රෝග අවස්ථාව.
අස්වැන්න, අස්සැන්න[නා.] වැවිලි ආදියෙන් ලැබෙන පලදාව; ගොයම් ආදියෙන් ලැබෙන කරල; ශස්‍ය ඵලය.
අස්වැසිල්ල[නා.] සිතෙහි ඇතිවන සැනසිලි ස්වභාවය; සැනසිල්ල.
අස්වෙනවා[ක්‍රි.] ඉවත් වෙනවා.
අස්වෛරී[වි.] ස්වාධීන නොවූ; තමා කැමති සේ නොපවතින.
අස්සත්ථරක, අස්සත්ථරණ[නා.ප්‍ර.] අසුන් පිට ලන ඇතිරිල්ල.
අස්සද්දනවා[ක්‍රි.] අස්වද්දනවා.
අස්සද්ධෙය්‍ය[වි.] නොඇදහිය හැකි; විශ්වාස කළ නොහැකි.
අස්සරම[නා.] අශ්ව සරඹ; අශ්වාරෝහණය පිළිබඳ අභ්‍යාසය; අශ්ව ශිල්පය.
අස්සල, අස්හල[නා.] අශ්වයන් බඳින ශාලාව; අස්හල.
අස්සලයා, අස්හලයා[නා.] අසුන් බලන්නා.
අස්සානික[නා.ප්‍ර.] අශ්ව සේනාව; අශ්වාරෝහක බළ ඇණිය.
අස්සාස[නා.ප්‍ර.] ඇතුළට ගන්නා නාසිකා වාතය; ආශ්වාසය.
අස්සාස - පස්සාස[නා.ප්‍ර.] හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම; ආශ්වාස ප්‍රශ්වාසය.
අස්සු[නා.ප්‍ර.] කඳුළු; අශ්‍රැ.
අසාත[වි.] අමිහිරි; අමධුර; දුක් ගෙන දෙන.
අසාත්ම්‍ය[වි.] අහිත; අපථ්‍ය.
අසාත්මිකතාව(පාරිභා.) [නා.] ශරීර ගත වුණු ද්‍රව්‍යවලට, බෙහෙවින් ප්‍රෝටීනවලට ශරීරයේ සෛල අසංවේදීව පවතින අවස්ථාව (=allergy, allergia).
අසාදු[වි.] අයහපත්; නීරස.
අසාදෘශ්‍ය[වි.] අසමාන; අසාරුප්‍ය.
අසාධක[වි.] සිද්ධ නොකරන; ඉෂ්ට නොවන.
අසාධ්‍ය[වි.] සුව කළ නොහැකි; පිළියම් කළ නොහැකි.
අසාධාරණ1. [වි.] සාධාරණ නොවූ; අන්‍යයන් හා පොදු නොවූ; අන්‍යයන් හා සමාන නොවන. 2. [වි.] යුක්ති සහගත නොවන; අයුතු; සාධාරණකමට විරුද්ධ.
අසාධු[වි.] අයහපත්; නොමනා; දුෂ්ට; නරක.
අසාමග්‍රය[නා.ප්‍ර.] අසමගිය; සමගි ව නොපැවැත්ම.
අසාමර්ථ්‍යය[නා.] අසමර්ථ බව; අසමත් බව.
අසාම්‍ය[වි.] අසමාන; අසම.
අසාමාන්‍ය[වි.] සාමාන්‍ය නොවූ; විශේෂ.
අසාර[වි.] අරටුවක් නැති; සාරයක් නැති; සශ්‍රීක නැති; නිසරු.
අසාර්ථක[වි.] සාර්ථක නොවූ; නිරර්ථක; නිෂ්ඵල.
අසාරූප්‍යය[නා.] නොසරුප්බව; සුදුසු නොවන්න; නුසුදුස්ස.
අසැකි[නා.ප්‍ර.] ගණන් කළ නොහැකි ඉතා දීර්ඝ කාලපරිච්ඡේදයක්; අසංඛ්‍ය; ගිණිය නොහැකි.
අසි1. [නා.ප්‍ර.] කඩුව. 2. [නා.ප්‍ර.] ගිනිදැල්ල; ගිනිසිළ.
අසික්කිත(කථා.) [වි.] ශික්ෂණයක් නැති; නොදැමුණු; නොහික්මුණු.
අසිග්ගාහක[නා.ප්‍ර.] රජුගේ කඩුගන්නා නිලධාරී තනතුර; කාල්වඩන්නා.
අසිත1. [වි.] තද නිල් හෝ කළු පැහැති; කාළ වර්ණ. 2. [වි.] අනුභව කරන ලද. 1. [නා.ප්‍ර.] තද නිල් හෝ කළු පැහැය; කාළ වර්ණය. 2. [නා.ප්‍ර.] සෙනසුරු ග්‍රහයා. 3. [නා.ප්‍ර.] චන්ද්‍රමාසයක කාළ පක්ෂය. 4. [නා.ප්‍ර.] නපුරු සිත. 5. [නා.ප්‍ර.] පුදුමය.
අසිත ස්‍රාවය(පාරිභා.) [නා.] ලෙයින් කළුපාට වූ අසූචි වැගිරීම; ලේ මුසුවීමෙන් කළු පැහැ ගත් මල පහවීම.
අසිතල[නා.ප්‍ර.] කඩුපත; අසිපත.
අසිථිල[වි.] ලිහිල් නොවූ; ස්ථිර; දැඩි.
අසිපත1. [නා.] කඩුපත. 2. [නා.] උරෝස්ථියේ පහළ කෙළවර ඇති කඩුපතක කෙළවරක් වැනි කාටිලේජීය ප්‍රසරය.
අසිරි[වි.] ආශ්චර්යවත්; අද්භූත. 1. [නා.ප්‍ර.] ආයුෂ; ආසිරි. 2. [නා.ප්‍ර.] අභාග්‍යය; ව්‍යසනය.
අසිරිමත්[වි.] පුදුම එලවන; ආශ්චර්යවත්.
අසීමිත[වි.] සීමා නොකරන ලද; සීමා රහිත.
අසීරුව[නා.] අමාරුව; අපහසුව.
අසු1. [නා.ප්‍ර.] කඳුළු; අශ්‍රැ. 2. [නා.ප්‍ර.] මුල්ල; අහුමුල්ල; කොණ. 3. [නා.ප්‍ර.] සිදුර; විවරය. 4. [නා.ප්‍ර.] අශ්වයා.
අසු අස්සෙන්[ක්‍රි.වි.] අතරින්; මැදින්.
අසුත[වි.] නොඅසන ලද; නොඇසූ.
අසුන්1. [නා.ප්‍ර.] හිඳගන්නා තැන; ආසන. 2. [නා.ප්‍ර.] මල් පුදන මැස්ස; මල් ආසන. 3. [නා.ප්‍ර.] පණිවිඩය; ලිපිය.
අසුන්පත[නා.] ලිපිය; ශාසන පත්‍රය.
අසුබ, අසුභ1. [වි.] ප්‍රසාදජනක නොවූ; පිළිකුල්. 2. [වි.] අනිෂ්ට; අයහපත්; අශුභ.
අසුමස්සේ[ක්‍රි.වි.] ඉඳහිට; විටින්විට.
අසුර1. [නා.ප්‍ර.] එනම් දේව විශේෂය. 2. [නා.ප්‍ර.] රාහු ග්‍රහයා. 3. [නා.ප්‍ර.] සූර්යයා. 4. [නා.ප්‍ර.] ඇඟිලි තුඩු එක් කොට නොහොත් අත්ල බොකුටු කොට ගත හැකි ප්‍රමාණය; මිට; අහුර.
අසුර ගසනවා, අසුරු ගසනවා(කථා.) [ක්‍රි.] මහපටැඟිල්ල සහ මැදැඟිල්ල එකට ගැටීමෙන් ක්ෂණික ශබ්දයක් නිකුත් කරනවා; අසුරුසන් දෙනවා.
අසුර සඞ්ග්‍රාමය[නා.] අසුර යුද්ධය; සුරයන් හා අසුරයන් අතර වූ සඞ්ග්‍රාමය.
අසුරගුරු[නා.ප්‍ර.] අසුරයන්ගේ ගුරුවරයා; සිකුරු ග්‍රහයා.
අසුරරිපු[නා.ප්‍ර.] අසුරයන් සතුරු කොට ඇති තැනැත්තා; ශක්‍රයා හෝ විෂ්ණු.
අසුරු මිට[නා.] ඇඟිලි තුඩින් ගත හැකි ප්‍රමාණය.
අසුරුසන[නා.] අසුරු ගැසීමෙන් හට ගැනෙන ශබ්දය.
අසුරේන්ද්‍රයා[නා.] අසුරයන්ගේ ප්‍රධානයා; අසුර නායකයා.
අසූමහසව්වෝ[නා.බහු.] ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් අසූනම.
අසූයාව[නා.] ඊර්ෂ්‍යාව.
අසෙන, අසෙනි[නා.ප්‍ර.] අකුණ; හෙණය.
අසෙනිය කුසුම්[නා.බහු.] ගෞරව භක්තිය දැක්වීම සඳහා ද පූජෝපහාරයක් වශයෙන් ද විසුරුවනු ලබන විලඳ; වීපොරි.
අසේඛ[වි.] අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මීමක් තවදුරටත් අවශ්‍ය නොවන. [නා.ප්‍ර.] ශෛක්ෂධර්මයන් ඉක්ම අර්හත්ඵලයෙහි සිටි පුද්ගලයා; රහතන්වහන්සේ.
අසේඛභූමි[නා.ප්‍ර.] රහත්බව; අර්හත් ඵලය.
අසේඛමුනි[නා.ප්‍ර.] අර්හත්ඵලයෙහි පිහිටි මුනිවරයා.
අසේවනීය[වි.] අනුගමනය නොකළ යුතු; පුරුදු පුහුණු නොකළ යුතු.
අසේව්‍ය[වි.] සේවනය නොකටයුතු.
අසේවිත1. [වි.] සේවනය නොකරන ලද. 2. [වි.] භාවිත නොකරන ලද.
අසෝ1. [වි.] ශෝක නැති; නිශ්ශෝක. 2. [වි.] අසවල්; එබඳු.
අහ1. [නා.] අද්දර; කෙළවර; වාටිය. 2. [නා.] පැත්ත; දිශාව; ප්‍රදේශය. [නා.ප්‍ර.] දිනය; දවස.
අහක දමනවා[ක්‍රි.] ඉවතට දමනවා.
අහක් කරනවා[ක්‍රි.] පැත්තට කරනවා; ඉවත් කරනවා; අස් කරනවා.
අහඞ්කාර[වි.] උඩඟු; ආඩම්බර.
අහනවා1. [ක්‍රි.] ශ්‍රවණය කරනවා; සවන් දෙනවා. 2. [ක්‍රි.] විමසනවා.
අහපති[නා.ප්‍ර.] දිනපති; සූර්යයා; අහර්පතියා.
අහම්බෙන්[ක්‍රි.වි.] අනියම් ලෙස; බලාපොරොත්තු නොවූ පරිදි; හදිස්සියෙන්.
අහඹු[වි.] අනියම්; බලාපොරොත්තු රහිත (= accidental).
අහර[නා.] ආහාරය.
අහරකිස[නා.] අනුභවය; ආහාර ගැනීම; ආහාර කෘත්‍යය.
අහරවිහරණ[නා.ප්‍ර.] ආහාරය හා වාසය.
අහල පහල[නා.] ආසන්න ප්‍රදේශය; කිට්ටුව; සමීපය.
අහවර වෙනවා[ක්‍රි.] ඉවර වෙනවා; හිස්වෙනවා.
අහවලා[නා.] අසවල් තැනැත්තා; ඒ පුද්ගලයා.
අහස් ජලය[නා.] වැසි දිය; වර්ෂා ජලය; අහස් දිය; අහස් පැන්.
අහස් නැව[නා.] අහස්හි ගමන් කරන වාහනය; අහස් යානය.
අහස් වියන[නා.] ගෙයක් හෝ එළි මහනෙහි ඉහළින් බඳින ආවරණය; උඩුවියන.
අහස්ගඟ[නා.] ආකාශ ගඞ්ගාව; දිව්‍ය ගඞ්ගාව.
අහස්ගැබ[නා.] අහස්කුස; අන්තරීක්ෂය; ආකාශය.
අහස්නී[නා.ප්‍ර.] අහස් ගඟ.
අහස්පත1. [නා.] ආකාශ පත්‍රය; සරුංගලය. 2. [නා.] ආකාශ පථය; අහස් මඟ.
අහස්පියෙස්[නා.ප්‍ර.] ආකාශය; අහස.
අහස්මිණ[නා.] සූර්යයා; ඉර.
අහස්යාත්‍රාව[නා.] අහස්යානය; අහස්නැව.
අහස්සැරි[වි.] ආකාශචාරී; අහසෙහි සැරිසරන; ආකාශචාරි වූ.
අහාර්ය[වි.] නොගෙන යා යුතු; පැහැර නොගත හැකි.
අහි1. [නා.ප්‍ර.] සර්පයා. 2. [නා.ප්‍ර.] සූර්යයා. 3. [නා.ප්‍ර.] රාහු ග්‍රහයා.
අහිංසන[වි.] හිංසා නොකරන; නොපෙළන.
අහිංසාවාදියා[නා.] හිංසා නොකිරීමේ ධර්මය දෙසන්නා හෝ පිළිපදින්නා.
අහිකුණ්ටකයා, අහිකුණ්ටි(ඨි)කයා, අහිගුණ්ඨිකයා1. (කථා.) [නා.] නයි නටවන්නා. 2. [නා.] එනම් ගෝත්‍රිකයා. 3. [නා.] ස්ථිර වාසයක් නැති ව තැනින් තැන ඇවිදින්නා.
අහිත[වි.] හිතවත් නොවූ; හානිකර.
අහිතකර[වි.] අවැඩ සලසන; අනර්ථදායක.
අහිනවා1. (කථා.) [ක්‍රි.] (ලී ආදි ඝන ද්‍රව්‍යවල) මතුපිට පතුරු හරිනවා. 2. [ක්‍රි.] ගෙඩියක ලෙල්ල හෝ පොත්ත පිහියකින් කපා හරිනවා. 3. [ක්‍රි.] උදලු ආධාරයෙන් වල් පැළෑටි මුලින් ම ඇද කපා හරිනවා.
අහිපාත, අහීපාත(කථා.) [වි.] අසරණ; දිළිඳු; දුගී.
අහිමාන, අහීමාන[වි.] උපද්‍රව සහිත; ජනශුන්‍ය; පාළු.
අහිමි[වි.] ස්වාමියකු නැති; හිමි නැති; අස්වාමික.
අහිරි[වි.] ලජ්ජා නැති; නිර්ලජ්ජි.
අහිරුපු[නා.ප්‍ර.] සර්පයන්ගේ සතුරා වන මොනරා.
අහිවාතක[නා.ප්‍ර.] සර්ප විෂ වාතය හා එක් වීමෙන් හට ගනිතැයි පුරාණයෙහි සලකනු ලැබූ දරුණු වසංගත රෝගයක්.
අහිවිද්‍යාව[නා.] සර්ප විෂ දුරු කිරීමේ ශාස්ත්‍රය.
අහු1. [නා.] අස්ස; මුල්ල. 2. [නා.] කොළ සහ ගෙඩි බෙහෙත් සඳහා ශාන්තිකර්ම කටයුතු සඳහා ද ගැනෙන ගස් වර්ගයක්.
අහු වෙනවා1. [ක්‍රි.] යමකුගේ ග්‍රහණයට පත් වෙනවා; යමකට බැඳෙනවා; වසඟයට පත් වෙනවා. 2. [ක්‍රි.] වාහනයකට යට වෙනවා. 3. [ක්‍රි.] රැවටෙනවා.
අහුකොන්[නා.බහු.] වියා නිම වූ පැදුරු ආදියෙන් කපා හරිනු ලබන පන් නූල් ආදියෙහි අනවශ්‍ය කැබලි.
අහුප(කථා.) [නා.] නොසරුප් කථා; අසභ්‍ය කථා.
අහුපෑවත1. [නා.] අස්වැන්න; පලදාව. 2. [නා.] පෙනුම; හැඩරුව.
අහුර[නා.] අසුර.
අහුරු අත්ත(කථා.) [නා.] හිසට උඩින් අල්ලා ගන්නා ආවරණය.
අහුරු ගහනවා[ක්‍රි.] අසුර ගසනවා; අසුරුපත් දෙනවා.
අහුලනවා[ක්‍රි.] ඇහිඳිනවා.
අහේ1. [වි.] හේතු නැති; හේතු රහිත. 2. [වි.] හේතු ධර්ම රහිත.
අහේතුක[වි.] හේතු රහිත.
අහේතුජ[වි.] හේතුවකින් නූපන්; හේතු රහිත ව උපන්.
අහේතුව[නා.] හේතුවක් අවිද්‍යමාන බව; අභාග්‍යය; අවාසනාව.
අහේනිය[නා.] ආහාර හිඟකමෙන් ඇතිවන අමාරුව; හිඟය.
අහේමය[නා.] ආහාර හිඟකමින් ඇතිවන දුර්වලකම; කුසගින්න; හාමත; වෙහෙස; විඩාව.
අහෝ[නි.] ඛේදය ශෝකය ආදිය හැඟවීමෙහි යෙදෙන නිපාතයක්.
අහෝසි1. [වි.] විපාක නොදෙන; නිෂ්ඵල; නිරර්ථක. 2. [වි.] අවසාන; ඉවර; කම්මුතු .
අළ1. [නා.ප්‍ර.] කකුළුවාගේ අණ්ඩ. 2. [නා.ප්‍ර.] ගෝනුස්සාගේ වලගෙහි විෂ සහිත තුඩ.
අළඹ[නා.] ලුණුලේවාය.
අළාමුළාව[නා.] හානිය; විපත්තිය.
අළිංචිය[නා.] විනාශය.
අළු[නා.ප්‍ර.] යමක් දැවීමෙන් ඉතිරි වන කුඩු; භස්ම. [වි.] අළු පැහැ.
අළුපද්ද1. [නා.] අළු දිය පෙරන පෙරහන. 2. (කථා.) [නා.] රෙදි ඇපිල්ලීමේ දී භාවිත කරන අළු දිය දමන හැළිය.
අළුබදාදා[නා.] (ක්‍රිස්ති.) කොරැස්ම කාලය පටන් ගන්නා බදාදා දිනය.
අළුව1. [නා.] ආළකය; ඇතුන් බඳින ටැඹ. 2. [නා.] ඇඳ කකුල්වලට තබන ලී ආධාරය. 3. [නා.] හැඳි එල්ලා තැබීමට තනා ඇති රාමුව; හැඳි අළුව. 4. [නා.] රෙදි වියන යන්ත්‍රයේ හරස් නූල් තද කරන උපකරණය; රෙදි වියන යන්ත්‍රය. 5. [නා.] පොරෝ ආදියෙන් ගස් කැපීමේ දී ඇදේට කරන කැපුම. 6. [නා.] තත් සහිත සංගීත භාණ්ඩයක් වාදනය සඳහා ගැනෙන දුන්න. 7. [නා.] ආකාරය; අන්දම. 8. [නා.] රැහැන් ආදියෙන් තර කොට බැඳීම නිසා ශරීරයෙහි ඇති වන බැමි සටහන. 9. [නා.] ඇටයක පියල්ල; බීජ පියල්ල.
අළෙවිය1. [නා.] වියදම; වැයවීම. 2. [නා.] විකිණීම; වෙළඳාම.
1. [නා.] යන්න සිංහල හෝඩියේ දෙවන අකුර; ස්වරාක්ෂර අතුරෙන් දෙවැන්න; අ යන්නෙහි දීර්ඝ ස්වරය. 2. [නා.] ජීවත් වන කාලය; ආයුෂය. 3. [නා.] ආදායම; අයබදු ආදියෙන් ලැබෙන මුදල; බද්ද. [නි.] පුදුමය, කම්පාව ආදි හැඟීම් ප්‍රකාශ කිරීමේ ද අවධානය යොමු කරවීමේ ද යෙදෙන නිපාතය. [වි.] ආවා වූ; පැමිණි.
ආංකික අගය(පාරිභා.) [නා.] අංකවලට අයත් වූ වටිනාකම; සංඛ්‍යාත්මක අගය (=numerical value).
ආංගුලික[වි.] ඇඟිලි වැනි; ඇඟිලි පිළිබඳ; ඇඟිලි මෙන් බෙදී ඇති.
ආංශික(පාරිභා.) [වි.] පැත්තේ පිහිටි; පාර්ශ්වික (=fractional, partial)
ආංශිකය(පාරිභා.) [නා.] කොටස; ඛණ්ඩය.
ආකඩ්ඪනය[නා.] ඇදීම; තමන් දෙසට ඇදීම.
ආකන්දය(පාරිභා.) [නා.] කඳෙහි හෝ මුලෙහි ඇතැම් ශාකවල පොළොව යට පිහිටි ආහාර රැස් කර තබා ගන්නා අංකුර සහිත කොටස (=turber).
ආකම්පනය[නා.] සෙලවීම; චංචලවීම; ගැස්ම; කම්පනය.
ආකර කර්මාන්තය(පාරිභා.) [නා.] පතල් කර්මාන්තය (=mining).
ආකරකරුවා[නා.] පතල් කම්කරුවා.
ආකරය[නා.] පොළොව තුළ පවතින ඛනිජ වර්ග හාරා පොළෝ මතුපිටට ගනු සඳහා කනින වළ.
ආකර්ණනය[නා.] ඇසීම; ශ්‍රවණය කිරීම.
ආකර්ණිත[වි.] ඇසූ; ශ්‍රවණය කළ.
ආකර්ෂ දිනය[නා.] පෘථිවියට තම අක්ෂය වටා වරක් භ්‍රමණය වීමට ගත වන පැය 23 යි මිනිත්තු 56 යි තත්පර 04 ක කාලය.
ආකර්ෂ වර්ෂය[නා.] සූර්යයා වටේ පෘථිවියේ පරිභ්‍රමණය පිණිස ගතවන කාලය.
ආකර්ෂක[වි.] ඇදගන්නා; ආකර්ෂණය කරන.
ආකර්ෂණ[වි.] ඉදිරියට අදින; තමා වෙතට ඇදගන්නා.
ආකර්ෂණය, ආකර්ෂය1. [නා.] ඇදගැනීම. 2. (පාරිභා.) [නා.] කිසි ම ද්‍රව්‍යමය සම්බන්ධයක් නැති ව වස්තුවක් තවත් වස්තුවක් කරා ඇදී යෑම.
ආකල[නා.] පැමිණ ඇති කාලය; වර්තමානය.
ආකලනය1. [නා.] ගණන් ගැනීම; ගණන් කිරීම. 2. (පාරිභා.) [නා.] එකතු කිරීම; ඓක්‍යය සෙවීම (=summation).
ආකල්ප සම්පත්තිය[නා.] යෑම් ඊම් ආදි සියලු ඉරියවු පැවැත්වීමෙහි සොඳුරු බව; මනා ලෙස ඉරියවු පැවැත්වීම.
ආකල්ප සමෘද්ධිය[නා.] ආකල්ප සම්පත්තිය.
ආකල්පය1. [නා.] යමක් කෙරෙහි සිතෙහි පවත්නා ස්වභාවය; යමක් කෙරෙහි පළවන අදහස; මතය. 2. [නා.] ආභරණය; සැරසිල්ල.
ආකස්මික[වි.] හේතු රහිත; බලාපොරොත්තු නොවූ.
ආකස්මික ලාභය(පාරිභා.) [නා.] හදිසි ලාභය; අනපේක්ෂිත ලාභය (=windfall profit).
ආක්ෂාරණය[නා.] චෝදනා කිරීම; ආක්‍රෝශ පරිභව කිරීම.
ආක්ෂිප්ත1. [වි.] ඉවත ලූ; ප්‍රතිෂේධ කළ. 2. [වි.] ඇතුළත් කළ; ඇඟවූ; හඟවන ලද; සඳහන් කළ.
ආක්ෂේපය1. [නා.] වැළැක්වීම; ප්‍රතිෂේධය. 2. [නා.] රෝගයක නාමය; වලිප්පුව.
ආක්‍රන්ද1. [නා.ප්‍ර.] ශෝකයෙන් හැඬීම. 2. [නා.ප්‍ර.] ආරක්ෂා කරන මිත්‍රයා; පසුපස සිටින මිතුරා.
ආක්‍රමණය1. [නා.] යටත් කර ගැනීම පිණිස රටකට කඩා වැදීම; අවනත කර ගැනීමේ අපේක්ෂාවෙන් යම් පාලන අධිකාරියක් වෙත බලය පැතිරවීම. 2. [නා.] අතික්‍රමණය කිරීම; ඉක්මවීම; පරයායෑම.
ආක්‍රමණිකයා[නා.] සටන් පිණිස අන් රටකට කඩා වදින්නා; බලහත්කාරයෙන් එන්නා.
ආක්‍රාන්ත1. [වි.] මඬනා ලද; සටන් කරන ලද. 2. (පාරිභා.) [වි.] අතරට කාවැදුණු (=intrusive). 3. [වි.] පෑගූ; පා තැබූ.
ආක්‍රාන්තය(පාරිභා.) [නා.] ද්‍රව අවස්ථාවේ පවතින පාෂාණ පෘථිවි අභ්‍යන්තරයේ තැන්පත් ව ඇති පාෂාණ තට්ටු ඇතුළට වැදීම (=intrusion).
ආක්‍රෝශක[වි.] පරිභව කරන; නිග්‍රහ කරන.
ආක්‍රෝශය[නා.] බැණීම; නින්දාව; ගර්හාව.
ආකාඞ්ක්ෂාව1. [නා.] කැමැත්ත; දැඩි ආශාව; අභිලාෂය. 2. (තර්ක.) (ව්‍යාක.) [නා.] වැකියක පද අතර අර්ථ වශයෙන් ඇති අන්‍යෝන්‍ය අපේක්ෂාව.
ආකාර ගුප්තිය[නා.] හැඟීම් ප්‍රකට නොවන සේ සඟවා ගැනීම.
ආකාර පරිවර්තනය(පාරිභා.) [නා.] ඇතැම් සතුන්ට සිදු වන ආකාරයේ රූප විකාශනය; රූප පරිණාමය; රූපාන්තරණය (=metamorphosis).
ආකාරය1. [නා.] වේශය; හැඩය; පෙනුම. 2. [නා.] ක්‍රමය; විධිය; පිළිවෙළ; අන්දම. 3. [නා.] හැසිරීම; හැසිරීමේ ස්වභාවය; ලීලාව. 4. [නා.] හැඟීම් දැක්වීමේ සංඥාව.
ආකාලික1. [වි.] ක්ෂණික; එකෙණෙහි සිදුවන. 2. [වි.] නිසි කාලයේ සිදු නොවන; නොකල්හි හටගත්.
ආකාශ කම්බිය(පාරිභා.) [නා.] ගුවන්විදුලි තරංග පිට කිරීම නොහොත් ඇද ගැනීම සඳහා අහසට දික් කළ කම්බිය; ස්පර්ශකය.
ආකාශ කවුළුව[නා.] ගෙයක් තුළට එළිය වැටෙනු පිණිස වහලෙහි සෑදූ කවුළුව; ආකාශ කවාටය.
ආකාශ කුක්ෂිය[නා.] අහස් ගැබ; අන්තරීක්ෂය; ආකාශය; අහස්කුස.
ආකාශ ගඞ්ගාව1. [නා.] අහස් ගඟ; දිව්‍ය නදිය. 2. [නා.] භාරතයේ ගංගා නම් නදිය. 3. [නා.] අහසෙහි වලාකුළක් මෙන් පෙනෙන මඳ එළිය ඇති තාරකා සමූහය; මන්දාකිනිය.
ආකාශ ගමනය, ආකාස ගමනය1. [නා.] මන්ත්‍ර, ඖෂධ, සෘද්ධි ආදි බලයෙන් අහසින් යෑම. 2. [නා.] ගුවන්යානා ගමන.
ආකාශ ගාමියා[නා.] අහසින් යන්නා; ගගනගාමියා.
ආකාශ ගෝලය[නා.] ආකාශයේ වටකුරු ලක්ෂණය; ගෝලාකාර ව පෙනෙන අහස; ඛගෝලය.
ආකාශ තලය1. [නා.] අහස් තලය; අහස. 2. [නා.] ගොඩනැගිල්ලක වහලකින් ආවරණය නොකරන ලද මුදුන් තට්ටුව; ප්‍රාසාදවල විවෘත ව ඇති ඉහළ ම තලය.
ආකාශ පථය[නා.] ග්‍රහලෝක මාර්ගය සේ සැලකෙන අහස් ප්‍රදේශ; අහස් මඟ.
ආකාශ මන්දිරය[නා.] මහල් රාශියක් ඇති ඉතා උස් වූ ගොඩනැගිල්ල.
ආකාශ යාත්‍රා විද්‍යාව(පාරිභා.) [නා.] අහසින් ගමන් කිරීම පිළිබඳ විද්‍යාව; අහස්නැව් පැදවීම පිළිබඳ ශාස්ත්‍රය (=aeronautics).
ආකාශ යාත්‍රාව[නා.] අහස් යාත්‍රාව; ගුවන්යානය.
ආකාශ යානය[නා.] ගුවන් යානය.
ආකාශ වස්තු විද්‍යාව(පාරිභා.) [නා.] අහසෙහි පිහිටි චන්ද්‍ර, සූර්ය, තාරකා ආදිය පිළිබඳ විද්‍යාව.
ආකාශ වස්තුව(පාරිභා.) [නා.] අහසෙහි පිහිටි චන්ද්‍ර, සූර්ය, තාරකා ආදි වස්තුවක්.
ආකාශ විද්‍යුතය(පාරිභා.) [නා.] වායුගෝලයෙහි ඇති වන විදුලිය; වායුගෝලීය විද්‍යුතය (=atmospheric electricity).
ආකාශ වියන[නා.] අහසෙහි බඳින ආවරණය; උඩුවියන.
ආකාශ විවරය[නා.] අහස් කුස; අන්තරීක්ෂය.
ආකාශචාරී, ආකාසචාරී[වි.] අහස්හි ගමන් ඇති; අහසින් යන්නා වූ.
ආකාශය, ආකාසය[නා.] නිරවුල් හිස් අහස; අන්තරීක්ෂය; අජටාකාශය; ගගනතලය.
ආකාශවස්තු පරීක්ෂණාගාරය[නා.] අහසෙහි වූ තාරකා ආදි වස්තු පිළිබඳ පරීක්ෂණ පවත්වන ස්ථානය; නිරීක්ෂණාගාරය.
ආකාශවාණ[නා.ප්‍ර.] හෙණ ගුළිය.
ආකාශස්ථ1. [වි.] අහසෙහි පිහිටි හෝ සිටින. 2. [වි.] අහසෙහි ජීවත්වන.
ආකාශාඞ්ගණය[ආකාශ+අඞ්ගණය] 1. [නා.] අහස නමැති අංගණය හෙවත් එළිමහන් තැන. 2. [නා.] ප්‍රාසාදයක වහල මත වූ සඳලුතලය.
ආකැමියා[නා.] අය හෙවත් ආදායම් එකතු කරන්නා; ගණන් තබන්නා; අයකැමියා.
ආකිමිඩීස් දඟරය(පාරිභා.) [නා.] ජලය ඉහළට නැංවීම සඳහා ආකිමිඩීස් විසින් නිපදවන ලදැයි සැලකෙන සරල යන්ත්‍රයක් (=Archimedean screw).
ආකිමිඩීස් නියමය(පාරිභා.) [නා.] ද්‍රවයක මුළුමනින් ම හෝ අඩක් හෝ බහන ලද වස්තුවක දෘශ්‍ය බර හානිය විස්ථාපනය වූ ද්‍රවයේ බරට සමාන බව කියන මතය (=Archimedes principle).
ආකිලිස්සම්(කථා.) [නා.ප්‍ර.] කවටකම; සරදම; සමච්චලය.
ආකීය(පාරිභා.) [වි.] පැරණි ම යුගයට අයත්; වර්ෂ කෝටි 65 කට පෙර කෙළවර වූ සේ සැලකෙන ප්‍රාක්කේම්බ්‍රිය සමයේ මූල අවස්ථාවට අයත් (=archaean).
ආකීය පාෂාණ(පාරිභා.) [නා.ප්‍ර.] පැරණි ම භූ යුගයට අයත් ශෛල හෙවත් පාෂාණ (=archaean rock).
ආකීර්ණ[වි.] ගැවසුණු; ගැවසීගත්; සමූහයාගෙන් යුක්ත.
ආකුඤ්ච පීඩනය(පාරිභා.) [නා.] හෘදය හැකිළීමෙන් හෙවත් හෘදය සංකෝචනයෙන් රුධිර ධාවනයේ ඇති වන පීඩනය (=systolic pressure).
ආකුඤ්චනය[නා.] (අත්පා ආදිය) වක් කිරීම හෙවත් නැමීම; හැකිළීම.
ආකුඤ්චය(පාරිභා.) [නා.] හෘදය සහ ධමනි ක්‍රමයෙන් ඇකිළී යෑම; හෘදය සංකෝචනය (=systole).
ආකුඤ්චිත[වි.] මඳක් නැමුණු; වකුටු වූ; වක්‍ර වූ.
ආකුල1. [වි.] අවුල්; ව්‍යාකූල; වික්ෂිප්ත. 2. [වි.] ගැවසී ගත්; වැසී ගිය; ආකීර්ණ වූ.
ආකුලය1. [නා.] අවුල; පැටලිල්ල; ව්‍යාකූලත්වය. 2. [නා.]ආරාවුල; කලහය; ඩබරය; අරගලය.
ආකෘතිපත්‍රය(පාරිභා.) [නා.] ආකෘතියක් හෙවත් ආදර්ශයක් වශයෙන් ගත යුතු පත්‍රය (=specimen form).
ආකෘතිය1. [නා.] හැඩය; රූපය; නිර්මාණය; සැලැස්ම. 2. [නා.] පිට සටහන.
ආකෘෂ්ට(පාරිභා.) [වි.] ආකර්ෂණය කළ; ඇදගන්නා ලද.
ආකෝටනය1. [නා.] තැළීම; රෙදි ඇපිල්ලීමේ දී මෙන් ගලක හෝ පුවරුවක ගැසීම. 2. [නා.] ඇත් අස් ආදින් මෙහෙයවීමේ දී අංකුසයෙන් ඇනීම.
ආකෝටිත[වි.] තැළූ; ගැසූ; ඇපිල්ලූ.
ආකෝශ පරිභව[නා.ප්‍ර.] බැණීම සහ ගර්හාව; නින්දාව සහ අපහාසය.
ආඛ්‍යාත[වි.] කියන ලද; ප්‍රකාශ කරන ලද. [නා.ප්‍ර.] (ව්‍යාක.) අවසාන ක්‍රියාපදය.
ආඛ්‍යාත ප්‍රකෘතිය[නා.] (ව්‍යාක.) ක්‍රියා පදයක මූල රූපය; ක්‍රියාධාතුව; දා පියෙවිය.
ආඛ්‍යාතෘ[නා.ප්‍ර.] කියන්නා; ප්‍රකාශ කරන්නා; උපදේශකයා.
ආඛ්‍යානය1. [නා.] කීම; කථනය; ප්‍රකාශ කිරීම. 2. [නා.] කථාන්තරය; කථාව. 3. (නාට්‍ය.) [නා.] පූර්වයෙහි වූ සිද්ධියක් ප්‍රකාශ කිරීම.
ආඛ්‍යාව[නා.] නාමය; සංඥාව; අභිධානය.
ආගණනය[නා.] ගණිත ක්‍රම අනු ව සලකා බැලීම; ගණනය කිරීම.
ආගණිතය(පාරිභා.) [නා.] තක්සේරුව.
ආගතපටිපාටිය[නා.] පැමිණි අනුපිළිවෙළ.
ආගතය[නා.] පැමිණීම; සම්ප්‍රාප්ත වීම.
ආගන්තුක[වි.] බාහිර; පිටතින් පැමිණි; නිත්‍යවාසී නොවූ.
ආගන්තුක ජලවහනය(පාරිභා.) [නා.] ප්‍රදේශයේ භූ නිර්මාණයට සම්බන්ධ නොවූ හෙවත් අනුකූල නොවූ ජලවහනය (=superimposed drainage).
ආගන්තුකයා[නා.] නේවාසික නොවූ තැනැත්තා; යම් ස්ථානයකට පිටතින් පැමිණි තැනැත්තා.
ආගම1. [නා.] පැමිණීම; සම්ප්‍රාප්තිය. 2. [නා.] පුද්ගලයකුගේ ආධ්‍යාත්මික විශ්වාසය; ඇදහීම; ලබ්ධිය. 3. [නා.] විශේෂයෙන් දෙවියකුගේ නොහොත් දෙවියන්ගේ බලතල සහ පරලෝක ජීවිත කෙරෙහි විශ්වාසය. 4. [නා.] ආගමික ධර්ම ග්‍රන්ථය. 5. (ව්‍යාක.) [නා.] පදයකට අමුතුවෙන් අකුරක් පැමිණවීම හෙවත් එකතු කිරීම.
ආගම සන්ධිය[නා.] (ව්‍යාක.) මුල් පදයක අවසන් වර්ණයත් දෙවැනි පදයක මුල් වර්ණයත් අතරට අමුතුවෙන් වර්ණයක් පැමිණීමෙන් ගැළපෙන සන්ධිය.
ආගමනය1. [නා.] පැමිණීම; සම්ප්‍රාප්තිය. 2. [නා.] බුද්ධ ධර්මයෙහි සඳහන් මාර්ගඵල කරා සම්ප්‍රාප්තිය.
ආගම්‍ය[වි.] ළංවිය හැකි.
ආගමික[වි.] යම්කිසි ලබ්ධියකට අයත් හෝ ලබ්ධියකට සම්බන්ධ; ආගම පිළිබඳ.
ආගමික නීතිය1. [නා.] පන්සල්, පල්ලි ආදිය පිළිබඳ නීතිය. 2. [නා.] විහාර දේවාලගම් නීතිය.
ආගරය[නා.] ඛනිජ වර්ග පොළෝ අභ්‍යන්තරයෙන් මතුපිටට ගැනෙන තැන; ආකරය.
ආග්නේය[වි.] ගින්නෙහි ගුණ ඇති; උෂ්ණය ආත්මය කොට ඇති; ගිනි කඳුවල ක්‍රියාකාරිත්වයෙන් සෑදුණු.
ආග්නේය පාෂාණ(පාරිභා.) [නා.ප්‍ර.] ගිනිකඳුවල ක්‍රියාකාරිත්වය නිසා ඇති වන පාෂාණ (=igneous rocks).
ආග්‍රහ[නා.ප්‍ර.] ග්‍රහණය; තදින් සිතට ගැනීම.
ආගාමී[වි.] මතු පැමිණෙන; නැවත උපදින.
ආගාර[නා.ප්‍ර.] ගෙය; වාසස්ථානය.
ආගාරික[වි.] ගෙයකට අයත්; ගිහි වූ; ගෘහස්ථ.
ආඝර්ෂණය[නා.] ඇතිල්ලීම; ගැටීම.
ආඝ්‍රාණ ඉන්ද්‍රිය(පාරිභා.) [නා.ප්‍ර.] ගඳ සුවඳ දැනෙන ඉන්ද්‍රිය; නාසය (=olfactory organ).
ආඝ්‍රාණය[නා.] ගඳ සුවඳ දැනීම හා බැලීම; ඉව ඇල්ලීම.
ආඝාත වස්තුව[නා.] ක්‍රෝධය ඉපදීමට ආධාර වන කාරණාව.
ආඝාතය1. [නා.] පහර දීම. 2. [නා.] ලේ කැටි ගැසීමෙන් ඇති වන ශාරීරික ආබාධයක්; අංශභාගය. 3. [නා.] ක්‍රෝධය; වෛරය; ද්වේෂය.
ආඞ්ගික[වි.] අංග හා සම්බන්ධ.
ආඞ්ගික අභිනය[නා.] රංගන කලාවෙහි ශරීර අංග චලනයෙන් පානා ඉඟිය.
ආඟිරි ගහනවා, ආඟිරිගානවා1. [ක්‍රි.] හරක් කෑගසනවා; තප්පුලනවා. 2. [ක්‍රි.] වේදනාවෙන් හෝ ශෝකයෙන් කෙඳිරි ගානවා; අඬනවා.
ආචක්ෂණය[නා.] කීම; ප්‍රකාශය.
ආචමනය[නා.] දියෙන් කට සේදීම; දෝතින් පැන් මුඛයට ගෙන සොලවා ඉවත දැමීම හෝ බීම.
ආචය[නා.ප්‍ර.] රැස් කිරීම.
ආචරණය[නා.] හැසිරීම; පිළිපැදීම; පුරුදු කිරීම; පැවැත්ම.
ආචරිත[වි.] පුරුදු කරන ලද; පිළිපදින ලද.
ආචරිය[නා.ප්‍ර.] ආචාර්යවරයා; ගුරුවරයා.
ආචරියවත්[නා.ප්‍ර.] ගුරුවරයාට කළමනා වතාවත්; ආචාර්යෝපස්ථාන.
ආචරියා, ආචාරියා(කථා.) [නා.] කම්මල්කාරයා; ලෝකුරුවා.
ආච්චි1. [නා.ප්‍ර.] මවගේ හෝ පියාගේ හෝ මව; මිත්තණිය. 2. [නා.ප්‍ර.] මහලු ස්ත්‍රිය. 3. [නා.ප්‍ර.] ද්‍රවිඩ හෝ මුස්ලිම් ස්ත්‍රිය.
ආච්ඡන්න[වි.] වැසුණු.
ආච්ඡාදක[වි.] ආවරණය කරන; වසන; සඟවන.
ආචාම[නා.ප්‍ර.] බතෙන් පෙරූ දිය; කැඳ වතුර.
ආචාමනීය[වි.] පානය කළ යුතු.
ආචාර උපචාරය[නා.] ආදර ගෞරවය.
ආචාර කුලපුත්‍රයා[නා.] යහපත් හැසිරීමෙන් යුත් තැනැත්තා; ආචාරසම්පන්නයා.
ආචාර ගුණය[නා.] යහපත් හැසිරීම නමැති ගුණය.
ආචාර ශික්ෂාව[නා.] යහපත් ආචාරයෙහි පුහුණුවීම.
ආචාරය1. [නා.] හැසිරීම; පැවැත්ම. 2. [නා.] නමස්කාරය; අභිවාදනය.
ආචාරසමාචාරය1. [නා.] හැසිරීම සහ පැවැත්ම. 2. [නා.] ආචාරය; ගෞරව දැක්වීම; පිළිගැනීම.
ආචාර්ය1. [නා.ප්‍ර.] උගන්වන තැනැත්තා; ගුරුවරයා. 2. [නා.ප්‍ර.] විශ්වවිද්‍යාලයවලින් පිරිනමනු ලබන උසස් උපාධියක්.
ආචාර්ය මුෂ්ටිය[නා.] ගුරුවරයා තම අතෙහි ම ආරක්ෂා කොට තබා ගන්නා සේ විශ්වාස කරනු ලබන ශාස්ත්‍ර සාරය; ගුරු මුෂ්ටිය.
ආචාර්යයා1. [නා.] ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා. 2. [නා.] විශ්වවිද්‍යාලයීය ආචාර්ය උපාධියක් දරන්නා.
ආචාරිභාගය, ආචාර්යභාගය[නා.] ශිල්ප ඉගැන්වූ ගුරුවරයාට දිය යුතු පුද පඬුරු; ගුරුපඬුරු.
ආචාරියා1. [නා.] ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; ගුරුවරයා. 2. [නා.] ආචරියා; ලෝකුරුවා.
ආචික්ඛනය[නා.] කීම; ප්‍රකාශය.
ආචිත[වි.] රැස් කළ; ගොඩ ගැසූ.
ආචීර්ණ කල්පිත[වි.] ඉපැරණි සම්ප්‍රදායට අයත්; පැරණි සම්ප්‍රදායෙහි එල්බ ගත්; යල් පිනූ.
ආචීර්ණ, ආචිණ්ණ[වි.] පුරුදු කළ; පුහුණු කළ.
ආචූෂණය[නා.] උරා ගැනීම; ඉරීම.
ආජ්‍ය[නා.ප්‍ර.] ගිතෙල්.
ආජානනය[නා.] දැනගැනීම; අවබෝධය.
ආජානීය, ආජානේය[වි.] උසස් වර්ගයෙහි උපන්; ශ්‍රේෂ්ඨ ජන්ම ඇති.
ආජානේයයා[නා.] උසස් වර්ගයේ උපන්, ශ්‍රේෂ්ඨ ජන්ම ඇති අශ්වයා; ආජානීය අශ්වයා.
ආජීව අෂ්ටමක ශීලය[නා.] යහපත් දිවි පෙවෙත අටවැනි කොට ඇති ශීලය; පංචශීලයට අමතර ව කේළාම් කීම, පරුෂ වචන කීම හා සම්පප්‍රලාප ආදියෙන් වැළකී ආරක්ෂා කරගනු ලබන ශීලය.
ආජීව පාරිශුද්ධිය[නා.] දිවිපෙවෙතෙහි පිරිසිදු බව හෙවත් නිරවද්‍ය භාවය.
ආජීව විපත්තිය[නා.] (විනය.) නිවැරදි දිවිපෙවෙතින් පිරිහීම; වැරදි වූ ආජීවය.
ආජීව සම්පදාව[නා.] නිවැරදි දිවිපෙවෙත නමැති සම්පත; යහපත් දිවිපැවැත්ම.
ආජීවකයා[නා.] පුරාණ පරිබ්‍රාජක පිරිසක්.
ආජීවය[නා.] දිවිපැවැත්ම; ජීවිකාව.
ආජීවිකාව[නා.] ජීවිකාව ගෙන යෑම; ජීවිකා වෘත්තිය.
ආඥප්ත[වි.] නියම කරන ලද; අණවන ලද.
ආඥප්තිය[නා.] නියමය; ඇණවුම.
ආඥා[නා.ප්‍ර.] බලය; නියෝගය; අධිකාරිත්වය; අණ; විධානය.
ආඥා කරනවා[ක්‍රි.] අණ කරනවා; නියෝග කරනවා; විධාන කරනවා.
ආඥා ක්ෂේත්‍රය[නා.] බලය නොහොත් ආනුභාවය පැතිර පවත්නා ප්‍රදේශය.
ආඥා චක්‍රය[නා.] චක්‍රයක් මෙන් ප්‍රවර්තනය කරවන්නා වූ අණ; සියලු ක්ෂේත්‍රයන්හි පැතිර පවත්නා බලය; අණසක.
ආඥා පත්‍රය[නා.] ලිඛිත නියෝගය.
ආඥා පනත[නා.] නියෝගය; ආඥාව; ව්‍යවස්ථාව.
ආඥා භඞ්ගය[නා.] අණ කඩකිරීම.
ආඥා භේරිය[නා.] රාජාඥාවක් ප්‍රකාශ කිරීමට ගසනු ලබන බෙරය; නියෝගයක් හෝ නිවේදනයක් හෝ ප්‍රසිද්ධ කිරීමට හසුරුවන බෙරය; අණබෙරය.
ආඥා මකනවා[ක්‍රි.] නියෝගය කඩකරනවා; ආඥාව උල්ලංඝනය කරනවා.
ආඥා රේඛාව[නා.] අණසක පවත්නා සීමාව දක්වන ඉර.
ආඥාත[වි.] මනා කොට අවබෝධ වූ.
ආඥාදායකයා[නා.] අණ දෙන්නා; ඒකාධිපතියා.
ආඥාමුරිත්තු දඩය[නා.] රාජ අණ කඩ කිරීම නිසා ගෙවිය යුතු දඩය.
ආඥාව්‍යතික්‍රම[නා.ප්‍ර.] අණ ඉක්මවා යාම; අණ කඩ කිරීම; ආඥා උල්ලංඝනය.
ආටවිකයා[නා.] වනයෙහි වාසය කරන්නා; වනාරක්ෂකයා.
ආට්ටාල[නා.] හිරිහැරය; අවහිරය; පළිබෝධය.
ආටීසියානු ළිඳ[නා.] නළයකින් පස සිදුරු කළ කල්හි පොළොව යට ඇති ජලය ස්වාභාවික පීඩනයේ බලයෙන් මතුපිටට ගෙන්වා දෙන ළිඳ.
ආටෝපය1. [නා.] ඉදිමීම; පිම්බීම. 2. [නා.] සාඩම්බර භාවය; ව්‍යාජ ඔපය. 3. [නා.] ඝනකම; උකුගතිය.
ආඩපළි, ආඩපාළි, ආඩාපළි[නා.ප්‍ර.] නෝක්කඩුව; වගපළ කීම; දෝෂාරෝපණය; චෝදනාව.
ආඩම්බර[වි.] උඩගු; අහංකාර; දර්පයෙන් යුක්ත.
ආඩය, ආඩෙ1. (කථා.) [නා.] ඉඩකඩ; අවකාශය. 2. [නා.] උඩඟුකම; බොරු අහංකාරය. 3. [නා.] සුව වෙමින් පවතින තුවාලයක් මත ඇති වන වියළි සම; කබොල්ල.
ආඪකය[නා.] ධාන්‍ය හෝ ද්‍රව මනින මිම්මක්; එසේ මනින භාජනය.
ආඪ්‍ය[වි.] සමෘද්ධ; ධනවත්; සෞභාග්‍යසම්පන්න; පරිපූර්ණ.
ආණ[ප්‍රත්‍ය.] ඇතැම් පුරුෂාර්ථවාචී ශබ්ද හා යෙදෙන ගෞරවාර්ථ ප්‍රත්‍යයක්;- උදා. කෙළෙඹියාණ; මිත්‍රයාණ.
ආණත්තිය[නා.] අණ කිරීම; ඇණවීම; අණ; ආඥාව; නියෝගය.
ආණම[නා.] ඉස්ම ඇති උකු හොද්ද.
ආණ්ඩ[වි.] බිජුවටින් උපන්.
ආණ්ඩු ඔප්පුව[නා.] ආණ්ඩුවෙන් දෙන ලද ඔප්පුව.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව[නා.] රාජ්‍යයක පාලනය සංවිධානය කර ඇති ආකාරයත් එය ක්‍රියාත්මක කළ යුතු ආකාරයත් දක්වන සංවිධාන රටාව.
ආණ්ඩුක්‍රමය[නා.] රටක් පාලනය කරන ක්‍රමය; පාලන තන්ත්‍රය.
ආණ්ඩුකාරයා1. [නා.] රටක් හෝ නීත්‍යනුකූල ව වෙන් කළ ප්‍රදේශයක් පාලනය කරන තැනැත්තා. 2. [නා.] රජු හෝ ජනාධිපති හෝ නියෝජනය කරන තැනැත්තා.
ආණ්ඩුව[නා.] පාලනය; ආධිපත්‍යය; (රටක) පාලන මණ්ඩලය; රජය.
ආණා[නා.ප්‍ර.] ආඥාව; නියෝගය; විධානය.
ආණාපකයා1. [නා.] නියෝගය කරන්නා. 2. [නා.] නියෝග ප්‍රකාශ කරන නිලධාරියා.
ආණාපනය[නා.] ඇණවීම; අණ කිරීම; නියමය.
ආණිකට්ටුව(කථා.) [නා.] ජලාශයක් හරහා බඳින වේල්ල; අමුණ.
ආඬි[නා.ප්‍ර.] දකුණු ඉන්දියාවේ විශේෂයෙන් තෙලිඟු ප්‍රදේශයේ ජීවත් වන මනුෂ්‍ය කොට්ඨාසය.
ආඬියා[නා.] බර එසවීමට හෝ පතල් ළිං ආදියෙන් දිය ඇදීමට හෝ යොදනු ලබන ලීවරය; ආඬිමානය.
ආතඞ්ක1. [නා.ප්‍ර.] ව්‍යාධිය; රෝගය. 2. [නා.ප්‍ර.] භය; චිත්ත පීඩාව.
ආතත1. [නා.ප්‍ර.] පඤ්චතූර්ය අතරින් එකක් වන එකැස් බෙරය. 2. [නා.ප්‍ර.] ඇද ගැනීම; ඇදීම (= tension).
ආතතවිතත[නා.ප්‍ර.] පඤ්චතූර්ය අතරින් එකක් වූ ද, හාත්පසින් සමින් වෙළන ලද්දා වූ ද බෙර විශේෂය.
ආතතිය1. (පාරිභා.) [නා.] අදින බලය; තන්‍යතාව (=tension). 2. [නා.] නොඉවසුම් ස්වභාවය; හිතේ චංචල බව. 3. [නා.] කිසියම් අභිමතාර්ථයකට එල්ල වූ චර්යාවකට බාධා පැමිණීමෙන් හෝ අසංතෘප්ත භාවය නිසා සිතෙහි ඇතිවන ආවේගීය තත්ත්වය (=tension).
ආතන්‍ය(පාරිභා.) [වි.] ඇදෙනසුලු; ඇදිය හැකි (=tensile).
ආතප ආඝාතය(පාරිභා.) [නා.] බොහෝ වේලා අව්වේ සිටීමෙන් ඇති වන විසංඥතාව; සූර්යඝාතය (=sunstroke).
ආතප වාරණය[නා.] අවු අත්ත; කුඩය; ඡත්‍රය.
ආතපඝර(පාරිභා.) [නා.ප්‍ර.] යහපත් වාතාශ්‍රය ඇති වන පරිදි එළිමහනෙහි තනන ලද කුඩා ගේ හෝ පැල.
ආතපත්‍රය[නා.] ඡත්‍රය; කුඩය.
ආතපය[නා.] සූර්ය රශ්මිය; හිරු එළිය; හිරුරැස්.
ආතප්පය[නා.] (අභි.) කෙලෙස් තවන වීර්යය; ආතාපය.
ආතම්මා, අත්තම්මා[නා.] මවගේ හෝ පියාගේ හෝ මව; ආච්චි; මිත්තණිය.
ආතරණය[නා.] එතරට යෑම; එතෙර වීම.
ආතරයිටිස්[නා.ප්‍ර.] සිරුරේ සන්ධිවල වේදනාව ගෙන දෙන රක්තවේද රෝග විශේෂයක්.
ආතර්පණය[නා.] තෘප්තියට පත් කිරීම; සංසිඳුවීම.
ආත්තු කරනවා(කථා.) [ක්‍රි.] ඇති දැඩි කරනවා; නඩත්තු කරනවා.
ආත්තු පාත්තුව(කථා.) [නා.] සුදුසු පරිදි ආරක්ෂා කිරීම; රැක බලා ගැනීම; සාත්තු කිරීම.
ආත්තු වෙනවා(කථා.) [ක්‍රි.] ජීවත් වෙනවා; නොමැරී සිටිනවා.
ආත්තුව1. (කථා.) [නා.] පිහිට. 2. (කථා.) [නා.] නඩත්තුව. 3. (කථා.) [නා.] වටිනාකම; ආදායම. 4. (කථා.) [නා.] ආත්ම ගෞරවය පිළිබඳ හැඟීම; ලජ්ජාව.
ආත්ම ගර්වය[නා.] අහංකාරය; තමා ගැන ඇති ආඩම්බරය.
ආත්ම ගෞරවය[නා.] තමා ගරු තන්හි ලා සැලකීම; තමාගේ ගෞරවය.
ආත්ම තර්කණය[නා.] තමාගේ ලොකුකම ගැන කල්පනා කිරීම.
ආත්ම තෘප්තිය[නා.] සතුට; ගෞරව කරනු ලැබීමෙන්, පිළිගනු ලැබීමෙන් හෝ සාර්ථක යැයි හැඟීමෙක් ඇති කර ගැනීමෙන් සතුටු වීම.
ආත්ම දර්ශය[නා.] කණ්ණාඩිය; කැටපත; දර්පණ තලය.
ආත්ම දානය[නා.] ආත්ම පරිත්‍යාගය; දිවි පිදීම.
ආත්ම දෘෂ්ටිය[නා.] ආත්මයක් ඇතැයි යන විශ්වාසය; ආත්මවාදය.
ආත්ම ධෝවනය[නා.] (ක්‍රිස්ති.) ආත්ම ශුද්ධිය; පව් සමාව.
ආත්ම නිර්යාතනය[නා.] ආත්මය පරිත්‍යාග කිරීම; තම ජීවිතය අන්‍යයාට පවරා දීම.
ආත්ම පරිත්‍යාගය[නා.] තමාගේ සිරුර කැප කිරීම; ජීවිතය පූජා කිරීම.
ආත්ම පරිත්‍රාණය[නා.] තමා රැකීම; දිවි රැකීම; ආත්මය ගලවා ගැනීම.
ආත්ම පරිතාපනය[නා.] ශරීරය තැවීම; සිරුරට දුක්වීම; ආත්ම ක්ලමථය.
ආත්ම ප්‍රත්‍යවේක්ෂාව[නා.] තමාගේ සිත පිරික්සීම; නුවණින් සලකා බැලීම.
ආත්ම ලබ්ධිය[නා.] ආත්මයක් පිළිබඳ විශ්වාසය; ආත්ම දෘෂ්ටිය.
ආත්ම ලාභය1. [නා.] ජන්ම ලාභය. 2. [නා.] තම ප්‍රයෝජනය; පෞද්ගලික වාසිය.
ආත්ම වංචනය, ආත්ම වඤ්චනය[නා.] තමා ම රැවටීමට පත්වීම; තමා ම මුළා කර ගැනීම.
ආත්ම වධය[නා.] ස්වකීය විනාශය; ආත්ම ඝාතනය.
ආත්ම වර්ණනාව[නා.] තමා ගැන වර්ණනය; තමාට ම ප්‍රශංසා කරගැනීම.
ආත්ම විද්‍යාව[නා.] ආත්මය පිළිබඳ දැනීම.
ආත්ම විනිපාතය[නා.] ආත්ම විනාශය; තමා පහත වැටීම.
ආත්ම විශ්වාසය[නා.] තමා කෙරෙහි වන විශ්වාසය.
ආත්ම ශක්තිය[නා.] ස්වකීය බලය; තමාගේ දක්ෂතාව; තමාගේ එඩිය.
ආත්ම ශුද්ධිය[නා.] ස්වකීය පිරිසිදු බව.
ආත්ම සංයමය[නා.] තමා විසින් තමා ම හික්මවීම.
ආත්ම සංරක්ෂණය[නා.] තමාගේ ආරක්ෂාව; ආත්මාරක්ෂාව.
ආත්ම සම්භාවනය1. [නා.] තමා උසස් කොට සැලකීම. 2. [නා.] ආත්ම ගෞරවය.
ආත්ම සාත්ම්‍යය[නා.] (ගනු ලබන ආහාරය) තමන්ට හිතකර බව නොහොත් තමන්ගේ ශරීර සැපයට හේතුවන බව.
ආත්මක[වි.] ස්වරූපය හෝ ස්වභාවය ඇති; සමන්විත වූ; යුක්ත වූ.
ආත්මක්ෂම[වි.] තමා විසින් දරාගත හැකි වූ; ඉවසිය හැකි වූ; ඔරොත්තු දෙන.
ආත්මකාමයා[නා.] තමාගේ ම දියුණුව කැමැත්තා; තමාට හිත වැඩ කැමැත්තා.
ආත්මග්‍රහණය[නා.] ආත්මවාදය පිළිබඳ විශ්වාසය; ආත්ම දෘෂ්ටිය.
ආත්මජ[වි.] තමාගෙන් උපන්.
ආත්මඥයා[නා.] තමා ගැන දන්නා තැනැත්තා.
ආත්මඥානය[නා.] තමා ගැන දැනීම.
ආත්මන්‍ය[වි.] ආත්මය හා සම්බන්ධ වූ; තමන් හා සම්බන්ධ වූ.
ආත්මනේ පදය[නා.] (ව්‍යාක.) යම් ක්‍රියාවක ඵලය තමා හෙවත් කර්තෘ වෙත පමුණුවන්නා සේ දක්වන ක්‍රියා පදය.
ආත්මබන්ධු[නා.ප්‍ර.] තමාගේ ඉතා කිට්ටු නෑයා; ලේ නෑයා.
ආත්මභාවය1. [නා.] යම් තැනක ලබන උපත. 2. [නා.] ස්වරූපය; දේහය; ශරීරය.
ආත්මභූ[වි.] ඉබේ හටගත්; ඉබේ පවත්නා; ස්වයම්භූ.
ආත්මය1. [නා.] යම් පුද්ගලයකුගේ මරණයේ දී විනාශ නොවී මෙම ලොවින් පරලොවට යන සේ ද, පරලොවින් මෙලොවට එන සේ ද විශ්වාස කරනු ලබන ද්‍රව්‍යමය උත්තරීතර අමරණීය හරය. 2. [නා.] ජීවාත්මය. 3. [නා.] තමා, මම යන පුද්ගලයා. 4. [නා.] පැවැත්ම; ජීවිතය. 5. [නා.] සිත; මනස. 6. [නා.] ආවේණික ගුණාංගය; විශේෂ ලක්ෂණය. 7. (ක්‍රිස්ති.) [නා.] ප්‍රාණය. 8. [නා.] උත්සාහය.
ආත්මයෝගය[නා.] පරමාත්මය හා එකතු වීම.
ආත්මරූප[නා.ප්‍ර.] (වෛද්‍ය.) (රෝගයක) දැනට පවත්නා තත්ත්වය; රෝග ස්වභාවය.
ආත්මසංඥා[නා.ප්‍ර.] ආත්මයක් ඇතැයි යන හැඟීම.
ආත්මසමර්පණ[නා.ප්‍ර.] තමා (දෙවියකුට) ඇප කැප වී සිටීම.
ආත්මසමාන[වි.] ඉතා හිතවත්; ඉතා විශ්වාස.
ආත්මස්ථ[වි.] තමා කෙරෙහි පිහිටි; තමා තුළ ඇති.
ආත්මස්වාමි[නා.ප්‍ර.] තමා පිළිබඳ අධිපති; තමන් කෙරෙහි අධිපති.
ආත්මාත්මීය භාවය[නා.] තමාය, තමා සතුය යන බව; මමය, මාගේය යන බව.
ආත්මාත්‍යය[නා.ප්‍ර.] ස්වකීය මරණය.
ආත්මාධ්‍යාශය[නා.] තමාගේ අභිප්‍රාය හෙවත් කැමැත්ත.
ආත්මාධිපති[වි.] තමා අධිපති කොට හෙවත් උසස් කොට සලකන.
ආත්මාධීන[වි.] තමාගේ වසඟයෙහි පවතින; තමාට අයත්.
ආත්මාන්වීක්ෂණය[නා.] ආත්මය ගැන පරීක්ෂා කර බැලීම හෙවත් සෙවීම.
ආත්මානුභූතිය[නා.] තම චිත්ත ස්වභාවය හැඳින ගැනීම.
ආත්මානුවාද[නා.ප්‍ර.] තමා ම තමාට උපවාද කිරීම හෙවත් දෝෂාරෝපණය කිරීම.
ආත්මාරක්ෂාව[නා.] තම ආරක්ෂාව; ස්වකීය ආරක්ෂාව.
ආත්මාර්ථකාමී[වි.] තමාගේ ම යහපත හෙවත් අභිවෘද්ධිය කැමති; තමාගේ ම ලාභය සලකන.
ආත්මාර්ථය[නා.] තමාගේ ම යහපත හෙවත් අභිවෘද්ධිය.
ආත්මිකාභිවෘද්ධිය[නා.] (ක්‍රිස්ති.) ගුණයත් ඥානයත් වර්ධනය වීම.
ආත්මීභාවය[නා.] පරමාත්මය සමඟ එක් වීම.
ආත්මෝත්කර්ෂණය[නා.] තමා උසස් කොට සිතීම හෝ කීම.
ආත්මෝදය[නා.ප්‍ර.] තමාගේ අභිවෘද්ධිය සිද්ධ කර ගැනීමට උපකාර වන උපදෙස් ඇතුළත් කලාව; සූසැට කලා ශිල්පවලින් එකක්.
ආත්මෝපක්‍රම[ආත්ම+උපක්‍රම] [නා.ප්‍ර.] තමා විසින් ම ක්‍රියාත්මක කරනු ලබන උපක්‍රම හෝ ක්‍රියා මාර්ග.
ආත්මෝපකාරය[නා.] තමන්ගේ වැඩ කටයුතු තමන් ම කර කියා ගැනීම.
ආත්මෝපනායික[ආත්ම+උපනායික] [වි.] තමා කෙරෙහි (නැති ගුණධර්ම) විද්‍යමාන බැව් පෙන්වන.
ආත්‍යන්තික[වි.] නිරන්තර; අඛණ්ඩ; සදාකාලික.
ආත්‍යයික[වි.] හදිසි; ඉක්මන්.
ආතා, ආත්තා1. (කථා.) [නා.] මවගේ හෝ පියාගේ හෝ පියා; මුත්තා. 2. [නා.] මවගේ හෝ පියාගේ හෝ මව; ආච්චි; මිත්තණිය.
ආතානාත්තුව[නා.] තමා යටතට ගැනීම; බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම.
ආතාපනය1. [නා.] ශරීරයට පීඩා දීම සඳහා හිරු දෙස බලා සිටීම. 2. [නා.] කෙලෙස් තැවීමේ වීර්යය.
ආතාපී[නා.ප්‍ර.] (අභි.) කෙලෙස් තවන වීර්යයෙන් යුත් තැනැත්තා.
ආතාලය(කථා.) [නා.] අන්තරීක්ෂයෙහි පිහිටි ලෝකය; පාතාලයට විරුද්ධ ව පවතින උත්තර ලෝකය.
ආතිථේය[නා.ප්‍ර.] ආගන්තුක සත්කාරය.
ආතුර සැහැවියා[නා.] රෝගී ස්වභාවය ඇති තැනැත්තා.
ආතුරයා1. [නා.] රෝගී වූ හෙවත් ගිලන් වූ තැනැත්තා; රෝගියා; ලෙඩා. 2. [නා.] ශාන්තිකර්මයකදී ශාන්තිය ලැබීමට පෙනී සිටින තැනැත්තා.
ආතුරාශ්‍රමය[නා.] ආතුර ආශ්‍රමය; රෝගීන්ට පිළියම් කරන තැන; රෝහල.
ආතෝද්‍ය[නා.ප්‍ර.] තූර්ය භාණ්ඩය; වාද්‍ය භාණ්ඩය.
ආදත්ත1. [වි.] ගන්නා ලද; ලැබුණු. 2. [වි.] පටන් ගත්; ආරම්භ කළ.
ආදරය1. [නා.] ඇල්ම; ස්නේහය. 2. [නා.] ගෞරවය; බුහුමන; භක්තිය.
ආදර්ශ අත්සන(පාරිභා.) [නා.] නිදර්ශනයක් වශයෙන් දෙනු ලබන අත්සන (=specimen signature).
ආදර්ශ ගෝලය[නා.] පෘථිවියේ හැඩය දක්වන අයුරින් නිර්මිත අනුකෘතිය.
ආදර්ශ ඥානය[නා.] කැඩපතකට බඳු පිරිසිදු නුවණ.
ආදර්ශ භිත්තිය[නා.] කැටපත්මුවා බිත්තිය; කැටපත් බිත්තිය.
ආදර්ශ රූපය[නා.] අනුරූපය; ආකෘතිය.
ආදර්ශකය1. [නා.] කැඩපත; ආදර්ශ තලය; මුහුණ බලන කණ්ණාඩිය. 2. (පාරිභා.) (නීති.) [නා.] නිදර්ශකය (=specimen).
ආදර්ශනය(පාරිභා.) [නා.] යමක් කරුණු සහිතව ඔප්පු කර දැක්වීම; උදාහරණ කොට දක්වන දෙය.
ආදර්ශය1. [නා.] කැඩපත; කන්නාඩිය. 2. [නා.] අනුරූපය; ආකෘතිය; නිදර්ශනය; ගුරුකමට හෝ පාඩමට ගත යුත්ත.
ආද්‍ය[වි.] ප්‍රථම; මූලික.
ආද්‍යන්ත1. [නා.ප්‍ර.] මුල සහ අග; ආරම්භය සහ අවසානය. 2. [නා.ප්‍ර.] සම්පූර්ණ දෙය; මුළුල්ල.
ආදාන කාලය[නා.] සූර්යයා උත්තරායන ව ගමන් කරන සිසිර, වසන්ත සහ ශ්‍රීෂ්ම කාලය.
ආදානය1. [නා.] ගැනීම; පැහැර ගැනීම. 2. [නා.] දැඩි ලෙස ගැනීම; ග්‍රහණය. 3. [නා.] යම්කිසි රෝගයකට හේතු වූ අන්නපානාදියෙහි ගුණ අගුණ දැන ගැනීම.
ආදායකය1. (පාරිභා.) [නා.] ආසවනයේ දී ආසූතය සේ, යමක් එකතූ වන බඳුන හෙවත් ප්ලාස්කුව. 2. [නා.] රිසීවරය (=receiver).
ආදායම[නා.] ගේ දොර, ඉඩකඩම්, වෙළඳ ව්‍යාපාර ආදියෙන් හෝ වේතන වශයෙන් හෝ ලැබෙන මුදල; අය.
ආදායම් පාලක[නා.ප්‍ර.] ආණ්ඩුවට ලැබෙන ප්‍රධාන ආදායම් පාලනය කරන නිලධාරියා; කලින් ප්‍රාදේශීය උපදිසාපතිවරයා හැඳින්වූ නාමය.
ආදාහනය1. [නා.] මළ සිරුරු දැවීම. 2. [නා.] සුසාන භූමිය.
ආදි1. [වි.] ප්‍රථම; මුල්; පුරාණ. 2. [වි.] ප්‍රමුඛ; ප්‍රධාන කොට ඇති. 3. [වි.] මුල් කොට ඇති; ආරම්භ කොට ඇති.
ආදි කාරණය[නා.] මුල් හේතුව; පූර්ව නිමිත්ත.
ආදි පුරුෂයා[නා.] මී මුතු පරම්පරාවේ මුල් තැනැත්තා.
ආදි මානවයා[නා.] මුල් මිනිසා; ආදිකල්පික මනුෂ්‍යයා.
ආදි රසායනය(පාරිභා.) [නා.] තඹ, පිත්තල ආදි ලෝහ රත්තරන්වලට හැරවීම ආදියට සීමා වූ (යුරෝපයේ) මධ්‍යම යුගයේ පැවති රස විද්‍යාව (=alchemy).
ආදිකර්තෘ, ආදිකර්තෘක[නා.ප්‍ර.] යමක් පළමුවෙන් ආරම්භ කළ තැනැත්තා; ප්‍රාරම්භකයා.
ආදිකර්ම[නා.ප්‍ර.] මුල් ක්‍රියාව; ආරම්භය.
ආදිකර්මිකයා, ආදිකම්මිකයා[නා.] (විනය.) යම්කිසි කාර්යයක පළමුවැන්නා; යම් ක්‍රියාවක් ප්‍රථමයෙන් කරන තැනැත්තා.
ආදිකල්පය[නා.] කල්පයෙහි මුල; ලෝකාරම්භ කාලය හෙවත් මුල් කල්පය.
ආදිකල්පිකයා[නා.] ආදිකල්පයට අයත් මිනිහා; අතිපුරාණ මනුෂ්‍යයා.
ආදිකවි[නා.ප්‍ර.] මුල් කවියා; ආදි කාව්‍යය ලෙස සැලකෙන රාමායණයෙහි කර්තෘ වූ වාල්මිකී.
ආදිච්ච[නා.ප්‍ර.] සූර්යයා.
ආදිච්චබන්ධු[නා.ප්‍ර.] බුදුන් වහන්සේ.
ආදිත්ත[වි.] ගිනි ගෙන දැවෙන; දිලිසෙන.
ආදිත්‍යයා1. [නා.] දෙවියා. 2. [නා.] සූර්යයා.
ආදිපාද[නා.ප්‍ර.] රාජ කුමාරයකුට හෝ වංශාධිපතියකුට හෝ පිරිනමනු ලබන පදවි නාමයක්.
ආදියන[නා.ප්‍ර.] අන් සතු දෙය අයිති කර ගැනීම.
ආදිරූප[නා.ප්‍ර.] රෝගයක පූර්ව ලක්ෂණ හෙවත් රෝගයක් හටගැනීමට පළමු සිරුරෙහි පහළ වන ලක්ෂණ.
ආදිෂ්ට[වි.] දැක්වූ; සඳහන් කළ; නියම කළ; නියෝග කළ; විධාන කළ.
ආදීනවය[නා.] දෝෂය; විපත්තිය; අනිෂ්ට විපාකය.
ආදීප්ත[වි.] දිලිසෙන; දැල්වෙන; ගිනිගෙන දැවෙන.
ආදෘත[වි.] මැනවින් පිළිගත්; බාරගත්; ගරු කළ.
ආදෘශය[නා.] උදාහරණය; ගුරුකමට ගනු ලබන දෙය; ආදර්ශය.
ආදේව[නා.ප්‍ර.] වැලපීම; ඇඬීම.
ආදේශකය[නා.] යමක් වෙනුවට යොදා ගත හැකි විකල්ප දෙය.
ආදේශය1. [නා.] අවවාදය; ආඥාව. 2. [නා.] යමක් වෙනුවට අනිකක් පැමිණවීම හෙවත් යෙදීම. 3. (ව්‍යාක.) [නා.] පදයක අකුරක් වෙනුවට වෙන අකුරක් යෙදීම.
ආදේසනාපාටිහාරිය[නා.ප්‍ර.] පරසිත් ගැන කීමට හැකි ඍද්ධි මහිමය.
ආධ්මාත[වි.] පිම්බුණු; ඉදිමුණු.
ආධ්මාතයා[නා.] පිම්බුණු හෙවත් ඉදිමුණු තැනැත්තා.
ආධ්මාන1. [නා.ප්‍ර.] පිඹීම. 2. [නා.ප්‍ර.] බඩේ වාතය පිරීම ලක්ෂණ කොට ඇති රෝග විශේෂයක්.
ආධ්‍යාත්ම විමෝක්ෂය[නා.] (අභි.) තමා පිළිබඳ වූ මිදීම; ආධ්‍යාත්මික සංස්කාරයන් පරිග්‍රහණය කොට ලද අර්හත්ත්වය.
ආධ්‍යාත්මය1. [නා.] තමාගේ සිත හෙවත් සන්තානය; චිත්තය; ස්වකීය කය. 2. (ක්‍රිස්ති.) [නා.] හැඟීම් හෙවත් ස්නේහය පිළිබඳ නිජ ස්ථානය.
ආධ්‍යාත්මික[වි.] තමා පිළිබඳ; ආධ්‍යාත්මය හා සම්බන්ධ; තමාගේ සිත පිළිබඳ.
ආධ්‍යාත්මික අපවාදය(පාරිභා.) [නා.] තමා පිළිබඳ හෝ ගුණධර්ම පිළිබඳ හෝ දෝෂාරෝපණය (=spiritual censure).
ආධ්‍යාත්මික දානය[නා.] තමාගේ ශරීරය හෝ ශාරීරික අවයව හෝ පරිත්‍යාග කිරීම.
ආධානය1. [නා.] තැන්පත් කිරීම; තැබීම; පිහිටුවීම. 2. [නා.] ගැබ් පිහිටුවීම; ගර්භාධානය. 3. [නා.] උකස; ඇපය.
ආධාරක රේඛාව(පාරිභා.) [නා.] මූලික රේඛාව; ධරණ රේඛාව (=base line).
ආධාරකය1. [නා.] යමක් උසුලා හෝ දරා සිටින දෙය. 2. [නා.] කුඩා පුටුව හෝ බංකුව; කොලොම්බුව. 3. [නා.] ජ්‍යාමිතික රූපයක පාදය (=base).
ආධාරය1. [නා.] යමක් උසුලා හෝ දරා සිටින දෙය. 2. [නා.] උපකාරය; සහාය; අනුග්‍රහය; පිහිට. 3. [නා.] යමක් වෙනුවෙන් කරන මූල්‍ය හෝ වෙනත් පරිත්‍යාගය. 4. (ව්‍යාක.) [නා.] ආධාර විභක්තිය.
ආධික්‍යය[නා.] බහුලත්වය; අධිකකම.
ආධිපත්‍ය දණ්ඩය[නා.] අධිපති බවේ සංකේතය වශයෙන් භාවිත කරන යෂ්ටිය; සෙංකෝලය.
ආධිපත්‍යය[නා.] අධිපති බව; ස්වාමිත්වය; ප්‍රභූත්වය; බලය.
ආධුත, ආධූත[වි.] සොලවන ලද; චාලිත.
ආධුනික[වි.] අලුත්; නවක; පුහුණු වන; ආරම්භක.
ආධුනිකයා[නා.] ආරම්භ කරන්නා; නවකයා; ඉගෙන ගන්නා.
ආන1. [නා.ප්‍ර.] හුස්ම ඉහළට ගැනීම; ආශ්වාසය. 2. [නා.ප්‍ර.] නිජ භූමිය; උත්පත්ති ස්ථානය. 3. [නා.ප්‍ර.] වනය. 4. [නා.ප්‍ර.] පැදුරු, මලු ආදිය එල්ලා තබන ආධාරකය.
ආනක[නා.ප්‍ර.] විශාල යුද බෙර විශේෂයක්.
ආනත[වි.] නැමුණු; නැඹුරු වූ; ඇල වූ; බෑවුම් සහිත වූ.
ආනත තලය(පාරිභා.) [නා.] බෑවුම් තලය; පසෙකට ඇල වූ සමතලය (=inclined plane).
ආනත දර්පණය(පාරිභා.) [නා.] ඇල වූ කැඩපත (=inclined mirror).
ආනතිමානය(පාරිභා.) [නා.] බෑවුම් මැනීමේ උපකරණය (=clinometer).
ආනතිය(පාරිභා.) [නා.] ඇලවීම; බෑවුම; ප්‍රවණතාව; නැඹුරුතාව (=inclination).
ආනනය1. [නා.] මුඛය. 2. [නා.] මුහුණ; වක්ත්‍රය. 3. [නා.] කටකලියාව; මුව රජ්ජුව.
ආනනවා1. [ක්‍රි.] ඈනුම් අරිනවා. 2. [ක්‍රි.] හති දමනවා; අමාරුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කරනවා.
ආනන්තර්යය[නා.] අනන්තර භාවය; ඉක්බිතිව ම සිදු වන බව.
ආනන්තරික, ආනන්තරිය[වි.] අනතුරු හෙවත් ඊළඟ ආත්මභවයෙහි විපාක දෙන.
ආනන්ත්‍ය[වි.] සීමාරහිත; අසීමිත; අන්ත රහිත.
ආනන්ද[නා.ප්‍ර.] සතුට; සන්තෝෂය; ප්‍රීතිය; ප්‍රමෝදය; ආහ්ලාදය.
ආනන්දිත[වි.] ආනන්දයට පත්; ප්‍රීති වූ; සතුටට පත්.
ආනබාල්කය(කථා.) [නා.] කුරුපාව.
ආනමනය[නා.] නැමීම; ඇලවීම.
ආනමානය1. [නා.] උපාය; උපක්‍රමය; ප්‍රයෝගය. 2. [නා.] විදීමේ, වෙඩි තැබීමේ ඉලක්කය හෙවත් කුරුමානම.
ආනමේස්තරය(කථා.) [නා.] ගෙයක ඉදිරිපස හෝ පිටුපස හෝ පිහිටා තිබෙන ආලින්දය.
ආනයනය[නා.] ගෙන ඒ ම; පැමිණවීම; ආවහනය; භාණ්ඩ ආදිය පිටරටින් ගෙන්වීම.
ආනර්තිත[වි.] සෙලවුණු; ලෙළ දුන්.
ආන්තර1. [වි.] ඇතුළත වූ; අභ්‍යන්තර. 2. [වි.] මානසික.
ආන්තර ස්කන්ධය[නා.] ප්‍රාක්ප්ලාස්මය මැද පිහිටි ඝන මදය; න්‍යෂ්ටිය.
ආන්තරාව[නා.] අනතුර; උවදුර; ආපදාව; විපත්තිය.
ආන්තරික[වි.] ඇතුළත වූ; අභ්‍යන්තර.
ආන්තරිකය[නා.] උකුල් ඇටයෙහි ඉහළින් පිහිටි පුළුල් වූ කර්ණාකාර කොටස; ජඝ්නඵලක අස්ථිය.
ආන්ත්‍රික[අන්ත්‍ර+ඉක] (පාරිභා.) [වි.] අන්ත්‍ර හෙවත් බඩවැල පිළිබඳ; අතුණු හා සම්බන්ධ (=intestinal).
ආන්ත්‍රික ග්‍රන්ථිය(පාරිභා.) [නා.] මහාන්ත්‍රයේ හා ක්ෂුද්‍රාන්ත්‍රයේ ශ්ලේෂ්මල පටලයෙහි පිහිටා ඇති නාලාකාර අවයව විශේෂය (=intestinal gland).
ආන්ත්‍රික ජීර්ණය(පාරිභා.) [නා.] බඩවැලේ දී සිදු වන ආහාර දිරවීම.
ආන්ත්‍රිකය[නා.] බඩවැල; අතුණ; අන්ත්‍රය.
ආන්තික[වි.] කෙළවරෙහි වූ; සීමාන්තයෙහි ඇති; යන්තම් වැඩි වශයෙන් ඇති.
ආන්දෝලනය1. [නා.] පැද්දීම; එහා මෙහා සෙලවීම. 2. [නා.] කම්පනය; කැලඹීම.
ආන්නැය[නා.] අණ; ආඥාව.
ආන්බාන් කරනවා(කථා.) [ක්‍රි.] කීකරු කරනවා; හික්මවනවා; මෙල්ල කරනවා.
ආන්සාම[නා.] ඔරුවක රුවල එසවීම සඳහා යොදන කඹය.
ආනාදි1. [වි.] ආදියක් හෙවත් පටන් ගැන්මක් නැති; සනාතන. 2. [වි.] පරම්පරා ගණනාවක සිට පැවත එන; නම් දරාපු; තහවුරු වුණු.
ආනාදියා(කථා.) [නා.] තක්කඩියා; නම් දරාපු හොරා; දක්ෂ හොරා.
ආනාපානය[නා.] හුස්ම ඉහළ ගැනීම සහ පහළ හෙළීම; ආශ්වාසය හා ප්‍රශ්වාසය.
ආනාපානසති භාවනාව[නා.] (අභි.) ආශ්වාස ප්‍රශ්වාසයෙහි සිහිය පිහිටුවා කරන සිත වැඩීම හෙවත් භාවනාව.
ආනාහය1. [නා.] මූත්‍ර බද්ධය; මල බද්ධය. 2. [නා.] බඩ පිපුම; බඩ පුරවා දැමීම.
ආනෑ[නා.ප්‍ර.] අණ; ආඥාව.
ආනිබානි[නා.ප්‍ර.] නිදිමත, මැළිකම, අප්‍රාණික බව හේතු කොට ගෙන ඈනවිලි ඇරීම ආදියෙන් යුත් ස්වභාවය; ඈනුම.
ආනිසංස ඵලය[නා.] කුශල කර්ම ආදියෙහි ඉෂ්ට විපාකය හෙවත් යහපත් ඵලය.
ආනිසංසය1. [නා.] යහපත් ප්‍රතිඵලය; කුශල විපාකය. 2. (කථා.) [නා.] අයහපත් ප්‍රතිඵලය.
ආනිසදය[නා.] නිසදනය හෙවත් හිඳීම සඳහා ගැනෙන පෙදෙස; තට්ටම.
ආනීත[වි.] ගෙනෙන ලද; පමුණුවන ලද.
ආනීයමාන[වි.] ගෙනෙනු ලබන; පමුණුවනු ලබන.
ආනුකුල්‍යය[නා.] අනුකූල බව.
ආනුභාව[නා.ප්‍ර.] ආධිපත්‍යය නිසා නිරායාසයෙන් ම ඇති වන බල මහිමය; තේජස.
ආනුභාව සම්පන්න[වි.] තෙද බලයෙන් යුත්; බල මහිමයෙන් යුක්ත; ඍද්ධි බලය ඇති.
ආනුමානික[වි.] ලැබී ඇති කරුණු හෙවත් හේතු අනු ව නිශ්චය කරගත්; අනුමානයෙන් තීරණය කරගත්; යුක්තියෙන් සිද්ධ වූ.
ආනුමානික ප්‍රසාදස්තානය[නා.] (ක්‍රිස්ති.) පළමු බව්තිස්මය ගැන සැකයක් ඇති වූ විට කරන දෙවැනි බව්තිස්මය හෙවත් අවගාහනය (=conditional baptism ).
ආනුලෝමික[වි.] මුල පටන් අග දක්වා පිළිවෙළ අනුව ඇති; අනුකූල; අනුගත.
ආනුෂංගික, ආනුෂඞ්ගික1. [වි.] කිට්ටුවෙන් ආශ්‍රිත වූ හෙවත් සම්බන්ධ වූ; එක් ව යන නමුදු වෙනස් වූ. 2. (යමක්) [වි.] අනුසාරයෙන් පැමිණෙන.
ආනූප[වි.] දියට ආසන්නව පැවති; ජල බහුල වූ; තෙතමනය ඇති. [නා.ප්‍ර.] දිය හා ගල් බහුල භූමිය; ගල් සහිත වගුරු බිම.
ආනූපයා[නා.] ජල බහුල බිමෙහි හෝ වගුරු බිමෙහි හෝ හැසිරෙන මත්ස්‍ය, ඌරු, මී, ගව ආදි සත්ත්වයන්.
ආනෘශංසය[නා.] කුසල විපාකය; ආනිසංසය.
ආනෙඤ්ජ[වි.] නොසැලෙන; කම්පිත නොවන; ස්ථිර.
ආඳනවා, ඈඳනවා1. [ක්‍රි.] යම් දෑ එකිනෙකට සම්බන්ධ කරනවා; හරක් ආදි සතුන් දෙදෙනකු හෝ ඊට වැඩි දෙනකු එකිනෙකාට සම්බන්ධ කර බඳිනවා; ගලතනවා. 2. (කථා.) [ක්‍රි.] රා මීරා මැදීම පිණිස පොල් ගස්වල කරටි කඹවලින් එකිනෙකට සම්බන්ධ කරනවා; අතුරු බඳිනවා.
ආඳා[නා.] ලිස්සන සුලු දිගටි මිරිදිය මත්ස්‍ය විශේෂයක්.
ආපගා[නා.ප්‍ර.] ගඟ; නදිය.
ආපණ ශාලාව1. [නා.] වෙළඳසල; සල්පිල. 2. [නා.] භෝජන ශාලාව.
ආපණිකයා[නා.] වෙළෙන්දා; ව්‍යාපාරිකයා.
ආපතනය(පාරිභා.) [නා.] අභිමුඛ වීම (=incidence).
ආපත්තිය1. [නා.] පැමිණීම; ප්‍රාප්තිය. 2. [නා.] ආපදාව; විපත. 3. [නා.] නියමිත ශික්ෂා පදයක් හෝ වතක් හෝ උපසම්පන්න භික්ෂු භික්ෂුණී කෙනකු විසින් ඉක්මවීමෙන් සිදු වන වරද. 4. [නා.] එසේ වරදට පැමිණීම.
ආපදා රථය(පාරිභා.) [නා.] රථයක් ක්‍රියා විරහිත වූ විට එය ඇදගෙන යෑම සඳහා යොදන විශේෂ රථය (=breakdown van).
ආපදාපන්න[වි.] විපතට පැමිණි.
ආපදාව[නා.] විපත; පීඩාව; ව්‍යසනය.
ආපය[නා.] ජලය.
ආපසු[ක්‍රි.වි.] පෙරළා; යළිත්.
ආප්ත1. [වි.] ලබන ලද; අධිගත. 2. [වි.] විශ්වාස කටයුතු. 3. [වි.] වියත්; යථාර්ථයෙන් යුත්.
ආප්තය[නා.] වියත් වදන; ඡේක ප්‍රයෝගය.
ආප්තයා[නා.] වියතා; පණ්ඩිතයා.
ආප්තිය[නා.] සම්පත්තිය; ලාභය.
ආප්තෝපදේශය[නා.] වියතකුගේ කියමන; ආප්ත වචනය; උපදේශ වාක්‍යය; ප්‍රස්තාව පිරුළ.
ආප්‍ය1. [වි.] පැමිණවිය හැකි හෝ යුතු; ලැබිය හැකි හෝ යුතු. 2. [වි.] දිය පිළිබඳ; ජලයට අයත්.
ආපාතය[නා.] වැටීම; බැස්ම.
ආපාථය[නා.] ඉන්ද්‍රියවලට (අරමුණු) විෂය වීම; ඉන්ද්‍රිය ගෝචරය; ඉන්ද්‍රියාභිමුඛය.
ආපාදක[නා.ප්‍ර.] ළමයෙකු පෝෂණය කරන්නා; ඇතිදැඩි කරන්නා.
ආපාදනය[නා.] පැමිණවීම; සම්පාදනය.
ආපාන ක්‍රීඩාව[නා.] මද්‍යපානෝත්සවය.
ආපාන භූමිය[නා.] සාමූහික ව සුරාපානය කරන ස්ථානය; මද්‍යපාන උත්සවය පිළියෙල කරන ලද තැන.
ආපානය1. [නා.] මත්පැන් බීම; සුරාපානය. 2. [නා.] සුරාපානය කරන ස්ථානය; සුරාසැල; අවන්හල; ආපණ ශාලාව.
ආපායිකයා[නා.] මරණින් මතු නිරයෙහි ඉපදී දුක් විඳින සත්ත්වයා.
ආපුච්ඡන, ආපුච්ඡනා1. [නා.ප්‍ර.] පිළිවිසීම; විචාරීම. 2. [නා.ප්‍ර.] සමුගැනීම.
ආපූරිත[වි.] පිරුණු; පුරවන ලද.
ආපෝ ධාතුව[නා.] (අභි.) සතර මහා භූත අතරින් එකක් වන ජලය.
ආබන්ධනය[නා.] දැඩි ලෙස බැඳීම.
ආබාධය1. [නා.] ලෙඩ දුක; ව්‍යාධිය; රෝගය. 2. [නා.] පීඩාව; හිංසාව; අවහිරය; දෝෂය.
ආභත[වි.] ගෙන එන ලද; පමුණුවන ලද.
ආභස්සර[නා.ප්‍ර.] බ්‍රහ්ම ලෝකයක නාමය.
ආභ්‍යන්තර[වි.] ඇතුළු; ඇතුළෙහි පිහිටි; මධ්‍යගත.
ආභාව[නා.] කාන්තිය; දීප්තිය; වර්ණ ශෝභාව; ආලෝකය.
ආභාෂණය[නා.] ආමන්ත්‍රණය; (ඔවුනොවුන් හා) කථා කිරීම.
ආභාසය1. [නා.] කාන්තිය; ආලෝකය; ප්‍රභාව. 2. [නා.] ආකාරය; අනුරූපය. 3. [නා.] ආනුභාව; බලපෑම. 4. (පාරිභා.) [නා.] මායාව; මුළාව; මිථ්‍යාව (=fallacy).
ආභිධර්මිකයා[නා.] අභිධර්මය උගත් තැනැත්තා; අභිධර්මයෙහි දක්ෂයා.
ආභූජනය[නා.] සිතා බැලීම; ආවර්ජනය; මෙනෙහි කිරීම.
ආභෝගය1. [නා.] ව්‍යාප්තිය; විස්තාරය; පරිපූර්ණතාව. 2. [නා.] සිතා බැලීම; මෙනෙහි කිරීම; කල්පනාව; චේතනාව.
ආම1. [වි.] අමු; නොපිසූ. 2. [වි.] පිඟන් ගඩොල් ආදිය මෙන් නොපුළුස්සන ලද. 3. [වි.] නොපැසුණු; නොමේරූ; නොඉදුණු. 4. [වි.] නොදිරූ; අජීර්ණ. 1. [නා.ප්‍ර.] ආහාර නොදිරවීමෙන් ඇති වන රෝගය; අජීර්ණය. 2. [නා.ප්‍ර.] අමු මස්.
ආම වාතය[නා.] අජීර්ණයත් මලබද්ධයත් නිසා වා පිත් සෙම් යන තුන් දොස කිපීමෙන් ඇති වන එනම් රෝගය.
ආමන්ත්‍රණය[නා.] ඇමතීම; ආරාධනය; කැඳවීම.
ආමර්ශනය[නා.] ස්පර්ශ කිරීම; අතගෑම; අල්ලා ගැනීම; ග්‍රහණය.
ආමර්ෂය[නා.] තරහ; ක්‍රෝධය.
ආමලසය(පාරිභා.) [නා.] ආමාශයෙන් ක්ෂුද්‍රාන්තයට ඇතුළුවන බාගෙට දිරවූ අර්ධ ද්‍රව ආහාරය (=chyme).
ආමසනය[නා.] ගෑවීම; ස්පර්ශ කිරීම; ඇල්ලීම.
ආම්පන්න[නා.බහු.] කර්මාන්තාදියට උවමනා උපකරණ; මෙවලම්.
ආම්ල[නා.ප්‍ර.] ඇඹුල්.
ආම්ලිකතාව1. [නා.] ඇඹුල් ගතිය; අම්ල ප්‍රමාණය. 2. [නා.] රුධිරයේ හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය සාමාන්‍ය සීමාව ඉක්මවා යෑම (=acidosis).
ආමාජීර්ණය[නා.] ආහාර නොදිරවීමෙන් වන උදරාබාධය.
ආමාශ විද්‍යාව(පාරිභා.) [නා.] ආමාශය හා බඩවැල් පිළිබඳ කරුණු දක්වන වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය (=gastroenterology).
ආමාශය[නා.] ගලනාලයේ අග සහ කුඩා බඩවැල අතර පවතිමින් ආහාර පැසවීමේ කාර්යය කරන මල්ලක් වැනි අවයවය; ආහාර බොක්ක.
ආමාශයික[වි.] ආමාශය පිළිබඳ; ආමාශය හා සම්බන්ධ; ජඨරීය.
ආමාශයික යුෂය(පාරිභා.) [නා.] ආමාශයේ ස්‍රාවණය; ආහාර දිරවීමට උපකාර වන දියර; ජඨරීය යුෂය (=gastric juice).
ආමිස දානය[නා.] කෑම්බීම්, ඇඳුම් පැලඳුම්, යාන වාහනාදි වස්තු දන් දීම.
ආමිස පූජාව[නා.] චීවරාදි සිවුපසය පිදීම.
ආමිස ලාභය[නා.] වස්තු ලාභය; ධන ලාභය.
ආමිසය, ආමිෂය1. [නා.] ආහාරය; පරිභෝග වස්තු; (භික්ෂූන් සඳහා) සිවුපසය වැනි ලෞකික අවශ්‍යතා. 2. [නා.] ලාභ ප්‍රයෝජනය; වාසිය. 3. [නා.] පංචකාම වස්තු.
ආමුක්ත[වි.] පැලඳ ගත්; බඳින ලද. [නා.ප්‍ර.] අඳින ලද වස්ත්‍රය; යුද්ධයෙහි ඇඳගත් වස්ත්‍රාභරණාදිය.
ආමෘෂ්ට[වි.] ආමර්ශනය කරන ලද; ස්පර්ශ කරන ලද.
ආමෙන්[නි.] (ක්‍රිස්ති.) බොහෝ විට යාච්ඥාවකට පසු ව එසේ ම වේවා යන ප්‍රාර්ථනයෙන් යුක්ත ව කියනු ලබන ව්‍යවහාරය.
ආමෝදය1. [නා.] සතුට; සන්තෝෂය; සොම්නස; ආනන්දය. 2. [නා.] සුගන්ධය.
ආයත1. [වි.] දික් වූ; දීර්ඝ. 2. (පාරිභා.) [වි.] දීර්ඝ වෘත්තාකාර; දීර්ඝ චතුරස්‍රාකාර. 3. [වි.] දීර්ඝාකාර; දික් අතට පවත්නා (=longitudinal).
ආයත චතුරස්‍රය[නා.] අභිමුව පැති දෙකක් ඉතිරි පැති දෙකට වඩා දික් වූ චතුරස්‍රය.
ආයත නිම්නය(පාරිභා.) [නා.] ප්‍රධාන කඳුවැටි විහිදීම හා සමාන්තර ව පවතින නිම්නය; ආයතගාමී නිම්නය.
ආයත පණ්හි[නා.ප්‍ර.] බුදු රජුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් එකක් වන පිරුණු දික් වූ විළුම් ඇති බව.
ආයතන සංග්‍රහය[නා.] රජයේ දෙපාර්තමේන්තු සංස්ථාදියේ පරිපාලන කටයුතු පිළිබඳ නීතිරීති ඇතුළත් ග්‍රන්ථය.
ආයතනය1. [නා.] වාසස්ථානය; නිවාසය. 2. [නා.] කිසියම් විශේෂ පොදු අරමුණක් සඳහා පිහිටුවා ගන්නා සංගමය හෝ සංවිධානය. 3. [නා.] මධ්‍යම යුගයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් වුණු ආගමික මූලස්ථානය. 4. [නා.] දෙවියන් පුදන තැන; පූජාසනය. 5. [නා.] රෝග නිදානය හෝ හේතුව. 6. (අභි.) [නා.] ආකාසනඤ්චායතන ආදි බ්‍රහ්ම තල. 7. (අභි.) [නා.] විදර්ශනා ඥානය වැඩීමට ආධාර වන සය වැදෑරුම් ඇස්, කන් ආදි අභ්‍යන්තර වූ ද, සය වැදෑරුම් රූප, ශබ්ද ආදි බාහිර වූ ද ධර්ම.
ආයත්ත1. [වි.] (යමක් කෙරෙහි) එල්බ පවතින; රඳා පවත්නා. 2. [වි.] අයත්; සතු. 3. [වි.] යටත්; හීලෑ; වසඟ.
ආයති කාලය[නා.] මතු කාලය; අනාගත කාලය.
ආයමුඛය1. [නා.] ඇතුළු වන දොරටුව; ප්‍රවේශද්වාරය. 2. [නා.] ආදායම් උපදින මාර්ගය.
ආයව්‍යය[නා.ප්‍ර.] ආදායම හා වියදම්; අයවැය.
ආයා[නා.] ළදරුවන් රැක බලා ගන්නා සේවිකාව; කුල කාන්තාවන්ගේ ආවතේවකාරිය.
ආයා කටුව[නා.] යතුරු කටුව; හැට්ට කටුව.
ආයාචක(පාරිභා.) [නා.ප්‍ර.] ආයාචනය කරන්නා; අයදින්නා (=pleader).
ආයාචනය1. [නා.] ඉල්ලා සිටීම; අයැදුම. 2. (පාරිභා.) (නීති.) [නා.] කරුණු දැක්වීම; ඇපෑල (=plea).
ආයාචිත[වි.] යාච්ඤා කරන ලද; අයදනා ලද; යදින ලද.
ආයාත1. [වි.] ආවා වූ; පැමිණියා වූ. 2. (පාරිභා.) [වි.] විදේශයෙන් ගෙනා හෙවත් ගෙන්වන ලද; ආනයනය කරන ලද (=imported).
ආයාත වෙළඳාම(පාරිභා.) [නා.] පිටරටින් බඩු ගෙන්වීමෙන් කරන වෙළඳාම; ආනයන වෙළඳාම (=import trade).
ආයාතය(පාරිභා.) [නා.ප්‍ර.] පිටරටින් ගෙන්වන ලද්ද; විදේශීය භාණ්ඩය; ආනයනය කරන ලද භාණ්ඩය (=import).
ආයාසය1. [නා.] ශාරීරික හෝ මානසික වෙහෙස; මහන්සිය; විඩාව; තෙහෙට්ටුව. 2. [නා.] උත්සාහය.
ආයිත්තම1. [නා.] පලඳනාව; ආභරණය. 2. [නා.] ඇඳුම; වස්ත්‍රය.
ආයු පරියෝසානය[නා.] ජීවිත කාලයෙහි කෙළවර; ආයුෂ අවසානය.
ආයු සන්තතිය[නා.] ආයු ප්‍රමාණය; ආයු ප්‍රවාහය.
ආයුඃශ්‍රී[නා.ප්‍ර.] ආයු කාලය නමැති සම්පත; දීර්ඝායුෂ සම්පත.
ආයුක්ත1. [වි.] සම්බන්ධ; නියැළුණ. 2. [වි.] පවරන ලද; මෙහෙයුණු.
ආයුක්ෂය[නා.ප්‍ර.] උපන් භවයෙහි ජිවිත කාලය ක්ෂය වීම; ආයුෂ ගෙවී යෑම.
ආයුධ සන්නද්ධ[වි.] ආයුධයෙන් සැරසුණු; අවිගත්.
ආයුධය[නා.] කැපීම, පහරදීම වැනි කාර්යයන්ට යොදා ගන්නා මෙවලම; අවිය; සැත; ශස්ත්‍රය.
ආයුබෝවන්[නි.] බොහෝ කල් ජීවත් වේවා, දීර්ඝායු ලැබේවා යනුවෙන් කෙනෙකුට ආචාර කිරීමේදී ව්‍යවහාර කරනු ලබන පාඨය.
ආයුර්වේදය[නා.] දීර්ඝ ආයුෂ ලාභය පිළිබඳ වෛද්‍ය විද්‍යාව; පෙරදිග වෛද්‍ය ශාස්ත්‍රවලින් එකක නාමය.
ආයුරාරෝග්‍යය[නා.] දීර්ඝායු හා නිරෝගි බව.
ආයුෂය[නා.] ජීවත් වන කාලය.
ආයුෂ්මත්[වි.] (ශරීර ශක්තියෙන් යුක්ත ව දීර්ඝ ආයුෂ වළඳන යනු වාච්‍යාර්ථයි) වැඩිහිටි හා සම තත්ත්වයේ භික්ෂූන්ට ගෞරව වශයෙන් අන්‍යෝන්‍යව භාවිත වන ප්‍රියජනක ව්‍යවහාරයක්.
ආයුසංස්කාරය[නා.] ආයුෂය හෙවත් සත්ත්වයාගේ ජීවිතේන්ද්‍රිය : ආයුඵල දීමේ ශක්තිය.
ආයෝගය[නා.] එකට යෙදීම; එක්තැන් කිරීම; එකට බැඳීම.
ආයෝජනය1. [නා.] රැස් කිරීම. 2. [නා.] ළඟට ගෙන ඒම. 3. (පාරිභා.) (ව්‍යාපාරයක) [නා.] මුදල් යෙදීම; ව්‍යාපාරයක යොදන ලද මුදල; ධන වින්‍යාසය; ආයෝජිතය.
ආරක්ෂකයා[නා.] රැක බලා ගන්නා; භාරකාරයා; මුරකාරයා.
ආරක්ෂණය[නා.] ආරක්ෂා කිරීම; රැක ගැනීම.
ආරක්ෂාව[නා.] රැකීම; රැකවල; පිහිට; සරණ.
ආරක්ෂිත[වි.] ආරක්ෂාව ලද; රැකවල් කරන ලද; පරෙස්සම් වූ.
ආරච්චි වසම[නා.] ආරච්චි කෙනකුගේ පරිපාලනයට අයත් ප්‍රදේශය.
ආරච්චි, ආරච්චිල1. [නා.ප්‍ර.] මධ්‍යකාලීන ශ්‍රී ලංකාවේ සේවය කළ යුද්ධ නිලධාරියෙක්. 2. [නා.ප්‍ර.] මුදලි කෙනකු යටතේ සේවය කළ නිලධාරියෙක්; ගම්මුලාදෑනියා; ගම්මුලාදෑනින් කිහිප දෙනකුගේ ප්‍රධානයා. 3. [නා.ප්‍ර.] කාර්යාලයක සේවයේ නියුක්ත ජ්‍යෙෂ්ඨ කාර්යාල කාර්ය සහායකයා.
ආරණ්‍ය[වි.] වනයෙහි වූ; වනය පිළිබඳ වූ.
ආරණ්‍ය සේනාසනය[නා.] ආරණ්‍යවාසී භික්ෂූන් හිඳින, සැතපෙන තැන; ඔවුන්ගේ වාසස්ථානය; භික්ෂූන්ගේ වන සෙනසුන.
ආරනවා[ක්‍රි.] වැඩෙනවා; වර්ධනය වෙනවා; මහත් වෙනවා; තර වෙනවා.
ආරබ්ධ වීර්යය[නා.] පටන් ගන්නා ලද හෝ වඩන ලද හෝ වීර්යය.
ආරබාර[නා.ප්‍ර.] පිහිට ලබා ගනු සඳහා දෙවියන් කෙරෙහි වන පොරොන්දු; ඇප කැප වීම.
ආරමණය1. [නා.] සිත් පිනවීම; සිත් ඇලවීම. 2. [නා.] නවතින තැන; විශ්‍රාම ගන්නා ස්ථානය.
ආරම්භක[වි.] මුල්; මූලික; ප්‍රාරම්භ; පටන්ගන්නා වූ.
ආරම්භකයා[නා.] ආරම්භ කරන්නා; පටන් ගන්නා.
ආරම්මණය[නා.] අරමුණ.
ආරමාරුව1. (කථා.) [නා.] මාරු වීම; මාරු කිරීම; හුවමාරුව. 2. [නා.] අඬදබරය; කලහය.
ආරය, ආරේ[නා.] වර්ගය; ජාතිය; ප්‍රවේණිය; පරම්පරාව.
ආරලු බූරලු(කථා.) [නා.ප්‍ර.] වැදගැම්මක් නැති කථා; නිරර්ථක කථා; වැල්වටාරම් කථා.
ආරවුල, ආරාවුල[නා.] අවුල; වියවුල; අරගලය; කලහය.
ආර්ජවය[නා.] ඍජු බව; අවංක භාවය.
ආර්තවය[නා.] ස්ත්‍රීන්ගේ ඔසප් ලේ.
ආර්තවාණුව[ආර්තව+අණුව] [නා.] ස්ත්‍රී බීජය; ඩිම්බය.
ආර්ථික ක්‍රමය(පාරිභා.) [නා.] සමාජයක මිල මුදල් හා ධන සම්පත් පාලනය කිරීමේ විධිය; අර්ථ පාලනය (=economy).
ආර්ථික නිදහස(පාරිභා.) [නා.] තමන්ගේ අභිමතය පරිදි ධන සම්පත් පාලනය කර ගැනීමේ නිදහස (=economic freedom).
ආර්ථික විද්‍යාව[නා.] ධන සම්පත්, සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද ධන සම්පත් වර්ධනය ද පිළිබඳ උගන්වන විද්‍යාව; අර්ථ ශාස්ත්‍රය.
ආර්ද්‍ර1. [වි.] තෙත් වූ; තෙමුණු. 2. [වි.] අමු; නොවියළි. 3. [වි.] අලුත්; නව.
ආර්ද්‍රතාමානය(පාරිභා.) [නා.] වායුවෙහි ඇති තෙතමන ප්‍රමාණය මැනීමේ උපකරණයක් (=hygrometer).
ආර්ද්‍රතාව(පාරිභා.) [නා.] වායුවේ තෙතමනය (=humidity).
ආර්ය අෂ්ටාංගික මාර්ගය[නා.] අති උතුම් වූ මාර්ගය; සම්මා දිට්ඨි ආදි අංග අටකින් යුත් නිර්වාණ මාර්ගය.
ආර්ය ධර්ම[නා.ප්‍ර.] මාර්ගඵල ධ්‍යාන විදර්ශනාදි උත්තම ධර්ම.
ආර්ය ඵලය[නා.] උතුම් වූ හෙවත් ශ්‍රේෂ්ඨ වූ ඵලය; නිවන කරා පවතින සෝතාපත්ති, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන සතර ඵලය.
ආර්ය භාෂාව[නා.] ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් භාෂාව.
ආර්ය මාර්ගය[නා.] උතුම් වූ මාර්ගය; අත්‍යුත්තම මාර්ගය; සෝතාපත්ති ආදියෙන් යුක්ත නිර්වාණ මාර්ගය.
ආර්ය ශ්‍රාවකයා[නා.] නිර්වාණ මාර්ගයෙහි යටත් පිරිසෙයින් පළමු ඵලය වන සෝතාපත්තියටවත් පැමිණි තැනැත්තා.
ආර්ය ශීලය[නා.] ආර්ය භාවයට හේතු වන ශීලය; කල්‍යාණ පෘථග්ජනයන්ගේ චතුර්විධ පාරිශුද්ධි ශීලය.
ආර්ය සත්‍යය[නා.] බුද්ධාදි ආර්යයන් විසින් අවබෝධ කොට වදාළ සත්‍යය; චතුරාර්ය සත්‍යය.
ආර්ය සිංහල[වි.] විදේශීය සිරිත් විරිත් ආදියෙන් සංකර නොවූ නියම පිරිසිදු සිංහල ගති පැවතුම් ඇති.
ආර්යාව[නා.] උත්තමාංගනාව; උත්තමිය; කුල කාන්තාව.
ආර්ෂ[වි.] සෘෂිවරයකු විසින් භාවිත කරන ලද; සෘෂිවරයකු පිළිබඳ. 1. [නා.ප්‍ර.] සෘෂීන්ගේ භාෂාව; ජෛන සූත්‍රයන්ගේ භාෂාව. 2. [නා.ප්‍ර.] ආර්ෂ විවාහය.
ආර්ෂ විවාහය[නා.] පුරාණ භාරතයේ පැවති අෂ්ටවිධ විවාහයන්ගෙන් එකක්; සෘෂිවරයන්ගෙන් පැවත ආ විවාහ ක්‍රමයක්; මනාලයාගෙන් ගව ජෝඩුවක් ලබා ගෙන දියණිය විවාහ කරදීමේ චාරිත්‍රය සිදුවන ක්‍රමය.
ආරාමය1. [නා.] ප්‍රීතිය; සොම්නස. 2. [නා.] උයන; උද්‍යානය. 3. [නා.] භික්ෂූන් හෝ තවුසන් හෝ වසන නිවස්න.
ආරාවාර[වි.] කලාතුරකින් සිදුවන; විරල.
ආරිය, ආර්ය1. [නා.ප්‍ර.] ඈත අතීතයෙහි වයඹ දිග ගිරි දුර්ග ඔස්සේ උතුරු ඉන්දියාවට සංක්‍රමණය කළ මනුෂ්‍ය වර්ගය. 2. [නා.ප්‍ර.] ඔවුන් කථා කළ භාෂා ගණය. 3. [නා.ප්‍ර.] උත්තමයා; ශ්‍රේෂ්ඨයා. 4. [නා.ප්‍ර.] බුද්ධ ශ්‍රාවකයා. 5. [නා.ප්‍ර.] ස්වාමියා; ගුරුවරයා; මිත්‍රයා.
ආරු නූල1. [නා.] මැණිකක් තුළ පිහිටන නූල් සයක් සේ පෙනෙන වයිරම. 2. [නා.] එක් තැනකින් විහිදෙන නූල් හයක් මෙන් වයිරම ඇති මැණික් වර්ගයක නාමය.
ආරුක්කුව1. [නා.] බිත්ති හෝ කුලුනු දෙකක් සම්බන්ධ වන පරිදි ඉහළින් අර්ධ කවාකාර හැඩය සිටින සේ කරන නිර්මාණය; බෝක්කුව. 2. [නා.] අර්ධ කවාකාරව නමන ලද උණ පතුරු වැනි නම්‍යශීලී දැව දඬුවක ගොක් රැහැන් බැඳ තනන සැරසිල්ල.
ආරූඪ1. [වි.] නැඟුණු; ආරෝහණය කළ. 2. [වි.] ආවේශ වුණු; වැහුණු. 3. (ව්‍යාක.) [වි.] වාච්‍යාර්ථ නොවන; ආරෝපිත. 4. [වි.] සඳහන් කරන ලද; අන්තර්ගත. 1. [නා.ප්‍ර.] නැඟීම; ආරෝහණය; අරා සිටීම. 2. [නා.ප්‍ර.] යක්ෂ භූතාදීන් වැහීම; ආවේශය.
ආරූඪ නාමය[නා.] නියම නම වෙනුවට යොදා ගන්නා නම; බොරු නම.
ආරූඪ බදුකුලිය(පාරිභා.) [නා.] භූමිය හැර අනෙක් නිෂ්පාදන සාධකවලට ලැබෙන අතිරික්ත ආදායම (=quasi rent).
ආරූඪාර්ථය[නා.] ආරෝපණය කර ගත් තේරුම; වාච්‍යාර්ථයට අනුකූල නොවූ අර්ථය.
ආරෙට යනවා(කථා.) [ක්‍රි.] පාරම්පරිකව එන ගතිගුණ හා අංගලක්ෂණ පිහිටනවා; පරම්පරාවෙන් පරම්පරාවට පැවත යනවා.
ආරෝග්‍යය[නා.] ලෙඩින් තොර බව; නිරෝග බව; සනීපය.
ආරෝචනය[නා.] සැල කිරීම; දන්වා සිටීම; ප්‍රකාශ කිරීම.
ආරෝපණය1. [නා.] නැංවීම; නැඟීම; උස්සා තැබීම. 2. [නා.] දෝෂයක් යමකු පිට පැවරීම; ගුණයක් හෝ අගුණයක් ආරූඪ කිරීම. 3. [නා.] පැළ කිරීම; සිටුවීම. 4. (පාරිභා.) [නා.] විදුලිබලය කැවීම; විදුලිය පිරවීම (=charge).
ආරෝහ පරිණාහය[නා.] උස හා ඊට සරිලන මහත; උස මහත.
ආරෝහක1. [වි.] නඟින; ඉහළට යන. 2. [වි.] ඇත්, අස් ආදින් පිට යන.
ආරෝහණ[වි.] නඟින; ක්‍රමයෙන් වැඩි වන.
ආරෝහණ කෝණය(පාරිභා.) [නා.] නිරීක්ෂකයාගේ සිරස්තලයට උඩින් පිහිටි යම්කිසි ලක්ෂ්‍යයක සිට වැඩෙන රේඛාවක් තිරස් රේඛාවට හමු වීමෙන් ඇති වන සිරස් කෝණය (=angle of elevation).
ආරෝහණ පටිපාටිය(පාරිභා.) [නා.] වටිනාකම හෙවත් බලය ඉතාමත් අඩු රාශියෙන් පටන් ගෙන එය ක්‍රමයෙන් වැඩි වන රාශි අනුපිළිවෙළින් දැක්වීම (=ascending order).
ආරෝහණය1. [නා.] නැඟීම; ඇත්, අස් ආදින්ගේ පිට මතට නැඟීම. 2. [නා.] ඉණිමඟ, පියගැට පෙළ. 3. (සංගී.) [නා.] පහත් ස්වරයකින් අරඹා ඉහළ ස්වර කරා යන ගායනය හෝ වාදනය. 4. (පාරිභා.) [නා.] උන්නතාංශය (=elevation).
ආරෝහය1. [නා.] උඩට යෑම; නැඟීම. 2. [නා.] උඩඟුකම; ආඩම්බරය. 3. [නා.] උස; දිග. 4. (සංගී.) [නා.] ආරෝහණය.
ආල බඳිනවා[ක්‍රි.] ආලය කරනවා; ආදරය උපදවනවා; පෙම් බඳිනවා.
ආලකමන්දා[නා.ප්‍ර.] කුවේරයාගේ රාජධානියේ නාමය; අලකාපුරය.
ආලග්න[වි.] ඇලුණු; ආසක්ත.
ආලත්ති1. [නා.ප්‍ර.] දේව ප්‍රතිමා හෝ රාජප්‍රභූන් හෝ ඉදිරියෙහි ආශීර්වාද හා ගෞරව පිණිස පේ කරනු ලබන දැල්වූ පහන. 2. [නා.ප්‍ර.] දැල්වූ පහන් ගෙන දේවාලවල සහ දළදා මාලිගයෙහි කෙරෙන පූජා විධිය. 3. [නා.ප්‍ර.] ආවැඩීම; ආශීර්වාදය.
ආලත්ති බානවා[ක්‍රි.] දැල්වූ පහන් පේ කිරීමෙන් ගෞරව කරනවා; ආශීර්වාද කරනවා; ආලත්ති තේවාව පවත්වනවා.
ආලපනය[නා.] ඇමතීම; ආමන්ත්‍රණය.
ආලම්බන දණ්ඩ[නා.] නැගිට සිටීම, පා ගමන ආදියට වාරු සඳහා යොදා ගනු ලබන දණ්ඩ; සැරයටිය; හැරමිටිය.
ආලම්බනය1. [නා.] එල්බෙන දෙය; ආධාරය; පිටිවහල. 2. [නා.] එල්ලීම. 3. (අභි.) [නා.] ආරම්මණය; භාවනාව සඳහා අරමුණ.
ආලම්බය1. [නා.] දරා සිටින දෙය; ආධාරකය; පිටුවහල. 2. [නා.] ලම්බ සූත්‍රය; ලඹ කැටය.
ආලය1. [නා.] ගෘහය; නිවාසය; වාසස්ථානය. 2. [නා.] ඇල්ම; ආශාව; ආදරය; ප්‍රේමය. 3. (ජ්‍යෝති.) [නා.] කේන්ද්‍රයක සතර වන ස්ථානය; බන්ධු ස්ථානය.
ආලය විඥානය[නා.] සියලු කුශලාකුශල ධර්ම බීජවලට නිවාසස්ථාන වූ විඥානය.
ආලවට්ටම්[නා.ප්‍ර.] දිග මිටක් සහිත වටාපත් විශේෂයක්; අවු අත්ත.
ආලවාලය[නා.] ජලය රඳවා ගැනීම පිණිස ගස් වැල් ආදියෙහි මුල වටේ සාදන ජලතලාව; තෝතැන්න.
ආලස, ආලස්‍ය[වි.] අලස; කම්මැළි.
ආලානය[නා.] ඇතුන් බඳින ටැඹ.
ආලාපනය[නා.] (අමතා කරන) කථාව; කතාබහ.
ආලාපය1. [නා.] කථාව; වචනය; කතාබහ; සම්භාෂණය. 2. [නා.] පක්ෂීන්ගේ රාවය හෙවත් නාදය. 3. (සංගී.) [නා.] ගීත ගායනයට අයත් ස්වර සමුදාය ගායනය කිරීම. 4. [නා.] විලාපය; ළතෝනිය; අඳෝනාව.
ආලි1. [නා.ප්‍ර.] මීමැස්සා. 2. [නා.ප්‍ර.] කෙත්වල නියර. 3. [නා.ප්‍ර.] පෙළ; සන්තතිය.
ආලිංගනය, ආලිඞ්ගනය[නා.] වැලඳගැනීම; ස්නේහයෙන් බදා ගැනීම.
ආලින්දය1. [නා.] පිළ; ඉස්තෝප්පුව. 2. [නා.] මේරු පර්වතය හාත්පස ඇතැයි කියන උස් තැනිතලා බිම.
ආලිප්ත[වි.] ආලේප කරන ලද; තැවරූ.
ආලිබන්ධනය[නා.] වැටිය; වේල්ල.
ආලිම්පනය1. [නා.] ගිනි ගැන්වීම; ගිනි දැල්වීම. 2. [නා.] ආලේප කිරීම; ගෑම.
ආලිස්සම්, ආලෙස්සම්1. [වි.] අලස; කම්මැළි. 2. [වි.] නොසලකා හැරිය යුතු. 3. [වි.] අවිනිශ්චිත; දෙගිඩියා. 1. [නා.ප්‍ර.] අලස භාවය; කම්මැළිකම. 2. [නා.ප්‍ර.] නොසැලකිලිමත් බව. 3. [නා.ප්‍ර.] සරදම්; සමච්චල්.
ආලීඪය[නා.] (දුන්නෙන් විදීම සඳහා) අර ඇඳ සිටීමේ ඉරියව්ව.
ආලීන[වි.] ඇලුණු; නිවෙස් කළ.
ආලුව1. [නා.] කොතලය. 2. [නා.] අලය; කන්දය.
ආලුළිත[වි.] කැලඹුණු; කැලතුණු; ව්‍යාකූල වූ.
ආලේඛනය[නා.] ලිවීම; ඇඳීම; සිතුවම් කිරීම.
ආලේඛය[නා.] ලිවීම.
ආලේඛ්‍ය පට්ටය1. [නා.] සිතුවම් කිරීමට පාවිච්චි කරන රෙද්ද; අලෙවු පට. 2. [නා.] සිතියම් කළ රෙද්ද.
ආලේඛ්‍යය1. [නා.] ලිවීම. 2. [නා.] සිතුවම. 3. [නා.] සිතුවම් ඇඳීම.
ආලේප තෛලය[නා.] (ක්‍රිස්ති.) අභිෂේක තෛලය; ශුද්ධ තෛලය.
ආලේපනය, ආලේපය1. [නා.] ගෑම; තැවරීම; ගැල්වීම. 2. [නා.] ගාන දෙය; ආලේප කරන දෙය.
ආලෝක කදම්බය[නා.] ආලෝක ධාරාව.
ආලෝක කරනවා[ක්‍රි.] එළිය කරනවා; දීප්තිමත් කරනවා; රැස් විහිදුවනවා.
ආලෝක කිරණ[නා.බහු.] ආලෝක කදම්බ; ආලෝක රශ්මි; ආලෝක ධාරා.
ආලෝක තරංගය(පාරිභා.) [නා.] තරංග වශයෙන් ගමන් කරන ආලෝකය (=light wave).
ආලෝක පරාවර්තනය(පාරිභා.) [නා.] ආලෝකය කිසියම් වස්තුවකට වැටී ආපසු හැරී ඒම (=reflection of light).
ආලෝක පුඤ්ජය[නා.] ආලෝක ධාරා සමූහය.
ආලෝක මණ්ඩලය1. [නා.] කමටහන් වැඩීමෙහි උපයෝගී කර ගනු ලබන ආලෝක චිහ්නය. 2. [නා.] (ඉර, හඳ, තාරකා වැනි) ආලෝකවත් (ආකාශ) වස්තුව. 3. (පාරිභා.) [නා.] ආලෝකවත් වස්තුවක් වටා ඇති වන රැස් වළල්ල; ප්‍රභා මණ්ඩලය.
ආලෝක රෝධක(පාරිභා.) [වි.] ආලෝකය ඇතුළු වීම වළක්වන; ආලෝකය ඇතුළු නොවන (=light-tight).
ආලෝක වර්ෂය(පාරිභා.) [නා.] දොළොස් මස් කාලයක් තුළ ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණය; සැතපුම් 58,80,000000,000 යනුවෙන් දක්වන දුර ප්‍රමාණය; මෙය ආකාශ වස්තූන්ට ඇති දුර මැනීමේ මිනුම් ඒකකයක් ලෙස භාවිත වේ (=light year).
ආලෝක ශලාකාව(පාරිභා.) [නා.] ආලෝක රශ්මි සමූහය (=beam of light).
ආලෝක සන්ධිය[නා.] වා කවුළුව; ජනේලය.
ආලෝකචිත්‍ර[නා.ප්‍ර.] එපිඩයස්කෝපයෙන් තිරයක වැටෙන්නට සලස්වනු ලබන චිත්‍රය.
ආලෝකන1. [නා.ප්‍ර.] ඉදිරිපස බැලීම. 2. [නා.ප්‍ර.] බලන ආකාරය.
ආලෝකය[නා.] එළිය, දීප්තිය; ප්‍රභාව.
ආලෝක්‍යය[නා.] දැකීම; බැලීම; නිරීක්ෂණය.
ආලෝකිත1. [වි.] බලන ලද. 2. [වි.] බබුළුවන ලද; ආලෝක කරන ලද.
ආලෝචනය1. [නා.] දැකීම; බැලීම. 2. [නා.] පරීක්ෂා කිරීම; සලකා බැලීම; සොයා බැලීම; විමසීම.
ආලෝටනය, ආලෝඩනය[නා.] කැලඹීම; කැලතීම.
ආලෝපය1. [නා.] අහරපිඬ; බත්පිඬ. 2. කොල්ලකෑම; මං පැහැරීම.
ආලෝල, ආලෝළන[වි.] චංචල වන්නා වූ; කම්පිත වන්නා වූ. [නා.ප්‍ර.] ඇලළීම; කැලඹීම; කම්පාව.
ආලෝලනය කරනවා, ආලෝළනය කරනවා1. [ක්‍රි.] අලළනවා; කලඹනවා; කලබල කරනවා; කම්පා කරනවා. 2. කලඹා සාරය උකහා ගන්නවා. 3. සියුම් ලෙස පරීක්ෂා කරනවා. 4. නිර්මථනය කරනවා; මඬිනවා; වනසනවා.
ආවට්ට[වි.] වටේට කරකැවුණු; ආපසු හැරී ගිය; පෙරළී ගිය.
ආවට්ටනය1. [නා.] පොලඹවා ගැනීම; වසඟ කිරීම. 2. [නා.] කරකැවීම; හැරවීම; පෙරළීම; ආවර්තනය.
ආවට්ටය[නා.] දිය සුළිය; සළාව.
ආවඩනවා1. [ක්‍රි.] දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා; දිගාසිරි පතනවා. 2. [ක්‍රි.] ලාභ ප්‍රයෝජන තකා කෙනෙකුගේ අදහස අනුමත කරමින් එයට එකඟ වෙනවා.
ආවත්ථික[නා.ප්‍ර.] (එක ම පුද්ගලයකුගේ හෝ එක ම සත්ත්වයකුගේ) ඒ ඒ අවස්ථාව සලකා තැබූ නාමය;- කුමාර, යුව, ථෙර ආදි වශයෙනි.
ආවතේවකාරයා1. [නා.] උපස්ථායකයා; සේවය කරන්නා; මෙහෙවර කරන්නා. 2. [නා.] ගෝලයා; යටහත් තැනැත්තා.
ආවතේවය[නා.] උපස්ථානය; මෙහෙය; යටහත් සේවය.
ආවරණ කරනවා1. [ක්‍රි.] වහනවා; මුවා කරනවා. 2. [ක්‍රි.] ආරක්ෂා කරනවා. 3. [ක්‍රි.] වළකනවා; අවහිර කරනවා. 4. [ක්‍රි.] යම් කාර්යයක් සඳහා තවත් යමක් ඇතුළත් කර ගන්නවා. 5. [ක්‍රි.] අනාගත තීරණයකට යටත් කරනවා.
ආවරණ කාණු[නා.බහු.] පොළොව යට දමන කානු; භූගත කානු,
ආවරණ වගාව[නා.] පස සේදීම වැළැක්වීම හා වල් පැළෑටි වැඩීම මැඬීමට කරනු ලබන ද්විතීයික වගාව.
ආවරණ ශක්තිය[නා.] කිසිවක සත්‍ය ස්වභාවය මුවා කරන මායා ශක්තිය.
ආවරණ සිවිය(පාරිභා.) [නා.] ඒකබීජ පත්‍රිකයින්ගේ බීජාංකුරය ආවරණය වී ඇති කොපුව; බීජාග්‍රපය (=coleoptile).
ආවරණකලා[නා.බහු.] ශරීරයෙහි ඒ ඒ කොටස් වැසී තිබෙන පටල (=membrane).
ආවරණය1. [නා.] වැසීම; අවහිර කිරීම; වැළැක්වීම; බාධා කිරීම. 2. [නා.] වැස්ම; තිරය. 3. [නා.] ආරක්ෂාව; රැකවල. 4. [නා.] කිසියම් කාර්යයක් ඉටු කිරීම සඳහා නියමිත තැනැත්තා වෙනුවට වෙනත් සුදුස්සකු යෙදවීම. 6. [නා.] වැට. 7. (පාරිභා.) [නා.] සිවිය; පොත්ත (=integument ). 8. (පාරිභා.) [නා.] කෝෂය හෙවත් කොපුව (=case).
ආවරණීය[වි.] වැළැක්වීමට සුදුසු වූ; වැළැක්විය යුතු.
ආවරණීයධර්ම[නා.ප්‍ර.] සමාධි ලාභයට සත්‍යාවබෝධයට හා පටහැණි වන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන ධර්ම පහ; පංච නීවරණ ධර්ම.
ආවර්ජනය, ආවර්ජනාව[නා.] මෙනෙහි කිරීම; සිහි කිරීම; සිතා බැලීම.
ආවර්ජනය, ආවර්ජනාව, ආවර්ජනාව[නා.] මෙනෙහි කිරීම; අරමුණට සිත යොමු කිරීම; ආවර්ජනය; ප්‍රත්‍යවේක්ෂණය.
ආවර්ත චක්‍රය(පාරිභා.) [නා.] මූලද්‍රව්‍යවල ලක්ෂණ අනුව හා ඒවායේ පරමාණුක ක්‍රමාංක වැඩි වී යන පිළිවෙළ අනු ව වර්ග කර දක්වා ඇති මූලද්‍රව්‍ය චක්‍රය.
ආවර්ත දශමය(පාරිභා.) [නා.] එක්තරා ලක්ෂ්‍යයකින් පසු එක ම ඉලක්කම හෝ ඉලක්කම් සීමාවක් නොමැති ව යළි යළිත් පිහිටන දශමය; චක්‍රීය දශමය (=recurring decimal).
ආවර්තන කීලකය, ආවර්තන කීලය[නා.] යමක් කරකැවෙන හෝ දෝලනය වන හෝ භ්‍රමණ කේන්ද්‍රය; ඇණය; මැද විවර්තනිය (=pivot).
ආවර්තන නාඩි[නා.බහු.] ශරිරයෙහි අපිරිසිදු රුධිරය ආපසු හෘදය වස්තුව කරා ගෙන එන නහර; මූල ශිරා.
ආවර්තනය1. [නා.] කරකැවීම; පෙරළීම; පරිභ්‍රමණය. 2. [නා.] (භක්තියකට හෝ දර්ශනයකට හෝ) හරවා ගැනීම. 3. [නා.] අර්ථ ව්‍යාඛ්‍යානයේ දී සභාග විසභාග ආදි ලක්ෂණවලට නැවත බැස ගැන්ම. 4. (පාරිභා.) [නා.] නැවත නැවත ඇතිවීම. ඉ. (පාරිභා.) [නා.] යම් යම් උත්තේජකයන්ට ප්‍රතිචාර දැක්වීමට ශාකවලට ඇති හැකියාව; පරිසරයේ උත්තේජකයක් දෙසට නැඹුරු වී වැඩීම (=tropism).
ආවර්තය1. [නා.] කරකැවීම; පරිභ්‍රමණය; පෙරළීම. 2. [නා.] සුළිය; දියසුළිය. 3. [නා.] පෙරළිය; ආවේශය. 4. [නා.] ඇහිබැමට ඉහළින් ඇති නිලය හෙවත් මර්මය. 5. [නා.] ස්ත්‍රියකගේ උදරයේ ඇති රැල්ල. 6. (සංගී.) [නා.] භාරත සංගීත ශාස්ත්‍රයේ එන සම්පූර්ණ තාල කාණ්ඩයක නාමය. 7. [නා.] වෘත්තාකාර මෝස්තරය; පෝරුව. 8. (පාරිභා.) [නා.] පරමාණුවක ක්‍රමාංකය අනුව වර්ග කරන මූලද්‍රව්‍ය ශ්‍රේණිය (=period). 9. (පාරිභා.) [නා.] පැතිරීම; පරිවාහය; චලනය (=circulation).
ආවර්තිත1. [වි.] පෙරළුණු; නැමුණු; වටේට කරකැවුණු. 2. [වි.] (ධර්මයකට හෝ භක්තියකට) හැරුණු.
ආවර්තිතා නියමය(පාරිභා.) [නා.] මූලද්‍රව්‍ය ඒවායේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ හෝ පරමාණුක ක්‍රමාංක හෝ අනුව පෙළ ගැසූ විට ඒවායේ භෞතික හා රසායනික ගුණ බොහොමයක ක්‍රමානුකූල වෙනස්වීමක් පෙන්වයි යන නියමය (= periodic law).
ආවර්තිතාව(පාරිභා.) [නා.] යමක් සමාකාර අන්තරයක් ඇති ව නැවත නැවතත් සිදු වීම (=periodicity).
ආවශ්‍යක[වි.] අතිශයින් වුවමනා කරන; අත්‍යවශ්‍යක.
ආවසථය1. [නා.] වාසස්ථානය; ගෙය. 2. [නා.] ආගන්තුක ශාලාව; විශ්‍රාම ශාලාව; එළිමහන් ලැගුම් ස්ථානය.
ආවස්ථික[වි.] අවස්ථාවට සුදුසු; අවස්ථානුකූල.
ආවස්ථික පිරිවැය(පාරිභා.) [නා.] (ආර්ථි.) නිෂ්පාදන සාධකයක් හොඳ ම විකල්ප මාර්ගයෙහි යෙදවීමෙන් ලැබිය හැකි මුදල්මය වටිනාකම (=opportunity cost).
ආවහ[වි.] වෙතට පමුණුවන; ගෙනදෙන; එළවන.
ආවහනය[නා.] ගෙන ඒම; පැමිණවීම.
ආවාටය[නා.] වළ.
ආවාතනය(පාරිභා.) [නා.] වාතය ඇතුළට හමා ඒම; වාතාගමනය (=perflation).
ආවාරය(පාරිභා.) [නා.] සෛල යුග්මයක් හෝ කූප දෙකක් හෝ පටක සමූහ හෝ අතර ඇති හරස් බිත්තිය නොහොත් භාජකය; සෛල කුහර කුඩා කාමරවලට බෙදන තුනී තන්තුව (=septum, partition).
ආවාසය1. [නා.] වාසය කරන ස්ථානය; වසන තැන. 2. [නා.] භික්ෂූන් වාසය කරන ආරාමය; තාපසාරාමය.
ආවාසික[වි.] ආවාසයක් ඇති; ආවාසයක වසන.
ආවාසිකයා[නා.] ආවාසයක වසන භික්ෂුව.
ආවාහ මගුල[නා.] කාන්තාවක සරණ පාවා ගෙන ඒමේ උත්සවය; මනාලියක කැඳවාගෙන ඒමේ මංගල්‍යය.
ආවාහ විවාහය1. [නා.] කාන්තාවක සරණපාවා ගෙන ඒම. 2. [නා.] කාන්තාවක සරණපාවා දීම.
ආවාහනය[නා.] කැඳවීම; ආරාධනා කිරීම.
ආවාහය[නා.] භාර්යාවක කැඳවා ගෙන ඒම.
ආවැඩීම1. [නා.] ආයුබෝ වේවා යි, දීර්ඝායු වේවා යි පැතීම; සෙත් පැතීම. 2. [නා.] ලාභ සත්කාර ආදිය සඳහා පුද්ගලයකුගේ ක්‍රියාමාර්ග අනුමත කිරීම.
ආවැන්දුම[නා.] දෙවියන් සතුටු කිරීමට නටන නැටුම් විශේෂයක නාමය; කොහොඹා කංකාරියට අයත් ශාස්ත්‍රීය නර්තන අංගය.
ආවිර්භාවය[නා.] පහළවීම; ප්‍රත්‍යක්ෂ වීම; බාහිර වශයෙන් පෙනෙන්ට වීම; දැක්වීම.
ආවිල[වි.] කැලඹුණු; බොර වූ.
ආවිෂ්කරණය[නා.] ප්‍රකට කිරීම; හෙළි කිරීම; අනාවරණය; සොයා ගැනීම.
ආවිෂ්කෘත[වි.] ප්‍රකට කරන ලද; හෙළි කරන ලද.
ආවිෂ්ට[වි.] (යක්ෂ භූත දේවාදින්) ආවේශ වූ හෙවත් වැහුණු; ආරූඪ වූ.
ආවෘත1. [වි.] ආවරණය වූ; වැසුණු; සැගවුණු. 2. [වි.] වට කරනු ලැබූ; පරිවේෂ්ටිත; විවෘත නොවූ.
ආවෘත බීජකය(පාරිභා.) [නා.] ඩිම්බ කෝෂය තුළ සංවර්ධනය වන බීජ ඇති සපුෂ්ප ශාකය (=angiosperm).
ආවෘත්තය[නා.] වටප්‍රමාණය; පරිධිය.
ආවෘත්තිය1. [නා.] හැරීම; කරකැවීම; ආපසු හැරීම. 2. [නා.] නැවත කීම; පුනරුච්චාරණය.
ආවෘත්‍යලංකාරය[නා.] (අලං.) නැවත නැවත කීම ලක්ෂණ කොට ගත් කාව්‍යාලංකාරය.
ආවේගය[නා.] සිතෙහි ඇති වන කලබල බව හෝ ඉක්මන්කම; උද්වේගය; ප්‍රාණවත් හැඟීම.
ආවේඨනය[නා.] එතීම; වෙළීම; වට කිරීම; ආවේෂ්ටනය.
ආවේණික1. [වි.] විශේෂ වූ; වෙන් වූ; අන්‍යයන් හා සාධාරණ නොවූ. 2. [වි.] නොකඩවා පවත්වා ගෙන ආ; පරම්පරාවෙන් උරුම වූ; පාරම්පරික,
ආවේණිය(පාරිභා.) [නා.] පරම්පරාවෙන් පරම්පරාවට ගතිගුණ ලක්ෂණ උරුම වීමේ ශක්තිය.
ආවේශය[නා.] පිවිසීම; (යක්ෂාදින්) වැහීම හෙවත් ආරූඪ වීම.
ආශංසනය[නා.] ප්‍රාර්ථනය; ශුභ පැතීම; ආශීර්වාදය; ආශිංසනය.
ආශඞ්කනය[නා.] සැකය; සැක කිරීම.
ආශඞ්කා1. [නා.ප්‍ර.] සැකය; අවිශ්වාසය 2. [නා.ප්‍ර.] භය; චකිතය.
ආශය1. [නා.ප්‍ර.] ලගින තැන; තිප්පොළ; නිවාසය; රක්ෂා ස්ථානය. 2. [නා.ප්‍ර.] (ද්‍රවයක්) රඳා තිබෙන තැන. 3. [නා.ප්‍ර.] ද්‍රව්‍යයෙන් හෝ වාතයෙන් හෝ පිරුණු පටලමය කෝෂය; සත්ත්ව ශරීරය තුළ යම්කිසි කාර්යයක් සඳහා ඇති පටලමය කෝෂය හෙවත් බොක්ක. 4. [නා.ප්‍ර.] අර්ථය; අදහස; පරමාර්ථය.
ආශයිකාව(පාරිභා.) [නා.] ද්‍රව හෝ වායුව අඩංගු කුහරය (=vesicle).
ආශ්චර්ය[වි.] අද්භූත; පුදුම; විස්මය ජනක.
ආශ්චර්යය[නා.] අපූර්ව දර්ශනය හෝ සිදුවීම; අද්භූතය; අරුමය; විස්මය; මවිතය.
ආශ්චර්යවත්[වි.] පුදුම සහගත; විස්මය එළවන; අසිරිමත්.
ආශ්ලේෂය[නා.] වැලඳ ගැනීම; වෙළා ගැනීම.
ආශ්වාස ප්‍රශ්වාසය[නා.] හුස්ම ගැනීම හා පිට කිරීම.
ආශ්වාසක[වි.] ධෛර්යවත් කරන; සනසන; අස්වසන.
ආශ්වාසකය[නා.] අස්වැසීම; සැනසිල්ල.
ආශ්වාසය1. [නා.] ශරීරය තුළට හුස්ම ගැනීම; හුස්ම ඇතුළට ගැනීම. 2. [නා.] අස්වැසීම; සැනසිල්ල. 3. [නා.] කථාවක කොටස හෙවත් පරිච්ඡේදය.
ආශ්‍රමපදය[නා.] තවුසන්ගේ වාසභූමිය හා එහි පරිසරය; අසපුව; ආශ්‍රමය.
ආශ්‍රමය1. [නා.] තවුසකුගේ වාසස්ථානය; තාපසාරාමය; පන්සල; අසපුව. 2. [නා.] ( හින්දු ඉගැන්වීමට අනුව ) ආර්යයකු ජීවිත කාලයේ ගත කළ යුතු බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ හා සන්‍යාසි යන අවස්ථා සතර.
ආශ්‍රය1. [නා.] යමකට අදාළ වූ හෝ යමක් රඳා පවත්නා තැන; පදනම; ආධාර ස්ථානය; නිවාසය. 2. [නා.] යමක් හා එක් ව පවත්නා හෙවත් යමක් ඇසුරු කරන දෙය; ඇසුර ‍; නිශ්‍රය; සමාගමය; සේවනය. 3. [නා.] (සතුරන් මැඩීම සඳහා) ප්‍රබල රජකු සේවනය කිරීම නොහොත් ඔහුගේ පිහිට සොයා යෑම.
ආශ්‍රය ස්ථානය1. [නා.] යමක් රඳා පවත්නා ස්ථානය; ආධාරකය. 2. [නා.] රක්ෂා ස්ථානය.
ආශ්‍රව[නා.ප්‍ර.බහු.] (අභි.) හාත්පසින් වැගිරෙන්නාක් මෙන් ද, බෝ කලක් පිළුණු වූවාක් මෙන් ද සැලකිය යුතු පාපධර්ම; සිත අපිරිසිදු කරන ක්ලේශ; ආසව.
ආශ්‍රවක්ෂයකර ඥානය, ආශ්‍රවක්ෂය ඥානය[නා.] (අභි.) ආශ්‍රවයන් හෙවත් ක්ලේශයන් ක්ෂය කිරීමේ නුවණ; ආසවක්ඛය ඤාණය.
ආශ්‍රවධර්ම[නා.ප්‍ර.] (අභි.) කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සතර ක්ලේශ ධර්ම.
ආශ්‍රිත1. [වි.] ඇසුරු කළ; සේවනය කළ; සම්බන්ධ වූ. 2. [වි.] වාසය කළ; ගැවසුණු. 3. (පාරිභා.) [වි.] සහභාග; සංගත; හවුල් (=associated).
ආශ්‍රිතය[නා.] යමක රඳා පවත්නා දෙය; ආධේයය.
ආශ්‍රේය[වි.] ආශ්‍රය කිරීමට සුදුසු; ඇසුරු කළ මනා.
ආශාව1. [නා.] කැමැත්ත; අභිලාෂය. 2. [නා.] තෘෂ්ණාව; ලෝභය; ආදරය; ඇල්ම. 3. [නා.] අභිප්‍රාය; අදහස. 4. [නා.] පැතීම.
ආශිංසනය[නා.] ප්‍රාර්ථනය; ආශීර්වාදය; ආශංසනය.
ආශිංසනීය[වි.] ආශංසනා කටයුතු; වර්ණනා කටයුතු; ප්‍රශංසනීය.
ආශී[නා.ප්‍ර.] සර්ප දළය.
ආශීර් වචනය[නා.] ශුභ ප්‍රාර්ථනය; සුබ පැතීම; ආශීර්වාදය.
ආශීර්වාද ක්‍රියාව[නා.] (ව්‍යාක.) ප්‍රාර්ථනයක් කිරීම සඳහා ව්‍යවහාර කරන ක්‍රියා රූපය; ආසිකිරිය.
ආශීර්වාදය1. [නා.] ශුභ පැතීම; ආශිංසනය; ප්‍රාර්ථනය. 2. (ක්‍රිස්ති.) [නා.] පූජකයකු විසින් කරනු ලබන ආශිංසනය; බෙන්සාරුව.
ආශීර්විෂ[නා.ප්‍ර.] සර්පයකුගේ දළෙහි ඇති විෂ; සර්ප විෂ.
ආශීර්විෂයා[නා.] (දළෙහි විෂ ඇත්තා යනු වාච්‍යාර්ථයි) විෂ සහිත සර්පයා; විසකුරු සර්පයා.
ආශූනතාව[නා.] තද බව; පැළෑටියක කඳන්, කොළ ආදියෙහි තිබෙන සෛල මහත් වීමෙන් ඇති වන තද ගතිය හෙවත් ප්‍රාණවත් බව.
ආසක්ත1. [වි.] බැඳුණු; ඇලුණු; නිරත; නියැළි. 2. (පාරිභා.) [වි.] ඇලෙන; ඇලෙනසුලු; ඇලීමකට හෝ එල්බීමට හෝ ආධාර වන (=adhesive).
ආසක්තිය1. [නා.] සම්බන්ධකම; ඇලී සිටීම; ඇල්ම. 2. (පාරිභා.) [නා.] වස්තු දෙකක් ස්පර්ශ වෙමින් තිබෙන විට ඒ දෙක එක් ව ඇලෙනු පිණිස ඇති වන පෙලඹීම හෙවත් ඒවායේ පෘෂ්ඨ අතර තිබෙන ආකර්ෂණය ; ශරීරයේ යාබද ව තිබෙන පටක අස්වාභාවික ලෙස එකිනෙකට ඇලීම. (=adhesion).
ආසඞ්කා1. [නා.ප්‍ර.] බිය; චකිතය. 2. [නා.ප්‍ර.] සැකය; අවිශ්වාසය.
ආසන1. [නා.] ඉඳීම; ඉඳීමේ ආකාරය; භාවනායෝගයෙහි නොහොත් යෝග ශාස්ත්‍රයෙහි විවිධ ශාරීරික ඉරියවු ගැනීමේ ආකාරය. 2. [නා.] නැවතීම; පදිංචි වීම. 3. [නා.] ඉඳ ගැනීම සඳහා ගැනෙන පුටුව,බංකුව හෝ අන් භාණ්ඩය. 4. [නා.] ඇතකු මත ඇත් ගොව්වා ඉඳගන්නා පිටිකර ප්‍රදේශය. 5. [නා.] සිද්ධස්ථානයෙක මල් ආදිය පූජා කිරීම හෝ ගෘහයක් ඉදිරිපස වෙළඳ බඩු තැබීම පිණිස ඉදි කරන ලද වේදිකාව හෙවත් පුවරුව. 6. [නා.] කුලුනු පාදය; පිළිම අඩිය. 7. [නා.] මන්ත්‍රීවරයකු නියෝජනය කරන ඡන්දදායක කොට්ඨාසය.
ආසන කූඩුව1. [නා.] (උඩු වියන සහිත) හාත්පසින් ආවරණය කරන ලද ධර්මාසනයකින් යුත් මණ්ඩපාකාර වේදිකාව. 2. [නා.] පිරිත් මණ්ඩපය මත සාදන සැරසිලි විශේෂයක්. 3. [නා.] ක්‍රිස්තියානි ගායනා මණ්ඩලයෙහි හෝ පූජාසන මණ්ඩලයෙහි හෝ දේවගැතිවරුනට නියමිත දෙපසින් හා පිටුපසින් ආවරණය වූ ආසනය.
ආසන ඝරය1. [නා.] පැරණි බෞද්ධ සිද්ධස්ථානවල, වජ්‍රාසනයක් ප්‍රධාන පූජනීය වස්තුව කොට තබා තනන ලද ගෙය; ආසන ගෘහය. 2. [නා.] බෞද්ධ සිද්ධස්ථානවල පුද පූජා කිරීම සඳහා මලසුන් ඉදි කොට තනා ඇති ගෙය; මලසුන් ගෙය.
ආසන දෙව්මැදුර[නා.] (ක්‍රිස්ති.) රාජගුරු ප්‍රසාදිතුමාගේ ප්‍රධාන සිංහාසනය ඇති දේවස්ථානය.
ආසන බන්ධය[නා.] ඉඳ ගැනීම; ඉඳ ගැනීමේ ආකාරය.
ආසන ශාලාව1. [නා.] භික්ෂූන් වහන්සේලාට ගමන් විඩා හැරීම, පිණ්ඩපාතය වැළඳීම ආදි පහසුකම් සඳහා විහාර පරියන්තයෙහි හෝ ග්‍රාම මධ්‍යයෙහි හෝ මහාමාර්ගයක් අසල හෝ කරන ලද ශාලාව. 2. [නා.] රාජාසනය හෙවත් සිංහාසනය සහිත (රාජකීය) රැස්වීම් ශාලාව.
ආසන්න[වි.] සමීප; ළඟ; නුදුරු; කිට්ටු. 1. [නා.ප්‍ර.] සමීපය; නුදුරු තැන. 2. [නා.ප්‍ර.] සමීප කාලය; අවසාන අවස්ථාව.
ආසන්න අගය(පාරිභා.) [නා.] කිට්ටු ම වටිනාකම (=approximate value).
ආසන්න කර්මය[නා.] (අභි.) මරණාසන්න කාලයෙහි කරන ලද හෝ සිහි කරන ලද කර්මය.
ආසන්න බණ[නා.] මරණාසන්න තැනැත්තකුට දේශනා කරන බණ.
ආසනික්[නා.ප්‍ර.] (රසා.) මූලද්‍රව්‍ය විශේෂයක් (=arsenic).
ආසය1. [නා.] සත්ත්ව ශරීරය තුළ යම්කිසි කාර්ය සදහා ඇති පටලමය කෝෂය හෙවත් බොක්ක. 2. [නා.] සිතෙහි ස්වභාව; අභිප්‍රාය; කැමැත්ත; ආශාව. 3. (අභි.) [නා.] සිත අවුත් හොවින තැන; සිතෙහි වාසස්ථානය.
ආසයානුසය ඤාණය[නා.] බුදුරජාණන් වහන්සේට විශේෂ වූ පස් විධ ඥානයන්ගෙන් එකක නාමය; ආසය හා අනුසය දක්නා නුවණ.
ආසව1. [නා.ප්‍ර.] ( මල්රස, උක්රස, ඵලරස ආදිය පල් කොට) පෙරා ගන්නා මද්‍ය විශේෂය; මේරය; මධු. 2. [නා.ප්‍ර.] සුනු කළ ඖෂධ වර්ග, මීපැණි ආදියෙහි බහා පැසවා ගන්නා ඖෂධ සංයෝග පාන විශේෂය. 3. (අභි.) [නා.ප්‍ර.] දිගු කලක් තිස්සේ පැවත ගෙන එන්නා වූ පාප ධර්ම; සිත කිලුටු කරන ක්ලේශ. 4. (කායි.) [නා.ප්‍ර.] (ග්‍රන්ථියකින් ) ස්‍රාවය වන ද්‍රවය.
ආසවක(පාරිභා.) [නා.ප්‍ර.] ප්‍රකිණ්ව; යීස්ට් (=yeast).
ආසවක්ඛය[නා.] කාමාදි ආශ්‍රවයන් ප්‍රහීණ කිරීම; කෙලෙස් නැසීම.
ආසවනය(පාරිභා.) [නා.] ද්‍රවයක් වාෂ්ප කර වාෂ්ප ඝනීභවනය කිරීම (=distillation).
ආස්තරණය1. [නා.] එළීම; ඇතිරීම; ( මල් ආදිය) විසුරුවීම. 2. [නා.] (බිම හෝ අසුනක හෝ ඇත්, අස් ආදීන් පිට හෝ) එළන වස්ත්‍රය; ඇතිරිල්ල. 3. [නා.] බුමුතුරුණ; පලස.
ආස්තීර්ණ[වි.] අතුරන ලද; විසුරුවන ලද.
ආස්ථාන1. [නා.ප්‍ර.] (ඔටුන්න හිමි) කුමාරයා යන අරුත ඇති අභිධානයක්. 2. [නා.ප්‍ර.] රාජ සභාව.
ආස්ථාන මණ්ඩපය[නා.] රාජ සභා ශාලාව; මඟුල් මඩුව.
ආස්ථානාගාරය[නා.] විශ්‍රාම ස්ථානය; නවාතැන් පොළ.
ආස්ථාපනය[නා.] තෙල් නොයොදා කරන වස්තිය; නිරූහ වස්තිය.
ආස්පද1. [නා.ප්‍ර.] ස්ථානය; ආධාර ස්ථානය. 2. [නා.ප්‍ර.] ජන්ම පත්‍රයක දස වැනි භාවය. 3. [නා.ප්‍ර.] තරාතිරම; තනතුර. 4. [නා.ප්‍ර.] උතුම් බව; ප්‍රභූත්වය.
ආස්ඵෝටනය1. [නා.] අත්පිඩි ගැසීම; අත්පොළසන් දීම. 2. [නා.] පිපීම; දිග හැරීම. 3. [නා.] (රෙදි) ගලේ ගැසීම.
ආස්වාදනය[නා.] විඳීමේ ක්‍රියාව; රස විඳීමේ ක්‍රියාව; වින්දනය; අනුභූතිය.
ආස්වාදය1. [නා.] විඳීම; රසවිඳීම; රසානුභාවය. 2. [නා.] තෘප්තිය; සැනසිල්ල; අස්වැසිල්ල.
ආස්‍රාවය[නා.] වැගිරීම; ගැලීම.
ආස්‍රැතිය(පාරිභා.) [නා.] අර්ධපාරගම්‍ය පටලයක් තුළින් ද්‍රවයක අණු කාන්දු වීම (=osmosis).
ආසාදනය(පාරිභා.) [නා.] රෝග බෝ වීම; රෝග සංක්‍රමණය (=infection).
ආසාර1. [නා.ප්‍ර.] ධාරානිපාත වර්ෂාව; මහා වැස්ස. 2. [නා.ප්‍ර.] ප්‍රහාරය.
ආසාව[නා.] ආශාව.
ආසි කෙළිය[නා.] කවඩි බෙල්ලන් දැමීමෙන් කරන ගෘහ ක්‍රීඩාවක්.
ආසි බෙල්ලා[නා.] කවඩියා; බෙල්ලා.
ආසි, ආසී1. [නා.ප්‍ර.] ආශීර්වාදය; ආශංසනය; ශුභ ප්‍රාර්ථනය. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] ආශීර්වාද ක්‍රියාව.
ආසික්ත, ආසිත්ත[වි.] ඉසින ලද; සිංචනය කරන ලද; තෙමුණු.
ආසිඤ්චනය[නා.] ඉසීම; වත්කිරීම.
ආසියා[නා.] කඩදාසි කුට්ටමේ අංක එක දරන කොළය.
ආසියාව[නා.] ශ්‍රී ලංකාව ද අයත් මහාද්වීපය; මහාද්වීප සය අතුරින් විශාල ම මහාද්වීපය.
ආසිරි1. [නා.ප්‍ර.] ආශීර්වාදය; ආශිංසනය; සුබපැතීම. 2. [නා.ප්‍ර.] දීර්ඝ ආයු නැමැති සම්පත; ආයුඃශ්‍රීය.
ආසිරිපැන්[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) ශුද්ධ ජලය.
ආසුත ජලය, ආසූත ජලය[නා.] ආසවනය කිරීමෙන් හෙවත් වාෂ්ප කර පෙරා ගැනීමෙන් ලබාගත් දිය.
ආසුර විවාහය[නා.] අට වැදෑරුම් විවාහයන්ගෙන් එකක නාමය; මනාලයා විසින් මනාලියගේ ඥාතීන්ට වස්තුව දී සිය කැමැත්තෙන් මනාලිය පාවා ගැනීමේ විවාහ ක්‍රමය.
ආසේවනය[නා.] පුරුදු කිරීම; ඇසුරු කිරීම; නැවත නැවත ප්‍රගුණ කිරීම.
ආහත1. [වි.] පහරන ලද; ගැසූ; තැළූ; පීඩා කළ. 2. [වි.] ලකුණු කළ; සටහන් කළ. 3. [වි.] නැසූ; විනාශ කළ; දුරු කළ.
ආහනනය[නා.] ගැසීම; ගැටීම; හැපීම; නැසීම.
ආහන්‍ය[වි.] තැළිය හැකි; තුනී තහඩුවක් බවට පත් කළ හැකි.
ආහපත්[වි.] පැහැපත්; ප්‍රභාසම්පන්න වූ.
ආහරණය1. [නා.] ගෙන ඒම; සමීපයට පැමිණවීම; එළවීම; ගැනීම. 2. [නා.] ඇද දැමීම; බැහැර කිරීම. 3. [නා.] ආහාර ගැනීම; බුදීම; අනුභවය. 4. [නා.] ශස්ත්‍රාදියෙන් තුවාල කර ගැනීම හෙවත් ඇන ගැනීම.
ආහරය[නා.] කෑ යුතු දෙය; කෑම; භෝජනය; ආහාරය.
ආහවනීය[වි.] පිදිය යුතු; පූජාවට සුදුසු.
ආහ්නික[වි.] දිනපතා කරන හෝ සිදුවන.
ආහ්ලාදය[නා.] සතුට; සන්තෝෂය; ආනන්දය.
ආහ්වානය[නා.] කැඳවීම; ආරාධනය; නිමන්ත්‍රණය.
ආහාර කෘත්‍යය[නා.] අහර කිස; ආහාර අනුභව කිරීම.
ආහාර නාළය[නා.] අන්න නලය; ගලනාළය; උගුරේ සිට ආමාශය කරා ආහාර ගෙන යන නාළය.
ආහාර බෝගය[නා.] කෑමට ගැනීම සඳහා වගා කරනු ලබන ධාන්‍ය; අල බතල ආදිය.
ආහාර විද්‍යාව(පාරිභා.) [නා.] පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහුට අවශ්‍ය ආහාර ප්‍රමාණය ආදි කරුණු අනුව ආහාර ගැන පරීක්ෂා කර බලන විද්‍යාව (=dietetics).
ආහාර විපත්තිය[නා.] ආහාර නැතිවීමෙන් විනාශයට පත් වීම; ආහාර දුර්ලභ වීම; දුර්භික්ෂය.
ආහාර විහරණය[නා.] කෑම් බීම් හා සම්බන්ධව පැවැත්ම.
ආහාර වෛකල්‍යය[නා.] කෑම නැතිකම; ආහාර නොලැබීම.
ආහාර සම්පත්තිය[නා.] ප්‍රණීත ආහාරපාන නොඅඩුව ලැබීමේ භාග්‍යය.
ආහාරක්ෂය[නා.ප්‍ර.] කෑම නැතිවීම; ආහාර නොවැළඳීම.
ආහාරජ[වි.] ආහාරයෙන් උපන්; ආහාර ප්‍රත්‍යයෙන් උපන්.
ආහාරපාන[නා.ප්‍ර.] කන බොන දේ; කෑම්බීම්.
ආහාරය1. [නා.] සමීපයට ගෙන ඒම; 2. [නා.] කෑම ගැනීම; බුදීම. 3. [නා.] කෑ යුතු දෙය; කෑම.
ආහාර්යය1. [නා.] ගෙන ඒම; පැමිණ වීම. 2. [නා.] අට වැදෑරුම් ශස්ත්‍ර කර්ම වලින් එකක්; ඇතුළට ගිය දේ පිටතට ඇද ගැනීම; උද්ධරණය. 3. [නා.] සතර අභිනයන්ගෙන් එකක නාමය.
ආහාරානුභවය[ආහාර+අනුභවය] [නා.] බොජුන් වැළඳීම.
ආහිණ්ඩනය[නා.] එහා මෙහා ගමන් කිරීම; ඇවිදීම.
ආහුනෙය්‍ය[වි.] චීවරාදි චතුර්විධ ප්‍රත්‍යය පිළිගැනීමට සුදුසු; දක්ෂිණාවට යෝග්‍ය; පූජා පිළිගැනීමට සුදුසු.
ආළකය[නා.] ඊතලවල ඇද හරින කරුව; දඬු අඬුවක් වැනි උපකරණය; අළුව.
ආළානය[නා.] ඇතුන් බඳින ටැඹ හෙවත් කණුව.
ආළාපාළුව[නා.] කෙත්වතු ආදියට ඇති වන හානිය; විනාශය.
ආළාහනය1. [නා.] මිනී දැවීම. 2. [නා.] මිනී දවන තැන; සොහොන් භූමිය.
ඇ යන්න; සිංහල හෝඩියේ තෙවැනි අකුර සහ ස්වරය.
ඇංස්ට්‍රොම් ඒකකය(පාරිභා.) [නා.] ආලෝකයේ තරංග ආයාමය මැනීම පිණිස භෞතික විද්‍යාඥයන් භාවිත කරන දිග ප්‍රමාණය (=angstrom unit).
ඇක[නා.] පුරාණ කිරුම් ඒකකයක්; මෑ ඇට දෙකහමාරක බර.
ඇකඩමිය[නා.] (උසස්) විද්‍යාලය; ශාස්ත්‍ර ශාලාව.
ඇකය1. [නා.] උකුළ; තුරුල්ල. 2. [නා.] උරය; ළපැත්ත; වක්ෂය. 3. [නා.] (වණයක) හෑරුණු තැන; වළ ගැසුණු තැන.
ඇක්ටිනියම්(පාරිභා.) [නා.ප්‍ර.] යුරේනියම් ලෝපස්වල තිබෙන විකිරණශීලී ලෝහමය මූලද්‍රව්‍යයක් (=actinium).
ඇක්ම[නා.] ‘ඇ’ ස්වරය හැඳින්වීම සඳහා යොදන පිල්ල; ‘ැ’ ලකුණ.
ඇක්මෙනවා1. [ක්‍රි.] පෑගෙනවා; පා තැබෙනවා. 2. [ක්‍රි.] පරාජය වනවා; පැරදෙනවා; මැඩෙනවා. 3. [ක්‍රි.] පසු වනවා; ඉක්ම වෙනවා; අතික්‍රමණය වෙනවා.
ඇක්සයිස්(පාරිභා.) [නා.ප්‍ර.] ස්වදේශීය ව උපදනා ද්‍රව්‍ය පිළිබඳ බද්ද; සුරා බද්ද (=excise).
ඇක්සලරේටරය[නා.] මෝටර් රථයක එන්ජිමේ වේගය අඩු වැඩි කිරීම සඳහා ක්‍රියා කරවන උපකරණය.
ඇකියුම්ලේටරය(පාරිභා.) [නා.] විද්‍යුත් ශක්තිය ගබඩා කළ හැකි රසායනික කෝෂයක නාමය (=accumulator).
ඇකිලිය, ඇකිල්ල[නා.] දම්වැල; අතේ දමන මාංචුව; හැකිල්ල.
ඇකී මැකී යනවා(කථා.) [ක්‍රි.] ක්‍රමයෙන් නැතිව යනවා; සම්පූර්ණයෙන් විනාශ වී යනවා.
ඇකෝඩියන්[නා.ප්‍ර.] අපරදිග ශූෂිර වාද්‍ය භාණ්ඩයක නාමය; මෙලෝඩියන්.
ඇගයීම, ඇගයුම[නා.] වටිනාකම මැනීම; අගය කිරීම.
ඇගළිය[නා.] වතුර බැස යන ඇළිය; කානුව.
ඇග්ලුටිනින්(පාරිභා.) [නා.ප්‍ර.] ලේ කැටි ගැසීම සිදු කරන ද්‍රව්‍ය දෙකෙන් එකක්; ප්ලාස්මයේ ඇති ප්‍රතිදේහය (=agglutinin).
ඇග්ලුටිනෝජන්(පාරිභා.) [නා.ප්‍ර.] ඇග්ලුටින් සෑදීම උත්තේජනය කර ඒ හා සංයෝග වන බැක්ටීරියා හා රුධිර සෛලවල ඇති ද්‍රවයක් (=agglutinogen).
ඇගෑය, ඇගෑව1. [නා.] උස් වූ තොරණ විශේෂයක්; පුද පිණිස බැඳි තොරණ. 2. [නා.] මලින් පහනින් කළ සැරසිල්ල; පහන් ගස.
ඇගි, ඇඟි1. [වි.] අගනා; වටිනා; අගය ඇති; අගය කළ හැකි. 2. [වි.] ප්‍රධාන; ප්‍රමුඛ.
ඇගිටි, ඇඟිටි[නා.ප්‍ර.] අඩක් බොල් වූ වී හෙවත් ඒ වීවලින් ගන්නා හාල්; සුන්සාල්.
ඇඟ1. [නා.] කය; සිරුර; ශරීරය. 2. [නා.] අංගය; ප්‍රභේදය; අවයවය. 3. (කථා.) [නා.] රහසඟ; ලිඟුව.
ඇඟ කිලිපොළනවා[ක්‍රි.] (භය, ත්‍රාසය, පිළිකුල ආදි හැඟීම් ඇති වන විට හෝ ශීතල ස්පර්ශය නිසා හෝ) ශරීරය සලිත වෙනවා හෝ පොපියනවා; රෝමෝද්ගමනය වෙනවා.
ඇඟ බැඳීම(පාරිභා.) [නා.] උසාවියක් මගින් දඬුවමක් වශයෙන් කෙනෙකු නෛතික බැඳීමකට යටත් කිරීම; කොන්දේසි පනවා සැකකරුවකු තාවකාලික ව නිදහස් කිරීම (=binding over).
ඇඟ මැළි කැඩීම[නා.] අත් පා දිග හැරීම ආදියෙන් අලස බව පහ කිරීම හෝ කම්මැළි බව පෙන්වීම.
ඇඟ රත් වෙනවා1. (කථා.) [ක්‍රි.] උණ ගන්නවා. 2. (කථා.) [ක්‍රි.] ක්ෂණික බියකට මුහුණ දෙනවා.
ඇඟ ලනවා[ක්‍රි.] (ඇඳුමක්) අඳිනවා.
ඇඟ හිරි වැටෙනවා1. [ක්‍රි.] භය, ත්‍රාසය, ශීතාදිය නිසා ශරිරය කිලි පොළා යනවා. 2. [ක්‍රි.] ශරීරාවයවයන්හි සංවේදී බව නැති වී යනවා.
ඇඟට එනවා1. (කථා.) [ක්‍රි.] එරෙහි ව එනවා; රණ්ඩුවට සැරසෙනවා. 2. (කථා.) [ක්‍රි.] පසු පස්සෙන් එනවා; (යමකු වෙත) අනවශ්‍ය සැලකිල්ලක් දක්වනවා.
ඇඟට ගන්නවා(කථා.) [ක්‍රි.] බලවත් උනන්දුවෙන් භාර ගන්නවා; කරට ගන්නවා.
ඇඟපත[නා.] මුළු ඇඟ; සියලු ශරීරය; සර්වාංගය.
ඇඟබද්ද[නා.] බ්‍රිතාන්‍ය පාලන සමයේ දී මෙරට පිරිමින්ගෙන් අය කළ වාර්ෂික බද්දක්.
ඇඟය(කථා.) [නා.] එකට ඈඳූ මී හරක් හෝ එළ හරක් තුන් දෙනා.
ඇඟර[නා.ප්‍ර.] සිරුරෙහි ගල්වන සුවඳ විලවුන්; ශරීරාලේප; අංගරාග.
ඇඟලුණු[නා.ප්‍ර.] සිරුරින් මතු වන ලවණ.
ඇඟලුම්[නා.ප්‍ර.] ඇඟෙහි ලන දේ; ඇඳුම්; වස්ත්‍ර; රෙදිපිළි.
ඇඟෑලිකම, ඇඟෑලුම්කම[නා.] ඇලුම් කරන බව; බැඳුණු සිත් ඇති බව; හිතවත්කම.
ඇඟි[නා.ප්‍ර.] අදහස්; හැඟීම්; අභිප්‍රාය; සිතැඟි.
ඇඟිල්ලේ නටවනවා(කථා.) [ක්‍රි.] තම සිතැඟි පරිදි අනිකකූ මෙහෙයවනවා; වසඟයට ගන්නවා.
ඇඟිලි කරුව[නා.] අතේ හෝ පයේ හෝ ඇඟිලි දෙකක් බෙදෙන තැන.
ඇඟිලි ගනිනවා[ක්‍රි.] යම් බලාපොරොත්තුවක් ඉටු වන තෙක් නො ඉවසිල්ලෙන් සිටිනවා.
ඇඟිලි ගහනවා[ක්‍රි.] (අනුන්ගේ කටයුතුවලට) නුවුවමනා සේ ඉදිරිපත් වෙනවා; තමන්ට අයිතියක් නැති කටයුතු හාරා හොයනවා.
ඇඟිලි පුඩුව[නා.] ඇඟිල්ලේ වටකුරු ව පිහිටි අග කොටස; ඇඟිලි තුඩ.
ඇඟිලි පුරුක[නා.] ඇඟිල්ලෙහි එක් එක් සන්ධියකින් සීමා වූ කොටස; ඇඟිලි පර්වය.
ඇඟිලි පොළනවා[ක්‍රි.] අසුරු ගසනවා.
ඇඟිලි සටහන, ඇඟිලි සලකුණ(පාරිභා.) [නා.] ඇඟිලි පුඩුවේ පැතිරී ඇති උන්නත සියුම් රේඛා සමූහයේ සටහන (=finger print).
ඇජර1. [නා.ප්‍ර.] ආචාර්යවරයා; ගුරුවරයා; උපදේශකයා; අනුශාසකයා. 2. [නා.ප්‍ර.] හැසිරීම; ආචාරය.
ඇජරතෙර[නා.] ආචාර්ය ස්ථවිර; ගුරුහිමි.
ඇට ඇඳිරිය(කථා.) [නා.] ඝන අන්ධකාරය; තිත්ත කළුවර.
ඇට කූඩුව(කථා.) [නා.] ඇටසැකිල්ල; අස්ථි පංජරය.
ඇට ගැහෙනවා[ක්‍රි.] කෘශ වෙනවා; කෙට්ටු වෙනවා.
ඇට පට, ඇට පොට[නා.] මුතු, පබළු ආදිය අමුණා සාදන ලද මාලය; ඇටවැල.
ඇට පියල්ල(පාරිභා.) [නා.] බීජ පත්‍රය; ඇටයේ පළුව (=cotyledon).
ඇට බෝලය[නා.] පිඟන් මැටි, වීදුරු ආදියෙන් සාදන ලද කුඩා බෝලය; ටීක් බෝලය.
ඇට සන්ධිය[නා.] ශරීරයේ ඇට එකිනෙක සම්බන්ධ වන ස්ථානය.
ඇට-ඇටි පස් වර්ගය[නා.] තොවිල්වලදී භූතයන්ට දොළ දීමට ගන්නා උඳු, මුං, තල, මෑ, වී යන ධාන්‍ය පස් වර්ගය.
ඇටපෝර[නා.ප්‍ර.] සත්ත්ව ඇට කටුවලින් පිළියෙල කරගන්නා පෝර; කටුපෝර (=bone manure).
ඇටමිදුලු, ඇටමිඳුලු[නා.ප්‍ර.] අස්ථි කුහරවල තිබෙන මොළොක් වූ මේද වැනි ද්‍රව්‍යය.
ඇටමුරුත්තාව, ඇට්ටමුරුත්තාව(කථා.) [නා.] කෑම නොදිරවීම නිසා ඇති වන ආබාධය හෝ මූර්ච්ජාව.
ඇටමුවා[වි.] ඇටයෙන් කළ; අස්ථිමය.
ඇටය1. [නා.] මාංශ ශරීරය දරා සිටින ඇට සැකිල්ලෙහි කොටසක්; අස්ථිය. 2. [නා.] බීජය; ශාකයක පරිණත වූ ඩිම්බය. 3. [නා.] අණ්ඩය; මුෂ්කය.
ඇටර්නි ජනරාල්, ආටෝර්නි ජනරාල්[නා.ප්‍ර.] රජයේ ප්‍රධාන නීති නිලධරයා; නීතිපති (=Attorney General).
ඇටසැකිලිය, ඇටසැකිල්ල[නා.] ශරීරය දරා සිටින ඇට රාමුව; ඇට කූඩුව; අස්ථි පඤ්ජරය.
ඇට්ටකුණා, ඇටකුණා1. [වි.] නිසියාකාර නොතැම්බුණු; මැනවින් නොඉදුණු. 2. (කථා. රූඪි.) [වි.] නොනැමෙනසුලු ගති ඇති; නොහික්මුණු.
ඇට්ටරයා(කථා.) [නා.] ඉතා මුරණ්ඩු තැනැත්තා.
ඇට්ටැඹියා[නා.] පහත් මෙහෙයක යෙදෙන්නා; පහත් ලෙස අත මෙහෙවර කරන්නා.
ඇට්ටිය(කථා.) [නා.] මදය සෑදෙන්නට පෙර ළපටි පොල් ගෙඩිය; නොමේරූ කුරුම්බා ගෙඩිය.
ඇට්ලස්[නා.ප්‍ර.] ග්‍රීක මිථ්‍යා කථාවන්හි එන යෝධයකුගේ නාමය.
ඇටුවන්, ඇටුවම්[නා.ප්‍ර.] නුග ආදි ගස්වල ශාඛාවලින් බැස, සමහර විට පොළොව හා සම්බන්ධ වන මුල්; කෝන්, වීර වැනි ගස්වල කඳ මුලින් පිටට නෙරා වැඩෙන මුල්.
ඇටෝර්නි(පාරිභා.) [නා.ප්‍ර.] කෙනෙකු වෙනුවෙන් ක්‍රියා කිරීමට නීති ප්‍රකාර බලය ලත් තැනැත්තා; නීතිය වෘත්තිය කොට ගත් තැනැත්තා; නීතිඥයා ( = attorney ).
ඇණය1. [නා.] ලී ලෝහ ආදි කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා එක් කෙළවරක් පැතලි වූ ද අනෙක් කෙළවර උල් වූ ද, පොටවල් හෙවත් ඉස්කුරුප්පු සහිත හෝ රහිත වූ ද ලෝහයෙන් හෝ දැවයෙන් හෝ වෙනත් ශක්තිමත් දෙයකින් සෑදූ කූරක් වැනි උපකරණය. 2. [නා.] ( උදලු මිටි වැනි ) යමක් තද කිරීම පිණිස යොදන කූඤ්ඤය හෝ උල. 3. [නා.] (කරත්ත රෝද වැනි ) යමක් ගැලවී යාම වැළැක්වීමට යොදන ලෝහ කූර. 4. (රූඪි.) [නා.] කරදරකාරි පුද්ගලයා.
ඇණවනවා[ක්‍රි.] අණ කරනවා; නියෝග කරනවා; විධාන කරනවා; නියම කරනවා.
ඇණවුම[නා.] නියෝගය; විධානය; ලිඛිත ව නොහොත් වාචික ව කරන ඉල්ලීම.
ඇණවුම් පිරිත[නා.] දේවතාරක්ෂාව අයදිමින් භාවිත කරන පිරිත් සූත්‍රයක නාමය.
ඇණිනායක[නා.ප්‍ර.] බළ ඇණියක ප්‍රධානයා.
ඇණිය1. [නා.] ජල යාත්‍රාවක ඉදිරි කොටස. 2. [නා.] පෙළ ගැසුණු භට කණ්ඩායම; යුද්ධ සේනාව.
ඇතරුවා, ඇත්රුවා[නා.] ඇතු පිට යන්නා; ඇත් ගොව්වා.
ඇතවුර, ඇතොවුර[නා.] රජ මාළිගාවේ බිසවුන් සමූහය; අන්තඃපුරය; ඇතොර.
ඇත්1. [වි.] විශාල; මහත්. 2. [වි.] ඇතා පිළිබඳ; ඇතාට අයිති; ඇතකුගේ ආකාර ඇති; ඇත්රූපවලින් යුත්.
ඇත් ඉලත්තිය[නා.] ඇත් බෙට්ට; ඇත් වසුරු පිඬ.
ඇත් කුඹ[නා.ප්‍ර.] ඇතකුගේ නළලෙහි උඩට නෙරා ඇති මස් පිඬු දෙක; හස්ති කුම්භය.
ඇත් ගමන[නා.] ඇතකුගේ ගමන; ඇතකුගේ ගමන් ලීලාව පිළිබිඹු කරන උදාර ගමන් විලාසය.
ඇත් ගොවුවා, ඇත් ගොව්වා[නා.] ඇතුන් රැක බලා ගන්නා; ඇතුන් බලන්නා; ඇතරුවා.
ඇත් පණික්කියා[නා.] ඇත් ගොවුවා; ඇතුන් බලන්නා.
ඇත් පවුර1. [නා.] ඇතුන්ගෙන් සෑදුණු පවුර; පවුරක් සේ සිට ගත් ඇත් පෙළ. 2. [නා.] ඇත්රූවලින් අලංකෘත වූ පවුර; හස්ති ප්‍රාකාරය.
ඇත් පිය[නා.] ඇතාගේ අඩිය; ඇත් පාද සලකුණ.
ඇත් පොරය1. [නා.] ඇතුන්ගේ පොරය; ඇතුන් දෙදෙනකු අතර කෙරෙන සටන. 2. [නා.] ඇත් පොරයක් නිරූපිත මෝස්තර.
ඇත් පොවුවා, ඇත් පොව්වා[නා.] ඇත් පැටවා.
ඇත් බන්දනේ[නා.] (මහනුවර රජ සමයේ) ඇතුන් ඇල්ලීම, හික්මවීම, රැක බලා ගැනීම ආදි ඇතුන් පිළිබඳ රාජකාරි ඉටු කළ පාලන අංශය.
ඇත් බඳ[නා.] ඇතාගේ ශරීරය විශේෂයෙන් පා, හිස සහ වලිගය හැර අවශේෂ ශරීරය; ඇත්කඳ.
ඇත් මුළ[නා.] ඇත් සමූහය; ඇත් රැළ; අලි රංචුව.
ඇත් යහන, ඇත් යාන[නා.] ගමන් යෑමට යොදා ගනු ලබන ඇතා; පිට උඩ නැඟ යනු පිණිස යොදා ගන්නා ඇතා; හස්ති යානය.
ඇත් රුවන[නා.] මංගල ලක්ෂණයෙන් යුත් ශ්‍රේෂ්ඨ හස්තියා; උතුම් ඇතා.
ඇත් සරඹ[නා.] ඇතුන්ගේ ව්‍යායාම හෙවත් අභ්‍යාස; ඇතුන් හා සම්බන්ධ යුද සරඹ.
ඇත්ත[නා.] පවතින ස්වභාවය; යථා තත්ත්වය; සැබෑව; සත්‍යය.
ඇත්දත්, ඇත් දළ[නා.ප්‍ර.] ඇතුන්ගේ දළය; හස්ති දන්තය.
ඇත්මද[නා.ප්‍ර.] මතැතුන්ගේ කපෝල යුග්මයෙන් ද කෝෂයෙන් ද වෑහෙන ද්‍රවය; හස්ති මදය.
ඇත්රිපු, ඇත්රුපු[නා.ප්‍ර.] ඇතාගේ සතුරා; සිංහයා.
ඇත්වරණ1. [නා.] අංකුශය; හෙණ්ඩුව. 2. [නා.] උතුම් ඇතා.
ඇත්හල[නා.] හස්ති ශාලාව; ඇතුන් සඳහා වෙන් කරන ලද ශාලාව.
ඇතැම්[වි.] සමහර; එක්තරා.
ඇති කරනවා[ක්‍රි.] හදනවා; උපදවනවා; ඇති දැඩි කරනවා.
ඇති වෙනවා1. [ක්‍රි.] පැවැත්ම ආරම්භ වෙනවා; හට ගන්නවා; ඉපදෙනවා; ඇති දැඩි වෙනවා; ඵල සහිත වෙනවා. 2. ‍[ක්‍රි.] තෘප්ත වෙනවා; සෑහීමකට පත් වෙනවා; එපා වෙනවා.
ඇතිනිය, ඇතින්න[නා.] ඇත් ධේනුව; හස්තිනිය.
ඇතිරිලිය, ඇතිරිල්ල[නා.] අතුරන වස්ත්‍රය; ඇතිරිය; ආස්තරණය.
ඇතිසැටිය[නා.] යථා තත්ත්වය හෝ ස්වභාවය; නියම ආකාරය.
ඇතිළිය[නා.] මාළුපිණි පිසීම සඳහා ගන්නා වටකුරු නොගැඹුරු කට පළල් මැටි හෝ ලෝහමය භාජනය; අප්පල්ලය; හට්ටිය.
ඇතුල්පළයා(කථා.) [නා.] සී සෑමේ දී හී විටෙන් සෑදෙන වෘත්තාකාර මාර්ගයෙහි ඇතුළු පැත්තෙන් ගමන් කරන ගොනා.
ඇතුළ[නා.] යමක මධ්‍යගත ප්‍රදේශය; අභ්‍යන්තරය.
ඇතුළත්[වි.] අඩංගු; අන්තර්ගත.
ඇතුළු1. [වි.] අභ්‍යන්තර; මධ්‍යගත. 2. [වි.] අඩංගු; ඇතුළත්.
ඇතුළු වීථිය[නා.] නගරයක් ඇතුළත තිබෙන වීදිය; නගරයෙහි රාජ මන්දිරය තෙක් වැටෙන මාර්ගය; රාජ වීථිය.
ඇතුළු වෘත්තය(පාරිභා.) [නා.] ත්‍රිකෝණයක ඇතුළත එහි භුජවලට ස්පර්ශ වන සේ අඳිනු ලබන වෘත්තය; අන්තර් වෘත්තය (= in circle).
ඇතුළු වෙනවා1. [ක්‍රි.] අඩංගු වෙනවා; අන්තර්ගත වෙනවා; ඇතුළත් වෙනවා. 2. [ක්‍රි.] ඇතුළට යනවා; ප්‍රවිෂ්ට වෙනවා.
ඇතුළු වෙහෙර[නා.] විහාරස්ථානයක ප්‍රාකාරය ඇතුළත පිහිටි ප්‍රදේශය; ප්‍රධාන ගොඩනැගිලි පිහිටි විහාර භූමිය.
ඇතුළුගම[නා.] ග්‍රාමයක ගෘහයන් ඇති ප්‍රදේශය; ප්‍රාකාර ආදියෙන් වට කළ ගම ඇතුළත.
ඇතුළුසිවිය1. (පාරිභා.) [නා.] පරාග කණිකාවක අභ්‍යන්තර ආවරණය (=intine). 2. (පාරිභා.) [නා.] බීජාණුවක ඇතුළු ස්තරය (=endospore).
ඇතොර[නා.] ඇතවුර.
ඇද කුද1. [නා.බහු.] කඩතොලු සහිත බව. 2. [නා.බහු.] ඌනතා; වැරදි; අඩුපාඩු. 3. [නා.බහු.] නැමුණු හා වක් වූ තැන්.
ඇද දමනවා1. [ක්‍රි.] ගෙන ගොස් හෙළනවා; බලහත්කාරයෙන් ඉවත් කරනවා. 2. [ක්‍රි.] (පහත් තත්ත්වයකට) පත් කරනවා; වට්ටනවා.
ඇද පළුදු[නා.බහු.] ඌනතා; අඩුපාඩු; දෝෂ.
ඇදබානවා1. [ක්‍රි.] කෑදරකමින් යුතු ව අධික වශයෙන් ආහාර අනුභව කරනවා; බඩ කට පුරා කනවා. 2. [ක්‍රි.] දොඩමළු වශයෙන් කියනවා; වගකීමකින් තොර ව කියනවා. 3. [ක්‍රි.] තදින් පහර දෙනවා.
ඇදය1. [නා.] ඇද බව; වක්‍ර භාවය; නැම්ම. 2. [නා.] වරද; දෝෂය; අඩුපාඩුව. 3. [නා.] ‘ඇ' ස්වර ලක්ෂණය දැක්වීම පිණිස ව්‍යංජනාක්ෂරයකට යොදන ලකුණ (ැ); ඇක්ම.
ඇදවැටෙනවා1. [ක්‍රි.] බිම පතිත වෙනවා; පහතට වැටෙනවා. 2. [ක්‍රි.] පරිහානියට පත් වෙනවා.
ඇදහිල්ල[නා.] ඇදහීම; විශ්වාසය; භක්තිය.
ඇද්දුම්හීය(කථා.) [නා.] වැපිරීමට පෙර හාන අවසාන හෙවත් තුන්වන හීය; මඩ හීය.
ඇදිලි බඳිනවා, ඇඳිලි බඳිනවා[ක්‍රි.] දෑත් එක්කොට නළලත තබා වඳිනවා; නමස්කාර කරනවා.
ඇදිලි, ඇඳිලි[නා.ප්‍ර.] ඇඟිලි එක් කොට බොකු ගැසූ දෝත; අභිවාදනය හෙවත් වැඳීම පිණිස ඇඟිලි එක් කොට නළලට ඔසවා ගත් දෝත.
ඇදුම් කනවා, ඇදුම් දෙනවා(කථා.) [ක්‍රි.] ඇදෙන්නාක් මෙන් වේදනාව දැනෙනවා; දැඩි ලෙස රිදෙනවා.
ඇදුරා1. [නා.] ආචාර්යවරයා; ගුරුවරයා; උපදේශකයා; අනුශාසකයා. 2. [නා.] මහා කලාකාරයා; විශිෂ්ට ශිල්පියා. 3. [නා.] මන්තරකාරයා; යකැදුරා.
ඇදුරිඳු1. [නා.ප්‍ර.] ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා; ආචාර්යෝත්තමයා. 2. [නා.ප්‍ර.] බෘහස්පති; සුරගුරු.
ඇදුරු1. [නා.ප්‍ර.] ආචාර්යවරයා; ගුරුවරයා. 2. [නා.ප්‍ර.] පර්වතය; කන්ද.
ඇදුරුකම්1. [නා.ප්‍ර.] උපදෙස්; අනුශාසනා; ආචාර්ය වෘත්තිය. 2. [නා.ප්‍ර.] ගුරුකම්; යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්; මන්ත්‍ර ජප කොට ඉටු කරන ශාන්ති කර්ම.
ඇදුරුවත්[නා.බහු.] (විනය.) අන්තේවාසික භික්ෂූන් විසින් ආචාර්ය ස්ථවිරයන්ට කළ යුතු උපස්ථාන.
ඇදුරොල්, ඇදුරෝල1. [නා.ප්‍ර.] ගුරු පරපුර. 2. [නා.ප්‍ර.] ගුරු කුලයක ඉගැන්වීම් ක්‍රමය; ආචාර්ය පරම්පරාවේ උපදේශක සම්ප්‍රදාය.
ඇන කොටා ගන්නවා(කථා.) [ක්‍රි.] ආයුධ පාවිච්චි කරමින් කලහ කර ගන්නවා; ගහ බැණ ගන්නවා; රණ්ඩු වෙනවා.
ඇන ගන්නවා1. [ක්‍රි.] පහර දෙනවා; තමන්ට ම පහර දී ගන්නවා; ශස්ත්‍රාදියෙන් ඇන සිදුරු කරනවා නොහොත් තමන් ම සිදුරු කර ගන්නවා. 2. [ක්‍රි.] කටු උල් ආදියෙන් ඇනුම් ලබනවා. 3. [ක්‍රි.] (ගව මහීෂාදින්) හිසින් හෝ අඟින් හෝ එකිනෙකා ඇන ගන්නවා. 4. (කථා.) [ක්‍රි.] යම් කාර්යයක් අසාර්ථක බවට පත් කර ගන්නවා.
ඇන බානවා(කථා.) [ක්‍රි.] උක්කුටයෙන් ඇන තියා හිඳ ගන්නවා; වාඩි වෙනවා.
ඇන හිටිනවා[ක්‍රි.] බලාපොරොත්තු නොවූ ලෙස නවතිනවා; හදිස්සියෙන් ම නතර වෙනවා.
ඇන්ටිමනි(පාරිභා.) [නා.ප්‍ර.] නිලට හුරු සුදු වූ ද බිඳෙනසුලු වූ ද ලෝහමය මූල ද්‍රව්‍යයක් (=antimony).
ඇන්ද1. [නා.] පෙළ; පේළිය; වැටිය. 2. [නා.] පොලු සිටුවා කළ ආවරණය; වැට; ගරාදි වැට. 3. [නා.] පුටු, බංකු ආදියේ අත් තැබීම හා හේත්තු වීම සඳහා ඉදි කරන ලද කොටස.
ඇන්න දෙනවා(කථා.) [ක්‍රි.] ලබා දෙනවා; අරන් දෙනවා.
ඇන්නෑ ඉළව්ව(කථා.) [නා.] වැඩකට නැති කරදරය; හිරිහැරය; විපත.
ඇනුම්පද[නා.ප්‍ර.] අසනු ලබන්නාට පහරක් වදින සේ ව්‍යංග්‍යයෙන් කියනු ලබන වචනය; සිත රිදවන ව්‍යංග්‍යාර්ථවත් වාගාලාපය.
ඇනෝඩය(පාරිභා.) [නා.] විද්‍යුත් විච්ඡේද්‍ය කෝෂයක හෝ විසර්ජන නළයක හෝ රේඩියෝ වෑල්වයක හෝ ධන ඉලෙක්ට්‍රෝඩය (=anode).
ඇනෝපිලීස්[නා.ප්‍ර.] මැලේරියා රෝගය බෝකරවන මදුරු වර්ගය.
ඇඳ වණ[නා.] දිගු කාලයක් ඇඳෙහි ම වැතිර සිටින රෝගියකුගේ ශරීරයෙහි හටගන්නා තුවාල.
ඇඳ විට්ටම1. [නා.] ඇඳ රාමුවේ දිග අතට යොදන ලද ලී දෙකින් එකක්. 2. [නා.] ඇඳ රාමුව; අටනිය.
ඇඳි කණුව(කථා.) [නා.] බර කරත්තයක ඇන්ද බැඳීම පිණිස කරත්ත තට්ටුවේ දෙපස සිටුවන කණුවලින් එකක්.
ඇඳි පුටුව(කථා.) [නා.] හේත්තු වීම සහ අත් තබා ගැනීම පිණිස ඇඳි ඇත්තා වූ පුටුව.
ඇඳිරි[වි.] අඳුර ඇති; ආලෝකය ඉතා අඩු; අන්ධකාරයෙන් යුක්ත; කළුවර.
ඇඳිරි ගෙය[නා.] කළුවර ගෙය; බිම්ගෙය; දඟ ගෙය.
ඇඳිරි නීතිය(පාරිභා.) [නා.] කලබලකාරී සහ හිංසාකාරී තත්ත්වයන් පාලනය කිරීම පිණිස ජනයා එක් රැස් වීම වැළැක්වීමට රජය විසින් තාවකාලික ව පනවනු ලබන නීතිය; ජනතාවට එළිමහනේ සිටීමට තහනම් කෙරෙන නීතිය (=curfew).
ඇඳිරිය1. [නා.] අඳුරු බව; කළුවර; අන්ධකාරය. 2. [නා.] අඳුරු වැටීගෙන එන වේලාව; ගොම්මන් වේලාව. 3. [නා.] ඇසේ පෙනීම අඩු කරන ඇස් රෝගයක්; තිමිරය.
ඇඳුතු බාන(කථා.) [නා.] හරක් දෙදෙනකු එකට අල්ලා බඳින ලණුව.
ඇඳුනුම්පත[නා.] පුද්ගලයකු හැඳින ගැනීමට අවශ්‍ය තොරතුරුත් ඔහුගේ ඡායාරූපයත් ඇතුළත් කොට රජය හෝ ආයතනයක් මගින් නිකුත් කරන සහතිකය; ඇඳින ගැනීමේ සහතිකය; හැඳුනුම්පත.
ඇඳුම[නා.] අඳින වස්ත්‍රය; ඇඟලන රෙදි පෙරෙදි කට්ටලය.
ඇප කැප වෙනවා[ක්‍රි.] කිසියම් කාර්යයක් ඉටු කිරීමට වගකීමක් ලෙස බැඳී සිටිනවා; ඉතා වගකීමෙන් යුතුව යම් කාර්යයක් ඉටු කරනවා.
ඇප මුදල[නා.] ඇපයක් වශයෙන් තැන්පත් කරන මුදල.
ඇපඔප්පුව(පාරිභා.) [නා.] ණයක් ගැනීමේ දී හෝ වෙන යම්කිසි පොරොන්දුවකට බැඳීමේ නීත්‍යනුකූල ව දෙනු ලබන ලියවිල්ල; පොරොන්දු පත්‍රය; ඇපකරය (=security bond).
ඇපකරය1. (පාරිභා.) [නා.] සිරභාරයේ සිටින අයකු ඇප පිට නිදහස් කිරීමේ දී ඔහු හා ඔහුගේ ඇපකාරයා විසින් දෙනු ලබන පොරොන්දු පත්‍රය (=bail bond). 2. [නා.] මුදලක් ගෙවීමට හෝ ගිවිසුමක් ඉටු කිරීමට හෝ වූ ලිඛිත බැඳීම; බැඳුම්කරය; පිළින පත (=bond).
ඇපකාරයා[නා.] විශේෂයෙන් උසාවි කටයුතුවල දී චූදිතයන් සම්බන්ධ ව ද මුදල් ගණුදෙනුවල දී ණයකරුවන් සම්බන්ධ ව ද පොරොන්දුවක් ඉටු කිරීම පිළිබඳ නීත්‍යනුකූල වගකීම බාරගන්නා තැනැත්තා.
ඇපනූල[නා.] ලෙඩ සුව වූ විට තොවිලයක් කර දෙවියන්ට හෝ යකුන්ට පූජා පවත්වන බවට පොරොන්දු වී ආතුරයාගේ ශරීරයේ බඳින ජප කරන ලද නූල.
ඇපනෝට්ටුව[නා.] ලබාගත් භාණ්ඩ හෝ මුදල්වල වටිනාකම ආපසු දීමට වන පොරොන්දුව; ගැනුම්කරුවකු විසින් විකුණුම්කරුවකුට දෙනු ලබන ගිවිසුම් පත්‍රය.
ඇපය1. [නා.] දේව යක්ෂාදින්ගේ පිහිට බලාපොරොත්තුවෙන් වන බාරය. 2. (පාරිභා.) [නා.] විත්තිකරුවකු නඩු දිනයට නැවත පැමිණීම සහතික කරමින් රැඳවුම් භාරයෙන් නිදහස් කර යවනු පිණිස තැන්පත් කළ යුතු මුදල, ඔප්පු හෝ එවැනි දේ (= bail). 3. [නා.] ප්‍රතිඥාව; පිළිනය; පොරොන්දුව; කෙනකු වගකීමක් ඉටු කරන බව සහතික කිරීම් වශයෙන් ගෙවන මුදල හෝ බඳින දේපළ (=security).
ඇප්ලික්වැඩ[නා.ප්‍ර.] විසිතුරු රෙද්දකින් මෝස්තර කපා වෙන රෙද්දකට හෝ ඇඳුමකට ආරෝපණය කරන අලංකාර මැහුම් වැඩ; ආරෝපණ වැඩ.
ඇපැල් උසාවිය[නා.] පහළ අධිකරණයක් මගින් දී ඇති නඩු තීන්දුවකට විරුද්ධ ව අභියාචනය කළ විට ඒ නඩුව විභාග වන උසාවිය; අභියාචන අධිකරණය.
ඇපෑල[නා.] යම් අධිකරණයකින් දෙන ලද තීන්දුව ගැන නොසතුටට පත් පාර්ශ්වයක් ඒ තීන්දුවට විරුද්ධ ව ඉදිරිපත් කරන අභියාචනය.
ඇපෙන්ඩිසයිටිස්(පාරිභා.) [නා.ප්‍ර.] අනුබද්ධයෙහි හට ගන්නා ප්‍රදාහය; අනුබද්ධ දාහය (=appendicitis).
ඇබකසය[නා.] සංඛ්‍යාවන් එකතු කිරීම හා අඩු කිරීම පහසුවෙන් කළ හැකි වන පරිදි සකස් කරගත් අතීතයේ දි භාවිත වූ පුවරු විශේෂයක්; ගණක චතුරස්‍රය; බෝල රාමුව.
ඇබය[නා.] මූඩිය; පොරොප්පය; කීලය; පේනුව; යතු තල, උදලු තල ආදිය තද වීමට ගසන කූඤ්ඤය.
ඇබ්බැහිය[නා.] පුරුද්ද; සිරිත; භාවිතය.
ඇබැද්දිය[නා.] කරදරය; අභාග්‍යය; විපත.
ඇබෑර්තුව[නා.] තනතුරක හෝ රක්ෂාවක හෝ ඇති වන හිස් වීම; පුරප්පාඩුව.
ඇබෑසි විදුහල[නා.] යම් වෘත්තියක් සඳහා පුහුණු කරන අධ්‍යාපන ආයතනය.
ඇබෑසිය[නා.] අභ්‍යාසය; පුහුණුව.
ඇබිත්ත[නා.] ඉතා කුඩා ප්‍රමාණය; ස්වල්පය; අල්ප මාත්‍රය.
ඇබිත්තයා[නා.] භික්ෂූන්ට ආවතේව කරන්නා; භික්ෂූන්ගේ මෙහෙකරුවා.
ඇම[වි.] සියලු; සකල; හැම. 1. [නා.] සියලු දෙනා; හැම දෙනා. 2. [නා.] සියලු දෙය, සියල්ල. 3. [නා.] යම් සතකු අල්ලා ගැනීමට බිළියෙහි අමුණන ගොදුර. 4. [නා.] තමාගේ අදහසට අනෙකකු නොදැනුවත්වම පොලඹවා ගැනීම සඳහා දෙන දීමනාව හෝ ඊට යොදන උපක්‍රමය.
ඇමතියා, ඇමැතියා[නා.] රජයේ කාර්යාංශයක් හෝ කාර්යාංශ කිහිපයක් හෝ භාර ව සිටින තැනැත්තා.
ඇමතුම[නා.] ආමන්ත්‍රණය; කැඳවීම.
ඇමයිනෝ අම්ලය(පාරිභා.) [නා.] මේද අම්ලවල හයිඩ්‍රොකාබන් සමූහවල හයිඩ්‍රජන් පරමාණු වෙනුවට ඇමයිනෝ සමූහ ආදේශ කිරීමෙන් ලැබෙන කාබනික සංයෝගය (=amino acid).
ඇමරි කුඩු[නා.ප්‍ර.] ඇමරි නම් ඛනිජ ද්‍රව්‍යයේ කුඩු හෙවත් සුනු.
ඇමරිකඩදාසි[නා.ප්‍ර.] (ලෝහ, වීදුරු ආදිය මැදීමට ගන්නා) ඇමරි කුඩු අලවා සකස් කළ කඩදාසිය.
ඇම්පියරය(පාරිභා.) විද්‍යුත්ධාරාව මනින ඒකකය (=ampere).
ඇම්බ්‍රොයිඩරි[නා.ප්‍ර.] රෙදිවල නොයෙක් පැහැති නූල්වලින් කරන විසිතුරු මැහුම් වැඩ; සැරසිලි මැහුම් (=embroidery).
ඇම්බැට්ටයා(කථා.) [නා.] දැළිරැවුල් රැවුල් බාන්නා; කොණ්ඩා කපන්නා; කරනැවෑමියා.
ඇම්ම[නා.] (ශරීරයේ රෝගී ස්වභාවයක් නිසා) හිස, ඇලපත, පපුව ආදි තැන්වල වරින් වර හටගන්නා තද වේදනාව.
ඇම්මෙනවා[ක්‍රි.] ඉවසිලිමත් වෙනවා; ඉවසනවා; ඉවසීමෙන් බලාපොරොත්තුව සිටිනවා.
ඇම්මෝරුව(කථා.) [නා.] මසුන් මැරීම සඳහා යන ප්‍රධාන ඔරුවට ඇම අල්ලා දෙන කුඩා ඔරුව; ඇම්මරුව.
ඇමැට්ටිය[නා.] වේදනාව හා ඉදිමුම ඇති වන පරිදි ශරීරයේ සන්ධිස්ථානයක් හදිසියෙන් හෝ අහම්බෙන් ඇදීයෑම හෝ ඇඹරී යෑම; උළුක්කුව.
ඇමිණි ඔරුව(කථා.) [නා.] රත් කළ යකඩ බැස්සීමට කම්හල්කරුවන් පාවිච්චි කරන වතුර පුරවන ලද කුඩා ඔරුවක් වැනි භාජනය.
ඇමියාව[නා.] ආහාර නොදිරවීම; අජීර්ණය.
ඇමීටරය(පාරිභා.) [නා.] විද්‍යුත් ධාරාව මැනීමේ උපකරණයක් (=ammeter).
ඇමීබයසියාව(පාරිභා.) [නා.] එන්ටැමිබා හිස්ටොලිටිකා නම් ඇමීබාවන්ගෙන් සෑදෙන රෝග හඳුන්වන නාමය; ඇමීබා අතීසාරය (=amoebiasis).
ඇමීබා අතීසාරය(පාරිභා.) [නා.] එන්ටැමිබා හිස්ටොලිටිකා නම් ඇමීබාවාගෙන් මහාන්ත්‍රයෙහි හටගන්නා ලෙඩවලින් එකක් වූ අතීසාර රෝගය (=amoebic dysentery).
ඇමීබාවා[නා.] පියවි ඇසට පෙනෙන නොපෙනෙන තරම් සූක්ෂ්ම වූ නිත්‍ය හැඩයක් නැති තනි සෛලයකින් යුත් ක්ෂුද්‍ර ප්‍රාණියා (=amoeba).
ඇමෝනියා[නා.ප්‍ර.] ප්‍රබල ක්ෂාරීය ප්‍රතික්‍රියා ඇත්තා වූ ද ඉතා සැර ගඳකින් යුක්ත වූ ද අවර්ණ වායුවක්.
ඇඹණි[නා.ප්‍ර.] භාර්යාව; අඹුව.
ඇඹරුම් දත්[නා.බහු.] හනු දෙකෙළවර ඇති පුළුල් දත්; චාර්වක දත්.
ඇඹරුම්ගල[නා.] මිරිස් ආදි කුළු බඩු ද ධාන්‍ය ආදිය ද අඹරන ගල.
ඇඹුන්මිනිස්, ඇඹුමිනිස්[නා.ප්‍ර.] ස්ත්‍රිය; ගැහැනිය.
ඇඹුම් කවි[නා.බහු.] බලියාග සඳහා රූප ඇඹීම කළ යුතු ආකාරය දක්වන කවි.
ඇඹුල1. [නා.] අම්ලය; දෙහි ආදි ඵලවල ඇති අම්ල රසයෙන් යුතු යුෂය; අම්ල රසය; ඇඹුල් රසය ප්‍රධාන කොට තිබෙන සේ පිළියෙල කරන ලද ව්‍යංජන විශේෂයක්. 2. (කථා.) [නා.] කෙතේ හෝ ගොවිපොළේ හෝ වැඩ කරන්නන් සඳහා පිළියෙල කළ ආහාරය.
ඇඹුල් කබල(කථා.) [නා.] රන් රිදී ආභරණාදිය ශුද්ධ කිරීම පිණිස ගනු ලබන ඇඹුල් ද්‍රව පිරවූ භාජනය.
ඇඹුල් කාඩි1. [නා.ප්‍ර.] බතින් පෙරූ පැසවා ගත් දිය; ඇඹුල් කැඳ; ලුණු කැඳ. 2. [නා.ප්‍ර.] විනාකිරි.
ඇඹුල් කැඳ1. [නා.] බතින් පෙරූ කැඳ; ලුණු කැඳ. 2. [නා.] පලා කොළ දමා පිසූ ඇඹුල් රසැති කැඳ.
ඇඹුල්තියල(කථා.) [නා.] අඹරාගත් ගොරක, කුළුබඩු සහ ලුණු මිශ්‍ර කර ද්‍රවගතිය සිඳවා පිළියෙල කරනු ලබන මාළු වෑංජනය.
ඇඹුල්පලා[නා.ප්‍ර.] ඇඹුල් රසය ප්‍රධාන කොට සාදාගත් පලා මාළුව; පලා ඇඹුල.
ඇඹුල්පොලොස්(කථා.) [නා.ප්‍ර.] ඇඹුලට හෙවත් මාළුවට ගන්නා ළපටි කොස්.
ඇඹුලුපක්[නා.ප්‍ර.] ආමලක ඵලය; නෙල්ලි ගෙඩිය.
ඇඹෙණිය, ඇඹේණිය[නා.] අඹුව; භාර්යාව.
ඇඹෙනවා[ක්‍රි.] සෑහෙනවා; ප්‍රමාණවත් වෙනවා.
ඇයිහොඳයිය[නා.ප්‍ර.] ආශ්‍රය; හිතවත් බව; මිත්‍රත්වය.
ඇර1. [නා.] චිත්ත විකාරය; සිත් වියවුල. 2. [නා.] එකොළොස. 3. [නා.] නැටුම්හි දී ගනු ලබන එක්තරා වේශයක්.
ඇර දක්වනවා[ක්‍රි.] ගෙන හැර පානවා; ඉදිරිපත් කරනවා; පෙන්නුම් කරනවා.
ඇර දමනවා1. [ක්‍රි.] අත් හරිනවා; හැර දමනවා. 2. [ක්‍රි.] විවෘත කර තබනවා.
ඇරපියනවා[ක්‍රි.] අත්හැර දමනවා; අත අරිනවා.
ඇරයුම, ඇරියුම[නා.] ආරාධනාව; ඉල්ලීම.
ඇරවැර[නා.ප්‍ර.] මැරවරකම; අනර්ථය.
ඇරුම්[නා.ප්‍ර.] භික්ෂූන් හෝ තාපසයන් හෝ වසන තැන; ආරාමය.
ඇල වෙනවා1. [ක්‍රි.] ලම්බක නොවී පැත්තකට නැමෙනවා ; අංශයකට බර වෙනවා. 2. [ක්‍රි.] හාන්සි වෙනවා; හේත්තු වෙනවා.
ඇලදිව[නා.] ආමාශයට පිටිපසින් ග්‍රහණියේ සිට පිලාව දක්වා විහිදී ඇති ඉන්ද්‍රිය; අග්න්‍යාශය.
ඇලපත, ඇලපොත1. [නා.] ශරීරයේ අංශයේ කිහිල්ලට පහළ හා ඉඟටියට ඉහළ කොටස; ශරීර පාර්ශ්වය. 2. [නා.] වෙල් යායක වැව සමීපයේත් ඊට විරුද්ධ පාර්ශ්වයේත් කුරුලු පාළු නමින් හැඳින්වෙන ලියැදි දෙකට සමීප ම ලියැදි දෙක.
ඇලපිල්ල[නා.] ව්‍යංජනාරූඪ ‘ආ’ ස්වරය දැක්වීම පිණිස යොදන පිල්ල; ‘ා’ ලකුණ.
ඇලපුම්[නා.ප්‍ර.] ආලපනය; කැඳවීම.
ඇලඹ[ඇල්+අඹ] [නා.] ඇල් වතුර; ශීතල ජලය.
ඇලය1. [නා.] පැත්ත; පාර්ශ්වය; අංශය. 2. [නා.] ඇදය; ලම්බක නොවී පැත්තකට නැමුණු බව; අංශයකට බර බව.
ඇලළුම් ඌෂ්මකය(පාරිභා.) [නා.] චීනච්චට්ටි, සිද්ධ යකඩවලට පරිවර්තනය කිරීමේ දී භාවිත කෙරෙන ඌෂ්මකය (=puddling furnace).
ඇල්[වි.] සීතල; සිසිල්. 1. [නා.ප්‍ර.] ගොඩ ඉඩම්වල වගා කරන වී වර්ගයක්. 2. [නා.ප්‍ර.] ශීතල භාවය; සිසිල්.
ඇල් කෙත[නා.] ඇල් වී හේන; ශාලි ක්ෂේත්‍රය.
ඇල් ගොවියා[නා.] ඇල් කෙතක් වගා කරන තැනැත්තා හෙවත් වපුරන තැනැත්තා.
ඇල් ජලය[නා.] ශීතල වතුර; උණු නොකළ වතුර; ඇල්වතුර.
ඇල් තෙලිදිය[නා.] නොපැසුණු රා; මීරා.
ඇල් මරනවා[ක්‍රි.] (වතුරෙහි) ශීතල ගතිය නැති කරනවා; (වතුර) යම්තම් උෂ්ණ කරනවා.
ඇල් මැඩිවානේ(පාරිභා.) [නා.] වායුගෝලීය උෂ්ණත්වයට ආසන්න උෂ්ණත්වයක මඬින ලද වානේ (=cold rolled steel).
ඇල් සමය[නා.] ශීතල කාලය; ශීත ඍතුව.
ඇල්කලයින්(පාරිභා.) [නා.ප්‍ර.] සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි ක්ෂාරීය ද්‍රාවණයක් සෑදීම පිණිස ගැනෙන ජල ද්‍රාවණීය වන ද්‍රව්‍යයක් (=alkaline).
ඇල්කලොයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] පැළෑටිවල ඇති ස්වාභාවික කාබනික භස්ම (=alkaloid).
ඇල්කොහොල්(පාරිභා.) [නා.ප්‍ර.] මද්‍යසාරය; මත්පැන් (=alcohol).
ඇල්ගෙවි[නා.ප්‍ර.] ඇල් කෙත් රකින හෝ ඇල් කෙතක වැඩ කරන හෝ ස්ත්‍රය; ශාලි ගෝපිකාව.
ඇල්ටි මීටරය(පාරිභා.) [නා.] මුහුදු මට්ටමේ සිට උස මැනීමට භාවිත කරන වායුපීඩන උච්චමානය (=altimeter). මානය;
ඇල්නල[නා.ප්‍ර.] සිහිල් සුළඟ; සීතල මාරුතය.
ඇල්පා[නා.ප්‍ර.] ග්‍රීක් හෝඩියේ මුල් අකුර.
ඇල්බියුමන්(පාරිභා.) [නා.ප්‍ර.] බිත්තර සුදුමදය; බීජවල තැන්පත්ව ඇති පෝෂ්‍යදායක ද්‍රව්‍යය(=albumen).
ඇල්බියුමින්(පාරිභා.) [නා.ප්‍ර.] ජලයෙහි දියවන ප්‍රෝටීන් සමූහයක් (=albumin).
ඇල්ම1. [නා.] බැඳීම; ඇලීම ;ආලය; ස්නේහය. 2. [නා.] එළදෙන අලුත වැදූ වසුපැටියා ආරක්ෂාව පිණිස සඟවා තබන තැන; තුරුල්ල. 3. [නා.] ලීයක පවතින ඇදය; කැපීමේ දී ලීයෙහි හෑරී ගිය ස්ථානය.
ඇල්මේ තියනවා(කථා.) [ක්‍රි.] (එළදෙන) අලුත වැදූ වසුපැටවා ආරක්ෂාව පිණිස සගවා තබනවා.
ඇල්ල1. [නා.] කඳුමතින් නොකඩවා ඇද හැළෙන ජලධාරාව; ජලධාරාව; දියඇල්ල; නිර්ඣරය. 2. [නා.] සුළං පහර; සීතල වායුධාරාව. 3. [නා.] ප්‍රපාතය; පල්ලම. 4. [නා.] කාල පරිච්ඡේදය; කාලය.
ඇලි1. [නා.ප්‍ර.] මියර; නියර. 2. [නා.ප්‍ර.] පෙළ; පංතිය; සමූහය.
ඇලි කටුව(පාරිභා.) [නා.] තව් විදීමට පාවිච්චි කරන උපකරණය; බුරුමය (=slot drill).
ඇලිගොඩලි(කථා.) [නා.බහු.] පොළොවෙහි පහත් තැන් හා උස් තැන්.
ඇලිමැළි, ඈලිමෑළි1. [වි.] අලස; කම්මැළි. 2. [වි.] අදිමදි; පසුබට.
ඇලිය1. [නා.] දියපාර; කුඩා ඇළ; කානුව : අගල. 2. [නා.] ගලා යන වතුර නිසා හෑරුණු කානුව. 3. (පාරිභා.) [නා.] අගලක හැඩය ඇති දිග තව්ව ; සිදුර (=slot).
ඇලියුරෝන්(පාරිභා.) [නා.ප්‍ර.] ඇට වර්ගවල කණිකා වශයෙන් දක්නට ලැබෙන සංචිත ප්‍රෝටීන් ද්‍රව්‍ය (=aleurone).
ඇලිස් කටුව[නා.] ඇණ ඇල්ලීමට පළමු ලී ආදිය විද ගැනීම පිණිස වඩුවන් විසින් පාවිච්චි කරනු ලබන වානේ කටුව.
ඇලී ගන්නවා[ක්‍රි.] ඇලෙනවා; ආසක්ත වෙනවා.
ඇලුමිනා(පාරිභා.) [නා.ප්‍ර.] ඛනිජ පස් වර්ගයක්; ඇලුමිනියම් ට්‍රයොක්සයිඩ් (=alumina).
ඇලුමිනියම්[නා.ප්‍ර.] සුදු පාටට හුරු සැහැල්ලු ලෝහ වර්ගයක්.
ඇලොපති[නා.ප්‍ර.] රෝගයක් නිසා ශරීරයෙහි ඇති වූ තත්ත්වයට වෙනස් වූ තත්ත්වයක් ඇති කරන වූ ප්‍රතිකර්ම යෙදීමෙන් ලෙඩ සුව කරන වෛද්‍ය ක්‍රමය.
ඇලෝයි(පාරිභා.) [නා.ප්‍ර.] ලෝහ වර්ග කීපයක් මිශ්‍ර කොට සාදාගන්නා ලෝහය; ලෝහය (=alloy).
ඇවගාඩ්රෝ නියමය(පාරිභා.) [නා.] එක ම උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී විවිධ වායුවල සමාන පරිමාවල ඇති අණු සංඛ්‍යා සමානය යනුවෙන් ඇවගාඩ්රෝ නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද නියමය (=avogadro’s law).
ඇවරි කණුව, ඇවරිය කණුව(කථා.) [නා.] යක්ෂාදින්ට දෙන පිදේනි හෝ පහන් හෝ තබන සාමාන්‍යයෙන් අගින් තුනට බෙදුණු කරුවක් ඇති කණුව.
ඇවරිය, ඇවිරිය1. [නා.] කෙසෙල් කැනක එක් එක් ගෙඩි පෙළ; පොකුරක් මෙන් සෑදී ඇති ගෙඩි පේළිය. 2. (කථා.) [නා.] පොල් ගෙඩියක ලෙල්ලෙහි සමාන්තර රේඛා දෙකක් කපා ඒ අතරින් ඇද ගන්නා සිහින් පතුර. 3. [නා.] පහන් දැල්වීමට සැදූ තෙල් වැට; පහන් වැට. 4. [නා.] බොල් රොඩු ආදිය ඉවත් කරනු සඳහා වී හුළං කිරීමේ දී ගොවියාට නැග සිටීමට ලී දඬු තුනක් සිටුවා සාදාගන්නා මැස්ස; කුරාලය. 5. [නා.] ආරුක්කුව; තොරණ. 6. [නා.] ගොක්කොළ එල්ලූ රැහැන; ගොප් රැහැන.
ඇවරියන් බඳිනවා(කථා.) [ක්‍රි.] වරිච්චි බිත්තියක් සෑදීම සඳහා ලී කෝටු සිටුවා ඒවා එකිනෙකට අසු කොට ගැට ගසනවා; වරිච්චි බඳිනවා.
ඇවැත්[නා.ප්‍ර.] ගරුකටයුතු තැනැත්තා; පූජ්‍යයා; ආයුෂ්මතා; භික්ෂූන් වහන්සේ පිළිබඳ ව කියැවේ. [වි.] ගෞරවාර්හ; පූජ්‍ය.
ඇවැත් දෙසනවා[ක්‍රි.] (විනය.) ඇවතකට හෙවත් භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ දෙකෙහි ශික්ෂා පදයක් හෝ උපසම්පන්නයකු විසින් ඉක්මවනු ලැබීමේ වරදකට පැමිණි භික්ෂුවක් අන් භික්ෂුවක ඉදිරියේ ඒ බව සැලකර සිටිනවා; ආපත්ති දෙසනවා.
ඇවැස්ස[වි.] අවශ්‍ය වූ; අතිශයින් ම වුවමනා වූ.
ඇවැස්ස නෑනා[නා.] පියාගේ සොහොයුරිය හෙවත් නැන්දාගේ හෝ මවගේ සොහොයුරා හෙවත් මාමාගේ හෝ දියණිය.
ඇවැස්ස නෑයා[නා.] ළග නෑයා; කිට්ටුවර ඥාතියා; සමීප ඥාතියා.
ඇවැස්ස මස්සිනා[නා.] පියාගේ සහෝදරිය හෙවත් නැන්දාගේ හෝ මවගේ සහෝදරයා හෙවත් මාමා ගේ පුත්‍රයා.
ඇවැස්ස විවාහය[නා.] ඇවැස්ස නෑකම අනු ව සිදුවන විවාහය; ඇවැස්ස නෑනලා මස්සිනාලා අතර සිදුවන විවාහය.
ඇවැස්සයා[නා.] ඇවැස්ස මස්සිනා.
ඇවැසි[වි.] අවශ්‍ය වූ; උවමනා.
ඇවැසියාව(පාරිභා.) [නා.] අවශ්‍යතාව; උවමනාව (=necessity).
ඇවෑමෙන්[ක්‍රි.වි.] පසුවීමෙන්; ගතවීමෙන්; අභාවයෙන්; මරණයෙන් පසු.
ඇවිටි කරනවා[ක්‍රි.] ලෝභ කරනවා; මහත් සේ ආශා කරනවා; බලාපොරොත්තු වෙනවා.
ඇවිටි ගන්නවා1. [ක්‍රි.] ලෝභ උපදවනවා; ආශා කරනවා; කැමැත්තක් ඇති කර ගන්නවා. 2. [ක්‍රි.] ඉල්ලා සිටිනවා; ආයාචනා කරනවා.
ඇවිටිය1. [නා.] ලොල් බව; තද ඇල්ම; මහත් ආශාව. 2. බලවත් ඉල්ලීම; ඇවිටිල්ල.
ඇවිටිලි කරනවා[ක්‍රි.] බැගෑපත් සේ ඉල්ලනවා; ඉතා ඕනෑකමින් ඉල්ලනවා.
ඇවිටිලිය, ඇවිටිල්ල[නා.] නැවත නැවත හෝ ඉතා ඕනෑකමින් හෝ ඉල්ලා සිටීම; පෙරැත්තය.
ඇවිදු1. [නා.ප්‍ර.] අවිද්‍යාව. 2. [නා.ප්‍ර.] අවීචි මහා නරකය.
ඇවිදු මඬල[නා.] අවීචි මහ නරකයට අයත් ප්‍රදේශය.
ඇවිරිද්ද[නා.] අවුරුද්ද.
ඇවිල්ල1. [නා.] පන්, තල්කොළ ආදියෙන් වියන ලද පෙට්ටිය. 2. [නා.] පන්කොළ ආදියෙන් වියන ලද වට්ටිය.
ඇවිස්සුම(පාරිභා.) [නා.] උනන්දු කරවීම; අවදි කරවීම (=arousal).
ඇවිසිනවා1. [ක්‍රි.] පිළිගන්නවා; බෙදනවා; දමනවා. 2. [ක්‍රි.] අවසර ගන්නවා; සමුගන්නවා.
ඇවිසියාව(පාරිභා.) [නා.] පිළිගත හැකි බව (=admissibility).
ඇවිළි ආහාරය[නා.] අවුළා ගන්නා ලද හෝ එකතු කර ගන්නා ලද හෝ ආහාරය.
ඇවිළිල්ල1. [නා.] දැල්වීම; ඇවිළීම. 2. [නා.] පිට, තුනටිය, ඉල ඇට, දෙඇල ආදි තැන්හි හදිසියේ ඇති වන තියුණු වාත වේදනාව.
ඇවිළිලි අහර[නා.] ගෙයින් ගෙයට පිඬු සිඟා එකතු කරගත් ආහාරය; පිණ්ඩපාත ආහාරය.
ඇවුරුණු ගිණුම(පාරිභා.) [නා.] වත්කම් හෝ ගනුදෙනු කටයුතු තාවකාලික ව හෝ ස්ථිරව තහනම් කළ බැංකු ගිණුම (=frozen account)
ඇවුරුම් බදාම(පාරිභා.) [නා.] මූට්ටු ආදිය සඳහා යොදා ගනු ලබන විශේෂ සිමෙන්ති වර්ගයකින් සාදාගනු ලබන බදාම (=lutes).
ඇවුළුම් බිළය[නා.] ලොකු මසුන් අවුළුවා ඔරුවක් තුළට ඇද ගැනීමට පාවිච්චි කරනු ලබන ලොකු බිළී කොක්ක.
ඇවෙක්සුම(පාරිභා.) [නා.] බලාපොරොත්තුව; අපේක්ෂාව (=expectation).
ඇස1. [නා.] නෙත; දෘෂ්ටි ඉන්ද්‍රිය; දර්ශනේන්ද්‍රිය. 2. [නා.] බෙර ආදියෙහි මුහුණ; බෙරතලය. 3. [නා.] බීජාංකුරය; මොටෙයියා. 4. [නා.] විවරය; දැල් ඇස නොහොත් සිදුර. 5. [නා.] කඳුළ. 6. [නා.] අංසය; පැත්ත.
ඇස ඇඳිරිය[නා.] පෙනීම අඩු කරන ඇස් රෝගය.
ඇස කණ්ඩුතිය[නා.] ඇස කැසීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය.
ඇස ගැසෙනවා[ක්‍රි.] කෙනකුගේ ඇසට ලක් වෙනවා; යමකු විසින් දකිනු ලබනවා; දකිනවා.
ඇස දල්වනවා[ක්‍රි.] ඇස් අරිනවා හෙවත් විවෘත කරනවා.
ඇස පියවෙනවා1. [ක්‍රි.] නිදිමත වේගෙන එනවා; නින්ද යනවා. 2. [ක්‍රි.] මැරෙනවා; මිය යනවා.
ඇස පිරුවනවා[ක්‍රි.] (ඖෂධ වතුර ආදියෙන්) ඇස තෙමනවා.
ඇස පූපය[නා.] ඇසෙහි ශුක්ල භාගයෙහි හටගන්නා කුඩා මස්රෝද; පිෂ්ටකය.
ඇස බමනවා[ක්‍රි.] ඇස කරකවනවා.
ඇස ලකළා[නා.ප්‍ර.] ඊශ්වර දෙවියා.
ඇස වෙනවා, ඇස් වෙනවා[ක්‍රි.] වඳ බවට පත් වනවා; පැළ වීමේ ශක්තිය නැති වෙනවා; ඇහැ වෙනවා.
ඇසටේට්(පාරිභා.) [නා.ප්‍ර.] එනම් අම්ල මූලකය (=acetate).
ඇසතු1. [නා.ප්‍ර.] ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවණ දුන් වෘක්ෂය; (ඇසතු) බෝගස. 2. [නා.ප්‍ර.] එනම් එළනුග හෙවත් ඇසටු ගස.
ඇසදාය[නා.] ඇසෙහි ඇති වන දාහය හෙවත් දැවිල්ල.
ඇසදිය[නා.] කඳුළු.
ඇසපොළ[නා.] ඇසේ කාචයෙහි පාරදෘශ්‍යතාව හීන වීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගයක්.
ඇසමල, ඇස්මල[නා.] ස්වච්ඡ මණ්ඩලයෙහි සුදු ලපයක් හට ගැනීම ලක්ෂණ කොට ගත් ඇස් රෝගයක්.
ඇසරුජාව, ඇස්රුදාව[නා.] වේදනාව සහ කඳුළු, කබ ආදිය ගැලීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; නේත්‍රාභිෂ්‍යන්දය.
ඇසවනවා[ක්‍රි.] වසනවා හෙවත් හිර කරනවා.
ඇසළ[නා.ප්‍ර.] එනම් චන්ද්‍ර මාසය; ජූනි මැද භාගයේ සිට ජූලි මැද භාගය තෙක් කාලය.
ඇසළ කෙළිය[නා.] පුරාණ ජම්බුද්වීපයෙහි ඇසළ මස පුන් පොහෝදින ආරම්භ කරන ලදුව දින කීපයක් තිස්සේ පවත්වනු ලැබූ මහෝත්සවයක්.
ඇසළ පෙරහර[නා.] දළදා වහන්සේ පිදීම සඳහාත්, නාථ, විෂ්ණු ස්කන්ධ ආදි දෙවිවරුන් පිදීම සඳහාත් අවුරුදු පතා ඇසළ මාසයෙහි දින ගණනක් තුළ මහනුවර හෝ වෙනත් ප්‍රදේශවල හෝ පවත්වනු ලබන පෙරහර.
ඇස්1. [වි.] අවහිරවූ; වැසුණු. 2. [වි.] පැළවීමේ ශක්තිය වඳ බවට පත් වූ; ඈහැ වූ. 1. [නා.ප්‍ර.] අන්ධයා. 2. [නා.ප්‍ර.] ආලෝක ධාරාව; ආලෝකය.
ඇස් ඇඳ[නා.] ලණුවෙන් හෝ වේවැලින් ඇස් රටාව ඇති වන අයුරින් වියන ලද ඇඳ.
ඇස් ඇඳිරිය[නා.] ඇස ඇඳිරිය.
ඇස් උඩ ඉන්දනවා[ක්‍රි.] බියපත් වෙනවා; විස්මයට පත්වෙනවා.
ඇස් උත්ත[නා.] ඇස් ඇති පොල්කටුව; ගෑනු පොල්කටුව.
ඇස් කන්නාඩිය[නා.] ඇසෙහි පලඳින කාච දෙකක් සහිත උපකරණය; උපැස් යුවළ.
ඇස් කුලිය1. [නා.] නැති වූ දේ සොයා දීම සඳහා ගෙවනු ලබන තෑග්ග; කොටස. 2. [නා.] යම් තොරතුරක් දැනුම් දෙන්නාට දෙනු ලබන කොටස හෝ තෑග්ග.
ඇස් කුහරය[නා.] ඇසෙහි අභ්‍යන්තර කොටස් පිහිටා ඇති ඇස් වළ.
ඇස් කෙවෙණිය[නා.] ඇස් ගුළිය රඳා ඇති කුහරය; අක්ෂි කූපය.
ඇස් කොටහ[නා.] මැණික් වෙන්දේසියේ දී වෙන්දේසි කරන ලද මැණික් ගල් මිලදී ගැනීමට ඉදිරිපත් වන අයට තෑගි වශයෙන් දෙන මුදල්.
ඇස් කොළය(කථා.) [නා.] බුලත් අතක උඩට හෝ අඩියට තබන ලොකු බුලත් කොළය.
ඇස් ටිඟිනිය[නා.] ඇසේ තරුව; කනීනිකාව; තාරාමණ්ඩලය; කළු ඉංගිරියාව.
ඇස් දිෂ්ටිය1. [නා.] ඇස් පෙනීමේ ශක්තිය. 2. (කථා.) [නා.] ඇසට පෙනෙන දුර ප්‍රමාණය; චක්ෂුපථය.
ඇස් නඟනවා[ක්‍රි.] ඇස් අරිනවා; ඇස් විවෘත කරනවා.
ඇස් පටලය1. [නා.] ඇස (මැද) වසා සිටින සිවිය. 2. [නා.] කාචය නම් වූ ඇස් රෝගය.
ඇස් පහරනවා[ක්‍රි.] ඇසිපිය ගසනවා.
ඇස් පැහැර ගන්නවා[ක්‍රි.] ඇස් ඇද ගන්නවා.
ඇස් පෑදීම1. [නා.] නොපෙනී පැවතුණු ඇස් පෙනෙන්ට සැලැස්වීම. 2. [නා.] අකුරු ලියන්නට කියන්ට සමත්වීම හෝ සමත් කිරීම. 3. [නා.] අවබෝධ නොවී පැවති කරුණක් අවබෝධ වීම හෝ අවබෝධ වීමට සැලැස්වීම.
ඇස් බැන්දුම[නා.] මායාව; ඉන්ද්‍රජාලය; විජ්ජාව.
ඇස් බැන්දුම්කාරයා[නා.] මායාකාරයා; විජ්ජාකාරයා; ඉන්ද්‍රජාලිකයා.
ඇස් මට්ටම[නා.] ඇස පිහිටා ඇති මට්ටම; ඇස හා සමතලය.
ඇස් මඩ[නා.] ඇසින් ගලන මල; කබ.
ඇස් මරනවා[ක්‍රි.] ඇසිපිය ගහනවා; ඉඟි පිණිස ඇස් පිල්ලන් ගහනවා.
ඇස් මල[නා.] ඇසින් ගලන කබ; ඇස් මඩ.
ඇස් මානය(කථා.) [නා.] ඇසට පෙනෙන දුර ප්‍රමාණය; පේන තෙක්මානය.
ඇස් මාරියාව(කථා.) [නා.] වේදනාව සහ කබ, කඳුළු ආදිය ගැලීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; නේත්‍රාභිෂ්‍යන්දය; ඇස්රුදාව.
ඇස් මිදුල[නා.] ඇස් ඉදිරිය; ඇස් හමුව.
ඇස් මුවාව(පාරිභා.) [නා.] තද දීප්තිය; දූවිලි ආදියෙන් ඇස් ආරක්ෂා වීමට පලඳින ඇස් කන්නාඩි විශේෂයක් (=goggles).
ඇස් රතය[නා.] ඇස් රතුපාට වීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය.
ඇස් රැවටිල්ල[නා.] වංචාව; මායාව; කපටිකම.
ඇස් ලෙන්සය(පාරිභා.) [නා.] අන්වීක්ෂය වැනි උපකරණයක පරීක්ෂකයාගේ ඇසට සමීපව තිබෙන කාචය; අක්ෂිකාචය (=eye lens).
ඇස් ලොඩිය[නා.] ඇස්ගුළි ඉදිරියට නෙරා සිටීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; උදක්ෂිය.
ඇස් වට්ටිය[නා.] ඇස් හෙවත් සිදුරු සහිත වට්ටිය.
ඇස් වර1. [නා.] මොහොත; ක්ෂණය. 2. [නා.] ඇස් ඉදිරිය; අභිමුඛය.
ඇස් සමුව, ඇස් හමුව[නා.] ඇස් ඉදිරිය; චක්ෂුපථය; අභිමුඛය.
ඇස් හයනවා[ක්‍රි.] ඇස් අරිනවා; ඇස් විවෘත කරනවා.
ඇස් හසර[නා.] ඇස් සෙලවීම; ඇස් චලනය.
ඇස්කඩ[නා.ප්‍ර.] රෙදි කැබැල්ල.
ඇස්කිමෝ, එස්කිමෝ[නා.ප්‍ර.] උතුරු ඇමෙරිකාවෙහි සහ සයිබීරියාවේ පළාත්වල වසන මිනිස් වර්ගයක්.
ඇස්කීසි ආඥාව[නා.] ඇස්කීසියක් කිරීම සඳහා උසාවියෙන් කරනු ලබන නියෝගය.
ඇස්කීසි නිකුත් කරනවා(පාරිභා.) [ක්‍රි.] ගෙවීමක් පැහැර හැරීමේ දී ණයකරුවකුගේ චංචල හෝ නිශ්චල දේපොළ අල්ලන බවට හෝ තහනම් කරන බවට නියෝග නිකුත් කරනවා (=issue execution).
ඇස්කීසිය(පාරිභා.) [නා.] උසාවියෙන් නියම කරන ලද ගෙවීමක් පැහැර හැරීමේ දී එය නීතියෙන් ඉටු කරවා ගැනීම; ණයගැතියාගේ ඉඩම් ආදිය අල්ලා ගැනීම, විකිණීම පිණිස උසාවියෙන් නිකුත් කරන බලය (=execution).
ඇස්කෝබික් අම්ලය[නා.] අලුත් පලතුරුවලත් එළවළුවලත් දක්නට ලැබෙන සී විටමිනය (=ascorbic acid).
ඇස්ගුව[නා.] කබ; ඇස්මල; ඇසින් වැගිරෙන අපිරිසිදු දෑ.
ඇස්ගුළ, ඇස්ගුළිය[නා.] ඇසෙහි ගෝලයක් වැනි කොටස; අක්ෂි ගෝලය; ඇස්ගෝලය
ඇස්ගෝලය[නා.] ඇස් ගුළිය; අක්ෂි ගෝලය.
ඇස්ඩිකිය(පාරිභා.) [නා.] සබ්මැරීනයකින් පරාවර්තනය වන අතිධ්වනික තරංග පිහිටෙන් සබ්මැරීනයක් සොයා ගැනීමටත් පිහිටි තැන දැනගැනීමටත් හැකි උපකරණය (=asdic).
ඇස්තමේන්තුව(පාරිභා.) [නා.] යමක වටිනාකම ප්‍රමාණ කිරීම; යම් කිසිවක් සඳහා යන වියදම ප්‍රමාණ කිරීම හෝ එසේ ප්‍රමාණ කොට සාදන ලේඛනය; මූල්‍ය නිර්ණය; තක්සේරුව.
ඇස්දර[නා.ප්‍ර.] කඳුළු ධාරාව; අශ්‍රැ ධාරාව; කඳුළු.
ඇස්දහස්[නා.ප්‍ර.] දහසක් ඇස් ඇත්තා; ශක්‍රයා.
ඇස්දැල්[නා.ප්‍ර.] ශක්‍රයා.
ඇස්පනාපිට, ඇස්පනහාපිට[ක්‍රි.වි.] ඇස් ඉදිරියේ; ප්‍රත්‍යක්ෂ වශයෙන්.
ඇස්පිරේටරය(පාරිභා.) [නා.] වායු හෝ ද්‍රව ධාරාවක් චූෂණයෙන් ඇද ගැනීම සඳහා භාවිත කරන උපකරණයක්; චූෂකය (=aspirator).
ඇස්පිල්[නා.ප්‍ර.] ඇස් ලාංඡනය සහිත මොනර පිල්.
ඇස්පෙනවා[ක්‍රි.] බිජු පැළවෙනවා; අංකුර ලනවා.
ඇස්පෙන්ද[නා.] ඇසිපියේ තිබෙන රෝම.
ඇස්බොලයිට්(පාරිභා.) [නා.] කොබෝල්ට් ඔක්සයිඩ් සහිත මැංගනීස් ඩයොක්සයිඩ් තිබෙන මෘදු ඛනිජයක් (=asbolite).
ඇස්වටය[නා.] ගොප් ඇටය; වළලුකර; බොලට.
ඇස්වහ කටවහ(කථා.) [නා.] අනිෂ්ට විපාක ගෙන දෙන බැල්ම හා කථාව.
ඇස්වළ[නා.] ඇස පිහිටා ඇති වළ; කෙවෙණිය; අක්ෂිකූපය.
ඇස්ස1. [නා.] වී ආදි ධාන්‍ය ඇටයක බීජාවරණයෙහි පිහිටි කුඩුම්බියක් වැනි කොටස. 2. [නා.] යම් ගෙඩියක පැත්තකින් කපා ගන්නා පෙත්තක්. 3. [නා.] පළුව; බෑය.
ඇස්සන[නා.] ඇසට පෙනෙන දුර ප්‍රමාණය; ඇස් මානය.
ඇස්සර[නා.] ඇසට පෙනෙන තෙක් මානය; ඇසට විෂය වූ ප්‍රදේශය.
ඇස්සුං[නා.බහු.] කුඩා ඇස්; සිඟිති ඇස්.
ඇසිකිණිය[නා.] බාලයන්ගේ ඇස කැසීම සහ බහුලව කඳුළු වැගිරීම ලක්ෂණ කොට ඇති රෝගයක්; කුකුණකය.
ඇසිටලින් ජනකය(පාරිභා.) [නා.] ඇසිටිලින් වායුවෙන් ක්‍රියාත්මක විදුලි ආලෝකය ලබා දෙන යන්ත්‍ර විශේෂය (=acetylene generator).
ඇසිටික් අම්ලය(පාරිභා.) [නා.] අම්ල වර්ගවලින් එකක්; විනාකිරිවල ඇති කාබනික අම්ලය (=acetic acid).
ඇසිටිලයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] ලෝහ ලවණයක ද්‍රාවණයක් තුළින් ඇසිටිලින් යැවීමෙන් ලැබෙන කාබයිඩය (=acetylide).
ඇසිටිල්කෝලින්(පාරිභා.) [නා.ප්‍ර.] වේගවත් ලෙස විසරණය වන රසායනික ද්‍රව්‍යයක් (=acetylcholine).
ඇසිටිලීන්, ඇසිටලින්(පාරිභා.) [නා.ප්‍ර.] අවර්ණ, දැල්වෙනසුලු විෂ වායුවක් (=acetylene).
ඇසිටේට, ඇසිටේට්(පාරිභා.) [නා.ප්‍ර.] ඇසිටික් අම්ලයේ ලවණ; ඇසිටික් අම්ලයේ ඇසිටිල්කරණ ප්‍රතිඵල (=acetate).
ඇසිටෝන්(පාරිභා.) [නා.ප්‍ර.] වාර්නිස් හා දුම් නොනගින වෙඩි බෙහෙත් ආදිය පිළියෙල කිරීම සඳහා බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා කාබනික ද්‍රාවකයක් (=acetone).
ඇසිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] ජලයේ දිය කළ කල්හි ඇඹුල් රසය ඇති වන්නාවූත්, දර්ශකවල පැහැය වෙනස් කරන්නාවූත් ද්‍රව්‍යයක්; අම්ලය.
ඇසිඳැ ගන්නවා[ක්‍රි.] බලෙන් ගන්නවා; පැහැර ගන්නවා.
ඇසිපිය හෙළනවා[ක්‍රි.] ඇසිපිය අරිනවා සහ වසනවා; ඇසිපිය බානවා; ඇසිපිය ගහනවා.
ඇසියටි[ඇසි+ඇටි] [වි.] ඇසීමට රිසි හෙවත් ආසා ඇති; අසනු රිසි; අසා සිටීමට කැමති.
ඇසිරියා[නා.] ඇසුරු කළ තැනැත්තා; සහකාරයා; ආශ්‍රිතයා.
ඇසිරෙනවා[ක්‍රි.] ආශ්‍රය කරනවා; සේවනය කරනවා.
ඇසිල්ල[නා.] මොහොත; ක්ෂණය; නිමේෂය.
ඇසිවස්, ඇසිවැස්[නා.ප්‍ර.] විෂ සහිත සර්පයා; විසකුරු සර්පයා.
ඇසුර[නා.] ආශ්‍රය.
ඇසුරු කරනවා[ක්‍රි.] යමක් ආශ්‍රය කොට පවතිනවා; යමක රඳා පවතිනවා; සේවනය කරනවා; පුරුදු පුහුණු කරනවා; යෙදෙනවා.
ඇසූපිරූතැන්[නා.ප්‍ර.] උගත්කම; බහුශ්‍රැතභාවය; පාණ්ඩිත්‍යය.
ඇසූවිරූ[වි.] කලින් අසන ලද; පෙර ඇසූ.
ඇසෙම්බිලය[වි.] (පාරිභා.) පරිගණක යන්ත්‍රයේ මතකයේ ගබඩා කොට ඇති උපදෙස් මාලාව (=assembler).
ඇසොටොමීටරය(පාරිභා.) [නා.] කාබනික සංයෝගයක් ඩූමාස් ක්‍රමයෙන් දහනය කළවිට මෝචනය වන නයිට්‍රජන්වල පරිමාව මැනීමේ විශ්ලේෂක උපකරණයක්(=azotometer).
ඇහැ කරනවා, ඈහැ කරනවා[ක්‍රි.] වඳ කරනවා; සමූල ඝාතනය කරනවා.
ඇහැ ගැහෙනවා(කථා.) [ක්‍රි.] ඇසට හසු වෙනවා; බලාපොරොත්තු රහිත ලෙස දකිනු ලබනවා.
ඇහැ ලොඳ(කථා.) [නා.] ඇසෙහි දෘෂ්ටි විතානයත් කාචයත් අතර පිහිටි ජල්ලි වැනි ද්‍රව්‍යය; කාච රසය.
ඇහැටුල්ලා[නා.] උල් වූ මුඛ ඇති සිහින් පලාවන් සර්පයෙක්.
ඇහැරෙනවා, ඇහැරිනවා(කථා.) [ක්‍රි.] (නින්දෙන්) අවදි වෙනවා.
ඇහැසි[වි.] ගුවනෙහි වූ; නභෝගත.
ඇහැසිය(පාරිභා.) [නා.] විද්‍යුත් චුම්බක තරංගයකින් ශක්තිය ලබා ගත හැකි විවෘත කම්බියක්; ගුවන් කම්බිය (=aerial).
ඇහැසෙනවා[ක්‍රි.] ආකර්ෂණය වෙනවා.
ඇහි1. [නා.ප්‍ර.] නෙත; ඇස. 2. [නා.ප්‍ර.] වී ඇටයක් වැනි ධාන්‍ය බීජයක බීජාවරණයෙහි ඇති තද කොටස. 3. [නා.ප්‍ර.] දැලක හිල හෙවත් සිදුර.
ඇහි ඇඳ[නා.] වේවැලින් හෝ ලණුවෙන් වියන ලද ඇඳ.
ඇහි කූඩය(කථා.) [නා.] මැණික් ගැරීම, මසුන් මැරීම ආදියෙහි දී භාවිත කරන ඇස් හෙවත් හිල් සහිත කූඩය.
ඇහි තලය(පාරිභා.) [නා.] ශල්‍ය චර්මීන්ගේ දෘඪ නාළයේ මුඛය වශයෙන් ක්‍රියා කරන ඡිද්‍රිත ඵලකයක් (=madreporite).
ඇහි දැල1. (කථා.) [නා.] කුඩා සිදුරුවලින් යුක්ත මාළු දැල. 2. [නා.] හිදැස; සිදුර.
ඇහි පුටුව[නා.] ඇස් හෙවත් සිදුරු ඇති වන සේ වේවැල්වලින් හෝ ලණුවෙන් වියන ලද පුටුව.
ඇහි පොට ඇණය(පාරිභා.) [නා.] හිස වෙනුවට ඇසක් හෙවත් සිදුරක් ඇති පොට ඇණය (=eye bolt).
ඇහි පොල්බෑව[නා.] පොල් ගෙඩියේ ඇස් සහිත භාගය; ගෑනු බෑය.
ඇහි වළ(කථා.) [නා.] කුඹුරෙහි සැදුණු කුඩා දිය වළ.
ඇහි වියමන(පාරිභා.) [නා.] හිදැස් හෙවත් ඇහි ඇතිවන පරිදි කරන රෙදි වියමන (=leno weave).
ඇහිඳ කනවා[ක්‍රි.] එහෙන් මෙහෙන් අහුලාගෙන කනවා.
ඇහිඳිනවා(කථා.) [ක්‍රි.] අහුලනවා.
ඇහිපිල්ලම්[නා.ප්‍ර.] ඇසිපිය; ඇස් පිහාටුව.
ඇහුරුම(පාරිභා.) [නා.] අහුරන ලද්ද; පෙට්ටිවල හෝ භාජනයක ක්‍රමානුකූල ව බහාලන ලද්ද (=pack).
ඇහුරුම් තහඩුව(පාරිභා.) [නා.] ආලෝක දීප්තතාව අනු ව කැමරා විවරයේ ප්‍රමාණය අඩු වැඩි කිරීමට සාදා ඇති තහඩුව (=stop).
ඇහුරුම් පැට්ටුම්1. (කථා.) [නා.ප්‍ර.] පිළිවෙළට තැබීම. 2. අරපරෙස්සම; පිරිමැසීම; සකසුරුවම. 3. විළිබිය ඇති ගතිය: විනීත භාවය.
ඇහේ බබා[නා.] කළු ඉංගිරියාව; ටිඟිනිය: කනීනිකාව.
ඇළ[නා.] වතුර බැස යන මාර්ගය.
ඇළ කඳුර[නා.] දිය පාරක් ඇති භූමි භාගය; මඩවගුරු සහිත බිම් පෙදෙස.
ඇළ දොර(පාරිභා.) [නා.] ඇළක ජල මට්ටම වෙනස් වන ස්ථානයෙහි එහි ගමන් කරන යාත්‍රා ඉදිරි කොටසේ ජල මට්ටම් කරා පහත් කිරීමට හෝ ඉස්සීමට හෝ තනා ඇති උස් පහත් කළ හැකි දොරටු සහිත කොටුව (=lock of a canal).
ඇළ පායනවා[ක්‍රි.] ඇළවල් කපනවා; කුඹුරේ ලියදිවල කොටස් වෙන් කරමින් පෝරුවෙන් ඇළ කපනවා; කැපූ ඇළක ජලය බැසීමට ඇති වී තිබෙන අවහිරතා ඉවත් කරනවා.
ඇළ බැඳි ගංගාව(පාරිභා.) [නා.] වේලි ආදිය බැඳීමෙන් ඇළක් බවට හරවනු ලැබූ ගංගාව (=canalized river).
ඇළ මුලාත[නා.] ඇළේ උඩ භාගය; උඩු හොය.
ඇළමං[නා.ප්‍ර.] (කුඹුරක් තුළ ඇති) කුඩා ඇළ.
ඇළමානය(කථා.) [නා.] ඇළක් ගමන් කරවිය හැකි බිම් ප්‍රමාණය.
ඇළි[වි.] සුදු; ධවල; ශ්වේත.
ඇළි ඇතා[නා.] සුදු ඇතා; ශ්වේත හස්තියා.
ඇළි කුලය(කථා.) [නා.] පිරිසිදු කුලය.
ඇළි නයා(කථා.) [නා.] සුදු නාගයා.
ඇළි සවරම[නා.] පවන් සැලීම සඳහා සුදු සෙමර වල්ගයෙන් සාදන ලද චාමරය; සුදු චාමරය හෙවත් වල්විදුනාව.
ඇළිබව(පාරිභා.) [නා.] (ශාකයක) හරිතප්‍රද හෝ අනෙක් වර්ණක හෝ නැති බව (=albinism).
ඇළියා(පාරිභා.) [නා.] ඇළිබව ඇති ශාකයක් හෝ සත්ත්වයෙක් (=albino).
සිංහල හෝඩියේ සිවුවැනි අකුර හා ස්වරය; ‘ඇ’ කාරයේ දීර්ඝය. [සර්ව.] ඇය; ඒ තැනැත්තිය. 1. [නා.ප්‍ර.] ආරම්භය; මුල් අවධිය. 2. [නා.ප්‍ර.] අණ; ආඥාව. 3. [නා.ප්‍ර.] අය; ආදායම. 4. [නා.ප්‍ර.] ආර්යයා.
ඈකන්සාව, ඈකාන්සාව[නා.] කම්මුල් ඉදිමීමේ රෝගය; කම්මුල්ගාය.
ඈඬියාව(කථා.) [නා.] අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යාවෙන් නිතර නිතර කෙඳිරීම හෙවත් බිණීම; කන් කෙඳිරිය; අඬ ඇඬියාව.
ඈත[නා.] දුරින් පිහිටි තැන; දුරස්ථානය.
ඈත පෙරදිග[නා.] නැගෙනහිර ආසියාව, චීනය, ජපානය ආදි රටවල් පිහිටි ප්‍රදේශය.
ඈතමෑත, ඈත්මෑත්[ක්‍රි.වි.] ඒ අත මේ අත; ඔබ මොබ; එහා මෙහා.
ඈඳනවා1. [ක්‍රි.] දෙකක් හෝ ඊට වැඩි ගණනක් හෝ එකිනෙකට සම්බන්ධ කර බඳිනවා. 2. [ක්‍රි.] රා, මීරා මැදීම පිණිස පොල්ගස් කරටි අතර කඹ අදිනවා; අතුරු බඳිනවා.
ඈඳි[නා.ප්‍ර.] අලි ඇතුන් බඳින යදම හෙවත් දම්වැල.
ඈඳි ගන්නවා(කථා.) [ක්‍රි.] ඉඳගන්නවා; වාඩි වෙනවා.
ඈඳිත්ත, ඈඳුත්ත1. [නා.] ඈඳන ලද දෙක හෝ දෙදෙනා; යුගලය; ජෝඩුව. 2. [නා.] ඈඳුතුබාන.
ඈපා[නා.ප්‍ර.] 6 වන සියවස පමණ කාලයේ සිට ලංකාවේ රජකමට හිමිකම් ලත් රාජකුමාරවරුන් හට ප්‍රදානය කරනු ලැබූ පදවි නාමය.
ඈලිමෑළි[වි.] ඇලිමැළි ; අලස.
ඈලියාව1. [නා.] අජීර්ණය; පාචනය. 2. [නා.] නැති වී යෑම; විනාශය. 3.(කථා.) [නා.] ගිජුකම; කෑදරකම.
ඈලියාවට යනවා[ක්‍රි.] විනාශයට යනවා; නැති වෙනවා.
ඈවර[වි.] අවසාන; ඉවර. [නා.] වතාව; අවස්ථාව; එක් වාරය.
ඈවර කරනවා1. [ක්‍රි.] ඉවර කරනවා; අවසන් කරනවා. 2. [ක්‍රි.] යම් වෙළඳ ව්‍යාපාරයක් හෝ බැංකුවක් හෝ සතු මුළු වත්කම් ප්‍රමාණය ම විකුණා මුදල් ලබා ගන්නවා; ගනුදෙනු ගෙවා අවසන් කරනවා.
ඈවරකරු(පාරිභා.) [නා.ප්‍ර.] වෙළඳ ව්‍යාපාර ආදියක ණයතුරුස් බේරා එය නවත්වා දැමීමට හෝ අවසාන කිරීමට පත් කරනු ලබන තැනැත්තා (=liquidator).
සිංහල හෝඩියේ පස්වන අකුර සහ පස්වන ස්වරය. [උ.] ඉතා අධික, අතිශය යනාදි අර්ථ පවසන උපසර්ගය.
ඉංග[නා.] ඉඟිය; කැමැත්ත; අදහස.
ඉංගං(කථා.) [නා.ප්‍ර.] ඉඩමක මායිම; ග්‍රාම සීමාව.
ඉංග්‍රීසි[වි.] ඉංග්‍රීසීන්ට අයත්; එංගලන්තයට අයත්. 1. [නා.ප්‍ර.] එංගලන්තයෙහි වැසියෝ. 2. [නා.ප්‍ර.] එංගලන්තය ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ බිහිවුණු භාෂාව; ඉංග්‍රීසි භාෂාව.
ඉංග්‍රීසි හටන[නා.] සිංහල සාහිත්‍යයේ මහනුවර යුගයට අයත් කාව්‍යයක නාමය; ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස ඉංග්‍රීසීන් හා සිංහලයන් අතර වූ සටන මෙහි විස්තර වේ.
ඉංගිරියාව[නා.] ඇස් ගෝලයේ ඉදිරිපස පිහිටි සුදු හෝ කළු පැහැති කොටස.
ඉංචි[නා.ප්‍ර.] ඉඟුරු.
ඉක්1. [නා.ප්‍ර.] ඉක්ෂු; උක්ගස. 2. [නා.ප්‍ර.] බැලීම; ඊක්ෂාව.
ඉක්කා ගහනවා(කථා.) [ක්‍රි.] ඉක්කාව හටගන්නවා; ඉක්කාව පවතිනවා.
ඉක්කා පතුර(කථා.) [නා.] පොල්මලේ කොළපුවට පිටින් ඇති ආවරණය.
ඉක්කා මටුල්ල(කථා.) [නා.] පොල්මලේ ඉක්කා පතුරත් කොළපුවත් අතර පිහිටා ඇති දැලක් වැනි ආවරණය; මටුල්ල.
ඉක්කාව1. [නා.] ශ්වාසනාල ද්වාරය ක්ෂණික ව වැසීමත් සමඟ ‘හික් හික්’ යන ශබ්දය පිට කරමින් ඇති වන ශ්වසන ඉන්ද්‍රිය ගැස්ම. 2. [නා.] නොවැඩුණු ඇටයක් ඇති කොස් මදුල; ඉක්කා මදුල.
ඉක්බිති1. [වි.] යාබද; ඊළඟ; පූර්ව. 2. [වි.] ඊළඟට; අනතුරුව; පසුව.
ඉක්මන[නා.] වේගවත් බව; කඩිනම; හදිස්සිය.
ඉක්මනවා1. [ක්‍රි.] පසු කරනවා; අතික්‍රමණය කරනවා; අභිභවනය කරනවා; උල්ලංඝනය කරනවා. 2. [ක්‍රි.] කාලය ගත කරනවා හෙවත් පසු කරනවා.
ඉක්මෙනවා1. [ක්‍රි.] පසු කරනවා. 2. [ක්‍රි.] (කාලය) ගත කරනවා. 3. [ක්‍රි.] උල්ලංඝනය කරනවා; කඩ කරනවා.
ඉක්ෂු[නා.ප්‍ර.] උක් ගහ.
ඉක්ෂු පානීය[නා.ප්‍ර.] උක් දඬු යුෂයෙන් සාදන ලද බීම.
ඉක්ෂු මේහය[නා.] මධුමේහය හෙවත් දියවැඩියා නම් රෝගය.
ඉක්ෂු රසය[නා.] උක් රසය; උක් පැණි.
ඉක්ෂු සුරාව[නා.] උක් යුෂයෙන් පෙරන ලද මද්‍යසාරය.
ඉක්ෂුචාප[නා.ප්‍ර.] අනංගයාගේ අවිය ලෙස සැලකෙන උක්දඬු දුන්න.
ඉක්ෂුපාක[නා.ප්‍ර.] උක්පැණි.
ඉක්ෂුයෂ්ටි[නා.ප්‍ර.] උක් දණ්ඩ; උක් ගස.
ඉක්ෂුවිකාර[නා.ප්‍ර.] උක් ගසින් නිපදවා ගනු ලබන සීනි, උක් සකුරු, උක් පැණි ආදි දේ.
ඉක්සා[නා.ප්‍ර.] බැලීම; අවලෝකනය.
ඉකාර පක්ෂියා[නා.] මුහුර්ත ශාස්ත්‍රයේ සඳහන්වන ‘ඉ’ කාරය හිමි පක්ෂියා; බකමූණා.
ඉකාරාන්ත[වි.] ‘ඉ’ ස්වරය අන්ත කොට ඇති ‘ඉ’ ශබ්දයෙන් කෙළවර වන.
ඉකි ගසනවා, ඉකි ගහනවා1. [ක්‍රි.] ඉක්කා ගසනවා. 2. [ක්‍රි.] ඉකි බිඳිනවා.
ඉකි බිඳිනවා[ක්‍රි.] බලවත් දුකකින් ශබ්ද නඟා හඬනවා; හැඬීමේ දී ‘ඉකි’ යන හඬ නිකුත් කරනවා.
ඉකිමැළි[වි.] මැලවුණු; වියළුණු; හැකිළුණු.
ඉකිරි කටුව1. [නා.] චිත්‍ර ශිල්පය හදාරන ශිෂ්‍යයන් භාවිත කරන උපකරණයක්. 2. [නා.] ලෝකුරු කර්මාන්තයේ දී කැටයම් ඇඳීමට ගන්නා කටු විශේෂයක්.
ඉකිලිය[නා.] කළය; සැළිය; භාජනය.
ඉකිළිය[නා.] කලවයෙහි මුලත් බඩෙහි යටි භාගයත් සන්ධි වන තැන; ඌරු සන්ධිය.
ඉකුත්1. [වි.] පැරදවූ; අභිභවනය කළ; උල්ලංඝනය කළ; කඩ කළ. 2. [වි.] කාලය ඉක්මවා ගිය; අතීත; කල්ගත වූ. 3. [වි.] මළ.
ඉකුත් වත[නා.] ගත වූ ජන්මයන් පිළිබඳ කථා ප්‍රවෘත්තිය; අතීත කථාව.
ඉකුත් වෙනවා1. [ක්‍රි.] කාලය පසු වෙනවා; කාලය ගතවෙනවා. 2. [ක්‍රි.] උල්ලංඝනය වෙනවා; අතික්‍රමණය වෙනවා. 3. [ක්‍රි.] කාලක්‍රියා කරනවා.
ඉකුත් සයුරු[නා.ප්‍ර.] සාගරය තරණය කරන ලද තැනැත්තා.
ඉකුම්[නා.ප්‍ර.] ඉක්මීම; ඉක්මවීම.
ඉකුම්වනවා[ක්‍රි.] ඉක්මවනවා; අතික්‍රමණය කරනවා.
ඉග්ලුව[නා.] ඇස්කිමෝවරුන් විසින් අයිස් කුට්ටිවලින් සාදා ගනු ලබන අර්ධ ගෝලාකාර නිවාසය.
ඉගිලෙනවා1. [ක්‍රි.] මුලින් ඉදිරෙනවා; ගිලිහෙනවා; ගැලවෙනවා. 2. [ක්‍රි.] පියාසර කරනවා. 3. [ක්‍රි.] නැගිටිනවා; පැන යනවා.
ඉගු දුනු, ඉඟු දුනු1. [නා.ප්‍ර.] උක්දඬු දුන්න. 2. [නා.ප්‍ර.] අනංගයා.
ඉගු, ඉඟු[නා.ප්‍ර.] උක්ගස.
ඉගුචාප, ඉඟුචාප[නා.ප්‍ර.] උක් දඬු දුන්නක් ඇති තැනැත්තා; අනංගයා.
ඉගුසැව්ව, ඉඟුසැව්ව[නා.] අනංගයාගේ දුන්න.
ඉගුසැව්වා, ඉඟුසැව්වා[නා.] අනංගයා.
ඉඞ්ගිතය1. [නා.] ඉඟියෙන් අදහස් දැක්වීම; අංග වචනයෙන් අදහස් දැක්වීම. 2. [නා.] අදහස; සිත තුළ පවත්නා අභිලාෂය.
ඉඟ[නා.] මිනිස් සිරුරේ ඉල ඇට හා උකුළ අතර ප්‍රදේශය; ඉණ.
ඉඟටි අස්ථිය[නා.] උකුළු ඇටය.
ඉඟටිය[නා.] ඉඟ.
ඉඟසුඟ[නා.] සිහින් ඉඟ.
ඉඟි කරනවා[ක්‍රි.] අංගචලන, නෙතඟින් බැලීම් ආදියෙන් අදහස් දක්වනවා ; සංඥා කරනවා.
ඉඟිටි[වි.] කුඩා; පුංචි.
ඉඟිනළුව[නා.] ඉඟියෙන් හෙවත් අංගචලනයෙන් රඟ දැක්වෙන නාට්‍යය; මුද්‍රා නාට්‍යය (= ballet).
ඉඟිබිඟිය[නා.] මුකුළුව; ඉඟියෙන් සිතැඟි දැක්වීම.
ඉඟිය1. [නා.] අංගචලනයෙන් අදහස් දැක්වීම; ඉඞ්ගිතය. 2. [නා.] අදහස; සිත තුළ පවත්නා අභිලාෂය.
ඉඟිවැල1. [නා.] පටුන. 2. [නා.] අනුක්‍රමණිකාව.
ඉඟුල්[නා.ප්‍ර.] චූර්ණ කොට සායම් වශයෙන් භාවිත කරනු ලබන රත් පැහැති ඛනිජ විශේෂයක්; සාදිලිංගම්.
ඉඟුල්රත[නා.] ගිනිරතු; වර්ණවත් රතු පාට.
ඉච්චාව[නා.] කපටිකම; රැවටිල්ල; චාටුව; ව්‍යාජ ප්‍රශංසාව.
ඉච්ඡක[වි.] කැමති; ආශා ඇති. [නා.ප්‍ර.] කැමැත්ත ඇත්තා; ආශා ඇත්තා.
ඉච්ඡා විඝාතය[නා.] අභිලාෂයන් ඉටු නොවීම; ආශා ඉෂ්ට නොවීම.
ඉච්ඡාදන්[නා.ප්‍ර.] යදියන් කැමති දෙය දීම; යදියන්ගේ කැමැත්ත අනු ව දෙන දන.
ඉච්ඡානුකූල[ඉච්ඡා+අනුකූල] [වි.] කැමති පරිදි.
ඉච්ඡානුග(පාරිභා.) [වි.] කැමැත්ත අනු ව සිදුකරන (=voluntary).
ඉච්ඡාපරයේ, ඉච්ඡාපරව[වි.] කැමැත්තට අනුරූප වූ; කැමති වූ.
ඉච්ඡාපසාධික[වි.] කැමැත්ත ඉටු කරන; සිතූ සිතූ දේ සිදු කරන.
ඉච්ඡාරෝග[නා.ප්‍ර.] ආශාව නමැති රෝගය; තෘෂ්ණාව සම්බන්ධයෙන් කියැවේ.
ඉච්ඡාව[නා.] ආශාව; කැමැත්ත.
ඉච්ඡිත[වි.] කැමති වූ; රුචි කළා වූ.
ඉච්ඡිත කර්මය[නා.] (ව්‍යාක.) කර්තෘ විසින් ක්‍රියාඵල වශයෙන් අභිමත වූ කර්මය; ඊප්සිත කර්මය.
ඉජු[වි.] ඍජු; කෙළින්; ඇද නැති.
ඉටනවා[ක්‍රි.] දැඩි ලෙස (යමක්) සිතා ගන්නවා; අධිෂ්ඨාන කරනවා.
ඉටන්1. [නා.ප්‍ර.] මතුයෙහි රඳා සිටීම හෙවත් පිහිටා සිටීම. 2. [නා.ප්‍ර.] පාලනය. 3. [නා.ප්‍ර.] අධිෂ්ඨානය.
ඉටන් පොහොය[නා.] (විනය.) අධිෂ්ඨාන හෙවත් ඉටීම් පමණකින් කරන උපෝසථය.
ඉටබියම්, ඉටැබියම්(පාරිභා.) [නා.ප්‍ර.] විරල පාංශු කාණ්ඩයට අයත් මෘදු ලෝහයක නාමය (=ytterbium).
ඉට්ටම1. [නා.ප්‍ර.] වහල් භාවයෙන් නිදහස් කිරීම. 2. [නා.ප්‍ර.] විශිෂ්ට නිර්මාණය.
ඉට්ටම් කරනවා[ක්‍රි.] වහල් භාවයෙන් නිදහස් කරනවා; දාසත්වයෙන් මුදවනවා.
ඉට්ටම් කැරය[නා.] දාසයකු දාසකත්වයෙන් නිදහස් කිරීමේ දී ඒ බව සඳහන් කොට ස්වාමියා විසින් දාසයාට දෙනු ලබන ලියවිල්ල.
ඉට්ට්‍රියම්(පාරිභා.) [නා.] ලෝහමය මූලද්‍රව්‍යයක් (=yttrium).
ඉට්ටා1. [නා.] වළකජු, වළ සල්ලි ආදි ක්‍රීඩාවන්හි දී ඉලක්කයට දැමීම හෝ ගැසීම සඳහා ගන්නා පැතලි වටකුරු ගල් කැබැල්ල; පෙන්දා. 2. [නා.] පංචකෙළියෙහි අය තැබීම සදහා භාවිත කරනු ලබන ඇටය හෝ ලී කැබැල්ල; ඉත්තා. 3. [නා.] ප්‍රමාණයට වඩා කුඩා සිරුරක් ඇති තැනැත්තා.
ඉට්ටි[නා.ප්‍ර.] හෙල්ල; තෝමරය.
ඉට්ඨිකා[නා.ප්‍ර.] ගඩොල්; උළු.
ඉටානිටු[ඉට+අනිටු] [වි.] හොඳ-නොහොඳ; යහපත්-අයහපත්; කුසල් සහිත - අකුසල් සහිත.
ඉටි[නා.ප්‍ර.] උෂ්ණයෙහි තැබූ විට උණු වී දිය වන ලාටු වර්ගයක්.
ඉටි කඩදාසිය[නා.] වතුර නොරඳන ලෙස තෙල්හි ගල්වා සාදන ලද කඩදාසිය; තෙල් කඩදාසිය.
ඉටි කූර(පාරිභා.) [නා.] හීන් ඉටිපන්දම (=taper).
ඉටි කෝෂය[නා.] මී මැස්සාගේ උදරයේ පිහිටා ඇති ඉටි වෑස්සෙන ග්‍රන්ථිය.
ඉටි ගෙය[නා.] ඉටි රෙදිවලින් හෝ කීල් රෙදිවලින් සාදන ලද කූඩාරම.
ඉටි දිය[නා.] ද්‍රව බවට පැමිණි ඉටි.
ඉටි පන්දම[නා.] ඉටියෙන් සෑදූ පහන් කූර.
ඉටි මල්1. [නා.ප්‍ර.] වැල් විශේෂයක සෑදෙන සුදු පාටින් යුත් ඉතා සුවඳ මල් වර්ගයක්. 2. [නා.ප්‍ර.] ඉටි කඩදාසි වලින් හෝ ඉටි මිශ්‍රිත ද්‍රව්‍යවලින් සාදනු ලබන කෘත්‍රිම මල් විශේෂයක්.
ඉටි රූපය[නා.] ඉටිවලින් වාත්තු කරන ලද රූපය.
ඉටිග්‍රන්ථිය(පාරිභා.) [නා.] කන අභ්‍යන්තරයෙහි ඇති ඉටි වැනි ද්‍රව්‍ය ගලා යන ග්‍රන්ථිය (=wax forming gland).
ඉටිපන්දම් කණුව[නා.] ඉටිපන්දම් සවි කරන කඳ; කතිසලය.
ඉටිපන්දම් බලය(පාරිභා.) [නා.] දීප්තිය මැනීමේ ඒකකය; දීප බලය (=candle power).
ඉටිපහන් ගහ[නා.] ඉටිපහන් රැසක් එක වර දැල්විය හැකි එල්ලෙන අතු පහන; ඉටිපහන් රුක.
ඉටිපහන් මංගල්‍යය[නා.] (රෝ. ක.) කන්‍යාමරියතුමිය නමින් පෙබරවාරි 2 දා පවත්වන උත්සවය (=candle mass).
ඉටිරෙද්ද[නා.] ඉටි වර්ගවලින් සාදන ලද තුනී පටල විශේෂයක්; ඉටියෙන් කළ රෙද්ද.
ඉටු[වි.] ප්‍රියමනාප; මනෝඥ; ශූභ; යහපත්. 1. [නා.ප්‍ර.] අභිමතාර්ථය; යහපත. 2. [නා.ප්‍ර.] ප්‍රිය වූ තැනැත්තා; මිත්‍රයා.
ඉටු අත[නා.] කැමති වන ලද දෙය; අභිමතාර්ථය; ඉෂ්ටාර්ථය; ශුභ සිද්ධිය.
ඉටු කරනවා[ක්‍රි.] සිද්ධ කරනවා; සඵල කරනවා; ඉෂ්ට කරනවා.
ඉටු දෙවියා[නා.] යමකුගේ අභිවෘද්ධිය සලසතැයි අදහා පුදනු ලබන දෙවියා; ආරක්ෂක දේවතාවා.
ඉටු යෝගය[නා.] උපද්‍රව වැළැක්වීම පිණිස කරනු ලබන ශාන්ති කර්මය.
ඉටුනිටු අටගණය[නා.] (ඡන්ද.) ම- න- බ-ය යනුවෙන් ඉෂ්ට ගණ සතරක් ද ජ-ර-ස-ත යනුවෙන් අනිෂ්ට ගණ සතරක් ද ඇති අට ගණය.
ඉටුනිටු යොන්[නා.බහු.] අමිශ්‍ර සිංහල හෝඩියේ වර්ණ බෙදා ඇති නකුල, මහිෂ, උලුක, ව්‍යාඝ්‍ර, සර්ප, අශ්ව, කාක සහ මෘග යන ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද යෝනි හෙවත් වර්ග අට.
ඉටුමිතුරා[නා.] හිතවත් මිතුරා; හිත වැඩ සලසන මිත්‍රයා.
ඉඩ1. [නා.] (වස්තු දෙකක්) අතර අවකාශය; අවකාශය. 2. [නා.ප්‍ර.] අවස්ථාව; ඉඩප්‍රස්තාව. 3. [නා.ප්‍ර.] විවේකය; වෙලාව. 4. (කථා.) [නා.ප්‍ර.] අවසරය. 5. [නා.ප්‍ර.] වාරය.
ඉඩංගණී, ඉඩංගිණී[නා.ප්‍ර.] නගරයට පහරදීමට එන සතුරාට ගල් විදීමට නගරයක පවුර මතු පිට සවිකරන ලද උපකරණය.
ඉඩංගේ[නා.] රාජ්‍ය අමුත්තන් පිළිගනු ලබන නිල නිවාසය; රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම ශාලාව.
ඉඩකඩ1. [නා.ප්‍ර.] අවකාශය; පරිසරයෙහි ඉඩ පහසුව. 2. [නා.ප්‍ර.] අවස්ථාව; විවේකය; ඉස්පාසුව.
ඉඩකඩම්, ඉඩම්කඩම්[නා.බහු.] වතු පිටි; වතු හා කුඹුරු.
ඉඩදෙනවා1. [ක්‍රි.] ඉඩ පහසුකම් සපයා දෙනවා; ඉඩ සලසනවා. 2. [ක්‍රි.] අවසර දෙනවා; අවකාශයක් දෙනවා; ඉඩප්‍රස්තාව ලබා දෙනවා.
ඉඩප්‍රස්තාව[නා.ප්‍ර.] අවස්ථාව; ප්‍රස්තාව.
ඉඩපාඩුව1. [නා.] අවකාශය; ඉඩ. 2. [නා.] පහසු වේලාව; විවේකය; ඉඩප්‍රස්තාව.
ඉඩම1. [නා.] ස්ථානය; භූමිය. 2. [නා.] අවකාශය; ඉඩ. 3. [නා.] වාසස්ථානය.
ඉඩම් කච්චේරිය[නා.] රජයේ බෙදාදීම සඳහා ඉඩම් ඉල්ලුම්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට දිසාපතිවරයකු හෝ බලයලත් නිලධාරියකු යටතේ තාවකාලික ව පවත්වන කාර්යාලය.
ඉඩම් කොමසාරිස්[නා.ප්‍ර.] රජයේ ඉඩම් පාලනය පිළිබඳ කටයුතු භාර ප්‍රධාන නිලධාරියා (=land commissioner).
ඉඩම් පර්ෂදය(පාරිභා.) [නා.] ඉඩම් නඩු සම්බන්ධයෙන් කටයුතු කරන විනිශ්චය මණ්ඩලය (=land tribunal).
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම[නා.] රජයට පවරාගත් ඉඩම් පරිපාලනය සඳහා පිහිටුවන ලද සංස්ථාපිත ආයතනය (=land reform commission).
ඉඩම් හිමියා[නා.] වතු හිමියා; ගෙවතු අයිතිකාරයා.
ඉඩිප්පුව(කථා.) [නා.] පරාලය යටලීයට වැද්දීම සඳහා පරාලයේ කපන කත්තුව.
ඉඩෝරය[නා.] නියඟය; අධික පෑවිල්ල.
ඉණ1. [නා.] පඩිපෙළ; සෝපාන පංතිය; ඉනිමඟ; තරප්පුව. 2. [නා.] ඉඟටිය. 3. [නා.] වස්ත්‍රයෙහි ඉණ පොට. 4. [නා.ප්‍ර.] ණය.
ඉණ ඉහ1. [නා.] ඉඟට අඳින රෙද්ද; ඇඳි පැලැඳි දෙය. 2. [නා.] නෙරියෙහි හෝ ඉණෙහි තබා ගෙන ඇති දේ.
ඉණ ඉහ අතගාගන්නවා(කථා.) [ක්‍රි.] යමකු ළඟ ඇති (ශරීරයෙහි) සියලු ම වස්තුව පැහැර ගන්නවා.
ඉණ පරිභෝගය[නා.] සිල්වත් භික්ෂුව විසින් ප්‍රත්‍යවේක්ෂා නොකොට සිවුපසය වැළඳීම හෙවත් පරිභෝග කිරීම.
ඉණ පලිබෝධය[නා.] ණයවීම නමැති බාධාව; ණය නිසා ඇතිවන කරදරය.
ඉණංගුව1. [නා.] සුදුසුකම; යෝග්‍ය බව. 2. [නා.] උඩඟුකම; අහංකාරකම.
ඉණකඩ[නා.] ඉණට අඳින රෙද්ද; යටිකය වසා අඳින රෙද්ද; යටට අඳින රෙද්ද; වස්ත්‍රය.
ඉණවලු[නා.ප්‍ර.] වස්ත්‍රයේ කෙළවර; වාටිය.
ඉණසැද[නා.ප්‍ර.] ඉණෙහි පළඳින ආභරණය; විසිතුරු බඳ පටිය.
ඉණහැඩය[නා.] නැට්ටුවන් විසින් අඳිනු ලබන විසිතුරු බඳ පටිය.
ඉණා කරනවා[ක්‍රි.] වශීකරණයක හෝ මන්ත්‍රයක හෝ බලයෙන් අන්‍යයන් තම වසඟයට පමුණුවා ගන්නවා.
ඉණා බන්ධනය[නා.] වශීකරණ මන්ත්‍රය; වශීකරණ ජීවම.
ඉණාදාසී[නා.ප්‍ර.] ණය හිමියාට දාසකම් කරන ස්ත්‍රිය.
ඉණාබේත[නා.] ස්ත්‍රී, පුරුෂයන් තුළ ඔවුනොවුන් කෙරෙහි ස්නේහය ඇති කරවීම සඳහා දෙන ජප කරන ලද බෙහෙත.
ඉණාව1. [නා.] බෙහෙත් මන්ත්‍ර ආදියේ බලයෙන් ස්ත්‍රී පුරුෂයන් වසඟ කිරීම හෝ ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් කෙරෙහි පොළඹවා ගැනීම සඳහා කරන වශීකරණය. 2. [නා.] ස්ත්‍රී, පුරුෂයන් වසඟ කිරීම සඳහා ගන්නා මැතුරූ බෙහෙත් ආදිය; අඳුන.
ඉණි1. [නා.ප්‍ර.] පඩිපෙළ; ඉණිමඟ. 2. [නා.ප්‍ර.] ඉඟටිය. 3. [නා.ප්‍ර.] උෂ්ණය.
ඉණිඉස, ඉණිහිස[නා.ප්‍ර.] පඩිපෙළ මුදුන; සෝපාන මස්තකය; ඉණිමඟේ මුදුන.
ඉණිකුණා[නා.] අපිරිසිදු සමෙහි හා අපිරිසිදු වස්ත්‍රවල බෝවෙන උකුණු වර්ගයක්.
ඉණිපාමුල[නා.] පඩිපෙළ පාමුල; සෝපාන පාමුල; හිණිපාමුල.
ඉණිපෝරුව[නා.] පඩිපෙළක පඩිය; පියගැටය.
ඉණිමඟ[නා.] පඩිපෙළ; සෝපානය; ඉහළ නැඟීම හා පහළ බැසීම පිණිස තැනින් තැනට ගෙන යා හැකි අයුරින් සාදා ගන්නා උපකරණයක්.
ඉණිමස[නා.] උකුළ.
ඉත1. [වි.] වැඩදායක; හිතකර; පථ්‍ය; සුදුසු. 2. [වි.] හිතවත්; මිත්‍ර වූ.
ඉතයා[නා.] හිතවතා; මිත්‍රයා.
ඉතර1. [වි.] අනික්; ඉතිරි. 2. [වි.] පමණ; තරම
ඉතරයා[නා.] අනිකා; අන්‍යයා.
ඉතරීතර1. [වි.] කවර හෝ; යම්කිසි. 2. [වි.] අන්‍යෝන්‍ය.
ඉතරීතර යෝගය, ඉතරේතරයෝගය[නා.] ද්වන්ද වූ සමාස පදයක අවයවයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධය.
ඉත්1. [නා.ප්‍ර.] (ඉත්තෑ) කූර. 2. [නා.ප්‍ර.] ස්ත්‍රිය; කත.
ඉත්ත1. [නා.] කුඩා අත්ත; රිකිල්ල. 2. [නා.] පොකුර; වල්ල.
ඉත්තර1. [වි.] ක්ෂණික; ඉතා ස්වල්ප. 2. [වි.] ළාමක; නීච ‍; පහත්.
ඉත්තා1. [නා.] දාම් ක්‍රීඩාවල දී ගනු ලබන ඇට, ලී, ගල්, කවඩි ආදී කැටය. 2. (කථා.) [නා.] නූල් ඔතනු ලබන උපකරණය; ඉද්ද. 3. [නා.] අරමුණු ඉටුකර ගන්නා පිණිස යොදා ගන්නා පුද්ගලයා හෝ දෙය.
ඉත්තෑයා, ඉත්තෑවා[නා.] රළු ලොම්වලින් නොහොත් කූරුවලින් වැසුණු කෙටි පාද ඇති ක්ෂීරපායි වර්ගයට අයත් නිශාචර සිවුපාවා.
ඉත්ථම්භූත[වි.] මෙසේ වූ; මෙවැනි; මේ ප්‍රාකාරයෙන් සිද්ධ වූ; ඉතිබූ.
ඉත්ථම්භූතාර්ථය[ඉත්ථම්භූත+අර්ථය] [නා.] (ව්‍යාක.) (මෙසේ වූව යන අර්ථය යනු වාච්‍යාර්ථයි) යම්කිසි ප්‍රකාරයකට පැමිණීම හඟවන අර්ථය; කර්ම විභක්තිය හෝ කරණ විභක්තිය මේ අර්ථයෙහි යෙදේ.
ඉත්ථි[නා.ප්‍ර.] ස්ත්‍රිය; කත.
ඉත්වර1. [වි.] ක්ෂණික; ඉතා ස්වල්ප. 2. [වි.] අධම; පහත්.
ඉතා[නි.] බොහෝ; බෙහෙවින්; අතිශයින්; අත්‍යන්තයෙන්.
ඉතා සුළු ගුණාකාරය(පාරිභා.) [නා.] සංඛ්‍යා කීපයක් ඉතිරි නැති ව බෙදාලිය හැකි කුඩාතම සංඛ්‍යාව (= lowest common multiple).
ඉතැල්ල, ඊතැල්ල[නා.ප්‍ර.] බර මැනීමේ මිනුමක්; අඩපලම නොහොත් කළං හය.
ඉති[නි.] මෙසේ; මේ පරිද්දෙන්; මෙලෙසින්. [වි.] යුක්ති සහගත; සුදුසු.
ඉති අත[නා.] ස්ත්‍රී ලිංගික අර්ථය.
ඉතිකර්තව්‍යය[නා.] අවශ්‍යයෙන් ම කළ යුතු කාර්යය; කටයුත්ත.
ඉතිකින්1. [නි.] මේ අවස්ථාවෙහි; මීට පසු; මෙතැන් සිට. 2. [නි.] මෙපමණකින්; මේ පරිද්දෙන්; මෙලෙසින්.
ඉතිගැට, ඉතිකැට1. [නා.] කිතුල් මලේ ඉති හෙවත් රෑන් මැද නටුවට සම්බන්ධ වන තැන ඇති ගැට. 2. [නා.] කුරක්කන් කරල්.
ඉතිබු අරුත[නා.] (ව්‍යාක.) ඉත්ථම්භූතාර්ථය.
ඉතිරි1. [වි.] පමණට වැඩියෙන් ඇති; අධික. 2. [වි.] වඩා උසස්; උත්තරීතර; ශ්‍රේෂ්ඨ. 3. [වි.] වැඩිමනත්; වැඩිපුර; අතිරේක.
ඉතිරි කරනවා, ඉතුරු කරනවා[ක්‍රි.] ශේෂ කොට තබනවා; තිබෙන්ට හරිනවා; අනවශ්‍ය ලෙස මුදල් වියදම් නොකොට ආරක්ෂා කරනවා.
ඉතිරි කිරීමේ ගිණුම[නා.] බැංකුවක මුදල් ඉතිරි කිරීමේ තැන්පත්කරුගේ නමින් පවත්වා ගෙන යනු ලබන සටහන; එසේ වූ ගනුදෙනු කාර්යය.
ඉතිරි ලිඟු[නා.ප්‍ර.] (ව්‍යාක.) ස්ත්‍රී ලිංගය.
ඉතිරි සොඬ[වි.] ගැහැනුන් කෙරෙහි ඇලුණු; ස්ත්‍රීලෝල.
ඉතිරිය1. [නා.] ශේෂ වූව; ශේෂය; වැඩිපුර දෙය. 2. [නා.] ස්ත්‍රිය; ගැහැනිය; ගැහැනු සතා.
ඉතිහකථා[නා.බහු.] ජනකථා; පුරාවෘත්ත.
ඉතිහාසඥයා[නා.] ඉතිහාසය පිළිබඳ පර්යේෂණාත්මක දැනුමක් ඇති පුද්ගලයා.
ඉතිහාසය[නා.] වීර කථාව; පුරාවෘත්තය; අතීත සිද්ධි වාර්තාව.
ඉතු1. [නා.ප්‍ර.] ශීතෝෂ්ණ වර්ෂාදි ගුණවල වෙනස්කම් අනු ව වර්ෂයක් බෙදනු ලබන කාලපරිච්ඡේද; ඍතු. 2. [නා.ප්‍ර.] ඔසප් ලේ.
ඉතුමඟ[නා.] ඍතු මාර්ගය; යෝනිය.
ඉතුරු[වි.] ශේෂ වූ.
ඉතුලේ[නා.ප්‍ර.] ඍතු ලෙය; මල්වර ලෙය; ඔසප් ලේ.
ඉද1. [නා.] ළය; හෘදය; චිත්තය. 2. [නා.] නූල් ඔතන ලද පන්ද. 3. [නා.] ඉදි කටුවක් වැනි උපකරණය.
ඉදංකාලය, ඉදඞ්කාලය[නා.] මේ කාලය; ප්‍රත්‍යුත්පන්න කාලය; වර්තමානය.
ඉදරම්[නා.ප්‍ර.] රසදිය.
ඉදල1. [නා.] කොළ හැළුණු අත්ත හෝ රිකිල්ල; පත්‍ර විරහිත ශාඛාව; ඉපල. 2. (කථා.) [නා.] මිදුල, වත්ත ආදිය අතුගෑමට යොදා ගන්නා උපකරණය.
ඉදල් අත්ත(කථා.) [නා.] ඉරටුවලින් හෝ ඉපල්වලින් අතු ගෑම පිණිස සාදාගත් උපකරණයක්; ඉදල් මිටිය.
ඉදල් ඉරිඟු, ඉදැල් ඉරිඟු[නා.ප්‍ර.] කරල් ඉරිඟු; සෝගම්.
ඉදවත්[නා.ප්‍ර.] හදවත; හෘදය; හෘදය වස්තුව.
ඉද්ද1. [නා.] එක් කොනක් උල් වූ ද අනික් කොනේ නූලක් දැමීමට සිදුරක් ඇති වූ ද ලෝහයෙන් කළ සිහින් කූර. 2. [නා.] කොණ්ඩය හෝ ඔටුන්න සවිවීම සඳහා හිසේ ගසන කූර. 3. [නා.] නූල් ඔතන උපකරණය. 4. [නා.] අඟුළු පෙත්ත මැද විද දමන කූර; දොර අගුල. 5. (කථා.) [නා.] ඉදි කඩුල්ල. 6. [නා.] සුදු සහ කහ පැහැති මල් හටගන්නා ශාකයක්.
ඉද්දඊල[නා.] අගුළු පෙත්ත මැද විද දමන කූර සහ අගුල; ඉද්ද හා අගුල; ඉදි අගුල.
ඉද්දර, ඉද්දොර1. [නා.] නිදන විට හිස තබන තැනට ඉහළ පෙදෙස හෝ පැත්ත; ඉහ ඉද්දර. 2. [නා.] (පැදුරු, ඇඳන් ආදියෙහි) හිස තබනු ලබන පාර්ශ්වය; ඉහ ඉස්මත්ත.
ඉද්දෙනවා[ක්‍රි.] වේදනා වන ලෙස ගැටෙනවා; පෑරෙනවා.
ඉද්ධි[නා.ප්‍ර.] ඍද්ධිය; සිත දියුණු කිරීමෙන් ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය.
ඉද්ධිජය[නා.] සෘද්ධියෙන් උපන් සිවුර.
ඉද්ධිපාටිහාරිය[නා.ප්‍ර.] ඍද්ධි බලයෙන් කරනු ලබන ආශ්චර්යවත් ක්‍රියා සංඛ්‍යාත ප්‍රාතිහාර්යය.
ඉද්ධිපාද[නා.ප්‍ර.] (අභි.) ඍද්ධියට මුල්වන ධර්ම වන ඡන්ද, වීරිය, චිත්ත, වීමංසා යන හතර.
ඉද්ධිමය[වි.] ඍද්ධියෙන් උපන්. [නා.ප්‍ර.] ඒහි භික්ෂුභාවයෙන් පැවිදිවීමට ඍද්ධියෙන් පහළවන වස්ත්‍රය.
ඉද්ධිවිධ[නා.ප්‍ර.] (අභි.) ඍද්ධි විශේෂය; ඍද්ධි ආකාරය.
ඉද්ධිවිධ ඤාණය[නා.] ඍද්ධි විශේෂයන් පිළිබඳ දැනුම.
ඉද්ධිවිසය[නා.] (අභි.) ඍද්ධියෙන් කළ හැකි දෙය; ඍද්ධි ගෝචරය.
ඉදැල්ල(කථා.) [නා.] ඉඩෝරය; තද පෑවිල්ල.
ඉදි1. [වි.] ඇද නැති; කෙළින් සිටි; ඍජු වූ. 2. [වි.] අධික; පිරුණු; සමෘද්ධ. 3. [වි.] සම්පාදිත; සකස් කළ; සෑදූ; තැනූ. [නා.ප්‍ර.] ඍද්ධිය ‍; භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය.
ඉදි කරනවා1. [ක්‍රි.] සකස් කරනවා; පිළියෙළ කරනවා; සම්පාදනය කරනවා; සාදනවා. 2. [ක්‍රි.] කෑම් බීම් ආදිය සම්පාදනය කරනවා හෙවත් පිළියෙල කරනවා. 3. [ක්‍රි.] කෙළින් කරනවා; ඇද නැති කරනවා.
ඉදි ලනවා[ක්‍රි.] අගුළු ලනවා හෙවත් අගුළු දමනවා; හරස් පොලු දමනවා.
ඉදි වැල[නා.] කපු කටින ඉද්දේ දණ්ඩ හෙවත් කූර; ඉදිකූර.
ඉදිආප්ප, ඉඳිආප්ප[නා.ප්‍ර.] වතුරෙන් අනා සකස්කර ගත් පිටි, ඉඳි ආප්ප වංගෙඩියකින් තට්ටුවලට වත්කර වාෂ්පයෙන් තම්බා ගන්නා කෑම වර්ගයක්; ඉඳියප්පම්.
ඉදිකටු මල[නා.] ඉදි කටුවෙහි නූල අමුණන සිදුර; ඉදිකටු සිදුර.
ඉදිකටුව, ඉඳිකටුව[නා.] මැහීම, බෙහෙත් විදීම, ශල්‍යකර්ම ආදියෙහි දී භාවිත කරනු ලබන කුඩා සිහින් කටුවක්.
ඉදිකඩ, ඉඳිකඩ[නා.] වත්තක හෝ කොටුව වටා ඇති වැටකින් ඇතුල්වන තැන තිබෙන හරස් පොලු මාර්ගයෙන් අරින වහන කපොල්ල; ඉදි කඩුල්ල.
ඉදිතුලාව[නා.] තුලා දඬුව; පලම් දණ්ඩ; තරාදිය.
ඉදිනිය, ඉදින්න[නා.] උදුන; ලිප.
ඉදිමත්[වි.] ඍද්ධිය ඇති.
ඉදිමෙනවා1. [ක්‍රි.] යම්කිසි ආබාධයක් නිසා සිරුරේ කොටසක් හෝ මුළු සිරුර ම හෝ මහත් වෙනවා; නෙරා සිටිනවා. 2. [ක්‍රි.] පමණට වඩා තමාගේ බලපුළුවන්කාරකම් ගැන හිතනවා; උඩඟු වෙනවා.
ඉදිරි රැකුම(පාරිභා.) [නා.] ඉදිරියට සිදු විය හැකි අලාභයෙන් ආරක්ෂා වීම (=hedging).
ඉදිරිපත් කරනවා[ක්‍රි.] ඉදිරියට හෙවත් අභිමුඛයට පමුණුවනවා; ගෙනහැර පානවා.
ඉදිරිපසු, ඉදිරිපහු[ක්‍රි.වි.] පළමුව හෝ පසුව; කලින් හෝ ප්‍රමාදව. [නා.ප්‍ර.] (කථා.) වැරැද්ද; ප්‍රමාද දෝෂය.
ඉදිරිපිට, ඉදිරිපිටින්[ක්‍රි.වි.] ඉදිරියෙහි; හමුවෙහි; අභිමුඛයෙහි.
ඉදිරිය1. [නා.] මුහුණට මුහුණ ලා සිටින තත්ත්වය; ඉස්සරහ; අභිමුඛය. 2. [නා.] අනාගතය; මතු කාලය. 3. [නා.] එදිරිය; විරෝධය.
ඉදු1. [වි.] ඇද නැති; කෙළින් සිටි; ඍජු වූ. 2. [වි.] අවංක; කපටි නොවූ. 3. [වි.] අධික; පිරුණු. 1. [නා.ප්‍ර.] ධන සම්පත්තිය; සමෘද්ධිය. 2. [නා.ප්‍ර.] ඍද්ධිය.
ඉදුබා[නා.ප්‍ර.] ඉබ්බා; ඉදිබුවා.
ඉදුහය[නා.] ඍද්ධිය; සිත දියුණු කිරීමෙන් ඇතිවන ආශ්චර්යවත් බලය; ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය.
ඉදෙනවා1. [ක්‍රි.] පැසෙනවා; (හුමාලයෙන්, කඩපිම්මෙන් හෝ වංඩුවෙන්) තැම්බෙනවා. 2. [ක්‍රි.] පරිපාකයට පත් වෙනවා; මෝරා මෘදු බවට පැමිණෙනවා. 3. (කථා.) [ක්‍රි.] (මහලු වියට පැමිණීමෙන් ඉසකේ ලෝම ආදිය ) සුදු වෙනවා. 4. [ක්‍රි.] මේරූ කොළ ඉක්බිතිව දුඹුරු හෝ කහ පාටට හැරෙනවා.
ඉදොලුව[නා.] දෝලාව; පල්ලැක්කිය.
ඉනම[නා.] පහත් කුලය; ගෝත්‍රය.
ඉනර්ෂියාව[නා.] උනන්දු නැතිකම; අලසකම.
ඉන්ඉට[ක්‍රි.වි.] එකකින් අනිකට; එකිනෙකට.
ඉන්කියුබේටරය(පාරිභා.) [නා.] කෘත්‍රිම රත්කිරීමෙන් බිත්තර රකින උපකරණයක්(=incubator).
ඉන්චිය(කථා.) [නා.] ඉංග්‍රීසි මිනුම් ප්‍රමාණයක්; අඩියෙන් දොළහෙන් පංගුව; අඟල.
ඉන්ජන්ෂන් තහනම(පාරිභා.) [නා.] සාවද්‍ය ක්‍රියාවක් වළකන හෝ පීඩාවට පත් පක්ෂය යථා තත්ත්වයට පත් කිරීම හෝ ආදිය ඉටු කිරීම සඳහා බලකරන නෛතික තහනම (=injunction).
ඉන්ජිනේරු ගල්[නා.ප්‍ර.] ගඩොල්.
ඉන්ජිනේරු විද්‍යාව(පාරිභා.) [නා.] යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි ආදිය සැලසුම් කිරීම හා නිර්මාණය කිරීම පිළිබඳ ශිල්පය හෙවත් විද්‍යාව.
ඉන්ජිනේරුවා[නා.] කර්මාන්ත විෂයයෙහි සැලසුම්, උපකරණ ආදිය නිර්මාණය කරන්නා; අදාළ යන්ත්‍ර සූත්‍රාදිය හා සේවා නඩත්තු කරන්නා වූ ද, පවත්වාගෙන යන්නා වූ ද විශේෂඥයා.
ඉන්ටර්නෙට්(පාරිභා.) [නා.ප්‍ර.] අන්තර්ජාලය (=internet).
ඉන්ඩියම්[නා.ප්‍ර.] රිදියට හුරු සුදු පැහැයෙන් යුත් ඉතා දුර්ලභ මෘදු ලෝහ වර්ගයක්.
ඉන්ඩියාරබර්[නා.ප්‍ර.] රබර් වැනි ගස්වල මුදවන ලද කිරි.
ඉන්තේරුවේ, ඉන්තේරුවෙන්[ක්‍රි.වි.] සම්පූර්ණයෙන්; මුළුමනින්.
ඉන්ද්‍ර1. [නා.ප්‍ර.] ශක්‍රයා. 2. [නා.ප්‍ර.] ප්‍රධානියා; අධිපතියා; රාජයා. 3. [නා.ප්‍ර.] සර්වඥයන් වහන්සේ. 4. [නා.ප්‍ර.] දෙට නැකත. 5. [නා.ප්‍ර.] කළුඊයම්. [වි.] ඉතා හොඳ; මාහැඟි; ශ්‍රේෂ්ඨ; උතුම්.
ඉන්ද්‍රඛීලය1. [නා.] පුරාණ කාලයේ ගෘහයක හෝ ගමක හෝ පුර වාසලක හෝ ස්ථිර සාරත්වයේ සංකේතයක් වශයෙන් පිහිටුවන ලද කණුව. 2. [නා.] බෞද්ධ විහාරවල පැවැත්වෙන බුද්ධ ප්‍රතිමා නේත්‍ර මංගල්‍ය ප්‍රතිෂ්ඨාපනයක දී 'අන්‍ය දෝෂධාරියකු' වශයෙන් භාවිත කිරීම සඳහා රුක් අත්තන කෝටුවක රෙදිකඩ ඔතා සාදා ගන්නා කුඩා කණුව. 3. (කථා.) පිරිත් මණ්ඩපයක් මැද සිටුවන කුඩා කණුව.
ඉන්ද්‍රගුරුළුව[නා.] අනාවැකි අපේක්ෂාවෙන් කරනු ලබන ශාස්ත්‍ර ක්‍රමයක්.
ඉන්ද්‍රගෝපකයා, ඉන්ද්‍රගෝපයා[නා.] වර්ෂා කාලයෙහි පොළොවෙන් මතු වන රන් පැහැති හෝ සුදු පැහැති කීට හෙවත් පළඟැටි විශේෂයක්.
ඉන්ද්‍රචාපය[නා.] දේදුන්න.
ඉන්ද්‍රජාලිකයා[නා.] ඇස්බැන්දුම්කාරයා; මායාකාරයා; විජ්ජාකාරයා.
ඉන්ද්‍රජිත්[නා.ප්‍ර.] රාවණාගේ පුත්‍රයාගේ නාමය.
ඉන්ද්‍රදිශාව[නා.] ඉන්ද්‍ර දෙවියන් අධිපති දිශාව; නැගෙනහිර දිශාව; ඉන්ද්‍ර දිග.
ඉන්ද්‍රදේව[නා.ප්‍ර.] ශක්‍ර දේවේන්ද්‍රයා.
ඉන්ද්‍රධනුව[නා.] දේදුන්න; ඉන්ද්‍රචාපය.
ඉන්ද්‍රධ්වජය[නා.] ඉන්ද්‍රයාට හිමි කොඩිය.
ඉන්ද්‍රනීල[නා.ප්‍ර.] නිල්මිණි; නිල් මැණික්; ශ්‍රී ලංකාවේ මැණික් අතර උසස් ලෙස සැලකෙන මැණික් වර්ගය.
ඉන්ද්‍රනීල මාණික්‍යය[නා.] ඉන්ද්‍රනීල වර්ගයට අයත් මැණික; ඉඳුනිල් මැණික.
ඉන්ද්‍රභවනය[නා.] ශක්‍රදේවේන්ද්‍රයා වසන තව්තිසා දෙව්ලොව.
ඉන්ද්‍රභාවය[නා.] අධිපති බව; පරමේශ්වරත්වය.
ඉන්ද්‍රමන්ත්‍රී[නා.ප්‍ර.] බෘහස්පති ග්‍රහයා.
ඉන්ද්‍රලුප්ත[නා.ප්‍ර.] හිසෙහි කෙස් වැටීම සංඛ්‍යාත රෝගය; උඳුගොව්වන් හිසකේ කෑම නිසා ඇතිවන රෝගය.
ඉන්ද්‍රායුධය[නා.] ඉන්ද්‍රයාගේ ආයුධය; දේදුන්න.
ඉන්ද්‍රාරි[නා.ප්‍ර.] අසුරයා; යක්ෂයා.
ඉන්ද්‍රාසනය[නා.] ඉන්ද්‍රයාගේ හෙවත් ශක්‍රයාගේ ආසනය; පාණ්ඩු කම්බලශෛලාසනය.
ඉන්ද්‍රිය[නා.ප්‍ර.] තමා ගැන සහ විෂය ලෝකය පිළිබඳ දැනුම උපදවන ඇස්, කන් ආදි ශරීරාඞ්ග.
ඉන්ද්‍රිය දමනය[නා.] ඇස්, කන් ආදි ඉන්ද්‍රිය හික්මවා ගැනීම.
ඉන්ද්‍රිය පද්ධතිය[නා.] ඉන්ද්‍රිය සමූහය.
ඉන්ද්‍රිය පරිපාකය[නා.] සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පංචේන්ද්‍රියයන්ගේ මේරීම හෙවත් මුහු කිරීම.
ඉන්ද්‍රිය පරෝපරියත්ත ඤාණය[නා.] හික්මවිය යුතු ජනයන්ගේ ශ්‍රද්ධාදි පඤ්ච ඉන්ද්‍රියයන්ගේ උත්තම අනුත්තම බව හෝ මේරූ බව පිළිබඳ ඥානය; බුදුන් වහන්සේගේ ෂට් අසාධාරණ ඤාණයන්ගෙන් පළමුවැන්න.
ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය[නා.] චක්ෂුරාදි පඤ්ච ඉන්ද්‍රියයන් හා රූපාදි අරමුණු අතර සන්නිකර්ෂය හෙවත් ගැටීම නිසා හටගන්නා ඥානය; ඉන්ද්‍රිය ඇසුරු කරන්නා වූ ඥානය.
ඉන්ද්‍රිය ප්‍රවෘත්තිය[නා.] ඇස්, කන්, නාසාදි ඉඳුරන්ගේ පැවැත්ම.
ඉන්ද්‍රිය ලෝකය[නා.] සත්ත්ව සමූහයා බෙදා ඇති ත්‍රිවිධ ලෝකයෙන් එකක්; අරූපලෝකවාසී සත්ත්ව සමූහය.
ඉන්ද්‍රිය විකාරය[නා.] ඇස්, කන් ආදි ඉඳුරන්ගේ වෙනස්වීම හෝ ඉන්ද්‍රිය චලනය; ඉන්ද්‍රියයන්ගේ කැලඹුණු ස්වභාවය.
ඉන්ද්‍රිය සංයමය[නා.] ඇස්, කන් ආදි ඉඳුරන් හික්මවා ගැනීම; ඉන්ද්‍රිය සංවරය.
ඉන්ද්‍රිය සංවර සීලය[නා.] ඉන්ද්‍රිය සංවරය හෙවත් ඉඳුරන් හික්මවන සතර සංවර ශීලයෙන් එකක්; ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය; ආජීව පාරිසුද්ධි°, ප්‍රත්‍ය සංනිශ්‍රිත°, අනෙක් තුනයි.
ඉන්ද්‍රිය සංවරය[නා.] ඉඳුරන් හික්මවීම.
ඉන්ද්‍රියගෝචර[වි.] ඉන්ද්‍රියයන්ට ගොදුරු වන; ඉන්ද්‍රියයන්ට විෂය වන.
ඉන්ද්‍රියඥානය[නා.] චක්ෂුරාදි ඉන්ද්‍රියයන් ඇසුරින් ලද ඒ නිසා අනුමානයෙන් තොර ඥානය; අනුභව ඥානය; ප්‍රත්‍යක්ෂ ඥානය.
ඉන්ද්‍රියවිජය[නා.ප්‍ර.] ඉන්ද්‍රිය දමනය.
ඉන්දියන් සාගරය[නා.] ඉන්දියන් අර්ධ ද්වීපය සීමා කොට පිහිටි මහා සාගරය.
ඉන්දියන්, ඉන්දියානු[වි.] ඉන්දියාව හෙවත් භාරත දේශය පිළිබඳ; ඉන්දීය.
ඉන්දියාව[නා.] දකුණු ආසියාවේ හිමාලය කඳු වැටියට දකුණින් ඉන්දියන් සාගරය දෙසට නෙරා ඇති ත්‍රිකෝණාකාර අර්ධ ද්වීපය; භාරතය.
ඉන්දීවර[නා.ප්‍ර.] නිලුපුල්; නිල් මානෙල්.
ඉන්දීවරී[නා.ප්‍ර.] හාතවාරිය.
ඉන්දු1. [නා.ප්‍ර.] ඉන්ද්‍ර; සඳ; චන්ද්‍රයා. 2. [නා.ප්‍ර.] රාත්‍රිය. [වි.] ඉන්දීය.
ඉන්දු ආර්ය[වි.] ක්‍රි. පූ. 1900 දී පමණ මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවේ වයඹ දිග දුර්ග ඔස්සේ උතුරු ප්‍රදේශයට සංක්‍රමණය වූ ආර්ය ගෝත්‍රිකයන්ගෙන් පැවැත එන මනුෂ්‍ය වර්ගයා හා සම්බන්ධ.
ඉන්දු ආර්යයෝ[නා.බහු.] ඉන්දු ආර්ය මනුෂ්‍ය වර්ගයා.
ඉන්දු නිම්නය[නා.] පාකිස්ථානයේ ඉන්දු (ඩන්ඩස්) ගංගාව ආශ්‍රිත ව පවතින තැනිතලා ප්‍රදේශය.
ඉන්දුනීසියාව[නා.] ඉන්දියන් සාගරයට නැගෙනහිරින් ද ඕස්ට්‍රේලියාවට උතුරින් ද පිහිටි ලොකු, කුඩා දිවයින් රාශියකින් සෑදුණු රාජ්‍යය.
ඉන්ධන1. [නා.ප්‍ර.] ගිනි දැල්වීම සඳහා දහනය කළ යුතු දර ආදී දෙය. 2. [නා.ප්‍ර.] දැවීමේ දී පිටවන තාපය යන්ත්‍ර ක්‍රියා කරවීම් ආදී කාර්මික කටයුතු සඳහා සහ ගෘහස්ත ප්‍රයෝජනයන්ට යොදා ගත හැකි ලෙස දහනය කිරීමට හැකි දෙය.
ඉන්ධන ආමානය(පාරිභා.) [නා.] ඉන්ධන මනින උපකරණය (=fuel gauge).
ඉන්ධන වායුව(පාරිභා.) [නා.] ගෑස් ආදි දහනය වන වායුව (=fuel gases).
ඉන්න1. [නා.] වැට බැඳීම සඳහා සිටුවන කෝටුව. 2. [නා.] ක්‍රිකට් ක්‍රීඩාවේ කඩුල්ල සඳහා භාවිතා කරන පොලු විශේෂය.
ඉන්වාර්(පාරිභා.) [නා.ප්‍ර.] යකඩ (64%) සහ නිකල් (36%) මිශ්‍ර මාත්තු ලෝහය (=invar).
ඉන්වෙන්ටරිය[නා.] ගබඩා කාමර, ගුදම් හෝ වෙනත් ස්ථානවල තැන්පත් කොට ඇති විවිධ ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳ සවිස්තර ලැයිස්තුව.
ඉන්වොයිසිය[නා.] අපනයන කරනු ලබන භාණ්ඩ පිළිබඳ සටහන් පත්‍රය.
ඉන්ෂුවරන්ස්[නා.ප්‍ර.] ජීවිතයට හෝ දේපොළවලට හානියක් හෝ අනතුරක් සිද්ධ වුවහොත් ඒ වෙනුවෙන් මුදල් ලබා ගැනීම සහතික කරන ක්‍රමය; රක්ෂණය.
ඉන්සියුලින්(පාරිභා.) [නා.ප්‍ර.] අග්න්‍යාශයෙන් ස්‍රාවය කෙරෙන ද්‍රාව්‍ය ප්‍රෝටීනයක් වූ රසායනික හෝර්මෝනයක්; දියවැඩියා රෝගීන්ට ශරීරගත කිරීම සඳහා සතුන්ගේ අග්න්‍යාස සාරය ගෙන සාදන ඖෂධය (=insulin).
ඉන්සියුලේටරය[නා.] විද්‍යුතයේ ගමන වළක්වන ලී, රබර්, වීදුරු ආදි ද්‍රව්‍යය; විද්‍යුත් පරිවාරකය; විද්‍යුස්ථාපකය.
ඉන්ෆ්ලුවන්සා[නා.ප්‍ර.] කැස්ස, හෙම්බිරිස්සාව සහ උණ එක්වර ඇතිවන තදබල බෝවන රෝගය.
ඉන්ෆ්ලේටරය[නා.] (ටයර් ටියුබ් ආදියට හුළං පිරවීමට භාවිත කරන) හුළං බටය හෙවත් හුළං පොම්පය.
ඉනැමල්[නා.ප්‍ර.] ලෝහ, වීදුරු හා මැටි භාණ්ඩ මතුපිට ආලේප කිරීමෙන් දැඩි ඔපයක් ඇති කිරීමෙන් නිමාවක් ගෙන දෙන ද්‍රව්‍යය; එනැමලය.
ඉනිබ, ඉනිබ්බ[ඉන්+ඔබ], [ඉන්+ඔබ්බ] [ක්‍රි.වි.] එයින් ඔබ්බෙහි; ඉන්පසු; ඊට ඉක්බිති; ඊළඟ.
ඉනිම[නා.] ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දුවට පහර දීමට එක් පිළකට නොහොත් පිතිකරුවකුට හිමි වන වාරය හෙවත් වටය.
ඉනිමාන[නා.] කුඹුරු ගොවිතැනෙහි කමත අතුගෑමට යොදා ගන්නා ඉලපත.
ඉඳලෝලු[නා.ප්‍ර.] ආහාරයට ගන්නා හතු වර්ගයක්.
ඉඳහිට[ක්‍රි.වි.] කලාතුරකින්; විටින් විට; ඇතැම් විට.
ඉඳි කෙළිය[නා.] චිරාගත සිංහල ගෘහ ක්‍රීඩාවක්; ඉඳිපෙළීම; ගල්කෙළිය.
ඉඳි පිළිම[නා.බහු.] හිඳගෙන සිටින ඉරියව්වෙන් තනා ඇති ප්‍රතිමා.
ඉඳිකටුපීර(පාරිභා.) [නා.] ඉඳිකටුවක් වැනි සිහින් පීර(=needle file).
ඉඳිකැන්[නා.ප්‍ර.] රට ඉඳි පොකුර; යොන් ඉඳිවල්ල.
ඉඳු1. [නා.ප්‍ර.] සඳු; චන්ද්‍රයා. 2. [නා.ප්‍ර.] කපුරු. 3. [නා.ප්‍ර.] ඉන්ද්‍ර දිසාව; පෙරදිග. 4. [නා.ප්‍ර.] නායකයා; අධිපතියා; ප්‍රධානයා. 5. [නා.ප්‍ර.] සක්දෙවි ;ඉන්ද්‍ර දේවයා. 6. [වි.] ඉතා හොඳ; මාහැඟි; ශ්‍රේෂ්ඨ; උතුම්.
ඉඳු උපුල්[නා.ප්‍ර.] නිල්වන් මැණික්; ඉන්ද්‍රනීල මාණික්‍යය.
ඉඳු ගජ[නා.ප්‍ර.] ඉන්ද්‍ර දෙවියාගේ හෙවත් ශක්‍රයාගේ ඇතා; ඓරාවණ හස්තිරාජයා.
ඉඳු දුන්න[නා.] ඉඳුදද; දේදුන්න.
ඉඳු මඬල[නා.] චන්ද්‍ර මණ්ඩලය; සඳ වටේ සෑදෙන රැස් වළල්ල.
ඉඳු විදුර[නා.] ශක්‍රයාගේ ආයුධය; වජ්‍රායුධය.
ඉඳුගොව්වා[නා.] වර්ෂා කාලයෙහි පොළොවෙහි මතු වන රත් හෝ සුදු පැහැති කීට වර්ගයක්; ඉන්ද්‍ර ගෝපකයා.
ඉඳුදද[නා.ප්‍ර.] දේදුන්න; ඉඳු දුන්න.
ඉඳුපා[නා.ප්‍ර.] සඳ කැලුම්; චන්ද්‍ර රශ්මිය.
ඉඳුමිණි[නා.ප්‍ර.] ඉඳුනිල් මිණ; ඉන්ද්‍රනීල මාණික්‍යය.
ඉඳුරත්නය1. [නා.] මුතු ඇටය. 2. [නා.] චන්ද්‍ර රත්නය.
ඉඳුරා[වි.] කෙළින්; ඍජු; අවංක. [ක්‍රි.වි.] කෙළින්; ඇද නැති ව; එක එල්ලේ; ඒකාන්තයෙන්.
ඉඳුරු1.[නා.ප්‍ර.] ඉන්ද්‍රදෙවි; සක්දෙවි. 2. [නා.ප්‍ර.] නැ‍ගෙනහිර දිශාව; පෙරදිග. 3. [නා.ප්‍ර.] ප්‍රධානයා; අධිපතියා; රජ. 4. [නා.ප්‍ර.] සූර්යයා; හිරු. 5. [නා.ප්‍ර.] විජ්ජාකාරයා; ඉන්ද්‍රජාලිකයා.
ඉඳුරු දිග[නා.] නැගෙනහිර දිශාව.
ඉඳුරු පස[නා.] සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ඉපදීමට හා පැවැත්මට අධිපතිභාවයෙන් උපකාරවන ඉන්ද්‍රිය; ඉන්ද්‍රිය ප්‍රත්‍යය.
ඉඳුරු පැහැය[නා.] නැගෙනහිර දිශාවෙන් එන ආලෝකය.
ඉඳුරුදික්පති[නා.ප්‍ර.] ඉන්ද්‍ර දිශාවට අධිපති දෙවි; ඉන්ද්‍රයා; ශක්‍ර දේවේන්ද්‍රයා.
ඉඳුරුසැව්[නා.ප්‍ර.] ඉන්ද්‍රචාපය.
ඉඳුල්1. [නා.ප්‍ර.] කෑමෙන් හා බීමෙන් පසු ඒ භාජනයේ ම ඉතුරු වූ ආහාරපාන කොටස; අපවිත්‍ර වූ දෙය; අතපත ගෑ ආහාරය. 2. (කථා.) [නා.ප්‍ර.] ළදරුවකුට ප්‍රථම වරට දෙන බත්.
ඉඳුල් කටගෑම(කථා.) [නා.] කුඩා දරුවන්ට නැකතට බත් කැවීම; අන්නප්‍රාශනය.
ඉඳුල් වැටිය[නා.] තොල.
ඉඳුල්උළු[නා.ප්‍ර.] කෑමෙන් පසු පතෙහි ඉතිරිවන බත් ඇට.
ඉඳුල්කඩ[නා.ප්‍ර.] ආහාර අනුභව කරන විට ඉඳුල් ආදිය නොවැටීම සඳහා ඇඳිවත මත එළා ගන්නා රෙදි කැබැල්ල; ආහාර අනුභවයෙන් පසු අත කට පිස ගැන්මට ගැනෙන රෙදි කැබැල්ල; අත් පිස්නාකඩය.
ඉඳුල්පා[නා.ප්‍ර.] (ඉඳුල් සහිත පාත්‍රය යනු වාච්‍යාර්ථයි) ආහාර අනුභවය සඳහා පාවිච්චි කොට නොසේදූ පාත්‍රය.
ඉඳුවර[නා.ප්‍ර.] නිලුපුල්; නිල්මානෙල්.
ඉඳුසැව්[නා.ප්‍ර.] දේදුන්න; ඉන්ද්‍රචාපය.
ඉඳුසෙණ[නා.ප්‍ර.] (ඉන්ද්‍ර දෙවියාගේ සෙණය යනු වාච්‍යාර්ථයි) සෙණය.
ඉපනැල්ල, ඉපිනැල්ල1. [නා.] කරල් කපා ගත් පසු ගොයමෙහි ඉතිරි වන කොටස. 2. [නා.] අලුත ගොයම් කැපූ කුඹුර නොහොත් කුඹුරේ පාර්ශ්වය.
ඉපනැලි යන්ත්‍රය(පාරිභා.) [නා.] විල්ලුදවල බූවට වඩා දිග බූවක් ඇති කපු රෙදි හෝ සේද රෙදි හෝ වියන යන්ත්‍රය (=plush loom).
ඉපල, ඉපැල[නා.] කොළ හැළුණු අත්ත; වියළි අත්ත; කෝටුව.
ඉපල් බානවා(කථා.) [ක්‍රි.] ඉපලෙන් තළනවා; කෝටුවකින් ගහනවා.
ඉපහත(පාරිභා.) [නා.] ගඟකට සිය පත්ල හෑරීමට හැකි පහත් ම මට්ටම (=base level).
ඉපැයුම්(පාරිභා.) [නා.ප්‍ර.] හම්බ කරන දේ; උපයනු ලබන දෙය (=earnings).
ඉපැයුම්වත්කම්(පාරිභා.) [නා.ප්‍ර.] උපයාගන්නා වස්තුව (=earning assets).
ඉපිණි1. [වි.] ඉතා පියකරු. 2. [වි.] ඉතා මිහිරි.
ඉපිය, ඉපියාව1. (කථා.) [නා.] දිය මත පාවෙන සේ බිළී ලණුවෙහි හෝ දැලෙහි හෝ බැඳි සැහැල්ලු ලී කැබැල්ල; බෝයාව. 2. [නා.] දොර අල්මාරි ආදියේ ඇති ලී අගුළ; උගුලක ඇති අගුළක් වැනි කොටස. 3. [නා.] වෑල්වයක පියන්පත. 4. [නා.] සියුම් නාදය උපදවනු සඳහා නළාවක සවි කරන ලද තුනී යතුර. 5. [නා.] කුරක්කන් වැනි බීජවල පිට පොත්ත.
ඉපියාකඳ[නා.] දිය මත පාවීම සඳහා ලීයෙන් හෝ ලෝහයෙන් සාදන ලද රවුම් කුහර සහිත භාණ්ඩය; බෝයාව; ඉපිලි කඳ.
ඉපියාමල(කථා.) [නා.] කිතුල් ගසක තුන්වෙනි වාරයට මතුවන මල.
ඉපිර යනවා[ක්‍රි.] ගැලවී යනවා; මුලින් ඉදිරී යනවා.
ඉපිල්ල1. [නා.] බිළී ලණුවෙහි හෝ දැලෙහි හෝ යොදා දිය මත පාවෙන්න සලස්වන සැහැල්ලු ලී කැබැල්ල හෝ එවැනි ද්‍රව්‍යය; බෝයාව. 2. (පාරිභා.) [නා.] ද්‍රවයක් මත රැඳි පාවෙන වස්තුව; කාබියුරේටරයේ ඉපිලි කාමරයේ ඇති පැට්‍රෝල් මත පාවෙමින් තිබෙන තුනී පිත්තල තහඩුවෙන් තනන ලද කුඩා සිලින්ඩරය (=float).
ඉපිල්ලවාසී[වි.] ඉපිලගිය; උදම් වූ.
ඉපිලි කාමරය[නා.] මෝටර් රථයක ඇන්ජිම ක්‍රියා කරවීමට අවශ්‍ය මිශ්‍රණය සම්පාදනය කිරීම සඳහා ටැංකියෙන් එන පැට්‍රල් ස්වල්ප ප්‍රමාණයක් එකතු වී තිබෙන කාමරය; කාබියුරේටරය.
ඉපිලෙනවා, ඉපිල්ලෙනවා1. [ක්‍රි.] ද්‍රවයකින් උඩට මතු වෙනවා; පාවෙනවා. 2. [ක්‍රි.] පැන නැ‍ඟෙනවා; වේගයෙන් පිටතට ගලා එනවා. 3. [ක්‍රි.] පිටතට ඉස්සෙනවා. 4. [ක්‍රි.] චංචල වෙනවා; කම්පා වෙනවා. 5. [ක්‍රි.] ඉපිල යනවා; උදම් වෙනවා.
ඉපුල්[නා.ප්‍ර.] උපුල්; නිල් ඕලු.
ඉබ[නා.ප්‍ර.] ඇතා; හස්තියා.
ඉබ්බා1. [නා.] අස්ථිමය පිට කටුවකින් ශරීරය ආවරණය වූ කෙලෝනියා ගෝත්‍රයට අයත් උරගයා. 2. [නා.] ඉබ්බකුගේ සාමාන්‍ය හැඩය ඇති ලෝහමය අගුළු විශේෂය.
ඉබාගාතෙ[ක්‍රි.වි.] අරමුණක් නැති ව; අභිප්‍රාය රහිතව; ඉස හැරුණු අතක.
ඉබානන[නා.ප්‍ර.] ගණදෙවිඳු.
ඉබිකබල[නා.] ඉබ්බාගේ ශරීරය වැසී තිබෙන කටුව; කුර්ම කපාලය.
ඉබියතුර[නා.] එනම් යකඩ අගුළු විශේෂය; එම අගුළ ඇරීමට හෝ වැසීමට හෝ භාවිත කරන යතුර.
ඉබු[නා.ප්‍ර.] ඇතා; හස්තියා.
ඉභ[නා.ප්‍ර.] ඇතා; හස්තියා.
ඉම[නා.] මායිම; සීමාව.
ඉමල්ෂණය[නා.] තෙල් හෝ ලාටු ද්‍රව්‍ය මිශ්‍රිත ද්‍රව්‍යය; තෛලෝදය (=emulsin).
ඉමල්සින්(පාරිභා.) [නා.ප්‍ර.] තිත්ත ආමන්ඩ්වලින් ලබාගන්නා එන්සයිමයක නාමය (=emulsin).
ඉම් ගල[නා.] මායිම දක්වන ගල; සීමා ගල.
ඉම් ටැම්[නා.ප්‍ර.] සීමා ස්තම්භය; මායිම් දක්වන කණුව.
ඉම් නියර, ඉම නියර[නා.] කුඹුරු කොටස් දෙකක් අතර මායිමට දමා ඇති කුඩා වේල්ල.
ඉම් පත[නා.] ඉඩකඩම්වල මායිම් දක්වන ලේඛනය; මායිම් ලැයිස්තුව.
ඉම් රේඛාව(පාරිභා.) [නා.] මායිම හෙවත් සීමාව දක්වන ඉර.
ඉම් වේල්ල[නා.] කුඹුරක මායිමෙහි උසට තනනු ලබන වේල්ල හෙවත් පස් කණ්ඩිය; මායිම් වේල්ල.
ඉම් හිස[නා.] සීමාව; මායිම.
ඉම්පෙටිගෝ(පාරිභා.) [නා.ප්‍ර.] සැරව සාදන බැක්ටීරියා ආසාදනය වීමෙන් ප්‍රධාන වශයෙන් මුහුණෙහි හා අත්වල වැලඳෙන රෝගයක් (=impetigo ).
ඉමිටේෂන්[වි.] ව්‍යාජ; තථ්‍ය නොවූ; අනුකරණය කළ; බාහිර ඔපය පමණක් ඇති.
ඉමිහිරි[වි.] ඉතා මිහිරි; බෙහෙවින් මධුර; අතිප්‍රණීත වූ.
ඉඹිනවා[ක්‍රි.] සිප ගන්නවා; චුම්බනය කරනවා; සිඹිනවා; ආඝ්‍රාණය කරනවා.
ඉඹුල්[නා.] පුලුන් සහිත ගෙඩි හටගන්නා ගසක නම; කටු ඉඹුල්; සිම්බලී.
ඉඹුල් වනය1. [නා.] ඉඹුල් ගස් බහුල වූ වනය ;මෙය ගරුඬයින්ගේ වාස භවනය ලෙස කියැවේ. 2. [නා.] නිරයක නාමය.
ඉය[නා.] දුන්නෙන් විදිනු ලබන උලක් සහිත අවිය; ඊතලය; ශරය; ඊය.
ඉයත්තුව1. (කථා.) [නා.] වැස්ස, සුළඟ, රශ්මිය ආදි එදිනෙදා කාලගුණය. 2. [නා.] කෙනකු සිටින හෝ යමක් පිහිටි ස්ථානය පිළිබඳ ඔත්තුව හෝ තොරතුර; ඉසව්ව.
ඉයනම්1. (කථා.) [නා.ප්‍ර.] ආයුධය; මෙවලම. 2. [නා.ප්‍ර.] හූනියම; කොඩිවිනය.
ඉයන්දුඹුල්(කථා.) [නා.ප්‍ර.] දුම් මැස්සක යටි පැත්තේ දුම් ගැසීමෙන් සෑදෙන කළු පැහැති ද්‍රව්‍යය; දුමෙහි බැඳෙන දුඹුටු.
ඉයවුර, ඉයොර, ඉයෝර[නා.] ඊතල දමන කොපුව.
ඉයොසිනොපිල්[නා.ප්‍ර.] සුදු රුධිරාණුව ; ශ්වේත සෛලය (=eosinophil).
ඉයෝලිතික(පාරිභා.) [වි.] පුරා ශිලා සමයට හෙවත් පේලියෝලිතික සමයට පූර්වයෙහි වූ කාල පරිච්ඡේදයට අයත්(=eolithic).
ඉයෝසික(පාරිභා.) [වි.] සත්ත්ව ජීවීන් මුලින් ම සිටි සමයට හෝ එම පාෂාණ ස්තරවලට හෝ සම්බන්ධ (=eozoic).
ඉයෝසීන(පාරිභා.) [නා.ප්‍ර.] තෘතීයක යුගයේ පැරණිතම කොටසට අයත් පාෂාණ වර්ග (=eocene).
ඉර1. [නා.] සුර්යයා; දිනකර. 2. [නා.] රේඛාව; වයිරම; පෙළ. 3. [නා.] කොස් මදුල වටා එය බදා පවතින හීන් තීරුව; කොස් ඉර. 4. [නා.] පොල් බෑයකින් කපා ගත් හීන් පොල් මද තීරුව. 5. [නා.] බදු මුදල; බද්ද.
ඉර නඟනවා[ක්‍රි.] ඉර උදාවන තෙක් බලා සිටිනවා.
ඉර මඬල, ඉරු මඬල[නා.] සූර්ය මණ්ඩලය; හිරු.
ඉර වල්ල, ඉර වැල්ල[නා.] කුඹුරක හෝ හේනක බෙදූ කොටස.
ඉර සේවය[නා.] ශ්‍රීපාද කඳු මුදුනෙහි දී දක්නා ලැබෙන උදාවන හිරු හා සම්බන්ධ වූ චංචල ස්වභාවය.
ඉරගල වැටෙනවා[ක්‍රි.] හිරු අවරට යනවා; ඉර බහිනවා.
ඉරට වාටිය[නා.] රෙද්දක නූල් ගැළවී යෑම වැළැක්වීම පිණිස වියන ලද වාටිය හෙවත් අයින; බල වාටිය.
ඉරට්ටය, ඉරට්ටෙ[නා.] දෙක; යුග්මය; දෙකෙන් බෙදූවිට ඉතිරියක් නො දක්වන සංඛ්‍යාව.
ඉරට්ටි1. [නා.] කිසිවකුට ගෞරව දැක්වීම සඳහා හෝ තෑගි උදෙසා කරනු ලබන සුරල් සහිත නැටුම. 2. [නා.] කානු දෙකේ තුවක්කුව.
ඉරණම[නා.] සිදුවිය යුත්ත; දෛව නියමය.
ඉරණම් කවි[නා.ප්‍ර.] බඹර කැපීමේ දී අවසානයට කියන කවි.
ඉරණ්ඩුව1. [නා.] දෙක; යුවල. 2. (කථා.) [නා.] පංචි කෙළියේදී කවඩි දෙකක් උඩු අතට වැටුණවිට ඊට දෙක වෙනුවට භාවිත කරන වචනය.
ඉරත්තය[නා.] ඉතිරි නැති ව බෙදිය හැකි දෙක, හතර, හය ආදි සංඛ්‍යාව; ඔත්තයට විරුද්ධ වචනය.
ඉරන දත(පාරිභා.) [නා.] දෙ ඇන්දෙහි ම ඉදිරි දෙපස හතරක් වශයෙන් පිහිටි දිගටි සිහින් උල් දත්; රදනක දන්ත.
ඉරනං ඇටය[නා.] ඉලඇටය.
ඉරනවා1. [ක්‍රි.] යනවා; ගමන් කරනවා. 2. [ක්‍රි.] දෙපසට ඇද තීරුවලට වෙන් කරනවා; රෙදි කඩදාසිය ආදිය ඇද කඩනවා; පිහියෙන් හෝ කියතෙන් හෝ දිග අතට පලනවා.
ඉරබටු තරුව[නා.] ඉර බැස ගිය නොබෝ වේලාවකින් අපරදිග අහසේ පෙනෙන දීප්තිමත් තාරකාව.
ඉරහඳ කොඩිය[නා.] සතර කෝරළයට අයත් සූර්යයාගේත් චන්ද්‍රයාගේත් ලාඤ්ඡනවලින් යුත් ධ්වජය.
ඉරහඳගල[නා.] සාමාන්‍යයෙන් පැරණි සිද්ධස්ථානවල දොරටු පාමුල දක්නට ලැබෙන කොටන ලද සත්ත්ව රූප, ලියවැල් ආදියෙන් අලංකෘත අඩ කවාකාර ගල්පුවරුව; සඳකඩපහණ.
ඉර්ධි ප්‍රාතිහාර්ය[නා.] ඍද්ධි බලයෙන් කරනු ලබන ආශ්චර්යවත් ක්‍රියා.
ඉර්ධිය[නා.] භාවනානුයෝගී ව ආශ්චර්යවත් දේ කළ හැකි චෛතසික බලය; භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය.
ඉර්ෂි, ඉර්සි[නා.ප්‍ර.] මුනිවරයා; ඍෂිවරයා.
ඉරි ගිල්වීම(පාරිභා.) [නා.] මැටි භාණ්ඩවල කැටයම් කටුවලින් රේඛා සහ රේඛා චිත්‍ර කපා වර්ණවත් මැටි දියරෙන් පිරවීම (=grooving).
ඉරි පැන්නුම[නා.] මතුරා පොළොව මත ඇඳි ඉරක් යමකු ලවා පැන්නවීමෙන් ඔහුට උපද්‍රව පමුණුවන කොඩිවින විශේෂය.
ඉරි මට්ටම[නා.] කෙළින් ඉරි ගැහීමට ගන්නා වඩු මෙවලම.
ඉරි මදය, ඉරු මදය(කථා.) [නා.] ගසක කඳේ හරි මැද පිහිටි මෘදු කොටස හෙවත් බඩය; මජ්ජාව.
ඉරිකොන්ද1. [නා.] පළලින් අඩු දිගින් වැඩි කුඹුරු යාය. 2. [නා.] කුඹුරක් හෑම සඳහා ලියැදි බෙදා වෙන් කිරීමේ දී ඉතිරිවන කොටස.
ඉරිඩියම්(පාරිභා.) [නා.ප්‍ර.] සුදුපාට ඉතා බර ලෝහ වර්ගයක නාමය; ප්ලැටිනම් වර්ගයට අයත්වන ලෝහයක් (=iridium).
ඉරිදෙව්, ඉරුදෙව්[නා.ප්‍ර.] හිරු මඬලට අධිගෘහිත දෙවියා; සූර්ය දිව්‍ය රාජයා.
ඉරිමා උදය[නා.] ඉර පායාගෙන එන වේලාව; අරුණෝදය.
ඉරියා පථය[නා.] යාම් ඊම්, ඉඳීම් හිටීම්, සැතපීම් යන ශරීරය පවත්වන සතරප්‍රකාර හැසිරීම.
ඉරු රේඛාව[නා.] වෙදැගිල්ලට පහතින් අත්ලෙහි සූර්ය පර්වතය හෙවත් රවි මණ්ඩලය මතුපිට පිහිටා ඇති රේඛාව.
ඉරුවාරදය[නා.] සූර්යතාපයේ හෙවත් ඉර අවුවේ අඩු වැඩි වීම අනු ව පවත්නා ඉසරදය.
ඉරේසරය[නා.] පැන්සලෙන් හෝ පෑනෙන් ලියන ලද හෝ අඳින ලද යමක් මැකීම සඳහා භාවිත කරන විශේෂ රබර් කැබැල්ල; මකන කෑල්ල.
ඉල ඇටය[නා.] ක්ෂීරපායී සතුන්ගේ උරස වට කරමින් කශේරුව දෙපැත්තෙන් ඉදිරියට විහිදී ඇති වක්‍ර වූ අස්ථි යුගල කීපයෙන් එකක්; පර්ශුව.
ඉලක්කම[නා.] සංඛ්‍යාවක් හැඟවීමට (1, 2 ආදි වශයෙන්) යොදන ලකුණ; අංකය; නොම්මරය.
ඉලක්කය[නා.] විදිනට හෝ වෙඩි තබනට අල්ලනු ලබන එල්ලය; කුරුමානම; ලක්ෂ්‍යය.
ඉලත්තට්ටුව1. [නා.] හෙප්පුව; බුලත් තට්ටුව. 2. [නා.] ප්‍රභූ පන්තියේ අය බත් කනවිට පිඟාන තබා ගැනීම සඳහා පාවිච්චි කරන ලද කුරු අඩිය මෙන් වූ උපකරණයක්.
ඉලපත[නා.] අතින් ගත හැකි තරමේ ඉරටු මිටියක් බැඳ සාදා ගැනෙන අතුගාන උපකරණය.
ඉල්[නා.ප්‍ර.] වප්, උඳුවප් දෙමස අතර ඇති චන්ද්‍ර මාසය; ඔක්තෝබර මාසයේ මැද භාගයේ සිට නොවැම්බර් මාසයේ මැද භාගය තෙක් ඇති මාසය.
ඉල් උත්සවය[නා.] කතරගම මහ දේවාලයේ වාර්ෂික මංගල්‍යයන් අතර අවසාන මංගල්‍යය.
ඉල් උඳුවප් මහ[නා.] (ඉල් මාසය හා උඳුවප් මාසය යනු වාච්‍යාර්ථයි) නොවැම්බර් මැද සිට දෙසැම්බර් මැද තෙක් කාලය; කෑම බීම හිඟ කාලය.
ඉල්පෙනවා1. [ක්‍රි.] ද්‍රවයකින් උඩට මතුවෙනවා; පාවෙනවා. 2. [ක්‍රි.] පිටතට ඉස්සෙනවා; නෙරායනවා. 3. [ක්‍රි.] චංචල වෙනවා; කැලඹෙනවා. උද්දාම වෙනවා.
ඉල්මනයිට්[නා.ප්‍ර.] ආග්නේය පාෂාණවල තිබෙන අතිරේක ඛනිජ වර්ගයක්.
ඉල්ලනවා, ඉල්වනවා1. [ක්‍රි.] තමාට දෙන ලෙස කියනවා; ආයාචනය කරනවා; අයැද සිටිනවා. 2. [ක්‍රි.] (වෙන්දේසියක දී) තමා බඩුවක් ගන්ට කැමති මිල ප්‍රකාශ කරනවා.
ඉල්ලම[නා.] ලෝහ වර්ග හෝ මැණික් හෝ පවතින පස් තට්ටුව.
ඉල්ලම් කූර1. (කථා.) [නා.] පොළොවේ මැණික් ඉල්ලුම් තිබේදැයි (පොළොව යට ගසා) පරීක්ෂා කරන කූර. 2. [නා.] යකඩ ඉන්න; අලවංගුව.
ඉල්ලීම1. (පාරිභා.) [නා.] අයිතිවාසිකම් අවශ්‍යතාවන් ආදිය ලබාගැනීම සදහා වගකිවයුතු අය වෙත බලකර සිටීම; අභියෝගය ( = demand). 2. (පාරිභා.) [නා.] අයිතිවාසිකමක් හෝ හිමිවිය යුත්තක් ඉල්ලා සිටීම (=claim).
ඉල්ලුම1. (පාරිභා.) [නා.] පාරිභෝගිකයන් තුළ යම් භාණ්ඩයක් මිලදී ගැනීමට ඇති අපේක්ෂාව; උවමනාව (= demand). 2. (පාරිභා.) [නා.] නිශ්චිත කාලයක් තුලදී නිශ්චිත වෙළඳපොලක ගැනුම්කරුවන් විසින් එක් එක් නිශ්චිත මිලට ලබාගැනීමට කැමති භාණ්ඩ ප්‍රමාණය.
ඉල්ලුම් අණකරය(පාරිභා.) [නා.] ඉල්ලූ විටෙක ගෙවිය යුතු වූ විනිමය බිලක් (=demand draft).
ඉල්ලුම් තැන්පතුව(පාරිභා.) [නා.] බැංකුවක පෙරාතුව තැන්පත් කොට ඇති මුදල් ප්‍රමාණය හෝ බැංකුවක් මගින් ගනුදෙනුකරුට ණයට දෙන මුදල් ප්‍රමාණය හෝ ඕනෑ ම අවස්ථාවක ලබා ගැනීම සඳහා ඔහුට ඇති අයිතිවාසිකම (= demand deposit).
ඉල්ලුම් නම්‍යතාව(පාරිභා.) [නා.] භාණ්ඩයක හෝ සේවයක මිලෙහි ඒකීය වෙනසක් ඇති වීමෙන් ජනිත වන ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස් වීම (=elasticity of demand).
ඉල්ලුම් න්‍යාය(පාරිභා.) [නා.] විකිණීමට ඇති භාණ්ඩයක මිල අඩු වැඩි වීමත් සමඟ ඒ භාණ්ඩයට ඇති ඉල්ලුම් ප්‍රමාණය ද අඩු වැඩි වන බව දක්වන න්‍යාය (=law of demand).
ඉල්ලුම් පත්‍රය[නා.] යම් කිසිවක් ඉල්ලුම් කිරීමේ ලියවිල්ල; අයදුම් පත්‍රය.
ඉල්ලුම් වක්‍රය(පාරිභා.) [නා.] ගැනුම්කරුවන් විසින් එක් එක් විවිධ මිල ගණන් යටතේ මිලට ගනු ලබන විවිධ නිෂ්පාදිත ප්‍රමාණයක් දැක්වෙන ලක්ෂයන් සම්බන්ධ කර අඳිනු ලබන වක්‍රය (=demand curve).
ඉල්ලුම් විතතිය(පාරිභා.) [නා.] යම්කිසි භාණ්ඩයක අඩු මිල කරණ කොට ගෙන වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලැබීම (=extension of demand).
ඉල්ලුම් සංකෝචනය(පාරිභා.) [නා.] යම්කිසි භාණ්ඩයක වැඩි මිල කරණ කොට ගෙන ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණය අඩු වීම (=contraction of demand).
ඉල්ලුම්කරුවා1. [නා.] අපේක්ෂකයා, කිසියම් පදවියකට හෝ විභාගාදියකට හෝ ඉදිරිපත් වන තැනැත්තා. 2. [නා.] අයදුම්කාරයා; උරුමක්කාරයා; අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නා; හිමිකම් පාන්නා (=claimant).
ඉලාස්ටික්, ඉලැස්ටික්[වි.] (රබර් මෙන්) ඇදෙන හැකිලෙන ගතිය ඇති; ප්‍රත්‍යාස්ථ.
ඉලැක්ට්‍රෝස්කෝපය(පාරිභා.) [නා.] යම් වස්තූවක විද්‍යුත් ආරෝපණයක් තිබේදැයි දැනගැනීම සඳහා භාවිත කරන උපකරණයක් (=electroscope).
ඉලිනියම්(පාරිභා.) [නා.ප්‍ර.] පරමාණුවක ක්‍රමාංක 61 ක් වූ ලෝහමය මූලද්‍රව්‍යය (=illinium).
ඉලිප්සකය(පාරිභා.) [නා.] ඉලිප්සාකාර හෙවත් අණ්ඩාකාර ඝන වස්තුව (=ellipsoid).
ඉලිප්සය(පාරිභා.) [නා.] අණ්ඩාකාර හෙවත් ඩිම්බාකාර වෘත්තය.
ඉලියනවා1. [ක්‍රි.] සොයනවා; පරීක්ෂා කරනවා; අපේක්ෂා කරනවා. 2. [ක්‍රි.] විචාරනවා; අසනවා.
ඉලුප්පුව(පාරිභා.) [නා.] හරස් ලීයක දාරයට වැටෙන සේ පරාලයක් වැනි ලීයක කපා ඇති කෝණාකාර කට්ටය.
ඉලෙක්ට්‍රික්[වි.] විද්‍යුතය පිළිබඳ; විදුලි.
ඉලෙක්ට්‍රොකාඩියෝග්රෑම්(පාරිභා.) [නා.ප්‍ර.] හෘදයේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වන විවිධ ශාරීරික විදුලි තරංගවල ප්‍රස්තාරික නිරූපණය.
ඉලෙක්ට්‍රොනික(පාරිභා.) [වි.] ඉලෙක්ට්‍රෝනය හා සම්බන්ධ (=electronic).
ඉලෙක්ට්‍රෝඩය(පාරිභා.) [නා.] විදුලි ධාරාවක් ද්‍රව්‍යයකට හෝ වායුවකට හෝ ඇතුළු කරන ප්ලැටිනම් කොළය හෙවත් තහඩුව.
ඉලෙක්ට්‍රෝනය(පාරිභා.) [නා.] පරමාණුවක් සෑදී ඇති මූලික කොටස් තුනෙන් එකක්; ප්‍රෝටෝන හා නියුට්‍රෝන අනෙක් දෙකයි (=electron).
ඉලෙක්ට්‍රෝප්ලේට් කරනවා(පාරිභා.) [ක්‍රි.] විද්‍යුත් විච්ඡේදනය මාර්ගයෙන් රිදී ආදි ලෝහයක් ආලේප කරනවා.
ඉව1. [නා.] යම්කිසි වස්තුවක් ඇඳින ගැනීමේ (සතුන් කෙරෙහි ඇති) ශක්තිය. 2. [නා.] ස්වාභාවික ඥානය; සහජ දැනීම.
ඉව අල්ලනවා, ඉව කරනවා[ක්‍රි.] ගන්ධය ආඝ්‍රාණය කරනවා; ගඳ බලනවා; ගන්ධය අනු ව යම් කිසිවක් ඇඳින ගැනීමට හෝ සොයා ගැනීමට උත්සාහ කරනවා.
ඉවත ලනවා, ඉවත් කරනවා[ක්‍රි.] බැහැර කරනවා; අස් කරනවා; අහක් කරනවා; දුරු කරනවා.
ඉවත්තුව(පාරිභා.) [නා.] ඉවත් වූව; බැහැර වූ දෙය.
ඉවර[වි.] අවසන්; නිම වූ. 1. [නා.ප්‍ර.] අවසානය; නිමාව; කෙළවර; සමාප්තිය. 2. [නා.ප්‍ර.] ඉස්පාසුව; විවේකය. 3. [නා.ප්‍ර.] අවස්ථාව; සුදුසු වේලාව.
ඉවර කරනවා[ක්‍රි.] අවසන් කරනවා; කෙළවර කරනවා; හමාර කරනවා; සම්පූර්ණ කරනවා.
ඉවසනවා1. [ක්‍රි.] විඳ දරා ගන්නවා; ඉඩ දී සිටිනවා. 2. [ක්‍රි.] පිළිගන්නවා; බාරගන්නවා; කැමති වෙනවා.
ඉවහල්[වි.] ඉතා උපකාර වූ; අතිශයින් සහාය වූ.
ඉවුම් පිහුම්[නා.බහු.] කෑම ඉවීම; ආහාර පිසීම; සූප ශාස්ත්‍රය.
ඉවුර[නා.] ගං හෝ ඇළ, දොළ, වැව් පොකුණු ආදියෙහි ස්වාභාවික හෝ කෘත්‍රිම හෝ කණ්ඩිය; තෙර; වෙරළ; බැම්ම.
ඉවුරස[නා.] ඉවුර සමීපය; ගඟ අසබඩ.
ඉවුරු බිම[නා.] ගඟබඩ ප්‍රදේශය.
ඉවුරුබඩ[නා.ප්‍ර.] ඉවුර සමීපය; ඉවුර ආසන්නය.
ඉවුසාල්, ඉවූසාල්[නා.ප්‍ර.] තම්බාපු හාල්; තැම්බූ වීයෙන් කොටා ගන්නා සහල්.
ඉෂ්ට[වි.] කැමති; ප්‍රිය මනාප; රුචි වූ; අභිමත; ශුභ; යහපත්. 1. [නා.ප්‍ර.] කැමැත්ත; රුචිය; අභිමතය; කැමති දෙය. 2. [නා.ප්‍ර.] යහපත; ශුභ සිද්ධිය.
ඉෂ්ට කරනවා[ක්‍රි.] (යමක්) ඉටු කරනවා; කර දෙනවා; ලබා දෙනවා.
ඉෂ්ට කාමිනිය[නා.] යම් කෙනකුට හිතැති කාන්තාව.
ඉෂ්ට කාලය1. [නා.] අභිමත කාලය; සුදුසු කාලය. 2. [නා.] උත්පත්ති කාලය.
ඉෂ්ට දේවතාවා[නා.] (විශේෂයෙන් වැඳුම් පිදුම් කරනු ලබන) අභිමත දෙවියා; ආරක්ෂක දෙවියා; ඉටු දෙවියා; යහපත ළඟා කර දෙන දෙවියා.
ඉෂ්ට ප්‍රයෝගය[නා.] ශුභ කටයුත්ත; ශුභ කාර්යය.
ඉෂ්ට මිත්‍රයා[නා.] ප්‍රිය මනාප යහලුවා; හිතවත් මිතුරා; හිතවැඩ සලසන මිතුරා; කල්‍යාණ මිත්‍රයා.
ඉෂ්ට රූපය[නා.] ප්‍රසන්න වූ රූපය; යහපත් රුව.
ඉෂ්ට විපාකය[නා.] යහපත් ප්‍රතිඵලය; ශුභ ඵලය; ආනිශංසය.
ඉෂ්ට විෂයය[නා.] අභිමත කාර්යය.
ඉෂ්ට වෙනවා1. [ක්‍රි.] ප්‍රිය වෙනවා; අභිමත වෙනවා; මනාප වෙනවා; යහපත් හෙවත් ඵලදායි වෙනවා. 2. [ක්‍රි.] සිද්ධ වෙනවා; ඉටු වෙනවා; සමෘද්ධ වෙනවා.
ඉෂ්ට සිද්ධිය[නා.] අභිමත අරමුණු ඉටුවීම; සැප සම්පත් ලැබීම; සෞභාග්‍යය.
ඉෂ්ටකා[නා.ප්‍ර.] උළු කැටය; ගඩොල.
ඉෂ්ටකාමී[වි.] හිත වැඩ කැමති; අර්ථ සාධක.
ඉෂ්ටගණ[නා.ප්‍ර.] (ඡන්ද.) ශුභ ගණ; අට ගණය අතුරින් ම, න, බ, ය යන ගණ සතර; භූමි, දේව, චන්ද්‍ර සහ ජල යන ගණ සතර.
ඉෂ්ටදායක, ඉෂ්ටදායී[වි.] යහපත් දේ හෙවත් කැමති දේ දෙන; සිතූ පැතූ දේ දෙන.
ඉෂ්ටඵල[නා.ප්‍ර.] යහපත් අනුසස්; ශුභ විපාක.
ඉෂ්ටරාශි(පාරිභා.) [නා.ප්‍ර.] පොදු හරයකට පමුණුවන ලද භාග ගණන්.
ඉෂ්ටසූචක[වි.] ශුභ හෙවත් යහපත පවසන; ශුභ ප්‍රාර්ථනාත්මක.
ඉෂ්ටානිෂ්ට[වි.] යහපත්, අයහපත්; කැමති හා අකමැති; හිතාහිත; ශුභාශුභ.
ඉෂ්ටානුභූතිය[නා.] ප්‍රසන්න නොහොත් ප්‍රියජනක විඳීම; සුඛානුභවය.
ඉෂ්ටාරම්මනය[නා.] ප්‍රියජනක නොහොත් ශුභ අරමුණ; අභිමත අරමුණ.
ඉෂ්ටාර්ථ සංසිද්ධිය[නා.] අභිමත අරමුණ සපුරා ඉටුවීම හෙවත් සාක්ෂාත් කරනු ලැබීම.
ඉෂ්ටාර්ථ සාධක[වි.] අභිමත අරමුණ ඉටු කරන හෙවත් සාක්ෂාත් කරන; කැමති කැමති වස්තු දෙන.
ඉෂ්ටාර්ථ සිද්ධිය[නා.] අභිමත අරමුණ ඉටු වීම හෙවත් සාක්ෂාත් කරණය.
ඉෂ්ටාර්ථය[නා.] අභිමත කාරණය; පතන ලද්ද; අභිප්‍රේත අරමුණ.
ඉෂ්ටාර්ථසූචක[වි.] අභිප්‍රේත නොහොත් අරමුණ පවසන; ඉෂ්ටාර්ථ සිද්ධිය අඟවන.
ඉෂ්ටාලම්බනය[නා.] (අභි.) ප්‍රියජනක හෙවත් ශුභ අරමුණ; අභිමත අරමුණ.
ඉෂ්ටාශංසනය[නා.] අභිමත දේ පැතීම; ශුභ පැතීම; ආශීර්වාද කිරීම.
ඉෂ්ටි1. [නා.ප්‍ර.] පැතුම; ආශාව. 2. [නා.ප්‍ර.] යාගය. 3. [නා.ප්‍ර.] ගඩොල්. 4. (ක්‍රිස්ති.) [නා.ප්‍ර.] හෙල්ල; ලංසය.
ඉෂ්ටිකාඡදන[නා.ප්‍ර.] උළු වහල.
ඉෂු1. [නා.ප්‍ර.] ඊතලය; ශරය. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] නැකැත් යෝගයක නාමය.
ඉස1. [නා.] ඔළුව; හිස. 2. [නා.] මුදුන; ඉහළ කෙළවර. 3. [නා.] නඟුලෙහි දික් අතට යොදා ඇති වියගහ බඳින ලීය. 4. [නා.] අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; ඊර්ෂ්‍යාව. 4. [නා.] කැමැත්ත. 6. [නා.] රසය; ඉස්ම. [පූර්ව.ක්‍රි.] ඉස; ඉසීමේ ධාතුවෙහි පූර්ව රූපය.
ඉස ඇම්ම[නා.] ඉසේ කැක්කුම; ඉසරුදාව; ඉසරදය.
ඉස කඩ1. [නා.] ඉසේ බඳින රෙදි කඩ; හිස් වෙළුම; තලප්පාව; ජටාව. 2. [නා.] ඇඳක ඉස පැත්තේ කකුල්වලට සවි කරන ලදුව ඇඳ වියලෙන් උඩට නෙරූ, ලෑල්ල; ඉස්ලෑල්ල.
ඉස ගල්වනවා[ක්‍රි.] හිසෙහි තෙල් ආදිය ගානවා.
ඉස ගසනවා[ක්‍රි.] හිස කපා දමනවා; ශීර්ෂච්ඡේදනය කරනවා.
ඉස ගැල්ලුම[නා.] ඉස ගල්වන බේත; හිසෙහි ගාන ඖෂධීය ආලේපය.
ඉසකුඩිච්චිය, ඉස කුළිච්චිය[නා.] මොළය සිහිල් වීමට හිසේ ගල්වන සිසිල් ඖෂධීය ආලේප විශේෂයක්.
ඉසකෙයා දුන්න, ඉසකේ දුන්න[නා.] ඔරලෝසුවක දෝලන චක්‍රය පාලනය කරන සිහින් දුන්න (=balance wheel).
ඉසකෙස් වැටිය[නා.] කේශ කලාපය; කෙස් වැටිය.
ඉසකෙස්, ඉසකෙහෙ[නා.ප්‍ර.බහු.] හිස වසා තිබෙන සමෙහි ඇති කූපයන්ගෙන් පටන්ගෙන වැඩෙන ලෝම; ඉසකෙයියා.
ඉසකේ බහවන මඟුල[නා.] පළමු වරට සුබ නැකතකින් කුඩා ළමයකුගේ හිසකෙස් කැපීම පිළිබඳ ව පවත්වන උත්සවය.
ඉසකේපත[නා.] කේශ කලාපය; කෙස් වැටිය.
ඉසච්චි1. (කථා.) [වි.] පුරුදු වූ ;ඇබ්බැහි වූ. 2. [වි.] ලෑස්ති; සූදානම්. 3. [වි.] ඉක්මන්; කලබල.
ඉසච්චි වෙනවා1. [ක්‍රි.] පුරුදු වෙනවා; ඇබ්බැහි වෙනවා. 2. [ක්‍රි.] කෝප වෙනවා; උදහස් වෙනවා.
ඉසච්චිය1. [නා.] නිතර ගැවසෙන තැන. 2. [නා.] ඉඩ ප්‍රස්තාව; සුදුසු ස්ථානය.
ඉසට ගන්නවා1. [ක්‍රි.] යමක වගකීම බාර ගන්නවා. 2. [ක්‍රි.] හිසට උඩින් (කුඩ ආදිය) අල්ලනවා.
ඉසට ගහනවා(කථා.) [ක්‍රි.] (වා, පිත්, සෙම් යන තුන් දොස්) ඉසට බලපවත්වනවා.
ඉසටිය1. [නා.] හිස; මුදුන; උඩ කොටස. 2. [නා.] තෝමරය.
ඉසත, ඉහත[නා.] හිස තිබෙන පැත්ත; ඉහළ කොටස; කුඹුරක ඉහළ පැත්ත.
ඉසත් තියනවා(කථා.) [ක්‍රි.] (ක්‍රිස්ති.) බෞතීස්මයේදී පඤ්ඤා (=godfather) හෝ මඤ්ඤා (=godmother) වශයෙන් ඉදිරිපත් වෙනවා.
ඉසතෙල් ගෑම[නා.] අලුත් අවුරුද්ද පිළිබඳ චිරාගත චාරිත්‍රයක් වශයෙන් විශේෂයෙන් පිළියෙල කළ තෙලක් අවුරුද්දේ පළමු ස්නානයට පෙර ශුභ මුහුර්තයකින් හිසේ ගැල්වීම.
ඉසදිය නාවනවා[ක්‍රි.] වැඩිවියට පත් වූ ගැහැනු ළමයකු පළමු වරට සුබ නැකතින් නාවනවා.
ඉසදිය මංගල්‍යය1. [නා.] දැරියක පළමුවරට මල්වර වීමෙන් පසු ව නැකැත් චාරිත්‍රානුකූල ව ඇය නෑවීම පිළිබඳ උත්සවය. 2. [නා.] විවාපත් මනාලියකගේ කන්‍යාභාවය තහවුරු කෙරෙන සිංහල මංගල සිරිත; දෙවැනි ගමන.
ඉසපැන් වත් කරනවා[ක්‍රි.] නානවා; ස්නානය කරනවා.
ඉසපියනවා[ක්‍රි.] වපුරනවා; ඉහිනවා.
ඉසමුඩු[වි.] මුඩු කරන ලද හිස ඇති; හිසකෙස් මුලින් ම කැපූ.
ඉසලනවා, ඉහලනවා1. [ක්‍රි.] ධාන්‍ය වැනි දැයක් ඉසිනවා; විසුරුවනවා. 2. [ක්‍රි.] සේසතක් වැනි දෙයක් ඉස මත අල්ලනවා.
ඉසලූ අත[ක්‍රි.වි.] හිස හැරුණු දිසාවේ; ඔළුව හැරුණු පැත්තේ.
ඉසවත්, ඉස්වත්[වි.] කා ඉතිරි වූ හෝ ඉවත ලූ; ඉඳුල් වූ.
ඉසව්ව1. [නා.] පැත්ත; දිශාව; ප්‍රදේශය. 2. [නා.] අරමුණ; ඉලක්කය.
ඉසවිලි[නා.ප්‍ර.] සැරයටි ආදියෙහි මුදුනෙහි යෙදූ විල්ල; මුදුන් විල්ල.
ඉසහසර[නා.] ( යමක් ලැබේවායි ) පැතීම; ප්‍රාර්ථනය; චිත්තාභිලාෂය.
ඉසළුව(කථා.) [නා.] වැහි අවස්ථාවේ නොතෙමීම සඳහා හිසට අල්ලාගෙන යන තල් අත්ත, කෙසෙල් අත්ත වැනි ආවරණය.
ඉස්[වි.] මුදුනෙහි වූ; අග්‍රස්ථානයෙහි වූ; පළමු; මුල්.
ඉස් අඩිය(කථා.) [නා.] හිසින් බර ඉසිලීමේ දී පහසුව සඳහා ඉස මත තබන කුඩා කොට්ටය හෝ දරණුව.
ඉස් කබල[නා.] මොළය වසා පිහිටි අස්ථිමය ආවරණය; කපාලය; හිස්කබල.
ඉස් බඳිනවා(කථා.) [ක්‍රි.] බාධක අතහැර යම් කාර්යයක් සඳහා ඉදිරිපත් වෙනවා.
ඉස් බැරැක්කය(කථා.) [නා.] මුදු ආදියෙහි ඇද හැරීම පිණීස රන්කරුවා විසින් පාවිච්චි කරනු ලබන උපකරණයක්.
ඉස් මොළය[නා.] ඉස්කබල යට පිහිටි මොළය; ඉස් මොළය; මත්ථලුංගය.
ඉස් ලූ ලූ අත[ක්‍රි.වි.] ඔළුව හැරුණු හැරුණු පැත්තට; හිස හැරුණු දිශාවට.
ඉස්කඩ1. (කථා.) [නා.] හිසෙහි බඳින රෙදි කඩ; ජටාව. 2. [නා.] යමක උඩු කොටස හෝ ඉහළ පාර්ශ්වය. 3. [නා.] ඇඳක හිස තබන පැත්තේ උඩට නෙරා තිබෙන සේ ඇඳේ රාමුවට සවි කොට ඇති ලෑල්ල; ඉස් ලෑල්ල.
ඉස්කඩතෝලිය, ඉස්කඩදෝලිය(කථා.) [නා.] ඉස්කොත්තෝරිය.
ඉස්කඩිත්ත[නා.] ළිඳක නාන වතුර එක් රැස්වන දිය කඩිත්ත.
ඉස්කරතෝරිය, ඉස්කොර්තෝරිය(කථා.) [නා.] ඉස්කොත්තෝරිය.
ඉස්කාගාරය[නා.] අරක්කු හෝ මත්පැන් පෙරන ස්ථානය.
ඉස්කාරම්[නා.ප්‍ර.] කාරම්; ක්ෂාරය.
ඉස්කිරි[නා.ප්‍ර.] ගාන ලද පොල්වලින් පළමු වරට මිරිකාගත් කිරි; මිටිකිරි.
ඉස්කිරීම1. [නා.] ආවරණය පිණිස හෝ කාමරයක් හෝ කාමරයකින් කොටසක් හෝ වෙන් කිරීමට පාවිච්චි කරන ගෘහ භාණ්ඩයක්; ආවරණය. 2. (කථා.) [නා.] හරස් අතරට ලී පටි ගසා රෙදි දැමීම පිණිස සාදාගන්නා උපකරණය; කවිස්තෝක්කය.
ඉස්කුරුප්පු අන්තරාලය(පාරිභා.) [නා.] ඉස්කුරුප්පුවක අනුගාමී පොටවල් දෙකක් අතර සිරස් දුර ප්‍රමාණය (=pitch of a screw).
ඉස්කුරුප්පු ආමානය(පාරිභා.) [නා.] කම්බියක විෂ්කම්භය වැනි කුඩා මානයක් මැනීම පිණිස භාවිත කරනු ලබන උපකරණයක් (=screw gauge).
ඉස්කුරුප්පු ඇණය[නා.] වටේට දඟරාකාර පොටවල් කපා ඇති ඇණය.
ඉස්කුරුප්පු කැටය(පාරිභා.) [නා.] කැපෙන දාරවලින් යුක්ත පොටවල් කපන ලද කුහරයක් ඇති, ඉස්කුරුප්පු පොටවල් කැපීම පිණිස යොදා ගන්නා වානේ කෑල්ල (=die).
ඉස්කුරුප්පු ජැක්කුව(පාරිභා.) [නා.] දිග ලීවරයකින් කරකැවිය හැකි ඉස්කුරුප්පු පෙත්තක මාර්ගයෙන් උඩට ඉස්සෙන ඉස්කුරුප්පු පොටවල් ඇති දණ්ඩකින් යුක්ත, යම්කිසි බරක් ඉස්සීමට යොදා ගන්නා එහා මෙහා ගෙන යා හැකි යන්ත්‍ර විශේෂයක් (=screw-jack).
ඉස්කුරුප්පු නියන[නා.] ඉස්කුරුප්පු ඇණ සවි කිරීමට හෝ ගැලවීමට හෝ පාවිච්චි කරන උපකරණය.
ඉස්කුරුප්පු පිත්ත(පාරිභා.) [නා.] සිහින් ලෝහ කූරක ඉස්කුරුප්පු පොටවල් කපා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගන්නා (නා නා තරමේ විෂ්කම්භයෙන් යුත් සිදුරු ගණනාවක් සහිත අත් දණ්ඩක් සවිකර ඇති) පණ පෙවූ තුනී වානේ තහඩුව(=screw plate).
ඉස්කුරුප්පුව1. [නා.] පිටතින් දඟරාකාර පොටවල් කපන ලද සිලින්ඩරය. 2. [නා.] ඇතුළතින් දඟරාකාර පොටවල් කපන ලද සිලින්ඩරාකාර කුහරය. 3. [නා.] ඉස්කුරුප්පු ඇණය. ඉස්කුරුප්පු පොට.
ඉස්කෙන්ද[නා.ප්‍ර.] මී මැසි සමනළ වැනි කුඩා සතූන්ගේ ඔළුවේ ඉදිරිපස දෙපැත්තේ තිබෙන අං දෙක වැනි කෙඳි දෙකෙන් එකක්; ස්පර්ශකය.
ඉස්කෙළිය1. [නා.] හිසෙහි මුදුන; ඉස් මුදුන. 2. [නා.] ඉස්මුදුන පමණක් පෙනෙන දුර; පේන තෙක් මානය; දර්ශන පථය.
ඉස්කොත්තෝරිය(කථා.) [නා.] වටිනා බඩු තබන පෙට්ටිය; මනමාලයකුගේ ගෙදරට මනමාලියගේ ඇඳුම් ගෙන යන පෙට්ටිය; ඉස්කඩතෝලිය.
ඉස්කෝප්ප හැන්ද(පාරිභා.) [නා.] හුණු බදාම ආදිය ඇනීමටත්, පස්, රට අඟුරු ආදිය ඉස්සීමටත්, පස් පෙරළීමටත් ගන්නා හතරැස් ආකාර තලයක් ඇති විශාල හැන්දක් වැනි උපකරණය (=shovel).
ඉස්කෝප්පය1. [නා.] කඩදාසි කුට්ටමෙහි කළු බෝකොළ ආකාර රූ සටහන් ඇති කොළය. 2. [නා.] මල් පාත්ති ආදියෙහි පස් පයින් තද කොට හැරීමට හා බුරුල් කිරීමට ගන්නා හැන්දක ආකාරය ඇති උපකරණය.
ඉස්කෝලය[නා.] පාසල; පාඨශාලාව; විද්‍යාලය.
ඉස්ගෙඩියා[නා.] බිත්තරයෙන් පිට වුණු මැඩි පැටවා; මැඩි කීටයා.
ඉස්ටුව[නා.] මස්, මාළු, එළවළු, පලතුරු ආදිය මිශ්‍ර කොට පිළියෙල කරගන්නා කෑම විශේෂයක්.
ඉස්ටේසම[නා.] දුම්රිය නවත්වන ස්ථානය; දුම්රියපොළ.
ඉස්ටෝරුව[නා.] බඩු ගබඩාව.
ඉස්තරම්[වි.] ඉතා හොඳ; ශ්‍රේෂ්ඨ; උසස් වර්ගයට අයිති.
ඉස්තරාදුව(කථා.) [නා.] පෘතුගීසි හා ලන්දේසි සැලසුම් අනු ව තැනූ ගෘහවල ඇතුළු සාලය හෙවත් හිඳින සාලය තුළ හිඳ ගැනීම සඳහා බිමෙන් උස් ව සිටින සේ තනන ලද වේදිකාව.
ඉස්තාදු[නා.ප්‍ර.] තත්ත්වය; ආකාරය.
ඉස්තාලය[නා.] අසුන් බඳින ගොඩනැගිල්ල; අස්හල.
ඉස්තැල්ම1. (කථා.) [නා.] බරකරත්තයේ අච්චු කඳ හෝ කරත්ත තට්ටුවේ දෙපැත්තේ ලොකු ලී දෙක. 2. [නා.] කරත්තේ බඳින ගොනාගේ කර වටා බඳින පටිය.
ඉස්තිරික්කය[නා.] රෙදිවල රැලි ඇරීම පිණීස රත්කොට මදින උපකරණය.
ඉස්තෝප්පුව[නා.] ගෙයි ආලින්දය; බරාඳය.
ඉස්තෝලය[නා.] (ක්‍රිස්ති.) පූජකයන් විසින් පපුවේ දෙපැත්තෙන් වැටෙන ලෙස කරේ දමන සේද සළුව; පූජක පටිය.
ඉස්දොර[නා.] නිදනවිට හිස තබන තැනට ඉහළ පෙදෙස හෝ පැත්ත; ඉහ ඉද්දර; හිස දරන දිශාව.
ඉස්නන්[නා.ප්‍ර.] ඉසින ලද වී පැළ වී ගෙන එන විට කෙතට වතුර බැඳීම.
ඉස්නන් බඳිනවා[ක්‍රි.] ඉසින ලද වී පැළ වී ගෙන එන විට කෙතට දිය ලැබෙන සේ කුඹුරේ වක්කඩ අහුරා දිය බඳිනවා.
ඉස්පංචිය, ඉස්පන්චිය1. [නා.] ඉතා නොදියුණු බහු ශෛලික සත්ත්ව වර්ගයක්; ඉස්පන්ජිය. 2. (කථා.) [නා.] ඉස්පන්ච් කේක්.
ඉස්පයිය[නා.] හිස් වැස්ම; තොප්පිය.
ඉස්ප්‍රීතු සාන්තු[නා.] ශුද්ධාත්මයාණන් වහන්සේ.
ඉස්ප්‍රීතුව[නා.] (ක්‍රිස්ති.) (දෙවියන් වහන්සේගේ) ආත්මය.
ඉස්පාසුව[නා.] ඉඩ; අවකාශය; විවේකය; ඉවසිල්ල.
ඉස්පැනර්(කථා.) [නා.ප්‍ර.] ඉස්කුරුප්පුවක මුරිච්චි පෙත්ත කරකවන අඬුව.
ඉස්පිරිත්තු[නා.ප්‍ර.] සාරය; මද්‍යසාරය.
ඉස්පිරිතාලය[නා.] ආරෝග්‍යශාලාව.
ඉස්පිල්ල[නා.] ව්‍යංජනාක්ෂරයක ‘ඉ’, ‘ඊ’ ස්වර නියෝජනය සඳහා ඒ අක්ෂරයක් මත ලියන ි, ී යන ලකුණ.
ඉස්පීසරය, ඉස්බීසරය(කථා.) [නා.] බීරලු කොට්ටේ රේන්ද පටි ගෙතීම සඳහා ගන්නා අල්පෙනෙත්ති කටු තුඩෙන් විදින ලද රේන්ද මෝස්තරයෙන් යුතු කඩදාසි පටිය.
ඉස්පෙට්ටිය(කථා.) [නා.] ධාන්‍ය වර්ග හිසෙන් ගෙන යෑම සඳහා පන්වලින් වියන ලද විශාල කූඩය.
ඉස්පේළිය[නා.] පුවත්පතක ලොකු අකුරෙන් යෙදූ මාතෘකා පාඨය; ශීර්ෂපාඨය.
ඉස්පොඩි[නා.ප්‍ර.] ඊයම් කුඩු.
ඉස්පොල්ල1. [නා.] මොළය වසා සිටින ඉස්කබල. 2. [නා.] ශ්වාසනාලය.
ඉස්පොල්ලේ යනවා(කථා.) [ක්‍රි.] වතුර, ආහාර ආදිය ශ්වාසනාලයේ යනවා; පිට උගුරේ හිර වෙනවා.
ඉස්බ, ඉසුබු[නා.] රියන් එකසිය හතළිහක දිගක් හෙවත් යෂ්ටි විස්සක දුර ප්‍රමාණය වූ පුරාණ මිනුමක්.
ඉස්බෙනවා[ක්‍රි.] විශ්‍රාම ගන්නවා; විවේක ගන්නවා; සැතපෙනවා.
ඉස්ම[නා.] යුෂ; දියර; (සූපයක) බොර හෝ හොදි.
ඉස්මත්ත1. [නා.] වෙලක හෝ ඉඩමක හෝ ගඟක හෝ ඉහළ පැත්ත; ගසක හෝ කන්දක හෝ මුදුන. 2. [නා.] වැවකට හෝ කුඹුරකට හෝ ඉහළින් උස් ව පිහිටි ඊට යාබද ප්‍රදේශය.
ඉස්මතු කරනවා[ක්‍රි.] පෙරටු කොට හෝ ප්‍රමුඛ කොට දක්වනවා; ප්‍රධාන හෝ විශේෂ කොට පෙන්වනවා.
ඉස්මතු වෙනවා[ක්‍රි.] ප්‍රකට ව පෙනී යනවා; ඉදිරියට එනවා; කැපී පෙනෙනවා.
ඉස්මෝරු[නා.ප්‍ර.] මාළුවලින් හෝ මස්වලින් සාදන සූපයක්.
ඉස්රන්[නා.ප්‍ර.] එක හිසක් හෙවත් එක මිනිසෙකු වෙනුවෙන් අය කළ බද්ද.
ඉස්ලාමය[නා.] මුස්ලිම් ආගම; මහමදාගම.
ඉස්ලාම්[වි.] මුස්ලිම් ආගමට අයත්; මහමදීය.
ඉස්වට[නා.ප්‍ර.] දෙපා සිට හිස දක්වා උස ප්‍රමාණය.
ඉස්වද්දනවා[ක්‍රි.] ඉස ගසාගන්නවා; හිස සඟවනවා.
ඉස්වන[ක්‍රි.වි.] පළමු වරට; මුලදීම.
ඉස්වහනවා1. (කථා.) [ක්‍රි.] රැස් වෙනවා; රංචු ගැහෙනවා. 2. [ක්‍රි.] (වතුරට) යටවෙනවා.
ඉස්වැටිය1. (කථා.) [නා.] ප්‍රධාන නියර හෝ බැම්ම. 2. [නා.] ජටාව.
ඉස්සර[වි.] පූර්ව; පුරාණ; ප්‍රථම; මුල්. [ක්‍රි.වි.] අතීතයෙහි; පූර්වයෙහි; පෙර; කලින්; ඉදිරියෙහි. 1. [නා.] ඊශ්වර දෙවියා. 2. [නා.] කුඹුරක එක් පැත්තක සිට අනික් පැත්තට හරස් අතට පැතිරුණු ලියදි කිහිපයක් සහිත කොටස නොහොත් බිම් තීරුව.
ඉස්සර කපනවා[ක්‍රි.] බාධා කරනවා; අවහිර කරනවා; වළක්වනවා.
ඉස්සර කරනවා(කථා.) [ක්‍රි.] ඉදිරියට පැමිණෙනවා; පසු කොට යනවා.
ඉස්සර බලනවා(කථා.) [ක්‍රි.] ඉදිරියට යනවා; ගමනාරම්භ කරනවා; පිටත් වෙනවා.
ඉස්සරහ[වි.] ඉදිරියෙහි පිහිටි; ඉදිරි; අභිමුඛ. [නා.] ඉදිරිපස; අභිමුඛය.
ඉස්සරායතනය[නා.] ඊශ්වර දෙවියන්ගේ වාසස්ථානය; ඊශ්වර දේවාලය.
ඉස්සරිය[නා.ප්‍ර.] ආධිපත්‍යය; ශ්‍රේෂ්ඨත්වය.
ඉස්සරියෙන්[ක්‍රි.වි.] කල් ඇති ව; කලින්; මත්තෙන්.
ඉස්සා1. [නා.] කලපුවල හා මුහුදේ නොගැඹුරු තැන්වල මඩ සහිත පතල්වල ජීවත්වන සන්ධි පාදැති සත්ත්ව විශේෂයක්; නළමින්. 2. [නා.] අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; ඊර්ෂ්‍යාව.
ඉස්සාමච්ඡරිය සංයෝජනය[නා.] ඊර්ෂ්‍යාව හා මසුරුබව යන බන්ධනය.
ඉස්සාසයා[නා.] දුනුවායා; ධනුර්ධයා.
ඉස්සොරි, ඉස්හොරි[නා.ප්‍ර.] හිසේ සමෙහි කොරළ වැනි දෙයක් ඇති වීමේ රෝගය; හිසේ සමෙන් ගැලවී යන කොරළ වැනි හම් කැබලි.
ඉස්සොලිය, ඉස්සොලියල්, ඉස්සෝලිය1. [නා.] (නළුවන් බෙරවයන්නන් කපුවන් ආදින්) හිසෙහි බඳින රෙදිකඩ නොහොත් ජටාව. 2. (කථා.) [නා.] මනාල යුවළ මඟුල් පෝරුවේ සිටුවන මනාලියගේ මාමා (හෝ එම කටයුතු ඉටු කරන තැනැත්තා හෝ) හිසෙහි බැඳ ගන්නා විසිතුරු ලේන්සුව.
ඉසාන1. [නා.ප්‍ර.] උතුරත් නැගෙනහිරත් අතර වූ අනුදිශාව; උත්තර පූර්වය. 2. [නා.ප්‍ර.] නිදන විට හිස දමන පැත්ත.
ඉසි1. [නා.ප්‍ර.] මුනිවරයා; තපස්වියා; ඍෂියා. 2. [නා.ප්‍ර.] ඊර්ෂ්‍යාව.
ඉසි පැවිජ්ජ[නා.] (භික්ෂු ප්‍රව්‍රජ්‍යාවෙන් අන්‍ය වූ) තාපස ප්‍රව්‍රජ්‍යාව; තවුස් පැවිද්ද.
ඉසිනවා1. [ක්‍රි.] කැමති වෙනවා; ප්‍රාර්ථනා කරනවා. 2. [ක්‍රි.] විසුරුවනවා. 3. [ක්‍රි.] ළිං පොකුණු ආදියෙහි ජලය ඉවත් කරනවා; දිය පිටතට දමනවා.
ඉසිය1. [නා.] කැමැත්ත. 2. [නා.] ඊර්ෂ්‍යාව.
ඉසිර1. [නා.] ඊශ්වර භාවය; ආධිපත්‍යය. 2. [නා.] වස්තුව; ධනය. 3. [නා.] ප්‍රධානයා; අධිපතියා
ඉසිවත්[වි.] අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය ඇති; ඊර්ෂ්‍යාවන්ත. [නා.ප්‍ර.] ඊර්ෂ්‍යාවන්ත තැනැත්තා.
ඉසිවරයා[නා.] ඍෂිවරයා.
ඉසිවාත[නා.ප්‍ර.] ඍෂීන්ගේ ශරීර ස්පර්ශය වී එන සුළඟ.
ඉසුඹු[නා.ප්‍ර.] විවේකය; විශ්‍රාමය.
ඉසුඹුලනවා[ක්‍රි.] විශ්‍රාම ගන්නවා; විඩා සංසිඳුවා ගන්නවා.
ඉසුඹුහල[නා.] මගීන්ට විඩා සංසිඳුවා ගැනීම සඳහා පාර අයිනේ සාදා තිබෙන ශාලාව; අම්බලම.
ඉසුර1. [නා.] ඊශ්වර භාවය; ආධිපත්‍යය; බලය. 2. [නා.] වස්තුව; ධනය; සමෘද්ධිය; සම්පත්තිය; මහිමය.
ඉසුරු1. [වි.] ධනවත්; පොහොසත්. 2. [වි.] ප්‍රධාන; අධිපති; ශ්‍රේෂ්ඨ; ප්‍රභූ. 1. [නා.ප්‍ර.] ඊශ්වරයා. 2. [නා.ප්‍ර.] අධිපතියා.
ඉසුරු කෝවිල[නා.] ඊශ්වර දේවාලය.
ඉසුරු ගිර[නා.] කෛලාස පර්වතය; මෙය කුවේරයාගේ වාසස්ථානය ලෙස සැලකේ.
ඉසුරුමත්[වි.] ඓශ්වර්යය ඇති; සමෘද්ධ; ධනවත්; පොහොසත්.
ඉසුරුමදය[නා.] ඓශ්වර්යය හා ධන සම්පත්තිය නිසා ඇති වන මානය.
ඉසෝරා[නා.ප්‍ර.] සිදුහත්කුමරුගේ ප්‍රියාම්බිකාව හඳුන්වන නාමයක්; යසෝදරා දේවිය.
ඉහ1. [නා.] ඔළුව; හිස. 2. [නා.] පැදුරු, ඇඳන් ආදියෙහි හිස තබන කෙළවර. 3. [නා.] නඟුලෙහි වියගහ බඳින ලීය.
ඉහ ඉද්දර(කථා.) [නා.ප්‍ර.] නිදන විට හිස තබන පැත්ත; ඇඳක හෝ පැදුරක හෝ හිස තබන පැත්ත.
ඉහටිය1. (කථා.) [නා.] හිස; මුදුන; උඩ කොටස. 2. [නා.] පැළෑටියක හෙවත් ගසක මුදුන් කරටිය.
ඉහඬ[නා.ප්‍ර.බහු.] මැස්සන්ගේ බිජුවට; මැසි බිත්තර.
ඉහඬයා1. [නා.] නිලමැස්සා. 2. [නා.] කෑදරයා; මසුරා.
ඉහත[වි.] ඉහළින් දැක්වෙන; පළමු.
ඉහත් කරනවා[ක්‍රි.] උස්සනවා; ඔසවනවා.
ඉහත්ඉල්ල, ඉහත්තිල්ල[නා.] නඟුලේ මිටට සවි කරන විල්ල; නඟුලේ ඉහළ පිල්ල.
ඉහත්ත, ඉහත්තාව(කථා.) [නා.] වැව් කුඹුරු ආදියක ඉහළ කොටස හෝ ප්‍රදේශය.
ඉහත්වැට[නා.ප්‍ර.] කුඹුරු යායක දෙපස පිහිටි වැට.
ඉහදිය, ඉසදිය1. (කථා.) [නා.] විවාහ වූ දිනට පසු දින මනමාලියක චාරිත්‍රානුකූල ලෙස නෑවීම. 2. [නා.] පළමුවරට මල්වර වූ දැරියක චාරිත්‍රානුකූල ව නෑවීම.
ඉහදෙනවා1. (ගොවි.) [ක්‍රි.] හිසින් පහර දෙනවා; අනිනවා. 2. (කථා.) වගකීම් කරදර ආදිය දරා සිටිනවා.
ඉහඳ පණුවා[නා.] මැස්සන් ලන එක එක කුඩා බිජුවෙන් එළියට එන කුඩා පණුවෙකුට සමාන මෘදු සතා; මැසි පිළවා; ඉල්ලා.
ඉහමොළ කනවා[ක්‍රි.] වෙනත් කෙනකුගේ වස්තුව විනාශ කරනවා; අන් අයකුගේ ධනය නාස්ති කරනවා; අනිකකු සූරා කනවා.
ඉහල්1. (කථා.) [වි.] උඩු; උස්. 2. [වි.] උසස්; උතුම්; ශ්‍රේෂ්ඨ. 1. [නා.ප්‍ර.] ඉහළ ඇති දෙය; ස්වර්ගය. 2. [නා.ප්‍ර.] පැණිවදය.
ඉහල්ඔරු[නා.ප්‍ර.] මී වදයේ පැණි පිරුණු සිදුරු.
ඉහලෝකය[නා.] මේ ලොව; වර්තමාන භවය.
ඉහවහා යනවා[ක්‍රි.] ඉතා බහුල ව පවතිනවා; අධික ව තිබෙනවා.
ඉහළ1. [වි.] උඩින් පිහිටි; උඩ. 2. [වි.] උසස්; ඉස්තරම්. [නා.ප්‍ර.] උඩ; උස්බිම; උස් තැන; ඉස්මත්ත.
ඉහළ උසාවිය[නා.] උසස් ශ්‍රේණියකට අයිති උසාවිය; මහාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ආදි ඉහළ තත්ත්වයට අයත් උසාවි.
ඉහාත්මය[නා.] මේ ජීවිතය; මේ භවය.
ඉහි1. [නා.ප්‍ර.] හිස; ශීර්ෂය. 2. [නා.ප්‍ර.] ප්‍රමාදය; අත්හිටවීම. 3. [නා.ප්‍ර.] ඉස්සා. [ක්‍රි.වි.] වහා; ඉක්මනට. 1. [අව්‍ය.] මෙහි; මේ ස්ථානයෙහි. 2. [අව්‍ය.] එහි; ඒ ස්ථානයෙහි. 3. [අව්‍ය.] හා; සමග; එක්ව.
ඉහි(සි)නවා1. [ක්‍රි.] විසුරුවනවා. 2. [ක්‍රි.] ළිං පොකුණු ආදියෙහි ජලය ඉවත් කරනවා.
ඉහිදැල1. [නා.] ඉස්සන් අල්ලන දැල. 2. [නා.] නූල් දුරස් ව සිටින සේ වියන ලද රෙද්ද; ඉහිදැල් රෙද්ද.
ඉහින් කනින්1. [ක්‍රි.වි.] හිසටත් කනටත් උඩින් යන තරමට; සම්පූර්ණයෙන්; මුළුමනින් ම. 2. [ක්‍රි.වි.] ඕනෑවට වඩා; බහුලව.
ඉහිරෙනවා1. [ක්‍රි.] විසිරෙනවා; විහිදෙනවා; පැතිරෙනවා; අහකට වැටෙනවා; පිටතට වැගිරෙනවා. 2. [ක්‍රි.] කොළපුවක් තුළ හෝ කැකුළක් වශයෙන් හෝ පැවතුණු මලක් එයින් බැහැර ව පිපී විහිදෙනවා.
ඉහිලස, ඉහිලැස්[නා.] බුරුල් බව; නොතදබව; ඉහිලැස. [වි.] බුරුල්; ලිහිල් වූ.
ඉහිල්[වි.] බුරුල්; ලිහිල්; ශිථිල වූ; මෘදු; මොළොක්. 1. [නා.ප්‍ර.] සීතල. 2. [නා.ප්‍ර.] උන්සිල්ලාව. ස්නේහය; ආලය. 4. [නා.ප්‍ර.] රති කෙළිය.
ඉළ1. [නා.ප්‍ර.] (විශේෂයෙන් අශ්වයන්ගේ) කෙඳි. 2. [නා.ප්‍ර.] ලිය මඬුල්ල; අරඹ. 3. [නා.ප්‍ර.] සමූහය; රාශිය.
ඉළන්දාරියා[නා.] තරුණයා; යෞවනයා.
ඉළවු[වි.] මරණයක් හෝ අවමංගල්‍යයක් හෝ පිළිබඳ; කරදර ඇති; හිරිහැර සහිත.
ඉළවු බත[නා.] මළ මිනියක් වළලා හෝ ආදාහන කොට හෝ ආපසු ඉළවු ගෙදරට පැමිණෙන ඥාතිමිත්‍රාදින්ට දෙන බත; මළබත.
ඉළවුව1. [නා.] මරණය; අවමංගල්‍යය. 2. [නා.] කරදර - හිරිහැර ගෙන දෙන දෙය.
ඉළු1. [නා.ප්‍ර.] වනය; අරඹ. 2. [නා.ප්‍ර.] සමූහය. 3. [නා.ප්‍ර.] තරුව. 4. [නා.ප්‍ර.] මුව විශේෂයක්.
ඉළුක්කෝලය1. [නා.] හෙල්ල; තෝමරය. 2. [නා.] කුඩා කඩුව; සිරිය.
‘ඉ’ යන්නෙහි දීර්ඝ රූපය; සිංහල හෝඩියේ සවැනි අකුර හෙවත් ස්වරය. 1. [නා.ප්‍ර.] ඊය. 2. [නා.ප්‍ර.] නඟුල් දත. [සර්ව.] එය; ඒක.
ඊ වඩුවා1. [නා.] ඊතල සාදන්නා. 2. [නා.] ලාක්ෂා ශිල්පියා.
ඊ විට[නා.] නඟුල ඇද්දවීමෙන් සෑදෙන පාර; නඟුල් පාර; හීවිට.
ඊ සැරේට(කථා.) [ක්‍රි.වි.] ඊතලයක වේගයෙන්; ඉතා වේගයෙන්.
ඊඋරය[නා.] ඊතල දමන කොපුව නොහොත් උරය; හියවුර.
ඊක්ෂණය[නා.] බැලීම; බැල්ම.
ඊකොපුව[නා.] හී කොපුව; ඉයොර.
ඊගහ1. [නා.] ඊය; ශරය. 2. [නා.] තොවිල්වල දී යකැදුරන් විසින් භාවිතයට ගන්නා යකඩ කැබැල්ලක ගසාගත් වේවැලක් වැනි කෝටුව.
ඊඝ[නා.ප්‍ර.] උපද්‍රවය; උවදුර.
ඊචපළම්(කථා.) [නා.ප්‍ර.] රටඉඳි.
ඊටිය1. [නා.] දමා අනින හෝ දමා ගසන ආයුධයක්; හෙල්ල; තෝමරය; ලංසය. 2. [නා.] හෙණ්ඩුව.
ඊතණ[නා.] බහු වාර්ෂික තෘණ වර්ගයක්; තණ පස් මුල්වලින් එකක්; ලද පස්මල්වලින් එකක්.
ඊතයිල් මද්‍යසාරය[නා.] සීනි ද්‍රාවණ පැසවීමෙන් සාදා ගන්නා මද්‍යසාරය.
ඊතර[නා.] පදාර්ථ ඇති හෝ නැති වර්ණ රහිත සැහැල්ලු ද්‍රවයක්.
ඊතලය[නා.] ඊය; හීය; ශරය.
ඊති1. [නා.ප්‍ර.] උපද්‍රවය; ව්‍යසනය. 2. [නා.ප්‍ර.] සවැදෑරුම් සස්‍ය උපද්‍රව; තද වැසි, නියං, පළඟැටි, මී, ගිරා, සහ පරසතුරු ආක්‍රමණ යන සයයි.
ඊතේන්(පාරිභා.) [නා.ප්‍ර.] ගඳක් හෝ පාටක් හෝ නැති වායුවක් (=ethane).
ඊදණ්ඩ[නා.] ඊයෙහි කඳ; ඊය.
ඊදිස[වි.] මෙවැනි; මෙබඳු.
ඊදෘශ[වි.] මෙබඳු.
ඊදොලුව, ඊදෝලාව[නා.] දෝලා විශේෂයක්.
ඊන[වි.] හීන; පහත්; නීච; අධම.
ඊනයා[නා.] නීචයා; අධමයා.
ඊනියා1. [වි.] ඒ හා සමාන; එවැනි; එබඳු; එවැනි ගුණාදියෙන් යුක්ත. 2. [වි.] මවා පෑමෙන් යුක්ත; ව්‍යාජ.
ඊප්සාව[නා.] ලබා ගනු කැමැත්ත; ඉච්ඡාව; ආශාව.
ඊප්සිත[වි.] ආශා කරන ලද; කැමති වන ලද; ප්‍රාර්ථිත.
ඊප්සිත කර්මය[නා.] (ව්‍යාක.) කර්තෘ විසින් ආශා කරන ලද ක්‍රියාවක් හා යෙදුණු කර්මය.
ඊප්සිතය[නා.] කැමති වූ දෙය; ප්‍රාර්ථිතය.
ඊපිට[ක්‍රි.වි.] එයට උඩින්; ඒ මත්තෙහි.
ඊපිටින්(කථා.) [ක්‍රි.වි.] මුළුමනින්; සම්පූර්ණයෙන්; එහෙම පිටින්.
ඊමානය[නා.] (ඉස්ලාම්.) විශ්වාසය; පිළිගැනීම.
ඊමේල්[නා.ප්‍ර.] විද්‍යුත් තැපෑල; විද්‍යුත් මාධ්‍යය ඇසුරෙන් පණිවුඩ හුවමාරු කිරීමේ ක්‍රමය.
ඊය[නා.] ඊතලය; හීය; ඊගස.
ඊයම්[නා.ප්‍ර.] ලෙහෙසියෙන් ද්‍රව බවට පත්වන මූලද්‍රව්‍යමය ලෝහයක්.
ඊයම් බරුව[නා.] බරක් වශයෙන් යෙදූ ඊයම් කැබැල්ල; මසුන් ඇල්ලීමට භාවිත කෙරේ.
ඊයම්පොඩි(පාරිභා.) [නා.ප්‍ර.] ලෝහ පෑස්සීමට භාවිත කරන මෘදු ඊයම්.
ඊයම්සීනි(පාරිභා.) [නා.ප්‍ර.] ලෙඩ් මොනොක්සයිඩ් ඇසිටික් අම්ලය ද්‍රාවණය කිරීමෙන් ලැබෙන පැණි රස වූ ලවණය; ලෙඩ් ඇසටේට්.
ඊරණ[නා.ප්‍ර.] චලනය වීම; කම්පනය වීම.
ඊර්යාපථ චක්‍රය[නා.] ඉරියවු සමූහය; චක්‍රයක් වශයෙන් ගත් ඉරියාපථ සතර.
ඊර්යාපථය[නා.] ඉරියව්ව; හැසිරෙන අන්දම; හැසිරීමේ ලීලාව.
ඊර්ෂ්‍යාව[නා.] අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; පරසම්පත් අසහනය.
ඊර්ෂ්‍යාවන්තයා[නා.] ඊර්ෂ්‍යාව ඇත්තා; ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා.
ඊරුව1. [නා.] (ධීව.) දිය සුළිය; ජලාවර්තනය. 2. [නා.] සුළං අතට හෝ දිය පාරට හෝ දැල ගසා ගෙන යෑම.
ඊරේඛාව[නා.] ප්‍රස්තාර ආදිය ඇඳීම සඳහා භාවිත කරන පරිමා රේඛාව (=dimension line).
ඊරෝටු වෙළඳාම[නා.] බඩු තැනින් තැන ගෙන ගොස් විකිණීම; සුළු වෙළඳාම.
ඊරෝස්[නා.ප්‍ර.] ලිංගිකත්වයට සම්බන්ධ ග්‍රීක දෙවියා හඳුන්වන නාමය.
ඊල1. [නා.] උංචිල්ලාව; ඔන්චිල්ලාව. 2. [නා.] දෝලාව; පල්ලැක්කිය. 3. [නා.] තොවිල්වල දී යකැදුරන් යක්ෂාවේශයෙන් උඩ නැඟී නටන අට්ටාලය. 4. [නා.] සෑදලය සහ වරපට.
ඊල්[වි.] සිහිල්; සීතල. [නා.ප්‍ර.] වස්තුව; සම්පත්; සමෘද්ධිය; සෞභාග්‍යය; සම්පූර්ණත්වය.
ඊල් කරනවා[ක්‍රි.] පුරවනවා; සම්පූර්ණ කරනවා.
ඊලිම්, ඊලුම්[නා.ප්‍ර.] එක් කොට බැඳීම; එකට ඈඳීම.
ඊශද් විවෘත[වි.] (ව්‍යාක.) ශ, ෂ, ස, හ යන ඌෂ්මාක්ෂර උච්චාරණයේ දී ශබ්ද නිපදවන ඉන්ද්‍රියයන් මඳක් විවෘත වී උච්චාරණය වන.
ඊශධර, ඊසධර[නා.ප්‍ර.] මහමෙර අවට පිහිටා ඇතැයි සැලකෙන සප්තකූට පර්වත අතුරින් එකක්.
ඊශරය[නා.] ඊතලය; ඊගස.
ඊශසඛි[නා.ප්‍ර.] ඊශ්වරයාගේ මිත්‍රයා; කුවේරයා.
ඊශ්වර[වි.] ප්‍රධාන; අධිපති; ශ්‍රේෂ්ඨ; ප්‍රභූ.
ඊශ්වර ජනයා[නා.] උතුම් හෝ වංශවත් අය; ප්‍රභූ ජනයා; වංශාධිපතියෝ.
ඊශ්වර නිර්මාණ දෘෂ්ටිය[නා.] ලෝකය පරමේශ්වර දෙවියකුගේ මැවීමක්ය යන මතය.
ඊශ්වර ප්‍රණිධානය[නා.] ඊශ්වර දෙවියා කෙරෙහි සිත පිහිටුවීම; ඊශ්වර දෙවියා කෙරෙහි වූ දැඩි භක්තිය.
ඊශ්වර වාදය[නා.] සර්වබලධාරී ඊශ්වරයකු විසින් ලෝකය මවා පාලනය කෙරෙතැයි යන මතය.
ඊශ්වර විංශතිය[නා.] (ජ්‍යෝති.) ඊශ්වර දෙවියන්ගේ පාලනයට අයත් සේ සැලකෙන විසි අවුරුදු කාලය.
ඊශ්වරමිත්‍ර[නා.ප්‍ර.] ඊශ්වරයාගේ මිත්‍රයා; කුවේරයා.
ඊශ්වරයා1. [නා.] ශිව දෙවියා; මහේශ්වරයා; පරමේශ්වරයා; සර්වබලධාරි දෙවියා. 2. [නා.] ප්‍රධානයා; අධිපතියා; ප්‍රභූවරයා; රජ.
ඊශාන1. [නා.ප්‍ර.] ශිව හෝ රුද්‍ර දෙවියා. 2. [නා.ප්‍ර.] උතුර සහ නැගෙනහිර අතර පිහිටි දිශාව. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] අදේ නැකත.
ඊශාන මෝසම[නා.] නොවැම්බර් සිට මාර්තු දක්වා කාලය තුළ දකුණු ආසියා කලාපයේ ඊශාන දෙසින් නිරක්ෂය කරා හමන සුළඟ.
ඊශාන වෙළඳ සුළඟ[නා.] ඊශාන දෙසින් සුළං ධාරාවක් නිරක්ෂය දෙසට හමන නියම ඍතු සුළඟ.
ඊෂත්, ඊෂද්[වි.] ස්වල්පය; මඳ.
ඊෂත්කර[වි.] පහසුවෙන් කළ හැකි. [නා.ප්‍ර.] ස්වල්පය; ටික.
ඊෂාව[නා.] (භෞති.) කප්පි, ජවරෝද වැනි භ්‍රමණය වන කොටස්වලට ආධාරකයක් වශයෙන් යොදනු ලබන දණ්ඩ; අක්ෂදණ්ඩ(=shaft).
ඊසාන[නා.ප්‍ර.] ඊශාන දිසාව.
ඊහාව[නා.] උත්සාහය; වීර්යය.
ඊළය[නා.] ඇදුම; මුහ රෝගය.
සිංහල හෝඩියේ සත්වැනි අකුර හා සත්වැනි ස්වරය. [නා.ප්‍ර.] ඊශ්වරයා; ශිව දෙවියා. [අව්‍ය.] උඩ; ඉහළ; ඉක්මවා යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.
උංචිල්ලාව, උන්සිල්ලාව[නා.] විනෝදය සඳහා හිඳගෙන හෝ නැඟිටගෙන හෝ පැදිය හැකි පරිදි සකස් වූ ක්‍රීඩා උපකරණයක්; ඔන්චිල්ලාව.
උංචිලි වාරම්[නා.බහු.] උංචිලි පදින විට ගයන සිවුපද.
උකට1. [වි.] ඉතා උසස්; විශිෂ්ට; උත්කෘෂ්ට. 2. [වි.] විශාල; ලොකු. [නා.ප්‍ර.] විශාල වූව; උසස් වූව.
උකටපා[නා.ප්‍ර.] භික්ෂූන්ට කැප පාත්‍ර හතෙන් එකක්; විශාල පාත්‍රය.
උකටලී[වි.] (අපේක්ෂා භංගවීමෙන්) කළකිරුණු; විරහ වේදනාවෙන් පෙළුණු; මැළි; උදාසීන වූ; අධෛර්යවත්; කලකිරුණු. 1. [නා.ප්‍ර.] කලකිරීම; උත්කණ්ඨාව; අතෘප්තිය; අසතුට. 2. [නා.ප්‍ර.] අලසකම; උදාසීනත්වය.
උකටිනවා1. [ක්‍රි.] ආශා කරනවා. 2. [ක්‍රි.] කලකිරෙනවා; අධෛර්යවත් වෙනවා.
උකනවා1. [ක්‍රි.] හාරා උඩට නඟා ගන්නවා; ඔසවනවා; අවුලා ගන්නවා. 2. [ක්‍රි.] (දිය ආදිය) ඇතුළට ඇද ගන්නවා හෙවත් ඇතුළු වෙනවා; උරා ගන්නවා. 3. [ක්‍රි.] (රන්) පෙරා ගන්නවා; උත්කෘෂ්ට කරනවා. 4. [ක්‍රි.] ඉදි කරනවා; සාදනවා; තනනවා. 5. (කථා.) [ක්‍රි.] ඇතුළට දමනවා; පුරවනවා.
උකස, උකහ, උගස1. [නා.] ඇපයට තබන දෙය; ඇපය. 2. [නා.] ණයක් ගැනීමේ දී ඇපයක් වශයෙන් ණයකාරයා සතු ඉඩමක් හෝ වටිනා දෙයක් ණය හිමියාට ඔප්පුවකින් පැවරීම. 3. [නා.] උගසට යටත් ඉඩම.
උකස් ඔප්පුව, උගස් ඔප්පුව[නා.] ඉඩමක් උකස් කිරීමේ දී ලියනු ලබන ඔප්පුව.
උකස් කරනවා, උගස් කරනවා1. [ක්‍රි.] ණයක් ගැනීම පිණිස ඉඩමක් හෝ අගනා දෙයක් ඇපයක් වශයෙන් තබනවා. 2. [ක්‍රි.] උගසකින් ඉඩමක් පවරනවා.
උකස් ණය, උගස් ණය[නා.] යම් කිසිවක් උකසට තබා ගත් මුදල; දේපොළ ඇපයට තබාගෙන පොලියට දෙන මුදල.
උකස්කරය, උගස්කරය[නා.] ඉඩමක් උගස් කිරීමේ දී ලියනු ලබන ඔප්පුව.
උකසිනවා[ක්‍රි.] උගුර පාදනවා; කාරනවා.
උකහනවා1. [ක්‍රි.] උඩට ඇද ගන්නවා; ඇද ගන්නවා; ඔසවනවා; මතු කරනවා. 2. [ක්‍රි.] ඉදි කරනවා; සාදනවා; තනනවා. 3. [ක්‍රි.] උත්කර්ෂ කරනවා; (ගමන්) ඉක්මන් කරනවා.
උක් දඬු දුන්න[නා.] උක් දණ්ඩෙන් කළ දුන්න; අනංගයාගේ දුන්න.
උක් බිජුව[නා.] රෝපණය සඳහා ගැනෙන උක් කඳේ පුරුක්.
උක් මැලි[නා.බහු.] උක් ගසෙහි මල්; උක්මල්.
උක්කංස[නා.ප්‍ර.] උත්කෘෂ්ට භාවය; උසස් බව.
උක්කණ්ඨිත[වි.] කලකිරුණු; උකටලී.
උක්කා1. [නා.ප්‍ර.] පන්දම; හුළු එළිය; දණ්ඩ ප්‍රදීපය. 2. [නා.ප්‍ර.] අඟුරු කබල; කෝව.
උක්කාචනා[නා.ප්‍ර.] (තමන්) උසස් කොට ඇඟවීම හෝ ප්‍රකාශ කිරීම.
උක්කාර[නා.ප්‍ර.] අශූචි; කසළ.
උක්කුජ්ජ[වි.] උඩුකුරු වූ; උඩුමුව ඇති.
උක්කුජ්ජ පඤ්ඤයා, උක්කුජ්ජ ප්‍රාඥයා[නා.] උගත් දෙය හොඳින් දරන ප්‍රඥාවන්තයා.
උක්කුජ්ජනය1. (පාරිභා.) [නා.] අතක් උඩුකුරුව හැරවීම. 2. [නා.] එසේ හැරවූ විට එය තිබෙන ආකාරය. (=supination).
උක්කුට්ඨි[නා.ප්‍ර.] ප්‍රීතිඝෝෂාව; ඔල්වර හඬ.
උක්කුටිකය, උක්කුටුකය1. [නා.] කෙළිල්ලෙන් හිඳීම; ඇණ තියාගෙන හිඳුම. 2. [නා.] තාපස ව්‍රතයක් වශයෙන් හෝ පය ඇඟිලි අගින් නොහොත් විලුඹින් හෝ ගමන් කිරීම.
උක්කෙමිය[නා.] උස්ව සිටි කැකුළ හෙවත් මොට්ටුව; උස් වූ කර්ණීකාව; පුරාණයේ තිබුණු විශාල තලි විශේෂයක මැද පිහිටි කෙමිය.
උක්කෝටනය1. (විනය.) [නා.] ධර්ම විනය දෙකින් සංසිඳ වූ අධිකරණයක් නැවත විසඳීමට ගැනීම. 2. [නා.] හිමි අහිමිකම් වෙනස් කිරීමට ගන්නා අල්ලස.
උක්ඛිත්ත1. (විනය.) [වි.] යම්කිසි වරදක් නිසා සමගි සංඝයාගෙන් බැහැර කරන ලද; උක්ඛේපනීය කර්මය කරන ලද. 2. [වි.] ඔසවන ලද.
උක්ඛිත්තකයා(විනය.) [නා.ප්‍ර.] උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුව.
උක්ඛේපනිය කර්මය, උක්ඛේපනීය කර්මය(විනය.) [නා.] වරදක් කළ භික්ෂුවක් සමගි සංඝයාගෙන් බැහැර කිරීමට කරන විනය කර්මය.
උක්ඛේපිම[වි.] උඩට ඇද ගත හැකි හෝ ඇද ගත යුතු.
උක්ත1. [වි.] කියන ලද; කියූ; ප්‍රකාශ කළ; සඳහන් කරන ලද. 2. (ව්‍යාක.) [වි.] වාක්‍යයක ආඛ්‍යාතයෙන් කියවුණු හෙවත් එය හා ගැළපුණු.
උක්ත කර්මය[නා.] (ව්‍යාක.) ආඛ්‍යාතයෙන් උක්ත වූ හෝ එයින් ප්‍රකාශ වූ කර්ම පදය.
උක්තය1. [නා.] කියන ලද්ද; ප්‍රකාශ කළ දේ; සඳහන් කරන ලද්ද. 2. (ව්‍යාක.) [නා.] ආඛ්‍යාතයෙන් කියැවුණු කර්තෘ හෝ කර්මය.
උක්තිය[නා.] කියමන; වදන; කී බස.
උක්පාණ, උප්පාණ(කථා.) [නා.] උක් දඬු මිරිකන යන්ත්‍රය.
උක්පැණි[නා.ප්‍ර.] උක් දණ්ඩෙහි යුෂ; උක් ඉස්ම; උක් ඉස්ම පැසවා සාදා ගත් පැණි.
උක්පැන්[නා.ප්‍ර.] උක් ඉස්ම; උක්රස.
උක්පිට, උක්පිඩ[නා.] එක වරට කපා ඔසවා ගන්නා ගොයම් මිට; ගොයම් අහුර.
උක්පිටි කරනවා, උක්පිඩි කරනවා[ක්‍රි.] කපා ගත් ගොයම් අහුරු කුඩා මිටි වශයෙන් රැස් කරනවා; කැට කඳු ගහනවා.
උක්මෙනවා[ක්‍රි.] පසු කර යනවා; ඉක්ම යනවා.
උක්ලාප[නා.ප්‍ර.] කුණු කසළ; රොඩු.
උක්ලාප ශූර්පය[නා.] කුණු කසළ එකතු කරන කුල්ල.
උක්වසල්ල[නා.] උක් දණ්ඩේ යුෂ මිරිකා ගත් පසු ඉතිරි වන රොඩ්ඩ.
උක්ෂ[නා.ප්‍ර.] (ජ්‍යෝති.) වෘෂභ ලග්නය.
උක්සකුරු, උක්හකුරු[නා.ප්‍ර.] උක් පැණියෙන් සාදා ගැනෙන හකුරු.
උකා දමනවා[ක්‍රි.] විසි කරනවා; ඉවත ලනවා.
උකා බොනවා[ක්‍රි.] උරා බොනවා; ඇද බොනවා.
උකාරය[නා.] ‘උ’ නැමැති අක්ෂරය; ‛උ’ ස්වරය.
උකාලනවා[ක්‍රි.] ගෙන දමනවා; දමනවා; බහා ලනවා.
උකැසි, උකසි[නා.ප්‍ර.] (තමා සිටින බැව් හැඟවීමට) උගුර පෑදීම හෙවත් කෑරීම.
උකු[වි.] ඝන; සාන්ද්‍ර. [නා.ප්‍ර.] ඌරන් උගුරෙන් නඟන රළු හඬ.
උකු තළනවා[ක්‍රි.] යටි උගුරෙන් රළු පහත් හඬක් නිකුත් කරනවා.
උකුකිරි1. [නා.ප්‍ර.] ඝන පොල්කිරි; මිටිකිරි; ගාන ලද පොල් මුල්වර මිරිකීමෙන් ලබා ගැනෙන කිරි. 2. [නා.ප්‍ර.] ජලය මිශ්‍ර නැති ඝන බවට පත් කළ දියර කිරි.
උකුටු[නා.ප්‍ර.] ප්‍රීති ඝෝෂාව; ඔල්වර හඬ.
උකුණා[නා.] හිසකේ අතර බෝවන කුඩා කෘමි විශේෂයක්.
උකුණුවළ[නා.] හිසේ පිටි පැත්තේ බෙල්ලට ඉහළින් පිහිටි වළ.
උකුත්1. [වි.] ඉකුත්; පසු කළ; ඉක්ම වූ. 2. [වි.] මළ.
උකුත් කරනවා[ක්‍රි.] පසු කරනවා; ඉක්ම යනවා; උල්ලංඝනය කරනවා.
උකුත් වෙනවා[ක්‍රි.] මැරෙනවා; කාලක්‍රියා කරනවා.
උකුනිල්ල(කථා.) [නා.] මී රා සඳහා ගස් මදින්නා සිය උපකරණ එල්ලා ගැනීමට ඉණේ ගසා ගන්නා කොක්ක.
උකුනුගස, උකුනුගහ(කථා.) [නා.] මඬින ලද ගොයම් ඇවිස්සීම සඳහා භාවිත කරන අගින් වක් වූ දිග ලීය; දැති ගොයියා.
උකුනුතැල්ල[නා.] (ගොවි.) උකුනු ගහේ කෙළවර සවි කර ඇති වක් වූ යකඩ උල.
උකුබානවා1. [ක්‍රි.] යටි උගුරෙන් රළු පහත් හඬක් නිකුත් කරනවා. 2. [ක්‍රි.] තරවටු කරනවා; සැර කරනවා; බැණ වදිනවා.
උකුල් ඇටය, උකුළු ඇටය[නා.] කශේරුවෙහි පහත කෙළවර උකුළ අභ්‍යන්තරයෙහි කපාලාකාරව පිහිටි ඇටය.
උකුල් දෙනවා[ක්‍රි.] උඩට නඟා තබනවා; ඔසවනවා.
උකුළ1. [නා.] කටිය; ශ්‍රෝණිය. 2. [නා.] ඇකය; ඔඩොක්කුව.
උකුළු[නා.ප්‍ර.] කුකුළා; කුක්කුටයා.
උකුළු පොරය[නා.] ඉතා පහසු කටයුත්ත.
උකුළුවට[නා.ප්‍ර.] වට වූ උකුළ; පුළුල් උකුළු ප්‍රදේශය.
උග[වි.] ප්‍රධාන; බලගතු.
උගත්[වි.] ඉගෙනගත්; ව්‍යක්ත; බහුශ්‍රැත.
උගනහර[නා.ප්‍ර.] පිටිකර උකුණුවළ දෙපැත්තේ සහ පය බොලට දෙපැත්තේ ඇති බල නහර දෙක.
උගන්නවා[ක්‍රි.] ඉගෙනීම කරනවා; ඉගෙන ගන්නවා; උද්ග්‍රහණය කරනවා.
උගමුට්ටිය(කථා.) [නා.] කිතුල්මලේ තෙලිදිය වෑස්සීමට එහි එල්ලනු ලබන මුට්ටිය; ගස් මුට්ටිය.
උගය[නා.] භාජනයක් හෝ වෙනත් දෙයක් එල්ලා තැබීමට ගැනෙන ජාලාකාර වූ උරිය හෝ පැස; උගාව.
උගරෑන(කථා.) [නා.] කළ, ලබුකැට ආදිය එල්ලාගෙන යා හැකි වන සේ ඒවායේ‍ කට වටා බඳින රැහැන.
උගලනවා[ක්‍රි.] එල්ලා තබනවා.
උගස[නා.] යමක් ඇපයට තැබීම.
උගහට[වි.] දුෂ්කර; අමාරු; අපහසු; ආයාසකර. [නා.ප්‍ර.] දුෂ්කර වූව; ආයාසකර වූ දෙය.
උගහල්ල(කථා.) [නා.] වළන් ආදිය එල්ලා තැබීමට දැලක් සේ වැල් ආදියෙන් ගොතා ඉහළක බැඳ ඇති උරය.
උග්ගත[වි.] පැන නැඟි; උදා වූ; උද්ගත වූ.
උග්ගහ[නා.ප්‍ර.] මනසින් ග්‍රහණය කිරීම; වණපොත් කිරීම; උද්ග්‍රහණය කිරීම; ඉගැනුම; අධ්‍යයනය.
උග්ඝාටනය[නා.] ඉගිළවීම; ගලවා දැමීම; ඉවත් කිරීම.
උග්‍ර[වි.] දැඩි; තියුණු; කර්කෂ. [නා.ප්‍ර.] ශිව දෙවියා.
උග්‍ර තාපමාපකය(පාරිභා.) [නා.] අධික උෂ්ණත්වය මැනීමේ උපකරණයක් (=pyrometer).
උග්‍රදණ්ඩ[වි.] බලවත් ආඥා ඇති; නිර්දය.
උගාකණුව(කථා.) [නා.] කමතේ අම්බරුවන් බඳින කණුව; කමත මැද සිටුවන ගොන් කණුව.
උගාවට ඉහිනවා[ක්‍රි.] මුල් ඇදී කැටි ගැසුණු බිත්තර වී ඉහිනවා හෙවත් වපුරනවා; පැළ මුල නොතෙමා වපුරනවා.
උගාවී(කථා.) [නා.ප්‍ර.] තෙමා බර තැබීමෙන් පසු ව පැළමුල් ආදිය එකට කැටි ගැසුණු බිත්තර වී; දෙවන වරට නොතෙමූ පැළ වී.
උගු[නා.ප්‍ර.] උක්ගස.
උගුඩු[වි.] හොඳින් නොපැසුණු; නොමේරූ. [නා.ප්‍ර.] (කථා.) පැසුණු තෙලිජ්ජ; රා.
උගුඩුවා1. (කථා.) [නා.] කලවැද්දා; කොළ දිවියා. 2. [නා.] මෝඩයා; අබබ්බයා; තකතිරුවා.
උගුර1. [නා.] කණ්ඨය; බොටුව; ගලනාලය. 2. [නා.] එක වරකට ගිලින දියර ප්‍රමාණය.
උගුර කරමල[නා.] දිව මුල උගුර දෙපැත්තෙහි වූ මස් රොද දෙක; ගලමූල ග්‍රන්ථිය.
උගුර හඬනවා1. [ක්‍රි.] උගුරෙහි සෙම බඳින නිසා හුස්ම ගැනීමේ දී අමිහිරි ශබ්දයක් නිකුත් වෙනවා. 2. (කථා.) [ක්‍රි.] ඉක්කගහනවා.
උගුරහිය[නා.] උගුරෙහි සෙම බැඳී හිරවීම.
උගුරු ඇටය[නා.] බෙල්ලේ ඉදිරිපස ගැටයක් මෙන් නෙරා ඇති තයිරොයිඩ් කාටිලේජය.
උගුරුදණ්ඩ[නා.] ස්වරාලයේ සිට ශ්වාසනාලිකා දක්වා ඇති ප්‍රධාන ශ්වාස මාර්ගය; ශ්වාසනාලය.
උගුල, උගුළ, උගුළු[නා.] අයහපත් අරමුණක් සඳහා අටවනු ලබන උපක්‍රමය; ප්‍රයෝගය; සූත්තරය.
උගුල් කූඩුව[නා.] බිත්තර දැමීම සඳහා කිකිළියන් කොටු කරන උගුල් දොරක් සහිත කූඩුව.
උගුල් දොර[නා.] යමකු හෝ යමක් ඇතුළු වූ විට ආපසු යා නොහැකි ලෙස නිරායාසයෙන් වැසෙන දොර.
උගුල් මාරුව[නා.] උගුල; උපාය.
උගුල්ඉන්න(කථා.) [නා.] උගුලක මරුවැල බැඳීම සඳහා නමා නවත්වන ලීය.
උගුල්පත්(කථා.) [නා.ප්‍ර.] ගුරුහරුකම; අනුබලය; උනන්දු කරවීම.
උගුල්ලීය[නා.] බරකරත්තවල ඒරියකඳට යටින් එල්ලා තබා එය නැවැත්වූ පසු තිරස් ව පවතින සේ කොනක් බිමට ගසනු ලබන ලීය.
උගුසැව්[නා.ප්‍ර.] උක් දඬු දුන්නක් ඇත්තා; අනංගයා.
උගුළනවා1. [ක්‍රි.] උදුරනවා; ගලවනවා; ඉවත් කරනවා. 2. [ක්‍රි.] දියාරුවට මල පහ කරනවා; බඩ ගසාගෙන යනවා.
උගුළුමල(කථා.) [නා.] උගුලකට සම්බන්ධ කොට තබා ඇති මලපුඩුව.
උගුළුවනවා1. [ක්‍රි.] උදුරවනවා; උපුටා දම්මවනවා; ගලවනවා; ඉවත් කරවනවා; නැති කර දමනවා. 2. [ක්‍රි.] උද්ධරණය කරනවා; උඩට නගා ගන්නවා; මතු කරනවා. 3. [ක්‍රි.] සිටි තැනින් නැඟිටුවනවා; ඉගිලෙන්නට හෝ පැන දුවන්නට හෝ සලස්වනවා; පලවා හරිනවා. 4. [ක්‍රි.] දියාරුවට මළපහ කරනවා.
උච්ච වෙනවා[ක්‍රි.] (ජ්‍යෝති.) ග්‍රහයන් උසස් ස්ථානයකට යනවා; උත්කෘෂ්ට බලයෙන් යුත් රාශියකට පැමිණෙනවා; උච්චක්ෂේත්‍ර වෙනවා.
උච්චක්ෂේත්‍රය[නා.] (ජ්‍යෝති.) උච්ච රාශිය.
උච්චචර්මය1. (පාරිභා.) [නා.] අපිචර්මීය සෛලවල බාහිර බිත්තියේ බාහිර ස්තරය වන ජලවාරක ඉටිවැනි අසෛලක ද්‍රව්‍ය (=cuticle). 2. (සත්ව.) [නා.] අපිචර්මයට උඩින් පිහිටි සිවිය; උඩහම.
උච්චභාගය[නා.] රාශියක් තුළ යම්කිසි ග්‍රහයකු උච්ච ව සිටිනා කොටස හෙවත් අංශක ගණන.
උච්චමානය(පාරිභා.) [නා.] වායුපීඩනය අනු ව උස මැනීමේ උපකරණය; ඇල්ටිමීටරය.
උච්චරාශිය[නා.] ග්‍රහයන්ගේ උසස් රාශිය හෙවත් උත්තුංග වූ ක්ෂේත්‍රය.
උච්චස්තරවලාකුළු(පාරිභා.) [නා.ප්‍ර.] අළු හෝ නිලට හුරු වූ ද, අඩි 10,000 ත් 25,000 ත් අතර උසින් පවතින්නා වූ ද කෙඳි ගතියෙන් යුත් ඝන වලාකුළු (=altostratus clouds).
උච්චාටනය[නා.] (මන්ත්‍රානුසාරයෙන් සතුරන් රටින්) පලවා හැරීම හෝ කෙනකුගේ රක්ෂාව අත් හැරවීම.
උච්චායම(කථා.) [නා.] පාරට්ටුව; කයිවාරුව; චාටු බස.
උච්චාරණය[නා.] කීම; ශබ්ද නඟා කතා කිරීම; උසුරුවීම.
උච්චාරණේන්ද්‍රිය[නා.ප්‍ර.] උච්චාරණය සඳහා අවශ්‍ය අවයව.
උච්චාවච[වි.] උස් පහත්; කුදු මහත්; විවිධ.
උච්චාවචනය1. [නා.] නැඟීම හා බැසීම; උස් පහත් වීම; අඩුවැඩි වීම; වෙනස් වීම. 2. (පාරිභා.) [නා.] වටපිටාවේ බලපෑම නිසා ශාකයක සිදුවන වර්තනය (=fluctuation). 3. [නා.] ද්‍රවයෙහි හෝ අසාමාන්‍ය ඉදිමුමක හෝ ඇතිවන දිග හැරීම හා හැකිළීම.
උච්චාසනය[නා.] (විනය.) උස් අසුන; උස් වූ පුටු ආදි ආසනය; මිටි රියනකට හෙවත් වඩු රියනකට වඩා උස් වූ පාද ඇති ආසනය.
උච්චාසයනය[නා.] (විනය.) උස් වූ ඇඳ හෙවත් මඤ්චය.
උච්චිනනය[නා.] තෝරා රැස් කිරීම; තේරීම.
උච්ඡඞ්ග[නා.ප්‍ර.] ඉණ; උකුළ; ඔඩොක්කුව.
උච්ඡඞ්ග පඤ්ඤයා[නා.] අස්ථිර ප්‍රඥාව ඇත්තා; උගත් දෙය වහා අමතක කරන්නා.
උච්ඡලනය[නා.] උඩට නැඟීම; ඉහළට විහිදීම.
උච්ඡාදනය[නා.] ඇඟ ඉළීම; ශරීරයේ කුණු ඉවත් කිරීම සඳහා පිරිමැදීම.
උච්ඡිට්ඨ[වි.] ඉතිරි; ඉඳුල් වූ. [නා.ප්‍ර.] කා ඉතිරි වූ දේ; ඉඳුල්.
උච්ඡිට්ඨභෝජි[නා.ප්‍ර.] ඉතිරි වූ ආහාර අනුභව කරන්නා; ඉඳුල් කන්නා.
උච්ඡින්න[වි.] සිඳුණු; සුන් වූ.
උච්ඡින්නමූල[වි.] මුලින් ම සිඳුණු; මූලෝච්ඡින්න වූ; නැවත හටගත නොහැකි සේ නැසුණු.
උච්ඡින්නය[නා.] සිඳීම; සුන් වීම; විනාශය.
උච්ඡු[නා.ප්‍ර.] උක්ගස.
උච්ඡේද දෘෂ්ටිය[නා.] මරණින් මතු උත්පත්තියක් නැතැයි යන මතය; උච්ඡේද වාදය.
උච්ඡේදකය[නා.] නැසීම; වැනසීම.
උච්ඡේදනය[නා.] සිඳීම; කැපීම; මුල් සිඳී වැනසී යෑම; නැවත නොඉපදීම.
උජවඩනවා(කථා.) [ක්‍රි.] අගේ කරනවා; පුරසාරම් දොඩවනවා; තමා ලබා ගත් දෙයක බොරු වටිනාකම හෝ වාසිය හුවා දක්වනවා.
උජ්ජ්වල[වි.] දිලිසෙන; බැබළෙන.
උජ්ජ්වලිත[වි.] ආලෝකවත් වූ; බැබළෙන; දිලිසෙන.
උජ්ජ්වාලකය(පාරිභා.) [නා.] වහා ගිනි ගන්නා රසායන ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ දී උපයෝගී කොට ගන්නා හැන්දක් වැනි උපකරණය; දල්වන හැන්ද (=deflagrating spoon).
උජ්ජීවනය[නා.] නැවත පණ ලැබීම; ජීවත් වීම; නව ජීවනය.
උජ්ජෝතනය[නා.] ආලෝකවත් කිරීම; බැබළවීම.
උජ්ඣානය[නා.] කිපීම; අනුන්ගේ දොස් සෙවීම; කෝප සිතැති බව.
උජ්ඣාපනය[නා.] (විනය.) කුපිත කරවීම; කෝපාවිෂ්ට කරවීම; අනුන් ලවා (යමකු) සැහැල්ලු කොට සිතීමට සැලැස්වීම.
උජ්ඣායනය[නා.] නින්දා කිරීම; දොස් කීම.
උජ්වලනය[නා.] බැබළීම; දීප්තිය.
උජාරුව[නා.] උඩඟුකම; අහංකාරය; පුහු ගර්වය; බොරු ඔපය; ජේත්තුව.
උජිත[වි.] උතුම්; උසස්.
උජු, උජුක[වි.] ඇද නැති; ඍජු වූ.
උජුපටිපන්න[නා.ප්‍ර.] ඍජු වූ ආර්ය මාර්ගයට පිළිපන් තැනැත්තා; භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා.
උඤ්ඡාචාරය[නා.] පිඬු සිඟා ගෙන් ගෙට යාම; පිණ්ඩචර්යාව; පිඬු සිඟා හැසිරීම.
උට්ටම[නා.] රාජශ්‍රීය; තේජස.
උට්ටාලම(කථා.) [නා.] ප්‍රයෝගය; කූට උපාය; උගුල; යටිකූට්ටුව.
උට්ඨාන වීරිය, උට්ඨාන වීර්යය[නා.] නොපසුබස්නා උත්සාහය; අප්‍රතිහත ධෛර්යය; කයින් මනසින් කරන දැඩි ප්‍රයත්නය.
උට්ඨාන සම්පදා[නා.ප්‍ර.] ජීවනෝපාය සඳහා කරන රැකීරක්ෂා ආදියෙහි දක්ෂවීම; අලස නොවීම; වීර්ය සම්පත්තිය.
උට්ඨානය1. [නා.] නැඟී සිටීම; නැගිටීම; උත්සාහවන්තවීම; වීර්යය. 2. (විනය.) [නා.] (ඇවතින්) මිදීම; (දොසින්) නිදහස් වීම.
උට්ඨාපනය[නා.] නැඟිටුවීම.
උඩ[වි.] යම් තැනකට වඩා උසින් පිහිටි; ඉස්මත්තෙහි වූ; ඉහළ; උස් වූ. [නා.] යම් තැනකට වඩා උස කොටස; මුදුන; ඉහළ; උස් වූ ස්ථානය. 1. [නි.] මත්තෙහි; මුදුනෙහි; ඉහළ. 2. [නි.] ඉහත; ඉස්සර; පෙර. 3. [නි.] හේතූ කොටගෙන, සම්බන්ධයෙන්, අනු ව,මත ආදි අර්ථවල යෙදෙන නිපාතයක්.
උඩ අළුව(කථා.) [නා.] ගසක් කැපීමේ උ දී පළමුවෙන් කපන ලද අළුවට (හැඩ කැපුමට) මඳක් උඩින් ගහේ අනික් පැත්තෙන් කපනු ලබන හැඩ කැපුම.
උඩ ගන්නවා(කථා.) [ක්‍රි.] උසුලා ගන්නවා; දරා ගන්නවා.
උඩ ගබඩාව[නා.] මහනුවර රාජධානි කාලයේ රජුගේ පෞද්ගලික භාණ්ඩාගාරය.
උඩඇල්ම[නා.] හුස්ම ඇල්ලීම; ඇදුම.
උඩඔලොංගුව(කථා.) [නා.] කිතුල්මල කඩා නොවැටෙන පිණිස මලේ උඩ පැත්තෙන් ගහට අල්ලා බඳින ලණුව.
උඩකට්ටුව1. (කථා.) [නා.] උඩ පළාත; උඩරට. 2. [නා.] උසස් පෙළ; ඉහළ පන්තිය.
උඩගෙඩි දෙනවා(කථා.) [ක්‍රි.] රුකුල් දෙනවා; උල්පන්දම් දෙනවා.
උඩඟු1. [වි.] උඩට හැරුණු. 2. [වි.] අහංකාර; ආඩම්බර; ගර්විත. 3. [වි.] ඇවිස්සුණු; කැලඹුණු.
උඩත[උඩ+අත] [නා.] උඩ පැත්ත; ඉහළ.
උඩත්පිරිසෙයින්[ක්‍රි.වි.] ඉහළ සීමාවෙන් හෝ මට්ටමෙන්; උපරිම වශයෙන්.
උඩත්මිල සීමාව(පාරිභා.) [නා.] බඩුවකට අය කළ හැකි උපරිම මිල මට්ටම (=ceiling price).
උඩදණ්ඩිය(කථා.) [නා.] වල් අලියකු එන බව දැන ගැනීමට පාරේ හරහට බඳින ලීය.
උඩප්පරය[නා.] ආඩම්බරය; උඩඟුකම; මානය.
උඩබුමු[නා.ප්‍ර.] ප්‍රාසාදයක උඩු මහල; උඩ තට්ටුව.
උඩමළුව1. [නා.] ස්තූපයක් වටා ඉහළ මට්ටමේ පිහිටි මළුව හෙවත් මාලකය. 2. [නා.] ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි මළුව.
උඩම්බේරු(කථා.) [වි.] ආඩම්බර; උඩඟු.
උඩමාලය1. [නා.] උඩු මහල් තලය; ගෙයක උඩතට්ටුව. 2. [නා.] දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින දළඳා මාලිගාවේ උඩුමහල් තලය හෙවත් උඩ තටුට්ව.
උඩය, උඩේ1. [නා.] උඩරට රජදරුවන් හා ප්‍රධානයන් සඳහා මසන ලද වළලුකර ළඟ රැළිවලින් යුක්ත කලිසම් විශේෂයක්. 2. [නා.] අසුන් පිට යාම සඳහා අඳින දණ ළඟින් කෙළවර වන කලිසම.
උඩරට ගිවිසුම[නා.] ක්‍රි. ව. 1815 දී උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන් යටතට පත් වන අවස්ථාවේ දී ඉංග්‍රීසීන් හා උඩරට සිංහලයන් අතර ඇති කර ගත් ගිවිසුම.
උඩරට නීතිය[නා.] ක්‍රි. ව. 1815 දක්වා උඩරට රාජධානියෙහි ක්‍රියාත්මක කළ සිංහල නීති ක්‍රමය.
උඩරට රාජ්‍යය[නා.] 1 වන විමලධර්මසූරිය රජුගෙන් ආරම්භව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පාලන සමය දක්වා පැවැති සිංහලේ අන්තිම රාජ්‍යය.
උඩස[නා.] උඩපැත්ත; මුදුන; මස්තකය.
උඩස් වෙනවා1. (කථා.) [ක්‍රි.] උඩට වෙනවා; උස් වෙනවා. 2. [ක්‍රි.] තරහ වෙනවා.
උඩහල්ල[නා.] ලණුවලින් හෝ පන්වලින් හෝ වේවැල්වලින් හෝ ගොතා සාදාගත් හැළි වළන් ආදි යම් යම් දේ තැබීම පිණිස සාමාන්‍යයෙන් කුස්සියේ එල්ලනු ලබන උරය හෙවත් පැස.
උඩහලුව(පාරිභා.) [නා.] ආධාරකය; කලම්පය(=stirrup).
උඩළ1. (කථා.) [නා.] කුඹුරක හෝ ලියැද්දක උඩු පැත්තෙහි ඇති ප්‍රධාන ඇළ. 2. [නා.] කුඹුරක හෝ ලියැද්දක ඉහළ කොටස හෙවත් උඩු පැත්ත.
උඩළිපත, උඩෙළිපත[උඩ+එළිපත] [නා.] උළුවස්සේ උඩ පත්ත; උඩ පඩිය.
උඩැක්කිය, උඩක්කිය[නා.] උඩරට නැටුම්වල හා දේව යාගවලදී වාදනය කරන්නා වූ මැද භාගය සිහින් වූ කුඩා බෙර විශේෂයක්.
උඩැඟ[නා.] ශරීරයේ ඉහළ කොටස.
උඩැසි[නා.ප්‍ර.] උඩු පැත්ත; ඉහළ පැත්ත.
උඩිකිත්තන්(කථා.) [නා.ප්‍ර.] එකකු තව එකකුගේ ඉසට උඩින් පැනීමේ ක්‍රීඩාව.
උඩිච්චි කරනවා[ක්‍රි.] යම් දෙයක් නියම ප්‍රමාණයට වඩා කුඩා කරනවා.
උඩිච්චිය1. (කථා.) [නා.] උඩැක්කිය. 2. [නා.] කුඩා හට්ටිය; කුඩා භාජනය.
උඩින් මත්තෙන්(කථා.) [ක්‍රි.වි.] අතනිත් මෙතනින්; අතරින් පතරින්.
උඩින් යනවා(කථා.) [ක්‍රි.] ප්‍රමාණය ඉක්මවා කටයුතු කරනවා.
උඩු[වි.] ඉහළින් පිහිටියා වූ; ඉහළ; උඩ. 1. [නා.ප්‍ර.] තරුව; තාරකාව. 2. [නා.ප්‍ර.] නැකත; නක්ෂත්‍රය.
උඩු අත[නා.] ඉහළ පැත්ත. [ක්‍රි.වි.] ඉහළ පැත්තෙන්; උඩහින්.
උඩු කබල1. (පාරිභා.) [නා.] ඉබ්බන්, කකුළුවන් ආදින්ගේ ශක්තිමත් පිට වැස්ම හෙවත් පොත්ත. (=carapace) 2. (කථා.) [නා.] ආප්ප වැනි කෑම වර්ග ඉවීමේ උඩින් තබන ගිනි අඟුරු සහිත කබල.
උඩු කරනවා[ක්‍රි.] උඩ නඟනවා; ඔසොවනවා.
උඩු ගත[නා.] ශරීරයේ ඉහළ කොටස; ඌර්ධ්වකාය.
උඩු තල්ල[නා.] මුඛ කුහරයේ උඩුපැත්ත.
උඩු තුරාව[නා.] රුවලේ ඉහළ කොටසේ කෙළවර.
උඩු දණ්ඩ[නා.] ඔරුවක කුඩා කුඹය.
උඩු දැත්ත(කථා.) [නා.] ලියැද්දක ඉහළ පැත්තෙන් වූ නියර අසල ප්‍රදේශය.
උඩු දැළිය[නා.] උඩු රැවුල.
උඩු දිව[නා.] පුංචි දිව; රසදිව.
උඩු නඟනවා[ක්‍රි.] උඩට ඔසවනවා.
උඩු නැම්ම(පාරිභා.) [නා.] පෘථිවි පෘෂ්ඨයේ පාෂාණ ස්තර ආරුක්කුවක හැඩයට රැලි ගැසීමෙන් සිදු වන නැම්ම (=anticline, anticlinal fold ).
උඩු පිල[නා.] අංකෙළිය, පොල් ගැසීම ආදි ක්‍රීඩාවලට එළඹෙන පක්ෂ දෙකෙන් එකක් හඳුන්වන නාමය.
උඩු බහ(කථා.) [නා.] නිසි පිළිවෙළ; අණ ගුණ.
උඩු බුරනවා, උඩු බුරුලනවා[ක්‍රි.] (බල්ලන්) මුඛය උඩුකුරු කොට (දුක්මුසු ලීලාවෙන්) හඬ නඟනවා.
උඩු රළුව(කථා.) [නා.] සුළි සුළඟ.
උඩු රැළිය[නා.] උඩු නැම්ම.
උඩුඅක්ලොම්, උඩුඅග්ලොම්[නා.ප්‍ර.] උඩුකුරු වූ අගින් යුත් ලෝම; බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්.
උඩුකය[නා.] ශරීරයේ නාභියෙන් ඉහළ කොටස; ඌර්ධ්වකාය.
උඩුකුරු1. [වි.] උඩු අතට හැරුණු; උඩුබැලි; ඌර්ධ්වගාමී. 2. (පාරිභා.) [වි.] කෙළින් පිහිටි (=erect). 3. [වි.] ඩිම්බය කෙළින් පිහිටි.
උඩුකුරු තෙරපීම, උඩුකුරු තෙරපුම[නා.] ජලයෙහි පවත්නා පරිදි උඩු අතට ක්‍රියා කරන බලය හෙවත් පීඩනය.
උඩුකුරු ප්‍රතිබිම්බය(පාරිභා.) [නා.] නියම ස්වරූපය වෙනස් බවට පරිවර්තනය වූ ප්‍රතිරූපය (=erect image).
උඩුකුරු වාතය[නා.] වාතය ඌර්ධ්වගත වීම නිසා බඩ සහ බඩවැල අධික වාතයෙන් පිරීයෑමෙන් හටගන්නා රෝගය.
උඩුකුරු විභේදය[නා.] ඉහළින් පිහිටි පාෂාණ ස්තර පහළින් පිහිටි ස්තරවලට උඩින් ඉදිරියට තල්ලු වී සෑදුණු විභේදයක් (=reverse fault).
උඩුකුරු විස්ථාපනය[නා.] වාතයට වඩා වැඩි ඝනත්වයක් ඇති (ක්ලෝරීන් වැනි) වායු එකතු කිරීමේ ක්‍රමයක් (=upward dis- place).
උඩුගං[වි.] ගඟක ඉහත්තාව හා සම්බන්ධ.
උඩුගුරුරැව්[නා.ප්‍ර.] බල්ලන් උඩුබුරුලන හඬ.
උඩුගුවන[නා.] අහසේ ඉහළ පෙදෙස; අහස් කුස; උඩු ගුවන.
උඩුතැලි[වි.] උඩු අතට හැරුණු; උඩුකුරු.
උඩුප1. [නා.ප්‍ර.] කුඩා ඔරුව; පහුර. 2. [නා.ප්‍ර.] ඔරුවක හැඩය ඇති චන්ද්‍රයා.
උඩුපති[නා.ප්‍ර.] තාරකාවන්ගේ ස්වාමියා; චන්ද්‍රයා.
උඩුමංසල(කථා.) [නා.] ගොඩනැගිල්ලක උඩ තට්ටුව; ප්‍රාසාදයක උඩු මහල.
උඩුමඟ1. (කථා.) [නා.] ඉණිමඟ; සෝපානය; තරප්පුව. 2. [නා.] ඉහළට යන පාර.
උඩුමණ්ඩි(පාරිභා.) [නා.ප්‍ර.] ද්‍රවයක මතු පිට සෑදෙන එසේත් නැතිනම් ද්‍රව මතුපිටට නැඟෙන අපද්‍රව්‍යය; ද්‍රවයක මතුපිට පාවෙන ඕනෑ ම අපවිත්‍ර ද්‍රව්‍ය තට්ටුවක්.
උඩුමහල් ගැබ්ගෙය[නා.] උඩුමහල් ගර්භයකින් යුත් ගෙය.
උඩුමහල් ගේ1. [නා.] දේවාලයක ඉහළ ගබඩාව. 2. [නා.] තට්ටු කිහිපයක් සහිත ගෙය.
උඩුම්බුවා(කථා.) [නා.] තලගොයා; ගොඩබිම හැසිරෙන එනම් සතා.
උඩුමාල, උඩුමහල[නා.] තට්ටු දෙකක් ඇති ගෙයක හෝ ගොඩනැගිල්ලක හෝ උඩ තට්ටුව; මතුමහල; සොල්දර තට්ටුව; තට්ටු කිහිපයක් ඇති ගොඩනැගිල්ලක මුදුන් තට්ටුව.
උඩුමාව(කථා.) [නා.] ගෙඩි වල්ලක ඉහළින් ම තිබෙන ගෙඩිය.
උඩුමියා[වි.] උඩුකුරු; උඩට හැරුණු කට ඇති.
උඩුමුරුව(කථා.) [නා.] අමනාපය; අධික නොරිස්සුම් බව හෝ කෝපය පෙන්වීම.
උඩුමුල්ල1. (කථා.) [නා.] කුඹුරක ඉහළ කොන. 2. [නා.] ගෙයක මුදුනේ ඇති මුල්ල.
උඩුමුව, උඩුමුවා[වි.] උඩට හැරවූ මුඛය ඇති; උඩුකුරු; උඩුබැලි.
උඩුරාජ[නා.ප්‍ර.] තාරකාවලියේ රජා; සඳ; චන්ද්‍රයා.
උඩුවටු[වි.] උඩ බලා පිහිටි; උඩුකුරු; ඌර්ධ්වවර්තී.
උඩුසුළග[නා.] සුළඟ හමා එන පැත්ත; හමන සුළඟට විරුද්ධ දිසාව; පටිවාතය.
උඩුහිත[නා.] මනසේ හැඟීම් හෙවත් සංඥා ලබාගන්නා සිත; ප්‍රකට චිත්තය.
උඩුහුරු1. [වි.] උඩු අතට හැරුණු; උඩුකුරු; උඩුබැලි. 2. [වි.] උඩට නැඟුණු; ගැලවුණු. 1. [නා.ප්‍ර.] උඩට ගන්නා හුස්ම; ආශ්වාසය. 2. [නා.ප්‍ර.] සුසුම; දුක් සුසුම.
උඩුහුරුනල[නා.] ඌර්ධ්වශ්වාස මාරුතය; සුසුම් වාතය.
උණ1. [නා.] උෂ්ණත්වය; උණුසුම. 2. [නා.] උණ රෝගය; ජ්වරය. 3. [නා.] ගං ඉවුරු ආදියෙහි පඳුරු වශයෙන් උඩට වැඩෙන නළාකාර පුරුක් සහිත කඳක් ඇති තෘණ කුලයේ ශාකයක්; උණගස.
උණ කටුව1. [නා.] ශරීරයේ උෂ්ණත්වය මැනීම පිණිස ගන්නා විශේෂ උෂ්ණත්ව මානය. 2. [නා.] කටුඋණ ගස්වල කටුව.
උණ කිළිල[නා.] ළපටි උණ ගොබය; නොමේරූ උණ අංකුරය; උණ මොටියා.
උණ කුළල[නා.] උණ බම්බුවෙන් සෑදූ නළය හෝ නළාව.
උණ ගෙඩිය[නා.] මැලේරියා ආදි විෂම ජ්වර රෝග කලක් පැවතීම නිසා ඉදිමුණු බඩදිව හෙවත් පිලාව; උණ පිලාව.
උණකපුරු[නා.ප්‍ර.] උණ ගසෙන් ලබාගන්නා කපුරු විශේෂය; වංශලෝචන.
උණකුලාව(කථා.) [නා.] ගැටය සහිත උණ පුරුක.
උණපුපුළුවා[නා.] උණහපුළුවා.
උණසන්නිපාතය[නා.] බඩවැල්වල ආබාධ නිසා ඇති වන උණ රෝගයක්; ආන්ත්‍රික ජ්වරය.
උණසහල්[නා.ප්‍ර.] උණ ගසෙහි ඇට හෙවත් බීජ.
උණසීගතු[නා.ප්‍ර.] ශරීරය වෙව්ලන තරමට සීතල ඇති වී සෑදෙන්නා වූ උණ රෝගයක්.
උණහපුළුවා[නා.] සිහින් අතපයත් විශාල ඇස් දෙකකුත් ඇති වලිගය රහිත නිශාචර කුඩා ක්ෂීරපායී සතෙක්; උණපුපුළුවා.
උණළු[නා.ප්‍ර.] උණුසුම් අළු; රත් වූ අළු.
උණ්ඩය[නා.] තුවක්කුවට දමා වෙඩි තබන ලෝහ ගුළිය; වෙඩි උණ්ඩය; මූනිස්සම.
උණ්ඩිය[නා.] ගෝලාකාර කුට්ටිය; ගුළිය; පොදිය.
උණ්ඩියම[නා.ප්‍ර.] හෙට්ටි ජනයා විසින් මුදල් වෙනුවට පාවිච්චි කළැයි කියන මුද්‍රා තැබූ තල්කොළ කැබැල්ල.
උණ්ඩියරාල[නා.] මහනුවර රාජ්‍ය සමයේ අයබදු එකතු කළ නිලධාරියෙක්.
උණ්ඩුකපුච්ඡය(පාරිභා.) [නා.] මහා බඩවැල ආරම්භයේ පිහිටි උණ්ඩුකයෙන් දික් වී පැතිර යන එක කෙළවරක් වැසුණු පටු නාළය (=appendix).
උණ්ඩුකය[නා.] ක්ෂිරපායී සත්ත්වයන්ගේ කුඩා බඩවැල හා මහ බඩවැල සන්ධි වන තැන පිහිටි පණුවකු බඳු කුඩා අවයවය; අන්ධාශය.
උණ්ණහිසි, උණ්ණාහිසි[නා.ප්‍ර.] සිවුරු කපා උර තනා කැප සතුන්ගේ ලොම් ආදිය පුරවා සාදා ගන්නා මෙට්ටය.
උණ්හීසකය, උණ්හීසය1. [නා.] (රජවරුන්) නළලෙහි පලඳින ආභරණ විශේෂයක්; නළල්පට. 2. [නා.] ඔටුන්න; කිරීටය. 3. [නා.] හිස්වෙළුම; තොප්පිය. 4. [නා.] බුදුරදුන්ගේ හිස් මුදුනෙහි සිළුවක් මෙන් උඩට නෙරා ගිය කොටස; උෂ්ණීෂය.
උණ්හීසසීස[නා.ප්‍ර.] පිරිපුන් නළල සහිත පිරිපුන් හිස; දකුණු කන් හිසින් පටන්ගෙන වම් කන් හිස දක්වා මුළු නළල් තලය රන් පටකින් වැසුවා සේ වන ලක්ෂණය; බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකකි.
උණ්හෝදකය[නා.] උණුවතුර.
උණු[වි.] උණුසුම්; රත් වූ; වැඩි උෂ්ණත්වයක් ඇති.
උණු කරනවා1. [ක්‍රි.] උණුසුම් කරනවා; රත් කරනවා. 2. [ක්‍රි.] ලෝහ වර්ග රත් කිරීමෙන් දිය කරනවා; උෂ්ණයෙන් ද්‍රාවණය කරනවා. 3. [ක්‍රි.] හිත මොළොක් කරනවා; අනුකම්පා ඇති කරනවා.
උණු දිය උල්පත[නා.] පොළොව තුළින් ස්වාභාවිකව උණු වතුර මතු වන ස්ථානය.
උණුසුම්, උණුහුම්[නා.ප්‍ර.] උෂ්ණය; උණු ගතිය; රස්නය.
උණුසුම්වර්ණ[නා.ප්‍ර.] රතු, කහ, දුඹුරුපාට සහ ඒවායින් මිශ්‍ර අන්‍ය වර්ණ.
උණුහුම්[වි.] උණුසුම් බව ඇති; රස්නය ඇති.
උත්[උ.] ඉහළට; උඩට; උඩින්; උසස්; බැහැර; අධික. [වි.] කියූ; උක්ත.
උත්ක1. [වි.] උකටලී; කලකිරුණු. 2. [වි.] අනෙක් දෙයක් සිතන.
උත්කට[වි.] අධික; වැඩි. [නා.ප්‍ර.] කුරුඳු පොතු.
උත්කණ්ඨ1. [වි.] දැඩි බලාපොරොත්තු ඇති; උත්සුක. 2. [වි.] උකටලී; කලකිරුණු.
උත්කණ්ඨාව1. [නා.] දැඩි ආසාවෙන් බලාපොරොත්තු වීම. 2. [නා.] කලකිරීම; පසුතැවීම. 3. [නා.] උඩුකුරු වූ ගෙල ඇති බව.
උත්කම්පාව[නා.] චංචල වීම; කැලඹීම.
උත්කර්තනය[නා.] කැපීම; කපා දැමීම.
උත්කර්ෂණය1. [නා.] පිරිසිදු බවට පත් කිරීම. 2. [නා.] ඉහළට එසවීම.
උත්කර්ෂය1. [නා.] උසස් බව; ශ්‍රේෂ්ඨත්වය; විශිෂ්ටත්වය. 2. [නා.] විපුලත්වය; අධික බව; අතිශය.
උත්කර්ෂාපකර්ෂ[උත්කර්ෂ+අපකර්ෂ] [නා.ප්‍ර.] ශ්‍රේෂ්ඨත්වය හා හීන භාවය; උසස් බව හා පහත් බව.
උත්කලන[නා.ප්‍ර.] ලිහීම; බුරුල් කිරීම.
උත්කලිත[වි.] පලවන ලද; පහ කරන ලද.
උත්ක්ෂිප්ත1. [වි.] උඩට දමන ලද; ඉහළ නැඟි; එසවුණු; උස් වූ. 2. [වි.] බැහැර කළ; වමාරන ලද. 1. [නා.] පෘථිවි පෘෂ්ඨයේ කොටසක මට්ටම ඉහළ නැඟීම හෙවත් උස් ව පිහිටීම. 2. [නා.] අත්තන නම් ශාකය.
උත්ක්ෂේපණය[නා.] උඩට දැමීම; එසවීම; පොළෝතලයේ කොටස් උඩට නැගීම; නෙරපා හැරීම.
උත්ක්ෂේපමර්මය[නා.] නළල දෙකෙළවර කේශාන්තයෙහි පිහිටි මර්ම හෙවත් දුර්වල ස්ථාන දෙක.
උත්ක්ෂේපය[නා.] එසවීම; උඩට තෙරපීම.
උත්ක්ෂෝභය[නා.] කම්පාවීම; කැලඹීම.
උත්ක්‍රමණය1. [නා.] බැහැර වීම; පහකිරීම. 2. (පාරිභා.) [නා.] එක් ප්‍රදේශයකින් හෝදාගෙන එන පසින් තවත් ප්‍රදේශයක් ගොඩ වීම.
උත්ක්‍රමය1. [නා.] පිළිවෙළ ඉක්මවීම; විරුද්ධ පිළිවෙළ; ප්‍රතිලෝම විධිය. 2. (පාරිභා.) [නා.] පැත්තකට නැමීම; විචලනය. 3. [නා.] මිණුම් උපකරණයක කටුව ගමන් කිරීම.
උත්ක්‍රාන්තික[නා.ප්‍ර.] ඉක්මවා යෑම; පැන යෑම; උල්ලංඝනය.
උත්ක්‍රෝශනය[නා.] හඬ නැඟීම; කෑ ගෑම; උත්කෝශය.
උත්කාර[නා.ප්‍ර.] කසළ; අශූචි.
උත්කාර ගෘහය[නා.] වැසිකිළිය; වර්චස් කුටිය.
උත්කාරිකා[නා.ප්‍ර.] පිටි, ගිතෙල්, ඖෂධ වර්ග, මී පැණි ආදිය සමග සංයෝග කිරීමෙන් පිසගන්නා බෙහෙත් තලපය.
උත්කීර්ණ[වි.] කැටයම් කළ; අකුරු කෙටූ; ලියන ලද.
උත්කුටක[වි.] මැදින් වක ගැසුණු; විලුඹ හා ඇඟිලි පමණක් බිම වැදෙන පාද ඇති.
උත්කෘෂ්ට1. [වි.] ඉතා උසස්; උත්තම; පරම; ශ්‍රේෂ්ඨ. 2. [වි.] දීර්ඝ විස්තර සහිත; සවිස්තර. 3. [වි.] ලොකු; විශාල.
උත්කෝච[නා.ප්‍ර.] අල්ලස.
උත්කෝටනය[නා.] අධිකරණයෙන් තීරණය කළ කාරණයක් නැවත විභාග කිරීම සඳහා මතු කිරීම.
උත්ඛාත[වි.] හාරන ලද; කණින ලද.
උත්ඝාටනය[නා.] ගලවා දැමීම; ඉවත් කිරීම.
උත්ත1. [නා.ප්‍ර.] පොල්, දිවුල් ආදියෙහි පිට කටුව; පොල් කටුව. 2. [නා.ප්‍ර.] දණහිස් කටුව. 3. [නා.ප්‍ර.] හැන්දෙහි පොල්කටුව හෝ තලය. 4. [නා.ප්‍ර.] තරාදි තටුව. 5. [නා.ප්‍ර.] උතුම් දෙය; උත්කෘෂ්ටය.
උත්තංසය1. [නා.] හිසෙහි පලඳින (මුදුන්) මල් කඩ. 2. [නා.] කනෙහි පලඳින ආභරණ විශේෂයක්; කඩුක්කම.
උත්තප්ත[වි.] රත් කළ; ගිනියම් කළ; තැවූ.
උත්තම[වි.] ඉතාමත් උසස්; උදාර; ශ්‍රේෂ්ඨ; ප්‍රධාන. [නා.ප්‍ර.] ශ්‍රේෂ්ඨ පුද්ගලයා.
උත්තම පුරුෂය[නා.] (ව්‍යාක.) නාම පදයක් පුරුෂ භේදය අනු ව හැඳින්වීමේදී ‘මම’, ‛අපි’ ශබ්ද අයත් වන වර්ගය; “ම” ශබ්ද කාරකය.
උත්තමඞ්ගරුහ[නා.ප්‍ර.] හිසෙහි වැඩෙන දෙය; හිසකේ.
උත්තමර්ණයා[නා.] ණයහිමියා.
උත්තමා1. [නා.ප්‍ර.] පිළිකා ගෙඩි විශේෂයක්. 2. [නා.ප්‍ර.] අරළු, බුළු, නෙල්ලි යන තිපල.
උත්තමාඞ්ගය1. [නා.] හිස; මුදුන. 2. [නා.] ඇස. 3. [නා.] පුරුෂ නිමිත්ත; පුරුෂ ලිංගේන්ද්‍රය.
උත්තමාචාර[නා.ප්‍ර.] ප්‍රභූවරයකුට ගරු කිරීම පිණිස හමුදා සේනාංකයක් දක්වන පෙළපාලිය.
උත්තමායුෂ[නා.ප්‍ර.] වර්ෂ සියයකට අධික ආයුෂ ප්‍රමාණය.
උත්තර1. [වි.] ඉහළ; උසස්; ප්‍රධාන; බලවත්. 2. [වි.] වැඩි; අධික. 3. [වි.] පසු; අනතුරු; මතු; අනාගත. 4. [වි.] උතුරු; උතුරු දිශාවට අයත්. 1. [නා.ප්‍ර.] උසස් බව; වැඩි බව. 2. [නා.ප්‍ර.] උතුරු දිශාව; උතුර. 3. [නා.ප්‍ර.] පසු කාලය. 4. [නා.ප්‍ර.] ප්‍රශ්නයකට දෙන විසඳීම; පිළිතුර. 5. [නා.ප්‍ර.] ප්‍රතිඵලය. 6. [නා.ප්‍ර.] නැකතක නාමය; උතුරුපල්.
උත්තර ක්‍රියා[නා.බහු.] අවසාන ආගමික කෘත්‍යය; අවමංගල කාර්යය; භූමදාන කෘත්‍යය.
උත්තර ධ්‍රැව තාරකාව[නා.] පෘථිවියේ උත්තර ධ්‍රැවය මුදුනින් පිහිටි තාරකාව; ධ්‍රැව තාරකාව.
උත්තර ධ්‍රැවය[නා.] පෘථිවි අක්ෂයේ උතුරු කෙළවර; පෘථිවියේ උතුරු කොන.
උත්තර පත[නා.] නියඳ පැදුරු වියන අළුවේ නූල් හැදය මත රැඳී තිබෙන පොල්ල; කොන්තලීය.
උත්තර මන්ත්‍රණ සභාව[නා.] පාර්ලිමේන්තුවක ව්‍යවස්ථාදායක සභා දෙකක් ඇති කල්හි ඉන් ඉහළ සභාව; සෙනෙට් සභාව; උත්තර මන්ත්‍රී මණ්ඩලය.
උත්තර ලෝකය[නා.] පරලොව; මරණින් මතු උපදින ලෝකය.
උත්තර ශාටකය[නා.] උඩුකය වැසෙන සේ පොරවන සළුව හෙවත් රෙද්ද; උතුරු සළුව.
උත්තරඞ්ග[නා.ප්‍ර.] උළුවස්සට උඩින් සාදා ඇති ආරුක්කුව; ලින්ටලය.
උත්තරච්ඡදය[නා.] උඩු වියන.
උත්තරණය1. [නා.] එගොඩවීම; එතෙර වීම; තරණය. 2. [නා.] (රටකට) ගොඩබැසීම.
උත්තරදිශාධිපති[නා.] උතුරු දෙසට අධිපතියා; වෛශ්‍රවණයා; කුවේරයා.
උත්තරමානුෂීය[වි.] මිනිස් බවට උත්තරීතර වූ; මිනිස් බව ඉක්ම ගිය.
උත්තරවස්ති1. [නා.ප්‍ර.] මූත්‍රාශයට බෙහෙත් වස්ති කිරීම පිණිස යොදනු ලබන උපකරණයක්. 2. [නා.ප්‍ර.] එම උපකරණයෙන් වස්ති කරනු ලබන ඖෂධය.
උත්තරාධිපති[නා.] කූවේරයා; වෛශ්‍රවණයා.
උත්තරාභිමුඛ[වි.] උතුරට මුහුණ ලා සිටින; උතුරට හැරුණු.
උත්තරායණය, උත්තරායනය[නා.] නිරක්ෂ රේඛාවට උතුරින් වූ සූර්යයාගේ ගමන; එම ගමන් වීථිය; සූර්යයා එසේ ගමන් කරන කාලසීමාව.
උත්තරාරණිය[නා.] එකට ගැටීමෙන් ගිනි ඉපදවීමට ගන්නා දඬු දෙකෙන් උඩ දණ්ඩ; උඩු ගිනි දණ්ඩ.
උත්තරාර්ධ ගෝලය(පාරිභා.) [නා.] පාථිවි ගෝලයෙහි උතුරු අර්ධය (=northern hemisphere).
උත්තරාර්ධය[නා.] උතුරු භාගය; පසු භාගය.
උත්තරාලෝකය(පාරිභා.) [නා.] උත්තර අක්ෂාංශවල (70°) පමණ රාත්‍රීකාලයෙහි දක්නට ලැබෙන වර්ණවත් රශ්මි කදම්බය (=northern lights).
උත්තරාසංගය1. [නා.] තනිපට සිවුර. 2. [නා.] පොරෝනා වස්ත්‍රය; උඩුකය වැසූ රෙද්ද.
උත්තරි මනුෂ්‍ය ධර්මය[නා.] මිනිසත් බව ඉක්මවා බ්‍රහ්මත්වයට හෝ නිර්වාණයට හෝ පමුණුවාලීමෙහි පොහොසත් ධර්මය.
උත්තරිභඞ්ගය[නා.] කෑමෙන් පසු ගනු ලබන හෝ කැඳත් සමග ගනු ලබන අවුළු.
උත්තරිය, උත්තරීය[නා.ප්‍ර.] උඩින් පොරෝනා වස්ත්‍රය; උතුරු සළුව; උත්තරාසංගය.
උත්තරීතර[වි.] වඩා උසස්; වඩා ශ්‍රේෂ්ඨ.
උත්තරුම්මාරය[නා.] උළුවස්සේ උඩ පඩිය; උඩ එළිපත.
උත්තරෝත්තර1. [වි.] එකකට එකක් වැඩි; වඩ වඩා. 2. [වි.] එකට එක කීම; පිළිතුරකට දෙන පිළිතුර.
උත්තරෝෂ්ඨය[නා.] උඩු තොල.
උත්තල(පාරිභා.) [නා.ප්‍ර.] උඩු අතට නොහොත් පිටතට වක්‍ර වූ තලය හෙවත් මුහුණත. [වි.] උඩු අතට නොහොත් පිටතට වක්‍ර වූ.
උත්තල කාචය(පාරිභා.) [නා.] ආලෝක කදම්බයක අභිසාරිතාව වැඩි කරන හෝ එහි අපසරණය අඩු කරන හෝ කාචය; අභිසරණ කාචය (=convex lens).
උත්තල දර්පණය(පාරිභා.) [නා.] උත්තල මුහුණතක් ඇති කැඩපත.
උත්තල බෑවුම(පාරිභා.) [නා.] ඉහළ කොටස මඳ වශයෙන් ද පහළ කොටස තියුණුව ද නැග සිටින (කඳු) බෑවුම (=convex slope).
උත්ත්‍යජනය(පාරිභා.) [නා.] (නීති.) රජය විසින් අයිතිවාසිකම් දේපළ හෝ විශේෂයෙන්ම, දේශය අතහැරීම (=cession).
උත්ත්‍රස්ත[වි.] භීතියට පත්; තැතිගත්; තිගැස්සුණු.
උත්ත්‍රාසය[නා.] තැතිගැන්ම; භය; භීතිය.
උත්තාන1. [වි.] මුව උඩු අතට වූ; උඩුබැලි; උඩුකුරු. 2. [වි.] ඍජු. 3. [වි.] අවතල (=concave). 4. (පාරිභා.) [වි.] නොගැඹුරු. 5. [වි.] පැහැදිලි; මනා කොට වැටහෙන; ප්‍රකට.
උත්තානකය[නා.] උඩුබැල්ලෙන් වැතිර සිටීම.
උත්තානි1. [වි.] උඩුමුව ඇති; උඩුකුරු. 2. [වි.] ප්‍රකට; ලිහිල්.
උත්තාපය1. [නා.] බලවත් තාපය හෙවත් උෂ්ණත්වය. 2. [නා.] බලවත් උනන්දුව හෝ උත්සාහය.
උත්තාරණය(පාරිභා.) [නා.] ශක්ති කදම්බයක් එක් තැනකින් අනික් තැනකට යැවීම හෙවත් සංක්‍රමණය කිරීම (=translation).
උත්තාස[නා.ප්‍ර.] භය; තැතිගැන්ම.
උත්තිට්ඨ[නා.ප්‍ර.] අහුලා ගත් ආහාර; පිණ්ඩපාතයෙන් ලත් මිශ්‍ර ආහාර; ඉඳුල් අහර.
උත්තීර්ණ[වි.] අනික් තීරයට ගිය; එගොඩ වූ; එතෙර වූ.
උත්තුඞ්ග[වි.] උඩට නැඟි; උස් වූ; උත්කෘෂ්ට; ශ්‍රේෂ්ඨ.
උත්තේ[වි.] ඉහළ යායට අයත්; සරුසාර ම යායට අයත්; ඉතා ම සරුසාර බිමට අයත්.
උත්තේ තරම[නා.] ඉහළ යාය; උසස් ම හෙවත් සරුසාර ම යාය.
උත්තේජකය[නා.] ශක්තිකාරකය; ප්‍රාණවත් කරන දෙය; උද්දීපනය; ප්‍රේරණය.
උත්තේජය(පාරිභා.) [නා.] (ශාකයන්ගේ චලනයට තුඩුදෙන ආලෝකය වැනි) බාහිර ප්‍රේරණකාරකය; උද්දීපකය (=simulus).
උත්තෝලන යන්ත්‍රය[නා.] දොඹකරය.
උත්තෝලනය1. [නා.] එසවීම. 2. [නා.] ධරයක උපයෝගීත්වයෙන් බර ඔසවන හෝ බලය මෙහෙයවන හෝ යමක් විවෘත කරවන දණ්ඩ; යතුරු දුන්න; ලීවරය.
උත්ථාන වීර්යය[නා.] උට්ඨාන වීර්යය.
උත්ථානය1. [නා.] නැඟීම; නැඟී සිටීම. 2. (ක්‍රිස්ති.) [නා.] මළවුන්ගෙන් නැඟී සිටීම.
උත්ථාපකය[නා.] නැංවීමට හෝ එසවීමට හෝ උපකාර වන දෙය; ඔසවනය.
උත්ථාපිත[වි.] නංවන ලද; පුබුදු කරනු ලැබූ.
උත්ථිත1. [වි.] නැඟී සිටි; පැන නැගි; මතු වූ. 2. [වි.] උපන්; ජනිත; වැඩුණු; සිද්ධ වූ.
උත්පටිපාටිය[නා.] පිළිවෙළ ඉක්මවීම හෝ උල්ලංඝනය කිරීම; අපිළිවෙළ; අවිධිමත් බව.
උත්පතනය[නා.] පියෑඹීම; උඩ පැනීම; නැඟීම; ආරෝහණය.
උත්පත්ති[නා.ප්‍ර.] ඉපදීම; බිහි වීම; ඇති වීම; හට ගැන්ම; ආරම්භය; ප්‍රභවය.
උත්පත්ති කථාව1. [නා.] උපත හෝ ආරම්භය පිළිබඳ කථා ප්‍රවෘත්තිය. 2. (ක්‍රිස්ති.) [නා.] පරණ තෙස්තමේන්තුවේ මුල් කොටස.
උත්පත්ති මඞ්ගල්‍යය[නා.] උපන්දින උත්සවය; ඉපදීම නිමිති කොට පවත්වන මඞ්ගල්‍යය; ජන්මෝත්සවය.
උත්පත්තික[වි.] උපත ලැබූ; ඉපදුණු.
උත්පත්තික භවය[නා.] කර්මයෙන් උපන් නාමරූපාදි නව වැදෑරුම් භවය.
උත්පත්තිච්ඡේදක[වි.] ඉපදීම සිඳ දමන හෙවත් නැති කරන.
උත්පත්තීන්ද්‍රිය[උත්පත්ති+ඉන්ද්‍රිය] [නා.ප්‍ර.] රහසඟ; ලිංගේන්ද්‍රිය.
උත්පතිත[වි.] නැඟුණු; ඉහළ ගිය; පියෑඹූ.
උත්පථය[නා.] වැරදි මාර්ගය; නොමඟ.
උත්පන්න[වි.] උපන්; ඉපදුණු; ඇති වුණු; හටගත්.
උත්පරිපාටිය[නා.] පිළිවෙළ ඉක්මවීම; නියම පිළිවෙළ උල්ලංඝනය කිරීම.
උත්පල[නා.ප්‍ර.] නිල් මානෙල්; උපුල්.
උත්පලවර්ණ1. [නා.ප්‍ර.] නිල් මහනෙල් පැහැය. 2. [නා.ප්‍ර.] ලංකාරක්ෂක දෙවියෙක්; උපුල්වන්.
උත්ප්ලාවක(පාරිභා.) [වි.] ඉල්පෙන හෙවත් නොගිලී පාවෙනසුලු (=buoyant).
උත්ප්ලාවකතාව(පාරිභා.) [නා.] ඉල්පෙන ගතිය; ඉහළට තෙරපෙන ස්වභාවය (=buoyancy).
උත්ප්ලාවිත[වි.] ඉල්පවූ; ඉලිප්පූ.
උත්ප්ලුත[වි.] ඉපිලුණු; උද්දාම වූ.
උත්ප්‍රාසය[නා.] උපහාසය; ව්‍යංග්‍යෝක්තිය; මහ හඬින් සිනාසීම; සරදම.
උත්ප්‍රේක්ෂණය[නා.] ස්වාභාවික ව සිදු වන දෙයක් අන් පරිද්දෙකින් සිදු වන සේ කල්පනා කිරීම.
උත්ප්‍රේක්ෂාලංකාරය[නා.] අචේතනික හෝ සචේතනික යම් වස්තුවක ස්වාභාවික පැවැත්මක් අන් පරිද්දකින් සඳහන් කරන කාව්‍යාලංකාරය.
උත්ප්‍රේක්ෂාව1. [නා.] (අලං.) උත්ප්‍රේක්ෂාලංකාරය. · 2. [නා.] නිදර්ශනය; උපමාව.
උත්ප්‍රේරකය(පාරිභා.) [නා.] රසායනික ප්‍රතික්‍රියාවල වේගය වෙනස් කරමින් ඒ ප්‍රතික්‍රියාව අවසානයේදිත් නොවෙනස්ව සිටින ආගන්තුක ද්‍රව්‍යය (=catalyst).
උත්ප්‍රේරණය1. (පාරිභා.) [නා.] උත්ප්‍රේරකයක් මගින් යම් රසායනික ප්‍රතික්‍රියාවක වේගය අඩු වැඩි කිරීම (=catalyst). 2. [නා.] එහා මෙහා වැනීම.
උත්පාටනය[නා.] උගුළුවාලීම ; මුලිනුපුටා දැමීම; සමූල ඝාතනය; වනසාලීම.
උත්පාතය1. [නා.] (භූමි චලන, දිශාදාහ, උල්කාපාත, සැඩ සුළඟ, මුහුද නැගීම ආදි අසාමාන්‍ය) උපද්‍රවය. 2. (ආර්ථි.) [නා.] රටක ආර්ථික ක්‍රියාවලිය පිම්බීමකට පත් වන අවස්ථාව (=boom). 3. [නා.] නේත්‍ර රෝගයක්.
උත්පාතික1. [වි.] (සමුද්‍රය මෙන්) උඩට නැගෙන; ඉපිලෙන. 2. [වි.] උත්පාතයන් පිළිබඳ.
උත්පාදක[වි.] උපදවන; නිපදවන; මැවුම්කාර; ජනක.
උත්පාදක වායුව(පාරිභා.) [නා.] කාබන් මොනොක්සයිඩ් හා නයිට්‍රජන් මිශ්‍ර වීමෙන් සෑදෙන වායුව (=producer gas).
උත්පාදන තාපය(පාරිභා.) [නා.] යම් සංයෝගයක් එහි සංරචක මූලද්‍රව්‍යවලින් සෑදෙන විට ඒ ක්‍රියාවලියේ දී නිදහස් වන (අවශෝෂණය වන) තාප ප්‍රමාණය (=heat of formation).
උත්පාදනය[නා.] ඉපදවීම; ජනනය; බෝ කිරීම හෙවත් බෝ වීම; (නව) නිර්මාණය.
උත්පාදය[නා.] ඉපදීම; බිහි වීම; ඇති වීම; ජනිත වීම.
උත්පාද්‍ය කර්මය[නා.] (ව්‍යාක.) කර්තෘහුගේ ක්‍රියාවෙන් ඉපදවිය යුතු වූ ඵලය සංඛ්‍යාත කර්මය.
උත්පාද්‍යවේද්‍ය[වි.] මීළඟ ආත්ම භාවයේ දී වින්ද යුතු වූ.
උත්පිෂ්ට[වි.] (ශරීර කොටස්) තැළුණු; ඇඹරුණු. [නා.ප්‍ර.] සන්ධියෙහි අස්ථිකාණ්ඩ දෙක මඳක් තැළීම; ඇට දෙකකින් සන්ධිස්ථානය ඝර්ෂණය වීම.
උත්පීඩනය[නා.] ඝට්ටනය කොට පෙළීම; (පයින්) මැඩීම.
උත්පීඩිත[වි.] ඉපිළුණු; උද්දීපනය වූ.
උත්බණ්ඩනය කරනවා[ක්‍රි.] (නීති.) විරුද්ධ ව කටයුතු කරනවා.
උත්සඞ්ගය1. [නා.] උකුළ; ඔඩොක්කුව; ඉණ. 2. [නා.] වැලඳ ගැනීම; එක් වීම; සම්භෝගය.
උත්සද[වි.] අධික; වැඩි; උත්සන්න.
උත්සන්න1. [වි.] උස් වූ; උසස් වූ; උත්කෘෂ්ට. 2. [වි.] වැඩි වූ; අධික වූ. 3. [වි.] ඇවිස්සුණු; නැඟුණු; දරුණු වූ; අමාරු වූ.
උත්සර්ගය1. [නා.] නික්මවීම; මුදාලීම; මෝචනය. 2. [නා.] මලපහ කිරීම. 3. [නා.] දානය; පරිත්‍යාගය. 4. (ව්‍යාක.) [නා.] සාමාන්‍ය විධිය; විශේෂ සූත්‍රයෙන් අන්‍ය වූ සාමාන්‍ය සූත්‍රය.
උත්සර්පිත[වි.] එසවූ; උඩට නැංවූ.
උත්සවය[නා.] උලෙළ; සැණකෙළිය; මංගල්ලය.
උත්ස්වේදන ප්‍රවාහය(පාරිභා.) [නා.] (උද්භි.) පැළෑටියක මුල්වල සිට කඳ ඔස්සේ කොළ කරා ජලවාෂ්ප වශයෙන් නිකුත් වන ජලධාරාව (=transpiration stream or current).
උත්ස්වේදනය[නා.] (උද්භි.) මුල් මඟින් පැළයකට උරාගන්නා ජලය පත්‍රවල පුටිකා මගින් ජලවාෂ්ප වී වාතයට ඇදී නැති වී යෑම (=transpiration).
උත්සාදනය1. [නා.] වළ ගැසුණු වණයක් උඩට වැඩීම සඳහා ඖෂධ යෙදීම. 2. (පාරිභා.) [නා.] යමක් ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට නොපැමිණ කෙළින් ම වාෂ්ප අවස්ථාවට පැමිණීම; ඌර්ධ්වපාතය (=sublimation).
උත්සාද්‍යය(පාරිභා.) [නා.] උත්සාදනය වී රැස් වන ඝන ද්‍රව්‍යය (=the sublimate).
උත්සාරණය[නා.] දුරු කරවීම; අහකට යැවීම; ඉවත් කරවීම.
උත්සාහය[නා.] වෑයම; වීර්යය; ප්‍රයත්නය; පරිශ්‍රමය.
උත්සික්ත[වි.] උතුරා ගිය.
උත්සීම[වි.] සීමාව ඉක්ම වූ; ඉතා වැඩි.
උත්සුක1. [වි.] උනන්දු; උත්සාහවත්; මහත් ආශා සහිත. 2. [වි.] උකටලී.
උත්සෘෂ්ට[වි.] මුදා හළ; අත් හළ; දුරු කළ.
උත්සේකය1. [නා.] ඉසීම. 2. [නා.] දර්පය; අහංකාරය.
උත්සේධය1. [නා.] උස; උච්චතාව. 2. (වෛද්‍ය.) [නා.] දොස් කෝපය.
උතැනි[වි.] පැහැදිලි; ප්‍රකට.
උතිරිය[නා.] උතුරු සළුව; උත්තර සාටකය.
උතු1. [වි.] කියන ලද; උක්ත. 2. [වි.] අනඟි; උතුම්; ප්‍රධාන; සාරවත්. 1. [නා.ප්‍ර.] සෘතුව 2. [නා.ප්‍ර.] ස්ත්‍රීන්ගේ ඔසප් ලෙය. 3. [නා.ප්‍ර.] පොල් දිවුල් ආදියෙහි පිට කටුව; පොල් කටුව. 4. [නා.ප්‍ර.] තරාදි තටුව. 5. [නා.ප්‍ර.] සිංහල ඡන්දසක නාමය.
උතු කටුව, උතු කට්ට[නා.] පොල් කටුව.
උතු කුඹුර[නා.] සරුසාර කුඹුර; සාරවත් වෙල.
උතු නියාමය[නා.] ඍතුවලට අයත් නියමිත සිදුවීම්; ඒ ඒ ඍතුව අනු ව ස්වභාව ධර්මයේ ඇති වන වෙනස්කම්.
උතු පරිණාමය[නා.] ශීතෝෂ්ණාදි කාලගුණයන්ගේ වෙනස්වීම.
උතු මඬල[නා.] දණ හිස; දණහිස් කටුව.
උතුඅඟුරු[නා.ප්‍ර.] පොල්කටු අඟුරු.
උතුකඩ1. [නා.] ප්‍රධාන මාර්ගය; නිතර යන මාර්ගය. 2. (කථා.) [නා.] ළපටි පොල් ගෙඩියේ කටුව,
උතුජ[වි.] ඍතුවෙන් හටගත්; ඍතුජ.
උතුනි, උතුනී[නා.] ඔසප් වූ හෙවත් මල්වර වූ ස්ත්‍රිය.
උතුපූ[නා.ප්‍ර.] වණ්ඩුවේ හෙවත් කඩපිම්මේ තම්බා සාදා ගනු ලබන කැවුම් වර්ගයක්.
උතුමග, උතුමඟ1. [නා.] උත්තමාංගය; හිස; මුදුන. 2. [නා.] කාන්තාවන්ගේ යෝනි මාර්ගය; ඍතු මාර්ගය; උතුනීමග.
උතුමල්[නා.ප්‍ර.] ඔසප් වීම; ඍතු වීම.
උතුම්[වි.] ශ්‍රේෂ්ඨ; උසස්; උත්තම; අනගි.
උතුමා[නා.] උත්තමයා; උසස් පුද්ගලයා; මහා සත්ත්වයා හෙවත් බෝධිසත්ත්වයන් වහන්සේ.
උතුර1. [නා.] දකුණට ප්‍රතිවිරුද්ධ දිශාව; උතුරු දිශාව. 2. [නා.] උත්තරය; පිළිතුර. 3. [නා.] උතුරු සළුව; උත්තර ශාටකය. 4. [නා.] උතුරු දිසාවට අධිපතියා; වෛශ්‍රවණයා.
උතුර හොල්ලනවා[ක්‍රි.] හිස සොලවනවා; ඉහ උස්සනවා.
උතුරනවා1. [ක්‍රි.] ගං හෝ ළිං ආදිය පිරී වතුර ඉවතට භාජන ගලායනවා. 2. [ක්‍රි.] ද්‍රවයක් බුබුළු නඟින තරමට රත්වෙනවා.
උතුරු1. [වි.] උසස්; ශ්‍රේෂ්ඨ; උතුම්; උත්තරීතර; අධික; වැඩි. 2. [වි.] ඉහළ; උඩින් වූ. 3. [වි.] උතුරු දිසාවෙහි වූ. 4. [වි.] පසු ව එන; අවසාන.
උතුරු කටුව[නා.] දිශා දර්ශකය; කොම්පාසුව.
උතුරු තරු මාපකය[නා.] මාලිමා යන්ත්‍රය.
උතුරු තෙපුල[නා.] පිළිතුරු වචනය; උත්තරය.
උතුරු දිය, උතුරු දියකන1. [නා.] සුළඟ දකුණට හමන කාලය. 2. [නා.] මුහුදු ජලය උතුරු දිසාවට ගමන් කිරීම.
උතුරු පට[නා.] උරය උඩින් දමන ශාටකය; උතුරු සළුව,
උතුරු පදය[නා.] සන්ධි වන පද දෙකක හෝ සමාස වන පද දෙකක පර පදය හෙවත් අවසාන පදය.
උතුරු බුද්ධාගම[නා.] මහායාන බුද්ධාගම.
උතුරු බෙයද[නා.] උතුරින් පිහිටි පර්වතය; මහාමේරුව.
උතුරු මහ චේතිය[නා.] අභයගිරි චෛත්‍යය.
උතුරු මුහුණ[නා.] උතුරු පැත්ත.
උතුරු ලීය1. [නා.] දොරක උඩ අගුල. 2. [නා.] ගිනි ගානා දඬු දෙකින් උඩ දණ්ඩ.
උතුරු වස්ත්‍රය[නා.] උඩින් අඳින දිග කබාය; සාටකය.
උතුරු වසා සිවුර[නා.] තනිපට සිවුර; උත්තරා සංගය.
උතුරු සළුව[නා.] උඩුකය වැසෙන සේ පොරවන රෙද්ද; උත්තර සාටකය.
උතුරු සුළඟ(පාරිභා.) [නා.] ඊසාන දිග මෝසම් සුළඟ (=norther).
උතුරුකන්1. [නා.ප්‍ර.] උතුරු කොන; උතුරු දිග. 2. [නා.ප්‍ර.] උතුරු දිගින් හමන සුළඟ; ඊසාන දිගින් හමන මෝසම් සුළඟ.
උතුරුදිගිඳු[නා.ප්‍ර.] උතුරු දිසාවට අධිපතියා; වෛශ්‍රවණයා.
උතුරුපස්නා[නා.ප්‍ර.] ශ්‍රී මහා බෝධි මංගල්‍යයේ දී කොඩි නංවන අයගේ නායකයා; උත්තරාපථ නායක.
උතුරුපසුතුරු[නා.ප්‍ර.] උත්තරය හා එයට දෙන පිළිතුර.
උතුරුමිනිස්දම්, උතුරුමිනිස්දහම්[නා.ප්‍ර.] උත්තරි මනුෂ්‍ය ධර්මය;
උතුරුවතුරුවනවා[ක්‍රි.] පිරී ඉතිරී යෑමට සලස්වනවා; උතුරා යන තරමට පුරවනවා.
උතුලාව1. [නා.] උත්සවය; මංගලෝත්සවය. 2. [නා.] අවමංගල්‍යය.
උතුවළඳ(කථා.) [නා.] පොල් කටුව; ලුණු දැමීමට භාවිත කරන පොල් කටුව; ලුණු පොල් කටුව.
උතුසත්ප්‍රාය[නා.ප්‍ර.] කාලගුණයේ යහපත් බව.
උද1. [නා.ප්‍ර.] ජලය. 2. [නා.ප්‍ර.] අභිවෘද්ධිය; අභ්‍යුදය.
උද පාත්‍රය[නා.] දිය බඳුන.
උද පානය[නා.] ළිඳ.
උදක1. [නා.ප්‍ර.] ජලය; දිය. 2. [නා.ප්‍ර.] මුහුද; සමුද්‍රය. 3. [නා.ප්‍ර.] උද්දකරාමපුත්ත නම් තාපසයා.
උදක කෘත්‍යය[නා.] ශරීර කෘත්‍යයෙන් පසු ජලයෙන් සෝදා පිරිසිදු වීම; අතපය සේදීම.
උදක ඝාතය[නා.] හස්තයෙන් හෝ යන්ත්‍රයකින් නිකුත් කරනු ලබන දිය පහරකින් ගැසීම; සිව්සැට කලාවන්ගෙන් එකකි.
උදක තාරකාව[නා.] බලන්නෙකුට ජලයෙහි පෙනෙන තමාගේ පිළිබිඹුව; දියතරුව.
උදක තුම්බය1. [නා.] දියලබුව; දිය සැළ; උදකඝටය. 2. [නා.] පොකුණකට දිය එන නළය.
උදක දානය[නා.] මළගිය ඇත්තෙකුට මළ දින රාත්‍රියෙහි කරන දිය පූජාව.
උදක පාෂාණය[නා.] දිය මිදී ඇතිවන කැටය; හිම වැහි කැටය; හිම ගල.
උදක පුඤ්ජනිය[නා.] (විනය.) නෑමෙන් පසු ශරීරයේ දිය පිස දැමීම සඳහා ඇත් දත් ආදියෙන් කළ උපකරණය; දිය පිස්නාව.
උදක බුද්බුදය[නා.] දිය බුබුළ.
උදක වාරය1. [නා.] දිය සැපයෙන වාරය; දිය මුරය. 2. [නා.] දියවරින් ලැබෙන ආදායම; දියවර බද්ද.
උදක වාහකය[නා.] ජල ප්‍රවාහය; දියපාර.
උදක ශකුනිය[නා.] දියළිහිණියා; දියකා ධේනුව.
උදක සාක්ෂි කරනවා[ක්‍රි.] දන් පිළිගැන්වීමට මත්තෙන් ප්‍රතිග්‍රාහකයාගේ අතෙහි දක්ෂිණෝදකය වත් කරනවා; අත පැන් වත් කරනවා.
උදක සේතුව[නා.] දිය රැඳවීම පිණිස බඳිනා වැටිය; තෝතැන්නක් වටා ඇති වැටිය; මියර.
උදකජල්ලිකා[නා.ප්‍ර.] ජලයෙහි ඇති දැලි, රොන් මඩ ආදිය; දියදැලි; දියරොන්.
උදකට්ඨ[වි.] දියෙහි පිහිටි; ජලය උත්පත්ති ස්ථාන කොට ඇති; ජලට්ඨ.
උදකධරා[නා.ප්‍ර.] ශරීරයෙහි බාහිර සිවිය; සම.
උදකනිද්ධමන[නා.ප්‍ර.] දිය බසින ඇළ; ඇළ මාර්ගය.
උදකනිෂ්‍යන්ද[නා.ප්‍ර.] දිය වැගිරීම; දිය ඉනීම; උල්පත.
උදකප්‍රසාදක[වි.] ජලය පිරිසිදු කරන; දිය පහදවන.
උදකභීරුක[වි.] ජලයට බියවනසුලු.
උදකරාශි[නා.ප්‍ර.] (ජලය ආශ්‍රිත) කටක, මකර හා මීන යන රාශි; ජලරාශී.
උදකලා, උදෙකලා[වි.] දෙවැන්නකු නැති; තනි; හුදකලා.
උදක්[වි.] හුදු; තනි; තනිකර; කේවල;ඒකාන්ත.
උදකාභිෂේකය[නා.] පැන් ඉසීම; හිස පැන් වත් කිරීම; දිය නෑවීම.
උදකාලය[නා.ප්‍ර.] ජලය නැමැති ගෘහය.
උදකාවගාහය[නා.] ජලයෙහි නිමග්න වීම; දියෙහි ගිලීම.
උදකාවර්තය[නා.] දිය සුළිය.
උදකුක්ඛේපය[උදක+උක්ඛේප] 1. [නා.] දිය ඔසොවා හාත්පස ඉසීම. 2. (විනය.) [නා.] මධ්‍යම පුරුෂයකු දියට බැස සිය අතින් ඉසි ජලයෙන් පිරිසිඳිනු ලැබූ ප්‍රදේශය හෙවත් සීමාව.
උදකෝඝය[නා.] සැඩ දියපාර.
උදගයනය[නා.] නිරක්ෂ රේඛාවට උතුරින් වූ සූර්යයාගේ ගමන; උත්තරායණය.
උදග්‍ර1. [වි.] උසස්; උදාර; උත්තම. 2. [වි.] ඔද වැඩුණු; උඩඟු වූ; අධිකත්වයට පත්.
උදජන(පාරිභා.) [නා.ප්‍ර.] ජලකර වායුව; හයිඩ්‍රජන් (=hydrogen).
උදද්දය, උදර්දය[නා.] හමෙහි හටගන්නා දැවිලි සහිත කූෂ්ඨ රෝගයක්.
උදධි1. [නා.ප්‍ර.] මුහුද; සාගරය. 2. [නා.ප්‍ර.] කළය.
උදන[නා.] මුහුද; සාගරය.
උදනවා1. [ක්‍රි.] උයනවා; පිසිනවා. 2. [ක්‍රි.] දල්වනවා; මොළවනවා. 3. [ක්‍රි.] අවමන් කරනවා; හෙළා දකිනවා; දොස් කියනවා.
උදන්1. [නා.ප්‍ර.] ප්‍රීති වාක්‍යය; උදානය. 2. [නා.ප්‍ර.] මසුන් ඇමුණූ වැල; මාලු වැල.
උදන් අනනවා[ක්‍රි.] සොම්නසින් ප්‍රීතිවාක්‍ය පවසනවා.
උදම1. [නා.] ඔද වැඩීම; ප්‍රීති ප්‍රමෝදය. 2. [නා.] චන්ද්‍රසූර්යාදින්ගේ ආකර්ෂණය නිසා සාගර ජලයේ ඇති වන චලනය.
උදම්1. [වි.] කැලඹුණු; අසංවර; මත් වූ; උද්දාම වූ. 2. [වි.] උඩඟු. 3. [වි.] දරුණු.
උදම් අන්තරය(පාරිභා.) [නා.] එක් වඩදියක් හා ඊළඟ බාදිය අතර ජලමට්ටමේ වෙනස (=tidal range).
උදම් රළ[නා.] සාගරයෙහි ඇති වන භූ කම්පන හා චන්ද්‍රසූර්යාදින්ගේ ආකර්ෂණය නිසා ඉහළ නඟින රළ පෙළ; වඩදිය; සුනාමිය.
උදය1. [නා.] සූර්යාදින්ගේ උදාවීම; උද්ගමය. 2. [නා.] දිනයෙහි ආරම්භය; පාන්දර; පෙරවරුව. 3. [නා.] උදයගිර. 4. [නා.] හට ගැනීම; උත්පත්තිය. 5. [නා.] අභිවෘද්ධිය; ඓශ්වර්යය.
උදය තාරකාව[නා.] උදය කාලයට දීප්තිමත් ව පෙනෙන සිකුරු ග්‍රහතාරකාව; පහන් තරුව.
උදය දිග[නා.] නැගෙනහිර දිශාව.
උදය රේඛාව[නා.] හිරු උදාවන තැන ඇතැයි සැලකෙන කල්පිත රේඛාව.
උදය සන්ධ්‍යාව[නා.] හිරු පායා ගෙන එන වේලාව; පාන්දර.
උදය සිරස[නා.] උදාගිරි මුදුන; උදය පර්වත මස්තකය.
උදයග[උදය+අග] 1. [නා.ප්‍ර.] නැගෙනහිර දිශාවෙහි පිහිටා ඇතැයි සැලකෙන කල්පිත පර්වතයක්; උදය පර්වතය; උදයගිර. 2. [නා.ප්‍ර.] අලුයම; උදාසන.
උදයප්‍රාප්ත[වි.] අභිවෘද්ධියට පැමිණි; ඓශ්වර්යයට පත්.
උදයබ්බය[නා.ප්‍ර.] (අභි.) සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම; හටගැනීම හා විනාශය.
උදයබ්බය නැණ[නා.] (අභි.) දශවිදර්ශනා ඥානයන් අතුරෙන් සම්මසන ඤාණයට අනතුරු ව උපදනා විදර්ශනා ඥානය; සංස්කාරයන්ගේ හටගැනීම හා නැතිවී යන අයුරු දකින විදර්ශනා ඥානය.
උදර කුහරය[නා.] උදර නැමැති කුහරය; බඩ; කුස.
උදර චිකිත්සාව[නා.] උදර රෝගවලට නියමිත වෙදකම හෙවත් ප්‍රතිකාර විද්‍යාව.
උදර නල[නා.බහු.] අතුණු; බඩවැල්.
උදර පටලය1. [නා.] ආමාශයේ සම්වැටිය; අන්තඃපටලය. 2. [නා.] ආමාශය; බඩ.
උදර පාදයා[නා.] මෘද්වංගීන් අතුරෙන් බඩ ගා යන සත්ත්ව වර්ගයා.
උදර පූරණය[නා.] (ආහාරයෙන්) බඩ පුරවා ගැනීම.
උදර වෙළුම[නා.] (වෛද්‍ය.) බඩ වෙළීමට පාවිච්චි කරන පළල් පටිය.
උදර ශූලය[නා.] බඩවැලෙහි ඇති වන කැක්කුම; පුරීතත්දාහය.
උදරඛය[නා.] (කායි.) හෘදය වස්තුවේ හෝ මොළයෙහි කොටසක්; හෘත්කෝෂිකාව හෝ මස්තිෂ්ක කෝෂිකාව (=ventricle).
උදරගත[වි.] උදරයට ගිය; උදරය ආශ්‍රිත වූ.
උදරච්ඡදය[නා.] (කායි.) අභ්‍යන්තර වශයෙන් උදරකුහරය ද බාහිර වශයෙන් අන්තරංගයන් ද ආවරණය වී ඇති මස්තුමය පටලය (=peritoneum).
උදරපෝෂණය[නා.] බඩ වැඩීම; කෑම.
උදරබඩ[නා.] මහත් වූ කුස; විශාල බඩ.
උදරබන්ධනය1. [නා.] උදරයෙහි බඳින අලංකාර පටිය; සිවුසැට ආභරණ අතුරින් එකක්. 2. (වෛද්‍ය.) (පාරිභා.) [නා.] බඩ වෙළන පළල් පටිය (=abdominal binder).
උදරම්භර[වි.] තමාගේ බඩ පමණක් පෝෂ්‍ය කර ගන්නා වූ; කෑමට ගිජු ; කෑදර.
උදරය1. [නා.] බඩ; කුස; ආමාශය. 2. [නා.] ගර්භාෂය. 3. [නා.] කුහරය; ගර්භය.
උදර්ය[වි.] උදරයට අයත්; උදරයෙහි වූ.
උදර්යය[නා.] බඩ තුළ පවත්නා ගින්න; ආහාරපාන පැසවන්නා වූ තේජෝ ධාතුව; ජඨරාග්නිය.
උදරාග්නිය[නා.] බඩෙහි වූ ආහාරාදිය පැසවන ගින්න; ජඨරාග්නිය.
උදරාඞ්කුරය[නා.] අර්බුද ගර්භය මේරීමෙන් පසු මැදින් එබීම නිසා අශ්වලාඩමක හැඩහුරුකම දරන ගර්භය (=gastrula).
උදරාධ්මානය[උදර+ආධ්මානය] [නා.] බඩ පිපුම.
උදරාන්තය[නා.] උදරයෙහි කෙළවර; ගුදය.
උදරාබාධය[නා.] උදරයෙහි ඇති වන රෝගය.
උදරාමය[නා.ප්‍ර.] අතීසාර රෝගය.
උදරාර්ථය[නා.] බඩ වඩා ගැනීම; උදර පෝෂණය; ආත්මාර්ථය.
උදරාවස්ථාව[නා.] ගර්භයෙහි උදරාංකුර අවස්ථාව.
උදරාවසානය[නා.] බඩෙහි අවසාන කොටස; යෝනි ප්‍රදේශය.
උදරිය[නා.ප්‍ර.] ආමාශයෙහි ඇති නොපැසුණු ආහාරය.
උදරීය(පාරිභා.) [වි.] උදරය පිළිබඳ; උදරයට අයත් (=ventral).
උදලු ඇණය(කථා.) [නා.] උදලුතලයට මිට සවි කිරීමට ගහන ඇණය.
උදලු ඇළ(කථා.) [නා.] වැපිරීමේ දී ලියැදිවල දිය බැස්වීම සඳහා උදැල්ලෙන් කපන කුඩා ඇළ.
උදලු එළනවා[ක්‍රි.] උදැල්ලෙන් කොටනවා හෙවත් කනිනවා.
උදලු කොමුව, උදලු කොළුව(කථා.) [නා.] උදලු තලයේ මිට සවි කිරීම සඳහා පවතින වළල්ල.
උදලු තැටිය[නා.] උදලු තලය.
උදලුපාය[නා.] උදැල්ලෙහි මිට සවිකොට ඇති කොටස; උදලු කොමුව.
උදවනවා[ක්‍රි.] පොලඹවනවා; කුපිත කරනවා.
උදවහ[නා.ප්‍ර.] ජල රාශිය; දියකඳ.
උදවිය1. [නා.] ඇත්තෝ; අය; පිරිස; සමූහය. 2. (අභි.) [නා.] සංස්කාරයන්ගේ ඇති වීම හා නැතිවීම; උදයබ්බය.
උදවු උපකාර[නා.ප්‍ර.] ආධාර; ආධාරෝපකාර; සහාය.
උදවු කරනවා1. [ක්‍රි.] උපකාර කරනවා; ආධාර කරනවා. 2. [ක්‍රි.] උයනවා; පිසිනවා. 3. [ක්‍රි.] ඉක්මන් කරනවා.
උදවු මෙහෙවර[නා.] ඉක්මන් හෝ හදිසි වැඩය.
උදවු, උදව්1. [නා.ප්‍ර.] ආධාරය; සහාය; පිහිට; උපකාරය. 2. [නා.ප්‍ර.] ඉක්මන; සුළු කාලය. 3. [නා.ප්‍ර.] උයන ලද; පිසූ.
උදවුපදවුව[නා.ප්‍ර.] උපකාරය; ආධාරය; උදවුව.
උදශ්චිත්[නා.ප්‍ර.] අඩක් ජලයෙන් යුක්ත මෝරු.
උදස[නා.ප්‍ර.] උඩට නැගීම; උද්ගතිය.
උදස්1. [නා.ප්‍ර.] සිතෙහි නොසන්සුන්කම. 2. [නා.ප්‍ර.] උඩඟුබව. අහංකාරකම.
උදස්කුකුස්[නා.ප්‍ර.] උද්ධච්ච කුක්කුච්චය.
උදහ[නා.ප්‍ර.] කෝපය.
උදහනවා1. [ක්‍රි.] උඩට නඟිනවා. 2. [ක්‍රි.] උසුලනවා; උද්වහනය කරනවා. 3. [ක්‍රි.] කිපෙනවා.
උදහස1. [නා.] කෝපය; කේන්තිය 2. [නා.] තරවටුව; තර්ජනය.
උදහස් වෙනවා[ක්‍රි.] කෝපය දක්වනවා; කේන්තිය දනවනවා.
උදහාරකයා[නා.] දිය ගෙනෙන්නා; (කෙත්වලට) ඇළ මාර්ගයෙන් ජලය සපයන්නා; දියාළුවා.
උදහැන(කථා.) [නා.] අලුයම; පාන්දර.
උද්ගත1. [වි.] උඩට ගිය; නැඟි; මතු වූ; ඉහළ නැඟි; උස් වූ. 2. [වි.] උදා වූ; පහළ වූ. 3. [වි.] මළවුන්ගෙන් නැගි.
උද්ගති[නා.ප්‍ර.] ඉහළ යෑම; උඩට නැඟීම.
උද්ගන්ධි[වි.] උසස් හෙවත් මහත් සුවඳ ඇති; අතිසුගන්ධවත්.
උද්ගමනය1. [නා.] ඉහළට එසවීම; කෙළින්වීම; ඍජුවීම. 2. [නා.] උදාවීම; ඇතිවීම. 3. (තර්ක.) [නා.] විශේෂ අවස්ථා මඟින් සාමාන්‍ය නිගමනයකට බැස ගැනීමේ තර්ක ක්‍රමය.
උද්ගමය1. [නා.] ඉහළ නැඟීම; උදා වීම. 2. [නා.] නැඟී සිටීම.
උද්ග්‍රහණය, උද්ග්‍රහය[නා.] ඉගෙන ගැනීම; අධ්‍යයනය.
උද්ගාමී[වි.] (දර්ශන.) අනුමාන.
උද්ගාරය[නා.] පිට කිරීම; ඔක්කාරය; වමනය; වැගිරීම; රාමතෙල් යෑම හෙවත් තැලි නැඟීම.
උද්ගිරණය1. [නා.] මුඛයෙන් පිට කිරීම; වමනය කිරීම. 2. [නා.] කීම; කථා කිරීම. 3. [නා.] ඉපදවීම; ප්‍රතිපාදනය කිරීම.
උද්ගීර්ණ[වි.] කියූ; ප්‍රකාශිත.
උද්ගෘහිත[වි.] ග්‍රහණය කළ; ඉගෙන ගත්; උගත්.
උද්ඝටිත[වි.] උඩට නැඟුණු; ඉහළ නැගි; පියෑඹූ.
උද්ඝාටනය1. [නා.] විවර කිරීම; ඇරීම; (අර්ථය) එළිදරවු කිරීම හෝ ප්‍රකට කිරීම. 2. [නා.] ඉගිළවීම; උපුටා දැමීම; ඉවත් කිරීම.
උද්ඝෝෂණය, උද්ඝෝෂය[නා.] (ආවේගශීලීව) හඬ නැඟීම; ශබ්ද නගා හෝ කෑගසා කීම; යමකට විරෝධය පෑම් වශයෙන් කරුණු ප්‍රකාශ කිරීම.
උද්දහනය(පාරිභා.) [නා.] දැල්වීම (=deflagration).
උද්දාම1. [වි.] කැලඹුණු; ඇලළුණු. 2. [වි.] ප්‍රීතියෙන් පිම්බුණු; සතුටින් ඉපිලුණු; ඔද වැඩුණු. 3. [වි.] උඩඟු; ආඩම්බර.
උද්දාහය[නා.] ගින්න; වහ්නිය.
උද්දිෂ්ට[වි.] කියූ; සඳහන් කළ; (නම් වශයෙන්) දක්වන ලද.
උද්දීපකය1. [නා.] (අවයව) ප්‍රබෝධ කරවන හෝ උනන්දු කරවන දෙය; උත්තේජකය. 2. [නා.] ශරීරයේ කැසීම, දැවිල්ල, ඉදිමීම ආදිය ඇති කරවන ද්‍රව්‍යය.
උද්දීපනය1. [නා.] හැඟීම් දැල්වීම හෝ තියුණු කිරීම; දීප්තිමත් කිරීම; ප්‍රබෝධ කිරීම; ප්‍රකෝප කිරීම; ඇවිස්සීම. 2. (පාරිභා.) [නා.] ශරීරයෙහි කැසීම, දැවිල්ල, ඉදිමීම ආදිය ඇති කිරීම (=irritation). 3. (පාරිභා.) (උද්භි.) [නා.] ශාකයක් හෝ ශාක අවයවයක් හෝ කෙරෙහි උත්තේජකයක ක්‍රියාව (=excitation).
උද්දීප්ත1. [වි.] දිලිසුණු; බැබළුණු; උජ්වලිත වූ· 2. [වි.] හැගීම් ආදිය තියුණු වූ; ප්‍රබෝධවත් වූ; ඇවිස්සුණු. 3. [වි.] අධික වූ; ප්‍රබල වූ; වැඩි දියුණු වූ.
උද්දීප්තිය[නා.] බැබළීම; වැඩි දියුණුව.
උද්දීප්‍යතාව(පාරිභා.) [නා.] වේදනා දැනෙන ස්වභාවය; බාහිර උත්තේජ දැනගැනීමට හා ඒ අනුව ප්‍රතිචාරය වීමට හැකි ශක්තිය (=irritability).
උද්දේශකය1. (පාරිභා.) [නා.] ඔප්පු කළ යුත්ත; සාධ්‍යය. 2. [නා.] ගණිත ගැටලුව.
උද්දේශය1. [නා.] දැක්වීම; පෙන්වා දීම. 2. [නා.] කීම; කථනය; දෙසීම.
උද්දේශ්‍යය[නා.] බලාපොරොත්තු විය යුතු හෝ අදහස් කළ යුතු දෙය; අභිමතාර්ථය; පරමාර්ථය.
උද්දේසික[වි.] නියම කොට පිළියෙල කළ.
උද්දේසික චෛත්‍යය[නා.] බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම උදෙසා කළ බුදු පිළිම ආදිය.
උද්දේසිකපූජා[නා.ප්‍ර.] බුදුරදුන්ගේ ගුණ සිහි කොට උන්වහන්සේ උදෙසා කරන පූජා සත්කාර.
උද්ධංසෝත[නා.ප්‍ර.] පිළිසිඳ ගැනීම නමැති ශ්‍රෝතසෙහිදී බඹ ලොවින් බඹ ලොවට නැඟ නැඟ යන අනාගාමී ආර්යයා.
උද්ධඞ්ගම වාතය[නා.] ශරීරයෙහි පවත්නා උඩු අතට ගමන් කරන වාතය.
උද්ධඞ්ගම, උද්ධංගම[වි.] උඩට යන; ඉහළට ගමන් කරන.
උද්ධච්චය1. [නා.] සිතෙහි විසුරුණු බව හෙවත් නොසන්සුන් බව. 2. [නා.] උඩඟු බව; අහංකාරකම.
උද්ධත1. [වි.] ඉහළට නැඟි; උඩට නැංවූ; එසවූ; ඇවිස්සූ. 2. [වි.] උස් වූ; බලවත්. 3. [වි.] උඩඟු; අහංකාර; ගර්විත; නොහික්මුණු.
උද්ධතය[නා.] උඩඟුබව; අහංකාරකම; ගර්වය.
උද්ධත්‍යය[නා.] සිතෙහි නොසන්සුන් බව; චංචල ස්වභාවය.
උද්ධති[නා.ප්‍ර.] සූර්යයා වටේ ඇති වර්ණ මණ්ඩලය සෑදී තිබෙන කියත් දත් වැනි පෙනුමෙන් යුත් ලොකු ගිනිදලු.
උද්ධන[නා.ප්‍ර.] උදුන; ලිප.
උද්ධමනය[නා.] මිල මට්ටම ඉතා වේගවත් ලෙස ඉහළ නැඟීම.
උද්ධම්භාගිය[වි.] ඉහළ කොටසට අයත්; රූපාරූප බ්‍රහ්ම ලෝක භජනය කරන; ඕරම්භාගිය නොවන.
උද්ධරණය1. [නා.] උඩට ගැනීම; නඟා ගැනීම; එසවීම; මතු කිරීම. 2. [නා.] ඉදිරීම; උගුළා දැමීම; බැහැර කිරීම. 3. [නා.] ඇදගැනීම; උපුටා ගැනීම. 4.[නා.] පළවා හැරීම; නැති කිරීම; විනාශ කිරීම. 5. [නා.] අවහිරය; බාධාව. 6. [නා.] අලුත්වැඩියා කිරීම; ප්‍රතිසංස්කරණය කිරීම.
උද්ධර්මය[නා.] අධර්මය හෙවත් වැරදි ධර්මය.
උද්ධර්ෂණය[නා.] මයිල් කෙළින් සිටීම.
උද්ධානය[නා.] ඉහළ යෑම; ඉගිළී යෑම.
උද්ධාරක1. [වි.] උඩට නඟන; ඔසවන. 2. [වි.] තෝරාගත් උසස් දෙයින් පමණක් සමන්විත වූ; සාරයෙන් ම පමණක් නිපැයුණු.
උද්ධාරණය[නා.] නඟා ගැනීම; මතු කර ගැනීම.
උද්ධාරය1. [නා.] ඉදිරීම; උපුටා ගැනීම. 2. [නා.] යුද්ධයේදී පැහැර ගත් දෙය. 3. [නා.] ණය.
උද්ධුමාතක[වි.] උඩට මස් නෙරා ගිය;.ඉදිමුණු.
උද්ධුමාතකය[නා.] ඉදිමී ගිය මළ සිරුර.
උද්ධූත[වි.] කලඹන ලද; සෙලවූ; ඔසවන ලද.
උද්ධෘත[වි.] උඩට නැගූ; උපුටාගත්; උද්ධරණය කළ.
උද්ධෘත පාඨය[නා.] කථාවකින් හෝ පොතකින් උපුටා ගත් වාක්‍යය හෝ වාක්‍යාංශය; උද්ධෘතය.
උද්ධෘත භාගය[නා.] අඩු කළ කොටස; වට්ටම.
උද්බන්ධනය[නා.] ගෙල වැල දා එල්ලීම; එල්ලී මැරීම.
උද්බෝධය[නා.] පිබිදීම; අවදි වීම; ප්‍රබෝධය.
උද්භවය[නා.] ඉපදීම; හටගැනීම; පහළවීම; ප්‍රභවය.
උද්භාරය[නා.] බර ඉසිලීම; බර.
උද්භාවනා[නා.ප්‍ර.] උසස් කොට සැලකීම හෝ ප්‍රකාශ කිරීම; හුවා දැක්වීම.
උද්භාවය[නා.] හැඟීම; චිත්තාවේගය.
උද්භාසනය[නා.] බැබළීම; දිලිසීම.
උද්භිජ්ජ1. [වි.] පොළොව පළා ගෙන පැන නඟින (රතිඳුගොව් ආදි සතුන් පිළිබඳ කියනු ලැබේ). 2. [වි.] රිකිල්ලකින් හටගන්නා වූ; අංකුරයකින් වැඩෙන.
උද්භිද[නා.ප්‍ර.] වෘක්ෂලතාදි ගණයට අයත් ජීව වස්තුව; ශාකය; පැළෑටිය.
උද්භිද ආහාර1. [නා.ප්‍ර.] උද්භිද වැඩීමට උවමනා කරන පෝෂණ හෙවත් ආහාර; වෘක්ෂාහාර. 2. [නා.ප්‍ර.] එළවලු ආහාර; උද්භිදවලින් පමණක් සමන්විත ආහාර.
උද්භිද උද්‍යානය[නා.] නානා වෘක්ෂලතාදිය වවා ඇති උයන; උද්භිද විද්‍යාත්මක වර්ගීකරණයට අනු ව සකස් කරන ලද උද්‍යානය.
උද්භිද ඌතිය[නා.] ගසක හෝ ගෙඩියක ඇති ඉතා සියුම් සිවිය.
උද්භිද කෝෂය[නා.] කෝෂ එකිනෙකට සම්බන්ධ වීමෙන් පැළැටියක සෑදෙන සිවිය (ඌතිය) සෑදී තිබෙන ඉතා කුඩා අංගය.
උද්භිද ලෝකය[නා.] වෘක්ෂලතාදි ගණයට අයත් සජීව වස්තූ සමූහය; ගස්වැල් ආදි පැළෑටි පිළිබඳ ලෝකය.
උද්භිද විද්‍යාව[නා.] වෘක්ෂලතාදි ගණයට අයත් ජීව වස්තු පිළිබඳ අධ්‍යයනය; ගස්වැල් ආදි ශාක පිළිබඳ ඉගැන්වීම කරන විද්‍යාංශය.
උද්භින්න[වි.] විවෘත වූ; විකසිත වූ; දර්ශනය වූ; ප්‍රකාශයට පැමිණි; මතු වූ.
උද්භූත[වි.] පැනනැඟි; පහළ වූ; උද්ගත වූ; ජනිත වූ; ප්‍රභව වූ.
උද්භූතිය[නා.] පහළ වීම; හටගැනීම; පැන නැඟීම.
උද්භේදනය[නා.] පැළවීම; ඉකිරි ඇදීම.
උද්භේදය1. [නා.] ක්‍රමයෙන් වැඩීම හෝ සකස් වීම; විකාශය; පරිණාමය; ප්‍රාදුර්භාවය. 2. [නා.] පැළීම හෝ පිපිරීම. 3. (පාරිභා.) [නා.] හමෙහි පලු නැඟීම (=eruption).
උද්වර්ත[නා.ප්‍ර.] අධිකභාවය.
උද්වර්තනය1. [නා.] ඉහළට යෑම; නැඟීම. 2. [නා.] ඇඟ ඉළීම; මැඩීම; මිරිකීම; සම්බාහනය. 3. [නා.] ඇඟ ආලේප කිරීම; අභ්‍යංගය.
උද්වර්ධනය[නා.] ඉහළට වැඩීම.
උද්වහනය1. [නා.] ඉසිලීම; දැරීම. 2. [නා.] ගෙන ඒම; පැතිරීම; විහිදීම. 3. [නා.] වැඩීම; ඇති වීම.
උද්වාහය1. [නා.] ඉසිලීම; දැරීම. 2. [නා.] විවාහය.
උද්විග්න1. [වි.] බියෙන් සැලුණු; සිත් කැලඹුණු; තැති ගත්. 2. [වි.] නොසතුටු වූ; කලකිරුණු.
උද්වෘත්ත1. [වි.] එසවූ; උඩට හැරුණු; විවෘත. 2. [වි.] කැලඹුණු; ඇවිස්සුණු. 3. [වි.] නරක පැවතුම් ඇති.
උද්වේග ප්‍රීතිය[නා.] ශරීරය අහසට නැංවීමට තරම් බලවත් වූ ප්‍රීතිය; පස්වැදෑරුම් ප්‍රීතියෙන් එකක්.
උද්වේගය1. [නා.] බියෙන් ඇලළීම; කම්පනය; ත්‍රාසය. 2. [නා.]කලකිරීම; සිත්තැවුල; චිත්ත වේදනාව. 3. [නා.] බලවත් හැඟීම; උත්කෘෂ්ට ආශාව. 4. [නා.] ඉහළ නැඟීම; ඉමහත් ප්‍රමෝදය; ප්‍රහර්ෂය.
උද්‍යත[වි.] ඔසවන ලද; නඟන ලද; පැලඹුණු; සූදානම් වූ.
උද්‍යමය[නා.] උත්සාහය; මහන්සි ගැනීම; වෙර වැඩීම; වෑයම.
උද්‍යාන පාලයා[නා.] උයනක් බලා ගන්නා; උයන්පල්ලා; උයන්ගොව්වා; උද්‍යාන පාලකයා.
උද්‍යානය[නා.] තුරුලිය, මල්ගොමු, ජලාශ ආදියෙන් ශෝභමාන වූ භූමිභාගය; උයන; මල්වත්ත.
උද්‍යුක්ත[වි.] උද්යෝගයෙන් ක්‍රියා කරන; උනන්දු වූ; උත්සාහවත්.
උද්‍යෝග පාඨය[නා.] සිත උනන්දු කරවන කියමන; අපේක්ෂිත පරමාර්ථය කෙරෙහි සිත මෙහෙයවීමට හා දිරි ගැනීමට නිතර නිතර කියන පාඨය; යුද්ධයක දී හෝ තරගයක දී කියන සටන් පාඨය.
උද්‍යෝගකාරී[වි.] උද්‍යෝග කරවන; උත්සාහ දනවනසුලු.
උද්‍යෝගය[නා.] බලවත් උනන්දුව; දැඩි උත්සාහය.
උද්‍යෝතය[නා.] බැබළීම; ආලෝකය; ග්‍රන්ථයක පරිච්ඡේදය.
උද්‍රේකය1. [නා.] අධිකත්වය; වේගය. 2. [නා.] ආමාශගත ව තිබී මුඛයෙන් බැහැර කරන ද්‍රව්‍ය; වමනය.
උදා1. [නා.ප්‍ර.] උදාව; සූර්යයාදි ග්‍රහයන්ගේ නැඟීම; උද්ගමය. 2. [නා.ප්‍ර.] උදෑසන; පාන්දර. 3. [නා.ප්‍ර.] පහළවීම; හටගැනීම; උත්පත්තිය. 4. [නා.ප්‍ර.] උදයගිර. 5. [නා.ප්‍ර.] අභිවෘද්ධිය; ඓශ්වර්යය.
උදා ආබාධය[නා.] ගර්භිණියකට මුල් මාසවල උදය කාලයේ දී ඇති වන ඔක්කාරය.
උදා කරනවා[ක්‍රි.] නඟනවා; උද්ගත කරනවා; පුබුදුවනවා.
උදා දිනිඳු[නා.ප්‍ර.] උදාවෙන සූර්යයා; උදය සූර්යයා.
උදා දෙනවා[ක්‍රි.] (හිරු හෝ සඳු) පායනවා; නඟිනවා; පහළ වෙනවා.
උදා දෙස[නා.] හිරු උදා වන දිශාව; නැගෙනහිර දිශාව.
උදා රිවි[නා.ප්‍ර.] උදාවෙන සූර්යයා; උදය සූර්යයා; උදා හිරු.
උදා වෙනවා1. [ක්‍රි.] පායනවා; උද්ගත වෙනවා; පහළ වෙනවා; මතු වෙනවා. 2. (ජ්‍යෝති.) [ක්‍රි.] අස්ත වූ ග්‍රහයකුගේ ආලෝකය නැවත ප්‍රකෘතිමත් වෙනවා.
උදාකල[නා.] ඉර පායන කාලය; උදෑසන.
උදාගම[නා.] (රජයේ විශේෂ සැලැස්මක් මත) සංවර්ධනය කළ ගම්මානය.
උදාගිර[නා.] උදයගිර.
උදාගිරිඳු[නා.ප්‍ර.] උදය පර්වත රාජයා; උදාගිර.
උදාත්ත1. [වි.] උදාර; ශ්‍රේෂ්ඨ. 2. (ව්‍යාක.) [වි.] උස් හඬින් උච්චාරණය කරනු ලබන ස්වරය. [නා.ප්‍ර.] (අලං.) උදාත්ත නම් කාව්‍යාලංකාරය.
උදාත්තාර්ථය[උදාත්ත+අර්ථය] [නා.] උදාර අදහස; උසස් අධ්‍යාශය.
උදාන1. [නා.ප්‍ර.] ගෙළ පෙදෙසෙහි පිහිටි වාතය; උදාන වායුව. 2. [නා.ප්‍ර.] සොම්නසින් ළය පිරී ගිය කල පිටවෙන ප්‍රීති වාක්‍යය. 3. [නා.ප්‍ර.] ඛුද්දක නිකායට අයත් පොතක්.
උදාන ගාථා[නා.ප්‍ර.] ප්‍රීති වාක්‍යවලින් සමන්විත ගාථාව; ප්‍රීතියෙන් ප්‍රබෝධ වී ගයන ගී.
උදාර[වි.] ශ්‍රේෂ්ඨ; උතුම්; උසස්; මහේශාක්‍ය; මහත්. 1. [නා.ප්‍ර.] ක්ලේශයන්ගේ ප්‍රබල අවස්ථාව. 2. [නා.ප්‍ර.] පැරණි සිංහල වන්නම් දහ අටෙන් එකක්. 3. [නා.ප්‍ර.] උදාරාලංකාරය.
උදාර ප්‍රාණය[නා.] (අලං.) කාව්‍ය ශාස්ත්‍රයෙහි දැක්වෙන ගුණයක්; කාව්‍ය නායකයාගේ ගුණ උත්කර්ෂවත් ව ප්‍රකාශ වන අවස්ථාව.
උදාරම[නා.] අහංකාර; උඩඟු; ආඩම්බර; උජාරු. 1. [නා.ප්‍ර.] අහංකාරකම; ආඩම්බරය; උඬඟුකම. 2. [නා.ප්‍ර.] පෘතුගීසි හා ලන්දේසි ආණ්ඩුකාලයේ දී උතුරු ප්‍රදේශ වැසියන්ට වගාකිරීම සඳහා දෙන ලද ඉඩම.
උදාරම්[වි.] අහංකාර; උඩඟු; ආඩම්බර; උදාර.
උදාරාත්මක[උදාර+ආත්මක] [වි.] උදාර භාවයෙන් යුක්ත වූ; උතුම් ගති පැවැතුම් ඇති; ශ්‍රේෂ්ඨ.
උදාරාධ්‍යාශය[උදාර+අධ්‍යාශය] [නා.ප්‍ර.] උසස් හෝ උතුම් අදහස.
උදාරෝන්නත[උදාර+උන්නත] [වි.] උසස් හා තේජාන්විත.
උදාලනවා[ක්‍රි.] සූර්යයාගේ හෝ චන්ද්‍රයාගේ හෝ අන් ග්‍රහයකුගේ හෝ නැඟීම; උද්ගමනය.
උදාව1. [නා.] පාන්දර; උදෑසන. 2. [නා.] පහළ වීම; හටගැනීම; උත්පත්තිය. 3. [නා.] අභිවෘද්ධිය; ඓශ්වර්යය.
උදාසීන1. [වි.] නොසැලකිලිමත්; ක්‍රියා විරහිත; කුසීත; අලස; මන්දෝත්සාහී. 2. (පාරිභා.) [වි.] ආම්ලීය ද හා ක්ෂාරීය ද නොවන; විශේෂ වර්ණයක් නැති. 3. [වි.] ධන හෝ ඍණ විදුලියක් නැති. 4. [වි.] ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික නොවූ; අලිංගික. [නා.ප්‍ර.] කුසීත බව; අලසකම.
උදාසීන අක්ෂය(පාරිභා.) [නා.] නැමීමට භාජන කළ දණ්ඩක මැද ශුන්‍ය ප්‍රත්‍යාබලයක් ඇති රේඛාව (=neutral axis).
උදාසීන කරනවා1. [ක්‍රි.] අධෛර්ය කරනවා; උනන්දු නැති කරනවා; මධ්‍යස්ථ භාවයට පත් කරනවා. 2. (පාරිභා.) [ක්‍රි.] අම්ලයක අම්ල ගතිය නොසිටින තුරු ක්ෂාරයක් එකතු කරනවා; ක්ෂාරයක ක්ෂාර ගතිය නොසිටින තුරු අම්ලයක් එකතු කරනවා (=to neutralise).
උදාහරණය1. [නා.] කාරණයක් ස්ඵුට කිරීමට දක්වනු ලබන නිදර්ශනය. 2. (න්‍යාය.) [නා.] න්‍යාය වාක්‍යයක දෘෂ්ටාන්ත වචනය.
උදාහෘත[වි.] උදාහරණ වශයෙන් ගෙනහැර දැක්වූ.
උදැල්ල[නා.] කුඹුර කෙටීම, පොළොව කැනීම ආදි වැඩට ගන්නා පළල් පැතලි තලයක් හා දිග මිටක් සහිත ගොවි උපකරණය.
උදෑසන, උදාසන[නා.] අලුයම; පාන්දර.
උදිත1. [වි.] උදා වූ; පහළ වූ. 2. [වි.] හටගත්; ඇති වූ. 3. [වි.] උතුම්; උසස්. 4. [වි.] සමෘද්ධ; වැඩුණු. 5. [වි.] කියූ.
උදිතෝදිත[උදිත+උදිත] 1. [වි.] ඉතා උසස්; අතිඋදාර. 2. [වි.] අතිශයින් වැඩුණු; සමෘද්ධ.
උදියා1. [නා.] යහපත් තැනැත්තා; සත් පුරුෂයා. 2. [නා.] සේවකයා; මෙහෙකරුවා.
උදීරණය1. [නා.] පිට කිරීම; බැහැර කිරීම. 2. [නා.] කීම; පැවසීම.
උදීර්ණ[වි.] අධික; කැලඹුණු.
උදු1. [වි.] ඇද නැති; කෙළින්; ඍජු. 2. [වි.] අමිශ්‍ර; ශුද්ධ; කේවල.
උදු ගුණය[නා.] අවංකබව; ඍජු ගුණය.
උදුක්ඛල[නා.ප්‍ර.] වංගෙඩිය; උලූඛලය.
උදුන1. [නා.] තෙල්, ගෑස් හෝ විදුලි බලයෙන් ක්‍රියා කරවන ලිප. 2. [නා.] ලෝහ උණු කරන භාජනය; කෝව; (කෝව තබන) අඟුරු කබල. 3. [නා.] පෝරණුව; ගිනි උදුන; ඌෂ්මකය.
උදුන් කැටය[නා.] ලිපක් සෑදීමට ගන්නා ගල් හෝ ගඩොල් කැටය; ලිග්ගල.
උදුන් කොක්ක[නා.] හැළිවලන් එල්ලීම සඳහා ලිපට උඩින් බිත්තියෙහි සවි කොට ඇති කොක්ක.
උදුම්බර1. [නා.ප්‍ර.] මල් නැති ව කඳ මැද ගෙඩි හටගන්නා ගස් වර්ගයක්; අට්ටික්කා; දිඹුල්. 2. (පාරිභා.) [නා.ප්‍ර.] විශාල වූ පුෂ්ප මංජරියේ ග්‍රාහයෙන් ප්‍රධාන වශයෙන් සෑදුණු නුග, ඇසටු ආදි ගෙඩියක් (=syconium).
උදුම්බා ගන්නවා1. (කථා.) [ක්‍රි.] අහස අන්ධකාර වෙනවා; අහස වලාකුළුවලින් වැසී යනවා. 2. [ක්‍රි.] කෝපයෙන් නිශ්ශබ්ද ව සිටිනවා.
උදුම්මා ගන්නවා(කථා.) [ක්‍රි.] උඩඟු වෙනවා; පමණට වඩා තමාගේ බලපුළුවන්කම් ගැන සිතනවා.
උදුරනවා1. [ක්‍රි.] උගුල්ලනවා; උපුටනවා; ගලවනවා. 2. [ක්‍රි.] (අන් සතු දෙය) බලෙන් ගන්නවා; පැහැර ගන්නවා.
උදුරා කනවා(කථා.) [ක්‍රි.] නියපොතුවලින් සූරනවා; පහුරු ගානවා.
උදුල, උදුළ[වි.] බබළන; දීප්තිමත්; උජ්ජවලිත; අලංකාර. 1. [නා.] යහපත; යහපත් දෙය. 2. [නා.] ආලය; රාගය. 3. [නා.] බැබළීම; දීප්තිය.
උදුලබැව්[නා.ප්‍ර.] ශෘංගාරය; රාගය.
උදුහු[වි.] උඩට නැඟුණු; උද්ධුත වූ; ඉගිළුණු.
උදූඛල1. [නා.ප්‍ර.] වංගෙඩිය. 2. [නා.ප්‍ර.] ශරිරයෙහි ඇති සන්ධි වර්ග අටෙන් එකක්; ගෝල කුහර හෙවත් ගෝල කෙවෙනි සන්ධිය.
උදෙක්[ක්‍රි.වි.] තනි ව; ඒකාන්තයෙන්; සම්පූර්ණයෙන්; මුළුමනින්; ඕනෑකමින්.
උදෙසනවා1. [ක්‍රි.] පෙන්නා දෙනවා; නියම කරනවා; වෙන්කර දෙනවා. 2. [ක්‍රි.] අදහනවා; මෙනෙහි කරනවා; සිහි කරනවා. 3. [ක්‍රි.] කියනවා; දේශනා කරනවා; මුල සිට පිළිවෙළින් කියවනවා.
උදෙසන්නා[නා.] (කට පාඩමින්) කියන්නා; දෙසන්නා.
උදෙස්1. [නා.ප්‍ර.] කීම; පාඩම් දීම; හැදෑරීම; ඉගෙනීම. · 2. [නා.ප්‍ර.] මාතෘකාව. 3. [නා.ප්‍ර.] පෙළ; පාලි ධර්මය.
උදේ(කථා.) [නා.] උදය කාලය; අලුයම් කාලය; පාන්දර.
උනනවා1. [ක්‍රි.] ලිහනවා; මුදනවා. 2. [ක්‍රි.] ස්වාභාවික සේ දිය ඇදී එනවා; දිය මතුවෙනවා; වෑහෙනවා.
උනඹරයා[නා.] නග්න ව සිටින තවුසා; නිර්වස්ත්‍ර තැනැත්තා.
උන් වනම[ක්‍රි.වි.] සිටියා වූ ආකාරයට ම; උන් හැටියට ම; උන්නු ගමන් ම; සිටිවන ම.
උන්දුරයා[නා.] මීයා; මූෂිකයා.
උන්නත1. [වි.] උස්; උඩට ඉස්සුණු. 2. [වි.] උඩඟු; උද්දාම.
උන්නතාංශය1. [නා.] මුහුදු මට්ටමෙන් උස; මුහුදු මට්ටමේ සිට උස ප්‍රමාණය. 2. [නා.] නක්ෂත්‍ර ක්ෂිතිජය පිහිටි තලයේ සිට ඉහළට මනිනු ලබන කෝණික දුර.
උන්නතාවනත[වි.] උස් පහත්ව පිහිටි; නඟින බසින; විෂම.
උන්නතිය1. [නා.] නැඟීම; උස; උස්බව. 2. [නා.] අහංකාරය; ආඩම්බරය. 3. [නා.] වැඩිවීම; දියුණුව; අභිවර්ධනය; අභිවෘද්ධිය; ශුභසිද්ධිය.
උන්නතෝදර ආදර්ශය(පාරිභා.) [නා.] උත්තල මුහුණක් ඇති දර්පණය හෙවත් කැඩපත.
උන්නමනය1. [නා.] උඩු අතට නැමීම; උඩට නැඟීම. 2. (පාරිභා.) [නා.] කාමාශා වැනි මූලික චිත්තවේගය සඳහා යොදන මානසික බලය ශ්‍රේෂ්ඨ දේ කිරීම සඳහා යෙදවීම; ශ්‍රේෂ්ඨ කිරීම.
උන්නයනය1. [නා.] උඩට නැංවීම. 2. [නා.] තර්කය; කල්පනාව.
උන්නාදය[නා.] ප්‍රීතියෙන් හෝ පුදුමයෙන් හෝ කරන උස් හඬ; ප්‍රීතිඝෝෂාව.
උන්නිද්‍රතාව[නා.] නිදි නැති බව; නින්ද නොයෑම.
උන්මජ්ජනය[නා.] උඩට නැඟීම හෝ මතුවීම.
උන්මත්ත[වි.] සිහි විකල් වූ; පිස්සු වැටුණු; මත් වූ. 1. [නා.ප්‍ර.] සිහි විකල්බව; පිස්සුව. 2. [නා.ප්‍ර.] අත්තන ගස.
උන්මත්තකයා[නා.] සිහි විකල් වූ තැනැත්තා; මත් වූ තැනැත්තා; පිස්සා.
උන්මත්තකාගාරය[උන්මත්තක+ආගාරය] [නා.] උමතු අය (ප්‍රතිකාර ගැනීමට) නතර වී සිටින නිවාසය; පිස්සන් කොටුව.
උන්මථනය[නා.] ශරීරය තුළ සැඟවුණු ශල්‍යය, ශලාකාදියෙන් ඇලළීම හෙවත් කැලඹවීම.
උන්මාදනය[නා.] උමතු කරවීම.
උන්මාදය[නා.] සිහි විකල් බව; පියවි සිහිය නැතිබව; උමතුබව; පිස්සුව.
උන්මානය[නා.] මිනුම් ප්‍රමාණයක්; ද්‍රෝණය.
උන්මාර්ග ගමන(පාරිභා.) [නා.] වැරදි මඟ යෑම; අපචලනය (=deviation).
උන්මාර්ගගත[වි.] වැරදි මාර්ගයට හෙවත් නොමඟට ගිය.
උන්මාර්ගගාමි, උන්මාර්ගගාමී[වි.] වැරදි මඟ හෙවත් නොමඟ යන.
උන්මාර්ගය[නා.] නියම මාර්ගයෙන් වෙනස් වූ මඟ; වැරදි මඟ; නොමඟ.
උන්මීලනය[නා.] (ඇස්) ඇරීම; විවෘත වීම.
උන්මීලිත1. [වි.] (ඇස්) අරින ලද හෙවත් විවර කළ; (ඇස්) ඇරුණු හෙවත් විවෘත වූ. 2. [වි.] පෙනෙන්නට සැලැස්වූ; ප්‍රාදූර්භූත කළ.
උන්මුඛ1. [වි.] උඩුකුරු කළ මුඛය ඇති; උඩට නඟාගත් මුඛ ඇති. 2. [වි.] ඉදිරියෙහි හෙවත් අභිමුඛයෙහි වූ. 3. [වි.] බලාපොරොත්තු වන; අපේක්ෂාවෙන් සිටින; සූදානම් වූ.
උන්මූලනය, උම්මූලනය[නා.] මුලින් උපුටා දැමීම; මූලොත්පාටනය; සම්පූර්ණයෙන් විනාශ කිරීම.
උන්මේෂ කාලය[නා.] ඇස විවර කිරීමට ගන්නා කාලය; ස්වල්ප කාලය.
උන්මේෂණය[නා.] ඇස විවර කිරීම; උන්මීලනය.
උන්සිල්ලාව[නා.] ඔංචිල්ලාව.
උන්හිටි තැන[නා.] යමෙක් වාසය කළා වූ හා සිටියා වූ ස්ථානය; වාසය; ගේ දොර.
උනා දමනවා[ක්‍රි.] ලිහා දමනවා; ගලවා දමනවා.
උනු1. [වි.] අඩු; නොපිරුණු; සම්පූර්ණ නොවූ; සංඛ්‍යාවෙන් ප්‍රමාණයෙන් හෝ තරමින්(යමකට වඩා) අඩු; ගණනින් එකක් අඩු. 2. [වි.] පහත්; බාල. 3. [වි.] රෝම; ලෝම.
උනුලොම්, උනුලොම් දා[නා.ප්‍ර.] බුදුරදුන්ගේ නළලෙහි දෙබැම මැද පිහිටි දකුණට කරකැවුණු දිග රෝමය; ඌර්ණරෝම ධාතුව; දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකක්.
උනුවිසි[නා.ප්‍ර.] (විස්සකට එකක් අඩු) දහනවය.
උනොරු[නා.ප්‍ර.] හිරුගේ රියදුරා; අරුණ.
උඳැට[උඳු+ඇට] [නා.] උඳු ඇටය.
උඳු1. [නා.ප්‍ර.] ආහාරයට ගන්නා ධාන්‍ය විශේෂයක්; මාෂ ප්‍රභේදයක්. 2. [නා.ප්‍ර.] උඳුවප් මාසය.
උඳු පියල්ල[නා.] උඳු ඇටයකින් පළුව; උඳු පළුව.
උඳු පූ[නා.] උඳු පිටියෙන් සාදන ලද කැවුම්.
උඳු හැකිරි[නා.ප්‍ර.] උඳු වැනි කුඩා ගල්කැට ඇති බිම.
උඳුගොව්වා[නා.] හිසකේ මුල් කන ක්ෂුද්‍රප්‍රාණියෙකුගේ නාමය.
උඳුවප්[නා.ප්‍ර.] සිංහල මාස ක්‍රමයට අනු ව ඉල් මාසයට පසු ව එන මාසය; මුවසිරස නැකතට සඳුගේ පැමිණීමෙන් පුරපසළොස්වක් තිථිය යෙදෙන මාසය; නොවැම්බර් මැදභාගයේ සිට දෙසැම්බර් මැදභාගය දක්වා කාලය.
උඳුවැල්[නා.ප්‍ර.] උඳුපිටි මිශ්‍රණයක් හිල් සහිත උපකරණයකින් වත් කොට තෙලෙන් බැද පැණිවල බහා සාදාගනු ලබන කැවිලි වර්ගයක්; පැණි වළලු.
උප[උ.] අප්‍රධාන, ද්විතීය, කනිෂ්ඨ, සමීප, ආසන්න, කිට්ටු යනාදි අර්ථවල යෙදෙන උපසර්ගයක්; අර්ථෝද්දීපනය සඳහා බොහෝ, බලවත් යනාදි අර්ථවල ද යෙදේ.
උප අවපාතය(පාරිභා.) [නා.] අවපාතයක් හෙවත් අඩු වායුපීඩනයක් ඇති ප්‍රදේශයක් ආශ්‍රිත ව පවතින තවත් අඩු වායුපීඩනයක් ඇති කුඩා ප්‍රදේශය (=secondary depression).
උප මණිය(පාරිභා.) [නා.] පුෂ්පයක මණියට යටින් ඒ ළඟම තිබෙන නිපත්‍ර සමූහය; මණිපත්‍ර හා මාරුවෙන් මාරුවට පිහිටි කුඩා මණිපත්‍ර වැනි අවයව පෙළක් (=epicalyx).
උප යා පොට[නා.] වැවට ආසන්නයේ ම තිබූ ප්‍රධාන කුඹුරු යාය; උපයා පොත.
උප යානය[නා.] අභ්‍යවකාශ තරණයේ දී උපයෝගි කරගන්නා ප්‍රධාන යානයට අතිරේක වූ යානය.
උප රචිත[වි.] කළ; තැනූ.
උප රඤ්ජනය[නා.] පාට කිරීම; (රක්ත) වර්ණ කිරීම.
උප ස්නේහය[නා.] සිනිඳු හෙවත් මෘදු කරවන ද්‍රව්‍යය.
උප ස්මරණය[නා.] සිතෙහි අප්‍රකට ව පවත්නා මතක සටහන්; යටි සිත.
උපකච්ඡකය[නා.] කිසිල්ල.
උපකරණය[නා.] කිසියම් ක්‍රියාවකට උපකාර වන දෙය; ආම්පන්නය; පරිභෝග භාණ්ඩය; මෙවලම; ශිල්පීය ආයුධය.
උපකල්පනය1. [නා.] (විශේෂයෙන් ඖෂධ හෝ ආහාර වර්ග) පිළියෙල කිරීම. 2. [නා.] පරීක්ෂාවට ලක් කරනු වස් හරි යැයි තාවකාලික ව පිළිගනු ලබන මතය; උපකල්පිතය; අභ්‍යුපගමය.
උපක්ලිෂ්ට[වි.] කිලිටි වූ; කෙලෙසුණු.
උපක්ලේශ[නා.ප්‍ර.] සිත කිලිටි කරන ධර්ම.
උපක්ෂාර(පාරිභා.) [නා.ප්‍ර.] ශාකවල දක්නා නයිට්රජනීය භාස්මික කාබනික සංයෝග; ඇල්කලොයිඩ් (=alkaloids).
උපක්ෂිප්ත[වි.] කියූ; දැක් වූ; උපන්‍යස්ත.
උපක්ෂේපය1. [නා.] සඳහන් කිරීම; දැක්වීම. 2. [නා.] ඉඟි කිරීම; යෝජනාව.
උපක්‍රමය1. [නා.] උපාය; උපායමාර්ගය; යම්කිසි අරමුණක් ඉටු කරගනු පිණිස යොදා ගන්නා ක්‍රියාපටිපාටිය; සැලැස්ම. 2. [නා.] උපද්‍රවය; හිංසාව; අනතුර. 3. (පාරිභා.) [නා.] යම්කිසි කාර්යයක් කරගනු පිණිස සාදාගන්නා උපකරණය; සූත්තරය (=device, contrivance).
උපක්‍රෝශය[නා.] බැණීම; නින්දා කිරීම.
උපකාරය[නා.] පිහිට; උදව්ව; ආධාරය; සහාය; අනුග්‍රහය.
උපකාරී[වි.] පිහිට වන; උදව් කරන; සහායක; උපස්තම්භක. 1. [නා.ප්‍ර.] උපකාර කරන්නා; උදව් කරන්නා. 2. [නා.ප්‍ර.] උපකාරක බැම්ම; කයිරුව.
උපකුලපති[නා.ප්‍ර.] විශ්වවිද්‍යාලයක කුලපතිවරයාගේ නියෝජිතයා; සරසවියක සම්පූර්ණ පාලන භාරකාරත්වය පිළිබඳ බලධරයා.
උපකූජනය.[නා.] (පක්ෂීන්ගේ) හැඬීම
උපකෘත[වි.] උපකාර කළ; උදව් වූ; (රජයෙන්) ආධාර ලබන.
උපකෘෂ්ට[වි.] ආසන්න වූ; නුදුරෙහි වූ.
උපග[වි.] ළඟට පැමිණි; සමීපයට එළඹි; ඇසුරු කොට පැවති.
උපගණ්හන[වි.] ළං කර ගන්නා; සමීපයට ගන්නා.
උපගත[වි.] එළඹි; පැමිණුණු.
උපගමනය[නා.] ළඟට යෑම; එළඹීම; පැමිණීම.
උපග්‍රන්ථය[නා.] ග්‍රන්ථයකට අතිරේක ව එකතූ කරන කොටස; පරිශිෂ්ටය.
උපග්‍රහණය(පාරිභා.) [නා.] පිළිගනු ලැබූ මූල සත්‍යය; අභ්‍යුපගමය (=postulate).
උපග්‍රහයා[නා.] ප්‍රධාන ග්‍රහයෙකු වටා පරිභ්‍රමණය වන පරිවාර ග්‍රහයා; අප්‍රධාන ග්‍රහයා.
උපගානය[නා.] (වාදනයට) අනු ව පවත්වන ගායනය.
උපගුරු[නා.ප්‍ර.] සහකාර ගුරුවරයා; සහායක ආචාර්යවරයා.
උපගූඪ[වි.] සැඟවුණු; මුවහ වූ.
උපගූහනය[නා.] ආලිංගන ප්‍රදේශය; තුරුල්ල.
උපගූළ්හ[වි.] සැඟවුණු; මුවහ වූ.
උපඝාතක[වි.] ඝාතනය කරන; විනාශ කරන; වනසන.
උපඝාතක කර්මය[නා.] (අභි.) පවත්නා දුර්වල කර්මයක විපාක ශක්තිය මැඩ හෙවත් උපච්ඡේද කොට විපාක දෙන බලවත් කර්මය; උපච්ඡේදක කර්මය.
උපඝාතනය[නා.] ඝාතනය කිරීම; වැනසීම; හානිය; පීඩාව.
උපඝාතය1. [නා.] පහර දීම; හිරිහැර කිරීම; වෙහෙසීම; හිංසාව; උපද්‍රවය. 2. [නා.] නැති කිරීම: විනාශය; නිවාරණය. 3. [නා.] රෝගී වීම; කොර වීම. 4. (වාග්වි.) [නා.] අකුරු බර කොට උච්චාරණය කිරීම; ස්වරාඝාතය (=accent).
උපචක්‍රය(පාරිභා.) [නා.] අප්‍රධාන චක්‍රය; හරියට ම චක්‍රයක් නොවූව (=sub-cycle).
උපචය1. [නා.ප්‍ර.] රැස් කිරීම; රාශිකරණය; ගොඩ ගැසීම; සමූහය. 2. [නා.ප්‍ර.] වැඩීම; වර්ධනය; පුෂ්ටිමත් කිරීම.
උපචරණය[නා.] යම්කිසි වස්තුවක ස්වභාවයක් අන්‍ය වස්තුවකට ආරෝපණය කොට සිතීම හෝ කීම; උපචාර කිරීම.
උපචර්මය[නා.] යටි හම; අධඃචර්මය.
උපචරිත[වි.] යම්කිසි වස්තුවක ස්වභාවයක් අන්‍ය වස්තුවකට ආරෝපණය කොට කියූ; උපචාර වශයෙන් අවබෝධ කරවූ.
උපච්ඡායාව[නා.] ඡායාවක් වටා ඇති මඳක් ආලෝකවත් ප්‍රදේශය; චන්ද්‍රග්‍රහණයේ දී සඳ වට කොට වැටෙනුයේ උපච්ඡායාවකි.
උපච්ඡින්න[වි.] සිඳින ලද; නැසුණු; නිරුද්ධ වූ.
උපච්ඡේදක1. [වි.] සිඳලන; වනසා දමන. 2. [වි.] සිඳලීම නවතාලන.
උපච්ඡේදය[නා.] සිඳීම; නැසීම; විනාශය.
උපචාරය1. [නා.] ළං ව හැසිරීම; සමීපචාරය; පැවැත්ම. 2. [නා.] සමීපය; (විනය) දොළොස් රියනක් ඇතුළත ප්‍රදේශය. 3. [නා.] යම් ස්වභාවයක් එය නැති වස්තුවක ඇති කොට (ආරෝපණය කොට ) සිතා ගැනීම. 4. [නා.] පුජාව; ගරු බුහුමන; උපහාරය; හරසර. 5. (වෛද්‍ය.) [නා.] ප්‍රතිකාරය; පිළියම.
උපචිත[වි.] රැස් කරන ලද; ගොඩ ගැසූ.
උපජන්‍යමාන[වි.] උපදවනු ලබන; ජනිත කරනු ලබන; හට ගැන්වෙන.
උපජ්ඣාය[නා.ප්‍ර.] උපාධ්‍යාය.
උපජාත[වි.] උපන්.
උපජීවනය[නා.] (යමක් ඇසුරු කොට) ජීවත් වීම; ජීවිකා වෘත්තිය.
උපජීවී[වි.] යමක් ඇසුරින් හෝ ආධාරයෙන් ජීවත් වන.
උපට්ඨානය1. [නා.] එළඹ සිටීම; ළඟට ගොස් සිටීම. 2. [නා.] ආවතේව කිරීම; උවටැන් කිරීම; උපස්ථානය. 3. [නා.] සිහිය; සතිය.
උපට්ඨායකයා[නා.] ආවතේව කරන්නා; උවටැන් කරන්නා; උපස්ථායකයා.
උපත[නා.] ඉපදීම; බිහිවීම; ඇතිවීම; හටගැනීම; උත්පත්තිය.
උපත්ථම්භක[වි.] අනුබල දෙන; රුකුල් දෙන.
උපතාපනය[නා.] (කෙලෙස්) තැවීම; පෙළීම.
උපතුෂ(පාරිභා.) [නා.ප්‍ර.] ධාන්‍ය හා තෘණ ශාකවල මල්වල රේණු හා ඡායාංගය වසාගෙන ඇති ඇතුළත පිහිටි කුඩා නිපත්‍රය.
උපදංශය, උපදංසය1. [නා.] ආහාරපාන ගන්නා විට රුචිය වැඩි කිරීම පිණිස අමතර වශයෙන් ගන්නා කෑම; අවුළුපත්; කටගැස්ම. 2. [නා.] ඉතා දරුණු බෝවන කාම රෝගයක්.
උපද්‍රවය[නා.] අනතුර; විපත; පීඩාව; ව්‍යසනය.
උපද්‍රැත[වි.] අනතුරට හෙවත් විපත්තියට පත්; පීඩා ලත්; පීඩිත.
උපදිෂ්ට[වි.] දක්වන ලද; කියූ.
උපදෙස1. [නා.] යමක් කළ යුතු පිළිවෙළ කියා දීම; ගුරුහරුකම. 2. [නා.] උපාය; උපක්‍රමය.
උපදේශනය[නා.] උපදෙස් දීම; ශික්ෂාව.
උපදේශය[නා.] අනුශාසනය; අවවාදය.
උපධාතු[නා.ප්‍ර.බහු.] ශරීරයේ ප්‍රධාන ධාතුවලට හා අවයවවලට දෙවැනි වූ ධාතු; කිරි, ඔසප් ලේ, ඩහදිය, දත්, කෙස් හා ඕජස් යන දෑ.
උපධානය1. [නා.] කොට්ටය. 2. (පාරිභා.) [නා.] පත්‍රයක හෝ පත්‍රිකාවක පාදයෙහි තිබෙන මෙට්ටයක් වැනි මහත් වූ කොටස (=pulvinus ).
උපධාරණය1. [නා.] දැරීම; පිහිට; ප්‍රතිෂ්ඨාව. 2. [නා.] මනා කොට සිතීම; මෙනෙහි කිරීම.
උපධි1. [නා.ප්‍ර.] (අභි.) සංසාරයෙහි සත්ත්වයින් දරා සිටීමට ආධාර වූ කාම, ස්කන්ධ, ක්ලේශ හා අභිසංස්කාර යන ධර්ම හතර. 2. [නා.ප්‍ර.] ශරීරය; රූප සම්පත්තිය. 3. [නා.ප්‍ර.] රනින් කළ පාවහන්; රන් මිරිවැඩි.
උපධි සම්පත්තිය[නා.] රූපශෝභාව ආශ්‍රිත සම්පත්තිය; රූපශ්‍රීයෙන් යුක්ත වීම.
උපධිසඞ්ඛය[නා.ප්‍ර.] සිව්වැදෑරුම් උපධීන් නැසීම; උපධි විවේකය; නිර්වාණය.
උපනගරය1. [නා.] නගර සමීපය. 2. [නා.] ප්‍රධාන නගර සමීපයේ පිහිටි කුඩා නගරය; දෙවෙනි නගරය.
උපනත[වි.] ඇතුළට නැමුණු; ප්‍රවිෂ්ට වුණ; අන්තර්ගත; (හද) තුළට පිවිසි.
උපනතිය[නා.] එක්තරා අතකට නැමීම හෝ නැමී පැවැත්ම; නැඹුරු වීම.
උපනය[නා.ප්‍ර.] පැමිණවීම; එළවීම.
උපනයනය1. [නා.] අධ්‍යයනය සඳහා බාලයන් යථාවිධීන් ගුරුන් සමීපයට පැමිණවීම; වේදාධ්‍යයනය ප්‍රවේශ කිරීම. 2. [නා.] බ්‍රාහ්මණාදින් පලඳින ශුද්ධ නූල; පූන නූල.
උපන් ලපය[නා.] උපතෙහි පටන් ම කෙනෙකුගේ ශරීරයේ දක්නට ලැබෙන කැළැල හෙවත් ලපය.
උපන්‍යස්ත[වි.] ඉදිරිපත් කළ; සඳහන් කළ; දැක් වූ.
උපන්‍යාසය1. [නා.] ළං කොට තැබීම. 2. [නා.] වාක්‍යාරම්භය; වාක්‍යයේ පටන් ගැන්ම. 3. [නා.] මාතෘකාව; ශීර්ෂපාඨය. සංඥාපනය; ප්‍රස්තාවනාව; ආමුඛය; ප්‍රාරම්භ කථාව.
උපනාමය[නා.] ප්‍රධාන නාමයට දෙවන වූ නාමය; විරුද නාමය; අන්‍ය නාමය.
උපනාහය1. [නා.] තදින් බැඳගත් ක්‍රෝධය; බද්ධ වෛරය. 2. [නා.] තුවාලයට හෝ වණයකට ආලේප කරන බෙහෙත්; කල්කය; පැලැස්තරය. 3. [නා.] බෙහෙත් කල්ක ආලේප කිරීම.
උපනිඃක්ෂේප[නා.] (සමීපයෙහි තැන්පත් කිරීම) යමක් හා ආශ්‍රයෙන් හෝ යමක් හා සම්බන්ධයෙන් සිහි වීම.
උපනිධානය(පාරිභා.) [නා.] (නීති.) භාරකාරීත්වය පවරා බඩු බාරදීම; සිරකරුවකු ඇප දී ගැනීම (=bailment).
උපනිධි[නා.ප්‍ර.] වස්තු හිමියා ආරක්ෂාව පිණිස අන් අයකු ළඟ තැබූ වස්තුව.
උපනිබන්ධනය[නා.] බැඳීම; බැඳ තැබීම; (අරමුණක් කෙරෙහි සිත) රැඳවීම.
උපනිවර්තන[වි.] නිවර්තන ප්‍රදේශ මායිම් කොට හෝ ඊට ඉතා ආසන්න ව පිහිටි.
උපනිවේශය[නා.] පිරිසක් පිටරටක පදිංචි වී ස්වකීය මව් රටේ ආධිපත්‍යයට යටත් ව එහි ඇති කර ගන්නා නව වාසභූමිය; යටත් ප්‍රදේශය.
උපනිශ්‍රය1. [නා.ප්‍ර.] බලවත් හේතුව; හේතු වාසනාව; හේතු සම්පත්තිය. 2. [නා.ප්‍ර.] ආශ්‍රය; ඇසුර.
උපනිශ්‍රයප්‍රත්‍යය[නා.ප්‍ර.] (අභි.) ධර්මයන්ගේ ඉපදීමට හා පැවැත්මට බලවත් කාරණ වශයෙන් උපකාර වන දෙය.
උපනිෂත්, උපනිෂද්[නා.ප්‍ර.] සංස්කෘතයෙන් ඇති ලියවී පැරණි දාර්ශනික ග්‍රන්ථ ගණයක නාමය; වේදාන්ත දර්ශනයේ මූල ග්‍රන්ථ.
උපනිස්සය[නා.ප්‍ර.] බලවත් හේතුව; මගඵල ලැබීමට ඇති හේතු සම්පත්තිය.
උපනිසින්නක[වි.] ළඟ හෝ පසෙකින් වාඩි වූ හුන්.
උපනීත[වි.] ළඟට පමුණුවන ලද; පිළිගැන්වූ.
උපනුවා1. [නා.] උපන් තැනැත්තා. 2. [නා.] උපන් දෙය; පහළ වූ දෙය; උපන් ධනධාන්‍යාදිය.
උපනේත්‍රය1. [නා.] ඇස් කණ්ණාඩිය; උපැස් යුවළ; උපනෙත. 2. [නා.] ටෙලස්කෝපයක ඇස තබා බලන තැන ඇති ලෙන්සය.
උපනේය[වි.] සමීපයට පැමිණ විය යුතු; වෙත ඉදිරිපත් කළ යුතු.
උපපජ්ජවේදනීය කර්මය[නා.] (අභි.) මරණින් මතු ඊළඟ භවයේ දී විපාක විඳිය යුතු වූ කර්මය; අනන්තර භවයේ දී ම විපාක දෙන කර්මය; උපපද්‍යවේද්‍ය කර්මය.
උපපත්ති[නා.ප්‍ර.] ප්‍රතිසන්ධි වශයෙන් පැමිණීම; නැවත ඉපදීම; ළඟට පැමිණීම.
උපපත්‍රය[නා.] (උද්භි.) පත්‍ර වෘන්තයක හෙවත් කොළ නටුවක පාදයෙන් නැගී ආ සාමාන්‍යයෙන් පත්‍රයක හැඩය ඇති උපාංග දෙකින් එකක්.
උපපත්‍රිකාව(පාරිභා.) [නා.] චැක්පත්, කුවිතාන්සි ආදිය නිකුත් කිරීමේ දී ඒ පිළිබඳව කෙටි සටහනක් ලියා ඉතිරි කරගනු ලබන කොටස; පිළිපත; උපපත.
උපපතියා[නා.] සොර සැමියා; ජාරයා.
උපපදය1. [නා.] දෙවන හෝ අප්‍රධාන වචනය; ප්‍රධාන වචනයේ ඇති අදහස සීමා කරන එහෙත් ප්‍රධාන වචනයට සමීප දෙවන වචනය. 2. [නා.] විශේෂයෙන් සංඥා නාමයකට පෙර යෙදෙන විශේෂ නාමය.
උපපන්න[වි.] ඇති වූ; හටගත්; උපන් පැමිණි; පිළිගත් ක්‍රමයට අනුකූල වූ.
උපපරීක්ෂණය[නා.] විමසා බැලීම.
උපප්ලවය1. [නා.] පීඩාව; උපද්‍රවය. 2. [නා.] කැලඹීම.
උපප්‍රධානයා[නා.] ප්‍රධානයා ළඟට සිටින තැනැත්තා; දෙවන ප්‍රධානයා.
උපප්‍රමාණ කිරීම[නා.] මුදල්වල නියමිත වටිනාකම පහත හෙළීම.
උපප්‍රමේය[නා.ප්‍ර.] පළමුවෙන් දැක්වූ නිගමනයට ඈඳා ගන්නා වූත් එනිසා අවශ්‍යයෙන් ම ලැබෙන්නාවූත් දෙවන නිගමනය; උපනිගමනය; උපසිද්ධාන්තය.
උපපාතය[නා.] විශිෂ්ට වූ ඉපදීම; ඕපපාතික ප්‍රතිසන්ධිය.
උපපාදුක[වි.] මව්කුස පිළිසිඳ ගැන්මක් නැති ව එක වරටම අංග සම්පූර්ණ ව උපන්; ඉබේ පහළ වූ; ඕපපාතික.
උපපාරමිතා[නා.ප්‍ර.] බෝසතාණන් වහන්සේ ස්වකීය ශරීරාවයව කැපකොට පිරූ පාරමිතා; එනම් ශරීරාවයව නොතකා පිරූ පාරමිතාව.
උපපීඩක[වි.] පීඩා කරන; පෙළන.
උපපීඩක කර්මය[නා.] (අභි.) ජනක කර්මයෙන් ප්‍රතිසන්ධිය ලැබූ පසු ඇතිවන්නා වූ සැපදුක් බොහෝ කල් පැවැත්මට ඉඩ නොදී ඊට බාධා කරන කර්මය.
උපපීඩනය1. [නා.] ශරීර වධය; දැඩි මානසික හෝ කායික හෝ වේදනාව. 2. [නා.] ප්‍රතිවිපාකය; පළිගැනීම.
උපඵලය(පාරිභා.) [නා.] ප්‍රධාන ද්‍රව්‍යයට අමතර වශයෙන් උපදින ද්‍රව්‍යය; අතුරු නිෂ්පාදිතය; අතුරු ඵලය (=by-product).
උපබද්ධය[නා.] (ග්‍රන්ථයක කෙළවරට) අතිරේක වශයෙන් එකතු කරන ලද කොටස; පරිශිෂ්ටය.
උපබ්‍රෑහණය[නා.] වැඩීම; වර්ධනය.
උපභාෂාව[නා.] එක් සම්මත භාෂාවක් ව්‍යවහාර කරන ජනතාව අතර දේශීය වශයෙන් හෝ සමාජීය වශයෙන් විශේෂත්වයක් දැක්වෙන ව්‍යවහාර භාෂාව.
උපභූමිය[නා.] පෘථිවි පෘෂ්ඨයට යටින් තිබෙන පස් තට්ටුව.
උපභෝග පරිභෝග වස්තු[නා.බහු.] භුක්ති විඳීමට සුදුසු වස්තු හා පාවිච්චියට ගැනීමට සුදුසු වස්තු.
උපභෝග වස්තු[නා.බහු.] කෑම බීම ආදි භුක්ති විඳින දේ සහ පාවිච්චි කරන දෙය.
උපභෝගය[නා.] භුක්ති විඳීම; පාවිච්චි කිරීම; කෑමබීමාදී භුක්ති විඳින දෙය; පාවිච්චි කරන දෙය.
උපභෝගාර්හ[උපභෝග+අර්හ] [වි.] භුක්ති විඳීමට හෝ පාවිච්චියට සුදුසු.
උපමා කථාව[නා.] උපමා හෝ නිදර්ශන මාර්ගයෙන් කරුණු පැහැදිලි කරන කථාව.
උපමා රූපකය[නා.] (අලං.) රූපකාය මත උපමාවක් යෙදීමෙන් ඇතිවන කාව්‍යාලංකාරය.
උපමාතාව[නා.] කිරි මව.
උපමානය[නා.] වෙනස් වූ වස්තු දෙකක් අතර ඇති සමානකම පෙන්වා දීම; සමාන කිරීම; උපමාව.
උපමාර්ථ[උපමා+අර්ථ] [වි.] සැඟවුණු අර්ථ ඇති; සඟවා පැවසූ අර්ථයෙන් යුත්.
උපමාව1. [නා.] සංසන්දනය; සදෘශ්‍යය; සමානත්වය; එක් දැයක් තවත් දැයක් වැනි යැයි කරන ප්‍රකාශය. 2. [නා.] නිදර්ශන සහිත කථාව; උදාහරණය; නිදර්ශනය.
උපමිතිය[නා.] සමාන කිරීම; උපමා කිරීම; සමානකම.
උපමුඛය(පාරිභා.) [නා.] ලෝහ නළ, වස්දඬු ආදි සංගීත භාණ්ඩ පිඹීමේ දී කටට තබා ගන්නා කොටස.
උපමේය[වි.] උපමා කළ හැකි; උපමා කටයුතු. [නා.] උපමා කරනු ලබන වස්තුව.
උපයනවා[ක්‍රි.] උපදනවා; ඇතිකරනවා; නිපදවනවා; සම්පාදනය කරනවා.
උපයා කනවා[ක්‍රි.] ජීවිකාව කරගන්නවා; දිවි රකිනවා; අරපිරිමැස්මෙන් ජීවත් වෙනවා.
උපයුක්ත1. [වි.] සුදුසු; අදාළ; නියම. 2. [වි.] යුක්ත වූ; ඇතුළත් වූ.
උපයෝගකය(පාරිභා.) [නා.] එක ම ප්‍රමාණයෙන් යුක්ත නොවූ උපකරණ කොටස් දෙකක් සම්බන්ධ කරන උපකරණය (=adapter).
උපයෝගය1. [නා.] යෙදීම; පාවිච්චියට හෙවත් භාවිතයට ගැනීම. 2. (ව්‍යාක.) [නා.] පැරණි පොතපතෙහි කර්ම විභක්තියට ව්‍යවහාර කළ නාමය.
උපයෝගී[වි.] යෙදෙන; ගැළපෙන; සුදුසු.
උපයෝජනය1. (පාරිභා.) [නා.] යෙදීම; ප්‍රයෝජනයට ගැනීම; ප්‍රතියෝජනය; පාවිච්චියට හෙවත් භාවිතයට ගැනීම. 2. [නා.] විවිධ දුරවල වස්තූන් පිහිටීමේ දුර අනු ව නිසි දුර වෙනස් කර ගැනීමට ඇසට ඇති හැකියාව පැහැදිලි ව දැකීම සඳහා වන වෙනස් වීම (=accommodation exploitation).
උපයෝජිත[වි.] යොදනු ලැබූ; පාවිච්චි කරන ලද.
උපරජ[නා.] දෙවන රජ; යුවරජ.
උපරත[වි.] වැළකුණු; වෙන් වූ.
උපරාගය1. [නා.] වර්ණවත් කිරීම. 2. [නා.] (සූර්ය හෝ චන්ද්‍ර) ග්‍රහණය. 3. (සංගී.) [නා.] මාර්ග රාගයෙහි ප්‍රභේදයක නාමය. 4. [නා.] යුවරජ තනතුර; දෙවෙනි රජකම.
උපරාජ්‍යය1. [නා.] ප්‍රධාන රාජධානියකට යටත් ප්‍රදේශීය හෝ කුඩා හෝ රාජ්‍යයන්. 2. [නා.] යුවරජ තනතුර; දෙවෙනි රජකම.
උපරි[නි.] උඩින් හෝ මත්තෙහි වූ; ඉහළින් වූ; උඩ; ඉහළ; අධික; වඩා. [ක්‍රි.වි.] උඩට; ඉහළට.
උපරිකූපය(පාරිභා.) [නි.] බීජාංකුරයක බීජපත්‍රවලට ඉහළින් ඇති කෝෂයේ කොටස (=epicotyl).
උපරිතන[වි.] වඩා ඉහළින් වූ; මත්තෙහි වූ.
උපරිතලය[නා.] කුටියක හෝ ප්‍රාසාදයක හෝ උඩුමහල නොහොත් මතුමහල; උඩ තට්ටුව.
උපරිතානය(පාරිභා.) [නා.] සංකීර්ණ තානයක මූලික සංඛ්‍යාතයට ඉහළින් තිබෙන ඕනෑ ම ස්වරයක් (=overtone).
උපරිදර්ශන යන්ත්‍රය(පාරිභා.) [නා.] පාරාන්ධ වූ ද පාරදෘශ්‍ය වූ ද ප්‍රතිබිම්බ තිරයක් මත ප්‍රක්ෂේප කරන උපකරණය; එපිඩයස්කෝපය (=epidiascope).
උපරිදික්[නා.ප්‍ර.] ඉහළ දිසාව; උඩ දිසාව.
උපරිනිර්මාණය[නා.] යමක් මත ඉදි කොට ඇති දෙය.
උපරිනිවාසකය(පාරිභා.) [නා.] පෝෂණය අතින් ස්වාධීනව වෙනත් ශාකයක් මත වැඩෙන ශාකය; අපිශාකය; උපරිජීවි පැළෑටිය; (=epiphyte).
උපරිභාගය[නා.] උඩුභාගය; ඉහළ කොටස.
උපරිභූමක(පාරිභා.) [වි.] ඇටපියලි හෙවත් බීජපත්‍ර පොළොවෙන් උඩට ඇදෙමින් ප්‍රරෝහණය වන.
උපරිම[වි.] ඉහළින් පිහිටි; උඩ ම; ඉතා ම උසස්; ශ්‍රේෂ්ඨතම.
උපරිම කාය[නා.ප්‍ර.] (මනුෂ්‍ය ශරීරයෙහි) නාභියෙන් උඩ කොටස; උඩු කය.
උපරිමය(පාරිභා.) [නා.] වැඩිම ගණන හෝ ප්‍රමාණය(=maximum).
උපරිවෘක්ක(පාරිභා.) [වි.] වකුගඩුව මතුයෙහි හෝ ඊට උඩින් පිහිටි; අධිවෘක්ක.
උපරිස්ථ[වි.] උඩින් පිහිටි; මත්තෙහි පිහිටි.
උපරූපරිභාවය[නා.] මතුමත්තෙහි ඇති වීම; වර්ධනය වීම.
උපරෝධක[වි.] වළක්වන; බාධා කරන.
උපලක්ෂණය1. [නා.] එකක් සඳහන් කොට සමූහයක් හැඳින්වීමේ ලක්ෂණය; සමූහයක් හැඳින්වීමට ලකුණක් වශයෙන් යොදන ශබ්දය. 2. (ව්‍යාක.) [නා.] එළඹ සිටි ලක්ෂණය; සමීපස්ථ ලක්ෂණය.
උපලක්ෂ්‍යය[නා.] අවබෝධ කටයුතු දෙය; අනුමානයෙන් සිතාගත යුත්ත.
උපලක්ෂිත1. [වි.] ආවේණික ගුණාංගවලින් යුක්ත වූ; උපලක්ෂණයෙන් යුක්ත වූ; අලංකාර වූ. 2. [වි.] හඟවන ලද; යෝජිත.
උපලබ්ධ[වි.] ලැබුණු; ලබාගත්; දක්නා ලද; ප්‍රත්‍යක්ෂ කළ.
උපලබ්ධි බලය(පාරිභා.) [නා.] බල කීපයක් එක්තැන් වීමෙන් සෑදෙන බලය; සම්ප්‍රයුක්ත බලය (=resultant force).
උපලබ්ධිය1. [නා.] පෙනීම; දැනීම; අවබෝධය; ඥානය. 2. [නා.] වත්කම් චැක්පත් ආදිය මුදල් බවට පරිවර්තනය කිරීම(=realization).
උපලභ්‍ය[වි.] ලැබිය යුතු; දත යුතු.
උපලය1. [නා.] ගල්කැටය; පාෂාණය. 2. [නා.] වර්ණවත් මැණික් විශේෂයක නාමය.
උපලාපනය[නා.] චාටුබස් කීමට පෙලඹීම.
උපලාලනය[නා.] නැළවීම; පෙලඹවීම.
උපලිප්ත[වි.] තවරන ලද; ගාන ලද.
උපලේඛනය(පාරිභා.) [නා.] ප්‍රධාන ලේඛනයට අමුණා ඇති විස්තර සහිත අතුරු ලේඛනය (=schedule).
උපලෝහය(පාරිභා.) [නා.] අප්‍රධාන ලෝහය; ලෝහයක හෝ අලෝහයක ලක්ෂණ ඇති ද්‍රව්‍යය.
උපවදන[නා.] දෝෂාරෝපණය; අපවාදය.
උපවාදක[වි.] දෝෂාරෝපණය කරන; ගර්හා කරන.
උපවාදිත[වි.] චෝදනා කරනු ලැබූ; ගර්හා කරනු ලැබූ.
උපවාසය[නා.] (සෞඛ්‍යය සඳහා හෝ ආගමික ප්‍රතිපත්තියක් වශයෙන් හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීම සඳහා හෝ) නිරාහාර ව සිටීම.
උපවිඥානය, උපවිඤ්ඤාණය[නා.] මිනිස් සිතෙහි යටපත් වී පවත්නා විඤ්ඤාණ අවස්ථාව; යටිහිත.
උපවිද්‍යාව[නා.] විද්‍යාවට ඇතුළත් භෞතික විද්‍යාව; සත්ත්ව විද්‍යාව වැනි අතුරු විද්‍යාවක්.
උපවිෂ[නා.ප්‍ර.] අබින්, නියඟලා අල, අත්තන ඇට ආදි අප්‍රධාන විෂ වර්ග.
උපවිෂ්ට1. [වි.] හිඳගත්; වාඩි වූ. 2. [වි.] එළඹුණු; පැමිණි.
උපවීණය, උපවීණාව1. [නා.] වීණා දණ්ඩ. 2. [නා.] වීණාව වැයීමට ගන්නා දුන්න; වීණා දුන්න; අළුව.
උපවේශනය[නා.] හිඳීම; හිඳගැනීම.
උපශමනය1. [නා.] සංසිඳුවීම; කෙළවර කිරීම; නිවාරණය; රෝග සුව කිරීම. 2. [නා.] සිත සතුටු කිරීම හෙවත් පිනවීම.
උපශ්‍රැතිය[නා.] වචනය ඇසෙන දුර ප්‍රමාණය.
උපශාඛාව[නා.] ශාඛාවකින් බෙදී ගිය අතුරු ශාඛාව; කුඩා අත්ත; අනු ශාඛාව.
උපශාන්ත[වි.] සන්සුන්; ශාන්ත වූ; සන්සිඳුණු; නිවුණු; ව්‍යුපශමනය වූ.
උපශාලාව[නා.] ප්‍රධාන ශාලාවට ඇතුළු වීමට පෙර සිටිය යුතු කුඩා ශාලාව; විවේකාගාරය.
උපශීර්ෂය(පාරිභා.) [නා.] උපමාතෘකාව; ප්‍රධාන නොවන සිරස්තලය.
උපශෝභිත[වි.] අලංකාර කරන ලද; සරසන ලද; ශෝභමාන වූ.
උපසංක්‍රමණය, උපසඞ්ක්‍රමණය[නා.] ළඟට පැමිණීම; සමීපයට එළඹීම.
උපසංග්‍රහය, උපසඞ්ග්‍රහය[නා.] ආදර සංග්‍රහය; උදවු උපකාරය; සත්කාරය.
උපසංහරණය, උපසංහාරය[නා.] වෙතට ගෙන එම; ළඟට පැමිණවීම හෝ එළවීම; එක්තැන් කිරීම; කැටි කිරීම; හකුළුවා ගැනීම.
උපසංහිත[වි.] සම්බන්ධ හෝ පිළිබඳ; ඇතුළත්; අඩංගු.
උපසත්කාරය[නා.] ළඟ සිට කරන සත්කාරය; ඉතා ඕනෑකමින් සත්කාර කිරීම; ඇප උපස්ථාන කිරීම.
උපසන්න(පාරිභා.) [වි.] ඉතා කිට්ටු; ළං වූ; ආසන්න (=approximate value).
උපසපන්[වි.] අධිශීලයට පැමිණි; උපසම්පදාව ලැබූ.
උපසමය[නා.] සන්සිඳීම; ශාන්තභාවය; සංවරකම; සියලු දුකින් සන්සිඳීම; උපශමය.
උපසම්පදාව[නා.] සාමණේර පැවිද්දන් අධිශීලයෙහි පිහිටුවීම සඳහා කරන විනය කර්මය.
උපසරණය[නා.] සමීපයට පැමිණීම; ආගමනය.
උපසර්ගය1. [නා.] උවදුර; පීඩාව; යක්ෂභූතාදිගෙන් වන උපද්‍රවය; රෝග විකාරය; රෝගය. 2. (ව්‍යාක.) [නා.] ප්‍රකෘතියකට මුලින් ඈඳෙන අව්‍යය පද.
උපසර්පණය[නා.] ළඟට පැමිණීම; සමීපයට එළඹීම; ආගමනය.
උපස්කාරය[නා.] වැඩිපුර කොටස; අතිරේකය; පරිශිෂ්ටය.
උපස්ඛලනය[නා.] පැකිළීම; පැටලීම.
උපස්තම්භක[වි.] ආධාරයක් හෝ උපකාරයක් වන; අනුබල දෙන; උපකාරී වූ; සහාය වූ.
උපස්තම්භනය, උපස්තම්භය[නා.] උපකාරී වීම; ආධාරය; රුකුල; අනුබලය.
උපස්තරය(පාරිභා.) [නා.] යටින් පිහිටි තට්ටුව; යට තට්ටුව; යටිතලය.
උපස්ථය[නා.] ජනනේන්ද්‍රිය; ලිඞ්ගය හෝ යෝනිය; කර්මේන්ද්‍රියයන් අතරින් එකක්.
උපස්ථාන ශාලාව1. [නා.] රැස්වීම් ශාලාව. 2. [නා.] ආරක්ෂා ස්ථානය; රක්ෂාස්ථානය. 3. [නා.] භෝජනාගාරය; බොජුන්හල. 4. [නා.] විසිත්ත කාමරය; සාලය.
උපස්ථානය1. [නා.] සමීපයට එළඹීම; එළඹ සිටීම. 2. [නා.] වන්දනාමානාදියෙන් හා සිවුපසය පිරිනැමීමෙන් භික්ෂූන් වහන්සේලා වෙත කරන මෙහෙය. 3. [නා.] ආහාරපාන, ඉඳුම් හිටුම් ආදිය සැපයීමෙන් කරන සත්කාරය; උවටන.
උපස්ථාපක[වි.] (ආධාර කරවන) ආධාරකයක් වන්නා වූ; සේවයක් වන්නා වූ.
උපස්ථාපිතකය(පාරිභා.) [නා.] ගුද මාර්ගයට හෝ යෝනියට හෝ ඇතුළු කොට දිය වෙන්නට හරිනු ලබන සිලින්ඩරාකාර හෝ කේත්වාකාර බෙහෙත්කුර (=suppository).
උපස්ථායකයා1. [නා.] සමීපයෙහි සිට උපස්ථාන කරන්නා; භික්ෂුවකගේ ආවතේවයෙහි යෙදී සිටින්නා; කැපකරුවා; රෝගියකු රැක බලා ගන්නා. 2. (ක්‍රිස්ති.) [නා.] මෙහෙකරුවා; සේවකයා.
උපස්ථිත[වි.] ළඟට පැමිණි; සමීපයට එළඹ සිටි; පහළ වූ.
උපස්නේහනය(පාරිභා.) [නා.] යන්ත්‍රයන්හි වැඩ කරන කොටස්- වල පෘෂ්ඨයන් අතර ඝර්ෂණය අඩු කිරීමට යොදන තෙල් වර්ග ආදිය; උපස්නේහකය (=lubrication).
උපස්සය[නා.ප්‍ර.] වසන ස්ථානය; අරම; අසපුව; ආවාසය.
උපස්සුතිය[නා.] වචන ඇසෙන ප්‍රමාණයේ දුර; ශ්‍රැති සමීපය.
උපසාධ්‍ය[වි.] සිද්ධ විය හැකි හෝ සිද්ධ විය යුතු; ඉටුවිය හැකි.
උපසාමාන්‍ය(පාරිභා.) [වි.] සාමාන්‍යයෙන් අඩු (=subnormal).
උපසික්ත[වි.] ඉසින ලද; තෙමන ලද; මිශ්‍ර කරන ලද; අනන ලද.
උපසිද්ධාන්තය[නා.] ප්‍රධාන හෙවත් මූලික සිද්ධාන්තයට අවශේෂ වූ සිද්ධාන්තය; අතුරු සිද්ධාන්තය.
උපසූතිකාව[නා.] ප්‍රසූතිය කරවන්නිය; වින්නඹුව.
උපසේවනය[නා.] ඇසුරු කිරීම; සේවනය කිරීම; භුක්ති විඳීම.
උපසෝභිත[වි.] අලංකාර වූ; සැරසූ; හොබවන ලද.
උපහත[වි.] පහර දෙන ලද; පීඩිත; නැසූ; විනාශ කළ,
උපහරණය1. [නා.] සමීපයට ගෙන ඒම; වෙතට පැමිණවීම. 2. [නා.] නිදර්ශනය; උදාහරණය; පාඩම; උපමාව. 2. [නා.] ආධාරය; පිළිසරණය.
උපහස්තිකාව[නා.] බුලත් කෑමට අවශ්‍ය අඩු වැඩිය බහාලන හැඹිලිය; බුලත්මල්ල.
උපහසිතය[නා.] හිස සහ දෙදසරුව සලමින් සිනාසීම.
උපහාරය[නා.] ගෞරව පෙරදැරි ව පිරිනමන වස්තුව; පූජාව; ගෞරවය දැක්වීම.
උපහාසය1. [නා.] හාස්‍යයට ලක් කිරීම; සමච්චලය; සරදම. 2. [නා.] සමාජයෙහි දුර්වල තැන් සරදමට ලක් කරන කථාව හෝ නිබන්ධය; උපහාසාත්මක කථාව; උපහාස නිබන්ධය.
උපහාසාලාපය[නා.] උපහාසය ගැබ් වූ කියමන හෝ කථාව; නර්මාලාප.
උපහැරණය[නා.] උදාහරණය; නිදර්ශනය.
උපහිත[වි.] තබන ලද; තැන්පත් කරන ලද.
උප්පකණ්ඩම්(කථා.) [නා.ප්‍ර.] වියළි දඩමස්.
උප්පටිපාටිය[නා.] නියමිත ක්‍රමය උල්ලංඝනය වීම; පිළිවෙළ කැඩීම; උත්පටිපාටිය; උපිළිවෙළ.
උප්පත1. [නා.] ඉපදීම; බිහිවීම; හටගැනීම. 2. [නා.] බුලත් කොළය.
උප්පථ[නා.ප්‍ර.] වැරදි මාර්ගය; නොමඟ.
උප්පරවැට්ටිය[නා.] උපාය; උපක්‍රමය; උගුල.
උප්පල1. [නා.ප්‍ර.] මානෙල්; උපුල්. 2. [නා.ප්‍ර.] සෞගන්ධි නම් සංඛ්‍යාව කෝටියෙන් ගුණ කළ විට ලැබෙන අතිවිශාල සංඛ්‍යාව. 3. [නා.ප්‍ර.] අවුරුදු උප්පලයක් ආයු ඇතැයි සැලකෙන නිරයක නාමය.
උප්පාදනය1. [නා.] ඉපදවීම; බිහිකරවීම. 2. [නා.] විද්‍යුතය හෝ චුම්බකත්වය ඉපදවීම.
උප්පැන්නය1. [නා.] උපත; උත්පත්තිය. 2. [නා.] කෙනෙකුගේ උපන්දිනය, මව්පියන්ගේ නම් ගම් ආදි තොරතුරු සඳහන් නිල ලේඛනය හෙවත් සහතිකය; උප්පැන්න සහතිකය.
උප්පිඩ[නා.] එක් වරකට කපා ඔසවා ගත් ගොයම් කැටිය; ගොයම් අහුර.
උප්පු1. [නා.ප්‍ර.] ලුණු. 2. (කථා.) [නා.ප්‍ර.] තට්ටු පැනීම හෙවත් තාච්චි පැනීම.
උපාඛ්‍යානය[නා.] උපකථාව; අතුරු කථාව; වෘත්තාන්තය.
උපාඞ්ගය[නා.] ශරීරයේ අප්‍රධාන අවයවය; ප්‍රධාන අවයවයක් හෝ වස්තුවක් සම්බන්ධ වූ අමතර ඌනපූරක කොටස; අමතර කොටස.
උපාදානය1. [නා.] ගැනීම; දැඩිව ගැනීම; (අරමුණ) දැඩි කොට ගැනීම. 2. [නා.] යමක් පැවැත්මට උපකාර වන දෙය; ආසන්න කාරණය; හේතුව. 3. [නා.] පදාර්ථය; ධාතුව. 4. (උද්භි.) [නා.] සූර්ය රශ්මි හේතු කොට ගෙන, අම්ලකර පිට කර අඞ්ගාරය ශාක තුළ නවත්වා ගැනීමේ ක්‍රියාව; කාබන් සමීකරණය (=carbon assimilation).
උපාදානස්කන්ධ[නා.ප්‍ර.] කාමාදි සතර උපාදානවලට අරමුණුවන්නා වූ හෙවත් ගෝචර වන්නා වූ රූප, වේදනා, සඤ්ඤා, සඞ්ඛාර, විඤ්ඤාණ යන ධර්ම පස.
උපාදිශේෂ නිර්වාණධාතුව[නා.] පඤ්චස්කන්ධය ඉතිරි ව තිබිය දී අවබෝධ කර ගන්නා නිර්වාණය.
උපාධ්‍යාය[නා.ප්‍ර.] වරද නිවරද පෙන්වා අවවාද අනුශාසනා කරන්නා; ධර්ම විනය උගන්වන්නා; පැවිදි කිරීමෙහි සහ උපසම්පදා කර්මයෙහි මූලික වන භික්ෂූන් වහන්සේ.
උපාධි[නා.ප්‍ර.] පටබැඳි නම; ගරු නාමය; විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතනයකින් ප්‍රදානය කෙරෙන උගත්කමේ තත්ත්ව හඟවන නම.
උපාධිඅපේක්ෂක[නා.ප්‍ර.] උපාධියක් සඳහා විශ්වවිද්‍යාලයක ඉගෙනීම කරන්නා; විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයා.
උපාන්ත[වි.] අන්තය හෙවත් කෙළවර සමීපයෙහි වූ; අග.
උපාමාරුව[නා.] උපාය මාර්ගය; උපක්‍රමය.
උපාය[නා.ප්‍ර.] කටයුතු සිදු කර ගැනීමේ ක්‍රමය හෙවත් ක්‍රියා මාර්ගය; උපක්‍රමය; න්‍යාය පිළිවෙළ; ප්‍රයෝගය; මායම.
උපාය මාර්ගය1. [නා.] කාර්ය ඉටුකර ගන්නා ක්‍රමය; ක්‍රියා පිළිවෙළ. 2. [නා.] කරුණ; හේතුව.
උපාය ශක්තිය[නා.] උපක්‍රමයෙහි සමත්බව; කාර්ය සිද්ධිය ඉටු කර ගැනීමෙහි සමත් බව හෙවත් හැකියාව.
උපායකෞශල්‍යය[නා.] උපායෙහි කුශලතාව හෙවත් දක්ෂතාව; කටයුතු සිද්ධ කිරීමේ හැකියාව.
උපායඥානය, උපායඤාණය[නා.] උපාය යෙදීමේ නුවණ; උපාය පිළිබඳ නුවණ.
උපායනය[නා.] පඬුර; තෑග්ග.
උපායාන්තරය[උපාය+අන්තරය] [නා.] වෙනත් හෝ අතුරු උපාය; උපායමාර්ග කීපයකින් තෝරාගන්නා ලද උපාය.
උපායාසය[නා.] දැඩි ආයාසය; ඤාති ව්‍යසනාදිය හේතු කොටගෙන ඇති වන බලවත් සිත් තැවුල.
උපාරම්භය[නා.] දොස් පැවරීම; දෝෂාරෝපණය; පරවම්භනය.
උපාර්ජනය[නා.] සපයා ගැනීම; ලබා ගැනීම; රැස් කිරීම.
උපාර්ධය[නා.] අඩ; භාගය; දෙකෙන් පංගුව.
උපාශ්‍රය1. [නා.ප්‍ර.] ළංව සේවනය කිරීම හෙවත් ඇසුරු කිරීම; සමීපාශ්‍රය. 2. [නා.ප්‍ර.] මූලාධාරය; පිහිට.
උපාසක චණ්ඩාලයා[නා.] උපාසකයකු උ තුළ පිහිටිය යුතු ගුණ නොමැති උපාසකයා; හොර උපාසකයා.
උපාසකයා1. [නා.] යම්කිසි ශ්‍රමණ පිරිසක් ළං ව ඇසුරු කරමින් සේවය කරන්නා; භක්තිමතා. 2. [නා.] තෙරුවන් සරණ ගිය පුරුෂයා; තෙරුවන් සරණ ගොස් සිල් සමාදන් ව (බෞද්ධ) ආගමික වතාවත්වල යෙදෙන තැනැත්තා. 3. [නා.] අහිංසකයා.
උපාසනය1. [නා.] සමීපයෙහි හිඳීම; ඇසුරු කිරීම; ඇප උපස්ථාන කිරීම; පුද සත්කාර දැක්වීම. 2. [නා.] ධනුශ්ශිල්පය පුරුදු කිරීම. 3. [නා.] භාවනාව (කමටහන්) වැඩීම.
උපාසිකාව[නා.] තෙරුවන් සරණ ගිය ස්ත්‍රිය.
උපාහනය[නා.] පාදුකාව; පාවහන; සෙරෙප්පුව; සපත්තුව.
උපැත්[නා.ප්‍ර.] ඉපදීම; උත්පත්තිය; හටගැනීම.
උපැවිදි[වි.] පැවිදිබව අත්හළ; සිවුරු හැර දැමූ; හීරළු.
උපෑ[නා.] උඩට නැඟීම; උත්පාතය; කැලඹීම; කුණාටුව.
උපිළිවෙළ[නා.] පිළිවෙළ ඉක්මවීම; වැරදි පිළිවෙළ.
උපුටනවා1. [ක්‍රි.] උගුළනවා; උදුරනවා; ගලවනවා. 2. [ක්‍රි.] පොත් ආදියකින් කොටස් ගෙනහැර දක්වනවා.
උපුරනවා[ක්‍රි.] උගුළනවා; උදුරනවා.
උපුල1. [නා.] ගල. 2. [නා.] වර්ණවත් මැණික් ගල් විශේෂයක්. 3. [නා.] ජලජ පුෂ්ප වර්ගයක්; මානෙල්; උත්පල.
උපුල්වන්[නා.ප්‍ර.] උත්පලවර්ණ.
උපේක්ෂක[වි.] උපේක්ෂා ගුණයෙන් යුත්; මධ්‍යස්ථ පැවතුම් ඇති.
උපේක්ෂ්‍ය[වි.] නොතැකිය යුතු; නොසැලකිය යුතු; ගණන් නොගත යුතු.
උපේක්ෂාව[නා.] මැදහත්බව; ඉෂ්ට අරමුණෙහි ඇලීමක් හෝ අනිෂ්ට අරමුණෙහි ගැටීමක් හෝ නො වී මධ්‍යස්ථ වීම.
උපේක්ෂිත[වි.] උපේක්ෂාවෙන් යුක්ත; සැලකිලිමත් නොවූ; ගණනකට නොගත්.
උපේත[වි.] යුක්ත වූ; සමන්විත වූ.
උපේන්ද්‍රයා[උප+ඉන්ද්‍ර] [නා.] විෂ්ණු දෙවිඳු.
උපෝද්ඝාත[වි.] උපහැරණ ස්වරූප ගත්; ආඛ්‍යාත විලාසය ගත්; අතුරු කථා බඳු.
උපෝසථ කර්මය[නා.] උපසම්පදා භික්ෂූන් අතින් විනය නීති කැඩීමේ වරදක් සිදු වූ විට පසළොස්වක අමාවක යන දිනයන්හි භික්ෂු සංඝයා අභිමුඛයෙහි ඒ වැරදි හෙළි කිරීමෙන් කරන විනය කර්මය; පොහොය කිරීම.
උපෝසථ කුලය[නා.] දස වැදෑරුම් ඇත් කුලවලින් එකක්.
උපෝසථ ශීලය, උපෝසථ සීලය[නා.] ගිහියන් පොහෝ දවස්හි සමාදන් වන අටසිල්; අෂ්ටාංගසීලය.
උපෝසථය1. [නා.] (විනය.) පොහොය දිනය; පොහොය කිරීමට නියමිත අව අටවක, අව තුදුස්වක, පුර අටවක සහ පුර පසළොස්වක යන දින. 2. [නා.] පොහොය දිනයෙහි සංඝකර්ම කිරීම; පොහොය කිරීම.
උපෝසථාගාරය[නා.] භික්ෂූන් එක්රැස් වී උපෝසථ කර්මය සිදු කරන විශේෂ ශාලාව.
උබ්බෑය(කථා.) [නා.] උප්පු බෑය; ලුණු පොල්කටුව.
උබ්බිනය[වි.] ධර්ම විනයට විරුද්ධ වූ; වැරදි අදහස් ඇති; විනය විරෝධී.
උභතෝ[නි.] දෙකින්; දෙපසින්.
උභතෝකෝටික[වි.] දෙකොනක් ඇති; නිගමන දෙකකට තුඩු දෙන; විසඳුමක් හෝ තීරණයක් ගත නොහැකි; දෙ විධියකට තේරුම් ගත හැකි.
උභතෝකෝටික ප්‍රශ්නය[නා.] නිගමන දෙකකට තුඩු දෙන ප්‍රශ්නය; කොයි අතට විසඳුවත් තීරණයක් කරගත නොහැකි කාරණය; විසඳීමට දුෂ්කර ප්‍රශ්නය.
උභතෝධාරා[නා.ප්‍ර.] දෙපස ම කැපෙන මුවාත ඇති බව; දෙපිට කැපීම.
උභතෝසංඝයා, උභතෝසඞ්ඝයා[නා.] භික්ෂු, භික්ෂුණී යන දෙවැදෑරුම් (උභය) සංඝයා වහන්සේ.
උභතෝසුජාත[වි.] (මව්පිය) දෙපසින් ම උතුම්ව උපන්.
උභය[වි.] දෙකකින් යුත්; දෙකක් වූ; දෙවැදෑරුම් වූ.
උභය කුලය[නා.]වංශ දෙක; මව්පිය දෙපාර්ශ්වය; මව්පිය දෙදෙනාගේ පරපුර.
උභය කෝටිය[නා.] දෙකෙළවර එකක් සේ ගත් අන්ත දෙක.
උභය චරයා(පාරිභා.) [නා.] දියෙහි හා ගොඩබිමෙහි එක සේ විසිය හැකි සත්ත්වයා; උභයජීවියා (=amphibious).
උභය තීරය[නා.] එගොඩ හා මෙගොඩ; දෙගොඩ.
උභය පිධානියා[නා.] පියන් දෙකකින් ආවරණය වූ බෙල්ලා.
උභය මන්ත්‍රී මණ්ඩලය[නා.] පාර්ලිමේන්තු ක්‍රමයට අයත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා උත්තර මන්ත්‍රී මණ්ඩලය යන මැතිමඬුලු දෙක.
උභය රාශිය[නා.] (ජ්‍යෝති.) රාශි චක්‍රයෙහි චර සහ තිර රාශි දෙක.
උභය ලෝකය[නා.] මෙලොව හා පරලොව; දෙලොව.
උභය වාසය[නා.] ග්‍රාමවාසය හා ආරණ්‍යවාසය හෙවත් වනවාසය යන භික්ෂු ආයතන දෙක.
උභය ශාසනය[නා.] භික්ෂු භික්ෂුණී යන දෙවැදෑරුම් ශාසනය.
උභය සමෘද්ධිය[නා.] මෙලොව හා පරලොව යන දෙකෙහි ම දියුණුව; දෙලෝ යහපත.
උභයගුණීය(පාරිභා.) [වි.] ආම්ලික හා භාස්මික යන ගුණ දෙකින් ම යුත් (=amphoteric).
උභයලිඞ්ග[වි.] ස්ත්‍රී, පුරුෂ යන ලිඞ්ගද්වය ම ඇති; ද්විලිඞ්ගී.
උභයාංශය, උභයාංසය[නා.] අංශ දෙක; පැති දෙක; දෙ උර.
උභයාංසිකයා[උභය+අංසික] [නා.] දෙඅංසය හෙවත් දෙ උර වසා සිවුරු පොරවන භික්ෂූන් වහන්සේ.
උභයාභාසය[උභය+ආභාසය] තර්ක සිද්ධාන්ත හෝ නීති දෙකක් අතර ඇති පරස්පර විරෝධනය.
උභයාර්ථය1. [නා.] තේරුම් දෙක; අරුත් දෙක. 2. [නා.] තමන්ගේ හා අනුන්ගේ යහපත. 3. [නා.] මෙලොව හා පරලොව යහපත. “ 4. (පාරිභා.) [නා.] දෙයාකාර ව තේරුම් ගැනීම; වක්‍රෝක්තිය.
උභයාලඞ්කාරය[නා.] (අලං.) අර්ථාලංකාර හා ශබ්දාලංකාර යන දෙකින් ම යුත් අලංකාරය.
උභයාවතල[උභය+අවතල] (පාරිභා.) [වි.] දෙ කෙළවර ම අවතල වූ (=amphicoelous).
උම, උමා, උමි[නා.ප්‍ර.] රැළ; තරංගය.
උමං කෑම[නා.] උමං හාරා හොරකම් පිණිස ගෙවලට වැදීම; ගෙවල් බිඳ සොරකම් කිරීම; උමං බිඳීම.
උමං ගබඩාව(පාරිභා.) [නා.] පොළොව යට තනන ලද කාමරය හෝ ගබඩා කාමරය.
උමං ගෙය1. (පාරිභා.) [නා.] ගොඩනැගිල්ලක පොළොවෙන් යට පිහිටා ඇති තට්ටුව. 2. [නා.] පොළොව යටින් කැපූ මාර්ගය; උමං මාර්ගය.
උමංකඳුර[නා.] උමං දෙකක් අතර වූ කපොල්ල.
උමග, උමඟ[නා.] පොළොව යටින් තිරස් ව කැණුණු මාර්ගය; දෝනාව; භූගර්භ මාර්ගය.
උමතු, උම්මන්ත[වි.] සිහි විකල් වුණු; වියරු වූ; පිස්සු වැටුණු; මත් වූ.
උමතුව[නා.] සිහි විකල්බව; පියවි සිහිය නැතිබව; පිස්සුව; උන්මාදය.
උම්බලකඩ, උඹලකඩ[නා.ප්‍ර.] ව්‍යංජන ආදිය රසවත් කිරීම සඳහා තම්බා තදට වේලා පිළියෙල කරගත් මාළු විශේෂයක්.
උම්මාර[නා.ප්‍ර.] එළිපත.
උම්මීලනය[නා.] ඇස් ඇරීම; ඇස් විවෘත කිරීම.
උම්මුජ්ජනය[නා.] (දියෙන්) මතු වීම.
උම්මූලනය[නා.] මුලින් ඉදිරීම; මුලින් උපුටා දැමීම.
උමා[නා.ප්‍ර.] ඊශ්වර දෙවියන්ගේ භාර්යාව; පාර්වතී.
උමාපති[නා.ප්‍ර.] උමාවගේ පුත්‍රයා; ශිව දෙවියා; මහේශ්වරයා.
උමාපුත්[නා.ප්‍ර.] උමාව ගේ පුත්‍රයා; කඳ කුමරා.
උමු, උමුව1. [වි.] උඩුකුරු කළ මුහුණ ඇති; උඩට නඟා ගත් මුහුණ ඇති. 2. [වි.] ඉදිරියෙහි හෙවත් අභිමුඛයෙහි. 3. [වි.] බලාපොරොත්තු වන; අපේක්ෂාවෙන් සිටින.
උමුවා[නා.ප්‍ර.] උඩට නඟා ගත් මුඛ ඇති තැනැත්තා; කටුස්සා.
උයන[නා.] මල් ඵල හටගන්නා වෘක්ෂලතාදිය සහිත භූමිය; මල්වත්ත; උද්‍යානය.
උයනවා[ක්‍රි.] පිසනවා; තම්බනවා.
උයන් ගොවුවා[නා.] උයන රැකබලා ගන්නා තැනැත්තා; උද්‍යාන පාලකයා; උයන්පල්ලා.
උයන් වැවීම(පාරිභා.) [නා.] මල්, පලතුරු, එළවළු, අලංකාර ශාක ආදි වගා කටයුතු කරනු ලබන කෘෂිකර්ම අංශය; උද්‍යාන කර්මය (=horticulture).
උය්‍යෝගය1. [නා.] නික්මීම. 2. [නා.] උද්‍යෝගය.
උර1. [නා.ප්‍ර.] පපුව; ළපැත්ත; වක්ෂස්ථලය. 2. [නා.ප්‍ර.] උරහිස; කර; දසරුව. 3. [නා.ප්‍ර.] හදවත; සිත. 4. [නා.ප්‍ර.] රන් ආදි ලෝහ පරීක්ෂා කිරීමට ගනු ලබන ගල; උරගල; නාහස්නා පහණ. 5. [නා.ප්‍ර.] තාප්පය; පවුර; ප්‍රාකාරය. 6. [නා.ප්‍ර.] වැස්ම; ආවරණය; කොපුව; කොට්ට මෙට්ට ආදියෙහි පිට කවරය. 7. [නා.ප්‍ර.] බඩ ගා යන සතා; උරගයා.
උර ඇටය[නා.] උරයෙහි ඉදිරිපසින් සරස් ව පිහිටි ඇටය; අකුව; අකු ඇටය; අක්ෂකාස්ථිය.
උර කුහරය[නා.] පපු කුහරය; මෙහි හෘදය වස්තුව, පෙණහලු ආදිය පිහිටා තිබේ.
උර ගානවා[ක්‍රි.] (රන් ආදියෙහි වටිනාකම සෙවීම සඳහා) උරගලක අතුල්ලනවා; තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා.
උර තලය[නා.] පපුව; ළපැත්ත; වක්ෂස්ථලය.
උර දෙනවා[ක්‍රි.] කර ගහනවා; උදවු දෙනවා; ආධාර දෙනවා.
උර හැන්ද(කථා.) [නා.] උරපත්ත.
උරඃපඤ්ජරය[නා.] එක් පැත්තක දොළස බැගින් දෙපැත්තෙහි විසිහතරක් වූ ඉල ඇට; පපු ඇට කූඩුව; ඉල ඇට සැකිල්ල.
උරඃපටලය(පාරිභා.) [නා.] හදවත ආවරණය කරගෙන ඇති සියුම් සිවිය; හෘද පටලය; හෘත්පර්යාවරණය; පරිකන්තුව (=pericardium).
උරඃඵලකය[නා.] ළයෙහි ඉදිරිපසින් පිහිටි ඇටය; පපු ඇටය; උරෝස්ථිය; ක්‍රෝඩකය.
උරඃස්ථලය[නා.] පපුව; ළපැත්ත;වක්ෂඃතලය.
උරකඳ(පාරිභා.) [නා.] රෙදි වියන යන්ත්‍රයක ඉදිරිපස වියන්නාගේ ආසනයට උඩින් සවි කර තිබෙන ලී කඳ.
උරකැටය[නා.] ළිඳක පැති ආරක්ෂා කිරීම සඳහා එහි පතුලේ සිට ඉහළට බස්සවන දැවමුවා හෝ මැටිමුවා වළලු.
උරගයා[නා.] බඩගා යන සතා; සර්පයා; නයා; නාගයා.
උරගල[නා.] රන්, රිදී ආදි ලෝහ පරීක්ෂා කිරීම සඳහා ගැනෙන ගල් විශේෂයක්; නාහස්නා පහණ; නිකෂ පාෂාණය.
උරගාධිපතියා[නා.] උරග අධිපතියා; උරගයින්ගේ නායකයා; නාගරාජයා.
උරඟ රත්නය[නා.] නාගයකුගේ උගුරේ තිබේ යැයි සැලකෙන මාණික්‍යය; නාගමාණික්‍යය; කණ්ඨ මාණික්‍යය.
උරඟන[නා.] උරග කන්‍යාව; නාග කන්‍යාව.
උරඟලිය[නා.] නැයිනිය; නාගිනිය.
උරචක්‍රමාලය1. [නා.] නිරයේ උපන් පව්කාරයින්ගේ බෙල්ලට වැටී වද දෙතැයි විශ්වාස කරනු ලබන ආයුධයක්; උරචක්‍රය. 2. [නා.] ගැලවිය නොදී වධහිංසා දෙවන දෙය.
උරච්චි කරනවා[ක්‍රි.] තද මතුපිටක උළනවා; ගල ගානවා; අතුල්ලනවා.
උරච්ඡදනය1. [නා.] උරවැස්ම. 2. [නා.] ළය පෙදෙස වැසෙන සේ අඳිනු ලබන වස්ත්‍රය.
උරණ[වි.] කුපිත; තරහ වූ; උදහස් වූ; කෝපාවිෂ්ට වූ.
උරතුර[නා.] උර අන්තරය; පපුව; ළපැත්ත.
උරදා, උරෙයිදා, උරෙහිදා[නා.ප්‍ර.] තමාට ම දාව උපන් පුත්‍රයා; ස්වකීය ඖරස පුත්‍රයා.
උරනලුණු(පාරිභා.) [නා.ප්‍ර.] (ක්ලාන්ත වීම ආදියෙහි දී උත්තේජනයක් වශයෙන් නාසයට ඉරීමට දෙනු ලබන) ඇමෝනියම් කාර්බනේට් හා සුවඳ මිශ්‍රණය (=smelling salts).
උරනවා[ක්‍රි.] මුඛයෙන් හෝ නාසයෙන් ඇතුළට අදිනවා; චූෂණය කරනවා.
උරපටිය[නා.] ඇඳුම් උරහිසෙහි රැඳවීමට යොදා ඇති පටිය.
උරපති[නා.ප්‍ර.] උරගයන්ගේ හෙවත් නාගයන්ගේ ස්වාමියා; අනන්ත නාගරාජයා.
උරපතු ඇටය[නා.] උරය පිටුපස ඇති ත්‍රිකෝණාකාර පැතලි ඇටය; උරපත්ත.
උරප්පුව1. [නා.] ආඩම්බරය; උජාරුව. 2. [නා.] කෝපය; රෝෂය. 3. [නා.] ආටෝපය.
උරපා[නා.ප්‍ර.] උර පෙදෙස පාද වශයෙන් භාවිත කරන්නා; සර්පයා.
උරබතුරු[උර+අබතුරු] [නා.ප්‍ර.] පපුව (හෙවත් හෘදය) ඇතුළ; හෘදයාභ්‍යන්තරය.
උරබන්දය[නා.] ඒකාංශ කොට උරහිසෙහි දමන රෙදි කඩ; උතුරු සළුව.
උරබරුව(කථා.) [නා.] උරේ එල්ලා ගත් ඔලොගුව හෝ පොට්ටනිය.
උරබාහුව1. [නා.] උරහිසට යාබද බාහුවේ ඉහළ කොටස; උරහිස. 2. [නා.] නැට්ටුවන් උරහිසෙහි පලඳින ආභරණයක්.
උරබිත[නා.] උර පෙදෙස; උරෝභිත්තිය.
උරමඬල[නා.] පපුව; පපුපෙදෙස.
උරමාලය[නා.] නැට්ටුවන් උරහිසෙහි පලඳින වළල්ලක් වැනි ආභරණය.
උරමාව1. [නා.] කැඩුණු හෝ තුවාල වූ හෝ අතක් බෙල්ලෙහි එල්ලා තැබීම සඳහා යොදන (රෙදි) පටිය. 2. [නා.] හිසේ බඳින රෙදිකඩ. 3. (කථා.) [නා.] සිල් සමාදන් වන විට එක උරයක් වැසෙන සේ පොරවන රෙද්ද.
උරමේඛලාව(පාරිභා.) [නා.] පෘෂ්ඨවංශීන්ගේ අංසඵලකය, අක්ෂකාස්ථිය හා කාකතුණ්ඩිකාව යන ඇට කීපයෙන් සැදුණු, පූර්ව ගාත්‍ර සන්ධානය වී තිබෙන (උඩ පැත්ත අසම්පූර්ණ) ඇට වළල්ල (=pectoral girdle).
උරය1. [නා.] පපුව; ළපැත්ත; වක්ෂස්ථලය. 2. [නා.] උරහිස; කර; දසරුව. 3. [නා.] කොට්ට මෙට්ට ආදියෙහි පිට කවරය; ආවරණය; වැස්ම; කොපුව. 4. [නා.] හදවත; සිත.
උරයහනා[නා.] උරගයකු යහනක් කොට ඇත්තා; විෂ්ණු දෙවි.
උරරුපු, උරාරුපු[නා.ප්‍ර.] උරගයන්ගේ සතුරා; ගුරුළා.
උරල්, ඌරල්(කථා.) [වි.] මඳ වශයෙන් නරක් වූ; කුණු වෙන්නට ගිය; පල් වූ.
උරවට[නා.ප්‍ර.] උර පෙදෙස.
උරවනය[නා.] උරා බීමට ආධාර වන අවයවය; චූෂණේන්ද්‍රිය.
උරවනවා1. [ක්‍රි.] උරන්නට සලස්වනවා; බී ගන්නවා; චූෂණය කරනවා. 2. [ක්‍රි.] කැණිමඬල තුළට පරාල වද්දවනවා; පරාල සවිකරනවා.
උරවැඩි[වි.] ළයෙහි වැඩුණා වූ; ඇති දැඩි කළ; හදා වඩා ගත්; පෝෂිත.
උරවැර(කථා.) [නා.ප්‍ර.] ළයෙහි ශක්තිය; ශරීර ශක්තිය; කායබලය.
උරවැල්[නා.ප්‍ර.] උඩරට නැට්ටුවන් දකුණු අංශයේ පලඳින රන් මාලයක්; තවඩම් වැල.
උරස[නා.] පපුව; ළපැත්ත.
උරසක්මල්[නා.ප්‍ර.] උරචක්‍රමාලාව.
උරසද, උරසැද[නා.ප්‍ර.] සන්නාහය; පපුවැස්ම; උරච්ඡදය.
උරසන්[නා.ප්‍ර.] සන්නාහය; උරසද; උරච්ඡදය
උරස්කය[නා.] උරපෙදෙස; වක්ෂස්ථලය.
උරස්කුහරය[නා.] (ඉල ඇට රාමුවෙන් හා අන්තර් භිත්තියෙන් වට වී ඇති) උරයේ ඇතුළු කොටස; ළය ප්‍රදේශය; පපු කුහරය.
උරස්ත්‍රාණ[නා.ප්‍ර.] පපුව ආරක්ෂා කරන ලෝහ හෝ හම් වැස්ම; කවචය; සන්නාහය.
උරස්තෝය[නා.ප්‍ර.] ප්ලූරාව ඉදිමීමෙන් හට ගන්නා එනම් රෝගය; පුප්ඵුසාවරණ ප්‍රදාහය.
උරහර, උරාහර[නා.ප්‍ර.] සර්ප මාලයක් ඇත්තා; ඊශ්වරයා.
උරහිස්කටුව[නා.] අකු ඇටය; අක්ෂකාස්ථිය.
උර්වරක[නා.ප්‍ර.] රසායන පෝර.
උර්වී[නා.ප්‍ර.] පොළොව.
උර්වීන්ද්‍ර[උර්වී+ඉන්ද්‍ර] [නා.ප්‍ර.] (පොළොවට අධිපති) රජ.
උරා ගන්නවා[ක්‍රි.] (ද්‍රව, තාපය, ආලෝකය ආදිය) ඇද ගන්නවා; චූෂණය කර ගන්නවා.
උරිඳු[උර+ඉඳු] [නා.ප්‍ර.] ශ්‍රේෂ්ඨ නාගයා; නාග රාජයා; අනන්ත නම් නාග රාජයා.
උරිඳුයහන්[නා.ප්‍ර.] (අනන්තයා නම් නාග රාජයා යහන කොට ඇත්තා) විෂ්ණු.
උරිය1. [නා.] (උපකරණ, එළවළු ආදිය ගෙන යෑමට) ගොක් කොළවලින් සෑදු පිරිවැස්ස; මල්ල; උරය. 2. [නා.] මඩිය; කෝෂය.
උරිර[නා.] හුරිර; ලේ; රුධිරය.
උරිස්පත්ත[නා.] උරහිසට පහළින් පිහිටි පිටේ ඉහළ කොටස.
උරීකෘත[වි.] පොරොන්දු වුණු; පිළිගන්නා ලද.
උරු1. [නා.ප්‍ර.] කලවය. 2. [නා.ප්‍ර.] උර; උරහිස. 3. [නා.ප්‍ර.] සිත. 4. [නා.ප්‍ර.] වැලි තලාව. 5. [වි.] විශාල; මහත්.
උරුක් කරනවා, උලුක් කරනවා1. [ක්‍රි.] තර්ජන වශයෙන් අතමිට මොළවා ඔසොවනවා. 2. [ක්‍රි.] (පහර දීමට පළමු) ආයුධාදිය ලෙළවනවා; අමෝරා ගන්නවා.
උරුක්කු[නා.ප්‍ර.] තරවටුව; තර්ජනය.
උරුට්ටු[නා.ප්‍ර.] (රත්තරන් ආදි ලෝහ භාණ්ඩයක කරන) සියුම් කැටයම්.
උරුණු[වි.] රත් කළ; උණු කළ. [නා.ප්‍ර.] උච්චාරණය; කීම.
උරුත්තය[නා.] වෑයම; උත්සාහය.
උරුදි[වි.] ස්ථිර; ඒකාන්ත.
උරුදිය[නා.] ස්ථිරභාවය; නිශ්චය.
උරුදු[වි.] ඍජු; ඇද නැති; කෙළින්.
උරුම කරනවා[ක්‍රි.] අයිතිය පවරනවා; හිමි කරනවා.
උරුමකාරයා, උරුමක්කාරයා[නා.] උරුමය හිමි තැනැත්තා; (පරපුරෙන්) හිමිකාරයා.
උරුමය[නා.] (පාරම්පරික) අයිතිය; අයිතිවාසිකම; හිමිකම.
උරුම්බූට්ටිය[නා.] හුරුබුහුටිකම; කඩිසරකම.
උරුමුරු කරනවා[ක්‍රි.] කෝපය හඟවනවා; ක්‍රෝධය දක්වනවා.
උරුලැම් බානවා, උරුහම් බානවා(කථා.) [ක්‍රි.] තොල් දෙක උල්කර කටින් හුළං පිට කරමින් හඬක් පිටකරනවා; සිවුරුහන් කරනවා.
උරුලෑ සට්ටම්[නා.ප්‍ර.] උරුලෑවාගේ පුරෝගුද ග්‍රන්ථි දෙකින් වැගිරෙන තද ගඳක් ඇති උකු ද්‍රව්‍යයක් අඩංගු වූ කෝෂය.
උරුලෑසැපිටි[නා.ප්‍ර.] උරුලෑසට්ටම්.
උරෝ විදාරණය[නා.] පපුව පැලීම; හෘදය විදාරණය.
උරෝභ්‍යන්තරය[නා.] උරස් අභ්‍යන්තරය; උරය හෙවත් පපුවෙහි ඇතුළ.
උරෝස්ථිය(පාරිභා.) [නා.] පපු ඇටය; ක්‍රෝඩකය (=sternum).
උල1. [නා.] තියුණු වූ මූණත හෝ තුඩ; තියුණු මූණක් ඇති ලී ආදිය; කීලය. 2. [නා.] පුරාණ කාලයෙහි අපරාධකරුවන්ට වධ දී මැරීම ඇතුළු බොහෝ කටයුතු සඳහා භාවිත කළ තියුණු උල. 3. [නා.] දිය උල්පත. 4. [නා.] පොල් ලෙලි ගැසීමට උපයෝගී කර ගන්නා දැවයෙන් හෝ යකඩයෙන් තැනූ උපකරණය.
උල තබනවා, උල තියනවා[ක්‍රි.] උල හිඳුවනවා; සිංහල රජුන් කල වරදකරුවන්ට පැනවූ මරණීය දඬුවමක් වන උල තියන හෙවත් උල හිඳුවන කාර්යය.
උලටනය කරනවා(පාරිභා.) [ක්‍රි.] (පැත්ත වෙනස් වන සේ හෝ උඩ යටට සිටින සේ) පෙරළනවා; විපර්යස්ත කරනවා.
උලප්පුව[නා.] බඩවැඩිල්ල; දිවෙල.
උලමා[නා.] බියකරු හඬක් නංවන නිශාචර පක්ෂියෙක්; උලළිහිණියා; උලලේනා.
උල්[වි.] තියුණු වූ; සිහින් වූ මූණතක් හෝ තුඩක් ඇති.
උල් කරනවා[ක්‍රි.] තියුණු මූණතක් හෝ සිහින් තුඩක් ඇති කරනවා.
උල්කටුව1. [නා.] පුස්කොළ ලිවීමට ගන්නා පන්හිඳ. 2. [නා.] ලෝහ හා ලාක්ෂා කර්මාන්තවල භාවිතයට ගන්නා උපකරණයක්.
උල්කය[නා.] ගිනිහුල.
උල්කාව1. [නා.] අජටාකාශයේ අධික වේගයෙන් ඔබ මොබ විහිදෙමින් සමහරවිට පෘථිවියේ වායු ගෝලයටද ඇතුළු වන සාපේක්ෂිත වශයෙන් කුඩා ආකාශ වස්තුව. 2. [නා.] ගිනි හුළ; විලක්කුව.
උල්කාශ්මය[උල්ක+අශ්මය] (පාරිභා.) [නා.] අන්තරීක්ෂයේ සිට පැමිණ පොළොවට වැටෙන ඛනිජමය ද්‍රව්‍යයක් (=meteorite).
උල්දිය, උල්දියර[නා.] පහත් බිම්වල නිතර තෙත ගතිය ඇති කරවන පොළොවෙන් ජලය මතු වන තැන.
උල්පත1. [නා.] පොළොවෙන් ජලය මතුවන තැන; ජලය උනන තැන. 2. [නා.] පටන්ගැන්ම; මූලාරම්භය.
උල්පත් පෑන[නා.] කඳ ඇතුළත තීන්ත පුරවා ඇති පෑන.
උල්පන්දම් දෙනවා[ක්‍රි.] වැරදි වැඩක් කිරීමට අනුබල දෙනවා; රුකුල් දෙනවා.
උල්පැන්ගෙය, උළුපැන්ගෙය[නා.] (මහනුවර රාජ්‍ය සමයෙහි රජුන්) උණුදිය නෑම සඳහා උපයෝගී කරගත් ගෘහය.
උල්මාංසය[නා.] මනුෂ්‍ය ශරීරයේ පසුපස කලවවලට ඉහළින් පිහිටි මස් පිඬු දෙක; තට්ටම්.
උල්රවුම් කටුව(පාරිභා.) [නා.] වඩු කර්මාන්තයේ දී ලියවන පට්ටලයේ භාවිත කරන බොරදන් හැඩ ගැසීම සඳහා උපකරණයකි.
උල්ලඞ්ඝනය1. [නා.] ඉක්මවා යෑම; අතික්‍රමණය. 2. [නා.] කඩකිරීම.
උල්ලඞ්ඝිත[වි.] ඉහළට නැගුණු; ඉක්මවා ගිය.
උල්ලසිත[වි.] බබළන; දිලිසෙන.
උල්ලිඛනය[නා.] ගල් ආදියෙහි රේඛා කෙටීම; කැටයම් කිරීම.
උල්ලේඛනය1. [නා.] ප්‍රකට කොට දැක්වීම. 2. [නා.] වමනය කිරීම. 3. [නා.] සීරීයෑම; අපමර්ෂණය.
උල්ලෝරම(කථා.) [නා.] රන්කරුවන් භාවිත කරන උපකරණයක්.
උල්ලෝල1. [නා.ප්‍ර.] මහරැළ. 2. [නා.ප්‍ර.] කැලඹීම; නොසන්සුන්බව.
උල්වතුර(කථා.) [නා.] උල්පත් ජලය; උල්පතින් උනන ජලය.
උල්වළ(කථා.) [නා.] සොර සතුරන්ට උපද්‍රව කරනු පිණිස උල්කටු ආදිය සිටවූ වළ.
උලැඟි1. [වි.] ඉහළට නැඟුණු; උඩට නැඟුණු; පැන නැංගා වූ; එස වූ. 2. [වි.] ඉක්මවූ; උල්ලඞ්ඝිත.
උලැඟි වෙනවා[ක්‍රි.] (මුහුදු රළ ආදිය) උඩට නඟිනවා; ඉහළට නඟිනවා.
උලැඟිය(පාරිභා.) [නා.] පෘථිවි පෘෂ්ඨයේ නැමි නිර්මාණයෙහි සහ දැදුරුවීම්වල ප්‍රතිඵලයක් වශයෙන් සෑදෙන භූ රූපයක්; ආපසු දැදුර.
උලුප්පනවා, උල්පනවා[ක්‍රි.] මතු කරනවා; උඩට නෙරා සිටින සේ සලස්වනවා; කටුවෙන් මදය ගලවනවා; උගුල්ලනවා.
උලෙල, උලෙළ1. [නා.] කැලඹීම; නොසන්සුන්වීම. 2. [නා.] (එක්රැස් වී ප්‍රීතිය හෝ දුක හෝ ප්‍රකාශ කිරීමේ) අවස්ථාව; උත්සවය; සැණකෙළිය.
උව1. [නා.ප්‍ර.] දියසුළිය. 2. [නා.ප්‍ර.] දුන්න. 3. (අව්‍ය.) [නා.ප්‍ර.] සමීප; ආසන්න; කිට්ටු.
උවඟ[නා.] ශරීරයේ ප්‍රධාන අවයවවලට අයත් ව පිහිටියාවූ බැම, ඇඟිලි ආදි අප්‍රධාන අවයව; උපාංග.
උවටන, උවටැන1. [නා.] (සිවුපසයෙන්) උපස්ථාන කිරීම; ආවතේවය. 2. [නා.] ආදරය; ගෞරවය; උපහාරය.
උවටන්හල, උවටැන්හල[නා.] (බුදුරජාණන් වහන්සේට වැඳීමට හෝ සිවුපසයෙන් උපස්ථාන කිරීමට හෝ) භික්ෂූන් වහන්සේලා රැස්වන ශාලාව.
උවටා, උවටාවා[නා.] සමීපයෙහි සිට උපස්ථාන කරන්නා; රෝගියකු රැක බලාගන්නා.
උවදුර1. [නා.] අන්තරාය; උපද්‍රවය; කරදරය. 2. [නා.] රෝග පීඩාව.
උවදෙස[නා.] උපදේශය; අවවාදය; ගුරුහරුකම.
උවන1. [නා.] මුහුණ; වක්ත්‍රය; වුවනත. 2. [නා.] ඇද වූ කෙළවර.
උවනත[නා.] මුහුණ.
උවන් පිළිකය[නා.] මුහුණෙහි සෑදෙන ගඩු විශේෂයක්; කුරුලෑව.
උවන්කර[නා.ප්‍ර.] (උවන්හි හෙවත් මුහුණෙහි අතක් ඇති) ගණදෙවි; ගණේෂ.
උවන්දිරම1. [නා.] වගතුග; පලහිලව්ව. 2. [නා.] රජයකට හෝ පාලකයකුට හෝ බද්දක් හෝ භෝගවලින් හෝ දෙනු ලැබූ තුටුපඬුරු; සුවන්දිරම; හුවන්දිරම.
උවම1. [නා.] උපමාව; සංසන්දනය. 2. [නා.] නිදර්ශන සහිත කතාව; උපමා කථාව.
උවමන්[නා.ප්‍ර.] සමාන කිරීම; සමාන කිරීම පිණිස යොදා ගනු ලබන දෙය; උපමානය.
උවමනා[වි.] වුවමනා; අවශ්‍ය; තිබිය යුතු; ඕනෑ.
උවමනාව[නා.] ඕනෑකම; අවශ්‍යතාව.
උවමේ[නා.] උපමා කරනු ලබන වස්තුව; උපමේයය.
උවය[නා.] උපාය; උපක්‍රමය.
උවරජ[නා.ප්‍ර.] යුවරජ; දෙවන රජ; උපරාජ.
උවරණ, උවාරණ[නා.ප්‍ර.] උපකරණ; අවශ්‍ය දේ; අඩුවැඩිය; භාණ්ඩ.
උවසම[නා.] සන්සුන්බව; ශාන්තභාවය; උපශමය.
උවසර1. [නා.] ආශ්‍රය; උපචාරය; ළං වීම. 2. [නා.] සත්කාරය; අභිවාදනය.
උවසුවා[නා.] තෙරුවන් සරණ ගිය තැනැත්තා; බෞද්ධෝපාසකයා.
උවිඳා[නා.] උපේන්ද්‍රයා; විෂ්ණු දෙවිඳු.
උවිඳුකත[නා.] විෂ්ණු දෙවිඳුගේ භාර්යාව; ලක්ෂ්මී.
උවිඳුබෑ[නා.ප්‍ර.] උපේන්ද්‍ර හෙවත් විෂ්ණු දෙවිඳුගේ සහෝදර බලභද්‍රයා.
උවිඳුසුත[නා.ප්‍ර.] උවේන්ද්‍ර හෙවත් විෂ්ණු දෙවිඳුගේ පුත්‍ර කාම දේවයා; අනංගයා.
උෂ්ට්‍රයා[නා.] ඔටුවා.
උෂ්ණ1. [වි.] උණුසුම හෝ රස්නය ඇති. 2. [වි.] ආහාරවල ඇතැයි පිළිගනු ලබන උණුසුම් ගුණය ඇති; ගිනියම්.
උෂ්ණ ඍතුව[නා.] උණුසුම් දේශගුණය පවතින කාලය; ග්‍රීෂ්ම ඍතුව; ගිම්හානය.
උෂ්ණ කලාපය(පාරිභා.) [නා.] පොළොවෙහි මකර හා කටක නිවර්තන රේඛා අතර කලාපය; නිවර්තන කලාපය (=torrid zone).
උෂ්ණ කාන්තාරය[නා.] වර්ෂාව නොලැබෙන අතිශය වියළි උෂ්ණ කලාපීය ප්‍රදේශය; කාන්තාරය.
උෂ්ණ ගති සිද්ධාන්තය(පාරිභා.) [නා.] තාපයට හේතුව පදාර්ථයේ අංශුවල චලිතය යැයි පවසන සිද්ධාන්තය; තාපය පිළිබඳ චාලකවාදය (=kinetic theory of heat).
උෂ්ණ ගුණය[නා.] උෂ්ණය නමැති ගුණය; උෂ්ණ ශක්තිය.
උෂ්ණ රේඛාව(පාරිභා.) [නා.] එක් කාල පරිච්ඡේදයක් තුළ සම උෂ්ණත්වයක් දරන ස්ථාන සිතුවමක් මත සම්බන්ධ කරන කාල්පනික රේඛාව; සමෝෂ්ණ රේඛාව (=isotherm).
උෂ්ණ වාහකත්වය(පාරිභා.) [නා.] ලෝහාදි ද්‍රව්‍යයක එක කොටසක සිට අනෙක් කොටස තෙක් අණුවෙන් අණුව තාපය ගමන් කිරීම; සන්නයනය (=conduction).
උෂ්ණ විකාරය[නා.] අධික උණ හේතු කොට ගෙන ඇති වන සිහිමුළාව හෙවත් ඔල්මාදය.
උෂ්ණ විකිරණය(පාරිභා.) [නා.] විද්‍යුත්චුම්බක තරංග වශයෙන් තාපය පැතිරී යෑම; තාප විකිරණය (=heat radiation).
උෂ්ණකය(පාරිභා.) [නා.] යමක් සේදීම, රත් කිරීම හෝ තැම්බීම පිණිස ගන්නා වූ ද්‍රවයක් හෝ වැලි ආදි ද්‍රව්‍යයක් හෝ භාජනයක්; තාපකය.
උෂ්ණගාමිත්වය[නා.] ද්‍රවයක එක් කොටසක සිට තවත් කොටසකට උෂ්ණත්වය ගමන් කරන ආකාරය; උෂ්ණ සංවහනය.
උෂ්ණත්ව අංශකය(පාරිභා.) [නා.] උෂ්ණත්වයේ මිණුම් ඒකකය (=degree of temperature).
උෂ්ණත්ව අන්තරය(පාරිභා.) [නා.] නියමිත කාලයක් තුළ වාර්තා වන උපරිම සහ අවම උෂ්ණත්ව අංශක අතර වෙනස (=range of temperature).
උෂ්ණත්ව දර්ශකය(පාරිභා.) [නා.] උෂ්ණත්වයේ වෙනස් වීම් පෙන්වන (එහෙත් නොමනින) උපකරණයක් (=thermoscope).
උෂ්ණත්ව පරිමාණය(පාරිභා.) [නා.] උෂ්ණත්ව මැනීම සඳහා භාවිත කරන මිනුම් දඬුව (=temperature scale).
උෂ්ණත්ව ප්‍රතිලෝමය(පාරිභා.) [නා.] උෂ්ණත්ව පෙරළිය; උෂ්ණත්ව විපර්යාසය; වායුගෝලයේ ඉහළට යත් ම සාමාන්‍යයෙන් සිදුවන ආකාරයට උෂ්ණත්වය අඩු නොවී වැඩිවීම (=inversion of temperature).
උෂ්ණත්ව පුඤ්ජය(පාරිභා.) [නා.] තාපය කෙළින් ම විද්‍යුත් ශක්තියට හරවන උපකරණයක්; තාපවිද්‍යුත්පුඤ්ජය.
උෂ්ණත්වමාන ද්‍රව්‍යය(පාරිභා.) [නා.] උෂ්ණත්වමානයක ක්‍රියා කරන ද්‍රව්‍යය (රසදිය හෝ මද්‍යසාර).
උෂ්ණත්වමානය(පාරිභා.) [නා.] උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කෙරෙන උපකරණය; තර්මෝමීටරය (=thermometer).
උෂ්ණත්වය[නා.] උණුසුම්බව; උෂ්ණගතිය; යම් වස්තුවක ඇති උණුසුමෙහි හෝ සිසිලෙහි හෝ ප්‍රමාණය.
උෂ්ණත්වලේඛය(පාරිභා.) [නා.] ස්වයංක්‍රීය ලෙස උෂ්ණත්වය සටහන් කෙරෙන උෂ්ණත්ව මානයක් (=thermograph).
උෂ්ණතාපනය[නා.] ගිනි රස්නෙන් තැවීම; වාෂ්පයෙන් තැවීම.
උෂ්ණමානක[වි.] උණුසුම මනින; උෂ්ණය ප්‍රමාණ කරන.
උෂ්ණමාපකය1. [නා.] උෂ්ණත්වමානය. 2. [නා.] තාපය මැනීම සඳහා භාවිත කෙරෙන උපකරණය; තාපමානය; කැලොරි මීටරය (=calorimeter).
උෂ්ණය1. [නා.] උණුසුම; රස්නය. 2. [නා.] (ශරීරයෙහි) උණුසුම. 3. (කථා.) [නා.] උෂ්ණත්වය; දුර්ගන්ධය.
උෂ්ණරුධිර සත්ත්වයා(පාරිභා.) [නා.] පරිසරයේ උෂ්ණත්වයට අධික රුධිරගත උෂ්ණත්වයකින් යුක්ත සත්ත්වයා (=warm blooded animal).
උෂ්ණාංශු[නා.ප්‍ර.] උණුසුම් රශ්මිය ඇත්තා වන හිරු; සූර්යයා.
උෂ්ණාභිතප්ත[වි.] උණුසුමෙන් දැඩි සේ තැවුණූ; ග්‍රීෂ්මයෙන් අධික සේ පෙළුණු.
උෂ්ණාම්බුව[නා.] උණුසුම් දිය; රත් වූ වතුර.
උෂ්ණීකරණය[නා.] උණු කිරීම; රත් කිරීම; උණුසුම් බවට පැමිණවීම.
උෂ්ණීෂ පට්ටය[නා.] අලංකරණය සඳහා පලඳින නළල් පටිය; නළල්පට; රාජකකුධ භාණ්ඩයක්.
උෂ්ණීෂය1. [නා.] උෂ්ණීෂ පට්ටය. 2. [නා.] බුදුපිළිමවල හිසමුදුනේ දක්නා ලැබෙන කුඩුම්බිය; සිරස්පත; කේතුමාලාව.
උෂ්ණෝත්පාදනය[උෂ්ණ+උත්පාදනය] [නා.] උෂ්ණත්වය ඉපදවීම; උණුසුම දැනවීම; රස්නය ඇති කරවීම.
උෂ්ණෝදකය[උෂ්ණ+උදකය] [නා.] උණු කළ ජලය; උණුවතුර.
උෂ්මය1. [නා.] උණුසුම. 2. [නා.] උෂ්ණ ඍතුව.
උෂිත[වි.] විසූ; වාසය කළ.
උස1. [නා.] කිසියම් මට්ටමක සිට ඉහළට පිහිටි දුර ප්‍රමාණය. 2. (පාරිභා.) [නා.] උන්නතාංශය (=altitude).
උසබ1. [නා.ප්‍ර.] වෘෂභයා; ගවයා. 2. [නා.ප්‍ර.] උත්තමයා; ශ්‍රේෂ්ඨයා. 3. [නා.ප්‍ර.] රියන් එකසිය හතළිහක දුර; ඉස්බ.
උසස්1. [වි.] උසින් පිහිටි. 2. [වි.] උතුම්; ශ්‍රේෂ්ඨ.
උසසුන[නා.] (විනය.) උස් අසුන; (නියමිත ප්‍රමාණය ඉක්මවා) උස් වූ ආසනය; උච්චාසනය.
උස්1. [වි.] උඩට ගිය; ඉහළට ගිය; උච්ච. 2. [වි.] උසස්.
උස්ණදර[නා.ප්‍ර.] (උෂ්ණය දරන්නා) සූර්යයා.
උස්මුරුත්තාව(කථා.) [නා.] බොහෝ කොට ආහාර ගැනීම නිසා හුස්ම ගැනීමට පවා අපහසු වීම.
උස්මෘතය[නා.] සිහි නැති වීම; මුසපත් වීම.
උස්සද1. [වි.] අධික; බහුල; උත්සන්න. 2. [වි.] උස් වූ; මතු වූ; පිරුණු. [නා.] උස් හඬ: උච්චස්වරය.
උස්සනවා[ක්‍රි.] ඉහළ නඟනවා; ඔසවනවා.
උස්සහවන්ත, උත්සාහවන්ත[වි.] දිරිමත්; උත්සාහවත්; උද්යෝගිමත්.
උස්සා ගන්නවා1. [ක්‍රි.] ඉහළට ගන්නවා; ඔසොවනවා. 2. [ක්‍රි.] යටපත් වූවක් මතු කරනවා.
උස්සාපිත[වි.] නඟන ලද; එසවූ.
උස්සිත[වි.] ඔසවන ලද.
උසා1. [නා.ප්‍ර.] උත්සාහය; වෑයම; වීර්යය. 2. [නා.ප්‍ර.] උස.
උසාවි කරනවා1. [ක්‍රි.] ඕනෑකමින් විමසා බලනවා. 2. [ක්‍රි.] කුමන්ත්‍රණය කරනවා.
උසාවිය[නා.] අධිකරණ ශාලාව; නඩු විමර්ශනය කර තීන්දු ලබා දීමට පිහිටුවන ලද නීත්‍යානුකූල ආයතනය.
උසි ගන්වනවා1. [ක්‍රි.] යමකු ලුහුබැඳවීමට උසි යන හඬ නඟා බල්ලකු පොලඹනවා. 2. [ක්‍රි.] මෙහෙයවනවා; පොලඹවනවා.
උසිත[වි.] උතුරන්නා වූ; බහුලව ඇති; ආඪ්‍ය; අධික.
උසිත්[නා.ප්‍ර.] උත්සාහය; වීර්යය.
උසිඳිනවා[ක්‍රි.] සහමුලින් ම වනසනවා; මුල් සිඳිනවා.
උසු1. [නා.ප්‍ර.] ඊය; ඊතල. 2. [නා.ප්‍ර.] උත්සාහය; උනන්දුව. [වි.] අධික; බහුල.
උසුකාර[නා.ප්‍ර.] ඊතල සාදන්නා; හීවඩුවා.
උසුන්[වි.] කපා හෙළන ලද; සිඳින ලද.
උසුම්1. [නා.ප්‍ර.] උණුසුම; උෂ්ණය. 2. [නා.ප්‍ර.] ඩහදිය.
උසුරුවනවා[ක්‍රි.] කියනවා; උච්චාරණය කරනවා.
උසුරුවළ[නා.] වැසිකිළි වළ; ගවර වළ.
උසුළු[නා.ප්‍ර.] විහිළුව; සමච්චලය; කවටකම.
උසුළු විසුළු[නා.බහු.] (අත් පා මුව ආදියෙන් කරනු ලබන) කවටකම්; විහිළුතහළු.
උසූයා[නා.ප්‍ර.] ඊර්ෂ්‍යාව.
උසොළිය[නා.] උත්සාහය; වෑයම; උනන්දුව.
උහා ගන්නවා[ක්‍රි.] ඔසොවනවා; උසුලාගෙන යනවා.
උහුලනවා, උසුලනවා[ක්‍රි.] දරනවා; උද්වහනය කරනවා; ඉවසනවා.
උළ1. [නා.ප්‍ර.] බත් ඇටය; බත් උළ හෙවත් බත්තුළ. 2. [නා.ප්‍ර.] ස්වල්ප.
උළක්කුව1. [නා.] (වියළි ද්‍රව්‍ය හෝ ද්‍රව වර්ග) පිළිබඳ මිනුම් ප්‍රමාණයක්; පත. 2. [නා.] දෝතට අල්ලන ප්‍රමාණය; අතළොස්ස.
උළනවා1. [ක්‍රි.] ගානවා; තවරනවා. 2. [ක්‍රි.] තදින් පිරිමදිනවා; (ශරීරය පිරිසිදු කිරීම සඳහා අතුල්ලනවා). 3. [ක්‍රි.] (ලෝහ ආදිය) රත් කරනවා.
උළව්ව[නා.] කරදරය; හිරිහැරය; ඇබැද්දිය; අවමංගල්‍යය; ඉළවුව.
උළ්වාඩු[නා.ප්‍ර.] පුරාතන සිංහල රාජ්‍ය සමයෙහි විසූ නිලධාරි පිරිසක්.
උළ්ළීන(කථා.) [වි.] දුෂ්ට; පහත්; කුඩුකේඩු; උපහාසාත්මක.
උළ්ළුැරු ලේන්සුව[නා.] රතු නූල් පාරවල් සහිත කරේ දමන ලොකු ලේන්සු වර්ගයක්.
උළා කනවා1. [ක්‍රි.] තණකොළ ආදිය ගලවා ගෙන හෝ කඩාගෙන කනවා; ලෑටි ගානවා. 2. [ක්‍රි.] එහෙන් මෙහෙන් ඇහිඳගෙන කනවා; ආහාර හිඟයෙන් පීඩිත අසරණ ජීවිතයක් ගත කරනවා.
උළාර[වි.] උදාර; උතුම්; මහත්; ශ්‍රේෂ්ඨ.
උළිඳා, උළිඳු[උළු+ඉඳු] [නා.] තාරකාවලට අධිපති වූ චන්ද්‍රයා.
උළු1. [නා.ප්‍ර.] ගඩොල් කැට. 2. [නා.ප්‍ර.] වහල සෙවිලි කරන කැට; උළුකැට. 3. [නා.ප්‍ර.] තරු; තාරකා. 4. [නා.ප්‍ර.] බත් ඇට; බත් උළු.
උළු ගස්වනවා[ක්‍රි.] ගඩොල් සාදවනවා.
උළු දාගැබ[නා.] ගඩොලින් බැඳි චෛත්‍යය.
උළු මැටි(පාරිභා.) [නා.] උළු සෑදීමට ගන්නා මැටි.
උළු රිළු[නා.ප්‍ර.] තාරකා සමූහය.
උළු වඩුවා[නා.] උළු ගඩොල් තනන්නා; උළු ගඩොලින් වැඩ කරන්නා.
උළු සියන[නා.] උළු සෙවිලි කළ වහලය.
උළු සුනු1. [නා.] ගඩොල් කුඩු. 2. [නා.] රතු මැටි.
උළුඇත්[නා.ප්‍ර.] ගඩොලින් බැඳි ඇත් රූපය.
උළුකම්[නා.ප්‍ර.] උළු සෑදීම; උළු ගඩොල් කර්මාන්තය.
උළුක්කුව[නා.] ශරීර සන්ධි ඇටයක් පැනීම; අවසන්ධි වීම.
උළුකැන්[උළු+කැන්] 1. [නා.ප්‍ර.] තාරකා සමූහය; උළු රිවි. 2. [නා.ප්‍ර.] උළු කැඳ; බත් උළු සහිත කැඳ.
උළුකැඳ[නා.] සහලින් පිසූ කැඳ; යාගු.
උළුපැන්[නා.ප්‍ර.] උණු වතුර.
උළුම්පය[නා.] පහුර.
උළුමූඩිය(කථා.) [නා.] මැටියෙන් සාදන ලද පියන; මඩක්කුව.
උළුවස්ස[නා.] ගොඩනැගිල්ලක දොරපළු සවි කරන රාමුව.
උළුසද[නා.ප්‍ර.] උළු සෙවිලි කළ වහල.
සිංහල හෝඩියේ අටවැනි අකුර හා අටවැනි ස්වරය; ‘උ’ යන්නෙහි දීර්ඝ රූපය. 1. [සර්ව.] (බහු.) ඔවුහු. 2. (ඒක) [සර්ව.] හේ; ඒකා; ඔහු; හෙතෙම; ඒ සතා. [නි.] ක්ෂණිකව ඇතිවන වේදනාවන් හැඟවීමෙහි යෙදේ.
ඌකාරාන්ත[වි.] ‘ඌ.’ කාරයෙන් කෙළවර වන.
ඌකාව[නා.] දිග මිනුම් ප්‍රමාණයක්; ධාන්‍ය මාසයකින් හතෙන් පංගුවක දිග; යව ඇටයකින් අටෙන් පංගුවක දිග.
ඌකාවා[නා.] උකුණා.
ඌට්ටම1. (කථා.) [නා.] උෂ්ණය. 2. [නා.] ආනුභාවය.
ඌටි[වි.] මිටි; කුරු; කුඩා.
ඌටියා[නා.] මිට්ටා; වාමනයා; කුරු මිනිහා.
ඌඩු(කථා.) [වි.] පේළියට නැති; අතරින් පතර පිහිටි.
ඌඪ[වි.] උසුලන ලද; ඇති වූ; හටගත්.
ඌතිය(පාරිභා.) [නා.] (ශරීරයෙහි) බොහෝවිට ඒකාකාරී කෘත්‍යයක් ඉටුකරන සමාන සෛලවලින් යුක්ත සෛල සමුදාය.
ඌදුව1. [නා.]ඉදිමුම. 2. [නා.] සුදුමැලි වීම; පිපිහළුව.
ඌන[නා.ප්‍ර.] අඩු; හිඟ.
ඌන අගය[නා.] වෙළඳාමක දේපළ, මුදල් ආදියේ වටිනාකමට වඩා ණයතුරුස් අධික වීමේ වෙනස; හිඟ මුදල.
ඌන ගණය[නා.] උපසපන් භික්ෂූන් වහන්සේලා හතර නමකට අඩු සංඛ්‍යාව.
ඌන පූරක[වි.] අඩුව පුරවන; අඩු තැන; සම්පූර්ණ කරන.
ඌන පූරණය[නා.] අඩුව සපුරාලීමට එකතු කරන ලද්ද; අතිරේකය; පරිශිෂ්ටය.
ඌන සංවර්ධිත[වි.] අඩුවෙන් සංවර්ධනය වූ; සංවර්ධනයෙන් සම්පූර්ණත්වයට නොපැමිණි.
ඌන සාමර්ථ්‍යය[නා.] සම්පූර්ණ නොවූ සමත්වීම.
ඌන සේවා නියුක්තිය[නා.] සේවකයින් සියලු දෙනා ම සේවයේ නියුක්තව සිටියත් හැම දෙනාගෙන් ම නිෂ්පාදනයට නිසි ප්‍රමාණයේ සේවයක් නොවීම.
ඌනමාන(කථා.) [නා.ප්‍ර.] අඩුපාඩු; වැරදි.
ඌනමාන කථාව[නා.] (ක්‍රිස්ති.) හස්තමුද්‍රාදි උපක්‍රමවලින් කරන ප්‍රකාශනය.
ඌනවිංසති[වි.] (වයසින්) විස්ස නොපිරුණු.
ඌනාතිරික්ත, ඌනාතිරේක[වි.] අඩු හා වැඩි වූ.
ඌනාධික[වි.] අඩුවැඩි.
ඌමයා[නා.] කථා කළ නොහැකි තැනැත්තා; ගොළුවා.
ඌමි[නා.ප්‍ර.] රළ; තරංග.
ඌමිටිය1. [නා.] (සතුන් ආදින්) පහත් ස්වරයෙන් කරන ශබ්දය; කෙඳිරිය. 2. [නා.] ‘හූම්, එහෙයි’ යනුවෙන් දෙන ප්‍රතිවචනය; හූමිටිය.
ඌමිභය[නා.ප්‍ර.] (මුහුදු) රළ නිසා ජල යාත්‍රාවල ගමන් කරන්නන්ට ඇති වන බිය.
ඌමියාව[නා.] දියසුළිය.
ඌර ගන්නවා[ක්‍රි.] ඇදගන්නවා; පිටතට ගන්නවා; උපුටා ගන්නවා.
ඌර ළිඳ, ඌරා ළිඳ1. [නා.] ඌරා කැට නම් මැටි හෝ දැව වළලු හෝ ගිල්වා තැනූ ළිඳ. 2. [නා.] ඉතා ගැඹුරු ළිඳ.
ඌරකැටය, ඌරාකැටය[නා.] ඉවුරු කඩා වැටීම වැළැක්වීම සඳහා ළිං පතුලේ සිට බස්සවන මැටි වළල්ල.
ඌරනවා[ක්‍රි.] කලඹනවා; ගොහොදු කරනවා.
ඌරල් වෙනවා[ක්‍රි.] මස් ආදිය (මඳ වශයෙන්) කුණු වෙනවා; නරක් වෙනවා.
ඌරලේ(කථා.) [නා.] සහජගතිය; ස්වභාවය.
ඌර්ජස්වි[නා.ප්‍ර.] ජනිත වූ අහංකාරය හඟවන අලංකාරය.
ඌර්ජාව(පාරිභා.) [නා.] ශක්තිය; බලය (=energy).
ඌර්ණ නාළිකාව1. (පාරිභා.) [නා.] ශරීරයෙහි නාඩි කෙළවරවල් හා ශිරාමුල් එක් කරන සිහින් කේශ නාළිකාව. 2. පැළෑටියක මුලෙහි වැඩෙන සියුම් කේශර; මූලිකා කේශර (=capillary).
ඌර්ණ මණ්ඩලය[නා.] මණ්ඩලාකාර වූ ඌර්ණරෝම ධාතුව; නළල මැද පිහිටි රෝමය.
ඌර්ණ රෝම ධාතුව, ඌර්ණ ලෝම ධාතුව[නා.] බුදුරදුන්ගේ නළලෙහි දෙබැම මැද පිහිටි දකුණට කරකැවුණු මණ්ඩලාකාර රෝමය.
ඌර්ණ වස්ත්‍රය[නා.] (එළු හෝ බැටළු) ලෝමයෙන් කළ වස්ත්‍ර විශේෂය.
ඌර්ණ, ඌර්ණා1. [නා.ප්‍ර.] එළු, බැටළු ආදින්ගේ ලොම්. 2. [නා.ප්‍ර.] ඌර්ණරෝමය.
ඌර්ණනාභ[නා.ප්‍ර.] (නාභියෙහි ඌර්ණ නම් විශේෂ ලෝම ඇත්තා) මකුළුවා.
ඌර්ණායුව[නා.] ලෝමවලින් කරන ලද වස්ත්‍රය; කම්බිලිය.
ඌර්ණායුවා[නා.] ලෝම ඇති සතා; එළුවා නොහොත් බැටළුවා.
ඌර්ධ්ව1. [වි.] ඍජු; උඩුකුරු. 2. [වි.] උඩින් පිහිටි.
ඌර්ධ්ව කක්ෂය(පාරිභා.) [නා.] හෘදයවස්තුවේ ඉහළ කොටසෙහි ඇති ගර්භයක්; හෘත්කර්ණිකාව (=auricle of heart).
ඌර්ධ්ව කණ්ඨය[නා.] උගුරෙහි ස්වරතන්තු පිහිටි කුහරය; ස්වරාලය.
ඌර්ධ්ව කෝණය(පාරිභා.) [නා.] ත්‍රිකෝණයක ශීර්ෂයෙහි ඇති කෝණය; සිරස් කෝණය (=vertical angle).
ඌර්ධ්ව ඩිම්බකෝෂ යෝගය[නා.] මලක මණිය, මුකූටය හා රේණු අධරඩිම්බකෝෂය උඩ පිහිටීම; අපිඡායාංග යෝගය (=epigynous insertion).
ඌර්ධ්ව තාල්වස්ථි[නා.ප්‍ර.] උඩුතල්ලේ අස්ථි (දෙක).
ඌර්ධ්ව ධරණය(පාරිභා.) [වි.] (ගණිත.) සමාන්තරාශ්‍රයක උඩු පැත්තේ භූජය නොහොත් පාදය (=upper base).
ඌර්ධ්ව පාතනය(පාරිභා.) [නා.] ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට නො පැමිණ වාෂ්ප බවට පත් වීම (=sublimation).
ඌර්ධ්ව බන්ධකය[නා.] හදිසි ප්‍රවෘත්ති ආවරණය කිරීම සඳහා යොදා ගන්නා අතින් ඔසවා ගෙන යා හැකි සන්නිවේදන උපකරණයක්.
ඌර්ධ්ව බලය[නා.] උඩු අතට තෙරපීමේ බලය.
ඌර්ධ්ව බාහුව[නා.] අතේ වැළමිටෙන් උඩ කොටස.
ඌර්ධ්ව මාර්ගය[නා.] ආහාර උදරයට පිවිසෙන මාර්ගය; උදරයට උඩින් වූ ආහාර මාර්ගය.
ඌර්ධ්ව මුඛය(පාරිභා.) [නා.] ගලනාලය ආමාශයට එක් වන ස්ථානය.
ඌර්ධ්ව රේඛාව1. [නා.] මැණික් කටුවෙන් පටන්ගෙන මැදැඟිල්ල දෙසට වැටී තිබෙන රේඛාව; ධන රේඛාව. 2. (පාරිභා.) [නා.] හරි කෙළින් ඇති රේඛාව; සිරස් රේඛාව.
ඌර්ධ්ව ලෝකය[නා.] දිව්‍යලෝකය.
ඌර්ධ්ව ශ්වාසය[නා.] දීර්ඝ ලෙස උඩට හුස්ම ගැනීම; හති ලෑම.
ඌර්ධ්ව හෘත්කෝෂය(පාරිභා.) [නා.] හෘදය වස්තුවේ ඉහළ කොටසේ ඇති කෝෂ දෙකෙන් එකක්; හෘත්කර්ණිකාව (=auricle).
ඌර්ධ්වංඞ්ගම[වි.] උඩට හෙවත් ඉහළට යන.
ඌර්ධ්වකාය[නා.ප්‍ර.] ශරීරයේ උඩ කොටස.
ඌර්ධ්වකාරක ප්‍රිස්මය(පාරිභා.) [නා.] ප්‍රතිබිම්බයක් උඩුකුරු කිරීමට යොදනු ලබන ප්‍රිස්මය (=erecting prism).
ඌර්ධ්වස්ථ1. [වි.] උඩින් හෝ මත්තෙහි පිහිටි. 2. [වි.] වඩා උසස්.
ඌර්ධ්වස්ථ පුප්ඵුසධමනිය(පාරිභා.) [නා.] පෙනහලුවල දී පිරිසිදු කරන ලද රුධිරය හෘදය කරා ගෙන යන ශිරාවක් (=upper pulmonary vein).
ඌර්ධ්වාග්‍රරෝම[නා.ප්‍ර.] අග උඩට නැමුණු රෝම; උඩුකුරු අග ඇති ලොම්.
ඌර්ධ්වීකරණය[නා.] උඩට ඉස්සීම; එසවීම.
ඌර්මාරය[නා.] එළිපත.
ඌර්මි1. [නා.ප්‍ර.] රැළ; තරංගය. 2. [නා.ප්‍ර.] කෙලෙස් නමැති රළ හෙවත් තරංග. 3. [නා.ප්‍ර.] අශ්ව ගමනයේ ආකාරය දක්වන වර්ණාලංකාරයක්.
ඌර්මිකා1. [නා.ප්‍ර.] රැළ; තරංගය. 2. [නා.ප්‍ර.] තරංගාකාර (ආලෝක) ශක්ති විශේෂය.
ඌර්මිමාලිය[නා.] සාගරය; සමුද්‍රය.
ඌර්වස්ථිය(පාරිභා.) [නා.] කලවා ඇටය (=femur).
ඌර්වී මර්මය[නා.] කලවා මැද පිහිටි මර්මයක්.
ඌරු1. [වි.] ලොකු; විශාල. 2. [වි.] පල් වූ; කුණු වීමට පටන්ගත්. 3. [වි.] ලුණු මිශ්‍ර; ක්‍ෂාරමය.
ඌරු කේන්තිය(කථා.) [නා.] දැඩි තරහ.
ඌරු ටොක්ක[නා.] වල් සතුන් බිය ගන්වා පලවා හැරීමට (ගොවිබිම්වල) භාවිත කෙරෙන උපකරණයක්; දියඩොඟරය.
ඌරු මීයා[නා.] පොළොවේ ගුල් හාරන විශාල මී වර්ගයක්.
ඌරු මුඩිය[නා.] ඌරාගේ හොම්බ.
ඌරු යක්කම[නා.] කොහොඹා කංකාරියේ එන එක් අංගයක්.
ඌරු වාහනය[නා.] මහසෝනාගේ වාහනය වූ ඌරා.
ඌරු වෙනවා1. [ක්‍රි.] පල් වෙනවා; නරක් වී යනවා. 2. [ක්‍රි.] වෙනස් වෙනවා; අන් අතකට යොමු වෙනවා.
ඌරු හීගතුව(කථා.) [නා.] හදිස්සියෙන් තරහ. ගැනීම; ඉක්මන් කෝපය.
ඌරුජාලා[නා.ප්‍ර.] කලවාවෙහි පලඳින දැලක ආකාරයේ ආභරණ විශේෂයක්; වටොරදැල්.
ඌරුතලය, ඌරුතලේ[නා.] ඌරන් සමූහය.
ඌරුන් කරනවා(කථා.) [ක්‍රි.] (සූදු කෙළියෙහි දී) ඔට්ටුව අස් කර ගන්නවා.
ඌරුපහ[නා.ප්‍ර.] කෑමට ගන්නා ලොකු හතු හෙවත් බිම්මල් වර්ගයක්.
ඌරුපේරු(කථා.) [නා.ප්‍ර.] තමන් කළ යුතු වැඩ අනුන්ට කරන්න දී සිටීම.
ඌරුබද්ධාසනය[නා.] එරමිණිය ගොතා වාඩි වීම; පර්යංකය.
ඌරුබන්ධන[නා.ප්‍ර.] ආභරණ විශේෂයක්.
ඌරුබලය[නා.] දෙකලවෙහි සවිය; දෙපයෙහි ශක්තිය.
ඌරුබිම්[නා.ප්‍ර.] ලවණ රසය ඇති බිම් පෙදෙස්.
ඌරුම(කථා.) [නා.] ඉරීම; ඇතුළට ගැලීම; කාන්දු වීම.
ඌරුමහාශිරාව[නා.] කලවාහි පිහිටි එනම් ශිරාව.
ඌරුව1. [නා.] ස්වරූපය; ගතිය; ආර. 2. [නා.] ස්වභාවය; හැඩහුරුකම; කාන්තිය; පැහැය; ඔපමට්ටම; වර්ණය. 3. [නා.] කකුළෙහි ඉකිළියටත් දණ හිසටත් අතර කොටස.
ඌල1. [නා.ප්‍ර.] පොළොව තුළින් ගලා එන දියපාර; උල්පත. 2. [නා.ප්‍ර.] දියඇල්ල. 3. [නා.ප්‍ර.] මුහුදේ රළ. 4. [නා.ප්‍ර.] මූත්‍ර.
ඌලයිට්(පාරිභා.) [නා.ප්‍ර.] ජුරාසික ගණයට අයත් හුනුගල් විශේෂයක නාමය.
ඌලියක්කාරයා1. [නා.] වැඩකාරයා. 2. [නා.] දෝලා ඔසවාගෙන යන්නා. 3. [නා.] පහත් ගතිපැවතුම් ඇත්තා. 4. [නා.] පිටරැටියා.
ඌලියම1. (කථා.) [නා.ප්‍ර.] දේව පූජාව. 2. [නා.ප්‍ර.] (සිංහල රජ කල පැවති) මෙහෙකාර සේවය.
ඌලියම් බද්ද[නා.] මෙරට පදිංචිව සිටි (මුවර්වරුන් වැනි) පිටරැටියන් විසින් ගෙවන ලද බද්ද.
ඌලේ[නා.] අණ්ඩවායුව.
ඌවිලි ගහනවා[ක්‍රි.] (යමකින්) අනින්නාක් මෙන් වේදනාව දැනෙනවා.
ඌෂ්ණය1. [නා.] උණුසුම. 2. [නා.] (මළකුණු ආදියෙන් නික්මෙන) දුර්ගන්ධය.
ඌෂ්ම, ඌෂ්මන්[නා.ප්‍ර.] (ශරීරයෙහි) උෂ්ණය; රස්නය.
ඌෂ්මකය(පාරිභා.) [නා.] අධික උෂ්ණත්වයක් ඇති කරන උදුනක් (=furnace).
ඌෂ්මාක්ෂරය[නා.] (ව්‍යාක.) උසුරුවීමේ දී උණුසුම් වායුව මුවින් පිටවීම වෙසෙසින් දැනෙන අක්ෂර මෙනම් වේ.
ඌසිකාල්(කථා.) [නා.ප්‍ර.] වහලක මුදුන් ලීය උසුලා සිටීමට බාල්කය මැද සවිකරනු ලබන මුදුන් කණුව; කුරුපාව.
ඌසිකාල් කොටනවා(කථා.) [ක්‍රි.] තුවක්කුවේ වෙඩි බෙහෙත් දමා කොටනවා.
ඌසිකෝලිය[නා.] මාළු දැල් අලුත්වැඩියා කිරීමේ දී නූල් ඔතන උපකරණය; ඌසිය.
ඌහනය, ඌහනාව[නා.] තර්කනය; කල්පනා කිරීම.
ඌහය, ඌහාව1. [නා.] අවබෝධය; අධ්‍යාහාරය. 2. [නා.] තර්කය; විතර්කය.
මිශ්‍ර සිංහල හෝඩියේ නවවන අකුර හා නවවන ස්වරය.
ඍග්වේදය[නා.] වේද ග්‍රන්ථ සතරින් මුල් ම ග්‍රන්ථය; ඉන්දු ආර්යයන්ගේ ප්‍රථම ආගමික ග්‍රන්ථය.
ඍජ්වාලම්බ[සෘජු+ආලම්බ] [වි.] සෘජුකෝණාකාර ව පිහිටි; ලම්බ.
ඍජු1. [වි.] ඇද නැති; කෙළින් පිහිටි. 2. [වි.] අවංක; අකුටිල.
ඍජු රේඛාව[නා.] ලක්ෂ්‍ය දෙකක් යාකරන කෙටි ම රේඛාව; සරල රේඛාව; වක් රහිත රේඛාව.
ඍජුකාරක(පාරිභා.) [වි.] උඩුකුරු කරන; ඌර්ධ්ව කාරක (= erectings).
ඍජුකෝණ ත්‍රිකෝණය(පාරිභා.) [නා.] එක් කෝණයක් ඍජුකෝණයක් වූ ත්‍රිකෝණය.
ඍජුකෝණය(පාරිභා.) [නා.] අංශක අනූවකින් යුක්ත කෝණය.
ඍජුකෝණාස්‍රය(පාරිභා.) [නා.] සමාන අභිමුඛ භූජවලින් ද සියලු කෝණ සෘජුකෝණවලින් ද යුක්ත වූ දිගැටි චතුරස්‍රය; සමචතුරස්‍රය (=rectangle).
ඍණ(පාරිභා.) [වි.] බින්දුවට වඩා වටිනාකමෙන් අඩු; ඌන.
ඍණ පත්‍රය(පාරිභා.) [නා.] (සංස්ථාවක හෝ වෙළඳ සමාගමක හෝ පොළියට මුදල් තැන්පත් කළ විට නිකුත් කෙරෙන) ණය ඔප්පුව (=debenture).
ඍණ ශෝධනය[නා.] ගත් දෙය ආපසු දීම; ණය ගෙවීම.
ඍණ සඞ්ඛ්‍යාව(පාරිභා.) [නා.] වටිනාකමින් බින්දුවට වඩා අඩු ගණන යොදා ඇති සංඛ්‍යාව (=negative number).
ඍණග්‍රස්ත[වි.] ණයට හසු වූ; ණයට ගොදුරු වූ; ණය වූ.
ඍණදානය1. [නා.] ණය දීම. 2. [නා.] ණය ගෙවීම.
ඍණධ්‍රැවය(පාරිභා.) [නා.] (බැටරියක) ඉලෙක්ට්‍රෝන ආරෝහණය කරන ලද විද්‍යුත් අග්‍රය (=negative pole).
ඍණය1. [නා.] ආපසු දීමට ලබාගත් මුදල් ආදි දෙය. 2. (පාරිභා.) [නා.] සෘණ ලකුණ හෙවත් අඩු කිරීමේ ලකුණ. 3· [නා.] ජලය. 4. [නා.] බළකොටුව.
ඍණරාශිය(පාරිභා.) [නා.] වටිනාකමින් බිංදුවට වඩා අඩු රාශිය; ඉදිරියෙහි ඍණ ලකුණ යොදා ඇති රාශිය.
ඍණාග්‍රය, ඍණඅග්‍රය(පාරිභා.) [නා.] කෝෂයක අඩු විද්‍යුත් විභවයෙන් යුතු කෙළවර; කැතෝඩය (=cathode negative terminal).
ඍතය[නා.] ලෝකය හා ස්වභාව ධර්මය පාලනය කරන්නා වූ නියාම ධර්මය; ලෝක නියාමය; සත්‍යය.
ඍතු කාලය1. [නා.] ඍතු සංඛ්‍යාත කාලය. 2. [නා.] ඔසප් කාලය; මාස් ශුද්ධි අවස්ථාව. 3. [නා.] ඔසප් වීමෙන් පසු (ගැබ් ගැනීමට සුදුසු) කාලය.
ඍතු ගුණය[නා.] (ශීතෝෂ්ණාදි) ස්වභාව සම්බන්ධ තත්ත්වය හෙවත් කාලගුණය.
ඍතු චර්යාව[නා.] ඍතු ගුණය අනු ව පැවතිය යුතු පිළිවෙළ.
ඍතු නියාමය1. [නා.] වසන්තාදි ඍතු ස්වාභාවික ව ඇති වීම; ඒවා පැමිණෙන පිළිවෙළ හෝ ක්‍රමය. 2. [නා.] ඒ ඒ ඍතුවලට අනුකූල ව වෘක්ෂලතාවල මල් පිපීම.
ඍතු පීඩාව[නා.] ඍතු ගුණය නිසා ඇති වන ශරීර පීඩාව.
ඍතු භේදය[නා.] ඍතුවල බෙදීම; ඍතු මාරුවීම.
ඍතු මාර්ගය[නා.] යෝනිමුඛයේ සිට දරුබොක්ක තෙක් මාර්ගය; යෝනි මාර්ගය.
ඍතු සන්ධිය[නා.] ඍතු දෙකක් එක් වන කාලය; එක් ඍතුවක් අවසාන වී ඊළඟ ඍතුව ආරම්භ වන අවස්ථාව.
ඍතු සේවනය[නා.] ඍතුවලට අනුකූල පැවැත්ම හෙවත් එපරිද්දෙන් කටයුතු කිරීම.
ඍතුජ[වි.] ඍතුවෙන් හටගත්; ශීතෝෂ්ණ ගුණයෙන් උපන්.
ඍතුඵල විද්‍යාව(පාරිභා.) [නා.] ජීව වස්තු හා ඍතු අතර සම්බන්ධය පිළිබඳ විද්‍යාව.
ඍතුමතී[නා.ප්‍ර.] ඔසප් වීමෙන් පසු ගැබ් ගැනීමට සුදුසු කාලය පැමිණි ස්ත්‍රිය.
ඍතුමදය[නා.] ඍතුව නිසා උද්දාම වන මදය.
ඍතුරාජ[නා.ප්‍ර.] වසන්ත ඍතුව.
ඍතුව1. [නා.] සුදුසු හෝ යෝග්‍ය කාලය. 2. [නා.] ශීතෝෂ්ණ වර්ෂාදි ගුණ සලකා වර්ෂයක් බෙදනු ලබන කාලපරිච්ඡේදය. 3. [නා.] ශීත, උෂ්ණ, තෙත් ආදි ස්වාභාවික ගුණය, කාලගුණය. 4. [නා.] ඔසප් වීම; මල්වර වීම.
ඍතුසත්ප්‍රාය[නා.ප්‍ර.] කාලගුණයේ යෝග්‍ය බව හෝ යහපත්බව; යහපත් කාලගුණය සහිත බව.
ඍතුසම්පන්න[වි.] (යෝග්‍ය) කාලගුණයෙන් හෝ දේශගුණයෙන් යුක්ත.
ඍද්ධි චිත්තය[නා.] ඍද්ධි බලයෙන් යුත් සිත.
ඍද්ධි ඥානය[නා.] ඍද්ධි විධි දක්නා නුවණ.
ඍද්ධි පලිබෝධය[නා.] (අභි.) ඍද්ධි බලය හේතු කොට ගෙන චෛතසික වර්ධනය කෙරෙහි ඇති විය හැකි බාධාව.
ඍද්ධි ප්‍රාතිහාර්යය[නා.] ඍද්ධි බලයෙන් දක්වන ආශ්චර්යය.
ඍද්ධි පූජාව[නා.] ඍද්ධි ප්‍රාතිහාර්ය බලයෙන් කරන පූජාව.
ඍද්ධි බලය[නා.] සිත දියුණු කිරීමෙන් ආශ්චර්යවත් දෑ කිරීම සඳහා ඇති වන ශක්තිය.
ඍද්ධි විකුර්වණය[නා.] ඍද්ධිමය ප්‍රාතිහාර්ය පෑම; ප්‍රකෘති රූපය අත්හැර ඍද්ධියෙන් විවිධ රූප දැක්වීම.
ඍද්ධි වෙනවා[ක්‍රි.] ඍද්ධි බලයෙන් නොපෙනී යනවා.
ඍද්ධිපාද[නා.ප්‍ර.] ඍද්ධියට මුල් වන හෙවත් අධිපති වන ප්‍රත්‍යය; ඍද්ධියට පදනම් වන ධර්ම.
ඍද්ධිමතා[නා.] ඍද්ධි බලය හිමි තැනැත්තා; චිත්ත බලයෙන් ආශ්චර්යවත් දෑ කළ හැකි පුද්ගලයා.
ඍද්ධිය1. [නා.] වැඩීම; වර්ධනය. 2. [නා.] ධනසම්පත්තිය; සමෘද්ධිය. 3. [නා.] භාවනා බලයෙන් ඉපදවිය හැකි ආධ්‍යාත්මික ශක්තිය; අධිමානසික බලය; ප්‍රාතිහාර්ය පෑමේ හැකියාව.
ඍෂභධ්වජයා[නා.] ගොනකුගේ සටහන ඇති කොඩියක් දරන්නා; ශිව දෙවියා.
ඍෂභය[නා.] සප්තස්වර අතුරෙන් දෙවැන්න වන ‘රි.’
ඍෂභයා[නා.] ගොනා.
ඍෂ්ටි[වි.] මැවූ ; මවන ලද.
ඍෂ්ටිය[නා.] මැවීම ; නිර්මිත කිරීම ; නිර්මාණය.
ඍෂි1. [නා.ප්‍ර.] වේදදර්ශක මුනිවරයා. 2. [නා.ප්‍ර.] රෝග තතු හා චිකිත්සාක්‍රම ස්වබුද්ධි මහිමයෙන් අවබෝධ කොටගෙන ලොවට ප්‍රකාශ කළ අට වැදෑරුම් ආදි වෛද්‍යවරයෝ. 3. [නා.ප්‍ර.] ශාස්ත්‍රාධිගමය කළ මුනිවරයා.
ඍෂි පතනය[නා.] ඉසිපතනය.
ඍෂි භාෂිතය[නා.] ඍෂීන් විසින් කියන ලද දෙය.
ඍෂිප්‍රවෘජ්‍යාව[නා.] (භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් අන්‍ය වූ) තාපස ප්‍රවෘජ්‍යාව; තාපස පැවිද්ද.
ඍෂිප්‍රෝක්ත(ය)[නා.] ඍෂීන් විසින් කියන ලද දෙය.
මිශ්‍ර සිංහල හෝඩියේ දසවන අකුර හා දසවන ස්වරය.
මිශ්‍ර සිංහල හෝඩියේ එකොළොස්වන අකුර හා එකොළොස් වන ස්වරය.
මිශ්‍ර සිංහල හෝඩියේ දොළොස්වන අකුර හා දොළොස්වන ස්වරය.
1. මිශ්‍ර සිංහල අක්ෂර මාලාවේ දහතුන්වන අක්ෂරය දහතුන්වන ස්වරය. 2. (සර්ව.) හේ; හෙතෙම; ඔහු. 3. එය.
එක1. [නා.ප්‍ර.] මුල් ඉලක්කම; ප්‍රථම හා සංඛ්‍යාව. 2. [නා.ප්‍ර.] යම් කිසිවක්; කාරණයක්.
එක ඇසින්[ක්‍රි.වි.] සම පරිද්දෙන්; එක් අයුරකින් සලකන.
එක එල්ලේ[ක්‍රි.වි.] කෙළින් ම; ඍජුව ම.
එක රොත්ත[නා.] එකගොඩ; රැළ; රාශිය; සමූහය.
එක සේ[ක්‍රි.වි.] එක ලෙස; එක ම ආකාරයෙන්.
එකකුස, එක්කුස[නා.ප්‍ර.] එක මවු කුස.
එකගෙයි කනවා[ක්‍රි.] සහෝදරයන් දෙදෙනකු හෝ කීප දෙනකු එක ම ස්ත්‍රියක බිරිඳ කොට ගන්නවා; සමගි විවාහයක් පවත්වනවා.
එකඟ1. [වි.] එක් අරමුණක පිහිටි; නොවිසුරුණු; සමාහිත වූ. 2. [වි.] කැමති; අනුකූල වන.
එකට එක කියනවා[ක්‍රි.] යමකු කී දෙයට කැපෙන පිළිතුරක් දෙනවා; වචනෙට වචනෙ කියනවා.
එකට කෑම(කථා.) [නා.] ඥාති සම්බන්ධය තහවුරුවීම සඳහා විශේෂයෙන් මංගල්‍ය අවස්ථාවල එකට වාඩි වී ආහාර ගැනීම.
එකඩ[එක්+අඩ] [නා.] එක් අර්ධය; භාගය.
එකත1. [නා.ප්‍ර.] එක පැත්ත; එක් අංශය. 2. [නා.ප්‍ර.] ඒකාර්ථය; ඒක වචන අර්ථය. 3. [නා.ප්‍ර.] එක් අත; ඒක හස්තය.
එකතපත්[වි.] එක ම ආතපත්‍රයක් යටතෙහි වූ; එක රජකුගේ පාලනයට යටත්; ඒකාතපත්‍ර.
එකත් එකට[ක්‍රි.වි.] නිශ්චය වශයෙන්; සහතික වශයෙන්.
එකත් කරනවා1. [ක්‍රි.වි.] ඒකාන්ත කරනවා; නියත කරනවා. 2. [ක්‍රි.වි.] එක් කරනවා; පිඬු කරනවා.
එකත් වෙනවා[ක්‍රි.] එක අභිප්‍රායෙන් යුක්ත වෙනවා; සහයෝගි වෙනවා.
එකත්පස[නා.] එක් පැත්ත; එක් අංශය.
එකත්පස්ව සිටිනවා[ක්‍රි.] පසෙකට වී; පැත්තකට වී ගරුසරු ව සිටිනවා; උත්තමයකුට ගෞරව පිණිස සවැදෑරුම් දොසින් තොර ව ඉන්නවා.
එකත්මුව[වි.] එක පැත්තක මුවාත ඇති.
එකත්සරු කරනවා[එක්+අත්සරු කරනවා] [ක්‍රි.] (අතෙහි) සුරක්ෂිත කරනවා; හස්තසාර කරගන්නවා; ස්ථාවර කරගන්නවා.
එකතැන් කරනවා[ක්‍රි.] එක් ස්ථානයකට කරනවා; එක්කාසු කරනවා; එකතු කරනවා; රැස් කරනවා.
එකතැන් වෙනවා1. [ක්‍රි.] එක ස්ථානයකට රැස් වෙනවා; එක්කාසු වෙනවා; ගොඩ ගැසෙනවා. 2. [ක්‍රි.] ඔත්පල වෙනවා; ලෙඩ වෙනවා; ඇඳට වෙනවා.
එකතු[වි.] සම්බන්ධ; එක්සත්; මිතුරු.
එකතු කරනවා1. [ක්‍රි.] සම්බන්ධ කරනවා; මිශ්‍ර කරනවා. 2. [ක්‍රි.] රැස් කරනවා; ඒකරාශි කරනවා. 3. (පාරිභා.) [ක්‍රි.] ගණන් එක් කරනවා; එකතූ කරනවා; ඓක්‍යය සොයනවා.
එකතු ලක්ෂය(පාරිභා.) [නා.] පරිගණක යතුරු ලියනය කිරීමේ දී ඊළඟට යතුරුලියනය කළ යුතු අක්ෂරය පිහිටන ස්ථානය දක්වන සිරස් අතට පිහිටි රේඛාව; කර්සරය (=cursor).
එකතු වෙනවා1. [ක්‍රි.] සම්බන්ධ වෙනවා; එක් වෙනවා. 2. [ක්‍රි.] රැස් වෙනවා; ඒකරාශි වෙනවා.
එකතුරු[වි.] එකක් වැඩි; එකකින් වැඩි; ඒකෝත්තර.
එකතුරු පට[නා.] ඇඳි වත බොකු ගැසෙන සේ එක් කොට සාදා ගත් රෙදිපොට හෝ රැල්ල; ඔඩොක්කුව; උත්සංගය.
එකතුල, එකතුල්[වි.] ඒකාකාර; අතිශයින් සමාන; එක්වැනි.
එකතුව1. [නා.] සම්බන්ධකම; එක්සත්කම; මිත්‍රත්වය. 2. [නා.] සමූහය; සංග්‍රහය. 3. (පාරිභා.) [නා.] එකතු කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය; මුළු ගණන; ඓක්‍යය.
එකන්දම්[එක්+අන්දම්] [වි.] එක ම ආකාර ඇති.
එකනෑයෝ[නා.බහු.] ලේ නෑයෝ; අවශ්‍ය නෑයෝ.
එකපණ[වි.] ස්වකීය ප්‍රාණය වැනි වූ; තමන්ගේ ප්‍රාණය හා සමාන වූ.
එකපතේ කනවා(කථා.) [ක්‍රි.] දැඩි විශ්වාසකම් පවත්වනවා.
එකපා විමන[නා.] එක් ටැඹක් හෝ කණුවක් මත ඉදි කළ ගෘහය.
එකපැතිර[ක්‍රි.වි.] එකට ව්‍යාප්තව; එක් ව; එකට; එකවර.
එකපැහැර[ක්‍රි.වි.] එක් වර ම; එක් වරට ම; වහා ම; ක්ෂණයකින්.
එකබඳ1. [වි.] එකට බැඳුණු; ඒකාබද්ධ. 2. [වි.] එක් වැනි; එක සේ; සමාන; ඒකාකාර.
එකබහ(කථා.) [නා.] එක ම වචනය; එක ම අදහස.
එකමුතු[වි.] එක්සත්; සමඟි.
එකමුතුබාන(කථා.) [නා.] නගුලිස වියගහට සම්බන්ධකර බඳින ලණුව.
එකයුත්[වි.] එකසමාන; ඒකාකාර.
එකර[නා.] එගොඩ; එතෙර; මූදෙන් එතෙර.
එකරඟ[ක්‍රි.වි.] ඒකාකාරයෙන්; දිගට ම; නොනැවතී.
එකරත[වි.] නිතර; අනවරත.
එකරුත[එක+අරුත] [නා.] (ව්‍යාක.) එකක් පිළිබඳ ව පැවසෙන අරුත; ඒකාර්ථය; ඒකවචනය.
එකලස1. [නා.ප්‍ර.] පිළියෙල කොට තැබීම; සැකසුම. 2. (පාරිභා.) [නා.ප්‍ර.] යන්ත්‍රයක එකිනෙකට පූට්ටු කළ කොටස් සමූහය.
එකලස්භාෂා(පාරිභා.) [නා.ප්‍ර.] පරිගණකයට විධාන දීම සඳහා ඉංග්‍රීසි අක්ෂර යොදා ගනිමින් නිර්මාණය කරන ලද භාෂා රටාව (=assembly language).
එකලා[වි.] තනි; හුදකලා; ආශ්‍රයෙන් හෝ සහයෝගයෙන් හෝ සම්පූර්ණයෙන් වියුක්ත.
එකලු[වි.] (සෑම තැනම) එක සේ ආලෝක වූ; ඒකාලෝක.
එකසර[වි.] එකලා ව හැසිරෙන; තනි ව ජීවත් වන; ඒකචාරී.
එකසරණ[නා.] තනි ව හැසිරීම; හුදකලා චරණය.
එකසරි[වි.] එක් වැනි; සමාන.
එකස් කරනවා[ක්‍රි.] (සිවුරක් හෝ සළුවක්) එක් උරයක් පමණක් වසා පොරොවනවා; ඒකාංස කරනවා.
එකසැටිය[නා.] සමාන බව; නොවෙනස් ආකාරය; සාරූප්‍යය.
එකසිත්[වි.] දෙසිතක් නැති; ස්ථිර; නොවෙනස්.
එකසී1. [ක්‍රි.වි.] එක සේ; ඒකාකාරයෙන්. 2. [ක්‍රි.වි.] එකහෙළා; ඒකාන්තයෙන්. 3. [ක්‍රි.වි.] සමූහයක් වශයෙන්; රාශියක් වශයෙන්.
එකහඬින්[ක්‍රි.] එක ම ශබ්දයෙන්; ඒකමතිකව.
එකහිත්, එක්සිත්[වි.] දෙ සිතක් නැති; ස්ථිර; නොවෙනස්.
එකහිරවරණ[නා.] ඒකච්ඡත්‍රය; එක ම ආඥාවකින් පාලනය කිරීම; එක ම රජකුගේ පාලනය.
එකහෙළා1. [ක්‍රි.වි.] එක්වර; එකපැහැර. 2. [ක්‍රි.වි.] ස්ථිර ව; නිශ්චය වශයෙන්; ඒකාන්තයෙන්.
එකහෙළි[වි.] එක සේ ආලෝක වූ; ඒකාලෝක.
එකළු, එක්හළු[වි.] ඒකාකාර වූ; සමාන වූ.
එක් පටුව[නා.] කැසපට; පිටපට.
එක් සැණෙන්[ක්‍රි.වි.] මොහොතකින්; ක්ෂණයකින්; සැණෙකින්.
එක්කලු දොර[එක්+අලුදොර] [නා.] එක් කවුළුව; එක් වාතපානය.
එක්කිච්ඡාවචන[එක්+ඉච්චා+වචන] (කථා.) [නා.] රැවටිලි බස්.
එක්ටැම්ගෙය[නා.] එක් කණුවක් මත සෑදූ ගෙය; එකපා විමන; එකස්ථම්භ ගෘහය.
එක්තරම්[වි.] එක පමණ; එක්තරා ප්‍රමාණයක වූ; සුදුසු.
එක්තරා[වි.] සමූහයකින් එක්; කීපයකින් එකක් වූ; යම්කිසි හෝ එක්.
එක්තැන්[නා.ප්‍ර.] එක තැන; එක ස්ථානය; එක් තැනැත්තා.
එක්දරුමා[නා.ප්‍ර.] එක් දරුවකු පමණක් වැදූ මව.
එක්දළ[නා.ප්‍ර.] එක්දළයක් ඇති සේ ප්‍රකට තැනැත්තා; ගණ දෙවියා.
එක්දැසි[වි.] එක සමාන; ඒකාකාර; ඒකසදෘශ.
එක්පහන්[වි.] මුළුමනින් ම ආලෝක වූ; ඒකාලෝක වූ.
එක්පෑහුම් කරනවා(කථා.) [ක්‍රි.වි.] වී පළමු වරට වනේ දමා කොටවනවා.
එක්බා[නා.ප්‍ර.] එක් භාගය; එක් කොටස.
එක්බාන්කුදය[නා.] (කමත්.) (ගොයම් කොළයක් මැඩීම සඳහා යොදන) එකට බඳින ලද ගවයන් තිදෙනා.
එක්බැඳි[වි.] එකට බැඳුණු; එකට යා වූ; ඒකාබද්ධ.
එක්බුමු[වි.] එක් මහලක් හෙවත් තලයක් ඇති.
එක්මංසල[නා.] අතුරුමාර්ගයක් (ප්‍රධාන) මාර්ගයකට සම්බන්ධ වන සන්ධිය.
එක්රැස්[නා.ප්‍ර.] එක ගොඩ; ඒකරාශිය.
එක්ලස්[වි.] පිළිවෙළක් ඇති; ක්‍රමවත්.
එක්වන1. [වි.] ඒකාකාර; එක වාගේ; එක සමාන; සමාන රූ ඇති. 2. [වි.] පළමු වැනි; ප්‍රථම.
එක්වන්1. [ක්‍රි.වි.] ඒකාකාර; එක හා සමාන; සමාන. 2. [ක්‍රි.වි.] නිතර; නිරන්තරයෙන්; අනවරතයෙන්. 3. [ක්‍රි.වි.] එකට; සමඟ.
එක්වැටි[නා.ප්‍ර.] එක් පටකින් යුත් මාල විශේෂයක්; සිවුසැට ආභරණයන්ගෙන් එකක්.
එක්සත්1. [වි.] එක රාජ්‍ය නායකයකුගේ පාලනය යටතට පත්; එක රජකු විසින් පාලනය කරනු ලබන; ඒකච්ඡත්‍ර. 2. [වි.] එකමුතු; සමගි සම්පන්න.
එක්සම[වි.] එක හා සමාන; ඒකාකාර.
එක්ස්කිරණ(පාරිභා.) [නා.ප්‍ර.] සාමාන්‍ය ආලෝක තරංගවලට විනිවිද යා නොහැකි පදාර්ථ විනිවිද යනසුලු විද්‍යුත් චුම්බක තරංග (=X-rays).
එක්සීමා(පාරිභා.) [නා.] හමෙහි ඇති වන ප්‍රදාහයක්; කඩුවේගන් විශේෂයක් (=eczema).
එක්සේසත්[වි.] එක් රාජ්‍ය නායකයකුගේ පාලනය යටතට පත්; ඒකච්ඡත්‍ර.
එක්හස්[වි.] ඒකාකාර; එක සමාන.
එක්හළු[වි.] එකළු.
එකාවන්[වි.] ඒකාකාර; එක සමාන. [ක්‍රි.වි.] නිරන්තරයෙන්; නිතරම.
එකැති[වි.] නියත; ඒකාන්ත.
එකැස්[වි.] එක ඇසක් පමණක් ඇති.
එකැස් බෙරය[නා.] එක් ඇසක් (හම බැඳි තලයක්) පමණක් ඇති බෙරය.
එකෑවර[එක්+ඈවර] [ක්‍රි.වි.]එක විට; එක් වර.
එකිනෙක[එකින්+එක] [නා.] තනි තනි; එක එක.
එකුන්[වි.] එකකින් අඩු වූ; එකකින් ඌන වූ.
එකෙණෙහි[ක්‍රි.වි.] ඒ මොහොතෙහි; ඒ ඇසිල්ලෙහි; ඒ ක්ෂණයෙහි; එවිගස.
එකේලි[වි.] එක එල්ලට වී; ඍජු; කෙළින්.
එකෝලියම(කථා.) [නා.] කමතෙහි කාටු හෙවත් රොඩු පිස දා වෙන් කිරීම පිණිස කටු අතුවලින් සාදා ගැනෙන අතුමිටිය; පඹ අත්ත.
එගොඩ කරනවා[ක්‍රි.] ගං හෝ ආදි ජලාශයකින් එතෙර කරනවා; නියමිත සීමාව ඉක්මවනවා; පමුණුවනවා.
එගොඩ, එගොඩහ(කථා.) [නා.] ජලාශයක එහා පැත්ත; එතෙර; සීමාවකින් ඔබ්බ; පාරිමතීරය.
එච්චර[නා.] එ විතර; එ පමණ; ඒ තරම්; ඒ ප්‍රමාණය.
එච්චිකම[නා.] ලෝභකම; මසුරුකම.
එඩිතර[වි.] නිර්භීත; අභීත; ප්‍රෞඪ.
එඩිදර්ප[නා.ප්‍ර.] එඩියෙන් යුත් දර්පය; නිර්භීතකමින් ඇති වූ ගර්වය.
එඩිය[නා.] ගර්වය; දර්පය; වික්‍රමය; තේජස.
එඬේර ගොටුව(කථා.) [නා.] ගොපලු සමයමේ දී ගොපලු යක්ෂයා වෙනුවෙන් වෙන් කර ඇති පුද ගොටුව.
එඬේරා[නා.ප්‍ර.] ගව මහීෂ, එළු බැටළු, ආදි සිවුපා සතුන් බලා ගන්නා තැනැත්තා.
එතර, එතෙර[නා.] ඒ තෙර; එගොඩ; පාරිම තීරය; විදේශය. 1. [ක්‍රි.වි.]ඒ ඇසිල්ලෙහි; ඒ ක්ෂණයෙහි; එවිගස. 2. [ක්‍රි.වි.]ඉක්බිති; තදනන්තර ව; එකල්හි.
එතරණ[නා.ප්‍ර.] බැස ගැන්ම; පිවිස ගැන්ම; ආරම්භය; ප්‍රවේශය.
එතිල් ඇල්කොහොල්(පාරිභා.) [නා.ප්‍ර.] ඇල්කොහොල් නමින් හැඳින්වෙන කාබනික සංයෝග කාණ්ඩයට අයත් වැදගත් සංයෝගයක් (=ethyl alcohol).
එතිලීන්(පාරිභා.) [නා.ප්‍ර.] ඔලෙෆින් නමින් හැඳින්වෙන කාබනික සංයෝග ශ්‍රේණියේ මුල් සංයෝගය වන වායුවක් (=ethylene).
එතෙර කරනවා1. [ක්‍රි.] ජලාශයකින් එගොඩ කරනවා. 2. [ක්‍රි.] (සසර දුකෙන්) එතෙර කරනවා; පාරිමතීරයට පමුණනවා.
එද්දලයා1. (කථා.) [නා.] මිත්‍රයා. 2. [නා.] අමුත්තා. 3. [නා.] මස්සිනා. 4. [නා.] සොර සැමියා.
එදෑතුර[නා.] සිද්ධි දෙකක් අතර කාලය.
එදිරි[වි.] විරුද්ධ; සතුරු.
එදිරි පිරිමහනවා(කථා.) [ක්‍රි.] පළි ගන්නවා; එකට එක කරනවා.
එදිරිපහුව(කථා.) [නා.] වැරැද්ද; ප්‍රමාද දෝෂය.
එදිරිවාදුකම්[නා.බහු.] විරුද්ධකම්; සතුරුකම්; අමනාපකම්.
එන1. [වි.] පැමිණෙන; ආගමනය කරන; මතු සිදුවන. 2. [වි.] ඇති වන; පැන නඟින. 3. [වි.] වෑහෙන; ගලන්නා වූ. 4. [වි.] ඊළඟ; ලබන; ඉදිරි;
එනමල්, එනැමල්1. (පාරිභා.) [නා.ප්‍ර.] ලෝහ, මැටි භාණ්ඩ, වීදුරු ආදියෙහි මතුපිට ආලේප කරන එනැමල් පෝරණුවෙහි පුළුස්සා ගනු ලබන කාචමය ද්‍රව්‍යයක්; ඉනැමල්. 2. [නා.ප්‍ර.] අපිචර්මීය ආවරණයක් ඇති දත්වල ද ඇතැම් කොරල්වල ද තිබෙන බාහිර චූර්ණමය ස්තරය.
එනම්[නි.] හරියට ම කියතොත්; ඒ වනාහි.
එන්ජිම(පාරිභා.) [නා.] කිසියම් ශක්ති විශේෂයක් අනෙක් ශක්ති විශේෂයක් බවට විශේෂයෙන් ම තාපය යාන්ත්‍ර ශක්තිය බවට පරිවර්තනය කිරීමේ මෙවලම (=engine).
එන්තරවාසිය[නා.] ණය ආපසු ගෙවන ලෙස දන්වා නීතීඥයකු මගින් ණයකරු වෙත නියෝග කර යවන ලියවිල්ල.
එන්නත[නා.ප්‍ර.] ඇතැම් බෝවන රෝග වැළැක්වීමට ශරීරගත කරන ඖෂධය; වැක්සීනය.
එන්නත් කරනවා[ක්‍රි.] එන්නත් ශරීරගත කරනවා; බේත් විදිනවා; අත් විදිනවා.
එන්සයිමය(පාරිභා.) [නා.] සජීවී සෛල මඟින් නිපදවනු ලබන ප්‍රෝටීනමය කාබනික උත්ප්‍රේරකය.
එන්සල්, එන්සාල්[නා.] සුවඳැති කරල් හට ගන්නා පැළැටියක්; කරදමුංගු.
එපලඟ, එපෑලඟ[වි.] ඒ ලෙසින්; ඒ ආකාරයෙන්.
එප්සම් ලුණු[නා.] මැග්නීසියම් සල්පේට් නම් ලුණු (=epsom salt).
එපිට, එපිටහ[නා.ප්‍ර.] ඈත; දුර බැහැර; එහා.
එපිඩයස්කෝපය(පාරිභා.) [නා.] විනිවිද පෙනෙන හෝ නොපෙනෙන වස්තුවල ප්‍රතිබිම්බ ප්‍රක්ෂේපණය කළ හැකි ප්‍රකාශදීපයක් (=epidiascope).
එපිපියාව(පාරිභා.) [නා.] ඇතැම් කවචයින් බිත්තර ආරක්ෂා කරනු පිණිස රැකුම් මඩියේ කොටසක් ඝන වීමෙන් සෑදෙන පෑදලයක හැඩයෙන් යුක්ත වූ අවයවය (=ephippium).
එපිස්කෝපය(පාරිභා.) [නා.] ඉතා ආලෝකවත් කළ පාරාන්ධ වස්තුවක විශාලිත ප්‍රතිබිම්බයක් තිරයක් මතට ප්‍රක්ෂේපණය කළ හැකි ප්‍රක්ෂේපණ දීපයක් (=episcope).
එබ[නා.] දියවළ; දිය කඩිත්ත; හෙබ.
එබනයිට්[නා.ප්‍ර.] රබර් හා ගෙන්දගම් මිශ්‍ර කර සාදන ද්‍රව්‍යය; තද රබර් (=ebonite).
එබන්ද[නා.] එබඳු දැය; එවැනි දෙය.
එබැවින්[ක්‍රි.වි.] එනිසා; එසේ හෙයින්; එහෙයින්.
එබිකම, එබිකම්[නා.ප්‍ර.] හොරෙන් බැලීම; හැංගි හොරා බැල්ම; සෝදිසිය.
එබිකම් කරනවා[ක්‍රි.] (දොර කවුළු ආදියෙන්) පරීක්ෂාවෙන් බලනවා; හොරෙන් හැංගී බලනවා.
එබෙනවා1. [ක්‍රි.] ඇතුළට කිඳා යනවා; යටට ගිලී යනවා. 2. [ක්‍රි.] නැති වී යනවා; යටපත් වෙනවා. 3. [ක්‍රි.] හොරෙන් බලනවා; එබිකම් කරනවා.
එම[වි.] ඉහත සඳහන් කරන ලද්ද; පූර්වෝක්තය.
එමට[ක්‍රි.වි.] එපමණට; බොහෝ සේ; සුලභව; හුඟක්.
එමතු[වි.] එවිතරක්; එපමණකුත්.
එම්ප්‍රදෝරු[නා.ප්‍ර.] අගරජ; අධිරාජයා.
එම්බල, එඹල1. [නි.] පින්වත; භවත්නි; ඉදිරිපිට සිටින අයකු ගෞරවාන්විතව ඇමතීමට යෙදේ. 2. [නි.] ඒයි; බොල; ඉදිරිපිට සිටින අයකු පහත් ලෙස ඇමතීමට යෙදේ.
එම්බ්‍රොයිඩර්[නා.ප්‍ර.] නූල්වලින් රෙදිවල කරන විචිත්‍ර මැහුම් වැඩ; සැරසිලි මැහුම් (=embroidery).
එමීර්වරයා[නා.] සමහර මුස්ලිම් රටවල ප්‍රාන්තයක පාලකයා හැඳින්වීමට යොදන නම.
එයරියලය, ඒරියලය(පාරිභා.) [නා.] විද්‍යුත් චුම්බක තරංග ලබා ගැනීම හෝ නිකුත් කිරීම පිණිස විවෘතව යොදා තිබෙන කම්බිය; ගුවන් කම්බිය (=aerial).
එරමිණිය ගොතනවා[ක්‍රි.] කකුලෙන් කකුල ගොතා වාඩි වෙනවා.
එරවණ, ඓරාවණ[නා.ප්‍ර.] ශක්‍ර දේවේන්ද්‍රයාගේ ඇතාගේ නාමය.
එරිකෝලය[නා.] තෝමරය; හෙල්ල.
එරිස්සලය[නා.] නොරිස්සුම්කම; තරහ යන ගතිය.
එරිස්සාව(කථා.) [නා.] ඉරිසියාව; ඊර්ෂියාව.
එරුණුහස්[නා.ප්‍ර.] හංසයා එරුණු තැන හෙවත් විල; තඩාගය.
එරුම්කඩ[නා.] කුඹුරක එරෙන තරම් මඩ සහිත ප්‍රදේශය.
එරෙට්ටු(කථා.) [නා.ප්‍ර.] විරුද්ධත්වය; අමනාපය; තර්ජනය.
එරෙනවා1. [ක්‍රි.] යටට බසිනවා; මඩ වතුර, රශ්මි ආදියෙහි නිමග්න වෙනවා. 2. [ක්‍රි.] (මුල්) යටට ඇදෙනවා; (අල) බහිනවා. 3. [ක්‍රි.] පියයුරුවලට හෝ බුරුල්ලට කිරි එරෙනවා. 4. [ක්‍රි.] අමාරුවේ වැටෙනවා.
එරෙප්සින්(පාරිභා.) [නා.ප්‍ර.] ආන්ත්‍ර යුෂයෙහි අන්තර්ගත එන්සයිමයක් (=erepsin).
එරෙහි වෙනවා[ක්‍රි.] කෝප වෙනවා; අමනාප වෙනවා; විරුද්ධ වෙනවා.
එලඳ කද(කථා.) [නා.] මනමාලිය කැඳවාගෙන ඒමට යන විට මනමාලයා විසින් මනමාලියන්ගේ ගෙදරට යවනු ලබන කෑම රසකැවිලි ආදිය අඩංගු කදමල්ල.
එලවසම(කථා.) [නා.] තරාතිරම; පංතිය.
එලවේසමේ, එලවේසමෙන්(කථා.) [ක්‍රි.වි.] හිරිහැරයක් නොමැතිව; පහසුවෙන්; නොමිලේ; වියදමක් නොමැතිව.
එල්නිනෝ(පාරිභා.) [නා.ප්‍ර.] වෙරළ ආශ්‍රිත ව තාවකාලික ව ඇති වන උණුසුම් ජල ප්‍රවාහයක නාමය; ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයෙන් කාලගුණික හා දේශගුණික බලපෑම් ඇති කරන සංකීර්ණ ක්‍රියාවලියක් (=el nino).
එල්බ ගන්නවා1. [ක්‍රි.] එල්ලී සිටිනවා; (තදින්) අල්ලා ගන්නවා; ඇලී සිටිනවා. 2. [ක්‍රි.] (යම් මතයක) ස්ථිර ව පිහිටා සිටිනවා.
එල්බෙනවා[ක්‍රි.] එල්ලෙනවා; අවලම්බනය වෙනවා; එල්ලී සිටිනවා.
එල්ල කරනවා1. [ක්‍රි.] යම් අවියක් ඉලක්කයට යොමු කරනවා; කුරුමානම් අල්ලනවා; යම් පිරිසක් හෝ ක්ෂේත්‍රයක් කෙරෙහි අවධානය යොමු කරනවා. 2. [ක්‍රි.] පෙළට තබනවා. 3. [ක්‍රි.] යොමු කරනවා; (චෝදනාවක්) ඉදිරිපත් කරනවා.
එල්ලනවා1. [ක්‍රි.] ඉහළ සිට පහළට ලම්බනය වන සේ තබනවා; කොකු ආදියෙන් පහළට ලම්බනය වන සේ අමුණනවා; අවලම්බනය කරනවා. 2. [ක්‍රි.] මරණීය දඬුවමක් වශයෙන් ගෙල තොණ්ඩුවකින් තද කොට එල්ලනවා; එල්ලා මරනවා.
එල්ලය, එල්ලෙ1. [නා.] අරමුණු කර ගත් තැන; ඉලක්කය; කුරුමානම. 2. [නා.] ඉදිරිය;ඉස්සරහ.
එල්ලා මරනවා[ක්‍රි.] ගෙලෙන් එල්ලා මරණයට පමුණුවනවා.
එල්ලුම්ගස, එල්ලුම්ගහ[නා.] මරණීය දඬුවමට නියමවූවන් එල්ලා මරණයට පත් කිරීම සඳහා උපයෝගි කරගන්නා වධෝපකරණය; පෝරකය.
එල්ලෙනවා1. [ක්‍රි.] ආලම්බනය වෙනවා; එල්වෙනවා. 2. [ක්‍රි.] කඹයකින් හෝ ලණුවකින් තොණ්ඩුවක් ගෙලට දමා එල්ලී හුස්ම හිර කරගෙන සියදිවි හානිකර ගන්නවා.
එලී ගන්නවා[ක්‍රි.] (යමක) එල්ලී සිටිනවා; එල්බෙනවා.
එලෙනවා1. [ක්‍රි.] පහතට එල්ලෙනවා; එල්බෙනවා. 2. [ක්‍රි.] එල්ලී සිටිනවා; ඇලී සිටිනවා. 3. [ක්‍රි.] සැඟවෙනවා; නිලීන වෙනවා.
එලොව[නා.] මරණින් මතු උපදින ලෝකය; පරලොව.
එලොවපොල් පෙනෙනවා[ක්‍රි.] මරණය සිහි වන තරම් වේදනාවකට පත් වෙනවා; සිහිවිකල් ව මෙන් කටයුතු කරනවා.
එවක[ක්‍රි.වි.] ඒ කාලයෙහි; ඒ යුගයෙහි; ඒ සමයෙහි.
එව්[නි.] මෙන්; සේ; වැනි; සමාන.
එවිගස[ක්‍රි.වි.] එවේලේ ම; එකෙණෙහි ම; ඒ ක්ෂණයෙහි.
එවිතර[නා.] ඒ තරම; ඒ ප්‍රමාණය; එපමණ.
එසඳ[ක්‍රි.වි.] එකල්හි; ඒ කාලයෙහි; ඒ අවස්ථාවෙහි.
එසේ මෙසේ[වි.] සාමාන්‍ය; සාමාන්‍ය ප්‍රමාණයේ වූ; සුළුපටු.
එහාමෙහා කරනවා[ක්‍රි.] (තුබූ) තැන වෙනස් කරනවා; ඉවතට ගෙන යනවා.
එහිලා[නි.] ඒ පිළිබඳ ව; ඊට සම්බන්ධ කොට; එයට ඇතුළත් කොට.
එහෙත්[නි.] එසේ ද වූවත්; එහෙම වුණත්.
එහෙම[ක්‍රි.වි.] ඒ ආකාරයෙන්; ඒ ලෙසින්.
එහෙවු[වි.] එසේ වූ.
එළ1. [වි.] සුදු; ධවල; සුදුමැලි. 2. [වි.] පිරිසිදු; ශුද්ධ. 3. [වි.] සිංහල; දේශීය ගවයන් පිළිබඳව යෙදේ. 3. [වි.] එළුවා.
එළ කරනවා[ක්‍රි.] සුදු කරනවා; පිට පොත්ත හෝ ලෙල්ල ඉවත් කිරීමෙන් ශුද්ධ කරනවා; පොතු අරිනවා; (හාල් ආදිය) පාහිනවා.
එළකිරි[නා.ප්‍ර.] එළදෙනුන් ගෙන් ලැබෙන කිරි.
එළඟිතෙල්[නා.ප්‍ර.] එළදෙනුන්ගේ කිරෙන් ලබා ගන්නා තෙල්.
එළනවා1. [ක්‍රි.] පහතට දමනවා; හෙළනවා. 2. [ක්‍රි.] පැදුරු ආදිය අතුරනවා; දිග අරිනවා. 3. (කථා.) [ක්‍රි.] පහරක් ගසනවා.
එළඹෙනවා[ක්‍රි.] ළගට එනවා; සමීපයට පැමිණෙනවා; ළඟා වෙනවා.
එළය[නා.] ගසක කඳක් තුළ ඇති විය හැකි නිසරු බුරුල් දැව කොටස.
එළලනවා[ක්‍රි.] (රෙදි ආදියෙහි වූ සිදුරු හෝ ඉරුණු තැන්) ඉදිකටුවකින් දිග හා හරස් අතට නූල් ඇද මසනවා.
එළලු[වි.] සුදට හුරු පාටැති; පාණ්ඩු වර්ණ වූ.
එළවනවා1. [ක්‍රි.] පලවා හරිනවා; පන්නනවා. 2. [ක්‍රි.] පසුපස ලුහුබඳිනවා. 3. [ක්‍රි.] වාහනයක් පදවනවා; (රියක්) හසුරුවනවා. 4. [ක්‍රි.] ඉදිරිපිටට පමුණුවනවා. 5. [ක්‍රි.] (සිහි) උපදවා ගන්නවා; ඇති කර ගන්නවා. 6. [ක්‍රි.] ගෙන දෙනවා; ලබා දෙනවා; සලසනවා. 7. (කථා.) [ක්‍රි.] ගලවා දමනවා; ඉවත් කරනවා.
එළවළු[නා.ප්‍ර.බහු.] ව්‍යංජන පිණිස ගන්නා කොළ, ගෙඩි, මල්, කරල් ආදිය සහිත ශාක.
එළව්ව[නා.] මළගෙය; ඉලව්ව.
එළා ගන්නවා1. [ක්‍රි.] (පැදුරු, මාගල්, බුමුතුරුණු වැනි දේ) බිම අතුරා ගන්නවා; දිග හැර ගන්නවා. 2. [ක්‍රි.] යටත් කර ගන්නවා; සතකු මරා ගන්නවා; බිම පෙරළා ගන්නවා.
එළි1. [වි.] පිරිසිදු; ශුද්ධ. 2. [වි.] සුදු; ශ්වේත. [නා.ප්‍ර.] ආලෝක; පහන්.
එළි අත්ත[නා.] ගිනිහුළ; හුළුඅත්ත.
එළි කතර[නා.] (ගස්කොළන් ආදියෙන් තොර) විවෘත භූමිභාගය; එළිමහන් ප්‍රදේශය.
එළි කරනවා1. [ක්‍රි.] ආලෝක කරනවා; ප්‍රභාසම්පන්න කරනවා. 2. [ක්‍රි.] ශුද්ධ කරනවා. 3. [ක්‍රි.] (සැඟවුණු යමක්) එළිදරවු කරනවා; අනාවරණය කරනවා; ප්‍රකාශයට පත් කරනවා. 4. [ක්‍රි.] පසු දා පහන් වනතුරු රාත්‍රිය ගත කරනවා.
එළි පහළි, එළි පෙහෙළි[වි.] ගස් කොළන්, වල් පැළෑටි ආදියෙන් තොර; ආවරණය නොවූ; විවෘත වූ; එළි කරන ලද.
එළි බස්සනවා1. [ක්‍රි.] පිටතට පමුණුවනවා. 2. [ක්‍රි.] මල්වර වීමෙන් පසු ගැහැනු ළමයා ඉසදිය නෑවීම පිණිස එළියට කැඳවාගෙන එනවා.
එළි බහිනවා, එළි බසිනවා1. [ක්‍රි.] එළියට එනවා; පිටතට එනවා; අනාවරණය වෙනවා; එළිදරවු වෙනවා; ප්‍රකට වෙනවා. 2. [ක්‍රි.] මල පහ කරනවා; ශරීර කෘත්‍යය කරනවා.
එළිච්චි(කථා.) [නා.ප්‍ර.] එළු දෙන; එළිස්සී.
එළිදරවු කරනවා[ක්‍රි.] හෙළි කරනවා; අනාවරණය කරනවා; ප්‍රකට කරනවා.
එළිපත, එළිපත්ත1. [නා.ප්‍ර.] උළුවස්සක් පාමුල දොරට යටින් පවතින පඩිය; උළුවහු පඩිය; කාමරයක දොර පඩිය. 2. [නා.ප්‍ර.] කවුළුවක පහත පිහිටි පඩි කඳ; ජනෙල් පඩිය.
එළිපහළිය1. [නා.] නිසි පිළිවෙළ; මනා සැකසුම; ශෝභනබව; නිමාව. 2. [නා.] එළිමහන.
එළිපිට1. [ක්‍රි.වි.] ප්‍රකට ලෙස; ප්‍රසිද්ධියේ. 2. [ක්‍රි.වි.] ඉදිරිපිට; නොසඟවා. 3. [ක්‍රි.වි.] මතුපිට; උඩින්.
එළිමහන්[වි.] විවෘත; ගෙයින් පිට; ආවරණයක් නැති.
එළිය1. [නා.] ආලෝකය; ප්‍රභාව; සූර්යාලෝකය. 2. [නා.] අවකාශය; එළිමහන; බැහැර; ගෙයින් පිටත. 3. [නා.] පද්‍යයක පාදවල මුල, මැද, අග ආදි වශයෙන් සමාන අකුරු යෙදීම; එසේ යෙදූ තැන. 4. [නා.] එළිපත; ගෘහද්වාරය. 3. [නා.] ඔඩොක්කුව; ඉණ. 6. [නා.] එළදෙන.
එළිය කූඩුව[නා.] ඇතුළත එළි දැල්විය හැකි වෙසක් සැරසිලි විශේෂයක්; වෙසක් කූඩුව.
එළිය වැටෙනවා, එළිය වෙනවා[ක්‍රි.] උදෑසන සූර්යාලෝකය ඇති වෙනවා; හිරු උදාවෙන් ආලෝකවත් වෙනවා; පහන් වෙනවා.
එළිවැට[නා.] සිවුපදයක පද සතරෙහි යෙදෙන එක සමාන අකුරු පෙළ.
එළිසමය[නා.] පද්‍යයක පාදයන්ගේ මැද හෝ අග සමාන අකුරු යෙදීම.
එළු[නා.ප්‍ර.] එළු බස.
එළු කරනවා[ක්‍රි.] වෙනත් බසකින් හෙළ බසට හෙවත් සිංහලයට නඟනවා; එළුවට පරිවර්තනය කරනවා.
එළුතපස්[නා.ප්‍ර.] එළුවකුගේ පැවතුම්වලට සමාන පැවතුම් ඇති තපස්චර්යාව; අජව්‍රතය.
එළුබණ[නා.] සිංහලයෙන් දේශනා කරන ලද (හෝ ලියන ලද) බුද්ධ ධර්මය.
එළුබස[නා.] සිංහල භාෂාව; ශුද්ධ සිංහල භාෂාව.
එළුරවුළ, එළුරැවුළ[නා.] යටි රැවුළ; (එළුවකුගේ වැනි) නිකටෙහි පිහිටි කුඩා රැවුළ.
එළුරැස[නා.] මේෂ රාශිය.
එළුව[නා.] හෙළ බස; ශුද්ධ සිංහල භාෂාව.
එළුවන් පැනීම[නා.] කාන්තා පක්ෂයට විශේෂ වන ජන ක්‍රීඩාවක නාමය.
එළුසන්[නා.ප්‍ර.] ප්‍රීතියෙන් නඟන හඬ; ප්‍රීතියෙන් කුල්මත් ව (නළාවක් පිඹින්නා සේ) මුඛයෙන් නඟන හඬ.
එළෙම්බි[නා.ප්‍ර.] අශ්වයාගේ ගැහැනු සතා; වෙළඹ.
මිශ්‍ර සිංහල හෝඩියේ දහහතර වැනි අකුර හා දහහතර වැනි ස්වරය; ‘එ’ යන්නෙහි දීර්ඝ රූපය. [සර්ව.] අනභිමුඛ නොහොත් පූර්වෝක්ත දෙය හෝ තැනැත්තා; ඒ දෙය; එය; ඒ තැනැත්තා. [වි.] අනභිමුඛ වූ; පූර්වොක්ත; තත්.
ඒක[වි.] තනි; හුදු; එක ම. [සර්ව.] ඒ දෙය; එය.
ඒකංගික, ඒකඞ්ගික, ඒකාංගික[වි.] එක් අංගයක් හෙවත් කාරණයක් ඇති.
ඒකංස, ඒකාංස1. [නා.ප්‍ර.] එක් උරය; ශරීරයෙහි එක් අංශය; එක් පැත්ත. 2. [නා.ප්‍ර.] ඒකාන්ත බව; ස්ථිරත්වය; නිශ්චය.
ඒකංසිකය[නා.] එකස් කොට හෙවත් ඒකාංස කොට පොරවන සිවුර; එක් උරයක් වැසෙන සේ පොරවන චීවරය.
ඒකකය1. (පාරිභා.) [නා.] අවම සම්පූර්ණ සංඛ්‍යාව; එක. 2. [නා.] එකක් වශයෙන් සලකනු ලබන සමස්තය හෝ කොටස. 3. [නා.] මැනීමේ දී හෝ ප්‍රමාණ කිරීමේ දී හෝ ගන්නා මිම්ම; මාපකය.
ඒකක්ෂණය[නා.] එක ම මොහොත; ඉතා සුළු කාලප්‍රමාණය.
ඒකක්ෂණික[වි.] එක් ක්ෂණයක් හෙවත් මොහොතක් පවතින.
ඒකකාලවර්ති, ඒකකාලීන[වි.] එක් කාලයකට අයත්; එක ම කාලයක පවත්නා; සමකාලීන.
ඒකකේන්ද්‍රික(පාරිභා.) [වි.] එක ම කේන්ද්‍රයක් ඇති; පොදු ලක්ෂ්‍යයක් කේන්ද්‍රය කොට ඇති (=concentric).
ඒකකෝලාහල[නා.ප්‍ර.] එක සේ පැතුරුණු මහත් හඬ; මහත් ඝෝෂාව හා කැලඹීම; ඒකනින්නාදය.
ඒකකෝශක, ඒකකෝෂක, ඒකකෝෂික(පාරිභා.) [වි.] තනි කෝෂයක් හෙවත් සෛලයක් ඇත්තා වූ; ඒකසෛලික (=unicellular).
ඒකකෝෂ්ඨික(පාරිභා.) [වි.] (ඩිම්බකෝෂයක) එක ම කෝෂ්ඨයක් හෙවත් කාමරයක් ඇති (=unilocular).
ඒකගණපර්යාපන්න[වි.] එක ම තලයට ඇතුළත්; එක සමූහයකට අන්තර්ගත (භික්ෂූන් සම්බන්ධ ව කියැවේ).
ඒකගුණ(පාරිභා.) [වි.] ජීවියකුගේ පරිණත අවස්ථාවට පැමිණි ජන්මාණු සෛලවලට විශේෂ වූ වර්ණදේහ සංඛ්‍යාව ඇති (=haploid).
ඒකගුරු[නා.ප්‍ර.] එක ම ගුරුවරයා; එක ම ශ්‍රේෂ්ඨ ආචාර්යවරයා.
ඒකගෘහී(පාරිභා.) [වි.] පුමංගි පුෂ්ප සහ ජායාංගි පුෂ්ප එක ශාකයෙහි හටගන්නා වූ; ද්විලිංගික (=monoecious).
ඒකඝන[වි.] හිස්තැන් නැති ව එකට බැඳී පවත්නා; ඇතුළත සිදුරු නැති ව එක ම ඝනයක් වූ; එකට කැටි වූ.
ඒකචර, ඒකචාරී[වි.] තනි ව හැසිරෙන හෝ ජීවත්වන; සමූහයෙන් වෙන් ව හැසිරෙන; එකලා ව හැසිරෙන.
ඒකච්ඡත්‍ර[වි.] එක ම සේසතට යටත්; එක ම රජකුට යටත්; එක ම ආඥාවක් යටතේ පාලනය කරනු ලබන.
ඒකච්ඡන්දය[නා.] හැම දෙනාගේ ම සමාන වූ කැමැත්ත; එක ම කැමැත්ත.
ඒකච්ඡන්න[වි.] එක් වැස්මක් ඇති; එක් පියස්සක් හෙවත් වහලක් ඇති.
ඒකච්ඡිද්‍ර[වි.] එක් සිදුරක් ඇති.
ඒකච්ඡිද්‍රය[නා.] නළා විශේෂයක්; ශුෂිර තූර්ය භාණ්ඩයක්.
ඒකචින්තී[වි.] ස්ථිර සිතක් ඇති; දැඩි අධිෂ්ඨානයකින් යුක්ත; එක දෙයක් ගැන සිත යොදන.
ඒකජ[වි.] (ව්‍යාක.) එක් ස්ථානයකින් උපන්; එක ම උත්පත්ති ස්ථානයක් ඇති.
ඒකජාක්ෂරය[ඒකජ+අක්ෂරය] [නා.] එක් ස්ථානයකින් පමණක් උපන් අක්ෂරය.
ඒකජාත[වි.] එක ම පියාට දා වූ; එක් පියකුට ජාතක වූ.
ඒකජාතීය[වි.] එක ම වර්ගයට අයත්; සමාන ජාතියකට අයත් වූ.
ඒකජාල[නා.ප්‍ර.] එකට එක් වූ ගිනිදැල්ල; එක ම ගිනිජාලාව; ඒකජ්වාලය.
ඒකජීවාණු[වි.] එක සෛලයක් ඇති; ඒක සෛලික. [නා.ප්‍ර.] ඒකසෛලික ජීවියා.
ඒකතල1. [වි.] එක් තලයක් හෙවත් මුහුණතක් ඇති; එක් ඇසක් හෙවත් පැත්තක් ඇති. 2. (පාරිභා.) [වි.] එක ම තලයක පිහිටි හෝ ක්‍රියා කරන. 3. [වි.] එක් අක්ෂක ඡේදකයක් හරස් ව පිහිටි (=coplanar).
ඒකත්වය[නා.] එකක්බව; එකමුතුබව; ඒකතාව.
ඒකත්‍රකරණය[නා.] එක්තැන් කිරීම; එක් කොට ගැනීම.
ඒකත්‍රාණ[නා.ප්‍ර.] එක ම ආරක්ෂාව; එක ම රැකවරණය.
ඒකතානී[වි.] හඬෙහි උස්, පහත් ස්වභාවයක් නැති; ඒකාකාර ශබ්දයක් ඇති; නීරස; විවිධත්වයක් නැති.
ඒකතාව[නා.] එක්සත් ස්වරූපය; එක්සත්බව; ඒකීයතාව.
ඒකතුල්‍ය[වි.] එක ම ස්වරූපයක් ඇති; අතිශයින් සමාන.
ඒකථූණිකා[නා.ප්‍ර.] එක්ටැම්ගෙය; එකස්තම්භ ගෘහය.
ඒකදන්තයා1. [නා.ප්‍ර.] එක දළයක් ඇත්තා. 2. [නා.ප්‍ර.] ගණ දෙවියන්ට ව්‍යවහාර කරනු ලබන නාමයක්.
ඒකදල[වි.] එක කොළයක් පමණක් ඇති; ඒක පත්‍රික.
ඒකද්ධාන මාර්ගය[නා.] එක ම දුරුකතර මඟ; එක ම ප්‍රධාන මාර්ගය.
ඒකදිශා(පාරිභා.) [වි.] එක ම පැත්තකට අයත් (=unidirectional).
ඒකදීක්ෂිත[වි.] අසහාය කැපවීමක් ඇති; එක ම අභිප්‍රේතයක් සඳහා කැප වූ.
ඒකදීපායමාන[වි.] එක් පහනක් වැනි; එක ම ප්‍රදීපයක් බඳු.
ඒකදේශය, ඒකදේසය[නා.] සමස්තයක එක කොටස; සම්පූර්ණ දෙයකින් කොටස.
ඒකදේහයා1. [නා.] ශෝභන රූපයක් ඇත්තා. 2. [නා.] බුධ ග්‍රහයා.
ඒකධර්මානුසාරය[ඒකධර්ම+අනුසාරය] [නා.] එක ම ධර්මයක් අනු ව යෑම; එක ම නීතියක් අනුගමනය කිරීම.
ඒකධ්‍රැව1. (පාරිභා.) [වි.] එක ම ධ්‍රැවයක් ඇති (= co-polar). 2. [වි.] එක් ධ්‍රැවයක් හෙවත් තන්තුවක් තිබෙන ස්නායු සෛල පිළිබඳ වූ (=unipolar).
ඒකධායෙන්[ක්‍රි.වි.] එක්වර ම; සැණෙකින්.
ඒකධාරා[වි.] එක පැත්තක් පමණක් කැපෙන (මුවාත ඇති) තලයකින් යුත්.
ඒකන්ත, ඒකාන්ත[වි.] නියත; නිශ්චිත; නියම.
ඒකන්තරික[වි.] එකක් හැර එකක් ඇති; එක් අතරක් ඇති.
ඒකනාද[වි.] එක ම නාදයක් ඇත්තා වූ; මහත් හඬින් යුත්.
ඒකනාභික(පාරිභා.) [වි.] පොදු නාභියක් හෝ නාභි ඇති (=con- focal).
ඒකනායක[නා.ප්‍ර.] එක ම ප්‍රධානයා; අසහාය නායකයා.
ඒකනින්නාදය[නා.] එක ම ගිගුම් දීම; එක ම ඝෝෂාව; රැව් පිළිරැ ව් දීම.
ඒකපණ්ණ(පර්ණ)ච්ඡත්‍රය[නා.] තනි කොළයකින් සාදාගත් කූඩය; තල්පත් වැනි එක ම පත්‍රයකින් කළ ඡත්‍රය.
ඒකපත්නී ව්‍රතය[නා.] එක ම ස්වාමිපුරුෂයා කෙරෙහි පමණක් භක්තිය දක්වන භාර්යාවකගේ පැවැත්ම.
ඒකපද(පාරිභා.) [නා.ප්‍ර.] එක් පදයකින් පමණක් සමන්විත වීජගණිතමය ප්‍රකාශනයක් පිළිබඳ වූ (=monomial).
ඒකපදකරණීය(පාරිභා.) [නා.ප්‍ර.] එක පදයකින් සෑදුණු රාශිය (=monomial surds).
ඒකපදික1. [වි.] තනි කෙනෙකුට පමණක් යා හැකි. 2. [වි.] එක් පදයකට හෙවත් වචනයකට සීමා
ඒකපදිකයා[නා.] එක් පාදයක් ඇති තැනැත්තා.
ඒකපරමාණුක(පාරිභා.) [වි.] එක් පරමාණුවකින් සෑදුණු (=monoatomic).
ඒකපර්ශුක(පාරිභා.) [වි.] තනි ප්‍රධාන මැද නාරටියක් සහිත (=unicostate).
ඒකපරායණ[නා.ප්‍ර.] එක ම පිහිට; එක ම සරණ; අසහාය සරණ.
ඒකපරිනම්‍ය(පාරිභා.) [වි.] පද්ධතියක පීඩනය, උෂ්ණත්වය, සංයුතිය ආදි විචල්‍යවලින් එකක් පිළිබඳ වූ හෝ එකක් හා බැඳුණු (=monovariant).
ඒකපරිමාණය(පාරිභා.) [නා.] ඒකබල පරිමාණය; රේඛීය පරිමාණය.
ඒකප්‍රතිවේධය[නා.] (අභි.) එක්වර ම අවබෝධ වීම; ක්ෂණයෙන් පහළ වූ අවබෝධ ඥානය.
ඒකප්‍රාණී[වි.] තමන්ගේ පණ මෙන් හිතැති; ප්‍රියතම.
ඒකපාක්ෂික1. [වි.] එක් පක්ෂයක් හෝ පැත්තක් පමණක් නියෝජනය කරන. 2. (පාරිභා.) (නීති.) [වි.] තනි පක්ෂයක් ඇති (=ex parte).
ඒකපාදී(පාරිභා.) [වි.] එක ම ප්‍රාථමික අක්ෂයකින් අග්‍රාභිසාරී ව ශාඛා බෙදන (=monopodial).
ඒකපාර්ශ්වික(පාරිභා.) [වි.] එක් පාර්ශ්වයකට හෙවත් පැත්තකට අයත් (=unilateral).
ඒකපිටකධරයා[නා.] තුන්පිටකයෙන් එකක (කටපාඩමින්) දත් තැනැත්තා.
ඒකපිණ්ඩ[වි.] ලේ නෑකමක් ඇති.
ඒකපිධාන[වි.] එක් පියනක් ඇති.
ඒකපුද්ගල ආදායම[නා.] රටේ මුළු ආදායම ජනගහනයෙන් බෙදූ විට ලැබෙන ආදායම (=per capita income).
ඒකපුද්ගල පරිභෝජනය[නා.] රටේ මුළු පරිභෝජනය කරන ප්‍රමාණය ජනගහනයෙන් බෙදූ විට ලැබෙන ප්‍රමාණය; එක් අයකු සාමාන්‍යයෙන් පාවිච්චි කරන ප්‍රමාණය (=per capita consumption).
ඒකපුෂ්පධාරී(පාරිභා.) [වි.] එක ම මලක් පමණක් දරන (=uniflorus).
ඒකපේටික(පාරිභා.) [වි.] ඒක පරාගධානි ඛණ්ඩිකාවක් පමණක් ඇති (=monothecous).
ඒකඵල ශ්‍රිතය(පාරිභා.) [නා.] එක අගයක් පමණක් තිබෙන ශ්‍රිතය (=single valued function).
ඒකබලධාරී[වි.] තනි බලයලත්; අසහාය බලධාරී.
ඒකබාහු[නා.] එක බාහුවක් ඇති තැනැත්තා; ගණ දෙවිඳු.
ඒකබීජ1. (පාරිභා.) [වි.] එක් බීජයක් පමණක් තිබෙන (= monospermous). 2. [වි.] එක් ඩිම්බයකින් හටගත් (=uniovular).
ඒකබීජපත්‍රය(පාරිභා.) [නා.] ඒකබීජපත්‍රි ශාකයක කලලයෙහි හෝ බීජ පැළයෙහි තිබෙන තනි බීජපත්‍රය; බීජයක තිබෙන තනි පියල්ල.
ඒකබීජි[වි.] (අභි.) සෝවාන් පුද්ගලයකු ලෙසින් නැවත එක් වරක් පමණක් උපදින.
ඒකබුද්ධධාරණීය[වි.] එක ම බුදුවරයකු දැරිය හැකි; සකල ලෝකධාතුව පිළිබඳ ව කියනු ලැබේ.
ඒකභක්තික[වි.] දවසට එක් වේලක් ආහාර ගන්නා; මධ්‍යාහ්න කාලය දක්වා පමණක් වළඳන.
ඒකභාර්යා පතිතාව[නා.] එක් භාර්යාවකට පමණක් ස්වාමියා වීම; ඒකභාර්යා සේවනය.
ඒකභාස්මික අම්ලය(පාරිභා.) [නා.] හයිඩ්රජන් පරමාණු එකක් පමණක් තිබෙන්නා වූ ද ලවණ ශ්‍රේණි එකක් පමණක් උපයා දෙන්නා වූ ද අම්ලය (=monobasic acid).
ඒකභුජ(පාරිභා.) [වි.] එක ශාකයක දී එක අක්ෂයක් පමණක් පැන නඟින බහු අක්ෂ වූ මංජරියක් ඇති (=uniparous).
ඒකභූමක, ඒකභූමික[වි.] එක් බිමක් ඇති; එක් මහලක් ඇති.
ඒකමතික[වි.] එක ම මතය දරන; සමාන මත ඇති.
ඒකමාතෘක[වි.] එක ම මවක් ඇති; එක කුස උපන්.
ඒකමූලික[වි.] එක ම හේතුවක් හෝ ආරම්භයක් ඇති.
ඒකරන්ධ්‍ර[වි.] එක් සිදුරක් ඇති; ඒකච්ඡිද්‍ර.
ඒකරාශි වෙනවා[ක්‍රි.] එක ගොඩකට එකතු වෙනවා; එක් රැස් වෙනවා.
ඒකරාශිභූත[වි.] එක රාශියකට හෙවත් ගොඩකට එකතු වූ; එක් රැස් වූ.
ඒකරූප[වි.] සමාන රූප ඇති; ඒකාකාර.
ඒකරේඛීය(පාරිභා.) [වි.] එක ම සරල රේඛාවෙහි පිහිටි (=collinear).
ඒකලක්ෂ්‍ය(පාරිභා.) [වි.] එක ම ලක්ෂ්‍යයේ දී හමු වන්නා වූ; එක ම පොදු ලක්ෂ්‍යයක් ඇත්තා වූ (=concurrent).
ඒකලිංගික, ඒකලිඞ්ගික(පාරිභා.) [වි.] පැහැදිලිව ම පුරුෂ ලක්ෂණ හෝ ස්ත්‍රී ලක්ෂණ හෝ පමණක් තිබෙන; ස්ත්‍රී ලිංගික හෝ පුරුෂ ලිංගික (=unisexual).
ඒකලිඞ්ගික පුෂ්පය(පාරිභා.) [නා.] පුමංගී හෝ ජායාංගී හෝ යන වශයෙන් එක් ලක්ෂණයක් දරන පුෂ්පය (=unisexual flower).
ඒකලේසය[නා.] ස්වල්ප කොටස; අල්පමාත්‍රය.
ඒකවචනය[නා.] එක තැනැත්තකු හෝ එක දෙයක් හෝ එක් භාවයක් හෝ ප්‍රකාශ කරන වචනය.
ඒකවර්ණ1. [නා.ප්‍ර.] එක ශබ්දය හෝ අක්ෂරය. 2. [නා.ප්‍ර.] එක පාට; සමාන වර්ණ. (පාරිභා.) [වි.] එක තරංග ආයාමයක් ඇති ආලෝකය පිළිබඳ වූ (=monochromatic).
ඒකවාරදන්තී(පාරිභා.) [වි.] කිරිදත් සහ ස්ථිරදත් යනුවෙන් කාණ්ඩ දෙකක් නැති ව එක ම දත් කාණ්ඩයක් පමණක් තිබෙන (=monophyodont).
ඒකවිධ[වි.] එක් වැදෑරුම්; ඒකාකාර; සමාන ප්‍රභේද නැති.
ඒකවිධ ශ්‍රිතය(පාරිභා.) [නා.] නැවත නැවත ඇතිවීමේ ලක්ෂණය ඇති ක්‍රියාකාරීත්වය (=monotonic function).
ඒකවිහාරී[වි.] හුදකලා ව වාසය කරන; තනි ව වසන.
ඒකවීසති[නා.ප්‍ර.] එකක් වැඩි විස්ස; විසිඑක.
ඒකවෘත්ත(පාරිභා.) [වි.] එක ම චක්‍රයේ හෙවත් පරිධියෙහි පිහිටා තිබෙන (=concyclic).
ඒකශ්‍රැති ඥානය[නා.] එක් වරක් ඇසීමෙන් පමණක් පහළ වන ඥානය හෙවත් දැනීම.
ඒකශ්‍රැතිය[නා.] එක් වරක් ඇසීම.
ඒකශ්‍රේණික(පාරිභා.) [වි.] තනි පේළියක් හෝ ශ්‍රේණියක් හෝ තට්ටුවක් හෝ වශයෙන් සෑදුණු (=uniseriate).
ඒකශාඛය(පාරිභා.) [නා.] ප්‍රධාන අක්ෂරයකින් එක් ශාඛාවක් බැගින් හටගන්නා බහු අක්ෂ පුෂ්ප මංජරිය (=monochasium).
ඒකශෘංග, ඒකශෘඞ්ග[නා.] කඟවේණකුට මෙන් එක් අඟක් ඇති.
ඒකසංඛ්‍යාකරණිය, ඒකසංව්‍යාකරණිය[වි.] කෙළින් ම පිළිතුරු දී විසඳිය යුතු; ඒකාන්තයෙන් ම විසඳිය යුතු.
ඒකසංයුජ1. (පාරිභා.) [වි.] සංයෝග ශ්‍රේණි එකක් පමණක් සාදන්නා වූ; සංයුජතාව එකක් වූ (=univalent). 2. හයිඩ්‍රජන් පරමාණු එකක් හෝ එහි සමකය හෝ සමග සංයෝජනය විය හැකි (=monovalent).
ඒකසදෘශ[වි.] ඒකාකාර; එක් වැනි; එක හා සමාන.
ඒකසම්භවය[නා.] එක ම මූලයකින් ඇති වීම; එක ම ආරම්භයකින් පටන් ගැනීම.
ඒකස්තම්භ ගෘහය[නා.] එක ම කණුවක් හෝ කුලුනක් මත සෑදූ ගෘහ විශේෂය; එක්ටැම්ගෙය.
ඒකස්ථ[වි.] එකට සිටින; එක් වූ.
ඒකස්ථානජ[වි.] එක ම ස්ථානයෙන් උපදින.
ඒකස්ථානය(පාරිභා.) [නා.] එකට අයත් ස්ථානය; එකට හිමි තැන (=units place).
ඒකස්වනය(පාරිභා.) [නා.] තාරකා අතර ඇති ගැළපීම නොහොත් එකඟබව (=unison).
ඒකස්වභාවය[නා.] එක ම ධර්මතාව; ඒකත්වය.
ඒකස්වර[වි.] (ව්‍යාක.) එක ස්වරයක් ඇත්තා වූ; ඒකාක්ෂර පදයක් ඇත්තා වූ.
ඒකස්වරූප[වි.] එක සමාන; එක ම හැඩරුව ඇති.
ඒකස්වාමි[නා.ප්‍ර.] එක ම ස්වාමියා; අසහාය නායකයා.
ඒකසුගන්ධ[වි.] සම්පූර්ණයෙන් සුවඳවත් වූ; එකහෙළා පැතුරුණු සුවඳින් යුත්.
ඒකසෛලික(පාරිභා.) [වි.] එක සෛලයකින් හෙවත් කෝෂයකින් යුක්ත වූ (=unicellular).
ඒකසෛලිකයා[නා.] ඇමීබා ගණයට අයත් ජීවියකු සේ එක සෛලයක් හෙවත් කෝෂයක් ඇති සත්ත්වයා (=protozoan).
ඒක්ෂණ චක්‍රය(පාරිභා.) [නා.] විශේෂයෙන් ව්‍යාපාරික කටයුතු- වලට අවශ්‍ය පරිදි ගණන් බැලීම පහසු කර ගනු පිණිස පිළියෙල කොට ඇති ගණිත වගුව (=ready reckoner).
ඒක්ෂණ ණය(පාරිභා.) [නා.ප්‍ර.] වාණිජ බැංකුවලින් ඉතා කෙටි කලකට දෙනු ලබන ණය (=call loans).
ඒක්ෂණ මුදල්(පාරිභා.) [නා.ප්‍ර.] ඉල්ලූ විටෙක ආපසු ගෙවීමේ පොරොන්දුව පිට ගිවිසගත් පොලී අනුපාත සහිතව බැංකුවලින් වට්ටම් ආයතනවලට දෙනු ලබන ණය මුදල් (=call money).
ඒක්ෂණ ස්විච්චිය(පාරිභා.) [නා.] සැණෙකින් විදුලිධාරා වෙන් කිරීමේ ක්‍රියාකාරීත්වයක් ඇති තනි කම්බියේ විදුලි ස්විච්චිය(=tumble switch).
ඒක්ෂණය[නා.] එක මොහොත; එක ඇසිල්ල.
ඒකාං(ඞ්)ග ප්‍රවේණිය(පාරිභා.) [නා.] ජාන හෙවත් ප්‍රවේණ්‍යණු යුගල එකක් සම්බන්ධ උරුමය; ප්‍රවේණ්‍යණු දෙකක් එක් වී සෑදුණු ඒකකයකින් අත් වන උරුමය (=monohybrid inheritance).
ඒකාංක නාට්‍යය, ඒකාඞ්ක නාට්‍යය[නා.] එක ම ප්‍රධාන සිද්ධියක් වටා විකාශනය වන නාට්‍යය; එක ජවනිකාවක් පමණක් ඇති නාට්‍යය හෝ නාටකය.
ඒකාංකය, ඒකාඞ්කය[නා.] කොටස් කීපයකින් යුත් සමස්තය; ඒකකය; පවුල.
ඒකාංගණය[ඒක+අංගණ] [නා.ප්‍ර.] එළිමහන; එක ම මළුව; පැහැදිලි ව පෙනෙන සමතලා බිම් පෙදෙස.
ඒකාංගයා, ඒකාඞ්ගයා[නා.] අද්විතීය හෙවත් අසහාය ශරීරයක් ඇති තැනැත්තා යන අර්ථයෙන් බුධ ග්‍රහයා.
ඒකාංශ පාරුපනය[නා.] එක් උරයක් පමණක් වැසෙන සේ සිවුර පෙරවීම.
ඒකාක්ෂ(පාරිභා.) [වි.] ඒකාක්ෂයක පිහිටි.
ඒකාක්ෂ වෘත්ත(පාරිභා.) [නා.ප්‍ර.] එක අක්ෂයක් වටා ඇති වෘත්ත (=coaxial circles).
ඒකාක්ෂය1. (පාරිභා.) [නා.] තනි අක්ෂය; එක ම අක්ෂය. 2. [නා.] ශාඛා නොබෙදුණු පුෂ්ප මංජරිය.
ඒකාක්ෂර බන්ධනය[නා.] එක අකුරක් භාවිතයෙන් නොයෙක් අරුත් පළ කරන කාව්‍ය ප්‍රබන්ධය.
ඒකාකාර[ඒක+ආකාර] [වි.] එක හා සමාන; එක ම පිළිවෙළක් හෝ හැඩයක් ඇති; එක් වැනි.
ඒකාකාර චලිතය(පාරිභා.) [නා.] වස්තුවක එක සමාන වේගයකින් හෝ ප්‍රවේගයකින් වන ගමන (=uniform motion).
ඒකාකාර ත්වරණය(පාරිභා.) [නා.] එක හා සමාන ව ප්‍රවේගය වැඩි වීම; සමාන කාලසීමාවල දී වැඩි වන සමාන ප්‍රවේග ප්‍රමාණය.
ඒකාකාර ප්‍රවේගය(පාරිභා.) [නා.] නිශ්චිත දිශාවක් කරා ක්‍රියා කරන එක සමාන වේගය (=uniform velocity).
ඒකාකාර මන්දනය(පාරිභා.) [නා.] ගමන් කරන වස්තුවක ප්‍රවේගය ඒකාකාර ලෙස අඩු වීම හෙවත් ඍණත්වරණය (=uniform retardation).
ඒකාකාරී[වි.] එක ම ආකාරයේ ස්වභාවයකින් යුක්ත.
ඒකාග්‍ර1. [වි.] එක් අරමුණක් ඇති; එකඟ වූ සමාධියෙන් යුත්. 2. (පාරිභා.) [වි.] එක ම මධ්‍යයකට යොමු වන(=convergent).
ඒකාග්‍රතාව[නා.] එක් අරමුණක පිහිටුවා ගැනීම (=concentration).
ඒකාඥා[ඒක+ආඥා] [නා.ප්‍ර.] එක පාලනය; එක අණසක.
ඒකාණ්ඩප[ඒක+අණ්ඩප] (පාරිභා.) [වි.] එක අණ්ඩපයක් ඇති (= monocarpellary).
ඒකාණුක[ඒක+අණුක] (පාරිභා.) [වි.] එක අණුවක් ඇති (=monomolecular).
ඒකාණුක පටලය(පාරිභා.) [නා.] එක අණුවක ඝනකම ඇති පටලය හෙවත් සියුම් සිවිය (= unimolecular film).
ඒකාතපත්‍ර[ඒක+ආතපත්‍ර] [වි.] එක් රජකුගේ අණසකට යටත් වූ; එක ම සේසතක් යටතෙහි වූ.
ඒකාත්ම1. [වි.] තනි; හුදකලා. 2. [වි.] එක ම ආත්මය වැනි; එක පණ වැනි; එකසමාන. [නා.ප්‍ර.] තනි ආත්මය; එක ආත්මය.
ඒකාධ්‍යාශය[ඒක+අධ්‍යාශය] [නා.] එක ම අරමුණ; එක ම අදහස හෝ අභිප්‍රාය.
ඒකාධිකාර[ඒක+අධිකාර] 1. [වි.] (යම් භාණ්ඩයක් නිපදවීම හා අලෙවිය හෝ සේවාවක් ඉටු කිරීම හෝ පිළිබඳ) තනි බලය හෝ අයිතිය ඇති. 2. [වි.] තනි පාලනයට අයත්; තනි බලය ඇති.
ඒකාධිකාරී මුළුව(පාරිභා.) [නා.] සමාගම් කීපයක් එකතු වී වෙළඳ - පොළවල් බෙදා ගැනීමට හා නිෂ්පාදන ප්‍රමාණය බෙදා ගැනීමට ගිවිසුමක් ඇති කොට පිහිටුවා ගත් සංවිධානය.
ඒකාධිපත්‍යය[ඒක+ආධිපත්‍යය] [නා.] එක ම අධිපතිභාවය; ඒකාධිපතිකම.
ඒකාධිපති[ඒක+අධිපති] [වි.] එක ම අධිපති වූ; තනි මතය අනු ව ක්‍රියා කරන; ආඥාදායක.
ඒකාධිපතියා[නා.] තනි මතය අනු ව ක්‍රියාකරන්නා; එක ම අධිපතියා; ආඥාදායකයා.
ඒකාධිෂ්ඨානය[ඒක+අධිෂ්ඨානය] 1. [නා.] එක ම දෙයක් ආධාර වීම හෙවත් ප්‍රතිෂ්ඨා වීම; එක ම පදනම; එක ම ආධාරකය. 2. [නා.] ස්ථිර තීරණය.
ඒකානති නැම්ම(පාරිභා.) [නා.] ඇතැම් පාෂාණ තට්ටු සේ එක් අතකට නැමුණු නැම්ම.
ඒකානතිය[ඒක+ආනතිය] (පාරිභා.) [නා.] ඇතැම් පාෂාණ තට්ටු සේ එක පැත්තකට නැමී පැවතීම; එක් අතකට නැමීම (=monoclinal fold).
ඒකානතිසල්පර්(පාරිභා.) [නා.ප්‍ර.] ප්‍රිස්මාකාර ගෙන්දගම් කැට; ප්‍රිස්මර් සල්පර් (=prismatic sulphur).
ඒකාන්ත1. [වි.] නිශ්චිත; නිසැක; නියත; ස්ථිර. 2. [වි.] අත්‍යන්ත; අතිශය.
ඒකාන්තර(පාරිභා.) [වි.] එක අතරක් ඇති; එකක් හැර එකක් වශයෙන් සිදු වන හෝ පවත්නා.
ඒකාන්තර කෝණ(පාරිභා.) [නා.ප්‍ර.] සමාන්තර රේඛා දෙකක් හරස් රේඛාවකින් කැපුණු විට ඒ රේඛා දෙක අතර පිහිටි කෝණ හතරින් එකක් හැර එකක් වශයෙන් ගන්නා කෝණ යුගල (=alternate angles).
ඒකාන්ධකාර[ඒක+අන්ධකාර] [වි.] තනිකර අඳුරෙන් යුක්ත වූ; ඝනාන්ධකාර.
ඒකාබද්ධ[ඒක+ආබද්ධ] [වි.] එකට බැඳුණු; එක් වුණු; අන්‍යෝන්‍ය සම්බන්ධය ඇති.
ඒකාබද්ධ අරමුදල(පාරිභා.) [නා.ප්‍ර.] නිශ්චය කාර්යයක් සඳහා වෙන්කර නැති වූ ද රජයේ වියදම් සඳහා ඕනෑ ම විටෙක ගත හැකි වූ ද මධ්‍යම ආණ්ඩුවට අයත් අරමුදල (=consolidated fund).
ඒකාබද්ධ සේවය[නා.] එකට බැඳුණු සේවය(=combined service).
ඒකායන[වි.] එක ම ස්ථානයක් කරා යන; එක ම අරමුණක් අපේක්ෂා කරන.
ඒකායන මාර්ගය1. [නා.] යම් ස්ථානයක් කරා පමුණුවන එක ම මඟ; නිවන කරා යන මඟ. 2. [නා.] එක ම මඟ; නොවරදින ක්‍රමය; සැබෑ මාර්ගය.
ඒකාරම්මණික[ඒක+ආරම්මණික] [වි.] එක් අරමුණක් මත පිහිටි; එක අරමුණක සිත යෙදවූ.
ඒකාර්ථ[වි.] එක් අර්ථයක් හෙවත් තේරුමක් ඇති.
ඒකාර්ථ දෝෂය[නා.] (අලං.) එක ම අර්ථය නැවත නැවත යෙදීමේ වරද; පුනරුක්ත දෝෂය.
ඒකාර්ථක(පාරිභා.) [වි.] සැක රහිත අර්ථයක් ඇති; ඉතා පැහැදිලි.
ඒකාර්ධය[ඒක+අර්ධය] [නා.] එක් අර්ධය හෙවත් අඩ; සම භාගය.
ඒකාලඞ්කාර[වි.] සම්පූර්ණයෙන් අලංකාර කරන ලද; මුළුමනින් සරසන ලද; ඒකාලඞ්කෘත.
ඒකාලෝක[ඒක+ආලෝක] [වි.] සම්පූර්ණයෙන් ආලෝකවත් වූ; මුළුමනින් එළිය වූ; ආලෝකයෙන් ම පිරුණු.
ඒකාවර්ත1. [නා.ප්‍ර.] සුළියක් මෙන් එක අතකට කැරකීම. 2. [නා.ප්‍ර.] සම්පූර්ණයෙන් භ්‍රමණය වීම; එක් වරක් කැරකීම.
ඒකාවලිය1. [නා.] තනි හුයකින් කරන ලද දාමයක්; එක් වැල් පට. 2. (ජ්‍යෝති.) [නා.] ජන්ම අවස්ථාවෙහි පිළිවෙළින් ග්‍රහයන් රාශිගත වීමෙන් යෙදෙන රාජයෝගයක්.
ඒකාසන1. [නා.ප්‍ර.] කමටහන් මෙනෙහි කරමින් එකතැන හුදකලාව හිඳීම. 2. [නා.ප්‍ර.] එක් අසුනේ හිඳ කරන භෝජනය.
ඒකාසනික[වි.] හිඳිනා ඉරියව්ව වෙනස් නොකොට එක අසුනෙහි හිඳ අහර වළඳන.
ඒකාසීති[නා.ප්‍ර.] අසූ එක.
ඒකින්ද්‍රිය[ඒක+ඉන්ද්‍රිය] [වි.] එක් ඉන්ද්‍රියක් ඇති; වෘක්ෂලතා මෙන් ජීවිතින්ද්‍රිය පමණක් ඇති.
ඒකීකරණය[නා.] එක් කිරීම; එකක් බවට පැමිණවීම; සම්බන්ධ කිරීම.
ඒකීතෘත[වි.] එකට එක් කළ; එකට සම්බන්ධ කළ; ඒකීයත්වයට පැමිණියා වූ.
ඒකීභාවය1. [නා.] එකක් ව පැවතීම; සමස්තයක් වීම. 2. [නා.] අඛණ්ඩතාව. 3. [නා.] තනිබව; හුදකලාබව; සමූහයෙන් ඈත් ව විසීම.
ඒකීය[වි.] එකට එක් වූ; එකට සම්බන්ධ වූ; අඛණ්ඩ; අභින්න.
ඒකීය ක්‍රමය(පාරිභා.) [නා.] එකක අගය අනු ව කිහිපයක අගය සෙවීමේ ගණිත ක්‍රමය (=unitary method).
ඒකීය රජය[නා.] ව්‍යවස්ථාදායක උත්තරීතර බලය එක ම මධ්‍ය බලමණ්ඩලයක් මඟින් ක්‍රියාවේ යොදවනු ලබන රාජ්‍යය.
ඒකෝද්භූත[ඒක+උද්භූත] [වි.] එක්වර ම පැන පැඟුණු; එක්වර ම හටගත්; එකට පහළ වූ.
ඒකෝන්මාදය[ඒක+උන්මාදය] [නා.] එක් අදහසක් හෝ කරුණක් අරභයා ඇති වන උමතුව.
ඒගාර්(පාරිභා.) [නා.ප්‍ර.] මුහුදු පැළෑටි විශේෂයකින් නිෂ්පාදනය කෙරෙන ජෙලටින් වැනි ද්‍රව්‍යයක්.
ඒජන්ත1. [නා.ප්‍ර.] දිස්ත්‍රික්කයක රාජ්‍ය පරිපාලන කටයුතු භාරව ක්‍රියා කරන ප්‍රධාන නිලධාරියා; දිසාපතිවරයා. 2. [නා.ප්‍ර.] යම්කිසි පුද්ගලයකු හෝ කිසියම් ආයතනයක් හෝ වෙනුවෙන් ක්‍රියා කරන්නා හෙවත් බලධරයා; නියෝජිතයා.
ඒඩ[වි.] කන් නොඇසෙන; බිහිරි.
ඒඩකයා, ඒළකයා[නා.] එළුවා.
ඒඩමූක[වි.] ගොළු බිහිරි වූ.
ඒඩ්ස්[නා.ප්‍ර.] රෝග නිවාරක ශක්තියට දරුණු ලෙස හානි පමුණුවන මාරාන්තික රෝගයක් (=AIDS).
ඒතදග්‍රය[නා.] මේ තෙමේ මේ ආකාරයෙන් අග්‍රය, හෙවත් ශ්‍රේෂ්ඨ යැයි බුදුන් වහන්සේ විසින් වදාරා දෙන ලද තනතුර.
ඒත්තු[වි.] පිළිගත හැකි; සුදුසු; යහපත්. [නා.ප්‍ර.] දැනීම; වැටහීම; පිළිගැනීම.
ඒත්තු ගන්නවා[ක්‍රි.] තේරුම් ගන්නවා; වටහා ගන්නවා; අවබෝධ කර ගන්නවා.
ඒදණ්ඩ[නා.] ඇළ, දොළ ආදියෙන් එතෙර වනු සඳහා දෙතෙර සම්බන්ධ කොට දමන ලී කඳ; සේතුව.
ඒදනවා[ක්‍රි.] කුළුබඩු, පොල්කිරි ආදිය යොදා සංයෝග කොට ව්‍යංජනයක් පිසීමට පිළියෙල කරනවා.
ඒධාව(පාරිභා.) [නා.] කඳන් සහ මුල්වල ද්විතීයික වර්ධනය ඇති වන්නා වූ පටකය; කැම්බියම (=cambium).
ඒනම(කථා.) [නා.] භාජනය; බඳුන.
ඒනියා[වි.] එවැනි; ඒ ආකාර වූ; එබඳු.
ඒය[නා.] හෙය; ඒ දණ්ඩ; පාලම.
ඒරාෂ්ටකය[නා.] සෙනසුරු ග්‍රහයාගේ ගමන අනු ව සිදුවන අශුභ ග්‍රහ පිහිටීමක්.
ඒරිය කඳ, ඒරියා කඳ[නා.] බර කරත්තයක මැදින් ඉදිරියට නෙරා සිටින සේ සවි කොට ඇති (වියගහ බඳින) දිග කඳ.
ඒරියලය[නා.] විද්‍යුත් චුම්බක තරංග ඇදගැනීමේ හෝ නිකුත් කිරීමේ ශක්තිය ඇති පරිවෘත නොකළ කම්බිය; ගුවන් කම්බිය.
ඒරු වෙනවා1. (කථා.) [ක්‍රි.] නැගෙනවා; ආරූඪ වෙනවා; ආවේශ වෙනවා. 2. [ක්‍රි.] කෝප වෙනවා; සැර වෙනවා; බණිනවා.
ඒරුව[වි.] උස් වූ ගොඩ; කන්ද; කඳුගැටය.
ඒල්[වි.] ඉදුණු මීගෙඩි.
ඒල් ඇට(කථා.) [නා.] ධාන්‍ය කරල් කපා ගැනීමට පෙර එයින් ගැලවී වැටෙන පැසුණු ඇට.
ඒල් කරනවා(කථා.) [ක්‍රි.] කරලින් ඇට වෙන් කරනවා.
ඒල් වෙනවා(කථා.) [ක්‍රි.] (වී, කුරහන් ආදි ඇට) මෝරනවා හෝ පැහෙනවා.
ඒවමාදි[වි.] මේ ආදි.
ඒෂණය1. [නා.] සෙවීම; ගවේෂණය. 2. [නා.] ඔඩු වණවල මඟ සෙවීම.
ඒෂණිය[නා.] ඔඩු වණ ආදිය පරීක්ෂා කිරීමට භාවිත කරන සැතක්; ඔඩුකූර.
ඒහිපස්සික[වි.] යමක් වෙත පැමිණ කෙළින් ම පරීක්ෂා කර බැලිය හැකි (බුද්ධ ධර්මයෙහි එක් ගුණයක් සේ දැක්වෙනා පරීක්ෂාකර බැලීමට සුදුසු).
ඒහිභික්ඛු භාවය[නා.] ‘එව මහණ’ යි බුදුරදුන් වදාළ පමණින් පෙර කළ පින් බෙලෙන් ඍද්ධිමය පාත්‍ර චීවර සමඟ ලබන පැවිදිබව.
ඒළක1. [නා.ප්‍ර.] එළිපත්ත. 2. [නා.ප්‍ර.] එළුවා.
මිශ්‍ර සිංහල වර්ණමාලාවේ පසළොස් වැනි අකුර සහ පසළොස්වන අකුරු ස්වරය.
ඓක[වි.] එකකට අයත්; එක ම; තනි.
ඓක රේණුක(පාරිභා.) [වි.] එක රේණුවකින් යුක්ත වූ.
ඓකපරිපුෂ්ප(පාරිභා.) [වි.] තනි ශ්‍රේණියකින් සමන්විත පරිපුෂ්පයක් පිළිබඳ වූ (=homochlamydeous).
ඓකපරිසර විද්‍යාව(පාරිභා.) [නා.] තනි ශාක විශේෂයකත් ඒවා වැඩෙන පරිසරයත් අතර ඇති ජෛව සම්බන්ධතා ද ඒවායේ වැඩීම ආදිය ද පිළිබඳ ව හදාරන විද්‍යාව (=autecology).
ඓක්‍ය සූත්‍රය[නා.] සංඛ්‍යා එකතු කිරීම සඳහා භාවිත කරන සූත්‍රය.
ඓක්‍යය1. [නා.] එක් කොට ගැනීම; එක්බව. 2. [නා.] සංඛ්‍යා දෙකක් හෝ වැඩි ගණනක් එකතු කිරීමෙන් ලැබෙන ගණන; එකතුව.
ඓච්ඡික[වි.] ස්වකීය ඉච්ඡාව හෙවත් කැමැත්ත අනු ව ක්‍රියා කරන.
ඓච්ඡික පේශිය[නා.] සිය කැමැත්ත අනු ව ක්‍රියා කරන පේශිය.
ඓතිහ්‍ය[වි.] පරම්පරාගත ව හෝ සම්ප්‍රදායානුගත ව එන ඉගැන්වීම් හෝ උපදෙස්වලින් යුත්.
ඓතිහාසික[වි.] ඉතිහාසයට අයත්; ඉතිහාසය පිළිබඳ වූ; ඉතිහාසගත වූ.
ඓන්ද්‍රජාලික[වි.] ඉන්ද්‍රජාල හෙවත් ඇස්බැන්දුම්වලට අයත්; ඉන්ද්‍රජාල හා සම්බන්ධ වූ; ඉන්ද්‍රජාලමය.
ඓන්ද්‍රිය(පාරිභා.) [වි.] කාබනික ද්‍රව්‍ය පිළිබඳ; සත්ත්ව හෝ ශාක ද්‍රව්‍ය අඩංගු හෝ ඉන් සෑදුණු.
ඓන්ද්‍රියක[වි.] ඉන්ද්‍රිය පිළිබඳ වූ; ඉන්ද්‍රිය හා සම්බන්ධ; ඉන්ද්‍රියගෝචර.
ඓරාවණ[නා.ප්‍ර.] ශක්‍ර ඉන්ද්‍ර දෙවිඳුගේ ඇතා.
ඓශ්වර්යය1. [නා.] ඉසුරුබව; ප්‍රධානත්වය; ශ්‍රේෂ්ඨත්වය; ආධිපත්‍යය. 2. [නා.] සම්පත්තිය; සමෘද්ධිමත් බව.
ඓශ්වර්යෝත්සර්ගය[ඓශ්වර්ය+උත්සර්ගය] [නා.] ආධිපත්‍යය හා බලය අත් හැරීම හෙවත් ප්‍රතික්ෂේප කිරීම.
ඓශානි[නා.ප්‍ර.] ඊශාන දිශාව.
ඓහලෞකික[වි.] ඉහ ලෝකයට හෙවත් මෙලොවට අයත්; මේ ලෝකය පිළිබඳ වූ.
ඓහික දෘෂ්ටිය[නා.] (ක්‍රිස්ති.) මෙලොව කාරණා පමණක් සැලකීම.
මිශ්‍ර සිංහල හෝඩියේ දහසය වැනි අකුර හා දහසය වැනි ස්වරය. [වි.] ඔය; අර; ඔපමණ.
ඔංචිල්ලාව[නා.] උංචිල්ලාව.
ඔකඳ1. [නා.ප්‍ර.] පැමිණීම; ළඟාවීම. 2. [නා.ප්‍ර.] මැඩපැවැත්වීම. 3. [නා.ප්‍ර.] සන්තෝෂයෙන් දුව පැන ඇවිදීම; කෙළි සෙල්ලම් කිරීම; සිනහව; ප්‍රමෝදය. 4. [නා.ප්‍ර.] සැඬ පහර; ජලස්කන්ධය. 5. [නා.ප්‍ර.] ගොඩ; සමූහය.
ඔකඳ කෙළිය[නා.] දුවපැන කෙළි සෙල්ලම් කිරීම.
ඔක්කල්ලය, ඔක්කල්ලාව1. (කථා.) [නා.] අවමන් කිරීම වශයෙන් විහිළු කිරීම; සරදම් කිරීම; ඔච්චම; සරදම. 2. [නා.] මුකුළුව; ඔමරි කිරීම; ඔමරිය.
ඔක්කාරය[නා.] වමනය කිරීමට පෙර ඇතිවන උද්ගාරය; වමන ගතිය.
ඔක්කොල් සිනා[නා.ප්‍ර.] ශබ්ද සහිත ව සිනහව; කොක්හඬ ලා සිනාසීම.
ඔක්සයිඩය(පාරිභා.) [නා.] ඔක්සිජන් සමග වෙනත් මූලද්‍රව්‍ය සංයෝජනය වීමෙන් සෑදෙන ද්ව්‍යංගී සංයෝගය.
ඔක්සලික් අම්ලය, ඔක්සැලික් අම්ලය(පාරිභා.) [නා.] ඔක්සලිස් වර්ගයේ ශාකවල අඩංගු අම්ලය (=oxalic acid).
ඔක්සි අම්ලය(පාරිභා.) [නා.] ඔක්සිජන් අඩංගු අම්ල (=oxyacid).
ඔක්සිකරණ දැල්ල(පාරිභා.) [නා.] අදීප්ත බන්සන් දැල්ලක පිටස්තර කේතුව; ඔක්සිජන් සමග සංයෝජනය ඇති කරන දැල්ල (=oxyacetylene flame).
ඔක්සිකරණය(පාරිභා.) [නා.] ඔක්සිජන් සමඟ සංයෝජනය; ඔක්සයිඩයකට හෝ ඔක්සිජන් සංයෝගයකට පරිවර්තනය කිරීම.
ඔක්සික්ලෝරයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] වෙනත් මූලද්‍රව්‍යයක් හෝ ඛණ්ඩකයක් සමඟ ඔක්සිජන් හා ක්ලෝරීන් සංයෝජනය වීමෙන් ලැබෙන සංයෝගය (=oxychloride).
ඔක්සිකැලොරි මීටරය(පාරිභා.) [නා.] ශරීරයක උෂ්ණත්වය හා එහි තිබෙන ඔක්සිජන් ප්‍රමාණය මනින උපකරණය.
ඔක්සිජන්(පාරිභා.) [නා.ප්‍ර.] ජීවීන්ට ශ්වසනය සඳහා අවශ්‍ය වායුමූල ද්‍රව්‍යයක්; වර්ණයක් හෝ රසයක් හෝ ගන්ධයක් නැති වායුමය මූල ද්‍රව්‍යයක් (=oxygen).
ඔක්සිඩේස්(පාරිභා.) [නා.ප්‍ර.] ශාක සෛලවල හා සත්ත්ව සෛලවල අඩංගු ඔක්සිකරණය දියුණු කරන එන්සයිම සමූහයක්(=oxidase).
ඔක්සින්(පාරිභා.) [නා.ප්‍ර.] ශාක වර්ධනය කෙරෙහි බලපාන ශාක හෝමෝන සමූහය. (=auxin)
ඔක්සිභවනය(පාරිභා.) [නා.] ඔක්සිජන් සමඟ සංයෝජනය වීම; ඔක්සිජන් සංයෝගයකට පරිවර්තනය වීම (=oxidisation).
ඔක්සිහරණය(පාරිභා.) [නා.] ඔක්සිජන් ඉවත් කිරීම හා සම්බන්ධ රසායනික ක්‍රියාවලිය (=reduction).
ඔක්සිහිමොග්ලොබින්(පාරිභා.) [නා.ප්‍ර.] ඔක්සිජන් සමඟ හිමොග්ලොබින් සංයෝජනය වීමෙන් සෑදෙන ඵලය (=oxyhaemoglobin).
ඔච්චම[නා.] විහිළුව; සරදම; සමච්චලය.
ඔච්චර(කථා.) [නා.] ඔය විතර; ඔය තරම; ඔපමණ; ඔය ප්‍රමාණය.
ඔජ[වි.] දෙකෙන් නොබෙදිය හැකි; ඔත්තේ. 1. [නා.ප්‍ර.] (ශරීර) ශක්තිය; ප්‍රාණවත් භාවය; උද්යෝගීබව. 2. [නා.ප්‍ර.] ශක්තිජනක සාරය; සාරවත ද්‍රව්‍යය; සාරවත්භාවය; ඕජස; හරය. 3. [නා.ප්‍ර.] ආඩම්බරය; උජාරුව.
ඔජ වඩවනවා(කථා.) [ක්‍රි.] උජාරු කරනවා; ආඩම්බර දක්වනවා; අගේ කරනවා.
ඔජරයා1. (කථා.) [නා.] උදරරෝග සෑදුණු මිනිසා; විශාල උදරයක් ඇති තැනැත්තා. 2. [නා.] කම්මැළි හෝ කුසීත මිනිසා; අලසයා.
ඔට1. [නා.] තොල; හොටය. 2. [නා.] ඔටුවා. 3. [නා.] කාසියක් බඳුනක් වැනි දැයක ගැට්ට.
ඔටවනවා, ඔටෝනවා1. (කථා.) [ක්‍රි.] අවදානම් ලෙස හෙවත් අඩමානෙට යමක් තැන්පත් කරනවා; මානනවා. 2. [ක්‍රි.] වැනි වැනී යනවා; වෑයමින් ගමන් කරනවා. 3. [ක්‍රි.] ඉඟි කරමින් ඇඟ නටවනවා. 4. [ක්‍රි.] කටමැත දොඩවනවා; පුරසාරම් කියනවා. 5. [ක්‍රි.] බුම්මාගෙන ඉන්නවා; කනස්සලු ලෙස බලාගෙන ඉන්නවා.
ඔට්ටු අල්ලනවා[ක්‍රි.] යටත්පිරිසෙයින් දෙදෙනකු නොහොත් දෙපක්ෂයක් අතරින් පැරදුණු පාර්ශ්වය යම් මුදලක් හෝ දෙයක් හෝ දීමට පොරොන්දු වෙනවා; පරදු තබනවා.
ඔට්ටු කච්චිය[නා.] රදලවරුන් විසින් උත්සව අවස්ථාවල දී අඳිනු ලබන අලංකාර වස්ත්‍ර විශේෂය.
ඔට්ටු පාල්, ඔට්ටු පාලු(කථා.) [නා.] රබර් ගසේ කපන ලද පොත්ත මත මිදී වියළී පවතින කිරි.
ඔට්ටු පොළ[නා.] ඔට්ටු අල්ලන ස්ථානය; පරදු තබන තැන; සූදු පොළ.
ඔට්ටුබද්ද(පාරිභා.) [නා.] ක්‍රීඩාදියෙහි දී ඔට්ටු අල්ලන විට කරනු ලබන බද්ද.
ඔට්ටුව1. [නා.] දෙදෙනකු නොහොත් දෙපාර්ශ්වයක් අතර යමක් සිදු වන හෝ නොවන බව පිළිබඳ මත ගැටුමක දී පැරදුණ පක්ෂය යම් දඬුවමක් විඳීමට හෝ දිනූ පක්ෂයට යම්කිසි දැයක් පැවරීමට හෝ කරන පරදුව. 2. (කථා.) [නා.] තරගය. 3. [නා.] දබරය; විරුද්ධ වීම; රළු බසින් කථා කිරීම. 4. (කථා.) [නා.] යමකට සවි කරන ලද (ලී හෝ තහඩු) කැබැල්ල.
ඔටුන්න1. [නා.] කිරීටය; කිරුළ. 2. [නා.] හිස්වෙළුම; තලප්පාව; ශීර්ෂ වේෂ්ටනය.
ඔටුනු පලඳවනවා[ක්‍රි.] ඔටුන්න හිස මත පලන්දා රජකමට පත් කරනවා; තනතුරට පත් වන අයකු ඒ තනතුරෙහි නීත්‍යනුකූල ව පිහිටුවනවා.
ඔටුවා[නා.] විශේෂයෙන් අප්‍රිකානු හා ආසියානු කාන්තාරවල ජීවත්වන දිග බෙල්ලක්, මොල්ලියක් හෝ දෙකක් සහ කුර සහිත ලොකු ක්ෂිරපායී සිවුපාවෙක්.
ඔඩම[නා.] මත්පැන් පානය සඳහා ගැනෙන බඳුන; විත.
ඔඩ්ඩිය1. [නා.] ඔට්ටුව. 2. [නා.] උකස. 3. [නා.] කොඩිය.
ඔඩැල්ල[නා.] (ගසක) බෙනය හෝ සිදුර.
ඔඩිටර්ජනරාල්[නා.ප්‍ර.] රජයේ කාර්යාංශවල ගණන් හිලවු පරීක්ෂා කර බලන ගණන් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියා; විගණකාධිපති.
ඔඩිය(කථා.) [නා.] වියළි කොළ ආදියෙන් තනා මී බඹර කැඩීමේ දී මැස්සන් එළවීම සඳහා ගනු ලබන හුළු අත්ත.
ඔඩියාරු[වි.] ව්‍යාජ; උපහාසාත්මක; සමච්චල්.
ඔඩු දුවනවා[ක්‍රි.] වණයක සැරව සහිත කුහර සෑදී මස් කා ගෙන පැතිරෙනවා.
ඔඩුව1. [නා.] වණයක් පැසවා මසෙහි කා ගෙන ගිය පාර; සැරව සහිත කුහර සෑදී මස කා ගෙන පැතිර ගිය වණය. 2. [නා.] ඔඩු වණ ආදිය පරීක්ෂා කිරීමට භාවිත කරන උපකරණයක්; ඔඩුකූර.
ඔඩොක්කුව1. [නා.] යමක් දමා ගැනීම සඳහා ඇඳි වතින් ම ඉණෙහි බොකු ගසා සාදා ගත් රැල්ල. 2. [නා.] ඇකය; උකුළ.
ඔඬර(කථා.) [වි.] ඇදට බලන; වපර ඇස් ඇත්තා වූ; වපර.
ඔතනවා[ක්‍රි.] වෙළනවා; වටා දවටනවා.
ඔතප්පය[නා.] පාපයන් කිරීමට ඇති බය.
ඔතපු, ඔතප්[නා.ප්‍ර.] පව කෙරෙහි ඇති භය.
ඔතරම්[වි.] ඔපමණ; ඔය තරම්.
ඔත්1. [වි.] හොත්; නිදාගත්; ශයනයෙහි යෙදුණ. 2. [වි.] බහාලූ; තැබූ; දැමූ. 3. [වි.] (යමක් කිරීමට) බැසගත්; යෙදුණ; නියුක්ත.
ඔත් පිළිමය[නා.] වැදහොත් ඉරියව්වෙන් හෙවත් ශයනය කර සිටින ආකාරයට තැනූ (බුද්ධ) ප්‍රතිමාව; සැතපෙන පිළිමය.
ඔත්තය, ඔත්තේ[නා.] දෙකෙන් නොබෙදිය හැකි ගණන; එක, තුන, පහ, හත ආදි සංඛ්‍යාවන් හඳුන්වන නාමය.
ඔත්තුකාරයා[නා.] රහස් තොරතුරු සපයන්නා; චර පුරුෂයා.
ඔත්තුව[නා.] රහස් තොරතුරක් එළිදරවු කරවා ගැනීමට උපකාර වන ආරංචිය; රහසින් සොයා ලබාගන්නා තොරතුර.
ඔත්නැමි(පාරිභා.) [නා.ප්‍ර.] භූ චලනයෙන් පාෂාණ තට්ටුවල ඇති වන ඉතා තියුණු නැමි (=recumbent fold).
ඔත්පතින්[ක්‍රි.වි.] සම්පූර්ණයෙන්; මුළුමනින්; සහමුලින්.
ඔත්පළ[නා.ප්‍ර.] වැදහොත් තැන; ශයනය කළ ස්ථානය. [වි.] රෝගි වූ; ගිලන් භාවයට පැමිණි; ලෙඩ වුණු.
ඔතෑනි1. [වි.] අලස; කම්මැළි; උදාසීන. 2. [වි.] දුර්වල; බෙලහීන. 3. [වි.] පැහැදිලි; ප්‍රකට.
ඔතු1. [නා.ප්‍ර.] අස්වැන්නෙන් රජුට හෝ ඉඩම් හිමියාට හෝ කොටසක් පැවරිය යුතු වන බදු විශේෂයක්. 2. [නා.ප්‍ර.] එසේ පැවරෙන කොටස.
ඔතු පරවේණිය[නා.] පරම්පරාගත උරුමයට අයිති විය හැකි ක්‍රමය යටතේ ඔතු බදු ගෙවමින් වගා කරනු ලබන කුඹුරු.
ඔද1. [නා.ප්‍ර.] බලය; සවිය; ශක්තිය; වීර්යය. 2. [නා.ප්‍ර.] ආඩම්බරය; එඩිය; දර්පය. 3. [නා.ප්‍ර.] ආනන්දය; උද්දාමය; සන්තෝෂය; වැඩුණුබව. 4. [නා.ප්‍ර.] ශුක්‍රධාතු. 5. [නා.ප්‍ර.] සාරය; ඕජස. 1. [වි.] සාරවත්; ඕජස් සහිත. 2. [වි.] සතුටින් ඉපිල; උදම් වුණු.
ඔද බිඳිනවා[ක්‍රි.] ආඩම්බරය නැති කරනවා; දර්පය සුන් කරනවා; මට්ටු කරනවා.
ඔද වඩනවා1. [ක්‍රි.] ප්‍රීතියට හෙවත් උද්දාමයට පත් කරනවා; පිනවනවා; ප්‍රමෝදයට පත් කරනවා. 2. [ක්‍රි.] අනුබල දෙනවා; ශක්තිය ඇති කරනවා.
ඔද්දල්1. [වි.] පාරන ලද; පොඩි වුණු; තැළුණු; මොළොක් වුණු; උද්දනු ලැබූ. 2. [වි.] නරක් වුණු; කුණු වුණු.
ඔදොංගුව1. (කථා.) [නා.] පිළිවෙළ; පිළිවෙළකට ඇති බව; හැඩහුරුකම; ශෝභනත්වය. 2. [නා.] ඇදය (ඔයේ නියරේ) ඇද වංගුව; (වෙල්යායේ) නෙරාගිය ස්ථානය.
ඔන්චිල්ලා[නා.ප්‍ර.] ඔංචිල්ලාව.
ඔන්ඩුව[නා.] එක; එක ලකුණ; විශේෂයෙන් පංච කෙළියේ දී ගිණුමට එකතු වන එක.
ඔප[ක්‍රි.වි.] කාන්තිය; බැබළීම; දීප්තිය; දිස්නය.
ඔප කරනවා[ක්‍රි.] දීප්තිමත් කරනවා; දිලිසෙන්නට සලස්සනවා.
ඔප දමනවා[ක්‍රි.] මැදීමෙන් දීප්තිමත් කරනවා; දිලිසෙන්ට සලස්වනවා.
ඔපකරය(පාරිභා.) [නා.] ඔපය ගෙන දෙන ද්‍රව්‍යය; පොලිෂ් (=polish).
ඔපගල(කථා.) [නා.] ඔප දැමීම පිණිස රන්කරුවන් පාවිච්චියට ගන්නා ගල.
ඔපනැල්ල[නා.] ඇඳුමක රැල්ල; අලංකාරයත් අවශ්‍ය වූ විට ඇඳුම දික් කර ගැනීමත් සඳහා තිරස් අතට මසනු ලබන රැල්ල.
ඔපමට්ටම[නා.] දීප්තිමත් බව; කාන්තිමත් බවින් ද මනා නිමාවෙන් ද යුක්ත බව.
ඔපමණ[නා.] ඔය තරම; දැක්වූ ප්‍රමාණය.
ඔපරා කන්නාඩිය(පාරිභා.) [නා.] සංගීත, නාට්‍ය ආදි සංදර්ශන නැරඹීමේ දී භාවිත කළ හැකි කුඩා දූරදර්ශකය (=opera-glass).
ඔපරෝදය[නා.] ලෝහ භාණ්ඩවල ඔප දැමීම සඳහා ලියන පට්ටල්වල සවි කොට ඇති උපකරණයක්.
ඔපලෑල්ල(පාරිභා.) [නා.] ඉස්තිරික්කයෙන් රෙදි මැදීමට භාවිත කෙරෙන පුවරුව (=gloss- ing board).
ඔපවඩි(පාරිභා.) [නා.ප්‍ර.] ඔප දැමීම සඳහා භාවිත වන මිශ්‍රණය (=polishing compound).
ඔප්පරමේන්තුව(කථා.) [නා.] හරයක් නැති කථාව.
ඔප්පලම(කථා.) [නා.] ප්‍රමාණය; තරම.
ඔප්පහු කරනවා[ක්‍රි.] කල් දමනවා; පසුවට තබනවා; පහු කරනවා.
ඔප්පා වෙනවා[ක්‍රි.] වැනි වැනී යනවා.
ඔප්පිච්චිය1. (කථා.) [නා.] තමා ම උසස් කොට කථා කිරීම; පුරසාරම. 2. [නා.] කවටකම; විහිළුව; කොලොප්පම; සරදම.
ඔප්පින්න(කථා.) [නා.ප්‍ර.] අයිතිය දක්වන ලියවිල්ල; ඔප්පුව.
ඔප්පු කරනවා1. [ක්‍රි.] සැබෑවට තහවුරු කරනවා; හේතු සාධක සහිත ව ඒත්තු ගන්වනවා; ස්ථිර කරනවා; ප්‍රත්‍යක්ෂ කරනවා. 2. [ක්‍රි.] පිළිගන්වනවා; භාර කරනවා; සැලකර සිටිනවා. 3. [ක්‍රි.] බාරවීම් ආදි පොරොන්දු ඉටු කරනවා.
ඔප්පු ගන්නවා[ක්‍රි.] පිළිගන්නවා; භාර ගන්නවා; අනුමතිය දෙනවා.
ඔප්පු තිරප්පු[නා.බහු.] අයිතිය ඔප්පු කිරීමේ නීතිමය ලියවිලි; ඔප්පු ආදිය.
ඔප්පු දෙනවා1. [ක්‍රි.] (යටහත් ලෙස) පිළිගන්නවා; සැල කරනවා. 2. [ක්‍රි.] ඔප්පු කරනවා.
ඔප්පු වෙනවා[ක්‍රි.] තහවුරු වෙනවා; පැහැදිලි වෙනවා; ස්ථිර වෙනවා; ප්‍රත්‍යක්ෂ වෙනවා.
ඔප්පුව1. [නා.] අත්සන; මුද්‍රාව; ලාංඡනය. 2. [නා.] අයිතිය තහවුරු කරන නීතිමය ලියවිල්ල; නීත්‍යනුකූල හිමිකම දක්වන ලිපිනය; ගිවිසුම් පත්‍රය; සහතිකය. 3. [නා.] සාධකය; සාක්ෂිය.
ඔප්පොත්ති කරගන්නවා[ක්‍රි.] පිරිමසා ගන්නවා.
ඔප්පොතින්(කථා.) [ක්‍රි.වි.] මුළුමනින්; සම්පූර්ණයෙන්; සියල්ලෙන්.
ඔපිසර[නා.ප්‍ර.] ගම්මුලාදෑනි තත්ත්වයේ ආණ්ඩුවේ නිලධාරියා.
ඔපෙරා[නා.ප්‍ර.] සංගීතය හා ගායනය යොදාගෙන ඉදිරිපත් කරනු ලබන ගීත නාටක විශේෂයක නාමය.
ඔබ1. [නා.] ඔබ්බ; එපිටහ; එහා. 2. [නා.] එතැන; එම ස්ථානය; ඒ දිහා; සමීපස්ථානය. 1. [සර්ව.]උන්වහන්සේ; ඔබ වහන්සේ; එතුමා; ඔහු. 2. [සර්ව.]යුෂ්මතා; නුඹ; තෝ; තමුසේ.
ඔබනවා1. [ක්‍රි.] (ආයාසයෙන්) ඇතුළු කරනවා; රිංගනවා; (ඇතුළට) තද කරනවා; ගිල්වනවා; ඔබ්බනවා. 2. [ක්‍රි.] (පය දණ හිස ආදිය) තබනවා; (බිම) අනිනවා; ප්‍රතිෂ්ඨාපනය කරනවා; සලකුණු කරනවා. 3. [ක්‍රි.] යටත් කරනවා; මර්දනය කරනවා; වසඟයට ගන්නවා. 4. [ක්‍රි.] ගරහනවා; නින්දා කරනවා; හෙළා දකිනවා.
ඔබඳු[වි.] ඔය ආකාර; එවැනි.
ඔබමොබ[ක්‍රි.වි.] එහා මෙහා; ඒ මේ අත; වටපිට.
ඔබල1. [වි.] අබල දුබල; දුර්වල; බෙලහීන. 2. [වි.] තැළුණු; පෙළුණු. 3. [වි.] තෙහෙට්ටු; විඩාපත්; ශ්‍රාන්ත.
ඔබලත් වෙනවා[ක්‍රි.] දුබල වෙනවා; දුර්වල වෙනවා; බෙලහීන වෙනවා; රෝගී වෙනවා.
ඔබ්බට1. [ක්‍රි.වි.] එහාට; ඈතට; එළිපිට; බැහැරට; අහකට. 2. [ක්‍රි.වි.]අතීතයට; එහා අවදියට.
ඔබාදියෙන්, ඔබාදීන්[නි.] බැගින්; ගණනේ.
ඔබිනවා[ක්‍රි.] ගැළපෙනවා; සුදුසු වෙනවා; යෝග්‍ය වෙනවා; උචිත වෙනවා.
ඔමරි1. [නා.ප්‍ර.] අඟර දඟර; ඉඟි බිඟි; උකුළු මුකුළු; අනුරාගී පැවතුම්; භාවභාවලීලා. 2. [නා.ප්‍ර.] අඟර දඟරකාරී; කොමලි; උකුළු මුකුළුකාරී. [වි.] අඟර දඟරකාර; කෝමල; මායා සහගත; අනුරාගී.
ඔමරි කරනවා[ක්‍රි.] මායම් පානවා; මුකුළු කරනවා; අඟර දඟර කරනවා; කොමල කරනවා.
ඔම්පාව[නා.] විහිළුව; ඇනුම්පදය; සරදම; අවඥාව; උපහාසය.
ඔම්බුඩ්ස්මන්[නා.ප්‍ර.] රජයේ නිලධාරීන්ට හෝ ආයතනයන්ට හෝ එරෙහිව පුරවැසියන් විසින් කරනු ලබන පැමිණිලි විභාග කිරීමට රජය විසින් පත් කෙරෙන නිලධාරියා; දුක්ගන්නාරාල.
ඔය[නා.] පොඩි දිය පාර; කුඩා ගංගාව; හොය. [වි.] සමීපයෙහි දැක්විය හැකි; ළඟ පවතින.
ඔයනවා(කථා.) [ක්‍රි.] යම් ගෙඩියක ලෙල්ල ගලවනවා; පොල්, දොඩම් ආදියේ ලෙල්ල ඉවත් කිරීම.
ඔයියාරම(කථා.) [නා.] ආඩම්බරය; උදාරම්කම; උජාරුව.
ඔයිසිලප්පුව(කථා.) [නා.] කලබලය; හදිස්සිය.
ඔර1. [නා.ප්‍ර.] කලවය; ඌරුව. 2. [නා.ප්‍ර.] උකුළ; ඇකය; ඔඩොක්කුව. 3. [නා.ප්‍ර.] උරය; ළපැත්ත. [වි.] ඉදිරිපිට තිබෙන; ඔය.
ඔරජනවා, ඔරඳනවා[ක්‍රි.] බබළනවා; විරාජමාන වෙනවා.
ඔරලි අත්ත, ඔරලියත්ත, ඔර්ලියත්ත[නා.] එල්ලා වැටෙන සේ පලඳින ස්ත්‍රීන්ගේ ආභරණ විශේෂයක්.
ඔරලුව[නා.] කන් පෙත්ත; පිට කන.
ඔරලෝසු පැය[නා.] සිංහල පැය දෙකහමාරක කාලය; හෝරාව; විනාඩි හැටේ කාලය.
ඔරවනවා1. [ක්‍රි.] බැම හකුළා තරහෙන් බලනවා; රවනවා; කෝපයෙන් බලනවා. 2. [ක්‍රි.] ඉවත් කරනවා. (ඉතිරි නොවන සේ) බැහැර කරනවා; වැල ආදි ඉදුණු ගෙඩියකින් කොටසක් ගලවා අහකට ගන්නවා; (කොස් මදුලු ආදිය) මතුකොට උගුල්වනවා; උලුප්පා ගන්නවා.
ඔරවසුම්, ඔරවැසුම්[නා.ප්‍ර.] ස්ත්‍රීන් පපුව වැසෙන සේ පැලඳි ආභරණයක් නොහොත් වස්ත්‍රයක්.
ඔරසම්[නා.බහු.] රෝමානු කතෝලික භක්ති ගීත; කතෝලික දේවස්තෝත්‍ර.
ඔරහන[නා.] වරහන.
ඔරාලුව[නා.] රෙද්දක වාටිය.
ඔරුකඩ[නා.] ඔරු නවත්වා තබන තොටුපළ; ඔරුතොට; ඔරු, පාරු පැමිණෙන ස්ථානය.
ඔරුකඳ(කථා.) [නා.] ඔරුවේ ප්‍රධාන කොටස.
ඔරුට්ටුකාරයා[නා.] බොරුකාරයා; රැවටිලිකාරයා; වංචනික ක්‍රියා කරන්නා.
ඔරුතල්ල, ඔරුතැල්ල[නා.] ඔරු කඳක උල් ව නැඟෙන දෙකොනෙහි යටි පැත්ත.
ඔරුපන්නය, ඔරුපන්නෙ1. [නා.] ඔරු දියත් කර ගෙන ගොස් මසුන් මැරීම හෙවත් පන්න කිරීම. 2. (කථා.) [නා.] ඔරුවට අයත් හබල් පිති, රුවල්, යොත්, දැල් ආදි ආම්පන්න.
ඔරුපිලාව[නා.] කුඩා ඔරුව.
ඔරුව1. [නා.] ලී කඳන් සෑරීමෙන් තනා ගන්නා ජලයාත්‍රා විශේෂය; ද්‍රෝණිය. 2. [නා.] රෝගියා බෙහෙතෙහි ගිල්වීම, සිවුරු පඬු පෙවීම ආදි කාර්යයන් සඳහා උපයෝගි කරගන්නා ප්‍රමාණයෙන් විශාල භාජන විශේෂයක්. 3. [නා.] වීණාවෙහි ඔරුවක හැඩය ඇති කොටස.
ඔරොට්ටය(කථා.) [නා.] අත විහිදූ කල මහපටැඟිල්ලේ අග සිට දබරැඟිල්ලේ අග දක්වා ඇති දුර ප්‍රමාණය; වියත.
ඔරොට්ටු වෙනවා[ක්‍රි.] අමනාප වෙනවා; උරණ වෙනවා.
ඔරොත්තු දෙනවා1. [ක්‍රි.] දරාගත හැකි වෙනවා; ඉසිලිය හැකි වෙනවා; දරා සිටීමේ ශක්තිය තිබෙනවා. 2. [ක්‍රි.] සෑහෙනවා; පිරිමැහෙනවා; ප්‍රමාණවත් වෙනවා.
ඔරොප්පු වෙනවා[ක්‍රි.] අමනාප වෙනවා; තරහ වෙනවා.
ඔරොවිනවා[ක්‍රි.] හඬනවා; වැලපෙනවා; දුක් කඳුළු හෙළනවා.
ඔලගුව, ඔලොගුව1. [නා.] බඩුබාහිරාදිය කර දෙපස දමා ගෙන යෑම සඳහා රෙදිවලින් තනා ගත් දිග උරය හෝ මල්ල. 2. (කථා.) [නා.] මඩිය; මඩිස්සලය; පසුම්බිය.
ඔලඹනවා1. [ක්‍රි.] එල්ලනවා; අවලම්බනය කරනවා. 2. [ක්‍රි.] දරනවා; උසුලනවා. 3. [ක්‍රි.] තිරව (සිත) පිහිටුවනවා; අරමුණෙහි රඳවනවා. 4. [ක්‍රි.] ඔබ්බනවා; සවි කරනවා.
ඔල්බවනවා1. [ක්‍රි.] එල්ලෙන්නට සලස්වනවා; රඳවනවා. 2. [ක්‍රි.] ලබා දෙනවා; සපයා දෙනවා. 3. [ක්‍රි.] ආධාර දෙනවා; උදවු කරනවා; රුකුල් දෙනවා.
ඔල්බාව[නා.] උපකාර වන දෙය; ආධාරය.
ඔල්මාදය[නා.] හොඳ සිහියෙන් තොරබව; සිහිමඳ ගතිය; උමතුව.
ඔල්මොරොන්දන්(කථා.) [වි.] පිස්සු විකාර; තේරුමක් නැති.
ඔල්ලම්බෑරිය1. (කථා.) [නා.] සරදම; වහසි බස් කීම. 2. [නා.] නුරුස්නා ගතිය.
ඔල්වරසන්[නා.ප්‍ර.] ප්‍රීති ඝෝෂාව; ජය ඝෝෂාව.
ඔල්වාරම්[නා.ප්‍ර.] පුරසාරම්; පාරට්ටුව; වහසි බස්.
ඔලිඳ කෙළිය[නා.] ඔලිඳ ඇට හා ඔලිඳ පෝරුව ආධාර කරගෙන කරනු ලබන පැරණි ජන ක්‍රීඩාවක නාමය.
ඔලිම්පික් ක්‍රීඩාව[නා.] චතුර්වාර්ෂිකව යෙදෙන අන්තර්ජාතික මලල ක්‍රීඩා විශේෂයක නාමය.
ඔලියල1. [නා.ප්‍ර.] රෙද්ද; වස්ත්‍රය 2. [නා.ප්‍ර.] යකැදුරන් නැට්ටුවන් ආදින් හිසේ බැඳීම සඳහා භාවිත කරන ලේන්සුව නැතහොත් රෙදිකඩ.
ඔලිව්[නා.ප්‍ර.] මධ්‍යධරණී දේශගුණය පවත්නා රටවල වැවෙන ගසක්; මෙහි ගෙඩිවලින් කෑම සහ ඖෂධ සඳහා තෙල් ලබා ගනු ලැබේ.
ඔලෙයික් අම්ලය[නා.] සබන් වර්ග නිපදවීමට උපයෝගී කරගනු ලබන අවර්ණ අම්ල වර්ගය.
ඔලොක්කම[නා.] විහිළුව; කවටකම; සරදම.
ඔලොක්කුව1. [නා.] ඇනුම්පදය; සරදම; අවඥා සහගත කවටකම. 2. [නා.] හෙළාදැකීම; නින්දාව; පරිහාසය.
ඔලොට්ටුව[නා.] මුදල් පසුම්බිය.
ඔලොම්බනවා1. [ක්‍රි.] එල්ලෙන්නට සලස්වනවා; ඇසුරු කරනවා; වැලඳ ගන්නවා. 2. [ක්‍රි.] අල්ලා ගන්නවා; වාරු කරනවා.
ඔලොම්බුව[නා.] මැදීමට පිළියෙල කළ කිතුල්මල ආරක්ෂා වීම සඳහා කිතුල්පිත්ත උඩ ආධාරකයක් වශයෙන් කතිර හැඩේට බඳින ලී දෙක හෝ කරුව.
ඔලොඹනවා1. [ක්‍රි.] දරනවා; උසුලනවා. 2. [ක්‍රි.] ඇද ගන්නවා; වසඟ කරනවා.
ඔලෝදිය[නා.] කිතුල් මලින් වෑහෙන (පැණි ගතිය අඩු) තෙලිදිය.
ඔවදන්[නා.ප්‍ර.] අවවාද; උපදෙස්; දැනුමැතිකම්.
ඔවනවා[ක්‍රි.] හෙළා දකිනවා; පිරිහෙළා කථා කරනවා.
ඔවස්කිළිය[නා.] වැසිකිළිය; අත්පස්ගෙය.
ඔවිදිනවා[ක්‍රි.] පැහැය විනිවිද යනවා; පැහැය වදිනවා; පැහැයෙන් වසනවා.
ඔවිනවා, ඕනවා1. [ක්‍රි.] දමනවා; බහාලනවා; හෙළනවා; වක් කරනවා. 2. [ක්‍රි.] (බිම) වැතිරෙනවා; හාන්සි වෙනවා.
ඔවිල්ල[නා.] ඔංචිල්ලාව; උංචිල්ලාව.
ඔවුසර[නා.ප්‍ර.] ගැසූ ගල් කැටයක් වැටෙන තරම් දුර ප්‍රමාණය; සමීපය.
ඔස[නි.] එසේ නම්; එහෙයින්; බල ආදි අර්ථවල යෙදේ.
ඔසද1. [නා.ප්‍ර.] ඖෂධ. 2. [නා.ප්‍ර.] සුවඳ දෑ.
ඔසදවටුවා1. [නා.] සුවඳ ද්‍රව්‍ය සාදන්නා. 2. [නා.] ඖෂධ නිෂ්පාදකයා. 3. [නා.] රසායන විද්‍යාඥයා.
ඔසප් වෙනවා1. [ක්‍රි.] මාස් ශුද්ධිය සිදු වෙනවා; උතුනී වෙනවා. 2. [ක්‍රි.] වැඩිවිය පැමිණෙනවා; මල්වර වෙනවා.
ඔසරිය, ඔහරිය, ඔහොරිය1. [නා.] ඉණ රැළි දමා එක් උරයක් මතින් පොටක් පහතට වැටෙන සේ අඳින කාන්තා ඇඳුම; උඩරට සාරිය. 2. [නා.] කාන්තාවන් උඩුකය වසා පොරවන රෙද්ද; උතුරු සළුව.
ඔසවනවා, ඔසොවනවා1. [ක්‍රි.] (ඉහළට) නඟනවා; උස්සනවා. 2. [ක්‍රි.] තමා වෙතට හරව ගන්නවා හෝ නමා ගන්නවා; පොලඹවා ගන්නවා. 3. [ක්‍රි.] උත්සාහ කරනවා; වෙහෙස ගන්නවා.
ඔසළ1. [වි.] බැස ගත්තා වූ; අවතීර්ණ වූ. 2. [වි.] රැස් වූ; සමාගත වූ. 3. [වි.] ආශ්‍රිත; පිහිටි; සන්නිහිත.
ඔස්සේ[ක්‍රි.වි.] (පාරක් හෝ ගඟක්) අනු ව; දිගේ.
ඔසුව, ඔස්ස[නා.] බෙහෙත; ඖෂධය; බෙහෙත් ද්‍රව්‍යය.
ඔසොවුව1. [නා.] එසවීම; ඉහළට නැංවීම. 2. [නා.] බරක් ඔසොවන උපකරණය; රථයක රෝද සවි කිරීමට මාරු කිරීමට හෝ රථයක් අලුත්වැඩියා කිරීමේ දී එය බිමින් උඩට එසවීමට උපයෝගී කරගන්නා උපකරණය; ජැක්කුව.
ඔහේ1. (කථා.) [සර්ව.] ඔතැන; ඔය පෙනෙන තැන. 2. [සර්ව.] ඔබ; නුඹ. [නි.] විස්මය; ප්‍රීතිය ඇඟවීමට යෙදේ. [ක්‍රි.වි.] නිදහසේ.
ඔළ[වි.] දැඩි; සැහැසි; චණ්ඩ; අවිනීත.
ඔළමොට්ටල[වි.] හිතුවක්කාර හා මෝඩ; අනුවණ.
ඔළමොළ[වි.] නපුරු; චණ්ඩ; පරුෂ; හිතුවක්කාර; නොහික්මුණු.
ඔළු බක්කා1. [නා.] ලොකු ඔළුවක් ඇති තැනැත්තා; හිස මහත මිනිසා. 2. [නා.] විශාල ඔළු ආකෘති පැලඳ ගෙන විකාර නැටුම් පාන්නා.
ඔළුව1. [නා.] හිස; සිරස; ශීර්ෂය. 2. [නා.] සිහිකල්පනාව; මොළය. 3. [නා.] ඇණ, ඇල්පෙනෙත්ති වැනි දෙයක මුදුන; කුඩුම්බිය. 4. [නා.] පොල් අත්තක මුල් කොටස. 5. [නා.] අනවශ්‍ය ආඩම්බරකම.
ඔළුව උස්සනවා(කථා.) [ක්‍රි.] කරදර හිරිහැර ආදියෙන් නිදහස් වෙනවා.
ඔළුව ගිනිගන්නවා(කථා.) [ක්‍රි.] මහත් සේ සිත් තැවුලට පත් වෙනවා; හිරිහැරයකට හෝ කරදරයකට වැටෙනවා.
ඔළුව දමනවා[ක්‍රි.] ඇතුල් වෙනවා.
ඔළුව නමනවා[ක්‍රි.] යටහත් පහත් වෙනවා; යටහත් භාවය දක්වනවා.
ඔළුව නරක වෙනවා[ක්‍රි.] සිහිකල්පනාව අඩු වෙනවා; සිහි බුද්ධිය නැති ව යනවා; උමතු වෙනවා; කරදරවලට හසු වෙනවා.
ඔළුවට අත හෝදනවා(කථා.) [ක්‍රි.] හෙළා දකිනවා; පහත් කොට සලකනවා; අවමානයට ලක් කරනවා.
ඔළුහිර යතුර(පාරිභා.) [නා.] රෝදයක් හෝ එවැනි යමක් කඳකට සවිකිරීමේ දී භාවිත කරන කූඤ්ඤයක් වැනි යතුරු විශේෂය (=gib headed key).
ඔළොංගුව1. [නා.] පිළිවෙළ; ක්‍රමය; විධිය. 2. [නා.] කීකරුබව; විනීතබව.
ඔළොක්කුව1. [නා.] ඉඩම් දෙකක් අතර පටු පාර; ගමක් මැද පවතින පටු අඩි පාර; ගෙවල් අතරින් ඇති කුඩාපාර. 2. [නා.] පල්ලම; කානුව; අගල.
සිංහල හෝඩියේ දාහත් වැනි අකුර හා දා හත් වැනි ස්වරය. 1. [නා.ප්‍ර.] ඔය; දියපාර; කුඩා ගංගාව; අතු ගංගාව. 2. [නා.ප්‍ර.] කණ; ශ්‍රෝතය. 3. [නා.ප්‍ර.] ‘ඕ’ යන ශබ්දය; කෑගැසීම; මී හරකුන් දැක්කීම සඳහා යොදනු ලබන උස් හඬ; මුහුදේ ඝෝෂාව දැක්වීමට යොදනු ලබන හඬ. 4. [නා.ප්‍ර.] ඕජස; යුෂය. 5. [නා.ප්‍ර.] උකුවට වෑස්සෙන ද්‍රාවය. [වි.] අර; ඔය. [සර්ව.] ස්ත්‍රී ලිංග ඒකවචන උක්ත රූපය.
ඕං(කථා.) [නි.]යමක් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා භාවිත වන නිපාතයක්.
ඕං, ඕම්[නා.] වේද මන්ත්‍ර ආදිය ආරම්භයෙහි පවතින නොහොත් උච්චාරණය කරනු ලබන ශුද්ධ අක්ෂරය.
ඕංචිය(කථා.) [නා.] කෙළවර; අවසානය.
ඕඃ[නි.] දුකක් හෝ වේදනාවක් හැඟවීමේ දී අමතක වූවක් සිහි වීමේදී නැති වූවක් සොයා ගැනීමේදී යෙදෙන භාව සූචකයක්.
ඕක[ඔය+එක] (සර්ව.) ඔය දෙය; ඔය කාරණය.
ඕකඩය1. [නා.] කුඩා දියපාර; දියකඩ; ඔය. 2. [නා.] ඔයක් ගඟට
ඕකන්ද(කථා.) [නා.] ඔය දෙපස උස්බිම්; ඔයේ දෙගොඩ උතුරා යෑම වැළැක්වීමට දැමූ පස් වැටිය.
ඕකප්පනය[නා.] අරමුණට වැද සිටීම; අරමුණට බැසීම හෝ ප්‍රවේශ වීම; (බුද්ධ, ධම්ම, සංඝ යන) ගුණ සලකා පැහැදීම හෝ ශ්‍රද්ධාව ඇති කරගැනීම.
ඕකාසනය1. [නා.] අවකාශය; ඉඩ ප්‍රමාණය; විවරය. 2. [නා.] අවකාශය; වාරය; අවසරය; අවස්ථාව; ඉඩ.
ඕකිඩ්[නා.ප්‍ර.] ඕකිඩේසි නමැති අපිශාක කුලයට අයත් අපූරු හැඩ හා වර්ණ ඇති මල් හටගන්නා ශාක ගණය; උඩවැඩියා.
ඕකිල(කථා.) [නා.බහු.] වැව් අමුණක දෙපස සිටුවන කණු.
ඕගං මෝගං යනවා(කථා.) [ක්‍රි.] පිටාර යනවා; උතුරා යනවා.
ඕගන්සයින්1. (පාරිභා.) [නා.ප්‍ර.] විවීමේදී දික් අතට ඇදීමට ගන්නා පටනූල්. 2. [නා.ප්‍ර.] එවැනි නූලෙන් වියන ලද රෙදි විශේෂය (= organzine).
ඕගය, ඕගේ1. [නා.] ජල ප්‍රවාහය ජල ධාරාව මහවතුර. 2. [නා.] මුහුදු රැළ බිඳෙන හඬ.
ඕගිරිය1. [නා.] උස් ශබ්දය කෑගැසීම. 2. [නා.] ස්තුති ඝෝෂාව; ප්‍රශංසාව; තුති රැව්. 3. [නා.] ගවයකු බැගෑ හඬලනවා.
ඕඝ ඇල්ල[නා.] දිය ඇල්ල; ධාරා ඇල්ල.
ඕඝය1. [නා.] ජල ප්‍රවාහය; ජල ධාරාව; මහ වතුර. 2. (අභි.) [නා.] කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා යන කෙලෙස් නැමති මහ වතුර.
ඕජ සංඛ්‍යාව[නා.] ඔත්තේ ගණන.
ඕජදානය1. [නා.] රස ආහාර දානය ගිතෙල් වෙඬරු වැනි ඕජාව බහුල ව ඇති ආහාර පිරිනැමීම. 2. [නා.] පුරාණයෙහි ශස්‍ය වර්ගවලින් අය කළ බදු විශේෂයක්.
ඕජදීපය[නා.] කකුසඳ බුදුරදුන් කල ලක්දිවට ව්‍යවහාර වී යැයි පැවසෙන නාමය.
ඕජස1. [නා.] (ශරීරයේ පැවැත්මට හේතු වන) ජීව බලය (ශරීරය පුරා පවතින) ශක්තිය වීර්යය බලපරාක්‍රමය 2. [නා.] ආහාරසාරය; පෝෂක ගුණය 3. [නා.] සප්ත ධාතුවල තේජස. 4. [නා.] යුෂ, ඉස්ම, සාරය. 5. [නා.] සැරව, ලේ, සෙම, දහඩිය ආදි අපවිත්‍ර ද්‍රව්‍ය.
ඕජස්ථාන[නා.බහු.] (ජ්‍යෝති.) කේන්ද්‍රයක රාශි චක්‍රයේ ලග්නය තුන, පහ, හත, නවය, එකොළහ යන ඔත්තේ ස්ථාන.
ඕජෝ ද්‍රව්‍ය[නා.බහු.] ශක්තිජනක දේ; පෝෂක ගුණය ඇති ද්‍රව්‍ය.
ඕජෝවාහි ග්‍රන්ථිය[නා.] ආහාර, ඕජස රුධිරය බවට පත් කරන අවයවය.
ඕජෝහරණ[වි.] ඕජස ඉවත් කරන; පෝෂක රසය ඉවතලන.
ඕඩක්කරය, ඕඩක්කරේ1. [නා.] දුර පිහිටි ප්‍රදේශය; ඈත පෙදෙස. 2. [නා.] වතුර බසින තැන.
ඕඩය, ඕඩේ1. [නා.] මුහුද හා සාගර වැනි විශාල ජලස්කන්ධ දෙකක් එකිනෙකට සම්බන්ධ කරන පටු සමුද්‍ර සන්ධිය. 2. [නා.] (ගලා එන පළල්) දියපාර 3. (කථා.) [නා.] ජලාශ්‍රිත ස්ථානය; මඩවගුර.
ඕඩරය1. [නා.] නියමය; නියෝගය; ආඥාව; අණ 2. [නා.] බඩුබාහිරාදිය සැපයීමට හෝ සාදා දීමට ලිඛිත ව හෝ වාචික ව කරන ඉල්ලීම; ඇණවුම.
ඕඩර් කරනවා[ක්‍රි.] නියෝගයක් දෙනවා; ඇණවුමක් කර දෙනවා.
ඕඩර්ලි[නා.ප්‍ර.] පණිවුඩකාරයා සේවකයා; රෝහල් සේවකයා.
ඕඩ්[වි.] අන්තිමට පිහිටි; කෙළවරට වැටෙන; අවම.
ඕඩිප්පන්න[නා.] අඩුවැඩිය; වුවමනා දේ; අවශ්‍ය බඩුබාහිරාදිය.
ඕඩියා, ඕඩ්ඩා1. (කථා.) [නා.] අන්තිමයා; තරගයකදී හෝ පරීක්ෂණයකදී හෝ අන්තිම හෝ පහත් ම තැන ලබන තැනැත්තා.
ඕඩුවාව[නා.] හෝඩුවාව; ලකුණ.
ඕඩෙ යනවා[ක්‍රි.] වතුර ගලනවා වතුරට යට වෙනවා; වතුරට සේදී යනවා.
ඕතරණය1. [නා.] බැසීම; ප්‍රවේශය 2. [නා.] අර්ථාවබෝධයකට එළඹීම.
ඕතලනවා(කථා.) [ක්‍රි.] කෑගසනවා; හූ හඬ නඟනවා.
ඕතුරු[වි.] දුර්වල; කෙට්ටු; වැහැරී ගිය.
ඕතෙර[නා.] කුඩා ගඟක හෝ ඔයක ඉවුර; ඔය දෙපස බිම; ඔය අයින.
ඕදනය[නා.] බත; ආහාරය; භෝජනය.
ඕදරික[වි.] උදර පෝෂණය ගැන ම සිතන; කුස පුරවා ගැනීමට පමණක් බලන.
ඕදාත[නා.ප්‍ර.] සුදු පාට; ධවල වර්ණය.
ඕදිය1. (කථා.) [නා.] මළසිරුරකින් ගලන ඕජාව. 2. [නා.] දියාරුවට ගලන තෙලිජ්ජ.
ඕදිරිප්පු වෙනවා(කථා.) [ක්‍රි.] එළිදරව් වෙනවා; ප්‍රකට වෙනවා; අනාවරණය වෙනවා.
ඕධිකලාපය[නා.] පෘථිවියෙහි ආක්ටික් වෘත්තයට උතුරින් ද ඇන්ටාක්ටික් වෘත්තයට දකුණින් ද පිහිටි ශීත ගුණයෙන් යුත් කොටස; ශීත කලාපය.
ඕන, ඕනා, ඕනෑ1. [වි.] උවමනා; අවශ්‍ය. 2. [වි.] යම්; යම්කිසි; මොනව හරි.
ඕනත1. [වි.] පහතට නැමුණු; නැඹුරු වූ. 2. [වි.] යටහත් පහත්; නිවට; නියාලු.
ඕනමනය[නා.] පහතට වැටීම හෝ එබී යෑම.
ඕන්දු මාන්දුව(කථා.) [නා.] ශරීරයෙහි අප්‍රාණික ගතිය; අලසබව; හෝන්දුව.
ඕනාහය[නා.] වැසීයෑම; බැඳීයෑම; වෙළීම.
ඕනෑ එපාකම්[නා.ප්‍ර.] උවමනා; අවශ්‍යතා.
ඕනෑතරම්[ක්‍රි.වි.] උවමනා පමණ; ඇති තරම් හොඳට ම; කාර්යයට පිරිමසන ප්‍රමාණයෙන්.
ඕනෑපදම්[ක්‍රි.වි.] ඕනෑතරම්.
ඕනෑවට එපාවට[ක්‍රි.වි.] නොසැලකිලිමත් ලෙස; ඕනෑකමක් නැතුවාක් මෙන්.
ඕපත්මග[නා.] පොළොව යට ජලය බැස යන මාර්ගය.
ඕපදූප, ඕපාදූප[නා.] (අනුන්ගේ) වගතුග; ප්‍රලාප; කටකතා.
ඕපනයික[වි.] (තම සිත්හි) ඉපදවිය යුතු; ස්ව සන්තානයට පමුණුවා ගැනීමට සුදුසු සතරමග, සතරඵල හා නිර්වාණය යන ධර්ම පිළිබඳ ව කියැවේ.
ඕපපාතික[වි.] මවුකුස හටගැනීමක් නැති ව උපන්; කර්ම බලයෙන් සම්පූර්ණයෙන් වැඩුණු ශරීර ඇති ව ඉබේ පහළ වූ.
ඕපරාශි[නා.බහු.] (ජ්‍යෝති.) රාශි චක්‍ර; ඔත්තේ රාශි (මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු සහ කුම්භ).
ඕපාත1. [නා.] ඔයක පහළ පෙදෙස අවට වූ බිම් කොටස 2. [නා.] වළ; ආවාටය.
ඕබඩ[නා.] ඔයබඩ; ඔය අසල; ඔය පෙදෙස.
ඕබොලය[නා.] පැරණි ග්‍රීකයන් කාසි නිපදවීමට පදනම් සේ ගත් ග්‍රේන් 11.2 ක හෙවත් ඩිරෑම් 1/6 ක බර ප්‍රමාණය.
ඕභාසය[නා.] ආලෝකය.
ඕමත්ත[නා.] ඔයක ඉහළ ප්‍රදේශය.
ඕමය(පාරිභා.) [නා.] විද්‍යුත් ප්‍රතිරෝධය මැනීමේ ප්‍රායෝගික ඒකකය.
ඕම්කාරය[නා.] වේද මන්ත්‍ර කීම ආදිය ආරම්භයෙහි දී බමුණන් විසින් කියනු ලබන ප්‍රණාම සංඛ්‍යාත සිද්ධි අක්ෂරය හඳුන්වන නාමය.
ඕම්මීටරය[නා.] විදුලි පරිපථයක ප්‍රතිරෝධය මනින උපකරණය.
ඕමාරය1. [නා.] ජලය ගැලීමෙන් කුඹුරක රොන්මඩ එක්රැස් වන පහත පෙදෙස. 2. [නා.] වතුර බැස යන අගල් සහිත බිම් පෙදෙස.
ඕර1. [නා.] යට භාගය; පහත කොටස. 2. [නා.] උදරය ඇතුළ.
ඕරප්පුව, ඕරප්පය, ඕරොප්පුව(කථා.) [නා.] අනාථ වූ දරුවන් හදන වඩන තැන; අනාථ දරු නිවාසය.
ඕරමණය[නා.] බැහැර කිරීම.
ඕරම්1. [නා.ප්‍ර.] පුරසාරම්; කටමැත. 2. (කථා.) [නා.ප්‍ර.] පැත්ත; අංශය.
ඕරම් වෙනවා(කථා.) [ක්‍රි.] අයින් වෙනවා; පැත්තකට වෙනවා.
ඕරම්කරනවා(කථා.) [ක්‍රි.] ඔළුව පැත්තකට හරවා ඇන ගැනීමට සැරසෙනවා; පොරට අර අඳිනවා.
ඕරම්බානවා(කථා.) [ක්‍රි.] පුරසාරම් කියනවා; කටමැත දොඩවනවා.
ඕර්ගන්[නා.ප්‍ර.] විවෘත වූ ද විවිධ ප්‍රමාණයේ දිග ඇති නළ ගණනින් යුක්ත තූර්ය භාණ්ඩයක නාමය.
ඕරාව(කථා.) [නා.] මව් පිය ආදි පරම්පරාවකට විශේෂ වූ ලක්ෂණය; ප්‍රවේණි ලක්ෂණය; ආරය.
ඕරියෝල්(පාරිභා.) [නා.ප්‍ර.] ආක්‍රාන්ත පාෂාණ ස්කන්ධයක් වටා තිබෙන විපරීත භාවයට පැමිණි පාෂාණ වලය; විපරීතවලය (=metamorphic aureole).
ඕරෝහණය[නා.] (අහසින්) බැසීම; (යමක් තුළට) බැස ගැන්ම; අවතරණය.
ඕලක්කම[නා.] (රාජකීය හෝ පූජාර්හ පුද්ගලයන් විසින් දෙනු ලබන) සම්මුඛ දර්ශනය; බැහැදැකීම.
ඕලම්බ[වි.] එල්ලෙන; අවලම්බනය වන.
ඕලෑව(කථා.) [නා.] ජලයෙන් යටවන පහත් බිම.
ඕලිගල්ලය[නා.] ගම්දොර පිහිටි කුණු වළ; ගවරවළ.
ඕලීන1. [වි.] හීන වූ උනන්දුව හෝ ඇල්ම ඇති; උදාසීන; හීන වීර්ය ඇති. 2. [වි.] සැඟවුණු. 3. [වි.] ඇලුණු.
ඕලු[නා.ප්‍ර.] සුදු පැහැති මල් ඇති ජලජ පැළෑටියක්.
ඕවට්ටනාවලිය1. [නා.] නාන විට දෙකොනින් අල්ලා පිට අතුල්ලා ගැනීම සඳහා රත්හිරියල් සහ ලාකඩ කුඩු මිශ්‍ර කොට තැනූ ගුළි අමුණා සෑදූ රැහැන; කුරුඳු වැල. 2. [නා.] ඇටවැල, නවගුණ වැල වැනි ඇට විද ඇමුණූ මාලයක්.
ඕවරකය[නා.] ඇතුළු කාමරය; ඇතුළු ගබ; කාමරය; කුටිය.
ඕවරය[නා.] ක්‍රිකට් ක්‍රීඩාවෙහි දී එක් පන්දුකරුවකු විසින් එක් කඩුලු කොනක අන්තයකින් පිතිකරුවකු වෙත යැවිය යුතු පන්දු හයේ ඒකකය.
ඕවර්සියර්[නා.ප්‍ර.] වැඩ කණ්ඩායමක කටයුතු පරීක්ෂා කර බලන්නා; කංකානම.
ඕවල්[වි.] බිත්තරයක හැඩය ඇති; අණ්ඩාකාර.
ඕවාද[නා.ප්‍ර.] අවවාදය; කටයුතු නොකටයුතු මේ යැයි පැවසීම; දැනුමැතිකම්; උපදේශ.
ඕවිට[නා.] හොයක් අසබඩ පිහිටි ගොඩබිම; කුඹුරක් හෝ ජලාශයක් සමීපයෙහි පිහිටි පහත් ගොඩබිම.
ඕවිල්ල1. [නා.] උංචිල්ලාව. 2. [නා.] දෝලාව.
ඕවිලාන[නා.] ගං හෝ අවට පිහිටි කුඩා ගස් වැවෙන වගුරු බිම.
ඕවිලි ගහනවා[ක්‍රි.] වේදනා දැනෙනවා; ඇදුම් කනවා; කැක්කුම් දෙනවා.
ඕෂධි විද්‍යාව[නා.] ශාක වර්ග පිළිබඳ ශාස්ත්‍රය; උද්භිද විද්‍යාව.
ඕෂධී ප්‍රෝටීන්[නා.ප්‍ර.] ධාන්‍ය වර්ගවලින් ද වෙනත් ශාක වර්ගවලින් ද ලැබෙන මාංශ ජනක ධාතු.
ඕෂධී, ඕෂධී1. [නා.ප්‍ර.] ශාකය; පැළය; බෙහෙත් පැළය. 2. [නා.ප්‍ර.] පීදීමෙන් පසු නැසෙන කෙසෙල් වැනි ගස්වර්ග. 3. [නා.ප්‍ර.] තාරකාවක නාමය; ඕෂධී තාරකාව; උදා තරුව; ඉරබටු තරුව; පහන් තරුව; සිකුරු ග්‍රහ තාරකාව.
ඕෂ්ඨජාක්ෂර[ඕෂ්ඨජ+අක්ෂරය] [නා.] දෙතොල ඇසුරු කොට උපදින උ, ඌ, ප, එ, බ, භ, ම ආදි අකුරු.
ඕෂ්ඨය[නා.] තොල; අධරය.
ඕසධාපණය[ඕසධ+ආපණ] [නා.] ඖෂධ වෙළඳ ශාලාව; බෙහෙත් වෙළඳසැල; ඔසුහල.
ඕසය, ඕසේ[නා.] මැඩවීම්, සීසෑම් ආදි කෘෂිකාර්මික කටයුතුවල දී හරකුන් මෙහෙයවීම සඳහා ඕ හෝ උස්හඬ යොදා කරනු ලබන ගායනය; අඬහැරය.
ඕස්තිය(කථා.) [නා.] (රෝ.ක.) සත්ප්‍රසාදයට යොදන පහන.
ඕසිරිය(කථා.) [නා.] කන්දොස් කිරියාව; කරච්චලය.
ඕසිලප්පුව, ඕසිලිප්පුව(කථා.) [නා.] ප්‍රවෘත්ති, ආරංචි ආදිය පැතිරී යෑම; ප්‍රකට වීම; එළිදරවු වීම.
ඕසේ අදිනවා1. [ක්‍රි.] තාලයකට ඇද ලෙලවා ගීත ගායනා කරනවා; අඬහැරලනවා. 2. [ක්‍රි.] හඬ නඟනවා; කෑ ගසනවා.
ඕසෝන්(පාරිභා.) [නා.ප්‍ර.] ඔක්සිජන්වල බහුරූපී ආකාරයක්; විශේෂ ගන්ධයකින් යුත් නීලවර්ණ ඔක්සිකාරක වායුවක්.
ඕසෝන් ගෝලය[නා.] ඔක්සිජන් විශාල ප්‍රමාණයක් ඕසෝන් වශයෙන් පවතින ඉහළ වායුගෝලයේ ස්තරයක්; ඕසෝන් ස්තරය.
ඕහිත[වි.] බහා තැබූ; ඉවත් කළ හෝ ඉවත් වූ.
ඕළාරික[වි.] සියුම් නොවූ; දැඩි; රළු දළ.
ඖ යන්න; සිංහල හෝඩියේ දහඅට වැනි අකුර; ස්වර මාලාවේ අවසාන ස්වරය.
ඖචිත්‍යය1. [නා.] උචිතබව; යෝග්‍යතාව; සුදුසුබව; නිසිබව. 2. [නා.] ප්‍රබන්ධයක රස වර්ධනයට හේතුවන යෝග්‍යතා ගුණය.
ඖචිත්‍යවාදය[නා.] (අලං.) උචිතතා ගුණය පිළිබඳ සංකල්පය හෙවත් මතය.
ඖත්පාතික[නා.ප්‍ර.] (ජ්‍යෝති.) උත්පත්තියේ දී ග්‍රහයන් සිටි ස්ථානවල ග්‍රහචාරය අනු ව ඒ ඒ ග්‍රහයන් පැමිණීමෙන් දශාව කෙරෙහි වන බලපෑම.
ඖදක[වි.] උදක හෙවත් දිය හා සම්බන්ධ; ජලජ.
ඖදරීකත්වය[නා.] කෑමට ගිජුබව; කෑදරකම.
ඖද්දාලක[නා.ප්‍ර.] තුඹස්වල උපදින හෝ එහි වසන කීට ස්වභාව ඇති මැසි වර්ගයක පැණි; තුඹස් මී.
ඖදාර්යය[නා.] උදාරත්වය; ශ්‍රේෂ්ඨත්වය.
ඖදාරික[වි.] ඕළාරික.
ඖපචාරික[වි.] උපචාර වශයෙන් යෙදුණු; අර්ථය ආසන්න වශයෙන් පැවසුණු; අන් අයුරකින් පළ කළ.
ඖපම්‍යය[නා.] උපමා ස්වභාවය; සමානත්වය; උපමාව; උපමා කිරීම.
ඖපසර්ගික1. [වි.] වෙනත් රෝගියකු ගෙන් වැලඳෙන; රෝගස්පර්ශයෙන් හටගැනෙන; බෝවන. 2. [වි.] ලිංගික රෝග හෙවත් කාමරෝග පිළිබඳ.
ඖපස්ථිකය(පාරිභා.) [නා.] උකුළු ඇටය; ශ්‍රෝණිය (=pelvis).
ඖපාධික[වි.] (තර්ක.) බාහිර හේතුවෙන් හටගත්.
ඖරස[වි.] උරෙහි දා; තමාට ම ජාතක වූ; ස්වකීය වූ; නීත්‍යනුකූල ව උපන්.
ඖර්ණ[වි.] ලොමින් කළ; ලෝම.
ඖෂධ[නා.ප්‍ර.] රෝග සුව කිරීම සඳහා ගැනෙන දෑ; බෙහෙත් ඔසු; අගද; අත්බෙහෙත.
ඖෂධවේදියා(පාරිභා.) [නා.ප්‍ර.] බෙහෙත් ද්‍රව්‍ය සංයෝජනය කිරීම සම්බන්ධයෙන් පුහුණු වූ තැනැත්තා (=pharmacist).
ඖෂධාලය[ඖෂධ+ආලය] [නා.] බෙහෙත් ශාලාව; රෝගීන් පරීක්ෂා කරන ස්ථානය.
මිශ්‍ර සිංහල හෝඩියේ විසි එක්වැනි අකුර හා පළමුවන ව්‍යංජනාක්ෂරය; අල්ප ප්‍රාණාක්ෂරයක් වූ මෙය බොටුවෙන් උපදින නිසා කණ්ඨජාක්ෂරයක් වේ. 1. [නා.ප්‍ර.] සිරුර; ශරීරය. 2. [නා.ප්‍ර.] ජලය. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] වල්ගාතරුවක නාමය. 4. [නා.ප්‍ර.] අහස. [සර්ව.] කවරෙක්.
ක(ර්)සරය(පාරිභා.) [නා.] යතුරුලියනය සඳහා පරිගණක යන්ත්‍රය සූදානම් කළ විට (යතුරු ලියනය වන) ස්ථානය පෙන්නුම් කරමින් මොනිටරයේ දිස්වන සලකුණ.
කංකතය(පාරිභා.) [නා.] පනාවක අයුරින් තන්තු පෙළක් සහිත අක්ෂයකින් නිර්මාණය වූ ගොළුබෙලි වර්ගයේ සතුන් ගේ ශ්වසන ඉන්ද්‍රිය හෝ කරමලය (=ctenidium).
කංකතිකයා(පාරිභා.) [නා.] මුහුදු මල් කොරල් වැනි සිලෙන්ටරටා වංශයට අයත් සතෙක් (=ctenophore).
කංකය[නා.] සැකය; කුකුස.
කංකරච්චලය(කථා.) [නා.] දෙසවනට පීඩාවක් ලෙස දැනෙන අමිහිරි ශබ්දය; අමිහිරි ලෙස කෑකෝ ගැසීම.
කංකානම, කන්කානම1. [නා.] කම්කරුවන් වැඩෙහි යොදවන්නා; වැඩ පරීක්ෂකයා. 2. [නා.] පැරණි සිංහල නිල නාමයක්; ආරච්චි පදවියට පහළින් වූ කනිෂ්ඨ නිලයක්. 3. [නා.] (රෝහලක) සාත්තු සේවකයා; උපස්ථායකයා.
කංකාරිය, කම්කාරිය1. [නා.] භූත, ග්‍රහ දේව ආදින් ගෙන් පැමිණෙන දෝෂ දුරු කරනු සඳහා පවත්වනු ලබන ශාන්ති කර්මයක්. 2. (කථා.) [නා.] විවාහ මංගල්‍යය.
කංකාල පේශිය(පාරිභා.) [නා.] එක් කෙළවරකින් හෝ දෙකෙළවරකින් හෝ ඇටසැකිල්ලට සම්බන්ධ වී ඇති මාංශ පේශිය (=skeletal muscle).
කංකාලය[නා.] ඇටසැකිල්ල; අස්ථි පංජරය.
කංකුළ, කන්කුළ[නා.ප්‍ර.] එක් කැණිමඬලක් යොදා සැදූ වටගෙය; කූටාගාරය; කුළුගෙය.
කංකෙඳිරිය(කථා.) [නා.] ඇවිටිල්ල; නොනවත්වා කරන මිමිණීම.
කංගොටුව, කන් ගොටුව[නා.] කනෙහි පිට කොටස; පිට කන.
කංස1. [නා.ප්‍ර.] ලෝකඩ; තුත්තනාගම්. 2. [නා.ප්‍ර.] ගුරුලේත්තුව. 3. [නා.ප්‍ර.] තූර්ය භාණ්ඩ විශේෂයක්; අත්තාලම; කයිතාලම. 4. [නා.ප්‍ර.] මිනුම් විශේෂයක්; ද්‍රෝණයෙන් සතරෙන් කොටස; සිව්සැට පලම. 5. [නා.ප්‍ර.] කහවණු සතරක් අගනා ලෝහ කාසියක්.
කංසකාර[නා.ප්‍ර.] ලෝකඩ වැඩ කරන්නා; ලෝකුරුවා; ඝණ්ටා සාදන්නා.
කංසකුට[නා.ප්‍ර.] රන් වෙනුවට අගයෙන් අඩු පිත්තල හෝ රන් ආලේප කළ ලෝහ ව්‍යාජ ලෝහාදියක් හෝ වෙනත් හෝ දී අනුන් රැවටීම.
කංසතාල, කංසතාළ[නා.ප්‍ර.] දෑතින් එකිනෙක ගටා තියුණු ශබ්ද නැංවීම සඳහා ගැනෙන කුඩා ලෝකඩ තැටි; අත්තාලම්; කයිතාලම්.
කංසලෝහ[නා.ප්‍ර.] ඊයම් හා තඹ මිශ්‍ර කොට සාදා ගන්නා ලෝහ වර්ගයක්; ලෝකඩ.
කකච[නා.ප්‍ර.] කියත; ලී ඉරීමට ගන්නා දැති සහිත උපකරණය.
කකණ්ටකයා[නා.] කටුස්සා; බොහොඬා.
කක්කටය(කථා.) [නා.] දොළහ කෙළියේ දී කවඩි හය ම උඩුකුරු ව වැටීමෙන් ලැබෙන ශූන්‍ය අය.
කක්කලය, කක්කලේ, කක්කාලය[නා.] මාළු දැලෙහි මඩියෙහි කට වටේට ඇති ඇස් හෙවත් සිදුරු පෙළ.
කක්කල් කැස්ස[නා.] බැක්ටීරියාවක් නිසා සෑදෙන හුස්ම ගැනීමට නොහැකි වන තරමට ඇති නොනවතින කැස්ස; මෙය විශේෂයෙන් ම කුඩා ළමයින්ට සෑදෙන බෝවෙන රෝගයකි.
කක්කාලය(කථා.) [නා.] මාල, හවඩි ආදියෙහි දෙකොන එකට අමුණන කොක්ක; ගාංචුව.
කක්කිස1. [නා.ප්‍ර.] දුක්; කරදර; කම්කටොලු දොම්නස්. 2. (කථා.) [නා.ප්‍ර.] රෝගය; අසනීපය; ලෙඩ. 3. (කථා.) [නා.ප්‍ර.]කලබලය; ඉක්මන; හදිසිය. 4. (කථා.) [නා.ප්‍ර.] හදිසි කටයුතු; වහා කළ යුතු දේ.
කක්ෂ සූත්‍රය[නා.] සිටි බුදුපිළිම සහ හුන් පිළිම සෑදීමේදී භාවිත කරන එක් ප්‍රධාන ලඹ නූලක්; කිසිලි ලඹ නූල.
කක්ෂය1. [නා.] ග්‍රහවස්තු අභ්‍යවකාශය තුළ ගමන් ගන්නා මාර්ගය. 2. [නා.] න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන මාර්ගය. 3. [නා.] කැලෑව; වන ළැහැබ. 4. [නා.] වැල; ලතාව. 5. [නා.] කිහිල්ල. 6. [නා.] ප්‍රාසාදයක විශේෂයෙන් ආරක්ෂිත වූ රහස් කොටස. 7. [නා.] සම තත්ත්වය; සමතාව; සමානත්වය. 8. (පාරිභා.) [නා.] ගසක කොළයටත් කඳටත් අතර හෝ අත්තටත් කඳටත් අතර හෝ ඇති ඉහළ කෝණය (=axil).
කකාරනවා[ක්‍රි.] අතිශයින් පැසවනවා.
කකියනවා1. [ක්‍රි.] අතිශයින් තැම්බෙනවා; පැසෙනවා. 2. [ක්‍රි.] (හිත) උණුවෙනවා; රත් වෙනවා; කම්පා වෙනවා. 3. [ක්‍රි.] රිදෙනවා; වේදනා ගෙන දෙනවා.
කකුටපාද[වි.] පරවියන්ගේ පාදවල පැහැ බඳු පැහැයෙන් යුත්.
කකුද, කකුධ1. [නා.ප්‍ර.] ගොනුන් ගේ කර ළඟ පිහිටි උස් මස් පිඬ; මොල්ලිය. 2. [නා.ප්‍ර.] රාජත්වයේ සංකේතය වන පස් වැදෑරුම් භාණ්ඩ; කකුධ භාණ්ඩ.
කකුල1. [නා.] මනුෂ්‍යයන් ඇතුළු ඇතැම් සත්ත්වයන් නැඟිට සිටීම, ගමන් කිරීම ආදි කාර්ය සඳහා භාවිත කරන ශරීරාවයවය; ශරීරයේ ඉකිළිය පටන් පතුල දක්වා වූ ආධාර වන කොටස; බර දැරීමට කොටස. 2. [නා.] ඇඳ, පුටු, මේස ආදියෙහි පාදය.
කකුල් ඇටය(පාරිභා.) [නා.] කකුලේ දණ හිසෙන් පහළ තනි දඬු ඇටය; ජංඝාස්ථිය.
කකුල්දඩ1. [නා.ප්‍ර.] පණිවිඩ පනත් සඳහා යෑම; පයින් යෑම. 2. (කථා.) [නා.ප්‍ර.] නිකරුණේ ඇවිදීම.
කකුස්සිය, කක්කුස්සිය[නා.] වැසිකිළිය.
කකුළු රැස[නා.] කටක රාශිය.
කකුළු, කක්ඛළ[වි.] රළු; දැඩි; කර්කශ.
කකුළුවා[නා.] ජලයෙහි හා වගුරුවල ජීවත් වන්නා වූ සත්ත්වයා; කර්කටකයා; කක්කුට්ටා.
කග1. [නා.ප්‍ර.] කඩුව; අසිපත; කගපත. 2. [නා.ප්‍ර.] කඟවේණා. 3. [නා.ප්‍ර.] කුරුල්ලා; පක්ෂියා.
කග මුව1. [නා.] කඩුවෙහි මුවහත ඇති පැත්ත. 2. [නා.] කඟවේණා.
කගවිසණු, කගවිසුණු, කගවෙසණ[නා.] කඟවේණා.
කගවේණා, කඟවේණා[නා.] නාසය මත පිහිටි තියුණු අඟකින් යුක්ත වේගයෙන් දිවිය හැකි ආසියාවේ හා අප්‍රිකාවේ වෙසෙන ශක්තිමත් සිව්පාවෙක්; රයිනෝසිරස්.
කග්ගින්න1. (කථා.) [නා.ප්‍ර.] තද බඩගින්න; දැඩි සාගින්න. 2. මහත් කණගාටුව; බලවත් දුක් වේදනාව.
කඞ්කණ[නා.ප්‍ර.] අතෙහි පලඳින ආභරණ විශේෂයක්; වළල්ල.
කඞ්කාලය[නා.] ඇටසැකිල්ල; අස්ථි පංජරය.
කඞ්ඛා[නා.ප්‍ර.] සැකය; කුකුස.
කඞ්ඛාවිතරණ[නා.ප්‍ර.] (අභි.) අතීතාදි කාලත්‍රය විෂය කොට පවත්නා වූ බුද්ධාදි අටතැන්හි පවත්නා අෂ්ටවිධ වූ සැකය දුරු කිරීම.
කඞ්ඛාවිතරණ විසුද්ධිය[නා.] (අභි.) නාමරූපයන්ගේ ඇතිවීමට හා පැවැත්මට හේතු වන කරුණු දැනගැනීමෙන් විචිකිච්ඡාව දුරු කොට පවත්නා විදසුන් නුවණ.
කඞ්ගු[නා.ප්‍ර.] තණහාල්.
කච්චන් සුළඟ[නා.] ශ්‍රී ලංකාවේ වියළි කලාපය ආශ්‍රිත ව හමා යන ජලවාෂ්ප රහිත වියළි සුළඟ.
කච්චි කිරිකඩ(කථා.) [නා.] මනාලයා විසින් මනාලියගේ මවට තෑගි කොට දෙන (නොකැපූ) රෙදි කච්චිය; කිරිකඩ සේලය.
කච්චි දැල[නා.] මසුන් ඇල්ලීම සඳහා භාවිත වන කුඩා ඇහි ඇති දැල් විශේෂයක්.
කච්චිය1. [නා.] නොකැපූ රෙදි ප්‍රමාණය. 2. [නා.] රෙද්ද; ඉණ වටා ඇඳි වස්ත්‍රය.
කච්චේරිය[නා.] දිස්ත්‍රික්කයක පරිපාලන කාර්යාලය; වර්තමානයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වශයෙන් හැඳින්වේ.
කච්ඡපයා1. [නා.] ඉදිබුවා. 2. [නා.] කැස්බෑවා.
කච්ඡභු[නා.] කළපුව; වගුරුබිම.
කච්ඡය1. [නා.] ලැහැබ. 2. [නා.] කිසිල්ල. 3. [නා.] මෙවුල්දම; ඇතුන්ගේ කඳ මැද බඳිනු ලබන පොරොදුව. 4. [නා.] වගුරුබිම; කළපුව. 5. [නා.] කන්දක් අවට ඇති සමතලා පහත්බිම. 6. [නා.] විවරය. 7. [නා.] තෘණ. 7. [නා.] ලතාව; වැල.
කජංගලය1. (කථා.) [නා.] හදිසිය; කරදරය. 2. (කථා.) [නා.] අවුල; කලබලය.
කජ්ජ1. [නා.] කජු ඇටය. 2. [නා.] වැඩය; කටයුත්ත.
කජ්ජලය1. [නා.] වලාකුළ. 2. [නා.] පහන් දැලි.
කජු1. [නා.ප්‍ර.] ඵලයට පිටින් මදයක් සහිත ඇටය පවතින පලතුරු වර්ගයක්. 2. [නා.ප්‍ර.] කෑ යුතු දේ; කෑම. 3. [නා.ප්‍ර.] කද.
කජු කනවා(කථා.) [ක්‍රි.] ඉතා පහසු කාර්යයක් කරනවා.
කජුමැලියම්(කථා.) [නා.ප්‍ර.] කජු ගසෙන් වැගිරෙන ලාටු.
කඤ්චකී1. [නා.ප්‍ර.] යුද්ධභටයා; සෙබළා. 2. [නා.ප්‍ර.] අන්තඃපුර ආරක්ෂකයා; ද්වාරපාලකයා.
කඤ්චන[නා.ප්‍ර.] රන්; රත්රන්.
කඤ්චනකය[නා.] බෙහෙත් හෙප්පුව.
කඤ්චුකය1. [නා.] උඩුකය වැසෙන සේ අඳින ඇඳුම. 2. [නා.] යුද්ධ හැට්ටය; සන්නාහය. 3. [නා.] සර්පයාගේ හැවය. 4. [නා.] වැස්ම; කොපුව.
කඤ්ජ[නා.ප්‍ර.] පියුම; පද්මය.
කඤ්ජික[නා.ප්‍ර.] බතින් පෙරා ගන්නා දිය; ලුණු කැඳ; බෙහෙත් කැඳ.
කට1. [නා.ප්‍ර.] මුව; මුඛය. 2. [නා.ප්‍ර.] මුඛයට වරකට පොහොනා (ආහාර හෝ පාන) ප්‍රමාණය. 3. [නා.ප්‍ර.] සිදුර; විවරය. 4. [නා.ප්‍ර.] බෙල්ල; ගෙල. 5. [නා.ප්‍ර.] උකුළ; කටී ප්‍රදේශය. 6. [නා.ප්‍ර.] ලී; දැව. 7. [නා.ප්‍ර.] පැදුර; කළාලය. 8. [නා.ප්‍ර.] ඇත් පැටවා. 9. [නා.ප්‍ර.] මිණි ගෙඩිය. 10. [නා.ප්‍ර.] සමූහය; රාශිය. 11. [නා.ප්‍ර.] ජය; දිනුම. 12. [නා.ප්‍ර.] මොහොත; නිමේෂය. 13. [නා.ප්‍ර.] ඇතාගේ කම්මුල; කපෝලය. 14. [නා.ප්‍ර.] මළ සිරුර. 15. [නා.ප්‍ර.] ‘කර’ ධාතුවෙහි කෘදන්ත රූපයක්.
කට උත්තරය1. [නා.] සාක්කි කාරයකු උසාවියෙහි ඉදිරිපත් කිරීම වෙනුවට මතු ප්‍රයෝජනයට ගැනීම සඳහා ප්‍රාමාණික ලෙස ඔහුගෙන් ලබාගත් සාක්කිය; දිවුරුම් සාක්කිය. 2. [නා.] නිදහසට කාරණා වශයෙන් දිය හැකි පිළිතුර.
කට ගහනවා(කථා.) [ක්‍රි.] එකට එක කියනවා; එරෙහි ව කතා කරනවා.
කට ගැසුම, කට ගැස්ම[නා.] ආහාර ගැනීමේදී හෝ මත්පැන් බීමේදී කටට රුචි ඉපදවීම සඳහා ගන්නා බැදුම් වැනි සුළු කෑමක්.
කට දමනවා[ක්‍රි.] වෙනත් අයගේ කතාවට බලෙන් මෙන් ඇතුළු වෙනවා; අනුන්ගේ කතාවකට මැදිහත් වෙනවා.
කට දල්වනවා[ක්‍රි.] කට අරිනවා; කට අයා ගන්නවා.
කට දොඩනවා1. [ක්‍රි.] පුරසාරම් කියවනවා; කයිවාරු ගසනවා; කටමැත දොඩවනවා. 2. [ක්‍රි.] කටට ආ දේ කියනවා.
කට පිම්ම[නා.] වාෂ්පයෙන් යමක් තම්බා ගැනීමට දිය පිරුණු හැළියක කට වසා බැඳි රෙදිකඩ.
කට බක්කා(කථා.) [නා.] විශාල කටක් ඇත්තා; මකරා.
කට බරියා(කථා.) [නා.] පහතට බර වූ හෙවත් නෙරාගිය තොල් සහිත කටක් ඇත්තා.
කට රැක ගන්නවා[ක්‍රි.] නුසුදුසු කථා නොකියා ඉන්නවා.
කට වචනය[නා.] වචනයෙන් පමණක් කරන ප්‍රකාශය; කටින් කියන කරුණ; වාචික ප්‍රකාශය.
කට වරද්ද ගන්නවා(කථා.) [ක්‍රි.] නුසුදුසු වචන කියනවා; නොකිය යුතු දෙයක් කියනවා.
කට වළල්ල[නා.] තොවිල්වල දී දී (යකැදුරු විසින්) කටින් ඩැහැ ගන්නා පරිදි දෙපැත්තේ පන්දම් දෙකක් බැඳ ඇති වළල්ල.
කට විරිත්තනවා(කථා.) [ක්‍රි.] දත් පෙනෙන සේ මඳක් සිනාසෙනවා; විලිස්සනවා; සමච්චලයට සිනාසෙනවා.
කට හොල්ලනවා1. [ක්‍රි.] කට අරිනවා; යමක් කියනවා; කථා කරනවා. 2. [ක්‍රි.] කනවා; කෑම බීම ලැබෙනවා.
කටක1. [නා.ප්‍ර.] කකුළුවා. 2.(ජ්‍යෝති.) [නා.ප්‍ර.] කකුළුවාගේ රූපය සංකේතය වශයෙන් යොදා ගන්නා රාශි චක්‍රයේ සිව්වන රාශිය; කර්කටක රාශිය. 3. [නා.ප්‍ර.] වළල්ල. 4. [නා.ප්‍ර.] පර්වතයක මධ්‍ය භාගය හෝ පාර්ශ්වය. 5. [නා.ප්‍ර.] (රජ) මඬුල්ල; සමූහය; රාජාවලිය. 6. [නා.ප්‍ර.] කඳවුර.
කටක රාශිය1. [නා.] කකුළුවකුගේ ස්වරූපය ඇතැයි සැලකෙන තාරකා පෙළ. 2. [නා.] රාශිචක්‍රයේ සිවුවැන්න.
කටකතාව[නා.] කටින් කට පැතිරෙන කතාව; දූෂමාන ආරංචිය; ප්‍රවාදය.
කටකලියාව[නා.] අසුන් මෙහෙයවීම පිණිස මුඛයට හා හොම්බට දමන උපකරණ කට්ටලය; කඩියාලම.
කටකළුවා1. [නා.] විෂ සහිත සර්පයෙක්. 2. (කථා.) [නා.] මත්ස්‍ය වර්ගයක නාමය.
කටකාර1. (කථා.) [වි.] කථාවෙහි දක්ෂ; මුඛරි. 2. [වි.] දොඩමලු; වාචාල.
කටකිරියා1. [නා.ප්‍ර.] මළ සිරුරට ගෞරව කිරීම වශයෙන් කරන පැන් වත්කිරීම වැනි ක්‍රියා. 2. [නා.ප්‍ර.] මෘතදේහය පිළිබඳ අවසාන කටයුතුවලින් පසු දෙන බත් බුලත් සංග්‍රහය; මතක දානය. 3. [නා.ප්‍ර.] පිපාසය.
කටකෙඳි[නා.ප්‍ර.] සිවුපාවන්ගේ හෝ පක්ෂීන්ගේ කටෙහි ඇති රෝම; මුඛකේශ.
කටගමුව, කටගොමුව1. [නා.] (බඩ පිරී) කට ළඟට එන තරම; (බඩ පිරී) උගුරට එන තරම් ප්‍රමාණය. 2. (කථා.) [නා.] ඉතා සමීපය.
කටගරු(කථා.) [නා.ප්‍ර.] පුරසාරම; කට මැත.
කටගා ගන්නවා1. (කථා.) [ක්‍රි.] ඉතා ස්වල්ප ප්‍රමාණයක් මත්පැන් 2. යම්තම් ටිකක් බොනවා. ඉගෙන ගන්නවා.
කටගානවා(කථා.) [ක්‍රි.] කටේ ගානවා; මුඛය තෙමනවා; මුවෙහි තබනවා.
කටගැබරයා(කථා.) [නා.] පුරසාරම් කියන්නා; කටමැත දොඩන්නා; කයිවාරුකාරයා.
කටගෙඩිය[නා.] විශාල කට; මහ මුඛය; දැවැන්ත කට.
කටත්තා කර්මය[නා.] එක් වරක් කොට සිහියෙන් තුරන් වූ කර්මය; බලවත් කර්ම නැති විට විපාක දිය හැකි කර්මය.
කටන් කටුව[නා.] පිත්තල බන්දේසි, මල් බඳුන් වැනි භාණ්ඩවල කැටයම් වැඩ දැමීමට උපයෝගී කරගන්නා කටු විශේෂයක්.
කටපටිය[නා.] අසුගේ කටකලියාවට සම්බන්ධ කොට ඇති පටිය.
කටපයාදිය[නා.] (ජ්‍යෝති.) හෝඩියේ ව්‍යංජනාක්ෂර ක, ට, ප, ය ආදි වශයෙන් වර්ග කොට ඉලක්කම් වෙනුවට යොදා ගැනීමේ ක්‍රමය.
කටපාඩම1. [නා.] ඇසූ හෝ කියැවූ දෙයක් එලෙසින් ම සිතෙහි ධාරණය කිරීම; වන පොත් කිරීම. 2. [නා.] සිතේ ධාරණය කරගත් දෙය.
කටපැළියාව1. [නා.] තොල් ද දිව ද පැළීම ලක්ෂණ කොට ඇති මුඛ රෝගයක්. 2. [නා.] කටවහ වදිනසුලු කථාව; අව කැපෙන වචන කීම.
කටපුංචා(කථා.) [නා.] තුවක්කුව.
කටපුච්චානම්(කථා.) [නා.ප්‍ර.] අතිශයෝක්තියෙන් කියන කීම; හපන්කම; පුරසාරම.
කටපුරා1. [ක්‍රි.වි.] කට පුරවා; මුඛය පිරෙන්නට. 2. (කථා.) [ක්‍රි.වි.] හිතට සම්පූර්ණයෙන් ම එකඟ ව; මුළු හිතින් එකඟ වූ.
කටබහ1. [නා.] කටවචනය; කථාබහ; කථාව. 2. [නා.] වාචාලකම; මුඛරිකම.
කටබෙර ගහනවා1. [ක්‍රි.] බෙර හඬට සමාන ශබ්දයක් කටින් නිකුත් කරනවා; කටින් බෙර හඬ නංනවනවා. 2. (කථා.) [ක්‍රි.] පුරසාරම් කියවනවා.
කටමැණ, කටමිණ1. [නා.] ගෙලෙහි බඳින මැණික. 2. [නා.] ඇතැම් නාගයින්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික; කණ්ඨ මාණික්‍යය. 3. [නා.] විෂ්ණු දෙවියන්ගේ ගෙලෙහි බඳින කෞස්තූභ මාණික්‍යය.
කටමැත[නා.] වාචාල බස්, පාරට්ටු කතා; පුරසාරම්.
කටමුවා[වි.] ලීයෙන් කළ; දාරුමය; කාෂ්ඨමය.
කටයුත්ත1. [නා.] කළ යුතු දෙය; කර්තව්‍යය. 2. [නා.] මංගල ප්‍රස්තාව; ආවාහය හෝ විවාහය.
කටලු කතාව, කටුලු කතාව(කථා.) [නා.] කටින් කට පවත්නා කතාව; කටකතාව.
කටලුව[නා.] නූල් කැටීමේ දී ඉද්දෙන් පිටතට ඇදී එන නූල් එතීම සඳහා ලීයෙන් හෝ ලෝහයෙන් සාදා ගැනෙන උපකරණය.
කටවහ[නා.] කටින් පිට කරන වචන නිසා ඇති වන විෂ හෙවත් දෝෂ; කට වචනවල ඇති විපත්තිකාරී බලය; යම් පුද්ගලයකුට හෝ යම් දෙයකට විනාශය ඇති කරන බලයෙන් යුත් වචන.
කටවහ වැදෙනවා[ක්‍රි.] කටවහකාරයකු කටින් පිට කළ වචන නිසා විපතට ගොදුරු වෙනවා.
කටවහකාරයා[නා.] කටවහ බල සහිත වචන පිට කරන කටක් ඇති තැනැත්තා; කටවහ ඇති තැනැත්තා.
කටවහර[නා.] කතා කරන භාෂාව; කථා ව්‍යවහාරය.
කටවාචල්, කටවාචාල, කටවාච්චල්[නා.ප්‍ර.] අවිචාරයෙන් කියන වචන; කට හැකර කථා.
කටවාචාලයා(කථා.) [නා.] කටට එන වචන අවිචාරයෙන් කියන තැනැත්තා; පලක් නැති වචන කථා කරන්නා; කටහැකරයා.
කටවාරිය(කථා.) [නා.] ඔරුවක කට ඇදවීම වැළැක්වීම සඳහා ඔරු කට හරහා සවි කොට ඇති ලී කැබැල්ල.
කටවැරැද්ද[නා.] කටින් (වචනයෙන්) වන වැරැද්ද; අනවධානයෙන් නුසුදුසු වචන පාවිච්චියෙන් ඇති වන වරද.
කටවැල(කථා.) [නා.] පන් කොළ හෝ වේවැල් වට්ටි පෙට්ටිවල කටේ හැඩය ආරක්ෂා වීමටත් ශක්තියටත් ගැටිය වටා අල්ලන වැල.
කටවැස්ම(කථා.) [නා.] භාජනයක කට වසා බඳින රෙදිකඩ හෝ එවැනි වෙනත් යමක්.
කටවෑදි(කථා.) [නා.ප්‍ර.] නිෂ්ඵල කතා; ඕපදූප.
කටශර්කරා[නා.ප්‍ර.] මැටි බඳුන් කැබලි; කැට කැබිලිති.
කටසන, කටහන[නා.] කටහඬ ඇසෙන දුර ප්‍රමාණය; හූ හඬ ඇසෙන තරමේ දුර.
කටසාර[නා.ප්‍ර.] කළාලය; පැදුර.
කටසූත්‍රය[නා.] හිටි බුදු පිළිම සෑදීමේ දී යොදනු ලබන එක් ලඹ නූලක්.
කටහඬ[නා.ප්‍ර.] (ශබ්ද උච්චාරණයේදී) කටින් පිට වෙන ශබ්දය; කථා කරන ශබ්දය; ස්වරය.
කටහන් කරනවා(කථා.) [ක්‍රි.] කටින් සංඥා කරනවා; මරණාසන්න කෙනෙකු ප්‍රාණය නිරුද්ධ වීමට පෙර කථා කථා කිරීමට උත්සාහ කරමින් කට සොලවනවා.
කටහම්, කටාම්[නා.ප්‍ර.] කැටයම්.
කටහාරනවා(කථා.) [ක්‍රි.] කටුක හෝ සැර රසක් කටට දැනෙනවා.
කටහැකර[වි.] පමණට වඩා කථා කරන; කටවාචාල.
කටහැක්ක[නා.] කිරීමට ඇති දෙය; කළ හැකි දෙය.
කට්ට1. [වි.] වියළි; කර්කශ. 2.(කථා.) [වි.] දැඩි; තද; ඝන. 3. [වි.] කපටි; ප්‍රයෝගකාරී. 1. [නා.ප්‍ර.] කටුව. 2. [නා.ප්‍ර.] කෑල්ල; කැබැල්ල. 3. [නා.ප්‍ර.] ලී ආදියෙහි කොටසක් කපා හැර සාදාගන්නා හිඩැස. 4. [නා.ප්‍ර.] මැණික් පතල්වල ඇති බාල වර්ගයේ ගල් විශේෂයක්. 5. [නා.ප්‍ර.] එකට බැඳ තිබෙන මිටිය.
කට්ට කඩුව1. [නා.] කුඹුරු යායක වැවට ඈතින් ම පිහිටි කොටස; එහි තුන්වන කුඹුරු කට්ටිය. 2. (කථා.) [නා.] කැලෑවෙන් වැසී තිබෙන වගුරු බිම්.
කට්ට කණු1. [නා.] සැතපුම් කණු; මායිම් කණු හෝ දුර සීමා කණු. 2. [නා.] තොරණක දෙකෙළවර සවි කරනු ලබන මිටි කණු.
කට්ට කඳ[නා.] ලී, ලෑලි ඉරීමේ දී ඒවා හිරකර ගැනීම සඳහා වඩුවන් පාවිච්චි කරන කට්ටයක් සහිත ලී කොටය.
කට්ට ගල්(කථා.) [නා.බහු.] අත්තිවාරම ආදිය සඳහා ගැනෙන ලොකු කළුගල් කැබලි.
කට්ට පොල්ල(කථා.) [නා.] කරත්තය පල්ලමක යන විට වේගය අඩු කර ගැනීම පිණිස රෝද හිර කරන හරස් පොල්ල; පල්ලම් පොල්ල; තිරිංගය.
කට්ටකුමංචල්, කට්ටකුමංජල්[නා.ප්‍ර.] සුවඳ දුම් සඳහා කුඩු කොට ගිනි අඟුරට දමන දුම්මල වැනි ද්‍රව්‍යයක්; සාම්බ්‍රානි.
කට්ටඩියා, කට්ටාඩියා(කථා.) [නා.] තොවිල් කරන්නා; යකැදුරා; යක්දෙස්සා.
කට්ටමරම්, කට්ටුමරම්[නා.ප්‍ර.] ලී කඳන් කිහිපයක් එකට බැඳ සාදාගන්නා සරල ජල යාත්‍රා විශේෂයක්.
කට්ටමූට්ටුව[නා.] කට්ටයක් කපා වද්දන මූට්ටුව; පුලුක්කු මූට්ටුව; කප්පිලි මූට්ටුව.
කට්ටයා[නා.]කපටියා; ප්‍රයෝගකාරයා.
කට්ටලය1. [නා.] (එක කටයුත්තකට උපයෝගි කරගනු ලබන) උපකරණ හෝ ද්‍රව්‍ය සමූහය; එකට ගන්නා භාණ්ඩ සමූහය; ගොන්න. 2. [නා.] ජෝඩුව. 3. [නා.] පිරිස; කණ්ඩායම; සමූහයා. 4. [නා.] ප්‍රදේශය; කොට්ඨාසය. 5. [නා.] සීමාව; ප්‍රමාණය.
කට්ටාඩියා, කට්ටඬියා[නා.] තොවිල් කරන්නා; යකැදුරා.
කට්ටි කඩනවා[ක්‍රි.] ඉඩමක් කොටස් වශයෙන් බෙදා වෙන් කරනවා.
කට්ටි පනිනවා1. (කථා.) [ක්‍රි.] කට්ටි පැනීම නම් ක්‍රීඩාවෙහි යෙදෙනවා. 2. අසු නොවී බේරී යනවා; මඟ හරිනවා; වරදක් කොට සැඟවෙමින් සිටිනවා.
කට්ටිය1. (කථා.) [නා.] සමූහය; පිරිස; කණ්ඩායම. 2. [නා.] බිම් කොටස. 3. [නා.] ගොඩ දමන ලද පස් ඝන අඩි 100ක හෝ 108ක ප්‍රමාණය. 4. [නා.] වැව් බැම්මට පස් ගැනීම සඳහා හාරන ලද වළ.
කට්ටිවළ1. (කථා.) [නා.] වැව් බැම්මක් සඳහා පස් ගත් වළ. 2. [නා.] නියං කාලයේ දී ගැනීමට ජලය රැස් කොට තැබීම සඳහා වැව් පත්ලේ සාරන ලද වළ.
කට්ටු මුට්ටුව, කට්ටු මූට්ටුව1. (කථා.) [නා.] කට හැරිය නොහැකි සේ හකු පූට්ටු වී දරදඬු වීම; හනුස්තම්භය. 2. [නා.] මලමූත්‍ර හිර වීම; මලමූත්‍ර බද්ධය; අඩස්සිය. 3. [නා.] කර කියා ගත හැකි දෙයක් නොමැති ව කලබල වීම.
කට්ටුව1. [නා.] මිටිය; පොදිය. 2. [නා.] ඇඳුම්, ආභරණ ආදි එකතුව; කට්ටලය. 3. (කථා.) [නා.] ලියනු පිණිස බැඳගත් පුස්කොළ පත් ඉරු කලාපය. 4. [නා.] සමූහය; පිරිස; එකතුව. 5. [නා.] ජෝඩුව. 6. [නා.] වැව් බැම්ම; වැව් නියර. 7. [නා.] හිර වීම; තද වීම; අඩස්සිය. 8. [නා.] රට; ආණ්ඩුව; පාලනය.
කටාක්ෂ[නා.ප්‍ර.] නෙතඟ බැල්ම.
කටාක්ෂ නික්ෂේපය[නා.] නෙත් කොනින් බැලීම; නුවනග බැලුම් ලීම.
කටාක්ෂ නිරීක්ෂණය[නා.] ස්ත්‍රී ලීලාවන්ගෙන් එකක් ලෙස සලකන ඇස් කොනින් බැලීම.
කටාරම1. [නා.ප්‍ර.] ගල්ලෙන් තුළට වර්ෂා ජලය ගලා නොඑනු පිණිස ලෙන් දොරට උඩින් ගල අද්දර බේරන ලද ගැටිය. 2. [නා.ප්‍ර.] කට ලොකු භාජන; කල්දේරම.
කටාහකය(පාරිභා.) [නා.] දණිස් කටුව (=patella).
කටාහය1. [නා.] විශාල භාජනය; මහ හැළිය; කල්දේරම. 2. [නා.] හිස; දණහිස ආදියේ කබල; කටුව. 3. [නා.] කැස්බෑ කට්ට. 4. [නා.] ගිනි කන්දක ගිනි ලෝදිය පිට වන විවරය. 5. (පාරිභා.) [නා.] පොළවේ සිලින්ඩරාකාර ප්‍රදේශයක් ගිලා බැසීමෙන් ඇතිවන වළ.
කටැටි[කට+ඇටි] [වි.] කිරීමට කැමති; කරනු රිසි; කෘතාර්ථි.
කටි ඇටය[නා.] උකුළු ඇටය.
කටි වාමනකයා[නා.] දික් පා ඇති උඩුකය අසම්පූර්ණ වූ මිට්ටා.
කටිකාභරණය[නා.] කටියෙහි පලඳින ආභරණය; කටි පලඳනාව; මෙවුල.
කටින කූර[නා.] නූල් කටින රෝදයට සවි කිරීම සඳහා එක් කෙළවරක සිදුරක් ඇති වන අයුරින් වානෙන් හෝ පිත්තලින් සාදනු ලබන උපකරණය.
කටින ජෙනිය[නා.] නූල් කීපයක් එකවර ඇඹරිය හැකි කටින යන්ත්‍ර විශේෂයක්.
කටිනවා1. [ක්‍රි.] නූල් සාදනවා; කපු ආදියෙන් නූල් අඹරනවා. 2. [ක්‍රි.] විපතක් කරනවා.
කටින් කට[ක්‍රි.වි.] මුඛ පරම්පරාවෙන්; එක කටකින් තවත් කටකට.
කටිභාර[නා.ප්‍ර.] උකුළෙන් උසුලා යා හැකි පමණ බර; ඉඟෙන් දරාගෙන යන බර.
කටිය[නා.] උකුළ; තුනටිය; ශ්‍රෝණිය.
කටිසජ්ජනාව[නා.] මෙවුල්දම.
කටී පේශිය(පාරිභා.) [නා.] ශ්‍රෝණිය හා සම්බන්ධ මාංශපේශිය (=lumbar muscle).
කටී සන්ධිය[නා.] තුන් ඇට සන්ධිය; තුනටිය.
කටීවාතය[නා.] තුනටියේ රුදාව; ශ්‍රෝණි භේදය.
කටු1. [වි.] කටුක රසය ඇති; කර්කශ. 2. [වි.] රළු; චණ්ඩ; අප්‍රසන්න. 3. [වි.] උල් සහිත; ඇනෙනසුලු. 1. [නා.ප්‍ර.] කටුක රසය. 2. [නා.ප්‍ර.] ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන තුන් වර්ගය; තිකුළු. 3. [නා.ප්‍ර.] දැව; ලී.
කටු අකුරු(කථා.) [නා.] නොපැහැදිලි අකුරු; කියවීමට අපහසු වැල් අකුරු.
කටු කැත්ත(කථා.) [නා.ප්‍ර.] කැලෑ එළි කිරීමට ගන්නා මිට දිග කැත්ත.
කටු කැලය[නා.] කටු පඳුරු සහිත කැලෑ ප්‍රදේශය.
කටු කුටුව(කථා.) [නා.] රහසේ හෙමින් කරන කතාව; කසුකුසුව.
කටු ගහනවා, ගසනවා1. [ක්‍රි.] කොඩිවින කිරීමේ දී සතුරාගේ රූපයට හෝ පාසටහන් ආදියට කටු ඇන තබනවා. 2. [ක්‍රි.] ගස කඳ වටා කටු අතු දවටනවා; කටු (අතු) බඳිනවා. 3. [ක්‍රි.] කටුචිකිත්සා ක්‍රමය අනු ව රෝග සුව කිරීම සඳහා ශරීරයේ ඇතැම් නියමිත ස්ථානවල ලෝහමය කටු ගහනවා. 4. (කථා.) [ක්‍රි.] අනුන්ගේ දියුණුවට අකුල් හෙළනවා.
කටු ගානවා[ක්‍රි.] ලියන ලද යමක් ඉරිගසා කලා දමනවා; (ලේඛනයෙන්) ඉවත් කරනවා; අවලංගු කරනවා.
කටු ගැස්ම(කථා.) [නා.ප්‍ර.] රෙදි විවීමේ දී ඉත්තා වැදීම හෝ නූල කැඩීම හෝ නිසා ඇති වන වැරදි හෝ විෂම වියමන.
කටු දෙබල[නා.] කුණු රොඩු ඉවත් කිරීමට ගැනෙන්නා වූ ද, එක් කෙළවරක උල් වූ කරුවක් ඇත්තා වූ ද රිට.
කටු පීප්පය[නා.] වරදකරුවන් බහා පෙරළා දැමීමෙන් ඔවුන්ට දඬුවම් දීම සඳහා අතීතයෙහි භාවිත කළ ඇතුළත සවිකරන ලද උල් ඇති පීප්පයක්.
කටු බඳිනවා(කථා.) [ක්‍රි.] පොල් ගස් ආදියෙහි කඳ වටා කටු අතු දවටනවා.
කටු වඩුවා[නා.] ලී වඩුවා; දැව කර්මාන්තකාරයා.
කටු වැට[නා.] කටු පඳුරු ආදියෙන් සැදූ වැට.
කටු සැමිටිය, කටු සැමැටිය[නා.] කටු හෝ ගැට සහිත කසය; කටුමතිගාය.
කටු සිතියම[නා.] සටහනක් වශයෙන් යන්තමින් අඳින ලද සිතියම; දළ සිතියම.
කටු ළැහැබ[නා.ප්‍ර.] කටු පඳුරු ආදියෙන් යුත් කැලෑරොද.
කටුක1. [වි.] කුළු රසින් යුත්; කර්කශ; අමිහිරි. 2. [වි.] නපුරු; රෞද්‍ර, 1. [නා.ප්‍ර.] කට දවන රසය; කුළු රසය. 2. [නා.ප්‍ර.] තිකුළු.
කටුකම්බි[නා.ප්‍ර.] අඹරන ලද දෙපොටක් අතරෙහි හරස් අතට උල් කොටස් ද අමුණා සාදා ගැනෙන කම්බි වර්ගය.
කටුකෂාය[නා.ප්‍ර.] තද කහට රසයෙන් යුත් කෂාය.
කටුකොහොල්1. [නා.ප්‍ර.] කැඩුම් බිඳුම්; නටබුන්. 2. [නා.ප්‍ර.] ජරාවාස වූ හෝ සුන්බුන් වූ තැන්. 3. [නා.ප්‍ර.] දාරයක හෝ තලයක ඇති වන කඩතොලු. 4. [නා.ප්‍ර.] කැරලි කෝලාහලය. 5. [නා.ප්‍ර.] කටු කැලෑව; කටු පඳුරු ආදියෙන් වැසීගිය වන රොද,
කටුගෙය, කටුගේ[නා.ප්‍ර.] කලාත්මක, සංස්කෘතික, විද්‍යාත්මක, වස්තූන් ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇති ගොඩනැඟිල්ල; කෞතුකාගාරය.
කටුගොයියා1. (කථා.) [නා.] ගොයම් පෑගූ කමතකින් පිදුරු ආදි දේ ඉවත් කිරීම සඳහා සාදාගත් ඉදලක් වැනි උපකරණයක්. 2. [නා.] කටු බහුල කුඩා කරදිය මාළුවෙක්.
කටුපත, කටුපොත(කථා.) [නා.] කටු ගස් සහිත කැලය; කටු ළැහැබ.
කටුපතුල්(කථා.) [නා.ප්‍ර.] ගැමියන්ගේ භාවිතය සඳහා මුවහම් ආදියෙන් සාදනු ලැබූ රළු පාවහන් විශේෂයක්.
කටුපන, කටුපැන(කථා.) [නා.] පන්වලින් වියා ගැනෙන ලොකු මලු විශේෂයක්.
කටුපහණ[නා.ප්‍ර.] කුඩා ගල්කැට; බොරලු කැට.
කටුපැළැල්ල1. [නා.] කටු අතු ආදිය එකකට එකක් ළං වන සේ පැළැල්ලක ආකාරයට බැඳ සාදාගත් දොර; කටුදොර; කණ්ටක ද්වාරය. 2. [නා.] කටුඋල් ආදිය ගසා සාදා ගත් පුවරු විශේෂයක්.
කටුපුලුල, කටුපුල්ලේ[නා.] මහනුවර රාජ්‍ය සමයේදී රජුගේ හා අදිකාරම්වරුන්ගේ පණිවුඩ පනත් ගෙන යෑමත් අවශ්‍ය මිනිසුන් කැඳවීමත් සිය රාජකාරිය කොට ගත් නිලධාරී පිරිස.
කටුපොත[නා.] කටුසටහන් ලියා තබන පොත.
කටුපෝර[නා.] ගෙරිකටු ආදියෙන් සාදාගන්නා පෝර; ඇටපෝර.
කටුබැද්ද[නා.] කටු සහිත ගස්වලින් ගැවසීගත් කැලය; කටුළැහැබ.
කටුබොරලු[නා.ප්‍ර.] උල් සහිත රළු බොරලු.
කටුමාන(කථා.) [නා.ප්‍ර.] කටු ඉපල් එකට තබා බැඳ කමතේ භාවිත කරනු සඳහා ගැනෙන ඉදල.
කටුමානත්ත1. (කථා.) [නා.ප්‍ර.] කමතේ දී වීගොඩ අතුගා දමන ලද රොඩු. 2. [නා.ප්‍ර.] වී ගොඩේ ඇති රොඩු කටු මානත්තෙන් ඉවත් කළ අයට දිය යුතු වී කොටස.
කටුමාරම(කථා.) [නා.] කටු රූප සටහන; දළ රූ සටහන.
කටුමැට්ට[නා.] වරිච්චි බිත්තියක පළමුවෙන් ම ගානා ඔප මට්ටමෙන් අඩු මැට්ට.
කටුමැරැන්ද1. (කථා.) [නා.] ඇටසැකිල්ල. 2. [නා.] කටුගොඩ; කටු සමූහය.
කටුමැස්ස1. [නා.] අත්තකිලමථානු යෝගයෙහි යෙදෙන තවුසකු ශයනය කරන කටු උල් ආදිය ගසා සාදාගත් මැස්ස; කටු මංචකය. 2. (කථා.) [නා.] කට්ටඩීන් මන්ත්‍ර ජප කිරීම සඳහා හෝනා දළ මැස්ස.
කටුමුව(පාරිභා.) [නා.] ආයුධයක කැපෙන පැත්ත; මුවාත.
කටුල්ල[නා.ප්‍ර.] දුක; කනස්සල්ල.
කටුව ගහනවා(කථා.) [ක්‍රි.] යම්කිසි ක්‍රියාමාර්ගයකට බාධා කරනවා; අකුල් හෙළනවා; අවහිර කරනවා.
කටුව, කට්ට1. [නා.] ඇතැම් ශාකවල කඳ කොළ ආදියෙහි ද, ඇතැම් සත්ත්වයන්ගේ ගතෙහිද හටගන්නා තියුණු උල් සහිත උපාංගය. 2. [නා.] විදීමට සහ ඇමිණීමට ගැනෙන තියුණු උල. 3.[නා.] සත්ත්ව ශරීරයෙහි ඇති ඇටය. 4. [නා.] අබලන් වූ වාහනය; කබල. 5. [නා.] ඔරලෝසු, තරාදි ආදියෙහි වේලාව, බර ආදිය දක්වන ඉද්ද. 6. [නා.] ගොළුබෙලි, ඉදිබු ආදි සතුන්ගේ පිට වැස්ම; කබොල්ල. 7. [නා.] තල්, පොල් ආදි ගෙඩිවල මදයට පිටින් කොස් වැනි ඇතැම් ගෙඩි වර්ගවල කටු සහිත ව සම්පූර්ණයෙන් ම පිටින් ද පිහිටි තද ආවරණය. 8. [නා.] තුවාලයක මතුපිට සැදෙන කබොල්ල.
කටුවන්(කථා.) [නා.ප්‍ර.] සිප්පි කටු පුලුස්සා සාදාගන්නා හුනු; බුලත් විටට ගන්නා හුනු.
කටුවා1. [නා.] බලු, ගව ආදි සතුන්ගේ ශරීරයේ සම මතුපිට බෝවෙන කෘමි විශේෂයක්. 2. [නා.] ඉත්තෑවා. 3. [නා.] කෙට්ටු ශරීරයක් ඇති තැනැත්තා හෝ සතා; කැහැට්ටා. 4. [නා.] අනුන්ට කරදර කරන තැනැත්තා; කලහකාරයා; හතුරා.
කටුවැඩ[නා.ප්‍ර.] දළ සටහන; සකස් නොකළ මුල් සටහන.
කටුවෙදකම[නා.] ඇතැම් රෝගවල දී ශරීරයේ නියම කොට ඇති තැන් සඳහා ලෝහකටු ගැසීමෙන් ප්‍රතිකාර කරනු ලබන චීන වෛද්‍ය ක්‍රමයක්; කටු චිකිත්සාව.
කටුසර[නා.ප්‍ර.] හේන්වල වපුරන වී හැර වෙනත් ධාන්‍ය වර්ග.
කටොල්[නා.ප්‍ර.] දැඩි දුක්; බලවත් වේදනා.
කඨල1. [නා.ප්‍ර.] මැටි බඳුන් කැබලි; කැබලිති. 2. [නා.ප්‍ර.] බොරලු.
කඨින[වි.] දැඩි; තද; රළු; කර්කශ.
කඨින චීවරය[නා.] වස් පවාරණය කළ සංඝයාට පමණක් පූජා කරන විශේෂ සිවුර.
කඨින ජලය(පාරිභා.) [නා.] කැල්සියම් සහ මැග්නීසියම් ලවණ දිය වී ඇති නිසා සබන් පෙණ පහසුවෙන් නොසෑදෙන ජලය (=hard water).
කඨින පින්කම[නා.] (විනය.) වස් පවාරණයෙන් පසු චීවර මාසය තුළ කඨින චීවරය පූජා කිරීම නිමිත්තෙන් පැවැත්වෙන පින්කම.
කඨිනය1. [නා.] කඨින චීවරය. 2. [නා.] කඨින පින්කම.
කඨෝර1. [වි.] දැඩි; තද. 2. [වි.] නපුරු; දරුණු; ක්‍රෑර. 3. [වි.] අප්‍රිය; අමිහිරි.
කඩ1. [නා.ප්‍ර.] කැබැල්ල; කොටස; භාගය; අර්ධය. 2. [නා.ප්‍ර.] කපොල්ල; කඩුල්ල; දොරටුව. 3. [නා.ප්‍ර.] පහන් වැටිය. 4. [නා.ප්‍ර.] වෙළඳ සල; සාප්පුව. 5. [නා.ප්‍ර.] වංශය; පරම්පරාව. 6. [නා.ප්‍ර.] ඊය: ශරය. 7. [නා.ප්‍ර.] කැලෑව; වනය. [වි.] කැඩුණු; බිඳුණු; වෙන්වුණු.
කඩ අඬුව, කඩාඬුව[නා.] කුඹුරක නියර වතුරට කැඩී යෑමෙන් සැදුණු කපොල්ල.
කඩ ඇණය[නා.] කරත්ත රෝදය ගැලවී නොයෑම පිණීස අලවංගුවකට සවි කරන ඇණය.
කඩ ඉම1. [නා.] ඉම; සීමාව. 2. [නා.] ගමකින් ගමක් වෙන් කරන මායිම; නගර හෝ ග්‍රාම සීමාව.
කඩ ඉරි(පාරිභා.) [නා.] භූමි ලක්ෂණ සිතියම්වල බෑවුම දැක්වීම සඳහා අඳින ඉරි (=hachures).
කඩ ඉරුව1. (කථා.) [නා.] ඉරන ලද ලී කැබැල්ල; ඉරා අස්කරන ලද පිටපළුව. 2. [නා.] පාරුවේ යටි පැත්තේ අංශ දෙකේ දිග අතට දමා තිබෙන ඔරු පළු දෙක.
කඩ උන්න[නා.] ආහාර, ඖෂධ ආදිය වාෂ්පයෙන් තම්බා ගැනීම පිණිස සැළි කටෙහි බඳින රෙදි කෑල්ල; වණ්ඩුව; කඩපිම්ම.
කඩ කපනවා[ක්‍රි.] සිවුරක් මැසීම සඳහා වස්ත්‍රයක් කපා කොටස් කරනවා.
කඩ කබල[නා.] බිඳුණු මැටි බඳුන.
කඩ කරනවා1. [ක්‍රි.] කැබලිවලට කඩනවා හෝ කපනවා. 2. [ක්‍රි.] (නීතිය, නියමය, අණ ආදිය) නොසලකා හරිනවා; බිඳ දමනවා.
කඩ කැටිය[නා.] රෙදි කැබැල්ල.
කඩ ගහනවා[ක්‍රි.] කෑලිවලට කපනවා; දෙකට කපනවා; පොලු ගහනවා.
කඩ පිල1. [නා.] කඩයක හෝ සාප්පුවක ඉදිරිපසෙහි ප්‍රදර්ශනය කොට විකිණීම පිණිස බඩු තැබීම සඳහා හෝ වාඩිවීම සඳහා සාදා ඇති වේදිකා විශේෂයක්. 2. [නා.] කඩපළ.
කඩ පෙනෙල්ල[නා.] ගිනි පෙනෙල්ල; පිළිස්සී ඉතිරි වූ දරකැබැල්ල.
කඩ පොට්ටනිය[නා.] (යමක්) රෙදි කඩක දමා බැඳ ගන්නා ලද පොට්ටනිය.
කඩ පොල්ල[නා.] රෙදි කැබැල්ල; රෙදිකඩ.
කඩ මණ්ඩිය[නා.] කඩ පළ.
කඩ මැටි බඳිනවා[ක්‍රි.] මුවට මුව සිටින සේ භාජනයක් තවත් භාජනයකින් වැසීමේ දී සන්ධි වන තැන වටේ රෙදි කඩක් ඔතා ඒ මත මැටි ආලේප කරනවා.
කඩ මැස්ස[නා.] භාණ්ඩ තබා විකිණීම පිණිස කඩයක ඉදිරිපස සාදනු ලබන මැස්ස; බඩු විකිණීම සඳහා තාවකාලිකව තනා ගන්නා තැන.
කඩ ලණුව[නා.] මාදැල් මන්දක අගට බඳින කඹය.
කඩ වස්ත්‍රය[නා.] රෙද්ද; වස්ත්‍රය.
කඩ වැටිය[නා.] රෙදිකැබැල්ලක් අඹරා තැනූ වැටිය; පහන් වැටිය.
කඩ වීදිය[නා.] වෙළඳසැල් පිහිටි වීදිය හෝ ප්‍රදේශය.
කඩ වෙනවා1. [ක්‍රි.] කැඩෙනවා; බිඳෙනවා; සුන් වෙනවා. 2. [ක්‍රි.] උල්ලංඝනය වෙනවා.
කඩ හුලහ(පාරිභා.) [නා.] ඍජුකෝණාකාර දාර දෙකක් එක හා සමානව ගෙවී යන සේ ගාන ලද (ලීයක හෝ ලෝහයක) හුලහ (=chamfered edge).
කඩඅතු[නා.ප්‍ර.] සිවුර මැසීම සඳහා කපාගනු ලබන රෙදි කෑලි.
කඩක්කට්ටු1. (කථා.) [නා.ප්‍ර.] කැවිලි වර්ග ගෙන යන මල්ල; කැවිලි පෙට්ටිය. 2. ගෙදරක බඩුමුට්ටු.
කඩක්කරය1. [නා.] (නියරක) කැඩුණු බිඳුණු තැන. 2. [නා.] මුහුදු වෙරළ.
කඩචෝරු(කථා.) [නා.ප්‍ර.] කඩවල සාදනු ලබන සුළු කෑම වර්ග, නිවසේ පිළියෙල කරනු ලබන කෑමවලට වඩා රසය හා ගුණය අතින් පහත් බව හැඟවීමට යෙදේ.
කඩත්තර(කථා.) [වි.] අතරතුර සිදු වන; කඩින් කඩ ඇති වන.
කඩතුරාව[නා.] යමක් මුවා කිරීමට එල්ලන ලද තිරය; වැස්ම; මුවාව.
කඩතොල්ල1. [නා.] යමක් වැදීමෙන් ඇතුළට එබී ගිය හෝ කැඩුණු තැන; මුවාත කැඩී බිඳී ගිය තැන. 2. [නා.] මුහුදු ජලය ගොඩබිම තුළට කාවැදී සෑදුණු මුහුදු බොක්ක. 3. [නා.] පලුද්ද; දෝෂය; අඩුපාඩුව.
කඩතොල්ලා(කථා.) [නා.] වාචාලයා; ඕපදූපකාරයා.
කඩදත්[නා.ප්‍ර.] කැඩුණු හෝ දිරාගිය දත්.
කඩදහි කල්කය(පාරිභා.) [නා.] දැව, පිදුරු, ඉවත දමන කඩදාසි ආදිය පල් කොට රසායනික විපරිණාමයට භාජන කිරීමෙන් (කඩදාසි සෑදීම පිණිස) සාදා ගන්නා පල්පය.
කඩදහිය, කඩදාසිය1. [නා.] ලිවීම, ඇඳීම, එතීම ආදිය සඳහා ගැනෙන තුනී පත්‍ර විශේෂය; කරදාසිය. 2. [නා.] ලියූ හෝ මුද්‍රණය කළ හෝ ලිපිය හෝ ලේඛනය. 3. [නා.] කඩදාසි කුට්ටමේ කොළය.
කඩදාසි කූට්ටම[නා.] ගෘහ ක්‍රීඩා විශේෂයක් සඳහා ගන්නා ඝන කඩදාසි පත් 52කින් යුත් කට්ටලය.
කඩදාසි මුදල්[නා.ප්‍ර.] කාසි වෙනුවට මුදල් වශයෙන් භාවිතය සඳහා රජය මගින් මුද්‍රණය කොට නිකුත් කරන මුදල් නෝට්ටු.
කඩදෝලිය[නා.] කෙනෙකු උස්සාගෙන යෑමට රෙද්දක් ලී දෙකක බැඳ සාදා ගන්නා දෝලාව.
කඩනවා1. [ක්‍රි.] සිඳිනවා; බිඳිනවා; කෑලිවලට වෙන් කරනවා. 2. [ක්‍රි.] (ගසකින් ගෙඩි, මල් ආදිය) කඩාගන්නවා; නෙළනවා.
කඩපළ, කඩපොළ[නා.ප්‍ර.] වෙළඳසැල් ඇති ස්ථානය; කඩමණ්ඩිය.
කඩප්පුළියා, කඩප්පොළියා(කථා.) [නා.] පාදඩයා; පහත් තැනැත්තා; යහපත් ගතිගුණ නැත්තා; අධමයා.
කඩපැන්[නා.ප්‍ර.] හස්න; පණිවුඩය.
කඩපිම්ම[නා.] දිය පිරුණු හැළියක කට වසා බැඳි රෙදිකඩ.
කඩබෑවුම(පාරිභා.) [නා.] අසමාන තලයකින් යුත් කඳු බෑවුම (=broken slope).
කඩමත්ත[නා.] මුහුදු දෙකක් යා කරන පටු මුහුදු තීරුව; සමුද්‍ර සන්ධිය.
කඩමල්ල, කඩමාල්ල[නා.] දිරා ගිය රෙදි කැබැල්ල; වැරහැල්ල; දිරාපත් රෙදි කැබැල්ල; ඉවත දැමූ වැරහැල්ල.
කඩමිලිය[නා.]දිරාගිය රෙදි කැබැල්ල.
කඩමුදුන[නා.] ගිරිමුදුන.
කඩය, කඩේ[නා.] බඩු විකුණන ස්ථානය; වෙළඳසල.
කඩයප්පම්[නා.] කඩවල විකිණීමට ඇති ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු ආදි කෑම වර්ග.
කඩරෑන[නා.] රෙදිවලින් අඹරා සාදාගත් රැහැන්පට.
කඩරෙද්ද[නා.] දිරාපත් පරණ රෙදි කැබැල්ල; වැරහැලි වූ වස්ත්‍රය.
කඩවට[නා.ප්‍ර.] ලාකඩ ගුළි.
කඩවත[නා.ප්‍ර.] අ. මාර්ගයේ මුරකාවල් යෙදූ තැන; ප්‍රදේශයකට ඇතුළු වන තැන ඇති මුරපොළ; පළාතක හෝ නගරයක මායිම හෙවත් සීමාව.
කඩවරයා[නා.] කඩවර යක්ෂයා; කඩවර දෙවියා.
කඩවසම1. [නා.] ප්‍රදේශ සීමාව; ඉම; මායිම; කඩඉම. 2. [නා.] ප්‍රමාණය; හැඩහුරුකම; ආරෝහ පරිණාහය.
කඩවසම්[වි.] මනා රූ සපුවෙන් යුත්; ආරෝහ පරිණාහ සම්පන්න.
කඩවාන(කථා.) [නා.ප්‍ර.] වතුර බැස යෑමට නියරේ තනා ඇති කපොල්ල; වක්කඩ.
කඩවැසි(පාරිභා.) [නා.ප්‍ර.] කඩින්කඩ ඇතිවන වර්ෂාව.
කඩවැසුම, කඩවැස්ම1. [නා.] වාෂ්පයෙන් යමක් තැම්බීමේදී යොදා ගන්නා බඳුනේ කට වසා බඳින රෙදි කැබැල්ල. 2. [නා.] මනා දේහ විලාසය.
කඩවියන[නා.ප්‍ර.] (වස්ත්‍රයෙන් කළ) වියන.
කඩසකුරු, කඩහකුරු[නා.ප්‍ර.] සූකිරි; ගල්කණ්ඩු.
කඩසරක්කු1. [නා.ප්‍ර.] ව්‍යංජනවලට යොදන (පස් වැදෑරුම්) කුළුබඩු. 2. [නා.ප්‍ර.] බෙහෙත් බඩු; ඖෂධ වර්ග.
කඩසහල්, කඩසාල්, කඩහාල්[නා.ප්‍ර.] කැබලිවලට කැඩුණු සාල් ඇට; සුනු සහල්.
කඩා පනිනවා1. [ක්‍රි.] කෝපයෙන් බැණ වදිනවා; සැර වෙනවා. 2. [ක්‍රි.] දූෂණ හොර මැර ආදිය ඇල්ලීම සඳහා යම් පිරිසක් හදිසියේ ගොඩ වදිනවා. 3. [ක්‍රි.] හිටි හැටියේ පහර දෙනවා. 4. [ක්‍රි.] අනවසරයෙන් පිවිසෙනවා. 5. [ක්‍රි.] (බන්ධන වැනි යමක්) බිඳගෙන ඉවතට දුවනවා.
කඩා බාල්දුව[නා.] බාධාවීම; කඩාකප්පල් වීම; බිඳවැටීම.
කඩාකප්පල් කරනවා[ක්‍රි.] කඩා බිඳ දමනවා; විනාශ කරනවා; බාධා පමුණුවනවා.
කඩාමල්කඩ[නා.] හිසෙහි පලඳින මල් පලඳනාව; මුදුන් මල්කඩ.
කඩාවඩා ගන්නවා[ක්‍රි.] උපායෙන් හෝ බලහත්කාරකමින් අයිති කරගන්නවා; අයුතු ලෙස ලබා ගන්නවා; කොල්ලකා ගන්නවා.
කඩි කුලප්පුව(කථා.) [නා.] පමණට වැඩිය කලබලකාරී බව; අනවශ්‍ය ඉක්මන.
කඩිත්ත1. (කථා.) [නා.ප්‍ර.] කුඩා දියවළ. 2. [නා.ප්‍ර.] කුඩා දියපාර.
කඩිනම[නා.ප්‍ර.] ඉක්මන; යුහුසුලු බව; ශීඝ්‍රබව.
කඩින්කඩ1. [ක්‍රි.වි.] තැනින් තැන; පළින් පළ. 2. [ක්‍රි.වි.] විටින් විට; වරින් වර. 3. [ක්‍රි.වි.] වෙන් වෙන් ව.
කඩිප්පුව, කඩුප්පුව1. [නා.] බෙර දවුල් ආදිය ගසන ලී කෝටුව. 2. (කථා.) [නා.] හරකුන් හංවඩු ගැසීම සඳහා ගනු ලබන සලකුණක්.
කඩිමුඩිය[නා.] ඉක්මන; හදිසිය; කලබලය.
කඩිය1. [නා.] හිණකඩ; අමුඩය. 2. [නා.] පොල්ල; මුගුර.
කඩියාලම[නා.] අශ්වයන් මෙහෙයවීමට ඔවුන්ගේ මුඛයට දමන උපකරණය; කටකලියාව.
කඩිස(කථා.) [නා.ප්‍ර.] ඔරුවක වියලේ කොල්ලෑව මත සවිකර තිබෙන හරස් ලී කැබැල්ල.
කඩිසර[වි.] ඉක්මනින් වැඩ කරන; ඉක්මන්; අනලස්; ක්‍රියාශීලි; යුහුසුලු.
කඩු පත[නා.] කඩුව; අසිපත.
කඩු මුණය[නා.] කඩුවේ උල් කෙළවර; කඩුතුඩ.
කඩු සරම, කඩු සරඹ[නා.] කඩුවෙන් යුද කිරීම; කඩුවෙන් සටන් කරන ආකාරය දැක්වීම; කඩු ශිල්පය දැක්වීම.
කඩු සිළ[නා.] කඩුවෙහි තුඩ.
කඩුක, කඩුකා(කථා.) [නා.] අත්තෙල් සිඳීමේ දී භාජනය පතුලේ ඉතිරි වන මණ්ඩි; තෙල්කා; තෙල්මණ්ඩි.
කඩුකස්තාන[නා.ප්‍ර.] මුදලි මුහන්දිරම් ආදින්ගේ නිල ඇඳුමට අයත් කඩු ආදි නිල ලාඤ්ඡන.
කඩුක්කන්[නා.ප්‍ර.] කනේ පලඳින ආභරණ විශේෂයක්.
කඩුත්තුව1. [නා.] වේදනාව; රුජාව; කැක්කුම. 2. [නා.] පාචනය; අතීසාරය; අජීර්ණය. 3. [නා.] අශුචි; මල. 4. [නා.] මල පහ කිරීම. 5. [නා.] කරදරය; හිරිහැරය.
කඩුපුල්, කඬුපුල්1. [නා.ප්‍ර.] නාලොව ඇතැයි සැලකෙන මල් වර්ගයක්. 2. [නා.ප්‍ර.] රෑ මැදියම්ව පිපී වහා පරවන මල් හට ගැනෙන ඕකිඩ් වර්ගය.
කඩුල්ල1. [නා.] වැටකින් වට වූ භූමියකට ඇතුළු වීම හා පිට වීම සඳහා පොලු හරහට තබා ඉදි කරන ලද දොරටුව; කපොල්ල; විවරය. 2. [නා.] ක්‍රිකට් ක්‍රීඩාවේ උපයෝගී කර ගන්නා විකට්ටුව.
කඩුව1. [නා.] මුවාතක් සහිත සිහින් දිග තලයක් ද, කෙටි ආරක්ෂිත මිටක් ද ඇති ආයුධය; අසිපත; බඞ්ගය. 2. [නා.] කැලෑව; වනය.
කඩුවේගන්, කඩුවේගම්[නා.ප්‍ර.] ශරීරයේ සෑදෙන කැසීම ලක්ෂණ කොට ඇති චර්ම රෝගයක්.
කඩොලාන[නා.] ගංගා මෝයවල හෝ මුහුදුබඩ කලපු අද්දර කඩොල් ගස් බහුලව වැවී පවතින ජලාශ්‍රිත ප්‍රදේශය.
කණ1. [වි.] එක් ඇසක් නොපෙනෙන; දෑසම නොපෙනෙන; අන්ධ. 2. [වි.] කළු; කළුපාට වූ. 1. [නා.ප්‍ර.] ඉතා ම කුඩා අංශුව; අණුව. 2. [නා.ප්‍ර.] තනි ධාන්‍ය ඇටය. 3. [නා.ප්‍ර.] දිය බින්දුව; වැසිපොද. 4. [නා.ප්‍ර.] ගිනි පුපුර. 5. [නා.ප්‍ර.] දහයියා පොත්ත හා හාල් ඇටය අතර ඇති රතුපාට කුඩ; වී කුඩු; නිවුඩු. 6. [නා.ප්‍ර.] ඇස; නෙත. 7. [නා.ප්‍ර.] කොන; කෙළවර. 8. [නා.ප්‍ර.] ඇසිල්ල; මොහොත; නිමේෂය; ක්ෂණය.
කණ අත්සන[නා.] අකුරු නොදන්නා පුද්ගලයකු තමාගේ අත්සන හැටියට යොදන සලකුණ; ඇඟිලි සලකුණ.
කණ කැස්බෑවා[නා.] එක් ඇසක් අන්ධ කැස්බෑවා.
කණ දණ්ඩ[නා.] අන්ධයකුට ඇවිදීමේ දී පිහිට වන සැරයටිය; අන්ධ යෂ්ටිය.
කණ පිට[නා.] නොපිට; වැරදි පැත්ත.
කණ මැස්සා[නා.] විශේෂයෙන් ගවයන්ගේ සිරුර විද ලේ උරා බොන පිඟුවන් මැසි විශේෂයක්.
කණ මීමැස්සා[නා.] ඉතා කුඩා මී මැසි වර්ගයක්.
කණ වැල[නා.] අන්ධයකුට මඟ පෙන්වීම සඳහා යොදාගනු ලබන කෝටුව; අන්ධ යෂ්ටිය.
කණක්කුව(කථා.) [නා.] ගණන; මිල.
කණඞ්කය(පාරිභා.) [නා.] දශමස්ථානය වෙන් කර දැක්වීමට තබන ලකුණ; දශම තිත.
කණමත[නා.] නිදිමත.
කණමදයා, කණමදා, කණමොදයා, කණමොදා1. (කථා.) [නා.] මද කිපීම නිසා ඇස නොපෙනෙන ඇතා. 2. [නා.] අන්ධ වූ වල් හරකා. 3. [නා.] අතිශයින් බීමත් තැනැත්තා.
කණය[නා.ප්‍ර.] උල් වූ අනින අවියක්; තෙබ.
කණයම්[නා.ප්‍ර.] දොරපොල්ල.
කණ්ටක1. [නා.ප්‍ර.] වෘක්ෂලතාදියෙහි හටගන්නා වූ අ. තියුණු උලක් වැනි අවයවය; කටුව. 2. [නා.ප්‍ර.] ඉදිකටුව; ඇල්පෙනෙත්තිය; කියත් ආදියෙහි දැති පෙළ හෝ දැත්ත. 3. [නා.ප්‍ර.] කොඳු ඇටය; කශේරුව. 4. [නා.ප්‍ර.] කරදරය; සතුරු උපද්‍රවය. 5. [නා.ප්‍ර.] අණ්ඩඵල බීජාදියෙහි පිටපැත්තේ වූ තද ආවරණය; කටුව. 6. [නා.ප්‍ර.] මත්ස්‍යයන්ගේ ඇටය හෙවත් කටුව.
කණ්ටක ආරෝහකය(පාරිභා.) [නා.] තමාගේ කටු ආධාර කරගෙන ඉහළට නඟින ශාකය (=thorn climber).
කණ්ටක ප්‍රසරය(පාරිභා.) [නා.] කොඳු ඇට පෙළින් ස්වාභාවික ලෙස බෙදී එහිම අවිච්ඡින්න කොටසක් සේ ඉදිරියට නෙරා යන ගැටය (=spinous process).
කණ්ටකලතා[නා.ප්‍ර.] කටු හෝ ගැට සහිත කසය; කටුසැමිටිය.
කණ්ටිකාව(පාරිභා.) [නා.] කුඩා කොඳු ඇටය (=spinule).
කණ්ඨ විවරය[නා.] (ගලනාලයත් මුඛයත් අතර වූ) ආහාර මාර්ගයේ උඩකොටස; ග්‍රසනිකාව (=pharynx).
කණ්ඨජ[වි.] උගුර උත්පත්ති ස්ථානය කොට ඇති.
කණ්ඨජාක්ෂරය[නා.] උගුර උත්පත්තිස්ථානය කොට ඇති අක්ෂරය.
කණ්ඨතාලුජ[වි.] බොටුව හා තල්ල උත්පත්ති ස්ථානය කොට ඇති.
කණ්ඨනාලය, කණ්ඨනාලිය(පාරිභා.) [නා.] ආහාරපාන මුඛයේ සිට කණ්ඨය හරහා උදරය කරා යන මාර්ගය; ගලනාලය (=gullet).
කණ්ඨපාශය[නා.] බෙල්ලේ ලන තොණ්ඩුව හෝ ලණුව.
කණ්ඨමාණික්‍යය1. [නා.] ගෙලෙහි බඳින මැණික. 2. [නා.] ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික.
කණ්ඨමාලය[නා.] බෙල්ලෙහි සෑදෙන රෝගයක නාමය; ගලගණ්ඩ රෝගය.
කණ්ඨය[නා.] බොටුව; ගෙල; ග්‍රීවය.
කණ්ඨිකාව(පාරිභා.) [නා.] දිව මුල පිහිටා ඇති ඇටයක් හෝ ඇට පද්ධතියක් (=hyoid).
කණ්ඨිරව1. [නා.ප්‍ර.] සිංහයා; මෘගේන්ද්‍රයා. 2. [නා.ප්‍ර.] මත් වූ ඇතා.
කණ්ඨෞෂ්ඨජ[වි.] (ව්‍යාක.) උගුර සහ තොල් උත්පත්තිස්ථානය කොට ඇති.
කණ්ඩ1. [නා.ප්‍ර.] කොටස; කෑල්ල; ඛණ්ඩය. 2. [නා.ප්‍ර.] රෙදිකඩ; වස්ත්‍රය. 3. [නා.ප්‍ර.] ඊය; ශරය.
කණ්ඩනය1. [නා.] වීයෙන් දහයියා වෙන් කිරීම. 2. [නා.] ගොයම් පෑගීම; ගොයම් කොළ මැඩීම. 3. [නා.] වී හුළං කිරීම.
කණ්ඩරාව[නා.] (ශරීරයේ) පේශියක් අනෙක් පේශියකට හෝ කපෝල අවයවයකට හෝ සම්බන්ධ කරන තන්තුමය රැහැන; බල නහරය.
කණ්ඩශර්කරා[නා.ප්‍ර.] කඩසකූරු; උක්සකුරු කැට; සූකිරි.
කණ්ඩාපස[නා.ප්‍ර.] (ඊ පසක් ඇත්තා) අනංගයා.
කණ්ඩායම1. [නා.] සමූහය; පිරිස; රංචුව. 2. [නා.] බළකාය; සේනාංකය.
කණ්ඩිය1. [නා.] වේල්ල; බැම්ම; ඉවුර. 2. [නා.] (පස්) කන්ද; (වැලි) ගොඩ; කඳු ගැටය; ගොඩැල්ල. 3. [නා.] (ගෙයි ඉස්තෝප්පුවේ) උසට බැඳි කොටස; පිල.
කණ්ඩිලම1. (කථා.) [නා.ප්‍ර.] කට්ට කැපූ දඬුකඩ; මහ වේල්ලකින් කුඩා වේලිවලට ජලය බෙදාහැරීම පිණිස යොදා ගනු ලබන කත්තු කැපූ පුවක් හෝ කිතුල් දඬුකඩ. 2. [නා.ප්‍ර.] බාල්කයක කෙළවර කපන කට්ටය.
කණ්ඩු1. [නා.ප්‍ර.] දෙපැත්ත කැපෙන මුවාත ඇති ආයුධ විශේෂයක්. 2. [නා.ප්‍ර.] කැසීම.
කණ්ඩුතිය, කණ්ඩූතිය[නා.] කැසීම ලක්ෂණ කොට ඇති හොරි, දද ආදිය.
කණ්ඩූයනය[නා.] කැසීම; ඇතිල්ලීම; ඉලීම.
කණ්ණජප්පන[නා.ප්‍ර.] කනට කොඳුරා කීම.
කණ්හ[නා.ප්‍ර.] දෙවිකෙනෙකුගේ නාමය; කෘෂ්ණ; විෂ්ණු.
කණා[නා.ප්‍ර.] එක් ඇසක් නොපෙනෙන තැනැත්තා; පොට්ටයා; ඇස් දෙක ම නොපෙනෙන තැනැත්තා; අන්ධයා.
කණාටු[වි.] කෘශ වී ගිය; පල දරන කාලය ඉක්මගිය; දිරාපත්වූ.
කණිකා ලපය(පාරිභා.) [නා.] පරාග පෝෂණයේදී ඩිම්බ කෝෂයට බීජය සම්බන්ධ ව පැවතුණු ස්ථානයෙහි ඇති වන ලපය.
කණිකා සෛලය(පාරිභා.) [නා.] ඇට මිදුලුවලින් නිර්මාණය වී යැයි සැලකෙන සුදු රුධිරාණුව; කණිකාමය සුදු රුධිරාණුව (=granulocyte).
කණිකාකරණය1. (පාරිභා.) [නා.] කුඩා කැට බවට පරිවර්තනය වීම. 2. [නා.] සුව වෙමින් පවතින තුවාලයක් මතුපිට ඉතා කුඩා කැට වැනි වටකුරු මස්රොද වැඩීම (=granulation).
කණිකාග්‍රාමය[නා.] ශාකපත්‍ර කොළපැහැ ගන්වන හරිතප්‍රද කැටිති සමූහය.
කණිකාමය[වි.] කුඩා අංශුවලින් සෑදුණු; කුඩා කැටවලින් යුක්ත වූ.
කණිකාරූපී(පාරිභා.) [වි.] කුඩා අංශුවල හැඩහුරුකම ඇති; කැටිති ආකාර.(=granulosum).
කණිකාව1. [නා.ප්‍ර.] අංශුව; බින්දුව; පොද. 2. (පාරිභා.) [නා.ප්‍ර.] කුඩා කැටය; කැටිත්ත; රේණුව (=granule). 3. [නා.ප්‍ර.] මලක ඡායාංගය (=pistil).
කණිසම1. [නා.] වේලාව; නියමිත වේලාව. 2. [නා.] පැය; හෝරාව.
කණු ඇදෙනවා[ක්‍රි.] (බීජ) ප්‍රරෝහණය වෙනවා; අංකුර හටගන්නවා.
කණු ගසනවා1. [ක්‍රි.] කූඤ්ඤ හෝ කණු හෝ ගසා සවි කරනවා; කූඤ්ඤ හෝ කණු සිටුවනවා. 2. [ක්‍රි.] සීමාව හෝ මායිම සලකුණු කරනවා.
කණු ගාස්තුව[නා.] නිදැල්ලේ යන ගවයන් අයිතිකරු එනතුරු (කණුවක) බැඳ තැබීම සඳහා අය කරනු ලබන මුදල.
කණු පළ, කණු පොළ[නා.] රාත්‍රී කාලයේදී ගවයන් බැඳ තබනු සඳහා කණු සිටුවා සකස් කළ ස්ථානය.
කණු මරටැල්ල[නා.] වියළි දිරාගිය ගස; මැරුණු ගස් කඳ.
කණුමුල්[නා.ප්‍ර.] කපා දැමූ ගසක ඉතිරි වන කඳ කොටස සහිත මුල්.
කණුව1. [නා.] ටැඹ; ස්තම්භය; කුලුන. 2. [නා.] ගසක් කැපූ කල ඉතිරි වන මුල් කොටස. 3. [නා.] (ඊතලයක ඇති) නැමුණු උල. 4. (පාරිභා.) [නා.] අණුව; අංශුව (=corpuscle). 5. [නා.] පත්‍රංකුරය; දල්ල; පැළය.
කණේරුකා[නා.ප්‍ර.] ඇතින්න; හස්තිනිය.
කඬ1. [නා.ප්‍ර.] කැබැල්ල; කොටස; භාගය; අර්ධය. 2. [නා.ප්‍ර.] රෙදි කැබැල්ල; රෙද්ද; වස්ත්‍රය. 3. [නා.ප්‍ර.] කැලෑව; වනය. 4. [නා.ප්‍ර.] ඊය; ශරය. 5. [නා.ප්‍ර.] ඉවුර.
කඬ පත[නා.] ඊයෙහි බැඳි පත්‍රය හෙවත් ලිපිය.
කඬපොහෝ[නා.ප්‍ර.] දවසින් අඩක් රකින පෙහෙවස් සීලය.
කත1. [නා.ප්‍ර.] කාන්තාව; ස්ත්‍රිය. 2. [නා.ප්‍ර.] රජ කුලය; ක්ෂත්‍රිය වංශය. 3. [නා.ප්‍ර.] කාන්තිය; රශ්මිය. [වි.] කරන ලද; කළා වූ.
කතකලි, කථකලි[නා.ප්‍ර.] දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට විශේෂ වූ නැටුම් සම්ප්‍රදායයක්.
කතඤ්ඤුතා[නා.ප්‍ර.] කළගුණ සලකන බව; කෘතඥතාව.
කතන්දරය1. [නා.] කථාන්තරය. 2. [නා.] නරක හැසිරීම් හා සම්බන්ධ කොට පතුරුවන නුසුදුසු ආරංචිය; අපහාස සහගත කථාව; ඕපාදූපය.
කතර1. [නා.ප්‍ර.] කාන්තාරය; නිරුදක පෙදෙස; මනුෂ්‍ය වාසයට අයෝග්‍ය භූමිය. 2. [නා.ප්‍ර.] දුෂ්කර මාර්ගය; අමාරුවෙන් යා යුතු මාර්ගය. 3. [නා.ප්‍ර.] විශාල ප්‍රදේශය.
කත්[වි.] මනහර; කාන්ත; ශෝභන.
කත් අඳිනවා1. [ක්‍රි.] කදක් (කරින්) ගෙන යනවා. 2. [ක්‍රි.] ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොයෙක් (පහත්) සේවාකම් කරනවා.
කත්තරය, කත්තරේ[නා.] රංචුව; සමූහය.
කත්තික[නා.ප්‍ර.] ඉල් මාසය; කාර්තික මාසය.
කත්තුකම්‍යතා[නා.ප්‍ර.] යමක් කිරීමට ඇති ආශාව; කරනු කැමැත්ත.
කත්තුව[නා.] ලීයෙහි කපන කට්ටය; අළුව; ඉරිප්පුව; කැපුම.
කත්සවරය(පාරිභා.) [නා.] උරපතු ඇටය; අංසඵලකය (=scapula).
කතා කරනවා, කථා කරනවා1. [ක්‍රි.] කථාවෙහි යෙදෙනවා; අල්ලාප සල්ලාපයෙහි යෙදෙනවා; වචන ප්‍රකාශ කරනවා; පවසනවා; සාකච්ඡා කරනවා. 2. [ක්‍රි.] සමීපයට පැමිණෙන ලෙස කියනවා හෝ සංඥා කරනවා; කැඳවනවා. 3. [ක්‍රි.] අමුත්තන් පිළිගැනීම් වශයෙන් ආචාර සමාචාර කරනවා.
කතාපිංච[නා.] කුඩා කතාව; කෙටිකතාව.
කතාව1. [නා.] වචන කීම; අදහස් ප්‍රකාශ කිරීම. 2. [නා.] ප්‍රබන්ධය; කතාන්දරය. 3. [නා.] කී දෙය. 4. [නා.] අනුන්ගේ වගතුග; ඕපාදූපය.
කතික භාගය(පාරිභා.) [නා.] (ලොකු අංකයක්) කොටසක් ඉතිරී නොවන සේ බෙදිය හැකි කුඩා අංකය; අශේෂ භාජකය (=aliquot part).
කතිකාව[නා.] සාකච්ඡාව; කතාබහ; සාකච්ඡාවෙන් එළඹුණු සම්මුතිය.
කතිකාවත1. [නා.] සාකච්ඡා කොට එළඹ ගත් ගිවිසුම; සම්මුතිය. 2. [නා.] සංඝයා විසින් සංඝයාගේ ම පිළිපැදීම පිණිස සම්මත කළ ව්‍යවස්ථා සංග්‍රහය.
කතිපය[වි.] කිහිප; කීප; ඇතැම්.
කතිපයාධිකාරය(පාරිභා.) [නා.] යම්කිසි භාණ්ඩයක් නිපදවීම හෝ අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ අයිතියත් පාලනයත් ව්‍යාපාරික ආයතන කීපයක් සතු ව පැවතීම; කිහිප දෙනෙකුට සීමා වූ අධිකාරි බලය.
කතිරය, කතිරෙ1. [නා.] ඉරි දෙකක් එකිනෙක කැපෙන සේ ඇඳි ලකුණ (x). 2. [නා.] ඡන්ද ප්‍රකාශ කිරීමේදී යොදා ගන්නා ලකුණ. 3. [නා.] ඡන්දය; කැමැත්ත. 4. [නා.] මැහුම් ක්‍රමයක්; කතිරයක හැඩයෙන් යුත් මැස්ම. 5. [නා.] හීය දුනුදියට අමුණන තැන; ඊ දැත්ත. 6. [නා.] වී හුළං කිරීම සඳහා පොලු තුනක් කතිර හැඩයට සවිකොට සාදන පලංචිය.
කතිසලය, කතිසාලය[නා.] පල්ලියේ පූජාසනයේ ඉටිපන්දම් සවි කිරීමට පාවිච්චි කරන උපකරණය; ඉටිපහන් කඳ; ඉටිපහන් රුක.
කතිසාරු, කතීසාරු, කතිසේරු, කතීසේරු[නා.ප්‍ර.] ප්‍රශ්නෝත්තර මගින් ක්‍රිස්තියානි ආගම උගන්වන්නා; පල්ලියේ දී ධර්මය දේශනා කරන නොපැවිදි දේශකයා; ඥාන උපදේශකයා.
කතු1. [නා.ප්‍ර.] කරන්නා; කරන හෝ කළ තැනැත්තා. 2. [නා.ප්‍ර.] ක්‍රියාවක් කරන්නා; වැකියක උක්ත හෝ අනුක්ත කර්තෘ. 3. (ව්‍යාක.) [නා.ප්‍ර.] ග්‍රන්ථයක් හෝ පුවත්පතක් හෝ සඟරාවක් සම්පාදනය කරන්නා; ග්‍රන්ථ කර්තෘ; සංස්කාරක.
කතුර[නා.] රෙදි, හිසකෙස්, කඩදාසි ආදිය කැපීම සඳහා භාවිත කරන උපකරණය.
කතුරු සන්ධිය(පාරිභා.) [නා.] හක්කේ මුල ඇති සන්ධිය.
කතුරුයට, කතුරුයටි[නා.] හැරමිටිය; සැරයටිය.
කතුවැකිය[නා.] කර්තෘ වාක්‍යය; පුවත්පතක හෝ සඟරාවක හෝ කර්තෘ හෙවත් සංස්කාරක විසින් ලියනු ලබන ප්‍රධාන ලිපිය.
කතුස්ම[කත්+උස්ම] [නා.] කදක් ගෙන යන්නා විඩාව ඇරීමට නවතින තෙක් සාමාන්‍යයෙන් යා හැකි දුර; සැතැප්මක පමණ දුර ප්‍රමාණය.
කතෝලික[වි.] රෝමානු දේවසභාවට අයත්; රෝමානු කතෝලික.
කථකයා[නා.] කථා පවත්වන්නා; සමූහයක් හෝ සභාවක් අමතා කථා කරනු ලබන පුද්ගලයා; කථිකයා.
කථා ප්‍රබන්ධය[නා.] ගොතන ලද කථාව; ප්‍රබන්ධ කථාව.
කථා ප්‍රවෘත්තිය[නා.] පරම්පරාගත ව පැවත එන පුවත; ඓතිහාසික විස්තරය.
කථා පෙට්ටිය[නා.] තැටිගත කරන ලද ශබ්ද, විශේෂයෙන් ගායනා හා වාදන, නැවත වාදනය කිරීම සඳහා උපයෝගී කරගන්නා යාන්ත්‍රික භාණ්ඩ විශේෂයක්; ග්රැමපෝනය.
කථා බහ[නා.] සතුටු සාමීචි කථාව; කථාබස් කිරීම; අදහස් හුවමාරුව.
කථා මාත්‍රය[නා.] වචන දෙක තුනකින් පමණක් කරන කථාව; අල්පමාත්‍ර කථාව.
කථා ව්‍යවහාරය[නා.] කථා කිරීමේදී භාවිතා කරන භාෂාව; කටවහර.
කථා ශරීරය[නා.] කථාන්තරයක හෝ ප්‍රබන්ධ කථාවක වර්ණනා ආදි බාහිර අංගවලින් තොර ප්‍රධාන කොටස; කථා සැකිල්ල.
කථා සල්ලාපය[නා.] කීපදෙනෙකු එකතුව කරන කථාව; අල්ලාප සල්ලාපය.
කථා ස්වරූපය[නා.] කථා විලාසය.
කථාකාව්‍යය[නා.] කථාන්තරයක් වස්තු කොටගෙන ලියන ලද කාව්‍යය; කවියට නගන ලද කථාන්තරය.
කථාන්තරය1. [නා.] සැබෑ හෝ කල්පිත සිදුවීම් මාලාවක් එකට ගළපා ඉදිරිපත් කරනු ලබන විස්තරය. 2. [නා.] ඉතිහාස කථාව; පුරාවෘත්තය.
කථානායක1. [නා.ප්‍ර.] පාර්ලිමේන්තුවේ (ව්‍යවස්ථාදායකයේ) මුලසුන උසුලන පුද්ගලයාගේ නිල නාමය. 2. [නා.ප්‍ර.] යම් නිර්මාණයක (නවකථා, කෙටිකථා, චිත්‍රපට ආදියෙහි) ප්‍රධාන චරිතය හඳුන්වන නාමය.
කථාප්‍රසක්ත[වි.] කථාවෙහි ඇලුණු; කථාවට කැමති.
කථාරම්භය[නා.] නිබන්ධයක පටන් ගැනීම; ප්‍රස්තාවනාව.
කථාලීලාව[නා.] කථා කරන ආකාරය; කථා විලාසය.
කථාව, කතාව1. [නා.] අදහස් කට වචනයෙන් ප්‍රකාශ කිරීම; කියමන; පැවසීම; කථනය. 2. [නා.] ප්‍රබන්ධ කථාව; කථාන්තරය; කථා පුවත. 3. [නා.] කිහිපදෙනෙකු අතර කෙරෙන අදහස් හුවමාරුව; සාකච්ඡාව; සල්ලාපය. 3. [නා.] සමූහයක් අමතා කරන අදහස් ප්‍රකාශය; දේශනය. 5. [නා.] යම් පුද්ගලයකු හෝ පිළිබඳව පැතිරෙන ආරංචිය; කටකථාව.
කථික[වි.] කථා පවත්වන; දේශනා කරන; කථාවෙහි දක්ෂ.
කථිකශේරුකා[නා.ප්‍ර.] කොඳු ඇට පෙළේ කටී පෙදෙසට අයත් ඇට පහ.
කථිකාචාර්යයා[නා.] දේශන මඟින් උගන්වන ගුරුවරයා; උසස් අධ්‍යාපන ආයතනයක ආචාර්යවරයා.
කථිත[වි.] කියන ලද; ප්‍රකාශ කරන ලද; පැවසූ.
කථෝපකථනය[නා.] සාකච්ඡාව; දෙබස; සංවාදය.
කද1. [නා.] එක් කොනක හෝ දෙකොන්හි හෝ බර එල්ලා කර තබාගෙන යන ලීය. 2. [නා.] එසේ ගෙන යන බර; කත්බර. 3. [නා.] කරේ හෝ අතේ හෝ එල්ලා ගෙන යන කුඩා බඩුපොදිය. 4. [නා.] රාජරාජ මහාමාත්‍යාදින් හෝ නෑ හිතවතුන් හෝ හමුවීමට යන විට ගෙන යන තුටු පඬුරු; තෑගිබෝග. 5. [නා.] මධ්‍යම යුගයේ ලංකාවේ පැවති බද්දක්. 6. [නා.] වලාකුළ. 7. [නා.] ගර්භය. 8. [නා.] මඩ; කෙලෙස්. 1. [වි.] කොර; වක් වූ. 2. [වි.] ජලයෙන් තෙත් වූ.
කද පිහිනවා[ක්‍රි.] ගොයම් කරල්වලින් බොල් ඈත් කොට වී එක් රැස් කරනවා.
කද මල[නා.] වල් සතුන් ඇල්ලීමට අටවන මල පුඩුව.
කදමල්ල[නා.] (කදකින් ගෙන යෑමට තරම් විශාල වූ තෑග්ගක් යනුවෙන් වාච්‍යාර්ථයි) තෑගිබෝග රාශිය.
කදම්බ1. [නා.ප්‍ර.] මල්වතු ඔයෙහි පුරාණ නාමය. 2. [නා.ප්‍ර.] සමූහය; රාශිය; කළඹ. 3. [නා.ප්‍ර.] ජලචර පක්ෂියෙක්.
කදඹ1. [නා.] සමූහය. 2. [නා.] මඩ.
කදරිය[නා.] මසුරුකම; ලෝභකම.
කදල්ල, කැදැල්ල1. [නා.] පක්ෂීන් හෝ අන් සතුන් බිත්තර දැමීමට හෝ වාසය පිණිස සාදා ගන්නා කූඩුව; කුරුළු කූඩුව. 2. [නා.] වාසස්ථානය; නිවස.
කදලි, කදලී1. [නා.ප්‍ර.] කෙසෙල් (ගස සහ ගෙඩියේ නම). 2. [නා.ප්‍ර.] කොඩිය; ධජය. 3. [නා.ප්‍ර.] මුව විශේෂයක්; කදලි මුවා.
කදහස[ක්‍රි.වි.] කිසි දිනක; කිසි කලෙක; කවදා වත්.
කදාමැටි[නා.ප්‍ර.] කදා වළලු ආදිය සෑදීමට ගන්නා මැටි විශේෂයක්.
කදාමිණි[නා.ප්‍ර.] වීදුරු; පළිඟු.
කදාර්[නා.] අත් යන්ත්‍රයෙන් වියන ලද රළු ඉන්දියානු රෙදි.
කදාව1. [නා.] ඇස් කණ්ණාඩි, අන්වීක්ෂ ආදියට යොදන වීදුරු කාචය. 2. [නා.] වීදුරු. 3. [නා.] පළිඟු කාචය. 4. [නා.] මැටි විශේෂයක්.
කදිම1. [වි.] හොඳ; යහපත්; මනා; අගනා. 2. [වි.] අපූරු; අරුම පුදුම.
කදිරදේව[නා.ප්‍ර.] කතරගම දෙවියා.
කදිරාසනය[නා.] කතරගම දෙවියන්ගේ ආසනය; මයුරාසනය.
කදුක1. [නා.ප්‍ර.] දිය සෙවෙල්. 2. [නා.ප්‍ර.] මණ්ඩි.
කදුබොදු[නා.ප්‍ර.] කන-බොන දේ; කැවිලි-පෙවිලි.
කදුඹු[නා.ප්‍ර.] රශ්මි සමූහය; රශ්මි කදම්බය.
කදෝ1. [නා.ප්‍ර.] කණමැදිරියා; කදෝකිමියා. 2. [නා.ප්‍ර.] බ්‍රහ්මයා.
කදෝ කිමියා[නා.] කණාමැදිරියා.
කදෝ පණුව[නා.] කණාමැදිරියා.
කන1. [නා.] ශබ්දය ඇසීමට උපකාර වන ශරීරාවයවය; ශ්‍රවණේන්ද්‍රිය; එම ශරීරාවයවය හා සම්බන්ධ වන සිදුර. 2. [නා.] කෙළවර; කොන. 3. [නා.] රන්; රත්රන්; ස්වර්ණ.
කනක1. [නා.ප්‍ර.] රන්; රත්රන්; ස්වර්ණ. 2. [නා.ප්‍ර.] නාමල් රේණු. 3. [නා.ප්‍ර.] සැරසිලි විශේෂයක්; ගිනි දළු සැරසිල්ල.
කනක දාමය[නා.] රත්රන් දම්වැල.
කනක පට්ටය[නා.] රත්රනින් සාදන ලද පටිය.
කනක පර්වතය[නා.ප්‍ර.] රන් මුවා පර්වතය; මහාමේරුව.
කනකගිරි[නා.ප්‍ර.] රන් මුවා පර්වතය; මහාමේරුව.
කනකමය[වි.] රන්මුවා; රනින් සාදන ලද.
කනකර[නා.] කනෙහි සහ බෙල්ලෙහි පලඳින ආභරණ; ස්වර්ණාභරණ; ස්ත්‍රියකගේ ආභරණ කට්ටලය.
කනගාටු[වි.] දුක්මුසු; ශෝකී.
කනගාටුව[නා.] දුක්මුසුබව; ශෝකය; කනස්සල.
කනටිය(කථා.) [නා.] කුඹුරේ කෙළවර පිහිටි කුඩා ලියද්ද.
කනත1. [නා.] කනේ කෙළවර. 2. [නා.] වගා නොකළ මුඩුබිම. 3. [නා.] ළැහැබින් වැසුණු භූමිය.
කනත්ත1. [නා.] සොහොන් බිම. 2. [නා.] කැලෑ පඳුරු සහිත භූමිය; ළැහැබින් වැසුණු බිම. 3. [නා.] කෙළවර; කාන.
කනතුරු1. (කථා.) [නා.ප්‍ර.] කන්නය කෙළවරේ දී සෑදෙන ගෙඩි. 2. [නා.ප්‍ර.] නොපැසුණු ගෙඩි.
කනනවා, කනිනවා[ක්‍රි.] හාරනවා; වළක් කපනවා.
කනප්පය, කනප්පුය[නා.] අඬු තුනක් හෝ සතරක් මතුයෙහි සවි කළ මැද කණුවක් මතුපිට ලෑලි පුලුද්දා සාදා ගන්නා ගෘහ භාණ්ඩය; ටීපෝව.
කනපින්දම, කනිපින්දම(කථා.) [නා.] නොනවත්වා කරන ඇවිටිල්ල; කොඳුරමින් කරන ඉල්ලීම; බැගෑපත් ඉල්ලීම.
කනවාටිය, කන්වාටිය[නා.] රෙද්දක අයින් දෙකේ නූල් ගැලවී නොයන ලෙස දමන වාටිය; කොන් වාටිය.
කනවැන්දුම[නා.] කල වයස ගතවීත් විවාහ නොවී සිටීම.
කනවැන්දුම්1. [වි.] පුරුෂයා හෝ භාර්යාව මිය ගිය. 2. [වි.] පුරුෂයා අතහැර ගොස් ඇති බැවින් තනි ව වෙසෙන. 3. [වි.] නීති ප්‍රකාර විවාහ වී නැති එහෙත් පුරුෂයා සමග භාර්යාවක වශයෙන් වාසය කරන.
කනස්සල්ල[නා.] කනගාටුව; දුක්වීම; පශ්චාත්තාපය.
කනහිරාව[නා.] කරදරය; කරච්චලය.
කන් අඩිය[නා.] කනේ අභ්‍යන්තරය; කනේ පතුල.
කන් ගන්නවා[ක්‍රි.] සවන් ඇද ගන්නවා; සවන් පිනවනවා.
කන් ගලනවා[ක්‍රි.] සාවධාන ව අසනවා; කන් යොමු කරනවා.
කන් බිලය[නා.] කනෙහි පිහිටි සිදුර.
කන් බෙරය[නා.] ශබ්දය පතුරුවා හැරීම පිණීස කනෙහි පිහිටි කුහරය; කර්ණ පටහය; මැද කනෙහි කුහරය.
කන් යොමුව(පාරිභා.) [නා.] පරිගණක, ජංගම දුරකථන ආදි උපකරණ භාවිතයේ දී බාහිර ව නොඇසෙන සේ හඬ ශ්‍රවණය කිරීම සඳහා කනට සම්බන්ධ කෙරෙන උපකරණය (=ear phone).
කන් සක1. [නා.] කන් පෙත්ත; බාහිර කන; කන්සය. 2. [නා.] ඇතුළු කන; කන්අඩිය.
කන්කඳුරු, කන්කෑඳුරු[නා.ප්‍ර.] කන තුළ හටගන්නා ඉටි වැනි මැලියම්; කලාඳුරු.
කන්කරච්චලය[නා.] කෑකෝ ගැසීම; ගාලගෝට්ටිය; ඝෝෂාව.
කන්කලු[වි.] කනට මිහිරි; ඇසීමට ප්‍රිය; කර්ණරසායන.
කන්කෙඳිරිය1. [නා.] නිතර නිතර කරන කන්නලව්ව; ඇවිටිල්ල; බැගෑපත් ඉල්ලීම. 2. [නා.] අකමැත්ත හෝ අසතුට හඟවන කෙදිරිල්ල; මැසිවිල්ල.
කන්ත[වි.] සිත් අලවන; කාන්ත වූ; ප්‍රිය වූ.
කන්තරාව, කන්දරාව[නා.] රාශිය; සමූහය; සම්භාරය.
කන්තලය[නා.] (ඇතාගේ) පිටකන; ඇතාගේ කන්පෙත්ත.
කන්තාරු[නා.ප්‍ර.] (රෝ.ක.) දේව මෙහෙයවල දී ගයන ගීතිකා; පල්ලියේ ස්තෝත්‍ර ගීතිකා.
කන්තු[නා.ප්‍ර.] හෘදය; හදවත.
කන්තුක[වි.] හෘදය පිළිබඳ වූ; හදවතට අයත්.
කන්තොල්ල1. (කථා.) [නා.] මාළුවෙකුගේ කරමල වැසී තිබෙන පියනක් වැනි කොටස. 2. [නා.] දුම්කොළ ආදියේ නැට්ට හරියේ ඇති කොළ කැබලි වැනි කොටස. 3. [නා.] උදලු තලේ පැත්තක් ගෙවීම නිසා අනික් පැත්තේතොල්ලක් මෙන් ශේෂ වූ කොටස.
කන්තෝඩු[නා.ප්‍ර.] කනෙහි පළඳින ආභරණ.
කන්තෝරුව[නා.] කාර්යාලය; ආයතනය.
කන්ද1. [නා.ප්‍ර.] උස් භූමි ප්‍රදේශය; පර්වතය. 2. [නා.ප්‍ර.] රාශිය; ගොඩ; සමූහය. 3. [නා.ප්‍ර.] බුදු දහම අනු ව සත්ත්ව ජීවිතය නිර්මාණය වී ඇති ධර්ම සමූහය; ස්කන්ධය; පංචස්කන්ධය. 4. [නා.ප්‍ර.] ඇතැම් ගස්වැල්වල මහත් ව වැඩෙන මුල හෝ දණ්ඩ; අලය.
කන්දක[නා.ප්‍ර.] ලූනු ආදි ශාකවල පොළව යට වූ කඳ; බල්බය.
කන්දකුමාර[නා.ප්‍ර.] කතරගම දෙවිඳු; ස්කන්ධ කුමාරයා.
කන්දනය[නා.] හැඬීම; වැලපීම; විලාප කීම.
කන්දර1. [නා.ප්‍ර.] නැවක නියමුවා. 2. [නා.ප්‍ර.] ගිරිලෙන; පර්වත කුහරය; ගුහාව. 3. [නා.ප්‍ර.] කඳු අතරින් ගලන කුඩා දිය ඇළ; දොළ; ගිරිකඳුර. 4. [නා.ප්‍ර.] ඇතුන් මෙහෙයවන හෙණ්ඩුව. · 5. [නා.ප්‍ර.] කුෂ්ඨ රෝග විශේෂයක්.
කන්දර්ප1. [නා.ප්‍ර.] අනංගයා; කාම දෙවියා; කඳපා. 2. [නා.ප්‍ර.] පෙරදිග සංගීත ශාස්ත්‍රයෙහි තාල විශේෂයක නාමය.
කන්දල[වි.] පහත් හෝ මෘදු ස්වරයෙන් යුත්.
කන්දලිත[වි.] පිබිදුණු; ප්‍රබුද්ධ වූ.
කන්දුකය[නා.] පන්දුව; ක්‍රීඩා කිරීමට ගන්නා බෝලය.
කන්දොස්කිරියාව1. [නා.] නිතර ඇවිටිලි බස් කීම නිසා ඇති කරදරය. 2. [නා.] කරච්චලය; හිරිහැරය; ඝෝෂාව.
කන්ධරය1. [නා.] බෙල්ල; ග්‍රීවය. 2. [නා.] වලාකුළ.
කන්න1. [නා.] ගොවිතැන් කරන වාරය; යල හෝ මහ. 2. [නා.] කොන; කෙළවර. 3. [නා.] යම් තුඩක් වැදී නො ගැලවී පැවතීම සඳහා වන ග්‍රාහක තුඩ.
කන්නංගුරුවා1. [නා.] තල්පත් ආදියෙන් සාදා ගන්නා හුළං පෙත්ත. 2. [නා.] කරණම. 3. (කථා.) [නා.] කන අගුල් වැටීම.
කන්නඩි කුට්ටම, කන්නාඩි කුට්ටම[නා.] ඇසේ දමන කන්නාඩිය; උපැස් යුවළ.
කන්නඩිය, කන්නාඩිය1. [නා.] ඡායාව පිළිබිඹු කරන සිනිඳු වීදුරු තලය; කැඩපත; දර්පණ තලය. 2. [නා.] උපැස් යුවළ; ඇස් කන්නාඩිය.
කන්නලවුව1. [නා.] බැගෑපත් ඉල්ලීම; ආයාචනාව; අඳෝනාව. 2. [නා.] දෙවියන් ඉදිරියේ කරන ඇවිටිල්ල.
කන්නි1. [නා.ප්‍ර.] කන්‍යාව. 2. [නා.ප්‍ර.] රාශි චක්‍රයේ හයවන රාශිය; කන්‍යා රාශිය.
කන්නි රැස[නා.] කන්‍යා රාශිය.
කන්නිමරියා[නා.ප්‍ර.] ක්‍රිස්තුස් වහන්සේගේ මවගේ නාමය.
කන්නිය1. [නා.] හරකුන් ඇල්ලීම සඳහා බානේ කෙළවර ගසන තොණ්ඩුව; බාන් පුඩුව. 2. [නා.] කඹ හෝ කෝටු කැබැල්ල.
කන්පට[නා.ප්‍ර.] කන්පෙත්ත; පිටකන; බාහිර කර්ණිකාව.
කන්පත[නා.ප්‍ර.] කන්පෙත්ත; කර්ණිකාව; හිස දෙපස පහතින් පිහිටි කන් වැනි වූ වරල් පත.
කන්මල1. [නා.] කන්පෙත්තෙහි වූ සිදුර; කර්ණ පාශය. 2. [නා.] කලාඳුරු.
කන්මුල1. [නා.] කනෙහි මුල; කන සමීපය. 2. [නා.] කම්මුල ප්‍රදේශය; කපෝලය.
කන්රොඹු[නා.ප්‍ර.] කනෙහි ඇති ලොම්; කර්ණ රෝම.
කන්වයින, කන්වැයින[නා.] හිස තබන කොට්ටය; බිම්බෝහනය.
කන්වායා, කවෑයා[නා.] කන තුළට වැදී රෝග ඇති කරන බවට විශ්වාස කෙරෙන ශතපදි ගණයට අයත් කුඩා සත්ත්ව විශේෂය.
කන්වැල1. [නා.] එල්ලෙන කන්පෙත්ත: බර වූ කුණ්ඩලාභරණ පැලඳීමෙන් කන් සිදුර විශාල වී එල්ලෙන කන්පෙත්ත. 2. [නා.] කර්ණාභරණ විශේෂයක්. 3. [නා.] ගොක්කොළවලින් මුදු සාදා දම්වැලක් මෙන් එක් කොට කරන සැරසිල්ල. 4. [නා.] වියන ලද පෙට්ටියක කට වටේ යොදන වැල. 5. [නා.] මාළුවකුගේ බඩවත පැත්තෙන් කැපූ පෙත්ත.
කන්විත1. [නා.] ඇතුන් ලවා ලී කොටන් ඇද්දවීම සඳහා දම්වැල යෙදීමට ලී කොටන් කෙළවර විදින සිදුර. 2. [නා.] ඔරු කොල්ලෑවේ විදින සිදුර.
කන්සය[නා.] කන සමීපය; කම්මුල.
කන්සරි[වි.] සමාන උසැති; එක ම තත්ත්වයෙන් යුත්; සමාන.
කන්සරිය[නා.] ඇසෙන දුර ප්‍රමාණය; සමීප බව.
කන්සවරිය[නා.] ඇතුන්ගේ කන්හි බඳින අලංකාරයක්; කර්ණචාමරය.
කන්සිදුර[නා.] කනට හඬ ගෙන යන සිදුර; කර්ණඡිද්‍රය.
කන්සිළ[නා.] කන්පෙත්තේ උඩ කොටස; කර්ණ ශිඛාව.
කන්හැන්ද[නා.] කනෙහි කලාඳුරු ශුද්ධ කිරීමට පාවිච්චි කරන ලෝහමය කුඩා හැන්ද.
කන්‍යා1. [නා.ප්‍ර.] වැඩිවියට නොපැමිණි දැරිය. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] රාශි චක්‍රයේ හය වැනි රාශිය. 3. [නා.ප්‍ර.] කෝමාරිකා.
කන්‍යා සහෝදරිය[නා.] ක්‍රිස්තියානි ආගමට කැප වී කන්‍යාරාමයක වෙසෙන අවිවාහක කාන්තාව.
කන්‍යාරාමය[කන්‍යා+ආරාමය] [නා.ප්‍ර.] ක්‍රිස්තු ධර්මයට කැප වූ කන්‍යා සහෝදරියන් වාසය කරන ආශ්‍රමය; කන්‍යාමඩම.
කනා[නා.ප්‍ර.] රත්රන්; කනක. [වි.] රනින් කළ; ස්වර්ණමය.
කනාපෙද[නා.] රත්රන් තෝඩුව; ස්වර්ණමය කර්ණාභරණය.
කනාමෙර[නා.] රන්මුවා පර්වතය; කනක මේරුව.
කනිච්චිය(කථා.) [නා.] තෙල් ආදිය වැක්කිරීමට භාවිත කරන කෙමියක් සහිත කුඩා භාජන විශේෂයක්.
කනිටු, කනිෂ්ඨ1. [වි.] වයසින් අඩු; ළාබාල; පවුලක දරුවන් අතරෙහි අඩු ම වයස් ඇති. 2. [වි.] තත්වයෙන් හෝ සේවයෙන් හෝ සේවා කාලයෙන් අඩු; සුළු.
කනින්-කොනින්(කථා.) [ක්‍රි.වි.] එතැනින් මෙතැනින්; එහෙන් මෙහෙන්.
කනීනිකාව[නා.] ඇසේ තාරා මණ්ඩලය මැද ඇති කවාකාර විවරය; කළු ඉංගිරියාව.
කනීල්1. [නා.ප්‍ර.] රනින් කළ දෝලාව. 2. [නා.ප්‍ර.] රන් උංචිල්ලාව. 3. [නා.ප්‍ර.] සිංහල සිවුපද විරිතක නාමය.
කනුකුනුව[නා.] බැගෑපත් ලෙස කරන ඉල්ලීම; කන් කෙඳිරිය.
කනුමස, කනුමහ(කථා.) [නා.] නිය පොත්ත දෙපැත්තේ ඇති සියුම් හම.
කඳ1. [නා.ප්‍ර.] ගසක මුල හා අතු පතර හැරුණු විට ඉතිරි ප්‍රධාන කොටස; ස්කන්ධය. 2. [නා.ප්‍ර.] හිස සහ අත්පා හැර සිරුරෙහි ඉතිරි කොටස; ශරීරය. 3. [නා.ප්‍ර.] කර; උරහිස; දසරුව. 4. [නා.ප්‍ර.] ගසක ලොකු අත්ත; මහා ශාඛාව. 5. [නා.ප්‍ර.] සමූහය; රාශිය; ගොඩ. 6. [නා.ප්‍ර.] කන්ද; පර්වතය. 7. [නා.ප්‍ර.] කොටස; භාගය. 8. [නා.ප්‍ර.] කතරගම දෙවියන්; ස්කන්ධ කුමාරයා.
කඳ කටුව1. [නා.] ලී ලියවීමේදී වඩුවන් පාවිච්චි කරන තියුණු යකඩ කටුව. 2. (කථා.) [නා.] කිතුල් ගසේ කඳින් එන අන්තිම මල.
කඳ කොළ[නා.] බුලත් වැලේ කඳ කොටසෙහි සෑදෙන කොළ.
කඳ බර[නා.] සත්ත්වයාගේ පංචස්කන්ධය නමැති බර; ස්කන්ධ භාරය.
කඳකලව(කථා.) [නා.] පාදයේ ඉකිළිය හා දණහිස අතර කොටස.
කඳකුමර, කඳකුමරු[නා.ප්‍ර.] කතරගම දෙවිඳු; ස්කන්ධ කුමාරයා.
කඳපා[නා.] කාමදේවයා; අනංගයා; කන්දර්පයා.
කඳපිළිවෙළ[නා.] පෙර විසූ ආත්මභාවවල අනුපිළිවෙළ.
කඳයුරු1. [නා.ප්‍ර.] සෙනඟ නැවතී සිටින ස්ථානය; සේනාව ලැගුම් ගන්නා තැන; කඳවුර. 2. [නා.ප්‍ර.] තරමක් උස තාවකාලික ආරක්ෂා පවුර.
කඳර1. [නා.] ගලනාලය; උගුරු දණ්ඩ. 2. [නා.] බෙල්ල; ග්‍රීවය.
කඳලාරුව[නා.] සීලිමෙහි එල්ලන අලංකාර පොකුරු පහන.
කඳවුර1. [නා.] සෙනඟ ලැගුම් ගන්නා තැන. 2. [නා.] ආරක්ෂක අංශ රඳවා තබා ඇති ස්ථානය. 3. [නා.] බළකොටුව. 4. [නා.] රාජධානිය.
කඳවුරු කුලය[නා.] සිංහල රාජ වංශයක්; ස්කන්ධාවාර වංශය.
කඳවුරු බඳිනවා1. [ක්‍රි.] තාවකාලික ලෙස වාසය කිරීම පිණිස මඩු, කූඩාරම් ආදිය බැඳ ගන්නවා. 2. [ක්‍රි.] යුද සෙනඟක් වාඩි ලා ගන්නවා.
කඳසුර[නා.ප්‍ර.] කඳ කුමරා; කතරගම දෙවි.
කඳළ[නා.] ඇසින් වැගිරෙන කඳුළ.
කඳු1. [නා.ප්‍ර.] අවට පහත් බිම මතින් නැගෙන උස් වූ භූමි ප්‍රදේශය; කඳුවැටි; පර්වත. 2. [නා.ප්‍ර.] (ගං) ඉවුර. 3. [නා.ප්‍ර.] අත්ත; ශාඛාව. 4. [නා.ප්‍ර.] සමූහය; රාශි; ගොඩ. 5. [නා.ප්‍ර.] ගස් වැල්වල බල්බයක් මෙන් මහත් ව වැඩෙන මුල හෝ අලය. 6. [නා.ප්‍ර.] ග්‍රන්ථ පරිච්ඡේදය; ඛන්ධක. 7. [නා.ප්‍ර.] රූප වේදනාදි ස්කන්ධ.
කඳු ගැටය[නා.] කුඩා කන්ද.
කඳු බෑවුම[නා.] කන්දෙහි බැස්ම ඇති පැත්ත; කඳුපල්ලම.
කඳු රැළිය1. [නා.] නිම්නයක් දිගේ ගලා බස්නා දිය පහර; කුඩා දිය ඇල්ල. 2. [නා.] මඩ වගුරු සහිත බිම් පෙදෙස; ගොහොරු බිම.
කඳු වැටිය[නා.] එකට පිහිටා ඇති කඳු පේළිය; කඳු පන්තිය.
කඳුකර[වි.] උස් බිම් සහිත; කඳු සහිත. [නා.] උස් බිම් සහිත ප්‍රදේශය; කඳු රැසකින් යුත් පළාත; කඳුකර ප්‍රදේශය.
කඳුර1. [නා.] කඳු අතර වූ දෙණිය; නිම්න භූමිය. 2. [නා.] කඳු අතර මඩවගුරු සහිත බිම් පෙදෙස. 3. [නා.] කන්දකින් රූරා වැටෙන කුඩා දියපාර; දොළ; දියකඳුර.
කඳුරට1. [නා.] කඳුවලින් ගැවසී ගත් ප්‍රදේශය; කඳුකරය. 2. [නා.] (ශ්‍රී ලංකාවේ) උඩරට ප්‍රදේශය; උඩරට රාජධානිය.
කඳුවැහි[නා.ප්‍ර.] බාධක ව පිහිටි උස් කඳුකරයක් නිසා වාෂ්පයෙන් බර සුළඟ ඉහළට නැඟීමෙන් ඇතිවෙන වැස්ස.
කඳුළ1. [නා.] අධික ප්‍රීතිය, ශෝකය, වේදනාව වැනි හැඟීම් නිසා ඇසෙන් වැගිරෙන ද්‍රව බින්දුව; නේත්‍ර ජලය. 2. [නා.] බින්දුව; ස්වල්පය.
කඳුළුගෑස්[නා.ප්‍ර.] ඇසට වැදීමෙන් දැවිල්ල ඇති කොට පෙනීම තාවකාලික ව නැති කරන වායු විශේෂයක් (=tear gas).
කඳේ වැටෙනවා(කථා.) [ක්‍රි.] ඉතා මිත්‍ර ලීලාවෙන් කතාවේ වැටී සිටිනවා.
කප1. [නා.] ප්‍රමාණය මෙතෙකැයි ගිනීමට ඉතා අපහසු වූ දීර්ඝ කාලපරිච්ඡේදය; කල්පය. 2. [නා.] ආගමික උත්සවයක් ආරම්භයේ දී දේව ප්‍රතිඥාවක් හෝ කැපවීමක් හඟවනු සඳහා විශේෂයෙන් පිළියෙල කොට සිටුවනු ලබන කණුව හෙවත් ටැඹ. 3. [නා.] සෙම.
කපට[වි.] රැවටිලි ගතියෙන් යුත්; මායාකාර; වංචාකාර; ප්‍රයෝගකාර.
කපටයා, කපටියා[නා.] රැවටිලි ගතියෙන් යුත් පුද්ගලයා; අන්‍යයන් රැවටීමෙහි යෙදෙන්නා.
කපණ[වි.] දිළිඳු; දුප්පත්; දුගී.
කපණද්ධික[නා.ප්‍ර.] දුගී දුප්පත්; දිළිඳු අය සහ මඟියෝ.
කපණයා[නා.] දිළින්දා; දුප්පතා.
කපත[කප්+අත] [නා.] කල්පයෙහි අවසානය; කපෙහි කෙළවර; කල්පාන්තය.
කපන කටුව[නා.] කළුගල්, කොන්ක්‍රීට්, ලෝහ යනාදිය කැපීම සඳහා පාවිච්චි කරනු ලබන උපකරණ විශේෂයක්.
කපන දත්[නා.බහු.] මුඛයෙහි ඉදිරි දත්; උඩු ඇන්දේ ඉස්සරහ දත් හතර හා යටි ඇන්දේ ඉස්සරහ දත් හතර; කෘන්තක දන්ත.
කපනවා1. [ක්‍රි.] (යම් ආයුධයකින් හෝ උපකරණයකින්) කැබලි කරනවා; ඡේදනය කරනවා; සිඳිනවා. 2. [ක්‍රි.] දෙපසට වෙන් කරනවා; දෙකට බෙදනවා. 3. (කථා.) [ක්‍රි.] (මැල්ලුම් ආදිය) සිහින් ව ලියනවා. 4. (කථා.) [ක්‍රි.] ක්‍රියා විරහිත කරනවා; අවලංගු කරනවා; ප්‍රතිඵල රහිත කරනවා. 5.(කථා.) [ක්‍රි.] (නාම ලේඛනයකින් යම් කිසිවකුගේ නම් ආදිය) ඉවත් කරනවා; බැහැර කරනවා. 6. [ක්‍රි.] (පාරක් හෝ උළු ගඩොල් ආදිය සම්බන්ධයෙන් යෙදේ) තනනවා; සකසනවා. 7. [ක්‍රි.] කනිනවා; හාරනවා. 8.(කථා.) [ක්‍රි.] ලී, කළුගල් ආදියෙන් යම් රූප හැඩ ගස්වනවා; නෙළනවා. 9. (කථා.) [ක්‍රි.] අන් අය කෙරෙහි අහිතකර අන්දමින් බලපෑම් කරනවා; තනතුරු සුදුසුකම් ආදියට බලපෑම් කරනවා. 10. (කථා.) [ක්‍රි.] විනාශය ඇති කර ගන්නවා.
කපරාරුව, කපරාදුව, කපරාලුව1. [නා.] වැලි, මැටි, හුණු, සිමෙන්ති ආදියෙන් පිළියෙල කරගත් බදාමය. 2. [නා.] එබඳු බදාම ආලේපය.
කපල1. [නා.] පාත්‍ර කැබැල්ල; වළන් කැබැල්ල. 2. [නා.] හිස් කබල; ඔළු කටුව. 3. [නා.] ඉබි, කැස්බෑ ආදි සතුන්ගේ පිට කටුව.
කපල්ල, කපොල්ල[නා.] අඛණ්ඩ ව දිවෙන කඳු වැටි, ප්‍රාකාර, වැට ආදි දෙයක් දෙකඩ කරන පහත් හිස් විවරය.
කප්1. [නා.ප්‍ර.] වෛදික යාග විධි හා ක්‍රම විස්තර කෙරෙන ශාස්ත්‍රය. 2. [නා.ප්‍ර.] සිතීම; කල්පනය; සංකල්පය. 3. [නා.ප්‍ර.] කම්පනය; චංචලවීම. [වි.] කැප; සුදුසු; යහපත්.
කප් ඉන්දනවා[ක්‍රි.] කමතක ගොයම් පෑගීමේදී හෝ බලිතොවිල් මගුල් ආදි විශේෂ කරුණු අරබයා මණ්ඩප ඉදි කිරීමේදී විශේෂයෙන් පිළියෙල කරන ලද ටැඹක් සිටුවනවා.
කප් කෙළ1. [නා.] එනම් සංඛ්‍යාව; කල්ප කෝටිය. 2. [නා.] කල්පයේ කෙළවර.
කප් ගින්න[නා.] කල්පාන්තයේ දී ඇති වන ගින්න; කල්පාග්නිය.
කප් තුර[නා.] දෙව්ලොව ඇතැයි කියනු ලබන සිතූ පැතූ සම්පත් දෙන වෘක්ෂය.
කප් පට1. [නා.] කප් සිටුවා පුද පූජා පැවැත්වීමට දින නියම කොට, කරේ හෝ බාහුවේ බඳවා ගන්නා නූල්පට; කප්නූල. 2. [නා.] දිරා ගිය රෙදි කැබැල්ල; රෙදි කඩමාල්ල.
කප් රුක[නා.] කල්ප වෘක්ෂය.
කප් ලිය[නා.] කල්ප ලතාව.
කප්පකන්නී[නා.] පුරුෂයකු හා සමග පරස්ත්‍රියක සම්භෝගයෙහි යොදවන ස්ත්‍රිය; කුට්ටනිය.
කප්පම්1. [නා.ප්‍ර.] යම් පුද්ගලයකු හෝ වටිනාකමින් යුත් යම් ද්‍රව්‍යයක් පැහැරගෙන නිදහස් කිරීම සඳහා ඒ වෙනුවෙන් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය දෙයක් බලාපොරොත්තුවීම. 2. [නා.ප්‍ර.] යම් අයෙකුගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා මූල්‍යමය හෝ ද්‍රව්‍යමය දෙය. 3. [නා.ප්‍ර.] නතු බව පිළිගැනීම වශයෙන් යටත් රජකු හෝ රජයක් විසින් වෙනත් රජයකට හෝ රජෙකුට ගෙවන මුදල්, භාණ්ඩ යනාදිය.
කප්පර1. [නා.ප්‍ර.] මුහුදු යාත්‍රාව; නැව. 2. [නා.ප්‍ර.] කප්පර යාත්‍රාවක් පුරා පැටවිය හැකි තරම් භාණ්ඩ ප්‍රමාණය. 3. [නා.ප්‍ර.] විශාල ප්‍රමාණය.
කප්පාදුව1. [නා.] කපා හැරීම; අඩු කිරීම. 2. [නා.] අතුරිකිලි මුල් ආදිය කපා දැමීම; දලු ලෑම සඳහා නියමිත කාලය ඇතුළත තේ ගස් කැපීම. 3. [නා.] බීජෝත්පාටනය; අණ්ඩ පොඩි කිරීම; කර ඇඹීම.
කප්පාස[නා.ප්‍ර.] කපු; කපු පුළුන්.
කප්පාසම්බර[කප්පාස+අම්බර] [නා.ප්‍ර.] කපු පුළුන්වලින් කරන ලද වස්ත්‍රය; කපුපිළිය.
කප්පි කාණ්ඩය(පාරිභා.) [නා.] එක් අක්ෂ දණ්ඩක් වටේ කරකැවෙන සේ යොදා ඇති කප්පි සමූහය.
කප්පිත[වි.] සිතූ; අපේක්ෂිත; කල්පිත.
කප්පිත්තා1. [නා.] නායකයා; ප්‍රධානයා. 2. [නා.] නැවක් භාර ව සිටින නිලධාරියා; නැව්පතියා.
කප්පිය[නා.] දම්වැලක් හෝ කඹයක් යොදා ගැනීමට හැකි පීල්ලක් සහිත දාරයක් ඇති රෝදය; පුලිය; බොලොක්කය. [වි.] කැප; සුදුසු; යෝග්‍ය; විනයානුකූල.
කප්පියභාණ්ඩ[නා.ප්‍ර.] භික්ෂූන් වහන්සේට ප්‍රයෝජන ගැනීමට කැප බඩු.
කප්පිල්, කබපිල්1. [නා.ප්‍ර.] මොනර පිහාටුව. 2. [නා.ප්‍ර.] මොනරා.
කප්පිලි මූට්ටුව[නා.] (පෙට්ටි වැනි භාණ්ඩ සෑදීමේ දී) ලෑලි දෙකක් සන්ධි කරන මූට්ටු විශේෂයක්; කට්ට මූට්ටුව.
කපාටය1. [නා.] දොර; දොරපලුව. 2. [නා.] හෘත්කෝෂිකාවෙන් හෘත්කර්ණිකාවට රුධිරය ආපසු ගලා ඒම වළක්වන කොටස.
කපාල කුහරය(පාරිභා.) [නා.] හිස්කබල ඇතුළත වූ කුහරය (=cranial cavity).
කපාල කූඩුව1. [නා.] හිස්කබල. 2. [නා.] යකැදුරා දපන කූඩුව.
කපාල කේතුව[නා.] අශුභඵල ඇති කරතැයි සැලකෙන වල්ගාතරු විශේෂයක්.
කපාල ස්නායු(පාරිභා.) [නා.බහු.] හිස හා සම්බන්ධ ඇස්, කන් ආදි ඉන්ද්‍රියයන් මොළයට සම්බන්ධ කරන ස්නායු (=cranial nerves).
කපාලය1. [නා.] ඉස්කබල; ඔළුකටුව. 2. [නා.] (ආහාර ආදිය ඉල්ලා ගැනීම සඳහා යාචකයකු ගෙන යන) කඩ කබල. 3. [නා.] භික්ෂුවකගේ ආහාර ලබාගන්නා පාත්‍රය. 4. [නා.] ගෙඩි ආදියේ තද පිට කට්ට. 5. [නා.] කපාල කුෂ්ඨය; හිසේ හට ගැනෙන කුෂ්ඨ රෝගයක්. 6. [ප්‍ර. යෙදේ] සමබල ඇති දෙදෙනකුගේ එක්වීම සංඛ්‍යාත ගිවිසුම.
කපාලාස්ථි1. [නා.ප්‍ර.] ශරීරයේ ඇති පස්වැදෑරුම් වූ ඇට වර්ගවලින් එකක්. 2. (පාරිභා.) [නා.ප්‍ර.] ඉස්කබල.
කපි1. [නා.ප්‍ර.] වඳුරා; වානරයා. 2. [නා.ප්‍ර.] තුවරලා.
කපිඤ්ජර[නා.ප්‍ර.] කෑඳැත්තා.
කපිතන්1. [නා.ප්‍ර.] යුද බළ ඇණියක හෝ බලකොටුවක නිලධාරියා; අණදෙන නිලධාරියා. 2. [නා.ප්‍ර.] නැවක් භාරව සිටින නිලධාරියා.
කපිනිද්‍රාව[නා.] (වඳුරු නිද්‍රාව යනු වාච්‍යාර්ථයි) ඇස පියවෙනවාත් සමග ම ඇහැරෙමින් නිදාගන්නා වූ අඩ නින්ද.
කපිරිඤ්ඤ, කප්‍රිඤ්ඤ[නා.ප්‍ර.] ලංකාවේ ජීවත්වන පෘතුගීසි සහ කාපිරි මිශ්‍ර සම්භවයකින් පැවත එන ජනයා අතර පවතින රංගනය හා මිශ්‍ර වූ ගායනා විශේෂයක්.
කපිල[නා.ප්‍ර.] දුඹුරු වර්ණය; ගුරුපාට; රත්රන් පාට.
කපිලෝහ[නා.ප්‍ර.] ලෝහ වර්ගයක නාමය; පිත්තල.
කපිශීර්ෂය1. [නා.] පැරණි ගෘහවල දොර අගුල වැටීම සඳහා උළුවහු කණුවේ සවි කොට තිබුණු වඳුරු හිසක් වැනි සිදුරක් සහිත ලී උපකරණය. 2. [නා.] තාප්ප මුදුන; ප්‍රාකාර මස්තකය.
කපු1. [නා.] රෙදි විවීමට ගන්නා නූල් සාදන පුළුන්. 2. [නා.] ඒවා ලබාදෙන ගස.
කපු කටිනවා[ක්‍රි.] කපු පුළුන් නූල් බවට පෙරළනවා.
කපුපිළි[නා.ප්‍ර.] කපු නූලෙන් වියන ලද රෙදි; කපු වස්ත්‍ර.
කපුවම්[කපු+කම්] [නා.ප්‍ර.] කපු කර්මාන්තය; කපු කැටීම ආදි කටයුතු.
කපුවා1. [නා.] දේවාලවල හා තොවිල්වල යාතිකා කිරීම ආදි ආවතේව කරන්නා; දේව මෙහෙවර කන්නා; කපුරාළ. 2. [නා.] ආවාහ-විවාහ යෝජනා කිරීම වෘත්තිය වශයෙන් කරන තැනැත්තා. 3. [නා.] දැළි රැවුළු කපන්නා; කරනැවෑමියා; රජුන්, කුමරුන් ආදින්ගේ දැළිරැවුළු කපා නහවා ඇඳුම් ඇන්දවූ තැනැත්තා. 4. [නා.] දෙපක්ෂයක් අතර සම්බන්ධය ඇති කරන අතරමැදියා.
කපොල[වි.] සැලෙන; කම්පාවෙන; කම්පිත.
කපෝත පාලිකා, කපෝත පාලි[නා.ප්‍ර.] කොබෝ ගෙඩි වළල්ල; විටංකය.
කපෝති(කථා.) [වි.] ඉවර; අවසන්; මුළුමනින් ම පැරදුණු; විනාශ වූ.
කපෝතිය1. [නා.] කඩදාසි කුට්ටමෙන් සෙල්ලම් කිරීමේ දී වාසි අට ම ජයග්‍රාහකයාට හිමිවීම; පරාජිතයාට එක වාසියක් හෝ ගත නොහැකි වීම. 2. [නා.] විනාශය; අවසානය; මරණය.
කපෝල කල්පිතය[නා.] තර්කානුකූල නොවූ මතය; බුද්ධි ගෝචර නුවූව; හිතලු කථාව.
කපෝලය1. [නා.] කම්මුල; කොපුල් තලය. 2. [නා.] දෙකම්මුල පිම්බෙන තරම් කට පිරෙන්නට ගත් ද්‍රව්‍යයක ප්‍රමාණය; කටට අල්ලන ප්‍රමාණය.
කඵ[නා.ප්‍ර.] සෙම; ශ්ලේෂ්මය.
කඵෝදරය[නා.] සෙම් අධික වීම නිසා හට ගන්නා උදර රෝගයක්.
කබ1. [නා.ප්‍ර.] ඇසින් පිට වන අපවිත්‍ර දෙය. 2. [නා.ප්‍ර.] කොටස; කැබැල්ල; අර්ධය. 3. [නා.ප්‍ර.] අඩ සඳ. 4. [නා.ප්‍ර.] අතේ පලඳින වළලු විශේෂයක්.
කබන්ධය, කවන්ධය1. [නා.] හිස සුන් මළකඳ. 2. [නා.] හිස කපන ලද එහෙත් තවමත් ක්‍රියා සහිත වූ මළකඳ.
කබන්ධයා[නා.] රාහු ග්‍රහයා.
කබබ[නා.ප්‍ර.] වර්ෂා පොළොවෙන් මතු වන රතුපාට කාලයේ කීට වර්ගයක් හෝ පළඟැටි විශේෂයක්; ඉන්දුගෝපකයා; රතිඳුගොව්වා.
කබර1. [නා.ප්‍ර.] ලප; පුල්ලි. 2. [නා.ප්‍ර.] හමේ සුදු ලප ඇති වන රෝගයක්. [වි.] කබර සහිත.
කබරමාණික්‍ය[නා.ප්‍ර.] කොරල්; පබළු.
කබල1. [නා.] මැටි භාජනය; වළඳ; පාත්‍රය. 2. [නා.] ධාන්‍ය, ඖෂධ ආදිය බැද ගැනීම සඳහා පාවිච්චි කරන භාජනය; සුවඳ දුම් ඇල්ලීම සඳහා එහි අඟුරු දමන භාජනය; දුම් කබල. 3. [නා.] ඔළු කටුව; ශීර්ෂ කපාලය. 4. [නා.] ඉදිබු ආදි සතුන්ගේ හෝ බිත්තරවල කටුව; කොස් ඇට ආදි ඇටවල පිට පොත්ත හා පොල් ආදි ගෙඩිවල පිටකටුව. 5. [නා.] ඉරි තැළුණු අබලන් වළඳ; වළං කැබැල්ල. 6. [නා.] තුවාලයක් මතුපිට සෑදෙන පොත්ත; කබොල්ල. 7. [නා.] ගසක් හෝ ලීයක් දිරායෑමෙන් එහි සෑදුණු සිදුර; ගස් බෙණය. 8. [නා.] අබලන් වූ හෝ ගෙවී ගිය යන්ත්‍රය හෝ අන් දෙය. 9. [නා.] එක් වරකට කටට අල්ලන ආහාර ප්‍රමාණය; අහර කට.
කබලග්‍රහය1. [නා.] විශේෂයෙන් බෙහෙත් වතුරකින් කට හෝ උගුර සේදීම. 2. [නා.] බර කිරීමට පුරාණයෙහි ගැනුණු කළං තුනක මිම්මක්.
කබල්1. [වි.] පරණ වූ. 2. (කථා.) [වි.] පහත්; නීච.
කබල් කරනවා[ක්‍රි.] කටට අල්ලන ප්‍රමාණයට කොටස් කරනවා; පිඬු කරනවා.
කබලිකා1. [නා.ප්‍ර.] ඉඟුරු, කුළු බඩු ආදිය විශාල ප්‍රමාණයක් යොදා සිඳුවා ගත් කෂාය. 2. [නා.ප්‍ර.] තුවාලයකට බෙහෙත් දමා උඩින් වසන ඝන රෙදි කැබැල්ල.
කබලිඞ්කාර[වි.] කබලු හෙවත් පිඬු වශයෙන් අනුභව කරන.
කබලිඞ්කාර ආහාරය[නා.] කබලු හෙවත් පිඬු වශයෙන් බුදින බත් කොමු ආදි ආහාරය; චතුර්විධ ආහාරයන්ගෙන් එකක්.
කබලිය[නා.] අඟුරු කබල.
කබලු පූව[නා.] පිටිවලින් තනා, තෙලෙන් බැද ගන්නා කැවිලි විශේෂයක්.
කබලේරිය[නා.] කෘත්‍රිමව සාදා ගත් කෙස් වැටිය; බොරු කොණ්ඩය.
කබළිය[නා.] ජනේලය; කවුළුව.
කබා අළුව[නා.] කබා එල්ලන උපකරණය; කෝට් උඩහල්ල.
කබාකුරුත්තුව[නා.] ශ්‍රී ලංකාවේ නිරිත දිග හා දකුණු දිග මුහුදුබඩ ප්‍රදේශයන්හි කාන්තාවන් හැඳි උඩුකය ඇඳුම් විශේෂයක්.
කබාය[නා.] උරහිසේ සිට දණහිසින් පහතට වැටෙන තරම් වූ දිග කෝට් විශේෂයක්.
කබුක්, කබොක්[නා.ප්‍ර.] නිවර්තන දේශගුණය යටතේ පාෂාණ ජීර්ණය වීමෙන් සෑදෙන රතු පැහැයට හුරු තද මැටි මිශ්‍ර ගල් වර්ගයක්; ලැටරයිට්.
කබොල්ල1. [නා.] මැටි භාජනය; වළඳ; හිඟමන සඳහා පාවිච්චි කරන භාජනය; පාත්‍රය. 2. [නා.] ඉදිබු ආදි සතුන්ගේ හෝ බිත්තරවල කටුව; කොස් ඇට ආදියේ පිටපොත්ත; පොල් වැනි ගෙඩිවල පිටකටුව. 3. [නා.] තුවාලයක් මතු පිට සෑදෙන කටුව. 4. [නා.] දියාරු උකු දෙයක් මතුපිට හෝ වටේට සෑදෙන පොත්ත.
කම1. [නා.] කර්මය; ක්‍රියාව; වැඩය. 2. [නා.] කළ යුතු දෙය; මෙහෙවර; කාර්යය. 3.(ව්‍යාක.) [නා.] කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය. 4. [නා.] තනතුර; ධුරය; තත්ත්වය. 5. [නා.] ප්‍රයෝජනය; අර්ථය; ඵලය. 6. (අභි.) [නා.] චෛතසිකය මුල් වී කරන කායික, වාචසික හෝ මානසික ක්‍රියාව. 7. [නා.] පිළිවෙළ; ක්‍රමය; අනුක්‍රමය. 8. [නා.] සමාව; ක්ෂමාව.
කමණ්ඩලුව[නා.] තාපසවරුන් දිය ගෙනයෑමට පාවිච්චි කරන ලබු කැටය හෝ භාජනය; කෙණ්ඩිය.
කමත1. [නා.] ගොයම් පෑගීම සඳහා සකස් කළ බිම; කළවිට. 2. [නා.] වැඩය; කර්මාන්තය; රක්ෂාව. 3. (කථා.) [නා.] මිනිරන් පතලෙන් උඩට ගන්නා වතුර බාල්දිය හිස්කරන භූමිය; මිනිරන් පතලක දිය බැස යන කාණුව. 4. (ව්‍යාක.) [නා.] කර්මාර්ථය.
කමත් මෝල්කඩ1. [නා.] කමතට ඇතුළුවන ප්‍රධාන දොරටුව; කමතට හරකුන් ගන්නා ද්වාරය. 2. [නා.] කමතේ වතුර බැස යෑමට ඇති මඟ.
කමනවා[ක්‍රි.] ඉවසනවා; සමාව දෙනවා; ක්ෂමා කරනවා.
කමනීය[වි.] රුචි කළ යුතු; ආශා කළ යුතු; සතුට ගෙන දෙන.
කමල1. [නා.ප්‍ර.] නෙළුම් මල; පියුම; පද්මය. 2. [නා.ප්‍ර.] ජලය. 3. [නා.ප්‍ර.] ශ්‍රියාකාන්තාව.
කමලකර1. [නා.ප්‍ර.] සූර්යයා. 2. [නා.ප්‍ර.] නෙළුම් විල; පියුම් පොකුණ; පියුම් විල.
කමලඟන[කමල+අඟන] [නා.] විෂ්ණු දෙවිඳුගේ භාර්යාව වූ ශ්‍රී කාන්තාව.
කමල්1. [නා.ප්‍ර.] නෙළුම. 2. [නා.ප්‍ර.] ජලය; දිය. 3. [නා.ප්‍ර.] බත්. 4. [නා.ප්‍ර.] ඉතා කුඩා සහල් ඇට කැබලි; සුන්සහල්.
කමල්වත්[නා.ප්‍ර.] නෙළුම් රේණු.
කමලාසන[කමල+ආසන] [නා.] මහා බ්‍රහ්මයා.
කමසර[වි.] කැමති පරිදි හැසිරෙන; කාමචාරී. [නා.ප්‍ර.] කැමැත්ත; අභිලාෂය; අභිප්‍රාය.
කමසර දෙවිඳු[නා.ප්‍ර.] අනංගයා.
කමසේ[නා.ප්‍ර.] නැවතීම; විරාමය; අවකාශය.
කමසේව[ක්‍රි.වි.] (ක්‍රියාවෙහි දක්ෂ වූ යනු වාච්‍යාර්ථයි) දක්ෂ ලෙස; සරිලන සේ; ක්‍රම වූ පරිදි.
කම්1. [නා.ප්‍ර.] කර්ම; කුශලාකුශල කර්ම. 2. [නා.ප්‍ර.] කාමය; ආශාව. 3. [නා.ප්‍ර.] කාමභවය; කාම ලෝකය. 4. [නා.ප්‍ර.] කාමිනිය; යුවතිය; කාන්තාව. 5. [නා.ප්‍ර.] බදු; අයබදු. 6. [නා.ප්‍ර.] රති ක්‍රීඩාව; මෛථුන සංසර්ග. 7. [නා.ප්‍ර.] අනංගයා.
කම්කටුල්ල1. [නා.] දුක; හිරිහැරය; පීඩාව. 2. [නා.] දඬුවම් වශයෙන් කරන වධ හිංසාව.
කම්කරුවා[නා.] දක්ෂතාව හෝ පුහුණුවට වඩා ශරීර ශක්තිය අවශ්‍ය කාර්යවල යෙදී සිටින්නා; බර වැඩ කරන්නා; ශ්‍රමිකයා.
කම්කිළිය[නා.] දාසිය; මෙහෙකරු ස්ත්‍රිය.
කම්පකය(පාරිභා.) [නා.] කම්පනය වන හෙවත් ඉක්මනින් චලනය වන උපකරණයක් (=vibrator).
කම්පනය1. [නා.] චලනය; සෙලවීම; දෙදරීම. 2. [නා.] හදිසි ශාරීරික හෝ මානසික වියවුල. 3. [නා.] සිතේ ඇතිවන බලවත් තිගැස්ම. 4. [නා.] කුන්තායුධය.
කම්පල1. [නා.ප්‍ර.] කූශලාකුශල කර්මයෙහි විපාකය; කර්මඵලය; කර්ම විපාකය. 2. [නා.ප්‍ර.] ප්‍රයෝජනය; ඵලය; ප්‍රතිඵලය.
කම්පස1. [නා.] කර්මයට හේතුව හෝ කාරණය. 2. (ව්‍යාක.) [නා.] කර්ම විභක්තිය හැඟවීමට යොදනු ලබන ප්‍රත්‍යය; කර්ම විභක්ති ප්‍රත්‍යය. 3. [නා.] කාමය හෙවත් ආශාව නමැති උගුල; කාම පාශය. 4. [නා.] හික්මීම; ශික්ෂිත භාවය; කීකරුකම. 5. [නා.] පිළියෙල කිරීම; සකස් කිරීම.
කම්පස් කරනවා1. [ක්‍රි.] ප්‍රයෝජන ගැනීමට යෝග්‍ය කරනවා; පාවිච්චියට සුදුසු කරනවා; සකස් කරනවා. 2. [ක්‍රි.] හික්මවනවා; කීකරු කරනවා.
කම්ප්‍ය(පාරිභා.) [වි.] කම්පනය විය හැකි (=vibratile).
කම්ප්‍යමාන[වි.] කම්පනය කරනු ලබන; සෙලවෙන.
කම්පාව1. [නා.] සිත් තැවුල; කනගාටුව; කම්පනය. 2. [නා.] සෙලවීම; චලනය; කම්පනය.
කම්පිත1. [වි.] චංචල වූ; වෙවුලා ගිය; කම්පනය වූ 2. [වි.] (සිත සැලීමෙන්) කලබලයට හෝ ශෝකයට පත් වූ; සැලුණු; කැලඹුණු.
කම්බ[නා.] කණුව; ටැඹ.
කම්බ කණුව1. [නා.] කමතෙහි මැද සිටුවන කණුව. 2. [නා.] සිංහල රජ දවස වරදකරුවන් බැඳ තැබීම සඳහා සිටවූ කණුව. 3. [නා.] යක් තොවිල් විශේෂයක නාමය.
කම්බය[නා.] පුස්කොළ පොත්වල මුලටත් අගටත් කවරයක් වශයෙන් යොදන තුනී ලෑලි පටිය.
කම්බල1. [නා.ප්‍ර.] පෙර කළ කුසල් අකුසල්වල බලය; කර්ම ශක්තිය; කර්ම බලය. 2. [නා.ප්‍ර.] ලෝමයෙන් කරන ලද රෙද්ද හෝ පලස; කම්බිලිය.
කම්බස් කරනවා1. [ක්‍රි.] කීකරු කරනවා; හීලෑ කරනවා; හික්මවනවා; මට්ටු කරනවා. 2. [ක්‍රි.] නැති කරනවා; විනාශ කරනවා; නසනවා. 3. [ක්‍රි.] ගව ආදි සතුන්ගේ බීජෝත්පාටනය කරනවා. 4. [ක්‍රි.] දඩයම් කරන ලද සතුන් මස් කරනවා.
කම්බාය[නා.] පුරාණයේ ස්ත්‍රීන් විසින් අඳින ලද කොටු වැටුණු ඉරි වස්ත්‍ර විශේෂයක්.
කම්බි ආමානය(පාරිභා.) [නා.] කම්බියක හරස්කඩයේ ප්‍රමාණය මනින උපකරණය; කම්බි මාපකය (=wire gauge).
කම්බි ඇණය1. [නා.] යකඩ කම්බි කැබැල්ලකින් සාදන ඇණය. 2. (කථා.) [නා.] කොකු ඇණය.
කම්බි ඒදණ්ඩ(පාරිභා.) [නා.] විද්‍යුත් ප්‍රතිරෝධය මැනීමට භාවිත කරන උපකරණය; කම්බි සේතුව (=wire bridge).
කම්බි දාරය(පාරිභා.) [නා.] තලය අතිශයින් මුවහත් වූ විට ආපසු නැමී සෑදෙන බොරු දාරය (=wire edge).
කම්බි පණුවා[නා.] ගොම, දිරාපත් ලී ආදියෙහි වසන සුදු විශාල පණු විශේෂයක්.
කම්බි පථය(පාරිභා.) [නා.] උපකරණයක විද්‍යුත් ධාරාව ගමන් කරන කම්බි මාර්ගය (=wiring).
කම්බි ලේන්සුව(කථා.) [නා.] දළ කපු නූල්වලින් තැනූ වාටිය සමීපයෙහි ඉරක් ඇති ලොකු ලේන්සු විශේෂයක්.
කම්බිදැල්1. [නා.ප්‍ර.] කම්බියෙන් කරන ලද දැල. 2. [නා.ප්‍ර.] කම්බියෙන් වියන ලද දැල් රෙදි.
කම්බිය1. [නා.] ලෝහයෙන් කළ කෙන්ද හෝ සිහින් කූර. 2. [නා.] ලෝහ කෙඳි රාශියක් එකට අඹරා සාදන ලද කඹය; කේබලය. 3. [නා.] රෙද්දක හෝ ලේන්සුවක වාටිය සමීපයෙහි ඇති හීන් ඉර.
කම්බිළිය[නා.] ලොම්වලින් වියන ලද්ද; ලෝම වස්ත්‍රය.
කම්බු1. [නා.ප්‍ර.] හක්ගෙඩිය. 2. [නා.ප්‍ර.] අතේ පලඳින වළලු විශේෂයක්. 3. [නා.ප්‍ර.] බෙල්ල; ග්‍රීවය. 4. [නා.ප්‍ර.] ඇතා. 5. [නා.ප්‍ර.] දුම්කොළයේ මැද නාරටිය; දුම්කොළ නැට්ට.
කම්භය[නා.] එක්තරා විශාල සංඛ්‍යාවක්.
කම්ම1. [නා.ප්‍ර.] යමකු කරන ක්‍රියාව; කෘත්‍යය; කාර්යය. 2. [නා.ප්‍ර.] සිතින් කයින් හෝ වචනයෙන් කරන කුශලාකුශල ක්‍රියාව. 3. [නා.ප්‍ර.] විනය නීති අනු ව ගත යුතු ක්‍රියා මාර්ගය; විනය කර්මය.
කම්මජ(අභි.) [වි.] කර්මයෙන් ජනිත වූ; කර්මය නිසා ඇති වූ.
කම්මට්ඨාන[නා.ප්‍ර.] (අභි.) සමථ, විදර්ශනා භාවනා සඳහා සිත පිහිටුවන අරමුණ; කර්මස්ථානය.
කම්මල1. [නා.ප්‍ර.] යකඩ වැඩ, ලෝහ වැඩ කරන ස්ථානය. 2. [නා.ප්‍ර.] ඒවා ආශ්‍රයෙන් යම් භාණ්ඩයක් නිෂ්පාදනය කරන ස්ථානය.
කම්මිත්ත1. [නා.] මෙහෙකාර ස්ත්‍රිය; කුලුපග දාසිය. 2. [නා.] රූපය නිසා මෙහෙ කිරීමට තබාගත් ස්ත්‍රිය; වර්ණ දාසිය. 3. [නා.] කර්මාන්තකාරයා; රන්රිදී කර්මාන්ත කරන්නා.
කම්මුතු1. [වි.] අවසන් වූ; කෙළවර වූ; නිම වූ; සමාප්ත. 2. [වි.] විනාශ.
කම්මුල[නා.] මුහුණේ පැත්ත; කපෝලය; කනට සමීප ප්‍රදේශය.
කම්මුල් පාර[නා.] කම්මුලට ගසන පහර.
කම්මුල්ගාය, කම්බුල්ගාය[නා.] කම්මුල් ඉදිමී උණ ගැනී සෑදෙන බෝවෙන රෝගයක්; අඩප්පරය.
කම්රස[නා.ප්‍ර.] කාම සම්පත් විඳීමෙන් ලබන රස; පස්කම් සුවය; කම්සැප.
කම්රුවාරු[නා.ප්‍ර.] කාම, රූප, අරූප යන භව තුන.
කම්වමිය[නා.] කම්සැපෙහි ලොල් ස්ත්‍රිය; අභිසරු ලිය; අභිසාරිකාව.
කම්විමුත්[වි.] කර්මයක් නැති හෝ නොගන්නා; අකර්මක.
කම්සන්1. [නා.ප්‍ර.] කිසියම් ක්‍රියාවක් කිරීමට කරන සංඥාව; නියෝගය. 2. [නා.ප්‍ර.] කාම තෘෂ්ණාව.
කම්සැප[නා.ප්‍ර.] කාම සේවනයෙන් ලබන සුවය; පංච කාම සම්පත්තිය.
කමාව[නා.] සමාව; ක්ෂමාව.
කමිණී[නා.ප්‍ර.] හිරු; සූර්යයා.
කමිසය, කමීසය[නා.] පිරිමින් උඩුකය වැසෙන සේ අඳින ඇඳුම් විශේෂයක්.
කමිහි වෙනවා[ක්‍රි.] විනාශ වෙනවා; හෙම්බත් වෙනවා.
කමිහිය[නා.] අලසබව; ප්‍රමාදය.
කමුරා, කඹුරා[නා.] ලෝහ කර්මාන්ත කරන්නා; ලෝකුරුවා.
කඹය1. [නා.] පොල් හණ ආදි කෙඳි සමූහයක් එකට අඹරා සෑදු ලණු කිහිපයක් එකට වලි කොට සාදාගන්නා යොත; බාන. 2. [නා.] කණුව; ටැඹ; ස්තම්භය. 3. [නා.] කිණිහිරය.
කඹු[නා.ප්‍ර.] හක්ගෙඩිය.
කඹුරනවා[ක්‍රි.] මෙහෙ කරනවා; බැලමෙහෙ කරනවා.
කඹුරා[නා.] යපස් උණු කොට යකඩ නිෂ්පාදනය කරන්නා; යමාන්නා; ලෝහ කර්මාන්තකාරයා; කම්මල්කාරයා.
කඹුරු[වි.] පාට කිහිපයකින් යුතු; විසිතුරු.
කඹුරු හල[නා.] කඹුරාගේ වැඩපොළ; යකඩ වැඩ කරන්නාගේ කර්මාන්ත ශාලාව; කම්මල.
කඹුරුසම, කඹුරුහම[නා.] කඹුරන්ගේ උදුනේ ගිනි මෙළවීමට සුළං පිඹින සමින් කරන ලද උපකරණය; මයිනහම.
කය1. [නා.] සිරුර; ශරීරය; ඇඟ. 2. [නා.] බඩු මිලට ගැනීම; ක්‍රය. 3. [නා.] අඩු වීම; ක්ෂය වීම.
කයවික්කය[නා.ප්‍ර.] බඩු මිලට ගැනීම හා විකිණීම; ගනුදෙනු කිරීම.
කයිකතන්දර1. [නා.ප්‍ර.] කතා පොඩි; වෘත්තාන්ත; කථාන්තර. 2. [නා.ප්‍ර.] අවනම්බු ගෙන දෙන කතා; චරිතය කෙලෙසන කතාබහ; ඕපාදූප.
කයිටින්(පාරිභා.) [නා.ප්‍ර.] කුරුමිණියන්, කකුළුවන්, ඉස්සන් ආදින්ගේ තද බාහිරාවරණය සෑදුණු කොරොස් ද්‍රව්‍යය (=chitinous).
කයිතාලම[නා.] දෑතින් එකට එක ගසා තාලානුරූප ශබ්ද නංවා ගැනීම පිණිස භාවිත කරන කුඩා ලෝහමය තැටි යුවළ; තාලම්පොට; අත්තාලම.
කයිතුවක්කුව[නා.] අත් තුවක්කුව.
කයිමෙත්තය[නා.] සිංහල නැට්ටුවන් මැණික්කටුවේ පලඳින ආභරණ විශේෂයක්; අත්පෙති.
කයිය1. [නා.] යම් සාමූහික කාර්යයක් සඳහා එක් වූ කණ්ඩායම; කුඹුරු වැඩ ආදිය කිරීමේ දී උදවුවට එකතු වන පිරිස; අත්තමට එන කණ්ඩායම. 2. [නා.] කයියකට සහභාගි වන අය සඳහා දෙන කෑම; සාමූහික ව ගන්නා ආහාරය. 3. [නා.] පුරසාරම; ආත්ම වර්ණනය. 4. [නා.] කවිය; පද්‍යය.
කයියෝරුව1. [නා.] බිත්ති ශක්තිමත් කරනු සඳහා ඒ වටා තනනු ලබන බැම්ම; පිළ; වටපිළ. 2. [නා.] ඒරියා කඳ උඩ කරත්තය දක්කන අයට වාඩිවීමට ඇති ලෑල්ල.
කයිරුමුල(පාරිභා.) [නා.] කඳට ආධාර වශයෙන් මුක්කුවක් මෙන් සෑදෙන මුල; ඇතැම් ගස් වර්ගවල කඳෙන් ඇදෙන කරුවක් වැනි මුල; කරුමුල (=buttress root).
කයිවඩම්[නා.] අතෙහි පලඳින් ආභරණ විශේෂයක්.
කයිවාරුව1. [නා.] අතිශයෝක්ති වර්ණනාව; පුරසාරම. 2. [නා.] චාටු වචනය; ඉච්චා බස; රැවටිලි කතාව.
කර1. [නා.ප්‍ර.] අත; බාහුව; හස්තය. 2. [නා.ප්‍ර.] හොඬ වැල; ඇත් හොඬය. 3. [නා.ප්‍ර.] හිරු රැස්; රශ්මිය; කාන්තිය. 4. [නා.ප්‍ර.] අය බද්ද; සුංගම. 5. [නා.ප්‍ර.] ලුණු; ලවණ; ක්ෂාරය. 6. [නා.ප්‍ර.] දැළි පිහිය; කර කැත්ත. 7. [නා.ප්‍ර.] මුහුද; සාගරය. 8. [නා.ප්‍ර.] බීජය; අණ්ඩය; අණ්ඩකෝෂය. 9. [නා.ප්‍ර.] දලුව. 10. [නා.ප්‍ර.] ගෙල; බෙල්ල; ග්‍රීවය. 11. [නා.ප්‍ර.] උරහිස් පෙදෙස. 1. [වි.] තද; රළු; ගොරෝසු; නපුරු; ක්‍රෑර. 2. [වි.] වියළුණු. 3. [වි.] අඳුරු පාටවූ; කළුපාට වූ; කළු. 4. [වි.] ලවණය සහිත; ක්ෂාරය සහිත.
කර අඹනවා[ක්‍රි.] ගව අශ්ව ආදි සත්ත්ව වර්ගවල පිරිමි සතුන්ගේ අණ්ඩකෝෂ පොඩි කර දමනවා; බීජෝද්ධරණය කරනවා.
කර අරිනවා[ක්‍රි.] යම්කිසි වැඩකට හවුල් වී එය අතරතුරේ මඟහරිනවා.
කර ඇණය1. [නා.] කඩ ඇණය; බර කරත්තයක වියගහේ දෙකෙළවරට හෝ නගුලක වියදණ්ඩේ දෙකෙළවරට සවි කරනු ලබන ලී ඇණය. 2. [නා.] ජලය ගලා ඒමටත් නැවැත්වීමටත් කරකැවීම සඳහා යොදා ඇති කරාම ඇණය. 3. [නා.] වෝල්ටා මීටරයක කර ඉහට සවි කොට ඇති ඇණය.
කර උල[නා.] පිහි, පීරි ආදියෙහි මිටට සවිවන උල් වූ කොටස.
කර කොළය[නා.] පුරාතන අවධිවල ලිවීම සඳහා භාවිත කරන ලද පදම් නොකළ වියළි තල්පත; තල කොළය; පුස් කොළය.
කර ගහනවා[කර+ගහනවා] 1. (කථා.) [ක්‍රි.] කර මත තබා ගන්නවා; බරක් කරට ගන්නවා. 2. [ක්‍රි.] වගකීමක් භාර ගන්නවා හෝ පවරා ගන්නවා. 3. [ක්‍රි.] සහභාගී වෙනවා; හවුල් වෙනවා.
කර ගෙය[නා.] හිර ගෙය; සිපිරි ගෙය; බන්ධනාගාරය.
කර නගනවා[ක්‍රි.] ගෙල ඔසවනවා; බෙල්ල දික් කරනවා.
කර පතර[නා.ප්‍ර.] රැස් සමූහය; රශ්මි කදම්බය.
කර පලඳනාව1. [නා.] අතේ පලඳින ආභරණය; වළල්ල; කංකණය. 2. [නා.] ගෙලෙහි පලඳින ආභරණය; මාලය; ග්‍රීවාභරණය.
කර පෘෂ්ඨය[නා.] අතේ පිට පැත්ත; පිටි අල්ල.
කර පෙට්ටිය[නා.] දැළි පිහියා තබන පෙට්ටිය.
කර මාලය[නා.] බෙල්ලෙහි පලඳින ආභරණය; ග්‍රීවාභරණය.
කර මුවහත, කර මුවාත[නා.] දැළි පිහියක වැනි සියුම් මුවහත; තියුණු මුවහත.
කරක1. [නා.ප්‍ර.] (තවුසන්) දිය ගෙන යන බඳුන; ඩබරාව; පැන් බොන බඳුන. 2. [නා.ප්‍ර.] හිම කැට වර්ෂාව. 3. [නා.ප්‍ර.] බද්ද. 4. [නා.ප්‍ර.] නොගැඹුරු ජලාශවල මසුන් හිර කිරීම යොදාගන්නා සදහා කේත්වාකාර කුඩයක්; කරක්ගෙඩිය; කරප. 5. [නා.ප්‍ර.] පොල් කටුව.
කරකණ්ටකය[නා.] නියපොත්ත; නිය.
කරකතුර, කරකැත්ත[නා.] දැළි පිහිය; කරය.
කරක් ගහනවා, කරග් ගහනවා1. [ක්‍රි.] කරපෙන් හෙවත් කරක් ගෙඩියෙන් මාළු අල්ලනවා. 2. [ක්‍රි.] අරමුණක් නොමැතිව ඇවිදිනවා.
කරකාර බඳිනවා[ක්‍රි.] ආවාහ-විවාහ වෙනවා; කසාද බඳිනවා.
කරකැත්ත[නා.] තියුණු මුවහත ඇති සැත; පිහිය; දැළි පිහිය.
කරකැවිල්ල[නා.] අවට භ්‍රමණය වන්නා සේ දැනීම; භ්‍රමණය
කරකියා ගන්නවා[ක්‍රි.] කිසිවක් කරනවා හෝ කියනවා; කරගන්නවා.
කරකුට්ටම් වෙනවා(කථා.) [ක්‍රි.] (යමක් හැකිළෙන තෙක්) වේළෙනවා; අතිශයින් වියළෙනවා.
කරකුර්වාස්ථිය[නා.] මැණික් කටු ඇටය; හස්ත කුර්ව අස්ථිය (=carpal bone)
කරගල1. [නා.] දැළි පිහි මුවාත් තැබීමට ගන්නා ගල; තෙල් ගල. 2. [නා.] පාෂාණ වර්ගයක නාමය.
කරගැටය[නා.] කිසිවක නිරතුරු ගැටීම හේතු කොට ගෙන අත් පා ආදියේ සම මතුපිට මස තදවීමෙන් හටගන්නා ගැටය.
කරච්චලය1. (කථා.) [නා.] ඝෝෂාව; කලබැගෑනිය. 2. [නා.] කරදරය; හිරිහැරය.
කරජ1. [නා.ප්‍ර.] නියපොත්ත. 2. [නා.ප්‍ර.] මඟුල් කරඳ. [වි.] ශුක්‍ර ශ්‍රෝණිත දෙකින් හටගත්, හෙවත් ශුක්‍රාණු ආර්තවාණු දෙකින් උපන්.
කරජ කාය[නා.] කරජ වශයෙන් උපත ලත් ශරීරය; අතින් කවා පොවා වඩන ලද ශරීරය.
කරජල[නා.ප්‍ර.] ලුණු වතුර; කර දිය; මුහුදු දිය.
කරටක[නා.ප්‍ර.] බර එසවීමට උපකාර කරගන්නා යන්ත්‍රයක්; දොඹකරය; කප්පිය.
කරටකර[වි.] එකට එක හොඳින් ගැළපෙන; සියලු ආකාරයෙන් සම වන.
කරටිය1. [නා.] ගසක හෝ පැළයක කඳෙහි රිකිලි දමන ඉහළ කොටස; ගොබය; දල්ල. 2. [නා.] ශරීරයේ උර දෙකට ඉහළින් පිහිටි කොටස; බෙල්ල.
කරණ විභක්තිය[නා.] (ව්‍යාක.) කර්තෘහුගේ ක්‍රියාවට ඉවහල් වන පදාර්ථය යෙදෙන විභක්තිය.
කරණම1. [නා.] උඩපැන ගුවනෙහි දී හිස යටිකුරුවත් පා උඩුකුරුවත් සිටින සේ සම්පූර්ණ වටයක් කැරකෙන පරිදි ගහන පිනුම. 2. [නා.] පැත්ත හෝ පිළ මාරු කිරීම; පිල් මාරුව.
කරණය1. [නා.] කිරීම; සිදු කිරීම. 2. (ව්‍යාක.) [නා.] යම් කාර්යයක් ඉටු කිරීමට කර්තෘට උපකාර වන ශරීරාංග නොහොත් උපකරණ. 3. [නා.] හේතුව; ආසන්න හේතුව. 4. [නා.] නැටීමෙහි හා වාදනයෙහි ආකාර.
කරණී සමීකරණය(පාරිභා.) [නා.] නිශ්චිත වශයෙන් කිය නොහැකි සංඛ්‍යාවල සමීකරණය (=surd equation).
කරණීය[වි.] කළ යුතු; කිරීමට සුදුසු; කර්තව්‍ය.
කරඬුව[නා.] පූජනීය වස්තු හෝ රන්රුවන් ආදි වටිනා දේ සුරැකීමට රන් රිදී, ලෝහ වර්ග, මැණික්, ඇත්දත්, ස්ඵටික, පාෂාණ ආදියෙන් තැනූ භාණ්ඩ විශේෂයක නාමය.
කරත්තය[නා.] බඩු පටවාගෙන යෑම සහ ගමනාගමනයට උපකාරි වන ගවාදි සතුන් විසින් ඇදගෙන යනු ලබන රථ විශේෂයක නාමය.
කරදර කරනවා[ක්‍රි.] සැනසිලි ගතියෙන් තොර කරනවා; හිරිහැර කරනවා; හිංසා පීඩා ගෙන දෙනවා.
කරදරය[නා.] සැනසිලි ගතියෙන් තොර වීම; හිංසා පීඩාව; හිරිහැරය.
කරදාසිය, කඩදාසිය[නා.] පත්‍රිකාව හෝ ලිපිය.
කරදැල්ල[නා.] තද සුළං පහර; සැඩ පහර; ප්‍රවාහය.
කරදිය[නා.] ලවණ ජලය.
කරදිය වළල්ල[නා.] දිවයිනක් වටා පිහිටි මුහුදු වෙරළ.
කරදියාන(කථා.) [නා.] කරදිය ගලා එන කුඹුර.
කරනවා1. [ක්‍රි.] ක්‍රියාවට නගනවා; කාර්ය සාධනයෙහි යෙදෙනවා; ක්‍රියාත්මක වීමට සලස්වනවා. 2. [ක්‍රි.] තනනවා; සාදනවා; නිමවනවා.
කරනැවෑමියා[නා.] ඇම්බැට්ටයා; දැළි රැවුළු කපන්නා.
කරපටිය1. [නා.] ටයිපටිය. 2. [නා.] ඇඳුමක කර වටේට අල්ලා මසනු ලබන රෙදි පටිය; කොලරය. 3. [නා.] ගව, සුනඛ ආදි සතුන්ගේ කරේ බඳින පටිය.
කරපත්‍රික(පාරිභා.) [වි.] (කියතක් වැනි වූ යනු වාච්‍යාර්ථයි) කෙළවර දැති ආකාර ඇති (=serrate).
කරපන්ටයින්, කරපැන්ටයින්[නා.ප්‍ර.] දේවදාර වර්ගයකට අයත් ගස් විශේෂයකින් ලබා ගන්නා ලාටුවලින් හෝ දුම්මලවලින් සාදා ගන්නා තෙල්.
කරපය මසනවා[ක්‍රි.] අත් පා බඳිනවා; විලංගු දමනවා.
කරපල්ලවය1. [නා.] දලුවක් වැනි අල්ල; අත්ල. 2. [නා.] ඇඟිල්ල.
කරපහ[නා.] තවලම් ගොනකුගේ කර වටා දමන ලණුව හෝ තොණ්ඩුව.
කරප්පන්[නා.] කැසීම හෝ ඇගේ පලු නැගීම ලක්ෂණ කොට ඇති චර්ම රෝගයක්.
කරපාකය[නා.] කර වන තුරු පැසවීම; කර කොට බැදීම.
කරපින්නා ගන්නවා1. [නා.] කර උඩ තබා ගන්නවා; කරින් උසුලනවා. 2. [නා.] දරුවකුට මෙන් ආදරය දක්වනවා; ගරුසැලකිලි දක්වනවා.
කරපියල්ල, කරබියල්ල[නා.] දැළි පිහියා කොපුව.
කරපුටය[නා.] බොකුටු කළ අල්ල; බොකුටු කරන ලද අත් දෙක; අංජලිය; හස්තපුටය.
කරපුසය, කරපුසේ[නා.] ශීතලට පාවිච්චි කරන කුඩා හිස් වැසුම් විශේෂයක්.
කරපෙණ1. [නා.] අත්ල; අල්ල. 2. [නා.] ලුණු දිය පෙණ; මූදු පෙණ.
කරපොවනවා1. [ක්‍රි.] බෙල්ල දික්කර බලනවා; එබී බලනවා. 2. [ක්‍රි.] යම්තම් සලකා බලනවා; මඳක් සොයා බලනවා.
කරබඩු[නා.ප්‍ර.] හිස රැවුළු බාන දැළි පිහිය ආදි උපකරණ.
කරබයා1. [නා.] ඔටුවා. 2. [නා.] ඇත් පැටවා.
කරබාගෙන ඉන්නවා1. [ක්‍රි.] බෙල්ල පහත් කරගෙන ඉන්නවා; හිස නමාගෙන ඉන්නවා. 2. [ක්‍රි.] නිශ්ශබ්දව සිටිනවා; කිසිවක් කරකියාගත නොහැකි ව ඉන්නවා.
කරබිඳිනවා[ක්‍රි.] කර නමනවා; බෙල්ල පහළට හරවනවා.
කරබිම[කර+බිම] [නා.]රළු පොළොව; ලුණු මිශ්‍ර අසාරවත් බිම.
කරබු[නා.ප්‍ර.] කන; කර්ණය.
කරබොලු[නා.ප්‍ර.] ගොනාගේ කරේ ආභරණයක් ලෙස බඳින කවඩි වැල.
කරභය1. [නා.] මැණික් කටුවත් සුළැඟිලි මුලත් අතර ප්‍රදේශය. 2. [නා.] ඇත්සොඬ.
කරභාස්ථිය(පාරිභා.) [නා.] අත්ලට ඇඟිලි සම්බන්ධ වන තැන පිහිටා ඇති ඇටය; අතුල් ඇටය.
කරභෝරු[නා.ප්‍ර.] ඇත් සොඬක් වැනි රූමත් කලවා ඇත්තිය.
කරමන්ද[නා.] ගවයින්ගේ කරේ ලන ලණුව.
කරමර[නා.ප්‍ර.] බලහත්කාරයෙන් හෝ යුද්ධ කොට අල්වා ගත් අය; කොල්ලකෑමෙන් අල්ලා ගෙන යනු ලබන්නා.
කරමල1. [නා.] ජලජ ජීවීන්ගේ ශ්වසන අවයවය. 2. [නා.] කුකුළාගේ හිස මුදුනෙහි පිහිටා ඇති රතුපාට මලක් වැනි අවයවය. 3. [නා.] ගලනාලයේ පිහිටි ග්‍රන්ථිය; ගලමූල ග්‍රන්ථිය.
කරමල් ආරුක්කුව(පාරිභා.) [නා.] මාළුන්ගේ කරමල්වල ඇති පටු විවර ජෝඩුවකට ආධාරකයක් වශයෙන් ඇති කංකාල වළල්ල; ජලක්ලෝම වක්‍රය (=gill arch).
කරමාරුකාරයා[නා.] කෙනෙකු වෙනුවට පෙනී සිටින්නා; නියෝජිතයා.
කරමාරුව[නා.] හවුල්කරුවන් කිහිප දෙනෙකුට අයිති ඉඩමක් කලින් කල ඒ ඒ හවුල්කරුවන් මාරුවෙන් මාරුවට භුක්ති විඳීම; තට්ටුමාරුව; කන්න මාරුව.
කරමාවරය[නා.] ඉනිවැටක ඉහළින් ම බඳිනු ලබන ලීය; ඉහළ මාවරය.
කරමැටි[නා.ප්‍ර.] ලුණු මිශ්‍ර පස; නිසරු පස.
කරමුක්තය[නා.] අතින් විසි කරනු ලබන ආයුධය; තෝමරය; හෙල්ල.
කරමූඩිය[නා.] ඉඳි ආප්ප ආදිය තැම්බීමේ දී වණ්ඩු මුට්ටිය වැසීමට ගන්නා මූඩියක් වැනි වැස්ම; ඇතිළි ආදිය වැසීමට ගන්නා මැටියෙන් කළ පියන.
කරඹ[කර+අඹ] 1. [නා.] ලුණු වතුර; මුහුදු දිය; කරදිය. 2. [නා.] ඔටුවා. 3. [නා.]කටු පඳුරු වශයෙන් වැවෙන වියළි කලාපික ශාකයක්.
කරය1. [නා.] මුහුද අසල ගොඩබිම; මුහුදු වෙරළ. 2. [නා.] කඩයිම; මායිමකට හෝ ප්‍රදේශයකට අයිති පෙදෙස.
කරරස[නා.] ලුණු රස; ලවණ රස.
කරරැස[නා.] ඉර; සූර්යයා.
කරරුහ[නා.ප්‍ර.] නිය; නියපොතු.
කරල1. [නා.] ගොයම්, කුරහන් ආදි ධාන්‍යවල ඇට තිබෙන කොටස. 2. [නා.] පතෝල, මිරිස් ආදියෙහි දිගැටි හැඩයෙන් යුත් ඵලය; රනිලය. 3. [නා.] දිගට සිටින සේ ගොතා ඇති කෙස් රොද; ගෙතූ කොණ්ඩය. 4. [නා.] (ඖෂධ ආදියෙහි) දිගැටි හැඩයෙන් යුත් කොපුව. 5. [නා.] අස්වැන්න; වාරය; කන්නය; මෝසම. 6. [නා.] ශරීරයේ යම් තැනක් නිතර යමක ගැටීම නිසා ඇති වන ගැටය; කරගැටය.
කරල පැහෙනවා(කථා.) [ක්‍රි.] අතමිට සරු වෙනවා; බලාපොරොත්තු නොවූ වාසි ලැබෙනවා.
කරල් බෝය(කථා.) [නා.] එක්වරකට කපා ඔසවා ගත් කරල් කැටිය; ගොයම් අහුර.
කරල් සාය[නා.] ගොයම් පීදී කිරිවදින කාලය.
කරල්කඩ[නා.ප්‍ර.] ගොයම් පාගන විට කරලේ ඉතිරි වන වී; කරල් කෑලි.
කරවාල[නා.ප්‍ර.] කෙටි කඩු විශේෂයක්.
කරවැහැය[නා.] දැළි පිහිය.
කරවි[නා.ප්‍ර.] යුද ඇඳුම; සන්නාහය; කවචය.
කරවිය ගානවා[ක්‍රි.] සුභ නැකතින් පළමුවෙන් ම හරකකුගේ කරේ වියගහ බඳිනවා.
කරවීක1. [නා.ප්‍ර.] මහමෙර වටා ඇති සප්තකූට පර්වතවලින් එකක්. 2. [නා.ප්‍ර.] උස්, තියුණු මිහිරි නාද නංවන පක්ෂියා; කුරවී කොවුලා.
කරවීකභාණී[වි.] කොවුල් හඬ වැනි මිහිරි කට හඬ ඇති.
කරවීර1. [නා.ප්‍ර.] ඇසේ අඳුන් ගාන වළ වැනි තැන; අඳුන් වළ. 2. [නා.ප්‍ර.] කුඹුක් ගස.
කරවුවර, කරව්වර[නා.ප්‍ර.] රජයට ලැබෙන බදු ආදායම්; රජය අයකර ගන්නා බද්ද.
කරවුළු[නා.] යුද්ධ කොට හෝ බලහත්කාරයෙන් අල්වා ගත් අය; අන් රටකින් පැහැර ගෙන ආ අය.
කරසූත්‍රය[නා.] සරණ මංගල්‍යවල දී මනාල මනාලියන්ගේ දකුණත්වල මාපටැඟිලි හෝ සුළැඟිලි එක් කොට බඳින නූල.
කරහන[නා.] කුඹුරුවලට වතුර ගෙන යන ඇළවලට වතුර නිසි පරිදි බෙදී යන සේ ප්‍රධාන ඇළ මාර්ගයෙහි තබන සිදුරු සහිත ලී කඳ.
කරළ1. [වි.] බිහිසුණු; භයානක; ඝෝර. 2. [වි.] කොරොස්; කොරහැඬි. 1. [නා.] කැරැල්ල; කලාපය; සමූහය. 2. [නා.] විකා දැමූ රොඩ්ඩ; හපය.
කරළිය[නා.] රඟමඬල; වේදිකාව.
කරළු1. [වි.] රළුපරළු; ගොරෝසු; කර්කශ. 2. [වි.] කපටි කෛ‍රාටික. 1. [නා.ප්‍ර.] අලුත් වස්ත්‍රය; අලුත් ඇඳුම. 2. [නා.ප්‍ර.] කැරැල්ල; කලාපය.
කර්ක1. [නා.ප්‍ර.] සුදු අශ්වයා. 2. [නා.ප්‍ර.] කකුළුවා. 3. [නා.ප්‍ර.] කටක ලග්නය. 4. [නා.ප්‍ර.] කළය.
කර්කට1. [නා.ප්‍ර.] කකුළුවා. 2. [නා.ප්‍ර.] කටක ලග්නය. 3. [නා.ප්‍ර.] බෙලි ගස.
කර්කට යන්ත්‍රය[නා.] උඩුමහල් ආදියට නැඟීමට භාවිත කරන ලද රැහැන් හෝ හිණිමං සහිත යන්ත්‍ර විශේෂයක්.
කර්කටක නිවර්තනය[නා.] සූර්යයාගේ උතුරු ගමනේ සීමාව; නිවර්තන කලාපයේ උතුරු සීමාව.
කර්කශ, කර්කස1. [වි.] තද; ගොරෝසු; රළු. 2. [වි.] නපුරු; රෞද්‍ර; කටුක.
කර්ණ ගෝචර[වි.] කනට ගොදුරු වන හෙවත් ඇසෙන.
කර්ණ නාලය1. [නා.] ශබ්ද කන තුළට ගෙන යන මාර්ගය; ශ්‍රවණ නාලය. 2. [නා.] ශ්‍රවණෝපකරණ විශේෂයක්.
කර්ණ පත්‍රය[නා.] කන්පෙත්ත.
කර්ණ පරම්පරාව[නා.] කනින් කනට යෑම; ශ්‍රැති පරිපාටිය.
කර්ණ පරිමාණය(පාරිභා.) [නා.] සියුම් මිමි ක්‍රමයක්; කිසියම් සිතියමක හෝ සැලැස්මක අවශ්‍ය දුරක් මාන තුනකින් මැන හැකි මිම්ම; විකර්ණ ගත පරිමාණය (=diagonal scale).
කර්ණ පුටය[නා.] ශ්‍රවණ නාලය; කන් ගොටුව.
කර්ණ පූතිය[නා.] කනින් සැරව ගැලීමේ ලක්ෂණ කොට ඇති රෝගයක්.
කර්ණ භූෂණය[නා.] කනෙහි පලඳින ආභරණය; කර්ණාභරණය; කර්ණාලංකාරය.
කර්ණ මාධූර්යය[නා.] කනට මිහිරි බව; කන්කලු බව.
කර්ණ මුලාස්ථිය[නා.] කන්මුල, හිස් කබලෙහි පිහිටි කොටස් හතරකින් යුත් ඇටය; ශංඛක අස්ථිය.
කර්ණ රෝධය[නා.] කන් තදවීම; කන් අගුල් වැටීම.
කර්ණ ශංඛය, කර්ණ ශඞ්ඛය[නා.] යන්ත්‍ර තරංග ස්නායු ආවේග බවට පරිවර්තනය කරන මැද කනේ තිබෙන දඟර අවයවයය; රේවටය (=coachella).
කර්ණ ශූලය[නා.] ඉතා තද කන් කැක්කුම.
කර්ණක කෝෂය[නා.] හෘදය වස්තුවේ උඩු කොටස නිර්මාණය වී ඇති කෝෂ දෙකින් එකක්; හෘත් කර්ණිකාව.
කර්ණකටුක[වි.] කණට අමිහිරි වූ හෙවත් රළු වූ; කන්කළු නොවන.
කර්ණගූථය1. [නා.] කලාඳුරු. 2. [නා.] කර්ණකීලය.
කර්ණච්ඡිද්‍රය[නා.] කන්සිදුර.
කර්ණච්ඡේදනය[නා.] පුරාණ කාලයේ දඬුවම් ක්‍රමයක් වන කන් කැපීම; කන් සිඳීම.
කර්ණතාලය[නා.] ඇතුන් කන්තල ගැසීම.
කර්ණද්‍රෝණය[නා.] කනෙහි පිටට පෙනෙන සිදුර; බාහිර ශ්‍රවණ නාලය.
කර්ණධාර[නා.ප්‍ර.] ජලයාත්‍රාවක සුක්කානම ක්‍රියා කරවන්නා; නියමුවා.
කර්ණපටල1. [නා.ප්‍ර.] මත්ස්‍යයකුගේ වරල; කන්පත. 2. [නා.ප්‍ර.] අලි ඇතුන්ගේ කන්තළය.
කර්ණපටහ(පාරිභා.) [නා.ප්‍ර.] කන් පතුල; කන් අඩිය; කන් බෙරය (=ear drum).
කර්ණපටහ පටලය(පාරිභා.) [නා.] කර්ණ පටහය හෙවත් කන් අඩිය වසා ඇති සියුම් සිවිය (=tympanic membrane).
කර්ණමල[නා.ප්‍ර.] කනෙහි උපදින මල; කලාඳුරු.
කර්ණමාලා[නා.ප්‍ර.] පැරණි ප්‍රාසාද පියසිවල කොනින් කොනට එල්ලන ලද මල්වැල් විශේෂයක්; කොන්මල්.
කර්ණමූල ජප්පනය[නා.] කන්මුලට කොඳුරා කීම; රහස් කීම.
කර්ණය1. [නා.] කන; ශ්‍රවණේන්ද්‍රිය. 2. [නා.] සුක්කානම. 3. [නා.] කොන. 5. (පාරිභා.) [නා.] ඍජුකෝණික ත්‍රිකෝණයක ඍජුකෝණයට අභිමුඛ ව පිහිටි පාදය (=hypotenuse).
කර්ණරසායන[වි.] කනට රසායනයක් බඳු වූ; කනට රස ගෙන එන; කන් පිනවන; කන්කලු. [නා.ප්‍ර.] කනට මිහිරි වූ රසය; කන් පිනවන ශබ්දය; මිහිරි හඬ.
කර්ණවේධ[නා.ප්‍ර.] කර්ණාභරණ පැලඳීම සඳහා කන්පෙත්ත විදීම.
කර්ණසූත්‍ර1. [නා.ප්‍ර.] සිවුරක් පඬු පෙවීමේ දී එල්ලීම සඳහා වාටියෙහි බඳනා ලද නූල්. 2. [නා.ප්‍ර.] කනෙහි පලඳින ආභරණ විශේෂයක්. 3. [නා.ප්‍ර.] බුදු පිළිම නෙළීමේ දී වැඩහුන් පිළිමයක මැණික් කටු හා ඇස්වට පිහිටිය යුතු ආකාරය තීරණය කරනු සඳහා කනේ සිට ලඹ දෙවනු ලබන නූල.
කර්ණහාරී[වි.] කනට මිහිරි; කන්කලු; කර්ණ මධුර.
කර්ණාඞ්ගුලිය[නා.] සුළැඟිල්ල.
කර්ණාභරණය[නා.] කනෙහි පලඳින ආභරණය; කර්ණ භූෂණය.
කර්ණාමෘත[වි.] කනට ඉතා මිහිරි වූ; කනට අමෘතයක් බඳු වූ.
කර්ණාලින්දය(පාරිභා.) [නා.] ඇතුළු කන් කුහරය (=vestibule).
කර්ණාවතංසය[නා.] කනෙහි පලඳින ආභරණයක්; සිවුසැට ආභරණවලින් එකක්.
කර්ණිකාව1. [නා.] කනෙහි බාහිර කොටස; කන්පෙත්ත. 2. [නා.] කවාකාර හෝ අර්ධකවාකාර වහලයක පරාලවල මුදුන් කෙළවරවල් සම්බන්ධ වන ස්ථානය; කැණිමඬල. 3. [නා.] මුදුන; කුළ; කූටය. 4. [නා.] නෙළුම් මලේ කෙමිය; පියුම් ගොටුව. 5.(පාරිභා.) [නා.] හෘදයවස්තුවේ ඉහළ කාමර දෙකෙන් එකක්; හෘත් කර්ණිකාව (=auricle). 6. (පාරිභා.) [නා.] පත්‍රයක හෝ අනෙක් අවයවයක හෝ පාදයෙහි තිබෙන කනක් වැනි අවයවය. 7. [නා.] මලක බීජකෝෂය; ගර්භ කේශරය. 8. [නා.] කර්ණාභරණය; තෝඩුව. 9. [නා.] ඇත් සොඬෙහි අග.
කර්තන[නා.ප්‍ර.] කැපීම; (නූල්) කැටීම.
කර්තනාංගය(පාරිභා.) [නා.] මකුළුවා දැල වියා ගැනීම සඳහා හුය කටින අවයවය (=spinnert).
කර්තරිය[නා.] කතුර.
කර්තව්‍ය[නා.ප්‍ර.] කළයුතු දෙය; කාර්යය.
කර්තෘ1. [නා.ප්‍ර.] කරන්නා; ක්‍රියාවක් කරන තැනැත්තා. 2. [නා.ප්‍ර.] නිර්මාණය කරන්නා. 3. [නා.ප්‍ර.] පොත් පත් ලියන තැනැත්තා; ගත්කතුවරයා. 4. (ව්‍යාක.) [නා.ප්‍ර.] වාක්‍යයක ප්‍රධාන ක්‍රියාව හෝ ක්‍රියා කරන්නා. 5. [නා.ප්‍ර.] අහංකාරය.
කර්තෘ නාම සන්දර්ශනය[නා.] පොත් පත් ආදියෙහි එය කළ කර්තෘගේ තොරතුරු දක්වා ඇති පාඨය හෝ පද්‍යය.
කර්තෘ නිර්දේශය[නා.] කර්තෘ හෙවත් කරන්නා දැක්වීම; කර්තෘ හැඳින්වීම.
කර්තෘ භාගය[නා.] සංගීත, සාහිත්‍ය ආදි නිර්මාණයක් වෙනුවෙන් එහි නිර්මාණකරුවාට හිමිවන ගණනය කරන ලද මූල්‍යමය ප්‍රතිලාභය.
කර්තෘ වාක්‍යය[නා.] පුවත්පතක හෝ එවැනි වෙනත් ප්‍රකාශනයක කර්තෘ හෙවත් ප්‍රධාන සංස්කාරක විසින් ලියනු ලබන කාලීන ව ඉතා වැදගත් වන ලිපිය; කතු වැකිය.
කර්තෘ විභක්තිය[නා.] (ව්‍යාක.)කර්ම කාරක වාක්‍යයක අනුක්ත කර්තෘ ගන්නා විභක්තිය; අවසාන ක්‍රියාවෙන් උක්ත නො වූ, කර්තෘ හඟවන පදය යෙදෙන විභක්තිය.
කර්තෘකාරක[නා.ප්‍ර.] (ව්‍යාක.) ක්‍රියා සිද්ධියට කෙළින් ම උපකාර කරන කර්තෘ හඟවන කාරකය.
කර්තෘකාරක ක්‍රියාව[නා.] (ව්‍යාක.) වාක්‍යයක කර්තෘ උක්ත වන ක්‍රියාව.
කර්තෘභූත[වි.] කර්තෘ වූ; කාරක වූ.
කර්දම1. [නා.ප්‍ර.] මඩ; අපවිත්‍ර දෙය. 2. [නා.ප්‍ර.] සුගන්ධ ද්‍රව්‍ය ආදිය මිශ්‍ර කොට සාදනු ලබන කල්කය. 3. [නා.ප්‍ර.] පාපය.
කර්පර[නා.ප්‍ර.] හිස් කබල; කපාලය.
කර්පූර[නා.ප්‍ර.] කපුරු.
කර්ම නියාමය[නා.] (අභි.) පෙර කරන ලද කුශලාකුශල කර්මයන් අනු ව හොඳ නරක ඵලවිපාක ලැබෙතැයි යන නියමය; කම්ම නියාමය.
කර්ම පථය[නා.] (අභි.) සුගතිය හෝ දුගතිය කරා යොමු වන මාර්ගය; ප්‍රතිසන්ධිය ගෙන දීමට සමත් කර්ම; කම්ම පථය.
කර්ම ප්‍රත්‍යවේක්ෂාව[නා.] (අභි.) පූර්ව කර්ම නුවණින් සලකා බැලීම; අතීත කර්ම ප්‍රත්‍යවේක්ෂණය.
කර්ම ඵල රේඛාව[නා.] අත්ලෙහි මුල සිට මැදැඟිල්ල මුල දක්වා සිරස් ව විහිදෙන රේඛාව; වාසනා රේඛාව.
කර්ම ඵලය[නා.] (අභි.) කුශලාකුශල කර්මයෙහි විපාකය; කම්ම ඵලය.
කර්ම බලය[නා.] පෙර භවයන්හි කළ කුශලාකුශල කර්මයන්ගේ බලය; කර්ම ශක්තිය.
කර්ම විපාකය[නා.] හොඳ, නරක සියලු ක්‍රියාවන්හි ඵලය.
කර්ම විභක්තිය[නා.] (ව්‍යාක.) සිංහල ව්‍යාකරණයෙහි විභක්ති නවයෙන් එකක්; කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය භජනය කෙරෙන විභක්තිය.
කර්ම වේගය[නා.] කර්ම බලය; කර්ම ශක්තිය.
කර්ම ශක්තිය[නා.] කුශලාකුශල කර්මයන්ගේ බලය; කර්ම වේගය.
කර්මකර, කර්මකාර[වි.] කර්මාන්තයෙහි යෙදෙන; වැඩෙහි යෙදෙන. [නා.] වැඩකරුවා; කම්කරුවා.
කර්මක්ෂම[වි.] වැඩට යෝග්‍ය; කාර්යයට සුදුසු. [නා.ප්‍ර.] (අභි.) කර්මයාගේ ක්ෂයවීම.
කර්මක්ෂයකර ඥානය[නා.] (අභි.) කර්මය ක්ෂය කිරීමට උපකාරී වන ඥානය; අර්හත් මාර්ග ඥානය.
කර්මකාරකය[නා.] (ව්‍යාක.) ක්‍රියා නිෂ්පත්තියට හේතු වූ කර්ම විභක්ති පදය; ක්‍රියා අර්ථය හා සම්බන්ධ වූ කර්ම පදය.
කර්මකාරකුලය[නා.] ලෝහ කර්මාන්තයෙහි යෙදෙන්නන් අයත් ශිල්ප ශ්‍රේණිය; ලොහොකරු කුලය; කඹුරු කුලය.
කර්මජ[වි.] (අභි.) කර්මයෙන් ජනිත වූ; කර්මය නිසා ඇති වූ.
කර්මජරූප[නා.ප්‍ර.] (අභි.) කර්මයෙන් හටගත් රූප; උපාදින්න රූප අටළොස; මෙය ඒකාන්ත රූප නවයෙන් හා අනේකාන්ත රූප නවයෙන් යුක්ත ව අටළොස් වැදෑරුම් වේ.
කර්මණ්‍ය[වි.] ක්‍රියාවට සුදුසු; වැඩට යෝග්‍ය.
කර්මත්‍රිකය[නා.] (අභි.) සිත, කය, වචනය යන තිදොරින් සිදු වන තුන් වැදෑරුම් කර්ම.
කර්මද්වාර[නා.ප්‍ර.බහු.] (අභි.) කුශලාකුශල කර්ම කිරීමට හේතු වන සිත, කය, වචනය යන මාර්ගත්‍රය.
කර්මධාරය[නා.ප්‍ර.] (ව්‍යාක.) විශේෂ්‍ය, විශේෂණ යන අර්ථ දෙක ම දරන සමාසය; විශේෂණ සමාසය.
කර්මනිමිත්ත[නා.ප්‍ර.] (අභි.) මරණාසන්න සත්ත්වයාගේ සිතට අරමුණු වන කුශලාකුශල කර්ම කිරීමට හේතු වූ දේ; කම්ම නිමිත්ත.
කර්මප්‍රවචනීය[වි.] (ව්‍යාක.) කර්මය ප්‍රකාශ වන. [නා.ප්‍ර.] කර්ම විභක්තිය හඳුන්වන හෝ ප්‍රකාශ කරවන උපසර්ග හා නිපාත සමූහය.
කර්මය1. [නා.] ක්‍රියාව; කටයුත්ත; කෘත්‍යය. 2. [නා.] වැඩය; කර්මාන්තය. 3. [නා.] වෑයම; ප්‍රයත්නය. 4. [නා.] වධබන්ධනාදි දඬුවම. 5. [නා.] පින්, පව්, කුසල්, අකුසල්. 6. [නා.] පාප කර්මයේ අනිටු විපාක. 7. [නා.] විනය කර්මය. 8. (ව්‍යාක.) [නා.] කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය.
කර්මවාදී[වි.] කර්මය හා විපාක ඇතැයි පිළිගන්නා; යහපත හෝ අයහපත කර්මය අනු ව සිදුවෙතැයි විශ්වාස කරන; කම්පල අදහන.
කර්මශීල[වි.] කඩිසර; අනලස්; ක්‍රියාශීලී.
කර්මස්ථාන1. [නා.ප්‍ර.] සමථ, විදර්ශන භාවනාවන්හි දී සිත පිහිටුවන අරමුණ; කමටහන. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] යමකුගේ කේන්ද්‍රයෙහි රැකීරක්ෂා පිළිබඳ කියැවෙන ස්ථානය.
කර්මාචාර්ය[කර්ම+ආචාර්ය] [නා.ප්‍ර.] (විනය.) උපසම්පදා කර්මයකදී කර්ම වාක්‍ය කියන ඇදුරු තෙරුන් වහන්සේ.
කර්මාධිගෘහිත[කර්ම+අධිගෘහිත] [වි.] කර්මයට යටත් වූ.
කර්මාන්තය1. [නා.] කටයුත්ත; කාර්යය; වැඩය. 2. [නා.] මෙහෙය; සේවය. 3. [නා.] ගොඩනැගීම; තැනීම; නිර්මාණය කිරීම.
කර්මානුරූප[කර්ම+අනුරූප] [වි.] කර්මයට අනු ව යන; කර්මයට උචිත.
කර්මායතනය[නා.] ජීවිකා වෘත්තිය; කර්මාන්තය.
කර්මාර[නා.ප්‍ර.] කම්මලේ වැඩ කරන්නා; ලොහොකුරුවා.
කර්මාර භස්ත්‍රාව[නා.] කම්මලෙහි ගිනි උදුනට පිඹින උපකරණය; කඹුරුසම; මයිනහම.
කර්මාරදේව[නා.ප්‍ර.] කර්මාරයගේ ඉටු දෙවියා; කර්මාන්තවලට අධිගෘහිත දේවතාවා.
කර්මාර්හයා[නා.] සංඝ කර්මයකට සහභාගි වීමට සුදුසු භික්ෂුව.
කර්මාවරණ[නා.ප්‍ර.] කුශල කර්මයන් විපාක දීමට අවහිර කරන ආනන්තර්ය කර්ම පහ.
කර්මේන්ද්‍රිය[නා.ප්‍ර.] මිනිසාගේ ක්‍රියාකාරී ඉන්ද්‍රිය; අත්, පා, කට, ගුදය හා ලිංගය යන ඉන්ද්‍රිය පහ.
කර්ෂණය1. [නා.] ඇදීම; එහාට මෙහාට ඇදීම. 2. [නා.] ගොවිතැන; සී සෑම.
කර්ෂය1. [නා.] සී සෑම; ගොවිතැන. 2. [නා.] පුරාණ කාලයේ පැවති බර මැනීමේ ඒකකයක්; කළං තුනක ප්‍රමාණය. 3. [නා.] පැරණි කාසි විශේෂයක්.
කර්ෂව[නා.] වළ; ආවාටය.
කර්ෂාපණය[නා.] කහවණුව.
කරා1. [නා.ප්‍ර.] අයබද්ද; සුංගම; කරවුවර. 2. [නා.ප්‍ර.] මුහුදු වෙරළ; මුහුදු තීරය. [නි.] ළඟට; වෙතට; සමීපයට; කෙරෙහි.
කරාග්‍රය[කර+අග්‍රය] 1. [නා.] අලි ඇතුන්ගේ හොඬවැලේ කෙළවර. 2. [නා.] අතේ කෙළවර.
කරාටෙ, කරාටි[නා.] ආයුධ රහිත ව කරන සටන් කලා විශේෂයක්.
කරාබු, කරාඹු1. [නා.ප්‍ර.] කුණ්ඩලා භරණය. 2. [නා.ප්‍ර.] ඖෂධයක් ද කුළුබඩුවක් ද වශයෙන් භාවිත කරන මල් දරන ශාකයක්.
කරාමය1. [නා.] වඩුවන් විසින් දොර ජනෙල් ආදියේ ලෑලි වැද්දීමේ දී හා ලෑලි ඇලවීමේ දී ඒවා හිරකර දී තැබීම සඳහා පාවිච්චි කරන යකඩ අච්චු විශේෂයක්. 2. [නා.] පීප්ප ටැංකි ජලනළ ආදියෙන් ගලා එන ද්‍රව පාලනය කිරීම සඳහා උපයෝගී කරගනු ලබන කරකැවිය හැකි වෑල්වයකින් හෝ කරඇණයකින් යුතු උපකරණයක්; ටැප් (=tap).
කරාල1. [වි.] භයානක; බිහිසුණු. 2. [වි.] උස් වූ; ගැවසී ගත්තා වූ. [නා.ප්‍ර.] අතු සහිත කොටස හෙවත් කරඬුව; කරටිය.
කරාළ[නා.ප්‍ර.] පිඟු පැහැය; කපිල වර්ණය.
කරි, කරී[නා.ළ.] අලියා; ඇතා; හස්තියා.
කරිංචි කරනවා(කථා.) [ක්‍රි.] කලවම් කරනවා; මිශ්‍ර කරනවා.
කරිඝට[නා.ප්‍ර.] ඇත්රැළ; ඇත් රංචුව.
කරිච්චි[නා.ප්‍ර.] කැසීම; කණ්ඩුතිය.
කරිජ[නා.ප්‍ර.] ඇත්පැටියා.
කරිජ්ජ(කථා.) [නා.ප්‍ර.] මුහුදු දිය; කරදිය.
කරිමරිය[නා.] කරදරය; අවුල.
කරිමුඛ[නා.ප්‍ර.] ඇත් මුහුණක් ඇත්තා; ගණදෙවිඳු.
කරිවරේන්ද්‍ර[නා.ප්‍ර.] ඇතුන්ගේ නායකයා; ඇත් රජා.
කරිවි[නා.ප්‍ර.] මෙවලම; ආයුධය.
කරිස[නා.ප්‍ර.] කිරුම් ප්‍රමාණයක්; කළං තුනක බර; කර්ෂය.
කරිසල්ල(කථා.) [නා.] දිරා ගිය හෝ ඉරුණු රෙද්ද; කඩමාල්ල.
කරීන්ද්‍ර[නා.] ඇත් රජ.
කරීර1. [නා.ප්‍ර.] තල්, පොල්, ඉඳි, උණ ආදි ගස්වල බඩ; ගොබය; ගස්වල ඉතා ළපටි පැළය. 2. [නා.ප්‍ර.] දිය බඳුන; වතුර ජෝගුව.
කරීෂ1. [නා.ප්‍ර.] මල; අශුචි. 2. [නා.ප්‍ර.] ගොමවැරටි.
කරීස1. [නා.ප්‍ර.] බිම් මිනුම් ක්‍රමයක්; කිරිය; අමුණු හතරක ප්‍රමාණය. 2. [නා.ප්‍ර.] මල; අශුචි.
කරුංකා, කරුංගා[නා.ප්‍ර.] වේලන ලද පුවක්.
කරුණ[නා.] කාරණය; හේතුව; අදහස.
කරුණා ගුණය[නා.] කරුණාව හෙවත් අනුකම්පාව ලක්ෂණ කොට ඇති චිත්ත ස්වභාවය.
කරුණාපරවශ[වි.] කරුණාව මුල් කොට ඇති.
කරුණාරසය1. (අලං. නාට්‍ය.) [නා.] නව රසයන්ගෙන් එකක්. 2. [නා.] කරුණාව නමැති ජලය.
කරුණාව[නා.] අනුන්ගේ දුකෙහි සිත කම්පා වන ගතිය.
කරුබිත(පාරිභා.) [නා.] දොර-ජනෙල්- උළුවහුවලට ඉහළින් තිරස් ව තබන ලී හෝ ගල් හෝ කොන්ක්‍රීට් කඳ; ලින්ටලය.
කරුම[වි.] පව්කාර; අවාසනාවන්ත.
කරුමකාර, කරුමක්කාර(කථා.) [වි.] අවාසනාවන්ත; පව්කාර; කාලකණ්ණි.
කරුමය1. [නා.] කටයුත්ත; වැඩය; කර්මාන්තය. 2. [නා.] වමන විරේකාදී චිකිත්සා කර්මය. 3. [නා.] අවාසනාව; දුර්භාග්‍යය; අකුසලය; අනිෂ්ට විපාක දෙන කර්මය.
කරුමුල්[නා.ප්‍ර.] දුනුකේ කඩොල් ආදි ගස්වල ගසට ආධාර පිණිස කඳෙන් ඇදෙන මුල්.
කරුව1. [නා.] ගසක අතු දෙකට බෙදුණු තැන;දෙබල. 2. [නා.] දෙබලක් සහිත අතු කැබැල්ලකින් තනා ගන්නා ආධාරකය; මුක්කුව. 3. [නා.] හතරෙන් පංගුව. 4. [නා.] හවුලෙන් අයිතිය; මහන්සියට ලැබෙන කොටස. 5. [නා.] අච්චුව.
කරුවළ1. [නා.] අඳුර; අන්ධකාරය; තිමිරය; කළුවර. 2. [නා.] එනම් ගස හා එහි ලීය.
කරුහවුල[නා.] පතල් කර්මාන්තයේදී හා හේන් කුඹුරු ගොවිතැනේදී හතරෙන් පංගුවේ කොටස් ක්‍රමයට ඇති කර ගන්නා හවුල.
කරේණු1. [නා.ප්‍ර.] ඇතා. 2. [නා.ප්‍ර.] ඇතින්න.
කරේණුකා[නා.ප්‍ර.] ඇතින්න.
කරෝටි, කරෝටිකා[නා.ප්‍ර.] හිස්කබල.
කල1. [නා.] කාලය. 2. [නා.] අවස්ථාව; ප්‍රස්තාව. 3. [නා.] මරණය. 4. [නා.] යම හෙවත් මරණයට අධිපති දෙවියා. 5. [නා.] කමත; කලවිට. 6. [නා.] ස්ත්‍රිය; කාන්තාව. 7. [නා.] සිත්කලුබව; මනෝඥබව. 8. [නා.] ස්වාමි පුරුෂයා. 9. [නා.] කකුළුවා; කක්කුට්ටා. 1. [වි.] සිහින් හඬ නඟන; මිහිරි හා නොපැහැදිලි හඬ නඟන. 2. [වි.] දුබල; බොළඳ; නිවට. 3. [වි.] සිත් අලවන; මනස්කාන්ත.
කලංකය, කලඞ්කය1. [නා.] දෝෂය; කිලුට; කැළල. 2. [නා.] මලක කීලයේ අග්‍රස්ථ කොටස. 3. [නා.] ප්‍රමාණ කළනොහැකි විශාල සංඛ්‍යාවක්.
කලංගය(කථා.) [නා.] පුවක් කොළපතින් සාදා ගනු ලබන මල්ල; කොළපත් ගොට්ට.
කලඑළි කරනවා1. (කථා.) [ක්‍රි.] එළි කරනවා; අනාවරණ කරනවා. 2. [ක්‍රි.] කැලෑ කපා එළි කරනවා.
කලඑළි බහිනවා(කථා.) [ක්‍රි.] නැටුම් ශිල්පියකු පළමුවරට ප්‍රසිද්ධියේ රැඟුම් දක්වනවා.
කලඑළිය1. [නා.] සුදුසු කාලය; අවස්ථාව. 2. [නා.] එළිමහන. 3. [නා.] ආටෝපය; අලංකාරය.
කලකලය1. [නා.] කැලඹීම සහිත ඝෝෂාව; කෝලාහලය. 2. [නා.] සටන; යුද්ධය.
කලකිරිය[නා.] මරණය; කාලක්‍රියාව.
කලකිරෙනවා1. [ක්‍රි.] උකටලී වෙනවා; සංවේගයට පැමිණෙනවා. 2. [ක්‍රි.] අසතුටු වෙනවා; අමනාප වෙනවා. 3. [ක්‍රි.] කෝපවෙනවා; උරණ වෙනවා. 4. [ක්‍රි.] වෙහෙස වෙනවා; පීඩාවට පත් වෙනවා.
කලකෝලාහල[නා.ප්‍ර.] අඬදබරය; රණ්ඩුසරුවල; කලබලය.
කලටිය[නා.] නොපැසුණු පොල් ගෙඩිය.
කලණ[වි.] ප්‍රියමනාප; යහපත්.
කලණ මිතුරා[නා.] උතුම් ගුණ ඇති මිත්‍රයා; හිත වැඩ කැමති මිත්‍රයා.
කලණවිය[නා.] කල්‍යාණ වූ තැනැත්තිය; මනෝඥ වූ ස්ත්‍රිය.
කලත(කථා.) [නා.] ගොන්න; ගොඩ; සමූහය; රාශිය.
කලත්1. [වි.] වෙහෙසුණු; විඩාවට පත් වූ. 2. [වි.] කැලඹුණු; වියවුල් වූ. [නා.ප්‍ර.] බිරිය; භාර්යාව.
කලත්‍ර1. [නා.ප්‍ර.] බිරිඳ හෝ ස්වාමි පුරුෂයා. 2. [නා.ප්‍ර.] ස්ත්‍රිය; ගැහැනිය. 3. [නා.ප්‍ර.] උකුළ; ජඝනය.
කලත්‍ර පරිග්‍රහය[නා.] භාර්යාවක පාවා ගැනීම.
කලත්‍ර ස්ථානය[නා.] (ජ්‍යෝති.) පුරුෂ කේන්ද්‍රයක භාර්යාව පිළිබඳ ඵලාඵල දක්වන ස්ථානය; කේන්ද්‍රයේ හත් වන ස්ථානය.
කලතුරු1. [නා.ප්‍ර.] බිරිඳ; අඹුව. 2. [නා.ප්‍ර.] ස්ත්‍රිය. 3. [නා.ප්‍ර.] උකුළ; නිතඹ. 4. [නා.ප්‍ර.] යෝනිය. 5. [නා.ප්‍ර.] දීර්ඝ කාලය.
කලදෝ1. [නා.ප්‍ර.] රිදී; රජත. 2. [නා.ප්‍ර.] රන්; රත්රන්.
කලදෝ ගිර1. [නා.] රිදී පර්වතය; ඊශ්වර දෙවියන් වසන කෛලාස පර්වතය. 2. [නා.] රත්රන් පර්වතය.
කලනය1. (පාරිභා.) [නා.] තල්, පොල් ආදි ගස්වල කරඬුවෙහි/කරටියෙහි වූ ඉතා සියුම් ගොබ ගණනාවකින් සැදී ඇති කොටස. 2. [නා.] ප්‍රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව; බීජාංකුරය. 3. [නා.] ගණිත ක්‍රමයක නාමය (=calculus).
කලන්චිය1. (කථා.) [නා.] කලවම් කිරීම; කලවම; මිශ්‍රණය. 2. [නා.] හකුරු සාදා අවසානයෙහි හැළිය සේදූ වතුර. 3. [නා.] සූදුපොළ අයිතිකරු සූදුකරුවන්ගෙන් අයකර ගන්නා මුදල; තෝං මුදල. 4. [නා.] කුඩා පඩික්කම.
කලන්තය[නා.] බලවත් පීඩාව; තද වෙහෙස; අධික වෙහෙස නිසා සිරුර තුළ ඇති වන අප්‍රාණිකබව.
කලන්දක[නා.ප්‍ර.] ලෙහෙනා; ලේනා.
කලප්1. [නා.ප්‍ර.] කලබ; කලාපය; පොකුර 2. [නා.ප්‍ර.] මොනර පිල.
කලප්පන්න(කථා.) [නා.] යම් කටයුත්තක් සදහා අවශ්‍ය උපකරණ; අඩුවැඩිය; මෙවලම්; ආම්පන්න.
කලපාසය(පාරිභා.) [නා.] කෝදුවෙන් මැනීමට අසීරු ගෝල හෝ සිලින්ඩරාදි වස්තුවක ඇතුළත හෝ පිටත මැනීමට භාවිත කරන අඬු දෙකකින් යුත් මැනීමේ උපකරණය (=calipers).
කලබ, කලඹ1. [නා.] පොකූර; රාශිය; සමූහය; මිටිය; කලාපය. 2. [නා.] සෙවණැල්ල; ඡායාව. 3. [නා.] මොනරපිල් වැටිය. 4. [නා.] තරුණ ඇත් පැටවා.
කලබගෑනිය, කලබැගෑනිය[නා.] කලබලය; නොසන්සුන්කම; අවුල; අරගලය.
කලබල[නා.ප්‍ර.] ඉක්මන; නොසන්සුන්කම; ව්‍යාකූලබව. [වි.] ඉක්මන්; කඩිනම්; නොඉවසිලිමත්.
කලබිම[නා.] කමත; කලවිට.
කලබුව[නා.] (අභි.) (එක විට උපදනා වූ එක විට නිරුද්ධ වන්නා වූ එක ම නිශ්‍රය ඇති එකතුව පවත්නා වූ) රූපධර්ම සමූහය; කලාපය.
කලම්පය1. [නා.] (දොර ජනෙල් ආදියේ) එකිනෙක සම්බන්ධ කළ ලෑලි ශක්තිමත් වන සේ ගසන ලී පටිය. 2. (පාරිභා.) [නා.] යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට යොදන උපකරණය; අල්ලුව (=clamp).
කලම්බනය[නා.] කැලඹීම; ආලෝලනය; ක්ෂෝභය.
කලඹ[නා.] කලබ.
කලඹනවා1. [ක්‍රි.] අලළනවා; කලතනවා. 2. [ක්‍රි.] කලබල කරනවා; කම්පා කරනවා.
කලරව, කලරැව්1. [නා.ප්‍ර.] සිත් අලවන ශබ්දය; මිහිරි හඬ; මධුර නාදය. 2. [නා.ප්‍ර.] පරවි ධේනුව.
කලල1. [නා.ප්‍ර.] සත්ත්වයකු පිළිසිඳ ගැනීමේ දී මවු කුසේ පහළ වන විඤ්ඤාණය සහිත රූප පිණ්ඩයේ ප්‍රථම අවස්ථාව; ශුක්‍රාර්තව සංයෝගයෙන් හටගත් සත්ත්ව බීජාංකුරය; භ්‍රෑණය; කලල බීජය. 2. [නා.ප්‍ර.] ඇටයක් ඇතුළේ තිබෙන බීජාංකුරය; ප්‍රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව. 3. [නා.ප්‍ර.] මඩ වගුර; මඩ ගොහොරුව. 4. [නා.ප්‍ර.] අඳුන; කල්කය; විලේපනය; සුවඳ ආලේපය.
කලල ධරය(පාරිභා.) [නා.] කලලය වසා සිටින කොපුව (=embryophore).
කලල බන්ධය(පාරිභා.) [නා.] කලලය වසාගෙන ඇති සිවිය; ඩිම්බ බන්ධය; වැදෑමහ (=placenta).
කලල රූපය[නා.] (අභි.) කාය දසක, භාව දසක, වස්තු දසක කලාප තුනෙන් යුතු විඥානය සහිත රූප පිණ්ඩය.
කලල සප්තාහය[නා.] මවුකුස පිළිසිඳුණු සත්ත්වයකුගේ වයසින් පළමු සතිය; කලලයෙහි පළමු දින හත.
කලල් අගල[නා.] මඩ පිරවූ අගළ; පුරාණයේ නගරයක ආරක්ෂාව පිණිස තනා තිබූ අගල් අතුරෙන් එකකි.
කලල්ලම්[කලල්+කම්] [නා.ප්‍ර.] වැපිරීමට පෙර කුඹුරක කැට තළා මඩ කොට පෝරු ගා සම කිරීම.
කලවිට[නා.]ගොයම් කොළ මැඬීම සඳහා සකස් කර ගන්නා බිම; කමත.
කලශය1. [නා.] කුඩා කළ ගෙඩිය; ඝටය; කුම්භය. 2. [නා.] පුරාණ මිනුම් ප්‍රමාණයක්; ද්‍රෝණය.
කලස[නා.] කූඩා කළය; ඝටය; කෙණ්ඩිය.
කලහය[නා.] දබරය; අරගලය; කෝලාහලය; යුද්ධය.
කල්[වි.] සිත් අලවන; මනෝඥ; ප්‍රිය; කාන්ත. 1. [නා.ප්‍ර.] ඇල්ම; ආදරය; ආශාව; කාමය; ශෘංගාරය. 2. [නා.ප්‍ර.] කාන්තාව; ස්ත්‍රිය; භාර්යාව. 3. [නා.ප්‍ර.] ස්වාමි පුරුෂයා; වල්ලභයා; කාන්තයා. 4. [නා.ප්‍ර.] නියමිත කාලය; සුදුසු කාලය; අවස්ථාව; ප්‍රස්තාව. [නි.] තෙක්; තුරු.
කල් අරිනවා1. [ක්‍රි.] කාලය ගත කරනවා; කල් ඉක්මවනවා; කල් යවනවා; දවසරිනවා. 2. [ක්‍රි.] කල් දමනවා; මතු දිනකට ප්‍රමාද කරනවා.
කල් අරුත[නා.] (ව්‍යාක.) ක්‍රියාව සිදු වන කාලය අඟවන අර්ථය; කාලාර්ථය.
කල් කරනවා1. [ක්‍රි.] මිය යනවා; මැරෙනවා; කාලක්‍රියා කරනවා. 2. [ක්‍රි.] ප්‍රිය කරනවා; ආදරයෙන් සලකනවා.
කල් කිරිය1. [නා.] (ව්‍යාක.) අතීතාදි කාලයක් අඟවන ක්‍රියාව. 2. [නා.] මියයාම.
කල් ගිය1. [වි.] පරණ වූ; කාලයක් පැවති; නිදන්ගත. 2. [වි.] වයස්ගත; වයෝවෘද්ධ. 3. [වි.] පසු අවස්ථාවකට නියම කළ; කල් දැමූ.
කල් තබනවා[ක්‍රි.] නඩුවක් ඇසීම, රැස්වීමක් පැවැත්වීම, ආදිය ඉදිරි දිනකට නියම කරනවා; කල් දමනවා.
කල් දන්නවා[ක්‍රි.] යමකට සුදුසු කාලය පැමිණෙන තුරු සැලකිලිමත් වෙනවා; සුදුසු අවස්ථාව පැමිණෙන තුරු සිටිනවා.
කල් බද්ද(පාරිභා.) [නා.] වාහන, ඉඩම් ආදිය ලබා ගැනීම සඳහා ඇති ණය ක්‍රමයක්; අදාළ දේපළ ඇපයක් ලෙස තබා ගෙන මූල්‍ය ආයතන විසින් මෙම ණය නිකුත් කරනු ලැබේ (=lease).
කල් බඳිනවා[ක්‍රි.] ආදරයෙන් බැඳෙනවා; තදින් ඇලුම් කරනවා; ආලය පානවා.
කල්ක කුහරය[නා.] දතෙහි ඇතුළත ඇති ස්නායු හා රුධිර නාලවලින් ගැවසී ඇති කොටස.
කල්කය1. [නා.] අඹරන ලද සඳුන් ආදියෙන් කළ ආලේපය; විලේපනය. 2. [නා.] ඖෂධ වර්ග අඹරා ගැනීමෙන් සාදා ගන්නා සංයෝගය. 3. [නා.] කඩදාසි සෑදීමට පාවිච්චි කරන ලීකුඩු, පිදුරු ආදිය අඹරා සාදා ගන්නා පල්පය.
කල්කාන්තර(කථා.) [වි.] බොහෝ කල් සිට පැවතෙන; ඉතා පැරණි; පෞරාණික. [නා.] අතිදීර්ඝ කාලය.
කල්කි[නා.ප්‍ර.] අධර්මිෂ්ඨයන් විනාශ කරන්නකු වශයෙන් ද ධර්මය නැවත ඇති කරන්නකු වශයෙන් ද සැලකෙන දස වැනි විෂ්ණු අවතාරය.
කල්ගොස[නා.ප්‍ර.] යම් කිසි කටයුත්තකට සුදුසු කාලය පැමිණ ඇතැයි දැන්වීමට කරන ශබ්දය; කාලඝෝෂාව.
කල්දේරම[නා.ප්‍ර.] විශාල ප්‍රමාණයෙන් යමක් උණුකිරීම හෝ තැම්බීම ආදිය සඳහා ගන්නා ලෝහමය භාජනය; විශේෂයෙන් අරක්කු පෙරීම හා රා උණු කිරීම සඳහා ගැනෙන ලෝහමය භාජනය.
කල්ප1. [නා.ප්‍ර.] වෛදික යාග විධි හා ක්‍රම විස්තර කෙරෙන ශාස්ත්‍රය. 2. [නා.ප්‍ර.] අරමුණ; අදහස; කල්පනාව; සංකල්ප. 3. [නා.ප්‍ර.] වෛද්‍ය පිළියම් යෙදීම; රෝගෝපසමය. 4. [නා.ප්‍ර.] දීර්ඝ කාලපරිච්ඡේදයක් හඳුන්වන නාමය. [වි.] වැනි; සමාන; සදෘශ.
කල්ප ලතාව[නා.] දිව්‍ය ලෝකයෙහි ඇතැයි ද සිතු පැතු දේ ප්‍රදානය කරතැයි ද විශ්වාස කරනු ලබන වැල; කප්ලිය.
කල්ප විනාශය[නා.] කල්පයක් කෙළවර දී ලෝකධාතු විනාශයට පත්වීම; කල්පය ගෙවී අවසාන වීම.
කල්ප වෘක්ෂය[නා.] දෙව්ලොව ඇති සිතු පැතු දේ ප්‍රදානය කරතැයි විශ්වාස කරනු ලබන වෘක්ෂය; කප්රුක.
කල්පනය1. [නා.] පිළියෙල කිරීම; සකස් කිරීම. 2. [නා.] සිතින් මවා ගැනීම; කවි කල්පනාව. 3. [නා.] අදහස; සංකල්පය; මතය. 4. [නා.] සලකා බැලීම; මනසිකාරය. 5.(පාරිභා.) [නා.] සිතා ගැනීම; කල්පිතය (=supportion).
කල්පනාකාරී[වි.] විමසිලිමත්; සැලකිලිමත්; සිතිවිල්ලෙන් යුක්ත.
කල්පනාව[නා.] සිතිවිල්ල; චින්තනය; අදහස; හැඟීම; අභිප්‍රාය; මතය.
කල්පනීය[වි.] සිතිය යුතු; සලකා බැලිය යුතු; කල්පනා කළ යුතු.
කල්පස්ථායි, කල්පස්තායී[වි.] කල්පයක් පවතින; කල්පයක් අවසන් වනතුරු පවතින.
කල්ප්‍ය[වි.] කැප; සුදුසු; යෝග්‍ය.
කල්පාග්නිය[කල්ප+අග්නිය] [නා.] කල්ප විනාශයේ දී හට ගනිතැයි විශ්වාස කරනු ලබන ගින්න.
කල්පාන්ත මේඝය[නා.] කල්ප විනාශයේ දී හට ගනිතැයි විශ්වාස කරනු ලබන මහා වර්ෂාව.
කල්පායුෂ්ක[කල්ප+ආයුෂ්ක] [වි.] කල්පයක් ආයුෂ ඇති.
කල්පිත1. [වි.] සිතින් මවා ගත්; කාල්පනික. 2. [වි.] අනුමානයෙන් සිතාගත්; උපකල්පිත (= hypothetical). [නා.ප්‍ර.] සිතෙන් පමණක් සිතා ගත් දෙය.
කල්පිතය(පාරිභා.) [නා.ප්‍ර.] හේතූන් අනුව සිතා ගන්නා ලද්ද හෝ තීරණය කර ගන්නා ලද්ද; නියමයක් නොවූ (අලුත්) අදහස හෝ මතය; උපකල්පනය (=hypothesis).
කල්බඳ[නා.] කල්‍ය වූ සිරුරක් ඇත්තී; ස්ත්‍රිය; කාන්තාව; ළඳ; සොඳුරිය.
කල්මාෂ[වි.] ලප ඇති; තිත් සහිත; කැළැල් ඇති; කිලුටු; කිලුටු වූ.
කල්යල්1. [නා.ප්‍ර.] නියම කාලය හා අකාලය; සුදුසු කාලය හා නුසුදුසු කාලය. 2. [නා.ප්‍ර.] ප්‍රධාන ශස්‍යවාර; අප්‍රධාන ශස්‍යවාරය; යල සහ මහ කන්නය.
කල්ල1. [නා.] ඉඳිකඩ; කඩුල්ල. 2. [නා.] කාන්තාව; ස්ත්‍රිය.
කල්ලි1. [නා.ප්‍ර.] පැරණි ජාතික ළමා ක්‍රීඩාවක්; වළ කල්ලි ගැසීම. 2. [නා.ප්‍ර.] කණ්ඩායම; රංචුව.
කල්ලු දේශය(කථා.) [නා.] මාලදිවයින.
කල්ලෝල[නා.ප්‍ර.] රළ; තරංගය.
කල්වියො[වි.] ප්‍රියාවගෙන් වෙන් වූ; කාන්තාවගෙන් වියෝ වූ.
කල්හාර, කහ්ලාර[නා.] හෙළ මානෙල්; හෙල්මැලි.
කල්‍ය1. [වි.] යහපත්; නීරෝගී. 2. [වි.] දක්ෂ; නිපුණ; සමර්ථ. 1. [නා.ප්‍ර.] යහපත් භාවය; වාසනාවන්තකම; සෞභාග්‍යය; නීරෝගීතාව; සනීපය. 2. [නා.ප්‍ර.] දක්ෂතාව; නිපුණත්වය.
කල්‍යාණ1. [වි.] ප්‍රිය; මනාප. 2. [වි.] යහපත්; ගුණවත්; දැහැමි; උතුම්. 1. [නා.ප්‍ර.] යහපත්බව; දැහැමිබව. 2. [නා.ප්‍ර.] රූපශ්‍රීය; රූපසම්පත්තිය.
කල්‍යාණ මිත්‍රයා[නා.] යහපත් මිතුරා; හිතවැඩ කැමති මිතුරා; ඉෂ්ට මිත්‍රයා.
කල්‍යාණධර්ම1. [නා.ප්‍ර.] පාණාතිපාතාදි පාපවලින් වෙන් වූ උතුම් වූ ගුණධර්ම. 2. [නා.ප්‍ර.] පුණ්‍ය ක්‍රියා; යහපත් කටයුතු.
කලා1. [නා.ප්‍ර.] කොටස; භාගය. 2. [නා.ප්‍ර.] චන්ද්‍රයාගෙන් දහයෙන් පංගුව. 3. [නා.ප්‍ර.] කාල මාන ඒකකයක්; කාෂ්ඨා තිහක කාලය. 4. [නා.ප්‍ර.] අංශකයකින් හැටෙන් කොටස. 5. [නා.ප්‍ර.] මනුෂ්‍ය ශරීරය සෑදී ඇති සප්තධාතු හා පටල. 6. [නා.ප්‍ර.] ශිල්ප ශාස්ත්‍ර; භාෂා ශාස්ත්‍ර; පැරණි පොතපතෙහි සඳහන් වන වාද්‍ය, ගීත, නෘත්‍ය ආදි සූසැට ශිල්ප. 7. [නා.ප්‍ර.] චන්ද්‍රයාගේ ගමන අනු ව මනුෂ්‍ය ශරීරයෙහි ඒ ඒ ස්ථානයෙහි ඇති වෙතැයි සලකනු ලබන ශක්ති විශේෂයක්; මෙය අමෘත කලා, විෂකලා වශයෙන් දෙවැදෑරුම් වේ. 8. (සංගී.) [නා.ප්‍ර.] දස වැදෑරුම් වූ තාලප්‍රාණ අතරින් එකක්. 9. (පාරිභා.) [නා.ප්‍ර.] සයිනාකාර ව වෙනස් වන දෙයක වෙනස් වන ප්‍රමාණය (=phase). 10. [නා.ප්‍ර.] කත; කාන්තාව.
කලා පිලාව[නා.] කලහ පීඩාව; අවුල; වියවුල; කලබලය.
කලා පූරණ[නා.] චන්ද්‍රයා කලාවලින් පිරීම; චන්ද්‍රයා කලාවලින් පරිපූර්ණ වීම.
කලාකාරයා[නා.] සංගීත නැටුම් චිත්‍ර ශිල්ප ආදි කලාවන්හි නියුක්ත වූ තැනැත්තා; කලාකරුවා.
කලාකිරිඤ්ඤය[නා.] මිට මොලවා අතින් පහරදීමේ දී ඇඟිලි පුරුක් ආවරණය වන සේ අතේ දමා ගන්නා ලෝමුවා හෝ අංමුවා ආයුධයක්; කස්කිරිඤ්ඤය.
කලාත[කල+අත] 1. [නා.] කලවිටෙහි අග; කමතෙහි වට අයින; ගොයම් කොළේ අයින. 2. [නා.] අයින; අද්දර; කෙළවර.
කලාතුර[නා.] ඉක්මී ගිය දිග කාලය; කාලාන්තරය.
කලාතුරකින්[ක්‍රි.වි.] ඉඳහිට; අතරින් පතර.
කලාධාර[නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
කලානිධි[නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
කලාප කොපුව(පාරිභා.) [නා.] ශාකයක සනාල කලාපය වටා වූ විශාල සෛලවලින් සෑදුණු ස්තරය (=bundle sheath).
කලාප සම්මර්ශනය[නා.] (අභි.) කාමාවචර, රූපාවචර, අරූපාවචර සංඛ්‍යාත ත්‍රෛභූමක සංස්කාර ධර්මයන් ස්කන්ධාදි කලාප වශයෙන් ගෙන හකුළුවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයට අනු ව මෙනෙහි කිරීම.
කලාපය1. [නා.] මිටිය; පොකුර; සමූහය. 2. [නා.] සඟරාවක හෝ ප්‍රවෘත්ති පත්‍රයක හෝ එක වරකට මුද්‍රණයෙන් නිකුත් වන කොටස හෙවත් කාණ්ඩය. 3. [නා.] සංස්කෘත ව්‍යාකරණ ක්‍රමයක්. 4. [නා.] කොටස; පරිච්ඡේදය. 5. [නා.] මොනර පිල්. 6. [නා.] හී කොපුව. 7. [නා.] ආභරණය; භූෂණය. 8. [නා.] (ස්ත්‍රීන්) ඉණෙහි පලඳින මිණිගෙඩි බැඳි හුය. 9. [නා.] (අභි.) (එක විට උපදනා වූ එක විට නිරුද්ධ වන්නා වූ එක ම නිශ්‍රය ඇති එකතුව පවත්නා වූ) රූපධර්ම සමූහය; රූපකලාපය. 10. (පාරිභා.) [නා.] නිවර්තන වෘත්ත ද්වයයෙන් ද ධ්‍රැව වෘත්ත ද්වයයෙන් ද පෘථිවිගෝලයේ මතු පිට බෙදී ඇතැයි සැලකෙන දේශගුණික කොටස් පහෙන් එක එකට ව්‍යවහාර වන නාමය.
කලාබුක[නා.ප්‍ර.] කීප පොටක් එකට ගොතා සාදා ගත් ඉණෙහි බඳිනා පටි විශේෂයක්.
කලායතනය[නා.] නැටුම්, වැයුම්, චිත්‍ර, මූර්ති ආදි ලලිත කලාවන් පුහුණු කරවන විද්‍යාලය.
කලාවේදියා[නා.] නෘත්‍ය, ගීත, ආදි කලා පිළිබඳ දැනුම ලත් තැනැත්තා.
කලාශිල්ප[නා.ප්‍ර.] කලා වශයෙන් ගැනෙන විෂයයන් හා ශිල්ප වශයෙන් ගැනෙන විෂයයන්; කලා නිර්මාණ; කලා කෘති.
කලාශිල්පී[නා.ප්‍ර.] විශේෂයෙන් නෘත්‍ය, ගීත, මූර්ති ආදි කලා ශිල්පවල යෙදෙන තැනැත්තා; කලා කෘතියක් නිර්මාණය කරන්නා.
කලාසිකාරයා1. [නා.] කැරලිකාරයා; යුද කිරීමට හදිසියෙන් පනින්නා. 2. [නා.] ඔරුකාරයා; නාවිකයා.
කලාසිය[නා.] ජල යාත්‍රාවක සේවය කරන පිරිස.
කලාසිසි[නා.ප්‍ර.] කලා සම්පූර්ණ නොවූ චන්ද්‍රයා; අඩසඳ; අර්ධ චන්ද්‍රයා.
කලාසෞන්දර්යය[නා.] කලාවෙහි දක්නා සුන්දරභාවය; කලාවල ඇති සුන්දරත්වය.
කලි[වි.] මනෝඥ වූ; සම්භාවනීය වූ. 1. [නා.ප්‍ර.] පාපය; වරද; අධර්මය. 2. [නා.ප්‍ර.] යුද්ධය; අරගලය. 3. [නා.ප්‍ර.] කල්පයක් බෙදනු ලබන යුග හතරින් සතරවැන්න; කලියුගය. 4. [නා.ප්‍ර.] මල් කැකුළ; මොට්ටුව. [නි.] අවධාරණය, පද පූරණය ආදිය සඳහා යෙදේ; වනාහි; නම්.
කලිකලහය[නා.] අරගලය; අඬදබරය; කලකෝලාහලය; යුද්ධය.
කලිකාල[නා.ප්‍ර.] කලියුගයට අයත් කාල පරිච්ඡේදය; කලි යුගය. [වි.] කාලාන්තරයක සිට පවතින; ඉතා පැරණි.
කලිකාව1. [නා.] මොටියා; මොරෙයියා; අංකුරය. 2. [නා.] මල් මොට්ටුව; මල් කැකුළ. 3. [නා.] පහනක දැල්ල නැවැත්වීම සඳහා එල්ලන ආවරණය.
කලිඞ්ගරය, කලිංගරය[නා.] ලී කොටය; ලී කැබැල්ල.
කලිඟුබැඳුම[නා.] වැව් මියර බිඳුණු විට දිය රඳා සිටීම සඳහා වැව තුළ බැඳි මියර.
කලිඟුරු[නා.ප්‍ර.] තඹ, පිත්තල භාජන ආදියෙහි බැඳෙන නිල්පාට අම්ලය.
කලිඟුල[නා.] වැවක පිටාර යන දිය රැඳීමට පිටතින් බැඳි මියර.
කලිච්චිය[නා.] සූදුපොළ හිමියා විසින් සූදුකරුවන්ගෙන් අය කරගනු ලබන ගාස්තුව; තෝං මුදල.
කලිණි[වි.] සිත්කලු වූ; මනෝඥ වූ; කල්‍යාණ වූ.
කලිත[වි.] ගන්නා ලද; ගත්; උසුලන ලද.
කලිඳු1. [නා.ප්‍ර.] දෙවි කෙනෙකුගේ නාමය; විෂ්ණු. 2. [නා.ප්‍ර.] යමුනා නදිය.
කලිප්පිච්චිය[නා.] (කථා.) හදිසි කලබලය; අනවශ්‍ය කලබලය; කුලප්පුව.
කලිමන්[නා.ප්‍ර.] ආශාව; තෘෂ්ණාව.
කලිය1. [නා.] දැඩි ආශාව; තෘෂ්ණාව. 2. [නා.] සුන්දර වූ තැනැත්තිය; කාන්තාව. 3. [නා.] ඔයක හෝ ගඟක ගැඹුරු තැන; ගැඹුරු මඩ ගොහොරුව. 4. [නා.] කලබලය; කරදරය; විපත්තිය.
කලියුග වර්ෂය[නා.] කලියුගයේ ආරම්භයෙහි සිට ගණන් ගන්නා වර්ෂය; ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි භාවිත වන වර්ෂයක්.
කලියුගය[නා.] මහා යුගයක් බෙදනු ලබන යුග හතරින් හතරවැන්න.
කලිසිත[වි.] යහපත් සිත; කල්‍යාණාධ්‍යාශය.
කලු[වි.] සිත් ඇද ගන්නා; ආසක්ත; කාන්ත; ප්‍රිය. 1. [නා.ප්‍ර.] කාන්තාව; ස්ත්‍රිය; ගැහැනිය. 2. [නා.ප්‍ර.] කාන්තයා; වල්ලභයා; ස්වාමි පුරුෂයා.
කලුරිය කරනවා[ක්‍රි.] මිය යනවා; මරණයට පත් වෙනවා; කාලක්‍රියා කරනවා.
කලුෂය1. [නා.] අපවිත්‍ර දෙය; කසළ; කිලුට; දෝෂය; පලුද්ද. 2. [නා.] පාපය.
කලුළ[වි.] කෙස් නැති; තට්ට.
කලේබරය, කළේබරය[නා.] ශරීරය; දේහය; මෘතශරීරය.
කලේළි[වි.] අලංකාර; කදිම; හැඩරුව ඇති.
කව1. [නා.] පද්‍ය ග්‍රන්ථය; කාව්‍ය ග්‍රන්ථය; කාව්‍ය සංග්‍රහය 2. [නා.] කාව්‍යය; කවිය; පද්‍යයෙන් කරන ලද නිර්මාණය.
කවක[නා.ප්‍ර.] හතු; දිලීර.
කවකටුව[නා.] වෘත්ත හෝ චාප ඇඳ ගැනීමට භාවිත කරන උපකරණය.
කවකුරු(පාරිභා.) [වි.] බීජාධාරකය සහ අනුද්වාරය එක එල්ලේ නොසිටින පරිදි ඩිම්බය නැමුණු (=campylotropous).
කවචධර[වි.] පිට කටුවක් දරන්නා වූ; පිට කටුව සහිත.
කවචය1. [නා.] යුද ඇඳුම; යුද්ධ සැට්ටය; සන්නාහය; කංචුකය; සැට්ටය. 2.(පාරිභා.) [නා.] පිටවැස්ම; පිටකටුව (=shell). 3. [නා.] පටහ බෙර. 4. [නා.] ආරක්ෂා යන්ත්‍රය; ආරක්ෂා මන්ත්‍රය.
කවට1. [වි.] විහිළු කරන; විකට වූ. 2. [වි.] කපටි; කූට; කෛරාටික.
කවටයා[නා.] විහිළු-තහළු කරන්නා.
කවඩිය(පාරිභා.) [නා.] උරෝස්ථියේ අපර සලාකය; උරොස්ථි කුණ්ඩය (=xiphisternum).
කවඩියා1. [නා.] මුහුදෙහි සිටින බෙල්ලන් විශේෂයක්. 2. [නා.] මුදල් වශයෙන් භාවිත වුණු සිප්පි බෙල්ලා.
කවණ1. [වි.] දිළිඳු; බැගෑපත්; කාලකණ්ණි; දුඃඛිත. 2. [වි.] අපිරිසිදු; කිලුටු; අපවිත්‍ර. 1. [නා.ප්‍ර.] දිළින්දා; දුප්පතා; යාචකයා. 2. [නා.ප්‍ර.] පැරණි අවධියෙහි භාවිත වූ මුදල් විශේෂයක්; කහවණුව.
කවණි1. [නා.ප්‍ර.] සිහින් සිනිඳු රෙදි විශේෂයක්; මුස්ලින් රෙදි. 2. [නා.ප්‍ර.] පුරාණයෙහි උඩරට ස්ත්‍රීන් කරට දැමූ සළු විශේෂයක්.
කවද1. [නා.] යුද ඇඳුම; යුද්ධ සැට්ටය; සන්නාහය. 2. [නා.] ඇතුන්ගේ බඳ සරසන විසිතුරු ඇඳුම.
කවන්ධය[නා.] කබන්ධය; හිස සුන් මළකඳ.
කවය[නා.] රවුම; වළල්ල; වෘත්තය; මණ්ඩලය.
කවර1. [නා.ප්‍ර.] පොතක කංචුකය. 2. [නා.ප්‍ර.] ගොතන ලද කෙස් වැටිය. 3. [නා.ප්‍ර.] ලුණු; ලවණ. 4. [නා.ප්‍ර.] ඇඹුල් රස.
කවරය[නා.] කිසියම් දෙයක් වසා සිටිනා වැසුම; උරය; කොපුව.
කවලග්‍රහ[නා.ප්‍ර.] බර ප්‍රමාණයක්; කළං තුන; කර්ෂය.
කවලය[නා.] කට පුරා ගත හැකි ප්‍රමාණය; කටින් දරා සිටිය හැකි (ද්‍රව) ප්‍රමාණය; කටට කඩාගත හැකි කැබැල්ල.
කවලිකාව[නා.] තුවාලයක් වෙළීමට ගන්නා රෙදි පටිය.
කවළම්[නා.ප්‍ර.] කලවම්.
කව්ලැකිය[නා.] කාව්‍ය භාෂාව; කාව්‍ය ව්‍යවහාරය; කාව්‍යමය නිදර්ශන; කාව්‍ය සම්ප්‍රදාය.
කවාකාර[වි.] රවුම් හැඩය ඇති; වෘත්තාකාර.
කවාටය, කාවාටය1. [නා.] දොර; දොර පියන. 2. [නා.] ජනේලය; කවුළුව.
කවි ජන1. [නා.ප්‍ර.] පණ්ඩිත ජනයා; උගත් පිරිස. 2. [නා.ප්‍ර.] කිවියර සමූහයා.
කවි ප්‍රකාණ්ඩ[නා.ප්‍ර.] උතුම් කවියා; ශ්‍රේෂ්ඨ කවියා.
කවි සමය[නා.] කවි පරපුරෙන් පරපුර සම්මත කර ගත් ආකාරය; කාව්‍ය සම්ප්‍රදාය.
කවිකය[නා.] අශ්වයාගේ කටකලියාවේ කටට අසු වන (යකඩයෙන් තැනූ) කොටස.
කවිකාර මඬුව1. [නා.] පුරාණ රජ දවස සිටි කවියන් ආදි කලාකරු පිරිස. 2. [නා.] ඔවුන් රැස් වූ ශාලාව.
කවිචක්‍රය[නා.] කැරකෙන මල් වෙඩිල්ල; ගිනි දැල්වූ විට වක්‍රාකාර ව කරකැවෙමින් ගිනිමල් විහිදුවන ගිනිකෙළි භාණ්ඩ විශේෂය.
කවිච්චිය[නා.] ඉඳ ගැනීමට හෝ නිදා ගැනීමට භාවිත කළ හැකි කැටයම් සහිත ආසන විශේෂයක්.
කවිත්වය1. [නා.] උගත්බව; පාණ්ඩිත්‍යය. 2. [නා.] කවිතාව; කාව්‍ය නිර්මාණාත්මක ශක්තිය.
කවිය[නා.] චමත්කාරය උපදවන නිර්මාණය; පද්‍යය; කව.
කවියා1. [නා.] චමත්කාරය උපදවන සෞන්දර්යාත්මක නිබන්ධ රචනා කරන්නා; කාව්‍ය රචකයා. 2. [නා.] උගතා; නැණවතා; පඬිවරයා.
කවිසිමනස[නා.] කය, වචනය හා සිත; කාය වාග් චිත්තය.
කවීන්ද්‍රයා[නා.] කවීන් අතර ශ්‍රේෂ්ඨයා; මහා කවියා.
කවුඩු මාරාව(කථා.) [නා.] පොල් අතු වහලයක ඉහළින් ම බඳින කෝටුව.
කවුන්සලය[නා.] රටක, ආයතනයක පාලක මණ්ඩලය; මන්ත්‍රණ සභාව.
කවුසු කරනවා[ක්‍රි.] උඩුයටි කරනවා; කරකවනවා; හරවනවා.
කවුළුව[නා.] ගොඩනැගිලිවල බිත්ති ආදියේ වාතය හා ආලෝකය ලබා ගැනීමට තබන විවරය; කවාටය; ජනේලය.
කශ්චිත්[නි.] යම්කිසි; ඕනෑ ම.
කශීස්වරයා[නා.] මුස්ලිම් පූජකවරයා.
කශේරු ධමනිය(පාරිභා.) [නා.] කොඳු ඇට පේළියේ පුරුක් මැදින් වැටී තිබෙන රුධිරනාලය (=vertebral artery).
කශේරු නාලය(පාරිභා.) [නා.] කශේරුවේ ස්නායු රජ්ජුව හෙවත් සුෂුම්නාව සදහා වූ ඇලිය (=spinal canal).
කශේරු පර්ශුව(පාරිභා.) [නා.] කොඳු ඇටයට සම්බන්ධ වූ ඉළ ඇටය (=vertebral rib).
කශේරු සත්ත්වයා[නා.] කශේරුව හෙවත් කොඳු ඇට පෙළ සහිත සතා; පෘෂ්ඨ වංශියා.
කශේරුකාරජ්ජුව(පාරිභා.) [නා.] කශේරුව හෙවත් කොඳු ඇට පෙළ තුළ පවතින ස්නායු රැහැන; සුෂුම්නාව (=spinal cord).
කශේරුකාව(පාරිභා.) [නා.] කොඳු ඇට පෙළේ පුරුක්වලින් එකක්; කොඳු ඇට පුරුක (=vertebra).
කශේරුව[නා.] කොඳු නාරටිය; සතුන්ගේ කොඳු ඇට පේළිය; පිටි කොන්ද.
කෂ[නා.ප්‍ර.] රන් ආදිය පරීක්ෂා කරන ගල; උරගල.
කෂ්ට1. [වි.] නරක; නපුරු. 2. [වි.] වැරදි සහගත; දොස් සහිත; සාවද්‍ය. 3. [වි.] තද; දැඩි; අමාරු; වේදනා සහිත. [නා.ප්‍ර.] වේදනාව; දුක.
කෂ්ට අපරාධකරු(පාරිභා.) [නා.ප්‍ර.] පුරුද්දක් ලෙස දරුණු අපරාධ කරන්නා; භයානක අපරාධකාරයා (=habitual criminal).
කෂ්ට ශ්වාසය[නා.] අමාරුවෙන් හුස්ම ගැනීම; දුෂ්කර වූ ආශ්වාසය.
කෂ්ටප්‍රාය[වි.] දුක් කම්කටොලු ගහන වූ; අභාග්‍ය සම්පන්න; අවාසනාවන්ත.
කෂ්ටව්‍රත[නා.ප්‍ර.] ශරීරයට දැඩි දුක් වේදනා දෙන පැවැත්ම; දුෂ්කර චර්යා; කඨෝර ව්‍රත.
කෂාය1. [නා.ප්‍ර.] කසට රසය. 2. [නා.ප්‍ර.] කිලුට; කසට. 3. [නා.ප්‍ර.] නියමිත පරිදි බෙහෙත් ද්‍රව්‍යවලට ජලය එක්කොට ගින්නෙහි පැසවා කකාරා සිඳ පෙරා ගත් ඖෂධ පානය; පෙරා ගත් ඔසු දියර; ක්වාථය.
කස1. [නා.ප්‍ර.] හිසකෙස්. 2. [නා.ප්‍ර.] සිහින් කුඩා කෙඳි. 3. [නා.ප්‍ර.] කසාවන් වස්ත්‍රය; චීවරය; සිවුර. 4. [නා.ප්‍ර.] කැස; කැසපට; අමුඩය. 5. [නා.ප්‍ර.] කසට; කිලුට; ක්ලේශය. 6. [නා.ප්‍ර.] ගොවිතැන; කෘෂිකර්මය. 7. [නා.ප්‍ර.] තාල වර්ගයේ ගසක්; පොල්. 8. [නා.ප්‍ර.] සරුවත් ආදියට දමන කුඩා ඇට හටගන්නා ශාකය. 9. [නා.ප්‍ර.] පැළෑටියක්; කහ. 1. [වි.] රතු හා කහ මිශ්‍ර වර්ණයෙන් යුක්ත; කසාවන්. 2. [වි.] ඉවත් වූ; පහ වූ.
කස පලය[නා.] පොල් ගෙඩිය; කුරුම්බාව; වෑවරය.
කසකාරයා[නා.] පෙරහැර උත්සව ආදියේ කස පුපුරවන තැනැත්තා ; රැහැන් ගසන්නා.
කසට, කහට1. [වි.] කහට බවින්, පැහැයෙන් හෝ රසයෙන් යුක්ත; කෂාය වර්ණය, ස්වභාව හෝ රසය ඇති. 2. [වි.] නීච; දීන. [නා.] කහට පැහැය; කසට පැහැයේ ස්වභාවය; කසට රසය.
කසඳුන්[නා.ප්‍ර.] රත් සඳුන්.
කසපැන්[නා.ප්‍ර.] කුරුම්බා වතුර; වෑවර වතුර.
කසය1. [නා.] අසුන්මෙහෙයවීමේදීත්, අපරාධකරුවන්ට දඬුවම් දීමේදීත් පහර දීමට භාවිත කෙරෙන රැහැන; සැමිටිය; සබුක්කුව. 2. [නා.] වේගයෙන් වැනූ කල ̋පට පට” යන ශබ්දය උපදවන්නා වූ ද දේශීය පෙරහැර උත්සව ආදියෙහි භාවිත වන්නා වූ ද, ලණු පටවල් වියා සාදා ගනු ලබන්නා වූ ද උපකරණයක්.
කසලුව, කසල්ල[නා.] කූඩුව; කැදැල්ල; වාසස්ථානය; ආශ්‍රයස්ථානය.
කසවු[නා.ප්‍ර.] රන් කෙඳි; රන් හූ.
කසළ1. [නා.] කුණු; කුණුරොඩු; ඉවත දමන අපවිත්‍ර ද්‍රව්‍ය; අපිරිසිදු දේ. 2. [නා.] අසූචි; වර්චස්; මල.
කස්1. [නා.ප්‍ර.] රත්රන්. 2. [නා.ප්‍ර.] කැසීම; කැසීම ලක්ෂණ කොට ඇති හොරි දද ආදිය; කණ්ඩූතිය. 3. [නා.ප්‍ර.] කෙළවර; වාටිය; අයින; පර්යන්තය. 4. [නා.ප්‍ර.] කසය; සැමිටිය. 5. [නා.ප්‍ර.] සැකය; කුකුස. 6. [නා.ප්‍ර.] ඇත් බඳ මැද බඳනා පොරොද්ද. [වි.] රළු; ගොරෝසු; කර්කශ.
කස්කරකය[නා.] පැන් බහාලන භාජන විශේෂයක්; පැන් කෙණ්ඩිය.
කස්කිඤ්ඤය1. [නා.] ඇට මාලයක අගස්ති, පබළු ආදිය ඇමිණීමේදී එක එක ඇටය දෙපැත්තේ හසු කොට තැබීම සඳහා යොදන රන්රිදී ආදියෙන් තැනූ පියල්ල. 2. [නා.] කස්කිඤ්ඤ යොදා තැනූ අගස්ති හෝ පබළු මාලය.
කස්කුරුප්පුව[නා.] බෝතල්වලින් පොරොප්ප මූඩි ඇද ඉවත් කිරීමට භාවිත කරන ඉස්කුරුප්පු දඟරයෙන් යුත් උපකරණය.
කස්ට1. [වි.] නීරස; කර්කශ; ගොරෝසු. 2. [වි.] තද; නපුරු; ක්‍රෑර; නිර්දය.
කස්ටර්ඩ්[නා.ප්‍ර.] කිරි උණු කොට බිත්තර මදය යොදා සීනි එකතු කර පිළියෙල කරගන්නා උකු ද්‍රවය.
කස්තානය[නා.] අගින් වක් වූ කෙටි කුඩා කඩු විශේෂයක්.
කස්තිරම1. [නා.] අඩව්වට සූදානම් වන නැටුම; නැටීම, පැවැත්වීම, වෙනස් කිරීම ආදි අවස්ථාවල දී නටන පද විශේෂයක්. 2. [නා.] විගඩම; නාඩගම.
කස්තුරි, කස්තූරි1. [නා.ප්‍ර.] හිමාලයෙහි වෙසෙන මුව වර්ගයක නාභියෙහි තැන්පත් ව ඇතැයි සැලකෙන සුවඳැති ඖෂධ ද්‍රව්‍යය. 2. [නා.ප්‍ර.] උරුලෑ සට්ටම්.
කස්මාර්ථය[නා.] කුමක් හෙයින් ද යන අර්ථය; ප්‍රශ්නාර්ථය.
කස්ස1. [නා.] උඩුකය වැසෙන සේ හෝ එය ආරක්ෂා වන සේ අඳින සැට්ටය; සන්නාහය. 2. [නා.] කොපුව; කෝෂය; පසුම්බිය. 3. [නා.] කිසිල්ල.
කස්සකයා[නා.] ගොවියා.
කසා[වි.] කසටින් යුත්; කසටින් රදන් කළ හෙවත් කසට පොවන ලද. [නා.ප්‍ර.] කහ පැහැය; කසට පැහැය; රතට හුරු කහ පැහැය; රන්වන් පැහැය.
කසාද උරුමය[නා.] (දේපොළ ආදියෙන්) විවාහක ස්වාමි පුරුෂයාට හෝ භාර්යාවට ඇති නීත්‍යනුකූල අයිතිය.
කසාද බඳිනවා[ක්‍රි.] සරණ බන්ධනයට පිවිසෙනවා; කරකාර බඳිනවා.
කසාදය[නා.] ස්ත්‍රී පුරුෂ දෙදෙනකු නීත්‍යනූකූල අඹුසැමියන් බවට පත්වීම; සරණ බන්ධනයට ඇතුළත් වීම; කරකාර බන්ධනය; අවාහ විවාහය.
කසාව1. [නා.] කෙලෙස් මල. 2. [නා.] ප්‍රධාන රස හයෙන් එකක්; කහට රසය.
කසාවත[නා.] කාෂාය වස්ත්‍රය; චීවරය; සිවුර.
කසාවන්[වි.] කහ පාට ඇත්තා වූ; කෂාය වර්ණයෙන් යුක්ත වූ; රතු මිශ්‍ර කහපාටින් යුත්. [නා.ප්‍ර.] කහට පාට; කෂාය වර්ණය; රතට හුරු කහපාට.
කසි, කසී1. [නා.ප්‍ර.] කැස්ස; කැස්ස ලක්ෂණ කොට ගත් රෝගය. 2. [නා.ප්‍ර.] ගොවිතැන; කෘෂිකර්මය. 3. [නා.ප්‍ර.] කාශි ජනපදය; කසීරට.
කසිණභාවනා[නා.ප්‍ර.] කසිණයන් අරමුණු ලෙස ගෙන කරන භාවනාව.
කසිණය[නා.] සමථ භාවනාවේ දී සමාධිය වැඩීමට යෝගාවචරයා අරමුණු කර ගන්නා වස්තුව.
කසිණා ලම්බනය[නා.] භාවනා කර්මයට උපයෝගී වන කසිණ අරමුණ.
කසිස්[නා.ප්‍ර.] රසායනික උපධාතු වර්ගයක් වන පච්ච සීනක්කාරම්.
කසී භාණ්ඩ[නා.බහු.] ගොවිතැනට අවශ්‍ය උපකරණ; කෘෂිකාර්මික උපකරණ.
කසීසළු[නා.ප්‍ර.] දඹදිව කසී දේශයෙහි වියනු ලැබූ සිනිඳු අගනා වස්ත්‍ර විශේෂය.
කසුකම්[නා.ප්‍ර.] රන් රිදී ආදියෙන් කරන ලද කැටයම් මුතු මැණික් ආදිය ඔබ්බා අලංකාර කරන ලද විසිතුරු කර්මාන්ත.
කසුකුසුව[නා.] කනට කොඳුරා කියන කථාව; අනුන්ට නොඇසෙන සේ යමක් කීම; රහසේ කෙරෙන කතාබහ.
කසුන්[නා.ප්‍ර.] රත්රන්; රන්. [වි.] රනින් කළ; රන්මුවා; ස්වර්ණමය.
කසුන්ගිර[නා.] මහාමේරු පර්වතය; මහමෙර.
කසුන්පා1. [නා.ප්‍ර.] රනින් කළ පාත්‍රය; ස්වර්ණ පාත්‍රය. 2. [නා.ප්‍ර.] රන් තැටිය.
කසුන්වන්[නා.ප්‍ර.] රන්වන් පාට; රන් පැහැය; කාංචන වර්ණය.
කසුබ්[නා.ප්‍ර.] කැස්බෑවා.
කසුලාව[නා.] (ක්‍රිස්ති.) හිස් වැස්ම සහිත ලෝගුව.
කහ[වි.] රන්වන්; කසාවන්; පීත. 1. [නා.ප්‍ර.] රන්වන් පැහැය; කසාවන් පැහැය; කහපාට; පීත වර්ණය. 2. [නා.ප්‍ර.] කෑමවල රස සහ වර්ණය සඳහා සහ ඖෂධයක් වශයෙන් භාවිත කරන අල වර්ගය හෝ එය සෑදෙන පැළෑටිය. 3. [නා.ප්‍ර.] කසාවත; කෂාය වස්ත්‍රය; සිවුර; චීවරය.
කහ දිය[නා.] කහකුඩු මිශ්‍ර කළ ජලය; අමු කහ සිහින් ව කපා දමා සාදා ගත් වතුර; කහ වතුර.
කහ ලපය(පාරිභා.) [නා.] ඇසේ කනීනිකාව ඉදිරියෙහි ඇති කහපාට ලපය (=yellow spot).
කහකඩ1. [නා.] කහපාට රෙදි කැබැල්ල; කාෂාය වස්ත්‍රය; චීවරය. 2. [නා.] වෑවර ගෙඩිය ඇතුළත ඇස්සට යටින් ඇති ළා කොටස; වෑවර ගෙඩියේ ළා මුඩ්ඩ හා කටුව.
කහපණ[නා.ප්‍ර.] මදටිය විස්සක් නොහොත් අට අකක් බර පුරාණ කාසියක්; කහවණුව.
කහපත(පාරිභා.) [නා.] (සමහර රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීම පිණිස යොදා ගන්නා) කහ කවනු ලැබූ රසායනික කඩදාසිය (=turmeric paper).
කහපත්නහර[නා.ප්‍ර.] බෙල්ල දෙපස ඇති බලනහර දෙක.
කහබහන, කහබාන[නා.] භික්ෂූන් ඉණෙහි බඳින පටිය; බඳ පටිය.
කහවණු[නා.ප්‍ර.] කහපණ.
කහවත්[නා.ප්‍ර.] කහ පාට වස්ත්‍රය; සිවුර.
කහසන්[වි.] කසාවතින් වැසුණු; සිවුරු පෙරෙවි.
කහා1. [නා.ප්‍ර.] (තෙල්) මණ්ඩිය; කල්කය; තෙල්කා. 2. [නා.ප්‍ර.] සිවුර; චීවරය; කාෂාය වස්ත්‍රය.
කහාපණක[නා.ප්‍ර.] මුළු සිරුර හිස පටන් තියුණු මුවහත් ආයුධවලින් කහවණු ප්‍රමාණ කුඩා කැබලිවලට කපා දැමීමෙන් කරනු ලබන පැරණි වධයක්.
කළ1. [නා.ප්‍ර.] කළු හෝ තද නිල් පැහැය. 2. [නා.ප්‍ර.] විෂ; සර්ප විෂ. 3. [නා.ප්‍ර.] පැදුර; කළාලය. 4. [නා.ප්‍ර.] වළල්ල; කටකාභරණය.
කළ දැස[නා.] කළෙන් වතුර ඇදීමේ මෙහෙයෙහි යෙදෙන දාසිය; කුම්භ දාසිය.
කළගෙඩි නැටුම[නා.] කළගෙඩි භාවිත කරමින් කරන ජන නැටුම් විශේෂයක්; කළගෙඩි කෙළිය.
කළතලා[නා.ප්‍ර.] සමෙහි ඇතිවන කළුපාට කැළල.
කළඳ[නා.] මඳටිය 20 ක බර ප්‍රමාණය.
කළපු නිධිය(පාරිභා.) [නා.] කළපු පත්ලෙහි තැන්පත් වී ඇති ද්‍රව්‍ය (=lagoonal deposit).
කළපුව[නා.] ගොඩබිම දෙසට නෙරා ගිය නොගැඹුරු මුහුදු කොටස.
කළබ[කළ+අබ] 1. [නා.ප්‍ර.] කළු වලාකුළු; වැහි වලාකුළු. 2. [නා.ප්‍ර.] මිනිරන්.
කළබ කුළ[නා.] කළු වලාකුළ; වැහි වලාකුළ.
කළබදුරු[නා.ප්‍ර.] සිතු පැතූ දේ දෙන භද්‍ර ඝටය.
කළබඳ[නා.] කළු පැහැති ශරීරය; කාළ වර්ණ දේහය.
කළමනා[වි.] කළ යුතු; කිරීමට යෝග්‍ය. [නා.ප්‍ර.] අවශ්‍ය දෙය; බඩුබාහිරාදිය; උපකරණ.
කළමනාකරණය(පාරිභා.) [නා.] යම්කිසි ආයතනයක හෝ ව්‍යාපාරයක කටයුතු මෙහෙයවීම; කටයුතු සංවිධානය සහ පාලනය (=management).
කළමිඩිය, කළමිඬිය[නා.] කළයෙන් දිය අදින දාසිය; දිය ගෙන එන දාසිය; කළ දැස.
කළමිල[නා.ප්‍ර.] බඩුවක් තැනීමට ගෙවන කුලිය හෝ ගාස්තුව.
කළය1. [නා.] විශේෂයෙන් දිය රැස් කොට ගැනීම සඳහා භාවිත වන කට කුඩා භාජනය; ඝටය. 2. [නා.] රා අරක්කු මැනීමේ දී භාවිත කරන බෝතල විස්සක ප්‍රමාණයේ මිනුමක්.
කළවටු[නා.ප්‍ර.] කළයක හැඩය ගත් කුලුනු හිස; ගෝලාකාර ටැම්හිස.
කළවන්1. [නා.ප්‍ර.] කළුපාට; තද නිල්පාට; කාළ වර්ණය. 2. [නා.ප්‍ර.] අභාග්‍ය සම්පන්න පුද්ගලයා; කාලකණ්ණියා.
කළවම්[වි.] වර්ග කිහිපයක් එක් වූ; මිශ්‍ර. [නා.ප්‍ර.] කිහිප වර්ගයක් එක් කර සාදන ලද්ද; මිශ්‍රණය.
කළවය, කළවේ[නා.] උකුළත් දණහිසත් අතර වූ කකුලේ මසින් පිරුණු කොටස.
කළහස[නා.] කළු පැහැති හංසයා; කාළහංසයා.
කළහළමනා[නා.] (යම්කිසි කාර්යයක් සඳහා උපකරණ; අවශ්‍ය) බඩුබාහිරාදිය; අඩුවැඩිය.
කළා[නා.ප්‍ර.] වළල්ල.
කළාර[වි.] ඉදිරියට නෙරා ගිය.
කළාල[නා.] පන් වර්ගවලින් වියා ගත් පැදුරු.
කළිංගුරු(කථා.) [නා.ප්‍ර.] පිත්තලවල බැඳෙන මලකඩ; පිත්තල මල.
කළිප්පාක්කු[නා.ප්‍ර.] වියළා ගත් ගොළෑ පුවක්; කහට පුවක්; පෙති පුවක්.
කළීර[නා.ප්‍ර.] පැළෑටියක ළා ගොබය හෝ බඩය.
කළීරච්ජේදය[නා.] හුණු කිළිල් වේ බඩ ආදිය සේ සිරුර කැපීමේ පුරාණ රාජ දඬුවම් ක්‍රමයක්.
කළු[නා.] අතිශය අඳුරු පැහැය; කාළවර්ණය. 1. [වි.] කළු පැහැති; කාළ වර්ණ; අඳුරු. 2. [වි.] සැඩ පරුෂ; චණ්ඩ.
කළු ඉංගිරියාව[නා.] ඇසෙහි කෘෂ්ණ මණ්ඩලය.
කළු කඩය[නා.] හොර කඩය; අයුතු ලාභ ලැබීම සඳහා අධික මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැල.
කළු කුමාරයා[නා.] තරුණියන් ලෙඩ කරවතැයි විශ්වාස කරනු ලබන යක්ෂයෙක් නොහොත් දෙවියෙක්.
කළු ගල[නා.] ආග්නේය වර්ගයට අයත් පාෂාණ වර්ගයක්; නයිස් පාෂාණය.
කළු මදිනවා[ක්‍රි.] පුස්කොළ ඉරුවක ලියන ලද අකුරු පැහැදිලි වීම සඳහා දුම්මල තෙල් හා අඳුන් දැලි යෙදු කළුපාට මිශ්‍රණයක් ආලේප කර පිරිමදිනවා.
කළුකපා එළිය[නා.] අරුණට ප්‍රථම වැටෙන එළිය; අරුණාලෝකය.
කළුකම්බිලියා[නා.] වන්නියේ පුදනු ලබන දේවතාවෙක්.
කළුගෙඩිය1. (කථා.) [නා.] වී මැනීමට භාවිත කරන මිනුම් ඒකකයක්; කුරුණිය 2. [නා.] වළඳ; මුට්ටිය. 3. [නා.] ඔළුව; හිස.
කළුදෑ කඩ[නා.] කළු පාට කිලිටි රෙද්ද.
කළුදෑවා1. [නා.] කොටළුවා. 2. [නා.] කාළවර්ණ තැනැත්තා.
කළුදියමන්ති[නා.ප්‍ර.] ගල්අඟුරු.
කළුපොල් මාළුව[නා.] පොල් හා කුළුබඩු බැද අඹරා දමා සකස් කළ (ලෙලි සහිත) කොස් ඇට ව්‍යංජනය.
කළුබිම[නා.] කළු ඉංගිරියාව.
කළුව1. [නා.] කළු පාට; කාළ වර්ණ ස්වභාවය. 2. [නා.] කළු පැහැති දෙය. 3. [නා.] විෂ.
කළුවන්1. [නා.ප්‍ර.] කළුපාට; කාළවර්ණය; අඳුරු වර්ණය. 2. [නා.ප්‍ර.] කාලකණ්ණි තැනැත්තා හෝ තැනැත්තිය; අභාග්‍යසම්පන්න පුරුෂයා හෝ ස්ත්‍රිය.
කළුවර1. [නා.] අඳුර; අන්ධකාරය; තිමිරිය. 2. [නා.] කළුපාට අරටුවෙන් යුත් ගසක නාමය.
කළුවර දෙපෝය[නා.] චන්ද්‍ර මාසයෙහි අන්තයේ එන දෙදින; අමාවක් පොහෝ දින දෙක.
කළුහර[නා.ප්‍ර.] කළුවර ගස.
ක්ලමථය, ක්ලමථුව[නා.] ශාරීරික හෝ මානසික වෙහෙස; විඩාව; ක්ලාන්තය; ක්ලමය.
ක්ලාන්තය[නා.] අධික වෙහෙස; (චණ්ඩ සූර්ය රශ්මිය ආදිය නිසා ඇතිවන) මලානික බව; විඩාව; ශරීරයේ අප්‍රාණික බව; මුසපත් වීම.
ක්ලින්න[වි.] තෙත් වූ; තෙත් ගතිය ඇති.
ක්ලිෂ්ට[වි.] කිලිටි; දූෂිත; අපවිත්‍ර; අපිරිසිදු. 1. [නා.ප්‍ර.] ලුණු අධිකව ගැනීමෙන් ඇති වන රෝගී අවස්ථාවක්. 2. [නා.ප්‍ර.] ක්ලේශ උත්පත්තියට හේතු වන දෙය.
ක්ලුප්ත, කෟප්ත[වි.] පිළියෙල කරන ලද; සූදානම් කළ; සකස් කරන ලද.
ක්ලේදක[වි.] තෙත් කරන. [නා.ප්‍ර.] ආමාශයෙහි ඇති සෙම.
ක්ලේදනය[නා.] තෙමීම; තෙත් කිරීම.
ක්ලේදය1. [නා.] තෙතමනය; තෙත් ගතිය; ආර්ද්‍රතාව. 2. [නා.] සෙම; ශ්ලේෂ්මය. 3. [නා.] අපවිත්‍ර දෙය; කුණු වූ හෝ පල් වූ අපද්‍රව්‍ය.
ක්ලේද්‍ය(පාරිභා.) [වි.] තෙත් වන සුලු; ද්‍රාවණශීල.
ක්ලේශ1. [නා.ප්‍ර.] සිත කිලිටි කරන සාධක; සත්ව සන්තානය දවන තවන ධර්ම. 2. [නා.ප්‍ර.] දුක්; පීඩා.
ක්ලේශ කාමය[නා.] පස්කම් සුව පිළිබඳ ව ඇති ඇල්ම; රූපාදි අරමුණුවලට සිත බැඳීම; කාම තෘෂ්ණාව.
ක්ලේශ පරිනිර්වාණය[නා.] සියලු කෙලෙසුන් නසා නිවන අවබෝධ කර ගැනීම.
ක්ලේශභරිත[වි.] කෙලෙස්වලින් පිරුණු.
ක්ලේශාපගමය[ක්ලේශ+අපගමය] [නා.] කෙලෙසුන් පිළිබඳ ඇල්ම; කෙලෙස් ධර්මයන්හි ඇලී ගැලී විසීම.
ක්ලේශාභිරතිය[නා.] කෙලෙසුන් පිළිබඳ ඇති ඇල්ම; කෙලෙසුන් කෙරෙහි ඇති බලවත් කැමැත්ත.
ක්ලොරොක්වීන්(පාරිභා.) [නා.ප්‍ර.] (වෛද්‍ය) මැලේරියාවට දෙන ඖෂධයක්.
ක්ලොරොෆෝම්, ක්ලොරෝෆෝම්[නා.ප්‍ර.] ආඝ්‍රාණය කළ විට සිහිසන් නැති කිරීමට ශක්තියක් ඇති නිර්වර්ණ ද්‍රව්‍යයක්.
ක්ලෝනය(පාරිභා.) [නා.] මව් පැළයකින් බද්ධ කිරීමෙන් කෘත්‍රිම ලෙස බෝකරනු ලබන ශාක කාණ්ඩය; එකම මාතෘ සත්ත්වයකුගෙන් හෝ ශාකයකින් පැවතෙන්නා වූ දරු පරම්පරා ශ්‍රේණිය (=clone).
ක්ලෝම අශ්මරිය(පාරිභා.) [නා.] අග්න්‍යාසයෙහි ගල් හටගැනීමෙන් ඇති වන රෝගය.
ක්ලෝමදාහය1. (පාරිභා.) [නා.] ක්ලෝම නාලවල ශ්ලේෂ්මල පටල තුළ ඇති වන ප්‍රදාහය; බ්‍රොන්කයිටිස්. 2. [නා.] අග්න්‍යාසයෙහි හට ගන්නා ප්‍රදාහය.
ක්ලෝමපාකය[නා.] පෙණහැලිවල ප්‍රදාහ ලක්ෂණ කොට ඇති රෝගයක්; නියුමෝනියාව.
ක්ලෝමය1. [නා.] පෙණහැල්ල දක්වා හුස්ම යන එන නාලය; ශ්වාසනාලය. 2. [නා.] පෙණහැල්ල. 3. [නා.] අග්න්‍යාසය; ඇලදිව. 4. [නා.] දලබුව.
ක්ලෝරපිල්, ක්ලෝරෝපිල්[නා.ප්‍ර.] පැළෑටි, පත්‍රාදියට කොළ පැහැය ලබා දෙන ද්‍රව්‍යය, හරිතප්‍රද.
ක්ලෝරීන් වායුව[නා.] පලාවන් කහ පැහැති කටුක ගඳක් ඇති විරංජන වායුව.
ක්වණනය[නා.] හඬ නැඟීම; ශබ්ද කිරීම; නාදය.
ක්වථික1. [වි.] උණු කළ; නටන තෙක් උණු වූ; පැසවූ. 2. [වි.] කුණු වූ; පූති භාවයට පැමිණි.
ක්වාථය[නා.] ඖෂධ ද්‍රව්‍ය ප්‍රමාණානුකූල ව එකට තම්බා සාදා ගනු ලබන කෂාය.
ක්වාසි[නා.ප්‍ර.] මුස්ලිම් නීතිය අනු ව දික්කසාද නඩු විසඳීම සඳහා පත් කෙරෙන අධිකරණ බල සහිත නිලධාරියා.
ක්විනින්, ක්විනීන්(පාරිභා.) [නා.ප්‍ර.] මැලේරියා රෝගයට ප්‍රත්‍යක්ෂ වශයෙන් සින්කෝනා ගසේ පොත්තෙන් ලබා ගන්නා ඖෂධයක්.
ක්ෂණ ක්ෂණයෙහි[ක්‍රි.වි.] මොහොතක් පාසා; ඇසිල්ලකින්.
ක්ෂණ කාලය[නා.] කුසල් දහම් කිරීමට යෝග්‍ය මිනිසත් බවක් ලැබීම වැනි දුර්ලභ කාල පරිච්ඡේදය.
ක්ෂණ නියමය[නා.] සෑම සංස්කාර ධර්මයක්ම උත්පාද, ස්ථිති, භංග යන අවස්ථා තුනට යටත්ව ඇති බව ප්‍රකාශ කරන සිද්ධාන්තය.
ක්ෂණ නිරෝධය[නා.] නාම රූප ධර්ම මොහොතක් පාසා අභාවයට යෑම.
ක්ෂණ සම්පත්තිය[නා.] බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යයකු ව ඉපදීම; අෂ්ට දුෂ්ටක්ෂණයෙන් මිදී ලබන මනුෂ්‍යත්වය හෝ දිව්‍ය බ්‍රහ්ම සම්පත්තිය.
ක්ෂණත්‍රය[නා.] සංස්කාර ධර්ම ඇති වීම, පැවතීම, නැති වීම යන තුන් අවස්ථාව.
ක්ෂණතැන්පත්[නා.ප්‍ර.] වහා මුදල් ලබා ගත හැකි ජංගම ගිණුම් හා සම්බන්ධ බැංකු තැන්පතුව.
ක්ෂණය1. [නා.] ඇසිපිය හෙළන කාල ප්‍රමාණය; ඇසිල්ල; මොහොත; නිමේෂය. 2. [නා.] අවකාශය; ඉඩ ප්‍රස්ථාව.
ක්ෂණික1. [වි.] ඇසිල්ලක කාලයක පවත්නා. 2. [වි.] ඉක්මන් ඇසිල්ලකින්.
ක්ෂණික ඡායාරූපය[නා.] (පිළියෙළ කළ ස්ථානයක නොසිට) එවේලේ ම ගනු ලබන ඡායාරූපය; ඇසිල්ලකින් ගන්නා සේයාරුව.
ක්ෂණික ප්‍රීතිය[නා.] එකවර ම කෙළවර නොවී නැවත නැවත ඇතිවන ප්‍රීතිය; ක්ෂණයක් පාසා ඇතිවන ප්‍රීතිය.
ක්ෂණික මරණය1. [නා.] සත්ත්වයාගේ චිත්තක්ෂණයක් පාසා සිදුවන සංස්කාරයන්ගේ විනාශය; බිඳී යෑම. 2. [නා.] බලාපොරොත්තු රහිතව සිදුවන හදිසි මරණය.
ක්ෂත1. [වි.] තුවාල වුණු; තැළුණු. 2. [වි.] නසන ලද. 1. [නා.ප්‍ර.] තුවාලය; වණය; තැල්ම. 2. [නා.ප්‍ර.] කාස රෝගයක්; පස් වැදෑරුම් කාස රෝගවලින් එකක්. 3. [නා.ප්‍ර.] ජන්ම පත්‍රයක හයවැන්න; ශත්‍රැස්ථානය. 4. [නා.ප්‍ර.] ශීර්ෂ රෝගයක්.
ක්ෂතජ[වි.] තැළීම හෝ තුවාල වීමෙන් හටගත්. [නා.ප්‍ර.] සැරව.
ක්ෂත්‍රිය[වි.] රාජ වංශයට අයත්; රාජ කුලයේ උපන්; රාජවංශික. 1. [නා.ප්‍ර.] පැරණි ඉන්දියා සමාජයේ පැවති වර්ණ සතරින් එකක් වූ රජ කුලය; රාජවංශය. 2. [නා.ප්‍ර.] දියමන්ති සතර වර්ගයෙන් එකක නාමය. 3. [නා.ප්‍ර.] ගජමුතු වර්ගයක්.
ක්ෂත්‍රිය රාශිය[නා.] මේෂ, සිංහ, ධනු යන රාශි ඇතුළත් රාශි ගණය.
ක්ෂත්‍රියයා[නා.] ක්ෂත්‍රිය වංශයට අයත් තැනැත්තා; රාජවංශිකයා.
ක්ෂතිය1. [නා.] තුවාලය; වණය. 2. (පාරිභා.) [නා.] මානසික රෝගයකට මුල් විය හැකි චිත්ත වේගාත්මක කම්පනය. 3. [නා.] හානිය; පීඩාව; අලාභය; පාඩුව.
ක්ෂතෝදරය[නා.] බඩවැල හිල් වී ස්‍රාවය බැහැර යෑමෙන් සෑදෙන උදර රෝගයක්; පරිස්‍රාවී උදරය.
ක්ෂපණක[නා.ප්‍ර.] ජෛන තාපස කොට්ඨාසයක්; නිගණ්ඨයා; සන්නාසියා; දිගම්බර තාපසයා; අචේලකයා.
ක්ෂපා[නා.ප්‍ර.] රාත්‍රිය; රැය; නිශාව.
ක්ෂපිත[වි.] නැති කළ; විනාශ කළ; ක්ෂය කරන ලද.
ක්ෂම1. [වි.] සමත්; දක්ෂ; සමර්ථ. 2. [වි.] ඉවසිලිමත්; දරා ගත හැකි; ඔරොත්තු දෙන. 3. [වි.] සුදුසු; යෝග්‍ය; නිසි.
ක්ෂමතාව(පාරිභා.) [නා.] කාර්යයක් කිරීම සඳහා යොදවනු ලබන ආම්පන්නයකින් කාල ඒකකයක දී කරනු ලබන කාර්ය ප්‍රමාණය; කාර්යයක් කිරීමේ ශීඝ්‍රතාව; බලය.
ක්ෂමාදානය[නා.] වරදකට සමාව දීම; දඬුවමකින් නිදහස් කිරීම.
ක්ෂමාපර[වි.] සමාව දෙන ස්වභාවය ඇති; ඉවසනසුලු.
ක්ෂමාව1. [නා.] කරන ලද වරදට දෙන දඬුවමින් නිදහස් කිරීම; වරද නොතකා හැරීම; සමාව. 2. [නා.] විඳ දරා ගැනීම; ක්ෂාන්තිය; නොකිපීම.
ක්ෂය1. [නා.ප්‍ර.] අඩු වීම; හීන වීම; ගෙවී යෑම; ඌන වීම; නැති වී යෑම. 2. [නා.ප්‍ර.] ක්ලේශ ධර්මයත් භවයත් නැති කිරීම; අර්හත් ඵලයට පැමිණීම. 3. [නා.ප්‍ර.] ක්ෂය රෝගය. 4. [නා.ප්‍ර.] සොළොස් වැදෑරුම් ගෘහ අතුරෙන් සියල්ල හානි කරන, අශුභ ඵල දෙන ගෘහ වර්ගය. 5. [නා.ප්‍ර.] මුදලක මූල්‍යමය අගය හීන වීම.
ක්ෂය අනුපාතිකය(පාරිභා.) [නා.] වත්කමක ක්ෂය වීමේ අගයත් මුළු වත්කමේ අගයත් අතර ඇති අනුපාතිකය; ක්ෂය ප්‍රමාණය.
ක්ෂය කාලය(පාරිභා.) [නා.] විකිරණශීලී රසායන ද්‍රව්‍යයක් මුල දී තිබුණු ප්‍රමාණයේ සිට කිසියම් දක්වන ලද ප්‍රමාණයක් දක්වා අඩු වීමට ගත වන කාලය.
ක්ෂය ප්‍රතිභාගය(පාරිභා.) [නා.] යම්කිසි භාණ්ඩයක් පරිහරණය කිරීමේ දී ඇති වන අඩු වීම හෝ ගෙවීයෑම වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල් ප්‍රමාණය.
ක්ෂය ප්‍රමාණය(පාරිභා.) [නා.] වත්කමක හෝ භාණ්ඩයක අගය අඩු වීමේ වාර්ෂික ප්‍රමාණය.
ක්ෂයඥාන[නා.ප්‍ර.] කෙලෙසුන් නැසීම පිළිබඳ නුවණ; ආර්යමාර්ග ඥානය.
ක්ෂයනිරෝධය[නා.] සංස්කාර නැති වීම් සංඛ්‍යාත නිරෝධය.
ක්ෂයරෝගය[නා.] පෙණහලු ක්ෂය වී ක්‍රමයෙන් ශරීරය කෘශ වීම ලක්ෂණ කොට ඇති කාස රෝගය; යක්ෂ්මාව.
ක්ෂර[නා.ප්‍ර.] විනාශ වන ස්වභාවයෙන් යුත් දෙය; නැසෙන සුලු දෙය.
ක්ෂරණය1. [නා.] වැගිරීම; ආසවනය. 2. [නා.] (පස) සේදී යෑම; ඇතුළට කාන්දු වීම; වෑස්සීම. 3. [නා.] රසායනික ක්‍රියාවලියක් නිසා ගෙවී යෑම.
ක්ෂවථු1. [නා.ප්‍ර.] කිඹුහුම් යාම ලක්ෂණ කොට ඇති නාසිකා රෝගයක්. 2. [නා.ප්‍ර.] වම්බටු.
ක්ෂාත්‍ර[වි.] ක්ෂත්‍රිය වංශයට අයත්; රාජවංශික.
ක්ෂාත්‍රවිද්‍යා වාදය[නා.] අභිමතාර්ථ සිද්ධ කර ගැනීම සඳහා මව්පියන් මැරීම වුව ද නිවැරදි බව උගන්වන මත වාදය.
ක්ෂාන්ති පාරමිතාව[නා.] සිය ජීවිතය තොර කරන්නවුන් කෙරෙහි වුව ක්ෂාන්තිය දැක්වීමේ බෝධිසත්ව පාරමිතාව.
ක්ෂාන්ති පුරය[නා.] නිවන් පුර; නිර්වාණය නමැති නගරය; මොක්පුර.
ක්ෂාන්තිය1. [නා.] තමන්ට වන පීඩාව කෝපයෙන් තොරව ඉවසීම; ක්ෂමාව; අධිවාසනය. 2. [නා.] නිවන; නිර්වාණය.
ක්ෂාන්තිවාදී[වි.] ක්ෂාන්ති ධර්මය පුරුදු කරන; ක්ෂාන්ති ධර්මය උගන්වන.
ක්ෂාර[වි.] කාරම්ගති ඇති; සැර; කටුක. 1. [නා.ප්‍ර.] කාරම් ගති ඇති කටුක ලවණමය ද්‍රව්‍යයක්; කාරම. 2. (පාරිභා.) [නා.ප්‍ර.] මූල්‍යද්‍රව්‍ය ගණයක්; ජලයේ දියවෙන හයිඩ්රොක්සයිඩ්. 3. [නා.ප්‍ර.] පුස්කාරාදි ලුණු. 4. [නා.ප්‍ර.] අළු.
ක්ෂාරලෝහ(පාරිභා.) [නා.ප්‍ර.] කාරම් ගුණය ඇති ලිතියම්, සෝඩියම් ආදි ලෝහ වර්ග.
ක්ෂාරාභය(පාරිභා.) [නා.] පැළෑටියක පවත්නා ස්වාභාවික කාබනික භස්ම; ඇල්කලොයිඩ (=alkaloid.)
ක්ෂාරී(පාරිභා.) [වි.] කාවැද ගොස් විනාශ කරන; විඛාදක; ක්ෂාදක.
ක්ෂාරීය(පාරිභා.) [වි.] කාරම්වලට අයත් හෝ කාරම් ගතිය ඇති (=alkaline).
ක්ෂාරෝදකය1. [නා.] ක්ෂාර ගුණය ඇති ගස්වල මුල්, කොළ, පොතු, ගෙඩි ආදිය ගෙන නියමිත පදමට තම්බා පෙරා ගනු ලබන (ඖෂධීය) ජලය; කාරම් දියරය; ලවණ මිශ්‍රිත වතුර. 2. [නා.] ලෝකාන්තරික නරකාදිය ආදියේ ඇතැයි සඳහන් වන ලෝදිය.
ක්ෂාලකය(පාරිභා.) [නා.] පිරිසිදු කිරීම සඳහා භාවිත කැරෙන සේදීමේ ද්‍රව්‍යය; ශෝධකය.
ක්ෂාලනය[නා.] දියෙන් සේදීම; ශෝධනය.
ක්ෂිතිජය[නා.] අහසත් පොළොවත් එක්වන්නාක් මෙන් ඈතින් පෙනෙන ඉසවුව; අහසත් මුහුදත් එකිනෙක වෙන් කරන්නාක් මෙන් ඈතින් පෙනෙන රේඛාව (=horizon).
ක්ෂිතිජ්‍ය(පාරිභා.) [වි.] ක්ෂිතිජයට සමාන්තර තිරස් ව පිහිටි; තිරස්.
ක්ෂිතිධර[නා.ප්‍ර.] පර්වතය; ගිර.
ක්ෂිතිපති[නා.ප්‍ර.] පෘථිවියට අධිපතියා; රජ; මිහිපති; භූපාල.
ක්ෂිතිය1. [නා.] පොළොව; පෘථිවිය; පොළෝ තලය. 2. (පාරිභා.) [නා.] විදුලිය ආදියේ විභවය හෝ විභවත්වය; විද්‍යුත් පීඩනය. 3. [නා.] ගෙය; ගෘහය. 4. [නා.] විනාශය; ක්ෂය. 5. [නා.] ගෝරෝචන; ගොරොද. 6. [නා.] දෙට නැකත.
ක්ෂිප්ත1. [වි.] බහාලූ; දැමූ; දමා ගැසූ; දුන්නෙන් විදින ලද. 2. [වි.] අවඥා කරන ලද. [නා.ප්‍ර.] බාහිර අරමුණු කරා යොමුව අස්ථිරව පවත්නා සිත.
ක්ෂිප්‍ර[වි.] වහා සිදු වන; ශීඝ්‍ර; තීක්ෂණ; තියුණු; වේගවත්.
ක්ෂිප්‍රමර්මය[නා.] අත්පාවල මහපටැඟිල්ල සහ ඊළඟ ඇඟිල්ල අතර ඇඟිලිකරුවට දෑඟුලක් ඉහළින් පිහිටි නිලය හෙවත් මර්මය.
ක්ෂිපිත[වි.] දුරු කරන ලද; ඉවත් කරන ලද.
ක්ෂීණ1. [වි.] ගෙවුණු; ගෙවී ගිය. 2. [වි.] කෙට්ටු; කෘශ; ක්ෂය වූ. 3. [වි.] අඩු; අල්ප; හීන. 4. [වි.] නැසූ; ක්ෂය කළා වූ.
ක්ෂීණ චන්ද්‍රයා[නා.] අඩ සඳට වඩා අඩු සඳ.
ක්ෂීණනය[නා.] සංඛ්‍යාවෙන් අඩුබවට පත් වීම; හීන වීම; අඩු වීම.
ක්ෂීණයා[නා.] කෙට්ටු; සිහින් ශරීර ඇත්තා; කෘශ පුද්ගලයා.
ක්ෂීණවර්තී[වි.] අඩු වී ගෙන යන්නා වූ; ක්ෂය භාවයට පත් වෙමින් තිබෙන.
ක්ෂීණායුෂ්ක[වි.] ගෙවී ගිය ආයුෂ ඇති; මරණයට ළං වී සිටින; ආයු පිරිහුණු.
ක්ෂීණාර්තවය[නා.] නිසි කලට ඔසප් වීම සිදු නොවී අස්වාභාවික ලෙස නතර වීම; නොකලට ඔසප් නැවතීම.
ක්ෂීණාශ්‍රවයා, ඛීණාසවයා[නා.] කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණි උතුමා.
ක්ෂීර පථය[නා.] හිර සඳ තාරකා ආදි ආකාශ වස්තු ඇතුළත් මහා තාරකාවලිය; චක්‍රවාටය.
ක්ෂීර සාගරය[නා.] මහාමේරු පර්වතයෙහි පූර්ව දිශාවෙහි ඇතැයි කියනු ලබන සුදු ජලයෙන් පිරුණු මුහුද; කිරිමුහුද; කිරිසයුර; ක්ෂීරාර්ණවය.
ක්ෂීරණය1. (පාරිභා.) [නා.] වැසි ජලයෙන් කොටසක් පස් අතරින් යටට ගිලා බැසීමේ දී උඩු පසේ ඇති ඛණිජ ලවණ ආදිය දිය වී යටි පසට කිඳා බැසීම. 2. [නා.] ස්තන ග්‍රන්ථිවල කිරි හටගැනීම.
ක්ෂීරදන්ත[නා.ප්‍ර.] කිරිදත්.
ක්ෂීරද්වාරය(පාරිභා.) [නා.] ගවදෙනකගේ කිරි බුරුල්ලේ සිට ලේ ගෙන යන ශිරා යටිබඩට සම්බන්ධ වන නැත (=milk well).
ක්ෂීරදායිකාව[නා.] කිරි දෙන තැනැත්තිය; කිරි මව.
ක්ෂීරධර(පාරිභා.) [වි.] කිරි දරන; කිරි අඩංගු; ක්ෂීරවාහී.
ක්ෂීරධාරාව[නා.] වැල නොකැඩී වැටෙන කිරි දහර; කිරි පාර.
ක්ෂීරපායාසය[නා.] කිරෙන් පිසන ලද බත; කිරිබත.
ක්ෂීරපායි, ක්ෂීරපායී[වි.] කිරි බොන; මවගෙන් කිරි උරා බී වැඩෙන; කිරෙන් පෝෂණය වන.
ක්ෂීරපායියා[නා.] දරුවන් හෝ පැටවුන් ප්‍රසූත කිරීමත් ඒ දරුවන් මවගෙන් කිරි බී වැඩීමත් ප්‍රධාන ලක්ෂණ කොට ඇති පෘෂ්ඨවංශික ගණයට අයත් සත්ත්වයා; මවුකිරි බී වැඩෙන්නා.
ක්ෂීරමානය(පාරිභා.) [නා.] කිරිවල විශිෂ්ට ගුරුත්වය මැනීම සඳහා පාවිච්චි කරන උපකරණය.
ක්ෂීරය1. [නා.] පැටවුන් පෝෂණය කිරීම සඳහා ක්ෂීරපායී ගණයට අයත් ගැහැනු සතුන් ගේ ස්තන ග්‍රන්ථිවලට එරෙන සුදු පැහැති ද්‍රවය. 2. [නා.] ඇතැම් ශාකවල පොත්තෙහි ඇති සුදු පාට ඇලෙනසුලු ද්‍රවය.
ක්ෂීරාන්විත[වි.] කිරෙන් පෝෂණය වන; කිරි බීමෙන් ජීවත් වන.
ක්ෂීරාම්ලය[නා.] කිරිවල අඩංගු වී ඇති ඇඹුල් වර්ගය; ලැක්ටික් අම්ලය.
ක්ෂීරාර්ණවය[නා.] කිරි මුහුද; කිරි සයුර; ක්ෂීර සාගරය.
ක්ෂීරාහාර[නා.ප්‍ර.] කිරි බවට පත් වන ආහාර වර්ග.
ක්ෂුණ්ණ1. [වි.] සුනු කළ; කුඩු කරන ලද. 2. [වි.] පුරුදු කරන ලද; අභ්‍යාස කරන ලද.
ක්ෂුත1. [නා.ප්‍ර.] කිඹුහුම් යෑම; කිවිසීම. 2. [නා.ප්‍ර.] හෙම්බිරිස්සාව; ප්‍රතිශ්‍යා රෝගය.
ක්ෂුත් පිපාසය, ක්ෂුත් පිපාසාව[නා.] බඩගින්න සහ පිපාසය; සා පවස.
ක්ෂුද්‍ර1. [වි.] පියවි ඇසට නොපෙනෙන තරම් කුඩා; ඉතා කුඩා; සියුම්; අල්ප; සුළු; ස්වල්ප. 2. [වි.] පහත්; නීච; හීන.
ක්ෂුද්‍ර කෝණය[නා.] සෘජුකෝණයකට වඩා කුඩා වූ කෝණය; අංශක 90 කට වඩා කුඩා සුළු කෝණය.
ක්ෂුද්‍ර ග්‍රහයා[නා.] (පාරිභා.) අඟහරු ග්‍රහයාත් බ්‍රහස්පති ග්‍රහයාත් අතර අභ්‍යවකාශයේ දක්නට ලැබෙන කුඩා ග්‍රහයන් වැනි ආකාශ වස්තුවලින් එකක් (=asteroid).
ක්ෂුද්‍ර ජීවියා(පාරිභා.) [නා.] පියවි ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා ප්‍රාණියා.
ක්ෂුද්‍ර ධමනී(පාරිභා.) [නා.ප්‍ර.] ඉතා කුඩා රුධිරවාහිනී නාල.
ක්ෂුද්‍ර ප්‍රාණියා(පාරිභා.) [නා.] පියවි ඇසින් යන්තමට බැලිය හැක්කා වූ ද සත්ත්ව පරිණාමක ශ්‍රේණියේ තරමක් ඉහළින් සිටිනා වූ ද බහු සෛලික ජීවියා.
ක්ෂුද්‍ර බීජය[නා.] ප්‍රජනක ශක්තියෙන් යුතු නමුත් අලිංගික වූ ඒක සෛලික බීජය; බීජාණුව.
ක්ෂුද්‍ර බීජාණු[නා.ප්‍ර.] ශාකයක බීජ ඉපදවීම සඳහා අවශ්‍ය ඉතා සියුම් බීජාණු; පරාග.
ක්ෂුද්‍ර බීජාණුධානිය[නා.] මලක පරාග තැන්පත් ව තිබෙන ඉතා කුඩා කෝෂය; පරාග කෝෂය.
ක්ෂුද්‍ර විකෘතිය(පාරිභා.) [නා.] සතුන්ගේ පාරම්පරික ස්වරූප ආදියෙහි වන සියුම් වෙනස් වීම්.
ක්ෂුද්‍ර විශ්ලේෂණය(පාරිභා.) [නා.] යම් කිසිවක් ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් සියුම් ලෙස විග්‍රහ කිරීමේ විශේෂ තාක්ෂණික ක්‍රමය.
ක්ෂුද්‍රක[වි.] කුඩා; සියුම්. 1. [නා.ප්‍ර.] ඇදුම රෝග විශේෂයක්. 2. [නා.ප්‍ර.] කුඩා මිම්මක්.
ක්ෂුද්‍රජානය(පාරිභා.) [නා.] සත්ත්වයන්ගේ හා ශාකවල ප්‍රවේණි ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යෑමට හේතු වන ඉතා කුඩා අණුව.
ක්ෂුද්‍රජීවය(පාරිභා.) [නා.] ඇසට නොපෙනෙන තරම් ඉතා කුඩා ජීවියකුගේ ප්‍රාණය හෙවත් ජීව ශක්තිය.
ක්ෂුද්‍රභක්ෂක(පාරිභා.) [වි.] ඉතා කුඩා සතුන් ආහාරයට ගෙන ජීවත් වන.
ක්ෂුද්‍රයා[නා.] පහත් තැනැත්තා; නීච පුද්ගලයා.
ක්ෂුද්‍රාගමය[නා.] සූත්‍ර පිටකයට අයත් නිකාය පහෙන් පස්වැන්න; බුද්දක නිකාය.
ක්ෂුද්‍රාන්ත්‍රය[නා.] ආමාශයේ සිට මහබඩවැල දක්වා ආහාර ගමන් ගන්නා නළය; කුඩා බඩවැල.
ක්ෂුධාගින්න[නා.] බඩගින්න; කුසගින්න.
ක්ෂුර කර්මය[නා.] හිසකෙස් සහ දැළි රැවුල් කැපීම; හිස රැවුල් බෑම.
ක්ෂුර භාණ්ඩය[නා.] දැළි පිහියා බහා තබන පේටිකාව; කර කොපුව; කර පසුම්බිය.
ක්ෂුරය1. [නා.] රැවුල්, ඉසකේ ආදිය කපන තියුණු මුවහත ඇති පිහිය; දැළිපිහිය; කරකැත්ත. 2. [නා.] අශ්ව ගව ආදින් ගේ කුරය.
ක්ෂුරිකාව[නා.] අනින ආයුධයක්; කිණිස්ස; සිරිය.
ක්ෂුහිත[වි.] කැලඹුණු; කම්පා වුණු; සැලුණු; තැති ගැනුණු; බිය වූ; කුපිත වූ.
ක්ෂේත්‍ර කර්මය[නා.] වී ගොවිතැන පිළිබඳ කටයුතු; සීසෑම, වැපිරීම, ආදිය.
ක්ෂේත්‍ර ගණිතය[නා.] තල රූපවල ක්ෂේත්‍රඵලය ගණන් බැලීමේ ශාස්ත්‍රය.
ක්ෂේත්‍ර චුම්බකය(පාරිභා.) [නා.] මෝටරයක හෝ විදුලි යන්ත්‍රයක චලනය ඇති කරන්නා වූ චුම්බක ක්ෂේත්‍රය නිපදවන විද්‍යුත් චුම්බකය.
ක්ෂේත්‍ර දුර දර්ශකය[නා.] එළිමහන් ප්‍රදේශවලදී ප්‍රයෝජනයට ගනු ලබන්නා වූ ද එක්වර දෑසින් ම දර්ශනය කළ හැක්කා වූ ද දුර දක්නය.
ක්ෂේත්‍ර නිලධාරියා[නා.] කාර්යාලයෙන් පිටස්තර තැන්වල රාජකාරි කටයුතු කිරීමේ යෙදෙන නිලධාරියා.
ක්ෂේත්‍ර පාලයා[නා.] කුඹුරු රකින්නා; කෙත් ආරක්ෂා කරන්නා.
ක්ෂේත්‍ර ඵලය[නා.] යම්කිසි තලයක මතුපිට විශාලත්වය හෙවත් එහි අඩංගු ඉඩ ප්‍රමාණය; වර්ග ප්‍රමාණය; වර්ගඵලය.
ක්ෂේත්‍ර බලය(පාරිභා.) [නා.] විදුලිය හෝ චුම්බකත්වය ක්‍රියාකාරී වන ක්ෂේත්‍රයක යම්කිසි ලක්ෂ්‍යයක ඇති වන බල ප්‍රමාණය.
ක්ෂේත්‍ර රාශිය[නා.] (ජ්‍යෝති.) ග්‍රහයකු බලවත් ව සිටින රාශිය; ග්‍රහයකුගේ ස්වක්ෂේත්‍ර හෝ උච්චක්ෂේත්‍ර රාශිය.
ක්ෂේත්‍ර ශුද්ධිය[නා.] දානාදි පුදසත්කාර ලැබීමට සුදුසු පිරිසිදු සිල්වත්කම.
ක්ෂේත්‍රක පටකය(පාරිභා.) [නා.] ක්ෂීරපායී සතුන්ගේ තනපුඩුව වටා තිබෙන වර්ණවත් සියුම් හම.
ක්ෂේත්‍රඥ1. [නා.ප්‍ර.] පංචස්කන්ධය පිළිබඳ දැනුමෙන් සම්බෝධියට හෙවත් පරමාවබෝධයට පත් වන තැනැත්තා. 2. [නා.ප්‍ර.] ගොවියා. 3. [නා.ප්‍ර.] ආත්මය; ජීවය.
ක්ෂේත්‍රය1. [නා.] වී වගා කරන ලද බිම; කුඹුර; කෙත. 2. [නා.] යම් යම් කටයුතුවලට විෂය වන භූමිය; ආධාර ස්ථානය. 3. [නා.] යම්කිසිවක් හටගන්නාස්ථානය; උත්පත්ති ස්ථානය. 4. [නා.] ඒ ඒ ක්‍රියාවලට නියම වූ කාලසීමාව. 5. [නා.] ත්‍රිකෝණ ආදි ජ්‍යාමිතික රූප. 6. [නා.] මේෂ ආදී රාශි. 7. [නා.] පංචස්කන්ධයෙන් යුත් ශරීරය. 8. [නා.] කාන්දම්බලය, විදුලිබලය ආදිය පැතිර පවත්නා ප්‍රදේශය. 9. [නා.] වැඳුම් පිදුම් කරන්ට යන තැන; ශුද්ධ ස්ථානය. 10. [නා.] භාර්යාව.
ක්ෂේත්‍රාධිපති1. [නා.ප්‍ර.] කුඹුරු අයිති තැනැත්තා. 2. [නා.ප්‍ර.] දොළොස් රාශි අතුරෙන් ඕනෑම රාශියක අධිපතියා; රාශියක ස්වක්ෂේත්‍ර ග්‍රහයා.
ක්ෂේපණය1. [නා.] වීසි කිරීම; අල්ලා දැමීම. 2. [නා.] ප්‍රමාදය; මිඩංගුව; කල්ගත කිරීම. 3. [නා.] උඩඟුකම; මානය; ගර්වය.
ක්ෂේපණිය(පාරිභා.) [නා.] වෙඩි උණ්ඩයක් සේ වේගයෙන් ඉදිරියට යැවෙන දෙය.
ක්ෂේපය1. [නා.] වීසි කිරීමත ඉවත; දැමීම. 2. [නා.] පහ කිරීම; ඇරීම. 3. [නා.] වටකර ගත් සේනාව. 4. [නා.] යටත් කිරීම; පැරදවීම; අභිභවනය. 5. [නා.] අනාදරය; නින්දාව; අවමානය. 6. [නා.] මල්පොකුර. 7. [නා.] කුඩා සිදුරකින් විදින ජලය හෝ වායුව හෝ වැනි සිහින් තියුණු ධාරාව.
ක්ෂේම1. [වි.] බියෙන් තොර; උවදුරු රහිත; ආරක්ෂා සහිත; නිරුපද්‍රැත. 2. [වි.] යහපත් වූ; ශාන්ත වූ; සන්සුන්; කල්‍යාණ. 1. [නා.ප්‍ර.] බය ඇති නොවීම; ආරක්ෂාව; නිරුපද්‍රැත භාවය. 2. [නා.ප්‍ර.] සැනසුම; ප්‍රීතිය. 3. [නා.ප්‍ර.] ආරක්ෂා ස්ථානය. 4. [නා.ප්‍ර.] නව වැදෑරුම් ශුභාශුභ වූ නැකැත් අතරින් සිවුවැන්න.
ක්ෂේම මාර්ගය[නා.] උවදුරු ආදියෙන් තොර මාර්ගය; නිරුපද්‍රිත මාර්ගය.
ක්ෂේම ලාම්පුව[නා.] ගිනි නොගන්නා සේ ආරක්ෂාවෙන් යුක්ත ව සාදන ලදුව ආකර කම්කරුවන් විසින් ප්‍රයෝජනයට ගනු ලබන ලාම්පුව.
ක්ෂේම ස්ථානය[නා.] උවදුරු රහිත තැන; ආරක්ෂා සහිත තැන.
ක්ෂේමපුරය[නා.] නිවන; නිවන්පුරය; නිර්වාණය.
ක්ෂේමභූමිය1. [නා.] ආරක්ෂා සහිත භූමි භාගය; නිර්භය ස්ථානය. 2. [නා.] කාන්තාරයක් මැද පිහිටි ජලය ද ගස්වැල් ආදිය ද සහිත සරුබිම.
ක්ෂෛරේය[වි.] කිරෙන් සකස් කරන ලද; කිරෙන් සාදන ලද; ක්ෂීරමය.
ක්ෂෝභය[නා.] කැලඹීම; කැලතීම; ඇලළීම.
ක්ෂෞද්‍ර[නා.] මී පැණි; ක්ෂුද්‍ර නම් මී මැසි ප්‍රභේදය විසින් නිපදවනු ලබන මී පැණි.
ක්ෂෞම[නා.ප්‍ර.] රෙදි විවීම සඳහා කෙඳි සැපයූ හන වර්ගයකට අයත් ශාකයක්; කොමු.
ක්ෂෞසෙය්‍ය[නා.ප්‍ර.] පටනූලින් වියන ලද වස්ත්‍රය; තිහිරි පිළිය; පටරෙද්ද.
ක්‍රකච යෝගය[නා.] ජන්ම පත්‍රයේ සයවැන්නේ නීච වූ හෝ බලහීන වූ හෝ ග්‍රහයන් යෙදීමෙන් සෑදෙන අශුභ යෝගයක්.
ක්‍රකර[නා.ප්‍ර.] ජලාශ්‍රිත ප්‍රදේශවල වාසය කරන පක්ෂියකු වන කොරවක්කා.
ක්‍රතු1. [නා.ප්‍ර.] චේතනාව; අභිප්‍රාය; අධිෂ්ඨානය. 2. [නා.ප්‍ර.] යාගය; අශ්වමේධ යාගය.
ක්‍රන්දනය[නා.] හැඬීම; වැලපීම; රෝදනය; ළතෝනිය.
ක්‍රම සාක්ෂ්‍යය(පාරිභා.) [නා.] සමාන ක්‍රියාවලියක් අනු ව ගිය සාක්ෂ්‍යය (=system evidence).
ක්‍රමක[වි.] කිසියම් ක්‍රමයකට අනු ව සිදුකරන; ක්‍රමානුකූල; විධිමත්.
ක්‍රමකයා[නා.] ක්‍රමානුකූල කටයුතු කරන තැනැත්තා; ක්‍රමික පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයා.
ක්‍රමක්ෂම[වි.] යුද්ධෝපක්‍රම පිළිබඳ විශිෂ්ට දක්ෂතාවක් ඇති; යුද්ධෝපායයෙහි නිපුණ වූ.
ක්‍රමක්‍රමයෙන්[ක්‍රි.වි.] අනුපිළිවෙළින්; අනුක්‍රමයෙන්.
ක්‍රමච්‍යුත[වි.] (අලං.) වාක්‍යයක පද යෙදීමේ සම්මත ක්‍රමයෙන් ඉවතට ගිය.
ක්‍රමණය(පාරිභා.) [නා.] ක්‍රමයෙන් නැඟීම හෝ වැඩීම; අනුක්‍රමයෙන් වෙනස් වී යන ශ්‍රේණි ක්‍රමය (=graduation).
ක්‍රමතාව, ක්‍රමිකතාව[නා.] යමක නියම පිළිවෙල; ක්‍රමවත්බව.
ක්‍රමදර්ශි[නා.] හරි පිළිවෙළ දන්නා වූ.
ක්‍රමභේදය[නා.] නියම පිළිවෙළ වැරැද්දීම; ක්‍රමය උල්ලඞ්ඝනය කිරීම.
ක්‍රමය1. [නා.] ආකාරය; විධිය; පිළිවෙළ; පටිපාටිය. 2. (පාරිභා.) [නා.] පද්ධතිය; ව්‍යූහය (=system). 4. (පාරිභා.) [නා.] පවත්නා විධිය; ක්‍රියාවලිය (=process). 5. (පාරිභා.) [නා.] රීතිය; පිළිවෙළ (=method). 6. [නා.] වැඩපිළිවෙළ; යෝජනා ක්‍රමය.
ක්‍රමවත්[වි.] පිළිවෙළක් ඇති; ක්‍රමානුකූල; අඛණ්ඩ; ක්‍රමික; විධිමත්.
ක්‍රමවිකාශය[නා.] යමක් ටිකෙන් ටික වෙනස් වෙමින් අවුත් අන්‍ය වූ ආකාරයකට පරිවර්තනය වීම; පරිණාමය.
ක්‍රමවිකාශවාදය[නා.] ක්‍රමයෙන් වෙනස් වෙමින් අවුත් අන්‍ය ස්වරූපවලට පත් වූවා යි යන මතය; පරිණාමවාදය.
ක්‍රමවිරෝධය1. (අලං.) [නා.] නියම ක්‍රමය උල්ලංඝනය කිරීම. 2. [නා.] පිළිගත් ක්‍රමයට පටහැනි වීම; අක්‍රමිකතාව.
ක්‍රමවිරෝධී1. [වි.] පිළිගත් පිළිවෙළට පටහැනි; රීතියට එකඟ නොවන; නීතියට හෝ චාරිත්‍රයට හෝ අනුකූල නොවූ. 2. (පාරිභා.) [වි.] ආණ්ඩු ක්‍රමයට එකඟ නොවන; පාලන ක්‍රමයට අනුකූල නැති (=unconstitutional).
ක්‍රමවිලඞ්ඝනය[නා.] නියම ක්‍රමය උල්ලඞ්ඝනය වීම; ශාස්ත්‍ර යුක්තිය හෝ ලෝක සම්මතය හෝ කඩ කිරීම.
ක්‍රමශිල්පය[නා.] (යම් කෘතියක් නිර්මාණය කිරීමේ දී අනුගමනය කැරෙන) ශිල්ප උපක්‍රමය; කලා ශිල්ප ශාස්ත්‍රය; ශිල්පීධර්මය.
ක්‍රමසම්පාදනය[නා.] (සංවර්ධනය ආදි කටයුතු සඳහා) වැඩපිළිවෙළවල් සකස් කිරීම; සැලසුම් පිළියෙල කිරීම; ක්‍රියා මාර්ග සැලසුම් කිරීම.
ක්‍රමසූචක(පාරිභා.) [වි.] (පළමුවැනි, දෙවැනි, තුන්වැනි ආදි වශයෙන්) සංඛ්‍යාවල අනුක්‍රම පටිපාටිය දක්වන; ක්‍රමික (=ordinal).
ක්‍රමාංකණය[ක්‍රම+අංකණය] (පාරිභා.) [නා.] යම්කිසි මාපක උපකරණයක් කොටස්වලට බෙදා අනුක්‍රමක අංක ලකුණු කිරීම; ක්‍රමයකට බෙදා සලකුණු කිරීම; අනුපිළිවෙළින් අංක යෙදීම (=graduation).
ක්‍රමාංකය1. (පාරිභා.) [නා.] අනුක්‍රමික ස්ථාන අංකය; අනුපිළිවෙළ දක්වන අංකය. 2. [නා.] (මිනුම උපකරණ ආදියෙහි) ශ්‍රේණි ක්‍රමයට අනුක්‍රමික වශයෙන් ලකුණු කරනු ලබන අංකය. 3. [නා.] හයිඩ්රජන් පරමාණුවෙන් ආරම්භ වන මූල ද්‍රව්‍යවල වැඩි වන පරමාණුක භාරය අනුව අනුපිළිවෙළ දක්වන අංකය; පරමාණුක ක්‍රමාංකය.
ක්‍රමාංකිත[ක්‍රම+අංකිත] (පාරිභා.) [වි.] අංක පිළිවෙළින් ලකුණු කරන ලද; ක්‍රමාංක යොදන ලද්දා වූ.
ක්‍රමාකුංචනය[ක්‍රම+ආකුංචනය] (පාරිභා.) [නා.] අන්තර්ගත ආහාර වැනි දේ ඉදිරියට තල්ලුවෙන පරිදි බඩවැලෙහි හෝ වෙනත් නළාකාර අවයවයක සිදු වන ක්‍රමානුකූල හැකිළීම සහ දිග හැරීම (=peristalsis).
ක්‍රමාගත[වි.] අනුපිළිවෙළින් පැවත ආවා වූ; පිළිවෙළින් පැමිණි; පරම්පරාගත.
ක්‍රමානුකූල[ක්‍රම+අනුකූල] [වි.] කිසියම් පිළිවෙළකට අනු ව ගියා වූ; විධිමත්.
ක්‍රමාභිවර්ධනය[ක්‍රම+අභිවර්ධනය] [නා.] ටිකෙන් ටික දියුණු වීම; ක්‍රමයෙන් වැඩී යෑම; පිළිවෙළින් මනා සේ වර්ධනය වීම.
ක්‍රමාභිවෘද්ධිය[ක්‍රම+අභිවෘද්ධිය] [නා.] ටිකෙන් ටික ඇති වූ දියුණුව; ක්‍රමයෙන් ඇති වූ වැඩීම.
ක්‍රමාරෝපිත[ක්‍රම+ආරෝපිත] 1. [වි.] (පාරිභා.) යම් ක්‍රමයකට ආරෝපණය කරන ලද; පිළිවෙළකට ගලපන ලද. 2. [වි.] සාධක සහිත; සාධනාත්මක (=factorial factional).
ක්‍රමාරෝහණ බද්ද[නා.] ආදායම වැඩි වීමේ ප්‍රමාණයට ඉහළ නගින බද්ද; පුද්ගලයාගේ වත්කමේ අනුපාතය අනු ව වැඩි වන බදු ක්‍රමය.
ක්‍රමාලේප ක්‍රමය(පාරිභා.) [නා.] (භූමි නිර්මාණය දක්වන සිතියම්වල) පහත් සමබිමේ සිට ඉතා උස් කඳු මුදුන් තෙක් භූමිය නිර්මාණය වී ඇති ආකාරය පාට කිරීම මඟින් දැක්වීමේ ක්‍රමය.
ක්‍රමාවස්ථිත[ක්‍රම+අවස්ථිත] [වි.] පිළිවෙළකට තබන ලද; අනුක්‍රමයෙන් පිහිට වූ.
ක්‍රමික1. [වි.] කිසියම් ක්‍රමයකට අනුව සිදුකරන හෝ සිදුවන; ක්‍රමානුගත; ක්‍රමවත්; පිළිවෙළක් අනුව යන; අනුක්‍රමික; ක්‍රමානුකූල; විධිමත්. 2. [වි.] නියමාකාරයකට සිදු වන හෝ සිදුවූ; නියත; නියමිත. 3. [වි.] අනුක්‍රමයෙන් හෝ අනුපිළිවෙලින් සිදු වන.
ක්‍රමික ප්‍රගමනය[නා.] ක්‍රමයෙන් ඇති වූ දියුණුව; ක්‍රමානුකූල ලෙස ඇති වූ ප්‍රගතිය.
ක්‍රමික විද්‍යාව[නා.] අත්හදා බැලීමෙන් ලබන උගත්කම; පළපුරුද්දෙන් ලැබෙන දැනුම.
ක්‍රමික විපර්යාසය[නා.] අනුක්‍රමයෙන් ඇති වන වෙනස් වීම; ක්‍රමවත් ලෙස ඇති වන වෙනස.
ක්‍රමිකය[නා.] අනුක්‍රමයෙන්; අනුපිළිවෙලින් සඳහන් වන දෙය.
ක්‍රමෝන්නත[ක්‍රම+උන්නත] [වි.] ක්‍රමයෙන් උස් ව නැංගා වූ; අනුක්‍රමයෙන් මහත් ව ගිය; ටිකෙන් ටික වැඩුණු.
ක්‍රමෝපක්‍රම[ක්‍රම+උපක්‍රම] [නා.ප්‍ර.] පිළිවෙළ හා උපාය මාර්ගය (=ways and means).
ක්‍රය[නා.ප්‍ර.] මිල දී ගැනීම; මුදලට බඩු ආදිය ගැනීම.
ක්‍රය පත්‍රය[නා.] මුදලට දුන් දෙයක් පවරා දෙමින් විකුණන්නා විසින් ලියා දෙනු ලබන ලේඛනය; කැරැ පත; ඔප්පුව.
ක්‍රය බද්ද(පාරිභා.) [නා.] යමක් මිලයට ගැනීමේ දී ගැනුම්කරු විසින් ගෙවනු ලබන බද්ද (=purchase tax).
ක්‍රය ශක්තිය[නා.] භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීම සඳහා රටක ව්‍යවහාර මුදලේ ඇති ශක්තිය; මුදලේ වටිනාකම.
ක්‍රයවික්‍රය[නා.ප්‍ර.] මිල දී ගැනීම සහ විකිණීම; වෙළෙඳාම.
ක්‍රයශක්ති සාම්‍යය(පාරිභා.) [නා.] මුදල් වර්ගවල දේශීය අගය සහ විදේශීය අගය අතර ඇති ක්‍රය ශක්ති සමතාව (=purchasing parity).
ක්‍රව්‍යකුලය(පාරිභා.) [නා.] ගර්භාශය තුළ සම්පූර්ණයෙන් නොවැඩුණු බීජයක් පරිහානියට යෑමෙන් ඇති වන විරූපී ලෝහිතමය මස් වැදැල්ල (=carneous mole).
ක්‍රවුන්කවුන්සල්[නා.ප්‍ර.] රජය වෙනුවෙන් උසාවියේ පෙනී සිටීමට හා කථා කිරීමට පත් කරනු ලබන නීතීඥයා.
ක්‍රාන්ත1. [වි.] ඉක්ම ගිය; ගමන් කළ; මාරු වුණ. 2. [වි.] ආක්‍රමණය කළ; යටත් කළ; නැඟුණු.
ක්‍රාන්ති කක්ෂය[නා.] හිරුගේ ගමන් මාර්ගය; හිරු අහසෙහි ගමන් කරන්නා සේ පෙනෙන චක්‍රය; සූර්ය කක්ෂය.
ක්‍රාන්ති කලාපය(පාරිභා.) [නා.] දේශගුණ තත්ත්ව දෙකකට අයත් කලාප දෙකක් අතර පිහිටි ඒ ද්විවිධ දේශගුණික ලක්ෂණවලින් යුත් භූගෝලීය ප්‍රදේශය (=transitional zone).
ක්‍රාන්ති දෝෂය[නා.] මීන-කන්‍යා, මේෂ-සිංහ, මකර-වෘෂභ, මිථුන- ධනු, කටක-වෘශ්චික, කුම්භ-තුලා යන රාශිවල රවි, චන්ද්‍ර දෙදෙනා පිළිවෙළින් ගමන් කිරීම නිසා ඇති වන නක්ෂත්‍ර දෝෂයක්.
ක්‍රාන්ති මාර්ගය[නා.] සූර්යයා පෘථිවිය වටා ගමන් කරතැයි සලකනු ලබන කල්පිත මාර්ගය.
ක්‍රාන්ති සමය[නා.ප්‍ර.] තත්ත්වය හෝ ස්ථානය මාරුවීමෙන් පවතින කාලපරිච්ඡේදය; සංක්‍රමණ අවධිය; සංක්‍රාන්ති කාලය.
ක්‍රාන්තිය1. (පාරිභා.) [නා.] එක් ස්වභාවයක් තවත් ස්වභාවයකට හැරීම; ස්ථානය හෝ තත්ත්වය මාරු වීම; සංක්‍රමණය (=transition). 2. [නා.] නියම උතුරත්, කොම්පාසුවෙන් දැක්වෙන උතුරත් අතර ඇති කෝණය. 3. [නා.] යම් ස්ථානයක භූගෝලීය මධ්‍යාහ්න රේඛාවත් චුම්භක මධ්‍යාහ්න රේඛාවත් අතර කෝණය (=declination). 4. [නා.] ඛගෝල සමකයේ සිට ආකාශ වස්තුවකට ඇති කෝණික දුර. 5. [නා.] යෑම; ගමන් කිරීම. 6. [නා.] ඇළ වීම; අවනතිය. 7. [නා.] හිරු ගේ ගමන් මාර්ගය.
ක්‍රෑර1. [වි.] අනුකම්පා රහිත; නපුරු; දරුණු; රෞද්‍ර. 2. [වි.] සැර; කටුක. 3. [වි.] ගොරෝසු; කර්කශ.
ක්‍රෑරකෝෂ්ඨය[නා.] බඩ වියළීම; මල බද්ධය.
ක්‍රිකට්[නා.] එක පිලකට ක්‍රීඩකයන් එකොළොස් දෙනකු ඇතිව කඩුල්ලක් වෙත එල්ල කරනු ලබන පන්දුවකට පිත්තකින් පහර දීම ප්‍රධාන ලක්ෂණය කොට ගත් තරග පන්දු ක්‍රීඩාව.
ක්‍රිට්කල් කෝණය[නා.] රශ්මි කදම්බයක් පරාවර්තනය වන අවම පතන කෝණය; උග්‍ර කෝණය; අවධිකෝණය.
ක්‍රිටෝන්[නා.ප්‍ර.] ඇතිරිලි, තිරරෙදි ආදිය සඳහා ගන්නා ශක්තිමත් කපු රෙදි වර්ගයක්.
ක්‍රිප්ටන්, ක්‍රිස්ටෝන්(පාරිභා.) [නා.ප්‍ර.] දුර්ලභ ඒක පරමාණුක වායුමය මූල ද්‍රව්‍යයක්.
ක්‍රිමිනල්[වි.] අපරාධ පිළිබඳ වූ දණ්ඩ නීතිය අනුව දඬුවම් කරනු ලැබීමට යෝග්‍ය; සාපරාධී.
ක්‍රිමිනල් නීතිය[වි.] අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ විධිවිධාන පිළිබඳ නීතිමාලාව; අපරාධ නීතිය; දණ්ඩ නීතිය.
ක්‍රිය[වි.] ක්‍රියා කරනසුලු; ක්‍රියාකාරී. [නා.ප්‍ර.] රාශිචක්‍රයේ පළමුවන රාශිය වන මේෂ රාශිය.
ක්‍රියස්කෝප්[නා.ප්‍ර.] කිරිවල පිරිසිදුකම පරීක්ෂා කිරීමට යොදා ගනු ලබන උපකරණය; ක්ෂීරමානය; ලැක්ටොමීටරය.
ක්‍රියා නිෂ්පත්තිය[නා.] ක්‍රියාවට සම්පූර්ණ වීම; ක්‍රියා සිද්ධිය.
ක්‍රියා පටිපාටිය[නා.] වැඩපිළිවෙළ; ක්‍රියාපිළිවෙළ.
ක්‍රියා පදය[නා.] (ව්‍යාක.) කිරීමක් හෝ වීමක් හෝ විඳීමක් හෝ හඟවන කාලත්‍රයෙහි හා පුරුෂත්‍රයෙහි වරනැගෙන පදය.
ක්‍රියා වචනය[නා.] (ව්‍යාක.) ධාතු ප්‍රත්‍යය දෙක එක්වීමෙන් සෑදෙන වචනය.
ක්‍රියා විශේෂණය[නා.] (ව්‍යාක.) ක්‍රියාවක් සිදු කරන ආකාර ස්ථාන කාල ආදි වශයෙන් ඒ ක්‍රියාව වෙසෙසා දක්වන පදය.
ක්‍රියා සිද්ධිය1. [නා.] කරනු ලබන කටයුත්ත සාර්ථක ලෙස ඉටු වීම; කාර්ය සිද්ධිය. 2. (ව්‍යාක.) [නා.] ක්‍රියාවේ සිදුවීම; ක්‍රියාවෙන් පැවසෙන කාර්යය.
ක්‍රියාක්ෂම[වි.] කටයුතු කිරීමෙහි දක්ෂ; ක්‍රියාශූර; කාර්යක්ෂම.
ක්‍රියාකාරක1. [වි.] කටයුතු කරන; වැඩ කරන. 2. (ව්‍යාක.) [වි.] ක්‍රියා සිද්ධියට සම්බන්ධ; ක්‍රියා සම්පාදනයට කාරණ වන. 1. [නා.ප්‍ර.] ක්‍රියාව කරන්නා; කටයුත්තක් ඉටු කරන තැනැත්තා; කාර්යසාධකයා. 2. [නා.ප්‍ර.] ක්‍රියා සම්පාදනයට ආධාර වන කර්තෘ, කර්‍ම ආදි කාරක සය.
ක්‍රියාකාරී1. [වි.] වැඩෙහි යෙදෙන; වැඩ කරනසුලු; කාර්යශීලි. 2. [වි.] ක්‍රියාත්මක; කාර්යානුසාරි. 3. [වි.] ප්‍රායෝගික; අත්දැකීම් ඇති.
ක්‍රියාචිත්තය[නා.] (අභි.) කුසල් හෝ අකුසල් නොවන ක්‍රියාමාත්‍රය පමණක් වන සිත; පින් කිරීමේ දී රහත් උතුමන්ට ඇති වන සිත.
ක්‍රියාත්මක[වි.] ක්‍රියාව ස්වභාව කොට ඇති; ප්‍රායෝගික; ක්‍රියාශීලී.
ක්‍රියාත්මක කරනවා[ක්‍රි.] ක්‍රියාවට නංවනවා; ක්‍රියාවට පත්කරනවා.
ක්‍රියාව1. (ව්‍යාක.) [නා.] වැඩය; කටයුත්ත; කරන දෙය; කර්තව්‍යය. 2. [නා.] ලෝකෝත්තර වූ කුශලය; කුශල ධර්මය. 3. (ව්‍යාක.) [නා.] ක්‍රියා පදය; ආඛ්‍යාතය.
ක්‍රියාවලිය[ක්‍රියා+ආවලිය] [නා.] සිදුවීම් වැළ; ක්‍රියා පඞ්ක්තිය.
ක්‍රියාවාචී[වි.] ක්‍රියා අර්ථ පැවසෙන ක්‍රියාවක් කියාපාන.
ක්‍රියාවාදී[වි.] කුශලාකුශල කර්මවල ඵල විපාක ඇතැයි විශ්වාස කරන.
ක්‍රියාවිභවය(පාරිභා.) [නා.] ප්‍රකෘතියෙන් පිහිටා ඇති අප්‍රකට ක්‍රියා ශක්තිය.
ක්‍රියාවිරහිත[වි.] කටයුතු නොකර හරින; අක්‍රිය (=inoperative).
ක්‍රියාශීලී[වි.] ක්‍රියාවේ නිරත වුණු; ක්‍රියාවෙහි ඇලුණු.
ක්‍රියාශූර[වි.] ක්‍රියාවේ දක්ෂ; කාර්යක්ෂම.
ක්‍රිස්තියානි[වි.] ක්‍රිස්තුස් වහන්සේ ස්වකීය ශාස්තෘවරයා වශයෙන් පිළිගන්නා වූ; ක්‍රිස්තියානි ආගම අදහන.
ක්‍රිස්තු වර්ෂය[නා.] ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ සිට ආරම්භ වන වර්ෂ ක්‍රමය.
ක්‍රීඩකයා[නා.] ක්‍රීඩාවල යෙදෙන්නා; ක්‍රීඩා කරන්නා; ක්‍රීඩා පිළිබඳ විශේෂ දක්ෂතාවක් දක්වන්නා.
ක්‍රීඩනය[නා.] සෙල්ලම් කිරීම; ක්‍රීඩා කිරීම.
ක්‍රීඩා දශකය[නා.] මනුෂ්‍ය ජීවිතයේ ක්‍රීඩාව ඇලුම් කරන දහ අවුරුද්ද වශයෙන් සැලකෙන වයස අවුරුදු 11 සිට 20 දක්වා කාල සීමාව.
ක්‍රීඩා පර්වතය[නා.] උයන්වතු ආදියෙහි ක්‍රීඩා කිරීම සඳහා වෙන් වූ උස් බිම.
ක්‍රීඩාංගණය[නා.] ක්‍රීඩා කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන භූමිය; සෙල්ලම් පිටිය.
ක්‍රීඩාපර[වි.] ක්‍රීඩාවෙහි ඇලුණු; සෙල්ලමට සිත ගිය; ක්‍රීඩාපරවශ.
ක්‍රීඩාභිලාෂි[වි.] ක්‍රීඩා කිරීමට හෝ නැරඹීමට ආශාව දක්වන; ක්‍රීඩා ප්‍රිය කරන්නා වූ; කෙළිලොල්.
ක්‍රීඩාව[නා.] විනෝදය සහ ව්‍යායාමය නොහොත් එයින් එකක් අරමුණ සේ ගෙන, එකලා ව නොහොත් කණ්ඩායම් වශයෙන් තරගකාරී ව ද යෙදිය හැකි ශාරීරික කාර්යය; සෙල්ලම; කෙළිය.
ක්‍රීඩාශීලී[වි.] ක්‍රීඩාවෙහි ඇලුණු; ක්‍රීඩාවල යෙදෙන; විනෝදශීලී.
ක්‍රීඩිත[වි.] ක්‍රීඩා කරන ලද; සෙල්ලම් කළ.
ක්‍රීත[වි.] මිලයට ගන්නා ලද.
ක්‍රීම්1. [නා.ප්‍ර.] කිරෙහි යොදය; කිරිවල තෙල් කොටස; කෑම රස කිරීමට යොදන කිරෙන් හෝ මිශ්‍ර ද්‍රව්‍යවලින් සාදාගත් උකු ද්‍රව්‍යය. 2. [නා.ප්‍ර.] සුවඳ විලවුන් වශයෙන් හෝ ඖෂධ වශයෙන් ගන්නා උකු ද්‍රව්‍ය. 3. [නා.ප්‍ර.] ඔප දැමීම, හැඩ දැමීම, ආවරණය කිරීම ආදිය සඳහා ගැනෙන ආලේප.
ක්‍රේන්[නා.ප්‍ර.] බර ඔසවන යන්ත්‍රය; දොඹකරය; උත්තෝලකය.
ක්‍රේප්1. [නා.ප්‍ර.] මතුපිට සියුම් රැලි සහිත රෙදි විශේෂයක්. 2. [නා.ප්‍ර.] සැරසිලි සඳහා ගනු ලබන රැලි සහිත කඩදාසි විශේෂයක්. 3. [නා.ප්‍ර.] ඇදෙනසුලු වෙළුම් පටි වර්ගයක්. 4. [නා.ප්‍ර.] රැලි වැටෙන සේ සාදන ලද රබර් විශේෂයක්; ක්‍රේප් රබර්.
ක්‍රේයොන්[නා.ප්‍ර.] චිත්‍ර ඇඳීම සඳහා ගනු ලබන විවිධ මොළොක් වර්‍ණවලින් යුත් හුණු හෝ ඉටි කූරු.
ක්‍රොමොසෝම්, ක්‍රෝමොසෝම්[නා.ප්‍ර.] සෛල න්‍යෂ්ටිවල පිහිටි විවිධ හැඩයෙන් යුත් වර්ණදේහ.
ක්‍රෝඩකය(පාරිභා.) [නා.] පපු ඇටය; උරතලය; උරෝස්ථිය.
ක්‍රෝධන[වි.] ක්‍රෝධ කරන; කිපෙන.
ක්‍රෝධය[නා.] කල් පවත්නා තදබල කෝපය; බලවත් තරහ.
ක්‍රෝමියම්[නා.ප්‍ර.] ලෝහමය භාණ්ඩ ඔප දැමීමටත් ආරක්ෂාව සඳහා ආලේප කිරීමටත් ගත හැකි රසායනික මූලද්‍රව්‍යයක්.
ක්‍රෝශය[නා.] දුර මැනීමට භාවිත කරන ලද පැරණි මිම්මක්; හඬසන.
කා1. [නා.] කය; සිරුර; ශරීරය. 2. [නා.] රැස; සමූහය. 3. [නා.] මහා බ්‍රහ්මයා; ප්‍රජාපතී. 4. [නා.] කපුටා; කාකයා. 5. [නා.] හිස; සිරස; උත්තමාංගය. 6. [නා.] අහස. 7. [නා.] කාවා. 8. [නා.] කවරෙක්; කවුරු.
කා ගන්නවා1. (සංගී.) [ක්‍රි.] අනුභව කරනවා; කා දමනවා. 2. [ක්‍රි.] දබර කරනවා; පොර වදිනවා. 3. [ක්‍රි.] දරා ගන්නවා; විඳ ගන්නවා; උසුලා ගන්නවා. 4. [ක්‍රි.] අවුල් කර ගන්නවා.
කාංචන[නා.ප්‍ර.] කාඤ්චන.
කාංස්‍ය[නා.ප්‍ර.] කයිතාළම.
කාංස්‍යලෝහ[නා.ප්‍ර.] කංසලෝහ; ලෝකඩ.
කාංසාව1. [නා.] සැකය; සංශය 2. [නා.] හුදකලා භාවයෙන් හෝ බලාපොරොත්තු කඩ වීමෙන් උපන් මනස්තාපය; සාංකාව. 3. [නා.] දුක; කනගාටුව; ශෝකය.
කාංසිය, කාන්සිය[නා.] තනිකම; සිතේ ඇතිවන පාළු ගතිය.
කාක[නා.ප්‍ර.] කපුටා.
කාක දන්ත පරීක්ෂාව[නා.] කවුඩන්ගේ දත් සෙවීම වැනි නිරර්ථක ගවේෂණය; නිෂ්ඵල ව්‍යායාමය.
කාක ශාස්ත්‍රය[නා.] කපුටන්ගේ හැඬීම, හැසිරීම ආදිය ආශ්‍රයෙන් ඵලාඵල කීමේ ශාස්ත්‍රය; කපුටු ශාස්ත්‍රය.
කාක ස්වරය[නා.] කපුටකුගේ වැනි අමිහිරි නාදය; කර්කශ නාදය.
කාකච්ඡ ශබ්දය[නා.] නින්දේ දී ගොරවන හඬ.
කාකණිකය[නා.] පුරාණයෙහි භාවිත වූ කුඩා රන් කාසියක්.
කාකත[නා.] බ්‍රහ්මයාගේ භාර්යාව; සරස්වතී දෙව්දුව.
කාකනිල1. [නා.] කළුවන් නිල් පැහැය; තදනිල. 2. [නා.] නිල් මැණික් වර්ගයක්; කළු පැහැයට හුරු නිල් මැණික.
කාකපක්ෂ[නා.ප්‍ර.] පළමු වරට ළදරුවකුගේ හිස කෙස් කැපීමේ දී දෙකොපුල මත වැටෙන සේ ඉතිරි කරන කෙස් රොද.
කාකපාද1. [නා.ප්‍ර.] කපුටාගේ පා සටහන; කපුටු අඩිය. 2. [නා.ප්‍ර.] ලේඛනයක අඩුතැන් පෙන්වීම සඳහා යොදන කපුටු පාදයක් බඳු ලකුණ; ^ ලක්ෂණය.
කාකපිඬු[නා.ප්‍ර.] කපුටන්ට දෙන ආහාර ; පිණ්ඩය; කපුටු දානය.
කාකම්[නා.ප්‍ර.] කයින් කරනු ලබන ක්‍රියා; කයින් කරන කුශලාකුශල කර්ම.
කාකමාසක[නා.ප්‍ර.] පමණ ඉක්මවා ආහාරගන්නා බමුණන් කොට්ඨාසයකගේ නාමය.
කාකලි1. [නා.ප්‍ර.] සියුම් මධුර නාදය. 2. [නා.ප්‍ර.] සියුම් මිහිරි හඬ නංවන වාද්‍ය භාණ්ඩ විශේෂයක්.
කාකවන්ධ්‍යා[නා.ප්‍ර.] එක් දරුවකු ලබා ඉන් පසු නැවතත් දරුවන් නොලබන ස්ත්‍රිය; එක් දරුවකු පමණක් ලබන ස්ත්‍රිය.
කාකාක්ෂර[කාක+අක්ෂර] [නා.බහු.] ශුද්ධ සිංහල හෝඩියේ අකුරු බෙදා දක්වන යෝනි හෙවත් වර්ග අටෙන් බිලිපුටු යෝනියට අයත් අක්ෂර; ශුද්ධ සිංහල හෝඩියෙහි එ, ඩ, ය යන අක්ෂර තුන.
කාකාරි[නා.ප්‍ර.] බකමූණා.
කාකුව[නා.] අන්‍ය වූ අර්ථයක් ප්‍රකාශ වන පරිදි විකෘති කළ හඬ; ශෝක, හර්ෂ, භය ආදිය හේතු කොට ගෙන වෙනස් කරන ලද හඬ.
කාකෝලී[නා.ප්‍ර.] (සංගී.) සංගීතයෙහි දැක්වෙන ශබ්දදෝෂ අටෙන් එකක්; කපුටකූගේ හඬ වැනි ශබ්දයෙහි රළු බව.
කාඟුල1. [නා.] කම්මුල් රැවුළ; ගණ්ඩරෝමය. 2. [නා.] ස්ත්‍රීන්ගේ කන ළඟ හෝ නළල මත හෝ වැටෙන සේ කපා සකස් කළ වකුටු වූ කෙස් රොද; කියඹු වැල. 3. [නා.] ඇතැම් රුහුණු හා සබරගමු නැටුම් සඳහා ගැනෙන හිස් වැසුම් විශේෂයක්.
කාඟුල් පෙට්ටිය(කථා.) [නා.] දේවාභරණ තැන්පත් කොට තබන පෙට්ටිය.
කාච[නා.ප්‍ර.] මධ්‍යකාලීන ලංකාවේ බර කිරීම සඳහා භාවිත කළ මිනුම් විශේෂයක්; කදක ගෙන ගිය හැකි බර ප්‍රමාණය. [වි.] වීදුරුවලින් සාදන ලද; වීදුරුමුවා.
කාච පටලය[නා.] දෘෂ්ටියට බාධා කරමින් ඇස පටලයකින් වැසී යෑමේ අක්ෂි රෝගය.
කාච ප්‍රාවරය(පාරිභා.) [නා.] ඇසේ කාචය වසා සිටින වැස්ම; කාචය ආවරණය වී ඇති සිවිය (=lens capsule).
කාච රසය(පාරිභා.) [නා.] අක්ෂි කාචයට පිටුපසින් වූ කුටීරයේ අඩංගු ජල්ලි වැනි ද්‍රව්‍යය (=vitreous humour).
කාචජලය(පාරිභා.) [නා.] ජලයෙහි ද්‍රාව්‍ය වන මෘදු වීදුරු විශේෂයක්; සෝඩියම් සිලිකේට් (=water- glass).
කාචය1. [නා.] වීදුරු; පළිඟු; ස්ඵටික; කදා. 2. [නා.] ලෙන්සය; ඇසේ පලඳින කන්නාඩි ආදියෙහි යොදන වීදුරු කැබැල්ල. 3. [නා.] අක්ෂි ගෝලයේ කණීනිකාවට යටින් පිහිටි දේහය; අක්ෂි කාචය. 4. [නා.] වියන ලද රෙද්දක අඟලකට තිබෙන දික් හරස් නූල් ගණන් කිරීම සඳහා පාවිච්චි කරන "අණු දක්නය” හෙවත් ගණන් කිරීමේ කන්නාඩිය. 5. [නා.] ගෙවල තනන වාස්තු විද්‍යාත්මක ක්‍රමයක්.
කාචර තෙල්(පාරිභා.) [නා.ප්‍ර.] කුටීර අම්ලය වාෂ්පීකරණයෙන් ලැබෙන සියයට 78 ක සාන්ද්‍රණයක් ඇති සල්පියුරික් අම්ලය (=oil of vitriol).
කාච්චලේ, කාච්චල්1. [නා.] උණ රෝගය. 2. [නා.] දිවේ බැඳෙන කාරම් ගතිය. 3. [නා.] මලකඩ.
කාචාශ්‍රනාලය(පාරිභා.) [නා.] දෘෂ්ටික ස්නායුව පටන්ගන්නා ස්ථානයට කිට්ටු තැනක සිට කාචය දක්වා කාචමය දේහය සිදුරු කරමින් විහිදී ඇති පටු නාලය (=hyaloid canal).
කාඤ්චන1. [නා.ප්‍ර.] රන්; ස්වර්ණ. 2. [නා.ප්‍ර.] හිරියල්. [වි.] රනින් කළ; ස්වර්ණමය.
කාඤ්චි, කාඤ්චී1. [නා.ප්‍ර.] මෙවුල; මේඛලාව. 2. [නා.ප්‍ර.] ඔලිඳ.
කාඤ්ජිකය[නා.] බතින් පෙරා ගත් දිය; කැඳ.
කාටනය[නා.] කඩදාසිවලින් තැනූ පෙට්ටිය; කාඩ්බෝඩ් පෙට්ටිය.
කාටලය, කාර්ටලය1. [නා.] නිෂ්පාදන ප්‍රමාණය හා එහි මිල තීරණය කිරීම සඳහා නිෂ්පාදන ආයතන සම්මුතියකට පත් වීම. 2. [නා.] එබඳු ආයතන එකතුව.
කාටිලේජ කපාලය(පාරිභා.) [නා.] මොළය ආරක්ෂා කිරීම සඳහා පහත් පෘෂ්ඨවංශීන්ගේත් උසස් පෘෂ්ඨවංශීන්ගේ කලලවලත් පවතින්නා වූ වැස්ම (=chondrocranium).
කාටිලේජය(පාරිභා.) [නා.] දැඩි වූත් ඇදෙනසුලු වූත් පාරභාසක වූත් ළා නිල් පැහැති සම්බන්ධක පටකය (=cartilage).
කාටුව[නා.] බැත රොඩු; ගොයම් පාගා පිදුරු ඉවත් කළ පසු වී සමග ඉතිරි වන බොල් පිදුරු රොඩු ආදිය.
කාටූනය[නා.] සිත් ගන්නා හෝ විකට රූපි අදහසක් හැඟවීමට පුවත්පත් ආදියෙහි පළ කරනු ලබන චිත්‍රය; විකට චිත්‍රය.
කාඨින්‍යය1. [නා.] තද බව; දැඩි බව; කර්කශ භාවය. 2. (පාරිභා.) [නා.] සිරුර දරදඬු වීම; කම්පය (=rigor).
කාඩ(කථා.) [වි.] නොහික්මුණු; වනචර; අශීලාචාර; සල්ලාල. [නා.ප්‍ර.] නොහික්මුණු පුද්ගලයා; අශිෂ්ටයා.
කාඩ්බෝඩ්[නා.ප්‍ර.] පෙට්ටි ආදිය තැනීමට ගන්නා ඝන කඩදාසි විශේෂයක්.
කාඩි1. [නා.ප්‍ර.] ඇඹුල් හොද්ද හෝ කැඳ; කායම් හොද්ද; ඖෂධීය ද්‍රව්‍ය දමා සකස් කර ගත් කැඳ. 2. [නා.ප්‍ර.] පලතුරු යුෂ. 3. [නා.ප්‍ර.] මණ්ඩි; බොර. [වි.] ඇඹුල් රසයෙන් යුතු; ඇඹුලට හුරු.
කාඩි කටුව(කථා.) [නා.] ලාඩම් ගැසීමට උපයෝගී කර ගන්නා කටුව.
කාඩි බත[නා.] ඇඹුලට පිසූ බත; පැසිබත; ධාන්‍යාදිය හා කුළු බඩු එක් කොට උයා ගන්නා බත.
කාඩු1. [නා.] කැලෑව. 2. [නා.] ගස් නැති ලුණු මිශ්‍ර බිම.
කාණ1. [නා.ප්‍ර.] කණා; එක ඇසක් නොපෙනෙන පුද්ගලයා. 2. [නා.ප්‍ර.] ජනෙල් කවුළු ආදිය රහිත ගෙය. [වි.] එක් ඇසක් නොපෙනෙන; කණ.
කාණ කච්ඡපයා[නා.] එක් ඇසක් අන්ධ වූ කැස්බෑවා; කණ කැස්බෑවා.
කාණ්ඩ වර්ණපටය(පාරිභා.) [නා.] සුදු ආලෝකය ප්‍රිස්මයක් තුළින් ගමන් කිරීමේ දී සෑදෙන (රතු, රඹ, කහ, කොළ, නිල්, නීලරක්ත, දම් යන) වර්ණ පංතිය (=band spectrum).
කාණ්ඩය1. [නා.] ග්‍රන්ථයක කොටස; පත්‍ර සඟරා ආදියේ (දෛනික, මාසික ආදි වශයෙන්) අවුරුද්දක කලාප ගණන. 2. [නා.] උණ බට ආදි දඬුවල ගැට දෙකක් අතර කොටස; පුරුක; පර්වය; දණ්ඩ; (ගස්) කඳ. 3. [නා.] සන්ධි දෙකක් අතර ඇති ඇටය; ඉල ඇටවල වක්‍ර වූ මැද කොටස. 4. [නා.] ඊය; ශරය. 5. [නා.] කණ්ඩායම; සමූහය; රාශිය. 6. [නා.] කට්ටලය; කොටස.
කාණ්ඩීර ඥානය[නා.] ධනු ශිල්පයෙහි නිපුණත්වය.
කාණික්ක මංගල්‍යය[නා.] රෝමානු කතෝලික චාරිත්‍ර විධියක නාමය; දරුවකු උපන් පසු මව හා බිලිඳා දේවස්ථානයට ගොස් පුද පඬුරු දීමේ චාරිත්‍රය.
කාතර1. [වි.] බියසුලු; බැගෑපත්. 2. [වි.] කම්පිත; සැලුණු.
කාත්තිය[නා.ප්‍ර.] ඉල් මස; කාර්තික මාසය.
කාතිඋසාවි[නා.ප්‍ර.] මුස්ලිම් විවාහ හා දික්කසාද සම්බන්ධ අධිකරණ බලය ලත් උසාවි විශේෂයක්.
කාතිවරයා[නා.] කාති උසාවිවල නඩු අසන විනිසුරුවරයා.
කාදුව1. [නා.] යමක් එල්ලා ගෙන යෑමට භාවිත කරන ලණු ආදියෙන් තැනූ පුඩුව. 2. [නා.] කුඩයෙහි නැමුණු මිට. 3. [නා.] බොත්තම අමුණන සිදුර; බොත්තම් කාසය.
කානන1. [නා.ප්‍ර.] වනය; කැලෑව. 2. [නා.ප්‍ර.] චන්ද්‍ර මණ්ඩලය.
කාන්ත[වි.] ප්‍රිය; මනෝඥ; ශෝභන; රම්‍ය. 1. [නා.ප්‍ර.] මාණික්‍ය විශේෂයක්. 2. [නා.ප්‍ර.] නිවාස විශේෂයක්. 3. [නා.ප්‍ර.] ගායනයෙහි සිත් අලවන ගුණය. 4. [නා.ප්‍ර.] කාන්දම; කාන්ත ගල; කාන්ත පාෂාණ.
කාන්තයා1. [නා.] ප්‍රිය තැනැත්තා. 2. [නා.] ස්වාමි පුරුෂයා.
කාන්තාරය[නා.] වෘක්ෂලතාදිය නොවැවෙන අසාර, ජල රහිත ප්‍රදේශය.
කාන්තාව[නා.] ගැහැනිය; ස්ත්‍රිය.
කාන්තිය[නා.] දීප්තිය; කැල්ම; ශෝභාව.
කාන්දම1. [නා.] ආකර්ෂණය; ඇද ගැනීම. 2. (පාරිභා.) [නා.] ආකර්ෂණය හෝ විකර්ෂණය කිරීමේ හෝ විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් කෙරෙහි බලයක් ඇති කිරීමේ ගුණය සතු යකඩයක් නොහාත් අන් ද්‍රව්‍යයක් (=magnet).
කාන්දම් මාලිමාව(පාරිභා.) [නා.] දිශා දැනගැනීම සඳහා භාවිත කරන උපකරණය; මූලික චුම්බක මාලිමාව (=magnetic compass).
කාන්දුව[නා.] සියුම් සිදුරු සහිත යමකින් ද්‍රව ආදිය මදින් මඳ පිටතට හෝ ඇතුළට වෑහීම; ද්‍රව ආදිය ටිකෙන් ටික වැගිරීම.
කානිවල්[නා.ප්‍ර.] සැණකෙළිය; ක්‍රීඩෝත්සවය.
කානුව1. [නා.] ජලය බැස යෑමෙන් හෑරුණු හෝ ඒ සඳහා තනන ලද අගල; පොළොව යටින් වතුර බැස්සීමට දමා ඇති නළය හෙවත් පයිප්පය. 2. [නා.] තුවක්කු, පිස්තෝල ආදියේ ලෝහමය බටය.
කාපලය, කාර්පලය(පාරිභා.) [නා.] එක් බීජයක් ඇති ඩිම්බ කෝෂය හෙවත් පිස්ටලය; අණ්ඩපය (=carpel).
කාප්ප අත්ත(පාරිභා.) [නා.] කාප්පයක කුරුපාවේ මුල සිට අත්තක ආකාරයෙන් කාප්ප කකුලට සම්බන්ධ කරන ලද ලීය (=main rafter).
කාප්ප කකුල(පාරිභා.) [නා.] කාප්පයක කුරුපාවේ මුදුන් කොණේ සිට කාප්ප බාල්කයේ අග කෙළවරට සවි කරන ප්‍රධාන පරාලය (=principal rafter).
කාප්පය1. [නා.] ගොඩනැගිල්ලක වහලේ මුදුන් යටලීය දරා සිටින දාරුමය හෝ අයෝමය කූඩුව. 2. [නා.] උරහිස් දෙක ම වැසෙන සේ අඳින අත් සහිත කබායක් වැනි ඇඳුම; නිදන විට පෙරවීමට ගන්නා එවැනි ම ඇඳුම. 3. [නා.] රාජගුරු ප්‍රසාදිතුමා උත්සවාවස්ථාවල අඳින ලෝගු විශේෂයක්. 4. [නා.] අල්මාරිවල උඩ හෝ යට ලී කූඩුව. 5. (කථා.) [නා.] විශේෂයෙන් ළමා සාරියට අඳින සැට්ටයේ කර වටා අල්ලන පළල රැළි පටිය. 6. (කථා.) [නා.] සුරුට්ටුව ඔතා ඇති පිට දුම් කොළය.
කාප්පුව1. [නා.] අතේ හෝ පයේ පලඳින වළල්ල; නූපුරය. 2. [නා.] විවාහයට පෙර මනාලිය අත බඳින නූල; කෞතුකය.
කාපාලික ව්‍රතය[නා.] ආහාර පිළිගැනීම සඳහා මිනී හිස් කබලක් රැගෙන යෑමේ වත.
කාපාලිකයා[නා.] මිනී හිස්කබලකට ආහාර පිළිගෙන බුදින ශෛව තාපස නිකායට අයත් තැනැත්තා.
කාපාළු(කථා.) [වි.] කාලා පාළු කරන; නාස්තිකාර; විනාශකාරී.
කාපික[වි.] වානරයකු බඳු; වානර ලක්ෂණ ඇති.
කාපික මානවයා[නා.] වානර ලක්ෂණ මෙන් ම මානව ලක්ෂණ ද ඇති සත්ත්වයා.
කාපියෝ[නා.ප්‍ර.] කාය ප්‍රයෝගය; ශරීරය හා සම්බන්ධ ක්‍රියාව; කයින් කරන වෑයම; ශරීරය මෙහෙයවීම.
කාපිරි[නා.ප්‍ර.] බොකුටු කෙසින් යුතු කළු පැහැති මනුෂ්‍ය වර්ගයක්; කාබෙරි.
කාපුරුෂයා[නා.] පහත් නිවට පුද්ගලයා; නින්දිත පුරුෂයා.
කාපෝතිකා[නා.ප්‍ර.] පුරාණ කාලයේ භාවිත වූ මද්‍ය විශේෂයක්.
කාබන්(පාරිභා.) [නා.ප්‍ර.] වායුගෝලයේ ද ඛනිජ තෙල්, ගල් අඟුරු, දියමන්ති, මිනිරන් ආදියේ ද සත්ත්ව ශරීරවල ද ඇති අලෝහ මූලද්‍රව්‍යයක්.
කාබන් කඩදාසිය[නා.] අතින් ලියන පිටපත්, ටයිප් පිටපත් ආදිය ලබා ගැනීමට මුල් කඩදාසියට යටින් තබන කාබන් දැලි මිශ්‍රිත ඉටි තවරන ලද කඩදාසිය; කාබන් කොළය.
කාබන් මොනොක්සයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] පාටක් ගඳක් නැති විෂ වායු විශේෂයක් (=carbon monoxide).
කාබන් ස්වීකරණය(පාරිභා.) [නා.] හරිත ශාක විසින් සූර්යාලෝක ශක්තිය උපයෝගී කරගෙන කාබන්ඩයොක්සයිඩ් හා ජලය සංයෝජනය කර සරල කාබෝහයිඩ්රේට් නිෂ්පාදනය කර ගැනීම; ප්‍රභාසංශ්ලේෂණය (=carbon assimilation).
කාබන් හරණය(පාරිභා.) [නා.] කාබන් ඉවත් කිරීම (=decarbonisation).
කාබන්ඩයොක්සයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] කාබනික ද්‍රව්‍ය ඔක්සිහරණය වීමෙන් ලැබෙන මඳක් ගඳ ඇති අවර්ණ වායුවක් (=carbon dioxide).
කාබනික[වි.] සත්ත්ව හෝ ශාක ද්‍රව්‍ය අඩංගු; ඉන්ද්‍රියමය වූ; ඓන්ද්‍රීය.
කාබනික අම්ලය(පාරිභා.) [නා.] භස්මයකට ප්‍රෝටෝනයක් දීමට හැකියාවක් තිබෙන්නා වූ කාබනික සංයෝගයක් (=organic acid).
කාබනේට්(පාරිභා.) [නා.ප්‍ර.] කාබනික අම්ලයේ ද්විසංයුජ අම්ල ඛණ්ඩකය.
කාබයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] යකඩවල සහ වානේවල ඇති අනිකුත් මූලද්‍රව්‍ය සමග කාබන් එක් වීමෙන් සෑදෙන සංයෝග.
කාබහන, කාබාන[නා.] කය බහනය; කාය බන්ධනය; පටිය; කහබහන.
කාබාසිනියා[නා.ප්‍ර.] සුන් කිරීම; විනාශය; නාස්තිය.
කාබියුරේටරය(පාරිභා.) [නා.] එන්ජිමක් ක්‍රියා කරවීම සඳහා අවශ්‍ය දාහ්‍ය මිශ්‍රණයක් සෑදෙන පරිදි නියමිත ප්‍රමාණයෙන් වාතය ද වාෂ්පශීල ඉන්ධනයක් ද මිශ්‍ර කරන උපකරණය (=carburettor).
කාම චේතනාව[නා.] කාම සහගත සිතුවිල්ල; ආශාවන් ඉටු කර ගැනීමට සිතීම.
කාම දාහය[නා.] කාම නැමැති ගින්න; කාමය නිසා සිත කය දෙකෙහි ඇතිවන බලවත් සන්තාපය.
කාම දේවයා[නා.] කාමයට අධිපති දෙවියා; අනංගයා.
කාම ධේනුව[නා.] දෙව්ලොව වසමින් සිතූ පැතූ දේ දෙතැයි සලකනු ලබන ගව ධේනුවක්; සුරභිධේනුව.
කාම පාශය[නා.] කාමය නමැති මලපුඩුව.
කාම පුරුෂයා[නා.] කාමී පුද්ගලයා.
කාම බන්ධනය[නා.] කාමයෙන් බැඳීම; කාමය නමැති බැම්ම.
කාම භවය[නා.] (අභි.) මිනිස් ලොව, සදෙව් ලොව හා සතර අපාය යන එකොළොස් වැදෑරුම් උත්පත්ති ස්ථාන.
කාම රාගය[නා.] (අභි.) වස්තු කාමයෙහි ඇලීම; කාමච්ඡන්දය.
කාම රූපය[නා.] අභිමත පරිදි මවා ගන්නා රූපය; කැමති වේශය.
කාම ශාස්ත්‍රය[නා.] කම්සැප විඳීම පිළිබඳ විද්‍යාව; ලිංගික කාර්ය ආදිය විස්තර කරන ශාස්ත්‍රය.
කාමච්ඡන්දය[නා.] රූපාදි වස්තු විෂයයෙහි පවත්නා දැඩි ආශාව; ඉඳුරන් පිනවීමට ඇති බලවත් කැමැත්ත; කාම කණ්හාව.
කාමතුර[වි.] කාමයෙන් ආතුර වූ; කාමයෙන් පෙළුණු.
කාමදද[වි.] කැමති දෙය දෙන; අභිමතවූව දෙන.
කාමනාව[නා.] කැමැත්ත; අභිලාෂය.
කාමභෝගී[වි.] කාම සම්පත් අනුභව කරන; කම් සැප විඳින.
කාමමිථ්‍යාචාරය[නා.] කාමයෙහි වරදවා හැසිරීම; අයථා කාම සේවනය.
කාමය1. [නා.] (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන වස්තු පිළිබඳ පවත්නා) ආශාව; කැමැත්ත; අභිලාෂය. 2. [නා.] තද ආශාව; ආලය; රාගය. 3. [නා.] මෛථුන සේවනයෙහි දැඩි කැමැත්ත.
කාමරය[නා.] ගෙයක හෝ කිසියම් ගොඩනැගිල්ලක බිත්තිවලින් වෙන් වූ කොටසක්; ඇතුළු ගෙය; කුටිය; ගැබ; ඕවරකය.
කාමරෝග[නා.ප්‍ර.] උපදංශ, සුද බිංදුම වැනි සමාජ රෝග.
කාමසුඛල්ලිකානු යෝගය[නා.] කම් සුවයෙහි අතිශයින් ඇලී ගැලී විසීම.
කාම්‍ය[වි.] කැමති විය යුතු; ආශා කළ යුතු; ප්‍රිය උපදවන.
කාමාචාරය[නා.] කැමති ලෙස පැවැත්ම; අභිමතය; අභිලාෂය.
කාමාන්ධ[වි.] කාමයෙන් අන්ධ වූ; කාමයෙන් මුළා වූ.
කාමාවචර[වි.] (අභි.) කාමලෝකවල බහුල වශයෙන් හැසිරෙන.
කාමාශාව[නා.] කම් සැප කෙරෙහි දක්වන ආශාව; කාම තෘෂ්ණාව.
කාමික, කාමුක[වි.] කාමාශා ඇති; කාමුක හැඟීම් දනවන.
කාමිනිය1. [නා.] අතිශය කාමාශා ඇති තැනැත්තිය; කාමාධික ස්ත්‍රිය. 2. [නා.] සිත් අලවන ස්ත්‍රිය; කාන්තාව.
කාමියා1. [නා.] කම් සැප විඳීමට කැමැත්තා; කාමභෝගියා. 2. [නා.] (යමකට) කැමති තැනැත්තා; ලෝලයා.
කාමී1. [වි.] කාමාශාවෙන් යුත්; කාමාශා සහිත; කාමුක. 2. [වි.] කැමති; ප්‍රිය කරන.
කාමේශ්වර[නා.ප්‍ර.] අනංගයා.
කාමේෂණා, කාමේසනා[කාම+ඒෂණා/ඒසනා] [නා.ප්‍ර.] කාමය සෙවීම හෙවත් කාමරාගය.
කාමෝන්මාදය[කාම+උන්මාදය] [නා.] කාමයෙන් හටගත් උමතුව.
කාය1. [නා.] සිරුර; ශරීරය; දේහය. 2. [නා.] සමූහය; රැස; එකතුව; ගොඩ; රැළ.
කාය ගතිය[නා.] කය මෙහෙයවා කරන ගමන; පයින් යෑම.
කාය චිකිත්සාව[නා.] ශාරීරික රෝග සම්බන්ධ වෛද්‍ය කර්මය.
කාය ද්වාරය[නා.] (අභි.) කය නමැති දොරටුව; ස්පර්ශ අරමුණු සිතට වැද්ද ගන්නා දොරටුවක් වැනි වූ ශරීරය.
කාය ප්‍රණාමය[නා.] ඇඳිලි බැඳීම් හිස පහත් කිරීම් ආදි කායික ක්‍රියා අනු ව කරන නමස්කාරය.
කාය බන්ධනය[නා.] (විනය.) බුදුවරුන් හෝ භික්ෂූන් වහන්සේලා ඉණ බඳින සිවුරු පටිය; බඳපටිය; කහබහන; කාබහන.
කාය භේදය[නා.] කය බිඳී යෑම; මිය යෑම; මරණය.
කාය විඥානය, කාය විඤ්ඤාණය[නා.] ශරීරය හා සම්බන්ධ ස්පර්ශය දැන ගන්නා සිත; කය පිළිබඳ විඤ්ඤාණය.
කාය විවේකය1. [නා.] පිරිස කෙරෙන් ඈත් වීම. 2. [නා.] ශරීරය කාමයෙන් වෙන් වීම නිසා ඇති වන ඒකීය භාවය.
කායච්ඡේද විද්‍යාව(පාරිභා.) [නා.] ශරීරය කොටස්වලට කපා විශ්ලේෂණය කර දක්වන ශාස්ත්‍රය (=anatomy).
කායච්ජේදය[නා.] ශරීර ව්‍යූහය හා ක්‍රියාකාරිත්වය හැදෑරීමට සිරුරේ කොටස් කැබලිවලට කැපීම; විච්ඡේදනය.
කායදණ්ඩ[නා.ප්‍ර.] ශරීරයට පමුණුවනු ලබන දඬුවම; කායික දඬුවම.
කායදරථය[නා.] කායික විඩාව; ශාරීරික වෙහෙස.
කායදුශ්චරිත[නා.ප්‍ර.] කයින් සිදු කරන දුසිරිත්; කයින් කරන අකුශල ක්‍රියා.
කායම[නා.] ගම්මිරිස් ඇතුළු කුළු බඩු හා බෙහෙත් වර්ග යොදා උකුවට සාදා ගන්නා හොද්ද.
කායික[වි.] කය පිළිබඳ වූ හෝ කයට අයත් වූ; ශරීරය හා සම්බන්ධිත වූ.
කායික ප්‍රතිවිරෝධිතාව[නා.] ඖෂධ යෝග ශරීරගත වීමෙන් එය නොගැළපීම නිසා ශාරීරික ක්‍රියාවලියෙහි සිදු වන වෙනස්කම.
කායික රසායන විද්‍යාව(පාරිභා.) [නා.] සාමාන්‍ය ප්‍රාක්ප්ලාස්මයේ රසායනික ක්‍රියාකාරීත්වය විශේෂයෙන් සලකමින් සජීව ද්‍රව්‍යවල ඇති වන රසායනික වෙනස්කම් අධ්‍යයනය කරන විද්‍යාව; කායික රසායනය (=physiological chemistry).
කායික විද්‍යාව(පාරිභා.) [නා.] ජීවීන් තම ජීව ක්‍රියා පවත්වා ගෙන යන ආකාරය පිළිබඳ අධ්‍යයනය; භෞතවේදය (=physiology).
කාර1. [නා.ප්‍ර.] ලුණු; ලවණ; ක්ෂාරය. 2. [නා.ප්‍ර.] ඉඟිය; ඉංගිතය; සංඥාව. 3. [නා.ප්‍ර.] අතිනත ගැනීම; කසාදය; කරකාරය. 4. [නා.ප්‍ර.] කරන්නා. 5. [නා.ප්‍ර.] කැට වශයෙන් වසින වැස්ස.
කාර බන්ධනය[නා.] සරණ බන්ධනය; පාණිග්‍රහණය.
කාරක[වි.] කරන; සිද්ධ කරන; කාර්යයක නියුක්ත ව සිටින. 1. [නා.ප්‍ර.] ක්‍රියා නිෂ්පත්තියට හේතු වන කාරණය; හේතුව හෝ හේතු-භූත වන කාරණය. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] සම්බන්ධ, ආලපන විභක්ති හැර ක්‍රියා සිද්ධියට සම්බන්ධ වන කර්ම, කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවධි, ආධාර යන විභක්ති සය. 3. (ව්‍යාක.) [නා.ප්‍ර.] කුඩා පෙට්ටිය. හෙප්පුව. 4. (පාරිභා.) [නා.ප්‍ර.] සතකු ක්‍රියා කිරීමට උපයෝගී කර ගන්නා වූ අවයවයක් හෝ සෛලයක් (=effector).
කාරක සභාව[නා.] යම්කිසි කාර්යයක් සඳහා (සාමාන්‍යයෙන් මහ සභාවක් අතරින් ) පත් කර ගනු ලබන සාමාජිකයන් කීපදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම; කමිටුව.
කාරණය, කාරණාව1. [නා.] කාර්ය සිද්ධියට ඉවහල් වන දෙය; හේතුව; නිමිත්ත; අරමුණ. 2. [නා.] කළ යුත්ත; කාර්යය. 3. [නා.] ප්‍රවෘත්තිය; සිද්ධිය.
කාරණා ප්‍රඥාව[නා.] හේතු ප්‍රත්‍යය දැන ගැනීමෙහි ඇති නැණවත් බව.
කාරණාකාරයා[නා.] දැනුම් තේරුම් ඇත්තා; දැන උගත්කම් ඇත්තා; සෑම දෙයක් ම තමා දන්නා බවක් හඟවමින් කථා කරන්නා.
කාරණෝද්ධාරණය[කාරණ+උද්ධාරණය] [නා.] හේතු උපුටා දැක්වීම; කරුණු ගෙන හැර පෑම.
කාරණෝපච්ඡේදය[කාරණ+උපච්ජේදය] [නා.] හේතුව සහමුලින් සිඳීම හෙවත් විනාශ කිරීම.
කාරතුව, කාර්තුව1. [නා.] යම්කිසිවක් සම ව හතරට බෙදීමෙන් ලැබෙන කොටස; හතරෙන් පංගුව. 2. [නා.] කිසියම් මිනුම් ඒකකයකින් හතරෙන් පංගුව. 3. [නා.] වී ආදි ධාන්‍ය මැනීමට ගන්නා උපකරණයක නාමය.
කාරදු[නා.ප්‍ර.] කන තුළ හටගන්නා මල; කන්කලාඳුරු.
කාරනවා[ක්‍රි.] උගුර පෑදීම සඳහා උගුරෙන් ගොරෝසු ශබ්දයක් නඟනවා; උගුර පාදනවා.
කාරභේදක[නා.ප්‍ර.] සිරගෙය බිඳගෙන පලායන්නා.
කාරම1. [නා.] භාජන ආදියෙහි බැඳෙන මල; දත්, දිව ආදි ස්ථානවල බැඳෙන මැලියම්. 2. [නා.] ක්ෂාරය; ලුණු වර්ග.
කාරම් දිය[නා.] (යවකාර වැනි) ලවණ මිශ්‍ර ජලය; ක්ෂාර ජලය.
කාරය1. [නා.] කිරීම; කාර්යය; ක්‍රියාව. 2. [නා.] අක්ෂර නාමයක් හා යෙදෙන උප පදයක්.
කාරවග[නා.ප්‍ර.] ක්ෂාර හෙවත් ලුණු වර්ග.
කාර්කශ්‍යය[නා.] රළු බව; කටුක බව.
කාර්ත්තික1. [නා.ප්‍ර.] ද්වාදස චන්ද්‍ර මාසයන්ගෙන් එකක්; ඇසළ මාසය 2. [නා.ප්‍ර.] කඳකුමරු.
කාර්ත්තික උත්සවය[නා.] ඉල් මාසයේ දී පැවැත්වෙන උත්සවයක්.
කාර්තාන්තිකයා[නා.] ශාරීරික ලකුණු අනු ව ශාස්ත්‍ර කියන්නා; දේහ ලක්ෂණ ශාස්ත්‍රඥයා.
කාර්දිනල්[නා.ප්‍ර.] කතෝලික සභාව පාලනය කිරීමට පාප්වහන්සේට උපකාර වන අනුශාසක මණ්ඩලයේ එක් සාමාජිකයෙක්.
කාර්පටික[නා.ප්‍ර.] කර්පට හෙවත් ඉරී ගිය සිවුරු හෝ කිලිටි කහකඩ දරන භික්ෂුව හෝ යාචකයා.
කාර්පණ්‍ය[නා.ප්‍ර.] දුගී බව; දිළිඳුකම; බැගෑපත්බව.
කාර්පාස[වි.] කපු පිළිබඳ; කපු පුළුනින් කළ. 1. [නා.ප්‍ර.] කපු පිළි; කාර්පාසාම්බර. 2. [නා.ප්‍ර.] කපු පුළුන්.
කාර්මණ[වි.] ක්‍රියාවෙහි දක්ෂ වූ.
කාර්මික1. [වි.] කර්මාන්ත පිළිබඳ වූ. 2. [වි.] යමක් කිරීමේ පිළිවෙළ පිළිබඳ වූ; තාක්ෂණික. 1. [නා.ප්‍ර.] කර්මාන්ත කරන තැනැත්තා. 2. [නා.ප්‍ර.] කාර්මික ශිල්පියා.
කාර්මික විද්‍යාව[නා.] කර්මාන්ත ශිල්ප ආදිය පිළිබඳ විද්‍යාව.
කාර්මික විප්ලවය[නා.] 18 සහ 19 ශතවර්ෂවල විශේෂයෙන් එංගලන්තයේ සහ එක්සත් ජනපද රාජ්‍යයේ කර්මාන්ත කටයුතු සඳහා යන්ත්‍රෝපකරණ භාවිතය ආරම්භ කිරීම සහ ඒ නිසා හටගත් විශාල සමාජ පෙරළිය.
කාර්මික ශිල්පියා[නා.] කාර්මික ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණ තැනැත්තා.
කාර්මිකඥයා[නා.] කර්මාන්ත පිළිබඳ විශේෂ දැනුමක් ඇති තැනැත්තා.
කාර්මුක1. [නා.ප්‍ර.] දුන්න; චාපය. 2. [නා.ප්‍ර.] ධනු රාශිය.
කාර්ය පටිපාටිය(පාරිභා.) [නා.] යම්කිසි වැඩ කොටසක් කිරීමට යොදාගත් සැලැස්ම හෝ අනුපිළිවෙළ (=procedure).
කාර්ය පත්‍රිකාව(පාරිභා.) [නා.] කළ යුතු කාර්යයන් පිළිබඳ සටහන් පොත හෝ පත්‍රය (=journal).
කාර්ය ප්‍රවෘත්තිය[නා.] කටයුත්තෙහි හෙවත් කාර්යයෙහි පැවැත්ම; ක්‍රියා පිළිවෙළ.
කාර්ය බලය[නා.] වැඩ කටයුතු කිරීමේ ශක්තිය.
කාර්ය භාරය[නා.] කළ යුතු වැඩ කොටසේ බර හෙවත් වගකීම; කළ යුතු දේ පිළිබඳ වගකීම.
කාර්ය මණ්ඩලය[නා.] කිසියම් කටයුත්තක යෙදී සිටින පිරිස; කාර්යාලයක හෝ ව්‍යාපාරයක සේවක පිරිස.
කාර්ය සාධක(පාරිභා.) [වි.] කාර්ය කිරීමේ ශක්තිය ඇති; කටයුතු සම්පාදනයෙහි ශක්තිමත් (=effectual).
කාර්ය සිද්ධිය[නා.] කාර්යය සඵල වීම; අදහස් මුදුන් පත්වීම.
කාර්යක්ෂම[වි.] වැඩට යෝග්‍ය; වැඩෙහි දක්ෂ; කටයුතුවල නිපුණ.
කාර්යය1. [නා.] කළ යුතු දෙය; වැඩය; කටයුත්ත. 2. [නා.] ක්‍රියාවෙන්, කාරණයෙන් හටගන්නා ඵලය.
කාර්යශීලී[වි.] වැඩ කිරීමේ හුරු පුරුදු; කටයුත්තෙහි යෙදෙන; කඩිසර.
කාර්යශූර[වි.] වැඩෙහි දක්ෂ; කටයුත්තෙහි නිපුණ.
කාර්යාංශය[නා.] රජයේ හෝ ආයතනයක පාලන කටයුතු වැඩ ආදිය පිළිබඳ යම්කිසි කොටසක් භාර ව ඇති අංශය; දෙපාර්තමේන්තුව.
කාර්යාලය[නා.ප්‍ර.] කන්තෝරුව.
කාර්යාලසහකාර(පාරිභා.) [නා.ප්‍ර.] කාර්යාලයක ප්‍රධාන නිලධාරියාට සහාය වන නිලධාරියා (=office assistant).
කාර්යාවලිය[කාර්ය+ආවලිය] [නා.] එකිනෙකට බැඳී සිදුවන ක්‍රියා සමූහය; ක්‍රියා පද්ධතිය.
කාර්ශ්‍ය[නා.ප්‍ර.] කෙට්ටුබව; කෘශභාවය.
කාර්ෂාපණය[නා.] මදටිය විස්සක් බර පැරණි කාසියක්; කහවණුව.
කාරාගාරය, කාරාගෘහය[නා.] සිරගෙය; බන්ධනාගාරය.
කාරාපනය[නා.] කරවීම; සෑදවීම.
කාරිකා1. [නා.ප්‍ර.] සිංහල ගී විරිතක නාමය 2. [නා.ප්‍ර.] අක්ෂර කිහිපයකින් බොහෝ අර්ථ නැංවෙන පද්‍යය හෝ පද්‍යමය සූත්‍ර ක්‍රමය.
කාරිත[වි.] කරවන ලද. [නා.ප්‍ර.] මෙහෙයවීමෙන් කරන ලද්ද.
කාරිය1. [නා.] කටයුත්ත; කළ යුතු දේ; වැඩය; කාර්යය; ක්‍රියාව. 2. [නා.] ප්‍රයෝජනය; අර්ථය; යහපත. 3. [නා.] යක්නැටුම.
කාරිය කරන රාල, කාරිය කරවන රාල1. [නා.] නින්දගමක කටයුතු මෙහෙයවන්නා 2. [නා.] දළදා මාළිගාවේ නිලධාරියෙක්.
කාරිය කෝරාල[නා.] දළදා මාළිගාවේ අභ්‍යන්තර නිලධාරියෙක්.
කාරිය හුවන්දිරම[නා.] කුඹුරු හිමියන් වෙල් විදානේට හා කාරිය කරවන්නන්ට අස්වැන්නෙන් ගෙවන බද්ද; රජයට ගෙවන අස්වැන්නෙන් දහයෙන් පංගුව හැර ඉතිරියෙන් හතළිස් අටෙන් පංගුවක් වන බද්ද.
කාරු1. [නා.ප්‍ර.] කර්මාන්තකාරයා; කාර්මිකයා; ශිල්පියා. 2. [නා.ප්‍ර.] විශ්ව කර්මයා.
කාරුගානවා(කථා.) [ක්‍රි.] කලඹනවා; හැඳි ගානවා; කූරු ගානවා.
කාරුණික[වි.] කරුණාව ඇති.
කාරුපු[නා.ප්‍ර.] (කපුටාගේ සතුරා යනු වාච්‍යාර්ථයි) බකමූණා.
කාරුව[නා.ප්‍ර.] වළකජු ගැසීමේ දී කජු ගෙඩියට ගැසීමට ගන්නා ගල් හෝ උළු හෝ වළන් කැබැල්ල; පෙන්ද.
කාල1. [නා.] ඒකකයකින් හතරෙන් පංගුව; හතරෙන් එක (1/4). 2. [නා.] ප්‍රතිමා ශිල්පයෙහි දී භාවිත වන මිම්මක්; අඟල් (ඇඟිලි) හෝ ඒකක දෙකක ප්‍රමාණය. 3. [නා.] කුඩා මුගුරක්; ලීයෙන් කළ කුඩා කඩුවක් වැනි ආයුධයක්. 4. [නා.] තූර්ය භාණ්ඩ විශේෂයක්. 5. [නා.] ලෝකඩ. 6. (ජ්‍යෝති.) [නා.] නැකතක නාමය; බෙරණ නැකත. [වි.] කළු පැහැයෙන් යුත්; කළු; අඳුරු.
කාල ඝෝෂාව[නා.] යම්කිසි කටයුත්තකට සුදුසු කාලය එළඹ ඇති බව දැනුම් දීම සඳහා කරනු ලබන ඝෝෂාව.
කාල චර්යාව[නා.] කලට වෙලාවට කටයුතුවල යෙදීම.
කාල තරණය(පාරිභා.) [නා.] වර්ධක උපක්‍රම උපයෝගී කොට ගෙන ඍතුවෙන් ඍතුවට ජීවත්වීම (=perennation).
කාල දූතයා[නා.] සර්පයකු දෂ්ට කරනු ලැබූ තැනැත්තා මරණයට පත්වන බව ඇඟවෙන ලකුණු සහිත ව සර්ප විෂ වෛද්‍යවරයා වෙත පැමිණෙන පණිවිඩකරුවා.
කාල නියමය[නා.] කාලය සම්බන්ධයෙන් බැස ගන්නා ලද තීරණය; නියමිත කාලය.
කාල නිර්ණය[නා.ප්‍ර.] කාලය තීරණය කිරීම; අවධිය නිශ්චය කිරීම.
කාල පක්ෂය[නා.] පුරපසළොස්වකට පසු ව එනම් අව පෑළවිය පටන් අමාවක තෙක් ක්‍රමයෙන් සඳ ගෙවී යන දින පසළොස; අව පක්ෂය.
කාල පත්‍රිකාව[නා.] (කර්මාන්ත ශාලා ආදියෙහි) යම් වැඩක් සඳහා ගත වන කාලය හෙවත් වේලාව, යෙදූ ශ්‍රමය ආදිය සටහන් කරන පත්‍රිකාව.
කාල පන්දම1. [නා.] තොවිල්, පින්කම් ආදියේ දී බොහෝ වේලා දල්වනු ලබන ලොකු ගිනිහුළ. 2. [නා.] කප් සිටුවීමේ දී කප මුදුනේ සවි කරනු ලබන ගිනිහුළ.
කාල ප්‍රඥප්තිය[නා.] (සන්ධ්‍යා ආදි) කාලය පිළිබඳ නියමය.
කාල පාලකය(පාරිභා.) [නා.] යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරිත්වය කාලය අනු ව පාලනය කරන උපකරණය (=timer).
කාල පාශය[නා.] මාරයාගේ මලපුඩුව.
කාල පුරුෂයා[නා.] (ජ්‍යෝති) මනුෂ්‍ය ශරීරයේ කොටස් ඒ ඒ නැකැත්, රාශි හා ග්‍රහයින්ට අයත් කොට බෙදා දැක්වීම.
කාල බලය[නා.] (ජ්‍යෝති) කේන්ද්‍රයක ග්‍රහයන් පිළිබඳ විනිශ්චයේ දී සලකා බැලිය යුතු කාලය පිළිබඳ බලය.
කාල බෝම්බය[නා.] නියමිත වේලාවක දී පිපිරීමට තබා ඇති බෝම්බය.
කාල භේදය1. [නා.] අතීත වර්තමාන අනාගත ආදි කාල වශයෙන් බෙදීම. 2. [නා.] වාත පිත්තාදි දෝෂවලින් සෑදෙන රෝගවලට නියමිත කාලය.
කාල මණ්ඩලය, කාළ මණ්ඩලය[නා.] ඇසේ කළු ඉංගිරියාව; කෘෂ්ණ මණ්ඩලය.
කාල මරණය[නා.] ආයුෂ හෝ විපාක කර්ම ශක්තිය අවසන් වීමෙන් සිදු වන මරණය; නියම කාලයට සිදු වන මරණය.
කාල විද්‍යාව[නා.] කාලපරිච්ඡේද අනුව සිද්ධි සටහන් කිරීමේ ක්‍රමය; කාල නිර්ණය ශාස්ත්‍රය.
කාල විපර්යාසය1. [නා.] යම් කාලයක් තුළ සාමාන්‍යයෙන් ඇති විය යුතු ලක්ෂණ විද්‍යමාන නොවීම; නියමිත ඍතු ලක්ෂණ ඇති නොවීම. 2. [නා.] ඍතු ලක්ෂණ වෙනස් වීම.
කාල විමුක්ත[වි.] (අභි.) කාල භේදයෙන් මිදුණු; කාල භේදයක් ත්‍රෛකාලික වශයෙන් නොමැති; ගත නොහැකි.
කාල ශතය, කාලසතය[නා.] වාර සියය; සියක්වර.
කාල සංවෘතිය[නා.] පෙරවරු, පස්වරු ආදි වශයෙන් කරනු ලබන කාලය පිළිබඳ සම්මුතිය.
කාල සටහන[නා.] විවිධ කටයුතු කළ යුතු කාල වේලා දක්වන සටහන් පත්‍රය නොහොත් ඒ පිළිවෙළ.
කාල සර්ප යෝගය[නා.] (ජ්‍යෝති.) කේන්ද්‍රයක ග්‍රහයන් සියල්ල ම එහි එක් අර්ධයක පිහිටීම.
කාල ස්තම්භය[නා.] මුදුනෙහි ඔරලෝසුවක් සහිත උස් ටැඹ.
කාල සීමාව[නා.] කිසියම් කාර්යයක් සඳහා නියම කර ගත් කාලය; කාල පරිච්ජේදය.
කාල හෝරාව[නා.] (ජ්‍යෝති.) සිංහල පැය දෙකහමාරක හෙවත් ඉංග්‍රීසි පැයක කාලය.
කාලක[වි.] කළුවන් වූ; කෘෂ්ණ වර්ණ. [නා.ප්‍ර.] පව්කාරයා; දුශ්ශීලයා.
කාලකණ්ණි චෝලය[නා.] යකැදුරන් විසින් යක්ෂාවේශ වූවන් මන්ත්‍රෝදකයෙන් නහවන විට අන්දවා පසු ව ඉවත ලන වස්ත්‍රය; නිසිරීකඩ.
කාලකණ්ණියා[නා.] අවාසනාවන්ත තැනැත්තා; පින් නැත්තා.
කාලකත[වි.] මැරුණු; මළ.
කාලකර[නා.ප්‍ර.] සූර්යයා.
කාලකර්ම[නා.ප්‍ර.] කාලයටම වන්නා වූ ක්‍රියාව; කර්ම විපාකයෙන් සිදු වන මරණය; කාලමරණය.
කාලක්ෂේප කරනවා[ක්‍රි.] කල් ගෙවනවා; කල්ගත කරනවා; කාලය නිකරුණේ මිඩංගු කරනවා.
කාලක්‍රමානුගත[කාලක්‍රම+අනුගත] [වි.] සිදු වූ කාල පිළිවෙළ අනුගමනය කළ; කාලානුක්‍රමික.
කාලක්‍රියාව[නා.] මරණය; පරලෝ සැපත්වීම.
කාලකූට1. [නා.ප්‍ර.] උග්‍ර විෂ වර්ගයක නාමය; සුරාසුර යුද්ධයේ දී විෂ්ණු විසින් කිරිමුහුද කලඹන ලද කල්හි මතු වූ බව කියැවෙන විෂ වර්ගය. 2. [නා.ප්‍ර.] බලි වර්ගයක නාමය; කාලකූට රාක්ෂය. 3. [නා.ප්‍ර.] සවුදමක නාමය; කාලකූට සවුදම.
කාලගුණ චන්ද්‍රිකාව[නා.] කාලගුණය පරීක්ෂා කිරීම සඳහා අහසට යවන කෘත්‍රිම චන්ද්‍රිකා විශේෂයක්.
කාලගුණ දර්ශකය(පාරිභා.) [නා.] ආකාශයේ විවිධ වායු ලක්ෂණ සටහන් වන යාන්ත්‍රික උපකරණය (=meteorograph).
කාලගුණ පරීක්ෂණාගාරය[නා.] කාලගුණය නිරීක්ෂණය කිරීමේ වැඩ කටයුතු කරන ස්ථානය.
කාලගුණ විද්‍යාව(පාරිභා.) [නා.] කාලගුණය අධ්‍යයනය පිළිබඳ විද්‍යාව (=meteorology).
කාලගුණය[නා.] යම්කිසි තැනක, යම් කාලයක් තුළ පවත්නා ශීත, උෂ්ණ, වියළි, තෙත් ස්වභාවය ද සුළගේ ස්වභාවය ද ආදි කරුණු සම්මිශ්‍රණයෙන් ඇති වන වායුගෝලීය තත්ත්වය.
කාලගෝට්ටිය[නා.] පිරිසක් නඟන මහත් හඬ; මහා ඝෝෂාව.
කාලචක්‍ර1. [නා.ප්‍ර.] චක්‍රයක් මෙන් පෙරළෙමින් ගමන් කරන කාලය; කාලය නමැති චක්‍රය. 2. [නා.ප්‍ර.] කාලය මනින මිනුම් පද්ධතියක්; තත්පර, විනාඩි, පැය, දින ආදි වශයෙන් කාලය ප්‍රමාණ කිරීමේ සටහන.
කාලච්ඡේදය[නා.] පරිමිත කාලය; කාල සීමාව.
කාලචීවර[නා.ප්‍ර.] චීවර කාලයෙහි ලැබුණු සිවුර; චීවර කාලය ඇතුළත ලද සිවුර.
කාලචෝදිත[වි.] මරණය ආසන්න වූ.
කාලත්‍රයදර්ශී[වි.] අතීත, වර්තමාන, අනාගත යන තුන් කල් දක්නා වූ.
කාලත්‍රයවර්තී[වි.] අතීත, වර්තමාන, අනාගත යන තුන් කල්හි පවත්නා වූ.
කාලත්‍රයා1. [නා.] අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලය. 2. [නා.] මාත්‍රා වශයෙන් ගත් කල හ්‍රස්ව, දීර්ඝ, ප්ලුත යන කාලමාන තුන.
කාලතුවක්කුව[නා.] යම්කිසි තැනක හෝ වාහනයක් මත හෝ සවි කොට ක්‍රියා කරවනු ලබන්නා වූ ද, බර උණ්ඩයක් සැතපුම් ගණනක් ඈතට විහිදීමට හැකි වූ ද විශාල තුවක්කුව.
කාලදාන[නා.ප්‍ර.] සුදුසු කාලයෙහි දෙන දානය.
කාලමාන යන්ත්‍රය[නා.] කාලය මනින යන්ත්‍රය; ඔරලෝසුව.
කාලමුක්ත(පාරිභා.) [වි.] කාලයෙන් මිදුණ; කාල නියමයක් නැති; කාල භේදයක් නැති (=timeless).
කාලමේඝ, කාළමේඝ[නා.ප්‍ර.] කළු වලාකුළ; වැහි වලාකුළ.
කාලය1. [නා.] අතීත, වර්තමාන, අනාගත යනුවෙන් බෙදිය හැකි තත්පර, විනාඩි, පැය, දින ආදි වශයෙන් මනිනු ලැබිය හැකි දෙය. 2. [නා.] අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය; පැවැත්මක සම්බන්ධතාව හෙවත් මිම්ම; සිද්ධි හෝ අවස්ථා දෙකක් අතර ගත වී ඇති වේලාවේ වෙනස; යුගය; අවධිය. 3. [නා.] හ්‍රස්ව, දීර්ඝ, ප්ලුත වශයෙන් අක්ෂර උච්චාරණයට ගත වන වේලාව. 4. [නා.] කිසියම් කාලගුණයක් පවතින සමය; ඍතුව. 5. [නා.] නියම මොහොත හෝ අවස්ථාව. 6. [නා.] මරණය; මරණය සිදු වන වේලාව.
කාලයාත්‍රා කරනවා[ක්‍රි.] මැරෙනවා; මරණයට පත්වෙනවා.
කාල් වඩන්නා[නා.] රජුගේ ආරක්ෂාව සඳහා කඩු ගෙන සිටින භටයා; අසිග්‍රාහකයා.
කාල්කරුව[නා.] හතරෙන් පංගුවෙන් දෙකෙන් පංගුව; අටෙන් පංගුව.
කාල්ගානවා1. [ක්‍රි.] දණ්ඩක්, හැන්දක් වැනි දෙයකින් කලඹනවා; හැඳිගානවා; කලතනවා . 2. (කථා.) [ක්‍රි.] පයින් ගමන් කරනවා; හෙමින් ඇවිදිනවා.
කාල්පනික[වි.] සිතින් මවා ගත්; කල්පිත; අභූත.
කාල්වැටිය[නා.] ඉසකෙස් රොද; කියඹුව.
කාලාගමනය[කාල+ආගමන] [නා.] කල් පැමිණීම; කාලය සම්ප්‍රාප්ත වීම.
කාලාග්නි[කාල+අග්නි] [නා.ප්‍ර.] කල්පයන් අවසානයේ ඇති වී ලෝකය විනාශ කරතියි සැලකෙන මහා ගින්න.
කාලාතිගමනය[කාල+අතිගමනය] [නා.] කාලය ඉක්මීම; කාලය ගෙවීයෑම; කල්ගත වීම.
කාලාන්තරය1. [නා.] අතරතුර කාලය; කාලපරිච්ජේදය; කාලසීමාව. 2. [නා.] දීර්ඝ කාලය; චිර කාලය.
කාලාන්ධකාරය[නා.] මහා කළු අඳුර; දැඩි කළුවර.
කාලානුක්‍රමය[නා.] කාල පිළිවෙළ; වර්ෂ ක්‍රමය.
කාලානුරූප[කාල+අනුරූප] [වි.] කාලයට සුදුසු වූ; කාලයට ගැළපෙන.
කාලාභ්‍රය[නා.] කළුවලාව.
කාලාර්ථය1. [නා.] කාලය දක්වන අර්ථය. 2. [නා.] අසම්භාව්‍ය ක්‍රියාව යෙදෙන එක් අර්ථයක්.
කාලාරෝචනය[කාල+ආරෝචනය] [නා.] කල් දක්වා සිටීම; සුදුසු කාලය එළඹ ඇති බව ප්‍රකාශ කිරීම.
කාලාවරෝධය[කාල+අවරෝධය] (පාරිභා.) [නා.] බොහෝ කාලයක් නොකඩවා භුක්ති විඳීමෙන් දේපළ අයත් කර ගැනීම; දේපළ භුක්තියට සවි වීම.
කාලික[වි.] කාලයට අයත් වූ; කාලය හා සම්බන්ධ වූ. [නා.ප්‍ර.] (විනය.) භික්ෂුන් ඒ ඒ කාලයෙහි දී වැළඳිය යුතු ආහාරපාන ආදිය.
කාලීන[වි.] නියමිත කාලයකට අයත්; කාලයකට සීමා වූ; කාලයකට සුදුසු වූ.
කාලුෂ්‍යය[නා.] කිලුටු බව; අපවිත්‍රතාව; සිතෙහි කිලුට හෝ අපිරිසිදු බව.
කාලුෂ්‍යාපගමනය[කාලුෂ්‍ය+අපගමනය] [නා.] කිලුටුබව ඉවත්වීම; පිරිසිදු වීම; සිතෙහි කෙලෙස්මල නැතිවීම.
කාලෝචිත[කාල+උචිත] [වි.] කලට ඔබින; කාලයට ගැළපෙන; අවස්ථාවට සුදුසු.
කාවටය[නා.] කපුටු රංචුව; කාක සමූහය.
කාවඩනවා[ක්‍රි.] ශාරීරික ඉන්ද්‍රිය සංවර කරනවා.
කාවඩි, කාවාඩි1. [නා.ප්‍ර.] විශේෂයෙන් කතරගම දෙවියන් පිදීම සඳහා නැට්ටුවන් කර මත තබා ගෙන නටන අලංකාර ආරුක්කුව. 2. [නා.ප්‍ර.] කාවඩි කරේ තබා ගෙන නටන නැටුම.
කාවණුව1. [නා.] කහවණුව. 2. [නා.] යාචක බලු කපුටු ආදින්ට බත් දෙන බඳුන.
කාවත්1. [නා.ප්‍ර.] චන්ද්‍රයා; හඳ 2. [නා.ප්‍ර.] කහපාට වස්ත්‍රය; කාෂාය වස්ත්‍රය.
කාවදිනවා1. [ක්‍රි.] ඇතුළට හාරාගෙන යනවා. 2. [ක්‍රි.] තදින් සිතට වදිනවා; හොඳින් අවබෝධ වෙනවා.
කාවල1. [නා.] මුර කිරීම; ආරක්ෂා කිරීම; රැකබලා ගැනීම. 2. [නා.] ආරක්ෂා මන්ත්‍රය. 3. [නා.] මුර පොළ; ආරක්ෂා ස්ථානය.
කාවල් වෙනවා[ක්‍රි.] සිවුපාවුන් සංවාසයෙහි යෙදෙනවා; ගවයන් රැළේ වැටෙනවා.
කාවල්කාරයා[නා.] මුරකාරයා; රැකවල්කරු.
කාවල්ලිය[නා.] ගොනාගේ පිට උඩ බඩු පටවන විට බෙල්ලේ සිට වලිගෙට යටින් බඳින රැහැන.
කාව්‍ය බන්ධනය[නා.] කාව්‍ය රචනය කිරීම; කාව්‍ය ප්‍රබන්ධ කිරීම.
කාව්‍ය භාෂාව[නා.] කාව්‍යකරණයට උචිත භාෂාව.
කාව්‍ය රසය[නා.] කාව්‍යයකින් ජනිත වන රසය හෙවත් චමත්කාරාත්මක හැඟීම.
කාව්‍ය ශාස්ත්‍රය[නා.] කාව්‍ය රචනය පිළිබඳ ශාස්ත්‍රය.
කාව්‍ය සාහිත්‍යය[නා.] සාහිත්‍ය රසයෙන් යුත් නිබන්ධ; ගද්‍ය පද්‍ය ග්‍රන්ථවලින් සමන්විත වූ ග්‍රන්ථ සමූහය.
කාව්‍යකරණය1. [නා.] ගද්‍යමය හෝ පද්‍යමය හෝ රසභාවාන්විත නිබන්ධ කිරීම. 2. [නා.] කාව්‍ය නිර්මාණය කිරීම.
කාව්‍යප්‍රතිභාන[නා.ප්‍ර.] කාව්‍ය විෂයෙහි අපූර්ව වස්තු නිර්මාණය කිරීමෙහි සමත් නුවණ; නිර්මාණාත්මක ප්‍රඥාව.
කාව්‍යමුඛය[නා.] කාව්‍ය ග්‍රන්ථයක ආරම්භය.
කාව්‍යය[නා.] කව.
කාව්‍යාලඞ්කාර[නා.ප්‍ර.] කාව්‍යය හොබවන හෙවත් සරසන උපමා, රූපක, අනුප්‍රාස ආදි විශේෂ අර්ථ ශබ්ද යෙදුම්.
කාව්‍යෝපසංහාරය[නා.] කාව්‍යයක් හෝ නිබන්ධයක් කැටි කොට දැක්වීම; කාව්‍යයක අවසානය සංක්ෂිප්තයෙන් දැක්වීම.
කාවාඩම(පාරිභා.) [නා.ප්‍ර.] වැඩෙහි යෙදී සිටින විට ඇඳුම් පරිස්සම් කිරීම සඳහා හැඳ ගන්නා උඩ වැස්ම; පිළිවැස්ම (=apron/overall).
කාවැටෙනවා1. [ක්‍රි.] භුක්ති විඳිමින් ජීවත් වෙනවා. 2. [ක්‍රි.] පොරකනවා.
කාවියම්(කථා.) [නා.ප්‍ර.] කාව්‍ය ප්‍රබන්ධ.
කාවිසිමුනි[නා.ප්‍ර.] කය, වචනය, මනස යන ද්වාර තුන.
කාවුරුව(කථා.) [නා.] කා ඉතිරි වූ බත; ඉඳුල් ආහාරය.
කාවුල(කථා.) [නා.] සිදුර; හිල; කපොල්ල.
කාෂ්ට[වි.] වියළි; රූක්ෂ. 1. [නා.ප්‍ර.] ලී; දර; දැවදඬු. 2. [නා.ප්‍ර.] දත් මදින දැහැටි කූර.
කාෂ්ඨ කර්මය[නා.] ලීයෙන් කරවන වැඩ; වඩු කර්මාන්තය; ලී කලාව.
කාෂ්ඨ ඵලය(පාරිභා.) [නා.] පිටකටුව සහිත ගෙඩිය (=nut).
කාෂ්ඨ මථනය[නා.] වියළි ලී දඬු (දෙකක්) එකට ඇතිල්ලීම.
කාෂ්ඨ රචනාව[නා.] දරසෑය; චිතකය.
කාෂ්ඨ ශිල්පය[නා.] ලී කැටයම් කලාව.
කාෂ්ඨතන්තු(පාරිභා.) [නා.ප්‍ර.] ලීයක ඇති තන්තුමය පටක (=wood fibre).
කාෂ්ඨරූප[නා.ප්‍ර.] ලීයෙන් කළ රූපය; දඬුරුව.
කාෂ්ඨවාහන[නා.ප්‍ර.] දඬුවෙන් තැනූ වාහනය.
කාෂ්ඨාග්නි[කාෂ්ඨ+අග්නි] [නා.ප්‍ර.] දර ලීයෙන් හටගන්නා ගින්න.
කාෂ්ඨාභිඝාතය[කාෂ්ඨ+අභිඝාතය] [නා.] දණ්ඩකින් ගැසීම; ලීයකින් ගැසීම.
කාෂාය[වි.] කසටින් යුක්ත; කහට පොවන ලද.
කාෂාය වස්ත්‍රය[නා.] කහට පොවන ලද වස්ත්‍රය; කසාවත.
කාසය1. [නා.] ශරීරය කෘෂ කරවන රෝගය; ක්ෂය රෝගය. 2. [නා.] ඇඳුමක බොත්තම් රුවාලන සිදුර.
කාසාවකණ්ඨකයා[නා.] කහ නූල්පටක් අතෙහි හෝ බෙල්ලෙහි හෝ හිසෙහි හෝ බැඳගෙන සිටින දුශ්ශීල පැවිද්දා.
කාසිනෝමාව(පාරිභා.) [නා.] ශරීරයේ පටක තුළ විප්‍රකෘති ශෛල ඇති වී ඒවා අක්‍රමවත් ලෙස හා අසීමිත ලෙස ගුණනය වීමෙන් හට ගන්නා ආබාධයක්; කුලීරමාව (=carcinoma).
කාසිපණම්[නා.ප්‍ර.] මිල මුදල්; මුදල් හදල්.
කාසිපාලක[නා.ප්‍ර.] බැංකු කඩසාප්පු ආදියේ මුදල් භාර ව සිටින තැනැත්තා; මුදල් භාරකාරයා (=cashier).
කාසිය[නා.] මුදල් වශයෙන් භාවිත කරන නියමිත අගයකින් යුතු ව හා මුද්‍රාවන් සහිත ව බලධාරි ආයතනයක් විසින් නිකුත් කළ ලෝහ කැබැල්ල.
කාහල[නා.ප්‍ර.] වාද්‍ය භාණ්ඩයක නාමය; කාළම; හොරණෑව.
කාළ[වි.] කළු; කළු පැහැයෙන් යුත්; අඳුරු. 1. [නා.ප්‍ර.] කළු පැහැය. 2. [නා.ප්‍ර.] යකඩ. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] නැකතක නාමය; බෙරණ.
කාළංචිය1. [නා.] පඩික්කම; කෙළ බඳුන . 2. [නා.] තැටිය; බන්දේසිය; ඉලත්තට්ටුව.
කාළක1. [නා.ප්‍ර.] ලේනා; කලන්දකයා. 2. [නා.ප්‍ර.] කළු පැල්ලම; කළු ලපය. [වි.] කළු; කළුවන්.
කාළපක්ඛ[නා.ප්‍ර.] පුරපසළොස්වකින් පසු චන්ද්‍රයා කෙමෙන් ගෙවී යන දින පසළොස; කළුවර පක්ෂය; අවපක්ෂය; කාල පක්ෂය.
කාළම1. [නා.] පැරණි තූර්ය භාණ්ඩයක නාමය; කාහලය; හොරණෑව. 2. [නා.] සතුරන්ට වින කරනු පිණිස මතුරා පිඹින මන්ත්‍රයක්.
කාළසිලා[නා.ප්‍ර.] කළුගල්.
කාළහිලා[නා.ප්‍ර.] උපන් ලපය.
කාළායස[නා.] කළු යකඩ; යකඩ.
කාළාවක[නා.ප්‍ර.] මිනිසුන් දස දෙනෙකුට සමාන ශක්තියක් ඇති ඇතුන් විශේෂයක නාමය.
කැක්කුම1. [නා.] රිදීම; වේදනාව; රුජාව; පීඩාව. 2. [නා.] සිතෙහි ඇති වන ආවේගය; කම්පනය. 3. [නා.] කලබලගතිය; දැඟලිල්ල; නොසන්සුන්තාව.
කැකෑරුම් නළය(පාරිභා.) [නා.] රසායනික ද්‍රව රත් කර ගන්නා වීදුරු බටය.
කැකිරි[වි.] කර්කශ වූ; රළු; ක්‍රෑර. 1. [නා.ප්‍ර.] කෑමට ගන්නා ගෙඩි සෑදෙන වැල් වර්ගයක්. 2. [නා.ප්‍ර.] රළුබව.
කැකුණ පන්දම[නා.] කැකුණ තෙල් පොඟවා සකස් කරනු ලබන පන්දම.
කැකුළ1. [නා.] පිපීමට ආසන්න මල; පොහොට්ටුව; පුෂ්පාංකුරය. 2. [නා.] තලියක පතුලෙන් උඩට නෙරා සිටින සේ තනා ඇති පොහොට්ටුවක් වැනි කුඩුම්බිය. 3. [නා.] තදබව; රළුබව.
කැකුළට කොටනවා[ක්‍රි.] නොතම්බා අමුවෙන් වී කොටනවා.
කැකුළම් පදම[නා.] කුඹුරුවල, පැළ නොකළ හෝ පොඟවා නැති වී වැපිරීමට යෝග්‍ය කාලය.
කැකුළා1. [නා.] කොලු ගැටයා; පිරිමි ළමයා. 2. [නා.] නොදැමුණු තැනැත්තා; චණ්ඩි පුද්ගලයා.
කැකුළු විය[නා.] ළදරු වයස; ළපටි විය.
කැකුළුදත්[නා.ප්‍ර.] මල් පොහොට්ටු වැනි දත්; කුඩා ළමයින්ගේ දත්.
කැකුළුවචන[නා.ප්‍ර.] කර්කශ වචන; පරුෂ වචන; රළුබස්.
කැකුළුසහල්, කැකුළුසාල්, කැකුළුහාල්[නා.ප්‍ර.] නොතැම්බූ වී කොටා ලබාගන්නා සහල්; කැකුළට කොටා ගත් හාල්.
කැට1. [නා.] ලී; දැව. 2. [ප්‍ර.යෙදේ] කෑල්ල; කැබැල්ල; පිඩ. 3. [ප්‍ර.යෙදේ] දුර ප්‍රමාණයක්; මධ්‍යම බල ඇති පුරුෂයකු ගල්කැටයක් ගැසූ විට එය වැටෙන දුර ප්‍රමාණය.
කැට කණුව[නා.] කඩඉමේ සිටු වන ලීය; මායිම් කණුව.
කැට ගහනවා1. (කථා.) [ක්‍රි.] වගාවකට බිම සැකසීමේදී පස් හෝ මඩ කුට්ටි පොඩි කර සමතලා කරනවා; කැට පාගනවා. 2. [ක්‍රි.] දාදු කැට ක්‍රීඩාවේ යෙදෙනවා.
කැටකැබිලිති[නා.ප්‍ර.] ගල්කැට හා කුඩා වළං කැබලි.
කැටතල[නා.ප්‍ර.] කන්නාඩිය; කැඩපත; දර්පණ තලය.
කැටපත1. [නා.] කන්නාඩිය; දර්පණ තලය; කැඩපත. 2. [නා.] ලියුම; සන්දේශය.
කැටපත් පවුර[නා.] සීගිරි පර්වත ඇළයෙහි පවතින ඔපවත් ප්‍රාකාරය.
කැටපහණ[නා.ප්‍ර.] ගල්කැට; කුඩා ගල්.
කැටපෝරුව1. [නා.] කමතේ වී එකතු කිරීමට යොදා ගන්නා ගොවිලෑල්ල. 2. [නා.] කුඹුරුවල කුරුල්ලන් එලවීම සඳහා උණ බටයක් පළා සකස් කරගත් ලී ටකය; ටක පෝරුව.
කැටපෝලය[නා.] ලී කරුවකට රබර් පටි යොදා සකස් කළ ගල් ආදිය විදීම සඳහා ගැනෙන උපකරණයක්.
කැටය, කැටේ1. [නා.] කුඩාගල; ගල්කැටය. 2. [නා.] කැට ගැසීම වැනි ක්‍රීඩා සඳහා ගැනෙන කුඩා හතරැස් ලී කෑල්ල. 3. [නා.] මුදල් එකතු කිරීම සඳහා ලී මැටි ආදියෙන් සාදන ලද භාජන විශේෂය. 4. [නා.] පොල් කටුවෙන් හෝ ලබු ගෙඩි කටුවෙන් සාදා ගැනෙන භාජනය. 5. [නා.] සේරුවෙන් හතරෙන් පංගුව; හුණ්ඩුව.
කැටයම්[නා.ප්‍ර.] ලී, ගල්, ලෝහ, ආදියෙහි කැපීමෙන් ලියවීමෙන් හෝ කෙටීමෙන් කරන විසිතුරු කර්මාන්ත.
කැටවක[නා.] නඟුලේ කොටසක්; නඟුල් කඳ; වක් අත්ත.
කැටවරුව[නා.] වී හුළං කිරීමේදී වෙන් වන වැලි කැට සහිත වී කොටස.
කැටවැලි[නා.ප්‍ර.] (කමත්.) වැලි මිශ්‍ර වී හෝ වෙනත් ධාන්‍ය වර්ග.
කැටා උෂ්ණත්වමානය(පාරිභා.) [නා.] කිසියම් ස්ථානයක වායුගෝලයේ ශීත ප්‍රමාණය මනින උපකරණය (=cata thermometer).
කැටායනය(පාරිභා.) [නා.] විද්‍යුත් විච්ඡේද්‍යයක ධන ආරෝපණයක් තිබෙන අයනය; කැතෝඩය කරා ගමන් කරන අයනය (=cation, kation).
කැටැත්ත[නා.] සී සෑම.
කැටි ගැසෙනවා[ක්‍රි.] තරලයක් ඝන වී කුඩා පිඬු බවට පත්වෙනවා.
කැටි වැහිවලාකුළ(පාරිභා.) [නා.] අඩි 15000කටත් වඩා ඝනකම ඇති දැවන්ත අඳුරු වලාකුළු විශේෂයක්; වැස්ස ඇති කරන වලාකුළ (=cumulonimbus cloud).
කැටිඅයිස්[නා.ප්‍ර.] මුහුදේ පාවී යන විශාල අයිස් කුට්ටි සමූහය.
කැටිති[කැට+ඉති] [නා.ප්‍ර.] ඉතා කුඩා කැට හෝ කැටි; ඉතා කුඩා කැබලි.
කැටිය1. [නා.] කුට්ටිය; කැබැල්ල; ගුළිය; පිඬ. 2. [නා.] ගොඩ; රාශිය; පොකුර; මිටිය. 3. [නා.] කණ්ඩායම; සමූහය.
කැඩපත[නා.] කැටපත.
කැඩපන්1. [නා.ප්‍ර.] කුසපත; සලාකපත. 2. [නා.ප්‍ර.] හසුන්පත.
කැඩ්මියම්(පාරිභා.) [නා.ප්‍ර.] සුදු ලෝහමය මූලද්‍රව්‍යයක් (=cadmium).
කැඩිය[නා.] කොටස; ඛණ්ඩය; ඡේදය.
කැඩුම් බිඳුම් වෙදකම[නා.] ශරීරයෙහි අත්පා ඇට ආදිය කැඩීම හා බිඳීම පිළිබඳ ව කරන වෛද්‍ය කර්මය; භග්න චිකිත්සාව.
කැඩෙට්1. [නා.ප්‍ර.] ආධුනිකයා. 2. [නා.ප්‍ර.] ශිෂ්‍ය භටයා.
කැණවිලා, කැණහිලා[නා.] හිවලා; ශෘගාලයා.
කැණිමඩල, කැණිමඬල[නා.] අර්ධ කවාකාර පියස්සෙහි හෙවත් බොකු වහලෙහි සවි කොට ඇති මැද පිහිටි ලී කඳ; කර්ණිකා මණ්ඩලය.
කැත1. [වි.] පිළිකුල් සහගත; නොහොබිනා; අමනෝඥ; අශෝභන. 2. [වි.] ක්ෂත්‍රිය; ක්ෂත්‍රිය වංශයට අයත්; රාජවංශික. 1. [නා.ප්‍ර.] පිළිකුල් ගතිය; අප්‍රිය භාවය; නොකැමති බව. 2. [නා.ප්‍ර.] අපිරිසිදු දෙය; කැළි කසළ; අශුචි.
කැත්1. [නා.ප්‍ර.] ඉවසීම; ක්ෂාන්තිය. 2. [නා.ප්‍ර.] ක්ෂත්‍රිය කුලයට අයත් තැනැත්තා. 3. [නා.ප්‍ර.] රජ.
කැත් කුලය[නා.] ක්ෂත්‍රිය වංශය; රාජ වංශය.
කැතාර්සිස්[නා.ප්‍ර.] වෙහෙස, දැඩි ආවේග වැනි මානසික අසහන දුරු කිරීම සඳහා නාට්‍ය, සංගීතාදි කලා රස විඳීම ඇතුළත් ප්‍රතිකාර ක්‍රමය.
කැති[වි.] ක්ෂත්‍රිය කුලයට අයත්. 1. [නා.ප්‍ර.] නැකතක්. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] පුර පසළොස්වක තිථිය සමඟ කැති නැකත යෙදෙන චන්ද්‍ර මාස ක්‍රමයෙහි මාසයක නාමය; ඉල්මස. 3. [නා.ප්‍ර.] ආයුධ විශේෂයක නාමය. 4. [නා.ප්‍ර.] වෙසඟන; වර්ණදාසිය. 5. [නා.ප්‍ර.] මල් පොකුර.
කැතිටොමීටරය(පාරිභා.) [නා.] සෙන්ටිමීටර කීපයකට නොවැඩි උසක් මැනීම සඳහා ගන්නා ක්‍රමාංකිත සිරස් කුලුනක ඉහළ පහළ යා හැකි දුරේක්ෂයක් (=cathetometer).
කැතිඩ්‍රල්[නා.ප්‍ර.] අග්‍ර රාජගුරු ප්‍රසාදීන් වහන්සේගේ ආසනය ඇති දෙව්මැදුර; ආසන දෙව්මැදුර.
කැතිබෙරය[නා.] කැති තලය මිටට සවි කරන ලෝහමය කොපුව හෙවත් විල්ල.
කැතිරි1. [නා.ප්‍ර.] පැරණි නිලධාරියකුගේ නාමය; දොරටුපාලයා. 2. [නා.ප්‍ර.] හණ වර්ගයක්; නියඳ.
කැතීටරය(පාරිභා.) [නා.] මූත්‍රාශයෙන් මුත්‍ර ඉවත් කිරීමට භාවිත කරන නළයක් සහිත උපකරණයක් (=catheter).
කැතෝඩය(පාරිභා.) [නා.] විද්‍යුත් විච්ඡේද කෝෂයකින් වායු විසර්ජන නළයකින් හෝ තමයන කපාටයකින් හෝ විද්‍යුත්ධාරාව පිටතට යන අග්‍රය; ඍණ ඉලෙක්ට්‍රෝඩය (=cathode).
කැදැල්ල1. [නා.] කුරුලු, ලේන් ආදීන්ගේ කූඩුව; කුරුලුගේ. 2. [නා.] එකට කැටි වූ සමූහය; රොත්ත.
කැන1. [නා.] කරල් මිටිය; උප්පිඩ. 2. [නා.] පොකුර; මංජරිය; වල්ල. 3. [නා.] සමූහය; රංචුව. 4. [නා.] කැටිය; ගොඩ.
කැනහිරාව[නා.] සිතේ නොසතුට; කලකිරීම.
කැන්1. [නා.ප්‍ර.] පැහැය; රශ්මිය; ප්‍රභාව. 2. [නා.ප්‍ර.] කැඳ. 3. [නා.ප්‍ර.] මෝරු (කිරි).
කැන් බඳිනවා[ක්‍රි.] රංචු ගැසෙනවා; රාශිභූත වෙනවා.
කැන්ටිලීවරය(පාරිභා.) [නා.] එක් කෙළවරක් සවි කළ අනෙක් කෙළවර නිදැල්ලේ තිබෙන දණ්ඩක් (=cantilever).
කැන්දනවා[ක්‍රි.] අභිමුඛයට පමුණුවනවා; කැඳවනවා; අඬගසනවා.
කැන්දන් එනවා1. [ක්‍රි.] කැඳවා ගෙන එනවා; පැමිණෙනවා. 2. [ක්‍රි.] මනාලියක් එක්කර ගෙන මනාලයාගේ ගෙදරට කැඳවා ගෙන එනවා.
කැන්වස්1. [නා.ප්‍ර.] හණ නූලින් වියන ලදු ව රුවල්, කූඩාරම් ආදිය තැනීමට ගන්නා සුදු නොකළ ඝන රෙද්ද. 2. [නා.ප්‍ර.] කතිර මැහුම් වැඩට ගන්නා සිදුරු සහිත රෙදි වර්ගයක නාමය.
කැනැත්ත[නා.] මල් හෝ ගෙඩි සහිත ඉත්ත; පොකුර; කිනිත්ත
කැනියම[නා.] ගැඹුරු දොරුව හෙවත් කඳුර; කඳුරු නිම්නය; කැන්යොනය.
කැනිවිලි[නා.ප්‍ර.] කන්නලව්ව; පෙරැත්තය.
කැඳ1. [නා.ප්‍ර.] බතින් පෙරා ගත් දිය; සහල් තැම්බූ වතුර; හුළුකැන්. 2. [නා.ප්‍ර.] ධාන්‍ය, ඖෂධීය පැළෑටි, පොරි, පොල්කිරි ආදිය දමා තම්බා සාදා ගන්නා පානය. 3. [නා.ප්‍ර.] (මැදීමට පෙර) රෙදිවල දළ බව ඇති කිරීම සඳහා යොදන සව්, පිටි ආදියෙන් සාදාගන්නා උකු ද්‍රව්‍යය.
කැඳවනවා[ක්‍රි.] (කෙනෙකු) තමා වෙතට ගෙන්වනවා; අභිමුඛයට පමුණුවනවා; කැන්දනවා.
කැඳිත්ත[නා.] කැඳ ටික; කැඳ ස්වල්පය.
කැප[වි.] සුදුසු; යෝග්‍ය; (විනයානුකූල ව පරිභෝගයට) ඔබින; සාරුප්‍ය. [නා.ප්‍ර.] සුදුසු දෙය; යෝග්‍ය දේ; විනයානුකූල ව පරිභෝගයට සුදුසු දේ.
කැප කරනවා1. [ක්‍රි.] අයිතිය බාර කරනවා; පවරනවා; හිමි කරනවා; පරිත්‍යාග කරනවා. 2. [ක්‍රි.] (උපසම්පන්න භික්ෂූන්ට) විනයානුකූල ව පිළිගැනීමට යෝග්‍ය කරනවා.
කැපකරුවා, කැපකාරයා1. [නා.] භික්ෂූන්ට සුදුසු හා අවශ්‍ය දේ පිළිගන්වන හෝ ඉටුකරන තැනැත්තා; භික්ෂූන්ගේ සේවකයා. 2. [නා.] කිසිවෙකුගේ ආහාර, ඇඳුම් පැලඳුම් ආදි මූලික අවශ්‍යතා ඉටු කිරීමට වගකීම භාර ගත් තැනැත්තා.
කැප්රික් අම්ලය(පාරිභා.) [නා.] බටර්, පොල් තෙල් ආදියෙන් ලබා ගන්නා තෙල් සහිත අම්ලයක් (=capric acid).
කැප්ස්ටනය(පාරිභා.) [නා.] නැංගුරමෙහි කඹය නැවත එතීම සඳහා සවි කොට ඇති යන්ත්‍රය (=capstan).
කැප්සියුලය1. (පාරිභා.) [නා.] ඖෂධ නියමිත ප්‍රමාණයක් ඇතුළු කරන ලද ජෙලටින් කෝෂය; බෙහෙත් කරල; ගුටිකාව. 2. (පාරිභා.) [නා.] අණ්ඩප කීපයකින් යුක්ත වූ ද වියැළී පැළෙනසුලු වූ ද ඵලයක්; ස්ඵෝටිකාව.
කැපී පෙනෙනවා[ක්‍රි.] මතු වී පෙනෙනවා; ඉස්මතු වී පෙනෙනවා.
කැපෙනවා1. [ක්‍රි.] ආයුධයක මුවහත හොඳින් තිබෙනවා. 2. [ක්‍රි.] (ආයුධයකින් කැපීමේදී) වෙන් වෙනවා; ඡේදනය වෙනවා. 3. [ක්‍රි.] ගැළපෙනවා; සුදුසු වෙනවා; ඔබිනවා. 4. [ක්‍රි.] පැත්තකට වෙනවා; නොපිළිගැනීමට ලක් වෙනවා.
කැබැල්ල, කැබෙල්ල[නා.ප්‍ර.] යමකින් කැඩී වෙන් වී ඇති කොටස; කෑල්ල; ඛණ්ඩය; කඩ; පංගුව.
කැබිනට් ආණ්ඩු ක්‍රමය[නා.] ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක්; ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු ප්‍රධානත්වය දරන ඇමති මණ්ඩලයක් විධායකය ලෙස ක්‍රියා කරන රාජ්‍ය පාලන ක්‍රමය.
කැබිනට් මණ්ඩලය[නා.] රටක පාලන කටයුතු කරගෙන යෑමේ වගකීමෙන් යුත් අමාත්‍ය සමූහය.
කැම්බියම(පාරිභා.) [නා.] කඳෙහිත් මුලෙහිත් ද්වීතීයික වර්ධනය සිදු කරන සජීවී විභාජක පටකය.
කැමැත්ත[නා.] ආශාව; රුචිය; අභිමතය.
කැමි[වි.] (යම් කාර්යයක) යෙදී සිටින; නියුක්ත වූ. 1. [නා.ප්‍ර.] යම් කාර්යයක යෙදී සිටින තැනැත්තා; සේවකයා; නිලධාරියා. 2. [නා.ප්‍ර.] කර්මාන්තයක ප්‍රධානියා. 3. [නා.ප්‍ර.] ලිපිකරුවා; ලියන්නා. 4. [නා.ප්‍ර.] චිත්‍ර ශිල්පියා; සිත්තරා.
කැමිය(පාරිභා.) [නා.] යන්ත්‍රයක වෙනත් කොටසකට රේඛීය චලිතයක් ලැබෙන පරිදි හැඩ ගස්වා ඇති පරිභ්‍රමණය වන දණ්ඩක තිබෙන, විකේන්ද්‍රික ප්‍රක්ෂේපණය (=cam).
කැරකෝප්පුව[නා.] මිනී පිට්ටනිය; සොහොන් බිම; සුසාන භූමිය.
කැරට්, කැරැට්1. [නා.ප්‍ර.] රත්රන්වල පිරිසිදු භාවය මනින මානයක්. 2. [නා.ප්‍ර.] දියමන්ති මැණික් ආදියේ බර මනින මිම්මක්. 3. [නා.ප්‍ර.] ආහාරයට ගැනෙන දිගැටි තැඹිලි පාට අලයක් සහිත පැළෑටියක්.
කැරටින්, කැරොටින්(පාරිභා.) [නා.ප්‍ර.] හරිත ලවවල ද අනෙකුත් ලවවල ද තිබෙන තැඹිලි පාට වර්ණක සමූහයක්.
කැරලි ගසනවා, කැරලි ගහනවා[ක්‍රි.] රටක පවතින පාලන ක්‍රමයට විරුද්ධ ව අරගල ඇති කරනවා; කෝලාහල, කරදර ඇති කරනවා.
කැරලිවැල(කථා.) [නා.] කුඹුරුවල කුරුල්ලන් එළවීම සඳහා උණ බටයක් පළා සකස් කරගත් ලී ටකය; ටක පෝරුව.
කැරැට්ටුව(කථා.) [නා.] හැසිරීම; කල්ක්‍රියාව; චරිතය.
කැරැල්ල1. [නා.] චෛත්‍ය මස්තකයෙහි තබන කොත; ගෙයක මුදුන; ථූපිකාව; ශිඛරය. 2. [නා.] තණ, පිදුරු ආදියේ කුඩා මිටිය; කලාපය. 3. [නා.] එක්තරා ප්‍රමාණයකට වළලු ගැසූ (නූල්, ලණු වැනි) දේ. 4. [නා.] පොකුර; එකට ඇමුණූ සමූහය. 5. [නා.] රංචුව; රැළ; සමූහය. ඊ. [නා.] රජයකට හෝ නායකත්වයකට විරුද්ධ ව සමූහයක් ප්‍රචණ්ඩ ලෙස නැගී සිටීම; රංචු ගැසී කෝලාහල කිරීම. උ. [නා.] පීරක, දෑකැත්තක හෝ කියතක ඇති කට්ට හෝ දැති.
කැරොල්[නා.ප්‍ර.] විශේෂයෙන් නත්තල් හා වෙසක් කාලයට ගායනා කරනු ආගමික ගීතිකා; භක්ති ගීත.
කැල1. [නා.ප්‍ර.] සමූහය; රංචුව; රාශිය; ගොන්න. 2. [නා.ප්‍ර.] උදෑසන; උදය.
කැලතෙනවා[ක්‍රි.] (දියරක්) කැලඹෙනවා; තදින් සෙලවෙනවා.
කැලම[නි.] ඒකාන්තයෙන්; නිශ්චය වශයෙන්.
කැලමයින්(පාරිභා.) [නා.ප්‍ර.] ඛනිජ වර්ගයක්; ස්වාභාවික ලෙස ඇති සින්ක් කාබනේට් (=calamine).
කැලරි මීටරය, කැලොරි මීටරය(පාරිභා.) [නා.] මෝචනය වන හෝ අවශෝෂණය වන හෝ හුවමාරු වන තාප ප්‍රමාණය නිර්ණය කිරීමේ උපකරණයක් (=calorimeter).
කැලරිය, කැලොරිය(පාරිභා.) [නා.] යම් ආහාරයකින් නිෂ්පාදනය වන තාපය හෝ ශක්තිය මනින ඒකකය.
කැලල, කැලැල1. [නා.] ලකුණ; ලාංඡනය; ලපය; තුවාලයක් ඇති වූ පසු ඇතිවන ලපය. 2. [නා.] කිලුට; නින්දාව; කල්මෂය.
කැල්ක්ස්(පාරිභා.) [නා.ප්‍ර.] ලෝහ දැවීමෙන් ලැබෙන අළු.
කැල්කොපයරයිට්(පාරිභා.) [නා.ප්‍ර.] තඹ ලෝපස; තඹවල හා යකඩවල සල්ෆයිඩය.
කැල්කොසයිට්(පාරිභා.) [නා.ප්‍ර.] සල්ෆයිඩ ඛනිජ වර්ගයක්; දිස්න තඹ.
කැල්දරය1. [නා.] තැබෑරුමක වීදුරු බඳුන් ආදිය තබන දික්පුවරුව; කවුන්ටරය. 2. [නා.] පෙට්ටි වර්ගයක්.
කැල්සයිට්(පාරිභා.) [නා.ප්‍ර.] අවර්ණ හෝ සුදු පැහැයෙන් හෝ දුඹුරු පැහැයෙන් හෝ යුත් කැල්සියම් කාබනේටයේ ස්ඵටික රූපී ආකාරයක් (=calcite).
කැල්සියම්(පාරිභා.) [නා.ප්‍ර.] රිදී වන් සුදු තරමක් මෘදු ලෝහමය මූල ද්‍රව්‍යයක්.
කැල්සියම් අයඩයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] හයිඩ්‍රොඅයිඩික් අම්ලයෙන් ව්‍යුත්පන්න කැල්සියම් ලවණය.
කැල්සියම් ආසනේට්(පාරිභා.) [නා.ප්‍ර.] කැල්සියම්වල ඇති සාමාන්‍ය ආසනේට් ලවණය, නැතහොත් භාස්මික ලවණය.
කැල්සියම් ඔක්සයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] පිළිස්සූ හුනු.
කැල්සියම් කාබනේට්(පාරිභා.) [නා.ප්‍ර.] හුනුගල් කිරිගරුඬ ආදියෙහි කැල්සයිට් වශයෙන් ද ඇරගනයිට් ඛනිජය වශයෙන් ද ශාක අළුවල, සත්ව ඇටවල හා බෙල්ලන්ගේ කටුවල ද දක්නට ලැබෙන ඝන ද්‍රව්‍යයක් (=calcium carbonate).
කැල්සියම්ක්ලෝරයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] යම් යම් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ දී ලැබෙන අතුරුපලයක් වන අවද්‍රාවක ලවණයක්.
කැල්සියම්කාබයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] ජලය හා ප්‍රතික්‍රියා කොට ඇසිටිලින් වායුව ලබාදෙන කාබයිඩ් නමින් සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතින දුඹුරු පාට ද්‍රව්‍යය (=calcium carbide).
කැල්සියම්ඩයොක්සයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] හුනු දියරට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එකතු කිරීමෙන් හෝ දිය ගැසූ හුනු සහ සෝඩියම් පෙරොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවෙන් හෝ ලැබෙන සංයෝගය.
කැල්සියම්නයිට්රයිට්(පාරිභා.) [නා.ප්‍ර.] කැල්සියම් ලෝහය නයිට්‍රජන් වායුව තුළ රත් කළ විට ලැබෙන දුඹුරු පැහැයට හුරු කහපාට සංයෝගය.
කැල්සියම්නයිට්රේට්(පාරිභා.) [නා.ප්‍ර.] තෙතමනය උරා ගන්නා අවද්‍රාවක අවර්ණ ස්ඵටිකමය ලවණයක්.
කැල්සියම්බයිකාබනේට්(පාරිභා.) [නා.ප්‍ර.] කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සන්තෘප්ත ජලයෙහි කැල්සියම් කාබනේට් දිය වෙමින් සෑදෙන ලවණය.
කැල්සියම්ලැක්ටේට්(පාරිභා.) [නා.ප්‍ර.] ලැක්ටික් අම්ලය සහ කැල්සියම් කාබනේට් අතර ප්‍රතික්‍රියාවෙන් සෑදෙන නීරස යැයි කිව හැකි සුදු ස්ඵටිකමය ලවණයක්.
කැල්සියම්සල්ෆයිට්(පාරිභා.) [නා.ප්‍ර.] කැල්සියම් වල ඇති ලවණ වර්ග දෙකින් එකක්.
කැල්සිෆෙරොල්(පාරිභා.) [නා.ප්‍ර.] බොහෝ මසුන්ගේ අක්මා තෙල්වලත් බිත්තර කහමදයේ හා කිරිවල අඩංගු ඩී2 (D2) විටමිනය හෙවත් පදාර්ථය (=calciferol).
කැලැන්ඩරය[නා.] අවුරුද්ද තුළ මාස, සති, දින දක්වන සටහන; දින දර්ශනය.
කැලෑ උණ[නා.] ඇනෝපීලිස් මදුරුවා නිසා බෝවෙන උණ රෝගය; මැලේරියාව; විෂමජ්වරය.
කැලෑ නිලධාරියා(පාරිභා.) [නා.] කැලෑ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කැලෑ පිළිබඳ රාජ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්නා.
කැලෑ පත්තරය, කැලෑ පත්‍රය[නා.] අන්‍යයන්ට අපහාසාත්මක කරුණු ඇතුළත් කොට රහසේ ලියා ප්‍රකාශ කරන ලියවිල්ල.
කැලෑ බාසාව1. [නා.] කැලෑවල දඩයම් ආදිය පිණිස හැසිරෙන මිනිසුන් කතා කිරීමට උපයෝගී කරගන්නා භාෂාව. 2. [නා.] කෙනකුට අපහාස කිරීමට යොදන අසභ්‍ය වචන ඇතුළත් භාෂාව.
කැලෑ වදිනවා1. [ක්‍රි.] කැලෑවේ සැඟවෙනවා; වරදක් කොට අසු නො වී සිටිනවා. 2. (නව.) [ක්‍රි.] යහපත් හැසිරීමෙන් තොර වෙනවා; ඉරියව් නරක් වෙනවා.
කැලෑයනය(පාරිභා.) [නා.] කැලෑවක් නො පැවතුණු පළාතක ගස් සිටුවා කැලෑ වැවීම (=afforestation).
කැලි1. [වි.] යහපත්; සුරූපි; කාන්ත. 2. [වි.] කාලයට අයිති; කාලීන. 1. [නා.ප්‍ර.] ඉලක්කය; ලක්ෂ්‍යය. 2. [නා.ප්‍ර.] පොහොට්ටුව; මල් කැකුල; කලිකාව. 3. [නා.ප්‍ර.] සලකුණ; ලකුණ; සංඥාව. 4. [නා.ප්‍ර.] කාලයට අයිති වූව; කාලිකය.
කැලිඩස්කෝපය(පාරිභා.) [නා.] සිලින්ඩරාකාර බටයක එක් කොනක සවි කොට ඇති වර්ණවත් වීදුරු කැබැලිවල ප්‍රතිබිම්බ මාර්ගයෙන් සමමිතික රූප පෙනෙන උපකරණයක්.
කැලිපරය(පාරිභා.) [නා.] කලපාසය.
කැලුම, කැල්ම1. [නා.] කාන්තිය; ප්‍රභාව; දීප්තිය; රශ්මිය; පැහැය; මනහර බව. 2. [නා.] මහනෙල් මල.
කැවිඩිය[නා.] කාක ධේනුව; කපුටුදෙන.
කැවිලි1. [නා.ප්‍ර.] කෑමට ගන්නා දේ; ආහාරය; කෑම. 2. [නා.ප්‍ර.] පැණිරස කෑම; අවුල්පත්.
කැවිලිය1. [නා.] කුණුරොඩු එකතු කිරීමට ගන්නා උපකරණය; රේක්කය. 2. [නා.] මද්‍ය වර්ග රැස් කොට තබා ගැනීම සඳහා අඬුවකින් ද කෙමියකින් ද පියනකින් ද යුත් විශාල භාජනයක්; බරණිය; ඔඩම.
කැවුත, කැවුත්ත1. [නා.] අක්මාව; යකෘත්මාංශය. 2. [නා.] හදවත; හෘදයවස්තුව.
කැවුම්1. [නා.ප්‍ර.] පිටි හා පැණි මිශ්‍ර කොට පොල් තෙලෙන් බැද ගන්නා රස පූප වර්ගයක්. 2. [නා.ප්‍ර.] කෑම; ආහාරය; කන දේ.
කැවෙනවා1. [ක්‍රි.] වේදනා වෙනවා; රිදෙනවා. 2. [ක්‍රි.] අනුභව කෙරෙනවා.
කැෂියර්, කැසියර්(පාරිභා.) [නා.ප්‍ර.] මුදල් ගනුදෙනු ලබන්නා; මුදල් භාරකරු (=cashier).
කැෂේටය(පාරිභා.) [නා.] තිත්ත රසැති බෙහෙත් නියමිත ප්‍රමාණයක් ඇතුළු කර තැනූ කෝෂය; කැප්සියුලය; බෙහෙත් කරල.
කැස1. [නා.] ඇඳි වතෙහි උඩට නමා ඉනේ ගසා ගන්නා පහළ කොන; පිටපටය; කැහැපට. 2. [නා.] කිසිල්ල. 3. [නා.] ළැහැබ; වනය. 4. [නා.] සුළු දිය; මූත්‍රා ජලය; මූත්‍රය.
කැස කවනවා[ක්‍රි.] උත්සාහ කරනවා; තැත් කරනවා; වෑයම් කරනවා.
කැස ගහනවා[ක්‍රි.] ඇඳිවතෙහි පහළ කොන ඉණෙහි රඳවනවා හෝ ගසා ගන්නවා.
කැසරෝලය1. [නා.] ආහාරයක් ලා පිසීමටත් කෙළින් ම මේසයට යැවීමටත් භාවිත කරන භාජන විශේෂය. 2. [නා.] කැසරෝලයක පිළියෙල කළ ස්ටුව.
කැස්ටර්සීනි[නා.ප්‍ර.] පිටි කළ සුදු සීනි; පිටි සීනි.
කැසිකිළිය[නා.] මූත්‍ර කිරීම සඳහා වූ කුටිය.
කැසිටරයිට්(පාරිභා.) [නා.ප්‍ර.] දුඹුරු නැතහොත් කළු ඛනිජ වර්ගයක්.
කැසියෝනෝජන්(පාරිභා.) [නා.ප්‍ර.] කිරිවලින් සාදා ගන්නා ප්‍රෝටීන් වර්ගයක්.
කැසුප්[නා.ප්‍ර.] මුහුදෙහි වසන උරග වර්ගයට අයත් සතෙක්; කැස්බෑවා.
කැහැටු[වි.] කෙට්ටු වූ; වැහැරී ගිය; කෘශ වූ.
කැහුලෑ[වි.] කෑදර; ගිජු.
කැළි[වි.] කළු පැහැති; කාළ වර්ණ. 1. [නා.ප්‍ර.] අපවිත්‍ර දෙය. 2. [නා.ප්‍ර.] පාපය.
කැෆේන්[නා.ප්‍ර.] තේ හා විශේෂයෙන් කෝපිවල අඩංගු උත්තේජක ක්ෂාරයක්.
කෑ මුඛය[නා.] සර්පයකු දෂ්ට කළ තැන; සර්පයකුගේ දළ වැදීමෙන් තුවාල වූ තැන.
කෑදර1. [වි.] කෑමට බීමට ගිජු. 2. [වි.] වස්තුවට දැඩිසේ ආශා කරන. [නා.ප්‍ර.] දැඩි ආශාව.
කෑඳුර[නා.ප්‍ර.] කන්සිදුරෙහි තැන්පත් වන මල; කලාඳුරු.
කෑමුරගසනවා, කෑමොරගසනවා[ක්‍රි.] කෑකෝ ගසනවා; ඝෝෂා කරනවා.
කෑල්ල[නා.] කොටස; කඩ; ඛණ්ඩය.
කෑලි වැටුප්(පාරිභා.) [නා.] කරන වැඩ කොටස් අනුව ගෙවන වේතනය (=piece work wages).
කි[නි.] කිනම්; කවර; කෙබඳු
කිංකර, කිඞ්කර[වි.] කී දෙය කරන; කීකරු; යටහත් පහත්. [නා.ප්‍ර.] දොරටුපාලයා.
කිංකිණි, කිඞ්කිණි1. [නා.ප්‍ර.] කුඩා මිණිගෙඩිය. 2. [නා.ප්‍ර.] තූර්ය භාණ්ඩ විශේෂයක්.
කිංකිණිකජාල1. [නා.ප්‍ර.] මිණිගෙඩි මාලාව හෝ දැලක ආකාරයෙන් අමුණා ගත් මිණිගෙඩි සමූහය. 2. [නා.ප්‍ර.] ගිගිරි වැල; සිවුසැට ආභරණවලින් එකක් වන ගිගිරි වැළ.
කිංකුසලය[නා.] සර්වඥතාඥානය.
කිංගිලියා[නා.] සේවකයා; මෙහෙකරුවා; දූතයා.
කිංවාදි[නා.ප්‍ර.] කවර වාදයක් හෝ ධර්මයක් දරන්නා.
කිකරි[වි.] කීකරු.
කිකී[නා.ප්‍ර.] කිරළ පක්ෂිධේනුව; කිරළිය.
කිඤ්චිත්, කිඤ්චිද්[නි.] කිසි; කිසියම්. 1. [නා.ප්‍ර.] කිසිවක්; කිසිදෙයක්. 2. [නා.ප්‍ර.] පැරණි මිණුම් ක්‍රමයක්.
කිඤ්චින්මාත්‍රය, කිඤ්චි මාත්‍රය[නා.] ස්වල්පය; ස්වල්ප මාත්‍රය.
කිඤ්ජල්ක1. [නා.ප්‍ර.] නෙළුම් මල් රේණු (පියුම්) මල් කෙසුරු. 2. [නා.ප්‍ර.] නාමල් රේණු.
කිඤ්ජාලය[නා.] මකුළුදැල.
කිට්ට1. [නා.ප්‍ර.] අපවිත්‍ර දේ; මල. 2. [නා.ප්‍ර.] යබොර.
කිට්ටංගිය, කිට්ටංගෙය, කිට්ටංගේ(කථා.) [නා.] සහල් ආදිය රැස් කොට තබන ගබඩාව; බඩු ගබඩාව; කිත්තන්ගේ.
කිට්ටු[වි.] ළඟ වූ; ආසන්න වූ.
කිට්ටුව[නා.] ළඟ; සමීපය; ආසන්න වූව; කිට්ටු.
කිට්ටුවර[වි.] ළං වූ; ආසන්න වූ; (නෑකමින්) සමීපස්ථ.
කිට්සන් ලාම්පුව[නා.] භූමි තෙල් හා වාතය මාර්ගයෙන් මැන්ටලය දැල්වීමෙන් ආලෝකය දෙන ලාම්පු විශේෂයක්.
කිඩ1. [නා.ප්‍ර.] සෙල්ලම; ක්‍රීඩාව. 2. [නා.ප්‍ර.] සිංහල කුලයක නාමය. [නි.] ඇතුන් මෙහෙයවීමේ දී දණ බිම ඇනවීම පිණිස භාවිත කෙරෙන වචනය.
කිඩංගුව(කථා.) [නා.] ගැඹුරු ජලාශය හෝ ඇළ.
කිඩියර[කිඩි+කර] 1. [නා.ප්‍ර.] ක්‍රීඩා කරන්නා; ක්‍රීඩකයා. 2. [නා.ප්‍ර.] මායාකාරයා.
කිණය[නා.] හම යම් කිසිවක ගැටීමෙන් ගොරෝසු වී සෑදෙන ගැටය; කරගැටය.
කිණ්වනය(පාරිභා.) [නා.] රා ආදිය පැසවීම (=fermentation).
කිණ්වය1. [නා.] රා ආදිය පැසවීම සඳහා යොදන ද්‍රව්‍යය; රා මණ්ඩි. 2. [නා.] කැටි ගැස්ම සඳහා යොදන ද්‍රව්‍යය.
කිණි[වි.] මිලට ගත්; බදු ආදිය ගෙවා නිදහස් කොට ගත්.
කිණිතුලා, කිණිතුල්ලා[නා.] ඇතැම් සතුන්ගේ හම මත තුඩින් ඇලී ලෙයින් පෝෂණය වන පරපෝෂිතයෙක්.
කිණිස්ස1. [නා.] විශාල භාජනයක ඇති ද්‍රව වර්ග ගැනීමට භාවිත කරන දිග මිටක් සහිත කුඩා උපකරණය; කෙණෙස්ස. 2. [නා.] අනින ආයුධයක් ; ක්ෂුරිතාව.
කිණිහිරය[නා.] කම්මල්කරු රත් කළ යකඩ තබා තැළීමට භාවිත කරන විශාල යකඩ කුට්ටිය; අධිකරණිය.
කිණු[වි.] කළුපාට වූ; කාලවර්ණයෙන් යුත්; නිල් පැහැති. 1. [නා.ප්‍ර.] කළුපාට; කාලවර්ණය. 2. [නා.ප්‍ර.] කළුවර; අන්ධකාරය.
කිණු මග1. [නා.ප්‍ර.] ගින්න. 2. [නා.ප්‍ර.] අහස.
කිතක[නා.ප්‍ර.] ධාතුවකට පර ව යෙදෙන නාම නිෂ්පාදක ප්‍රත්‍යය; කෘදන්තය.
කිත්1. [නා.ප්‍ර.] කීර්තිය; ගුණකථාව. 2. [නා.ප්‍ර.] ක්‍රිස්තුස් වහන්සේ.
කිත්තන්[නා.ප්‍ර.] කෙඳි වර්ගයක්; හණ.
කිත්තන්ගේ(කථා.) [නා.] රන්, රිදී ආදි බඩු උගස් ගන්නා ස්ථානය; කිට්ටංගිය.
කිත්තා[නා.] හත්මුතු පරම්පරාවේ පස්වැන්නා; පනත්තාගේ පියා.
කිතිය[නා.] ශරීරයේ කිසිලි ආදි තැන් ස්පර්ශ කිරීමේ දී ඇති වන පොපියනසුලු ගතිය.
කිතු1. [නා.ප්‍ර.] ක්‍රිස්තුස් වහන්සේ. 2. [නා.ප්‍ර.] කීර්තිය.
කිතුගොස[නා.] කීර්ති රාවය; යසෝ ඝෝෂාව.
කිතුනු[වි.] ක්‍රිස්තියානි; ක්‍රිස්තු භක්තික.
කිතුල්පැණි[නා.ප්‍ර.] කිතුල් තෙලිදිය උණු කිරීමෙන් සාදා ගන්නා මධුව; පැණි.
කිතුල්බත්(කථා.) [නා.ප්‍ර.] කිතුල් පිටි ලබා ගැනීම සඳහා තළන ලද හෝ කොටන ලද කිතුල් බඩ.
කිතුවස[නා.] ක්‍රිස්තුස් වහන්සේගේ උපතින් ආරම්භ වූ වර්ෂය; ක්‍රිස්තු වර්ෂය.
කිතුසමය[නා.] ක්‍රිස්තු ලබ්ධිය; ක්‍රිස්තියානි ආගමය.
කිදැළ, කිඳැළ[නා.] කුඩා ඇළ; දිය කඩිත්ත; දියවළ.
කින්නර1. [නා.ප්‍ර.] අස් මුහුණු හා මිනිස් සිරුරු නැත හොත් මිනිස් මුහුණු හා අස් සිරුරු ඇතැයි කියන සත්ත්ව වර්ගය; දසවැදෑරුම් දේවයෝනි අතුරෙන් එකකි. 2. [නා.ප්‍ර.] පැරණි තූර්ය භාණ්ඩයක්.
කින්නර පොළිය1. [නා.] මිශ්‍ර පොළිය; වැල්පොළිය. 2. [නා.] අධික පොළිය; ගිනි පොළිය.
කින්නරය[නා.] ඇතුන් මෙහෙයවීමට භාවිත කරන කෙළවර කටුවක් සහිත කෙවිට; හෙණ්ඩුව.
කිනිත්ත[නා.] කුඩා අත්ත; කුඩා රිකිල්ල; මල් ඉත්ත; කැනැත්ත.
කිනිස්ස[නා.] මිටක් සහිත දෙපිට කැපෙන උල් අවිය; කිරිච්චිය; සිරිය.
කිඳ(කථා.) [නා.ප්‍ර.] දිය පිරුණු ලොකු වළ; ජලාශය.
කිඳනවා[ක්‍රි.] දිය යට යනවා; දියෙහි ගිලෙනවා.
කිඳාබසිනවා, කිඳාබහිනවා1. [ක්‍රි.] දිය යට යනවා; දියෙහි ගිලෙනවා. 2. [ක්‍රි.] එරෙනවා; මඩෙහි ගිලෙනවා. 3. [ක්‍රි.] රූරා බසිනවා; පොළොව යටට ඇදී යනවා. 4. [ක්‍රි.] ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.
කිඳි[නා.ප්‍ර.] කෙඳි, තන්තු, පට්ටා.
කිඳු1. [නා.ප්‍ර.] වැල; මාලාව; රාජිය; ආවලිය; රොද. 2. [නා.ප්‍ර.] ඡායාව. 3. [නා.ප්‍ර.] කොළ; පත්‍ර. 4. [නා.ප්‍ර.] අත්ත; ශාඛාව.
කිඳුර1. [නා.] කේන්ද්‍රය; ජන්ම පත්‍රය. 2. [නා.] ජන්ම පත්‍රයක කේන්ද්‍රස්ථානය.
කිඳුරා[නා.] කින්නරයා.
කිඳුරිඳු[නා.ප්‍ර.] කිඳුරන්ගේ අධිපතියා; කිනුරිඳු.
කිපෙනවා[ක්‍රි.] කෝප වෙනවා; කුපිත වෙනවා; ඇවිස්සෙනවා.
කිබිසි, කිබිසිනි[වි.] යටිකුරු; අධෝමුඛ.
කිබිසිනවා1. [ක්‍රි.] දිය යට ගිලෙනවා; කිමිදෙනවා. 2. [ක්‍රි.] කිඹුහුම් අරිනවා; කිවිසිනවා.
කිමි[නා.ප්‍ර.] කෘමියා.
කිමිජ[වි.] කෘමීන්ගෙන් උපන්; පණුවන්ගෙන් හටගත්.
කිමිදුම් ආමානය(පාරිභා.) [නා.] ආහාර පිළියෙල කිරීමේ දී එම ආහාරයෙහි පැවතිය යුතු ද්‍රව මට්ටම පරීක්ෂා කිරීමට භාවිත කරන මානකය (=dip gange).
කිමිදුම් කුටිය(පාරිභා.) [නා.] දිය යට වැඩ කිරීමේ දී කම්කරුවන් සමග දියෙහි ගිල්වන කුටිය (=diving bell).
කිමිදෙනවා[ක්‍රි.] ජලයෙහි නිමග්න වෙනවා; දිය යට යනවා; ගිලෙනවා.
කිඹුල්[වි.] පිඟු පැහැය ඇති; කපිල වර්ණයෙන් යුත්. [නා.ප්‍ර.] දුඹුරු පැහැය; පිඟු පැහැය; කපිල වර්ණය.
කිඹුල් කඳුළු හෙළනවා(කථා.) [ක්‍රි.] බොරුවට අඬනවා; ව්‍යාජ ශෝකය ප්‍රකාශ කරනවා.
කිඹුල් තල්ල1. [නා.] ලෑලි වද්දන විට යොදන මූට්ටු විශේෂයක්; කප්පිලි මූට්ටුව. 2. [නා.] (රථයක) බෝඹුලීය.
කිඹුල්ගහණ[නා.ප්‍ර.] දැඩි සේ අල්වා ගැනීම; කුම්භීල ග්‍රහණය.
කිය1. [නා.ප්‍ර.] ක්‍රමයෙන් හීන වීම; ගෙවීම; ක්ෂයවීම. 2. [නා.ප්‍ර.] මිල දී බඩු ගැනීම; ක්‍රය. 3. [නා.ප්‍ර.] ගොනුන්ගේ පිටෙහි කර ළඟ උස් ව පිහිටි මස්පිඬු; මොල්ලිය.
කියටි[කිය+අටි] [වි.] කියනු කැමති; පවසනු කැමති. [නා.ප්‍ර.] කිය යුත්ත; පැවසිය යුතු දෙය.
කියත් අල්ලුව[නා.] කියතේ දත් පීරි ගා සකස් කිරීම සඳහා එය තද වන සේ තබා ගැනීමට භාවිත කරන උපකරණය; කියත් දඬු අඬුව.
කියද, කියදි, කියදු[නා.ප්‍ර.] ගවයාගේ මොල්ලිය; කියාගැටය.
කියමන1. [නා.] කියන දෙය; කීම; කථනය; ප්‍රකාශනය. 2. [නා.] අවවාදය; උපදේශය; උපදේශ වාක්‍යය. 3. [නා.] පණිවුඩය. 4. (පාරිභා.) [නා.] ප්‍රකාශය; විනිශ්චයකාරයකුගේ ප්‍රකාශය; සිද්ධාන්තය.
කියඹු1. [නා.ප්‍ර.] ස්ත්‍රීන් ගේ නළලතට හෝ කොපුල්තලයට වැටෙන සේ සෑදූ කෙස්රොද; අලකාවලිය. 2. [නා.ප්‍ර.] කේශ කලාපය; වරලස.
කියවිකිය[නා.ප්‍ර.] බඩු මිලදී ගැනීම හා විකිණීම.
කියුබ්(පාරිභා.) [නා.ප්‍ර.] ලී, ලෝහ, ගල් ආදියෙහි පරිමාව මනින මිම්මක්; ඝන අඩි සියයක ප්‍රමාණය.
කියුබික් අඩිය[නා.] වස්තූන්ගේ පරිමාව මනින මිම්මක්; අඩියක් බැගින් දිග, පළල හා උස ඇති හරියේ අල්ලන ප්‍රමාණය; ඝන අඩිය.
කියුරිය(පාරිභා.) [නා.] විකිරණශීලී ද්‍රව්‍යයක සක්‍රියතාව මනින මිම්මක්.
කියුරියම්(පාරිභා.) [නා.ප්‍ර.] අතිශය විකිරණශීලී ලෝහමය ත්‍රිසංයුජ මූලද්‍රව්‍යයක්.
කියුරේටර්1. (පාරිභා.) [නා.ප්‍ර.] බාල වයස්කාරයන් උන්මන්තකයන් ආදීන් ගේ දේපළ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිණිස නීතියෙන් පත් කෙරෙන බලකාරයා; නීතිමය බලකාරයා. 2. (පාරිභා.) [නා.ප්‍ර.] කෞතුකාගාර ආදියෙහි භාරකරු හෝ ආරක්ෂකයා හඳුන්වන නාමය; අවේක්ෂක.
කියුලීය[නා.] බිලියඩ් ක්‍රීඩාවේ දී බෝලය තල්ලු කිරීම සඳහා යොදා ගන්නා දිග හීන් ලීය.
කිරණ1. [නා.ප්‍ර.] කිරි සයුර; ක්ෂීර සාගරය. 2. [නා.ප්‍ර.] රශ්මිය; ආලෝකය; කාන්තිය.
කිරණ කේන්ද්‍රය(පාරිභා.) [නා.] කාචයක් තුළින් ගමන් කරන රශ්මි සමූහය එකතු වන ස්ථානය හෙවත් නාභිය.
කිරණ පටය[නා.] චිත්‍රය හෝ ඡායාරූපය වැදෙන පටලය.
කිරණ පේටිකාව[නා.] ආලෝක ධාරවන්/ කිරණ පරාවර්තනය වූ විට හැසිරෙන අන්දම පෙන්වන උපකරණය; රශ්මි පෙට්ටිය (=ray box).
කිරණාකාර[නා.ප්‍ර.] සූර්යයා.
කිරණෝදය[නා.] අරුණ නැඟීමෙන් පසු සූර්ය බිම්බය පෙනීමට පෙර සූර්ය රශ්මිය විහිදීම; හිරු එළිය පතිතවීම.
කිරඹ1. [නා.] කිරි සහ ජලය; කිරි මුසු දිය. 2. [නා.] කිරි මුහුද.
කිරල මූඩිය[නා.] කිරල මුලෙන් තැනූ මූඩිය; කිරල පොරොප්පය.
කිරි1. [නා.ප්‍ර.] ක්ෂීරපායි සතුන්ගේ තනවලට එරෙන සුදුපාට ද්‍රව්‍යය; ක්ෂීරය. 2. [නා.ප්‍ර.] මුදවන ලද එළකිරි හෝ මීකිරි; දීකිරි. 3. [නා.ප්‍ර.] ඇතැම් ශාකවල කඳ, පොතු, නටු, ගෙඩි, කොළ ආදිය තුළ පවතින සුදුපාට යුෂය. 4. [නා.ප්‍ර.] පොල් ගෙඩිවල මදයෙන් මිරිකා ගන්නා සුදුපාට ද්‍රව. 5. [නා.ප්‍ර.] ඇතා; හස්තියා. [වි.] කිරිපාට; සුදු; ශ්වේත.
කිරි අරවනවා(කථා.) [ක්‍රි.] කෑම කන වයස පැමිණි විට ළමයකු මව්කිරි බීමෙන් වළක්වනවා.
කිරි එරෙනවා[ක්‍රි.] මවකගේ තනයට කිරි උනනවා; කිරි ඇති වෙනවා.
කිරි කපනවා[ක්‍රි.] කිරි ගැනීම පිණිස රබර් ගසේ පොත්ත එක්තරා ආකාරයකට කපනවා.
කිරි තෙල්(පාරිභා.) [නා.ප්‍ර.] කිරි උණු කිරීමෙන් පසු උඩින් මිදෙන පටලය; කිරි යොදය; ගිතෙල්.
කිරි දරුවා[නා.] කිරිබොන වයසේ ළදරුවා; අතදරුවා; බිලිඳා.
කිරි පෙරහන(පාරිභා.) [නා.] කිරි පෙරාගන්නා උපකරණය.
කිරි බබළන[වි.] කිරි මෙන් ඉතා සුදු; අතිධවල.
කිරි වදිනවා[ක්‍රි.] පීදුණු ධාන්‍ය ඇට සෑදීමට අවශ්‍ය කිරි වැනි යුෂය ඇටය තුළට වැදී මදය සෑදෙනවා.
කිරි වරනවා[ක්‍රි.] ළදරුවන් හා ක්ෂිරපායී සතුන්ගේ පැටවුන් තරමක් වැඩුණු පසු මවට කිරි එරීම නවතිනවා.
කිරිඅප්පා[නා.] පියාගේ හෝ මවගේ පියා; ආතා; කිරි ආතා; සීයා; මුත්තා.
කිරිඅම්මා1. [නා.] මවගේ හෝ පියාගේ මව; ආච්චි අම්මා; අත්තම්මා; ආත්තා. 2. [නා.] මව නැති නොහොත් මවගෙන් පෝෂණය අල්ප අවස්ථාවල දී බිළිඳකුට කිරි දීම සඳහා කැඳවා ගන්නා ස්ත්‍රිය; කිරිමව. 3. [නා.] දේවතා දුවකගේ නාමය.
කිරිකඩ හේලය[නා.] විවාහයක දී මනමාලයා විසින් මනමාලියගේ මවට තෑගි පිණිස දෙනු ලබන රෙදිකඩ.
කිරිකැටි[වි.] ඉතා මොළකැටි; ළඳ බොළඳ; ළපටි.
කිරිකෑමුත්තා[නා.] හත්මුතු පරම්පරාවේ අන්තිමයා; කිරිකිත්තාගේ පියා.
කිරිකිත්තා[නා.] හත්මුතු පරම්පරාවේ සය වැන්නා.
කිරිගඬු[නා.ප්‍ර.] (මිනිස් සිරුරේ ඉකිළි කිහිළි වැළමිටි ආදි තැන්හි ඇති) ග්‍රන්ථි ඉදිමීම, කුද්දටිය.
කිරිගරුඬ[නා.ප්‍ර.] ස්ඵටිකරූපී ස්වාභාවික කැල්සියම් කාබනේට් විශේෂයක් (=marble).
කිරිගස, කිරිගහ[නා.] කිරි ඇති ගස; කඳේ පොත්ත තුවාල වූ සැණින් කිරි වෑස්සෙන ගස; ක්ෂීර වෘක්ෂය.
කිරිගොටුව, කිරිගොට්ට[නා.] විශේෂයෙන් පොල්කිරි පෙරීම සඳහා භාවිත කෙරෙන බට පතුරු ආදියෙන් සාදා ගත් කෝණාකාර උපකරණයක්.
කිරිච්චිය1. (කථා.) [නා.] දෙපිට කැපෙන උල්පිහි වෙසෙසක්; උල්පිහිය. 2. (කථා.) [නා.] බෙහෙත් ආදිය විදින බටයක් වැනි උපකරණය; වස්තිය; සිරින්ජය.
කිරිදත්[නා.ප්‍ර.] ළදරු වයසේ දී එන දත්; ළදරු දත්.
කිරිදිය1. [නා.] කිරි; ක්ෂීරය. 2. [නා.] පොල් තෙල් සිඳ පෙරා ගත් පසු ඉතිරිවන දියරය; කිරිජ්ජ.
කිරිඳු1. [නා.ප්‍ර.] ඇත්රජා; හස්තිරාජයා; ඇතා. 2. [නා.ප්‍ර.] මහමුහුද; මහා සාගරය.
කිරිපට්ටය(කථා.) [නා.] රබර් ගසේ බාහිර පොත්තට යටින් පිහිටා ඇති ක්ෂීර සෛලවලින් යුත් පටකය.
කිරිපට්ටිය[නා.] කිරි පිණිස ඇති කරන ගව සමූහය; එවැනි කිරි හරක් තබාගන්නා ස්ථානය.
කිරිපණුවා[නා.] මිනිසාගේ ගුද මාර්ගයේ සිටින අඟල් බාගයක් පමණ දිග පරපෝෂිත සුදු වට පණුවෙක්.
කිරිපද්ද1. [නා.] කිරි බඳුන. 2. [නා.] කිරි පතක ප්‍රමාණය.
කිරිපල්ල1. [නා.] සිවුපා සතුන්ගේ ගාත් දෙක අතර පෙදෙස; මිනිසුන්ගේ රහසඟ අවට පෙදෙස. 2. [නා.] යමෙකුගේ ජීවිතයේ ළදරු අවධිය.
කිරිපා1. [නා.ප්‍ර.] කඟවේණා. 2. [නා.ප්‍ර.] සෙමෙර මුවා.
කිරිපිඩු, කිරිපිඬු[නා.ප්‍ර.] කිරිබත්; කිරි ආහාර.
කිරිමව[නා.] කිරි දෙන මව.
කිරිමැටි[නා.ප්‍ර.] සුදුපාට මැටි වර්ගයක්.
කිරිමැලියම[නා.] බිලිඳුන්ගේ දිවේ සහ තොල්වල බැඳෙන සුදුපාට මැලියම් හෙවත් කාරම්.
කිරිමුත්තා[නා.ප්‍ර.] මුත්තාගේ පියා; මීමුත්තා.
කිරිමුරය(පාරිභා.) [නා.] කිරි එරෙන කාල පරිච්ඡේදය (=lactation period).
කිරිමුහුද[නා.] මහාමේරු පර්වතයට පෙරදිගින් ඇතැයි පැවසෙන ක්ෂීර සාගරය.
කිරිය1. [නා.ප්‍ර.] කිරීම; කරන දෙය; ක්‍රියාව. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] කිරීමක්, සිදුවීමක් හෝ විඳීමක් ප්‍රකාශ වන පදය; ක්‍රියාපදය. 3. [නා.ප්‍ර.] කුඹුරු හා ධාන්‍ය මැනීම සඳහා භාවිත කළ මිම්මක්; අමුණු සතරක ප්‍රමාණය.
කිරියපෙරැළි[නා.ප්‍ර.] (ව්‍යාක.) යෙදිය යුතු ක්‍රියාව වෙනුවට වෙනත් ක්‍රියාවක් යෙදීම.
කිරිවලා[නා.ප්‍ර.] කිරිපාට වලාකුළ; සුදු වලාකුළ.
කිරිවහණ, කිරිවාණ[නා.ප්‍ර.] කිරිපාට ගල් විශේෂයක්; තිරුවාණ ගල්.
කිරිසප්පයා(කථා.) [නා.] කිරි බොන දරුවා.
කිරිසයුර[නා.] සුදුපැහැති මුහුද; කිරි සයුර.
කිරිසල[නා.] කිරිගල; කිරිගරුඬ (ගල).
කිරිසිඳු[නා.ප්‍ර.] කිරිමුහුද.
කිරිසිඳු දුව[නා.] සිරිකත; ශ්‍රීකාන්තාව.
කිරිසිඳුරු[නා.ප්‍ර.] ඇතුන්ගේ හිසෙහි ගල්වනු ලබන රතුපාට චූර්ණ විශේෂයක්; හස්ති සින්දුර.
කිරිහස[නා.] සුදුපාට හංසයා.
කිරීට කපාටය(පාරිභා.) [නා.] හෘදයේ වම් කර්ණිකා ඡිද්‍රය පාලනය කරන කපාටය; උෂ්ණ කපාටය.
කිරීට සන්ධිය[නා.] ගසකට අංකුරයක් බද්ධ කිරීමේ ක්‍රමයක්.
කිරීටය1. [නා.] ඔටුන්න; කිරුළ. 2. [නා.] ඇටයක මුදුන් භාගයේ හෝ මලක පෙති නැට්ටට සම්බන්ධ වන තැන හෝ පිහිටි කුඩුම්බිය; කශිකා වළල්ල.
කිරුළ[නා.] ඔටුන්න; කිරීටය.
කිරෙළු[නා.ප්‍ර.] බැටළුවා.
කිලඤ්ජක[නා.ප්‍ර.] පැදුර; කලාලය.
කිලමථය[නා.] වෙහෙස; තෙහෙට්ටුව; ක්ලාන්තය; ක්ලමථය; කිලමනය.
කිල්ල1. [නා.] ඔසප්වීම; ඍතු වීම; මාස් ශුද්ධිය. 2. [නා.] කිලුට; අපවිත්‍රතාව.
කිල්ලෝටය[නා.] බුලත් විටට ගන්නා හුනු තබා ගන්නා හෙප්පුව; හුනු හෙප්පුව.
කිලි1. [නා.ප්‍ර.] භාජනය; පාත්‍රය. 2. [නා.ප්‍ර.] අලසකම; මැළිබව. 3. [නා.ප්‍ර.] ඔසප්වීම; ඍතු වීම. 4. [නා.ප්‍ර.] කිලුට; අපවිත්‍රතාව. 5. [නා.ප්‍ර.] කුෂ්ඨය; කුෂ්ඨරෝගය.
කිලි ගෙය[නා.] දැරියක් පළමුවරට ඔසප් වූ අවස්ථාවේ හෙවත් වැඩිවියට පත් වූ අවස්ථාවේ ඇය නාවන තෙක් වෙන් කර තබන කාමරය හෝ පැල.
කිලි පොළනවා[ක්‍රි.] ප්‍රීතිය, උත්කර්ෂය, ප්‍රකෝපය, සන්ත්‍රාසය ආදි උද්වේගයක දී ශරීරය කම්පනය වෙනවා; රෝමොද්ගමනය වෙනවා.
කිලි පෝච්චිය(පාරිභා.) [නා.] ගෙය තුළ දී මූත්‍ර කිරීමට භාවිත කරන භාජනය; පිස් පෝච්චිය.
කිලි වැරීම[නා.] ස්ත්‍රීන්ගේ මාස් ශුද්ධිය සම්පූර්ණයෙන් නැවතීම; ආර්තවාභාවය.
කිලිඟු1. [නා.ප්‍ර.] ශ්‍රී මහා බෝධියට (සේවා සැපයූ අටළොස්කුල අතුරින්) නවමල් හා සුවඳ සම්පාදනය භාර ව සිටි කුලය. 2. [නා.ප්‍ර.] (රාජ කුමාරයින්) සුවඳ පැනින් නාවා අන්දම් තබා මලින් සරසන සේවකයා. 3. [නා.ප්‍ර.] නපුංසකයා; පණ්ඩකයා. 4. [නා.ප්‍ර.] බිසෝ මැඳුරෙහි මෙහෙකරුවා; අන්තඃපුර සේවකයා.
කිලිටි, කිලුටු1. [වි.] අපිරිසිදු; අපවිත්‍ර; මලින; කුණුවැකුණු; දුර්වර්ණ. 2. [වි.] මානසික ව හෝ චරිතාදියෙන් හෝ පිවිතුරු නොවූ; පවින් බර වූ; කෙලෙසුණු; දූෂිත.
කිලුනු කරනවා[ක්‍රි.] තෙත් කරනවා; තෙමනවා.
කිලේදක[වි.] තෙත් කරන; තෙත් බව ඇති කරන. [නා.ප්‍ර.] ආහාරයෙහි තෙත් බව ඇති කරන ආමාශයෙහි තිබෙන සෙම.
කිලෝග්රෑමය[නා.] මෙට්‍රික් ක්‍රමයට අයත් බර මිනුම් විශේෂයක් වන ග්රෑම් දාහක බර.
කිලෝචක්‍රය(පාරිභා.) [නා.] (තත්පරයකට ඇති වන) චක්‍ර දාහක සංඛ්‍යාතය.
කිලෝබයිටය[නා.] පරිගණකයක ගබඩා කර තබා ගත හැකි මතක ශක්තියෙහි ධාරිතාවය මනින ඒකකය.
කිලෝමකය[නා.] හදවත හා වකුගඩුව වසා සිටි සම හෝ දලබුව.
කිලෝමීටරය(පාරිභා.) [නා.] මෙට්රික් ක්‍රමය අනු ව දිග මනින මිනුම් විශේෂයක් වූ මීටර දාහක දුර.
කිලෝවොට්(පාරිභා.) [නා.ප්‍ර.] විදුලි උපකරණ ක්‍රියා කරවීමට වැය වන ශක්තිය මනිනු ලබන වොට් දාහකට සමාන වූ මිම්ම.
කිලෝවොට් පැය(පාරිභා.) [නා.] වොට් දාහකින් පැයකදී කෙරෙන කාර්යය මනින ඒකකය (=kilowatt hour).
කිවි1. [නා.ප්‍ර.] කවියා. 2. [නා.ප්‍ර.] කවිය. 3. [නා.ප්‍ර.] වඳුරා; වානරයා. 4. [නා.ප්‍ර.] කිවි ග්‍රහයා; සිකුරු.
කිවිදා, කිවිදින[නා.ප්‍ර.] කිවි ග්‍රහයාගේ නමින් හැඳින්වෙන දිනය; සතියේ සවන දවස; සිකුරාදා.
කිවිඳු1. [නා.ප්‍ර.] කවීන්ගේ නායකයා; කවීන්ද්‍රයා. 2. [නා.ප්‍ර.] වඳුරු රැළක නායකයා.
කිවියර[නා.] කවියා; කිවිවරයා.
කිවිලකර[නා.] කවිය හොබවන හෙවත් සරසන උපමා රූපකාදිය.
කිවිසත1. [නා.] කාව්‍ය ශාස්ත්‍රය. 2. [නා.] කවිකාර පිරිස; කාව්‍යකාර ජනයා.
කිවිහෝරාව(ජ්‍යෝති.) [නා.] සප්තවිධ හෝරාවලින් එකක්; සිකුරු ග්‍රහයාගේ බලය පවත්නා ඔරලෝසු පැය .
කිවුල්1. [වි.] ඇඹුල් රස නැති. 2. [වි.] ලුණු රස නැති; නීරස.
කිවුල් දිය[නා.] කරදිය හා මිරිදිය මිශ්‍ර වූ ජලය.
කිශලය, කිසලය[නා.] ළා පත්‍රය; දලුව; පල්ලවය.
කිස1. [නා.ප්‍ර.] වැඩය; කාර්යය; කෘත්‍යය. 2. [නා.ප්‍ර.] මූත්‍ර. 3. [නා.ප්‍ර.] කෙට්ටුකම; කෘශ භාවය. [වි.] කෙට්ටු; කෘශ.
කිසක[නා.ප්‍ර.] තවුසා; තාපසයා.
කිස්[නා.ප්‍ර.] කුස; කුක්ෂිය.
කිස්දොවුන්[වි.] මවුකුස සෝදාගෙන මෙන් අන්තිමට උපදනා, බාල ම දරුවා හෙවත් බඩපිස්සා.
කිස්ස1. [නා.] කුඩා වරාය. 2. [නා.] මඩ සහිත ජලය රඳා පවතින බිම් පෙදෙස. 3. [නා.] යතුර; කුඤ්චිකාව.
කිසි[නා.ප්‍ර.] ගොවිකම; කෘෂිකර්මය.
කිසිකිවිසි[නා.ප්‍ර.] කැස්ස හා කිවිසීම; කෑරීම හා කිවිසුම් ඇරීම.
කිසිවක්[සර්ව.] කවර හෝ යමක් යම්දෙයක්; යම් කාරණයක්.
කිසුණු[නා.ප්‍ර.] භාවනා කිරීමේ දී සිත පිහිටුවා ගැනීමට යෝගාවචරයා යොදා ගන්නා අරමුණ; කසිණය.
කිසුණු පිරියම්[නා.ප්‍ර.] කසිණ භාවනාව වැඩීමේ මුල් අවස්ථාව; කසිණ පරිකර්මය.
කිසෙයින්[ක්‍රි.වි.] කවර ලෙසින්; කුමන අයුරින්.
කිහිර[නා.] පොල්, පුවක් ආදියේ කඳේ පතුර; කීර.
කිහිරඟුරු[නා.ප්‍ර.] කිහිරි ලී දවා ලබාගන්නා අඟුරු.
කිළ1. [නා.ප්‍ර.] ක්‍රීඩාව; සෙල්ලම. 2. [නා.ප්‍ර.] කුළු හරකාගේ ගැහැනු සතා. 3. [නා.ප්‍ර.] සතුන් රැළේ වැටීම.
කිළංචිය, කිළච්චිය(කථා.) [නා.] කලබලය; කැලඹීම.
කිළන්, කිළාන්1. [නා.ප්‍ර.] මුදවාපු කිරිවලින් තනාගන්නා පානයක්; මෝරු; කිරිමෝරු. 2. [නා.ප්‍ර.] මුදවන ලද කිරෙන් පෑදුණු දිය.
කිළි1. [නා.ප්‍ර.] ශරීරයේ ඉඟටියට පහතින් පිහිටි කොටස; කටිය; උකුළ. 2. [නා.ප්‍ර.] කුටිය; කුඩා ගෙවල්. 3. [නා.ප්‍ර.] (ගොඩනැගිලි ආදියෙහි) මුදුන; කූටය; මස්තකය. 4. [නා.ප්‍ර.] ක්‍රීඩාවල දී අල්ලන ඔට්ටුව; පරදුව. 5. [නා.ප්‍ර.] මොනරාගේ ගැහැනු සතා. 6. [නා.ප්‍ර.] ගිරවා. 7. [නා.ප්‍ර.] චර්ම රෝගයක්; කුෂ්ඨය.
කිළිල්, කිලිල්[නා.ප්‍ර.] ගසක ගොබය; අංකුරය; (විශේෂයෙන්) උණ ගොබය.
කීකසය(පාරිභා.) [නා.] කාටිලේජය.
කීට1. (පාරිභා.) [නා.ප්‍ර.] කෘමීන්ගේ ජීවන චක්‍රය අවස්ථා සතරින් දෙවන අවස්ථාව; පණුවා; කෘමියා. 2. [නා.ප්‍ර.] වෘශ්චික රාශිය.
කීටක[නා.ප්‍ර.] පටනූලින් වියන ලද වස්ත්‍ර විශේෂයක්.
කීටබාලකයා(පාරිභා.) [නා.] කෝෂාවස්ථාවේ සිටින කීටයා; පිලවා (=pupa).
කීටරූපානුබන්ධය(පාරිභා.) [නා.] කුඩා බඩවැල හා මහ බඩවැල සම්බන්ධ වන ස්ථානය සමීපයෙහි පිහිටි පණුවකුගේ හැඩය ඇති අවයවය; උණ්ඩුක පුච්ඡය (=vermiform appendix).
කීඩෑවා[නා.] කෘමි විශේෂයක නාමය.
කීණ[වි.] ක්ෂය වූ; හීන වූ; පිරිහීගිය.
කීතු[නා.ප්‍ර.] සිහින් පටිය; තීරය.
කීනබල්ලා[නා.] දඩයම් බල්ලා; චණ්ඩ බල්ලා; රෞද්‍ර බල්ලා.
කීර1. [නා.ප්‍ර.] ගිරවා; කීර පක්ෂියා. 2. [නා.ප්‍ර.] ව්‍යඤ්ජනයට ගන්නා කොළ වර්ග; පලා. 3. [නා.ප්‍ර.] ලීයකින් ගැලවී යන කුඩා දික් ලී පතුර.
කීර්තනය1. [නා.] කීම; ප්‍රකාශනය; ගුණ කථනය; වර්ණනය. 2. [නා.] සිහි කිරීම; අනුස්මරණය.
කීර්තිය[නා.] යසස; ප්‍රසිද්ධිය; ගුණ ඝෝෂාව.
කීරි ගසනවා[ක්‍රි.] ලී ආදිය සිහින් දිග වතුරුවලට ඉරා හෝ පළා හෝ වෙන් කරනවා.
කීලකය1. [නා.] කූඤ්ඤය. 2. [නා.] පොරොප්පය; ඇබය. 3. (පාරිභා.) [නා.] කලම්පය; අල්ලුව (=clamp) 4. (පාරිභා.) [නා.] පැළෑටි කුඩිත්තන්ගේ ඉදිකටු වැනි අධෝහනුව සහ හනුක උපාංගය.
කීලය1. [නා.] උල; කුඤ්ඤය; කටුව; සූනියම්වල දී භාවිත කරන විවිධ කටුවර්ග වලින් එකක්. 2. (පාරිභා.) [නා.] භ්‍රමණ කේන්ද්‍රයෙහි සවි කරන ඇණය (=pivot). 3. (පාරිභා.) [නා.] යන්ත්‍රවල කොටස් සවිකිරීමට උපයෝගී කර ගන්නා කුඤ්ඤ විශේෂයක් (=cotter). 4. [නා.] රිට; දණ්ඩ; කණුව. 5. (පාරිභා.) [නා.] මලක කොටසක්; මලක ඩිම්බ කෝෂය මුදුනෙන් පිට වන නටුව හෙවත් නාළිකාව.
කීල්1. [නා.ප්‍ර.] බිම් දුම්මල. 2. [නා.ප්‍ර.] තාර; ගල්තාර. 3. [නා.ප්‍ර.] දුම්මල හා කොහොල්ලා උණු කොට සාදාගන්නා මැලියම් හෙවත් බදාම වර්ගයක්.
කීල්රෙදි[නා.ප්‍ර.) වතුර කාන්දුවීම වළකනු සඳහා තාර තවරා ඝන කළ රෙදි වර්ගයක්.
කීලාල[නා.ප්‍ර.] ලේ; රුධිරය.
කීලාස්ථිය[කීල+අස්ථීය] (පාරිභා.) [නා.] හිස් කබල තුළ පිහිටා ඇති ඇට අටෙන් එකක් (=sphenoid bone).
කීළනය[නා.] ක්‍රීඩාව; සෙල්ලම; කෙළිය.
කුංචනාදය, කුඤ්චනාදය[නා.] ඇතුන් නගන නාදය; හස්ති නාදය.
කුකවියා[නා.] පහත් පෙළේ කවියා; නිර්මාණ ශක්තියෙන් හීන පද්‍ය ප්‍රබන්ධකයා.
කුක්කුච්චය[නා.] තමන් කළ දුසිරිත් ගැන හා නොකළ සුසිරිත් පිළිබඳ නැවත නැවත පසුතැවිලි වන ස්වභාවය.
කුක්කුට1. [නා.ප්‍ර.] සැවුළා; කුකුළා. 2. [නා.ප්‍ර.] වර්ෂ නාමයක්. 3. [නා.ප්‍ර.] දෙතිස් වැදෑරුම් රාගයන්ගෙන් එකක්; ද්වාදශාවිධ සුගත් වර්ෂයන්ගෙන් එකක්.
කුක්කුර1. [නා.ප්‍ර.] බල්ලා; සුනඛයා. 2. [නා.ප්‍ර.] ඔසු වෙසෙසක්; පෝණ්ඩරු හෙවත් පද්මකාෂ්ඨ.
කුක්කුර දන්ත[නා.බහු.] කෘන්තක දත් හා චාර්වක දත් අතර පිහිටා ඇති උල්දත් සතර; රදනක දත් (=canine teeth).
කුක්කුර ව්‍රතය[නා.] සුනඛයකු ලෙස ඉරියවූ පැවත්වීමෙන් රකින තාපස ධර්මය; බලුතපස් වත.
කුක්ෂිය1. [නා.] බඩ; උදරය. 2. [නා.] (මව්) කුස; ගර්භාශය; ගර්භය. 3. [නා.] (යමක) අභ්‍යන්තරය. 4. (පාරිභා.) [නා.] ඩිම්බය තුළ පිරී තිබෙන සහ කලල කෝෂය දරා තිබෙන තුනී බිත්ති සහිත සෛල රාශිය (=nucellus).
කුක්ෂිවෘන්තය(පාරිභා.) [නා.] මලක කීලය.
කුකුන්දරාස්ථිය(පාරිභා.) [නා.] පෘෂ්ඨවංශීන්ගේ ශ්‍රෝණි මේඛලාව සෑදුණු අස්ථි තුනෙන් පසුපස ඇටය (=ischium).
කුකුරුවා1. [නා.] බල්ලා; සුනඛයා. 2. [නා.] බලු පැටියා; බලු කුක්කා.
කුකුල් අඩිය(කථා.) [නා.] කුකුළු අඩියක හැඩරුව ඇති මුද්‍රාව සහිත මායිම් ගල; ඉඩම්වල සීමා ලකුණු කිරීම පිණිස රජය විසින් පිහිටුවන මායිම් ගල.
කුකුල් කේන්තිය[නා.] ඉක්මන් කෝපය; නිතර තරහ යෑම.
කුකුල් නින්ද(කථා.) [නා.] විටින් විට අවදි වෙමින් නිදන නින්ද; කෙටි නින්ද.
කුකුල්සායම්[නා.ප්‍ර.] පන් ආදියට පාට පෙවීමට ගන්නා කෘත්‍රිම සායම් විශේෂයක්.
කුකුස1. [නා.ප්‍ර.] නැවත නැවත පසුතැවිලි වන ස්වභාවය. 2. [නා.ප්‍ර.] සැකය; ශඞ්කාව.
කුකුස්වත[නා.ප්‍ර.] සැකයට හේතු වූ වස්තුව හෙවත් කාරණය
කුකුළාවැටි[නා.ප්‍ර.] (වැව් ආදියේ) ජලය රඳවනු පිණිස බඳින වේලි.
කුකුළුපොර[නා.ප්‍ර.] ඔට්ටුවට කුකුළන් කෙටවීමේ ක්‍රීඩාව; කුකුළන් කෙටවීමේ සූදුව.
කුඞ්කුම, කුංකුම[නා.ප්‍ර.] ලංකාවේ හා ඉන්දියාවේ වැවෙන වෘක්ෂයක නාමය; කොකුම්.
කුඞ්කුමවර්ණ, කුංකුමවර්ණ[නා.ප්‍ර.] රක්ත වර්ණය; රන්පැහැය.
කුඞ්කුමාඞ්ග රාගය[නා.] ඇඟෙහි ගල්වන කොකුම් ආදි සුවඳ කල්කය; කොකුමඟරා.
කුච[නා.ප්‍ර.] තනය; පියොවුර.
කුචකුම්භ[නා.ප්‍ර.] කලස් බඳු පියයුරු.
කුච්ඡිත[වි.] පිළිකුල් සහගත; නින්දිත; පහත්.
කුච්ජිසමය[නා.ප්‍ර.] පොසොන් අවපෑළවියේ පටන් ඉල් මස පුර පසළොස්වක දක්වා වන පස් මාසය.
කුචිකිත්සාව[නා.] සම්පූර්ණ සුවය නොදෙන වෙදකම; වැරදි වෙදකම.
කුජ1. [නා.ප්‍ර.] ගස; වෘක්ෂය. 2. [නා.ප්‍ර.] අඟහරු ග්‍රහයා.
කුජදා[නා.ප්‍ර.] සතියෙහි කුජ ග්‍රහයාට හිමි දිනය; සතියේ තුන් වැනි දවස; අඟහරුවාදා; කුජදින.
කුජ්ජිතය1. (කථා.) [නා.] මිනිස් සිරුරේ හටගන්නා විෂ ගෙඩි විශේෂයක්; විසප්පුව; ලේ ගෙඩිය. 2. (කථා.) [නා.] කුද්දැට්ට; ඉකිළි, කිසිලි ආදියෙහි මතුවන ඉදිමුණ ග්‍රන්ථිය.
කුජිතය, කුජීතුව1. (කථා.) [නා.] කඩදාසි කුට්ටමෙන් කරන සෙල්ලමකදී මුළු වාසි ගණනින් අඩක්වත් හිමි නොවී පැරදීම. 2. (කථා.) [නා.] විනාශවීම; පරිහාසයට ලක්වීම; නින්දාවට පත්වීම; බාල්දුවීම.
කුඤ්චිකා, කුංචිකා1. [නා.ප්‍ර.] දොර කවුළු ආදියෙහි යතුර; කෙස්ස. 2. (පාරිභා.) [නා.ප්‍ර.] උරයෙහි පිහිටි අස්ථියක්; අකු ඇටය (=collar bone). 3. [නා.ප්‍ර.] කිරිමෝරු විශේෂයක්; උකු කළ කිරිමෝරු.
කුඤ්ජය1. [නා.] ගස්වැලින් සැදුණු මණ්ඩලය; ලිය ගොමුව. 2. [නා.] ඇතාගේ හනුව; ඇත් හක්ක.
කුඤ්ඤය, කූඤ්ඤය[නා.] මුල සිට ක්‍රමයෙන් සිහින් වී යන කෙටි උලක් වැනි (ලී, ලෝහ) වැනි තද ද්‍රව්‍යයකින් සාදන ලද උපකරණය; කීලය.
කුට[නා.ප්‍ර.] කළය; ඝටය.
කුට්ටනිය[නා.] දුරාචාරයට ස්ත්‍රීන් සපයා දෙන තැනැත්තිය.
කුට්ටම, කූට්ටම1. [නා.] ජෝඩුව; යුගලය; දෙක. 2. [නා.] ඒකකයකට හෝ එක වර්ගයකට අයත් කිහිපය; කට්ටලය. 3. [නා.] කඩදාසි කුට්ටම. 4. (ක්‍රිස්ති.) [නා.] සමිතිය; නිකාය.
කුට්ටම් පනාව[නා.] පුරාණයේදී පිරිමින් විසින් අලංකාරය සඳහා හිසෙහි ගසන ලද පනා විශේෂයක්
කුට්ටම් පොකුණ, කූට්ටම් පොකුණ[නා.] අනුරාධපුරයේ අභයගිරි විහාරය අසල පිහිටි පුරාණ පොකුණ.
කුට්ටම්ගී[නා.ප්‍ර.] සමූහ වශයෙන් ගයන ගීත.
කුට්ටා(කථා.) [නා.] කල්ලි ක්‍රීඩාවේ දී භාවිත කරන වියතක් පමණ දිග ඇති ලී කැබැල්ල.
කුට්ටිය1. [නා.] ඝනකමක් ඇති ලොකු හෝ කුඩා කොටස හෝ කෑල්ල; ස්කන්ධය. 2. [නා.] ඉඩම් කෑල්ල; භූමි භාගය. 3. (කථා.) [නා.] මුදලින් හෝ වස්තුවෙන් කොටසක්.
කුට්ටිසාක්කුව(කථා.) [නා.] කුඩා ගෝනි මල්ල; පොඩි මල්ල.
කුටි1. [නා.ප්‍ර.] ශරීරය; ආත්ම භාවය. 2. [නා.ප්‍ර.] වතුර; ජලය. 3. [නා.ප්‍ර.] ගස. 4. [නා.ප්‍ර.] ඉඟුරු. 5. [නා.ප්‍ර.] කුටිය; කුඩා ගෙය; පැල.
කුටිපුරුෂයා[නා.] ගෙහිමියා; පවුලක ප්‍රධානයා; ගෘහ මූලිකයා.
කුටිය[නා.] කුඩා කාමරය.
කුටිල1. [වි.] ඇද; වකුටු. 2. [වි.] කපටි; වංක; වංචනික. 1. [නා.ප්‍ර.] සුදු ඊයම්. 2. [නා.ප්‍ර.] අශුභ යයි සම්මත ගෘහ අතරින් එකක්.
කුටිලග1. [නා.] ඇද ව යන්නා; සර්පයා. 2. [නා.] ගඟ; නදිය.
කුටීගෙය[නා.] ඉතා පළල් නොවූ ඉතා උස් නොවූ ජනෙල්වලින් තොර ඝන බිත්ති ඇති කුඩා කුටිය.
කුටීර[නා.ප්‍ර.] ඉතා කුඩා කාමර වැනි කුහර හෝ කෝෂ.
කුටීර අම්ලය(පාරිභා.) [නා.] කුටීර ක්‍රමයෙන් නිපදවනු ලබන සල්පියුරික් අම්ලය (=chamber acid).
කුටීස්වේදය[නා.] රෝගියකු ගිනි උණුසුමෙන් රත් වූ කුටි ගෙය තුළ සයනය කරවා ඩහදිය ගැන්වීම.
කුටුම්බය1. [නා.] පවුල; පවුලට අයත් පිරිස. 2. [නා.] ධනය; වස්තුව. 3. (ජ්‍යෝති.) [නා.] කේන්ද්‍රයේ දෙවන භාවය හෙවත් දෙවැන්න වූ ධන ස්ථානය.
කුටුම්බසණ්ඨාපනය1. [නා.] භාර්යාවක සරණගෙන පවුලක් පිහිටුවීම; පවුල් දිවියට බැසී ම; පවුලක් රක්ෂා කිරීම. 2. [නා.] වස්තුව රැස් කිරීම.
කුටුම්බිකයා1. [නා.] ගෘහපතියා; කෙළෙඹියා. 2. [නා.] වස්තු සම්පත් ඇත්තා; පොහොසතා.
කුටුම්බියා[නා.] අතීතයේ ගම්වල ආදායම් බදු එකතු කොට රජතුමා වෙත පැමිණවූ නිලධාරියා.
කුඨාරය[නා.] පොරොව; පරසුව.
කුඨාරි, කූඨාරිකා[නා.ප්‍ර.] ශල්‍යකර්මයෙහි භාවිත වන කුඩා පොරොවක හැඩය ඇති ශස්ත්‍රයක්.
කුඩ[නා.] කුඩු. [වි.] (කථා.) පුංචි.
කුඩපත්[නා.ප්‍ර.] තල් කොළ ආදියකින් තැනූ කුඩය; කුඩ පත්‍රය.
කුඩප්පා[නා.] පියාගේ බාල සහෝදරයා; බාප්පා; සුළු පියා; මවගේ දෙවැනි විවාහක පුරුෂයා.
කුඩම1. [නා.] භාජනය; සැළිය. 2. [නා.] මඩුව; කුටිය; මණ්ඩපය.
කුඩමස්[නා.ප්‍ර.] දියෙහි වෙසෙන මසුන්ගේ මස්; ගොඩමස් නොවන මස; දියමස්.
කුඩම්මා[නා.] මවගේ බාල සොහොයුරිය; පියාගේ බාල සොහොයුරාගේ බිරිඳ; සුළුමව; පියාගේ දෙවන බිරිඳ.
කුඩමැඬිල්ල[නා.] කුඩයේ රෙද්දෙන් වැසුණු කුඩ නන කූඩුව හෙවත් සැකිල්ල; ඡත්‍ර මණ්ඩලය.
කුඩවය[නා.] ධාන්‍ය වර්ග මැනීමේදී හා බර කිරීමේදී භාවිත කරන මිනුම් විශේෂයක්.
කුඩහලුවා(කථා.) [නා.] පුංචි දරුවා; කුඩා කොලුවා.
කුඩ්ඩ1. [නා.ප්‍ර.] බිත්තිය. 2. [නා.ප්‍ර.] වී ආදි ධාන්‍ය වර්ගවල ඇටය වටා ඇති තුනී සිවිය; කුරුට්ට; නිවුඩ්ඩ. 3. (කථා.) [නා.ප්‍ර.] ස්වල්පය; බිඳ; ටික.
කුඩ්මල[නා.ප්‍ර.] මල් කැකුළ; මල් මොට්ටුව.
කුඩා අන්ත්‍රය[නා.] ආමාශයේ සිට මහාන්ත්‍රය දක්වා ආහාර ගමන් ගන්නා නළය; ක්ෂුද්‍රාන්ත්‍රය; කුඩා බඩවැල.
කුඩා කිරීම(පාරිභා.) [නා.] භාගයක් ඉතා ම සරල ආකාරයට පත් කිරීම; සුළු කිරීම (=simplification).
කුඩා දියකන[වි.] දිය උරාගන්නා සියුම් සිදුරු ඇති.
කුඩා මල්[නා.ප්‍ර.] බාල සොහොයුරා.
කුඩා මව[නා.] මවගේ නැගණිය; සුළුමව; පුංචි අම්මා; කුඩම්මා.
කුඩා මොළය(පාරිභා.) [නා.] සුෂුම්නා ශීර්ෂයකට පෙරටුව ඊට ඉහළින් පෘෂ්ඨීය පැත්තට නෙරා පිහිටි මොළයේ කොටස; අනුමස්තිෂ්කය (=cerebellum).
කුඩා වක්‍රය[නා.] අවතල ව පිහිටා ඇති ආමාශයේ උඩ පැත්ත.
කුඩාපොදු ගුණාකාරය(පාරිභා.) [නා.] ගණන් කීපයක් ඉතිරි නැති ව බෙදෙන ඉතාම කුඩා සංඛ්‍යාව (=lowest common multiple).
කුඩාවර1. [නා.ප්‍ර.] වයසින් බාල තැනැත්තා; බාලයා; ළමයා. 2. [නා.ප්‍ර.] උසස් තත්ත්වයක් නැති තැනැත්තා; සාමාන්‍ය මිනිසා; කුලහීනයා.
කුඩි1. [නා.ප්‍ර.] ගෘහමූලිකයා; ගෙහිමියා. 2. [නා.ප්‍ර.] පුරාණ ලංකාවේ අඳ ගොවියා; ප්‍රවේණි දාසයා. 3. (කථා.) [නා.ප්‍ර.] පවුල. 4. [නා.ප්‍ර.] ගෙය; ගෘහය. 5. [නා.ප්‍ර.] අඹුකම; භාර්යාභාවය.
කුඩික්කිය(කථා.) [නා.] කාසි දමන කැටය.
කුඩිච්චිය1. (කථා.) [නා.] හදිසිය; කලබලය. 2. (කථා.) [නා.] කුඩා ගෙය හෝ කාමරය; මැදිරිය.
කුඩිත්ත(කථා.) [නා.] ඉතා ස්වල්පය; ටික; ඇබිත්ත.
කුඩිප්පරං(කථා.) [නා.ප්‍ර.] දාස භාවය; වැඩකාරකම.
කුඩිප්පුව(කථා.) [නා.] බෙර දවුල් ආදිය ගසන ලී කෝටුව.
කුඩිම්බිය, කුඩුම්බිය1. [නා.] ලී දෙකක් සන්ධි කිරීමේ දී ඉන් එකක මුදුනේ කපා ඉතිරි කරන කොටස; තත්තුව. 2. [නා.] හිසෙහි කෙස් කපා එහි මුදුනෙහි ඉතිරි කරන කෙස් රොද. 3. [නා.] මොනර ආදි පක්ෂීන්ගේ හිස මුදුනෙහි පිහිටි පිහාටුරොද; ශිඛාව. 4. [නා.] අල්පෙනෙත්ති යකඩ ඇණ ආදියේ මුදුනේ තිබෙන මහත කොටස; හිස; මුදුන.
කුඩිල්ල(කථා.) [නා.] ගෙය; වාසස්ථානය.
කුඩු1. [නා.ප්‍ර.] ඉතාමත් සියුම් ද්‍රව්‍ය කැබලි; ධාන්‍ය, ඖෂධ ආදිය අඹරාගත් පිටි හෝ චූර්ණය; හුණු. 2. [නා.ප්‍ර.] දූවිලි; ධූලි. 3. [නා.ප්‍ර.] හෙරොයින් ආදි මත් ද්‍රව්‍ය.
කුඩු ගහනවා1. [ක්‍රි.] හෙරොයින් ආදි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. 2. [ක්‍රි.] සහල්වල ඇති කුඩු අහක් කරනවා; කුඩු පොළා හරිනවා.
කුඩු පිඹිනවා(පාරිභා.) [ක්‍රි.] ශරීරයේ සිදුරකට හෙවත් කුහරයකට බෙහෙත් කුඩක් පිඹිනවා (=insufflate).
කුඩුකේඩු, කුඩිකේඩු(කථා.) [වි.] පළි ගන්නාසුලු; දුෂ්ට; ඊර්ෂ්‍යා සහගත; අසත්පුරුෂ.
කුඩුත්ත[නා.] ස්වල්පය; ටික.
කුඩුතු(කථා.) [වි.] මසුරු; කුම්මැහි; ලෝභී.
කුඩුප්පු(කථා.) [වි.] දුෂ්ට; අසත්පුරුෂ; ඊර්ෂ්‍යාකාර.
කුඩුපූ[නා.ප්‍ර.] වී කෙටීමේදී ලැබෙන හාල් කුඩුවලින් සාදා ගැනෙන පුරාණ කැවිලි විශේෂයක්; කුඩු කැවුම්.
කුඩුපොද(කථා.) [නා.ප්‍ර.] හීන් පොද වැස්ස.
කුඩුම්බය[නා.] මිනුම් විශේෂයක්; පලම් හතරක ප්‍රමාණය.
කුඩුම්බිපිහාටු[නා.ප්‍ර.] බීජ ලන අවධියේ දී නොහොත් බෝවෙන කාලයේ දී කන කොකුන්ගේ හිස මුදුනෙහි වැඩෙන පිහාටු රොද.
කුඩෙනි[නා.] (ආමන්ත්‍රණයෙහි යෙදේ) දරුවෙනි; කුඩාවරුනි; කුඩා ළමයිනි.
කුණ1. [නා.] මළ සිරුර; කුණපය. 2. [නා.] සැරව ආදි අපවිත්‍ර දෙය; රොඩ්ඩ. 3. [නා.] ගසක කඳෙහි (විශේෂයෙන් මැදින් පටන්ගෙන) දිරන කොටස; දිරකඩය.
කුණකටුවා[නා.] විෂ සර්පයෙක්.
කුණප1. [නා.ප්‍ර.] මළ සිරුර; කුණු වූ මළකඳ 2. [නා.ප්‍ර.] පිළිකුල් කටයුතු වස්තුව; අපවිත්‍ර දෙය.
කුණම[නා.] පොලු ආධාරයෙන්, මිනිසුන් විසින් ඔසවා ගෙන යනු ලබන යහනක හැඩය ගත් පැද්දෙන යානය; දෝලාව.
කුණවාරය(කථා.) [නා.] බඩු සුලභ වීම නිසා ඒවායේ මිල ඉතා පහතට වැටීම.
කුණ්ඨ1. [වි.] කෙටි; මිටි. 2. [වි.] වක්; ඇද. 3. [වි.] ක්‍රියාවෙහි අදක්ෂ.
කුණ්ඨිත[වි.] ක්‍රියාවට යෝග්‍ය නොවූ; අකර්මණ්‍ය වූ.
කුණ්ඩය1. [නා.] භාජනය; බඳුන; කෙණ්ඩිය. 2. [නා.] ගිනි දල්වන කබල හෝ භාජනය; ගිනි පූජාව සඳහා ගිනි මොළවන වළ. 3. [නා.] (පාරිභා.) ඇස පිහිටා ඇති වළ; අක්ෂිකූපය (=orbit of eye).
කුණ්ඩල1. [නා.ප්‍ර.] ගඩු රෝග විශේෂයක්. 2. [නා.ප්‍ර.] කනෙහි පලඳින ආභරණයක්; තෝඩුව; කොඬොල; කුණ්ඩලාභරණය.
කුණ්ඩලාකාර[වි.] දඟර ගැසුණු; කැරලි ගැසුණු.
කුණ්ඩලි, කුණ්ඩලී1. [නා.] කුණ්ඩලාකාර ලකුණ; පුස්කොළ ලිවීමේ දී භාවිත වන වාක්‍යාවසාන සංකේතය. 2. [නා.] (කථා.) පස් කැටය; පස් පිඬ.
කුණ්ඩිකාව[නා.] කෙණ්ඩිය; කොතලය.
කුණ්ඩුව, කොණ්ඩුව(කථා.) [නා.] සුර ආදියේ නූල් වැනි දෙයක් ඇමිණීම සඳහා ඇති සිදුරක් සහිත කුඩා කවාකාර කොටස.
කුණා1. [නා.] දැඩි ලෝහියා; මසුරා. 2. [නා.] (කථා.) ශරීරයේ කුණු වූ තුවාල ඇති තැනැත්තා.
කුණාටු[වි.] තද සුළඟ සහිත; දැඩි සුළඟ ඇති; අධික සුළඟින් යුක්ත. [නා.] සැඩ සුළඟ; වේගයෙන් හමා යන සුළඟ; චණ්ඩ මාරුතය.
කුණි, කුණී[වි.] අත්පා නැති හෝ විකෘත වූ අත්පා ඇති; කොර වූ අත්පා සහ ඇඟිලි ඇති.
කුණිකාව(පාරිභා.) [නා.] අඟ; ශෘඞ්ගය.
කුණු1. [වි.] කිලිටි; අපවිත්‍ර. 2. [වි.] ගඳ ගසන; දුගඳ හමන 3. [වි.] මසුරු; ලෝභ.
කුණු කොල්ලෙ, කුණු කොල්ලෙට(කථා.) [ක්‍රි.වි.] වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලට.
කුණු-කුණු ගානවා[ක්‍රි.] යමක් කෙරේ අකමැත්ත පළකිරීම් ආදිය සඳහා තොල් මතුරනවා.
කුණුකුල්ල[නා.ප්‍ර.] (කථා.) නුවුවමනා බර; තමා කෙරෙහි පැවරුණු අනවශ්‍ය වගකීම.
කුණුදිය1. [නා.] පැසවූ වණයකින් වෑහෙන ඕජස; සැරව. 2. [නා.] අපවිත්‍ර ජලය; කුණිජ්ජ.
කුණුමොළ[නා.ප්‍ර.] කාණු සෝදාගෙන යන කුණුදිය එකතු වන වළ.
කුණුලෙඩ[නා.බහු.] ගොනෝරියාව, උපදංශ වැනි කාමරෝග.
කුණුසකුණු[නා.ප්‍ර.] කසළ; අපවිත්‍ර දෑ.
කුණුසරුප, කුණුහරුප[නා.] අශිෂ්ට අසභ්‍ය වචන.
කුත්ත, කුත්තක1. [නා.ප්‍ර.] ක්‍රියාව; කෘත්‍යය; කාර්යය. 2. [නා.ප්‍ර.] විශාල ඇතිරිලි විශේෂයක්.
කුත්තු කරනවා1. [ක්‍රි.] කූරකින් අනිනවා; හිල් කරනවා. 2. [ක්‍රි.] හාරනවා; බිමපෙරළනවා; පොළොව අවුස්සනවා; (යමකින්) අභිමුඛ කරනවා; ඉදිරිපසට තල්ලු කරනවා 3. [ක්‍රි.] කුපිත කරනවා; අවුස්සනවා; රහසේ පොලඹනවා.
කුත්තු විළක්කුව(කථා.) [නා.] බිම සිටුවා තබන ලොකු පිත්තල පහන.
කුත්තුව1. (කථා.) [නා.] මැණිකක තිබෙන පලුද්ද. 2. [නා.] ගොඩ; සමූහය.
කුත්තූසිය(කථා.) [නා.] ගෝනි විද ධාන්‍ය ආදිය එළියට ගැනීම සඳහා භාවිත වන කානුවක් සහිත කටුව.
කුත්සාව1. [නා.] අප්‍රියතාව; පිළිකුල. 2. [නා.] අවලාද; නිග්‍රහය.
කුත්සිත[වි.] පිළිකුල් සහගත; නින්දිත වූ; ගර්හිත.
කුතිය[නා.] නගරශෝභිනිය; ගණිකාව; වෙසඟන; වේශ්‍යාව.
කුතු1. [නා.ප්‍ර.] කුන්තය; කුන්තායුධය; කොතවි; කොතායුධ. 2. [නා.ප්‍ර.] විහිළු නැටුම; විකට නැටුම. 3. [නා.ප්‍ර.] කිතිය.
කුතුහලය1. [නා.] යම්කිසි අපූර්ව වස්තුවක් දැකීමට හෝ අමුතු දෙයක් දැන ගැනීමට ඇති බලවත් ආශාව; කුහුල. 2. [නා.] සැකය. 3. [නා.] අද්භූතබව.
කුථිත[වි.] කැකෑරුණු; කැලතුණු; නොසන්සුන් වූ; කැලඹුණා වූ.
කුදගහ ගන්නවා, කුද ගසා ගන්නවා1. (කථා.) [ක්‍රි.] අතපය වකගසා ගන්නවා; වකුටු වෙනවා; හැකිළී නිදා ගන්නවා. 2. (කථා.) [ක්‍රි.] (තර්ජනාත්මක ලෙස) පැත්තකට වී සිටිනවා; නිකම් සිටිනවා.
කුදණ්ඩ[නා.] කොට දඬු කඩ; දඬු කැබැල්ල; කෙවිට.
කුදන[නා.ප්‍ර.බහු.] නරක මිනිස්සු; අධම පුද්ගලයෝ.
කුදන්කුදු[වි.] ඉතා කුඩා; සුළු.
කුදර්පය(පාරිභා.) [නා.] අපහාසය; අවඥාව (=contimelia).
කුදලනවා[ක්‍රි.] දෑත් දෙපා එක් කොට බඳිනවා.
කුදහ ගන්නවා, කුදා ගන්නවා(කථා.) [ක්‍රි.] බිම වැතිරී සිටිනවා; වැතිරී නිදා ගන්නවා.
කුද්දටිය, කුද්දැටිය[නා.] තුවාල ආදිය හේතු කොටගෙන ඉකිළිය, කිසිලිය ආදි ස්ථානයන්හි ඉදිමී මතුවන ග්‍රන්ථිය නොහොත් ගැටය.
කුද්දාල[නා.ප්‍ර.] උදැල්ල.
කුදැටි[නා.ප්‍ර.] ගෙයි මුල්ල.
කුදිටු[වි.] වැරදි දැකීම් ඇති; සාවද්‍ය දෘෂ්ටි ඇති.
කුදිප්පරන්(කථා.) [නා.ප්‍ර.] ගෙන් ගෙට ගොස් කරන කුලී වැඩ; බැලමෙහෙය.
කුදිය, කුදී1. [නා.] කුදු තැනැත්තිය. 2. [නා.] කුරය හෝ කුරය පිහිටා ඇති ස්ථානය. 3. [නා.] කකුලේ බල නහරය.
කුදිරකාරයා[නා.] අස්ගොව්වා.
කුදිව්[නා.ප්‍ර.] කුඩා දිවයින; කුඩා ද්වීපය.
කුදු1. [වි.] කුඩා; පුංචි; සුළු. නොවැදගත්; පහත්; නීච. 2. [වි.] වකගැසුණු; (මඳක්) නැමුණු; වක් වූ; වකුටු.
කුදුත්තරයා(කථා.) [නා.] ලෝභියා; මසුරා.
කුදුනි, කුදුනී[නා.ප්‍ර.] කුඩා දියපාර; ඇළ.
කුදෘෂ්ටිය[නා.] වැරදි දැක්ම හෙවත් ලබ්ධිය; මිථ්‍යාදෘෂ්ටිය.
කුන්ඩවාඩය, කුණ්ඩවාඩිය[නා.] කුණාටුව; සැඬ සුළඟ.
කුන්තය[නා.] දිග මිටක් ඇති දෙපස උල් දෙකකින් යුත් අනුක්‍රමයෙන් උල් වී ගිය අනින ආයුධයක නාමය.
කුන්තල[නා.ප්‍ර.] කෙස්රොද; බඹුරු කෙහෙ; කේශ කලාපය.
කුන්තානිය[නා.] පොළොව කෙටීමට හෝ හෑරීමට උපයෝගී කරගන්නා යහුල.
කුන්ථකාමී(පාරිභා.) [වි.] කුහුඹුවන් කැමති වන; ශාක හා කුහුඹුවන් අන්‍යෝන්‍ය වශයෙන් කැමති වන (=myrmecophilous).
කුන්ද[නා.ප්‍ර.] පිච්ච වර්ගයට අයත් ශාකයක්; වෑ කොඳ.
කුන්දපා[නා.ප්‍ර.] හඳ; චන්ද්‍රයා.
කුන්දබන්ධු[නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
කුන්දු1. (කථා.) [නා.ප්‍ර.] තනි කකුලෙන් පැන පැන යෑම; නොණ්ඩිය. 2. [නා.ප්‍ර.] තනි කකුලෙන් පැන පැන යෑමේ ක්‍රීඩාව; නොණ්ඩි පැනීම.
කුන්නදී[නා.ප්‍ර.] කුඩා නදිය; හොය; ඇළ.
කුන්සේදු කරනවා[ක්‍රි.] විමසා බලනවා; සාකච්ඡා කරනවා.
කුන්සේදුව(කථා.) [නා.] උසාවිය; විනිශ්චය ශාලාව.
කුනීලය[නා.] කට කුඩා බඳුනකට කිසියම් දියරයක් වැක්කිරීම සඳහා භාවිත කෙරෙන උපකරණය; පුනීලය.
කුපත(කථා.) [නා.] (ධීව.) මුහුදේ දිය මතුපිටට නෙරා හෝ දිය යට ගිලී හෝ තිබෙන ගල්පරය.
කුපථ[නා.ප්‍ර.] යෑමට අමාරු පාර; දුෂ්කර මඟ.
කුප්පනවා1. [ක්‍රි.] කෝප හෝ කුපිත කරනවා. 2. [ක්‍රි.] ස්වාභාවික තත්ත්වය වෙනස් කරනවා; කලබල කරනවා.
කුප්පනේරුවා(කථා.) [නා.] ඉඩම් පාරවල් ආදිය මනින තැනැත්තා; මිනින්දෝරුවා.
කුප්පායම1. [නා.] සන්නාහයක් වශයෙන් අඳින කබායක්; යුද්ධ හැට්ටය. 2. [නා.] රොඩී පැල්පත 3. [නා.] රොඩී ගම.
කුප්පි ලාම්පුව[නා.] බෝතල් කුප්පියකට පහන් වැටියක් යොදා සාදාගන්නා ලාම්පුව; ලාම්පු කුප්පිය.
කුප්පිඩුවා(කථා.) [නා.] නින්දිත පුරුෂයා; අවලමා.
කුප්පිය1. [නා.] (ගවයන් ගේ අංවලට දමන) කොපුව; විල්ල. 2. [නා.] කුඩා බෝතලය; බෝතල පිංච. 3. (කථා.) [නා.] පිපෙන්නට පෙර මල් කැකුළ සැඟවී ඇති කොපුව; මල් කැකුළ; මොට්ටුව. 4. (කථා.) [නා.] කුප්පි ලාම්පුව.
කුප්‍රකට[වි.] නරක දෙයට ප්‍රසිද්ධ.
කුපාඩම1. [නා.] නොහික්මුණුකම; හිතුවක්කාරකම; බලහත්කාරකම. 2. [නා.] පාඩම් නැතිකම; දුර්මුඛ භාවය.
කුපාඩි[වි.] නින්දිත; නොහික්මුණ; සල්ලාල; අශීලාචාර.
කුපිත[වි.] කෝපයට පත් වූ; කිපුණු; ඇවිස්සුණු.
කුපුරිස[නා.] අවමාන, ගැරහුම ආදිය ලත් තැනැත්තා; අසත්පුරුෂයා.
කුපෝෂණය[නා.] මන්දපෝෂණය (=malnutrition).
කුබහ(කථා.) [නා.] වතුර බැස යෑම සඳහා කුඹුරක නියර යටින් තබන පැළූ කිතුල් කඳන් ආදිය.
කුබ්ජ[වි.] පිටින් නැමුණු; කුදු. [නා.ප්‍ර.] අංග හීන වූ ගෙය.
කුබුද්ධි[වි.] නොමනා හෙවත් පහත් බුද්ධිය ඇති; මන්ද බුද්ධික වූ.
කුබුල් දෙනවා[ක්‍රි.] නලියනවා; දඟලනවා.
කුබුස්සනවා(කථා.) [ක්‍රි.] (කටට වතුර ගෙන කලතමින්) කට සෝදනවා.
කුමංජල[නා.] ලාටු විශේෂයකින් සාදා ගන්නා ධූපයක්; කට්ටකුමංජල්.
කුමති[නා.ප්‍ර.] වැරදි මතය; දුර්මතය; මිථ්‍යාදෘෂ්ටික අදහස.
කුමතේරු(කථා.) [නා.ප්‍ර.] තක්සේරුව; වටිනාකම.
කුමදිරි, කුම්මාදිරි[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේ දී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තිය; ඥාන මව; මඤ්ඤා.
කුමන්ත්‍රණය[නා.] පුද්ගලයෙකුට හෝ ආයතනයකට නපුරක් කරනු සඳහා රහසේ කතා කිරීම; නීතිවිරෝධි වැඩක් සඳහා කරනු ලබන රහස් සාකච්ඡාව.
කුමරි, කුමාරි, කුමාරිකා1. [නා.ප්‍ර.] කන්‍යාව; වැඩිවියට නොපැමිණි දැරිය; විවාපත් නොවූ ස්ත්‍රිය. 2. [නා.ප්‍ර.] තරුණිය. 3. [නා.ප්‍ර.] ක්ෂත්‍රිය ආදි උසස් කුලයකට අයත් දැරිය.
කුමරිබඹසර[නා.ප්‍ර.] කුමාරි බ්‍රහ්මචර්යාව; තරුණියක් කන්‍යා භාවය ආරක්ෂාකර ගැනීම.
කුම්තල[නා.ප්‍ර.] අත්කුඹ; කුම්භස්ථලය.
කුම්පඩි(කථා.) [නා.ප්‍ර.] පාරුවල කුඹය සවි කරන ලී කඳ.
කුම්පාදිරි(කථා.) [නා.ප්‍ර.] (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේදී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තා; ඇපකාර පියා; පඤ්ඤා.
කුම්බකාර, කුම්භකාර[නා.ප්‍ර.] මැටි බඳුන් සාදන්නා; කුම්භකාරයා.
කුම්භ රාශිය[නා.] (ජ්‍යෝති.) රාශි චක්‍රයේ එකොළොස්වැනි රාශිය.
කුම්භපද්ම[නා.ප්‍ර.] ඇත්කුඹෙහි පලඳවන නෙළුම් මලක් වැනි රන් ආභරණයක්.
කුම්භය1. [නා.] භාජනය; කළ ගෙඩිය 2. [නා.] රාශි චක්‍රයේ එකොළොස්වැන්න 3. [නා.] ධාන්‍ය මිනුම් ප්‍රමාණයක නාමය; දස අමුණක ප්‍රමාණය. 4. [නා.] කිරුම් ප්‍රමාණය; පලම් පන්සිය දොළහක ප්‍රමාණය 5. [නා.] ඇතාගේ නළල මුදුන දෙපසෙහි ඇති නෙරුම් දෙක; ඇත්කුඹ.
කුම්භස්ථලය[නා.] ඇත්කුඹ.
කුම්භාණ්ඩ[නා.ප්‍ර.] සතර වරම් දෙව්රජුන් අතුරෙන් කෙනෙකු වන විරුඪ වරම් දෙව්රජුගේ පිරිවර වූ දේව ගණය.
කුම්භිලයා, කුම්භීලයා[නා.] කිඹුලා; කුම්භීරයා.
කුම්මාස[නා.ප්‍ර.] යව ධාන්‍යයෙන් සාදන ලද තලප, රොටි හෝ පිට්ටු වැනි ආහාර විශේෂයක්.
කුම්මැහි(කථා.) [වි.] ඉතා ලෝභී; තද මසුරු.
කුම්යට[නා.ප්‍ර.] නැවෙහි රුවල් බඳින කණුව; නැවෙහි කුඹ ගහ.
කුම්හී[නා.ප්‍ර.] සැළිය.
කුමාරකවාදය[නා.] වයසින් මුහුකුරා ගිය තැනැත්තකුට වුව බාල දරුවකු සේ සලකා කථා කිරීම.
කුමාර්ග, කුම්මාර්ග[නා.ප්‍ර.] නොමඟ; වැරදි මාර්ගය.
කුමාරිහාමි[නා.ප්‍ර.] කුලවත් පවුලක කාන්තාව.
කුමැති[නා.ප්‍ර.] දුෂ්ට මන්ත්‍රීවරයා.
කුමින[නා.ප්‍ර.] මසුන් අල්ලන උපකරණයක්; කෙමින.
කුමියුල්[නා.ප්‍ර.] කුඩා මුවා.
කුමිස්(පාරිභා.) [නා.ප්‍ර.] අශ්ව කිරිවලින් පෙරාගන්නා මද්‍යසාර විශේෂයක් (=koumiss).
කුමු[නා.ප්‍ර.] කැස්බෑවා.
කුමුකුළු[නා.ප්‍ර.] කැකුළු; පොහොට්ටුව. [වි.] විහිදුණු; පිපුණු.
කුමුටු වළ[නා.] භූතලය මතුපිට ඇති පැළුමක් කල්යෑමේදී පොළොවෙහි යටට විහිදී ගොස් තැනෙන ඉතා පළල් වූ විවරය; ගිලා බැස්ම.
කුමුටුවනවා[ක්‍රි.] නිමග්න කරවනවා; ගිල්වනවා.
කුමුද, කුමුදු1. [නා.ප්‍ර.] රාත්‍රී කාලයෙහි සඳ කැලුමින් පිපෙතැයි සැලකෙන කුඩා ජලජ පුෂ්ප විශේෂයක්; හෙළුපුල්. 2. [නා.ප්‍ර.] රත්නෙළුම. 3. [නා.ප්‍ර.] ඉතා විශාල සංඛ්‍යාවක නාමය. 4. [නා.ප්‍ර.] කපුරු.
කුමුදබන්ධු1. [නා.ප්‍ර.] චන්ද්‍රයා. 2. [නා.ප්‍ර.] කපුරු.
කුමුදිනවා[ක්‍රි.] කිමිදෙනවා; ගිලෙනවා; නිමග්න වෙනවා.
කුමුදිනිය, කුමුදිනී[නා.] කුමුදු විල.
කුමුදුවනවා, කුමුන්දනවා[ක්‍රි.] මුව තුළට වතුර දමා කලත්තා කට සෝදනවා.
කුමේර[නා.ප්‍ර.] වහලක (විශේෂයෙන් වහල දෙකක් එක් වන තැන) මුදුන් උළු එකිනෙක සවි වන සේ හුනු බදාමෙන් බඳින බැම්ම.
කුඹ1. [නා.] කළගෙඩිය; ඝටය; කුම්භය. 2. [නා.] කුම්භ රාශිය. 3. [නා.] අමුණු දහයක ප්‍රමාණය. 4. [නා.] ඇතාගේ නළල මුදුනෙහි දෙපස ඇති නෙරුම් දෙක; කුම්භස්ථානය. 5. [නා.] ටැඹ, නැව්, ඔරු ආදි යාත්‍රාවල රුවල් නැංවීමට යොදා ඇති කණුව; කුඹ ගස.
කුඹල[නා.] (ගසක) කුහරය; ගස් බෙනය; (බට ආදියෙහි) සිදුර.
කුඹල් ගොයම(කථා.) [නා.] කමතේ දමා මඬවා අවසන් කිරීමට ආසන්න වූ ගොයම.
කුඹල් පෙරහර, කුඹල් පෙරහැර[නා.] මහනුවර ඇසළ උලෙළේ මුල් පෙරහර.
කුඹල්සක[නා.] වළං සෑදීමට උපයෝගී කර ගන්නා චක්‍රය; සකපෝරුව.
කුඹල්හල[නා.] කුඹල්කරුවාගේ කම්හල, මැටි කර්මාන්තය කරන ශාලාව.
කුඹලා1. [නා.] මැටි බඳුන් තනන්නා; වළං සාදන්නා; කුඹල්කරුවා; කුම්භකාරයා. 2. [නා.] බිත්තර දැමීම සඳහා මැටියෙන් ගෙයක් සාදන කෘමි විශේෂයක්.
කුඹහ[නා.] ලියදිවලට ඇළ වේලි ආදියෙන් ජලය ගැනීම හා පිට කිරීම පිණිස කඳන් ආදිය යොදා ගන්නා කුහරය; සොරොව්ව.
කුඹු1. [නා.ප්‍ර.] කළය; ඝටය; කුම්භය. 2. [නා.ප්‍ර.] හස්ති කුම්භය; ඇත් කුඹ. 3. [නා.ප්‍ර.] රාශි චක්‍රයේ එකොළොස්වන කුම්භ රාශිය. 4. [නා.ප්‍ර.] ඇතා; හස්තියා. 5. [නා.ප්‍ර.] නැවෙහි රුවල් බඳින කණුව. 6. [නා.ප්‍ර.] නැව පදවන රිට; සුක්කානම. 7. [නා.ප්‍ර.] කුහුඹුවා.
කුඹුර[නා.] වී ගොවිතැන් සඳහා නියර බැඳ සකස් කොට ගන්නා මඩබිම් කොටස.
කුඹුල(කථා.) [නා.] බෙනය; කුහරය; බිලය.
කුඹුස්සනවා(කථා.) [ක්‍රි.] කලතනවා; කලඹනවා; කලච්චි කරනවා.
කුයිනලනවා(කථා.) [ක්‍රි.] කෑ ගසනවා; හඬ දෙනවා (විශේෂයෙන් කැලෑවේ මුවන්ගේ හඬට මෙසේ කියනු ලැබේ).
කුර අදිනවා(කථා.) [ක්‍රි.] (මීගොනුන් ආදි සතුන්ගේ පාවලින්) පොළොව හාරනවා හෝ බිම පහුරු ගානවා; කුරදනවා.
කුර ගානවා1. [ක්‍රි.] හෙමින් හෙමින් යනවා 2. [ක්‍රි.] නිතර නිතර යනවා.
කුරකෙටුම් දමනවා, කුරුකෙටුම් දමනවා(කථා.) [ක්‍රි.] ගසක කඳෙහි පොත්ත හෝ ඵලය සැස ඉවත් කිරීමට පෙර වෑයෙන් කඳ වටා පළින් පළ කෙටුම් ලකුණු දමනවා.
කුරගැටය(පාරිභා.) [නා.] සමහර බල්ලන්ගේ පාදයෙහි ඇති සම්පූර්ණයෙන් නොවැඩුණු (අනවශ්‍ය) ඇඟිල්ල (=dew claw).
කුරගේ(කථා.) [නා.ප්‍ර.] යම් කාරියක් කිරීමේ දී ඊට ආවරණය සඳහා හෝ ගොයම් පෑගීම ආදි කටයුතුවල දී සෙවණ සඳහා හෝ සාදා ගන්නා තාවකාලික මඩුව.
කුරමුඬ[නා.ප්‍ර.] හිස බූ ගෑ තැනැත්තා; මුඩු හිසක් ඇති තැනැත්තා.
කුරය[නා.] අශ්ව, ගව, එළු ආදි ඇතැම් සිවුපාවුන්ගේ ඇඟිලි හෝ පාද වසා පවතින කොරොස් කොපුව; ක්ෂුරය.
කුරර1. [නා.] උකුස්සා 2. [නා.] කිරලා.
කුරල්[නා.ප්‍ර.] වී කරල.
කුරවල්ල1. (කථා.) [නා.] පොල් කොළවලින් වියන ලද එල්ලාගෙන යන කූඩය 2. [නා.] පොල් කොළවලින් වියා කෙහෙල්කැන් ආදියට යොදන ආවරණය; පිරිවැස්ස.
කුරවලා(කථා.) [නා.] නයි නටවන්නා; අහිගුණ්ඨිකයා.
කුරවි, කුරවී[නා.] මිහිරි නාදයක් ඇති කෝකිල විශේෂයක්.
කුරහන් ගල(කථා.) [නා.] කුරක්කන් ඇට අඹරා පිටි කරන ගල.
කුර්තිඤ්ඤ[නා.ප්‍ර.] තිරය; ආවරණය.
කුර්පර, කූර්පර[නා.ප්‍ර.] වැලමිට.
කුර්බරය1. [නා.] මධ්‍ය කේන්ද්‍රය; භ්‍රමණ කේන්ද්‍රය. 2. [නා.] පෘථිවි ගෝලයේ උතුරේ සිට දකුණට හරි මැදින් වැටී ඇති සේ සලකනු ලබන කල්පිත රේඛාව.
කුරානය[නා.] මහම්මත්තුමාගේ දේශන ඇතුළත්ව අරාබි බසින් ලියා ඇති ග්‍රන්ථ; මුස්ලිම් දේවධර්ම පුස්තකය.
කුරාලය1. [නා.] අතීතයේ මළ මිනී ගෙන යෑම සඳහා උපයෝගී කරගත් මැහි විශේෂයක්; කුම්බය. 2. [නා.] යක් තොවිලයකදී පිදේනි තබා යකැදුරාට දපන්නට තබන මැස්ස. 3. [නා.] ධාන්‍ය ගබඩා කරගැනීම සඳහා තැනෙන මැස්ස; අටුව.
කුරිරු[වි.] රළු; දැඩි; නපුරු; දරුණු; ක්‍රෑර; දුෂ්ට.
කුරු1. [නා.ප්‍ර.] පිසූ සහල්; බත්. 2. [නා.ප්‍ර.] උඳු ඇට තිහක බර හෙවත් නික දෙකක ප්‍රමාණය වන මිනුමක්. 3. [නා.ප්‍ර.] අකුර; අක්ෂරය. 4. [නා.ප්‍ර.] පැළය; කැකුළ; අංකුරය. 5. [නා.ප්‍ර.] පොහොට්ටුව; කැකුළ. 6. [නා.ප්‍ර.] දලුව; ළපටි රිකිල්ල. 7. [නා.ප්‍ර.] කුඩා ගල් කැටය. 8. [නා.ප්‍ර.] අලියා; ඇතා. [වි.] ප්‍රමාණයෙන් කුඩා වූ; මිටි.
කුරුකන්ද1. (කථා.) [නා.] පහන තැබීමට ගෙය තුළ තැනූ කණුව; පාන් කන්ද; පාන් අඩිය. 2. [නා.] බිම හිටවන උස පිත්තල පහන 3. [නා.] වාත්තු පිත්තල පහනේ යටි පැත්තේ කුහරය. 4. [නා.] මැද මිදුලේ ජලය බැස යෑම සඳහා තබන නළය.
කුරුක්කුව(කථා.) [නා.] කෙටි මඟ; දුර නොවූ පාර.
කුරුකුට්ටා[නා.] ඉතා මිටි තැනැත්තා; කුරුකුණ්ඩා; කුරුට්ටා.
කුරුකුටුසාත්තුව(කථා.) [නා.] කුඩා මසුන් ඇල්ලීමට භාවිත කරන ඇහි කුඩා දැල.
කුරුකුන්දම් ගැහෙනවා[ක්‍රි.] ශරීරය වකුටු කර ගන්නවා; ගුළි ගැහෙනවා.
කුරුඟුලාකන[නා.] ඇඳි වස්ත්‍රයේ කොන; රෙදි කොන; නෙරිය.
කුරුට්ට[නා.] ධාන්‍යවල හා ගෙඩි ඇට ආදියෙහි පිටපොත්තට යටින් පිහිටි සිවිය; කුඩ්ඩ; නිවුඩ්ඩ.
කුරුටු ගානවා1. [ක්‍රි.] (ලී, ගෙඩි ආදියෙහි) පිට පොත්ත හෝ සිවිය සූරා දමනවා. 2. [ක්‍රි.] කුමක් හෝ ලියනවා; ඉරි අඳිනවා; නිකරුණේ කිසිවක් මත ඉරි අඳිනවා.
කුරුටු ගී[නා.ප්‍ර.] සීගිරියේ කැටපත් පවුරෙහි ලියා ඇති පද්‍ය.
කුරුණෑ[නා.ප්‍ර.] ඇතා; හස්තියා.
කුරුණෑයකයා(කථා.) [නා.] ඇතුන් බලන්නා; ඇත්ගොවුවා.
කුරුණිය1. [නා.] ධාන්‍ය හෝ ද්‍රව මනින මානයක්; ලාහ. 2. [නා.] ද්‍රෝණයක් හෙවත් ලාස් හතරක ප්‍රමාණය.
කුරුතිඤ්ඤය(කථා.) [නා.] මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමට ළදරුවන් වසා තබන දැල් රෙදි යෙදූ කූඩුවක් වැනි උපකරණය.
කුරුන්දනවා1. (කථා.) [ක්‍රි.] කුරයෙන් බිම පහුරු ගාමින් පොරයට අර අඳිනවා. 2. [ක්‍රි.] කිසිවක් කිරීමට මාන බලමින් ඉන්නවා; කැස කවමින් ඉන්නවා.
කුරුඳු1. [නා.ප්‍ර.] කුළුබඩු සහ ඖෂධ ගණයට අයත් සුවඳවත් පොතු හා කොළ සහිත ශාකයක් 2. [නා.ප්‍ර.] මැණික් ගල් වෙසෙසක්.
කුරුඳු තළනවා[ක්‍රි.] කුරුඳු කෝටු තළා පොත්ත ගලවා ගන්නවා.
කුරුඳුගල[නා.] සැත්කම් ආදියෙහි දී උපයෝගී කරගන්නා සියුම් ආයුධ මුවහත් කිරීමට ගන්නා ගල් වෙසෙසක්.
කුරුඳුවැල[නා.] නාන විට ඇඟ ඉලීම සඳහා භාවිත කළ කුරුඳු ගල් සුණු ලාකඩ හා මිශ්‍ර කොට තනා ගත් ගුළි ඇමුණූ වැල.
කුරුපණ[වි.] ක්‍රෑර; දරුණු; නපුරු.
කුරුපය, කුරුපාව[නා.] වහලක මුදුන් යටලීයට ආධාර වශයෙන් බාල්කයක් මත සිටුවා ඒ යටලීයට සවි කරන මිටි ආධාරක කණුව.
කුරුපස්[නා.ප්‍ර.] කුරු නමැති කුහුඹුවන් විසින් ගුල් හෑරීමේදී ඉවත ලන පස.
කුරුපී[නා.ප්‍ර.] විරූපී තැනැත්තා; අවලක්ෂණ තැනැත්තා.
කුරුබිලිය, කුරුඹිලිය[නා.] රහස් දොරටුව; රහස් දොර; කුඩා දොරටුව.
කුරුම1. [නා.ප්‍ර.] කැස්බෑවා; ඉදිබුවා. 2. [නා.ප්‍ර.] සිලිම් පහක් වටිනා කාසියක්.
කුරුම්බා[නා.ප්‍ර.] නොමේරූ ලොඳ මදය සහිත පොල් ගෙඩිය; වෑවරය.
කුරුම්බැට්ටිය[නා.] පොල් ගෙඩියේ ඉතා ළපටි කුඩා අවස්ථාව; ගොබොල්ල.
කුරුමානම1. [නා.] එල්ලය; ඉලක්කය. 2. [නා.] අරමුණ කරගත් දෙය.
කුරුමානම් කට්ටය[නා.] කුරුමානම් ඇල්ලීම සඳහා තුවක්කුවක කොනේ සවිකර ඇති බොත්තම.
කුරුමිට්ටා(කථා.) [නා.] කුඩා මිටි තැනැත්තා; අඟුටු මිට්ටා.
කුරුරස1. [වි.] කර්කශ; ක්‍රෑර 2. [වි.] කුරිරු අදහස් ඇති.
කුරුල්ලා1. [නා.ප්‍ර.] පියාපත් සහිත පෘෂ්ඨවංශික ද්විපාදයා; පක්ෂියා; සකලයා. 2. [නා.ප්‍ර.] සමහර ශාකවල මුල් අල ආදියෙන් පැන නඟින අංකුරය; මොටෙයියා 3. (කථා.) [නා.ප්‍ර.] ඇතුළෙන් දොර වසා තද කිරීම සඳහා උළුවස්සේ ඇතුළු පැත්තේ සවි කරන ලී කැබැල්ල; අගුල. 4. [නා.ප්‍ර.] ගොයම් කරල; වී කරල.
කුරුලෑ[නා.ප්‍ර.] තරුණ වියේ දී මුහුණේ (කටු සේ) හට ගන්නා කුඩා ගඩු වෙසෙසක්; යෞවන පිළිකා.
කුරුලු පාළුව1. [නා.] පැරණි ගැමියා තම කුඹුරේ වන රොදට ආසන්නව කුරුල්ලන්ගේ ආහාරය සඳහා වෙන් කරන බිම් කොටස. 2. [නා.] වැවකින් ජලය ලබන කුඹුරු කට්ටියක වැව ළඟින් ම සහ ඈතින් ම පිහිටි බඹ පහක් පමණ පළල කුඹුරු පටි දෙක.
කුරුවල්ල(කථා.) [නා.] කිකිළියන් බිජු රක්වනු සඳහා පොල්කොළ පන් ආදියෙන් වියූ කූඩය.
කුරුවලු, කුරුවල්(කථා.) [වි.] යථා පරිදි නොපැසී නරක් වීමට ගිය; මේරීමට පෙර නරක් වූ; කුරෝලු වූ.
කුරුවිටි[වි.] රවුම්; වටකුරු; ගෝලාකාර.
කුරුවින්ද1. [නා.ප්‍ර.] පස් වැදෑරුම් පද්මරාග මාණික්‍යවලින් ඇටිකුකුළු ඇසක රත් පැහැයෙන් යුක්ත යැයි කියනු ලබන ප්‍රභේදය. 2. [නා.ප්‍ර.] පාෂාණ විශේෂයක නාමය; රත්හිරියල්. 3. [නා.ප්‍ර.] කැඩපත; දර්පණය. 4. [නා.ප්‍ර.] බැදිහාල්.
කුරුවීර(කථා.) [වි.] ක්‍රෑර; නපුරු; රෞද්‍ර
කුරුස පිකාදුව(කථා.) [නා.] කුරුසයෙහි ඇණ ගසන ලද ක්‍රිස්තුන් වහන්සේගේ රූ සටහන.
කුරුස යුද්ධය[නා.] 11, 12, 13 යන ශත වර්ෂවල දී යුරෝපයේ ක්‍රිස්තියානින් තම ශුද්ධ භූමිය වූ බටහිර පලස්තීනය මුස්ලිම්වරුන්ගෙන් ගලවා ගැනීම පිණිස කළ ආයුධ සටන.
කුරුසය, කුරිසිය, කුරිසේ1. [නා.] අතීතයෙහි අපරාධකාරයන් ඇණ ගසා මැරීමට උපයෝගී කරගත් කතිරයක හැඩයෙන් යුතු උපකරණය. 2. [නා.] කතිරය; කතිර සටහන. 3. [නා.] මතකය; නිච්චිය; කල්පනාව.
කුරුසාක්කුව[නා.] ඉරීම, කැපීම, යතුගෑම ආදියෙහි දී සීමා වශයෙන් ලෑලිවල සෘජු රේඛා ඇඳ ගැනීම සඳහා භාවිත කරන උපකරණය; වරක්කලය.
කුරුසි සුරුවම[නා.] කුරුසය මත හිඳිනා ක්‍රිස්තුස් වහන්සේගේ රූ සටහන.
කුල ඉහ(කථා.) [නා.ප්‍ර.] ගස් බෙනය.
කුල කාන්තාව[නා.] වංශවත් ස්ත්‍රිය; කුලාඞ්ගනාව.
කුල කියනවා1. (කථා.) [ක්‍රි.] (කරන ලද උපකාර අමතක කර) දෝෂාරෝපණ මුඛයෙන් කථා කරනවා; කළ සුළු උපකාරය ගැන පුන පුනා කියනවා. 2. [ක්‍රි.] කුලය මුල්කොට ගෙන අපහාස කරනවා.
කුල කොත්[වි.] කුලයට කොතක් වූ; කුලය බබළවන; කුල ශ්‍රේෂ්ඨ.
කුල ගෙය1. [නා.] ස්වකීය පරපුරට හෝ කුලයට අයත් ගෙය. 2. [නා.] පවුලක් වසන ගෙය.
කුල දරනවා, කුලය දරනවා[ක්‍රි.] ස්ත්‍රියක කුලයෙන් අඩු පුරුෂයකු සමග යෑමෙන් සිය කුලයට නින්දා පමුණුවනවා.
කුල දරුවා1. [නා.] උසස් පවුලක උපන් තැනැත්තා; මනා හික්මීමකින් යුත් තැනැත්තා. 2. [නා.] පවුලකට අයත් දරුවා; ගෙදරක වසන්නා.
කුල දෙටුවා[නා.] කුලයෙහි ප්‍රධානයා; කුල ජ්‍යෙෂ්ඨයා; පවුලේ ප්‍රධානයා; ගෘහ මූලිකයා.
කුල ධර්මය1. [නා.] කුලයකට නොහොත් පොදු සමාජයට අයත් මුතුන් මිත්තන් විසින් රැක ගෙන ආ ගුණධර්මය. 2. [නා.] කුලවාදය; කුලය පිළිබඳ මතය.
කුල භේදය[නා.] සමාජ කුල හා සම්බන්ධ ව පවතිතැයි විශ්වාස කරනු ලබන උසස් - පහත්බව පිළිබඳ සංකල්පය.
කුල වද්දනවා1. [ක්‍රි.] ක්‍රිස්තියානි ආගම වැලඳ ගන්නට සලස්වනවා; ක්‍රිස්තියානියකු වශයෙන් බවුතීස්ම කරනවා. 2. [ක්‍රි.] පවුලකට සම්බන්ධ කරනවා; කසාද බන්දවනවා 3. (කථා.) [ක්‍රි.] අන් දරුවකු දරුකමකට හදා වඩා ගැනීම සඳහා (නීත්‍යනුකූල ව භාරගෙන) එම දරුවාට තම නම් වාසගම් ආදිය තැබීමෙන් පවුලට ඇතුළත් කර ගන්නවා.
කුල විලෝකනය[නා.] දෙව්ලොව වසන බෝසත්වරු බුදුබව ලබන ජන්මයෙහි උත්පත්තිය ලැබීම සඳහා, මිනිස් ලොව උතුම් කුලයක් ගැන සොයා බැලීම.
කුල සංසර්ගය[නා.] පැවිදි ව සිටිමින් ගිහි කුලයක් සමඟ අගෝචර ලෙස ඉතා කිට්ටු ආශ්‍රයට වැටීම.
කුල සංස්ථාව[නා.] වෘත්තීයමය තත්ත්වයන්ට අනු ව ජන සමාජය නොයෙක් කුලවලට බෙදී තිබූ පිළිවෙළ; කුල සම්මතය.
කුල සඞ්ග්‍රහය[නා.] භික්ෂූන් වහන්සේ කෙනෙකු ගිහි පවුල්වලට මල් පල ආදිය දීමෙන් කරන විනය විරෝධි සංග්‍රහය.
කුල සන්තතිය[නා.] කුලයෙහි අඛණ්ඩ පැවැත්ම; කුල පරම්පරාව.
කුල සම්පත්තිය1. [නා.] උසස් කුලයක් ඇති බව; සමෘද්ධ කුලය. 2. [නා.] කුලයට අයත් සම්පත්තිය.
කුලංදු කරනවා(කථා.) [ක්‍රි.] බොර කරනවා; කලත්තනවා.
කුලකජ්ජලය[නා.] කුලය මුල්කොට ගෙන කරන අපහාසය හෝ නින්දාව; කුලදැලි.
කුලකය1. [නා.] කිසියම් වර්ගයකට අයත් වන සමූහය; සමුදාය; රාශිය. 2. (අලං.) [නා.] එක ම ක්‍රියාකාරක පද සම්බන්ධයකින් අවසන් වන පද්‍ය පහක් හෝ ඊට වැඩි ගණන.
කුලක්ෂය[නා.] වංශයෙහි පරිහානිය; කුලයෙහි විනාශය.
කුලකුමරිය[නා.] උසස් කුලයකට අයත් තරුණිය; කුලීන කාන්තාව.
කුලග[වි.] වංශයට අග්‍ර වූ; කුල පරම්පරාවෙහි අගතැන්පත් වූ.
කුලගුරු[නා.ප්‍ර.] (පාරම්පරික) ආචාර්යවරයා; පුරෝහිතයා; ගුරුවරයා.
කුලඞ්ගාර[වි.] කුලය කිලුටු කරන; කුල විනාශක.
කුලච්චිය1. (කථා.) [නා.] (සතුන් පිට පැටවූ තවලම් නොවැටෙන සේ) බෙල්ල අසුවෙන්ට බඳින බැම්ම. 2. [නා.] තවලම පැටවීමට පෙර පිට උඩට එළන ආස්තරය.
කුලජ[වි.] වංශවත් කුලයක උපත ලත්; කුලදා; කුලවත්.
කුලටාව[නා.] පුරුෂයන් පතා යන්නී; වෛශ්‍යාව; වෙසඟන
කුලදැති[වි.] කුලවැසියන් විසින් දෙන ලද.
කුලදූෂක[වි.] භික්ෂූන් කෙරෙහි සැදැහැවත් කුලයන්ගේ පැහැදීම නැති කරන.
කුලදෙවියා, කුලදේවතාවා[නා.] කුලය විසින් වෙසෙසින් පුදනු ලබන ආගමික උතුමා.
කුලපති[වි.] කුලයෙහි ස්වාමියා වූ; කූල ශ්‍රේෂ්ඨ වූ. 1. [නා.ප්‍ර.] කුලයෙහි ස්වාමියා; කුල ජ්‍යෙෂ්ඨයා. 2. [නා.ප්‍ර.] විශ්වවිද්‍යාලයක නිල වශයෙන් ප්‍රධානයා ලෙස පත් ව සිටින තැනැත්තා (=chancellor).
කුලපල්1. [නා.ප්‍ර.] කුල පාලිකාව; ආචාර සම්පන්න ස්ත්‍රිය; කුලස්ත්‍රිය. 2. [නා.ප්‍ර.] පතිවත රකින කාන්තාව.
කුලප්පුව, කුළප්පුව1. [නා.] ඉක්මන; කඩිමුඩිය; කලබලය; ඇවිස්සීම. 2. [නා.] දඟකාර ස්වභාවය; නොදැමුණුබව.
කුලපිත්, කුලපුත්[නා.ප්‍ර.] උසස් කුලයක උපන් තැනැත්තා; යහපත් හැසිරීමෙන් යුත් තැනැත්තා.
කුලභ්‍රෂ්ට[වි.] කුලයෙන් ගිලිහුණු; පහත් කුලයට ගිය; කුලය වනසන
කුලමානය[නා.] කුලය නිසා ඇති කරගන්නා අහංකාරය; තමන් අන් අයට වඩා උසස් කුලයක ඉපදී ඇතැයි සිතා සිතෙහි ඇති කර ගන්නා ආඩම්බරය.
කුලය1. [නා.] වංශය; ගෝත්‍රය; ජාතිය; පරම්පරාව. 2. [නා.] පවුල; කුටුම්භය; ගේ 3. [නා.] සමූහය; කණ්ඩායම; ගණය; පන්තිය. 4. [නා.] (ජාතිය හෝ ගෝත්‍රය මුල් කරගෙන කරන) අපහාසය; නින්දාව.
කුලවත්[වි.] වංශවත්; උසස් කුලයකට අයත්; කුලීන
කුලවධු[නා.ප්‍ර.] කුල ස්ත්‍රීය; කුල කාන්තාව.
කුලවන්නම[නා.] ක්‍රිස්තු භක්තිය වැලඳ ගැනීමේ දී ලබන නාමය.
කුලවමිය[නා.] කුල කාන්තාව.
කුලවාදය1. [නා.] කුලභේදය පිළිබඳ මතය; වර්ණ ධර්මය; කුල ධර්මය. 2. [නා.] කුලය මතක් කර කරනු ලබන අපහාස කථාව.
කුලසිට, කුලසිටු[නා.ප්‍ර.] උසස් කුලය නිසා සිටු තනතුරු ලැබූ තැනැත්තා; වංශාධිපතිවරයා.
කුලසුර[නා.ප්‍ර.] කුල දේවතාවා.
කුල්1. [නා.ප්‍ර.] ප්‍රීතිය; ප්‍රමෝදය. 2. [නා.ප්‍ර.] කූටය.
කුල්නවා[ක්‍රි.] නාද දෙනවා; රැව් දෙනවා; ප්‍රීති නාද පවත්වනවා.
කුල්පාව(පාරිභා.) [නා.] හිතා මතා කරන වරද; දෝෂය; වරද (=culpa).
කුල්මත්[වි.] සතුටින් මත් වූ; ඉතිරී ගිය ප්‍රීති වේගය ඇති; ප්‍රීතියෙන් උද්දාම වූ. [නා.] උතුරා ගිය ප්‍රීතිය; ප්‍රීතියෙන් වන උද්දාමය.
කුල්ල[නා.] ධාන්‍යාදිය පොළා ගැනීම පිණිස බට, වේවැල් යොදා ගෙන තැනූ උපකරණය. [නා.ප්‍ර.] හුණ බම්බු ආදිය එකට තබා බැඳ තනා ගන්නා පහුරු හෝ යාත්‍රා විශේෂයක්.
කුල්‍ය[වි.] කුලයෙහි වූ; කුලයට අයත්; කුලය හා සම්බන්ධ.
කුල්‍යය[නා.] වපසරිය දක්වන මිණුම් ප්‍රමාණය; ද්‍රෝණ අට.
කුලාචාර1. [නා.ප්‍ර.] කුලයට අයත් සිරිත්; උතුම් පැවැත්ම. 2. [නා.ප්‍ර.] හින්දු තන්ත්‍රවල දක්නට ලැබෙන සප්තවිධ ආචාර වලින් එකක්.
කුලාදර(කථා.) [නා.ප්‍ර.] ගොවියා; කෘෂකයා.
කුලාභිමානය[නා.] කුලය කෙරෙහි පැවති ගෞරවය.
කුලාම්බිකාව[නා.] වංශවත් ස්ත්‍රිය.
කුලාල[නා.ප්‍ර.] කුම්භකාරයා; වළං සාදන්නා.
කුලාල චක්‍රය[නා.] කුඹල් සක පෝරුව.
කුලාව ආණිය(පාරිභා.) [නා.] යන්ත්‍ර නළයක් (සිලින්ඩරයක්) තුළ ඉහළ පහළ යන වටකුරු තහඩුව; පිස්ටනය; ප්‍රේෂකය (=piston).
කුලාවය(පාරිභා.) [නා.] පිස්ටනය ගමන් කරන කුටීරය; සිලින්ඩරය (=cylinder).
කුලැන්දුම(කථා.) [නා.] කුල සලකුණ; තමා අයත් කුලය අනුන්ට හඳුන්වා දීම සඳහා පලඳින සලකුණ.
කුලෑටි[වි.] නුපුරුදු; නුහුරු; කෝඩු; ලජ්ජාශීලී.
කුලික[වි.] කුලයට හෙවත් වංශයට අයත් වූ.
කුලිඞ්ග කුලය, කුලිඟු කුලය[නා.] ශ්‍රී මහ බෝධි පූජාවට මල් සැපයූ පුරාණ කුලය.
කුලිච්චම[නා.] මෙට්ටය; ගුදිරිය.
කුලිප්පරම්(කථා.) [නා.ප්‍ර.] බැළමෙහෙය; කුලී වැඩ; වාල්වැඩ.
කුලිය1. [නා.] අනියම් පදනමක් මත කරන සේවයක් සඳහා (කම්කරු ආදින්ට) ගෙවන ගාස්තුව; දෛනික වැටුප් මිල; බැළය. 2. [නා.] (අන්සතු ගෙවල් ආදිය) පාවිච්චිය වෙනුවෙන් ගෙවන මුදල්; ගාස්තුව.
කුලිස්1. [නා.ප්‍ර.] දියමන්තිය; වජ්‍රය. 2. [නා.ප්‍ර.] දියමන්ති ආයුධය.
කුලී සින්නක්කරය(පාරිභා.) [නා.] ගිවිසගත් පරිදි කිසියම් භාණ්ඩයක වටිනාකම වාරික මගින් ගෙවූ පසු ගැනුම්කරුට එම භාණ්ඩයේ අයිතිය හිමිවීම; ණයට භාණ්ඩ විකිණීමේ ක්‍රමය (=hire purchase).
කුලීකරණය(පාරිභා.) [නා.] කුලියට ගෙන සිටීම; බදු ගෙන සිටීම; බදුකරය (=tenancy).
කුලීන[වි.] උසස් කුලයට අයත්; කුලවත්; වංශවත්.
කුලීර, කුළීර[නා.ප්‍ර.] කකුළුවා.
කුලීරමාව(පාරිභා.) [නා.] ශරීරයේ පටක තුළ විප්‍රකෘති සෛල ඇති වී ඒවා අක්‍රමවත් ලෙස හා අසීමිත ලෙස ගුණනය වීමෙන් හටගන්නා පිළිකා රෝගයක් (=carcinoma).
කුලු ගහනවා[ක්‍රි.] කමතෙහි වී ගොඩ ගසා කුල්ලෙන් පවන් සලා වීවල රොඩු ඉවත් කරනවා; බැත පාහිනවා.
කුලු පත්තා, කුලු පොත්තා[වි.] උණ, බට, වේවැල් ආදියෙන් කුලු, වට්ටි ආදිය සාදන්නා; නළකාරයා.
කුලුණු[වි.] අනුකම්පා සහගත; කරුණාවන්ත.
කුලුන[නා.] ලොකු කණුව; ස්තම්භය; ටැඹ.
කුලුඳුල, කුලුඳුල්ල1. [නා.] වියළි ද්‍රව්‍ය මැනීමේ පැරණි මිම්මක්; පලම් දෙකක නොහොත් අබ ඇට ලක්ෂයක ප්‍රමාණයක බර. 2. [නා.] ද්‍රව මැනීමේ පැරණි මිම්මක්; අඩපත හෝ පත.
කුලුඳුල්1. [වි.] කුලයක (පවුලක) දරුවන් අතරින් අතරින් පළමුවෙන් ඉපදුණු; වැඩිමහල්. 2. [වි.] ප්‍රථම; පළමු.
කුලුපග[වි.] සමීප සම්බන්ධකම් ඇති; හිතවත් වූ
කුලෝපච්ඡේදය[නා.] හඬ; නාදය.
කුවර්ධන(පාරිභා.) [නා.] (ශරීරය) මඳ වශයෙන් වැඩීම හෙවත් වැඩීම බාල වීම; ඌන වර්ධනය (=maldevelopment).
කුවලය[නා.ප්‍ර.] ජලජ පුෂ්ප විශේෂයක්; නිලුපුල්, නිල් මහනෙල්.
කුවිතන්සිය, කුවිතාන්සිය[නා.] මුදල් හෝ බඩු බාහිරාදියක් බාරගත් බව හෝ බාරදුන් බව සඳහන් කර නිකුත් කරන ලියවිල්ල; ලදුපත; රිසිට්පත.
කුවින්දයා[නා.] රෙදි වියන්නා; පෙහෙකම් කරන්නා.
කුවේර[නා.ප්‍ර.] උතුරු දිගට අධිපති දිව්‍යරාජයා; වෛශ්‍රවණයා.
කුශපත්‍ර[නා.ප්‍ර.] පැරණි ශල්‍යවිධි චිකිත්සාවෙහි ලේ පිට කිරීම පිණිස පාවිච්චි කරනු ලබන උපකරණ විශේෂයක්.
කුශල, කුසල[නා.ප්‍ර.] දක්ෂ; සමර්ථ. 1. [වි.] කුසල් වූ; පුණ්‍ය; පින්. 2. [වි.] කල්‍යාණ.
කුශලක්ෂය[නා.] කුසල් හීනවීම, පින් ගෙවී යෑම.
කුශලතා[නා.ප්‍ර.] දක්ෂතාව; සමත්බව.
කුශලය, කුසලය1. [නා.] කුසල් වූව; පින. 2. [නා.] දක්ෂභාවය; කෞශල්‍යය 3. [නා.] නිදොස්බව.
කුශලාකුශල ධර්ම[නා.ප්‍ර.] කුසල් සහ අකුසල්; පින් සහ පව්.
කුශලාධ්‍යාශය[නා.] කුසල් කිරීමේ අදහස; යහපත් අරමුණ; කුසල් සිත.
කුශලානුභාවය[නා.] කුසල් බලය; පින් මහිමය.
කුශාග්‍ර[වි.] සියුම්; තියුණු; තීක්ෂ්ණ.
කුශීල[වි.] දුශ්ශීල; දුර්ගුණ ඇති; දුරාචාරවත්.
කුශුල1. [නා.ප්‍ර.] වී ආදි ධාන්‍ය රැස්කර තබුන තැන; ධාන්‍යාගාරය; වී කොටුව. 2. [නා.ප්‍ර.] ධාන්‍යාගාරය. 3. [නා.ප්‍ර.] බොල් වී.
කුෂ්ඨය[නා.] (තුන් දොස් කිපීමෙන් හටගන්නා) චර්ම රෝග විශේෂයක්.
කුස1. [නා.] බඩ; උදරය; උදර කුහරය; ආමාශය. 2. [නා.] මාතෘකුක්ෂිය; ගර්භය 3. [නා.] (යමක) ඇතුළත අභ්‍යන්තරය; කුහරය; කුක්ෂිය. 4. [නා.] තනය; පියොවුර; පයෝධරය. 5. [නා.] ප්‍රඥාන; ඥානය. 6. [නා.] අකුස්ස; අංකුරය; හෙණ්ඩුව.
කුසංනායක, කුසන්නායක[වි.] තාපය පහසුවෙන් ගමන් නොකරන; තාප සන්නයනයෙන් අඩු.
කුසඔතු, කුසඔත්[නා.ප්‍ර.] එක ම ගර්භාෂයෙන් උපන් තැනැත්තා; සහෝදරයා.
කුසගින්න[නා.] ආහාර අවශ්‍යතාව හේතු කොට ගෙන කුසෙහි ඇති වන දාහය; බඩගින්න; ක්ෂුධාව.
කුසපත1. [නා.] සලාකය; සීට්ටුව. 2. [නා.] උදරය; බඩ.
කුසල කර්මය[නා.] පුණ්‍ය ක්‍රියාව; ලෝභාදි පාපධර්මයන් නසන දාන සීලාදි යහපත් ක්‍රියාව.
කුසල චිත්තය[නා.] (අභි.) නිරවද්‍ය වූ සුඛ විපාක ලබා දෙන සිත; අලෝභ, අදෝස අමෝහයක් මුල් වීමෙන් පහළ වන සිත.
කුසල ඡන්දය[නා.] පින් කිරීමේ ආශාව.
කුසල ධර්මය[නා.] ළාමක වූ පාප ධර්මයන් විනාශ කරන ධර්මය; පුණ්‍ය ක්‍රියාව.
කුසල මූලය[නා.] කුසලයට මූලික හේතුව වන අලෝභ, අදෝස සහ අමෝහ යන ත්‍රිවිධ හේතු.
කුසල විපාකය[නා.] පුණ්‍ය ක්‍රියාවෙන් ලැබෙන සැප විපාකය; පින්පලය.
කුසලාන1. [නා.] චෂකය; විත; පැන් බඳුන; කෝප්පය. 2. [නා.] කුසල් පතා මහසඟනට පිදු ඉඩම; විහාරගම. 3. [නා.] පිඟාන. 4. [නා.] නෑඹිලිය. 5. [නා.] ක්‍රීඩා තරඟයකදී ජයග්‍රාහකයන්ට පිරිනමන ලෝහමය බඳුන් විශේෂයක්.
කුස්ටේසියා(පාරිභා.) [නා.ප්‍ර.] බොහෝ කොට ජලයෙහි ජීවත්වන ඉස්සන්, පොකිරිස්සන්, කකුළුවන් වැනි සතුන් ඇතුළත් සන්ධිපාදක සත්ත්ව ගණය; ආත්‍රොපෝඩා වංශයේ වර්ග සතරින් එකක් (=crustacea).
කුස්තූර තලය(පාරිභා.) [නා.] ඉරිතැළීම් සහිත පාෂාණ ස්තරය (=joint plane).
කුස්තූරය1. (පාරිභා.) [නා.] බිත්ති තාප්ප ආදිය බැඳීමේ දී ගල් ගඩොල් එකිනෙක අතර ඇති වන ඉඩ. 2. [නා.] යම් වස්තු දෙකක් අතර ඇති පටු පරතරය; ඉඩහවුව. 3. [නා.] හිදස පිරවීමට දමන බදාමය. 4. [නා.] ආතතිය නිසා පාෂාණයක ඇති වන බිඳීම් හෝ ඉරිතැළීම්. 5. (පාරිභා.) [නා.] මූට්ටුව; පෑස්ම (=joint).
කුස්සිය1. (පාරිභා.) [නා.] ඇතුළු කාමරය. 2. [නා.] ගෘහයක ආහාර පිසීම සඳහා වෙන්කර ඇති කොටස; මුළුතැන්ගෙය; ගිනිහල් ගෙය.
කුසිම[නා.] පුළුන්, රබර්, කොහු වැනි ද්‍රව්‍ය යෙදීමෙන් තනා ගනු ලබන මෙට්ට විශේෂයක්.
කුසී, කුසීත[වි.] අලස; කම්මැළි.
කුසීදකයා[නා.] අධික පොළියට මුදල් ණයට දෙන්නා; ගිනි පොළීකාරයා.
කුසීද්‍යය[නා.] කම්මැළිකම; අලසබව.
කුසුම1. [නා.] මල; පුෂ්පය. 2. [නා.ප්‍ර.] ගෙඩිය.
කුසුමකේතු[නා.ප්‍ර.] අනංගයා.
කුසුමවිය[කුසුම්+අවිය] [නා.] මල් දුන්න ඇති තැනැත්තා; අනංගයා.
කුසුම්කඩ1. [නා.ප්‍ර.] හිසෙහි පලඳින මල්දම. 2. [නා.ප්‍ර.] මල් හී ඇත්තා; අනංගයා.
කුසුම්දල[නා.ප්‍ර.] මල් පෙත්ත.
කුසුම්සර1. [නා.ප්‍ර.] මල් නමැති ඊතලය. 2. [නා.ප්‍ර.] මල් හී ඇත්තා; අනංගයා.
කුසුමාගමයා[නා.] වසන්ත කාලය.
කුසුමාඤ්ජන[නා.ප්‍ර.] පිත්තලවල බැඳෙන නිල් පාට මල.
කුසුමාසව1. [නා.ප්‍ර.] මල් පැණි; මධු. 2. [නා.ප්‍ර.] මල්වලින් හෝ මී පැණියෙන් සෑදෙන සුරාව.
කුසුමෝදර[කුසුම+උදර] [නා.ප්‍ර.] මලක ඇතුළත පුෂ්ප ගර්භය.
කුහකයා1. [නා.] තමා තුළ නැති ගුණ ඇති සේ හඟවන තැනැත්තා. 2. [නා.] අනුන් යහපත නොරුස්නා තැනැත්තා; ඊර්ෂ්‍යා සහගත පුද්ගලයා.
කුහන, කුහනා[නා.ප්‍ර.] ලාභ සත්කාර සඳහා නැති ගුණ පෙන්වීමෙන් අනුන් විස්මයට පත් කිරීම.
කුහරනය(පාරිභා.) [නා.] ඝන වස්තුවක් ද්‍රවයක ගමන් කරන විට ඒ වස්තුවේ පසු පසත් ද්‍රව්‍යයත් අතර කුහරයක් සෑදීම (=cavitation).
කුහරය1. (පාරිභා.) [නා.] කුහර සහිත තැන; විවරය. 2. [නා.] ඇතුළ; කුක්ෂිය; ගර්භය. 3. [නා.] වළ; කෙවෙණිය(=socket). 4. (පාරිභා.) [නා.] ප්‍රණාලයක සිදුර (=lumen).
කුහුල1. [නා.] අපූර්ව වස්තු විෂයයෙහි ජනිත වන ආශාව; යමක් හාරා අවුස්සා බැලීමේ කැමැත්ත; කුතුහලය. 2. [නා.] විස්මය; පුදුමය. 3. [නා.] සැකය; ශඞ්කාව; කුකුස.
කුළ1. [නා.] කන්ද; පර්වතය; කූටය; කන්දක හෝ පර්වතයක මුදුනත; ගිරිකුළ; ශිඛරය. 2. [නා.] සොරකම; වංචාව; සොරා ගත් දේ; අසත්‍යය. 3. [නා.] ගල් ලෙන. 4. [නා.] ගල් කැඩීම, යකඩ තැළීම ආදිය සඳහා ගැනෙන බර මිටිය; කුළු ගෙඩිය; යකුළ.
කුළම[නා.] වැව.
කුළම්බුව[නා.] බෙහෙත් ද්‍රව්‍ය තලා හෝ අඹරා සාදා ගන්නා උකු ඖෂධ යෝගය; ගින්නෙහි පැසවා සාදා ගන්නා ආටෝප සහිත බෙහෙත් කායම.
කුළල1. [නා.] නළයක් හෝ බටයක් වැනි දෙය. 2. [නා.] නළාව. 3. [නා.] බෙල්ල; ග්‍රීවය; බොටුව.
කුළල් කාගන්නවා1. [ක්‍රි.] ආරාවුල් කරනවා; අරගල කරනවා; සණ්ඩු දබර කරනවා. 2. [ක්‍රි.] තරගකාරී ව එකිනෙකාට විරුද්ධ ව ක්‍රියා කරනවා.
කුළාව[නා.] තෙල් ඉදිකටු ආදිය දමන කුප්පිය හෝ (බට පුරුක් වැනි දෙයකින් කළ) කොපුව.
කුළු1. [වි.] කටුක; කර්කශ; අමිහිරි. 2. [වි.] නපුරු; රෞද්‍ර; හීලෑ නැති; චණ්ඩ; කපටි; වංචා සහගත; ප්‍රයෝගකාර. 1. [නා.ප්‍ර.] කන්දක හෝ පර්වතයක මුදුන; ගිරිකුල; ශිඛර; පර්වත. 2. [නා.ප්‍ර.] සොරකම; වංචාව; සොරා ගත් දේ. 3. [නා.ප්‍ර.] ගල් ලෙන. 4. [නා.ප්‍ර.] කට දවන රසය; කුළු රසය. 5. [නා.ප්‍ර.] වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන තුන් වර්ගය. 6. [නා.ප්‍ර.] කුකුළා; කුක්කුට පක්ෂියා. 7. [නා.ප්‍ර.] කුඩා ගෙය; කුටි.
කුළු ගන්නවා[ක්‍රි.] මුදුන්පත් වෙනවා; මස්තකප්‍රාප්ත වෙනවා.
කුළු ගසනවා[ක්‍රි.] කුළු ගෙඩියෙන් හෙවත් මහ මිටියෙන් ගසා තළනවා.
කුළු ගෙඩිය[නා.] ගල් කැඩීමට හා යකඩ තැලීමට ගන්නා මහ මිටිය යකුළ.
කුළු බිත්තිය(පාරිභා.) [නා.] පළ දෙකක් සහිත ගෙයක දෙකෙළවර පිහිටි බිත්තිවල ත්‍රිකෝණාකාර වූ උඩු කොටස (=gable wall).
කුළු රසය[නා.] කර්කශ රසය; කටුකරසය.
කුළු සිත[නා.] නොහික්මුණු මනස; නොදැමුණු සිත.
කුළුකහවණු[නා.ප්‍ර.] සොර කාසි; ව්‍යාජ කහවණු.
කුළුගෙය, කුළුගේ1. [නා.] එක් කැණිමඩලක් සහිත ව කළ ගෘහය; කූටාගාරය; කේතු ආකාර වහලින් යුතු ගෙය හෝ මණ්ඩපය. 2. (කථා.) [නා.] විශාල ගෙය.
කුළුදිය[නා.] කටුක රසයෙන් යුත් ජලය; අමිහිරි ජලය; කටුක උදකය.
කුළුදොර[නා.] (ලීවරයකින් ක්‍රියා කරවන) කුඩා දොර (=trap door).
කුළුබඩු, කුළුබඬු[නා.ප්‍ර.] සැර සුවඳින් හා කටුක රසින් යුත් උද්භිද ද්‍රව්‍ය; තුනපහ.
කූචකාහදාහය(පාරිභා.) [නා.] පයෝධර අස්ථියේ වාත සෛලවල ඉදිමුම හෙවත් තඩිස්සිය (= mastoiditis).
කූජනය[නා.] (විශේෂයෙන් ම) පක්ෂීන්ගේ නාදය; නාද කිරීම; හැඬීම.
කූඤ්ඤ ගහනවා1. [ක්‍රි.] (කථා.) දර පැළීම, ලණු ඇදීම ආදිය සඳහා කූඤ්ඤ සවි කරනවා 2. [ක්‍රි.] (කිසිවෙකුගේ කාර්යයකට) බාධා පමුණුවනවා; (රහසිගතව) හානි පමුණුවනවා.
කූඤ්ඤය[නා.] මුල සිට ක්‍රමයෙන් සිහින් වී යන කෙටි (ලී ලෝහ වැනි තද ද්‍රව්‍යයකින් සාදන ලද) උල.
කූට[වි.] බොරුකාර; කපටි; වංචා සහගත; ප්‍රයෝගකාර.
කූටක1. [වි.] කපටි; වංචාකාර; කුහක; ව්‍යාජ. 2. [වි.] ඉතා තද ඉර අවුව පවතින; මධ්‍යාහ්නයෙහි වූ.
කූටකය1. [නා.] (කන්දක හෝ පර්වතයක) මුදුන; (ගිරි) කුළ; ශිඛරය. 2. [නා.] ඉදිරියට නෙරා ගිය කොටස; උන්නත ස්ථානය; අක්ෂිකූටය. 3. [නා.] ඉර මුදුන් වේලාවේ වූ තද අවුව. 4. (පාරිභා.) [නා.] ක්ෂීරපායි ගණයට අයත් සත්ත්වයන්ගේ නාසයට සම්බන්ධ ප්‍රදේශයේ පිහිටා ඇති දෙකට බෙදීගිය සිහින් සිවියක් වැනි පැතලි ඇටය(=vomer).
කූටගන්ධ[නා.ප්‍ර.] තද දුගඳ; බලවත් දුර්ගන්ධය.
කූටතලා[නා.ප්‍ර.] හොර තරාදිය; කිරුමේදී වංචා කළ හැකි තරාදිය.
කූටදන්ති(පාරිභා.) [වි.] චාර්වක දන්ත මස්තකයෙහි හරස් දාර ඇති (=lophodont).
කූටමාන[නා.ප්‍ර.] හොරට කිරීම හෝ මැනීම; කපටි මිනුම.
කූටය1. [නා.] කන්දක හෝ පර්වතයක මුදුන; ගිරිකුල; ශිඛරය. 2. [නා.] ශංකුචක ස්වරූපය ගත් වහලක මුදුන; කැණිමඬල; කර්ණිකාව. 3. [නා.] (ශරීරයේ ඇඟිලි ආදි ස්ථානවල, කෙළවර; මුදුන. 4. [නා.] කුළු ගෙඩිය; යකුළ; යකඩ මිටිය. 5. [නා.] ගොඩ; රාශිය. 6. (පාරිභා.) [නා.] හකු දතක ශිඛර සම්බන්ධ කරන මුදුන් වැටිය; චාර්වක දතක තුණ්ඩ සම්බන්ධ කරන දාරය (= loph).
කූටස්ථ1. [වි.] උදාසීන. 2. [වි.] මධ්‍යස්ථ. 3. [වි.] නිත්‍ය වූ; ස්ථිර. 4. [වි.] මුදුනෙහි සිටි.
කූට්ටරවුව, කූට්ටරව්ව[නා.] (ක්‍රිස්ති.) සමූහය; කණ්ඩායම; එකතුව.
කූට්ටාණෙ(කථා.) [නා.] (බුලත් ආදිය දමන) කුඩා මල්ල; හැඹිලිය.
කූට්ටාළියා, කුට්ටාලියා(කථා.) [නා.] එකට කටයුතු කරන්නා; සගයා; සහචරයා; යහළුවා.
කූට්ටු1. [වි.] කිට්ටු; එකතු; සම්බන්ධ; යාළු; අනියම් සම්බන්ධයකින් යුතු. 2. [වි.] එක් කරන; මිශ්‍ර කරන.
කූටාගාරය[නා.ප්‍ර.] තනි මුදුනක් ඇති ගෙය; කේතු ආකාර මුදුනක් සහිත ගෙය; කුළාර ගෙය.
කූටෝපාය[නා.ප්‍ර.] කපටි උපක්‍රමය; දුෂ්ට ප්‍රයෝගය.
කූඩම, කුඩම[නා.] මඩුව; මණ්ඩපය; කුටිය.
කූඩය[නා.] වේවැල් ඉඳිකොළ ආදියෙන් කළ පැස; ගල්, පස් ඇදීමාදියට ගන්නා වේවැල් බට පතුරු ආදියෙන් තැනූ පේටිකාව.
කූඩාරම[නා.] කැන්වස් රෙදි ආදියෙන් තනන ලද පහසුවෙන් ඔබමොබ ගෙන යා හැකි මඬුව.
කූඩාරම් ඇඳ[නා.] ආරුක්කු වියනක් සහිත පැතිවලින් ආවරණය කරනු ලැබූ ඇඳ.
කූඩු කරත්තය(කථා.) [නා.] වහලක් සහිත ගැල; අඹරාව බැඳි කරත්තය.
කූඩු කරනවා1. [ක්‍රි.] කොටුවකට හෝ කූඩුවකට දමා හිර කරනවා; කොටු කරනවා. 2. [ක්‍රි.] එකතු කරනවා; රැස් කරනවා; සපයනවා.
කූඩු තියනවා[ක්‍රි.] උළු ගඩොල් ආදිය කපා වියළීම සඳහා එකිනෙකින් ඈත් කොට තබනවා.
කූඩුව1. [නා.] කුරුල්ලන්ගේ නිවහන; කැදැල්ල. 2. [නා.] (බල්ලන් කුරුල්ලන් ආදි) සතුන් රඳවා තබා ගැනීම සඳහා සාදාගනු ලබන කොටුව. 3. [නා.] හැඩහුරුකම්වලින් යුත් වටේට ආවරණය කරන ලද තාවකාලික පහන් විශේෂය; (එළිය) කූඩුව. 4. [නා.] තීන්ත වත් කොට තබන කුඩා භාජනය; තීන්ත කුප්පිය. 5. [නා.] නඩුවල පාර්ශ්වකරුවන් සහා උසාවියක (විනිශ්චයාසනය ඉදිරිපිට දෙපස පිහිටි) කොටු කළ ස්ථානය; සාක්කි කූඩුව. 6. [නා.] පොලීසියෙහි ඇති සිර කූඩුව; හිරමැදිරිය; බන්ධනාගාර ගත වූවන් රඳවා තබන සිර මැදිරිය. 7. [නා.] කරත්තයේ වහල; අඹරාව. 8. (කථා.) [නා.] කුඩා ගෙය; පැල. 9. [නා.] සැලැස්ම; ආකෘතිය; පඤ්ජරය.
කූණිතදාහය[නා.] අක්ෂි ගෝලයේ තන්තුමය වැස්මේ පූර්ව කොටසේ ඇතිවන දාහය.
කූණිතය[නා.] අක්ෂිගෝලයේ තන්තුමය වැස්මේ පූර්ව කොටස.
කූනම, කූණම[නා.] රජු ඇමති ආදි උසස් කුලවතුන් ගමන් යෑම සඳහා යොදාගනු ලැබූ දෝලා හෝ පල්ලැක්කි විශේෂයක්.
කූනිත්ත(කථා.) [නා.] ඉතා කුඩා ප්‍රමාණය; ඩිංග; ටික; ස්වල්පය.
කූප පාෂාණය[නා.] සිදුරු සහිත ගල.
කූප මණ්ඩුකයා[නා.] (ළිං මැඬියා යනු වාච්‍යාර්ථයි) මඳ දැනුමක් ඇත්තා.
කූප යෂ්ටිය[නා.] නැව්තොටෙහි දී නැව නවත්වා බැඳ තබන කණුව.
කූප ශාස්ත්‍රය[නා.] ශිල්ප විධි අනු ව ළිං කැණීම උගන්වන ශාස්ත්‍රය; කූප කලාව.
කූපකය1. [නා.] නැවෙහි කුඹ ගස. 2. [නා.] ඉන්න. 3. [නා.] ළිඳ.
කූපදන්තී(පාරිභා.) [වි.] දත් පිහිටා ඇති ඇටයෙහි ම කෙවෙණියක් තුළ දත් පිහිටි (=thecodont).
කූපනය1. [නා.] බලපත්‍ර විශේෂයක්; සලාක පත්‍රය. 2. [නා.] (පුවත්පත් ආදියෙහි පළවන) හරස්පද ප්‍රහේලිකාදියේ හෝ ලිපිනය සඳහන් කොටස.
කූපය1. [නා.] වළ; ළිඳ. 2. [නා.] සමෙහි ඇති සිදුර; ලොම් ගස් හෝ කෙස් ගස් තිබෙන සිදුර. 3. [නා.] කෙවෙණිය. 4. [නා.] ශාක ව්‍යුහයක ඇති සිදුර හෙවත් අනෙක් ශෛලයන් හා සම්බන්ධ වන පරිදි සෛල බිත්තිය තුනී වූ තැන. 5. (පාරිභා.) [නා.] (සත්ත්ව ශරීරයෙහි කොටසක් වූ) කුඩා වළ; ක්ෂීරපායී ගණයට අයත් සතුන් ගේ රෝමකූප මෙන් කුඩා කුහරයක් බඳු වූ කොටස දෘතිකාව; ස්‍යුනිකාව (=follice). 6. [නා.] වායු පීඩනයේ අවනතිය. 7. [නා.] නැවෙහි කුඹ ගස.
කූපර් ග්‍රන්ථිය[නා.] ක්ෂීරපායි ගණයට අයත් සතුන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය දෙපැත්තෙහි තිබෙන ග්‍රන්ථි යුවලක්.
කූපාලය[කූප+ආලය] [නා.] ළිඳ හා සම්බන්ධ ගෘහය.
කූපිකා[නා.ප්‍ර.] කුඩා බෝතලය; කුප්පිය.
කූබරය1. [නා.] රෝදයේ බොස් ගෙඩිය; චක්‍රනාභිය. 2. [නා.] රථයක ඒරියකඳ.
කූමය1. (පාරිභා.) [නා.] කඳු පැත්තක ඇති කුඩා නිම්න භූමිය. 2. [නා.] වෙරළින් උඩට දිවෙන කුඩා නිම්න භූමිය.
කූඹිත්ත[නා.] ඉතා ම ස්වල්ප වූ ප්‍රමාණය; ස්වල්පය; ඇබිත්ත.
කූර1. [නා.] ලීයෙන් හෝ ලෝහාදියකින් සැදූ සිහින් තුඩක් ඇති උල; උලක් වැනි දෙය; ශලාකාව. 2. [නා.] කොළවල ඇති නාරටිය; නැට්ට; ඉරටය. 3. [නා.] කාන්තාවන්ගේ බැඳි කොණ්ඩයෙහි පලඳන ආභරණයක්; කොණ්ඩ කූර. 4. [නා.] සිහින් දිගටි කෑල්ල. 5. [නා.] ඉත්තෑකූර. 6. [නා.] අංකුරය.
කූරටය1. [නා.] උල් කළ කෝටුව; ඉරටුව. 2. [නා.] යකඩ කූර.
කූරපයිය1. [නා.] (බුලත්විටට අවශ්‍ය දේ බහා තබා ගැනීම සඳහා රෙදිවලින් තනාගත්) කුඩා පසුම්බිය; බුලත් පයිය. 2. [නා.] (බඩුබාහිරාදිය බහා උරෙහි ලාගෙන යෑම සඳහා රෙදි කැන්වස් ආදියෙන් තනාගත්) ඔලොගුව; පසුම්බිය.
කූරල්(කථා.) [වි.] කුණු වූ; නරක් වූ.
කූර්පර, කුර්පර1. [නා.ප්‍ර.] වැළමිට; වැළමිටි සන්ධිය. 2. [නා.ප්‍ර.] වැළමිට ළඟ සන්ධියෙහි වූ මර්මය.
කූර්ම1. [නා.ප්‍ර.] ඉදිබුවා; ඉබ්බා. 2. [නා.ප්‍ර.] ඉදිබුවකු වශයෙන් සලකන ලද පෘථිවි ගෝලය.
කූර්මපෘෂ්ඨ භූමිය[නා.] ඉදිබු පිටක් මෙන් මැදින් උස් වූ බිම් පෙදෙස; හාත්පසින් පහත් ව මැදින් උස් ව ඇති බිම් පෙදෙස.
කූරු කපනවා(කථා.) [ක්‍රි.] පුවක්ගෙඩි ආදියෙහි කුරුටු ඉවත් කරනවා; පිටපොත්ත සූරා දමනවා.
කූරු ගානවා1. [නා.] (කූරකින් හැන්දකින්) මිශ්‍ර කරනවා; කලවම් කරනවා; හැඳි ගානවා. 2. [නා.] පිහියකින් පිටපොත්ත ගා දමනවා; සූරා දමනවා; පෙරං ගානවා.
කූරු පොංචිය(පාරිභා.) [නා.] ලෝහ හම් ආදියේ හිල් විදින කූරක් සහිත උපකරණය (=pin punch).
කූරු යතුර[නා.] මුරිච්චියක් තද කිරීමට හෝ බුරුල් කිරීමට හෝ යොදා ගන්නා කූරක් වැනි යතුරු විශේෂය (=pin spanner).
කූරු වැල්වය(පාරිභා.) [නා.] මෝටර් රථයක කාබියුරේටරයේ ඉපිලි කාමරයේ ඇති කූරක් බඳු වෑල්වය (=valve needle).
කූරුපත්ත(කථා.) [නා.] පැරණි රෙදි වියන යන්ත්‍රයෙහි මල් වැඩ දැමීම පිණිස උපකාරයට ගන්නා කුඩා ලෑලිපත්ත; රෙදි කැටයම් දමන පෙතිකූර.
කූරුපුවක්(කථා.) [නා.ප්‍ර.] පිට ලෙල්ල පමණක් ඉවත් කළ මේරූ පුවක්.
කූරුව1. [නා.] කොටස; පංගුව. 2. [නා.] සිංහල රජුන්ගේ අවධිවල ලංකාව බෙදී තිබුණු පාලන ඒකකයක්. 3. [නා.] වෙන්දේසි පොළ.
කූලචර[වි.] ගංගා වැව් ආදියේ ඉවුරු ආශ්‍රිත ව වසන. [නා.ප්‍ර.] ගංගා වැව් ආදියේ ඉවුරු ආශ්‍රිත ව වෙසෙන සතුන්ගේ මස්.
කූලෝමය(පාරිභා.) [නා.] විද්‍යුත් ප්‍රමාණය මිනීමේ ප්‍රායෝගික මිනුම් ඒකකය (=coulomb).
කූව1. [නා.] සමෙහි ඇති සිදුර; කූපය. 2. [නා.] ශාක ව්‍යුහයක ඇති සිදුර, අනෙක් සෛල හා සම්බන්ධ වන පරිදි සෛල බිත්තිය තුනී වූ තැන. 3. [නා.] සත්ත්ව ශරීරයෙහි මඩියක් හෝ කෝෂයක් වැනි වු කොටස.
කූවරය[නා.] රථයක ඒරියකඳ.
කූවර්ණක(පාරිභා.) [නා.ප්‍ර.] (ඇතැම්) ගස්වල ඇතුළු පොත්තෙහි ඇති සෛල තුළ ඇති කහ දුඹුරු වර්ණයෙන් යුත් ද්‍රව්‍යයක්.
කෘකය(පාරිභා.) [නා.] මුඛ කුහරයත් ග්‍රසනිකාවත් අතර වූ අවකාශය (=fauces).
කෘච්ජු[වි.] දුෂ්කර වූ; අමාරු; අපහසු.
කෘත[වි.] කරන ලද; කළා වූ.
කෘතඉතිරිකිරීම්[නා.ප්‍ර.] බලපෑමෙන් කරන ඉතිරි කිරීම: කෘත විරමණය.
කෘතක[වි.] ක්‍රියාවෙන් ඇති වූ; ක්‍රියාවෙන් නිපන්.
කෘතකරණීයයා[නා.] කරන ලද කටයුතු ඇත්තා.
කෘතගුණ[නා.ප්‍ර.] තමාට කරන ලද උපකාරයක් සිහිකර එයට දක්වන සැලකිල්ල; කෙළෙහිගුණය.
කෘතඝ්න[නා.ප්‍ර.] කළගුණ නොදන්නා අකෘතඥයා; ගුණ මකුවා.
කෘතඥ[වි.] කළගුණ දන්නා වූ; කෘතවේදී.
කෘතපුණ්‍ය[වි.] කරන ලද පින් ඇති; පින්වත්; භාග්‍යසම්පන්න.
කෘතපෞරුෂ[වි.] ධෛර්යවත්.
කෘතලක්ෂණ[වි.] උතුම්; ප්‍රශස්ත.
කෘතවෘද්ධ[වි.] ක්‍රියාවෙන් වැඩිහිටි බවට පත්.
කෘතශ්‍රම[වි.] දුෂ්කර; අමාරු.
කෘතසංසර්ග සමාජය[නා.] පොදු වගකීමකින් යුක්ත ව ආයතනයක් හෝ සමාගමක් හෝ වශයෙන් නීත්‍යනුකූල ව ලියාපදිංචි වූ ඒකාබද්ධ පුද්ගල සමුදාය; සංස්ථාව.
කෘතහස්ත[වි.] කරන ලද අභ්‍යාස ඇති; පළපුරුදු; අතිශයින් දක්ෂ.
කෘත්‍ය[වි.] කළ යුතු; සිදු කළ යුතු.
කෘත්‍යකාරී[වි.] කටයුතු කරන සුලු; ක්‍රියාකාරී. [නා.] කටයුතු කරන්නා; ක්‍රියාකාරකයා.
කෘත්‍යය1. [නා.] කළ යුත්ත; වැඩය. 2. [නා.] ආගමික චාරිත්‍ර; වතාවත්; වත්පිළිවෙත්. 3. [නා.] ක්‍රියාව; ඉන්ද්‍රියවලින් හෝ චිත්ත චෛතසික ධර්මවලින් සිදුවන ක්‍රියාව. 4. (පාරිභා.) [නා.] සෛලයක හෝ පටකයක හෝ අවයවයක හෝ සාමාන්‍ය ජීව ක්‍රියාව (=function). 5. [නා.] සැලසුම් කරන වැඩපිලිවෙළ; යෝජනා ක්‍රමය. 6. [නා.] හැසිරීම් විලාසය; පැවැත්ම.
කෘත්‍යාධිකාරි[වි.] කටයුත්තෙහි ප්‍රධානත්වය ඇති; කාර්ය සම්පාදක. [නා.ප්‍ර.] කාර්ය භාර ප්‍රධානයා.
කෘත්‍යාධිකාරි මණ්ඩලය1. [නා.] කටයුතු ඉටු කරන සාමූහික පිරිස; කාර්ය සාධනය ඉටු කරන සාමාජිකයන්ගෙන් තෝරා පත්කර ගත් සභාව. 2. [නා.] කැබිනට් මණ්ඩලය; ඇමති මණ්ඩලය.
කෘත්‍රිම1. [වි.] ස්වාභාවික නොවන; ස්වභාවයට එකඟ නොවූ. 2. [වි.] යාන්ත්‍රික ව හෝ අතින් කරන ලද. 3. [වි.] කල්පිත; සිතින් මවා ගත්.
කෘත්‍රිම උල්ලේඛය(පාරිභා.) [නා.] ලෝහ වැඩවල දී සූරා දමා ද්‍රව්‍ය ඉවත් කිරීම පිණිස යොදා ගන්නා සිලිකන් ආදි ද්‍රව්‍යයන්ට ව්‍යවහාර කරන නාමය (=artificial abrasive).
කෘත්‍රිම ක්ෂිතිජය(පාරිභා.) [නා.] ආකාශ වස්තුවල උන්නතාංශය මැන ගැනීම සඳහා භාවිත කෙරෙන උපකරණය (=artificial horizon).
කෘත්‍රිම කාන්දම(පාරිභා.) [නා.] කාන්දම් ශක්තිය පොවා තනාගත් කාන්දම; නිර්මිත චුම්බකය.
කෘත්‍රිම චන්ද්‍රිකාව(පාරිභා.) [නා.] මිනිසා විසින් තනනු ලැබ අජටාකාශ ගවේෂණ කටයුතු සඳහා ගුවන්ගත කළ විමාන විශේෂයක්.
කෘතාඤ්ජලී[වි.] දෑත් එක් කොට නළල වෙත නැවුණු; ඇඳිලි බැඳි.
කෘතාධිකාර[කෘත+අධිකාර] [වි.] කරන ලද ප්‍රාර්ථනා; අධික ව කරන ලද පින් ඇති.
කෘතාන්තය[නා.] ක්‍රියා ඵලය; මරණය.
කෘතාන්තයා[නා.] මාරයා; යමයා.
කෘතානුකුල්‍යතාව[නා.] ප්‍රසන්න ගතිය; ප්‍රියවාදි බව.
කෘතාර්ථ[වි.] ඉටු වූ බලාපොරොත්තු ඇති; අදහස් සමෘද්ධ වූ.
කෘතාවතාර[කෘත+අවතාර] [නා.ප්‍ර.] පහළවීම; උපත.
කෘතිය[නා.] කරන ලද දෙය; නිර්මාණ කරන ලද්ද; රචනාව; ග්‍රන්ථය.
කෘතිවරයා[නා.] කාර්ය කුශල වූ තැනැත්තා; පඬිවරයා.
කෘතෝපකාරය[කෘත+උපකාර] [නා.] කළ උපකාරය.
කෘදන්ත[නා.ප්‍ර.] (ව්‍යාක.) ධාතුවලින් පර ව විවිධ අර්ථ ප්‍රකාශන ප්‍රත්‍ය යෙදීමෙන් සාදා ගනු ලබන ප්‍රත්‍යායාර්ථ ශබ්ද.
කෘන්තක[වි.] දත්වලින් කපන; කැපීමට හැඩ ඇති දත් සහිත.
කෘන්තකයා[නා.] එක ඇන්දක දත් දෙක බැගින් කෘන්තක දත් ඇති ක්ෂිරපායී ගණයට අයත් (මීයා, ලේනා ආදි) සතා; ලෑටි ගාන්නා.
කෘන්තනය[නා.] ශල්‍යකර්මයක දී සැත් පිහියෙන් කැපීම.
කෘපණ1. [වි.] බැගෑපත්; දිළිඳු; දීන; දුක්ඛිත; අභාග්‍යසම්පන්න. 2. [වි.] මසුරු; ලෝභී.
කෘපා[නා.] දයාව, කරුණාව; අනුකම්පාව.
කෘපාණය[නා.] කඩුව; කොට කඩුව; සිරිය.
කෘපාලු[වි.] දයාබර; කරුණාවෙන් පිරුණු.
කෘමි පාතනය[නා.] පණුවන් හැලීමට හෙවත් වැටීමට සැලැස්වීම.
කෘමිකාමි(පාරිභා.) [වි.] කෘමීන් ඇල්මක් දක්වන; කෘමීන් කැමති වන (=entomophilous).
කෘමිකාමී පුෂ්පය(පාරිභා.) [නා.] කෘමීන්ගේ මාර්ගයෙන් පරාගණය වන මල.
කෘමිඝ්න, ක්‍රිමිඝ්න[වි.] පණුවන් නසන; කෘමිනාශක.
කෘමිඩැසිය(පාරිභා.) [නා.] කෘමියා දෂ්ට කළ තුවාලය (=insect bite).
කෘමිපතනය[නා.] පණුවන් හටගැනීම.
කෘමිපරාගණය(පාරිභා.) [නා.] කෘමීන්ගේ මාර්ගයෙන් මලක පරාගය ඡායාංගයට පැමිණවීම.
කෘමිභක්ෂක[වි.] කෘමින් කා දමන; කෘමි ශරීර ආහාර කොට ගන්නා වූ.
කෘමියා, ක්‍රිමියා1. [නා.] අපෘෂ්ඨවංශී කාණ්ඩයේ අර්ත්‍රොපොඩා (සන්ධිපාදක) වංශයට අයත් ෂට්පදික ඉන්සෙක්ටා වර්ගයට ඇතුළත් වන කුඩා සතෙක්. 2. [නා.] පුරුක් සහිත සිරුරෙන් යුත් අපෘෂ්ඨවංශී කුඩා සත්තු; පණුවා; පටපණුවා.
කෘමිවිද්‍යාව[නා.] කෘමිවර්ගයන්ගේ නිර්මාණය හා ජීවිතය ආදිය පිළිබඳ ව හදාරන සත්ව විද්‍යා අංශය.
කෘමිසදෘශානුබද්ධය(පාරිභා.) [නා.] උදරයේ දකුණු පැත්තේ පහළ කොටසේ දික් වී පැතිර යන එක කෙළවරක් වැසුණු පටු නාලය; උණ්ඩුකපුච්ඡය.
කෘමීකීටයා[නා.] කීට අවස්ථාවට අයත් කෘමියා.
කෘශ[වි.] සිහින්; කෙට්ටු; වැහැරුණු.
කෘශඋණ(පාරිභා.) [නා.] ධූලි හෝ පරාග නිසා (විශේෂයෙන් ශීත සෘතුව හැර අන් සෘතු වල දී) වැලඳෙන පීනස් රෝග විශේෂයක්; ශාරද පීනස (=hay fever).
කෘශකයා[නා.] තාපසයා.
කෘශලක රක්තපාතය[නා.] කෘශලයකින් හෙවත් කේශනාලිකාවකින් ලේ ගැලීම.
කෘශලකය[නා.] කෙස් ගසකට සමාන කළ හැකි ඉතා සිහින් රුධිරවාහිනිය; කේශනාලිකාව.
කෘෂක[වි.] ගොවිතැනට සම්බන්ධ; ගොවිකමෙහි යෙදෙන.
කෘෂ්ටාබ්දය[නා.] ක්‍රිස්තු වර්ෂය.
කෘෂ්ණ1. [වි.] කළු; තද නිල්; ශ්‍යාම වර්ණ. 2. [වි.] අඳුරු; අන්ධකාර. 3. [වි.] පාපී; අනිෂ්ට. 1. [නා.ප්‍ර.] කොවුලා; කවුඩා. 2. [නා.ප්‍ර.] පාපය; අකුසලය; අශුභ කර්මය. 3. [නා.ප්‍ර.] විෂ්ණුහු ගේ දස අවතාරයෙන් එකක්. 4. [නා.ප්‍ර.] සෙනසුරු ග්‍රහයා. 5. [නා.ප්‍ර.] කළු ඊයම්. 6. [නා.ප්‍ර.] යකඩ.
කෘෂ්ණ අභ්‍රක[නා.ප්‍ර.] කළු පැහැති ඛනිජයක්; මැග්නීසියම්වල කළු පැහැති ආම්ලික මෙටාසිලිකේටයක්.
කෘෂ්ණ ධර්මය[නා.] පශ්චාත්තාපයට හේතු වන කාරණය; අකුශල ධර්මය.
කෘෂ්ණ පක්ෂය[නා.] කළුවර පක්ෂය; චන්ද්‍රයාගේ අව පක්ෂය හෙවත් හායන පක්ෂය.
කෘෂ්ණ මණ්ඩලය[නා.] ඇසෙහි කළු කොටස; කළු ඉංගිරියාව.
කෘෂ්ණ මරණය[නා.] තුදුස්වන සියවසෙහි යුරෝපයේ විශාල මරණ සංඛ්‍යාවකට තුඩු දුන් (මහාමාරිය වැනි වූ) මහා වසංගත රෝගය (=black death).
කෘෂ්ණ වර්ණ1. [නා.ප්‍ර.] කළු පැහැය. 2. [නා.ප්‍ර.] කස්තුරි.
කෘෂ්ණකර්ම[නා.ප්‍ර.] පාපක්‍රියාව; පාපය; අකුශල කර්මය.
කෘෂ්ණච්ඡදය(පාරිභා.) [නා.] කෘෂ්ණමණ්ඩලයේ හෙවත් තාරා මණ්ඩලයේ වර්ණකධර ස්තරය (=uvea).
කෘෂ්ණලෝහ1. [නා.ප්‍ර.] කාන්දම්. 2. [නා.ප්‍ර.] යකඩ. 3. [නා.ප්‍ර.] වානේ.
කෘෂ්ණවර්තනී[නා.ප්‍ර.] ගින්න; අග්නිය.
කෘෂ්ණශුක්ලවිපාක[නා.ප්‍ර.] අකුශල හා කුශල විපාක.
කෘෂාණයා[නා.] කෘෂිකාර්මිකයා; ගොවියා.
කෘෂි වගාව[නා.] බිම් කෙටීමෙන්/ සී සෑමෙන් කළ හැකි වගාව; කෘෂිකර්මය; ගොවිතැන.
කෙ[සර්ව.] කවුරු; කවරෙක්. [වි.] කවර, කුමන; කෙබඳු
කෙංගෙඩිය(කථා.) [නා.] වැද ගැම්මකට නැති දෙය; පලක් නැති දෙය; ඉතා සුළු දෙය.
කෙංචි, කේංචි(කථා.) [වි.] කෙට්ටු; කෘශ; කුඩා. [නා.ප්‍ර.] තරහ; කෝපය: කේන්ති.
කෙඔලින්, කෙඕලින්[නා.ප්‍ර.] පිඟන් භාණ්ඩ සෑදීමට ගන්නා සුදු පැහැති සිනිඳු මැටි විශේෂයක්; පිඟන් මැටි; චීන මැටි.
කෙක්ක, කොක්ක[නා.] යමක් එල්ලීම, ඇමිණීම හො නෙළීම සඳහා අගින් ඇවුණුමක් ඇති දිග ලීය.
කෙකා, කේකා[නා.ප්‍ර.] මොනරාගේ හඬ; මයූර නාදය; කෙකාරැව; කේකා රාවය.
කෙකි ගානවා1. [ක්‍රි.] පිදුරුවලින් බැත වෙන් කරනවා; කෙක්කකින් පිදුරු බේරනවා. 2. [ක්‍රි.] කෙක්කකින් යම් කිසිවක් (පල වැල ආදිය) කඩනවා.
කෙටි[වි.] දික් නොවූ; ලුහුඬු; කොට; සංක්ෂේප.
කෙටිතරංග(පාරිභා.) [නා.ප්‍ර.] තරංග ආයාමය මීටර් 50ක් හෝ ඊට අඩු වූ විද්‍යුත් චුම්බක තරංග විශේෂය (=short wave).
කෙටුම්පත(පාරිභා.) [නා.] සම්මත කර ගැනීමට පෙර සාකච්ඡාවට භාජන කරනු සඳහා පිළියෙල කරන ලද නීති ව්‍යවස්ථා ආදියේ මුල් පිටපත; දළ සටහන; කටු සටහන. [නා.] තනි අතින් මෙහෙය විය හැකි කෙටි මිටකින් ද පැතලි කෙටි තලයකින් ද යුතු කුඩා පොරොවක් බඳු ආයුධය. කෙටේරිය
කෙටේරි සට්ටම(පාරිභා.) [නා.] ලෝහ තහඩු නැමීම සඳහා භාවිත කෙරෙන කෙටේරියක හැඩය ඇති උපකරණයක නාමය.
කෙඩෙත්තු1. [වි.] වෙහෙසට පත්; විඩාපත්. 2. (කථා.) [වි.] කෙට්ටු; කෘශ.
කෙණස, කෙණෙසි[නා.ප්‍ර.] හැන්ද; භාජනයක අඩංගු දෙය පිටතට ගැනීමට භාවිත කරන උපකරණය.
කෙණ්ඩය[නා.] පයෙහි දණහිසට හා වළලු කරට අතර කොටස; ජංඝාව; දඟ.
කෙණ්ඩිය[නා.] කෙමියක්, පියන්පතක්, හා අඬුවක් සහිත ව මැටියෙන් හෝ ලෝහයෙන් තැනූ පැන් භාජන විශේෂයක්.
කෙණෙසිඅහර[නා.ප්‍ර.] ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩින භික්ෂුවකට හැන්දකින් බෙදනු ලැබෙන ආහාර කොටස.
කෙණෙසිය, කෙනෙස්ස1. [නා.] හැන්ද; භාජනයක අඩංගු දිය, තෙල් ආදි ද්‍රව පිටතට ගැනීමට භාවිත කරන උපකරණය. 2. (පාරිභා.) [නා.] ඉස්සන් වැනි දශපාදික (ඩෙකපොඩා) කවචයන්ගේ ශ්වසන කූටීරය ඔස්සේ ජලප්‍රවාහය යාමනය කිරීම සඳහා පැතලි වී සකස් වුණු දෙවැනි හනුක උපාංගයේ බහිෂ්පාදිකය (=scaphognathite).
කෙණෙහි[ක්‍රි.වි.] මොහොතෙහි; ඇසිල්ලෙහි; ක්ෂණයෙහි.
කෙත1. [නා.] වී ආදි ධාන්‍ය වගා කිරීම සඳහා පිළියෙල කරන ලද භූමි භාගය; කුඹුර 2. [නා.] වගා කළ බිම. 3. [නා.] යම් යම් කටයුතුවලට විෂය වන භූමිය; යෝග්‍ය භූමිය; සුදුසු තැන.
කෙත අක්ඛත[නා.] ගොයම් කැපීමේ දී දෙන දානය; අග්‍ර භත්තය.
කෙත්පොත[නා.] මිනින්දෝරුවන් විසින් මනිනු ලබන ඉඩම් වල මායිම් ආදිය ලකුණු කොට ඇඳගන්නා සටහන හෝ සටහන් පොත; ක්ෂේත්‍ර සටහන් පොත (=field book).
කෙත්යාය[නා.] එකට යාව පිහිටි කුඹුරු පෙළ; කුඹුරුයාය.
කෙනහිලි, කෙනෙහිලි[නා.ප්‍ර.] සිත් රිදවන ඇණුම් බැණුම් සහිත.
කෙන්ද1. [නා.] හිසකෙස් වැනි දිගටි සිහින් වූ දෙය; ඉතා සිහින් වූ කම්බියක් වැනි වූ දෙය; සිහින් නූලක් වැනි නාරටිය; තන්තුව. 2. [නා.] විදුලි බල්බය තුළ ගිනියම් වන අධි ප්‍රතිරෝධයකින් යුත් සිහින් ලෝහ කම්බිය; සූත්‍රිකාව.
කෙඳිකැටි වලාකුළ(පාරිභා.) [නා.] අඩි 25,000 ට ඉහළින් පිහිටි අයිස් කැටවලින් සෑදුණු ඉරි වශයෙන් පිහිටි වලාකුළ (=cirrocumulus cloud).
කෙඳිත්ත(පාරිභා.) [නා.] මුලක් අවසාන වශයෙන් බෙදී ඇති කොටස, නහරයක හෝ මස් පිඬුවක ඇති කෙඳි බෙදී ඇති නූලක් වැනි ඉතා කුඩා තන්තුව; ඉතා සිහින් කෙන්ද (=fibril).
කෙඳිබෝග(පාරිභා.) [නා.ප්‍ර.] කෙඳි ලබාගන්නා කපු වැනි භෝග වර්ග (=fibre crop).
කෙඳිරිය1. [නා.ප්‍ර.] වේදනාව හෝ දුක ඉවසාගත නොහී නඟන අවියත් දුක්මුසු ශබ්දය. 2. [නා.ප්‍ර.] විරුද්ධත්වය පෑම හෝ ඉල්ලීමක් සඳහා නඟන සිහින් හඬ. 3. [නා.ප්‍ර.] සිහින් හඬින් කනට නෑසෙන සේ කරන කතා බහ.
කෙඳිවලාකුළ(පාරිභා.) [නා.] අඩි 25,000 ත් 35,000 ත් අතර පිහිටි අයිස් කැටවලින් සෑදුණු කෙඳි වශයෙන් පෙනෙන පිහාටු ගතියක් ඇති සියුම් වලාකුළක් (=cirrus cloud).
කෙප්පය(කථා.) [නා.] අමූලික බොරුව; මනඃකල්පිතය.
කෙම1. [නා.ප්‍ර.] ක්‍රමය; පිළිවෙළ. 2. [නා.ප්‍ර.] ගල් පර්වතයක වූ වළ. 3. [නා.ප්‍ර.] ගල් පොකුණ. 4. [නා.ප්‍ර.] මන්ත්‍ර විධියෙන් හෝ උපචාර කර්ම විධියෙන් කරන ආරක්ෂාව; ක්ෂේම කර්මය. 5. [නා.ප්‍ර.] මඟුල; මංගල්‍යය.
කෙමන, කෙමින, කෙමෙන[නා.] මසුන් හිර කර ගැන්ම සඳහා මිරිදිය පහරක ඉරටුවලින් හෝ ලී කෝටුවලින් අටවන දිගටි කූඩුව.
කෙම්බිම[නා.] කාන්තාර මැද පිහිටි ගස්වැල් හා ජලය සහිත සරුබිම; ක්ෂේම භූමිය.
කෙම්මර, කෙම්මුර, කෙම්වර1. [නා.ප්‍ර.] ශාන්ති කර්ම සඳහා දෙවියන් හා යකුන්ට පවත්වන පුද පූජාව; දේවාලවල පූජාව. 2. [නා.ප්‍ර.] ආවේශ වීම.
කෙම්මරදිනය, කෙම්මුරදින[නා.ප්‍ර.] කෙම්මුර පැවැත්වීමට සුදුසු යැයි සම්මත බදාදා සහ සෙනසුරාදා දෙ දින.
කෙමැලි1. [නා.ප්‍ර.] දියෙහි පෙණ; මුහුදු පෙණ. 2. [නා.ප්‍ර.] කෙස් කළඹෙහි දැවටි කුසුම.
කෙමිය1. [නා.] නෙළුම් මලේ මැද පිහිටා ඇති ඵලාවරණය; පියුම් ගොටු; පියුම් බටුව; කර්ණිකාව. 2. [නා.] කැණිමඬල; ගෘහකර්ණිකාව. 3. [නා.] කේතල, ජෝගු වැනි භාජනවල ජලය පිට වීමට තනා ඇති අවයවය. 4. [නා.] ක්ෂේමය, ශාන්තිය.
කෙඹිය[නා.] කෙල්ල; ළදැරිය.
කෙරටින්(පාරිභා.) [නා.ප්‍ර.] අං, නිය, කුර, කේශ, රෝම, පිහාටු ආදි අපිචර්මීය ව්‍යුහ සෑදීමට පදනම් වන සල්ෆර් අඩංගු විවිධ තන්තුමය ප්‍රෝටීන් වර්ග පොදුවේ හඳුන්වන පදය.
කෙරුම්කාරයා(කථා.) [නා.] බලපුළුවන්කාරයා.
කෙරෙවි[නා.ප්‍ර.] යුද ඇඳුම; සන්නාහය: කරවිය.
කෙලසනවා, කෙලෙසනවා1. [ක්‍රි.] (ශරීරය, සිත, චරිතය, නම ආදිය) කිලුටු කරනවා; දූෂිත කරනවා; අපවිත්‍ර කරනවා. 2. [ක්‍රි.] ගරහනවා; නින්දා කරනවා; අපහාස කරනවා.
කෙල්වින්[නා.ප්‍ර.] නිරපේක්ෂ උෂ්ණත්වය මැනීමේ ඒකකය (=kelvin).
කෙල්වින් පරිමාණය(පාරිභා.) [නා.] නිරපේක්ෂ ශුන්‍ය වූ සෙන්ටිග්‍රේට් පරිමාණය ඇති උෂ්ණත්වමාන පරිමාණ (=kelvin scale).
කෙලි, කෙලී1. [නා.ප්‍ර.] කෙල්ල. 2. [නා.ප්‍ර.] කොඩිය; කෙහෙල්ල. 3. [නා.ප්‍ර.] කුඩා ඇල; කුඩා ජලපාර.
කෙලෙස්1. [නා.ප්‍ර.] සිත කිලිටි කරන අකුශල පාක්ෂික චෛතසික ධර්ම. 2. [නා.ප්‍ර.] ඊශ්වර දෙවියන්ගේ වාසභවනය පිහිටා ඇතැයි සැලකෙන කෛලාසය. 3. [නා.ප්‍ර.] අපවිත්‍ර දෑ.
කෙලෙස් මලය[නා.] කෙලෙස් නමැති කිලිටු හෝ අපවිත්‍ර දැය.
කෙවිට[නා.] ගව ආදි සතුන් දැක්කීම හා මෙල්ල කිරීම සඳහා පාවිච්චි කරන මෙල්ල කරන දිග කෝටුව; කෙවිටි ලීය.
කෙවිටි කරනවා[ක්‍රි.] යම්කිසි දෙයක් කිරීමට නිතර නිතර උනන්දු කරනවා.
කෙවින්න[නා.] ප්‍රාසාදාදියෙහි මුදුනේ සවි කරන කොත; ශෘඞ්ගය.
කෙවිල්ල1. [නා.] නඟුලේ මිටෙහි සවි කරන අවයවය; නඟුල් කෙමිය; නිමුන් කුරුල්ලා. 2. [නා.] කෙවුම; වේදනාවෙන් යුක්ත තැන.
කෙවිලිය1. [නා.] කෝකිලාව. 2. [නා.] කෝකිල ධේනුව.
කෙවුන්න1. [නා.] ආහරණවල මැණික් ඔබ්බන සිදුර; කෙවින්න. 2. [නා.] යම් කිසිවක් තවත් කොටසකට වැද්දවීම සඳහා සෑදූ කුහරය.
කෙවුල්සර[නා.ප්‍ර.] කෝකිල ස්වරය.
කෙවුළා[නා.] මසුන් මරන්නා; මාළු අල්ලන්නා; ධීවරයා.
කෙවෙනිය, කෙවෙන්න[නා.] ඇස පිහිටා ඇති වළ; අක්ෂි කූපය.
කෙසකිළි[නා.ප්‍ර.] මුත්‍රා කරන කුටිය හෙවත් පැළ.
කෙසග1. [නා.] කෙස් ගහක කෙළවර; කේශාන්තය; කේශාග්‍රය. 2. [නා.] කෙස් ගහ කෙළවර තරම් වූ ප්‍රමාණය; ඇබිත්ත. 3. [නා.] දිග මැනීමේ ඉතා සියුම් පැරණි මිම්මක්; පරමාණු හැටහතරක ප්‍රමාණය.
කෙසර, කෙසරු1. [නා.ප්‍ර.] සිංහයා; කේශර සිංහයා. 2. [නා.ප්‍ර.] රාශි දොළසින් එකක් වන සිංහ රාශිය. 3. [නා.ප්‍ර.] සිංහයාගේ බෙල්ලේ තිබෙන දිගු ලෝම.
කෙස්දා[නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේගේ කේශධාතු.
කෙස්දුන්න[නා.] ඔර්ලෝසුවක "ලෝලන චක්‍රය" පාලනය කරන සිහින් දුන්න; ඉසකේ දුන්න (=hair spring).
කෙසි[නා.ප්‍ර.] අගුළු ලෑම සහ ඇරීම සඳහා භාවිත වන උපකරණය; යතුර.
කෙසිමුදු[නා.ප්‍ර.] යතුරු අමුණන මුද්ද.
කෙසු[නා.ප්‍ර.] රේණු; පුෂ්ප; කේසර.
කෙසුන්[නා.ප්‍ර.] (භය, පුදුමය ආදි අවස්ථාවල දි) ඇඟේ මයිල් කෙළින් සිටීම; ලොමුදැහැගැන්ම.
කෙසුරු1. [නා.ප්‍ර.] කේශර සිංහයා. 2. [නා.ප්‍ර.] මල් රේණු; කේසර. 3. [නා.ප්‍ර.] ශරීරයේ සම මතුපිට හටගන්නා රෝම. 4. [නා.ප්‍ර.] පියුම් ගැබ.
කෙසුරු බර[නා.] සිංහයාගේ දිග ලොම් රැස; රෝම භාරය.
කෙසුරුසළා[නා.ප්‍ර.] මල් රොන්; මල් රේණු.
කෙසෙයින්[ක්‍රි.වි.] කොයි ආකාරයෙන්; කොයි සැටියෙන්; කෙසේ.
කෙහට, කෙහෙට1. [නා.ප්‍ර.] සත්තු කා ඉවත දමන රොඩ්ඩ; හපය. 2. [නා.ප්‍ර.] සර්ප හැවය; නිර්මෝකය.
කෙහුටා(කථා.) [නා.] කෘශ වූ ශරීරයක් ඇත්නා.
කෙහෙකළඹ[නා.] කෙස්වැටිය.
කෙහෙතා1. [නා.] කේතු ග්‍රහයා. 2. [නා.] මුස්පේන්තුවා / මුස්පේත්තුවා; අනුන්ට කුරිරුකම් කරන්නා.
කෙහෙදා[නා.] කේශධාතු.
කෙහෙලි[නා.ප්‍ර.] කොඩිය; ධජය; පතාකය .
කෙළ1. [නා.] මුඛයෙන් ස්‍රාවය වන ද්‍රව්‍ය; ඛේටය. 2. [නා.] අග; කොන; අග්‍රය; (කාලපරිච්ඡේදයක) අවසානය; අන්තය; (ඉගෙනීමක) අන්තිම කෙළවර. 3. [නා.] ලක්ෂ සියය; කෝටිය. 4. [නා.] මුහුදු වෙරළ. 5. [නා.] කඩුවක තුඩ; මුනය. 6. [නා.] මාසෙ පෝය; අමාවක. 7. [නා.] ක්‍රීඩාව; සෙල්ලම.
කෙළ පැමිණෙනවා[ක්‍රි.] යම් විෂයක් පිළිබඳ දැනීමෙහි කෙළවරට පැමිණෙනවා; ශිල්ප ශාස්ත්‍ර අවසානය තෙක් හදාරනවා.
කෙළකෝටිය[නා.] කෝටි සියක් ලක්ෂය; කෝටි කෝටිය.
කෙළතොලු1. [වි.] කට දෙකොනින් කෙළ වැගිරෙන. 2. [වි.] මෝඩ; අඥාන; ජඩ. 3. [වි.] ඕපාදූප කියන; අනුන්ගේ අගුණ කථා කරන.
කෙළනවා, කෙළිනවා1. [ක්‍රි.] විනෝදය හා ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාවක යෙදෙනවා; ක්‍රීඩා කරනවා. 2. [ක්‍රි.] යමක් නිදහසේ එහාට මෙහාට පැද්දෙනවා. 3. [ක්‍රි.] නටනවා; රැඟුම් පානවා. 4. [ක්‍රි.] කා දමනවා; ගිල දමනවා. 5. [ක්‍රි.] උපායෙන් හෝ හොර රහසේ පැහැර ගන්නවා; රවටා ගන්නවා. 6. [ක්‍රි.] පහර දෙනවා.
කෙළමලාව[නා.] කෙළ ගැසීමට භාවිත කරන භාජනය; පඩික්කම.
කෙළමෝල1. [නා.] විල්ල සහිත මෝල්ගහ. 2. [නා.] කෙළවර ගෙවී ගිය/ පිල්ල/ විල්ල රහිත මෝල්ගහ.
කෙළඹ, කෙළෙඹ1. [නා.ප්‍ර.] ධනය; සම්පත්තිය. 2. [නා.ප්‍ර.] පවුල.
කෙළඹියා, කෙළෙඹියා1. [නා.] ගෙහිමියා. 2. [නා.] ධන සම්පත් ඇති තැනැත්නා. 3. [නා.] රජුගේ තක්සේරුකාරයා.
කෙළලක්ෂය[නා.] ලක්ෂ කෝටිය.
කෙළවර1. [නා.] අන්තය; අවසානය; කෝටිය. 2. [නා.] කොන; තුඩ; අග.
කෙළි[නා.ප්‍ර.] කූටය; මුදුන; කුළු ගෙයක කැණිමඬල.
කෙළි මඩුව[නා.] ක්‍රීඩා කරන ශාලාව ක්‍රීඩා මණ්ඩපය.
කෙළිකවට[නා.ප්‍ර.] සිනහ උපදවනාසුලු; විහිලු තහලු.
කෙළිකොටුව[නා.] ක්‍රීඩාවෙහි යෙදෙන ළදරුවන් වෙත ආරක්ෂාව සැලසෙන සේ වට කර සදනු ලබන කොටුව (=play pen).
කෙළිදෙළ, කෙළිදොළ[නා.] සෙල්ලමට ඇති කැමැත්ත.
කෙළිනළු[නා.ප්‍ර.] ක්‍රීඩා හා නාට්‍ය; සෙල්ලම් හා නැටුම්.
කෙළින්1. [වි.] කඨින; තද; රළු; දළ. 2. [වි.] ඇද නැති; සෘජු. 3. [වි.] අවංක; සෘජු ගති ඇති. [ක්‍රි.වි.] සෘජු ව; අවංක ලෙස. [නා.ප්‍ර.] කඨිනය; කඨින සිවුර.
කෙළින් සිටිනවා1. [ක්‍රි.] සිරස් ව සිටිනවා; සෘජු ලෙස සිටිනවා. 2. [ක්‍රි.] (අයුක්තිය හමුවේ) විරෝධය දක්වනවා; අවංකව හා එඩිතරව කටයුතු කරනවා.
කෙළින් සිවුර[නා.] කඨින චීවරය.
කෙළිපරක්කුව1. [නා.] ක්‍රීඩාවෙන් ලබන විනෝදය; ක්‍රීඩා විනෝදය. 2. [නා.] කවටකම් කිරීම.
කෙළිපුද[නා.] නැටීම සමග කරන පූජාව; දේව යක්ෂාදින්ට කරන පිදවිලි.
කෙළිබඩුව1. [නා.ප්‍ර.] සෙල්ලම් පිණිස ගන්නා උපකරණය; ක්‍රීඩා භාණ්ඩ. 2. [නා.ප්‍ර.] සම්භෝගයට හෝ හෝ විනෝදයට ලක් කරගන්නා තැනැත්තිය.
කෙළිමඬල[නා.] ක්‍රීඩා මණ්ඩලය; ක්‍රීඩා භූමිය; ක්‍රීඩා පිටිය.
කෙළිය1. [නා.] විනෝදය හා ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාව. 2. [නා.] ක්‍රීඩා භාණ්ඩ වලින් කරනසෙල්ලම; ක්‍රීඩාව. 3. [නා.] නැටුම; රැඟුම. 4. [නා.] කුටිය.
කෙළිල්ල[නා.] ඇන තියාගෙන හිඳීම; උක්කුටුකය.
කෙළිලොල්[වි.] ක්‍රීඩාවට කැමති; සෙල්ලක්කාර.
කෙළිවට[නා.ප්‍ර.] ක්‍රීඩා සඳහා ගැනෙන බෝලය.
කෙළිවත්තම්[නා.ප්‍ර.] හක්ගෙඩියෙන් තැනූ තැටිය.
කෙළිවළන්[නා.ප්‍ර.] කුඩා ළමයින්ට සෙල්ලම් බත් පිසීමට ගන්නා කුඩා හට්ටි මුට්ටි කළ වළන් ආදිය.
කෙළිස්සා1. (කථා. උඩ.) [නා.] ක්‍රීඩාවට කැමැත්තක් දක්වන තැනැත්තා; ක්‍රීඩාලෝලියා. 2. [නා.] සල්ලාලයා.
කෙළිසිනා[නා.ප්‍ර.] කවට සිනාව; කෙළි සෙල්ලම.
කෙළිසීල[වි.] ක්‍රීඩා පරවශ: කෙළිලොල්.
කෙළිසෙල්ලම[නා.] විනෝදය පිණිස කරන ක්‍රීඩාව; විනෝද ක්‍රීඩාව.
කෙළෙඹි කුලය[නා.] ධන සම්පත් ඇති වෙළඳ කුලයට අයත් පවුල.
කෙළෙඹිගෙය[නා.] ධනවත් තැනැත්තාගේ ගෘහය; කෙළෙඹියාගේ කුටුම්බය.
කෙළෙහිගුණ[නා.ප්‍ර.] අනුන් කළ උපකාරයට දක්වන සැලකිල්ල; කෘතෝපකාර ගුණය.
කේ1. [නා.ප්‍ර.] කෙත; කුඹුර 2. [නා.ප්‍ර.] කේතු ග්‍රහයා; කෙහෙතා. 3. [නා.ප්‍ර.] කෙස්: හිසකෙස්.
කේකා[නා.] මයූරනාදය; කේකාරවය.
කේජු[නා.ප්‍ර.] කිරි ඝන බවට පමුණුවා මෝරු ඉවත්කොට අඹරා නැවත කැටි කිරීමට ලක් කිරීමෙන් සාදා ගන්නා ආහාර විශේෂයක් (=cheese).
කේටුහ[නා.ප්‍ර.] කාව්‍ය ලක්ෂණ ප්‍රකාශ කරන්නා වූ ශාස්ත්‍රය.
කේඩැරි, කේඩෑරි[වි.] කෙට්ටු; වැහැරුණු; කෘශ.
කේඩුව1. [නා.] විපත්තිය: විනාශය; කරදරය. 2. (පාරිභා.) [නා.] ක්ලාන්තබව; ගිලන්බව.
කේතක[නා.ප්‍ර.] වැටකේ, දුනුකේ ආදි ශාක වර්ග පොදුවේ හඳුන්වන නාමය.
කේතන[නා.ප්‍ර.] කොඩිය; ධජය.
කේතනාවලි[කේතන+ආවලි] [නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේගේ හිසින් විහිදී බබළන රශ්මි කදම්බය; කේතුමාලාව.
කේතය[නා.] ලකුණ; සංඥාව (=code).
කේතලය[නා.] වතුර උණු කිරීමට උපයෝගී කරගන්නා කෙමිය සහිත ලෝහමය හෝ මැටිමුවා භාජන විශේෂයක්.
කේතු ග්‍රන්ථිය(පාරිභා.) [නා.] මොළයේ තුන් වන තුන්දිකාව තුළ පිහිටා තිබෙන ග්‍රන්ථියක් ලෙස ක්‍රියා කරන කුඩා දේහය (=pineal gland).
කේතුකය1. [නා.] (පාරිභා.) (ගණිත) කේතුවක් තලයකින් ඡේදනය වීමෙන් ලැබෙන වෘත්තය, ඉලිප්සය, පරාවලය හා බහුවලය ඇතුළු වක්‍ර (=conic section). 2. [නා.] සත්ත්ව /කේතුවක හැඩය ඇති කවර හෝ අවයවයක් (=conus).
කේතුධර(පාරිභා.) 1. [වි.] කේතුවක ආකාරය ඇති ශාඛා මණ්ඩල සහිත. 2. [වි.] එවන් වෘක්ෂ ඇති.
කේතුප්ලාස්කුව(පාරිභා.) [නා.] රසායනික පරීක්ෂණවල දී භාවිත කෙරෙන පැතලි පතුලක් සහ කුඩා කටක් ඇති කේතුවක හැඩය ගත් ශරාව/ භාජනය (=conical flask).
කේතුප්‍රක්ෂේපණය(පාරිභා.) [නා.] කඩදාසි කේතුවක ශිඛරය පෘථිවිගෝලයේ ධ්‍රැවයට ඉහළින් සිටින පරිදි තබා සිතියම කේතුව මත ප්‍රක්ෂේපණය කර කේතුව දිග හැරීමෙන් ලැබෙන ප්‍රක්ෂේපණය (=conical projection).
කේතුපිලන්ධනය[නා.] චෛත්‍යයක කොත් පැලඳවීම.
කේතුබීකරය(පාරිභා.) [නා.] කේතු හැඩයෙන් යුක්ත වූ ද අඩංගු ද්‍රවයක් නොඉහිරෙන පරිදි වත්කළ හැකි වන සේ කටෙහි හොට හැඩ තන්තුවක් සහිත වූ ද භාජනයක් (=conical beaker).
කේතුමානය[නා.] නලයක අභ්‍යන්තර විෂ්කම්භය මැනීමට භාවිත කරන ත්‍රිකෝණාකාර ලෝහමය උපකරණයක නාමය (=cone gauge).
කේතුමාලාව[නා.] රශ්මිමාලාව; බුදුරජාණන් වහන්සේගේ සිරසින් විහිදී බබළන රශ්මි කදම්බය.
කේතුව1. [නා.] ප්‍රභාව; රශ්මිය. 2. [නා.] ගින්න; අග්නිය. 3. [නා.] කොඩිය; ධජය. 4. [නා.] දාගැබ් ප්‍රාසාදාදිය මුදුනෙහි තබන කොත; ශෘංගය. 5. [නා.] වල්ගාතරුව; ධූමකේතුව. 6. (ප්‍ර. යෙදේ)(පාරිභා.) [නා.] වෘත්තාකාර පතුලක් සහ ක්‍රමයෙන් සිහින් වී ගොස් කේතුව බවට පත් මුදුනක් සහිත කොතක් බඳු ඝන වස්තුව (=cone).
කේතුසරාව[නා.] කේතුකාකාර වීදුරු භාජනය (=conical flask).
කේතුසෛල(පාරිභා.) [නා.ප්‍ර.] ඇසේ දෘෂ්ටිවිතානයේ පිහිටි ප්‍රතිග්‍රාහක සෛල දෙවර්ගයෙන් එකක්; අනෙක යෂ්ටි සෛලයයි; යමක් පැහැදිලි ව දැනගැනීමටත් වර්ණ හඳුනා ගැනීමටත් කේතු සෛල ඉවහල් වේ.
කේදගන්[නා.ප්‍ර.] පෙරහැරවල දෙවියන්ගේ ආයුධ ගෙන යාමට ලී ආදිය යොදා සාදන දෝලාව.
කේදාරය[නා.] කුඹුර, කෙත.
කේන්තිය[නා.] තරහව; කෝපය.
කේන්දරය, කේන්දරේ1. (ජ්‍යෝති.) [නා.] යමකුගේ උත්පත්ති වේලාවේ දී ග්‍රහයන් පිහිටීම දක්වන සටහන හා උපන් ලග්නය, නැකත ආදිය ඇතුළත් කොට ලියූ විස්තරය; හඳහන. 2. [නා.] අදාළ වේලාවේ ග්‍රහයන්ගේ පිහිටීම දක්වන දොළහට බෙදූ රාශි චක්‍රයෙහි 1, 4, 7, 10 යන ස්ථාන; හතර කේන්දරය. 3. [නා.] මධ්‍යස්ථානය; ප්‍රධාන ස්ථානය.
කේන්ද්‍රකය(පාරිභා.) [නා.] (ගණිත) ත්‍රිකෝණයක මධ්‍යස්ථ හමුවන ලක්ෂ්‍යය (=centroid)..
කේන්ද්‍රගත1. (පාරිභා.) [වි.] වෘත්තයක කේන්ද්‍රයේ සිට පරිධිය දක්වා අදින ලද සරල රේඛා සම්බන්ධ වූ අරීය (=radial). 2. (ජ්‍යෝති.) [වි.] ජන්මපත්‍රයෙහි හෙවත් කේන්දරයෙහි එක, හතර, හත, දහය යන ස්ථානයන්ගෙන් එකක හෝ කිහිපයක පිහිටි: කේන්ද්‍රස්ථානයක පිහිටි. 3. [වි.] ප්‍රධාන මධ්‍යස්ථානය බවට පත්.
කේන්ද්‍රපථය(පාරිභා.) [නා.] ශුද්ධ භ්‍රමණයේ ක්ෂණික කේන්ද්‍රයක ඒ ඒ ස්ථාන විසින් ලකුණු වන පථය (=centrode).
කේන්ද්‍රභූත වෙනවා[ක්‍රි.] එක් ලක්ෂ්‍යයක දි හමු වෙනවා; එක් ලක්ෂ්‍යයක් කරා යොමු වෙනවා; නාභිගත වෙනවා (=focus).
කේන්ද්‍රය1. (පාරිභා.) [නා.] වෘත්තයක හෝ ගෝලයක හෝ මධ්‍ය ලක්ෂ්‍යය; මැද න්‍යෂ්ටිය (=centre). 2. [නා.] ස්ඵටිකයක මූල ස්වරූපය; අතිසූක්ෂ්ම ස්ඵටිකය. 3. [නා.] යමකුගේ උත්පත්ති වේලාවේ දී ග්‍රහ තාරකාවල පිහිටීම හා ලග්නය, නැකත ආදිය ඇතුළත් විස්තරය; ජන්ම පත්‍රය. 4. [නා.] ජන්ම පත්‍රයක දොළහට බෙදූ රාශි චක්‍රයෙහි එක, හතර, හත, දහය යන ස්ථාන. 5. [නා.] ප්‍රධාන ස්ථානය; මූලස්ථානයක මධ්‍ය ස්ථානය.
කේන්ද්‍රස්ථානය1. [නා.] ජන්ම පත්‍රයේ ලග්නය, හතර, හත, දහය යන ස්ථාන හෝ ඉන් එකක්. 2. [නා.] ප්‍රධාන ස්ථානය: මධ්‍ය ස්ථානය.
කේන්ද්‍රාපසාරකය(පාරිභා.) [නා.] ද්‍රවයකින් අනෙක් ද්‍රවයක් හෝ ඝන ද්‍රවයක් හෝ වෙන් කිරීම පිණිස ඉතා වේගයෙන් භ්‍රමණය කළ හැකි උපකරණයක් (=centrifuge).
කේන්ද්‍රාපසාරී(පාරිභා.) 1. [වි.] කේන්ද්‍රයෙන් පිටතට නැඹුරු වූ; කේන්ද්‍රයෙන් ඉවතට තල්ලු වන (=centrifugal). 2. [වි.] මල් කිනිත්තක අග මල ප්‍රථමයෙනුත් ඊළඟ මල අනුපිළිවෙළිනුත් පිපෙන; අග්‍රයේ පටන් පාදය දෙසට වර්ධනය වන.
කේන්ද්‍රාභිසාරී1. (පාරිභා.) [වි.] කේන්ද්‍රය හෙවත් මධ්‍යලක්ෂය කරා යන; කේන්ද්‍රය වෙතට හෝ ඉවතට නැමී යන. 2. [වි.] පිටතින් ඇතුළට හෝ කේන්ද්‍රය දෙසට වැඩෙන (=centripetal).
කේන්ද්‍රික(පාරිභා.) [වි.] මධ්‍යගත; මැද පිහිටි.
කේන්ද්‍රික බලය(පාරිභා.) [නා.] කිසියම් අංශුවක් කෙරෙහි ක්‍රියා කරමින් අචල ලක්ෂ්‍යයක් දෙසට හෝ ඒ ලක්ෂ්‍යයේ සිට ඉවතට හෝ එල්ල වූ බලය.
කේන්රෝල(පාරිභා.) [නා.] රෙදි වියන යන්ත්‍රයක නූල් හැදය ඔතන නූල් කඳ (=caneroll).
කේනිපාතය[නා.] නොගැඹුරු දියෙහි රුවල් නැව්, ඔරු, පාරු ආදිය පැදවීමට හෝ නැවැත්වීමට හෝ උපකාර වන දිග රිට; අරිත්‍රය.
කේඳෑරි, කේදෑරි(කථා.) [වි.] සිහින්; කෙට්ටු; කෘශ.
කේඳි[නා.ප්‍ර.] නොගැඹුරු කැපුම; යම් සියුම් තුඩකින් හූරා කපා දක්වනු ලබන සිහින් තීරුව; රේඛාව, ඉර.
කේඳි ලනවා[ක්‍රි.] මතුපිට පමණක් කැපී යන ලෙස තීරු බේරනවා; විශේෂයෙන් මස්, මාලු වේලීමේදී මෙසේ කරනු ලැබේ.
කේප්පයා1. [නා.] දකුණු අප්‍රිකාවේ කේප් කොලනියෙන් ගෙනවුත් බෝකරන ලද වර්ගයේ ගවයා. 2. [නා.] හැඩිදැඩි ගොන්වස්සා.
කේබලය1. (පාරිභා.) [නා.] මූදු පත්ලෙහි එළිපිට හෝ බිම වැළලීමට පෙර සුදුසු පරිදි පරිවෘත කොට සෑදූ සන්නායකය. 2. [නා.] දුර මැනීම සඳහා භාවිත කරන මිම්මක්. 3. [නා.] බර භාණ්ඩ එසවීම ආදිය සඳහා ලෝහමය කම්බි සංඛ්‍යාවක් එකට අඹරා සාදාගන්නා ඝන, ශක්තිමත් කඹය (=cable).
කේබල් පණිවුඩය[නා.] කේබලයක් මගින් යැවෙන විදුලි පණිවුඩය.
කේබුක[නා.ප්‍ර.] ජලය.
කේයූර[නා.ප්‍ර.] ඉහළ බාහුවේ පැලඳි වළල්ල, ඉඳි කොළයක ස්වරූපය ඇති ගෙලෙහි පලඳින මාලය; අඞ්ගදාභරණය.
කේර1. [නා.ප්‍ර.] පොල්ගස; නාලිකේර. 2. [නා.ප්‍ර.] මිනිරන්.
කේරමජ්ජ[නා.ප්‍ර.] පැළවී ගෙන එන පොල් ගෙඩියේ මදය; පැළපොල් මදය; පැළපී.
කේල්[නා.ප්‍ර.] කෙසෙල්.
කේලාම්[නා.ප්‍ර.] ඔවුනොවුන් බිඳුවන අදහසින් කියන වචන; යම් තැනැත්තකුගේ චරිතය පහත හෙළීම සඳහා කියන වචන.
කේලි1. [නා.ප්‍ර.] කොඩිය; ධජය; පතාකය. 2. [නා.ප්‍ර.] විහිළුව; විනෝද ක්‍රියාව.
කේලි ගෘහය[නා.] රජුගේ පෞද්ගලික ඕවරකය; විනෝදාගාරය; කෙළිමැඳුර.
කේලියම්(පාරිභා.) [නා.ප්‍ර.] රසායනික මූල ද්‍රව්‍යයක්; පොටෑසියම්.
කේලුම, කේලෝම[නා.] කෙස්ගහ.
කේවට්ට[නා.ප්‍ර.] කෙවුළා; මසුන් අල්ලන්නා.
කේවල1. [වි.] හුදු; තනි; එක්; ඒකීය. 2. [වි.] අද්විතීය; පරම. 3. [වි.] සම්පූර්ණ; සියලු; මුළු. 4. [වි.] ලාමක; සුළුපටු. [නා.ප්‍ර.] නිවන; නිර්වාණය.
කේවල අගය[නා.] කිසියම් සංඛ්‍යාවක හෝ රාශියක ඇති හුදු වටිනාකම.
කේවල ප්‍රයෝගය[නා.] තනි ව යෙදීම; වෙනම භාවිතවීම.
කේවල ශාශ්වත දෘෂ්ටිය[නා.] සියල්ල නොවෙනස් ව සදහට ම පවතී යැයි ගන්නා මිසදිටුව; ආත්මයත් ලෝකයත් සදහට ම පවතීය යන විශ්වාසය.
කේවල සංඛ්‍යා(පාරිභා.) [නා.ප්‍ර.] කිසිදු ඒකකයක් හා සම්බන්ධ නොවී පවතින 1, 15, 1/2. 35 ආදි හුදු සංඛ්‍යාත අමූර්ත සංඛ්‍යා (=abstract number).
කේවල සටහන් ක්‍රමය[නා.] ගණන් තැබීමේ දී එක් සටහනක් ගිණුමක එක් පැත්තක හෝ අනික් පැත්තේ වරක් පමණක් සටහන් කිරීමේ ක්‍රමය; තනි සටහන් ක්‍රමය.
කේවලපරිපූර්ණ[වි.] බැහැරින් කිසිවක් නොගෙන තමන් ම පරිපූර්ණ වූ; සියල්ලෙන් පිරිපුන්; අංග සම්පූර්ණ.
කේවලපරීක්ෂණ[නා.ප්‍ර.] (බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා) එක් එක් පුද්ගලයා වෙන වෙන ම ගෙන කරනු ලබන පරීක්ෂණය (=individual test).
කේවලප්‍රත්‍යාස්ථ(පාරිභා.) [වි.] සම්පූර්ණයෙන් ම ඇදෙනසුලු; පූර්ණ නම්‍ය (=perfectly elastic).
කේවලාක්ෂර[නා.] කේවල අක්ෂර; තනි අකුරු; වෙනත් අක්ෂර හා සංයුක්ත නොවූ අක්ෂරය.
කේවලී1. [වි.] (සියල්ලෙන්) පිරුණු; සම්පූර්ණ වූ. 2. [වි.] රහත්වීමෙන් සම්පූර්ණ වූ; රහත් වූ. 3. [වි.] තනි වූ; හුදකලා වූ.
කේවෙල්, කේවල්1. (කථා.) [නා.ප්‍ර.] විහිළුව; සරදම; ඔච්චම. 2. [නා.ප්‍ර.] රැවටීම; වංචාව; ප්‍රයෝගය. 3. [නා.ප්‍ර.] අඩු මිලට ඉල්ලීම; හෙට්ටු කිරීම. 4. [නා.ප්‍ර.] හිරිහැරය; කරදරය; විරුද්ධකම.
කේශ ආර්ද්‍රතාමානය(පාරිභා.) [නා.] වායුගෝලයේ ඇති තෙතමනය මැනීම සඳහා භාවිතා කරනු ලබන මිනිස් හිසකෙස් යොදා සකස් කළ උපකරණ විශේෂයක නාමය (=hair hygrometer).
කේශ නාලිකාව(පාරිභා.) [නා.] කෙස්ගහක් බඳු ඉතා කුඩා විෂ්කම්භයක් ඇති සියුම් රුධිරවාහිනිය (=capillary).
කේශකල්‍යාණය, කේසකල්‍යාණය[නා.] ස්ත්‍රීන්ගේ පංච කල්‍යාණවලින් එකක් වන දිගු කෙස් කලඹක් ඇතිබව.
කේශකලාපය, කේසකලාපය[නා.] හිසකෙස් වැටිය; කෙස්කලඹ.
කේශකූප[නා.ප්‍ර.] හිසකෙස් ගසෙහි මුල පිහිටි කුඩා සිදුර; කෙස්ගස් පිහිටි සිදුර.
කේශග්‍රහය[නා.] හිසකෙස් වැටියෙන් අල්ලා ගැනීම; කෙසින් ගැනීම.
කේශධාතු[නා.ප්‍ර.] පූජනීය වස්තුවක් සේ සැලකෙන බුදුරජාණන්වහන්සේගේ හිසකෙස්.
කේශනාලීජලය(පාරිභා.) [නා.] කේශාකර්ෂණයෙන් ඉහළට ඇද ගනු ලැබූ ජලය.
කේශමාර්ජනකෞශල[නා.ප්‍ර.] හිසකෙස් පීරීමෙහි නිපුණතාව; මෙය සිව්සැට කලාවන්ගෙන් එකක් සේ සැලකේ.
කේශර සිංහයා, කේසර සිංහයා[නා.] බෙල්ලේ දිගු ලොම් ඇති සිංහයා; චතුර්විධ වූ සිංහ කුලවලින් එකකට අයත් සිංහයා.
කේශර, කේසර1. [නා.ප්‍ර.] මල් රේණු; මල්කෙසරු. 2. [නා.ප්‍ර.] සිංහයාගේ ගෙල වටා ඇති දිග ලොම්රැලි. 3. [නා.ප්‍ර.] කෙසරු ඇත්තා; සිංහයා. 4. [නා.ප්‍ර.] (ආරක්ෂාව පිණිස) ශාක පත්‍ර හා කඳන් මතුපිට සෛල එකකින් හෝ වැඩි ගණනකින් හටගන්නා සියුම් රෝම. 5. [නා.ප්‍ර.] මීමැසි ආදින්ගේ ශරීරයේ ඇති සියුම් කෙඳි වැනි රෝම. 6. [නා.ප්‍ර.] කෙන්ද; තන්තුව. 7. [නා.ප්‍ර.] රත්රන්.
කේශරඤ්ජන[නා.ප්‍ර.] හිසකෙස් වර්ණ ගැන්වීම.
කේශලුඤ්චන[නා.ප්‍ර.] හිසකෙස් ඇද කැඩීම; කෙස් ඉගිල්ලීම.
කේශව[නා.ප්‍ර.] විෂ්ණු දෙවිඳු.
කේශාන්ත කර්මය[නා.] හිසකෙස් කපා දැමීමේ ආගමික චාරිත්‍රය; ගෝදාන කර්මය.
කේශාන්තය[නා.] හිසකෙස් ආරම්භ වන නළල් තලයේ සීමාව.
කේශික(පාරිභා.) [වි.] කේශනාලිකා පිළිබඳ වූ.
කේසකම්බල[නා.ප්‍ර.] හිසකෙස්වලින් කරන ලද පොරෝනාව.
කේස්1. [නා.ප්‍ර.] කෝෂය; කොපුව; ආවරණය. 2. (කථා.) [නා.ප්‍ර.] පෙට්ටිය; මල්ල. 3. (කථා.) [නා.ප්‍ර.] නඩුව; අධිකරණමය කටයුත්ත. 4. [නා.ප්‍ර.] සිද්ධිය.
කේසික[වි.] කොහු සහිත; කෙඳි සහිත.
කේසින්, කේසීන්(පාරිභා.) [නා.ප්‍ර.] කිරිවල අඩංගු ප්‍රධානතම ප්‍රෝටීනය (=casein).
කේසෝරෝපණය[නා.] හිසකෙස් බෑම.
කේළායන[නා.ප්‍ර.] ක්‍රීඩා පරවශ බව; ක්‍රීඩාශීලීබව.
කේළික[වි.] ක්‍රීඩාවෙහි නියුතු; ක්‍රීඩක.
කෛරාටික[වි.] කපටි; රැවටිලිකාර.
කෛවර්ත[නා.ප්‍ර.] මස්මරන්නා; කෙවුළා; ධීවරයා.
කෛශික[වි.] කේශාකාර වූ; කෙස් වැනි.
කෛෂ්කව(පාරිභා.) [වි.] යටි බාහුවට අයත්; විශේෂයෙන් අන්වරාස්ථිය හා සම්බන්ධ වූ.
කෛ‍ෙවල්‍ය[වි.] කේවල භාවයෙන් යුතු; විනාශ නොවන ස්වභාවයෙන් යුක්ත. [නා.ප්‍ර.] නිර්වාණ.
කො[වි.] කුඩා; පුංචි; විධානාර්ථ සූචක යෙදුමක් හා යෙදෙන නිපාතයක්. [නා.ප්‍ර.] කොහා.
කොංචිය[නා.] කවටකම; බොළඳකම; මුකුළුව.
කොක දෙනවා[ක්‍රි.] මොර ගසනවා; ඔල්වරසන් දෙනවා.
කොකං කරනවා(කථා.) [ක්‍රි.] එබිකම් කරනවා; හොරෙන් හොරෙන් බලනවා.
කොකඳ කරනවා(කථා.) [නා.] මුකුළු කරනවා; අඟර දඟර පානවා.
කොකවැළ1. [නා.] කොකුන් රංචුව; කොක් පෙළ. 2. [නා.] ඇතුන් සරසනු ලබන ආයිත්තමක නාමය.
කොක්ක1. [නා.] යමක් එල්ලීමට හෝ ඇමිණීමට භාවිත කරන ලීයෙන් හෝ ලෝහ වර්ගයකින් තනාගත් කොන්වලින් නැමුණු උපකරණය. 2. [නා.] ඇතැම් ශාකවල කඳ දිගේ පසුපසට යොමු වී නැමී වැඩෙන කටු විශේෂය.
කොක්කනම[නා.] ඔලගුව; පසුම්බිය; කොක්කනිය.
කොක්කිය1. (කථා.) [නා.] කුඹගහ මුදුනේ රුවල් රඳා සිටි ලණුපුඩුව. 2. [නා.] සෙක්කු මෝල අගත් සෙක්කු කඳත් සම්බන්ධ කර සවි කරන ලීය. 3. [නා.] කප්පිය.
කොක්ගානවා, කොග්ගානවා1. (කථා.) [ක්‍රි.] කමතේ වී ගොඩ (බැත) උකුණුගහෙන් ශුද්ධ කරනවා. 2. [ක්‍රි.] හේනේ උදුරා දැමූ වල් පැළෑටි වේළුණු පසු දණ්ඩකින් එකතු කරනවා.
කොක්ටේල්1. [නා.ප්‍ර.] මත්පැන් කීපවර්ගයක් මිශ්‍ර කර සාදාගන්නා පානය. 2. [නා.ප්‍ර.] පලතුරු වර්ග මිශ්‍ර කොට සාදාගත් පානය.
කොක්හඬ[නා.] උස් හඬ සිනහව.
කොකා1. [නා.] දීර්ඝ පාද, බෙල්ල, හොට යන අවයව ඇති ජලචර, මාංශ භක්ෂක පක්ෂියෙක්. 2. [නා.] බර එසවීමට පාවිච්චි කරනු ලබන යන්ත්‍රය; දොඹකරය; බක යන්ත්‍රය. 3. [නා.] තුවක්කුවක පිස්තෝලයක පතරොම ක්‍රියා කරවන කොක්කක් වැනි උපකරණය.
කොකා පෙන්වනවා(කථා.) [ක්‍රි.] රැවටීමට හෝ වංචා ආදියට ලක් කරනවා; සමච්චලය සඳහා අත කොකෙකුගේ හැඩය දැක්වෙන ආකාරයට පෙන්වනවා.
කොකා මානනවා(කථා.) [ක්‍රි.] වෙඩි තැබීමේදී තුවක්කුවේ කොකා ගැස්සීමට සූදානම් ව තුවක්කුව එල්ල කරනවා.
කොකාව(කථා.) [නා.] ඔරුවක රුවල අකුළා නවතාලීමට දමන ලීය.
කොකැත්ත[නා.] නැමුණු තලයක් ඇති පිහිය; කොකු පිහිය.
කොකිත(කථා.) [වි.] ඇවිස්සුණු; කුපිත වූ. 1. [නා.ප්‍ර.] විහිළුව; කවටකම. 2. [නා.ප්‍ර.] විපර්යාසවූව; විකාරවූව.
කොකිත්ත(පාරිභා.) [නා.] කුඩා කොක්ක.
කොකියනවා1. (කථා.) [ක්‍රි.] වෙවුලනවා. 2. [ක්‍රි.] පොපියනවා.
කොකුමඟර, කොකුමඟරා[කොකුම්+අඟරා] [නා.] කුංකුමවලින් සාදා ගැනෙන ශරීරාලේපය.
කොකුමස්ස[නා.] කොක්කක හැඩය ගත් පැරණි කාසි විශේෂයක්.
කොකුම්[නා.] කුංකුම.
කොකේන්[නා.ප්‍ර.] නිර්වින්දන ඖෂධයක් වන කොකා පත්‍රවල පවතින ඇල්කොලයිඩයක්.
කොකෝවා1. [නා.ප්‍ර.] කරල් හට ගන්නා ඝර්ම කලාපික ගසක්; එහි ගෙඩි. 2. [නා.ප්‍ර.] එම කුඩුවලින් පිළියෙල කරගන්නා මිහිරි පානය.
කොචිනිල්, කොචිනීල්[නා.ප්‍ර.] දීප්තිමත් රතු සායම් වර්ගයක්; කුකුළු සායම්.
කොට1. [වි.] කෙටි. 2. [වි.] උස් නොවූ; මිටි. 3. [වි.] නොකැපෙන; මුවාත නැති; මොට; ගෙවී ගිය. 1. [නා.ප්‍ර.] ගබඩා ගෙය; අටුව. 2. [නා.ප්‍ර.] විශාල ශක්තිමත් පවුරකින් වටකරන ලද ස්ථානය; කොටුව. 3. [නා.ප්‍ර.] හිවලා; සිඟාලයා. 1. [නි.] කල්හි; විට. 2. [නි.] ලෙස; සේ; වශයෙන්.
කොටඋඩ1. [ක්‍රි.වි.] ලී කොට මත (රඳවා තැබීම). 2.(රුඪි) [ක්‍රි.වි.] අකර්මණ්‍ය ව; ක්‍රියා විරහිත ව; අක්‍රියව.
කොටගුළ, කොටුගුළ[නා.] ධාන්‍ය ආදිය හෝ වටිනා වස්තු සුරක්ෂිත කොට තැබීමට සැදූ ගෙය; ගබඩාව; කෝෂ්ඨාගාරය.
කොටනවා1. [ක්‍රි.] ගසනවා; පහර දෙනවා. 2. [ක්‍රි.] අනිනවා. 3. [ක්‍රි.] තළනවා; කැබලි කරනවා; කුඩු කරනවා. 4. [ක්‍රි.] කපනවා; සිඳිනවා. 5. [ක්‍රි.] උදැල්ලෙන් පස් පෙරළනවා; කනිනවා; හාරනවා. 6. [ක්‍රි.] කොටා මිනිසුන් මරනවා. 7. [ක්‍රි.] ගල්, ලී, ලෝහ ආදියෙහි රූප හෝ අකුරු හෝ හාරා සටහන් කරනවා; කැටයම් කරනවා. 8. [ක්‍රි.] (කැලෑ) හපනවා; කනවා.
කොටය, කොටේ(කථා) [නා.] කොට (දෑ) යන්නෙහි ඒක වචන රූපය; ගසකින් කපන ලද කොටස; දැව හෝ දර කුට්ටිය.
කොටරය(පාරිභා.) [නා.] එක් කොනක් ක්‍රමයෙන් සිහින් වූ කුඤ්ඤ විශේෂයක්.(=cotter)
කොටරැකි[නා.ප්‍ර.] ගබඩාගේ ආරක්ෂා කරන්නා.
කොටරැකිකම1. [නා.] ගබඩාවක් ආරක්ෂා කිරීම. 2. [නා.] ධාන්‍ය මැනීමේ කටයුත්ත. 3. [නා.] වඩු කර්මාන්තය.
කොටවනවා(කථා.) [ක්‍රි.] භේද කරවනවා; විරුද්ධ කරවනවා; බිඳවනවා.
කොටවැලි, කොටවෙලි[නා.ප්‍ර.] වගා කළ ගොඩ ඉඩම.
කොටස1. [නා.ප්‍ර.] බෙදා වෙන් කරන ලද ප්‍රමාණය; පංගුව; භාගය; කොට්ඨාසය. 2. (පාරිභා.) [නා.ප්‍ර.] සමාගමක ප්‍රාග්ධනයේ ස්ථිර හා නොබෙදිය හැකි පංගුව (=share). 3. (පාරිභා.) [නා.ප්‍ර.] ඡේදය; කාණ්ඩය.
කොටස් අධිමිල(පාරිභා.) [නා.ප්‍ර.] මුල් අගයට හෙවත් නාමික අගයට වැඩි වෙළඳ අගයකට විකිණෙන කොටස් මිල.
කොටස් අවමිල(පාරිභා.) [නා.] මුල් අගයට හෙවත් නාමික අගයට අඩු වෙළඳ අගයකට විකිණෙන කොටස් මිල.
කොටස් පත්‍රය(පාරිභා.) [නා.] සමාගමක කොටස් අයිතිය පෙන්වීම සඳහා දෙනු ලබන සහතික පත්‍රය.
කොටස් ප්‍රාග්ධනය(පාරිභා.) [නා.] වෙළඳ සමාගමක හෝ සමායතනයක හෝ කොටස්වලින් සෑදුණු ප්‍රාග්ධනය; කොටස් මූලධනය.(=share capital)
කොටස් මිල(පාරිභා.) [නා.] වෙළඳ සමාගම් ආදියේ ව්‍යාපාර වස්තුවල මුල් අගය.
කොටස් වෙළඳපොළ(පාරිභා.) [නා.] ව්‍යාපාර වස්තු හා කොටස් විකිණීමත් මිලට ගැනීමත් සිදුකෙරෙන වෙළඳපොළ (=share market).
කොටස්කරය(පාරිභා.) [නා.] මිලට ගත් සමාගමක කොටස් සඳහා නියම සහතිකය නිකුත් කරන තෙක් දෙනු ලබන තාවකාලික ලියවිල්ල; කොට්ඨාස පත්‍රය. (=scrip).
කොටස්කරුවා[නා.] (සමාගමක) කොටස් අයිති තැනැත්තා; පංගුකාරයා; හවුල්කාරයා.
කොටහළුව1. (කථා.) [නා.] වැඩිවිය පැමිණීම; මල්වරවීම. 2. [නා.] මල්වරවීමෙන් පසු පවත්වන චාරිත්‍රානුකූල මංගල්‍යය; කොටහළු මඟුල.
කොටහෙරාළ(කථා.) [නා.] (ධීව.) මාලු වෙන්දේසි කරන්නා.
කොටළුවා[නා.] බූරුවකුට දාව අස්වෙළඹක කුසින් උපදින දෙමුහුන් සතා.
කොට්ට(කථා.) [වි.] වියළි; ගුඩු වූ.
කොට්ට උරය[නා.] කොට්ටය ආවරණය කිරීමට ගන්නා වැස්ම.
කොට්ටකිලංග, කොට්ටකෙලංගු[නා.ප්‍ර.] තම්බා වියළා ගත් නොමේරූ තල් අංකුරය හෙවත් මොටෙයිය.
කොට්ටනුව(කථා. දකුණු.) [නා.] ගොවිතැන් කළ නොහැකි කුඹුර.
කොට්ටපිළ, කොට්ටාපිළ(කථා. මැද. ඌව.) [නා.] පැරණි නිවෙස්වල දොරපිළේ වාඩිවීම සඳහා මැටි බදාමයෙන් සාදන ලද දිග වේදිකා විශේෂය.
කොට්ටපොර[නා.ප්‍ර.] කතිර කණු ආධාර මත රැඳවූ හරස් ලීයක් උඩ හිඳ එකිනෙකාට කොට්ටයෙන් පහර දෙන ක්‍රීඩා විශේෂයක්.
කොට්ටපොල්[නා.ප්‍ර.] දිය සිඳී මදය වියළුණු පොල්; ගුඩු පොල්.
කොට්ටම[නා.] හැට්ටය; කංචුකය.
කොට්ටය1. [නා.] නිදා ගැනීමේ දී හිස තබා ගැනීම හා වාඩිවීම ආදියට භාවිත කරන මොළොක් භාණ්ඩය; බිම්බෝහනය. 2. [නා.] බඩුවල පොලිෂ් ගෑමට පුළුන් පුරවා තනාගත් කුඩා පොට්ටනිය; තුවාලයක් වේලීමට ඒ මතුපිට තබා බඳින පුලුන් තට්ටුව. 3. [නා.] ලී කොටය; අඩය. 4. (පාරිභා.) [නා.] යතු කැටයක මූණත ළඟින් සවිකර ඇති ගැටය. 5. (කථා.) [නා.] අඹ ඇටය. 6. [නා.] බළල්, කොටි ආදි සතුන්ගේ යටිපත්ලේ පිහිටා ඇති මොළොක් කොටස.
කොට්ටල් බද්ද[නා.] මහනුවර සමයේ කර්මාන්තකරුවන් විසින් ගෙවිය යුතු බදු විශේෂයක්.
කොට්ටාරය[නා.] ස්වාභාවික බලකොටුව.
කොට්ටෝරුවා1. [නා.] ගස්වල බෙන සාදා බිජු ලන දැඩි හොටක් ඇති වර්ණවත් පක්ෂියෙක්. 2. [නා.] බලියාග, දෙවොල් ආදියෙහි ආවතේව කරන්නා.
කොට්ඨාසය1. [නා.] භාගය; කොටස; පංගුව. 2. [නා.] රටක විමධ්‍යගත පාලනයට පහසුවන සේ රට බෙදා දක්වන කොටස්වලින් එකක්.
කොට්ඨාසිකය[නා.] බෙදා ලැබෙන උත්තරය; ලබ්ධිය.
කොටා1. [නා.] ශරීරාවයව කොට වූ තැනැත්තා; මිටි මිනිහා; මිට්ටා. 2. [නා.] අත් පා ආදිය කපනු ලැබූ තැනැත්නා.
කොටා බානවා[නා.] (කමත්.) කෑම කනවා; ආහාර ගන්නවා; අනුභව කරනවා.
කොටාර[නා.ප්‍ර.] ධන ධාන්‍ය, රන්රුවන්, මුතු මැණික් ආදිය රැස්කර තබන ගොඩනැගිල්ල; කෝෂ්ඨාගාරය; ගබඩාව; කොටගුළ.
කොටිකා[නා.] වියළි පුවක් ගෙඩිය; කරුංකා ගෙඩිය.
කොටියා1. [නා.] බළල් පවුලට අයත් ඉතා රෞද්‍ර මාංස භක්ෂක සිවුපා වර්ගය. 2.(කථා.) [නා.] නපුරු මිනිස්සු; අහිංසකයන් අමාරුවේ දමන්නෝ.
කොටිලය(පාරිභා.) [නා.] ඇටයකින් නැඟුණු අංකුරයකට පොළොවෙන් ආහාර ඇද ගැනීමට හැකි වන තෙක් පෝෂණය ලබාදෙන බීජපත්‍රය; පියල්ල (=cotyledon).
කොටු1. [වි.] සමචතුරස්‍ර. 2. [වි.] ගෙවී ගිය; මොට වූ; මුවාත නැති. 3. (කථා.) [වි.] කුඩා; පුංචි. 1. [නා.ප්‍ර.] මාලු අල්ලන තැනැත්නා.
කොටු පවුර[නා.] යම්කිසි ස්ථානයක් ආරක්ෂා කිරීමට ඒ වටා බැඳි ප්‍රාකාරය; කොටු බැම්ම.
කොටුපත[නා.] සිවුපාවුන් දඩයම් කිරීම සඳහා ඔවුන් යන එන මඟ කොළ අතු වලින් වසා සාදන කොටුව; දඩයක්කාරයා සැඟවී සිටින කොටු වූ ස්ථානය.
කොටුබැම්ම[නා.] නගරාරක්ෂාවට බැඳි විශාල බැම්ම; ප්‍රාකාරය.
කොටුව1. [නා.] වී ආදිය රැස්කර තබන ගබඩාව; වටිනා වස්තුවක් තැන්පත් කර තබන ආරක්ෂක ස්ථානය, කෝෂ්ඨාගාරය. 2. [නා.] දිය ඔරුව; ද්‍රෝණිය. 3. [නා.] ගොවිතැන් හෝ (ඇති කරන) සතුන් රැක ගැනීම සඳහා වට කළ හා ආවරණය කළ ස්ථානය. 4. [නා.] පවුරකින් වටකරන ලද ආරක්ෂක ස්ථානය; බලකොටුව. 5. [නා.] අල්ලිය; සමචතුරස්‍රය.
කොඩ1. [නා.ප්‍ර.] බාහු මූලය; උරහිස. 2. [නා.ප්‍ර.] ඌරා 3. [නා.ප්‍ර.] කිරි එළදෙන.
කොඩ වෙනවා(කථා.) [ක්‍රි.] පැළෑටියක වැඩීම බාල වී කොළ වකුටු වී යනවා; කේඩෑරි වෙනවා; මෙට්ටැහි වෙනවා.
කොඩි කුඹය[නා.] කොඩි ඔසවා බැඳ තබන කණුව; ධ්වජ යෂ්ටිය.
කොඩි ගස, කොඩි ගහ1. [නා.] කොඩි කුඹය; කොඩිය ඔසවා බැඳ තබන ලීය. 2. [නා.] දුම්රියට සංඥා දීම සඳහා දුම්රිය මාර්ගය අසල තනා ඇති සංඥා කණුව; සිග්නල් කණුව.
කොඩිය[නා.] ධ්වජය; පතාකය.
කොඩිල්ල(කථා.) [නා.] පැළ කළ හැකි කරටිය හෝ මොටෙයියා.
කොඩිවිනය[නා.] කෙනෙකුට විපතක් කිරීම සඳහා කරන මන්තර ගුරුකම්; මන්තර බලයෙන් කරන සූනියම.
කොඩිසිල් පත්‍රය[නා.] (නීති.) අන්තිම කැමති පත්‍රය සංශෝධනය කරමින් හෝ අවලංගු කරමින් පසු ව කරන එකතුව; ඌනපූර්ණය.
කොඩොක්කුව1. [නා.] ඉණ; උකුළ; ඔඩොක්කුව. 2. [නා.] අලංකාරය පිණිස ඉණ වටා වස්ත්‍රයක තබන රැල්ල.
කොණ්ඩ කටුව1. (කථා.) [නා.] හිසකෙස් සකසා අලංකාරයට ඒ මත කටු විශේෂයක්. 2. [නා.] කොණ්ඩේ ගැටයක් කොට බැඳ නොලිහෙන සේ තබා ගැනීම පිණිස ගසන කටු විශේෂය; හර්නල් කටුව.
කොණ්ඩ කැවුම[නා.] කොණ්ඩයක ආකාරයෙන් මැද උඩට නෙරා පවතින සේ තෙලෙන් බැද ගන්නා දේශීය කැවිලි වර්ගයක්.
කොණ්ඩ මාල, කොණ්ඩ මල්[නා.] ස්ත්‍රීන්ගේ කේශකලාපයෙහි පලඳින ආභරණ විශේෂයක්.
කොණ්ඩය, කොණ්ඩෙ1. [නා.] කෙස් වැටිය; කේශ කලාපය. 2. [නා.] කෙස් වැටිය එක් කොට හිසෙහි බැඳි ගුටිය; හිසෙහි කෙස් එක් කොට බඳින ගැටය. 3. [නා.] ඇතැම් පක්ෂීන්ගේ හිසෙහි පිහාටු රොද.
කොණ්ඩායම[නා.] ඇතුන්ට පලඳවන ආභරණ විශේෂයක්; ඇත් දළයට සවි කරන කොපුවේ එල්ලනු ලබන සැරසිල්ලක්.
කොණ්ඩාරම[නා.] හිස හෝ අත් බිම තබා වටයක් කැරකීමෙන් ගසන පිනුම් විශේෂයක්.
කොණ්ඩිත්තම[නා.] උඩ පැත අහසේ දී ම වටයක් කැරකීම විශේෂ කොට ඇති පිනුමක්.
කොණ්ඩිපට්ටම[නා.] ඉබි යතුරක් දැමීමට දොර, පෙට්ටගම් ආදියට සවි කරන ලෝහ පට්ටම් කැබැල්ල හා පුඩුව.
කොණ්ඩිය1. [නා.] බීජයක් පැළවීමේ දී එයින් ඉහළට ඇදෙන ගිරිය; මොටියා; මොටෙයිය. 2. [නා.] කොණ්ඩිපට්ටමේ සිදුර සහිත කොටස: කොක්ක.
කොණ්ඩු ගහනවා[ක්‍රි.] කකුලක් උස්සාගන පැන පැන යනවා; එක කකුලක් හරියට බිම නොතබා ඇවිදිනවා; කුන්දු ගහනවා.
කොණ්ඩුව1. [නා.] ගස් ආදියෙහි මුදුන; මස්තකය. 2. [නා.] කුණ්ඩුව.
කොඬ1. [නා.] කොණ්ඩය. 2. [නා.] උරහිස. 3. [නා.] ගුළිය.
කොඬල[නා.ප්‍ර.] ශරීරයෙහි සෑදෙන ඉනිගැට වැනි චර්මකීල විශේෂයක්.
කොඬවර[නා.ප්‍ර.] ගොඩනැගිලි ආදියේ ආරක්ෂාව සඳහා බඳින ලද කුඩා පවුර; තාප්පය.
කොඬස[නා.] සිරුරෙහි අත පටන් ගන්නා ස්ථානය; බාහු මූලය; දසරුව; උරය.
කොඬොල්1. [නා.ප්‍ර.] කනෙහි පලඳින ආභරණ විශේෂයක්; කුණ්ඩලාභරණය. 2. [නා.ප්‍ර.] නාගයා; දිව්‍යනාගයා. 3. [නා.ප්‍ර.] හැකිළීම; නැමීම. 4. [නා.ප්‍ර.] වැල් අල වර්ගයක නාමය.
කොඬොලිඳු[නා.ප්‍ර.] නාගයන්ගේ අධිපතියා; නාගලොවට නායකයා; අනන්ත නම් නාගරාජයා.
කොත1. [නා.] කොඩිය; ධජය; ද්වජය. 2. [නා.] ස්තූපයක කොත් කැරැල්ල මුදුනේ සවි කරනු ලබන කේතුව; කුන්තය. 3. [නා.] ගෘඞ්ගයක ස්වරූපය ඇති දෙය. 4. [නා.] මුදුන මස්තකය.
කොත ගසනවා, කොත ගහනවා[ක්‍රි.] කොතක් මෙන් මුදුන් ව සිටින සේ පුරවනවා.
කොතත[කොත්+අත] [නා.] කුන්තයක් අතින් දරා සිටින්නා; ස්කන්ධ කුමාරයා; කඳකුමරු.
කොතබුගල[නා.] කොතබුමිණ.
කොතමිණ1. [නා.] චන්ද්‍රකාන්ත මාණික්‍යය; සඳකැන් මිණ. 2. [නා.] ස්ඵටික මාණික්‍යය; පළිඟුමිණ. 3. [නා.] සූර්යකාන්ත පාෂාණය.
කොතලන්ගවැල[නා.] ඇට විශේෂයක් අමුණා තනන ලද කාන්තා ගෙල පලඳනාවක්.
කොතවි[නා.ප්‍ර.] කුන්තායුධය.
කොතළය, කොතළාව, කොතළේ[නා.] ජලය බහාලීම සඳහා භාවිත වන කෙමියක් සහිත මැටියෙන් තනන ලද බඳුන් විශේෂයක්.
කොත් කරනවා[ක්‍රි.] කපා ගන්නා ලද ගොයම් කොතක හැඩයට සිටින සේ ගොඩ ගහනවා.
කොත් පලඳවනවා1. [ක්‍රි.] දාගැබ් මුදුනක කොතක් උත්සවාකාරයෙන් තැන්පත් කරනවා. 2. [ක්‍රි.] ප්‍රාසාද ආදිය කොත්වලින් අලංකාර කරනවා.
කොත් බිබිළ[නා.] ප්‍රාසාදයක මුදුනේ කොත සවි කෙරෙන ගෝලාකාර පල කොටස; කොත තබන කපාලය; කැණි කබල
කොත් මඟුල(පාරිභා.) [නා.] චෛත්‍යයක කොත් පැලඳවීම නිමිත්තෙන් පවත්වනු ලබන උත්සවය.
කොත්කන්ද(පාරිභා.) [නා.] ක්‍රමයෙන් හීන් වෙමින් නැඟී අවසානයේ දී කොතක හැඩය ගන්නා කන්ද (=conical hill).
කොත්කැරැල්ල[නා.] බෞද්ධ ස්තූපයක හතරැස් කොටුවට ඉහළින් කොත දැරීම සඳහා පවතින කේතු ආකාර කොටස; මාලිගා ප්‍රාසාද ආදියෙහි වහල මුදුනේ (අලංකාරය පිණිස) සවි කැරෙන කේතුව.
කොත්ත(කථා.) [නා.] බුහු ගැහීමේ දී පොල් කෝම්බ දෙක උඩ හරහට තබන ලී කැබැල්ල; මට්ටය.
කොත්තු කරනවා1. [ක්‍රි.] පිහි, ඇණ ආදි දෙයකින් හාරනවා; සිදුරු කරනවා. 2. [ක්‍රි.] අවුස්සනවා. 3. [ක්‍රි.] උලාකනවා; ලෑටි ගානවා.
කොත්තු විලක්කුව(කථා.) [නා.] පහන්වැටි රාශියක් දැල්විය හැකි වන පරිදි තැනුණු උස පිත්තල පහන; කුරු කඳ පහන.
කොත්තුව1. [නා.] සහල් ආදි ධාන්‍ය වර්ග මනින මිම්මක්; සේරුවෙන් හතරෙන් පංගුව; සේරුකාල; හුණ්ඩුව. 2.(කථා. උඩ.) [නා.] හුණ්ඩු හතර; සේරුව; නැළිය. 3. [නා.] සමූහය; පොකුර; ආවලිය. 4. [නා.] රොටී ආදි පිටි මිශ්‍රණ, එළවළු, මස්, මාලු, බිත්තර ආදිය කලවම් කොට සකස් කරන ක්ෂණික ආහාර විශේෂයක්.
කොත්මල්[නා.ප්‍ර.] බුදුරදුන්ගේ සිරසින් විහිදී වඩු රියනක් පමණ උඩට නැඟී බබළන රැස් වළල්ල; කේතුමාලාව.
කොත්මහල(පාරිභා.) [නා.] ගොඩනැඟිල්ලක් මත එහි කොටසක් වශයෙන් උස් කොට තනන ලද හතරැස් වූ හෝ වට වූ හෝ කොතක් වැනි කොටස (=turret).
කොතායුද1. [නා.ප්‍ර.] කුන්තායුධය. 2. [නා.ප්‍ර.] කොතලයක් අතින් දරන්නා; කතරගම දෙවි; කඳකුමරු.
කොතු[නා.ප්‍ර.] සිනාව.
කොතුරු1. [නා.ප්‍ර.] කොතළය; කලස. 2. [නා.ප්‍ර.] මලක කෙමිය; පුෂ්පකර්ණිකාව. 3. [නා.ප්‍ර.] කුණ්ඩලාභරණයක එල්ලා ඇති කුඩා කලසක් වැනි කොටස; ඔරලි අත්ත.
කොතුරුගානා[නා.ප්‍ර.] ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිරිත් පැන් වැඩීමේ එනම් කොතුරු දැරීමේ රාජකාරිය භාරව සිටින්නන්ගේ නායකයා.
කොතුරුපක්[නා.ප්‍ර.] කණු මුදුන් වල සවිකර ඇති කලසක් වැනි කොටස; කලසක හැඩය ගත් කුලුනු හිස; ඝටාකාර පේකඩ.
කොතෙක්[ක්‍රි.වි.] කොතරම්; කොපමණ.
කොදිච්චි වෙනවා, කොදොච්චි වෙනවා(කථා.) (ක්‍රි.) වතුර හොඳින් උණු වෙනවා; ද්‍රවයක් උණු වී නටන්නට පටන් ගන්නවා.
කොදිව්, කොදෙව්[නා.ප්‍ර.] කුඩා දිවයින; දූපත.
කොදු[නා.ප්‍ර.] එළු ලොමින් කළ පලස; කොඳු පලස.
කොන1. [නා.] පැති දෙකක් එකට එක්වීමෙන් සෑදෙන කෝණය; මුල්ල 2. [නා.] කෙළවර; අග; අන්තය. 3. [නා.] දිශාව; පැත්ත.
කොනහනවා1. [ක්‍රි.] කොනිත්තනවා; නියපොතු ගහනවා. 2. [ක්‍රි.] කෙනෙහිලි කම් කරනවා; පීඩා කරනවා.
කොන් කරනවා1. [ක්‍රි.] අයින් කරනවා; වෙන් කරනවා. 2. [ක්‍රි.] ඇසුරෙන් ඉවත්කරනවා; ඈත් කරනවා.
කොන්ක්‍රීට්[නා.ප්‍ර.] සිමෙන්ති, කළු ගල් කැබලි සමග වැලි අනුපාතයට මිශ්‍ර කොට වතුරෙන් අනා තනා ගනු ලබන ශක්තිමත් ඝන මිශ්‍රණය; බදාමය.
කොන්කෝටුව[නා.] ඔරුවක කඳ තුවාල නොවීම පිණිස පිටට නෙරා තිබෙන කෙළවරේ සවි කරන ලී කැබැල්ල.
කොන්ගල[නා.] ගොඩනැගිල්ලක (විශේෂයෙන් අත්තිවාරමක) බිත්ති දෙකක් එකට සම්බන්ධ වන තැන තැබූ ගල.
කොන්ඩිලෝමාව(පාරිභා.) [නා.] උපදංශ වැළඳුණු කෙනෙකුගේ ගුද මාර්ගය සහ බාහිර ලිංගේන්ද්‍රිය අසල වැඩෙන ඉන්නකු වැනි බිබිල (=condyloma).
කොන්ඩිස්[නා.ප්‍ර.] තුවාල සේදීම සඳහා භාවිත විෂබීජ නාශක ද්‍රව්‍යයක්.
කොන්ඩෙන්සරය1. (පාරිභා.) [නා.] පරිවාරක ද්‍රව්‍යයකින් වෙන් කරන ලද සන්නායක තහඩුවලින් සමන්විත විදුලි උපකරණයක්. 2. [නා.] ආසවනය කිරීමේ දී වාෂ්පයක් ද්‍රවයක් බවට හැරවීමට යොදන උපකරණයක්.
කොන්තය1. [නා.] හෙල්ල; තෝමරය; කුන්තායුධය. 2. (රෝ. ක.) [නා.] ජපමාලාව.
කොන්තරත්තුව, කොන්ත්‍රාත්තුව[නා.] නියමිත කාලයක් තුළ නියමිත ගෙවීමක් අනු ව යම්කිසි කාර්යයක් ඉටු කිරීමට භාර ගැනීමේ පොරොන්දුව.
කොන්තලීය[නා.] නියඳ පැදුරු වියන අලුවේ නූල් හැදය මත රැඳී තිබෙන පොල්ල; උත්තර පත.
කොන්තේරුව1. [නා.] දෝලාව නවතා තැබීමේ දී එහි පොල්ල දරා සිටීම සඳහා යොදා ගන්නා යකඩ කරුව හෙවත් ආධාරකය; දෝලා කුරුපාව. 2. (කථා.) [නා.] යකුන් නැටීමේ දී යකැදුරා දරන අණ සැරයටිය.
කොන්ද1. [නා.] කොඳුඇට පෙළ. 2. [නා.] ගොඩනැගිලි ආදියෙහි පිටට නෙරා යන සේ ගලින් හෝ බදාමයෙකින් හෝ තනන ලද පටිය. 3. [නා.] සිහින් කෙන්ද හෝ කූර; වැඩට ගන්නා කෙන්ද. 4. [නා.] ශාකවල සිහින් පත්‍රය; දිගටි කොළය. 5. [නා.] මල්රේණු; පුෂ්පකේශර.
කොන්දුන් ගහනවා(කථා.) [ක්‍රි.] තනි කකුලෙන් පැන පැන යනවා; කුන්දු ගහනවා.
කොන්දේසිය[නා.] යම්කිසි කටයුත්තක් කිරීමට ප්‍රථමයෙන් සම්මත කරනු ලබන පොදු නියමය.
කොන්දොස්තර1. [නා.ප්‍ර.] බස්රථවල ගාස්තු අය කිරීම ආදිය බාර ව සිටින්නා. 2. [නා.ප්‍ර.] වතු කම්කරුවන්ගේ වැඩ මෙහෙයවන පුද්ගලයා.
කොන්සල්[නා.ප්‍ර.] තමාගේ රට වෙනුවෙන් වෙනත් රටක සිටින රාජදූතයා.
කොන්සේජුව[නා.] උසාවිය; විනිශ්චය ශාලාව.
කොනිත්තනවා, කොනිස්සනවා1. [ක්‍රි.] මහපටැඟිලි තුඩ හා දබරැගිලි තුඩ එක් කොට ශරීරයේ යම් ස්ථානයක් තදින් මිරිකනවා; කොනිස්සනවා. 2. [ක්‍රි.] රිදවනවා; කෙනෙහිලිකම් කරනවා.
කොඳ1. [නා.ප්‍ර.] පිච්ච වර්ගයට අයත් ශාකයක නාමය; කුන්ද. 2. [නා.ප්‍ර.] ජලජ පුෂ්ප විශේෂයක්; සුදු මහනෙල්; කල්හාර. 3. [නා.ප්‍ර.] කුරහන් ඇටයේ පොත්ත; කුරහන් සිවිය. 4. [නා.ප්‍ර.] විනාශයක ලකුණ; විපත්තිය. 5. [නා.ප්‍ර.] බැගෑපත් හඬ; වේදනා සහගත අඳෝනාව.
කොඳකැකුළු[නා.ප්‍ර.] නොමේරූ මල් මොට්ටු.
කොඳු ඇටපෙළ[නා.] කශේරුකාව; මිනිස් සිරුරේ ඇට තිස්තුනකින් යුත් පිටි කොන්ද; කොඳු නාරටිය.
කොඳු ගානවා[ක්‍රි.] සිහින් වන සේ ගානවා; පෙරංගානවා.
කොඳුගල් පේළිය[නා.] වාහල්කඩ ආදිය තැනීමේ දී පිටට නෙරා යන ලී ස්තරයක ස්වරූපය ඇති වන සේ තැබූ ගල්පේළිය.
කොඳුපත්බඩ[නා.ප්‍ර.] ස්තූපයක පේසා වළලු වෙනුවට තනා ඇති ලීස්තර.
කොඳුපලස[නා.] එළු ලොම්වලින් කළ ඇතිරිල්ල.
කොඳුරනවා1. [ක්‍රි.] නොපැහැදිලි ලෙස යමක් කියනවා; සිහින් හඬින් කනට ඇසෙන නෑසෙන සේ කතා කරනවා. 2. [ක්‍රි.] තරහින් මුමුනනවා. 3. [ක්‍රි.] කෙඳිරිගානවා.
කොඳුරු[නා.ප්‍ර.] ඇතා; හස්තියා.
කොඳුව[නා.] ගොඩනැගිල්ලක පිටට නෙරා ගිය ලීස්තරය.
කොඳුවළල්ල[නා.] ටැම් ආදියෙහි රවුමට ලීස්තර බේරා කරන ලද වාත්තු සැරසිල්ල.
කොපර්සල්ෆේට්(පාරිභා.) [නා.ප්‍ර.] තඹ ලවණයක් වන පල්මානික්කම් (=copper sulphate).
කොප්පකටුව(කථා.) [නා.] ලී ආදියට ගසන ඇණ නොපෙනෙන පරිදි යටට ගිල්වීමට පාවිච්චි කරන වඩු උපකරණයක්.
කොප්පර, කොප්පරා1. [නා.ප්‍ර.] වියළන ලද පොල් මද; කොප්පරා. 2. [නා.ප්‍ර.] කරදිය මත්ස්‍යයෙක්. 3. [නා.ප්‍ර.] සත පහේ තඹ කාසියක්.
කොපි කරනවා1. [ක්‍රි.] මුල් ආකෘති වූ සැටියෙන් ම දක්වනවා; පිටපත්කරනවා. 2. [ක්‍රි.] අනිකකු ගේ නිර්මාණයක් තමන්ගේ නිර්මාණයක් බවට වංචනිකව සොරා ගන්නවා. 3. [ක්‍රි.] අනුකරණය කරනවා.
කොපිය[නා.] මුල් කෘතියේ ම පිටපත.
කොපිල[නා.] නොමේරූ අත්ත; ගොබය.
කොපුල, කොපොල[නා.] කම්මුල; කපෝලය.
කොපුල්තල[නා.ප්‍ර.] කම්මුල; කපෝලය; කපෝල ස්ථලය.
කොපුව1. [නා.] ඇතැම් උපකරණ සුරක්ෂිතව බහා ලීමට භාවිත කරන කෝෂය. 2. [නා.] පොල් මල්, පුවක් මල් ආදිය ආවරණය වී ඇති වැස්ම; කොලපුව. 3. [නා.] බිඩාල ගෝත්‍රයේ සතුන් ගේ නියපොතු ආවරණය වී ඇති කෝෂය.
කොබ1. [නා.ප්‍ර.] ඇලළීම; කැලඹීම; කැලතීම. 2. [නා.] කොතැන; කොයිබ; නිකම් තැන; කවර තැන.
කොබෝගෙඩි වළල්ල[නා.] ප්‍රසාදවල මුදුන්වල පක්ෂීන්ගේ වාසය සඳහා ලීයෙන් තැනුණු කූඩුව; විටංකය.
කොබෝනයා[නා.ප්‍ර.] පියාඹතැයි සැලකෙන නාග විශේෂයක්.
කොමන්දය, කොමන්ද1. [නා.] යුද බළඇණිය; භට පිරිස; සේනාව. 2. (කථා.) [නා.] පිරිස; සමූහය.
කොමන්දෙ ගැහෙනවා(කථා.) [ක්‍රි.] කණ්ඩායම් වශයෙන් (නිකරුණේ) රැස්වෙනවා.
කොමල1. [වි.] මෘදු; මොළොක්; සිනිඳු. 2. [වි.] සිත්ගන්නාසුලු; සිත්කලු; මනස්කාන්ත. 1. [නා.ප්‍ර.] අඟරදඟර; ඉඟිබිඟිය. 2. [නා.ප්‍ර.] මැණික.
කොමලඟ[කොමල+අඟ] [නා.ප්‍ර.] කෝමල ශරීරයක් ඇති තැනැත්තිය; මනහර කාන්තාව; කෝමලාංගිය.
කොමසාරිස්[නා.ප්‍ර.] කිසියම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීමේ බල සහිත ව (රජය විසින්) පත් කරනු ලබන නිලධාරියා.
කොම්ප්‍රමේන්තුන්ව, කොම්පරමේන්තුව1. [නා.] ආඩම්බරය; උජාරුව; ගර්වය. 2. [නා.] අඟරදඟරය; ඔමරිය. 3. [නා.] පෙරැත්ත කරවා ගැනීම.
කොම්පාසුව1. [නා.] උතුරු දෙසට යොමු වන කාන්දම් කටුවක් සහිත දිශාව දැනගැනීමට භාවිත කරන උපකරණය; මාලිමා යන්ත්‍රය; දිශා මානය. 2. [නා.] වෘත්ත ඇඳීමට භාවිත කරන උපකරණයක්; කවකටුව.
කොම්පැනිය1. [නා.] ව්‍යාපාර කර්මාන්ත ආදිය පවත්වා ගෙන යෑම වැනි යම්කිසි පොදු අරමුණක් සඳහා හවුල් වූ පුද්ගල සමූහය. 2. [නා.] එක් ව කටයුතු කරන පිරිස; ආශ්‍රය කරනු ලබන කණ්ඩායම; සමූහය.
කොම්පියුටරය[නා.] පරිගණක යන්ත්‍රය; පරිගණකය.
කොම්පෝස්ට් පොහොර[නා.] කාබනික ද්‍රව්‍ය අණුජීවීන්ගේ ආධාරයෙන් දිරාපත් වීමට සැලැස්වීමෙන් සාදා ගනු ලබන පොහොර.
කොම්බුව1. [නා.] සිංහල හෝඩියේ “එ” ස්වරය එකතු වීම දැක්වීමට ව්‍යඤ්ජනයකට මුලින් යොදනු ලබන “‍ ෙ” යන සංකේතය. 2. [නා.] පුරාණයේ එකේ ඉලක්කම වෙනුවට භාවිත කළ සංකේතය. 3. [නා.] කොම්බුවක් මෙන් වටකුරුව කරකැවී ගිය කඳක් සහිත නළා විශේෂයක්; කොම්බු නළාව.
කොමාලි, කොමාලී[නා.ප්‍ර.] විකට නළුවා; කෝලමා; බම්මන්නා; බහුබූතයා.
කොමාව[නා.] වාක්‍යයක කෙටි විරාමයක් දැක්වීම සඳහා භාවිත කරන ලකුණ.
කොමියුනිස්ට් වාදය[නා.] සියලු දේපළ හා නිෂ්පාදන මාර්ග ජන සමාජය නොහොත් රජය සතු කිරීම හා එයින් පාලනය වීම, හැම දෙනකු ම තමා ගේ ශ්‍රම ශක්තිය අනු ව වැඩ කිරීම හා ඒ අනු ව ශ්‍රමය සංවිධානය වීම, වැඩ කරන ජනතාවගේ පරමාධිපත්‍යය පැවතීම ආදිය අරමුණු සේ ගත් දේශපාලන න්‍යායවාදය.
කොමිෂන් සභාව[නා.] යමක් ගැන කරුණු පරීක්ෂා කොට වාර්තා කිරීමටත් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් රජයෙන් පත් කරනු ලබන විශේෂ පරීක්ෂණ මණ්ඩලය; කොමිසම.
කොමිසන් කරනවා[ක්‍රි.] (ක්‍රිස්ති.) (ක්‍රිස්තු භක්තිකයින්) පව්වලට සමාව ලබා ගන්නවා.
කොමිස්[නා.ප්‍ර.] වෙළඳ නියෝජිතයකු වශයෙන් ක්‍රියා කිරීම වෙනුවෙන් ගනුදෙනුවේ වටිනාකමින් නියමිත ප්‍රමාණයට ගෙවනු ලබන ගාස්තුව.
කොමු1. [නා.ප්‍ර.] ධාන්‍යයෙන් පිළියෙල කළ තලප, රොටි හෝ පිට්ටු. 2. [නා.ප්‍ර.] කොමු පට්ටයෙන් කළ වස්ත්‍රය; කොමු පිළී. [වි.] අඩක් තැම්බුණු; ඇට්ටකුණා වූ; ප්‍රමාණයට වඩා තැම්බුණු; බෙරි වූ.
කොමුව1. [නා.] අගුව; පිල්කොන. 2. [නා.] අයින; කොන.
කොඹුමිණ[නා.] විෂ්ණු දෙවියන් කිරි මුහුද අල්ලන කල්හි පහළ වුණයි පැවැසෙන මාණික්‍යය; විෂ්ණු දෙවියන් උර පැලඳ සිටිනා මැණික; කෞස්තුභ පාෂාණය.
කොයි[වි.] කුමන; කවර
කොයිබ[ක්‍රි.වි.] කවර තැනක.
කොයිරුව, කොයුරුව[නා.] බීරලු ගෙතීමේ දී බීරලු කොට්ටයට සවිකරනු සඳහා අල්පෙනෙත්තියෙන් විදින ලද කුඩා සිදුරු සහිත මෝස්තරය පෙන්නුම් කරන කඩදාසි මෝස්තර කොළය.
කොර1. [වි.] අත්පා වකුටු වූ; පිළු; නොන්ඩි. 2. [වි.] කුඩා; මිටි. [නා.ප්‍ර.] කොරපොතු; කොරල.
කොර වෙනවා[ක්‍රි.] යම් ආබාධයක් නිසා අත්පා කවර ප්‍රමාණයෙන් හෝ අක්‍රීය වෙනවා.
කොරටු1. [නා.ප්‍ර.] භෝග වගා කිරීම සඳහා වැටකින් වටකොට වෙන් කර ගනු ලැබූ භූමි ප්‍රදේශ; එළවළු කොටුව. 2. [නා.ප්‍ර.] නරියා; හිවලා.
කොරඩාබත්[නා.ප්‍ර.] කැටි ගැසුණු කිරිබත්; බොල් කිරිපිඩු
කොරදම[නා.] හැට්ට, කමිස ආදියේ කර හිර කිරීම සඳහා දමන නූල.
කොරදෙණිය[නා.] දණහිසේ යටිපැත්ත.
කොරනර්, කොරනෙල්, කොර්නර්[නා.ප්‍ර.] හදිසි මරණ පරීක්ෂක.
කොරන්ටයින්, කොරන්ටින්(පාරිභා.) [නා.ප්‍ර.] බෝවන රෝගීන් හෝ ඔවුන් ඇසුරු කළවුන් හෝ නියමිත කාල සීමාවකට අන්‍යයන් ගෙන් වෙන් කොට තැබීම; පිටරටකින් ගෙනෙන ලද සතුන්ගෙන් ලෙඩක් බෝවිය හැකි යැයි අනුමාන කර යම් කාල සීමාවක් තුළ වෙන් කර තැබීම.
කොරපොතු1. [නා.ප්‍ර.] සම මතුපිට ඉරි වැටුණු ආකාරයෙන් යුත් ස්වභාවය. 2. [නා.ප්‍ර.] මාලුවන්ගේ ඇඟෙහි පවතින ආවරණ පොතු විශේෂය; ශල්ක.
කොරමරුය, කොරමරුව1. [නා.] රස ඖෂධ පෙරා ගැනීම සඳහා භාවිතා වුණු පෙරහන් විශේෂයක්; රස පෙරහන. 2. [නා.] පෙනේරය.
කොරල, කොරළ[නා.ප්‍ර.] ශරීරයේ හම මත ඉරි වැටුණාක් මෙන් පෙනෙන්නට ඇති ලකුණු විශේෂයක්.
කොරල්1. [නා.] තද හිරිගල් ශ්‍රාවය කරන බහුපා කොට්ඨාශයට අයත් සමුද්‍ර ජීවියා. 2. [නා.] වර්ග කීපයකට අයත් සමුද්‍ර ජීවි බහුපාවන් ගේ ශ්‍රාවයෙන් හට ගන්නා හිරිගල්මය ද්‍රව්‍යයක්. 3. [නා.] පබළු ඇට; පබළු.
කොරලි වියමන(පාරිභා.) [නා.] කුඩා රැළි ඇති වන පරිදි කරන රෙදි විවීමේ රටාවක් (=crepe weave).
කොරවක්ගල[නා.] පැරණි ගොඩනැගිලිවල පියගැට පෙළ දෙපසින් මුරගල්වල සිට ඉහළට පවතින වක්‍රාකාර ගල් පුවරුව.
කොරස, කොරොස1. [නා.] ගොරෝසුකම; රළුබව; කර්කශ භාවය. 2. [නා.] හම පිට හට ගැනෙන රළු ලප. 3. [නා.] පුළුල් මුව සහිත ලොකු මැටි භාජනයක්; කොරහ. 4. [නා.] වැල් වර්ගයක්.
කොරසම1. [නා.] හෘදය; හදවත. 2. (කථා.) [නා.] ගොරෝසු සම; රළු හම.
කොරසැඩි, කොරහැඩි[වි.] ගොරෝසු; රළු; මෘදු නොවූ; කොරහැඩි.
කොර්නර්, කොරනර්[නා.ප්‍ර.] හදිසි මරණ පරීක්ෂකවරයා.
කොර්පොරාලය[නා.] (ක්‍රිස්තු) දිව්‍ය පූජාවේ දී අභිෂේක ද්‍රව්‍ය තබන ඇතිරිය.
කොරා(කථා.) [නා.] අත්පා වකුටු වූ හෝ එම අංගයන්ගෙන් කොටසක් ඉවත් කළ තැනැත්තා; නොණ්ඩියා.
කොරි[වි.] වකුටු; හැකිළුණු; ගුළි වූ.
කොරිකන්1. [නා.ප්‍ර.] හැකිළී ගිය කුඩා බුලත් කොළ. 2. [නා.ප්‍ර.] වකුටු වී ගිය කන්; හැකිළුණු කන්.
කොරිඩෝරය, කොරිඩරය[නා.] ගොඩනැගිල්ලක දෙපස පිහිටි කාමරවලට මැදි ව පිහිටා ඇති ගමන් මාර්ගය; ආලින්දය.
කොරිය1. (පාරිභා.) [නා.] ග්ලැසියර්වලට යට වූ ශීත කලාපීය පෙදෙස්වල තිබෙන විශාල වටකුරු පතහ (=corrie). 2. (පාරිභා.) [නා.] ගල්වල.
කොරොන්චිය[නා.] මනාලියන්ගේ හිසෙහි පළඳින ආබරණ විශේෂයක්.
කොරොප්පය[නා.] බෝතල ආදිය වැසීම සඳහා එහි කටට ගසන මූඩිය; ඇබය; පොරොප්පය.
කොරොල්ලාව[නා.] මලක පෙති සමූහය; මුකුටය.
කොරොස්[වි.] ඉතා රළු; ගොරෝසු; ගැටසහිත; ගොරහැඩි; කර්කශ. [නා.ප්‍ර.] කට ලොකු භාජන විශේෂයක්; කොරහ.
කොරොස් ස්තරය(පාරිභා.) [නා.] මනුෂ්‍ය ශරීරයේ සමට අයත් අපිචර්මයේ බාහිර ස්තරය (=corneum stratum).
කොරොස්ම කාලය[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තු භක්තිකයන්ගේ උපවාස කාලය වූ අළු බදාදා පටන් පාස්කු දින දක්වා (ඉරිදා හැර) දින හතළිහක් වූ කාලය.
කොරොස්හොට(පාරිභා.) [නා.ප්‍ර.] අඟක් වැනි හැඩයෙන් යුතු කුරුලු හොටය.
කොල[නා.ප්‍ර.] ඉවුර; වෙරළ,
කොලනිය1. [නා.] අධිරාජ්‍යයක් යටතේ පාලනය වන යටත් විජිතය; යටත් විදේශය. 2. [නා.] පෙදෙසක් හෙළි කොට ජනාවාසයක් සඳහා අලුතින් පිහිටුවනු ලබන ජනපදය. 3. (පාරිභා.) [නා.] වේගයෙන් ගුණනය වන සෛලවලින් සෑදෙන අසම්බන්ධ වූ ගැටිති රාශිය.
කොලපු, කොලොපු1. [නා.ප්‍ර.] (බිත්ති, කොන්ක්‍රීට්, සීලිම් ආදිය) කපරාරු කිරීමේ දී මැදීම සඳහා පිළියෙල කරනු ලබන සිනිඳු හුණු සිමෙන්ති මිශ්‍රණය. 2. [නා.ප්‍ර.] තාල වර්ගයේ ගස්වල මල වසා සිටින කොපු.
කොලරය[නා.] කමිස, කෝට් ආදියේ කරපටිය; කර වළල්ල.
කොලහල1. [නා.ප්‍ර.] මහත් ශබ්දය; නොපැහැදිලි ඝෝෂාව; ගෝට්ටිය; කලබලය; උද්ඝෝෂණය. 2. [නා.ප්‍ර.] නාදය; ධ්වනිය. 3. [නා.ප්‍ර.] අරගලය; දබරය; කලහය.
කොල්1. [නා.ප්‍ර.] උල් ආයුධයක්; කුන්තායුධය; තෝමරය. 2. [නා.ප්‍ර.] වංශය; පරපුර. 3. [නා.ප්‍ර.] හක්ක; හනුව.
කොල්ගෑස්(පාරිභා.) ගල් අඟුරුවලින් ලබාගන්නා වායු විශේෂය (=coal- gas).
කොල්බඩ, කෝල්බඩ[නා.] වැව් ආදි ජලාශවල වෙරළට ආසන්න නොගැඹුරු ප්‍රදේශය; ඉවුරුබඩ.
කොල්ලකනවා[ක්‍රි.] බලහත්කාරකමෙන් පැහැර ගන්නවා; බලෙන් උදුරා ගන්නවා.
කොල්ලය1. [නා.] අන්සතු වස්තුව බලහත්කාරයෙන් පැහැර ගැනීම; කොල්ල කෑම. 2. [නා.] බලයෙන් අත්පත් කරගන්නා ලද වස්තුව.
කොල්ලර හඬ, කොල්වර හඬ[නා.] ඔල්වර හඬ; ජය ඝෝෂාව.
කොල්ලරු[නා.ප්‍ර.] මේසන් වැඩ කරන්නා; පෙදෙරේරුවා.
කොල්ලවහල[නා.] යම්කිසි රටක් හෝ පෙදෙසක් අල්ලා ගත් පසු එම රටෙහි හෝ පෙදෙසෙහි දාස භාවයට පමුණුවන ලද තැනැත්තා; කරමරානීත දාසයා.
කොල්ලෑව1. [නා.] ඔරුවක සමබරතාව රැක ගනු සඳහා එහි එක් පැත්තකින් සවි කරනු ලබන දඬු කඩ. 2. [නා.] තනි පුද්ගලයකුට පමණක් යා හැකි ඔරුව; කුඩා ඔරුව.
කොල්ලි(කථා.) [නා.ප්‍ර.] නොහික්මුණු ගති ඇති ස්ත්‍රිය; අවිනීත ස්ත්‍රිය; දඟකාර තරුණිය.
කොල්ලිය(කථා.) [නා.] ලිහී යෑම වළක්වනු සඳහා ලණුවක අගට විශේෂයෙන් ගොතා දමනු ලබන පුඩුව.
කොල්ලු[නා.ප්‍ර.] ධාන්‍ය වර්ගයක්; අශ්වකඩල.
කොලෑවෙනවා1. [ක්‍රි.] පාර වරදිනවා; මංමුලා වෙනවා; වල්මත් වෙනවා. 2. [ක්‍රි.] (වී වැනි ධාන්‍ය) බොල් වෙනවා; කිරි වැදීම නරක් වෙනවා.
කොලීජිය1. [නා.] විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව මාධ්‍යය කොට ගත් විශ්ව විද්‍යාලයීය ප්‍රවේශය දක්වා ඉහළ පංති සහිත මහා විද්‍යාලයය; උසස් විද්‍යාලය. 2. [නා.] උසස් අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාලයීය (අනුබද්ධ) ආයතනය.
කොලුදඬුව[නා.] කකුල් තුනකින් යුත් ආධාරකය; තෙපාව.
කොලුවා, කොල්ලා1. [නා.] පිරිමි ළමයා; බාලයා; ගැටයා. 2. [නා.] පැසුණු බුද්ධියක් නැති තැනැත්තා; නොවැදගත් පුද්ගලයා. මෙහෙකරුවා.
කොලෙස්ටොරෝල්, කොලස්ටරෝල්[නා.ප්‍ර.] ශරීරයේ නොයෙකුත් පටකවල පිත්තාශ්මවල තිබෙන ඇලිසයික්ලින් ඇල්කොහොලයක්.
කොලොප්පම[නා.] කවටකම; විහිළුව; සරදම; උසුළු විසුළුව.
කොලොබියම්(පාරිභා.) [නා.ප්‍ර.] තළා හැඩ ගැස්විය හැකි මෘදු ලෝහමය මූල ද්‍රව්‍යයක්; නයෝබියම් (=columbium).
කොව්, කොවු[නා.ප්‍ර.] කෝපය; තරහ; ක්‍රෝධය.
කොවිචර, කොවිතර[ක්‍රි.වි.] කොපමණ කොතරම්; කොච්චර; කුමන ප්‍රමාණයෙන්.
කොවිනවා[ක්‍රි.] කෝප කරවනවා; කුපිත කරනවා; අවුස්සනවා.
කොවුන්[වි.] නැති ගුණ දක්වන කුහක; කොහොන්.
කොවුල1. [නා.] ගසක ඵලය. 2. (කථා.) [නා.] ගසක කඳේ මේරූ මැද කොටස; අරටුව; හරය. 3. [නා.] බුලත් ආදි වැල් යැවීම සඳහා සිටුවන ලී කෝටුව.
කොවුලා[නා.] උස් ගස් මත සැඟවී සිටිමින් උස් තියුණු කෙටි ස්වර නඟන කාළ වර්ණ පක්ෂියෙක්; කෝකිලයා.
කොවේ[නා.ප්‍ර.] කුඩා වීථිය; පටුවීදිය; පටුමඟ.
කොස1. [නා.] කොපුව; කෝෂය. 2. [නා.] එකිනෙකට සම්බන්ධ නොවූ විවිධ මාතෘකා අනු ව ලියන ලද කාව්‍ය සංග්‍රහය.
කොස්1. [නා.ප්‍ර.] ලංකාවේ සුලභ වෘක්ෂයක්; මෙහි ගෙඩි ආහාර වශයෙන් ද දැව ගෙවල් සහ ගෘහභාණ්ඩ තැනීම සඳහා ද ගනු ලැබේ. 2. [නා.ප්‍ර.] ධාන්‍යාගාරය; කෝෂ්ඨාගාරය. 3. [නා.ප්‍ර.] කෝෂය; කොපුව.
කොස්තාපල්[නා.ප්‍ර.] පොලිස් භටයා.
කොස්මික් රශ්මිය[නා.] බාහිර අභ්‍යවකාශයෙන් පෘථිවිය කරා එක සංකීර්ණ පාරගම්‍යකිරණ විශේෂය.
කොස්මින් ඇලිත්ත(පාරිභා.) [නා.] කොස්මින් ස්තරය තුළ රුධිරවාහිනී විහිදීම සඳහා පිහිටි නාලිකාවලින් එකක්.
කොස්මින් ස්තරය(පාරිභා.) [නා.] ගැනොයින් කොරපොතු ඇති මත්ස්‍යයන්ගේ කොරපොතුවල ඇති අස්ථිමය ද්‍රව්‍යයකින් සැදී ඇති තට්ටුව.
කොස්මී(කථා.) [නා.ප්‍ර.] කොස් ගෙඩි හට ගැනීමට පෙර ගහේ හැදෙන පුහුමල් විශේෂය.
කොස්ස1. [නා.] කොහු කෙඳි එකට තබා දිග හෝ කෙටි මිටක බැඳ ඇමදීම, සායම් කිරීම ආදිය සඳහා තනාගනු ලබන උපකරණයක්; මුස්න. 2. [නා.] හිසකෙස් රැවුල් ආදියේ අවුල් හැරීම සඳහා පුරාණයේ දී භාවිත කරන ලද බුරුසුවක් වැනි උපකරණය. 3. [නා.] ලී දඬු, පලතුරු ආදි ඇතැම් ද්‍රව්‍යවල ඇති කෙඳි සහිත කොටස. 4. [නා.] ගෙඩි වණ පිළිකා ආදියෙහි අස්වාභාවික තත්ත්වයට පත් වූ තන්තුමය කොටස. 5. [නා.] තරහ; නොමනාපය; අප්‍රසාදය.
කොසි[නා.ප්‍ර.] කුසතණ අතෙහි දරන්නා; තාපසයා තවුසා.
කොසු1. [නා.ප්‍ර.] පොල් තණ ආදියෙහි කෙඳි; රන් රිදී ලෝහ කෙඳි; තන්තුව. 2. (විනය.) [නා.ප්‍ර.] වැඩ හිදීම සඳහා වැහැරී තණ ආදියෙන් කරන ලද නිසීදන. 3. [නා.ප්‍ර.] කොපු ආවරණය; විල්ල. 4. [නා.ප්‍ර.] මුස්න; පිසදැමීම සඳහා ගැනෙන උපකරණ.
කොසුව1. [නා.] පැටවුන් රැක තබාගැනීම සඳහා කැංගරු ආදි සතුන්ගේ ශරීරයේ බාහිරින් පිහිටා ඇති මඬියක් පැසක් වැනි අවයවය; කෘන්තකයන් ආහාර ගෙන යාමට භාවිත කරන කොපුල් මඬි හා ඊට සමාන අවයව. 2. [නා.] කෝෂය.
කොහු1. [නා.ප්‍ර.] පොල්ලෙලි තැලීමෙන් ලබා ගන්නා තන්තුමය කොටස. 2. [නා.ප්‍ර.] කොස්ස; මුස්න.
කොහු වෙනවා[ක්‍රි.] යම් කටයුත්තක් අසාර්ථක වෙනවා; නිෂ්ඵල වෙනවා: නිරර්ථක වෙනවා.
කොහුබත්[නා.ප්‍ර.] පොල්ලෙලි තළා කොහු වෙන් කර ගත් පසු ඉතිරි වන කුඩු වැනි රොඩු කොටස; පොල් ලෙල්ලෙහි කෙඳි එකින් එකට බැඳ තබන මෘදු ද්‍රව්‍යය.
කොහොන්[වි.] නැති ගුණ අඟවන; බොරු සිල් පෙන්වන; කුහක; වංචනික.
කොහොඹ කළය[නා.] කොහොඹා දෙවි නමින් හිස තබාගෙන යන කළගෙඩිය.
කොහොඹා කන්කාරිය[නා.] කොහොඹා දෙවියන්ට පුද පූජා පිණිස පවත්වනු ලබන වෙස් නැටුම් ඇතුළත් ශාන්ති කර්මය; කොහොඹා යක්කම.
කොහොල1. [නා.] ලජ්ජාව; චකිතය; බයාදු ගතිය; කුලෑටිකම; කෝලය; සබකෝලය. 2. [නා.] විරූපිබව; විකෘති ස්වරූපය. 3. [නා.] ජන ශූනය ප්‍රදේශය. 4. [නා.] ඇතුන් හික්මවීමට භාවිත කරනු ලබන හෙල්ල; තෝමරය. [වි.] රළු; කර්කශ.
කොහොලම[නා.] විහිළුව; විකාරය; විගඩම; කෝලම.
කොහොල්[වි.] ලජ්ජා; බියසුලු.
කොහොල්ල, කොහොල්ලා, කොහොල්ලෑ[නා.ප්‍ර.] කොස් ගසෙන් වැගිරෙන කිරි ඝන වී සෑදෙන මැලියම; කොස්ලාටු.
කොහොලාන[නා.] පින් තකා පිදූ ඉඩම; කුසලාන.
කොහොලුව1. (කථා.) [නා.] රැවටිල්ල; වංචාව. 2. [නා.] නින්දා සහගත; කවටකම; ඔච්චම.
කොළ1. [නා.ප්‍ර.] කටකොන; මුඛයේ කෙළවර. 2. [නා.ප්‍ර.] හෙණ්ඩුව; ඇත්කටුව. 3. [නා.ප්‍ර.] ගවයින් හංවඩු ගසන නැමුණු යකඩ කොක්ක. [වි.] කිලිටි; අපවිත්‍ර.
කොළ ගහනවා1. (කථා.) [ක්‍රි.] කපන ලද ගොයම කමතේ කඳු වශයෙන් සකස් කරනවා; ගොයම් කඳු කරනවා. 2. [ක්‍රි.] ගොයම් මඩවනවා. 3. [ක්‍රි.] ගොයම් පෑගීමේ දී මැස්සන් එළවනවා.
කොළ ගෙය1. [නා.] ගස්වල අතු එක් වීමෙන් ගෙයක් මෙන් සැදුණු තැන; වදුල. 2. (කථා.) [නා.] කොළ සෙවිලි කොට කොළවලින් ආවරණය කරන ලද ගෙය.
කොළ තුරුල්ල[නා.] දෑතින් ගත හැකි ගොයම් ප්‍රමාණය; ගොයම් තුරුල්ල.
කොළ නැති ගහ(කථා.) [නා.] මරණ දණ්ඩනයනට නියමවූවන් මරනු ලබන එල්ලුම් ගහ; පෝරකය.
කොළ නෙළනවා(කථා.) [ක්‍රි.] කමතේ දී කොළ මඬවන අවස්ථාවේ මැඩවෙන ගොයම අවුස්සා නොමැඩුණු ගොයම මතුපිටට ගන්නවා.
කොළ පාගනවා[ක්‍රි.] කැපූ ගොයමින් වී වෙන් කර ගැනීම සඳහා මිනිසුන් හෝ යන්ත්‍රසූත්‍ර හෝ යොදවා ගොයම් පාගනවා.
කොළ බොක්ක1. (කථා.) [නා.] බුලත් විටට අවශ්‍ය දෑ දමා ගෙන යන පසුම්බිය; බුලත් මල්ල. 2. [නා.] තල කොළවලින් සාදන ලද වැසි ආවරණය; බෝගාව. 3. [නා.] වමාරා කන සතුන් බුදින තණකොළ ආදිය මුලින් ම වැටෙන බොක්ක.
කොළ මඩවනවා(කථා.) [ක්‍රි.] හරකුන් ලවා ගොයම් පාගවනවා; ගොයම් මඩවනවා.
කොළ ලණුව(කථා.) [නා.] කපන ලද ගොයම් කමතට ඇදීමට පෙර මිටි බැඳීම සඳහා පන් පට්ට ආදියෙන් වියා ගැනෙන සිහින් ලණුව.
කොළ ලනවා[ක්‍රි.] කැපූ ගොයම් කුඩා මිටි වශයෙන් එක්රැස් කරනවා; කුඹුරේ (වේලීම පිණිස) උප්පිඩු කරනවා.
කොළ වඩනවා1. [ක්‍රි.] කමතේ පළමුවෙන් ගොයම් තැන්පත් කරනවා. 2. [ක්‍රි.] වී කරල් අවුස්සා අතින් මඩිනවා.
කොළකටුව[නා.] ලෝහ තහඩු විද ගැනීමට තනා ගන්නා ලද විදුම් කටුව.
කොළකප්පිය(පාරිභා.) [නා.] ලෝහ තහඩු එක පිට එක තබා ගොතන ලද කප්පි විශේෂයක් (=laminated pulley).
කොළකැටිය1. [නා.] කපා එකතු කරන ලද ගොයම් ගොඩ; ගොයම් කොළය. 2. [නා.] මිටට ගන්නා ලද කොළ ටික; කොළ අහුර. 3. [නා.] පත්‍ර සමූහය; කොළ එකතුව.
කොළගෙඩිය(කථා.) [නා.] කමතේ දාගැබක හැඩයෙන් ගොඩ ගහන ලද කැපූ ගොයම; ගොයම් කොළය.
කොළගොටුව, කොළගොට්ට1. (කථා.) [නා.] කොළවලින් තැනූ ගොටුව. 2. [නා.] බුලත් හෙප්පුව.
කොළදාව[නා.] තෘණ ආදි පැළෑටි සමූහය (=herbage).
කොළදින්[නා.ප්‍ර.] ගොයම් කපා පාගා ගැනීම; අස්වැන්න එකතු කිරීම.
කොළදුන්න(පාරිභා.) [නා.] වාහන ආදියට සවි කරනු සඳහා තුනී ලෝහ තහඩු කීපයක් එක පිට එක තබා සාදා ගත් දුනු විශේෂය (=laminated spring).
කොළනවා1. [ක්‍රි.] රෙදි ආදිය ඇපිල්ලීමේ දී (ධාන්‍ය ආදිය තැලීමේ දී මිටි අතකොළු ආදියෙන් පහර දෙනවා. 2. [ක්‍රි.] කඩුප්පු ආදියෙන් වාද්‍ය භාණ්ඩවලට ගසනවා; ගැසීමෙන් වාදනය කරනවා; බෙර තම්මැට ආදිය වයනවා. 3. [ක්‍රි.] විකනවා; කපනවා. 4. [ක්‍රි.] පොළොවෙහි ගසනවා; බිම හප්පනවා; කොටනවා.
කොළපත. කොළපොත1. [නා.] ගස්වැල්වල පත්‍රය; ශාකයක කොළය. 2. [නා.] පුවක් අත්තේ ගහට සම්බන්ධ වී ඇති මල ආවරණය වන පළල් මුල් කොටස.
කොළපාට[නා.ප්‍ර.] ශාක විශේෂවල අමු කොළවල සාමාන්‍යයෙන් ඇති වර්ණය; නිලත් කහත් මිශ්‍ර වී සෑදෙන පාට; හරිත වර්ණය; පච්ච පාට.
කොළපාළුව(පාරිභා.) [නා.] දුඹුරු පාට තිත් වැටීම මූලික ලක්ෂණ කොට ඇති පැළෑටි සහ ගොයම් කොළ රෝගය (=blast).
කොළපැදුර1. (කථා.) [නා.] ගොයම් කොළ දමා ඇදීම සඳහා විශේෂයෙන් සකස් කරනු ලැබ ඇති කෙටි පැදුර. 2. [නා.] පොල් තල් ඉඳි ආදි කොළවලින් වියන ලද පැදුර.
කොළපැන්[නා.ප්‍ර.] කොළ වර්ග තම්බාගත් වතුර.
කොළපැන්හඹු[නා.ප්‍ර.] ඖෂධීය ගුණ ඇති කොළ වර්ග කොටා ලබා ගන්නා ලද යුෂ මගින් පිළියෙල කරගන්නා කැඳ; කොළ කැඳ.
කොළපුව1. [නා.] තාල වර්ගයේ ගස්වල මල ආවරණය කරන කොපුව. 2. [නා.] මල් කැකුළක් ආවරණය කරන මණිපත්‍ර කොපුව. 3. (පාරිභා.) [නා.] භූගත කඳක් ඇති ශාකයකින් උඩට ඇදෙන සපුෂ්ප අංකුරය (=scape).
කොළබීජ[නා.ප්‍ර.] සිටවීම සඳහා ගනු ලබන කැපූ රිකිල්ල; අතුකැබැල්ල.
කොළබේරිය[නා.] කමතේ දී වීවලින්වෙන් වුණු පිදුරු ඉවත් කිරීම; ගොයම් බේරීම; කොළ වැන්න.
කොළමඩුව1. [නා.] කොළ අතුවලින් සෙවිලි කරන ලද මඬුව. 2. [නා.] වැද්දන් ගේ යක් නැටුමක්.
කොළමාගල[නා.] පොල්, තල්, ඉඳි ආදි පත්‍ර විශේෂයකින් වියන ලදු ව විශාල පැදුර; විශේෂයෙන් කමතෙහි භාවිත කරනු ලබන විශාල පැදුරු විශේෂයක්.
කොළමැට්ට(කථා.) [නා.] කොළ දිරාපත් වීමෙන් සෑදී ඇති තෙතමනය සහිත ව පවතින පස් ස්තරය.
කොළමුගුර1. [නා.] ගසක හෝ පැළෑටියක ගොබය; අංකුරය. 2. [නා.] හරකුන් හංවඩු ගැසීමේදී යොදනු ලබන ලකුණක්.
කොළමුදුන1. (කථා.) [නා.] පෑගීම පිණිස ගොඩ ගසනලද ගොයම් කොළයේ මුදුන් කොටස. 2. [නා.] පාගනු ලබන ගොයමේ මුදුන. 3. [නා.] අලුත් සහලින් පිසන ලද බත; අලුත් හාල් බත.
කොළමුදුනා[නා.] ගොයම් මැඩවීමේ දී කම්බා කණුව මුලට ම බඳින ගවයා; ප්‍රධාන අම්බරුවා.
කොළඹ1. [නා.] වරාය; තීර්ථය; මුහුදුතොට; නැව්තොට. 2. [නා.] ශ්‍රී ලංකාවේ වර්තමාන වාණිජ අගනුවර. 3. [නා.] පවුල; කුටුම්බය. 4. [නා.] හිද ගැනීමට සකස් කළ ආසනය; කොළොම්බුව. 5. [නා.] කොළොම් ගස. 6. [නා.] බක්මී ගස.
කොළඹ ක්‍රමය(පාරිභා.) [නා.] දකුණු සහ අග්නිදිග ආසිවේ සමූපකාර ආර්ථික සංවර්ධනය පිළිබඳ සැලැස්ම (=colombo plan.) වර්ෂ 1950 දී කොළඹට රැස් වූ පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන් හත් දෙනාගේ සාමූහික සංකල්පයක් අනු ව බිහි වූ සැලැස්මකි.
කොළඹුව, කොළොම්බුව1. [නා.] හිඳ ගැනීම සඳහා සාදන ලද මිටි බංකුව නොහොත් ලී කොටය. 2. [නා.] මිනිසුන්ගේ හිස් කැපීම සඳහා වධක ස්ථානයක ඇති ලී කොටය; දම්ගෙඩිය. 3. [නා.] මස් තබා ගැනීම සඳහා ගැනෙන මිටි ලී කඩ; මස් කොළොම්බුව.
කොළය, කොළේ1. [නා.] ගස්වැල්වල පර්ණය. 2. [නා.] කැපූ ගොයම් ගොඩ. 3. [නා.] පළෑටිය. 5. [නා.] වස්ත්‍රය. 6. [නා.] කඩදාසිය.
කොළරුක්[නා.ප්‍ර.] සිදුරු සහිත වියලි කඳක් ඇති ගස්.
කොළලාකඩ[නා.ප්‍ර.] ලාක්ෂා කෘමීන් නිසා ඇතැම් ගස්වල සෑදෙන ලාකඩ වර්ගය.
කොළවැඩ1. [නා.] ගොයම් පිළිබද කටයුතු. 2. (කථා.) [නා.] පාගන ලද ගොයම් බුරුල් කිරීම.
කොළවැල1. [නා.] ලාකිරි වැඩවලින් සැරයටි ආදිය අලංකාර කිරීමේ දී යොදනු ලබන අතු වැල්වල ස්වරූපය දැක්වෙන මෝස්තරය. 2. [නා.] ගොයම් කොළයේ මුදුන සුළඟේ යෑම වැලැක්වීමට බඳින රැහැන.
කොළවිය(කථා.) [නා.] ගොයම් පෑගීම සඳහා කුලී වශයෙන් දෙන වී ප්‍රමාණය.
කොළවෙණිය(කථා.) [නා.] පිදුරු වෙළු කොට තනා ගනු ලබන රැහැන; පිදුරු වෙණිය.
කොළවෙල්[නා.] වගා කරන ලද ගොඩ ඉඩම.
කොළවෙල්ලු[නා.ප්‍ර.බහු.] විහාර සන්තක ගොඩ ඉඩම් වගා කළ පිරිස.
කොළවේදණ්ඩ(කථා.) [නා.] වේවැල්වලින් තනන ලද ඒ දණ්ඩ.
කොළසුන[කොළ+අසුන] [නා.] කොළ අතුරා ඉඳ ගැනීමට සකස් කරන ලද ස්ථානය; කොළ අතුවලින් තැනුණු ආසනය.
කොළිස් , කොළිහ1. [නා.] ගසක මුදුන; අතුඅග; දළුව. 2. [නා.] කෙළයුර.
කොළෙයත්ත(කථා.) [නා.] දිය පහරවලින් එතෙර මෙතෙර වීම සඳහා වැල් ගොතා තනාගත් පාලම; වැල් පාලම.
කොළේ එළනවා1. (කථා.) [ක්‍රි.] ගොයම් කොළය මැඩවීම පිණිස කමතෙහි විසුරුවනවා; කොළේ බානවා. 2. [ක්‍රි.] ගොයම් වැඩ ආදියෙහි දී ආහාර බෙදනු පිණිස අතුල්පතට පත් කොළය බහාලනවා. 3. (රූඪි.) [ක්‍රි.] පල ප්‍රයෝජනයක් ලැබීමට මඟක් යොදා ගන්නවා; තමාට ලැබුණු තනතුරු වරප්‍රසාද ආදිය තමාගේ වාසිය පිණිස පාවිච්චි කරනවා.
කොළේ වහනවා(කථා.) [ක්‍රි.] පවතින නියම තත්ත්වය වසන් කරනවා; ඇති තතු සඟවනවා; එළිදරවු නොකර වැඩ කරනවා.
කොළොත්ත(කථා.) [නා.] මන්ත්‍ර ගුරුකම් කරන විට පාවිච්චි කරනු ලබන කුඩා අඹ හෝ දෙහි අත්ත.
කොළොප්පම[නා.] කවටකම; විහිළුව.
කොළොස්පාඩු කරනවා(කථා.) [ක්‍රි.] බාධා කරනවා; අවහිර කරනවා.
කෝ1. [නා.ප්‍ර.] තරහ; කෝපය; ක්‍රෝධය. 2. [නා.ප්‍ර.] කොහා; කොවුලා. 3. [නා.ප්‍ර.] කඹුරු උදුන; කෝව. [වි.] කුඩා; පුංචි. 1. [නි.] කවර තැනක ද යන අර්ථය. 2. [නි.] අවධානය ඇති කිරීමෙහි යෙදුමක්.
කෝංකම(කථා.) [නා.] ලජ්ජාව නිසා මුලු ගැන්වෙන ගතිය; කෝලගතිය.
කෝකකය(පාරිභා.) [නා.] මිනිස් කොඳු ඇට පෙළේ කෙළවර පිහිටි ත්‍රිකෝණාකාර කුඩා ඇටය; අනුත්‍රිකය (=coccyx).
කෝකනද1. [නා.ප්‍ර.] රත් නෙළුම් හෝ සුදු නෙළුම්. 2. [නා.ප්‍ර.] කොවුල් නාද සමාන හඬ නිකුත් කරන වීණාව.
කෝක්1. (පාරිභා.) [නා.ප්‍ර.] ගල් අඟුරු වායුව පෙරා ගැනීමේ දී ශේෂ වන සියයට අසූවක් පමණ කාබන් අන්තර්ගත ගල් අඟුරු විශේෂයක් (=coke). 2. [නා.ප්‍ර.] බෝතලයක් වැනි භාජනයක් වැසීමට ගන්නා මූඩිය.
කෝකියා[නා.] ආහාර පිසීමේ වෘත්තියෙහි යෙදෙන්නා; අරක්කැමියා.
කෝකිලන්(කථා.) [වි.] කණාටුවීම නිසා උස් වූ.
කෝකිලයා[නා.] කොවුලා; කොහා.
කෝචකය(පාරිභා.) [නා.] ලේ ගැලීම නවත්වන ඖෂධය.
කෝචොක්(කථා.) [නා.ප්‍ර.] විහිළුව; විකාරය; කොලොප්පම; සරදම.
කෝජාරුව(කථා.) [නා.] කලබලය; කෝලාහලය.
කෝටරකය[නා.] කුඩා කුහරය; කුඩා විවරය (=sinns).
කෝටරය1. [නා.] ගසක බෙනය; බිල. 2. (පාරිභා.) [නා.] හෘදය; මොළය ආදි ඉන්ද්‍රියවල පිහිටි කුඩා සිදුර; පුටය; කෝෂිකාව (=ventricle).
කෝටරාහය(පාරිභා.) [නා.] පිලාව; අක්මාව; අග්න්‍යාශය වැනි ඉන්ද්‍රියවල ලේ රැඳීම සඳහා ඇති සියුම් සිදුරු සහිත ඉඩකඩ ප්‍රමාණය; ලේ ඉඩස; රුධිරාවකාශය (=sinusoid).
කෝට්[නා.ප්‍ර.] උඩුකය වසනු සඳහා ඝන රෙදිවලින් සකස් කළ ඇඳුමක්; කබාය.
කෝට්ටය, කෝට්ටේ[නා.] බලකොටුව; කොටුව.
කෝටින්, කෝටීන්(පාරිභා.) [නා.ප්‍ර.] ලිංගික අවයව වර්ධනය හා ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය පාලනය කරන හෝමෝන විශේෂයක් (=cortin).
කෝටිපතියා[නා.] කෝටියකට අධික අතිවිශාල ධන සම්භාරයක අයිතිකරුවා.
කෝටිප්‍රාප්ත[වි.] කෙළවරට පැමිණියා වූ; අනන්තයට ගිය; පාරප්‍රාප්ත.
කෝටිප්‍රාප්තයා[නා.] ශිල්ප ශාස්ත්‍රයෙහි කෙළවරට පැමිණි පුද්ගලයා; විශාරදයා.
කෝටිය1. [නා.] ලක්ෂ සියය; 10,000,000. 2. [නා.] කෙළවර; අග්‍රය; අන්තය. 3. [නා.] සෘජුකෝණික ත්‍රිකෝණයක ලම්බව වැටෙන පාදය. 4. [නා.] ඇඳුම් හෝ රෙදි ජෝඩු විස්ස; හතළිහකින් යුත් ප්‍රමාණය.
කෝටියක් සංවරශීලය[නා.] අධිශීලය; උපසම්පදා ශීලය; සංවර ශික්ෂා ගණනින් නව කෙළ දහස් එකසිය අසූ කෝටි පනස්ලක්ෂ සතිසක් යැයි දැක්වේ.
කෝටුගානවා[ක්‍රි.] කෝටුවකින් තළනවා; කූරුගානවා.
කෝටුමස් කරනවා[ක්‍රි.] කිසියම් වරදකට උසාවියේ නියමයෙන් කසයකින් හෝ වේවැලකින් හෝ නියමිත පහර ගණනක් ගසනවා; කෝටුවකින් තදින් තළනවා.
කෝටුමිටිය1. [නා.] රාජ නියෝගයෙන් වධයට ගෙන යනු ලැබූ අපරාධකාරයාට තැළීම සඳහා යොදා ගන්නා සිහින් කෙවිටි මිටිය; සැමිටිය. 2. [නා.] ලෝහ තැළීම සඳහා යොදා ගනු ලබන මිටි වර්ගයක්; වළලු බොකු ලන මිටිය. 3. [නා.] කැටයම් කැපීමේ දී ප්‍රයෝජනයට ගන්නා මිටිය. 4. [නා.] එකට තබා බඳින ලද කෝටු සමූහය.
කෝටුව1. (කථා.) [නා.] සිහින් දිගටි ලී කැබැල්ල. 2. [නා.] ශ්‍රේෂ්ඨාධිකරණය.
කෝටුවේ රජ1. (කථා.) [නා.] විනිශ්චයකාරතුමා. 2. (කථා.) [නා.] අග්‍රවිනිශ්චයකාරතුමා.
කෝඩය, කෝඩේ1. [නා.] කුණාටුව; තද සුළඟ. 2. (කථා.) [නා.] නියඟය; පෑවිල්ල; ඉඩෝරය. 3. [නා.] කළු වැහිවලාව. 4. [නා.] මුහුදේ ජලයෙන් මතු වී පෙනෙන ගල.
කෝඩ්1. [නා.ප්‍ර.] කැපූ ලී මැනීමේ දී භාවිත වන මිනුම් ප්‍රමාණයක්; ඝන අඩි 128 ක ප්‍රමාණය. 2. [නා.ප්‍ර.] නූල්වලින් අඹරන ලද රැහැන.
කෝඩාටා, කෝඩේටා(පාරිභා.) ස්වකීය ජීවිතයේ මොනයම් අවස්ථාවකදී හෝ පෘෂ්ඨ රජ්ජුවකුත් පෘෂ්ඨීය මධ්‍ය ස්නායු පද්ධතියකුත් ග්‍රසනිකා බිත්තියෙහි ජලක්ලෝම විවරයකුත් පිහිටි සත්ත්ව වංශය.
කෝඩිපත1. [නා.] ආධුනිකයකු විසින් අභ්‍යාසය ලබනු සඳහා වියනු ලබන කුඩා පැදුර. 2. [නා.] මලුපිට.
කෝඩිය1. [නා.] විස්සක ප්‍රමාණය. 2. [නා.] රටාව; මෝස්තරය; (වස්ත්‍ර ආදියෙහි) ඉරි වැටුණු බව. 3. [නා.] රෙද්ද; වස්ත්‍රය.
කෝඩු, කෝඩි[වි.] නවක; ආධුනික; පළපුරුදු නැති.
කෝඩුකාරයා1. [නා.] පළමු වතාවට යමක් කරන්නා; විශේෂයෙන් පළමු වරට සමනොළ සිරිපා වැඳීමට යන්නා; ආධුනිකයා. 2. [නා.] මනමාලයාගේ යහළුවා හැටියට සිටින්නා; දෙවන මනමාලයා.
කෝඩුවාව1. (කථා.) [නා.] පොල් අතු කෙළවර. 3. [නා.] ඉස්තෝප්පුව; ආලින්දය; බරාඳය.
කෝණ ආකලනය(පාරිභා.) [නා.] කෝණවල එකතුව (=addition of angles).
කෝණ කනවා(කථා.) [ක්‍රි.] සිංහල අවුරුදු උත්සව පවත්වනවා; අවුරුදු චාරිත්‍ර ඉටු කරනවා.
කෝණ විෂ්කම්භය(පාරිභා.) [නා.] චතුරශ්‍ර ආදි ජ්‍යාමිතික රූපයක ප්‍රතිමුඛ කෝණ දෙකක් සම්බන්ධ කරන රේඛාව; විකර්ණය; කෝණාක්ෂය.
කෝණංගියා[නා.] නාට්‍යවල විහිළු තහළු කරන නැට්ටුවා; බහුබූතයා; බම්මන්නා; කෝලමා.
කෝණදින(කථා.) [නා.ප්‍ර.] සිංහල අවුරුදු දිනය; සංක්‍රාන්ති දවස.
කෝණන්කුදියා(කථා.) [නා.] පිටිකොන්ද වක ගැසුණු තැනැත්තා; කුදා; කෝණමා.
කෝණම[නා.] අමුඩ රෙද්ද; නානකඩ; හිණකඩ.
කෝණමානය, කෝණමාපකය[නා.] කෝණයක අංශක ගණන මැන බැලීමට භාවිත කරනු ලබන අර්ධකවාකාර උපකරණය.
කෝණය1. [නා.] තලයක හෝ පෘෂ්ඨයක දාර හෝ රේඛා දෙකක් හමුවේ දී සෑදෙන මුල්ල/කොන. 2. [නා.] නටුව හෝ අත්ත හෝ ඒවාට ප්‍රභව වූ කඳ සමඟ සම්බන්ධ වන තැන ඇති මුදුන. 3. [නා.] දිශාව; පැත්ත. 4. [නා.] තත් සහිත සංගීත භාණ්ඩයක්; වීණාව. 5. [නා.] වීණාව වැයීමට ගන්නා උපකරණය; වීණා දුන්න. 6. [නා.] සෙනසුරා; ශනි. 7. [නා.] කේන්ද්‍රයක පස්වැන්න හෝ නවවැන්න. 8. [නා.] සූර්ය වර්ෂයක අවසානයේ සිට අලුත් වර්ෂයක ආරම්භය තෙක් කාලය.
කෝණාධිපති[නා.ප්‍ර.] (ජ්‍යෝති.) කේන්ද්‍රයක පස්වැන්න හෝ නවවැන්න අධිපති ග්‍රහයා.
කෝණාවී[නා.ප්‍ර.] කුෂ්ට සහ ප්‍රමේහ රෝගීන්ට පථ්‍ය යැයි නියම කරන ලද යව පිටිවලින් සෑදූ කැවිලි විශේෂයක්.
කෝණික චලිතය(පාරිභා.) [නා.] අචල අක්ෂයක් වටා වස්තුවක චලිතය; බමර චලිතය (=angular motion).
කෝණික ප්‍රවේගය(පාරිභා.) [නා.] අක්ෂයක් වටා පරිභ්‍රමණය වන වස්තුවක චලිතයේ ශීඝ්‍රතාව.
කෝණික ලක්ෂ්‍යය(පාරිභා.) [නා.] කෝණයක ශීර්ෂය; කෝණ (මුලු) සහිත රූපයක හෝ ඝන වස්තුවක හෝ ශීර්ෂය (මුල්ල) ලෙස ඇති ලක්ෂ්‍යය (=angular point).
කෝණික, කෝණීය(පාරිභා.) [වි.] කෝණයක හා සම්බන්ධ; කෝණයක් ආශ්‍රිත (=angular).
කෝණිකය(පාරිභා.) [නා.] ක්ෂීරපායින්ගේ හැර වෙනත් බොහෝ පෘෂ්ඨවංශීන්ගේ යටි හනුවෙහි පහළ අපර කෙළවරේ පිහිටි පටල අස්ථියක්.
කෝතූහලය[නා.] කුහුල; කුතුහලය.
කෝථය[නා.] ශරීරයේ කොටසක් නරක්වී යෑම; ඇඟ මස් කුණුවීම; විද්‍රධිය.
කෝදණ්ඩ1. [නා.] දුන්න. 2. [නා.] ඇස්බැම. 3. [නා.] ධනු රාශිය.
කෝදුපටිය[නා.] (ජ්‍යෝති.) දිග මැනීම සඳහා භාවිත කරන අඟල්, සෙන්ටිමීටර් ආදිය ලකුණු කර ඇති පටිය.
කෝදුව[නා.] යාර, අඩි, අඟල් ක්‍රමයට හෝ මීටර ක්‍රමයට දිගමිනුම් ඒකක සටහන් කළ දිග මැනීමේ උපකරණය.
කෝන්1. [වි.] බිය සහිත; ලජ්ජාශීලී. 2. [වි.] වඤ්චාකාර; කුහක. 1. [නා.ප්‍ර.] වඤ්චනය; කොහොන් ලක්ෂණය. 2. [නා.ප්‍ර.] කපු නූල් එතූ පන්දු විශේෂයක්.
කෝන්චි(කථා.) [නා.ප්‍ර.] විහිළුව; කවටකම; සරදම.
කෝන්තර1. [නා.ප්‍ර.] අමනාප; විරුද්ධවාදිකම්; තරහ; වෛර. 2. [නා.ප්‍ර.] නඩු විභාගයක දී සාක්කි දීමකට පසු ව සාක්කිකරු ගෙන් නීතිඥයකු විසින් අසනු ලබන හරස් ප්‍රශ්න.
කෝඳු(කථා.) [නා.ප්‍ර.] පොල් කෙඳි.
කෝඳුරුවා[නා.] පියාසර කළ හැකි ඉතා කුඩා කෘමි විශේෂයක්.
කෝපන[වි.] කුපිත කරන; කෝපයෙන් අවුස්සන.
කෝපනය[නා.] කුපිත වීම; පටහැනි වීම; බාධාව.
කෝපය1. [නා.] අමනාපය; කිපීම; කේන්තිය; රෝෂය; ක්‍රෝධය. 2. [නා.] ශරීරයේ ඇති තුන්දොස් ඇවිස්සීම; තුන්දොස්වල සමතුලනය නැති වීම.
කෝපර පෙට්ටිය(කථා.) [නා.] රන්රිදී හා මුදල් වැනි අගනා දෑ ආරක්ෂිත ව තැන්පත් කරන පෙට්ටිය.
කෝප්පය, කෝප්පෙ[නා.] පානීය වර්ග බීම සඳහා භාවිත කරන කුඩා භාජන විශේෂය; කුසලාන.
කෝප්පුව[නා.] විහිළුව; කවටකම; සරදම; කොලොප්පම.
කෝප්‍ය1. [වි.] කැලඹිය හැකි; කම්ප්‍ය. 2. [වි.] කෝප වන සුලු; කුපිත වන්නා වූ.
කෝප්‍යය[නා.] කඩ කිරීම; උල්ලඞ්ඝනය.
කෝපාවිෂ්ට[කෝප+ආවිෂ්ට] [වි.] කෝපයෙන් ආවේශ වූ; කෝපයෙන් ඇවිස්සුණු.
කෝපි[නා.ප්‍ර.] කෝපි ඇට බැද සකස් කරගන්නා කුඩුවලින් පිළියෙල කර ගන්නා පානය.
කෝපිත[වි.] කෝපයට පත්; කිපුණු; කෝපාවිෂ්ට.
කෝපීනය[නා.] රහසඟ; යෝනිය.
කෝබෝල්ට්[නා.ප්‍ර.] රිදීපාට නිකල්වලට බොහෝ දුරට සමාන වන නමුත් ඊට වඩා තද කාන්දම් ගතිය ඇති ලෝහමය මූල ද්‍රව්‍යයක්.
කෝමය(පාරිභා.) [නා.] භූගත මාංසල කඳක් ඇති හබරල, සුදුඅල ආදිය අයත් වන ශාක විශේෂය(=corm).
කෝමල[වි.] මොළොක්; මෘදු; සිනිඳු; සියුමැලි. 1. [නා.ප්‍ර.] ශුද්ධ ස්වරය අඩක් අඩු වීමෙන් ලැබෙන වඩා මොළොක් ස්වරය. 2. [නා.ප්‍ර.] පසළොස් ආකාර ශබ්ද ගුණවලින් එකක්.
කෝම්බය, කෝම්බේ1. [නා.] ඇස්ස කපා දිය හා මද ඉවත් කරගනු ලැබූ කුරුම්බා ගෙඩිය. 2. [නා.] කුහරය. 3. [නා.] හිස් පොල් කටුවෙන් තනා ගත් ඔඩම.
කෝමා1. [නා.ප්‍ර.] අධිමූර්ජාව; අසාමාන්‍ය තද නින්ද; විසංඥ නිද්‍රාව. 2. [නා.ප්‍ර.] වල්ගා තරුවක න්‍යෂ්ටිය සිසාරා ඇති රැස් දහර.
කෝමාර[වි.] කුමාර භාවය පිළිබඳ; ළදරු බව පිළිබඳ.
කෝමාර බ්‍රහ්මචර්යාව[නා.] විවාහ වනතුරු තරුණයකු හෝ තරුණියක මෛථුන සේවනයෙන් වැළකී සිටීමෙන් රකින ශීලය; කුමර බඹසර; කුමරි බඹසර.
කෝමාරික, කෝමාරිකා[වි.] කන්‍යාභාවයෙන් යුක්ත කුමරි; බ්‍රහ්මචර්යාව කඩ නොකළ. [නා.ප්‍ර.] ඖෂධ පැළෑටි විශේෂයක්.
කෝර හැළිය[නා.] පැණි රැස් කොට තැබීම සඳහා භාවිත කරන මැටි භාජනය.
කෝරක1. [නා.] මඳක් පිපුණු මල් කැකුල; මල් මොට්ටුව. 2. [නා.ප්‍ර.] නෙළුම් අල. 3. [නා.ප්‍ර.] සුවඳ ද්‍රව්‍යයක්; තකුල්.
කෝරජ[නා.ප්‍ර.] බොරු සිල්වත්බව; ව්‍යාජ ශීලය; කුහකකම.
කෝරමය[නා.] සභා රැස්වීමක් පැවැත්වීම සඳහා අවම වශයෙන් සහභාගි විය යුතු සභා සම්මත වූ සාමාජික සංඛ්‍යාව; ගණපූරණය.
කෝරලය, කෝරලේ1. [නා.] මෑත දේශීය ඉතිහාසය තුළ දිසාවනියක් බෙදා තිබුණු ප්‍රධාන කොට්ඨාසවලින් එකක්; කෝරාළ කෙනකු ගේ බලසීමාව පැවති ප්‍රදේශය. 2. [නා.] මුදලි කෙනකු ගේ පාලන ප්‍රදේශය. 3. [නා.] සමහර දිස්ත්‍රික්ක වල ප්‍රධාන බෙදීම්වලින් එකක්.
කෝර්නියාව[නා.] අක්ෂි ගෝලයේ ඉදිරි පෙදෙස් හයෙන් එකක ප්‍රමාණය වසා සිටිමින් ඇසේ වර්ණවත් කොටස ආවරණය කරන විනිවිද පෙනෙන බාහිර සිවිය; ස්වච්ඡය; ස්වච්ඡ මණ්ඩලය.
කෝර්සට්[නා.ප්‍ර.] ස්ත්‍රීන් විසින් ඇඟට හිරවන සේ අඳිනු ලබන යට ඇඳුම් විශේෂයක්; බොස්තරැක්කය.
කෝරාල[නා.] දිසාව හෝ රටේ මහතා යටතේ සිටි ප්‍රධාන මුලාදෑනියා; කෝරලයක පාලකයා; කෝරලේ මහත්මයා.
කෝරියම(පාරිභා.) [නා.ප්‍ර.] පෘෂ්ඨවංශික සත්ත්වයන්ගේ කලලරූපය හාත්පසින් වසා සිටින්නාවූ ද, උත්පත්තියේ දී පැළී ඉවත්වන බාහිරතම සිවිය; මස්තු පටලය.
කෝලක[නා.ප්‍ර.] විශේෂයෙන් මූර්ති ශිල්පීන් විසින් පාවිච්චි කරන ලද අඟල් දෙකක දිග ප්‍රමාණය ඇති මිම්මක්.
කෝලක්කාරයා, කෝලම්කාරයා[නා.] නාට්‍යයක හෝ නාඩගමක විහිළුකාරයා; බහුබූතයා; කෝණාංගියා; හාස්‍යජනක ක්‍රියා කරන්නා.
කෝලණුව(කථා.) [නා.] ගොයම් මිටිබැඳීම සඳහා ගනු ලබන ලණුව.
කෝලදල[නා.ප්‍ර.] සන්බෙලි කටුවේ මැද පුරුක පෙදෙස ගෙන සාදා ගනු ලබන සුවඳ ද්‍රව්‍යයක නාමය; සක්ඇබ; ශඞ්ඛනාභි.
කෝලඵල න්‍යාය[නා.] අත්ලෙහි තුබූ ඩෙබර ගෙඩියක් මෙන් යම්කිසි කරුණක් හෝ දෙයක් ඉතා පැහැදිලි ලෙස දැකීම සහ අවබෝධ කරගැනීම හා සම්බන්ධ දක්වන න්‍යායය.
කෝලම1. (කථා.) [නා.ප්‍ර.] වෙස්මුහුණ; කෝලම් මුහුණ. 2. [නා.ප්‍ර.] වෙස්මුහුණු බැඳ රඟ දක්වන නාටක විශේෂයක්. 3. [නා.ප්‍ර.] හාස්‍යජනක ක්‍රියා විලාසය; විහිළුව. 4. [නා.ප්‍ර.] කවටකම; කොලොප්පම.
කෝලය1. [නා.] දැව දඬු උණගස් ආදිය එකට බැද තැනූ යාත්‍රාව; පහුර; උඩුපය. 2. [නා.] උකුළ; ඇකය. 3. [නා.] ඖෂධ ආදියෙහි බර කිරීම සදහා භාවිත වූ පැරණි මිම්මක්. 4. [නා.] ඛණිජ ද්‍රව්‍යයක්; මිනිරන්. 5. [නා.] උණ, විකාර, දෙඩවිලි ආදිය ලක්ෂණ කොට ඇති සන්නිපාත රෝග විශේෂයක්. 6. [නා.] ලජ්ජාශීලිභාවය; චකිතය; කුලෑටිකම; බයාදුකම. 7. [නා.] නිකරුණේ සිනාසීම හෝ ඇඬීම ලක්ෂණ කොට ඇති මානසික රෝගයක්; හර්ෂෝන්මාදය (=hysteria). 8. [නා.] ආයුධයක්; කුන්තායුධය; තෝමරය.
කෝලහලය, කෝලාහලය1. [නා.] බොහෝ දෙනකු එක විට නඟන ශබ්දය; එක විට නැඟෙන ශබ්දය; එක විට ඇති වන ඝෝෂාව. 2. [නා.] දබරය; රණ්ඩුව; කලහය. 3. [නා.] පෙරදිග සංගීතයෙහි ගායක ගායිකාවන් විසිහතර දෙනකු ගෙන් හා වාදකයන් අට දෙනකු ගෙන් සෑදුණු සංගීත කණ්ඩායම; වෘන්දය.
කෝල්1. [නා.ප්‍ර.] කෝලායුධය; කුන්තායුධය; තෝමරය. 2. [නා.ප්‍ර.] ජලාශයක සීමාව; ඉවුර. 3. [නා.ප්‍ර.] රට අඟුරු; ගල් අඟුරු.
කෝල්ටරය[නා.] පස් පිඬැලි කැපෙන සේ නඟුල ඉදිරිපස යොදා ඇති කැපුම් තලය; නඟුල් දත; හීවැල.
කෝල්පාඩුව1. [නා.] පහතරට නැටුම් විශේෂයක්. 2. [නා.] කොහොඹා කන්කාරියේ දී ඉරුගල් බණ්ඩාර ආදි දෙව්වරුන්ට කරන ආරාධනාවා. 3. [නා.] කොලොප්පම; සරදම; විහිළුව; සමච්චලය.
කෝල්බඩ[නා.] වැව් ආදි ජලාශවල ගොඩබිමට ආසන්න නොගැඹුරු තීරුව; ඉවුරුබඩ.
කෝල්බෘක් කොමිසම[නා.] ලංකාවේ ආණ්ඩුක්‍රමය සංශෝධනය කිරීම සඳහා පරීක්ෂා කොට වාර්තා කිරීමට 1829 දි පත් කළ කොමිෂන් සභාව.
කෝල්මුරකවි[නා.ප්‍ර.] ප්‍රාදේශීය දෙවියන්ගෙන් පිහිට ඉල්ලා ස්තෝත්‍ර වශයෙන් කියනු ලබන කවි; කවියෙන් දෙවියන්ට කරන යාදින්න; දේවස්තෝත්‍ර.
කෝලාරුව[නා.] නැතිබැරිකම; හිඟපාඩුව.
කෝලිකාරම්[නා.ප්‍ර.] කුකුළන්ගේ අසූචි; කුකුළු වසුරු.
කෝලිකුට්ටු[නා.] ඉදුණු විට රතු කහ පැහැයෙක් ගන්නා මිහිරි රසයෙන් යුතු කෙසෙල් වර්ගයක්.
කෝලිච්චම, කෝලිත්තම1. (කථා.) [නා.] විහිළුව; සරදම; කොළොප්පම; සමච්චලය; කවටකම. 2. [නා.] සුළු කලබලය; අඬදබරය.
කෝලින්, කෝලීන්(පාරිභා.) [නා.ප්‍ර.] පිත; මොළය; බිත්තර කහමදය හා ඇතැම් මේද ආදියෙහි තිබෙන කාබනික භස්මයක් (=choline).
කෝව1. [නා.] ලෝහ උණු කිරීම සඳහා අධික තාපයට ඔරොත්තු දෙන සේ සාදාගැනෙන මැටි බඳුන. 2. [නා.] ඖෂධ පුළුස්සන මැටි භාජනය; රසායනාගාර පරීක්ෂණවල දී ක්ෂාර විලින කිරීමටත් ජ්වලනය කිරීමටත් භාවිත කරන කුඩා බඳුන; තුත්ත; මූෂාව. 3. [නා.] දුම්පානය සඳහා භාවිත කැරෙන පයිප්පය.
කෝවංගුව[නා.] (කහතෝරමල්ලි) මැණිකක දීප්තියත් අගයත් අඩු කරන දුමාර ගතිය හෙවත් අඳුරු පැහැය.
කෝවක්කා[නා.] ඉතා රතු පැහැයට ඉදෙන කුඩා දිගැටි ඵල දරන වැලක්; බිඹු; කෙම්වැල.
කෝවානම(කථා.) [නා.] (ධීව.) ඔරුවේ අත් යොතේ බැඳි රුවල උස් පහත් කිරීමට කුඹගස මුදුනේ සවි කොට ඇති දැවමුවා කප්පිය.
කෝවිච්චි වෙනවා(කථා.) බොරුවට තරහ වෙනවා.
කෝවිද[වි.] හසල බුද්ධියෙන් යුත්; ප්‍රවීණ; දක්ෂ; විචක්ෂණ.
කෝවිල[නා.] හින්දු දේව වන්දනාව සඳහා වෙන් වුණු සිද්ධස්ථානය; හින්දු දේවාලය.
කෝවිලාන(කථා.) [නා.] විශාල ගස් සහිත වූ ද සීරාව පවත්නා වූ ද භූමි භාගය; දිය සීරාව ඇති මූකලාන.
කෝවේ[නා.ප්‍ර.] කුඩා වීථිය; පටු වීදිය; පටුමඟ.
කෝශකාර, කෝෂාකාර1. [වි.] පිලා අවස්ථාවේ දී කෝෂයක් තනා ගන්නා; කීටාවස්ථාවේ දී කෝෂයක වසන. 2. [වි.] කෝෂ ග්‍රන්ථයක් නිෂ්පාදනය කරන; කෝෂ ග්‍රන්ථයක සම්පාදකයා වන.
කෝශකාරයා, කෝෂකාරයා1. [නා.] (නිඝණ්ඩු, ශබ්දකෝෂ, විශ්වකෝෂ ආදි) කෝෂ ග්‍රන්ථ සම්පාදනය කරන්නා. 2. [නා.] කීටාවස්ථාවේ පසු වන කෘමියා; කෝෂාවස්ථාවෙහි පිලවා.
කෝශකාව්‍යය, කෝෂකාව්‍යය[නා.] එකිනෙකට සම්බන්ධ නොවූ විවිධ මාතෘකා අනු ව ලියන ලද කවි පංතිවලින් යුත් කාව්‍ය සංග්‍රහය.
කෝෂ ග්‍රන්ථය[නා.] නිඝණ්ඩුව; අකාරාදි ග්‍රන්ථය.
කෝෂ න්‍යෂ්ටිය[නා.] ජීව සෛලයක ප්ලාස්මයේ ගිලී පවතිමින් එහි සියලු ම ක්‍රියාකාරිත්වය පාලනය කරන ඉතා ම වැදගත් කේන්ද්‍රීය කොටස.
කෝෂ ප්‍රදේශය[නා.] පටපණුවා කීටාවස්ථාවේ දී තමන් වටා පටනූලින් වියාගන්නා කොපුව; පටප ණු කෝෂය.
කෝෂ විද්‍යාව[නා.] අකාරාදි හෙවත් ශබ්දකෝෂ වැනි කෝෂග්‍රන්ථ සම්පාදනය කිරීම පිළිබඳ ශාස්ත්‍රය.
කෝෂගෘහය[නා.] (මුතුමැණික් රන් රිදී ආදි) වටිනා වස්තුවල ආරක්ෂාව සඳහා යොදනු ලබන ගොඩනැගිල්ල; භාණ්ඩාගාරය; බැංකුව.
කෝෂච්ඡේදය[නා.] අණ්ඩකෝෂය කපා දැමීම හෝ අක්‍රිය කිරීම; කර ඇඹීම; බීජෝද්ධරණිය.
කෝෂනාලය[නා.] මහා පිත්ත නාලය හෙවත් යකෘත්‍ය නාලය; පිත්ත කෝෂයට සම්බන්ධ කරන නාලය.
කෝෂපති[නා.ප්‍ර.] භාණ්ඩාගාරය භාර ව සිටින නිලධාරියා; රාජ්‍ය භාණ්ඩාගාරික.
කෝෂය, කෝශය, කෝසය1. [නා.] කොපුව; පිටවැස්ම; ආවරණය. 2. [නා.] පුරුෂ නිමිත්ත; පුරුෂ ව්‍යඤ්ජනය. 3. [නා.] අණ්ඩය; වෘෂණය. 4. (ජ්‍යෝති.) [නා.] ජන්ම පත්‍රයේ දෙවැනි ස්ථානය; ධනස්ථානය. 5. [නා.] පසුම්බිය; මල්ල; භස්ත්‍රාව. 6. [නා.] භාජනය; කරදඬුව; ඔඩම; කුසලාන. 7. [නා.] භාණ්ඩාගාරය; ධාන්‍යාගාරය; වටිනා වස්තු ආරක්ෂා කර තබන ස්ථානය. 8. [නා.] ධාන්‍යාගාරය; අටුව; කොටුව. 9. [නා.] ධනය; වස්තුව; රාජ්‍ය ආදායම. 10. [නා.] ඇඟිලි පුරුක් වටා බෙහෙත් ගැල්වීම පිණිස යොදන වෙළුම් විශේෂයක්. 11. [නා.] නිඝණ්ඩුව; අකාරාදිය; ශබ්දකෝෂය. 12. [නා.] සෛලය; පණ ඇති කුඩා ම වස්තුව. 13. (පාරිභා.) [නා.] (ඇල්ගී, දිලීර, මීවන වැනි ශාකයක) අලිංගික ප්‍රජනනය සිදුවීම පිණිස ඇති වන, කලලය නැති සෛල වර්ගය; බීජාණුව. 14. [නා.] දළඹු අවස්ථාවේ දී කීටයකු සිය සිරුර වටා තනා ගනු ලබන වැස්ම. 15. [නා.] විදුලිය රැස් කර තබන ඒකකයක්; බැටරිය; විද්‍යුත් කෝශය.
කෝෂස්ථ[වි.] කෝෂය තුළ වාසය කරන; කෝෂාවස්ථාවෙහි වන.
කෝෂස්ථයා[නා.] අන්දම් මාරුවීම පිණිස කෝෂය තුළට වී සිටින කීටයා; කෝෂ කෘමියා.
කෝෂස්ථානය[නා.] (ජ්‍යෝති.) ජන්මියාගේ ධනය ගැන තොරතුරු දක්වතැයි ජ්‍යෝතිෂයේ සඳහන් වන ජන්ම පත්‍රයේ දෙවැනි ස්ථානය.
කෝෂ්ඨ කීටයා(පාරිභා.) [නා.] කෝෂ අවස්ථාවේ සිටින පටිපණුවා; තරල පිරි ආශයක් ලෙස වැඩෙන පරපෝෂිතයා; සාශය පණුවා (=bladder worm).
කෝෂ්ඨදාහය(පාරිභා.) [නා.] මූත්‍රාශය ඉදිමීම නිසා ඇති වන රෝගයක්; මූත්‍රාශ ප්‍රදාහය(=cystitis).
කෝෂ්ඨපුංජය(පාරිභා.) [නා.] මූත්‍රාශයෙහි හටගන්නා රෝගයක්; මූත්‍රාශ හර්නියාව (=cystocele).
කෝෂ්ඨය1. [නා.] ශරීරය ඇතුළත පිහිටි ද්‍රාවයෙන් හෝ වාතයෙන් පිරි පටලමය කෝෂය. 2. [නා.] ශරීරය ඇතුළත ස්‍රාවය වන ගිලන් ද්‍රව්‍ය රැස් වී එකතු වන අසාමාන්‍ය මලු විශේෂයක් (=cyst). 3. [නා.] ශරීරය; සිරුර; කය. 4. [නා.] ධාන්‍යාගාරය; අටුව. 5. [නා.] වටිනා වස්තුව රැස් කර තබන ස්ථානය; භාණ්ඩාගාරය. 6. [නා.] ඇමීබා රෝගය වැළඳි තැනැත්තා මල මූත්‍රා සමග පහ කරන ද්‍රව්‍යයක්. 7. [නා.] ප්‍රාකාරයකින් වට කරන ලද ආරක්ෂිත ප්‍රදේශය; කොටුව; බලකොටුව. 8. [නා.] කොටුවක හැඩය ගන්නා රේඛාමය සටහන. 9. [නා.] පරාගධානියක හෝ ඩිම්බකෝෂයක හෝ ආවාරය.
කෝෂ්ඨවාතය[නා.] බඩ පුරවා දැමීමට හේතුවන වායුව; උදර වාතය.
කෝෂ්ඨාග්නිය[නා.] කුසට ගත් ආහාර දිරවීමට හේතුකාරක වන අග්නිමය පදාර්ථය; ජඨරාග්නිය; ජඨරාසවය; බඩගින්න.
කෝෂ්ඨාගාරය1. [නා.] රන්, රුවන්, මුතු ආදී අගනා ධනය රැස්කොට තබන ආරක්ෂක ගෘහය; කොටුගුළ; භාණ්ඩාගාරය; ධනාගාරය. 2. [නා.] ධාන්‍යවර්ග රැස් කර තබනු ලබන ගබඩාව; අටුව; කොටුගෙය; ධාන්‍යාගාරය.
කෝෂිකා[නා.] හෘදයේ කුටීර හතරින් පහළින් පිහිටි කුටීර දෙක.
කෝසජ්ජය[නා.] කුසීතබව; යහපත් ක්‍රියා කිරීමට ඇති මැළිකම; කුසල ධර්මයෙහි හීන වූ වීර්යය.
කෝසය1. [නා.] (රාජ්‍ය) භාණ්ඩාගාරය. 2. [නා.] (කඩු ආදිය බහාලන) කොපුව. 3. [නා.] භාජනය. 4. [නා.] පුරුෂ නිමිත්ත. 5. [නා.] අණ්ඩය. 6. [නා.] මල් කැකුළ. 7. [නා.] දුනු පන්සීයක පුරාණ මිම්මක්; ගවුව.
කෝසල්ලය[නා.] නිපුණබව; කුසලතාව; ශූරත්වය; කාර්යක්ෂමභාවය; කෞශල්‍යය.
කෝස්ටික් සෝඩා(පාරිභා.) [නා.ප්‍ර.] ජලයෙහි පහසුවෙන් දිය වෙන සුදුපාටින් යුත් දාහක (NaOH) සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (=caustic soda).
කෝසිකයා[නා.] වටකුරු මුහුණක් සහ ඇස් ඇති නිශාචර පක්ෂියෙක්; බකමුහුණා; උලූකයා.
කෝසිය1. [නා.] ශක්‍ර දෙවි. 2. [නා.] පටපණුවාගේ කෝෂයෙන් ගනු ලබන නූල් විශේෂයක්; පටනූල්; තිහිරිහූ. 3. (කථා.) [නා.] මසුන් ඇල්ලීමේ දී දැල් මඩිය ශක්තිමත් වනු පිණිස ලණුවලින් සාදා දමන ආරක්ෂක දැල.
කෝසෙය්‍ය1. [නා.ප්‍ර.] කෝසීය නූලෙන් වියන ලද වස්ත්‍රය; තිහිරිපිළි. 2. [නා.ප්‍ර.] තිහිරි හුයෙන් කළ ඇතිරිය.
කෝහඤ්ඤය[නා.] තමා තුළ නැති ගුණ ඇතිබව ඇඟවීම; කුහකකම.
කෝහල[නා.ප්‍ර.] යව නම් ධාන්‍යයෙන් සාදනු ලබන මද්‍යපාන වර්ගයක්.
කෝහුමාහු[නා.ප්‍ර.] කලබලය; කෑකෝ ගැසීම.
කෝළාපය[නා.] දිරා ගොස් තැනින් තැන සිදුරු ඇති ව පවතිමින් සුළං වැදෙන විට හඬ නගන ගස.
කෝළාරුව[නා.] වරද; දෝශය.
කෞඞ්කුම[නා.ප්‍ර.] කොකුම් පොවන ලද රෙද්ද.
කෞතුක1. [වි.] කුහුල දනවන; කුතුහලය ඇති කරවන; පුදුම උපදවන; අද්භූත. 2. [වි.] විවාහය හා සම්බන්ධ.
කෞතුක මංගල්‍යය[නා.] විවාහයට පෙර මනාලියගේ අතේ කෞතුකය හෙවත් මඟුල්හුය බැඳීම ආදියෙන් පවත්වනු ලබන මංගලෝත්සවය.
කෞතුක වේදිකාව[නා.] විවාහ මංගලෝත්සවයට අනුරූප ඇඳුම් වන පරිදි මනාලිය පැලඳුම්වලින් සරසන මණ්ඩපය; ප්‍රසාධන ශාලාව.
කෞතුකය1. [නා.] (යමක්) දැකීමට ඇසීමට හෝ දැනගැනීමට ඇති ආශාව කුහුල; කුතුහලය. 2. [නා.] පුදුමය; අද්භූතභාවය; ආශ්චර්යය. 3. [නා.] විවාහ දිනයෙහි (විවාහ කරවීමට පෙර) මනාලියගේ වම් අතහි මන්ත්‍රයෙන් හෝ පිරිතෙන් හෝ පේ කරන ලදුව බඳින නූල; කවුතුකය; මඟුල්හුය. 4. [නා.] විවාහමඟුල; සරණ මංගල්‍යය. 5. (ප්‍ර. යෙදේ) (ජ්‍යෝති.) [නා.] ග්‍රහයන්ගේ අවස්ථා දොළහෙන් එකක්.
කෞතුකවස්තු[නා.ප්‍ර.] ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා පුදුම එළවන සුලු වස්තු.
කෞතුකාගාරය1. [නා.] කලාත්මක, සංස්කෘතික, ඓතිහාසික හා විද්‍යාත්මක වටිනාකමින් යුත් වස්තු එක්රැස් කොට ප්‍රදර්ශනය පිණිස තබා ඇති මන්දිරය; කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනාගාරය; කටුගෙය. 2. [නා.] විවාහප්‍රාප්ත අභිනව යුවළකගේ ශයනාගාරය.
කෞතුහලමාඞ්ගලික[නා.] යහපත් ප්‍රතිඵල ගෙන දෙන පෙරනිමිති මේ මේ යැයි විස්තර කර දෙන්නා; සුබ නිමිති පවසන්නා; යහපත් අනාවැකි පවසන්නා.
කෞතූහලය[නා.] අමුතු අමුතු දේ දැනගැනීමට පවත්නා ආශාව; කුතුහලය; කුහුල.
කෞපීනය[නා.] විළි වසා ගැනීමට පමණක් ප්‍රමාණ වනසේ අඳින රෙදිකඩ; රෙද්දට යටින් අඳින රෙදිකඩ හෝ ඉතා කෙටි ඇඳුම; අමුඩය.
කෞමල[වි.] කෝමල; මෘදු; සිනිඳු; මොළකැටි; සුකුමාර; සියුමැලි.
කෞමාර[වි.] බාලකයකුට හෝ බාලිකාවකට හෝ අයත්; නොමේරූ වයසෙහි සිටින; තරුණ වියෙහි වූ.
කෞමාරතන්ත්‍රය[නා.ප්‍ර.] ළමාරෝග චිකිත්සාව; කුමාර චිකිත්සාව; කෞමාරභෘත්‍ය.
කෞමුද, කෞමුදී[නා.ප්‍ර.] සඳරැසින් පිපෙන බව කියන ජලජ පුෂ්ප වර්ගයක්; කුමුදු; හෙළ මහනෙල්; හෙළ උපුල්.
කෞරව[නා.ප්‍ර.] කුරු වංශයට අයත්; කුරුරට වාසී.
කෞලිකයා[නා.] රෙදි වියන්නා; පේෂකාර්මිකයා; පෙහෙරා.
කෞශල්‍ය යෝගය[නා.] යමක ප්‍රවීණත්වය ලබා ගැනීම සඳහා කරන ව්‍යායාමය; කුශලතාව අත්පත් කිරීම සඳහා කරනු ලබන අභ්‍යාසය.
කෞශල්‍යය[නා.] කූශලතාව; නිපුණත්වය; දක්ෂතාව; ශූරත්වය.
කෞශික1. [නා.ප්‍ර.] පැරණි දඹදිව වංශයක්. 2. [නා.ප්‍ර.] සක්දෙවි. 3. [නා.ප්‍ර.] බකමූණා; මහමුහුණා. 4. [නා.ප්‍ර.] මුගටියා; නකුලයා.
කෞශීර[නා.ප්‍ර.] (ජ්‍යෝති.) නැකැත් විසිහයෙන් දහඅට වැන්න වූ දෙට නැකත.
කෞශේය[නා.ප්‍ර.] පටනූලින් වියන ලද වස්ත්‍රය; පටරෙද්ද; තිහිරි පිළිය.
කෞස්තුභ පාෂාණය[නා.] විෂ්ණු දෙවිඳුගේ ළය මත පළඳින මැණික; කෞස්තුභමණිය; කොතබූගල.
කෞසීදය[නා.] ණයට දුන් මුදලට ලබා ගන්නා අධික පොලිය; ගිනි පොලිය.
1. [නා.ප්‍ර.] මිශ්‍ර සිංහල හෝඩියේ ‘ක’ වර්ගයේ දෙවන අකුර. 2. [නා.ප්‍ර.] කණ්ඩජ අඝෝෂ මහාප්‍රාණ ව්‍යංජනය. 3. [නා.ප්‍ර.] අහස; ආකාශය; ගුවන.
ඛග1. [නා.ප්‍ර.] අහසේ ගමන් කරන්නා; කුරුල්ලා; පක්ෂියා. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] රවි ආදි ග්‍රහයන් ගෙන් කවර හෝ ග්‍රහයෙක්.
ඛග්ගගාහක[නා.] පැරණි සිංහල රාජ්‍යයේ රජුගේ පෞද්ගලික ආරක්ෂාව භාර නිලධාරියා; අසිග්ගාහක.
ඛග්ගවිසාණ[නා.ප්‍ර.] කඟවේණා.
ඛගෝල ක්ෂිතිජය[නා.] ආකාශ චක්‍රය හා පොළොව එකට ගැටුණාක් මෙන් දර්ශනය වන ස්ථානය; ක්ෂිතිජය.
ඛගෝල දේශාංශය[නා.] ආකාශ චක්‍රය මත නියමිත ලක්ෂයකුත් ඒ අක්ෂාංශයම ඇති ව සම්මත ද්‍රැව වෘත්තයක් මත පිහිටි තවත් ලක්ෂයකුත් අතර කෝණික දුර.
ඛගෝල ධ්‍රැවය[නා.] ආකාශ ගෝලයෙහි උතුරු කෙළවර සහ දකුණු කෙළවර.
ඛගෝල විද්‍යාව[නා.] අහස් ගැබෙහි පිහිටි විවිධ වස්තු පිළිබඳ විද්‍යාව; ආකාශ වස්තු විද්‍යාව; තාරකා ශාස්ත්‍රය.
ඛගෝලය[නා.] ආකාශ වස්තු සහිත අභ්‍යවකාශය; ආකාශ චක්‍රය; අහස් කුස; අහස් ගැබ; නභෝ ගර්භය.
ඛඞ්ග යෂ්ටිය[නා.] කඩුවක අල්ලා ගන්නා කොටස; කඩුමිට.
ඛඞ්ග රත්නය[නා.] රාජ්‍යත්වයේ ලක්ෂණය වශයෙන් රජුන් පරිහරණය කරන කකුධ භාණ්ඩ පහෙන් එකක්; මඟුල් කඩුව.
ඛඞ්ග ශිල්පය[නා.] ද්වන්ද්ව යුද්ධය ඇතුළු කඩුවෙන් කෙරෙන නොයෙක් හරඹ උගන්වන ශාස්ත්‍රය; සිවුසැටකලාවලින් එකක් වන කඩු ශිල්පය.
ඛඞ්ගධාරා[නා.ප්‍ර.] කඩු තලය; කඩුපත.
ඛඞ්ගය, ඛග්ගය[නා.] කඩුව; කග; අසිපත.
ඛචිත1. [වි.] කවන ලද; ඔබ්බන ලද; සවි කරන ලද. 2. [වි.] ගැවසූ; සැරසූ. 3. [වි.] කැටයම් කරන ලද.
ඛජ්ජ[නා.ප්‍ර.] කටින් කඩා කෑ යුතු කෑම වර්ග.
ඛජ්ජූර[නා.ප්‍ර.] තාල වර්ගයට අයත් ගස් විශේෂයක්; ඉඳි; රටඉඳි.
ඛජ්ජෝතයා[නා.] සිරුරින් එළිය විහිදුවන පියාඹන කෘමි විශේෂය; කලාමැදිරියා; කණමැදිරියා; කදෝපැණියා.
ඛඤ්ජ, ඛංජ[වි.] විකල වූ පා ඇති; කොර; පා වලංගු නැති. [නා.ප්‍ර.] විකල වූ අත් පා ඇති බව; අත් පා කොරය; විකලාංග ඇති බව.
ඛට්වාඞ්ගය[නා.] ඊශ්වර භක්තික යෝගීන් විසින් භාවිත කරන ලද්දා වූ ද මුදුනෙහි හිස්කබලකින් යුක්ත වූ ද යෂ්ටි විශේෂයක්.
ඛටිකා අවධිය(පාරිභා.) [නා.] භූ විද්‍යාවේ සඳහන් වන ද්විතීය හෙවත් මෙසොසොයික යුගයට අයත් තුන්වැනි කාලපරිච්ඡේදය; හුණුගල් අවධිය.
ඛණ[නා.ප්‍ර.] ඇසිපිය හෙළීමට ගත වන කාලය; ඇසිල්ල; මොහොත; නිමේෂය; ක්ෂණය.
ඛණනය[නා.] හෑරීම; කැණීම.
ඛණපරිත්ත[නා.ප්‍ර.] චිත්තක්ෂණයක් පමණ ඉතා සුළු කාල පරිච්ඡේදය.
ඛණ්ඩ1. [නා.ප්‍ර.] කොටස; කැබැල්ල; කඩ; ඡේදය. 2. [නා.ප්‍ර.] කැඩුම; බිඳුම; පලුද්ද. 3. [නා.ප්‍ර.] උක් පැණියෙන් සාදන ලද වැලි හකුරු; සූකිරි; ගල්කණ්ඩු. 1. [වි.] කැඩුණු, බිඳුණු; කොටස්වලට වෙන් වුණු. 2. [වි.] හිදැස් සහිත; දෝෂවලින් කඩතොලු වූ.
ඛණ්ඩ කරනවා[ක්‍රි.] කඩනවා; බිඳිනවා; කඩ කරනවා; අඩාල කරනවා.
ඛණ්ඩ කාව්‍යය[නා.] මහා කාව්‍යයක් නොවන කෙටි කාව්‍යය; සර්ග වශයෙන් වෙන් නොකරන ලද හෙයින් එක දිගට ම පුවත කියාගෙන යා හැකි පද්‍ය කාව්‍යය.
ඛණ්ඩ ගණන[නා.] පූර්ණ වශයෙන් නොපැවතී භාගයක් වශයෙන් තිබෙන සංඛ්‍යාව; භාග ගණන; ඛණ්ඩ සංඛ්‍යාව.
ඛණ්ඩ ජනනය[නා.] අංකුර සහිත අතු කැබලිවලින් පැළෑටි බෝකිරීමේ ක්‍රමය.
ඛණ්ඩ භූමදානය[නා.] මෘත ශරීරවල හිස පමණක් කළවල දමා මිහිදන් කිරීමේ පුරාණ ඉන්දියානු සිරිත.
ඛණ්ඩකය1. (පාරිභා.) [නා.] රසායන සංයෝගයක සංයුක්ත පරමාණු කොටස (=radical). 2. [නා.] ඉස්සන්, පණුවන් වැනි ඇතැම් සතුන්ගේ ශරීරය බෙදී තිබෙන සමාන කොටස් එක එකකට ව්‍යවහාර නාමය.
ඛණ්ඩනය[නා.] කැබලිවලට කැඩීම; කොටස්වලට වෙන් කිරීම; ඉරි තැළීම.
ඛණ්ඩනය කරනවා[ක්‍රි.] (මතිමතාන්තර ආදිය) බිඳ හෙළනවා.; පහර දී කඩනවා.
ඛණ්ඩපාදිකා(පාරිභා.) [නා.බහු.] ප්‍රොටොසෝවා වංශික සතුන්ට තිබෙන ව්‍යාජ පාද,
ඛණ්ඩඵුල්ල[නා.ප්‍ර.] ගොඩනැගිල්ලක කැඩුණු බිඳුණු ස්ථාන; කැඩුම් බිඳුම්; කඩතොලු.
ඛණ්ඩාංක[නා.ප්‍ර.] එක ම තලයේ පිහිටා එකිනෙකින් ඡේදනය වන අක්ෂ දෙකක සිට ඕනෑ ම ලක්ෂ්‍යයකට ඇති දුර ප්‍රමාණ දෙක.
ඛණ්ඩාමලක1. [නා.ප්‍ර.] නෙල්ලි ගෙඩිය. 2. [නා.ප්‍ර.] නෙල්ලි ගෙඩි වේලා කොටා ලබා ගන්නා කුඩු.
ඛණ්ඩිකාව1. [නා.] කොටස; කුඩා කොටස. 2. [නා.] අවයව ආදියක ඉදිරියට නෙරා හෝ එල්බෙමින් පවත්නා කොටස.
ඛණ්ඩිත1. [වි.] කොටස්වලට බෙදුණු; කැඩුණු; කැබලිවලට පත් වුණු; කැඩී බිඳී ගිය. 2. [වි.] අසම්පූර්ණ; අඩාළ; අර්ධ; පූර්ණත්වයට නොපත්. 3. [වි.] කලකිරීමට පත්; බිඳුණු; නොසතුටට පැමිණි.
ඛණ්ඩිත කරනවා1. [ක්‍රි.] කැබලි කරනවා; කොටස්වලට වෙන් කරනවා; කපනවා; සිඳිනවා. 2. [ක්‍රි.] පැහැර හරිනවා; වරද්දනවා; කඩ කරනවා.
ඛණ්ඩෝත්පත්තිය[නා.] (ඇමීබාවන් මෙන්) දෙකට බෙදී යෑමෙන් සතුන් බෝවීමේ ක්‍රමය.
ඛණික[වි.] ක්ෂණයක් පමණ කාලයක් පවතින; ඇසිල්ලක් පමණ; වහා සිදු වන; ක්ෂණික.
ඛණිකවාදය[නා.] සියලු සංස්කාර ධර්මයන් වහා වෙනස්වන සුලුය නැසෙන සුලුය යන මතය; ක්ෂණභංගුරවාදය.
ඛණිත්තිය[නා.] බිම හෝ ගල් ආදිය හෝ හෑරීම සඳහා යොදනු ලබන උල; අලවංගුව; ගල්කටුව; යවුල.
ඛද්‍යෝතයා[නා.] කලාමැදිරියා; කණමැදිරියා; කදෝපැණියා; කදෝකිමියා; ඛජ්ජෝතයා.
ඛදාර්[නා.ප්‍ර.] යන්ත්‍ර මාර්ගයෙන් නොව අතින් කැට ගනු ලැබූ කපු නූල්වලින් වියන ලද ඔප නොදැමූ දළ වස්ත්‍රය.
ඛන්ධ1. [නා.ප්‍ර.] (සිරුරෙහි) කඳ. 2. [නා.ප්‍ර.] ගසෙහි කඳ. 3. [නා.ප්‍ර.] (සත්වයාගේ රූප, වේදනා, සඤ්ඤා ආදි) පඤ්චස්කන්ධය.
ඛන්ධ රජනය[නා.] කහට ඇති ගස්වල ලී කඳන් කැබලි තම්බා සිවුරු රංජනය සඳහා ගැනෙන පඬු වර්ගය.
ඛන්ධක[නා.ප්‍ර.] විනය පිටකයේ මූලික ප්‍රභේද තුනෙන් එකක්.
ඛන්ධබීජ1. [නා.ප්‍ර.] රෝපණය කිරීමට ගැනෙන අතු කැබලි. 2. [නා.ප්‍ර.] අතු කැබලිවලින් අංකුර නැඟෙන ශාක.
ඛනිජ[නා.] අජෛවීය ක්‍රියාවලි ආශ්‍රයෙන් පොළෝ තුළ ස්වාභාවිකව පහළ වී ඇත්තා වූ ද්‍රව්‍ය. 1. [වි.] ඛනිජ සහිත; ඛනිජවල ඇතුළත්; ඛනිජවලට අයත්; ඛනිජ සම්බන්ධ. 2. [වි.] ආකරයෙහි උපන්; ආකරයෙන් සාරා ගන්නා ලද.
ඛනිජ උල්පත(පාරිභා.) [නා.] කැල්සියම් කාබනේට, කැල්සියම් සල්ෆේට් හැර අන් ඛනිජ ද්‍රව්‍ය ප්‍රමාණවත් ව පවත්නා ජලය ඇති උල්පත.
ඛනිජ තෙල්[නා.ප්‍ර.] පොළොවෙන් ලබාගන්නා වූ හයිඩ්රොකාබන් බහුල වූ බලශක්තිය නිෂ්පාදනය සඳහා ගැනෙන්නා වූ තෙල් (=mineral oil).
ඛනිජ ලවණ[නා.ප්‍ර.] (යකඩ කැල්සියම් සාමාන්‍ය ලුණු ආදි) ඛනිජවල අඩංගු අකාබනික ලවණ විශේෂය (=mineral salt).
ඛනිජ වැලි[නා.ප්‍ර.] ඛනිජ වර්ග අඩංගු වැලි; සිලිකා වැලි.
ඛනිජ විද්‍යාව(පාරිභා.) [නා.] ඛනිජ වස්තු පිළිබඳ උගන්වන ශාස්ත්‍රය (=mineralogy).
ඛපූරය[නා.] කෙමියෙන් වතුර වත්කරන භාජන විශේෂයක්; කොතලය; කෙණ්ඩිය; ජෝගුව.
ඛමාපනය[නා.] ක්ෂමා කරවා ගැනීම; සමාව අයැදීම.
ඛය[නා.ප්‍ර.] ක්‍රමයෙන් ක්ෂය වී යෑම; කෙමෙන් නැති වී යෑම.
ඛයවය[නා.ප්‍ර.] ක්‍රමයෙන් විනාශය කරා යෑම සහ විනාශ වී යෑම; ගෙවී යෑම සහ විනාශ වීම; ක්ෂයව්‍යය.
ඛර1. [වි.] කර්කශ; කටුක; රළු; දැඩි. 2. [වි.] තියුණු; ක්‍රෑර; දරුණු. 1. [නා.ප්‍ර.] රළු ගතිය; කර්කශභාවය; කටුක බව. 2. [නා.ප්‍ර.] කපුටා. 3. [නා.ප්‍ර.] කොකා.
ඛර කෝෂ්ඨය[නා.] මල පහ නොවන තරමට බඩ වියළීම; විරේක නොවන බව.
ඛරස්පර්ශ[වි.] ගෑවෙන විට රළු ගතිය දැනෙන; ගොරහැඩි; කර්කශ; ගොරෝසු.
ඛර්ජුර1. [නා.ප්‍ර.] ඉඳිගස. 2. [නා.ප්‍ර.] හිරියල්.
ඛර්පර1. [නා.ප්‍ර.] වළං කබල; සිඟා කෑමට ගෙන යන කබල් බඳුන; හිඟ කබල. 2. [නා.ප්‍ර.] ඉස් මුදුන. 3. [නා.ප්‍ර.] ඇස ගල්වන අඳුන්.
ඛර්පරය[නා.] රන් රිදී වැනි අගනා ලෝහ වර්ග පරීක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන නොගැඹුරු කුඩා වටකුරු භාජනය.
ඛර්පරයා[නා.] සොරා; චෞරයා.
ඛර්වටය[නා.] විශාලත්වයෙන් හා දියුණුවෙන් ගමකට වඩා වැඩි නගරයකට වඩා අඩු ප්‍රදේශය; නියම්ගම්.
ඛර්වයා[නා.] මිට්ටා; වාමනයා.
ඛරෝෂ්ටි, ඛරෝෂ්ඨි[නා.ප්‍ර.] ක්‍රි. පූ. 1 වන ශත වර්ෂය පමණ සමයේ දී වයඹ දිග ඉන්දියාවේ යවනයන් භාවිත කළ අක්ෂර මාලාව හා භාෂාව.
ඛල මණ්ඩලය[නා.] ගොයම් පාගන ස්ථානය; ගොයම් මඩවන භූමි භාගය; කමත; කලවිට.
ඛලය1. [නා.] ගොයම් කොළ මඬින තැන; කමත. 2. [නා.] පස්; පාංශු. 3. [නා.] ඖෂධීය ශාකවල කොළ, පොතු ආදිය ගෙන කසාය කොට එයින් පිස ගන්නා ලද සූපය. 4. [නා.] හිරු; සූර්යයා.
ඛල්ලකය[නා.] විලුඹ පෙදෙස වැසෙන පරිදි පාවහනට යෙදූ ආවරණය; පාවහනේ විලුඹ වැසෙන කොටස.
ඛලාගාරය[නා.] පාගන ගොයමෙහි වී රැස් කිරීම සඳහා කමතෙහි තනා ඇති ගෙය.
ඛලි[නා.ප්‍ර.] පේසකාරයන් විසින් රෙදිවලට පෙවීම පිණිස පිළියෙල කරගනු ලබන කැඳ.
ඛලිත1. [වි.] හැප්පුණු; පැකුලුණු; පටලැවුණු. 2. [වි.] වැරදුණු; වරද්දාගත්; සාවද්‍ය.
ඛලිනය[නා.] අශ්වයන්ට දමන කටකලියාවේ යකඩය.
ඛ්‍යාත1. [වි.] කියන ලද; පැවසූ; ප්‍රකාශ කරන ලද. 2. [වි.] ප්‍රකට.
ඛ්‍යාතය, ඛ්‍යාතිය[නා.] කියන ලද්ද; පැවසූ දෑ; ප්‍රකාශනය; කියමන.
ඛාණ්ඩව[නා.ප්‍ර.] උක්සකුරු සහ සීනි මිශ්‍රකොට තැනූ අග්ගලා.
ඛාණුක මාර්ගය[නා.] කණු හෝ උල් සිටුවා ඒවායේ බඳින ලද රැහැන්වල එල්ලී යා යුතු දුෂ්කර පාර.
ඛාතකය[නා.] අගල, ඇළිය.
ඛාතය1. [නා.] පොළොවෙහි කණින ලද පොකුණ හෝ වළ. 2. [නා.] පොළොව කැනීම; හෑරීම. 3. (පාරිභා.) [නා.] මිනිසා වැනි උසස් ක්ෂීරපායීන්ගේ මොළ පෘෂ්ඨය බොහෝ සෙයින් නැමී සෑදී ඇති ඇළිය.
ඛාදකකෝෂ(පාරිභා.) [නා.ප්‍ර.] මිනිස් සිරුරේ ඇති විෂබීජ විනාශ කරන කෝෂ විශේෂයක්; භක්ෂ සෛල.
ඛාදනය1. [නා.] කෑම; අනුභවය; බුදීම. 2. [නා.] කාලගුණය ආදියේ ක්‍රියාකාරිත්වය නිසා ගල් පර්වත ආදිය ගෙවී යෑම සහ පස් සෝදා යෑම; සෝදාපාළුව (=erosion).
ඛාදනීය[නා.ප්‍ර.] දතින් සපා කෑ යුතු ආහාර; කැබලිවලට කඩා කන ආහාර. [වි.] කෑමට සුදුසු; කෑ හැකි; කෑම පිණිස ගන්නා.
ඛාද්‍ය[වි.] අනුභව කළ යුතු; කෑමට සුදුසු.
ඛාද්‍යභෝජ්‍ය[නා.ප්‍ර.] කැවිලි හා සූප ව්‍යඤ්ජන; කඩා, සපා අනුභව කළ යුතු දේ සහ සපා අනුභව කළ යුතු දේ.
ඛාද්‍යය[නා.] කැබලිවලට කඩා අනුභව කරන කෑම; රසකැවිලි ආදිය.
ඛාදිත1. (පාරිභා.) [වි.] කන ලද; බුදින ලද; අනුභව කරන ලද. 2. [වි.] ජලය, හිම, වාතය ආදි හේතු නිසා ගෙවී ගිය; සෝදාපාළුවට භාජනය වූ.
ඛාදිම[නා.ප්‍ර.] ප්‍රධාන ආහාර ගණයට නොවැටෙන පලතුරු ආදි අමතර කෑම; ආහාරයෙන් පසු අනුභව කරන දෑ.
ඛානිකය1. [නා.] තාප්ප බිත්ති ආදියෙහි පිපිරුම; පැලීම; විවරය. 2. [නා.] ඛනිජ වස්තු ලබා ගැනීමට පොළොවෙහි කනිනු ලබන ආවාටය; පතල; ආකරය.
ඛානිය[නා.] ධාන්‍ය මැනීම සඳහා පුරාණ කාලයෙහි භාවිත මිම්මක්; ද්‍රෝණ හතරක හෙවත් කිරියකින් හතරෙන් පංගුවක ප්‍රමාණය.
ඛාර ජලය[නා.] ලුණු ගතිය සහිත ජලය; කාරම් දිය; ක්ෂාර ජලය; කිවුල් වතුර.
ඛාරාපතච්ඡික[නා.ප්‍ර.] ශරීරය ආයුධයකින් කපා ඒ ඒ තන්හි කොස්සෙන් ලුණු ඇඹුල් ආදිය ගැල්වීම හෝ ඉසීම හා සම්බන්ධ වධය.
ඛාරිය[නා.] ධාන්‍ය ආදිය මැනීම සඳහා පුරාණයේ දී භාවිත වුණු මිම්මක්; කිරිය.
ඛාලිත්‍යය[නා.] රෝගයක් වශයෙන් හිසේ කෙස් වැටීම; තට්ටය පැදීම; ඉන්ද්‍රලුප්ත රෝගය.
ඛින්න1. [වි.] දුකට පත්; ඛේදයට පැමිණි; සිත් තැවුලට පත්. 2. [වි.] විඩාවට පැමිණි; වෙහෙසට පත්; ක්ලාන්ත භාවයට පැමිණි.
ඛිප[වි.] ඉක්මන්; කඩිනම්; හදිසි. [නා.ප්‍ර.] කිඹුහුම; කිවිසීම; කිඹුහුම් යාම.
ඛිපනය[නා.] ඉවත දැමීම; විසි කිරීම; හෙළීමය.
ඛීර1. [වි.] කිරි පිළිබඳව වූ; කිරිවලට සම්බන්ධ; කිරෙන් සාදන ලද. 2. [වි.] සුදු; ධවල; ශ්වේත. [නා.ප්‍ර.] කිරි; ක්ෂීරය.
ඛීර පාෂාණ[නා.ප්‍ර.] කිරි පැහැති එනම් සුදු පැහැති ගල් විශේෂයක්; කිරිවාණ.
ඛීලය1. [නා.] උල; හුල; කූඤ්ඤය; කණුව. 2. [නා.] ග්‍රන්ථයක අගට එකතු කරනු ලබන අමතර කොටස; උප ග්‍රන්ථය; පරිශිෂ්ටය.
ඛීළනය[නා.] නින්දාව; අපහාසය; අවඥාව; පරිහාසය; ගර්හාව.
ඛුංසනය[නා.] නින්දා කිරීම; අපහාස කිරීම.
ඛුජ්ජ[වි.] පිටි කොන්ද නැමුණු; වක ගැසුණු; කුදු. [නා.ප්‍ර.] පිටි කොන්ද නැමුණු තැනැත්තා; සිරුර වක ගැසුණු පුද්ගලයා; කුදා.
ඛුද්දක[වි.] කුඩා; සිඟිති; ක්ෂුද්‍ර. 1. [නා.ප්‍ර.] ශරීරයේ ලොමු ඩැහැගැනීම් මාත්‍රයක් ඇති කරවන ප්‍රීතිය. 2. [නා.ප්‍ර.] පළල පස්රියනට අඩු ගෙය; කුඩා ගෘහය.
ඛුද්දක ප්‍රීතිය[නා.] ශරීරයෙහි ලොමු දැහැගැනීම් වසයෙන් උපදනා වූ ප්‍රීතිය; පස්වණක් ප්‍රීතියෙන් එකක්.
ඛුද්දකනිකාය[නා.ප්‍ර.] සූත්‍ර පිටකයට අයත් නිකාය පහෙන් එකක්; කුදුගොත් සඟිය.
ඛුප්පිපාස[වි.] බඩගින්නෙන් සහ පිපාසයෙන් පෙළෙන; සාපිපාසා දෙකෙන් පීඩාවට පත් වුණු.
ඛුරචක්‍රය[නා.] දැළි පිහියක මුවාත ඇති චක්‍රායුධය; උරචක්‍ර මාලය.
ඛුරත්‍රාණය[නා.] (අශ්ව, ගව වැනි සතුන්ගේ) කුරය ආරක්ෂා වන සේ සවි කරන යකඩ ආවරණය; ලාඩම.
ඛුරය1. [නා.] අශ්ව, ගව, මුව ආදි සිව්පා සතුන්ගේ නිය විශාල වීමෙන් නිර්මාණය වී ඇති දැඩි පාද තලය; කුරය. 2. [නා.] දැළිපිහිය; තියුණු මුවාත සහිත පිහිය; කරකැත්ත.
ඛුහිත[වි.] කැලඹුණු; කලබලයට පත් වූ; නොසන්සුන් වූ.
ඛෙත්තග්ග[නා.ප්‍ර.] වගාවෙහි පළමු කොට පැසුණු ධාන්‍යවලින් පිළියෙල කොට දෙන අග්‍රශස්‍ය දානය.
ඛේචර[වි.] අහසෙහි සැරි සරන; ගුවනෙහි හැසිරෙන; ආකාශචාරී.
ඛේට[වි.] කෙළ පිළිබඳව වූ; කෙළවල අඩංගු.
ඛේටය[නා.] මුඛයෙහි පිහිටි ඛේට හා ශ්ලේෂ්මල ග්‍රන්ථිවලින් මුඛයට උනන ද්‍රව්‍ය; කෙළ.
ඛේදජනක[වි.] සිතේ දුකට කාරණා වන; ශෝකය උපදවන.
ඛේදය1. [නා.] සිතෙහි ඇති වන බලවත් දුක; ශෝකය; කණගාටුව. 2. [නා.] කලකිරීම; සිත්තැවුල. 3. [නා.] වෙහෙස; තෙහෙට්ටුව; විඩාව.
ඛේදවාචකය[නා.] කනගාටුදායක ආරංචිය; දුක්මුසු පුවත; ශෝකජනක සිද්ධිය.
ඛේදාන්තය1. [නා.] දුකින් අවසන් වන නාටකය හෝ ප්‍රබන්ධය; අවසානය දුක්ඛදායක වන දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය නාට්‍යය. 2. [නා.] කනගාටුදායක ලෙස අවසාන වන සිද්ධිය.
ඛේදාලාපය[නා.] දුක් උපදවන කතන්දරය; දුක්මුසු කතාව; ශෝකජනක වෘත්තාන්තය.
ඛේම[වි.] උපද්‍රවයෙන් තොර; නිරුපද්‍රැත; ආරක්ෂා සහිත; ක්ෂේම. 1. [නා.ප්‍ර.] මුළුමනින්ම නිරුපද්‍රිත ස්ථානය; සැනසිල්ල ගෙන දෙන තැන; නිර්වාණය. 2. [නා.ප්‍ර.] නිවන් අවබෝධ කළ උතුමා; රහතන් වහන්සේ.
ඛේමඞ්කර[වි.] නිරුපද්‍රැත ස්ථානයකට පමුණුවන පරම ශක්තිය; නිවන ගෙන දෙන.
ඛේල පිණ්ඩය[නා.] කෙළ පිඬ.
ඛෝම[නා.ප්‍ර.] ඛෝම ගසෙන් ලබා ගත් නූලින් වියන ලද වස්ත්‍රය; කොමු පිළිය; කොමු පිළියෙන් කරන ලද සිවුර.
මිශ්‍ර සිංහල හෝඩියේ 'ක' වර්ගයට අයත් තුන්වන අකුර; අපරතාලුජ (කණ්ඨජ) ඝෝෂ අල්පප්‍රාණ ව්‍යංජනය. [නා.ප්‍ර.] පෙරදිග සංගීතයෙහි එන සප්ත ස්වර අතුරෙන් තුන් වැන්න.
ගං[නා.ප්‍ර.] ගඟ.
ගං දඹය[නා.] ගඟට නෙරා ගිය තද බෑවුමක් ඇති පළල් බිම්කඩ; ගංගා ආශ්‍රිත තද බෑවුම් සහිත කඳු ඇළය.
ගං පැතිකඩ(පාරිභා.) නා සිතියමක දැක්වෙන ගංගාවක් සරල රේඛාවක් සේ ගෙන එහි බැස්ම හෙවත් අනුක්‍රමණය දැක්වෙන සේ සමෝච්ච රේඛා ආධාරයෙන් අඳින ලද සටහන.
ගංආර[නා.] ගඟක හෝ ඔයක හෝ දිය ගලා බස්නා පථය; ගඟ ගලා බසින මාර්ගය; ගං දෙපස මඟ; ගංඕඩය.
ගංඉවුර[නා.] ගඟක දෙපස පිහිටි කණ්ඩිය; ගං භික්තිය.
ගංකොළය(කථා.) [නා.] පුවක් අත්තේ ගස බදාගෙන සිටින විශාල කොළයක් වැනි කොටස; කොළපත.
ගංගා, ගඞ්ගා1. [නා.ප්‍ර.] මුහුද හෝ වෙනත් ගඟක් හෝ කරා ජල මාර්ගයක් ඔස්සේ විශාල ජලප්‍රමාණයක් ගලා යන දියපාර ගඟ; නදිය. 2. [නා.ප්‍ර.] උතුරු ඉන්දියාවේ විශාල ගංගාවේ නම; ගංගානම් ගඟ.
ගංගු(කථා.) [නා.] අලුත උපත් බිලිඳකු කටින් පිට කරන පෙණ හෝ සෙම.
ගංගුලා දමනවා, ගඟුල දමනවා(කථා.) [ක්‍රි.] (ගොයම් පෑගීම සඳහා යොදවා සිටින මී හරකුන් කමතේ) මූත්‍ර කරනවා.
ගංගොඩ[නා.] ගෙවල් සුළු ගණනකින් යුත් කුඩා ගම; ගමක උප කොට්ඨාසය.
ගංජා, ගන්ජා[නා.ප්‍ර.] කන්සා නමැති පැළෑටියෙන් තනා ගනු ලබන මත්ද්‍රව්‍යයක්.
ගංතැන්න[නා.] ගඟක් දෙපස පිහිටි සම බිම; ගංතලාව; ගංගා මිටියාවත.
ගංතෙර[නා.ප්‍ර.] ගඟක දෙපස බිම් තීරුව.
ගංතොට[නා.] ගඟක තොටුපළ; ඔරුපාරු ආදි ජලයාත්‍රා යනෙන ගංගාතීර්ථය.
ගංදඟර[නා.ප්‍ර.] ගඟේ දඟරාකාර නැමි; ගංවක්; වක්කලම්.
ගංදඟරමළුව[නා.] ගං දඟරයක ඉහළින් පිහිටි වේදිකාවක් බඳු තැනිතලාව.
ගංදියළු[නා.ප්‍ර.] ගඟේ වතුරෙන් ගසා ගෙන ගොස් (නිම්න, ගං මුව දොර ආදියෙහි) තැන්පත් වන වැලි පස් ආදිය; රොන්මඩ.
ගංදෙණිය[නා.] ගඟක දෙපස පිහිටි පහත් සමතලා භූමි භාගය; ගංගා නිම්නය; ද්‍රෝණිය.
ගංනිලය, ගම්නිලය[නා.] රාජකාරියෙහි යෙදී සිටින ගමේ මුලාදෑනියාට භුක්තිය සඳහා ලැබී තිබුණු ඉඩම.
ගංපරය(පාරිභා.) [නා.] ගඟක හෝ ගංමෝයක ගඟ දිය අවුරා සිටින ගල්කුළු හෝ වැලිතලා.
ගංබඩ, ගංබොඩ1. [නා.] ගඟ අවට ප්‍රදේශය; ගඟ දෙපස පිහිටි පෙදෙස; ගංගාශ්‍රිත භූමි භාගය. 2. [නා.] ගංඉවුර; ගඟ අද්දර.
ගංමළුව(පාරිභා.) [නා.] කිසියම් හේතුවකින් ගංපත්ල ගැඹුරු වී යෑම නිසා ගඟේ පිටාර තැන්න උස් වී සෑදෙන වේදිකාවක් වැනි කොටස.
ගංවතුර[නා.ප්‍ර.] ගඟක් උතුරා පිටාර ගලන ජල දහර; ගොඩබිම යට කරගෙන ගලන ගංගා ජලය.
ගංසළාව[නා.] ගංගාවෙහි වේගයෙන් ගලන දිය එක තැනක කරකැවීම නිසා ඇති වන සුළිය; සළාවැටුම.
ගංහිස[නා.] ගඟක් පටන් ගන්නා ප්‍රදේශය; ගඟේ මුදුන් පෙදෙස; ගංඉස්මත්ත; ගං ඉහත්තාව.
ගගනගංගාව[නා.] අහස් ගඟ; ආකාශ ගංගාව.
ගගනගාමියා[නා.] අහසින් ගමන් කරන්නා; අභ්‍යවකාශයේ ගමන් කරන්නා; ගුවන් නියමුවා.
ගගනතලය[නා.] අහස; අහස්තලය; ආකාශ තලය; ගගනෝදරය.
ගගනය1. [නා.] අහස; ගුවන; ආකාශය. 2. [නා.] බලි තොවිල් ආදියෙහි දී ඇදුරන් විසින් භාවිත කරනු ලබන මිණිගෙඩිය.
ගගනයාත්‍රාංගණය[නා.] ගුවන් යානා නවත්වන ස්ථානය; ගුවන් තොටුපොළ.
ගගනයාත්‍රාව[නා.] ගුවන් නැව; අහස්යාත්‍රාව; ආකාශ යානය.
ගගනශේඛර[නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
ගගනසේනාව[නා.] අහසින් ගොස් සතුරන්ට පහර දීමෙහි යෙදෙන භට හමුදාව; ගුවන් හමුදාව.
ගගනායනය[නා.] අහසින් ගමන් කරන මාර්ගය; අහස් මඟ; ගගනපථය.
ගග්ගර[නා.ප්‍ර.] ගුගුරන හඬ; ගිගුරුම; ගර්ජනය; මේඝ ගර්ජනාව.
ගඞ්ගා අනුක්‍රමණය(පාරිභා.) [නා.] ගංගා ආදි දිය පාරවල පතුලේ බැස්මේ ප්‍රමාණය; ගංපත්ලේ බැස්ම.
ගඞ්ගා ඛාදනය(පාරිභා.) [නා.] ගංගා ගලා යෑමේ දී ඒවායේ පතුලත් ඉවුරත් වතුරින් ගෙවීයෑම.
ගඞ්ගා ජනපදය(පාරිභා.) [නා.] ගංගාවක් ඇසුරු කොට ගත් ජනාවාසය.
ගඞ්ගා තරණය(පාරිභා.) [නා.] ගංගා ඔසස්සේ කැරෙන නැව් ගමනාගමනය.
ගඞ්ගා නිම්නය[නා.] ගඟකින් ජලාශ්‍රිත වන සමබිම් පෙදෙස; ගංගාධාරය.
ගඞ්ගා පථය[නා.] ගංගාශ්‍රිත මුළුමහත් ප්‍රදේශය.
ගඞ්ගා පරිවහනය(පාරිභා.) [නා.] ගංගා මඟින් බඩු සහ මගීන් ඔබ මොබ ගෙන යෑම; ගංගා යාත්‍රා මගින් කෙරෙන ප්‍රවාහනය.
ගඞ්ගා ප්‍රවාහය[නා.] වේගයෙන් ගලා බසිනා ගඟේ ජලස්කන්ධය; ගඟේ සැඩ දිය පහර.
ගඞ්ගා භාරය(පාරිභා.) [නා.] ගඟක දිය පහරින් ගසා ගෙන යනු ලබන (රොන් මඩ, බොරළු, ගල්කැට ආදි) ඝන ද්‍රව්‍ය සම්භාරය.
ගඞ්ගා ස්‍රෝතස[නා.] ගංගාවක ගලා බස්නා ජල ස්කන්ධය; ගඟේ නොකඩවා ගලන දිය දහර.
ගඞ්ගාඋදම(පාරිභා.) [නා.] චන්ද්‍ර සූර්ය ආකර්ෂණය නිසා ගංගා ජලයෙහි ඇති වන චලනය හෙවත් වඩදිය බාදිය ඇති වීම.
ගඞ්ගාධර[නා.ප්‍ර.] ශිවදෙවි; ඊශ්වරයා.
ගඞ්ගාධාරය(පාරිභා.) [නා.] අතු ගංගා සහිත ගඟකින් ජලාශ්‍රිත වන භූමි ප්‍රදේශය (=river basin).
ගඞ්ගානිධිය(පාරිභා.) [නා.] ගඟකින් සෝදා ගෙන එන දේ ගංපතුලෙහි තැන්පත් වීමෙන් සෑදෙන නිධිය.
ගඞ්ගානිර්ඣරය[නා.] කඳු මුදුනක සිට ඇදහැලෙන දිය කඳ; දිය ඇල්ල; ගඟුලැල්ල.
ගඞ්ගාමාර්ගය1. (පාරිභා.) [නා.] ගඞ්ගා පථය. 2. [නා.] ගමනාගමනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මාර්ගයක් ලෙස යොදා ගනු ලබන ගංගාව.
ගඞ්ගාරෝහණ[නා.ප්‍ර.] විසාලා මහනුවර ත්‍රිවිධ භය දුරු කිරීම පිණිස බුදුන්වහන්සේ ගංගා නම් ගඟින් එතෙරට වැඩ මෙතරට වැඩම කිරීම.
ගඞ්ගාවර්තය[නා.] ගංගාවෙහි වේගවත් සැඩ පහර නිසා හටගන්නා සුළිය; ගඟේ දිය සුළිය.
ගඞ්ගාවිලෝපය(පාරිභා.) [නා.] අධිපති බවට පැමිණෙන ගංගාවක් අවට ඇති වෙනත් ගංගා වලින් කොටස්, ඇද ගැනීම.
ගඞ්ගාශ්‍රිත[වි.] ගඟ ඇසුරු කොට ඇති; ගඟින් දියවර ලබන; ගඟ අසල පිහිටි.
ගඞ්ගෝදකය1. [නා.] ගඟෙහි දිය; නදී ජලය. 2. [නා.] ඉන්දියාවේ ගංගා නම් ගඟේ ජලය.
ගඟස්බඩ[නා.] ගං ඉවුර; ගංගා තීරය.
ගඟිත්ත[නා.] මහ ගඟක් කරා දිවෙන කුඩා ගංගාව; කුන්නදිය.
ගඟුල1. [නා.] දිය උනන තැන; දිය උල්පත; ඌල. 2. [නා.] දියපාර; ඔය. 3. [නා.] දියඇල්ල; නිර්ඣරය. 4. (ගොවි.) [නා.] වතුර; ජලය. 5. (කථා.) [නා.] වැස්ස; වර්ෂාව.
ගඟුල බානවා, ගඟුලා බානවා1. (ගොවි.) [ක්‍රි.] වැස්ස වසිනවා. 2. [ක්‍රි.] (කමතේ) හරකුන් මූත්‍ර කරනවා.
ගඟුල් ඌල[නා.] ඇදහැලෙන දිය පාර.
ගඟුලැල්ල[නා.] කඳු පෙදෙසින් ගලා බසින දියපාර; නිර්ඣරය.
ගච්ඡගුම්බය[නා.] එක ගොඩේ වැඩුණු ගස් සමූහය; ගස් ගොමුව; පඳුර.
ගච්ඡය[නා.] උස් ව නොවැඩෙන කුඩා ගස; පඳුර.
ගජ1. [නා.ප්‍ර.] ඇතා: හස්තියා. 2. [නා.ප්‍ර.] සිංහල ඡන්දසක නාමය. 1. [වි.] ඇතුන් පිළිබඳ; ඇතුන් සහිත; ඇතුන්ගේ ආකාර ඇති. 2. (රූඪි.) [වි.] ලොකු; විශාල මහත්; අධික; අතිශය. 3. (රූඪි.) [වි.] දක්ෂ; හපන්.
ගජ අත[නා.] ඇතාගේ හෝ අලියාගේ අත; ඇත් සොඬය; හොඬවැල.
ගජ චක්‍රය[නා.] වටයක් වශයෙන් සිටුවන ලද හස්ති සේනාවෙන් සැදුම් ගත් ආරක්ෂක වළල්ල; (යුද) ඇත් වළල්ල.
ගජකැන්[නා.ප්‍ර.] ඇත් රංචුව; අලි රැළ.
ගජකුම්, ගජකුඹු[නා.ප්‍ර.] ඇතාගේ හිස්මුදුන; ඇත්කුඹ; හස්ති කුම්භස්ථලය.
ගජකුල[නා.ප්‍ර.] ඇත් රැළ; හස්ති සමූහය.
ගජකේසර[නා.ප්‍ර.] කුජ ග්‍රහයා සතර කේන්ද්‍රයන් එකක මේෂ රාශියෙහි ස්වක්ෂේත්‍ර වීමෙන් සෑදෙන ශුභඵල ගෙන දෙන යෝගය.
ගජගල[නා.] කුරුණෑගල පිහිටි ඇතුගල. [වි.] ඇතුන් විසින් ගිලින ලද.
ගජගා[නා.ප්‍ර.] ඇතුගේ ගමන් ලීලාව පෙන්වන සිංහල වන්නමක්.
ගජගාමී[වි.] ඇතකුගේ ගමනට සමාන ගමන් විලාස ඇති; ඇත් ගමනින් යන. [නා.ප්‍ර.] සිංහල ගී වෘත්තයක නාමය; ගජගැමි විරිත.
ගජතා1. [නා.] ඇතා; හස්තියා. 2. (රූඪි.) [නා.] හපනා; ශූරයා.
ගජදන්තය[නා.] ඇතාගේ මුවින් පිටට දික් වී තිබෙන දළය; ඇත්දළය.
ගජදන්තයා[නා.] ඇත්දළ බඳු පිටට නෙරූ දළ ඇත්තා; ගණදෙවි.
ගජදළ[නා.ප්‍ර.] ඇත්දළ.
ගජදළ’සන[නා.] ඇත් දළින් නිමවන ලද හෝ ඇත් දළ කැටයමින් අලංකාර වූ ආසනය.
ගජනවා[ක්‍රි.] මහත් වූ හඬක් නඟනවා; ගර්ජනය කරනවා; ගොරවනවා; රැව් නගනවා.
ගජන් මළුව[නා.] ඇත් පවුරින් වට වූ මළුව.
ගජන්වත, ගජවත්[නා.] ඇත් මුහුණකට සමාන මුහුණක් ඇත්තා; ගණදෙවි.
ගජනායක නිලමේ[නා.] රාජකීය අලි ඇතුන් භාරකරුවන්ගේ ප්‍රධානයා.
ගජනාව(කථා.) [නා.] විශාල තුවක්කුව.
ගජනිමීලනය[නා.] ඇතකු බලන්නාක් මෙන් මඳක් ඇස් වසා බැලීම; හස්තිනිමීලනය.
ගජපඤ්ජර[නා.ප්‍ර.] පුරාණයෙහි ප්‍රාසාදවල තිබුණු ඇත් මුහුණකට සමාන හැඩයෙන් යුත් කවුළු වර්ගයක්; හස්තිපඤ්ජර; ඇත් කවුළුව.
ගජපාඩුව(කථා.) [නා.] අතිවිශාල අලාභ හානිය; දරාගත නොහැකි පාඩුව.
ගජබින්නය(කථා.) [නා.] (රූඪි.) සම්පූර්ණ අසත්‍යය; අමූලික බොරුව.
ගජම[නා.ප්‍ර.] ගර්ජනාව; ගෙරවීම; ගැටුම.
ගජමද[නා.ප්‍ර.] මත් ඇතුන්ගේ දෙකපොල ආදි තැන්වලින් වැගිරෙන ද්‍රවය; ඇත්මදය.
ගජමිත්‍රයා[නා.] දුක සැප දෙකෙහිදීම පිටු නොපා සිටින යහළුවා; අති මිත්‍රයා.
ගජමුතු[නා.] ඇතැම් ඇතුන්ගේ දළ තුළ සැදෙතැයි කියනු ලබන මුතු වර්ගයක්.
ගජඹ, ගදඹ[නා.ප්‍ර.] ගායනයෙහි හෝ වාදනයෙහි නිපුණ වූ තැනැත්තා; සංගීතඥයා; ගාන්ධර්වයා.
ගජයා[නා.] ඇතා.
ගජරජ[නා.ප්‍ර.] ඇත් රැළේ නායකයා.
ගජරුවා1. [නා.] ඇතුන් පිට නැගී යන තැනැත්තා; ඇතරුවා; හස්ත්‍යාරෝහකයා. 2. [නා.] ඇතු රැක බලා ගන්නා; ඇත්ගොවුවා.
ගජලාභය[නා.] අධික ලාභය; ලොකු වාසිය.
ගජලිය[නා.ප්‍ර.] ඇතින්න; අලිදෙන.
ගජවීථියඅ [නා.] චන්ද්‍ර සූර්ය දෙදෙනා හේමන්ත සෘතුවේදී ගමන් ගනිතැයි සිතන මාර්ගය. 2. (ජ්‍යෝති.) [නා.] කිවි (සිකුරු) ග්‍රහයා රෙහෙණ, මුවසිරස, අද යන නැකැත්වල ගමන් ගන්නා මාර්ගය.
ගජසම්අ [නා.ප්‍ර.] ඇතාගේ සම; අලිහම. 2. (රූඪි.) [නා.ප්‍ර.] ඇත් හමක් පොරවන්නා; මෙහෙසුරු; ඊශ්වර දෙවියා.
ගජස්පති[නා.ප්‍ර.] රජු; නිරිඳු.
ගජසිංහයා[නා.] ඇත් හිසක් සහ සිංහ ශරීරයක් සහිත ව නිර්මිත මනඃකල්පිත සත්ත්වයෙක්.
ගජසෙනග[නා.] පැරණී සිවුරඟ සෙනඟින් එකක් වූ හස්ති සේනාව.
ගජහපනා[නා.] අතිදක්ෂයා; අතිසමතා.
ගජ්ජුව(කථා.) [නා.] මස් මරන ඔරුවල දෙපැත්තෙන් ජලය කාන්දුවීම වැළැක්වීම සඳහා ගාන ලාටු හෙවත් බදාම විශේෂයක්.
ගජාරි1. [නා.ප්‍ර.] ඇත් සතුරා; සිංහයා. 2. [නා.ප්‍ර.] ලග්න දොළහෙන් පස්වැන්න; සිංහ රාශිය.
ගජාරෝහණය[නා.] ඇතුන් පිට යෑම; හස්ත්‍යාරෝහණ ශිල්පය.
ගජුන්[නා.ප්‍ර.] මහත් ශබ්දය; ගර්ජනාව; ගිගුරුම.
ගජේන්ද්‍රගාමී[වි.] ඇත්රජකුගේ ගමන් විලාසය ඇති; ශ්‍රේෂ්ඨ ඇතකු මෙන් ගමන් කරන.
ගජේන්ද්‍රයා[නා.] නායක ඇතා; ඇත් රජා.
ගජේරුව(කථා.) [නා.] උදාරම් බව; උජාරුව; ලොකුකම.
ගඤ්ජාව1. [නා.] සුරා විකුණන ස්ථානය; සුරාහල; තැබෑරුම. 2. [නා.] සුරාබොන බඳුන; සුරා ඔඩම. 3. [නා.] කුටිය.
ගට1. [නා.ප්‍ර.] කළය; ඝටය. 2. [නා.ප්‍ර.] සක්වළ; චක්‍රවාටය. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කුම්භ රාශිය. 4. [නා.ප්‍ර.] වන රොද; වන රාජිය. 5. [නා.ප්‍ර.] ප්‍රතිකාර වශයෙන් ස්වේද ගැන්වීමේ විධියක්.
ගටනවා1. [ක්‍රි.] යම් වස්තු හෝ පක්ෂ දෙකක් එකිනෙක වද්දනවා; හප්පනවා. 2. [ක්‍රි.] අතුල්ලනවා; උරච්චි කරනවා. 3. [ක්‍රි.] කලවම් කරනවා. 4. [ක්‍රි.] අඹරනවා. 5. [ක්‍රි.] ගරහනවා. 6. [ක්‍රි.] ස්පර්ශ වෙන්නට සලස්වනවා.
ගට්ටනය[නා.] ගැටීම; හැපීම.
ගඩ1. [නා.] සම මතුපිට බිබිල; ගඩුව; විසප්පු ගෙඩිය; කුරුලෑව. 2. [නා.] කම්මුල; කොපුල්තලය; කපෝලය.
ගඩපොළ[නා.] ශරීරයේ හටගන්නා විසප්පු ගෙඩිය.
ගඩබුවා[නා.] කොටළුවා; ගද්‍රභයා.
ගඩවිලා, ගැඩවිලා[නා.] තෙතමනය ඇති තැන්වල පොළොව තුළ වාසය කරන පණුවෙක්; ගැඩවිල් පණුවා.
ගඩ්ඩරිකාව[නා.] බැටළු රංචුව ගමන් කරන විට ඉදිරියෙන් ම යන බැටළු දෙන.
ගඩාගෙඩි1. [නා.ප්‍ර.] ලොකු කුඩා පලතුරු; පලවැල; ඵලාඵල. 2. (කථා.) [නා.ප්‍ර.] පුවක් ගෙඩිය.
ගඩු නඟනවා, ගඩු පිපෙනවා[ක්‍රි.] සම මතුපිට සිහින් බිබිලි මතුවෙනවා; හී ගඩු මතු වෙනවා.
ගඩුගුඩා1. [නා.ප්‍ර.] බිම තබා දුම් උරන දිග නළයක් සහිත ලොකු පයිප්පය. 2. (කථා.) [නා.ප්‍ර.] පලතුරු විශේෂයක්.
ගඩුව1. [නා.] ගෙඩිය; ගණ්ඩය; විසප්පුව. 2. [නා.] (මස්) කැටිය; (මස්) කුට්ටිය; (මස්) වැදැල්ල. 3. [නා.] සමහර පැලෑටි කොළවල සහ තිරිඟු කරල්වල නගින ගැටවැනි දෙය. 4. [නා.] අණ්ඩ කෝෂය.
ගඩොල, ගඩොළ[නා.] අච්චුවේ කපා ගින්නෙන් පුළුස්සා ගත් හෝ අව්වෙන් වියළා ගත් හෝ මැටි පිඬුව; ගඩොල් කැටය.
ගණ රූප[නා.ප්‍ර.] පැරණි ගල් කැටයම් ආදියේ නිරූපිත කුරු මිනිසුන්ගේ රූප; වාමන රූප.
ගණ ලහස්ස[නා.] ගණයක් හෙවත් සමූහයක් විසින් සම්මත ලාහේ / නැළි හතරේ මිම්ම.
ගණ වාචකයා[නා.] ගණයකට හෙවත් භික්ෂු සමූහයකට ධර්ම ශාස්ත්‍ර හදාරවන පැවිදි ගුරුවරයා; ගණාචාර්යවරයා.
ගණ වාසී(පාරිභා.) [වි.] සමූහ වශයෙන් වසන; රංචු වශයෙන් ජීවත් වන; පොදි ගැසී වෙසෙන.
ගණ සංකේතය(පාරිභා.) [නා.] ගණිතමය පරිපාටිය හෝ පිළිවෙළ දක්වන ලකුණ.
ගණ සංගණිකාව, ගණ සඞ්ඝණිකාව1. [නා.] (භික්ෂු ශීලයට අහිතකර වූ) සමූහයා කෙරෙහි ඇලී ගැලී වාසය කිරීම; සමූහ වශයෙන් වාසය කිරීම.
ගණඇදුරු[නා.ප්‍ර.] (භික්ෂු තාපස ආදින්ගේ) සමූහයකට ගුරු ව සිටින තැනැත්තා; ගණාචාර්යවරයා.
ගණක චතුරශ්‍රය[නා.] ගණන් කිරීම සඳහා බෝල පබළු ඇමුණූ කම්බි පේළි සහිත රාමුව; ඇබකසය.
ගණකඇමති[නා.ප්‍ර.] රාජ්‍ය භාණ්ඩාගාරයේ අයවැය භාර ව සිටින ඇමති; රාජ්‍ය ගිණුම් භාර ඇමති.
ගණකය[නා.] ගණනය සඳහා භාවිත යන්ත්‍රය; ගණන් බලන යන්ත්‍රය (=calculator).
ගණකයා1. [නා.] ගණන් තබන නිලධාරියා; ගිණුම් භාර නිලධරයා; භාණ්ඩාගාරිකයා. 2. [නා.] ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා. 3. [නා.] ක්‍රීඩා තරගවලදී ක්‍රීඩකයන්ගේ ලකුණු ලේඛනගත කරන්නා.
ගණකවිද්‍යාව, ගණනවිද්‍යාව(පාරිභා.) [නා.] ගණන් තැබීම පිළිබඳ ශාස්ත්‍රය; ගිණුම් ශාස්ත්‍රය (=accountancy).
ගණකාචාර්යයා[නා.] ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා; දෛවඥයා.
ගණකාධිකරණය[නා.] ගණන් හිලව් තැබීමේ ශිල්පය.
ගණකාධිකාරි[නා.ප්‍ර.] මූල්‍ය කටයුතු පිළිබඳ කළමනාකරණය හා පරිපාලනය භාර ව සිටින්නා; ගිණුම් පිළිබඳ භාරකාරත්වය දරන නිලධරයා (=accountant).
ගණජෙටුවා1. [නා.] භික්ෂු හෝ තාපස කණ්ඩායමක නායකයා; ගණ ජ්‍යේෂ්ඨයා. 2. [නා.] ගම්දෙටුවා; ගම්මුදලියා. 3. [නා.] සේවක පිරිසකගේ ප්‍රධානයා.
ගණතන්ත්‍රය[නා.] සමූහයක් වෙත උසස් ම පාලන බලය පැවරී ඇති පාලන ක්‍රමය; සමූහාණ්ඩු ක්‍රමය.
ගණතෙර[නා.ප්‍ර.] භික්ෂු සමූහයකට අධිපති වැඩිහිටි භික්ෂුව; විහාරස්ථානයක අධිපති ස්ථවිර; ගණනායක හිමි.
ගණන යන්ත්‍රය(පාරිභා.) [නා.] ගණන් හිලව් සාදා ගැනීමට යොදා ගනු ලබන යන්ත්‍රය.
ගණනය[නා.] ගණන් බැලීම; ගණන් කිරීම.
ගණනවා, ගණිනවා1. [ක්‍රි.] ගණන් කරනවා; ගණන් බලනවා; ගිණුම් පිරික්සනවා. 2. [ක්‍රි.] ගණන් ගන්නවා; සලකා බලනවා; කල්පනාවට ගන්නවා. 3. [ක්‍රි.] ගන්නවා; ග්‍රහණය කරනවා; ධාරණය කරනවා.
ගණන් අරිනවා1. (කථා.) [ක්‍රි.] උපායෙන් හා චාටුවෙන් මුළා කරනවා; රවටනවා. 2. [ක්‍රි.] බඩු මිල ඉහළ යනවා. (පාරිභෝගික) භාණ්ඩ මිල වැඩි කරනවා.
ගණන් තැබීම[නා.] ගනුදෙනු අයවැය ආදිය ක්‍රමානුකූල ව ලේඛනගත කිරීමේ ශාස්ත්‍රය; පොත් තැබීම.
ගණන් පත්‍රය1. [නා.] ගණන් ලියූ කඩදාසිය; ගණන් සටහන් කරන ලද කඩදාසි කොළය; බිල්පත. 2. [නා.] පාඨ පරීක්ෂණයක දී ගණිත විෂය සඳහා දෙනු ලබන ප්‍රශ්න පත්‍රය.
ගණන් පරීක්ෂකයා[නා.] ගණන් හිලව් (නිවැරදිව ඇත්දැයි) පරීක්ෂා කරන නිලධාරියා; විගණක (=auditor).
ගණන් පරීක්ෂණය[නා.] ආයතනික ගනුදෙනු පිළිබඳ ගණන් හිලව් නිවැරැදිව ඇත්දැයි දැන ගැනීම සඳහා කරනු ලබන සෝදිසිය; විගණනය.
ගණන් පොත1. [නා.] ගණිත ශාස්ත්‍රය උගැන්වීම සඳහා සම්පාදනය කරනු ලැබ ඇති ග්‍රන්ථය. 2. [නා.] ගණන් හිලව් ලියා තබනු ලබන පොත; ලෙජරය.
ගණන්කාරයා1. [නා.] ගණිතයෙහි දක්ෂ තැනැත්තා; ගණිත ශාස්ත්‍රය මැනවින් දන්නා; ගණිතවේදියා. 2. (රූඪි.) [නා.] රැවටිලිකාරයා; චාටුබස් දොඩවන්නා; කපටියා. 3. (කථා.) [නා.] චණ්ඩියා.
ගණන්චක්‍රය[නා.] ගණිත වගුව; ගණිත චක්‍රය.
ගණනාතික්‍රාන්ත[වි.] ගණක අතික්‍රාන්ත; ගණන් කරන්නට බැරි තරම් ප්‍රමාණ ඉක්ම වූ; අපමණ වූ.
ගණනාථ[නා.ප්‍ර.] ගණ දෙවියා
ගණනායක[නා.] භික්ෂු සමූහයක නායකයා; සංඝනායක,
ගණනාව1. [නා.] ලොකු ගණන; විශාල සංඛ්‍යාව. 2. [නා.] ගණන් කිරීම. 3. [නා.] ගණන් සෑදීම.
ගණනීය[වි.] ගණන් කරනු ලැබිය හැකි සංඛ්‍යාවෙන් මෙතෙකැයි දක්වනු ලැබිය හැකි.
ගණපති[නා.ප්‍ර.] ගණදෙවියා; ගණේෂ.
ගණපූරණය[නා.] නීත්‍යනුකූල රැස්වීමක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථාවෙන් අවශ්‍ය යයි නියමිත අවම සාමාජික සංඛ්‍යාව; කෝරම.
ගණබන්ධනය[නා.] එක්රැස්වීම; රාශීභූත වීම.
ගණමතිය[නා.] ගිවිසුම; සමගි සම්මුතිය.
ගණය1. [නා.ප්‍ර.] සමූහය; පිරිස; රැළ; රාශිය; කණ්ඩායම. 2. [නා.ප්‍ර.] වර්ගය; පංතිය; කාණ්ඩය. 3. [නා.ප්‍ර.] කුලය; ගෝත්‍රය; වංශය. 4. [නා.ප්‍ර.] විහාරය; ආවාසය; පන්සල. 5. [නා.ප්‍ර.] ආයතනය. 6. [නා.ප්‍ර.] ගුරුකුලය. 7. (ඡන්ද.) [නා.ප්‍ර.] මාත්‍රා තුනකින් යුත් අක්ෂර සමූහය. 8. [නා.ප්‍ර.] වෙළෙඳ සංගමය; වාණිජ ශ්‍රේණිය. 9. (පාරිභා.) [නා.ප්‍ර.] වර්ග කරන ලද කිට්ටු නෑකම් ඇති ශාක හෝ සත්ත්ව සමූහය.
ගණවැසි කුලය[නා.] ලංකාවේ පැරණි රජ පෙළපතක නාමය; ලමැණි පෙළපත; ලම්බකණ වංශය.
ගණවැසි රැකවල[නා.] රජ මාලිගයේ අභ්‍යන්තර ආරක්ෂක සේවය.
ගණශාස්තෘ[නා.ප්‍ර.] භික්ෂු තාපස ආදින්ගේ ගණයකට අනුශාසනා කරන ප්‍රධානයා.
ගණසජ්ඣායනාව[නා.] සමූහයක් එක් ව (පිරිත් වැනි දෑ) හඬනගා කීම.
ගණසතු[වි.] සමූහයකට අයිති; පිරිසකට පොදු අයිතියක් ඇති.
ගණ්ඨික1. [වි.] තේරුම් ගැනීමට අපහසු; ගැටලු සහිත; ගැටමුසු; විසඳීමට අමාරු; සැඟවුණු අර්ථ සහිත. 2. [වි.] ගැට ගසන ලද; ගැට සහිත.
ගණ්ඨිකයා[නා.] අනුන් රැවටීම පිණිස උපාය යොදන්නා; කපටියා.
ගණ්ඨිදාහය[නා.] සිරුරේ ග්‍රන්ථිවල ඇති වන දැවිල්ල; ග්‍රන්ථි ප්‍රදාහය.
ගණ්ඨිපද1. [නා.ප්‍ර.] තේරුම් ගැනීමට අපහසු වචන; ගැටමුසු වචන; ගැටමුසු වචන; දුරවබෝධ පද. 2. [නා.ප්‍ර.] අමාරු වචනවල තේරුම් පැහැදිලි කරලන ග්‍රන්ථය; ගැටපදය.
ගණ්ඨිය1. [නා.] නූල්, රැහැන් වැනි දෙයක් එකට පැටලීමෙන් වූ ගැටය. 2. [නා.] ගස්වැල් ආදියේ කොටස් පොදි ගැසුණු තැන; උණ පුරුක් දෙකක් අතර සන්ධිය. 3. [නා.] ශරීර ග්‍රන්ථිය. 4. [නා.] විසඳීමට අමාරු ප්‍රශ්නය; ගැටමුසු තැන; දුරවබෝධ ස්ථානය.
ගණ්ඩ අස්ථිය, ගණ්ඩාස්ථිය[නා.] කම්මුල් ඇටය; කපෝලාස්ථිය.
ගණ්ඩකය1. [නා.] බාධාව; වෙන්වීම. 2. [නා.] නැකැත් ශාස්ත්‍රය. 3. [නා.] සතරින් සතර ගණන් කිරීමේ ක්‍රමය.
ගණ්ඩකයා[නා.] කඟවේණා.
ගණ්ඩමාලය[නා.] ශරීරයෙහි (ගෙළවට) වසාග්‍රන්ථි මහත් වීම ලක්ෂණ කොට ඇති රෝගයක්; ගෙළ වටා මාලයක් මෙන් ගෙඩි නැගෙන රෝගය.
ගණ්ඩය1. [නා.] මුහුණේ පැත්ත; කම්මුල; කපෝලය. 2. [නා.] ශරීරයේ සෑදෙන ගඩුව; බිබිලි ගැටය. 3. [නා.] ලපය; ලකුණ; කැලල.
ගණ්ඩස්ථලය[නා.] කම්මුල; කොපුල් තලය; කපෝලස්ථය.
ගණ්ඩී[නා.ප්‍ර.] ආරාමයන්හි සංඝයා රැස් කිරීම සඳහා හඬවන ගෙඩිය; කුඩා ඝණ්ටාරය.
ගණ්ඩුකය(පාරිභා.) [නා.] ප්‍රධාන ස්නායු පද්ධතියේ ස්නායු රාශිභූත ව සෑදුණු ගැටය; ගැංග්ලියම.
ගණ්ඩුප්පාද1. [නා.ප්‍ර.] මිනිස් සිරුර තුළ ජීවත්වන පණු වර්ගයක්; බඩ පණුවා. 2. [නා.ප්‍ර.] පසෙහි ජීවත්වන පණු විශේෂයක්; ගැඩවිලා; ගැඩවිල් පණුවා.
ගණ්ඩූෂය, ගණ්ඩූසය1. [නා.] කට පුරා ගත් ජලය හෙවත් දියර ප්‍රමාණය; වරකට කටට ගත හැකි බොන දෑ ප්‍රමාණය. 2. [නා.] ඖෂධ ද්‍රවයෙන් කට පුරා ගැනීමෙන් කරන ප්‍රතිකර්ම විධිය.
ගණ්‍ය1. [වි.] ගණන් කළ හැකි; ගණනින් ප්‍රමාණ කළ හැකි. 2. [වි.] ගිණිය යුතු; ගණන් ගැනීමට සුදුසු.
ගණාධිපති[නා.ප්‍ර.] ගණයකට හෙවත් සමූහයකට අධිපති; ගම් කීපයකට අධිපති භාවය උසුලන්නා.
ගණාවාසය[නා.] එක් ව විසීම; සමූහයක් සමග වාසය කිරීම.
ගණි1. [නා.ප්‍ර.] ගණිකාව; වේශ්‍යාව; වෙසඟන. 2. [නා.ප්‍ර.] ගණින්නාන්සේ.
ගණික[වි.] ධාතු ගණයකට අයත් වූ.
ගණිකා වෘත්තිය[නා.] ජීවන වෘත්තිය වශයෙන් වෙසඟනක ලෙස හැසිරීම; වේශ්‍යා වෘත්තිය.
ගණිකාව[නා.] වෙසඟන; බහුපුරුෂ සේවනයෙහි යෙදෙන ස්ත්‍රිය.
ගණිත පෝරුව[නා.] කුඩා ළමයින්ට ගණිතය ඉගැන්වීම සඳහා භාවිත කරනු පිණිස ඇටබෝල අමුණා තනා ගනු ලබන උපකරණය.
ගණිත සත්‍යය(පාරිභා.) [නා.] ගණිත මාර්ගයෙන් සත්‍යයක් බවට එළඹෙන නිගමනය; ගණිතය අනු ව බලන විට ඔප්පු වන දෙය.
ගණිතචක්‍රය[නා.] ගණිත ක්‍රියා සඳහා යොදා ගනු ලබන වගුව; ගණන් චක්‍රය.
ගණිතඥයා[නා.] ගණිතය පිළිබඳ මනා දැනුම් ඇත්තා; ගණිත ශාස්ත්‍රයෙහි ප්‍රවීණයා.
ගණිතන්‍යාය ශාස්ත්‍රය(පාරිභා.) [නා.] ගණිතමය සංකේත භාවිත කරන විධිමත් තර්ක ක්‍රමයක්; ගණිත තර්ක ශාස්ත්‍රය.
ගණිතය1. [නා.] ගණන් සෑදීම පිළිබඳ ශාස්ත්‍රය; ගණිත ශාස්ත්‍රය. 2. [නා.] නක්ෂත්‍රය.
ගණිතයා1. [නා.] නක්ෂත්‍රය පිළිබඳ දැනුම් ඇත්තා; නැකැත්තා. 2. (කථා.) [නා.] (බලි තොවිල් ආදි) ශාන්ති කර්ම කරන්නා; බෙර වයන්නා.
ගණිනවා[ක්‍රි.] සංඛ්‍යා වශයෙන් කොපමණදැයි නිශ්චය කරනවා; ගණන් කරනවා; ගණන් බලනවා.
ගණින්නාන්සේ[නා.] භික්ෂු ප්‍රතිපත්තියෙන් පිරිහී ගියා වූ අනුපසම්පන්න ශ්‍රමණ පිරිස හැඳින් වූ නාමය.
ගණිඳු[නා.ප්‍ර.] ගණදෙවි; ගණේශ.
ගණිඳු කෝවිල[නා.] ගණ දෙවියන් උදෙසා කළ දෙවොල; ගණදෙවි කෝවිල.
ගණී1. [නා.ප්‍ර.] ගණයක හෙවත් සමූහයක නායකයා; ගණදෙටුවා. 2. [නා.ප්‍ර.] ගණිකාව; වෛශ්‍යාව; වෙසඟන.
ගණේකුඹුර[නා.] විහාරස්ථානයකට හෝ සංඝයාට පූජා කළ කුඹුර.
ගණේයතාව(පාරිභා.) [නා.] ගණන් කළ හැකි බව; ගණන් බැලිය හැකි බව.
ගණේශ[ගණ+ඊශ] [නා.ප්‍ර.] ඊශ්වර දෙවියන්ගේ පුතුන් දෙදෙනාගෙන් කනිෂ්ඨයා වූ ගණදෙවි; ගණපති.
ගත1. [නා.] ඇඟ; සිරුර; ශරීරය. 2. [නා.] ශරීරාවයවය; ගාත්‍රය; ප්‍රත්‍යංගය. 3. [නා.] ව්‍යඤ්ජනාක්ෂරය; ගාත්‍රාක්ෂරය; ගතකුර. 4. [නා.] ග්‍රන්ථය; පොත. 5. [නා.] ශාස්ත්‍රය; විද්‍යාව; ශිල්පය. 6. [නා.] ගාථාව; පද්‍යය. 7. [නා.] එළකිරෙන් ගන්නා තෙල; එළඟිතෙල්; සෘත. 1. [වි.] ගියා වූ; පැමිණියා වූ. 2. [වි.] මළ; මැරුණු. 3. [වි.] ගෙවී ගිය; ඉකුත් වුණු.
ගතකුරු[නා.ප්‍ර.] (ව්‍යාක.) තනිව ශබ්ද කළ නොහැකි අකුර; ගාත්‍රාක්ෂරය; ව්‍යාඤ්ජනාක්ෂරය.
ගතදෙනවා[ක්‍රි.] ඇඟේ ගානවා; ශරීරයේ ආලේප කරනවා හෝ ගල්වනවා.
ගතදෙස් සඳ[නා.ප්‍ර.] සිංහල ව්‍යාකරණයෙහි දැක්වෙන සන්ධි විධියක්; එක් ගාත්‍රාක්ෂරයක් වෙනුවට වෙනත් ගාත්‍රාක්ෂරයක් ආදේශ කිරීමේ සන්ධි විධිය; ගාත්‍රාදේශ සන්ධිය.
ගතභර්තෘකා[නා.ප්‍ර.] සැමියා මළ කත; වැන්දඹුව; විධවාව.
ගතමනා[වි.] ගැනීමට සුදුසු; ලබා ගැනීමට යෝග්‍ය.
ගතමනාව[නා.] කරන ලද වැඩක් ලබාගත යුතු මුදල; කුලිය; ගාස්තුව.
ගතවයස්[නා.ප්‍ර.] වයසට ගිය පුද්ගලයා; වයස්ගත තැනැත්තා; මහල්ලා; වයෝවෘද්ධ පුද්ගලයා.
ගත්කරු[නා.ප්‍ර.] ග්‍රන්ථ සම්පාදනය කරන්නා; ග්‍රන්ථ කර්තෘ.
ගත්තර[නා.ප්‍ර.] කුල විශේෂයක්; යුද්ධවලින් දාස භාවයට පත් වූවන් ද දඬුවම් වශයෙන් රජු විසින් කුලයෙන් පහත හෙලූවන් ද මේ කුලයට අයත්ය.
ගත්තවර[නා.ප්‍ර.] ශරීරයෙහි ගල්වන සුවඳ ද්‍රව්‍ය; අංගරාග විලවුන්.
ගත්තිල[නා.ප්‍ර.] (නිල්පාට ශරීරයක් ඇත්තා යනු වාව්‍යාර්ථයි) විෂ්ණු දෙවි.
ගත්මිල[නා.ප්‍ර.] භාණ්ඩයකට ගෙවූ මුදල් ප්‍රමාණය; ගැනුම් මිල.
ගත්‍යාත්මක[ගති+ආත්මක] (පාරිභා.) [වි.] චලනය ලක්ෂණ කොට ඇති; චලිතය ස්වභාව කොට ගත්.
ගතාගති[ගත+ආගති] [නා.ප්‍ර.] යෑමඊම; ඉරියව් පැවැත්වීම; හැසිරීම් පිළිවෙළ.
ගතානුගතික[වි.] පැරණි පිළිවෙළ අනුගමනය කරන; ගියවුන් අනු ව යන; අනුකරණය කරන.
ගතැටි[වි.] ගැනීමට කැමැත්ත ඇති; ගනු කැමති.
ගති නිමිත්ත[නා.] මරණාසන්න අවස්ථාවෙහි චුති චිත්තයට අරමුණු වන අනතුරු භවය හා සම්බන්ධ මරණාසන්න අයකුගේ සිත්හි පහළ වන ඊළඟ භවය පිළිබඳ අරමුණ.
ගති නියමය1. [නා.] මරණින් මතු උපදින ආත්ම භාවය පිළිබඳ නියතතාව. 2. (පාරිභා.) [නා.] චලනය හෙවත් චලිතය පිළිබඳ න්‍යාය.
ගති මාපකය[නා.] යාන්ත්‍රික හෝ සත්ත්ව බල ශක්තිය මැන ගන්නා උපකරණය; ඩයිනමෝ මීටරය.
ගති රෝධකය[නා.] වාහනයක ගමන් වේගය අඩු කිරීමේ සහ එකවර සම්පූර්ණයෙන් නැවැත්වීමේ උපකරණය; තිරිංගය.
ගති විපත්ති[නා.] අයහපත් උත්පත්තිය; නරක ආත්ම භාවයක ඉපදීමෙන් ලැබෙන දුර්විපාකය.
ගති සම්පත්තිය[නා.] සුගතියක ඉපදීම; දිව්‍ය මනුෂ්‍ය යන සුගති භවයන් ලැබීමේ භාග්‍යය.
ගතික1. [වි.] ස්ථාවර නුවූ; චලනය වන සුලු. 2. (පාරිභා.) [වි.] ශක්තිය උපදවන.
ගතික ශක්තිය(පාරිභා.) [නා.] ගතික බවක් ඉපදවීමේ හැකියාව.
ගතිකය[නා.] (ගණිත.) ගති විද්‍යාව.
ගතිකයා[නා.] ගති ඇත්තා; එක් පැත්තකට නැඹුරු වූ අදහස් ඇත්තා; පක්ෂග්‍රාහියා.
ගතිකරය(පාරිභා.) [නා.] දුර්වල හෘදය ස්පන්දනයක් ඇති අයට සවි කරනු ලබන ඉලෙක්ට්‍රෝනික ස්පන්දන කාරකය (=pacemaker).
ගතික්ෂම[වි.] පහසුවෙන් එහා මෙහා යා හැකි; සචල.
ගතිගුණ1. [නා.ප්‍ර.] හැසිරීම; හැසිරීමේ ලක්ෂණ; පැවතුම. 2. [නා.ප්‍ර.] (යම්කිසි වස්තුවකට) අවේණික ස්වභාවය; නිරායාසයෙන් ඇති වන ලක්ෂණය.
ගතිචාරය(පාරිභා.) [නා.] ගති පැවතුම් දැක්වීම; හැසිරීම ප්‍රායෝගික ව විදහාපෑම.
ගතිජ(පාරිභා.) [වි.] චලන නිසා හටගත්; චලිතයට අයත්; චාලක.
ගතිජ ශක්තිය(පාරිභා.) ගමන් වේගය නිසා චාලක වස්තුවක හටගන්නා ශක්තිය; ගතික ශක්තිය.
ගතිමත්[වි.] බුද්ධිමත් ගමන් මඟක් ඇති; ප්‍රඥාවන්ත පැවතුමින් යුතු.
ගතිමතා[නා.] බුද්ධිමත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන තැනැත්තා; ප්‍රඥා මාර්ගයෙහි ගමන් කරන්නා.
ගතිය1. [නා.] යෑම; ගමනාගමනය; චලනය. 2. [නා.] ග්‍රහ මාර්ගය; ග්‍රහ පථය. 3. [නා.] ඉපදීම; උත්පත්තිය; මරණින් පසු උපත. 4. [නා.] ආකාරය; පැවතුම; ස්වභාවය. 5. [නා.] ධාරණ ශක්තිය; නුවණ; ප්‍රඥාව. 6. [නා.] (වණයක ඇති ලේ සැරව ආදි) අපවිත්‍ර ද්‍රවය. 7. (පාරිභා.) [නා.] ස්වාභාවික ලක්ෂණය; විශේෂ ස්වභාවය; ආවේණික ගුණය.
ගතිවිද්‍යාව[නා.] බලය පිළිබඳ ක්‍රියා හදාරන විද්‍යාව; ඕනෑම විෂය ක්ෂේත්‍රයක ක්‍රියාත්මක වන භෞතික හෝ චර්යා බලවේග හදාරන ශාස්ත්‍රය.
ගතිශාස්ත්‍රය[නා.] කෙනකුගේ ගමන් ලීලාව අනුසාරයෙන් පලාපල දක්වන ශාස්ත්‍රය.
ගතු කියනවා[ක්‍රි.] පුද්ගලයකු නොකළ වැරදි කළ සේ තවකෙනකුට පවසනවා; කේලාම් කියනවා.
ගතුව1. [නා.] යමෙකු නොකළ වැරැදි කළ සේ තව කෙනකුට හඟවන ප්‍රකාශය; කේලම. 2. [නා.] ආරංචිය; පුවත. 3. [නා.] ගත්තු දෙය.
ගද1. [නා.ප්‍ර.] රෝගය; ව්‍යාධිය; පීඩාව; උපද්‍රවය. 2. [නා.ප්‍ර.] වස විෂ. 3. [නා.ප්‍ර.] ගද්‍ය කාව්‍යය; ගද්‍යය. 4. [නා.ප්‍ර.] කථාව
ගදබා[නා.] කොටළුවා; ගද්‍රභයා; ගදුබුවා.
ගදඹා, ගඳඹා1. [නා.] ගාන්ධර්වයා; සංගීතඥයා; සංගීත ශිල්පියා. 2. [නා.] ගන්ධබ්බයා.
ගදල්[නා.ප්‍ර.] රොඩු කුණු; අපද්‍රව්‍ය.
ගද්ගදභාෂියා[නා.] ගොත ගසමින් කතා කරන තැනැත්තා; ගොතයා.
ගද්ගදය[නා.] (කතා කරන විට සහ ඉකිබිඳ හඬන විට ඇති වන) ගොතය.
ගද්‍ය කාව්‍යය[නා.] කාව්‍යෝක්ති සහිත ව වාසගමින් ලියූ සාහිත්‍ය කෘතිය.
ගද්‍යය[නා.] ඡන්දස් රහිතව වැකියෙන් ලියූ රචනා විශේෂය.
ගද්‍යාණ[නා.ප්‍ර.] බර ප්‍රමාණයක්; මාෂ හයක බර.
ගද්‍රභයා[නා.] කොටළුවා; ගදුබුවා.
ගදා1. [නා.ප්‍ර.] පොල්ල; මුගුර; ගදායුධය. 2. [නා.ප්‍ර.] ගණ දෙවියන්ට ව්‍යවහාර වන නාමයක්.
ගදාධර[නා.ප්‍ර.] ගදාවක් දරන්නා; විෂ්ණු දෙවි.
ගදායුධය[නා.] මුගුරක් වැනි ආයුධ විශේෂයක්.
ගදිත[වි.] කියන ලද; ප්‍රකාශ කරන ලද; වදාළ.
ගන1. [වි.] ගනකම සහිත; තුනී නොවූ; ඝනත්වය සහිත. 2. [වි.] ගැවසී ගත්; ගහන වූ. 3. [වි.] දියාරු නොවූ; උකු. 4. [වි.] තද; දැඩි. 1. [නා.ප්‍ර.] වලාකුළ; මේඝය. 2. [නා.ප්‍ර.] තූර්ය භාණ්ඩයක අත්තාලම; කස්තාලම.
ගනකඩබොල්[වි.] අතිශයින් ඝන වූ.
ගනකනා[නා.ප්‍ර.] පිරිසුදු රත්රන්; තනි රත්තරන්.
ගනකල්[නා.ප්‍ර.] වැහි කාලය; මේඝ කාලය; වර්ෂා සෘතුව; වස්සානය.
ගනකළඹ[නා.] විශාල වැහි වලාකුළ; ඝන මේඝකූටය.
ගනකුළ[නා.] වැහි වලාකුළ; මේඝකූටය.
ගනග[නා.] විදුලිය; විදුලි එළිය.
ගනගබ, ගනගැබ[නා.] වර්ෂාව උපදින ස්ථානය; වැහි වලාකුළ.
ගනගැජුම්[නා.ප්‍ර.] මේඝ ගර්ජනය.
ගනගුම්[නා.ප්‍ර.] අහස ගෙරවීම; මේඝ ගර්ජනය.
ගනතම[නා.] ඉතා දැඩි අඳුර; අධික වූ අන්ධකාරය; ඝනාන්ධකාරය; ගන අඳුර.
ගනඳර[නා.] තද අඳුර; ඝනාන්ධකාරය.
ගනඳුර[නා.] ගන අඳුර; දැඩි අන්ධකාරය; ඝනාන්ධකාරය.
ගනපොද[නා.] වැසිපොද.
ගනබ, ගනඹ1. [නා.] ඝන වැසි වලාකුළ. 2. [නා.] වැහිවතුර; වැසි ජලය.
ගනබහල[වි.] අතිශයින් ඝන වූ; බොහෝ සෙයින් ඝන ස්වභාව ඇති.
ගනබොල්[වි.] අතිශයින් ඝන වූ.
ගනරන්[නා.ප්‍ර.] තනි රත්රන්; අමිශ්‍ර රන්.
ගනරැස[නා.] වලාකුළු සමූහය; මේඝකූට පන්තිය.
ගනලේ[නා.ප්‍ර.] රේඛාවක් වශයෙන් දිගට වැටී තිබෙන වැසි වලාව; වැසි වලාරොද.
ගනසම, ගනසමා[නා.] වැහි කාලය; වර්ෂා සෘතුව; මේඝ සමය.
ගනසර[නා.ප්‍ර.] කපුරු.
ගනසා[වි.] ළං ළං ව වැඩුණු අතුපතර ඇති; කොළවලින් වැසී ගිය ශාඛාවලින් යුත්.
ගනසැරයට, ගනසැරේට[ක්‍රි.වි.] ඉතා අධික ලෙස; බහුල ලෙස.
ගනසේ[නා.ප්‍ර.] ඝන වූ ඡායාව; අතුරු සිදුරු නැති සේ වැටුණු සෙවණැල්ල.
ගනහඬ[නා.] අහස ගෙරවීම; මේඝ ගර්ජනාව.
ගන්තරදම්වැල(පාරිභා.) [නා.] මිනුම්දෝරුවන් විසින් භාවිත කරනු ලබන අඩි හැටහයක් දිගැති මිනුම.
ගන්තව්‍ය[වි.] යෑමට සුදුසු; යායුතු.
ගන්තහංචිය[නා.] ගමට ඇතුළුවීම වැළැක්වීම සඳහා කරන තහනම් නියෝගය.
ගන්ධ1. [නා.ප්‍ර.] නාසයට දැනෙන ගුණය; දුගඳ හෝ සුගඳ. 2. [නා.ප්‍ර.] ඇත්කුල දහයෙන් එකක්.
ගන්ධ ග්‍රන්ථිය[නා.] එළු මුව ආදි ඇතැම් අධෝමාර්ගය සිවුපාවුන්ගේ හා ගර්භාශය ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි මේද සහිත ග්‍රන්ථියක්.
ගන්ධ විඥානය[නා.] ගන්ධාරම්මණය පිළිබඳ චිත්ත ස්වභාවය; ගඳ සුවඳ දැනගන්නා සිත.
ගන්ධ හස්තියා[නා.] ගන්ධ නම් ඇත් කුලයට අයත් ඇතා; ඇත්කුල හයෙන් සවැනි කුලයට අයත් හස්තියා.
ගන්ධක[නා.] කහ පැහැති අලෝහ මූලද්‍රව්‍යයක්; ගෙන්දගම්.
ගන්ධකාම්ලය[නා.] රසායනික පොහොර සායම්වර්ග ආදිය සෑදීමට ගන්නා අම්ලයක්; සල්ෆියුරික් අම්ලය.
ගන්ධකුටි කරණ්ඩය[නා.] සර්වඥ ධාතු (විශේෂයෙන් දන්තධාතුන් වහන්සේ) වඩා හිඳුවීම පිණිස යොදනු ලබන කරඬුව; ධාතු කරඬුව.
ගන්ධකුටිය1. [නා.] බුදුන්වහන්සේ වැඩ විසූ කුටියට ව්‍යවහාර වූ විශේෂ නාමය. 2. [නා.] දළදා සමිඳුන් වඩා හිඳුවනු ලැබ ඇති විශේෂ කුටිය.
ගන්ධගජේන්ද්‍ර[නා.ප්‍ර.] මද කිපුණු ඇත්රජා; මත් හස්තියා.
ගන්ධද්විප[නා.ප්‍ර.] ගන්ධ කුලයේ හස්තියා.
ගන්ධදාමය[නා.] සුවඳ ගුළි වැල; සුවඳ කල්ක වැල.
ගන්ධනාශකය[නා.] දුගඳ නැති කරනසුලු ද්‍රව්‍යය (=deodorant).
ගන්ධපාකය[නා.] බෙහෙත් තෙල් සිඳීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රමයක්; තෙල සුවඳවත් වන සේ ඖෂධීය සුගන්ධ ද්‍රව්‍ය යොදා පදමට පැසවා ගැනීම.
ගන්ධපිශාචිකාව[නා.] සුවඳ දුම (විශේෂයෙන්) ජටාමාංස දැවීමෙන් නඟින සුගන්ධ ධූපය.
ගන්ධබ්බ1. [නා.ප්‍ර.] ගන්ධර්වයා. 2. [නා.ප්‍ර.] කර්ම ශක්තියෙන් මෙහෙයවනු ලැබ මවුකුස පිළිසිඳ ගැනීමට අපේක්ෂාවෙන් සිටින සත්වයා.
ගන්ධබ්බහත්ථ[නා.ප්‍ර.] පුරාණයේ දිය නෑමේ දී පිට අතුල්ලා ගැනීම සඳහා වඳුරු අතක හෝ පක්ෂි පාදයක හෝ හැඩය ඇති ව ලීයෙන් සාදන ලද උපකරණය.
ගන්ධය1. [නා.] නාසයට දැනෙන ගුණය; ආඝ්‍රාණයට විෂය වූව; ගඳ සුවඳ. 2. [නා.] නාසයට දැනෙන සුගන්ධය; අෂ්ටවිධ ගන්ධයන්ගෙන් එකක්.
ගන්ධරස[නා.ප්‍ර.] පෙරා ගත් සුවඳ වර්ගය; සුගන්ධ සාරය.
ගන්ධර්ව පූජාව[නා.] (බුදුරදුන්, දෙවියන් ආදි උතුමන්ට) ගෞරව වශයෙන් පවත්වනු ලබන නෘත්‍ය ගීතවාදනය; නැටුම් ගැයුම් වැයුමින් කරන පූජාව.
ගන්ධර්ව විවාහය[නා.] ආවාහ විවාහ වන දෙදෙනාගේ කැමැත්ත අනු ව සිදු වන සරණබන්ධනය.
ගන්ධර්වයා1. [නා.] සංගීත ශාස්ත්‍රයෙහි නියැළි තැනැත්තා; සංගීතඥයා. 2. [නා.] සංගීතයෙහි නියුක්ත දේවතා විශේෂයක්.
ගන්ධරාග[නා.] සුවඳට තදින් ඇලුම් කිරීම.
ගන්ධලෝහ[නා.ප්‍ර.] පිත්තල.
ගන්ධවධු[නා.] සුවඳවත් ස්ත්‍රිය; සුවඳ හමන සිරුරක් ඇති භාර්යාව.
ගන්ධවහයා[නා.] නාභියෙහි කස්තුරි නම් සුවඳ ද්‍රව්‍ය ඇති මුවා; කස්තුරි මුවා.
ගන්ධවාහය[නා.] ගඳ සුවඳ ගෙන එන්නා; සුළඟ; වාතය.
ගන්ධවිලේපන[නා.ප්‍ර.] ශරීරයෙහි ගල්වනු ලබන සුවඳ ද්‍රව්‍ය; සුවඳ විලවුන්.
ගන්ධස්නායු[නා.ප්‍ර.] ගඳ සුවඳ පිළිබඳ සංඥා නාසයේ සිට මොළය කරා ගෙන යන ස්නායු.
ගන්ධසාර[නා.ප්‍ර.] සුවඳ සහිත වෘක්ෂයක්; සුදු හඳුන්.
ගන්ධානුබද්ධ[වි.] ප්‍රිය මනාප ගන්ධයෙහි බැඳුණු; සුවඳට ලොල් කරන; ගන්ධයෙහි ආසක්ත.
ගන්ධාපණය[නා.] සුවඳ විකුණන වෙළඳ හල.
ගන්ධායතනය[නා.] ගඳ සුවඳ දැනගැනීමට උපකාර වන ඝ්‍රාණේන්ද්‍රිය; නාසය.
ගන්ධාරම්මණය[නා.] ඝ්‍රාණේන්ද්‍රියට ගෝචරවන අරමුණ.
ගන්ධික[වි.] සුවඳින් යුතු; සුවඳවත්.
ගන්ධිකයා[නා.] 1. පූජා ආදියේ දී කපුරු ආදි සුවඳ ද්‍රව්‍යයෙන් දුම් අල්ලන තැනැත්තා. 2. සුවඳ ද්‍රව්‍ය සාදන්නා; ගන්ධකාරයා.
ගන්ධිත[වි.] සුවඳවත් කරන ලද; සුවඳ කවනු ලැබූ.
ගන්ධෝලි[නා.ප්‍ර.] භක්ක; හකු පාඩාව.
ගන්නවා1. [ක්‍රි.] (අතින් හෝ වෙනත් දෙයකින්) යමක් තමන් වෙතට පත් කරනවා; ඇරගන්නවා; අසු කරනවා; ග්‍රහණය කරනවා; අයිති කර ගන්නවා. 2. [ක්‍රි.] යටත් කරනවා; බලෙන් අත්පත් කරනවා. 3. [ක්‍රි.] (මල්පල ආදිය) හටගන්නවා; දරනවා; ඇති වෙනවා. 4. [ක්‍රි.] අදහනවා; විශ්වාස කරනවා; සැලකිල්ලට භාජන කරනවා; පිළිගන්නවා. 5. [ක්‍රි.] සුවඳ ආදිය ගල්වනවා; ගානවා; ආලේප කරනවා; තවරනවා. 6. [ක්‍රි.] කනවා; අනුභව කරනවා; පාවිච්චි කරනවා; බොනවා; ආහාර පාන භුක්ති විඳිනවා.
ගනිච්චිය(කථා.) [නා.] හිතට ගැනීමේ ඕනෑකම; මතකය.
ගනුදෙනුව1. [නා.] මුදල් හදල් හෝ භාණ්ඩ හුවමාරුව; මිලට ගැනීම සහ විකිණීම. 2. [නා.] අතමාරුවට ණයක් දීම සහ ගැනීම.
ගඳ1. [නා.] නාසයට දැනෙන ගුණය; ගඳ සුවඳ. 2. [නා.] සුවඳ ද්‍රව්‍ය හෝ සුවඳ දුම්; සුගන්ධය වහනය වන දෑ; සිරුරෙහි ගල්වන සුවඳවත් ආලේප. 3. [නා.] ගෙන්දගම්; ගන්ධක.
ගඳ සුන්න1. [නා.] කුඩු කර ගන්නා ලද සුවඳ ද්‍රව්‍ය; දුම් දීමට ගනු ලබන (කට්ටකුමංජල් වැනි) සුවඳ වර්ගවල කුඩ. 2. [නා.] සිරුරේ තැවරීම සඳහා පිළියෙල කරනු ලැබ ඇති සුවඳ සුණු; පුයර.
ගඳකලල1. [නා.] සුවඳ ද්‍රව්‍ය අඹරා සකස් කර ගනු ලැබූ කල්කය; සුගන්ධ විලේපනය. 2. [නා.] සුවඳ කරන ලද මැට්ට හෙවත් මඩ.
ගඳකසට[නා.] සුවඳ කරන ලද සායම්; සුවඳ පොවන ලද පඬු.
ගඳකිළි වැණිය[නා.] ගඳකිළියේ පලය මුදුනේ ඇති කොත.
ගඳකිළිය1. [නා.] සුවඳවත් කාමරය; විහාරස්ථානයක බුදුරදුන්ගේ වාසය සඳහා වෙන් කරනු ලැබූ කාමරය; බුදුරදුන් නිවැසි කුටිය; ගන්ධකුටිය. 2. [නා.] මහනුවර දළදා මැදුරෙහි දළදා හිමියන් වඩා හිඳුවනු ලැබ ඇති විශේෂ කුටිය.
ගඳතෙල[නා.] පහන් දැල්වීම සඳහා ගනු ලබන සුවඳ කැවූ තෙල්; සුගන්ධ තෛලය.
ගඳදිය[නා.ප්‍ර.] සුවඳ ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද වතුර; සුවඳ පැන්.
ගඳදුම්[නා.ප්‍ර.] සුවඳ වර්ග දැවීම නිසා නඟින දුම; සුවඳ කුඩු ගින්නට බහා ලීමෙන් ඇති කරනු ලබන ධූමය; සුවඳ දුම.
ගඳපණ[නා.] සුවඳ ද්‍රව්‍ය විකුණන වෙළෙඳ හල.
ගඳමල්[නා.ප්‍ර.] සුවඳ ද්‍රව්‍ය හා මල්මාලා; සුවඳ මල්.
ගඳඹපුර[නා.ප්‍ර.] (ජ්‍යෝති.) අහසේ පෙනෙන උල්කා දර්ශන විශේෂයක්.
ගඳයා1. (කථා.) [නා.] පිළිකුල් කටයුතු ක්‍රියාවල නිරත තැනැත්තා; නීච ක්‍රියා කරන්නා; අධමයා. 2. (කථා.) [නා.] වළහා.
ගඳරොන්[නා.ප්‍ර.] සුවඳ රේණු; සුවඳ සුණු.
ගඳවස[නා.] සුවඳ වහනය වන ද්‍රව්‍ය; සුවඳ සුණු.
ගඳව්, ගඳැව්, ගඳෙව්1. [නා.ප්‍ර.] සංගීතය; සංගීත ශාස්ත්‍රය; ගාන්ධර්ව ශාස්ත්‍රය; ගාන්ධර්වය. 2. [නා.ප්‍ර.] සංගීතඥයා; ගාන්ධර්වයා; ගදඹා. 3. [නා.ප්‍ර.] දෙවියන්ගේ සංගීතඥයා; ගාන්ධර්ව යෝනියෙහි උපන් දෙවියා.
ගඳවිලවුන්[නා.ප්‍ර.] ශරීරයෙහි ආලේප කරන හෝ අතුල්ලන සුවඳ ද්‍රව්‍ය; සුවඳ සුණු සහ සුගන්ධාලේප.
ගඳහැල්[නා.ප්‍ර.] පිසූ විට සුවඳ හමන හැල් වී වර්ගයක්; සුවඳ හැල්; සුවඳැල්.
ගඳැතා1. [නා.] දස ඇත්කුල අතුරින් ගන්ධ නම් කුලයට අයත් ඇතා; ගන්ධ හස්තියා. 2. [නා.] මද වෑහෙන ඇතා.
ගඳැව් දෙව්රජ[නා.] ගාන්ධර්වයන්ට අධිපති දිව්‍යරාජයා; සතරවරම් දෙව්රජුන් අතරෙන් නැගෙනහිර දිශාව පාලනය කරන ධෘතරාෂ්ට්‍ර දෙව්රජ.
ගඳෙව් මඬල[නා.] සංගීතඥයින්ගේ කණ්ඩායම; ගාන්ධර්ව මණ්ඩලය.
ගඳොළ[නා.] බුදුරදුන් වැඩ විසූ ගඳකිළිය; ගන්ධකුටිය.
ගප්[නා.ප්‍ර.] ගබ.
ගප් ගන්නවා, ගබ් ගන්නවා[ක්‍රි.] මවු කුසෙහි දරුවකු පිළිසිඳ ගන්නවා; දරු ගර්භයක් පිහිටනවා.
ගප්සාව[නා.] දරු ගර්භය මුහුකුරා යන්නට පෙර මව් කුසින් බැහැරවීම; ගර්භස්‍රාවය; ගබ්සාව.
ගබ පෙරහර, ගැබ පෙරහර, ගැබ් පෙරහැර[නා.] දරු ගැබක් ඇති වූ පසු, ගර්භයත් මවත් සුරක්ෂිත වීම සඳහා අනුගමනය කරනු ලබන ශාන්තිකර්‍ම ආදි ක්‍රියාපටිපාටිය; ගැබිණි අවස්ථාවේ දී කළ යුතු උපචාර විධි.
ගබ හෙළනවා, ගැබ හෙළනවා[ක්‍රි.] දරු ගැබ මෝරා සම්පූර්ණ වීමට පෙර එය වැටෙන්නට සලස්වනවා; ගබ්සා කරනවා; ගර්භාපාතය කරවනවා.
ගබ, ගැබ1. [නා.] මවුකුස; මාතෘ කුක්ෂිය; ගර්භාසය. 2. [නා.] ඇතුළත; අභ්‍යන්තරය. 3. [නා.] කාමරය; කුටිය; ඕවරකය. 4. [නා.] ස්තුපයක බඳ; චෛත්‍ය ගර්භය. 5. [නා.] චක්‍රය; වගුව. 6. [නා.] නයාගේ පෙණ ගොබය.
ගබගේ1. [නා.] නිවසක ඇතුළු කාමරය. 2. [නා.] ශයනාගාරය; නිදන කාමරය; යහන්ගෙය. 3. [නා.] තිඹිරිගෙය; සූතිඝරය.
ගබඩාකරු1. [නා.ප්‍ර.] බඩු ගබඩාවක් භාරව සිටින්නා; ගුදමක් බලා කියා ගන්නා; ගුදම්කරු. 3. [නා.ප්‍ර.] භාණ්ඩාගාරික.
ගබඩාකාරයා[නා.] ගබඩාකරු.
ගබඩාගෙය1. [නා.] ද්‍රව්‍ය ගබඩා කොට තැබීම සඳහා යොදවනු ලබන ගෙය; ගබඩාව. 2. [නා.] නිවසක ඇතුළු කාමරය; ගර්භගෘහය.
ගබඩාධාරිතාව(පාරිභා.) [නා.] ගබඩාවක රැස්කර තැබිය හැකි ද්‍රව්‍යවල ප්‍රමාණය.
ගබඩාභාරකරු[නා.ප්‍ර.] බඩු ගබඩාවක් භාර ව පාලනය කරන පුද්ගලයා.
ගබඩාමුල්[නා.ප්‍ර.] සමහර ශාකවල ආහාර ගබඩා කිරීම සඳහා තිබෙන අලයක ආකාරය ගත් මුල්; ආකන්දි මුල්.
ගබඩාමූකලාන[නා.] රජුට හෝ රජයට අයත් ලොකු ගස් සහිත මහ වනය; රජයේ කැලෑව.
ගබඩාව1. [නා.] බඩුබාහිරාදිය රැස් කොට තබනු ලබන කාමරය, ශාලාව, ගොඩනැගිල්ල හෝ තැන; කොටුගුළ; කෝෂ්ඨාගාරය; ස්ටෝරුව. 2. [නා.] කාමරය; කුටිය; ඕවරකය.
ගබදල[නා.ප්‍ර.] (තාල වර්ගයේ ගස්වල) මලෙහි බාහ්‍යාවරණය; කොළපුව; මල් කොපුව; ගර්භ පත්‍රය.
ගබපිහිටනවා1. [ක්‍රි.] දරුවකු (මව්කුස) පිළිසිඳිනවා; ගැබ් ගන්නවා. 2. [ක්‍රි.] (ගොයම්) කරල ගස තුළ හටගන්නවා; ගොයම් බණ්ඩි වෙනවා.
ගබමල, ගැබමල[නා.] දරුවකු බිහි වන අවස්ථාවෙහි ගර්භයෙන් පිටවන අපවිත්‍ර ද්‍රව්‍ය; ගර්භමලය.
ගබවස, ගැබවස[නා.] මවුකුස තුළ වාසය කිරීම; මවු ගැබ තුළ සිටීම; ගර්භවාසය.
ගබ්දොර1. [නා.] කාමරයේ දොර; නිවසේ ඇතුළු ගෙයක ඇති දොර. 2. [නා.] ගෙදර ඉදිරිපස දොරකඩ; ගෙට ඇතුළු වන ස්ථානය; දොරකඩ.
ගබ්බර[වි.] ගැබේ බර දරාගෙන සිටින; දරු ගැබක් සහිත; ගර්භිණී ව සිටින; බඩදරු. [නා.ප්‍ර.] දරු ගැබ.
ගබ්භවීසයා[නා.] මවු ගැබේ සිටිනා කාලය ද ඇතුළත් ව විසිවස් පිරුණු පුද්ගලයා; පිළිසිඳ ගත් තැන් සිට විසි වයස සම්පූර්ණ කළ පුද්ගලයා.
ගබ්භසෙය්‍යක[වි.] මව්කුස සිටින හෝ මව්කුස උපදින; මාතෘ ගර්භයෙහි සයනය කරන; කුස ඔත්.
ගබ්භසෙය්‍යකයා[නා.] මවුකුසෙහි සිටින සත්ත්වයා; මවුකුස පිළිසිඳ ගෙන සිටින්නා.
ගබ්සාව[නා.] දරු ගැබ දියවී යෑම හෝ දිය කිරීම; කලල රූපය විනාශ කිරීම හෝ විනාශ වීම.
ගබෙත්තුව[නා.] පෙට්ටියක් හෝ ලාච්චුවක් තුළ තිබෙන (වටිනා ද්‍රව්‍ය බහා ආරක්ෂා කොට තැබීම සඳහා යොදන) කුඩා පෙට්ටිය; ගලෙත්තුව.
ගභීර1. [වි.] ගැඹුරු; ගම්භීර; දැඩි; බලවත්; මුල් බැස ගත්. 2. (පාරිභා.) [වි.] යටින් පිහිටි; යටි ගැසුණු (ධමනි, ශිරා, ස්නායු ආදිය සම්බන්ධව යෙදේ).
ගම1. [නා.] නගරයකට වඩා දියුණුවෙන් සහ ජන සංඛ්‍යාවෙන් අඩු වතුපිටි කුඹුරු ආදියෙන් යුත් කුඩා ජනාවාසය. 2. [නා.] ගම්මුලාදෑනියකුගේ බල ප්‍රදේශය; ගම්මුලාදෑනි වසම. 3. [නා.] උපන් පෙදෙස; ජන්ම ප්‍රදේශය. 4. [නා.] ස්ථිර පදිංචිය ඇති ප්‍රදේශය.
ගමක1. [වි.] ගමන් කරන; ගමනේ යෙදෙන; යන. 2. [වි.] උතුම් ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන; යහමඟ යන.
ගමකතා, ගමකථා[නා.ප්‍ර.] ගැමියන් අතර පවතින මුඛ පරම්පරාගත කතන්දර; ජනකතා.
ගමකය1. [නා.] වැටහීම; අවබෝධය. 2. [නා.] හින්දුස්තානි සංගීතයෙහි ප්‍රධාන අංග පහෙන් එකක්; අලංකාරය. 3. (සංගී.) [නා.] ස්වරයාගේ කම්පනය
ගමකයා[නා.] ගමන් කරන්නා; යන්නා; ගමනෙහි යෙදෙන්නා.
ගමත්[නා.ප්‍ර.] ගමේ කෙළවර; ගම් සීමාව; ග්‍රාමාන්තය.
ගමත්සෙනස්න[නා.] ගමක ඇති සංඝාවාසය; ග්‍රාමාන්ත සේනාසනය.
ගමතීනයා1. [නා.] අඹුදරුවන් නොතකා හැර තමාගේම බඩ වඩමින් තැනින් තැන ඇවිදින්නා. 2. [නා.] පාදඩයා; රස්තියාදුකාරයා.
ගමතුර[නා.ප්‍ර.] ගම් සීමාව ඇතුළත පෙදෙස; ගම තුළ; ග්‍රාමාභ්‍යන්තරය.
ගමථය[නා.] මාර්ගය; පථය.
ගමථයා[නා.] ගමන් කරන්නා; මගියා.
ගමන1. [නා.] ඇවිදීම; සංචාරය; යෑම ඊම; සැරිසැරීම. 2. [නා.] අවස්ථාව; වෙලාව. 3. [නා.] ලීලාව; යන විලාසය. 4. [නා.] විධිය; ආකාරය. 5. (පාරිභා.) [නා.] කිසියම් වස්තුවක් එක් තැනක සිට තවත් තැනකට යෑම හෝ එසේ යෑමේ ශක්තිය. 6. [නා.] විවාහ මංගල්‍යයක දී මනාලිය කැටුව යෑම.
ගමන ශ්‍රමදාහ[නා.] ගමන් කිරීමෙන් ඇති වන වෙහෙස මහන්සිය; ගමන් තෙහෙට්ටුව.
ගමනය(පාරිභා.) [නා.] විදුලිබලය ගලා යෑම.
ගමන් හේවිසිය[නා.] පෙරහැරක් යෑමේ දී ගමන් තාලය අනුව කරන හේවිසි වැයීම.
ගමන්මල්ල[නා.] ගමනක් යෑමේදී ගමනට උවමනා බඩු බාහිරාදිය ගෙන යන උරය; මාර්ගෝපකරණ මල්ල; ගමන් බෑගය.
ගමන්මාළිගය, ගමන්මාලිගාව[නා.] රට තුළ සංචාරයේදී රජුට නවාතැන් ගැනීම සඳහා වූ මන්දිරය; නවාතැන් මාලිගය.
ගමනාකාරය[නා.] පිටත් වී යන බවක් ඇඟවීම; (කිසියම් තැනකින්) නික්ම යන්නට අදහස් කරන බව පෙන්නුම් කිරීම.
ගමනාගමනය[ගමන+ආගමනය] [නා.] ගමනක් යෑම සහ ආපසු ඒම; යෑම ඊම.
ගමනාන්තය[ගමන+අන්ත] [නා.] ගමනක කෙළවර; ගමන්මගෙහි අවසානය; (පොදු ප්‍රවාහන මාර්ගයක නම්) ගමන් බලපත්‍රයේ බසින තැන වශයෙන් දැක්වෙන නැවතුම්පොළ.
ගමනාන්තරාය[නා.] යන ගමනට කරනු ලබන බාධාව; ගමන වැළැක්වීම; ගමනට කරනු ලබන අවහිරය.
ගමනාරම්භය1. [නා.] ගමනක් යෑමට පිටත් වීම; ගමනක් පටන් ගැනීම. 2. [නා.] ගමනක් යෑමට පිටත් වන ස්ථානය; ධාවන තරඟයක් ඇරඹෙන තැන.
ගමනිකාව[නා.] ගෙයක් තුළ එහා මෙහා යෑමට තිබෙන පටු තීරුව; සක්මන් මාර්ගය; පිල්කඩ.
ගමනී[වි.] පයින් ගමන් කරන; යන එන මඟට පිළිපන්. [නා.ප්‍ර.] යෑම් ඊම් කරන්නා; ගමන් යන්නා; මාර්ගිකයා; මගියා.
ගමනීජැටිය(පාරිභා.) [නා.] වරායක නැව්වලින් එන මගීන් ගොඩ බැසීම සඳහා සාදනු ලැබ ඇති වේදිකාව.
ගමරාල1. [නා.] ගමේ වැඩිහිටියා; ගම්පතියා; ගමේ නායකයා. 2. [නා.] ගම්පති නිලය ලද්දා; ගම්මුදලියා.
ගමලද්දා[නා.] ගමේ බලය ලැබූ තැනැත්තා; ගම්පතියා; ගම්මුදලියා; නින්දගම් හිමියා.
ගමවල්පිට[නා.] ගමක් අසල පිහිටි කැලෑ බිම් පෙදෙස.
ගම් බහිනවා(කථා.) [ක්‍රි.] විවාහයෙන් පසු භාර්යාවගේ නිවසේ පදිංචි වෙනවා; බින්න බහිනවා.
ගම්අතුර[නා.] බැහැර පිහිටි ගම; වෙනත් ගම්; අන්‍යතර ග්‍රාමය; ග්‍රාමාන්තර; පිටගම.
ගම්ඉම[නා.] ගමේ මායිම; ග්‍රාම සීමාව.
ගම්උදාව1. [නා.] ගමේ නැඟී සිටීම. 2. [නා.] ගම් නඟා සිටුවීම සඳහා රජය ඇරඹූ සංවර්ධන ව්‍යාපෘතියක්.
ගම්උවසර[නා.] ගමට නුදුරු පෙදෙස; ග්‍රාමෝපචාරය.
ගම්ගොඩ[නා.] වැව් බැම්මක් හෝ කුඹුරු යායක් හෝ අසල ළං ළං ව තැනූ ගෙවල් රාශියකින් යුක්ත ප්‍රදේශය.
ගම්දැල්ල[නා.] ගම් කෙළවර වූ; ගමේ කසළ එක්රැස් කළ තැන; ගමේ කසළ ගොඩ.
ගම්දිවෙල[නා.] යම්කිසි සේවයක් සඳහා රජු විසින් ජීවිකාව සඳහා දෙනු ලබන ඉඩම හෝ ඉඩම් යාය; වැටුප් වශයෙන් ප්‍රදානය කරනු ලබන භූමි භාගය; භෝග ග්‍රාමය.
ගම්දෙටු[වි.] ගමට නායක; ගමේ ප්‍රධානත්වය දරන; ග්‍රාම ජ්‍යෙෂ්ඨයා.
ගම්දොර[නා.] ගමකට ඇතුළු වන තැන හෝ ගමකින් පිට වී යන තැන; ග්‍රාම ද්වාරය.
ගම්ධුරයා[නා.] කර්මාන්ත දාසයා; ගොවිතැනෙහි යෙදුණු දාසයා.
ගම්නයුවා[නා.] ගමේ නායකයා; ග්‍රාමණී.
ගම්නියම්ගම්[නා.ප්‍ර.බහු.] ගම් හා කුඩා නගර.
ගම්නිලය[නා.] පරම්පරාවෙන් එන ගම් ප්‍රධානයකුට රජයෙන් ලැබී තිබුණු ඉඩම; ගම්වසම.
ගම්පංගුව1. [නා.] විහාර දේවාලයක හෝ රජවාසලෙහි හෝ සේවයේ යෙදී සිටින සුළු සේවකයකුට බුත්තිය සඳහා ලැබී තිබෙන ඉඩම් කොටස. 2. [නා.] බුක්ති විඳින ඉඩම සඳහා ඉඩම් හිමියාට කරන සේවය හෝ ගෙවන මුදල. 3. [නා.] බුක්ති විඳින ඉඩම සඳහා ඉඩම් හිමියාට කළ යුතු සේවය හෝ දිය යුතු අස්වනු කොටස.
ගම්පටුන[නා.] වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ ගම; ප්‍රධාන ගම.
ගම්පඬුර1. [නා.] තමන් වගා කරන ඉඩම වෙනුවෙන් ගොවියා විසින් ඉඩම් හිමියාට ගෙවනු ලබන දීමනාව. 2. [නා.] සිංහල අලුත් අවුරුද්ද සඳහා ගම්වැසියන් පන්සලට දෙන අඩු වැඩිය සහ ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය.
ගම්පත්‍රය[නා.] ඉඩකඩම් පිළිබඳ අයිතිය වෙන අයකුට නීත්‍යනුකූලව පවරා දීමේ දී ලියා දෙනු ලබන ලියවිල්ල.
ගම්පතියා1. [නා.] ගමේ නායකයා; ගමේ ප්‍රධානත්වය උසුලන්නා; ගමරාළ. 2. [නා.] ගම්මුලාදෑනියා; ගමේ ආරච්චි.
ගම්පමුණ[නා.] පරම්පරාවෙන් පරම්පරාවට (යමකුට) පවරා දෙනු ලබන ඉඩම; පරවේණි ඉඩම.
ගම්පහරනවා[ක්‍රි.] ගම්වැසියන් සතු වස්තු පැහැර ගන්නවා; ගමේ ගෙවල්වලට වැද වස්තු කොල්ල කනවා.
ගම්පැල්[නා.ප්‍ර.] ගමට නුදුරුව පිහිටා ඇති ආවාසය; ගමේ පන්සල.
ගම්පිඬිය[නා.] ගමේ මුලාදෑනියාට ගෙවිය යුතු පංගුව; ග්‍රාම පිණ්ඩය.
ගම්පියස[නා.] මිනිසුන් පදිංචි ප්‍රදේශය; ගම් පෙදෙස.
ගම්පොළයා[නා.] සියුම් කපටි නුවණ ඇත්තා; කූට බුද්ධි සම්පන්නයා.
ගම්බද[වි.] ගම හා සම්බන්ධ; ගමට අයත්.
ගම්බාරයා, ගම්බාරෙ(කථා.) [නා.] ගමේ මුලාදෑනියා.
ගම්බික[නා.ප්‍ර.] ගමෙහි පිඬු සිඟීමෙන් (භික්ෂුවකට) ලැබෙන ආහාරය; ගමෙන් ලැබෙන පිණ්ඩපාත දානය.
ගම්බෙත්මය[නා.] ඉඩම් බෙදීම; ඉඩම් වෙන් කර ගැනීම.
ගම්භාර දේවතාවා[නා.] ගමක් භාර ව සිටිතැයි සැලකෙන දේවතාවා; ගමට අධිගෘහිත දේවතාවා; සූනියම් දේවතාවා.
ගම්භීර1. [වි.] මතුපිට සිට පතුලට (ප්‍රමාණානුකූලව) වැඩි දුරක් ඇති. 2. [වි.] ඈතට විහිදී ගිය; පුළුල්; ගැඹුරු. 3. [වි.] මහත් සේ පැතිර යන. 4. [වි.] දුරට විමසා බැලීමේ නුවණ ඇති; සියුම් නුවණින් තේරුම් ගත යුතු. [නා.ප්‍ර.] (ගංගා, මුහුදු ආදියේ) පතුලේ සිට මතුපිටට දුර; භාජන ආදියේ ද්‍රව්‍ය අල්ලන හරියේ උස; ඝන ප්‍රමාණය.
ගම්භීරාරණ්‍යය[ගම්භීර+ආරණ්‍යය] [නා.] මහත් වූ කැලෑව; ඇතුළට විහිද ගිය ඝන වනය.
ගම්භීරාර්ථ[ගම්භීර+අර්ථ] [නා.ප්‍ර.] තේරුම් ගැනීමට අපහසු අර්ථය; ගැඹුරු තේරුම.
ගම්මඩුව[නා.] ගමට සෙත් ශාන්තිය පතා ගම්මුන් එකතු ව පවත්වන දේවපූජා විශේෂයක්.
ගම්මණ්ඩිය1. [නා.] ගෙවල් ගණනක් තිබෙන කුඩා ගම් පෙදෙස; ගම්ගොඩ. 2. [නා.] කුඹුරු යාය ආදියෙන් ඔබ්බෙහි වූ ගමේ ගෙවල් තිබෙන ප්‍රදේශය; ගම්මානය.
ගම්මහ, ගම්මහේ1. [නා.] ගමේ කටයුතු භාරව සිටි නිලධාරියා; ගමේ ප්‍රධානයා. 2. (කථා.) [නා.] යකඩ වැඩ කරන්නා; කම්මල් ආචාරියා.
ගම්මානය[නා.] එකයායට ගෙවල් තිබෙන ප්‍රදේශය; ගම්මණ්ඩිය; ගම්මැද්ද.
ගම්මැදි හෑල්ල[නා.] ගමේ ගොඩේ පවතින වැඩකට නැති නිස්සාර කතාව; තේරුමක් නැති කතාව; ප්‍රලාපය.
ගම්මුදල1. [නා.] ගමෙන් ලැබෙන ආදායම. 2. [නා.] ගමේ ගෙවල් පිහිටි භූමි භාගය.
ගම්මුදලියා[නා.] ගමක පාලනය භාර ව සිටි ප්‍රධාන නිලධාරියා; ගම්පතියා; ග්‍රාම භෝජකයා.
ගම්මුලාදෑනියා[නා.] රජය වෙනුවෙන් ගමේ කටයුතු භාර ව සිටින නිලධාරියා; ගම්පති.
ගම්රාජකාරිය[නා.] රජයෙන් ලැබුණු ඉඩම හෝ ඉඩම් වෙනුවෙන් ප්‍රදේශීය රදළවරයාට ඉටු කළයුතු මෙහෙවර; ඉඩම් වෙනුවෙන් කළ යුතු රාජකාරිය.
ගම්ලද1. [වි.] (රජුගෙන්) ගම්වර ලැබූ. 2. [වි.] බලාත්කාරයෙන් අන්සතු ඉඩම් අල්ලාගත්; ඉඩම් කොල්ලකාගත්.
ගම්ලදුවා, ගම්ලද්දා1. [නා.] රජුගෙන් ගම්වර ලත් තැනැත්තා. 2. [නා.] නින්දගම් හිමියා. 3. [නා.] ගමක ආදායම සහ සේවා බුක්ති විඳින තැනැත්තා; ගම්මුදලියා; ග්‍රාමභෝජකයා.
ගම්වදිනවා[නා.] ගමට ප්‍රවේශ වෙනවා; ගමට ඇතුළු වෙනවා.
ගම්වර1. [නා.ප්‍ර.] විහාර දේවාල ආදියෙන් නඩත්තුව සඳහා දෙනු ලබන ගම් හෝ ඉඩම්. 2. [නා.ප්‍ර.] කරන ලද සේවා වෙනුවෙන් රාජරාජමහාමත්‍යාදීන් විසින් තෑගි කරනු ලබන භූමි භාගය; ගම්ලද්දන් ලැබූ භූමි ප්‍රදේශය. 3. [නා.ප්‍ර.] උතුම් ගම; සරුසාර ග්‍රාමය.
ගම්වසම[නා.] ගමරාල සතු ප්‍රදේශය; ගම් ප්‍රධානියා සතුව තිබුණු කුඹුරු ඉඩම් තීරුව.
ගම්වාස[වි.] ගමේ (අරමෙහි) වාසය කරන; ග්‍රාමවාසී; ආරාමවාසී.
ගම්වාසය[නා.] ගමෙහි විසීම; ගම ආශ්‍රිත ආරාමයෙහි වාසය කිරීම; ග්‍රාමවාසය.
ගම්වැටුප්[නා.ප්‍ර.] (පුරාණ රජවරුන් විසින්) ත්‍රිපිටකය හැදෑරීමෙහි නියුතු ග්‍රාමවාසී භික්ෂූන් සඳහා දෙන ලද දීමනා.
ගම්වැසි1. [වි.] ගමෙහි වෙසෙන; ගමෙහි ජීවත්වෙන; ග්‍රාමවාසී. 2. [වි.] ගැමියන් ව්‍යවහාර කරන; ග්‍රාම්‍ය.
ගම්වැසියා, ගම්වැස්සා[නා.] ගමේ වාසය කරන්නා; ගැමියා; ග්‍රාමවාසියා.
ගම්විත්තිය[නා.] ඉඩම් හබය; ඉඩම් ආරාවුල; ඉඩමක් ගැන ඇතිවන කලහය; ගම්හබය.
ගම්සභා උසාවිය[නා.] ගම්බද සුළු නඩු විසඳන විනිශ්චය ශාලාව; ගම්බද උසාවිය.
ගම්සභාපති1. [නා.] ගම්කාර්ය සභාවේ ප්‍රධානත්වය දරන්නා; ගම් සභාවේ සභාපති. 2. [නා.] ගම්සභා උසාවියේ නඩුකාරයා.
ගම්සභාව1. [නා.] ගම්බද පෙදෙස්වල පාලනය සඳහා ගම්වැසියන්ගේ ඡන්දයෙන් පත් වුණු පාලන මණ්ඩලය. 2. [නා.] ගම්බද සුළු නඩු විසඳන විනිශ්චය ශාලාව; ගම්සභා උසාවිය.
ගම්හබය[නා.] ඉඩකඩම් සඳහා ඇති කරගනු ලබන ආරාවුල; ඉඩම් හබය; ඉඩම් නඩුව.
ගම්‍ය1. [වි.] තේරුම් ගත හැකි; අවබෝධ කරනු ලැබිය හැකි. 2. [වි.] හැඟී යන; කෙළින්ම ප්‍රකාශ නොවෙතත් කරුණු අනුව නිගමනය කරනු ලැබිය හැකි.
ගම්‍යමාන[වි.] හැඟෙන; වැටහෙන; අදහස් කරනු ලබන.
ගම්‍යමානාර්ථය[නා.] අදහස් කැරෙන තේරුම; හැඟී යන අර්ථය.
ගම්‍යාකාරය[නා.] හැඟෙන අයුර; වටහාගත යුතු අයුරු; ව්‍යංග්‍යයෙන් ප්‍රකාශ වන ස්වරූපය.
ගම්‍යාර්ථය[නා.] වටහා ගත යුතු අදහස; ව්‍යංග්‍යාර්ථය.
ගමික[වි.] ගමනෙහි යෙදුණු; ගමන් කරන. 1. [නා.ප්‍ර.] ගමනක් යන්නා; ගමන් කරන්නා; මාර්ගිකයා. 2. [නා.ප්‍ර.] තැනින් තැන යන භික්ෂුව. 3. [නා.ප්‍ර.] ගම්වැසියා; ගැමියා.
ගමිකභත්තය[නා.] චාරිකාවේ යෙදී සිටින භික්ෂුවකට පිරිනමනු ලබන දානය; ගමිකබත.
ගමිකභික්ෂුව[නා.] චාරිකාවෙහි යෙදෙන භික්ෂුව.
ගමිකවත[නා.] චාරිකාවෙහි යෙදෙන භික්ෂුව විසින් පිළිපැදිය යුතු විනයානුකූල පිළිවෙත.
ගමිත[වි.] අදහස් කරන ලද; අභිප්‍රේත.
ගමිස[නා.] ගම් ඉස; ගමේ ඉහළ කෙළවර; ගමේ ඉස්මත්ත.
ගය1. [නා.] පාලි භාෂාවෙන් රචිත පද්‍යය; ගාථාව. 2. [නා.] ගායනා කිරීම; ගායනය; ගැයීම.
ගයනවා[ක්‍රි.] තාලානුකූලව මිහිරි නාදයෙන් කියනවා; ගායනා කරනවා.
ගයනුකිත්ත[නා.] ඖ, ඌ ආදි ස්වර හැඳින්වීම සඳහා යොදන ‘ෟ’ යන ලකුණ.
ගයිඩ් පියරය(පාරිභා.) [නා.] වරායට පැමිණෙන නැව්වලට මඟ පෙන්වීම සඳහා වරායේ ගොඩනගා ඇති කණුව හෝ ප්‍රාකාරය.
ගයිනීසියම්(පාරිභා.) [නා.ප්‍ර.] (උද්භි) බීජ ශාකවල ස්ත්‍රී අවයව; ජායාංගය.
ගයිරික1. [නා.ප්‍ර.] උපධාතු විශේෂයක්; සිවන්ගුරු; ස්වර්ණ ගයිරික. 2. [නා.ප්‍ර.] රත්රන්; ස්වර්ණ; කනක.
ගර1. [නා.ප්‍ර.] ගෙය; ගෘහය. 2. [නා.ප්‍ර.] ගිහිගෙය; ඝරාවාසය. 3. [නා.ප්‍ර.] ගැරඬියා. 4. [නා.ප්‍ර.] උග්‍ර විෂ. 5. [නා.ප්‍ර.] නින්දාව; අපහාසය.
ගරද[වි.] විෂ සහිත; විසකුරු.
ගරදිය1. [නා.] කාරම් දිය කළ වතුර; ක්ෂාරෝදකය. 2. [නා.] ලුණු ගතිය ඇති වතුර; කිවුල් දිය.
ගරදූෂය[නා.] (විෂ වර්ගයක් හෝ විෂ සහිත ද්‍රව්‍යයක් හෝ මිශ්‍රවීම නිසා) ආහාරපාන දූෂිත වීම; කෘත්‍රිම විෂ ඇති වීමට හේතුවක් වන කෑමබීම් අපවිත්‍ර වීම්.
ගරනවා1. [ක්‍රි.] (ධාන්‍ය ආදිය දියෙන් සෝදා) ගල් වැලි ආදි අපද්‍රව්‍ය ඉවත් කරනවා. 2. [ක්‍රි.] හලනවා; පෙරනවා. 3. [ක්‍රි.] අයුතු ක්‍රමවලින් මුදල් උපයනවා; අනියම් ක්‍රම මගින් හරිහම්බ කරනවා. 4. [ක්‍රි.] මීවද කඩා මී පැණි එකතු කරනවා; මී කඩනවා.
ගරල1. [නා.ප්‍ර.] (ස්ථාවර හෝ ජංගම) විෂ; සර්ප විෂ; වස. 2. [නා.ප්‍ර.] (පිදුරු ආදිය) එකට එකතු කර බඳින ලද මිටිය; (පිදුරු) කට්ටය.
ගරලාශය[ගරල+ආශය] [නා.ප්‍ර.] විෂසහිත සර්පයකුගේ දළවලට අනුබද්ධ ව තිබෙන විෂ පිරුණු අවයව කොටස; විෂ ග්‍රන්ථිය.
ගරවස්[නා.ප්‍ර.] ගිහි ගෙයි විසීම; ගෘහස්ථ ජීවිතය; ගිහි දිවිය.
ගරවිෂ[නා.ප්‍ර.] විවිධ ද්‍රව්‍යයන්ගේ සංයෝජනයෙන් ඇති වන කෘත්‍රිම විෂ.
ගරහනවා[ක්‍රි.] දෝෂාරෝපණය කරනවා; නින්දා අපහාස කරනවා; පරිභව කරනවා; ගර්හා කරනවා.
ගරහිත[වි.] ගර්හා කරන ලද.
ගර්ජනය, ගර්ජනාව1. [නා.] අහස ගෙරවීම; මේඝ ගර්ජනය. 2. [නා.] (සිංහල, ව්‍යාඝ්‍ර ආදී සතුන්ගේ) හඬ නැගීම.
ගර්තය1. [නා.] වළ, ආවාටය. 2. (පාරිභා.) [නා.] පෙනහළුවල ඇති ඉතා කුඩා වායු සිදුරු.
ගර්තික[වි.] කුඩා කෙවෙනි හෝ කුහර හෝ පිළිබඳ වූ; ගර්භය හා සම්බන්ධ.
ගර්තීය(පාරිභා.) [වි.] මී වදයක මෙන් කුහර සහිත.
ගර්භ[වි.] ඇතුළත්; අන්තර්ගත; ගැප් වූ.
ගර්භ ක්ෂේත්‍රය(පාරිභා.) [නා.] ගර්භාෂයේ ඇතුළු පැත්තේ පිහිටි ඕජස් සහිත සිවිය.
ගර්භ ගල[නා.] (දාගැබක මංගල වස්තු තැන්පත් කිරීම සඳහා සැකසූ) සම සතරැස් ගල් පුවරුව; යන්ත්‍රගල.
ගර්භ ග්‍රහණය[නා.] මව්කුස පිළිසිඳ ගැනීම; ගැබ් ගැනීම.
ගර්භ චලනය[නා.] දරු ගැබෙහි සිටින දරුවාගේ සෙලවීම.
ගර්භ ධාරණය1. [නා.] දරු ගැබක් හට ගැනීම. 2. [නා.] වැසි වලාකුළු සෑදීම.
ගර්භ පරිහාරය[නා.] ගබපෙරහර.
ගර්භ විද්‍යාව[නා.] කලලයෙහි නිර්මාණය හා වර්ධනය පිළිබඳ උගන්වන ශාස්ත්‍රය.
ගර්භකෝශය, ගර්භකෝෂය[නා.] මවුකුසෙහි කලල රූපය; දරු සිටින කොපුව; ගර්භාශය; දලබුව.
ගර්භගෘහය[නා.] විහාරයකට හෝ දේවාලයකට සම්බන්ධ වී ඇති පිළිමගෙය.
ගර්භණීය[වි.] නින්දා කටයුතු; හෙළා දැකිය යුතු; ගැරහුම් ලැබිය යුතු.
ගර්භපාතනය[නා.] දරුගැබ වැටීම; ගැබ හෙළීම; ගබ්සා කිරීම.
ගර්භමලය[නා.] ප්‍රසූතියේ ගර්භාෂයෙන් නිකුත් වන වැදෑමස ප්‍රධාන කොට ඇති අපවිත්‍ර ද්‍රව්‍ය.
ගර්භමෝචනය[නා.] ගැබින් නිදහස් වීම; කුස හෑල්ලු වීම; ප්‍රසූතිය.
ගර්භය1. [නා.] දරු බොක්ක; ගර්භාශය; මවුකුස. 2. [නා.] ඇතුළ; අභ්‍යන්තරය. 3. [නා.] කාමරය; ඕවරකය; නිදන කාමරය. 4. [නා.] දාගැබක ධාතු නිදන් කිරීමට වෙන් කළ කොටස. 5. [නා.] ස්තූපයක මැද අර්ධගෝලාකාරාදී හැඩයකින් ඇති කොටස; ගැබ. 6. [නා.] ගර්භාෂයේ පිළිසිඳ වැඩෙන සත්ත්වයා; කලලරූපය. 7. [නා.] වලාකුළ; මේඝය. 8. [නා.] සෛලයක න්‍යෂ්ටිය. 9. [නා.] වගුව; චක්‍රය.
ගර්භලක්ෂණ1. [නා.ප්‍ර.] වැසිවලා ලකුණු; වැහි ලකුණු 2. [නා.ප්‍ර.] ස්ත්‍රීන් කෙරෙහි දරුගැබක් පිහිටි බවට පහළ වන ලකුණු.
ගර්භශය්‍යා[නා.ප්‍ර.] මවු කුසක පිළිසිඳ ගැනීම, මවුකුසෙහි විසීම.
ගර්භශායී[වි.] ගර්භයෙහි ශයනය කරන; මවුකුස වසන.
ගර්භස්ථ[වි.] ගර්භාශයෙහි පිහිටියා වූ, ගැබෙහි සිටින්නා වූ.
ගර්භස්‍රාවය[නා.] කුස ඔත් කලල රූපය දිය වී යෑම; ගැබ වැගිරීම; ගබ්සාව.
ගර්භාගාරය1. [නා.] ගෙයක ඇතුළු කාමරය; ඇතුළු කුටිය. 2. [නා.] තිඹිරිගෙය; සූතිඝරය.
ගර්භාඞ්කුරය1. [නා.] ගැබක ආරම්භය; කලල රුපයක මුල් ම අවස්ථාව. 2. [නා.] ප්‍රජනන ශක්තියෙන් යුතු බීජයක් බවට පත්වන සපුෂ්ප ශාකයන්ගේ මල්වල පිහිටි ඩිම්බය.
ගර්භාධානය1. [නා.] දරුවකු පිළිසිඳ ගැනීම හෝ පිළිසිඳ ගැන්වීම; ගැබ් ගැනීම හෝ ගැබ් ගැන්වීම. 2. [නා.] දරුවකු පිළිසිඳ ගන්වා ගැනීම සඳහා කරන හින්දු විධියක්.
ගර්භාවක්‍රාන්තිය[නා.] මවුකුසට බැස ගැනීම; මවුකුස පිළිසිඳ ගැනීම.
ගර්භාශය[ගර්භ+ආශය] [නා.] මවුකුසෙහි දරුවා දරා සිටින අවයවය; දරුගැබ.
ගර්භිණිය[නා.] ගැබ්බර තැනැත්තිය; ගැබිණිය.
ගර්භිත1. [වි.] අන්තර්ගත; ඇතුළත් කරන ලද. 2. [වි.] ගර්භ ගත කරන ලද; ගැබට ඇතුළු කරන ලද.
ගර්භෝත්පත්තිය[නා.] දරුගැබක් හටගැනීම; දරුවකු කුස පිළිසිඳ ගැනීම; ගැබ් ගැනීම.
ගර්වය[නා.] ආඩම්බරය; උඩඟුකම.
ගර්විත[වි.] සාඩම්බර; උඩඟු; අහංකාර; මාන්නක්කාර.
ගර්විෂ්ඨ[වි.] අධික ආඩම්බරයකින් යුතු; මහත්සේ අභිමානවත්; අතිශයින් ගර්විත වූ.
ගර්වෝද්ධත[වි.] ආඩම්බරයෙන් ඉහ වැහී ගිය; ගර්වයෙන් පිම්බුණු.
ගර්හණය[නා.] නින්දා කිරීම; අපහාස කිරීම; ගැරහීම.
ගර්හාව[නා.] නින්දාව; ගැරහීම.
ගර්හිත1. [වි.] අවමානයට භාජන වූ; ගර්හාවට පාත්‍රවූ; නින්දිත. 2. [වි.] තත්වයෙන් පහත්; ප්‍රයෝජනයට ගත නොහැකි; භාවිතයෙන් ඉවත් කළ.
ගර්හිතවිද්‍යා[නා.ප්‍ර.] භික්ෂූන් විසින් නූගත යුතු; නොඉගැන්විය යුතු ලෙසින් දැක්වෙන (කාව්‍ය නාටකාදි) ශාස්ත්‍ර
ගර්හිතාචාර[නා.ප්‍ර.] නින්දා කටයුතු හැසිරීම; විෂමාචාර.
ගරා ගන්නවා[ක්‍රි.] (රූඪි.) (මුදල් හා ලාභ ප්‍රයෝජන ආදිය) උපායෙන් ලබා ගන්නවා; අනියම් ක්‍රමවලින් ලාභ උපයාගන්නවා; කඩා වඩා ගන්නවා.
ගරා වැටෙනවා[ක්‍රි.] (ගොඩනැගිලි ආදි ඉදිකිරීම්) ජරාපත් වී කඩා හැලෙනවා; දිරාපත් වෙනවා; ජරාජීර්ණ වෙනවා.
ගරාජය1. [නා.] මෝටර් වාහන ගාල් කොට තබනු ලබන ස්ථානය. 2. [නා.] මෝටර් වාහන අලුත්වැඩියා කරන වැඩපොළ.
ගරාදි වැට[නා.] ගරාදිවලින් නිමවූ වැට.
ගරාදිය1. [නා.] ගොඩනැගිලි ආදියේ වැටවල සිරස්ව සිටින සේ සවි කරන පටිය හෝ කණුව. 2. [නා.] රෝදයක නාභියේ සිට නේමියට සවි කරන ලද පොලුවලින් ඕනෑම එකක්; අරය.
ගරායකුම[නා.] භෝග හානි, වසංගත ආදි විපත් ද ඇස් වහ කටවහ ආදි දෝෂ ද දුරු කර ගැනීම පිණිස ගරායක් වෙස් ගත් නැට්ටුවන් විසින් පවත්වනු ලබන දේශීය නැටුම් විශේෂයක්.
ගරාවක් කරනවා(කථා.) [ක්‍රි.] වී සුළඟට ඇල්ලීමෙන් සුද්ද කරනවා; වී සුළං කරනවා.
ගරිල්ලා1. [නා.ප්‍ර.] කණ්ඩායම් වශයෙන් සංවිධානය වී සැඟවී සිටිමින් වරින්වර පහර දෙමින් කරනු ලබන අනියම් යුද්ධය. 2. [නා.ප්‍ර.] එබඳු සටන්වල යෙදෙන භටයා.
ගරු1. [වි.] සැහැල්ලු නැති; බර. 2. [වි.] දිරවීමට අමාරු. 3. [වි.] මහත්; අධික. 4. [වි.] දුස්සාධ්‍ය. 5. [වි.] පහසුවෙන් අවබෝධ කළ නොහැකි; විසඳීමට අමාරු. 6. [වි.] බරපතළ; බරෑරුම්. 7. [වි.] උඩඟු; ආඩම්බර. 8. [වි.] ගෞරව සහිත; උතුම්; ශ්‍රේෂ්ඨ. 9. [වි.] බුරුලක් නැති; තද; අනම්‍ය. 10. [වි.] මිලයෙන් වැඩි; අගනා; වටිනා. 11. (නව.) [වි.] කරන සේවයට වැටුපක් නොගන්නා; පඩියක් නොලබන. 1. [නා.ප්‍ර.] බර දේ; බර ඇති වස්තු. 2. [නා.ප්‍ර.] ගෞරවය; බුහුමන; හරසර; උතුම්බව. 3. [නා.ප්‍ර.] ආඩම්බර; අභිමාන; ගර්ව. 4. [නා.ප්‍ර.] ගුරුවරයා; ආචාර්යවරයා; ඇදුරා; ඇජරා. 5. [නා.ප්‍ර.] මවුපිය; දෙගුරුහු.
ගරු ඇවත[නා.] (විනය) භික්ෂුවකට සිදු වන ඇවැත් අතුරෙන් කවර හෝ බරපතළ ආපත්තියක්; සංඝාදිසේස දහතුනින් හෝ පාරාජිකා හතරෙන් එකක්.
ගරු කර්මය1. (අභි.) [නා.] වෙන කිසිම කර්මයකින් විපාක දීම වැළැක්වීමට නොහැකි කුශල හෝ අකුශල කර්මය; ඊළඟ භවයෙහි විපාක නොදී නොනවතින කර්මය; ගරුක කර්මය. 2. [නා.] උසස් ක්‍රියාව; උතුම් ක්‍රියාව; ශ්‍රේෂ්ඨ කාර්යය; වැදගත් කටයුත්ත.
ගරුක1. [වි.] සැහැල්ලු නැති; බර. 2. [වි.] අමාරු; දුෂ්කර. 3. [වි.] බරපතළ; බරෑරුම්; භාරදූර. 4. [වි.] අභිලාෂවත්; ගිජු. 5. [වි.] සැලකිල්ල දක්වන; උසස් කොට තකන; ගරු කරන.
ගරුකය1. [නා.] ගරුකර්මය. 2. [නා.] සැලකිල්ල; ගරුත්වය; ගෞරවය. 3. [නා.] ගුර; ගුරු අකුර; දීර්ඝාක්ෂර.
ගරුකයා[නා.] ගෞරව දක්වන්නා; (යමක් කෙරෙහි) සැලැකිල්ල දක්වන තැනැත්තා; උනන්දුව දක්වන්නා.
ගරුකාපත්තිය[නා.] (විනය.) ඉතා බරපතළ ඇවත; සංඝාදිසේස හෝ පාරාජික ආපත්තිය.
ගරුකාර මදය[නා.] තමා වෙනත් අයට වඩා උසස් යන හැඟීම නිසා පුද්ගලයකුට ඇති වන මානය; අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට සලකන අධිමානය.
ගරුකාරය[නා.] ගෞරව කිරීම; බුහුමන් කිරීම.
ගරුකැට[නා.ප්‍ර.] වටිනාකම ඇති කැට හෙවත් මැණික් ගල්; මාණික්‍ය; රුවන්.
ගරුගත[වි.] ගෞරවයෙන් යුක්ත; බුහුමන් පෙරදැරි.
ගරුගර්භිණිය[නා.] මුහුකුරා ගිය දරු ගැබ සහිත ස්ත්‍රිය; ප්‍රසවයට ආසන්න අවස්ථාවෙහි සිටින ගැබිණිය.
ගරුගාම්භීර[වි.] ගෞරවාන්විත සහ ශ්‍රේෂ්ඨ භාවයෙන් යුක්ත; නුවණින් ගැඹුරු වූ.
ගරුගාරව[නා.ප්‍ර.] ගරු සැලකිලි දැක්වීම; ගරුබුහුමන.
ගරුඩ වාහනය[නා.] විෂ්ණු දෙවියන්ගේ වාහනය; ගුරුළු වාහනය.
ගරුඩගල්[නා.ප්‍ර.] නිල් පැහැය ඇති ඖෂධීය ගල් වර්ගයක්.
ගරුඩධ්වජ[නා.ප්‍ර.] ගුරුළු රූපය සහිත කොඩිය සංකේතවත් කොට ගත් දෙවියා; විෂ්ණු දෙවිඳු.
ගරුඩවාස1. [නා.] අහස; නුබකුස. 2. [නා.] ගුරුළකු වාහනය කොට ගත් තැනැත්තා; විෂ්ණු දෙවි.
ගරුඩා, ගරුඬා1. [නා.] නාගයන්ගේ පරම සතුරා වශයෙන් සැලකෙන කල්පිත පක්ෂි විශේෂයක්; ගුරුළා. 2. [නා.] ලොකු පත්තෑ විශේෂයක්. 3. [නා.] නාග විෂ නසන මන්ත්‍රයක්.
ගරුඩාලින්දය[නා.] ගරුඩ ආලින්දය; මහාමේරුව හාත්පස පිහිටා ඇතැයි කියන ආලින්ද හෙවත් වේදිකා හතරෙන් ගරුඩයන් වාසය කරන ආලින්දය.
ගරුඩාසන1. [නා.ප්‍ර.] ගරුඩ ආසනය; ගුරුළු ආසනය. 2. [නා.ප්‍ර.] විෂ්ණු දෙවියා.
ගරුතය1. (පාරිභා.) [නා.] ආයනය හැරුණු විට කනෙහි සෙසු බාහිර කොටස; කන්පෙත්ත. 2. [නා.] කපාලයේ පූර්ව පාර්ශ්වයේ පිහිටි ස්ථානය.
ගරුතර[වි.] ගෞරව ලැබීමට අතිශයින් සුදුසු; අතිගරු.
ගරුධර්ම[නා.බහු.] භික්ෂුණීන් විසින් දිවිහිමියෙන් ගරු කොට පිළිපැදිය යුතු ධර්ම අට.
ගරුබ[නා.] ආඩම්බරය; මානය; ගර්වය.
ගරුබුහුමන[නා.] ගෞරව පූර්වකව කරන උසස් සැලකිල්ල; ගෞරවය හා බහුමානය.
ගරුභාණ්ඩ[නා.ප්‍ර.] (විනය) භික්ෂු සංඝයාගේ පොදුවේ පරිභෝගය කළ හැකි පෞද්ගලික ව බෙදා ගත නොහැකි වූ බඩු; ගම්බිම් කෙත්වතු ආදි වස්තු.
ගරුභාර[වි.] මුහුකුරාගිය දරු ගර්භය සහිත; දරු ගැබින් බර වූ; ගැබ්බර.
ගරුභාවය1. [නා.] ශ්‍රේෂ්ඨ භාවය; විශිෂ්ටත්වය; සම්භාව්‍යතාව. 2. [නා.] බරබව; බැරෑරුම්බව; සැහැල්ලු නොවනබව.
ගරුමන්[නා.] උඩඟුකම සහ මාන්නය; සිතෙහි ඇති වන ගර්වය සහ මානය.
ගරුමානය[නා.] ගෞරවය සහ සම්මානය; ගරු කිරීම සහ බුහුමන් කිරීම; ගරු බුහුමන.
ගරුව[නා.] සැලකිල්ල; ගෞරවය; බුහුමන.
ගරුවන්[වි.] ගෞරවනීය; ගරු බුහුමනට පාත්‍ර විය යුතු.
ගරුසන්නිස්සය[නා.] බහුශ්‍රැත ප්‍රඥා සම්පන්න ගුරුවරුන් ඇසුරෙහි වාසය කිරීම.
ගරුසරු[වි.] ගෞරවයෙන් හා සැලකිල්ලෙන් යුක්ත; ගරු සැලකිලි සහිත වූ.
ගරුසරුව[වි.] ගරු සැලකිල්ල; ගරුබුහුමන.
ගල1. [නා.] කුඩා දැඩි ඝන ඛනිජ කුට්ටියක්; ශිලා ඛණ්ඩයකින් කැඩී බිඳී ගිය කුඩා තද කොටස; ශෛලය; පාෂාණය. 2. [නා.] පර්වතය; ගිරිකුළ. 3. [නා.] ඇඹරුම්ගල, මිරිස්ගල. 4. [නා.] මැණික; මාණික්‍යය; රත්නය. 5. [නා.] දැඩි දෙය. 6. [නා.] බෙල්ල; ග්‍රීවය; ගෙල. 7. [නා.] ගොනාගේ බෙල්ලේ එල්ලෙන හම. 1. [වි.] ගිලින ලද. 2. [වි.] ගිලිහුණු; පතිතවුණු; වැටුණු.
ගල අතළ[නා.] ගල්තලාව.
ගල බිලය1. [නා.] උගුරු සිදුර; ගලනාලයෙහි විවරය. 2. [නා.] මනුෂ්‍යයාගේ උගුරෙහි ශබ්ද උපදවන ස්ථානය; ස්වරාලය.
ගලකඤ්චුකය[නා.] සටනක දී ගෙල පෙදෙස රැකගැනීම සඳහා සකස් කළ සන්නාහය; කණ්ඨත්‍රාණය.
ගලගණ්ඩය1. [නා.] උගුර ඇතුළේ සෑදෙන ගඩුව; සෙම්ගෙඩිය. 2. [නා.] ගල ග්‍රන්ථිය ඉදිමී ඇති වන ගෙඩිය; වායුගෙඩිය.
ගලග්‍රන්ථිය[නා.] කොඳු ඇටය සහිත සතුන්ගේ බෙල්ලේ තිබෙන නිර්නාල ග්‍රන්ථිය; තයිරොයිඩ් ග්‍රන්ථිය.
ගලග්‍රහය1. [නා.] බෙල්ලෙන් අල්වා ගැනීම. 2. [නා.] සෙම් රෝගයක්.
ගලගානවා1. [ක්‍රි.] ගලෙහි උරච්චි කරනවා; ගලක අතුල්ලනවා. 2. [ක්‍රි.] ගලෙහි අතුල්ලා ආයුධ ආදිය මුවාත් තබනවා.
ගලතනවා1. [ක්‍රි.] එකට ඈඳනවා. 2. [ක්‍රි.] එකිනෙකට සම්බන්ධ කරනවා; ගලපනවා. 3. [ක්‍රි.] කලවම් කරනවා; කලතනවා.
ගලතලය[නා.] මුදුනත සමතලාව ඇති ගල් පර්වතය; ගල්තලාව; ශෛලස්ථලය.
ගලතාංගුව[නා.] වික්ෂිප්තභාවය; ගබ්ගැසුණු බව; තිගැස්ම; තෝන්තුවාව.
ගලදණ්ඩ[නා.] දොර හරහට දමන පොල්ල; දොර පොල්ල; දොර අගුල.
ගලදා[නා.ප්‍ර.] ඇඹරුම්ගල; දාගල.
ගලධානිකාව(පාරිභා.) [නා.] නොදිරවූ ආහාර රඳවා ගත හැකි ඇතැම් පක්ෂීන්ගේ උගුරෙහි ඇති මල්ලක් වැනි අවයවය (=crop).
ගලනය1. [නා.] ගොදුරු ගිල දැමීම; ආහාර ගිලීම. 2. [නා.] දිය වී යෑම; ගලායෑම. 3. (නීති.) [නා.] උකසක් කරන්නාගේ සහ උකස ලබාගන්නාගේ අයිතිය එක ම අයකු අතට ලැබීම; සංචිලේනය (=confusion).
ගලනවා1. [ක්‍රි.] ගිලිනවා. 2. [ක්‍රි.] ජලයෙහි කිඳා බස්වනවා; නිමග්න කරනවා. 3. [ක්‍රි.] (ගංගා ඇලදොළ ආදිය) ඉවුරු පැන උතුරා යනවා. 4. වැගිරෙනවා; වෑස්සෙනවා; ගලායනවා; උතුරා යනවා 5. [ක්‍රි.] (ජලය හෝ වෙනත් ද්‍රව්‍යයක් හෝ) පහත් මට්ටමක් බලා රූටා යනවා. 6. (කථා.) (රූඪි.) [ක්‍රි.] මුදල්; ධනය, ආදායම ආදිය සීමාරහිත ලෙස ලැබෙනවා. 7. [ක්‍රි.] (කථාවේ දී වචන) ඇණහිටීමක් නැති නිරායාසයෙන් එනවා. 8. [ක්‍රි.] (ලිවීමේදී අදහස්) නොකඩවා සිතට නැගෙනවා. 9. [ක්‍රි.] ගැලවී වැටෙනවා. ගැලවෙනවා; ගිලිහෙනවා.
ගලනාංකය[නා.] හිම දියවෙන උෂ්ණත්ව අංශකය; ද්‍රවාංකය; විලයන අංකය (=melting point).
ගලනාලය[නා.] මුඛයෙන් ගනු ලබන දෙය; ආමාශය කරා ගෙන යන නලය; අන්නශ්‍රෝතය.
ගලනීය[වි.] දිය කරනු ලැබිය හැකි ද්‍රවයක් බවට පත්කළ හැකි; ද්‍රාව්‍ය.
ගලපටල රෝගය[නා.] උගුරේ හටගන්නා සංක්‍රමික රෝගයක්; ඩිප්තීරියාව.
ගලප්පත්ති කරනවා1. [ක්‍රි.] ජල යාත්‍රාවල ඇතුළට ජලය කාන්දු වීම වැළැක්වීමට කීල්ගසා ලෑලි සිදුරු අහුරනවා; කීල් ගසනවා. 2. [ක්‍රි.] (පැණි උණු කිරීමෙන්) උකු කරනවා; දියාරු ගතිය නැති කරනවා.
ගලප්‍රමාණ[වි.] බෙල්ල තෙක් ඇති; ගෙල දක්වා වන තරමට ගැඹුර හෝ උස තිබෙන.
ගලමිණි, ගෙලෙමිණි[නා.ප්‍ර.] ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කැරෙන මැණික් ගල; කණ්ඨමාණික්‍යය.
ගලමූල ග්‍රන්ථිය[නා.] දිවමුලට උඩින් තල්ලෙහි එල්බෙමින් ඇති මස් වැදැල්ල; සෙම්ගෙඩිය.
ගලය1. [නා.] බෙල්ල; බොටුව; ගෙල; කණ්ඨය; ග්‍රීවය. 2. [නා.] ගලනාලය.
ගලලෝහිතය[නා.] බෙල්ල කපනු ලැබූ විට (හිස නැති මළ සිරුරෙන්) ගලන ලෙය.
ගලවනවා, ගළවනවා1. [ක්‍රි.] මුදා ගන්නවා; බේරා ගන්නවා; නිදහස් කරනවා. 2. [ක්‍රි.] ඉවත් කරනවා; වෙන් කරනවා. 3. [ක්‍රි.] (පැළෑටි ආදිය) උදුරනවා.
ගලවළුව[නා.] බෙල්ලේ පිටිපැත්ත; පිටිකර; ගලවාටය.
ගලසර[නා.ප්‍ර.] බෙල්ල; ගෙල පෙදෙස.
ගලස්න[නා.] ගලින් කරන ලද ආසනය; ශෛලාසනය.
ගලහෙනවා[ක්‍රි.] (හිර/ සඳ) ගිලිහෙනවා; බසිනවා; අස්තයට යනවා.
ගල් අඟුරු[නා.ප්‍ර.] පාෂාණ භූත වූ ශාක කොටස්; භූ ගර්භයේ ඉල්ලම් ලෙස දක්නට ලැබෙන තද, ඝන, විනිවිද නො පෙනෙන කළුපාට ඛනිජ විශේෂයක්; ඉන්ධන වශයෙන් යොදාගෙන විදුලිය ආදි බලශක්ති කාර්යයන්හි යොදා ගැනේ
ගල් අරඹ[නා.] ගලින් ගැවසී ගත් කැලෑව; ගල්කුළු සහිත වනලැහැබ.
ගල් අල්ලනවා1. [ක්‍රි.] ආභරණවලට මැණික් ගල් සවිකරනවා. 2. [ක්‍රි.] පාරවල් ආදියෙහි ගල් අතුරනවා.
ගල් අවිය[නා.] ගලින් තනන ලද ආයුධය; ගල් ආයුධය.
ගල් ඇනය[නා.] ගල්ගුහාව; ගල්බෙනය.
ගල් ඔරුව1. [නා.] සිවුරු පඬුපෙවීම සඳහා භාවිත කළ ඔරුවක හැඩය ගත් ගල් බඳුන් විශේෂයක්. 2. [නා.] සිංහල රජසමයෙහි භික්ෂූන් වහන්සේට දානය පිණිස කැඳ හා බත් දැමීම සඳහා ඔරුවක හැඩය ඇතිවන සේ හාරා ගත් විශාල භාජනය.
ගල් ගැසෙනවා, ගල් ගැහෙනවා[ක්‍රි.] ක්ෂණික භය හෝ විස්මය නිසා නොසෙල්වී සිටිනවා; භ්‍රාන්ත වෙනවා; තුෂ්ණිම්භූත වෙනවා.
ගල් තැළුම, ගල් තැල්ම(කථා.) [නා.] යටි පතුලේ කිසියම් තැනක තැළීම නිසා තද ස්වභාවයක් ඇතිවීමෙන් හටගන්නා පිළිකාව වැනි දෙය.
ගල් තුවක්කුව[නා.] ගිනිගලක ආධාරයෙන් පත්තු කළ හැකි තුවක්කුව.
ගල් දුන්න1. [නා.] ගල්කුට්ටි හෝ බෝල තබා විදිය හැකි දුනු විශේෂයක්. 2. [නා.] ළමයින්ගේ ක්‍රීඩා උපකරණයක්; කැටපෝලය.
ගල් නැව[නා.] ඔරුවක හැඩයෙන් යුතු ව කළුගල් හාරා තැනූ භාජනය; ගල් ඔරුව.
ගල් පතහ[නා.] ගල් කැඩීම නිසා විශාල ගලක හෑරී ගිය පොකුණ; ගල්වළ; ගල්කෙම.
ගල් පරය[නා.] සාගර මුහුදු ආදියෙහි සාමාන්‍ය දිය මට්ටමට මඳක් යටින් නොහොත් ඉහළින් පිහිටි ගල්වැටිය.
ගල් පලඟ[නා.] ගලින් තනන ලද ආසනය; ශිලා පර්යංකය.
ගල් පවුර[නා.] ගලින් තනන ලද කොටු බැම්ම.
ගල් පහණ[නා.] ගල් තලාව; ශිලාස්ථලය.
ගල් පාදම[නා.] ගලින් දැමූ පදනම; ශිලා අත්තිවාරම්.
ගල් පාය1. [නා.] ගලින් ඉදි කරන ලද මන්දිරය; ශිලාමය ප්‍රාසාදය. 2. [නා.] ගල් පොත්ත.
ගල් පැන්නුම්කඩ[නා.] ජලාශයකින් වැඩි වැව් වතුර පිටාර යෑම සඳහා ගලින් සෑදූ දිය මංකඩ; ගල් පිටවාණ.
ගල් පැලැස්ස[නා.] විශාල පෙදෙසක පැතිර සිටින ගල්තලාව.
ගල් පිට[නා.] ගලේ මතුපිට.
ගල් පියස්ස[නා.] ගල් ගෙයක මුදුන; ගල් වහළ.
ගල් පිළිමය[නා.] ගලින් කළ ප්‍රතිමාව.
ගල් පුවරුව, ගල් පෝරුව[නා.] මතුපිට මට්ටම් කොට තැනූ ගල්ලෑල්ල.
ගල් පොකුණ[නා.] ගලෙහි පිහිටි පොකුණ; ගල්කෙම.
ගල් පෝය, ගල්පොයිය[නා.] ඇඹරුම් ගලේ අත්ගල; මිරිස් ගලේ දරුගල.
ගල් බිලය[නා.] පර්වතයක ඇති කුහරය; ගල් බෙනය.
ගල් බෙනය[නා.] ගලක පිහිටි සිදුර; ගල් කුහරය.
ගල් බෙයද[නා.] පර්වත ප්‍රාන්තය; පර්වතයෙහි බිඳී ගිය තැන.
ගල් බේත්[නා.] කළු ගල්වලට බෝර දැමීමට ද බෙහෙත් තුවක්කුවල වෙඩි කෙටීමට ද භාවිත කරනු ලබන වෙඩි බෙහෙත් වර්ගය.
ගල් බොක්ක[නා.] ගොඩට නෙරා ගිය හෙයින් බිම් කොටස්වලින් බොහෝ වට වූ මුහුදු කොටස.
ගල් බෝය[නා.] මිරිස්ගලට අයත් අත්ගල; දරුගල.
ගල් මල1. [නා.] මුහුදේ ගල් පරවල වැඩෙන මලක හැඩය ගත් චූර්ණමය සැකිල්ල; හිරිගල්මල. 2. [නා.] මූදුහත්ත.
ගල් යුගය[නා.] මිනිසා ගල් ආයුධ පාවිච්චි කළ ඈත යුගය; ශිලා සමය.
ගල් රුකුල[නා.] ගල් ගුහාව; ගල් ගෙය.
ගල් රෝල[නා.] පාරේ අතුරනු ලබන ගල් තළා මට්ටම් කරන බර යන්ත්‍රය.
ගල් ලණුව[නා.] ගලක් අග ගැටගසා සාදාගනු ලබන ලණුව; දිග ලණුවක අග ගල් කැටයක් ගසා එය අවශ්‍ය අත්තට වීසිකිරීමෙන් එහි ඇති ගෙඩි හා දර ආදිය කඩා ගන්නා ලණුව.
ගල් වැළ(කථා.) [නා.] මැණික් ගල් බැඳි මාලය.
ගල් වෙනවා1. [ක්‍රි.] හයිවෙනවා; ගල් මෙන් තදබවට පත් වෙනවා; දැඩි වෙනවා. 2. [ක්‍රි.] ආරම්භක ව්‍යූහය බොහෝ දුරට රැඳී පවතින පරිදි ඓන්ද්‍රීය ද්‍රව්‍ය ඉවත් වෙනවා; පාෂාණීභූත වෙනවා. 3. (රූඪි.) [ක්‍රි.] භය, ශෝක, කෝප ආදි හේතු නිසා හැඟීමෙන් තොර වෙනවා; ගල් ගැහෙනවා.
ගල් වේදිය[නා.] ගලින් කරන ලද වැට; ආවරණ බිත්තිය.
ගල් සන්නම[නා.] වටිනා කුඩා මැණික් ගල.
ගල් සන්නස[නා.] ගලේ කොටා ඇති ලේඛනය; සෙල්ලිපිය; ශිලාලේඛනය.
ගල් හෙය[නා.] ගලින් ඉදි කරන ලද පාලම; ගල් ඒදණ්ඩ.
ගල්අතළ[නා.ප්‍ර.] ගල්තලාව; ගල්පොත්ත.
ගල්ඉන්න[නා.ප්‍ර.] අලවංගුව; නාරස්සනය; යකඩ ඉන්න.
ගල්කටාරම1. [නා.] ගලින් තනන ලද විශාල භාජනය; ගල් සැළිය. 2. [නා.] ගල්ලෙනක ගැට්ටේ වතුර බැස යෑම සඳහා කොටා ඇති කුඩා කානුව. 3. [නා.] ගල් ලෙන තුළට වැසිජලය ගලා ඒම නැවැත්වීම සඳහා ලෙන කට උඩ ගැට්ටේ හාරන ලද ගල් කානුව; ගල් කටාරය.
ගල්කටුව[නා.] ගල් වැනි තද දේවල් සෑරීමට හෝ කැපීමට හෝ ඒ මත කැටයම් කිරීමට හෝ ගන්නා ආයුධය.
ගල්කණ්ඩු[නා.ප්‍ර.] ශර්කරා විශේෂයක්; සූකිරි.
ගල්කාසයා[නා.] කෛරාටිකයා. කට්ටයා;
ගල්කුරුල්ලා[නා.] කුම්භකාරයාගේ සකපෝරුවේ අලවංගුව වශයෙන් යොදාගනු ලබන ගල්කූර.
ගල්කුස[නා.] ගල්ගුහාව; ගිරිලෙන.
ගල්කුළ1. [නා.] ගල් පර්වතයක මුදුන; පර්වත ශිඛරය. 2. [නා.] ගල් පර්වතය.
ගල්කූර1. [නා.] ගල්ලෑල්ලෙහි ලිවීම සඳහා උපයෝගී කරගන්නා කූරු විශේෂය; ගල් පැන්සලය. 2. [නා.] කුඹල් සකෙහි ගල්කුරුල්ලා.
ගල්කෙම[නා.] ගල් තලාවක පිහිටි පොකුණ; ගත්පොකුණු; ගල්හෙබ.
ගල්කෝච්චිය[නා.] මහාමාර්ග ඉදිකිරීමේ දී අතුරන ගල් තැළීම සඳහා යොදවනු ලබන රථය; ගල්රෝල.
ගල්ගිගිරාන, ගල්ගිගිරෑන[නා.] ගල්කුට්ටි බහුල භූමිභාගය; ගල් සහිත කඳු පෙදෙස.
ගල්ගුහාව[නා.] ගලෙහි සෑදුණු ගුහාව; ස්වාභාවික ලෙස සෑදුණු ගල්ලෙන.
ගල්ගෙය1. [නා.] ගල් ගුහාව; ගල්ලෙන. 2. [නා.] කන්දක් පසාරු වන සේ හාරා තනන ලද ගමන් මඟ; බිම්ගෙය; උමග.
ගල්ටයරය(පාරිභා.) [නා.] හුළං පිරවීමක් නොමැති ව යකඩ රාමුව මත හුදු රබර් පට්ටමක් යෙදීමෙන් තැනූ ටයරය.
ගල්ටැඹ[නා.] ගලින් නිමවන ලද කණුව; ගල්කණුව; ශිලා ස්තම්භය.
ගල්තට්ටුව1. [නා.] (පොළොව තුළ) එකක් උඩ එකක් වශයෙන් විහිදීගිය ගල්තලාව; ශිලා ප්‍රස්තරය. 2. [නා.] (ශිලා යුගයේ දී, ඇතැම් ගෝත්‍රිකයන් මළසිරුරු තැන්පත් කිරීමට යොදා ගත්) කෙළින් සිටවූ, ගල්ලෑලි මත රැඳවූ ගල්ලෑල්ල.
ගල්තල්ල, තැල්ල[නා.] තද බෑවුම් සහිත ගල් පර්වතයක පිටතට නෙරාගිය කොටස.
ගල්තලාව[නා.] විශාල භූමි භාගයක පැතිර පවත්නා ගල්පොත්ත; ශිලා තලය.
ගල්තාර[නා.] ගල් අඟුරුවලින් ලබාගන්නා අතුරු නිෂ්පාදනයක් වූ තාර වැනි වූ ද්‍රව්‍යය.
ගල්දෙණ[නා.] ගලින් සෑදූ දෙණ; ගල් ඔරුව.
ගල්පයත, ගල්පාත[නා.] පර්වත පාදය; කඳු පාමුල.
ගල්පාත[නා.] ගල පාමුල පර්වත පාදය.
ගල්පාසි[නා.ප්‍ර.] ගල්වල බැඳෙන දිය සෙවෙල්.
ගල්පීල්ල[නා.] ගලින් සෑදූ හෝ සෑදුණු පීල්ල; ගල්කාණුව.
ගල්බිංදුව[නා.] ඇතුළත බින්දුවක් සහිත සිවුරැස්වලින් යුත් මෝස්තර පේළියකින් සෑදෙන චිත්‍ර හෝ කැටයම් රටාව.
ගල්මද[නා.ප්‍ර.] පොළොවෙන් ලබා ගන්නා ඖෂධීය ඛනිජයක්; පාෂාණ භූමිවල ඇතිවන සීනක්කාරම් වර්ගයක්.
ගල්මැලියම්[නා.] ගල් සෙවෙල්; ශිලාජතු.
ගල්ලෑල්ල1. [නා.] ලිවීමට ගන්නා පැතැලි කළුගල් පැහැති සතරැස් පෙතක් හෙවත් පෙතැල්ලක්. 2. [නා.] ගල් පුවරුව.
ගල්වඩුවා[නා.] ගල්වලින් කර්මාන්ත කරන තැනැත්තා; ගල් රූප, ප්‍රතිමා නෙළන්නා.
ගල්වනවා1. [ක්‍රි.] ඇතුළට කා වදින සේ ආලේප කරනවා; තදින් තවරනවා; උලනවා. 2. [ක්‍රි.] ගිල්ලවනවා; කිමිදෙනවා; යටට යවනවා.
ගල්වල1. [නා.] පර්වතයන්ගෙන් ගැවසී ගත් කැලෑ පෙදෙස; ගිරිවනය. 2. [නා.] කඳුකර ප්‍රදේශය.
ගල්වළ1. [නා.] බෝර දමා ගල් පුපුරුවා කළු ගල් කඩා ගන්නා ස්ථානය. 2. [නා.] ගලෙක පිහිටි වළ.
ගල්වැස්ස1. [නා.] හිමකැට සහිත වර්ෂාව; හිමකැට වැස්ස. 2. [නා.] ගල්කැට වැටෙන වර්ෂාව; වැසි පොද මෙන් ගල්කැට වැටීම.
ගල්විහාරය1. [නා.] ගල්ලෙන් ආශ්‍රිත ව ඇති බෞද්ධ විහාරය. 2. [නා.] පොළොන්නරුවෙහි ගල් පර්වතයක් හාරා නෙලන ලද පිළිම පවතින විහාරය.
ගල්වෙඩි1. [නා.ප්‍ර.] පුරාතන යුද්ධවල දී වෙඩි වශයෙන් භාවිත කරන ලද ගල් බෝල. 2. [නා.ප්‍ර.] ගල් පර්වත පිපිරවීමට යොදනු ලබන වෙඩි.
ගල්වේදිකාව(පාරිභා.) [නා.] පර්වතයක අඩිය.
ගල්සෙල්[නා.] විශාල ගල් පර්වතය; ගිරි දුර්ග.
ගල්සෙවෙල්1. [නා.ප්‍ර.] (පර්වතවල සෑදෙන) ඖෂධ වශයෙන් ගන්නා උපධාතු විශේෂයක්; ගෛරික; අද්‍රිජ. 2. [නා.ප්‍ර.] ගල්වල බැඳෙන දිය සෙවෙල් සහිත පාසි.
ගල්හිරියල්[නා.ප්‍ර.] කසාවර්ණය සාදා ගැනීමට උපයෝගී කරගනු ලබන තද ඛනිජ වර්ගයක්.
ගලා බසිනවා[ක්‍රි.] ජලය වැනි ද්‍රව ඉහළ සිට පහළට ගලා එනවා; දිය දහර ගලායනවා.
ගලා වැටෙනවා1. [ක්‍රි.] ගිලෙනවා; ගලාබසිනවා; අවරට යනවා; අස්තවෙනවා. 2. [ක්‍රි.] (දිය පාරක්) ඇද හැලෙනවා; උස් තැනකින් පහතට වැටෙනවා.
ගලා හැලෙනවා[ක්‍රි.] ජලය පහතට වැටෙනවා; ඇද හැලෙනවා.
ගලාග්‍රභාගය[නා.] උගුරේ ඉහළ කොටස; ග්‍රසනිකාව.
ගලාපියනවා[ක්‍රි.] ගිලෙන්ට සලස්වනවා; ගිල්වනවා.
ගලිත1. [වි.] ගිලිහුණු; ගැලවුණු; ගැලවී ගිය. 2. [වි.] වැගුරුණු; ගලාගිය; වෑස්සුණු.
ගලිය[නා.] බැස යන ජලයේ අපද්‍රව්‍ය මාර්ග කීපයක් එකට එකතුවන හුවමාරු ස්ථානය.
ගලුව, ගල්ල, ගොල්ල[නා.] රුක් සමූහය.
ගලෙත්තු පෙට්ටිය[නා.] රන්රිදී බඩු මුදල් ආදි භාණ්ඩ තැන්පත් කොට තබන කුඩා පෙට්ටිය; ගබෙත්තු පෙට්ටිය; ගබෙත්තුව.
ගව මුළ[නා.] එළ ගව සමූහය; ගවරැළ.
ගවආර[නා.] (ජ්‍යෝති.) රාශි දොළහෙන් එකක්; වෘෂභ රාශිය.
ගවකුර1. [නා.ප්‍ර.] ගවයාගේ කකුල්වල පතුලේ කොරොස් ආවරණයකින් යුත් කොටස; හරක් කුරය. 2. [නා.ප්‍ර.] ගවයාගේ කුරය පොළොවෙහි එරීමෙන් සෑදුණු කුර සටහන ඇති වළ.
ගවගාල[නා.] හරක් මඩුව; පට්ටිය; ගවයින්ගේ වාසය සඳහා තැනූ ගෙය.
ගවඟන[ගව+අඟන] 1. [නා.] ගවයාගේ ගෑනු සතා; එළදෙන. 2. [නා.] දෙව් ලොව සිතූ පැතූ සම්පත් ලබා දෙති යි දැක්වෙන, ගවදෙන; සුරභි ධේනුව.
ගවතෙල්[නා.ප්‍ර.] ගව දෙනුන්ගේ කිරි උණු කිරිමෙන් ලබා ගන්නා තෙල්; ගිතෙල්; එළඟිතෙල්.
ගවපල්1. [නා.ප්‍ර.] ගවයන් රැක බලා ගන්නා; ගොපල්ලා; එඬේරා. 2. [නා.ප්‍ර.] දෙවියෙක්; ශ්‍රී කෘෂ්ණ; ගෝවින්ද.
ගවපාන1. [නා.ප්‍ර.] වතුර මුසු නොකොට එළකිරෙන් පමණක් පිසූ බත; පැන් නුමුසු කිරිබත. 2. [නා.ප්‍ර.] ගිතෙල්, මෝරු, දී, කිරි, වෙඬරු යන පස්ගෝරස.
ගවයහන්1. [නා.] ගොනා යොදා ගත් යානය; ගොන් වාහනය. 2. [නා.] ගොනකු වාහනය කොට ගත් තැනැත්තා; ඊශ්වර දෙවි.
ගවයා[නා.] ක්ෂීරපායී ගණයේ හීලෑ සිවුපාවෙක්; හරකා.
ගවර1. [නා.ප්‍ර.] වල් හරකා; කුළු හරකා. 2. [නා.ප්‍ර.] ගව මූත්‍ර සහ එක්වූ පල්වුණු ගොම; කසළ.
ගවර වළ[නා.] අපද්‍රව්‍ය දැමීම සඳහා පිළියෙල කරන ලද වළ.
ගවරකෙළිය[නා.] ගවරුන් මෙල්ල කිරීමේ පුරාණ භයානක ක්‍රීඩාවක්.
ගවරහං, ගවරහම්[නා.ප්‍ර.] පැරණි තූර්ය භාණ්ඩ විශේෂයක්; ගවර අඟින් කළ නළා වර්ගයක්.
ගවරා1. [නා.] වල් හරකා. 2. [නා.] ගෝනා (කථා.) (රූඪි.) [නා.] හොරා; තක්කඩියා.
ගවරැස[නා.] නක්ෂත්‍රයෙහි රාශි දොළොසින් දෙවැන්න වූ වෘෂභ රාශිය.
ගවරිළු[නා.ප්‍ර.] හරක් රංචුව; ගව රැළ; ගව පට්ටිය.
ගවරුවා1. [නා.] ගවයා පිටයන්නා. 2. [නා.] ගවපාලකයා; ගොපල්ලා.
ගවසනවා1. [ක්‍රි.] ඝන සේ යොදනවා; අතරක් නැති ව යොදනවා; තදට යොදනවා. 2. [ක්‍රි.] (මල්,වැලි) ආදිය විසුරුවනවා; අතුරනවා. 3. [ක්‍රි.] බහුල වෙනවා. 4. [ක්‍රි.] සරසනවා; අලංකාර කරනවා.
ගවසම්පත[නා.] ගවයන් නමැති ධනය; ධනයක් වශයෙන් සැලකුම් ලබන ගව සමූහය.
ගවසෙය්‍යාව[නා.] ගවයකු නිදාගන්නා ඉරියවුව.
ගවහරුව(කථා.) [නා.] ගෙවල් ආදිය තැනීම, අලුත්වැඩියා කිරීම ආදිය සඳහා උඩට නැඟ සිටීමට සාදන මැස්ස; පලංචිය.
ගවහල1. [නා.] ගවයින්ගේ වාසය සඳහා ඉදි කරන මඬුව; ගවමඩුව; ගාල. 2. [නා.] ගව වෙළෙඳ පොළ.
ගවහෝනිය, ගහෝනිය[නා.] දෙවියන් රජුන් ආදි උතුමන් සඳහා දෙන පුද පඬුරු වසාගෙන යෑමට ද ආභරණ දැමීමට ද භාවිත කරන ලද රෙදි උර විශේෂයක්.
ගව්‍ය[වි.] ගවයාට අයිති; ගවයා සම්බන්ධ; ගව, ගෙරි.
ගව්‍යය1. [නා.] දුන්නේ ලණුව; දුනු දිය. 2. [නා.] වෛද්‍ය ප්‍රතිශක්තිකරණය සඳහා පාවිච්චි කරන එන්නත් ද්‍රව්‍ය. 3. [නා.] වර්ණකයක් ලෙස පාවිච්චි කරන කහ පාට මැටි විශේෂයක්; හිරියල්.
ගවාක්ෂ ජාලය[නා.] සමාන සිදුරු සහිත දැල; කවුළු දැල.
ගවාක්ෂය1. [නා.] කවාකාර කවුළුව; වටකුරු හුළං සිදුර. 2. (පාරිභා.) [නා.] අස්ථියක, අස්ථි දෙකක් අතර, යම් ශාක පටලයක හෝ හිස්කබලෙහි දක්නා ලැබෙන විවර වර්ගයක්.
ගවාදන[නා.ප්‍ර.] ගවයාගේ ගොදුරු බිම; තණ බිම; තණ බිමෙහි තණ කොළ.
ගවාදනිය[නා.] ගවයින්ට කෑම දමන බක්කිය; ගව ආහාර ඔරුව.
ගවාමෘත[නා.] ගවයාගෙන් ලබා ගන්නා අමෘතය; එළ කිරි.
ගවුමානය[නා.] ගවුවක දුර; ගවුවක ප්‍රමාණය.
ගවුව, ගව්ව[නා.] දුර මැනීම සඳහා භාවිත වූ පැරණි මිම්මක්; සැතපුම් හතරක හෝ ඉසුබු 80 ක ප්‍රමාණය; යොදුනකින් හතරෙන් එක.
ගවෙට්ඨි[නා.ප්‍ර.] ස්වල්ප ආයෝජනයකින් මහත් ලාභයක් බලාපොරොත්තු වීම; සුළු දෙයකින් විශාල ප්‍රයෝජන පැතීම.
ගවේෂකයා[නා.] සොයන තැනැත්තා; විමසන්නා; සොයා බලන්නා.
ගවේෂණය[නා.] අලුතෙන් යමක් සෙවීම; විමංශනය; පරීක්ෂණය.
ගවේෂිත[වි.] අලුතින් යමක් සොයන ලද; පිරික්සන ලද.
ගවෝදක[නා.ප්‍ර.] ගවයාගේ මූත්‍ර; ගෝමූත්‍ර.
ගස1. [නා.] කඳක් හා අතුපතර ඇති ශාකය; වෘක්ෂය; රුක. 2. [නා.] ගැටීම; ඝර්ෂය.
ගසනවා, ගහනවා1. [ක්‍රි.] පහර දෙනවා; තළනවා; ගුටිබැට දෙනවා. 2. [ක්‍රි.] වේගයෙන් සොලවනවා; ගසා දමනවා. 3. [ක්‍රි.] හඬ නගනවා; උස් හඬින් කෑගසනවා; ඝෝෂණය කරනවා. 4. [ක්‍රි.] ඉසිනවා; විසුරුවනවා. 5. [ක්‍රි.] දල්වනවා; මොළවනවා. 6. [ක්‍රි.] සවිකරනවා; අනිනවා. 7. [ක්‍රි.] අමුණනවා. 8. [ක්‍රි.] කපා දමනවා; සිඳිනවා.
ගස් ගෝනා(කථා.) [නා.] වඳුරා.
ගස් පේකරනවා[ක්‍රි.] ගසක් දෙවියන් වෙනුවෙන් වෙන් කොට තබනවා; පොල් ගස්, කෙසෙල් ගස් ආදිය මෙලෙස පූජා කටයුතු වෙනුවෙන් වෙන් කොට තබයි.
ගස් මදිනවා(කථා.) [ක්‍රි.] තෙලිදිය ගැනීම සඳහා පොල් කිතුල් වැනි ගස්වල මල් තළා සකස් කරනවා.
ගස් මුට්ටිය[නා.] පොල්, කිතුල් ආදි මල් තැළීම නිසා වෑස්සෙන මීරා එකතු වීම සඳහා ගසෙහි මලට එල්ලන මුට්ටිය.
ගස්ටෙරොපොඩා(පාරිභා.) [නා.ප්‍ර.බහු.] මොලුස්කා හෙවත් මෘද්වංගී වංශයට අයත් සත්ත්ව වර්ගය; උදර පාදයෝ.
ගස්තැරිය[නා.] ගසක් අතු දෙකකට බෙදී ඇති ස්ථානය; ගස් දෙබල.
ගස්දෙබල[නා.ප්‍ර.] ගස්වල අතු බෙදී යන තැන; විටපය; වෙළෙප.
ගස්න[නා.ප්‍ර.] ගැටීම; එකට වැදීම; ඝර්ෂණය.
ගස්බුහුර[නා.] ගසක සිදුර; ගස් කුඹල; ගස් බෙනය.
ගසා කනවා1. [ක්‍රි.] බලාත්කාරයෙන් අල්ලා ගෙන ගොදුරු කොට ගන්නවා. 2. (රූඪි.) [ක්‍රි.] අන්සතු දේ අයුතු ලෙස අයත් කර ගන්නවා.
ගසාලනවා1. [ක්‍රි.] පහරදෙනවා; තළනවා. 2. [ක්‍රි.] හඬක් නැංවීමට හැකි උපකරණයකට පහර දෙනවා. 3. [ක්‍රි.] ඉලක්කයකට යමක් වීසි කරනවා.
ගහ1. [නා.] ගස; රුක. 2. [නා.] ග්‍රහ තාරකාව; ග්‍රහයා. 3. [නා.] ගෙය; ගෘහය.
ගහ ගන්නවා1. [ක්‍රි.] ගුටිබැට හුවමාරු කරගන්නවා; කෝලාහල කරනවා; දබර කරනවා. 2. [ක්‍රි.] ගල ගානවා; උරච්චි කරනවා. 3. (කථා.) [ක්‍රි.] අමුණා ගන්නවා; සවිකර ගන්නවා. 4. (කථා.) [ක්‍රි.] රඳවා ගන්නවා; රුවා ගන්නවා.
ගහ දමනවා[ක්‍රි.] අහක දමනවා; ඉවත ලනවා; විසි කරනවා.
ගහට, ගැහැට[නා.] කරදරය; හිරිහැරය; පීඩාව.
ගහටනවා[ක්‍රි.] පාගනවා; මඩිනවා; තළනවා; පොඩි කරනවා.
ගහට්ඨ[නා.ප්‍ර.] ගෘහස්ථයා; ගිහියා; ගිහිගෙයි වසන්නා.
ගහණ1. [නා.ප්‍ර.] ගැනීම; අල්ලා ගැනීම; ග්‍රහණය. 2. [නා.ප්‍ර.] භාජනය; බඳුන; ධාරකය. 3. [නා.ප්‍ර.] උසුලන ප්‍රමාණය. 4. [නා.ප්‍ර.] බැගෑපත් ඉල්ලීම; ඇවිටිල්ල; ආයාචනය. 5. [නා.ප්‍ර.] ඝ්‍රාණය; ගඳ සුවඳ දැනෙන ඉන්ද්‍රිය; නාසය.
ගහණත්, ගහනත්[නා.ප්‍ර.] නාසය අතක් කොට සිටින දෙවියා; ගණදෙවි.
ගහණපුට[නා.ප්‍ර.] නාස් සිදුර; නාස්පුඩුව.
ගහතරුව[නා.] ග්‍රහයකු ලෙස සලකනු ලබන තාරකාව; ග්‍රහයා.
ගහදොස[නා.] ග්‍රහයන්ගෙන් වන දෝෂය.
ගහන නිශ්‍රිත[වි.] කැලෑබද ව වෙසෙන; වනගත ව හැසිරෙන.
ගහන මාධ්‍යය(පාරිභා.) [නා.] අණු බහුල ව තිබීම නිසා ආලෝකයේ ගමන් කිරීමට අවහිර ඇති වන මාධ්‍යය.
ගහනය1. [නා.] ඝනව පිහිටි සමූහය; ඝනවනාන්තරය; මූකලාන; වනලැහැබ. 2. (පාරිභා.) [නා.] ඇතුළු කණේ අර්ධ කවාකාර අස්ථිත නළය. 4. (පාරිභා.) [නා.] ගණාවාසය.
ගහපති කුටිය[නා.] ගෘහපතියන් විසින් සංඝයාට කැප කොට පූජා කළ කුටිය.
ගහපතියා1. [නා.] ගෘහපතියා; ගෙදර ප්‍රධානයා; ගෘහමූලිකයා; ගැහැවියා. 2. [නා.] ගහපති කුලයට අයත් තැනැත්තා.
ගහමග(කථා.) [නා.] ග්‍රහයන්ගේ මාර්ගය; ආකාශය; ගුවන.
ගහමැණ, ගහමිණ[නා.] ග්‍රහයන් අතර මාණික්‍යයක් වැනි වූව; ඉර; සූර්යයා.
ගහරජ, ගහරද[නා.] ග්‍රහයන්ගේ රජ; චන්ද්‍රයා.
ගහවැස[නා.] ගිහිගෙය විසීම; ගෘහවාසය.
ගහළ[නා.ප්‍ර.] කුණු රොඩු; කුණු කසළ; අපද්‍රව්‍ය.
ගහළයා1. [නා.] පාරතොට අතුගාන්නා; කසළ ශෝධකයා. 2. [නා.] වධකයා; අලුගෝසුවා.
ගහ්වරය1. [නා.] කුහරය; ගුහාව. 2. (පාරිභා.) [නා.] මලක ඩිම්බ විකසනය වන කුහරය; කෝෂ්ඨය. 3. (පාරිභා.) [නා.] ශරීරයේ අවයවයක කුහරය; කෝෂිකාව.
ගහැදුරා[නා.] නැකැත් ශාස්ත්‍රය දත් තැනැත්තා; ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා.
ගළ1. [නා.ප්‍ර.] සමූහය; රාශිය; එකතුව; නිකාය. 2. [නා.ප්‍ර.] වන රොද; ගුම්බය; රාජිය. 3. [නා.ප්‍ර.] ඇත් කුඹය; හස්ති කුම්භය. [වි.] වැගුරුණු; ගළිත; ගළිහුණු.
ගළතනවා[ක්‍රි.] සම්බන්ධ කරනවා; ගළපනවා; ඈදනවා.
ගළනවා[ක්‍රි.] ගැට ගසනවා; බඳිනවා; සම්බන්ධ කරනවා.
ගළපනවා1. [ක්‍රි.] එකිනෙකට සම්බන්ධ කරනවා ; ඈඳනවා; සන්ධි කරනවා. 2. [ක්‍රි.] යෝග්‍ය කරනවා; අනුකූල තත්ත්වයකට පමුණුවනවා. 3. [ක්‍රි.] රචනා කරනවා; ප්‍රබන්ධ කරනවා.
ගළවටුව(කථා.) [නා.] කමත මැද සිටුවන කණුවේ හරකුන් බඳින ලණුවළල්ල.
ග්ලාන[වි.] ගිලන්; රෝගී; ලෙඩ වූ.
ග්ලානප්‍රත්‍යය[නා.ප්‍ර.] රෝගී වූ හෝ පීඩා හෝ පැවිද්දන්ට දිය යුතු බෙහෙත් ද්‍රව්‍ය, පථ්‍ය ආහාර ආදිය; ගිලන්පස.
ග්ලානිය[නා.] ගිලන් බව; ලෙඩ වීම.
ග්ලානෝපස්ථානය[නා.] ගිලනුන්ට උපස්ථාන කිරීම.
ග්ලැසියරය(පාරිභා.) [නා.] උස් බිම්හි හිමපතනය නිසා එකතු වී හිම ඉමෙන් ඉහළ මට්ටමේ සිට පොළෝ ආකර්ෂණය හේතු කොටගෙන නිම්නයක් ඔස්සේ බසින අයිස් කඳ (=glacier).
ග්ලිෂ්ට[වි.] 1. වැළඳගත් ; එකතුවූ. 2. සිලුටු ; රළු නැති. 3. (පාරිභා.) කැටි ගැසුණු.
ග්ලිසරින්(පාරිභා.) [නා.ප්‍ර.] උකු, ජලාකර්ෂක, අවර්ණ රසායන ද්‍රව්‍යයක්; ග්ලිසරොල් (=glycerine).
ග්ලූකෝස්[නා.ප්‍ර.] ආහාරයට ගත් විට ක්ෂණික ලෙස ශරීරයට උරා ගත හැකි සියුම් ව සැකසූ සීනි විශේෂයක්; මිදි සීනි; ඩෙක්ස්ට්‍රොස්.
ග්‍රථනය[නා.] ගෙතීම; එකට බැඳීම.
ග්‍රථිත[වි.] ගොතන ලද; ගැටගැසුණු.
ග්‍රන්ථ1. [නා.ප්‍ර.] පොත; පුස්තකය; ප්‍රබන්ධය. 2. [නා.ප්‍ර.] ගැට ගැසීම; බැඳීම. 3. [නා.ප්‍ර.] සත්ත්වයා සසර බඳින වෙළන ක්ලේශ ධර්ම. 4. [නා.ප්‍ර.] සමහර ගස්වල කඳේ සෑදෙන ගැට.
ග්‍රන්ථ ගෞරවය[නා.] පොතක අගනාබව.
ග්‍රන්ථ චෞරයා[නා.] අන්‍ය කෘතියක ඇතුළත් කරුණු අදහස් ආදිය ගෙන තමාගේ බව අඟවමින් ඉදිරිපත් කරන තැනැත්තා.
ග්‍රන්ථ ඥානය[නා.] පොත්පත් කියවීමෙන් ලබා ගන්නා නුවණ.
ග්‍රන්ථ ධුරය[නා.] ත්‍රිපිටක බුද්ධ ධර්මය කටපාඩමින් කර (ඉගෙන) සිත්හි දරාගැනීම.
ග්‍රන්ථ භාෂාව[නා.] පොත්පත් ලිවීමේ යොදා ගන්නා බස් වහර; ව්‍යාකරණානුකූල භාෂාව; ලියන බස.
ග්‍රන්ථකරණය[නා.] පොත්පත් ලිවීම; ග්‍රන්ථ සම්පාදනය.
ග්‍රන්ථධර[වි.] පොත් කියවා ලත් දැනුම ඇති; ග්‍රන්ථ කටපාඩමින් උගත්.
ග්‍රන්ථනය1. [නා.] ගෙතීම; වෙළීම; ඇමිණීම; ගැටගැසීම. 2. [නා.] ශරීරයේ උඩු සමට යටින් පිහිටි සියුම් නාලිකා එක් වී සෑදෙන තන්තු කෙඳි. 3. [නා.] ග්‍රන්ථකරණය.
ග්‍රන්ථවිශාරද, ග්‍රන්ථවිසාරද[වි.] ග්‍රන්ථ පිළිබඳ උසස් දැනුමක් හා පාණ්ඩිත්‍යයක් ඇති; ග්‍රන්ථ සම්පාදනයෙහි දක්ෂ.
ග්‍රන්ථශෝධක[නා.ප්‍ර.] ග්‍රන්ථයක අපපාඨ ආදිය නිවැරදි කොට ග්‍රන්ථ සංශෝධනය කරන්නා; ග්‍රන්ථ සංස්කරණය කරන්නා.
ග්‍රන්ථාංශය[නා.] ග්‍රන්ථයක කොටස ඡේදය හෝ පරිච්ඡේදය.
ග්‍රන්ථාගත[වි.] ග්‍රන්ථයක සඳහන් වී ඇති; පොත්වල ඇතුළත්.
ග්‍රන්ථාන්තර[නා.ප්‍ර.] වෙනත් පොතපත; අන්‍ය ග්‍රන්ථ. [වි.] පොතපතහි එන; ග්‍රන්ථවල ඇතුළත්.
ග්‍රන්ථාරම්භය[ග්‍රන්ථ+ආරම්භය] [නා.] පොතක පටන් ගැන්ම; පොතක ආරම්භයේ ලියන හැඳින්වීම හෝ ප්‍රස්තාවනාව.
ග්‍රන්ථාර්ණවය[ග්‍රන්ථ+අර්ණවය] [නා.] පොත් නමැති සාගරය.
ග්‍රන්ථාරූඪ[ග්‍රන්ථ+ආරූඪ] [වි.] ලේඛනයට / පොතපතට නැංවී ඇති; පොත්වල සටහන් වූ.
ග්‍රන්ථාවලිය[ග්‍රන්ථ+ආවලිය] [නා.] පොත් සමූහය.
ග්‍රන්ථි1. [නා.] ගැට; ගැටලු. 2. [නා.] සත්ත්ව ශරිරයේ ස්වයංක්‍රීය සෛලවලින් නිර්මිත ගැට වැනි ඉන්ද්‍රිය විශේෂය; කුද්දටි.
ග්‍රන්ථි අර්ථය[නා.] තේරුම් ගැනීමට අපහසු තැන්වල අදහස; දුරවබෝධ තැන්හි අර්ථය.
ග්‍රන්ථි ස්ථානය[නා.] ගැටලුවක් ඇති තැන; ගැටලු සහිත තැන; අර්ථය තේරුම් ගැනීමට දුෂ්කර තැන.
ග්‍රන්ථිකා[නා.ප්‍ර.] කෙටි ප්‍රබන්ධය; කිසියම් තනි සිද්ධියක් මුල් කොට ලියනු ලබන කෙටි කාව්‍යය.
ග්‍රන්ථිත1. [වි.] අමුණන ලද; වියන ලද; ගොතන ලද. 2. [වි.] රචනය කරන ලද. 3. [වි.] තේරුම් ගන්නට අමාරු; ගැටපද සහිත වූ.
ග්‍රන්ථිපද විවරණය[නා.] දුරවබෝධ පදවල අර්ථ පැහැදිලි කරමින් ලියන ලද ග්‍රන්ථය; ගැටපද විවරණය.
ග්‍රන්ථිම[නා.ප්‍ර.] (දඬු හෝ නටු එකට තබා) ගොතන ලද මල්දම; මල්මාලාව.
ග්‍රන්ථිය(පාරිභා.) [නා.] ශරීරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන නොයෙකුත් ස්‍රාව නිපදවන ඉන්ද්‍රියය (=gland).
ග්‍රසනිකාව[නා.] ගලනාලයේ උඩු කොනත් ශ්වාස නාලයත් නාසා කුහරයත් හමු ව උගුරු බිලයේ සැදෙන තුන් සන්ධියට අයිති කොටස.
ග්‍රස්ත1. [වි.] අල්ලා ගන්නා ලද; ග්‍රහණය කළ. 2. [වි.] වළඳනා ලද; කන ලද.
ග්‍රහ දෝෂය[නා.] (ජ්‍යෝති.) ග්‍රහයන් ගෙන් සිදු වෙතැයි සැලකෙන පීඩාව; ග්‍රහ අපලය.
ග්‍රහ පූජාව[නා.] ග්‍රහ අපල දුරු කර ගැනුම පිණිස ග්‍රහයන්ට කරනු ලබන පූජා විශේෂය; ග්‍රහයන්ගෙන් සිදුවන අපල දුරු කර ගැනීම උදෙසා කෙරෙන ශාන්ති කර්මය.
ග්‍රහ බලය[නා.] (ජ්‍යෝති.) කේන්ද්‍රයක ග්‍රහයන් පිහිටා ඇති භාව හා තත්ත්ව අනු ව ඒ ඒ ග්‍රහයා සතුවන බලය; මෙය පස් වැදෑරුම් වේ.
ග්‍රහ මණ්ඩලය[නා.] ග්‍රහ සමූහයා, සූර්යයා සහ පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සමූහය.
ග්‍රහ මුල්කඩ[නා.] මනාලිය මනාලයාගේ නිවසට කැන්දා ගෙන යාමේ දී මනාලියගේ මාපිය නෑදෑයන් විසින් රැගෙන යනු ලබන ආහාර, ගෘහභාණ්ඩ ආදිය; ගෘහ මුල්කඩ.
ග්‍රහ යුද්ධය(ජ්‍යෝති.) [නා.] ග්‍රහයන් දෙදෙනකු එක ම රාශියේ එක ම අංශක කලාවල ගමන් කිරීමේ දී ඇති වෙතැයි පැවසෙන අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ගැටුම.
ග්‍රහ රාශිය[නා.] තාරකා සමූහය; තරු පෙළ.
ග්‍රහ ලෝකය[නා.] ග්‍රහ තාරකාව; ග්‍රහ වස්තුව.
ග්‍රහ ශාන්තිය[නා.] ග්‍රහයන්ගෙන් සිදුවන අපල උවදුරු දුරුකර ගැනුම පිණීස පැවැත්වෙන බලිපූජා කර්මය; ශාන්ති කර්මය.
ග්‍රහ සමාගම1. (ජ්‍යෝති.) [නා.] චන්ද්‍රයා හා සමග අන්‍ය ග්‍රහයකු ඒකරාශීවීම. 2. [නා.] පස් දෙනකුට වඩා ග්‍රහයන් ඒකරාශීගත වීම.
ග්‍රහචාරය[නා.] ග්‍රහයන්ගේ හැසිරීම.
ග්‍රහණය1. [නා.] ගැනීම; අල්ලා ගැනීම. 2. [නා.] ඉගෙනීම; උද්ග්‍රහණය. 3. [නා.] අත; හස්තය. 4. [නා.] බන්ධනය; බැඳීම. 5. [නා.] ආදරය; ප්‍රේමය. 6. [නා.] සූර්ය ග්‍රහණය හෝ චන්ද්‍ර ග්‍රහණය.
ග්‍රහණිය1. [නා.] ක්ෂුද්‍රාන්ත්‍රයේ මුල් කොටස; ආමාශයේ සිට ශුන්‍යාන්ත්‍රකය තෙක් කොටස. 2. [නා.] ග්‍රහණි රෝගය. 3. [වි.] ගත යුතු; අල්ලා ගත යුතු.
ග්‍රහණිරෝගය[නා.] ග්‍රහණියෙහි හට ගන්නා රෝගය; බඩෙහි වේදනාව සහිත මල පහවීම.
ග්‍රහපති[නා.] ග්‍රහ තාරකාවගේ ප්‍රධානයා; ග්‍රහ නායකයා; සූර්යයා.
ග්‍රහයා1. [නා.] අවකාශයෙහි සූර්යයා වැනි තාරකාවක් වටා භ්‍රමණය වෙමින් එයින් ආලෝකය ලබන වස්තුව. 2. (ජ්‍යෝති.) [නා.] රවි, චන්ද්‍ර ආදි ග්‍රහයන් නවදෙනාගෙන් එකෙක්.
ග්‍රහයෝගය1. (ජ්‍යෝති.) [නා.] ග්‍රහයකු සුබ හෝ අසුබ ඵල ගෙන දීමේ බලයෙන් යමකුගේ තත්කාල කේන්ද්‍රයේ කිසියම් භාවයක යෙදීම. 2. (ජ්‍යෝති.) [නා.] ග්‍රහයන් දෙදෙනකු හෝ වැඩි දෙනකු කේන්ද්‍රයක එකම රාශියක යෙදීම; ග්‍රහ සංයෝගය.
ග්‍රහලෝකාගාරය[නා.] සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ තාරකාවන්ගේ ආකෘතිය හා ඔවුන් ගමන් කරන ආකාරය ආලෝක ධාරා උපයෝගී කොටගෙන ප්‍රදර්ශනය කරන (ස්තූපාකාර) ගර්භාගාරය.
ග්‍රහස්ඵුට(ජ්‍යෝති.) [නා.ප්‍ර.] යම් කාල මුහුර්තයක දී ග්‍රහයකුගේ නිශ්චිත පිහිටීම; තත්කාලයේ දී නිවැරදිව ම ග්‍රහයකු සිටින ස්ථානය.
ග්‍රහසුළං[නා.ප්‍ර.] ධ්‍රැවාසන්න ප්‍රදේශවල සිට සෞම්‍යකලාපික ප්‍රදේශ දිසාවට හමනු ලබන වායුධාරා; මූලික සුළං.
ග්‍රහීතෘ(දර්ශන) [නා.ප්‍ර.] ඉන්ද්‍රියයන් විසින් සිත වෙත පමුණුවන විෂය පදාර්ථයන් බුද්ධියේ මෙහෙයවීම අනුව ලබා ගන්නා තැනැත්තා; ආත්මය.
ග්‍රාම ඝාතකයා[නා.] ගම් පහරන සොරා.
ග්‍රාම ජ්‍යෙෂ්ඨයා[නා.] ගම්දෙටුවා; ගමේ නායකයා.
ග්‍රාම ද්වාරය[නා.] ගමට ඇතුළු වන දොරටුව; ගම් දොර.
ග්‍රාම ධර්මය, ග්‍රාම්‍ය ධර්මය[නා.] ස්ත්‍රි පුරුෂ සංසර්ගය; මෛථුන සේවනය.
ග්‍රාම භෝජකයා[නා.] ගමේ ප්‍රධානයා; ගමේ පරිපාලක නිලධරයා.
ග්‍රාම වාසය[නා.] ගම ඇසුරු කොට වාසය කිරීම.
ග්‍රාම සීමාව[නා.] ගමේ මායිම; ගමේ ඉම.
ග්‍රාමක්ෂේත්‍රය1. [නා.] ගමට අයත් කෙත්යාය. 2. [නා.] ගම් පෙදෙස.
ග්‍රාමජාත[වි.] ගමේ උපන්.
ග්‍රාමණිකාව[නා.] ගමෙහි වෙසෙන ස්ත්‍රිය; ගැමි ලිය.
ග්‍රාමණී[නා.ප්‍ර.] ගම් ප්‍රධානයා; ග්‍රාම නායකයා; ගමේ පාලකයා.
ග්‍රාමදාරක[නා.ප්‍ර.] ගම් වැසි දරුවා/ දැරිය.
ග්‍රාමය1. [නා.] නගරයෙන් පිටත ජනයා වාසය කරන ප්‍රදේශය; ගම. 2. [නා.] ජන සමූහය; සමූහය. 3. [නා.] ෂඩ්ජ ආදි සංගීත ස්වර සමූහය.
ග්‍රාම්‍ය1. [වි.] ගම ඇසුරෙහි වූ; ගම්බද. 2. [වි.] සභ්‍ය ලෙස නොසැලකෙන; ශිෂ්ට නොවූ.
ග්‍රාම්‍ය දෝෂය[නා.] පද්‍ය කාව්‍ය හා ගීත නිබන්ධයෙහි දී ශිෂ්ට නොවූ වචන හෝ අශ්ලීල අර්ථ ඇතුළත් කිරීමේ දෝෂය.
ග්‍රාම්‍ය ප්‍රයෝගය[නා.ප්‍ර.] ශිෂ්ට නොවන රචනා විධි; අව්‍යක්ත යෙදුම්.
ග්‍රාම්‍ය භාෂාව[නා.] අව්‍යක්ත භාෂාව; ගැමි වහර.
ග්‍රාම්‍ය වාසය[නා.] ගම ඇසුරු කොට විසීම.
ග්‍රාම්‍යය[නා.] අශිෂ්ට වචන යෙදීම.
ග්‍රාම්‍යාර්ථය[නා.] ගැමි අරුත; නොසරුප් සිතිවිල්ල.
ග්‍රාම්‍යාලාප[නා.ප්‍ර.] අසභ්‍ය කථා; නොසරුප් බස්.
ග්‍රාමාන්තය[නා.] ගම් කෙළවර; ගමේ සීමා ආසන්නය.
ග්‍රාමාන්තරය[නා.] අනෙක් ගම.
ග්‍රාමාරණ්‍යය[නා.] ගම අසල වූ කැළැබද පෙදෙස; ගමට අයත් වන පෙදෙස.
ග්‍රාමිකයා[නා.] ගමේ වාසය කරන්නා; ගැමියා.
ග්‍රාමීය[වි.] ගමට අයත්; ගමෙහි වූ.
ග්‍රාමීය විද්‍යාව[නා.] සත්ත්වයා අවට ලෝකය; (පරිසරය) හා බැඳීම පිළිබඳ ඉගැන්වෙන විද්‍යාව.
ග්‍රාසය1. [නා.] ගිල ගැනීම; අනුභවය. 2. [නා.] ආහාර පිඬ; බත්කට.
ග්‍රාහ විකාරය[නා.] යමක් ලබා ගැනීමේ බලවත් ආශාව නිසා ඇති වන ඔල්මාදය.
ග්‍රාහක1. [වි.] ගත යුතු වූ; ග්‍රහණය කළ හැකි වූ. 2. [වි.] (මුදල් ගෙවා) කොටස්කරු වූ; දායක වූ. 1. [නා.ප්‍ර.] මලක කොටස් දරා සිටින මල් නටුවේ කෙළවර; මලක අක්ෂය. 2. [නා.ප්‍ර.] විදුලි බුබුළු ආදිය දරා සිටීමට යොදන උපකරණයක්.
ග්‍රාහක ශක්තිය[නා.] යමක් ඉක්මනින් වටහා ගැනීමේ සමත්කම.
ග්‍රාහකයා1. (පාරිභා.) [නා.ප්‍ර.] සංවේදක ඉන්ද්‍රිය වූ ඇස්; කන්; නාසා ආදිය (=receptor). 2. [නා.ප්‍ර.] ලබන්නා; දායකයා.
ග්‍රාහය1. [නා.] ගැනීම; දැඩි ව ගැනීම. 2. [නා.] ආසක්තිය.
ග්‍රාහ්‍ය1. [වි.] ගත හැකි; ගත යුතු. 2. [වි.] අරමුණු වන; ඉන්ද්‍රියයන්ට ගෝචර වන. 3. [වි.] පිළිගත යුතු; ග්‍රහණය කළයුතු. [නා.ප්‍ර.] භාවනාවෙහි යෙදෙන යෝගියාගේ සිතට අරමුණ වන විෂය.
ග්‍රාහිකාව1. (පාරිභා.) [නා.] කඳුලැස්ස ආදි ශාකවල කොළයේ ඇති ගොදුරු ඇල්ලීමට උපකාර වන කෙඳිවලින් එකක් (=tentacle). 2. [නා.] බොහෝවිට සතුන්ගේ සිරුරේ ඉදිරිපස පිහිටි උන්ට ගවේෂණය; ස්පර්ශ කිරීම, ඇල්ලීම වැනි ක්‍රියා සඳහා උපකාර වන අවයවයක්.
ග්‍රාහිත[වි.] ගන්වන ලද.
ග්‍රැනයිට්[නා.ප්‍ර.] පොළොවෙහි ඉතා බහුල ව පවතින ආග්නේය පාෂාණ වර්ගයක නාමය; කළුගල්.
ග්‍රැපයිට්(පාරිභා.) [නා.ප්‍ර.] මිනිරන් (=graphite).
ග්‍රැමපෝනය, ග්‍රැමෆෝනය[නා.] කැරකෙන තැටියක වූ සර්පිලාකාර ඇලියක සටහන් කොට ඇති ශබ්ද, ඇලියෙහි ගමන් කරන ඉදිකටුවක කම්පනය මගින් නැවත උපදවා ගන්නා යන්ත්‍ර විශේෂයක්.
ග්‍රෑමය[නා.] ස්කන්ධය නැතහොත් බර මැනීමේ ඒකකයක්; කිලෝ ග්‍රෑමයකින් දහසෙන් පංගුව.
ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාව[නා.] ලෝකයේ නැගෙනහිර හා බස්නාහිර වෙන් කොට සූර්ය වේලාව ගණන් ගැනීමට යොදා ගත් කල්පිත දේශාංශ රේඛාව; ප්‍රථම මධ්‍යාහ්න රේඛාව (=Greenwich meridian).
ග්‍රිනිච් වේලාව[නා.] දේශාංශ 0° සේ සම්මත කොට ගෙන ගන ඇති එංගලන්තයේ ග්‍රිනිච් නගරය හරහා උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවයට වැටී ඇතැයි සැලකෙන කල්පිත දේශාන්තර රේඛාවට ඉර මුදුන් වන වේලාව අනු ව ගණන් ගනු ලබන රේඛාව.
ග්‍රිල්1. [නා.ප්‍ර.] උළුවහු ජනෙල් කවුළු හෝ බිත්ති කවුළු ආවරණය කිරීමට යොදා ගන්නා කොන්ක්‍රීට් ලී හෝ යකඩ ආදියෙන් තනා ගන්නා අලංකාර රාමු විශේෂයක්. 2. [නා.ප්‍ර.] යකඩ මැස්ස.
ග්‍රීව ග්‍රන්ථිය[නා.] උගුරු ඇටය.
ග්‍රීවච්ඡේදය[නා.] බෙල්ල කැපීම; ගෙල සිඳීම.
ග්‍රීවය[නා.] බෙල්ල; ගෙල.
ග්‍රීවා ධාතුව[නා.] (බුදුරජාණන් වහන්සේගේ) ග්‍රීවා අස්ථි ධාතුව.
ග්‍රීවාභරණය[නා.] බෙල්ලේ පලඳින ආභරණය.
ග්‍රීවාරාවය[නා.] උගුරෙන් නංවනු ලබන හඬ; කණ්ඨරාවය.
ග්‍රීෂ්ම[වි.] උණුසුම්; රස්නය ඇති. 1. [නා.ප්‍ර.] උණුසුම; රස්නය. 2. [නා.ප්‍ර.] ග්‍රීෂ්ම ධාතුව; ගිම්හානය.
ග්‍රීස්[නා.ප්‍ර.] යන්ත්‍රසූත්‍රවල ඇති වන ඝර්ෂණය අවම කරලීමට යොදනු ලබන ස්නේහ ද්‍රව්‍යයක්.
ග්‍රෛවී ග්‍රන්ථිය(පාරිභා.) [නා.] බෙල්ලේ තිබෙන වසා ග්‍රන්ථිවලින් එකක් (=cervical gland).
ගා(ර්)නට්[නා.ප්‍ර.] කාචමය ඛනිජ ගණයක්; බාල මැණික් විශේෂයක්; රබහ.
ගාං(ඤ්)චුව1. [නා.] දම්වැල්, පටි, මාල ආදියේ කොන් දෙක එකට සම්බන්ධ කරන කොකු විශේෂය. 2. [නා.] කඩදාසි ආදි දේ එකට ඇමිණීම සඳහා පාවිච්චි කරන කොක්ක (=clip).
ගාටනවා[ක්‍රි.] සෙමෙන් ගමන් කරනවා; නැවතිල්ලේ යනවා.
ගාඩ්1. [වි.] දුම්රියක සාමාන්‍ය භාරකාරත්වය පැවරී ඇති නිලධාරියා. 2. [වි.] යම්කිසි ස්ථානයක් හෝ දේපළක් හෝ මුරකරන තැනැත්තා.
ගාඩුල්‍යය(පාරිභා.) [නා.] පිටිකොන්ද උඩට නෙරා ගොස් ඇති වූ කුදය; ඔටු කුදය.
ගාඪ1. [වි.] ඉතා දැඩි; තද; ප්‍රබල. 2. [වි.] තේරුම් ගැනීමට අපහසු, සරල නොවූ; දුර්බෝධ. 3. [වි.] බොහෝ වූ; අධික; බහුල.
ගාඪාන්ධකාරය[ගාඪ+අන්ධකාරය] [නා.] දැඩි අඳුර, ඝනාන්ධකාරය; බහලාන්ධකාරය.
ගාඪාලිඞ්ගනය[නා.] තරයේ වැලඳ ගැනීම; දැඩි ආලිංගනය.
ගාණ1. (කථා.) [නා.] ගණන; සංඛ්‍යාව; මිල; ප්‍රමාණය. 2. (කථා.) [නා.] තැකීම; සැලකීම.
ගාත1. [නා.] මිනිස්, සිවුපා ආදින්ගේ අත/කකුල. 2. [නා.] මසට මැරූ සතකුගේ කලවය සහිත කකුල.
ගාත්‍රය1. [නා.] ශරීරය; සිරුර; ගත. 2. [නා.] අත හෝ කකුල; අවයවය.
ගාත්‍රාක්ෂරය[ගාත්‍ර+අක්ෂර] 1. [නා.] හල් අකුර. 2. [නා.] ව්‍යඤ්ජනාක්ෂරය; ගතකුර.
ගාත්‍රාඞ්කුරය[ගාත්‍ර+අඞ්කුර] (පාරිභා.) [නා.] සිරුරෙහි ගාත්‍රය වශයෙන් වැඩෙන කොටසේ අංකුර අවස්ථාව.
ගාත්‍රික[වි.] ගාත්‍ර හා සම්බන්ධ; ගාත්‍ර පිළිබඳ වූ.
ගාථා ධර්මය[නා.] ගාථාවක් මගින් ඉදිරිපත් කරන ලද (බුදු) දහම; ධර්මය ඇතුළත් කොට ප්‍රබන්ධ වූ ගාථාව.
ගාථාඞ්ගය[නා.] අංග නවයකට බෙදනු ලැබෙන බුද්ධ දේශනාවෙහි ගාථා වශයෙන් සැලකෙන අංශය හෙවත් කොටස.
ගාථාප්‍රබන්ධය[නා.] ගාථාවෙන් කරන ලද රචනය; ගාථා බන්ධනය.
ගාථාමාත්‍රය[නා.] ගාථාවක ප්‍රමාණය; එක් ගාථාවකට පමණක් සීමා වූ ධර්ම දේශනය.
ගාථාර්ධය[නා.] ගාථාවකින් දෙකෙන් පංගුව; ගාථා අඩ; ගාථා දෙපදය.
ගාථාව[නා.] පාද සතරකින් යුතු පාලි පද්‍යය.
ගාධ[වි.] (ජලයෙහි) වඩා නොගැඹුරු. [නා.ප්‍ර.] ජලයේ මිනිසකු පොවන තරම් ගැඹුරු ප්‍රදේශය; ජල කඳක පතුළ ස්පර්ශ කළ හැකි ස්ථානය.
ගාන පට්ටලය(පාරිභා.) [නා.] යතු ගාන යන්ත්‍රය. (=planing machine)
ගාන විද්‍යාව[නා.] ගායනය හා වාදනය පිළිබඳ ශාස්ත්‍රය; සංගීත ශාස්ත්‍රය; ගන්ධර්ව විද්‍යාව.
ගානය[නා.] ගායන කළ යුත්ත; ගීතය; ගායනය.
ගානවා1. [ක්‍රි.] ගී ගායනය කරනවා; සින්දු කියනවා. 2. [ක්‍රි.] සංගීත භාණ්ඩයක් වාදනය කරනවා. 3. [ක්‍රි.] තවරනවා; ආලේප කරනවා. 4. [ක්‍රි.] මුවහත් කරනවා; ඝර්ෂණය කරනවා. 5. [ක්‍රි.] සූරා දමනවා; සූරා ඔප මට්ටම් කරනවා. 6. [ක්‍රි.] (හිසකෙස් ආදිය) මුලින් ම කපා සූරා දමනවා.
ගාන්තය1. (කථා.) [නා.] නොසන්සුන්කම; දැඟලිල්ල. 2. (කථා.) [නා.] ආඩම්බරය; උඩඟුව.
ගාන්ධර්ව විවාහය[නා.] ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ තනි කැමැත්තට අනු ව කර ගන්නා සරණබන්ධනය.
ගාන්ධර්ව ස්වර[නා.බහු.] භාරත සංගීතයේ සප්ත ස්වර; ස, රි, ග, ම, ප, ධ, නි යන සංකේතවලින් දැක්වෙන ෂඩ්ජ, සෘෂභ, ගාන්ධාර, මධ්‍යම, පඤ්චම, ධෛවත, නිෂාද යන ශබ්ද ප්‍රභේද හත.
ගාන්ධර්වයා1. [නා.] එනම් දේවයෝනියට අයත් තැනැත්තා. 2. [නා.] සංගීතඥයා; සංගීතවේදියා.
ගානිෂී නියෝගය(පාරිභා.) [නා.] යම්කිසි ණය හිමියකුගේ ඉල්ලීම පිට ණයකරුවාට අන් අයකුගෙන් ලැබෙන්නට ඇති මුදලක් ගෙවීම තහනම් කරමින් උසාවිය විසින් නිකුත් කරනු ලබන නියෝගය (=garnishee order).
ගාම පරිච්ඡේදය[නා.] ගම් සීමාව; ගමේ මායිම.
ගාමක[වි.] චලනය ඇති කරන; ගමනයෙහි යොදවන; ගමන් කරවන.
ගාමකබලය(පාරිභා.) [නා.] ගමන හෝ චලනය ඇති කරන ශක්තිය (=motive power).
ගාමකාවාසය[ගාමක+ආවාස] [නා.] ගමෙහි වූ සංඝාවාසය; ගම තුළ වූ පන්සල.
ගාමණි(ණී)1. [නා.] ගමේ නායකයා; සමූහයකගේ ප්‍රධානය; ජන නායකයා. 2. [නා.] පැරණි සිංහල රජවරුන් ස්වකීය නමට ඈඳාගත් අභිධාන පදයක්.
ගාමන්තවාසියා[නා.] ගම් සීමාවෙහි වසන භික්ෂුව; ග්‍රාමවාසී භික්ෂුව.
ගාමභෝජකයා[නා.] ගමේ ප්‍රධාන නිලධාරියා; ගම්මුදලියා.
ගාම්භීර්යය[නා.] ගැඹුරුබව; උදාරබව.
ගාමාන්තරය[නා.] අන්‍ය වූ ගම.
ගාමිකයා1. [නා.] යන්නා; ගමන් කරන්නා. 2. [නා.] ගමෙහි වාසය කරන්නා; ගම්වැසියා.
ගාමූපචාරය[ගාම+උපචාර] [නා.] ගම අවට පිහිටි භූමි ප්‍රදේශය; ගම් සීමාවෙහි සිට මධ්‍යම ප්‍රමාණ පුද්ගලයකු ගසන ගලක් වැටෙන තරම් දුර ප්‍රමාණය ඇතුළත පිහිටි පෙදෙස.
ගාය1. [නා.] අසනීපය; රෝගය; ආබාධය; කායික වේදනාව. 2. (කථා.) [නා.] නොසන්සුන්කම; දැඟලිල්ල.
ගායකයා1. [නා.] ගී ගැයීමෙහි යෙදෙන්නා; ගායනයෙහි සමතා; සින්දු කියන්නා. 2. [නා.] ක්‍රිස්තියානි දේවස්ථානයක ගායක කණ්ඩායමට අයත් තැනැත්තා.
ගායනය[නා.] ගී කීම; ගී ගැයීම; සින්දු කීම.
ගාරය්හ[වි.] නින්දා කටයුතු; ගැරහුම් ලැබිය යුතු; නින්දිත; අධම.
ගාර්දිය[නා.ප්‍ර.] ආරක්ෂක ස්ථානය; මුරපොළ; මුර හමුදාව.
ගාරොඩි, ගාරෝඩි1. [වි.] ගොරෝසු; ගොරහැඩි; රළු. 2. [වි.] උඩඟු; අහංකාර; උද්ධච්ච.
ගාල1. [නා.] ඇතුන්, අසුන්, ගවයන් වැනි සතුන් කොටුකර තබන ස්ථානය; ගොවුද. 2. [නා.] සතුන් සමූහය; රංචුව; පට්ටිය. 3. [නා.] කරත්ත සහ වෙනත් වාහන නවත්වා තබන ස්ථානය. 4. [නා.] වැල් කුඩා ගස් ආදිය ගන සැරේට වැඩී ඇති ස්ථානය; ගොමුව : ගුම්බය.
ගාලගෝට්ටිය[නා.] සමූහයක් එකතු ව කරන ඝෝෂාව; පිරිසක් නගන මහත් ශබ්දය.
ගාල් කඳ[නා.] ගාල් දොරටුව අවුරා හරහට බැඳි ලීය.
ගාලි[නා.ප්‍ර.] දොස් කීම; වැරදි කීම; දෝෂාරෝපණය.
ගාලේ කැවීම(පාරිභා.) [නා.] ගාල් කරන ලද සතුන්ට එහි දී ම ආහාර ගැනීමට සැලැස්සීම (=stall feeding).
ගාව[නා.] අද්දර; වාටිය; ගැටිය. [නි.]. සමීපය; ළඟ.
ගාවුතය[නා.] දුර මනින පැරණි මිම්මක්; ගවුව.
ගාස්තුව[නා.] යම්කිසි සේවයක් සඳහා කරන ගෙවීම; සේවාවක් සඳහා අය කරනු ලබන මුදල; කුලිය.
ගැංග්ලියම(පාරිභා.) [නා.] ස්නායු තන්තු විහිදුවන ස්නායු සෛල සමූහය (=ganglion).
ගැට කපනවා[ක්‍රි.] මගීන්ගේ සාක්කු හෝ වෙනත් වටිනා දේ ඔවුන්ට නොදැනුවත්ව පැහැර ගන්නවා.
ගැට බෙරය[නා.] දෙ කොනට වඩා මැද මහතින් වැඩි වූ උඩරට වාද්‍ය කලාවට ආවේණික ව පවත්නා තූර්ය භාණ්ඩය; උඩරට මඟුල් බෙරය; දැල්ලිය.
ගැටකාරයා[නා.] කපටියා; වංචනිකයා; ප්‍රයෝගකාරයා.
ගැටපදය1. [නා.] තේරුම් ගැනීමට අපහසු වචනය; දුරවබෝධ පදය; ග්‍රන්ථිස්ථානය. 2. [නා.] ගැටලු සහ දුරවබෝධ පදවල අර්ථය පැහැදිලි කොට විස්තර කරන ග්‍රන්ථය.
ගැටමෝවිට(කථා.) [නා.ප්‍ර.] පැදුරු, මලු ආදිය නොලිහෙන පරිදි ගැට වැටෙන සේ දමන මෝවිට,
ගැටය, ගැටේ1. [නා.] ලනුවකින් හෝ නූලකින් එකිනෙක තදට පටලවා බඳින බැම්ම. 2. [නා.] බැම්ම. 3. [නා.] පොට්ටනිය; පොදිය. 4. [නා.] උණ ගස් ආදියෙහි පුරුක් සම්බන්ධ වන සන්ධිය. 5. [නා.] ගසක කඳෙහි කොළ එන ස්ථානය; ගස්වල කඳෙහි තැනින් තැන දක්නට ලැබෙන පලුද්ද. 6. [නා.] ඉරූ ලීයක තැනින් තැන පැන දක්නට ලැබෙන පලුද්ද. 7. [නා.] මනුෂ්‍ය ශරීරයෙහි මතුපිට තැන් තැන්වල සෑදෙන ගඩුවක් වැනි ගුටිය. 8. [නා.] නොමේරූ ගෙඩිය; ළපටි ඵලය. 9. [නා.] ගුලිය; ගුටිකාව. 10. [නා.] තේරුම් ගැනීමට අපහසු ස්ථානය. 11. [නා.] උපක්‍රමය; ප්‍රයෝගය. 12. [නා.] වතුර ගෙන ඒමට භාවිත කරනු ලබුකැටය.
ගැටයා[නා.] ළමාවිය ඉක්ම වූ තැනැත්තා; තරුණයා; ගැටවරයා.
ගැටලණුව1. [නා.] ගල් විසි කිරීම සඳහා ලණුවලින් වියා සකස් කරගත් උපකරණය. 2. [නා.] වියලණුව; ගැටබාන.
ගැටලුව[නා.] ගැට සහිත කරුණ; විසඳීමට අමාරු දෙය.
ගැටවටුව[නා.] භික්ෂූන්ගේ සිවුරෙහි කොනේ ගැටය අමුණන පුඩුව.
ගැටවරයා[නා.] කොලු වයසටත් තරුණ වයසටත් අතරෙහි වූ තැනැත්තා; නාම්බා; ඉළන්දාරියා.
ගැටවරුජාව[නා.] ප්‍රසූතිකාවන්ගේ ගර්භාශයෙහි ඇති වන වේදනාව.
ගැටවා[වි.] කෛරාටික : කපටි. 1. [නා.] ගැටය. 2. [නා.] ගැටයා; තරුණයා.
ගැටවුම(පාරිභා.) [නා.] සරනේරුව; අසව්ව (=hinge).
ගැටහූ1. [නා.ප්‍ර.] ගොතන ලද නූල්. 2. [නා.ප්‍ර.] රන්මුවා ඉදිරිපත් සටහන් ඇති ගෙල පලඳනාවක්.
ගැටිත්ත1. (පාරිභා.) [නා.] පැළෑටියක ඕනෑ ම තැනක ඇති වන කුඩා වටකුරු ගැටය. 2. (පාරිභා.) [නා.] ශරීරයේ ඇටයක හෝ කිසියම් ස්ථානයක ඇති පිටට නෙරාගිය වටකුරු කුඩා ගැටය.
ගැටිපරය(පාරිභා.) [නා.] මුහුදු වෙරළ දිගේ හුණුගල්වලින් සෑදුණු වැටියක් වශයෙන් පිහිටා ඇති පරය (=fringing reef).
ගැටිවැල1. (කථා.) [නා.] වේවැල් බට ආදියෙන් වියන වට්ටි ආදියේ ගැට්ට ශක්තිමත් කිරීමට ගැට්ට වටා යොදන වැල්පොට. 2. (කථා.) [නා.] බෙර දවුල් ආදියේ හම් තට්ටුව හිර කරන වළල්ල.
ගැටිස්සී[නා.ප්‍ර.] ගැටවර ස්ත්‍රී; ළමිස්සී; තරුණී.
ගැටෙනවා1. [ක්‍රි.] එකිනෙක වදිනවා; හැප්පෙනවා. 2. [ක්‍රි.] විරුද්ධ ව කථා කරනවා; වාද විවාද වෙනවා.
ගැඩවිලි ගියරය(පාරිභා.) [නා.] බඳ වටේට විශේෂ හැඩයකට කැපුණු දත් ඇති රෝදයක් සහ කරකැවෙන සර්පිල දණ්ඩක් සහිත ගියරය; සර්පිල ගියරය (=worm gear).
ගැඩොලිනියම්(පාරිභා.) [නා.ප්‍ර.] විරල පාංශු කාණ්ඩයට අයත් ලෝහමය මූල ද්‍රව්‍යයක් (=gadolinium)
ගැණි1. [නා.ප්‍ර.] ගණන් කරන තැනැත්තා; ගණකයා. 2. [නා.ප්‍ර.] ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශය.
ගැණිසැඟිණිය1. [නා.] සමූහයක් එක් ව විසීම, ඝෝෂාකාරී එක්රැස්වීම. 2. [නා.] යුක්තිය හෝ ආධාර ඉල්ලමින් කරන පැමිණිල්ල හෝ ඇවිටිල්ල.
ගැත්තර[නා.ප්‍ර.] සිංහල කුලයක්. 1. (කථා.) [වි.] ගැත්තර කුලයට අයත්; දාස. 2. [වි.] කෑදර; බඩජාරි.
ගැති1. [වි.] යටත්; අවනත. 2. [වි.] සතු; සන්තක.
ගැතිපත් වෙනවා[ක්‍රි.] දාස භාවයට පත්වෙනවා; යටහත් වෙනවා.
ගැතිමිඩිය[නා.] දාසිය; වහල් ස්ත්‍රිය.
ගැතියා, ගැත්තා[නා.] යටත් ව සිටින පුද්ගලයා.
ගැතිලි[නා.ප්‍ර.] වණ වූ තුවාලයක වැඳී තිබෙන සැරව.
ගැදැල්ල1. (කථා.) [නා.] කොළරොඩු. 2. (කථා.) [නා.] කොළරොඩු එකතු කරන කරුව.
ගැදිය1. [නා.] ගද්‍යය. 2. [නා.] ගද්‍ය රචනාව.
ගැනිමීඩි[නා.ප්‍ර.] බ්‍රහස්පති ග්‍රහයා වටා ගමන් කරන ඉතා ම ලොකු චන්ද්‍රිකාව.
ගැනිලි ගිණුම(පාරිභා.) [නා.] ව්‍යාපාරයකින් පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගන්නා මුදල් හා භාණ්ඩවල වටිනාකම ඇතුළත් කරන ගිණුම.
ගැනිස්ටර[නා.ප්‍ර.] සිලිකා ගඩොල් තැනීමට ගන්නා වූ වැලිගල් විශේෂයක්.
ගැනුම් ජර්නලය(පාරිභා.) [නා.] වෙළඳ ව්‍යාපාරයක් සම්බන්ධ ව මිල දී ගැනීම සඳහන් වන ජ' නලය (=purchase journal)
ගැනුම් මුදල[නා.] යම්කිසි භාණ්ඩයක් මිලදී ගත හැකි මුදල (=purchase money).
ගැනුම්පොත(පාරිභා.) [නා.] මිලට ගන්නා බඩු බාහිරාදිය පිළිබඳ විස්තර සඳහන් පොත (=purchase book).
ගැනුම්මිල[නා.ප්‍ර.] (විශේෂයෙන් වෙළඳාම සඳහා) භාණ්ඩයක් මිලට ගන්නා මුදල (=purchase price).
ගැනුම්ලැජරය, ගැනුම්ලෙජරය(පාරිභා.) [නා.] මිල දී ගන්නා බඩු පිළිබඳ විස්තර සඳහන් ගණන් පොත (=purchase ledger).
ගැප් රුජාව, ගැබ් රුජාව[නා.] විලි රුදාව; ප්‍රසූති වේදනාව.
ගැප් වෙනවා, ගැබ් වෙනවා[ක්‍රි.] ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.
ගැප් සිවිය[නා.] දරු ගැබ වසා සිටින සම; වැදෑ මස.
ගැප් සුන්වීම(පාරිභා.) [නා.] ඩිම්බකෝෂය ඉවත් කරනු ලැබීම (=spay ).
ගැප්(බ්) ගන්නවා[ක්‍රි.] දරුවකු පිළිසිඳ ගන්නවා.
ගැප්, ගැබ්[නා.ප්‍ර.] ගර්බ; ගැබ; ගබ.
ගැප්පෙරහර[නා.] ගැබිණියකට කළ යුතු ඇප උපකාර සහ දරු ගැබට කළයුතු ආරක්ෂා සංවිධානය.
ගැබ පිරෙනවා[ක්‍රි.] ගොයම් බණ්ඩි වෙනවා.
ගැබකුස[නා.] චෛත්‍යයක ධාතු ගර්භයේ ඇතුළත.
ගැබකොළය[නා.] ගොයම් ආදි ධාන්‍ය වර්ගවල ළපටි කරල අන්තර්ගත කොළය.
ගැබපෙරහර[නා.] ගබපෙරහර.
ගැබ් කරනවා[ක්‍රි.] අන්තර්ගත කරනවා; ඇතුළත් කරනවා.
ගැබ් ගන්නවා1. [ක්‍රි.] දරු ගැබක් පිහිටනවා. 2. [ක්‍රි.] ගොයම් ආදි ධාන්‍ය වර්ගවල කරල් ඉදෙනවා; බණ්ඩි වෙනවා.
ගැබ් වෙනවා1. [ක්‍රි.] ගැබ් හටගන්නවා; ගර්භයක් ඇති වෙනවා. 2. [ක්‍රි.] ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.
ගැබ්ගෙල[නා.] ගර්භාෂයේ පහළ කොටස; ගර්භාෂයේ යෝනි මාර්ගය තුළට නෙරා ඇති කොටස.
ගැබ්බර[වි.] දරු ගැබක් සහිත; ගැබ්ගත්.
ගැබ්සාරක(පාරිභා.) [වි.] ගර්භයේ වැටීම සිදු කරන; ගබ්සාව ඇති කරන (=ecbolic).
ගැබ්සාව[නා.] දරුගැබ විනාශ කිරීම හෝ විනාශවීම.
ගැබිනිය, ගැබින්න[නා.] ගර්භණී කාන්තාව.
ගැබිලිය[නා.] ගර්භණී කාන්තාව.
ගැබු[නා.ප්‍ර.] ගර්භය.
ගැම්ම1. [නා.] ගැන්ම ගැනීම; ග්‍රහණය. 2. [නා.] යමක් කිරීමේ දී යොදවන ශක්තිය. 3. [නා.] අතිරේක ශක්තිය; අතිරේක උනන්දුව. 4. [නා.] ප්‍රයෝජනය. 5. (කථා.) [නා.] අමාරු තත්ත්වය; අවදානම.
ගැමාකිරණය(පාරිභා.) [නා.] විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක්; මෙම කිරණවලට ඝන ලෝහ තහඩු විනිවිද යා හැකිය (=gamma ray).
ගැමි1. [වි.] ගමට අයිති; ගම හා සම්බන්ධ. 2. [වි.] ගමන් කරන; යන.
ගැමියා[නා.] ගමෙහි ජීවත් වන්නා; ගම්බද මිනිසා.
ගැමිවහර[නා.] ගම්බද ව්‍යවහාරය; ජනවහර.
ගැඹර, ගැඹුරු1. [වි.] මතුපිට සිට පතුළට සෑහෙන පරතරයක් ඇති; පතුළට බොහෝ දුර වූ. 2. [වි.] දුරදිග සිතා බලන; දූරදර්ශී; විචක්ෂණ. 3. [වි.] තේරුම් ගැනීමට අමාරු; දුරවබෝධ. [නා.] ජලාශයන්හි මතුපිටට යටින් පිහිටි හරිය; ඝන ප්‍රමාණය.
ගැඹුරු අවපාතය[නා.] ඉතා ම අඩු පීඩනය ඇති ස්ථානය.
ගැඹුරු ආමානය(පාරිභා.) [නා.] ගැඹුර මනින උපකරණය (=depth gauge).
ගැඹුරුසර[නා.] ගම්භීර ස්වරය; ගැඹුරු කටහඬ.
ගැල1. [නා.] කරත්තය. 2. [නා.] ගැලක පැටවිය හැකි බඩු ප්‍රමාණය. 3. [නා.] ලියවන පට්ටලයේ කොටසක්. 4. [නා.] අධික මහන්සිය.
ගැලතෙනවා[ක්‍රි.] ඉවත් නොවී එතැන ම ඇලී සිටිනවා; කිසියම් වැඩක් අතපසු කරමින් එය පමා කරනවා.
ගැලපත්[වි.] ගිලන් වූ; රෝගාතුර වූ.
ගැලය(පාරිභා.) [නා.] ගුරුත්වජ ත්වරණය මනින ඒකකය.
ගැලරිය1. [නා.] චිත්‍ර, ඡායාරූප ආදි කලාත්මක කෘති ප්‍රදර්ශනය සඳහා වෙන්වූ ශාලාව. 2. (කථා.) [නා.] නාට්‍යය හෝ චිත්‍රපටි ප්‍රදර්ශන ශාලාවක ඉදිරියේ ම තිබෙන ආසන පන්තිය.
ගැලවිජ්ජාව[නා.] යමකු යම් වරදකින් ගැලවීම සඳහා දරන උපක්‍රමය.
ගැලවුම් කාරයා, ගැළවුම් කරුවා1. [නා.] කෙනකුගේ ගැලවීම ඇති කරන්නා; විපතට පැමිණියකු ඉන් මුදාගන්නා තැනැත්තා. 2. (ක්‍රිස්ති.) [නා.] ක්‍රිස්තුස් වහන්සේ.
ගැල් අකුර[නා.] කරත්තයේ රෝද දෙක සම්බන්ධ කරන අලවංගුව; රථාක්ෂය.
ගැල් ඇදුරා[නා.] කරත්තකාරයා; ගැල්කරුවා; කරත්ත දක්කාගෙන යන්නා.
ගැල් දෙටුවා[නා.] කරත්ත කණ්ඩායමක නායකයා; ගැල් සමූහයක ප්‍රධානයා.
ගැල් ධුරය[නා.] කරත්තයේ ගොනා බඳින කඳ; වියගහ.
ගැල්නැබ, ගැල්නැඹ[නා.] කරත්ත රෝදයේ ගරාදි පිටතට විහිදී යන සේ ලියවා සකස් කළ චක්‍රාකාර මැද කොටස; රෝදයේ අලවංගුව දරන තැන; බොස්ගෙඩිය.
ගැල්බාව[නා.] ගැලක වියගහ සවි කළ අක්ෂයකට උඩින් දෙපස තිබෙන ලී දෙක; ගැල් තට්ටුව සවි කළ ලී කඳන් දෙක.
ගැල්රෑණ[නා.] කරත්තයේ බැඳි ගොනාගේ නාස්ලණුවට සම්බන්ධ ලණුව; තෝංලණුව.
ගැල්රිය[නා.] කරත්තය.
ගැල්ලා[නා.] කරත්තය දක්කන්නා.
ගැල්වනයිස් කරනවා(පාරිභා.) [නා.] (යකඩ හෝ වානේ මල බැඳීමෙන් වැළැක්වීම පිණිස) තුත්තනාගම් (සින්ක්) ආලේප කරනවා; ගැල්වනයිස් කරනවා.
ගැල්වනස්කෝපය, ගැල්වනොස්කෝපය(පාරිභා.) [නා.] විද්‍යුත්ධාරා හසුකර ගැනීමටත් ඒවා ගලා යන අත සොයා ගැනීමටත් භාවිත කරන උපකරණය (=galvanoscope).
ගැල්වනොමීටරය(පාරිභා.) [නා.] කුඩා විද්‍යුත් ධාරා ඇති නැති බව අනාවරණය කර ගැනීමත් ඒවායේ ප්‍රබලතාව මැන ගැනීමත් සඳහා පාවිච්චි කරන උපකරණයක්.
ගැල්වනොවර්තනය(පාරිභා.) [නා.] වැඩෙන ශාක අවයව තුළින් විදුලිය ගමන් කිරීමේ දී ඒවායෙහි ඇති වන වක්‍රතා සංසිද්ධිය; විද්‍යුත් උත්තේජයකට යම් ජීවියකු දක්වන ප්‍රතිචාරය; විද්යුතාවර්තනය.
ගැල්විය, ගැල්වියගහ[නා.] කරත්තයෙහි ගොනාගේ කරට තබා බඳින කුඩා හරස් ලී කඳ.
ගැල්සාත්තුව[නා.] කරත්ත සමූහය; ගැල් කණ්ඩායම.
ගැලැක්ටොමීටරය(පාරිභා.) [නා.] කිරිවල විශිෂ්ට ගුරුත්වය සෙවීමේ උපකරණය (=galacto meter)
ගැලැත්ත[නා.] කරත්තය; රථය.
ගැලි1. [නා.ප්‍ර.] ගාල; ගෝස්ථානය. 2. [නා.ප්‍ර.] වතුර බැස යෑම වැලැක්වීමට උසට බඳින වැටිය; වේල්ල.
ගැලිය1. [නා.] කරත්තය; යානය. 2. (පාරිභා.) [නා.] අකුරු යොදනයෙහි ලා අමුණා ගත් මුද්‍රණ අකුරු සමූහය තැන්පත් කරනු ලබන දිග ලෝහ හෝ ලී තැටිය; එසේ අමුණා ගත් තීරු පිටු වශයෙන් වෙන් නොකළ අකුරු පේළි ගොන්න.
ගැලියම්, ගැල්ලියම්(පාරිභා.) [නා.ප්‍ර.] ඉතා දුර්ලභ ගණයේ ලෝහමය මූල ද්‍රව්‍යයක්(=gallium).
ගැලී[නා.ප්‍ර.] තෙත්බිම; දිය සහිත භූමිය.
ගැලීනා(පාරිභා.) [නා.] ඊයම්වල ප්‍රධාන ලෝපස; ලෙඩ් සල්ෆයිඩ් (=galena)
ගැලීසෝදුපත[නා.] මුද්‍රණ ශිල්පයේ දී ලබා ගන්නා සෝදුපත් අතුරින් පළමුවැන්න.
ගැලුම, ගැලොම[නා.] ද්‍රව ධාරිතාව මනින මිම්මක්; පයින්ට් අටක හෙවත් බෝතල හයක ප්‍රමාණය.
ගැවසෙනවා[ක්‍රි.] පැතිරෙනවා; එක්රැස් වෙනවා; නිතර හැසිරෙනවා.
ගැසට් පත්‍රය[නා.] මහජනයාගේ දැනගැනීම පිණිස අවශ්‍ය නීතිරීති නිල නිවේදන ආදි කරුණු පළ කරනු ලබන රජයේ නිල පත්‍රිකාව.
ගැස්ට්‍රින්(පාරිභා.) [නා.ප්‍ර.] ආමාශයෙහි හයිඩ්රෝක්ලෝරින් අම්ල ස්‍රාවය උත්තේජනය කරන හා රුධිර පීඩනය වැඩි කරන හෝර්මෝනයක්.
ගැස්ම1. [නා.] කම්පනය; පීඩනය; වෙව්ලීම; තැතිගැන්ම. 2. [නා.] පිපිරීම; ඉරිතැලීම. 3. [නා.] හැප්පීම; වැදීම. 4. (පාරිභා.) [නා.] මොළයේ සංවේදී කොටස්වල හෝ චාලක කොටස්වල හෝ ක්‍රියාව හදිසියේ අවුල් වීම; අපස්මාරය. 5. (පාරිභා.) [නා.] ශරීරයේ මස්පිඬු හැකිලීම හා ලිහිල් වීම නිසා ඇතිවන කම්පනය (=clonic stage).
ගැස්සුම්වරණය(පාරිභා.) [නා.] යන්ත්‍රයක විශේෂයෙන් මෝටර් රථයක ගැස්සීම වැළැක්වීමේ උපකරණය (=anti-knock).
ගැස්සෙනවා1. [ක්‍රි.] හිටිහැටියේ තැති ගැනෙනවා, බයවෙනවා. 2. (කථා.) [ක්‍රි.] යම්කිසි වැඩක් බලාපොරොත්තු රහිත ව වැරදී යනවා; අසාර්ථක වෙනවා.
ගැසිනි මෙහෙය[නා.] අත්පය වෙහෙසා කරන වැඩ; බර වැඩ.
ගැසෙනවා, ගැහෙනවා2. [ක්‍රි.] සැලෙනවා; වෙවුලනවා. 3. [ක්‍රි.] පුපුරනවා; පැළෙනවා. 4. [ක්‍රි.] ඉපිලෙනවා; ස්පන්දනය වෙනවා.
ගැහැට[නා.ප්‍ර.] පීඩාව; කරදරය; හිරිහැරය.
ගැහැටියා[නා.] නොදියුණු තැනැත්තා; ම්ලේච්ඡයා.
ගැහැටුම1. [නා.] ඝට්ටනය; ගැටීම. 2. [නා.] හිරිහැරය; පීඩාව; ගැහැට. 3. [නා.] ඖෂධීය කොළ මල් ආදිය අඹරා සාදාගත් මිශ්‍රණය.
ගැහැනිය1. [නා.ප්‍ර.] ස්ත්‍රිය; කාන්තාව; කත; ලලනාව. 2. [නා.ප්‍ර.] අඹුව; බිරිය. [නා.] උපද්‍රවය; හිරිහැරය.
ගැහැවිනිය[නා.] ගෘහිණිය; ස්වාමිදුව.
ගැහැවියා1. [නා.] ගහපතියා; ගෙහිමියා. 2. [නා.] ගොවියා.
ගැහෙනවා1. [ක්‍රි.] පැළෙනවා; පුපුරනවා; ඉරිතළනවා. 2. [ක්‍රි.] වෙවුලනවා; සැලෙනවා.
ගැළත්ත, ගැළැත්ත[නා.] වටේට පෙළ ගැස්වූ කරත්ත සමූහය.
ගැළතිල්ල1. (කථා.) [නා.] කමතේ කොළ පෑගීමට එකට ඇඳූ මීහරක් සමූහය. 2. (කථා.) [නා.] මීගොන් ඈඳන ලණුව.
ගැළතුමසීසෑමේදී හා කොළ මැඩවීමේ දී යොදාගන්නා ගවයන් සිව්දෙනකු හෝ වැඩි ගණනක් එකට ඈඳාගත් හරක් සමූහය; වර්තය.
ගැළපිල්ල(පාරිභා.) [නා.] වෙනස හෝ අඩුව සකස් කිරීම; සමායෝජනය (=adjustment).
ගැළපෙනවා[ක්‍රි.] යෝග්‍ය වෙනවා; ඔබිනවා; සරිලනවා.
ගැළියාය[නා.] පිරීම; රාශියකගේ එක්රැස්වීම.
ගෑනු බෑය[නා.] ඇස් තුන තිබෙන පොල්ලෑය.
ගෑනුබින්න ඉඩම[නා.] ඉඩම් පංගු විශේෂයක්; බින්න ක්‍රමයට විවාහ වූ ස්ත්‍රියට පියාගෙන් උරුමවන ඉඩම.
ගෑනුමල[නා.] ස්ත්‍රී කේශර ඩිම්බ පමණක් ඇති මල; ජායාංගි පුෂ්පය.
ගෑරුප්පුව[නා.] ආහාර අනුභවය සඳහා පාවිච්චි කරන ඇඟිලි බෙදුණු හැන්දක් වැනි ලෝහමය උපකරණයක්.
ගෑලියාව(කථා.) [නා.] කෑමට ඇති තදබල ආශාව; කෑදරකම.
ගෑස්(පාරිභා.) [නා.ප්‍ර.] සාමාන්‍ය වායු ගෝලයේ උෂ්ණත්වයෙන් ඝන බවට හෝ ද්‍රවබවට පත් නොවන ඉන්ධනයක් වශයෙන් පාවිච්චි කළ හැකි වායු මිශ්‍රණය.
ගෑස් මැන්ටලය[නා.] ගෑස් ලාම්පුවේ ආලෝකය (ගිනිදලුව) රඳා සිටින දැල් තිරය; ගෑස් ලාම්පුවේ මැන්ටලය.
ගෑස් ලාම්පුව[නා.] ගෑස් වායුවට ගිනි ඇවිළවීමෙන් දැල්වෙන ලාම්පු විශේෂය.
ගෑස් ලිප[නා.] ගෑස් දැල්වීමෙන් ගිනි පත්තු කරන ලිප.
ගෑස් වෙස්මුහුණ(පාරිභා.) [නා.] විෂ වායුවලින් ආරක්ෂාවීමට යොදා ගන්නා මුහුණු වැස්මක් (=gas mask)
ගෑස්යාය[නා.] පොළොව යට තිබෙන ඛනිජ තෙල්වලින් හටගන්නා ගෑස් පැතිර තිබෙන විශාල භූමි ප්‍රදේශය.
ගෑස්සිලින්ඩරය[නා.] දහනය සඳහා ගන්නා වායුව තැන්පත් කොට තිබෙන සිලින්ඩරාකාර භාජනය.
ගිගිරාන, ගිරිරියාන(කථා.) [නා.] ගල්වලින් ගැවසුණු කඳු සහිත ප්‍රදේශය.
ගිගිරිය1. [නා.] ඉතා උස් හඬ; ගර්ජනය. 2. [නා.] ගෙජ්ජි; කිංකිණි.
ගිගිරිවළලු[නා.ප්‍ර.බහු.] නැට්ටුවන් පයේ හා අතේ ලන මිහිරි නාදයක් උපදවන වළලු විශේෂය.
ගිගිරුම[නා.ප්‍ර.] මහත් හඬ; ගර්ජනය.
ගිගුම[නා.] මහත් ශබ්දය; ඝෝෂාව; ගිගුරුම; ගර්ජනාව.
ගිගුම් දෙනවා[ක්‍රි.] මහත් ශබ්දයක් නගනවා; ගර්ජනාවක් කරනවා.
ගිගුරු පොට[නා.] නැට්ටුවන් පය බඳින ගිගිරි සහිත පට; ගෙජ්ජිවැල.
ගිජිඳු[ගජ+ඉඳු] [නා.ප්‍ර.] ඇත් නායකයා; හස්තිරාජයා; උතුම් ඇතා.
ගිජු[වි.] කෑදර; ලොල් වූ; ලෝභී. 1. [නා.ප්‍ර.] කෑදරකම; ආශාව. 2. [නා.ප්‍ර.] ඇතා; අලියා.
ගිඤ්ජකාවසථ[නා.ප්‍ර.] ගඩොලින් නිම කළ ගොඩනැගිල්ල.
ගිඩිය(කථා.) [නා.] වංගෙඩිය.
ගිණික, ගිණිය[නා.] වෛශ්‍යාව; ගණිකාව; නගර සෝභනිය.
ගිණුම[නා.] මුදල් ලැබීම හා වැයවීම පිළිබඳ ලිඛිත විස්තරය; ගනුදෙනු සම්බන්ධ ලේඛනය.
ගිතෙල්[නා.] එළකිරෙන් සාදා ගන්නා උකු තෙල් වර්ගය; එළඟි තෙල්.
ගින්න1. [නා.ප්‍ර.] කිසිවක් දැවීමේ දී ක්‍රියාකාරී වන ශක්ති විශේෂය; අග්නිය. 2. [නා.ප්‍ර.] කුස තුළ ආහාර පැසවීමට අවශ්‍ය දාහය; කුසගින්න.
ගිනි1. [වි.] පිලිස්සෙන ලද හෝ සැර. 2. [වි.] ගින්දර වැනි. 1. [නා.ප්‍ර.] ගින්න. 2. [නා.ප්‍ර.] අනු දිසාවක නාමය; ගිනිකොණ. 3. [නා.ප්‍ර.] පද්‍ය බන්ධනයෙහි නියමිත ගණ අටෙන් එකක්. 4. [නා.ප්‍ර.] පත්තිනි දේවියගේ අවතාර සතෙන් එකක්; ගිනි පත්තිනි.
ගිනි අඟුර1. [නා.] ගින්නෙන් පිලිස්සී දිලිසෙමින් තිබෙන අඟුරු කැබැල්ල. 2. (රූඪි.) [නා.] විශාල විපත්තිය; විනාශය.
ගිනි අලල[නා.] ගිනි රශ්මිය; ගින්නෙන් ඇති වන දැඩි උෂ්ණත්වය.
ගිනි අලාතය[නා.] ගිනි පෙනෙල්ල; ගිනි පන්දම.
ගිනි අව්ව(කථා.) [නා.] දැවෙන අව්ව; තද සූර්යතාපය.
ගිනි අවිය[නා.] ගිනි පිටවන ආයුධය; තුවක්කුව.
ගිනි අවුළුවනවා1. [ක්‍රි.] ගිනි දල්වනවා; ගින්දර පත්තු කරනවා. 2. [ක්‍රි.] කල කෝලාහල ඇති කරනවා.
ගිනි ඇඳිරිය(කථා.) [නා.] ඉර බැස යන වෙලාව; සැන්දෑව.
ගිනි ඇවිළෙනවා1. [ක්‍රි.] ගිනි පත්තුවෙනවා; ගිනි දැල්වෙනවා. 2. (කථා.) (රූඪි.) [ක්‍රි.] බලවත් දුක් වේදනාවකට පත් වෙනවා.
ගිනි උණ්ඩය[නා.] වෙඩි උණ්ඩය.
ගිනි උදුන[නා.] ලිප; පෝරණුව.
ගිනි එන්ජිම[නා.] ගින්න නිවීමට වතුර විදින යන්ත්‍රය; ගිනි නිවන යන්ත්‍රය.
ගිනි කටුව1. [නා.] ගිනිගල සමග ගටා ගිනි අවුළුවා ගැන්මට භාවිත කරන ලෝහ කැබැල්ල. 2. [නා.] ගින්නෙන් රත් කොට ශරීරයේ අවශ්‍ය ස්ථාන කැවීමට ගන්නා කටුව. 3. (කථා.) [නා.] කැති පොරෝ ආදිය මුවහත් කිරීමට ගන්නා වානේ කැබැල්ල.
ගිනි කඩදාසිය[නා.] ලී ආදියේ මතුපිට සූරා මට්ටම් කිරීමට පාවිච්චි කරන කඩදාසිය; වැලි කඩදාසිය.
ගිනි කඩනවා1. (කථා.) [ක්‍රි.] ගිනි මොලවනවා. 2. (කථා.) [ක්‍රි.] වෙඩි තියනවා. 3. (කථා.) [ක්‍රි.] පුලුස්සනවා.
ගිනි කනවා1. [ක්‍රි.] ගිනි රශ්මියෙන් පීඩා විඳිනවා. 2. [ක්‍රි.] නීතීඥයන් අය කරන මුදල සම්බන්ධයෙන් ද වෙළඳුන් අයුතු ලෙස ලාභ ලැබීම සම්බන්ධයෙන් ද යෙදේ.
ගිනි කන්ද[නා.] පොළොව අභ්‍යන්තරයෙහි පවතින ලෝදිය ගිනි අළු; ලෝ දිය, ගෑස් ආදිය නිතර හෝ කලින් කල උඩට විහිදී යන විවරයක් හෝ විවර වැඩි සංඛ්‍යාවක් සහිත කඳු ශිඛරය; යමහල (=volcano).
ගිනි කඳයා(කථා.) [නා.] තුවක්කුව.
ගිනි කබල[නා.] භාවිතය සඳහා ගිනි අඟුරු දමන භාජනය; අඟුරු කබල.
ගිනි කරනවා1. [ක්‍රි.] ගින්දර පත්තු කරනවා; ගිනි දල්වනවා. 2. [ක්‍රි.] ගින්නෙන් රත් කරනවා; ගිනියම් කරනවා; පිසිනවා. 3. [ක්‍රි.] බඩගින්න ඇති කරනවා.
ගිනි කලබ, ගිනි කලඹ[නා.] ගිනිගොඩ; අග්නි කලාපය.
ගිනි කසේට(කථා.) [ක්‍රි.වි.] ඉක්මනට; කඩිනමට.
ගිනි කිස1. [නා.] (වෛද්‍ය ප්‍රතිකාර විධියක් වූ) අග්නි කර්මය; ගිනිකම. 2. [නා.] අග්නි කෘත්‍යය; දැවීම; පිලිස්සීම; ආදාහනය.
ගිනි කීර[නා.] දැවෙන ලී පතුර; පත්තු වෙන ලී කූර.
ගිනි කුන්දං ගැහෙනවා(කථා.) [ක්‍රි.] (ගිනි ගොඩ ගැහෙනවා යනු වාච්‍යාර්ථයි) වැඩ වරදිනවා; මහත් අමාරුවට වැටෙනවා.
ගිනි කුන්දම(කථා.) [නා.] උග්‍ර කලහය; රණ්ඩුව; දබරය.
ගිනි කූටක(කථා.) [වි.] තද ග්‍රීෂ්මය සහිත; උෂ්ණාධික; දැවෙන.
ගිනි කූටකය, ගිනි කූටකේ[නා.] තද රශ්මිය; තද අව්ව.
ගිනි කූඩුව[නා.] වනගත දඩයක්කාරයන් රාත්‍රී කාලයේ දඩයමේ යන විට දල්වා ගෙන යන පහන් කූඩුවක්.
ගිනි කූර[නා.] එක් කෙළවරක වෙඩි බෙහෙත් දවටා ගින්දර දැල්වීම සඳහා උපයෝගී කරගන්නා කුඩා ලී කූර.
ගිනි කෙළිය1. [නා.] විනෝදය පිණිස මල් වෙඩි පත්තු කිරීමේ ක්‍රීඩාව. 2. [නා.] තොවිල් ආදියේදී ගිනිපන්දම් ගෙන නැටීම. 3. (කථා.) [නා.] උග්‍ර කෝලාහලය; විශාල රණ්ඩුව.
ගිනි ගසනවා, ගිනි ගහනවා1. [ක්‍රි.] ගින්දර පත්තු කරනවා; ගිනි මොළවනවා; ගිනි අවුළුවනවා. 2. [ක්‍රි.] කලකෝලාහල ඇති කරනවා; භේද භින්න කරනවා.
ගිනි ගෙඩිය[නා.] භයානක විපත; මහා විනාශය.
ගිනි ගොඩ1. [නා.] ගිනි රාශිය; ගිනිමැලය. 2. (රූඪි.) [නා.] කරදර රාශිය; කම්කටොලු රැස.
ගිනි ජාලාව[නා.] ඇවිලෙන ගින්නෙන් ඉහළ නගින මහා ගිනිදැල්ල; ඉහළ නගින ගිනිදැල් සහිත මහ ගින්න.
ගිනි තන[නා.] අග්නි ස්ථානය; නිරය.
ගිනි තපිනවා[ක්‍රි.] ගින්නෙහි උණුසුමෙන් ඇඟ රත් කර ගන්නවා.
ගිනි තබනවා, ගිනි තියනවා1. [ක්‍රි.] ගිනි තබනවා; යමකට ගිනි අවුළුවනවා. 2. [ක්‍රි.] දූසමාන ආරංචියක් සේ ඕපාදූප පතුරුවා හරිනවා.
ගිනි දල්වනවා[ක්‍රි.] ගිනි මොළවනවා; ගින්දර අවුළුවනවා.
ගිනි දලුව[නා.] ගිනිදැල්ල.
ගිනි දෙනවා1. [ක්‍රි.] ගිනි තබනවා. 2. [ක්‍රි.] තුවක්කුව පත්තු කරනවා; වෙඩි තියනවා. 3. (කථා.) [ක්‍රි.] කරදර හිරිහැර පමුණුවනවා.
ගිනි දෙවියා[නා.] ගින්නට අධිපති දෙවියා; අග්නි දේවතාවා.
ගිනි නිවනය(පාරිභා.) [නා.] ගින්නක් ඇති වූ විටක එය නිවා දැමීමට තාවකාලිකව යොදාගනු ලබන උපකරණයක්; උපකරණය. ගිනි නිවන
ගිනි නූල(පාරිභා.) [නා.] සේව නූල; හෙමින් එක ම වේගයෙන් ගිනි ඇවිල ගෙන යන නූලක්.
ගිනි පට්ටල[නා.] වළන් ආදිය දැවීමට සකස් කළ උදුන.
ගිනි පත්තුවෙනවා1. [ක්‍රි.] ගින්දර පත්තු වෙනවා; ගිනි ඇවිලෙනවා. 2. [ක්‍රි.] බලවත් දුක් වේදනාවකට පත් වෙනවා.
ගිනි පවුර[නා.] ප්‍රාකාරයක් මෙන් සෑදුණු ගිනි ජාලාව.
ගිනි පස්(කථා.) [නා.] ගිනි පෝරණුවල ගල් බැඳීම සඳහා ගන්නා පස් වර්ගය.
ගිනි පාගනවා[ක්‍රි.] ගිනි අඟුරු මත ගමන් කරනවා.
ගිනි පිඹිනවා[ක්‍රි.] ගිනි ඇවිළවීමට කටින් හෝ නලයකින් පිඹිනවා.
ගිනි පුපුර[නා.] ලෝහ, ගල් ආදිය එකට ගැටීමෙන් නගින පුලිඟුව; ගිනි පුලිඟුව.
ගිනි පූජාව[නා.] ගිනි දෙවියන් උදෙසා කරන පූජාව; හෝමය.
ගිනි පොලිය[නා.] අධික පොලිය; අසාධාරණ පොලිය.
ගිනි පෝරණුව[නා.] උළු ගඩොල් ආදිය පිලිස්සීම සඳහා සකස් කළ උදුන.
ගිනි බටය[නා.] ගිනි පිඹීමට පාවිච්චි කරන බටය.
ගිනි බඳිනවා1. [ක්‍රි.] බඩගින්න ඇති කරනවා; කුසගින්න වඩනවා. 2. [ක්‍රි.] ගිනි දල්වනවා.
ගිනි බලය[නා.] ආහාර පැසවීමේ ශක්තිය; කුසගින්න.
ගිනි බැලුම[නා.] ඇතුළේ ඇති වාතය රත් වූ විට අහසට නගින ලෙස තුනී කඩදාසිවලින් තනන ලද විශාල කූඩුව.
ගිනි බිඳිනවා(කථා.) [ක්‍රි.] වෙඩි තියනවා.
ගිනි බෝකරනවා(කථා.) [ක්‍රි.] ගිනි පත්තු කරනවා; පිඹීමෙන් / දර දැමීමෙන් ගින්න විශාල කරනවා.
ගිනි බෝම්බය[ක්‍රි.] ගොඩනැගිලි ආදිය ගින්නෙන් දවා විනාශ කිරීමට හෙලන බෝම්බ වර්ගය.
ගිනි මඩුව[නා.] දෙවියන්ගෙන් සෙත් පතා ගිනි පෑගීමෙන් කරන දේවපූජාව.
ගිනි මල1. (කථා.) [නා.] තුවක්කුව පත්තු කිරීමට සවිකරන කැප් එක. 2. [නා.] ගිනි පුපුර.
ගිනි මැලය[නා.] මොලවන ලද ගින්න; දැල්වෙන ගින්න.
ගිනි මැස්ස1. [නා.] පැලක ගිනි මෙළවීම සඳහා සෑදූ මැස්ස. 2. [නා.] යටින් ගිනි දල්වා කොප්පරා ආදිය වේළන මැස්ස. 3. (පාරිභා.) [නා.] ගෙයක ගිනි මොළවන ස්ථානයේ දර ගල් අඟුරු ආදිය දැමීමට සවිකර තිබෙන යකඩ ලී කූරු සහිත රාමු විශේෂයක් (=grate of fireplace).
ගිනි මොළවනවා, ගිනි මොලවනවා[ක්‍රි.] ගිනි අවුළුවනවා; ගින්දර පත්තු කරනවා.
ගිනි රක්ෂණය(පාරිභා.) [නා.] ගින්නෙන් සිදුවන හානි පිළිබඳ ව කරන රක්ෂණය.
ගිනි රොන්[නා.ප්‍ර.] ගින්නෙන් පිට වන ගිනිපුපුරු.
ගිනි වඩනවා[ක්‍රි.] කුසගින්න වැඩි කරනවා; ජඨරාග්නිය වර්ධනය කරනවා.
ගිනි වතුර1. [නා.] විෂබීජ නාශක ද්‍රව්‍යයක්. 2. [නා.] නයිට්‍රික් අම්ලය. 3. [නා.] මත්පැන්.
ගිනි වදනවා, ගිනි වදිනවා[ක්‍රි.] ගින්නට ඇතුළු වෙනවා; ගින්නට ප්‍රවේශ වෙනවා.
ගිනිකණ[නා.] ගිනිදලුව; ගිනිපුපුර; ගිනි පුලිඟු.
ගිනිකණ වැටෙනවා, ගිනිකණා වැටෙනවා[ක්‍රි.] දීප්තිමත් තද ආලෝකයක් ඇසට වැටීමෙන් ඇස තාවකාලික ව නොපෙනී යනවා.
ගිනිකම්[නා.ප්‍ර.] පිලිස්සීමෙන් සමහර රෝග සුව කිරීමට යොදා ගන්නා ක්‍රමයක්; අග්නි කර්මය.
ගිනිකාරකම(කථා.) [නා.] ශරීරයේ ඇති වන තද දාහ ගතිය.
ගිනිකොන[නා.] නැගෙනහිර හා දකුණ යන දෙදිශාව අතර පිහිටි අනු දිශාව.
ගිනිගණන[නා.] අධික මිල.
ගිනිගන්නවා1. [ක්‍රි.] ගිනි අල්ලනවා; ගිනි ඇවිලෙනවා; ගින්නෙන් දැවෙනවා. 2. [ක්‍රි.] මහත් විනාශයක් ඇති වෙමින් පවතිනවා.
ගිනිගල1. [නා.] සිලිකාවෙන් සෑදුණු තද ගල් වර්ගයක්. 2. [නා.] කතුරු පිහියා ආදී ආයුධ මුවත් තැබීමටත් ලෝහයක නුවුමනා කොටස් සූරා දැමීමටත් පාවිච්චි කරන උපකරණය.
ගිනිගල් තුවක්කුව(කථා.) [නා.] ගිනිගල් කැබැල්ලකින් ගිනි උපදවා වෙඩි බෙහෙත්වලට ගිනි ඇවිලවීමෙන් පත්තු කරන තුවක්කුව.
ගිනිගානවා[ක්‍රි.] ගිනිදඬු ඝර්ෂණය කොට ගිනි උපදවනවා.
ගිනිගෙය, ගිනිගේ1. [නා.] මිනී දැවීමට සාදන දරසෑය; ආදාහනාගාරය. 2. [නා.] ගිනි දෙවියන් පුදන ගෙය.
ගිනිදණ්ඩ1. [නා.ප්‍ර.] ගිනි ගාන දණ්ඩ. 2. [නා.ප්‍ර.] ගිනි ඇවිලුණු ලීය; ගිනි පෙනෙල්ල.
ගිනිදිගු[නා.ප්‍ර.] ගිනිකොන දිශාව.
ගිනිදිගු හිමි[නා.ප්‍ර.] ගිනිකොනට අධිපති අග්නි දෙවියා; ගිනිදෙවියා.
ගිනිදු බල[වි.] ආහාර දිරවීමේ ශක්තිය අඩු; බඩගිනි නැති.
ගිනිදුම්1. [නා.ප්‍ර.] ගින්නෙන් නගින දුම්. 2. [නා.ප්‍ර.] තුවක්කුව.
ගිනිනිවන හමුදාව(පාරිභා.) [නා.] ගිනි නිවීමට පුහුණු කරන ලද භට පිරිස.
ගිනිපත් ගහනවා(කථා.) [ක්‍රි.] ගින්න ඇවිලී යෑම සඳහා ගිනි අඟුරුවලට හුළං ගහනවා.
ගිනිපබා[වි.] ගිනිඑළිය මෙන් බබළන; ගින්දර මෙන් ප්‍රභාවත් වූ.
ගිනිපුද[නා.ප්‍ර.] ගිනි දෙවියන් උදෙසා පවත්වන පූජාව.
ගිනිබත් කරනවා[ක්‍රි.] ගින්නට ගොදුරු කරනවා; ගිනි තබා විනාශ කරනවා.
ගිනිමද්දහන(කථා.) [නා.ප්‍ර.] තද අවුව සහිත ඉර මුදුන් වේලාව; මධ්‍යාහ්න සමය.
ගිනිමැටි(පාරිභා.) [නා.ප්‍ර.] අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන මැටි; ලිප් මැටි.
ගිනිය[නා.] සිලිම් 21 ක් වටිනා පැරණි බ්‍රිතාන්‍ය කාසියක්.
ගිනියම[වි.] අධික ලෙස රත් වූ; තදින් උෂ්ණාධික වූ; උණුසුම් වූ. 1. [නා.] උෂ්ණත්වය; ශරීරයේ ඇති උණුසුම; දැවිල්ල; දාහය. 2. [නා.] අග්නි කර්මය; පිළිස්සීමෙන් කරන වෛද්‍ය කර්මය. 3. [නා.] උපදංශ රෝග විශේෂයක්.
ගිනියම්කාරයා(කථා.) [නා.] ඉක්මනට කෝපය ඇවිස්සෙන තැනැත්තා.
ගිනියවට[නා.] ගිනියම් වූ යකඩ ගුළිය.
ගිනිරාමෙට[ක්‍රි.වි.] වහ වහා; ගිනිසැරේට; කඩිනමින්.
ගිනිරොටුව(කථා.) [නා.] ගිනි ගොඩකින් දුම්ගුලි සමග ඉහළට විහිදෙන ගිනි ගුළිය.
ගිනිලනවා[ක්‍රි.] ගිනි තබනවා; පුච්චනවා.
ගිනිවට[නා.] ගිනි ගුළිය; ගිනි බෝලය.
ගිනිවර[නා.ප්‍ර.] ගින්නේ තැවීම; රත් කිරීම.
ගිනිවරණ(පාරිභා.) [වි.] සාමාන්‍ය තත්ත්වය යටතේ ගිනි නොගන්නා (=fireproof).
ගිනිවළ[නා.] දැවෙන ගිනි අඟුරුවලින් යුත් වළ.
ගිනිවාරක[වි.] ගිනි වළක්වන; ගින්නට නොදැවෙන.
ගිනිවැටිය(පාරිභා.) [නා.] පහනක හෝ තෙල් උදුනක ගිනි දැල්වෙන තිරය (=burner).
ගිනිවිත[නා.] ගිනිකබල.
ගිනිවිස[නා.] ගින්නක් මෙන් ශරීර දාහය ඇති කොට මරණයට පත් කරන විෂ; අග්නි විෂ.
ගිනිවෙඩි[නා.ප්‍ර.] පැරණි සිංහල වෙඩි වර්ගයක්.
ගිනිවෙස්1. [නා.ප්‍ර.] ගින්නට පුද පූජා කරන තැනැත්තා. 2. [නා.ප්‍ර.] ඊශ්වර දෙවියා.
ගිනිසිළ, ගිනිසුළ, ගිනිහුළ[නා.] සුළියක් මෙන් ඇවිළී නගින ගිනිදැල් සමූහය; ගිනිජාලාව.
ගිනිසිළුව[නා.] ගිනි දලුව; අග්නි ශිඛාව.
ගිනිසුරා[නා.] ගිනි දෙවියා.
ගිනිසෙණ, ගිනිහෙණ[නා.] ගිනිගෙන දිලිහෙන විදුලියත් සමග පොළොවට පාත් වන අසනිය.
ගිනිසොඬ නළය(පාරිභා.) [නා.] ගිනි නිවීම සඳහා ජලය ඉසීමට උපයෝගී කර ගන්නා නළ වර්ගයක් (=firehouse).
ගිනිහල[නා.] ගිනි තැපීම, හුණු පැන් නෑම ආදි කටයුතු සඳහා වෙන් වූ ගෙය.
ගිනිහලඹ(කථා.) [නා.] පත්තිනි හලඹ.
ගිනිහෙළනවා[ක්‍රි.] ගිනි උපදනවා.
ගිමන1. [නා.] ග්‍රීෂ්මය; උෂ්ණය. 2. [නා.] ගමන් බිමන් හා වැඩපල ආදියේ යෙදීමේ දී හටගන්නා විඩාව.
ගිමන් අරිනවා1. [ක්‍රි.] ග්‍රීෂ්මය නිවා ගන්නවා; ගිම් නිවනවා. 2. [ක්‍රි.] ශරීරයෙහි මහන්සිය නැති කරගන්නවා.
ගිමන්හල[නා.] මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මාර්ග අසල කරවන ලද විශ්‍රාම ශාලාව; අම්බලම.
ගිම්1. [නා.ප්‍ර.] ග්‍රීෂ්මය; උෂ්ණය; රස්නය. 2. [නා.ප්‍ර.] ග්‍රීෂ්ම කාලය; ගිම්හාන ඍතුව.
ගිම් නිවනවා[ක්‍රි.] ග්‍රීෂ්මය නිවනවා; මහන්සිය සංසිඳුවනවා.
ගිම්ඉතු, ගිම්ඉරිතු[නා.ප්‍ර.] ගිම්හාන සෘතුව.
ගිම්කල්[නා.ප්‍ර.] ග්‍රීෂ්ම කාලය; ගිම්හානය.
ගිම්රිවි[නා.ප්‍ර.] ග්‍රීෂ්ම කාලයේ සූර්යයා; චණ්ඩ සූර්යයා.
ගිම්හල1. [නා.] ගිමන්හල. 2. [නා.] ශාක වවන වීදුරු ගෙය; ශාකාගාරය.
ගිම්හාන තරණය(පාරිභා.) [නා.] ග්‍රීෂ්ම සෘතුවට ඔරොත්තු දීම පිණිස නිද්‍රාගත ස්වරූපයෙන් පසු වීම; ඇතැම් සත්ත්ව වර්ග සහ වෘක්ෂලතා සම්බන්ධයෙන් යෙදේ (=aestivation).
ගිම්හාන මෝසම්[නා.ප්‍ර.] ගිම්හානයේ දී ඇති වන තද උෂ්ණය හේතු කොට ගෙන මුහුදේ සිට ගොඩබිමට හමන සුළඟ.
ගිම්හාන සූර්යනිවෘත්තිය(පාරිභා.) [නා.] සූර්යයා කර්කටක නිවර්තනයට මුදුන් වන දිනය (=summer solstice).
ගිම්හානය[නා.] ග්‍රීෂ්ම සෘතුව.
ගිම්හෙළිය[නා.] තද ග්‍රීෂ්මය සහිත එළිමහන් ප්‍රදේශය.
ගිය[වි.] ගමන් කළ; පැමිණි; ප්‍රාප්ත වූ.
ගියකල1. [නා.] පසු වූ කාලය; ගත වූ කාලය; අතීතය. 2. (කථා.) [නා.] සිදුවූ දේ. [ක්‍රි.වි.] කල් ගෙවුණු; කාලය ගෙවීගිය පසු.
ගියර එළවුම1. (පාරිභා.) [නා.] ගියර් දැමීම (=gearing). 2. (පාරිභා.) [නා.] අවශ්‍ය ගියරයට අමුණා යන්ත්‍ර ගමන් කරවීම; ගියර අමුණා යන්ත්‍ර ගමන් කරවීම (=gear drive).
ගියර පෙට්ටිය(පාරිභා.) [නා.] ගියර් රෝද, ගියර් කරුව ආදි කොටස් අන්තර්ගත විශේෂ පෙට්ටිය (=gear box).
ගියරදැති(පාරිභා.) [නා.ප්‍ර.] ගියර රෝදවල ඇති විවිධාකාර දැති.
ගියරය(පාරිභා.) [නා.] මෝටර් රථවල එන්ජිම එක ම වේගයෙන් ක්‍රියා කරද්දී අක්ෂ දණ්ඩ වෙනස් වේගවලින් කරකැවීමට සලස්වන දෑතිරෝද පද්ධතියක් සහිත යාන්ත්‍රික උපකරණය (=gear)
ගිර1. [නා.ප්‍ර.] කන්ද; පර්වතය. 2. [නා.ප්‍ර.] වචනය; වදන.
ගිරග1. [නා.] පර්වතාග්‍රය; පර්වත ශිඛරය. 2. [නා.] බෙහෙත් ද්‍රව්‍ය අඹරන ගල.
ගිරග්ගසමජ්ජ[නා.ප්‍ර.] රජගහනුවර කලින් කල පවත්වන ලද නැටුම් ගැයුම් වැයුම්වලින් සමන්විත නාට්‍ය උත්සවයක්.
ගිරය[නා.] පුවක් ආදිය කැපීම සඳහා අල්ලන අඬු දෙකක් හා තියුණු තලයක් සහිත ආයුධය.
ගිරා1. (කථා.) [නා.ප්‍ර.] ගෘහය; ගෙය. 2. [නා.ප්‍ර.] වචනය; වදන; කථාව. 3. [නා.ප්‍ර.] ග්‍රහයා.
ගිරාමිණ[නා.] මැණික් වර්ගයක්; මරකත.
ගිරි1. [නා.ප්‍ර.] පර්වතය; කන්ද. 2. [නා.ප්‍ර.] ග්‍රීවය; බෙල්ල; කණ්ඨය. 3. [නා.ප්‍ර.] අංකුරය; රිකිල්ල.
ගිරි උයන[නා.] පාෂාණ මත පිහිටි උයන.
ගිරි ඌල[නා.] පර්වතයෙහි පිහිටි උල්පත; කඳු ඌල.
ගිරිකුහර[නා.ප්‍ර.] ගල් පර්වතයක හෑරීගිය කොටස හෝ සිදුර.
ගිරිකුළ[නා.] කඳුමුදුන; පර්වත කූටය.
ගිරිගබ්භාරය[නා.] පර්වතයක පිහිටි ගුහාව.
ගිරිගහනය[නා.] පර්වත සහිත කැලෑ ප්‍රදේශය.
ගිරිගුහාව[නා.] පර්වතයක පිහිටි ගුහාව.
ගිරිතර(පාරිභා.) [වි.] ගිරි අතර; කඳු අතර වූ (=intermontane).
ගිරිතලාව[නා.] කන්දක පිහිටි සම බිම; ගල්තලාව.
ගිරිතිය1. [නා.] කිතිය. 2. [නා.] කරදරය; හිරිහැරය.
ගිරිදන්ත(පාරිභා.) [නා.ප්‍ර.] ආහාර ඇඹරීම සඳහා පිළියෙල වී ඇති කොපුල් දත් (=bunodont).
ගිරිදඹය, ගිරිදඹේ(කථා.) [නා.] තද බෑවුම් සහිත කන්ද.
ගිරිදරය[නා.] කෙළින් උසට පිහිටි කන්ද; කඳු ප්‍රපාතය.
ගිරිදා(කථා.) [නා.ප්‍ර.] ළා බුලත් දලු; ගිරිදා නම් වූ බුලත් වැල් විශේෂය.
ගිරිදැදුරු[නා.] පර්වතයෙහි බෙදීගිය හෝ බිඳීගිය තැන.
ගිරිදැල්ල(කථා.) [නා.] ළා ගෙඩිය; ළපටි ගෙඩිය.
ගිරිදුර්ග[නා.ප්‍ර.] කඳුවලින් වට වූ ගමනට දුෂ්කර ප්‍රදේශය; කඳුකර දුර්ග මාර්ගය.
ගිරිදොළ[නා.] කන්දෙන් කඩා වැටෙන ජල ධාරාව; දිය ඇල්ල.
ගිරිඳා[නා.] පර්වතරාජයා; මහාමේරු පර්වතය; මන්දර පර්වතය.
ගිරිපථය(පාරිභා.) [නා.] කඳුකර පාර; පර්වත මාර්ගය.(=mountain track).
ගිරිපය[නා.] පර්වත පාදය; කඳු බෑවුම.
ගිරිපාද(පාරිභා.) [නා.ප්‍ර.] පර්වත පාදය; කඳු පාමුල.(=piedmont).
ගිරිබිත[නා.] පර්වත භිත්තිය.
ගිරිබෙයද, ගිරිබෙයන්ද[නා.] පර්වතයෙහි ගැට්ට; පර්වත පාර්ශ්වය.
ගිරිභණ්ඩ පූජාව1. [නා.] පැරණි ලක්දිව හෙළ රජදරුවන් විසින් පැවැත්වූ ආගමික උත්සවයක්. 2. [නා.] පර්වතයක් ආකාරයට පිරිකර ගොඩ ගසා සංඝයාට පූජා කරමින් මහාදාඨික මහානාග රජතුමා විසින් පැවැත්වී යැයි සඳහන් පින්කම.
ගිරිය1. [නා.] ග්‍රීවය; බොටුව; උගුර. 2. [නා.] බීජයකින් ඇදෙන රිකිල්ල; අංකුරය. 3. (කථා.) [නා.] කියතකින් ඉරන විට ලී කුඩු පතිත වීම සඳහා පිළියෙල වී ඇති කියත් දැති දෙකක් අතර ඇති හිඩැස.
ගිරිය පුප්පනවා(කථා.) [ක්‍රි.] කෑ ගහනවා; යටිගිරියෙන් කෑගහනවා; මහ හඬින් කතා කරනවා.
ගිරිලිපි[නා.ප්‍ර.] පිහිටි ගලේ කොටන ලද සෙල්ලිපි.
ගිරිලෙන[නා.] පර්වතයක පිහිටි ගුහාව; ගිරිගුහාව.
ගිරිශිඛරය, ගිරිශෘංගය[නා.] කඳු මුදුන; පර්වත කූටය.
ගිරිස1. [නා.ප්‍ර.] කඳු මුදුන; පර්වත මස්තකය. 2. [නා.ප්‍ර.] ඊශ්වර දෙවියා.
ගිලටීනය1. [නා.] යුරෝපා රටවල හිසගසා දැමීම සඳහා භාවිත යන්ත්‍රයක්. 2. [නා.] මුද්‍රණ ශිල්පීන් විසින් කඩදාසි හා පොත්වල දාර කැපීම සඳහා භාවිත යන්ත්‍රය; කඩදාසි කපන මැසිම.
ගිලන් මැස්ස[නා.] ගිලනුන් ශයනය කරවා එහා මෙහා ගෙන යාම සඳහා භාවිත කරන උපකරණයක්.
ගිලන් රථය[නා.] ගිලනුන් ගෙන යන වාහනය.
ගිලන්ගෙය, ගිලන්ගේ[නා.] ගිලනුන් හා ආබාධිතයන් නවත්වා ගෙන ඔවුන්ට වෛද්‍ය ආදි උපස්ථාන කරන ශාලාව; රෝහල.
ගිලන්පස[නා.] භික්ෂූන් සඳහා නියමිත පාන විශේෂ; ගිලාන පච්චය; ගිලානප්‍රත්‍යය; සිව් පසයෙන් එකක්.
ගිලනා[නා.] ගිලන් වූ තැනැත්තා; ලෙඩා; රෝගියා; ආතුරයා.
ගිල්ඩය(පාරිභා.) [නා.] සුඵ හස්තකර්මාන්ත, ගෘහ කර්මාන්ත ආදිය කරන්නන්ගේ ශ්‍රේණිය (=guild).
ගිල්ම1. [නා.] ඇල්ල; දිය ඇල්ල. 2. [නා.] ජලය ගැලීම; ගංවතුර. 3. [නා.] නිතර ජලයෙන් යට වන භූමිය.
ගිල්ලන කෝදුව, ගිල්වන කෝදුව(පාරිභා.) [නා.] එන්ජිමක තෙල් බඳුනෙහි තෙල් මට්ටම පරීක්ෂා කර බැලීම සඳහා තිබෙන මිණුම් දණ්ඩක් වූ කූර (=dipstick)
ගිල්ලනවා, ගිල්වනවා[ක්‍රි.] ජලයෙහි, පොළොවෙහි හෝ යම්කිසි දෙයක් ඇතුළට යමක් යවනවා; ඇතුළට කවනවා.
ගිල්ලවන කටුව(පාරිභා.) [නා.] ඇණ ඇතුළට ගිල්වීම පිණිස පාවිච්චි කරන උපකරණය; පොංචිය (=nail punch, nail set).
ගිල්ලවනවා1. [ක්‍රි.] උගුරෙන් පහතට යවනවා; ගිලින්ට සලස්වනවා. 2. [ක්‍රි.] ලී යකඩ ආදියෙහි මෝස්තර ඇතුළට ඔබ්බනවා.
ගිල්ලුම් කට(පාරිභා.) [නා.] යම්කිසිවක් ඇතුළට එබ්බවීම සඳහා තනා ගන්නා විවරය; විශේෂයෙන් ලෝහ, මැටි, ලාක්ෂා ආදි කර්මාන්තවල දී මෝස්තර ගිල්ලවීම සඳහා තනා ගන්නා කැපුම හෝ විවරය (=recess).
ගිලා බසිනවා[නා.] කිඳා බසිනවා; ගිලෙනවා.
ගිලානෝපස්ථානය[නා.] ගිලනුන්ට කරන උපස්ථානය.
ගිලිනවා1. [ක්‍රි.] ආහාරපානාදිය මුඛයෙන් උගුරු ඔස්සේ ආමාශය කරා යවනවා. 2. [ක්‍රි.] ඉක්මනට ආහාර බුදිනවා.
ගිලිහෙනවා1. [ක්‍රි.] යමක් තිබෙන තැනින් ගැලවී වැටෙනවා; ගැලවෙනවා; හැලෙනවා; වැගිරෙනවා. 2. [ක්‍රි.] අවහිරයකින් බේරෙනවා. 3. [ක්‍රි.] චුත වෙනවා. 4. [ක්‍රි.] සිටි තැනින් තල්ලු වී යනවා; තනතුරු ආදියෙන් ඉවත් වීමට සිදුවෙනවා.
ගිලෙනවා[ක්‍රි.] ජලය ආදියෙන් යට වෙනවා; නිමග්න වෙනවා; කිඳා බහිනවා.
ගිව1. [නා.] බෙල්ල; ග්‍රීවය; කණ්ඨය. 2. [නා.] ආපසු යැවීම.
ගිව්බරණ[නා.ප්‍ර.] බෙල්ලේ පලඳින ආභරණ; ග්‍රීවාභරණ.
ගිවිස ගන්නවා1. [ක්‍රි.] පොරොන්දුවක් ඇති කර ගන්නවා; පක්ෂ අතර සම්මුතියෙන් එකඟ බව ඇති කර ගන්නවා. 2. [ක්‍රි.] ප්‍රතිඥා දෙනවා; බාර ගන්නවා.
ගිවිසිනවා1. [ක්‍රි.] යමක් කිරීමට පොරොන්දු වෙනවා; එකඟ වෙනවා; ප්‍රතිඥා දෙනවා. 2. [ක්‍රි.] කිසියම් කියමනක් ඉල්ලීමක් හෝ මතයක් පිළිගන්නවා. 3. [ක්‍රි.] සොයා බලනවා; සෝදිසි කරනවා.
ගිවිසුම1. [නා.] දෙපක්ෂයක් ඇති කර ගන්නා ලිඛිත පොරොනදුව; ප්‍රතිඥාව. 2. (පාරිභා.) [නා.] කොන්ත්‍රාත්තුව; දෙපක්ෂයක් අතර ඇති කර ගන්නා එකඟතාව. 3. (ක්‍රිස්ති.) [නා.] අලුත් සහ පරණ තෙස්තමේන්තුව.
ගිවිසුම් ඔප්පුව(පාරිභා.) [නා.] ගිවිසුමක කොන්දේසි ඇතුළත් නීත්‍යනුකූල ලියවිල්ල.
ගිවිසුම් නීතිය[නා.] නොයෙක් ආකාර ගිවිසුම් හෙවත් පොරොන්දු පිළිබඳ වලංගු නීතිය.
ගිවිසුම් ලේඛනය[නා.] ගිවිසුමට අදාළ නිදහස් කිරීමේ හෝ සීමා කිරීමේ කොන්දේසි සහිත ලිඛිත පත්‍රය.
ගිහි බන්ධනය[නා.] ගිහි ජීවිතයට බැඳී සිටීම; ගෘහවාසය; විවාහ ජීවිතය.
ගිහි වාසය[නා.] ගිහි ව විසීම; ගිහිගෙයි වාසය.
ගිහි විනය1. [නා.] ගිහියකු විසින් පිළිපැදිය යුතු ධර්ම කොට්ඨාසය; ගිහියන්ට නියමිත ශික්ෂණ මාර්ගය. 2. [නා.] බෞද්ධ සූත්‍රදේශනාවක්; සිඟාලෝවාද සූත්‍රය.
ගිහියා[නා.] ගිහි ජීවිතයක් ගත කරන්නා; ගෘහස්ථයා.
ගිහිවත[නා.] ගිහියකු පිළිපැදිය යුතු පිළිවෙළ; ගිහිගෙයි පැවතුම් පිළිවෙළ.
ගී1. [නා.ප්‍ර.] නිශ්චිත මාත්‍රා ගණනකට අනුව බැඳි පැදි විරිත් විශේෂය; ගීය. 2. [නා.ප්‍ර.] ගිතෙල්. 3. [නා.ප්‍ර.] ගමන; ගමන් කිරීම. 4. [නා.ප්‍ර.] මරණින් පසු උපත. 5. [නා.ප්‍ර.] ආකාරය; ස්වභාවය; ගතිය.
ගී නාලය(පාරිභා.) [නා.] පක්ෂීන්ගේ නාද උපදවන ඉන්ද්‍රියය; පක්ෂීන්ගේ ශබ්දේන්ද්‍රිය.
ගී මඩුව[නා.] දේවස්තෝත්‍ර ගායන සහිත ශාන්තිකර්මය.
ගීතය1. [නා.] ගායනා කළ හැකි පද්‍ය නිබන්ධය; ගීතිකාව; සින්දුව. 2. [නා.] ගායනය; ගී කීම.
ගීතාවලිය[නා.] ගී සමූහය; ගී මාලාව.
ගීතිකාව1. [නා.] ගීතය; ගායනය; ගීය. 2. [නා.] යාච්ඤා වශයෙන් ගයන ගීය; සමූහ වශයෙන් ගයන ගීය.
ගීනළුව[නා.] ගීත නාටකය; ගීතමය නාට්‍යය.
ගීසරය1. (පාරිභා.) [නා.] වරින්වර උණු ජලය හා වාෂ්ප වේගයෙන් පිට කරන උල්පත. 2. (පාරිභා.) [නා.] කෑම නෑම ආදිය සඳහා අවශ්‍ය වේලාවට ක්ෂණික ව දිය උණුකර දෙන උපකරණයක් (= geyser).
ගුගුම් හඬ[නා.] ඝෝෂා ශබ්දය.
ගුගුරනවා[ක්‍රි.] මහත් හඬ නංවනවා; ගර්ජනා කරනවා.
ගුගුරුව(පාරිභා.) [නා.] ආශ්වාස කිරීමේ දී යම්කිසි අවහිරයක් නිසා ඇතිවන ශබ්දය.
ගුච්ඡය1. [නා.] (මල් ආදිය) මිටිය; කලාපය; පොකුර. 2. [නා.] (පාරිභා.) ප්‍රාග් වෘත්තයේ දෛහ පිණ්ඩවල ගුච්ඡිකාවන් එක්කාසු වීමෙන් සෑදුණු තනි කේශනාලිකා ගුළිය. (= glomus).
ගුච්ඡිකාව(පාරිභා.) [නා.] පෘෂ්ඨවංශී වෘක්කයෙහි බෝමන් ප්‍රාවරය තුළ පිහිටි කේශනාලිකා රොත්ත.
ගුටිකාව1. [නා.] ගෝලාකාර කුඩා දෙය; ගුළි කරන ලද දෙය; ගුළිය. 2. [නා.] පැන් බොන බඳුන.
ගුටිය1. [නා.] ගුළි කරන ලද හෝ කැටි කරන ලද දෙය; ගුළිය. 2. [නා.] මිට මොළවා දෙන පහර.
ගුඩ1. [නා.ප්‍ර.] උක් හකුරු; උක් සීනි. 2. [නා.ප්‍ර.] ගුළිය; බෝලය. 3. [නා.ප්‍ර.] ඇතාගේ පිටේ එළන ඇතිරිල්ල.
ගුඩ්ඩා1. (කථා.) [නා.] ලෝභියා; ගිජු තැනැත්තා. 2. (කථා.) [නා.] මෝඩයා; පුහු අදහස් ඇති තැනැත්තා. 3. (කථා.) [නා.] මහලු තැනැත්තා; වයසක පුද්ගලයා; බුඩ්ඩා.
ගුඩු[නා.ප්‍ර.] එළිමහනේ කළ යුතු සාම්ප්‍රදායික ක්‍රීඩාවක්.
ගුඩුපොල්[නා.ප්‍ර.බහු.] දිය සිඳී මදය වියළී ගිය පොල් ගෙඩි; කොට්ට පොල් ගෙඩි.
ගුණ නාමය1. (ව්‍යාක.) [නා.] ගුණවාචක නාමය. 2. [නා.] නාම පදයකට මුලින් විශේෂණ වශයෙන් යෙදෙන පදය.
ගුණ වර්ණනාව[නා.] යහපත් ලක්ෂණ පිළිබඳ කථනය; ගති පැවතුම් පිළිබඳ වැනුම; ගුණ කිර්තනය.
ගුණ සම්භාවනාව[නා.] ගුණයට ගරු බුහුමන් කිරීම.
ගුණ සුවඳ[නා.] ගුණය නැමැති සුවඳ.
ගුණකය[නා.] යම්කිසි ගණනක් ගුණ හෙවත් වැඩි කිරීමට යොදා ගන්නා අනෙක් සංඛ්‍යාව.
ගුණකරනවා1. [ක්‍රි.] වැඩි කරනවා. 2. [ක්‍රි.] සුවපත් කරනවා; (ලෙඩ) හොඳ කරනවා. 3. [ක්‍රි.] යහපතක් කරනවා.
ගුණදොස්[නා.ප්‍ර.] හොඳ නරක; හරි වැරදි.
ගුණධර්ම[නා.ප්‍ර.] යහපත් චර්යාව; ශීලාදි යහපත් ගුණ සමූහය.
ගුණනචක්‍රය(පාරිභා.) [නා.] වැඩි කිරීමේ ගණිත චක්‍රය (=multiplication).
ගුණනය(පාරිභා.) [නා.] ගුණ කිරීම; වැඩි කිරීම.(=multiplication).
ගුණමකුවා[නා.] කළගුණ නොසලකන්නා; අකෘතඥයා.
ගුණය1. [නා.] යහපත් ගතිය; මනා ස්වභාවය; ශ්‍රේෂ්ඨ චරිත ලක්ෂණය. 2. [නා.] යම් වස්තුවක් පවතින ගතිය හෙවත් ලක්ෂණය. 3. [නා.] (ශරීරයට හිතකර) ඖෂධ ආහාර පානාදියෙන් ලැබෙන සුවය. 4. [නා.] යහපත් ඵලය; ආනිසංසය. 5. [නා.] බඩවැල; අතුණුබහන. 6. [නා.] වාරය; ගුණවීම. 7. [නා.] නූල; ලණුව; යොත; රැහැන; කෙන්ද. 8. [නා.] දුනුදිය. 9. [නා.] ප්‍රසාදාදි කාව්‍ය ප්‍රාණය.
ගුණවතා[නා.] යහපත් ගතිගුණ ඇති තැනැත්තා; ගුණවන්තයා.
ගුණවාචකය[නා.] (ව්‍යාක.) ගුණවාචි විශේෂණ පදය.
ගුණසම්පන්න[වි.] ගුණයෙන් යුතු වූ; ගුණෝපේත.
ගුණ්ඨක[වි.] හැකුළුණු; ගුළිවුණු.
ගුණ්ඩුව[නා.] මුළා කිරීමට හෝ වරදකට අසු කිරීම සඳහා හෝ යොදන උපක්‍රමය.
ගුණාකාරය[නා.] ශේෂයක් නොසිටින සේ කිසියම් සංඛ්‍යාවක් යම්කිසි වාර ගණනක් අන්තර්ගත කෙරෙන ගණන.
ගුණාගුණ[ගුණ+අගුණ] [නා.ප්‍ර.] යහපත හා අයහපත; හොඳ හා නරක; හිතකර බව හෝ අහිතකරබව.
ගුණාඞ්ගය[නා.] ගති ලක්ෂණය; විශේෂ වූ ගුණය.
ගුණාත්මක[වි.] ගුණය සම්බන්ධ ස්වභාවයෙන් යුත්; ගුණය පිළිබඳ වූ; ශ්‍රේෂ්ඨත්වයෙන් යුත්.
ගුණාන්විත[ගුණ+අන්විත] [වි.] ගුණයෙන් යුත්; ගුණවත්; ගුණසම්පන්න.
ගුණානුස්මරණය[ගුණ+අනුස්මරණය] [නා.] යම් කිසිවකුගේ ගුණ සිහිපත් කිරීම; ගුණ සැමරුම.
ගුණිත සංඛ්‍යාව[නා.] අන්‍යෝන්‍ය සංඛ්‍යා එකට ගුණ වීමෙන් සෑදුණ අංකය; කිසියම් සංඛ්‍යාවකින් ඉතිරියක් නැතිව බෙදිය හැකි ගණන.
ගුණිතය[නා.ප්‍ර.] කිසියම් සංඛ්‍යාවක් හෝ රාශියක් තවත් සංඛ්‍යාවකින් හෝ රාශියකින් වැඩි කිරීමෙන් ලැබෙන උත්තරය.
ගුණී[වි.] ගුණ ඇති; ගුණවත්.
ගුණීභූත[වි.] එකට එක් වුණු; ගුණ ඇති; අතිරේක ගුණ වශයෙන් එක් වූ.
ගුණු[වි.] ඉක්ම ගිය; ගෙවී ගිය. 1. [නා.ප්‍ර.] නූල; ලණුව; කඹය. 2. [නා.ප්‍ර.] දුනුදිය.
ගුණු පොහොය1. [නා.] සඳ ගෙවී ගිය පොහොය; අමාවක. 2. [නා.] පිරුණු පොහොය. පොහොය; පුණු
ගුත්ත, ගුප්ත1. [වි.] සඟවන ලද; රහසිගත. 2. [වි.] ආරක්ෂා කරන ලද.
ගුත්ති[නා.ප්‍ර.] ආරක්ෂාව; රැකබලා ගැනීම; සැඟවීම.
ගුද අන්ත්‍රය[නා.] මහබඩවැලේ අග භාගය.
ගුද ඇටය[නා.] ගුදය ආශ්‍රය කොට ඇති ඇටය; අනුත්‍රිකාස්ථිය.
ගුද කණ්ඩුති[නා.ප්‍ර.] ගුදයෙහි හටගන්නා කැසිල්ල.
ගුද තලය(පාරිභා.) [නා.] කලලයේ ආදි ගුද විවරය සාදමින් අතුරුදහන් වන අන්තශ්චර්මය හා බහිෂ්චර්මය පෑහෙන ප්‍රදේශය; පායුතලය (=anal plate).
ගුද ප්‍රපතනය(පාරිභා.) [නා.] ගුද නාලය පාතට වැටීමේ රෝගය; බඩවැල මෑත් වීම; ගුද භ්‍රංශය (=prolapse).
ගුදඅඞ්කුර, ගුදකීල[නා.ප්‍ර.] ගුදයේ හටගන්නා මස්දලු ඇති වීම ලක්ෂණකොට ඇති අර්ශස් රෝගය.
ගුදකන්ද[නා.] ගුදයෙහි හටගන්නා දැවිල්ල.
ගුදකීල1. (පාරිභා.) [නා.ප්‍ර.] පිරිමි කැරපොත්තාගේ පෞච්ඡාංගවලට අමතර ව පිහිටි සියුම් ප්‍රසර දෙක. 2. [නා.ප්‍ර.] අර්ශස් රෝගය.(=analstiles).
ගුදග්‍රහය1. [නා.] බඩ වේලිල්ල. 2. [නා.] උදාවර්ත රෝගය.
ගුදපුඤ්ජය(පාරිභා.) [නා.] ගුදයෙහි ගෙඩියක් හට ගන්වමින් බඩවැල මෑත් වීම (=rectocele).
ගුදභ්‍රංශය[නා.] ගුද නාලය පාතට වැටීමේ රෝගය.
ගුදම1. [නා.] බඩු ගබඩාව; රේගුවේ බඩු ගබඩාව. 2. [නා.] මත්පැන් ගබඩා කොට තබන ගෙය.
ගුදමූලය[නා.] ගුදයෙහි මුල; අසූචි පිටවන කෙළවර.
ගුදය1. (පාරිභා.) [නා.] ආහාර ජීර්ණ පද්ධතියෙහි අවසාන කොටස.(=rectum) 2. (පාරිභා.) [නා.] ශරීරයෙන් අසූචි පහ වන සිදුර.(=anus).
ගුදරක්ත[නා.ප්‍ර.] ගුදයෙන් ලේ වහනය වීම.
ගුදාන්ත්‍රය[නා.] මහාන්ත්‍රයෙහි ගුදයට සම්බන්ධ වන කොටස.
ගුදාස්ථිය(පාරිභා.) [නා.] කොඳුඇට පේළියේ පහළ ම කෙළවරේ පිහිටි ඇටය (=coccyx).
ගුදිරිය[නා.] ඇඳට හෝ පුටුවට දමන මේට්ටය; කුලිච්චම.
ගුදීය(පාරිභා.) [වි.] ගුදය හා සම්බන්ධ; ගුදයට අයත්(=rectal).
ගුදීය පෝෂණය(පාරිභා.) [නා.] ගුදමාර්ගයෙන් ආහාර ගැන්මට සැලස්වීම (=rectal feeding).
ගුප්ත1. [වි.] ආරක්ෂිත; රක්ෂා කරන ලද. 2. [වි.] රහස්‍ය; සැඟවුණු; නොපැහැදිලි. 3. [වි.] විස්මයජනක පුදුම උපදවන. 4. (පාරිභා.) [වි.] නියම ස්වරූපය සැඟවී පවතින; ප්‍රච්ඡන්න (=latent, potential).
ගුප්ත ආසාදනය(පාරිභා.) [නා.] සැඟවුණු හේතුවක් ඇති ලෙඩ බෝවීම; දුරවබෝධ රෝග සංක්‍රමණය (=cryptic infection).
ගුප්ත උද්ධමනය(පාරිභා.) [නා.] මිල නැගීමක් සඟවනු පිණිස වුවමනාවෙන් ම භාණ්ඩවල තත්ත්වය බාල කිරීම. (=hidden infection).
ගුප්ත පරිණාමය(පාරිභා.) [නා.] පැහැදිලිව නොපෙනී රහසින් මෙන් වෙනස් වෙවී යෑම.
ගුප්ත බද්ද(පාරිභා.) රජය වෙත කෙරෙන සෘජු ගෙවීමකට වෙනස් මුහුණුවරක් ගන්නා ව්‍යාපාරික බදු බර (=hidden tax).
ගුප්ත බලය(පාරිභා.) [නා.] සැඟවී තිබෙන බලය; පැහැදිලි ව නොපෙනෙන බලය (=hidden hand).
ගුප්ත භාෂණය1. [නා.] සැඟවුණු අර්ථ ඇති කථාව; අප්‍රකට අර්ථයක් ගැබ්ව ඇති භාෂාව. 2. [නා.] රහස් කීම.
ගුප්ත වත්කම(පාරිභා.) [නා.] වෙළඳ අගයට වඩා සෑහෙන තරම් අඩු වටිනාකමකින් පොත්වල පවත්වා ගෙන යන වත්කම් (=hidden assets).
ගුප්ත විද්‍යාව[නා.] රහස් ආකාරයෙන් පවත්නා යන්ත්‍ර-තන්ත්‍ර-ඉන්ද්‍රජාල ආදි ශාස්ත්‍ර.
ගුප්ත වෘෂණයා(පාරිභා.) [නා.] ගුප්ත වූ/ සැඟවුණු අණ්ඩකෝෂ ඇති සත්ත්වයා (=cryptorchid)
ගුප්ත සංවාදය[නා.] දෙදෙනකු අතර පමණක් සිදුවන සාකච්ඡාව; රහස් මන්ත්‍රණය.
ගුප්ත සන්දේශය[නා.] රහස් පණිවිඩය.
ගුප්තතාපය(පාරිභා.) [නා.] යම් ද්‍රව්‍යයක් උෂ්ණත්වය වෙනස් නොකර ඝන අවස්ථාවේ සිට වායු අවස්ථාවට හෝ පත් කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය (=latent heat).
ගුප්තයෝගී ශාක(පාරිභා.) [නා.] මල් හට නොගන්නා ශාක (=cryptogamia).
ගුප්තවේශ්ම[නා.ප්‍ර.] රැකවරණය ඇති නිවහන; ආරක්ෂිත ගෘහය.
ගුප්තාංශුව(පාරිභා.) [නා.] රුධිරයට ඇතුළුවීමට පෙර පටකවල ජීවත් වන බීජාංශුවේ අවස්ථාවක් (=cryptozoite).
ගුප්තානුකූලතාව(පාරිභා.) [නා.] වරදක් දැක නොදැක්කාක් මෙන් කටයුතු කීම; වරදට ඉඩ හැරීම (=connivance)
ගුප්තාපරාධය[නා.] රහසිගතව කෙරෙන අපරාධය; අභිරහස් අපරාධය.
ගුප්තාර්ථය[නා.] සැඟවුණු අදහස; අප්‍රකට අරුත.
ගුප්තාවාටය[නා.] පොළොව යටින් දිය බැස යන කාණුව.
ගුප්තිකයා[නා.] රැකවල් කරන්නා; ආරක්ෂකයා.
ගුප්තිය1. [නා.] රැකවල් කිරීම; ආරක්ෂාව. 2. [නා.] රහස් ස්වභාවය.
ගුබ්බායම, ගුබ්බෑයම1. [නා.] කුඩා අතුපැල් විශේෂයක්; රොඩී ජනයා වසන තැන; කුප්පායම. 2. [නා.] රා අරක්කු වැනි මත්පැන් රැස්කොට තබන හෝ විකුණන ස්ථානය; දුසිරිතට පොළඹවන ස්ථානය.
ගුබ්බිය[නා.] මල් පොහොට්ටු; මල් මොට්ටුව.
ගුම1. [නා.] මී මැස්සන්ගේ ගුමු ගුමු හඬ. 2. [නා.] මේඝ ගර්ජනාව. 3. [නා.] ගොමුව; පඳුර; ගුල්මය.
ගුමනදැල්ල(පාරිභා.) [නා.] විවෘත නළයක් තුළ දැවෙමින් ඇතැම් තත්ත්ව යටතේ සංගීත ස්වර නංවන හයිඩ්රජන් නැතහොත් ගල් අඟුරු ගිනිසිළුව (=singing flame)
ගුමනවා[ක්‍රි.] ගුම් ගුම් හඬ නංවනවා.
ගුම්1. [නා.] මී මැසි නාදය. 2. [නා.] ගුල්මය; ගොමුව; පඳුර.
ගුම්බය1. [නා.] රාශිය; සමූහය; රංචුව. 2. [නා.] ගස් හෝ වැල් ගොමුව.
ගුමු1. [නා.] ගොමුව; ගුල්මය; ලැහැබ. 2. [නා.] මී මැස්සන්ගේ නාදය; ගුම් හඬ.
ගුමුගුමුව[නා.] මී මැසි ආදින්ගේ නාදය; ගුමු ගුමු නාදය.
ගුය්හ[වි.] සැඟවිය යුතු; වැසිය යුතු; රහස්‍ය.
ගුර1. [නා.] බර ව උච්චාරණය කරන අක්ෂරය. 2. [නා.] මාත්‍රා දෙකක් අතර ඇති අකුර; දීර්ඝාක්ෂරය හෝ හල් අකුරක් පර කොට ඇති භ්‍රස්වාක්ෂරය.
ගුරණය1. [නා.] වචනයක උච්චාරණයේ දී ශබ්දය බර කර උච්චාරණය කිරීම. 2. [නා.] උත්සාහය; ප්‍රයත්නය.
ගුර්විණී[නා.ප්‍ර.] බඩ දරු ස්ත්‍රිය.
ගුරා1. [නා.] ශිල්ප ශාස්ත්‍රාදිය උගන්වන්නා; ගුරුවරයා. 2. (කථා.) [නා.] කණ්ඩායමක නායකයා. 3. [නා.] බෙර වයන්නා. 4. [නා.] නැකැත් බලන්නා. 5. [නා.] මන්ත්‍ර ගුරුකම් කරන්නා. 6. [නා.] රන්රිදී වැඩ කරන්නා; රන්කරුවා.
ගුරු1. [වි.] දිරවීමට අපහසු; බර. 2. [වි.] උතුම්; මහත්. 3. [වි.] දැඩි; තද. 4. [වි.] ගැඹුර; ගම්භීර. 1. [නා.ප්‍ර.] ශිල්ප ශාස්ත්‍ර ආදිය උගන්වන තැනැත්තා; ගුරුවරයා. 2. [නා.ප්‍ර.] බෘහස්පති ග්‍රහයා; සුරගුරු. 3. [නා.ප්‍ර.] මව්පිය දෙදෙන. 4. [නා.ප්‍ර.] මහා බ්‍රහ්මයා. 5. [නා.ප්‍ර.] ඉතා සියුම් මැටි විශේෂයක්; සිවංගුරු.
ගුරු අකුර1. [නා.] බර ව උසුරුවන අකුර; මාත්‍රා දෙකකින් යුත් අකුර; දීර්ඝාක්ෂරය. 2. [නා.] ශිෂ්‍යයාගේ අනුකරණය සඳහා ගුරුවරයා විසින් ලියන ලද අකුර.
ගුරු එළිය(පාරිභා.) [නා.] ඇතැම් විදුලි උපකරණවල විදුලිය ක්‍රියාත්මක ද නැද්ද යනු පෙන්නුම් කිරීම සඳහා දැල්වෙන කුඩා විදුලි එළිය (=master pilot).
ගුරු ගෙදර[නා.] (අතීතයේ) අධ්‍යයන ස්ථානය වූ ගුරුවරයාගේ නිවස.
ගුරු තරුව[නා.] බ්‍රහස්පති තාරකාව.
ගුරු දක්ෂිණාව[නා.] ගුරුවරයාට පිරිනමන තෑගිබෝග; ගුරුපඬුරු.
ගුරු පූජාව[නා.] පුද පඬුරු දීමෙන් හා සේවය කිරීමෙන් ගුරුවරයකුට කරන සත්කාර.
ගුරු මණ්ඩලය1. [නා.] (හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව) අල්ලේ පිහිටි ග්‍රහ මණ්ඩලවලින් එකක්; ගුරුට අයත් මණ්ඩලය. 2. [නා.] පාඨශාලා ආදියෙහි ඉගැන්වීමේ නියුක්ත ගුරු පිරිස.
ගුරු මුරිච්චිය[නා.] ලියවන පට්ටලයේ ගුරු ඉස්කුරුප්පුවට යටින් සවි කරන (පැල්ම සහිත) මුරිච්චිය.
ගුරු මුෂ්ටිය[නා.] (ඇතැම් විට) ගුරුවරයා තමා වෙත ම ආරක්ෂා කොට තබාගන්නා ශාස්ත්‍ර සාරය; ආචාර්ය මුෂ්ටිය.
ගුරු රෝදය(පාරිභා.) [නා.] බල පහරින් ඇන්ජිමක ඇති වන කම්පනය ඒකාකාරී ව පාලනය කිරීමට සවි කොට තිබෙන බර රෝදය; ජව රෝදය (=flywheel).
ගුරු සේවය[නා.] ගුරුවරුන්ගේ මෙහෙය; ගුරු වෘත්තිය.
ගුරු හෝරාව[නා.] (ජ්‍යෝති.) සතියෙහි එක් එක් දිනයන්හි ගුරු ග්‍රහයාට අයත් හෝරාව හෙවත් ඔර්ලෝසු පැයක කාලය; බෘහස්පති හෝරාව.
ගුරුඅහර[නා.ප්‍ර.] බර ආහාර; දිරවීමට අපහසු ආහාර.
ගුරුකම1. [නා.] උපදේශය : අවවාදය. 2. [නා.] උපක්‍රමය. 3. [නා.] කොඩිවින, හදි හූනියම් ආදිය හෝ ඒවායින් මිදීමට කරන යන්ත්‍ර මන්ත්‍ර බලිතොවිල් ආදිය.
ගුරුකර්ම[නා.ප්‍ර.] වෙනත් කුශල හෝ අකුශල කර්මයකින් වළක්වන්නට නොහැකි බලවත් විපාක දෙන කර්මය; ගරු කර්මය.
ගුරුකුලය[නා.] ගුරුවරයකුගෙන් ඉගෙනුම ලැබූ සිසු පරපුර; ගුරු ශිෂ්‍ය පරම්පරාව; ඒ හා සම්බන්ධ මධ්‍යස්ථානය.
ගුරුත්ව කේන්ද්‍රය(පාරිභා.) [නා.] වස්තුවක බර යම් ලක්ෂ්‍යයක් ඔස්සේ ක්‍රියා කරන්නේද ඒ ලක්ෂ්‍යය (=center of gravity).
ගුරුත්ව නියමය(පාරිභා.) [නා.] ගුරුත්වාකර්ෂණ නියමය (=law of gravitation).
ගුරුත්වජ ත්වරණය(පාරිභා.) [නා.] නිදැල්ලේ වැටෙන වස්තුවක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණය නිසා අත්කර ගන්නා ත්වරණය. (=acceleration due to gravity).
ගුරුත්වය1. [නා.] බරබව; බරගතිය. 2. [නා.] දීර්ඝත්වය; දිගුබව. 3. [නා.] උසස්බව; ගරු ගාම්භීරත්වය. 4. [නා.] ආචාර්යභාවය. 5. (පාරිභා.) [නා.] සියලු භෞම වස්තු පෘථිවි කේන්ද්‍රය වෙතට ඇද ගැනීමේ බලය (=gravity).
ගුරුත්වාකර්ෂණ නියමය(පාරිභා.) [නා.] වස්තු දෙකක් අතර පවත්නා ආකර්ෂණ බලය ඒවායේ ස්කන්ධවල ගුණිතය හා අනුලෝම වශයෙන් ද ඒවා අතර ඇති දුරෙහි වර්ගය හා ප්‍රතිලෝම වශයෙන් ද විචලනය වේ යන නියමය.
ගුරුත්වාකර්ෂණය[ගුරුත්ව+ආකර්ෂණය] (පාරිභා.) [නා.] ඕනෑ ම ද්‍රව්‍යමය අංශු දෙකක් හෝ වස්තු දෙකක් එකක් අනෙක වෙත ආකර්ෂණය වීමේ සංසිද්ධිය (=gravitation).
ගුරුත්වාඞ්ග අපවර්තකය(පාරිභා.) [නා.] පැළෑටියක අංකුරය පෘථිවි ගුරුත්වයට විරුද්ධ දෙසට හෙවත් පෘථිවියෙන් ඉවතට විහිදීම. (=negative geotropism).
ගුරුත්වාඞ්ග උපවර්තකය(පාරිභා.) [නා.] පැළෑටියක මුදුන් මුල පෘථිවි ගුරුත්වය දෙසට ඇදීම. (=positive geotropism).
ගුරුත්වාවර්තනය[නා.] ගුරුත්වයට ශාක අංශවල ඇති වන ප්‍රතික්‍රියාව; ගුරුත්වය කරණකොට ගෙන පැළෑටිවල ඇති වන චලනය.
ගුරුතාපක(පාරිභා.) [වි.] උෂ්ණත්වයේ විශාල විපර්යාස දරා සිටීමේ ශක්තිය ඇති.(=eurythermic)
ගුරුන්නාන්සේ1. [නා.] ගුරුවරයා; ආචාර්යවරයා; උපදෙස් දෙන්නා. 2. (කථා.) [නා.] බෙර වයන්නා; බෙරවායා. 3. (කථා.) [නා.] නක්ෂත්‍ර කාරයා. 4. [නා.] මන්ත්‍ර ගුරුකම් කාරයා; කට්ටාඩියා.
ගුරුපස1. [නා.] එළු හෝඩියේ දීර්ඝ ලෙස උච්චාරණය කරනු ලබන ආ, ඊ, ඌ, ඒ, ඕ යන අකුරු පහ. 2. (කථා.) [නා.] ගුරුපාටින් යුත් පස හෙවත් පාංශුව.
ගුරුපිරියම්[නා.ප්‍ර.] රත් සුනු ගෑම; ගුරු ආලේප කිරීම.
ගුරුපොත[නා.] ආදර්ශ හා උපදෙස් ලබා දෙන මුල් පොත; අත්පොත; පෙළපොත.
ගුරුලේත්තුව[නා.] බීමට වතුර තබා ගැනීම සඳහා තැනූ දිගු කරක් ඇති මැටිමුවා භාජන විශේෂයක්.
ගුරුවරයා[නා.] ශිල්ප ශාස්ත්‍ර උගන්වන තැනැත්තා; අධ්‍යාපනය ලබා දෙන තැනැත්තා; ආචාර්යවරයා.
ගුරුහරුකම[නා.] උපදේශය; අවවාදය; දැනමුතුකම.
ගුරූපදේශකයා1. [නා.] ගුරුහරුකම් දෙන තැනැත්තා; ගුරුවරයකු මෙන් උපදෙස් දෙන තැනැත්තා. 2. [නා.] ගුරුවරුන් සඳහා උපදෙස් දෙන තැනැත්තා.
ගුල1. [නා.] දිගට විහිදී යන සිදුර හෙවත් කුහරය; තව්ව. 2. [නා.] ආරක්ෂිත ස්ථානය.
ගුල්පපාද(පාරිභා.) [නා.ප්‍ර.] උත්පත්තියෙන් ම ඇති වූ විරූප පාදය; සොට්ටි පාදය (=talipes).
ගුල්පොංචිය(පාරිභා.) [නා.] ලෝහ තහඩු ආදියෙහි හිල් විදින උපකරණය (=hollow punch).
ගුල්ඵය[නා.] ඇස්වටය; වළලුකර; බොලට.
ගුල්ඵාස්ථිය[නා.] කකුලෙහි පිහිටි දික් වූ ඇට දෙකින් බාහිර පාර්ශ්වයෙහි පිහිටා තිබෙන දික් වූ ඇටය (=fibula).
ගුල්මය1. [නා.] ගස් හා වැල් එකට පැටලී සෑදුණ අකුල. 2. [නා.] පැරණි යුද්ධ සේනාවකට අයත් කුඩා කණ්ඩායමක්. 3. [නා.] ශරීරය තුළ පිහිටි කුඩා ඉන්ද්‍රියයන් වන පිලාව හෙවත් බඩදිය. 4. [නා.] පිලාවේ ඇති වන රෝගයක්. 5. [නා.] පණුවෙක්.
ගුලාව(කථා.) [නා.] තෙල් දමන කුඩා භාජනය; තෙල් කුලාව; සෙක්කුවල තෙල් වෑස්සෙන සිදුර හෙවත් ගුල.
ගුලු ඇණය[නා.] ලාකඩ පට්ටලයක ලියවනු ලබන භාණ්ඩය හිරකර තැබීමට සවි කොට ඇති වානේ උල් දෙකින් එකක්.
ගුවන[නා.] අහස; ආකාශය.
ගුවන් කඳවුර[නා.] ගුවන් නැව් කඳවුර; යුධ අහස්යානා මධ්‍යස්ථානය.
ගුවන් තරණය(පාරිභා.) [නා.] ගුවනින් යාත්‍රා කිරීම අහසින් යෑම (=aviation).
ගුවන් පර්යාලෝකය(පාරිභා.) [නා.] අහසට පෙනෙන ආකාරය (=aerial perspective).
ගුවන් පරිවහනය(පාරිභා.) [නා.] ගුවන් නැව් මගින් මගීන් සහ බඩු එහා මෙහා ගෙන යෑම (=air transport).
ගුවන් මඟ1. [නා.] අහස; අහස්තලය. 2. [නා.] ගුවන්යානා ගමන් කරන නියමිත මාර්ගය; ගුවන් මාර්ගය (=air rouet).
ගුවන් මැනීම(පාරිභා.) [නා.] ගුවන් නැවින් ගොස් ඡායාරූප ගැනීමෙන් කරන පිරික්සුම.(=air survey).
ගුවන් මිණ[නා.] සූර්යයා.
ගුවන් විකිරණය(පාරිභා.) [නා.] යම්කිසි ප්‍රභවයකින් නිකුත් ව අවකාශයේ සරල රේඛා දිගේ ගමන් කරන ශක්ති විශේෂය; අත්තරීක්ෂ විකිරණය (=celestial radiation).
ගුවන් සමීක්ෂණය(පාරිභා.) [නා.] ගුවන් යානා ආධාර ඇති ව කරන සමීක්ෂණය (=aerial surveying)
ගුවන්කරණම්[නා.ප්‍ර.] අහස් යානයකින් අහසේ කරන විවිධාකාර ත්‍රාසජනක ක්‍රීඩා.
ගුවන්තලය[නා.] ග්‍රහ වස්තූන් සැරිසරන්නාක් මෙන් පෙනෙන ප්‍රදේශය; අහස්තලය.
ගුවන්තොටුපොළ[නා.ප්‍ර.] අහස්යාත්‍රා පිටත්කරවන, බස්සවන හා නතර කරවන ස්ථානය; අහස්යාත්‍රාංගණය; ගුවන්යානා නැවතුම්පොළ,
ගුවන්මුරකරු(පාරිභා.) [නා.ප්‍ර.] අහස් යානාවල පැමිණීම ගැන සෝදිසියෙන් සිටින නිලධාරියා. (=air guard).
ගුවන්විදුලි තරංගය(පාරිභා.) [නා.] එක් තැනක සිට තවත් තැනකට අහසින් සංඥා ගෙන යන විද්‍යුත් චුම්බක තරංගය.(=wireless radio wave).
ගුවන්විදුලිය[නා.] විද්‍යුත් චුම්බක තරංග උපයෝගී කරගෙන එක් තැනක සිට අනිත් තැනකට ගුවනින් සංඥා යැවීමේ ක්‍රමය; රේඩියෝව.
ගුස්ති[නා.ප්‍ර.] පොර බැදීම; පොර ඇල්ලීම; මල්ලව පොරය.
ගුහ්‍ය1. [වි.] සැඟවිය යුතු; වැසිය යුතු; රහස්‍ය. 2. (භා. දර්ශන) [වි.] ගුප්ත අර්ථ ඇති.
ගුහ්‍යධර්ම(පාරිභා.) [නා.ප්‍ර.] ගුප්ත ඇදහිලි ක්‍රමය; ගුප්ත ධර්මය (=mystery religion).
ගුහ්‍යය1. [නා.] සඟවන්නට සුදුසු දෙය; සැඟවුණු දෙය; රහස. 2. [නා.] සැඟවිය යුතු ශරීරාංගය; රහසඟ. 3. [නා.] ක්ෂීරපායී ගැහැණු සතුන්ගේ බාහිර ප්‍රජනන විවරය; භගය.
ගුහ්‍යර්ථය[නා.] සැඟවුණු අරුත; යටි අදහස.
ගුහා ලිපිය[නා.] ගල්ලෙන්වල කොටා තිබෙන ශිලා ලේඛනය; ලෙන් ලිපිය.
ගුහායිත(පාරිභා.) [වි.] කුහර සහිත; ගුහා සහිත; මී වදයක ආකාරය ඇති (=cavernous).
ගුහාව1. [නා.] පොළවෙහි හෝ ගල්පර්වත ආදියෙහි සෑදුණු විවෘත පැත්තක් සහිත සිදුර; ලෙන. 2. [නා.] කුහරය; හිල (=cavity).
ගුහාසය[නා.ප්‍ර.] ශරීර ඉන්ද්‍රියක නාමය; හෘදය.
ගුහාසයා[නා.] ගුහාවෙහි වසන්නා; සිංහයා.
ගුළ1. [නා.ප්‍ර.] පන්දුව. 2. [නා.ප්‍ර.] උක්පැණියෙන් සාදා ගන්නා හකුරු; උක්සකුරු. 3. [නා.ප්‍ර.] ලිහිණි විශේෂයක නාමය.
ගුළ්හ[වි.] සැඟවුණු; ගුප්ත.
ගුළා මූට්ටුව(පාරිභා.) [නා.] ගුළාවකින් / බෝලයකින් එහා මෙහා ක්‍රියා කරන මූට්ටුව; බෝල සන්ධිය.
ගුළා වෑල්වය(පාරිභා.) [නා.] වැල්ව වර්ගයක නාමය; ද්‍රව වායු ආදිය ගලා යන නාලයක් බෝලයක් මගින් අවහිර කිරීමට සලස්වන වෑල්වය (=ball valve).
ගුළාව1. [නා.] පන්දුව; බෝලය; ගෝලය; වටකුරු දෙය. 2. [නා.] වදය; මී වදය. 3. [නා.] පොකුර; කළඹ.
ගුළිකාව[නා.] කුඩා ගුළිය; (විශේෂයෙන්) බේත් වැනි ද්‍රව්‍ය ගුළිය; වටිකාව.
ගුළිය[නා.] (යම්කිසි දෙයකින්) ගෝළාකාර ලෙස තැනූ පිඬ; වටකුරු දෙය; වටිකාව.
ගුළු1. [වි.] සැඟවුණු; වැසුණු; දුරවබෝධ. 2. [වි.] ගැලවී ගිය; ගිලිහීගිය; ගිලිහුණු.
ගුළුඅරුත[නා.ප්‍ර.] සැඟවුණු අර්ථය; ගූඪාර්ථය.
ගූඪ1. [වි.] සැඟවුණු; රහසිගත; ගුප්ත (අදහස් ඇති). 2. [වි.] තේරුම් ගැනීමට අපහසු; දුරවබෝධ; ගැටමුසු. 3. (පාරිභා.) [වි.] රහසින් උගන්වනු ලබන (=esoteric).
ගූඪ වාදය[නා.] රහස් ඉගැන්වීම; ගුප්ත අර්ථ ඇති ධර්මය.
ගූථ කූපය[නා.] අශුචි වළ; වැසිකිළිය.
ගූථය[නා.] සත්ත්වයින් ශරීරයෙන් පහ කරන මල; අශුචි.
ගෘහ කර්මය(පාරිභා.) [නා.] ගෘහිණියක විසින් තම ගෙදර දී කරනු ලබන දරුවන් ඇති දැඩි කිරීම, ඉවුම් පිහුම් ආදි ගෙදර දොරේ කටයුත. (=house craft).
ගෘහ කර්මාන්තය1. [නා.] ගෙවල් ඉදි කිරීමේ කර්මාන්තය; ගෙයක් තැනීමේ දී කරන කාර්ය. 2. [නා.] ආශ්‍රයෙහි කරනු ලබන විවිධ කර්මාන්ත.
ගෘහ නිර්මාණ විද්‍යාව[නා.] ගොඩනැගිලි හා ගෙවල් ඉදිකිරීමේ ශාස්ත්‍රය; ගෘහ නිර්මාණ ශිල්පය (=architecture).
ගෘහනිර්මාණය[නා.] ගොඩනැගිලි හා ගෙවල් තැනීම/ ඉදිකිරීම; ගෘහ නිර්මාණ ශිල්පය.
ගෘහපතියා1. [නා.] ගෙදර ස්වාමියා; ගෙදර අධිපතියා. 2. [නා.] වෛශ්‍ය/ගොවි කුලයට අයත්වන්නා.
ගෘහපාලක(පාරිභා.) [නා.ප්‍ර.] (ශිෂ්‍ය නිවාසයක්, සාත්තු නිවාසයක් වැනි) නිවාසයක පාලකයා.
ගෘහමූලිකයා[නා.] ගෘහයට ප්‍රධානයා; පවුලක අධිපතියා.
ගෘහය1. [නා.] වාසස්ථානය; ගෙය. 2. [නා.] කේන්ද්‍ර සටහනෙහි රාශි දොළසින් එකක්. 3. [නා.] පවුල; කුටුම්භය; භාර්යාව.
ගෘහවාසය[නා.] ගෙදර වාසය; ගිහිගෙයි විසීම.
ගෘහස්ථ[වි.] ගෙදර පවත්නා; ගෙදර වාසය කරන; ගිහි.
ගෘහ්‍යකර්ම1. [නා.ප්‍ර.] ඉවුම්පිහුම් ආදි වූ ගෙදරක පවත්නා කටයුතු; ගෙදර වැඩපළ. 2. [නා.ප්‍ර.] ගෙදරට සීමා වූ පුද පූජාදිය.
ගෘහාඞ්ගණය[නා.] ගෙයි මිදුල; ගෙමිදුල.
ගෘහාශ්‍රිත1. [වි.] ගෙය ඇසුරෙහි වෙසෙන; ගෙය ඇසුරෙහි පවතින. 2. [වි.] ලෞකික ජීවිතය සම්බන්ධ වූ; තෘෂ්ණාව ඇසුරු කළ.
ගෘහීත[වි.] ගන්නා ලද; ගත්තා වූ; ග්‍රහණය කරන ලද.
ගෘහෝද්‍යානය[නා.] ගෙට අයත් උයන; ගෙය ආසන්නයේ පිහිටි උයන; ගෙවුයන.
ගෙජ්ජි[නා.] (හඬ නංවන පරිදි කකුලේ හෝ කරේ එල්ලන) මිණිගෙඩිය; කිංකිණිය; ගිගිරිය.
ගෙඩිය1. [නා.] ගස් වැල්වල හටගන්නා ඵලය. 2. [නා.] අතින් පයින් හෝ කෝටු ආදියකින් ගහන පහර; ගුටි බැටය. 3. [නා.] වේලාව දැන්වීම සඳහා නාද කරවනු පිණිස විහාර ආරාමාදියේ එල්ලා ඇති ලොහොමුවා/ලී මුවා උපකරණය; වේලාව හඟවන ටකය; ඝණ්ටාව. 4. [නා.] ගඩොල; ගඩොල් කැටය. 5. [නා.] ලිවීම සඳහා සූදානම් කළ හිස් පුස්කොළ මිටිය; පොත්ගෙඩිය. 6. [නා.] ජලය ආදිය ගෙන යන භාජනයක්; කෙණ්ඩිය; ඩබරාව. 7. [නා.] කළය; ඝටය. 8. [නා.] ශරීරයෙහි හමට යටින් සැරව සහිත ව ඉදිමී වේදනාව ගෙන දෙන ගඩුවක්.
ගෙත්තම1. [නා.] රෙදි පිළි මැසීම; රෙදි කපා ඇඳුම් මැසීම; රෙදිපිළිවල මොස්තර සැරසිලි දැමීම. 2. [නා.] නූල්, පන්, වේවැල් ආදිය යොදා ගැනීමෙන් කරනු ලබන විසිතුරු නිර්මාණ.
ගෙතැන[නා.] ගෙදර; ගෘහය.
ගෙතුම1. [නා.] ගෙතීම; ගෙත්තම් කිරීම. 2. [නා.] ගෙතු දෙය; ගෙත්තම.
ගෙදර1. [නා.ප්‍ර. එම] නිවහන; මිදුල ඇතුළු උපාංග සහිත වූ වාසස්ථානය; ගෘහය; ස්වකීයයන් සහිත ව වාසය කරන ගොඩනැගිල්ල. 2. [නා.ප්‍ර. එම] කලත්‍රයා; ස්වාමියා හෝ බිරිඳ.
ගෙදිගු විල[නා.] ගෙ උයන්හි (අලංකාරය සඳහා තැනූ) දිගටි පොකුණ; ගෙ උයනෙහි සැදූ දිගටි තඩාගය.
ගෙදෙවි[නා.ප්‍ර.] ගෙදරට අරක් ගත් දෙවියා; ගෘහ දෙවියා.
ගෙන එනවා, ගෙනෙනවා1. [ක්‍රි.] යමක් රැගෙන පැමිණෙනවා. 2. [ක්‍රි.] (යමකු) කැඳවා ගෙන එනවා.
ගෙනයාටි[ගෙන+යා+අටි] [නා.ප්‍ර.] ගෙන යාමට කැමති තැනැත්තා; රැගෙන යනු කැමැත්තා.
ගෙනහැර දක්වනවා[ක්‍රි.] ඉදිරිපත් කරනවා; ඉදිරියට පමුණුවා පෙන්වනවා; ගෙනහැර පානවා.
ගෙන්ගෙට යනවා[ක්‍රි.] ගෙයින් ගෙයට යනවා; ගෙයක් ගෙයක් පාසා ඇවිදිනවා.
ගෙන්දගම්[නා.ප්‍ර.] ජලයේ දිය නොවන කහ පැහැති අලෝහ මූල ද්‍රව්‍යයක්; ගන්ධක සල්ෆර්.
ගෙපත[නා.ප්‍ර.] ගෙපැල; කුඩා ගෙය.
ගෙපති[නා.ප්‍ර.] ගෘහපතියා; ගෙදර ප්‍රධානයා.
ගෙපළ, ගෙපොළ[නා.] ගෙයක් තැනීම සඳහා සකස් කර ගන්නා බිම; ගෙබිම.
ගෙපැල[නා.] පදිංචිය සඳහා අස්ථාවර ලෙස තනා ගත් කුඩා ගෙය.
ගෙපිළ1. (කථා.) [නා.] ඇතැම් ගෙයක ඉස්තෝප්පුවේ වාඩිවීම පිණිස බංකුවක් මෙන් උස්කොට මැටි ආදියෙන් තැනූ දික් ආසනය. 2. [නා.] ගෙයක ඉස්තෝප්පුව.
ගෙබරාල[නා.] ඇතුළු ගබ පාලනය කරන්නා; රජවාසල ගබඩාවේ කටයුතු භාර නිලධරයා.
ගෙබිම1. [නා.] ගෙයක් තැනීම සඳහා සකස් කර ගන්නා බිම; ගෙබිම. 2. [නා.] නිවස ඇතුළත බිම.
ගෙබිම් බලනවා[ක්‍රි.] නිවසක් තැනීමට තෝරා ගත් භූමියේ යෝග්‍යතාව ශාස්ත්‍රානුකූල ව පරීක්ෂා කරනවා.
ගෙමඟුල[නා.] අලුතින් තැනූ නිවසකට පිවිසීම නිමිති කොට පැවැත්වෙන උත්සවය; ගෙවැදීමේ මඟුල.
ගෙමැඩියා[නා.] ගෙවල වාසස්ථානය කොට ඇති මැඩියා.
ගෙමිණ[නා.] පහන; ප්‍රදීපය.
ගෙමිතුරු[නා.ප්‍ර.] පහන; ප්‍රදීපය.
ගෙමිදුල[නා.] නිවසට අයත් මිදුල; ගෘහාංගණය.
ගෙය1. [නා.ප්‍ර.ගේ] හාත්පස ආවරණය කොට සෙවිලි කළ වහල ඇති ව තැනූ ගොඩනැගිල්ල; ගෘහය; නිවස. 2. [නා.ප්‍ර.ගේ] ගෘහණිය; ස්වාමිදුව. 3. [නා.ප්‍ර.ගේ] යුගල; බාන.
ගෙය්‍යය[නා.] ගායනා කළ යුත්ත; බුදුරදුන් විසින් දේශනා කරන ලද ගාථා සහිත සූත්‍ර ධර්මය.
ගෙරි1. [වි.] හරකුන් පිළිබඳ. 2. (කථා.) [වි.] නීච; පහත්. 1. [නා.ප්‍ර.] හරකා. 2. [නා.ප්‍ර.] තරමක් විශාල කළුවන් කුහුඹු විශේෂයක්.
ගෙරිකුණ1. [නා.] ගවයකුගේ මෘත ශරීරය. 2. (කථා.) (රූඪි.) [නා.] පිළිකුල් සහගත දෙය; අකමැති දෙය.
ගෙල[නා.] බෙල්ල; ග්‍රීවය; කණ්ඨය.
ගෙල පටිය(පාරිභා.) [නා.] ඇඳුමක කරවටා මසන පටිය; කරපටිය (=neck band).
ගෙලරැව්1. [නා.ප්‍ර.] පරෙවි, කෝකිල, ඇටිකුකුළු ආදි ඇතැම් කුරුල්ලන්ගේ උගුරෙන් නික්මෙන රාවය; කණ්ඨ රාවය. 2. [නා.ප්‍ර.] සතුට නිසා බොහෝ විට කාන්තාවන් හෝ ළදරුවන් උගුරෙන් නිකුත් කරන රාවය.
ගෙලෙමිණි[නා.ප්‍ර.] ගෙලෙහි මැණික; කණ්ඨ මාණික්‍යය.
ගෙවඩනවා[ක්‍රි.] (නැකතට) වගා බිමක වැඩ අරඹනවා; සී සානවා; බිම සකසනවා.
ගෙවත්ත[නා.] ගෙය ආශ්‍රිත වගා කළ බිම; විවිධ භෝග වර්ග වවන ලද නිවස පිහිටි ඉඩම.
ගෙවතුපණම්[නා.ප්‍ර.] පැරණි යුගයේ බදු විශේෂයක්; ගෙවත්තකින් අය කළ බද්ද.
ගෙවතුභෝග[නා.ප්‍ර.] ගෘහාශ්‍රිත ව වගා කළ හැකි ආහාර පිණිස ප්‍රයෝජනවත් වන ශාක.
ගෙවදිනවා1. [ක්‍රි.] අභිනවයෙන් තැනූ ගොඩනැගිල්ලක වාසය අරඹනවා; පදිංචිය පිණිස අලුත් නිවසකට චාරිත්‍රානුකූල ව ඇතුළු වෙනවා. 2. [ක්‍රි.] පෙරහැර චාරිත්‍රානුකූලව අවසන්කොට ඇතුළුවෙනවා.
ගෙවනවා1. [ක්‍රි.] ද්‍රව්‍ය එකිනෙක ගැටීමෙන් අනුක්‍රමයෙන් ක්ෂය කරනවා; ගැටීමෙන් ටිකෙන් ටික අඩු වීමට සලස්වනවා. 2. [ක්‍රි.] කාලය ගත කරනවා. 3. [ක්‍රි.] මාර්ගය පසු කරනවා. 4. [ක්‍රි.] ආයුෂ, දුක, සැප ආදිය ක්‍රමයෙන් හීන කරනවා. 5. [ක්‍රි.] දිය යුතු මිල මුදල් හිමිකරනවා; දීමට බැඳී සිටින දෙයක් දෙනවා.
ගෙවලං මල්ල, ගෙවලම් මල්ල[නා.] නව ගොඩනැගිල්ලකට ගෙවදින අවස්ථාවේ එහි මුදුන් යටලීයේ එල්ලනු ලබන සහල්, දුරු, මිරිස් ආදියත් කැවුම්, කිරිබත් වැනි නොඉඳුල් ආහාරත් දමා කට බැඳ සකස් කර ගත් මල්ල හෝ මුට්ටිය.
ගෙවලයා1. [නා.] වස්තු තණ්හාවෙන් මියගොස් තමන්ගේ ම ගෙයි යක්ෂයකු වී උපදින තැනැත්තා. 2. (රූඪි.) [නා.] මසුරු තැනැත්තා; ලෝබයා.
ගෙවිලිය1. [නා.] ගොවිතැන් කිරීමට ගොවියාට උපකාර වන ස්ත්‍රිය; ගොවියාගේ භාර්යාව. 2. [නා.] ගොවිතැනෙහි නියුතු කාන්තාව. 3. [නා.] සතුන් රැකබලා ගන්නා ස්ත්‍රිය; ගෝපිකාව.
ගෙවුම් ශේෂය[නා.] රටක් නිශ්චිත කාලයක් තුළ විදේශයන් සමඟ කරන සියලු ආර්ථික ගනුදෙනු පිළිබඳ සටහන; ගෙවුම් තුලාව.
ගෙහිමියා1. [නා.] ගෙයි අයිතිකරුවා; ගෘහ ස්වාමියා. 2. [නා.] ස්වාමිපුරුෂයා.
ගෙළිය(කථා.) [නා.] කතා කළ නොහැකි ස්ත්‍රිය; ගොළු ලිය; ගොළුවා යන්නෙහි ස්ත්‍රීලිංග රූපය.
ගේට්ටුව1. [නා.] තාප්ප, වැටවල් ආදියෙන් වටවූ යම් ස්ථානයකට ඇතුළු වන්නට හෝ එවැනි තැනකින් පිට වන්නට පිහිටි දොරටුව; නගරයකට ඇතුළු වන දොරටුව; බිහිදොර; බහිර්ද්වාරය. 2. [නා.] දොර කපොලු වසනු සඳහා යොදන දොර; පියන.
ගේඩරය[නා.] මහබර දරා සිටීම සඳහා ගොඩනැගිලි පාලම් ආදියේ යොදා ඇති යකඩ හෝ වානේ බාල්කය.
ගේධය[නා.] ගිජුබව; ලොල්බව; තෘෂ්ණාව.
ගේයපද[නා.ප්‍ර.] ගායනය පිණිස සැකසූ පදවැල; ගීත නිබන්ධනය; ගී රචනාව.
ගේලංකාරයා[නා.] මඟුල් දිනට පෙර දින මනාලියගේ නිවසට යවන මනාල පාර්ශ්වයේ නියෝජිතයා.
ගේලඤ්ඤය[නා.] ගිලන්බව; රෝගී භාවය.
ගේලියාව(පාරිභා.) [නා.] (කෘමි ආදි සතූන්ගේ ශාරීරික කොටස්වල ආරක්ෂාව පිණීස ඇති) තද පොත්ත; දැඩි බාහිර ආවරණය (=galea).
ගේහ[නා.ප්‍ර.] ගෘහය; වාසස්ථානය.
ගේහයා[නා.] නුවණට අධිපති දෙවියා; ගණ දෙවියා.
ගේහසිත[වි.] ගෘහ ජීවිතය හා සම්බන්ධ වූ; කාමභෝගී; පස්කම් ගුණය ඇසුරු කළ.
ගෛරික[නා.ප්‍ර.] රතුපාට මොළොක් ගුරුගල් වර්ගයක්; සිවංගුරු.
ගො1. [නා.ප්‍ර.] ගොනා; එළහරකා. 2. [නා.ප්‍ර.] ගොයා.
ගොක් අත්ත[නා.] කොළ නොවිහිදුණු කහ පැහැ ළපටි පොල් අත්ත; ගොප් අත්ත.
ගොක් බඳිනවා[ක්‍රි.] දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පතා යම් නිශ්චිත කාලසීමාවක් තුළ ඔප්පු කිරීමේ අරමුණින් ඵල දරන පොල් ගස ගොක් කොළයක් බැඳ දෙවියන්ට වෙන් කර තබා බාර වෙනවා.
ගොක්රෑන්[නා.ප්‍ර.] විවිධ සැරසිලි කිරීමට හෝ සන්නිවේදනය පිණිස යෙදීමට භාවිත කරන ගොක් කොළ ඉරා සකස් කර ගන්නා සිහින් තීරුව.
ගොජ[නා.ප්‍ර.] මුඛයෙන් පිට කරන නොදිරූ ආහාරය; වමනය.
ගොජර1. [නා.ප්‍ර.] ගෝචර භූමිය; යෝග්‍ය ආශ්‍රය ස්ථානය. 2. (කථා.) [නා.ප්‍ර.] ගොදුරු රඳන තැන; බොක්ක; බඩවැල.
ගොටු අත්ත[නා.] සමහර භික්ෂූන් කුඩය වෙනුවට භාවිත කරන බොකුටු තල් අත්ත.
ගොටුව, ගොට්ට1. [නා.] යම්දෙයක් බහාලීමට හෝ වතුර ගැනීම සඳහා හෝ පත්‍ර කොළ ආදිය බොකු ගසා හෝ නමා සාදා ගත් භාජනයක් වැනි උපකරණය; පුටය. 2. [නා.] මලාව; ඔඩම; කුසලාන. 3. [නා.] (රෙදි, පත්‍ර, මටුලු බටපතුරු ආදිය මඟින්) බොකු හැඩයට සිටින සේ සාදා ගන්නා පෙරීමේ උපකරණය.
ගොඩ1. [වි.] ගැමි පරිසරයට අයත්; පිටිසර බද. 2. (කථා.) [වි.] නියමිත ක්‍රමයක් නැති; ශාස්ත්‍රානුකූල නොවන. 1. [නා.ප්‍ර.] පොළෝ තලයේ දියෙන් යට නොවූ බිම; ගොඩබිම. 2. [නා.ප්‍ර.] වළකින් පිට ඇති බිම; ගොඩැලි බිම් පෙදෙස. 3. [නා.ප්‍ර.] වෙරළ හා සම්බන්ධ බිම් පෙදෙස; ඉවුර. 4. (කථා.) [නා.ප්‍ර.] ජලයේ නොගැඹුරු පෙදෙස. 5. [නා.ප්‍ර.] ගමකට අයත් කුඩා පෙදෙස. 6. [නා.ප්‍ර.] නගරයට ඈත ප්‍රදේශය; පිටිසර බද පෙදෙස; නොදියුණු පෙදෙස. 7. [නා.ප්‍ර.] මඩ රහිත භූමිය; ජලාශ්‍රිත නොවූ බිම. 8. [නා.ප්‍ර.] එක්තැන් කළ සමූහය; රාශිය.
ගොඩ එනවා1. [ක්‍රි.] ජලය ඇති ස්ථානයක සිට හෝ කුඹුරක් වැනි ස්ථානයක සිට ගොඩට එනවා. 2. [ක්‍රි.] විපතකින්, කරදරයකින් මිදෙනවා; දුක් පීඩා අවසන් වී සහනය ලබනවා. 3. [ක්‍රි.] ළිඳක් පතලක් වැනි ගැඹුරු ස්ථානයක සිට ගොඩට පැමිණෙනවා.
ගොඩ කරනවා1. [ක්‍රි.] ද්‍රව්‍ය රාශි වශයෙන් එක් කරනවා; ගොඩ ගහනවා. 2. [ක්‍රි.] කුඹුරක්, වළක්, පතහක් වැනි පෙදෙසක් පස් ආදියෙන් පුරවනවා.
ගොඩ ගසනවා, ගොඩ ගහනවා1. [ක්‍රි.] ගොඩක් වශයෙන් සකස් කරනවා; ඒකරාශි කරනවා; එක්කාසු කරනවා. 2. [ක්‍රි.] මුහුදු රැල්ලට අසු වී වෙරළට එනවා; මුහුදු, ගංගා, වැව් ආදියෙන් ගොඩට පාවී රැඳෙනවා; ගොඩට විසි වෙනවා.
ගොඩ නගනවා, ගොඩ නඟනවා1. [ක්‍රි.] දියෙන්, මඩෙන් හෝ වළකින් යමකු හෝ යමක් ගොඩට ගන්නවා. 2. [ක්‍රි.] කරදරයකින් දුකකින් මුදවනවා; (ලෙඩ රෝග ආදිය) සුව කරනවා. 3. [ක්‍රි.] (ගොඩනැගිලි ආදිය) ඉදි කරනවා. 4. [ක්‍රි.] නිම කරනවා; සම්පූර්ණ කරනවා. 5. [ක්‍රි.] එක්රැස් කරනවා; ගොඩ ගසනවා.
ගොඩ බසිනවා, ගොඩ බහිනවා[ක්‍රි.] ගුවන්යානා, මුහුදු යාත්‍රාදියෙන් පැමිණ ගොඩබිමට පා තබනවා.
ගොඩ බානවා1. [ක්‍රි.] ගුවන් යානා, මුහුදු යාත්‍රාදියෙන් ගෙන ආ ද්‍රව්‍ය ආදිය ගොඩබිමට ගන්නවා. 2. [ක්‍රි.] ගුවන්යානා අහසේ සිට ගොඩබිමට බස්සනවා.
ගොඩ බිම[නා.] ජල මට්ටමින් උස් ව මතු වී පිහිටි භූමිය; ජලයට යට නොවුණු භූමි ප්‍රදේශය.
ගොඩ වැස්ස[නා.] ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශවලට ඊසාන දිග මෝසම මඟින් ලැබෙන වැස්ස.
ගොඩ වෙනවා1. [ක්‍රි.] පහත් තැනක සිට උස් ස්ථානයකට නඟිනවා; නිවසක්, වාහනයක් වැනි දෙයකට ප්‍රවේශ වෙනවා. 2. [ක්‍රි.] එක්රැස් වෙනවා; බොහෝ සේ වැඩි වෙනවා. 3. [ක්‍රි.] යම් පහත් ස්ථානයක් ස්වභාවික ලෙස පිරී යනවා හෙවත් සමතලා වෙනවා.
ගොඩ සුළඟ[නා.] ගෙබිමින් මූද අතට හමන සුළග.
ගොඩඔතු[නා.ප්‍ර.] පුරාණයේ ගොඩ ඉඩම්වලින් අය කළ බද්දක්; හේන්වලින් අය කළ බද්ද.
ගොඩනැගිල්ල, ගොඩනැඟිල්ල[නා.] ගොඩ නගන ලද දෙය; ගෙවල් ප්‍රාසාද ආදිය.
ගොඩනිල්ල(කථා.) [නා.] ගොඩබිම පැත්තේ අහසෙහි දිස්වන වලාකුළු සහිත නිල් පැහැය.
ගොඩැල්ල[නා.] උසට පස් ආදිය ගොඩ ගැසී ඇති තැන; උස් ව පිහිටි බිම; කඳුගැටය.
ගොඩිගල්[වි.] ගොරහැඩි; හැඩ වැඩ නැති; පිළිවෙළක් නැති; දඩබ්බර.
ගොණ1. [නා.] නාසය. 2. [නා.] ගඳ සුවඳ බැලීම.
ගොත[නා.] කුල පරම්පරාව; ගෝත්‍රය. [වි.] උච්චාරණයේ දී වචන පැටලෙන; එක අකුර පුන පුනා කියැවෙන; වික්කල්.
ගොත ගසනවා, ගොත ගහනවා[ක්‍රි.] උච්චාරණය කඩමින් හෝ එක ම ශබ්දය පුන පුනා කියමින් හෝ කථා කරනවා; වික්කල් ගහනවා.
ගොතන කටුව[නා.] (රේන්ද, පටි, ඇඳුම් ආදිය) අතින් ගෙතීමට උපයෝගී කරගන්නා උපකරණය; ගෙතුම් කටුව.
ගොතනවා1. [ක්‍රි.] නූල්, ලණු ආදියෙන් තැනූ කුඩා පුඩු එකිනෙක ගැට ගසා ගළපා රටාවකට සකස් කරනවා; ගෙත්තම් කරනවා; මල් ආදිය දාමයක් වශයෙන් එකිනෙක අමුණනවා; කොණ්ඩය කොටස් කීපයකට බෙදා ඒවා එකිනෙක පටලවා අලංකාර ලෙස සකස් කරනවා. 2. [ක්‍රි.] අමුතුවෙන් නිර්මාණය කරනවා. 2. [ක්‍රි.] කැස බඳිනවා; අමුඩ ගසනවා.
ගොදුර1. [නා.] ආහාරය; විශේෂයෙන් සතුන්ගේ ආහාරය. 2. [නා.] මසුන් අල්ලා ගැනීමට බිළියෙහි අමුණන ඇම. 3. [නා.] මරණය, පහරදීම්, සොරසතුරු උවදුරු, ඇණුම් බැණුම්, රෝග පීඩාදියට ලක්වන පුද්ගලයා හෝ සතා හෝ දෙය. 4. (අභි.) [නා.] ඇස, කන ආදි ඉන්ද්‍රියවලට විෂය වන රූප, ශබ්ද, ආදි අරමුණුවලින් එකක්.
ගොදුරු ගම[නා.] ආශ්‍රමයක වෙසෙන භික්ෂූන් සිවු පසය ලබාගන්නා ගම් ප්‍රදේශය; ආහාර සපයන ගම.
ගොදුරු බිම[නා.] ගව බැටළු ආදි සතුන් ආහාර සපයා ගන්නා බිම් පෙදෙස.
ගොනගුල්[නා.ප්‍ර.] වඳුරා.
ගොනටු, ගොනාටු[නා.ප්‍ර.] අතීතයෙහි මගීන්ට ගිමන් හැරීම ආදිය පිණිස මගතොට අසල තනා තිබුණු ආසන විශේෂයක්.
ගොන් අඳේ(කථා.) [නා.] කුඹුරු වැඩ සඳහා යොදවාගත් ගවයන් වෙනුවෙන් කුලිය වශයෙන් දෙනු ලබන අස්වැන්න කොටස.
ගොන් කැරැල්ල[නා.] (කමත්) ගොයම් පෑගීම සඳහා එකට ඇඳූ ගවයන් කිහිපදෙනා; හරක් ගැළතුම.
ගොන් ගෙය[නා.] එකට ඇඳූ ගොනුන් දෙදෙනා; හරක් බාන; ගොන් බාන.
ගොන් බද්ද[නා.] පුරාණ යුගයේ රජය සන්තක ගවයන් ආරක්ෂාකාරී ව ජීවත් වූ ප්‍රදේශය.
ගොන් රැස[නා.] (ජ්‍යෝති.) රාශි දොළහෙන් එකක්; වෘෂභ රාශිය.
ගොන්ඩෝලාව1. [නා.] පතුළ සමතලා කුඩා බෝට්ටු වර්ගයක්. 2. [නා.] ගොන්ඩෝලාවක හැඩයට තනා ඇති වේවැල් කූඩය.
ගොන්බාන[නා.] එකට ඈඳූ ගවයන් දෙදෙනා.
ගොන්වායා[නා.] ගවයන් රැක බලා ගන්නා තැනැත්තා; එඬේරා; ගොපල්ලා.
ගොනා1. [නා.] හරකා; ගවයා. 2. (කථා.) (රූඪි.) [නා.] මෝඩයා; අඥානයා.
ගොනැස, ගොනැස්ස[නා.] පැරණි ගෘහ නිර්මාණ ක්‍රමය අනුව වහල හැඩ ගැස්වීමට ගන්නා කෙළවර හෝ මැද වක් වූ පරාලය; පරාලයේ කෙළවර වකය.
ගොනු කරනවා[ක්‍රි.] පිළිවෙළකට එක්තැන් කරනවා; ඒකරාශි කරනවා.
ගොනුව, ගොන්න1. [නා.] කිසියම් පිළිවෙලකට රැස්කර තැබූ (ලිපි ආදි) මිටිය; සකස් කළ ගොඩ. 2. [නා.] කැටිය; මිටිය; ගොඩ; රාශිය; සමූහය. 3. [නා.] එකිනෙකට ඇති සම්බන්ධය; ගැළපීම. 4. (පාරිභා.) [නා.] යන්ත්‍රයක එකිනෙකට පූට්ටු කළ කොටස් සමූහය (= assembly).
ගොනෝරියාව(පාරිභා.) [නා.] ලිංගික රෝගයක්; සුද බින්දුම (=gonorrhoea).
ගොපල්ලා, ගොපොල්ලා1. [නා.] ගවයන් රැක බලාගන්නා; ගව පාලනය ජීවනෝපාය වශයෙන් කරන්නා. 2. [නා.] පොළොව පාලනය කරන්නා; මහී පාලකයා. 3. (කථා.) [නා.] ගවයන්ට අධිගෘහිත යැයි සැලකෙන යක්ෂයෙක්; ගොපලු යකා.
ගොපලු ගම[නා.] ගොපල්ලන් වාසය කරන ගම.
ගොප් අත්ත[නා.] පොල් ගහේ ගොබ අත්ත; එහි ළපටි කොළ සහිත නොවිහිදුණු පත් කැටිය; ගොක් කොළ අත්ත.
ගොප් මස[නා.] බොලට දෙපසටත් දණහිස් පෙදෙසටත් අතර වූ මස් ගොබය; බත් කෙණ්ඩය.
ගොපු1. [නා.ප්‍ර.] ඇස් වටය; (පයේ) වළලුකර. 2. [නා.ප්‍ර.] වස; වහ.
ගොපු ඇටය[නා.] ගොප් ඇටය; ගුල්ඵාස්ථිය.
ගොපුර[නා.] නගරයට ඇතුළු වන ප්‍රධාන දොරටුව; නගර ද්වාරය.
ගොබඩ1. [නා.ප්‍ර.] කිලිල/ බඩ සහිත ගස්; පොල් පුවක් ආදි තාල වර්ගයේ ගස්. 2. [නා.ප්‍ර.] ළා ගෙඩිය.
ගොබය, ගොබේ1. [නා.] (පොල්, කිතුල්, කෙසෙල් ආදි ගස්වල) ළාදළුව; ළපටි කරටිය. 2. [නා.] වැදැල්ල; රොද; පේශිය. 3. (පාරිභා.) [නා.] ගඟක උඩහට වේගයෙන් දුවන විශාල උදම් රළ ගෙඩිය; වඩදිය රැළ (=bore).
ගොබවලාව(පාරිභා.) [නා.] වේගයෙන් නැගෙමින් අතිශය විනාශකාරී ලෙස හමා එන සුළි සුළඟ; ටෝනාඩෝව (=water spout).
ගොබ්බ1. [වි.] කම්මැළි; අලස. 2. [වි.] මෝඩ; අනුවණ.
ගොබ්බයා1. [නා.] කම්මැළියා; අලසයා. 2. [නා.] මෝඩයා; අනුවණ තැනැත්තා.
ගොබුඩ[නා.] කරටිය; අග්ගිස්ස.
ගොම[නා.ප්‍ර.] ගව වසුරු.
ගොම ගානවා1. [ක්‍රි.] ගෙබිම ආදි ස්ථානයන්හි ගොම ආලේප කරනවා; ගොම පිරිබඩ ගන්නවා. 2. [ක්‍රි.] අවලස්සන කරනවා; අශෝභන කරනවා.
ගොමපිරිබඩ ගන්නවා[ක්‍රි.] ගොම මැටි ගානවා; ගොම ආලේප කරනවා.
ගොමවැරටි[නා.ප්‍ර.] වියළි ගොම පිඩු.
ගොමස්කඩය[නා.] ඉතා කිලුටු රෙදිකඩ; අපිරිසිදු වැරහැල්ල.
ගොම්පස්[නා.ප්‍ර.] (කමත්.) ගවවසුරු; ගොම.
ගොම්මං වෙලාව[නා.] ගොන් ආපසු මඟට වැටෙන වේලාව; සවස අඳුර වැටීගෙන එන වේලාව.
ගොම්මන1. [නා.] අතුපතරින් වැසුණු තුරු ගොමු බහුල කැලෑව. 2. [නා.] ගොම්මං වෙලාව.
ගොමුව1. [නා.] ගස්වැල් එකට කැටි වී වැවුණු තැන; ළැහැබ; ගුල්මය. 2. [නා.] ගස්වැල්වලින් සෑදූ කූඩුව. 3. (කථා.) [නා.] ගෙට යාබද ව සෑදූ මඩුව. 4. [නා.] ගවගාල.
ගොයම්[නා.ප්‍ර.] වී අස්වැන්න; වී කරල්.
ගොයම් අඩිය[නා.] (කමත්.) කමතෙහි එක් කරන ලද කැපූ ගොයම් ගොඩ; සම්පූර්ණ නොවූ ගොයම් කොළය.
ගොයම් ඇල්ලීම[නා.] (කමත්.) ගොයම් කැපීම සුබ නැකතින් ඇරඹීම.
ගොයම් ඉස්සර[නා.] (කමත්.) ගොයම් කැපීමේ දී එක පෙළට සිට කපන ගොයම් තීරුව.
ගොයම් කයිය1. [නා.] ගොයම් කැපීම සඳහා සාමූහික ව එක් වූ පිරිස. 2. [නා.] සාමූහික ව එක් වී ගොයම් කැපීම. 3. [නා.] එම පිරිසට දෙන භෝජනය.
ගොයම් කොළය1. (කමත්.) [නා.] කරල් මැදි වන සේ කවාකාර ව උසට තැබූ ගොයම් ගොඩ. 2. [නා.] ගොයම් ගසේ පත්‍රය.
ගොයම් පාගනවා[ක්‍රි.] කපාගත් ගොයම්වලින් වී වෙන් කර ගැනීම සඳහා මඩවනවා; කොළ පාගනවා.
ගොයා[නා.] උරග වර්ගයට අයත් ගොඩබිම වසන තලගොයා.
ගොයි පෝරුව, ගොවිපෝරුව1. [නා.] කුඹුරෙහි මඩ සමතලා කිරීමට උපයෝගී කරගන්නා උපකරණයක නාමය. 2. [නා.] වී එකතු කරන ලෑල්ල නොහොත් කකුල.
ගොයියා1. (කථා.) [නා.] ගොවියා. 2. [නා.] තැනැත්තා. 3. [නා.] යහළුවා. 4. [නා.] දැතිගොයියා.
ගොයියාව1. [නා.] කුරුණිය; ලාහ. 2. [නා.] උකුණු දැත්ත; දැති ගොයියා.
ගොයුම්1. [නා.ප්‍ර.] ගෞතම බුදුරජාණන් වහන්සේ. 2. [නා.ප්‍ර.] තිරිඟු ගොධූම.
ගොයුම්මහණ[නා.ප්‍ර.] ගෞතම බුදුන් වහන්සේ.
ගොයුව[නා.] ලපය; පුල්ලිය.
ගොර1. [වි.] සුදු; ශ්වේත; පඬෙර. 2. [වි.] බියකරු; අතිදරුණු; ඝෝර. 1. [නා.ප්‍ර.] ඇඟ ගැල්වීමට ගන්නා විලවුන් වර්ගයක්; කොකුම්; කුංකුම. 2. [නා.ප්‍ර.] චන්ද්‍ර ග්‍රහයා. 3. [නා.ප්‍ර.] ගෞරවය. 4. [නා.ප්‍ර.] එනම් හඬ; ගොරවන ශබ්දය.
ගොරක මැලියම්(පාරිභා.) [නා.] සායම් පිණිස හා බෙහෙත් පිණිස ගන්නා වූ කහපාට ස්වාභාවික රෙසින් මැලියම් විශේෂය (= gamboge gum).
ගොරකයා1. [නා.] හැම දෙයක ම දොස් දක්නා තැනැත්තා. 2. [නා.] ගමේ ගොඩේ හැදුණ තැනැත්තා; නාගරික පරිසරය නුහුරු පුද්ගලයා. 3. [නා.] ඇත්පැටවා. 4. (කථා.) [නා.] කිඹුලා.
ගොරතර[වි.] දරුණුකමින් වැඩි; ඉතා දරුණු; භයංකාර වූ.
ගොරද[නා.ප්‍ර.] ගෝරෝචන.
ගොරවනවා1. [ක්‍රි.] වලාකුළු ගැටීමෙන් අහසේ මහ හඬක් නිකුත් වෙනවා; මේඝ ගර්ජනා කරනවා. 2. [ක්‍රි.] සිවුපා සතුන් මහ හඬ නගනවා; කෝපයෙන් ගුගුරනවා. 3. [ක්‍රි.] තර්ජනාත්මක ව කථා කරනවා; හඬ නගා තර්ජනය කරනවා. 4. [ක්‍රි.] (තද නින්දේ දී ආශ්වාස ප්‍රශ්වාස කරන විට) උගුරෙන් ‘ගොර ගොර’ යන හඬ නැගෙනවා.
ගොරහඬ[නා.] බියකරු ශබ්දය; බිහිසුණු හඬ; ඝෝර වූ නාදය.
ගොරහැඩි, ගොරෑඩි[වි.] දැඩි; රළු; ගොරෝසු.
ගොරිල්ලා[නා.] අප්‍රිකාවේ වනාන්තරවල වෙසෙන රෞද්‍ර පෙනුමැති වානර වර්ගයේ විශාලත ම සතා.
ගොරී[නා.] සුදු ගැහැනිය; ස්වේත වර්ණ ලලනාව; පාර්වතී.
ගොරොක්2. [වි.] වෘද්ධ; මහලු. 3. [වි.] ඔබලත්; දුර්වල. 4. [වි.] ගූඪ. 5. [වි.] ගැඹුරු; ගම්භීර. 1. [නා.ප්‍ර.] තද වු හෝ බර වූ හෝ ද්‍රව්‍යය. 2. [නා.ප්‍ර.] උපකාරය; උදව්ව. 3. [නා.ප්‍ර.] පීඩාව; විපත. 4. [නා.ප්‍ර.] ගෞරවය.
ගොරෝසු1. [වි.] රළු; දළ; දැඩි; ගොරහැඩි. 2. [වි.] දරදඬු; නොහික්මුණු; තැන්පත් කමක් නැති. 3. [වි.] නපුරු. 4. (පාරිභා.) [වි.] අමු; අශෝභන; අසංස්කෘත (=crude).
ගොල1. [වි.] වට වූ; වටකුරු බවක් ඇති. 2. [වි.] වයසට ගිය; මහලු. 1. [නා.] කුඩා වටකුරු දෙය. 2. [නා.] ඇස් ගුලිය. 3. [නා.] මිනුම් ප්‍රමාණයක්; පලම් සීය; තුලාව; කුරු සතලිහක බර.
ගොල ගැට[නා.] පිට්ටු සහ වැලිතලප සඳහා පිටිවලින් පිළියෙළ කර ගන්නා කුඩා කැට.
ගොල හැල[නා.] ගැඹුරට එරෙන හැල; ගැඹුරු මඩවළ.
ගොල්ල1. [නා.] රාශිය; ළැහැබ; ගුල්මය; පඳුර; ගොමුව. 2. [නා.] සමූහය; පිරිස. 3. [නා.] නෑ පිරිස; ඤාති සමූහය; ඤාති වර්ගයා.
ගොලෑ1. [වි.] මෘදු; මොළොක්. 2. [වි.] ළාබාල; නොමේරූ; ළපටි. 1. [නා.ප්‍ර.] මැලැස්ස; ළා ගෙඩි. 2. [නා.ප්‍ර.] නොමේරූ පුවක් ගෙඩි.
ගොලිජ්ජ(කථා.) [නා.ප්‍ර.] ගවමූත්‍ර.
ගොලෝව1. [නා.] බෝලයක හැඩය ගත් දෙය; ගෝලාකාර වස්තුව; ගෝලය. 2. (පාරිභා.) [නා.] පහනක් ආවරණය කරමින් ම එහි එළිය විසරණය කරන උපකරණය (= globel).
ගොවද1. [නා.] සමූහය. 2. [නා.] හිරු රැස්. 3. [නා.] හරක් ගාල; ගොවුද.
ගොවලා[නා.] ගවයන් බලන්නා; ගොපල්ලා.
ගොවළු[නා.ප්‍ර.] ගවයන්ගේ කුරය වැදීමෙන් පස හෑරී දිය පිරුණු වළ.
ගොවැර්නදෝරු[නා.ප්‍ර.] රජ වෙනුවෙන් පාලනයෙහි යෙදී සිටින ප්‍රධානියා; ආණ්ඩුකාරයා.
ගොවි බස[නා.] විශේෂයෙන් කමතේ දී ව්‍යවහාර කරන භාෂාව; කමත් බස.
ගොවිඳු[නා.ප්‍ර.] විෂ්ණු දෙවි.
ගොවිපළ, ගොවිපොළ1. [නා.ප්‍ර.] ගොවිතැන් කරන ගොඩ මඩ භූමි භාගය; වගා බිම; කුඹුර. 2. [නා.ප්‍ර.] මස් සඳහා සතුන් ඇති කරන භූමි භාගය; සත්ත්ව ගොවිපළ.
ගොවියා1. [නා.] (වෘත්තියක් වශයෙන්) ගොඩමඩ ගොවිතැන් කරන්නා; ගොවිතැන ජීවනෝපාය කරගෙන සිටින පුද්ගලයා. 2. [නා.] පශු කර්මාන්තයෙහි යෙදෙන තැනැත්තා. 3. [නා.] ගොවි කුලයට අයත් තැනැත්තා; ගොවි වංශිකයා.
ගොවු1. [නා.ප්‍ර.] පැරණි දුර මැනීමේ මිම්මක්; ගවුව; හඬසන දෙකක දුර. 2. [නා.ප්‍ර.] ගොනා; ගවයා.
ගොවුද1. [නා.] ගවයන් ලගින ස්ථානය; ගවගාල; ගවහල; ගවමඩුව. 2. [නා.] ගොපල්ලන් වෙසෙන ගම; ගොපලු ගම.
ගොවුවා, ගොව්වා1. [නා.] ඇත් අස් ගව ආදි සතුන් රැක බලා ගන්නා එඬේරා; ගෝපකයා. 2. [නා.] මුරකාරයා; දොරටුපාලයා; ආරක්ෂකයා.
ගොස1. [නා.] ඝෝෂය; මහත් වූ ශබ්දය; ඝෝෂාව; මහාරාවය. 2. [නා.] මේඝ ගර්ජනාව.
ගොසරෑ(කථා. උඩ.) [වි.] රොඩුකුණු තවරාගත්; අපිරිසිදු.
ගොසරෑවා(කථා.) [නා.] අපිරිසිදු තැනැත්තා.
ගොසු[වි.] ඝෝෂා සහිත; මහත් වූ හඬ ඇති.
ගොහ[නා.ප්‍ර.] බෙණය; ගුහාව.
ගොහාලය1. (ජන.) [නා.] පැල් රැකීමේදී ආරක්ෂිත ව සිටීමට තනා ඇති මැස්ස. 2. [නා.] ගෙට යාබද ව පිටතින් තැනූ මඩුව.
ගොහොට්ටිය, ගෝට්ටිය[නා.] බොහෝ දෙනා එකතු ව කරන හඬනැඟීම; ඝෝෂාව; (කෝලාහලයට මෙන්) කෑගැසීම; අරගලය; කලබලය.
ගොහොදු කරනවා1. [ක්‍රි.] මඩ කරනවා; අපිරිසිදු කරනවා. 2. [ක්‍රි.] අවුල් කරනවා; පිළිවෙළක් නැති කරනවා.
ගොහොදු, ගෝදු1. [වි.] මඩ වූ; අපවිත්‍ර; ගොහොරු. 2. [වි.] කිසි පිළිවෙළක් නැති; අවුල් වූ.
ගොහොරු[වි.] මඩ සහිත; දියාරු මඩින් යුතු; වගුරු සහිත වූ.
ගොහොරුව1. [නා.] එරෙන; මඩ වූ ස්ථානය; මඩ වගුරු බිම; ගොහොදුව. 2. (පාරිභා.) [නා.] සාමුද්‍රික මඩ නිධිය (=ooze).
ගොළු1. [වි.] කථා කිරීමට නොහැකි; කථා නොකරන; මූග. 2. [වි.] නිශ්චල වූ; නොසෙලවෙන; අචල. 3. [වි.] මිටි; උස නොවූ; ගෝඨ.
ගොළු වත[නා.] කථා නොකර සිටීමේ ව්‍රතය; මූග ව්‍රතය.
ගොළුපිළි[නා.ප්‍ර.] ගොළුවා.
ගොළුබස1. [නා.ප්‍ර.] ගොළුවන් තම අදහස් අන්‍යයන්ට ප්‍රකාශ කිරීම සඳහා යොදා ගනු ලබන හස්ත සංඥාදි උපක්‍රම. 2. [නා.ප්‍ර.] නිශ්ශබ්ද ව සිට අදහස් පැවසීම; නිහඬ ව අදහස් ප්‍රකාශ කිරීම.
ගොළුවා[නා.] කථා නොකරන්නා; කීම්, බිණීම් කළ නොහැකි පුද්ගලයා; මූගයා.
ගෝ1. [නා.ප්‍ර.] ගව; ගෙරි; සරක්. 2. [නා.ප්‍ර.] සඳ හිරු දෙදෙනා වසන්ත ඍතුවේ දී ගමන් කරති යි විශ්වාස කරන විථිය; ගෝවීථිය. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] වෘෂභ ලග්නය/රාශිය.
ගෝ ධනය[නා.] වස්තුවක් වශයෙන් සලකන ලද ගව සමූහය; ගව සම්පත.
ගෝකර්ණ[නා.ප්‍ර.] ත්‍රිකුණාමලයට ව්‍යවහාර වූ පැරණි නමක්; ගෝණගංතොට.
ගෝකුර1. [නා.ප්‍ර.] ගවයාගේ කුරය; ගව කුරය. 2. [නා.ප්‍ර.] ගවකුර වැදී පසෙහි හෑරෙන වළ; ගවකුර සටහන.
ගෝකුල[නා.ප්‍ර.] ගව රැළ; ගව සමූහය.
ගෝග්‍රන්ථි[නා.ප්‍ර.] වියළුණු ගොම; ගොම වැරටි.
ගෝඝාතක[නා.ප්‍ර.] ගවයන් මරන්නා.
ගෝචර1. [වි.] අහර සොයා හැසිරෙන; ගොදුරු පිණිස හැසිරෙන; පිඬු පිණිස හැසිරෙන. 2. [වි.] ඉන්ද්‍රියවලට අරමුණු වන.
ගෝචර ස්ථානය[නා.] ගොදුරු බිම; ආහාර ලබාගන්නා භූමිය; (භික්ෂූන්) පිඬු පිණිස හැසිරෙන ප්‍රදේශය; ගොදුරු ගම.
ගෝචරඵල[නා.ප්‍ර.] (ජ්‍යෝති.) පුද්ගලයකුගේ ජන්ම රාශියෙහි පටන් රාශි දොළසෙහි ඒ ඒ ග්‍රහයන් ගමන් කරන විට ඒ ඒ ග්‍රහ රාශි සම්බන්ධතාව අනු ව ලැබෙන පලාපල,
ගෝචරය1. [නා.ප්‍ර.] ආහාර ඇති තැන; ගොදුරු බිම. 2. [නා.ප්‍ර.] ගොදුර; ආහාරය. 3. [නා.ප්‍ර.] ඉන්ද්‍රියයන්ට ගොදුරු වන අරමුණ; අවබෝධය. 4. [නා.ප්‍ර.] සුදුස්ස; යෝග්‍ය දෙය. 5. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] ග්‍රහයන් ඔවුනොවුන්ගේ දෘෂ්ටියට ලක්වීම.
ගෝටය, ගෝටෙ(කථා.) [නා.] කූඩුව; කැදැල්ල.
ගෝටවිය, ගෝටවිස[නා.ප්‍ර.] නැවක සුක්කානම; ඔරුවක අවල; නැවක පශ්චාත් බන්ධනය; ගල්වත.
ගෝට්ටිය(කථා.) [නා.] බොහෝ දෙනාගේ කථාවෙන් නැඟෙන මහ හඬ; කෑකෝ ගැහීම; ගොහොට්ටිය.
ගෝඨයා[නා.] මිටි තැනැත්තා; මිට්ටා.
ගෝඩිම්බර[වි.] ගොරෝසු; දළ; රළු.
ගෝණක, ගෝනක[නා.ප්‍ර.] දිග ලෝම ඇති පලස; ඇඳ පුටු ආදියෙහි එළන සුඛෝපභෝගී ඇතිරිල්ල.
ගෝණිගොන්[නා.ප්‍ර.] පිටේ බඩු පටවාගෙන යෑමට පුරුදු කළ ගොනා; තවලම් ගොනා.
ගෝණිය1. [නා.] ගෝණි ලණුවලින් වියාගන්නා රෙද්ද; ගෝණි පඩංගුව. 2. [නා.] වී හාල් ආදිය බහාලීම සඳහා ගෝණි රෙද්දෙන් තනාගන්නා ලොකු මලු විශේෂය; ගෝණිමල්ල. 3. [නා.] ධාන්‍ය ආදි වියළි හෝ ද්‍රව මැනීම සඳහා භාවිත වූ පැරණි මිම්මක්.
ගෝත කරුමය, ගෝත කර්මය1. [නා.] පණ ඇදීම; මරණාසන්න ව වේදනාවෙන් කරන දැඟලීම. 2. [නා.] මත්පැන් හේතුවෙන් ඇති වන විකාර ගතිය; විකෘති සිහියෙන් කරන දැඟලීම. 3. [නා.] දිගු කලක් පවතින අසනීපය; කල් ගිය බලවත් රෝගාබාධය. 4. [නා.] නො කඩවා පවතින බාධාව; හිරිහැරය; කරදරය.
ගෝත්තරය, ගෝත්තරේ1. [නා.] (කෙනෙකුගේ) වංශය, කුලය, ගෝත්‍රය. 2. [නා.] ආහාරය කෑම.
ගෝත්‍රචිහ්න[නා.ප්‍ර.] ගෝත්‍රය හඳුන්වන සලකුණ; ගෝත්‍රය පිළිබඳ සංකේතය; කුල චිහ්නය.
ගෝත්‍රය1. [නා.] කුල පරම්පරාව. 2. (පාරිභා.) [නා.] වර්ගීකරණයේ දී කුලයට ඉහළින් හා වර්ගයට පහළින් සිටින සමීප සම්බන්ධකම්වලින් යුත් ජීවි කණ්ඩායම (=order).
ගෝත්‍රික[වි.] ගෝත්‍රයට අයත්; වංශ පරම්පරාවට අයත් වූ; ගෝත්‍රයට උරුම; ගෝත්‍රයට ආවේණික.
ගෝදණ්ඩ[නා.ප්‍ර.] ආදියෙහි පාවිච්චි කළ දුනු විශේෂයක්.
ගෝදාන කර්මය[නා.] ගෘහ්‍ය සූත්‍ර අනු ව චූඩාකර්ම (හිසකෙස් කැපීම) හා කේශාන්ත කර්ම (රැවුල් කැපීම) ආදියේ දී පූර්ව කෘත්‍ය චාරිත්‍රයක්.
ගෝදානය[නා.] ග්‍රහ අපල දුරු වීම සඳහා ජීව දානයක් වශයෙන් ගවයන් දන් දීම; ගව දානය.
ගෝධා1. [නා.ප්‍ර.] ගොයා; තලගොයා. 2. [නා.ප්‍ර.] දුනුවායන් අතේ මැණික් කටුවෙහි බඳින සම් කැබැල්ල.
ගෝනස්, ගෝනැස්[නා.ප්‍ර.] වක් වූ පරාලය.
ගෝප1. [නා.ප්‍ර.] ගවයන් රැක බලාගන්නා; ගොපල්ලා. 2. [නා.ප්‍ර.] ගවගාලක ප්‍රධානියා. 3. [නා.ප්‍ර.] කිරි පට්ටිකාරයා. 4. [නා.ප්‍ර.] රජ. 5. [නා.ප්‍ර.] ගුප්ත යුගයේ දඹදිව කිසියම් පෙදෙසක සේවය කළ ගම් දෙටුවෙක්.
ගෝප කර්මය[නා.] ගවයින් බලා ගැනීම; එඬේර වෘත්තිය.
ගෝපක(පාරිභා.) [වි.] සැඟවුණු; ගුප්ත. 1. [නා.ප්‍ර.] (උද්‍යානාදිය) රැක බලාගන්නා; රක්ෂණය හෝ ගෝපනය කරන්නා; ගොවුවා. 2. [නා.ප්‍ර.] එඬේරා; ගොපල්ලා. 3. [නා.ප්‍ර.] පළාතක අධිකාරි තැන. 4. [නා.ප්‍ර.] රජ.
ගෝපකන්‍යා[නා.ප්‍ර.] ගොපලු දැරිය.
ගෝපක්ෂ්ම[නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අතුරින් එකක්. උපන් හැටියේ රතු වස්සකුගේ ඇස් ගුලියට බඳු ඇස් ඇති බව.
ගෝපති1. [නා.ප්‍ර.] සූර්යයා. 2. [නා.ප්‍ර.] රජ. 3. [නා.ප්‍ර.] නායක වෘෂභයා. 4. [නා.ප්‍ර.] ඉන්ද්‍ර දෙවි. 5. [නා.ප්‍ර.] ශිව දෙවි.
ගෝපනය[නා.] රැකීම; ආරක්ෂාව.
ගෝපනීය1. [වි.] සැඟවිය යුතු; වසන් කළ යුතු. 2. [වි.] වැනසෙන්නට ඉඩ නොදී රැක ගත යුතු.
ගෝප්‍ය[වි.] රැකිය යුතු; ආරක්ෂා කළ යුතු.
ගෝප්‍රචාරය[නා.] තණබිම; තෘණ භූමිය.
ගෝපා1. [නා.ප්‍ර.] ගොපල්ලාගේ භාර්යාව; ගෝපාලිකාව. 2. [නා.ප්‍ර.] කිරි දොවන ගැහැනිය.
ගෝපාලයා1. [නා.] ගවයන් රැක බලා ගන්නා තැනැත්තා; ගවපාලකයා; ගොපල්ලා. 2. [නා.] රජ. 3. [නා.] ශ්‍රී කෘෂ්ණ; ගෝවින්ද.
ගෝපිකාංගනාව[නා.] ගව පාලනයේ යෙදෙන කාන්තාව; ගොපලු ලිය.
ගෝපිත[වි.] රක්නා ලද; ආරක්ෂා කරනු ලැබූ. [නා.] ගවපිත ආශ්‍රයෙන් හටගන්නා ද්‍රව්‍යය; ගෝරෝචන.
ගෝපී[නා.ප්‍ර.] ගොපලු ලිය; ගොපල්ලාගේ භාර්යාව.
ගෝපුර1. [නා.ප්‍ර.] නගර ප්‍රාකාරයේ මහා දොරටුව; නුවර දොර. 2. [නා.ප්‍ර.] පැරණි ඉන්දියානු ගමකට ඇතුළුවන තැන ඉදිකළ තොරණ විශේෂය. 3. [නා.ප්‍ර.] විහාර කෝවිල් ආදි සිද්ධස්ථානයකට ඇතුළුවන තැන ඉදිකළ අලංකාර සැරසිලිවලින් යුත් දොරටුව. 4. [නා.ප්‍ර.] ප්‍රාසාදයක දොරටුව.
ගෝමය[නා.ප්‍ර.] ගව වසුරු; ගොම.
ගෝමර[නා.ප්‍ර.] දිලීරයක් නිසා සමෙහි හටගන්නා ලප විශේෂයක්; කාන්තාවන්ගේ සමට අලංකාරයක් ලෙස සැලකෙන කැළැල වර්ගයක්.
ගෝමේද[නා.ප්‍ර.] මැණික් ගල් වර්ගයක්; කහට මිශ්‍ර රත් හෙවත් පැණි පාට වූ එහෙත් අගයෙන් අඩු මැණික් ගල් විශේෂයක්.
ගෝමේධය[නා.] ගවයන් මරා පවත්වනු ලබන යාග කර්මයක්.
ගෝයුති, ගෝයූථ[නා.ප්‍ර.] ගව සමූහය.
ගෝරනාඩුව, ගෝරනාදය[නා.] මහත් හඬ නගා කරන තර්ජනය; කෝප වී මහ හඬින් කරන කෑගැසීම; ගර්ජනා කිරීම.
ගෝරස[නා.ප්‍ර.] ගවයාගෙන් ලබාගන්නා කිරි හෝ කිරෙන් සාදන දී, ගිතෙල්, වෙඬරු, මෝරු, කේජු යන පස් ගෝරසය.
ගෝරි[නා.ප්‍ර.] කලහය; දබරය; කලබලය.
ගෝරුත1. [නා.ප්‍ර.] ගවයකුගේ තෙපුල්ලෑම. 2. [නා.ප්‍ර.] ඒ ඇසෙන දුර හා ආශ්‍රිත මිම්මක්.
ගෝරුපු[නා.ප්‍ර.] ගවයාගේ සතුරා; කොටියා; දිවියා.
ගෝරෝචන[නා.ප්‍ර.] ගවයන්ගේ (මස්තකයෙහි පිහිටි) වියළි පිත; ගෝපිත්තය; ගෝරද.
ගෝලකය(පාරිභා.) [නා.] බොහෝ දුරට ගෝලාකාර නමුත් පරිසමාප්ත ගෝලයක් නොවන වස්තුව (=spheroid).
ගෝලමානය, ගෝලමාපකය, ගෝලමාපය(පාරිභා.) [නා.] ගෝලාකාර වස්තු මැනගන්නා උපකරණය (=spherometer).
ගෝලය1. (පාරිභා.) [නා.] පෘෂ්ඨයේ සෑම ලක්ෂ්‍යයක් ම කේන්ද්‍රයෙන් සමදුර වූ ඝන වස්තුව; සම වටකුරු ගුළිය (=sphere). 2. [නා.] ගෝලාකාර වස්තුව; වටකුරු වස්තුව (=globe). 3. [නා.] ඇසේ කළු ඉංගිරියාව; ඇසිකිණිය. 4. [නා.] බර ප්‍රමාණයක්; තුලාව; පලම් සියය.
ගෝලයා[නා.] ගුරුවරයකු සමීපයෙහි ඉගෙනීම කරන්නා; ශිෂ්‍යයා.
ගෝලාකාර[වි.] ගෝලයක හැඩය ඇති; බෝලයක් වැනි; වටකුරු.
ගෝලාභය(පාරිභා.) [නා.] ගෝලයක් නොවන එහෙත් ගෝලයකට ඉතා ආසන්න රූපය (=spheroid).
ගෝලාර්ධය[නා.] ගෝලයකින් දෙකෙන් පංගුව; අර්ධ ගෝලය.
ගෝලිකාව(පාරිභා.) [නා.] කුඩා ගෝලය; ගෝලාකාර අංශුව (=globule).
ගෝලීය අපේරණය(පාරිභා.) [නා.] ගෝලීය පෘෂ්ඨයක් සහිත දර්පණයකින් හෝ කාචයකින් සෑදෙන ප්‍රතිබිම්බයෙහි දක්නට ලැබෙන දෝෂය (=spherical aberration).
ගෝලීය ආධික්‍යය(පාරිභා.) [නා.] ගෝලීය ත්‍රිකෝණයක කෝණ තුනේ ඓක්‍යයේ 180° ට වැඩියෙන් ඇති ප්‍රමාණය.
ගෝලීය කාචය(පාරිභා.) [නා.] ගෝලාකාර පෘෂ්ඨයක් සහිත කාචය (=spherical lens).
ගෝලීය කෝණය(පාරිභා.) [නා.] ගෝලයක මහා වෘත්තවල ඡේදන චාප දෙකක් අතර කෝණය.
ගෝලීය පෘෂ්ඨය[නා.] ගෝලයක මතුපිට තලය; ගෝල පිටිතලය.
ගෝලීයකරණය[නා.] විශ්ව ව්‍යාප්තිකරණය ලොව පුරා පැතිරවීම.
ගෝලු[නා.ප්‍ර.] ඝෝෂාව; ගෙරවීම; ගර්ජනය.
ගෝලෝමිකය[නා.] නිකටෙහි පමණක් දිගට ඉතිරි කොට ඇති රැවුල; එළු රැවුල.
ගෝව්‍රත[නා.ප්‍ර.] ගවයකු මෙන් ඉරියවු පැවැත්වීමෙන් රකින ශීලය; ඇතැම් තවුසන් ගවයකු මෙන් සිටීම, නිදීම ආදිය කෙරෙමින් දරන චර්යාව.
ගෝවින්ද1. [නා.ප්‍ර.] ශ්‍රී කෘෂ්ණ, විෂ්ණු දෙවි. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] සුවන නැකත.
ගෝවිසාණ[නා.ප්‍ර.] ගවයාගේ අඟ; හරක් අඟ.
ගෝවීථිය[නා.] (ජ්‍යෝති.) මීන, මේෂ, තුලා, කන්‍යා යන රාශි හතර ඇතුළත් වන නභෝ ගර්භය.
ගෝෂ්ඨිය[නා.] සාකච්ඡා සභාව; සංසදය; සංභාෂණය.
ගෝෂ්පදය[නා.] ගවකුරයෙන් හෑරී දිය පිරුණු කුඩා වළ.
ගෝස්1. [නා.ප්‍ර.] විශේෂයෙන් ලිනන්, කපු ආදියෙන් කළ විනිවිද පෙනෙන සිහින් රෙදි වර්ගය. 2. [නා.ප්‍ර.] සිහින් කම්බිවලින් කළ දැල් විශේෂය.
ගෝස්තරය[නා.] ජිවිකා වෘත්තිය.
ගෝහාලය[නා.] දඬු මැස්ස.
ගෞණ[වි.] අප්‍රධාන; වැදගත් නොවූ.
ගෞර[නා.ප්‍ර.] සුදුපාට; එළපැහැය; ලා කහ හෝ ළා රතු; අරුණු පැහැය.
ගෞරවය1. [නා.] ගුරුත්වය; බරබව. 2. [නා.] ගරු සැලකිල්ල; හරසර; බුහුමන. 3. [නා.] කීර්තිය; නම්බුව; හොඳනම.
ගෞරවාදරය[ගෞරව+ආදර] [නා.] ගෞරවය සහිත වූ ආදරය; ගෞරව සම්ප්‍රයුක්ත ආදරය.
ගෞරවාන්විත[ගෞරව+අන්විත] [වි.] ගෞරව සහිත; ගෞරවයෙන් යුත්.
ගෞරවාර්හ[ගෞරව+අර්හ] [වි.] ගෞරවයට සුදුසු වූ; ගරු කටයුතු.
ගෞරවාස්පද[ගෞරව+ආස්පද] [වි.] ගෞරවය ලැබීමට ආධාර වන; ගෞරවයට හේතුවන.
ගෞරවෝපාධිය[ගෞරව+උපාධිය] [නා.] ගරු කිරීම සඳහා පිරිනමනු ලබන උපාධිය; ගෞරවය පිණිස යෙදෙන (උපාධි) නාමය; විරුද නම; ගෞරවාභිදානය.
ගෞරිකේශ[නා.ප්‍ර.] මිනිරන්.
ගෞරී1. [නා.ප්‍ර.] ඊශ්වර භායාව; පාර්වතී. 2. [නා.ප්‍ර.] එළලු ස්ත්‍රිය. 3. [නා.ප්‍ර.] අට හැවිරිදි කන්‍යාව.
'ක' වර්ගයේ සිවුවැනි අකුර මිශ්‍ර සිංහල හෝඩියේ විසිහතර වැනි අකුර; හතර වැනි ව්‍යඤ්ජනාක්ෂරය; මහාප්‍රාණ ඝෝෂාක්ෂරයකි.
ඝංසනය[නා.] ඇතිල්ලීම; මැදීම; ඉළීම.
ඝටකය[නා.] (යමක් සෑදී ඇති) කොටස; අවයවය; භාගය; අංශය.
ඝටකෘත්‍යය[නා.] පැන් වත් කිරීම; දිය නැමීම.
ඝටච්ඡිද්‍රය[නා.] කළයෙහි සිදුර.
ඝටචේටිකාව[නා.] කළයෙන් දිය ඇදීමේ මෙහෙයෙහි යෙදෙන මෙහෙකාරිය; කළමිඩිය.
ඝටන1. [වි.] ගටන්නා වු; තළන්නා වූ; මිටි, කුළුගෙඩි ආදියෙන් පහර දෙන්නා වූ. 2. [වි.] වචනයෙන් පහර දෙන; සිත් රිදවන; සිත් වේදනා ගෙන දෙන. 3. [වි.] ගළපන්නා වූ; සම්බන්ධ කරන්නා වූ.
ඝටනය1. [නා.] ස්පර්ශ වීම; ඇතිල්ලීම. 2. [නා.] නිරතුරු යෙදීම; ව්‍යායාමය. 3. [නා.] සම්බන්ධය; ගැළපුම; සන්ධි බන්ධනය.
ඝටනවා1. [ක්‍රි.] සම්බන්ධ කරනවා; ගළපනවා. 2. [ක්‍රි.] පිළිවෙළින් බැඳී සිටිනවා; නොකඩවා පවතිනවා. 3. [ක්‍රි.] ගැටෙන්ට සලස්වනවා. 4. [ක්‍රි.] උළනවා; අතුල්ලනවා. 5. [ක්‍රි.] තළනවා; පෙළනවා; රිදවනවා.
ඝටනාව1. [නා.] ගැළපීම; පෑස්සීම; සන්ධානය. 2. [නා.] ප්‍රබන්ධය; රචනය; නිබන්ධනය. 3. [නා.] එකට හැපීම; ගැටීම. 4. [නා.] වෑයම; උත්සාහය; ප්‍රයත්නය.
ඝටය1. [නා.] කළය; කුම්භය. 2. [නා.] මිනුම් ප්‍රමාණයක්; ද්‍රෝණය. 3. [නා.] මන්දිර ස්තම්භවල පහත කොටසක්. 4. [නා.] සමින් වැසූ මුඛය ඇති වාද්‍ය භාණ්ඩය. 5. [නා.] ඇත් කුඹ.
ඝට්ටනය[නා.] එකිනෙක හැපීම; ගැටීම; ස්පර්ශ වීම.
ඝටා බණිනවා[ක්‍රි.] ජාති, කුල, ගෝත්‍ර ආදිය සඳහන් කර බැණ වදිනවා; පරපුර සඳහන් කර අපහාස කරනවා.
ඝටාකාර[වි.] කළයක් වැනි; කුම්භයක හැඩය ඇති.
ඝටාර්ථය[නා.] මුළුමනින් ගත් අර්ථය; සමූහාර්ථය; ඝටිත අර්ථය.
ඝටාව[නා.] රොද; සමූහය; ගළ.
ඝටිකා යන්ත්‍රය[නා.] වේලාව දක්වන යන්ත්‍රය; හෝරා යන්ත්‍රය; පෑතැටිය; ඔරලෝසුව.
ඝටිකාව1. [නා.] ඖෂධ පිරවූ කුඩා කළය; කුඩා භාජනය. 2. [නා.] බෙහෙත් ගුටිකාව; ඖෂධ ගුළිය. 3. [නා.] දවසින් හැටෙන් කොටසේ කාලය; සිංහල පැය; ඔරලෝසු පැයෙන් මිනිත්තු විසිහතරක කාලය. 4. [නා.] රථ රෝදයේ වක් අත්ත නම් කොටස. 5. [නා.] කල්ලි ගැහීම; කල්ලි කෙළිය. 6. [නා.] සඳුන්, වෙනිවැල් ආදියෙහි ගැට ගැසී ගිය කොටස; දැව ගැටය. 7. [නා.] (සැරයටි ආදියෙහි මුදුනෙහි යෙදූ) විල්ල; මුදුන් විල්ල.
ඝටිත1. [වි.] ගළපන ලද; ගැළපෙන; මනා ව සම්බන්ධ වන. 2. [වි.] ගැටුණු; හැප්පුණු; ගෑවුණු; ස්පර්ශ වුණු.
ඝටී යන්ත්‍රය[නා.] අතීතයේ ළිං, පතැස්, ගංගා ආදියෙන් ජලය ඇදීම සඳහා භාවිත යන්ත්‍ර විශේෂය.
ඝටෝදර[නා.ප්‍ර.] කළයක් මෙන් මහත් ව ගිය බඩ; හැළිබඩ.
ඝණ්ටා කොටුව[නා.] කසළ ගසා යන කාණුවලින් නිකුත් වන වායුව නළ මගින් ගෙවල් තුළට ඇතුළු වීම වළක්වන උපකරණය; සීනු බඳක් වැනි යකඩ කැබැල්ලක් යෙදූ දුර්ගන්ධ වාරක ආවරණය.
ඝණ්ටා සරාව(පාරිභා.) [නා.] රසායනාගාරවල පරීක්ෂණ සඳහා යොදා ගනු ලබන පතුල නොවැසූ සීනුවක හැඩය ඇති වීදුරු භාජනය (=bell jar).
ඝණ්ටා ස්තම්භය[නා.] ඝණ්ටාවක් සවි කළ කුලුන.
ඝණ්ටාකාර[වි.] ඝණ්ටාවක හැඩය ගත්; සීනු බඳක ආකාර ඇති.
ඝණ්ටාරය[නා.] ඝණ්ටාව.
ඝණ්ටාලෝලාව[නා.] සීනුව නාද කිරීම සඳහා යොදා ගන්නා යකඩ කැබැල්ල; ඝණ්ටාවේ දිවත.
ඝණ්ටාව[නා.] ලෝකඩින් සෑදූ ගැඹුරු හඬ නංවන සීනුව; ලොකු සීනුව; ඝණ්ටාරය.
ඝණ්ටිකාව1. [නා.] කුඩා ඝණ්ටාව; සීනුව. 2. [නා.] දිව මුල පිහිටි කුඩා දිව.
ඝත[නා.ප්‍ර.] ගිතෙල්; එළඟිතෙල්.
ඝතාසන[නා.ප්‍ර.] (ගිතෙල් කන්නා යනු වාච්‍යාර්ථයි) ගින්න; අග්නිය; වහ්නිය.
ඝතෝදනය[ඝත+ඕදන] [නා.] ගිතෙල් යොදා පිසූ බත; ගිතෙල් බත.
ඝන1. [වි.] එකට බැඳී සිටින; තද; දැඩි. 2. [වි.] ගැවසී ගත්; බහුල ව ඇති; ගහන; අධික; මහත්. 3. [වි.] තුනී නොවූ; හීන් නැති. 4. [වි.] අමිශ්‍ර; හුදු; තනිකර. 5. [වි.] දියාරු නොවූ; උකු.
ඝන අගල[නා.] පරිමාව මනින මිම්මක්; දිග පළල හා උස අඟල බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.
ඝන අඩිය[නා.] පරිමාව මනින මිම්මක නාමය; දිග උස අඩිය බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.
ඝන අර්ධගෝලය[නා.] මුළුමනින් පිරුණු ඝන ගෝලයෙන් හරි අඩ; ඝන වූ පෘථිවි ගෝලයේ සමකයෙන් උඩ හෝ යට හෝ අර්ධය.
ඝන අවස්ථාව1. [නා.] උෂ්ණත්ව ප්‍රමාණ ආදියෙහි බලපෑම අනුව ද්‍රවයක් තද බවට පත් අවධිය. 2. [නා.] කලල රූපය තද බවට පත් වන අවධිය. 3. [නා.] වැසි පවත්නා කාලය.
ඝන ආහාරය[නා.] දියර වශයෙන් නොවූ ආහාරය; බර ආහාරය; දිරවීමට අපහසු ආහාරය.
ඝන කරනවා1. [ක්‍රි.] ගන කරනවා; දියාරු නොවන සේ සලසනවා. 2. [ක්‍රි.] තද බවට පත් කරනවා. 3. [ක්‍රි.] ද්‍රවයක් (වාෂ්ප ඉවත් කිරීමාදියෙන්) උකු කරනවා; කැටි කරනවා.
ඝන කාලය[නා.] වැහි කාලය; වර්ෂා සමය.
ඝන කේතුව(පාරිභා.) [නා.] වෘත්තාකාර පතුලක් සහ ක්‍රමයෙන් සිහින් වූ මුදුනක් සහිත ඝන වස්තුව; කේත්වාකාර ඝන වස්තුව (=solid cone).
ඝන කෝණය(පාරිභා.) [නා.] ඝනයක හෝ කේතුවක මුල්ල (=solid angle).
ඝන ගර්ජිතය[නා.] වැහි ගිගිරුම, මේඝනාදය; මේඝ ගර්ජනාව.
ඝන ජ්‍යාමිතිය(පාරිභා.) [නා.] ත්‍රිමාන අවකාශයේ ජ්‍යාමිතික වින්‍යාස හැදෑරීම පිළිබඳ වූ අධ්‍යයන ශාඛාව (=solid geometry).
ඝන දර්ශන කන්නාඩිය[නා.] වස්තුවක් ඡායානුගත ව පිළිඹිබු කිරීම සඳහා එහි පරිමාණ සම්බන්ධතාව පරික්ෂා කිරීමට භාවිත කරන ඡායාරූප ශිල්පීය උපකරණයක්; ත්‍රිමානෝක්ෂය; ස්ටෙරියෝස්කෝපය (=stereoscope).
ඝන ද්‍රාවණය(පාරිභා.) [නා.] සංඝටක දෙකක හෝ වැඩි ගණනක ඝන සමජාතීය මිශ්‍රණය (=solid solution).
ඝන පට්ටකය[නා.] ගනකමින් යුත් පටිය; තද පටිය.
ඝන ප්‍රමාණය[නා.] ඝනඵලය.
ඝන ප්‍රසාරණය(පාරිභා.) [නා.] ඝන වස්තුවක් රත් කළ විට එහි පරිමාව වැඩිවීම; ඝනාකාර ව විස්තරණය වීම; ඝන විස්තරණය (=cubical expansion).
ඝන මීටරය[නා.] මීටර් ක්‍රමය අනුව පරිමාව මනින මිම්මක්; දිග, පළල, උස මීටරය බැගින් වූ සමාකාර ඝනයක පරිමාව.
ඝන මුද්‍රණය[නා.] අකුරු, රූප ආදිය උඩට නෙරා සිටින සේ කිසියම් තලයක කරන මුද්‍රණය; යමක් උඩට උලුප්පා ගනකමට දක්වන මුද්‍රණය.
ඝන මූලය(පාරිභා.) [නා.] කිසියම් සංඛ්‍යාවක් ලැබීම පිණිස තුන්වැති බලයට පැමිණ විය යුතු හෙවත් ඝනය සෙවිය යුතු සංඛ්‍යාව; යම් සංඛ්‍යාවක් ලැබීම සඳහා දර්ශකය 3 වශයෙන් ගන්නා සංඛ්‍යාව; තුන්වැනි මූලය (=cubic root).
ඝන රූපය1. [නා.] තුන්වන සතියට එළඹ (මවුකුස වැඩෙමින්) ගන බවට පත් වු කලල රූපය; දැඩි බවට පත් වූ කලල රුව. 2. [නා.] සමාන දිග පළලින් හා උසින් යුත් ඍජුකෝණී ද්‍රව්‍යය; ඝනය.
ඝන රොද[නා.] ගන ව වැඩුණු (තණ, පාසි ආදි) පඳුර; ගන ව වැඩුණු බිස්ස.
ඝන වක්‍රය(පාරිභා.) [නා.] ඝන සමීකරණය පිළිබඳ ප්‍රස්තාරයේ වක්‍රය (=cubic curve).
ඝන වස්තුව1. [නා.] ගන ද්‍රව්‍යය; තද වස්තුව. 2. [නා.] සමාන දිග පළල හා උස ඇති සෘජුකෝණී ද්‍රව්‍යය; සමාකාර ඝනය.
ඝන විසරණය(පාරිභා.) [නා.] ඝන ද්‍රව්‍යවල අණු ඒකාකාර සංයුතියක් ඇති වන සේ මිශ්‍ර ව පැතිර සිටීම (=diffusion of solids).
ඝන සංඥාව[නා.] (අභි.) වෙන් වෙන් වූ නාමරූප ධර්ම එක් දෙයක් ලෙස සැලකීම; නාම රූප ධර්ම නිත්‍යය ස්වරූපයෙන් දැකීම.
ඝන සංහත[වි.] (හිස් තැන් නැති ව) එකට බැඳී පවත්නා; ඇතුළත සිදුර නැති ව එක ම ඝනයක් වූ; ඒකඝන.
ඝන සමීකරණය(පාරිභා.) [නා.] කිසියම් සංඛ්‍යාවක තුන්වැනි බලය පිළිබඳ සමීකරණය (=cubic equation).
ඝන සිලින්ඩරය(පාරිභා.) [නා.] ලීයෙන් හෝ ලෝහයෙන් හෝ සාදන ලද කුහර රහිත සිලින්ඩරය හෙවත් ඒකාකාර හරස්කඩතින් යුක්ත ඝනය (=solid cylinder).
ඝන සෙන්ටිමීටරය[නා.] මීටර ක්‍රමයෙන් පරිමාව මැනීමේ ඒකකයක්; වස්තුවක ඝනත්වය සටහන් කිරීමේ සෙන්ටිමීටර ග්‍රෑම් ක්‍රමයේ සංඛ්‍යාවලින් එම වස්තුවේ ඝනත්වය ප්‍රකාශ කිරීමට උපයෝගී කරගන්නා මිනුම.
ඝනකනක[නා.ප්‍ර.] තනි රත්රන්; අමිශ්‍ර ස්වර්ණ; මිශ්‍ර නොවූ රන්.
ඝනකය[නා.] සමචතුරශ්‍ර මුහුණත් හයකින් යුතු වූ වස්තුව; කියුබය.
ඝනකරණිය1. (පාරිභා.) [නා.] අනන්ත වූ ඝනමූලයක් සහිත සංඛ්‍යාව; ඝන මූලය. 2. [නා.] අපරිමේය වූ සංඛ්‍යාව (=cubic surd).
ඝනකාකාර[වි.] ඝනකයක හැඩය ඇති; ඝනකයක් වැනි (=cubical).
ඝනකාභය[නා.] ඝනකයක ආකාරය ගත් ඝන වස්තුව; සෘජු කෝණාශ්‍ර මුහුණත්වලින් යුතු ඝන වස්තුව.
ඝනච්ඡායාව, ඝනඡායාව1. [නා.] අඳුරු රුක් සෙවණ; තද අඳුරු සෙවණැල්ල; ඝන සෙවණැල්ල. 2. (පාරිභා.) [නා.] චන්ද්‍රග්‍රහණයක දී සඳ මත වැටෙන පොළොවේ සෙවණැල්ල හෝ සූර්යග්‍රහණයක දී පොළොව මත වැටෙන චන්ද්‍රයාගේ සෙවණැල්ල; පූර්ණ ඡායාව (= umbra).
ඝනච්ඡේදන ශිල්පය[නා.] දැඩි දේවල් කපා හාරා මූර්ති නිර්මාණය කිරීමේ ශිල්පය.
ඝනත්වය(පාරිභා.) [නා.] යම් ද්‍රව්‍යයක පරිමා ඒකකයක ස්කන්ධය (=density).
ඝනනිල[වි.] අතිශයින් නීල වර්ණ වූ; තද නිල්පැහැති.
ඝනප්‍රසාරණ සංගුණකය(පාරිභා.) [නා.] යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් වෙනස් වූ විට ඒ ද්‍රව්‍යයෙන් සෑදුණු වස්තුවක් මුල් පරිමාවෙන් කවර භාගයකින් ප්‍රසාරණය වන්නේ දැයි දැක්වෙන සංඛ්‍යාව (=coefficient of cubical expansion).
ඝනපාකය[නා.] උකු වන තුරු පිසීම.
ඝනපුප්[නා.ප්‍ර.] ගන කොට නඟා වියූ මල්.
ඝනපුප් ඇතිරිය[නා.] ගන කොට මල් දමා එළුලොමින් සැකසූ ඇතිරිල්ල.
ඝනඵලය(පාරිභා.) [නා.] කිසියම් ද්‍රව්‍යයක ප්‍රමාණය ද්‍රවයක් සඳහා (අවකාශයෙහි) වෙන් වන ඉඩ ප්‍රමාණය; පරිමාව (=volume).
ඝනභාව රාගියා[නා.] (ශරීරයෙහි) ස්ථිර භාවයට හෝ ශක්තිමත් භාවයට ඇලුම් කරන්නා; සිරුර තිර යැයි සලකා එයට රාග උපදවන්නා.
ඝනභාවය[නා.] යම් වස්තුවක ස්ථිරත්වය; ශක්තිමත් බව; දැඩි ගතිය.
ඝනමානක[වි.] ගනකම මනින්නා වූ.
ඝනය1. [නා.] ද්‍රව හෝ වායු නොවන ස්ථිර හැඩයක් ඇති වස්තුව; දැඩි ඝනකමින් යුත් ද්‍රව්‍යය; ඝන වස්තුව. 2. [නා.] සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් දෙවරක් ගුණ කිරීමෙන් ලැබෙන ඵලය; සංඛ්‍යාවක තුන්වැනි බලය. 3. [නා.] සමචතුරස්‍රාකාර පැති හයක් ඇති ඝන රූපය; ජ්‍යාමිතික ඝන වස්තුව; කියුබය. 4. [නා.] ඝනභාවය; ගනකම. 5. [නා.] ඝන අවස්ථාවට පත් කලල රූපය; වැඩෙන දරු ගැබෙහි අවස්ථා පහෙන් හතර වැන්න. 6. [නා.] වලාකුළ; මේඝය; අභ්‍රය. 7. [නා.] මිහිරි නාද නඟන සීනු කයිතාලම් ආදිය.
ඝනස්ථිතිය[නා.] ද්‍රව්‍යයක පරිමාවේ ඒකකයක ස්කන්ධය; ඝනත්වය.
ඝනසාර[නා.ප්‍ර.] කපුර.
ඝනාගමය[නා.] මේඝ කාලයාගේ දී පැමිණීම; වර්ෂා සෘතුව එළඹීම.
ඝනාඝන[නා.ප්‍ර.] ඝන වලාකුළ; ගන මේකුළ; වැහි වලාකුළ.
ඝනාන්ධකාර[වි.] ඝන අන්ධකාර; ගන අඳුරින් යුත් තද කළුවර ඇති. [නා.ප්‍ර.] ගන අඳුර; තද කළුවර; දැඩි අඳුර.
ඝනාහ[වි.] ඝනයක හැඩයෙන් යුත්.
ඝනීකරණය1. (පාරිභා.) [නා.] වායුවක් හෝ වාෂ්පයක් ද්‍රව බවට හැරවීම නැතහොත්, වඩාත් ඝන බවට පත් කිරීම (= condensation). 2. [නා.] ද්‍රවයක් ඝන ද්‍රව්‍යයක් බවට පත් කිරීම; ඝන කිරීම; උකු කිරීම; කැටි ගැස්සීම (= solidification).
ඝනීකාර[වි.] ඝන බවට පත් කරන; ඝන කරන; (ආලෝකය) එක්තැන් කරන; කැටි කරන.
ඝනීකාර කාචය(පාරිභා.) [නා.] යම් වස්තුවක් මත ආලෝකය සාන්ද්‍ර කිරීමට ගනු ලබන කෙටි නාභීය දුරක් සහිත කාචය; ආලෝකය එක්තැන් කොට කැටිකර දක්වන ලෙන්සය (=condensing lens).
ඝනීකෘත[වි.] ඝන කරන ලද; ඝන බවට පමුණුවන ලද; උකු කළ,
ඝනීභවනය[නා.] ජලවාෂ්ප ආදියෙහි අණු එකතු ව ද්‍රව බවට පත් වීම; වායුවක් හෝ වාෂ්පයක් ද්‍රවයක් බවට පෙරළීම හෝ ද්‍රවයක් උකු බවට නැතහොත් ඝන බවට පත්වීම; අණු කැටි ගැසීම; වාෂ්ප ලෙස පවතින අණු එකිනෙක ආකර්ෂණය වී ද්‍රව බවට පත්වීමේ අවස්ථා විපර්යාසය (=condensation).
ඝනීභාවය[නා.] රසායනික සංයෝගයක් ඝනබවට පත්වීම; කැටි ගැසී සිටීම.
ඝනීභූත[වි.] ඝන වූ; ඝන බවට පත් වූ; එකට කැටි ගැසුණු.
ඝනෝදධිය[ඝන+උදධි] [නා.] දිය මිදුණු මුහුද; ඝන සාගරය.
ඝර[නා.ප්‍ර.] වාසස්ථානය; ගෙය; ගෘහය; වහලෙන් වතුර වැටෙන සීමාව සහිත නිවස.
ඝර ප්‍රවේශය[නා.] ගෙට පිවිසීම; ගෙවදීම; ගෘහ ප්‍රවේශය.
ඝර බන්ධනය[නා.] ගිහි බැඳුමෙන් එක්වීම; ගෘහ බන්ධනය; අඹුසැමි ජීවිතය.
ඝර සම්බාධය[නා.] ගිහි ගෙයි විසීමේ අවහිරය; ගෘහ ජීවිතයේ ඇති අනවකාශය; ගෘහ සම්බාධය.
ඝරණිය[නා.] ගෙදර ස්ත්‍රිය; ගෘහණිය.
ඝරද්වාරය[නා.] ගෙයින් මිදුලට බසින ඉදිරි දොර. එම දොර ඉදිරිපිට නුදුරු පරිසරය; දොරකඩ.
ඝරදාසිය[නා.] ගෙදර වැඩ කාරිය; ගෘහ දාසිය.
ඝර්ම[වි.] දැඩි තාපය ඇති; ග්‍රීෂ්මයෙන් යුක්ත; උෂ්ණවත්. 1. [නා.ප්‍ර.] අවුරස්නය; ගිමන; උෂ්ණය. 2. [නා.ප්‍ර.] ග්‍රීෂ්ම සෘතුව; ගිම්හානය.
ඝර්ම කලාපය[නා.] පෘථිවි ගෝලයේ කර්කටක හා මකර නිවර්තන අතර ප්‍රදේශය; ග්‍රීෂ්ම කලාපය; උෂ්ණ කලාපය; නිවර්තන කලාපය.
ඝර්ම කාලය[නා.] අවු රස්නය වැඩි කාලය; ගිම්කල.
ඝර්මකාරක[වි.] (වෙද හෙදකමක් වශයෙන්) දාහය ඇති කරන; ඩහදිය උපදවන; ස්වේද ජනක.
ඝර්මනිඃසරණය[නා.] (වෛද්‍ය ප්‍රතිකාරයක් වශයෙන්) ශරීරයෙහි උණුසුම පිට කරවීම; ශරීර දාහය පහ කිරීම; ඩහදිය ගැන්වීම.
ඝර්මාහිතප්ත[වි.] ග්‍රීෂ්මයෙන් දැඩි සේ තැවීමට පත්; අවුරස්නයෙන් දැඩි ලෙස තැවුණු.
ඝර්ෂණ ආලෝකය(පාරිභා.) [නා.] ද්‍රව්‍ය දෙකක් එකට එක ගැටීමේ දී එයින් හටගන්නා ආලෝකය (=triboluminescence).
ඝර්ෂණ එලවුම(පාරිභා.) [නා.] එක් කැරකෙන රෝදයක් දෙවන රෝදයක් මත තෙරපීමේ දී ඇති වන ඝර්ෂණයෙන් නිපදවෙන බලය (=friction drive).
ඝර්ෂණ කෝණය(පාරිභා.) [නා.] යම් ද්‍රව්‍ය දෙකකින් එකක් අනෙක මත ලිස්සා යාමට පටන් ගැනීමේ දී ද්‍රව්‍ය දෙක ගැටෙන පෘෂ්ඨයත් තිරස් තලයත් අතර ඇති වන කෝණය (=angle of friction).
ඝර්ෂණ බලය(පාරිභා.) [නා.] ඝර්ෂණයෙන් නිපදවෙන බලය (=force of friction).
ඝර්ෂණ මානය(පාරිභා.) [නා.] ඝර්ෂණය මැනීමේ උපකරණයක් (=tribometer).
ඝර්ෂණ විද්‍යුතය(පාරිභා.) [නා.] පරිවාරක ද්‍රව්‍ය දෙකක් එකිනෙකට ඇතිල්ලීමේ දී ජනිත වන විද්‍යුත් ශක්තිය (=frictional electricity).
ඝර්ෂණය1. [නා.] ගැටීම; ඝට්ටනය වීම; ඇතිල්ලීම; හැපීම. 2. (පාරිභා.) [නා.] පෘෂ්ඨ දෙකක් එකිනෙක ස්පර්ශ ව තිබෙන විට, එක් පෘෂ්ඨයක චලනයට විරුද්ධ ව අනික පානා බලය; යම් පෘෂ්ඨයක් වෙනත් පෘෂ්ඨයක ගෑවී තිබිය දී චලිත වන්නේ නම්, ඒ චලිතයට ප්‍රතිරෝධී ක්‍රියා කෙරෙන බලය (=friction).
ඝරාවාසය[නා.] පවුල් ජීවිතය; ගෘහ ජීවිතය; ගිහි වාසය.
ඝරූපචාරය1. [නා.] ගෙට අයත් බිමේ මායිම; ගෘහෝපචාරය. 2. [නා.] ගමේ අන්තිම ගෙයි දොරකඩ සිටි ස්ත්‍රියක විසි කළ ඉඳුල් දිය වැටුණු තැන හෙවත් එතැන සිට ගෙය තෙක් අතර බිම් පෙදෙස. 3. [නා.] ගෙවත්ත වෙන් වන වැට මායිම, එතැන සිට ගෙය තෙක් අතර බිම් පෙදෙස; ගෘහප්‍රාකාර සීමාව.
ඝ්‍රාණද්වාරය[නා.] ආඝ්‍රාණ ආරම්මණයන් සිතට වැද්ද ගැනීමෙහි ලා දොරටුවක් වැනි වූ නාසය.
ඝ්‍රාණදාහය(පාරිභා.) [නා.] නාසික ශ්ලේෂමල පටලයේ ප්‍රදාහය (=rhinitis).
ඝ්‍රාණප්‍රසාදය[නා.] (අභි.) සුගඳ දුගඳ දැනගැනීමේ සියුම් ඉන්ද්‍රිය ශක්තිය දරන තැන.
ඝ්‍රාණය[නා.] ගඳ සුවඳ දැනෙන ඉන්ද්‍රිය; නාසය; ඝ්‍රාණේන්ද්‍රිය.
ඝාතකයා[නා.] මරන්නා ඝාතනය කරන්නා.
ඝාතන කර්මය[නා.] නැසීම් සංඛ්‍යාත (අකුශල) කර්මය; ඝාතන ක්‍රියාව; දිවි නැති කිරීම; මැරීම.
ඝාතනය[නා.] දිවි තොර කිරීම; මැරීම; නැසීම.
ඝාතය1. [නා.] මැරීම; නැසීම; ඝාතනය. 2. [නා.] ගැසීම; පහරදීම; ප්‍රහරණය. 3. [නා.] ගැටීම; හැපීම; ඝට්ටනය. 4. (පාරිභා.) [නා.] සංඛ්‍යා දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක ගුණ කිරීමෙන් ලැබෙන උත්තරය; ගුණකය ගුණ්‍යයෙන් වැඩි ඵලය; ගුණිතය. 5. (පාරිභා.) [නා.] මූල ලකුණකට (√ ) ඉහළින් යොදන කවර මූලයදැයි හඟවන සංඛ්‍යාව (නිද. 3√ 9 හි 3); රාශියක් කී වරක් එයින් ගුණවිය යුතු දැයි හඟවන, ඊට ඉහළින් දකුණු පසින් කුඩා ඉලක්කමෙන් දක්වන සංඛ්‍යාව (නිද. 107 හි 7 දර්ශකය).
ඝාතය කරනවා[ක්‍රි.] මරනවා; නසනවා; ඝාතනය කරනවා.
ඝාතස්ථානය[නා.] ගව ආදි සතුන් (මසට) මරන ස්ථානය; මස් මඩුව; ඝාතන ස්ථානය.
ඝාතිත[වි.] නැසූ; නසන ලද; ඝාතනය කරන ලද.
ඝාතිම[වි.] නසන; ඝාතනය කරන.
ඝාතීය[වි.] ඝාතය හෙවත් දර්ශකය පිළිබඳ වූ.
ඝාතුකයා[නා.] නපුරා; ක්‍රෑර තැනැත්තා; හිංසා කරන්නා.
ඝාන[නා.ප්‍ර.] ගඳ සුවඳ දනවන ශරීර ඉන්ද්‍රියය; නාසය; ඝ්‍රාණය.
ඝාන වස්තුව[නා.] (අභි.) ගඳ සුවඳ අරමුණු කොට ගත් චිත්ත චෛතසිකයන්ට විෂය වූ ස්ථානය; ඝ්‍රාණ ප්‍රසාදය.
ඝානද්වාර[නා.ප්‍ර.] ගඳ සුවඳ අරමුණු ගැටෙන ස්ථානය; ඝ්‍රාණප්‍රසාදය.
ඝානද්වාරික[වි.] (ගඳ සුවඳ අරමුණු නිසා) ඝාන ද්වාරයෙහි උපදින.
ඝානවිඤ්ඤෙය්‍ය[වි.] නැහැයෙන් දත යුතු; ඝ්‍රාණේන්ද්‍රිය මගින් දැන ගත යුතු.
ඝානසන්ධිය[නා.] ඇස හා නාසය යා වන සන්ධි ස්ථානය.
ඝානායතනය[නා.] ඝාන විඤ්ඤාණයට උත්පත්ති ස්ථාන වූ ඝ්‍රාණේන්ද්‍රිය.
ඝානින්ද්‍රිය, ඝානේන්ද්‍රිය[නා.ප්‍ර.] ගඳ සුවඳ දැන ගැනීමේ ඉන්ද්‍රියය.
ඝායන[නා.ප්‍ර.] ගඳ සුවඳ දැනීම; ආඝ්‍රාණය.
ඝාසච්ඡාදන[නා.ප්‍ර.] කෑම හා ඇඳුම්; භෝජන හා වස්ත්‍ර.
ඝුක[නා.ප්‍ර.] කූඩැල්ලා; පූඩාවා.
ඝුණ[නා.ප්‍ර.] කඳ පණුවා; ලී පණුවා; ගුල්ලා.
ඝුෂිත[වි.] හඬ නැඟූ; ප්‍රකාශිත; ඝෝෂණය කරන ලද.
ඝූර්ණ නියමය[නා.] බලයක හෝ චුම්බකයක ඝූර්ණය පිළිබඳ නියමය.
ඝූර්ණය1. (පාරිභා.) [නා.] වස්තුවක් හැරවීම සඳහා බලයකින් ඇති කරන ප්‍රවණතා ප්‍රමාණය; යමකට බලයක් යෙදීම නිසා ඇති වන කරකැවීමේ වේගය; භාමකත්වය (=moment). 2. [නා.] චුම්බකයක එක් ධ්‍රැවයක ප්‍රබලතාවෙහිත් චුම්බකයේ ධ්‍රැව අතර දුරෙහිත් ගුණිතය (=magnetic moment). 3. [නා.] බල යුග්මයට අයත් බලයක විශාලත්වයේත් බල දෙක අතර ලම්බ දුරෙහිත් ගුණිතය (=moment of couple).
ඝූර්ණිත[වි.] ඔබ මොබ චලනය කරවන ලද; පෙරළා දැමූ; කරකවන ලද.
ඝෘණි[නා.ප්‍ර.] ආලෝක ධාරා; රැස්; රශ්මි.
ඝොසනවා[ක්‍රි.] හඬ නඟා පවසනවා; ඝෝෂා කරනවා.
ඝොසුවා[නා.] ඝෝෂාව පවත්වන්නා; හඬ නංවන්නා.
ඝෝර1. [වි.] බිය උපදවන; භයානක; බිහිසුණු; දරුණු; රෞද්‍ර‍. 2. [වි.] දැඩි; උග්‍ර.
ඝෝරය[නි.] බිහිසුණු බව; භීතිය; භයානක කම.
ඝෝරයා[නා.] ශිව දෙවියා.
ඝෝරවිෂ[නා.ප්‍ර.] සර්පාදින්ගේ දළෙහි වූ විෂ; උග්‍ර විෂ.
ඝෝෂකය(පාරිභා.) [නා.] ශබ්ද නැංවීමේ දී කම්පනය වන (උගුරේ පිහිටි) තන්තු ගොනුව; ස්වර තන්තු (=vocal-cords).
ඝෝෂකයා1. [නා.] රාජාඥාදි නිවේදන ජනතාවට සැළ කරන්නා. 2. [නා.] හඬ නඟා උසාවියේ දී අධිකරණ නිවේදන පවසන නිලධාරියා.
ඝෝෂණය[නා.] හඬ; නාදය; ඝෝෂාව; කෑ ගැසීම; හඬ නැඟීම.
ඝෝෂප්‍රසන්න[නා.ප්‍ර.] යම්කිසි පුද්ගලයකුගේ කීර්ති ඝෝෂය අසා එයින් ම පහදින තැනැත්තා.
ඝෝෂය1. [නා.] උස් හඬ; කෑගැසිල්ල; ගුම්හඬ. 2. [නා.] ගුණරාවය; කිතුගොස. 3. [නා.] ස්වරතන්තු තදින් කම්පනය කරගෙන උපදින අකුර; ඝෝෂශබ්දය; ගොසකුර. 4. [නා.] ගොපලුන් වසන ගම; ගොපලුගම. 5. [නා.] ගවයින්ගේ ලැගුම්පළ; ගාල.
ඝෝෂාක්ෂර[නා.ප්‍ර.] ස්වර තන්තු කම්පනය කරගෙන උච්චාරණය වන ශබ්ද විශේෂය; ගොසකුර; වර්ගයන්ගේ තුන්වැනි හතරවැනි පස්වැනි අකුරු (ග්, ඝ්, ඞ්, ක්‍ධ්, ඤ්, ඩ්, ඪ්, ණ්, ද්, ධ්, න්, බ්, හ්, ම්) ද ය්, ඊ, ල්, ව්, හ්, ළ් හා අනුස්වාරය ද මේ ගණයට අයත් ය.
ඝෝෂාව1. [නා.] උස් හඬ; කෑගැසීම; ඝෝෂය. 2. (පාරිභා.) [නා.] පිපිරීම් ලී කැබලි එකට ගැටීම ආදී විෂමාකාර කම්පනවලින් ඇතිවන හඬ (=noice).
'ක' වර්ගයේ පස්වැනි අකුර; මිශ්‍ර සිංහල හෝඩියේ විසිපස් වන අක්ෂරය; සාමාන්‍යයෙන් මෙම අක්ෂරය යොදන්නේ 'ක.' වර්ග අක්ෂර සංයෝගයෙහිය; ලඞ්කා, එඞ්ගලන්තය, සඞ්ඝ මෙනි. විකල්පයෙන් 'ඞ්' වෙනුවට අනුස්වාරය (ං) ද ලියනු ලැබේ
සඤ්ඤක ගයන්න; මිශ්‍ර සිංහල අක්ෂර මාලාවේ විසිහය වන අකුර; අර්ධ අනුනාසිකාක්ෂරයකි; ගඞ්ගා, රඞ්ග වැනි මාතෘ භාෂාගත වචන සිංහලයට බිඳී ඒමේ දී 'ඞ්' යන්න අර්ධ අනුනාසික ස්වරූපය ගනී.
මිශ්‍ර සිංහල හෝඩියේ විසිහත් වන අකුර; 'ච' වර්ගයේ මුල අකුර; අල්පප්‍රාණ, අඝෝෂ, තාලුජාක්ෂරයකි; හුදු ගාත්‍රාක්ෂරය 'ච්' වුවත් උච්චාරණ පහසුව සලකා එය සාමාන්‍ය ව්‍යවහාරය අනුව 'ච' (ච්+අ = ච) වශයෙන් '1.' ස්වරය එක්කොට සඳහන් කරනු ලැබේ.
චංචල, චඤ්චල1. [වි.] සෙලවෙන; සැලෙන; සසල වන. 2. [වි.] වෙනස්වන; අස්ථිර; ස්ථාවරත්වයක් නැති.
චංචල්‍යය1. [නා.] චංචල භාවය; සසලබව; නොසන්සුන්කම. 2. [නා.] චපලකම.
චක්ක[නා.ප්‍ර.] රෝදය; චක්‍රය.
චක්කපාණි, චක්‍රපාණි[නා.ප්‍ර.] චක්‍රයක් අතින් දරන්නා; විෂ්ණු දෙවි.
චක්කරය1. (කථා.) [නා.] ක්‍රමානුකූලව සකස් කරන ලද තොරතුරු, කරුණු, ගණන් ආදියේ ලැයිස්තුව; විශේෂයෙන් කටපාඩම් කර ගැනීම සඳහා සකස් ව ඇති දෙකේ සිට ඉහළට (සාමාන්‍යයෙන් 12 තෙක්) ගණන් ගුණිත වන අයුරු දැක්වෙන ගණිත වගුව. 2. [නා.] අටලෝදහම නමැති චක්‍රය; වාසනාව.
චක්කවත්ති[නා.ප්‍ර.] සක්විති රජ; චක්‍රවර්ති.
චක්කවාළ1. [නා.ප්‍ර.] සක්වළ. 2. [නා.ප්‍ර.] සක්වළපව්ව; චක්‍රවාටය.
චක්ඛායතනය[නා.] (අභි.) ඇස නැමති ආයතනය; චක්ෂුස් ප්‍රසාදය.
චක්ඛු[නා.ප්‍ර.] ඇස; අක්ෂිය.
චක්ඛු විඤ්ඤාණය, චක්ෂුර් විඥානය[නා.] (අභි.) චක්ෂුඃප්‍රසාදය රූපය හා ගැටුණු විට ඒ ඇසුරින් උපදින සිත.
චක්ඛුන්ද්‍රිය, චක්ෂුරින්ද්‍රිය[නා.] චක්ෂුර් ඉන්ද්‍රිය; ඇස නමැති ඉන්ද්‍රිය; දැකීමේ ඉන්ද්‍රිය; ඇස.
චක්ඛුමන්තු[නා.ප්‍ර.] නුවණැස් ඇත්තා; බුදුරජාණන් වහන්සේ.
චක්ගුඩු, චග්ගුඩු[නා.ප්‍ර.] දෙපිළකට බෙදී කෙරෙන ගම්බද ක්‍රීඩාවක්; චග්ගුඩු ඇල්ලීම.
චක්ෂණය[නා.] දැකීම; මසැසින් හෝ නැණැසින් දැකීම.
චක්ෂය[නා.] නාට්‍ය කලාවේ දී උපයෝගී වන දෙතිස් රාගවලින් එකක්.
චක්ෂු[නා.ප්‍ර.] ඇස; දර්ශනේන්ද්‍රිය.
චක්ෂු මෝහනය[නා.] ඇස් රැවටීම; ඇස් වසග කිරීම.
චක්ෂු විෂය1. [නා.] ඇසට පෙනෙන දේ; ඇසට අරමුණුවන රූපාදිය. 2. [නා.] ඇසට පෙනෙන ප්‍රමාණය; පෙනෙන තෙක් මානය.
චක්ෂුඃපථය, චක්ෂුපථය[නා.] ඇසට පෙනෙන දුර ප්‍රමාණය; පේනතෙක් මානය; දෘෂ්ටිපථය; චක්ෂුපථය.
චක්ෂුගෝචර[වි.] ඇසට පෙනෙන; ඇසට ගොදුරු වන.
චක්ෂුතාරාව[නා.] ඇසෙහි බබා; කළු ඉංගිරියාවෙහි මැද පිහිටි කුඩා කවය.
චක්ෂුද්වාරය, චක්ෂුද්වාරය[නා.] (අභි.) ඇස නැමැති දොරටුව; දකින වස්තු පිළිගන්නා ඇස නමැති දොරටුව.
චක්ෂුප්‍රසාදය[නා.] (අභි.) රූප දැකීම සඳහා ඇසට උපකාර වන ඔපගතිය.
චක්ෂුඵලය[නා.] දකින දෙය; ඇසට ප්‍රිය වූ දෙය.
චක්ෂුර් විඥානය[නා.] චක්ඛු විඤ්ඤාණය.
චක්ෂුර්ගෝලය[නා.] ඇස්ගුළිය; අක්ෂිගෝලය.
චක්ෂුරික්ෂය[චක්ෂුර්+ඊක්ෂය] [නා.] ඇසෙහි අභ්‍යන්තරය පරීක්ෂා කරන උපකරණය.
චක්ෂුරින්ද්‍රිය[නා.] චක්ඛුන්ද්‍රිය.
චක්ෂුස[නා.] ඇස.
චක්‍ර යන්ත්‍රය[නා.] කරකවා තෙල් යුෂ ආදිය මිරිකා ගන්නා යන්ත්‍රය; සෙක්කුව.
චක්‍ර යානය[නා.] රෝද සහිත රථය; රෝද කරත්තය.
චක්‍ර රත්නය[නා.] සක්විති රජුට පහළ වෙතැයි සැලකෙන අහසින් ගමන් කරන මහානුභාව ඇති රත්නයක් වූ චක්‍රය; සක්රුවන.
චක්‍ර ලක්ෂණය[නා.] බුදුරජාණන් වහන්සේගේ යටිපතුල් මැද පිහිටි රෝදයක ලකුණ; දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් එකකි.
චක්‍ර වාතය[නා.] භ්‍රමණය වන වාතය; සුළිසුළඟ.
චක්‍ර වෙඩිල්ල[නා.] කරකැවෙමින් ඇවිලෙන මල්වෙඩිල්ල.
චක්‍රධර[නා.ප්‍ර.] චක්‍රපාණි; චක්කපාණි.
චක්‍රනාදය[නා.] රෝදවලින් නැඟෙන හඬ; සක්හඬ; චක්‍රධ්වනිය.
චක්‍රනාභිය[නා.] බොස්ගෙඩිය; සක්නැබ.
චක්‍රපාද[නා.ප්‍ර.] වට වූ පා ඇත්තා; ඇතා.
චක්‍රබ්‍යුහය[නා.] යුද්ධයේ දී චක්‍රාකාර ව භට සේනා රඳවන එක් ක්‍රමයක්; චක්‍රාකාර සේනා සංවිධානය.
චක්‍රමාලාව1. [නා.] උරචක්‍රමාලාව. 2. [නා.] රියසක් සමූහය.
චක්‍රය1. [නා.] රථ රෝදය; රියසක; රෝදය. 2. [නා.] වටය; කවය; වළල්ල. 3. [නා.] විසිකර පහර දෙන වෘත්තාකාර ආයුධයක්; චක්‍රායුධය. 4. [නා.] නැවත නැවත සිදු වන සිද්ධි මාලාව. 5. [නා.] ස්වාභාවික සිද්ධි ක්‍රියාසිද්ධි ආදිය කලින් කල නැවත ඇති වීමේ පටිපාටිය; මුල් තත්ත්වය යළි යළි ඇති කරවන ක්‍රියාවලිය. 6. [නා.] ක්‍රමානුකූලව සකස් කරන ලද තොරතුරු, කරුණු, ගණන් ආදියේ ලැයිස්තුව. 7. [නා.] සමූහය; පිරිස; හමුදාව. 8. [නා.] සංගීත තාල ප්‍රභේදයක්.
චක්‍රලේඛනය, චක්‍රලේඛය[නා.] පොදු නියමයක් / දතයුත්තක් පිරිසකට දන්වා නිකුත් කෙරෙන නිල දැන්වීම.
චක්‍රවර්ති1. [නා.ප්‍ර.] සක්විතිරජ. 2. [නා.ප්‍ර.] අධිරාජ්‍යා; මහීපාලයා.
චක්‍රවර්ති කෝලාහලය[නා.] සක්විති රජෙකු පහළවීමට වසර සියයකට පෙර දෙවියකූ මිනිස් ලොවට පැමිණ සක්විති රජකු පහළ වන බව ප්‍රකාශ කරමින් කරන ඝෝෂාව.
චක්‍රවර්තිවත්[නා.බහු.] සක්විති රජකු විසින් පැවතිය යුතු ක්‍රම ශිලාදි කොට ඇති දස සක්විති වත්.
චක්‍රවාක1. [නා.ප්‍ර.] ජලචර පක්ෂියෙක්; සක්වාළිහිණියා. 2. [නා.ප්‍ර.] පද්‍ය වෘත්තයක්.
චක්‍රවාට පර්වතය[නා.] එක් සක්වළක සීමාවෙහි ඇතැයි සැලකෙන කල්පිත කඳුවැටිය; සක්වළ පවුව.
චක්‍රවාටය[නා.] සක්වළ එක් සූර්ය හා චන්ද්‍ර මණ්ඩලයක ආලෝකය පැතිරෙන ප්‍රමාණයේ ලෝක ධාතුව.
චක්‍රවාලය1. [නා.] චක්‍රවාට පර්වතය. 2. [නා.] සක්වළ.
චක්‍රාකාර[වි.] චක්‍රයක හැඩය ඇති; රවුම් හැඩයෙන් යුත්, පරිවර්තිත ව කලින් කල එළඹෙන; වළයාකාර.
චක්‍රායුධය[චක්‍ර+ආයුධය] 1. [නා.] විෂ්ණු දෙවිඳුගේ චක්‍රකාර ආයුධය. 2. [නා.] මාරයාගේ ආයුධය; පාරාවළල්ල.
චක්‍රාරය(පාරිභා.) [නා.] දණහිස් කටුව; දණපොල්කට්ට (=oesophagus).
චක්‍රින්, චක්‍රී1. [නා.ප්‍ර.] චක්‍රයක් දරන්නා; විෂ්ණුදෙවි. 2. [නා.ප්‍ර.] සක්විති රජු. 3. [නා.ප්‍ර.] කුඹලා. 4. [නා.ප්‍ර.] තෙල් සිඳින්නා. 5. [නා.ප්‍ර.] විජ්ජාකාරයා.
චකිත[වි.] තැතිගත්; බියපත්; සැලුණු; කැලඹුණු. 1. [නා.ප්‍ර.] තැතිගැන්ම; බිය;සැලීම. 2. [නා.ප්‍ර.] සැකය; ශංකාව.
චකිත මුදල්(පාරිභා.) [නා.ප්‍ර.] රටකින් තවත් රටකට සිදුවන කෙටිකාලීන ප්‍රාග්ධන සංචලනය.
චකෝර[නා.ප්‍ර.] ඇටිකුකුළා.
චඞ්කමන, චඞ්ක්‍රමණ1. [නා.ප්‍ර.] සක්මන් කිරීම; ඔබ මොබ ගමන් කිරීම. 2. [නා.ප්‍ර.] සක්මන් කිරීමට තැනූ බිම් තීරය; සක්මන් මළුව.
චච්චර[නා.ප්‍ර.] සතරමංසන්ධිය; සිවුමංසල.
චඤ්චල1. [වි.] සෙලවෙන; සැලෙන; සසල වන. 2. [වි.] වෙනස් වෙන; අස්ථිර.
චඤ්චලදේපල[නා.ප්‍ර.] එහා මෙහා කළ හැකි දේපළ; නිශ්චල නොවන දේපළ.
චඤ්චලය1. [නා.] චපලබව; නුසුදුසු ක්‍රියා කරන බව. 2. [නා.] කැලඹීම; සසලවීම.
චඤ්චලාව1. [නා.] විදුලිය. 2. [නා.] ශ්‍රී කාන්තාව.
චඤ්චුව, චංචුව1. [නා.] පක්ෂියකුගේ තුඩ; හොට. 2. (පාරිභා.) [නා.] තරල පහරක් විදීමට ගන්න තුඩ (=jet).
චටක[නා.ප්‍ර.] ගේ කුරුල්ලා.
චට්නි[නා.ප්‍ර.] පලතුරු, වියළි මිරිස්, විනාකිරි ආදිය යොදා පිළියෙල කරගන්නා පැසි විශේෂයක්.
චටුල1. [වි.] ලෙලෙන; කම්පනය වන. 2. [වි.] සුන්දර; මනස්කාන්ත.
චටුලා1. [නා.ප්‍ර.] කාන්තාව; ස්ත්‍රිය. 2. [නා.ප්‍ර.] විදුලිය. 3. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කන්‍යා රාශිය.
චටූපමා(අලං.) [නා.ප්‍ර.] ප්‍රියාලාප වශයෙන් කියනු ලබන උපමාව නිසා ඇති වන කාව්‍යාලංකාරය.
චණක[නා.ප්‍ර.] ධාන්‍ය වර්ගයක්; කඩල.
චණ්ඩ[වි.] නපුරු; රෞද්‍ර; සැහැසි.
චණ්ඩ භීරුකයා[නා.] හැඩිදැඩි බිහිසුණු තැනැත්තා.
චණ්ඩ මාරුතය[නා.] සැඩසුළඟ; කුණාටුව.
චණ්ඩකර[නා.ප්‍ර.] සැඩ රශ්මිය ඇත්තා; සූර්යයා.
චණ්ඩතාප[චණ්ඩ+ආතප] 1. [නා.ප්‍ර.] තද අව්ව; හිරුරැස්. 2. [නා.ප්‍ර.] හිරු; සූර්යයා.
චණ්ඩාල[නා.ප්‍ර.] සැඬොල්; රොඩී.
චණ්ඩාලයා[නා.] සැඬොල් කුලයේ තැනැත්තා.
චණ්ඩි(කථා.) [වි.] හිතුවක්කාර; මැරවර; සැහැසි.
චණ්ඩිකා, චණ්ඩී[නා.ප්‍ර.] ඊශ්වර භාර්යාව; දුර්ගා දේවිය.
චණ්ඩියා[නා.] මැරවරයා; සැහැසියා.
චත්තාළීස[වි.] හතළිස්; හතළිහක් වූ.
චත්වර1. [නා.ප්‍ර.] මිදුල; අඞ්ගණය. 2. [නා.ප්‍ර.] හතරමං හන්දිය; සිවුමංසල.
චතාරිකසිල්[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) ක්‍රිස්තුස් වහන්සේ ආදර්ශය ගෙන ක්‍රිස්තු භක්තිකයන් විසින් සතලිස් දිනක් රකින සීලය.
චතු[වි.] සතර; සිවු.
චතුඃපාරිෂද්‍යයා[නා.] භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසට අයත් තැනැත්තා.
චතුඃෂෂ්ටි[වි.] හැටහතර; සූසැට.
චතුඃෂෂ්ටිආභරණ[නා.ප්‍ර.] ආභරණ වර්ග හැටහතර; සිවුසැට ආභරණ.
චතුඃෂෂ්ටිකලා, චතුඃෂෂ්ටිශිල්ප[නා.ප්‍ර.] සිවුසැටකලා හා ශිල්ප.
චතුඃසංග්‍රහ වස්තුව[නා.] දානය, ප්‍රියවචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සිවුසඟරාවත; අනුනට සංග්‍රහ කිරීමේ ක්‍රම සතර.
චතුඃසත්‍යබෝධිය, චතුස්සත්‍ය බෝධිය[නා.] චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමේ නුවණ; මාර්ගඥානය.
චතුඃසත්‍යය, චතුස්සත්‍යය[නා.] චතුරාර්ය සත්‍යය.
චතුඃසාගරය[නා.] මහාමේරු පර්වතය වටා ඇතැයි සැලකෙන පූර්ව, දක්ෂිණ, පශ්චිම, උත්තර යන සාගර සතර.
චතුකෝටික[වි.] සිවු කෙළවරක් ඇති; සිවුකොන් ඇති.
චතුදිශ[නා.ප්‍ර.] සතර දිසාව; සිවු දිග.
චතුධා[නා.] සතර ආකාරයකින්; සිවු අයුරකින්.
චතුපදික[වි.] පාද සතරක් ඇති; සිවුපා ගණයට අයත්.
චතුප්පද, චතුප්පාද[වි.] පා සතරක් ඇති.
චතුප්පදික[නා.ප්‍ර.] පා සතරක් ඇත්තා; සිවුපාවා.
චතුපාරිශුද්ධි ශීලය[නා.] ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රියසංවර, ආජීව පාරිශුද්ධි, ප්‍රත්‍යසන්නිශ්‍රිත යන සීල හතර; සිවු පිරිසිදු සිල්.
චතුමග්ගඤාණය[නා.] සෝතාපත්ති, සකදාගාමී, අනාගාමී, අර්හත් යන සතරමඟ පිළිබඳ නුවණ.
චතුමධුර[නා.ප්‍ර.] ගිතෙල්, වෙඬරු, මීපැණි, උක්හකුරු යන මිහිරි වර්ග සතර.
චතුයෝනිය[නා.] අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යනුවෙන් දැක්වෙන සත්ත්වයින්ගේ සතර උත්පත්තිය.
චතුර1. [වි.] කථාවෙහි දක්ෂ; කීමෙහි බිණීමෙහි සමත්. 2. [වි.] දක්ෂ; සමර්ථ; ක්‍රියාශූර. 3. [වි.] කඩිසර; වේගයෙන් ගමන් කරන.
චතුරංග කෙළිය[නා.] දාම් වැනි ගෘහ ක්‍රීඩා.
චතුරංග, චතුරඞ්ග1. [වි.] අංග සතරකින් යුත්; සිවුරඟ. 2. [වි.] චතුරංග කෙළිය.
චතුරංගනී සේනාව, චතුරඞ්ගිනී සේනාව[නා.] ඇත්, අස්, රිය, පාබල යන සතර වැදෑරුම් යුද්ධ සෙනඟ; සිවුරඟ සෙනඟ.
චතුරංගය[චතුර්+අංගය] 1. [නා.] කොටස් හතර; භාග හතර. 2. [නා.] කොන් හතරකින් යුත් ජ්‍යාමිතික රූපය.
චතුරඞ්ග සමන්නාගත[වි.] අවයව කොටස් හතරකින් යුතු.
චතුරශ්‍ර, චතුරස්‍ර[වි.] හතරැස්. 1. [නා.ප්‍ර.] පාද හතරකින් ද අභ්‍යන්තර කෝණ හතරකින් ද යුක්ත සංවෘත ජ්‍යාමිතික තලරූප. 2. [නා.ප්‍ර.] කේතුවක නොහොත් ආලෝකධාරා විශේෂයක නාමය. 3. [නා.ප්‍ර.] අශුභ ග්‍රහ දෘෂ්ටි වලින් එකක නාමය. 4. [නා.ප්‍ර.] සංගීත තාල විශේෂයක්.
චතුරස්සකය[නා.] කොන් හතරක් සිටින ලෙස කපන ලද රවුල; සිවුකොන් දැළිවලුව.
චතුරස්සර[වි.] පැති හතරක් ඇති; හතරැස්; චතුරස්‍ර.
චතුර්ථ[වි.] සතරවන; සිවුවැනි.
චතුර්ථධ්‍යානය[නා.] (අභි.) සතරවන ධ්‍යානය; රූපාවචර ධ්‍යාන සතරවැන්න.
චතුර්ථි[නා.ප්‍ර.] සතරවන නාම විභක්තිය.
චතුර්දශ[වි.] දාහතරක් වූ.
චතුර්ද්වීප[නා.ප්‍ර.] (මහමෙර වටා පිහිටා ඇතැයි දැක්වෙන) මහ දිවයින් සතර; දඹදිව, උතුරුකුරු දිවයින, අපරගෝයානය, පූර්ව විදේහ යන මහාද්වීප.
චතුර්දිශා[නා.ප්‍ර.] නැගෙනහිර, දකුණ, බස්නාහිර, උතුර යන දිශා සතර.
චතුර්ධාතු[නා.ප්‍ර.] (අභි.) පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූත සතර.
චතුර්නිකාය[නා.] සූත්‍ර පිටකයට අයත් දීඝ, මජ්ඣිම, සංයුක්ත, අංගුත්තර යන නිකාය ග්‍රන්ථ හතර.
චතුර්භාගය[නා.] හතරෙන් පංගුව; කාල.
චතුර්භුජ1. [නා.ප්‍ර.] අත් හතර; (ගණිත) ඍජු රේඛා හතරකින් වට වූ රූපය; චතුරශ්‍රය. 2. [නා.ප්‍ර.] අත් සතරක් ඇත්තා; විෂ්ණු දෙවි.
චතුර්මුඛ[නා.ප්‍ර.] මුහුණු සතරක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
චතුර්යුග[නා.ප්‍ර.] කෘත, තේත්‍රා, ද්වාපර, කලි යන මහා යුග සතර.
චතුර්යෝගය[නා.] ජ්‍යෝතිෂයෙහි ග්‍රහයන් සතර දෙනකු එක් රාශියකට යෝග වීම.
චතුර්වර්ගසම්පත්[නා.ප්‍ර.] ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ යන සම්පත් සතර.
චතුර්වර්ණ[නා.ප්‍ර.] ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන වර්ණ හෙවත් කුල හතර.
චතුර්විධ අගතිය[නා.] අගතියට හේතුවන ඡන්දය, ද්වේශය, භය, මෝහය යන කරුණු සතර.
චතුර්විධ ආහාර1. [නා.ප්‍ර.] ආහාර වර්ග සතර; කබලිඞ්කාරාහරය, ඵස්සාහාරය, මනෝසඤ්චේතනාහාරය, විඤ්ඤාණාහාරය යන සතර. 2. [නා.ප්‍ර.] කෑ යුතු (බජ්ජ) බුදිය යුතු (භෝජන) ලෙවිය යුතු (ලෙය්‍ය) හා පිය යුතු (පෙය්‍ය) යන ආහාර සතර වර්ගය.
චතුර්විධ ඉර්ධි[නා.ප්‍ර.] අධිෂ්ඨාන, විකුර්වණ, මනෝමය හා සමාධි විෂ්ඵාර යන සෘද්ධි සතර.
චතුර්විධ නිමිත්ත[නා.ප්‍ර.] බෝසතාණන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණයට හේතු වන සතරාකාර නිමිත්ත; වෘද්ධ, රෝගි, මෘත, ශ්‍රමණ යන සතර පෙරනිමිති.
චතුර්විධ ප්‍රත්‍යය[නා.] භික්ෂු ජීවිතයට අවශ්‍ය චීවර, පිණ්ඩපාත, සේනාසන ගිලන්පස යන සිවුපසය.
චතුර්විධ පාරාජිකාව[නා.] මෛථුන ධර්ම, අදත්තාදාන, මනුෂ්‍ය විග්‍රහ, උත්තරි මනුෂ්‍ය ධර්ම යන පාරාජිකා ආපත්ති සතර.
චතුර්විධ බ්‍රහ්මවිහරණය[නා.] මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන සිවු බඹ විහරණ.
චතුර්විධ මාර්ගය[නා.] සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන ආර්යමාර්ග සතර.
චතුර්විධ ශාසනය[නා.] භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු වැදෑරුම් ශාසනය.
චතුර්විධ ශාස්ත්‍රය[නා.] සතරාකාර ශාස්ත්‍රය; වේදය, න්‍යායය, ව්‍යාපාරය, දණ්ඩ නීතිය යන සතර.
චතුර්විධ සම්‍යක්ප්‍රධානය[නා.] නූපන් අකුසල් නොඉපදවීම; උපන් අකුසල් දුරුකිරීම; නූපන් කුසල් ඉපදවීම; උපන් කුසල් දියුණු කිරීම යන යහපත් ව්‍යායාම සතර.
චතුර්විධබුද්ධ[නා.ප්‍ර.] සර්වඥ බුද්ධ, පච්චේක බුද්ධ, චතුස්සත්‍ය බුද්ධ හා බහුශ්‍රැත යන සතරාකාර බුදුවරයන් වහන්සේලා.
චතුර්විධභූමි[නා.ප්‍ර.] අපාය භූමිය, කාමසුගති° රූපාවචර° අරූපාවචර° යන සතරාකාර භූමි.
චතුර්වේදය[නා.] සෘග්, යජුස්, සාම, අථර්වන් යන වේද සතර.
චතුරානන[චතුර්+ආනන] [නා.ප්‍ර.] මුහුණු හතරක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
චතුරාරක්ෂා[නා.ප්‍ර.] කෙලෙසුන්ගෙන් සිත ආරක්ෂා වීමට උපකාර වන කර්මස්ථාන හතර; බුද්ධානුස්සති; මෙත්තානුස්සති; අසුභානුස්සති; මරණානුස්සති යන කර්මස්ථාන.
චතුරාර්ය මාර්ග[නා.ප්‍ර.] බුද්ධාදි ආර්ය පුල්ගලයන් ගිය මඟ; සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග සතර.
චතුරාර්ය සත්‍යය[නා.] නිවන් දැකීම පිණිස ආර්ය පුද්ගලයන් විසින් අවබෝධ කොට ගත යුතු උතුම් සත්‍ය සතර; දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්‍ය සතර.
චතුරාශ්‍රම[චතුර්+ආශ්‍රම] [නා.ප්‍ර.] පැරණි භාරතීය බ්‍රාහ්මණයන් ගත කළ බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වානප්‍රස්ථ, සන්න්‍යාසි යන ජීවන අවස්ථා හතර.
චතුරාශ්‍රවය, චතුරාස්‍රවය[නා.] දිගුකලක් තිස්සේ නොනැවතී ගලා බස්නා කාමාසව, භවාසව, දිට්ඨාසව, අවිජ්ජාසව යන කෙලෙස් හතර.
චතුරිර්යාපථ[චතුර්+ඊර්යාපථ] [නා.ප්‍ර.] යාම්ඊම්, ඉදීම්, හිටීම්, සැතපීම් යන ඉරියවු සතර.
චතුරුපාය, චතුරෝපාය[නා.] රාජ්‍ය පාලනයේ දී අනුගමනය කළ යුතු වන සාම, දාන, භේද, දණ්ඩ යන උපාය සතර.
චතුරෝඝය[චතුර්+ඕඝය] [නා.] ඕඝ හෙවත් ප්‍රවාහ වැනි ගලා යන කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන කෙලෙස් සතර.
චතුවිංශත්[වි.] විසිහතර වන; සූවිසි.
චතුවෛශාරද්‍ය ඥානය[නා.] සතර ආකාර වූ විශාරද භාවය පිළිබඳ නුවණ; අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සතර තැන්හි විසාරද බව මෙනෙහි කිරීම හේතු කොට ගෙන උපන් සොම්නස් සහගත නුවණ.
චතුෂ්කය1. [නා.] හතරකින් යුක්ත කණ්ඩායම: හතරේ ගොඩ; හතරක කට්ටලය. 2. [නා.] නහනගෙය.
චතුෂ්ක්ලෝමියා(පාරිභා.) [නා.] කරමල් හතරක් ඇති සතා; සතර පටක් ඇති කරමල් සහිත සත්ත්වයා. (=tetrabranchiate).
චතුෂ්කෝටික[වා.] කෙළවර සතරක් ඇති.
චතුෂ්කෝණ[වි.] සතරැස්; මුලු හතරක් ඇති. (පාරිභා.) [නා.ප්‍ර.] කෝණ හතරකින් සහ පාද සතරකින් යුත් තල රූපය.
චතුෂ්ටය[නා.] සතරේ ගොඩ; හතරේ එකතුව.
චතුෂ්පථය[නා.] මාර්ග සතරක් එක් වන තැන; සතරමංහන්දිය.
චතුෂ්පද1. [වි.] පා සතරක් ඇති; සිවුපා. 2. [වි.] කවි පද (පේලි) හතරක් ඇති; ගාථා හතර පදයකින් යුත්. [නා.] පා හතරක් ඇති සතා; සිවුපාවා.
චතුෂ්පදිකයා[නා.ප්‍ර.] පා හතරක් ඇත්තා; සිවුපාවා.
චතුෂ්ප්‍රත්‍යය[නා.] සිවුපසය; චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය යන සතර පසය.
චතුෂ්ෂෂ්ටි[වි.] හැට හතර; සිවුසැට.
චතුස් සංග්‍රහ වස්තුව[නා.] රජදරුවන් විසින් කරන ප්‍රජා සංග්‍රහයට කාරණා වන දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව යන වස්තු හතර සිවු සඟරාවත.
චතුස්කන්ධ[නා.ප්‍ර.] වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාම ස්කන්ධ සතර.
චතුස්තලය(පාරිභා.) [නා.] ත්‍රිකෝණාකාර මුහුණත් සතරකින් යුත් බහු තලය; ත්‍රිකෝණාකාර ආධාරයක් මත වූ පිරමීඩය; මුහුණත් සතරකින් යුත් ඝනය (=tetrahedron).
චතුස්සත්‍යය[නා.] (අභි.) (බුදුරජාණන් වහන්සේ විසින් දේශිත) දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා යන සත්‍ය සතර.
චතුස්සාගර[නා.ප්‍ර.] මහාමේරුව වටා පිහිටා ඇතැයි සැලකෙන රත්න සාගරය, පළිඟු සාගරය, ස්වර්ණ සාගරය හා මැණික් සාගරය යන සතර; සතර සයුර.
චන්ද[නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
චන්දන[නා.ප්‍ර.] සඳුන්; සඳුන් ලීයෙන් පිළියෙල කරගන්නා කල්කය.
චන්ද්‍ර1. [නා.ප්‍ර.] සඳ. 2. [නා.ප්‍ර.] මොනරපිල අග වූ ඇස; සඳැස. 3. [නා.ප්‍ර.] මුතු ඇටය. 4. [නා.ප්‍ර.] ජලය.
චන්ද්‍ර කාන්තිය[නා.] චන්ද්‍ර ප්‍රභාව; සඳ කැන්; සඳ කැල්ම.
චන්ද්‍ර කේන්ද්‍රය[නා.] (ජ්‍යෝති.) යමකුගේ උපතේ දී ග්‍රහයන් පිහිටි රාශි සටහනට අනු ව චන්ද්‍රයා පිහිටි රාශිය ලග්නය වශයෙන් ගෙන සාදා ගනු ලබන රාශි සටහන.
චන්ද්‍ර ග්‍රහණය[නා.] සඳ රාහු ඇල්ලීම; පොළොවේ හෙවනැල්ල සඳ මත වැටෙන සේ සූර්යයාත් පොළො‍වත් හඳත් එක එල්ලේ පිහිටීම.
චන්ද්‍ර තාලම[නා.] සිංහල නාට්‍ය කලාවේ දැක්වෙන දෙතිස් තාලමෙන් එකක්.
චන්ද්‍ර පර්වතය[නා.] සාමුද්‍රිකා ශාස්ත්‍රයට අනු ව අල්ලේ ජීවන රේඛාව හා මාතෘ රේඛාව අතර පිහිටි මැණික් කටුව දෙසට විහිද යන උස් කොටස.
චන්ද්‍ර ප්‍රභාව[නා.] සඳ එළිය, සඳ රැස්.
චන්ද්‍ර මාසය[නා.] චන්ද්‍රයා පොළොව වටා එක් වරක් යාමට ගතවන කාලය පදනම් කර සකස් කර ගන්නා කාල මාන ඒකකයක්; මාසේ පෝය දෙකක් අතර කාලය.
චන්ද්‍ර වර්ෂය[නා.] චන්ද්‍රයාගේ ගමන පදනම් කර ගෙන ගණන් ගන්නා වර්ෂය; බක්, වෙසක්, පොසොන් ආදි වශයෙන් වූ මාස දොළොසක කාලය.
චන්ද්‍ර ස්ඵුටය[නා.] (ජ්‍යෝති.) යම් භාවයක චන්ද්‍රයා ගෙවා ඇති කාලය පිළිබඳ සටහන.
චන්ද්‍ර හෝරාව[නා.] සතියේ එක් එක් දවස එක් එක් ග්‍රහයාට අනු ව ගණනය කිරීමේ දී චන්ද්‍රයාට හිමිවන හෝරා කාලය.
චන්ද්‍රකලාව[නා.] චන්ද්‍රයාගෙන් සොළොසින් කොටස.
චන්ද්‍රකාන්ත පාෂාණ[නා.] සඳකැන් පහණ.
චන්ද්‍රරාග[නා.ප්‍ර.] සිරුරෙහි ගල්වන සඳුන් ආලේපය; චන්දන කල්කය.
චන්ද්‍රලේඛා[නා.ප්‍ර.] අමාවකට පෙර හෝ පසුව රේඛාවක් සේ පෙනෙන සඳ, චන්ද්‍ර රේඛාව.
චන්ද්‍රවංකය[නා.] (නව.) අර්ධ කවාකාර මාර්ගය; මාර්ගයක පිහිටි අර්ධ කවාකාර වංගුව.
චන්ද්‍රශේඛර1. [නා.ප්‍ර.] (හිසෙහි සඳ දරන්නා යනු වාච්‍යාර්ථයි) ඊශ්වර දෙවියා; සඳසිළු. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] නැකතක නාමය; අද නැකත.
චන්ද්‍රාක්ෂි[චන්ද්‍ර+අක්ෂි] [නා.ප්‍ර.] මොනර පිල අග ඇති ඇස.
චන්ද්‍රාර්ක[නා.ප්‍ර.] චන්ද්‍ර සූර්ය දෙදෙනා; සඳ හා හිරු.
චන්ද්‍රාලෝකය[නා.] සඳ එළිය; සඳ කිරණ.
චන්ද්‍රිකා ශාලාව[නා.] රාත්‍රී කාලයේ දී සඳ රැස් විඳීම පිණිස කරන ලද සමතල භූමිය; සඳලුතලය; සඳැල්ල.
චන්ද්‍රිකාව1. [නා.] සඳ. 2. [නා.] මොනර පිලෙහි ඇති සඳැස; චන්ද්‍රකය. 3. [නා.] උප ග්‍රහයා; පරිවාර ග්‍රහයා. 4. [නා.] මිනිසා විසින් අභ්‍යවකාශ ගත කොට පෘථිවිය වටා පරිභ්‍රමණය වන කෘත්‍රිම වස්තුව. 5. [නා.] උත්තමාව; උතුම් කාන්තාව.
චන්දිමාව[නා.] හඳ; චන්ද්‍රයා.
චපල1. [වි.] එක් අරමුණක නොපිහිටි; සැලෙන; චංචල; අවිනිශ්චිත. 2. [වි.] නොවිමසා කටයුතු කරන සුලු; හිතුවක්කාර; දඟකාර. 1. [නා.ප්‍ර.] රසදිය; පාරද. 2. [නා.ප්‍ර.] දිව. 3. [නා.ප්‍ර.] දිය රැල්ල. 4. [නා.ප්‍ර.] විදුලිය.
චප්ප වෙනවා(කථා.) [ක්‍රි.] තැළී පොඩි වී යනවා; සුනු විසුනු වී යනවා.
චමත්කාර[වි.] ආනන්දජනක; විස්මයට හේතු වන; කුතුහලය අවුස්සන ස්වභාවය ඇති.
චම්පු කාව්‍යය[නා.] ගද්‍ය හා පද්‍ය මිශ්‍ර වූ කාව්‍ය විශේෂය.
චම්මකාර[නා.ප්‍ර.] සම් කර්මාන්තයෙහි නියුක්තයා.
චමූපති[නා.ප්‍ර.] යුද්ධ සේනාවක අණ දෙන නිලධරයා; සෙන්පතියා.
චය[වි.] එකතු වන; එක්රැස් වන.
චයනය[නා.] එක්රැස් කිරීම; එක්තැන් කිරීම; ගොඩ ගැසීම.
චර1. [වි.] හැසිරෙන; සැරිසරන. 2. [වි.] ඔත්තු සැපයීමෙහි නියුක්ත; තොරතුරු සැපයීම සඳහා අප්‍රසිද්ධ ව හැසිරෙන.
චරණ ලක්ෂණය[නා.] ශ්‍රී පාද ලාඤ්ඡනය; සිරි පා ලකුණ; ශ්‍රීපාද චිහ්නය.
චරණධර්ම[නා.ප්‍ර.] නිවනට යොමු කරවන ධර්ම; ආචාරවත් පැවැත්මට අදාළ ධර්ම උතුම් චර්යාවට හේතු වන ධර්ම.
චරණනඛ[නා.ප්‍ර.] පාදවල නියපොතු; පා නිය.
චරණය1. [නා.] පාදය; පය; සරණත. 2. [නා.] ගසක මුල. 3. [නා.] පද්‍යයක පාදය. 4. [නා.] වංශය; අන්වය. 5. [නා.] නියමය; නියෝගය. 6. [නා.] හැසිරීම; ගමන් කිරීම; චංචල වීම. 7. [නා.] ආචාරවත් හැසිරීම; මනාපැවැත්ම.
චරණාරවින්ද[නා.ප්‍ර.] පාද නමැති පද්මය; පා පියුම.
චරපුරුෂයා[නා.] ඔත්තු සපයන්නා; තොරතුරු සපයමින් අප්‍රසිද්ධව හැසිරෙන්නා; රහස් පණිවුඩ ගෙන යන්නා.
චරම[වි.] අන්තිම; අවසාන.
චරරාශි[නා.ප්‍ර.] (ජ්‍යෝති.) ගමන් කරන (ජංගම) රාශි; වෙනස් වන ස්වභාවයෙන් යුත් රාශි; මේෂ, කටක, තුලා, මකර යන රාශි.
චර්කය[නා.] නූල් කැටීමේ අත් යන්ත්‍රය.
චර්චා1. [නා.ප්‍ර.] විමර්ශනය; විචාරය. 2. [නා.ප්‍ර.] සායම් ආදිය ගෑම; ආලේපය.
චර්චිත[වි.] තැවරූ; ආලේප කරන ලද; ගාන ලද.
චර්දි[නා.ප්‍ර.] වමනය; ඡර්දිය.
චර්ම ඝර්ෂණය[නා.] සම පිට ඇතිල්ලීම; සම පිට තෙල් ගෑම.
චර්ම ඡිද්‍රය[නා.] සමෙහි ඇති කුඩා සිදුර; රෝම කූපය.
චර්ම පාත්‍රය[නා.] සමින් කළ උරිය; සම්මල්ල.
චර්ම පැන්සලය[නා.] සම මතුපිට ලිවිය හැකි පැන්සලය.
චර්ම විද්‍යාව[නා.] සම පිළිබඳ විස්තර විමසන විද්‍යාව (=dermatology).
චර්මකාරයා[නා.] සම්වලින් කර්මාන්ත කරන්නා; සම්කරුවා; සපතේරුවා; සොම්මරා.
චර්මකූප[නා.ප්‍ර.] රෝම කූප; සමේ පිහිටි කුඩා සිදුරු.
චර්මඛල්ල පුටකය[නා.] සමින් මසා ගන්නා ලද පැතැලි මල්ල.
චර්මග්‍රන්ථි[නා.ප්‍ර.] සමෙහි පිහිටා ඇති ස්වේද ග්‍රන්ථි.
චර්මච්ඡේදනය[නා.] ඇතැම් ආගමිකයන් චාරිත්‍රයක් වශයෙන් සිදු කරන ලිංගයෙහි පුර්ව චර්මය කපා ඉවත් කිරීම.
චර්මදාහය(පාරිභා.) [නා.] සමේ රෝගයක්; චර්මයේ ප්‍රදාහය; උඩු සම දැවුණ කල්හි මෙන් වණ වීම (=dermatitis).
චර්මනිශ්‍රිත[වි.] සම ඇසුරු කොට ඇති; සමෙහි හටගත්.
චර්මප්‍රසේවිකාව[නා.] සමින් කළ හුළං පිඹින උපකරණය; ලොහොකුරුවාගේ කම්මල් ලිපට හුළං පිඹින සම් උපකරණය; මයිනහම.
චර්මපිණ්ඩනය(පාරිභා.) [නා.] වැඩෙන කලලයේ අනාගත සමෙහි මැද කොටස සෑදෙන දේහ කොටස (=dermatome).
චර්මය1. [නා.] සත්ත්ව ශරීරය වසා සිටින ස්වාභාවික බාහිර ආවරණය; හම. 2. [නා.] පදම් කර ගන්නා ලද සත්ත්ව හම.
චර්මරේඛා[නා.ප්‍ර.] කතුන්ගේ උදරයේ නැබට ඉහළින් ඇති තුන් ඉර; සමෙහි ඉරි මෙන් පෙනෙන චලිත්‍රය.
චර්මරෝග[නා.ප්‍ර.] සමේ ලෙඩ; සම ආශ්‍රිත ව හට ගන්නා හොරි, දද ආදි විවිධ ආබාධ.
චර්මාලේපය1. [නා.] සමේ රෝග සඳහා ගල්වන ඖෂධ. 2. [නා.] සමේ අලංකාරය සඳහා ගල්වන ආලේප.
චර්මීය ජලක්ලෝමය(පාරිභා.) [නා.] ඇතැම් ජලචරයන්ගේ සමට යාබද ව ඇති කරමල් වැනි ශ්වසන අවයවය (=dermal branchiae).
චර්මීය දත්(පාරිභා.) [නා.ප්‍ර.] චර්මීය දන්තක; මෝරුන් වැනි ඇතැම් මසුන්ගේ සහ පිට ඇති සිහින් දත් වැනි රළු කොරල (=dermal teeth).
චර්මීය ධමනිය(පාරිභා.) [නා.] ශරීර සමට යාබද ව පිහිටා ඇති ධමනිය (=cutaneous artery).
චර්මීය පිටසැකිල්ල(පාරිභා.) [නා.] සමට බාහිර ව පිහිටි කොරපොතු වරල් ආදියෙන් සෑදුණු ආවරණය (=dermal exoskeleton).
චර්මීය බාහිකය(පාරිභා.) [නා.] අපිචර්මයට යටින් පේශි ආදියට මතුපිටින් පිහිටා ඇති මෘදුපටකය (=dermal cortex).
චර්මීය සන්නාහය(පාරිභා.) [නා.] ඇතැම් ශරීර කොටසකට විශේෂ සන්නාහයක් මෙන් ආරක්ෂක ව සිටිනා සම් කොටස (=dermal armour).
චර්යාව1. [නා.ප්‍ර.] චරිතය; ගතිගුණ; ස්වභාවය. 2. [නා.ප්‍ර.] හැසිරීම. 3. [නා.ප්‍ර.] ගුරුවරාදීන්ට ගරු සත්කාර කිරීම. 4. [නා.ප්‍ර.] ආගමික වතාවත්හි යෙදීම. 5. (නව.) [නා.ප්‍ර.] ඇවිදීම; සංචාරය.
චර්යාවාදියා[නා.] මනෝවිද්‍යාත්මක නිගමන සඳහා චර්යා රටා හදාළ යුතු යැයි කියන්නා.
චර්වණදන්ත[නා.ප්‍ර.] ආහාර ඇඹරීමට උදව් වන දත්.
චර්වණය1. [නා.] සැපීම; වමාරා කෑම. 2. [නා.] යටිහක්ක ඔසවන, එමෙන් ම සැපීමට ආධාර වන මාංස පේශිය.
චර්වය[නා.] හපය.
චර්විත[වි.] සපන ලද; වමාරා කන ලද.
චරාචර[වි.] ජංගම හා ස්ථාවර; චංචල හා නිශ්චල.
චරිත ඝාතනය[නා.] චරිතය කෙලෙසීම; චරිතයට හානි පැමිණවීම.
චරිත නිරූපනය[නා.] චරිතය විදහා දැක්වීම; ප්‍රබන්ධ කථාදියෙහි චරිතයක් ගොඩ නැඟීම.
චරිත සහතිකය[නා.] යම් පුද්ගලයකුගේ කල්ක්‍රියාව, පැවැත්ම, හැසිරීම සම්බන්ධ ව නිකුත් කරන සහතිකය.
චරිතය1. [නා.] හැසිරීම; කල් ක්‍රියාව; පැවැත්ම. 2. [නා.] ජීවිත කථාව; විස්තර කථාව. 3. [නා.] සිරිත; ව්‍යවහාරය; භාවිතය.
චරිත්‍ර[නා.ප්‍ර.] සිරිත; හැසිරීම; පුරුද්ද; චාරිත්‍රය.
චරිතාංග[නා.ප්‍ර.] චරිතයක කැපී පෙනෙන විශේෂ අංග; විශේෂ චරිත ලක්ෂණ.
චරිතාන්තරය[නා.] චරිතවල එකිනෙකට ඇති වෙනස් බව; චරිත අතර වෙනස.
චරිතාපදානය[චරිත+අපදානය] [නා.] චරිත කථාව; කෙනකුගේ ජිවිත කථාව.
චරිතාවදානය[නා.] චරිත කථාව; ජීවිත ප්‍රවෘත්තිය.
චරිම, චරිමක[වි.] අන්තිම; අවසාන.
චරියාව1. (අභි.) [නා.] චිත්ත සන්තානයෙහි පවතින රාගාදි චරිත ස්වභාවය. 2. [නා.] හැසිරීම; පැවැත්ම.
චල[වි.] සෙලවෙන; චංචල; එහා මෙහා වන; අස්ථිර.
චල කේන්ද්‍රය(පාරිභා.) [නා.] චලන මධ්‍යය; සමතුලිත ව ඉපිලෙන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ ඇඳි රේඛාවත් වස්තුව යන්තමින් විස්ථාපනය කළ විට විස්ථාපිත ද්‍රවයේ ගුරුත්ව කේන්ද්‍රය ඔස්සේ ඇඳි රේඛාවත් යන දෙක ඡේදනය වන ලක්ෂ්‍යය (=metacentre).
චල ප්‍රාග්ධනය[නා.] ව්‍යාපාරයක නිරතුරු ව වෙනස් වෙනස් ස්වරූප ගන්නා භාණ්ඩ තොග මුදල් ආදි ප්‍රාග්ධනය.
චල බීජාණුව(පාරිභා.) [නා.] කශිකා ආධාරයෙන් පිහිනිය හැකි අලිංගික ප්‍රජනන සෛලයක් (=swarm spore).
චලකයා[නා.] යුද්ධයෙහි සේනා සංවිධානය කරමින් ඒ ඒ තන්හි හැසිරෙන හේවායා; සේනා සන්නිවේදනය කරන්නා.
චලග්‍රහණ(පාරිභා.) [වි.] චලන සංවේදය ගන්නා වූ; පේශිවල චලනය සම්බන්ධ (=kinaesthetic).
චලචිත්‍ර කාරකය(පාරිභා.) [නා.] සිනමා ලේඛය; චිත්‍රපටයක් තැනීමේ දී ජවනිකා සටහන් කරන කැමරාව (=cinematograph).
චලචිත්‍රය[නා.ප්‍ර.] චිත්‍රපටවලින් පෙනෙන චල රූපය; රිදී තීරයේ වැටෙන ජංගම චිත්‍ර.
චලණය(පාරිභා.) [නා.] බැංකුවලින් භාණ්ඩාගාරයට දෙනු ලබන ණය; විශේෂයක් අඩු වැඩි වන ණය; වෙනස් වීමට භාජන වන ණය (=floating debit).
චලතාපී[වි.] පරිසරයේ උෂ්ණත්වය අනු ව ශරීර උෂ්ණත්වය පවත්වා ගන්නා.
චලන[නා.] සෙලවෙන; චංචලවන; එහාමෙහා ගමන් ගන්නා; පිහිටි තැන වෙනස් වන.
චලන චිත්‍රය(පාරිභා.) [නා.] චලනය සිදුවන්නා සේ අඟවන චිත්‍රපටය (=motion picture).
චලනය1. [නා.] සැලීම; කම්පනය; සංචලනය. 2. [නා.] සත්ත්වයන් තැනින් තැන ගමන් කිරීම; ජංගමනය.
චලමාන[වි.] සෙලවෙන; චංචල.
චලවත්කම්(පාරිභා.) [නා.ප්‍ර.] ව්‍යාපාරයක නිතර ම වෙනස් වන සුලු වත්කම් (=floating assets).
චලවර්ණක(පාරිභා.) [වි.] ඇතැම් පටක සහ සෛල සංඝටක සතු ව ඇති වෙනස් වන වර්ණ ගැන්වීමේ ගුණය පිළිබඳ වූ (=metachromatic).
චල්‍යතාව[නා.] සැලෙන සුලුබව; සසලබව; යා හැකිකම.
චලාචල[චල+අචල] [වි.] සෙලවෙන හා නොසෙල්වෙන; ජංගම හා ස්ථාවර.
චලිත[වි.] සෙලවුණු; චංචල වූ; කම්පිත. [නා.ප්‍ර.] යම්කිසි වස්තුවක පිහිටීම නොකඩා ම පාහේ වෙනස් වෙමින් පැවතීම(=motion).
චලිතාලම්බනය[චලිත+ආලම්බනය] [නා.] (අභි.) චංචල ස්වභාවයෙන් යුත් අරමුණ; සැලෙන අරමුණ.
චවන[නා.ප්‍ර.] චුතවීම; භවයෙන් වෙන් වී යෑම; මරණය.
චවමාන[වි.] චුත වන; භවයෙන් වෙන් වී යන.
චවි[නා.ප්‍ර.] සම; චර්මය; සිවිය; ඡවිය.
චවිතුකාමතාව[නා.] සිටින ආත්ම භාවයෙන් චුත වීමට කැමැත්ත; අන් භවයකට මාරු වීමේ රුචිය.
චෂකය[නා.] මධු පානය කරන භාජනය; ඔඩම; කෝප්පය.
ච්‍යුත[වි.] එක් ආත්ම භාවයකින් ඉවත් වූ; මිය ගිය.
ච්‍යුතික්ෂණය[නා.] චුති චිත්තය පහළ වන අවස්ථාව; මිය යන මොහොත; ජිවිතය නැසෙන මොහොත.
ච්‍යුතිය1. [නා.] එක් භවයකින් පහවීම; මරණය. 2. (පාරිභා.) [නා.] ලම්බනය (=parallax).
චාක්ෂුෂ(පාරිභා.) [වි.] ඇස පිළිබඳ; ඇස හා සම්බන්ධ (=ophthalmic).
චාක්‍රණය(පාරිභා.) [නා.] සංවෘත මාර්ගයක ගමන් කිරීම; සංසරණය; (ලේ) ගමන (=circulation).
චාක්‍රයනය(පාරිභා.) [නා.] (ඇස හෝ අග්‍රයක් වැනි) කිසියම් කොටසක් කරකැවීම; කැමති අක්ෂයක් වටා පරිභ්‍රමණය වීම (=circumduction).
චාක්‍රික(පාරිභා.) [වි.] චක්‍රයක් මෙන් කැරකෙන; චක්‍රයක හැඩය ගත් (=cyclical).
චාග[නා.ප්‍ර.] පරිත්‍යාගය; තෑග්ග; දානය.
චාගානුස්සතිය[චාග+අනුස්සතිය] [නා.] තමන්ගේ ත්‍යාගී ගුණය; ත්‍යාග ගුණය අරමුණු වශයෙන් ගෙන කරන භාවනාව.
චාට[වි.] වංචාකාර; රැවටිලිකාර.
චාටනය[නා.] වංචාව; රැවටීම; හොරෙන් ගැනීම.
චාටු[වි.] රැවටිලිකාර; බොරු ප්‍රශංසා කරන; ඉච්ඡා බස් කියන.
චාටුකම්මතාව, චාටුකම්‍යතාව[නා.] ඉච්ඡා බස් කීමට ඇති කැමැත්ත.
චාටූපමා[චාටු+උපමා] (අලං.) [නා.ප්‍ර.] සියබස්ලකරෙහි දැක්වෙන උපමාලංකාර තිස් තුනෙන් එකක්; චාටුවෙන් හෙවත් ප්‍රායාලාප වශයෙන් කියනු ලබන උපමාව; සේව්‍ය වචනෝපමාලංකාරය.
චාතුද්දසික, චාතුද්දාසී[නා.ප්‍ර.] තුදුස්වක් පොහොය; තුදුස්වක තිථිය; දාහතරවන තිථිය.
චාතුර්මහාරාජිකය[නා.] දිව්‍යලෝකයක නාමය; ශක්‍රයාගේ ආධිපත්‍යයෙන් යුත් සතරවරම් දෙවිවරුන් විසින් පාලනය කරනු ලබන දෙව්ලොව.
චාතුර්යය[නා.] චතූර භාවය; දක්ෂකම.
චාතුර්විධ්‍යය[නා.] සතර ආකාරබව; සිවුවැදෑරුම්බව.
චාන්ද්‍ර1. [වි.] චන්ද්‍රයා පිළිබඳ. 2. [වි.] චන්ද්‍ර නම් ආචාර්යවරයා විසින් රචිත.
චාපය1. [නා.] දුන්න; සැව්ව. 2. (පාරිභා.) [නා.] ලෝහ පෑස්සීමටත් විදුලි ආලෝකය නිපදවීමටත් යොදා ගන්නා විද්‍යුත් උපකරණයක් (=arc). 3. [නා.] වෘත්ත පරිධියේ දුනු හැඩය ගත් වක් රේඛා කොටස. 4. (ජ්‍යෝති.) [නා.] දුනු ලකුණෙන් සංකේත වන රාශිය; ධනු රාශිය. 5. [නා.] අනංගයාගේ මනඃකල්පිත දුන්න. 6. [නා.] දේදුන්න.
චාපල්‍යය[නා.] චපල භාවය; චංචල ගතිය; තිර පිළිවෙතක නොපිහිටන ස්වභාවය.
චාමරය1. [නා.] සෙමර වලිගයෙන් තැනූ පවන් සලන උපකරණය; වල් විදුනාව. 2. [නා.] බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි පිහිටි අටෝරාසියක් මඟුල් ලකුණින් එකක්.
චාමිකර[නා.ප්‍ර.] පිරිසිදු රත්රන්.
චාර1. [වි.] හැසිරෙන; ගමන් කරන. 2. [වි.] ඔත්තු බලන. 3. [වි.] රැඟුම් දක්වමින් සංචාරය කරන. 1. [නා.ප්‍ර.] හැසිරීම; ගමන් කිරීම. 2. [නා.ප්‍ර.] පිළිවෙළ; සදාචාර පැවැත්ම. 3. [නා.ප්‍ර.] සසල බව.
චාරකය1. [නා.] දඟගෙය; බන්ධනාගාරය; සිපිරිගෙය. 2. [නා.] බැම්ම; විලංගුව.
චාර්වක[නා.ප්‍ර.] දත් වර්ගයක නාමය; ඇඹරුම් දත්.
චාරිකාව[නා.] සැරිසැරීම; සංචාරය; ගමන.
චාරිත්‍ර[නා.ප්‍ර.] තහනම් දෙය ; නොකටයුතු යයි සලකා බැහැර කරන දෙය.
චාරිත්‍ර ශික්ෂාපදය[නා.] (විනය) බෞද්ධ භික්ෂූන් වහන්සේට මෙසේ පිළිපැදිය යුතුයි දක්වන ශික්ෂාපාදය.
චාරිත්‍ර ශීලය[නා.] චාරිත්‍ර ශික්ෂාපද කඩනොකොට රකින ශීලය.
චාරිත්‍රය1. [නා.] පරම්පරාගත ව පැවත එන පුරුද්ද; සමාජ සම්මත සම්ප්‍රදායය; සිරිත. 2. [නා.] ශික්ෂාව; විනය.
චාරිත්‍රවාරිත්‍ර[නා.ප්‍ර.] සිරිත් විරිත්; යහපත් දේ කිරීම හා අයහපත් දේ කිරීමෙන් වැළකීම.
චාරිත්‍රශීලය[නා.] ප්‍රාණඝාතාදි අකුශලයන්ගෙන් මිදීම් සංඛ්‍යාතවූ ශීලය.
චාරු[වි.] පියකරු; සුන්දර; ප්‍රියජනක; මනෝඥ; ශෝභන.
චාලක[වි.] චලනය ඇති කරන; චලිතය හා ආශ්‍රිත; චලිතය නිසා ඇති වූ.
චාලක ශක්තිය(පාරිභා.) [නා.] යම් වස්තුවක් චලිතයේ දී ඒ චලිතය නිසා එහි ඇති වන ශක්තිය (=kinetic energy).
චාලන විද්‍යාව(පාරිභා.) [නා.] වස්තූවල චලනය කෙරෙහි බලපාන බලවේග පිළිබඳ අධ්‍යයනය සඳහා කැපවුණු ගති විද්‍යාවේ ශාඛාව (=kinetics).
චාලනය[නා.] සෙලවීම; සොලවනු ලැබීම; යමක් තිබුණු තැනින් වෙනත් තැනකට පැමිණවීම.
චාලනිය[නා.] පිටි වැනි සියුම් ද්‍රව්‍ය හලාගන්නා උපකරණය; පෙනේරය.
චාලය[නා.] යමක් තිබෙන තැනින් එහා මෙහා වීම; ගමනය; ජංගමනය.
චැක්පත, චෙක්පත[නා.ප්‍ර.] මුදලක් වෙනුවට බැංකු ආයෝජකයකු විසින් නිකුත් කරනු ලබන මුදල් ඇණවුම.
චැත්පොත, චෙත්පොත[නා.] බැංකුවක් විසින් ආයෝජකයකුට නිකුත් කරනු ලබන හිස් චෙක්පත් අඩංගු පොත.
චැසිය[නා.] මෝටර් රථ ආදියෙහි රථ කූඩුව සවි කෙරෙන රෝද හා එන්ජිම සහිත ලෝහමය පහළ තට්ටුව.
චිකිත්සකයා[නා.] රෝගවලට පිළියම් කරන්නා; වෛද්‍යවරයා.
චිකිත්ස්‍ය[වි.] පිළියම් කළ හැකි; වෛද්‍ය ප්‍රතිකාර කළ යුතු; සුව කළ හැකි.
චිකිත්සාගාරය[චිකිත්සා+ආගාරය] [නා.] රෝග පරීක්ෂාකොට පිළියම් නියම කරන ස්ථානය; ආරෝග්‍යශාලාව.
චිකිත්සාව[නා.] රෝග නිවාරණය සඳහා කරන පිළියම; වෙද්‍ය ප්‍රතිකාරය.
චිකිත්සීය(පාරිභා.) [වි.] ප්‍රතිකර්මය යෙදිය හැකි; රෝග සුව කිරීම සඳහා වූ ප්‍රතිකර්ම හා සම්බන්ධ (=therapeutic).
චිකීර්ෂාව[නා.] කාර්යයෙහි කැමැත්ත; යමක් ඉටු කිරීමට ඇති රුචිය.
චිණ්ණ[වි.] පුරුදු කළ; කලක් භාවිත කළ.
චිණ්හය[නා.] ලකුණ; ලාංඡනය; චිහ්නය.
චිත[වි.] ගොඩ ගැසූ; රැස් කළ.
චිතකය[නා.] මළ සිරුරක් දැවීම සඳහා තනන දරසෑය.
චිතකාග්නි[චිතක+අග්නි] [නා.ප්‍ර.] චිතකයෙහි දැල්වෙන ගින්න; දර සෑයෙහි ගින්න.
චිත්ත ඒකාග්‍රතාව[නා.] සිතෙහි එක් අරමුණක් ඇති බව; සිතෙහි එකඟ බව; සමාධිය.
චිත්ත කම්මඤ්ඤතාව[නා.] (අභි.) සිතේ කර්මණ්‍යභාවය; සිතේ පුණ්‍ය ක්‍රියාවට ඔරොත්තු දෙන බව.
චිත්ත ක්‍රියාව[නා.] සිතින් කරන ක්‍රියාව; මෙසේ මෙසේ කරමි යි සිතින් ව්‍යවස්ථා කිරීම.
චිත්ත ඛේදය[නා.] සිතේ දුක; සිත් වේදනාව; සංවේගය; කනගාටුව.
චිත්ත ගතිය[නා.] සිතේ ආකාරය; සිත්හි ස්වභාවය.
චිත්ත ග්‍රහණය[නා.] සිත් ගැනීම; සිත් ඇද ගැනීම; සිත දිනා ගැනීම.
චිත්ත දමනය[නා.] සිත සංවර කර ගැනුම; සිත පාලනය කර ගැනීම.
චිත්ත ධෛර්යය[නා.] සිතේ උපදින වීර්යය; සිතේ දිරිය.
චිත්ත නියමය, චිත්ත නියාමය[නා.] (අභි.) රූපාදි අරමුණු චක්ෂුරාදි ඉන්ද්‍රියවල ගැටුණු විට ක්‍රමාණුකූල ව ඇති වන සිත් පරම්පරාව පිළිබඳ නියමය.
චිත්ත නිරෝධය[නා.] සිත නිරුද්ධ වීම; නිර්වාණ අවබෝධයේ ලක්ෂණයක්.
චිත්ත පරම්පරාව[නා.] (අභි.) පිළිවෙළින් පහළ වන සිත්පෙළ; චිත්තවීථිය.
චිත්ත පර්යන්ත[වි.] සිත කෙළවර කොට ඇති.
චිත්ත ප්‍රණිධිය[නා.] සිතේ පැතුම; ප්‍රාර්ථනය.
චිත්ත ප්‍රවාහය[නා.] වේගයෙන් ගමන් කරන සිතුවිලි සමූහය.
චිත්ත ප්‍රීතිය[නා.] සිතේ සතුට; චිත්ත සන්තුෂ්ටිය.
චිත්ත පීඩාව[නා.] සිතට ඇතිවන දුක් වේදනාව; සිත පෙළීම.
චිත්ත භ්‍රමය[නා.] සිහි විකල් වීම.
චිත්ත වික්ෂේපය[නා.] සිත අරමුණෙන් ඉවතට ඇද ගැනීම; සිතේ පෙරළිය; සිත ව්‍යාකූලත්වයට පැමිණීම.
චිත්ත විඝාතය[නා.] සිතේ වෙහෙස; චිත්ත පීඩාව.
චිත්ත විපර්යාසය1. (අභි.) [නා.] මුළාව නිසා සිත වැරදි අතට පෙරළීම. 2. [නා.] සිත වෙනස් වීම.
චිත්ත විභ්‍රමය[නා.] සිත විකාර වීම; උන්මාදය.
චිත්ත විරතිය[නා.] සිත ප්‍රාණාතිපාතාදි දශ අකුශලයන්ගෙන් වළකාලීම.
චිත්ත විවේකය1. (අභි.) [නා.] කෙලෙසුන්ගෙන් මිදී ලබන සිතේ සැනසීම; චිත්ත සමාධිය. 2. [නා.] කලක් තිස්සේ කරගෙන ආ ඒකාකාරී කටයුතුවලින් ඉවත් වීමෙන් ලැබෙන මානසික නිදහස.
චිත්ත ශුද්ධිය[නා.] සිතේ පිරිසිදුබව; පවින් වැළකී කුසල් කිරීමෙන් හා භාවනාවෙන් පිරිසිදුබව. ලබන සිතේ
චිත්ත සංවරය[නා.] සිතෙහි හික්මුණු ස්වභාවය; සිතෙහි සන්සුන්කම.
චිත්ත සන්තතිය[නා.] නොසිඳී පවත්නා සිතුවිලි වැළ; චිත්ත පරම්පරාව.
චිත්ත සන්ත්‍රාසය[නා.] සිතේ තැති ගැන්ම; සිතේ භය.
චිත්ත සන්තාපය[නා.] සිත් තැවුල; ශෝකය.
චිත්ත සමාධානය[නා.] සිත එක් අරමුණක සිටීම; සිත සමාධියට යොමුව තැන්පත් වීම.
චිත්ත සමාධිය[නා.] (අභි.) සිත එක අරමුණක රඳවා තැබීම; සිතෙහි එකඟබව.
චිත්ත ස්පර්ශය(පාරිභා.) [නා.] එක් අයෙකුගේ සිතේ පහළ වන හැඟීම් අනෙක් අයකුගේ සිතට දැනීම (=telepathy).
චිත්ත සුඛය[නා.] සිතේ සැපත; සිතින් විඳින සුවය; සොම්නස.
චිත්තක්ඛණය[නා.] (අභි.) සිතක් ඉපදී පැවතී යළි නැති වී යෑමට ගත වන ඉතා සුළු කාලය; චිත්තක්ෂණය.
චිත්තක්ෂෝභය[නා.] සිත කැලඹීම; සිත නොසන්සුන්වීම; කම්පාවීම. සිත
චිත්තකාර[නා.ප්‍ර.] සිතුවම් අඳින්නා; චිත්‍ර ශිල්පියා; සිත්තරා.
චිත්තජ[වි.] සිතින් උපන්; සිත නිසා ජනිත වූ; සිතින් හටගත්.
චිත්තදරථ[නා.ප්‍ර.] සිතේ තැවීම; සිත් පීඩාව.
චිත්තපස්සද්ධිය[නා.] (අභි.) සිත තවන කෙලෙස් සන්සිඳවීම.
චිත්තමල[නා.ප්‍ර.] සිතෙහි අපිරිසිදු බව; සිත් සතන්හි කිලුට හෙවත් අපවිත්‍රතාව; කෙලෙස්.
චිත්තය[නා.] අරමුණු දැනීම; සිතීම් මාත්‍රය; විඥානය; සිත.
චිත්තවිප්‍රයුක්ත[වි.] සිතින් වෙන්වුණා වු; චිත්ත පරිබාහිර වූ.
චිත්තවීථිය[නා.] කිසියම් අරමුණක් ගෙන පහළ වන සාමාන්‍යයෙන් චිත්තක්ෂණ 17 කින් යුත් චිත්ත පරම්පරාව.
චිත්තවේග, චිත්තාවේග[නා.ප්‍ර.] සිතේ ඇතිවන (ක්‍රෝධය, භය, ප්‍රීතිය, ශෝකය වැනි) ආවේගික හැඟීම් (=emotion).
චිත්තසම්ප්‍රයුක්ත[වි.] සිත හා යෙදුණු; සිත සමග එක් වුණු.
චිත්තසමුට්ඨාන[වි.] සිත නිසා හටගන්නා; සිතින් උපදනා.
චිත්තාකර්ෂණය[චිත්ත+ආකර්ෂණය] [නා.] සිත ඇද ගැනීම; මනස්කාන්තබව.
චිත්තාකෘතිය[චිත්ත+ආකෘතිය] [නා.] කිසියම් වස්තුවක් පිළිබඳ ව සිතින් තනා ගන්නා රූපය.
චිත්තාධීන[චිත්ත+අධීන] [වි.] සිතට ම යටත්; සිත විසින් ම පාලනය කරනු ලබන.
චිත්තානුකූල[චිත්ත+අනුකූල] [වි.] සිතට එකඟ ව පවතින; සිතට ගැළපෙන.
චිත්තානුරූප[චිත්ත+අනුරූප] [වි.] සිතට අනුකූල වූ; සිතට එකඟ වූ.
චිත්තානුවර්ති[චිත්ත+අනුවර්ති] [නා.] සිත අනු ව පවත්නා.
චිත්තාභ්‍යන්තරය[චිත්ත+අභ්‍යන්තරය] [නා.] සිත ඇතුළත; ඇතුළු සිත.
චිත්තාභිරමණය[චිත්ත+අභිරමණය] [නා.] සිත මැනවින් ඇලවීම සිත වෙසෙසින් පිනවීම.
චිත්තාභිරාම[චිත්ත+අභිරාම] [වි.] සිත ඉතා සතුටු කරන; මනහර.
චිත්තාභිලාෂය[චිත්ත+අභිලාෂය] [නා.] බලවත් කැමැත්ත; සිතේ තද ආශාව.
චිත්තාලස්‍යය[චිත්ත+ආලස්‍යය] [නා.] සිතේ අලසබව; සිතේ මැළිබව, උදාසීනබව.
චිත්තාශාව[චිත්ත+ආශාව] [නා.] සිතේ කැමැත්ත; සිතේ ඇල්ම; මනදොළ.
චිත්තාසංවරය[චිත්ත+අසංවරය] [නා.] සිතේ නොහික්මුණුකම.
චිත්තාස්වාදය[චිත්ත+ආස්වාදය] [නා.] සිතින් විඳිනා සතුට.
චිත්තාහ්ලාදය[චිත්ත+ආහ්ලාදය] [නා.] සිතේ ඇති වන බලවත් ප්‍රීතිය; අමන්දානන්දය.
චිත්තෝන්නතිය[චිත්ත+උන්නතිය] 1. [නා.] සිත්හි ක්‍රියාකාරී බව. 2. [නා.] සිත්හි උඩඟුබව.
චිත්තෝන්මාදය[නා.] සිත්හි උමතුව; සිහිමුළාව.
චිත්තෝපක්ලේශ[නා.බහු.] සිත කිලිටි කරන ධර්ම, ලෝභ, ද්වේශ, මෝහ යන කෙලෙස් ධර්ම.
චිත්‍ර1. [වි.] නානා වර්ණයෙන් යුක්ත; විසිතුරු. 2. [වි.] දීප්තිමත්; කාන්තිය විහිදුවන. 3. [වි.] විවිධ; නානා ප්‍රකාර. 4. [වි.] තිත් සහිත; පුල්ලි විහිදන. 5. [වි.] අද්භූත; විස්මය ජනක.
චිත්‍ර කථාව[නා.] චිත්‍ර අනුසාරයෙන් ඉදිරිපත් කරන කථාව.
චිත්‍ර කදාව(පාරිභා.) [නා.] මැජික් ලත්තෑරුමෙන් ප්‍රක්ෂේපණය කරනු පිණිස රූපයක් සහිත වීදුරු තහඩුව (=lantern slide).
චිත්‍ර කරනවා1. [ක්‍රි.] ලෙළවනවා; හරඹ කරනවා. 2. [ක්‍රි.] සිතුවම් අඳිනවා.
චිත්‍ර කර්මය[නා.] සිතුවම් ඇඳීම; සිත්තම් කලාව.
චිත්‍ර කලාව[නා.] සිතුවම් ඇඳීමේ කලාව; සිත්තම් කලාව.
චිත්‍ර ප්‍රක්ෂේපණය(පාරිභා.) [නා.] වස්තුවක දිග, පළල, උස යන පැති තුනෙහි ම හැඩ එක ම චිත්‍රයක දැක්වීම.
චිත්‍ර වස්ත්‍රය1. [නා.] සිත්තම් කළ රෙද්ද; චිත්‍රයක් අඳිනු ලැබූ වස්ත්‍රය. 2. [නා.] නාට්‍යයේ කථාවලට අදාළ ස්ථාන පෙන්නුම් කෙරෙන සේ ඇඳි තිර රෙද්ද.
චිත්‍ර ශාලාව[නා.] පැරණි රජදරුවන්ගේ විනෝද ක්‍රීඩා සඳහා තනන ලද ශාලාව; රාජකීය විනෝද ශාලාව.
චිත්‍ර ශිල්පය[නා.] ශිල්පයක් වශයෙන් කරනු ලබන චිත්‍රකර්මය.
චිත්‍ර ශිල්පියා[නා.] සිත්තම් අඳින්නා; සිත්තරා.
චිත්‍රකථික, චිත්‍රකථි[නා.ප්‍ර.] විසිතුරු ලෙස කථා කරන්නා; චතුර දේශකයා.
චිත්‍රකාරයා[නා.] සිතියම් අඳින්නා; සිත්තරා.
චිත්‍රණය[නා.] සිතුවම් ඇඳීම; සිත්තම් කිරීම.
චිත්‍රපටය1. [නා.] සිනමාව; චලචිත්‍රය; චිත්‍රපටිය. 2. [නා.] සිතුවම් කළ රෙද්ද; චිත්‍ර වස්ත්‍රය.
චිත්‍රය1. [නා.] සිතුවම; සිත්තම. 2. [නා.] විසිතුරු පාට; විචිත්‍ර වර්ණය. 3. [නා.] අහස. 4. [නා.] හින්දු භක්තිකයකුගේ නළලත ඇඳි ලාංඡනය.
චිත්‍රවධ[නා.ප්‍ර.] නොයෙක් ආකාරයෙන් පමුණුවන ශාරීරික වධ හිංසා.
චිත්‍රාක්ෂර[චිත්‍ර+අක්ෂර] [නා.ප්‍ර.] රූපවලින් සෑදුණු අකුරු; අකුරු වශයෙන් භාවිත කළ චිත්‍ර; චිත්‍ර අකුරු.
චිත්‍රිණී[නා.ප්‍ර.] දේහ ලක්ෂණ හා කාම විද්‍යාවන් අනුව දක්වා ඇති සුන්දර කාන්තා ප්‍රභේද සතරින් එකක්.
චිත්‍රිත1. [වි.] සිත්තම් කළ; අඳිනු ලැබූ. 2. [වි.] විසිතුරු කරන ලද. 3. [වි.] තිත් ගැසුණු; ලප හෝ ලාංඡන ඇති.
චිත්‍රීකෘත1. [වි.] ගරු කරන ලද; පුදනලද. 2. [වි.] සරසන ලද; අලංකාර කරන ලද.
චිති1. [නා.ප්‍ර.] ගොඩ ගසන ලද දෙය. 2. [නා.ප්‍ර.] දර සෑය. 3. [නා.ප්‍ර.] ආත්මය.
චින්තකයා[නා.] විශේෂ චින්තන ශක්තිය ඇති තැනැත්තා; දාර්ශනිකයා.
චින්තනය1. [නා.] සිතීම; කල්පනාව; විමර්ශනය. 2. [නා.] අදහස; සිතුවිල්ල. 3. [නා.] නුවණින් සලකා බැලීම; විමසීම; විමර්ශනය; භාවනාවේ යෙදීම. 4. (පාරිභා.) [නා.] සංකල්පනය; තත්ව විචාරය (=philosophy).
චින්ත්‍ය[වි.] සිතා ගත හැකි.
චින්තා ඝටය[නා.] සිතූ පැතූ දේ දෙතැයි සැලකෙන දිව්‍යමය කළය; භද්‍රඝටය.
චින්තාකවි[නා.ප්‍ර.] නිර්මාණ ශක්තියෙන් යුත් කවියා.
චින්තාකුල[චින්තා+ආකූල] [වි.] සිත් අවුල් වූ; අවුල් සිත් ඇති.
චින්තාපර[වි.] කනගාටුවට පත්; සිත් තැවුලෙන් පසු වන.
චින්තාපරවශ[වි.] කල්පනාවේ නියළුණු; සිතිවිල්ලේ ගැලුණු.
චින්තාමණී[නා.ප්‍ර.] දෙවිලොව ඇතැයි සැලකෙන සිතූ පැතූ දේ දෙන මැණික; සිතුමිණ; චින්තා මාණික්‍යය රත්නය.
චින්තාමය ප්‍රඥාව[නා.] අනිකකුගේ උපදෙස් නොඅසා තමන් ම සිතා මතා ලබාගන්නා ප්‍රඥාව.
චින්තාව[නා.] සිතිවිල්ල; කල්පනාව; චින්තනය.
චින්තාවලිය[චින්තා+ආවලිය] [නා.] සිතුවිලි වැළ; සිතුවිලි සමූහය.
චින්තාවිෂයාතික්‍රාන්ත[වි.] සිතන්නට හැකි සීමාව ඉක්ම වූ.
චිපිට[වි.] පැතලි; මොට වූ.
චිපිටකය(පාරිභා.) [නා.] කිනිත්ත මුදුනේ එක මට්ටමට පිපෙන මල් බුරුත්ත; සමතල මල් පොකුර (=corymb).
චිබුකය[නා.] නිකට.
චිම්පන්සියා, චිංපන්සියා[නා.] මිනිස් හැඩරුවට සමීප ලක්ෂණ ඇති අප්‍රිකානු වානර වර්ගයක්.
චිමිනිය1. [නා.] ගිනි උදුනක මුදුනින් දුම් ආදිය පිටවීමට සැදූ කවුළුව; දුම්කවුළුව. 2. [නා.] ලාම්පුවක තිරය ආවරණය කෙරෙන රවුම් දිගටි වීදුරු උපකරණය.
චිර[නා.] දිගු කල් පවතින; දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන.
චිර ජීවනය[නා.] බොහෝ කලක් ජීවත් වීම; දිර්ඝායුෂ විඳීම.
චිර දන්තාවලිය[නා.] දිගුකලක් පවතින දත් පෙළ; ස්ථිර දත් පේළිය.
චිර ප්‍රවෘත්තිය[නා.] දිගු කලක් පැවතීම; බොහෝ කල් පැවැත්ම.
චිර භාවිතය[නා.] දිගු කලක් තිස්සේ කල ඇසුර නොහොත් ව්‍යවහාරය.
චිරජීවි[වි.] බොහෝ කල් ජීවත්වන; දීර්ඝායුෂ ඇති. [නා.ප්‍ර.] බොහෝ කල් ජීවත්වන්නා; දීර්ඝායුෂ ඇත්තා.
චිරන්තන[වි.] පුරාණ කාලයට අයත්; පෞරාණික.
චිරපරිභාවිත[වි.] බොහෝ කාලයක් පුරුදු කරන ලද.
චිරප්‍රසිද්ධ[වි.] කාලයක් පුරා ප්‍රචලිත ව පවතින; කාලයක් මුළුල්ලේ පතළ.
චිරරාත්‍ර[නා.ප්‍ර.] රාත්‍රී බොහෝ ගණනාවක කාල පරිච්ඡේදය; දීර්ඝ කාලය.
චිරරාත්‍රඥ[වි.] දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම් ලබා ඇති; දීර්ඝ කාලයක් පිළිබඳ ව දන්නා වූ.
චිරශිශුකතාව(පාරිභා.) [නා.] සමහර සතුන් වැඩුණු පසු ද ඔවුන් දක්වන බාල අවස්ථාවේ හුරු පුරුදුකම් (=neoteny).
චිරසඤ්චිත[වි.] දිගුකලක් තිස්සේ රැස් කරන ලද.
චිරස්ථායී[වි.] බොහෝ කාලයක් පවතින; දිගු කල් පවත්නා.
චිරස්ථිතික[ක්‍රි.වි.] දිගු කල් පවතින; බොහෝ කාලයක් නොනැසී රැකී සිටින.
චිරස්ථිතිය[නා.] බොහෝ කල් පැවැත්ම; දිගු කලක් රැඳී පැවතීම.
චිරාගත[චිර+ආගත] [වි.] දිගුකලක සිට පැමිණියා වූ; කලක් මුළුල්ලේ පැවතුණා වූ.
චිරාත් කාලය[නා.] දීර්ඝ කාලය; බොහෝ කාලය.
චිරානුගත[චිර+අනුගත] [වි.] දිගු කලක සිට පැවත එන.
චිරායුෂ්ක[චිර+ආයුෂ්ක] [වි.] බොහෝ ආයු ඇති; දිගුකල් ජීවත් වන; දීර්ඝායුෂ්ක.
චිහ්නය[නා.] ලාඤ්ඡනය; සලකුණ.
චිහ්නිත[වි.] ලකූණු කරන ලද; අඞ්කිත.
චීත්ත[නා.ප්‍ර.] විවිධ රූප සටහන් චිත්‍ර ආදිය යොදා වර්ණවත් ව මුද්‍රිත රෙදි වර්ගයක්.
චීනක්කන්නාඩිය(කථා.) [නා.] දුරදක්නා කන්නාඩිය.
චීනච්චට්ටි(පාරිභා.) [නා.] කාබන් සහ සිලිකා මිශ්‍ර ලෝහයක් (=cast iron).
චීනපටස්[නා.ප්‍ර.] බිම ගැසූ විට පටස් හඬින් පුපුරන කුඩා වෙඩි බෝලය.
චීනාංශුකාව[නා.] (පාරිභා.) පෘෂ්ඨවංශීන්ගේ මොළය හා සුෂුම්නාව වැසී ඇති පටලයක් (=pia mater).
චීනාඩි(කථා.) [නා.ප්‍ර.] මල්ලවපොර ක්‍රිඩාවේ දී පොර බදන ක්‍රමයක්.
චීර1. [නා.ප්‍ර.] කුසතණ වැහැරී ආදියෙන් කළ සිවුර. 2. [නා.ප්‍ර.] රෙදි කඩ; වස්ත්‍රය.
චීවර කර්මය[නා.] (විනය.) සිවුරු සැකසීමේ ක්‍රියා පද්ධතිය.
චීවර පළිබෝධය[නා.] (විනය.) කඨිනය පිළිබඳ පළිබෝධ හෙවත් බාධකවලින් එකක්.
චීවර බන්ධනය[නා.] සිවුරට පිටින් බඳින පටිය.
චීවර මාසය[නා.] (විනය.) භික්ෂූන් වස් එළඹි තුන් මසකට පසු ව එන මාසය; වප් අව පෑලවිය සිට ඉල් පසළොස්වක දක්වා වූ තිස් දවසක කාලය.
චීවරග්‍රහණ[නා.ප්‍ර.] සිවුරු හැඳ පොරවා ගැනීම.
චීවරපටිග්ගාහක[වි.] (විනය.) සිවුරු පිළිගැනීම කරන. [නා.ප්‍ර.] සිවුරු පිළිගන්නා භික්ෂුව.
චීවරපරිෂ්කාර[නා.ප්‍ර.] භික්ෂුවක විසින් පරිහරණය කරනු ලබන අටපිරිකරින් අඳන සිවුර, තනිපට සිවුර, දෙපට සිවුර යන පිරිකර තුන.
චීවරප්‍රත්‍යය[නා.ප්‍ර.] භික්ෂූන් වහන්සේට අවශ්‍ය චතුර්විධ ප්‍රත්‍යවලින් හෙවත් සිවුපසයෙන් එකක්; චීවරය; සිවුර.
චීවරය[නා.] සිවුර; කාෂාය වස්ත්‍රය.
චීස්[නා.ප්‍ර.] දී කිරි ප්‍රෝටීන පැසවීමෙන් ලුණු හා සංයෝග කොට පිළියෙල කරන ඝන කිරි ආහාර වර්ගයක්; කේජු.
චුචුකය, චූචුකය[නා.] තන පුඩුව.
චුචුකාකාර[චුචුක+ආකාර] [වි.] තන පුඩුවක හැඩය ඇති.
චුට්ට[නා.] ටික; ස්වල්පය.
චුට්ටි, චූටි(කථා.) [වි.] උසමහතින් කුඩා; පුංචි; පොඩි.
චුත1. [වි.] එක් ආත්මභාවයකින් මිදුණු; මරණයට පත්. 2. [වි.] ඉවතට පත්.
චුති චිත්තය[නා.] සත්ත්වයකු මිය යන මොහොතෙහි පවත්නා සිත; එක් භවයකින් චුත වන විට ඇති වන අවසාන සිත.
චුතික්ෂණය[නා.] මැරෙන මොහොත; ජීවිතයෙන් වෙන් වන මොහොත.
චුතිය[නා.] එක් ආත්මභාවයකින් මිදීම; මරණය.
චුතූපපත්තිය[චුති+උපපත්තිය] [නා.] මරණය සහ උත්පත්තිය.
චුතූපපාත ඤාණය[නා.] සත්ත්වයන්ගේ චුතිය හා උත්පත්තිය දක්නා නුවණ.
චුද්දස[නා.ප්‍ර.] දහ හතර; තුදුස.
චුදිත[වි.] චෝදනා ලත්; දෝෂාරෝපිත.
චුදිතයා[නා.] චෝදනා ලත් තැනැත්තා; විත්තිකරුවා.
චුම්බක1. [වි.] සිඹින; චුම්බනය කරන. 2. [වි.] කාන්දම් බලය ඇති; අයස්කාන්ත ගුණය ඇති; ආකර්ෂකය.
චුම්බක අක්ෂය(පාරිභා.) [නා.] චුම්බකයක ධ්‍රැවවල ක්‍රියාත්මක කේන්ද්‍ර එල්ලේ තිබෙන රේඛාව (=magnetic axis).
චුම්බක උතුර(පාරිභා.) [නා.] මාලිමා යන්ත්‍රයේ කාන්දම් කටුව දක්වන උතුර; කාන්දම් උතුර (=magnetic north).
චුම්බක කටුව[නා.] කාන්දම් කටුව.
චුම්බක ක්ෂේත්‍රය(පාරිභා.) [නා.] ස්ථිර චුම්බකයක් හෝ විද්‍යුත් ධාරාවක් ගෙන යන සන්නායකයක් හෝ අසල චුම්බක බලය ඇතැයි දැනෙන ප්‍රදේශය (=magnetic field).
චුම්බක ධ්‍රැව(පාරිභා.) [නා.බහු.] චුම්බකයක චුම්බකත්වය රැස්වී ඇති දෙකෙළවර කාන්දම් ධ්‍රැව.
චුම්බක නිරක්ෂය(පාරිභා.) [නා.] පෘථිවිය වටා චුම්බක අවපාතය ශුන්‍ය ව චුම්බක සූචිය තිරස් ව පවත්නා තැන් සම්බන්ධ කරන කල්පිත රේඛාව; චුම්බක සමකය (=magnetic equator).
චුම්බක නිවාරකය(පාරිභා.) [නා.] චුම්බක ක්ෂේත්‍රවල බලපෑම වැළැක්වීමට ඇතැම් විදුලි උපකරණ වටා යොදන මෘදු යකඩ ආවරණය (=magnetic screen).
චුම්බක පාෂාණය[නා.] යකඩ ආකර්ෂණය කරන ගල් වර්ගය; කාන්දම් ගල; ලෝහ කාන්තය.
චුම්බක මානය(පාරිභා.) [නා.] චුම්බක ක්ෂේත්‍රවල ප්‍රබලතාව මැනීමට භාවිත කරන විවර්තිත චුම්බක සූචිය (=magne to meter).
චුම්බක මාලිමාව(පාරිභා.) [නා.] දිශා දැනගැනීම සඳහා භාවිත කරන උපකරණය (=magnetic compass).
චුම්බක සමකය[නා.] චුම්බක නිරක්ෂය.
චුම්බක ස්‍රාවය(පාරිභා.) [නා.] චුම්බක ක්ෂේත්‍රයක නියමිත පෘෂ්ඨයක් හරහා යන මුළු චුම්බක ප්‍රේරණ රේඛා සංඛ්‍යාව (=magnetic flux).
චුම්බක සූචිය(පාරිභා.) [නා.] මාලිමා යන්ත්‍රයේ සවි කොට ඇති ආකර්ෂණ බලයෙන් යුත් කටුව; කාන්දම් කටුව (=magnetic needle).
චුම්බකගාමක බලය(පාරිභා.) [නා.] විද්‍යුත්ධාරාවක් ගෙන යන දඟරයක් විසින් ඇති කෙරෙන බලය (=magnetomotive force).
චුම්බකත්වය1. (පාරිභා.) [නා.] කාන්දම් බලය. 2. [නා.] චුම්බක හා චුම්බක ක්ෂේත්‍රවල ක්‍රියාකාරිත්වය පිළිබඳ වූ විද්‍යාව (=magnetism).
චුම්බකනය, චුම්බකායනය(පාරිභා.) [නා.] යකඩ වානේ ආදියෙහි කාන්දම් ගුණය ප්‍රවේශ කිරීම; කාන්දම් පෙවීම (= magnetisation).
චුම්බකය1. [නා.] කාන්දම; කාන්දම් කැබැල්ල. 2. [නා.] කාන්දම් ගල; ලෝහ කාන්තය. 3. [නා.] තරාදියක මැද ඇති ඉහළ කොටස.
චුම්බටකය1. [නා.] සිනිඳු කොට්ටය. 2. [නා.] දරණුව; සුඹුළුව; වෙළුව.
චුම්බනය[නා.] සිඹීම; සිප ගැනීම.
චුල්ල[වි.] කුඩා; පුංචි; සුළු; වයසින් බාල.
චුල්ලවග්ග[නා.ප්‍ර.] විනය පිටකයට අයත් ග්‍රන්ථ පහෙන් සිවුවැන්නේ නාමය; සුළුවග.
චුල්ලි, චුල්ලී1. [නා.ප්‍ර.] ලිප; උදුන. 2. [නා.ප්‍ර.] චිමිනිය; නලය. 3. [නා.ප්‍ර.] මළවුන් දවන දර සෑය.
චුල්ලිකාව(පාරිභා.) [නා.] සිතියමක ලක්ෂ්‍යයක් සෙවිමට සැකසූ පරිමාණ රේඛාව; ජාලකය (=graticule).
චුලුක1. [නා.ප්‍ර.] ජලය ලබා ගැනීමට ගොටු කරගත් අත් දෙක; අතළොස්ස. 2. [නා.ප්‍ර.] මඩ; පඞ්කය.
චූටි(කථා.) [වි.] කුඩා; පුංචි; පොඩි; චූටියා.
චූටියා(කථා.) [නා.] පුංචි දරුවා; කුඩා තැනැත්තා.
චූඩා කර්මය[නා.] (හින්දු චාරිත්‍රානුකූල ව) මුදුනේ කෙස් රොදක් ඉතිරි කොට තබා පළමු වරට උත්සවාකාරයෙන් හිස මුඩු කිරීම.
චූඩාමණිය, චූඩා මාණික්‍යය[නා.] හිසේ පළඳින මැණික; මුදුනේ පළඳන මැණික.
චූඩාව1. [නා.] (හින්දු චාරිත්‍රානුකූලව) හිස් මුදුනේ ඉතිරි කළ කෙස් රොද; කුඩුම්බිය. 2. [නා.] මොනරාගේ හිසෙහි ඇති කුඩුම්බිය.
චූතක1. [නා.ප්‍ර.] අඹ. 2. [නා.ප්‍ර.] කුඩා ළිඳ; නොගැඹුරු ළිඳ.
චූර්ණ[වි.] ඉතා සියුම් කුඩු බවට පත්; සුනු වූ.
චූර්ණකර[නා.ප්‍ර.] කැල්සියම්.
චූර්ණධර(පාරිභා.) [වි.] කැල්සයිට් හෝ කැල්සියම් කාබනේට් අඩංගු නැතහොත් ඒවා නිපදවන (=calciferous).
චූර්ණය1. [නා.] ඉතා සියුම් කුඩ; සුනු. 2. [නා.] බෙහෙත් කුඩ.
චූර්ණිකාව1. [නා.] තාලයකට කියනු ලබන ගාථා ශ්ලෝකාදිය සහිත විස්තරාත්මක කථනය. 2. [නා.] උත්සව අවස්ථාවක දී පවත්වන ප්‍රශංසාත්මක කථාව. 3. (කථා.) [නා.] කයිවාරු දෙඩීම; පුරසාරම් කීම.
චූර්ණීභවනය(පාරිභා.) [නා.] කැල්සියම් ලවන තැන්පත් වීම; චූර්ණමය පදාර්ථ නිධිගත වීම.(=calcification)
චූල, චූළ[වි.] කුඩා; පුංචි; සුළු; වයසින් බාල.
චූලාපරාධ[නා.ප්‍ර.] (නීති.) චූල අපරාධය; බරපතල දඬුවම් ලැබීමට තරම් නොවන සුළු අපරාධය; සුළු වැරැද්ද.
චූලිකා1. [නා.ප්‍ර.] ඇත් කම්මුල; හස්ති කපෝලය. 2. [නා.ප්‍ර.] නාට්‍යය; නාටය සභාව.
චූවිංගම්, චූයිංගම්[නා.] මුවෙහි දමා සප සපා සිටීමට සකස් කළ රස ගැන් වූ කොහොල්ලෑ මෙන් ඇදෙන සුළු ද්‍රව්‍යයක්.
චූෂකය1. (පාරිභා.) [නා.] උපකරණයක් තුළින් වායු හෝ ද්‍රව ධාරාවක් ඇද ගැනීමේ උපක්‍රමයක් (=aspirator). 2. [නා.] ආරෝහක හා වල්ලි ශාකයක් ඉහළට නැඟීමේ දී යොදාගන්නා පහුරුවල ශාඛා අග ඇති ධාරකයට ඇලෙන කැටිත්ත (=sucker). 3. [නා.] පරපෝෂිත ශාකයක් ධාරක ශාකය වටා එතී, එහිදී පටක ඇතුළට කා වැදී රසය උරාගන්නා අවයවය.
චූෂණය1. [නා.] උරා බීම. 2. (පාරිභා.) [නා.] උරා ඇද ගැනීම; ද්‍රවයක් හෝ වායුවක් උරා ගැනීමෙන් ඉවත් කිරීම. (=aspiration, suction)
චෙරි[නා.ප්‍ර.] රත් පැහැති දිගු නටුවකින් යුත් පලතුරු වර්ගයක්.
චෙස්[නා.ප්‍ර.] දෙදෙනකු අතර කෙරෙන දාං කෙළිය වැනි එහෙත් සියුම් චින්තනයෙන් යුක්ත ව යෙදිය යුතු තරගකාරී ක්‍රීඩාවක්; චතුරඞ්ග ක්‍රීඩාව.
චේටක[නා.ප්‍ර.] මෙහෙකරුවා; දාසයා; සේවකයා.
චේටිකාව[නා.] මෙහෙකාරිය; දාසිය; සේවිකාව.
චේතනාව[නා.] යම්කිසි ක්‍රියාවක් සඳහා මෙහෙයවන සිතේ ස්වභාවය; ක්‍රියාකාරී චින්තනය.
චේතනීය[වි.] (නීති.) අදහස් කරන ලද; චේතනාවක් සහිත; අභිප්‍රේත (=intentional).
චේතයික(පාරිභා.) [වි.] සිය කැමැත්තෙන් ක්‍රියා කරන (=voluntary).
චේතස[නා.] සිත; චිත්තය.
චේතසික, චෛතසික[වි.] සිත මුල් කරගත්; සිතෙහි හටගන්නා වූ; සිත පිළිබඳ වූ. [නා.ප්‍ර.] සිතෙහි යෙදෙන ලෝභ, ද්වේශ, මෛත්‍රී, කරුණා ආදි සිතුවිලි; සිතෙහි ඇති වන ධර්මතාව.
චේතසිකපේශි[නා.ප්‍ර.] සිතේ කැමැත්ත අනු ව ක්‍රියා කරන පේශි.
චේතිය1. [නා.] වැඳුම් පිදුම් කරන තැන; ශුද්ධ වස්තුවක් ලෙස සැලකෙන වෘක්ෂ පර්වත ආදිය. 2. [නා.] ස්තූපය, සෑය, දාගැබ, වෙහෙර වහන්සේ.
චේල1. [නා.ප්‍ර.] වස්ත්‍රය; රෙද්ද; සේලය. 2. [නා.ප්‍ර.] උතුරු සළුව.
චේලක[නා.ප්‍ර.] රාජකීය ලාඤ්ඡනය සහිත ධ්වජය රැගෙන යුද පෙරමුණේ ගමන් කරන්නා.
චේලායුධය[නා.] ආලවක යක්ෂයාගේ මහා බලසම්පන්න උතුරු සළුව නමැති ආයුධය.
චේෂ්චිතය[නා.] ඉඟිය; ඉඞ්ගිතය.
චේෂ්ටාව1. [නා.] අඟ පසඟ සැලීම් ආදි ශාරීරික ක්‍රියාව. 2. [නා.] කායික උත්සාහය; ප්‍රයත්නය; තැත් කිරීම.
චේෂ්ටාවහ නාඩි[නා.බහු.] මොළයේ අදහස පිටතට ගෙන යන නාඩි.
චෛතන්‍යය1. [නා.] චේතන ස්වභාවය; චේතනාව; චින්තන භාවය. 2. [නා.] ඥානය; ආත්මය; ජීවය; ප්‍රාණය.
චෛතසික වීර්යය[නා.] සිතින් කරන උත්සාහය; මානසික ප්‍රයත්නය.
චෛත්‍ය ගර්භය[නා.] සෑයක අර්ධ සෑයක ගෝලාකාර උදරය හෙවත් ධාතු නිදන් වස්තු ආදිය තැන්පත් කර ඇති මධ්‍ය ප්‍රදේශය; සෑ ගැබ.
චෛත්‍ය මාසය[නා.ප්‍ර.] මාසයක නාමය; චන්ද්‍ර මාසය; බක් මස.
චෛත්‍ය වෘක්ෂය1. [නා.] පූජනීය ගස. 2. [නා.] බෝ ගස.
චෛත්‍යය1. [නා.] පූජනීය ස්ථානය; ශුද්ධ භූමිය. 2. [නා.] පිදිය යුතු දෙය; පුජා කටයුත්ත; ශුද්ධ වස්තුවක් ලෙස සලකන ලද රුක, වනය, රුක්ගොන්න හෝ පර්වතය. 3. [නා.] බුද්ධාදි උතුමන්ගේ ධාතු නිදන් කොට තැනූ ගොඩනැගිල්ල; දාගැබ; ස්තූපය. 4. [නා.] සොහොන් කොත; සොහොන් ගල. 5. [නා.] දේවාලය. 7. [නා.] විශ්‍රාම ශාලාව.
චෛත්‍යස්ථාන1. [නා.ප්‍ර.] ගෞරව දැක්විය යුතු තැන; වැඳුම් පිදුම් කළ යුතු තැන; පූජනීය ස්ථානය. 2. [නා.ප්‍ර.] චෛත්‍යයක් පිහිටි භූමි. [වි.] ගෞරව කළ යුතු; වන්දනීය.
චොකලට්, චොක්ලට්[නා.ප්‍ර.] කොකෝ ඇට, මේදය, සීනි, කිරි ආදිය මිශ්‍රකොට ක්‍රමානුකූලව අනා ගැනීමෙන් තනා ගන්නා රස කැවිලි වර්ගය.
චොහොරු1. (කථා.) [වි.] මඩවුණු; ගොහොරු බවට පත්වූ. 2. [වි.] බෙරි වුණු; පමණට වඩා තැම්බුණු.
චෝච පානය[නා.] ඉදුණු ඇටි කෙහෙල් ගෙඩි මිරිකා සාදාගත් පානය.
චෝඩකය(පාරිභා.) මැණික් කටුව; හස්තකූර්චය (=carpus).
චෝදක[වි.] දොස්නඟන; වරද දක්වන; චෝදනා කරන.
චෝදනය1. [නා.] ප්‍රශ්නය; විමසීම; විචාරීම. 2. [නා.] දොස් පැවරීම; අපවාදය; දෝෂාරෝපණය.
චෝදනා පත්‍රය(පාරිභා.) [නා.] ආයතනයක සේවකයකුට විරුද්ධ ව ඉදිරිපත් කරන චෝදනා අඩංගු පත්‍රිකාව (=charge sheet).
චෝදනාව1. [නා.] ප්‍රශ්නය විමසීම; විචාරීම. 2. [නා.] දොස් පැවරීම; අපවාදය; දෝෂාරෝපණය. 3. [නා.] සරුප් බසින් කරන ඉල්ලීම. 4. [නා.] නියෝගය; ආගමික නියමය.
චෝද්‍ය[වි.] චෝදනා කළ යුතු. 1. [නා.ප්‍ර.] දොස් නගාලීම; දෝෂාරෝපණය. 2. [නා.ප්‍ර.] ප්‍රශ්න කළ යුතු හෝ විමසිය යුතු දෙය; චෝදනාව.
චෝද්‍යයා[නා.] ප්‍රශ්නයක් නගන්නා; ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශ කරන්නා.
චෝදිකාව(පාරිභා.) [නා.] පැමිණිලිකාරිය; චෝදනාවක් නඟන්නිය; චෝදක ස්ත්‍රිය (=prosecutrix).
චෝපන[නා.ප්‍ර.] ක්‍රියාවෙහි යෙදීම; සෙලවීම; චලනය.
චෝපනකාය[නා.ප්‍ර.] ශරීරය; සිරුර; කරජකාය.
චෝර[නා.ප්‍ර.] හොරා; සොරකමෙහි යෙදෙන්නා.
චෝර භාර්යාව[නා.] හිමියා උපයන දෙය සිය අභිමතය පරිදි නොසැලකිල්ලෙන් වියදම් කරන බිරිඳ; සොර බිරිඳ.
චෝරු(කථා.) [වි.] දියාරු; අධික ව ඉදුණු; බෙරි වූ. [නා.ප්‍ර.] බත.
චෝලය1. [නා.] රෙද්ද; වස්ත්‍රය. 2. (පාරිභා.) [නා.] වැස්ම; ආවරණය. 3. (පාරිභා.) [නා.] වැදැල්ල (=caruncle).
චෝලිය1. [නා.] ස්ත්‍රීන් අඳින යට හැට්ටය; බොඩිය. 2. [නා.] පීඩිත කුලයක් හඳුන්වන නාමය.
චෝළ1. [නා.ප්‍ර.] දකුණු ඉන්දියාවේ පැරණි රාජ්‍ය ප්‍රදේශයක නාමය; සොළී රට. 2. [නා.ප්‍ර.] එනම් ජාතිය.
චෞර කර්මය[නා.] සොරකම.
චෞරයා[නා.] සොරකම් කරන්නා; සොරා.
චෞරි[නා.ප්‍ර.] සෙමර වලිගය; චාමරය.
1. [නා.ප්‍ර.] “ච” වර්ගයේ දෙවන අකුර; මෙය මිශ්‍ර සිංහල හෝඩියේ අඝෝෂාක්ෂරයක් වන අතර මහාප්‍රාණ අක්ෂරයක් ද වේ. 2. [නා.ප්‍ර.] හය; සය.
ඡකලක, ඡගලක[නා.ප්‍ර.] එළුවා; අජයා.
ඡට්ඨ[වි.] හවැනි; සයවැනි.
ඡටාව1. [නා.] දීප්තිය; බැබළීම. 2. [නා.] සුළිය; සාලාව. 3. [නා.] සමූහය. 4. [නා.] කෙළින් ඉර.
ඡඩ්ඩනය[නා.] ඉවත දැමීම; බැහැර කිරීම.
ඡණ ක්‍රීඩාව[නා.] උත්සව ක්‍රීඩාව; ප්‍රීති උත්සවය; සැණකෙළිය.
ඡත්ත[නා.ප්‍ර.] කුඩය; හිරවරණ.
ඡත්තගාහක, ඡත්තග්ගාහක[නා.ප්‍ර.] රජුගේ ඡත්‍රය දරන්නා; රාජකීය ඡත්‍රය භාර ව සිටින නිලධාරියා හෝ එම තනතුර.
ඡත්තපාණි[නා.ප්‍ර.] ඡත්‍රයක් අතින් ගත් තැනැත්තා වන මහා බ්‍රහ්මයා.
ඡත්තානිඡත්ත[නා.ප්‍ර.] දාගැබක් මත පිහිටි ඡත්‍රය මත පිහිටුවන ලබන ඡත්‍රය.
ඡත්‍ර නංවනවා[ක්‍රි.] සේසත් ඔසොවනවා; රජ පදවියට පත් වෙනවා.
ඡත්‍රකර්ම1. [නා.ප්‍ර.] කුඩ සේසත් ආදිය සෑදීම. 2. [නා.ප්‍ර.] සෑයක ඡත්‍රයක් නංවාලීම; සෑය මුදුනෙහි කුඩයක ස්වරූපයෙන් ලාඤ්ඡනයක් සෑදීම.
ඡත්‍රදණ්ඩ[නා.ප්‍ර.] කුඩයෙහි හෝ සේසතෙහි මිට.
ඡත්‍රපර්ණ වින්‍යාසය[නා.] කුඩයක නන මෙන් කඳ වටේට පත්‍ර පිහිටීමේ පිළිවෙළ.
ඡත්‍රය1. [නා.] කුඩය; හිරවරණය. 2. [නා.] රාජකීය ලාඤ්ඡනයක් ලෙස සලකන ලද සුදු කුඩය; සේසත. 3. [නා.] චෛත්‍යයක මුදුනේ ඇති කුඩ ආකෘතිය. 4. [නා.] රාජකීය කොඩිය; රාජ්‍ය ලාඤ්ඡනය සේ සැලකෙන ධ්වජය. 5. [නා.] පන්හිඳක මුදුන් කොටස; පන්හිඳෙහි හිස. 6. [නා.] බිම්මල; හත්ත.
ඡත්‍රසලාකා[නා.ප්‍ර.] කුඩ රෙද්ද රඳවා ලීමට ආධාර වන ඊට සවි කර ඇති නන.
ඡත්‍රාවලිය[ඡත්‍ර+ආවලිය] [නා.] ඡත්‍ර පංතිය; දාගැබක මුදුනෙහි එකක් මත එකක් සිටින සේ නංවන ලද ඡත්‍ර සමූහය.
ඡත්‍රීය මණ්ඩලය(පාරිභා.) [නා.] ඡත්‍රයක හැඩය ඇති පුෂ්ප මඬුල්ල එකිනෙකට ළංව කුඩයක් මෙන් වැඩුණු බීජාණු පත්‍ර රැස (=peltate discs).
ඡදන මාර්ගය[නා.] වහල සෙවිලි කරන මඟ; පිළිවෙළ.
ඡදනය1. [නා.] වැස්ම; ආවරණය. 2. [නා.] වහල; පියස්ස. 3. [නා.] කොළය; පත්‍රය.
ඡදනාග්‍රය[ඡදන+අග්‍රය] [නා.] පියසි කෙළවර; වහලෙහි අන්තය; පල අග.
ඡද්දන්ත කුලය[නා.] ඇත් කුල දහයෙන් එකක නාමය; ඉතා ම උසස් යැයි සම්මත ඇති කුලය.
ඡද්ම1. [නා.ප්‍ර.] කන්‍යාවන්ගේ යෝනි මුඛය වැසී තිබෙන තුනී සිවිය; ප්‍රශස්ත රජ්ජුව; කුමරිච්ඡදය. 2. [නා.ප්‍ර.] කපටිකම; වඤ්චනය.
ඡන්ද අධිකරණය(පාරිභා.) [නා.] මැතිවරණ දූෂණ චෝදනා ආදිය විසඳන උසාවිය (=election court).
ඡන්ද කාමය[නා.] කාමවස්තූන් කෙරෙහි ඇතිවන දුර්වල ආශාව.
ඡන්ද කොට්ඨාසය[නා.] ඡන්ද දායකයන්ගේ සංඛ්‍යා හා භූමි ප්‍රමාණය අනු ව වෙන් කර ඇති ප්‍රදේශය; මැතිවරණ බල ප්‍රදේශය.
ඡන්ද ගුණ්ඩුව(කථා.) [නා.] ඡන්ද විමසීමක දී තමන්ට හෝ තම පක්ෂයට වැඩි ඡන්දය ලබා ගනු පිණිස ඡන්ද අපේක්ෂකයකු හෝ දේශපාලන පක්ෂයක් හෝ යොදන කූට උපක්‍රමය.
ඡන්ද දායකයා[නා.] ඡන්දය දෙන්නා; ඡන්ද බලය හිමි පුරවැසියා.
ඡන්ද නිලධාරියා(පාරිභා.) [නා.] ඡන්ද විමසීමේ කටයුතු පිළිබඳ ව එක් ප්‍රදේශයක් භාර රාජ්‍ය සේවකයා (=election officer).
ඡන්ද පත්‍රිකාව[නා.] රහස් ඡන්දය ලකුණු කරන කොළය.
ඡන්ද පෙට්ටිය[නා.] ඡන්ද දායකයන් රහසිගත ව ලකුණු කළ ඡන්ද පත්‍රිකාව බහා ලන පෙට්ටිය.
ඡන්ද පෙත්සම[නා.] මහජන ඡන්ද විමසීමකදී සිදු වී ඇති අක්‍රමිකතා දූෂණ ආදිය ගැන සඳහන් කොට ඒ ගැන විභාගයක් පවත්වන ලෙස දන්වා අධිකරණයට ඉදිරිපත් කරන ලේඛනය හෙවත් පෙත්සම.
ඡන්ද බලය[නා.] පාර්ලිමේන්තුව, පළාත් ආයතන ආදියට නියෝජිතයන් තේරීමේ දී තම කැමැත්ත දීම සඳහා පුරවැසියකුට හෝ සාමාජිතයකුට ඇති අයිතිය; ඡන්ද අයිතිය.
ඡන්ද රාගය[නා.] දැඩි ආශාව; බලවත් කැමැත්ත නිසා ඇති වන ඇල්ම.
ඡන්දකොමසාරිස්[නා.ප්‍ර.] මැතිවරණවල දී ඡන්ද විමසීමේ කටයුතු පිළිබඳ වගකීම භාර නිලධරයා; මැතිවරණ කොමසාරිස්.
ඡන්දචාර[නා.ප්‍ර.] හිතුමතයේ ඇවිදීම; නිදහසේ ගමන් බිමන් යාම.
ඡන්දය1. [නා.] කැමැත්ත; ඕනෑකම; රුචිය; ඇල්ම. 2. [නා.] සෘද්ධි ලැබීමට ප්‍රධාන වසයෙන් උපකාරවන ධර්ම සතරින් එකක්; ඇල්මෙන් තොර කැමැත්ත. 3. [නා.] පාර්ලිමේන්තුවට පළාත්පාලන ආයතන ආදියට නියෝජිතයන් තේරීම; මැතිවරණය; නිලවරණය. 4. [නා.] ස්වායත්ත මතය; කිසියම් අරමුණක් කෙරෙහි රහසේ හෝ එළිපිට දක්වා සිටින මතය.
ඡන්දස[නා.] පද්‍යයක යෙදිය යුතු අක්ෂර මාත්‍රා හා ගණ පිළිබඳ සංඛ්‍යා නියමය.
ඡන්දස් ශාස්ත්‍රය[නා.] ඡන්දස පිළිබඳ ව ඉගැන්වෙන ශාස්ත්‍රය; පද්‍ය රචනයේ දී අක්ෂර, මාත්‍රා, ගණ, විරිත් ආදිය යොදා ගන්නා අයුරු පිළිබඳව උගන්වන ශාස්ත්‍රය.
ඡන්දාගතිය[නා.] (යම් කිසිවකුට ඇති කැමැත්ත නිසා) යුක්තිය ඉක්මවා අගතියට යාම.
ඡන්දාපවාදය[නා.] කට කතාව; ඕපාදූප; අපකීර්ති සහගත කථා.
ඡන්දාපේක්ෂකයා[ඡන්ද+අපේක්ෂකයා] [නා.] ඡන්ද කොට්ඨාසයක් නියෝජනය කිරීම සඳහා ඡන්දය ඉල්ලා සිටින්නා.
ඡන්දෝලංකාර[නා.ප්‍ර.] පද්‍ය රචනය සඳහා විහිත ඡන්දස් ශාස්ත්‍රය හා අලංකාර ශාස්ත්‍රය.
ඡන්න[වි.] වසන ලද; ආවරණය කළ; සැඟවුණු.
ඡන්න සංචිතය[නා.] පොත් තැබීමේ දී රහස් ඉතුරුවක් සේ වෙන් කරන මුදල.
ඡන්නාගාර[ඡන්න+අගාර] [නා.ප්‍ර.] වසන ලද ගෙය; ආවරණය කළ ගෘහය.
ඡප්පද[නා.ප්‍ර.] ෂට්පාදයා; මීමැස්සා; බමරා.
ඡර්දකය(පාරිභා.) [නා.] වමනය කරවන ඔසුව; වමනකාරකය (=emetic).
ඡල[නා.ප්‍ර.] යථා තත්ත්වය වසා ලීම; ව්‍යාජ උපක්‍රමය.
ඡවි කල්‍යාණය[නා.] සමෙහි මනා පැහැපත් ස්වභාවය; පඤ්චකල්‍යාණ අතරින් එකක්.
ඡවි වර්ණය[නා.] සමේ පැහැය; හමේ සිත්ගන්නා සුලු වර්ණවත් භාවය.
ඡවිකාව(පාරිභා.) [නා.] සියුම් හම; බාහිරව පිහිටි සියුම් සිවිය; අපිචර්මය (=pellicle).
ඡවිපහස්[නා.ප්‍ර.] සමේ මතුපිට පැහැය; සිවි පැහැය; සිවියේ ප්‍රභාව.
ඡවිමාංසය[නා.] සිවි මස; සමෙහි සිවිය හා සම්බන්ධ ව පවත්නා මස.
ඡවිය1. [නා.] සිවිය; සමේ සිවිය; පිටත සම. 2. [නා.] කාන්තිය; දිස්නය; ශෝභාව. 3. [නා.] සඳ රැස; සොමිකැන්.
ඡවිරාග[නා.ප්‍ර.] සම පැහැපත් කිරීමට යොදන ආලේප ආදිය; ඡවි වර්ණය වැඩීමට උපයෝගී කර ගන්නා විවිධ ද්‍රව්‍ය.
ඡාග1. [නා.ප්‍ර.] එළුවා. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] මේෂ රාශිය. 3. [නා.ප්‍ර.] එළඟිතෙල්.
ඡාත[නා.ප්‍ර.] බඩගින්න; ක්ෂුධාව.
ඡාත්‍රයා[නා.] ශිෂ්‍යයා; ගෝලයා.
ඡාදනය1. [නා.] වැසීම; ආවරණය. 2. [නා.] සැඟවීම; වසන් කිරීම. 3. [නා.] පියන. 4. [නා.] වහල. 5. [නා.] වස්ත්‍රය.
ඡාදිත[වි.] වසන ලද.
ඡාප[නා.ප්‍ර.] සතකුගේ කුඩා එකා; පැටියා; පෝතකයා.
ඡායා කටුව[නා.] වේලාව හා අක්ෂාංශය මැන ගැනීමේ උපකරණයක්.
ඡායා කැබිනට්ටුව[නා.] පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනු ව රජය පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයට පැවරුණ හොත් එහි ඇමති ධූරය භාර ගැනීමට සැරසී සිටින (විරුද්ධ පක්ෂයේ) නායක මන්ත්‍රී පිරිස; විකල්ප ඇමති මණ්ඩලය.
ඡායා දණ්ඩ[නා.] කෙළින් සිටවූ දණ්ඩකට හිරු එළිය වැටී සෑදෙන සෙවනැල්ල මැනීමෙන් වේලාව හා අක්ෂාංශය මැන ගැනීමේ උපකරණයක්.
ඡායා නිර්ගමය[නා.] සෙවනැල්ල පිටතට ගමන් කිරීම.
ඡායා පටිය[නා.] ඡායාරූපයක් ගන්නා විට ඡායාව පිළිබිඹු වන සිහින් තුනී සිවියක් වැනි පටලය; සේයා පටිය.
ඡායා මාත්‍රය[නා.] අල්පමාත්‍රය; ඉතා ස්වල්පය; ඇබිත්ත.
ඡායානුවාදය[නා.] වචනාර්ථයට වඩා, ප්‍රකාශිත සාමාන්‍ය අදහසට ප්‍රමුඛත්වය දී කරනු ලබන අනුවාදය.
ඡායාරූප ශිල්පය[නා.] කැමරාවකින් පින්තූර ගැනීමේ ශිල්පය; ඡායාරූප ගැනීමේ විධි ක්‍රමය.
ඡායාරූපය[නා.] කැමරාවකින් ගනු ලබන පින්තූරය.
ඡායාව1. [නා.] සෙවන; සෙවනැල්ල; ආලෝකය මුවා වීමෙන් ඇති වූ මඳ අඳුර. 2. [නා.] ජලය, දර්පණ තල ආදියෙහි පෙනෙන පිළිබිඹුව; ප්‍රතිබිම්බය. 3. [නා.] රූප ලාවණ්‍යය; රූප ශෝභාව.
ඡායාස්ථිති පිටපත[නා.] ආලෝක ධාරා මගින් විශේෂ කැමරා උපක්‍රමයකින් ගත් ලියවිලි ආදියක පිටපත; ඡායාරූප පිටපත (=photostat copy).
ඡායුදකසම්පන්න[වි.] සෙවණින් හා ජලයෙන් යුත්; හෙවණින් ආවරණය සහ දිය බහුල වූ.
ඡාරත්ත[නා.ප්‍ර.] රාත්‍රී හයක්; රෑ කාල සයක්.
ඡාරිකා[නා.ප්‍ර.] යම් ද්‍රව්‍යයක් දැවී ශේෂ වන කුඩු; අළු.
ඡිද්‍ර විදාරණය(පාරිභා.) [නා.] අග්නි භූධරයක් සිදුරක් දිගේ පුපුරා යෑම; සිදුරක් දිගේ සිදු වන යමහල් විදාරණය (= fissure eruption)
ඡිද්‍රය1. [නා.] සිදුර; හිල. 2. [නා.] මල, දහඩිය ආදිය වහනය වන සිදුර; ඉතා කුඩා විවරය; සියුම් සිදුර; කූපය. 3. (පාරිභා.) [නා.] කයිටිනීය හෝ කාටිලේජීය හෝ අස්ථිමය හෝ කංකාල අවයවයක තිබෙන සිදුරක් (=foramen). 4. (භූගෝ.) [නා.] හිදැස; දැදුර; පොළොවේ පිට ආවරණය මත සිදුවන පැල්ම.
ඡිද්‍රාන්වේෂී[වි.] සිදුරු හෙවත් දොස් සොයන.
ඡිද්‍රාපනය[නා.] සිඳීම; සිදුරු කිරීම; සුණු විසුණු කිරීම.
ඡිද්‍රාමානය[ඡිද්‍ර+ආමානය] (පාරිභා.) [නා.] සියුම් සිදුරුවල ප්‍රමාණය මැනීමේ උපකරණය; පත්‍රයක පූටිකා විවර මැනීමේ උපකරණය (=porometer).
ඡිද්‍රාලූ[වි.] සිදුරු සහිත හිල්වලින් යුක්ත.
ඡිද්‍රිකා[නා.ප්‍ර.] සිදුර; හිල.
ඡින්දනය[නා.] සිඳීම; කැඩීම; සුන් කිරීම.
ඡින්න1. [වි.] සිඳින ලද; කැඩුණු; කැපුණු. 2. [වි.] සිඳුණු; නැති වූ. [නා.ප්‍ර.] ශරීරයේ ඇටවල එක් ආකාරයක බිඳීමක්; ඇටයේ එක් කොටසක් බිඳී යාම.
ඡින්න ස්වර[නා.] පැහැදිලි නැති කටහඬ; බිඳුණු කටහඬ.
ඡින්නකය(පාරිභා.) [නා.] ඝන රූපයක, පාදයට සමාන්තර තලයකින් කැපී වෙන් වෙන, නැතහොත් සමාන්තර තල දෙකක් තිබෙන කොටසක් (=frustum).
ඡින්නබන්ධන[වි.] සිඳින ලද; බැඳුම් ඇති.
ඡින්නභින්න[වි.] කැඩුණු බිඳුණු.
ඡින්නභින්නපටධර[වි.] කැපුණු බිඳුණු රෙදි කැබැලිවලින් නිමි වස්ත්‍රයක් (සිවුරක්) දරන.
ඡුරිකාව[නා.] සිරිය; කිනිස්ස; කිරිච්චිය.
ඡේක[වි.] දක්ෂ; සමර්ථ; ව්‍යක්ත; උගත්. [නා.ප්‍ර.] දක්ෂයා; ව්‍යක්තයා; උගතා.
ඡේකප්‍රයෝග[නා.ප්‍ර.] (පඬිවරයන්ගේ) ව්‍යක්ත යෙදුම්; උගතුන්ගේ විශේෂ භාෂා ප්‍රයෝග; ශිෂ්ට ප්‍රයෝග.
ඡේකානුප්‍රාසය[නා.] ශබ්දාලංකාර විශේෂයක නාමය; ශබ්ද මාධුර්යය ඇතිවන පරිදි අක්ෂරයන්ගේ යෙදීම.
ඡේදක[වි.] ඡේදය කරන; කෘන්තනය කරන; ඉරන.
ඡේදක ජ්‍යාය(පාරිභා.) [නා.] වෘත්ත දෙකක් ප්‍රභින්න ලක්ෂ්‍ය දෙකක දී ඡේදනය වේ නම් ඒ ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාව (=intersecting chords).
ඡේදකදත්[නා.ප්‍ර.] මස් ඉරීමට අනුවර්තනය වූ දත්; ක්ෂීරපායි සතුන්ගේ කැපුම් දත.
ඡේදකය1. (පාරිභා.) [නා.] වෘත්තයක් තුළින් ගමන් ගැනීමෙන් එහි පරිධියෙන් කොටසක් කපා හරින සෘජු රේඛාව. 2. [නා.] ඡේදක දත්.
ඡේදනය1. [නා.] කැපීම; සිඳීම. 2. [නා.] නැසීම; විනාශ කිරීම. 3. (පාරිභා.) [නා.] ශාකයක නොවැඩෙන හෝ දිරාපත්වන පෙදෙසක් ඇති වීමෙන් ශාකයේ කොටසක් හැළී යෑම. (=extirpation) 4. (පාරිභා.) [නා.] රේඛාවක් තවත් රේඛාවකින් කැපී යාම. (=intersection) 5. (පාරිභා.) [නා.] බෙදීම (=division).
ඡේදය1. [නා.] කැපීම; සිඳීම; සැතකින් ගඩු ආදිය පැළීම. 2. [නා.] (හම මතුපිට) කොටස් වශයෙන් වෙන් වී තිබීම. 3. [නා.] කොටස; ඛණ්ඩය; ගද්‍ය රචනයක වෙන් වශයෙන් ඇති කුඩා කොටස; ලියවිල්ලක කුඩා කොටස.
ඡේද්‍ය1. [වි.] කැපිය යුතු; සිඳිය යුතු; සිඳිය හැකි. 2. [වි.] කැපීමෙන් සුව කළ යුතු.
ඡේද්‍යගාමිනී[වි.] ශ්‍රමණ ලිංගය (පැවිද්ද) සිඳීමෙන් හෙවත් උපැවිදි වීමෙන් ම පිළියම් යෙදිය යුතු. [නා.ප්‍ර.] එබඳු ඇවත; පාරාජිකා ආපත්තිය.
ඡේද්‍යය1. [නා.] කැපීම; සිඳීම. 2. [නා.] වණ ආදිය සුව කිරීම සඳහා ශස්ත්‍රාදියෙන් කැපීම. 3. (පාරිභා.) [නා.] බෙදනු ලබන ගණන; භාජ්‍යය (=dividend).
ඡේදිත[වි.] සිඳින ලද; කැපූ.
මිශ්‍ර සිංහල හෝඩියේ විසි නවවන අකුර; තාලුජ, ඝෝෂ, අල්පප්‍රාණ; ව්‍යඤ්ජනාක්ෂරයකි.
ජ(ර්)නලය1. (නීති.) (පාරිභා.) [නා.] නඩුවක් සම්බන්ධයෙන් දිනපතා සටහන් තබන කාර්ය පත්‍රිකාව; දින කාර්ය දර්ශනය. 2. [නා.] (ඩබල් එන්ට්‍රි ක්‍රමයට) පොත් තැබීමේ දී ගිණුම් හර බැර කිරීම සටහන් කරන පොත. 3. [නා.] භ්‍රමණය වන කඳක හෝ අක්ෂ දණ්ඩක බෙයාරිං මත රඳා පවත්නා කොටස.
ජංගම ගිණුම, ජඞ්ගම ගිණුම[නා.] චෙක්පත් භාවිත කරමින් ගනුදෙනු කළ හැකි ගිණුම (=current account).
ජංගම දුරකථනය[නා.] එහා මෙහා ගෙන යා හැකි සන්නිවේදන කාර්යය සඳහා යොදා ගන්නා රැහැන් රහිත වූ, උපකරණය.
ජංගමශීලීභාවය[නා.] නිදහසේ ගලා යන සුලු බව.
ජංගිය(කථා.) [නා.] කුඩා දරුවන්ට අන්දවන ඉතා සැහැල්ලු කොට කලිසමක් වැනි ඇඳුම් විශේෂයක්.
ජංඝය, ජංඝාව, ජඞ්ඝය[නා.] කකුලේ දණත් වළලුකරත් අතර කොටස; කෙණ්ඩය.
ජංඝසාර්ථ, ජඞ්ගාසත්ථ[නා.ප්‍ර.] පා ගමනෙහි යෙදෙමින් වෙළඳාම් කරන්නා.
ජංජාලය1. (කථා.) [නා.] ආකූල ව්‍යාකූල තත්ත්වය; කරදරය; කලබැගෑනිය; අකරතැබ්බය. 2. [නා.] වැරදිල්ල; ප්‍රමාද දෝෂය.
ජකෙට්ටුව, ජගෙට්ටුව, ජැකෙට්ටුව[නා.] ස්ත්‍රී පුරුෂ දෙ පක්ෂය ම උඩුකය වසා අඳින අත් දිග ඇඳුමක්.
ජගච්චක්ෂුස්[ජගත්+චක්ෂුස්] 1. [නා.ප්‍ර.] ලෝකයට ඇසක් වූ බුදුරජාණන් වහන්සේ. 2. [නා.ප්‍ර.] සූර්යයා.
ජගඩම(කථා.) [නා.] බලාපොරොත්තුවක් නැති ව මුහුණ පාන්නට වන සිදුවීම; හදිසිය.
ජගණය[නා.] (ඡන්ද.) අට ගණයෙන් එකක්; මධ්‍ය ගුරු ගණය; සූර්ය ගණය.
ජගත්, ජගද්1. [නා.ප්‍ර.] ලෝක සත්ත්වයා; ලෝවැසියා. 2. [නා.ප්‍ර.] පොළොව.
ජගත්ත්‍රය[නා.ප්‍ර.] තුන්ලොව, ස්වර්ග, මර්ත්‍ය, පාතාල යන ලෝකත්‍රය.
ජගත්පූජ්‍ය[වි.] ලෝකයා විසින් පිදිය යුතු.
ජගත්වූජිත[වි.] ලෝකයා විසින් පුදනු ලැබූ; ලෝකයාගේ ගෞරවය ලැබූ.
ජගතා[නා.] බලවතා; බලපුළුවන්කාරයා.
ජගතිය[නා.] ලෝකය; විශ්වය; දියත.
ජගදන්තරය[ජගත්+අන්තරය] [නා.] මුළුලොව; සමස්ත ලෝකය.
ජගද්ගුරු[වි.] ලොවට ඇදුරු වූ; ලෝකාචාර්ය වූ.
ජගද්ධිත[වි.] ලොවට හිත වැඩ සැලසීම පිළිබඳ වූ; ලෝකාභිවෘද්ධිය හා සම්බන්ධ.
ජගද්ව්‍යාපි[වි.] ලොව පුරා පැතිර පවත්නා.
ජගදාත්මය[නා.] විශ්වය එක ම පුද්ගලත්වයෙන් සැලකීමේ සංකල්පය; බ්‍රහ්ම පදාර්ථය; විශ්ව ආත්මය.
ජගදානන්ද[වි.] ලෝකයා සතුටු කරවන; ලොවට සොම්නස ලබා දෙන.
ජගදාව[නා.] යකඩ මුගුර; ලෝහයෙන් තැනූ ගදාව; යගදාව.
ජගදීශ්වරයා[ජගත්+ඊශ්වරයා] [නා.] ලොවට අධිපතියා; ජගත් නායකයා; රජ.
ජගන්නාථ1. [නා.ප්‍ර.] ලෝහිමියා; බුදුරජාණන් වහන්සේ. 2. [නා.ප්‍ර.] ලෝකයෙහි නායකයා; විෂ්ණු.
ජගන්නායක[ජගත්+නායක] [වි.] ලොවට අගතැන්පත්; ලෝකාග්‍ර.
ජගන්නේත්‍ර[වි.] ලෝකයාගේ ඇස හා සමාන; ලොවට පිහිට වන. 1. [නා.ප්‍ර.] ලෝවැසියන්ගේ ඇස්; ලෝකයාගේ බැල්ම. 2. [නා.ප්‍ර.] ලොවට ඇසක් හා සමාන වස්තුව; සූර්යයා.
ජගලෙත්තුව, ජගලේත්තුව1. (කථා.) [නා.] පමණ ඉක්ම වූ අලංකාරය. 2. [නා.] අලංකාර ඇඳුම.
ජග්ගන[නා.ප්‍ර.] ඇමදීම ආදි වතාවත් කිරීම; සකස් කර තැබීම; පිළිදෑඟුම් කිරීම.
ජග්ගුව, ජෝග්ගුව, ජෝගුව[නා.] ද්‍රව වර්ග දැමීමට ගන්නා අඬුවක් සහිත මඳක් ගැඹුරු බඳුන.
ජගාව(කථා.) [නා.] කොටස; ප්‍රමාණය.
ජගුවරා[නා.ප්‍ර.] අමෙරිකාවේ වෙසෙන බිළාල ගෝත්‍රයට අයත් වනගත සිවුපාවෙක්.
ජගෙන්තුව(කථා.) [නා.] උඩඟුකම; අහංකාරකම.
ජඝන ධමනිය(පාරිභා.) [නා.] පෘෂ්ඨිය මහා ධමනිය දෙකට බෙදී දේහ කුහරයේ අපර කෙළවර දී අපර ගාත්‍ර වෙතට පිට වන්නා වූ ධමනි දෙක.
ජඝන ශිඛාව[නා.] ජඝනයෙහි මුදුන් කොටස.
ජඝනතලය[නා.] උකුළ, දුවන්තලය.
ජඝනඵලකාස්ථිය[ජඝනඵලක+අස්ථිය] (පාරිභා.) [නා.] ඇලපතට ආධාරකයක් වශයෙන් සිටින උකුල් ඇටයේ කොටසක්; පෘෂ්ඨ වංශීන්ගේ ශ්‍රෝණි චක්‍රයේ පෘෂ්ඨීය කාටිලේජ අස්ථිය.
ජඝනය1. [නා.] උකුළ; නිතඹ; ශ්‍රෝණිය. 2. [නා.] ජඝනඵලකාස්තිය.
ජඝන්‍ය1. [වි.] අන්තිම; අවසාන. 2. [වි.] පහත්; නීච. 3. [වි.] මෝඩ; අඥාන. 4. [වි.] අල්ප; සුළු. 5. [වි.] කුලහීන; ශුද්‍ර.
ජඝන්‍යය[නා.] බාල කාලය; ළමා අවධිය.
ජඝන්‍යයා[නා.] ඥාන ශක්තියෙන් අඩු තැනැත්තා; බාලයා.
ජඞ්ගම ඡන්දය(පාරිභා.) [නා.] එක් පක්ෂයකට ස්ථිර ව නොබැඳී අවස්ථානුකූල ව වෙනස් වන ඡන්දදායක පිරිස; පාවෙන ඡන්දය.
ජඞ්ගම යන්ත්‍රය1. (පාරිභා.) [නා.] ගමන් කරන යන්ත්‍රය; චලන ශක්තිය ඇති යන්ත්‍රය හෝ වාහනය. 2. [නා.] රේල් පීලි මත දුම්රිය ඇද ගෙන යන එන්ජිම.
ජඞ්ගම විදුලිය(පාරිභා.) [නා.] කම්බි හෝ වෙනත් සන්නායක මාර්ගයෙන් තැනකින් තැනකට ගමන් කරවිය හැකි විදුලිය; චංචල විදුලිය.
ජඞ්ගම, ජංගම1. [වි.] ගමන් ගන්නා; ක්‍රියාකාරී; පණ ගැන්වුණු. 2. [වි.] වියදම් කරනු ලැබිය හැකි; ස්ථාවර නැති; ස්ථිර (තැන්පතුවක්) නොවන. [නා.ප්‍ර.] ප්‍රාණියා; ඔබ මොබ යන්නා; ගව ආදි සත්ත්වයා.
ජඞ්ගමනය1. (පාරිභා.) [නා.] එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. 2. [නා.] එසේ ගමන් ගැනීමේ ශක්තිය (=locomotion).
ජඞ්ගමවිෂ[නා.ප්‍ර.] නා, පොළො ආදි සර්පයන් දෂ්ට කිරීමෙන් හටගෙන සිරුරේ තැනින් තැනට ගමන් කරන විෂ.
ජඞ්ගල, ජංගල1. [නා.ප්‍ර.] කතර; කාන්තාරය. 2. [නා.ප්‍ර.] වනය; වනාන්තරය. 3. [නා.ප්‍ර.] ජංගලමාංසය.
ජඞ්ගලමාංස, ජංගලමාංස[නා.ප්‍ර.] මිනිස් ආහාරය පිණිස ගනු ලබන මුව ආදි වන සතුන්ගේ මස්.
ජඞ්ගාලය1. [නා.] මායිම; සීමාව. 2. [නා.] නියර.
ජඞ්ගුල[නා.ප්‍ර.] සර්පාදින්ගේ විෂ.
ජඞ්ඝ මාර්ගය, ජඞ්ඝා මාර්ගය[නා.] අඩිපාර; ගව ආදි සතුන් පිට බඩු පටවාගෙන යා හැකි මඟ; තවලම් මඟ.
ජඞ්ඝකය, ජංඝකය(පාරිභා.) [නා.] කෙණ්ඩා ඇටය; ජංඝස්ථිය.
ජඞ්ඝපත්‍ර, ජඞ්ඝාපාත්‍ර[නා.ප්‍ර.] කෙණ්ඩය වැසෙන සේ පළඳිනු ලබන ආභරණ විශේෂයක්; සිවුසැට ආභරණවලින් එකක්.
ජඞ්ඝසේතුව[නා.] පයින් යන්නන් සඳහා කළ පාලම.
ජඞ්ඝා මියර(පාරිභා.) [නා.] මිනිස් පාදයේ කෙණ්ඩයේ ඉදිරිපස ඉදිරියට මතු ව ඇති ඇටය; නාලිය.
ජඞ්ඝා වාමනයා[නා.] ලුහුඬු යටි කය ඇත්තා; කටියෙන් පහළ සිරුර කුරු තැනැත්තා.
ජඞ්ඝාචාර[වි.] පයින් යන; ඇවිදින.
ජඞ්ඝාපේශිය(පාරිභා.) [නා.] පාදයේ කෙණ්ඩයේ පිහිටි විශාල පේශිය (=gastrocnemius muscle).
ජඞ්ඝාබලය[නා.] ඇවිදීමේ ශක්තිය; දෙපා සවිය.
ජඞ්ඝාල[වි.] ඉක්මන්; ශීඝ්‍ර.
ජඞ්ඝාව, ජංඝාව1. [නා.] කකුලේ දණත් වළලුකරත් අතර කොටස; බත් කෙන්ද. 2.[නා.] ජංඝාස්ථිය.
ජඞ්ඝාවළලු[නා.ප්‍ර.] කෙණ්ඩා පෙදෙසෙහි පලඳින වළලු විශේෂයක්; සූ සැට ආභරණවලින් එකක්.
ජඞ්ඝාසත්ථ, ජඞ්ඝාසාර්ථක[නා.ප්‍ර.] සතුන් පිට බඩු පටවා ගෙන පා ගමනින් යන වෙළෙඳ කණ්ඩායම; තවලම.
ජඞ්ඝාස්ථිකාව(පාරිභා.) [නා.] කෙණ්ඩයෙහි ජංඝාස්ථියට කෙළින් ඇති ඇටය.
ජඞ්ඝාස්ථිය, ජංඝාස්ථිය(පාරිභා.) [නා.] කෙණ්ඩා ඇටය; දණහිසත් වළලුකරත් අතර පිහිටි අස්ථි දෙකෙන් අභ්‍යන්තර වූත් වඩා විශාල වූත් අස්ථිය (=tibia).
ජඞ්ඝාසා[නා.ප්‍ර.] උකුළු ඇටයේ ත්‍රිකාස්ථියේ පහළ ම කොටස.
ජඞ්ඝො විහරණ, ජඞ්ඝො විහාර[නා.] (ව්‍යායාම වශයෙන්) ඇවිදීම; සක්මන් කිරීම; පාගමනින් යෑම.
ජඟ ගන්නවා[ක්‍රි.] සටන්කොට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගන්නවා.
ජඟගේ[නා.] දඬුවම් පිණිස වරදකරුවන් සමාජයෙන් වෙන් කොට තබන ගේ; දඟගේ; බන්ධනාගාරය.
ජඟුල(කථා.) [නා.ප්‍ර.] පමණට වැඩියෙන් ලැබෙන ජලය; පිටාර ගලන වතුර.
ජඟුල් බානවා[ක්‍රි.] වහිනවා.
ජටකය[නා.] (ගොතා තැනූ) කූඩය; පැස.
ජටා කලාපය, ජටා මඬුල්ල[නා.] ජටාවක් සෙයින් ගෙතුණු හිසකෙස් සමූහය; දළමඬුල්ල.
ජටාධරයා1. [නා.] (ජටාවක් මෙන්) හැඩපලු ගෙතුනු කෙස් ඇත්තා; ජටිලයා. 2. [නා.] හිසෙහි තලප්පාවක් බැඳ ගත් තැනැත්තා.
ජටාභරණය(කථා.) [නා.] වෙස් නැට්ටුවන්ගේ හිස් පලඳනාව.
ජටාමකුට1. [නා.ප්‍ර.] මුදුන් කොට සකස් කළ හැඩපලු ගෙතුණු කෙස්වැටිය. 2. [නා.ප්‍ර.] ඔටුන්නක් ලෙස බැඳගත් ජටාව; මුදුන් කොට බැඳි තලප්පාව.
ජටාමකුටධාරියා[නා.] සැඩපලු ගෙතුණු කෙස් ඔටුන්නක් සේ බැඳ ගෙන සිටින තැනැත්තා; තලප්පාවක් බැඳගත් තැනැත්තා.
ජටාව1. [නා.] හැඩපලු ගෙතුණු කෙස්වැටිය; එකට කැටි කළ කෙහෙ කලබ. 2. [නා.] හිස වටා බැඳි රෙදි කඩ; තලප්පාව. 3. [නා.] ගස් වැල් එකිනෙක පැටලීමෙන් සෑදෙන අවුල; ආකූලතාව. 4. [නා.] සිත අවුල් කරන තණ්හා ආදි කෙලෙස්. 5. [නා.] පැදුරු රෙදි ආදිය විවීමේ දී යොදන රටාවක්. 6. [නා.] (එකිනෙකට දැවටුණු) කුඩා මුල් හෙවත් තන්තු මුල්.
ජටිත[වි.] පටලැවුණු; අවුල් වූ; ව්‍යාකූල වූ.
ජටිල[වි.] අවුල් සහගත; පටලැවිලි සහිත; ව්‍යාකූල.
ජටිලයා[නා.] හැඩපලු ගෙතුණු හිසකේ ඇති තවුසා; ජටාධරයා.
ජඨර1. (පාරිභා.) [වි.] ආමාශය පිළිබඳ වූ; ආමාශයික (=gastric). 2. [වි.] රළු. 1. [නා.ප්‍ර.] ආමාශය. 2. [නා.ප්‍ර.] උදර රෝගය.
ජඨර ආන්ත්‍රදාහය(පාරිභා.) [නා.] ආමාශයේත් ආන්ත්‍රික ශ්ලේෂ්මල පටලයේත් ඉදිමුම (=gastroenteritis).
ජඨර දාහය(පාරිභා.) [නා.] ආමාශයේ (විශේෂයෙන් එහි ශ්ලේෂ්මල පටලයේ) ඉදිමුම (=inflammation).
ජඨරග්‍රන්ථි(පාරිභා.) [නා.ප්‍ර.] ආමාශයේ බිත්තිවල පිහිටි ජඨරීය යුෂ ස්‍රාවය කරන ග්‍රන්ථි (=gastric glands).
ජඨරපාතය(පාරිභා.) [නා.] ආමාශය අසාමාන්‍ය ලෙස උදර කුහරයෙහි පහළට නැඹුරුව වැටීම (=gastroptosis).
ජඨරයුෂ, ජඨරීයයුෂ[නා.ප්‍ර.] ආහාර දිරවීම සඳහා ජඨර ග්‍රන්ථිවලින් වහනය වන ද්‍රව විශේෂය; ආමාශයික ඕජස; ජඨරාශවය.
ජඨරාග්නිය[ජඨර+අග්නිය] [නා.] බඩගින්න; කුසගින්න.
ජඨරාශය(පාරිභා.) [නා.] (රෝමන්තකයන්ගේ හෙවත්) වමාරා කන ක්ෂීරපායින්ගේ හතරවැනි හෙවත් නියම ආමාශය. (=abomasum)
ජඨරීය(පාරිභා.) [වි.] උදරය හා සම්බන්ධ; ආමාශය පිළිබඳ; ආමාශයික (=gastric).
ජඨරීය ධෝවනය(පාරිභා.) [නා.] ආමාශය සේදීම (=gastric lavage).
ජඨරීයව්‍රණය(පාරිභා.) [නා.] ආමාශයේ අභ්‍යන්තර බිත්තියේ සෑදුණු වණය (=gastric ulcer).
ජඨරේක්ෂය[ජඨර+ඊක්ෂය] [නා.] ආමාශය ඇතුළත බැලිය හැකි උපකරණය.
ජඩ1. [වි.] සිත්පිත් නැති; අචේතනික; අජීව. 2. [වි.] නැණ මඳ; මෝඩ; බුද්ධි හීන. 3. [වි.] නින්දා කටයුතු; පහත්; අධම; නිහීන. 4. [වි.] කිලිටි බවට පත්; නොපැහැදිලි; නිෂ්ප්‍රභ වූ. 5. [වි.] පමණට වඩා කථා කරන; දොඩමලු.
ජඩයා1. [නා.] පහත් ගතිගුණ ඇත්තා; අධමයා; නිහීනයා. 2. [නා.] හොඳ නරක නොවැටහෙන්නා; මෝඩයා; බුද්ධිහීනයා. 3. [නා.] දොඩමලු තැනැත්තා; වාචාලයා. 4. [නා.] ගොළුවා.
ජඩීකෘත[වි.] විස්මෘත භාවයට ගිය; දරදඬු බවට පත්; නිෂ්ක්‍රීය.
ජත්‍රැ[නා.ප්‍ර.] උරහිස; කර.
ජත්‍රැ අස්ථිය[නා.] අකු ඇටය; කුලල් ඇටය; අක්ෂාකස්ථිය.
ජතු1. [නා.ප්‍ර.] ලාකඩ; ලතුදිය. 2. (පාරිභා.) [නා.ප්‍ර.] ඛනිජ කීල් හෝ ගල් අඟුරු විශේෂයක්; බිටුමන් (=bitumen).
ජතුමාසක[නා.ප්‍ර.] පැරණි මසුරන් වර්ගයක නාමය; ලාකඩින් හෝ මැලියමින් රූප යොදා සාදන ලද මසුරන්.
ජන1. [වි.] මිනිසුන් පිළිබඳ; රටවැස්සන් සම්බන්ධ. 2. [වි.] රජයට අයත්; රාජ්‍ය.
ජන ව්‍යවහාර1. [නා.ප්‍ර.] පොදුජනයා අතර පවත්නා කටකතා; ජනප්‍රවාදයෙන් එන පුවත්. 2. [නා.ප්‍ර.] පොදු ජනයා භාවිත කරන භාෂාව සහ එහි ලක්ෂණ.
ජන විචාරණය(පාරිභා.) [නා.] වැදගත් දේශපාලන ප්‍රශ්නයක් පිළිබඳ තීරණය සඳහා සමස්ත ඡන්දදායක ජනතාවගේ කැමැත්ත විමසා බැලීම; ජනමත විචාරණය (=referendum).
ජන විඥානය[නා.] සමාජීය තතු පිළිබඳ ව ජනයා සතුව පවත්නා දැනුම.
ජන සංහාරය[නා.] ජනයා විනාශ කිරීම; ජනතාව මැරීම.
ජන සන්නිපාතය[නා.] මහජනයා එක්රැස්වීමෙන් හට ගැනෙන මහා සමූහය; ජනයා රාශිභූත වීම.
ජන සන්නිවේදනය[නා.] සමස්ත ජනතාවගේ දැනගැනීම පිණිස අදහස් උදහස් ප්‍රවෘත්ති ආදි ප්‍රකාශයට පත් කිරීම.
ජන සම්පීඩනය(පාරිභා.) [නා.] ජනසඞ්ඛ්‍යා පීඩනය.
ජන සමාජය[නා.] සමාජයක් නොහොත් සමූහයක් ලෙස එකට ගැනෙන ජනයා; ජනයාගෙන් සෑදුණ සමූහය; මනුෂ්‍ය සමූහය; පොදු ජනතාව.
ජනක1. [වි.] උපදවන; හටගන්වන; ජනිත කරවන. 2. (පාරිභා.) [වි.] ප්‍රජනන හැකියාව ඇති හෝ එම කෘත්‍යයෙහි යෙදී සිටින; ප්‍රජනක (=generative). 3. [වි.] පරමාණුක; ජන්මාණු සෛලයක් පිළිබඳ වූ (=germinal). 1. [නා.ප්‍ර.] උපත ලබා දන්නා; උත්පාදකයා; පියා. 2. [නා.ප්‍ර.] මව හෝ පියා; දෙමවුපියෝ. 3. [නා.ප්‍ර.] ජනක කර්මය. 4. [නා.ප්‍ර.] ඉතා සියුම් තන්තුමය වූ හෝ ඒක සෛලික බැක්ටීරියාව.
ජනක අපිච්ඡදය(පාරිභා.) [නා.] ඩිම්බකෝෂයෙහි පංජරය ආවරණය වී ඇති ස්තම්භාකාර අපිච්ඡද ස්තරය; ජන්මාණුක අපිච්ඡදය (=germinal epithelium).
ජනක ආශයිකාව(පාරිභා.) [නා.] ක්ෂීරපායී ස්ත්‍රීලිංගික ප්‍රජනන බීජවල න්‍යෂ්ටිය (=germinal vesicle).
ජනක කර්මය[නා.] සත්ත්වයාගේ ප්‍රතිසන්ධිය ඇති කරන කුශල හෝ අකුශල කර්මය.
ජනක චිත්තය[නා.] (කුසල් හෝ අකුසල්) උත්පාදක සිත; ප්‍රතිසන්ධි චිත්තය.
ජනක ප්ලාස්මය(පාරිභා.) [නා.] ප්‍රවේණියට අදාළ විශේෂ න්‍යෂ්ටික ද්‍රව්‍යයක් (=germ plasm).
ජනක පීතෘ[නා.ප්‍ර.] ජාතක කළ පියා; තමාගේ ම පියා.
ජනක ශක්තිය(පාරිභා.) [නා.] ප්‍රජනනය කිරීමෙහි හැකියාව; ප්‍රජනක සාරභාවය (=fertility).
ජනකථා[නා.ප්‍ර.] පොදු ජනතාව අතර පරම්පරාගත ව පවත්නා කථාන්තර.
ජනකබීජ[නා.ප්‍ර.] ජීවියකුගේ උත්පත්තියට හා ස්වරූප ගතිගුණ ආදියේ පිහිටීමට බලපාන බීජ.
ජනකමඬල(පාරිභා.) [නා.ප්‍ර.] ඩිම්බයක කලලයේ වැඩීම පටන් ගන්නා ස්ථානය (=germinal disc).
ජනකය[නා.] යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන යන්ත්‍රයක ඩයිනමෝව (=generator).
ජනකවිය[නා.] ගැමි කවියන් අතින් පොදු ජන ජීවිතය විෂය කොට ගෙන නිතැතින්ම බිහි වූ පාරම්පරික පද්‍ය රචනාව.
ජනක්ෂෝභන[නා.ප්‍ර.] මහජනයා අතර ඇතිවන කැලඹිලි; ජනතා නොසන්සුන්කම්.
ජනකාණුව[ජනක+අණුව] (පාරිභා.) [නා.] ජීවීන්ගේ චරිත ලක්ෂණ හා ආවේණික ගතිගුණවලට හේතු වෙතැයි සලකන ජීවසෛල මාත්‍රය.
ජනකාය[නා.ප්‍ර.] මනුෂ්‍ය සමූහයා; ජනසන්නිපාතය; මනුෂ්‍ය සංහතිය.
ජනගහනය1. [නා.] රටක හෝ ප්‍රදේශයක හෝ වාසය කරන මනුෂ්‍ය සංඛ්‍යාව. 2. [නා.] අධික මනුෂ්‍ය වාසය; ජනාකීර්ණය.
ජනගායනා[නා.ප්‍ර.] පැරණි ජනකවි ආදිය නව්‍ය ගීතමය ස්වරූපයෙන් ගායනය කිරීම.
ජනගී[නා.ප්‍ර.] පොදු ජනයා අතර ප්‍රචලිත සාම්ප්‍රදායික පද්‍ය බන්ධන; ගැමි ගී.
ජනජීවනය[නා.] ජනයා විසින් නිපදවනු ලබන ජන ඇඳුම් පැලඳුම්, ගෘහ නිර්මාණ, ජන කලා ශිල්ප.
ජනතා පරමාධිපත්‍යය[නා.] පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ඇති රටක විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණමය සංයුතියෙන් යුත් රාජ්‍ය නියමු කාරකය ඇති කිරීමෙහි ලා එම රාජ්‍යයේ ජනතාව සතුව පවත්නා ඉහළ ම අධිකාර බලය.
ජනතා ස්වාධිපත්‍යය(පාරිභා.) [නා.] තමන් විසින් ම තමන් පාලනය කර ගැනීමේ ජනතා ස්වෛරී බලය.
ජනතාකරණය[නා.] රජය සතු ව පැවති ව්‍යාපාරාදිය ජනතාව (හෝ ජනතා නියෝජිතයන්) සතු කිරීම.
ජනතාන්ත්‍රීය[වි.] ජනසම්මත පාලනයට අයත්; මහජන නියෝජිතයන් මඟින් පාලනය වන.
ජනතාව[නා.] (රටක වසන) මිනිස් සමූහය; රටවැසි ප්‍රජාව.
ජනන විද්‍යාව[නා.] උත්පාදනය හෙවත් ප්‍රජනනය පිළිබඳ විද්‍යාව.
ජනනය[නා.] හටගැන්වීම; ඇති කිරීම; ඉපදවීම; උත්පාදනය.
ජනනායක[නා.ප්‍ර.] ජන සමූහයක මූලිකයා; රටක ජනතාවගේ ප්‍රධානයා.
ජනනැටුම්(පාරිභා.) [නා.ප්‍ර.] පොදු ජනයා අතර පවත්නා සාම්ප්‍රදායික නර්තන විශේෂ; ගැමි නැටුම්.
ජනනී[නා.ප්‍ර.] මව; මාතාව.
ජනනීතිය[නා.] රටක හැම ජන කොටසකට ම අයත් පොදු අණපනත් පෙළ; පොදු නීතිය.
ජනනේන්ද්‍රිය[ජනන+ඉන්ද්‍රිය] [නා.ප්‍ර.] ඉපදවීමේ ඉන්ද්‍රිය, උත්පාදක අවයවය; ප්‍රජන්නේද්‍රිය.
ජනපති1. [නා.ප්‍ර.] ජන රජයක ප්‍රධානයා; සමූහාණ්ඩුවක නායකයා; ජනාධිපති. 2. [නා.ප්‍ර.] රජතුමා.
ජනපථිකාව[නා.] පදික වේදිකාව; පයින් ගමන් කිරීම සඳහා වෙන් වුණු වේදිකාව.
ජනපදකරණය[නා.] තෝරාගත් කිසියම් භූමි ප්‍රදේශයක ජනයා අලුතින් පදිංචි කරවීම.
ජනපදනිරුක්ති[නා.ප්‍ර.] ජනපදවල පවත්නා උපභාෂා ව්‍යවහාරය; රටක ප්‍රදේශයක් තුළ පවත්නා භාෂාව; ප්‍රදේශීය භාෂාව.
ජනපදය1. [නා.] එක් රාජ්‍යයක් තුළ පිහිටි එක් එක් ජනාවාස කොට්ඨාස; රටක ජනයා වසන ප්‍රදේශය; ජනාවාසය. 2. [නා.] අලුතින් ජනයා පදිංචි කරවන ප්‍රදේශය; කොලනිය.
ජනපදරෝග[නා.ප්‍ර.] (ජනාවාසයක) පැතිරී යන රෝග; බෝවන ලෙඩ; වසංගත රෝග.
ජනප්‍රවාදය[නා.] පොදු ජනයා අතර කටින් කට පැවත එන කථාව; මුඛ පරම්පරාගත ප්‍රවෘත්තිය.
ජනපොත[නා.] පුද්ගලයින් හා ඔවුන් සම්බන්ධ ආයතන ආදිය පිළිබඳ තොරතුරු (අකාරාදි පිළිවෙළින්) සකස කළ ග්‍රන්ථය; ජන නාමාවලිය.
ජනබැටයා(කථා.) දක්ෂකම් පාන්නා; විකුම් පෙන්වන්නා.
ජනභාරකාරතැන[නා.] පොදු හෝ ආගමික දේපළ රැක බලාගැනීමේ වගකීම පැවරී ඇති නිලධාරියා; මහාභාරකරු (=public trustee).
ජනමත විචාරණය[නා.] ජන විචාරණය; රාජ්‍ය පාලන තන්ත්‍රය මගින් ජනතා කැමැත්ත විමසා බැලීම; ජනමත විමසුම.
ජනමතය[නා.] රටවැසියාගේ අදහස; ජනතා කැමැත්ත.
ජනමාධ්‍යය[නා.] ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත් වැනි ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරු දැනගැනීමට ඇති මාර්ග; විද්‍යුත් සහ මුද්‍රිත වශයෙන් දෙවැදෑරුම් වූ සන්නිවේදන ක්‍රම.
ජනමූර්ති[වි.] මහජනයාගේ මූර්තියක් බඳු; මානව ගුණාඞ්ගයන්ගේ ප්‍රතිබිම්බයක් වැනි.
ජනයා[නා.] මනුෂ්‍ය සමූහය; ප්‍රජාවත් ජනතාව.
ජනරංජනය, ජනරඤ්ජනය[නා.] ජනයා සතුටු කිරීම.
ජනරජ[නා.ප්‍ර.] ජන පාලකයා; ප්‍රදේශ පාලකයා.
ජනරජය[නා.] මහජන මතය අනු ව පිහිටුවා ගත් රාජ්‍යය.
ජනරල්, ජනරාල්1. [නා.ප්‍ර.] හමුදා අණදෙන නිලධරයා; සෙන්පතියා. 2. [නා.ප්‍ර.] කාර්යාංශයක, දෙපාර්තමේන්තුවක ප්‍රධානයන් අතරෙහි ජ්‍යෙෂ්ඨයා. 3. [නා.ප්‍ර.] යුද හමුදාවේ උසස් නිලයක නාමය.
ජනලේඛනය[නා.] රටක ජනගහනයත් ඒ පිළිබඳ විවිධ වැදගත් කරුණුත් පිළිබඳ රජයේ නිල වාර්තාව.
ජනවරම[නා.] මහ මැතිවරණයක දී ලැබෙන බහුතර කැමැත්ත; ඡන්දදායකයන් වැඩි දෙනකු විසින් යම්කිසි පක්ෂයකට පවරතැයි සැලකෙන දේශපාලන අධිකාරය (=mandate).
ජනවහර[නා.ප්‍ර.] භාෂා, කලා ආදි කටයුතු පිළිබඳව ජනතාව අතරෙහි පවතින භාවිත ලක්ෂණය.
ජනවාද[නා.ප්‍ර.] ජනකථා; ජනප්‍රවාද; ගැමිකථා.
ජනශ්‍රැති[නා.ප්‍ර.] ජනතාව අතර පවත්නා කට කතා හෙවත් ආරංචි; මුඛ පරම්පරාවෙන් ම පැවත ආ කතා ප්‍රවෘත්තිය.
ජනශේඛර[වි.] මිනිසුන් අතර උසස් තැනට පැමිණි; මිනිස් වර්ගයාගේ මුදුනට ගිය; මස්තකප්‍රාප්ත.
ජනසඞ්ඛ්‍යා පීඩනය(පාරිභා.) [නා.] ජනගහනය වැඩි වීම නිසා සමාජයට ඇති වන ආර්ථික බර.
ජනසතු[වි.] ජනතාවට අයිති; ජාතික දේපළ බවට පත්; ජනසන්තක.
ජනසතු ව්‍යාපාරය[නා.] ජනසතු කළ ඉපයීමේ මඟ; රජය සතු කළ ධනෝපාර්ජන සංවිධානය.
ජනසන්නිවේදනමාධ්‍ය[නා.ප්‍ර.] (නව) ජනසන්නිවේදනය සඳහා උපයෝගී වන ප්‍රචාරක මාර්ග; ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, සඟරා ආදි ප්‍රචාරක මාර්ග; ජනතාවට තොරතුරු දැන්වීමේ මාර්ග.
ජනසම්මත ආණ්ඩුව[නා.] පොදු වැසියන්ගේ කැමැත්ත අනු ව තෝරාගත් රජය; ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව.
ජනසම්මතය[නා.] ජනතාවගේ අනුමැතිය; ජනතා නිගමනය.
ජනසවිය[නා.] 1989-93 දක්වා පැවති රජය විසින් හඳුනා ගත් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය නගාලීමට ඇති කරන ලද වැඩපිළිවෙළ.
ජනහමුව[නා.] ජනතාව මුණගැසීම; පාලකයන් ජනතාව හමුවට පැමිණ කතාබස් කිරීම.
ජනහිතකාමී[වි.] මහජන යහපතට කැමති; ජනතාභිවෘද්ධිය පතන.
ජන්ඩිය1. (කථා.) [නා.] සැඬ පරුෂ ගතිය; දැඩි නොහික්මුණු ස්වරූපය; චණ්ඩ ගතිය. 2. [නා.] ජේත්තුව; මනාව සැරසීම.
ජන්තාඝරය[නා.] හුමාලයෙන් ඇඟ රත් කිරීම සඳහා සෑදුගෙය; ගිනිහල්ගෙය.
ජන්තු1. [නා.ප්‍ර.] (සාමාන්‍ය) ප්‍රාණියා; සත්ත්වයා; පුද්ගලයා. 2. [නා.ප්‍ර.] ඇමීබා වැනි ක්ෂුද්‍ර ප්‍රාණි විශේෂය.
ජන්ම උරුමය[නා.] උපතින් ම ලබන හිමිකම; සහජ දායාදය.
ජන්ම කේන්ද්‍රය1. [නා.] ජන්ම රාශිය; ලග්නය. 2. [නා.] ජන්ම පත්‍රය.
ජන්ම ගතිය[නා.] උපතින් ලත් ගතිගුණ; සහජ ස්වභාවය.
ජන්ම දිනය[නා.] උපන් දිනය; උපත සිදු වූ දවස.
ජන්ම පත්‍රය[නා.] කෙනකුගේ උත්පත්ති අවස්ථාවෙහි පැවති ග්‍රහචාරය අනු ව සකස් කරගන්නා වූ සටහන්පත; වේලපත්කඩ.
ජන්ම පාපය[නා.] (ක්‍රිස්ති) උත්පත්තියෙන් ම උරුම වන පාපය; ආදම්, ඒව දෙදෙනාගේ වරද නිසා ඔවුන්ගෙන් පැවතෙන්නවුන්ට දේව වරප්‍රසාද අහිමි වීමේ දෝෂය.
ජන්ම භූමිය[නා.] උපන්බිම; උපත ලැබූ දේශය.
ජන්ම රාශිය[නා.] (ජ්‍යෝති.) යමකුගේ ජන්මාවස්ථාවේ පැවති රාශිය; උපන් ලග්නය.
ජන්ම ලාභය[නා.] උපතක් ලැබීම; උපත.
ජන්මප්‍රවේණිය[වි.] ජන්ම උරුමය.
ජන්මභේද කරනවා[ක්‍රි.] උපන් කුලය හෝ පරපුර කෙලෙසනවා; මෛථුනයෙහි යෙදීමෙන් කාන්තාවකගේ පවිත්‍රතාව බිඳ දමනවා.
ජන්මය1. [නා.] ඉපදීම; උපත; උත්පත්තිය. 2. [නා.] ආත්මභාවය.
ජන්මවත්[වි.] උසස් කුලයක උපන්; උත්තම වංශයක් ඇති; කුලීන.
ජන්මාණු සෛලය(පාරිභා.) [නා.] ජන්මාණු ඇති කරන ඩිම්බ හෝ ශුක්‍රාණු සෛලය (=germ cell) .
ජන්මාණුක[ජන්ම+අණුක] 1. (පාරිභා.) [වි.] ජන්මාණුව පිළිබඳ වූ (=gametic). 2. [වි.] ජනක (=germinal).
ජන්මාණුක අපිච්ඡදය(පාරිභා.) [නා.] ඩිම්බකෝෂය ආවරණය කර ඇති සෛල තට්ටුව (=germinal epithelium).
ජන්මාණුජනනය(පාරිභා.) [නා.] ජන්මාණු සෛලවලින් ලිංගික සෛල ඇති වීම.
ජන්මාණුව(පාරිභා.) [නා.] යුක්තාණු ඇති කරනු පිණිස යුගල වශයෙන් එකතු වන ප්‍රජනක සෛලය (=zygotes).
ජන්මාන්තර[ජන්ම+අන්තර] [වි.] භවයෙන් භවයට සම්බන්ධ වූ; පෙර ආත්මභාවවල සිට පැවත එන. [නා.ප්‍ර.] වර්තමාන ජන්මයෙන් අන්‍යතර වූ ජන්ම; පවත්නා ජන්මයට අනතුරු ජන්ම.
ජන්මාන්තරගත වෙනවා[ක්‍රි.] මියයනවා; පරලෝකප්‍රාප්ත වෙනවා.
ජන්මී[නා.ප්‍ර.] උපත ලැබූ තැනැත්තා; ප්‍රාණියා; සත්ත්වයා.
ජන්මෝත්සවය[ජන්ම+උත්සවය] [නා.] යමකුගේ උපන් දිනය නිමිත්තෙන් පවත්වන උලෙළ; උපන් දින උත්සවය.
ජන්‍ය1. [වි.] උපන්; ජනිත වුණු. 2. [වි.] උපත පිළිබඳ.
ජන්‍යය1. [නා.] දේහය; ශරීරය. 2. [නා.] උපත පිළිබඳ පූර්ව නිමිත්ත. 3. [නා.] කඩය; වෙළෙඳපොළ. 4. [නා.] යුද්ධය. 5. [නා.] ආරංචිය; ප්‍රවෘත්තිය. 6. [නා.] ප්‍රීතිය; සතුට.
ජන්‍යයා1. [නා.] පියා. 2. [නා.] මනමාලයාගේ සහායයා.
ජන්‍යාව1. [නා.] මව. 2. [නා.] මනමාලියගේ මිතුරිය.
ජනාකීර්ණ[ජන+ආකීර්ණ] [වි.] ජනයාගෙන් ගැවසුණු; අධික ජනසංඛ්‍යාවකින් පිරුණු.
ජනාදරය[ජන+ආදරය] [නා.] ජනතාවගේ ඇල්ම; ජනප්‍රසාදය.
ජනාධිපති[ජන+අධිපති] [නා.ප්‍ර.] ජනරජයක මහජන ඡන්දයෙන් තෝරා පත් කරනු ලබන ප්‍රධාන පාලකයා; ජනපති.
ජනාපවාදය[ජන+අපවාදය] [නා.] ජනතාවගේ දෝෂාරෝපණය; මහජනතාව විසින් දොස් පවරනු ලැබීම.
ජනාර්දන[වි.] ජනයා පෙළන; ජනයා පීඩාවට පත් කරන.
ජනාලය[ජන+ආලය] [නා.ප්‍ර.] ජනයා වෙසෙන තැනක්; මිනිස් නිවෙස.
ජනාලාප[ජන+ආලාප] [නා.ප්‍ර.] ජනයා අතර ව්‍යවහාර වන කථා; කටකතා; ජනශ්‍රැති.
ජනාවාසය[ජන+ආවාසය] [නා.] මිනිසුන් පදිංචි වී ඇති භූමි ප්‍රදේශය; මහජන නිවාස භූමිය.
ජනාශ්‍රය[ජන+ආශ්‍රය] [නා.ප්‍ර.] මහජනයා සමඟ හැසිරීම; ජනතා ඇසුර.
ජනික[වි.] උපදවන; උත්පත්තිය සලසන; ජනනය කරන.
ජනිකා, ජනිත්‍රී, ජනෙත්ති[නා.ප්‍ර.] උපදවන්නී; මාතාව; මව,
ජනිත[වි.] උපන්න; හටගත්; උපදවන ලද.
ජනිතය[නා.] උපන් තැනැත්තා; හටගත් ප්‍රාණියා; පැටවා.
ජනිත්‍රී[නා.ප්‍ර.] අම්මා; මාතාව.
ජනිතෘ[නා.ප්‍ර.] පියා.
ජනෙත්ති[නා.ප්‍ර.] වැදූ මව; අම්මා.
ජනේන්ද්‍ර[ජන+ඉන්ද්‍ර] [නා.ප්‍ර.] නර ශ්‍රේෂ්ඨයා.
ජනේරුව1. [නා.] ජනවාරි මාසය; ඒ කාලය. 2. [නා.] නව වසරක් ඇරඹෙතැයි සලකා පළමුවන දින පවත්වන උත්සවය.
ජනේලය[නා.] (වාතය හා ආලෝකය ලබා ගැනීම පිණිස ගොඩනැගිලි බිත්ති ආදියෙහි තබන) විවරය; කවුළුව.
ජනේශ්වර[ජන+ඊශ්වර] [නා.ප්‍ර.] මිනිසුන්ගේ නායකයා; රජතුමා.
ජපනය[නා.] මන්තර ආදිය ජප කිරීම; මැතිරීම.
ජපන් ජබර[නා.ප්‍ර.] ජලාශ්‍රිත ව ඝනට වැවෙන වල් පැළෑටි විශේෂයක්; දියබෙරලිය විශේෂයක්.
ජපමාලය, ජපමාලාව[නා.] දේවයාඥා ජප කිරීම් ආදියට ගන්නා ඇට වැළ; අක්ෂමාලාව; ක්‍රිස්තු භක්තිකයන්ගේ කොන්තය.
ජපය1. [නා.] මන්ත්‍රයක් නියමිත වාර ගණනක් මැතිරීම. 2. [නා.] මන්ත්‍රය; වේද මන්ත්‍රය.
ජපවැළ(කථා.) [නා.] භාවනා වැඩීමේ දී උපයෝගී කරගනු ලබන ඇටවැළ.
ජබය, ජබේ(කථා.) [නා.] පංච පෙතේ අවසන් කොටුව.
ජම්පති[නා.ප්‍ර.] භාර්යාව හා ස්වාමිපුරුෂයා; අඹුසැමි යුවළ; දම්පතීහු.
ජම්පර1. (කථා.) [නා.ප්‍ර.] ගල්වෙඩි දැමීම සඳහා ගල හාරනු පිණිස උපයෝගී කරගනු ලබන උපකරණයක්; බෝර කටුව. 2. [නා.ප්‍ර.] උකුළ තෙක් දිග ඇති කබායක්.
ජම්බරය(කථා.) [නා.] ගල්වෙඩිවලට බෙහෙත් තද කරන යකඩය.
ජම්බාරය(පාරිභා.) [නා.] ගොඩනැඟිලි ආදියේ අත්තිවාරම ශක්තිමත් කරවනු පිණිස එහි යටට ටැම් බස්සන යන්ත්‍රය (=piles).
ජම්බාලිය(පාරිභා.) [නා.] පක්ෂී, උරග සහ උභයජීවී සතුන්ගේ සහ ඇතැම් මත්ස්‍යයන්ගේ ආන්ත්‍රික ප්‍රජනන සහ මූත්‍ර මාර්ග විවෘත වන පොදු කුටීරය (=cloaca).
ජම්බීර[නා.ප්‍ර.] දොඩම්.
ජම්බුක[නා.ප්‍ර.] හිවලා; නරියා.
ජම්බුකී(පාරිභා.) [නා.ප්‍ර.] අලෝහ ගණයට හා හැලජන් පවුලට අයත් ඝන මූල ද්‍රව්‍යයක්; අයඩීන් (=iodine).
ජම්බූල[නා.] දම් පැහැය; ජම්බුල වර්ණය.
ජම්ම1. [වි.] නීච; පහත්. 2. [වි.] අපරීක්ෂාකාරී. 3. [වි.] උපත හා සම්බන්ධ.
ජම්ම ඒරාෂ්ටකය[නා.] (ජ්‍යෝති.) යමකුගේ උපතේදී චන්ද්‍රයා සිටි රාශියට ශනිගේ පැමිණීම.
ජම්මක්කාරයා1. [නා.] උත්පත්තියෙන් ම රටකට හිමිකම් කියන තැනැත්තා. 2. [නා.] උසස් ජන්මයක් ඇති තැනැත්තා.
ජම්මන්ත එදිරිය, ජම්මාන්ත එදිරිය(කථා.) [නා.] ජීවිතාන්තය දක්වා පවත්වාගෙන යන වෛරය; ජන්මාන්තර වෛරය.
ජඹුර[වි.] ගැඹුර ඇති. (කථා.) [නා.] ගැඹුරු ප්‍රමාණය.
ජය1. [වි.] රජුට අයත්. 2. [වි.] ශුභ; පූජනීය; ජයහ්‍රහණය පිළිබඳ. 1. [නා.] යුද්ධ, තරග විභාග ආදියකින් ලබන සාර්ථක ප්‍රතිඵලය; දිනීම; පැරදවීම; ජයග්‍රහණය. 2. [නා.] ජය පැතීම; ජය වේවා යන පාඨය. 3. [නා.] සශ්‍රීකභාවය; අතමිට සරුවීම; වාසිය. 4.[නා.] (සංගී.) සප්තතාල ප්‍රභේදයක්. 5. [නා.] හටගැනීම; ඉපදීම. 6. [නා.] ජාතිය. 7. [නා.] තුන්තායුධ විශේෂයක්.
ජය කඩුව[නා.] රජතුමා යුද්ධයට ගෙන යන විශේෂ වූ කඩුව; මණ්ඩලාග්‍රය.
ජය කෙහෙලි[නා.ප්‍ර.] යුද්ධ ආදිය ජය ගැනීමේ ප්‍රීතිය නිමිති කොට ගෙන නංවන කොඩි.
ජය කොන්තය[නා.] ජයග්‍රහණය සංකේතවත් කිරීමට ගෙන යනු ලබන කුන්තායුධය.
ජය පතාකය[නා.] ජයග්‍රහණය කළ බව දැක්වීම සඳහා ඔසවන මහ කොඩිය; ජයකොඩිය.
ජය පිරිත[නා.] බුද්ධ කාලයෙන් පසු ව තන්ත්‍රයානයේ බල පැවැත්ම ආදිය නිසා ඇති වූ පිරිතක නාමය.
ජය ශ්‍රී මහාබෝධිය1. [නා.] දඹදිව බුද්ධගයාවේ දී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීම සඳහා පිට දුන් ශ්‍රී මහා බෝධි වෘක්ෂය. 2.[නා.] ඒ ජය ශ්‍රී මහාබෝධියේ අංකුරයක් වශයෙන් අනුරාධපුරයේ රෝපණය කරන ලද (දැනටමත් ජිවමාන) ශ්‍රී මහා බෝධි වෘක්ෂය.
ජයකාහල[නා.ප්‍ර.] යුද්ධ ජයග්‍රහණයේ ප්‍රීතිය නිමිති කොට පිඹින කාහලය; හොරනෑව.
ජයකේතුව[නා.] ජයග්‍රහණය නිමිතිකොට ගෙන ඔසවන කොඩිය; ජය කොඩිය.
ජයග්‍රහණය[නා.] ජය ගැනීම; ජය ලැබීම; දිනුම.
ජයතු[ක්‍රි.] ජය වේවා යන අරුත් පැවසෙන පාලි, සංස්කෘත භාෂා ක්‍රියා රූපයක්.
ජයතුරා සක[නා.] ජයග්‍රහණයක් ලත් විට ජයඝෝෂාව පතුරුවා හැරීමට ශක්‍රයා විසින් පිඹිනු ලබන හක්ගෙඩිය.
ජයන්තිය1. [නා.] වසර විසිපහ, පනහ ආදි කාලපරිච්ඡේදයක් අවසානයේ පවත්වන විශේෂ උත්සවය. 2. (ක්‍රිස්ති.) [නා.] පාපයට ලැබෙන දඬුවම්වලට ක්ෂමාව ලැබෙන අවුරුද්ද; ජුබිලිය.
ජයමඞ්ගල1.(කථා.) [නා.] ජය නමැති මංගලය; ඉතා ශුභ වූ සිද්ධිය. 2. [නා.] ජයග්‍රහණයක් සම්බන්ධයෙන් පවත්වන ප්‍රීති උත්සවය. 3. [නා.] භාරතීය සංගීතයෙහි එන තාල විශේෂයක්.
ජයමන්[නා.ප්‍ර.] දිනීමේ අදහස.
ජර[වි.] දිරාගිය; මහලු. [නා.ප්‍ර.] වයසට යෑම; මහලුබව; දිරාපත්වීම.
ජරඨ[වි.] තද; දැඩි; කුරිරු.
ජරමර[නා.ප්‍ර.] කරදර; හිරිහැර; අවුල්සහගත තත්ත්වය; කලබලය.
ජර්ජරිත[වි.] දැදුරු වූ; කැඩී බිඳී ගිය; කැබලි වූ.
ජර්සිය[නා.] (ඇඟේ උණුසුම පවත්වා ගැනීම සඳහා) උඩුකයට අඳින ලෝම ඇඳුම.
ජරා1. [වි.] දිරාපත්; වයසට ගිය; මහලු. 2. [වි.] කැත; අමනෝඥ; දූෂිත.
ජරා වදිනවා[ක්‍රි.] මහලු බවට පත් වෙනවා.
ජරාජීර්ණ1. [වි.] මහලු වීමෙන් දිරාපත් වූ; අධික වයස්ගත වීමෙන් දිරාගිය. 2. [වි.] පරණ වීමෙන් දිරාපත් වූ; අධික ලෙස වැඩ ගැනීමෙන් දිරූ.
ජරායුජ[වි.] වැදෑමසින් ජනිත; මවුකුසින් උපන්; ජලාබුජ.
ජරායුව1. [නා.] දරුගැබ වසා සිටි සිවිය; වැදෑමස; දලබුව. 2. [නා.] කුස; ගැබ.
ජරාව1. [නා.] වයසට යෑම; මහලුබව; දිරාපත් දෙය. 2. (කථා.) [නා.] කැත කුණු; කැලිකසළ. 3. (කථා.) [නා.] අශික්ෂිත ක්‍රියාව; දූෂණය. 4. (කථා.) [නා.] පගාව.
ජරාවාස[වි.] දිරාපත් ව ගිය; ගරා වැටුණු; නටබුන් වූ. [නා.ප්‍ර.] දිරාපත් වූ තැන හෝ දෙය; නටබුන්; නෂ්ටාවශේෂ,
ජරාවාස අරවනවා[ක්‍රි.] කැඩී බිඳී දිරාපත් තැන් සකස් කරනවා; පිළිසකර කරනවා.
ජරාවිලිපිලි[නා.ප්‍ර.] (කය) දිරාපත් වීම දක්වන රැලි වැටීම්, කෙස් පැසීම් ආදිය.
ජල1. [නා.ප්‍ර.] දිය; වතුර; පැන්. 2. [නා.ප්‍ර.] කලල රූප. 3. (ඡන්ද.) [නා.ප්‍ර.] 'ය' ගණය. 4. [නා.ප්‍ර.] පුවසල නැකත. 5. [නා.ප්‍ර.] ගින්න. 6. [නා.ප්‍ර.] මූත්‍ර; සුළුදිය. 7. [නා.ප්‍ර.] දැල් කවුළුව.
ජල ආමානය(පාරිභා.) [නා.] ජලය හෝ එහි පීඩන ආදිය මනින උපකරණය (=water gauge).
ජල උෂ්ණකය[නා.] උණු ජලය මගින් (යමක්) වේලීමේ උපකරණයක්.
ජල කණිකාව[නා.] ඉතා සියුම් දිය බින්දුව; පවනින් හෝ යන්ත්‍රාදි උපක්‍රමයකින් විහිදෙන සියුම් දිය පොද.
ජල ක්‍රීඩාව[නා.] ජලයෙන් හෝ ජලයෙහි කරන සෙල්ලම්; දිය කෙළිය.
ජල කෘත්‍යය1. [නා.] (සිරුර) සේදීම් ආදි ජලයෙන් කරනු ලබන කාරිය; දියකිස. 2. [නා.] මුත්‍ර පහ කිරීම.
ජල ගැල්ම[නා.] ගංගා, ඇළ දොළ උතුරා ජලය ඉවතට ගැලීම; ගොඩබිම යට කරමින් ගලා යන දිය කඳ; ගං වතුර.
ජල චක්‍රය1. [නා.] ගංගා, මුහුදු ආදියේ ජලය වාෂ්ප වීමත් වැසි මගින් නැවත පතිත වීමත් යන ජලයේ චක්‍රාකාර පැවැත්ම. 2. [නා.] පොළොව යට සිට ජලය උඩට අදින (හුළං) රෝදය; ළිංවලින් වතුර ඇද ගන්නා කප්පිය හෝ බොලොක්කය.
ජල ඡිද්‍රය(පාරිභා.) [නා.] ශාකවලින් ජලය ද්‍රවාකාරයෙන් බැහැර කරන සියුම් පුටිකාව (=water pore).
ජල තරංගය, ජල තරඞ්ගය1. [නා.] දියෙහි ඇති වන රැල්ල; දියරළ. 2. [නා.] දිය පිරවූ කෝප්ප කීපයකට කෝටු දෙකකින් තට්ටු කිරීමෙන් වාදනය කරනු ලබන භාරතීය වාද්‍ය විශේෂයක්.
ජල තාපකය1. (පාරිභා.) [නා.] සෙන්ටිග්‍රේඩ් 100° ට අඩු යම් අභිමත උෂ්ණත්වයක් ලබා ගැනීම පිණිස පාලනය කරන ලද උෂ්ණත්වයක පවතින ජල භාජනය (=water heater). 2. [නා.] උණු වන ජලය ඇති භාජනය (=water bath).
ජල දුර්ගය[නා.] ජලය නිසා යෑමට දුෂ්කර මාර්ගය; ඇළ දොළ, ගංගා ආදිය නිසා යෑමට අසීරු ගමන් මග.
ජල නළය[නා.] ජල සම්පාදනය සඳහා යෙදූ බටය; දිය ගෙන යන නළය.
ජල නිජ්ඣරය[නා.] කඳු මුදුනෙකින් රූරා හැලෙන ජලධාරාව; දිය ඇල්ල.
ජල නිපානය[නා.] ජලයෙන් පෝෂණය වීම; දිය උරා ගැනීම.
ජල පරාගණය[නා.] ජලජ පැළෑටිවල (ජලය මගින් වන) පරාග සංසර්ගය.
ජල පරිඛාව[නා.] (පුරාණයේ ආරක්ෂාව සඳහා කළ) දිය අගල.
ජල පරිමාව[නා.] යම් තැනක ඇති ජලය ඒකක වශයෙන් ගැනෙන ප්‍රමාණය.
ජල පරිරෝධක(පාරිභා.) [වි.] ජලය වෑස්සීමක් සිදු නොවන පරිදි නිර්මිත; දිය කාන්දු නොවන (=water tight).
ජල පරිශෝෂය1. [නා.] දිය උරා ගැන්ම; (වියළිබව නිසා) වතුර ඇද ගැනීමේ ගතිය. 2. [නා.] ජලය වාෂ්ප වීම.
ජල ප්‍රලය[නා.] මහා ජල ගැල්ම; මහෝඝය.
ජල ප්‍රවාහය[නා.] වේගයෙන් ගලා යන දියපහර; සැඩ පහර.
ජල පීල්ල1. (පාරිභා.) [නා.] වතුර ගලා බැසීමට තැනූ කුඩා දිය මඟ; පොළෝ මට්ටමෙන් උඩට බදාමෙන් බැඳ ගත් දිය කානුව (=aqueduct). 2. [නා.] කඳුවලින් ගලා බස්නා දිය පහරෙන් දිය ලබා ගැනීමට භාවිත කරන පීල්ල හෝ බටය; දිය පීල්ල.
ජල පෘෂ්ඨය[නා.] දිය මතුපිට; දියතලය.
ජල බද්ද[නා.] පරිභෝජනයට ගන්නා ජලය වෙනුවෙන් නාගරිකයන් ගෙන් රජය අයකර ගන්නා බද්ද; දිය බද්ද.
ජල බලය[නා.] (යාන්ත්‍රික ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගන්නා) ජල ශක්තිය.
ජල භීතිකාව[නා.] ජලයට බිය ඇති කරන පිස්සුබලු රෝගය.
ජල මට්ටම[නා.] ගංගා, වැව් ආදියෙහි වතුර මට්ටම.
ජල යන්ත්‍රය1. [නා.] ජල බලයෙන් ක්‍රියා කෙරෙන යන්ත්‍රය; දිය ඇංජිම. 2. [නා.] ළිං ආදියෙන් ජලය අදින බලවේග උපකරණ දිය විහිදුවන යන්ත්‍රය.
ජල යාත්‍රාව1. [නා.] දිය මතුපිට ගමන් ගන්නා වාහනය; ජලයානය. 2. [නා.] දියෙන් ගමනාගමනය කිරීම.
ජල රක්තය(පාරිභා.) [නා.] (සිරුරේ) ලේ දිය ගතියෙන් යුක්ත වීමේ රෝගය (=hydraemia).
ජල රාමුව[නා.] කපු නූල් කැටීම සඳහා උපයෝගී කර ගත් ජල රෝදයකින් ක්‍රියා කරන යන්ත්‍රයක්; කටින රාමුව.
ජල රේඛාව1. [නා.] දියෙහි ඇඳි ඉර. 2. [නා.] සමාන මට්ටමට විහිදෙන තිරස් රේඛාව.
ජල රෝදය(පාරිභා.) [නා.] යන්ත්‍රයක් ක්‍රියා කිරීම පිණිස ජලයේ ක්‍රියාකාරීත්වයෙන් කරකැවෙන රෝදය (=water wheel).
ජල ලවය[නා.] කුඩා දිය බිඳුව; සියුම් දිය බිඳ.
ජල විද්‍යාත්මක චක්‍රය[නා.] සාගරය, වායුගෝලය හා ගොඩ බිම අතර ඇතිවන ජල සංසරණය හෙවත් හුවමාරුව.
ජල විද්‍යාව(පාරිභා.) [නා.] ජලයේ ව්‍යාප්තිය, ස්වභාවය හා එහි න්‍යාය පිළිබඳ කරුණු අධ්‍යයනය හා සම්බන්ධ ශාස්ත්‍රය (=hydrology).
ජල විදුලිය(පාරිභා.) [නා.] ජල බලයෙන් ටර්බයිනයක් භ්‍රමණය කිරීමෙන් ලබා ගන්නා විද්‍යුත් ශක්තිය (=hydrol electricity).
ජල ශාටිකාව[නා.] (භික්ෂූන් වහන්සේ) දිය නෑම සඳහා අඳින වස්ත්‍රය; දිය සළුව; නාන කඩය.
ජල ශෝෂය[නා.] පොළෝ මතුපිට වතුර සිඳී යෑම; ජලය වියළී යෑම.
ජල සංයුක්තිය[නා.] ජලය සෑදීම සඳහා උපයෝගී වී ඇති මූල ධාතු සංයෝගය.
ජල සමකය(පාරිභා.) [නා.] උෂ්ණත්වය නැංවීම සඳහා තාප ධාරිතාව හා සමාන තාප ධාරිතාවක් ඇති ජල ප්‍රමාණය (=water equivalent).
ජල සම්පාදනය[නා.] (ගෙදර දොර පාවිච්චිය; කෘෂිකර්මය ආදිය සඳහා) වතුර සැපයීම.
ජල සළාව[නා.] දිය සුළිය; ජලාවර්තනය.
ජල ස්තම්භය[නා.] ජලයෙහි පියවි ස්වභාවය (ජල ගතිය) වැළැක්වීම; ජලය ඝන කිරීම; දිය දමනය කිරීම හෙවත් ජලය වසඟ කර ගැනීම.
ජල ස්නානය[නා.] වතුර නෑම; දිය නෑම; පැන් සැනැහීම.
ජල සිඤ්චනය[නා.] දිය ඉසීම; සිහින් ජලධාරාවලින් තෙමීම.
ජලකර[නා.ප්‍ර.] හයිඩ්‍රජන් නම් මූල ද්‍රව්‍යය.
ජලකර බෝම්බය[නා.] හයිඩ්‍රජන් න්‍යෂ්ටින් හීලියම් න්‍යෂ්ටි බවට පත් වීමෙන් ජනිත ප්‍රබල ශක්තිය මුදා හරින බෝම්බ විශේෂය; විලයන බෝම්බය.
ජලක්ලෝම චක්‍රය(පාරිභා.) [නා.] මත්ස්‍යයින්ගේ අස්ථීමය හෝ කාටිලේජිය වක්‍රවලින් එකක් (=branchial arch, gill arch).
ජලක්ලෝමය(පාරිභා.) [නා.] මත්ස්‍ය හා වෙනත් ජලජ ජීවීන්ගේ ශ්වසන අවයවය; කරමලය (=gill).
ජලකාමී1. (පාරිභා.) [වි.] තෙත් බිමෙහි හෝ ජලයෙහි වැඩෙන. 2. [වි.] ජලයෙන් පරාගණය වන.
ජලගතික[වි.] වතුර කළවම් කළ; දියෙන් අනාගත්; පැන් හා මුසු කළ.
ජලගෝලය[නා.] විල්, ගංගා මුහුද ආදි වශයෙන් පොළොව මතුපිට ඇති ජලතලාව; පෘථිවි පෘෂ්ඨය මත ඇති ජල තලාව.
ජලචර[වි.] දියෙහි හැසිරෙන හෝ වෙසෙන; ජලය ඇසුරු කරන.
ජලචරයා1. [නා.] හැසිරෙන්නා; ජීවත් වන්නා; දියෙහි මත්ස්‍යයා. 2. [නා.] ජලය ඇසුරු කොට වසන්නා; හංසයා.
ජලජ1. [වි.] දියෙහි හටගත්; ජලයේ උපන්; අම්බුජ. 2. [වි.] ජලයේ ජීවත් වන; (බෙහෙවින්) ජලයේ ගැවසෙන හෝ හැසිරෙන.
ජලජචිකිත්සකක්‍රම[නා.ප්‍ර.] ජලය උපයුක්ත කර ගනිමින් ශරීරයේ නොයෙක් රෝගාබාධයන්ට පිළියම් සෙවීම.
ජලත්‍රාසය[නා.] ජලභීතිකාව.
ජලද[නා.ප්‍ර.] වැහි වලාකුළ; මේඝය.
ජලධාරාව[නා.] ගලා යන දියපහර; දිය දහර; දිය කඳ.
ජලධි[නා.ප්‍ර.] මුහුද; සයුර; සාගරය.
ජලනහර[නා.ප්‍ර.] (පොළොව යට ඇති නහර වැනි) සිහින් දිය උල්පත්.
ජලනිෂ්‍යන්දය[නා.] දිය ඉනීම; දිය වෑස්සීම.
ජලනිසේකය[නා.] දිය ඉසීම.
ජලපන්දු ක්‍රීඩාව[නා.] පාපන්දුවක් තරම් පන්දුවකින් පිහිනුම්කරුවන් අතර පැවැත්වෙන ක්‍රීඩා විශේෂයක්.
ජලපීඩන(පාරිභා.) [වි.] ජලය හෝ ද්‍රව තදවීමේ බලයෙන් ක්‍රියාත්මක වන ජලවාහක (=hydraulic).
ජලපීඩන යන්ත්‍රය(පාරිභා.) [නා.] ද්‍රව පීඩන බලයෙන් යමක් තද කරන යාන්ත්‍රික උපකරණය (=hydraulic Press).
ජලපුටිකා(පාරිභා.) [නා.ප්‍ර.] දිය උරා ගන්නා සියුම් සිදුර; කුඩා දිය කුහරය(=water pore).
ජලමල[නා.ප්‍ර.] මූත්‍ර හා අශූචි.
ජලමාතිකා[නා.ප්‍ර.] ජල මාර්ගය.
ජලමාපකය, ජලමාපනය[නා.] (පාරිභා.) නිවාස ආදියට සැපයෙන වතුර ප්‍රමාණය මැනීමේ උපකරණය (=water gauge).
ජලමුක්ත(පාරිභා.) [වි.] දිය ඉවත් කළ; විජලිත (=dehydrated).
ජලමුද්‍රා වැසිකිළි[නා.ප්‍ර.] ජලයෙන් ඇවිරී සිටින විවරය ඇතිව පිළියෙල කළ වැසිකිළිය; දුගඳ වහනය ජලය ස්තරයක් මඟින් වළක්වනු ලබන වැසිකිළිය.
ජලමුද්‍රාව(පාරිභා.) [නා.] දියෙන් ඇවුරුණු දෙය; ජලයෙන් මුද්‍රා කොට යමක් අවුරා තැබීම (=water seal).
ජලරුහ(පාරිභා.) [වි.] ජලයෙහි හෝ ජලාශ්‍රිත ව වැඩෙන; ජලජ (=aquatic).
ජලරෝධක[වි.] ජලපරිරෝධක .
ජලලඹ[වි.] ජලයෙන් බර වුණු; දියපිරුණු.
ජලවක[නා.] පුර පක්ෂයෙහි හෝ අව පක්ෂයෙහි හතරවැනි තිථිය; චන්ද්‍රයාගේ සිවුවැනි කලාව පැමිණි දිනය.
ජලවහනය1. [නා.] දිය වැගිරීම; දිය ගලා යෑම; ජලය වෑස්සීම. 2. [නා.] ජලය වැගිරෙන්නට සැලැස්සීම; ජලය බැස යන්ට සැලසීම.
ජලවායුව[නා.] ගිනියම් කළ කාබන් සහිත ද්‍රව්‍යයක් මතින් හුමාලය යැවීමෙන් ලැබෙන කාබන්මොනොක්සයිඩ් සහ හයිඩ්‍රජන් අන්තර්ගත මිශ්‍ර වායුව.
ජලවාරක(පාරිභා.) [වි.] දිය වළක්වන; ජලය උරා නොගන්නා; ජලයට ඔරොත්තු දෙන (=water proof).
ජලවාෂ්පය(පාරිභා.) [නා.] වාතයෙහි වායුවක් වශයෙන් පවතින ජලය (=water vapour).
ජලවාහක1. (පාරිභා.) [වි.] (නල හෝ ඇළ මාර්ගයෙන්) ජලය ගෙන යන. 2. [වි.] නල හෝ ඇළ මාර්ගයෙන් ගෙන යන ජලයේ බලයෙන් ක්‍රියා කරන (=hydraulic).
ජලවාහනය[නා.] උස් පෙදෙසක සිට පහත් පෙදෙසකට ජලය බැස යෑමට සැලැස්වීම.
ජලවාහිනී පද්ධතිය[නා.] ජලය හා දියර ආහාර ගෙන යන සියුම් නාල පඞ්ක්තිය.
ජලවිච්ඡේදනය(පාරිභා.) [නා.] ලවණයක් සමග ජලය ප්‍රතික්‍රියා කරවීමෙන් එ ලවණයෙන් අම්ලයක් හා භෂ්මයක් සෑදීම.
ජලශ්‍රෝතය, ජලශ්‍රෝතස1. [නා.] වේගයෙන් ගලා යන ජලය; සැඬ දිය පහර. 2. [නා.] සාගරයෙහි ගංගාවක් මෙන් ගලා යන දියපහර; දියවැල.
ජලශාක[නා.ප්‍ර.] ජලය මතුපිට හෝ ජලයෙහි ගිලී පවතින ශාක, ජල බහුල ස්ථානවල වැඩෙන පැළෑටි.
ජලශුෂ්ක[වි.] දිය සිඳුණු; ජලය නැති; වියැළුණු.
ජලෂේකය, ජලසේකය[නා.] ජලයෙන් තෙමීම; දිය ඉසීම; නෑවීම; යමක් මත දිය වත්කිරීම.
ජලසංචායක[වි.] (උද්භි.) ජලය රැස් කර තබන; නියං කාලයේ දී ලබා ගනු පිණිස ශාකය තුළ ජලය රැස්කර තබා ගන්නා වූ.
ජලසංමුද්‍රිත[වි.] දිය පිටවීම හෝ ඇතුළු වීම වැළකෙන පරිදි තදින් වසන ලද (=water-tight).
ජලසන්නිය[නා.] වමනය; තදින් බඩ විරේක වීම ආදිය ලක්ෂණ කොට ඇති රෝගයක්.
ජලස්කන්ධය1. [නා.] එකට එකතු වූ දිය රැස; දිය කඳ; ජලරාශිය. 2. [නා.] අඛණ්ඩව ගලා බස්නා ජල ධාරාව; දිය දහර; දියකඳ.
ජලස්ථ[වි.] දියෙහි පිහිටි; වතුරෙහි වෙසෙන හෝ තිබෙන.
ජලස්ථිති විද්‍යාව[නා.] (භෞති.) නිශ්චල ද්‍රවවල පීඩන හා බල පිළිබඳ යාන්ත්‍රික විද්‍යාව; ද්‍රවස්ථිති විද්‍යාව.
ජලස්‍රාවය[නා.] ජලය ගැලීම; දිය වැගිරීම.
ජලහෝරා යන්ත්‍රය[නා.] ජලයේ උපකාරයෙන් වේලාව දක්වන පැරණි උපකරණයක්; පෑතැටිය.
ජල්පනය1. [නා.] කීම; කථා කිරීම; බිණීම. 2. [නා.] මැතිරීම; ජප කිරීම. 3. [නා.] මෙනෙහි කිරීම; ආවර්ජනා කිරීම.
ජල්පිතය1. [නා.] කියන ලද දෙය; කීම. 2. [නා.] හිස් කථාව; නන්දෙඩවිල්ල.
ජල්ලි1. [නා.ප්‍ර.] ජෙලටින් ආදියෙන් සාදා ගන්නා මෘදු ලොඳ වැනි රසවත් කෑමක්. 2. [නා.ප්‍ර.] ශාක ද්‍රව්‍යවලින් ලබා ගන්නා එවැනි ම ද්‍රව්‍යය. 3. [නා.ප්‍ර.] ඕනෑ ම ලොඳ වැනි ද්‍රව්‍යයක්. 4. [නා.ප්‍ර.] සිංහල ක්‍රීඩාවක්; පන්දු කෙළිය.
ජල්ලි අල්ලනවා(කථා.) [ක්‍රි.] දබර කරනවා; සණ්ඩු කරනවා.
ජල්ලි දමනවා[ක්‍රි.] ජල්ලි ක්‍රීඩාවෙන් දිනූ පිල පැරදුණු පිලට කෙළිකවට ගී ගයනවා.
ජලාංගවර්තනය(පාරිභා.) [නා.] (වෘක්ෂලතාදියෙහි මුල්, අතු ආදිය) ජලය දෙසට හෝ ඉන් බැහැරට ඇදී යෑම; ජලයේ උත්තේජකයට ප්‍රතිචාරය දැක්වීම; ජලාවර්තනය. (=hydrotropism)
ජලාකර්ෂක[ජල+ආකර්ෂක] 1. (පාරිභා.) [නා.] තෙතමනය උරා ගන්නා; ජලය බී ගන්නා; ජලය අවශෝෂණය කරන (=hygroscopic). 2. [නා.] තෙතමනය උරා ගැනෙන නමුත් ද්‍රව නොවන ඝන ද්‍රව්‍යයක්.
ජලාඤ්ජලිය[ජල+අඤ්ජලිය] [නා.] වතුර පුරවා ගත් දෑත; දියදෝත.
ජලාපවහනය[ජල+අපවහනය] [නා.] (පාරිභා.) ජලය උපකාර කොට ගෙන නළ මගින් කසළ බැහැර කිරීම (=drainage).
ජලාබු[නා.ප්‍ර.] දරු බොක්ක; ගර්භාශය; දලබුව.
ජලාබුජ1. [වි.] දලබුවෙන් උපදින; මාතෘ ගර්භයකින් ජනිත වන. 2. (උද්භි.) [වි.] ගසේ තිබියදීම හෝ ගෙඩිය තුළ දී ම බීජ හටගන්නා; මවු ශාකයෙන් වෙන් වීමට පෙර පැළවෙන. 3. (සත්ව.) [වි.] (උපදින විට ම) බෙහෙවින් වැඩී බිහි වන; වැඩුණු සත්ත්වයන් ලෙස උපත ලබන. [නා.ප්‍ර.] මවුකුසයෙහි උපදින සත්ත්වයා.
ජලාභේද්‍ය[වි.] වතුර උරා නොගන්නා; ජලය කාන්දු නොවන.
ජලාර්ණවය[ජල+අර්ණවය] 1. [නා.] මුහුද. 2. [නා.] වර්ෂා සෘතුව.
ජලාර්ධගෝලය[ජල+අර්ධගෝලය] [නා.] (භූගෝ.) ගොඩ බිමට වඩා සාගර අධික ව ඇති අර්ධ ගෝලය; ජලය වැඩි අර්ධ ගෝලය.
ජලාලය[ජල+ආලය] (පාරිභා.) [නා.ප්‍ර.] ජලජ සතුන් ඇති කිරීමට හා පැළෑටි වැඩීමට ඇති කුඩා ටැංකිය හෝ ටැංකි ගණනාවකින් යුත් ගොඩනැගිල්ල; ජලචර ප්‍රදර්ශන ශාලාව(=aquarium).
ජලාවගාහය[ජල+අවගාහය] [නා.] දියෙහි නිමග්න වීම; දිය යට ගිලීම.
ජලාවර්තන චක්‍රය(පාරිභා.) පෘථිවියේ ජලය වාෂ්ප, හිම, වැසි ආදි වෙනස් තත්ත්වවලට පත් වෙමින් නැවත නැවතත් කලින් තිබුණු තත්ත්වයටම පත් වීමේ ක්‍රියා දාමය (=hydrologic cycle).
ජලාවර්තනය[නා.] ජලයේ උත්තේජකයට ප්‍රතිචාරය දැක්වීම; (වෘක්ෂලතාදියෙහි මුල්, අතු ආදි අවයව) ජලය දෙසට හෝ ඉන් බැහැරට ඇදී යෑම.
ජලාවර්තය[ජල+ආවර්තය] [නා.] දිය සුළිය.
ජලාවශෝෂණය[ජල+අවශෝෂණය] (පාරිභා.) [නා.] (ශාක, කොළ; මුල් ආදියෙන්) දිය උරාගැනීම; වීම ජලය අවශෝෂණය (=water absorption).
ජලාවාටය[ජල+ආවාටය] [නා.] දිය පිරුණු වළ; වතුර වළ.
ජලාශය[නා.] (වැව් පොකුණු ආදි) වතුර රඳා තිබෙන විශාල ප්‍රදේශය; ජලය රැස් කරන ටැංකි ආදි දෑ.
ජලාශ්‍රිත[ජල+ආශ්‍රිත] [වි.] ජලයෙහි ඇසුර ඇති; දිය රැඳුණු; වතුර ඇති.
ජලිස්[නා.ප්‍ර.] දිගටත් හරහටත් ලී පටි ගසා කරන ආවරණය; ගරාදිය.
ජලීය1. [වි.] ජලය වැනි; ද්‍රවාකාර. 2. [වි.] වතුර අඩංගු; ජලය සහිත; දිය බහුල. 3. [වි.] ජලයෙහි හටගත්; ජලජ. 4. [වි.] දියෙහි හැසිරෙන; ජලචර.
ජලීයරස(පාරිභා.) [නා.ප්‍ර.] පෘෂ්ඨවංශිකයන්ගේ ඇසෙහි කාචයත් දෘෂ්ටිවිතානයත් අතර අවකාශයෙහි පිහිටි ජලය වැනි ද්‍රව කොටස (=aqueous vapour).
ජලූකයා, ජලූකාවා, ජලෝකාවා[නා.] දිය කූඩැල්ලා; පූඩලුවා.
ජලෝගිය[නා.] නොපැසුණු රා; මද්‍ය භාවයට නොපැමිණි සුරාව; මීරා.
ජලෝඝය[ජල+ඕඝය] [නා.] සැඩ දියපාර.
ජලෝද්ගමනය[ජල+උද්ගමනය] (පාරිභා.) [නා.] (ශාකයක) දිය උඩට ඇදී යෑම; ජලය ඉහළට යෑම (=ascent of water).
ජලෝද්භිදය[ජල+උද්භිදය] [නා.] ජලයෙහි වැඩෙන ශාකය; ජලශාකය.
ජව බලය[නා.] දිවීමේ වේගය; වේග ශක්තිය; ධාවන ශක්තිය.
ජව සුළඟ[නා.] හදිසියේ ඇති වී සුළු වේලාවකින් නැවතෙන ප්‍රචණ්ඩ සුළඟ.
ජවදූත සේවය[නා.] ඉතා විශ්වසනීය හා ආරක්ෂාකාරී ලෙස ඉතා ඉක්මනින් භාණ්ඩ තැපැල් කිරීමේ ක්‍රමයක් (=courier service).
ජවන[වි.] වේගයෙන් ගමන් කරන හෝ දුවන; ශීඝ්‍රගාමී.
ජවන ඉසව්ව1. [නා.] (කිසියම්) දිවීමේ තරගයක් සඳහා නියමිත දුර ප්‍රමාණය. 2. [නා.] දිවීමේ තරගයක තරංග අංකය.
ජවන චිත්තය[නා.] (අභි.) චිත්ත වීථියක යෙදෙන අරමුණ දැන ගැනීමේ හා ඒ ඒ ක්‍රියා සිදු කිරීමේ අධික වේගය ඇති සිත; ජවන්සිත.
ජවන ප්‍රඥාව[නා.] යුහුසුලු ව ක්‍රියා කරන ඥාණය; වේගවත් නුවණ.
ජවන වේගය[නා.] දුවන්නා වූ වේගය; දිවයන වේගය; ජවය.
ජවනය1. [නා.] වේගයෙන් ගමන් කිරීම හෝ දිවීම; ශීඝ්‍රගාමිත්වය. 2. [නා.] ජවන චිත්තය.
ජවනයා[නා.] අශ්වයා.
ජවනිකාව1. [නා.] තිරය; කඩතුරාව. 2. [නා.] නාට්‍යයක රඟපෑම් කොටස; නිරූපිත කොටස.
ජවය1. [නා.] (ගමන් කිරීමෙහි, ධාවනයෙහි, වැඩ කිරීමෙහි) ඉක්මන්බව; වේගය; ශීඝ්‍රතාව. 2. [නා.] (කාය) ශක්තිය; (සවි) බලය. 3. [නා.] නියමිත කාලයක් තුළදී නිකුත්කරන ශක්ති ප්‍රමාණය.
ජවරෝදය(පාරිභා.) [නා.] ඇන්ජිමක වේගයෙහි හෝ කම්පනයෙහි හෝ සමතුලනයක් ඇති කිරීම සඳහා දඟර කඳකට සවි කරන බර රෝදය (=flywheel).
ජවාධිකයා1. [නා.] අධික ධාවන වේගයෙන් යුත් තැනැත්තා. 2. [නා.] වේගයෙන් දුවන අශ්වයා.
ජවුසන්, ජවුසෙන්1. [නා.ප්‍ර.] මුස්ලිම් ජනයාගේ ආගමික උත්සවයක් සම්බන්ධ නැටුම විශේෂයක්. 2.(කථා.) [නා.ප්‍ර.] නුසුදුසු අන්දමට විනෝද වෙමින් කාලය ගතකිරීම; විගඩම.
ජසය, ජසේ(කථා.) [නා.] පංච පෙතේ මුදුන; අවසන් කොටුව; ජබය.
ජහජරාව(කථා.) [නා.] ඉතා අපිරිසිදු දෙය; කුණු වී පල්වෙමින් පවතින වී දෙය; දුර්ගන්ධ ද්‍රව්‍යය.
ජහනය[නා.] ඉවත් කිරීම; දුරු කිරීම; ප්‍රතික්ෂේප කිරීම.
ජහර1. (කථා.) [නා.] ජරා වූ; අපිරිසිදු. 2. [නා.] දිරාපත්; ඔතෑනි; දුර්වල.
ජහරි[වි.] කෑදර; බඩජාරි.
ජහරියා[නා.] කෑදරයා; අහරට ගිජු තැනැත්තා; බඩජාරියා.
ජළ මඩුල්ල[නා.] හැඩපලු ගෙතුණු කෙස් වැටිය; ජටා මණ්ඩලය; දළ මඬුල්ල.
ජ්වරය[නා.] උණ රෝගය.
ජ්වලන1. [නා.] බබළන; දිලිසෙන. 2. [නා.] දැල්වෙන; ඇවිළෙන. 3. [නා.] වේගයෙන් ගිනි ගන්නා; ක්ෂණික ව ඇවිළෙන; වහා දහනය වන. 4. [නා.] දැවිල්ල සහිත; දාහ ගතියෙන් යුත්.
ජ්වලන අංකය(පාරිභා.) [නා.] යම් ද්‍රව්‍යයකට ගිනි ඇවිළීමට අවශ්‍ය වාෂ්ප නිකුත් වන අවම උෂ්ණත්ව මට්ටම (=flash point).
ජ්වලන ප්‍රහාරය(පාරිභා.) [නා.] අන්තර් දහන එන්ජිමක මිශ්‍රණය ගිනි ගැන්වීමේ හෙවත් බලය නිපදවීමේ පහර (=firing stroke).
ජ්වලනය1. (පාරිභා.) [නා.] ගිනි ගැනීම; දැල්වීම. 2. [නා.] සිලින්ඩරයක් තුළ ඇති පැට්‍රල් වායු මිශ්‍රණයට (විද්‍යුත් පුලිඟු මගින්) ගිනි ගැන්වීම; ස්ඵෝටක ද්‍රව්‍යයකට ගිනි ඇවිළීම.
ජ්වලිත1. [වි.] පත්තු වුණු; දැල්වුණු; ඇවිළුණු. 2. [වි.] බැබළුණු; දිලිසුණු. 3. [වි.] රත්වූ; උණුසුම් වූ· 4. (ක්‍රිස්ති.) [වි.] ඉතා භක්තිමත්.
ජ්වලෝපච්ඡේදය[නා.] ගිනිදැල් නැති වීම; ගින්.
ජ්වාලය, ජ්වාලාව1. [නා.] ගිනි දැල්ල; ගිනි සිළුව. 2. [නා.] ගිනිමැලය.
ජ්‍යාමිතිය[නා.] අවකාශයෙහි (රේඛා, පෘෂ්ඨ, ඝන ආදි) වස්තු පිළිබඳ ලක්ෂණ හා සම්බන්ධතා හා ආශ්‍රිත විද්‍යාව; රේඛා ගණිතය.
ජ්‍යාය1. (ප්‍ර. යෙදේ) [නා.] දුන්නෙහි ලණුව; දුනු දිය. 2. [නා.] පොළොව; පෘථිවිය. 3. (පාරිභා.) [නා.] වෘත්තයක කොටසක් වෙන් කරන ඍජු රේඛාව.
ජ්‍යේෂ්ඨ1. [වි.] මුල් වූ; අග්‍ර; අධිපති. 2. [වි.] වයසින් වැඩි වූ; වැඩිමහල්; දෙටු; වැඩිහිටි. 3. [වි.] උතුම්; උසස්; ශ්‍රේෂ්ඨ; උත්කෘෂ්ට.
ජ්‍යේෂ්ඨයා1. [නා.] මූලිකයා; ප්‍රමුඛයා; නායකයා; ප්‍රධානයා. 2. [නා.] වයසින් වැඩි වූ තැනැත්තා; වැඩිමහල්; වැඩිහිටියා.
ජ්‍යෝත්ස්නා[නා.ප්‍ර.] සඳ එළිය; චන්ද්‍රකාන්තිය.
ජ්‍යෝති[නා.ප්‍ර.] කාන්තිය; ශෝභාව; ආලෝකය.
ජ්‍යෝතිර් විද්‍යාව[නා.] (චන්ද්‍ර සූර්ය ආදි) ග්‍රහ වස්තූන්ගේ පිහිටීම (විශේෂයෙන්) මිනිස් ජීවිත කෙරෙහි බලපාන හැටි උගන්වන ශාස්ත්‍රය; ජ්‍යෝතිෂය.
ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා[නා.] ජ්‍යෝතිෂය උගත් තැනැත්තා; නක්ෂත්‍රකාරයා; දෛවඥයා.
ජ්‍යෝතිශ්ශාස්ත්‍රය[නා.] නක්ෂත්‍රය; හෝරා ශාස්ත්‍රය; ජෝතිර්විද්‍යාව.
ජා1. [නා.ප්‍ර.] ජාතක කථාව; ජාතකය; දාව. 2. [නා.ප්‍ර.] බිරිය; භාර්යාව; ජායාව. 3. [නා.ප්‍ර.] මැලේ ජාතිය.
ජාං බේරාගන්නවා, ජාන් බේරාගන්නවා(කථා.) [ක්‍රි.] කිසියම් කාර්යයක් කිරීමට ගොස් අමාරුවේ නොවැටී බේරෙනවා.
ජාංගල, ජාඞ්ගල1. [වි.] ජලය හිඟ; නිර්වාරි. 2. [වි.] කැලෑ; කැලෑබද. 1. [නා.ප්‍ර.] වියලි බිම; මුඩු බිම; නිර්වාරි ස්ථානය. 2. [නා.ප්‍ර.] වන පෙදෙස; කැලෑව; අරණ්‍යය. 3. [නා.ප්‍ර.] වන සතුන්ගේ මාංසය; දඩමස. 4. [නා.ප්‍ර.] වලිකුකුළා.
ජාකොටුව[නා.] මසුන් කොටු කර අල්ලා ගැනීමට දියෙහි ලී සිටුවා බඳින කොටුව.
ජාගර[වි.] අවදි ව සිටින; නොනිඳා සිටින; නිදි වරන.
ජාගරණය1. [නා.] අවදි ව සිටීම; නිදි වැරීම. 2. [නා.] සිහි එළවා විසීම.
ජාඩ්‍යය1. [නා.] සිසිල් බව; ශීතල ස්වභාවය. 2. [නා.] නොදන්නාකම; මෝඩකම; ජඩ භාවය.
ජාඩි[නා.ප්‍ර.] ගොරක, ලුණු ආදිය මිශ්‍ර කොට බරණිවල දමා කල් තබා ගැනීමට සැකසූ මාළු (මත්ස්‍ය මාංස).
ජාත[වි.] උපන්; හටගත් පහළ වූ. 1. [නා.ප්‍ර.] ඉපදීම; ජන්මය; සම්භවය. 2. [නා.ප්‍ර.] සමූහය. රාශිය.
ජාත කර්මය[නා.] දරුවකු උපන් මොහොතෙහි සිදු කරන මංගල චාරිත්‍ර විධිය.
ජාතක[වි.] ඉපිද වූ; පිළිසිඳ ගත්. 1. [නා.ප්‍ර.] උපත; ජන්මලාභ. 2. [නා.ප්‍ර.] බෝසතුන්ගේ අතීත උත්පත්ති දැක්වෙන කථා.
ජාතක දරුවා[නා.] නීති ප්‍රකාර විවාහ වූ දෙමාපියනට උපන් දරුවා; පිය උරුමයට හිමි දරුවා.
ජාතක පොත[නා.] බෝධිසත්ත්ව චරිත කථා ඇතුළත් සිංහල ග්‍රන්ථය; පන්සිය පනස් ජාතක පොත.
ජාතකකථා[නා.ප්‍ර.] බෝසතුන්ගේ චරිත කථාව; බෝසත් සිරිත.
ජාතකභාණක[නා.ප්‍ර.] ජාතක පාළිය වනපොත් කළ තැනැත්තා; ජාතකකථා දේශනා කරන්නා.
ජාතභූමිය[නා.] උපන් බිම; මවුබිම; ජන්ම භූමිය.
ජාතරූප1. [නා.ප්‍ර.] අමු රන්; රත්රන්; ස්වර්ණ. 2. [නා.ප්‍ර.] රිදී; රජත; උපතින් ම ලත් රූපාකාරය.
ජාතවේද1. [නා.] ගින්න; ගින්දර; අග්නිය. 2. [නා.] ගිනි දෙවියා. 3. [නා.] රත්රන්.
ජාතස්සරය[නා.] ස්වාභාවික විල; ඉබේ හැදුණු විල; ස්වයංජාත විල.
ජාත්‍යන්තර[ජාති+අන්තර] [වි.] වෙන වෙන ජාතීන් පිළිබඳ; ජාතීන් අතර වූ; අන්තර්ජාතික.
ජාත්‍යන්තර අධිකරණය[නා.] ජාතීන් අතර ඇතිවන නීතිමය ආරාවුල් විසඳීමටත් නීතිගැටලු පිළිබඳ ව එක්සත් ජාතීන්ට උපදෙස් දීමටත් ජාත්‍යන්තර ව පිළිගත් පනත් හා සම්මුති බිඳවැටීමෙන් අගතියට පත් අවස්ථාවක පැමිණිලි කළහැකි එක්සත් ජාතීන්ගේ සංවිධානය.
ජාත්‍යන්තර ණය අරමුදල[නා.] ආර්ථික සංවර්ධනය සඳහා ලෝක බැංකුව මගින් රටවල ණයදීම පිණිස යොදවා ඇති ණය අරමුදල.
ජාත්‍යන්තර නීතිය[නා.] අන්තර් ජාතික වශයෙන් සම්මුතියෙන් පිළිගනු ලබන නීති පද්ධතිය; ස්වාධීන රාජ්‍යයන් හා අන්තර් ජාතික ආයතනයන් අතර පිළිගැනෙන පොදු නීතිය (=international law).
ජාත්‍යන්තර බැංකුව[නා.] වෙන වෙන ජාතීන් අතර හෝ රටවල් අතර ගනුදෙනු හුවමාරුව සඳහා ඇති මුදල් ආයතනය; අන්තර් ජාතික වශයෙන් මුදල් හුවමාරු කටයුතු කෙරෙන බැංකුව.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(පාරිභා.) [නා.] ජාත්‍යන්තර විනිමය ස්ථායීකරණය; තුලිත හා ක්‍රමවත් වෙළඳාම දියුණු කිරීම හා (සංවර්ධන කටයුතු සඳහා) මුදල් ප්‍රතිපාදනය පිණිස වූ අරමුදල් සංවිධානය (=international monetary fund).
ජාත්‍යන්තර විනිමය[නා.] ජාතීන් අතර මුදල් වර්ග හුවමාරු කෙරෙන මධ්‍යස්ථානට අන්තර් ජාතික ලෙස මුදල් ගනුදෙනු කරන ආයතනය.
ජාත්‍යන්තර ශබ්දශික්ෂා හෝඩිය[නා.] ලෝකයේ කවර බසක වුවද උච්චාරණය ලියා දැක්වීමට හැකි වනසේ සකස් වූ වාග්විද්‍යා සංකේත මාලාව.
ජාත්‍යන්ධයා[ජාති+අන්ධයා] [නා.] උපතින් ම ඇස් නොපෙනෙන්නා; උපන් අන්ධයා.
ජාත්‍යභිමානය[නා.] තම ජාතිය පිළිබඳ පවත්නා උසස් හැඟීම.
ජාත්‍යභිවෘද්ධිය[නා.] ජාතියේ දියුණුව; දැයේ නැඟුම.
ජාත්‍යර්ථය[නා.] ජාතිය යන තේරුම.
ජාත්‍යාදිය1. [නා.] ඉපදීම මුල්කොට ඇති සිද්ධි. 2. [නා.] අවමන් පිණිස හෝ ගර්හා පිණිස ඇද දක්වන හීන කුලවත්බව ආදිය. 3. [නා.] ජාති ද්‍රව්‍ය යනාදිය.
ජාත්‍යාලය[නා.ප්‍ර.] ජාති ආලය; ජාතිය කෙරෙහි ඇති බලවත් ඇල්ම.
ජාත්‍යුන්නතිය[නා.] ජාතියේ අභිවෘද්ධිය; දැයේ දියුණුව.
ජාත්‍යුන්මත්තක[ජාති+උන්මත්තක] [වි.] උපතින් ම උමතු; සහජයෙන් සිහි විකල.
ජාති1. [නා.ප්‍ර.] ඉපදීම; හට ගැනීම; උත්පත්තිය. 2. [නා.ප්‍ර.] මවකගේ කුසෙහි හෝ ඕපපාතිකව හෝ හටගන්නා ස්කන්ධය; පංචස්කන්ධය. 3. [නා.ප්‍ර.] හේතූන් නිසා හටගත් ධර්මස්වභාවය. 4. [නා.ප්‍ර.] අෂ්ටාර්ය පුද්ගලයන්ගේ උතුම් පැවැත්ම; ආර්යශීලය. 5. [නා.ප්‍ර.] උත්පත්තිය හා මරණය අතර කාලපරිච්ඡේදය. 6. [නා.ප්‍ර.] (සමාන) වංශය; නිකාය වර්ගය. 7. [නා.ප්‍ර.] ජනතාව; රටවැසි සමූහයා; දැය. 8. [නා.ප්‍ර.] යම්කිසි වර්ගයකට ලැබෙන පොදු නම.
ජාති ලක්ෂණය1. (පාරිභා.) [නා.] කිසියම් වර්ගයකට හෝ ජාතියකට පොදු ස්වාභාවික ගුණය. 2. (කථා.) [නා.] උත්පත්තියෙන් හෝ පරපුරින් ලබන හැඩගැස්ම.
ජාති වාත්සල්‍යය[නා.] ජාතියට ඇති සෙනෙහස; ජාතිය පිළිබඳ මහත් ඇල්ම.
ජාති හිතෛෂියා[නා.] තම දැයට ඇලුම් ඇති තැනැත්තා; ස්වකීය ජාතියට හිතවත් තැනැත්තා.
ජාතික[වි.] ජාතිය වර්ගය හෝ කුලය හා සම්බන්ධ; ජාතියට අයත් හෝ පොදු වූ.
ජාතික අධ්‍යාපනය[නා.] රටට ම පොදු වූ ඉගැන්වීම් පරිපාටිය; ජාතික පරමාර්ථයන් අනු ව සකස් වුණු අධ්‍යාපනය.
ජාතික අනන්‍යතාව[නා.] ජාතියක් සතු අනන්‍ය සාධාරණ ලක්ෂණය; ජාතියක් අන්‍ය ජාතීන්ගෙන් වෙන් කොට දැක්විය හැකි ලක්ෂණය.
ජාතික ආණ්ඩුව[නා.] දේශපාලන පක්ෂ සියල්ල ම හෝ වැඩි ගණනක් එකමුතු ව පිහිටුවා ගන්නා ආණ්ඩුව.
ජාතික ආදායම[නා.] රටක නිෂ්පාදන භාණ්ඩවල සහ රටවැසියන්ගෙන් සැපයෙන සියලුම සේවාවන්හි මූල්‍ය වටිනාකම්වල මුළු එකතුව.
ජාතික ආරක්ෂාව(පාරිභා.) [නා.] අභ්‍යන්තරික වශයෙන් රට රැකීම (=national defence).
ජාතික ඇඳුම[නා.] යම් ජාතියකට අයත් වන්නන් විසින් තමන්ට ආවේණික ලෙස සලකන පොදු ඇඳුම.
ජාතික කොඩිය[නා.] රටක පුරවැසියන් පොදු සම්මතයෙන් පිළිගත් ධ්වජය; ජාතියක් හෝ රටක් හෝ හඳුන්වන කොඩිය.
ජාතික ගීය[නා.] යම් රටක වැසියන් ජාත්‍යභිමානි හැඟීම පළ කිරීම ද සිය රටට අවනතභාවය ප්‍රකාශ කිරීම ද සඳහා උත්සවාවස්ථා ආදියෙහි දී ගැයීම පිණිස සකස් කරගත් ගීය.
ජාතික ධනය[නා.] රටක ස්වභාවික සම්පත්වලින් ශ්‍රමයෙන් හා නිෂ්පාදනවලින් උපදින ධනය.
ජාතික භාෂාව[වි.] කිසියම් ජාතියක් පාරම්පරිකව භාවිත කරන පොදු බස; රටක බහුතර සංඛ්‍යාව ව්‍යවහාර කරන බස.
ජාතික රාජ්‍යසභාව[වි.] මහා මැතිවරණයකින් පත්කර ගනු තෝරා ලබන නියෝජිතයන්ගෙන් සමන්විත මැතිසබය; පාර්ලිමේන්තුව.
ජාතික ව්‍යාපාරය1. [නා.] රටක ස්වාධිනත්වය උදෙසා ගෙන යන ව්‍යාපාරය. 2. [නා.] ජාතික දියුණුව ඇති කිරීමේ වැඩ පිළිවෙළ.
ජාතික වීරයා[නා.] සිය ජාතිය නඟා සිටුවීම සඳහා කැප වී වැඩ කළ පුද්ගලයා; ජාතිය වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයා.
ජාතික සමගිය[නා.] රටක වෙසෙන විවිධ ජාතීන් අතර එකමුතුකම.
ජාතික හැඳුනුම්පත[නා.] පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරනු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පත; අනන්‍යතා පත්‍රය.
ජාතිකයා[නා.] කිසියම් ජාතියකට හෝ වර්ගයකට අයත් පුද්ගලයා.
ජාතික්ෂය1. [නා.ප්‍ර.] උත්පත්තිය ක්ෂය කිරීම; උපත කෙළවර කිරීම; නිවන් දැකීම. 2. [නා.ප්‍ර.] අභාවය; කාලක්‍රියා කිරීම.
ජාතිකාගම[ජාතික+ආගම] [නා.ප්‍ර.] ජාතියකට අයත් ආගම; ජාතියක පොදු ආගම.
ජාතිකානුරාගය[නා.] ජාතිය පිළිබඳ ඇති ඇල්ම; ආදරය.
ජාතිකාභිමානය[නා.] ජාතික අභිමානය; සිය ජාතිය පිළිබඳ ව ඇතිවන්නා වූ උදාර හැඟීම.
ජාතිගතිය(කථා.) [නා.] සහජයෙන් ලැබුණු ගතිගුණය; උපතින් ලත් පුරුද්ද.
ජාතිද්‍රෝහියා[නා.] ස්වකීය ජාතියට එරෙහි ව ක්‍රියා කරන්නා; ජාතියට සතුරු වන තැනැත්තා.
ජාතිදුක[නා.] (නැවත නැවත) ඉපදීමේ දුක; සසර දුක.
ජාතිනාමය[නා.] (ව්‍යාක.) සත්ත්ව වෘක්ෂ ආදි එක් එක් වර්ගය පොදුවේ හඳුන්වන නාමය.
ජාතිබධිරයා[නා.] උත්පත්තියෙන් ම බිහිරා; ජන්මයෙන් ම කන් නොඇසෙන තැනැත්තා.
ජාතිභ්‍රෂ්ටයා[නා.] ජාතිය පහත හෙළන්නා; ස්වකීය වර්ගයාට අවමාන කරන්නා.
ජාතිභේදය1. [නා.] ජාතීන් අනු ව කොටස් කිරීම; ජාති අනු ව බෙදීම හා වෙනස්කම් කිරීම. 2. [නා.] කුල අනු ව බෙදීම; කුල භේදය.
ජාතිමත්[වි.] උසස් ගෝත්‍රයකට අයත්; ශ්‍රේෂ්ඨ වංශයක් ඇති.
ජාතිමද[නා.ප්‍ර.] ගෝත්‍රය නිසා ඇති වන මානය; වංශය නිසා ඇති කරගන්නා ගර්වය.
ජාතිමාමක[වි.] ජාතිය පිළිබඳ මමත්වය ඇති; කුලගෝත්‍රය පිළිබඳ ව මගේය යන හැඟීම ඇති.
ජාතිමූගයා[නා.] උපතින් ගොළු වූ තැනැත්තා.
ජාතිරඞ්ග මාණික්‍යය[නා.] ස්වභාවයෙන් ම බැබළෙන මැණික; පළිඟුමිණ; ස්ඵටිකය.
ජාතිරත්රන්[නා.ප්‍ර.] වෙනත් ලෝහාදියක් මිශ්‍ර නොකළ; පිරිසිදු රත්රන්; දඹරන්.
ජාතිවාදය1. [නා.] ජාති, ගෝත්‍ර පිළිබඳ අඩු ලුහුඬු මතු කොට කථා කිරීම. 2. [නා.] තම ජාතිය ම ඉස්මතු කොට සැලකීම.
ජාතිවෛරය[නා.ප්‍ර.] (පූර්ව ජාතියක සිට පවත්වාගෙන එන) ජන්ම ක්‍රෝධය; දැඩි ක්‍රෝධය.
ජාතිසම්පන්න[වි.] උසස් පරපුරින් යුතු; යහපත් වංශ පරම්පරාවෙන් යුක්ත.
ජාතිස්මරණ ඥානය[නා.] අතීත ජාති සිහි කිරීමේ නුවණ.
ජාතීන්ගේ සංගමය[නා.] අන්තර් ජාතික සහයෝගය සඳහා පිහිටවනු ලැබූ සංවිධානයක්.
ජාන ඉංජිනේරු විද්‍යාව[නා.] ජාන හුවමාරුව පිළිබඳ විද්‍යාව (=genetic engineering).
ජාන තාක්ෂණය[නා.] පුද්ගලයන්ගේ සුවිශේෂ වෙනස්කම්වලට ගැළපෙන ලෙස වර්ණ දේහක අනුපිළිවෙළින් පිහිටා ඇති බවට උපකල්පිත ඒකක පිළිබඳ ශිල්පීය ක්‍රමය; ප්‍රවේණ්‍යණුව පිළිබඳ ශිල්පීය ක්‍රමය.
ජානක ක්‍රියාව(පාරිභා.) [නා.] ප්‍රජනනය ඇති කිරීම; ප්‍රජනන කාර්යය.
ජානනය[නා.] දැන ගැනීම; විජානනය.
ජානපදිකයා[නා.] ජනාවාසයක පදිංචි කාරයා; ජනපද වැසියා.
ජානය(පාරිභා.) [නා.] වර්ණදේහ තුළ පිහිටා ඇති ආවේණික ලක්ෂණ නිර්ණය කරන ඒකකය.
ජානු කපාලය[නා.] දණ පොල් කටුව; දණහිස් කටුව.
ජානු චක්‍රාස්ථිය[නා.] දණපොල්කටුව.
ජානු මණ්ඩලය[නා.] දණහිස; දණිස් සන්ධිය.
ජාමය[නා.] යාමය; රාත්‍රියෙන් තුනෙන් එකක කාල සීමාව.
ජාමවේලාව(කථා.) [නා.] රෑ මැදියමට පසු එන පැය දෙකතුන.
ජාම්බූනදස්වර්ණ, ජාම්බෝනදස්වර්ණ[නා.ප්‍ර.] ඉතා පිරිසිදු වටිනා රන් විශේෂයක්; දඹරන්.
ජායමාන1. [වි.] උපදින්නා වූ; හටගන්නා වූ. 2. (පාරිභා.) [වි.] රසායනික ප්‍රතික්‍රියාවකින් සෑදුණු හැටියේ ම හෙයින් අතිශය ප්‍රතික්‍රියාකාරී වූ.
ජායා(පාරිභා.) [වි.] ස්ත්‍රි ලිංගික වූ; ජායාංගී(=female). [නා.ප්‍ර.] අඹුව; බිරිය; භාර්යාව.
ජායාංගධරය(පාරිභා.) [නා.] ඇතැම් මල්වල රේණු හා ජායාංගය අතර දික් වූ ග්‍රාහකය; ඩිම්බකෝෂයට ආධාරක වූ නටුව හෝ වෘන්තය (= gynophore).
ජායාංගය(පාරිභා.) [නා.] මලක ස්ත්‍රී කේශර පද්ධතිය (=gynaecium).
ජායාංගි පුෂ්පය(පාරිභා.) [නා.] ස්ත්‍රී ලිංගික කොටස පමණක් ඇති මල; ගෑනු මල (=pistillate flower).
ජායාපති[නා.ප්‍ර.] අඹුසැමි දෙදෙනා; යුවති පති දෙදෙනා.
ජාරණය(පාරිභා.) [නා.] සෛල දිරාපත් වීම (=lysis).
ජාරය, ජාරුව(කථා.) [නා.] අඩි තුනක හෙවත් අඟල් තිස් හයක දිග; යාරය.
ජාරයා[නා.] සොර සැමියා; අනියම් පුරුෂයා.
ජාරී[නා.ප්‍ර.] සොර අඹුව.
ජාල කවාටය[නා.] දැලක ආකාරයට සිදුරු සිටින සේ තැනූ කවුළුව; ජාලකවුළුව.
ජාලකය1. [නා.] යම් ස්ථාන සමූහයක් එකිනෙකට සම්බන්ධ ව පවතින රටාව. 2. (පාරිභා.) (විද්‍යු.) [නා.] විවිධ විදුලිබල ජනක ස්ථාන යා කෙරෙන සම්ප්‍රේෂණ මාර්ග පද්ධතිය.
ජාලධානිය(පාරිභා.) [නා.] දැලට සුදුසු නූල නිපදවීම සඳහා මකුළු සිරුරෙහි පිහිටි ග්‍රන්ථය (=arachnidian).
ජාලපාද[නා.ප්‍ර.] සම් සිවියකින් ඇඟිලි බැඳී ඇති (තාරා වැනි ජල ජීවීන්ගේ) පාද.
ජාලම(කථා.) [නා.] රැවටිල්ල; මායාව; ඉන්ද්‍රජාලය.
ජාලය1. [නා.] දැල. 2. [නා.] සමූහය; එකමුතුව.
ජාලයෝගය(පාරිභා.) [නා.] කොළයක නාරටි හෝ ශරීරයේ නහර දැලක් මෙන් රටාවක් අනු ව විහිදී යෑම (=anastomose).
ජාලහස්තපාද[වි.] දැල් කවුළුවක් මෙන් ඇඟිලි සම ප්‍රමාණ වූ අත් පාවලින් යුතු; දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් එකක්.
ජාලා[වි.] දැලක් බඳු; දැලක් මෙන් සිදුරු සහිත වූ.
ජාලානුබද්ධ[ජාල+අනුබද්ධ] [වි.] දැලෙහි බැඳුණු; දැලට හසු වූ.
ජාලාව1. [නා.] දැල; ජාලය. 2. [නා.] දීප්තිමත් ගිනි කඳ. 3. [නා.] රාශිය; සමූහය.
ජාලිකාව1. [නා.] ලෝහමය දැලින් සැදූ යුද ඇඳුම; දැල් සන්නාහය. 2. (පාරිභා.) [නා.] වමාරා කන සතුන්ගේ දැලක් බඳු දෙවැනි ආමාශය (=reticulum).
ජාවාරම1. [නා.] ව්‍යාපාරය; වෙළඳ ව්‍යාපාරික කටයුත්ත. 2. [නා.] අසම්මත වූ හෝ නීත්‍යනුකූල නුවූ ව්‍යාපාරය.
ජාවාරම්කාරයා1. (පාරිභා.) [නා.] වෙළෙන්දා; ව්‍යාපාරිකයා. 2. (කථා.) [නා.] අයුතු ලෙස ව්‍යාපාරික කටයුතු කරන්නා.
ජැකාඩ් යන්ත්‍රය(පාරිභා.) [නා.] මෝස්තර සහිත රෙදි විවීම පහසු කිරීම සඳහා අළුව සමඟ එකට පාවිච්චි කරන උපකරණයක් (=jacquard loom).
ජැකිය[නා.] බරක් ඉහළට එසවීම සඳහා පාවිච්චි කරන (පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි) යා උපකරණයක්; ජැක්කුව.
ජැකෙට්ටුව, ජකෙට්ටුව[නා.] ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ම උඩුකය වසා අඳින සාමාන්‍යයෙන් අත් දිග ඇඳුමක්.
ජැටිය, ජෙටිය[නා.] ජල යාත්‍රාවකින් ප්‍රවාහණය කරනු ලබන මගීන්ට පා තැබීමටත් භාණ්ඩ ගොඩ බෑමටත් ගොඩබිමින් දිය මතට නෙරා සිටින සේ ඉදි කර ඇති පාලම හෝ වේදිකාව.
ජැන්ඩි(කථා.) [වි.] උජාරු; අහංකාර; කැපීපෙනෙන සේ අඳින පලඳින.
ජැන්ඩිපට, ජැන්ඩිපොට(කථා.) [නා.ප්‍ර.] හවඩියේ මුදු යතුරු ආදිය එල්ලීම සඳහා තනා ඇති දම්වැල් පට.
ජැන්ඩිපහට(කථා.) [ක්‍රි.වි.] ජේත්තුවට; ආඩම්බරයට; අලංකාර ලෙස.
ජෑම්[නා.ප්‍ර.] ඉදුණු පලතුරු සීනි මිශ්‍රකර තම්බා පල්පයක් සේ සාදා ගනු ලබන කෑම වර්ගයක්; පාන් ආදියෙහි තවරා කෑමට ගනු ලැබේ.
ජිගීෂාව[නා.] අන්‍යයන් අබිබවා ජය ලැබීමට ඇති බලවත් ආශාව.
ජිගුච්ඡාව1. [නා.] පිළිකුල; ජුගුප්සාව; අප්‍රසන්නතාව. 2. [නා.] නින්දාව; අපහාසය.
ජිඝච්ඡාව[නා.] කුසගින්න; ක්ෂුධාව.
ජිඥාසාව[නා.] දැන ගැන්මේ බලවත් කැමැත්ත; සෙවීමේ ආශාව.
ජිණ්ණ[වි.] දිරා ගිය; ජරාවට පත්; ජීර්ණ; දිරූ.
ජිත[වි.] ජය ගන්නා ලද; දිනූ; අනුන් පැරද වූ.
ජිතමාර[වි.] මාරයා දිනූ; දිනන ලද පස්මරුන් ඇති; තථාගයතන් වහන්සේ පිළිබඳ ව යෙදේ.
ජින1. [නා.ප්‍ර.] සියලු කෙලෙසුන් හා පස් මරුන් දිනූ තැනැත්තා; බුදුරජාණන් වහන්සේ. 2. [නා.ප්‍ර.] බුදුරදුන් කල විසූ ෂට්ශාස්තෘ කෙනෙකුගේ නාමය; නිගණ්ඨනාථපුත්ත.
ජින බිම්බය[නා.] බුදු පිළිමය.
ජින වචනය1. [නා.] බුදුරදුන් දේශනා කළ ධර්මය; බුද්ධ දේශනාව. 2. [නා.] ත්‍රිපිටක පාළිය; පාළි භාෂාව,
ජිනපුත්‍ර[නා.ප්‍ර.] බුද්ධ පුත්‍රයා; බෞද්ධ භික්ෂුව.
ජින්[නා.ප්‍ර.] ධාන්‍ය වර්ග හෝ මෝල්ට් සැර පැසවා සාදා ගන්නා මත්පැන් වර්ගයක්.
ජින්තීගු පිට්ටනිය(කථා.) [නා.] පෘතුගීසින් විසින් ක්‍රිස්තියානි නොවූ ජනයාට වෙන් කරන ලද සුසාන භූමිය.
ජින්තීගුවා, ජෙන්තේගුවා(කථා.) [නා.] රෝමානු කතෝලික නොවන්නා; මිත්‍යාදෘෂ්ටිකයා.
ජිනේන්ද්‍ර[ජින+ඉන්ද්‍ර] 1. [නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේ. 2. [නා.ප්‍ර.] ප්‍රධාන තවුසා; උතුම් තවුසා.
ජිප්සි1. [නා.ප්‍ර.] ස්ථිර පදිංචියක් නැති ව තැනිත් තැන ඇවිදිමින් ජීවත් වන මනුෂ්‍ය වර්ගයක්. 2. [නා.ප්‍ර.] (ලංකාවේ) අභිගුණ්ඨිකයා. 3. [නා.ප්‍ර.] ජිප්සින් කතාබස් කරන ඉන්දු යුරෝපීය ලක්ෂණ ඇති භාෂා සමූහය.
ජිම්නාස්ටික්[නා.ප්‍ර.] ශරීර ශක්තිය සහ කඩිසර භාවය සඳහා ප්‍රබල ව්‍යායාම ක්‍රම.
ජිම්නේසියම්[නා.ප්‍ර.] විශේෂ ශාරීරික ව්‍යායාම සිදු කරන ශාලාව; ක්‍රීඩාගාරය.
ජිය[නා.ප්‍ර.] දුන්නෙහි ලනුව; දුනුදිය.
ජිර්ණ පද්ධතිය[නා.] ආහාර දිරවීම සම්බන්ධ අවයව සමූහය.
ජිරාෆ්[නා.ප්‍ර.] දිග බෙල්ලක් හා දිග පාද ඇති අප්‍රිකානු සිව්පාවෙක්.
ජිල්[නා.ප්‍ර.] ද්‍රව මනින මිම්මක්; පයින්ට් කාලක ප්‍රමාණය.
ජිල්ලිකාභය(පාරිභා.) [නා.] ඇසෙහි දෘෂ්ටි විතානයත් ශුක්ලාවත් අතර පිහිටි සියුම් ස්තරය (=choroid).
ජිව්හා මූලීය, ජිහ්වා මූලීය[වි.] දිවෙහි මුල සම්බන්ධ වූ; දිව මුලෙහි උපදින. [නා.ප්‍ර.] දිවමුල ස්ථානයත් කරණයත් මූලික කොටගෙන උපදින ශබ්දය.
ජිව්හායතනය[ජිව්හා+ආයතනය] [නා.] (අභි.) රසාලම්බනයෙහි ගැටීමෙන් ජිව්හා සම්ඵස්සය ලබන ස්ථානය; ජිව්හා ප්‍රසාදය; දිව.
ජිව්හාව, ජිහ්වය, ජිහ්වාව[නා.] (අභි.) ආහාර ආදියෙහි රස විඳීමේ කාර්ය ඉටු කරන අවයවය; දිව.
ජිහ්ම1. [වි.] වංක; කපටි. 2. (ජ්‍යාමිති.) [වි.] තිරස් හෝ සමාන්තර හෝ නොවන; හරස්.
ජිහ්වලය[නා.] තෘණ වර්ගවල කොළයේ මුල දක්නා පියල්ලක් වැනි පත්‍ර කැබැල්ල.
ජිහ්වා ධමනිය(පාරිභා.) [නා.] දිව කරා ලේ ගෙන යන නාඩිය (=lingual artery).
ජිහ්විකාව[නා.] දිව හෝ එවැනි කුඩා අවයවය.
ජීන[වි.] වයස්ගත; මහලු.
ජීන්[නා.ප්‍ර.] (ජීව.) මවුපිය ආර; ප්‍රවේණිය ගෙන යන වර්ණදේහ අංශු; ආරය ගෙන යන ජානය; ප්‍රවේණි අණුව.
ජීමූත1. [නා.ප්‍ර.] වැහිකළුව; වලාකුළ; මේඝය. 2. [නා.ප්‍ර.] කන්ද.
ජීරක[වි.] දිරවීම සිදු කරන; දිරවන.
ජීරණ ග්‍රන්ථිය[නා.] (ජීව.) ආහාර දිරවීමට උපකාර වන ශ්‍රාවය නිකුත් කරන සෛලය හෝ සෛල සමූහය.
ජීරණ පථය(පාරිභා.) [නා.] ආහාර දිරවීම සඳහා ගමන් ගන්නා මාර්ගය; ආහාර මාර්ගය.
ජීරණ යුෂය(පාරිභා.) [නා.] ආහාර දිරවීමට උපකාර වන යුෂය (=digestive juice).
ජීරණය‚ ජීර්ණය1. [නා.] දිරා යෑම; ජරාවට පත් වීම; ජරාව. 2. (පාරිභා.) [නා.] කාලගුණික ආදි විපර්යාස නිසා ඛනිජ හා පාෂාණ කැඩී බිඳී යාම. 3. [නා.] ආහාර දිරවීම.
ජීර්ණක[නා.] පුරාණ ශාක කොටස් ජලාශ්‍රිත ව දිරාපත් වීමෙන් සෑදී ඉන්ධන වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ව පවතින ද්‍රව්‍යය.
ජීව ක්‍රියාව[නා.] (ජීව.) සජීව වස්තුවක් තුළ සිදු වන (ශ්වසනය, වර්ධනය, පෝෂණය ආදි) ජීවය පිළිබඳ කාර්ය සමූහය.
ජීව ජනනය(පාරිභා.) [නා.] ජිවයක් සජීවී ජීවයකින් ම ඉපදීම (=biogenesis).
ජීව දානය[නා.] කෙනෙකුගේ මරණාසන්නයේ දී ඒ අරභයා දෙනු ලබන දානය.
ජීව පදාර්ථය[නා.] ශරීරයේ වැඩීම හා ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍යවල අඩංගු කාබනික ද්‍රව්‍ය කාණ්ඩය; විටමිනය.
ජීව පරිණාමය[නා.] ජීවීන් ක්‍රමයෙන් වෙනස් වෙමින් අන්‍යාකාරයකට පත්වීම; ජීවීන්ගේ ක්‍රම විකාශය.
ජීව භාෂාව[නා.] ව්‍යවහාරයෙහි පවතින භාෂාව; නොමළ බස.
ජීව සංඛ්‍යා(පාරිභා.) [නා.ප්‍ර.] (ජනතාවගේ) උපත්, විවාහ, මරණ පිළිබඳ ගණන් විස්තර.
ජීවංජීවක, ජීවඤ් ජීවක1. [නා.ප්‍ර.] දීර්ඝායුෂ ඇත්තා; දීර්ඝජීවියා. 2. [නා.ප්‍ර.] වලි කුකුළා. 3. [නා.ප්‍ර.] ඇටි කුකුළා.
ජීවග්‍රාහය[නා.] පණ පිටින් අල්ලා ගැනීම; නොමරා අත් අඩංගුවට ගැනීම.
ජීවත් වෙනවා[ක්‍රි.] දිවි ගෙවනවා; වාසය කරනවා; කල් යවනවා.
ජීවදත්ත[නා.ප්‍ර.] යමකුගේ ජීවිතය පිළිබඳ සංක්ෂිප්ත විස්තරය.
ජීවදන්ත[නා.ප්‍ර.] නොමළ ඇතුන්ගෙන් ලබාගත් දළය.
ජීවදූවිලි[නා.ප්‍ර.] වායු ගෝලයේ පාවෙමින් පවතින බැක්ටීරියා හා පුස් බීජාණු අඩංගු දූලි අංශු.
ජීවධාතු[නා.ප්‍ර.] ශක්තිය වඩන පදාර්ථ; මාංස ජනක ධාතු.
ජීවන[වි.] ජීවත්වීම පිළිබඳ; ජීවිතය හා බැඳුණු; පැවැත්ම පිළිබඳ.
ජීවන අංකය[නා.] (නව.) ජීවත් වීමේ පිරිවැය පිළිබඳ ගණන.
ජීවන චක්‍රය[නා.] ජීව ප්‍රාණියකු ප්‍රතිසන්ධියේ හෝ බීජයේ සිට තම වර්ගයා උත්පාදනය කිරීමේ ශක්‍යතාව ලැබෙන තුරු ගෙවන ක්‍රමානුකූල වර්ධනාවස්ථාවලිය.
ජීවන චරිතය[නා.] පුද්ගලයකුගේ ජීවිත කථාව; චරිත කථාව; අපදානය.
ජීවන තත්ත්වය[නා.] රටක ජනයා ජීවත්වන මට්ටම.
ජීවන දර්ශනය[නා.] ජීවිතය පිළිබඳ දැක්ම; ජීවන දෘෂ්ටිය.
ජීවන යාත්‍රාව[නා.] දිවි පවත්වාගෙන යෑම; ජීවිතය ගෙන යෑම.
ජීවන රේඛාව[නා.] ආයුෂ පිළිබඳ අනාවැකි ප්‍රකාශ කිරීමට පිහිට වන (අල්ලේ) රේඛාව.
ජීවන වායුව[නා.] (ලේවල ඇති) ජීවය ලබා දෙන වාතය; අම්ලකර.
ජීවන වැටුප[නා.] ජීවත් වීම සඳහා දෙනු ලබන වේතනය.
ජීවන වියදම[නා.] සාමාන්‍යයෙන් පුද්ගලයන් එදිනෙදා ජීවත්වීම සඳහා වැය කරන මුදල.
ජීවන වෘත්තිය[නා.] ජීවත්වීම සඳහා කරන රැකියාව; ජීවනෝපාය.
ජීවන සටන[නා.] ජීවත්වීම සඳහා දරන ප්‍රයත්නය.
ජීවන ස්මරණය[නා.] ජීවිතය පිළිබඳ විග්‍රහය හා විස්තරය.
ජීවන හුස්ම[නා.] ප්‍රාණ වායුව.
ජීවනය1. [නා.ප්‍ර.] ජීවත් වීම; ජීවත් කිරීම; ජීවිකාව. 2. [නා.ප්‍ර.] සියලු ඉඳුරන් එක් ව පවත්වන ක්‍රියාකාරිත්වය.
ජීවනාධාරය[නා.] ජීවත් වීමට ආධාර වශයෙන් දෙනු ලබන මුදල; මුදලෙහි වටිනාකම හීන වූ විට වැටුප් ලබන්නන්ට ගෙවන අතිරේක දීමනාව.
ජීවනාමෘතය[ජීවන+අමෘතය] 1. [නා.] ප්‍රාණ ශක්තිය දෙන දෙය. 2. [නා.] දෙවියන්ගේ සුධාභෝජනය.
ජීවනෝපකරණ[ජීවන+උපකරණ] [නා.ප්‍ර.] ජීවත් වීමට උපකාර වන දෙය; දිවි පැවැත්මට අවශ්‍ය උපකරණ.
ජීවනෝපාය[ජීවන+උපාය] [නා.ප්‍ර.] ජීවත් වීමට යොදා ගන්නා ක්‍රමය; රැකියාව; වෘත්තිය.
ජීවම1. [නා.] මන්ත්‍රයක් නියමිත වාර ගණනක් ජප කිරීම; මැතිරීම. 2. [නා.] හූනියම.
ජීවමාන[වි.] ජීවය ඇත්තා වූ; ජීවත් ව සිටින.
ජීවමිතිය(පාරිභා.) [නා.] ජීව විද්‍යා ගැටලුවලට යොදන සංඛ්‍යාන ක්‍රමය(=biometry).
ජීවය1. [නා.] ශාකයක් හෝ සත්ත්වයකු නොමැරී පැවැත්ම; පණ; ජීවිතය. 2. [නා.] ආත්ම භාවය; ආත්මය.
ජීවයා[නා.] ජීවත් වන්නා; ප්‍රාණියා.
ජීවරසය(පාරිභා.) [නා.] සත්ත්ව හා වෘක්ෂලතා ජීවිතයට මූලාධාර වන අර්ධ-ද්‍රව ධාතු විශේෂයක්; ප්‍රාක්ප්ලාස්මාව(=biochemist).
ජීවරසායන විද්‍යාව(පාරිභා.) [නා.] සජීවී සත්ත්ව හා ශාක ද්‍රව්‍යවල ජීවධාතු විපරිණාමය දක්වන විද්‍යාව (=biochemistry).
ජීවර්තු විද්‍යාව[ජීව+ඍතු විද්‍යාව] [නා.] ස්වභාවික සිද්ධි සිදුවීම් සිදුවන කාල පරිච්ඡේද සම්බන්ධ කොට හැදෑරීමේ විද්‍යාව.
ජීවරුධිරය[නා.] ජීවිතය පවත්වන ලෙස; සජීවී රුධිරය.
ජීවලෝකය[නා.] ජීවත්වන සත්ත්ව සමූහය; ජීවීන්ගේ ලොව; සත්ත්ව ලෝකය.
ජීවවිද්‍යාඥයා[නා.] සත්ත්වයන් හා ශාක පිළිබඳ ශාස්ත්‍රය හදාරන විශේෂඥයා.
ජීවවිද්‍යාව[නා.] භෞතික ජීවිතය පිළිබඳ විද්‍යාව; සතුන් හා ශාක සම්බන්ධ ශාස්ත්‍රය.
ජීවවේගය1. [නා.] සජීවී බව; ප්‍රාණවත් බව. 2. [නා.] (යමක) වැදගත්ම කොටස; සාරය.
ජීවශූලය[නා.] වැරදිකරුවන්ට දඬුවම් දීම පිණිස පණපිටින් හිඳුවන උල; උල සිටුවීමට ගන්නා කූර.
ජීවස්වරූපය(පාරිභා.) [නා.] සැබවින් පවතින ස්වරූපය; ද්‍රව්‍ය ස්වරූපයට පැමිණි රූපය; ඇති තතු හෝ සිදුවිය හැක්ක පිළිබඳ ප්‍රත්‍යක්‍ෂ අවබෝධය (=entelechy).
ජීවසීමාව[නා.] ජීවිතය පවත්නා කාල නියමය; ආයු කාලය; ජීවිතාන්තය.
ජීවසෛල(පාරිභා.) [නා.ප්‍ර.] ජීවියකුගේ සිරුරෙහි ඇති ඉතා ම කුඩා කොටස්; ජීවාංශු; ජීවාණු.
ජීව්‍ය(පාරිභා.) [වි.] ජීවත් වීමට හා ස්වභාවික ලෙස වැඩීමට සමත්; ජීවත් විය හැකි.
ජීවාක්ෂරය[ජීව+අක්ෂරය] [නා.] පණකුර; ප්‍රාණාක්ෂරය; ස්වරය.
ජීවාණුනාශකය[නා.] (රෝග බෝ කරන) ජීවාණුවන් හෝ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රසායන ද්‍රව්‍යය හෝ ද්‍රවය.
ජීවාණුව[ජීව+අණුව] 1. (පාරිභා.) [නා.] රෝග බෝ කරන ක්ෂුද්‍ර බීජය. 2. [නා.] කාබනික ද්‍රව්‍යයන්ගෙන් ඉතාම කුඩා ඒකකය; සෛලය.
ජීවාණුහරණය[නා.] රෝගයන්ට හේතුකාරක වන ජීවාණුවන් හෝ ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම; වන්ධ්‍යකරණය
ජීවාත්මක වාදය1. [නා.] අචේතනික සචේතනික වස්තු කෙරෙහි ජීවාත්මය ඇතැයි සැලකීම. 2. [නා.] සත්ත්ව ජීවීතයේ පැවැත්ම අද්‍රව්‍යමය ආත්මයකින් හට ගනී යැයි යන මතය. 3. [නා.] හුදු භෞතික වූ හෝ රසායනික වූ හෝ බලවේගයක් නොව, අන්‍යතර නියාම ධර්ම ජීවීන්ගේ හට ගැන්ම කෙරෙහි බලපෑ හැකි ය යන මතය.
ජීවාත්මය[ජීව+ආත්මය] [නා.] (වේදාන්ත දර්ශනයෙහි සඳහන්) පුද්ගල ආත්මයක ඉඳුරන් ඇසුරු කොට ශබ්දා දි රස විදුනා ජීවය.
ජීවාරක්ෂක පටිය(පාරිභා.) [නා.ප්‍ර.] (හදිසියකදී) ජීවිතය බේරා ගැනීම සඳහා (ගුවන් මඟින් හා සාගර කිමිදුම්කරුවන්) බඳ වටා බැඳ ගන්නා පටිය (=life belt).
ජීවිකා වෘත්තිය[නා.] ජීවත්වීම සඳහා කරන රැකියාව; ජීවනෝපාය; වෘත්තිය.
ජීවිකාව[නා.] දිවි පවත්වා ගැනීම; දිවි පෙවෙත; ජීවත් වීම.
ජීවිත දානය[නා.] මරණයට නියම වූවකුගේ ජීවිතය බේරා ගැනීම; නොමරා මුදා ගැනීම.
ජීවිත පරිත්‍යාගය[නා.] දිවි පිදීම; අනුන්ගේ යහපත සඳහා සිය ජීවිතය කැප කිරීම.
ජීවිත බුක්තිය, ජීවිත භුක්තිය[නා.] කෙනකු තම දේපළ ආදිය අන් අයට පැවරීමේදී ඒවා තමාගෙ ජීවිතාන්තය තෙක් භුක්ති විඳීමට තබා ගන්නා අයිතිය.
ජීවිත රක්ෂණය[නා.] යම් ජීවිත හානියක දී තම ජීවිතයෙන් යැපෙන අයට ප්‍රයෝජන ලැබෙන පරිදි තම ජීවිතය රක්ෂණය කර ගැනීම.
ජීවිත සහතිකය[නා.] ජීවිත රක්ෂණ ඔප්පුව.
ජීවිතක්ෂය[නා.] දිවි නැතිවීම; ජීවිත හානිය; මරණය.
ජීවිතාරක්ෂාව[ජීවිත+ආරක්ෂාව] 1. [නා.] ජීවිතයට අනතුරක් විය නොදී රැකීම; ජීවිතයේ ආරක්ෂාව. 2. [නා.] ජීවිතය පවත්වාගෙන යාම.
ජීවිතාලය[ජීවිත+ආලය] [නා.ප්‍ර.] ජීවිතය පිළිබඳ ඇති ඇල්ම; ජීවත්වීමේ ආශාව.
ජීවියා[නා.] ප්‍රාණය ඇත්තා; ප්‍රාණියා; සත්ත්වයා.
ජීවේන්ද්‍රිය[ජීව+ඉන්ද්‍රිය] [නා.ප්‍ර.] ජීවියකුගේ හෝ ශාකයක ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය (කාර්ය කොට්ඨාස ඉටු කරන) අංග හෙවත් අවයව; දේහාවයවය.
ජුගුප්සනය[නා.] (අලං.) පිළිකුල් කිරීම; හෙළා දැකීම; අප්‍රිය කිරීම.
ජුගුප්සාව[නා.] පිළිකුල, අප්‍රිය භාවය.
ජුණ්ටා1. [නා.ප්‍ර.] සමිතිය; සංවිධානය. 2. (නව.) [නා.ප්‍ර.] දේශපාලන රහස් සංවිධානය.
ජුණ්ඩ(කථා.) [නා.ප්‍ර.] ස්වල්පය; ටික; සොච්චම.
ජුණ්ඩා(කථා.) [නා.] කුඩා තැනැත්තා; පොඩි එකා; චුට්ටා.
ජුණ්හ[වි.] එළිය ඇති; ආලෝකය තිබෙන; (සඳ) එළියෙන් පිරෙන.
ජුණ්හ පක්ෂය[නා.] (ජ්‍යෝති.) අමාවකින් අනතුරු ව එන සඳ මෝරන කාල පරිච්ඡේදය; පුර පක්ෂය.
ජුබිලිය[නා.] වැදගත් ආයතනයකට හෝ සිද්ධියකට වසර 25 ක්, 50 ක් හෝ 60 ක් ආදි වශයෙන් පිරීමේ උලෙළ; රජත, ස්වර්ණ හෝ වජ්‍ර ජයන්තිය.
ජූට්[නා.ප්‍ර.] ගෝණි මලු විවීම, ලණු ඇඹරීම ආදිය සඳහා කෙඳි ලබාදෙන හණ පැළෑටිය.
ජූඩෝ(නව.) [නා.ප්‍ර.] ජපන් මල්ලව පොර ක්‍රමයක්.
ජූත[නා.ප්‍ර.] සූදුව.
ජූතිය1. [නා.] ශෝභාව; කාන්තිය; ආලෝකය. 2. [නා.] ආනුභාවය; තේජස.
ජූරිසභාව[නා.] අධිකරණයේ නඩුවක් පිළිබඳ ව නිවැරදි තීන්දුවක් දීමේ දිවිරීම පිට විනිශ්චය කාරයාට සහාය පිණිස පත් කරනු ලබන විශේෂ මණ්ඩලය.
ජූලය(පාරිභා.) [නා.] විදුලි බලය පිළිබඳ මිනුම් ඒකකයක්; නිව්ටන ඒකක බලයක් මීටර් ඒකක දුරක් ඔස්සේ ක්‍රියා කිරීමේදී කෙරෙන කාර්ය ප්‍රමාණය(=joule).
ජූලිය(කථා.) [නා.] (බලාපොරොත්තු රහිත) කරදරය; අකරතැබ්බය; හදිය.
ජෘම්හණය1. [නා.] ඈනුම් ඇරීම. 2. [නා.] පිපීම; පිබිදීම. 3. [නා.] ප්‍රකාශ වීම.
ජෙට් එන්ජිම[නා.] දහනය වූ වායු දහරක් වේගයෙන් නිකුත් වීම නිසා එයට ප්‍රතිවිරුද්ධ දිශාව කරා ජව බලය දෙන නවීන යන්ත්‍රයක් (=jet engine).
ජෙනරේටරය(පාරිභා.) [නා.] යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන යන්ත්‍රය (=generator ).
ජෙලටින්(පාරිභා.) [නා.ප්‍ර.] සත්ත්ව පටක, අස්ථි, කුර ආදිය තැම්බීමෙන් ලබා ගන්නා අස්ඵටික ස්වභාවයක් ගත් ද්‍රව්‍යය. (=gelatin ).
ජෙසුයිට්[නා.ප්‍ර.] රෝමානු කතෝලික සභාවේ නිකායක්.
ජෙහොර, ජොහොරු1. [වි.] තිර පිළිවෙතක් නැති; චපල. 2. (කථා.) [වි.] දියාරු; බෙරි වූ.
ජේත්තුව[නා.] හැඩ වැඩට ඇඳ පැලඳ ගැනීම; උජාරුවට සැරසීම.
ජේලර්[නා.ප්‍ර.] සිර ගෙයක් හෝ සිරකරුවන් හෝ භාර නිලධාරියා; බන්ධනාගාර පාලකයා.
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි ආගමේ කර්තෘවරයා.
ජෛව ගෝලය(පාරිභා.) [නා.] පෘථිවි ගෝලයේ හා ආශ්‍රිත ව ජීවීන් වාසය කරන කලාප. (=biosphere ).
ජෛව පරිණාමය(පාරිභා.) [නා.] සත්ත්ව හා ශාක වර්ග අන්‍යාකාරයකට පෙරළීම; වෙනස්වීම (=organic evolution ).
ජෛව භූ රසායන විද්‍යාව(පාරිභා.) [නා.] ජීව හා භූ ද්‍රව්‍යවල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය හා රසායනික ක්‍රියාවලි හැදෑරීමේ විද්‍යාව (=biogeochemistry).
ජෛව භෞතික විද්‍යාව(පාරිභා.) [නා.] ජීව විද්‍යාත්මක ගැටලුවල දී භෞතික මූලධර්ම පදනම් කර ගැනීම හා සම්බන්ධ විද්‍යාව.
ජෛව රසායනය(පාරිභා.) [නා.] ජීව ද්‍රව්‍යවල අන්තර්ගත රසායනික සංයෝග හා ඒවායේ ක්‍රියාවලි පිළිබඳ රසායන විද්‍යාව.
ජෛව සන්දීප්තිය(පාරිභා.) [නා.] ආභ්‍යන්තරික ඔක්සිකාරක විපර්යාස නිසා ඇතැම් ජීවීන්ගෙන් හා දිලීර වර්ගවලින් නිකුත්වන කාන්තිය.
ජෛව, ජෛවී[වි.] ජීවයට සම්බන්ධ; ප්‍රාණීන් පිළිබඳ වූ.
ජෛවාර්ථික විද්‍යාව(පාරිභා.) [නා.] ජීවියාත්, ජීවියාගේ පරිසරයත් අතර සම්බන්ධකම් හැදෑරීම.
ජොකියා[නා.] ධාවන තරගවලට සහභාගි වන අශ්වයකු පදින්නා; රේස් අසුන් මෙහෙයවන්නා.
ජොල් වෙනවා(කථා.) [ක්‍රි.] (පලතුරු හෝ බත් ආදිය) ඉදී වැඩි වීම නිසා මොලොක් දියාරු ගතියට පත් වෙනවා; බෙරි වෙනවා.
ජොහොරය(කථා.) [නා.] මඩ ගොහොරුව.
ජෝගි(කථා.) [වි.] විකට; විහිළු; කෝලම්කාර.
ජෝජට්[නා.ප්‍ර.] සිනිඳු දුහුල් සේද රෙදි විශේෂයක්.
ජෝඩුකාරයා1. (කථා.) [නා.] (කිසිවක්) සංවිධානය කරන තැනැත්තා; පිළියෙල කරන්නා. 2. [නා.] මඟුල් යෝජකයා; මඟුල් කපුවා.
ජෝඩුව1. [නා.] දෙක; දෙදෙනා; යුවල; යුගලය. 2. [නා.] අඹු සැමි දෙදෙනා.
ජෝති1. [නා.ප්‍ර.] කණමැදිරියා; කදෝපැණියා. 2. [නා.ප්‍ර.] පාට; පැහැය; වර්ණය. 3. [නා.ප්‍ර.] දිලිසීම; පැහැපත් බව; කාන්තිය. 4. [නා.ප්‍ර.] ගින්න; අග්නිය. 5. [නා.ප්‍ර.] තරුව; තාරකාව.
ජෝති පාෂාණය[නා.] ඉර අවුවේ උපකාරයෙන් ගින්න උපදවන පළිඟු ගල් වෙසෙසක්.
ජෝති සිඛාව[නා.] ගිනි සිළුව; ගිනි දළුව.
ජෞලිය[නා.] (වෛද්‍ය) පයේ මාපට ඇඟිල්ලේ පාද පාලි; භස්ත්‍රාවේ සන්ධි මතුයෙහි දැවිල්ල සහිත ව ඉදිමීමේ රෝගය.
ජ’මේනියම්(පාරිභා.) [නා.ප්‍ර.] ලෝහමය මූල ද්‍රව්‍යයක් (=germanium).
ජ’මේරියම(පාරිභා.) [නා.] ඇතැම් අපෘෂ්ඨවංශීන්ගේ ඩිම්බ කෝෂයෙහි නිපදවන කොටස (=germarium).
මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස් වැනි අකුර; දස වැනි ව්‍යඤ්ජනාක්ෂරය; තාලුජ ඝෝෂ මහාප්‍රාණ ස්පර්ශ ශබ්දය.
ඣංකාරය, ඣඞ්කාරය[නා.] ‘ඣ’ යන අනුකරණ ඇති බිඟු, නුරුවලා, කිංකිණි, භූ කම්පන ආදිය හා ඇසුරු නද.
ඣම්පට්ටශාලාව[නා.] දියට පැනීම සඳහා සාදන ලද අට්ටාලය; දොඹටහල්ල.
ඣම්පනය[නා.] පැනීම.
ඣම්පා1. [නා.ප්‍ර.] පැනීම. 2. [නා.ප්‍ර.] පද්‍ය වෘත්තයක්; දොඹ විරිත.
ඣර්ඣරය[නා.] බෙර විශේෂයක්; ඩැක්කි.
ඣල්ලකය[නා.] අත්තාළම; කයිතාළම.
ඣල්ලරී[නා.ප්‍ර.] අවනද්ධ වර්ගයේ වාද්‍ය භාණ්ඩයක්.
ඣල්ලිකා[නා.ප්‍ර.] (ශරීරයෙහි ගෑවී පවතින) කුණු.
ඣිරිකා, ඣරීකා[නා.ප්‍ර.] රැහැයියා.
මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස් එක් වැනි අකුර; එකොළොස් වැනි ව්‍යඤ්ජනාක්ෂරය; චවර්ගාන්ත අනුනාසිකයා, තාලුජ ඝෝෂ අනුනාසික ශබ්දය.
ඤරු ඤුරු ගානවා(කථා.) [ක්‍රි.] යමක් ලබා ගැනීමට ඇවිටිලි කරමින් කොඳුරනවා; කන් කෙඳිරි ගානවා.
ඤාණකතා(කථා.) [නා.ප්‍ර.] මතුපිටින් සීනි තැවරූ වටකුරු හෝ දිගු හැඩයට තැනූ රසකැවිලි විශේෂයක්.
[නා.ප්‍ර.] තාලුජ ඝෝෂ අල්ප ප්‍රාණ ‛ජ්' කාරය ද තාලුජ ඤ කාරය ද එකතුවෙන් සෑදුණු සංයුක්ත ව්‍යඤ්ජන අක්ෂරය. [වි.] දන්නා වූ දැනගත්; ජානනය කළ.
ඥාත1. [වි.] දැනගත්; තේරුම් ගත්; අවබෝධ කළ; හැඳිනගත්. 2. [වි.] ප්‍රසිද්ධ; ප්‍රකට.
ඥාතය[නා.] දෙන ලද හෝ අනු දක්නා ලද හෝ දෙය; දත් දෙය; දත්තය.
ඥාතව්‍ය[වි.] දැනගත යුතු; වටහා ගත යුතු; අවබෝධ කළ යුතු.
ඥාත්‍යර්ථචර්යාව[ඥාති+අර්ථ+චර්යා] [නා.] නෑයන්ට හිත වැඩ පිණිස හැසිරීම.
ඥාති[වි.] නෑ සබඳකමින් යුත්.
ඥාති උපදේශකයා[නා.] (ක්‍රිස්ති.) ප්‍රශ්නෝත්තර මගින් ක්‍රිස්තු ධර්මය උගන්වන තැනැත්තා; කතිසාරු තැන.
ඥාති කුලය1. [නා.] නෑයන් වාසය කරන තැන; නෑ ගෙය; ඥාති ගෘහය. 2. [නා.] නෑකම් ඇති පිරිස; නෑයෝ.
ඥාතියා[නා.] නෑ සබඳකම් ඇත්තා; ඥාතියා.
ඥාන කාය[නා.] (බුදුන් වහන්සේගේ) ඥාන සම්භාරය නමැති ශරීරය.
ඥාන ගතිය[නා.] නුවණෙහි ගමන; දැනුම මෙහෙයවාලීම.
ඥාන ගෝපාලයා[නා.] (ක්‍රිස්ති.) ආත්මික නියාමකයා ; මීසම භාර දේවගැතිවරයා; පාදිලිතුමා.
ඥාන චක්ෂුස[නා.] නුවණ නමැති ඇස.
ඥාන ජාලය[නා.] නුවණ නමැති දැල.
ඥාන දර්ශන විශුද්ධිය[නා.] කෙලෙස් මලයෙන් පිරිසිදු වූ ඥාන දර්ශනය; චතුරාර්ය සත්‍යයෙන් අවබෝධ කරගන්නා ඥානය.
ඥාන දර්ශනය[නා.] ප්‍රඥාවෙන් විනිවිද දැකීම; නුවණින් චතුස්සත්‍යාවබෝධය.
ඥාන දරුවා[නා.] (ක්‍රිස්ති.) ඥාන දෙමව්පියන් ඇති ව බවුතීස්ම (ප්‍රාසාද ස්නානය) කරන ළමයා.
ඥාන පරිපාකය[නා.] නුවණ මුහුකුරා යෑම.
ඥාන පියා, ඤාණ පියා[නා.] (ක්‍රිස්ති.) දරුවකු ප්‍රසාද ස්නානය කරනු ලබන අවස්ථාවේ දී ඔහුගේ ආගමික අධ්‍යාපනය ආදිය භාර ව කටයුතු කිරීමට කැප වන තැනැත්තා; ඇපකාර පියා; පඤ්ඤා.
ඥාන බලය1. [නා.] බුදුරජාණන් වහන්සේට පමණක් ඇති සෙසු අයට නැති ස්ථාන අස්ථාන දන්නා නුවණ. 2. [නා.] නුවණ නැමති ශක්තිය; නුවණෙහි මහිමය.
ඥාන මව[නා.] (ක්‍රිස්ති.) දරුවකු බවුතීස්ම කිරීමේදී ආධ්‍යාත්මික භාරකාරත්වය ලබන මව; මඤ්ඤා.
ඥාන මවුපියෝ[නා.බහු.] (ක්‍රිස්ති.) ඥාන පියා සහ ඥාන මව; පඤ්ඤා සහ මඤ්ඤා.
ඥාන මාර්ගය[නා.] උපනිෂද්හි එන ඥානයේ ආධාරයෙන් පරමාත්මන් සාක්ෂාත් කිරීමේ ක්‍රමය.
ඥාන ශක්තිය[නා.] නුවණින් වටහා ගැනීමේ හැකියාව.
ඥාන සම්ප්‍රයුක්ත[වි.] (අභි.) ප්‍රඥා චෛතසිකය හෙවත් නුවණ යෙදුණු.
ඥාන සම්භාරය[නා.] දැනුම් සමූහය; දැනුම් එකතුව.
ඥාන සාගරය[නා.] සයුරක් බඳු වූ නුවණ.
ඥානගෝචර[වි.] නුවණට හසුවන.
ඥානතන්තු(පාරිභා.) [නා.ප්‍ර.] මුළු සිරුර පුරා විහිද ඇති ස්පර්ශ හැඟීම් ඇති කරන ස්නායු; සංවේදනා තන්තු (=nerres).
ඥානත්‍රය[නා.] ආර්ය මාර්ගස්ථයට පහළ වන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන තුන්වැදෑරුම් නුවණ. යන
ඥානදත්(පාරිභා.) [නා.] මනුෂ්‍යයාගේ උඩු යටි හනු දෙකෙළවර (ළමා කාලය ගත වීමෙන් පසු ව මතු වන) පිහිටි ලොකු ද්විත්ව දත් හතර (=wisdom teeth).
ඥානය, ඤාණය[නා.] දැනීම; යමක් පිළිබඳ අවබෝධය; නුවණ.
ඥානවන්ත[වි.] නුවණ ඇති; නැණවත්; ප්‍රඥාවත්.
ඥානවන්තයා[නා.] නුවණ ඇති තැනැත්තා; නැණවතා; ප්‍රඥාවන්තයා.
ඥානවිප්‍රයුක්ත[වි.] (අභි.) ප්‍රඥා චෛතසිකය හෙවත් නුවණ නොයෙදුණු.
ඥානවෘද්ධ[වි.] නුවණින් වැඩිහිටි; මේරූ නුවණ ඇති.
ඥානස්නානය, ඤාණස්නානය[නා.] (ක්‍රිස්ති.) දියේ ගිල්වීමෙන් හෝ හිසට දිය ඉසීමෙන් හෝ කරන ආගමික කෘත්‍යය; ක්‍රිස්තියානි කිරීම; බවුතීස්මය.
ඥානාක්ෂිය1. [නා.] නුවණ නමැති ඇස; නුවණැස. 2. [නා.] සිත නමැති ඇස; මනැස. 3. [නා.] තාරා දේවියගේ ඇස් සතෙන් නළලෙහි පිහිටි ඇස.
ඥානික1. [වි.] නුවණ ඇති දැනුමෙන් යුතු. 2. [වි.] ඥානය පිළිබඳ.
ඥානියා[නා.] නුවණැත්තා; දැනීම ඇත්තා; ප්‍රඥාවන්තයා.
ඥානේන්ද්‍රිය[ඥාන+ඉන්ද්‍රිය] [නා.ප්‍ර.] දැනීම ලැබීමේ ඉන්ද්‍රියය; වින්දනය පිළිබඳ ඉන්ද්‍රියය.
ඥානෝදය[නා.ප්‍ර.] නුවණ පහළ වීම; නුවණ උදා වීම.
ඥාපක[වි.] දැනුම් දෙන; හඟවන; දැනගන්නට සලස්වන.
ඥාපකය[නා.] දැනුම් දෙන නොහොත් හඟවන දෙය.
ඥාපකයා[නා.] දැනුම් දෙන්නා; හඟවන්නා.
ඥාපනය[නා.] දැන්වීම; හැඟවීම; දැක්වීම.
ඥෙය්‍ය, ඥේය[වි.] දැනගත යුතු; දැනගත හැකි වූ. [නා.ප්‍ර.] දතයුත්ත; අවබෝධ කළ යුතු ධර්මය.
ඥේය මණ්ඩලය, ඤෙය්‍ය මණ්ඩලය[නා.] බුද්ධ විෂය වූ සංස්කාර, විකාර, ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති යන ධර්ම පස දත යුතු සියල්ල.
ඥේයපථය[නා.] ඥානයට විෂය වන ප්‍රදේශය; ඥේය මණ්ඩලය.
ඥේයාවරණය[නා.] දත යුත්ත මුවා වීම හෙවත් වැසී යාම; ඒ කෙරෙහි ඇති වන බාධාව.
මිශ්‍ර සිංහල හෝඩියේ තිස්තුන් වන අකුර හා දහතුන්වන ස්පර්ශ ව්‍යඤ්ජනාක්ෂරය; මූර්ධජ අල්පප්‍රාණ අඝෝෂ ශබ්දය.
ටංකනය, ටඩ්ං[නා.] කාසි මුද්‍රණය කරන ස්ථානය.
ටංගකය[නා.] (සත්ව.) උසස් ගණයේ පෘෂ්ඨ වංශීන්ගේ කකුලේ ඇති පේශියක්.
ටංග්ස්ටන්, ටංස්ටන්(පාරිභා.) [නා.ප්‍ර.] ඉතා තද ලෝහමය මූල ද්‍රව්‍යයක්. (=tungsten).
ටංතෙල්(පාරිභා.) [නා.ප්‍ර.] දැව භාණ්ඩ ඔප ලෑමට ගැනෙන ශාක තෙලක් (=tung oil).
ටංස්ටන් වානේ(පාරිභා.) [නා.] දැඩි උෂ්ණත්වයකට ඔරොත්තු දෙන පරිදි ටංස්ටන් මිශ්‍ර කර සාදා ඇති ඉතා මිශ්‍ර ලෝහයක් (=tungsten steel).
ටංස්ටන් සූත්‍රිකාව(පාරිභා.) [නා.] ටංස්ටන් ලෝහයෙන් තැනූ විදුලි බුබුළු සූත්‍රිකාව (=tungsten filament).
ටකපය1. (කථා.) [නා.] කොට කකුල, සොත්ති පය; නොන්ඩි පාදය. 2. [නා.] (මේස පුටු ආදියෙහි) සෙසු කකුල් වලට වඩා මඳක් කෙටි වූ කකුල.
ටකපෝරුව[නා.] කුඹුරු ආදිය වන සතුන්ගෙන් රැකීම සඳහා ලෝහ දැව ආදියෙන් ගැටෙන හඬ නංවන පරිදි සාදා ගැනෙන උපකරණයක්.
ටකය, ටකේ[නා.] ලෝහ ලී ආදියෙන් සාදනු ලබන සීනු විශේෂයක්.
ටකරම[නා.] සෙවිලි කිරීම් ආදියට ගනු සඳහා තුත්තනාගම් හා සකස් කර ගැනෙන බෙලෙක් හෝ ලෝහ තහඩුව.
ටක්කය(කථා.) [නා.] අඩය; ආධාරකය; සක්කය; රුකුල.
ටක්කෙට(කථා.) [ක්‍රි.වි.] හරියට; ඉලක්කයට.
ටක්ටක් ගින්න1. (කථා.) [නා.] ඉඩෝරය; පෑවිල්ල; නියඟ. 2. [නා.] තැති ගැන්මෙන ඇති වන හද ගැස්ම.
ටකා දණ්ඩ[නා.] නූල් කැටීමේදී ඉද්දෙහි නූල් එතීම සඳහා ඇති ලී කඩ; ටකාව.
ටඞ්ගය[නා.] (සත්ව.) කකුලේ දණිසත් වළලුකරත් අතර කොටස; කොණ්ඩය; ජංඝාව.
ටඩ්කය1. [නා.] ඔලිඳ ඇට විසි හතරක බර දක්වන පැරණි මිනුමක්. 2. (සංගී.) [නා.] රාගයක්. 3. [නා.] කඩුව; අසිපත. 4. [නා.] වෛරය. 5. [නා.] රන් කාසි විශේෂයක්.
ටයි පටිය[නා.] යුරෝපීය ඇඳුම් කට්ටලයට අයත් කමිසයේ කර ගෙලට මඳක් හිරවන සේ ගැට ගසා පලඳින පටිය.
ටයිටලය1. [නා.] නම්බු නාමයක පටබැඳි නම. 2. [නා.] ග්‍රන්ථ ආදියක නාමය; මාතෘකාව.
ටයිටේනියම්(පාරිභා.) [නා.ප්‍ර.] ඉල්මනයිට්වල තිබෙන ලෝහමය මූල ද්‍රව්‍යයක් (=titanium).
ටයිප්[වි.] යතුරු ලේඛනය හා සම්බන්ධ; යතුරුලියනයෙන් මුද්‍රිත. 1. [නා.ප්‍ර.] මුද්‍රණය කිරීම පිණිස ගනු ලබන අකුරක් සහිත ලෝහ කුට්ටිය. 2. [නා.ප්‍ර.] මුද්‍රිත අකුර.
ටයිප් ගහනවා[ක්‍රි.] යතුරු ලියනයෙන් අකුරු ලේඛනගත කරනවා.
ටයිප් රයිටරය[නා.] යතුරු ලියනය.
ටයිම්කීපර්[නා.ප්‍ර.] සේවකයන් පැමිණෙන වේලාව, තරගයකදී ධාවකයන් දිනුම් රේඛාවට පැමිණෙන වේලාව ආදිය සටහන් කරන තැනැත්තා.
ටයිම්පීස්(නව.) [නා.ප්‍ර.] අවශ්‍ය වේලාවකට සීනු හඬක් නංවන ඔර්ලෝසු වර්ගය.
ටයිලින්[නා.] කෙළවල අඩංගු එන්සයිමය.
ටර්බයිනය, ට’බයිම[නා.ප්‍ර.] වාතය, ජලය ආදි ධාරාවක් හා ගැටීම නිසා නොනැවතී කරකැවෙන ඊෂාවකින් යුත් මෝටරයක තල රෝදය; තලබමනය.
ටර්බයින් යන්ත්‍රය[වි.] ටර්බයින හෙවත් තලබමන මගින් ක්‍රියා කරනු ලබන මැසීම.
ටර්බියම්(පාරිභා.) [නා.ප්‍ර.] විරල පාංශු කාණ්ඩයේ ලෝහමය මූල ද්‍රව්‍යයක් (=terbium).
ටවුන් කවුන්සලය[නා.] සුළු නගර සම්බන්ධ වූ පළාත් පාලන ආයතනය.
ටවුම[නා.] නගරය; සිදාදිය.
ටහඬ[නා.] (ඇස්.) කබ.
ට්රැකියාව(පාරිභා.) [නා.] සතුන් හුස්ම ගන්නා නාළය; ශ්වාසනාලය (=trachea).
ට්‍රක් ගොවිතැන(පාරිභා.) [නා.] ලොරි සහ දුම්රිය මැදිරි (ට්‍රක්) මඟින් වෙළෙඳපළට යැවීම සඳහා එළවලු පලතුරු ආදිය බහුල ලෙස වගා කිරීම (=truck farming).
ට්‍රම්පට්[නා.ප්‍ර.] සුසිර වර්ගයේ සංගීත භාණ්ඩයක්; හොරණෑව; කාහලය; පුම්පේත්තුව (=trumpet).
ට්‍රයිෂෝ[නා.ප්‍ර.] රෝද තුනේ සැහැල්ලු වාහනය.
ට්‍රයිසිකලය[නා.] රෝද තුනේ පා පැදිය (=tricycle).
ට්‍රාන්ස්ඩියුසරය[නා.] විද්‍යුත් බලශක්ති හුවමාරු උපක්‍රමයක් (=transducer).
ට්‍රාන්ස්මීටරය[නා.] (ගුවන් විදුලි උපකරණයේ හෝ ටෙලිෆෝනයේ) පණිවුඩ නිකුත් කරන හෝ බෙදා හරින උපාංගය (=transmitter).
ට්‍රාන්ස්ෆෝමරය1. (විද්‍යු.) [නා.] විදුලි බලය ගලා යෑමට ඉඩ දෙන අතර ම විදුලි පරිපථ වෙනස් කිරීමට හැකි වෙළුම් කම්බි සහිත විද්‍යුත් චුම්බක උපකරණයක් (=transformer). 2. [නා.] යම් වෝල්ටීයතාවයකින් ලබන විදුලි ශක්තිය වෙනත් වෝල්ටීයතාවකට පරිවර්තනය කර නිකුත් කළ හැකි උපකරණයක්; පරිණාමකය.
ට්‍රාන්සිස්ටරය(පාරිභා.) [නා.] ආන්තර සන්නායකතාව පිහිට කොට ගෙන විද්‍යුත් ධාරාව වර්ධනය කිරීමේ උපකරණයක් (=transistor).
ට්‍රැක්ටරය[නා.] සාමාන්‍යයෙන් බර ඇදගෙන යෑම සඳහා යොදන අධිබල මෝටර් යන්ත්‍රයක් (=tractor).
ට්‍රැපීසියම[නා.] (ජ්‍යාමිති.) සම්මුඛ පාද යුගලය පමණක් සමාන්තර වූ චතුරශ්‍රය (=trapezium, trapezoid).
ට්‍රෑම් කාරය[නා.] පුළුල් මාවතක් තුළ යොදා ඇති පීලි මත විදුලි බලයෙන් දිවෙන මගී ප්‍රවාහන රථයක්; ට්‍රෑම් රථය (=tramcar).
ට්‍රේ[නා.ප්‍ර.] තේ පැන් ආදිය අනුනට පිළිගැන්වීම සඳහා ගැනෙන තැටිය; බන්දේසිය (=tray).
ට්‍රේලරය[නා.] ප්‍රධාන රථයක පිටුපස අමුණනු ලබා ඇදී යන රථය (=trailer).
ට්‍රොලිය1. [නා.] තල්ලුවෙන්, ඇද ගෙන භාණ්ඩ එහා මෙහා ගෙන යෑමට යොදා ගත හැකි අත් කරත්ත විශේෂය; ඩක්කුව (=trolly). 2. [නා.] විදුලි බලයෙන් දුවවනු ලබන බස්රථ විශේෂයක්.
ට්‍රෝලරය[නා.] ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම පිණිස භාවිත කරන නැව් වර්ගයක් (=trawler).
ට්‍රෝල් දැල[නා.] ගැඹුරු මුහුදෙහි මසුන් ඇල්ලීම සඳහා ට්‍රෝලර් නැවෙන් ඇදගෙන යනු ලබන දිග දැල (=trawl net).
ටාට්රේට්(පාරිභා.) [නා.ප්‍ර.] ටාට්රික් අම්ලයේ ලවණ (=tartrate).
ටැංකිය, ටැන්කිය1. [නා.] දිය රැස් කර තබා ගන්නා කෘත්‍රිම ජලාවාටය. 2. [නා.] මාළුන් ඇති කිරීම, ජලජ ශාක වැවීම ආදිය සඳහා තනා ගැනෙන ආවාට හෝ භාජන විශේෂය. 3. [නා.] වායු, තෙල් ආදිය ගබඩා කිරීම සඳහා තනා ඇති විශාල භාජන විශේෂය. 4. (පාරිභා.) [නා.] වැසිකිළිවල කසළ ශෝධනය සඳහා සවි කරනු ලබන දිය බඳුන (=cistern)
ටැංගෝ[නා.ප්‍ර.] පැරණි ආසියානු රන් කාසි වර්ගයක්.
ටැංජනය, ටැන්ජනය1. (පාරිභා.) (ජ්‍යාමිති.) [නා.] ඍජුකෝණාස්‍ර ත්‍රිකෝණයක අදාළ කෝණයෙහි ප්‍රතිමුඛ පාදයත් යාබද පාදයත් අතර පිහිටි අනුපාතය. 2. [නා.] ( ත්‍රිකෝ.) ස්පර්ශකය ස්පර්ශ රේඛාව (=tangelth).
ටැක්ක වැදෙනවා(කථා.) [ක්‍රි.] මුණගැසෙනවා; හමු වෙනවා.
ටැක්නිකල්, ටෙක්නිකල්[වි.] කාර්මික; ශිල්පීය; තාක්ෂණික (=technical).
ටැක්සිය[නා.] පොදුවේ කූලී පිණිස යොදනු ලැබූ මෝටර් රථය; නියමිත කුලිය ගෙවා ගමන් බිමන් යෑම සඳහා යොදා ඇති මෝටර් රථය (=taxi).
ටැග්මාව[නා.] ප්‍රාග් ප්ලාස්මයේ තව දුරටත් නොබිඳිය හැකි විශාලම කොටස; සමූහ අනුව.
ටැන්කි නැව[නා.] විශේෂයෙන් ඛනිජ තෙල් ගබඩා කොට ගෙන යාම සඳහා යොදා ගන්නා ටැන්කි සහිත නැව.
ටැන්ටලම්(පාරිභා.) [නා.ප්‍ර.] (ආවර්තිතා පද්ධතියෙන් පස්වැනි කාණ්ඩයේ එන) පරමාණුක මූල ද්‍රව්‍යයක්. (=tantalum).
ටැන්ට්රොන්(පාරිභා.) [නා.ප්‍ර.] රසායනික උපකරණ සඳහා භාවිත කරන අම්ල ප්‍රතිරෝධක සේ ම සිලිකා අඩංගු යකඩ මිශ්‍ර ලෝහයක් (=tantiran).
ටැන්ඩරය, ටෙන්ඩරය[නා.] යම් ද්‍රව්‍යයක් නියමිත මිලට ගැනීම සැපයීම ආදිය සඳහා හෝ සේවාවක් ඉටු කිරීම සඳහා හෝ මිල ගණන් කැඳවන ලේඛනය (=tender).
ටැනින්[නා.ප්‍ර.] හම් පදම් කිරීමට බහුල ව භාවිත කරන කහට අම්ලයක්.
ටැනිස්, ටෙනිස්[නා.ප්‍ර.] එක් ක්‍රීඩකයකු හෝ දෙදෙනකු බැගින් දෙපිලට බෙදී දැල් පිතිවලින් පන්දුවට පහර දෙමින් කරන ක්‍රීඩාවක් (=tennis).
ටැපටය, ටැපට්ටුව[නා.] යන්ත්‍රයක චලනය වන කොටසක චලිතය හෝ තල්ලුව පිළිගැනීමට හෝ තවත් තැනකට දීමට උපකාරී වන නෙරු දණ්ඩ.
ටැප්කටුව[නා.ප්‍ර.] ලෝහ ඉස්කුරුප්පු සිදුරක ඇතුළු පොට කැපීම සඳහා භාවිත වන ආයුධයක්.
ටැබ්ලට්1. [නා.ප්‍ර.] දුම්රියක් පිටත් වන විට එහි රියැදුරාට ලැබෙන අවසර පත්‍රිකාව ඇතුළත් උපකරණය (=tablet). 2. [නා.ප්‍ර.] රෙදි විවීමේ දී භාවිත කරන උපකරණයක්.
ටැම් ලිපිය[නා.] ගල් කණුවක කෙටූ ලේඛනය.
ටැල්ක්1. (පාරිභා.) [නා.ප්‍ර.] සායම්, ශරීරාලේපන කුඩු ආදිය සෑදීමට ගැනෙන ඉතා මෘදු ගතියකින් යුතු ඛනිජය (=talc). 2. [නා.ප්‍ර.] ශරීර ප්‍රසාදනය සඳහා ගැනෙන සුවඳ කුඩු; පව්ඩර්.
ටැලිග්‍රාෆ්[නා.ප්‍ර.] විදුලි කම්බි මාර්ගයෙන් ඈත පෙදෙස්වලට ලිඛිත පණිවිඩ යැවීමේ යාන්ත්‍රික ක්‍රමය; දුර ලේඛය; තලතුරුව (=telegraph).
ටැලිග්‍රෑමය[නා.] කම්බි රැහැන් ඔස්සේ යවන විදුලි පණිවිඩය; විදුලි පුවත (=telegram).
ටැලිටයිප්, ටෙලිටයිප්[නා.ප්‍ර.] යතුරු පුවරුව මාර්ගයෙන් ටැලි ග්‍රාෆ් පණිවුඩ යැවීමේත්, මුද්‍රණය කිරීමේත් ක්‍රමය (=teletype).
ටැලිවිෂනය, ටෙලිවිෂනය[නා.] රූපවාහිනිය (=television).
ටැලිෆෝනය, ටෙලිපෝනය[නා.] දුරකථනය; තලබණුව (=telephone).
ටැලෝ[නා.ප්‍ර.] සත්ත්ව මේදය (=tallow).
ටිංගිනිය, ටිඞ්ගිනිය[නා.] ඇසේ තාරා මණ්ඩලය; කළු ඉංගිරියාව; කනීනිකාව.
ටික[නා.ප්‍ර.] ප්‍රමාණයෙන් හෝ සංඛ්‍යාවෙන් හෝ අල්ප වූව; ස්වල්පය.
ටිකට්, ටිකැට්, ටිකෙට්[නා.ප්‍ර.] බස්රථාදියකින් ගමන් කිරීම නෘත්‍යශාලාදියකට ඇතුළු වීම ආදිය සඳහා ලබාගත යුතු අවසර පත්‍රයක ප්‍රවේශ පත්‍රය (=ticket).
ටික්කා[නා.] උඩු බැලි ව තැබූ විට 'ටික්' හඬ නඟමින් උඩ පනින කුරුමිණියෙක්.
ටිකිත්ත[නා.] ඉතා ටික; ඉතා ස්වල්ප.
ටිකිරි[වි.] කුඩා; පුංචි; ළාබාල; ළපටි.
ටිකිරිලියා[නා.ප්‍ර.] ළාබාල තැනැත්තිය; ලඳ බොළඳ ස්ත්‍රිය.
ටිඟහොල්, ටිඟොල්1. [නා.ප්‍ර.] තියුණු කටු සහිත කඳන් ඇති තිඹොල්. 2. [නා.ප්‍ර.] රතු සායම් ලබා දෙන ලීය ඇති ගසක්; පතඟි.
ටින්1. [නා.ප්‍ර.] සුදු දිලිසෙන ලෝහ ද්‍රව්‍යයක් වන බෙලෙක් (=tin). 2. [නා.ප්‍ර.] බෙලෙක්වලින් හෝ අන්‍යාකාරයකින් සෑදූ සිලින්ඩරාකාර භාජනය; බෙලෙක්කය.
ටින් කිරි[නා.] උකු කොට ටින්වල බහාලූ කිරි; ටින් කළ කිරි.
ටින් තහඩුව[නා.] ටින් ලෝහයෙන් සෑදු තහඩුව; බෙලෙක් තහඩුව; ටකරම.
ටින්ක්චර්[නා.] මද්‍යසාරයෙන් දිය කරන ලද බෙහෙත.
ටින්කෑම[නා.] ටින්වල ඇසිරීමෙන් කල්තබාගන්නා ආහාර ද්‍රව්‍ය; ටින් කළ කෑම.
ටින්ටස් ඇණය, ටින්ටැස් ඇණය(කථා.) [නා.] ටින් ආවරණයක් ඇති කුඩා යකඩ ඇණය; රබන් ඇණය.
ටින්නිධි[නා.ප්‍ර.] ටින් නමැති ලෝහ විශේෂය ලබා ගන්නා ඉල්ලම්; බෙලෙක් ඉල්ලම්.
ටින්මාලු(කථා.) [නා.ප්‍ර.] (තෙල් තබා ගැනීම සඳහා එක්තරා ක්‍රමයකට) ටින්වල අසුරන ලද මාළු; ටින් කළ මාළු.
ටිප්1. [නා.ප්‍ර.] ඔට්ටු ආදියේ දී දිනුම් පිළිබඳ ව ලැබෙන රහසිගත තොරතුර. 2. (කථා.) [නා.ප්‍ර.] කිසියම් සේවාවක් සඳහා පාරිතෝෂිත වශයෙන් දෙන සුළු මුදල.
ටිප්පණිය[නා.] ටිකාවට කළ අර්ථ විවරණයක අනුටිකාව.
ටිම්බ[නා.ප්‍ර.] ගුළිය; ගුටිය; තැම්බ; පිඬ.
ටිම්බාලය1. [නා.] කෑම වර්ග වන්ඩුවෙන් තම්බා ගැනීම සඳහා පාවිච්චි කරන කෝප්පයක හැඩය ඇති අච්චුව. 2. [නා.] ටිම්බාල අච්චුවෙහි ලා පිස ගන්නා කෑම.
ටියුටරිය[නා.] (පෞද්ගලික) අධ්‍යාපන ආයතනය; පෞද්ගලිකව උගන්වන තැන.
ටියුබකල් බැසිලය(පාරිභා.) [නා.] ක්ෂය රෝග කාරක අණුජීවියා (=tubercle bacillus).
ටියුබකුලෝසියාව(පාරිභා.) [නා.] ටියුබකල් බැසිය නම් අණු ජීවීන් නිසා සෑදෙන, බෝවන රෝගය; ක්ෂය රෝගය; කාසය (=tuberculosis).
ටියුබය1. [නා.] වීදුරු හෝ ලෝහ වැනි දෙයකින් නිම වූ බටය; නාලය; නළය; නාලිකාව. 2. [නා.] වායු පීඩනයෙන් පිම්බිය හැකි රබර් කෝෂය. 3. [නා.] මිරිකා ඇතුළත අඩංගු දේ සිදුරකින් ඉවත් කළ හැකි (දන්තාලේපාදිය සඳහා භාවිත) කොපුව.
ටියුබර[නා.ප්‍ර.] පැළෑටියක මූලෙහි සෑදෙන අල; ආකන්දය; කන්දකය.
ටියුල්(පාරිභා.) [නා.ප්‍ර.] සිහින් තුනී හිදෑස් සහිත රෙදිකඩ; දුහුල් ලේස් රෙද්ද.
ටියුෂන්[නා.ප්‍ර.] උපදේශකයකු විසින් ආධුනිකයකුගේ අතිරේක අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව කෙරෙන ඉගැන්වීම (=tuition).
ටිෂූකඩදාසි[නා.ප්‍ර.] විනි විද පෙනෙන තුනී කඩදාසි; සව් කඩදාසි; සරුංගල් කඩදාසි.
ටීක් බෝලය[නා.] පිඟන් මැට්ටෙන් හෝ වීදුරුවලින් හෝ සාදන ලද කුඩා බෝලයක්.
ටීකාචාර්යවරයා[ටිකා+ආචාර්යවරයා] [නා.] ටීකා සම්පාදනය කළ ආචාර්යවරයා.
ටීකාපාළිය1. [නා.] තේරුම් ගැනීමට අපහසු අට්ඨ කතා පාඨ තේරුම් කරමින් සම්පාදිත ග්‍රන්ථ සමූහය. 2. [නා.] ටීකා ග්‍රන්ථවල භාවිත භාෂාව.
ටීකාව[නා.] පාලි අට්ඨ කථා ග්‍රන්ථ වල දුරවබෝධ පද තේරුම් කිරීම සඳහා ලියූ විවරණය.
ටීටර්(කථා.) [නා.ප්‍ර.] වේදිකා නාට්‍යය; නාඩගම.
ටීනියා1. (පාරිභා.) [නා.ප්‍ර.] දිලීර නිසා හට ගැනෙන ස්පර්ශයෙන් බෝවන චර්ම රෝගයක් (=tinea). 2. [නා.ප්‍ර.] පටිපණුවා.
ටීපි[නා.ප්‍ර.] රතු ඉන්දියන්වරුන්ගේ කූඩාරම (=tipi).
ටීපෝව[නා.] පාද තුනකින් හෝ හතරකින් යුත් කුඩා මේසයක් (=tipoi).
ටීමේකර(කථා.) [නා.ප්‍ර.] (බිමට ගන්නා) තේ කොළ සකස් කරන්නා; තේ කම්හලක තේ කොළ නිෂ්පාදනය භාර තැනැත්තා (=tea maker).
ටීරූල(පාරිභා.) [නා.] තිරස් රේඛා ඇඳීම සඳහා භාවිත කරන ඉංගිරිසි 'T’ අකුරේ හැඩයට සෑදූ රූලක් (=t-square).
ටුනිකාටා(පාරිභා.) [නා.ප්‍ර.] ප්‍රාථමික සමුද්‍ර ජීවීන් ඇතුළත් පෘෂ්ඨ වංශික සත්ත්ව ගණයක් (=tunicata).
ටුපා, ටූෆා(පාරිභා.) [නා.ප්‍ර.] උල්පත් ජලය ආශ්‍රිත ව නොහොත් යමහල්වලින් (ගිනි කඳුවලින්) නිකුත්වන අළු හා ද්‍රව්‍ය පොළොවේ තැන්පත් ව ඝන වී සෑසෙන සිදුරු සහිත පාෂාණ (=tuff).
ටුවයින්, ටිවයින්[නා.ප්‍ර.] සවිය ඇති නූල් විශේෂයක්; තෙල්ගාර.
ටුවිට්, ටුවිඩ්[නා.ප්‍ර.] වටිනා ලොම් රෙදි වෙසෙසක්.
ටෙග්මනය1. (පාරිභා.) (උද්භි.) [නා.] ඇතුළු බීජාවරණය. 2. (සත්ව.) [නා.] කෘමීන්ගේ ඝන පියාපත (=tegmen).
ටෙටනස්(පාරිභා.) [නා.ප්‍ර.] පේශිවල හැකිලීම් හා ගැස්ම ඇති කරන භයානක රෝගයක්; පිටගැස්ම (=tetanus).
ටෙට්රපෝඩාවා(පාරිභා.) [නා.] ගාත්‍ර හතරක් හෝ සඟල දෙකක් හෝ ඇති පෘෂ්ඨ වංශියා; සිවුපාවා (=tetrapoda).
ටෙරමයිසින්, ටෙරාමයිසින්(පාරිභා.) [නා.ප්‍ර.] පසෙහි හටගන්නා ස්ට්‍රෙප්ටොමයිසින් රිමොසුස් නම් පුස් වර්ගයකින් ලබා ගන්නා ප්‍රතිජීවක කාරකයක් (=terramycin).
ටෙරාකොටා[නා.ප්‍ර.] ඔප නොදමා සියුම් ලෙස තනන මැටි භාණ්ඩ සහ ඇතුරුම් ගල් විශේෂයක්.
ටෙලස්කෝප් කණ්ණාඩිය[නා.] දුර බලන කණ්ණාඩිය; දුර දක්නය; දූර දර්ශකය.
ටෙලි ප්‍රින්ටරය[නා.] ඈත සිට ටයිප් කළ හැකි ටයිප්රයිටරයක්; දුර මුද්‍රකය; ටෙලි ග්‍රාපීක ටයිප්රයිටරය (=tele printer).
ටෙලෙක්ස්(පාරිභා.) [නා.ප්‍ර.] ටෙලිප්‍රින්ටර් පණිවුඩ හුවමාරු ක්‍රමයක් (=telex).
ටෙස්ට්‍යුබය(පාරිභා.) [නා.] විද්‍යාගාර පරීක්ෂණ සඳහා බහුල ව භාවිත කළ හැකි පරිදි එක පැත්තක් වසන ලද ඍජු වීදුරු නළය; පරීක්ෂණ නළය (=test tube).
ටෙස්ලා දඟරය(පාරිභා.) [නා.] අධිසංඛ්‍යාත ප්‍රත්‍යාවර්තක ධාරා ලබා ගැනීම පිණිස ඇති ප්‍රේරණ දඟර විශේෂයක් (=tesla coil).
ටොක්සින්[නා.ප්‍ර.] (වෛද්‍ය.) යම් රෝගයක් හටගන්වන විෂ සහිත ද්‍රව්‍යය (=toxin).
ටොන්[නා.ප්‍ර.] හොණ්ඩර 20 කින් හෙවත් රාත්තල් 2240 කින් යුත් බර මිම්මක් (=ton).
ටොන්සිල්(පාරිභා.) [නා.ප්‍ර.] ගලමූල ග්‍රන්ථිය; සෙම් ගෙඩිය (=tonsil).
ටොන්සිල් දාහය(පාරිභා.) [නා.] ගලමූල ග්‍රන්ථිය ඉදිමීමේ රෝගය; සෙම් ගෙඩි රෝගය; සෙම්ගෙඩි ප්‍රදාහය (=tonsillitis).
ටොනික්[නා.ප්‍ර.] ශාරීරික හා මානසික ප්‍රබෝධය ඇති කරන (ඖෂධීය) සිසිල් බීම (=tonic).
ටොඹු[නා.ප්‍ර.] පැළෑටියක් හෝ සතකු හෝ පෝෂණ සාරය නිසා ඈරීමේ දී හෙවත් මහත් වීමේ දී දමන අලුත් මස.
ටොරිෂෙලි රික්තය(පාරිභා.) [නා.] බැරෝ මීටරයේ ඇති වීදුරු නළයේ පීඩනය දක්වන රසදිය ප්‍රමාණයට ඉහළින් ඇති වායු රහිත කොටස (=torricellian vacuum).
ටෝනාඩෝ[නා.ප්‍ර.] පුනීල හැඩයෙන් යුත් කැරැකෙන පටුවායු කදම්බයක් සහිත ප්‍රබල සුළි සුළං විශේෂයක් (=tornado).
ට’පන්ටයින්(පාරිභා.) [නා.ප්‍ර.] සායම් දිය කිරීම, පොලිතින් වර්ග තැනීම ආදිය සඳහා පයින් වර්ගයේ ගස් ජාතියක කොළවලින් සපයා ගැනෙන තෙල් වර්ගයක් (=turpentine).
මිශ්‍ර සිංහල හෝඩියේ තිස්හතර වැනි අකුර; දාහතර වන ස්පර්ශ ව්‍යඤ්ජනාක්ෂරය; මූර්ධජ මහා ප්‍රාණ අඝෝෂ ශබ්දය.
ඨපනීය[වි.] ප්‍රකාශ නොකොට තබා ගත යුතු; නොවිසඳාලිය යුතු.
ඨපනීය ප්‍රශ්නය[නා.] උත්තර නොදිය යුතු පැනය.
ඨානය1. [නා.] නැඟිට සිටීම; සිටීම. 2. [නා.] ස්ථානය; ප්‍රදේශය; වාසස්ථානය; අවකාශය. 3. [නා.] තනතුර; නිලය. 4. [නා.] (බුද්‍ධ) ශාසනය.
ඨානාන්තරය[නා.] තනතුර; පදවිය; නිලය.
ඨානී[නා.ප්‍ර.] ස්ථානයක් අයිති තැනැත්තා; තැනක හිමිකරු; ස්ථානාධිපතියා.
ඨානූපචාර[නා.ප්‍ර.] ස්ථානයේ නාමය ස්ථානයට සම්බන්ධ දේ කෙරෙහි යොදා කරන ව්‍යවහාරය; ස්ථානෝපචාරය.
ඨිතිකාව1. (විනය.) [නා.] භික්ෂූන්ගේ කුසපත් ක්‍රමයක සලාක බෙදීම නැවති තැන. 2. [නා.] වස් ගණන.
ඨිතිය[නා.] පැවැත්ම; ස්ථිතිය.
ඨේපණී[නා.ප්‍ර.] ඇතුළු සමෙහි ඇති තනපුඩු වැනි ස්නායුවල හා ශිරාවල තුඩු ඇවිත් නවතින කෝණාකාර නෙරුම්; මෘදු පටක; පිටිකා.
මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්පස් වැනි අකුර; පහළොස් වන ව්‍යඤ්ජනාක්ෂරය.
ඩංසයා[නා.] සිරුර විද ලේ උරා බොන මැසි විශේෂයක්; ඇටමැස්සා.
ඩක්කුව, ඩැක්කුව1. (කථා.) [නා.] රේල් පීලි මත තල්ලු කරගෙන යා හැකි නොහොත්, එහි ම යන්ත්‍ර බලයෙන් දුවන කුඩා රිය විශේෂයක්. 2. [නා.] ට්‍රොලිය.
ඩප්පිය(කථා.) [නා.] බුලතට ගන්නා හුනු ආදිය දමන කුඩා බඳුනක්.
ඩබරකය(පාරිභා.) [නා.] සුෂුම්නා ශීර්ෂයෙහි පවත්නා ධූසර ද්‍රව්‍යමය උපාංගය (=olivary body).
ඩබරඟිල්ල, ඩබරැඟිල්ල[නා.] මහපට ඇඟිල්ලත් මැදඟිල්ලත් අතර පිහිටි ඇඟිල්ල; තර්ජනීය අංගුලිය; තර්ජනාංගුලිය.
ඩබරය1. [නා.] කලහය; දබරය; කෝලාහලය. 2. [නා.] යුද්ධය; සටන; සංග්‍රාමය. 3. [නා.] බඩු එසවීම සඳහා ගැනෙන කැරකෙන සිලින්ඩරයක් සහිත වූ උපකරණයක්.
ඩබරාව, ඩමරාව[නා.] තවුසන් හා බෞද්ධ භික්ෂූන් විසින් ලබුකැට ආදියෙන් පෙරහනක් සහිත ව සාදාගෙන පුරාණයේ භාවිත කරන ලද පැන් බඳුන් විශේෂයක්; ධම්මකරකය.
ඩබල්[නා.ප්‍ර.] ද්විත්වය; දෙගුණය.
ඩමරුව, ඩමුරුව[නා.] පෙරදිග වාද්‍ය බෙර භාණ්ඩයක නාමය; විශේෂයක්.
ඩයලය[නා.] ඔරලෝසුව ටැලිපෝනය වැනි උපකරණවල වේගය, වේලාව, බර, පීඩනය, නිෂ්පාදිතය ආදිය සංඛ්‍යා ආදිය මඟින් දක්වන මූණත් තහඩුව.
ඩයස්ටේස්(පාරිභා.) [නා.ප්‍ර.] පිෂ්ටය සීනි බවට පරිවර්තනය කළ හැකි එන්සයිමයක් හෝ එන්සයිම් කාණ්ඩයක්. (=diastase)
ඩයි[නා.ප්‍ර.] වස්ත්‍ර ආදිය පාට කිරීමට යොදනු ලබන සායම් කුඩු; පඬු.
ඩයික්[නා.ප්‍ර.] පෘථිවිය අභ්‍යන්තරයේ ඇති ද්‍රව වූ පාෂාණ ද්‍රව්‍ය උඩට නෙරා ඒමෙන් ඇති වූ ආග්නේය පාෂාණ තහඩුව.
ඩයික්රෝමේට්(පාරිභා.) [නා.ප්‍ර.] මදටිය වර්ණයෙන් යුක්ත ලවණ වර්ගයක්. (=dichromate)
ඩයික්ලෝරයිඩ්(පාරිභා.) [නා.ප්‍ර.] ක්ලෝරින් පරමාණු දෙකක් මූල ද්‍රව්‍යයක් සමග වන සංයෝගය. (=dichloride)
ඩයිනමයිට්(පාරිභා.) [නා.ප්‍ර.] තදබල ලෙස පුපුරන රසායනික මිශ්‍රණයක්; කීසල්ගුවර් ද්‍රාවණයක අවශෝෂණය කරනු ලැබූ නයිට්රොග්ලිසරීන් ස්ඵෝටකය. (=dynamite)
ඩයිනමෝව(පාරිභා.) [නා.] යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීම පිණිස භාවිත වන යන්ත්‍රයක්; විද්‍යුත්ජනක යන්ත්‍රය; ජෙනරේටරය (=dynamo).
ඩයිනය(පාරිභා.) [නා.] සෙන්ටිමීටරය, ග්රෑම්, තත්පර ඒකක ක්‍රමයේ බල ඒකකය; ග්රෑම් එකක ස්කන්ධයකට තත්පරයට සෙන්ටිමීටර් එකක ත්වරණයක් ගෙන දෙන බලය. (=dyne).
ඩයොප්ටරය(පාරිභා.) [නා.] කාචයක බලය දක්වන ඒකකය.(=dioptre)
ඩයොරයිට්(පාරිභා.) [නා.ප්‍ර.] කොළ පැහැයෙන් යුත් ආග්නේය පාෂාණ වර්ගයක්. (=diorite)
ඩයෝකීසිය, දියෝකීසිය(කථා.) [නා.] බිෂොප් කෙනෙකුගේ පාලනයට යටත් ප්‍රදේශය.
ඩයෝඩය(පාරිභා.) [නා.] ඉලෙක්ට්රෝඩ දෙකකින් යුත් ත'මයන නළය; ද්වියග්‍රය.(=diode)
ඩලකය[නා.] උරයෙහි එල්ලා ගෙන යා හැකි කුඩ විශේෂයක්.
ඩවින්න[නා.ප්‍ර.] යකින්න; යක්ෂණිය.
ඩවුන්ලෝඩ්[නා.ප්‍ර.] අවපතනය; කිසියම් වෙබ් පිටුවක්, ගොනුවක් හෝ භාවිත යෙදුමක් දුරස්ත පරිගණකයක සිට මොඩමයක් හරහා තවත් පරිගණකයක් වෙත ලබා ගැනීම.
ඩස්ටරය[නා.] කළුලෑලි ආදිය මැකීම සඳහා භාවිත කෙරෙන උපකරණය; දූවිලි පිස්නය.
ඩසිනවා[ක්‍රි.] දෂ්ට කරනවා; හපනවා.
ඩහ1. [නා.] බාධාව; ප්‍රමාදය. 2. [නා.] දහඩිය; ඩහදිය.
ඩහ නංවනවා[ක්‍රි.] දහඩිය ඇති කරවනවා; ශරීරයෙන් දාඩිය පිට කරවනවා.
ඩහට, ඩැහැට[වි.] දෂ්ට කරන ලද; හපන ලද; විකන ලද.
ඩහදිය මල[නා.] අපිරිසිදු වූ දහඩිය; ස්වේද නමැති මලය.
ඩහදිය, ඩාදිය[නා.] උණුසුම නොහොත් වෙහෙස නිසා මනුෂ්‍ය ශරීරයෙන් නිකුත් වන දිය; ස්වේද ජලය.
ඩහබිදු[නා.ප්‍ර.] දාඩිය බිංදු; දහඩිය බිංදු.
ඩහඹු[නා.ප්‍ර.] දෙල්ගස.
ඩ්රූප්(පාරිභා.) [නා.ප්‍ර.] ලෙල්ලක් ද තනි බීජයක් ද ඇති ඵල වර්ගයක්.
ඩ්‍රගන්, ඩ්රැගන්1. [නා.ප්‍ර.] මකරා. 2. [නා.ප්‍ර.] පලතුරු විශේෂයක්.
ඩ්‍රයික්ලීන්[නා.ප්‍ර.] දියෙන් ඇඳුම් නොසෝදා පිරිසිදු කිරීමේ ක්‍රමය.
ඩ්‍රයිවර්[නා.ප්‍ර.] රියපදවන්නා; රියැදුරා.
ඩ්‍රයිසෙල්[නා.ප්‍ර.] විදුලි පන්දම් ආදියට යොදා ගැනීම සඳහා නිපදවා ඇති වියළි විදුලි කෝෂය; බැටරිය.
ඩ්‍රාෆ්ට්[නා.ප්‍ර.] මුදල් ගෙවීම සඳහා වූ ඇණවුම; මුදල් වෙනුවට භාවිත කළ හැකි ලිඛිත පත්‍රිකාව.
ඩ්‍රෑම්, ඩිරෑම්1. [නා.ප්‍ර.] අවුන්සයෙන් දහයෙන් එකක බර ප්‍රමාණයක්. 2. [නා.ප්‍ර.] මත්පැන් ආදි දියර වර්ග මැනීමේ මිම්මක්.
ඩ්‍රිෆ්ට්නෙට්[නා.ප්‍ර.] මසුන් ඇල්ලීම සඳහා මූදේ රැළ සමග පාවෙන්නට හරින දැල් විශේෂයක්; පාවෙන දැල.
ඩ්‍රෙනේජ්(පාරිභා.) [නා.ප්‍ර.] පොළොව යටින් කාණු දිගේ කසළ බැහැර ගෙන යන වැසිකිළි ක්‍රමය (=drainage).
ඩ්‍රෝයිං, ඩ්‍රෝයින්, ඩ්‍රෝවින්1. [නා.ප්‍ර.] (චිත්‍ර.) ඇඳීම; සිතුවම් කිරීම; චිත්‍රකරණය. 2. [නා.ප්‍ර.] නූල් ඇදීම; පුඩුවැලිවලින් හෝ පනාවලින් නූල් වැනි දෑ ඇදීම.
ඩ්‍රෝයින්පින්[නා.ප්‍ර.] ඡායාරූප, චිත්‍ර ආදිය ලෑලි ආදියක රැඳවීම සඳහා භාවිත කෙරෙන පළල මුදුන් සහිත කුඩා ඇණ විශේෂයක්.
ඩා[නා.ප්‍ර.] ඩහදිය; ඩාදිය; ස්වේදය.
ඩා පෙත[නා.] ඩහදිය ස්වල්පය; දාඩිය බින්දුව.
ඩාකිනී[නා.] යකින්න; යක්ෂණිය; ඩවින්න.
ඩානවා[ක්‍රි.] සපනවා; දෂ්ට කරනවා; ඩැහැගන්නවා.
ඩාප්පුව(කථා.) [නා.] රජයට අයත් කුඹුරු ගොවිතැන් කිරීම පිණිස දෙන බලපත්‍රය.
ඩාමරයා[නා.] බිහිසුණු ප්‍රභූවරයා.
ඩාලීභවනය(පාරිභා.) [නා.] ශාඛා වශයෙන් බෙදී යෑම; අතු ඉතිවලට බෙදි බෙදී යෑම. (=ramification)
ඩාවින් වාදය[නා.] චාර්ල්ස් ඩාවින් විසින් ඉදිරිපත් කරන ලද සත්ත්ව පරිණාමය පිළිබඳ මතය.
ඩාසොලවනවා[ක්‍රි.] ඩාදිය හලනවා; දාඩිය පිට කරනවා.
ඩාහය1. [නා.] දැවීම; උණුසුම; ගිනියම; දාහය. 2. [නා.] ඩහදිය.
ඩැක්කිය[නා.] කුඩා බෙර විශේෂයක්.
ඩැනියල් ආර්ද්‍රතාමානය(පාරිභා.) [නා.] වායුගෝලයේ සහ වායු වර්ගවල තෙතමන ප්‍රමාණය මැනීමට උපයෝගී කරගනු ලබන උපකරණයක් (=Daniell's hygrometer).
ඩැනියල් කෝශය, ඩැනියල් කෝෂය(පාරිභා.) [නා.] සින්ක් සල්ෆේට් ද්‍රාවණයක වූ කොපර් කැතෝඩයක් සහිත ව ජෝන් පෙඩ්රික් ඩැනියල් විසින් නිපදවන ලද ප්‍රාථමික විද්‍යුත් කෝෂය (=Daniell's cell).
ඩැස්කුව, ඩෙස්කුව[නා.] බොහෝ සෙයින් පාසැල් ශිෂ්‍යයන්ගේ ලේඛන කටයුතුවලට පාවිච්චි කළ හැකි පරිදි තැනූ බෑවුම් හැඩයෙන් යුත් මතුපිට ලෑල්ලක් සහිත කුඩා මේසය.
ඩැහැ ගන්නවා1. [ක්‍රි.] දෂ්ට කරනවා. 2. [ක්‍රි.] සපා ගන්නවා; විකා ගන්නවා. 3. [ක්‍රි.] පැහැර ගන්නවා; උදුරා ගන්නවා. 4. [ක්‍රි.] බලෙන් අල්ලා ගන්නවා.
ඩැහි අඬුව(පාරිභා.) [නා.] යමක් අල්ලා ගැනීම, ඇණ ආදිය ඉවතට ඇදීම, සඳහා පාවිච්චි කරන අඬුව. (=pincer, forceps).
ඩැහිය(පාරිභා.) [නා.] කෙස් ගැලවීම ආදි සියුම් කටයුතු සඳහා ගනු ලබන කුඩා අඬුව.(=tweezers).
ඩිංගිත්ත(කථා.) [නා.] ඉතා ටික; අල්ප මාත්‍රය; ඇබිත්ත.
ඩික්ටෆෝනය(පාරිභා.) [නා.] කථා තැටි ගත කිරීම හා ඒ කතා ප්‍රතිනිෂ්පාදනය කිරීම යන දෙකම සඳහා විදුලිබලයෙන් ක්‍රියා කරවන යන්ත්‍රයක් (=Dictaphone).
ඩික්පරීක්ෂාව(පාරිභා.) [නා.] ආරක්තක උණ වැලඳීමට යමකු කෙරෙහි ඇති ග්‍රාහිතාව බැලීමට කරනු ලබන පරීක්ෂාව (=dick test).
ඩිකැන්ටරය, ඩිගැන්ටරය[නා.] පැන් හෝ වයින් ආදිය දමා මේසය මත තබන බඳ මහත වීදුරු බෝතල් විශේෂයක්; වීදුරු ගුරුලේත්තුව.
ඩිකිරිය(කථා.) [නා.] විනිශ්චයකරුවකු විසින් දෙනු ලබන නීත්‍යානුකූල ආඥාව.
ඩිප්තීරියාව[නා.] උගුරේ ශ්ලේෂ්මල පටලයේ සෑදෙන බෝවන රෝගයක්; ගලපටලය.
ඩිප්නොයි[නා.ප්‍ර.] පෙනහලු හා කරමල් යන ශ්වසන පද්ධති දෙක ම ඇති මත්ස්‍ය පවුලක්.
ඩිප්ලොපෝඩා(පාරිභා.) [නා.ප්‍ර.] හැකරැල්ලන් වැනි බහුපදික සතුන් අයත්වන සත්ත්ව ගණය.
ඩිප්ලෝමා[නා.ප්‍ර.] විශ්වවිද්‍යාලයකින් හෝ අන්‍ය උසස් අධ්‍යාපන ආයතනයකින් නියමිත විභාගයක් සමත් වූවකුට ප්‍රදානය කෙරෙන සහතිකය.
ඩිපෝව1. [නා.] යම් කාර්ය සංවිධානයක මධ්‍යස්ථානය; ගබඩාව; කඳවුර; ප්‍රදේශීය මධ්‍යස්ථානය. 2. [නා.] වාහන ධාවනයෙන් පසු නවතා තබන ස්ථානය.
ඩිමයි(පාරිභා.) [නා.ප්‍ර.] කඩදාසි නිෂ්පාදනයේ දී කොළයක දිග සහ පළල පිළිබඳ සම්මත ප්‍රමාණයක් (=demy).
ඩිම්බ කවචය[නා.] ඩිම්බයේ වැස්ම; ඩිම්බ ආවරණය.
ඩිම්බ නිධායකය1. (පාරිභා.) [නා.] ඩිම්බ නිසි තන්හි තැබීම සඳහා කෘමින් සතු ව ඇති විශේෂිත අවයවයක්. 2. [නා.] මත්ස්‍යයන්ගේ ප්‍රජනනක විවරයෙහි නාලාකාර ලෙස දික් වූ කොටස.
ඩිම්බ නීහරණය[නා.] ඩිම්බය ඩිම්බකෝෂයෙන් බැහැරලීම; ඩිම්බ මෝචනය.
ඩිම්බ පටලය(පාරිභා.) [නා.] ඩිම්බය වටා ඇති ඝන තද සිවිය.(=egg membrane).
ඩිම්බ ප්‍රණාලය[නා.] ඩිම්බකෝෂයේ සිට පිටතට ඩිම්බ ගෙන යන නාලය; පැලෝපියන් නාලය.
ඩිම්බ බන්ධය1. [නා.] (උද්භි.) ඩිම්බකෝෂ බිත්තියේ ඇතුළත දික් අතට වැඩුණු දෙපේළියේ පටක මියර (=fallopian tube). 2. (සත්ව.) කලල බන්ධය; වැදෑමහ (=placenta).
ඩිම්බ මෝචනය[නා.] ක්ෂීරපායින්ගේ ඩිම්බය ඩිම්බකෝෂයෙන් පිටතට ඊමේ ක්‍රියාවලිය; අණ්ඩ මෝචනය (=ovulation).
ඩිම්බ රජ්ජු[නා.බහු.] බිත්තරයක කටුවට කහමදය සම්බන්ධ කරන දඟර සහිත ඇඹරුණු ඝන ඇල්බියුමන් රැහැන්.
ඩිම්බ විසර්ජකය[නා.] ඩිම්බ හෙවත් බීජ නිකුත් කිරීමේ ඉන්ද්‍රියය; ඩිම්බ විසුරුවා හැරීමේ අවයවය (=over jector).
ඩිම්බ වෘන්තය[නා.] ඩිම්බයක් ඩිම්බ බන්ධයත් සම්බන්ධ කරන කුඩා නටුව.
ඩිම්බ වෘෂණය[නා.] ස්ත්‍රී බීජ හා ශුක්‍රාණු යන දෙක ම නිපදවන ප්‍රජනන ග්‍රන්ථිය.
ඩිම්බක(පාරිභා.) [නා.ප්‍ර.] කෘමි පැටවා; කෘමි පෝතකයා (=nymph).
ඩිම්බකාරකය[නා.] ඩිම්බකෝෂයේ ජන්මාණු සෛල වැඩෙන හා මෝරන ප්‍රදේශය; ජර්මේරියම.
ඩිම්බකෝෂය1. (සත්ව.) [නා.] ස්ත්‍රී ප්‍රජනන සෛල තැන්පත් ව ඇති පැස; ඩිම්බ නිපදවෙන අවයවය. 2. (උද්භි.) [නා.] ශාකයක ඩිම්බ අන්තර්ගත වූත් ඡායාංගයෙහි විශාලිත වූත් කොටස්; මලක කර්ණිකාවෙහි මුල පිහිටි බීජ අඩංගු කොපුව.
ඩිම්බධාරකය[නා.] බීජ තැන්පත් ව ඇති මඩිය; බිත්තර කැප්සූලය.
ඩිම්බපීත[නා.ප්‍ර.] බිත්තරයක කහමදයේ පැහැය; රතට හුරු තද කහපාට.
ඩිම්බය(පාරිභා.) [නා.] පරිණත වූ ඡායා ජන්මාණු සෛලය; බිත්තරය අණ්ඩය; බීජ ශාකයක මහා බීජාණුධානිය (=egg ovule).
ඩිම්බාණුව[නා.] ජීවියකු හටගැනෙන බීජයේ මුල් සැටිය; මාතෘ බීජය.
ඩිම්බාධාර කෝෂ්ඨය[නා.] (පාරිභා.) ඩිම්බාධාරයේ ඩිම්බ තැන්පත්වීම සඳහා ඇති කුඩා මඩි වැනි කොටස.
ඩිම්බාධාරය(පාරිභා.) [නා.] ඩිම්බකෝෂය. (=ovary).
ඩිම්බාවරණය[ඩිම්බ+ආවරණය] (පාරිභා.) [නා.] ඩිම්බ කුක්ෂිය වැසී යන පරිදි වැඩෙන ආවරණය හෙවත් වැස්ම (=ootheca).
ඩියුට්රියම්(පාරිභා.) [නා.ප්‍ර.] බැර හයිඩ්රජන්; පරමාණුවක ස්කන්ධය දෙකක් වූ හයිඩ්රජන් සමස්ථානිකය (=deuterium).
ඩියුට්‍රෝන්[නා.ප්‍ර.] බර පරමාණුවේ හෙවත් ඩියුට්රියම් පරමාණුවේ න්‍යෂ්ටිය.
ඩිස්කවුන්ට්[නා.ප්‍ර.] බඩුවක් විකිණීමට නියමිත මුදලින් අඩු කරන කොටස; වට්ටම.
ඩිස්ට්‍රිබියුටරය[නා.] අභ්‍යන්තර දහන එන්ජිමක ජ්වලන පද්ධතිය හා සම්බන්ධ ක්‍රියාකාරී උපකරණය.
ඩිස්ටැම්පර්[නා.ප්‍ර.] බිත්තිවල ආලේප කරන සායම් වර්ගයක්.
ඩිස්ටිල් වතුර[නා.] හුමාලය ඝනීභූත කොට පෙරා ගත් දිය (=distilled water).
ඩිස්පැන්සරිය, ඩිස්පෙන්සරිය[නා.] බටහිර ඖෂධ බෙදා දෙන තැන.
ඩී.එන්.ඒ.[නා.ප්‍ර.] ඩිඔක්සිරයිබෝන්‍යුක්ලෙයික් ඇසිඩ් යන්නෙහි කෙටි නාමය; සෑම ජීවියෙකුගේ ම පාහේ වර්ණ දේහවල තිබෙන ජාන ප්‍රවෘත්ති ගෙනයන ස්වයං පාලිත පිටපත් සාදා ගැනීමේ හැකියාව ඇති ද්‍රව්‍යය; D.N.A. Deoxyribonucleic acid.
ඩීන්1. [නා.ප්‍ර.] (ක්‍රිස්ති.) නායක පූජා ප්‍රසාදිවරයා. 2. [නා.ප්‍ර.] විශ්වවිද්‍යාලයක පීඨාධිපති.
ඩීවාර් පලාස්කුව(පාරිභා.) [නා.] තාප හුවමාරුව වැළැක්වීම පිණිස අතරමැදි වාතය ඉවත් කළ රිදී ගෑ බිත්ති දෙකකින් යුක්ත වන පරිදි තැනුණු බඳුන.
ඩීසල්[නා.ප්‍ර.] පැට්‍රෝලියම් ආසුත කිරීමෙන් ලබා ගන්නා කළු තෙල්.
ඩුප්ලිකේට්[නා.ප්‍ර.] දෙවන පිටපත; භාණ්ඩයක හොර පිටපත.
ඩෙංගි උණ, ඩෙංගු උණ[නා.ප්‍ර.] මදුරුවන් මගින් බෝවන උණ විශේෂයක්; සන්ධි සංජ්වරය.
ඩෙකපොඩා(පාරිභා.) [නා.ප්‍ර.] අඬු දහයක් ඇති කකුළුවන් ඉස්සන් වැනි සතුන්ද, අත් දහයක් ඇති දැල්ලන් වැනි සතුන් ද අයත් ගෝත්‍රය (=decapoda).
ඩෙකමිටරය, ඩෙකාමීටරය[නා.] මෙට්‍රික් ක්‍රමය අනු ව මීටර දහයක දිග ප්‍රමාණය ඇති මිනුම් ඒකකය (=decametre).
ඩෙක්ස්ට්‍රින්(පාරිභා.) [නා.ප්‍ර.] පිෂ්ටයෙන් සෑදෙන මෝල්ටෝස් වැනි සීනි විශේෂයක් (=dextrin).
ඩෙක්ස්ට්‍රෝස්(පාරිභා.) [නා.ප්‍ර.] සීනි විශේෂයක්; ග්ලුකෝස් (=dextrose).
ඩෙකාග්රෑම්(පාරිභා.) [නා.] මෙට්‍රික් ක්‍රමය අනු ව ග්රෑම් දහයක බර ප්‍රමාණය ඇති මිනුම් ඒකකය (=decagram).
ඩෙන්ටින්[නා.ප්‍ර.] දතේ බොහෝ කොටස් වැඩීම සඳහා අවශ්‍ය චූර්ණකර ධාතු විශේෂයක්.
ඩෙල්ටා කිරණ(පාරිභා.) [නා.] පදාර්ථය තුළින් ඇල්ෆා කිරණ ගමන් ගන්නා විට පදාර්ථ අණුවලින් විසි වන ඉලෙක්ට්‍රෝන (=delta rays).
ඩෙල්ටාව1. (පාරිභා.) [නා.] 'ඩ’ ශබ්දය දීම සඳහා ග්‍රීක හෝඩියේ පවතින ත්‍රිකෝණාකාර අක්ෂරය. 2. [නා.] ඇතැම් ගංගා මෝය ආශ්‍රිත ව දියළු තැන්පත් වීමෙන් ද ඒ මත ද ගංගා දිය බෙදී ගොස් මෝය බහු සංඛ්‍යාවකින් මුහුදට පිවිසීමෙන් ද, ඒ අතර නිර්මාණය වන ත්‍රිකෝණාකාර පෙතැලි සමූහය. 3. [නා.] ගණිතයෙහි ව්‍යවහාර වන ත්‍රිකෝණාකාර ලකුණ (=delta).
ඩෙසිග්රෑම(පාරිභා.) [නා.] ග්රෑමයෙන් දහයෙන් පංගුවක් වන මිනුම් ඒකකයක් (=desigram).
ඩෙසිබෙල්(පාරිභා.) [නා.ප්‍ර.] ධ්වනියේ තීව්‍රතාව මැනීමේ ඒකකය; බෙල් එකකින් දහයෙන් පංගුව (=decibel).
ඩෙසිමීටරය(පාරිභා.) [නා.] මීටර් ක්‍රමය අනු ව මීටරයකින් දහයෙන් පංගුවක මිනුම් ඒකකය (=decimeter).
ඩොංගාව(පාරිභා.) [නා.] කඳු අතර ගැඹුරු නිම්නය; ගිරිකඳුර (=donga).
ඩොක්[නා.ප්‍ර.] නැව් නැවැත්වීම, සෑදීම හෝ අලුත්වැඩියාව සඳහා වරායක පවතින විශේෂ තටාකය.
ඩොඟරය, ඩොඟරෙ1. [නා.] ඇස් ගුලිය; ඇසේ මැද කොටස. 2. [නා.] විශේෂයෙන් ගවයන් සඳහා ලීයෙන් තැනූ මිණිගෙඩි විශේෂයක්; සොකඩය.
ඩොනොමෝර් ආණ්ඩුක්‍රමය[නා.] ඩොනොමෝර් කොමිෂන් සභාව විසින් සකස් කරනු ලැබූ ලංකාවේ ආණ්ඩු ක්‍රමය.
ඩොප්ලර් ආචරණය(පාරිභා.) [නා.] කම්පන ප්‍රභවයක් නිරීක්ෂකයා වෙතට හෝ ඉන් ඉවතට හෝ ගමන් කරන කල ඇති වන තරංග ආයාමයේ වෙනස (=doppler effect).
ඩොබිය(පාරිභා.) [නා.] විවිධ රූප විවීම සඳහා අත් යන්ත්‍රයට සවි කරන උපකරණ කට්ටලය (=dobby).
ඩොමිටරිය, ඩෝමිටරිය(කථා.) [නා.] සමූහයක් වාසය කරන තැනක ඇති සයනාගාරය.
ඩොමිනියන්[නා.ප්‍ර.] බ්‍රිතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ව පැවතිය ද ස්වාධීන පාලනයක් ගෙන යෑමේ නිදහස ලැබූ රාජ්‍යය.
ඩොලමයිට්, ඩොලොමයිට්(පාරිභා.) [නා.ප්‍ර.] කැල්සියම් හා මැග්නීසියම් යන දෙකෙහි කාබනේටයක් වූ පාෂාණ වර්ගයක් (=dolomite).
ඩොලරය[නා.] ඇමෙරිකානු මූල්‍ය ඒකකය.
ඩොල්ඩ්‍රම්ස්[නා.ප්‍ර.] සමකයෙන් උතුරටත් දකුණටත් පිහිටි 10° අක්ෂාංශ රේඛා අතරේ පිහිටා ඇති අඩු වායු පීඩනයෙන් යුත් නිසල ප්‍රදේශය; නිවාත තීරය.
ඩොල්පින් උද්ගතය[නා.] උතුරු අත්ලන්තික් සාගරය මැද පත්ල උස් ව නැඟී සිටි ප්‍රදේශය.
ඩොල්පිනියා(පාරිභා.) [නා.] ක්ෂීරපායි ගණයට සහ තල්මස් වර්ගයට අයත් වූ ද, මාළුවකුගේ හැඩයෙන් යුත් වූ ද මූදු සතෙක්; ඩොල්ෆින් (=dolphin).
ඩෝටිදේපළ[නා.ප්‍ර.] කනවැන්දුම් හෙවත් සැමියා මළ ස්ත්‍රියකගේ දේපළ.
ඩෝබි[නා.ප්‍ර.] රෙදි සෝදන්නා; වෘත්තිය වශයෙන් රෙදිපිළි සේදීම කරන්නා; රජකයා.
ඩෝරක[නා.ප්‍ර.] විවාහයට පෙර මනාලිය අත බඳින නූල ; කාප්පුව; කෞතුකයා.
ඩෝලක[නා.] පෙරදිග වාද්‍ය විශේෂයක්.
ඩෝලය, ඩෝලෙ[නා.] බෙර වර්ගයට අයත් වාද්‍ය භාණ්ඩයක්.
ඩෝලා යන්ත්‍රය[නා.] බෙහෙත් වර්ග ශුද්ධ කිරීමට හෝ තැම්බීමට භාවිත කරන භාජනය.
මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්හය වැනි අකුර හා දහසය වැනි ව්‍යඤ්ජනාක්ෂරය; මූර්ධජාක්ෂරයකි; මහාප්‍රාණාක්ෂරයකි; ඝෝෂාක්ෂරයකි.
ඪක්කා[නා.ප්‍ර.] විශාල දවුල් වර්ගයක්.
1. මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස් හත්වැනි අකුර හා දහ හත්වැනි ව්‍යඤ්ජනාක්ෂරය; අල්පප්‍රාණ අඝෝෂ මූර්ධජාක්ෂරයකි. 2. [නා.ප්‍ර.] ණය.
ණය1. [නා.ප්‍ර.] ආපසු දීමට ලබා ගත් මුදල් ආදි වූ දෙය. 2. [නා.ප්‍ර.] (පොරොන්දුවක් සේ) අවශ්‍යයෙන් ම ඉටු කළ යුත්ත; ගැතිබව; යුතුකමෙන් බැඳීම. 3. (පාරිභා.) [නා.ප්‍ර.] අනාගතයේ දී (මුදල්) ගෙවීමේ පොරොන්දුව පිට භාණ්ඩ හෝ සේවා අත්පත් කර ගැනීමේ වරප්‍රසාදය මත කෙනෙකුට උපකාර වන දෙය; ගනුදෙනුවක දී විශ්වාස කරනු ලැබීමට ඇති අයිතිය (=credit). 4. [නා.ප්‍ර.] කෙනෙකු විසින් තවත් කෙනකුට ගෙවිය යුතු මුදල (=debt). 5. [නා.ප්‍ර.] ණය හිමියකු විසින් ණය ගැතියකුට දෙන ලද මුදල අයිතිකරු විසින් (අයිතිය නොව) වෙනත් කෙනකුට පවරනු ලැබූ දේපළ ප්‍රතිදේහය (=loan).
ණය අගය(පාරිභා.) [නා.] ණයට ගත් මුදලක සම්මත වටිනාකම (=loan).
ණය ඔප්පුව[නා.] ණයකරය.
ණය ගැති[වි.] ණය ගැනීම නිසා ණය හිමියාගේ ගැත්තා බවට පත් වූ.
ණය ගැතියා, ණය ගැත්තා[නා.] ණය හිමියාට ගැති වූ තැනැත්තා.
ණය ගිණුම(පාරිභා.) [නා.] ඉදිරි දිනයක ගෙවිය යුතු ණයක් පිළිබඳ ගිණුම (=loan account).
ණය පරිවර්තනය(පාරිභා.) [නා.] කෙනකුගේ ණය වෙනත් කෙනකුට පැවරීම; ණය හැරවීම (=debt conversion).
ණය ප්‍රතික්ෂේපය(පාරිභා.) [නා.] ණය වී ඇති බව නොපිළිගැනීම (=debt repudiation).
ණය ප්‍රමාණනය(පාරිභා.) [නා.] වාණිජ නියෝජිතායතනයක් විසින් ගනුදෙනු පිළිබඳ කෙරෙන තක්සේරුව (=credit rating).
ණය ප්‍රාග්ධනය(පාරිභා.) [නා.] ව්‍යාපාරයක ආයෝජනය කර ඇති ණය මුදල් ප්‍රමාණය (=loan capital).
ණය මංගල්‍යය[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තුස්වහන්සේගේ සේවය සඳහා ණය යුක්තිය ඉටු කිරීම් වසයෙන් පැවැත්වෙන ආගමික උත්සවය.
ණය මණ්ඩලය[නා.] රජයේ හා ඇතැම් සංස්ථාවල සේවකයන්ට ණය දීම සඳහා පිහිටුවා ඇති ණය දෙන ආයතනය.
ණය යුක්තිය[නා.] (ක්‍රිස්ති.) සේවාව සඳහා ණය ගෙවීමේ යුතුකම.
ණය සමථය(පාරිභා.) [නා.] ණය ගෙවීම පිළිබඳ ව ඇතිකර ගන්නා සම්මතය. (=composition).
ණය සැනසුම(පාරිභා.) [නා.] ණය ගත් තැනැත්තාට එය ආපසු ගෙවීම පිළිබඳ ව දෙන පහසුකම (=debt conciliation).
ණයකර පත්‍රය(පාරිභා.) [නා.] (ලිපිය) රැගෙන එන්නාට යම්කිසි ප්‍රමාණයක් දක්වා ණය මුදල් දීමට බලය පවරන ලිපිය (=letter of credit).
ණයකරය(පාරිභා.) [නා.] ලබා ගත් ණයක් සඳහා සමාගමක් විසින් නිකුත් කෙරෙන ඇපය; ඍණ පත්‍රය (=debenture).
ණයකරු, ණයකාරයා(පාරිභා.) [නා.ප්‍ර.] ණය ලබා ගත් තැනැත්තා (=debtor).
ණයතුරුස්(කථා.) [නා.ප්‍ර.] අධික ණය; ණය පිට ගන්නා ණය.
ණයවරය(පාරිභා.) [නා.] (බැංකුවකින් දෙන) ණය සම්බන්ධ ලියවිල්ල; ණය කෙටුම්පත; ණය මුදල් පත (=draft).
ණයහිමියා[නා.] ණය දෙන්නා; ණයට දුන් මුදල් භාණ්ඩ ආදියෙහි අයිතිකරුවා.
ණහ[නා.ප්‍ර.] බල්ලා.
ණිහි, ණි[නා.ප්‍ර.] ලේලිය.
මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්අට වැනි අක්ෂරය; සඤ්ඤක ඩ යන්න; අර්ධ අනුනාසික අක්ෂරයකි; මේ අකුරින් ආරම්භ වන වචන සිංහලයෙහි නැත.
1. මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ තිස්නව වැනි අක්ෂරය; දන්තජ අඝෝෂ අල්පප්‍රාණ අක්ෂරය; ත වර්ගයේ මුල් අකුර. 2. (සර්ව.) (ව්‍යාක.) ‘ත’ ශබ්ද කාරකය; මධ්‍යම පුරුෂය.
ත'මයනය, ත(ර්)මයනය(පාරිභා.) [නා.] රත් වූ කැතෝඩයකින් විමෝචනය වන ඉලෙක්ට්‍රෝනයක් (=thermion).
තංගම[නා.] පෘතුගීසීන් විසින් ලංකාවේදී භාවිත කළ කාසි විශේෂයක්; තංගම්මස්ස; ටැංගෝ මස්ස.
තංගුස්, තන්ගුස්[නා.ප්‍ර.] බිලී පිති, වයලීන ආදියෙහි යෙදීම සඳහා ගන්නා රසායනික ව නිෂ්පාදිත නූල් විශේෂයක්.
තකට’තක(කථා.) [නා.] හරියට ගැළපෙන; බොහෝ කරුණුවලින් එක සමාන වූ.
තකතීරු[වි.] මෝඩ; අඥාන; බුද්ධිහීන.
තකනවා[ක්‍රි.] සැලකිල්ලට ගන්නවා; කල්පනාවට ගන්නවා; විමසීමට ලක් කරනවා.
තකන්තහඩු[නා.ප්‍ර.] පෙරහැරවල ගෙනගිය කෘත්‍රිම අලංකාරවත් මල් සැරසිලි විශේෂයක්.
තකහණිය1. [නා.] ඉක්මන; කඩිනම; ලහිය. 2. [නා.] බලවත් ඕනෑකම.
තක්ක1. [නා.ප්‍ර.] තර්කය. 2. [නා.ප්‍ර.] පස්ගෝරසයෙන් එකක්; මෝරු; තක්‍ර.
තක්කඩියා[නා.] රැවිටිලිකාරයා; ප්‍රයෝගකාරයා; කපටියා; කෛ‍රාටිකයා; ද්‍රෝහියා; නොහික්මුණු තැනැත්තා; දාමරිකයා.
තක්කණ(කථා.) [නා.ප්‍ර.] තර්ක කිරීම.
තක්කනක්කුව(කථා.) [නා.] හෙට්ටු කිරීම; කේවෙල් කිරීම.
තක්කන් කරනවා[ක්‍රි.] ආපසු නොදී අතපසු කරනවා.
තක්කම1. (කථා.) [නා.] කම්මැලිකම; අලසකම; ප්‍රමාදය. 2. [නා.] කපටිකම; වංචාව; ප්‍රයෝගය. 3. [නා.] විවාදය; තරගය. 4. [නා.] කලබලය; කඩිනම. 5. [නා.] වැරදීම.
තක්කාහත[වි.] තර්ක කරන සුලු; සැක දුරු කරන කල්පනාවෙන් යුත්.
තක්කුවික්කුව[නා.] කලබලය; වික්ෂිප්ත භාවය.
තක්බීර්(කථා.) [නා.ප්‍ර.] තැති ගැන්ම.
තක්මන(කථා.) [නා.] ඉක්මන්කම; යුහුසුලුබව.
තක්ෂ[නා.ප්‍ර.] (කපා ඉරා යතු ගෑම ආදියෙන්) දැව දඬු සිහින් කිරීම.
තක්ෂක[නා.ප්‍ර.] ලී දඬු සසින්නා; වඩුවා; වඩු කාර්මිකයා.
තක්ෂණය(පාරිභා.) [නා.] සූසැට කලා ශිල්පවලින් එකක් වන වඩුකම.
තක්ෂශිල්පය[නා.] වඩු කර්මාන්තය.
තක්සේරු අගය(පාරිභා.) [නා.] විමසා බලා තීරණය කරනු ලබන වටිනාකම; ප්‍රමාණය කළ අගය; ඇස්තමේන්තු වටිනාකම (=appraised value).
තක්සේරු ගාස්තුව1. [නා.] ඇස්තමේන්තු කරන ලද පිරිවැය. 2. [නා.] තක්සේරුව සඳහා ගෙවනු ලබන මුදල.
තක්සේරුකරු[නා.ප්‍ර.] යමක වටිනාකම තීරණය කරන්නා; යමක අගය තීරණය කරන්නා; ඇස්තමේන්තුකරුවා.
තක්සේරුව(පාරිභා.) [නා.] යමක වටිනාකම ප්‍රමාණය කිරීම; කිසියම් ද්‍රව්‍යයක අගය (විවිධ ක්‍රමවලින්) විමසා බලා තීරණය කිරීම; ඇස්තමේන්තුව (=valuation estimate).
තක්‍රය[නා.] පස්ගෝරසයෙන් එකක නාමය; මෝරු; කිරිමෝරු.
තකු1. [නා.ප්‍ර.] වාද විවාද කිරීම පිළිබඳ වූ ශාස්ත්‍රය; තර්ක ශාස්ත්‍රය; තකු සත. 2. [නා.ප්‍ර.] නූල් කැටීම සඳහා භාවිත කළ උපකරණයක්; ඉද්ද.
තකුල්[නා.ප්‍ර.] කපු කිනිස්ස, කළුවැල් හෝ සුවඳකහ යන ඖෂධීය ශාක.
තකෝව(කථා.) [නා.] ඉක්මන; හදිසිය.
තචපඤ්චකය1. [නා.] ශරීරයෙහි දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් සම පස්වැනි කොට ඇති ශාරීරික කොටස් පහ. 2. [නා.] සාමණේර පැවිද්දට පෙර හිසකෙස් කැපීමේ දී අනුලෝම ප්‍රතිලෝම වසයෙන් ප්‍රකාශ කෙරෙන කමටහන.
තචරසය[නා.] ගස්වල පොත්තෙහි ඇති රසය.
තචසාර[වි.] පොත්ත අරටුව කොට ඇති.
තච්ඡ[නා.ප්‍ර.] වඩුවා.
තජනවා[ක්‍රි.] තර්ජනය කරනවා; බිය ගන්වනවා.
තජ්ජාත[වි.] එයින් හටගත්; එයින් බිහි වූ; ඉන් ඇති වූ.
තජ්ජාරි, තජ්ජාරිකා[නා.] අඩි 36 ක ප්‍රමාණයකින් යුත් පැරණි මිනුම් ඒකකයක්.
තජ්ඥයා[නා.] එය දන්නා තැනැත්තා.
තට1. [නා.ප්‍ර.] ඉවුරු බිම; වෙරළ; කූලය; තීරය. 2. [නා.ප්‍ර.] පස; පාර්ශ්වය. 3. [නා.ප්‍ර.] තලාව; දියෙහි හෝ බිමෙහි තලය. 4. [නා.ප්‍ර.] උස්බිම; ගොඩබිම.
තටතටායමාන[වි.] කෝපයෙන් පුපුරන; ක්‍රෝධයෙන් 'තට තට’ යැයි ගැහෙන.
තටමනවා[ක්‍රි.] (මල පහ කිරීමට) තතනනවා; වැර වඩනවා.
තට්ටම[නා.] ශරීරයේ ඉඟටියෙන් පහළ නෙරාගිය නිතඹ පෙදෙස; හිඳ ගැනීමට යෙදෙන මස් පිඬු දෙක.
තට්ටඹියා(කථා.) [නා.] රජ ගෙදර වැසිකිළි සෝදන්නා.
තට්ටය, තට්ටෙ[නා.] කෙස් නැති හිස; මුඩුහිස.
තට්ටිකාව[නා.] තල් කොළ ආදියෙන් මඬුලු යොදා කරන ලද පැදුරු විශේෂයක්.
තට්ටු අරිනවා[ක්‍රි.] ලෑලි, කණු ආදියේ අංශයකින් පලුවක් ගා ඉවත් කරනවා; තීරුවක් අස් කරනවා; තට්ටු ගානවා.
තට්ටු ආන(කථා.) [නා.] වට්ටි, මලු, පැදුරු ආදිය එල්ලා තබන ආධාරයකය; උඩහල්ල; සික්කාව.
තට්ටු තලය[නා.] තට්ටුවක මතුපිට; ස්තර පෘෂ්ඨය.
තට්ටු පැනීම(කථා.) [නා.] සිංහල ජන ක්‍රීඩාවක්; අල්ලි පැනීම; ඉරි පැනීම; කට්ටු කෙළිය.
තට්ටු පිඟාන[නා.] පැතලි පිඟාන; බොකටු නැති තැටිය; තලිය.
තට්ටු පියවර[නා.] සරඹ කිරීමේ දී කකුල් දෙපසට විහිදා කඳ නමා අත් දෙකේ ඇඟිලි අගින් පිටිපතුල් තට්ටු කිරීම.
තට්ටු පෙට්ටිය(කථා.) [නා.] ආහාර බඳුන තබා ගැනීමට වේවැල්වලින් හෝ ඉරටුවලින් හෝ වියා පැරණියන පාවිච්චි කළ ඉලත්තට්ටුව වැනි උපකරණයක්; කුරු අඩිය.
තට්ටු මාරුව[නා.] (ගොවි.) මාරුවෙන් මාරුවට ඉඩම් භුක්ති විඳීමට හෝ සාර-අසාර කුඹුරු මාරුවෙන් මාරුවට භුක්ති විඳීමට හෝ එහි හවුල් අයිතිකරුවන් අතර භාවිත ක්‍රමය; කර මාරුව.
තට්ටු යතුකැටය, තට්ටු යත්ත[නා.] දැවවලින් තීරු ගා ඉවත් කිරීමට භාවිත කරන වඩු උපකරණය.
තට්ටු වෙනවා1. [ක්‍රි.] හැප්පෙනවා; ගැටෙනවා; වදිනවා. 2. [ක්‍රි.] පාඩු වෙනවා; නැති වෙනවා. 3. [ක්‍රි.] විරුද්ධ වෙනවා. 4. [ක්‍රි.] මුණ ගැසෙනවා; හමු වෙනවා.
තට්ටුනිවාස[නා.ප්‍ර.] මහල් කීපයකින් යුතු වන සේ සාදනු ලබන වාසස්ථාන; තට්ටු ගෙවල්.
තට්ටුබෝය[නා.ප්‍ර.] (ගොවි.) ගොවීන්ගේ අව්-වැසි ආවරණය; කුඩය; ඡත්‍රය.
තට්ටුව1. [නා.] යමකින් යම් කිසිවකට හඬක් නැංවෙන සේ හෙමින් ගැසීම. 2. [නා.] ස්තරය; ප්‍රතානය; තලය. 3. [නා.] සිවිය; පටලය; පටකය; ඡවිකාව. 4. [නා.] කුඹුරක හෝ ගෙවත්තක හෝ බෙදාගත් කොටස. 5. (කථා.) [නා.] තැටිය; තැටිල්ල; පීරිසිය. 6. (කථා.) [නා.] බුලත් අල්ලන භාජනය; ඉලත්තට්ටුව. 7. (කථා.) [නා.] නොගැඹුරු පතුලක් ඇති පැතලි බඳුන; වට්ටිය. 8. [නා.] අල්මාරිය, රාක්කය වැනි දේවල් ඇතුළ යොදනු ලබන ඵලකය. 9. [නා.] කරත්ත-මේස වැනි දේවල තිරස් ව සවි කරන පෙතැල්ල. 10. [නා.] මාලකය; භූමකය; සොල්දරය.
තටාකය, තඩාගය[නා.] පොකුණ; විල.
තටී[වි.] ජලාශ්‍රිත; තටාකයක් ඇත්තාවූ.
තටු එනවා[ක්‍රි.] අහංකාර වෙනවා; උඩඟු වෙනවා.
තටුව1. [නා.] පැතලි භාජනය; තළිය; තැටිය. 2. [නා.] තරාදි තැටිය; තරාදි දණ්ඩ දෙපස එල්ලා ඇති දෙතැටි. 3. [නා.] යක්ෂාදින්ට දොළ පිදේනි බලි බිලි පිළිගැන්වීම සඳහා ගොක්කොළ ආදියෙන් තනා ගන්නා පැතලි වට්ටිය. 4. [නා.] කුරුලු පියාපත; අත්හැන්ද.
තඩ ලනවා[ක්‍රි.] බරක් තඩයෙහි ලනවා; තඩයෙහි බඳිනවා.
තඩය[නා.] බර අවුණන ලීය; මැද බර අවුණා දෙකොනින් දෙදෙනකු උසුලාගෙන යන ලීය.
තඩි[වි.] ලොකු; මහත්; විශාල. 1. [නා.ප්‍ර.] පොල්ල; මුගුර. 2. [නා.ප්‍ර.] විදුලිය. 3. [නා.ප්‍ර.] තැළීම; පහරදීම.
තඩි බානවා(කථා.) [ක්‍රි.] පහර දෙනවා; බැට දෙනවා; තළනවා.
තඩිය1. [නා.] ලොකු දණ්ඩ; මහ පොල්ල; තොයිල්වලදී පිදවිලි ගෙනයාම සඳහා උපයෝගී කරගන්නා යෂ්ටිය. 2. [නා.] පල්ලැක්කිය; දෝලාව. 3. [නා.] පාරුව පැදීම සඳහා ගනු ලබන යෂ්ටිය.
තඩියම, තදියම(කථා.) [නා.] හදිසිය; ඉක්මන; කලබලය.
තඩිස්සිය[නා.] ඉදිමුම; ඉලිප්පුම.
තඩුත්තු[නා.ප්‍ර.] බාධා; අවහිර.
තඩුම්බු කරනවා[ක්‍රි.] හරිහැටි නොවිකා යම්තම් හපනවා.
තණ1. [නා.] බෙහෙවින් උසට නොවැඩී, බිම දිගේ දුවන සිහින් කොළ සහිත පැළෑටියක්. 2. [නා.] හේන්වල වැවෙන සිහින් ඇට සහිත කටුසර බෝගයක්; තණහාල් කඞ්ගු. 3. [නා.] තණ්හා; තෘෂ්ණාව; ඇලීම.
තණ ඇතිරිය[නා.] නිදීමට හෝ හිඳීමට සුදුසු ලෙස තණ අතුරා සකස් කළ ආසනය; තණ බිස්ස; ඝන ව තණ වැවුණු බිම.
තණ කබල[නා.] කෑමට කටට ගත් තණකොළ ස්වල්පය; තණකොළ කට.
තණ කැඳ[නා.] තණ හාල්වලින් සාදන ලද කැඳ.
තණ කැරැල්ල[නා.] මිටින් ගත හැකි තණකොළ ප්‍රමාණය; තණ මිට; තණ අහුර; තණ මිටිය.
තණ කිළිය[නා.] තණින් සෙවිලි කරන ලද කුඩා කුටිය; තණකොළ යොදා තනාගත් කුඩා ගෙය.
තණ ගැටය[නා.] කුඩා තණ පැළෑටිය; තණ පැළය.
තණ ගෙය1. [නා.] තණකොළ සෙවිලි කළ ගෙය. 2. [නා.] තෘෂ්ණාව නැමති ගෙය.
තණ පතර[නා.බහු.] පැතිර සිටි තෘණ ගොල්ල; විසිරී වැඩුණු තණ.
තණ පලඟ[නා.] තණ ඇතිරීමෙන් සකස් කළ ආසනය; තණ පල්ලංකය.
තණ බිඩැල්ල(කථා.) [නා.] සරු ලෙස තණ වැඩුණු තැනකින් කපා ගන්නා තණ සහිත පස් පිඬ.
තණ බිම[නා.] තණ කොළ වැවී ඇති බිම් පෙදෙස; (ගව ආදි සතුන් උදෙසා) වවන ලද තණ භූමිය.
තණ බිස්ස[නා.] ඝන ලෙස වැඩුණු තණ ගාල; ඝන තණගොල්ල.
තණ සියන[නා.] තණකොළ සෙවිලි කළ පියස්ස හෙවත් වහල; තෘණ ඡදනය.
තණ සුඹුළුව[නා.] තණකොළවලින් තැනූ හිස් වැස්ම හෝ දරණුව.
තණඔල[නා.ප්‍ර.] තණ සහලින් පිසන ලද බත් ඇටය; තණබත් ඇටය.
තණකජු[නා.ප්‍ර.] තණකොළ ගෙනයනු ලබන කද; තණ කද.
තණකලප්[නා.ප්‍ර.] තණකොළ කැටිය; තණ කොළ පිඬ; තෘණ කලාපය.
තණකුර[නා.] තණ (කොළ) පැළය; තෘණ අංකුරය.
තණකොන්ද[නා.] තණ ගසේ කොළය; තණ පැළෑටිය; තණපත.
තණකොළ පෙත්තා[නා.] පැන පැන යන්නා වූ ද තියුණු හඬ නඟන්නා වූ ද කෘමියෙක්; තණ කුරුල්ලා.
තණගබ[නා.] තණකොළ ඝන ව වැඩුණු තැන; තණ ලැහැබ.
තණපස්මුල්[නා.ප්‍ර.] ඊතණ, උක්, වැලුක්, රණ උණ හා ඉලුක් යන බෙහෙත් පැළෑටි වර්ග පසෙහි මුල්.
තණපැල[නා.] තණ කොළවලින් ආවරණය කරන ලද කුටිය හෙවත් පැල.
තණපිටි[නා.ප්‍ර.] තණ හාල් කුඩු කොට සකස් කළ පිටි.
තණබත්[නා.ප්‍ර.] තණ සහලින් පිසූ බත; තණහාල් බත.
තණබැළ[නා.ප්‍ර.] කුලියට තණ සපයන මෙහෙකරුවා; තණ කොළ විකුණා ජීවත් වන දාසයා.
තණබිසි[නා.ප්‍ර.] (විනය.) වියළි තණකොළ යොදා තැනූ මෙට්ටය; තණ ඇතිරිය.
තණමුවා[වි.] තණකොළවලින් සැදූ; තෘණයෙන් කළ; තෘණමය.
තණසාල්, තණහාල්[නා.ප්‍ර.] කුරක්කන් වැනි රන් පැහැ වටකුරු ඇට ඇති, ආහාරයට ගන්නා කුඩා ධාන්‍ය විශේෂයක්.
තණසිළ1. [නා.ප්‍ර.] තණකොළය; තණපත. 2. [නා.ප්‍ර.] තණකොළයෙන් තනා ගත් ගිනිහුළ; තණ හුළුඅත්ත.
තණ්ඩලය, තණ්ඩලේ1. (කථා.) [නා.] බර කරත්තයේ ගොන් බානට ඉදිරියෙන් යොදන අතිරේක ගොනා හෝ බාන; කරත්තය සමඟ ගෙන යන ගොන් බාන. 2. [නා.] පාරුවක ප්‍රධානියා; පාරු නියමුවා. 3. [නා.] ධීවර කණ්ඩායමක ප්‍රධානියා. 4. [නා.] බර කරත්ත සමූහයක ප්‍රධානියා; ගැල් නායකයා.
තණ්ඩායුධය[නා.ප්‍ර.] දණ්ඩකින් සාදා ගැනුණු ආයුධ විශේෂයක්; ගදායුධය; මුගුර.
තණ්ඩිමුණ්ඩි(කථා.) [වි.] මහත් වු අත් පා ඇති; තරබාරු.
තණ්ඩිය1. (කථා.) [නා.] කළවා; ඌරුව. 2. [නා.] සතුන්ගේ පස්සාගාතය; ගාතය.
තණ්ඩුරිණ[නා.ප්‍ර.] හාල් සේදූ දිය; හාල්පානු.
තණ්ඩුල1. [නා.ප්‍ර.] සහල්. 2. [නා.ප්‍ර.] සුන් සහල්. 3. [නා.ප්‍ර.] අබ ඇට දසයක බර වන මිනුමක්.
තණ්ඩුල හෝමය, තඬුල හෝමය[නා.] තෝරා ගත් සහල් ගිනිමැලයකට දැමීමෙන් කරන යාගය හෙවත් පූජා විධිය.
තණ්ඩුලඛණ්ඩක[නා.ප්‍ර.] කුඩා සහල් කැබලි; කැඩුණු සහල්; සුන් සාල්.
තණ්ඩුලවාරි[නා.] සහල් සේදූ දිය; හාල්පානු.
තණ්හක්ඛය[නා.ප්‍ර.] තණ්හාව නැති කිරීමෙන් ලබන ඵලය; කාම වස්තු කෙරෙහි ඇති ඇල්ම නැති කිරීම.
තණ්හය, තණ්හාව1. [නා.] ලෝභය; ආශාව; අධික රුචිය. 2. [නා.] රූප, ශබ්ද ආදි කාම වස්තු කෙරෙහි බැඳි ආශාව.
තණ්හාධික[වි.] අධික තෘෂ්ණාවෙන් යුක්ත; බලවත් තෘෂ්ණාවක් ඇති.
තත1. [නා.] පියා; තාත්තා. 2. [නා.] උත්සාහය; තැත. 3. (සංගී.) [නා.] වීණා ආදි තූර්ය භාණ්ඩයෙක විවිධ නාද දැනවීම සඳහා සවි කරනු ලබන නූල වැනි උපකරණය; තන්ත්‍රිය. 4. [නා.] නූල; හුය; කෙන්ද.
තත ගසනවා[ක්‍රි.] වීණා ආදියෙන් තත හඬවනවා; තන්ත්‍රීය නාද කරවනවා.
තතනනවා1. [ක්‍රි.] යම්කිසි කාර්යයන් සඳහා බලවත් උත්සාහයක් ගන්නවා; මහත් සේ වෑයම් කරනවා; තැත් කරනවා. 2. [ක්‍රි.] බලවත් වේදනාවෙන් කෙඳිරි ගානවා; වේදනා මුසු සිහින් හඬ නගනවා. 3. [ක්‍රි.] මේඝ ගර්ජනා කරනවා; ගුගුරනවා. 4. [ක්‍රි.] බියෙන් හෝ කෝපයෙන් වෙව්ලනවා. 5. [ක්‍රි.] තැති ගන්නවා; ගැහෙනවා.
තත්[වි.] රත් වූ; ගින්නෙන් තැවුණු. [නා.ප්‍ර.] උෂ්ණය (සර්ව.) ඒ ; එය.
තත් කවනවා1. [ක්‍රි.] විදීම සඳහා දුන්න සූදානම් කරනවා; ඊයෙහි පසු කඩ දුනු දියට මනා ව ගන්වනවා; ඊය දුනු දියෙහි තබා ඇද සකස් කරනවා. 2. [ක්‍රි.] සංගීත කාණ්ඩයට නූල් හෝ කම්බි දමනවා.
තත් තත්[වි.] ඒ ඒ; ඒ මේ; විවිධ.
තත්-පර්යාය[වි.] රූපයෙන් වෙනස් වූ එහෙත් අර්ථයෙන් සමාන; අර්ථයෙන් එය හා සමාන වන; සමානාර්ථ ඇති.
තත්ඉරම(කථා.) [නා.] මැණික් පතල් දෙකක් අතර ඉතිරි ව ඇති බිම් කොටස.
තත්කබල[නා.] රත් වූ බඳුන; ගින්නෙන් තැවුණු වළඳ.
තත්කාල1. [වි.] එම කාලයෙහි වූ; පැවති කාලයට අයත්. 2. (ජ්‍යෝති.) [වි.] යමක් සිද්ධ වූ වේලාවට හෝ යමකු උන් වේලාවට හෝ අයත්; ඉෂ්ට කාලයෙහි වූ.
තත්කාල කේන්ද්‍රය1. [නා.] (ජ්‍යෝති.) ඉෂ්ට කාලයකට අනු ව සාදන කේන්ද්‍ර සටහන; අපේක්ෂිත වේලාවේ ග්‍රහයන්ගේ පිහිටීම දැක්වෙන භාව චක්‍රය. 2. ගණිතැදුරා හමු වන කාලයෙහි ග්‍රහයාගේ පිහිටීම දැක්වෙන කේන්ද්‍රය.
තත්කාල ශාස්ත්‍රය[නා.] (ජ්‍යෝති.) තත්කාලයෙහි ග්‍රහයන් පිහිටි භාව අනුව තත්කාලීන ඵලාඵල ජ්‍යෝතිශ්ශාස්ත්‍රානුසාරයෙන් දැන කීමේ ක්‍රමය.
තත්කාලීන[වි.] ඒ කාල පිළිබඳ; නිර්දිෂ්ට කාලයට අයත්.
තත්තය1. [නා.] පිපාසය; පවස. 2. [නා.] තැවීම; තැවුණු බව.
තත්ත්ව දර්ශනය[නා.] ඇති තතු දැනීම; යථා ස්වභාවය අවබෝධ කර ගැන්ම; සත්‍ය ස්වරූපය දැකීම.
තත්ත්වඥ[වි.] ඇතිසැටි දැනගත්; යථා ස්වභාවය වටහා ගත්; තතු දත්; තත්ත්වවේදි.
තත්ත්වනිර්ණය[නා.ප්‍ර.] සැබෑ තත්ත්වය නිශ්චය කිරීම; සත්‍ය ස්වභාවය නිගමනය කිරීම; ඇති තතු තීරණය කිරීම.
තත්ත්වය1. [නා.] ඇති සැටි; සැබෑ ආකාරය; නියම ස්වභාවය; තතුව. 2. [නා.] තරාතිරම; සමාජයේ හිමි තැන.
තත්ත්වාකාරය1. [නා.] ඇති සැටිය; නියම ස්වභාවය. 2. [නා.] තරාතිරම; සමාජයේ හිමි තැන.
තත්ත්වාඛ්‍යාන[තත්ත්ව+ආඛ්‍යාන] [වි.] යමක ඇති තතු ප්‍රකාශ කිරීම පිළිබඳ; තත්ත්ව ප්‍රකාශනය හා සම්බන්ධ.
තත්ත්වාන්වේෂණ[තත්ත්ව+අන්වේෂණ] [නා.ප්‍ර.] (භා.දර්ශන.) ජීවඅජීව පදාර්ථවල යථා ස්වභාවය සෙවීම; සත්‍ය ගවේෂණය.
තත්ත්වාර්ථය1. [නා.] සත්‍ය වූ අර්ථය; සත්‍ය ධර්මය. 2. [නා.] සැබෑ අර්ථය; නියම තේරුම.
තත්ත්වාර්ථාවගමය[තත්ත්ව+අර්ථ+අවගමය] [නා.] (යමක) යථා තත්ත්වය තේරුම් ගැනීම; යථා ස්වභාවය වටහා ගැනීම; යථාර්ථය අවබෝධ කර ගැනීම.
තත්ත්වාරෝපණ ක්‍රමය(පාරිභා.) [නා.] අමුතු තත්ත්වයක් ඇති කිරීමෙන් ශිෂ්‍ය ලැදිකම ක්‍රියාත්මක කරවීමට මඟ සලස්වන අධ්‍යාපනික විධිය සහ ක්‍රියාමාර්ගය (=conditioning method).
තත්ත්වාරෝපණය[නා.] කිසියම් තත්ත්වයක් පැවරීම හෝ තත්ත්වයකට නැංවීම; ස්වභාවික ව සිදුවන ක්‍රියාකාරිත්වයක් අන්‍ය මාර්ගයකින් ඇතිවීම.
තත්ත්වාරෝපිත[වි.] ස්වභාවික ව සිදුවන ක්‍රියාකාරිත්වයක් අන්‍ය මාර්ගයකින් ඇති කළ ආරෝපණය කළ තත්ත්වය ඇති.
තත්ත්වාවබෝධය[තත්ත්ව+අවබෝධය] [නා.] (ධර්මයන්ගේ) නියම ස්වභාව වටහා ගැන්ම; ඇති සැටි තේරුම් ගැනීම; පදාර්ථවල යථා ස්වභාවය පිළිබඳ දැනුම.
තත්ත්වෝන්මාද[තත්ත්ව+උන්මාද] [නා.ප්‍ර.] තමා දෙවියෙකැයි විශ්වාස කරන පිස්සුව.
තත්තුල්‍ය[වි.] ඒ හා සමාන; ඊට සමාන වූ.
තත්පර1. [වි.] එහි ඇලුණු; එහි යෙදුණු; නිරත වූ; ආසක්න වූ. 2. [වි.] ඊට පසු වූ. 3. [වි.] ස්ථිර වසයෙන්; තරයේ.
තත්පර කටුව[නා.] ඔරලෝසුවක තත්පර සංඛ්‍යාව දක්වන කටුව; තත්පරයක කාලය දක්වන කටුව.
තත්පරය, තප්පරය1. [නා.] විනාඩියෙන් හැටෙන් පංගුවක් වන කාල ප්‍රමාණය. 2. (කථා.) [නා.] ඇසිපිය වරක් හෙළීමට යන කාලය.
තත්පරායණ[වි.] එහි ඇලුණු; එයට ඇප කැප වූ; එය ම පිහිට කොටගත්.
තත්පරිහාර[නා.ප්‍ර.] එය වැළකීම; එය බැහැර කිරීම.
තත්ප්‍රභව[වි.] එයින් උපන්; එයින් හටගත්.
තත්පාදක[වි.] එය පදනම් කොට ඇති; එයට මුල් වූ.
තත්භාවය, තද්භාවය[නා.] ප්‍රකෘති ස්වභාවය; මූලත්වය.
තත්වෙළුම[නා.] වීණාවේ තත් එතීමට සවි කළ ඇණය; තන්ත්‍රි වේඨනය.
තත්සම[නා.ප්‍ර.] (ව්‍යාක.) සිංහල භාෂාවේ ප්‍රකෘති විශේෂයක්; තසම; වෙනත් භාෂාවක වචනවල ප්‍රකෘතින් හා සමාන වන ප්‍රකෘතීන් හා යෙදේ.
තත්සමය[නා.ප්‍ර.] එකල; ඒ වේලාව; ඒ මොහොත.
තත්සමුත්ථාන[නා.ප්‍ර.] එය ඇති වීමට මුල් වූ කරුණ; එය ඉපැදීම; එහි ප්‍රභවය.
තත්සමුදය[නා.ප්‍ර.] එහි හටගැන්ම; එහි උපත; එය හට ගැන්මට හේතුවන මූලකාරණය.
තත්සර1. [නා.ප්‍ර.] වීණා ආදියෙහි මැදීමෙන් නඟින හඬ; වීණා නද; තන්ත්‍රී ස්වරය. 2. [නා.ප්‍ර.] බෙර වර්ගයක්.
තත්සහචරිත[වි.] ඒ අනු ව ගිය; ඒ පිළිබඳ වූ; එය හා පැවති.
තත්‍ර[නි.] එහි; එතැන.
තත්‍රස්ථ[වි.] එහි සිටි; එහි පිහිටි; එහි වූ.
තතිය[නා.] පඞ්ක්තිය; ශ්‍රේණිය; පරම්පරාව; රාශිය. [වි.] තෘතිය; තෙවැනි.
තතුරු1. [නා.ප්‍ර.] දුන්නෙහි ලණුව; දුනුදිය. 2. [නා.ප්‍ර.] ගොනු කරන ලද කරුණු සමූහය.
තතුව1. [නා.] යම් කිසිවක ඇති සැටිය; තත්වය; ස්වභාවය; තොරතුරු; පුවත. 2. [නා.] සැබෑව; සත්‍යය. 3. [නා.] පරමාර්ථය.
තථ[වි.] සැබෑ වූ; සත්‍ය වූ; නිවැරදි; අවිපරීත.
තථතා[නා.ප්‍ර.] සත්‍ය ස්වභාවය; නොවෙනසවන ස්වභාවය; නිර්වාණය.
තථධර්මය[නා.] චතුරාර්ය සත්‍යය; සත්‍ය වූ ධර්මය.
තථභාවය[නා.] සත්‍ය ස්වභාවය; ඒ ආකාරයෙන් ම වන බව.
තථය[නා.] සත්‍යය; නොවරදින දෙය; ආර්ය සත්‍යය.
තථ්‍ය[වි.] ඇති සැටි; සැබෑ; සත්‍ය; අව්‍යාජ.
තථ්‍ය ගවේෂණය[නා.] ඇත්ත සොයා බැලීම; තතු විමසීම.
තථ්‍යතාව1. (පාරිභා.) [නා.] සැබෑබව; නියම තත්ත්වය. 2. (දර්ශන.) [නා.] පවතින්නට පුළුවන් කම තිබීම නොව අවකාශයෙහි හා කාලයෙහි ඇත්ත වශයෙන් පැවතීම.
තථ්‍යධර්මය[නා.] යථා ස්වභාවය ප්‍රකට කරන දහම; සත්‍ය ධර්මය; සත්‍ය වශයෙන් පිළිගත් කාරණය.
තථ්‍යය[නා.] සැබෑව; සත්‍යය; සත්‍ය තත්ත්වය.
තථ්‍යලෝකය[නා.] පෙනෙන ලෝකය නොව ඇත්ත වශයෙන් පවතින ලෝකය.
තථා[ක්‍රි.වි.] එසේ; වෙනත් සැටියක් නොවන.
තථාකාරී[වි.] එසේ කරන; කියූ සැටියෙන් ම කරන.
තථාගත[නා.ප්‍ර.] පෙර තථාගත මුනිවරුන් ගිය මඟම යන බුදුරජාණන් වහන්සේ.
තථාගත බල[නා.බහු.] ෂට්දන්ත හස්තීන් දස දෙනකුගේ බලයට සම වූ බුදුන්වහන්සේගේ කායබල වූ හා දස ස්ථානයක අකම්ප්‍ය වූ ඥානබල යන වශයෙන් බුදුරජාණන් වහන්සේට පමණක් ඇති බලය.
තථාගත ලක්ෂණය[නා.] තථාගත ස්වරූපය; බුද්ධ භාවය.
තථාගත ශය්‍යාව1. [නා.] බුදුවරයන්ගේ සැතපීම් විලාසය; බුදුරජාණන්වහන්සේට පමණක් අයත් වූ චතුර්ථධ්‍යාන ශය්‍යාව. 2. [නා.] චතුර්විධ සැතපීම්වලින් එකක්.
තථාභූත[වි.] එසේ වූ; එබඳු වූ.
තද1. [වි.] බුරුල් නැති; මොළොක් නොවූ; දැඩි. 2. [වි.] (සිත) මෘදු නොවන; අනුකම්පා නොකරන. 3. [වි.] ස්ථිර; අචල; අදිටනින් යුතු. 4. [වි.] අධික; බොහෝ; මහත්. 5. [වි.] සැර; සැඬ; චණ්ඩ. 6. [වි.] දරුණු; නපුරු; ක්‍රෑර; රළු; ඵරුෂ. 7. [වි.] බලවත්; බලසම්පන්න; වේගවත්. 8. [වි.] අමාරු; දුෂ්කර; ගැටලු සහිත.
තද කරනවා1. [ක්‍රි.] බුරුල නැති වන සේ සවිකරනවා; ලිහිල් බව නැති කරනවා. 2. [ක්‍රි.] තෙරපනවා; ඔබනවා; හිර කරනවා. 3. [ක්‍රි.] වැඩි කරනවා.
තද වතුර1. [නා.] කඨින ජලය. 2. [නා.] වේගවත් ව ගලා බස්නා ජලස්කන්ධය.
තද වැද්දුම[නා.] ඇණයක් දැඩි ලෙස ගසා අවසන පැත්තට නමා තද වන්නට සැලසීම.
තද වෙනවා1. [ක්‍රි.] මොළොක් බව නැතිවෙනවා; දැඩි වෙනවා; ඝන වෙනවා. 2. [ක්‍රි.] මුරණ්ඩු වෙනවා; දරුණු වෙනවා. 3. [ක්‍රි.] වැඩි වෙනවා; අධික වෙනවා; උණු වෙනවා; නරක අතට හැරෙනවා. 4. [ක්‍රි.] කේන්ති යනවා.
තදඞ්ග[නා.] ලෝභාදි ක්ලේශයන් දුරුවීමට නිසි අනිත්‍ය දුක්ඛාදිය සිහි කිරීම පිණිස යොදා ගන්නා උපාය.
තදඞ්ග ප්‍රහාණය[නා.] අලෝභාදි කූසලයන්ගෙන් ලෝභාදි අකුසලයන් දුරු කිරීම.
තදඞ්ග විවේකය[නා.] කාමයන්ගෙන් හා ක්ලේශයන්ගෙන් සිත තාවකාලික ව වෙන්වීම.
තදනත්තර[තද්+අනන්තර] [වි.] කලින් සඳහන් යමකට පසු ව වූ; ඉන් අනතුරු වූ; ඊළඟ.
තදන්තෝගධ[තද්+අන්තෝගධ] [වි.] එය අන්තර්ගත වූ; කලින් සඳහන් යමක් ඇතුළත් වූ.
තදන්‍ය[තද්+අන්‍ය] [වි.] එයින් පිටස්තර; ඉන් අන්‍ය වූ; ඒ දෙයින් වෙනස් වූ; ඉන් බාහිර වූ.
තදනුකූල[තද්+අනුකූල] [වි.] ඒ අනු ව පවත්නා; එයට අනුරූප; ඒ හා ගැළපෙන.
තදනුගාමී[තද්+අනුගාමී] [වි.]එය අනු ව යන; තදනුගාමිනී (කලින් සඳහන් යමක් හා සම්බන්ධයි).
තදනුරූප[තද්+අනුරූප] [වි.] එයට, එනම් කලින් සඳහන් ක්‍රමයෙන් හෙවත් අනුපිළිවෙළින් පවත්නා දෙය.
තදනුලෝමය[තද්+අනුලෝමය] [නා.] එනම් කලින් සඳහන් ක්‍රමයෙන් හෙවත් අනුපිළිවෙළින් පවත්නා දෙය.
තදනුවර්තක[තද්+අනුවර්තක] [වි.] කලින් සඳහන් යමක් අනු ව පවත්නා වූ; ඊට අනුකූල වන.
තදපද[නා.ප්‍ර.] තේරුම් ගැනීමට අමාරු පද; දුරවබෝධ වචනය; ගැඹුරු වචන. [වි.] ඉතා බරපතල; දැඩි.
තදපරුෂ, තදඵරුෂ[වි.] ඉතා රළු; අති කර්කශ.
තදපියොවු[නා.ප්‍ර.] තද ගතිය; දැඩිබව; රළු පැවැත්ම; පරුෂ බව.
තදබද1. [වි.] දැඩි; බලවත්; උග්‍ර. 2. [වි.] ඉතා තද; සැර පරුෂ; රළු.
තදබදය[නා.] හිරවීම; අවහිරය; ඉඩකඩ ඇහිරීම.
තදභිප්‍රාය[තද්+අභිප්‍රාය] [නා.ප්‍ර.] එහි (එනම් කලින් ප්‍රකාශ කළ දෙයෙහි) අදහස.
තදමන්[නා.ප්‍ර.] බොහෝ වූ මානය; මහත් උඩඟුකම.
තදයා[නා.] දැඩි සිත් ඇත්තා; දරුණු පුද්ගලයා; ලොකුකම පෙන්වන්නා.
තදර්ථ[තද්+අර්ථ] [නා.ප්‍ර.] එම අරුත; ඒ අදහස.
තදර්ථ සාධනය[නා.] ඒ අර්ථය සිදු කිරීම; ඒ අරමුණ ඉටුවීම.
තදරොම්[නා.ප්‍ර.] ඌරා; සූකරයා.
තදස්ථව[ක්‍රි.වි.] එහිම පිහිටා; එහිම ඇලී.
තදහුජාත[වි.] එම දිනයෙහි බිහි වූ; එදවස උපන්.
තද්[සර්ව.] ඒ (කලින් කියවුණු); එම; තත්.
තද්ගුණාධ්‍යාරෝපණය[තද්ගුණ+අධ්‍යාරෝපණය] [නා.] යම් වස්තුවක දක්නා ලැබෙන ගුණය වෙනත් වස්තුවකට ආරෝපණය කර දැක්වීම.
තද්ධිත[නා.ප්‍ර.] (ව්‍යාක.) නාමයකින් පර ව අර්ථවත් ප්‍රත්‍යය යෙදීමෙන් සාදා ගන්නා ද්විතීයික නාමය.
තද්ධේතුක[තද්+හේතුක] [වි.] ඊට හේතු වූ; එයට කාරණ වූ.
තද්භව[වි.] සංස්කෘත, පාලි, ආදි අන්‍යභාෂාවන්ගෙන් සිංහලයට බිඳී ආවා වූ. [නා.ප්‍ර.] අන්‍ය භාෂාවකින් සිංහලයට බිඳී ආ ශබ්ද ප්‍රකෘතිය හෝ ධාතු ප්‍රකෘතිය.
තද්භාවය(පාරිභා.) [නා.] (දර්ශන.) යමක් එහි ස්වභාවය අනු ව එසේ පැවතීම.
තදාකාර වෙනවා[ක්‍රි.] ඒ අයුරු වෙනවා; ඒ ස්වරූපය ගන්නවා; ඒ ආකාරයට පත්වෙනවා.
තදාකාරය[තද්+ආකාරය] [නා.] ඒ අයුර; ඒ ස්වරූපය; ඒ පිළිවෙළ.
තදාගත[වි.] ඉන් පැමිණී; එයින් ආවාවූ.
තදාදීනව[තද්+ආදීනව] [නා.ප්‍ර.] එහි අයහපත් ප්‍රතිඵල; ඒ ක්‍රියාවෙහි විපාක.
තදාධාර[තද්+ආධාර] [නා.ප්‍ර.] (කලින් සඳහන් දෙය) උසුලා හෝ දරා සිටින දෙය; එයට උපකාර හෝ උපස්තම්භක වන්න; එයට රුකුල් වන්න.
තදානීන්තන[වි.] ඒ කාලයේ වාසය කළ; එකල විසූ.
තදාලම්බන[නා.ප්‍ර.] සිත අරමුණෙහි එල්බ ගැනීම.
තදාලම්බන කෘත්‍යය[නා.] (අභි.) ජවන සිතෙහි එල්ලී ගත් අරමුණු ගැනීම.
තදාලම්බන චිත්තය[නා.] (අභි.) ජවනයේ අරමුණ ම ගනිමින් ඉන් අනතුරු ව පහළ වන සිත; තදාරම්මණය; තදාලම්බනය.
තදාශ්‍රය[තද්+ආශ්‍රය] [නා.] ඒ ඇසුර; එයට ඇසුරු වූ දේ; ඒ හා සම්බන්ධ.
තදාසන්න[තද්+ආසන්න] [වි.] ඒ අසල වූ; එය සමීපයෙහි පිහිටි.
තදිතර[තද්+ඉතර] [වි.] එයින් අන්‍ය වූ; එයට අමතර.
තදින්ද්‍රිය[තද්+ඉන්ද්‍රිය] [නා.ප්‍ර.] (ඇස කන ආදි වූ) ඒ ඉන්ද්‍රිය.
තදියම[නා.] බලවත් ඉක්මන්කම; හදිසි කලබලය; ඕනෑවට වැඩි ඉක්මන.
තදීය1. [වි.] එයට, (එනම් කලින් සඳහන් දෙයකට) අයත්; එය හා සම්බන්ධ; ඒ පිළිබඳ. 2. [වි.] ඔහුට අයත්; ඔහු හා සම්බන්ධ.
තදුක්ත[තද්+උක්ත] [වි.] ඒ (කලින්) කියන ලද.
තදුත්පාද[තද්+උත්පාද] [නා.ප්‍ර.] එහි (පෙර සඳහන් දෙයෙහි) උත්පත්තිය; එහි පටන් ගැන්ම; එහි ආරම්භය.
තදුත්පාදක[තද්+උත්පාදක] [වි.] කලින් සඳහන් ඒ දෙය උපදවන; එය හටගන්වන; එහි උත්පත්තියට හේතු වූ.
තදුපදේශය[තද්+උපදේශය] [නා.] ඒ අවවාදය; ඒ අනුශාසනය; ඒ උවදෙස.
තදුපනිශ්‍රය[තද්+උපනිශ්‍රය] [නා.] එයට ඇති බලවත් හේතුව; එයට ඇති හේතු සම්පත්තිය.
තදුපාය[තද්+උපාය] [නා.ප්‍ර.] ඒ සඳහා සුදුසු ක්‍රියා මාර්ගය; ඊට යෝග්‍ය මාර්ගය.
තදුපිය[වි.] ඊට සුදුසු වූ; එයට ගැළපෙන; ඊට ප්‍රමාණවත්.
තදේකට්ඨ[වි.] ඒ හා එකට බැදුණු; ඒ සමඟ එක් ව පවත්නා වූ; තදේකස්ථ.
තදේකදේශ[තද්+ඒකදේශ] [නා.ප්‍ර.] එහි එක ම කොටස.
තදේකලක්ෂණ[තද්+ඒකලක්ෂණ] [නා.ප්‍ර.] එය හා සමාන ලක්ෂණ.
තන අසුව[නා.] මැණික් ඔප දැමීමේ දී භාවිත වන උපකරණයක්.
තන පියල්ල[නා.] පියොවුරු ආවරණය කරන රෙදි කැබැල්ල හෝ ලෝහ පට්ටය.
තන පුඬුව[නා.] ක්ෂිරපායී සතුන්ගේ තනයෙහි මුදුන; ස්ත්‍රීන්ගේ පියොවුරු තුඩ; පයෝධරාග්‍රය.
තන බඩතුර[නා.] පයෝධර හා බඩ අතර ශරීර ප්‍රදේශය.
තන බන්දුව(කථා.) [නා.] පහත් යයි සම්මත කුල ස්ත්‍රීන් පයෝධර වසා කරේ සිට බැඳ ඇති රෙදිකඩ.
තන බුරුල්ල[නා.] ගව ආදි දෙනුන්ගේ තන මඬුල්ල.
තන මියර[නා.] කිහිල්ලේ සිට ඉකිළි තෙක් විහිදෙන මියර හෙවත් වැටි.
තන හස්[නා.] පියොවුරු නමැති හංසයා.
තනකිරි[නා.] මනුෂ්‍ය ස්ත්‍රියකගේ පියොවුරින් ලැබෙන කිරි; මවුකිරි.
තනතුර[නා.] පුද්ගලයකුගේ සුදුසුකම් අනු ව දෙනු ලබන පත්වීම්; පදවිය; නිලය; ඨානාන්තරය.
තනනවා1. [ක්‍රි.] සාදනවා; ගොඩ නගනවා; නිපදවනවා; හරිගස්සනවා; සකස් කරනවා. 2. [ක්‍රි.] සැරසෙනවා; සූදානම් වෙනවා; උත්සාහ කරනවා. 3. [ක්‍රි.] හදා වඩා ගන්නවා; ඇති දැඩි කරනවා. 4. [ක්‍රි.] (පැළ) සිටුවනවා; ඉන්දනවා; රෝපණය කරනවා. 5. [ක්‍රි.] වෙවුලනවා; ගැහෙනවා; පොපියනවා. 6. [ක්‍රි.] වටයට කරකවනවා.
තනපට, තනපොට1. [නා.] ස්ත්‍රීන්ගේ පියොවුරු වසා බඳින රෙදිපට; චෝලිය. 2. [නා.] (දිය නෑම සඳහා) ස්ත්‍රීන් කිහිල්ලට යටින් ඇඟ වටා (ළැම පෙදෙස වැසෙන සේ) අඳින රෙද්ද. 3. (පාරිභා.) [නා.] ස්ත්‍රීන් උඩුකයට අඳින යට ඇඳුම.
තනපා1. [නා.ප්‍ර.] තන කිරි; මව් කිරි. 2. [නා.ප්‍ර.] කිරිබොන වයසේ දරුවා; ළදරුවා.
තනපුවා[නා.] කිරි බී වැඩෙන්නා; ක්ෂීරපායි සත්ත්වයා.
තනපොම්පය(පාරිභා.) [නා.] පයෝධරයෙන් කිරි අස්කර දැමීම සඳහා උපයෝගී කරගන්නා උපකරණය (=breast pump).
තනබර[නා.] බරින් යුත් පයෝධර මණ්ඩලය.
තනමඬල[නා.] දෙතන ඇතුළු ළය පෙදෙස; තන මඬුල්ල.
තනමා[නා.ප්‍ර.] බඩදරු ලිය; ගැබිනිය.
තනය1. [නා.] ස්ත්‍රීන්ගේ උරය මත පිහිටි ඉදිරියට නෙරූ මෘදු වූ මස්පිඬු දෙකින් එකක්; දරු පෝෂණය සඳහා කිරි එරෙන ග්‍රන්ථිය; පයෝධරය; ස්තනය. 2. [නා.] ක්ෂීරපායි ගණයට අයත් ගව ආදි දෙනුන්ගේ කිරිබුරුල්ල. 3. [නා.] කිරි.
තනයයා[නා.] දරුවා; පුතා හෝ දුව.
තනවැස්ම[නා.] පියොවුරු වසන වස්ත්‍රය; (භික්ෂුණින්ගේ) හැට්ට.
තන්1. [නා.ප්‍ර.] තැන; ස්ථානය; භූමිය. 2. [නා.ප්‍ර.] තනතුර; පදවිය; ධූරය. 3. [නා.ප්‍ර.] තත්ත්වය; ලබා ඇති තැන. 4. [නා.ප්‍ර.] සම්පාදනය; පිළියෙල කිරීම. 5. [නා.ප්‍ර.] සලකුණ. 6. [නා.ප්‍ර.] ත්‍රිවර්ග සැපතින් එකක් වූ කම්සැප.
තන්තවායයා[නා.] රෙදි වියන්නා; පේෂකාර්මිකයා.
තන්ත්වී(පාරිභා.) [වි.] තන්තුමය; තන්තු සහිත.
තන්ත්වීකරණය(පාරිභා.) [නා.] සිරුරේ තන්තුමය පටක සෑදීම (=fibrose).
තන්ත්‍ර1. [නා.ප්‍ර.] ශාස්ත්‍ර; විද්‍යා; ශිල්ප. 2. [නා.ප්‍ර.] ක්‍රම; විධි; නියම; නීති; සිද්ධාන්ත 3. [නා.ප්‍ර.] ආගමික ග්‍රන්ථ විශේෂයක්. 4. [නා.ප්‍ර.] සිවුසැට කලා ශිල්පවලින් එකක්. 5. [නා.ප්‍ර.] ශාස්ත්‍රීය කෘති; උසස් විද්‍යා ග්‍රන්ථ. 6. [නා.ප්‍ර.] වජ්‍රයානිකයන් විසින් තාන්ත්‍රික බුද්ධාගම පිළිබඳ ව ලියන ලද ග්‍රන්ථ. 7. [නා.ප්‍ර.] ජ්‍යෝතිශ්ශාස්ත්‍රයෙහි ග්‍රහ ගමන්, වක්‍රානුවක්‍ර ආදි ග්‍රහ ගති ප්‍රකාශ කරන ජ්‍යෝතිර් හා ගණිත විධි. 8. [නා.ප්‍ර.] ශාස්ත්‍රීය ආප්ත ග්‍රන්ථයක කොටස; පරිච්ඡේදය. 9. [නා.ප්‍ර.] අනතුරු ආදිය වැළැක්වීම සඳහා සිහි කරනු ලබන කවච වැනි ආරක්ෂක මන්ත්‍ර විශේෂයක්. [වි.] ප්‍රධාන; මූලික.
තන්ත්‍රඥයා[නා.] කිසියම් තන්ත්‍රයක් හෙවත් ශාස්ත්‍රයක් පිළිබඳ දැනුම ඇත්තා; ශාස්ත්‍රධරයා.
තන්ත්‍රණය[නා.] සංයෝගවීම; එක්වීම.යෙදීම;
තන්ත්‍රයාන[නා.ප්‍ර.] මහායානයෙන් බෙදීගිය නිකායක්.
තන්ත්‍රි1. [නා.ප්‍ර.] තත් හෙවත් කම්බි සහිත තූර්යභාණ්ඩ විශේෂය. 2. [නා.ප්‍ර.] වීණා නාදය; සංගීත භාණ්ඩයක තත් හෙළීමෙන් උපදනා හඬ.
තන්තිරි1. [නා.] තූර්ය භාණ්ඩයක්. 2. [නා.] නළා විශේෂයක්. 3. [නා.] තන්තිරි නලාව.
තන්තිරි නැට්ට(කථා.) [නා.] කෙහෙල් කැනේ අගම කොටස; දඩවහල්ල.
තන්තිරිපට[නා.] තූර්ය භාණ්ඩයක්.
තන්තු සෛල(පාරිභා.) [නා.] සුදු තන්තු නිපදවතැයි සලකන දිග පැතලි සෛල පටකයක් (=fibroblast).
තන්තුකලඹ(පාරිභා.) [නා.] (සත්ව.) පේශි තන්තු හෝ ස්නායු තන්තු එක් වීමෙන් සැදුණු තන්තු මිටිය (=fasciculus).
තන්තුමය[වි.] කෙඳි සහිත වූ; කෙඳිවලින් සෑදුණු.
තන්තුමය පටකය(පාරිභා.) [නා.] කෙඳි සහිත පටකය (=fibrous).
තන්තුමය මුල්[නා.බහු.] ඒකබීජ පත්‍රී පැළෑටිවල බිස්සක් මෙන් එකට සැදුණු කෙඳි මුල්.
තන්ද්‍රාව1. [නා.] නිදිමත. 2. [නා.] සෙම්රෝගයක්; තෙමරිය.
තන්දි[නා.ප්‍ර.] ක්‍රියාශීලී නොවන බව; මැළිබව; ආලස්‍යය.
තන්දිමුක[නා.ප්‍ර.] ඇත්මුහුණක් ඇත්තා; ගණදෙවියා.
තන්දිරම(කථා.) [නා.] උපාය; කපටිකම; රැවටිල්ල; ප්‍රයෝගය.
තන්දිරි(කථා.) [නා.ප්‍ර.] කිසියම් රාජ්‍ය නිලයක් දරන්නා; කිසියම් කාරියක් බාර නිලමේ හෙවත් ඇමැත්තා.
තන්නාසේ[නා.] දැඩි ආසාව; බලවත් තෘෂ්ණාව.
තන්නික්කාලය, තන්නික්කාලිය(කථා.) [නා.] (දේවාල ආදියෙහි) පඬුරු කාසි එකතු කරන භාජනය හෝ කැටය.
තන්පත්1. [වි.] තැනට පැමිණි; ස්ථානය ගත්. 2. [වි.] නොසැලෙන; ස්ථාවර.
තන්පත් කරනවා[ක්‍රි.] පිහිටුවනවා; ස්ථාවර කරනවා; ස්ථිර කරනවා.
තන්මාත්‍රය[නා.] පැවැත්මේ කුඩා ම ඒකකය (=monad).
තන්මුඛයෙන්[තද්+මුඛයෙන්] [ක්‍රි.වි.] ඒ හේතුකොටගෙන; ඒ අනුසාරයෙන්.
තන්මූලක[වි.] එය මුල් කොට ඇති.
තන්වාවා[නා.] රෙදි වියන්නා; වස්ත්‍ර තනන්නා; පෙහෙකරුවා.
තන්වැසි1. [වි.] ස්ථානවාසි; නිත්‍යවාසී වූ; ආගන්තුක නොවූ. 2. [වි.] පළපුරුදු; හුරුබුහුටි; දක්ෂ. 3. [වි.] කපටි.
තන්‍ය(පාරිභා.) [වි.] ඇදෙනසුලු; දික්ගැස්සිය හැකි; සිහින් කළ හැකි (=ductility).
තනි1. [වි.] එකකු හෝ එකක් පමණක් වන; හවුලට අන්කිසිවකු නැති; එකලා; කේවල. 2. (කථා.) [වි.] අමිශ්‍ර; කළවම් නැති.
තනි අයිතිය[නා.] යමක් පිළිබඳ ව කැමැත්තක් කිරීමට එක් පුද්ගලයකුට හෝ පිරිසකට පමණක් ඇති හිමිකම; බලය හෝ වරප්‍රසාදය; ඒකාධිකාරය.
තනි කරනවා[ක්‍රි.] තනියම ඉන්නට සලස්වනවා; හුදෙකලා බවට පත් කරනවා.
තනි කොටුව[නා.] එක් අයකුට අයිති හේන් කොටස.
තනි තණ්ඩල්1. (කථා.) [වි.] අවිවාහක; තනිකඩයා වූ. 2. [වි.] අසරණ; අනාථ.
තනි ප්‍රයෝජනය(පාරිභා.) [නා.] එක් අයකුගේ (හෝ කණ්ඩායමක) පමණක් පාවිච්චිය සඳහා යැයි කරනු ලබන නියමය (=exclusive use).
තනි පොරය, තනිපොරේ[නා.] ප්‍රතිමල්ලවයන් දෙදෙනකු පමණක් අතරේ සිදුවන සටන.
තනි බිල[නා.] තනි පුද්ගලයකු බැංකුවක් සමග කරන ගනුදෙනු වෙනුවෙන් නිකුත් කරන බැංකු නිවේදන පත්‍රය.
තනි බුක්තිය[නා.] එක පුද්ගලයකු විසින් පමණක් ප්‍රයෝජන ගැනීම; තනි ව භුක්ති විඳීම.
තනි යහන[නා.] සැමියාගෙන් හෝ බිරියගෙන් වෙන් ව හුදෙකලා ව විසීම; විප්‍රවාසය.
තනි සටහන් ක්‍රමය(පාරිභා.) [නා.] ගනුදෙනුකාරයන්ගේ පෞද්ගලික ගිණුම් පමණක් සඳහන් වන ගණන් තැබීමේ ක්‍රමයක් (=single entry system).
තනි හිමිකම(පාරිභා.) [නා.] පොදු නොවූ අයිතිය; සීමා කරන ලද අයිතිවාසිකම (=exclusive ownership).
තනි-නොතනියට[ක්‍රි.වි.] තනි රැකීමට; හුදෙකලාබව නැති කිරීමට; පාළුව මඟහැරවීමට.
තනිකඩ[වි.] අවිවාහක; පවුල් නොවූ.
තනිකම1. [නා.] දේශීය භූත විද්‍යාවේ දැක්වෙන පරිදි තනි වීමෙන් ඇති වන බය; තනිකම් දෝෂය; තනිවීමෙන් හට ගනිතියි සැලකෙන අමනූෂ්‍ය උපද්‍රවය. 2. [නා.] හුදෙකලා බව
තනිකර[වි.] අනෙක් දේකින් තොර; කළවමක් නැති; හුදු; කේවල.
තනිකලා මෝටරය(පාරිභා.) [නා.] ඒකීය ප්‍රත්‍යාවර්තන වෝල්ටීයතාවක් මගින් ශක්ති සමාපනය කරනු ලබන මෝටරය (=single phase motor).
තනිගිණුම් ක්‍රමය(පාරිභා.) [නා.] වාණිජ ව්‍යාපාරවල හෝ බැංකුවල මුදල් ආදිය පිළිබඳ ගණන් බැලීමේ හා තැබීමේ ක්‍රමයක් වන තනි ගණන් ගැනීමේ ක්‍රමය (=single account system).
තනිදණ්ඩ[නා.] කකුලේ දණටත් ඇස්වටයටත් අතර ඉදිරිපස කොටස.
තනිදොස1. [නා.] වා පිත් සෙම් යන දෝෂයන්ගෙන් එකක්. 2. (කථා.) [නා.] හුදකලාවීමේ දොස; කිලිදොස; යක්ෂ හෝ පෙරේත දෝෂ.
තනිනූල1. (කථා.) [නා.] එක් පොටකින් යුත් නූල. 2. [නා.] රෝගියකුගේ සිරුරේ අවයවයක ඇදුරකු විසින් ඇපයක් හෝ බාරයක් වශයෙන් බඳිනු ලබන නූල; ඇප නූල.
තනිපංගලමේ1. [ක්‍රි.වි.] සහායකයකු නැති ව; හුදෙකලා ව. 2. [ක්‍රි.වි.] අවිවාහක ව.
තනිපංගුව[ක්‍රි.වි.] හුදෙකලා ව; තනි ව; තනියම.
තනිපට සිවුර, තනිපොට සිවුර[නා.] එක පටකින් යුක්ත වන සේ මසා නිම කළ සිවුර; උත්තරාසඞ්ගය.
තනිපට, තනිපොට1. (කථා.) [නා.] එකපට; එකස්තරය. 2. [නා.] පොටවල් එකකින් පමණක් යුත් නූල; තනි නූල.
තනිපහර එන්ජිම(පාරිභා.) [නා.] එක් පිස්ටනයක ප්‍රහාරයකින් ක්‍රියා කරන යන්ත්‍රය (=single stroke engine).
තනිපාඩුවේ[ක්‍රි.වි.] අන්‍යයන් හා සම්බන්ධ නොවී; තනියම; අනුන්ට හිරිහැර නොවන පරිදි; අනුන්ගේ දේවල් නොසොයා.
තනිපාදය, තනිපාදේ1. [නා.] තනි මූට්ටුව ඇති සරම; උස අතට පමණක් මූට්ටුව සහිත සරම. 2. [නා.] පොත් තැබීමේ ක්‍රමයක්; අය වැය දෙක ම තනි ගණන් යටතේ ලිවීමේ ක්‍රමය; කේවල සටහන් ක්‍රමය (=single entry).
තනිපිට(කථා.) [නා.] තනිපැත්ත; එක පැත්ත. (කථා.) [ක්‍රි.වි.] තනියම; සමූහයාගෙන් වෙන්කොට; එක පක්ෂයක් පමණක් ඇති ව.
තනිමංසලේ1. [ක්‍රි.වි.] සහායකයකු නැති ව; හුදෙකලා ව; තනි ව. 2. [ක්‍රි.වි.] අවිවාහක ව.
තනිමග, තනිමඟ1. [නා.] ජනයාගෙන් තොර වූ මාර්ගය. 2. [නා.] පාළුමඟ.
තනිමුරය[නා.] මළගෙයකට අසල්වැසි ආදින් ආරක්ෂාව. සලසන
තනිමූට්ටුව(පාරිභා.) [නා.] රෙදි කැබලි දෙකක් එකට යා කිරීම සඳහා මහන සරල මැස්ම (=plain seam)
තනියා(කථා.) [නා.] රැළෙන් වෙන් ව තනි ව වසන අලියා.
තනිස් කරනවා[ක්‍රි.] කන්‍යාව දූෂ්‍ය කරනවා; බලාත්කාරයෙන් ස්ත්‍රියක සමග අනාචාරයේ හැසිරෙනවා.
තනිස්, තන්නිස්(කථා.) [නා.ප්‍ර.] කන්‍යා දූෂණය; බලෙන් කරනු ලබන ස්ත්‍රී දූෂණය.
තනිසෙල(පාරිභා.) [නා.] තනි ගලෙන් සාදන ලද ටැඹ හෝ කණුව; නෙළන ලද පිළිමය; නෙළන ලද තනි ගල් නිර්මාණය (=monolith).
තනු1. [වි.] තුනී; සිහින්. 2. [වි.] ශක්තිහීන; අබල. 1. [නා.ප්‍ර.] කුඩා දෙය. 2. [නා.ප්‍ර.] ක්ලේශයන්ගේ ශිථිල අවස්ථාව. 3. [නා.ප්‍ර.] ශරීරය. 4. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කේන්ද්‍රයක ලග්නස්ථාන හෙවත් පළමු රාශි; තනුස්ථාන. 5. [නා.ප්‍ර.] හම්. 6. (සංගී.) [නා.ප්‍ර.] ගීත රාගවල ස්වර මාලා; නාදරටා; තාල.
තනුක1. (පාරිභා.) [වි.] උකු නොවූ; දියාරු; ද්‍රවයක ප්‍රමාණය වැඩි; වතුරෙහි දිය කරන ලද (=gracilis). 2. [වි.] ජලය මිශ්‍ර වූ; දියාරු; (=dilute).
තනුක අම්ලය(පාරිභා.) [නා.] දියාරු අම්ලය (=dilute acid).
තනුක ද්‍රාවණය[නා.] උකු නොවූ දියාරු ද්‍රාවණය.
තනුකය1. (සත්ව.) [නා.] කළවේ මාංශ පේශියක්. 2. [නා.] යමක් ලිහිල් බවට හරවන දෙය; ද්‍රාවක ප්‍රමාණය වැඩි කරන දෙය.
තනුකරණය1. [නා.] තුනී කිරීම; යටපත් කිරීම; ශක්ති හීන කිරීම. 2.(පාරිභා.) [නා.] ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කිරීම; වතුර මිශ්‍ර කිරීමාදියෙන් ද්‍රවයක ශක්තිය අඩු කිරීම; බාල කිරීම (=dilution).
තනුපට1. (පාරිභා.) [නා.] මිනිස් සිරුරෙහි උර කුහරය හා උදර කුහරය අතර ඇති පටලය; ප්‍රාචීරය. 2. [නා.] තුනී පටලය; දුරකථන සම්ප්‍රේක්ෂකය තුළ ඇති තුනී පටල කොටස (=diaphragm).
තනුප්‍රභාව[නා.] ශරීරයෙන් නික්මෙන පැහැය; සිරුරින් විහිදෙන ආලෝකය.
තනුපාදිකාව[නා.] (සත්ව.) කවචයන්ට (ක්රුස්ටසෙයාවන්ට) විශේෂ වූ ද්විශාඛ ගාත්‍රය.
තනුභාවය[නා.] තුනීබව; ලිහිල්කම.
තනුව[නා.] නාද රටාව; ගීත රාගයක ස්වරමාලාව.
තනුසම්පත්[නා.ප්‍ර.] සම්පත්තියක් සේ සැලකෙන ශරීර ශෝභාව; රූ සොබාව නැමැති සම්පත.
තප1. [නා.] තාපය; දාහය; උෂ්ණය; රස්නය. 2. [නා.] කෙලෙස් තැවීම නිමිති කොට දුෂ්කර ව්‍රතයෙහි යෙදීම; තාපස චර්යාව; ව්‍රතය; තපස. 3. [නා.] දුක; පීඩාව; හිරිහැරය; සන්තාපය. 4. [නා.] පොසොන්, ඇසළ යන දෙමස අයත් ඍතුව; ශ්‍රීෂ්ම ඍතුව.
තපඃ චිත්තය[නා.] වරදක් සිදුවූ විට එය සිහිකොට පිරිසිදුවීමේ සිත; ප්‍රායශ්චිත්තය.
තපචරිය, තපචර්යාව[නා.] තපස් රැකීම.
තපන1. [නා.ප්‍ර.] තාපය; ග්‍රීෂ්මය; උෂ්ණය. 2. [නා.ප්‍ර.] සූර්යයා. 3. [නා.ප්‍ර.] සූර්යකාන්ත මාණික්‍යය; රිවිකැන්මිණ. 4. [නා.ප්‍ර.] ග්‍රීෂ්ම කාලය. 5. [නා.ප්‍ර.] දුක; පීඩාව; තැවුල; සන්තාපය. 6. [නා.ප්‍ර.] අපායක නාමය; අටමහ නරකයෙන් එකක්. [වි.] තැවිය යුතු; දැවිය යුතු.
තපනකර[නා.ප්‍ර.] සූර්යයා.
තපනිශ්‍රිත[වි.] කෙලෙස් තවන ව්‍රතයන්හි නියුක්ත; තපස ඇසුරු කළ; තපස් ක්‍රියාවෙහි නියැලුණු; තවුස්දම් රකින.
තපනීය1. [වි.] තැවිය යුතු; තැවීමට හේතු වූ; උණු කළ හැකි. 2. [වි.] බබළන, දිලිසෙන. 1. [නා.] රත්රන්; රන්. 2. [නා.] රිදී. 3. [නා.] ඇල් වී.
තපශ්චර්යාව[නා.] කෙලෙස් තැවීම සඳහා යෙදෙන හැසිරීම; තපස් රැකීම; තාපසව්‍රතය.
තපශ්ශෝභා[නා.ප්‍ර.] තාපසයකු කෙරෙහි දක්නට ඇති තේජස; තවුස්බව නිසා ඇති බැබළීම.
තපස1. [නා.] තැවීම; තාපය; උෂ්ණය. 2. [නා.] කෙලෙස් තැවීම; ආත්ම ක්ලමථය. 3. [නා.] (යෝග දර්ශනයෙහි) යෝග සිද්ධියට උපාය වන ක්‍රියා තුනෙන් පළමු වැන්න (යෝග දර්ශනයෙහි) ඉඳුරන්ට වසඟ නොවී, ශීත උෂ්ණාදියෙන් වන පීඩා ඉවසීම. 4. [නා.] ලග්නයෙන් නව වැනි ස්ථානය.
තපස් කරනවා[ක්‍රි.] කෙලෙස් තැවීම සඳහා ව්‍රත සමාදානයෙහි යෙදෙනවා; තවුස් දම් රකිනවා.
තපස් සෙයියාව[නා.] කාම සම්භෝගයෙන් වෙන් ව විසීම.
තපස්වි[නා.ප්‍ර.] තවුස්කම් කරන්නා; තාපසයා.
තපස්විනී[නා.ප්‍ර.] තවුස්දම් රකින ස්ත්‍රිය.
තපස්‍ය[නා.ප්‍ර.] පෙබරවාරි මාර්තු යන දෙමස අතර යෙදෙන නවම් මාසය.
තපස්‍යාව[නා.] කෙලෙස් තැවීම සඳහා ශරීරයට පීඩා පැමිණවීම; ආත්මක්ලමථය.
තප්1. [නා.ප්‍ර.] තාපය; උෂ්ණය. 2. [නා.ප්‍ර.] ගොනුන්ගේ හඬතැළීම; තප්පුලෑම.
තප්ත1. [වි.] රත් වූ; ගිනියම් වූ; උණු වූ. 2. [වි.] දිය සිඳුණු; වියළුණු; දැවුණු. 3. [වි.] කැකෑරුණු. 4. [වි.] පෙළුණු; තැවුණු; පීඩිත.
තප්ත කරනවා1. [ක්‍රි.] රත් කරනවා; තෙම්පරාදු කරනවා. 2. [ක්‍රි.] දිය සින්දනවා; වියළනවා.
තප්තකාඤ්චන[නා.ප්‍ර.] උණු කිරීමෙන් පිරිසිදු කරන ලද රන්; රත්රන්.
තප්තපානීය[නා.ප්‍ර.] උණු වතුර; උණුපැන්.
තප්තඵාල[නා.ප්‍ර.] රත් කළ නඟුල් තලය; ගිනියම් කල හී වැල.
තප්න[නා.ප්‍ර.] කෙලෙසුන් තැවීම; තපස.
තප්පදෝරු(කථා.) [වි.] තරබාරු මිටි සිරුරෙන් යුක්ත; උසින් අඩු සහ මහතින් වැඩි.
තප්පන[නා.ප්‍ර.] තැවීම; තාපනය.
තප්පුව[නා.] රබානක් වැනි කුඩා වාද්‍ය භාණ්ඩයක්; කුඩා එකැස් බෙර විශේෂයක්.
තප්පෝණ[වි.] ඒ දෙසට නැමුණු; ඒ කෙරෙහි යොමු වුණා වූ.
තප්වත[නා.] (ක්‍රිස්ති.) සිදු වූ පාපය ගැන පසුතැවිලි වීමේ පැවැත්ම; පශ්චාත්තාප ව්‍රතය.
තපාත්‍යය[නා.ප්‍ර.] ග්‍රීෂ්මය පහවීම; වැසිකාලය.
තපිනවා1. [ක්‍රි.] අවු ගිනි ආදියේ උණුසුම විදිනවා; තාපයෙන් සිරුර උණුසුම් කරගන්නවා. 2. [ක්‍රි.] තැවී තැවී ඉන්නවා; පීඩාවට පත් ව සිටිනවා; කනස්සල්ලෙන් කාලය ගෙවනවා.
තපුල්ලනවා, තප්පු ලනවා[ක්‍රි.] ගොනුන් හඬ තළනවා, හෙවත් නගනවා.
තපෝ[වි.] තපස් රැකීමෙන් උපදවා ගත්ත තපස පිළිබඳ වූ; තපසට අයත්. [නා.ප්‍ර.] කෙලෙස් තැවීම; ආගමික ව්‍රත සමාදානය.
තපෝ තේජස[නා.] තවුස් තෙද; තපස් රැකීමෙන් උපදවා ගත් බලය.
තපෝගුණය[නා.] ලෝභාදි කෙලෙසුන් තවන ගුණය.
තපෝගෘහය[නා.] තපස් රකින්නාගේ වාසස්ථානය; තවුස්පැල; පන්සල.
තපෝදර[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) තාපස ජීවිතය වැලඳ ගත් තැනැත්තා; පැවිදි සහෝදරයා.
තපෝධන[වි.] තපසෙහි නියැළී; තවුස්දම් රකින. [නා.ප්‍ර.] තවුස්දම් රකින්නා; තාපසයා.
තපෝධර්මය[නා.] තවුස්දම; තාපස ධර්මය.
තපෝනිධාන[වි.] තපසට නිධාන වූ; තපස නිදන් කොට හෝ තැන්පත් කොට ඇති.
තපෝනිශ්‍රිත[වි.] තපස ඇසුරු කළ; තපසෙහි ඇලුණ; තවුස්දම් රැකීමෙහි යෙදුණු.
තපෝභූමිය[නා.] තාපසභාවය; තපස්බව.
තපෝයඥය[නා.] තවුස්කම් පිරීමෙන් කරන යාගය; තපසින් කරන දේව පූජාව.
තපෝලීලාව[නා.] තවුසකුගේ විලාසය.
තපෝලෝකය[නා.] පතඤ්ජලි දර්ශනයේ දැක්වෙන පඤ්චවිධ ස්වර්ගලෝකවලින් එකක්.
තපෝවත[නා.] තාපසයකුගේ පැවැත්ම; තපස් ස්වභාවය.
තපෝවනය[නා.] තවුසන් වසනා වනගත පෙදෙස; අසපුව; තාපසාරණ්‍යය; ආශ්‍රමපදය.
තපෝව්‍රතය[නා.] තවුස්වත; තාපස චර්යාව.
තපෝවෘද්ධ[වි.] තපසින් වැඩිහිටි; ශීලයෙන් ජ්‍යේෂ්ඨ.
තපෝසංරක්ෂණය[නා.] තපස් රැකීම; තාපස ශීලය ආරක්ෂා කිරීම.
තබනවා1. [ක්‍රි.] රඳවනවා; පිහිටුවනවා; ස්ථාපනය කරනවා. 2. [ක්‍රි.] ඉතිරි කරනවා; ශේෂ කරනවා.
තබව[වි.] තද්භව හෙවත් මාගධ සංස්කෘත ආදි භාෂාවලින් භින්න වූ. [නා.] එසේ භින්න (සිංහල) පද.
තම1. [නා.ප්‍ර.] අඳුර; අන්ධකාරය; තිමිර; තමස; කළුවර. 2. [නා.ප්‍ර.] මෝහය; මුළාව; අවිද්‍යාව. 3. [නා.ප්‍ර.] සාංඛ්‍ය දර්ශනයට අනු ව සියලු ම ජීවීන්ගේ ප්‍රභවයට හේතු වන ගුණත්‍රයෙන් එකක්; තමස් ගුණය. 4. [නා.ප්‍ර.] රාහු ග්‍රහයා. 5. [නා.ප්‍ර.] ශබ්දය. 6. [නා.ප්‍ර.] කැමැත්ත. 7. [නා.ප්‍ර.] තඹ ලෝහය. [සර්ව.] අන්‍යයකූ නොවන තැනැත්තා, ආත්මවාචී පුද්ගලයා. [ප්‍රත්‍ය.] (ව්‍යාක.) දෙකකට වැඩි සංඛ්‍යාවක් අතුරින් එකක වැඩි හෝ උසස්බව ඉස්මතු කර දක්වන අතිශයාර්ථවාචී තද්ධිත ප්‍රත්‍යය.
තමරැස්[නා.ප්‍ර.] අඳුරු සමූහය; අන්ධකාර රාශිය; දැඩි අඳුර; තමරිළු.
තමරුපු[නා.ප්‍ර.] සූර්යයා; හිරු.
තමස1. [නා.] අන්ධකාරය. 2. (භා.දර්ශන) [නා.] හින්දු දර්ශනය අනු ව (ලොවෙහි) නිර්මිත සෑම වස්තුවක් ම කෙරෙහි ඇතැයි සලකන සත්ව, රජස්, තමස් යන ගුණත්‍රයෙන් තුන්වැන්න; තමස්ගුණය.
තමස් අන්ධතාව(පාරිභා.) [නා.] රාත්‍රියෙහි දී හා අඳුරෙහි දී ඇස් පෙනීම අඩුකම (=night blindness).
තමස් ගුණය[නා.] අවිද්‍යාව, මුග්ධබව, මුළාව, ආශාව, මානය, ශෝකය, ජඩත්වය ආදියට හේතු වූ ගුණය.
තමස්විනිය[නා.] රැය; රාත්‍රිය; නිසා කල.
තමසාවෘත[තමස්+ආවෘත] [වි.] අඳුරින් වැසුණු; අන්ධකාරයෙන් ආවරණය වූ.
තම්[නා.ප්‍ර.] තඹ (=copper).
තම් දුළුල්ලා, තඹ දුළුල්[නා.] තඹවන් ජටාවක් ඇත්තා; මහදෙවියා; මෙහෙසුරා; ඊශ්වරයා.
තම්බ1. [වි.] රත් පැහැයට හුරු දුඹුරුවන්. 2. [වි.] මඳ රත් පැහැති; තාම්‍ර වර්ණ. 1. [නා.ප්‍ර.] මඳ රත් පැහැය; තාම්‍ර වර්ණය. 2. [නා.ප්‍ර.] ලෝහ වර්ගයක්; තඹ. 3. [නා.ප්‍ර.] ඇත් කුල දහයෙන් එකක්.
තම්බනඛතා[නා.ප්‍ර.] (බුදුන්වහන්සේගේ) අසූ අනුව්‍යඤ්ජනයන්ගෙන් එකක්; රක්තවර්ණ වූ නිය ඇතිබව.
තම්බනය[නා.] භූතයන් හිර කිරීම; යකැදුරන් විසින් ගෙදරකට හෝ පුද්ගලයකුට හෝ වැහුණු අමනුෂ්‍යයකු අල්ලා හිර කිරීම.
තම්බනවා1. [ක්‍රි.] උණු දියෙන් හෝ හුමාලයෙන් තැවීමට භාජන කරනවා. 2. [ක්‍රි.] උයනවා; පිසිනවා. 3. [ක්‍රි.] (ප්‍රකෘති ශක්තිය) හීන කරනවා; මර්දනය කරනවා; බාල කරනවා; අඩපණ කරනවා. 4. [ක්‍රි.] රවටනවා; මුළා කරනවා.
තම්බපණ්නි[නා.ප්‍ර.] විජය කුමරා ලක්දිවට ගොඩ බැස්ස ස්ථානය.
තම්බපත[නා.] තඹ කොළය; තඹ තහඩුව; තඹ පත.
තම්බලෝහ[නා.] තඹ නම් ලෝහ වර්ගය.
තම්බි1. [නා.ප්‍ර.] ද්‍රවිඩ භාෂාවෙහි බාල සහෝදරයාට ආමන්ත්‍රණය කරන වචනය; මල්ලී. 2. [නා.ප්‍ර.] මරක්කල හෙවත් මුස්ලිම් ජාතිකයා.
තම්බිරානේ[නා.ප්‍ර.] දෙවියෝ; දෙවියන් වහන්සේ.
තම්බෝරුව[නා.] වාද්‍ය භාණ්ඩයක නාමය; කුඩා බෙර විශේෂයක්.
තම්මැට්ටම[නා.] අවනද්ධ වර්ගයට අයත් පැරණි වාද්‍ය භාණ්ඩයක නාමය; පොකුරු බෙරය; සුරප්පට්ටුව.
තමා[සර්ව.] අන්‍යයකු නොවන තැනැත්තා; වෙනත් කෙනකු නොවන්නා; ආත්මවාචී පුද්ගලයා.
තමි, තමී[නා.ප්‍ර.] රැය; රාත්‍රිය; නිසාකල; තමිය.
තමිඳු[තම+ඉබු] [නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා; සිසි.
තමිස්‍ර[නා.ප්‍ර.] අඳුර; අන්ධකාරය; කළුවර; තිමිර.
තමුන්නාන්සෙ[සර්ව.] යුෂ්මතාණෝ; ඔබතුමාණෝ.
තමෝගුණය1. [නා.] (භා. දර්ශන) තමස් ගුණය. 2. [නා.] අඳුර; අන්ධකාරය; තිමිර. 3. [නා.] මෝඩකම; මෝහය; මුළාව.
තඹ[වි.] රත්පැහැයට හුරු දුඹුරුවන්; මඳ රත් පැහැති. 1. [නා.ප්‍ර.] රතට හුරු දුඹුරුපාට ඇති ලෝහමය මූලද්‍රව්‍යයක් (=copper). 2. [නා.ප්‍ර.] මද රත්පැහැය. 3. [නා.ප්‍ර.] ඇතුන් බඳින ටැඹ; කණුව.
තඹ කුලය[නා.] ඇත් කුලයක නාමය; තාම්‍රකුලය.
තඹ දොයිතුව(කථා.) [නා.] ලක්දිව භාවිත වූ ඕලන්ද කාසියක්; සතයකින් හතරෙන් පංගුවක වටිනාකම ඇති කුඩා ම තඹ කාසිය.
තඹ පයිසය[නා.] ඉන්දියානු මුදල් ව්‍යවහාරයෙහි වූ ඒකකයක්; තුට්ටුව හෙවත් සත එකහමාරේ කාසිය.
තඹ පිච්චිය[නා.] තඹවලින් සෑදූ කාසිය; සතයකින් හතරෙන් එකක් වටිනා තඹ කාසිය.
තඹ රැවුල[නා.] තඹ පැහැති රැවුල; දුඹුරු පාට රැවුල.
තඹ වතුර[නා.] ගලා ගෙන යන (අලුත්) වතුර; බොර පැහැති ව ගලන ගංවතුර; තාම්‍ර වණ ජලෞඝය.
තඹ සන්නස[නා.] තඹ තහඩුවක ලියා හස් තබා දෙනු ලබන රාජකීය ලේඛනය.
තඹ සල්ලිය1. [නා.] සත භාගයක නොහොත් අලුක්කාල් දෙකක නොහොත් තුට්ටුවෙන් තුනෙන් එකක වටිනාකම ඇති කුඩා තඹ කාසිය; පාර්දින් එකෙන් බාගය. 2. [නා.] අගයක් නැතිදෙය.
තඹක්ක[නා.] ලෝහ වර්ගයක්.
තඹතුට්ටුව[නා.] සත එකහමාරයක් වටිනා තඹෙන් සාදන ලද කාසිය.
තඹදැළි[නා.ප්‍ර.] තඹ පැහැගත් රැවුල.
තඹදිය1. [නා.ප්‍ර.] තඹ ලෝහය උණුවීමෙන් ඇති වන දිය. 2. [නා.ප්‍ර.] තඹ පැහැති වතුර; අලුත් වතුර.
තඹදුළුල්[නා.ප්‍ර.] මෙහෙසුරා; ඊශ්වර දෙවියා.
තඹපට[නා.ප්‍ර.] තඹවලින් සෑදූ පට; තඹ තහඩුව.
තඹපට විදමන[නා.] තඹපට හෝ තඹතහඩුව සිදුරු වන සේ දුන්නෙන් විදීම.
තඹපත1. [නා.] තඹ කොළය; තඹ තහඩුව. 2. [නා.] තඹ තහඩුවක ලියන ලද ලේඛනය; තඹ සන්නස.
තඹපලු1. [නා.ප්‍ර.] තඹපාට පත්‍ර; ළා දලු; රතු දලු; ළපටි කොළ; තාම්‍ර පල්ලව. 2. [නා.ප්‍ර.] තඹපැහැය; රතුපාට.
තඹපස්[නා.ප්‍ර.] තඹ සෑදීමට ගන්නා පස්; තඹ මිශ්‍ර පස්; ඔක්සයිට් හෝ සල්ෆයිඩ් හෝ ඇති පස්.
තඹපිල්[නා.ප්‍ර.] පොල්ගස.
තඹමල[නා.ප්‍ර.] තඹවලින් සෑදූ ලෝහ භාජන ආදියෙහි හටගන්නා මල; තඹ මතුපිට තට්ටුවක් මෙන් බැඳෙන කොළපාට ද්‍රව්‍යය.
තඹර වනය[නා.] බහුල ව නෙළුම් වැවෙන තැන; පියුම් වනය.
තඹර, තඹුරු1. [නා.ප්‍ර.] නෙළුම් මල; පද්මය; කමල; සියපත; තාමරසය. 2. [නා.ප්‍ර.] තඹ පැහැය; රතුපාට.
තඹරකර[නා.ප්‍ර.] තඹර කරවන්නා හෙවත් පිපීමට පිහිට වන්නා වන සූර්යයා.
තඹරකරකුල[තඹර+කර+කුල] [නා.ප්‍ර.] රිවි කුල; සූර්ය වංශය.
තඹරත්[තඹර+අත්] [නා.ප්‍ර.] හිරු; සූර්යයා; රිවි; දිනකර.
තඹරසතුරු[නා.ප්‍ර.] හඳ; චන්ද්‍රයා.
තඹරසිය[නා.ප්‍ර.] හිරු; සූර්යයා.
තඹරසිළු[නා.ප්‍ර.] තඹවන් ශිඛාවක් ඇත්තා; කුකුළා; සැවුලා.
තඹරිළු[තඹර+ඉළු] 1. [නා.ප්‍ර.] තඹුරු වනය. 2. [නා.ප්‍ර.] හෝතඹුවා.
තඹරුකුරු[තඹුරු+අකුරු] [නා.ප්‍ර.] නෙළුම් පොහොට්ටුව; පියුම් කැකුළ.
තඹරෝර[නා.] නෙළුම් මලේ ඇතුළත; පියුම් ගැබ; තාමරසෝදරය.
තඹල[වි.] තඹ පාටින් යුත්; දුඹුරු. [නා.ප්‍ර.] තඹ පාට; ළා රතු පැහැය.
තඹලේරුව[නා.] බීම සඳහා භාවිත කරන භාජනයක්; වීදුරුව.
තඹලෝදිය[තඹර+ලෝදිය] [නා.] තඹ ලෝහය උණු වීමෙන් ඇතිවන උකු ද්‍රාවය.
තඹලෝපස්[නා.ප්‍ර.] තඹ ලබා ගැනීම සඳහා පොළොවෙන් හාරා ගන්නා පස් විශේෂය.
තඹලෝහාලේපනය[නා.] තඹ ලෝහය උණු කළ ද්‍රවය ආලේප කිරීම; තඹ ගෑම.
තඹවන්[වි.] තඹ පැහැති; ගුරු පාට වූ.
තඹවිටි[වි.] තඹ පැහැති කෙහෙ රැවුල් ඇති.
තඹසියකුල[තඹර+සිය+කුල] [නා.ප්‍ර.] රිවි කුලය; සූර්යවංශය.
තඹහුලහ, තඹහුලා[නා.] ඉතා සුළු අගය; අංශුමාත්‍ර වටිනාකම.
තඹුනෙල්[නා.ප්‍ර.] පොල් වර්ගයක නාමය.
තඹුරු වනය[නා.] පියුම් වනය.
තඹුරුකල්[නා.] නෙළුමෙහි සිටින කාන්තාව වන සිරිකත; ශ්‍රී කාන්තාව.
තඹුරුකල්පති[නා.ප්‍ර.] විෂ්ණු දෙවියා.
තඹුරුමිතුරු[නා.ප්‍ර.] සූර්යයා.
තඹුවා1. [නා.] තඹවන් කෙහෙ ඇත්තා. 2. [නා.] හිවලා; නරියා. 3. [නා.] හෝතඹුවා. 4. [නා.] රතුපාට කරදිය මාලුවෙක්.
තයම, තායම[නා.] කූට උපාය; රැවටිල්ල.
තයමයින්, තයමින්, තයැමයින්[නා.] බී (1) විටමිනය.
තයිපොංගල්(කථා.) [නා.ප්‍ර.] හින්දු භක්තිකයන්ගේ වාර්ෂික සංස්කෘතික උත්සවය.
තයියාරු වෙනවා(කථා.) [ක්‍රි.] සූදානම් වෙනවා; ලැහැස්ති වෙනවා.
තයිරොක්සින්(පාරිභා.) [නා.] තයිරොයිඩ් නම් ග්‍රන්ථියෙන් පිට වන අයඩින් අන්තර්ගත ඇමයිනෝ අම්ලය (=thyroxine).
තයිලම, තෛලම1. [නා.ප්‍ර.] බෙහෙත් වර්ග කීපයක් මුසු කොට සකස් කරන ඖෂධීය ආලේප විශේෂයක්. 2. [නා.ප්‍ර.] අබිං වැනි මත් ද්‍රව්‍යයක්.
තයිලය[නා.] මීකිරි ආදියෙන් හිඳගන්නා තෙල්; ශාක තෙල්.
තයිලා පෙට්ටිය[නා.] යම් යම් බඩු දැමීම සඳහා ලීයෙන් සාදාගනු ලබන පෙට්ටියක්.
තර1. [නා.ප්‍ර.] වේගය; ඉක්මන; විගස. 2. [නා.ප්‍ර.] ශක්තිය; බල මහිමය; පරාක්‍රමය. 3. [නා.ප්‍ර.] රශ්මිය; කාන්තිය; පැහැය; ශෝභාව; ප්‍රභාව. 4. [නා.ප්‍ර.] ගංගා ආදියේ ඉවුර; තෙර; තොටුපළ; තීර්ථය. 5. [නා.ප්‍ර.] ගංගා ආදියෙන් එගොඩ මෙගොඩවීම; එතෙරවීම; පරතෙරට යෑම; එගොඩ මෙගොඩ වීමට උපකාරී වන ඔරුව පහුර හෝ අත් යාත්‍රාව. 6. [නා.ප්‍ර.] පාර; මාර්ගය. 7. [නා.ප්‍ර.] ඇස්ගුළිය; ඇසිකිණිය; තාරාමණ්ඩලය. 8. [නා.ප්‍ර.] තාරකාව. 1. [වි.] උච්චස්වරයෙන් යුක්ත වූ; උස්හඬින් යුත්. 2. [වි.] මහතින් යුක්ත; තරබාරු; ස්ථුල. 3. [වි.] පරිපූරණ වූ; පිරුණු; ශක්තිමත් වූ; සවි ඇති; තද; දැඩි. 4. [වි.] නොසැලී පවතින්නා වූ; ස්ථාවර; කල්පවත්නා වූ; නියත. [ප්‍රත්‍ය.] (ව්‍යාක.) දෙකක් අතරින් එකක වැඩිබව හඟවන තද්ධිත ප්‍රත්‍යය.
තර ඇණය1. (කථා.) [නා.] ඔරු ආදි කුඩා යාත්‍රාවල සිදුරු තැන් ලප්ප දමා වසා ගසන ඇබය. 2. [නා.] ඔළුව මහත්වන සේ මිටියම් කළ ඇණය; හෙප්පු වැනි ලෝහමය පෙට්ටිවල ඇතුළේ අගුල වැටීමට සවි කරන බුබුලක් වැනි ඇණය.
තර කරනවා1. [ක්‍රි.] ශක්තිමත් කරනවා; බලසම්පන්න කරනවා. 2. [ක්‍රි.] නොසැලෙන තත්ත්වයට පත් කරනවා. 3. [ක්‍රි.] (පිළිසකර ආදියෙන්) තහවුරු කරනවා; ස්ථාවර කරනවා. 4. [ක්‍රි.] අදිටන් කරනවා; නිශ්චය කරනවා; ධාරණය කරනවා. 5. [ක්‍රි.] ශරීරය පෝෂ්‍ය කරනවා; පුෂ්ටිමත් කරනවා. 6. [ක්‍රි.] (මිටියම් ඇණ, පොට ඇණවල ඔළු ආදිය මෙන්) ලෝහයක දිග අඩුකර මහත වැඩි කරනවා.
තර පස[නා.] ශක්තිමත් මලපුඩුව; සවි ඇති තොණ්ඩුව; දැඩි පාශය.
තර විය, තර වී[නා.] බොල් නොවූ වී; හොද වී.
තරං[නා.ප්‍ර.] මල්වෙඩි සෑදීමේ වෙඩි බෙහෙත් සමඟ ප්‍රමාණයකට දී අනු ව මිශ්‍ර කරන යකඩ චීනච්චටිටි ආදි ලෝහ කුඩු.
තරංක හිරුව[නා.] දොර ජනෙල් ආදියේ තරංකය නොහොත් අගුල වැටෙන සිදුර; අගුල් කට.
තරංකය, තරංකේ, තරඞ්කය1. [නා.] දොරවල් හිරකර වැසීම සඳහා හරහට දමන පොල්ල; දොර පොල්ල; දොර අගුළ. 2. [නා.] දුම්රිය දුනු රෝද ආදිය එකට හිර කර තැබීම සඳහා හරහට දමට යකඩ පොල්ල.
තරංග ආයාමය(පාරිභා.) [නා.] ප්‍රත්‍යාවර්තක තරංගයක සමරූපී හා අනුක්‍රම ලක්ෂ්‍ය දෙකක් අතර පවත්නා දුර ප්‍රමාණය (=wave length).
තරංග කලාපය(පාරිභා.) [නා.] සමාන තරංග ආයාම ඇති තීරය (=wave band).
තරංග චලිතය(පාරිභා.) [නා.] ශක්තිය ගෙන යන්නා වූ ආවර්තික කැලඹීමක ප්‍රචාරණය; තරංග ගතිය; තරංග ගමන (=wave motion).
තරංග නිම්නය(පාරිභා.) [නා.ප්‍ර.] තරංග ශීර්ෂ දෙකක් අතර ඇති පහත් පෙදෙස (=wave depression).
තරංග පරාවර්තනය(පාරිභා.) [නා.] ජලයේ, ආලෝකයේ හෝ වායුවේ තරංග යමක වැදුණු විට ආපසු හැරි රැළී දීම; ප්‍රතිවිරුද්ධ තලයක හැපී තරංග පෙරළා රැළි දීම (=reflection of wave).
තරංග පීඩනය(පාරිභා.) [නා.] තරංගවලින් ඇති වන තෙරපුම (=wave pressure).
තරංග පෙරහන(පාරිභා.) [නා.] තරංග සංඛ්‍යානයට අනු ව වෙන් කරන උපකරණය (=wave filter).
තරංග භංගය, තරඞ්ග භංගය[නා.] තරංග මාලා නැඟී නැඟී පෙරළී යාම; රළ බිඳීම.
තරංග මාලාව, තරඞ්ග මාලාව(පාරිභා.) [නා.] රළ පේළිය; තරග වැළ; තරංග පේළිය.
තරංග යාන්ත්‍රවිද්‍යාව[නා.] පරමාණුව පිළිබඳ විග්‍රහයේ දී විස්තර විභාග කරන නව විද්‍යා ක්‍රමයක්; විකිරණවල තරංගීබව හදාරන 'ක්වොන්ටම්’ යාන්ත්‍ර විද්‍යාවේ කොටසක්.
තරංග ලේඛය(පාරිභා.) [නා.] තරංග සටහන් වන යන්ත්‍රය (=wave recorder).
තරංග වර්තනය(පාරිභා.) [නා.] නොගැඹුරු ජලයේ එයට ආනත ව ගමන් කරන තරංග සමූහයකම ගමන් මඟෙහි වෙනස් වීම (=wave refraction).
තරංග ශීර්ෂය(පාරිභා.) [නා.] තරංගයක් මුදුන (=crest of wave).
තරංගන වාදය(පාරිභා.) [නා.] තරංග මෙන් පැවතීම පිළිබඳ සිද්ධාන්තය (=undulatory theory).
තරංගනය(පාරිභා.) [නා.] රැල්ලක් වශයෙන් පැවතීම; උන්නතාවනත ව පැවතීම (=undulation).
තරංගය, තරඞ්ගය1. [නා.] යම් ස්වාභාවික හේතු කරණ කොට ගෙන සාගර, ගංගා, ජලාශ ආදියේ ජලය උඩට පේළි වශයෙන් නැඟෙමින් බසිමින්, මතුපිට ඇදී යමින් බිඳෙන දියකඳ; ජලකඳ; රළ. 2. (භෞති.) [නා.] උෂ්ණය, ආලෝකය, ශබ්දය, විදුලිය ආදිය එක් දිසාවකට ගමන් කරවීමේ මාධ්‍යය වන ජලය, වායුව වැනි ගලා යන තරලයක අභ්‍යන්තර අංශු චලනය නිසා ඇතිවන රැල්ල. 3. [නා.] කිසියම් වස්තුවක රළ මෙන් එක පෙළට ඇති වන උස් පහත් වීම. 4. [නා.] සාහිත්‍ය කෘතියක කොටස; පරිච්ඡේදය.
තරංගවාදය(පාරිභා.) [නා.] තරංග පිළිබඳ වූ න්‍යාය හෙවත් සිද්ධාන්තය (=wave theory).
තරංගාවලිය[නා.] එක පිට එක නඟින රැල්ල; රළ මාලාව.
තරංගි, තරංගික, තරංගී[වි.] තරංගවලින් යුක්ත; රැළි සහිත; ගැඹුරට රැළි වැටුණු.
තරංගිකාව(පාරිභා.) [නා.] කුඩා තරංගය; කුඩා රැල්ල (=wavelet).
තරංගීය ඛාදනය(පාරිභා.) [නා.] දිය රළින් වෙරළ සේදී යාම; රැල්ල වැදීමෙන් ගොඩබිම සේදී යාම; මූදු කෑම; සමුද්‍ර ඛාදනය (=wave erosion).
තරක්[වි.] තරගකාරී වශයෙන් පවත්නා; තරගකාරී; තරගය පිළිබඳ වූ. [නා.ප්‍ර.] තරගය; එකිනෙකා පරයා කටයුතු කිරීම.
තරක් කරනවා1. [ක්‍රි.] උනුන් පරදවා ජය හෝ වාසි ලබා ගැනීම සඳහා ක්‍රියා කරනවා; තරග කරනවා. 2. [ක්‍රි.] දබර කරනවා; අරගල, ආරවුල් කරනවා.
තරක් වාසිය(පාරිභා.) [නා.] වෙළහෙළඳාම් ආදියේ දී තරගයෙන් ලැබෙන වැඩි ලාභය; තරග වෙළඳාමෙන් ලැබෙන වාසිය (=competitive advantage).
තරක් වෙනවා[ක්‍රි.] වාද විවාද වෙනවා; තරග වෙනවා; දබර වෙනවා; ගැටෙනවා.
තරග කරනවා[ක්‍රි.] උනුන් පසුබා ජය හෝ වාසි ලබා ගැනීමට ක්‍රියා කරනවා.
තරගය[නා.] අනුන් පරදවා තමන් ජය ගැනීමේ අදහසින් කරන ක්‍රියාව; ජයග්‍රහණය සඳහා දෙපක්ෂයක් අතර කෙරෙන ක්‍රීඩා සටන හෝ විවාදය; අන් අයට වඩා තමා ප්‍රමුඛ ව සිටීමේ අපේක්ෂාවෙන් ගෙන යන ක්‍රියාපටිපාටිය.
තරගෙය[තරග+ගෙය] [නා.] සිරගෙය.
තරඟ1. [නා.] ශෝභා සහිත ශරීරය; පැහැපත් සිරුර. 2. [නා.] සයුරු ආදියෙහි නැගෙන රළ.
තරඟවැළ1. [නා.ප්‍ර.] රළ පෙළ; තරඞ්ග පඞ්ක්තිය; තරඞ්ගාවලිය. 2. (ඡන්ද.) [නා.ප්‍ර.] සිවුපද විරිතක එක් එක් පාදයේ බගණ තුණකින් අනතුරු ව ගුරු අක්ෂර දෙකක් යෙදී සෑදෙන විරිත.
තරච්ඡයා[නා.] වලස් වර්ගයට අයත් සිව්පාවකුගේ නාමය; කරබානා වලසා.
තරණ1. [වි.] ළමා සහ වැඩිහිටි වයස් සීමා අතර කාලයට අයත්; තරුණ; යොවුන්. 2. [වි.] බාල; ළපටි; නොමේරූ.
තරණය1. [නා.] ගංගා, සාගර, කාන්තාර ආදිය හරහා යෑම; එගොඩ වීම: එතෙර වීම; පරතෙරට යෑම. 2. [නා.] දුක්, විපත් බාධක ආදි සසර දුකින් එතරවීම. 3. [නා.] සාගර, ගංගා කාන්තාර ආදියෙන් එතෙර වීමට උපකාර වන නැව්, පහුරු ආදි වූ යාත්‍රා.
තරණය කරනවා[ක්‍රි.] එතෙර වෙනවා; පරතෙරට යනවා.
තරණි1. [නා.ප්‍ර.] සූර්යයා. 2. [නා.ප්‍ර.] රශ්මිය. 3. [නා.ප්‍ර.] ගමන් මඟ. 4. [නා.ප්‍ර.] සාගර තරණයට උපකාරී වන යාත්‍රාව; නැව. 5. [නා.ප්‍ර.] තඹ.
තරණිපත[නා.ප්‍ර.] හිරුගේ ගමන් මග; සූර්යපථය.
තරණිමණ්ඩල[නා.ප්‍ර.] හිරු මඬල; සූර්ය බිම්බය.
තරපතර[නා.] රැස් කඳ; රශ්මී සමූහය; රශ්මි කදම්බය.
තරපවුරු[නා.ප්‍ර.] ආරක්ෂාව සඳහා ගෘහ ආදිය වට කොට බැඳී ශක්තිමත් බැම්ම; තාප්ප බිත්තිය.
තරප්පිය, තරප්පුව[නා.] ගෘහ මන්දිරාදියේ උඩුමහලට නැගීමට හා එයින් බැසීමට දැව ආදියෙන් සාදන පඩිපෙළ; පියගැට පෙළ; හිනි පෙළ; සෝපානය.
තරප්පුව[වි.] තෘප්තිමත්; සතුටු. [නා.] ගෘහ මන්දිර ආදියෙහි උඩුමහලට නැගීමට ඇති පඩිපෙළ; පියගැට පෙළ; හිණි පෙළ.
තරපාරු[වි.] දැඩි ස්ථීරත්වයෙන් යුතු; තිරසර; ස්ථීරසාර.
තරබාරු[වි.] (සිරුර) මහතින් වැඩි වූ; මහතදෙහෙත ඇති; පුෂ්ටිමත්; ස්ථූල.
තරම1. [නා.] පමණ; ප්‍රමාණය; ශක්ති ප්‍රමාණය. 2. [නා.] සිතේ පවත්නා ආකාරය; චරිත ස්වභාවය. [වි.] ගැළපෙන; යෝග්‍ය.
තරමතිරම[නා.] පුද්ගලයකුගේ සැබෑ තත්ත්වය; සමාජ තත්ත්වය; තරාතිරම.
තරමල[නා.ප්‍ර.] තද මලපුඩුව; දැඩි පාශය.
තරම්පදම්1. [නා.ප්‍ර.] ප්‍රමාණය; තරම 2. [නා.ප්‍ර.] තරාතිරම; තත්ත්වය; ස්වභාවය. 3. [නා.ප්‍ර.] සම්පත; වස්තුව.
තරමාන[වි.] කඩිනම්; ඉක්මන්; වෙලවි.
තරය1. [නා.] වේගය; ඉක්මන. 2. [නා.] ශක්තිය; පරාක්‍රමය.
තරයා[නා.] නොසැලෙන සිත් ඇත්තා; නිශ්චිත අරමුණක් ඇති පුද්ගලයා; අධිෂ්ඨාන සම්පන්න තැනැත්තා.
තරයේ[ක්‍රි.වි.] දැඩි ව; තදින්.
තරල1. [වි.] සෙලවෙන; චංචලවන; ලෙලදෙන. 2. [වි.] දියාරු; ද්‍රාවමය.
තරල සාරය[නා.] ඖෂධ ආදියෙන් පෙරා ගන්නා දියර සාරය.
තරලමිණ[නා.] විෂ්ණු දෙවියන්ගේ ළපැත්තෙහි පැලඳි මැණික; කෞස්තුභ මාණික්‍යය.
තරලය1. [නා.] චංචලවන දේ. 2. [නා.] ගලන ද්‍රව්‍යය; දියර. 3. [නා.] කැඳ.
තරවටුව[නා.] තදින් අවවාද කිරීම; සැරවැර කිරීම; තර්ජනය.
තරවෙනවා1. [ක්‍රි.] ප්‍රභාවත් වෙනවා; පැහැපත් වෙනවා; ශෝභාවත් වෙනවා. 2. [ක්‍රි.] ස්ථූල වෙනවා; මහත් වෙනවා. 3. [ක්‍රි.] නොසැලී පවතිනවා; නිශ්චලව සිටිනවා.
තරසන[නා.] ගිගුරුම; අහස ගෙරවීම; මේඝ ගර්ජනාව; මේඝ නාදය.
තරසනවා[ක්‍රි.] තරහ වෙනවා; කෝප වෙනවා; අමනාප වෙනවා.
තරසර[වි.] ඉතා සවි ඇති; ස්ථිර සාර.
තරස්[නා.ප්‍ර.] වලස් ජාතියක්; තරබාන වලසා; තරක්ෂුවා.
තරස්ථානය[නා.] තරණය කරන ස්ථානය; තොටුපළ; තීර්ථය.
තරස්දණ්ඩ[නා.ප්‍ර.] රෙදි විවීමේ දී එහා මෙහා දුවන සැටලය; නඩාව.
තරහ[නා.ප්‍ර.] අමනාපය; කෝපය; රෝෂය.
තරහලුවා, තරාලුවා[නා.] රන්රිදී බඩු සාදන්නා; රන්කරුවා.
තර්ක ඥානය[නා.] තර්කයෙන් ලබන නුවණ; හේතු-යුක්ති විභාගයෙන් ලබන දැනුම.
තර්ක නිර්ණය[නා.] තර්කයෙන් බැසගන්නා නිගමනය.
තර්ක විතර්ක කරනවා[ක්‍රි.] පක්ෂ ව හා විපක්ෂ ව තර්ක කරනවා.
තර්ක ශාස්ත්‍රඥයා[නා.] තර්ක ශාස්ත්‍රය දන්නා තැනැත්තා; තාර්කිකයා.
තර්ක-විතර්ක[නා.ප්‍ර.] වාද ප්‍රතිවාද.
තර්කග්‍රාහී[වි.] තර්කය ම පිළිගන්නා; තර්කයට ම නැඹුරු වූ.
තර්කණය[නා.] තර්ක කිරීම.
තර්කය1. [නා.] යමක යථා තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා කරුණු සහිතව කල්පනා කිරීම; විචාරවත් කල්පනවා; විවාදාත්මක විමර්ශනය. 2. [නා.] විවාදාත්මක විමර්ශනය පිළිබඳ ශාස්ත්‍රය; න්‍යාය ශාස්ත්‍රය. 3. [නා.] තරගය.
තර්කවාදියා[නා.] තර්කානුකූල ව වාද කරන්නා.
තර්කශාස්ත්‍රය[නා.] හේතු යුක්ති සහිත ව තර්ක කිරීම පිළිබඳ ශාස්ත්‍රය.
තර්කානුකූල[තර්ක+අනුකූල] (පාරිභා.) [වි.] තර්කයට ගැළපෙන; විවාදාත්මක විමර්ශනයට යෝග්‍ය වූ; තර්ක ගෝචරය (=logical).
තර්කුකර්ම[නා.ප්‍ර.] ඉද්දෙන් කෙරෙන කර්මාන්තය; නූල් කැටීම.
තර්කුටිය[නා.] රෙදි විවීමේ දී නූල් එතෙන උපකරණය; ඉද්ද; තසරය.
තර්ගය1. [නා.] තර්කය. 2. [නා.] (නාට්‍ය) දෙබස; නාඩගම් ගී ගැයීමේ දී දෙදෙනකු මාරුවට පදය බැගින් ගයන ගීය; තර්ග සින්දුව.
තර්ජනය[නා.] තරවටුව; තැති ගැන්වීම; හානියක් කරන බවට බිය ගැන්වීම.
තර්ජනාඞ්ගුලිය[නා.] තර්ජනය කිරීමට භාවිත කරන ඇඟිල්ල; දබරැඟිල්ල; අණඟිල්ල.
තර්ජාරිය[නා.] දුර මිනුම සඳහා පුරාණයේ දී භාවිත කරන ලද ඉතා සියුම් ඒකකයක්; අණු තිස්හයක ප්‍රමාණය.
තර්ණකයා[නා.] වස්සා.
තර්පණය1. [නා.] තෘප්තියට පැමිණවීම; පිනවීම. 2. [නා.] අත්සුණු පසුම්බිය.
තර්මෝමීටරය[නා.] උෂ්ණත්වය මැනීම සඳහා භාවිත කරන උපකරණයක්; උෂ්ණත්වමානය (=thermometer).
තර්මෝස් ප්ලාස්කුව[නා.] උණු ද්‍රවයක තාපය හෝ ශීත ද්‍රවයක ශීතල හෝ රැක ගැනීම සඳහා තනා ඇති බෝතලයක් (=thermos flask).
තරා[නා.ප්‍ර.] ආලෝකය; රශ්මිය; කාන්තිය; දිලිසීම.
තරා රාජ[නා.] සඳ; චන්ද්‍රයා.
තරාගල[නා.] සඳු; චන්ද්‍රයා; නිසාකරයා.
තරාතිරම[නා.] පුද්ගලයකු සමාජයේ දරන තැන; තත්ත්වය.
තරාදි තටුව[නා.] තරාදියේ ද්‍රව්‍ය තබන තැටිය.
තරාදි දණ්ඩ[නා.] තරාදි තැටි උසුලන හරස් දඬුව; තුලාධාරකය.
තරාදි පාලම(පාරිභා.) [නා.] වාහනවල බර කිරීම සඳහා භාවිත කරන තුලා තට්ටුව (=weighbridge).
තරාදිය[නා.] බර කිරීමට ගන්නා උපකරණය; තුලාව.
තරාල්දරු[නා.ප්‍ර.] තරහල් තනතුරක් දරන්නා; රන්කරුවා.
තරාස1. [නා.ප්‍ර.] කෝපය; තරහ. 2. [නා.ප්‍ර.] බිය; තැති ගැනීම; ත්‍රාසය.
තරාස කරනවා[ක්‍රි.] කෝපයට පත් කරනවා; තරහ ගන්වනවා.
තරාස වෙනවා1. [ක්‍රි.] බිය වෙනවා; තැති ගන්නවා; ත්‍රාසයට පත්වෙනවා. 2. [ක්‍රි.] කෝපයට පත් වෙනවා; තරහ වෙනවා.
තරින්දු, තරිඳු[නා.ප්‍ර.] හඳ; චන්ද්‍රයා.
තරිඳු කත[නා.] සඳකත් පහණ; චන්ද්‍රකාන්ත පාෂාණය.
තරු1. [නා.ප්‍ර.] තාරකා; තරුව. 2. [නා.ප්‍ර.] ගස; රුක. 3. [නා.ප්‍ර.] නොමේරු ගෙඩිය; ළපටි පලතුරු ගෙඩිය. [වි.] නොමේරූ; ළපටි.
තරු පහන[නා.] තරුවලින් ලැබෙන ආලෝකය; තරු එළිය.
තරු පේනවා1. (කථා.) [ක්‍රි.] දැඩි වේදනාවට පත්වෙනවා. 2. (රූඪි.) [ක්‍රි.] ක්ෂණිකව භය සහිත විස්මයට පත් වෙනවා.
තරුකා වේලාව(කථා.) [නා.] තරු පායාගෙන එන වේලාව; සැඳෑ සමය; සන්ධ්‍යා කාලය.
තරුණ1. [වි.] ළමා සහ වැඩිහිටි වයස් සීමා අතර කාලයට අයත්; තරුණ වියෙහි වූ. 2. [වි.] බාල; ළපටි; පරණ නොවූ; අලුත්; අභිනව.
තරුණ මදය[නා.] තරුණබව නිසා ඇති වන අහංකාරය.
තරුණඟන[නා.ප්‍ර.] යොවුන් වියේ ස්ත්‍රිය; තරුණ කාන්තාව.
තරුණයා[නා.] ළමා වයස ඉක්ම වූ තලතුනා වයසට නොපත් තැනැත්තා; යෞවනයා.
තරුණාර්ක[නා.ප්‍ර.] පායාගෙන එන හිරු; ළහිරු.
තරුණාරුණ[නා.] අලුත් අරුණාලෝකයක ඉර උදාවත් ම පැතිරෙන ආලෝකය.
තරුණාස්ථි[නා.ප්‍ර.] ඇදෙනසුලු හා නැමෙනසුලු ඇට; මුදු මොළොක් ඇට.
තරුණිය[නා.] තරුණ වියට පත් තැනැත්තිය; යොවුන් ස්ත්‍රිය; යුවතිය.
තරුණෝදක[තරුණ+උදක] [නා.ප්‍ර.] වැස්සෙන් පසු ගලා බස්නා ජලය; අලුත් වතුර.
තරුණෝන්මාදය[තරුණ+උන්මාදය] [නා.] තරුණකම නිසා ඇති වන මානසික ව්‍යාකූලත්වය; යොවුන්බව නිසා ඇති වන උමතුව.
තරුතර[නා.] තරුවල රශ්මිය; තාරකා කාන්තිය.
තරුතෙපා(පාරිභා.) [නා.ප්‍ර.] දිස්න යොදා මැටි භාණ්ඩ පිලිස්සීමේ දී ඒවා තබන උපකරණය (=star stilt).
තරුපති[තරු+පති] 1. [නා.ප්‍ර.] චන්ද්‍රයා; සඳ. 2. [නා.ප්‍ර.] වෘක්ෂ නැමති ස්වාමියා.
තරුපිච්ඡා[නා.ප්‍ර.] මැලියම්; ලාටු.
තරුමාලිමාව(පාරිභා.) [නා.] පැතලි වස්තුවක උස මට්ටම මැනීමටත්, තාරකා අනු ව දිශා විනිශ්චය කර ගැනීමටත් භාවිත වූ පැරණි උපකරණයක් (=astrolabe).
තරුරජ, තරුරද[නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
තරුරුහා[නා.ප්‍ර.] පරපෝෂිත පැළෑටියක නාමය; පිළිල.
තරුලනවා[ක්‍රි.] යටැසින් බලනවා; හොරැහින් බලනවා; ඇහෙන් ඉඟිපානවා.
තරුව1. [නා.] (විශේෂයෙන් රාත්‍රි කාලයෙහි) ආකාශයේ දීප්තිමත් ව බබළන ආකාශ වස්තුවක්; තාරකාව (=star). 2. [නා.] තාරක හැඩයෙන්යුත් සැරසිල්ලක්. 3. [නා.] ඇස්ගුළිය; ඇසිකිණිය; කළු ඉංගිරියාව.
තරුවාව1. (කථා.) [නා.] විවාහ, ඉඳුල් කටගෑම වැනි මංගලෝත්සව. 2. [නා.] වැඩ කටයුතු.
තරුවැළ[නා.ප්‍ර.] තරු සමූහය; තාරකා රාශිය; තාරකාවලිය.
තරුසණ්ඩ[නා.ප්‍ර.] රුක් ගොමුව; තුරු වදුල.
තල1. [නා.] ධාන්‍ය ශාකයක්. 2. [නා.] එම ශාකයෙන් ලැබෙන ධාන්‍යය. 3. [නා.] පුස්කොළ සෑදීමට ගොබ සපයන තාල වර්ගයේ ගසක්. 4. (සංගී.) [නා.] තාලය; තාලමානය. 5. [නා.] බෙර විශේෂයක්. 6. [නා.] (නළලේතබන) තිලකය.
තල අත්ත, තලාත්ත1. (කථා.) [නා.] තල ගසේ අත්ත. 2. [නා.] පැරණි ප්‍රභූවරුන් ගේ හිසට ඇල්ලීම සඳහා භාවිත වූ අවුඅත්ත. 3. [නා.] භික්ෂූන්වහන්සේ පාවිච්චි කරන වටාපත.
තල අඳය, තලාඳය[නා.] යට ලී දෙකක් මත හරහට දමන බාල්කය; හරස් බාල්කය.
තල එළ කරනවා(කථා.) [ක්‍රි.] තලඇට පාහිනවා; සුදු කරනවා.
තල කැලල[නා.] උපතින් ම සිරුරෙහි ඇති වන ලප විශේෂයක්; උපන් ලපය.
තල කෝල්ටරය[නා.] පස් පිඩැලි කැපී වෙන් වීම සඳහා නඟුලට යොදන යකඩ කොටස; තලයක හැඩයේ කෝල්ටරය.
තල ජ්‍යාමිතිය(පාරිභා.) [නා.] සමතල වස්තු පිළිබඳ ජ්‍යාමිතිය (=plane geometry).
තල පෘෂ්ඨය[නා.] සමතල වූ මතුපිට; සමතල පෘෂ්ඨය.
තල බිත්තිය[නා.] පැළලි බිත්තිය; බිත්තියක් සේ පොතු ආදියෙන් කළ ඇවුරුම.
තල බින්දුව[නා.] තල ඇටයක පමණ ප්‍රමාණය; ඉතා මඳ පමණ; ස්වල්ප ප්‍රමාණය.
තල රූපය[නා.] සමතල පෘෂ්ඨයක පිහිටි දිග හා පළල යන මාන දෙකේ ඇති රේඛා චිත්‍රය.
තලඅඩිය[නා.] තල අතු සෙවිළි කොට හෝ එම අතුවලින් ආවරණය කරන ලද නවාතැන්පළ; තලකොළ වාඩිය.
තලඅවතල(පාරිභා.) [වි.] පැත්තක් සමතල වූ සහ අනෙක් පැත්ත අවතල ද වූ (=plano concave).
තලඇට පීර(කථා.) [නා.] ස්වර්ණාභරණ සඳහා සෑදීම ගැනෙන කුඩා පීරි වර්ගයක්.
තලඑළලු[වි.] පාහින ලද තල ඇටයේ වර්ණය ඇති; සුදට හුරු පැහැපත් වර්ණ වූ.
තලකඩුප්පුව[නා.] හිස්වෙළුම; තලප්පාව; ජටාව; තලක්කට්ටුව.
තලකළුව[නා.] උපතින් ම සිරුරෙහි ඇති වන ලප විශේෂයක්; උපන් ලපය.
තලක්කට්ටුව1. [නා.] (පවුරු ආදියෙහි) මුදුන; මස්තකය. 2. [නා.] තලකඩුප්පුව .
තලක්කම[නා.] හිස මුදුන් කොට බැඳි කොණ්ඩය.
තලකාසි(කථා.) [නා.] වට්ටම් දීමනාවක්; තමන් යටතේ වැඩ කරන පුද්ගල සංඛ්‍යාව අනු ව වතු කන්කානින්ට දෙන ලද වට්ටම.
තලකුළාව, තලාකුළ[නා.] මුදුන පැතලි කඳු ගැටය.
තලකුළු[නා.ප්‍ර.] තුලාව හෙවත් තරාදිය ඇසුරෙන් කරනු ලබන වංචාව; වංචනික ලෙස තරාදියෙන් බර කිරීම; හොරට බඩු කිරීම; තුලාකුට.
තලගමැස්ස(කථා.) [නා.] ධාන්‍ය ඇහිරීම සඳහා සාදන මැස්ස හෝ අටුව.
තලගර[තල+ගර] [නා.ප්‍ර.] තල පැළෑටියේ දඬු පුලුස්සා ගත් අළු; තිලක්ෂාර.
තලගාව1. [නා.] ඉසලීමට පාවිච්චි කරන තල අත්ත; තලපත් කූඩය. 2. [නා.] තලපත් සෙවිලි කොට තනාගනු ලබන කුටිය.
තලගිරි[නා.ප්‍ර.] තරාදිය; තුලාව.
තලගෙය, තලගේ[නා.] ධාන්‍ය අසුරන ගෙය; කොටුගෙය; ධාන්‍යාගාරය.
තලත්තණ්ඩුව1. (කථා.) [නා.] මා දැල් දැමීමේ දී ප්‍රයෝජනයට ගන්නා රිට; ධීවර ආම්පන්නයක්. 2. [නා.] පල්ල ඇල්ලීම සඳහා යොදන හබල.
තලතුනා[වි.] වයසින් මුහුකුරාගිය; වයසින් නුවණින් මේරූ; වැඩිහිටි; තලත්තානී.
තලදණ්ඩ[නා.] තරාදි දඬුව; තුලා දණ්ඩ.
තලදර්පණය[නා.] පැතලි කණ්ණාඩිය; සමතල කැඩපත.
තලන්තය, තලෙන්තුව[නා.] පැරණි කාසි වර්ගයක්.
තලපක්කඩ[නා.] තල්ගෙඩියේ මඳය.
තලපත1. [නා.] තල ගසේ කොළය; තල කොළය. 2. [නා.] ඉසලීමට තල කොළින් සාදා ගැනෙන ආවරණය.
තලපත්ත(කථා.) [නා.] තලප හැදි ගාන පත්ත හෙවත් තුනී ලී පතුර; තලප හැන්ද.
තලපමැටි(පාරිභා.) [නා.ප්‍ර.] සේදි අවුත් ජලාශයක් පත්ලෙහි තැන්පත් වන ඇඳුරු පැහැති ඉතා මෘදු මැටි වර්ගයක් (=ball clay).
තලපය, තලපෙ1. [නා.] කුරහන් පිටියෙන් හෝ කිතුල් පිටියෙන් උකුවට පිස ගන්නා කෑම විශේෂයක්. 2. [නා.] බත්තුළු අධික වන සේ පිසනු ලබන කැඳ.
තලපළු[නා.ප්‍ර.] ශුද්ධ කළ තල; එළ තල.
තලප්පර[නා.ප්‍ර.] පැරණි බෙර විශේෂයක්; තලප්පු; තලබෙරය.
තලප්පාව[නා.] හිස අවුරා බැඳි රෙදිකඩ; හිස්වෙළුම; ජටාව.
තලප්පුව(කථා.) [නා.] රංචුව; රෑන; රැළ; සමූහය. (කථා.) [නා.] බෙර විශේෂයක්.
තලපූ[නා.ප්‍ර.] තල මිශ්‍ර කොට සාදා ගන්නා කැවුම්; තල කැවුම්.
තලපෝරුව[නා.] මඩ කුඹුරු මට්ටම් කිරීමට ගවයන් දෙදෙනෙකු බැඳ අදින පෝරුව.
තලබේද[නා.ප්‍ර.] (සංගී.) තාල බෙදීම; තාලභේදය.
තලමසා, තල්මසා, තල්මහ[නා.] මහමුහුදේ ජීවත් වන ක්ෂිරපායී ගණයට අයත් විශාලතම මත්ස්‍යයා.
තලමානය(පාරිභා.) [නා.] සරල තලයක හෝ විෂම රූපයක හෝ ක්ෂේත්‍රඵලය සමස්තයක් ලෙස ගණනය කිරීමේ උපකරණය (=planimeter).
තලමුරු1. [නා.ප්‍ර.] තෙල් මිරිකා ගැනීමෙන් පසු ඉතිරි වන තලරොඩ්ඩ; තිල කල්ක. 2. (කථා.) [නා.ප්‍ර.] තලවලින් තනා ගත් රසකැවිලි වර්ගයක්; තලගුළි.
තලය1. [නා.] මතුපිට; සමතලාවත. 2. [නා.] ලෝකය. 3. [නා.] ප්‍රාසාදයක තට්ටුව; සොල්දරය; මාලකය; භූමකය. 4. [නා.] පහළ පෙදෙස 5. [නා.] උපකරණයක පැතලි කොටස; පිහි ආදියෙහි මුවාත ඇති කොටස. 6. [නා.] තුනී සිවිය; පටලය; ප්‍රතානය. 7. [නා.] කොළයක පුළුල් කොටස. 8. [නා.] පොත්ත. 9. (පාරිභා.) [නා.] සිරුරේ පිපුරූ කටුවක අන්තයන් බද්ධ කොට නො සැලී පවත්වා ගැනීමට ඉස්කුරුප්පු ඇණ මඟින් සවි කරනු ලබන පැතැලි ලෝහ ඵලකය. (=plate). 10. (පාරිභා.) [නා.] මට්ටම; සමතලය. 11. [නා.] ග්‍රහලෝක ගමන් කරන මාර්ගය; කක්ෂය. 12. [නා.] තරාදිය; තුලාව. 13. [නා.] බාල්කය; තලාඳය. 14. [නා.] සමූහ; කණ්ඩායම; පිරිස; රංචුව; නඩය. 15. [නා.] මුදුන; ශීර්ෂය; මස්තකය. 16. [නා.] බෙහෙත් බඩු කිරීමේ ඒකකයක්.
තලවඩි1. [නා.ප්‍ර.] තිලකය මද්‍යසාර විශේෂයක්; අරක්කු සාරය. 2. [නා.ප්‍ර.] තලතෙලේ මුල් පාකය.
තලවාකර, තල්වාකර[නා.ප්‍ර.] මද්‍යසාර විශේෂයක්; දෙවරක් පෙරූ අරක්කු.
තලවිඩියාව(කථා.) [නා.] නොඉවසුම් ගතිය; ඉක්මන් ගතිය.
තලවුව, තලව්ව1. [නා.] සමතලා භූමිය; තැනිතලා ප්‍රදේශය; තලාව. 2. (කථා.) [නා.] වේදිකාව; පදික වේදිකාව. 3. [නා.] අත්තිවාරම; අඩිතාලම; පදනම. 4. [නා.] (මෝටර්) සිදුරු කට. 5. [නා.] මහන යන්ත්‍රයෙහි කොටසක්; රෙදි වියන යන්ත්‍රයට අයත් අළුවේ නඩාව දුවන ලෑල්ල.
තලසුනු1. [නා.ප්‍ර.] තල කුඩු; තලපිටි. 2. [නා.ප්‍ර.] තලසුනුවලින් සෑදූ කැවිලි වර්ගයක්; තලමුරුවට.
තලහිරි[වි.] තරාදියක් මෙන් එක බඳු අයුරින් පවතින; තුලා ආකාර.
තල්[නා.] තාල වර්ගයට අයත් ව විශේෂයෙන් ඉන්දියාවේ සහ ලංකාවේ වියළි ප්‍රදේශවල වැවෙන්නා වූ ද, අවානක් වන් කවාකාර කොළවලින් යුක්ත වූ ද ශාකයක්.
තල් අත්ත1. [නා.] තල් ගසෙහි පත්‍රය; තල් කොළය; කොළයෙන් සැදූ විජිනිපත. 2. [නා.] අවු වැසි වැළකීමට හිසට අල්ලන ආවරණය.
තල් කැන[නා.] තල්මලේ නොපැසුණු ගෙඩි ගැවසී ගත් දිග රැහැන් සමූහය; තල්ගෙඩි වල්ල.
තල් කොලු[නා.] තරුණ තල් ගස; නාඹර තල් ගස.
තල් වක්කන්න[නා.] තල් කොළය; තාල පත්‍රය.
තල්කලන්[නා.ප්‍ර.] තල් අංකුරය; තල් මොටියා.
තල්කොළ පිහිය(කථා.) [නා.] ලිවීම පිණිස තල් කොළ කපා පිළියෙල කිරීමටත් තල්කොළ ලිවීමටත් භාවිත වන සිහින් කුඩක් ඇති පිහිය.
තල්පක[නා.] තල් ගෙඩිය; තාල ඵලය.
තල්පත1. [නා.] තල් ගසෙහි පත්‍රයක තල් කොළය; තාල පර්ණය. 2. [නා.] තල් පතෙහි ලියූ ලිපි; තල්පත් ලියුම. 3. [නා.] රදළයන් වැනි කුලීනයන්ට ගෞරවය පිණිස හිසට උඩින් අල්ලන ආවරණය; අවුඅත්ත. 4. [නා.] පැරණි සිංහල ආණ්ඩුවේ ලියවිලි විශේෂයක්.
තල්පත මලාව[නා.] කෂාය මැනීම සඳහා කොළයෙන් සාදා ගැනුණු පැරණි මිම්මක්; තල්කොළ බෙහෙත් බඳුන හෙවත් ගොටුව.
තල්පත් වඩනකාරයා[නා.] රජු හිසට තල්පත් අල්ලන්නා.
තල්පතු[නා.ප්‍ර.] තල්ගසේ කුඩා පත්‍රය; ළා තල් කොළය.
තල්පී[නා.ප්‍ර.] තල් පැළ මදය.
තල්බොර[නා.ප්‍ර.] තල් සූකිරි; තල් හකුරු.
තල්ල1. [නා.] තලිය; තැටිය. 2. [නා.] උඩ-යට දත් ඇදි සහිත මුඛ දෙ කොටස. 3. [නා.] විල; තටාකය. 4. [නා.] පර්වත ආදි කිසිවක ඉදිරියට නෙරා සිටින කොටස; තොල්ල. 5. (කථා.) [නා.] ඔරු කඳක කෙළවර; ඔරුකඳෙහි අග.
තල්ලු කරනවා[ක්‍රි.] ඉදිරියට හෝ පසුපසට තෙරපනවා; තෙරපා ඈත් කරනවා.
තල්ලු දණ්ඩ[නා.] මෝටර් රථ එන්ජිමේ වෑල්ව විවෘත කිරීම සඳහා නැමි දණ්ඩ මගින් ක්‍රියා කරන දණ්ඩ.
තල්ලු නෙරෙක්කු[නා.] දුක් ගැහැට; හිරිහැරය.
තල්ලු වෙනවා[ක්‍රි.] තැනකින් අන් තැනකට තෙරපී යනවා; සිටි නැතහොත් තිබුණු තැනින් ඉවතට ඇද වැටෙනවා.
තල්වැට1. [නා.] තල් කොළ අවාන; වටාපත. 2. [නා.] තල් අත්ත.
තල්සෙය[නා.] තල්ගසේ සෙවනැල්ල.
තල්හිළ[නා.ප්‍ර.] තල් කෙන්ද.
තලා1. [නා.ප්‍ර.] තිලකය. 2. [නා.ප්‍ර.] දියෙහි වසන කකුළුවා. 3. [නා.ප්‍ර.] සුදු ඊයම්. 4. [නා.ප්‍ර.] තලාතු මිනිරන්. 5. [නා.ප්‍ර.] තෙල්; තලතෙල්. 6. [නා.ප්‍ර.] වැහිවලාව. 7. [නා.ප්‍ර.] විල; තඩාගය.
තලාකය[නා.] (නීති.) (ඉස්ලාම් ධර්මය අනු ව) සැමියා අතින් දික්කසාදය සිදු කෙරෙන ප්‍රකාශය.
තලාකාර(පාරිභා.) [වි.] (සිවි, සම්, පටල, ඇට ආදියෙහි) ඉතා තුනී තට්ටු වශයෙන් පිහිටි.
තලාකුළ[නා.ප්‍ර.] කුඩා වූ මුදුන; පැතලි කඳු ගැටය.
තලාඞ්ගණය[නා.] (නීති.) උඩුමහල් තලයට අයත් මළුව.
තලාටිය[නා.] ගොඩ; ගොඩබිම.
තලාටු1. [වි.] ගොඩබිමෙහි වූ. 2. [වි.] බිමින් ඉහළ තලයෙහි හෙවත් අහසෙහි වෙසෙන.
තලාතල චක්‍රය(පාරිභා.) [නා.] ගොඩබිමේ උස සහ සාගරයේ ගැඹුර දක්වන ප්‍රස්තාර රේඛාව.
තලාතු[නා.ප්‍ර.] තල අත්ත; ඉසිලීමට සකස් කළ තල අත්ත.
තලාතුකරුවා[නා.] කුලීනයන්ට ගෞරව පිණිස හෝ අව්ව වැළැක්වීමට හෝ තලඅතු හිසට එසවීම සේවයක් වශයෙන් කරන්නා.
තලාතුමිනිරන්[නා.ප්‍ර.] එකට බැඳුණු තුනී පතුරු වශයෙන් ඇති මිනිරන් විශේෂයක්.
තලාඳය[නා.] හරස් කඳ; බාල්කය; තලාන.
තලාව1. [නා.] වන මැද ඇති එළිමහන් බිම් පෙදෙස; තණබිම. 2. [නා.] මහා ප්‍රදේශය. 3. [නා.] කඳු අතර පිහිටි සමබිම; උස් සම බිම; සානුව. 4. (පාරිභා.) [නා.] පතුර; පටලය. 5. (පාරිභා.) [නා.] ක්‍රීඩාවක් හෝ ශාරීරික අභ්‍යාසයක් සඳහා වෙන් කළ ස්ථානය.
තලිකය(කථා.) [නා.] භික්ෂුවකගේ පාත්‍රය ගෙන යෑම සඳහා රෙදිවලින් සකස් කරගත් පසුම්බිය; පාත්තර කොපුව; ථවිකාව.
තලිය1. [නා.] භාජනය; තැටිය; පාත්‍රය. 2. [නා.] දණ්ඩකින් ගැසීමෙන් හඬ නංවන ලෝහ තැටියක් බඳු වාද්‍යය.
තලුදිව[නා.] උඩුතල්ල කෙළවරෙහි වූ කුඩා දිව; තාලුජිහ්වාව.
තලුව[නා.] කුඩා පාත්‍රය; කුඩා බඳුන.
තලෝනවා(කථා.) [ක්‍රි.] උතුරා යනවා; පිටාර ගලනවා.
තව1. [නි.] වැඩිමනත්; වැඩිපුර; අමතර. 2. [නි.] මේ වනතුරු; මේතාක්. 3. [නි.] ඒ වන තෙක්; ඒ තාක්. [නා.] කෙලෙසුන් තැවීමේ ක්‍රියාව; තපස්චර්යාව; තවුස්දම.
තව බිම[නා.] තාපසවරුන් වසන භූමි ප්‍රදේශය; තාපස භූමිය; තපෝ භූමිය.
තවඩම්වැළ1. [නා.] නාට්‍යකරුවන්ගේ වෙස් ඇඳුමට අයත් උරවැළ. 2. [නා.] දකුණු අංශයේ පලඳින රන් මාලයක්.
තවතෙද[නා.ප්‍ර.] තාපස භාවයෙන් ඇති වූ තේජස හෝ බල මහිමය; තාපස තේජස.
තවනවා1. [ක්‍රි.] උණුසුම් කරනවා; තාපනය කරනවා; ගිනියම් කරනවා; රත් කරනවා. 2. [ක්‍රි.] පුලුස්සනවා; දවනවා. 3. [ක්‍රි.] සමනය කරනවා; මර්දනය කරනවා; මඬිනවා. 4. [ක්‍රි.] තැවුලට පත් කරනවා; දුකට පමුණුවනවා.
තවපැල[නා.] තාපසයන් වසන ආරාමය; තවුසන් වසන කුටිය; පන්සල.
තවරනවා1. [ක්‍රි.] ගානවා; ආලේප කරනවා. 2. [ක්‍රි.] සායම් ගානවා; සිත්තම් කරනවා. 3. [ක්‍රි.] ගනට අතුරනවා; බහුල ව විසුරුවනවා.
තවරු[නා.ප්‍ර.] තවරන්නා; සිත්තම් කරන්නා; සිත්තරා.
තවලම1. [නා.] (ගව, ඔටු, කොටළු ආදි) සතුන් පිට බඩු පටවා ගෙන තැනින් තැනට යන වෙළඳ කණ්ඩායම. 2. [නා.] සතුන් පිට පටවා ගෙන වෙළඳාමට ගෙන යන බඩු මලු; තවලම් පළ; තවලම් වෙළඳුන් නවාතැන් ගන්නා සේම භාණ්ඩ හුවමාරුවෙහි නොහොත් වෙළඳාමෙහි යෙදෙන තැන.
තවලම් සතා(පාරිභා.) [නා.] තවලම් පොදි ඔසවා ගෙන යන සිවුපාවා (=pack animal).
තවලම්කාරයා(කථා.) [නා.] සතුන් පිට බඩු පටවා ගෙන තැනින් තැනට වෙළඳාමෙහි යන තැනැත්තා.
තවලාව(කථා.) [නා.] කැවිලි පෙවිලි ආදිය තැන්පත් කර ගෙන යන කූඩය හෝ පැස.
තවවල[නා.ප්‍ර.] තවුස්දම් පිරීමට සුදුසු වන පෙදෙස; තාපසාරණ්‍යය.
තවස[නා.ප්‍ර.] තවුස්දම.
තවසග[තවස්+අග] [නා.ප්‍ර.] තවුස්බව නමැති ගින්න.
තවසර[නා.ප්‍ර.] තපස්චර්යාව; තවුස්කම.
තවසරා[නා.] තාපසයා; තවුසා.
තවසිඳු[නා.ප්‍ර.] තාපස නායකයා; ප්‍රධාන තාපසයා; නායක තවුසා.
තවසිරිම්[නා.ප්‍ර.] තවුස්දම්හි හැසිරීම; තපස් චර්යාව.
තව්[නා.ප්‍ර.] තාප; උණුසුම්; තාපය හෙවත් උණුසුම හා ආශ්‍රිත දෙය.
තව් කපනවා[ක්‍රි.] නියන් ආදි උපකරණයකින් සිදුරු කපනවා.
තව් ගහනවා[ක්‍රි.] මඳ අව්වේ වේලෙනවා.
තව් තහඩුව(පාරිභා.) [නා.] මැහුම් යන්ත්‍රයේ කොටසක් වන සිදුරු සහිත තහඩුව (=slotted plate).
තව් දණ්ඩ(පාරිභා.) [නා.] තව් විදින යන්ත්‍රයක විදුම් කටුව යෙදූ දණ්ඩ (=boring bar).
තව් මරනවා(කථා.) [ක්‍රි.] පොල් අතු ආදියෙහි අමුගතිය අව් රශ්මියෙන් හෝ ගින්නෙන් තරමක් නැති කරනවා.
තව් මීටරය(පාරිභා.) [නා.] විදුලිය, ගෑස් ආදිය ලබා ගැනීමට කාසියක් දැමීමෙන් ක්‍රියාත්මක කරවන මීටරය (=salt meter).
තව් විදිනවා[ක්‍රි.] තොරපන; බුරුම ආදියෙන් සිදුරු විදිනවා.
තව්කටුව(පාරිභා.) [නා.] සිදුරු විදීමට ගන්නා කටුව; සිදුරු විදින උපකරණය (=borer).
තව්ගැටි කටුව[නා.] තව්වක ගැට්ට කපන ආයුධය; සිදුරක කෙළවර වඩා ලොකු විෂ්කම්භයක් ඇති වන සේ විදීමට යොදා ගන්නා ආයුධය.
තව්තිසාව[නා.] සදෙව්ලොවින් එකක්; ශක්‍රයා ප්‍රධාන දෙවිවරුන් තිස්තුන් දෙනෙකු ආධිපත්‍යය දරන දෙලොව; තාවතිංසය; තිදස පුරය.
තව්බන්ද[නා.] හැඩ කපනු ලැබීම සඳහා ලියවන පට්ටලයකට යොමු කරනු ලබන භාණ්ඩය සවි කරන යකඩ දණ්ඩ.
තව්ව, තවුව[නා.] ඇණ ආදිය සවි කිරීම සඳහා සාදාගන්නා සිදුර; හිල; ගුල.
තව්වනවා(කථා.) [ක්‍රි.] යම්තම් එල්ලා තබනවා; රඳවනවා.
තව්සම(කථා.) [නා.] (ධීව.) සිදුරු විශාල කරන උපකරණය; තව්සායම.
තව්සැලි[වි.] ස්ථිර නොවූ; තාවකාලික.
තවාඩිහාල්[තවස්+අඩි+හාල්] [නා.ප්‍ර.] හබල පෙති.
තවාන1. [නා.] පැළවීම සඳහා බීජ වර්ග වපුරා ඇති පාත්තිය හෝ බිම් කොටස. 2. [නා.] කොන්දේසි සහිත පොරොන්දු පත්‍රය (=bond).
තවාන් කරනවා[ක්‍රි.] සකස් කරගත් භූමි ප්‍රදේශයක පැළ ලබා ගැනීම සඳහා ඇට හිටවනවා, නැතහොත් ඉසිනවා.
තවිකය[නා.] බඩු ආදිය බහා රැගෙන යෑම සඳහා ගනු ලබන මල්ල පසුම්බිය; ථවිකාව; භික්ෂූන් පරිහරණය කරන පාත්‍ර වැස්ම.
තවුස් කද[නා.] තාපසයින් විසින් පිරිකර එල්ලා ගෙන යාම සඳහා භාවිත කරන ලීය.
තවුස් පැවිද්ද[නා.] තවුස් වෙසින් මහණවීම; තාපස ප්‍රවුජ්‍යාව.
තවුස් පිරිකර[නා.] තාපසයින්ට අවශ්‍ය ජටා මඩුලු කෙණ්ඩි ආදි උපකරණ.
තවුස්දම්[නා.ප්‍ර.] තාපසයින් විසින් පිරිය යුතු පිළිවෙත්; තාපස ධර්ම.
තවුස්වෙස්[නා.ප්‍ර.] තාපසයකුගේ විලාසය.
තවුසා[නා.] කෙලෙස් තවන්නා; තාපසයා.
තසයා[නා.] තැති ගන්නා පුද්ගලයා; සන්ත්‍රාසයට පත්වන්නා; පෘථග්ජනයා.
තසරය[නා.] රෙදි විවීමේ අවයව එහා මෙහා යවන හරස් දඬුකඩ; නඩාව.
තසි[නා.ප්‍ර.] සැකය; කුකුස.
තසිත[වි.] තැතිගත්; බිය වූ.
තසිනා[නා.ප්‍ර.] තෘෂ්ණාව; ආශාව.
තහංචි කරනවා, තහන්චි කරනවා(කථා.) [ක්‍රි.] තහනම් කරනවා; (සාම්ප්‍රදායික විවාහ මංගල්‍ය සිරිත් අනු ව) යම් යම් දේ තහනම් කරනවා.
තහංචිය[නා.] (පැරණි සිරිත් අනු ව) යම් යම් දේ වැළැක්වීම; නිෂේධය; තහනම.
තහඩු1. [නා.] ලෝහ, දැව ආදියෙන් සාදන ලද පැතලි, තුනී එක සමාන ගනකමින් යුත් පුවරුවක් හෝ ඵලකයක්. 2. [නා.] යාන්ත්‍රික කොටස් එක් රැස් කොට සාදනු ලබන කුඩා පැතලි අවයව ඒකකයක්. 3. [නා.] ඖෂධීය හෝ වෙනත් කල්කයකින් තනා ඝන වූ තට්ටුව; පැලැස්තරය.
තහඩු ලිපි[නා.] ලෝහමය තහඩුවල ලියන ලිපි; තහඩුවල ලියූ ලේඛන.
තහඩුලෝම[නා.] ලෝම වර්ග, කෙඳි ආදිය පදම් කිරීමෙන් සාදනු ලබන තුනී රෙදි හෝ රෙදි වැනි ද්‍රව්‍යයක්.
තහත[නා.] නැවැත්මක් නැති; අනවරතයෙන්; නිරන්තර.
තහනම1. [නා.] යමක් නොකරන සේ පනවන නියෝගය; නිෂේධය. 2. [නා.] චාරිත්‍රානුකූල ව නොකළ යුතුය යන නියමය. 3. [නා.] නීති මගින් දේපළක් අත් අඩංගුවට ගැනීම හෝ යටතට ගැනීම. 4. [නා.] නැව් ගමන්, වෙළෙඳ කටයුතු ආදිය රජය මගින් අත්හිටුවීම.
තහනම් අරිනවා[ක්‍රි.] පනවා තිබූ තහනමක් ඉවත් කරනවා.
තහනම් කරනවා1. [ක්‍රි.] යමක් නොකරන සේ නියෝග කරනවා. 2. [ක්‍රි.] දේපළ ආදිය අත් අඩංගුවට ගන්නවා. 3. [ක්‍රි.] යම්කිසි ක්‍රියාවලියක් නීති මගින් අත්හිටුවනවා.
තහනම් ගහ[නා.] (ක්‍රිස්ති.) බයිබලයේ සඳහන් පරිදි, ආදම් ඒව දෙදෙනාට ගෙඩි නොකන ලෙසට තහනම් කරමින් දෙවියන් වහන්සේ විසින් මවන ලද උයනේ වූ ගහක්.
තහනම් වට්ටිය[නා.] මහනුවර සමයේ දී කුල පිළිබඳ ව නඩුවක චූදිතයා විසින් දඬුවම විඳීමෙන් පසු ඉන් මිදීමට මොහොට්ටාලට පිළිගන්වන සුදු ලේන්සුවක් අතුළ බුලත් තට්ටුව.
තහවුරු, තාවර[වි.] තිර; නොවෙනස්; ස්ථීර; ස්ථාවර.
තහුඩය(කථා.) [නා.] කරදරය; හිරිහැරය; පටලැවිල්ල.
තළ1. [නා.] පොකුණ; විල; ජලාශය. 2. [නා.] ඉවුර; වෙරළ. 3. [නා.] කඳු බෑවුම; බෙයද. [වි.] තට්ට; මුඩු.
තළ ඔළුව[නා.] තට්ට ඔළුව; මුඬුහිස.
තළනගල[නා.] මැටි භාණ්ඩ තැනීමේ දී ඒවා තැළීම සඳහා යොදා ගනු ලබන උපකරණයක්; හැඩගුලිය.
තළනපිත්ත[නා.] හම් පදම් කිරීමටත්, මැටියෙන් සාදන අවු භාණ්ඩ (වළන්) තැළීමටත් ගන්නා ලී උපකරණයක්; මැටි අලුව.
තළනවා1. [ක්‍රි.] ලෝහ ද්‍රව්‍ය ආදි යම් කිසිවෙක ඝනත්වය පැතලි බවට පත් කිරීමට මිටියක් වැනි දෙයකින් පහර දෙනවා. 2. [ක්‍රි.] ගුටිබැට දෙනවා; පහර දෙනවා. 3. [ක්‍රි.] රිදවනවා; පෙළනවා; පොඩි කරනවා. 4. [ක්‍රි.] හඬ නංවනවා; තූර්යාදියෙහි නාද පවත්වනවා. 5. [ක්‍රි.] කොටනවා; තද කරනවා. 6. [ක්‍රි.] කූඩු කරනවා; පොඩි කරනවා. 7. [ක්‍රි.] මැඩගෙන යනවා; යට කරගෙන යනවා.
තළාකය[නා.] ජලාශය; පොකුණ; විල.
තළාකෙළිය[නා.] පොකුණු; විල්, ගංගා ආදියෙහි දියකෙළිය; ජල ක්‍රීඩාව.
තළි අක්බත, තලි අක්බත[නා.] ගොයම් කිරීමේ දී දෙන දානයක්; කෙතක අස්වනුවලින් ඒ ඒ අවස්ථාවල දී පළමු කොට දෙනු ලබන පස්වැදෑරිම් අගහස් බතින් එකක්.
තළුතැටිය[නා.] දිය බොන බඳුන; කෙණ්ඩිය; කමණ්ඩලුව.
ත්වක්1. [නා.ප්‍ර.] සම; චර්මය. 2. [නා.ප්‍ර.] ගසක හෝ පැළෑටියක පොත්ත. 3. [නා.ප්‍ර.] කුරුඳු පොත්ත.
ත්වග්‍රංධ්‍ර(පාරිභා.) [නා.ප්‍ර.] ගසක කඳෙහි මහත් වූ බාහ්‍යකයෙහි තැන් තැන්වල සෑදෙන සිදුරු විශේෂය.
ත්වචය1. [නා.] සම; චර්මය. 2. [නා.] (ගස්වැල් ඵල ආදියෙහි) පිටපොත්ත. 3. [නා.] ඕකිඩ් ආදි ශාකවල වායව්‍ය මුල්වල මතුපිට තිබෙන තට්ටු කීපයකින් යුත් මැරුණු සෛල වැස්ම.
ත්වරකය1. [නා.] මෝටර් රථයක කාබියුරේටරයේ අවකර කපාටයට හෝ තෙල් නික්ෂේපණ පාලකයට හෝ පාදිකය; ඇක්සලරේටය. 2. [නා.] ක්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරන පේශියක් හෝ ස්නායුවක්. 3. [නා.] එන්සයිමයක කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය වැඩි කරන කවර හෝ ද්‍රව්‍යයක්.
ත්වරණ මානය(පාරිභා.) [නා.] මෝටර් රථයක ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාව දක්වන මානකය.
ත්වරණය[නා.] වේගයේ වැඩි වීම; ශීඝ්‍රතාව.
ත්වරිත අපසාරිතාව[නා.] පොදු මාර්ගයක හෝ ලක්ෂ්‍යයක සිට, වේගවත් ව පිටතට විහිදී යෑම.
ත්‍යක්ත[වි.] අත් හළ; හැර දැමූ; බැහැර කළ.
ත්‍යජනය[නා.] අත් හැරීම; හැර දැමීම; බැහැර කිරීම.
ත්‍යාග1. [නා.] ප්‍රති උපකාරයක් නොලබා අනෙකකුට දෙන දැය; තෑග්ග; තුටු පඬුර. 2. [නා.] දාන චේතනාව; පරිත්‍යාග කිරීමේ අභිලාෂය. 3. [නා.] අත් හැරීම; බැහැර කිරීම; අනුනට කැප කිරීම. [වි.] දානය හා දාන චේතනාව හා සම්බන්ධ.
ත්‍යාගවන්තයා[නා.] පරිත්‍යාගශීලියා; ත්‍යාගශීලි පුද්ගලයා.
ත්‍යාගාධිෂ්ඨානය[නා.] දීමෙහි ස්ථිර ව පිහිටීම; තමා සතු දෑ අනුනට ප්‍රදානය කිරීම සඳහා අධිෂ්ඨානය.
ත්‍යාජනය[නා.] අත්හැරීම; බැහැර කිරීම.
ත්‍රපීසියම(පාරිභා.) [නා.] පාද එකක්වත් සමාන්තර නැති චතුරස්‍රය.
ත්‍රපීසොයිඩය(පාරිභා.) [නා.] පාද දෙකක් පමණක් එකිනෙකට සමාන්තර වන චතුරස්‍රය.
ත්‍රපු[නා.ප්‍ර.] ලෝහමය මූල ද්‍රව්‍යයක් වන සුදු ඊයම්.
ත්‍රය1. [නා.] තුන නම් සංඛ්‍යාව. 2. [නා.] තුන් දෙනෙකුගේ එකතුව.
ත්‍රයෝදශ[නා.ප්‍ර.] දහතුන. 1. [වි.] දහතුන්වන; තෙළෙස් වැනි. 2. [වි.] ප්‍රභේද දහතුනකින් යුක්ත වූ.
ත්‍රස්ත[වි.] බියපත්; තැතිගත්.
ත්‍රස්තවාදය[නා.] භීෂණ ක්‍රියා මගින් ජනතාව සහ රාජ්‍ය තන්ත්‍රය තැති ගන්වා රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ආදි සම්ප්‍රදාය විරෝධි ක්‍රම උපයෝග කර ගත් සංවිධානාත්මක ක්‍රියා මාර්ගය.
ත්‍ර්‍යක්ෂ[ත්‍රි+අක්ෂ] [නා.ප්‍ර.] ඇස් තුනක් ඇති; ඊශ්වර දෙවි.
ත්‍ර්‍යශ්‍ර[වි.] පැති තුනක් ඇති; තුන් හුලස්.
ත්‍රාණය[නා.] ආරක්ෂාව; පිහිට.
ත්‍රාසනය[නා.] තැති ගැන්වීම; චිත්ත වික්ෂේපය ඇති කිරීම.
ත්‍රාසය1. [නා.] තැති ගැන්ම; චිත්ත වික්ෂේපය. 2. [නා.] මැණික්වල පැවතිය හැකි දෝෂයක්; මැණිකක් මැද ඉරක් දුවන්නා සේ පලුදු ව, බාල වීම.
ත්‍රි[නා.ප්‍ර.] තුන්. [වි.] තුනක් සම්බන්ධ.
ත්‍රි අරිය[වි.] චක්‍රයක මැද සිට ගරාදි මෙන් පිටතට විහිදෙන අර තුනක් ඇති; කිසියම් කේන්ද්‍රයක සිට තුන් පැත්තට විහිද යන අර තුනක් සහිත.
ත්‍රිඅස්ථි ජිද්‍රය[නා.] සිරුරෙහි කාකතුණ්ඩිකාව අක්ෂකාස්ථිය හා උරපතු ඇටය යන අස්ථි තුන මැද පිහිටි විවරය.
ත්‍රිආංගුලිකාව(පාරිභා.) [නා.] ඇඟිලි තුනක් ඇති බව; තියැඟිලි හෙවත් තෙයැඟිලි ලක්ෂණය.
ත්‍රික නිර්දේශය[නා.] (ගණිත.) රාශි තුනකින් යුත් වීජ ගණිතමය ප්‍රකාශනයක ධන හෝ ඍණ හෝ ලකුණුවලින් සම්බන්ධ කරන රාශි තුනේ ප්‍රකාශනය.
ත්‍රික ලක්ෂ්‍යය1. (පාරිභා.) [නා.] (රසා.) ද්‍රව්‍යයක පෙළ ගැසුණු අණු සහිත කලාප තුනක් එකට පැවතිය හැකි උෂ්ණත්වය හා පීඩනය. 2. (ගණිත.) [නා.] චාපයක ශාඛා තුනකට පොදු ලක්ෂ්‍යය.
ත්‍රික සන්ධිය1. [නා.] උරපතු ඇට දෙක ග්‍රීවාස්ථියට සම්බන්ධ වන සන්ධිය. 2. [නා.] තුන් ඇට මූට්ටුව; තුනටි සන්ධිය.
ත්‍රිකය1. [නා.ප්‍ර.] කොටස් තුනක එකතුව; තෙවර්ගයක් වූ රාශිය. 2. [නා.ප්‍ර.] හිස සහ දෙවුර එක් වූ ප්‍රදේශය. 3. [නා.ප්‍ර.] තුනටිය; කටි සන්ධිය.
ත්‍රිකලාපික[වි.] (උද්භි.) මලක රේණු කලාප තුනක් තිබෙන.
ත්‍රිකස්ථාන[නා.ප්‍ර.] (ජ්‍යෝති.) රාශි චක්‍රයේ 6, 8, 12 යන ස්ථාන; දුෂ්ට ස්ථාන.
ත්‍රිකාමාශය[නා.] වමාරා කන සතුන්ගේ තුන්වැනි ආමාශය; රෝමන්ථය හා ජාලිකාව අතරේ ඇති ආමාශය.
ත්‍රිකාය[නා.] මහායාන ධර්මය අනුව, බුදුවරුන් කෙරෙහි පවතින නිර්මාණ, සම්භෝග හා ධර්ම යන කායත්‍රය.
ත්‍රිකාලඥ[නා.ප්‍ර.] අතීත, වර්තමාන, අනාගත යන තුල්කල් දන්නා වූ තැනැත්තා; සර්වඥයන් වහන්සේ.
ත්‍රිකාස්ථික[වි.] ත්‍රිකාස්ථියට අයත්; ත්‍රිකාස්ථිය හා සම්බන්ධ.
ත්‍රිකාස්ථික කශේරුකාව[නා.] සුෂුම්නාවේ කොටස් පහෙන් සිවුවැන්න.
ත්‍රිකාස්ථිය[නා.] කොඳු ඇට පෙළේ පහළ පිහිටි ඇට පසෙකින් සෑදුණා වූ ද ඉදිරියට මඳක් නැමී ඇත්තා වූ ද තුන් හුලස් ඇටය.
ත්‍රිකෝටිකය[නා.] විකල්ප නිගමන තුනකට තුඩු දෙන ප්‍රශ්නය; තුන්කොන් ගැටලුව.
ත්‍රිකෝටිපරිශුද්ධ[වි.] තුන් කෙළවරකින් හෙවත් කාරණා තුනකින් පිරිසිදු වූ; තමා උදෙසා පිළියෙල කරන ලදැයි නුදුටු හෝ නොඇසූ හෝ ඒ බවට සැකයක් නැත්තා වූ ය අංග තුනෙන් යුත්.
ත්‍රිකෝණ ශීර්ෂය[නා.] ත්‍රිකෝණයක පාදය වශයෙන් ඇති රේඛාවට කෙළින් ම විරුද්ධ පැත්තේ ඇති කෝණය.
ත්‍රිකෝණනය[නා.] මැනීම සඳහා භූමි ප්‍රදේශයක් එකිනෙකට සම්බන්ධ ත්‍රිකෝණවලට බෙදීම (=triangulation).
ත්‍රිකෝණමිතිය[නා.] (ගණිත.) (මූලික වශයෙන්) ත්‍රිකෝණයක පාද හා කෝණ අතර සම්බන්ධය පිළිබඳ වූ ගණිත අංශය (=trigonometry).
ත්‍රිකෝණය1. [නා.] (පාරිභා.) ඍජු රේඛා තුනකින් සීමා කරනු ලබන කෝණ තුනක් සහිත තල රූපය (=triangle). 2. (ජ්‍යෝති.) [නා.] කේන්දරයක ලග්නයෙන් පස්වැන්න හා නවවැන්න. 3. (ජ්‍යෝති.) [නා.] උච්ච රාශිය හැරුණුවිට ග්‍රහයකු ක්ෂේත්‍ර බලයෙන් ඉතාම බලවත් වන රාශිය. 4. [නා.] හස්තරේඛා ශාස්ත්‍රයේ දී පලාපල කීම පිණිස අත්ල බෙදනු ලබන කොටස් වලින් එකක්; ජීවන, ශීර්ෂ, සුබ යන රේඛාවන් හමුවීමෙන් අල්ල මැද සෑදෙන තුන්මුලු ප්‍රදේශය.
ත්‍රිකෝණාකාර[වි.] තුන්හුලස් හැඩය ඇති; කොන් තුනක් සහිත.
ත්‍රිකෝණික ප්‍රිස්මය(පාරිභා.) [නා.] ආලෝකය (විශ්ලේෂණය) සඳහා උපයෝගී කරගනු ලබන (ත්‍රිකෝණාකාර මුණත් සහිත පාරදෘශ්‍ය ස්ඵටික රූපය); සුදු ආලෝකයෙන් වර්ණාවලියක් ලබා ගැනීම සඳහා උපකාර වන වීදුරුවලින් යුත් පිරමිඩාකාර ඝනය.
ත්‍රිඛණ්ඩික[වි.] පෙති හෙවත් ඛණ්ඩිකා තුනක් ඇති; තෙකඩක් සහිත.
ත්‍රිගුණය1. [නා.] තුන්වරක් වූ ප්‍රමාණය; තුනෙන් වැඩි වූ ගණන. 2. (දර්ශන.) [නා.] මුළු ලොවට ම පොදු සත්ත්ව, රජස්, තමස් යන තුන් ස්වභාවය.
ත්‍රිත්ව1. [නා.] බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ත්‍රිමූර්තිය. 2. (ක්‍රිස්ති.) [නා.] පිතා, පුත්‍ර, ශුද්ධාත්ම යන තිදෙන.
ත්‍රිතුණ්ඩ(පාරිභා.) [වි.] තුඩු තුනක් ඇති; තුන්තුඩු.
ත්‍රිතුණ්ඩ කපාටය(පාරිභා.) [නා.] හෘත්කෝෂිකාවෙන් රුධිරය හෘත්කර්ණිකාව කරා පෙරළා යෑම වළක්වන කපාටය.
ත්‍රිදණ්ඩය[නා.] පාද තුනකින් යුත් ආධාරයකයක් වන තවුස් පිරිකරක්.
ත්‍රිදශ1. [නා.ප්‍ර.] දහයේ ඒකක තුන. 2. [නා.ප්‍ර.] තව්තිසා දිව්‍යලෝකය; තාවතිංසය.
ත්‍රිදෝෂ[නා.ප්‍ර.] ශරීරගත වා, පිත්, සෙම් යන දොස් තුන.
ත්‍රිනේත්‍ර[නා.ප්‍ර.] ඇස් තුනක් ඇති තැනැත්තා වන ඊශ්වර දෙවි; තිනෙත්.
ත්‍රිපද1. [වි.] (පාරිභා.) රාශි තුනක සම්බන්ධය දක්වන; රාශි තුනක් ඇති. 2. [වි.] වචන තුනකින් යුත්. 3. [වි.] පියවර තුනක් පිළිබඳ.
ත්‍රිපරිවෘත්තය[නා.] චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට උපයෝගි වන සත්‍යඥාන, කෘත්‍යඥාන, සහ කෘතඥාන ත්‍රිවිධ වටය.
ත්‍රිපාදකය, ත්‍රිපාදය[නා.] යමක් තැබීමට භාවිත පා තුනක් සහිත ආධාරකය.
ත්‍රිපිටකය[නා.] සූත්‍ර, විනය සහ අභිධර්මය වසයෙන් බෙදූ බුද්ධ ධර්මයේ කොටස් තුන; තෙවළා දහම.
ත්‍රිභින්න[වි.] තුන් වැදෑරුම් වූ.
ත්‍රිභූජය[නා.] පාද තුනක් ඇති රූපය; ත්‍රිකෝණය.
ත්‍රිභූමක, ත්‍රිභූමික1. [වි.] මහල් තුනකින් යුත්; තුන් මහල්; තට්ටු තුනකින් යුත්. 2. [වි.] කාම, රූප, අරූප යන තුන් භූමිවල උපදනා.
ත්‍රිභූවනය[නා.] කාම, රූප, අරූප හෝ ස්වර්ග, මර්ත්‍ය, පාතාල හෝ සත්ත්ව, සංස්කාර, ආකාශ හෝ යන ලෝක තුන තුන්ලොව.
ත්‍රිභූවනාචාර්ය[නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේ.
ත්‍රිභූවනාලෝක[වි.] තුන්ලොවට එළිය වූ.
ත්‍රිභූවනේශ්වර[වි.] තුන්ලොවට නායක වූ; ලෝකත්‍රයට අධිපති වූ.
ත්‍රිමණ්ඩලය[නා.] දෙදණ නාභිය යන ස්ථාන තුන; තෙමඬුල්ල.
ත්‍රිමදය[නා.] ඇතුන්ගේ දෙකපෝල ආදී දශ ස්ථානයන්ගෙන් ගලන තුන් ආකාර මදය; තුන් මදය.
ත්‍රිමාන[වි.] දිග, පළල සහ උස යන මාන තුනින් යුත්.
ත්‍රිමානේක්ෂය(පාරිභා.) [නා.] එක ම ප්‍රදේශයක් නොහොත් වස්තුවක් ආශ්‍රිත ව එකිනෙකින් වෙනස් වූ කෝණවලින් ගත් ඡායාරූප දෙකක් එක මත එක තබා බැලීමේ දී එහි දිග, පළල, සහ ඝන ප්‍රමාණය පෙන්නුම් කරන උපකරණය.
ත්‍රිමිථුන නාඩිය(පාරිභා.) [නා.] සෑම ස්ඵන්දන තුනකට පසු කෙටි හෝ දිගු විවේකයක් ගන්නා නාඩිය.
ත්‍රිමූර්තිය[නා.] හින්දු ආගමේ බ්‍රහ්ම, විෂ්ණු, මහේශ්වර යන ප්‍රධාන දෙවියන් තිදෙනා.
ත්‍රිමූලක[වි.] රාග, දෝස, මෝහ යන ත්‍රිවිධ කෙලෙස් මුල් ඇති.
ත්‍රියාම[නා.ප්‍ර.] පෙරයම, මැදයම, අලුයම යන තුන් යාමය.
ත්‍රියාමා[නා.ප්‍ර.] රැය; රාත්‍රිය.
ත්‍රියාසික(පාරිභා.) [නා.] භූ විද්‍යාවේ සඳහන් වන මිසෝසොයික යුගයේ පළමු වැනි අවධිය.
ත්‍රිරූපී1. (පාරිභා.) [වි.] ඉන්ද්‍රිය වශයෙන් හෝ ඓන්ද්‍රිකයකු වශයෙන් හෝ පැහැදිලි රූප තුනක් ඇති. 2. (පාරිභා.) [වි.] සූත්‍රිකා පරාගධානි කලංක යන කොටස්වල දිග ප්‍රමාණ හා පිහිටීම අතින් එකිනෙකට වෙනස් වූ මල් වර්ග තුනක් හටගන්නා.
ත්‍රිරේඛීයඛණ්ඩාංක(පාරිභා.) [නා.ප්‍ර.] රේඛා තුනකින් සමන්විත, ලක්ෂ්‍යයක පිහිටීම පිළිබඳ අර්ථ දැක්වීම.
ත්‍රිලක්ෂණය1. (අභි.) [නා.] අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන සංස්කාර ධර්ම ලක්ෂණ තුන. 2. [නා.] හට ගැනීම, පැවැත්ම හා බිඳීම යන ලක්ෂණ තුන.
ත්‍රිලිඞ්ගය[නා.] (ව්‍යාක.) ස්ත්‍රී, පුරුෂ, නපුංසක යන ලිංග තුන.
ත්‍රිලෝචන[නා.ප්‍ර.] ඇස් තුනක් ඇත්තා වන ඊශ්වර දෙවියා.
ත්‍රිවික්‍රමයා[නා.] විෂ්ණු දෙවියා.
ත්‍රිවිද්‍යා[නා.ප්‍ර.] පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන විද්‍යා තුන.
ත්‍රිවිධ අනන්තය[නා.] කෙළවරක් රහිත ආකාශය, සත්ත්වලෝකය, විශ්වය යන වස්තු තුන.
ත්‍රිවිධ කෝලාහලය[නා.] ලෝකයේ ඇතිවන කෝලාහල තුන; කල්ප කෝලාහලය, චක්‍රවර්ති කෝලාහලය හා බුද්ධ කෝලාහලය.
ත්‍රිවිධ තණ්හා[නා.ප්‍ර.] කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුන.
ත්‍රිවිධ බෝධිය[නා.] සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, අරහත්ත බෝධිය යන තුන.
ත්‍රිවේදය1. [නා.] ඍග්, යජුර්, සාමන් යන වේද තුන. 2. [නා.] සාර්ථක විධිමත් රාජ්‍ය පාලකයකූට අත්‍යවශ්‍ය යැයි සැලකුණු ප්‍රභූත්වය කෙළවරක් රහිත මන්ත්‍රණය, උත්සාහය යන කාරණා තුන.
ත්‍රිශඞ්ඛය[නා.] හක්ගෙඩි වර්ග තුන; දක්ෂිණාවෘත, රජත, ස්වර්ණ යන හක්ගෙඩි තුන.
ත්‍රිශූලධාරි[නා.ප්‍ර.] ඊශ්වර දෙවි.
ත්‍රිශූලය[නා.] උල් තුනකින් යුත් අනින ආයුධය.
ත්‍රිසිංහලය[නා.] පුරාණ ලංකාවේ පැවැති රුහුණු, මායා, පිහිටි යන රාජ්‍ය තුන.
ත්‍රිහේතුක[වි.] (අභි.) අලෝභ, අදෝස, අමෝහ යන කුසල හේතු තුන සහිත.
ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය[නා.] (අභි.) අලෝභ, අදෝස, අමෝහ යන තුන් හේතුවෙන් යුත් විපාක සිතකින් පිළිසිඳ ගැනීම; ත්‍රිහේතුක කුශලයේ විපාක වශයෙන් ඇතිවන පිළිසිඳීම.
ත්‍රෛකාලික[වි.] අතීත, වර්තමාන, අනාගත යන කාල තුනට සම්බන්ධ.
ත්‍රෛභූමක, ත්‍රෛභූමික[වි.] කාම, රූප, අරූප යන ත්‍රිවිධ භූමියට අයත්; ත්‍රිභූමක.
ත්‍රෛලෝක්‍යගුරු[නා.ප්‍ර.] තුන්ලොවට ම ගුරුවරයා වූ; බුදුරජාණන් වහන්සේ.
ත්‍රෛවිද්‍ය1. [නා.] ත්‍රිවිද්‍යාව පසක් කරගත් තැනැත්තා; රහතුන් වහන්සේ. 2. [නා.] ඍග්, යජුර්, සාම යන ත්‍රිවේදය දත් තැනැත්තා.
ත්‍රොම්බින්, ත්‍රොම්බීන්(පාරිභා.) [නා.ප්‍ර.] ලේ කැටි ගැසීම ඇති කරන එන්සයිමය.
ත්‍රොම්බේස්(පාරිභා.) [නා.ප්‍ර.] රුධිරයෙහි පවත්නා නූල් වැනි එන්සයිම විශේෂයක්.
තා[නි.] තාක්; පමණ. [නා.] තාපය; තැවුල.
තාංගු වෙනවා1. (කථා.) [ක්‍රි.] හරස් වෙනවා; තද වෙනවා. 2. [ක්‍රි.] ගල් ගැසී සිටිනවා; භ්‍රාන්තියට පත් වෙනවා.
තාංගුව[නා.] කරත්ත අඹරාවේ හරහට බඳින ලීය.
තාඕ දහම[නා.] ලාඕත්සේ නම් චීන දර්ශනවාදියා විසින් දේශිත දර්ශනය.
තාක්1. [නි.] (සීමාර්ථයෙහි) තෙක්; තුරු. 2. [නි.] (ප්‍රමාණාර්ථයෙහි) යම් පමණ ද එපමණ. 3. [නි.] (සකලාර්ථයෙහි) සියල්ල; මුළුල්ල.
තාක්කට්ටුව1. (කථා.) [නා.] කරම් දෝ නොකරම් දෝ යන සිතිවිල්ල; දෙගෙඩියාව. 2. [නා.] ප්‍රයෝග බස් බිණීම; රැවටීම. 3. [නා.] හිරිහැරය; කරදරය; බාධාව. 4. [නා.] පිළිතුරක් නොදීම; නිශ්ශබ්දතාව; තුෂ්ණීම්භාවය. 5. [නා.] පමාව; ප්‍රමාදය.
තාක්කු කරනවා1. [ක්‍රි.] (ගල්, ලැලි ආදිය) මැනවින් ගැටී සිටින සේ තදට හේත්තු කරනවා හෝ අඩුක්කු කරනවා. 2. [ක්‍රි.] තාවකාලිකව මැඩ පවත්වනවා.
තාක්ෂණික[වි.] යම් කාර්යයක් කාර්යක්ෂම ව සහ හුරුබුහුටි අන්දමින් කරලීම සඳහා උපයෝගී කරගන්නා ව්‍යවහාරික ක්‍රම.
තාක්ෂණික විද්‍යාව(පාරිභා.) [නා.] ශිල්ප කර්මාන්ත පිළිබඳ විද්‍යාව; වාණිජ අගය ඇති ව්‍යවහාර ශාස්ත්‍රයක් පිළිබඳ විද්‍යාව (=technology).
තාකිස්කූර(කථා.) [නා.] කොණ්ඩය බැඳ එහි ගැසීමට පාවිච්චි කළ මැණික් ගල් බැඳි කූර.
තාච්චි[නා.ප්‍ර.] තාච්චි පැනීමේ හෙවත් තට්ටු පැනීමේ ක්‍රීඩාවේ රකින පිලට අයත් ප්‍රධානයා.
තාච්චි පැනීම(කථා.) [නා.] සිංහල ජන ක්‍රීඩාවක්; ඉරි පැනීම; තට්ටු පැනීම; ලණු පැනීම.
තාච්චිය, තාච්චුව1. [නා.] තඹ, යකඩ ආදි ලෝහ වර්ගයකින් හෝ චීනච්චට්ටියෙන් හෝ සාදනු ලබන කට ලොකු, නොගැඹුරු භාජන විශේෂයක්; තෙලෙන් බඳිනා ආහාර පිළියෙල කිරීමේ දී භාවිත කරනු ලබන්නකි. 2. [නා.] වැලි, සිමෙන්ති, පස් ආදිය මනින රැගෙන යන යකඩින් කළ භාජනය.
තාච්ඡිල්‍යය[නා.] එයට හුරුබව; එයට පුරුදුබව; තත් ස්වභාවය; ඵලාපේක්ෂාවක් නැති ව ස්වභාවයෙන් පැවැත්ම.
තාඩඞ්කය[නා.] කනේ පලඳින ආභරණය; තෝඩුව; කුණ්ඩලාභරණය.
තාඩඞ්කවලය[නා.ප්‍ර.] කනේ පලඳින වළල්ලක් වැනි ආභරණය.
තාඩනපීඩන[නා.ප්‍ර.] තැළීම; පෙළීම; ගුටි බැට දීම; පීඩා කිරීම.
තාණ[නා.ප්‍ර.] ආරක්ෂා ස්ථානය; ක්ෂේම ස්ථානය; නිර්වාණය.
තාණ්ඩව1. [නා.ප්‍ර.] පුරුෂ පක්ෂය සඳහා වෙන් වුණු වේගවත් අංග චලනයෙන් යුත් නැටුම් විශේෂයක්. 2. [නා.ප්‍ර.] ඊශ්වර දෙවි භීම වේශය ගෙන නටන නැටුම.
තාණ්ඩවප්‍රිය[නා.ප්‍ර.] තාණ්ඩව නෘත්‍යයට ප්‍රිය තැනැත්තා; ශිව දෙවියා.
තාත[නා.] පුරුෂයින් ඇමතීමෙහි යෙදෙන ආදර පදයක්; දරුවකු විසින් පියාට ඇමතීමේ හෝ පුතාට හෝ වයසින් බාල අයට ඇමතීම සඳහා යෙදේ.
තාත්තා[නා.] පියා; අප්පච්චි; අපුච්චා.
තාත්පර්යය1. [නා.] (යම්කිසිවක) නියැළුණු බව; යමක යෙදුණු බව; තත්පරභාවය. 2. [නා.] කියැවෙන අදහස; ප්‍රකාශිත අර්ථය; අභිප්‍රේතය.
තාත්වික[වි.] සත්‍ය ස්වභාවයෙන් යුක්ත; යථා තත්ත්වයට අනුකූල; යථා ස්වභාවයෙන් යුත්; තත්ත්වානුරූප.
තාදත්ම්‍යය[නා.] (න්‍යාය) එය ම ආත්මය කොට ඇතිබව; අභින්නතාව; ඒකාත්ම භාවය.
තාදර්ථ්‍යය[නා.] පාලියෙහි සහ සංස්කෘතයෙහි සම්ප්‍රදාන විභක්ති අර්ථය හඳුන්වන නාමයක්.
තාද්ධර්මය[නා.ප්‍ර.] ඒ ධර්ම ස්වභාව ඇතිබව; යමකුගේ ස්වභාවය යමකුට ආරෝපණය කොට එය හා නොවෙනස් ව සැලකීම; චතුර්විධ උපචාර අතුරින් එකකි.
තාදාත්වික[වි.] නිත්‍ය නොවූ; ඛණ්ඩ; තාවකාලික.
තාදි ගුණය, තාදී ගුණය[නා.] අටලෝදහම්හි නොසැලෙන ගුණය; අචල භාවය; අකතාව; මෙය බුදුවරයන් හෝ රහතන්වහන්සේ කෙරෙහි පිහිටන ගුණයකි.
තාදි, තාදී[වි.] අෂ්ට ලෝක ධර්මයෙහි වෙනසකට නොපැමිණ ස්ථිර ව එකසේ ම සිටින; අකප්‍ය. [නා.ප්‍ර.] තාදී ගුණෙන් යුත් උතුමා; බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේ.
තාදෘශ[වි.] එබඳු; ඒ හා සමාන.
තාන1. [නා.ප්‍ර.] තැන; ස්ථානය. 2. [නා.ප්‍ර.] තනතුර; පදවිය; නිලය. 3. (සංගී.) [නා.ප්‍ර.] යම්කිසි ගීතයක් ආරෝහණාවරෝහණ ක්‍රමයෙන් විස්තර කිරීම් වශයෙන් අලංකාර කරනු පිණිස යොදනු ලබන ස්වර සමූහය. 4. (පාරිභා.) [නා.ප්‍ර.] ශරීරයේ (විශේෂයෙන් ම මාංස පේශිවල) පවතින දැඩිබව; ප්‍රත්‍යාස්ථාව. [වි.] තනන; ලෙල දෙන; කම්පනය වන.
තාන රජ්ජු අවයවය(පාරිභා.) [නා.] කෘමීන්ගේ තාන රජ්ජු රාශියකින් සමන්විත ශ්‍රවණේන්ද්‍රිය.
තාන රජ්ජුව(පාරිභා.) [නා.] කුහරයක් සහිත දණ්ඩක් වැනි ව කෘමීන්ගේ ශ්‍රවණේන්ද්‍රියයේ පවතින කොටසක්.
තානකය(පාරිභා.) [නා.] ශරීර ශක්තිය ඇති කරන ඔසු විශේෂය; වාජීකරණය (=tonic).
තානගත[වි.] තැනට ගිය; ස්ථානයට පැමිණි; ස්ථානගත.
තානදෝස[නා.ප්‍ර.] (ශරීරයේ නොයෙක්) තැන්වල ඇති දොස්; ස්ථාන ගත වූ දෝෂය; ස්ථාන දෝෂය.
තානම[නා.] (සංගී.) යම්කිසි ගීතයක හෝ වන්නමක හෝ නාද ස්වරූපය දක්වන ශබ්ද මාලාව.
තානවය1. [නා.] සිහින්කම; තුනීබව; තනුත්වය. 2. (පාරිභා.) [නා.] ශරීරයේ රුධිරය වැනි ද්‍රව්‍ය හෝ ඒ මේ අතට ගමන් කරන නාල මාර්ග අවහිර වීම හෝ තැන් තැන සිහින් වීම; රුධිරවාහිනී හිර වීම.
තාන්[වි.] අලුත්; නව; නොසේදු.
තාන්කඩ[නා.] කලින් ප්‍රයෝජනයට නොගත් වස්ත්‍රය; අලුත් වස්ත්‍රය.
තාන්ත්‍රික1. [වි.] තන්ත්‍රයානය හා සම්බන්ධ වූ; තන්ත්‍රවලට අයත් වූ. 2. [වි.] තත් ඇති; තත් සහිත; තන්ත්‍රයෙන් යුතු.
තාන්තුවා ගෙදර1. (කථා.) [නා.] මඟුල් ගෙදර. 2. [නා.] මරණයක් සිදු වූ ගෙදර; මළ ගෙදර.
තාන්තුවාව1. [නා.] විවාහ මංගල්‍යය; මඟුල් කටයුත්ත. 2. (කථා.) [නා.] අවමඟුල් උත්සවය. 3. [නා.] තොවිලය. 4. [නා.] කරදරය; හිරිහැරය. 5. [නා.] දුක; කනගාටුව; කනස්සල්ල; සංතාපය. 6. [නා.] සැකය; දෙගිඩියාව.
තාන්න[නා.ප්‍ර.] තනතුර; නිලය; පදවිය; තානාන්තරය; ස්ථානාන්තරය.
තාන්න මාන්න[නා.] තනතුර සහ ගරු බුහුමන්; සම්මාන.
තානාන්තරය[නා.] තනතුර; පදවිය; නිලය; ඨානාන්තරය.
තානාපති[නා.ප්‍ර.] රටක් නියෝජනය කිරීමට අනෙක් රටකට නිල වශයෙන් පත් කර යවනු ලබන රාජ්‍ය තාන්ත්‍රිකයා.
තානායම1. [නා.] නිල සංචාරයේ දී රජයේ නිලධාරීන් නවාතැන් ගන්නා විවේකාගාරය. 2. [නා.] වැඩි පහසුව, විවේකය, කෑමබීම හා ඉඳුම් හිටුම් මුදලට සැපයෙන පොදු නවාතැන් පොළ.
තාප අවපාතය(පාරිභා.) [නා.] උෂ්ණත්වයේ අඩු පීඩනය(=thermal depression).
තාප ආඝාතය(පාරිභා.) [නා.] අධික රස්නයට භාජනය වීම හේතු කොට ගෙන සෑදෙන අධි මූර්ඡාව (=heat-stroke).
තාප ඌනය(පාරිභා.) [නා.] තාපයේ අඩුවීමේ ප්‍රමාණය (=temperature lapse).
තාප එන්ජිම(පාරිභා.) [නා.] තාපය, යන්ත්‍රකාර්යබවට හරවන එන්ජිම (=heat engine).
තාප ඒකකය(පාරිභා.) [නා.] තාප ශක්තිය මැනීමේ ඒකකය; කැලරිය.
තාප කාලය[නා.] තාපය අධික කාලය.
තාප කිරණ[නා.බහු.] තාපය (රැගෙන යන) රශ්මි විශේෂය.
තාප චක්‍රය(පාරිභා.) [නා.] යම් කාල සීමාවක යම්කිසි ප්‍රදේශයක උෂ්ණත්වය හෙවත් තාපය වන දක්වන සටහන ලකුණු චක්‍රය (=temperature curve).
තාප ජනක අගය, තාප ජනන අගය(පාරිභා.) [නා.] ඉන්ධනයක හෝ ආහාරයක හෝ ස්කන්ධයෙන් ඒකකයක් සම්පූර්ණයෙන් දහනය කිරීමෙන් ලැබෙන තාප ඒකක ගණන හෙවත් බල ශක්ති ප්‍රමාණය; කැලරි අගය (=calorific value).
තාප ජනකය(පාරිභා.) [නා.] උෂ්ණත්වය ඇති කරන යන්ත්‍රය; තාප උත්පාදනය (=calorifier).
තාප නියාමකය(පාරිභා.) [නා.] තාපය හෙවත් උෂ්ණත්වය අවශ්‍ය පමණට පාලනය කර හසුරුවන උපකරණය.
තාප පරිවාරකය(පාරිභා.) [නා.] තාපය සන්නයනය නොකරන හෙවත් එක් තැනක සිට තවත් තැනකට ගෙන නොයන ද්‍රව්‍යය.
තාප පලු(පාරිභා.) [නා.බහු.] තාපය නිසා සම මතුපිට හටගන්නා කුඩා බිබිලි; දාඩිය බිබිලි.
තාප ප්‍රභවය(පාරිභා.) [නා.] තාපය හටගන්නා ස්ථානය; තාපයේ උත්පත්ති ස්ථානය.
තාප ප්‍රසාරණය(පාරිභා.) [නා.] තාපය නිසා වස්තුවක දිග පළල ආදි මාන අතරින් එකක් හෝ කීපයක් හෝ වැඩි වීම.
තාප මාරුව(පාරිභා.) [නා.] වැඩි තාපයකින් යුත් වස්තුවකින් අඩතාපයක් පවතින වස්තුවක් කරා තාපය මාරුවීම.
තාප විකිරණය(පාරිභා.) [නා.] තාපය විහිදී යෑම කිරණ නිකුත් කිරීම (=heat radiation).
තාප විකීරණකය(පාරිභා.) [නා.] තාපය විහිදවන හෙවත් විකරණය සිදු කරන උපකරණය විකිරකය (=heat radiator).
තාප විඝටනය(පාරිභා.) [නා.] තාපයේ බලපෑමෙන් ඇතැම් අණු කොටස්වලට විභේදනය වීම හෙවත් වෙන් වීම (=thermal dissociation).
තාප විද්‍යුතය(පාරිභා.) [නා.] දෙයාකාරයක ලෝහ සන්නායක දෙකක සන්ධිස්ථානයක් පරිපථයේ අනෙක් කොටසකුත් අතර, රත් වීමේ වෙනසින් නිෂ්පාදනය වී යම් පරිපථයක් ඔස්සේ දිවෙන විදුලි ධාරාව (=thermo electricity).
තාප විපරීතතාව(පාරිභා.) [නා.] තාපය හේතු කොට ගෙන පොළෝ කබල්ලෙහි තිබෙන පාෂාණය පැහැදිලි ව පෙනෙන වෙනත් ලක්ෂණවලින් යුක්ත අනෙක් පාෂාණයක් බවට වෙනස්වීම.
තාප ශක්තිය(පාරිභා.) [නා.] තාපයෙන් ඇතිවන බලය හෙවත් ශක්තිය.
තාප සන්නයනය(පාරිභා.) [නා.] තාපශක්තිය අණුවෙන් අණුවට යෑම සඳහා කිසියම් වස්තුවක කොටසින් කොටසකට තාපයේ ගමන් කිරීම; එක් අණු සමූහයකට ලැබුණු තාපය තවත් අණු සමුහයක් කරා ගමන් කිරීම (=thermal conduction).
තාප සන්නායකය(පාරිභා.) [නා.] සන්නයනය මගින් තාපය ගලා යෑමට සලසන වස්තුව; තාපය ගෙන යන වස්තුව (=conductor of heat).
තාප සමකය(පාරිභා.) [නා.] යම් කාල පරිච්ඡේදයක් තුළ දී ලොවෙහි පැවතෙන උපරිම මධ්‍යන්‍ය උෂ්ණත්වය පවතින තැන් සම්බන්ධ කරන හිතලු රේඛාව (=heat equator).
තාප සම්ප්‍රේෂණය(පාරිභා.) [නා.] එක් තැනක සිට තවත් තැනකට හෝ එක් දෙයක සිට තවත් දෙයකට තාපය ගමන් කරවීම (=heat transmission).
තාප සුවිකාර්ය(පාරිභා.) [වි.] රත් කිරීමේ දී මොළොක් වන හෝ හැඩහුරු කළ හැකි හෝ සුවිකාර්ය වන (=thermoplastic).
තාපක දඟරය(පාරිභා.) [නා.] තාපය (ගමන්) කරන වෙළුම හෙවත් දරණුව.
තාපකය(පාරිභා.) [නා.] ශීත කාලයේ දී ගෙවල් ආදිය උණුසුම් කිරීම සඳහා භාවිත වන විදුලි හෝ ගෑස් උපකරණය; ජලය ආදිය උණුසුම් කර ගැනීමට උපයෝගී කරගන්නා උපකරණය (=heater).
තාපකාරක(පාරිභා.) [වි.] තාපය ඇති කරන; තාප උත්පාදක; තාපජනක.
තාපකාර්යක්ෂමතාව(පාරිභා.) [නා.] යන්ත්‍රයකට සැපයෙන ඉන්ධනයෙන් හෝ වාෂ්පයෙන් ජනිත වන තාප ප්‍රමාණයත්, ඒ මගින් ඇති වන ක්‍රියාකාරිත්වයත් අතර දක්නට ලැබෙන අනුපාතය (=heat efficiency).
තාපචූෂී(පාරිභා.) [වි.] තාපය උරා ගන්නා වූ හෝ ඇද ගන්නා වූ; තාපය අවශෝෂණය කරන.
තාපජනක(පාරිභා.) [වි.] තාපය උපදවන; උෂ්ණත්වය ඇති කරන (=calorific).
තාපජල ප්‍රස්තාරය(පාරිභා.) [නා.] උෂ්ණත්වය සමග ජලයෙ ඝනත්වයේ විචලනය හෙවත් වෙනස් වීම පෙන්වන ප්‍රස්තාරය හෙවත් සටහන.
තාපතරඞ්ග(පාරිභා.) [නා.ප්‍ර.] එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට හමා එන රත් වූ වායු ධාරා හෙවත් රැලි.
තාපතීව්‍රතාව(පාරිභා.) [නා.] උෂ්ණත්වයේ හෙවත් තාපයේ ප්‍රබලතාව හෙවත් දැඩිබව.
තාපතුලාව(පාරිභා.) [නා.] පොළොව හා වායුගෝලය සූර්යයාගෙන් ලබන විකිරණයත් පෙරළා වායු ගෝලය හා පොළොව විසින් නිකුත් කරනු ලබන විකිරණයත් අතර පවත්නා සාමාන්‍යය පිළිබඳ සමතුලිතතාව (=heat balance).
තාපදීප්තිය(පාරිභා.) [නා.] දැඩි උෂ්ණත්වය හේතු කොට ගෙන ද්‍රව්‍යයකින් ආලෝකය විමෝචනය වීම.
තාපධාරිතාව(පාරිභා.) [නා.] වස්තුවක විශිෂ්ට තාපයේත් ස්කන්ධයේත් ගුණිතය; යම් වස්තුවක උෂ්ණත්වය කිසියම් ප්‍රමාණයක් වැඩි කිරීම සඳහා අවශ්‍ය වන තාප ප්‍රමාණය (=heat capacity).
තාපනය1. [නා.] අධික උෂ්ණයෙන් රත් කිරීම; ගිනියම් කිරීම. 2. [නා.] ශෝකය; කනගාටුව; සිත් තැවුල; චිත්ත පීඩාව. 3. [නා.] කෙලෙසුන් මැඩ පැවැත්වීම/මර්දනය කිරීම.
තාපමානය1. (පාරිභා.) [නා.] තාපය මැනීමේ උපකරණය; කැලරිමීටරය. 2. (පාරිභා.) [නා.] ශරීරයේ උෂ්ණත්වය මැණීමේ උපකරණය; උණකටුව.
තාපමිතිය(පාරිභා.) [නා.] විශිෂ්ට තාපය ගුප්ත තාපය තාප අගය ආදි තාප නියත මැනීම (=calorimetry).
තාපය1. [නා.] රස්නය; උණුසුම ඇති කිරීමේ ශක්තිය; උෂ්ණත්වය; ග්‍රීෂ්මය. 2. (පාරිභා.) [නා.] වස්තුවකට ඇතුළු කළ විට එහි උෂ්ණත්වය වැඩි කරන්නා වූ ද, ඉන් ඉවත් කළ විට එහි උෂ්ණත්වය අඩු කරන්නා වූ ද ශක්තිය. 3. [නා.] සිතේ ඇතිවන වේදනාව; තැවුල; පීඩාව; සන්තාපය. 4. [නා.] (කෙලෙසුන්) තැවීම; මැඩීම; මර්දනය. 5. [නා.] නිරයක නමක්; තාපනරකය.
තාපරක්ත(පාරිභා.) [වි.] රක්ත වර්ණ වනතුරු රත් වූ; ගිනියම් වූ.
තාපවිකාසී[වි.] රස්නය නිකුත් කරන; තාපය මෝචනය කරන; තාපය මුදාලන; තාපදායක.
තාපසන්නමනය[නා.] තාපය නිසා ශාකයක කොටස්වල ඇති වන චලනය හෝ නැමීම.
තාපසයා[නා.] කෙලෙසුන් තවන්නා; තපස් රකින්නා; තවුසා; යෝගියා.
තාපසහ(පාරිභා.) [වි.] අධික තාපයට ඔරොත්තු දෙන්නාවූ (=refractory).
තාපසාරාමය[තාපස+ආරාමය] 1. [නා.] තාපසයන් වසන තැන; අසපුව; ආශ්‍රමය; පන්සල. 2. [නා.] රෝමානු කතෝලික පූජකයන් හෝ කන්‍යා සහෝදරියන් වසන පූජකාරාමය.
තාප්පමෝල[නා.] ගොඩනැගිලි ආදිය තැනීමේ දී ගෙබිම තළා තද කොට සමතලා කරගැනීම සඳහා භාවිත කරන ලී උපකරණයක්.
තාප්පය, තාප්පේ[නා.] බළකොටු, උද්‍යාන, මන්දිර ආදිය වටා බඳින බැම්බ; ප්‍රාකාරය; පවුර.
තාපාංකය[තාප+අංකය] (පාරිභා.) [නා.]ද්‍රවයක් රත් වී වාෂ්ප වීමට උවමනා කරන උෂ්ණත්වය; ජලය උතුරන උෂ්ණත්වය (=boiling point).
තාපාංශකය[තාප+අංශකය] (පාරිභා.) [නා.] ආහාර දහනය වීමෙන් ඇති වන තාපය මැනීමේ ඒකකය; කැලරිය (=calorie).
තාපාන්තරය[තාප+අන්තරය] (පාරිභා.) [නා.] යම් තැනක එක් දිනක ඇති උපරිම තාපයේත් අවම තාපයේත් අන්තරය.
තාපාවර්තනය[තාප+ආවර්තනය] (පාරිභා.) [නා.] ශාකයක් තාපයට දක්වන ප්‍රතිචාරය; පැළෑටි උෂ්ණත්වයේ වෙනස් වීම අනු ව හැරීම (=thermotropism).
තාපික[වි.] තවන ලද; රත් කරන ලද; තප්ත වූ.
තාපී භවනය[නා.] උණු වීම; තාපනය වීම.
තාම1. [නා.ප්‍ර.] බිය; හඩ; භීතිය. 2. [නා.ප්‍ර.] පව; පාපය.
තාමර1. [නා.ප්‍ර.] (රතු ලප ඇති) කුෂ්ඨ රෝගයක්. 2. [නා.ප්‍ර.] ජලය; දිය; වතුර. 3. [නා.ප්‍ර.] ගිතෙල් 4. [නා.ප්‍ර.] නෙළුම්; පද්ම; කමල.
තාමරසය1. [නා.] රතු නෙළුම; පියුම. 2. [නා.] තඹ ලෝහය. 3. [නා.] රත්රන්; රන්; ස්වර්ණ.
තාමරසාකරය[තාමරස+ආකරය] [නා.] පියුම් පොකුණ; පියුම් විල.
තාමස[වි.] මෝහයෙන් වැසුණා වූ; අඥාන; තමෝ ගුණ අධික; අන්ධකාරය.
තාම්බර ගහනවා(කථා.) [ක්‍රි.] අතවර කරනවා; හිරිහැර කරනවා.
තාම්බ්‍ර, තාම්‍ර1. [නා.] තඹ ලෝගය. 2. [නා.] ඇත් කුලයක්. [වි.] තඹවන්; තඹපාට.
තාම්බූල1. [නා.ප්‍ර.] බුලත්; නාගලතා. 2. [නා.ප්‍ර.] බුලත් විට.
තාම්‍ර ලේඛය[නා.] තඹ පතෙක ලියවිල්ල.
තාම්‍ර ලෝහෝදකය[තාම්‍රලෝහ+උදකය] [නා.] (උණු කිරීමෙන්) දියර බවට පත් වූ තඹ; තඹ වතුර.
තාම්‍රගර්භ[නා.ප්‍ර.] ඖෂධ සඳහා ගනු ලබන උපධාතු වර්ගයක්; තුත්තම්.
තාම්‍රපට්ටය[නා.] තඹ ලෝහයෙන් නිම වූ තහඩුව; තඹපත.
තාම්‍රපද්ම[නා.ප්‍ර.] රතු නෙළුම්.
තාම්‍රපර්ණි1. [නා.] ඈත අතීතයේ දී ලංකාව හැඳින්වුණූ නාමයක්. 2. [නා.] විජය කුමරු ඉදි කළ නගරය. 3. [නා.] දකුණු ඉන්දියාවේ ගඟක්.
තාම්‍රපල්ලව[නා.ප්‍ර.] තඹ පාට දලු; ළා දලු; ළපටි කොළ.
තාම්‍රවර්ණය1. [නා.] තඹ පැහැය; මඳ රතුපාට. 2. [නා.] උපධාතු විශේෂයක්; සිවංගුරු.
තාම්‍රෝඝය[තාම්‍ර+ඕඝය] [නා.] තඹපාට ජල ප්‍රවාහය; තඹ වතුර; අළුත් දිය දහර.
තාම්‍රෝදක[නා.ප්‍ර.] පැසෙන තඹ වතුර ඇති නරකය; ලෝකුඹු නරකය.
තායම1. [නා.] චාටුව; රැවටිල්ල; කපටිකම. 2. [නා.] රැවටිලි වචනය; කපටිබස. 3. [නා.] සූදානම; ලක ලෑස්තිය.
තායම් මායම්[නා.බහු.] චාටුකම්; රැවටීම්.
තාර1. (සංගී.) [වි.] උස් වූ; උච්ච; සංගීතයේ උච්ච ස්වර නාදය පිළිබඳ ව කියැවේ. 2. [වි.] පිරිසිදු; නිර්මල. 3. [වි.] ලස්සණ; ශෝභන. 1. [නා.ප්‍ර.] තරු; තාරකා. 2. [නා.ප්‍ර.] රිදී ලෝහය. 3. [නා.ප්‍ර.] නැව පදවන්නා; නාවිකයා. 5. [නා.ප්‍ර.] ගල් අඟුරින් ලබා ගන්නා වූ අතුරු නිෂ්පාදනයක්.
තාරක1. [නා.ප්‍ර.] තරුව; තාරකාව. 2.[නා.ප්‍ර.] (පාතඤ්ජලී දර්ශනය අනු ව) යෝගීන් හට සසරින් එතර වීමට උපකාරී වන ඥාන විශේෂයක්.
තාරකකුල[නා.ප්‍ර.] තාරකා සමූහය; තරුකැල.
තාරකපති[නා.ප්‍ර.] තාරකාවලට අධිපතියා; චන්ද්‍රයා.
තාරකා මානය(පාරිභා.) [නා.] තාරකාවල දෘශ්‍යමාන විශාලත්වය මනින උපකරණය (=astrometer).
තාරකා මේඝය[නා.] වෙන් වෙන් ව නොපෙනෙන තරම් ඈතින් පිහිටි තාරකා රාශියකින් හෝ විසරණය වූ වායු පදාර්ථවලින් හෝ අහසෙහි ඇති වන වළාකුළක් වැනි පටලය; නුබවළාව.
තාරකා වර්ණාවලිය(පාරිභා.) [නා.] තාරකා කිරණින් බෙදී විහිදෙන වර්ණ මාලාව.
තාරකා විද්‍යාව, තාරකා ශාස්ත්‍රය[නා.] ආකාශ වස්තුවල නිර්මාණය, ස්ථිතිය හා චලනය ආදිය හැදෑරීම පිළිබඳ විද්‍යාව.
තාරකාකාර(පාරිභා.) [වි.] තරුවක රැස් විහිදෙන්නාක් මෙන් එක් කේන්ද්‍රස්ථානයකින් පැතිරෙන හෝ විහිදෙන.
තාරකාධිප, තාරකාධිපති[නා.] තාරකාවනට අධිපති; චන්ද්‍රයා; තාරපති.
තාරකානිකර[නා.ප්‍ර.] තරු සමූහය; තාරකා රාශිය; තරු රැස.
තාරකාව1. [නා.] ස්වකීය එළියෙන් ම බබළන ආකාශ වස්තුවක්. 2. [නා.] තාරකා හැඩයෙන් යුත් සැරසිලි අවයවයක් හෝ පහන් කූඩු ආදිය.
තාරකාවලිය[නා.] තාරකා සමූහය; තරුවැළ.
තාරකැන්පති[නා.ප්‍ර.] තරු සමූහයේ අධිපතියා; චන්ද්‍රයා; සඳ.
තාරච්ඡායය[නා.] තාරකාවල පිළිබිඹුව.
තාරණය[නා.] එතෙර කරවීම; එගොඩ ලෑම.
තාරතා අන්තරය(පාරිභා.) [නා.] තාරතාවේ, එනම්, හඬ උස් වීම හෝ පහත් වීම හෝ සමග ඇති වන ස්වරයේ වෙනස්බව (=difference of pitch).
තාරතාව[නා.] හඬ උස් වීම හෝ පහත්වීම හෝ සමග ඇතිවන ස්වරයේ ගුණය; තාරත්වය.
තාරතැන්න(කථා.) [නා.] නියම තත්ත්වය; ඇති සැටිය.
තාරතැලි[නා.ප්‍ර.] රිදියෙන් තැනූ තැල්ල; රිදී තැල්ල.
තාරපති, තාරාපති[නා.ප්‍ර.] තරුවලට අධිපතියා; සඳ; චන්ද්‍රයා.
තාරබර1. [නා.] භාණ්ඩ ආදියෙහි ශුද්ධ බර ගණන් බලා ගැනීම සඳහා දළ බරින් අඩු කරන බර; භාණ්ඩවල බර රහිත ව එවා ඔතා ඇති දැවටුම්, බහා ඇති භාජන, පෙට්ටි, වාහන ආදියෙහි පමණක් බර. 2. [නා.] වැඩිපුර හෙවත් අතිශයෝක්තියෙන් කියන දේ; ප්‍රයෝජනයෙන් තොර අනවශ්‍ය දේ.
තාරම්(කථා.) [නා.ප්‍ර.] උඩඟුකම.
තාරය1. [නා.] එතෙර වීම. 2. [නා.] තරුවක් බඳු මුතු ඇටය. 3. [නා.] උස් හඬ; උච්ච ස්වරය; සංගීතයෙහි දැක්වෙන පළමු වන ලය. 4. [නා.] රිදී ලෝහය. 5. [නා.] ඇට සැකිල්ල.
තාරයිකා[නා.ප්‍ර.] එතර කරවන තැනැත්තා; එගොඩට පමුණුවන්නා; තරණය කරවන්නා.
තාරල්‍යය(පාරිභා.) [නා.] තරල බව; ගලා බසින ගතිය; ඉතා ම අඩු පීඩනයට ඉඩ දෙන ස්වභාවය (=fluidity).
තාරහාර ලතාව[නා.] ඉතා පැහැපත් මුතු වැළ; දිලිසෙන මුතුමාලය.
තාර්කික[වි.] තර්ක කරන; තර්කානුකූල.
තාර්කිකයා[නා.] තර්ක කරන්නා; තර්ක විෂයයෙහි දක්ෂයා; තර්ක ශාස්ත්‍රය උගත් තැනැත්තා.
තාරා1. [නා.ප්‍ර.] තරුව; ග්‍රහ තාරකාව. 2. [නා.ප්‍ර.] ඇසේ කළු ඉංගිරියාව. 3. [නා.ප්‍ර.] උල්කා වර්ගයක්. 4. [නා.ප්‍ර.] අවලෝකිතේශ්වර නාථ බෝධි සත්වයන්ගේ භාර්යාව වූ දෙවඟන.
තාරා මණ්ඩලය1. [නා.] ඇසේ දෘෂ්ටි විතානයට පිටුපසින් පිහිටි මැද කනීනිකාව නමින් හැඳින්වෙන (විවරයක් ඇති) කවාකාර වර්ණවත් සිවිය. 2. [නා.] තාරා මණ්ඩලයේ ඉදිමුම සහිත දාහය ඇති කරන අක්ෂිරෝගය; ධනුෂ්ප්‍රදාහය.
තාරාපථය[නා.] අහස; ආකාශය.
තාරාභය(පාරිභා.) [නා.] වෘත්තයක් තවත් වෘත්තයක් මත අභ්‍යන්තර වශයෙන් පෙරැළීමෙන් වෘත්ත පරිධිය මත ලක්ෂ්‍යයකින් අනුරේඛනය වන තුඩු හතරකින් යුත් චක්‍රය (=asteroid).
තාරාවා[නා.] ජාලපාද සහිත ගෘහාශ්‍රිත ජලචර පක්ෂියා.
තාරුණ්‍යය[නා.] තරුණකම; යොවුන්බව.
තාල1. [නා.ප්‍ර.] බෙහෙවින් ශාඛා නොමැති ව තනි කඳකින් කෙළින් නැඟී සිටින්නා වූ ද, මුදුනෙහි නොයෙක් හැඩයෙන් ඇති විශාල කොළ (අතු) මණ්ඩලයකින් යුක්ත වූ ඝර්ම කලාපික ඒකබීජ පත්‍ර ශාක වර්ගයක්. 2. [නා.ප්‍ර.] ගායන නර්තනාදිය හා සම්බන්ධ කාල මානය. 1. [වි.] තල්ගස හෝ තාල වර්ගය පිළිබඳ. 2. [වි.] තාලය පිළිබඳ.
තාල පත්‍රය, තාල පර්ණය1. [නා.] තල් කොළය. 2. [නා.] ලිවීම සඳහා සකස් කර ගත් තල් කොළය. 3. [නා.] වැසි ආදියෙන් වැළකීම සඳහා ඉහලන තල් අත්ත.
තාල පාගනවා[ක්‍රි.] තාලයට අනු ව පා තබනවා; පාදවලින් තාලය අල්ලනවා; භූමිතාලය නටවනවා.
තාල වර්ගය[නා.] තල්, පොල්, කිතුල් පුවක් වැනි මුදුන් මුල් රහිත වූ ද, කඳ ශාඛාවලට නොබෙදී කෙළින් ම ඉහළට නඟින්නා වූ ද ගස් පවුල; තල් ගසේ උද්භිද ලක්ෂණ ඇති ගස් ගණය.
තාල වාස්තුව1. [නා.] තල්ගස. 2. [නා.] තල්ගස් පිහිටි ඉඩම.
තාලක1. [නා.ප්‍ර.] හිරියල්. 2. [නා.ප්‍ර.] තලිය.
තාලක්ඛන්ධය[නා.] තල් ගසේ කඳ, තල් කඳ.
තාලක්ෂීරක[නා.ප්‍ර.] තල් හකුරු.
තාලකී[නා.ප්‍ර.] තල් රා.
තාලච්ඡිද්‍රය[නා.] යතුරු කපොල්ල; අගුල වැටෙන සිදුර; කෙසි සිදුර.
තාලනය[නා.] අත්තල එකට තට්ටු කිරීම.
තාලන්පොට, තාලම්පොට[නා.] ඝන වාද්‍ය විශේෂයක්; කයිතාලම.
තාලනාදය[නා.] තාලමක් හෝ අත්තල හෝ එකට ගැටීමෙන් නඟන රිද්මයානුකූල හඬ.
තාලප්‍රාණ[නා.ප්‍ර.] තාලය නිසා උපදින නර්තනශීලී ගතිය; රිත්මය.
තාලඵලය[නා.] තල් ගසේ ගෙඩිය; තල් ගෙඩිය.
තාලය1. [නා.] නැටුම්, ගැයුම හා වැයුම කිසියම් (අභිමත) කාල සීමාවක් තුළ පිහිටුවීම සඳහා අත්ල, තාලම්පට, බෙර ආදියෙන් දක්වන තාල භේදය; තාලමානය; රිද්මය; ලය. 2. [නා.] ආකාරය; විලාසය; ලීලාව. 3. [නා.] දණ්ඩකින් ගැසීමෙන් හඬනංවන ලෝහමය තැටිය; තලිය. 4. [නා.] අල්ල; අත්ල.
තාලව ග්‍රන්ථි(පාරිභා.) [නා.] තල්ලේ දැඩි කොටස වසා සිටින අර්ධ ශ්ලේෂමවත් පටලයේ පසු භාගයෙහි පොකුරු වශයෙන් පිහිටි ග්‍රන්ථි සමූහය. (=palatine gland).
තාලවචරය[නා.] තූර්ය භාණ්ඩය; තාලවාද්‍යය.
තාලවණ්ටකය[නා.] තල් අතු විජිනිපත හැඩයට රැලි ගස්වා එල්ලෙන සේ අඳින, එහෙත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අකැප ඇඳුමක්.
තාලවණ්ටය[නා.] තල් අතු විජිනි පත; තල් වැට.
තාලව්‍ය[වි.] (ව්‍යාක.) තලෙන් උපදින; තල්ල උත්පත්ති ස්ථාන කොට ඇති.
තාලවාස්ථිය[නා.] (සත්ව.) කොඳු ඇට සහිත සතුන්ගේ මුඛයේ මුදුන සෑදී තිබෙන සඟල පටලාස්ථිය.
තාලවෘන්තය[නා.] තල් අතු විජිනි පත; තල් අත්ත; තල් වැට.
තාලස්කන්ධය[නා.] තල්ගසේ කඳ; තල් ගස.
තාල්කට(කථා.) [නා.] වාත්තු කිරීමේ දී ලෝහ වත්කරන කට.
තාල්කට්ට(කථා.) [නා.ප්‍ර.] පිත්තල වාත්තු වැඩවල දී පාවිච්චි කරන උපකරණයක්.
තාල්කට්ටාරය(කථා.) [නා.] කුඩා පිළිම තැබීම පිණිස තනන අසුන් වෙසෙසක්.
තාල්කට්ටු කරනවා(කථා.) [ක්‍රි.] පමා කරනවා; ප්‍රමාද කරනවා; පරක්කු කරනවා.
තාල්පාට්ටුව(කථා.) [නා.] පමාව; ප්‍රමාදය; පසුබැස්ම.
තාල්වග්‍රය[තාලු+අග්‍රය] [නා.] තල්ලේ මුදුන; තද තල්ල.
තාලාවචර[වි.] තූර්ය භාණ්ඩය වාදක; සංගීතයෙහි යෙදුණු.
තාලිමාන[නා.ප්‍ර.] කම්මලෙහි ලිප ඇවිළවීමට සුළග දෙන උපකරණය; මයිනහම.
තාලිය, තාළිය1. [නා.] (මැටි, ගල්, ලෝහාදියෙන් කළ) කට ලොකු විශාල භාජනය; ලොකු හැළිය. 2. [නා.] හින්දු චාරිත්‍රානුකූල ව මනාලයා විසින් මනාලියගේ ගෙලෙහි පලඳවනු ලබන මංගල මාල විශේෂය; තැල්ල.
තාලිව්‍යාජයෙන්[ක්‍රි.වි.] තලියක් හෙවත් තැටියක් මෙන්; තැටියක ආකාරයෙන්.
තාලු[නා.ප්‍ර.] මුඛයේ උඩු හෝ යටි කොටස; තල්ල.
තාලු කණ්ටකය[නා.] තල්ල වණවීම; මුඛය කැසීම හා වමනය ඇති කරන ළදරු රෝගයක්.
තාලුක[වි.] තල්ල හා සම්බන්ධ.
තාලුකාව[නා.ප්‍ර.] උඩුතල්ල.
තාලුජ වර්ණ[නා.] තල්ලෙන් උපදින හෙවත් උච්චාරණයේ දී දිව තල්ලේ ගැටීමෙන් උපදින ශබ්ද හා සම්බන්ධ අකුර තාලුජක්ෂරය; 'ච' වර්ගය හා ඉ, ඊ, ශ යන අක්ෂර.
තාලෝපයෝගී[තාල+උපයෝගී] [වි.] තාලය ප්‍රකට කිරීමට අවශ්‍ය වූ; තාලයට අනුරූප වූ; තාලයට උපයෝගී වූ.
තාවකාලික[වි.] සුළු කාලයක් පවත්නා; අස්ථිර.
තාවකාලික චුම්බකය(පාරිභා.) [නා.] මෘදු යකඩ කැබැල්ලක් වටේ ඔතට ලද කම්බි දගරයක් ඔස්සේ විදුලිබලය යැවීමෙන් සාදාගන්නා කාන්දම (=temporary magnet).
තාවකාලික භාරය(පාරිභා.) [නා.] යම්කිසි කෙනකු වෙනුවෙන් තවත් අයකු උසාවියේ නියෝගය පිට සුළු කාලයකට ලබන වගකීම (=provisional burden).
තාවත්[නි.] එපමණ; ඒතාක්; එතරම්.
තාවතිංසය[නා.] තව්තිසාව දෙලොව.
තාවභාවය[නා.] එම ප්‍රමාණත්වය.
තාවර[වි.] නොවෙනස් ව පවතින; තිර; ස්ථිර.
තාවර කරනවා1. [ක්‍රි.] ස්ථිර කරනවා; තීරණය කරනවා; තහවුරු කරනවා. 2. [ක්‍රි.] පමා කරනවා; ප්‍රමාද කරනවා.
තාවරය, තාවරේ1. (කථා.) [නා.] වර්ෂාව පවතින අතර සුළු කාලයක පෑයීම. 2. ඉඩ කඩ; අවස්ථාව; සුදුසු කාලය; පමාව; ප්‍රමාදය.
තාවරවිස1. [නා.] ශාකවල මුල්, කොළ, මල්, ඛනිජ ආදි ද්‍රව්‍යවල ඇති ස්ථාවර විෂ. 2. [නා.] අනුභව කරන ලද ආහාරපානාදිය එකිනෙකට විරුද්ධ වීමෙන් ඇති වන විෂ; ප්‍රතිවිෂ.
තාවරසෝප[නා.ප්‍ර.] කල් අල්ලන ඉදිමුම; ස්ථාවර ශෝඵය.
තාවල්ල1. [නා.] වැවක යාබද පිහිටි වගා කළ හැකි කොටස; වැව ඉස්මත්තේ ඇති කුඹුරු කට්ටිය හෝ වගා කරන බිම. 2. [නා.] තාවලු වගා කිරීමට ලබාගන්නා ඔප්පුව.
තාවළම[නා.] තවලමෙන් ගෙන යන වෙළඳ බඩු හුවමාරු කරන මධ්‍යස්ථානය.
තාවාදිය[නා.] ගලා නොයන දිය රැඳීම නිසා මඩගොහොරු බවට පත් වගුරු බිම; පල්වන දිය සහිත වගුර.
තාවාලය, තාවාලෙ[නා.] කුඹුරුවල වැඩි වතුර ඉස දමන යොතුගහ හෙවත් යොත්ත එල්ලන තුන් පා කතිරය.
තාවුරු1. [වි.] තිර; ස්ථිර; තහවුරු. 2. [වි.] ප්‍රමාද; ප්‍රපඤ්ච.
තාවුරු කරනවා[ක්‍රි.] තිර කරනවා; ස්ථිර කරනවා; ස්ථාවර බවට පත් කරනවා.
තාසය(කථා.) [නා.] දිය පිපාසය; පැන් පවස.
තාළම, තාලම1. [නා.] නැටුම්, ගැයුම්, වැයුම් ආදිය අභිමත කාල සීමාවක පිහිටුවීම සඳහා අතුල්, තාළම්පට, බෙර ආදියෙන් දක්වන තාල භේදය; සංගීත තාලමානය; රිද්මය; ලය. 2. [නා.] ඝන වාද්‍ය විශේෂයක්; තාළම්පට; කයිතාලම. 3. [නා.] තාලයට අනුව වයනු ලබන හෝ ගසනු ලබන පදය. 4. [නා.] භක්ති පූර්වක නර්තන විශේෂයක්.
තාළිච්චිය(කථා.) [නා.] තෙම්පරාදුව.
තැක්[නා.ප්‍ර.] දී කිරි කොටස් තුනකට ජලය කොටස් එකක් මිශ්‍රකොට සාදාගන්නා පානය; පස්ගෝරසයන්ගෙන් එකක් වන මෝරු හෙවත් මොහොරු.
තැකිල්ල[නා.] සැලකීම; ගරුබුහුමන.
තැග[නා.] දීම; අත්හැර දැමීම; ත්‍යාගය.
තැජ[නා.ප්‍ර.] තරවටුව; තර්ජනය. [වි.] අත් හළ; දුරු කළ; නොසැලකිය යුතු.
තැටි නඟුල[නා.] පොළොවට හුලස් ව තබන ලද පීරිසියක හැඩය ඇති වානේ තැටියක් ඇති නඟුල.
තැටි වැල්වය(පාරිභා.) [නා.] පොම්පවල සම්පීඩකවල හා අන්තර්ගත ව චූෂණ හා විසර්ජන ක්‍රියාවක් කරන කවාකාර වැල්ව වර්ගයක් (=disc valve).
තැටිකරුවා[නා.] තල්කොළ, පන් ආදියෙන් තැටි ආදිය තනන්නා; තට්ටිකා සාදන්නා.
තැටිගත කරනවා[ක්‍රි.] ශබ්දය ශබ්දවාහිනී තැටියකට ගන්නවා.
තැටිත්ත1. (පාරිභා.) [නා.] රුධිරයෙහි අඩංගු ඉතා සියුම් පැතැලි දේහයක්; පට්ටිකාව (=platelet). 2. [නා.] ඇතැම් ආරෝහක ශාක වර්ග නැගීමේ ඉහළ ධාරකය දැඩි ලෙස අල්ලා ගැනීම සඳහා පහුරු අග පිහිටා ඇති (කුඩා තැටි වැනි) පැතලි කොටස (=disc).
තැටින් කටුව(කථා.) [නා.] මහන නූල්වලින් රේන්ද පටි (තැටින්) ගෙතීම සඳහා කැස්බෑ ලෙලි ආදි ද්‍රව්‍යයකින් සාදා ගැනෙන උපකරණය.
තැටින්, ටැටින්[නා.ප්‍ර.] ඇඳුම් වැඩ දැමීමට, අලංකාර කිරීමට ගනු ලබන රේන්ද පටි විශේෂයක්; පැතලි උපකරණයක් කටුව වශයෙන් උපයෝගී කර, මහන නූල්වලින් කරන ගෙතීම් වෙසෙසක්.
තැටිපත[නා.] ආහාර අනුභව කිරීම සඳහා ගනු ලබන භාජනය; තැටිය; පිඟාන.
තැටිපෝරු ගානවා[ක්‍රි.] බීජ වැපිරීම සඳහා තැටිපෝරුවකින් බිම සකස් කරනවා.
තැටිපෝරුව[නා.] අක්ෂ දඬු දෙකක් හෝ වැඩි ගණනක් මත නැංවූ අඟල් දොළහටත් විස්සටත් අතර විෂ්කම්භය ඇති තැටි ගණනාවකින් යුක්ත ගොවි උපකරණයක්.
තැටිබත[නා.] තැටියට බෙදූ ආහාරය; කෑමට බෙදා ගත් බත.
තැටිය1. [නා.] ආහාර අනුභවයට භාවිත කරනු ලබන පැතලි භාජනය; තලිය. 2. [නා.] යමක් බීම සඳහා ගන්නා නොගැඹුරු පැතලි භාජන විශේෂය; ඔඩම; චෂකය; විත. 3. [නා.] පාන්, කේක් ආදිය පුලුස්සා ගැනීමට ගනු ලබන නොගැඹුරු පැතලි හතරැස් භාජන විශේෂය. 4. [නා.] මස් ආදිය බැද ගැනීමට යොදා ගන්නා පැතලි භාජනය. 5. (පාරිභා.) [නා.] කවාකාර පෙත්ත; මඬල; මණ්ඩලය (=disc). 6. (පාරිභා.) [නා.] ලෝහමය තහඩුව; තටුව; තට්ටුව (=plate). 7. [නා.] ශබ්දවාහිනි යන්ත්‍රයකින් නැවත ඇසිය හැකි පරිදි සටහන් කරන ලද කථා, ගීත ආදිය ඇතුළත් ඉටි විශේෂයකින් සකස් කළ වටකුරු පෙතලි තහඩු විශේෂය (=record). 8. [නා.] තරාදි දණ්ඩ දෙපස එල්ලා ඇති තට්ටුවක තරාදි තටුව. 9. (පාරිභා.) [නා.] බන්දේසිය; භාජන ධාරකය (=tray). 10. [නා.] රබර් කිරි මිදවීමට ගන්නා හතරැස් බඳුන් විශේෂය. 11. [නා.] කෙස් වැටුණු හිස; තට්ටය.
තැටිරෝදය(පාරිභා.) [නා.] වෙන වෙන ම ගරාදි නොමැති ව රෝදයක නාභියත් නිම්වළල්ලත් සම්බන්ධ කරන කවාකාර ඝන ලෝහ තැටිය (=disc wheel).
තැටිල්ල[නා.] කුඩාවට හා පැතලියට ලෝහාදියෙන් තැනූ තලය; කුඩා තැටිය.
තැටිලිපත[නා.] (ලෑලි, ලෝහ වැනි දෙයකින්) පැතලියට හා කුඩාවට තැනූ දෙයක්; කුඩා තට්ටුව.
තැටිසැර[නා.] පැතලි බඳුන; තටු මාලාව.
තැත1. [නා.] වෑයම; උත්සාහය; යත්නය; පරිශ්‍රමය. 2. [නා.] බලය; ශක්තිය; වේගය; ජවය; නියැලීම; තත්පරතාව. 4. [නා.] කාර්යය; ව්‍යවසාය; ව්‍යාපාරය. 5. [නා.] පෙළඹවීම; මෙහෙයවීම; ප්‍රේරණය.
තැතනුම1. [නා.] කෙඳිරි ගෑම. 2. [නා.] මේඝ ගර්ජනාව; වල්සතුන්ගේ ගර්ජනය. 3. [නා.] රෞද්‍ර බව.
තැත් කරනවා[ක්‍රි.] උත්සාහ කරනවා; වෑයම් කරනවා; යත්න දරනවා.
තැත් කවනවා1. [ක්‍රි.] හී පහරේ ජවබලය වැඩි කිරීම පිණිස දුනුදිය පොළනවා. 2. [ක්‍රි.] අරමුණ ඉටුකර ගැනීමට වෑයම් කරනවා.
තැත්තා(කථා.) [නා.] ගවයා හෝ වසුපැටියා; කුඩා ළමුන් හරකාට භාවිත කරන සුරතල් නාමයකි.
තැත්වර ලනවා[ක්‍රි.] හී පහරේ ජවබලය වැඩි කිරීම පිණිස දුනුදිය පොළනවා.
තැත්සිත[නා.] උත්සාහ සිත; වීර්යාධික චිත්තය.
තැති1. [නා.ප්‍ර.] හිටි හැටියේ සිතෙහි පහළ වන බිය; තිගැස්ම; ත්‍රාසය. 2. [නා.ප්‍ර.] දැපීම; උදාරම් ගතිය; උද්ධතභාවය.
තැති ගන්නවා1. [ක්‍රි.] තිගැස්සෙනවා; බිය වෙනවා; ත්‍රස්ත වෙනවා 2. [ක්‍රි.] දර්පිත වෙනවා; දැඩි වෙනවා; ස්තබ්ධ වෙනවා.
තැතිල්ල[නා.] නඟුලක හෝ ඉස්කෝප්පයක හෝ වානේ තලය.
තැදැල්ල[නා.] දිය ඇද ඉසින ඝටිකා යන්ත්‍රය.
තැදි ගන්නවා1. [ක්‍රි.] කම්පා වෙනවා; තිගැස්සෙනවා. බිය වෙනවා; ත්‍රස්ත වෙනවා. 2. [ක්‍රි.] දැඩි වෙනවා; ස්තබ්ධ වෙනවා.
තැන1. [නා.] ස්ථානය; භූමිය; භූමිභාගය. 2. [නා.] අවස්ථාව; අවසරය; අවකාශය. 3. [නා.] දුර ප්‍රමාණය. 4. [නා.] පදවිය; ධූරය; තනතුර. 5. [නා.] කරුණ; තොරතුර. 6. [නා.] තැනැත්තා; ගෞරව කටයුතු පුද්ගලයා; හිමිනම; භික්ෂුනම. 7. [නා.] කම්මැලිකම; අලසකම; නිරුත්සාහය; ථීනය. [ක්‍රි.වි.] වේලාවෙහි; අවස්ථාවෙහි.
තැනවැටෙනවා1. (කථා.) [ක්‍රි.] ශරීරය දුර්වල වෙනවා; සෞඛ්‍ය තත්ත්වය හීනවෙනවා. 2. [ක්‍රි.] වස්තුව නැති වී යනවා; දුප්පත් වෙනවා.
තැන්තුව(කථා.) [නා.] සූදුව සඳහා තබන මුදල; ඔට්ටුව.
තැන්පත්1. [වි.] හික්මුණු; සන්සුන්; කලබලකාරි නොවන. 2. [වි.] සුරැකිව තැබූ; පරිස්සම් සහිතව තබා ඇති. 3. [වි.] ස්ථිර; ස්ථාවර; තහවුරු වු.
තැන්පත් කරනවා1. [ක්‍රි.] සුරක්ෂිතව තබනවා; ආරක්ෂිත ලෙස තබනවා. 2. [ක්‍රි.] තහවුරු කරනවා; ස්ථිර කරනවා. 3. [ක්‍රි.] වළලනවා; වළ දමනවා. 4. (පාරිභා.) [ක්‍රි.] බැංකුවක හෝ එවැනි වෙනත් ස්ථානයක මුදල් ආරක්ෂාවට තබනවා.
තැන්පත් ගිණුම[නා.] නියමිත කාලයකට නිශ්චිත පොළිය අනුපාතිකයක් යටතේ බැංකුවක හෝ එවැනි වෙනත් ආයතනයක හෝ තැන්පත් කරනු ලබන මුදල වෙනුවෙන් විවෘත කරන ගිණුම (=deposit account).
තැන්පත් වෙනවා1. [ක්‍රි.] සන්සුන් වෙනවා; සමථයකට පත් වෙනවා. 2. [ක්‍රි.] තහවුරු වෙනවා; මුල්බැස ගන්නවා. 3. [ක්‍රි.] එකතු වෙනවා; ගොඩ ගැසෙනවා; රාශිභූත වෙනවා.
තැන්පතු පරිමාව[නා.] බැංකුවක මුදල් තැන්පත් කිරීමෙන් හෝ බැංකුවෙන් මුදල් ණයට ගැනීමෙන් හෝ ඇති වන ගිණුම්වල මුළු ප්‍රමාණය.
තැන්පතුව[නා.] නියමිත කාලයක් තුළ දී නිශ්චිත පොළී අනුපාතිකයක් යටතේ බැංකුවක හෝ එවැනි වෙනත් ස්ථානයක තැන්පත් කරන ලද මුදල.
තැන්මාරුව1. (පාරිභා.) [නා.] එක් ස්ථානයක් වෙනුවට අනෙක් ස්ථානයකට කරන මාරුව. 2. [නා.] දවසේ එක් වේලාවක් එක් අයකු ද වශයෙන් මාරුවෙන් මාරුවට වැඩ කිරීම (=shift).
තැන්මිල(පාරිභා.) [නා.ප්‍ර.] ගනුදෙනු කරන අවස්ථාවේ දී (වට්ටම් පොළිය සහිත වූ) වෙළඳ බිල්පතක පවත්නා අගය (=spot price).
තැන්වැසි1. [වි.] ස්ථානයෙහි වාසය කරන; ආගන්තුක නොවූ; නේවාසික. 2. [වි.] තැනට සුදුසු; ස්ථානෝචිත.
තැනැත්තෑ[නා.] ගරු කටයුතු තැනැත්තා.
තැනි අවස්ථාව(පාරිභා.) [නා.] තැන්නක් හෙවත් තැනිතලාවක් බවට පත් වීමේ අවස්ථාව (=plain stage).
තැනිතලාව[නා.] තැනිතලා; බිම තලාව.
තැනිපථය(පාරිභා.) [නා.] ගංගාවක පහළ කොටසෙදී ගංගාව මඟින් ගෙනයනු ලබන ද්‍රව්‍ය විසුරුවීමෙන් සෑදෙන තැනිතලා බිම (=plain tract).
තැනූරුව[නා.] (ඉඩම්) බුක්තිය.
තැප්පෙනවා[ක්‍රි.] ගින්දර මඳ වීමෙන් ඇට්ටකුණා වෙනවා.
තැපැල[වි.] ස්ථිර අදහසක් නැති; චපල, වංචාකාර. [නා.] රැවටීම; මුළාව.
තැපැල, තැපෑල1. [නා.] ලියුම්, විදුලිපණිවුඩ ආදිය මෙරට හා පිටරට සිටින තැනැත්තන්ට යැවීම සඳහා රජය සංවිධානය කර ඇති ක්‍රමය. 2. [නා.] තැපැල් මගින් ලැබෙන සහ යවනු ලබන භාණ්ඩ.
තැපැලයා[නා.] ස්ථිර ප්‍රතිපත්තියක් නැති තැනැත්තා; චපල පුද්ගලයා; චපලයා.
තැපැල් ඇණවුම(පාරිභා.) [නා.] තැපෑලෙන් මුදල් යැවීමේ උපක්‍රමයක්; දුර බැහැර සිටින්නකුට සුළු මුදලක් යැවීමේ දී, එම මුදල් තැපැල් කාර්යාලයට ගෙවා ඒ වෙනුවෙන් ලබා ගන්නා බලපත්‍රය; පෝස්ටල් ඕඩරය.
තැපැල් කන්තෝරුව[නා.] තැපැල් කටයුතු සම්බන්ධ වැඩ කාර්යාලය; තැපැල්හල.
තැපැල් කරනවා[ක්‍රි.] තැපැල් ක්‍රමය අනු ව ලියුම, පාර්සල් ආදිය යවනවා.
තැපැල් ගාස්තුව(පාරිභා.) [නා.] තැපැල් මගින් යවන ලිපි, ද්‍රව්‍ය ආදියට බර අනු ව මුද්දරවලින් ගෙවන මුදල; මුද්දර ගාස්තුව.
තැපැල්කරු, තැපැල්කාරයා[නා.] ලියුම්, තැපැල් භාණ්ඩ, නියමිත අයට බෙදාදීම රජයෙන් පත් කළ පුද්ගලයා; තැපැල් පියුන්.
තැපැල්පත[නා.] කවරයක් රහිත ව තැපෑලෙන් යැවීම සඳහා එක්තරා මුදලක වටිනාකම ඇති ව මුද්‍රිත මුද්දරයක් සහිත ව සකස් කළ ලිපි පත.
තැබ්බරය, තැබ්බරේ1. (කථා.) [නා.] පරක්කුව; පමාව; ප්‍රමාදය. 2. [නා.] බලවත් ඉල්ලීම; පෙරැත්තය.
තැබෑරුම[නා.] (රජයේ අවසර ඇති ව) මත්පැන් විකුණන ස්ථානය; සුරාසල; අවන්හල; ආපනශාලාව.
තැම්බුම්හොද්ද[නා.ප්‍ර.] ගිලන් අයට හා උදරාබාධයෙන් පෙළෙන්නන්ට දෙන සූපයක් හෙවත් හොදි වර්ගයක්; මිරිස් හොද්ද.
තැම්බෙනවා1. (කථා.) [ක්‍රි.] පිසෙනවා. 2. [ක්‍රි.] (නොපැසුණු ගෙඩි ආදිය) අව්වට තැවෙනවා. 3. [ක්‍රි.] විනාශ වී යනවා.
තැඹ[නා.ප්‍ර.] කණුව; කුලුන; ටැඹ; ස්තම්භය.
තැඹිටි(කථා.) [වි.] මේරීමට පළමු නරක් වූ; කුරුවල්; කුරෝලු.
තැඹිටිය, තැඹිට්ට(කථා.) [නා.] නොමේරූ ගෙඩිය; ළපටි ගෙඩිය.
තැඹිලි[නා.ප්‍ර.] රන්වන් හෝ තද කහ පැහැයෙන් යුත් ලෙල්ලක් සහ මිහිරි රසැති මදයකින් හා දියරයකින් යුතූ කුඩා පොල් විශේෂයක්.
තැඹිලිතෙල්[නා.ප්‍ර.] පැසුණු තැඹිලි පොල්වලින් සිඳගත් තෙල්; තැලි තෙල්.
තැඹිලිතොට1. [නා.ප්‍ර.] ගංගා නම් ගඟෙහි මෝයෙහි පිහිටි නැව් තොටක නාමය; තාම්‍රලිප්තිය. 2. [නා.ප්‍ර.] දෙවැනි මිහිඳු රජු විසින් පොළොන්නරුවේ ඉදි කළ පිරිවෙනක නාමය.
තැර දෙනවා[ක්‍රි.] තෙරපෙනවා; ගැටී සිටිනවා.
තැරව් කරුවා1. [නා.] අනුන් වෙනුවෙන් බඩු මිලට ගැනීමේ හෝ විකිණීමේ කටයුතුවල යෙදී කොමිස් මුදලක් (ලබන තැනැත්තා) අතරමැදි පුද්ගලයා. 2. කොටස් වෙළඳපොලේ ගනුදෙනුවල දී කටයුතු කරන අතරමැදි පුද්ගලයා.
තැරැව් ගාස්තුව[නා.] තැරවුකාරයන් අයකර ගන්නා කොමිස් මුදල; බ්‍රෝකර් ගාස්තුව; තැරැව්ව.
තැරි ගහනවා1. [ක්‍රි.] ඉරනවා; ඉරා දමනවා. 2.(කථා.) [ක්‍රි.] පොල් ගෙඩියක තැරියේ සිට අනෙක් කොන දෙසට සිහින් පටියක් වැනි කොටසක් මතුකර ගන්නවා.
තැරිය1. [නා.] පොල්, තල් ආදියෙහි නැට්ට හා ගෙඩිය හා කරන පෙත්ත; මණිපත්‍රය. 2. (කථා.) [නා.] ගහක අතු දෙක බෙදෙන තැන; දෙබල. 3. [නා.] දෙකලවා අතර ඇති ඉඩ; දෙපරැන්ද. 4. [නා.] රාජකාරිය උසස් ලෙස ඉටු කළ රජයේ නිලධාරීන්ට ප්‍රදානය කෙරෙන පදක්කම. 5. [නා.] ළපටි ගෙඩිය; නොමේරූ ඵලය.
තැලමස(පාරිභා.) [නා.] මොළයේ කොටසක්; ස්නායුවක් විශේෂයෙන් දෘෂ්ටි ස්නායුව පටන් ගන්නා හෝ පටන් ගන්නා සේ පෙනෙන හෝ ස්ථානය (=thalamus).
තැල්ම[නා.] පහර දීමකින් හෝ යමක් වැදීමකින් සම යටින් ඇති වන තුවාලය; සමෙහි ඇති වන දැඩිබවකදී ලේ කැටි ගැසීම; තැළුම.
තැල්ල1. [නා.] (පිහි, උදලු ආදියෙහි) තලය. 2. [නා.] අත්ලෙහි අල්ලන ප්‍රමාණය. 3. [නා.] මනමාලයා මනමාලියගේ කරෙහි බඳින මාලය; කර පලඳනාව; තාලිය. 4. [නා.] කුකුළු, කලුකුම් ආදි පක්ෂීන්ගේ හිසෙන් නැගී සිටින හෝ බෙල්ලෙන් පහළට එල්ලෙන වර්ණවත් මස් වැදැල්ල. 5. [නා.] එළු, ගව ආදි සතුන්ගේ බෙල්ලෙන් පහළට එල්ලා වැටෙන හම; තැලිපට; ගල කම්බලය. 6. (පාරිභා.) [නා.] හත්තක කුඩය වැනි කොටසෙහි යටිපැත්තේ වලයාකාර කුහරය මුදුනේ තිරස් අතට විහිදෙන තුනි දාර රැස හෙවත් සුස්කර. 7. [නා.] ඔරු පාරු, ගල්තලා ආදියෙහි තල්ලක් මෙන් ඉදිරියට නෙරා යන කෙළවර. 8. [නා.] බඳුන; භාජනය; තලිය. 9. [නා.] ඔක්කාරය; උද්ගාරය. 10. [නා.] රාම තෙල් නැඟීම.
තැල්ලියම්, තැලියම්(පාරිභා.) [නා.ප්‍ර.] ලෝහමය මූල ද්‍රව්‍යයක් (=thallium).
තැලි[වි.] බුරුල්; ලිහිල්.
තැලි ගන්නවා1. [ක්‍රි.] ඔක්කාරය කරනවා; වමනය කරනවා. 2. [ක්‍රි.] රාමතෙල් නඟනවා.
තැලි නඟනවා[ක්‍රි.] වමනයට එනවා; ඔක්කාරයට එනවා. සතුන්ගේ බෙල්ලෙන් පහළට
තැලිතෙල්[නා.ප්‍ර.] තැඹිලි තෙල්.
තැලිපට[නා.ප්‍ර.] එළු ගව ආදි එල්ලා වැටෙන හම; ගල කම්බලය.
තැලිපිළි[නා.බහු.] මංගල පෝරුව මත දී මනමාලයා මනමාලියට පළදවන මාලය සහ අන්දවන වස්ත්‍රය.
තැලිමදය(පාරිභා.) [නා.] හත්තේ තැල්ලෙහි මැද පෙදෙසේ ඇති එකිනෙක මත වෙළුණු දිලීර සූත්‍රිකාවලින් සෑදුණු කොටස (=trama).
තැලියා(කථා.) [නා.] වලහා.
තැලිවළ[නා.] උදරයට ඉහළින් පපුවෙහි වළ ගැසුණාක් මෙන් ඇති ස්ථානය.
තැලිවැල්[නා.බහු.] ස්ත්‍රී ආභරණ විශේෂයක්.
තැව[නා.ප්‍ර.] තපෝගුණය; තපස.
තැව් ගහනවා[ක්‍රි.] මද වශයෙන් අවුවට වේලෙනවා.
තැව්කඩ(පාරිභා.) [නා.] විද්‍යුත් තාපයක තිබෙන තාපය ඇති කරවන කොටස; ප්‍රතිරෝධ කම්බිය (=element).
තැව්ව(කථා.) [නා.] ලොකු ගස් පොරොවෙන් කැපීමේ දී ඇදේට කපන කැපුම; අලුව.
තැවුම1. [නා.] තැවීම; රත් කිරීම; රත් වීම; උණුසුම් කිරීම; උණුසුම් වීම. 2. [නා.] සිත්තැවුල; චිත්ත සන්තාපය; මානසික වේදනාව.
තැවුම්කඩ[නා.] (සිරුර) තැවීම සඳහා ගන්නා රෙදිකඩ.
තැවුල1. [නා.] තාපයට භාජනය වීම; තැවීම. 2. [නා.] පසුතැවිල්ල; පශ්චත්තාපය.
තැස1. [නා.] සත්ත්ව ශරීරයෙහි සිවිය; ඇඟේ හම. 2. [නා.] හාල් ඇටය වටා ඇති ඉතා තුනී වූ දුඹුරු පැහැති සිවිය; නිවුඩ්ඩ. 3. [නා.] ඊයම්.
තැස් ලනවා[ක්‍රි.] ගොනුන් තප්පුලනවා.
තැසි[නා.ප්‍ර.] වඩුවා.
තැහැරි[නා.ප්‍ර.] රෙදි විවීමේ දී (හරස්) නූල් පුරවා නඩාවට දමන උපකරණය; නූල් වෙළුව; ඉද්ද.
තැහැරි පැස[නා.] තැහැරි දැමූ බඳුන; නූල්කූරු පෙට්ටිය; තසර භාජනය.
තැළිම්බුව, තැළුම්බුව(කථා.) [නා.] යටිපතුලේ කිසියම් තැනක තැළීම නිසා තද ස්වභාවයක් ඇතිවීමෙන් හටගන්නා ගෙඩි විශේෂය; ගල් තැළුම.
තැළුම් කනවා[ක්‍රි.] තැලීම් ලබනවා; පහර ලබනවා.
තෑගය[නා.] තෑග්ග.
තෑග්ග[නා.] සුහදතාවයෙන් දෙන දෙය; තුටු පඬුර; තිළිණය.
තෑගි ඔප්පුව[නා.] චංචල හෝ නිශ්චල දේපළ හෝ තෑගි වශයෙන් පවරා දීමේදී ලියා දෙන නීත්‍යනුකූල ලියවිල්ල.
තෑගිබෝග[නා.ප්‍ර.] තෑගි වසයෙන් දෙන දේ.
තෑජ කරනවා[ක්‍රි.] ඉවත් කරනවා; පන්නා හරිනවා; තෙරපනවා.
තෑන්ද1. [නා.] ඇඳක වියන් තට්ටුව. 2. [නා.] ඇඳක ඉස පැත්තේ සහ පය පැත්තෙ සවිකළ ගරාදි සහිත රාමුව.
තෑය(කථා.) [නා.] කැලේ කඩන ලද මී වද ගෙන ඒම සඳහා වැල්වලින් සාදාගන්නා උපකරණය.
තෑල[නා.ප්‍ර.] සරුව පිත්තල පටි; අලංකාර ලෙස පෙනෙන, එහෙත් නොවටින දේ.
තිංස[වි.] තිස් ආකාර; තිසක් වූ; තිස් වැදෑරුම්.
තිංසකය[නා.] (විනය.) සංඛ්‍යා වශයෙන් තිහක් වූ ගොඩ; තිසකින් යුක්ත කොටස; තිහක් අඩංගු කාණ්ඩය.
තික[වි.] තුනකින් යුතු; තුනක් පිළිබඳ; තුනේ කොටස්වලින් යුක්ත. [නා.ප්‍ර.] තුන; තුනකින් යුක්ත වූව; ත්‍රිකය.
තික නිපාතය[නා.] අංගුත්තර නිකායේ ධර්ම කොටස් තුන තුන බැගින් දක්වන නිපාතයේ නාමය.
තිකල්ප[නා.ප්‍ර.] බුදු, පසේ බුදු, මහ රහත් දෙමාපිය ආදින්ට ගැරහූ අය උපදනා, කල්ප තුනක් දුක් විඳුවන නරකය.
තික්1. [නා.ප්‍ර.] සැඩ කිරණ; චණ්ඩ රශ්මිය. 2. [නා.ප්‍ර.] පුල්ලි; ලප. 3. [වි.] පුල්ලි වැටුණු; ලප ඇති; තිත් ඉසුණු. 4. [වි.] තියුණු; තීක්ෂණ.
තික් මෙරද, තික් මෙරජ1. [නා.ප්‍ර.] හිරු; සූර්යයා. 2. [නා.ප්‍ර.] රශ්මිය.
තික් රැස1. [නා.ප්‍ර.] හිරු; සූර්යයා. 2. [නා.ප්‍ර.] රශ්මිය.
තික් හුලිහිය[නා.] තියුණු වූ උල් අඟ; තීක්ෂ්ණ වූ ශෘඞ්ගය.
තික්කල්[නා.] චණ්ඩ රශ්මිය ඇති කාලය; ග්‍රීෂ්ම කාලය.
තික්කු[වි.] කලබල; තිගැස්සෙන; හදිසියේ ම පැන නඟින.
තික්කු වෙනවා[ක්‍රි.] කලබල වෙනවා; තිගැස්සෙනවා; බිය වෙනවා.
තික්ඛින්ද්‍රිය[නා.] තියුණු ඉන්ද්‍රිය; තීක්ෂ්ය ඉන්ද්‍රිය.
තික්ඛින්ද්‍රියයා[නා.] තියුණු ඉන්ද්‍රිය ඇත්තා; ප්‍රඥා ආදි ඉන්ද්‍රිය මේරු තැනැත්තා.
තික්ත[වි.] පැණිරසට විරුද්ධ රසැති; අමිහිරි; කටුක රසයෙන් යුක්ත.
තික්ත වතුර[නා.] (ක්‍රිස්ති.) විවාහක ස්ත්‍රියකගේ පතිව්‍රතාව පිරික්සීම සඳහා ඇයට බීමට දෙන ශුද්ධ ජලය.
තික්ත වෙනවා1. [ක්‍රි.] අමිහිරි වෙනවා; තික්ත රසයෙන් යුක්ත වෙනවා. 2. [ක්‍රි.] අප්‍රිය වෙනවා; අප්‍රසන්න වෙනවා; එපා වෙනවා.
තික්තාශය[නා.ප්‍ර.] ශරීරයේ පිත නිපදවන ඉන්ද්‍රිය; පිත්තාශය.
තිකිච්ඡක[නා.ප්‍ර.] රෝගවලට පිළියම් කරන්නා; වෛද්‍යවරයා; චිකිත්සකයා.
තිකිච්ජාව[නා.] ලෙඩට කරන පිළියම; වෙදකම; චිකිත්සාව.
තිකිණි[වි.] තියුණු; දැඩි; තීක්ෂණ.
තිකිණිය[නා.] තියුණු කුස ගින්න; තීක්ෂ්ණාග්නිය.
තිකුළු1. [නා.ප්‍ර.] ත්‍රිකටුකය; කටුක රසය ඇති ගම්මිරිස්, ඉඟුරු, තිප්පිලි යන කටුක හෙවත් කුළු ද්‍රව්‍ය තුන. 2. [නා.ප්‍ර.] මහමෙර උසුලා සිටින බව කියන මුදුන් තුනක් ඇති ත්‍රිකුට පර්වතය.
තිඛිණ[වි.] තියුණු; තීක්ෂ්ණ වූ.
තිගන්ධය[නා.] කපුරු, අගිල් සහ සඳුන් යන සුවඳ වර්ග.
තිගාවුත[නා.ප්‍ර.] තුන් ගවුව; ගවු තුන.
තිගැස්සෙනවා[ක්‍රි.] බිය, හදිසි කලබල ආදිය නිසා තැති ගැනෙනවා; කම්පනය වෙනවා.
තිගුණ1. [නා.] තුනෙන් වැඩි වූ ප්‍රමාණය; තුන් ගුණය; තෙගුණය. 2. [නා.] සාංඛ්‍ය දර්ශනය අනුව ලොවෙහි නිර්මිත සැම වස්තුවක ම ඇතැයි සලකනු ලබන සත්ත්ව, රජස්, තමස් යන ගුණ තුන.
තිචීවරය[නා.] තනිපට (උත්තරාසංග), සිවුර දෙපට සිවුර (සංඝාටි) සහ අඳනය (අන්තරවාසක) යන තුන් සිවුර.
තිජ[වි.] කර්මාදි හේතු තුනකින් උපන්. [නා.ප්‍ර.] ගින්න.
තිණ[නා.ප්‍ර.] තෘණ; තණ පත.
තිණ සන්ධාරකය[නා.] (විනය.) තණ අතුරා සකස් කළ අසුන; තණ ඇතිරිය.
තිණ සයනය[නා.] තණ අසුන; සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් කුස තණ ඇතිරීමෙන් බෝ මැඩ සාදාගත් ආසනය.
තිණදද[නා.ප්‍ර.] උණ ගස.
තිණපස[නා.ප්‍ර.] ඊතණ, උක්, වැලුක්, රණඋණ හා ඉලුක් යන තෘණ වර්ග පස.
තිණපුප්ඵක[නා.ප්‍ර.] විෂ මල් ඇසුරින් හමන සුළඟ වැදීමෙන් හටගන්නා රෝගයක්.
තිණබිසි, තිණභිසි[නා.ප්‍ර.] (විනය.) වියළි තණ පත් බහා සාදන ලදුව භික්ෂූන්ගේ පරිහරණයට කැප බිසි වර්ග පහෙන් එකක්.
තිණරුක්[නා.ප්‍ර.] තෘණ පවුලට හෙවත් තාල වර්ගයට අයත් ගස්.
තිත[නා.] (ව්‍යාක.) වාක්‍යයන් අවසානයේ යොදන විරාම ලකුණ; නැවතීමේ ලකුණ.
තිතඳුර[තිත්+අඳුර] [නා.] තීර්ථක අන්ධකාරය; මිසදිටු අඳුර.
තිත්1. [නා.ප්‍ර.] තොටුපළ; තොට; තීර්ථය. 2. [නා.ප්‍ර.] (මිථ්‍යා) ලබ්ධිය. 3. [නා.ප්‍ර.] උපාය. 4. [නා.ප්‍ර.] පිරිසිදු ජලය. 5. [නා.ප්‍ර.] ගුරුවරයා; උපදේශකයා. 6. [නා.ප්‍ර.] තිත්ත රසය. 7. [නා.ප්‍ර.] සෑහීම; තෘප්තිය.
තිත්ගැසෙනවා[ක්‍රි.] ලප ඇතිවෙනවා; තිත් ඇති වෙනවා.
තිත්ත1. [වි.] තික්ත හෙවත් අප්‍රසන්න; අමිහිරි 2. [වි.] දැඩි; තද.
තිත්ත වෙනවා[ක්‍රි.] එපා වෙනවා; අප්‍රිය වෙනවා.
තිත්තයා[නා.] මිරිදිය මත්ස්‍ය විශේෂයක්.
තිත්ථ1. [නා.ප්‍ර.] තොටුපළ; නානතොට. 2. [නා.ප්‍ර.] දෘෂ්ටිය (බුදුන් වහන්සේගේ කාලයෙහි වූ) දෙසැටක් දෘෂ්ටි. 3. [නා.ප්‍ර.] තීර්ථකයා; දෙසැටක් දෘෂ්ටීන්ගෙන් එකක පිහිටි තැනැත්තා.
තිත්ථචෝළය[නා.] නාන තොටක දමාගිය රෙදිකඩ.
තිත්ථඤ්ඤුතාව[නා.] බහුශ්‍රැතයන්ගේ ඇසුර; තීර්ථඥතාව.
තිත්ථවාසය[නා.] සුදුසු ස්ථානයක වාසය කිරීම.
තිත්ථිය[වි.] තීර්ථකයන් පිළිබඳ වූ; තීර්ථක.
තිත්ථිය පබ්බජ්ජාව[නා.] බුදුසසුනෙන් පිටස්තර ව බලන පැවිද්ද; තීර්ථක ප්‍රව්‍රජ්‍යාව.
තිත්ථිය ව්‍රතය[නා.] තිර්ථකයන්ගේ ආගමික වත් පිළිවෙත.
තිත්ථියපක්කන්තකයා[නා.] තීර්ථකයන්ගේ දහම පිළිගෙන ඔවුන් කරා ගොස් එම වේශය පිළිගන්නා බෞද්ධ උපසම්පදා භික්ෂුව.
තිත්පළ, තිත්පොළ[නා.] තිප්පොළ.
තිත්මුවා[නා.] සම මත සුදු පුල්ලි වැටි ඇති මුව වර්ගය.
තිතික්ෂාව[නා.] ඉවසීම; ක්ෂමාව; ක්ෂාන්තිය.
තිතු[නා.බහු.] තීර්ථක සමූහය; තීර්ථකයෝ; අන්‍යලබ්ධිකයෝ.
තිථය[නා.] (බුද්ධකාලීන) දෙසැට මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් එකක්.
තිථලද[නා.ප්‍ර.] තීර්ථක ලබ්ධිය.
තිථි පසළොස[නා.] චන්ද්‍ර මාසයේ පුර පක්ෂයේ පසළොස් දින හෝ අව පක්ෂයේ පසළොස් දින.
තිථිදානය[නා.] තිථියකට වරක් දෙන දානය.
තිථිය[නා.] චන්ද්‍රමාස ක්‍රමයෙන් මාසයේ එක් දිනයක්; සිංහල පැය හැටක කාලය.
තිදඬු[නා.ප්‍ර.] තුන් පැත්තකට විහිදි දඬු තුනකින් සකස් වූ පැන් කෙණ්ඩිය තබා ගැනීම ආදියේ දී ආධාරකයක් ලෙස යොදාගැනෙන තවුස් පිරිකරට අයත් උපකරණයක්.
තිදස[නා.] ශක්‍රභවනය; තව්තිසාව; තාවතිංසය.
තිදසඉසුරු[නා.ප්‍ර.] තිදස් පුරයට අධිපතියා; ඉන්ද්‍රයා.
තිදසපුර[නා.] ශක්‍ර භවනය; තව්තිසාව.
තිදසරද අවිය[නා.] ඉන්ද්‍රචාපය; දේදුන්න.
තිදසරුක[නා.] කල්පවෘක්ෂය; කප්රුක.
තිදසිඳු[තිදස්+ඉඳු] [නා.ප්‍ර.] දෙව්ලොවට අධිපතියා; ශක්‍රයා.
තිදිව[නා.] දෙව්ලොව; තිදස්පුරය.
තිදිවපුර[නා.ප්‍ර.] තව්තිසාව.
තිදිවාධිප[නා.ප්‍ර.] සුරලොවට අධිපති සක් දෙවියා; ශක්‍රයා; ඉන්ද්‍රයා.
තිදොර[නා.ප්‍ර.] සිත, කය, වචනය යන දොරටු තුන; තුන්දොර.
තිදොස්[නා.ප්‍ර.] (රෝග වැලදීමට හේතු වන) වා, පිත්, සෙම් යන දොස් තුන.
තිනමිද[නා.] (අරමුණු ගැන්ම සම්බන්ධයෙන්) සිතේ මැළිගතිය හා (වේදනා, සංඥා, සංස්කාරය යන) නාමකායෙහි මැළි ගතිය; ථීන මිද්ධය.
තිනය, තිනයන[නා.ප්‍ර.] ඊශ්වරයා; තිනේත්‍රයා.
තින්ත, තීන්ත1. [නා.ප්‍ර.] පෑන්වලින් ලිවීමට ගනු ලබන වර්ණවත් ද්‍රව වර්ගයක්. 2. [නා.ප්‍ර.] මුද්‍රණ කටයුතු සඳහා ගැනෙන වර්ණවත් උකු ද්‍රව වර්ග. 3. [නා.ප්‍ර.] ඇඳීම්, ආලේප කිරීම්, චිත්‍රකර්ම ආදිය සඳහා යොදා ගන්නා පාට ද්‍රව වර්ග; පින්තාරු සායම් (=paint).
තින්තිණ[නා.ප්‍ර.] අන් සතු දේ තමාට අයත්බව හැඟවීමේ ලෝබකම; කෑමට ලොල්බව.
තින්දුක[නා.ප්‍ර.] බර මනින මිණුම් විශේෂයක්; කළං තුන.
තින්නූරු, තින්නෝරු[නා.ප්‍ර.] ශිව භක්තිකයින් නළලේ ගෑම සඳහා ගොම පිලිස්සීමෙන් ලබා ගන්නා අළු.
තිනියෙනවා[ක්‍රි.] සෙලවෙනවා; සසල වෙනවා; චලිත වෙනවා; තතනනවා.
තිනෙත්[නා.ප්‍ර.] තුන් ඇසක් ඇත්තා; ඊශ්වර දෙවි.
තිනෙත් පුත්[නා.ප්‍ර.] ඊශ්වර දෙවියාගේ පුතා; ස්කන්ධ කුමාරයා; කඳ කුමරා.
තිනෙත්රිපු[නා.ප්‍ර.] ඊශ්වර දෙවියාගේ විරුද්ධකාරයා; අනංගයා.
තිපද(පාරිභා.) [වි.] පද තුනක් සහිත. [නා.ප්‍ර.] පද තුනකින් සමන්විත වූව.
තිපල්[නා.ප්‍ර.] අරළු, බුළු, නෙල්ලි යන ඵල වර්ග තුන.
තිපස්තිති[නා.ප්‍ර.] [ති] පසළොස්වක් තිථියක් ඇත්තා; පසළොස්වක දා චන්ද්‍රයා; පුන්සඳ.
තිප්[නා.ප්‍ර.] තිත්; පුල්ලි.
තිප්පළ, තිප්පොළ[නා.ප්‍ර.] හැසිරෙන ස්ථානය; ගැවසෙන ස්ථානය; ඇතැම් සතුන් ලගින තැන.
තිප්පාව(කථා.) [නා.] තරබාරු ගතිය.
තිපාව[නා.] කනප්පුව.
තිපාස[නා.ප්‍ර.] තිබහ.
තිපිටකය[නා.] පිටකත්‍රය; සූත්‍ර, විනය, අභිධර්මය යන පිටක තුන.
තිපු[නා.ප්‍ර.] සුදු ඊයම්.
තිපුර[නා.ප්‍ර.] "මය" නමැති අසුරයා විසින් ආකාශයෙහි රනින් ද වාතයෙහි රිදියෙන් ද පොළවෙහි යකඩින් ද තනන ලද නගර තුන.
තිබහ[නා.] දිය බීමේ දැඩි අවශ්‍යතාව; පවස; පිපාසය.
තිබ්බතය[නා.] ටිබෙට් දේශය.
තිභුවන[නා.ප්‍ර.] කාම, රූප, අරූප, නැතහොත්, ස්වර්ග, මර්ත්‍ය, පාතාල, යන ලෝකත්‍රය.
තිමඬුලු, තෙමඬුලු[නා.ප්‍ර.] දෙදණ හා නාභිය යන තුන් තැන.
තිමද[නා.ප්‍ර.] හස්තීන්ගේ දෙකපොල හා කෝෂය යන තුන් ස්ථානයෙන් වැගිරෙන මදය.
තිම්බරු1. [නා.ප්‍ර.] ගාන්ධර්ව දිව්‍යපුත්‍රයකුගේ නාමය; සුරියවච්චසා නම් දිව්‍යාංගනාවගේ පියා. 2. [නා.ප්‍ර.] තිමිර ගස.
තිමි1. [නා.ප්‍ර.] මුළාව; මෝහය. 2. [නා.ප්‍ර.] සිදුර; බිලය 3. [නා.ප්‍ර.] මහමුහුද; සාගරය. 4. [නා.ප්‍ර.] මුහුදෙහි වෙසෙතැයි කියන විශාල මත්ස්‍යයෙක්.
තිමිර1. [නා.ප්‍ර.] අඳුර; කළුවර. 2. [නා.ප්‍ර.] දෑසෙහි අඳුර ඇති කරන රෝගයක්; ඇස් ඇඳිරිය. 3. [නා.ප්‍ර.] ඇස් වෙදකම සඳහා ගන්නා ඖෂධයක්. 4. [නා.ප්‍ර.] පැරණි සංගීත භාණ්ඩයක්. 5. [නා.ප්‍ර.] අදියර; පරිච්ඡේදය.
තිමිර පටල1. [නා.ප්‍ර.] අන්ධකාර පටලය; ඝනාන්ධකාරය. 2. [නා.ප්‍ර.] ඇසෙහි අඳුරු සිවියක් ඇත්තාක් මෙන් දැනීම.
තිමිරගල[නා.] පූර්ව දිශාව නමැති කන්ද; පෙරගිර.
තිමිරපිඞ්ගල, තිමිරපිංගල[නා.ප්‍ර.] ගැඹුරු මුහුදෙහි වෙසෙතැ යි සැලකෙන විශාලතම මත්ස්‍ය වර්ග සතෙන් එකක්.
තිමිරරිපු[නා.ප්‍ර.] අඳුරෙහි සතුරා වන ඉර හෝ සඳ.
තිමිරි ගෙය, තිඹිරි ගෙය[නා.] දරු ප්‍රසූතිය සඳහා වෙන් කළ ගෙය; වැදුම් ගෙය.
තිමිරි, තිඹිරි[වි.] අඳුරු; අන්ධකාර; කළුවර.
තිමිස[නා.] අඳුර.
තිමුව[නා.ප්‍ර.] කූඩැල්ලා; පූඩාවා.
තිඹ[නා.ප්‍ර.] ධාන්‍ය, ජලය ආදිය මනින පුරාණ මිම්ම; ලාස් සතරක ප්‍රමාණය.
තිඹිරි සමය(පාරිභා.) [නා.ප්‍ර.] දරු ප්‍රසූතියෙන් පසු මවක් විවේකී ව සිටිය යුතු කාල සීමාව.
තිය, තියා1. [නා.ප්‍ර.] තුන. 2. [නා.ප්‍ර.] බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය. 3. (ක්‍රිස්ති.) [නා.ප්‍ර.] පියා, පුතා, ශුද්ධාත්මය යන ත්‍රිත්වය.
තියග්ගල1. [නා.ප්‍ර.] හිමාලයෙහි ඇති පොකූණක නාමය. 2. [නා.ප්‍ර.] හිමාලයෙහි ඇති ගල් තලාවක නාමය.
තියටර්, තියෙටර්[නා.ප්‍ර.] නෘත්‍යය; නාට්‍යය.
තියදා[නා.] (අදින්) තුන්වැනි දවස.
තියනෙත්[නා.ප්‍ර.] තිනෙත්; ඇස් තුනක් ඇත්තා; ඊශ්වර දෙවියා.
තියම[නා.] රාත්‍රියෙහි පූර්ව, මධ්‍යම, පශ්චිම යන යාම තුන; තුන් යම.
තියමු රැය[නා.] තුන්යම් රාත්‍රිය; මුළු රැය.
තියවක[නා.] (ජ්‍යෝති.) චන්ද්‍ර මාසයේ පුර පක්ෂයේ හෝ අව පක්ෂයේ හෝ තුන් වැනි දිනය.
තියසක්1. [නා.] ඊශ්වරයා. 2. [නා.] තේජස, උත්සාහය, මන්ත්‍රණය යන ශක්ති තුන, ත්‍රිවිධ ශක්තිය.
තියසක්රුපු[නා.ප්‍ර.] ඊශ්වර දෙවියන්ගේ සතුරා; අනංගයා.
තියැසමිතුරු[නා.ප්‍ර.] ඊශ්වර දෙවියා ගේ මිතුරා; කුවේරයා.
තියු1. [නා.ප්‍ර.] ස්තුතිය; ගුණ ගායනය. 2. [නා.ප්‍ර.] තීර්ථකයා. [වි.] තියුණු වූ; තීක්ෂ්ණ වූ; තීව්‍ර වූ.
තියුකරු[නා.ප්‍ර.] වන්දි භට්ටයා; ගුණ ගී ගයන්නා.
තියුගී[නා.ප්‍ර.] ස්තුති ගීතිකා; තුති ගී.
තියුණු1. [වි.] ඉතා සියුම් වූ; තීක්ෂ්ණ වූ; ඉතා මුවහත් වූ. 2. [වි.] වහා වැටහෙන. 3. [වි.] තද; දැඩි; චණ්ඩ. 4. [වි.] තුන් ගුණයක් වූ; තෙගුණ. 1. [නා.ප්‍ර.] යකඩ. 2. [නා.ප්‍ර.] උණුසුම; රස්නය. 3. [නා.ප්‍ර.] අගුණ තුන; අගුණත්‍රය.
තියුණු බෙත්ම(පාරිභා.) [නා.] දෙපසට දිය බෙදී යන සේ තියුණු මුදුනින් යුත් කඳුවැටිය (=knife edge divide).
තියුණු ස්වරය(පාරිභා.) [නා.] විනිවිද යන හඬ; තීව්‍ර හඬ (=shrill note).
තියුරුපු[නා.ප්‍ර.] තීර්ථකයන්ගේ සතුරා; බෝධිසත්වයන් වහන්සේ; බුදුරජාණන් වහන්සේ.
තියුලියම්(පාරිභා.) [නා.ප්‍ර.] ලෝහමය මූල ද්‍රව්‍යයක් (=thulium).
තිර[වි.] නොවෙනස් ව පවතින; ස්ථාවර. 1. [නා.ප්‍ර.] ස්ථිරබව. 2. [නා.ප්‍ර.] බැඳීම; බන්ධනය. 3. [නා.ප්‍ර.] පොළොව; පෘථිවිය. 4. [නා.ප්‍ර.] කඩතුරාව; ජවනිකාව. 5. [නා.ප්‍ර.] කැමරාවක, සිනමා ප්‍රොජෙක්ටරයක ලෙන්සය තුළින් නිකුත් වන ආලෝක කදම්භයේ ප්‍රතිබිම්බය ලබා ගැනීමට උපකාර වන සුදුපැහැති තලය. 6. [නා.ප්‍ර.] පහන් වැටිය.
තිර නෙරුව[නා.] දොර හා ජනෙල් රෙදිවල උඩ කෙළවර හා ඊට අනුබද්ධ ආම්පන්න පිටට පෙනීම වැළැක්වීමට උළුවහු මුදුනේ සවි කරන ලෑලි කූඩුව (=pelmet).
තිර පෝරුව[නා.] දොරතිර ආදියෙහි වටේට එල්ලෙන රැලි දැමූ රෙදි තීරුව; තිරවල පහළට එල්ලා වැටෙන ලොවිච්චිය.
තිර වස්ත්‍රය[නා.] බලි ආදි ශාන්ති කර්ම පිණිස තුඹස වට කොට බැඳ හැර දැමූ වස්ත්‍රය.
තිර වායුව[නා.] ද්‍රවීභූත අවස්ථාවේ පවතිනවාට වඩා වෙනස් වූ පීඩනයක හා උෂ්ණත්වයක පවත්නා වායුව.
තිරඟි කඳ[නා.] ගොනුන් කර ඇඹීම සඳහා යොදා ගන්නා උපකරණයක නාමය.
තිරච්ඡාන1. [වි.] තිරිසන්: තිරශ්චීන. 2. [වි.] පහත්; ලාමක. [නා.ප්‍ර.] තිරිසන් භාවය; තිරිසන් උපත.
තිරච්ඡාන කථා[නා.බහු.] බෞද්ධ භික්ෂුවක විසින් නොකළ යුතුය යි දැක්වෙන අන්න කතා ආදි දෙතිස් කථා; ස්වර්ග මෝක්ෂ දෙකට බාධක වන කතා.
තිරච්ඡාන යෝනිය[නා.] තිරිසන් ජාතිය; තිරිසන් භාවය.
තිරට්ටුව(කථා.) [නා.] තීරණය; තීන්දුව.
තිරත්නය[නා.] බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන; තෙරුවන.
තිරදත්(පාරිභා.) [නා.බහු.] කිරි දත්වලට පසු ව එන දත්; ස්ථිර දත් (=permanent teeth).
තිරප්පුවා[නා.] ඉබාගාතේ ඇවිදින්නා; ස්ථිර වාසයක් නැති තැනැත්තා.
තිරම[නා.] පොළොන්නරු යුගයේ භාවිත වූ කාසි වර්ගයක්.
තිරමානය1. [නා.] තීරණය; නිශ්චය. 2. [නා.] තිර අදින ලද සීමාව.
තිරය1. [නා.] රෙද්දක් වැනි දෙයකින් කරන ආවරණය; කඩතුරාව; ජවනිකාව. 2. [නා.] පහන් වැටිය.
තිරවුර(පාරිභා.) [නා.] ඉඩමක හෝ ගෙයකට හෝ සවි වූ දෙය; ස්ථාපිතය (=fixture).
තිරවුව[නා.] සිහි කල්පනාව; නිනවුව.
තිරශ්චිකාව(පාරිභා.) [නා.] පාෂාණයක අවපාතයට සෘජුකෝණික වූ තිරස් දිසාව (=strike).
තිරශ්චීන[නා.ප්‍ර.] කොන්ද තිරස් ව ඇත්තා; හරස් අතට යන්නා; තිරිසනා.
තිරශ්චීන ශාස්ත්‍රය[නා.] බොරු තර්කය පිහිට කොට ඇති ලෝකායත විතණ්ඩ ශාස්ත්‍රය.
තිරශ්චීනගතයා[නා.] තිරිසන් සතෙකු ව උපත ලැබූ සත්ත්වයා; තිරිසනා.
තිරශ්චීනයා1. [නා.] තිරිසන් ආත්ම භාවය ලැබූ ප්‍රාණියා; තිරිසනා. 2. [නා.] තිරිසනකු මෙන් පහත් ගති පැවතුම් ඇත්තා; අධමයා.
තිරසර, තිරසාර[වි.] අතිශයින් ස්ථිර; ස්ථිරසාර.
තිරස්[වි.] හරස්; හරහට සිටි; පොළොවට සමාන්තර. [නා.ප්‍ර.] අන්තර්ධානය; නොපෙනී යාම; අතුරුදහන් වීම.
තිරස් අක්ෂය1. [නා.] ක්ෂිතිජයට සමාන්තර ව විහිදෙන සේ සැලකෙන රේඛාව. 2. [නා.] ප්‍රස්තාර ඇඳීමේ දී හරස් අතට අඳින ප්‍රධාන රේඛාව.
තිරස් ඒකාධිකාරය[නා.] එක වර්ගයේ භාණ්ඩ නිපදවන ආයතන කීපයක් සංවිධානය වී හිමි කර ගන්නා තනි අයිතිය.
තිරස් පරාසය[නා.] යම් ලක්ෂ්‍යයක සිට වස්තුවක් ප්‍රක්ෂේපණය කළ විට ඒ වස්තුව පොළොවට පතිත වන ස්ථානයත් ආරම්භක ස්ථානයත් අතර දුර.
තිරස් රේඛාව(පාරිභා.) [නා.] කිසියම් පෘෂ්ඨයක හරස් අතට අඳින ලද රේඛාව; ඇසින් බලන කල අවකාශයෙහි හරස් අතට ඇති සේ සැලකෙන රේඛාව (=horizontal line).
තිරස් ව්‍යාකෘතිය(පාරිභා.) [නා.] චතුරස්‍රයක් සමාන්තරාස්‍ර වන්නාසේ වස්තුවක සමාන්තර අංශක සමාන්තර ව තිබියදී හරස් අතට ඇල වී හැඩය වෙනස් වීම (=horizontal shear).
තිරස් විභේදය(පාරිභා.) [නා.] පාෂාණ පත්ලෙහි ඇති වන විවිධ පීඩන නිසා තිරස් ව පිහිටි පාෂාණ පෙළක හරස් අතට සිදු වන බිඳුම හෝ පිපිරීම (=tear fault).
තිරස් සංයෝජනය(පාරිභා.) [නා.] එක ම කර්මාන්තයේ යෙදී සිටින සමාගම් සමූහයක් අතර ඇති වන ඒකාබද්ධතාව (=horizontal combination).
තිරස් ස්තර(පාරිභා.) [නා.බහු.] පාෂාණ ස්කන්ධයක හෙවත් විශාල ගලක සිරස් කැපුමක දක්නට ලැබෙන හරස් අතට විහිද යන ස්තර; පාෂාණ තට්ටු.
තිරස්කඩ[නා.] හරස් අතට කැපූ කොටස.
තිරස්කරණීය1. [නා.] කඩතුරාව; තිරය. 2. [නා.] මඩුවක් වටා බැඳි පිට මඩුව.
තිරස්කාරය[නා.] නින්දාව; අපහාසය; අවඥාව.
තිරස්කෘත[වි.] හරස් කරන ලද; මුවහ කරන ලද.
තිරස්තලය[නා.] ක්ෂිතිජයට සමාන්තර ව විහිදෙන සේ සැලකෙන රේඛාව.
තිරසේවායා[නා.] සේවය සඳහා බැඳී සිටින යුද සෙබළා.
තිර්යක්[වි.] හරස්; ඇල වූ; තිරස්. [නා.ප්‍ර.] තිරිසන් අපාය; තිරිසන් ගතිය; තිරිසන් සත්ත්ව ලෝකය.
තිර්යක් මහාන්ත්‍රකය[නා.] ආමාශයට යටින් උදරයෙහි ඉහළ කොටස හරහට වැටී ඇති මහා බඩවැලේ දෙවැනි කොටස; වෘහන්ත්‍රය.
තිර්යක් විඛණ්ඩනය[නා.] ඇතැම් ජීවියකු හරස් අතට කැඩී යෑමෙන් සිදු වන අලිංගික ප්‍රජනක ක්‍රමය.
තිර්යග්ගත[වි.] තිරිසන ආත්ම භාවයෙහි උපන්; තිරිසන් බවට පැමිණි.
තිරි1. [නා.ප්‍ර.] ස්ත්‍රිය; කාන්තාව. 2. [නා.ප්‍ර.] ඇතිරිය; ඇතිරිල්ල 3. [නා.ප්‍ර.] හීතණ. [වි.] තුන් ආකාර වූ; ත්‍රිවිධ.
තිරිංක බැම්ම[නා.] (වෛද්‍ය.) ලේ ගැලීම නතර කිරීමට නහර හිරවන සේ යොදන තිරිංගය.
තිරිංග කඳ[නා.] හරස් අත් කියතෙන් දැව ඉරීමේ දී ඒවා හිර කර තබා ගැනීමට යොදා ගන්නා තිරිංගයකින් තද කළ හැකි දැවමුවා උපකරණය.
තිරිංගය1. [නා.] බැම්මක රැහැන් එකට ඇඹරෙන කරකැවීමෙන් හිර කිරීම සඳහා රැහැන් දෙපොටට හෝ ගැටයට හෝ අතරින් දමා ගන්නා දණ්ඩ. 2. [නා.] වාහන එන්ජින් ආදියේ ගමන් වේගය හෝ චලනය අඩු කිරීමට හෝ නැවැත්වීමට ඉවහල් වන පරිදි රෝදවලට කෙළින් සම්බන්ධ වන සේ සවිකර ඇති උපකරණය. 3. [නා.] ලේ ගැලීම වැළැක්වීමට රුධිරනාළ හිර කිරීමට යොදා ගන්නා උපකරණය.
තිරික්කලය[නා.] තනි ගොනකු බඳින බක්කිය රහිත කුඩා කරත්ත විශේෂය.
තිරිඟු[නා.ප්‍ර.] ප්‍රධාන වශයෙන් සෞම්‍ය කලාපයේ රටවල වැවෙන ප්‍රධාන ධාන්‍ය වර්ගයක්; ගෝධූම.
තිරිඟුව[නා.] මා දැලක ලණු දැල් කොටස සහ නූල් දැල් කොටස එකට සම්බන්ධ කරන ගැටය.
තිරිත්තම[නා.] සිරිත් විරිත් පිළිවෙළ; ගැළපෙන විධිය.
තිරිත්තිය, තිරිත්තුව(කථා.) [නා.] තෘප්තිය.
තිරින්දාදිය, තිලින්තාඩිය, තිලින්දාඩිය[නා.] යාඥා කිරීමේ කාලය ඇඟවීමට සවස් කල පල්ලියේ නාද කරන ඝණ්ටාව.
තිරිප්පුව(කථා.) [නා.] පිටුපසට හෝ පැත්තට හෝ කරකැවී කෙළින් සිටින සේ ගසන පිනුම.
තිරිමාරුව(කථා.) [නා.] මනමාලියකගේ කොණ්ඩයේ ගසන පනාව.
තිරිය[නා.] නොවිහිදුණු ළපැටි තේ දලුව; අරම්බුව.
තිරියක්[වි.] හරස් අතට පිහිටි; හරස්. [නා.ප්‍ර.] තිරිසන් අපාය; තිරිසන් ලෝකය.
තිරිසනා[නා.] තිරශ්චිනයා.
තිරිහං, තිරිහන්1. [වි.] තරුණ; ඉලන්දාරි; ගැටවර; යොවුන්. 2. [වි.] පහත්.
තිරු කරනවා[ක්‍රි.] හිර කරනවා; වට කරනවා.
තිරුනූරු අළු, තිරුනූර් අළු[නා.ප්‍ර.] ශිව භක්තිකයන් ශුද්ධ වස්තුවක් ලෙස සලකන, නළලේ ගෑම සඳහා ගොම පිලිස්සීමෙන් ලබාගන්නා අළු.
තිරෝකුඩ්ඩ ප්‍රාතිහාර්යය[නා.] බිත්ති පර්වත ආදිය විනිවිද යෑමේ පෙළහර.
තිරෝකුඩ්ඩ සූත්‍රය[නා.] ඛුද්දකපාඨයෙහි ඇතුළත් සූත්‍රයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් බිම්බිසාර රජතුමන්ට, මළවුන්ට පින්පෙත් දීම පිළිබඳ කරුණු අන්තර්ගත කොට දේශනා කරන ලද්දකි.
තිරෝධානය[නා.] ආවරණය; පියන; වැස්ම; මුවාව.
තිරෝභාවය[නා.] මුවහ වීම; නොපෙනී යෑම.
තිල1. [නා.ප්‍ර.] තල නම් ධාන්‍යය. 2. [නා.ප්‍ර.] ශරීර අභ්‍යන්තරයෙහි අක්මාවට ආසන්න ව පිහිටි අවයවයක්. 3. [නා.ප්‍ර.] කුඩා ලපය.
තිලක1. [නා.ප්‍ර.] ශරීරාලංකාරය සඳහා නළලෙහි තබන වර්ණවත් කුඩා සලකුණ. 2. [නා.ප්‍ර.] උපන් ලප විශේෂයක්. 3. [නා.ප්‍ර.] සමෙහි ඇති වන ආබාධයක්. 4. [නා.ප්‍ර.] ශරීර අභ්‍යන්තරයෙහි පිහිටි දලබුව හෙවත් පූයාශය නම් අවයවය.
තිලකවාදියා[නා.] වාද කිරීමෙහි අග තැන්පත් තැනැත්තා.
තිලකා[නා.ප්‍ර.] තලතෙල්.
තිලකාභරණය[නා.] නළලට ආභරණයක් වශයෙන් තබන තිලකය.
තිලකායමාන[වි.] තිලකයක් වැනි වූ; තිලකයක් හා සමාන වූ.
තිලකුණු[නා.බහු.] සංස්කාර ධර්මවල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන.
තිලකුසුම[නා.] තලමල; තිලපුෂ්පය.
තිලට[නා.ප්‍ර.] තල ඇටයක් හෙවත් වී ඇටයකින් නවයෙන් පංගුවක් පමණ වූ බර ප්‍රමාණය.
තිලවාහය[නා.] ගැලකින් ගෙන යා හැකි තල ප්‍රමාණය.
තිල්ල1. [නා.] තණ, පුළුන්, ලොම් ආදිය ඇතුළු කොට පිළියෙල කරගත් කොට්ට, මෙට්ට ආදිය. 2. [නා.] ඇතිරිල්ල.
තිලිඟු[නා.ප්‍ර.] (ව්‍යාක.) පුරුෂ, ස්ත්‍රී, නපුංසක යන ලිංග තුන; ලිංගත්‍රය.
තිලිය1. [නා.] බඳුන; තලිය. 2. [නා.] සමාන කිරීම; සැසඳීම.
තිලොව[නා.] කාම, රූප, අරූප නොහොත් ස්වර්ග, මර්ත්‍ය, පාතාල යැයි හෝ සත්ත්ව, සංස්කාර, ආකාශ යැයි හෝ දේව, මනුෂ්‍ය, නාග යැයි හැඳින්වෙන තුන්ලොව; ලෝකත්‍රය; ත්‍රිභූවන; තිලෝකය.
තිලෝගුරු[නා.ප්‍ර.] තුන් ලොවට ම ඇදුරු වූ බුදුරජාණන් වහන්සේ.
තිලෝතලය[නා.] කාම රූප අරූප යන තුන් ලෝකය.
තිලෝනා[නා.ප්‍ර.] තුන් ලොවට නායක වූ උත්තමයාණන් වන බුදුරජාණන් වහන්සේ.
තිවංක[වි.] වක් තුනක් ඇති; දෙදණ, උකුළ, බෙල්ල යන තුන් තැනින් නැමුණු.
තිවග1. [නා.ප්‍ර.] ධර්ම, අර්ථ, කාම යන සම්පත් තුන. 2. [නා.ප්‍ර.] කරාබු, වසාවාසි, සාදික්කා යන බෙහෙත් ද්‍රව්‍ය තුන. 3. [නා.ප්‍ර.] ධනය, ස්ත්‍රිය, ධර්මය යන සම්පත් තුන. 4. [නා.ප්‍ර.] තිදෙනකු ගෙන් යුත් සමූහය; ත්‍රිවර්ගය.
තිවඞ්ගික1. [වි.] සිත, කය, වචනය යන අංග තුනෙන් යුත්. 2. [වි.] පීති, සුඛ, ඒකග්ගතා යන අංග තුනෙන් යුත්.
තිවට1. [නා.ප්‍ර.] පැවතුම් තුන; කර්ම, ක්ලේශ, විපාක යන තුන් වටය. 2. [නා.ප්‍ර.] මහා බ්‍රහ්මයා. 3. [නා.ප්‍ර.] විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා.
තිවන්[නා.ප්‍ර.] වර්ණ තුනක් ඇත්තා හෙවත් ගිරවා.
තිවිජ්ජා[නා.ප්‍ර.] පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන ඥාන තුන.
තිවුණු1. [වි.] තීක්ෂ්ණ; තියුණු; මුවහත්. 2. [වි.] බලවත්; දැඩි.
තිවෘත්තය[නා.] ක්ලේශ, කර්ම, විපාක යන තුන එකිනෙකා ඩැහැ ගනිමින් පරිවර්තනය වීම.
තිෂ්‍ය1. [නා.ප්‍ර.] චන්ද්‍ර මාස ක්‍රමය අනු ව අටවෙනි මාසය; දුරුතු මාසය. 2. [නා.ප්‍ර.] ලෝකය පිළිබඳ වර්තමාන යුගය; කලියුගය. [වි.] භාග්‍ය සම්පන්න; වාසනාවන්ත.
තිසක්1. [නා.ප්‍ර.] චක්ෂු හෙවත් ඇස් තුනක් ඇති තැනැත්තා; ඊශ්වරයා. 2. [නා.ප්‍ර.] පාලකයකුට තිබිය යුතු පෞද්ගලික ශක්තිය, අණසක පැවැත්වීමේ ශක්තිය හා දඬුවම් පැමිණවීමේ ශක්තිය යන ත්‍රිවිධ ශක්තිය.
තිසමුට්ඨානක, තිසමුට්ඨානික[වි.] චිත්ත, ඍතු, ආහාර යන හේතු තුනෙන් උපන්.
තිසර1. [නා.ප්‍ර.] තුන් පටකින් යුතු මුතු වැළ. 2. [නා.ප්‍ර.] ශ්වේත හෙවත් සුදු හංසයා. [වි.] උතුම්; ශ්‍රේෂ්ඨ; උසස්.
තිසරඟන[නා.] ශ්වේත හංස ධේනුව.
තිසරණ[නා.ප්‍ර.] බුද්ධ, ධම්ම, සංඝ යන රත්න තුන; තෙරුවන; තුන්සරණය.
තිසරපට1. [නා.] තුන්පටකින් යුත් මුතුමාලය; හංස පේළියකින් යුත් මාලය. 2. [නා.] හංස රූප සහිත අලංකාර රෙදිකඩ.
තිසලාදුව(කථා.) [නා.] උඩඟුව; අහංකාර.
තිස් ඇඳිරිය(කථා.) [නා.] තිස් අවුරුදු වයසෙහිදී ඇස්වල ඇතිවන පෙනීමේ දුර්වලකම.
තිස්පැය[නා.] සිංහල පැය ගණන අනු ව පැය තිහක කාලය; දවසින් අර්ධයක්.
තිස්මැඬිල්ල[නා.] භික්ෂුවරයකුගේ සිවුරක කඩ හෙවත් කොටස්.
තිසැරුම, තිසෑරුම(කථා.) [නා.] ක්ලාන්තය; විඩාව; අධික වෙහෙස.
තිසුම්[නා.ප්‍ර.] සතුට; සන්තෝෂය.
තිසුලත්[නා.ප්‍ර.] ත්‍රිශුලායුධයක් අතෙහි ඇත්තා හෙවත් ඊශ්වරයා; ශිව.
තිසුල්1. [නා.ප්‍ර.] උල් තුන. 2. [නා.ප්‍ර.] උල් තුන ඇති ආයුධය; ත්‍රිශූලය. 3. [නා.ප්‍ර.] පද්‍ය පාදයක අක්ෂර ත්‍රිශූලය රූප සටහන අනුව යෙදිය හැකි යමක විශේෂය.
තිහිණි, තිහිණු[වි.] තීක්ෂ්ණ.
තිහිරි[වි.] පට; කෞශේය. [නා.ප්‍ර.] තිරීටක හෙවත් රිටි ගසෙහි කෙඳි හෝ පට්ටා; රිටි සුඹුළු.
තිහිරිපක්[නා.ප්‍ර.] පට පණුවන් විසින් තනනු ලබන කෝෂය; කෘමි කෝෂය.
තිහිරිපිළි[නා.ප්‍ර.] පට නූලෙන් වියූ රෙදි; කොසෙය්‍ය වස්ත්‍ර.
තිහේතුක[වි.] අලෝභ, අදෝස, අමෝහ යන කුසල මුල් තුනෙන් යුක්ත වූ.
තිළි[නා.ප්‍ර.] සතුට; සන්තෝෂය.
තිළිණය[නා.] තෑග්ග; ත්‍යාගය; පරිත්‍යාගය.
තිළිය1. [නා.] ඇඳ පුටු ආදිය මත අතුරන පිළිය; ඇතිරිය; ආස්තරණය. 2. [නා.] මෙට්ටය; ගුදිරිය; කූලිච්චම.
තීක්ෂ්ණ1. [වි.] මුවහත්; සියුම්; තියුණු. 2. [වි.] වහා වැටහෙන; විනිවිද දකින; විශාරද; විචක්ෂණ. 3. [වි.] බලවත් තේජසට පත් කළ; ප්‍රබල. 4. [වි.] වේගවත්; ජව සම්පන්න; ශීඝ්‍ර. 5. [වි.] සැර; කටුක; තදබල.
තීන්[නා.ප්‍ර.] තේවල ඇති ශරීරය ප්‍රාණවත් කරන පදාර්ථය.
තීන්තමඩිය[නා.] ඇතැම් ශීර්ෂ පාදිකයන්ගේ ගුදය අසලින් ආහාර මාර්ගයට විවෘත වන තද දුඹුරු පැහැ වර්ණකයක් ස්‍රාවය කරන ග්‍රන්ථිය.
තීන්දුව1. [නා.] යම් ප්‍රශ්නයක් පිළිබඳ අවසාන තීරණය; අවසාන නිගමනය; විනිශ්චය. 2. [නා.] අවසානය; නිමාව.
තීරක ඡන්දය(පාරිභා.) [නා.] අවසාන තීරණය කෙරෙහි බලපාන ඡන්දය; පක්ෂ විපක්ෂ ගණන සමාන වූ කල තීරණයක් දීම සඳහා ගැනෙන අමතර ඡන්දය; තීරණාත්මක ඡන්දය.
තීරක දිවුරුම(පාරිභා.) [නා.] අධිකරණ විනිශ්චය ආදියෙහි දී තීරණයට වහල් වන දිවුරුම; නඩු තීන්දුවට පදනම් කරගන්නා දිවිරීම; තීරණාත්මක සපථය.
තීරකය[නා.] තීරණය කරන්නා හෙවත් තීරකයා විසින් දෙනු ලබන අවසාන විනිශ්චය.
තීරකයා1. [නා.] අවුලකට යොමු වූ කරුණු බේරුම් කරනු සඳහා තීරණය දෙන තැනැත්තා. 2. [නා.] තරග විනිශ්චයකරුවා.
තීරණ ආඥාව[නා.] විනිශ්චය ඇතුළත් නියෝගය; තීන්දු නියෝගය.
තීරණ නීතිය[නා.] ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ පදනම් කරගෙන ඇති වන නීතිය; නීතිය වශයෙන් අනාගතයෙහි වලංගුවන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව.
තීරණ සාක්ෂිය[නා.] තීරණාත්මක නිගමනයකට හෙවත් අවසාන විනිශ්චයකට බැස ගැනීමට උපකාර වන සාක්ෂිය.
තීරණය[නා.] විනිශ්චය; නිගමනය; තීන්දුව.
තීරභූමි[නා.ප්‍ර.] ගංගා ඇළ දොළ ආදි ජලාශ අසල බිම්; ඉවුරු බිම්.
තීරය1. [නා.] මුහුදු ගංගා ඇළ දොළ ආදි ජලාශ දෙපස බිම් තීරුව; ඉවුරු බිම; වෙරළ. 2. [නා.] දාරය; සිහින් දිග පටිය. 3. [නා.] පුවත්පත් පිටු උඩ සිට පහළට වශයෙන් බෙදා ඇති සිහින් දිග පටිය; තීරුව.
තීරලේඛා[නා.ප්‍ර.] ඉවුරු පෙළ; ඉවුරු පන්තිය.
තීර්ථ1. [නා.ප්‍ර.] ගංගා ඇළ දොළ ආදියෙන් එගොඩ මෙගොඩ වන ස්ථානය; තොට; තොටුපළ. 2. [නා.ප්‍ර.] දෙසැට මිථ්‍යා දෘෂ්ටිය. 3. [නා.ප්‍ර.] කෙත; කුඹුර. 4. [නා.ප්‍ර.] ශාස්ත්‍රය. 5. [නා.ප්‍ර.] උපාය. 6. [නා.ප්‍ර.] ඍෂීන් සේවනය කළ ජලය. 7. [නා.ප්‍ර.] (බ්‍රාහ්මණයන්ගේ පාප ප්‍රවාහය කරන) පවිත්‍ර ස්ථානය. 8. [නා.ප්‍ර.] උපාධ්‍යායයා.
තීර්ථංකරයා[නා.] සංසාරයෙන් එතෙරට ගිය බව කියන හෝ සිතන මිථ්‍යා දෘෂ්ටිකයා; ජෛන ශාස්තෘවරයා.
තීර්ථක[වි.] මිථ්‍යා දෘෂ්ටිය ගත්; මිසදිටු.
තීර්ථක පාෂාණ්ඩයා[නා.] තීර්ථක මිථ්‍යාදෘෂ්ටිය වැලඳ ගත් පුද්ගලයා.
තීර්ථක මථනය[නා.] මිථ්‍යා ලබ්ධිය වැලඳ ගත් අය මර්දනය කිරීම; තීර්ථකයන් මැඬලීම.
තීර්ථකයා[නා.] දෙසැට මිථ්‍යා දෘෂ්ටි අතුරෙන් කිසියම් දෘෂ්ටියක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා.
තීර්ථායතනය[නා.] තීර්ථකයන් වසන ආශ්‍රමය; මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ ආරාමය.
තීරිත[වි.] තීරණය කළ; නිගමනයට පැමිණි; තීන්දු කළ.
තීරු ගාස්තුව[නා.] රටකින් රටකට භාණ්ඩ ගෙන ඒමේ දී හෝ යැවීමේ දී රජය හෝ ප්‍රාදේශීය මණ්ඩලයක් විසින් අය කරනු ලබන ගාස්තුව; ආනයන අපනයන සඳහා අය කෙරෙන බද්ද; තීරු බද්ද.
තීරු බද්ද[නා.] ආනයන හා අපනයන සඳහා අය කරනු ලබන ගාස්තුව; තීරු ගාස්තුව.
තීරු විල[නා.] තීරුවක් හෝ පටියක් හෝ ආකාරයෙන් පිහිටි විල.
තීරුව1. [නා.] දික් අතට විහිදෙන හා බිම් කොටස; දිගපටිය. 2. [නා.] අයින; අයිනේ පිහිටි පටිය. 3. [නා.] පුවත්පත් ආදියෙහි පිටු උඩ සිට පහළට වශයෙන් බෙදා ඇති හීන් දිග පටිය. 4. [නා.] තීරු ගාස්තුව.
තීව්‍ර[වි.] තියුණු; කටුක; කර්කශ.
තීෂ්ණාග්නිය[නා.] පිත වැඩිකම නිසා හට ගන්නා අධික බඩගින්න; ජඨරාග්නිය.
තුඟු, තුංග[වි.] උස් වූ; ඉහළට ගිය; උත්තුඞ්ග.
තුච්ඡ වෙනවා[ක්‍රි.] සැහැල්ලු බවට පත් වෙනවා; නිස්සාර වෙනවා.
තුච්ඡපුරුෂයා[නා.] ගුණ ධර්මයන්ගෙන් තොර වූ තැනැත්තා; හිස් තැනැත්තා; මෝඝ පුරුෂයා.
තුට, තුටු[වි.]කැමති වූ; සතුටු වූ; සෑහීමට පත්; සොම්නසින් යුත්.
තුට්ටුව[නා.] පණමකින් හතරෙන් පංගුවක අගයෙන් යුත් පැරණි කාසියක්; සත එකහමාර; කාකිණිය.
තුට්ටුවට යනවා[ක්‍රි.] තත්ත්වය හෝ අගය හෝ ඉතා පහත වැටෙනවා.
තුටු පඬුර[නා.] සතුටින් දෙන දෙය; තෑග්ග; පරිත්‍යාගය.
තුටු පහටු[වි.] ඉතා සතුටු වූ; ප්‍රීති වූ.
තුඩ1. [නා.] කුරුල්ලන්ගේ හොට; පක්ෂීන්ගේ මුඛයෙහි උල් කෙළවර; චංචුව; තුණ්ඩය. 2. [නා.] කට; මුඛය. 3· [නා.] උලක මුදුන; කෙළවර. 4. [නා.] දත; දළය. 5. [නා.] මුහුණ. 6. (පාරිභා.) [නා.] නළයක විවෘත ව ඇති උල් වූ කොන; කෙමිය (=nozzle). 7. [නා.] චාප දෙකක් කැපෙන තැන ඇති වන පොදු ලක්ෂ්‍යය (=cuspidal point). 8. (පාරිභා.) [නා.] එක් කොනකින් ගොඩබිමට සම්බන්ධ වී මුහුදට නෙරා ගිය පටු දික් වැලි හෝ පස් වැටිය; තුඩුව (=spit).
තුඩ තුඩ[ක්‍රි.වි.] මුවක් පාසා; හැමදෙනා අතර කියැවෙන.
තුඩ පහුර[නා.] සපා කෑම වැළැක්වීමට බල්ලන්ගේ හොම්බට දමන මුකවාඩම; මුක්කච්චිය.
තුඩපත, තුඩපොත, තුඩුපොත1. [නා.] සිංහල රාජ සමයෙහි ඉඩමක් හෝ යම් ස්ථානයක අයිතිවාසිකම පවරා රජුන් හෝ රාජකීයයන් විසින් දෙනු ලැබූ තල් පතක ලියූ ඔප්පුව; පූජා කිරීම්, නිරවුල් තීරණ හෝ විනිශ්චය පනත් ඇතුළත් ලියවිල්ල. 2. [නා.] රජුගෙන් ලත් සන්නසක් නැති කල රාජකීය නිලධරයන් විසින් දෙනු ලබන පිටපත.
තුඩවැඩි[වි.] අහංකාර; පුරසාරම් දොඩන; දොඩමලු.
තුඩාව1. [නා.] කණ මීමැස්සන් විසින් සාදනු ලබන මීයේ මුවදොර; කණමීමැස්සන් ඇතුළු වන හා පිටවන සිදුර. 2. [නා.] කම්මල් උදුනේ කට; කම්මලේ ගිනි උදුනේ මුව දොර.
තුඩිය[නා.] මැණික් ගලක පැහැය; මැණික් ඌරුව.
තුඩු කරනවා1. [ක්‍රි.] උල් කරනවා; මුවහත් කරනවා. 2. [ක්‍රි.] යමක් කිරීමට මානනවා; අයථා උපක්‍රම දරනවා.
තුඩු දෙනවා1. [ක්‍රි.] කිසියම් අරමුණක් වෙත ළං කරනවා. 2. [ක්‍රි.] මුහුණත මතු කරනවා; කොන් උඩු අතට හරවනවා. 3. [ක්‍රි.] හේතු වෙනවා. 4. [ක්‍රි.] හොට ළං කරනවා.
තුඩු පුටය[නා.] හොටෙහි තුඩ; හොටය.
තුඩුව1. [නා.] මුහුදට හෝ විලකට හෝ නෙරාගිය බිම් කොටස. 2. (පාරිභා.) [නා.] ඉස්සීම සඳහා හෝ චලනය නවතාලීම සඳහා හෝ යෙදෙන කොටසක පිටට නෙරා ආ කුඩුම්බිය; දිවත.
තුඩුහිරි වියමන(පාරිභා.) [නා.] දෙපසකින් එන හිරි රේඛා දෙකක් එක් තැනක දී හමුව තුඩු සෑදෙන සේ විවීම.
තුණ්ඩ කශේරුකාව[නා.] කොඳු ඇට පෙළෙහි කෙළවර කොටස.
තුණ්ඩ කාටිලේජය[නා.] තුඩක් වැනි කාටිලේජය; තුඩක ආකාරය ඇති සම්බන්ධ පටකය.
තුණ්ඩම[නා.] කෑල්ල; කැබැල්ල.
තුණ්ඩය1. [නා.] කුරුලුහොට; චඤ්චුව. 2. [නා.] ගව ආදින්ගේ හොම්බ. 3. [නා.] කට; මුඛය. 4. [නා.] මුදුරුමැසි ආදින්ගේ දිග තුඩ. 5. [නා.] ගස්වැල් ආදියෙහි උල්වූ නෙරුම.
තුණ්ඩාග්‍රය1. [නා.] මදුරුමැසි පක්ෂි ආදීන්ගේ තුඩෙහි අග. 2. [නා.] තොල් අග.
තුණ්ඩාවාර(පාරිභා.) [නා.ප්‍ර.] පක්ෂි තුඩ තුළ වූ උඩු-යටි හනුවල ඝන ආවරණය.
තුණ්ඩිකාව[නා.] පෙකණිය; නාභිය.
තුණ්ඩිබෙර[නා.ප්‍ර.] මැදින් මහත් වූ දෙකොණ සිහින් බෙර; උණ්ඩි බෙර.
තුණ්ඩිල1. [වි.] කටු සහිත; කටු ඇති; නෙරුණු තුඩක් තිබෙන. 2. [වි.] ඉදිරියට නෙරා ගිය නාභියකින් යුතු. 3. [වි.] ඉතා තදින් කථා කරන; රළු වදන් පවසන.
තුණ්ඩිලයා1. [නා.ප්‍ර.] නෙරුණු නාභියක් ඇත්තා. 2. [නා.ප්‍ර.] රළු ලෙස කථා කරන්නා. 3. [නා.ප්‍ර.] ගිරවා.
තුණ්ඩු අදිනවා(කථා.) [ක්‍රි.] යමක් තීරණය කර ගැනීමට කුසපත් අදිනවා.
තුණ්ඩුව1. [නා.] යම් කිසිවක් සටහන් කළ කුඩා පත්‍ර කැබැල්ල. 2. [නා.] සීට්ටුව; කුසපත.
තුඬැතියා[නා.] කට ඇති තැනැත්තා; මුව ඇත්තා.
තුත්තනාගම්[නා.ප්‍ර.] නිලට හුරු සුදු ලෝහමය මූල ද්‍රව්‍යයක්; සින්ක්.
තුති1. [නා.ප්‍ර.] ප්‍රශංසා කිරීම; ස්තුතිය; ගුණ වර්ණනාව. 2. [නා.ප්‍ර.] කැබලිත්තක් පාදයෙන් විදිමින් කරන ක්‍රීඩාවක්.
තුතු කරනවා[ක්‍රි.] සිහින් කැබලිවලට කඩා බිඳ දමනවා; සුනු විසුනු කරනවා.
තුතුව, තුත්ත1. [නා.] ලෝහ උණු කරන කෝව; උදුන. 2. [නා.] තරාදි තටුව. 3. [නා.] අර්ධ ගෝලාකාර තැටිය. 4. [නා.] හෙණ්ඩුව; කුන්තායුධය.
තුදා කරනවා[ක්‍රි.] අංකුස ආදියෙන් අනිනවා.
තුදු[නා.ප්‍ර.] සිනාව; හාසය.
තුදුර, තුදුරු[නා.ප්‍ර.] දහ හතර; තුදුස.
තුදුස්බත්[නා.බහු.] සඟ බත, උද්දේස බත ආදි භික්ෂූන්ට කැපයැ යි බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ආහාර දාන දහහතර.
තුදුස්වක[නා.] චන්ද්‍ර මාසයක අමාවකින් හෝ පසළොස්වකින් පසු දහහතර වැනි දිනය; පුර පසළොස්වකට හෝ අවපසළොස්වකට පෙර දින.
තුන1. [නා.] එම සංඛ්‍යාව සහ ඉලක්කම. 2. [නා.] යොත; රැහැන; හුය.
තුනටිය[නා.] කොඳු ඇට පෙළ හා උකුළු ඇටය එක් වුණු සන්ධි ස්ථානය.
තුනත්ත, තුනැත්ත[නා.] කුඹුරක නියරවල් තුනක් එක් වන බිම් කණ්ඩිය; තුන් නියරක් එක් වූ මුල්ල.
තුනපහ[නා.ප්‍ර.] ව්‍යඤ්ජන රසවත් කිරීම ආදිය පිණිස යොදන කුළුබඩු මිශ්‍රණය.
තුනවි[නා.ප්‍ර.] ඇඳුම් මහන්නා; සන්නාලියා; තුනහයා.
තුන් අඩිය(කථා.) [නා.] නැටුම් පුහුණුවෙහි තුන්වන හරඹය හෙවත් උඩරට නැටුමෙහි ගොඩ හරඹ දොළහ සහ පා හරඹ දොළහ.
තුන් ඉරියව්ව[නා.] ඉඳීම, සිටීම, සක්මන් කිරීම යන ඉරියවු තුන.
තුන් ඍතුව[නා.] හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුන.
තුන් කුළුඳුල්(කථා ) [වි.] කුලුඳුල් මව්පිය දෙදෙනකුට ද, ඔවුන්ට ලැබෙන කුලුඳුල් දරුවා ද යන කුලුඳුල් තුනක් එක් වූ; තුන්වැනි වරට කුලුඳුල් වූ.
තුන් තිරවුව[නා.] ඇසීමෙන්, දැකීමෙන් හා කිරීමෙන් දැන යමක් නිශ්චය කිරීම.
තුන් තේරවිල්ල1. [නා.] (කථා.) වචන දෙකක අර්ථය වෙන වෙන ගෙන එය ආපසු පද පෙරළි බසින් පැවසූ විට ලැබෙන අර්ථය; තුන් පියවරකින් විසඳිය යුතු ප්‍රහේළිකාව. 2. [නා.] සැඟවුණු අර්ථය ඇති ප්‍රකාශය; යමක් වක්‍රව කීම.
තුන් දණ්ඩය[නා.] කාය දණ්ඩ, වාග් දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙන් ජෛනාගමෙහි දැක්වෙන කර්ම තුන.
තුන් පිටකය[නා.] ප්‍රථම ධර්ම සංගායනාවේ දී බුද්ධ ධර්මය බෙදන ලද විනය, සූත්‍ර, අභිධර්ම යන පිටක තුන.
තුන් භවය[නා.] සත්වයන් උපදනා කාම, රූප, අරූප යන භව තුන.
තුන් මඬුල්ල[නා.] දෙදණ හා නාභිය යන මණ්ඩල තුන.
තුන් වට්ටම(කථා.) [නා.] තුන්වාරය; තුන්විට.
තුන් සිංහලය[නා.] පුරාණ ලංකාවේ වූ රුහුණු, මායා, පිහිටි යන රටවල් තුන.
තුන් සුසිරි[නා.ප්‍ර.] කාය, වාක්, මනඃ යන ත්‍රිවිධ සුචරිතය.
තුන්ඉරි කාරයා[නා.] ලේනා.
තුන්කත[නා.] භාර්යාවන් තිදෙනකු ඇති තැනැත්තා; ශිව දෙවියා.
තුන්කම[නා.] කාය, වාග්, මනෝ යන කර්ම තුන.
තුන්කල1. [නා.] අතීත, වර්තමාන, අනාගත යන කාල තුන. 2. [නා.] හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුන. 3. [නා.] වයස, දිනය, රාත්‍රිය ආදියෙහි මුල මැද අග යන අවස්ථා තුන. 4. [නා.] දන් දීමේ දී පූර්ව, මුඤ්චන, අපර යන චේතනාවල අවස්ථා තුන.
තුන්කැලැති[නා.බහු.] ස්ත්‍රීන්ගේ නාභිය ආසන්න උදර ප්‍රදේශයෙහි පිහිටන රැළි තුන; තෙවලිය.
තුන්කුදය[නා.] දෙදණ, උකුළ, බෙල්ල යන තුන් තැනෙහි නැමීම.
තුන්කුළු[නා.ප්‍ර.] මහමෙර දරා සිටිතැයි සැලකෙන පර්වත තුන.
තුන්කොන[නා.] (ජ්‍යෝති.) දළ කේන්ද්‍රයෙහි නොහොත් තත්කාල කේන්ද්‍රයෙහි කේන්ද්‍රස්ථාන සමඟ සෑදෙන ත්‍රිකෝණ.
තුන්ගිනි[නා.බහු.] සත්ත්වයා පීඩාවට පත් කරන රාග, ද්වේෂ, මෝහ යන ගිනි තුන.
තුන්තරම[නා.] උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක යන තෙළෙස් ධූතාංග පිරීමේ තත්ත්ව තුන.
තුන්තරා බෝධිය[නා.] සියලු කෙලෙසුන් නසා නිවන අවබෝධයට උපයෝගී වන බුදු පසේබුදු, මහරහත් යන තුන් වැදෑරුම් බෝධි.
තුන්තරාගමන1. [නා.] බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ඍද්ධිමතුන්ට පමණක් විශේෂ වූ පොළෝ කිමිද යන ගමන, අහසින් යන ගමන, ප්‍රකෘති ගමන, යන ගමන් ක්‍රම තුන. 2. [නා.] බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි ගමන් තුන.
තුන්තලය1. [නා.] ලෝකතුන; ආකාශතලය, මහීතලය, රසාතලය යන තලත්‍රය. 2. [නා.] දිව්‍ය, මනුෂ්‍ය, නාග යන තුන් ලොව. 3. [නා.] වායු, ජල, පෘථිවි යන ස්තර තුන.
තුන්තැනැන් වහන්සේ[නා.] (ක්‍රිස්ති.) පිතා, පුත්‍ර, ශුද්ධත්ම යන ත්‍රිත්වය.
තුන්තිස් පැය[නා.] සිංහල පැය ගණනින් තිස් පෑ තුන හෙවත් පැය අනු ව වරු තුන; ඉංග්‍රීසි පැය ගණනින් පැය තිස්හය.
තුන්දිභ[නා.ප්‍ර.] නෙරාගිය උදරයක් හෝ නාභියක් හෝ ඇති තැනැත්තා.
තුන්දුමය, තුන්දුමාව, තුන්දුමේ[නා.] එක නටුවේ හට ගන්නා ගෙඩි තුන; මව් ගෙඩිය හා දූ ගෙඩි දෙකක් ඇති පොකුර.
තුන්දොර[නා.] කුසල් අකුසල් සිදුවන කය, වචනය, සිත යන දොරටු තුන.
තුන්දොස1. [නා.] ශරීරගත වාතය, පිත, සෙම යන තුන. 2. [නා.] ලෝභ, ද්වේෂ, මෝහ යන තුන.
තුන්දොස්මල[නා.] සිතෙහි අපිරිසිදු බවට හේතු වන ලෝභ, ද්වේෂ, මෝහ යන තුන.
තුන්න[නා.] ඉදිකටුවෙන් මැසීම.
තුන්නකම්[නා.ප්‍ර.] මැහීම; සන්නාලිකම; සූචිකර්මය.
තුන්නකය[නා.] මහාවිහාර, අභයගිරිය, ජේතවනය යනුවෙන් අනුරාධපුර අවදියෙහි ලංකාවේ පැවති භික්ෂු නිකාය තුන.
තුන්නූරු(කථා.) [වි.] තුන්පට තබා අඹරන ලද; තුන්වෙළුවට ඇඹරූ.
තුන්නෙතකල්[නා.ප්‍ර.] උමාව; පාර්වතිය; ගිරිදුව.
තුන්පත් රැළ(කථා.) [නා.] ඇතා, ඇතින්න, පැටවා යන තුන් දෙනාගෙන් සැදුණු ඇත් පවුල.
තුන්පද්ද[නා.] තුන් නැළිය; පත දොළහ.
තුන්පනත[නා.] තුන් ආකාරය; ත්‍රිවිධ ස්වභාවය.
තුන්පාකය[නා.] මෘදු, මධ්‍ය, බර යනුවෙන් දැක්වෙන පාකය පිසීමේ ක්‍රම තුන.
තුන්බලය[නා.] ගසක අතු තුනකට බෙදි ගිය කරුව; එබඳු කරුවකින් තනා ගත් ආධාරකය.
තුන්බෑ[නා.ප්‍ර.] සහෝදරයින් තිදෙනා.
තුන්බෑජටිල[නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා රහත්ඵල ලැබූ තීර්ථක සහෝදරයන් තිදෙනා වන උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන සහෝදරයින් තිදෙනා.
තුන්බිත්ත[නා.] සහෝදර සහෝදරියන් තිදෙනා.
තුන්බුමු[වි.] තට්ටු තුනකින් යුත්; තුන් මහල්. [නා.ප්‍ර.] නාම, රූප, අරූප යන ත්‍රිවිධ භූමිය.
තුන්බෝධිය[නා.] සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, අරහත්ත බෝධිය යන බෝධි තුන; තුන්තරා බෝධිය.
තුන්භය[නා.ප්‍ර.] දුර්භික්ෂ, රෝග, අමනුෂ්‍ය යන ත්‍රිවිධභය.
තුන්මංසල[නා.ප්‍ර.] මාර්ග තුනක් එක්වන සන්ධිස්ථානය.
තුන්මඟ1. [නා.ප්‍ර.] මාර්ග තුන; ක්‍රම තුන. 2. [නා.ප්‍ර.] ශරීරයෙහි වූ මුඛ, වර්චස්, මූත්‍ර යන මාර්ග තුන.
තුන්මදය[නා.] මද කිපුණු ඇතුන්ගෙන් පිළිවෙළින් අවස්ථා තුනකදී දෙකපෝලය හා කෝෂය යන තුන් තැනින් වැගිරෙන මදය.
තුන්මධුර[නා.ප්‍ර.] මී පැණි, සීනි, ගිතෙල් යන තුන හෝ කුඩාමී, මහමී, දඬුවැල් බෑ මී යන තුන.
තුන්මහා පුරුෂ ලක්ෂණ[නා.ප්‍ර.] ශ්‍රී මුඛය වැසිය හැකි පෘථුල ජිහ්වාව, ඌර්ණරෝම ධාතුව හා කෝසාවහිත අඞ්ගජාතය යන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතර සුවිශේෂ වූ ත්‍රිවිධ පුරුෂ ලක්ෂණ.
තුන්මාල් පේසාව[නා.] ස්තූපයන් වටා පදනමට ආසන්න ව පිහිටි මාලක තුන; පේසාවළලු තුන.
තුන්මුල[නා.] සමූහ තුන; කණ්ඩායම් තුන.
තුන්මෝදර[නා.ප්‍ර.] ගංගා තුනක් හෝ අතු ගංගා තුනක් හෝ එක්වන සන්ධිස්ථානය.
තුන්යම[නා.] ප්‍රථම, මධ්‍යම, පශ්චිම වශයෙන් රාත්‍රිය බෙදෙන කාල පරිච්ඡේද හෙවත් යාම තුන.
තුන්යම් රාත්‍රිය[නා.] සම්පූර්ණ රාත්‍රිය; යාම තුනකින් ම යුතු රාත්‍රිය.
තුන්යල[නා.] තුන් වාරය; තෙවර.
තුන්ලක[නා.] තුන් සිංහලය; රුහුණු, පිහිටි, මායා යන රාජ්‍යයන් තුන.
තුන්ලොව[නා.] තිලොව.
තුන්වට1. [නා.ප්‍ර.] වට තුන; තුන් රවුම. 2. [නා.ප්‍ර.] නැවත නැවත පෙරළෙන කර්ම, ක්ලේශ, විපාක යන තුන.
තුන්වැට සන්ධිය[නා.] තුනටිය; සිරුරෙහි කොඳු ඇටය සහ දෙකකුල් ඇට එක්වන සන්ධිස්ථානය.
තුන්වේල1. [නා.] උදය, දහවල, රාත්‍රිය යන කෑම වේල් තුන. 2. [නා.] උදය, දහවල, රාත්‍රිය යන තුන් වරුව; වරු තුන.
තුන්සංවර්තය[නා.] ගින්නෙන්, ජලයෙන්, වාතයෙන් සිදුවන කල්ප විනාශ තුන.
තුන්සක1. [නා.] රන් සක, රිදී සක, දකුණු සක යන හක්ගෙඩි තුන; සංඛත්‍රය. 2. [නා.] ඇස් තුනක් ඇත්තා; ඊශ්වරයා.
තුන්සණ[නා.ප්‍ර.] කුරගල, කරගල, හණගල යන ආයුධ මුවහත් කිරීමට ගන්නා ගල් වර්ග තුන.
තුන්සිඛය[නා.] පැවිදි උතුමන් විසින් පුරනු ලබන අධිශීල, අධිචිත්ත, අධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාව.
තුන්සිත[නා.] දානාදි කුසල ක්‍රියාවක පූර්ව, මධ්‍යම, අවසාන යන අවස්ථා තුනේ දී බල පැවැත්වෙන තුන් ආකාරවූ සිත.
තුන්සිවුර[නා.] (විනය.) භික්ෂූන් වහන්සේලාට කැප සරුප් ලෙස සැකසූ තනිපට සිවුර, දෙපට සිවුර හා අඳනය යන තුන; අන්තරවාසකය, උත්තරාසංගය, සංඝාටිය යන චීවරත්‍රය.
තුන්හන[නා.ප්‍ර.] ආයුධ මුවහත් තබන වියළි ගල, දිය ගල හා තෙල්ගල යන තුන.
තුන්හුලස්[වි.] දාර තුනක් ඇති; තුන් පැති සහිත.
තුනාකම්[නා.ප්‍ර.] ඇඳුම් මැහීම; සූචිකර්මය.
තුනැඟිල්ල[නා.] අතේ මහපටැඟිල්ල දබරැඟිල්ල හා මැදැඟිල්ල යන ඇඟිලි තුන.
තුනැස[නා.] ඇස් තුනක් ඇති ඊශ්වරයා; තිනෙත්.
තුනැසරුපු[නා.ප්‍ර.] ඊශ්වර දෙවිගේ රුපු හෙවත් සතුරා; අනංගයා; කාමදේවයා; මල්සරා.
තුනැස්[වි.] කොන් තුනක් ඇති; තුන් හුලස්.
තුනැස්ගිරි[නා.ප්‍ර.] ඊශ්වරයා වසන පර්වතය වන කෛලාශය; කෙලෙස් ගිර.
තුනිංචිය, තුනිඤ්චිය, තුනින්චිය1. [නා.] කැමැත්ත; අවසරය. 2. [නා.] සැනසීම; අස්වැසිල්ල. 3. [නා.] කෙළිබඩුව. 4. [නා.] සතුට.
තුනී1. [වි.] ඝනකම නැති; ඝන නොවූ. 2. [වි.] අඩු වූ; අල්ප වූ. 3. [වි.] දැඩි නොවූ; ප්‍රමාණයෙන් අඩු; සැහැල්ලු. 4. [වි.] දියාරු; උකු නැති.
තුනීලෑලි[නා.ප්‍ර.] තුනී ව පතුරු ආකාරයට ඉරූ ලී ස්තර ලෙස දිග අතටත් හරස් අතටත් මාරුවෙන් මාරුවට අලවා නිෂ්පාදනය කරන දැව පුවරු වර්ගය (=plywood).
තුනු1. [වි.] ඝනකමින් අඩු; තුනී. 2. [වි.] තුන් ආකාර. 3. [වි.] උසින් අඩු; මිටි; කුඩා. 4. [වි.] මහතින් අඩු; සිහින්; කෙට්ටු. 1. [නා.ප්‍ර.] කුඩා දෙය; සියුම් දෙය. 2. [නා.ප්‍ර.] ඇඟ; සිරුර. 3. [නා.ප්‍ර.] තුන.
තුනු විල[නා.] සිරුර නමැති විල; ශරීරය නමැති තඩාගය.
තුනුකලල්[නා.ප්‍ර.] තුනී හෝ සිනිඳු මඩ; සියුම් මඩ.
තුනුකෙහට[නා.ප්‍ර.] සිරුර සපා ඉතිරි වන රොඩ්ඩ; ශරීර නැමැති හපය.
තුනුතඹ[නා.ප්‍ර.] ඇටි කුකුළා.
තුනුපල[නා.ප්‍ර.] පියොවුරු; පයෝධර.
තුනුපියුම්පෙති[නා.බහු.] රත්පියුම් මල් පෙති.
තුනුයටිය[නා.] සිහින් සිරුර.
තුනුරුව[නා.] සිරුරෙහි හැඩ රුව; ශරීර ශෝභාව.
තුනුරුවන[නා.] බුද්ධ, ධම්ම, සංඝ යන රත්න තුන; තෙරුවන.
තුනුලිය[නා.] ශරීරය නමැති ලතාව; සිරුර නමැති වැල.
තුනුවඟ1. [නා.ප්‍ර.] සිහින් සිරුර; කෙට්ටු ශරීරය. 2. [නා.ප්‍ර.] ස්ත්‍රී නිමිත්ත; යෝනිය. 3. [නා.ප්‍ර.] සිහින් සිරුරක් ඇත්තී; කාන්තාව. 4. [නා.ප්‍ර.] අනංගයා.
තුනුවට[නා.] බෙල්ල; ගෙල.
තුනුවිය[නා.] කාන්තාව; ස්ත්‍රිය.
තුනුවේදය[නා.] ඍග්, යජුර්, සාම යන තුන් වේදය; ත්‍රිවේදය; වේදත්‍රය.
තුනුසපුව[නා.] දේහ සම්පත්තිය; රූපශ්‍රීය.
තුනුසා[නා.ප්‍ර.] අත; බාහුව.
තුනුහව්ව[නා.] ශරීර ලීලාව.
තුනුහිරු[නා.ප්‍ර.] අනංගයා; මල්සරා.
තුනුහොළ[නා.ප්‍ර.] සිරුර පිළිබඳ දුක.
තුප්පහි සංස්කෘතිය[නා.] සිංහල සංස්කෘතියට නොගැළපෙන හැඩගැසීම; පෘතුගීසි, ලන්දේසි ආදි විජාතීන්ගේ පිළිවෙළ අනු ව සකස් සංකර හැදියාව.
තුප්පහියා1. [නා.] එක් බසකින් කියන දෙය වෙනත් බසකට හරවන්නා; තෝල්කයා. 2. [නා.] ලංකාවේ වසන ඕලන්ද හෝ පෘතුගීසි ජාතියට අයත් තැනැත්තා. 3. [නා.] සිංහල සංස්කෘතියට නොගැළපෙන හැඩගැසීම් ඇත්තා; සංකරයා.
තුප්පිය, තුප්පෙ[නා.] හිස් වැස්ම; තොප්පිය.
තුප්පොට්ටිය1. [නා.] උඩරට රජුන් හා ප්‍රභූන්ගේ පාරම්පරික ඇඳුම; මනා ලෙස මැදින් සන්ධි වන කැබලි දෙකකින් යුත් අටරියන් හෝ දහරියන් සුදු රෙද්ද. 2. [නා.] වර්ණවත් දළ රෙද්දෙන් කළ ඇඳ ඇතිරිල්ල. 3. [නා.] දෙවුර වසා පොරවන තුවාය.
තුමං කරාමය[නා.] තුන් ආකාරයකට විවෘත කළ හැකි කරාමය.
තුම්[වි.] උතුම්; උත්තම.
තුම්බය1. [නා.] මළ සිරුර ගෙන යන දෙණ. 2. [නා.] ථූපය; චෛත්‍යය. 3. [නා.] නැළි හතරක ප්‍රමාණය; කුරුණිය. 4. [නා.] දරු බොක්ක; ගර්භාෂය. 5. [නා.] යටි පැත්ත; පහටිය. 6. [නා.] කයිතාලම් විශේෂයක්; සම්මය. 7. [නා.] තෙල් බඳුන. 8. [නා.] දිය ඇළ.
තුම්බිකා[වි.] බීජාකාර; අණ්ඩාකාර.
තුම්බිකා කවාටය[නා.] මැද කනේ ඇතුළු බිත්තියේ ඇති සිදුරු දෙකෙන් උඩ සිදුර.
තුම්බු(කථා.) [නා.ප්‍ර.] කොහු බත් සහිත පොල්කොහු.
තුමුටු[නි.] වහ වහා; ඉක්මනින්; ලහි ලහියේ.
තුමුල, තුමුල්[වි.] මහත්; විශාල; අධික.
තුඹ1. [නා.ප්‍ර.] ඊයම්. 2. [නා.ප්‍ර.] චෛත්‍යය; ස්තූපය. 3. [නා.ප්‍ර.] එළවළුවක් වශයෙන් ගැනෙන කුඩා ඵලයක් දරන වැලක්.
තුඹපට, තුඹුපට[නා.] තුනී ඊයම් තහඩුව; ඊයම් පට්ටය.
තුඹපත1. [නා.] ඊයම් පත්‍රය; ඊයම් පට්ටය. 2. [නා.] ගැටතුඹ කොළය.
තුඹරම් විහාරය[නා.] ථූපාරාම විහාරය.
තුඹරඹ[නා.] ථූපාරාමය.
තුඹස, තුඹහ, තුඹැස[නා.] වේයන් විසින් මැටියෙන් ගොඩනගනු ලබන වාසස්ථානය; හුඹස; හුඹහ.
තුඹස්දලුව[නා.] වියළී නැති තුඹස් මුදුන; තුඹස මුදුනේ ඇති අලුත් ම කොටස.
තුඹස්බඩ[නා.ප්‍ර.] හුඹහ අසබඩ; තුඹස අසල.
තුඹසුනු[නා.] ඊයම් කුඩු.
තුඹු1. [නා.ප්‍ර.] මොටෙයියා. 2. [නා.ප්‍ර.] එළිවෙන යාමය; අලුයම. 3. [නා.ප්‍ර.] ඊතලය. 4. [නා.ප්‍ර.] මිනී ගෙන යන මැස්ස; දෙණ.
තුඹුපිටි[නා.ප්‍ර.] ඊයම් පිටි; ඊයම් කුඩු.
තුර1. [නා.] ගස; රුක. 2. [නා.] ඇතුළත; මැද. 3. [නා.] අතරතුර; අතරතුර ප්‍රදේශය.
තුරංගුව, තුරන්ගුව[නා.] දඬුවම් පිණිස අත් පා හිර කොට තබන උපකරණය; දඬුකඳ.
තුරග1. [නා.ප්‍ර.] වේගයෙන් යන්නා; අශ්වයා. 2. [නා.ප්‍ර.] රුක් මුදුන.
තුරඞ්ග ශාලාව[නා.] අස්හල; ඉස්තාලය.
තුරඟ අක්ෂාංශ[නා.බහු.] නිරක්ෂයෙන් අංශක තිහක් උතුරින් හා දකුණින් අත්ලන්තික් සාගරයේ පිහිටි නිශ්චල කලාප.
තුරඟ වන්නම, තුරඟා වන්නම[නා.] අසුන්ගේ ගමන් විලාසය නිරූපණය කරන වන්නම.
තුරඟතරග[නා.ප්‍ර.] තරගයට අසුන් ධාවනය කරවීම; අශ්වරේස්.
තුරඟතරග පිටිය[නා.] තරගයට අසුන් ධාවනය කරන පිට්ටනිය; අශ්වරේස් පවත්වන පිට්ටනිය.
තුරඟදෙන[නා.] අශ්වයාගේ ගැහැනු සතා; වෙළඹ; අශ්වධේනුව.
තුරඟා1. [නා.] අශ්වයා. 2. [නා.] ඉෂ්ටානිෂ්ට පද්‍ය බන්ධනයට අයත් අෂ්ටයෝනිවලින් එකක්. 3. [නා.] වන්නම්වල එන දෙතිස් තාලවලින් එකක්. 4. [නා.] අස්විද නැකත. 5. [නා.] ඉඹුල්. 6. [නා.] අමුක්කරා.
තුරත්තිය, තුරිත්තිය[නා.] සමින් තැනූ කට කුඩා භාජනය; සම්පීඩාව; චර්මප්‍රසේවිකාව.
තුරන් කරනවා[ක්‍රි.] ඉවත් කරනවා; අයින් කරනවා.
තුරන්දු[නා.ප්‍ර.] ඉවත් කිරීම; අයින් කිරීම;ඈත්වීම.
තුරල් කරනවා, තූරල් කරනවා[ක්‍රි.] වැස්ස අඩු කරනවා; මඳ කරනවා.
තුරල්, තූරල්[වි.] අඩු; මඳ.
තුරහ[නා.ප්‍ර.] හතුරුකම; එදිරිවාදුකම.
තුරා, තුරු[නි.] තෙක්. [වි.] අධික; වැඩි.
තුරාණ[නා.ප්‍ර.] ලෝක භාෂා ගණයක නාමය; ද්‍රවිඩ භාෂා ගණය.
තුරි[වි.] මුවහ නොවූ; උඩුකුරු.
තුරිච්ච(කථා.) [වි.] දියාරු.
තුරිත[වි.] ඉක්මන්; කඩිසර.
තුරිත චාරිකාව[නා.] බුදුරජාණන් වහන්සේ විසින් දුර සිටින බෝධනෙය්‍ය පුද්ගලයකු දැක ඔහුගේ යහපත සඳහා වඩින ගමන.
තුරිබලය[නා.] (ක්‍රිස්ති.) සුවඳ දුම්කබල; දුම්පෝච්චිය.
තුරිය[නා.] රෙදි වියන යන්ත්‍රයෙහි අවයවයක්; නඩාව.
තුරු1. [නා.ප්‍ර.] ගස; රුක. 2. [නා.ප්‍ර.] තාරකා; තරු. 3. [නා.ප්‍ර.] බෙර දවුල් ආදි තූර්ය භාණ්ඩ. 4. [නා.ප්‍ර.] නාදය. 5. [නා.ප්‍ර.] පක්ෂියා. 6. [නා.ප්‍ර.] සතුට. 7. [නා.ප්‍ර.] පරතරය; අන්තරය. 1. [වි.] උතුරු දෙසට අයත්; උතුරු. 2. [වි.] ඉහළ. 3. [වි.] අධික; අතිශය 4. [වි.] තරණය කළ; එතෙර වූ.
තුරු සළුපට[නා.] උත්තරසාටකය; උඩුකය වැසෙන සේ පොරවන සළුපට.
තුරුගොස[නා.] තූර්ය ඝෝෂාව; සංගීත භාණ්ඩයන්ගෙන් නැගෙන නාදය.
තුරුණු[වි.] තරුණ.
තුරුණුරිවි[නා.] උදය කාලයේ සූර්යයා; ළහිරු.
තුරුණුව1. [නා.] තරුණබව. 2. [නා.] අලුත්දෙය. 3. [නා.] කලල රූපය.
තුරුදෙවියා[නා.] ගසකට අරක් ගත් දේවතාවා; රුක්දෙවියා; වෘක්ෂ දේවයා.
තුරුනා[නා.] හඳ; චන්ද්‍රයා.
තුරුනාඅබරණ[නා.ප්‍ර.] ජටාවෙහි චන්ද්‍රකලාවක් පලඳිතැයි සැලකෙන ඊශ්වර දෙවියා.
තුරුපතර[නා.ප්‍ර.] තාරකා සමූහය; තාරකා රාශිය.
තුරුපති[නා.ප්‍ර.] හඳ; චන්ද්‍රයා.
තුරුපල්[නා.ප්‍ර.] උතුරුපල් නැකත; උත්‍රඵල නැකත.
තුරුපා1. [නා.ප්‍ර.] රුක්මුල; රුප්පය; වෘක්ෂමූලය. 2. [නා.ප්‍ර.] සේවනය.
තුරුපෙත1. [නා.] රුක් පෙළ; වෘක්ෂ පංතිය. 2. [නා.] තරු රැස; තාරකා පංතිය.
තුරුපෙළ1. [නා.] ගස් සමූහය; රුක් පෙළ. 2. [නා.] තාරකා සමූහය; තරු රැස.
තුරුබිජු[නා.ප්‍ර.] තාරකා නමැති බීජ.
තුරුමරු[නා.ප්‍ර.] ගස්කොළ නොවැවෙන බිම; මුඩුබිම.
තුරුමල්[නා.ප්‍ර.] තාරකා නමැති පුෂ්ප; තාරකාමාලා.
තුරුම්පුව, තුරුම්බුව1. [නා.] කඩදාසි කුට්ටමෙන් කරන ක්‍රීඩාවල දී එක් අතක වංශයට අයත් ප්‍රධාන කොළය. 2. [නා.] වාසිය සඳහා ඉදිරිපත් කළ හැකි බලවත් තර්කය. 3. [නා.] ආඩම්බරය; උඩඟුකම.
තුරුමුල[නා.] රුප්පාව; වෘක්ෂමූලය.
තුරුයටිය[නා.] ගසෙහි අත්ත.
තුරුරජ[නා.ප්‍ර.] චන්ද්‍රයා; සඳ.
තුරුරාජ[නා.ප්‍ර.] කල්පවෘක්ෂය; කප්තුර.
තුරුරැව්[නා.ප්‍ර.] බෙර හඬ; තූර්ය නාදය.
තුරුල්ල1. [නා.] ළය පෙදෙස; ඇකය. 2. [නා.] ඉතා කිට්ටු ඇසුර; සමීප ආශ්‍රය.
තුරුලිය1. [නා.ප්‍ර.] ගස් සහ වැල්; වෘක්ෂලතා. 2. [නා.ප්‍ර.] තාරකා සමූහය; තරුවැළ.
තුරුලු කරගන්නවා, තුරුල් කරගන්නවා[ක්‍රි.] ළයට තද කර ගන්නවා; වැලඳ ගන්නවා.
තුරුවැළ[නා.] තරු සමූහය; තාරකාවලිය.
තුරුසා[නා.ප්‍ර.] ගසක අත්ත; වෘක්ෂ ශාඛාව.
තුරුසියපත්[නා.ප්‍ර.] තරු නමැති නෙළුම් මල්; තාරකා නමැති පද්ම.
තුරුසු, තුරුස්[නා.ප්‍ර.] ණය; ඍණය.
තුරුසෙන්[නා.ප්‍ර.] තාරකා සමූහය.
තුරුහිමි[නා.ප්‍ර.] ගස් නමැති ස්වාමියා; වෘක්ෂ නමැති වල්ලභයා.
තුල, තුල්[වි.] සමාන; සදෘශ; එක් බඳු.
තුලන[වි.] සමාන; සදෘශ; තුල්‍ය.
තුලනය1. [නා.] බර කිරීම. 2. [නා.] සසඳා බැලීම. 3. (පාරිභා.) [නා.] අය හා වැය සැසඳීම.
තුලනාත්මක[වි.] සසඳා බැලීම ලක්ෂණ කොට ඇති; සංසන්දනාත්මක.
තුලනාත්මක රූපවිද්‍යාව(පාරිභා.) [නා.] ජීවියකුගේ ජීවය ඉතිහාසයේ කුමන අවස්ථාවක වුවද පවත්නා ජීව ව්‍යුහය හා රූපාකාරය පිළිබඳ ව සන්සන්දනාත්මක ව හැදෑරීම පිළිබඳ ජීව විද්‍යාශය.
තුලනාත්මක වාග්විද්‍යාව[නා.] එක ම ගණයකට අයත් භාෂා දෙකක් හෝ වැඩි ගණනක් වාග්විද්‍යා මූලධර්ම අනු ව සංසන්දනය කොට විමර්ශනය කිරීමේ ක්‍රමය; වාග් විද්‍යාවේ ප්‍රභේදයන්ගෙන් එකක්.
තුලනායතනය[නා.] (ආර්ථි.) වෙනස් බැංකුවලට අයත් චෙක්පත්වල මුදල් මාරුකිරීම් සිදුකරන ආයතනය; නිෂ්කාසනාගාරය.
තුලනාව[නා.] සැසඳීම; සමාන කිරීම.
තුලනිගය[නා.] කපු පුළුන් හෝ ගෝස් රෙදි ආදියෙන් තැනූ ඇබය.
තුල්[වි.] මහා; විශාල; තර; ස්ථූල.
තුල්ල, තුල්1. [වි.] මහා; විශාල; තර. 2. [වි.] සමාන; සදෘශ.
තුල්හිරු[නා.ප්‍ර.] අනංගයා; මල්සරා.
තුල්‍යකරණය[නා.] දත්තයක උපකාරයෙන් අඥාතයක අගය සොයා ගැනීම සඳහා එකින් එක සමාන ලකුණකින් සම්බන්ධ කර සාදා ගනු ලබන ගණිත ප්‍රකාශය; සමීකරණය.
තුල්‍යකුලක(පාරිභා.) [නා.බහු.] සමාන අවයව ඇති කුලක. (=equivalent sets).
තුල්‍යජාතීය[වි.] සමාන ප්‍රභව ඇති; ව්‍යුහය අතින් අනුකූලතාව දක්වන.
තුල්‍යය1. [නා.] වස්තුවක් වෙන වස්තුවක් වැනි යැයි හැඟවීමට භාවිත කරන සංකේතය; සමානබව දැක්වීමේ ලකුණ. 2. [නා.] සමාන වූ දෙය.
තුල්‍යයෝගය1. [නා.] (ව්‍යාක.) එක ම ක්‍රියා පදයකින් ප්‍රකාශ වෙන අසම්බන්ධ පද 'සහ' යන්නෙන් හෝ අව්‍ය පදයකින් හෝ එක්කොට දැක්වීම. 2. [නා.] අසමාන වස්තූන් සමාන කොට දැක්වීම.
තුල්‍යවාදය[නා.] සමානය යන කීම; සමානතාව ගැන ප්‍රකාශ කිරීම.
තුල්‍යාර්ථ[වි.] (ව්‍යාක.) සමාන තේරුම් ඇති; සමාන අර්ථ ඇති.
තුලා කටුව[නා.] තරාදි දණ්ඩෙහි මැද පිහිටි එහි සමතුලනය පෙන්නුම් කරන තුඩ.
තුලා කෝෂ්ඨය[නා.] අවකාශයේ පවත්නා චලනාදිය දැනගැනීමට (ඇතැම් සතුන්ගේ) සිරුරෙහි පවත්නා කෝෂාකාර සංතුලන අවයවය.
තුලා චක්‍රය[නා.] කුඩා ප්‍රමාණයේ ඔරලෝසුවල ගමන් වේගය පාලනය කරන අවයවය.
තුලා දණ්ඩ[නා.ප්‍ර.] තරාදියෙහි තටු දෙක එල්ලා ඇති හරස් කඳ; තරාදි කඳ.
තුලා පත්‍රය(පාරිභා.) [නා.] අයවැය සමකර දක්වන ලේඛනය; ශේෂ ගණන් පත්‍රය.
තුලා භාරය[නා.] යමකුගේ බර හා සම වූ බරින් යුත් වස්තුවෙන් දෙන දානය.
තුලා යෂ්ටිය[නා.] තරාදි කඳ; තරාදි දණ්ඩ.
තුලාකරණය(පාරිභා.) [නා.] ගණන් තැබීමේ දී අයවැය දෙපැත්ත සමබර කිරීම; ශේෂ කිරීම.
තුලාකූට[නා.ප්‍ර.] තරාදියෙන් හොරට බඩු කිරීමෙන් අනුන් රැවටීම.
තුලාදර[නා.ප්‍ර.] රන් ආභරණ සාදන්නා; රන්කරුවා; තරහලුවා.
තුලාධාරය[නා.] තරාදිය; තුලාව; සමබරතාව පදනම් කරගෙන බඩු කිරන උපකරණය.
තුලාධාරයා[නා.] වෙළෙන්දා.
තුලාන1. [නා.ප්‍ර.] ආරච්චි කොට්ඨාසය. 2. [නා.ප්‍ර.] ගම් කොටස; ගම්ගොඩ.
තුලාම්[නා.ප්‍ර.] හරස් බාල්කය; තලාඳ.
තුලාර[නා.ප්‍ර.] රන් කරුවා; ස්වර්ණකාරයා.
තුලාරපිත්[නා.ප්‍ර.] ස්වර්ණකාර පුත්‍රයා; රන්කරු පුතා.
තුලාරූඪ කරනවා[ක්‍රි.] තුලාව නම් ඝාතක යන්ත්‍ර විශේෂය මාර්ගයෙන් එල්ලා මරනවා.
තුලාරෝදය(පාරිභා.) [නා.] තුලා චක්‍රය; දෝලන චක්‍රය (=balance wheel).
තුලාලපය[නා.] සමේ ස්වාභාවික වර්ණයට වෙනස කැපීපෙනෙන සේ පිහිටි, එහෙත් එහි සාමාන්‍ය මට්ටමට වඩා උස් නොවූ කුඩා සලකුණ; තල කැළල.
තුලාව1. [නා.] තරාදිය. 2. [නා.] තරාදිය සංකේතය වශයෙන් යොදනු ලබන රාශි චක්‍රයේ හත්වැනි රාශිය. 3. [නා.] පලම් සියයක බර ප්‍රමාණය. 4. [නා.] තලාඳය. 5. [නා.] ළිඳෙන් වතුර ඇදීමට පාවිච්චි කරන උපකරණය; ආඬියා. 6. [නා.] ළමයින් දෙදෙනකු දෙකොනේ වාඩි වී ඉහළ පහළට පැදිය හැකි වන සේ මැදින් රඳවා පවතින ලෑල්ල; සීසෝ ලෑල්ල. 7. [නා.] ඉතිරි ප්‍රමාණය; ශේෂය. 8. [නා.] උපමා කරනු ලබන්නා; උපමෙය්‍යය.
තුලිකාව1. [නා.] පින්සලය; බුරුසුව; තෙලිකූර. 2. [නා.] කුඩා හරස්කඩක වර්ග ඵලයකින් යුත් සමාන්තර කදම්බය.
තුලිත[වි.] සමාන; තුල්‍ය; සමබර.
තුලිත ක්‍රියාව(පාරිභා.) [නා.] රසායනික සමතුලිතතාව ඇති කරන ක්‍රියාව; ඉදිරි ප්‍රතික්‍රියාව හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාව සමාන ප්‍රවේගයෙන් සිදුවීම.
තුලු, තුලූ[සර්ව.] අර තැනැත්තා; ඔහු; මැය; ඇය; මේ තැනැත්තා.
තුලුණු[වි.] නොමේරූ; ළපටි.
තුලුල[නා.] වැලඳ ගැනීම; ආලිංගනය.
තුවක්කුව[නා.] ලී මිටකින් ද ද පතරොම් දැමීම සඳහා දිග ලෝහ බටයකින් ද යුත් ආයුධය.
තුවට[ක්‍රි.වි.] ඉක්මනින්; ශීඝ්‍රයෙන්.
තුවටුව[නා.] ගෙඩියක හෝ කොළයක නැට්ට.
තුවරලා[නා.ප්‍ර.] සුගන්ධ ද්‍රව්‍යයක්; තගර.
තුවාය[නා.] ඇඟ පිස දැමීමට භාවිත කරන විශේෂ රෙදිකඩ; සාළුව.
තුවාලය1. [නා.] යම් බාහිර හේතුවකින් සිරුරේ පටකවලට හානි වූ තැන; වණය. 2. [නා.] සිතේ වේදනාවෙන් ඇති වන පෑරීම.
තුෂ[නා.ප්‍ර.] දහයියා; වී ආදී ධාන්‍ය වර්ගවල පොතු.
තුෂ ඛණ්ඩනය[නා.] නිෂ්ඵල ප්‍රයත්නය; නිරර්ථක ක්‍රියාව.
තුෂ්ට1. [වි.] තුටු වූ; සතුටු. 2. [වි.] හොබනා; ශෝභන.
තුෂ්ටරවය[නා.] ප්‍රීති ඝෝෂාව; සතුට ප්‍රකාශ කරන නාදය.
තුෂ්ටරුෂ්ටකාලය[නා.] සන්තෝෂයට හෝ ක්‍රෝධයට පැමිණි වෙලාව.
තුෂ්ටිය[නා.] සතුට; සොම්නස.
තුෂ්ණිම්භාවය[නා.] නිහඬ බව; නිශ්ශබ්දභාවය.
තුෂ්ණිම්භූත[වි.] නිහඬ; නිශ්ශබ්ද; කතාවකින් තොර.
තුෂාර අංකය[නා.] තෙත් වාතය සිසිල් කළ විට පිනි බවට ඝනීභවනය වන උෂ්ණත්වය; පිනි අංකය.
තුෂාර කණිකා[නා.ප්‍ර.] පිනිබින්දු.
තුෂාරකර[නා.ප්‍ර.] සඳ; චන්ද්‍රයා.
තුෂිකාව[නා.] තණකොළ මලක ඩිම්බකෝෂ පාදයේ ඇති පටලමය අවයව දෙකෙන් එකක්.
තුස1. [නා.] සතුට; සන්තෝෂය. 2. [නා.] හාල් කුඩු. 3. [නා.] නිවුඩ්ඩ. 4. [නා.] දහයියා.
තුසඹු[නා.ප්‍ර.] නිවුඩු සහිත සහලින් පිසූ බත; නිවුඩු බත.
තුසරසමා[නා.ප්‍ර.] හිම කාලය; හේමන්ත ඍතුව.
තුස්න[වි.] සතුටුදායක; ප්‍රීතිමත්.
තුසිත[වි.] තුසිත දෙව්ලොවට අයත්.
තුසිත දෙව්ලොව[නා.] බෝසත්වරුන් බුදුවීමට පෙර අවසාන ජන්මයේදී උපදිතැයි සැලකෙන සදෙව්ලොවින් සතරවැනි දිව්‍යලෝකය.
තුසිනවා, තුස්නවා[ක්‍රි.] ප්‍රීති වෙනවා; සන්තෝෂ වෙනවා.
තුහින1. [නා.ප්‍ර.] පිනි; තුෂාර. 2. [නා.ප්‍ර.] හිම. 3. [නා.ප්‍ර.] හඳපාන; සඳරැස්.
තුළ[වි.] අතුරන ලද; අතුළ. [නා.] ඇතුළ; අභ්‍යන්තරය.
තුළුල1. [නා.] තුනී වස්ත්‍රය; දුහුල. 2. [නා.] සිනිඳු රෙදි කැබැල්ල; පෙරහන්කඩ. 3. [නා.] සතුට; ප්‍රීතිය. 1. [වි.] මහත; තර. 2. [වි.] බලවත්; බරපතළ. 3. [වි.] දොස් සහිත.
තූණීරය[නා.] දුනු හී බහාලන කොපුව; හියවුර.
තූත්තුකුඩිය1. [නා.] දකුණු ඉන්දියාවේ තිරිනෙල්වෙලි දිස්ත්‍රික්කයට අයත් නගරයක්. 2. (කථා.) [නා.] හරිහැටි නොදත් ඈත ප්‍රදේශය.
තූප්පය[නා.] දෙ පස උස් ව සිටින සේ පීරා සකස් කරන කොණ්ඩා මෝස්තරය.
තූර්යභාණ්ඩ[නා.ප්‍ර.] වාදනය පිණිස යොදාගන්නා වීණා බෙර දවුල් ආදිය.
තූර්යය[නා.] සක්බෙර, වීණා, තාලම් ආදි වාදනය කරනු ලබන භාණ්ඩය; වාද්‍ය භාණ්ඩය.
තූල1. [වි.] තර; මහත; ස්ථූල. 2. [වි.] පටු නොවූ; පළල් වූ. 3. [වි.] බොහෝ වූ; අධික වූ. 1. [නා.] සුදු ඊයම්. 2. [නා.] පුළුන්.
තූල පටකය[නා.] මේද සෛල සම්බන්ධ පටකය; මේද පටකය.
තූලපිහාටු[නා.ප්‍ර.] පක්ෂීන්ගේ ආවරණ පිහාටුවලට යටින් ඇති පුළුන් වැනි පිහාටු.
තූලික, තූලිකා[නා.ප්‍ර.] පුළුන් වර්ග පුරවා සාදාගන්නා කොට්ට මෙට්ට.
තූවර[වි.] රැවුල් නැති; නිකටෙහි රැවුල් නොවැඩූ.
තූෂ්ණික[වි.] නිහඬ; නිශ්ශබ්ද.
තෘණ[නා.ප්‍ර.] තණ; තණකොළ. [වි.] තෘණ වර්ගයට අයත්.
තෘණ විද්‍යාව[නා.] ගස්වැල් ආදි ශාක පිළිබඳ අධ්‍යයන විෂය.
තෘණද්‍රැම[නා.ප්‍ර.] පොල්, තල්, පුවක් ආදි ගස්.
තෘණපුරුෂ[නා.ප්‍ර.] තණ පිදුරු ආදියෙන් සැදූ මිනිස් රුව; පඹයා.
තෘණමණි[නා.ප්‍ර.] නෂ්ට වූ කේතුධර වෘක්ෂ වලින් වෑස්සී පාෂාණිභූත ව ඇති ලාටු වර්ගයක්; ඇම්බර.
තෘණලවය[නා.] තණ පතක් වැනි ඉතා සුළු දෙය; පිදුරු රොඩු කැබැල්ලක් මෙන් සුළු කොට තැකිය යුතු දෙය.
තෘණෝල්කය, තෘණෝල්කාව[තෘණ+උල්ක] [නා.] ගිනි දැල්වීම සඳහා තණවලින් සාදාගන්නා පන්දම; තණ සුළ.
තෘතීය[වි.] තුන්වැනි; තෙවැනි.
තෘතීයක[වි.] සෑම තුන් වැනි දිනයෙහි ම ඇති වන.
තෘතීයා[නා.ප්‍ර.] (ව්‍යාක.) විභක්ති මාලාවේ තුන්වැන්න; තතියා විබත.
තෘතීයික(පාරිභා.) [වි.] තුන්වැනි; තෘතීය.
තෘප්ත[වි.] සෑහීමට පත් වූ; සතුටු වූ; සන්සිඳුණු.
තෘප්තිය1. [නා.] සෑහීම; සතුට. 2. [නා.] ආහාර අරුචිය ඇති කරන රෝගයක්.
තෘෂ්ණාචරිතයා[නා.] රාගයට වහල් ව ගිය හැසිරීම් ඇත්තා: කාමාශාවෙන් පෙළෙන චරිතයක් ඇති පුද්ගලයා.
තෘෂ්ණාචාර[නා.ප්‍ර.] ආශාවට වසඟ ව හැසිරීම; සියලු වස්තුන් කෙරෙහි අධික ආශාවෙන් යුතු බව.
තෘෂ්ණාව1. [නා.] (අභි.) ලෝභය; උපාදානස්කන්ධ සංඛ්‍යාත සත්ත්වයාගේ උත්පත්තියට හේතු වන ලෝභ චෛතසිකය; තණ්හාව. 2. [නා.] පැන් පවස; පිපාසය.
තෙකල[නා.] අතීත, වර්තමාන, අනාගත යන කාල තුන, කාලත්‍රය.
තෙක්1. [නි.] (අවසාන සීමාව ද ඇතුළුව) තුරු; දක්වා. 2. [නි.] තරම්; පමණ.
තෙජ1. [නා.] ගින්න; වහ්නිය; තේජෝධාතුව. 2. [නා.] ප්‍රතාපය; ආනුභාවය; තේජස.
තෙජනවා1. [ක්‍රි.] තර්ජනය කරනවා. 2. [ක්‍රි.] තැති ගන්වනවා; බිය ගන්වනවා.
තෙඩිය, තෙඩියතේට්ටම්[නා.ප්‍ර.] (නීති.) තේසවලමායි නීතියට අනු ව, අඹු සැමියන් විසින් තමන්ගේ විවාහය බලපවත්නා කාලය තුළ මිලයට ගන්නා ලද දේපළ.
තෙඩියම(කථා.) [නා.] අලසබව; කම්මැළිකම; කුසීත බව.
තෙණ්ඩිප්පුව(කථා.) [නා.] මහන්සිය; තෙහෙට්ටුව; වෙහෙස.
තෙත මාත්තුව[නා.] තෙත් ගතිය උරා ගන්නට සැලැස්වීම; තෙත සිඳුවීම.
තෙතබරි(කථා.) [වි.] අධික ලෙස තෙත් වූ; තෙතමනයෙන් බර වූ.
තෙතමනය1. [නා.] ජලයෙන් හෝ වෙනත් ද්‍රවයකින් තෙමුණු ගතිය; ආර්ද්‍රතාව. 2. [නා.] සිතෙහි මොළොක්බව; අනුකම්පා සහගතබව.
තෙත්1. [වි.] ජලයෙන් හෝ වෙනත් ද්‍රවයකින් තෙමුණු; ආර්ද්‍ර. 2. [වි.] කරුණාවන්ත; මුදු මොළොක්.
තෙත් කනවා[ක්‍රි.] තෙතමනය ඇද ගන්නවා; තෙත් වෙනවා.
තෙත් කලාපය[නා.] අවුරුද්දේ වැඩි කලක් වැසි පවත්නා පෙදෙස; වර්ෂා කලාපය.
තෙත් කැටීම(පාරිභා.) [නා.] ඇඹරුණු නූලක් නූල් රාමුවට ඉහළින් ඇති උණුසුම් ජලය සහිත ඇලියක් ඔස්සේ යවා මැලියම් මෘදු කිරීමෙන් සිනිඳුබවට පත් කිරීමේ ක්‍රමය.
තෙත් බහිනවා1. [ක්‍රි.] තෙත්ගතිය ඇති වෙනවා. 2. [ක්‍රි.] සිහින් සිදුරු අතරින් දිය වෑහෙනවා; දිය කාන්දු වෙනවා.
තෙත්තා[නා.] හිතේ මුදු මොළොක් ගතිය ඇත්තා; කරුණාවන්තයා.
තෙත්තියඟ(කථා.) [නා.] අං කෙළියේදී අඟේ බැම්ම තදවීමට ගසන කූඤ්ඤය.
තෙත්තියන් කරනවා, තේතියම් කරනවා(කථා.) [ක්‍රි.] කිසියම් වැඩක් නුවමනා තරම් ප්‍රමාද කරනවා; නොසැලකිලිමත් ලෙස කරනවා.
තෙත්තියම1. [නා.] කියතේ දැතිවල තුඩු එකක් හැර එකක් මාරුවෙන් මාරුවට වමට සහ දකුණට මඳක් නැමී තිබෙන ලෙස සකස් කිරීම. 2. [නා.] චාටුබස; ප්‍රයෝගය.
තෙත්තුව[නා.] අකීකරුකම.
තෙද1. [නා.] කිසිවක පවත්නා උණුසුම් ගතිය; පැසවීමේ ශක්තිය; අග්නිය. 2. [නා.] දිලිසෙන ස්වභාවය; කාන්තිය. 3. [නා.] තේජස; ප්‍රතාපය; බලපරාක්‍රමය. 4. [නා.] ජීවබලය; ජීව ශක්තිය. 5. [නා.] ශුක්‍ර ධාතුව.
තෙද කළඹ[නා.] තේජස් කදම්බය; තේජස් කලාපය.
තෙදකර[නා.ප්‍ර.] හිරු; සූර්යයා.
තෙදකි[නා.ප්‍ර.] බලය හීනවීම; ප්‍රතාපය අඩුවීම.
තෙදග[නා.ප්‍ර.] ගින්නට සම වූ ප්‍රතාපය; තේජාග්නිය.
තෙදණ[නා.ප්‍ර.] තෙදබලයෙන් යුතු ආඥාව; තේජාඥාව.
තෙදබල[නා.ප්‍ර.] ප්‍රතාපයෙහි ප්‍රබලතාව; තේජෝබලය. [වි.] ආනුභාවසම්පන්න; ප්‍රතාපවත්.
තෙදිය[නා.] ස්වර්ග, මර්ත්‍ය, පාතාල යන තුන්ලොව; තිලොව.
තෙන1. [නා.] තැන; ස්ථානය. 2. [නා.] කාලය; අවධිය. 3. [නා.] තනතුර; පදවිය. 4. [නා.] පුතා; පුත්‍රයා. 5. [නා.] තන; පියයුරු. 6. [නා.] ඊශ්වරයා.
තෙන තනතුර[නා.] තමාගේ දූ දරුවකු නොවූවත් ඒ ආකාරයෙන් පිළිගනු ලැබීමේ තත්ත්වය; පුත්‍ර පදවිය.
තෙනනවා[ක්‍රි.] සොරකම් කරනවා; සොරා ගන්නවා.
තෙනයන[තෙ+නයන] [නා.ප්‍ර.] (ඇස් තුනක් ඇත්තා) මහ දෙවියා; ඊශ්වරයා.
තෙනයනසතුරු[නා.ප්‍ර.] ඊශ්වරයාගේ සතුරා; අනංගයා.
තෙන්මිරි(කථා.) [වි.] කම්මැළි; කුසීත.
තෙනා[නා.] හොරා.
තෙනා ගන්නවා[ක්‍රි.] හොරකම් කර ගන්නවා; සොරා ගන්නවා.
තෙනැත්තා[නා.ප්‍ර.] පුද්ගලයා; තැනැත්තා.
තෙනැන්නැහේ[නා.] උසස් තනතුරකට පත් පුද්ගලයා; ඨානාන්තරලාභියා.
තෙනෙත්[නා.] ඊශ්වරයා; මෙහෙසුරු.
තෙපර බානවා[ක්‍රි.] ළත වෙවී ඉන්නවා; පමාවෙමින් සූදානම් වෙනවා.
තෙපල, තෙපුල[නා.] වචනය; වදන; කියමන.
තෙපලනවා[ක්‍රි.] කියනවා; පවසනවා; ප්‍රකාශ කරනවා.
තෙප්ප කුට්ටිය[නා.] (ධීව.) කුඹ ගස සවි කිරීම සඳහා ඔරුවෙහි සවිකර ඇති කුහරය සහිත දැවකඩ.
තෙප්පකුළම, තෙප්පුකුළම[නා.] වැවකට වඩා ප්‍රමාණයෙන් කුඩා වූ ජලාශය; වතුර රඳා සිටින විශාල වළ.
තෙප්පම[නා.] කලපුවල සහ නොගැඹුරු මුහුදේ මසුන් මැරීම සඳහා සැහැල්ලු ලීකොට තුනහතරක් එක් කොට සාදාගනු ලබන යාත්‍රා විශේෂය.
තෙප්පින්න[නා.] පොළොව හෑරීම ආදිය සඳහා කෙළවරක් උල් කර සාදාගත් ලීය; ලී උල.
තෙප්පිරැට්ටිය(කථා.) [නා.] යමක් කිරීමට ඇති මැළිකම; සැලකිල්ලට නොගැනීම.
තෙප්පුල1. [නා.] කෙළවරක් උල් කර සාදාගත් ලීය; ලී උල. 2. [නා.] ඉන්න; හරක් බඳින කණුව.
තෙප්ල1. [නා.] තෙපල. 2. [නා.] හෙල්ල; තෙබ.
තෙපාව1. [නා.] පාද තුනක් සහිත ආධාරකය; විශේෂයෙන් ඉඩම් මැනීමේදී භාවිත කෙරෙන තියොඩලයිට්ටුව, කැමරාව ආදි උපකරණ තබන පාද එහා මෙයා කොට අවශ්‍ය පරිදි එක් තලයකට සකස් කරගත හැකි ඇකිළිය හැකි කකුල් තුනකින් යුත් ආධාරයකය. 2. [නා.] පිලිස්සීම සඳහා පෝරනුවෙහි ඇහිරීමේ දී පිඟන් මැටි භාණ්ඩ රඳවා තබන අවයවය.
තෙපුල් දෙනවා1. [ක්‍රි.] කියනවා; බස් දෙනවා. 2. [ක්‍රි.] මෘදු ලී ආදිය මඳක් නැමී පවතිනවා; උස් පාත් වෙනවා. 3. [ක්‍රි.] බෙහෙත් පොට්ටනි ආදිය ඇස පිට හෙමින් තබා ඔබ ඔබ ගන්නවා. 4. [ක්‍රි.] ඇස ඇද ගන්නවා.
තෙබ[නා.ප්‍ර.] හෙල්ල.
තෙබිඩි[වි.] තුනට බෙදුණු; තුනට පැළුණු.
තෙබුමු1. [වි.] කාම, රූප, අරූප යන භූමිත්‍රයට අයත් වූ. 2. [වි.] මහල් තුනකින් යුත්.
තෙමඟුල[නා.] බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවන්පෑම යන මංගල්‍ය තුන.
තෙමඬුලු[නා.බහු.] දණදෙක හා නාභිය යන ස්ථාන තුන; ත්‍රිමණ්ඩලය.
තෙමනවා1. [ක්‍රි.] ජලය ආදි ද්‍රවයකින් තෙත් කරනවා; පොඟවනවා. 2. [ක්‍රි.] මූත්‍ර කරනවා. 3. [ක්‍රි.] මොළොක් කරනවා; මෘදු කරනවා. 4. [ක්‍රි.] ස්තුති කරනවා; ප්‍රශංසා කරනවා.
තෙමර, තෙමරි, තෙමැරි, තෙමෙර, තෙමෙරි[වි.] අලස; කම්මැළි; සෝමාරි; නිදිබර.
තෙමරි ගන්නවා(කථා.) [ක්‍රි.] දුබල වෙනවා; අඩපණ වෙනවා; අප්‍රාණික වෙනවා.
තෙම්පට්ටු වෙනවා(කථා.) [ක්‍රි.] වෙහෙසට පත්වෙනවා; විඩාවට පැමිණෙනවා.
තෙම්පරාදුව, තෙම්ප්‍රාදුව[නා.] ව්‍යඤ්ජන රස කර ගැනීමට රතු ලූනු කරපිංචා ආදි ද්‍රව්‍ය රත් වූ තෙල් ස්වල්පයකට දමා රන්වන් පැහැය වන තුරු බැද, පිසින ලද ව්‍යඤ්ජනයට දමා සකස් කර ගැනීම; කර කළ තෙලේ දමා ව්‍යංජන රස ගැන්වීම.
තෙමී[නා.ප්‍ර.] මධු ධාරා තුන; ඇතුන් ගේ දෙකපෝලය හා කෝෂය යන තුන් තැනින් වෑහෙන මදය.
තෙඹිරිය(කථා.) [නා.] කම්මැළි ගතිය; අලසකම.
තෙර1. [නා.ප්‍ර.] උපසම්පදා වී අවුරුදු දහයක් සම්පූර්ණ කළ භික්ෂුනම; ස්ථවිර. 2. [නා.ප්‍ර.] තවුසා; තාපසයා. 3. [නා.ප්‍ර.] වැඩිහිටියා; මහල්ලා. 4. [නා.ප්‍ර.] ඉවුර; වෙරළ. 5. [නා.ප්‍ර.] කෙළවර; ඉම.
තෙරපනවා1. [ක්‍රි.] මඬිනවා; මිරිකනවා. 2. [ක්‍රි.] යම් පැත්තකට වැරෙන් තල්ලු කරනවා.
තෙරපරපුර[නා.ප්‍ර.] මිහිඳු මහරහතන් වහන්සේගෙන් පැවත එන ථේරවාදී භික්ෂු පරම්පරාව; ස්ථවීර පරම්පරාව; අනුරපුර මහා විහාර භික්ෂු පරපුර.
තෙරපුම් මෝල[නා.] ලණු, කඹ කම්බි ආදියෙකින් බඳනා ලද්දක් තව තවත් තද කිරීමට පාවිච්චි කරන ලී හෝ ලෝහ දඬු කැබෙල්ල.
තෙල1. [නා.] ඇතැම් ශාකවල ගෙඩි ඇට කොළ පොතු ආදියෙන් සිඳ ගන්නා වූ ද ජලයට වඩා සැහැල්ලු වූ ද රසායනික වශයෙන් කාබනික සංයුතියකින් යුත් ද්‍රව්‍යයක්. 2. [නා.] සතුන්ගේ මස් කිරි ආදියේ අඩංගු මේදය. 3. (කථා.) [නා.] ඉන්ධන ලෙස භාවිත වන ඛනිජ තෙල. 4. [නා.] ශරීරයේ අධික ක්‍රියාකාරී ශක්තිය; දාංගලය. 5. (කථා.) [නා.] මත්පැන්. 1. [සර්ව.] ඔහු; ඒ තැනැත්තා. 2. [සර්ව.]මොහු; මේ තැනැත්තා. 1. [වි.] ඈතින් පෙනෙන; අර. 2. [වි.] ඉදිරියෙහි තිබෙන; ඔය.
තෙල් ආකරය[නා.] ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා පොළොව ගැබ කැන තැනූ මහා පතලය; ඛනිජ තෙල් උපදවා ගනු ලබන ස්ථානය.
තෙල් කඩදාසිය[නා.] දිය නොඋරන සේ හෝ විනිවිද පෙනෙන සේ තෙලෙහි පොඟවා සාදනු ලබන කඩදාසි විශේෂය.
තෙල් කරමත(කථා.) [නා.] තරුණ බව නිසා ඇති වන අහංකාරය; තරුණ බව නිසා ඇති වන උඩඟුව; තරුණ මදය; යෞවන මදය.
තෙල් ගල[නා.] දැළිපිහියා, නියන්, යතුතල වැනි ආයුධ තෙල් යොදා මුවාත් තබන ගල.
තෙල් ගහනවා1. [ක්‍රි.] ඇතුළට කා වදින සේ තෙල් ආලේප කරනවා. 2. (කථා.) [ක්‍රි.] වාහන සඳහා ඉන්ධන යොදනවා. 3. [ක්‍රි.] කෘෂිකාර්මික කටයුතුවලදී කෘමිනාශක වල්නාශක ආදිය යන්ත්‍ර මගින් ඉසිනවා. 4. [ක්‍රි.] මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා රසායනික දියර ඉසිනවා.
තෙල් මතුරනවා[ක්‍රි.] යක්ෂ භූතාදින් ගෙන් වැලඳෙන රෝග නිවාරණය සඳහා තෙරුවන් ගුණ ආදිය මුල් කොට තෙල් ජීවම් කරනවා.
තෙල් වළල්ල[නා.] එන්ජිමක් ක්‍රියා කරන විට දී සිලින්ඩර බිත්තිවලින් වැඩිපුර තෙල් සූරාලීම සඳහා පිස්ටනයට සවි කොට ඇති ලෝහ වළල්ල.
තෙල් වෑල්වය(පාරිභා.) [නා.] යන්ත්‍රාදියෙහි තෙල් එක් දිශාවකට පමණක් යා හැකි සේ සවිකළ කපාටය; තෙල් කපාටය.
තෙල් සණ[නා.] දැළිපිහියාදිය, මුවහත් තියන තෙල්ගල.
තෙල් සායම[නා.] තෙලෙන් දිය කර ගන්නා සායම; තෙල් මිශ්‍ර තීන්ත වර්ගය (=oil paint).
තෙල් හැන්ද(කථා.) [නා.] තෙලෙන් බැඳ කැවිලි සෑදීමේ දී ඊට උපයෝගී කරගන්නා සිදුරු සහිත ලෝහමය හැන්ද.
තෙල් ළිඳ[නා.] තෙල් ලබා ගැනීමට හාරනු ලබන ගැඹුරු ආවාටය; තෙල් ආකරය.
තෙල්තැටිය[නා.] රසකැවිලි තැනීමට ගන්නා තෙල් දැමූ බඳුන; තාච්චිය.
තෙල්දෙණ1. [නා.] තෙල් වත්කළ මංජුසාව. 2. [නා.] මෝටර් රථ එන්ජිමක දඟර කඳ කුටීරය යට සවි කොට ඇති ස්නේහනය සඳහා යෙදවෙන තෙල් ගබඩාවක් මෙන් ක්‍රියා කරන තෙල් තැටිය (=oil sump).
තෙල්බූ1. [නා.ප්‍ර.] කැරපොත්තා. 2. [නා.ප්‍ර.] තෙල් කුහුඹියා. 3. [නා.ප්‍ර.] ගෝනුස්සා.
තෙල්මේ[නා.ප්‍ර.] දෙවොල් නැටුම් විශේෂයක්; මෙය දෙවියන් උදෙසා දක්වන නෘත්‍ය කාණ්ඩයකි; තොවිල්වලට අයත් ප්‍රධාන නාට්‍යාංගයකි.
තෙල්ල[නා.] සිතුවම් අඳින කූර; තෙලිකූර.
තෙල්වළ1. [නා.] සිතුවම් අඳින කූර; තෙලිකූර. 2. [නා.] තෙලොළුව.
තෙල්ශල්ක[නා.ප්‍ර.] අවසාදනයෙන් සැදුණු මැටි පාෂාණවලින් එකක්.
තෙල්සාත්තුව[නා.] ඇතැම් රෝග සුව කිරීමට තෙල් මතුරා ගෙල වට හා මුහුණේ ගෑම.
තෙලි1. [නා.ප්‍ර.] සිතුවම් අඳින කූර; පින්සල; තුලිකාව. 2. [නා.ප්‍ර.] සිතුවමක් සිටින දරා ද්‍රව්‍යය. 3. [නා.ප්‍ර.] මත්ස්‍යයෙක්. 4. [නා.ප්‍ර.] රන්රිදී බඩු සාදන්නා. 1. [වි.] තෙල් ඇති; තෙල් සහිත. 2. [වි.] තෙල් කැමැති. 3. [වි.] තල් ගසින් උපන්.
තෙලි කූර1. [නා.] සිතුවම් කිරීමේදී භාවිත කරන උපකරණයක්; පින්සලය. 2. (කථා.) [නා.] පුස් කොළවල රූල් අඳින කටුව.
තෙලික, තෙලිකා, තෙල්කා[නා.] අත් තෙල් සිඳීමේ දී තෙල් බේරාගත් පසු හට්ටියේ පතුලේ ගන ව බැඳී ඉතිරි වන තෙල් බොර.
තෙලිකම1. [නා.] පින්සලෙන් ඇඳීම. 2. [නා.] ඉස්සාගේ ගැහැනු සතාගේ අවසාන චරපාද යුගල අතර පිහිටි වටකුරු මධ්‍යස්ථ උදරීය සිදුරක් සහිත වූ අවයවය.
තෙලිඟු, තෙලුගු[නා.ප්‍ර.] දකුණු ඉන්දියාවේ වාසය කරන ජන කොට්ඨාසයක් හඳුන්වන නාමය සහ ඔවුන්ගේ භාෂාව.
තෙලිජ්ජ[නා.] පොල්, කිතුල් වැනි ගස්වල මල මේරීමට පෙර තැළීමෙන් ලබා ගන්නා ප්ලෝයම් යුෂය; තෙලිදිය; මීරා.
තෙලෙන් කනවා(කථා.) [ක්‍රි.] සැපවත් ජීවිතයක් ගත කරනවා; සුඛෝපභෝගී ජිවිතයක් ගත කරනවා.
තෙලෙන් දිවුරනවා(කථා.) [ක්‍රි.] පැරණි දිවුරුම් ක්‍රමයක්; නඩුවක් විභාග කිරීමේ දී කකියන තෙල් භාජනයකට අත දමා තමා සත්‍යය ප්‍රකාශ කරන බව දිවුරා ප්‍රකාශ කරනවා.
තෙලොළුව[නා.] ළදරුවන්ගේ හිස් මුදුනේ පිහිටි එබෙනසුලු ස්ථානය; තෙල්වළ.
තෙවට1. [නා.] තුන්වර; අවස්ථා තුන. 2. [නා.] සත්ත්වයා නැවත නැවත ඉපදීමට හේතු වන කර්ම, විපාක, ක්ලේශ යන කරුණු තුන.
තෙවණක් පිරිස[නා.] දෙව්, මිනිස්, අසුර යන තුන් පිරිස.
තෙවළා දහම[නා.] සූත්‍ර , විනය අභිධර්ම යන පිටක තුන; ත්‍රිපිටකය; පිටකත්‍රය.
තෙවැනි බලය[නා.] සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ම තුන් වරක් ගුණ වීමෙන් ලැබෙන ඵලය; තුන් වැනි බලය.
තෙවුනවා, තෙව්නවා[ක්‍රි.] බබළනවා; දීප්තිමත් වෙනවා.
තෙවුම්[නා.] ස්තුතිය; තුතිය.
තෙස[නා.] තැතිගන්නාසුලුබව.
තෙසක්[නා.ප්‍ර.] ඇස් තුනක් ඇත්තා; ඊශ්වරයා; මහේශ්වරයා.
තෙසර1. [නා.ප්‍ර.] තුන් ආකාර යහපත් හැසිරීම; ලෝකාර්ථ චර්යා, ඥාත්‍යර්ථ චර්යා; බුද්ධි චර්යා යන ත්‍රිවිධ චර්යාව. 2. [නා.ප්‍ර.] සංගීතයේ ඇති ත්‍රිවිධ ස්වරය; හීන, මධ්‍යම, උත්තම යනුවෙන් හෝ මන්ද්‍ර, මධ්‍ය, තාර යනුවෙන් හෝ ප්‍රභේද තුනක් ඇති ස්වරය. 3. [නා.ප්‍ර.] හිමාලයේ පිහිටියේයැයි බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන අනවතප්ත, කුණාල, ඡද්දන්ත යන මහවිල් තුන.
තෙස්තමේන්තුව1. [නා.] කෙනෙකු විසින් සිය චංචල හා නිශ්චල දේපළ තමාගෙන් පසු ව කාට කෙසේ අයත් විය යුතු ද යන්න දැක්වෙන නීත්‍යනුකූල ලියවිල්ල; අන්තිම කැමැත්ත දක්වන ඔප්පුව. 2. (ක්‍රිස්ති.) [නා.] බයිබලයේ පරණ හෝ අලුත් යනුවෙන් බෙදී ඇති කොටස; ගිවිසුම.
තෙසු[වි.] සෙසු; වෙනත්; අවශේෂ.
තෙහෙට්ටුව(කථා.) [නා.] විඩාව; වෙහෙස.
තෙළෙස[නා.] දහතුන.
තෙළෙස්දුවඟ[නා.ප්‍ර.] කෙලෙස් තුනී කිරීම සඳහා පුරන තවුස් දම් දහතුන; පාංශුකූලික අඞ්ගය, තේචීවරික°, පිණ්ඩපාතික°, සපදානචාරික°, ඒකාසනික°, පත්තපිණ්ඩික° ආදි තෙළෙස් ධුතාඞ්ග.
තෙළෙස්වක[නා.] චන්ද්‍රයාගේ පුර අව දෙපක්ෂයෙහි දහතුන් වැනි තිථිය.
තේචීවරික[වි.] තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය යන තුන් සිවුරු පමණක් දරන.
තේජ[වි.] තෙදවන්ත; ප්‍රතාපවත්; ආනුභාව සම්පන්න.
තේජනය1. [නා.] ආනුභාව; ප්‍රකාශය. 2. [නා.] මුවහත් කිරීම. 3. [නා.] ඊය; හීය.
තේජස1. [නා.] කිසිවක පවත්නා උණුසුම් ස්වභාවය; ගින්න; අග්නිය; තේජෝධාතුව. 2. [නා.] දිලිසෙන ගතිය; ආනුභාවය. 3. [නා.] ජීව ශක්තිය.
තේජස්වී[වි.] ආනුභාව ඇති; තෙදින් යුත්.
තේජාංශු[නා.ප්‍ර.] තේජ ගතිය ඇති කිරණ; එක්ස් කිරණ.
තේජෝ[වි.] රශ්මියෙන් යුතු තාප ශක්තිය ඇති. [නා.ප්‍ර.] ගින්න; අග්නිය.
තේජෝ ධාතුව1. [නා.] ශීත උෂ්ණ ස්වභාවය. 2. [නා.] ගින්න; අග්නිය.
තේට්ටන්(කථා.) [නා.ප්‍ර.] හිංසාව; පීඩාව; හිරිහැරය.
තේඩාව[නා.] සිහින් දිග කඹය.
තේත්තම්[නා.ප්‍ර.] උපස්ථානය; උවටැන; සාත්තුව.
තේන්1. [නා.ප්‍ර.] තේ කොළවල ඇති උත්තේජන පදාර්ථය. 2. [නා.ප්‍ර.] මීපැණි.
තේන්දය, තෑන්ද1. [නා.] ඇඳක උඩුවියන. 2. [නා.] ගැල් අඹරාව.
තේමාව1. [නා.] මාතෘකාව; විෂයය. 2. [නා.] ප්‍රකෘතිය; ධාතුව.
තේරවිල්ල[නා.] සැගවුණු අරුත් ඇති කියමන; ප්‍රහේළිකාව.
තේරස[නා.ප්‍ර.] දහතුන; තෙළෙස.
තේරීම් කාරක සභාව සභාව[නා.] පාර්ලිමේන්තු සභා වාරයක දී මතුවන විශේෂ කරුණක් පිළිබඳව පරික්ෂා කොට වාර්තා කිරීමට පාර්ලිමේන්තුව මගින් පත් කෙරෙන විශේෂ කාරක සභාව.
තේරීම්භාර නිලධාරියා[නා.] ඡන්ද විමසීම් හා ඡන්දයෙන් අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු භාර නිලධාරියා; මැතිවරණ නිලධාරියා.
තේරෙනවා[ක්‍රි.] වැටහෙනවා; අවබෝධ වෙනවා.
තේවය[නා.] ආගමික ස්ථානවල කරනු ලබන පූජා වත්පිළිවෙත්; තේවාව.
තේසවලමායි, තේසවලමෙයි[නා.ප්‍ර.] යාපන අර්ධද්වීපයේ ද්‍රවිඩ ජනයාගේ පාරම්පරික සිරිත් විරිත් අනු ව පිළියෙල වූ නීතිමාලාව.
තෛරොක්සින්[නා.ප්‍ර.] තෛයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිකුත්වන හෝමෝනය.
තෛරොයිඩ් ග්‍රන්ථිය[නා.] කොඳු ඇට සහිත සතුන්ගේ (උගුරේ ශ්වාසනාලයේ) ගෙලෙහි පිහිටා ඇති අන්තරාස්‍රාවී ග්‍රන්ථිය.
තෛල ග්‍රන්ථිය1. (පාරිභා.) [නා.] චර්මයෙහි කෝරියාව තුළ කේශදෘතිකාවලට සම්බන්ධ වී පිහිටි ස්නේහස්‍රාවී පොකුරු ග්‍රන්ථිවලින් එකක්. 2. තෙල් ස්‍රාවය සඳහා පක්ෂීන්ගේ පෙඳය මුල පිහිටි ග්‍රන්ථියක්.
තෛලය1. [නා.] ඇට, ගෙඩි, කොළ, පොතු වර්ග හා කිරි වර්ගවලින් සිඳ ගන්නා තෙල්. 2. [නා.] ඖෂධ මිශ්‍ර කොට විවිධ රෝගාබාධ සඳහා තනා ගන්නා තෙල්. 3. [නා.] සත්ත්ව ශරීරයේ ඇති තෙල; මේදය
තෛලහාරකය[නා.] (පාරිභා.) යාන්ත්‍රික කොටස් ආදියෙහි බැඳෙන ග්‍රීස් සහ ආගන්තුක ද්‍රව්‍ය වාෂ්පිකෘත හෝ අන් ද්‍රාවණ මගින් පවිත්‍රීකරණය සඳහා යොදන යන්ත්‍රය.
තෛලෝදය(පාරිභා.) [නා.] එකට මිශ්‍ර නොවන ද්‍රව දෙකක් එකට කැලතීමෙන් ලැබෙන අපකිරණ පද්ධතිය; එමල්ෂන්.
තෛෂ[නා.ප්‍ර.] දෙසැම්බර් ජනවාරි මාස දෙකට ඇතුළත් වන චන්ද්‍ර මාසය; දුරුතු මස.
තො කෙළිය, තෝ කෙළිය[නා.] දියකෙළිය; ජල ක්‍රීඩාව.
තො පෙට්ටිය[නා.] කුරුල්ලන්ගේ වාසය සඳහා තබන දහයියා ආදිය දැමූ පක්ෂි කූඩු විශේෂයක්.
තො, තෝ[සර්ව.] ‘ත’ ශබ්දයෙහි ප්‍රථමා විභක්ති ඒකවචන රූපය. 1. [නා.ප්‍ර.] වියෙහි පොත්ත; වී පොත්ත; දහයියා. 2. [නා.ප්‍ර.] දිය; කොය.
තොංගල, තොන්ගල(කථා.) [නා.] කොන; කෙළවර; අග්ගිස්ස.
තොක[නා.ප්‍ර.] ගස්වැල් ආදියෙහි පොත්ත; සුඹුල; සිවිය.
තොකන්දුව, තොකොන්දුව[නා.] හදිස්සිය; කරදරය; ඇබැද්දිය.
තොග වෙළෙන්දා[නා.] විශාල ප්‍රමාණ වශයෙන් බඩු විකුණන්නා; තොග වශයෙන් වෙළඳ ද්‍රව්‍ය අලෙවි කරන්නා.
තොගය[නා.] ඒකකයක් වශයෙන් සැලකෙන රාශිය; (එක් කොට සලකනු ලබන) ගොඩ.
තොච්චි කරනවා(කථා.) [ක්‍රි.] මදිපුංචිකම් කරනවා; සුළු කොට සලකනවා; හෙළා දකිනවා.
තොට1. [නා.] ගං හෝ මුහුද ආදි ජල තලාවකින් එගොඩ වන ස්ථානය; තොටුපළ; තීර්ථය. 2. [නා.] යාත්‍රා නවත්වන ස්ථානය; නැව්තොට; වරාය. 3. [නා.] ගඟක් මුහුදට වැටෙන ස්ථානය; මෝය. 4. [නා.] (නෑම, රෙදි සේදීම, දිය ගැනීම ආදිය සඳහා) දියට බසින ස්ථානය. 5. [නා.] වර; වාරය; වතාව.
තොට්ටම(කථා.) [නා.] වන මැද පිහිටි එළිමහන් හිස් බිම.
තොට්ටමුරය, තොට්ටමුරේ(කථා.) [නා.] විපත; වැරදීම; අබග්ගය.
තොටියා[නා.] තොටුපළේ දී ඔරුපාරු මගින් ජනයා එතෙර මෙතෙර කරන්නා.
තොටිල්ල[නා.] ළදරුවන් නිදි කරවනු සඳහා (එල්ලා) පැද්දිය හැකි ලෙස සෑදූ කුඩා කොටු යහන; ළදරුවන් නළවා නිදි කරවන පැද්දෙන කුඩා ඇඳ.
තොටු නැව(පාරිභා.) [නා.] මගීන්, භාණ්ඩ, රථවාහන ආදිය ජලතලයකින් එගොඩ මෙගොඩ කිරීම සඳහා යොදන ධූම යාත්‍රාව (=ferry steamer).
තොටු මළුව(පාරිභා.) [නා.] නැව්වල බඩු බෑමත් පැටවීමත් පහසු කරනු සඳහා නැව්තොටෙහි ඉදිකර ඇති ඉවුරු බැම්ම; ජැටිය.
තොටුව1. [නා.] දිය කඩකට බැස එගොඩ මෙගොඩ වන තැන; පාදියමංකඩ. 2. [නා.] ලියැද්දක වතුර රඳා සිටින තැන.
තොටුවා[නා.] (බුද්ධ ශාසනයෙන් බැහැර) මිථ්‍යාදෘෂ්ටියක් පිළිගෙන පැවිදි වූ තැනැත්තා; තීර්ථකයා.
තොඩොත්තු කරනවා(කථා.) [ක්‍රි.] (හරකුන්ගේ) නාස් ලණුව කරපටියට අල්ලා තදින් බඳිනවා.
තොණ්ඩුව, තාංඩුව1. [නා.] ඇදීමේදී හිරවන ආකාරයෙන් ලණු, කඹ ආදියෙන් තනා ගන්නා පුඩු රැහැනින් තැනූ වළල්ල. 2. [නා.] සතුන් ඇල්ලීම ආදිය සඳහා වළල්ලක් සේ සාදාගත් උගුල; මලපුඩුව; මන්ද.
තොත්ත1. [නා.] අනින ආයුධයක්; හෙල්ල; තෙබ. 2. [නා.] පලිහ. [වි.] සිඟිති; ළදරු.
තොත්තනවා1. (කථා.) [ක්‍රි.] යම් කාරියක් හරියාකාර ව නොකර යන්තමින් කරනවා; ඕනෑවට එපාවට කරනවා. 2. [ක්‍රි.] බැම්මක් බුරුලට බඳිනවා; යන්තමට ගැට ගසනවා.
තොත්තුව[නා.] හාද්ද; සිඹීම; චුම්බනය.
තොන්ගු1. [නා.ප්‍ර.] එල්බ සිටීම; ආලම්බක ව සිටීම; තනි පයින් සිටීම. 2. [නා.ප්‍ර.] ඉක්මන්වීම; කලබලවීම; කුලප්පුවීම. 3. [නා.ප්‍ර.] පරලවීම; ආවේශවීම.
තොඳොල්[වි.] (වචන සම්බන්ධයෙන් යෙදේ) සුරතල්; බොළඳ.
තොප්පාරම[නා.] හිස් වෙළුම; ජටාව; තලප්පාව; උඩරට රදළවරුන්ගේ හිස්වැස්ම.
තොප්පිය1. [නා.] හිස් වෙළුම; ජටාව; නළල් පට. 2. [නා.] හිස් වැස්ම; ශීර්ෂාවරණය.
තොමනයා[නා.] අදක්ෂයා; මෝඩයා.
තොමරි(කථා.) (උඩ.) [වි.] සෝමාරි; අලස; කම්මැළි.
තොම්බ[නා.] නාසය හා දෙතොල් ඇතුළු මුඛයේ ඉදිරි කොටස; හොම්බ.
තොය, තෝ[නා.] දිය; ජලය; වතුර.
තොර[නා.ප්‍ර.] අවසානය; කෙළවර; සමාප්තිය. [වි.] වෙනස්; විශේෂ.
තොරණ1. [නා.ප්‍ර.] දොරටුව; බිහිදොර; වාසල. 2. [නා.ප්‍ර.] මාර්ගයක් හරහා නොහොත් විවෘත ස්ථානයක මල්, ඵල ආදිය යොදා හෝ ජාතක කථා චිත්‍රයට නංවා විදුලි ආලෝක ආදිය ඇසුරින් අලංකාර ව ඉදි කරනු ලබන නිර්මාණය; ගෙඩිගෙය. 3. [නා.ප්‍ර.] වෙසක් පොසොන් ආදි පොහෝදිනවලදී බුද්ධ චරිතය හෝ ජාතක කතා මුල් කොට විචිත්‍රවත් චිත්‍රකර්මාන්ත හා විදුලි බුබුලින් අලංකෘත සැරසිල්ල.
තොරතුර1. [නා.] ආරංචිය; ප්‍රවෘත්තිය. 2. [නා.] ඉඩ ප්‍රස්තාව; අවකාශය; අවස්ථාව. 3. [නා.] මිට. 4. [නා.] මිටින් දෙන පහර. [නා.ප්‍ර.] ප්‍රවෘත්තිය; ආරංචිය; විස්තරය.
තොරතුරු තාක්ෂණය[නා.] පරිගණක තාක්ෂණය මගින් හා අන්තර්ජාලය ඇසුරින් තොරතුරු ලබා ගැනීම.
තොරතෝංචිය(කථා.) [නා.] නැවතීම; අවකාශය; විරාමය.
තොරපනය, තොරපනේ[නා.] තවු විඳින වඩු උපකරණයක්; දුනු බුරුමය.
තොරොට්ටුව(කථා.) [නා.] රැවටීම; වංචාව; කපටිකම.
තොරොත්තාව[නා.] සෑහීම; තෘප්තිය.
තොරොම්බල්[නා.ප්‍ර.] ගෙන් ගෙට ගොස විකුණන වටිනාකමින් අඩු වෙළඳ බඩු; මණිබඩු.
තොල[නා.] දන්තාවරණ මස් පිඬුව; අධරය.
තොල බිඳිනවා[ක්‍රි.] (නැතැයි යනු හැඟවීමට) තොල පෙරළා දක්වනවා.
තොල මතුරනවා, තොල් මතුරනවා[ක්‍රි.] නොපැහැදිලි ලෙස පහත් හඬින් යමක් කියනවා; මුමුණනවා.
තොලිල[නා.] ජීවනෝපාය සඳහා කරන ශිල්ප කර්මාන්තය; වෘත්තිය; රක්ෂාව.
තොලිලැදුරු[තොලිල්+ඇදුරු] [නා.ප්‍ර.] රන් රිදී ආදි ශිල්ප කර්මාන්තයෙහි නිපුණ තැනැත්තා; ශිල්පාචාර්යා.
තොලු දෙනවා[ක්‍රි.] (මුව ගව ආදි සතුන්) තොලින් යමක් ස්පර්ශ කරනවා; කනවා හෝ ඉඹ බලනවා.
තොලු පත[නා.] දෙතොල් පෙදෙස; හොම්බ.
තොලුකන1. [නා.] එල්බෙනාකාර කන. 2. [නා.] යම්කිසිවක අග කෙළවර; අග්ගිස්ස.
තොලුගානවා[ක්‍රි.] (මුව ගව ආදි සතුන්) තණකොළ ආදිය හෙමින් කඩාගෙන කනවා; උළාකනවා.
තොලුව1. [නා.] පිස්ටන් වළලු කුලවල ඉදිරියට නෙරූ කොටස. 2. [නා.] (ප්‍ර.යෙදේ) ගව, ඌරු ආදි සතුන්ගේ මුවෙහි ඉදිරියට දික් ව පිහිටා ඇති දෙතලු කෙළවර. 3. [නා.] වැල්වල ලියලමින් ඇදෙන දලුව; කරටිය.
තොලොංචි වෙනවා[නා.] තුරන් වෙනවා; දුරු වෙනවා; ඉවත් වෙනවා; නොපෙනී යනවා.
තොවිලය1. [නා.] අමනුෂ්‍ය උපද්‍රව දුරලීම සඳහා කරන ශාන්ති කර්මය; දෙවියන් ද යකුන් ද පුදනු සඳහා කරන නැටුම. 2. [නා.] මෙහෙය.
තොස1. [නා.ප්‍ර.] සතුට; සන්තෝෂය. 2. [නා.ප්‍ර.] තුස; දහයියා; වී පොතු.
තොහනවා[ක්‍රි.] සතුටු කරනවා; තුති කරනවා.
තොහල්[නා.ප්‍ර.] කුඩය; ජත්‍රය.
තෝ[සර්ව.] ඔබ; නුඹ (විශේෂයෙන් අය තත්ත්වයෙන පහත සම්බන්ධයෙන් යෙදේ). 1. [නා.ප්‍ර.] ජලය; වතුර. 2. [නා.ප්‍ර.] වියෙහි පොත්ත; දහයියා. 3. [නා.ප්‍ර.] වාරය; වතාව. 4. [නා.ප්‍ර.] කොටස; පංගුව. 5. [නා.ප්‍ර.] කෑඳැත්තා.
තෝං ලණුව, තෝන් ලණුව[නා.] ගොනා මහෙයවන ලණුව; කරත්තය බැඳි ගොනාගේ නාස් ලණුවට සම්බන්ධ කොට රියදුරා අත රඳවා ඇති ලණුව.
තෝං, තෝන්[නා.ප්‍ර.] සූදූ ක්‍රීඩාවට සහභාගී වන්නන්ගෙන් අය කරන ගාස්තුව; සූදූ ගාස්තුව.
තෝංගු පනිනවා(කථා.) [ක්‍රි.] බළලුන්, රිළවුන් ආදි සතුන්, අත හෝ පොල්ලක් වෙතට උඩින් පනිනවා.
තෝංචිය1. [නා.] පරක්කුව; ප්‍රමාදය. 2. [නා.] නැවැත්ම; අවකාශය.
තෝක[නා.] අඩුබව; ඌනත්වය.
තෝටාව1. [නා.] පතරොම. 2. [නා.] පතරොම් තුවක්කුව.
තෝඩුව1. [නා.] කර්ණාභරණය. 2. [නා.] ලඹ දෙන පැද්දෙන සැරසිල්ල.
තෝණ්ඩිය[නා.] ළිඳකින් වතුර අදින උපකරණය; ආඬියා.
තෝත්තරය[නා.] (දෙවියන් යකුන් ප්‍රභූන් ආදින් වෙත කෙරෙන) ස්තුති ගීතිකාව; ප්‍රශස්තිය; ස්තෝත්‍රය.
තෝත්‍රය[නා.] ඇතුන් හසුරුවන කටුව; හෙණ්ඩුව; අංකුශය.
තෝතැන්න1. [නා.] ගසක් වටේ දිය රැඳවීම සඳහා තැනූ පහත් කවාකාර කණ්ඩිය; ආලවාලය. 2. [නා.] බීජ රෝපණය සඳහා උස් කොට සකස් කළ බිම; පාත්තිය. 3. [නා.] යම් අදහසක් හෝ කාර්යයක් වෙත ආරම්භය සැලසූ පරිසරය. 4. [නා.] ජලතලාව.
තෝදනය[නා.] වේදනාව; පීඩාව.
තෝන් පටි[නා.ප්‍ර.] අශ්වයකු මෙහෙයවීමට රියදුරු අතෙහි රඳවා ගන්නා කටකලියාවට සම්බන්ධ කළ පටිය.
තෝන්තු[වි.] ප්‍රබෝධවත් ගතියෙන් තොර; මලානික; දුක්මුසු; ශෝකී.
තෝන්තුව1. [නා.] සිහි නැති වීම; විසංඥ වීම. 2. [නා.] සිහි මුළා ගතිය; ක්ලාන්ත ස්වභාවය. 3. [නා.] ඔල්මාද ගතිය; විකාර ස්වභාවය.
තෝනිය[නා.] යාත්‍රා විශේෂයක්; ඔරුව.
තෝමරය[නා.] දිගු මිටක් ඇති තනි සූචියකින් යුතු අනින ආයුධය.
තෝමරාංකුශය[නා.] හෙණ්ඩුව; අකුස්ස.
තෝමස්පතුරු(පාරිභා.) [නා.ප්‍ර.] ශරීර හන්දි කැඩුණු බිඳුණු අවස්ථාවලදී එහි තබා වෙලීම සඳහා උපයෝගී කොට ගනු ලබන ලෝහමය පතුරු.
තෝම්බුව1. [නා.] පුද්ගල හා ආයතන සතු ඉඩකඩම් වතුපිටි පිළිබඳ විස්තර සටහන් කළ ලේඛනය. 2. [නා.] පුද්ගලයකුගේ පෙළපත්, පවුල්, උප්පැන්න, විවාහ මරණ ආදි විස්තර ඇතුළත් වන සේ සකස් කළ ලේඛනය. 3. [නා.] ජාතිය, ජන්මය පිළිබඳ වගතුග.
තෝයද1. [නා.ප්‍ර.] වැහි වලාකුළ. 2. [නා.ප්‍ර.] ගිතෙල්.
තෝරතය[නා.] (නීති.) පෞද්ගලික වරද; සිවිල් වරද.
තෝරනවා1. [ක්‍රි.] රාශියකින් හෙවත් ගොඩකින් යමක් වෙන් කර ගන්නවා; වර්ග කරනවා. 2. [ක්‍රි.] ගැටලු ස්වභාවය විසඳනවා; අර්ථ දක්වනවා.
තෝරමල්ලි[නා.ප්‍ර.] මැණික් ගල් වර්ගයක නාමය; මෙය කහ, පලා, පැණි, සුදු, කනක වශයෙන් පාට අනුව පස් වර්ගයකි.
තෝරයිට්(පාරිභා.) [නා.ප්‍ර.] තෝරියම් සිලිකේට් අඩංගු වූත්, කහ සහ තද දුඹුරු අතර පාටකින් යුක්ත වූත් ඛනිජයකි.
තෝරා[නා.] ආහාර වශයෙන් බෙහෙවින් අගය කොට සැලකෙන මූදු මත්ස්‍ය වර්ගයක්.
තෝරියම්(පාරිභා.) [නා.ප්‍ර.] විකිරණශීලී මූල ද්‍රව්‍යයක්.
තෝලන(පාරිභා.) [වි.] ඔබ-මොබ පැද්දෙන; සමබරතාව පවත්වන.
තෝල්කමුදලි[නා.ප්‍ර.] උසාවි ආදියේ භාෂා පරිවර්තනයෙහි යෙදෙන නිලධාරියා.
තෝෂණ[නා.ප්‍ර.] සතුටු කිරීම; ප්‍රීතියට පත් කිරීම.
ත’මයන විද්‍යාව[නා.] තප්ත වස්තුවක් තුළින් ඉලෙක්ට්‍රෝන විමෝචනය වීමත් ඒවායේ හැසිරීමත් ඒවා පාලනය කිරීමත් පිළිබඳ විද්‍යාව.
ත’මෝමීටරය, තර්මෝ මීටරය, තර්මෝමීටරය[නා.] උෂ්ණත්වමානය.
ත’මෝස් ප්ලාස්කුව, තමෝස් ප්ලාස්කුව[නා.] බහාලන ලද කිසියම් ද්‍රව්‍යයක හෝ ද්‍රවයක උෂ්ණත්වය රඳවා ගැනීම සඳහා පිළියෙල කොට ඇති බෝතල විශේෂයක්; උණුවතුර බෝතලය (=thermos flask).
ථද්ධ[වි.] මිශ්‍ර සිංහල හෝඩියේ අක්‍ෂර පටිපාටියේ හතළිස් වැනි අකුර; තද; දැඩි.
ථද්ධමානය[නා.] තමා පමණකට වඩා උසස් කොට සලකා ගන්නා දැඩි මානය.
ථනය1. [නා.ප්‍ර.] තනය; ස්තනය; පියයුර. 2. [නා.ප්‍ර.] තනකිරි; මව්කිරි.
ථම්භය1. [නා.] සිතෙහි ඇතිවන අනුන්ගේ අවවාදවලට නොනැමෙන ස්වභාවය. 2. [නා.] ටැඹ; ස්තම්භය; කණුව.
ථල[නා.ප්‍ර.] ජලයෙන් බැහැර භූමි ප්‍රදේශය; ගොඩබිම.
ථලට්ඨ[වි.] ගොඩ බිම හට ගන්නා; ගොඩ පිහිටි; තලාටු.
ථවිකාව[නා.] පාත්‍ර ආදිය බහාලන උරය; පසුම්බිය; මල්ල.
ථාමය[නා.] ශක්තිය; මානසික ශක්තිය; චෛතසික බලය.
ථාලි[නා.ප්‍ර.] තලිය; තැටිය.
ථාවර[වි.] ස්ථිර; ස්ථාවර; ජංගම නොවන. [නා.ප්‍ර.] (විනය.) සත්ව ඝාතනය සඳහා සතුන් යනෙන මාර්ගවල බොරු වළවල් තැනීම, ළිං පොකුණු ආදියෙහි වස බහාලීම් ආදි වශයෙන් කරනු ලබන ස්ථාවර ප්‍රයෝගය.
ථිනමිද්ධය[නා.] අරමුණු ගැනීම පිළිබඳ ව සිතෙහි මැළි ගතිය හා කයේ මැලි බව; අකර්මණ්‍ය භාවය.
ථීනය[නා.] අරමුණු ගැනීමේ දී සිතෙහි මැළිබව.
ථීර[වි.] නොසැලෙන; ස්ථිර; අචල.
ථුති[නා.ප්‍ර.] ස්තුතිය; ප්‍රශංසාව.
ථුල්ල කුමාරිකාව[නා.] විවාහ නොවී දෙමාපියන්ගේ ගෙදර ම තුරුණු විය පසු කළ කාන්තාව.
ථුල්ල, ථූල1. [වි.] මහත; තර; ස්ථූල. 2. [වි.] බලවත්; බැරෑරුම්; භාරධූර; බරපතළ.
ථුස[නා.] වී පොතු; දහයියා.
ථූපඝර[නා.ප්‍ර.] දාගැබක ආරක්ෂාව හා ආවරණය පිණිස ඒ වටා කළ ගෙය; චේතිය ඝර.
ථූපය1. [නා.] බුදු, පසේබුදු, රහත්, සක්විති යන සිවු ගණයට අයත් උතුමන්ගේ ධාතු නිදන් කොට ගොඩ නඟන ලද දාගැබ; ස්තූපය. 2. [නා.] වේයන් ආදි සතුන් විසින් ගොඩලන පස් ගොඩ; තුඹස.
ථූපිකාව[නා.] ස්තූපයක කැරැල්ල මුදුනෙහි හෝ ප්‍රාසාදාදියක මුදුනෙහි පිහිටි ශෘඞ්ගාකාර කොටස; කොත.
ථූපීකත[වි.] මුවවිට ඉක්මවා පිරුණු; මුදුන් වන සේ පිරුණු.
ථෙය්‍ය[වි.] සොර; හොර.
ථෙය්‍ය පරිභෝගය[නා.] (විනය.) දුසිල් ව සිට විචාරාදි සිව්පසය ප්‍රයෝජනයට ගැනීම.
ථෙය්‍යාවහාරය[නා.] (විනය.)වංචා සිතින් අන් සතු යමක් තමන් සතු කර ගැනීම.
ථේර[නා.ප්‍ර.] උපසම්පදා වී දස වසක් සම්පූර්ණ වූ භික්ෂුව.
ථේරගාථා[නා.ප්‍ර.] රහත් තෙරවරුන් විසින් ප්‍රකාශ කරන ලද උදාන ගාථා; එම ගාථා සංග්‍රහ කොට සකස් කළ ඛුද්ධක නිකායේ කොටස.
ථේරවාදය[නා.] පළමුවන ධර්ම සංගායනාවේ දී ස්ථවිරයන් වහන්සේලා විසින් සකස් කරන ලද බුද්ධ දේශනාව; ස්ථවිරවාදි ත්‍රිපිටක බුද්ධ ධර්මය.
ථෝක[වි.] ටික; අල්ප; ස්වල්ප.
ථෝමනය[නා.] පැසසුම; ස්තුතිය; ගුණකථනය.
ථෝමිත[වි.] ස්තුති කරන ලද; ප්‍රශංසා කරන ලද.
1. මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ හතළිස් එක් වැනි අකුර සහ විසිදෙවැනි ව්‍යඤ්ජනාක්ෂරය; “ත” වර්ගයේ තුන්වැනි අකුර. 2. [නි.] සමුච්චයාර්ථය, අවධාරණාර්ථය, ප්‍රශ්නාර්ථය යන අර්ථවල යෙදේ. 3. [නි.] (සමාසයක පසුපද වශයෙන් යෙදේ) දෙන්නා; දායකයා.
ද අරුත් සමස්[නා.ප්‍ර.] (ව්‍යාක.) ද-කාරාර්ථ සමාසය; ද නිපාතයෙන් සම්බන්ධ විය යුතු පද එක් පදයක් වන සේ ගැළපෙන සමාසය.
දංකුඩ, දංකොඩ, දම්කුඩ[නා.ප්‍ර.] බත් සැළියේ අඩියේ බැඳී රොස් වී කළු පැහැ වූ බත් කොටස; දඹු හෙවත් දැවුණු කොටස.
දංශනය[නා.] (මදුරුවන් ආදි සතුන්) විදීම; දෂ්ට කිරීම.
දංශය(පාරිභා.) [නා.] (මීමැසි ආදින්ගේ) විත; අනින තුඩ; දළය.
දංශයා[නා.] දෂ්ට කොට ලේ බොන මැස්සා; පිඟුවන් මැස්සා.
දංෂ්ට්‍රාව1. [නා.] දත; විශේෂයෙන් බුදුරදුන්ගේ දළදාව. 2. [නා.] උල් වූ මහ දත; දළය. 3. [නා.] හකුවල ඉදිරි දත් හතර; දෙපස වූ උල් හතරෙන් ඕනෑම එකක්; දඩයම් දත; රදනකය.
දක[නා.ප්‍ර.] දිය; ජලය; උදකය.
දක සෝතය[නා.] ස්ත්‍රී නිමිත්ත.
දකපතිය[නා.] ගොවියන් ලබා ගත් දියවර සඳහා වැව් හිමියාට පුරාණයේ දී ගෙවූ බද්ද.
දක්කනවා1. [ක්‍රි.] දකින්නට සලස්වනවා; පෙන්නුම් කරනවා; ඉදිරිපත් කරනවා; ප්‍රදර්ශනය කරනවා. 2. [ක්‍රි.] ගවාදි සතුන් හෝ අදින රිය හෝ ගමන් කරවනවා; සතුන්ගේ හෝ රියවල ගමන මෙහෙයවනවා; ඉදිරියට යවනවා. 3. [ක්‍රි.] තමන්ට රිසි පරිදි අනිකකු ලවා ක්‍රියා කරවනවා; අනිකකුගේ ක්‍රියාමාර්ගය මෙහෙයවනවා.
දක්ඛිණ, දක්ෂිණ[වි.] දකුණු; උතුරට ප්‍රතිමුඛ.
දක්ඛිණාව[නා.] දක්ෂිණාව.
දක්ඛිණාවත්ත[නා.] දක්ෂිණාවර්ත.
දක්ඛිණෙය්‍ය, දක්ෂිණෙය්‍ය[වි.] දක්ෂිණාව ලැබීමට සුදුසු; චීවරාදි සිවුපසය ලැබීමට සුදුසු.
දක්න පේනුව[නා.] මෝටර් එන්ජිමේ කාබියුරේටරයේ කොටසක්; ඉන්ධන තෙල් මට්ටම බලාගැනීමේ සිදුරේ ඇබය.
දක්නපතය[නා.] අණු දක්නයේ කාචයෙන් පිරික්සා බැලෙන වස්තුව තැන්පත් කොට තබා ගැනීම සඳහා කාචයට යටින් සවි කොට ඇති තළිය.
දක්නාසුල්ලා[දක්නා+සුලු+ආ] [නා.] දැකීමේ ශක්තිය ඇත්තා; දක්නා ස්වභාව ඇත්තා; දැකීමේ පුරුද්ද ඇත්තා.
දක්නාසුලු[වි.] දැකීමේ ස්වභාව ඇති; දර්ශනශීලි.
දක්ෂ[වි.] යම්කිසි කාර්යයක හපන්කම් ඇති; මහත් හැකියාවෙන් යුක්ත; සපන්; සමර්ථ; ශූර; නිපුණ.
දක්ෂපක්ෂ[වි.] දක්ෂ; හැකියාවක් සහිත; හපන්; සමර්ථ.
දක්ෂිණ[වි.] දකුණු.
දක්ෂිණ අක්ෂාංශය[නා.] පෘථිවි කක්ෂයේ සමකයෙන් දකුණු කොටසේ පිහිටි අක්ෂාංශ; දක්ෂිණාක්ෂය.
දක්ෂිණ ධ්‍රැවය[නා.] පෘථිවි කක්ෂයේ අක්ෂ දෙකෙන් දකුණෙහි පිහිටි අක්ෂය; පෘථිවියේ දකුණු කොන.
දක්ෂිණ බුද්ධාගම[නා.] ලංකා, සියම්, බුරුම ආදි දකුණු ආසියානු රටවල පැතිර ඇති ථේරවාද බුද්ධ ධර්මය.
දක්ෂිණ සංඛය[නා.] දකුණට කරකැවුණු හක්ගෙඩිය; දකුණු සක.
දක්ෂිණ සාගරය1. [නා.] මහාමේරු පර්වතයට දකුණින් පිහිටා ඇතැයි සලකනු ලබන කල්පිත සාගරය. 2. [නා.] දක්ෂිණ ධ්‍රැවය වටා ඇති සාගරය; ඇන්ටාක්ටිකාව හාත්පස පිහිටි සාගරය.
දක්ෂිණාක්ෂ[නා.බහු.] පෘථිවියේ නිරක්ෂයට දකුණින් පිහිටි අර්ධ ගෝලයේ නිරක්ෂය හා සමාන්තරව විහිදෙන අක්ෂාංශ වෘත්ත.
දක්ෂිණායනය[නා.] සූර්යයා නිරක්ෂ රේඛාවෙන් දකුණට බර ව යන කල්පිත ගමන; ඒ ගමන් වීථිය; එසේ ගමන් කරන කාලසීමාව.
දක්ෂිණාර්ධ ගෝලය[දක්ෂිණ+අර්ධ ගෝලය] [නා.] පෘථිවි ගෝලයේ නිරක්ෂ රේඛාවට දකුණින් පිහිටි අර්ධය.
දක්ෂිණාර්හ[වි.] දානය පිළිගැනීමට සුදුසු.
දක්ෂිණාලෝකය[නා.] පෘථිවියේ දකුණු ධ්‍රැවාසන්න ඉහළ අහසේ දක්නට ලැබෙන අත්‍යලංකාර රතු - කොළ පැහැ ආලෝකධාරා සංසිද්ධියක්.
දක්ෂිණාව, දක්ඛිණාව1. [නා.] දන් දෙන වස්තුව; පිදීමට සුදුසු දාන වස්තුව. 2. [නා.] දානය; පූජාව; භික්ෂූන් වහන්සේලාට දෙන දානය.
දක්ෂිණාවර්ත, දක්ඛිණාවත්ත[වි.] දකුණට කරකැවුණු; දකුණට හැරුණු.
දක්ෂිණාවර්තශංඛය[වි.] දකුණට හැරුණු හක්ගෙඩිය.
දක්ෂිණෙය්‍ය[වි.] දක්ඛිණෙය්‍ය.
දක්ෂිණෝදකය[නා.] දක්ෂිණාර්හ කෙනෙකුට ආහාර පාන, ගෘහෝද්‍යාන ආදිය කැප කිරීම පූජා කිරීම වැනි අවස්ථාවක ඒ සඳහා ආරාධනා කිරීමේ දී ප්‍රතිග්‍රාහකයා අත වත්කරන ජලය.
දකින මණ්ඩපය, දකිනා මණ්ඩපය[නා.] මහනුවර රාජ්‍ය සමයේ මඟුල් මඬුවටත් උඩු වාහල්කඩටත් අතර පිහිටි රාජකීය මණ්ඩපයක්; රජතුමා හමුවීමට විදේශ රාජ්‍ය නිලධාරීන් පැමිණි විට රජු අසුන් ගෙන සිටි මණ්ඩපය.
දකිනවා1. [ක්‍රි.] (යමක් හෝ යමකු) ඇසට ගොදුරු වෙනවා; පෙනී යනවා; දෘෂ්ටිගෝචර වෙනවා; දර්ශනය වෙනවා. 2. [ක්‍රි.] වටහා ගන්නවා; අවබෝධ කරගන්නවා; ඥාන ගෝචර වෙනවා; ප්‍රත්‍යක්ෂ කරනවා.
දකුණ1. [නා.] උතුරට ප්‍රතිවිරුද්ධ දිශාව; දක්ෂිණ දිශාව. 2. [නා.] සිරුරේ වම් අත තිබෙන පැත්තට විරුද්ධ පැත්ත; දක්ෂිණ පාර්ශ්වය. 3. [නා.] දක්ෂිණාංශික දේශපාලන මත දරන කණ්ඩායම. 4. [නා.] (පූජ්‍යයන්, දෙවියන් ආදින් විෂයයෙහි දෙන) දානය; දක්ෂිණාව.
දකුණත[දකුණු+අත] 1. [නා.] සිරුරේ වම් අතට ප්‍රතිවිරුද්ධ පැත්තේ තිබෙන අත; දක්ෂිණ හස්තය. 2. [නා.] දකුණු පැත්ත; දකුණු අත පැත්ත.
දකුණත් කරනවා[ක්‍රි.] (පූජාර්හ කෙනකු හෝ වස්තුවක් වටා) දකුණු අත යොමු වන සේ ගමන් කරනවා; ප්‍රදක්ෂිණා කරනවා.
දකුණත්සවු[නා.ප්‍ර.] සර්වඥයන් වහන්සේගේ දකුණු පසින් වැඩ සිටින ප්‍රධාන අග්‍ර ශ්‍රාවක නම; අගසවු දෙනමගෙන් ජ්‍යේෂ්ඨ උතුමා.
දකුණැලය[දකුණු+ඇලය] 1. [නා.] දකුණු කිහිල්ලට පහළ ඉඟටියට උඩ ශරීර ප්‍රදේශය; දකුණු ඇලපත; දක්ෂිණ පාර්ශ්වය; දකුණු අංශය. 2. [නා.] දකුණු අතේ පැත්ත; දකුණ පිහිටි දිශාව; දකුණු පස; දක්ෂිණ මුඛය.
දකුණු උදරාකාර කෝෂය[නා.] හෘදය වස්තුවේ දකුණු පැත්තේ පහළින් පිහිටි (මල්ලක් වැනි කොටස) කුටීරය; දකුණු හෘද් කෝෂිකාව.
දකුණු කර්ණිකාව(පාරිභා.) [නා.] හෘදය වස්තුවේ දකුණු පැත්තේ ඉහළින් පිහිටි කුහරය.
දකුණු ක්ලෝමය(පාරිභා.) [නා.] ශ්වාසනාලයේ බෙදී යන අතු දෙකෙන් දකුණු පෙණහැල්ල කරා විහිදෙන ශාඛාව.
දකුණු කුරුස තරුව[නා.] දකුණු අහසේ කුරුසයක හැඩය ගෙන පිහිටි තාරකා හතර.
දකුණු නළ[නා.බහු.] ශරීරයේ දකුණු පස පිහිටි නාඩි; කොඳු ඇට පෙළට දකුණු පැත්තෙන් වූ නාඩි; පිංගල නාඩි.
දකුණු මන්‍යාව(පාරිභා.) [නා.] උගුරේ හෝ බෙල්ලේ හෝ දකුණු පස පිහිටි මහ නහරය.
දකුණු මුව[නා.] දකුණු පැත්ත.
දකුණු සක[නා.] දකුණතට කරකැවුණු ආවර්ත සහිත හක්ගෙඩිය; දක්ෂිණා සංඛය; වාලම්පුරිය.
දකුණු හෘද්කෝෂිකාව(පාරිභා.) [නා.] ශිරා මගින් දකුණු කර්ණිකාවට එන ලේ ලබා ගෙන තම බිත්ති හැකිළීමෙන් පුප්ඵුසීය ධමනියට යවන (හෘදය වස්තුවේ) දකුණු කුහරය.
දකුණුදසහිමි, දකුණු දෙසහිමි[නා.ප්‍ර.] දකුණු දිශාවට අධිපතියා; යමරජ.
දකුණුපුට[නා.ප්‍ර.] දකුණු නාසා සිදුර.
දකුණුලක[නා.] දක්ෂිණ ලංකාව; රුහුණු පෙදෙස.
දකුණුවත්[වි.] දකුණට කැරකුණු; දකුණට ඇඹරුණු; දක්ෂිණාවර්ත
දග්ගසනවා, දග්ගහනවා[ක්‍රි.] (යම්කිසි දෙයක් තවත් දෙයකින්) තළනවා; තළා පොඩි කරනවා.
දග්ධ1. [වි.] දැවුණු; පිලිස්සුණු; පැලැහුණු. 2. [වි.] වැටහීමකින් තොර; මෝඩ; අඥාන.
දග්ධ මානය[නා.] මෝඩකම නිසා හටගන්නා උඩඟුව; මුග්ධ අහංකාරය.
දග්ධ යෝගය[නා.] (ජ්‍යෝති.) මුහුර්ත ශුද්ධ කිරීමේ දී දුරු කටයුතු මහා දෝෂවලින් එකක්.
දග්ධය1. [නා.] පිලිස්සීමෙන් ඇති වන තුවාලය. 2. [නා.] අග්නිකර්ම චිකිත්සා ක්‍රමයට අනුව පිලිස්සීම.
දග්ධයා1. [නා.] සල්ලාලයා; කාමුකයා. 2. [නා.] මෝඩයා; අඥානයා; මන්ද බුද්ධිකයා.
දග්ධිකා[නා.ප්‍ර.] බත් හැළිය අඩියේ රොස් වුණු කොටස; බත් දංකුඩ.
දගිනවා[ක්‍රි.] පිරිසිදු කරනවා; අමදනවා; සකස් කරනවා.
දඝ්න[නා.ප්‍ර.] කිට්ටු වීම; ළං වීම; ස්පර්ශ කිරීම.
දඟ1. [නා.ප්‍ර.] පාදයේ දණහිසින් පහළ පසු භාගයේ පිහිටි මස් ගොබය; ජංඝාව; කෙණ්ඩය; බත් කෙණ්ඩය. 2. [නා.ප්‍ර.] පෙරළිය; නොසන්සුන්කම; තක්කඩිකම; කලබලකාරී ගතිය; අවිනය. 3. [නා.ප්‍ර.] කපටිකම; කෛරාටිකකම; වංචාව; ප්‍රයෝගය; යටි උගුල. 4. [නා.ප්‍ර.] බන්ධනය; සිර කිරීම; අත් අඩංගුව; ග්‍රහණය; අවනත කිරීම; අල්ලා ගැනීම. 5. [නා.ප්‍ර.] හැකිල්ල; මාංචුව; විලංගුව. 6. [නා.ප්‍ර.] ඇතුන් බඳිනා දම්වැල. 7. [නා.ප්‍ර.] වෙළුම; ඇඹරුම. 8. [නා.ප්‍ර.] සර්පයන්ගේ දරණ. 1. [වි.] කොටු වුණු; හිර වුණු. 2. [වි.] නොසන්සුන්; නොතැන්පත්; පෙරළිකාර; තක්කඩි.
දඟ ඇටය[නා.] දණහිසත් වළලුකරත් අතර පිහිටි දිග ඇටය; කෙණ්ඩා ඇටය; ජඞ්ඝාස්ථිය.
දඟ කනවා(කථා.) [ක්‍රි.] ඇඹරෙනවා; වෙළුකනවා.
දඟ ගසනවා1. [ක්‍රි.] නා පොළොං ආදි සර්පයන් තමන්ගේ ශරීර කඳ යමක පටලවා ගන්නවා; වෙළා ගන්නවා. 2. [ක්‍රි.] දඟර වැටෙන්නට ලණුවක් අඹරනවා. 3. [ක්‍රි.] හිර කරනවා; නොසැලෙන සේ වෙළා තද කරනවා.
දඟ ගෙය[නා.] වරදකරුවන් හිරකර තබනු ලබන නිවාසය; හිර ගෙදර; බන්ධනාගාරය.
දඟ වැටෙනවා[ක්‍රි.] ඇඹරුම් වැටෙනවා; වෙළු කැවෙනවා.
දඟ-පඟ[නා.ප්‍ර.] දැඟලිලි ගතිය; කලබලකාර ස්වභාවය; විහිළු තහළු කිරීම; කොලොප්පම.
දඟකරනවා1. [ක්‍රි.] තද කරනවා; හිර කරනවා. 2. [ක්‍රි.] (මන) බඳනවා; (සිත දැඩි සේ) ග්‍රහණය කරනවා; බන්ධනය කරනවා. 3. [ක්‍රි.] කලබල කරනවා; දඟකාර ලෙස හැසිරෙනවා.
දඟකාර[වි.] දුවපැන ඇවිදින; දඟ ගතිය ඇති; කලබල කරන.
දඟර1. [වි.] වක්‍ර වෙමින් යන; දෙපසට නැමි නැමී ගිය; වංගු වංගු නැවුණු. 2. [වි.] වළලු වශයෙන් නැමී ගිය; වලයාකාර ව වෙළුණු. 3. (පාරිභා.) [වි.] වටේට කරකැවී ගිය; රවුම් වශයෙන් විහිදෙන; සර්පිලාකාර. 1. [නා.] (රැහැන් පොටින්) වළලු වශයෙන් ඔතන ලද්ද; දරනය; දරණුව. 2. (පාරිභා.) [නා.] (ඉස්කුරුප්පුවක පොට මෙන්) වටා කරකැවෙන ලෙස තනන ලද්ද; රවුම් රවුම් වශයෙන් (වලයාකාරව) තැනුණු දෙය; සර්පිලය. 3. [නා.] සර්පාදින් කඳින් තනාගන්නා වළල්ල; දරණය. 4. [නා.] වෙළුම; ඇඹරුම. 5. [නා.] ගංගාවක දඟරාකාර නැම්ම, වක්කලම.
දඟර ගසනවා, දඟර ගහනවා[ක්‍රි.] ඇඹරුම් දමනවා; වෙළු කවනවා.
දඟර නිම්නය[නා.] වක්‍ර වෙමින් ගලා යන ගංගාවක සැඩ පහර නිසා යටට හැරෙමින් සෑදෙන ගංදඟර මළු සහිත මිටියාවත; ගංදඟර මළු පංති සහිත පහත් බිම් තීරුව.
දඟරකඳ(පාරිභා.) [නා.] මෝටර් වාහන ආදියෙහි යන්ත්‍රවල සවිකර ඇති ඍජුකෝණාකාර දඟරවලින් යුත් දණ්ඩ.
දඟලනවා1. [ක්‍රි.] අවයව එහා මෙහා කරනවා; සෙලවෙනවා; චලනය කරනවා; චලනය වෙනවා. 2. [ක්‍රි.] තැන්පත් ගතියෙන් තොර ව ක්‍රියා කරනවා; දඟකාර ලෙස හැසිරෙනවා. 3. [ක්‍රි.] වෑයම් කරනවා; දිරි දරනවා. 4. [ක්‍රි.] නොසන්සුන් වෙනවා; කලබල වෙනවා.
දජය[නා.] කොඩිය; දදය.
දට[වි.] දෂ්ට කරන ලද; දළයෙන් පහර දෙන ලද; ඩසින ලද.
දඨිකාව[නා.] උඩු රැවුල.
දඩ1. [නා.ප්‍ර.] කැලෑව; වනය; වනාන්තරය; අරණ්‍යය, 2. [නා.ප්‍ර.] ගෙයින් පිටත කර්මාන්ත කරන ස්ථානය; ගොවිපොළ; කුඹුර. 3. [නා.ප්‍ර.] දඩයම; වනසතුන් මැරීම. 4. [නා.ප්‍ර.] මෙහෙවර; මෙහෙය. 5. [නා.ප්‍ර.] දඬුවමක් වශයෙන් ගෙවන මුදල. 6. [නා.ප්‍ර.] වරදක් කළ තැනැත්තාට දෙන දඬුවම.
දඩ ගසනවා[ක්‍රි.] දඬුවම් දෙනවා; දඬුවමක් වශයෙන් මුදල් ආදිය ගෙවීමට නියම කරනවා.
දඩ පැල[නා.] වනයේ සාදන ලද පැල්පත; දඩයමට රැක සිටීම සඳහා කැලයේ සෑදූ පැල.
දඩ පොත(පාරිභා.) [නා.] අය කරනු ලබන දඩ මුදල් පිළිබඳ විස්තර සටහන් කරන පොත (=fine book).
දඩ පොළිය[නා.] බැංකුවක් මගින් වට්ටම් සමාගම්වලට ණය සැපයීමේ දී බැංකු පොළී පිළිබඳ ක්‍රියාවලියට වෙනස් ව අය කරනු ලබන පොළිය.
දඩ වහල්ල[නා.] කෙසෙල් කැනේ ඇවරි සම්බන්ධ වී තිබෙන මහ නාරටිය; වැල වරකා ගෙඩිය තුළ පිහිටි වහල්ල.
දඩ වැද්දා1. [නා.] සිංහල රජසමයෙහි රජවාසලට දඩමස් සැපයූ තැනැත්තා. 2. [නා.] දඩයම් කිරීමෙන් සතුන් මරන තැනැත්තා; වන සතුන් මරන්නා.
දඩබඩය[නා.] ඉක්මන්කම; කලබල ගතිය; නොසන්සුන්කම.
දඩබ්බර1. [වි.] නොහික්මුණු; කලබලකාරී; අසංවර. 2. [වි.] පිළිවෙළක් නැති; අක්‍රමවත්.
දඩබිම1. [නා.] ගෙයින් පිටත වැඩ කරන තැන; ගොවිකම ආදි කර්මාන්ත කරන ස්ථානය; ගොවිපොළ; කුඹුර. 2. [නා.] වන සතුන් දඩයම් කරනු ලබන භූමි ප්‍රදේශය.
දඩමස[නා.] වනසතුන් දඩයම් කොට ලබා ගන්නා මස්; පලහා වියළා ගත් සත්ත්ව මාංස.
දඩමැස්ස[නා.] වනසතුන් දඩයම් කිරීම සඳහා රැක සිටීමට කැලේ ගසක් උඩ බඳින මැස්ස.
දඩමීමා1. [නා.] වනසතුන් දඩයමට උදවු කරගනු ලබන මීහරකා. 2. [නා.] (රූඪි.) අභිප්‍රේත අරමුණ ඉටුකර ගැනීම සඳහා උපක්‍රමශිලී ව හවුල් කරගන්නා පුද්ගලයන් ආයතන ආදිය.
දඩයක්කාරයා[නා.] වන සතුන් මරන්නා; දඩයම් කරන්නා; දඩයමේ යෙදෙන්නා.
දඩයම1. [නා.] විනෝදය සඳහා හෝ ආහාර සඳහා වනසතුන් මැරීම. 2. [නා.] දඩයමට ලක් වූ සතා; ගොදුර. 3. [නා.] අස්ථානයේ ලබන වාසිය: අයුතු ලෙස ලබන මිල මුදල් ආදිය.
දඩයම් ආරක්ෂකයා(පාරිභා.) [නා.] දඩයමට යෝග්‍ය සතුන් වෙසෙන වන භූමිය රකින නිලධරයා; වනෝද්‍යාන පාලකයා.
දඩයම් දත්[නා.බහු.] පරශු දත්වලට දෙපසින් පිහිටි මුදුන උල්වූ දත් හතරෙන් ඕනෑම එකක්; රදනක දත්.
දඩයම් බල්ලා[නා.] සුනඛ විශේෂයක්; වන සතුන් ඝාතනය සඳහා යොදවන බල්ලා; දඩ බල්ලා.
දඩාවතේ1. [ක්‍රි.වි.] නිශ්චිත අරමුණක් නැති ව; හිස හැරුණු අතේ; ඉබාගාතේ. 2. හිතුමනාපයේ; පාලනයකින් තොර ව; නිදැල්ලේ. 3. රස්තියාදුවේ; පාදඩකමේ; අවලමේ.
දඩැතා[දඩ+ඇතා] [නා.] වනයෙහි වසන හස්තියා; වල් ඇතා.
දණ[නා.] කළවයේ යටි කෙළවරත් කෙණ්ඩයේ මුලත් එක් වූ සන්ධි ස්ථානය; ජාණුව; දණහිස.
දණ ඇහැ[නා.] දණහිස; දණිහ.
දණ උතුකටුව[නා.] දණ හිසෙහි පවතින කවාකාර අස්ථිය හා ඒ වටා ප්‍රදේශය; දණ පොල් කටුව.
දණ ගසනවා, දණ ගහනවා[ක්‍රි.] දණ බිම ඔබනවා; දණින් සිටිනවා.
දණ ගානවා[ක්‍රි.] ළදරුවන් සේ දෙදණ හා දෑත් බිම තබමින් යනවා; දණින් යනවා.
දණ නමනවා1. [ක්‍රි.] දණ හිස ළඟින් කකුල නැමෙන්නට සලස්වනවා. 2. [ක්‍රි.] ගෞරව වශයෙන් දණ නමා ආචාර කරනවා. 3. (කථා.) [ක්‍රි.] යටත් වෙනවා; අණට කීකරු වෙනවා; හිස නමනවා.
දණ පොල් කට්ට(කථා.) [නා.] දණ හිස් කටුව; දණ පොල්ල.
දණ පොලුත්ත[නා.] දණපොල් කටුව.
දණ මඬල[නා.] වටකුරු වූ දණ; දණහිස; ජාණු මණ්ඩලය.
දණවට[නා.ප්‍ර.] දණ හිස; දණ මඬුල්ල.
දණ්ඩ1. [නා.ප්‍ර.] දැවය; ලීය. 2. [නා.ප්‍ර.] පොල්ල; මුගුර; කෝටුව. 3. [නා.ප්‍ර.] ඊතල ආදියෙහි කූර; මිට. 4. [නා.ප්‍ර.] රියන් හතරක් හෙවත් බඹයක් වන පුරාණ මිම්මක්. 5. [නා.ප්‍ර.] මල් නටුව; වෘන්තය. 6. [නා.ප්‍ර.] දඬුවම; දඩය; දඬුවම් පැමිණවීම.
දණ්ඩ කර්මය[නා.] වරදකරුවකු හික්මවීම සඳහා සිදු කරන සිරකිරීම් දඩ ගැසීම් ආදිය.
දණ්ඩ කර්මාන්තය[නා.] ලී වැඩ; කාෂ්ට කර්මාන්තය.
දණ්ඩ චක්‍රය(පාරිභා.) [නා.] දැති රෝදයක මාර්ගයෙන් භ්‍රමණ චලිතය රේඛීය චලිතය බවට හෝ, රේඛීය චලිතය භ්‍රමණ චලිතය බවට හෝ හරවන උපක්‍රමය.
දණ්ඩ චුම්බකය[නා.] පට්ටම් කෑල්ලක හැඩ ඇති නිත්‍ය චුම්බකය; කොන් දෙකේ ධ්‍රැව ඇති දඬු කාන්දම.
දණ්ඩ නමස්කාරය[නා.] පොළොවෙහි වැතිර කරන ප්‍රණාමය; බිම දිග ඇදී කරන වැඳීම.
දණ්ඩ නියමය, දණ්ඩන නියමය[නා.] නඩු විභාගයක විනිශ්චයකාර තීරණය; නඩු තීන්දුව; දඬුවම් නියම කිරීම (=sentence).
දණ්ඩ නීතිය1. [නා.] (නීති.) දඬුවම් පැමිණවීමේ රාජනීතිය; අපරාධ නීතිය. 2. [නා.] යුක්තිය පසිඳලීමේ අධිකරණ බලය. 3. [නා.] දේශපාලන ශාස්ත්‍රය.
දණ්ඩ යෝගය[නා.] රජුගේ අණ; රාජාඥාව.
දණ්ඩක1. [නා.ප්‍ර.] දඬු; ලී. 2. (ඡන්ද.) [නා.ප්‍ර.] සිවුපද විරිතක්. 3. [නා.ප්‍ර.] ශරීරය දණ්ඩක් මෙන් තද (දරදඬු) වන වාතරෝගයක්. 4. [නා.ප්‍ර.] ඒරියා කඳ.
දණ්ඩකසේතු[නා.ප්‍ර.] තනි දණ්ඩෙන් තැනූ හෙය; ඒදණ්ඩ.
දණ්ඩනය1. [නා.] දඬුවම; දඬුවම් කිරීම; දඬුවම් දීම. 2. [නා.] දඩය; දඩගැනීම. 3. [නා.] අනුමැතිය; අනුදැනීම.
දණ්ඩනායක1. [නා.ප්‍ර.] දඬුවම් පැමිණවීමේ බලය ලත් නිලධාරියා; විනිශ්චයකාරයා. 2. [නා.ප්‍ර.] ප්‍රාදේශීය ආණ්ඩුකාර සෙන්පතියා.
දණ්ඩනිශ්චය[නා.ප්‍ර.] (නීති.) විත්තිකරු චෝදනාවට වැරදිකරු බව තීරණය කිරීම.
දණ්ඩනීය[වි.] දඬුවම් ලැබිය යුතු; දඬුවම් වසයෙන් කරන.
දණ්ඩපර්ණක(පාරිභා.) [නා.ප්‍ර.] කොළයක හැඩහුරුකම ඇති ව කොළයක් මෙන් ක්‍රියාකාරී වන පැතලි අතු සහිත ශාකය; කොළ බඳු දඬු ඇති පැළෑටිය.
දණ්ඩමණික[නා.ප්‍ර.] නඟුලක් සේ පතිත වන අකුණ; හෙණය; නවවිධ අකුණුවලින් එකකි.
දණ්ඩව්‍යුහය[නා.] බළ මුළුවක් පෙළ ගැස්වීම.
දණ්ඩවාල(කථා.) [වි.] වුවමනාවට වඩා කඩිසර; තැන්පත් නොවූ; නොහික්මුණු.
දණ්ඩාග්නි[දණ්ඩ+අග්නි] [නා.ප්‍ර.] ලීයෙන් උපදවන ගින්න; අරණි ගින්න; දඬු දෙකක් ගැටීමෙන් නිපන් ගින්න.
දණ්ඩාඩම්බරය[නා.] සේනා බළ සම්පත් නිසා සතුරන් ජයගත හැකි ශක්තිය හේතු කොට ගෙන රජකු තුළ පහළ වන මානය.
දණ්ඩාණු[දණ්ඩ+අණු] (පාරිභා.) [නා.ප්‍ර.]රෝගකාරක ක්ෂුද්‍ර විෂ බීජ වර්ගයක්.
දණ්ඩාදාන[දණ්ඩ+ආදාන] [නා.ප්‍ර.] දඬුමුගුරු ගැනීම.
දණ්ඩාභිහත[දණ්ඩ+අභිහත] [වි.] පොලු පහර ලත්; මුගුරු පහර ලැබූ.
දණ්ඩායමාන[දණ්ඩ+ආයමාන] [වි.] දඬුකඩක් වැනි; රිටක් වැනි වූ.
දණ්ඩාර්හ[දණ්ඩ+අර්හ] [වි.] දඬුවමට භාජන විය යුතු; දඬුවම් විඳීමට සුදුසු.
දණ්ඩාහත[වි.] දණ්ඩෙන් පහර ලත්.
දණ්ඩිත[වි.] දඬුවම් කරන ලද.
දණ්ඩියම1. [නා.] බර උසුලන හෝ බර මෙහෙයවන හෝ ආධාරකය; උත්තෝලනය; ලීවරය. 2. [නා.] නැටුම් පුහුණු කිරීමේ දී ආධුනිකයනට දෑතින් අල්ලා ගැන්මට තිරස් ව යොදා ඇති දණ්ඩ.
දණ්ඩේශ[නා.ප්‍ර.] දණ්ඩ නායක; දඬුවම් පැමිණවීමේ බලයලත් නිලධරයා; විනිශ්චයකාරයා.
දණිපණි ගානවා1. [ක්‍රි.] අමාරුවෙන් යෑම් නැඟී සිටීම් ආදිය කරනවා; අතින් පයින් වාරු ගන්නවා. 2. [ක්‍රි.] ඉක්මනින් නැඟී සිටිනවා.
දඬ1. [නා.] දිග දැව කැබැල්ල; දණ්ඩ. 2. [නා.] දඬුවම. 3. [නා.] කෝටුව; කෙවිට. 1. [වි.] ලී මුවා; ලීයෙන් සෑදූ. 2. [වි.] ලොකු; විශාල.
දඬු අඬුව[නා.] දැව හා යකඩ කර්මාන්තයෙහි දී යමක් අවශ්‍ය පරිදි නොසෙල් වී හකු අතර තබා ගැනීමට භාවිත කරන ලොකු අඬුව.
දඬු අඹරනවා[ක්‍රි.] (නූල් සෑදීම සඳහා) කපු පුළුන් (වලු කර) අඹරා ගන්නවා.
දඬු කරාමය(පාරිභා.) [නා.] දැව හෝ දඬු හිර කරන උපකරණයක්.
දඬු ගසනවා, දඬු ගහනවා[ක්‍රි.] දඬුකඳ නම් විලංගුවෙහි සිරකර තබනවා; තුරංගුවෙහි සිර කරනවා.
දඬු ගානවා[ක්‍රි.] ලීයකින් කලත්තනවා; කූරු ගානවා; හැඳි ගානවා.
දඬු නැමුම් අච්චුව(පාරිභා.) [නා.] යකඩ වානේ ආදි දඬු අවශ්‍ය හැඩයට නමා ගැනීම සඳහා පිළියෙල කළ අච්චුව.
දඬු පන්නය[නා.] යම් කාර්යයක් සඳහා අවශ්‍ය ලී දඬු ප්‍රමාණය; දැව භාණ්ඩ හෝ දැව උපකරණ.
දඬු පියුම[නා.] එක ම දණ්ඩෙහි සෑදෙන පෙති තට්ටු හතකින් යුත් විශාල නෙළුම් මල; සත්බුමු පියුම.
දඬු මඩුව1. [නා.] (වඩුකම් කරන තැන; වඩුමඩුව යන අර්ථයි) මහනුවර රාජ සමයේ දී රාජකීය වඩු කර්මාන්ත ශාලාව හැඳින් වූ නාමය. 2. [නා.] රජුගේ දැව මඩුව; දැව රැස් කොට තැබූ ගොඩනැඟිල්ල.
දඬු මාරුව(කථා. උඩ.) [නා.] ඒ දඬු විශේෂයක්; ගං හෝ ආදියෙන් එතර වීමට වැල්වලින් හා ලීවලින් තනනු ලබන පාලම.
දඬු මොනරය[නා.] ලංකාධිපති රාවණ රජුට තිබිණැයි සඳහන් වන (දැවමුවා මොනරකුගේ හැඩයෙන් යුත්) අහස් යානාව.
දඬු ලීය(කථා.) [නා.] දඩාවතේ යන ගොවිපළවලට වැදීම හරකුන් වළකනු පිණිස උන්ගේ බෙල්ල හරහා බඳින ලීය.
දඬු වැට1. [නා.] දැව දඬු ආදියෙන් තැනූ වැට; ලී වැට. 2. [නා.] හුළු අත්ත; ගිනිහුළ; පන්දම. 3. [නා.] යකඩ දඬු සිටුවා තැනූ වැට; ගරාදි වැට; රේලිම.
දඬු සරක්කුව(කථා.) [නා.] ඉම්වැට; ගව ආදි සතුන්ගෙන් හේන් රැක ගැනීම සඳහා ලී දඬුවලින් සාදා ගැනෙන වැට.
දඬු හිණ[නා.] පුරාණයේ දී සිවුරු මැසීම් ආදියට උපයෝගී කර ගත් උපකරණයක්; සිවුරේ ප්‍රමාණයට සතර වටේට ලී හතරක් බැඳ තනාගත් සිවුරු අච්චුව.
දඬු හෙය[නා.] ඒදණ්ඩ; සේතුව.
දඬුකඳ[නා.ප්‍ර.] පුරාණයෙ අපරාධකරුවන්ට දඬුවම් දුන් උපකරණයක්.
දඬුකොට්ට[නා.ප්‍ර.] ලී කොටය; දඬුකඩ.
දඬුකොස්[නා.ප්‍ර.] මඳක් පැසුණු කොස්.
දඬුකෝඩු[නා.ප්‍ර.] පළමුවරට සිරිපා වන්දනාවේ යන වැඩිහිටියා.
දඬුපත්1. [නා.ප්‍ර.] ලී; දැව; ලී කඳන්. 2. [නා.ප්‍ර.] දඬු; පොලු මුගුරු. 3. [නා.ප්‍ර.] දැව කඳක් යොදා සාදා ගන්නා ලද්ද; පහුරක් වැනි දෙය.
දඬුපත් බානවා[ක්‍රි.] මුගුරින් තළනවා; දණ්ඩෙන් පහර දෙනවා.
දඬුපිටින් ඉන්නවා[ක්‍රි.] නිරුවතින් සිටිනවා; නග්න ව ඉන්නවා.
දඬුබිත්ත[නා.ප්‍ර.] දඬුවලින් කරන ලද බිත්තිය; වරිච්චි බිත්තිය.
දඬුමැස්ස[නා.] ලෑලි අතුරා සකස් කළ ඇඳ.
දඬුමුවා[වි.] ලීයෙන් තනන ලද; දාරුමය.
දඬුව1. [නා.] දණ්ඩ; මුගුර; කෝටුව. 2. [නා.] අත්පා යන අගපසඟ. 3. [නා.] සිරුර; කය. 4. [නා.] නූල් සඳහා කටින ලද කපු. 5. [නා.] වීණා දණ්ඩ.
දඬුවම[නා.] වරදකරුවකු හික්මවීම සඳහා කරන අච්චු දීම; වරදක් කළ කෙනෙකුට සිදුකරන (තැළීම්, පෙළීම්, සිරගෙයි ලෑම්, දඩගැසීම් ආදි) ක්‍රියාව.
දඬුවම් පනත(පාරිභා.) [නා.] රාජාපරාධයක් කළ රට වැසියකුගේ අයිතිවාසිකම් අහිමි කරන පනත.
දඬුවැට පහන[නා.] දණ්ඩක රිටක සවි කළ ප්‍රදීපය; දඬුඅග දල්වන පහන/පන්දම; යෂ්ටි ප්‍රදීපය.
දඬුවැල් බෑය, දඬුවෙල් බෑය[නා.] මී මැසි වර්ගයක් විසින් ගස් අතුවල බඳින කුඩා මීය.
දඬුහල[නා.] වඩුවැඩ කරන ස්ථානය; වඩුමඩුව.
දඬුහැකිල්ල[නා.] දැවයෙන් කළ බැම්ම.
දත1. [නා.] ආහාර විකීම, ඉරීම, ඇඹරීම වැනි කාර්ය සඳහා මුඛ කුහරය තුළ පේළි වශයෙන් පවතින ශක්තිමත් ව්‍යුහයක්. 2. [නා.] ඇත්, ඌරු ආදි සතුන්ගේ කට දෙපසින් පිටතට දික් ව වැඩුණු දළ. 3. [නා.] රෝදයක ගරාදිය; දැවිය. 4. [නා.] කියත් ආදි ආයුධවල එකිනෙකින් වෙන් වී පෙළට පිහිටි දන්තාකාර තුඩු; දැති. 5. [නා.] උරහිස්; දසරුව; අංස කූටය.
දත කංසය[නා.] දත විදුරුමසට සවි වී තිබෙන ස්ථානය; දත පිහිටා ඇති කූපය.
දත නියවනවා1. [ක්‍රි.] දත් පෙනෙන සේ තද කොට තොල් විවර කරනවා; අවඥාව විහිළුව, සරදම, සඳහා විරිත්තනවා; විලිස්සනවා. 2. (කථා.) (රූඪි.) [ක්‍රි.] (තමන් සතු අයිතිය අනුන්ට පවරා දී අවසානයේ ඒ නිමිති කොට) බැගෑපත් වෙනවා; දතපත නියවනවා.
දත පත[නා.] දත්පොළ; දන්ත පන්තිය.
දත සුද්දා1. [නා.] (රූඪි.) දත් සුදු පුද්ගලයා; බුලත් නොසපන අය. 2. (කථා.) වඳුරා; වානරයා.
දත්1. [නා.ප්‍ර.] ඇතා; හස්තියා. 2. [නා.ප්‍ර.] දැනගැනීම; අවබෝධය.
දත් ඇතිරිය(පාරිභා.) [නා.] දතක් විකසනය සඳහා විදුරුමස දිගට පිහිටි අපිචර්මීය දන්ත ස්තරය.
දත් ඇන්ද[නා.] උඩු හෝ යටි දත් පෙළ.
දත් කනවා[ක්‍රි.] අසිහිය, කෝපය ආදිය නිසා උඩු යටි දත් එකිනෙක ගටවමින් එහා මෙහා කරනවා.
දත් කාරම(පාරිභා.) [නා.] දතේ පසු පැත්තේ තැන්පත් වන කැල්සියම් පොස්පේට් හා අනිකුත් ද්‍රව්‍ය තට්ටුව.
දත් පිළු[නා.ප්‍ර.] උරහිස; දසරුව; උරහිස නමැති ස්ථලය; මුදුන.
දත් බැම්ම[නා.] මුදු ආදි රන්රිදී ආභරණවල මැණික් ගල්, මුතු ආදිය රඳවන දත් වැනි බැඳුම; මැණික් ගල් එබ්බවීමට යෙදෙන දැති රවුම.
දත් යතුරු වැටෙනවා(කථා.) [ක්‍රි.] (සිහි මුර්ඡා වී) කට ඇරිය නොහැකි සේ තද වෙනවා; හනු එකිනෙක පූට්ටු වෙනවා.
දත් වහල්ල[නා.] විදුරු මස සහිත දත් ඇන්ද.
දත්ගෙල(පාරිභා.) [නා.ප්‍ර.] දතේ මස්තකය හා මූලය එක් වන තැන ඇති සිහින් කොටස; දන්ත ග්‍රීවය.
දත්ත[නා.] දෙන ලද දෙය; නිගමනයකට එළඹීම සඳහා දෙන මූලික කරුණු; නිර්දිෂ්ටය; උපන්‍යාසය.
දත්තාභිෂේක[වි.] (දෙන ලද අභිෂේක ඇත්තා) දැනීමෙන් අගතැන් පත්; අවබෝධයෙහි මුදුන් පැමිණි.
දත්මල, දත්මැලි[නා.ප්‍ර.] දත් මැලියම්; දන්ත මල.
දත්රිපු, දත්රුපු[නා.ප්‍ර.] ඇතුන්ගේ සතුරා වන සිංහයා.
දද[වි.] මෝඩ; අඥාන; දග්ධ. 1. [නා.] කොඩිය; ධ්වජය. 2. [නා.] පුරුෂ ලිංගය; පුරුෂ නිමිත්ත. 3. [නා.] මත්ස්‍යධ්වජය දරන්නා; අනංගයා. 4. [නා.] දත්; දළය; දන්තය. 5. [නා.] චර්ම රෝගයක්; දද. 6. [නා.] දහසක් ඇස් ඇත්තා; ශක්‍රයා. 7. [නා.] ඇසිපිය හෙළන කාලය; නිමේෂය. 8. [නා.] තාරකාව; තරුව.
දදඉඳු[නා.ප්‍ර.] තාරකා නායකයා; සඳ.
දදමිනා[නා.] මින්දද; මීන හෙවත් මත්ස්‍ය රූපයක් කොඩියෙහි ඇත්තා; අනංගයා.
දදර1. [නා.ප්‍ර.] මලානික ස්වභාවය; මැලවුණු ගතිය. 2. [නා.ප්‍ර.] මැඩියා; ගෙම්බා.
දදරද1. [නා.ප්‍ර.] තාරකාවල රාජයා; සඳ; චන්ද්‍රයා. 2. [නා.ප්‍ර.] පක්ෂීන්ගේ රාජයා; ගුරුළා.
දද්දර[නා.ප්‍ර.] සංගීත භාණ්ඩ විශේෂයක්; වීණා වර්ගයක්.
දදිමඬ[නා.ප්‍ර.] මුදවන ලද කිරෙන් පෑදුණු දිය; දධිමණ්ඩ; මෝරු.
දදුරු, දැදුරු[වි.] දෙදරි ගිය; කැබලි වී ගිය. 1. [නා.ප්‍ර.] හදවත. 2. [නා.ප්‍ර.] මැඩියා.
දධි[නා.ප්‍ර.] මුදවාපු කිරි; දීකිරි; දී.
දන1. [නා.] සතුටින් දෙන දෙය; දානය; දීම; ත්‍යාගය; පරිත්‍යාගය. 2. [නා.] බත්. 3. [නා.] ජනයා; ජනතාව. 4. [නා.] ධනය; වස්තුව; සම්පත්තිය. 5. [නා.] ධාන්‍ය බීජ; ආහාර සඳහා ගන්නා වී, තල මුං ආදි ඇට. 6. [නා.] දැනීම; ජානනය. 7. සිත එක අරමුණක යෙදවීම; ධ්‍යානය. 8. සෙනෙහස.
දනංජය[නා.ප්‍ර.] ශරීරයේ පැතිර සිටිනා දශ ආකාර වායුවෙන් එකක්; කටහඬ ඇති කරන්නා වූ වායුව.
දනකැන්[නා.ප්‍ර.] ජන සමූහයා.
දනග[දන+අග] [නා.ප්‍ර.] උත්කෘෂ්ට දානය; අග්‍ර දානය.
දනද1. [නා.] ධනයට අධිපති දෙවියා වන වෛශ්‍රවණ හෙවත් වෙසමුණි. 2. [නා.] ධනවතා.
දනන1. [නා.] යුද්ධය; සටන; සංග්‍රාමය. 2. [නා.] ධ්‍යාන නමැති ආහාරය.
දනනවා1. [ක්‍රි.] දිනනවා; ජයග්‍රහණය කරනවා. 2. [ක්‍රි.] උපදිනවා; ජනිත වෙනවා; බිහි වෙනවා.
දනඹුල1. [නා.ප්‍ර.] කන්ද. 2. [නා.ප්‍ර.] විනාකිරි. 3. [නා.ප්‍ර.] හාල් පානු වතුර.
දනවට, දන්වැට1. [නා.ප්‍ර.] කඩ නොකොට පිළිවෙළින් දෙන දානය. 2. [නා.ප්‍ර.] දන් වශයෙන් දෙනු ලබන ආහාර හා අන් ද්‍රව්‍ය.
දනවනවා[ක්‍රි.] ඇති කරනවා; උපදවනවා; ජනිත කරනවා.
දනවා1. [ක්‍රි.] ගින්නේ විනාශ වෙනවා; පිලිස්සෙනවා; දැවෙනවා; ගිනිබත් වෙනවා. 2. [ක්‍රි.] දාහය ඇති වෙනවා; දැවිල්ල ඇති වෙනවා. 3. [ක්‍රි.] ගොයම්, තණ ආදිය කපනවා.
දනවිරිඳු[නා.ප්‍ර.] මිනිස් සමූහයා; ජන බෘන්දය.
දනවුකලණ[නා.] ජනපද කල්‍යාණිය; රටේ හෝ ප්‍රදේශයේ රූපසුන්දරිය.
දනවුව, දනව්ව[නා.] ජනපදය.
දන්1. [නා.ප්‍ර.] දානය; දීම; දෙන දෙය. 2. [නා.ප්‍ර.] ඇතුන්ගේ කන්මුල් ආදි තැන්වලින් වෑහෙන මද; ඇත්මද. 3. [නා.ප්‍ර.] දාමය; දම්වැල.
දන් උදියා[නා.] පන්සලක දාන කටයුතු සම්බන්ධයෙන් මෙහෙවර කරන්නා; දන්කැමියා.
දන් කැමියා[නා.] දානය පිළිබඳ කටයුතුවල නියුතු තැනැත්තා; දානවස්තු පිළියෙල කරන්නා.
දන් වතුර[නා.] දාන ප්‍රවාහය; ගලා යන මහවතුරක් මෙන් සීමා නැති ව වස්තු පරිත්‍යාග කිරීම.
දන්කෙළි[නා.ප්‍ර.] නිරතුරුව දන්දීම.
දන්ගෙඩිය1. [නා.] හිස ගසා දමනු සඳහා යොදාගත් දඬුකඩ; දම්ගෙඩිය. 2. [නා.] දහම්බෙරය; භික්ෂූන්වහන්සේට වේලාව දැන්වීම සඳහා දණ්ඩක් හෝ ඝණ්ඨාරයක් මගින් කරනු ලබන නාදය.
දන්ගෙය[නා.] දානශාලාව, දන් පිළියෙල කරන තැන.
දන්ත[නා.] දත. [වි.] දැමුණු; හික්මුණු.
දන්ත කල්‍යාණය[නා.] විශේෂයෙන් කාන්තාවන්ගේ දත් පිළිබඳ යහපත් බව; සිදුරු නැති ව විදුරු පෙළක් මෙන් දත් තිබීමේ ලක්ෂණය.
දන්ත ධාතුව[නා.] බුදුරජුන්ගේ දාඨා ධාතුව; දළදාව; දංෂ්ට්‍රා ධාතුව.
දන්ත න්‍යාසය(පාරිභා.) [නා.] දත් පෙළ; දන්ත පංක්තිය.
දන්ත මඩිය(පාරිභා.) [නා.] වැඩෙන දතක් (මෝදු වීමට පෙර) වසා සිටින පටකය.
දන්ත මස්තකය(පාරිභා.) [නා.] විදුරුමසින් නොවැසුණු දත් කොටස.
දන්ත මාංසය[නා.] කටේ දත් දරා සිටින තද මස; විදුරුමස.
දන්ත මොළ[නා.ප්‍ර.] දතක කුහරයෙහි ඇති රතුපාට මෘදු ද්‍රව්‍යය.
දන්ත වෛද්‍ය[නා.ප්‍ර.] දත් වෙදකම්හි යෙදෙන්නා.
දන්ත සූත්‍රය[නා.] උඩුහණුවේ හා යටිහණුවේ පිහිටන දත් වර්ග හා ගණන පිළිබඳ සූත්‍ර සටහන.
දන්තකර[නා.ප්‍ර.] දත් සෑදී ඇති ප්‍රධාන ද්‍රව්‍යය; දන්තිනය.
දන්තකර්මය[නා.] ඇත්දත්වලින් භාණ්ඩ සෑදීම; ඇත්දත් කර්මාන්තය; ඇත්දත් ශිල්පය.
දන්තකාරයා[නා.] ඇත්දත්වලින් (කැටයම් ආදි) වැඩකරන ශිල්පියා.
දන්තකාෂ්ඨ[නා.ප්‍ර.] දත් පිරිසිදු කර ගැනීමට භාවිත කරන දැහැටි කූර; දැහැට්ට.
දන්තජ[වි.] දත්වලින් උපදින; දත උත්පත්ති ස්ථානය කොට ඇති වූ. [නා.] දත්වලින් උපදින ‘ත’ වර්ගයේ අක්ෂර ; ඏ, ඏෟ, ල, ස යන අක්ෂර.
දන්තමල[නා.ප්‍ර.] දත් මැලියම්.
දන්ත්‍ය[වි.] දන්තාශ්‍රිත ව උපදින; දත හා සම්බන්ධ.
දන්තාග්‍රය[නා.] දත් අග; දත් කෙළවර.
දන්තාරෝග්‍ය ශාලාව[නා.] දත් රෝගවලට ප්‍රතිකාර කරන රෝහල.
දන්තාවරණ[නා.ප්‍ර.] දෙතොල; තොල් සඟල.
දන්තාවලයා[නා.] ඇතා; හස්තියා.
දන්තුර1. [වි.] සම ව නොපිහිටි; විෂම වූ; අතරතුර හිස් ව ඇති. 2. [වි.] දැති සහිත; දත් බඳු දැති ඇති.
දන්තුරිත[වි.] දත්වලින් පිරුණු; දැතිවලින් ගහන.
දන්තේන්ද්‍රිය[වි.] දමනය කළ ඉන්ද්‍රිය ඇති.
දන්තොෂ්ඨජ[වි.] (ව්‍යාක.) දත් හා තොල් ඇසුරින් උපදින.
දන්ධ1. [වි.] අනුවණ; මෝඩ. 2. [වි.] සෙමින් කටයුතු කරන.
දන්ධාභිඥ[වි.] වහා නොවැටහෙන නුවණින් යුතු; සියුම් නොවූ නුවණ ඇති.
දන්පත[නා.] යමක් දාන වශයෙන් දීමේ දී ඒ පිණිස ලියා දෙන සීට්ටුව; පූජා පත්‍රය; දාන පත්‍රය.
දන්පෙත්[නා.ප්‍ර.] දානය සඳහා දිය යුතු කොටස; දාන භාගය.
දන්වට, දන්වැට1. [නා.] අඛණ්ඩව දෙන දානය. 2. [නා.] දාන වස්තුව; දානෝපකරණය.
දන්වනවා1. [ක්‍රි.] දැනුම් දෙනවා; නිවේදනය කරනවා; යමක් දැනගැනීමට සලස්වනවා. 2. [ක්‍රි.] දක්වනවා; පෙන්නුම් කරනවා; පෙනෙන්නට සලස්වනවා; අඟවනවා.
දන්වරුපෙත[නා.] වාර වශයෙන් දෙන දානයට වෙන්කර ඇති කොටස; වාර දානයක් වශයෙන් භික්ෂූන්වහන්සේලාට පූජා කර ඇති කුඹුරු හෝ කුඹුරු යාය.
දන්වසුන්[නා.ප්‍ර.] දානය සඳහා පිළියෙල කළ ආහාරපාන බහාලූ භාජන; දන් බඳුන්.
දන්වා[නා.ප්‍ර.] දානවයා; අසුරයා.
දන්සල, දන්සැල1. [නා.] දන්දීම සඳහා තනා ඇති ශාලාව; දන්හල. 2. [නා.] වන්දනාකරු හා යාචක ආදින් වෙත ඇතැම් පොහෝ දිනවල දී ආහාරපාන සපයන තාවකාලික දානශාලාව.
දනා[නා.] ජනයා.
දනාග්‍රය[නා.] දන්ගේ; දන් කළමනා එක්රැස් කොට තබන ගෘහය.
දනාදිප[නා.ප්‍ර.] ධනයට අධිපතියා වන කුවේර හෙවත් වෛශ්‍රවණ.
දනිත[නා.ප්‍ර.] ශබ්ද නඟා කියවිය යුතු මහාප්‍රාණක්ෂර.
දනු1. [නා.ප්‍ර.] (බඹර මීමැසි ආදින්ගේ) නාදය; (ගී) රාවය; ධ්වනිය; හඬ. 2. [නා.ප්‍ර.] දුන්න; චාපය.
දනුදර[නා.ප්‍ර.] දුන්නෙන් විදීම පිළිබඳ ශිල්පය දන්නා තැනැත්තා; ධනුර්ධරයා.
දනුමැති, දැනුමැති1. [වි.] දැනුම ඇති; දන්නාවූ; ප්‍රඥාන්විත. 2. [වි.] අවවාදාත්මක; උපදේශාත්මක.
දනුවෙය[නා.] ධනුර්වේදය.
දප1. [නා.] දර්පය; උදාර හැඟීම; අහංකාරය; එඩිය; ආඩම්බරය. 2. [නා.] රතී ක්‍රීඩාව; මෛථුනය. 3. [නා.] ජප කිරීම; මැතිරීම; ජීවම් කිරීම. 4. [නා.] කැඩපත.
දපණතලය[නා.] කැඩපතෙහි මුහුණ බලන පැත්ත.
දපණය[නා.] කැඩපත.
දපනය, දැපනය[නා.] (කොඩිවින ආදියෙන්) සිහිමුළා බවට පත් වීම; වසඟවීම.
දපනවා1. [ක්‍රි.] මතුරනවා; ජප කරනවා; ජීවම් කරනවා. 2. [ක්‍රි.] නිසරු බස් දොඩවනවා. 3. (කථා.) [ක්‍රි.] නැවතී සිටිනවා. 4. [ක්‍රි.] උඩුකුරු අතට බිම වැතිරෙනවා; බිම හොවිනවා.
දප්සර[වි.] එඩි සහිත; මානයෙන් පිරුණු; දර්පයෙන් සාර.
දබරඟිල්ල, දබරැඟිල්ල[නා.] මහපට ඇඟිල්ලත් මැදඟිල්ලත් අතර පිහිටි ඇඟිල්ල.
දබරය, දබරෙ1. [නා.] කලහය 2. [නා.] බර එසවීම සඳහා ගැනෙන කරකැවෙන කඳ සහිත උපකරණය.
දබරාව[නා.] පෙරහනක් සහිත පැන් බඳුන.
දබරැල්ල1. (කථා.) [නා.] පුලුස්සන ලද කැලය. 2. [නා.] හේන්වල ඇති කැකිල්ල පඳුරු.
දබ්බ1. [වි.] දන්නා; නුවණැති; පණ්ඩිත. 2. [වි.] විශාල; ලොකු. [නා.ප්‍ර.] ද්‍රව්‍ය.
දබ්බීය[නා.ප්‍ර.] ලීයෙන් කළ හැන්ද; සරළුව.
දම, දම්1. [නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේ විසින් දේශිත නවලොව්තුරා දහම; ධර්මය; ත්‍රිපිටක ධර්මය. 2. [නා.ප්‍ර.] දශරාජ ධර්මය; රජුන් කෙරෙහි පැවැතිය යුතු දශවිධ පාලන ප්‍රතිපත්ති. 3. [නා.ප්‍ර.] ලෝක ස්වභාව; ප්‍රකෘති තත්ත්වය. 4. [නා.ප්‍ර.] යුක්තිය; නීතිය; සාධාරණය. 5. [නා.ප්‍ර.] කුශලය; පින. 6. [නා.ප්‍ර.] චාරිත්‍ර සිරිත් විරිත් 7. [නා.ප්‍ර.] එකින් එක ඇඳුණු පුරුක්වැළ; දම්වැල; දාමය; මාලය; හර. 8. [නා.ප්‍ර.] හික්මීම; දමනය.
දමක[නා.] හික්මවන්නා; දමනය කරන්නා; හීලෑ කරන්නා.
දමථය[නා.] දැමුණුබව; හික්වීම; දමනය වීම.
දමන[නා.ප්‍ර.] කුඩා කැලෑරොද; ගස් අඩු හේනක් වැනි බිම; ලඳුබිම.
දමනය[නා.] හික්මීම; සංවර බව; සන්සුන්බව; මෙල්ලවීම; සංයමය.
දමනවා1. [ක්‍රි.] හෙළනවා; තබනවා; බහාලනවා; යොදනවා. 2. [ක්‍රි.] අත් හරිනවා; බැහැර කරනවා; ඉවත් කරනවා. 3. [ක්‍රි.] දමනය කරනවා.
දම්1. [නා.ප්‍ර.] ධර්මය. 2. [නා.ප්‍ර.] දුම; ධූමය. 3. [නා.ප්‍ර.] ඉඳුණු දම්ගෙඩියේ පැහැය; දම්පාට. 4. [නා.ප්‍ර.] බිරිය; භාර්යාව. 5. [නා.ප්‍ර.] හික්මීම; සංවරබව; සන්සුන්බව; මෙල්ල වීම; සංයමය. [වි.] හික්මුණු; සංවර; සන්සුන්.
දම්ගෙඩිය1. [නා.] දහම් නමැති බෙරය; ධර්ම භේරිය. 2. [නා.] මරණයට නිම වූවන්ගේ හිස ගසා දමනු සඳහා යොදාගත් දඩුකඳ; හිස තබා කපන කොළොම්බුව. 3. [නා.] මස් කොටන ලී කොටය.
දම්නිය[නා.] දැහැමි රාජනීතිය; ධර්ම නීතිය.
දම්පති[නා.ප්‍ර.] අඹුසැමි යුවළ; භාර්යාව සහ ස්වාමියා.
දම්බ1. [නා.ප්‍ර.] අනුන් මුළා කිරීම සඳහා ක්‍රියාවෙන් හෝ වචනයෙන් දැක්වෙන අමුතු තත්ත්වය; රැවටිල්ල. 2. (කථා.) [නා.ප්‍ර.] පිළිස්සුණු දෙය; භස්මය.
දම්ම[නා.ප්‍ර.] කිරෙන් ඇරුණු ගවයා; ගව පැටියා; නහඹු ගවයා.
දම්මිල්ල[නා.ප්‍ර.] මල්දම් ආදියෙන් යුතු ව සකස් කරන ලද කෙස්කලඹ; සැරසූ කේශ කලාපය.
දම්මෝල[නා.] කෙළවර පිලිස්සුණු ලීය; නිවුණු ගිනිපෙනෙල්ල.
දම්රජ1. [නා.ප්‍ර.] යමරජ. 2. [නා.ප්‍ර.] ධර්මරාජ; බුදුරජ.
දම්වැල1. [නා.] (සාමාන්‍යයෙන් ලෝහයෙන්) පුරුක්වලින් යුත් හොඳින් නැමෙන සුලු; දාමය. 2. [නා.] යාර විසි දෙකක මැනුම් ඒකකය. 3. [නා.] ඉණෙහි බඳින හවඩිය.
දම්වැල් පාලම[නා.] දම්වැල්වලින් එල්ලා සාදා ඇති පාලම; සංගිලි
දම්වැල් බොලොක්කය[නා.] එකට ගැළපු කප්පි කීපයක් කරකැවීමෙන් විශාල බරක් පහසුවෙන් එසවීම සඳහා නිර්මිත විශේෂ බොලොක්කයක්.
දම්සක්, දහම්සක්1. [නා.] බුදුන් වහන්සේ විසින් ස්වකීය ධර්මය ඇතුළත් කොට පළමු ව දේශිත ධර්ම දේශනාව; ධම්ම චක්කය; දම්සක් පැවැතුම් සූත්‍රය. 2. [නා.] බුදුන් වහන්සේ නොහොත් උන්වහන්සේගේ ආර්ය අෂ්ටාංගික ධර්මය නිරූපණය කරන අර අටකින් යුත් චක්‍ර සංකේතය; ධර්ම චක්‍රය.
දම්සබය, දම්සභාව1. [නා.] ධර්මය ඇසීම, සාකච්ඡා කිරීම ආදිය සඳහා පැවැත්වෙන සභා රැස්වීම. 2. [නා.] දම්සභා මණ්ඩපය.
දම්හල[නා.] දහම් දෙසීම හා දහම් ඇසීම් සඳහා පිළියෙල වූ ශාලාව; ධර්මශාලාව; බණමඩුව.
දම්‍ය[වි.] දමනය කළයුතු; හික්මවිය යුතු. [නා.ප්‍ර.] ගවපැටියා.
දමිටු, දැමිටු[වි.] ධර්මයෙහි පිහිටි; ධර්මයට අනුකූල ව ජීවත් වන; ධර්මිෂ්ඨ; යුක්තියෙහි පිහිටි.
දමිඳු[නා.ප්‍ර.] ධර්මයට අදිපති වන්නා.
දමිළ, දෙමළ[වි.] ද්‍රවිඩ ජාතියට හා භාෂාවට අයත්. [නා.ප්‍ර.] දෙමළ ජාතිකයා; ද්‍රවිඩ වර්ගයට අයත් තැනැත්තා.
දමී[නා.ප්‍ර.බහු.] දහම්දර පඬිවරු; ධර්මධර තෙරවරු.
දමු[වි.] පිළිස්සුණු; ගින්නෙන් දැවුණු; පැලැහුණු.
දඹ1. [නා.ප්‍ර.] දාමය; වැල; මාලාව. 2. [නා.ප්‍ර.] තද බෑවුම සහිත ගල්කුළ; තද බෑවුම සහිත කන්ද.
දඹරත්රන්, දඹරන්1. [නා.ප්‍ර.] දඹදිව ජම්බු නදියෙන් උපනැයි කියන රන්; ජාම්බෝනද ස්වර්ණ. 2. [නා.ප්‍ර.] ඇතැම් ගල් පර්වත කඳු සානු පාර්ශ්වයෙහි බෙහෙවින් සිරස් ව පවතින බෑවුම් හෙවත් මුහුණත්.
දඹරැල්ල(කථා.) [නා.] ගින්නෙන් දැවීගිය බිම; දඹුව.
දඹු1. [නා.ප්‍ර.] කොළ රොඩු ආදිය දැවීමෙන් සුළඟේ පාවී යන අළු. 2. [නා.ප්‍ර.] හේන්වල සම්පූර්ණයෙන් නොදැවී ඉතිරි වූ දඬුකැබලි. 3. [නා.ප්‍ර.] නිවීගිය පහනක දැවී ඉතිරි වූ පහන් තිරය; දැල්ල. 4. [නා.ප්‍ර.] හිවලා; කැණහිලා. 5. [නා.ප්‍ර.] හෝතඹුවා. 6. [නා.ප්‍ර.] කඩමාලු; කිත්තන්; අත් පන්දම් සඳහා ගැනෙන තණ කෙඳි බෝල. 7. [වි.] දාගිය; දැවීගිය.
දඹු ගසනවා[ක්‍රි.] පිඹිනවා.
දඹුජ්ජ1. (කථා.) [වි.] මඳක් උණු කළ තෙලිජ්ජ; රත් කළ මීරා. 2. [වි.] සකුරු සෑදීමට පැණි උණු කළ වළඳට වතුර වත්කර සාදන පානය.
දඹුබත[නා.] පිළිස්සුණු බත; දංකුඩ.
දඹෝර[නා.] මහා සමුද්‍රයෙහි ඇතැයි සැලකෙන ශංඛ විශේෂවලින් එකක්.
දය1. [නා.ප්‍ර.] දයාව; කරුණාව; මෛත්‍රිය. 2. [නා.ප්‍ර.] ගොයම් තණ ආදිය කැපීමට ගන්නා උපකරණය; දෑකැත්ත.
දයනීය[වි.] දයා කටයුතු වූ; කරුණාව දැක්විය යුතු වූ.
දයළ[වි.] කරුණා සිත් ඇති; දයාව ඇති.
දයා ආසනය[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තු භක්තිකයන්ගේ පූජනීය වස්තුවක්; කරුණාසනය.
දයා වීරයා[නා.] අනුනට දයාව දැක්වීමෙන් වීරත්වයට පැමිණි තැනැත්තා.
දයාකර[වි.] අධික කරුණාව ඇති; කරුණා පරවශ.
දයාදාක්ෂිණ්‍යය[නා.] කරුණාව හා පරිත්‍යාගශීලි භාවය.
දයානුග්‍රහය[නා.] කරුණා සහගත දීමනාව; මෛත්‍රී සහගත උපකාරය; දයා පූර්වක ප්‍රදානය.
දයාපරවශ[වි.] කරුණාව මුල්කොට ගත්.
දයාබර[වි.] දයාවෙන් පිරුණ.
දයාලු[වි.] දයාව ඇති.
දයාව[නා.] අන්‍යයන්ගේ දුකෙහි දී සිත කම්පා වන ස්වභාවය; කරුණාව; අනුකම්පාව; මෛත්‍රිය.
දයාවත්, දයාවන්ත[වි.] අනුකම්පා සහගත වූ.
දයිතාව[නා.] භාර්යාව; බිරිය.
දර[වි.] දරන; දැරීම කරන. 1. [නා.] ගිනි ඇවිලීමට ගන්නා වියළි ලී දඬු. 2. [නා.] දරන දෙය; ධාරකය. 3. [නා.] දෙරණ; පොළොව; පෘථිවිය. 4. [නා.] (වෑස්සෙන) ජලය; දහර; ධාරාව. 5. [නා.] අවියක මුවහත; තියුණු දාරය. 6. [නා.] දිරීම; ජරාව. 7. [නා.] ස්ත්‍රිය; ගැහැනිය. 8. [නා.] වළ; සිදුර; හිල.
දරකැටියා1. [නා.] දර ගෙනෙන්නා; දරකාරයා. 2. [නා.] කෘමිගණයට අයත් සතෙක්.
දරණ1. [නා.ප්‍ර.] දඟරය; රවුම් කීපයකට එතුණු දෙය. 2. [නා.ප්‍ර.] සර්පයන් සිය සිරුර ඔතා ගැන්මෙන් ඇති කර ගන්නා වළයාකාර හැඩය; ලණුව; රැහැන. 3. [නා.ප්‍ර.] ඉත්තෑවා. 4. [නා.ප්‍ර.] දැරීම; ධාරණය; ඉහිලීම. 5. [නා.ප්‍ර.] දරුණුකම; දාරුණ්‍යය. 6. [නා.ප්‍ර.] දාරණය; පැල්ම; විවරය.
දරණ මඬුල්ල1. [නා.] භෝගාවලිය; දරණවැළ. 2. [නා.] වළලු ගැසුණු රැහැන් සමූහය; මණ්ඩලාකාර ව එතුණු ලණු රැස.
දරණගබ, දරණගැබ[නා.] භෝගාවලිය ඇතුළත; උරග දරණයෙන් වටවුණු තැන.
දරණිපා[නා.ප්‍ර.] රජ; භූපාල.
දරණිය1. [නා.] දරණුව. 2. (උද්භි.) [නා.] දිලීර බීජාණුවක් දරන බොහෝ විට තරමක් ඉදිමී ගිය කොට දිලීර සූත්‍රිකාව.
දරණිසුරු[නා.ප්‍ර.] රජ; මිහිපල්; මහීපාලයා.
දරණුව1. [නා.] හැළි වළං වැනි භාජන තැබීමට කොහු ලණු පන් ආදියෙන් තනා ගන්නා ලද වළල්ල. 2. (පාරිභා.) [නා.] කම්බි ආදියෙන් සාදන දඟරය; වෙළුම (=coil).
දරත්[නා.ප්‍ර.] මුවහත; කැපෙනසුලුබව; ආයුධයක තියුණු ලෙස කැපෙන කොටස.
දරථය[නා.] කායික හෝ මානසික පීඩාව; සිත්තැවුල; විඩාව; කලකිරීම.
දරදඬු[නා.ප්‍ර.] දරලීය; දරකෝටු; ලීදඬු. 1. [වි.] දරදඬුවක් මෙන් නොනැමෙන; අනම්‍ය වූ. 2. [වි.] දඩබ්බර; හිතුවක්කාර.
දරදිය1. [නා.] ආපසු දීම සඳහා යමකුගෙන් ගන්නා මුදල් ආදි දෙය; ණය; ඉණ. 2. [නා.] ගැතිබව.
දරනවා1. [ක්‍රි. [පූර්වක්‍රි. දරා.]] රඳවනවා; උසුලනවා. 2. [ක්‍රි.] ඇති කරගන්නවා; ලබා ගන්නවා; පමුණුවනවා. 3. [ක්‍රි.] ස්වභාව; පවතිනවා. 4. (පාරිභා.) [ක්‍රි.] දොස් ලබනවා; දෝෂාරෝපණයකට පත් වෙනවා. 5. [ක්‍රි.] යුක්ත වෙනවා; සමන්විත වෙනවා. 6. [ක්‍රි.] තේරුම් ගන්නවා; සලකනවා. 7. [ක්‍රි.] (ගෙඩි ආදිය) හටගන්නවා; ඇති වෙනවා; උපදිනවා. 8. [ක්‍රි.] සිත් තුළ තබා ගන්නවා; සිතෙහි උපදවා ගන්නවා; ඇති කර ගන්නවා.
දරමනු[වි.] ධරමාන; ජීවත්වන; පවතින.
දරමිටි පෝය(කථා.) [නා.] (ශ්‍රී මහා බෝධියට පූජා පිණිස) දරමිටි රැගෙන එන පොහෝ දිනය; ඇසළ පසළොස්වකට පසු ව එන අටවක පොහොය.
දරවි, දරිවි, දැරිවි(කථා.) [නා.ප්‍ර.] ගැහැනු දරුවා; ළදැරිය.
දරසර[නා.ප්‍ර.] මහී කාන්තාව; පොළොවට අධිපති දෙවඟන.
දරසිවුරු[නා.ප්‍ර.] ලී පතුරු ගොතා ගෙන සාදාගත් සිවුරු; වල්කලා සිවුරු.
දරහඬ, දරාඬ1. [නා.] කුඹුරෙහි ඉස්මත්ත; කුඹුරට දිය ගලා එන මඟ. 2. [නා.] වෑකණ්ඩියේ ඉස්මත්ත. 3. [නා.] ගැලෙක ගොනා බඳින ඉදිරි කෙළවර; වියගහ; ධුරය. 4. [නා.] කෙත්වතු; කුඹුරු.
දරහැය, දරහැව, දැරහැව[නා.] යක් තොවිල්වල දී මළ පිදේන්න ගෙන යෑම සඳහා තනන මැස්ස.
දර්පණ[නා.] (මුහුණ බලන) කැඩපත; කන්නාඩිය.
දර්පය[නා.] ආඩම්බරය; එඩිය; ගර්වය; ඔද.
දර්වී[නා.ප්‍ර.] ලීයෙන් සාදන හැන්ද.
දර්වීකර[නා.ප්‍ර.] පෙණය සහිත සර්පයා; නයා.
දර්ශක1. [වි.] පෙන්වන; දක්වන; අඟවන; ප්‍රකට කරන. 2. [වි.] (ඇසට) පෙනීම ගෙන දෙන්නාවූ.
දර්ශක අංක(පාරිභා.) [නා.ප්‍ර.] (ආර්ථි.) කිසියම් නියමිත කාලයක මිල මට්ටම් හා වෙළඳ පරිමාව ආදිය ප්‍රකාශයට පත් කිරීම සඳහා පාවිච්චි කරන ගණිතාංකයක්.
දර්ශක නාලය[නා.] ඇසට පෙනීමේ ශක්තිය ගෙන දෙන දෘෂ්ටි ස්නායුව.
දර්ශක පරිමාණය[නා.] කිරුම් බර බලා ගැනීම සඳහා තුලාවකට සවි කොට ඇති මිනුම් පටිය.
දර්ශක රාශිය[නා.] (ගණිත.) ඝාතීය රාශිය.
දර්ශක රූපය[නා.] (ගණිත.) ප්‍රස්තාර, රේඛා චිත්‍ර ආදියෙන් කරුණු විදහා දක්වන රූපය; සූචක ප්‍රස්තාරය.
දර්ශකය1. (පාරිභා.) [නා.] සංඛ්‍යාවක් සමග යොදන වැඩි කිරීමේ බලය පෙන්වන අංකය නොහොත් සංකේතය. 2. [නා.] යමක විද්‍යුතය ඇති නැති බව පෙන්වන උපකරණයක විද්යුත් දර්ශකය. 3. [නා.] මෝටර් රථයක ධාවන වේගය ආදිය දක්වන උපකරණය. 4. [නා.] කිසියම් ප්‍රමාණයක් ප්‍රකට කිරීමට යොදන ලද ලකුණු හෝ රේඛා සහිත ඵලකය. 5. [නා.] රසායනික ද්‍රව්‍යයක අම්ලත්වය හෝ ක්ෂාරත්වය සොයා ගැනීමට උපකාර වන ලිත්මස් වැනි දෙය. 6. [නා.] ආදර්ශය; නිදසුන. 7. [නා.] කැඩපත; කණ්ණාඩිය.
දර්ශකයා1. [නා.] පෙන්වන්නා. 2. [නා.] බලන්නා; නරඹන්නා.
දර්ශන ආර්යයා[නා.] සිවු වැදෑරුම් ආර්යයන්ගෙන් එක් තැනැත්තෙක්; ප්‍රසාද එළවන දැකුම්කලු වූ රූපයෙන් ඉරියවුවෙන් ද යුත් තැනැත්තා.
දර්ශන ඉන්ද්‍රිය[නා.ප්‍ර.] ඇස.
දර්ශන උන්මාදය[නා.] විසංඥා කරවන හෙවත් සිත විපරීත කරවන උන්මත්ත භාවය.
දර්ශන ක්ෂේත්‍රය[නා.] ඇසේ පෙනීමට හසු වන ප්‍රදේශය.
දර්ශන කෘත්‍යය[නා.] රූප ආරම්මණ දැකීමේ ක්‍රියාව.
දර්ශන ජාලය(පාරිභා.) [නා.] ඇසෙහි පෙනීමට ගෙන දෙන ඇතුළු සිවිය.
දර්ශන ඥානය[නා.] (අභි.) චතුස්සත්‍ය ධර්මය දක්නා නුවණ; මාර්ග ඥානය.
දර්ශන පටලය[නා.] ඇස පිටුපස පිහිටා ඇසට පෙනෙන දෙයෙහි ප්‍රතිබිම්බය ලබා ගන්නා සියුම් පටලය.
දර්ශන පථය1. [නා.] ඇසට පෙනෙන තෙක් මානය; දෘෂ්ටිගෝචර ප්‍රදේශය. 2. [නා.] වටහා ගැනීමේ මඟ.
දර්ශන ප්‍රතිවේධය(අභි.) [නා.] නුවණින් දැකීමෙන් ලබන වැටහීම; චතුරාර්ය සත්‍යාවබෝධය.
දර්ශන මාර්ගය[නා.] (අභි.) පළමු කොට නිවන් අවබෝධ කර ගැනීමට උපකාරී වන මාර්ගය; සෝවාන් මඟ.
දර්ශන රේඛනය(පාරිභා.) [නා.] තල මේස (ප්ලේන් ටේබල්) මැනීමේ දී භාවිතයට ගන්නා උපකරණයක්.
දර්ශන රේඛාව(පාරිභා.) [නා.] මිනුම් දුරේක්ෂයක ප්‍රකාශ කේන්ද්‍රය හා ප්‍රාචීරයේ හරස් කෙඳි කැපී යන තැන හරහා ගමන් කරන මනඃකල්පිත රේඛාව.
දර්ශන ලාභය[නා.] දැක ගන්නට ලැබීම; දැකීම.
දර්ශන ශක්තිය1. [නා.] ඇසේ පෙනීමේ බලය. 2. [නා.] ඥානයෙන් දැනීමේ ශක්තිය; බුද්ධි බලය.
දර්ශන සූචකය[නා.] කැමරාවක කාචයට හසු වන දර්ශනය; උපනෙතට දර්ශනය වන මායිම හෝ එම දර්ශනය පිළිබිඹු වන කොටස.
දර්ශනඥයා[නා.] කිසියම් දර්ශනයක් දත් තැනැත්තා; දාර්ශනිකයා.
දර්ශනප්‍රාය[නා.ප්‍ර.] (යමක්) දැකිය හැකි තත්ත්වයට පත්වීම.
දර්ශනය1. [නා.] (යමක්) ඇසින් දැකීම; (දෑසට පෙනීම). 2. [නා.] දැක්වීම; ගෙනහැර පෑම. 3. (අභි.) [නා.] (නුවණින්) දැකීම. 4. [නා.] යථා ස්වභාව පරමාර්ථ තත්ව අවබෝධ කර ගැනීමට ඉවහල් වන විද්‍යාව. 5. (අභි.) [නා.] සෝවාන් මාර්ගය.
දර්ශනවාදය[නා.] සත්‍ය දැකීම (අවබෝධ කිරීම) පිළිබඳ ව ඉදිරිපත් කර ඇති මතය.
දර්ශනවාදී[වි.] දාර්ශනික මත දරන.
දර්ශනාත්මක[වි.] දර්ශනයට අදාළ
දර්ශනාන්තර[නා.ප්‍ර.] විවිධ දර්ශන.
දර්ශනානුත්තරිය[දර්ශන+අනුත්තරිය] [නා.] ශ්‍රේෂ්ඨ දර්ශනය; අසමාන වූ දර්ශනය.
දර්ශනීය[වි.] මනහර පෙනුමෙන් යුතු; දැකුම්කලු.
දර්ශනෝපචාරය[දර්ශන+උපචාර] 1. [නා.] ඇසින් බැලූ තෙක් මානය; දෘෂ්ටි පථයට අසුවන ප්‍රමාණය. 2. [නා.] ඇසට පෙනෙන තෙක් මානය; දොළොස් රියනකින් ඇතුළත වූ උපචාර සීමාව.
දර්ශපූර්ණ මාස, දර්ශපෞර්ණ මාස1. [නා.බහු.] නව සඳ හා පුර සඳ උදාවන දවස්. 2. [නා.බහු.] පුර පෑළවිය දා හා පුර පසළොස්වක් දා පවත්වන යාග.
දර්ශය1. [නා.] කෘෂ්ණ පක්ෂයේ සඳ නොපෙනී ගොස් නැවත පෙනෙන්නට පටන් ගන්නා පළමු දිනය; පුර පෑළවිය. 2. [නා.] පුර පෑළවිය දිනයෙහි පවත්වන හෝම විධිය. 3. [නා.] නිදසුන; උදාහරණය. 4. [නා.] වර්ගය.
දර්ශී[වි.] දක්නා; දකිනසුලු. [නා.ප්‍ර.] දකින්නා; පෙනෙන තැනැත්තා.
දර්ශීය1. [වි.] ආදර්ශයක් වශයෙන් දැක්විය හැකි. 2. [වි.] ස්වකීය වර්ගයට අයත් ගති ලක්ෂණ ඇති.
දරා[වි.] මහලු; වයස්ගත; ජරපත්.
දරාන1. (කථා.) [නා.] දර හේත්තු කර තබන ආධාරකය. 2. [නා.] කෙට්ටු වීම නිසා ඉළඇට පෑදුණු ශරීරයක් ඇත්තා.
දරාව[නා.] පොළොව; පෘථිවිය; භූමිය.
දරිද්‍ර[වි.] දුප්පත්; දිළිඳු; නිර්ධන.
දරිය1. [නා.] දරුවා; පුතා. 2. [නා.] දැරිය; දුව.
දරිසි[වි.] සියල්ල දන්වා වූ; සර්වඥ.
දරීමුඛ[නා.ප්‍ර.] පර්වත විවරය; පර්වත කපොල්ල; ලෙනෙහි දොර.
දරීසය[නා.ප්‍ර.] ලෙන් ගුහා බිළ ආදිය වාසස්ථාන කොට ගත් සතා.
දරු1. [වි.] ළා; නොමේරු; නොපැසුණු. 2. [වි.] කුඩා; විශාල නොවූ. 3. (උද්භි.) [වි.] දරු ශාක පිළිබඳ. [නා.ප්‍ර.] දර.
දරු දෙබින්න[නා.] එක් කුස උපන් සහෝදර සහෝදරියන් දෙදෙනා.
දරු බොරදම[නා.] ලොකු කැටයමක දාරය සරසන කුඩා කැටයම.
දරු මඟ[නා.] දරුවා බිහිවන මඟ; යෝනිමඟ.
දරුකනටිය[නා.] කුඩා ලියැද්ද.
දරුණු1. [වි.] තද; දැඩි; උග්‍ර. 2. [වි.] බිහිසුණු; බියකරු; නපුරු; රෞද්‍ර, 3. [වි.] ඉතා අමාරු; සුව කළ නොහැකි; අසාධ්‍ය.
දරුදොළ[නා.] දරුවකු පිළිසිඳ ගැනීමේදී ඇතිවන ආශාව; දොළදුක.
දරුපත1. [නා.] දරුවකු ඉපදීම; ප්‍රසූතිය 2. [නා.] කුඹුරක මහ ලියැද්දට යාබද කුඩා ලියැද්ද.
දරුබොක්ක[නා.] ගර්භාශය.
දරුමල1. [නා.ප්‍ර.] දරු නමැති පාශය හෙවත් බන්ධනය; දරු බැම්ම. 2. [නා.ප්‍ර.] දරුවකුගේ අශුචි.
දරුමල්ලෝ[නා.බහු.] දරු පිරිස; දරුවෝ.
දරුමා[නා.ප්‍ර.] දරුවන්ගේ මව; දරුවන් ලද ස්ත්‍රිය.
දරුමා වෙනවා1. (කථා.) [ක්‍රි.] දරුවකු රැකබලා ගැනීමේ ව්‍යාවෘත වෙනවා. 2. [ක්‍රි.] යම්කිසි වැඩකට උපකාරී ලෙස සහභාගී වෙනවා.
දරුමාකම[නා.] මවක විසින් දරුවකු වෙත දක්වන සැලකිල්ල.
දරුවා1. [නා.] පුතා හෝ දුව; දාරකයා; ළමයා. 2. [නා.] පුතා; පිරිමි දරුවා.
දල1. [නා.ප්‍ර.] කොළය; පත්‍රය; දලුව. 2. [නා.ප්‍ර.] පෙත්ත; මල්පෙත්ත. 3. [නා.ප්‍ර.] දිය; ජලය; මේඝය. 4. [නා.ප්‍ර.] ගින්න; ගිනිදැල්ල. 5. [නා.ප්‍ර.] දාහය; දැවිල්ල. 6. [නා.ප්‍ර.] දැල; ජාලය. 7. [නා.ප්‍ර.] ලෝහය. [වි.] දිලිසෙන.
දල බම, දල බැම[වි.] දිය සුළිය; දිය සළාව.
දල මණ්ඩලය[නා.] මලක වටේට පිහිටි පෙති රැස; පෙතිවලය.
දලකිඳු[නා.ප්‍ර.] ගිනිදැල්ල.
දලකුරු[නා.ප්‍ර.] අංකුර අවස්ථාවෙහි තිබෙන පත්‍රය.
දලගැබ[නා.] වැහිවලාව; මේඝය.
දලතල[නා.ප්‍ර.] දියතලාව; ජල තලය.
දලද, දලදා[නා.ප්‍ර.] වැහිවලාකුළු; මේඝය.
දලදර[නා.ප්‍ර.] දියදහර; ජල ධාරාව.
දලදර යතුර[නා.] දිය විදින යන්ත්‍රය.
දලදහස්[නා.ප්‍ර.] දල හෙවත් පෙති දහසක් ඇති පුෂ්ප; නෙළුම්; පියුම්.
දලනවා[ක්‍රි.] දිලෙනවා; දිලිසෙනවා.
දලනි, දලනිදි, දලනිදු, ජලනිඳු[නා.ප්‍ර.] ජලපංක දුර්ගය; දිය හා මඬින් යුත් දුර්ග මාර්ගය.
දලපෙළ[නා.ප්‍ර.] දිය කඳ; ජලස්කන්ධය.
දලබද්ධ[වි.] මල්පෙතිවලට සම්බන්ධ.
දලබුකඩ[නා.] වැදෑමස් කඩ.
දලබුද[නා.] කලල රූපය.
දලබුව1. [නා.] වසා හෙවත් වුරුණු තෙල වැලඳගෙන සිටි සම. 2. [නා.] වැදෑමහ. 3. [නා.] ගර්භාශය. 4. [නා.] කලල රූපය.
දලයන්[නා.ප්‍ර.] ජලයාන; ජල යාත්‍රාව.
දලරද[නා.ප්‍ර.] මුහුද; සමුද්‍රය.
දලරැස්[නා.ප්‍ර.] සාගරය.
දලරොන්[නා.ප්‍ර.] ගිනිපුපුරු; පුලිඟු.
දලසර1. [නා.ප්‍ර.] මාළුවා; මත්ස්‍යයා. 2. [නා.ප්‍ර.] වලාකුළ; මේඝය.
දලසා[නා.ප්‍ර.] ගිනි දලුව.
දලහ1. [නා.ප්‍ර.] (මහලු වීමෙන් ඇති වන) ජරාව. 2. [නා.ප්‍ර.] සලකුණ; ලාංඡනය.
දලහ දඬුව[නා.] (පුද්ගලයාගේ සමාජ තත්ත්වය හෝ නිලය හෝ පෙන්නුම් කරන) ලාංඡන යෂ්ටිය; ලා දඬුව; සෝළු ලීය.
දල්වන හැන්ද(පාරිභා.) [නා.] වහා ගිනි ගන්නා රසායන ද්‍රව්‍ය පාවිච්චියේ දී උපයෝගී කොට ගන්නා හැන්දක් වැනි උපකරණය.
දල්වනවා1. [ක්‍රි.] (ගින්දර පහන් ආදිය) අවුළුවනවා; පත්තු කරනවා; මොලවනවා. 2. [ක්‍රි.] (ඇස්, මුව ආදිය) අරිනවා; විවර කරනවා; අයනවා; විදහනවා. 3. [ක්‍රි.] ආලෝක කරනවා; බබළවනවා. 4. [ක්‍රි.] ගින්නෙන් දවනවා.
දල්හ[වි.] දැඩි; කර්කශ; ශක්තිමත්.
දල්‍යාසය[නා.] මලක අවයව පිණ්ඩය.
දලාහ(පාරිභා.) [නා.ප්‍ර.] පුෂ්ප පත්‍ර මෙන් වර්ණවත් වූ නිපත්‍ර.
දලැඳිලි[නා.ප්‍ර.] දියදොහොත; ජලාඤ්ජලිය.
දලැල[නා.ප්‍ර.] ජලය රැඳී තිබෙන තැන; ජලාලය.
දලු කඩිගය(කථා.) [නා.ප්‍ර.] පැළ කිරීමට ගන්නා බුලත් රිකිල්ල; බුලත් අංකුරය.
දලුක්, දළුක්[නා.] උසට වැවෙන පතොක් වර්ගයක්.
දලුපත, දලුපොත[නා.] අලුතින් වගා කරනු සඳහා සකස් කෙරුණු බිම් කොටස; අස්වැද්දුම.
දලුපත්කාරයා1. [නා.] ගමක වාසයට අලුතින් ආ තැනැත්තා; අස්ථිර වාසයක් ඇත්තා. 2. [නා.] ඉඩමක් මුල් පංගුකාරයා ගෙන් ලබාගෙන අස්වද්දන්නා.
දලුමුර1. [නා.] බුලත්; බුලත් විට. 2. [නා.] බුලත් කොළ කඩන වාරය; ඉඩම් හිමියෙකුට බුලත් සැපයීමේ වාරය. 3. [නා.] ඇතැම් ශාන්තිකර්මවලට අයත් පූජා නොහොත් නර්තන අංගයක්.
දලුව, දල්ල1. [නා.] ළපටි කොළය; නොමේරූ කොළය; අංකුරය. 2. [නා.] (ප්‍ර. යෙදේ) බුලත්. 3. [නා.] තේ දලුව.
දව1. [නා.] අලුයම. 2. [නා.] ඉක්මන; වේගය; ජවය. 3. [නා.] ධාවනය; දිවීම. 4. [නා.] ඡන්ද රාගය. 5. [නා.] දෙක; ද්වි සංඛ්‍යාව. 6. [නා.] වනය; කැලෑව. 7. [නා.] පිතෙන් හටගන්නා රෝග විශේෂයක්.
දව රෝදය(පාරිභා.) [නා.] වාහනයක ගියර රෝද යුගලයෙහි කුඩා රෝදය; ගියර පෙළෙහි කුඩාතම රෝදය.
දවටනවා1. [ක්‍රි.] ඔතනවා; වෙළනවා; පටලවනවා. 2. [ක්‍රි.] රඳවනවා. 3. [ක්‍රි.] තවරනවා; මතුපිටින් ගානවා 4. [ක්‍රි.] කලවම් කරනවා; මිශ්‍ර කරනවා. 5. [ක්‍රි.] සම්බන්ධ කරනවා; එකිනෙක අමුණනවා.
දවනවා1. [ක්‍රි.] පුච්චනවා; පුලුස්සනවා. 2. [ක්‍රි.] දුවනවා; ධාවනය කරනවා. 3. [ක්‍රි.] ගොයම් ආදිය කපනවා.
දවමිණි[නා.] දිවා කල්හි මැණික වන සූර්යයා; හිරු.
දවය[නා.ප්‍ර.] ක්‍රීඩාව; සෙල්ලම.
දවස1. [නා.] දිනය; ඉංග්‍රීසි පැය 24 ක කාලය. 2. [නා.] වකවානුව; කාල පරිච්ඡේදය.
දවසත්[දවස්+අත්] [නා.] දවසේ කෙළවර; දිවසාවසානය.
දවසමුව[නා.ප්‍ර.] දවසේ උදාව; උදය; පාන්දර.
දවස් දෙබාගය1. [නා.] දවාලත් රැයත් වෙන් වන කඩයිම; ඇඳිරි වැටෙන වේලාව; ගොම්මන් වේලාව. 2. [නා.] රැයත් දවාලත් වෙන් වන කඩයිම; අරුණ වැටෙන වේලාව; හිමිදිරි පාන්දර.
දවස්මැණ[නා.ප්‍ර.] හිරු; සූර්යයා.
දවසිඳු[නා.ප්‍ර.] සූර්යයා; හිරු.
දවහ[නා.] දවල්. 1. [ක්‍රි.වි.] දිනපතා; දවසක් පාසා. 2. [ක්‍රි.වි.] නිරන්තරයෙන්.
දවහත් තරුව[නා.] ඉරබටු තරුව.
දව්ව(කථා.) [නා.] අළු.
දවාග්නි[නා.ප්‍ර.] වනයක ඉබේ හටගන්නා ගින්න; ලැව් ගින්න.
දවාන[නා.] පඬුරු; තෑග්ග.
දවාල1. [නා.ප්‍ර.] සූර්ය උදාවේ සිට බැසීම දක්වා වූ කාලය. 2. [නා.ප්‍ර.] උදයත් සන්ධ්‍යාවත් අතර කාලය.
දවි[නා.ප්‍ර.] හැන්ද; කරඬිය.
දවු1. [වි.] ඉක්මන් බව; ශීඝ්‍රතාව. 2. [වි.] විශාල; ලොකු.
දවුඩනවා(කථා.) [ක්‍රි.] දවටනවා; අමුණනවා.
දවුල[නා.] බෙර විශේෂයක්.
දශ අකුශල[නා.බහු.] අකුශල් දහය; කය, වචනය, සිත යන තිදොරින් සිදු වන ප්‍රාණඝාතාදි පව්කම් දහය.
දශ ක්ලේශ[නා.බහු.] සිත කිලුටු කරන ලෝභ දෝස ආදි කෙලෙස් දහය.
දශ කාලය[නා.] (ජ්‍යෝති.) කෙනෙකුගේ උපන් මොහොතෙහි බලපෑ ග්‍රහයාගේ පටන් ජීවන කාලය තුළ එක් එක් ග්‍රහයන්ට අයත් වන කාල පරිච්ඡේදය.
දශ ගුණය, දස ගුණය1. [නා.] දහයකින් ගුණ හෙවත් වැඩි වූව. 2. [නා.] තපස් රකින අයට වෘක්ෂ මූලයක වාසය කිරීමෙන් ඇතිවන අනුසස් දහය.
දශ ධර්මය1. [නා.] ධර්ම දහය; නවවිධ ලෝකෝත්තර ධර්මය හා පාලි ත්‍රිපිටක ධර්මය. 2. [නා.] දශරාජ ධර්මය. 3. [නා.] පැවිද්දන් විසින් නිතර සිහි කළ යුතු කරුණු දහය.
දශ මහාදෝෂය[නා.] කාව්‍යයේ රස වින්දනයට බාධා පමුණුවන ප්‍රධාන දෝෂ දහය.
දශආනන[නා.ප්‍ර.] මුඛ දහයක් ඇත්තා; රාවණ රජ; දසිස්.
දශකණ්ඨයා[නා.] ගෙල දහයක් ඇත්තා; රාවණ රජ.
දශකය, දසකය1. [නා.] දහයේ ගොඩ; දහය; දහයේ පංගුව. 2. [නා.] දශ අවුරුදු කාල පරිච්ඡේදය.
දශකායබල[නා.ප්‍ර.] ෂඩ්ලන්ත හස්තීන් දස දෙනකුගේ කාය ශක්තියක් දැරූ බුදුන් වහන්සේගේ බලය.
දශන1. [නා.] දන්තය; දත. 2. [නා.] ගිරිකුළ. 3. [නා.] කඤ්චුකය; සන්නාහය. 4. [නා.] දර්ශනය; පෙනෙන දෙය.
දශනඛ සමෝධානය1. [නා.] දෑතේ නිය දහය එකට සිටින සේ දෑත් එක් කිරීම. 2. [නා.] එසේ කිරීමෙන් කරන වැඳීම.
දශබල, දසබල1. [නා.ප්‍ර.] දශවිධ කාය බල හෝ දශවිධ වූ ඥාන බලය. 2. [නා.ප්‍ර.] දශවිධ වූ කාය බලයෙන් හා ඥාන බලයෙන් යුත් බුදුරජාණන් වහන්සේ.
දශම අංකනය(පාරිභා.) [නා.] දහයෙන් කොටස් සියයෙන් කොටස් ආදිය දැක්වීම සඳහා දශම තිතට දකුණෙන් අංක යෙදීමේ ක්‍රමය.
දශම කරනවා[ක්‍රි.] දහයේ කොටස් බවට පමුණුවා දශම භාග බවට පත් කරනවා.
දශම ක්‍රමය(පාරිභා.) [නා.] දහයෙන් හා දහයේ බලවල පංගු දැක්වීමට එකස්ථානයේ ඉලක්කමට දකුණෙන් දශම තිත යොදා ඉක්බිති ව ඉලක්කම් ලියා භාග දක්වන ක්‍රමය.
දශම තිත(පාරිභා.) [නා.] දශම සහිත ප්‍රකාශනයක පූර්ණ සංඛ්‍යා කොටස භාග කොටසින් වෙන් කරන තිත.
දශම භාගය(පාරිභා.) [නා.] හරය වශයෙන් දහයේ බලයක් ඇති භාගය.
දශම ස්ථානය[නා.] දශම තිතේ සිට දකුණට පිහිටි දහයෙන් කොටස් වශයෙන් දැක්වෙන ස්ථානය.
දශමය[නා.] දහයෙන් පංගුව හෝ කොටස; දහයෙන් දහය ප්‍රගමනය වන සංඛ්‍යාව.
දශමාංශය[දශම+අංශය] [නා.] (ගණිත.) ලඝු ගණකයක ඇති දශම සංඛ්‍යා කොටස.
දශය, දසය, දහය[නා.] නවයකට එකක් වැඩි වූ සංඛ්‍යාව.
දශරාජ ධර්මය[නා.] යහපත් රජකු විසින් රට පාලනයේදී උපයෝගි කරගනු ලබන දානය, ශීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්ෂාන්තිය හා අවිරුද්ධතාව යන ධර්ම දහය.
දශසංයෝජන[නා.ප්‍ර.] සත්ත්වයා සසරෙහි බැඳ තබනු ලබන බැඳුම් දහය:- එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන දසයයි.
දශසහශ්‍රී[වි.] දස දහසකින් යුක්ත; දස දහසක් වූ.
දශ්‍යු[නා.ප්‍ර.] ආර්ය ජන කොටස්වලට අයත් නොවන තැනැත්තා; අනාර්යයා.
දශාධිපතියා[නා.] (ජ්‍යෝති.) එක් එක් දශාවට ප්‍රධාන වූ ග්‍රහයා.
දශාන්තය[නා.] රෙදි කෙළවර; වාටිය; දාවල්ල.
දශාපහරණය[දශා+අපහරණය] [නා.] (ජ්‍යෝති.) යම් අයකු උපදින විට ඔහු උපන් දශාවෙන් ගෙවීගිය කාලය හා ඉදිරියට ගෙවිමට ඇති කොපමණ දැයි ගණන් කාලය බැලීම.
දශාව1. [නා.] වස්ත්‍රයක කෙළවර වාටිය. 2. [නා.] දශා කාලය. 3. [නා.] කාලය; අවධිය; අවස්ථාව. 4. [නා.] නක්ෂත්‍රයට අනු ව එක් එක් ග්‍රහයාට හිමිවන කාලපරිච්ඡේදය.
දෂ්ට[වි.] හපා කන ලද; විදින ලද; සිදුරු කරන ලද; ඩසින ලද; දළයෙන් තුවාල කළ.
දෂ්ටය1. [නා.] ඩසින ලද තැන; දෂ්ට කරන ලද ස්ථානය. 2. (පාරිභා.) [නා.] දළය; දංශය.
දස1. [නා.ප්‍ර.] දහය. 2. [නා.ප්‍ර.] දිශාව; දෙස; පැත්ත. 3. [නා.ප්‍ර.] අනුන්ට බැළ කරන තැනැත්තා නොහොත් තැනැත්තිය; දාසයා/දාසිය. 4. [නා.ප්‍ර.] රෙද්දේ වාටිය; දාවල්ල 5. [නා.ප්‍ර.] කෙළවර; අවසානය; අන්තය. 6. [නා.ප්‍ර.] ස්වභාවය.
දස අත1. [නා.] දශ දිශාව; සතර දිශා, සතර අනු දිශා සහ උඩ යට යන දස දිසා දහය. 2. [නා.] දිශා අන්තය; දිසා කෙළවර.
දස එකඩමස, දසකඩ මස[දස+අකඩ මස] [නා.බහු.] අඛණ්ඩ දස මාසය (චන්ද්‍ර මාස පිළිවෙළින්) සම්පූර්ණ වූ දස මාසය.
දස කුසල[නා.බහු.] කුසල කර්ම දහය;- ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුනාවාචා, ඵරූසා වාචා, සම්ප්‍රලාප, අභිධ්‍යා, ව්‍යාපාද, මිථ්‍යාදෘෂ්ටි යන දස අකුසල්වලින් වෙන්වීම.
දස දුක1. [නා.] දුඃඛ සත්‍යයෙහි දැක්වෙන දුක් දහය. 2. [නා.] අප්‍රමාණ දුක් කම්කටොලු.
දස පනත[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තු ධර්මයේ සඳහන් වන ප්‍රඥප්ති දහය.
දස පාරමිතා[නා.බහු.] බෝසත් කෙනෙකු විසින් පිරිය යුතු දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා ආදි මූලික ගුණ දහම් දහය.
දස පොරොන්දම[නා.] (ජ්‍යෝති.) ආවාහ විවාහයේ දී යුවතිපතින්ගේ ගැළපීම ජ්‍යෝතිෂය අනු ව සුදුසු දැයි විමසා බලන සීහුම් විදි දහය.
දස මදය[නා.] දස තැනෙකින් වෑහෙන මදය; මෙය ඇතුන්ගේ දෙකපොල, කෝෂ, දෙකන් සිදුරු, දෙඇස්, දෙනාසාපුට, ගුද යන දස තැනින් වැගිරෙන බව සැලකෙයි.
දස මරගාතය(කථා.) [නා.] දහයක් පමණ වූ හිරිහැරය; දැඩි කරදරය.
දස හස[නා.] දශ දිශාව; දස දෙස.
දසකස්ථානය1. [නා.] දහයේ ඒකකයේ තැන. 2. [නා.] දහයේ රාශියට අයත් තැන.
දසකසිණ[නා.ප්‍ර.] (අභි.) සමථ භාවනාව සඳහා අරමුණු කර ගනු ලබන දස වැදෑරුම් කසිණ; පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, පරිච්ඡින්න යන කසින දහය.
දසතුරු[දස+උතුරු] 1. [වි.] දහයකින් වැඩි. 2. [වි.] දිසා අතුරෙහි; දිසා අතර.
දසනය[නා.] දැකීම; දර්ශනය; පෙනෙන දෙය.
දසන්[නා.ප්‍ර.] දත; දන්තය.
දසන්වරණ[නා.] තොල; අධරය.
දසනිඳු[දසන්+ඉඳු] [නා.] දන්ත ධාතූන් වහන්සේ; දළදා හිමි.
දසපදියා(පාරිභා.) [නා.] පා හෙවත් අඬු 10 ක් ඇති සතා; ඩෙකපෝඩා.
දසබලකුරු[දසබල+අකුරු] [නා.ප්‍ර.] බුද්ධාඞ්කුරයා; බෝසතාණන් වහන්සේ.
දසබිම්බර[නා.ප්‍ර.] බිම්බර නම් ප්‍රමාණ දසය; දේව, මාර, යක්ෂ, රාක්ෂස, ගරුඩ, සර්ප, චතුප්පාද, භූත, නර, අසුර යන ගණයන්ගෙන් යුත් බිම්බර දසයක සෙනඟ.
දසමාව[නා.] මාත්‍රා දසයක නොහොත්, මෑ ඇට දස ප්‍රමාණයක බර දැක්වෙන මිනුම් විශේෂයක්.
දසමුණ1. [නා.] අමුණු දහයක හෙවත් කුඹ එකක ධාන්‍ය ප්‍රමාණය. 2. [නා.] අමුණු දහයක වපසරිය ඇති බිම.
දසඹු[දස+අඹු] [නා.ප්‍ර.] දිශා නැමැති කාන්තාව; දිශා කාන්තාව.
දසඹුල්[නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේ.
දසයන[වි.] (රත්රන්වල පිරිසිදු බව මනින) කැරට් දසයකින් යුත් මානය.
දසරු කණ්ඨය[නා.] ග්‍රීවය උස් පහත් කිරීමට හා දෙපසට හැරවීමට උපකාරී වන පේශිය.
දසරුව1. [නා.] උරහිස; උරපත්ත; කර; අංසකූටය. 2. [නා.] ඉඟ. 3. [නා.] පලඳනා විශේෂයක්.
දසවක[නා.] අමාවක පසු වී හෝ පසළොස්වක පසු වී එන දහවන දිනය.
දසවමිය[නා.] දිශා නමැති කාන්තාව.
දසවිධ[වි.] දස ප්‍රකාර; දශා කර.
දසසතකිරණ[නා.ප්‍ර.] හිරු; සූර්යයා; දසසත පා.
දසසතනයන[නා.ප්‍ර.] සක් දෙවිඳු; ශක්‍රයා.
දසසිව් වක[නා.] (චන්ද්‍ර මාස ක්‍රමයෙන්) දාහතර වැනි දිනය; තුදුස්වක.
දස්1. [නා.ප්‍ර.] දාසයා; මෙහෙකරුවා. 2. [නා.ප්‍ර.] දක්ෂ; සමත්.
දස්කම්1. [නා.ප්‍ර.] දක්ෂ ක්‍රියා; සමත්කම්; හපන්කම්; සුරු විරුකම්. 2. [නා.ප්‍ර.] දාස කර්මයා; බැළමෙහෙවර.
දස්සනය1. [නා.] දර්ශනය; දසුන. 2. [නා.] සෝවාන් මඟ; නුවණ. 3. [නා.] දැනුම; ඥානය.
දසාල[නා.] සමුද්‍රය; මුහුද.
දසාව1. [නා.] දිශාව; දෙස; පැත්ත. 2. [නා.] වස්ත්‍රයක කෙළවර; වාටිය; කොන; දාවල්ල. 3. [නා.] නක්ෂත්‍රයට අනු ව එක් එක් ග්‍රහයාට හිමි වන කාල පරිච්ඡේදය. 4. [නා.] කාලය; අවධිය; අවස්ථාව.
දසිස්[නා.ප්‍ර.] හිස් දහසක් ඇත්තා; රාවණා රජ.
දසු[වි.] දක්නාසුලු; දර්ශී.
දසුන1. [නා.] දර්ශනය; පෙනීම; දැකීම; දෘෂ්ටිය. 2. [නා.] අවබෝධය; වැටහීම; අධිගමය; සිත්හි එකඟබව; චිත්ත සමාධිය.
දහ1. [නා.ප්‍ර.] දහයේ සංඛ්‍යාව. 2. [නා.ප්‍ර.] වාටිය; දාවල්ල. 3. [නා.ප්‍ර.] දවස. 4. [නා.ප්‍ර.] විල. 5. [නා.ප්‍ර.] සිරුරෙහි ඇතිවන දැවිල්ල; දාහය. 6. [නා.ප්‍ර.] තරහ; කෝපය. 7. [නා.ප්‍ර.] යහපත. 8. [නා.ප්‍ර.] වක්‍රනාභිය. 9. [නා.ප්‍ර.] නූල; හුය. 10. [නා.ප්‍ර.] ධාතු.
දහ ජරාව(කථා.) [නා.] ඉතා අපිරිසිදු දෙය; කුණු වී පල් වෙමින් පවතින දෙය; දුර්ගන්ධ ද්‍රව්‍යය.
දහංගැටේ, දහම්ගැටේ1. [නා.] යමකු අමාරුවකට පත් කිරීම නොහොත් යමකු ලබා දුෂ්කර යමක් කරවා ගැනීම සඳහා යොදන උපක්‍රමය. 2. [නා.] ධර්මය පිළිබඳ දුරවබෝධ තැන්; ධර්මය පිළිබඳ ගැටලු සහිත තැන්.
දහඅට පාලිය[නා.බහු.] සන්නි යක්ෂයාගේ අවතාර දහඅටට අනුකූල වන සේ තොවිල්වල දී නටන නැටුම් විලාස දහඅට.
දහකන්[නා.ප්‍ර.] වස්ත්‍රයක සිවුරක වාටි කෙළවර; වාටියේ කොන; දාවල්ල.
දහඩිය, දාඩිය[නා.] දාහගතියෙන් ශරීරයේ රෝම කූපවලින් පිට කරන දියර; ස්වේදය; ඩහදිය.
දහතළය1. [නා.] විල; තඩාගය. 2. [නා.] විල ආශ්‍රිත පෙදෙස; විල්තෙර.
දහන කුටීරය(පාරිභා.) [නා.] ඉන්ධන කුටීරය; වාෂ්පයෙන් ක්‍රියා කරන යන්ත්‍රයක හෝ අභ්‍යන්තර දහන යන්ත්‍රයක හෝ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තාපය දැනවීම පිණිස ඉන්ධන දැවෙන කාමරය.
දහන තාපය(පාරිභා.) [නා.] දැවීමට අවශ්‍ය උෂ්ණත්වය.
දහනග[නා.ප්‍ර.] වී ඇටවල බූව.
දහනය1. [නා.] ගින්න; අග්නිය; වහ්නිය. 2. [නා.] දැවීම; ගිනිබත් කිරීම. 3. [නා.] ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ශරීරයෙහි යම් යම් ස්ථාන පිලිස්සීම; ගිනියම් කළ සැත් උපකරණයකින් දැවීම. 4. (පාරිභා.) [නා.] දැවීම; වායු, ඝන, ද්‍රව යන කවර හෝ ඉන්ධනයක් (උෂ්ණයක්, බොහෝ විට, ආලෝකයක් උපදවමින්) හුදු අම්ලකර හෝ අම්ලකර සංයෝගයක් වන පරිදි දැවීම.
දහනවා1. [ක්‍රි.] කෝප වෙනවා; කිපෙනවා. 2. [ක්‍රි.] බැහැර කරනවා; දුරු කරනවා.
දහන්[වි.] ධ්‍යානය සම්බන්ධ වූ; ධ්‍යානය පිළිබඳ වූ. 1. [නා.ප්‍ර.] ධ්‍යානය. 2. [නා.ප්‍ර.] ධාන්‍ය. 3. [නා.ප්‍ර.] ගින්න.
දහන්දැල[නා.ප්‍ර.] ඇවිලෙන ගින්න; ගිනිජාලාව.
දහන්සැරි[නා.ප්‍ර.] වාතය; සුළඟ; පවන.
දහන්හූ[නා.ප්‍ර.] ධ්‍යාන නූල; පුන නූල; යඥ සූත්‍රය.
දහනා[නා.ප්‍ර.] මුහුද; සමූද්‍රය.
දහනැඹුල1. [නා.] භස්ම කරන ලද ද්‍රව විශේෂයක්; කාඩි. 2. [නා.] හාල්පානු.
දහනේ[නා.ප්‍ර.] සමානතාව; සදෘශබව.
දහපට්ටම(කථා.) [නා.] උගත්කම කෙරෙහි පවරන උපාධි හෙවත් තනතුරු දහය.
දහපේරුව(කථා.) [නා.] පරපුරු දහය; මවුපිය දෙපාර්ශවයේ පරම්පරා දහය.
දහම1. [නා.] ත්‍රිපිටක ධර්මය; බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම. 2. [නා.] නව ලොව්තුරා දහම; සතර මග, සතර ඵල: නිවන යන ධර්ම නවය. 3. [නා.] දශරාජ ධර්මය. 4. [නා.] කුශල ධර්ම දාන, ශීලාදි පුණ්‍ය කර්ම. 5. [නා.] දැහැමි බව, ධර්මිෂ්ඨතාවය. 6. [නා.] වස්තුවක ස්වභාවය. 7. [නා.] ශ්‍රේෂ්ඨ තත්ත්වය; උත්තරීතර බව. 8. [නා.] සංස්කාර ධර්ම.
දහම් පඬුර1. [නා.] ධර්මයට පූජා වශයෙන් දෙන දෙය. 2. [නා.] පඬුරක් වශයෙන් දෙන ධර්ම පුස්තකය.
දහම් පලඟ[නා.] දහම් දෙසීම සඳහා භාවිත කරන ආසනය; ධර්ම පර්යඞ්කය; ධර්මාසනය.
දහම්කෙළි[නා.ප්‍ර.] ධර්ම ක්‍රීඩාව; නිතර පින් කිරීම.
දහම්ගේ[නා.ප්‍ර.] ධර්ම පුස්තකාලය.
දහම්නය[නා.ප්‍ර.] ධර්ම ක්‍රමය; ධර්ම න්‍යාය.
දහම්පසක්නා[නා.ප්‍ර.] පැරණි සිංහල රජුන් කල ශාසනික කටයුතු භාර වූ ප්‍රධාන නිලධාරියා; ධර්මමහාමාත්‍ය.
දහම්සර[නා.ප්‍ර.] දම්දෙසුම් හඬ.
දහම්සරණ1. [නා.ප්‍ර.] තුන් සරණයේ දෙවැන්න; දහම පිහිට කොට ගැනීම හා ඇදහීම; ධර්මය තමාට රක්ෂා ස්ථානයකැයි පිළිගැනීම. 2. [නා.ප්‍ර.] එනම් ග්‍රන්ථය.
දහමිසුරු[වි.] දහමට ඉසුරු වන; ධර්මයට අධිපති.
දහමොද[නා.] ධර්ම නැමැති ඕජස: ධර්මා මෘතය.
දහයියා, දහය්යා[නා.] වී ආදි ධාන්‍යවල කොටා අස් කරනු කරනු ලබන පිටපොත්ත; වී පොතු.
දහර1. [වි.] වයසින් අඩු; බාල වියෙහි වූ; ළාබාල; ළපටි; ළමා. 2. [වි.] තරුණ; නව යොවුන්. 3. [වි.] අලුත්; නව. 1. [නා.ප්‍ර.] බාලයා; නව. 2. [නා.ප්‍ර.] තරුණයා. 3. [නා.ප්‍ර.] වේගයෙන් ඇද හැලෙන හෝ ගලායන දිය පාර; විහිද යන කාන්තිය; ධාරාව. 4. [නා.ප්‍ර.] වැස්ස. 5. [නා.ප්‍ර.] අශ්වයකුගේ ගමන් වේගය. 6. [නා.ප්‍ර.] පිඹුරා.
දහර පස[නා.] අශ්වකුලේ ගමන් වේග පහ; ධෝරිත, වල්ගිත, ප්ලුත, උත්තේජිත, උත්තේරිත.
දහර මණ්ඩිය(කථා.) [නා.] එක් පයක් අනික් පයට උඩින් සිටින සේ හිඳ ගන්නා විලාසය; අරමිණිය ගොතා සිටීම.
දහරගල්ල, දාරගල්ල[නා.] ධාරාවක් මෙන් බිම වැටී දිග ඇදීම; දහරක් මෙන් වැතිර ගැනීම; වැදීමේ ක්‍රමයකි.
දහරලුව(කථා.) [නා.] ඉඩෝරය; පෑවිල්ල; නියඟ.
දහල්[නා.ප්‍ර.] කදෝපැණියා; කනමැදිරියා.
දහවට[නා.] පටපිළි.
දහවල, දවාල[නා.ප්‍ර.] දිවා කාලය; දවාල.
දහවල්ල, දාවල්ල1. [නා.] රෙදිසළු ඇතිරිලි ආදියක වාටිය. 2. [නා.] (සැරසිලි) වාටියක්, දාවල්ලක් සහිත වස්ත්‍රය.
දහස්පත[නා.] නෙළුම් මල.
දහසැස්[නා.ප්‍ර.] දහස් ඇස් ඇත්තා; ශක්‍රයා.
දහළු[නි.] සමාන වූ; වැනි. [නා.ප්‍ර.] පටවස්ත්‍ර.
දහ්‍යමාන[වි.] දැවෙමින් පවතින; දැවෙන.
දහිර වාට්ටුව1. (කථා.) [නා.] මරණාසන්න රෝගීන් රඳවා තැබීමට වෙන් කළ වාට්ටුව. 2. [නා.] අතිශයින් අබලන් බවට පත් රථය.
දහුර(කථා. උඩ.) [නා.ප්‍ර.] කරේ දාගැනීමට ගනු ලබන රෙදිකඩ.
දළ1. [වි.] ස්ථිර. 2. [වි.] මහත් වූ; විශාල. 3. [වි.] දැඩි; දෘඪ; අධික; බලවත්. 4. [වි.] තුනී නැති: නොසියුම්; රළු; ගොරෝසු; ගොරහැඩි. 5. [වි.] මුළු; සම්පූර්ණ. 6. [වි.] නොනිමි; අසම්පූර්ණ. 7. [වි.] අඩමාන; අනුමාන. 1. [නා.] හැඩපලු ගෙතුණු කෙස්වැටිය; කැරලි ගැසුණු කේශකලාපය; ජටාව. 2. [නා.] නළල; ලලාටය. 3. [නා.] ක්‍රීඩාවල යෙදීම; ක්‍රීඩා කාර්යය. 4. [නා.] මෙවුන්දම. 5. [නා.] ලෝභය; තණ්හාව.
දළ ජාතික නිෂ්පාදිතය[නා.] නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ දී රටත් එයට හිමි සියලුම සාධක උපයෝගී කරගෙන නිපදවනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවන්ගේ අගය.
දළ තල්මහ[නා.] ආක්ටික් මුහුදු පෙදෙසෙහි වෙසෙන දිග දළයක් ඇති තල්මසා.
දළ ලාභය[නා.] ව්‍යාපාරිකයා යෙදූ ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන මුළු ලාභ ප්‍රමාණය (=gross profit).
දළඋළිඳු[නා.] ජටායෙහි උළිඳු හෙවත් සඳ දරන තැනැත්තා වන ඊශ්වර දෙවි.
දළකඩ1. [නා.] ඇත් දත; හස්ති දන්තය. 2. [නා.] ගොරෝසු වස්ත්‍රය.
දළකඩකම්[නා.ප්‍ර.] ඇත් දළයෙන් කරන කර්මාන්ත; ඇත්දත් වැඩ.
දළකම්[නා.ප්‍ර.] ගොරහැඩි වැඩ; නොසියුම් කර්මාන්ත.
දළකවචය(පාරිභා.) [නා.] ගොරෝසු පිට කටුව; දැඩි පිට වැස්ම.
දළකාරයා1. [නා.] ඇතා; හස්තියා. 2. [නා.] විෂ සහිත විතක් ඇත්තා; මී මැස්සා හෝ ඒ වර්ගයේ දළ ඇති කෘමියා. 3. [නා.] බලපුළුවන්කාරයා; කෙරුම්කාරයා.
දළකෙළිය[නා.] රතිකෙළිය; මෙවුන්දම් සේවනය.
දළකේන්ද්‍රය[නා.] (ජ්‍යෝති.) භාව දොළහේ ග්‍රහයන්ගේ පිහිටීම පමණක් දැක්වෙන සේ සාදන කේන්ද්‍ර සටහන; වේලාපත්කඩය.
දළතුඬු[නා.ප්‍ර.] ගිරවා; කීර පක්ෂියා.
දළදඬු1. [වි.] තද; දැඩි; රළු; ගොරෝසු. 2. [වි.] නොනැමෙනසුලු; තහවුරු; ස්ථිර. 3. [වි.] පහසුවෙන් වෙනස් කළ නොහැකි; තදින් මුල් බැසගත්.
දළදළ[නා.] රකුසා; රාක්ෂසයා.
දළදා මළුව1. [නා.] දළදා මන්දිරය; ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වඩා හිඳුවීම සඳහා පැනවූ ධාතූ මන්දිරය. 2. [නා.] දළදා මන්දිර හාත්පස මිදුල හෙවත් අංගනය.
දළදා මුත්තෙට්ටුව[නා.] දළදා මාළිගයට අයත් වුවද දළදා මෙහෙයෙහි නියුතු වූ පිරිසට බුක්ති විඳීම සඳහා දී ඇති ඉඩකඩම්.
දළදාව[නා.] දන්ත ධාතුව.
දළනැණ[නා.] සුරගුරු; බ්‍රහස්පති.
දළනුවන1. [නා.] නළලෙහි ද ඇසක් ඇත්තා වන ඊශ්වර දෙවි. 2. [නා.] ඊශ්වර දෙවියාගේ නළලෙහි පිහිටි ඇස.
දළනෙත[නා.] (ඊශ්වර දෙවිඳුගේ) නළලෙහි වූ නෙත.
දළපුඩු[වි.] ඇත් දළින් කරන ලද මිටක් ඇති.
දළබර(පාරිභා.) [නා.] යමක සියල්ල එක් කොට ගත් බර; මුළු බර.
දළමඬුල්ල[නා.] (හිස මුදුනට රොක් කළ) හැඩපලු ගෙතුණු කෙස්වැටිය; ජටාමණ්ඩලය.
දළඹුවා[නා.] බිහිවීමට පෙර සමනලයකු හෝ සලඹයකු ලෙස ගතවන කීට අවදිය.
දළය1. [නා.] (ප්‍ර. යෙදේ) පක්ෂීන් හැර සෙසු පෘෂ්ඨවංශීන් ඉතා වැඩි කොටසකගේ මුඛයෙහි පේළියට එක් එක් හනුවට සම්බන්ධ වී ඇති ප්‍රසරය; දත. 2. [නා.] ඇත්, ඌරු ආදි සතුන්ගේ මුඛයෙන් පිටතට නික්මුණු දත. 3. [නා.] සර්පයන් හා මදුරු මීමැසි ආදි සතුන් දෂ්ට කිරීමට භාවිත කරන දත/කුඩා විත.
දළලොඹු[නා.ප්‍ර.] ඇත් දළින් කරනු ලදුව රෙදි ආදිය එල්ලීමට බිත්තියක සවි කරන ලද කොකු.
දළලෝහය(පාරිභා.) [නා.] ශුද්ධ නොකළ ඛනිජය; අමු ලෝහය.
දළවඩුවා[නා.] ඇත්දළින් කර්මාන්ත කරන්නා; ඇත්දළ කැටයම්කරුවා.
දළවර[නා.] ශක්තිමත් රැහැන; දෘඪ බන්ධනය.
දළවසන[නා.ප්‍ර.] දන්තාවරණය; තොල්.
දළවළල්ල1. [නා.] ඇත්දළින් නිමවන ලද වළල්ල; දළමුවා දරණුව. 2. [නා.] වළල්ලක් වැනි දළය.
දළවිසඹි[නා.ප්‍ර.] අතිශයින් හිතවත් යාළුවා; දෘඪ මිත්‍රයා.
දළසක්1. [නා.ප්‍ර.] නළලෙහි චක්ෂුවක් හෙවත් ඇසක් ඇති ශිව දෙවි. 2. [නා.ප්‍ර.] ශිව දෙවිගේ නළලෙහි පිහිටා ඇති ඇස.
දළසඳ[නා.] ජටාවෙහි නව සඳක් දරන ශිව දෙවියා.
දළසිඟ[නා.ප්‍ර.] (නළලෙහි අඟක් ඇති) කඟවේණා.
දළහර1. [නා.ප්‍ර.] දැඩි අරටුව; ලී අරටුව. 2. [නා.ප්‍ර.] මුතු මාලය.
දළිද්ද[වි.] දිළිඳු; දුප්පත්; නිර්ධන.
ද්වඞ්ගුල[නා.ප්‍ර.] දෑඟුල; ඇඟිලි දෙකක පළල.
ද්වන්ද යුද්ධය[නා.] දෙදෙනකු පමණක් අතර සිදු වන සටන.
ද්වන්ද්ව1. [වි.] දෙදෙනකු හෝ යුග්මයක් අතරවන, දෙදෙනකු හෝ යුග්මයක් පිළිබඳව 2. [වි.] තර්කානුකූල; හේතුවක් සහිත; විද්‍යාත්මක. [නා.] යුග්මය; යුගල; ජෝඩුව.
ද්ව්‍යාංගී(පාරිභා.) [වි.] කොටස් දෙකකින් යුක්ත; අංග දෙකකින් සමන්විත.
ද්වාදශ[නා.ප්‍ර.] සංඛ්‍යාවක්; දොළහ; දොළස.
ද්වාදශාස්‍රය(පාරිභා.) [නා.] (ගණිත.) කෝණ දොළහක් ඇති සමතලය; පැති දොළසකින් යුත් බහු අස්‍රය (=duodecagon).
ද්වාර වාතපානය[නා.] වාතය ඇතළුවීම සහ පිටවීම සඳහා ගෙයක තබන කවුළුව; වාකවුළුව.
ද්වාර ශිරාව(පාරිභා.) [නා.] අක්මාව කරා රුධිරය ගෙන එන ශිරාව; ප්‍රතිහාරි ශිරාව (=portal vein).
ද්වාරපථය[නා.] දොරටු මග; පිවිසුම් මාර්ගය; ප්‍රවේශ මාර්ගය.
ද්වාරමණ්ඩපය1. [නා.] පැරණි ගෘහ නිර්මාණ අංගයක්; වටේට ආවරණය වන ලෙස තනන ලද ගෘහය හෝ ශාලාව; දොරටු තබා මණ්ඩපයක ආකාරයට තැනූ ගෘහය. 2. [නා.] යෝනිය සම්බන්ධ කුඩා අවයවයක්; ආලින්දය (=vestibule). 3. [නා.] මනුෂ්‍යයාගේ කණ හා සම්බන්ධ කුඩා අවයවයක්; කර්ණාලින්දය.
ද්වාරය1. [නා.] දොර; දොරටුව; දොරකඩ. 2. [නා.] ඇතුළුවීම හා පිටවීම වැළැක්වීම පිණිස දොරටුව වසන පියන; දොරටුව වළකන ආවරණය. 3. [නා.] ගෘහාභිමුඛය; මිදුල. 4. [නා.] හදවත් කුහරය කරා ලේ ගලන කුඩා විවරය (=ostium).
ද්වාරාලින්දය[නා.] ගෙයක ප්‍රධාන දොරකඩ හා සම්බන්ධ කොට ඇති ආලින්දය.
ද්වි[නා.ප්‍ර.] දෙක. [වි.] දෙකකින් යුක්ත වූ; දෙකක් වූ.
ද්වි අවතල(පාරිභා.) [වි.] මැදින් ඇතුළත එබී ගියාක් වැනි පැති දෙකක් ඇති; අවතල පැති දෙකක් සහිත.
ද්විකය1. [නා.] දෙකකින් යුත් කැටිය; දෙකකින් සෑදුණු ඒකකය; යුගලය; කුට්ටම. 2. (පාරිභා.) [නා.] සංයුජතාව දෙක වශයෙන් පවත්නා මූලද්‍රව්‍ය.
ද්විගුණ[වි.] දෙකෙන් වැඩි කරන ලද; දෙගුණයක් වූ. [නා.ප්‍ර.] දෙකෙන් වැඩි කර ලබන උත්තරය; දෙගුණය.
ද්විගුණ වියෝජනය(පාරිභා.) [නා.] රසායනික සංයෝග දෙකක් අතර අන් සංයෝග දෙකක් ඇතිවන ආකාරයෙන් ප්‍රතික්‍රියා වීම (=double decomposition).
ද්විච්ඡේද[වි.] එක සමාන කොටස් දෙකකට වෙන් කරන ලද; සමසේ දෙකට කැපූ.
ද්විජ1. [නා.] බ්‍රාහ්මණයා; බමුණා. 2. [නා.] පක්ෂියා; දෙවරක් උපන් බැවින් පක්ෂියා ද්විජ වේ.
ද්විත්ව[වි.] දෙකක් වූ; දෙකක්බවට පත් වූ; යුග්ම; ද්වන්දව.
ද්විත්ව ගණුදෙනු[නා.ප්‍ර.] එක් රටක මුදල් වෙනත් රටක මුදල් බවට (වැඩි ලාභයත් තිරසර බවත් පතා) මාරු කර ගැනීමෙන් කරන හුවමාරුව.
ද්විත්ව සටහන්(පාරිභා.) [නා.ප්‍ර.] ගණන් තැබීමේ ක්‍රමයක්; එක් කාරණය දෙවරක් ලෙජරයේ සටහන් කොට ගණන් තැබීමේ ක්‍රමය (=double entry).
ද්විතීය[වි.] දෙවැනි; දෙවැනි ස්ථානය ගන්නා; අප්‍රධාන.
ද්විතුණ්ඩ කපාටය(පාරිභා.) [නා.] වම්හෘත් කර්ණිකාවේ සිට වම්හෘත් කෝෂිකාවට ලේ යෑම පාලනය කරන එහෙත් ආපසු යාමට ඉඩ නොදෙන කපාටය (=bicuspid valve).
ද්විප[නා.] දෙවරක් බොන්නා; ඇතා; හස්තියා.
ද්විපද1. [වි.] පා දෙකක් ඇති; ද්විපාද. 2. [වි.] පද හෝ පාදක දෙකක් ඇති.
ද්විපය[නා.] හාත්පසින් ම ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින.
ද්විපාර්ශ්වික වෙළඳාම(පාරිභා.) [නා.] රටවල් දෙකක් අතර කෙරෙන වෙළඳ කටයුතු; පාර්ශ්ව දෙකක් එකිනෙක පාර්ශ්ව සමග ගනුදෙනු කරන ක්‍රියාපටිපාටිය.
ද්විභාෂා[වි.] භාෂා දෙකකින් උගන්වන; ද්විභාෂාත්මක
ද්විභූමක[වි.] මහල් දෙකක් ඇති; විශේෂයෙන් දෙමහල් ගොඩනැගිලි සඳහා යෙදේ.
ද්විමාන[වි.] දිග සහ පළල යන මාන දෙකෙන් යුතු.
ද්විලිංග1. (පාරිභා.) [වි.] ස්ත්‍රී ලිංගික සහ පුරුෂ ලිංගික අවයව ඇති (=bisexual). 2. [වි.] ජායාංගය සහ පුමංගය යන කොටස් දෙකෙන් ම යුක්ත; ද්විකේශර. 3. (ව්‍යාක.) [වි.] ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග යන දෙකටම පොදු.
ද්විලිංගිකයා[නා.] ස්වභාවයෙන් ම ස්ත්‍රී පුරුෂ ලිංග දෙකෙන් යුත් සත්ත්වයා.
ද්විවාර්ෂික1. (පාරිභා.) [වි.] අවුරුදු දෙකක් ජීවත් වන; ආයුකාලය අවුරුදු දෙකක් තුළ සම්පූර්ණ කරන්නාවූ; දෙවැනි අවුරුද්දේ දී මල්පල හටගන්නා. 2. [වි.] දෙවසරක් පවත්නා; දෑවුරුද්දකට වරක් සිදුවන.
ද්විවිධ[වි.] දෙවැදෑරුම්; දෙයාකාර.
ද්වේෂය[නා.] වෛරය; ක්‍රෝධය; නුරුස්සන ස්වභාවය.
ද්වෛත[වි.] දෙකකින් යුක්ත; දෙකක් සහිත: දෙකකට හෝ දෙදෙනෙකුට සම්බන්ධ.
ද්වෛධය1. [නා.] දෙයාකාර බව; ද්විධත්වය. 2. [නා.] බැලූ බැල්මට එකට එක ප්‍රතිවිරුද්ධ මෙන් පෙනී යන මතය; විරෝධෝක්තිය.
ද්වෝධරි[නා.ප්‍ර.] හනු ඇටය පහත් කිරීමටත් උගුරු ඇටය උස් කිරීමටත් උපකාරි වන දිව මතුපිට ඇති ශීර්ෂ දෙකකින් යුත් පේශිය.
ද්‍යුත[නා.ප්‍ර.] දූ කෙළිය, සූදු ක්‍රීඩාව.
ද්‍යුත ක්‍රීඩාව[නා.] යම්කිසි වස්තු ආදියක් ඔට්ටුවට තබා පස ඇට හෝ සතුන් තරගයෙහි යොදවා, ජය ගැනීම පිණිස කරනු ලබන ක්‍රීඩාව.
ද්‍යුති[නා.ප්‍ර.] කාන්තිය, ප්‍රභාව, දිලිසීම.
ද්‍යුතිමත්[වි.] කාන්ති ඇති; ප්‍රභාවෙන් යුක්ත; දිලිසෙන.
ද්‍යෝතක[වි.] හෙළිකරන, ප්‍රකට කරන, පැහැදිලි කරන, ප්‍රශංසා කරන.
ද්‍රව විද්‍යාව(පාරිභා.) [නා.] ද්‍රවයක ගති ලක්ෂණ පැවැත්ම ආදිය පිළිබඳ හදාරන ශාස්ත්‍රය; ද්‍රව ගලායාම පිළිබඳ ව උගන්වන විද්‍යාව.
ද්‍රවණය[නා.] ද්‍රවයක් මගින් යම්කිසි ද්‍රව්‍යයක් දිය කරමින් සම ජාතීය ද්‍රාවණයක් සෑදීම; දියරබවට පැමිණ වීම.
ද්‍රවපීඩනය[නා.] දියරයකින් හට ගන්නා තෙරපීමේ ප්‍රමාණය; ජලයේ තෙරපීම.
ද්‍රවමානය[නා.] ද්‍රවයක විශිෂ්ට ගුරුත්වය මැන ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණය; හයිඩ්‍රොමීටරය.
ද්‍රවය1. [නා.] යම්කිසි පදාර්ථයක ඝන අවස්ථාවටත් වායුමය අවස්ථාවටත් අතර ස්වභාවය; දියරය; තරලය. 2. [නා.] මෝරු. 3. [නා.] උක්සකුරු.
ද්‍රවශීලතා(පාරිභා.) [නා.ප්‍ර.] කිසියම් ධනයක් හෝ වස්තුවක් මුදල් බවට හැරවිය හැකි ශක්තිය.
ද්‍රවස්ථිති විද්‍යාව(පාරිභා.) [නා.] නිශ්චල ද්‍රවවල පීඩනය හා බලය හැදෑරීම පිළිබඳ ශාස්ත්‍රය.
ද්‍රව්‍ය යෝගය[නා.] (ක්‍රිස්ති.) දිව්‍ය හා මනුෂ්‍ය ස්වභාවයන් එක්වීම; දේවමානුෂ ස්වභාවයෝගය.
ද්‍රව්‍යක්ෂය[නා.] ධන ධාන්‍ය නැති වී යාම; ධන විනාශය; වස්තු හානිය.
ද්‍රව්‍යධර්ම විද්‍යාව[නා.] භෞතික වූ ද්‍රව්‍යවල ගති ලක්ෂණ පිළිබඳ ශාස්ත්‍රය; භෞතික විද්‍යාව.
ද්‍රව්‍යය1. [නා.] භෞතික වස්තුව; භාණ්ඩය; දෙය. 2. [නා.] මිලමුදල්, ඉඩකඩම් ආදි වස්තුව; ධනය. 3. (පාරිභා.) [නා.] ස්කන්ධයක් සහ පරිමාවක් ඇති වස්තුව; බොහෝ විට නිශ්චිත සංයුතියකින් යුත් සමජාතීය පදාර්ථ විශේෂයක්. 4. [නා.] මූල ද්‍රව්‍යය; මූල පදාර්ථය.
ද්‍රව්‍යවාදය[නා.] සියල්ල රඳා පවත්නේ ද්‍රව්‍ය මතබවත්, ඒ නිසා ද්‍රව්‍ය ප්‍රධානබවත් කියැවෙන දර්ශනය; භෞතික වාදය.
ද්‍රව්‍යාන්විත[වි.] මූල පදාර්ථයන්ට අනුකූල වූ; ද්‍රව්‍යයන්ට අනුරූප වූ.
ද්‍රවාංකය[නා.] ඝන වස්තුවක් ද්‍රවයක්බවට පත් වීමට අවශ්‍ය වන උෂ්ණත්වය; ඝන වස්තුවක් උණු වී දියර බවට පත්වීමේ දී පවතින උෂ්ණත්වය.
ද්‍රවිඩ, ද්‍රාවිඩ[නා.ප්‍ර.] ජන වර්ගයක නාමය හා එම ජන වර්ගයට අයත් පුද්ගලයින් ව්‍යවහාර කරන භාෂාව.
ද්‍රවීකරණය(පාරිභා.) [නා.] ගෑස් ආදි වායුවක් හෝ ඝන ද්‍රව්‍යයක් දියර බවට පත් කිරීම; ද්‍රවකරණය (=liquefaction).
ද්‍රවීකෘත[වි.] දියර බවට පත් කරන ලද; ද්‍රව ස්වභාවයට හැරවූ.
ද්‍රවීභූත[වි.] දියරයක් බවට පත්; ද්‍රවයක් බවට හැරවුණු.
ද්‍රාව(පාරිභා.) [වි.] ව විද්‍යාව පිළිබඳ විද්‍යාව; ජලශක්ති හා සම්බන්ධ. [නා.ප්‍ර.] ද්‍රව වූ දෙය; දියරය.
ද්‍රාවක ශක්තිය[නා.] දිය කළ හැකි බලය; දිය කිරීමේ බලය.
ද්‍රාවකය[නා.] (රසා.) ද්‍රව්‍යයක් දිය කරනු ලැබීමේ බලයක් ඇති දෙය.
ද්‍රාවණය(පාරිභා.) [නා.] (රසා.) යම් ද්‍රව්‍යයක් ද්‍රාවයක දිය කළ විට සෑදෙන මිශ්‍රණය (=solution).
ද්‍රාව්‍ය[වි.] දියවනසුලු; දිය කළ හැකි.
ද්‍රාව්‍යය(පාරිභා.) [නා.] ද්‍රාවකයක දිය කරනු ලැබූ ද්‍රාව්‍යය (=solute).
ද්‍රාවිත1. (පාරිභා.) [වි.] ජලයෙහි දිය වූ; දියරබවට පත් වූ 2. [වි.] දියවන; දියර බවට පත් කළ හැකි; ජලයෙහි ද්‍රාවණය වූ.
ද්‍රැත[වි.] වේගවත්; ඉක්මන්; ශීඝ්‍ර.
ද්‍රැමය[නා.] ගස; වෘක්ෂය; රුක; තුර.
ද්‍රැමේන්ද්‍රයා[නා.] වෘක්ෂරාජයා; දුමිඳු; බෝධිවෘක්ෂය.
ද්‍රෝණ1. [නා.ප්‍ර.] ධාන්‍ය මැනීමේ මිම්මක්; ද්‍රෝණය. කුරුණිය. 2. [නා.ප්‍ර.] මුහුදු ලුණු. 3. [නා.ප්‍ර.] සඳුන් වර්ගයක්.
ද්‍රෝණිකාව1. [නා.] බේසම් කොරොස් ආදියක හැඩය ඇති බඳුන. 2. [නා.] දිගට විහිදී ගිය පටු අවපාතය; දෙකිඳ.
ද්‍රෝණිය1. [නා.] විශාල භාජනය; සැළියක් බඳු බඳුන; කටාහය. 2. [නා.] මිනී පෙට්ටිය; දෙණ. 3. [නා.] ගංගා ආශ්‍රිත ව පිහිටි පහත් තැනිතලාව; දෙණිය. 4. [නා.] ඔරුව; බෝට්ටුව. 5. [නා.] ධාන්‍යාදිය මැනීමට භාවිත වූ ද්‍රෝණ හතරක ප්‍රමාණයේ පුරාණ මිම්මක්.
ද්‍රෝහ[වි.] විරුද්ධ; සතුරු; එදිරිවාදි.
ද්‍රෝහියා[නා.] ද්‍රෝහිබව පාන්නා; ද්‍රෝහි කටයුතුවල යෙදෙන්නා; ස්වකීය මිත්‍රයකුට, ජාතියට, රටට, මෙහෙවරට විරුද්ධ වූ, සතුරු වූ තැනැත්තා.
දා1. [නා.ප්‍ර.] චක්‍රවාටය; සක්වළ. 2. [නා.ප්‍ර.] බුද්ධාදි උතුමන්ගේ ශරීරයෙහි පූජනීය වශයෙන් සැලකෙන ඇතැම් කොටස්; අකු දා; කෙස් දා ආදිය. 3. [නා.ප්‍ර.] බුදුන් වහන්සේගේ පෙර ආත්මභාවයන් පිළිබඳ විස්තර කථාව; ජාතක කථාව. 4. [නා.ප්‍ර.] පූජාව; වැඳීම. 5. [නා.ප්‍ර.] දවස; දිනය. 6. [නා.ප්‍ර.] ආඛ්‍යාත පදවල ප්‍රකෘතිය. 7. [නා.ප්‍ර.] හුය; නූල. 8. [නා.ප්‍ර.] තෑග්ග. 9. [නා.ප්‍ර.] රෙද්දෙහි කෙළවර; වාටිය. 10. [නා.ප්‍ර.] මීමැස්සා. 1. [වි.] උපන්; හටගත්. 2. [වි.] දෙන්නා වූ දායක.
දා කරනවා[ක්‍රි.] ජනිත කරනවා; උපදවනවා.
දා කෙළිය[නා.] උත්සවාකාරයෙන් සිදු කෙරෙන ධාතු පූජාව.
දා ගන්නවා[ක්‍රි.] ධාන්‍ය නෙළා ගන්නවා.
දා ගසනවා[ක්‍රි.] ඇඹරුම්ගලින් අඹරනවා.
දා ගෙය1. [නා.] බුද්ධාදි උතුමන්ගේ ධාතු තැන්පත් කොට තැනූ ගෙය. 2. [නා.] චෛත්‍ය වසා සිටින සේ කළ ගෘහය; වටදාගෙය.
දාං, දාන්, දාම්[නා.ප්‍ර.] කොටු සහිත පෙතක් මත ඉත්තන් දුවවමින් දෙ දෙනකුට යෙදිය හැකි ගෘහ ක්‍රීඩාවක්.
දාංගලය, දාගලේ[නා.] දඟකාර ස්වභාවය; නොසන්සුන් ගතිය.
දාකන්1. [නා.ප්‍ර.] වස්ත්‍රයෙහි කෙළවර; රෙද්දෙහි වාටිය. 2. [නා.ප්‍ර.] කනෙහි පලඳින ආභරණ විශේෂයක්.
දාක්ෂිණබන්ධ[නා.ප්‍ර.] (දර්ශන.) දෙව් මිනිසුන් පිළිබඳ ව දක්ෂිණා දීම් පවත්නා අනුරාගය.
දාක්ෂිණ්‍යය1. [නා.] කාරුණික ව අවනත වන ස්වභාවය; අනුකූලතාව; මුදු මොළොක්බව; ත්‍යාගශීලීබව. 2. [නා.] දක්ෂභාවය.
දාකුස[නා.] සර්වඥ ධාතු ආදි පූජනීය වස්තු නිදන් කරනු ලබන ගර්භය; ධාතු ගර්භය.
දාගබ, දාගැබ, දාගොබ[නා.] ධාතු ගර්භය; සෑය; බුදු පසේ බුදු රහත් ආදින්ගේ ධාතු නිදන් කර තැනූ ගොඩනැගිලි විශේෂය; චෛත්‍යය.
දාගබඟණ[නා.] දාගබක් වටා සකස් කර ඇති භූමි භාගය හෙවත් අංගණය.
දාගල[නා.] මිරිස් ආදි කුළුබඩු ඇඹරිමට යොදාගන්නා ගල; ඇඹරුම්ගල.
දාගැබ් කැරැල්ල[නා.] දාගැබේ කොත පිහිටි කොටස; කොත් කැරැල්ල.
දාච්ච, දාච්චි[වි.] දා ගිය, දැවුණු; පිළිස්සුණු.
දාඨා ධාතුව[නා.] දන්ත ධාතූන් වහන්සේ.
දාතම[නා.] දිනය; දවස.
දාතව්‍ය1. [නා.ප්‍ර.] දිය යුත්ත. 2. (දර්ශන.) [නා.ප්‍ර.] දන් පිළිගැනීමට සුදුසු තැනැත්තා.
දාත්ත[නා.] දෑකැත්ත.
දාතැන්[නා.ප්‍ර.] ජාතක කළ තැනැත්තා; පිළිසිඳ ගැනීමට සහාය වූ තැනැත්තා; පියා.
දාතෘ[නා.] දෙන තැනැත්තා.
දාදු[නා.] එකේ සිට හය දක්වා අගය දැක්වෙන සටහන් ඇති පැති හයේ ලී කැටයක් සහිත පෙතක් ආධාරයෙන් කරනු ලබන ගෘහ ක්‍රීඩාවක්.
දාන උපපාරමිතාව[නා.ප්‍ර.] බුදුබව පතා ස්වකීය ශරීරාවයව පරිත්‍යාගය ආශ්‍රිත පාරමිතාව.
දාන ක්ෂේත්‍රය[නා.] තුනුරුවන් උදෙසා පිදූ කුඹුර හෝ ඉඩම; භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාගයක් වශයෙන් දුන් කුඹුර හෝ ඉඩම.
දාන දාසයා[නා.] තමා රසවත්දේ අනුභව කොට අන්‍යයන්ට නීරස දෙය දෙන්නා;- ත්‍රිවිධ දායකයන් අතුරින් එක් වර්ගයක්.
දාන ධර්මය[නා.] දන් දීමෙහි චර්යාව; පරිත්‍යාගී ක්‍රියාව.
දාන පථය[නා.] දන්දීමේ පිළිවෙළ; පරිත්‍යාග පවත්වාගෙන යන ක්‍රමය; දාන පරිපාටිය.
දාන ප්‍රවේණිය[නා.] කාලයක් මුළුල්ලේ පැවතෙන දන් පිළිවෙළ; දාන පරම්පරාව; දන් වැට.
දාන පාරමිතාව[නා.] දන් දීමෙන් පුරන පාරමිතාව.
දාන වෘත්තය, දාන වෘත්තිය[නා.] නොකඩවා දෙන දන් පිළිවෙළ.
දාන ශාලාව1. [නා.] දන් දෙන ශාලාව. 2. [නා.] භික්ෂූන් දන් වළඳන ශාලාව.
දාන සංවිභාගය[නා.] තමා වැළඳිය යුතු දැයින් පවා අනුනට බෙදා දීම; තමා ලත් කොටස බෙදා දීම.
දාන සම්පත්තිය[නා.] දීම නිසා හටගත් සොම්නස හෙවත් සැපත.
දානපතියා1. [නා.] දීමෙහි ප්‍රමුඛත්වය ලත් තැනැත්තා; මහත්සේ පරිත්‍යාගයෙහි යෙදෙන්නා. 2. [නා.] තමන් පරිභෝග කරනවාට වඩා උසස් ලෙස පරිත්‍යාග කරන තැනැත්තා. 3. [නා.] තමාට යම්තමක් තබාගෙන හොඳ දේ අනුන්ට දෙන තැනැත්තා.
දානමානන[නා.ප්‍ර.] දන්දීම හා බුහුමන් කිරීම.
දානය1. [නා.] දීම; පරිත්‍යාගය (කම්පල අදහා කරන) දීමනාව. 2. (නීති.) [නා.] නීත්‍යනුකූලව කෙරෙන ප්‍රදානය. 3. [නා.] දීම පිණිස පිළියෙල කරන දෙය; දාන වස්තුව. 4. (අභි.) [නා.] (තමා සතු දැය) දීම් වශයෙන් උපදනා චේතනාව. 5. [නා.] සතර සංග්‍රහ වස්තුවෙන් එකක් වූ රාජ්‍ය උපායක් වශයෙන් කරන දීම හෝ පරිත්‍යාගය. 6. [නා.] බෙදීම; විභාගය. 7. [නා.] පවිත්‍රතාව; පාරිශුද්ධිය. 8. [නා.] ආරක්ෂාව; පාලනය.
දානව[නා.ප්‍ර.] අසුරයා.
දානවගුරු[නා.ප්‍ර.] අසුරයන්ගේ ගුරුවරයා වන සිකුරා හෙවත් ශුක්‍ර.
දානවසතර[නා.ප්‍ර.] අසුරයන්ගේ සතුරා වන විෂ්ණු දෙවි.
දානවිෂය[නා.ප්‍ර.] දන් දීමෙහි ක්ෂේත්‍රය; පරිත්‍යාගය නම් කාර්යය; දාන මුඛය.
දාන්ත[වි.] ඉන්ද්‍රිය දැමුණු; හික්මුණු; සන්සුන් වූ;නිවුණු.
දාන්තිය1. [නා.] යටහත් පහත් බව; නිහතමානිත්වය. 2. [නා.] ඉවසීම.
දානාධ්‍යාශය[දාන+අධ්‍යාශ] [නා.] දන්දීමේ කැමැත්ත.
දානාන්තරාය[නා.ප්‍ර.] දනට බාධා කිරීම; දානය වැළැක්වීම.
දානානිසංසය[නා.] දන් දීමෙන් ඇති වන පුණ්‍ය ඵලය; දානයෙන් සිදු වන යහපත් ප්‍රතිඵල හෙවත් කුසල විපාකය.
දානාපහාස[වි.] අන්‍යයන්ගේ පරිත්‍යාගයට නිගා කර සුලු; අනුන්ගේ දීමනා දීමනා අභිභවනය කරන.
දානාභිරත[වි.] දීමෙහි ඇලුණු; පරිත්‍යාගයෙහි ඇලුණු.
දානාර්හ[වි.] දීමට සුදුසු; පරිත්‍යාග ලැබීමට යෝග්‍ය වූ.
දානි, දානී[නා.ප්‍ර.] (රූඪි.) යෝග්‍ය වූ තැනැත්තා; බමුණා; බ්‍රාහ්මණයා.
දාපත[නා.] ජන්ම පත්‍රය; කේන්ද්‍රය.
දාපදය[නා.] ධාතු පදය; ධාතුවෙන් සිද්ධ පදය; ක්‍රියා පදය.
දාපාය[නා.] සර්වඥ ධාතු තැන්පත් කර තබන ගෘහය; ධාතු මන්දිරය.
දාපිට[නා.] දාගලේ මතුපිට; ඇඹරුම් ගලේ උඩ පැත්ත.
දාපියෙවි[නා.ප්‍ර.] ධාතු ප්‍රකෘතිය; ක්‍රියාපදයේ මුල් ස්වභාවය.
දාපුවක්[නා.ප්‍ර.] පෙති වියළා ගත් ළපටි පුවක්.
දාම චක්‍රය(පාරිභා.) [නා.] ආධාරක දෙකක් මත දෙකොනින් රැඳවූ රැහැනක ගුරුත්වාකර්ෂණය නිසා ඇති වන වක්‍රය (= Catenary).
දාමන් කවුඩුව[නා.] (ධීව.) රුවලේ පහත කොනට සම්බන්ධ පුඩුව.
දාමය1. [නා.] මාලාව; ආවලිය; වැල. 2. [නා.] බන්ධනය; විලංගුව; දම්වැල. 3. (පාරිභා.) (ගණිත.) [නා.] වරහන් වෙනුවට උඩින් අඳින තිරස් රේඛාව (= vinculum). 4. (පාරිභා.) (භෞති.) [නා.] එකකට එකක් සම්බන්ධ වුණු කාබනික අණුවල ඇති පරමාණු පේළිය (= chain).
දාමරික[වි.] දරුණු ස්වභාවය ඇති; සාහසික; චණ්ඩ.
දාම්කෙත[නා.] පුලුස්සන ලද කෙත; දවන ලද භූමි භාගය; දාගිය හේන.
දාමාලය, දාමාලේ[නා.] ධාතු මාලකය.
දායක1. [වි.] දෙන්නා වූ; දීමෙහි යෙදුණු; ප්‍රදානය කරන. 2. [වි.] උපදවන; ජනිත කරන; ඇති කරන; ගෙන දෙන. 3. [වි.] සහභාගි වන; කොටස්කරුවකු වන. 1. [නා.] සිවුපසයෙන් සංග්‍රහ කරන්නා. 2. [නා.] අනුග්‍රාහකයා; කොටස්කාරයා; මුදලින් හෝ වෙනත් අයුරකින් ආධාරෝපකාර කරන තැනැත්තා. 3. [නා.] විහාරස්ථානයක කැපකරුවා.
දායක මිල[නා.] කොටස් කරුවකු වීමේ දී ගෙවන මුදල; සාමාජික මුදල.
දායජ[නා.ප්‍ර.] දායාදය; ධනය; වස්තුව.
දායාදය1. [නා.] මවුපිය උරුමයෙන් ලැබෙන වස්තු සම්පත් ආදිය; උත්පත්තියෙන් ම හිමිකම් ඇති දේ. 2. [නා.] කාන්තාවක සරණ පාවා දීමේ දී ඇය වෙනුවෙන් ස්වාමිපුත්‍රයාට දෙනු ලබන වස්තු සම්පත් ආදිය; දෑවැද්ද.
දාර ගලනවා1. [ක්‍රි.] දහර හෙවත් ධාරා වශයෙන් වැගිරෙනවා. 2. [ක්‍රි.] මුණින් වැටෙනවා.
දාර පරිග්‍රහය[නා.] භාර්යාවක් පාවා ගැනීම; ආවාහය.
දාර, දාරා1. [නා.ප්‍ර.] භාර්යාව. 2. [නා.ප්‍ර.] පිඹුරා 3. [නා.ප්‍ර.] කිඹුලා. 4. [නා.ප්‍ර.] දැරීම;ඉසිලීම.
දාරක බීජය[නා.] දරුවකු ඉපදවීමට ශක්තිය ඇති බීජය; දරුබීජය.
දාරක මෝචනය[නා.] ප්‍රසූතිය.
දාරකයා[නා.] ළදරුවා; දරුවා.
දාරකාභිවෘද්ධිය[නා.] දරුවන්ගේ ශුභසිද්ධිය.
දාරකෝත්පත්තිය[නා.] දරුවකු ඉපදීම; දරු උපත.
දාරණය[නා.] පැළීම; විදාරණය; ඔසුවලින් හෝ ශල්‍ය මගින් හෝ වණයක් පැළීම.
දාරභරණය, ධාරාභරණය[නා.] භාර්යාවක පාවාගෙන පෝෂණය කිරීම.
දාරභාරය, දාරාභාරය[නා.] භාර්යා රක්ෂණය; අඹුවක රැක ගැනීමේ බර.
දාරය1. [නා.] යමක සීමාව; අයින; ගැට්ට; වාටිය; නෙත්තිය; කෙළවර; දසාව. 2. [නා.] උඩට නෙරාගිය තීරය; ගැඹුරු රේඛා දෙකක් අතර උස් ව තිබෙන කොටස; සමතලා දෙකක් අතර රේඛාවක් මෙන් උස් ව පිහිටි නාරටිය. 3. (පාරිභා.) [නා.] ඩිම්බ කෝෂයක ඩිම්බ බන්ධනවල පිහිටීම හෙවත් වින්‍යාසය (=margin). 4. (පාරිභා.) [නා.] ප්‍රස්තාරයක සිරස් සම්බන්ධ කරන රේඛා ඛණ්ඩය. 5. (පාරිභා.) [නා.] අලවංකුවකින් කොටසක් වූ දික් ගියර දත් හා සමාන සමාන්තර නාරටි සමූහයෙන් එකක් (= spline).
දාරයා[නා.] වැඩුණු දරුවා; වැඩුණු තරුණයා; දහරයා.
දාරලුව1. (කථා.) [නා.] තද අවුව; තද සූර්ය රශ්මිය. 2. [නා.] අධික ලෙස පෑවීම; තද ඉඩෝරය. 3. [නා.] මධ්‍යහ්න වෙලාව.
දාර්ඪ්‍යය[නා.] (ලී, යකඩ ආදියෙහි) කැඩීම හා බිඳීම වළක්වන එකට බැඳී සිටින ස්වභාවය; දැඩි ගතිය.
දාර්ශනික[වි.] දර්ශන ශාස්ත්‍ර විෂයෙහි නිපුණත්වයක් ලබා ඇති; දර්ශනය හා සම්බන්ධ.
දාරා පරිග්‍රහය[නා.] භාර්යාවක් පාවා ගැනීම; බිරිඳක් සරණ කර ගැනීම.
දාරාත්මජයා[නා.] බිරිඳ හා දරු පිරිස; අඹුදරු පිරිස.
දාරිද්‍රය[නා.] ධන සම්පතින් තොර බව; දිළිඳුබව; දුප්පත්කම.
දාරිය[නා.] භාර්යාව; බිරිය.
දාරු, දාර්ව[නා.] ලී; දැව; දර.
දාරුකුටිය[නා.] දැවයෙන් සැදූ කුඩා ගෙය; ලී කුටිය.
දාරුණ1. [වි.] දරුණු; බිහිසුණු; භයානක. 2. [වි.] හැඩි දැඩි; මහත්.
දාරුමක්කටක[නා.ප්‍ර.] ගසක් මැරීම සඳහා ඇණ කටු ආදිය කඳේ ඇනීමේ උපාය ක්‍රමය.
දාරුමය[වි.] දැවයෙන් කළ; ලීයෙන් තැනූ; දැවමුවා.
දාරුව1. [නා.] (වී විසුරුවීම් වැනි වැඩට ගනු ලබන) ඇඟිලි දෙකක් සහිත දැව උපකරණයක්; උකුණු දැත්ත. 2. (පාරිභා.) [නා.] ශාක කඳක මදයට හෙවත් බොඩයට පිටතින් ඇති කොටස; ශාක හරයේ පිහිටි සෛල කෙඳි ආදිය මිශ්‍රණයෙන් සෑදුණු ජලය ගෙන යන ඌති සහිත කොටස; අරටුව (= xylem). 3. [නා.] යාරයක පමණ බිම් ප්‍රමාණයක්.
දාරූ[නා.ප්‍ර.] ජාතරූප; රත්රන්.
දාලමධු[නා.ප්‍ර.] පත්‍රවල රැස් වන පැණි; රුක් සිදුරුවල සෑදූ වදවල පැණි; කණ මීපැණි.
දාවා[නා.ප්‍ර.] සෝදන්නා; ධෝවනය කරන්නා.
දාවාග්නිය[නා.] වනයෙහි ඉබේ හටගන්නා ගින්න; ළැව් ගින්න.
දාස භාර්‍යාව, දාසි භාර්යාව[නා.] දාසියක් සේ සැමියාට මෙහෙ කරන භාර්යාව; ඉතාම කීකරු බිරිඳ.
දාසයා[නා.] වහල් බවට පත් පුද්ගලයා; මෙහෙකරුවා; යටත් වූ පුද්ගලයා.
දාසිය[නා.] දාසකම් කරන ස්ත්‍රිය; සේවිකාව; දැස්ස.
දාසෙවිය[නා.] වී පොතු; දහයියා.
දාහක කාචය(පාරිභා.) [නා.] දවන වීදුරුව; සම්පූර්ණ මතුපිට තලයට වැටෙන තාක් ආලෝකධාරා මධ්‍ය ලක්ෂ්‍යයට (නාභියට) යොමු කරවන කාචය (=burning glass).
දාහකක්ෂාර(පාරිභා.) [නා.ප්‍ර.] ඇතැම් රසායනික ද්‍රව්‍ය දවාලන කෝස්ටික් සෝඩා වැනි ක්ෂාර වර්ග (=caustic alkali).
දාහකය(පාරිභා.) [නා.] දවන දෙය; ගිනි ගන්වන ද්‍රව්‍යය (= burner).
දාහය[නා.] දාඩිය; දහඩියගතිය; (ඇඟ) දැවෙන ගතිය; ඇඟේ රත්වීම; උණ ගතිය.
දාහ්‍ය(පාරිභා.) [වි.] දැවෙනසුලු; පිළිස්සීමට භාජන වන; දැවෙන ස්වභාවය ඇති; ගිනි ගන්නා (= inflammable).
දාහි[නා.] වී පොතු; දහයියා.
දාහිමිය1. [නා.] දෙමාපියන්ගෙන් අනුජාත දරුවන්ට අයිති වන දේපළ ආදිය. 2. [නා.] පියාගෙන් ජාතක දරුවන්ට ලැබෙන උරුමය. 3. [නා.] දරුවන්ට හිමි කළ දේපළ ඔවුන්ගේ අභාවයෙන් පසු යළිත් පියාට අයිති වීම.
දාහුය[නා.] දාවල්ලේ නූල්පට; රෙදි කොනක නූල.
දැකුම[නා.] නිල පංගුකාරයකු පිළිගන්වන චාරිත්‍රානුකූල ත්‍යාගය; පුද්ගලයකු දකින්නට යන විට ගෙන යන තෑග්ග; පුදපඬුරු.
දැකුම් පත[නා.] කැඩපත; දර්පණතලය.
දැකුම්කද[නා.ප්‍ර.] මහනුවර යුගයේ රාජකීයන් හෝ නෑ හිතවතුන් හමුවීමට යන විට කදක් වශයෙන් ගෙන ගිය තුටු පඬුරු.
දැකුම්කලු[වි.] දැකීමට ප්‍රිය උපදවන; දර්ශනීය.
දැකුම්පඬුරු[නා.ප්‍ර.] තෑගි බෝග; තුටු පඬුරු.
දැඟුම්[වි.] එක් තැනක නොපවතින; ඇවිදින; ගමන් කරන; ජඞ්ගම. [නා.ප්‍ර.] ගමන; ඇවිදීම.
දැට්ට[නා.] ගැට්ට; අද්දර; අයින.
දැඩි1. [වි.] මෘදු නොවූ; රළු; ගොරෝසු; ඝන; හයිය; ස්තබ්ධ. 2. [වි.] කරුණාවක් නැති; තද හිතක් ඇති. 3. [වි.] කුඩා නොවූ; මහත්; විශාල; ලොකු. 4. [වි.] සුළු නොවූ; බලවත්; බරපතළ; අධික; උග්‍ර.
දැඩි කරනවා1. [ක්‍රි.] ලොකු මහත් කරනවා; වර්ධනය කරනවා; ඇති දැඩි කරනවා. 2. [ක්‍රි.] බරපතළ කරනවා; උග්‍ර කරනවා. 3. [ක්‍රි.] තිර කරනවා; හිර කරනවා; තද කරනවා.
දැඩිමුණ්ඩ[නා.ප්‍ර.] ලාංකික දෙවියකුගේ නාමය.
දැඩිය බානවා(කථා.) [ක්‍රි.] (ගොවි.) අවුව වැටෙනවා; හිරු රැස් වදිනවා.
දැඩිවීදුරු(පාරිභා.) [නා.ප්‍ර.] රත් කිරීම්, රසායනික ක්‍රියාකාරකම් සඳහා ඔරොත්තු දෙන වීදුරු; කඨින කාච (=hard glass).
දැණ්ඩිකාරයා, දැන්ඩිකාරයා(කථා.) [නා.] කල එළියට අඳින පලඳින තැනැත්තා; උජාරුව පෙන්වන්නා; ආඩම්බරකාරයා.
දැණ්ඩිපට, දණ්ඩිපොට(කථා.) [නා.ප්‍ර.] හවඩියෙහි පහතට එල්ලෙන කොටස.
දැත්ත1. [නා.] දතක හැඩය ඇති දෙය; තුඩ. 2. [නා.] ගැටිය; වාටිය: අයින; අද්දර; (කුඹුරේ) වේල්ල; නියර. 3. [නා.] උකුණුගහ; දැති ගොයියා.
දැති[වි.] දෙන ලද; දුන්.
දැති අඳිනවා[ක්‍රි.] (ගොවි.) කුඹුර මුල් වරට කොටනවා.
දැති අඹනවා[ක්‍රි.] (ගොවි.) ලියද්දේ නියර තද කරනවා.
දැති ගසනවා[ක්‍රි.] (කියතේ) දැති පිළිවෙළින් ඒ මේ පැත්තට සුළු ඒ වශයෙන් නමනවා.
දැති ගානවා[ක්‍රි.] (ගොවි.) වැපිරීම සඳහා කුඹුරේ ලියදි සමතලා කරනවා.
දැති ගොයිය, දැති ගොයියා[නා.] (ගොවි.) කමත් උපකරණයක්; කමතේ මැඩුවන් ඇවිස්සීම සඳහා භාවිත කරන අගින් වකක් සහිත දිග ලීය; උකුණු ගහ.
දැති පෝරුව[නා.] කුඹුරක් පෝරු ගෑම පිණිස ගැනෙන උපකරණයක්; ඇණ දත් පෝරුව.
දැති බරුව(කථා.) [නා.] කුල්ල.
දැති බෝය(කථා.) [නා.] පොල් ගාන උපකරණය; හිරමනය.
දැති යත්ත[නා.] උල් දත්වලින් යුත් යතු විශේෂයක්.
දැති රෝදය[නා.] දැති සහිත රෝදය.
දැතිකටුව(කථා.) [නා.] රෙදි විවීමේ දී තව් ලොකු කිරීම පිණිස භාවිත කරන උපකරණයක්.
දැතිචක්‍ර(පාරිභා.) [නා.ප්‍ර.] (කුඩා) දැති රෝදය; දවරෝදය (=pinion).
දැදුරනවා1. [ක්‍රි.] පැළෙනවා; පිපිරෙනවා; කැඩී බිඳී යනවා; දෙදරුම් කනවා. 2. [ක්‍රි.] ජරාවට පත් වෙනවා; දිරා යනවා.
දැදුරු1. [නා.ප්‍ර.] දැදුර. 2. [නා.ප්‍ර.] සිදුර; බෙනය. 3. [නා.ප්‍ර.] විහිදීම. 4. [නා.ප්‍ර.] බෙර විශේෂයක්. 5. [නා.ප්‍ර.] ජරාව; දිරන ගතිය. 6. [නා.ප්‍ර.] මැඩියා.
දැදුරුනිම්න(පාරිභා.) [නා.ප්‍ර.] කැඩී බිඳී යෑමෙන් ඇති වූ මිටියාවත්; විදාරිත පහත්බිම් (=rift valley).
දැදුරුබෙර[නා.ප්‍ර.] බෙර වර්ගයක්.
දැනක(කථා.) [නි.] දැන්; මේ; මොහොතෙහි.
දැනමිති රාල[නා.] (මහනුවර රාජ සමයෙහි රජයේ කාර්යාංශ පිළිබඳ) කාර්ය සංවිධානයෙහි ප්‍රධානයා.
දැනමිති වෙනවා, දැනමුතු වෙනවා1. [ක්‍රි.] සුදුසු-නුසුදුසු කරුණු වටහා ගන්නවා; පාඩම් ඉගෙන ගන්නවා; අත්දැකීම් ලබනවා. 2. [ක්‍රි.] වැඩිවියට පැමිණෙනවා; මල්වර වෙනවා.
දැනමිති, දැනමුතු, දැනුමැති[වි.] කටයුතු නොකටයුතු වැටහෙන; දැන උගත්කම් ඇති; පළපුරුදුකම් ලද; බහුශ්‍රැත.
දැන්වීම1. [නා.] දැනුම් දීම; අවබෝධ කරවීම; තේරුම් කිරීම. 2. [නා.] දැනුම් දීම සඳහා වන ප්‍රකාශය; ප්‍රචාරක පත්‍රය; දැන්වීම් පත; නිවේදනය.
දැන්වීම් නියෝජිත[නා.ප්‍ර.] ප්‍රචාරක කාර්යාංශයක් වෙනුවෙන් පෙනී සිටින්නා; ප්‍රචාරක අධිකාරයක පාලකයා.
දැනුම් වාදය[නා.] (දර්ශන.) දැනුම් හා දැනීම ලබා ගැනීමේ විධිය පිළිබඳ න්‍යාය; අනුභව වාදය.
දැපනෙ වැටෙනවා[ක්‍රි.] වශී වෙනවා.
දැපි1. [නා.ප්‍ර.] රති ක්‍රීඩාව; මෙවුන්දම් සේවනය. 2. [නා.ප්‍ර.] අනඞ්ගයා.
දැපෙනවා1. [ක්‍රි.] ආඩම්බර වෙනවා; දර්පිත වෙනවා; අභිමානවත් වෙනවා. 2. [ක්‍රි.] නිරත වෙනවා; නියුක්ත වෙනවා.
දැබි[වි.] එක් ව යෙදුණු; සංයුක්ත; බැඳුණු; ගොතන ලද.
දැමි1. [වි.] දමනය වූ; හික්මුණු; දාන්ත. 2. [වි.] දහමට අනු ව වසන; ගුණ දහමින් යුතු; ධාර්මික. [නා.ප්‍ර.] දහම්හි නියුතු තැනැත්තා; දැහැමියා; ධාර්මිකයා.
දැමිටු[වි.] ධර්මයෙහි නියුක්ත; ධර්මිෂ්ඨ.
දැමිඳුරු[නා.ප්‍ර.] දමනය කරන ලද ඉඳුරන් ඇත්තා වන බුදුරජ.
දැමුවා[නා.ප්‍ර.] ඉවත දමන ලද දෙය; වීසි කරන ලද්ද.
දැය1. [නා.] උපත; ඉපදීම. 2. [නා.] කුලය; වංශය; ජාතිය; ප්‍රජාව. 3. [නා.] ද්‍රව්‍යය; දෙය; කාරණය; කරුණ. 4. [නා.] කාර්යය; ක්‍රියාව. 5. [නා.] සමූහය.
දැයඳු[දැ+අඳු] [නා.ප්‍ර.] උපතින් ම අන්ධ වූ තැනැත්තා; ජාත්‍යන්ධයා.
දැයරු[වි.] රත්රන්; ස්වර්ණ; ජාතරූප.
දැරටිය[නා.] දිය කළය; පැන් තලිය.
දැරඬි කරනවා[ක්‍රි.] කල් දමනවා; අතපසු කරනවා; ප්‍රමාද කරනවා.
දැරැහැ සන්නිය[නා.] සන්නියකාගේ එක් අවතාරයක්.
දැරි ඇති[වි.] කුසෙහි දරුවකු දරන; බඩදරු; ගර්භණී වූ.
දැරිය[නා.] ගැහැණු දරුවා; දාරිකාව; ළාබාල ස්ත්‍රිය.
දැරූ[වි.] කෙට්ටු; දිරාගිය; කෘශ.
දැල1. [නා.] නූල් ලණු කම්බි ආදියෙන් විවර හෙවත් ඇස් සහිත ව වියා ගනු ලබන්නක්. 2. [නා.] මකුළු ආදි සතුන් ගොදුරු අල්ලා ගැනීමට උගුලක් ලෙස අටවාගනු ලබන වියමන. 3. [නා.] සිහින් සිදුරු සහිත සිනිඳු රෙද්ද; දුහුල. 4. [නා.] යුදට අඳින හැට්ටය; සන්නාහය; කවචය. 5. [නා.] යමකු බැඳ ගැනීමට අටවන උගුල; මායාව; ප්‍රයෝගය. 6. [නා.] එකිනෙකට කතිර කැපෙන සේ අඳින ලද ඍජු රේඛා වලින් පිළියෙල කළ මෝස්තරය.
දැල්1. [නා.ප්‍ර.] සිදුරු සහිත ව වියන ලද්ද; ජාලාව; දැල. 2. [නා.ප්‍ර.] සුවඳවත් ඖෂධ ද්‍රව්‍යයක්; කස්තුරි.
දැල් ඇස[නා.ප්‍ර.] දැලක හරස් නූල් අතර විවරය; දැලේ සිදුරු අතුරෙන් එකක්.
දැල් කවුළුව[නා.] දැලක ආකාරයට සිදුරු සිටින සේ කළ කවුළුව; ජාලාකවාටය.
දැල් ගසනවා1. [ක්‍රි.] කවුළු, කපොලු, වට ආදියට දැල් සවි කරනවා. 2. [ක්‍රි.] සතුන් ඇල්ලීමට දැල් දමනවා.
දැල් දමනවා1. [ක්‍රි.] මසුන් කුරුල්ලන් වැනි සතුන් අල්ලා ගැනීමට දැල දිගහැරී වැටෙන සේ විසි කරනවා. 2. [ක්‍රි.] උගුල් අටවනවා; අයුතු සබඳකම් ඇති කරනවා; අමාරුවේ දමනවා.
දැල් බානවා1. (කථා.) [ක්‍රි.] දැල් සාදනවා; දැල් ගොතනවා. 2. [ක්‍රි.] දැල් දියත් කරනවා; දැල් දමනවා.
දැල්කා[නා.ප්‍ර.] කූඩැල්ලා; පූඩාවා.
දැල්පණම්[නා.ප්‍ර.] පෘතුගීසි යුගයෙහි මසුන් මරන්නන්ගේ දැල් වෙනුවෙන් අය කළ බද්දක්.
දැල්පන්, දැල්පන්නේ, දැලපන්න[නා.ප්‍ර.] දැල සහ ඊට නිසි උපකරණ; මසුන් මැරීමට ගන්නා දැල් බිලීකටු ආදිය.
දැල්ල1. [නා.] දැවී ඉතිරි වූ දෙයක අඟුර. 2. [නා.] ගින්නෙන් ඉහළට නැඟෙන දලුව; ගිනි දලුව; ගිනිගත් වායු කලාපය. 3. [නා.] ලෝහ ආයුධ තල මුවහත් තැබීමට පීරි ගෑමේ දී මුවහතේ මතු වන තුනී සිහින් පටලය. 4. (කථා.) [නා.] සමහර මැණික් ගල් තුළ පෙනෙන අඳුරු ඡායාව.
දැලි1. [නා.ප්‍ර.] දෙකෙන් පංගුව; අඩ; අර්ධය. 2. [නා.ප්‍ර.] හඳ පලුව; අඩසඳ. 3. [නා.ප්‍ර.] පැළෑටිවල අංකුරය; මොටියා. 4. [නා.ප්‍ර.] ළපටි නෙළුම් පත; නෙළුම් දලුව. 5. [නා.ප්‍ර.] දුම් වැදීමෙන් බැඳෙන කළු පැහැති කුඩු; කාබන් සහිත ද්‍රව්‍ය පිළිස්සීමේ දී ලැබෙන කළු කුඩු.
දැලි අකුර[නා.] කළු අකුර; අඟුරෙන් හෝ පහන් දැලියෙන් ලියූ අක්ෂරය.
දැලි ගත්තා[නා.] දැලක් අතින් ගත් තැනැත්තා; කුරුල්ලන් අල්ලන්නා.
දැලි ගානවා1. [ක්‍රි.] දැලි, අඟුරු කුඩු, කළු තීන්ත ආදිය ආලේප කරනවා; දැලි තවරනවා; අපිරිසිදු කරනවා. 2. [ක්‍රි.] (රූඪි.) අපහාස කරනවා; අවනම්බු කරනවා; පරිභව කරනවා; අවමාන කරනවා.
දැලි දිය1. [නා.] දැලි හෝ අඟුරු මිශ්‍ර ජලය; දැලි දිය කළ කළු වතුර. 2. [නා.] ඩාදිය; ස්වේද.
දැලි නූල[නා.] දැලි මිශ්‍ර දියෙන් පොඟවා ගත් නූල; දැව මත දැලි ඉරි ලකුණු කරන කළු ලණුව.
දැලි පල්ල(කථා.) [නා.] දැලිවළන් තැබීමට ගන්නා වැල් ආදියෙකින් තනාගත් වළල්ල; දරණුව.
දැලි පාත්තරය[නා.] දුම්වැටි ආදියේ අළු (දැල්ල) කඩා දමන භාජනය; අළු බඳුන.
දැලි ලෑල්ල(පාරිභා.) [නා.] දැලි හෙවත් කාබන් තැවරූ පුවරුව (=carbon board).
දැලි වළන්(කථා.) [නා.ප්‍ර.] කෑම පිසීමෙන් දැලි බැඳුණු හැළි වළන් ආදිය.
දැලිඅඟුරු[නා.ප්‍ර.] දර ලිපෙහි ගින්දරවලින් සෑදෙන කළු පැහැති ද්‍රව්‍යය; දැලි.
දැලිපුස්[නා.ප්‍ර.] පැළවල බෝවෙන ‛කුඩිත්තන්' ස්‍රාවය කරන ශර්කර ද්‍රාවණයක් නිසා කොළවල පිට පැත්තේ සෑදෙන කළු පාට දිලීර; කළු පුස්.
දැව1. [නා.] ලී කඳක් ඉරා නැතහොත් වෑයෙන් සැස සකස් කළ ලී. 2. [නා.] ද්‍රව්‍ය; වස්තුව. 3. [නා.] ජවය; වේගය; ධාවනය; දිවීම. [වි.] විශාල; ලොකු; දැවැන්ත.
දැව කර්මාන්තය[නා.] ලී දඬු සැකසීම, සැපයීම වැනි කාර්ය; දාරු කර්මාන්තය.
දැව මස්ස[නා.] ලී තල්පත් ආදියෙහි රාජ්‍ය මුද්‍රාව යෙදීමෙන් සකසා ගත් පුරාණ කාසියක්.
දැවකඩ1. [නා.ප්‍ර.] බාල්කය; තලාඳය. 2. [නා.ප්‍ර.] ලීය; ලී කොටය; දාරු ඛණ්ඩය.
දැවකම්[නා.] ලී දඬුවලින් කරනු ලබන කාර්ය; වඩුකම්; දාරු කර්මය.
දැවටි, දැවටු, දැවැටි[නා.ප්‍ර.] භික්ෂූන් දත් මැදීමට ගන්නා සිහින් කෝටුව; දැහැටි.
දැවතලාම්, දැවතුලාම්[නා.ප්‍ර.] ලීයෙන් තැනූ හරස් බාල්කය; තලාඳය.
දැවමුවා[වි.] ලීයෙන් තනන ලද.
දැවැන්ත[වි.] විශාල; මහත්; යෝධ.
දැවිය1. [නා.] ආහාර පිසීම ආදි කටයුතුවල දී භාවිත කරන දිග මිටක් හා බොකු තලයක් ඇති උපකරණය; හැන්ද; සරළුව. 2. [නා.] (රෝදයක) ගරාදිය; දැත්ත; දාරය.
දැවුතෙල[නා.] දුම්තෙල්; ගිතෙල්.
දැවෙන උෂ්ණත්වය(පාරිභා.) [නා.] යමක් ගිනි ගැනීම ආරම්භ වීම සඳහා ලබා දිය යුතු උෂ්ණත්වය; ජ්වලන උෂ්ණත්වය. (=ignition temperature).
දැවෙන ප්‍රශ්නය[නා.] වහාම විසඳිය යුතු උග්‍ර ප්‍රශ්නය; බැරෑරුම් ප්‍රශ්නය.
දැවෙනවා1. [ක්‍රි.] දැවීම කෙරෙනවා; දවනු ලබනවා. 2. [ක්‍රි.] ක්‍රීඩා වාරය අහිමි වෙනවා; දැවී යනවා.
දැස්ස, දැසිය[නා.] දාස ස්ත්‍රිය; මෙහෙකාරිය.
දැසි[වි.] සමාන; තුල්‍ය; සදෘශ.
දැසිදස්[නා.ප්‍ර.] මෙහෙ කරන ස්ත්‍රී පුරුෂ (පිරිස); දාසි-දාස (පිරිස); සේවක-සේවිකා.
දැහැ1. [නා.ප්‍ර.] වස්ත්‍ර ඇතිරිලි ආදියේ වාටිය; දාරය. 2. [නා.ප්‍ර.] ඇස් දෙක; දෙඇස; දෑස.
දැහැටි කනවා[ක්‍රි.] දැහැට්ටෙන් උලා දත් හා කට පිරිසිදු කරනවා.
දැහැටි, දැහැටු[නා.ප්‍ර.] දත් මැදීම සඳහා එක් කොණක් තලා අනික් කොණ උල් කොට සාදා ගන්නා සිහින් කෝටු විශේෂය; දැහැටි කූර.
දැහැටිපැල්[නා.ප්‍ර.] භික්ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා දැහැටි රැස් කර තබන කිළිය; දැහැටි කිළිය.
දැහැඩි[වි.] සැඬ; රළු; ක්‍රෑර.
දැහැත්[නා.ප්‍ර.] බුලත්.
දැහැත් අත(කථා.) [නා.] කොළ 40 කින් යුත් බුලත් කොළ සමූහය; බුලත් හුරුල්ල.
දැහැත් වට්ටිය[නා.] දැහැත් විටට අවශ්‍ය ද්‍රව්‍ය බහාලූ වට්ටිය.
දැහැත්විට, දැහැත්විඩ[නා.] බුලත්, පුවක්, හුණු ආදියෙන් යුක්තව භික්ෂුන් වහන්සේලාට සැපීමට පිළිගන්වන විට; බුලත්විට.
දැහැන, දෑන1. (අභි.) [නා.] යෝගාවචරයන් විසින් භාවනා වශයෙන් පිහිටුවා ගනු ලබන චිත්ත සමාධිය; ධ්‍යානය. 2. (කථා.) [නා.] ආරක්ෂාව පිණිස සිහි කරන හෝ ජප කරන මන්ත්‍ර විශේෂයක්.
දැහැමි[වි.] ධර්මානුකූල.
දැහැමින් සෙමින්, දැහැමෙන් සෙමෙන්[ක්‍රි.වි.] ධර්මයෙන් හා සාමයෙන් යුතුව; ධර්මානුකූලව හා සමගි සම්පන්න.
දැහැවි[වි.] කිපුණු; උදහස් වූ; අමනාප වූ; ද්වේෂ සහගත වූ.
දැහැවිල්ල[නා.] උදහස; කෝපය; තර්ජනය.
දැහැළිය[නා.] සේදීම; ශෝධනය; ඔප දැමීම.
දැළි[නා.] පුරුෂයන්ගේ උඩු තොලෙහි ද, දෙ කොපුල්හි ද, නිකටෙහි ද වැඩෙන රෝම; රැවුල.
දැළිපිහිය[නා.ප්‍ර.] රැවුල කපන උපකරණය; කරකැත්ත; බුරය.
දැළිරොද[නා.ප්‍ර.] වැඩී එන රැවුල් ගස් කැටිය; රැවුල.
දැළිවල්ල[නා.] නිකටෙහි වැඩුණු රෝම රාශිය; යටි රැවුල.
දැළිවලුමෙහෙ[නා.ප්‍ර.] රැවුල බෑමේ සේවය.
දෑ1. [නා.] ඉපදීම; ජාතිය. 2. [නා.] ද්‍රව්‍යය.
දෑ අඳ[වි.] උපතින් අන්ධ වූ.
දෑක[දෙ+අක] [නා.] කළඳෙන් අටෙන් පංගු දෙකක මිම්ම; කළඳෙන් 1/4 ක්.
දෑකම්[නා.ප්‍ර.] දරුවකු උපන් මොහොතෙහි සිදු කරන (රන් කිරි කටගෑම් ආදි) මංගල චාරිත්‍ර විධි; ජාත කර්ම.
දෑකැත්ත[නා.] ගොයම් කැපීමට ගන්නා වක් ආයුධය; දාත්‍රය; දාත්තය; දාකැත්ත.
දෑකැතිවාරම්[නා.ප්‍ර.] දෑකැත්තෙන් ගොයම් කැපීමේදී කියන වාරම් කවි.
දෑගසවු[දෙ+අගසවු] [නා.ප්‍ර.] බුදුවරයකුගේ අග්‍රශ්‍රාවක රහතන් වහන්සේ දෙනම.
දෑගොත්[නා.ප්‍ර.] උපන් කුලය හා පරම්පරාව; ජාති ගෝත්‍ර.
දෑඟිලි[දෙ+ඇඟිලි] [නා.ප්‍ර.] ඇඟිලි දෙක
දෑඟුල්[දෙ+ඟුල්] [නා.ප්‍ර.] අඟල් දෙක; දෑඟුල.
දෑඩිය[දෙ+අඩිය] [නා.] (නාට්‍ය.) පියවර දෙක; දෙ පියවර.
දෑත[දෙ+අත] 1. [නා.] දෙ අත; හස්ත යුගලය. 2. [නා.] දෙ අත්ල; දොහොත. 3. [නා.] (දෙපැත්ත) පැති දෙක; දෙපස. 4. (කථා.) [නා.] වාර දෙක; දෙ පාර; දෙ විට; දෙ වතාව.
දෑත් කඩුව[නා.] දෙපැත්තෙහි ම මුවහත් සහිත කඩුව.
දෑතුර[දෙ+අතුර] 1. [නා.ප්‍ර.] (කාල සීමා) දෙකක අන්තරය. 2. (පාරිභා.) [නා.ප්‍ර.] යම්කිසි වස්තු දෙකක් අතර ඇති පරතරය.
දෑමුගු[නා.ප්‍ර.] උපතින් ම ගොළු තැනැත්තා; උපන් ගොළුවා; ජාතිමූගයා.
දෑරඟමිණ[නා.] කපා ඔප දැමීමක් නොමැති ව ස්වභාවයෙන් ම කාන්ති විහිදුවන මැණික; ජාති රංග මාණික්‍යය.
දෑරන්[නා.ප්‍ර.] රත්රන්; කනක; ස්වර්ණ.
දෑලපත[දෙ+ඇලපත] [නා.] ශරීරයේ කිසිලි දෙකට පහතින් ඉඟ පෙදෙස දක්වා පිහිටි පැති දෙක; ඇලපත් දෙක.
දෑලය[දෙ+ඇලය] [නා.] උභය පාර්ශ්වය; දෙපැත්ත.
දෑවර[දෙ+ඈවර] 1. [නා.] අහවර හෙවත් කෙළවර කිරීම් දෙක. 2. [නා.] වාර දෙක; දෙවතාව.
දෑවාණ[නා.ප්‍ර.] දිලිසෙන පාෂාණ විශේෂයක්; පළිඟු; ස්ඵටික.
දෑවැද්ද[නා.] විවාහයේ දී මනාලියගේ පාර්ශ්වයෙන් මනාලයාට ලැබෙන දේපළ; දායාදය.
දෑවිරිදි[දෙ+ඇවිරිදි] [වි.] අවුරුදු දෙකක් වයස් වූ.
දෑස[දෙ+ඇස] [නා.] ඇස් දෙක; අක්ෂි යුග්මය.
දෑස් කන්නාඩි(පාරිභා.) [නා.ප්‍ර.] ඇස් දෙක ම යොදා බැලිය හැකි දුර දර්ශක කන්නාඩි විශේෂය (=binocular).
දෑස් දල්වනවා[ක්‍රි.] ඇස් දෙක විදහනවා; දෑස පළල් කරනවා.
දෑහුර[නා.] අහුරු දෙක; ඇඟිල් පස විහිදා අත්ලෙන් අල්ලා ගන්නට පිළිවන් ප්‍රමාණය මෙන් දෙගුණය.
දික්[වි.] කෙටි නොවූ; ලුහුඬු නොවන; දිග. 1. [නා.ප්‍ර.] දිසාව; පැත්ත. 2. [නා.ප්‍ර.] අහස.
දික් ඇදය[නා.] සිංහලයේ "ඈ" ශබ්දය ව්‍යංජනාරූඪ හැඳින්වීම පිණිස යොදනු ලබන සංකේතය; දීර්ඝ ඇලපිල්ල.
දික් ඇලපිලි ගැටය[නා.] සිංහලයේ ව්‍යංජනාරූඪ "ඎ" වර්‍ණය හැඳින්වීම පිණිස යොදනු ලබන සංකේතය "ෲ".
දික් ඉස්පිල්ල[නා.] සිංහලයේ ව්‍යංජනාරූඪ "ඊ" ස්වර ශබ්ද හැඳින්වීම පිණිස සංකේතය; දීර්ඝ ඉස්පිල්ල.
දික් ඕසය[නා.] ගීත තාල විශේෂයක්.
දික් පාපිල්ල[නා.] සිංහලයේ ව්‍යංජනාරූඪ "ඌ" ස්වරය හැඳින්වීම සඳහා යොදන ( ූ ,ෑ) රූප.
දික්කසාදය[නා.] (ආවාහ විවාහයට පත්) අඹු සැමි දෙදෙනකු නීත්‍යනුකූල ව වෙන් වීම; විවාහ නීත්‍යනුකූල ව අවලංගු කිරීම; කසාදය කටුගා දැමීම.
දික්ගස්සනවා(කථා.) [ක්‍රි.] පමණට වඩා කාලය ගන්නවා; වැඩක් නිමවීම ප්‍රමාද කරනවා.
දික්ගැබ[නා.] සිවුරක දික් අතට අල්ලන රෙදි තීරුව.
දික්තටය[නා.] අහසෙහි කෙළවර; අම්බරාන්තය.
දික්දාහය[නා.] විවිධ දිශාවෙන් නැගෙන දුරොටු මුසු වීමෙන් අහසෙහි ඇති වන කිලිටි පෙනුම.
දික්දැරැඩි කරනවා[ක්‍රි.] කල් දමනවා; ප්‍රමාද කරනවා.
දික්දෑවා[නා.] බඩගා යන සතා; සර්පයා; උරගයා; දීර්ඝ ජාතිකයා.
දික්පාතය[නා.] දිශා දර්ශකයෙන් මාලිමාවෙන් දක්වන උතුරත් සැබෑ උතුරත් අතර තිබෙන කෝණය.
දික්භාගය[නා.] දිශාව; පැත්ත.
දිග1. [නා.] කාලය හෝ පරතරය අනු ව පවතින දුර; එක් සීමාවක සිට තවත් සීමාවක් තෙක් පවතින දුර; ආයාමය. 2. [නා.] මාත්‍රා දෙකක් ඇති අකුරු; දීඝාක්ෂර 3. [නා.] දිශාව; දිශාභාගය.
දිග අරිනවා, දිග හරිනවා1. [ක්‍රි.] දුවන්නට සලස්සනවා; එළවනවා. 2. [ක්‍රි.] වක් වූ දෙයක් කෙළින් කරනවා; දික් කරනවා. 3. [ක්‍රි.] හකුළා හෝ වසා තිබූ දෙයක් විවෘත කරනවා. 4. [ක්‍රි.] නොපිපිණු මලක් පුබුදු කරනවා; විදහනවා. 5. [ක්‍රි.] තුනී කරනවා; අතුරනවා.
දිග ඇදෙනවා1. [ක්‍රි.] ශරීරය දිගහැර සිටිනවා; වැතිරෙනවා. 2. [ක්‍රි.] වැඳීම සඳහා දෙඅත් හිස තබා මුනින් වැටී දිගාවෙනවා.
දිග-දුර[නා.] අනාගතය; ඉදිරි කාලය; ඈත.
දිගංශ රේඛාව(පාරිභා.) [නා.] සියලුම මධ්‍යාහ්න රේඛා එක ම කෝණයක් ඇති ව ඡේදනය වන රේඛාව (=rhumb line).
දිගංශය1. (පාරිභා.) [නා.] රේඛාවක් හා ආකාශ වස්තුවක් අන්තර්ගත තිරස් තලය හා මධ්‍යහ්න රේඛා තලයක් අතර ඇති කෝණය (=azimuth). 2. [නා.] නිශ්චිත චිහ්නයක සිට ඕනෑ ම චිහ්නයක් කොම්පාසුවක ආධාරයෙන් (අංශකවලින්) මැන ගත හැකි පරිදි පිහිටා ඇති දිශාව (=bearing).
දිගටි, දිගැටි, දිගිටි[වි.] දිගට හුරු; පළලට වඩා දිග ඇති.
දිගත[නා.] දිශා කෙළවර; දිශා ඉම; දුර බැහැර ප්‍රදේශය; දිශාන්තය.
දිගදෑ, දිග්දෑ[නා.ප්‍ර.] සර්පයා; උරගයා.
දිගන1. (කථා.) [නා.] පළලට වඩා දිගින් වැඩි භූමිය. 2. [නා.] සෙක්කු කඳ, නඟුල් වියගහ ආදි දේ සඳහා ගන්නා දිග ලීය; පතල්වල දිග අතට යොදන මුක්කු ලීය; ලී ඉරන පට්ටලයක දික් අතට දාන ලීය.
දිගන්තය[නා.] දිශා කෙළවර.
දිගන්තර1. [නා.ප්‍ර.] උතුරු නැගෙනහිරාදි වශයෙන් ගැනෙන විවිධ දිශා. 2. [නා.ප්‍ර.] අන්‍ය දිශාව; විදේශය.
දිගන්තරයා(කථා.) [නා.] පිටස්තරයා; පිට පළාතකින් ආ තැනැත්තා.
දිගන්තරාලය[නා.] පුළුල් ව පැතිරී ගිය අවකාශය.
දිගනා[නා.] සාමාන්‍ය උසට වඩා වැඩි උසක් ඇති තැනැත්තා; උස මිනිහා.
දිගම්බර[නා.ප්‍ර.] ජෛන නිකාය දෙකෙන් එකක නාමය; පිළී නොහඳින නිකාය.
දිගවෙලුව, දිගවෙල්ල[නා.] ගවයන් බඳින දිග රැහැන හෙවත් කඹය.
දිග් දර්ශකය[නා.] දිශා දක්වන උපකරණය; මාලිමා යන්ත්‍රය; කොම්පාසුව.
දිග් භාගය[නා.] දිශාව; දිශාභාගය.
දිග් මැඩිල්ල(කථා.) [නා.] සිවුරක කඩ අතුරෙන් වඩා දික් වූ ද උස් වූ ද රෙදි කැබැල්ල; මහමැඩිල්ල.
දිග්ගස්සනවා, දිග්ගහනවා1. [ක්‍රි.] ලෝහ ආදිය තැළීමෙන් දිග වැඩි කරනවා. 2. [ක්‍රි.] එකට ඈඳීමෙන් දිග වැඩි කරනවා. 3. [ක්‍රි.] ඕනෑවට වඩා කාලය ගත කරනවා; අතපසු කරනවා. 4. [ක්‍රි.] වෛරය, අමනාපය ආදිය නොනවත්වා ඉදිරියටත් පවත්වා ගෙන යනවා. 5. [ක්‍රි.] රෙදි විවීමේ දී දික් නූල් යොදනවා; හැදලනවා. 6. [ක්‍රි.] රෙදි විවීමේ දී නූල් කැරැල්ල තාවකාලික ව කෝටු රාමුවක යොදනවා. 7. [ක්‍රි.] අකුළා තිබෙන යමක් දිග හරිනවා.
දිග්ගෙය, දිග්ගේ[නා.] දිනපතා තේවා වශයෙන් නැටුම් ගැයුම් ආදිය පැවැත්වීමට දේවාලවල ඉදිරිපිට තනා ඇති දිග ශාලාව; ද්වාර මණ්ඩපය.
දිග්දර්ශක පත්‍රය[නා.] මාලිමා යන්ත්‍රයක කාන්දම් කටුවට යටින් අලවා තිබෙන දිශා සටහන් පත්‍රය; කොම්පාසු පත්‍රය.
දිග්දැහැ[නා.ප්‍ර.] සර්පයා; උරගයා.
දිග්ධ[වි.] ආලේප කළ; ගෑ; මිශ්‍ර කළ.
දිග්වලය[නා.] සියලු අවකාශය; මුළු වටපිටාව; මුළුලොව; සියලු පරිසරය.
දිග්විජය, දික්විජය[නා.ප්‍ර.] යුද්ධ කොට නොයෙක් දිශා ජය ගැනීම; රටවල් ජය ගැනීම.
දිගා[වි.] දිග; දික් වූ; දීර්ඝ. 1. [නා.ප්‍ර.] බොහෝ වූ ආයුෂ; දීර්ඝායුෂ. 2. [නා.ප්‍ර.] බොහෝ වූ ආයුෂ ඇති තැනැත්තා; දීර්ඝායුෂ ඇත්තා. 3. (කථා.) [නා.ප්‍ර.] බොහෝ සිහින් වූත්, කෙට්ටු වූත් තැනැත්තා; දිගුල්ලා.
දිගා කරනවා1. [ක්‍රි.] බොහෝ වූ ආයුෂ ඇති කරනවා; දීර්ඝායුෂ ලබා දෙනවා. 2. [ක්‍රි.] ශරීරය කෙළින් තබා ගෙන වැතිර ගැනීමට සලස්වනවා.
දිගා-දිප්පනේ යනවා[ක්‍රි.] (රහස් ඖෂධයක් වැනි දෙයක්) කෙනෙකුගෙන් තවත් කෙනෙකුට යෑමෙන් ප්‍රකට වෙනවා.
දිගාපතේ යනවා(කථා.) [ක්‍රි.] (ධීව.) අයහපත් කාලගුණය ආදිය නිසා ධීවරයන් කිසිදු පරිසර සලකුණක් නොදැක නොමඟ යනවා.
දිගායු[නා.ප්‍ර.] බොහෝ වූ ආයුෂ; දීර්ඝායුෂ.
දිගාසිරි[නා.ප්‍ර.] දීර්ඝායු සම්පත; දීර්ඝායුශ්‍රිය.
දිගැලි(පාරිභා.) [නා.ප්‍ර.] ගොවිතැනට ජලය ලබා ගැනීම සඳහා සෑදූ ඇළ; වාරිමාර්ගය (=canali).
දිගැසිය[නා.] දික් වූ ඇස් හෙවත් දීර්ඝාක්ෂි ඇති කාන්තාව.
දිගිලිය1. (කථා.) [නා.] දිය කඩිත්ත; වැව් ආදියට ජලය ගලා එන කුඩා දිය ඇළ. 2. [නා.] කඳු දෙකක් අතර වූ පටු බිම් තීරය.
දිගිවිල්ල, දිගෙල්ල, දිගේල්ල(කථා.) [නා.] ගව ආදි සතුන් බඳින දිග ලණුව; දිගේලි කිරීමට ගන්නා ලණුව.
දිගු[වි.] දික් වූ; දීර්ඝ.
දිගු පරාසය(පාරිභා.) [නා.] දික් දුර ප්‍රමාණය; වැඩිදුර සීමාව (=long range).
දිගුකාලීන[වි.] බොහෝ කාලයක් ක්‍රියාත්මකව පවත්නා.
දිගුකුරු[නා.ප්‍ර.] දික් අකුර; මාත්‍රා දෙකකින් කියැවෙන අකුර.
දිගුණය[නා.] ප්‍රමාණ දෙක; දෙගුණය; ද්විත්ව ගුණය.
දිගුනෙත1. [නා.] දික්වූ ඇස; දීර්ඝ වූ නේත්‍රය. 2. [නා.] දික් වූ ඇස් ඇත්ති; දීර්ඝාක්ෂිය; කාන්තාව.
දිගුපති1. [නා.] දිශාවලට අධිපති ඉන්ද්‍රාදි දෙවිවරු. 2. [නා.] ප්‍රදේශාධිපති; දිසාපති.
දිගුපිටු[නා.ප්‍ර.] දීර්ඝ පිටක් ඇත්තා වන නාගයා.
දිගුබිත[නා.] දිශා නමැති භිත්තිය.
දිගුව1. [නා.] දිග; දීර්ඝත්වය; 2. [නා.] මාත්‍රා දෙකක් ඇති අක්ෂරය. 3. [නා.] දිශාව; පැත්ත. 4. [නා.] නින්දාව; ගැරහුම. 5. [නා.] ප්‍රධාන දුරකථන අංකයක් ආශ්‍රයෙන් සම්බන්ධ කර ගත හැකි අනු අංකයක්.
දිගෙලි කරනවා, දිගේලි කරනවා[ක්‍රි.] ඇවිද තණකොළ කෑමට හැකිවන සේ ගවයන් වැනි සතුන් දිග කඹයකින් බැඳ තබනවා; දිගවෙලි කරනවා.
දිගේ[ක්‍රි.වි.] ඔස්සේ; අනුකූල ව.
දිගෝවිලි1. [නා.ප්‍ර.] කාව්‍ය වෘත්තයක්. 2. [නා.ප්‍ර.] දික් ඕවිල්ල; දිග ඔංචිල්ලාව.
දිජ[නා.ප්‍ර.] බමුණා; ද්විජ.
දිට[නා.] දෘෂ්ටිය; ඇස; නෙත; නයනය; නුවන.
දිටන්[නා.ප්‍ර.] අදිටන්; ස්ථිර ව සිතා ගැනීම; අධිෂ්ඨානය.
දිට්ඨ[වි.] දුටු; දක්නා ලද.
දිට්ඨධම්මවේදනීය[වි.] මේ භවයෙහි දී ම විපාක දෙන.
දිට්ඨාලම්බනය[නා.] සත්ත්වයා සසර ගිල්වන මිථ්‍යාදෘෂ්ටි නමැති මහ ජලස්කන්ධය; මිසදිටු බව නමැති සැඩපහර.
දිටි1. [නා.ප්‍ර.] ඇස; නෙත; නයන; නුවන. 2. [නා.ප්‍ර.] ඇදහීම; විශ්වාසය. 3. [නා.ප්‍ර.] දැකීම; පෙනීම.
දිටු1. [නා.ප්‍ර.] ඇදහීම; විශ්වාසය; දෘෂ්ටිය. 2. [නා.ප්‍ර.] ඇස; නේත්‍රය.
දිටුහත්[නා.ප්‍ර.] දෘෂ්ටාන්තය; උදාහරණය; සාධකය.
දිඩ1. [වි.] බලවත්; තදබල; දෘඪ. 2. [වි.] නපුරු; හැඩිදැඩි; චණ්ඩ. 3. තහවුරු; අචල. 4. උතුම්; උදාර; උසස්.
දිණු[වි.] ජීර්ණ වූ; දිරාපත්; දිරූ; දිරාගිය.
දිත[නා.] අසුරයා; දෛත්‍යයා.
දිතරුපු, දිත්රුපු[නා.ප්‍ර.] දෛත්‍යයන්ගේ සතුරු වූ විෂ්ණු දේවගණයා.
දිත්ති[නා.ප්‍ර.] දීප්තිය; ආලෝකය; ප්‍රභාව.
දිත්තිකාව[නා.] දියණිය; දුව; දුහිතාව.
දිදාලය[නා.] ගෙත්තම් ආදිය කිරීමේ දී ඇඟිලි තුඩේ ආරක්ෂාවට දමන ලෝහ කොපුව.
දිදී[නා.ප්‍ර.] දී කිරි; මිදුණු කිරි.
දිදුල[නා.] දීප්තිය; ආලෝකය; බැබළීම.
දින1. [නා.ප්‍ර.] බුදුන්වහන්සේ. 2. [නා.ප්‍ර.] ජෛන ආගමේ කර්තෘවරයා; නිගණ්ඨනාථ පුත්‍ර. 3. [නා.ප්‍ර.] තාපසයා. 4. [නා.ප්‍ර.] භික්ෂුව. 5. [නා.ප්‍ර.] දවස; දාතම.
දින චර්යාව[නා.] දිනයෙහි හැසිරිය යුතු පිළිවෙළ; දවසේ කළයුතු වැඩ කටයුතු.
දින දර්ශනය[නා.] අවුරුද්ද තුළ මාස සති දින දක්වන සටහන; දින සටහන; කැලැන්ඩරය.
දින සිරිත[නා.] දේවාලයාදි ස්ථානවල දිනකට කළ යුතු වැඩ ප්‍රමාණාදිය ද ඒවා පැවැත්විය යුතු කාලවේලාදිය ද සඳහන් ලියවිල්ල.
දිනඉඳු[නා.ප්‍ර.] හිරු; සූර්යයා; දිනකර; දිනරද.
දිනඉසුරු1. [නා.ප්‍ර.] ජිනේශ්වර; බුදුන්වහන්සේ. 2. [නා.ප්‍ර.] ජිනයන්ට අධිපති; නිගණ්ඨනාථ පුත්‍ර. 3. [නා.ප්‍ර.] සූර්යයා.
දිනකර[නා.ප්‍ර.] සූර්යයා.
දිනකරකුල[නා.ප්‍ර.] සූර්ය වංශය.
දිනකරසිය[නා.ප්‍ර.] සූර්යයාගේ ස්වකීයයා ලෙස සැලකෙන පියුම්; පද්ම.
දිනක්ෂය[නා.ප්‍ර.] දවස ගෙවී යන කාලය; සැඳෑව.
දිනචක්‍ර[නා.ප්‍ර.] (ඓතිහාසික කරුණු පිළිබඳ වූ කාලානුකූල) දින වකවානු සටහන.
දිනදින[ක්‍රි.වි.] දවස්පතා; දිනපතා; දවස ගානේ.
දිනනවා[ක්‍රි.] ජයගන්නවා; ජයග්‍රහණය කරනවා; දිනුම ලබනවා.
දිනපතා[ක්‍රි.වි.] දවස්පතා; දවසින් දවස; දවස ගානේ.
දිනපතිකුල[නා.ප්‍ර.] සූර්ය වංශ.
දිනප්‍රණි[නා.ප්‍ර.] හිරු; සූර්යයා.
දිනපොත[නා.] එදිනෙදාට අවශ්‍ය කරුණු සටහන් කර ගැනීම සඳහා තබා ගන්නා පොත; දින ලේඛනය.
දිනමිණ[නා.] සූර්යයා; හිරු.
දිනමුඛය[නා.] උදය; අරුණ.
දිනරේඛාව[නා.] (භූගෝ.) දිනවලට සම්බන්ධ වන රේඛාව; ග්‍රීනිච් මධ්‍යාහ්න රේඛාවෙන් අංශක 180° බටහිරට හා නැගෙනහිරට මධ්‍යාහ්න රේඛාව හා සම්බන්ධ ව යන කල්පිත රේඛාව.
දිනලුප්[දින+අලුප්] [නා.ප්‍ර.] බුදුන්වහන්සේගේ වචනය; බුද්ධ වචනය.
දිනශූලය[නා.] (ජ්‍යෝති.) ඒ ඒ දිනවල දී ගමන් ආරම්භ නොකළ යුතු අශුභ දිශාව (රිවි, කිවි දෙදින පෙරදිග ද සඳු, ශනි, ගුරු, බුද දිනවල උතුරු දිග ද, කුජ දින දකුණු දිග ද අසුබ යැයි සැලකේ).
දින්[නා.ප්‍ර.] උකුල; ජඝනය; දුවඟ.
දින්න[වි.] දෙන ලද; දුන්.
දින්නක[නා.ප්‍ර.] හදා ගත් දරුවා; පෝෂණය කිරීම සඳහා තමනට දෙන ලද දාරකයා.
දිනාන්තය[නා.] දවාලෙහි කෙළවර; සවස; සැන්දෑව.
දිනාපගමන කාලය[දින+අපගමන] [නා.] හිරු බසින වේලාව; ඇඳිරි වැටෙන කාලය; සන්ධ්‍යා සමය.
දිනාරය[නා.] කාසි වර්ගයක්; පර්සියාවේ මුලින් භාවිත වී පසු ව විශේෂයෙන් අරාබි රටවල භාවිත වන්නට වුණු කාසියක්.
දිනි[නා.ප්‍ර.] උපත; හටගැනීම.
දිනිතිය1. [නා.] මව; මෑණියෝ; ජනනි. 2. [නා.] ස්ත්‍රිය; කාන්තාව.
දිනිඳා[නා.] හිරු; සූර්යයා.
දිනිඳු1. [නා.ප්‍ර.] බුදුන්වහසේ. 2. [නා.ප්‍ර.] කුවේරයා; වෛශ්‍රවණයා. 3. [නා.ප්‍ර.] සූර්යයා.
දිනිඳුදය[දිනිඳු+උදය] [නා.] ඉර පායන වේලාව; හිරු උදාව; සූර්යෝදය.
දිනිසුරු1. [නා.ප්‍ර.] බුදුන්වහන්සේ. 2. [නා.ප්‍ර.] කුවේර. 3. [නා.ප්‍ර.] සූර්යයා.
දිනුම් අදිනවා[ක්‍රි.] ලොතරැයි වැනි තෑගි තරගයක දී ජයග්‍රාහකයන් තෝරනවා.
දිනුම් කණුව[නා.] තරගයක දී අවසාන ඉලක්කය වන ස්ථානය; ජයස්තම්භය.
දිනුරැස[නා.] තත්කාල කේන්ද්‍රයේ ප්‍රථම ස්ථානයට සිටින රාශිය; ලග්නය.
දිනේන්ද්‍රයා[නා.] දිනයට අධිපතියා; සූර්යයා; හිරු.
දිනෝදය[නා.] දවසෙහි ආරම්භය; අලුයම; පාන්දර.
දිප1. [නා.] ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින; දූපත. 2. [නා.] දීප්තිය; බැබළීම.
දිපදුත්තම[නා.ප්‍ර.] දෙපා ඇත්තවුන් අතර උත්තමයා; එනම්, මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨ වූ බුදුන්වහන්සේ.
දිබ්බ[වි.] දෙවියන් පිළිබඳ වූ; දෙවියන් සතු වූ; දිව්‍යමය වූ.
දිබ්බ චක්ඛු ඤාණය[නා.] (අභි.) භාවනා බලයෙන් උපදවා ගත් දිව්‍යමය ප්‍රඥා චක්ෂුසය; දිව ඇස; ඉතා දුර වූ ද ඉතා සූක්ෂ්ම වූ ද රූප දිවසින් දක්නා නුවණ.
දිබ්බාගය(කථා.) [නා.] දිසාව; දිසාභාගය.
දිබ්බාගෙය1. [නා.] දෙවියන් වැඩ වසන ගෙය. 2. [නා.] දෙවියන් උදෙසා පිළියෙල කළ මල් අසුන; දේව පූජාසනය.
දිමුත, දිමුතු, දිමුත්[වි.] බැබළෙන සුලු; දිලිසෙන ගතියෙන් යුත්; දීප්තිමත්.
දිඹිලි, දිඹුල1. [නා.ප්‍ර.] දුම්පැහැය; ධූම වර්ණය. 2. [නා.ප්‍ර.] මඳ කසාවන් පැහැය; දුනුකේ මල් රොන් පාට.
දිය1. [නා.ප්‍ර.] ජලය; වතුර; පැන්; සිලිල්. 2. [නා.ප්‍ර.] කඳුළු. 3. [නා.ප්‍ර.] මූත්‍ර; සුළුදිය. 4. [නා.ප්‍ර.] ලෝකය; දියත. 5. [නා.ප්‍ර.] දුන්නෙහි ලණුව; දුනුදිය. 6. [නා.ප්‍ර.] ජය; දිනුම. 7. [නා.ප්‍ර.] දෑවැද්ද; දායාදය. [වි.] දෙවැනි; ද්විතීය.
දිය අග[නා.] ලොව කෙළවර; ලෝකාන්තය.
දිය අත1. [නා.] දිය කෙළවර; ජල කෙළවර. 2. [නා.] දිය ගමන් කරන දිසාව; සාගර ජලය ගමන් කරන පැත්ත. 3. [නා.] ලෝකාන්තය.
දිය අත පායනවා(කථා.) [ක්‍රි.] මූදු පත්ල පැහැදිලි ව පෙනෙනවා; මූදු දිය නිශ්චල ව තිබෙනවා.
දිය ආර(පාරිභා.) [නා.ප්‍ර.] (භූගෝ.) ගිරි කඳුරක සිට ගලා බස්නා වූ දිය පාර (=flume).
දිය ඇල්ල[නා.] කඳු පර්වත මුදුනින් ගලා හැලෙන දිය පාර.
දිය ඇස1. [නා.] ලොවට ඇසක් වූ සූර්යයා; හිරු. 2. [නා.] ලොවට ඇසක් වූ බුදුරජ නොහොත් බෝධි සත්ත්ව.
දිය ඔරුව1. [නා.] ජලය රැස් කර තැබීමට සෑදූ ඔරුවක හැඩය ඇති භාජනය; නෑම සඳහා වතුර පුරවා තබන භාජන විශේෂයක්. 2. [නා.] රසායනාගාර උපකරණයක්; ජල උෂ්ණකය.
දිය කච්චිය[නා.] දිය රෙද්ද; පැරැන්නන්ගේ යට ඇඳුමක්.
දිය කඩනවා(කථා.) [ක්‍රි.] කුඹුරේ වතුර බස්සනවා.
දිය කඩිත්ත[නා.] දිය රැඳී තිබෙන කුඩා නොගැඹුරු වළ; කුඩා මඩ වගුර.
දිය කපනවා1. [ක්‍රි.] වතුර දෙබෑ කරනවා; ඇසළ පෙරහැර ආදි මහා පූජා උත්සවයක් අවසානයෙහි එහි විශේෂ අංගයක් වශයෙන් කඩුවෙන් ගසා ගඟ දිය දෙපලු කොට එතැනින් ජලය බඳුනකට ලබා ගන්නවා. 2. [ක්‍රි.] එක් කුඹුරකට යන ජලය තවත් කුඹුරකට හරවා ගන්නවා; වතුර කඩා ගන්නවා. 3. [ක්‍රි.] පසට වතුර උරාගැනීමට සලස්වනවා; දිය කාවද්දනවා.
දිය කපොල්ල[නා.] ගංගා ජලය බැස යන විවරය.
දිය කරනවා1. [ක්‍රි.] දියාරු කරනවා; ඝනත්වයට පත් වූවක් දිය වෙන්නට සලස්වනවා; ඝනකම අඩු කරනවා; ද්‍රව කරනවා. 2. [ක්‍රි.] (රූඪි.) නාස්ති කර දමනවා; විනාශ කර දමනවා.
දිය කෙළිය[නා.] උත්සවයක් වශයෙන් ගඟක හෝ පොකුණක දියට බැස පිහිනීම් ආදි වශයෙන් කරන ජල ක්‍රීඩාව; දිය කෙළීම.
දිය ගහනවා[ක්‍රි.] වතුර ඉසිනවා; ජලය යොදනවා.
දිය ගිල්ම[නා.] ජලාශයක ජලය පිරුණු විට යටවන බිම් ප්‍රදේශය.
දිය ඩොහරේ(කථා.) [නා.] සතුන් බිය වැද්දීම සඳහා කුඹුරේ අටවන උණ ලීයෙන් සෑදූ උපකරණයක්; දිය හොල්මන.
දිය තුවක්කුව[නා.] වේගයෙන් දිය විදින යන්ත්‍රය.
දිය දැකීම[නා.] ප්‍රතිමාවක නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයෙන් පසු ශිල්පියා පළමුවරට (කොරහක දැමූ) ජලය දෙස බැලීමේ චාරිත්‍රය.
දිය දෙව්[නා.ප්‍ර.] ජලයට අධිපති දෙවියා; වරුණ.
දිය නමනවා1. (කථා.) [ක්‍රි.] ජලය වත් කරනවා; භාජනයක ඇති දිය ඉන් පිටතට ඇළ කරනවා. 2. [ක්‍රි.] කුඹුරු ආදියට ඇළ වේලි මගින් දිය හරවනවා; දිය පාරක් කැමැති තැනකට ගෙන යනවා.
දිය නයා[නා.] දියෙහි වසන විස රහිත සර්පයෙක්; දියබරියා.
දිය නලය[නා.] තැනකින් තැනකට දිය ගමන් කරවන බටය; ජලනලය.
දිය නිපාතය[නා.] පසට දිය උරා ගැනීම.
දිය නියමුවා[නා.] අතීතයේ වැව්වලින් කෙත්වලට දිය බෙදා හැරීමේ කාර්ය භාර ව සිටි නිලධාරියා.
දිය පහරනවා[ක්‍රි.] වතුර පෙරනවා.
දිය පෑතැටිය[නා.] පුරාණයේ වේලාව මැන ගැනීමට ඉවහල් වූ උපකරණයක්.
දිය පීරනවා1. [ක්‍රි.] ජලය දෙපසට කර බලනවා; දිය පාදා සෝදිසි කරනවා. 2. [ක්‍රි.] ජලය දෙබෑ කරනවා.
දිය පොම්පය[නා.] ජලය ඉහළට ඇද හා පිට කිරීම සඳහා භාවිත කරන නළ සහිත යන්ත්‍රය.
දිය පොරය1. (කථා.) [නා.] දියේ බැස ක්‍රීඩාවක් වශයෙන් පොර බැඳීම. 2. [නා.] දියේ අයිතිය සඳහා සටන් කිරීම.
දිය බල්ලා[නා.] මිරිදිය ආශ්‍රය කොට ජීවත්වන ලොම් සහිත මාංස භක්ෂක ක්ෂීරපායි සතෙක්.
දිය බා වෙනවා[ක්‍රි.] ජලයට ගොදුරු වෙනවා; දියබත් වෙනවා; කිඳෙනවා.
දිය බුබුළ1. [නා.] වතුර යට සිට අර්ධ ගෝලාකාර හැඩයෙන් යුක්ත ව ඉහළට නැගී මතු පිට කරා නැඟ එන වායු පිණ්ඩය; පෙණ බුබුළ. 2. [නා.] පොළොව යටින් දිය මතුවන ස්ථානය; උල්පත. 3. [නා.] සිරුරේ හම මතුපිට හටගන්නා වූ ගඩු විශේෂයක්.
දිය මඩිත්ත[නා.] මඩදිය; බොරදිය.
දිය මලාව[නා.] දියබඳුන; වතුර භාජනය.
දිය මැස්ස1. [නා.] වතුර කළ ආදිය තබන මැස්ස. 2. [නා.] වළං ආදියෙහි වතුර බේරෙන්නට නමා තැබීමට සඳහා තනන ලද මැස්ස.
දිය මිදෙනවා[ක්‍රි.] අධික ශීතලෙන් ජලය කැටි වෙනවා; ජලය හිම බවට පත් වෙනවා.
දිය මොල්ලි(කථා.) [නා.ප්‍ර.] ජලාශයක මතු තලය මත (වායු පීඩනය නිසා) තැනින් තැන උස් ව නැඟී සිටින දිය බුබුළු.
දිය මෝලන් කනවා(කථා.) [ක්‍රි.] යමක් බොහෝ සේ තෙත් ව පැවතීමෙන් දිරාපත් වෙනවා.
දිය යතුර1. [නා.] ජල යන්ත්‍රය; දිය ඉසීම කරන උපකරණය. 2. [නා.] ජල යාත්‍රාව; දියෙහි ගමන් කරන යානය. 3. [නා.] දියෙහි නෑම.
දිය රෙද්ද(කථා.) [නා.] නෑම හා ඇග සේදීම සඳහා අඳින වස්ත්‍රය; (වෙසෙසින් කාන්තාවන්) දියට අඳින රෙදි කඩ.
දිය රෝදය[නා.] යන්ත්‍ර ක්‍රියා කරවීමේ බලය ලබා ගැනීම සඳහා වේගවත් ජල පාරකට සවි කළ රෝදය; ජල චක්‍රය; තල බමනය.
දිය ලබුව, දිය ලබ්බ[නා.] මේරූ ලබු ගෙඩියේ කට්ටෙන් තනාගත් භාජනය; ලබු කැටය.
දිය වක[නා.] චන්ද්‍ර මාස ක්‍රමය අනු පුරපක්ෂයෙහි හෝ අවපක්ෂයෙහි දෙවන දිනය; චන්ද්‍රයාගේ දෙවැනි කලාව පැමිණි දිනය.
දිය වඩනවා[ක්‍රි.] (කෙණ්ඩියෙන්) පැන් ඉසිනවා/ වත් කරනවා; පැන් වඩනවා.
දිය වැසිකිළිය(පාරිභා.) [නා.] ජල පහරකින් මල ගසා ගෙන යන පරිදි සාදන ලද වැසිකිළිය (=water closet).
දිය වෑහීම[නා.] නාසයෙන් දිය මෙන් සොටු ශ්ලේෂ්මල වහනය වීම හෝ ඇසින් දිය මෙන් කඳුළු යෑම.
දිය සලකුණ(පාරිභා.) [නා.] ඇතැම් කඩදාසි වර්ග සහ මුදල් නෝට්ටු ආදිය ආලෝකය දෙසට අල්ලා බැලූ කල පෙනෙන සේ යොදා ඇති ලකුණ; ජල ලකුණ (=watermark).
දිය සලනවා[ක්‍රි.] මූත්‍ර වගුරනවා; මූත්‍ර කරනවා.
දිය සළාව[නා.] ජලය එක තැන වේගයෙන් කරකැවීම නිසා ඇති වන සුළිය; දිය සුළිය.
දිය සීරාව[නා.] දියර ගතිය; තෙත් බව, තෙතමනය.
දිය සීරාවරණය(පාරිභා.) [නා.] (බිත්ති ආදියට) තෙතමන උරාගැනීම වැළැක්වීම සඳහා අත්තිවාරම මත අතුරන සිමෙන්ති බදාම තට්ටුව. (=damp proof course).
දිය සෙවෙල[නා.] ඇල්ගී පැළෑටි විශේෂයක්; ශෛවාල; දිය හවරිය.
දිය හිමියා1. [නා.] ලොවට ස්වාමි වූ බුදුන්වහන්සේ. 2. [නා.] රජ; මිහිපල්.
දිය හුන්නත[නා.] ඔයට/ඇළට හෝ වැවට උඩුපැත්තේ පිහිටි ඉඩම; වැවට ජලය වැටෙන පැත්තේ ඇති ඉඩම.
දියඅළුව[දිය+අළුව] 1. (කථා.) [නා.] ජලය ඉවත ලන හැඳි විශේෂයක්; කුඩා ජල යාත්‍රාවක් ඇතුළට වැදුණු ජලය ඉවත් කිරීමට ලීයෙන් ලීයෙන් සෑදූ කුඩා උපකරණය. 2. [නා.] ඇත් දත් ආදිය ලියන පට්ටලයෙහි ලා කරනු ලබන ඉතා පහසු කැපුම.
දියකටාර[නා.ප්‍ර.] වැසි ජලය ලෙනක් ඇතුළට රූරා නොඑන ලෙස එහි මහල අද්දර දිගට කපන කානුව; කටාරම.
දියකඩ1. [නා.] ජලය රැඳුණු තැන; වතුරකඩ. 2. [නා.] ජලයෙන් තෙත් කළ රෙදි කැබැල්ල.
දියකඩනය[නා.] දිය පහර කඩන බැම්ම; මුහුදින් එන රළ වේගය වැළැක්වීම හෝ අඩු කිරීම සඳහා වරායක් වැනි තැනක බැඳි බැම්ම.
දියකඳ[නා.] එක්තැන් ව පිහිටි මහත් ජල රාශිය; ජලස්කන්ධය.
දියකඳුර[නා.] කඳු අතරින් ගලා බසින දිය පහර; කන්දකින් රූරා වැටෙන කුඩා ඔය.
දියකස්[නා.ප්‍ර.] කූඩැල්ලා; පූඩාවා.
දියකැටපහණ[නා.ප්‍ර.] වැවක ජල ප්‍රමාණය දක්වන ගල්කණු විශේෂයක්.
දියකැටය[නා.] දිය එක්රැස්වීම සඳහා වැවේ සොරොවු වැසීමටත්, දිය නිකුත් කරන විට එකිනෙක ඉවත් කිරීමටත් හැකි වන පරිදි හරස් අතට තැබූ පිළිස්සූ මැටි කුට්ටිය හෙවත් කැටය.
දියකැදලි[නා.ප්‍ර.] කැරකෙන දියෙන් සෑදෙන දිය සුළි.
දියකිරි[නා.ප්‍ර.] ගාන ලද පොල්වලට තෙවැනි වරට ද දිය මුසු කොට මිරිකාගත් පොල්කිරි.
දියකිස[නා.ප්‍ර.] මල ධෝවනය; අතපය සේදීම.
දියකුස්[නා.ප්‍ර.] ලෝකය ඇතුළත; ලෝගැබ; ලෝක කුහරය.
දියකෙම[නා.] දිය පිරුණු ගල් පොකුණ.
දියකොටුව[නා.] ඉසින දිය රැඳවීමට ශාකයක් වටා බඳින පහත් වැටිය; තෝතැන්න.
දියකොත්[දිය+කොත්] [නා.ප්‍ර.] ජයග්‍රහණය හඟවන කොඩිය; ජයකොඩිය; ජල කෙහෙළිය; ජල ධ්වජය. [වි.] ලොවට කොඩියක් වැනි වූ; ජගත් කේතු වූ.
දියකොල[දිය+කොල] [නා.ප්‍ර.] (ගං හෝ මුහුදු ආදියෙහි) දිය කෙළවර; ඉවුර හෝ වෙරළ; දිය කෝල්බඩ.
දියකෝනම(කථා.) [නා.] දිය නෑම සඳහා අඳින රෙදිකඩ; අමුඩය.
දියග[දිය+අග] [නා.ප්‍ර.]ලෝකයට අග්‍ර වූ තැනැත්තා.
දියගතිය1. [නා.] ජලයෙහි ගමන; දියෙහි සැලෙන ගතිය; ජල චලනය. 2. [නා.] දියාරුබව; උදක ස්වරූපය; ද්‍රවතාව.
දියගල[දිය+අගල] [නා.] නගරයක ප්‍රාකාරය වට කොට පිහිටි දිය ඇළ; පරිබාව.
දියගොබය1. [නා.] නොකැඩී ගලා බස්නා දිය දහර; අඛණ්ඩ ජලධාරාව. 2. [නා.] උඩට නැගෙන ජල කදම්බය.
දියගොස[නා.] ජයග්‍රහණය නිමිත්තෙන් නගන ඔල්වරසන්; ජයඝෝෂාව; ජයහඬ.
දියටනය[නා.] මූත්‍ර පහ කිරීම; සුලුදිය කිරීම; ප්‍රසවණය.
දියඩමස[නා.] මාස එකහමාර; සති හය.
දියණිය[නා.] ගැහැනු දරුවා; දුව; දුහිතෘව.
දියත[නා.] ලෝකය; ලොව.
දියතත්තය, දියතත්තෙ[දිය+තත්තය] [නා.] දිය පිපාසය; තිබහ.
දියතර[දිය+අතර] 1. [නා.ප්‍ර.] ජලය ස්ථිර ලෙස ලැබෙන කුඹුර; වැව් ආදියෙහි ජලයෙන් වගා කරන කුඹුර. 2. [නා.ප්‍ර.] ලොවෙහි ඇතුළත; ලෝකාභ්‍යන්තරය.
දියතරිප්පු[නා.ප්‍ර.] චන්ද්‍රකාන්තිය වන් විට දිය වගුරතැයි සැලකෙන ශිලා වර්ගයක්; චන්ද්‍රකාන්ති පාෂාණය.
දියතලාව[දිය+තලාව] 1. [නා.] පැතිරී ගිය දියකඳ; ජල මස්තකය; ජලපෘෂ්ඨය. 2. [නා.] ජලය රඳා සිටින තැනිතලා බිම.
දියත් කරනවා1. [ක්‍රි.] ජල යාත්‍රාවක් මුලින් දියට පිවිසවනවා; යාත්‍රා කිරීම ආරම්භ කරනවා; දියෙහි පාකර යවනවා. 2. [ක්‍රි.] (රූඪි.) කිසියම් වැඩ පිළිවෙළක් අලුතෙන් ආරම්භ කරනවා.
දියත් බඩේ[නා.] (ධීව.) රොඩු බොඩු ඉතුරු වී ඇති තැන්.
දියත්ත[නා.] ස්වල්ප වූ ජලය; දිය ස්වල්පය; වතුර ටික.
දියතු[දිය+අතු] 1. [නා.ප්‍ර.] ගඟකින් වෙන් වී යන අතුගඟ; ජලපාර. 2. [නා.ප්‍ර.] තාරකාව; තරුව.
දියතුරු[දිය+තුරු] (කථා.) [නා.ප්‍ර.] ළපටි පුවක්ගෙඩි; පැන්තුරු.
දියදද[නා.ප්‍ර.] යුද්ධ ආදිය ජය ගැනීමේ ප්‍රීතිය මුල් කොටගෙන නංවන කොඩිය; ජය කෙහෙළිය.
දියදබරාව[නා.] (ලබු කැට ආදියෙන් තනාගත්) පෙරහනක් සහිත පැන් බඳුන් විශේෂය.
දියදර1. [නා.] ජලධාරාව ගලා යන දියපාර; ගලා හැලෙන දිය කඳ; ජලධාරාව. 2. [නා.] ඇසින් වැගිරෙන දිය; කඳුළු.
දියදරාඬ[නා.ප්‍ර.] දිය දරන බිම් කඩ; දිය පිරුණු තැන.
දියදහර1. [නා.ප්‍ර.] ගලා යන දියපාර; ගලා හැලෙන දිය කඳ; ජල ධාරාව. 2. [නා.ප්‍ර.] ඇසින් වැගිරෙන දිය; කඳුළු.
දියදැලි[නා.ප්‍ර.] දියෙහි ඇති දැලි හෙවත් රොන්මඩ.
දියදෑවා[නා.] මාළුවා; මත්ස්‍යයා; ජලජයා.
දියදුන්න(කථා.) [නා.] බිලී පිත්ත.
දියදෙණ1. [නා.] දිය පුරවා තබන ඔරුවක් බඳු භාජනය. 2. [නා.] කිසියම් උෂ්ණත්වයකට ජලය රත් කොට තබා ගැනීම සඳහා (රසායනාගාරවල) භාවිත කරන භාජනයක් (=water path).
දියදෙණ්ඩිය[නා.ප්‍ර.] ඇපිල්ලීම සඳහා ජලයෙන් තෙමා ගත් රෙද්ද; තෙත රෙද්ද.
දියදෙවට[නා.] දෙපස පිහිටි ගංගාවලට දිය බෙදී යන සීමාව දක්වන බිම්තීරුව; දියබෙත්ම.
දියදෙස්1. [නා.ප්‍ර.] ජගත් සාක්ෂ්‍යය; ලෝක සාක්ෂ්‍යය. 2. [නා.ප්‍ර.] ප්‍රසිද්ධිය; පරසිඳුව.
දියදොර[නා.] දිය බස්නා දොරටුව; සොරොවුව.
දියදොස්[දිය+දොස්] [නා.ප්‍ර.] ජලයෙහි ඇති දෝෂ; දිය අපිරිසිදු කරන කරුණු.
දියනදන[නා.] ජල නිධානය වන මහමුහුද; සාගරය.
දියනඳ[වි.] ලෝකයා සතුටු කරන; ජගත් නන්දන.
දියනඳන[නා.ප්‍ර.] බුදුන්වහන්සේ.
දියනා[දිය+නා] [වි.] ජගත් නාථ වූ; ලෝක නායක වූ; ලෝකයට පිහිටක් වූ. 1. [නා.ප්‍ර.] ලෝකයට නාථ වූ තැනැත්තා වන බුදුන්වහන්සේ. 2. [නා.ප්‍ර.] මහ මුහුද; සාගරය. 3. [නා.ප්‍ර.] රජ.
දියනිඳු[නා.ප්‍ර.] බුදුන්වහන්සේ.
දියනෙත1. [නා.ප්‍ර.] ලොවට ඇසක් වන බුදුන්වහන්සේ. 2. [නා.ප්‍ර.] හිරු; සූර්යයා.
දියපට්ටය1. [නා.] ගසක කඳෙහිත් මුලෙහිත් ද්විතීයික වර්ධනය සිදු කරන සජීවි විභාජක පටකය. 2. [නා.] දැවීමෙන් හෝ තැළීමෙන් හෝ කිසිවක නිරතුරු ගැටීමෙන් සම මතුපිට ඇති වන දියබුබුළ.
දියපණ[නා.ප්‍ර.] ලෝකයේ ප්‍රාණය වන සුළඟ; වාතය.
දියපත[දිය+පත] 1. [නා.] ජලයෙන් පිරුණු භාජනය; දියතලිය. 2. [නා.] වතුර පත; වතුර නැළියකින් හතරෙන් පංගුව.
දියපරාමය[නා.] උරස උදරයෙන් වෙන් කරන ශරීර අවයවය; ප්‍රාචීරය.
දියපල්ල(කථා.) [නා.] ඔරුවකින් වතුර අස් කිරීමට භාවිත කරන උපකරණයක්.
දියපා[නා.ප්‍ර.] දියත හෙවත් ලොව පාලනය කරන්නා; බෝධිසත්ත්වයා.
දියපානවා[ක්‍රි.] ගොවිතැන ආදි කටයුතු සඳහා වතුර දෙනවා; වතුර ලබා දෙනවා.
දියපාර[නා.] වතුර ගලා බසින මාර්ගය.
දියපැන්නුම[නා.] ජලාශයක වැඩි වතුර බැස යෑමට යොදා ඇති තැන; සොරොව්ව.
දියපෑ[නා.ප්‍ර.] දියතැටිය; ජලපාතිය.
දියපිත්ත1. (කථා.) [නා.] (ධීව.) උණ බම්බු කැබැල්ලකින් සාදා ගනු ලදුව ධීවරයන් විසින් භාවිත කරනු ලබන භාජන විශේෂයක්. 2. ක්‍රීඩාවක් වශයෙන් දිය මතුපිට ගසා යවන කුඩා කැට කැබලිත්ත.
දියපිය[දිය+පිය] [නා.ප්‍ර.] ලෝකයට ප්‍රිය වූ තැනැත්තිය; කාන්තාව.
දියපියා[දිය+පියා] 1. [නා.] ලෝකයට පියෙකු බඳු වූ බුදුන්වහන්සේ. 2. [නා.] බෝසතුන් වහන්සේ.
දියපිරි[නා.ප්‍ර.] (නගරයක් වටා පිහිටි) දිය අගල; පරිබාව.
දියපුස්[නා.ප්‍ර.] (වැහි කාලයෙහි දී පැළෑටිවලට වැලඳෙන) පුස් රෝගයක්.
දියපූවළ[නා.ප්‍ර.] නියං කාලවල දී ජලය ලබා ගැනීම සඳහා ඇළදොළ ආදියෙහි හාරන කුඩා වළ.
දියපෙත්[නා.ප්‍ර.] ජල බින්දු; දිය පොඳ.
දියපොද(කථා.) [නා.ප්‍ර.] පැන් ටික; දිය බිඳ; පැනිත්ත.
දියපොල්1. (කථා.) [නා.ප්‍ර.] පොල් බෑ මදයේ මතුපිට කිරි රස අඩු, දිය රසැති මෙළෙක් ස්තරය. 2. [නා.ප්‍ර.] මදය හා දිය මිශ්‍ර ව පවතින පොල් වෙසෙසක්.
දියපොළොව[නා.] ලෝකය පිළිබඳ පුරාණ විශ්වාසය අනු ව, පස් පොළොව හෙවත් තට්ටුව රඳා සිටීමට ආධාර වන ජල පොළොව හෙවත් ජල තට්ටුව; ජල ගෝලය.
දියබත්1. [නා.ප්‍ර.] ඇල්දිය වත්කොට තබා පෙඟෙන්නට සලස්වන ලද බත. 2. [නා.ප්‍ර.] පෙඟුණු බත; රාත්‍රියෙහි බත් දියෙහි දමා තබා පසු දින උදෑසන පෙරා පොල්කිරි, රතුලූනු, ලුණු ආදිය දමා සකස් කරගන්නා බත.
දියබත් කරනවා[ක්‍රි.] (රූඪි.) වතුරට යට කරනවා; ජලයට ගොදුරු කරනවා.
දියබත් වෙනවා1. [ක්‍රි.] දියෙන් නෑවෙනවා; පෙඟෙනවා. 2. [ක්‍රි.] (නැව් ආදිය) වතුරේ ගිලී විනාශ වෙනවා.
දියබඳ[නා.] විෂ්ණු දෙවි.
දියබඳිනවා[ක්‍රි.] (කුඹුරෙහි) ජලය රැස්කර තබනවා; කුඹුරේ වක්කඩ බඳිනවා.
දියබප්[නා.ප්‍ර.] (ලොවට පියෙකු බඳු වූ තැනැත්තා) බුදුරජාණන් වහන්සේ.
දියබරණ[නා.] දියබරියා; දියනයා.
දියබස්නාව1. [නා.] ජලය බසින පැත්ත. 2. [නා.] ලියදි පෙළක පහළින් ම පිහිටි ලියද්ද. 3. [නා.] (වැවක) සොරොව්ව. 4. [නා.] වතුර බැස යන කාණුව. 5. [නා.] දියපාර; ඇළ; දොළ. 6. (කථා.) [නා.] වහලේ පහළ කෙළවර.
දියබැළ1. [නා.ප්‍ර.] කුලියට දිය ඇදීම; බැළයට වතුර ගෙන ඒම. 2. [නා.ප්‍ර.] දිය ඇදීමෙන් ලැබෙන කුලිය.
දියබුං[නා.ප්‍ර.] දිය අභ්‍යන්තරයට දෑතින් පහර දෙමින් ඈතට ඇසෙන හඩක් නංවන ජල ක්‍රීඩාව.
දියබෙත්ම1. [නා.] ගංඟාවකට වර්ෂා ජලය සපයන භූමි ප්‍රදේශය; ගංගාධාරය. 2. (කථා.) [නා.] ගඟකට ඇළ, දොළ ආදි දියපාරක් සම්බන්ධ වන ස්ථානය; ඇළ; මෝදර. 3. (පාරිභා.) [නා.] වෙනත් ගංගාවලට හෝ ගංගාධාරවලට ජලය වෙන් කර යවන කඳු සීමාව; එක ගංගාවක් තවත් ගංගාවකින් වෙන් කරන උස්බිම (=watershed).
දියමංකඩ1. (කථා.) [නා.ප්‍ර.] වන සතුන් වතුර බීමට එන ස්ථානය. 2. [නා.ප්‍ර.] මහා මාර්ගයන්හි උඩින් එන වතුර බැස යන ස්ථානය.
දියමදු[නා.ප්‍ර.] අනංගයා.
දියමන්ති[නා.ප්‍ර.] වජ්‍ර මාණික්‍යය; විදුරුමිණ.
දියමල1. [නා.] සිහින් ජලධාරා විහිදුවන ජලනලය; වතුර මල. 2. [නා.] මූත්‍ර මාර්ගය; මූත්‍ර සිදුර.
දියමලන් කනවා1. [ක්‍රි.] වැසි ජලය නිසා ගොයම් පැළෑටි කෙට්ටු වෙනවා. 2. [ක්‍රි.] දිය සෙවෙල් අල්ලනවා.
දියමස්[නා.ප්‍ර.] ජලයෙහි වසන මසුන්ගේ මාංස.
දියමාන1. (කථා.) [නා.ප්‍ර.] අවශ්‍ය ප්‍රමාණයට කුඹුරුවලට ජලය ගෙන යන කුඩා ඇළ; කුඹුරු මැදින් වතුර ගැනීමට කපන කුඩා ඇළ. 2. [නා.ප්‍ර.] දිය ගමන් කරවිය හැකි සමභූමි ප්‍රමාණය.
දියමාරුව1. (කථා.) [නා.] කුඹුරුවලට තනි වක්කඩෙන් දිය බස්සවන ඉස්මත්තේ ලියද්ද. 2. [නා.] ඉස්මත්තේ ලියද්දේ සිට කුඹුරුවලට දිය ගෙන යන කුඩා ඇළ. 3. [නා.] කුඹුරක දිය බැස යෑම.
දියමිටියන් කෑම[නා.] මිනිසුන්ගේ පාදයන්හි තිබෙන සියුම් කූපවලින් හෝ පාදයන් සිදුරු කරමින් හෝ කොකුපණුවන් ශරීරය ඇතුළට වැදීමෙන් ඇතිවන ක්ෂුද්‍ර ව්‍යාධි විශේෂයක්.
දියමුනුමඟ[නා.ප්‍ර.] යෝනිය.
දියඹ[නා.ප්‍ර.] ගංඟා මුහුදු ආදියෙහි ගැඹුරු පෙදෙස; හොකරය.
දියඹනැම්ම(කථා.) [නා.] ඈත මුහුද දෙසට ඇදෙන බාදිය කඳ; ගැඹුරු මුහුද පැත්තට ගලන ජලප්‍රවාහය.
දියඹහන(කථා.) [නා.] ඈත ගැඹුරු මුහුදේදී ගොඩ සනිටුහන් කර ගැනීමට ධීවරයින් තබන සලකුණ.
දියර[නා.ප්‍ර.] ගලා යා හැකි දෑ; ද්‍රවය; ජලය.
දියරන්[නා.ප්‍ර.] ගංඟා පතුලෙහි වැලි හා මිශ්‍ර ව පවත්නා රත්රන්.
දියරැළ[නා.ප්‍ර.] විශාල ජලස්කන්ධයක මතු පිට මුදුන්වැටි හා අවනම්න සදමින් ඉහළට නඟිමින් ද පහළට බසිමින් ද චංචල වන ජලය; ජල තරඞ්ගය.
දියරෑන1. (කථා.) [නා.] අමුඩය ඉනෙහි රැඳවීම පිණිස බඳින රැහැන් පට; දිය ලණුව. 2. [නා.] ඔරුවේ වියල එහා මෙහා නොයන පිණිස යොදන යොත.
දියරිකිලි[නා.ප්‍ර.] දිය සීරාව වැඩි වීම නිසා ගසක කඳින් ඇදෙන පුහු රිකිලි; මඳක් හැදී ඇට්ටර වන බොරු අතු.
දියරොන්[නා.ප්‍ර.] වේගවත් දියපහරක් යමක වැදීම නිසා හෝ ඉහළ සිට වැටීම නිසා හෝ විහිදී යන කුඩා වතුර බින්දු සමූහය; ජල රේණු.
දියලුණු[නා.ප්‍ර.] ආහාරයට යොදා ගන්නා ලුණු.
දියවටන්1. [නා.ප්‍ර.] කැසිකිළිය. 2. [නා.ප්‍ර.] මූත්‍ර මාර්ගය; පුරුෂ ලිංගය.
දියවඩන1. [වි.] ජය වර්ධනයට පත් කරන. 2. [වි.] දිය හෙවත් ජලය පූජා කරන, පිරිනමන, ඉදිරිපත් කරන.
දියවඩන නිලමේ, දියවඩනා නිලමේ1. [නා.ප්‍ර.] සිංහල රජ සමයෙහි රජුට අත කට සේදීම සඳහා දිය පිළිගැන්වීමේ නිලය දැරූ නිලධාරියා. 2. [නා.ප්‍ර.] දන්ත ධාතුන් වහන්සේගේ ගිහි භාරකරු; දළදා මාලිගාවේ පාලන කටයුතු භාර ව ක්‍රියා කරන උසස් ගිහි නිලය.
දියවතුර[නා.ප්‍ර.] ගලා යන සැඩ දිය පහර.
දියවන්නා[නා.ප්‍ර.] ඇළ; ඔය.
දියවර1. [නා.ප්‍ර.] ජලය දිය යුතු වාරය; දිය සැපයෙන වාරය; දිය මුරය. 2. [නා.ප්‍ර.] ජල ධාරාව; ජලස්කන්ධය. 3. [නා.ප්‍ර.] ජලය; වතුර. 4. [නා.ප්‍ර.] වී ගොවිතැන සඳහා වැව හා අමුණකින් ලබාගන්නා ජලය වෙනුවෙන් වැව් හෝ අමුණු හිමියාට ගොවිතැන් ආදායමෙන් ගෙවන කොටස. [වි.] දියාරු; ද්‍රව වූ.
දියවර කරනවා[ක්‍රි.] දියෙන් තෙත් කරනවා; තෙමනවා.
දියවරණ(පාරිභා.) [වි.] දිය උරා ගැනීම හෝ දිය නිසා වෙනස් වීම් හෝ සිදු නොවන; ජලයට ඔරොත්තු දෙන; ජලරෝධක; ජලවාරක (=water proof).
දියවලාකඩ[නා.ප්‍ර.] වැසිවලාකුළු කැබැල්ල.
දියවළ1. [නා.] දිය පිරුණු ආවාටය; ජලය සහිත වළ. 2. [නා.] ගංගා හොය ආදියෙහි ගැඹුරු තැන; හොකරය.
දියවාන[නා.] වැවක වැඩි ජලය උතුරා පිටට වහනය වන සොරොව්ව.
දියවැඩ[නා.] ලෝවැඩ; ලෝකයාගේ යහපතට කරන ක්‍රියාව; ලොවට හිත වූ කාර්යය.
දියවැඩියාව[නා.] බහු-මූත්‍ර රෝගය; මධුමේහය.
දියවැද්දා(කථා. උඩ.) [නා.] මසුන් අල්ලන්නා; මස් මරන්නා.
දියවැල1. [නා.] නොකඩවා ගලා බස්නා දිය දහර; ජලධාරාව; ජලාවලිය. 2. [නා.] පෘථිවි භ්‍රමණය හා හුළං නිසා සාගර දියෙහි මතුපිට දිය ඇදී යාමෙන් ඇති වන ඕඝය. 3. [නා.] ජලාකෘතිය විදහාපාන චිත්‍රකලා මෝස්තරයක්.
දියවිත1. [නා.] දිය නෑමට භාවිත කරන බඳුන. 2. [නා.] දිය ගොටුව; දිය භාජනය.
දියවුරු[දිය+අවුරු] [වි.] ජලය පිරවූ.
දියවුරු කොට්ටය[නා.] කොට්ටයක ආකාරයට රබර්වලින් සාදා ජලය පිරවූ උපකරණය.
දියස[දිය+ඇස] [නා.] ලොවට ඇසක් වන හිරු; සූර්යයා.
දියසක1. [නා.] ලෝකයට ඇසක් බඳු තැනැත්තා; බුදුන් වහන්සේ; බෝසතුන් වහන්සේ. 2. [නා.] හිරු; සූර්යයා. 3. [නා.] යුද්ධ ජයග්‍රහණයකදී පිඹින හක්ගෙඩිය; ජයශඞ්ඛය.
දියසක්[නා.ප්‍ර.] ජලයෙහි වෙසෙන ශංඛ හෙවත් හක් බෙල්ලන් විශේෂයක්.
දියසරණ[වි.] ලොවට පිහිට ලෝකයට සරණ වන. වන;
දියසළුව[නා.] දිය නෑමේදී අඳින වස්ත්‍රය; දිය රෙද්ද; නානකඩය.
දියස්බඩ[දිය+අස්බඩ] [නා.ප්‍ර.] දිය පහරේ අයින; ජලයෙහි අද්දර හෝ සමීපය.
දියසායම්[නා.ප්‍ර.] චිත්‍ර ඇඳීම සඳහා ජලයෙන් දිය කර පාවිච්චියට ගන්නා සායම්.
දියසිදුර[නා.ප්‍ර.] දිය උනන සිදුරු; උල්පත.
දියසිර[නා.ප්‍ර.] ලෝක පරිසරයෙහි මුදුන; අහසේ මුදුන.
දියසිළ[නා.] වේගවත්ව ගලා යන දිය දහර; සැඩපහර; මහෝඝය.
දියසුන්1. [වි.] ජලය සිඳී ගිය; වියළි. 2. [වි.] දුන්නෙහි ජ්‍යාය හෙවත් ලණුව කැඩුණු.
දියසුන්නත(කථා.) [නා.] කුඹුරුවලට වතුර ගැනීම සඳහා ඇළ ආදියේ ඉවුර කපා වතුර පාර හැර වු කපොල්ල.
දියසෙට[වි.] ලොවට උතුම්; ජගත් ශ්‍රේෂ්ඨ.
දියසෙණ[නා.ප්‍ර.] අධික ලෙස රත් වු ජලය පතිත වන අකුණ.
දියහළුවා[නා.] රෙදි සෝදා පිරිසිදු කරන්නා; රජකයා.
දියහුණුකැන්[නා.ප්‍ර.] දියාරු කැඳ; කැඳ වතුර.
දියහුනු1. [නා.ප්‍ර.] ජලයෙහි දියකර පාවිච්චියට ගන්නා හුනු; තම්බාපු හුනු. 2. [නා.ප්‍ර.] පොල් ගෙඩියේ මදය මතුපිට ඇති දිය කළ හුනු වැනි වූ කොටස.
දියහෙබ[නා.] ජලය පිරුණු ගැඹුරු වළ; හෙබ; විල.
දියහොල්මන[නා.] කුඹුරු පාළු කරන මීයන් ආදි සතුන් බිය වැද්දීම සඳහා උණ බම්බුවෙන් සාදන ලද, හඬ නැගෙන උපකරණයක්; දියබෙරය.
දියළු අවාන(පාරිභා.) [නා.] දියළු පස් අවානක හැඩයට තැන්පත් වීමෙන් සෑදුණු භූමි ප්‍රදේශය (=alluvial fan).
දියළු කේකුව(පාරිභා.) [නා.] දියළු පස් තැනිතලා බිමෙක කේතුවක් හැඩයෙන් සෑදෙන භූමි ප්‍රදේශය (=alluvial cone).
දියළු තලාව(පාරිභා.) [නා.] දියළු පස් තැන්පත් වීමෙන් සෑදුණු උස් තැනිතලා බිම (=alluvial flat).
දියළු නිධිය(පාරිභා.) [නා.] ඝන ව ගැඹුරට තැන්පත් ව පවතින දියළු ස්තරය; දියළු පසෙහි යටට කිඳා බැස තැන්පත් වන ලෝහ, ගල් ආදිය (=alluvial deposit).
දියළු මළුව(පාරිභා.) [නා.] උස් ව වේදිකාවක් මෙන් පිහිටි දියළු පස් තට්ටුව (=alluvial terrace).
දියළුව(පාරිභා.) [නා.] වතුරෙන් ගසා ගෙන අවුත් තැන්පත් වන රොන් බොර සහිත සාරවත් පස; දියළුපස (=alluvium).
දියාටු[වි.] ජලයෙහි වූ; දියෙහි පිහිටි; ජලයෙහි වැඩෙන; ජලස්ථ.
දියාරු1. [වි.] දියර ගතියෙන් යුත්; 2. (කථා.) [වි.] නුසුදුසු; නොහොබිනා.
දියාළුව1. [නා.] ඔරුවල දිය ඉවත් කිරීම සඳහා භාවිත කරන උපකරණයක්. 2. [නා.] දිය නෑමට භාවිත කරන භාජනය; සේක පාත්‍රය.
දියාළුවා[නා.] ඇළ ආදිය මගින් කෙත් ආදියට දිය සපයන්නා; උදක හාරකයා.
දියැටි[වි.] දෙනු කැමති; දෙන්නට ආශා කරන.
දියැත්ත[නා.] දිය ටික; ස්වල්ප වූ ජලය; පැනිත්ත.
දියැඳිල්ල[දිය+ඇඳිල්ල] [නා.] දිය දෝත.
දියුණ[නා.] එකකට එකකින් වැඩි ප්‍රමාණය; දෙගුණය; ද්විගුණය.
දියුණනවා[ක්‍රි.] දෙගුණ කරනවා; තව ගුණයකින් වැඩි කරනවා.
දියුණුව1. [නා.] වඩා හොඳ තත්ත්වය; අභිවෘද්ධිය. 2. [නා.] දෙගුණය.
දියුල්[නා.ප්‍ර.] සිනිඳු තුනී රෙදි; දුහුල්; දූකුල.
දියොතු[නා.ප්‍ර.] තාරකා; තරු.
දිර1. [වි.] දැඩි; මහත් බලවත්; දෘඪ. 2. [වි.] ධීර; ධෛර්ය සම්පන්න; එඩිතර.
දිරකඩ1. [වි.] ජරාවට පත්; අබලන් වූ. 2. [වි.] ගසක හෝ දැවයක දිරා දිය කොටස; දිරීම නිසා කඳක ඇතිවූ පලුද්ද. 3. [වි.] දිරාගිය ලීය; වියළි ලීදඬුව හෙවත් කැබැල්ල; දර ලීය.
දිරච්චලණු(කථා.) [නා.ප්‍ර.] (රූඪි.) වැරදි තොරතුරු; බොරු ආරංචිය; ව්‍යාජ උපදේශය.
දිරච්චලණු කනවා[ක්‍රි.] (රූඪි.) මුළාවේ වැටෙනවා; රැවටෙනවා.
දිරද[නා.ප්‍ර.] ඇතා; හස්තියා.
දිරනවා1. [ක්‍රි.] (කාලය ගෙවී යෑම, අව්වැසි සුළං ආදියට අසු වීම ආදි හේතු නිසා) යම් ද්‍රව්‍යයක ස්වභාවය ක්‍රමයෙන් ක්ෂය බවට පත්වෙනවා; දිරාපත් වෙනවා; ජරාවට පත්වෙනවා. 2. [ක්‍රි.] (ආහාරාදිය) ජීර්ණ වෙනවා; අනුභව කළ දැ පාකයට පැමිණෙනවා. 3. [ක්‍රි.] කෘශ වෙනවා; කෙට්ටු වෙනවා; සිහින් වෙනවා; දිරීමට පත්වෙනවා.
දිරපොතු වෙනවා(කථා.) [ක්‍රි.] දුර්වල වෙනවා; කෙට්ටු වෙනවා; දිරාපත් වෙනවා.
දිරාපත් වෙනවා[ක්‍රි.] දිරා යනවා; දිරීමට පැමිණෙනවා.
දිරි1. [නා.ප්‍ර.] ධෛර්යය; එඩිතරබව දැඩි උත්සාහය; උනන්දුව. 2. [නා.ප්‍ර.] ශක්තිය; බලවත්කම. [නි.] අලි ඇතුනට "තල්ලු කරනු", "බිම හෙළනු" සහ "බිද හෙළනු" යන උපදේශය හඟවන විධානය.
දිරි අනිනවා(කථා.) [ක්‍රි.] බිම ඇද වැටෙනවා.
දිරි ගන්නවා[ක්‍රි.] උත්සාහ කරනවා; වීර්ය කරනවා; ධෛර්යවත් වෙනවා.
දිරි ගස්සනවා(කථා.) [ක්‍රි.] යමක් තල්ලු කිරීමට අලි ඇතුන් දණ ගස්සනවා; අලි ඇතුන්ට දණ ගැසීමට විධානය දෙනවා.
දිරි ගහනවා1. (කථා.) [ක්‍රි.] ඇද වැටෙනවා; පතිත වෙනවා. 2. [ක්‍රි.] පිරිහෙනවා; විනාශ වෙනවා. විපතට පත් වෙනවා. 3. [ක්‍රි.] තළාපෙළා දමනවා; නැති කරනවා; නසනවා; මට්ටු කරනවා.
දිරිතර[වි.] ඉතා උත්සාහවත්; ඉතාම ධෛර්ය සම්පන්න.
දිරිති[නා.ප්‍ර.] මහලු ස්ත්‍රිය; මැහැලිය.
දිරිමත්[වි.] උනන්දුවෙන් ක්‍රියා කරන; ධෛර්ය සම්පන්න.
දිරිය1. [නා.] දැඩි උත්සාහය; උනන්දුව; උද්යෝගය; ධෛර්යය. 2. [නා.] ශක්තිය; බලවත්කම. 3. [නා.] නුවණ; අවබෝධ ඥානය. 4. [නා.] එළිය; ආලෝකය.
දිරිවත[නා.] දිරූ වස්ත්‍රය; කඩමාල්ල.
දිල්රුබාව[නා.] ඉන්දියානු තන්ත්‍රීය තූර්ය භාණ්ඩයක්.
දිලික්තය[නා.] (නීති.) හිංසනයක් ලැබූ පුද්ගලයකුට තමාගේ වාසිය පිණිස නඩුවක් පැවරිමට අවශ්‍ය පදනම ලබා දෙන වරදකාරී ක්‍රියාව; සිවිල් වරද.
දිලිතුහින(පාරිභා.) [නා.] තද ඔපයක් ඇති සිනිඳු තලයෙන් යුත් හිම (=galaced frost).
දිලිබු, දිලිබ්, දිලුබු, දිලුබ්[වි.] ලබාගැනීමට අපහසු; දුලබ; හිඟ; දුර්ලභ.
දිලියුම[නා.] (භෞති.රසා.) (ගින්නකින් තොර ව) දැඩි තාපයක් ඇතිව දිලිසීම; දැඩි උණුසුමක් ඇතිව දිලිසීම.
දිලියුම් පහන[නා.] යම්කිසි ද්‍රව්‍යයක් අධික තාපයට රත් කිරිම නිසා එමගින් අලෝකය ලබා ගන්නා පහන.
දිලියෙනවා, දිලිසෙනවා, දිලිහෙනවා[ක්‍රි.] ආලෝකය විහිදෙනවා; රැස් පැතිරෙනවා; දීප්තිය නැගෙනවා; බැබළෙනවා.
දිලීර උපුලුව(පාරිභා.) [නා.] දිලීර හෝ බැක්ටීරියා හෝ හේතු කොට ගෙන සෑදෙන ලේ ගෙඩිය (=mycotic aneurysm).
දිලීර රෝග[නා.ප්‍ර.] දිලීර නිසා හටගන්නා ශාක රෝග විශේෂයක්.
දිලීර විද්‍යාව(පාරිභා.) [නා.] දිලීර පිළිබඳ අධ්‍යයනය කරන ශාස්ත්‍රය (=mycology).
දිලීරය(පාරිභා.) [නා.] න්‍යෂ්ටිකා සහිත වූ ද, සාමාන්‍යයෙන් සූත්‍රිකාමය වූ ද, බීජාණු දරන්නා වූ ද, හරිතප්‍රද රහිත වීමේ ලක්ෂණයෙන් ඇල්ගීවලින් වෙනස් වූ ද ක්ෂුද්‍ර ශාක වර්ගයක් (=fungus).
දිලෙනවා[ක්‍රි.] ආලෝකය විහිදුවනවා; දිලිසෙනවා.
දිව ඔසුව[නා.] දිව්‍ය ඖෂධය; නිසැක වූ සුවය දෙන ඔසුව; අත්දුටු බෙහෙත.
දිව මාලය(පාරිභා.) [නා.] කළපුවක් වටා මාලයක් මෙන් පිහිටි හිරිගල් දූපත් සමූහය (= atoll).
දිව, දිව්1. [නා.] ආහාර රස විඳීමට උපකාර වනු සඳහා මුඛයේ පිහිටි මාංසමය අවයවය; දිවත; ජිහ්වාව. 2. [නා.] ද්වීමය ජලයෙන් වට වූ ගොඩබිම; දූපත; දිවයින. 3. [නා.] දෙව්ලොව. 4. [නා.] අහස; ගුවන. 5. [නා.] දීපය; ආලෝකය ගෙන දෙන උපකරණය; පහන; ප්‍රදීපය. 6. [නා.] පණ; ප්‍රාණය; ජීවය. [වි.] දිව්‍ය; දෙවියන්ට අයත්; දෙව්ලොවෙහි වන්නාවූ; දිව්‍යමය.
දිවංගත, දිවඞ්ගත[වි.] ස්වර්ගස්ථ; මියගිය; අභාවප්‍රාප්ත.
දිවඔතැලි[නා.ප්‍ර.] (බඩ පිරුණු විට) කටින් පිටවන වාතය; රාම තැල්ල.
දිවඕජස්[නා.ප්‍ර.] දෙවියන්ගේ රස ඕජස; ඕජෝ ගුණය.
දිවකන්, දිව්කන්[නා.ප්‍ර.] බුදු, රහත්, දෙවි, බඹ ආදි උතුමන්ට ඇතැයි සැලකෙන අතිශය තියුණු ශ්‍රවණ ශක්තිය; දිව්‍යශ්‍රෝතය.
දිවගඳ, දිව්ගඳ[නා.] දිව්‍යමය සුගන්ධය.
දිවගඳඹ, දිව්ගදඹ[නා.ප්‍ර.] දෙවියන්ගේ සංගීතය; දිව්‍ය සංගීතය.
දිවගුරු[දිව+ගුරු] [නා.ප්‍ර.] දෙවියන්ගේ ගුරු වන ගුරු හෙවත් බ්‍රහස්පති.
දිවගුරු බඳිනවා[ක්‍රි.] (දිව හා උගුර හිරවී) කතා කිරීමට නොහැකි වෙනවා; (මන්ත්‍ර බලයෙන්) දිව හා උගුරු බැඳී පවතිනවා.
දිවගුළ[දිව+අගුළ] [නා.] මන්ත්‍ර ජපයෙන් ප්‍රාණවත් කළ බන්ධනය; ජීවම් කළ බන්ධනය.
දිවඟන[දිව+අඟන] [නා.ප්‍ර.] දිව්‍ය ස්ත්‍රිය; සුරඟන.
දිවත1. [නා.] දිව. 2. [නා.] නඟුලේ පොළොවට වදින තලය. 3. [නා.] ඝණ්ඨාවක් සීනුවක් හෝ සොකඩයක් (ටකයක්) හැඬවීම සඳහා එහි මැදින් එල්ලෙන සේ සවි කළ ලී හෝ ලෝහමය දිවක් වැනි උපාංගය. 4. [නා.] දිවක හැඩය ඇති ව මුහුදට නෙරා ගිය ගොඩබිම. 5. [නා.] අත් කියතක පිට දාරයේ තිබෙන දිවක් වැනි කුඩුම්බිය.
දිවපඬුරු[නා.ප්‍ර.] දිව්‍යමය ත්‍යාග.
දිවපූ[නා.ප්‍ර.] දෙවියන් අනුභව කරන පූප; දිව්‍යපූප; දිව්‍යකැවුම්.
දිවබරණ[දිව+අබරණ] 1. [නා.ප්‍ර.] දෙවියන් පලඳින ආභරණ. 2. [නා.ප්‍ර.] දිව්‍යාභරණ වැනි අලංකාර ආභරණ.
දිවමන්[වි.] ජීවමාන.
දිවමල්[නා.ප්‍ර.] දෙවිලොව හටගන්නා මල්; දිව්‍ය පුෂ්ප.
දිවඹ[දිවි+අඹ] [නා.ප්‍ර.] දෙවඟන; දිව්‍යාඞ්ගනවා.
දිවයින[නා.] ජලයෙන් වට වූ භූමිභාගය; දූපත; ද්වීපය.
දිවයුරු1. [නා.ප්‍ර.] හිරු; සූර්යයා. 2. [නා.ප්‍ර.] පහනක ආකාරය; ප්‍රදීපයක ස්වභාවය.
දිවරස1. [නා.] දිව්‍ය රශ්මි; සුරරැස්. 2. [නා.] දිව්‍යභෝජනයෙහි රසය; අමෘතරසය.
දිවවදන්[නා.] දේව භාෂාව; දෙව් බස; සකු බස.
දිවස[නා.] දහවල් කාලය.
දිවස, දිවැස1. [නා.] (අභි.) භාවනා බලයෙන් උපදවා ගනු ලබන නුවණැස; ප්‍රඥා චක්ෂූසය; දිව්‍ය චක්ෂූරභිඥානය. 2. [නා.] දිව්‍යමය බලයෙන් යුතු ඇස; මිනිස් බව ඉක්මවා සිටි ඇස; අතිමානුෂික චක්ෂු ඉන්ද්‍රිය.
දිවසකර[නා.ප්‍ර.] දහවල් කාලය ඇති කරන හිරු; සූර්යයා.
දිවසක්[නා.ප්‍ර.] දිව්‍ය චක්ෂුසය; දිව ඇස.
දිවසත්[දිවස+අත්] [නා.ප්‍ර.] දිවා කාලයේ අවසානය.
දිවසමුව[නා.ප්‍ර.] දවසේ ආරම්භය; පාන්දර.
දිවසර[දිව+අසර] [නා.ප්‍ර.] දිව්‍ය අප්සරාව.
දිවස් උල[නා.] වධය පිණිස අපරාධකරුවන් පණ පිටින් හිඳුවන උල; මරණ දණ්ඩනයට නියම කරනු ලැබූවන් ජීවත්වෙද්දී ම හිඳුවන උල; ජීවශූලය.
දිවස් එළිය[නා.] රජතුමන්ගේ විශේෂ සැලකිල්ල; රජුගේ අවධානය; රාජ බැල්ම.
දිවස් කියනවා[ක්‍රි.] මතු සිදුවන දේ කල් මත්තෙන් කියනවා.
දිවස් ප්‍රාසාදය[නා.] (ක්‍රිස්ති.) අනාවැකි හෙවත් දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද පණිවුඩයක් ලොවට පැවසීමේ හැකියාව.
දිවස් ලනවා[ක්‍රි.] දිවනෙත් යොමු කරනවා; දිවැසින් බලනවා; දිව්‍යඥානයෙන් බලනවා; එසේ බලා ප්‍රකාශ කරනවා.
දිවස්පති[නා.ප්‍ර.] හිරු; සූර්යයා.
දිවස්වරයා, දිවැස්වරයා[නා.] (ක්‍රිස්ති.) දෙවියන් වහන්සේ විසින් එළිදරවු කරන ලද පණිවුඩයක් ලොවට පවසන තැනැත්තා; අනාගතවක්තෘ.
දිවසෝ, දිවසෝධා[නා.ප්‍ර.] මිනිස් කනට නොඇසෙන ඉතා සියුම් වූ ද දුරු වූ ද ශබ්ද ඇසීමට සමත් විශිෂ්ට ඥාන විශේෂය; දිව්‍ය ශ්‍රෝතය; දිව්‍යකර්ණය.
දිව් කෙරෙනවා[ක්‍රි.] ජීවය ඇති කරනවා; පණ දෙනවා.
දිව්‍ය1. [වි.] දෙවියන් හා සම්බන්ධ; දෙවියන්ට අයත්; දෙවියන් පිළිබඳ වූ. 2. [වි.] ලෝක ස්වභාවය ඉක්මවූ; අලෞකික; ඍද්ධිමය. 3. [වි.] ආශ්චර්යවත් බලයක් ඇති; අද්භූත; තේජස්වී. 1. [නා.ප්‍ර.] දෙව්ලොව උපන් තැනැත්තා; දෙවියා; දිව්‍යයා. 2. [නා.ප්‍ර.] කාන්තිය; ප්‍රභාව; තේජස.
දිව්‍ය ගංගාව[නා.] (පුරා,) ආකාශයෙන් ගලා බසිතැයි සඳහන් ජලධාරාව; දෙව් ගඟුලැල්ල; සුර ගඟ.
දිව්‍ය ඥානය[නා.] මසැසින් නොදැකිය හැකි දුර වූ ද, ආවරණය වූ ද දෑ දැකිය හැකි නුවණ; ඍද්ධිමය ඥානය.
දිව්‍ය පථය1. [නා.] දෙවියන් විසින් මැවූ මඟ; දිව්‍යමය මාර්ගය. 2. [නා.] අහස් මඟ; ආකාශ මාර්ගය.
දිව්‍ය පුත්‍රයා[නා.] දෙවියා; දේවතාවා.
දිව්‍ය පූජාව1. [නා.] දෙවියන් විසින් කරනු ලබන පූජාව. 2. (ක්‍රිස්ති.) [නා.] යේසුස් වහන්සේ මනුෂ්‍ය සංහතියේ ගැළවීම සිහිපත් කරමින් පූජා පිණිස පවත්වන යාගය; සත්ප්‍රසාදය.
දිව්‍ය සත්ප්‍රසාදය[නා.] (ක්‍රිස්ති.) පූප අනුභවය හා වයින් බීම මගින් ක්‍රිස්තුතුමන්ගේ කුරුසයේ යාගය සිහි කිරීම පිණිස පවත්වන වත්පිළිවෙත.
දිව්‍ය හෘදය[නා.] (ක්‍රිස්ති.) දෙවියන් වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරන ක්‍රිස්තුතුමන්ගේ හදවත.
දිව්‍යකුම්භ[නා.ප්‍ර.] සිතූ පැතූ සම්පත් ලබා දෙන බව කියන ඝටය; දෙව්කුඹු; භද්‍රඝටය.
දිව්‍යමය1. [වි.] දේව ලක්ෂණයෙන් යුක්ත; දේව ස්වභාව ඇති. 2. [වි.] ආශ්චර්යවත්; ඍද්ධිමය.
දිව්‍යාංගනාව, දිව්‍යාඞ්ගනාව[නා.] දෙව්ලොව වෙසෙන අගන; දෙවඟන; සුරඟන.
දිව්‍යාම්බර[දිව්‍ය+අම්බර] [නා.ප්‍ර.] පින්බෙලෙන් දෙවියන්ට පහළ වන සළු; දිවසළු.
දිවා[නා.ප්‍ර.] දවල් කාලය; දාවල් කාලය; දිවා කාලය.
දිවා විහරණය[නා.] දිවා බොජුනෙන් පසු දාවල් කාලය විවේක සුවයෙන් ගෙවීම.
දිවාකර[නා.ප්‍ර.] හිරු; සූර්යයා.
දිවාතන[වි.] දාවල්හි වූ; දිවාකල්හි වූ.
දිවාන[නා.ප්‍ර.] දිගා වී සිටිය හැකි ඇන්ද රහිත පුටුව; දික්සඟලා පුටුව.
දිවාබොජුන[නා.] දහවල් ආහාරය; දිවා භෝජනය.
දිවි1. [නා.ප්‍ර.] ජීවිතය. 2. [නා.ප්‍ර.] දෛවය; ඉරණම; නියමය; වාසනාව. 3. [නා.ප්‍ර.] මුහුදෙන් වට වූ බිම් පෙදෙස; දූපත; දිවයින; ද්වීපය. 4. [නා.ප්‍ර.] දිව්රුම. 5. (කථා.) [නා.ප්‍ර.] දෙස්; ශාප.
දිවි කියනවා[ක්‍රි.] දෙස් දෙනවා; ශාප කරනවා; අවලාද කරනවා.
දිවි ගලවනවා1. [ක්‍රි.] දිවි තොර කරනවා; මරා දමනවා. 2. [ක්‍රි.] ජීවිතය බේරා ගන්නවා; මරණයෙන් මුදවනවා.
දිවි දෙනවා1. [ක්‍රි.] ජීවිතය පූජා කරනවා; අනුන් වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා. 2. [ක්‍රි.] මරණයෙන් ගලවනවා.
දිවි නසාගන්නවා[ක්‍රි.] (තමා විසින් ම) ජීවිතය හානි කරගන්නවා; මැරෙනවා.
දිවි පියනවා[ක්‍රි.] ජීවිතය අත්හරිනවා; ජීවිතය පුදනවා.
දිවි පෙවත, දිවි පෙවෙත[නා.] ජීවිතය පවත්වාගෙන යෑම; ජීවිත ප්‍රවෘත්තිය.
දිවි වටනවා[ක්‍රි.] ජීවිතය පවත්වනවා; ජීවිකාව කරගන්නවා.
දිවි වාසගම[නා.] දිවිරීම සඳහා ලියනු ලබන ප්‍රකාශය.
දිවි සීට්ටුව[නා.] දිවිරීමේ සීට්ටුව; දිවිරීමෙන් විමැසිය යුතු නඩු විභාගවලදී ලියනු ලබන ප්‍රකාශනය.
දිවිතුරා[ක්‍රි.වි.] ජීවිතය ඇති තුරු; ජීවිත කාලය මුළුල්ලේ.
දිවිබා[නා.ප්‍ර.] ජීවත් වීමේ භාග්‍යය; ජීවිත ප්‍රතිලාභය.
දිවිබුන්[වි.] ජීවිතය නැසුණු; පණ ගිය.
දිවිමැඬිල්ල1. [නා.] අනවින හූනියම් ආදි විපත්තිදායක අභිචාර කටයුතු කරන ස්ථානය. 2. [නා.] එවැනි කාර්යයක් කිරීම.
දිවිය[වි.] දෙවියන් පිළිබඳ වූ; දිව්‍ය.
දිවියටි, දෙවියැටි[ක්‍රි.වි.] ධෝවනය කරනු කැමති; සේදීමට අදහස් කරන.
දිවියම[නා.] දිවිරීම; දිවිරිල්ල.
දිවිහිම්[නා.ප්‍ර.] ජීවිතාන්තය; ජීවත් වන කාලය; ජීවිත සීමාව.
දිවුණනවා[ක්‍රි.] දෙගුණ කරනවා; තව ගුණයකින් වැඩි කරනවා.
දිවුරනවා, දිව්රනවා[නා.ප්‍ර.] තමන් කියන දෙයෙහි සත්‍යතාව සහතික කිරීම සඳහා ගරු ගම්භීරාකාරයෙන් ප්‍රකාශයක් කරනවා; ශපථ කරනවා.
දිවුරුම් කොමසාරිස්[නා.ප්‍ර.] දිවුරුම්පත්‍ර ආදිය සහතික කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම විසින් පත් කරනු ලබන නිලධාරියෙක්.
දිවුරුම් පත්‍රය[නා.] (නීති.) දිවුරුම් කොමසාරිස්වරයකුගේ සහතිකය සහිතව දිවුරුම් දෙන්නකු කරන ලිඛිත ප්‍රකාශය.
දිවුරුම් පෙත්සම[නා.] නීතියෙන් බලයලත් අයකු ඉදිරියේ දිවුරා සහතික කොට අත්සන් කරන ප්‍රකාශය; දිවුරුම් පත්‍රය.
දිවුරුම් සාක්ෂිය, දිවුරුම් සාක්ෂ්‍යය[නා.] (නීති.) සත්‍යය ම ප්‍රකාශ කරන බවට දිවුරීමෙන් පසු උසාවියේදී දෙන සාක්ෂ්‍යය.
දිවුල්1. [නා.ප්‍ර.] සේද නූලෙන් සියුම්, සිනිඳු වස්ත්‍ර වර්ගයක්; දුහුල. 2. [නා.ප්‍ර.] සුදු තද කට්ටක් සහිත වියළි කලාපික පලතුරු වර්ගයක්; ජූල්.
දිවෙල1. [නා.] දිවි පැවැත්ම; ජීවිකාව; ජීවත් වීම. 2. [නා.] ජීවත් වීම සඳහා කරන වෘත්තිය; ජීවනෝපාය; ජීවන වෘත්තිය. 3. [නා.] ජීවිකාව ගෙන යෑම සඳහා යම්කිසි මෙහෙයක් වෙනුවෙන් දෙන ලද ගම් බිම් හෙවත් භෝග ග්‍රාම, තෑගි බෝග ආදිය. 4. සුළු බද්දක් ගෙන වගා කිරීමට දෙන ඉඩම. 5. ජීවිකාව ගෙන යෑම සඳහා දෙනු ලබන දීමනාව.
දිශා දර්ශකය[නා.] දිසාව පෙන්නුම් කරන කාන්දම් කටුවක් සහිත උපකරණය; මාලිමා යන්ත්‍රය; කොම්පාසුව.
දිශාචාරක[වි.] ඒ ඒ දිශාවල සැරිසරන; තැන තැන ඇවිදින.
දිශානත(පාරිභා.) [වි.] දිසාවකට යොමු වූ ( =directional).
දිශාන්තරය[නා.] දිශාව; දික්භාගය; දිගන්තරය.
දිශාපරිවර්තක(පාරිභා.) [නා.ප්‍ර.] විදුලි ධාරාවේ දිසාව වෙනස් කරන උපකරණය (=commutator).
දිශාලක්ෂ්‍ය(පාරිභා.) [නා.ප්‍ර.] ප්‍රධාන දිසා හතර (=cardinal points).
දිශාව[නා.] පැත්ත; දිසාව.
දිශාසූචකය(පාරිභා.) [නා.] දිශාව දක්වන්න; දිසාව පෙන්වන කටුව; සලකුණ (=direction finder).
දිෂ්ට[වි.] යොමු කරන ලද; දක්වන ලද; පෙන්නුම් කරන ලද.
දිෂ්ටය[නා.] සිදුවිය යුතු දෙය; දෛවය; ඉරණම.
දිෂ්ටිය, දිස්ටිය1. [නා.] බැල්ම; අමනුෂ්‍ය බැල්ම; (මිනිසුන්ට ආරූඪ වන) අමනුෂ්‍යාවේශය. 2. [නා.] (පේන කීම ආදිය සඳහා අමනුෂ්‍ය දිෂ්ටිය ලබා ගැනීමට මතුරන) මන්ත්‍රය; දිෂ්ටි මන්ත්‍රය. 3. (කථා.) [නා.] බැබළීම; කාන්තිය.
දිසසර[නා.ප්‍ර.] දියෙහි හැසිරෙන්නා වන මත්ස්‍යයා.
දිස් වෙනවා[ක්‍රි.] පෙනෙනවා; දර්ශනය වෙනවා.
දිස්ත්‍රික් උසාවිය[නා.] ඒ ඒ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශය තුළ ඇතැම් නඩු විසඳන උසාවිය; දිසාධිකරණය.
දිස්ත්‍රික්කය, දිස්තිරික්කය[නා.] පළාතක් පරිපාලන වශයෙන් බෙදා ඇති ප්‍රධාන ඒකකය; දිසාව.
දිස්නය1. [නා.] දිලිසීම; බැබලීම; කාන්තිය; ඔපය. 2. [නා.] රශ්මිය. 3. [නා.] මැටි, දැව ආදියෙන් කළ භාණ්ඩවලට ඔපයක් ලබාදීම පිණිස ඒවා මතුපිට ගෑමෙන් පසු ආලෝක පරාවර්තන භාවයට (කාච) පත්වන ආලේප විශේෂයක් ( =glaze)
දිසානා[නා.ප්‍ර.] දිසාවට ප්‍රධානයා; දිසානායකයා.
දිසානුදිසා[නා.ප්‍ර.] දිසාවට ප්‍රධානයා; දිසානායකයා. [නා.ප්‍ර.] ප්‍රධාන දිසා සතර සහ අනු දිසා සතර.
දිසාපති[නා.ප්‍ර.] දිසාවක, දිස්ත්‍රික්කයක පාලනය භාර ප්‍රධාන රාජ්‍ය නිලධාරයා; දිසා ප්‍රධානයා; ආණ්ඩුවේ ඒජන්ත; ප්‍රාදේශීය ලේකම්.
දිසාපාමොක් ආචාර්ය[නා.ප්‍ර.] පැරණි දඹදිව ප්‍රකට ශාස්ත්‍ර පීඨයක ප්‍රධාන ආචාර්යවරයා.
දිසාව1. [නා.] (උතුර, දකුණ ආදි) පැත්ත; දිශාව; දිග්භාගය. 2. [නා.] උඩරට රාජධානියේ ප්‍රධාන පාලන කොට්ඨාස ඒකකයක්; දිසාව හෙවත් දිසාපති විසින් පාලිත ප්‍රදේශය; දිසාවනිය; පළාත. 3. [නා.] දිසාවක ප්‍රධාන පාලකයා; දිසාපති.
දිසුව, දිස්කාන්සුව(කථා.) [නා.] ඉඩ පහසුව; ඉවරය; නිවාඩුව; නිස්කාසුව.
දිසෙනවා[ක්‍රි.] ඇසට ලක් වෙනවා; පෙනෙනවා; දෘශ්‍යමාන වෙනවා.
දිහාව, දිහෑව1. [නා.] දිසාව; දෙස; පැත්ත. 2. (කථා.) [නා.] ගෙදර; නිවහන.
දිහිය[නා.] දීකිරි; මුදවාපු කිරි.
දිළින්දා, දිළිඳා[නා.] දුප්පත් තැනැත්තා; දුගියා; අසරණයා.
දිළිඳු[වි.] දුප්පත්; ධනය නැති; සැප සම්පත් නැති.
දී1. [නා.ප්‍ර.] දී කිරි; කැටි ගැසුණු ගව කිරි; මිදුණු කිරි. 2. [නා.ප්‍ර.] වතුර; ජලය. 3. [නා.ප්‍ර.] භාජනය.
දීකිරි[දී+කිරි] 1. [නා.] මිදුණු කිරි. 2. [නා.] පොල් දෙවෙනි වරට මිරිකා ලබා ගන්නා කිරි; දියකිරි.
දීග කනවා[ක්‍රි.] විවාපත් ව පවුල් ජීවිතය ගත කරනවා.
දීග දෙනවා[ක්‍රි.] දියණියක් විවාහ කර දෙනවා.
දීගන්නවා1. [ක්‍රි.] දෙනවා; පිළි ගන්වනවා; පූජා කරනවා. 2. (කථා.) [ක්‍රි.] පහර දී ගන්නවා; ගුටි බැට හුවමාරු කරගන්නවා.
දීගය, දීගෙ[නා.] සරණ බන්ධනයට පත් ස්ත්‍රියක ස්වාමිපුරුෂයාගේ ගෙදර පදිංචියට යෑම.
දීණ[නා.ප්‍ර.] දියුණුව; ද්විගුණය; දෙගුණය.
දීධිති[නා.ප්‍ර.] කාන්තිය; රශ්මිය; අලෝකය; බැබළීම; ප්‍රභාවය.
දීන1. [වි.] නිවට; නියාලු; පහත්. 2. [වි.] දුකට පත්; බැගෑපත්; 3. [වි.] කලකිරුණු; උකටලී 4. [වි.] චීන ජාතික; චීනයට අයත්. 5. [වි.] තියුණු; තීක්ෂ්ණ; සියුම්. 6. [වි.] නපුරු; රෞද්‍ර.
දීන පුටුව[නා.] අත් තබා ගැනීම පිණිස දෙපස ඇඳි ඇති පුටුව; හාන්සි පුටුව.
දීනනුවණ[නා.ප්‍ර.] තියුණු නුවණ; සියුම් දැනුම; සූක්ෂ්ම ඥානය.
දීනයා1. [නා.] නිවටයා; නියාලු තැනැත්තා; නිස්තේජස්කයා. 2. [නා.] බැගෑපත් තැනැත්තා; දුක්ඛිතයා; පීඩිතයා.
දීප1. [නා.ප්‍ර.] රට; දේශය; රාජ්‍යය. 2. [නා.ප්‍ර.] පහන; ප්‍රදීපය.
දීප බලය[නා.] විදුලි පහනක ආලෝක ශක්තිය විසර්ජනය වන ශීඝ්‍රතාව; වොට් අගය (=candle power)
දීප විලෝකනය[නා.] (බුදු වීම සඳහා) ඉපදීම සුදුසු කවර දීපයේ දැයි දිවැසින් විමසා බැලීම; බෝධිසත්වයන් බුදු වන අන්තිම ආත්මභාවයේදී බලන පංච මහා විලෝකනවලින් එකක්.
දීපක[වි.] දක්වන; දල්වන; ඉදිරිපත් කරන; බබළවන.
දීපකය[නා.] ආලෝකය නිකුත් කරන තැන; එළිය විහිදුවන දෙය; ප්‍රදීපය.
දීපද[වි.] දෙපා ඇති; පාද දෙකක් සහිත.
දීපන, දීපනී1. [වි.] බඩගින්න වඩන; කුසගින්න වැඩි කරන; ආහාර රුවිය. වර්ධනය කරන. 2. [වි.] දල්වන; ජ්වලිත කරන. 3. [වි.] (අරුත් ආදිය) පැහැදිලි කරන; විස්තර කරන.
දීපනය1. [නා.] දැල්වීම; ඇවිලීම; ජ්වලනය. 2. [නා.] පැහැදිලි කිරීම; විස්තර කිරීම. 3. [නා.] කුසගින්න වැඩි දියුණු කිරීම.
දීපනීය[වි.] ආහාර පැසවීමේ ශක්තිය ඇති කරන; ආහාර රුචිය වඩන. 1. [නා.] ආහාර පැසවීමේ ශක්තිය ඇති කරන දෙය. 2. [නා.] (අරුත් ආදිය) පැහැදිලි කිරීම; විවරණය; ව්‍යාඛ්‍යානය.
දීපශිඛාව[නා.] පහන් සිළුව; පාන් දැල්ල.
දීපස්තම්බය[නා.] පහන් කණුව; පහන් කුලුන; ප්‍රදීප ස්තම්භය.
දීප්ත[වි.] ආලෝකය නිකුත් කරන; එළිය විහිදෙන; දීප්තිමත්.
දීප්තිමත්[වි.] ආලෝකය විහිදුවන; බබළන; දිලිසෙන; දිස්න දෙන.
දීප්තිමානය(පාරිභා.) [නා.] ප්‍රභව දෙකක ආලෝකයේ තීව්‍රතා සැසඳීමේ උපකරණයක් (=photometry)
දීප්තිය1. [නා.] ආලෝකය නිකුත් කිරීම; බැබලීම; දිලිසුම; උජ්ජවලනය. 2. [නා.] ලාකිරි; ලාකඩ.
දීප්‍ය[වි.] එළිය කළ යුතු; දීපනීය.
දීපාග්නි කරනවා[ක්‍රි.] පහනක් දල්වා ඇල්ලීමෙන් රත් කරනවා; පහන් සිළුවෙන් තරමකට උණුහම් කරනවා.
දීපාවලී[නා.ප්‍ර.] හින්දු භක්තිකයන් දෙවියන් උදෙසා පවත්වන වාර්ෂික ආලෝක පූජාව.
දීපිකාව(පාරිභා.) [නා.] කුඩා දූපත; දූව.
දීපිත[වි.] පැහැදිලි කරන ලද; ප්‍රකාශ කරන ලද; විස්තර කරන ලද.
දීපෙරලි දිය[නා.] මිදුණු කිරෙන් පෙරා ගත් ජලය; දී කිරෙන් පෙරූ දිය.
දීමන[නා.] ප්‍රදානය; දීමනාව.
දීමනාව1. [නා.] තෑග්ග; ප්‍රදානය. 2. [නා.] වියදම් පිරිමසා ගැනීම සඳහා ගෙවන මුදල්; වේතනය; ප්‍රතිභාගය (=allowance)
දීමනු[වි.] ජීවත් ව සිටින; ජීවමාන.
දීර1. [වි.] දක්ෂ; ශූර; ක්‍රියාශීලි. 2. [වි.] නිර්භීත; ධෛර්ය සම්පන්න; පරාක්‍රමයෙන් යුක්ත; ධීර. 3. [වි.] බුද්ධිමත්; නැණවත්.
දීර්ඝ1. [වි.] කෙටි නොවන; දිග; ආයත. 2. [වි.] දිගු කලක් පවන්නා. 3. [වි.] මාත්‍රා දෙකකින් යුක්ත; ගුරු.
දීර්ඝ ජඞ්ගයා1. [නා.] ඔටුවා 2. [නා.] කොකා.
දීර්ඝ ජාතියා[නා.] දිග ශරීරයක් ඇත්තා වන සර්පයා.
දීර්ඝ දෘෂ්ටිය1. [නා.] දුර දිග දැකීම; දුර දක්නා නුවණ; දූරදර්ශී ඥානය. 2. [නා.] දෘෂ්ටි ආබාධයක්.
දීර්ඝ ප්‍රණාමය[නා.] බිම දිගා වී කරන නමස්කාරය; දණ්ඩ නමස්කාරය.
දීර්ඝකරණය(පාරිභා.) [නා.] දිගු බවට පත් කිරීම; දික් කිරීම (=elongation)
දීර්ඝකාව[නා.] දිගැටි හැඩයට තැනුණු පොකුණ; දිග්විල; ගෙදිගුවිල.
දීර්ඝච්ඡේදය[නා.] දික් කැපුම; දිග අතට කරන ඉරුම.
දීර්ඝනාද[නා.ප්‍ර.] හක්ගෙඩිය; ශඞ්ඛය.
දීර්ඝනිද්‍රාව1. [නා.ප්‍ර.] බොහෝ කල් නිදා ගැනීම. 2. [නා.ප්‍ර.] මරණය.
දීර්ඝය1. [නා.] එක ලක්ෂ්‍යයක සිට තවත් ලක්ෂ්‍යයකට ඇති දුර ප්‍රමාණය; ආයාමය; දුර බව. 2. [නා.] දීර්ඝ වූ ස්වරය.
දීර්ඝාක්ෂිය[නා.] දිගැසිය; දික් ඇස් ඇත්තී; කාන්තාව.
දීර්ඝායත[වි.] හැඩයෙන් දික් වූ; දිගැටි.
දීර්ඝායු, දීර්ඝායුෂ, දීර්ඝායුස[නා.ප්‍ර.] දික් වූ ජීවන කාලය; දිගු කල් ජීවත් වීම.
දීසිය[නා.] කෑම වර්ග දැමීම සඳහා මැටි, වීදුරු, ලෝහාදියෙන් තනා ඇති නොගැඹුරු කට පළල් භාජන විශේෂයක්.
දු[නා.] සමුච්චයාර්ථයෙහි, අවධාරණයෙහි, ප්‍රශ්නාර්ථයෙහි යෙදේ. [උ.] දුෂ්කර, අධම, සදොස්, අල්ප, දුෂ්ට, නොමනා ආදි අර්ථවල යෙදේ.
දුං කරත්තය, දුම් කරත්තය[නා.] වාෂ්ප බලයෙන් ධාවනය වන හෙයින් මුල දී දුම්රියට යෙදූ ව්‍යවහාරයකි.
දුංකොළ, දුන්කොළ, දුම්කොළ[නා.ප්‍ර.] දුම් ගසේ කොළ; දුම්වැටි නිෂ්පාදනයට ගන්නා මූලික ද්‍රව්‍යයක්; මේවා බුලත්විට සඳහා ද ගනු ලැබේ.
දුංකෝව, දුම්කෝව[නා.] දුම්බීම සඳහා පාවිච්චි කරන පයිප්පය; දුම්කොළ පයිප්පය.
දුඃඛ, දුක්ඛ[නා.ප්‍ර.] කායික හා මානසික පීඩන නිසා ඇති වන වේදනා සහගත හැඟීම්; දොම්නස්.
දුඃස්‍රාවී, දුස්ස්‍රාවී(පාරිභා.) [වි.] ඇලෙනසුලු (=viscous).
දුකඳුරු[දුක+අඳුර] [නා.ප්‍ර.] දුක් නමැති අඳුර; දුඃඛාන්ධකාරය.
දුකම්[නා.ප්‍ර.] දුෂ්ට ක්‍රියාව; සතුරුකම.
දුකය[නා.] දෙක බැගින් ඇති සමූහය; යුග්මය; ද්වීකය.
දුකර[වි.] කරන්නට අමාරු; අපහසු; දුෂ්කර.
දුක් ගන්නා රාල, දුග් ගන්නා රාල[වි.] මෑත සිංහල රාජ්‍ය සමයේ දී රජුට පෞද්ගලික ව සේවය කළ නිලධාරියෙක්; ඔම්බුඩ්ස්මන්.
දුක් පූජාව[නා.] (ක්‍රිස්ති.) මළවුන් වෙනුවෙන් කරන යාච්ඤාව; දේව මෙහෙය.
දුක් මුළා වෙනවා(කථා.) [ක්‍රි.] දුක් පීඩා විඳිනවා; දුක් කරදර වෙනවා.
දුක් විලිකුන්[වි.] නොමනා ලෙස ඉදුණු; හොඳට නොපැසුණු.
දුක් සතිය(කථා.) [නා.] (ක්‍රිස්ති.) යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන තෙක් ගත කළ දුක්බර දින හත; පාස්කු සතිය.
දුක්කට[වි.] අපහසු වූ; දුෂ්කෘත වූ; ඉටු කිරීමට අසීරු. [නා.] එනම් ඇවත; හෙවත් ආපත්තිය; හෙවත් දෝෂය; දුකුළාව.
දුක්කිරිය[නා.] දුෂ්කර ක්‍රියාව.
දුක්ඛ නිරෝධය[නා.] (අභි.) දුක් නැති කිරීම.
දුක්ඛ සත්‍යය[නා.] ජාති, ජරා, මරණ ආදිය ද, සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධය ද දුක් යැයි බුද්ධාදි ආර්යයන් අවබෝධ කරගත් සත්‍යය; දුක පිළිබඳ සත්‍යය.
දුක්ඛ සමුදය[නා.ප්‍ර.] දුක හට ගැනීමට හේතුව; දුකට මුල.
දුක්ඛදායී[වි.] දුක් ගෙන දෙන; කනගාටුදායක; ශෝචනීය; සංවේගජනක.
දුක්ඛනිරෝධාර්ය සත්‍යය[නා.] (අභි.) තණ්හාව සහමුලින් නැති කිරීම පිළිබඳ සත්‍යය, නිවන අවබෝධ කරගැනීම පිළිබඳ සත්‍යය.
දුක්ඛය[නා.] කායික මානසික පීඩන නිසා ඇතිවන වේදනා සහගත හැඟීම; දොම්නස.
දුක්ඛාපගමය[නා.] දුක් පහ කරලීම; දුක් බැහැරලීම; දුකින් මිදීම.
දුක්ඛිත[වි.] දුක් ඇති; දුකට පැමිණි; දුගී.
දුක්ගත්, දුග්ගත්[වි.] වෙහෙස වූ; වෙහෙසුණු; (තමන් ම හෝ අනුන් වෙනුවෙන්) දුක් විඳී.
දුක්ගන්නවා, දුග්ගන්නවා1. [ක්‍රි.] දුක් විඳිනවා; කරදර වෙනවා; දුකට පත් වෙනවා. 2. [ක්‍රි.] යමක් උදෙසා වෙහෙසෙනවා. 3. [ක්‍රි.] මෑත සිංහල රාජ්‍ය සමයේ දී රජුට රාජකාරියක් වශයෙන් සේවය කරනවා; රජුට සේවය කරනවා.
දුක්ගවිනා[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) දුක් (විඳීම); වේදනා; කරදර හිරිහැර.
දුක්ගැතියා[නා.] යටත් මෙහෙකරුවා; දාසයා; පාක්ෂිකයා.
දුක්ගැනවිල්ල, දුග්ගැනවිල්ල[නා.] හිරිහැරයක්, දුක් කරදරයක් සම්බන්ධයෙන් සහනයක් පතා වාචික ව හෝ ලිඛිත ව හෝ කරන ආයාචනය; එසේ කරන ප්‍රකාශය හෝ ඉල්ලීම.
දුක්ගැහැට[නා.] හිත් වේදනා ශාරීරික වේදනා ඇති කරන කරදර, හිරිහැර ආදිය.
දුක්දා[වි.] දුක් දෙන්නා වූ; දුක්ඛදායක.
දුක්පත්, දුප්පත්1. [වි.] දුකට පැමිණි; දුක් ගැහැට විඳින; දුක්ඛිත. 2. [වි.] වස්තු හීන; දිළිඳු; දුගී. 3. [වි.] නොතැකිය යුතු; අල්පමාත්‍ර.
දුක්පතියා[නා.] දුගියා; දුප්පතා.
දුක්මන්[නා.ප්‍ර.] දුකින් යුතු සිත; දොම්නස.
දුක්සත්[නා.ප්‍ර.] බෞද්ධ දේශනාවෙහි සඳහන් දුක්ඛ සත්‍යය.
දුකුළාව[නා.] නොමනා සේ යමක් කිරීමෙන් ඇතිවන සුළු ඇවත; දුක්කට ආපත්තිය.
දුකූල[වි.] දුහුල්; සිනිඳු.
දුග[නා.ප්‍ර.] දුර්ගය; දුක සේ යා යුතු මඟ.
දුගතිය1. [නා.] අකුශල කර්මවල විපාක වශයෙන් උපදින තැන; නරකය, තිරිසන් භාවය, ප්‍රේත ලෝකය ආදිය. 2. [නා.] නරක ගතිය; දුෂ්ට පැවැත්ම; අවගතිය; දුර්ගතිය.
දුගඳ[නා.] ගඳ; නරක ගඳ; අප්‍රිය ගන්ධය; දුර්ගන්ධය. [වි.] නාසයට දැනෙන අප්‍රිය ස්වභාවයෙන් යුක්ත වූ; දුර්ගන්ධය ඇති.
දුග්ගත[වි.] දුකට පත්; දුගී; දිළිඳු.
දුග්ගාචල[නා.ප්‍ර.] කඳුවලින් වට වූ හෙයින් ගමනාගමනය අපහසු ප්‍රදේශය; ගිරි දුර්ගය; කඳු බලකොටුව.
දුග්ධ[නා.ප්‍ර.] දී; කිරි.
දුග්ධවතී[නා.] කිරි ඇති සිවුපා දෙන.
දුගැටි[වි.] දුකට පත් වූ; කෑම හිඟ; දුර්භික්ෂ; සාගත.
දුගැටි සාවිය[නා.] කෑම බීම හිඟ කාලය.
දුගැති, දුගැත්[වි.] දිළිඳු; දුප්පත්.
දුගි, දුගී[වි.] දුකට පත් වූ; දිළිඳු; දුප්පත්.
දුගී නීතිය(පාරිභා.) [නා.] දිළින්දන්ට ආධාර කිරීමේ නීතිය; මහජන මුදලින් දුගියන් නඩත්තු කිරීම පිළිබඳ නීතිය හෝ නීති මාලාව ( =the poor law)
දුගුණ[නා.ප්‍ර.] නරක චරිත ලක්ෂණ; නොමනා ගති; දුර්ගුණ.
දුගේ දෙනවා[ක්‍රි.] පහර දෙනවා; ගුටිබැට දෙනවා.
දුච්ඡන්න[වි.] මැනවින් සෙවිලි නොකෙරුණු; හොඳින් නොවැසුණු.
දුජ්ජර[නා.ප්‍ර.] දිරවීමට අමාරු දේ; දුක සේ දිරවිය යුක්ත.
දුජුල[වි.] බබළන; දිලෙන.
දුට, දුටු1. [නා.ප්‍ර.] දක්නා ලද දෙය; දුටු දෙය. 2. [නා.ප්‍ර.] අමිත්‍රයා; සතුරා.
දුටහට1. [ක්‍රි.වි.] දුටු පමණින්. 2. (කථා.) [ක්‍රි.වි.] ඕනෑවට එපාවටත නොසැලකිල්ලෙන්. 3. (කථා.) [ක්‍රි.වි.] විටින් විට; ඉඳහිට. 4. (කථා.) [ක්‍රි.වි.] හිතුවක්කාර ලෙස. 5. (කථා.) [ක්‍රි.වි.] ප්‍රයෝජනයක් නොගෙන; පාළුවට.
දුට්ඨුල්ල[වි.] (විනය.) ක්ලේශ භරිත; අසභ්‍ය. [නා.ප්‍ර.] වරදට හිත වුව; වරදට පොළඹවන්න.
දුටු1. [වි.] නපුරු; කෙලෙසුණු. 2. [වි.] අකීකරු; දුෂ්ට.
දුටු ගස්වනවා[ක්‍රි.] ඉදිරියේ පෙනී සිටින්නට සලස්වනවා.
දුටු දෙවියෝ[නා.බහු.] මවුපියෝ; දෙගුරුහු.
දුටුදැමිය[නා.] පවත්නා ආත්ම භාවය; පුද්ගලයකු ගත කරන වර්තමාන ජීවිතය.
දුටුපාඩු[වි.] මරණයක් සිදු වූ.
දුටුවන(පාරිභා.) [වි.] දුටු ගමන් ම; කලින් දැනුම් දීමකින් තොර ව; දුටු වහා ම ක්‍රියාත්මක වන (=at sight)
දුණු, දුනු1. [නා.ප්‍ර.] චන්ද්‍රයාගෙන් නිකුත් වන රශ්මිය; සඳරැස්. 2. [නා.ප්‍ර.] මහල්ලා; වෘද්ධයා. [වි.] මහලු; වෘද්ධ; දිරාපත් වූ; ජරාවට පත්; වැරහැලි වූ; ජීර්ණ.
දුත[වි.] ඉක්මන්; වේගවත්; ඉක්මන් ගමන් ඇති. [නා.] සුරා සූදු බහු ස්ත්‍රී සේවන ආදියට ඇබ්බැහි වූ තැනැත්තා; ධූර්තයා.
දුත්තිකථා[නා.ප්‍ර.] ධූර්තයන් පිළිබඳ කථා.
දුතිය[වි.] දෙවැනි; ද්විතීය.
දුතියිකාව1. [නා.] බිරිඳ; භාර්යාව. 2. [නා.] දෙවැන්නිය; කැටුව යන තැනැත්තිය; යෙහෙළිය.
දුතිරිය[වි.] එතෙර වීමට අමාරු; තරණය කිරීමට අපහසු; දුෂ්කර.
දුදනා[නා.] යහපත් ගුණ නැති තැනැත්තා; අසත්පුරුෂයා; දුර්ජනයා; දුෂ්ටයා.
දුදසුන්[වි.] මහත් වෑයමෙන් ලබාගත යුතු දැක්මක් ඇති; ආයාසයෙන් දැකිය යුතු; දුරවබෝධ වූ.
දුදැති[වි.] දැනගැනීම දුෂ්කර; අවබෝධයට අසීරු.
දුදිටු[නා.ප්‍ර.] මිසදිටු; මිථ්‍යාදෘෂ්ටිය; සාවද්‍ය දර්ශනය.
දුදින, දුද්දින[නා.] අහස වලාකුළින් වැසුණු දවස; වැලලි දිනය; දුර්දිනය.
දුදු[නා.ප්‍ර.] කිරි.
දුදුළ[නා.] අසීරුවෙන් යා යුතු දුෂ්කර මාර්ගය; දුර්ග මාර්ගය.
දුන්[වි.] උපන්නා වූ; ජනිත වූ. [ක්‍රි.] ආලේප කළ; තැවරූ
දුන්කලප්[නා.ප්‍ර.] දුනු ඊතල කොපුව; හියොවුර.
දුන්න1. [නා.] ඊතල යොදා විදීම පිණිස භාවිත කරන ආයුධයක්. 2. [නා.] ඔරලෝසු ආදියෙහි යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය හැසිරවීමට දරණු ගසා සවි කොට තිබෙන තුනී වානේ පටිය. 3. [නා.] පීඩනය අනු ව තෙරපීමට ද යළි දිග හැරීමට ද හැකි වන සේ ගසාගත් වානේ කම්බිය හෝ පටිය. 4. [නා.] පුරාණයේ භාවිත වූ දිග මනින මිම්මක්. 5. [නා.] දුන් දෙය; දෙන ලද්ද.
දුන්වත්[නා.ප්‍ර.] (ව්‍යාක.) දෙන ලද වස්ත්‍රය හෝ වස්තුව ඇත්තා; බමුණා.
දුනු1. [වි.] තෙත් වූ; තෙමුණු; දිය සහිත. 2. [වි.] තියුණු; තීක්ෂ්ණ. 1. [නා.ප්‍ර.] දුන්න. 2. [නා.ප්‍ර.] සඳරැස්; චන්ද්‍රකාන්තිය.
දුනු අටවනවා[ක්‍රි.] දුනු දියෙහි ඊතලය රඳවා විදීමට සැරසෙනවා; දුන්න මානනවා.
දුනු අදිනවා[ක්‍රි.] ඊතලය ඉලක්කය කරා වේගයෙන් යන ලෙසට දුන්නෙහි ලණුව තමා වෙතට අදිනවා; දුනුදිය අදිනවා.
දුනු කරත්තය(කථා.) [නා.] අලවංගුවත් තට්ටුවත් අතර දුනු යොදා රෝද දෙකක් සහිත ව තැනුවා වූ ද, එක් ගොනකුට පමණක් ඇද ගෙන යා හැකි වූ ද කුඩා වාහනය.
දුනු කොළය[නා.] වාහනවල තට්ටුවත් අලවංගුවත් අතර සවි කරන දුන්නක් සෑදීම සඳහා ගැනෙන එකිනෙකට කුඩා වූ වානේ පත්‍ර කිහිපය (=leaf spring).
දුනු තරාදිය(පාරිභා.) [නා.] දුන්නක ආතතියේ උපයෝගිත්වයෙන් බර කිරන තරාදියක්; දුනු බැලන්සය (=spring balance).
දුනු දිය1. [නා.] දුන්න ඇද බැඳ තිබෙන ලණුව; දුනු දණ්ඩ දෙකෙළවර සම්බන්ධ කරන රැහැන. 2. (පාරිභා.) [නා.] ලාක්ෂා කර්මාන්ත ප්‍රමුඛ ඇතැම් හස්ත කර්මාන්තවලදී හරස් කඳ කරකැවීම පිණිස යොදාගන්නා දුන්නක් වැනි උපකරණයෙහි හරස් ලණුව (=bow string).
දුනු බොක්ක(පාරිභා.) [නා.] මුහුදක හෝ ගඟක දුන්නක හැඩයෙන් වක් ව පිහිටි ඉවුර (=bight).
දුනු බොත්තම(පාරිභා.) [නා.] තද කොට අත්හැරිය කල්හි තද වන බොත්තම (=spring stud).
දුනු වානේ(පාරිභා.) [නා.] දුනුවලට අවශ්‍ය දැඩි ගතියත් ශක්තියක් ලබා දෙන අයුරින් පදම් කළ හැකි කාබන් හෝ මිශ්‍ර ලෝහ අඩු වානේ.
දුනුකාරයා1. (කථා.) [නා.] දුන්නෙන් විදින්නා; ධනුර්ධරයා. 2. [නා.] දුනු හමුදාවට අයත් තැනැත්තා; දුනු හේවා භටයා. 3. [නා.] දුනු සාදන්නා; ධනු කාර්මිකයා.
දුනුදිය නඟනවා[ක්‍රි.] විදින්නට සැරසී දුන්නෙහි ලණුව අදිනවා.
දුනුදිය පොළනවා[ක්‍රි.] (ඊය රඳවා) දුණු රැහැන පස්සට වේගයෙන් අදිනවා; දුන්න තැත් කවනවා.
දුනුසර[නා.ප්‍ර.] දුන්නට යොදන හීය; විදීම සඳහා දුන්නට යෙදූ ඊතලය.
දුපත[නා.] ගමන් කිරීමට අපහසු පාර; දුර්ග මාර්ගය.
දුපනය[නා.] දුම්වැවූ දෙය; බැදුම.
දුප්‍රාඥ[වි.] මෝඩ; අඥාන.
දුබගය[නා.] අවාසනාව; දුර්භාග්‍යය.
දුබල[වි.] සවිය අඩු; බලය අඩු; දුර්වල.
දුබා[නා.ප්‍ර.] භාග දෙක; ද්විභාගය.
දුබැසි[වි.] අයහපත් වදන් ඇති; නො මනා කියුම් කියන; දුර්භාෂිත.
දුබික්[නා.ප්‍ර.] භික්ෂා හෙවත් ආහාර දුර්ලභත්වය; දුර්භික්ෂය.
දුබුක්, දුඹුක්(කථා.) [වි.] ඉදීගෙන එන; ඉදෙන්නට පටන් ගත්.
දුබුල්[වි.] දුර්වල; අසරණ; දුබල.
දුම1. [නා.] යමක් ගිනිගැනීමේදී එයින් නැගෙන අඳුරු පැහැගත් උණුසුම් වායුව; ධූමය. 2. [නා.] යම් ද්‍රවයක් රත්වීමේ දී පිටකරන වාෂ්පය. 3. [නා.] නාගයා විසින් පිට කරනු ලබන හුස්ම; විෂ ධූමය. 4. [නා.] ගස; වෘක්ෂය; ද්‍රැමය. 5. [නා.] (මුළුතැන්ගෙයි හැළි වළං ආදිය තැබීම සඳහාත්, යම් යම් ආහාර ද්‍රව්‍ය තෙතමනය නොවැදී තබා ගැනීම සඳහාත්) ලිපට උඩින් තනා ඇති මැස්ස. 6. [නා.] දුම්පාට.
දුමග[නා.ප්‍ර.] දුර්ග මාර්ගය; දුෂ්කර මාර්ගය.
දුමත[නා.ප්‍ර.] වැරදි අදහස; දුර්මතය.
දුමන1. [නා.ප්‍ර.] නපුරු සිත. 2. [නා.ප්‍ර.] දොම්නස; අසන්තෝෂය.
දුමනවා1. [ක්‍රි.] දුම් ගස්සනවා; දුම් විහිදුවනවා; දුම් දමනවා. 2. [ක්‍රි.] (තෙලෙන්) බඳිනවා; තෙම්පරාදු කරනවා.
දුමරජ, දුමරද[නා.] ද්‍රැමරාජයා; ශ්‍රී මහ බෝධි වෘක්ෂය.
දුමරිළු[නා.ප්‍ර.] ගස් සමූහය; වෘක්ෂ පඞ්ක්තිය.
දුම් අල්ලනවා[ක්‍රි.] විෂබීජ බැක්ටීරියා කෘමිවර්ග ආදින් නැසීම සඳහා දුම් ගසනවා; මන්ත්‍ර ජීවම් කිරිම සඳහා දුම් දෙනවා; සුවඳ වර්ග දැමූ දුම් අල්ලනවා.
දුම් උදුන[නා.] අමු කොළ වියළා සකස් කර ගැනීම සඳහා පාවිච්චි කරන උදුන.
දුම් උරනවා1. [ක්‍රි.] ඖෂධ ආදිය දහනය වීමෙන් නඟින දුම (රෝග ප්‍රතිකාරයක් වශයෙන්) නාසයෙන් ඇතුළට ඇද ගන්නවා. 2. [ක්‍රි.] සිගරට්, සුරුට්ටු ආදිය උරනවා; දුම් බොනවා.
දුම් කඩතිරය(පාරිභා.) [නා.] යුද කටයුතු අන්‍යයන්ට නොපා සඟවා තැබීම සඳහා නිකුත් කරන දුමානය (=smoke screen).
දුම් කවුළුව[නා.] මුළුතැන් ගෙවල දුම් පිටවීම සඳහා තනා ඇති කවුළුව.
දුම් කූඩුව[නා.] රසායනික පරීක්ෂණ කිරීම සඳහා පාවිච්චි කරන ඇතැම් (විෂ සහිත හෝ දුර්ගන්ධයෙන් යුත්) දුම් වාෂ්ප ආදිය පිට කිරීමට ඉවහල් වන වීදුරු කුටිය; දුම් කොටුව.
දුම් කොටුව1. [නා.] දුම් කූඩුව. 2. (කථා., දකුණු) [නා.] වී ආදිය තැන්පත් කර තැබීම සඳහා කුස්සියේ දුමට ඉහළින් කොටු කර සාදන මැස්ස.
දුම් ගසනවා, දුම් ගහනවා1. [ක්‍රි.] දුම පිටවෙනවා; දුමාරය නිකුත් වෙනවා. 2. [ක්‍රි.] (රබර් ෂීට් වේලීමට ද සීතලය, සන්නිය ආදිය වැළැක්වීමට ද, යමක තෙතමනය සිඳවා වියළීමට ද, කෙසෙල්කැන් ආදිය ඉදවීමට ද) දුම් අල්ලනවා; දුම් වද්දනවා; දුම් ගස්සනවා.
දුම් ගාල1. [නා.] දුම් ගස් වගා කළ ගොවිපළ. 2. (කථා.) [නා.] දුම්කොළ වේලන ස්ථානය.
දුම් ගෙය, දුම් ගේ[නා.] රබර් රොටි වේලීම සඳහා දුම් ගස්වන ගෙය.
දුම් නළය1. [නා.] (ඖෂධ වර්ග දැවීමෙන් නැඟෙන) දුමාරය ඉරීමට පාවිච්චි කරන නළය; දුම්පයිප්පය. 2. [නා.] කර්මාන්තශාලා ආදියේ දුම් පිටවීමට තනා ඇති උපකරණය.
දුම් නැව[නා.] වාෂ්ප බලයෙන් යාත්‍රා කරන නැව.
දුම් පයිප්පය(කථා.) [නා.] දුම්බීම සඳහා පාවිච්චි කරන දුම්බට විශේෂය; දුම්නළය; පයිප්පය.
දුම් පිඹිනවා1. (කථා.) [ක්‍රි.] දුම් වැදීමට සලස්වනවා; කෙසෙල්කැන් ආදි පලතුරු වර්ග ඉදවීම සඳහා නොගැඹුරු වළක දමා වසා දුම් ගස්සනවා. 2. [ක්‍රි.] මී, බඹර කැඩීමේදී මැස්සන් පලවා හැරීම සඳහා දුමාරය වද්දනවා. 3. [ක්‍රි.] තුවාල ආදියට ඖෂධ වර්ග දැවීමෙන් නැගෙන දුමාරය වැදීමට සලස්වනවා.
දුම් පූජාසනය[නා.] (ක්‍රිස්ති.) සුවඳ දුම් පූජාව තැන්පත් කරන අල්තාරය.
දුම් පෙට්ටිය[නා.] දුම්කූඩුව.
දුම් බොනවා1. [ක්‍රි.] දුම් උරනවා; ප්‍රතිකාරයක් වශයෙන් ඖෂධ වර්ග දැවීමෙන් නැගෙන දුම් උරනවා. 2. [ක්‍රි.] සුරුට්ටු, සිගරට්, පයිප්ප ආදියෙහි දුම්කොළ දැවීමෙන් නැගෙන දුම් උරනවා; දුම්පානය කරනවා.
දුම්කෙහෙලි1. [නා.ප්‍ර.] උඩට නඟින ගින්න; ගිනිදළුව. 2. [නා.ප්‍ර.] ධූමකේතුව; වල්ගාතරුව.
දුම්මල1. [නා.ප්‍ර.] ඇතැම් ගස්වලින් ලබාගන්නා ලාටු වැනි ඇලෙන සුළු ඝන ද්‍රව්‍යයක්. 2. [නා.ප්‍ර.] ඇතැම් ගස් වර්ග මඩ සහිත පසට යට වී බොහෝ කලක් ගත වීමේ දී දිරාපත් වීමෙන් සෑදෙන ගිනිගන්නාසුලු ඝන භංගුර ද්‍රව්‍යයක්; බිම්දුම්මල; රෙසින වර්ගයක්.
දුම්මල ගහනවා(කථා.) [ක්‍රි.] යක් තොවිල්වලදී දැල්වෙන පන්දමට දුම්මල ගහනවා.
දුම්මැස්ස, දුංමැස්ස1. [නා.] ළිපට උඩින් බඳින මැස්ස; දුම. 2. [නා.] යටින් ගිනිගසා කොප්පරා ආදිය වියළා ගැනීම සඳහා තනා ඇති මැස්ස.
දුම්මේධයා[නා.] මෝඩයා; අඥානයා.
දුම්රිය[නා.ප්‍ර.] වානේ පීලි මත යම් බල ශක්තියක ආධාරයෙන් දුවන වාහන විශේෂය; ධූම රථය; කෝච්චිය; රේල්ලුව.
දුම්රිය අංගණය[නා.] දුම්රිය ඇංජින් හා රිය මැදිරි ආරක්ෂාවත් අලුත්වැඩියාවත් සඳහා තැබීමට වෙන් කරනු ලබන භූමිභාගය.
දුම්රියපළ, දුම්රියපොළ[නා.] දුම්රිය නවත්වන ස්ථානය; දුම්රිය ස්ථානය; ස්ටේසම.
දුම්රොන්1. [නා.ප්‍ර.] වැහිවලාකුළ; මේඝය. 2. [නා.ප්‍ර.] ගින්න; අග්නිය.
දුම්වැටිය1. [නා.] (කරකැවෙමින් නඟින පාවෙන) දුම්රොටුව; දුම්රොද. 2. [නා.] දුම්පානය පිණිස දුම්කොළ යොදා ඔතා දිගටි ආකාරයට සකසා ගත් සුරුට්ටු, සිගරට් ආදිය.
දුම්සුඹුළු(කථා.) [නා.ප්‍ර.] දුම්මැසි, පෝරණු ආදි තැන්වල බැඳෙන හෝ බැඳී ඇති දුම් කැදලි.
දුමානය[නා.] නඟින හෝ නංවන දුම; දුමාරය.
දුමාර ගහනවා[ක්‍රි.] විෂ හරිනු පිණිස බෙහෙත් දුම් ගහනවා; ධූමනය කරනවා (=fumigation).
දුමාරය1. [නා.] දුමට හුරු ගතිය; දුම් ගතිය. 2. [නා.] දුම; ධූමය. 3. [නා.] හුමාලය; වාෂ්පය.
දුමින්ද1. [නා.ප්‍ර.] (සුරලොව ඇතැයි සැලකෙන) සිතු පැතු දේ දෙන වෘක්ෂය; කල්ප වෘක්ෂය, දුමිඳු. 2. [නා.ප්‍ර.] මහබෝසතුන් බුදු වීමේ දී පිට දුන් වෘක්ෂරාජයා. 3. [නා.ප්‍ර.] ලංකාවට වැඩමවනු ලැබූ දැනට අනුරාධපුරයෙහි වැඩවසන ශ්‍රී මහා බෝධීන් වහන්සේ.
දුමිඳු[නා.ප්‍ර.] දුමින්ද.
දුමුක්1. [වි.] මහත් සේ කැලැඹුණු; දොම්නස් බවට පත්. 2. [වි.] බාගෙට ඉදුණු; ඉදීමට ළං වුණු.
දුමුව[වි.] දුර්මුඛ වූ; කනස්සල්ලට පත්.
දුමොළොසුව[නා.] දුම් ගැස්වීම සඳහා අඟුරු දැමීමට භාවිත කරන මිටක් සහිත බඳුන් විශේෂය; අඟුරු කබල; දුම්කබල.
දුඹුටු[නා.] (කථා.) දුම නිසා දුම් මැස්සේ ඇතිවන කළු පැහැති ද්‍රව්‍යය.
දුඹුරු[නා.ප්‍ර.] රතු හා කළු මිශ්‍ර පාට; දුම් පාට.
දුඹුලු, දුඹුල්, දුඹුළු[වි.] දැවුණු; දුම් ගැන්වූ; පිළිස්සූ. 1. [නා.ප්‍ර.] දුම් වැදීම නිසා හටගන්නා වැදලි; දුම් සුඹුලු. 2. [නා.ප්‍ර.] දුම; ධූමය.
දුඹුළොසු, දුඹොළොසු[නා.ප්‍ර.] අගුරු කබල; දුමළොසුව.
දුර1. [නා.ප්‍ර.] ඈත; එපිට; දුරබැහැර. 2. [නා.ප්‍ර.] යම්කිසි ස්ථාන දෙකක් හෝ වස්තු දෙකක් අතර පරතරය; දිග ප්‍රමාණය. 3. [නා.ප්‍ර.] තූර්යවාදකයා.
දුර ගෙවනවා1. (කථා.) [ක්‍රි.] කිසියම් දුර ප්‍රමාණයක් පසු කරනවා 2. [ක්‍රි.] ඉවතලනවා; දුරලනවා.
දුර දකිනවා(කථා.) [ක්‍රි.] ඈතට කල්පනා කරනවා; අනාගතය දකිනවා.
දුර නිදානය, දූරේ නිදානය1. [නා.] දීපංකර පාදමූලයෙහි සිට ගෞතම බෝසතුන්ගේ තුසිත දෙව්ලොව උපත දක්වා කාල සීමාව. 2. [නා.] රෝගයක දුර හේතුව; ශරීරගත රෝග බීජයක් වර්ධනයට ආධාර වන අපථ්‍ය ආහාර ආදි දුර කාරණය.
දුර හරිනවා[ක්‍රි.] දුරු කරනවා; ඈත් කරනවා.
දුරකතර[නා.ප්‍ර.] ඉතා ඈත ප්‍රදේශය; දුරබැහැර.
දුරකථනය, දූරකථනය[නා.] එක් ස්ථානයක සිට තවත් ස්ථානයක සිටි අයකුට කථා කිරීම සඳහා උපයෝගී කරගනු ලබන උපකරණය; ටෙලිපෝනය.
දුරතික්‍රමය[නා.] ජයගැනීමට අමාරු බව; ඉක්මවිය නොහැකි බව; පසු කොට ගෙවා යෑමට බැරි බව.
දුරදක්නය[නා.] දුර බැලීම සඳහා භාවිත කරන උපකරණයක නාමය; එළිමහනෙහි දී භාවිත කිරීම සඳහා ගෙන යා හැකි ලෙන්ස දෙකකින් යුත් දූරදර්ශකයක්.
දුරදිග පෙනෙනවා[ක්‍රි.] ඉදිරියට සිදු වන දේ කල් තබා දකිනවා; අනාගත ප්‍රතිඵල ගැන දැන ගන්නවා.
දුරදිග යනවා(කථා.) [ක්‍රි.] යම් කිසි කටයුත්තක් බැරෑරුම් තත්ත්වයකට පත් වෙනවා; නරක අතට හැරෙනවා.
දුරදිගදක්නා[වි.] ඈත පෙනෙන; අනාගතය දකින.
දුරධිගම1. [වි.] පැමිණීමට අමාරු; නොපැමිණිය හැකි; යා නොහැකි. 2. [වි.] වටහා ගැනීමට අමාරු; අවබෝධයට අපහසු; දත නොහැකි.
දුරනුබෝධ[වි.] වටහා ගැනීමට අමාරු.
දුරනුවර්තනය(පාරිභා.) [නා.] සමාජයට නොගැළපීම. (=maladjustment).
දුරනුවර්තිත(පාරිභා.) [වි.] වෙනත් ස්ථානයකට හෝ කාලගුණයකට හෝ ඔරොත්තු දෙන ශාරීරික විපර්යාසය සිදු නොවුණු (=ill- adapted).
දුරපතර(පාරිභා.) [වි.] කඩින්කඩ විශාල ප්‍රදේශයක පැතිර ඇති; විකීර්ණ (=sporadic).
දුරපවාදය[නා.] නින්දාලාපය; දොස් දැකීම.
දුරඵල[නා.ප්‍ර.] කල් පසු වී ලැබෙන ප්‍රතිඵලය; කලකින් සිදුවන විපාකය.
දුරබත්[නා.ප්‍ර.] (විනය.) සාංඝික ව හෝ පෞද්ගලික ව හෝ මහා සංඝයාට නිතිපතා දෙන දානය; සංඝයාට කැප යයි සඳහන් වන තුදුස් බතින් එකක්.
දුරබැහැර[නා.ප්‍ර.] බොහෝ ඈත.
දුරලනවා1. [ක්‍රි.] ඈතට දමනවා; ඉවත් කරනවා; අත්හැර දමනවා. 2. [ක්‍රි.] රෝග උපද්‍රව ආදිය නැති කරනවා.
දුරවබෝධය[නා.] පහසුවෙන් නොතේරෙන බව; අමාරුවෙන් වටහා ගත යුතු බව.
දුරස් කරනවා[ක්‍රි.] ඈත් කරනවා; ඈත් ව තබනවා.
දුරස්තර[වි.] වඩා දුර වූ; දුරතර; වඩා ඈත් වූ.
දුර්ග මාර්ගය[නා.] ගමන් කිරීමට දුෂ්කර වූ මඟ; දුක සේ යා යුතු කාන්තාර, ගිරි, වන, ජල ආදිය ඔස්සේ වැටුණු මඟ.
දුර්ගත[වි.] දුකට පත්; දුප්පත්; දුඃඛිත.
දුර්ගතිගාමී[වි.] දුගතියට යනසුලු; අපාගත වන.
දුර්ගතිය[නා.] දුගතිය; නිරය.
දුර්ගන්ධ[නා.ප්‍ර.] දුගඳ.
දුර්ගම1. [වි.] ගමන් කිරීමට අපහසු; යෑමට දුෂ්කර. 2. [වි.] අවබෝධයට දුෂ්කර; තේරුම් ගැනීමට අපහසු.
දුර්ගය1. [නා.] යෑමට අමාරු තැන; දුක සේ ගමන් කළ යුතු තැන. 2. [නා.] (පැරණි) රාජ්‍යයකට අයත් විය යුතු අංශවලින් එකක් වන බලකොටුව.
දුර්ගුණ[නා.ප්‍ර.] නරක ගතිගුණ; දුෂ්ට ගති.
දුර්ඝට1. [වි.] ගැටලු සහිත; දුරවබෝධ. 2. [වි.] කළ නොහැකි; එක් කරන්ට අපහසු.
දුර්ජනයා[නා.] අසත්පුරුෂයා; නපුරු ගති ඇත්තා; දුදනා.
දුර්ජය[වි.] ජය ගැනීම දුෂ්කර; දිනීමට අපහසු.
දුර්ජර[වි.] දිරවීමට අපහසු; දිරවාගත නොගෙන.
දුර්දම[වි.] හික්මවීමට දුෂ්කර වූ; දමනය කිරීමට අපහසු.
දුර්දර්ශ1. [වි.] බැලීමට අමාරු; දැකීමට අපහසු. 2. [වි.] අවබෝධ කරගැනීමට අපහසු.
දුර්දර්ශක1. [වි.] පෙනීම අඩු වූ. 2. [වි.] නපුරු බැල්මක් ඇති; නරක පෙනුමකින් යුතු.
දුර්දර්ශන[වි.] අවලක්ෂණ වූ; විරූපී.
දුර්දාන්ත[වි.] දමනය නුවූ; හික්මවීමට අපහසු; නොහික්මුණු.
දුර්දින[නා.ප්‍ර.] නොපායන මනා ලෙස හිරු දින; වැසිබර වලාකුළින් වැසුණු අඳුරු දවස.
දුර්ධර[වි.] දැරීම දුෂ්කර; නඩත්තුව අසීරු; ඉසිලීම පහසු නැති.
දුර්නිරීක්ෂණය(පාරිභා.) [නා.] වැරදි ලෙස බැලීම; හරි හැටි නොබැලීම (=malobservation).
දුර්නිවාර[වි.] වැළකීම දුෂ්කර; පහසුවෙන් වළක්වාලිය නොහෙන.
දුර්නිවිෂ්ට[වි.] මනා සේ තැන්පත් නොකරන ලද; මනා සේ නොරක්නා ලද.
දුර්බල[වි.] සවිශක්තිය පිරිහුණු; බලයෙන් හීන; දුබල
දුර්බෝධය[නා.] වටහා ගත නොහැකිකම; අනවබෝධය.
දුර්භක්ෂය(පාරිභා.) [නා.] අමාරුවෙන් ආහාර ගැනීම; ගිලින්නට ඇති අමාරුව (=dysphagia).
දුර්භග[වි.] නිසරු; අවාසනාවන්ත; නිශ්‍රිත
දුර්භරණය[නා.] අමාරුවෙන් පෝෂණය කිරීම.
දුර්භාග්‍ය[වි.] අවාසනාවන්ත; අභාග්‍යසම්පන්න.
දුර්භාෂිත[වි.] නොමනා ලෙස කියන ලද; නපුරු ලෙස පැවසූ. 1. [නා.ප්‍ර.] නපුරු වචන. 2. [නා.ප්‍ර.] විනයාගත වූ අල්ප සාවද්‍ය ඇවැත් වෙසෙසක්.
දුර්භික්ෂය[නා.] කෑම්බීම් නැති වී යෑම; උග්‍ර වූ ආහාර හිඟය; සාගතය.
දුර්භෝජනය[නා.] අයහපත් ආහාරය; දුකසේ ගන්නා බොජුන.
දුර්මතය[නා.] වැරදි සිතුවිල්ල; සදොස් අදහස.
දුර්මුඛ[වි.] අසතුටු මුහුණක් ඇති; කලකිරුණු; උකටලී බවට පත්.
දුර්මුඛ කරනවා[ක්‍රි.] (කථා.) නිහඬ කරනවා; පරාජිත බවට පත් කරනවා.
දුර්මුඛය1. [නා.] වස් දොස් ඇති කට; දුර්භාෂිත නඟන මුව. 2. [නා.] විරූපී මුහුණ; අප්‍රියකර මුව.
දුර්මුඛයා[නා.] නොපහන් මුහුණක් ඇත්තා; කලකිරුණු පුද්ගලයා.
දුර්මේධ[වි.] මෝඩ; අඥාන.
දුර්ලක්ෂ්‍ය[වි.] ලක් කර ගැනීමට අමාරු; එල්ල කර ගැනීමට අපහසු; දැකීමට දුෂ්කර වූ.
දුර්ලඞ්ඝ්‍ය[වි.] ඉක්මවීම අපහසු.
දුර්ලබ්ධිය[නා.] වැරදි විශ්වාසය; මිථ්‍යාදෘෂ්ටිය.
දුර්ලභ[වි.] ලබා ගැනීමට අමාරු; සපයා ගැනීමට දුෂ්කර; හිඟ; විරල.
දුර්වචයා[නා.] අවවාද නොපිළිගන්නා තැනැත්තා; අකීකරු තැනැත්තා.
දුර්වල[වි.] ශක්තිය අඩු; බෙලහීන; දුඹුල්.
දුර්වල ස්කන්ධ[නා.ප්‍ර.] (තනි ව නැගී සිටීමේ) ශක්තිය නැති කඳ; (වැල් ආදියේ) දුබල කඳ.
දුර්වාර[වි.] වැළැක්වීමට අපහසු.
දුර්විඥෙය[වි.] අවබෝධ කර ගැනීමට දුෂ්කර.
දුර්විනීත[වි.] නොහික්මුණු; චපල.
දුර්විපාක[නා.ප්‍ර.] අයහපත් ප්‍රතිඵල.
දුර්වෘත්තිය[නා.] අයහපත් රැකියාව; ධාර්මික නොවන රක්ෂාව.
දුරාඛ්‍යාත[දුර්+ආඛ්‍යාත] [වි.] නපුරු කොට කියූ.
දුරාචාරය1. [නා.] සම්මත ආචාර ධර්මයට විරුද්ධ වූ හැසිරීම; අයහපත් පැවැත්ම; අනාචාරය. 2. [නා.] කාමයෙහි වැරදි ලෙස හැසිරීම; පරපුරුෂ සේවනය හෝ පරස්ත්‍රී සේවනය.
දුරාචාරී[නා.ප්‍ර.] නපුරු පැවැතුම් ඇති; අශිෂ්ට.
දුරාත්ම[වි.] නරක අදහස් ඇති; දුෂ්ට සිත් ඇති.
දුරාමර්ශය[නා.] අකැප ස්පර්ශය; අයෝග්‍ය ඇල්ලීම හෝ ස්පර්ශය.
දුරාරාධ[වි.] සතුටු කළ නොහැකි; අතෘප්තිකර.
දුරාරෝහ[වි.] නැඟීමට අපහසු; අමාරුවෙන් නැගිය යුතු.
දුරාලාපය[නා.] නින්දා සහගත කියමන; දුෂ්ට ප්‍රකාශය.
දුරාවිෂ්ට[වි.] රෝග බෝකරන ජීවීන් පිවිසි; විෂබීජවලට ගොදුරු වූ; රෝග බීජ සහිත.
දුරාශය[වි.] දුෂ්ට අදහස් ඇති.
දුරාසද[වි.] ළං විය නොහැකි; එළඹීමට දුෂ්කර.
දුරු1. [නා.ප්‍ර.] පොළොව; පෘථිවිය; දෙරණ. 2. [නා.ප්‍ර.] කාන්තාරය; කතර; දුර්ග මාර්ගය. 3. [නා.ප්‍ර.] ප්‍රත්‍යක්ෂ දෙය. 4. [නා.ප්‍ර.] කුළුබඩු වර්ගයක්. [වි.] දුරින් පිහිටි; ඈත.
දුරු වෙනවා[ක්‍රි.] ඈත් වෙනවා; දූරීභූත වෙනවා.
දුරුකතර[නා.ප්‍ර.] දීර්ඝ වූ ද දුෂ්කර වූ ද ගමන් මාර්ගය; බොහෝ දුරබැහැර.
දුරුක්තය[නා.] වැරදි කියමන; නොමනා ප්‍රකාශය; දුර්භාෂිතය.
දුරුච්චාර්ය[වි.] උච්චාරණය කිරීමට අපහසු.
දුරුචිය[නා.] භෝජනයෙහි ඇල්ම අඩුකම; අරුචිය.
දුරුණු[නා.ප්‍ර.] දිරාගිය සිරුරක් ඇත්තා; මහල්ලා.
දුරුත්ත[වි.] නපුරු ලෙස කියන ලද. [නා.] දුරුතු මාසය.
දුරුතු1. [නා.ප්‍ර.] සිංහල මාස ක්‍රමයෙහි දස වැන්න; ජනවාරියෙහි අග භාගයත් පෙබරවාරියෙහි මුල් භාගයත් ඇතුළත් චන්ද්‍ර මාසය. 2. [නා.ප්‍ර.] ධූර්තයා; දූ කෙළින්නා.
දුරුපත්තන් කරනවා[ක්‍රි.] එලවා දමනවා; පන්නා ගන්නවා; දුරු කරනවා.
දුරුපයෝග[දුර්+උපයෝග] [නා.ප්‍ර.] වැරදි ලෙස යෙදීම; නොමනා ලෙස පාවිච්චි කිරීම.
දුරුබා1. [නා.ප්‍ර.] දුර පෙදෙස; ඈත පළාත. 2. [නා.ප්‍ර.] දොහොත; ඇඳිලි බැඳි දෑත.
දුරුවන් කරනවා[ක්‍රි.] ඉවත් කරනවා; ඈත් කරනවා.
දුරූප[දු+රූප] [වි.] නොමනා හැඩරුව ඇති; විරූපී.
දුල, දුලන, දුලු, දුලුනු, දුල්[වි.] දිලිසෙන; බබලන.
දුලද[නා.] වැරදි ඇදහීම; මිථ්‍යා විශ්වාසය; දුර්ලබ්ධිය.
දුලනවා1. [ක්‍රි.] දිලිසෙනවා; බබළනවා; ජ්වලිත වෙනවා. 2. [ක්‍රි.] දැල්වෙනවා.
දුලබ[වි.] ලබාගැනීමට අපහසු; දුක සේ ලැබ ගත යුතු; දුර්ලභ; හිඟ.
දුල්[නා.ප්‍ර.] පත්‍ර; කොළ.
දුලිළිපන්[වි.] වැරදි මඟට වැටුණු.
දුව1. [නා.] දූ; දුහිතෘව. 2. [නා.] දෙක; යුගල.
දුවත්[නා.ප්‍ර.] නපුරු මඟ; අයහපත් මාර්ගය.
දුවනවා1. [ක්‍රි.] දිවීමෙහි යෙදෙනවා; ධාවනය කරනවා. 2. [ක්‍රි.] තෙලෙන් බදිනවා; තෙම්පරාදු කරනවා; සුවඳ කවනවා.
දුවන්තල[නා.ප්‍ර.] උකුළු තලය; කටී පෙදෙස.
දුවර්ණ[වි.] කිලිටි පැහැයෙන් යුක්ත; දුර්වර්ණ වූ.
දුවරුවා[නා.] සූදු කෙළියෙහි යෙදෙන්නා.
දුවා නමනවා[නා.] තෙලෙන් සුවඳ කවනවා; තෙම්පරාදු කරනවා; ධූපනය කරනවා.
දුවාලිය[නා.ළ.] අසුන් දුවවන මණ්ඩලාකාර මාර්ගය; අශ්ව ධාවන පථය.
දුශ්[උ.] සංස්කෘතයෙන් තත්සම වූ වචන සමග සිංහලයෙහි තත්සම වශයෙන් දුෂ්ට, අයහපත්, වැරදි, නරක, අමාරු යන අර්ථවල යෙදෙන උපසර්ගයක්.
දුශ්චරිතය[නා.] කය, වචනය, සිත යන තුන්දොරින් කෙරෙන නරක හැසිරීම; වැරදි පැවැත්ම; දුසිරිත; දුරාචාරය.
දුශ්චරිත්‍රාව[නා.] අයහපත් සිරිත් ඇත්තිය; නරක පැවැත්මෙන් යුත් කාන්තාව; දුරාචාරයෙහි හැසිරෙන්නිය.
දුශ්ශ්වසනය[නා.] දුක සේ හුස්ම ගැනීම හා හෙළීම; අපහසුවෙන් කරන ආශ්වාස-ප්‍රශ්වාස.
දුශ්ශ්‍රාධ්‍ය[වි.] ඇදහිය නොහැකි; අසම්භාවිත.
දුශ්ශීල1. [වි.] ශීලයෙහි නොපිහිටි; දුසිල්. 2. [වි.] වැරදි ලෙස හැසිරෙන; දුශ්චරිත ඇති.
දුශ්ශීල කරනවා[ක්‍රි.] නොමනා වැඩ කරනවා; නරක කටයුතු කරනවා.
දුෂ්කර[වි.] කිරීමට අපහසු; දුක සේ කළ යුතු; අසීරු; අමාරු.
දුෂ්කර ක්‍රියාව1. [නා.] බුද්ධ ඥානය පතා පිරීමට අමාරු ව්‍රතවල යෙදීම; බුද්ධත්වය පතා යෙදෙන අත්තකිලමථානුයෝගය. 2. [නා.] කිරීමට අමාරු කාර්යය; වෙහෙස ගෙන දෙන කාර්යය.
දුෂ්කාරය[නා.] (ක්‍රිස්ති.) (චිත්ත පාරිශුද්ධිය පතා පුරන) දුෂ්කර ව්‍රතාදි කාර්යය.
දුෂ්කුලීන[වි.] පහත් කුලයට අයත්; අඩු ජන්මය ඇති.
දුෂ්කෘත[වි.] වැරදි ලෙස කළ; නොමනා අයුරින් කළ.
දුෂ්කෘතය1. [නා.] වැරදි සහගත කාර්යය; පව්කම. 2. [නා.] එනම් ආපත්තිය.
දුෂ්ට1. [වි.] නපුරු; අයහපත්; දරුණු. 2. [වි.] දොසින් යුත්; කිලිටි; දූෂිත. 3. [වි.] ද්වේෂයෙන් යුත්. 4. [වි.] නොහික්මුණු; අකීකරු.
දුෂ්ටක්ෂණය[නා.] පින් නොකළ හැකි අයහපත් කාලය.
දුෂ්ටාත්මය[නා.] (ක්‍රිස්ති.) මිනිසුන්ට ආවේශ වන සේ සැලකෙන භූතාත්මය.
දුෂ්ටාධ්‍යාශය[නා.ප්‍ර.] නරක අදහස; නපුරු සිතිවිල්ල; අයහපත් අරමුණ.
දුෂ්ටාර්ථය1. [නා.] වැරදි කාරණය; අයහපත් අරුත; වැරදි අදහස. 2. [නා.] පද යෙදීමෙහි (ක්‍රියාකාරක පද සම්බන්ධ ආදියෙහි) වරදින් ලැබෙන ග්‍රාම්‍ය අර්ථය.
දුෂ්ටාලාප[නා.ප්‍ර.] වැරදි කතාබහ; නොමනා ආකාරයෙන් කරන කතාව.
දුෂ්ටාහාර[නා.ප්‍ර.] නුසුදුසු කෑමබීම.
දුෂ්පරිභෝගය[නා.] වැරදි ලෙස පාවිච්චි කිරීම; සාවද්‍ය පරිහරණය.
දුෂ්ප්‍රතිපත්තිය1. [නා.] වැරදි පිළිපැදීම; අයහපත් පැවැත්ම. 2. (දර්ශන.) [නා.] යමක් මුලින් වූ පිරිසිදු තත්ත්වයෙන් වෙනස් ව දූෂණය වීම.
දුෂ්ප්‍රතිපන්න[වි.] වැරදි පිළිවෙතට පැමිණි; අයහපත් පිළිපැදීම් ඇති.
දුෂ්ප්‍රාඥයා[නා.] අනුවණයා; සම්‍යක් දෘෂ්ටි නැත්තා.
දුෂ්ප්‍රාප්‍ය1. [වි.] දුක සේ ළං විය යුතු; අමාරුවෙන් පැමිණිය යුතු; දුර වූ. 2. [වි.] අයත් කර ගැනීමට අපහසු; ලබාගැනීමට අපහසු.
දුෂ්පාලනය[නා.] දුර්වල වූ පාලනය.
දුෂ්පාව[වි.] (ආහාර) දිරවීමට අපහසු.
දුෂ්පූර[වි.] තෘප්තිමත් කළ නොහැකි; සෑහීමට පත් කළ නොහැකි.
දුෂ්පෝෂණය1. [නා.] පෝෂණ ද්‍රව්‍ය ආහාර මගින් නොලැබීම නිසා සිරුරේ ඇති වන දුබලතාව; මන්දපෝෂණය. 2. [නා.] අයථා පෝෂණය.
දුෂ්ඵල[නා.ප්‍ර.] අනිෂ්ට විපාක; අයහපත් පල.
දුසන්නායක(පාරිභා.) [වි.] (වස්තුවක් දිගේ) තාපය ගමන් නොකරන; තාප සන්නයනයෙන් දුර්වල; කුසන්නායක (=bad conduct).
දුසඳ[නා.] උතුම් වූ දුහිතෘව.
දුසර[නා.ප්‍ර.] නොමනා හැසිරීම; වැරදි පැවැත්ම.
දුස්තර[වි.] එතෙර වීමට අපහසු; දුකසේ තරණය කටයුතු වූ; අමාරුවෙන් එතෙර විය යුතු.
දුස්සංගත(පාරිභා.) [වි.] එකඟතාවක් නැති; නොපෑහෙන; අසංගත (=discordant).
දුස්සංගමය(පාරිභා.) [නා.] එකමුතු බවෙන් තොරවීම (=discord).
දුස්සන්නද්ධ[වි.] ප්‍රමාණවත් මනා සන්නද්ධභාවයක් නැති; අවිබලයක් නැති.
දුස්සමාහිත දරුවා(පාරිභා.) [නා.] සමාජයට නොගැළපෙන අයුරින් හැදුණු ළමයා (=maladjusted child).
දුස්සයන[නා.ප්‍ර.] දුක සේ නිදීම.
දුස්සහ වෙනවා[ක්‍රි.] නොහැකි වෙනවා; ඉවසිය දුකසේ ඉවසනවා.
දුස්ස්‍රාවය(පාරිභා.) [නා.] ද්‍රව ගලා යන ආකාරයක්; ද්‍රවයෙ අංශු නොනැවතී නිතර චලනය වන අතර එක් නිත්‍ය ලක්ෂ්‍යයක නිතර නියතයක් ව පැවැතීම (=viscous flow).
දුස්ස්‍රාවි, දුස්ස්‍රාවී[වි.] ගලා නොගොස් ඇලී පවත්නා; ඇලෙන සුලු; උකු; ඝන.
දුස්සාධ්‍ය1. [වි.] (නැවත) සකස් කළ නොහැකි. 2. [වි.] සනීප කළ නොහැකි; සුව කිරීමට අමාරු; අසාධ්‍ය.
දුස්සිත්[නා.ප්‍ර.] නරක සිත; දුෂ්‍ය වූ සිත.
දුස්සිරි[නා.ප්‍ර.] අයහපත් ගතිය; දුඃශ්‍රීය.
දුස්සීලය[නා.] පාප චේතනාව; වැරදි සිතිවිල්ල.
දුසිත[නා.] නරක සිත; නපුරු සිත.
දුසිම[නා.] ගිණුම් ප්‍රමාණයක්; කිසියම් දෙයකින් දොළොසක එකතුව; දොළහේ ගොඩ.
දුසිරිත[නා.] වැරදි හැසිරීම; දුශ්චරිතය; අකුසලය.
දුසිල්[වි.] දුසිරිතෙහි යෙදෙන; වැරදි හැසිරීම් ඇති; දුශ්ශීල.
දුහද[වි.] දූෂිත වූ සිත් ඇති; වෛරී වූ.
දුහදු[වි.] ඇදහිය නොහැකි; පිළි ගැනීමට අමාරු.
දුහිණි[නා.] දුවණි; දුව.
දුහිතෘ භාෂාව[නා.] භාෂාවකින් ප්‍රභව වී සකස් වුණු භාෂාව; මූල භාෂාවකින් වැඩී ගිය භාෂාව.
දුහිතෘ සෛලය(පාරිභා.) [නා.] සෛලයක් බෙදීමෙන් ඇති වන අලුත් සෛලය (=daughter cell).
දුහිතෘව[නා.] ගැහැණු දරුවා; දුව; දියණි.
දුහු1. [නා.ප්‍ර.] දුව; දූ; දියණි. 2. [නා.ප්‍ර.] සූදුව; සූදු කෙළිය; ද්‍යුත ක්‍රීඩාව. 3. [නා.ප්‍ර.] වෙවුලුම; ස්පන්දනය; මඳ සැලීම. 4. [නා.ප්‍ර.] මහල්ලා; වෘද්ධයා. 5. [නා.ප්‍ර.] සතුරා; වෛර කරන්නා; ද්‍රෝහියා. [වි.] අත් හළ; දුරැලූ; බැහැර කළ.
දුහුදු[නා.ප්‍ර.] සතුරා; පසමිතුරා.
දුහුන්[නා.ප්‍ර.] (සූපව්‍යංජන ආදිය) තෙම්පරාදු කිරිම; දුම් කැවීම; ධූපනය.
දුහුනා[නා.] (විද්‍යා ශාස්ත්‍ර ආදිය) ඉගෙනීම අලුතින් ආරම්භ කරන්නා; ආධුනිකයා; නවකයා.
දුහුල1. [නා.] සිහින් නූලෙන් වියන ලද තුනී වස්ත්‍රය; දූල; සිනිඳු වස්ත්‍රය. 2. [නා.] කොටු වැහැරියෙන් වියන ලද රෙද්ද; කොටු පිළිය.
දුහුල්[වි.] තුනී; සිනිඳු; මෘදු; සියුම්.
දුහුල්කඩ[නා.ප්‍ර.] දුහුල් වූ වස්ත්‍රය; ඉතා සිනිඳු වූ වස්ත්‍රය; දූල.
දුහුලි[නා.ප්‍ර.] දූලි; දූවිලි; ධූලි.
දුහුවිල්ල1. [නා.] සුළගේ පාවෙන තරමට සියුම් කැබලිවලට කැඩුණු පස් සහ වෙනත් ද්‍රව්‍ය අංශු; දූවිල්ල; රජස්. 2. [නා.] නැත්තටම නැති වී යන්නා වූ දෙය; නිෂ්ප්‍රයෝජන වන්නා වූ දෙය.
දුහෘද්‍යයා[නා.] පසමිතුරා; සතුරා.
දුළු, දුළුලු[නා.ප්‍ර.] ගෙතුණු ඉසකේ; හැඩපලු ගැසුණු ඉසකේ.
දුළුල්[වි.] නොමනා; නොසරුප්; අසභ්‍ය; අශ්ලීල. [නා.ප්‍ර.] ජටාව.
දුළුල්ලා1. [නා.] ගෙතුණු හිසකේ ජටාවක් මෙන් හිස දරන තාපසයා; ජටිලයා. 2. [නා.] ඊශ්වර; මහදෙවි.
දූ1. [නා.ප්‍ර.] දුවණිය; දුහිතෘව. 2. [නා.ප්‍ර.] දූතයා. 3. [නා.ප්‍ර.] දාදු කැටය; පස ඇටය; අක්ෂය. 4. [නා.ප්‍ර.] දාදු කැටය උපයෝගීකරගෙන කරන ක්‍රීඩා විශේෂය; දූකෙළිය; සූදුව. 5. [නා.ප්‍ර.] කුඩා දූපත.
දූ කෙළිය[නා.] දාදු කැට ගෙන තරගයට කෙරෙන සූදුව; ද්‍යුත ක්‍රීඩාව.
දූත1. [වි.] පණිවිඩ රැගෙන යන; පණිවිඩකාර. 2. [වි.] දුසිරිත්හි නිරත; අනාචාරයෙහි යෙදුණ.
දූත කර්මය1. [නා.] පණිවුඩ ගෙනයාමේ සහ ගෙනඒමේ කාර්යය; දූත කාර්යය; පණිවුඩ මෙහෙය. 2. (විනය.) [නා.] අයුතු ලෙස සිව්පසය සෙවීමේ ක්‍රමයන්ගෙන් එකක්; ගිහියන්ට පණිවුඩ ගෙනයාම් ආදියෙන් සිව්පසය සෙවීම.
දූත කාව්‍යය[නා.] දූතයකු අත යවන සන්දේශයක ස්වරූපයෙන් ලියවුණු කාව්‍ය ග්‍රන්ථය; සන්දේශ කාව්‍යය.
දූතයා1. [නා.] පණිවුඩකරුවා. 2. [නා.] චර පුරුෂයා; ඔත්තු සපයන්නා. 3. (දූත කාව්‍යයක) [නා.] සන්දේශය රැගෙන යන්නා; සන්දේශ භාරකයා.
දූතිකාව1. [නා.] තොරතුරු ගෙන යන තැනැත්තිය; පණිවුඩකාරිය. 2. [නා.] බිරිඳ; භාර්යාව.
දූදරු[නා.ප්‍ර.] දූවරු සහ පුත්තු; දරුමල්ලෝ.
දූපත[නා.] හාත්පසින් ජලයෙන් වට වූ ගොඩබිම; දිවයින; ද්වීපය.
දූපනය[නා.] දුම්දීම; ධූපනය; දුම.
දූපය[නා.] පූජා වශයෙන් අල්ලන සුවඳ දුම; ධූපය.
දූපෝරුව[නා.] දූ කෙළියෙහි දී උපයෝගී කරගන්නා ලෑල්ල; පසැට කෙළිය සඳහා ගන්නා පුවරුව.
දූමකේතුව[නා.] වල්ගා තරුව; දුම් කෙහෙලිය; ධූමකේතුව.
දූර[වි.] දුරින් පිහිටි; ඈත් වූ; ළං නොවූ.
දූර දර්ශකය(පාරිභා.) [නා.] දුර දක්නය; දුරේක්ෂය; දූර දර්ශක කන්නාඩිය.
දූර දෘෂ්ටිකත්වය(පාරිභා.) [නා.] ළඟ පිහිටි වස්තු පැහැදිලි ව නොපෙනීමෙන් හට ගන්නා දෘෂ්ටි දෝෂය; ළඟ නොපෙනෙන දුර පමණක් පෙනෙන රෝගය (=hypermetropia).
දූර ප්‍රකාශ කාචය(පාරිභා.) [නා.] ඉතා ඈත තිබෙන වස්තුවල පිළිබිඹු ලබාගන්නා කාචය. (=telephoto lens).
දූර භණන සම්ප්‍රේෂකය(පාරිභා.) [නා.] දුරකථන පණිවිඩ යැවීමේ දී කථා කරන ශබ්ද විදුලි සංඥා බවට හරවා යවන උපකරණය (=telephone transmitter).
දූර භණනය(පාරිභා.) [නා.] දූරකථනය; ටෙලිෆෝනය.
දූර මානය(පාරිභා.) [නා.] (වොල්ටීයතාව, බලය) ආදි විද්‍යුත් ප්‍රමාණ දුර සිට මැනීමට භාවිත කරන උපකරණය.
දූර මුද්‍රකය(පාරිභා.) [නා.] විදුලි යතුරු ලේඛන විශේෂයක්; දුරලේඛ උකහා ගන්නා යන්ත්‍රයකින් සමන්විත මෙම යන්ත්‍රයෙන් ලබන පණිවුඩ යතුරුලේඛන යන්ත්‍රයකින් මෙන් දිග කඩදාසියක සටහන් කෙරේ; ටෙලිප්‍රින්ටරය.
දූර ලක්ෂ්‍යය(පාරිභා.) [නා.] ඈතින් වූ තිත; දුරින් පිහිටි තිත (=distant point).
දූර ලේඛය(පාරිභා.) [නා.] විදුලි සංකේත බවට හැර වූ පණිවුඩ ක මගින් ඈත තැනකට යැවීමේ විදුලි පණිවුඩ හුවමාරු ක්‍රමය හෝ එම උපකරණ කට්ටලය.
දූර විදමන[නා.] ධනු ශිල්පයේ දහඅට වැදෑරුම් විදීමේ ක්‍රමවලින් එකක් වශයෙන් බොහෝ දුර සිට දුන්නෙන් විදීම.
දූරදර්ශි[වි.] ඉදිරිය බලා ක්‍රියා කරන; මතු කාලය ගැන සිතා ක්‍රියාකරන.
දූරප්‍රතිග්‍රාහක(පාරිභා.) [නා.ප්‍ර.] දුර ඇති දේ දැනගැනීමට උපකාර වන (සමහර සතුන්ගේ) සංවේදනීය ස්නායු තුඩු.
දූරස්ථ[වි.] දුරින් පිහිටි; ඈතින් පිහිටි.
දූරස්ථ පාර්ශ්වය(පාරිභා.) [නා.] (නීති.) ඍජු සම්බන්ධයක් නැති පක්ෂය (=remote party).
දූරාතීතය[දූර+අතීතය] [නා.] ඈත අතීතය; ඉතා පැරණි කාලය.
දූරාන්තිකය1. [නා.] විහාර, ආරාම, දේවස්ථාන ආදි සුවිශේෂ ගොඩනැගිලිවල කෙළවර පිහිටි අර්ධ ගෝලාකාර හෝ පට්ටම් බහුල ගෘහ අංගය. 2. [නා.] ග්‍රහ වස්තුවක ආකර්ෂණ කේන්ද්‍රයේ සිට කක්ෂයේ ඉතා ම ළඟින් පිහිටි හෝ ඉතා ම දුරින් පිහිටි ලක්ෂ්‍යය (=apse).
දූරැස[නා.ප්‍ර.] දූත සමූහයා.
දූරිභූත[වි.] දුරු කළ ; දුරු කරන ලද; පහ වූ; ඉවත් වූ.
දූරීකරණය[නා.] දුරු කිරීම; ඉවත් කිරීම; පහ කිරීම.
දූරීභූත වෙනවා[ක්‍රි.] දුරු වෙනවා; පහ වෙනවා; ඉවත් වෙනවා.
දූරේක්ෂය[දූර+ඊක්ෂය] (පාරිභා.) [නා.] දුර බලන උපකරණය; දූරදර්ශකය; දුරදක්නය (=telescope).
දූල[නා.] සියුම් වස්ත්‍රය; දුහුල් ඇඳුම.
දූලඳ[නා.ප්‍ර.] දුවක වන තරුණ කාන්තාව.
දූලි කුණාටුව[නා.] වාතය පුරා වැලි සහ ධූලි නංවමින් හමන කුණාටුව; කාන්තාර හරහා හමන වේගවත් සුළඟින් දූවිලි නැඟී ඇතිවන කුණාටුව.
දූලි වසුන(පාරිභා.) [නා.] රථ රෝදවල සුළං ගැසීමට යොදා ගනු ලබන වැල්වයෙහි ඇතුළට දූවිලි ආදිය යෑම වැළැක්වීම පිණිස වසා තැබීමට සවිකර ඇති පියන (=dust cap).
දූලි, දූවිලි[නා.ප්‍ර.] ඉතා ම සියුම් පස් අංශු; රජස්.
දූලිකඩ(පාරිභා.) [නා.ප්‍ර.] දූවිලි ගසා දමන රෙදිකඩ (=duster).
දූලිකඩ වැස්ම(පාරිභා.) [නා.] පොත්පත් වැනි දෑ දූවිල්ලෙන් ආරක්ෂා කරගැනීම සඳහා යොදන කවරය. (=dust cover).
දූව[නා.] හාත්පසින් ජලයෙන් වට වූ කුඩා බිම් කොටස; දූපත; කුඩා දිවයින.
දූෂක[වි.] කිලිටි කරන; අපවිත්‍ර කරන.
දූෂකයා1. [නා.] කිළිටි කරන්නා; කෙළෙසන්නා. 2. [නා.] කාන්තාවන්ට හෝ දරුවන්ට අපචාර ක්‍රියාකරන්නා. 3. [නා.] දුශ්ශීල පැවතුම් ඇත්තා; විනාශකාරි හැසිරීම් ඇත්තා.
දූෂණ1. [වි.] කිලුටු; අපිරිසිදු; අපවිත්‍ර. 2. [වි.] නුසුදුසු; අයථා; නීති විරෝධි.
දූෂණය1. [නා.] අපිරිසිදු වීම; කිලුටු වීම. 2. [නා.] සමාජ විරෝධී කටයුත්ත; නීති විරෝධී ක්‍රියාව; අකටයුත්ත. 3. [නා.] ස්ත්‍රීන්ට හා දරුවන්ට බලහත්කාරකම් කිරීම; කාමාපරාධ කිරීම.
දූෂ්‍ය[වි.] කිලිටි; අපිරිසිදු; දොසින් යුත්.
දූෂිත[වි.] අපිරිසිදු වුණු; කෙලෙසුණු; දූෂණය වූ.
දූසමාන[වි.] අනුමාන; අවිනිශ්චිත; සැක සහිත.
දූසාව[නා.] බොරු ආරංචිය; අසත්‍ය ප්‍රවෘත්තිය.
දූසොඬ[වි.] සූදු ක්‍රීඩාවෙහි ගිජු; දූකෙළියෙහි ඇලුණු.
දූහනය(පාරිභා.) [නා.] පියවි ඇසට පෙනෙන (ක්ෂුද්‍ර ජීවීන් නොවන) පරපෝෂිතයන් විසින් ආක්‍රමණය කිරීම.
දූළඳ[නා.] දුහිතෘ වූ කාන්තාව; දියණිය.
දෘක්ශක්තිය[නා.] දැකීමේ හැකියාව.
දෘකාණ[නා.ප්‍ර.] (ජ්‍යෝති.) රාශියක් තුනට බෙදු කොටසක ප්‍රමාණය; දෙර්කාණය.
දෘඩොත්සාහය[නා.] බලවත් උත්සාහය.
දෘඪ1. [වි.] දැඩි; දළ; තද; ස්ථාවර; අනම්‍ය. 2. [වි.] දැඩි ව එල්බ ගත්. 3. [වි.] රළු; ගොරෝසු; කටුක.
දෘඪ ග්‍රහණය1. [නා.] තදින් අල්ලා ගැනීම; දැඩි සේ ගැනීම. 2. [නා.] සිත්හි දැඩිලෙස ධාරණය කර ගැනීම; දැඩි ව එල්බ ගැනීම.
දෘඪ ව්‍රතය[නා.] කටුක පැවැත්ම; දැඩි පැවැත්ම; උග්‍රචර්යාව.
දෘඪග්‍රාහී[වි.] දැඩි ව ගන්නාසුලු; තදින් එල්බ ගන්නා.
දෘඪාංපේක්ෂාව[නා.] දැඩි බලාපොරොත්තුව.
දෘඪාඞ්ග[නා.ප්‍ර.] හැඩි දැඩි ශරීරාංග; ස්ථූල වූ ශරීර අවයව.
දෘශ්‍ය[වි.] පෙනෙන; දැකිය හැකි; දර්ශන ගෝචර.
දෘශ්‍ය ආයාත(පාරිභා.) [නා.ප්‍ර.] දැකිය හැකි හා කිරීම් මැනීම් ආදියෙන් ගිණිය හැකි ආනයන භාණ්ඩ.
දෘශ්‍ය කලාව[නා.] නැරඹීමෙන් රස විඳිය හැකි කලා මාධ්‍යය; නාට්‍ය, චිත්‍ර, මූර්ති, ගෘහ නිර්මාණ ආදි කලා මාධ්‍යය.
දෘශ්‍ය ක්ෂිතිජය(පාරිභා.) [නා.] අහසත් පොළවත් යා වෙන්නාක් මෙන් පෙනෙන කවාකාර රේඛාව; සැබෑ නොවන ක්ෂිතිජය; දෘශ්‍ය දිශා මණ්ඩලය (=visible horizon).
දෘශ්‍ය ක්ෂේත්‍රය(පාරිභා.) [නා.] දෘෂ්ටිය හෝ ආලෝකය පිළිබඳ උපකරණවල ඇස තබන කොටස මත දිස්වන ප්‍රතිබිම්බය ඇතුළත් වන ප්‍රදේශය; දෘෂ්ටි ප්‍රදේශය (=field of view).
දෘශ්‍ය කාව්‍යය[නා.] නැරඹීමෙන් රස විඳීම පිණිස රවිත කාව්‍ය කෘතිය; නාට්‍යය; නෘත්‍යය.
දෘශ්‍ය නිරූපණය(පාරිභා.) [නා.] ඇසින් දැක ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකි දෙයක් ඉදිරිපත් කිරීම (=visible representation).
දෘශ්‍ය වර්ණාවලිය[නා.] ඇසට පෙනෙන වර්ණ මාලාව; සූර්යාලෝකයෙහි පෙනෙන්ට ඇති වර්ණ මාලාව; සුදු ආලෝකය; සංයුක්ත වර්ණ සමූහය.
දෘශ්‍ය විකිරණය(පාරිභා.) [නා.] දෘශ්‍ය වර්ණාවලියට සීමිත වූ විකිරණය (=visible radiator).
දෘශ්‍ය වේලාව(පාරිභා.) [නා.] සූර්යයාගේ පිහිටීම අනු ව ගන්නා වේලාව (=apparent time).
දෘශ්‍යතාව(පාරිභා.) [නා.ප්‍ර.] පෙනීම; දර්ශනය වීම; (වායුගෝලීය කුඩා ජලබින්දු ඔස්සේ) ඈත පිහිටි වස්තු නිරීක්ෂණය කළ හැකිවීම (=visibility).
දෘශ්‍යමාන[වි.] පෙනෙන; දක්නට ලැබෙන; දැකිය හැකි.
දෘශ්‍යාධාරය1. [නා.] දකින දෙය මතකයට නඟා ගැනීමට උපකාර වන දේ; රූප සටහන් ආදි දෘෂ්ටිගෝචර දේ. 2. [නා.] ඇසේ දුබලතා මඟ හරවා ගැන්මට පිහිට වන කාච ආදි දෑ.
දෘෂ්ට ජන්මය[නා.] වත්මන්හි මෙලොව ලබා ඇති උපත; මේ ආත්මභාවය.
දෘෂ්ට ධර්මය[නා.] මෙලොව; මේ භවය; පවත්නා භවය.
දෘෂ්ට මාත්‍රය[නා.] හුදු දැකීම; දර්ශන මාත්‍රය.
දෘෂ්ටජන්මවේදනීය[වි.] ඇස ඉදිරියේ ඇස් පනාපිට ම විඳිය යුතු; මේ භවයේ දී විපාක දෙන. [නා.] මෙලොව දීම විපාක විඳිය යුතු කර්මය.
දෘෂ්ටධර්මවේද්‍ය කර්මය[නා.] දිට්ඨධම්මවේදනීය කර්මය.
දෘෂ්ටපූර්ව[වි.] පෙර දක්නා ලද; පෙර දුටු විරූ.
දෘෂ්ටය1. [නා.] දුටු දෙය; දක්නා ලද්ද. 2. [නා.] විෂය ප්‍රත්‍යක්ෂ ඥානය; අවබෝධ ඥානය.
දෘෂ්ටාන්තය[නා.] ප්‍රස්තුත කාරණය පැහැදිලි කිරීම සඳහා ඉදිරිපත් කරන නිදර්ශනය.
දෘෂ්ටානුරාගය[නා.] දැකීමෙන් ඇති වන ඇල්ම; අනුරාගය.
දෘෂ්ටි[වි.] ඇසට අයත්; ඇස හා සම්බන්ධ; පෙනීම හෝ දැකීම පිළිබඳ. 1. [නා.ප්‍ර.] මතය. 2. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] ග්‍රහයකුට තවත් ග්‍රහයකුගේ ආලෝකය වැටීම; ග්‍රහයන් එකිනෙකා දැකීම.
දෘෂ්ටි අක්ෂය(පාරිභා.) [නා.] ඇසේ අක්ෂය; ඇසේ බබාගේත් (කනීනිකාවේත්) පළිඟු කාචයේත් කේන්ද්‍ර අතර ඇතැයි සැලකෙන ඍජු රේඛාව හෙවත් අක්ෂය. (=optic axis).
දෘෂ්ටි අසමතාව(පාරිභා.) [නා.] ඇසේ ව්‍යුහයේ ඌනතාව; විෂම දෘෂ්ටිකතාව.
දෘෂ්ටි උපකරණය(පාරිභා.) [නා.] ඇසේ පෙනීම පවත්වා ගැනීමට උදවු වන මෙවලම; ඇස් කන්නාඩිය (=optical instrument).
දෘෂ්ටි කෝණය1. [නා.] (පාරිභා.) ඇසට පෙනෙන යම් වස්තුවක බාහිර සීමාවේ සිට විහිදෙන රේඛා එක්වීමෙන් දෘෂ්ටි විතානය මත සෑදෙන කෝණය (=visual angle). 2. [නා.] යම් වස්තුවක් හෝ කාරණයක් හෝ දෙස බලන ආකාරය; බලන අංශය; දක්වන ආකල්පය.
දෘෂ්ටි ගතිකයා[නා.] වැරදි විශ්වාස වැලඳ ගත් තැනැත්තා; මිථ්‍යා ඇදහිලිවල තදින් එල්බ ගත් තැනැත්තා.
දෘෂ්ටි ග්‍රාහය[නා.] මිථ්‍යා අදහස් තදින් ගැනීම.
දෘෂ්ටි චලනය(පාරිභා.) [නා.] සාමාන්‍ය බැල්මට පෙනෙන සෙලවීම; චලිතයට බලපාන බාහිර කරුණු ගණන් නොගත් විට පෙන්නුම් කෙරෙන සෙලවීම (=apparent movement).
දෘෂ්ටි තීක්ෂ්ණතාව(පාරිභා.) [නා.] ඇස් පෙනීමේ තියුණු බව; දැකීමේ සියුම්බව.
දෘෂ්ටි පථය[නා.] මසැසට පෙනෙන තෙක් මානය.
දෘෂ්ටි පාතය[නා.] නෙත් යොමු කිරීම; බැලීම; නෙත් හෙළීම.
දෘෂ්ටි මණ්ඩලය1. [නා.] ඇසේ පෙනීමට හේතු වන මණ්ඩලාකාර කුඩා කොටස; ඇහේ බබා. 2. [නා.] හාත්පසින් ඇසට පෙනෙන තෙක් මානය; ඇසට පෙනෙන ප්‍රමාණය.
දෘෂ්ටි මායාව(පාරිභා.) [නා.] පෙනීමෙන් ඇස රැවටීම; නොපවතින දෙයක් පවතින ලෙසින් ඇසට පෙනීම; මායාමය දෘෂ්ටිය.
දෘෂ්ටි රූල(පාරිභා.) [නා.] බිම් මිනුමේ දී භාවිත කරන උපකරණයක් (=sight ruler).
දෘෂ්ටි විකෘතිය[නා.] ඇසට පෙනෙන දෑ ඒවායේ නියම ස්වරූපයෙන් නොපෙනී විකෘතව පෙනීම.
දෘෂ්ටි විතානිකාව(පාරිභා.) [නා.] ඇසේ ස්ඵටික සෛලවලට යටින් පිහිටි සෛල සමූහය (=retinula).
දෘෂ්ටි විද්‍යාව(පාරිභා.) [නා.] ආලෝකය සහ ඇස අතර සම්බන්ධය පිළිබඳව විද්‍යාව.
දෘෂ්ටි වෛවර්ණ්‍යය[නා.] වර්ණ අඳුනා ගැනීමේ දුර්වලතාව.
දෘෂ්ටි ශාස්ත්‍රඥයා[නා.] ඇස් පෙනීම පිළිබඳ උපකරණ සාදන්නා; ඇස් කන්නාඩි සාදන්නා.
දෘෂ්ටි හීනත්වය1. (පාරිභා.) [නා.] ඇසේ පෙනීමේ මඳබව; දෘෂ්ටි ස්නායුවේ දුබල බැවින් අඩක් අන්ධ වීම. 2. [නා.] ඇසේ ව්‍යුහයේ හෝ දෘෂ්ටි ස්නායුවේ දැන ගත හැකි වරදක් නැති ව අන්ධ වීම.
දෘෂ්ටික ජිද්‍රය(පාරිභා.) [නා.] අක්ෂි කූපය පිටුපසින් දෘෂ්ටික ස්නායුවට සහ රුධිර නාලවලට ඇස තුළට පිවිසීම සඳහා මග සලසන සිදුර.
දෘෂ්ටික බිම්බය[නා.] ඇසේ දෘෂ්ටි විතානයේ පිහිටි සුදු තිත; නේත්‍ර කනීනිකා පටල; අන්ධ බින්දුව.
දෘෂ්ටික ස්නායුව[නා.] පෙනීම (දෘෂ්ටිය) පිළිබඳ දෙවැනි කපාල ස්නායුව.
දෘෂ්ටිගෝචර[වි.] ඇසට ගොදුරු වන; පෙනීමට හසු වන.
දෘෂ්ටින්ද්‍රිය[නා.ප්‍ර.] පෙනීම ඇති කරන ඉන්ද්‍රිය; ඇස.
දෘෂ්ටිය1. [නා.] පෙනීම; ඇස් පෙනීමේ ශක්තිය 2. [නා.] මනසින් දැකීම; මානසිකව පෙනීම. 3. [නා.] ඇදහිල්ල; විශ්වාසය. 4. [නා.] වැරදි සහගත දැකීම; මිථ්‍යා දෘෂ්ටිය. 5. [නා.] ග්‍රහයින්ගේ ආලෝකය එකිනෙකා කෙරෙහි වැටීම.
දෘෂ්ටිවාදියා[නා.] මිථ්‍යා ඇදහිලි ඇත්තා; මිථ්‍යාලබ්ධිවාදයෙහි පිහිටි තැනැත්තා.
දෘෂ්ටිවිතාන ධමනිය(පාරිභා.) [නා.] දෘෂ්ටිවිතානයට ලේ සපයන රුධිරවාහිනිය.
දෘෂ්ටිවිතානය[නා.] අක්ෂි ගෝලයේ පිටතින් වූ පටලය; දෘෂ්ටිගෝලය ආවරණය වූ සංවේදී ස්තරය.
දෘෂ්ටිවිපන්න[වි.] වැරදි දෘෂ්ටියට ගිය; දෘෂ්ටියෙන් වැරදි මඟට පැමිණි.
දෘස්ටි අභිනිවේශය(පාරිභා.) [නා.] පෙනීමට හසු වන වස්තුවෙන් ඇස ඉවත් කළ පසු ද එහි රූපය ඇසෙහි රැඳී පැවතීම.
දෙ1. [නා.ප්‍ර.] දෙක; ද්වි සංඛ්‍යාව; ද්විත්වය; දෙගුණය; යුගලය. 2. [නා.ප්‍ර.] දෙය; ද්‍රව්‍යය; කාරණය; විෂයය. 3. [නා.ප්‍ර.] ශරීරය; දේහය; කය.
දෙ අඩපලම[නා.] බෙහෙත් ද්‍රව්‍ය ආදිය කිරීමේ දී භාවිත කරනු ලබන බර මිණුමක්; කළන් දොළහක බර.
දෙ අඩමස[නා.] පුර අව යන පක්ෂ දෙක; චන්ද්‍රමාසය; අර්ධ මාස දෙක.
දෙ අතුර, දෑතුර[නා.] දෙකකට අතර; දෙකකට මැද; උභයාන්තරය.
දෙ ඇලය1. [නා.] දෙපැත්ත; දෙපාර්ශ්වය; අංශ දෙක. 2. [නා.] ශරීරයේ ඇලපත් දෙක; වම් ඇලය හා දකුණු ඇලය.
දෙඅක[නා.] බර කිරීමේ පුරාතන මිම්මක්; අක දෙකක නොහොත් වී ඇට හතළිහක බර.
දෙඇස් බෙර, දෑස් බෙර[නා.ප්‍ර.] බෙර කඳ දෙපැත්තේ මුහුණත් දෙකක් ඇති බෙර විශේෂය.
දෙඋර[නා.ප්‍ර.] උරහිස් දෙක; දෙ උරය.
දෙඋරස්[වි.] එක පිට එක වැටෙන ඉදිරිපස කොටස් සහිත (උඩුකයේ ඇඳුම සම්බන්ධයෙන් ව්‍යවහාර වේ).
දෙකක් කරනවා1. [ක්‍රි.] දෙකට බෙදනවා; දෙකකට වෙන් කරනවා; දෙබේ කරනවා. 2. [ක්‍රි.] තදින් කලබල කරනවා; දෙවනත් කරනවා.
දෙකට දෙවාරමේ[ක්‍රි.වි.] දෙගිඩියාවෙන්; තීරණයක් නැතිව; අවිනිශ්චිත ස්වභාවයෙන්.
දෙකට යතුර(පාරිභා.) [නා.] ඇණ ගැලවීමට ගන්නා කටවල් දෙකක් ඇති යතුර; දෙ කොන ම භාවිත කළ හැකි යතුර.
දෙකටසන[නා.] හූ හඬ දෙකක දුර ප්‍රමාණය; දෙ හූවක දුර.
දෙකට්ටුව[නා.] (රජ, දෙවි, විනිසකරු ආදි) සම්භාවනීය පුද්ගල යුගලයකින් සමන්විත මණ්ඩලය.
දෙකඩ[නා.] දෙකොටස; කැබලි දෙක; කොටස් දෙක; දෙපලුව.
දෙකරල[නා.] කන්න දෙකින් ලබාගන්නා අස්වනු දෙක; යලමහ දෙකේ ගොවිතැනින් ලැබෙන අස්වැන්න.
දෙකරල් වෙළුම(පාරිභා.) [නා.] තුවාල වෙළුම් ක්‍රමයක්; තිරිඟු හෝ බාර්ලි කරල් දෙකක ආකාරයට වෙළුම් පටියෙන් තුවාලයක් වෙළීම.
දෙකැපුම[නා.] දෑතට යොදා ඇති කතිර කැපුම.
දෙකුලුඳුල[නා.] ද්‍රව්‍ය සහ ද්‍රව මැනීමේ පුරාණ මිම්මක්; පතක ප්‍රමාණය.
දෙකුලුඳුල්(කථා.) [වි.] පවුල් දෙකක පළමුවෙන් උපන්; මුලින් ඉපදුණු.
දෙකේ කොළය, දෙකේ කොළේ1. [නා.] කඩදාසි කුට්ටමේ අඩුම වටිනාකම සහිත කොළය. 2. (කථා.) (රූඪි.) [නා.] අගය නැතිබව; වැදගැම්මකට නැති වීම.
දෙකොන විලක්කුව[නා.] සමහර තොවිල්වල දී පාවිච්චි කරනු ලබන දෙකෙළවරින් දල්වන කුඩා පන්දම් විශේෂය.
දෙකොන් තරගය[නා.] දෙදෙනකු හෝ දෙපක්ෂයක් අතර එක එල්ලේ පැවැත්වෙන තරගය.
දෙකොන් පැනය(කථා.) [නා.] නිගමන දෙකකට තුඩු දෙන ප්‍රශ්නය; උභතෝකෝටිකය.
දෙකොන්පොට ඇණය(පාරිභා.) [නා.] මැද හැර දෙකෙළවරේම පොටවල් කපා ඇති ඇණය.
දෙගං(ම්) බ(බො)ඩ[නා.] ගඟ දෙපස ප්‍රදේශය; ගං ඉවුරු දෙක; ගං ඉවුරු දෙකට යාබද පෙදෙස.
දෙගඩහාල්[නා.ප්‍ර.] බාගෙට වේළුණු වී කෙටීමෙන් ලැබෙන හාල්.
දෙගම්බිත්තිය[නා.] ගඟෙහි ඉවුරු දෙක; ගඟ දෙතෙර.
දෙගම්මැද්ද, දෙගම්මැදියාව[නා.] සමාන්තරව ගලන ගංගා දෙකකට මැදි වූ ප්‍රදේශය.
දෙගාරාව1. (කථා.) [නා.] කඳු දෙකක් අතර දිය පාර. 2. [නා.] ගල් දෙකක් අතර කුඩා මාර්ගය.
දෙගිඩියාව, දෙගෙඩියාව[නා.] අවිනිශ්චිත ස්වභාවය; තීරණයක් නැතිකම.
දෙගුණය[නා.] දෙකෙන් වැඩි කරනු ලැබූ විට ඇති වන ප්‍රමාණය; ද්විත්ව වූ ප්‍රමාණය.
දෙගුරු[නා.ප්‍ර.] මව සහ පියා; මව් පිය දෙදෙන.
දෙගොඩ තළා යනවා[ක්‍රි.] ගං හෝ ආදිය උතුරා දිය ඉවුරු පැන යනවා; ගඟ දෙපස යට කරගෙන දිය ගලනවා.
දෙගොඩ වාරන්, දෙගොඩ වාරම්(කථා.) [නා.ප්‍ර.] මුහුද හා ගොඩ දෙ දිසාවෙන් ම එකවර පැමිණෙන වැස්ස.
දෙගොඩහරි ජාමය[නා.] රෑ මධ්‍යම යාමය; මැදියම් රැය; මධ්‍යම රාත්‍රිය.
දෙට, දෙටු1. [වි.] වැඩිමහල්; ජ්‍යේෂ්ඨ. 2. [වි.] නායක; ප්‍රධාන. 3. [වි.] උත්කෘෂ්ට; උතුම්. 1. [නා.ප්‍ර.] නායකයා; ප්‍රධානියා; ප්‍රමුඛයා. 2. [නා.ප්‍ර.] සත්විසි නැකතින් එකක නාමය.
දෙටු පිළිවෙත(පාරිභා.) [නා.] (නීති.) පවුලේ වැඩිමහලු පිරිමි දරුවාට දේපළ අයත්වීමේ ක්‍රමය.
දෙඩවිල්ල1. [නා.] තේරුමක් නැති ව දිගින් දිගට කතා කිරීම; නිෂ්ඵල අර්ථ ශුන්‍ය කථාව. 2. [නා.] සිහිවිකලයෙන් කියන අසම්බන්ධ කතාව හෝ උමතුවෙන් හෝ කියන දෙය.
දෙණ1. [නා.] ඔරුවක හැඩයට තනන පෙට්ටිය; පෝටිකාව; මංජුසාව. 2. [නා.] රෝගීන් බෙහෙත් දියෙහි බහාලීම සඳහා පාවිච්චි කරන ආධාරක විශේෂය; බෙහෙත් ඔරුවක හැඩය ඇති භාජන විශේෂය. 3. [නා.] මළසිරුර තැන්පත් කරන පෙට්ටිය; මිනී පෙට්ටිය; තුම්බය. 4. [නා.] වීණාවෙහි පහළ කොටසෙහි වූ වලයාකාර චෂකය; වීණා පොකුර. 5. [නා.] භාජනය; සැළිය. 6. [නා.] උස්බිම අද්දර පිහිටි බිම්කඩ.
දෙණිකඩ[නා.] නිස්සාර වූ පුරන් වූ කුඹුරු කොටස.
දෙණිය1. [නා.] කඳු අතර මඩ බිම; නිම්නය; මිටියාවත. 2. [නා.] කුඹුර අද්දර පිහිටි ගොඩබිම; ඕවිට. 3. [නා.] වීණාවෙහි ඇති වලයාකාර කොටස; වීණා පොකුර. 4. (කථා.) [නා.] තුම්බය; මෘත දේහය තබා උසුලා ගෙන යන ගෙය.
දෙතන1. [නා.] පියොවුරු දෙක; දෙතන මඬල. 2. [නා.] ස්ථාන දෙක; දෙතැන.
දෙතැරිය[නා.] ගසක අතු දෙකක් බෙදී ගිය තැන; දෙබල.
දෙතිත[නා.] විරුද්ධාර්ථ, නිදර්ශන, උද්ධෘත, අනුපාතය ආදිය දැක්වීමට යොදනු ලබන විරාම ලකුණක්.
දෙතිස[නා.] තිස් දෙක.
දෙතිස්වධ[නා.ප්‍ර.] පුරාණයෙහි රජවරුන් විසින් වරද කළ අය සඳහා දඬුවම් වශයෙන් නියම කළ වද තිස් දෙක.
දෙතෙර[නා.ප්‍ර.] ජලාශයක ඉවුරු දෙක; එතෙර හා මෙතෙර; උභය තීරය.
දෙදරනවා1. [ක්‍රි.] පැළෙනවා; දෙපලු වෙනවා; පුපුරා යනවා. 2. [ක්‍රි.] සැලෙනවා; කම්පනය වෙනවා.
දෙදිය1. [නා.] මිරිදිය හා කරදිය යන දෙක. 2. [නා.] ඇල්දිය හා උණු දිය යන දෙක මිශ්‍ර කොට ඇල්මරා ගන්නා ජලය.
දෙදිව්1. [නා.ප්‍ර.] දිව දෙකක් ඇති සර්පයන් වැන්නා; නාගයා; නයා. 2. (රූඪි.) [නා.ප්‍ර.] සත්‍ය වචනය නොමැත්තා; මුලින් එකක් කියා පසු ව අනෙකක් කියන්නා; බොරු කියන්නා; කේලාම් කියන්නා.
දෙදුම, දෙදුමාව[නා.] ගෙඩි දෙකකින් යුත් කොස් පොකුර; ගෙඩිය සහ මවු ගෙඩිය.
දෙදුරු1. [නා.ප්‍ර.] සූදුරු මාදුරු යන දුරු වර්ග දෙක. 2. [නා.ප්‍ර.] නිතර දිය සීරාව ඇති පහත් බිම. [වි.] දිරාගිය; පැළීගිය; දිරූ.
දෙන1. [නා.] තිරිසන් සතුන්ගේ විශේෂයෙන් සිවුපාවුන්ගේ ගැහැනු සතා; ධේනුව. 2. [නා.] පුද්ගල සමූහය; ජනයා.
දෙනට[නා.ප්‍ර.] (ජ්‍යෝති.) නැකත් විසි හතෙන් එකක්.
දෙනවා1. [ක්‍රි.] ප්‍රදානය කරනවා; පිරිනමනවා; පිළිගන්වනවා. 2. (කථා.) [ක්‍රි.] ගැහැනු ළමයකු විවාහ කර දෙනවා; දීග දෙනවා 3. [ක්‍රි.] ජීවත් වෙනවා; දිවි ගෙවනවා; කල් ගෙවනවා. 4. [ක්‍රි.] උපදිනවා; ජනිත වෙනවා.
දෙන්නා දෙමාල්ලෝ[නා.බහු.] අඹු සැමි දෙදෙනා; බිරිය හා සැමියා.
දෙනෙතා[නා.ප්‍ර.] ජනතාව; ජන සමූහය.
දෙනෙතිය(පාරිභා.) [නා.] දෑසට තබා බලන දුර දක්නය; බයිනොකියුලරය; චීනක් කන්නාඩිය.
දෙනෝදහසක්[නා.ප්‍ර.] බොහෝ දෙනෙක්; දහස් ගණන් ජනයා.
දෙපට ලණුව, දෙපොට ලණුව[නා.] පුරාණ සිංහල චිත්‍ර මෝස්තරයක්; ඍජු කෝණ ව යෙදූ පොල් අතු වියමනට සමාන චිත්‍ර මෝස්තරයක්.
දෙපණ බානවා(කථා.) [ක්‍රි.] දමනය වෙනවා; වසී වෙනවා; දැපණයෙහි වැටෙනවා; අවනත වෙනවා.
දෙපත[නා.] (ඇට වර්ග ද්‍රව ආදිය) මනින මිම්මක්; පත දෙක; මනාව; අඩ නැළිය.
දෙපත්1. [නා.ප්‍ර.] කොළ දෙක. 2. [නා.ප්‍ර.] පැති දෙක.
දෙපත් නයා1. [නා.] රතු, කහ, දුඹුරු පුල්ලි සහිත විෂ රහිත නාග විශේෂයක්. 2. [නා.] ඉදිරියට හා පස්සට ගමන් කළ හැකි දෙපසම සමාන වූ දික් පණු විශේෂයක්. 3. (කථා.) (රූඪි.) [නා.] දෙපසට ම කේලම් කියන ප්‍රතිපත්තියක් නැති තැනැත්තා.
දෙපරන්ස(කථා.) [නා.] පරස්පර කතා; එකට එක විරුද්ධ කීම්; සැක සහිත කීම්.
දෙපරැන්ද[නා.] දෙපා අතරෙහි වු ඉඩ ප්‍රමාණය.
දෙපහර එන්ජිම(පාරිභා.) [නා.] (සම්පීඩන, ශූන්‍යක යන) පිස්ටන් ප්‍රහාර දෙකින් ක්‍රියා කරන එන්ජිම.
දෙපළ, දෙපොළ1. [නා.ප්‍ර.] ස්ථාන දෙක. 2. [නා.ප්‍ර.] පුද්ගලයෝ දෙදෙනා.
දෙපා1. [වි.] කකුල් දෙකක් ඇති; පා දෙකකින් යුක්ත. 2. (ඡන්ද.) [වි.] පාද දෙකක් ඇති. 3. [වි.] පැති දෙකක සහිත; දෙපැත්තට ම සම්බන්ධ. [නා.ප්‍ර.] කකුල් දෙක; කකුල් දෙකකින් යුතු සත්ත්වයා.
දෙපාර්තමේන්තුව[නා.] යම්කිසි කාර්යයක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ආයතනය; යම් විශේෂ සේවාවක් පවත්වාගෙන යෑම සඳහා රජය මගින් හෝ වෙනත් පාලනාධිකාරයක් මගින් හෝ පවත්වාගෙන යන ආයතනය.
දෙපාර්ශ්වය(කථා.) [නා.] දෙපසෙහි කණ්ඩායම් දෙක; පැති දෙක; පාර්ශ්ව දෙක.
දෙපාව[නා.] කුඹුරු යායක් මැදින් ගලා බස්නා ජලමාර්ගයේ දෙපැත්ත; ඇළවේලි දෙකක් අතරින් ගලා යන දියපාර.
දෙපැත්ත1. [නා.] කොටස් දෙක; දෙපළුව. 2. [නා.] අංශ දෙක; දෙපස. 3. [නා.] දෙදිසාව. 4. [නා.] දෙ ආකාරය; දෙවිධිය. 5. [නා.] කණ්ඩායම් දෙක; දෙපිරිස.
දෙපිට1. [නා.ප්‍ර.] උඩු හා යටි පැති දෙක. 2. [නා.ප්‍ර.] ඉදිරිපස හා පසුපස. 3. [නා.ප්‍ර.] යටි අදහස හා උඩු අදහස. [වි.] දෙවැනි; ද්විතීයික.
දෙපිටකාටු, දෙපිටකාට්ටු[වි.] එකක් කියා අනෙකක් කරන; දෙපැත්ත කොට වන; පිළිවෙතක් නැති.
දෙපියන් කවචය(පාරිභා.) [නා.] (මට්ටි බෙල්ලාගේ) පියන් දෙකක් මෙන් පිහිටි පියලි දෙක.
දෙපියලි පැළය(පාරිභා.) [නා.] කලලය බීජ පත්‍ර දෙකකින් යුත් පැළය.
දෙපිල1. [නා.] කණ්ඩායම් දෙක; දෙපාර්ශ්වය. 2. [නා.] පොල් ගැසීම, අං ඇදීම ආදි ක්‍රීඩාවලදී බෙදෙන උඩුපිල හා යටිපිල 3. [නා.] දෙගොඩ; ඉවුරු දෙක.
දෙපෙති ගැහෙනවා(කථා.) [ක්‍රි.] (බිලිඳකු) දෙපය බිම තබා ඇවිදින්නට සැරැසෙනවා.
දෙපෝය, දෙපොහොය1. [නා.] පුර පසළොස්වක හා අව පසළොස්වක. 2. [නා.] දෙවන පෝය. 3. [නා.] සති දෙක; අඩ මස. 4. [නා.] අඩ මස් දෙක; චන්ද්‍රමාසය.
දෙබර[නා.] ගස්වල අතු, පර්වත පියසි ආශ්‍රිතව වද බඳින ඉතා විෂ තුඩක් සහිත මැසි වර්ගයක්.
දෙබරාදු1. (කථා.) [වි.] බාල; හොඳ වර්ගයේ නොවන; නොවටිනා. 2. [වි.] කපට; වංචා සහගත; උපායශීලී.
දෙබලය1. [නා.] ගසක අතු බෙදි ගිය තැන; කරුව. 2. [නා.] පක්ෂියකුගේ පක්ෂ පත්‍රයෙහි පනාවක් මෙන් අතු බෙදී ගිය නාරටිය. 3. (කථා.) [නා.] කරුවක් සහිත මුක්කුව. 4. (කථා.) [නා.] කෙක්ක; බලට්ට.
දෙබල් කටුව[නා.] අනින ආයුධ විශේෂයක්; තෝමරය; දෙබල කටුව.
දෙබස1. [නා.] (ව්‍යාක.) ඒකවචනය සහ බහුවචනය යන දෙක. 2. [නා.] සාකච්ඡාව; සංවාදය.
දෙබෑ1. [වි.] පලු දෙකක් ඇති; කොටස් දෙකක් ඇති. 2. [වි.] දෙබිඩි; දෙකක් එකට බද්ධ වූ.
දෙබිඩි[වි.] දෙකක් එකට බැඳුණු; ද්විබද්ධය. [නා.ප්‍ර.] දෙගිඩියාව; අවිනිශ්චිත භාවය.
දෙබිඩි දරුවා[නා.] සිරුරේ කිසියම් තැනකින් එකට බැඳී උපන් නිවුන් දරු දෙදෙනා.
දෙබිත්තිය1. [නා.] (කථා.) ගෙවල් දෙකක් අතර ඇති පටු මඟ; බිත්ති දෙකක් අතර ඇති අවකාශය. 2. [නා.] ගඟක ඉවුරු දෙක; දෙගං ඉවුර.
දෙබින්න, දෙබිහින්න1. [නා.බහු.] සහෝදරයා සහ සහෝදරිය. 2. [නා.බහු.] අක්කා සහ නංගී. 3. [නා.බහු.] නිවුන් සොහොයුරියන් දෙදෙනා. 4. [නා.බහු.] සහෝදරිය සහ මස්සිනා.
දෙබුක්ක, දෙබොක්ක[නා.] ළං ළං ව පිහිටි ගස් හෝ ගල් දෙකක් අතර ඇති ඉඩ.
දෙබුන්1. [වි.] දෙකට බෙදුණු; දෙකොටසකින් යුත්; ද්විත්ව. 2. [වි.] ඛණ්ඩිකා (බිඳුණු කොටස්) දෙකක් තිබෙන; ද්වි - ඛණ්ඩකීය.
දෙබෝව1. [නා.] (කථා.) කඳු දෙකක් අතර පිහිටි පහත්බිම. 2. [නා.] කඳු මුදුන; පර්වත ශිඛරය.
දෙමංසල, දෙමන්සල1. [නා.] පාරවල් දෙකක් එක්වන තැන; දෙමං සන්ධිය. 2. [නා.] දෙමංසන්ධියෙහි වූ ගිමන්හල; අම්බලම.
දෙමද1. [නා.ප්‍ර.] (කථා.) ගොඩ ඉඩමක මැද පෙදෙස. 2. (කථා.) [නා.ප්‍ර.] කඳු දෙකක් අතර වූ පහත් බිම. 3. (ගොවි.) [නා.ප්‍ර.] වතුර බැස යන පහත් බිම; මිටියාවත. 4. වැටවල් දෙකක් අතරින් වැටුණු මඟ; දෙවැට.
දෙමන්දම[නා.] රැයෙහි හෝ දවාලෙහි මැදියම් වේලාව; මද්දහනය හෝ මැදියම.
දෙමහල්ලෝ, දෙමාල්ලෝ[නා.] අඹුසැමි දෙදෙන; ස්වාමියා හා භාර්යාව.
දෙමාපිය[නා.ප්‍ර.] මව්පිය දෙදෙනා.
දෙමුනුපුරා, දෙමුනුබුරා[නා.] මුනුපුරකුගේ හෝ මිනිපිරියකගේ දරුවා; දරුවකුගේ මුනුපුරා.
දෙමුහුං, දෙමුහුන්[වි.] ප්‍රභේද දෙකක සංයෝගයෙන් සෑදුණු; ජාති දෙකක් කළවම් වීමෙන් හටගත්.
දෙමුහුන් අභිජනනය[නා.] වර්ග දෙකක් සම්මිශ්‍රණය කොට (සතුන් හෝ ශාක) බිහිකිරීම; වර්ග දෙකකට අයිති සතුන් මගින් බෝවීම.
දෙමෝදර[නා.] ගංගා දෙකක් හෝ අතු ගංගා දෙකක් එක් වන ස්ථානය.
දෙමෝදු(කථා.) [නා.ප්‍ර.] දුව, මව සහ මවගේ මව.
දෙය, දේ1. [නා.] බඩුව; උපකරණය. 2. [නා.] කාරණය; කටයුත්ත. 3. [නා.] සිද්ධිය; ක්‍රියාව.
දෙයකුර[දෙ+අකුර] [නා.] (ව්‍යාක.) අකුරු දෙවර්ගය; ඝෝෂ සහ අඝෝෂ අක්ෂර.
දෙය්‍ය[වි.] දිය යුතු; දීමට සුදුසු; දානයට යෝග්‍ය.
දෙය්‍ය ධර්මය, දේය ධර්මය[නා.] දීමට සුදුසු දේ; දීමට සුදුසු වස්තුව.
දෙරණ[නා.] පෘථිවිය; පෘථිවි ගෝලය; ධරණිය.
දෙරණ තෙනේ[නා.] (ජ්‍යෝති.) අඟහරු ග්‍රහයා; කුජ.
දෙරණම්බා[දෙරණ+අම්බා] [නා.] පොළොව නමැති කාන්තාව; මිහිකත.
දෙරණි සුරු[නා.ප්‍ර.] දෙරණට අධිපතියා; රජ; මිහිපල්.
දෙර්කාණය[නා.] (ජ්‍යෝති.) ද්‍රෝෂ්කාණය; රාශියෙන් තුනෙන් කොටස.
දෙරැස1. [නා.] ගොඩවල් දෙක; පිරිස් දෙක. 2. (ජ්‍යෝති.) [නා.] ග්‍රහ රාශි දෙක.
දෙරූ[නා.ප්‍ර.] (ව්‍යාක.) අකුරක් හෝ පදයක් දෙකක් බවට පත්වීමේ වියරණ විධිය; ද්විත්ව රූපය.
දෙලහෙනවා, දෙලෙහෙනවා[ක්‍රි.] තැවෙනවා; සිත් තැවුලට පත් වෙනවා; උද්වේගයක් ඇති වෙනවා.
දෙලොව[නා.] මෙලොව හා පරලොව යන ලෝක දෙක; වර්තමාන ජන්මය සහ මරණින් මතු ජන්මය.
දෙවංගිය[නා.] වාර දෙක; දෙවතාව; දෙවිට.
දෙවක[නා.] වක්‍ර දෙක; නැමුම් දෙක; වංගු දෙක.
දෙවඟන[නා.] දිව්‍ය ස්ත්‍රිය; දිව්‍ය කාන්තාව; දෙව්ලිය; දිව්‍යාඞ්ගනාව.
දෙවට1. [නා.] වාර දෙක; ද්වාරය. 2. [නා.] දෙපැත්තේ වැටවල් දෙකක් සහිත පාර; වැට දෙකකින් මායිම් වූ පටු මාවත; දෙවැට.
දෙවනත[නා.] දෙපැත්ත; දෙපස; උභය පාර්ශ්වය.
දෙවනත් කරනවා1. [නා.] කලබලකාරි තත්ත්වයක් ඇති කරනවා; ආන්දෝලනයක් ඇති කරනවා. 2. [නා.] කඩා බිඳ ගෙන යනවා.
දෙවන්මිණ[නා.] දෙවියන්ගේ මාණික්‍යය; සිතු පැතු සම්පත් සාදා දෙන මැණික; චිත්තා මාණික්‍යය; සිතුමිණ.
දෙවඹු[නා.ප්‍ර.] දිව්‍යාඞ්ගනාව; දිව්‍ය ස්ත්‍රිය; දෙවඟන; දෙව්ලිය.
දෙවරුව[නා.] දහවල් කාලයේ හෝ රාත්‍රී කාලයේ වරු දෙක; පෙරවරුව හා පස්වරුව.
දෙවලය1. [නා.] සැකය; සංකාව. 2. [නා.] දෙවන වතාව 3. [නා.] යුගලය; යුග්මය. 4. [නා.] පටවල් දෙක.
දෙව්1. [නා.] දෙවියා; දිව්‍යමය උත්පත්තියක් ඇත්තා. 2. [නා.] අහස; ආකාශය; නුබ. 3. [නා.] වලාකුළ; මේඝකූටය; මේකුළ. [වි.] දෙවියන්ට අයත්; දිව්‍ය.
දෙව් අසර[නා.] දිව්‍ය අප්සරාව; දිව්‍ය ස්ත්‍රිය; දෙවඟන.
දෙව් කෙළිය[නා.] දෙවියන් උදෙසා පැවැත්වෙන පූජෝත්සවය; දේව පුද පෙරහර.
දෙව් මැදුර[නා.] ක්‍රිස්තියානි පල්ලිය; දේවස්ථානය; දේව මන්දිරය.
දෙව්තුර[නා.] දිව්‍ය ලෝකයේ ඇතැයි දැක්වෙන සිතු පැතු සම්පත් ලබා දෙන ගස; කල්ප වෘක්ෂය; කප්රුක.
දෙව්තුරු[නා.ප්‍ර.] දෙවියන්ගේ ගුරුවරයා; සුරගුරු; සුර ඇදුරු; බෘහස්පති.
දෙව්දුව[නා.] දිව්‍යාඞ්ගනාව; දෙව්ලිය.
දෙව්දෙන[නා.] දෙව්ලොව වසන සිතු පැතූදේ ලබා දෙතියි සැලකෙන ගව දෙන; සුරභිධේනුව; ගවඟන.
දෙව්බස්[නා.ප්‍ර.] සංස්කෘත භාෂාව; දේව භාෂාව; දෛවි භාෂාව,
දෙව්මඟ[නා.] අහස් මඟ; ආකාශය; ගුවන.
දෙව්මව්[නා.ප්‍ර.] ක්‍රිස්තුස් වහන්සේගේ මෑණියෝ; දේවමාතාව; කන්‍යාමරියතුමිය.
දෙව්ලොව[නා.] දෙවියන් වසන ලෝකය; දිව්‍යලෝකය; සුරලොව.
දෙව්සත්හල[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි පූජකවරුන් වීමට කැමති දරුවන් පුහුණු කරන සහ ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන ආයතනය.
දෙව්සිරි[නා.ප්‍ර.] දෙවියන් විඳින සැපත; දිව්‍යමය ඓශ්චර්යය.
දෙවාරන්න1. [වි.] පාට දෙකකින් යුත්; වර්ණ දෙකකින් සමන්විත. 2. [වි.] තීරණයකට බැස නොගත්; සැක සහිත.
දෙවාරාව1. (කථා.) [නා.] කඳු දෙකක අතර පිහිටි දිය සීරාවෙන් යුතු පහත් බිම. 2. [නා.] වරින් වර මාරු වීම; වරෙක එක් අතකටත්, නැවත අනෙක් අතටත් හැරීම.
දෙවැනිය[නා.] භාර්යාව; බිරිය; දුයිතිකාව.
දෙවි[වි.] දෙවියන්ට සම්බන්ධ; දිව්‍ය. [නා.] දෙවියා; දේවතාවා.
දෙවිඳු1. [නා.ප්‍ර.] දෙවියන්ගේ රජ; දේවේන්ද්‍රයා; සක්දෙව් රජ. 2. (ක්‍රිස්ති.) [නා.ප්‍ර.] ශ්‍රේෂ්ඨතම වූත් ප්‍රබල වූත් දේවෝත්තමයා; දෙවියන් වහන්සේ.
දෙවිඳුසැව්, දෙවිසැව්[නා.ප්‍ර.] දෙව් දුන්න; දේදුන්න; ඉන්ද්‍රචාපය.
දෙවියන් වහන්සේ[නා.බහු. ගෞරව] (ක්‍රිස්ති.) ස්වර්ගයෙහි වැඩ වෙසෙතියි සැලකෙන සර්වබල ධාරින් වහන්සේ; මැවුම්කරු.
දෙවියා1. [නා.] දෙව්ලොව උපන් තැනැත්තා; දිව්‍ය පුත්‍රයා. 2. [නා.] දෙවි බවට පත් වූ හෝ නිර්මිත වූ හෝ පුද්ගලයා. 3. [නා.] (ගස් ගල් ආදියෙහි වසතැයි අදහන තළාටු භූමාටු ආදි) අල්පේශාඛ්‍ය දේවතාවා. 4. [නා.] රජ; නරශ්‍රේෂ්ඨයා. 5. [නා.] දේවත්වයෙන් සලකනු ලබන වස්තුව.
දෙවෙනි ගමන[නා.] (කථා.) විවාහ මංගල්‍යයකින් පසු ව මනාලියගේ නෑදෑ පිරිස මනාලයාගේ නිවසට යන පළමු ගමන; ඉසදියට යෑම.
දෙවෙනි දවාල[නා.] දවාලෙනුත් දවාල; මහදවල්; මධ්‍යාහ්නය.
දෙවෙස්[නා.ප්‍ර.] එදිරිය; ද්වේෂය; වෛරය; ක්‍රෝධය.
දෙවොල[නා.] දෙවියන් සඳහා වෙන් කොට ඇති ගෘහය; දේව ප්‍රතිමාව තැන්පත් කොට ඇති ස්ථානය; දේවාලය.
දෙවොල්[නා.] ශ්‍රී ලංකාවෙහි විශේෂයෙන්, නිරිත දිග වෙරළ තීරුවෙහි පුද පූජාවට පත් වන දෙවියෙක්. [වි.] දෙවියන්ට අයත්; දෙවියන් වසන.
දෙවොල් නැටීම1. [නා.] දෙවොල් දේවාලවල ඒ දෙවි කෙරෙහි වාර්ෂික ව කරනු ලබන නැටුම් ඇතුළු යාතු කර්මය. 2. [නා.] දේවාලවල කරනු ලබන එවන් කටයුතු.
දෙවොල් පත්තිනි[නා.] සත් පත්තිනි අම්මාවරුන් අතරින් එක් අම්මා කෙනෙක්.
දෙවොල් පූනාව[නා.] පූජා භාජන විශේෂයක්; දෙවියන් ඉදිරියේ නිර්දෝෂත්වය ඔප්පු කිරිම සඳහා කොටි ඔළු හැඩයෙන්ද නයිපෙණ වැනි කෙමි දොළොසකින් ද යුක්ත ව මැටියෙන් සාදා ගැනෙන කොතලය.
දෙවොල් බඳිනවා(කථා.) [ක්‍රි.] දෙවියන් ඉදිරියේ සිට සතුරකුට ශාප කරනවා.
දෙවොල් මඩුව1. [නා.] දෙවියන් යකුන් සතුටු කිරීම් වස් පවත්වන දේවපූජා ශාන්ති කර්මයක්. 2. (කථා.) [නා.] දෙවොල් දෙවියාට හෝ යකාට පුද දෙන මඩුව; දෙවොල් සෙත් ශාන්තිය කරන මඩුව.
දෙවොල් යකා[නා.] අයහපත් සිදුවීම් සහ කටයුතු ආශ්‍රිත යකෙක්.
දෙවොල් යදිනවා[ක්‍රි.] දෙවියන් වෙත කන්නලවු කරනවා.
දෙවොල් රුක[නා.] දෙවියන්ගේ හා යක්ෂයන්ගේ විමාන බවට පත් ගස.
දෙස1. [නා.] දේශය; රටක ජනපදය; ප්‍රදේශය. 2. [නා.] කොටස; භාගය; කඩ. 3. [නා.] පැත්ත; දිශාව. 4. [නා.] යමක් ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කරන කරුණ; සාක්ෂ්‍යය; සාක්කිය. 5. [නා.] ධර්මදේශනය.
දෙසනවා1. [ක්‍රි.] කියනවා; වදාරනවා; දේශනා කරනවා. 2. [ක්‍රි.] දොස් කියනවා; බණිනවා. 3. (කථා.) [ක්‍රි.] බඩකට පිරෙන්නට කනවා; හිතේ හැටියට අනුභව කරනවා.
දෙස් කියනවා1. [ක්‍රි.] සාක්ෂි කියනවා; සත්‍ය බවට කරුණු දක්වනවා. 2. [ක්‍රි.] දිවුරනවා; සහතික කොට කියනවා; ශපථ කරනවා. 3. [ක්‍රි.] (තමන්ට වරදක් කළ අයකුට) විපතක් වන ලෙස කියා සිටිනවා; ශාප කරනවා; අවලාද කරනවා; හවනවා; දෙස් තියනවා.
දෙස්දෙවොල්[නා.ප්‍ර.] ශාප; හැවිලි; අවලාද; ඇණුම් බැණුම්.
දෙස්සා1. [නා.] සාක්කි කියන්නා; සාක්ෂිකාරයා. 2. [නා.] යාග කර්මවල යෙදෙන්නා; කට්ටඩියා; යක්දෙස්සා. 3. [නා.] දේශයෙහි වාසය කරන්නා; දේශවාසියා; රටවැසියා.
දෙසා බානවා1. (කථා.) [ක්‍රි.] විචාරයක් නැති ව දිගින් දිගට කතා කරනවා; වරද පෙන්වමින් දෝෂාරෝපණය කරනවා. 2. ඉතා කෑදර ලෙස බඩපුරා කනවා.
දෙසුහුරු බඩු, දෙසුරු බඩු[නා.ප්‍ර.] සුහුරන් හෙවත් මස්සිනාවරු දෙදෙනා; දෙමස්සිනෝ.
දෙහදුව, දෙහොදුව(කථා.) [නා.] හිරිහැරය; කලබලය; කැළඹීම; විනාශය.
දෙහි කපනවා1. [ක්‍රි.] ඇස්වහ මතුරා දෙහි කැපීමෙන් ශාන්ති කර්මයක් කරනවා. 2. [ක්‍රි.] කිසියම් වරදකට තරයේ දෝෂාරෝපණය කරනවා; තදින් බණිනවා.
දෙහිරු[නා.ප්‍ර.] මී මැස්සා; බමරා; භෘඞ්ගයා.
දෙහෙටිල්ල[නා.] ගෙඩි, මල් ආදිය නෙළා ගැනීමට පාවිච්චි කරනු ලබන කෙක්ක.
දේදුන්න[නා.] වාතයෙහි තිබෙන කුඩා දිය බිංදුවලට වැටෙන සූර්යාලෝකය වර්තනය වීම නිසා සෑදෙන වර්ණ සමූහය; දෙව් දුන්න; ඉන්ද්‍ර චාපය.
දේපළ ගිණුම(පාරිභා.) [නා.] පුද්ගලයකුගේ බූදලයේ වටිනාකම දැක්වෙන ගිණුම.
දේපළ බද්ද[නා.] රජය විසින් පුද්ගලයන් සතු දේපළවලින් අය කරන බදු මුදල.
දේපළ, දේපොළ[නා.] පුද්ගලයකුට හෝ ආයතනයකට අයිති ඉඩකඩම්, මිල මුදල් ආදි වස්තුව.
දේය ධර්මය[නා.] පිනට දීමට සුදුසු දෙය; දානය සඳහා යෝග්‍ය වස්තුව; දක්ෂිණාව.
දේව[වි.] දෙවියන් සම්බන්ධ වූ; දෙවියන්ට හෝ දිව්‍ය ලෝකයට අයත්; දිව්‍ය. 1. [නා.] දෙවියා; දේවතාවා. 2. [නා.] රජු; නරනිඳු. 3. [නා.] වැහි වලාකුළ; මේඝය. 4. [නා.] සංස්කෘත භාෂාව.
දේව අපරාධය(කථා.) [නා.] ඉතා බරපතල අපරාධය; අති මහත් වරද.
දේව ඇදහිල්ල1. [නා.] දෙවියන් කෙරෙහි ඇති භක්තිමත් විශ්වාසය. 2. [නා.] දෙවියන්ට කරන පුද පූජා.
දේව උරුමය(පාරිභා.) [නා.] රජවීමට හෝ මිනිසුන් පාලනය කිරීමට දෙවියන්ගෙන් ලද අයිතිය (=diving right).
දේව කථාව1. [නා.] දෙවියන් පිළිබඳ ව ගොඩ නැගුණු කතාන්දරය; දේව චරිත වටා ගොඩ නැගුණු කථාව. 2. [නා.] ස්වභාව ධර්මයේ සිද්ධීන් මත ප්‍රාතිහාර්යයන් ලෙස ගොඩ නැගුණු කථාව; අද්භූත කථාව.
දේව කෝපය[නා.] දෙවියන්ගේ උදහස; පාපයට සහ අධර්මිෂ්ඨ භාවයට දෙවියන්ගෙන් ලැබෙන දඬුවම; දෙවියන් කිපීම නිසා ඇතිවන උපද්‍රව.
දේව දාසයා[නා.] දෙවියන් වෙනුවෙන් කැප වී සේවය කරන්නා.
දේව දාසිය[නා.] දේවාලයෙහි නර්තනයේ යෙදෙන කාන්තාව.
දේව දෘෂ්ටිය[නා.] ලෝකය මවා රක්ෂා කරන සර්ව බලධාරි දෙවි කෙනෙක් ඇතැයි යන ඇදහීම; දේවාගම; දෙවියන් පිළිබඳ විශ්වාසය.
දේව දේවයා[නා.] දෙවියන්ගේ දෙවියා; මහාදේවයා; බ්‍රහ්ම, විෂ්ණු ආදි දෙවියන් සඳහා විහිතයි.
දේව නීතිය1. [නා.] රාජ නීතියටත්, ස්වාභාවික නීතියටත් උත්තරීතර වූ සේ සැලකුණු දෙවියන්ගේ නීතිය; දේව නියමය. 2. [නා.] අන්තිම නඩු තීන්දුව නම් ක්‍රිස්තියානි ග්‍රන්ථය.
දේව පනත[නා.] (ක්‍රිස්ති.) දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ පිළිපැදීම පිණිස පනවන ලද දස වැදෑරුම් ප්‍රඥප්තිය; දස පණත.
දේව පුත්‍රයා1. [නා.] දිව්‍ය ආත්ම භාවයක් ලබා සිටින තැනැත්තා; දෙව්ලොව වසන්නා; දෙවියා. 2. (ක්‍රිස්ති.) [නා.] දෙවියන් වහන්සේගේ පුත්‍රයා; යේසුස් ක්‍රිස්තුස් වහන්සේ.
දේව මන්දිරය[නා.] දෙවියන් වෙනුවෙන් කැප කරන ලද සිද්ධස්ථානය; කෝවිල; දේවාලය; පල්ලිය; දේවස්ථානය.
දේව මාතාව1. [නා.] ආදිත්‍යයන්ගේ මාතෘ වූ දෙවඟන; සූර්යයාගේ මව; අදිතිය. 2. (ක්‍රිස්ති.) [නා.] ක්‍රිස්තුස් වහන්සේගේ මව.
දේව මෙහෙය[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තියානි දේවස්ථානයන්හි දෙවියන් වහන්සේ වෙනුවෙන් පවත්වන පූජාව; දිනපතා හෝ සතියකට වරක් හෝ යාච්ඤා කිරීම් ආදියෙන් පවත්වන ආවතේවය; භෞතීස්මය, විවාහය, මරණය, ස්මරණ කටයුතු ආදි විශේෂ අවස්ථාවන්හි දෙවියන් වෙනුවෙන් පවත්වන පූජාව.
දේව සන්හිඳ[නා.] දෙවියන් සඳහා පුද පූජා පවත්වන ස්ථානය.
දේවකාරිය[නා.] අලුත ලබාගත් අස්වැන්නෙන් දෙවියන්ට කරන පූජාව.
දේවකේඩුව[නා.] දෙවියන් කිපීම නිසා ඇතිවන දුර්විපාකය; දෙවියන්ගෙන් ලැබෙන දඬුවම.
දේවගැතියා[නා.] (ක්‍රිස්ති.) ක්‍රිස්තු සභාවක පූජකවරයා; ක්‍රිස්තු දේවස්ථානයක් භාර ව සිටින පූජකවරයා; දෙවියන්ගේ සේවයට කැපවුණු පුද්ගලයා.
දේවත්වය[නා.] දෙව් බව; දිව්‍ය භාවය; දේව ස්වරූපය.
දේවතා බලිය[නා.] ආරක්ෂක දෙවියන්ට දිය යුතු දානය; දේව දානය.
දේවතාවා1. [නා.] දෙවියා; දේව පුත්‍රයා. 2. [නා.] විෂ්ණු, බ්‍රහ්ම, මහේශ්වරාදි මහේශාක්‍ය දෙවියන් සම්බන්ධයෙන් යෙදේ. 3. (ක්‍රිස්ති.) [නා.] ශුද්ධ වූ දිව්‍යමය ත්‍රිත්වය; පීතෘ, පුත්‍ර, ශුද්ධාත්ම යන ත්‍රිගුණයෙන් යුතු දෙවියන් වහන්සේ.
දේවදූතයා1. [නා.] දෙවියන්ගේ පණිවුඩකරුවා; දෙවියන් විසින් එවන නියෝජිතයා. 2. [නා.] බෞද්ධ පිරිත් පිංකම්වලදී දොරකඩ අස්න කියවීම නම් චාරිත්‍රයෙහි යෙදෙන කුඩා දරුවා හඳුන්වන නාමය.
දේවධර්මය1. [නා.] දේවභක්තිකයන් දෙවියන් පිළිබඳ ලියූ දේ; විවිධ දේවවාදීන් අදහන මත; දේවමතය. 2. [නා.] ලැජ්ජාව සහ බිය; හිරි ඔතප්; ලෝක පාලන ධර්මය.
දේවනාගර, දේවනාගරී[නා.] සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත කරනු ලබන අක්ෂර විශේෂය.
දේවාගම[නා.ප්‍ර.] දෙවියන් විසින් ලොව මවන ලද බව අදහන ආගම; සර්වබලධාරි දෙවියකු කෙරෙහි විශ්වාසයෙන් යුතු ව අදහන ආගම.
දේවාලය[නා.] දෙවියන් සඳහා ඉදි කළ ස්ථානය; දෙවියන් වෙනුවෙන් කැප කළ ගෘහය; දේවස්ථානය; දේව මන්දිරය.
දේවිය1. [නා.] දිව්‍යාංගනාව; දිව්‍ය ස්ත්‍රිය; දිව්‍ය කාන්තාව. 2. [නා.] රජ බිසව; මෙහෙසිය. 3. [නා.] උතුම් ස්ත්‍රිය; උත්තමාඞ්ගනාව.
දේශ ගවේෂකයා[නා.] අලුතින් රටවල් සොයා ගන්නා; කලින් නොදත් රටවල් ගවේෂණය කරන්නා.
දේශ විජය[නා.] රටවල් යටත් කරගැනීම; රටවල් ජය ගැනීම; දිග් විජය කිරීම.
දේශකයා1. [නා.] දේශනා පවත්වන තැනැත්තා; ධර්මදේශකයන් වහන්සේ. 2. [නා.] විශ්වවිද්‍යාල ආදි අධ්‍යාපන ආයතනයන්හි ඉගැන්වීම් දේශන ආකාරයෙන් ඉදිරිපත් කරන්නා; කථිකාචාර්යවරයා. 3. [නා.] එක් එක් විෂයයන් අරබයා ප්‍රසිද්ධියේ දේශන පවත්වන්නා; සභා අමතන්නා.
දේශක්කාරයා[නා.] පිටරැටියා; පරදේසක්කාරයා; විදේශිකයා.
දේශගුණ කලාප[නා.ප්‍ර.] දේශගුණය පදනම් කොට ගෙන පෘථිවිය බෙදා තිබෙන කලාප; එකිනෙකට වෙනස් දේශගුණයක් ඇති ප්‍රදේශ.
දේශගුණ චිකිත්සාව(පාරිභා.) [නා.] රෝග සුව කිරීම පිණිස දේශගුණයෙන් කරන ප්‍රතිකාර; ඇතැම් රෝග සුව කිරීම සඳහා දේශගුණය ප්‍රතිකර්මයක් ලෙස යොදා ගන්නා ක්‍රමය (=climatotherapy).
දේශගුණ සාධක[නා.බහු.] දේශගුණය කෙරෙහි බලපාන උෂ්ණත්වය, භූ විෂමතාව, වායු පීඩන, දියවැල් ආදි සාධක.
දේශගුණය[නා.] කිසියම් නිශ්චිත ප්‍රදේශයක හෝ රටක දිගු කලක් තිස්සේ පවතින වායුගෝලීය ස්වභාවය.
දේශජ[වි.] ස්වදේශයෙහි උපන්නා වූ; සිය රටෙහි හටගත්; විදේශික නොවූ.
දේශත්‍යාගය1. [නා.] රට අත්හැර යාම; විදේශගත වීම. 2. [නා.] රටින් පිටුවහල් කිරීම; රටින් නෙරපා දැමීම.
දේශද්‍රෝහියා[නා.] තම දේශයට එරෙහි වන්නා වූ පුද්ගලයා; තම රටට සතුරුකම් කරන්නා; තම රටට ද්‍රෝහිකම් කරන්නා; තම රටට විරුද්ධ ව කුමන්ත්‍රණවල යෙදෙන්නා.
දේශදේශාන්තර[වි.] නා නා දේශයන් තුළ; නොයෙක් රටවල් පිළිබඳ.
දේශනය1. [නා.] දේශනවා; පූජකවරුන් විසින් බැතිමතුන්ට කරන ආගමික කතාව. 2. [නා.] යම් විෂයයක් ඉගැන්වීම සඳහා කරන දීර්ඝ කතාව; යමක් පැහැදිලි කිරීමට හෝ විස්තර කිරීමට පවත්වන දීර්ඝ කතාව.
දේශනාපාලිය[නා.] බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මය; ත්‍රිපිටක බුද්ධ ධර්මය.
දේශපරිස්තිථිය[නා.] එක් එක් ප්‍රදේශයන්ගේ පිහිටීම; රටවල් වෙන් වශයෙන් පිහිටා ඇති ආකාරය.
දේශප්‍රවාසී(පාරිභා.) [නා.ප්‍ර.] රටින් පැනගිය තැනැත්තා; රටින් පලා ගිය තැනැත්තා (=emigre).
දේශප්‍රේමියා[නා.] රටට ඇල්ම ඇති පුද්ගලයා; රට තමන්ගේය යන හැඟීම ඇත්තා.
දේශපාලකයා[නා.] රටක පාලන කටයුතුවලට හවුල් වී කටයුතු කරන්නා; රටක පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකාරී ව මැදහත් ව සිටින්නා; යම් දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයා.
දේශපාලන ඒකකය[නා.] පාලනය සඳහා වෙන් කර ගත් ප්‍රදේශ ඒකකය; පළාත් දිස්ත්‍රික්ක, නගර ආදි වශයෙන් වෙන් කර ගත් පාලන කොට්ඨාසය.
දේශපාලන නිදහස[නා.] ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට ඇති නිදහස; දේශපාලනය අතින් ලබන ස්වාධීනතාව.
දේශපාලන පක්ෂ[නා.ප්‍ර.] ප්‍රජාතන්ත්‍රවාදි රටක දේශපාලන කටයුතු සඳහා ජනතාව විසින් පිහිටුවා ගන්නා පක්ෂ; එකිනෙකට වෙනස් දේශපාලන මත හෝ ප්‍රතිපත්ති දරන කණ්ඩායම්.
දේශපාලන විද්‍යාව[නා.] ආණ්ඩු කිරීම පිළිබඳ විද්‍යාව; දේශපාලන මූලධර්ම ඇතුළත් විද්‍යාව; විද්‍යාවක් ලෙස ඉගැන්වෙන දේශපාලන දර්ශනය.
දේශපාලන සම්මුතිය[නා.] දේශපාලනික ගැටලු විසදා ගැනීම සඳහා පක්ෂ දෙකක් හෝ වැඩි ගණනනක් අතර ඇති කර ගන්නා පොදු තීරණය; දේශපාලනමය කටයුතු සම්බන්ධයෙන් පක්ෂ දෙකක් හෝ වැඩි ගණනක් අතර ඇති කරගන්නා එකඟත්වය.
දේශපාලන ස්වාධිපත්‍යය[නා.] ව්‍යවස්ථාදායකය සතු අධිකාරි බලය.
දේශපාලනය[නා.] රට පාලනය කිරීමේ කටයුතු; රට පාලනය කිරීමේ ක්‍රමය.
දේශපූර්ණත්වය[නා.] රටක ඒකීයභාවය; රටක සමස්ත භාවය; එක් රටක් ලෙස පැවතීම.
දේශභාෂා1. [නා.ප්‍ර.] දේශීය ව්‍යවහාරය; රට තුළ ව්‍යවහාර වන භාෂාව. 2. [නා.ප්‍ර.] අන්‍ය දේශයන්හි ව්‍යවහාර වන භාෂාව; විදේශීය භාෂාව.
දේශමාමක[වි.] රට කෙරෙහි ඇල්ම ඇති; රට මගේ ය යන හැඟීමෙන් යුත්.
දේශය1. [නා.] රට; ජනපදය; භූමි ප්‍රදේශය. 2. [නා.] කොටස; කැබැල්ල; ඛණ්ඩය. 3. [නා.] තැන; ස්ථානය. 4. [නා.] පිටරට; විදේශය.
දේශව්‍යවහාරය[නා.] දේශයෙහි පවත්නා ව්‍යවහාරය; රට තුළ පවත්නා නීති රීති හා චාරිත්‍ර විධි; රටෙහි සම්මත නීති රීති සම්ප්‍රදාය.
දේශවාත්සල්‍ය[නා.ප්‍ර.] දේශයට ඇති ඇල්ම; රට කෙරෙහි පවත්නා ආදරය; දේශප්‍රේමය.
දේශසන්ධිය[නා.] ගොඩබිම් දෙකක් එකිනෙක යා කරන පටු බිම් තීරය; මහාද්වීපයක් හෝ අර්ධද්වීපයක් යා කෙරෙන බිම් කඩ.
දේශසීමාව[නා.] රටවල් දෙකක් වෙන් කරන මායිම; රාජ්‍ය සීමාව.
දේශාංශය, දේශාංශකය[නා.] ස්ථානයක මධ්‍යාහ්න රේඛාවත් ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාවත් අතර, නැගෙනහිරට හෝ බටහිරට අංශක වලින් මනින ලද සමකයේ චාපය; පෘථිවියේ ධ්‍රැවයෙන් ධ්‍රැවයට වැටුණු කල්පිත රේඛා; මධ්‍යාහ්න රේඛා; දේශාන්තර රේඛා.
දේශාටක[වි.] දේශයන්හි හැසිරෙන; දේශයන්හි සංචාරය කරන.
දේශාධිපතියා1. [නා.] රටක පාලකයා. 2. [නා.] ප්‍රදේශයක් පාලනය කරන්නා; ප්‍රදේශාධිපතියා.
දේශාන්තර1. [වි.] රටවල් අතර පවත්නා; දේශයන් අතර වන; ජාත්‍යන්තර. 2. [වි.] නා නා රටවලට අයත්; විදේශීය. 1. [නා.ප්‍ර.] විදේශය; පිටරට; අන්‍ය දේශය. 2. [නා.ප්‍ර.] ප්‍රදේශය; භූමිභාගය; බිම්පෙදෙස. 3. [නා.ප්‍ර.] දේශාංශ.
දේශාන්තර රේඛා[නා.ප්‍ර.] ස්ථානයක මධ්‍යාහ්න රේඛාවත් ග්‍රිනිච් මධ්‍යාහ්න රේඛාවත් අතර නැගෙනහිරට හෝ බටහිරට අංශකවලින් මනිනු ලබන සමකයේ චාපය. (=longitude).
දේශානුකූලකෘත(පාරිභා.) [වි.] රටවැසියකු බවට පත් කරන ලද; රටට උචිත පරිදි සකස් කළ; දේශීයත්වයට පත් කළ.
දේශානුරාගය[දේශ+අනුරාගය] [නා.] දේශයට පවත්නා ආදරය; රට කෙරෙහි ඇති භක්තිය; දේශය කෙරෙහි වූ ඇල්ම.
දේශීය[වි.] රටට අයත්; දේශය හා සම්බන්ධ; රටෙහි වූ.
දේසදීපංකරේ(කථා.) [නා.] නාඳුනන ප්‍රදේශය; අප්‍රකට ප්‍රදේශය; නිශ්චිත තොරතුරු නොදන්නා ප්‍රදේශය.
දේහ ලක්ෂණ ශාස්ත්‍රය[නා.] ශරීර ලක්ෂණ අනු ව පුද්ගලයකු පිළිබඳ තොරතුරු උගන්වන ශාස්ත්‍රය; දේහ ලක්ෂණ විද්‍යාව.
දේහත්‍යාගය1. [නා.] (ශරීරය අත්හැර දැමීම යනු වාව්‍යාර්ථයි) මරණය; මියයෑම. 2. [නා.] ශරීර පරිත්‍යාගය; දිවි පිදීම.
දේහනික්ෂේප[වි.] මරණයෙන් පසු සිරුර තැන්පත් කරන; මළසිරුර තැන්පත් කරන.
දේහය[නා.] ශරීරය; සිරුර; කය.
දේහාණුව[නා.] (සත්ව.) සෛලයක් තුළ තිබෙන ඕනෑ ම කුඩා අංශුවක්; රුධිරයේ ඝන කොටස් හා සම්බන්ධ නොවී ද්‍රව හෝ ඝන හෝ පූරකයක නිදැල්ලේ තිබෙන සෛලයක්.
දේහිනිය[නා.] කාන්තාව; ස්ත්‍රිය.
දෛනික[වි.] දිනය හා සම්බන්ධ; දිනයට අයත්.
දෛවඥයා[නා.] නක්ෂත්‍රය උගත් තැනැත්තා; නක්ෂත්‍රය ඉවහල් කොට ගෙන යම් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ අනාවැකි කියන්නා.
දෛවය1. [නා.] පුද්ගලයකුගේ ජීවිත සිදුවීම් දෙවියන් විසින් කල්තබා තීරණය කොට ඇතැයි කරන උපකල්පනය; ඉරණම; නියතිය. 2. [නා.] භාග්‍යය; වාසනවා.
දෛවයෝගය[නා.] නොසිතූ අයුරින් පුද්ගලයකුගේ ජීවිතයේ සිදුවන සිදුවීම්; ඉරණමේ ක්‍රියාකාරිත්වය; දෛවයේ හේතුවෙන් ජීවිතයේ සිදුවෙතැයි සිතන දේ.
දොක්කම්, දොක්කන්1. [නා.ප්‍ර.] පෙරළා දැමීම; තල්ලු කිරීම; ප්‍රපාතයකට හෙළීම. 2. [නා.ප්‍ර.] වනසා දැමීම; විනාශයට පත් කිරීම. 3. (කථා.) [නා.ප්‍ර.] කර පින්නා ගැනීම; උරහිස මත තබා ගැනීම.
දොට්ට යනවා1. (කථා.) [ක්‍රි.] එළියට යනවා; බැහැරට යනවා. 2. [ක්‍රි.] ශරීර කෘත්‍යයන්හි යෙදෙනවා.
දොඩමලු[වි.] නිතර කතා කරන; කතාව බහුල ව ඇති; මුඛරි; වාචාල.
දොම්නස[නා.ප්‍ර.] අසතුට; කනගාටුව; කනස්සල්ල.
දොඹකරය1. [නා.] කරකැවීමෙන් බර එසවීම හා බෑම කළ හැකි යන්ත්‍රය; විශාල බරක් එසවීමට භාවිතා කරන යන්ත්‍රය. 2. (කථා.) [නා.] ගවයන්ගේ කරපටෙහි එල්ලන බොලොක්කය.
දොර1. [නා.ප්‍ර.] ගෙයකට හෝ ගොඩනැගිල්ලකට ඇතුළුවන විවරය; දොරකඩ; ද්වාරය; ප්‍රවේශය; නුවරක් වටා ඇති පවුරක මුවදොර. 2. [නා.ප්‍ර.] දොරටුව වසන ලෑල්ල; ඇතුළුවීම වළක්වන ආවරණය; කඩුල්ල. 3. [නා.ප්‍ර.] ගෙදර; නිවස; වාසස්ථානය. 4. [නා.ප්‍ර.] මිදුල; ගෙදර ඉදිරිපස හෝ පිටුපස වත්ත. 5. [නා.ප්‍ර.] සඳැල්ල; සඳලුතලය. 6. [නා.ප්‍ර.] ආසන්න තැන; සමීපය. 7. [නා.ප්‍ර.] වීදිය; මාර්ගය; පාර. 8. (අභි.) [නා.ප්‍ර.] රූපාදි අරමුණු ඇතුළුවන මාර්ගය; අරමුණු පිවිසෙන මඟ; තුන්තිස්පෑ හෝ සති.
දොරකඩ අස්න[නා.ප්‍ර.] පිරිත් පිංකමකදී පිරිත් මණ්ඩපයේ දොරටුවේ සිට කියන සංදේශය; සති පිරිත් දේශනාවෙහි අවසන් දින උදයේ විහාර අස්නයෙන් මංගල-ආටානාටිය සූත්‍ර අසනු පිණිස පැමිණෙන ලෙස මහා සංඝරත්නය විසින් දෙවියන්ට අණ කළ පසු තල්පතක ලියු ඒ සංඝානත්තිය රැගත් දේවදූතයා සතරවරම් දෙවියන් ඇතුළු සියලු දෙවියන් පිරිත් ඇසීමට සූදානමින් සිටින බව කියන ප්‍රකාශනය.
දොරටුපාලයා[නා.] නුවරක හෝ මාළිගාවක දොරටුවෙන් අනවසරයෙන් ඇතුලුවීමට එන පුද්ගලයන් හෝ පරසතුරු ආදින් වැළැක්වීමෙහි නියුක්ත සේවකයා; ද්වාරිකයා.
දොරදන් දෙනවා1. [ක්‍රි.] නිවසේ හෝ ඵ් අබියස ම දන් දෙනවා; ලබන්නා ගෙදරට ම කැඳවා දානය පිරිනමනවා. 2. [ක්‍රි.] තමන් සතු සියලුම දේ අන්‍යයනට පිරිනමනවා; තමන්ට නැති වුනත් තිබෙන සියල්ල දන් දෙනවා.
දොරුව1. [නා.] දළ බෑවුමක් සහිත පටු නිම්නය; උස් වූ බිම් දෙකක් අතර පිහිටි රළු ගල් සහිත ප්‍රදේශය. 2. [නා.] ගල් දෙබොක්කාව; කඳු දෙකක් අතර පිහිටි පටු මාර්ගය. 3. [නා.] දිය යට ගල්පරවල ඇති කුහරය. 4. (කථා.) [නා.] මැටි බඳුන් පුලුස්සන පෝරණුවේ ඉදිරිපස. 5. [නා.] දොර; දොරටුව.
දොවනවා, දෝනවා1. [ක්‍රි.] සෝදනවා; පිරිසිදු කරනවා. 2. [ක්‍රි.] (විශේෂයෙන් එළදෙනගේ) තනපුඩුවෙන් කිරි ඇදගන්නවා; කිරි දොවනවා.
දොස්1. [නා.ප්‍ර.] වරද; වරැද්ද; අන්තරාය; දෝෂ. 2. [නා.ප්‍ර.] වා පිත් සෙම් කිපීම් නිසා ශරීරයේ ඇතිවන රෝගී තත්ත්වය.
දොහෝ[නා.] සංශය, විස්මය ආදි අර්ථයන්හි යෙදෙන නිපාතයක්.
දොළ1. [නා.ප්‍ර.] හිතේ හට ගන්නා දැඩි ආශාව; අභිරුචිය. 2. [නා.ප්‍ර.] ගර්භණී කාන්තාවන්ට ඇති වන විශේෂ ආශාව. 3. [නා.ප්‍ර.] යක්ෂ ප්‍රේතාදින් සඳහා දීමට ගන්නා ආහාරපාන සහිත පිදේනිය; දොළ පිදේනි තටුව. 4. [නා.ප්‍ර.] ගලා බස්නා දිය පාර; දිය කඳුර 5. [නා.ප්‍ර.] රමණීය වන ප්‍රදේශය.
දොළ දුක[නා.] ගැබිණියකට ඇති වන විශේෂ ආශාව; එය සන්සිඳෙන තෙක් පවතින දුක.
දොළදෙනවා1. [ක්‍රි.] ප්‍රේතාදීනට ආහාර පානාදිය යක්ෂ පුදනවා; නැටුම් ආදිය පවත්වා පිදේනි බාර දෙනවා. 2. [ක්‍රි.] (රූඪි.) අල්ලස් දෙනවා.
දොළපිදවිලි, දොළපිදේනි1. [නා.ප්‍ර.] යක්ෂ ප්‍රේතාදින්ට දෙන ආහාර පානාදියෙන් යුත් තටුව; දොළ පුද මැස්ස. 2. (රූඪි.) [නා.ප්‍ර.] අල්ලස් වශයෙන් දෙන දෙය.
දොළස, දොළහ[නා.] දහයට දෙකකින් වැඩි ගණන; ද්වාදශය.
දොළො[නා.ප්‍ර.] දුක; ආශාව නිසා හටගන්නා දැඩි දුක.
දොළොස්වක[නා.] පුරපක්ෂයේ හෝ අවපක්ෂයේ දොළොස් වැනි තිථිය.
දෝ1. [නා.ප්‍ර.] රශ්මිය; ආලෝකය. 2. [නා.ප්‍ර.] දෙක; යුගල. 3. [නා.ප්‍ර.] තාරකාව. [වි.] සෝදන ලද; සේදූ.
දෝංකාරය[නා.ප්‍ර.] ශබ්ද පරාවර්තනයෙන් හටගන්නා රාවය; ප්‍රතිරාවය; ප්‍රතිධ්වනිය.
දෝඩු(කථා.) [නා.ප්‍ර.] සූදානම; ලෑස්තිවීම.
දෝණ[නා.ප්‍ර.] ධාන්‍ය මැනීමේ මිම්මක්; ලාස් හතර; ද්‍රෝණය; තිඹ.
දෝණිකාව1. [නා.] ඔරුව හෝ එබඳු හැඩය ඇති භාජනය; ජලමුද්‍රිත වැසිකිළියක මල මූත්‍ර ධාරකය. 2. [නා.] කෝෂය; නළය.
දෝණිය1. [නා.] දුවණි; දියණිය; දූ. 2. [නා.] භාජනය; ඔරුවක් වැනි භාජනය. 3. [නා.] කුඩා ඔරුව; සුලුප්පුව.
දෝණියන් දෑ[නා.] (ගෞර.) දියණියෝ; දුහිතෘ.
දෝත1. [නා.] අත් දෙක; දෑත. 2. [නා.] අත් දෙක බොකු කර එකට ඇල්ලූ කල එහි රඳන ප්‍රමාණය; හස්තපුටය.
දෝතලු[නා.ප්‍ර.] කුඩා පුවක් වර්ගයක්; ලේන්තැරි මෙන් කුඩා රත් පැහැති ගෙඩි ඇති තාල වර්ගයේ ගසක්.
දෝතිය[නා.] ඉන්දියාවේ පිරිමින් අඳින ඇඳුමක නාමය; අධෝකාය වසා අඳින ඇඳුමකි.
දෝදු[වි.] සිහිවිකල්; සිහිමද; උමතු.
දෝන[වි.] පුර්තුගීසි නම් අනුව කාන්තාවගේ නමෙහි මුලට යෙදෙන ගරු නාමයක්.
දෝනාව[නා.] පතල්වල උමඟ හාරන ඉල්ලම් මග; හරස් අතට කනින බිම්ගෙය; පොළොව යට හාරන උමඟ.
දෝපණ[නා.] දෝත; අත්දෙක.
දෝපත[නා.] පහත් තෙත් බිම්; දෙණිය.
දෝපෙළ[නා.ප්‍ර.] තාරකා පේළිය; තරු වැළ.
දෝමනස්සය[නා.] දොම්නස; දුක්වේදනාවට බර චිත්තලක්ෂණය.
දෝරය[නා.] ගලායන දියරය; ගලන ද්‍රවය; දහර; ධාරාව; දියකඩ (=flush)
දෝර්දණඩ[නා.ප්‍ර.] දිග අත්; අත් අඩුව; බාහු දණ්ඩ.
දෝරේ ගලනවා[ක්‍රි.] දියරක් ගලා යනවා; දහරාවක් වශයෙන් යනවා; හැම අතට ම ගලා පැතිර යනවා.
දෝලකය[නා.] දෝලනය ඇති කරන දෙය; පැද්දෙන දෙය.
දෝලනය[නා.] දෙපසට පැද්දීම; නියම් කාල රිද්මයක් අනුව එක් පසෙක සිට අනෙක් පසට පැද්දීම (= oscillation).
දෝලාකෙළිය[නා.] ඔන්චිලි පැදීමේ ක්‍රීඩාව; කෙළි පිණිස ඔන්චිලි පැදීම.
දෝලාව1. [නා.] මිනිසුන් විසින් උසුලා ගෙන යා යුතු වන යාන විශේෂයක්. 2. [නා.] ඔංචිල්ලාව; ඕවිල්ල.
දෝලිය1. [නා.] දෝලාව; සිවි ගෙය; තොටිල්ල; භූමිදානය සඳහා මිනිය දමාගෙන යන පැස හෝ පෙට්ටිය. 2. [නා.] රාජ කන්‍යාව; රජ මෙහෙසිය; රජ කුමරිය.
දෝවනය[නා.] සේදීම; පිරිසිදු කිරීම; ධෝවනය.
දෝවාරිකයා[නා.] දොරටුවෙහි නියුක්තයා; දොරටුපාලයා.
දෝෂය[නා.] වැරැද්ද; අනිටු විපාකය; රාගාදී කෙලෙස්; අපලය; වා පිත් සෙම් ආදි දොස්; ශරීරයෙහි ඇතිවන යම් යම් රෝග පීඩාදිය; ආබාධය.
දෝෂාභියෝගය[දෝෂ+අභියෝගය] [නා.] නීතිය, සදාචාරය ඉක්මවා නිලයෙන් පැවරී ඇති රාජකාරි බලය වරප්‍රසාද ආදිය පාවිච්චි කරන, ජනාධිපතිවරුන්, විනිසුරුවන් වැනි රජය කරවන්නන් සඳහා වූ අධිකරණ ක්‍රියාවලියක මුල් පියවර වූ චෝදනා ඉදිරිපත් කිරීම; රාජ්‍ය ද්‍රෝහී වීම වැනි රජයට විරුද්ධ බරපතල සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හෝ නිල වරප්‍රසාද නිසා හෝ අධිකරණයට යොමු කළ නොහැකි අයට විරුද්ධ ව ගන්නා වූ අධිකරණමය ක්‍රියාමාර්ගයක් (= impeachment).
දෝෂාරෝපණය[දෝෂ+ආරෝපණය] [නා.] දොස් පැවරීම; දොස් නැගීම; යම්කිසිවකුගේ වැරැද්දකට දොස් තැබීම.
දෝස1. [නා.ප්‍ර.] ත්‍රිවිධ අකුශල මූලයන්ගෙන් එකක්; ද්වේශය; අනුන් පිළිබඳ ඇතිවන නපුරු හැඟීම. 2. [නා.ප්‍ර.] වැරැද්ද; අයහපත; දොස. 3. [නා.ප්‍ර.] ශරීරයෙහි වා පිත් සෙම් කිපීමෙන් සිදුවන අයහපත. 4. [නා.ප්‍ර.] කිසියම් උපකරණයක හෝ යන්ත්‍ර සූත්‍රාදියක ඇතිවන අඩුපාඩු.
දෝසි[නා.ප්‍ර.] සීනි යොදා නෙල්ලි, ඉඟුරු, පුහුල් ආදියෙන් සාදාගන්නා කල් තබාගත හැකි කැවිලි වර්ගයක්.
දෝහ[නා.ප්‍ර.] සතුරුකම; විශ්වාසය කඩ කිරීම.
දෝහන[නා.ප්‍ර.] පියයුරුවලින් කිරි දොවා ගැනීම, දෙවීම.
දෝහළය[නා.] දොළ දුක; ආශාව.
දෞර්ජන්‍යය[නා.] දුර්ජනභාවය.
දෞර්මනස්‍යය[නා.] දොම්නස; කනස්සල්ල; අප්‍රසන්නතාව
මිශ්‍ර සිංහල හෝඩියේ හතළිස් දෙවැනි අකුර; විසිතුන් වැනි ව්‍යඤ්ජනාක්ෂරය; දන්තජ මහාප්‍රාණ ඝෝෂ ස්පර්ශ ශබ්දය.
ධජය1. [නා.] රටක්, ජාතියක්, ආගමක්, වංශයක්, ආයතනයක් ආදියේ අනන්‍යතාව පිළිඹිබු කරන සංකේතය; කොඩිය; ධ්වජය; දදය. 2. [නා.] පිහාටුවක පිච්ඡිකා සහ පිච්ඡිකාංගවලින් සමන්විත කොටස (=vane).
ධන1. [නා.] ධනය. 2. (පාරිභා.) [නා.] එකතු කිරීම දක්වන ලකුණ; එකතු කිරීමේ ලකුණ වන + ලකුණ (=plus). 3. (පාරිභා.) [නා.] ඇති පැත්ත; තිබෙන දෙය; ඇති දෙය; පවත්නා දෙය (=positive).
ධන අග්‍රය(පාරිභා.) [නා.] විදුලියේ/ විද්‍යුතයේ අග්‍ර දෙකෙන් එකක්; දැඩි ආරෝපණය ඇති විදුලි මාර්ගයේ අග (=positive terminal).
ධන උත්ප්‍රේරකය(පාරිභා.) [නා.] රසායනික ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන ද්‍රව්‍යය.
ධන කුවේරයා[නා.] බොහෝ වස්තු ඇත්තා; ධනයෙන් ආඪ්‍ය තැනැත්තා; ධනයට අධිපතියා.
ධන දණ්ඩය[නා.] ධනය රාජසන්තක කිරීමෙන් දෙන දඬුවම; දේපල හා වස්තුව රජය අත්පත් කර ගැනීම.
ධන ධ්‍රැවය[නා.] කාන්දමක නිතැතින්ම ස්වාභාවික ලෙස උතුරට හැරෙන ධ්‍රැවය.
ධන විදුලිය[නා.] සාපේක්ෂ වශයෙන් ඉලෙක්ට්‍රෝන අඩුවීමෙන් සැදෙන විදුලිය.
ධන ස්ථානය[නා.] (ජ්‍යෝති.) ජන්ම කේන්ද්‍රයේ දෙවැන්න; ලග්නයෙන් දෙවැනි රාශිය.
ධනක්කීතා[නා.ප්‍ර.] පුරුෂයා විසින් මිලයට ගෙන භාර්යා භාවයෙහි තබා ගන්නා ලද ස්ත්‍රිය.
ධනකිරණ(පාරිභා.) [නා.ප්‍ර.] වායුවක් තුළ විද්යුත් විසර්ජනයට භාජන වන ධන විදුලිය ආරෝපණය වූ අණු හෝ පරමාණු ධාරා; නාල කිරණ (=positive rays).
ධනධාන්‍ය[නා.ප්‍ර.] මිල මුදල් සහ භෝග සම්පත්.
ධනපති1. [වි.] ධනයට ස්වාමි වූ; බොහෝ ධනය ඇති; ධනයෙන් ආඪ්‍ය; ධනවත්. 2. [වි.] ධනපතියන් පිළිබඳ; ධනවතුනට අදාළ; ධනපති ක්‍රමයට අයත්.
ධනභාණ්ඩ(පාරිභා.) [නා.ප.] නිෂ්පාදනයෙන් ධනය උපයා ගැනීමට මිල කළ හැකි භාණ්ඩ; නිෂ්පාදනය සඳහා උපයෝගී වන යන්ත්‍ර සූත්‍ර භාණ්ඩ.
ධනය[නා.] රන් රිදී ආදි වස්තුව; දේපොළ; මැණික් ගව මහිෂාදි සම්පත්.
ධනවත්[වි.] වස්තුව ඇති; ධනයෙන් යුක්ත; පොහොසත්; ඓශ්වර්ය සම්පන්න.
ධනවාදය[නා.] රටක නිෂ්පාදන මාර්ගවල අයිතිය පුද්ගලයන් සතු ව තබා ගැනීමේ ආර්ථික ක්‍රමය; ධනේශ්වර වාදය.
ධනස්කන්ධය[නා.] අති විශාල වස්තු ප්‍රමාණය; ධන රාශිය; ධන සම්භාරය.
ධනහානිය[නා.] ධනය විනාශ වී යාම; වස්තු භංගය.
ධන්‍ය[වි.] ධනය ලැබීමට වාසනාව ඇති; ධනවත්; වාසනාවන්ත; භාග්‍යසම්පන්න.
ධනාගාරය[නා.] වස්තු රැස්කර තබන ගබඩාව; භාණ්ඩාගාරය.
ධනාඪ්‍ය[වි.] වස්තුවෙන් පිරී ගිය; බොහෝ සම්පත් ඇති; සමෘද්ධිමත්.
ධනාත්මක චින්තනය[නා.] ජීවිතයේ කර්තව්‍යය දෙස සුභවාදී ව බැලීම; ඇති දෙය, පවත්නා දෙය පිළිබඳ යහපත් ආකල්පයක් පවත්වා ගැනීම.
ධනාර්ථි[නා.ප්‍ර.] වස්තුව ලබා ගැනීමට ආශා ඇත්තා; වස්තු තණ්හාව ඇත්තා; ධනලෝභියා.
ධනික[නා.ප්‍ර.] වස්තු ඇත්තා; ධන හිමියා; ධනවතා.
ධනිතාක්ෂරය[නා.] ධ්වනි හෙවත් ශබ්ද නංවන අකුරු; මහප්‍රාණ අකුරු.
ධනී[වි.] ධනය ඇති; පොහොසත්. [නා.ප්‍ර.] ධනවතා.
ධනු1. [නා.ප්‍ර.] දුන්න; චාපය. 2. [නා.ප්‍ර.] පැරණි දුර මිනුමක්; දුනු මිටේ දිග; හතර රියන.
ධනු කලාපය[නා.] ඊතල දමන කොපුව; හී කොපුව; හියවුර.
ධනුඃශිල්පය[නා.] දුන්නෙන් කරනු ලබන විදීම් ක්‍රමය උගන්වන ශාස්ත්‍රය; ධනුර්වේදය.
ධනුර්ධරයා[නා.] දුන්නෙන් විදීමේ ශිල්පය මනා සේ දත් තැනැත්තා; දුනුවායා.
ධනුෂ්පය(පාරිභා.) [නා.] ඇසේ දෘෂ්ටි විතානයට පිටුපසින් පිහිටි මැද විවරයක් ඇති කවාකාර වර්ණවත් සිවිය; තාරාමණ්ඩලය.
ධනේෂ්වර1. [වි.] මුදල් හිමි; ධනය ඇති; පොහොසත්; ධනවත්. 2. [වි.] මූලධනය ඇති; ප්‍රාග්ධනය හිමි.
ධනේෂ්වර වාදය[නා.] මූලධන හිමියන්ගේ වාසියට නැඹුරු වූ දේශපාලන න්‍යාය; ධනපති වාදය.
ධනෝපාර්ජනය[නා.] වස්තුව හරි හම්බ කිරීම; ධනය ඉපයීම; ධන සැපයීම; ධනාර්ජනය.
ධමනය1. [නා.] මුවින් වාතය වේගයෙන් නිකුත් කිරීම; පිඹීම. 2. [නා.] හක්ගෙඩිය; පිඹිනා සක.
ධමනිකාව[නා.] ධමනියක් නැවත බෙදී සිහින් ව සෑදෙන සිහින් ලේ නහරය; කුඩා ධමනිය.
ධමනිය(පාරිභා.) [නා.] හෘදය වස්තුවේ සිට ශරීරය පුරා රුධිරය ගෙන යන රුධිරවාහිනී විශේෂය (=artery).
ධමනී නාඩිය(පාරිභා.) [නා.] හෘදය වස්තුවෙහි ක්‍රියාකාරිත්වය නිසා ලේ ගමන් කරන නහරවල සිදුවන ස්පන්දනය.
ධමනී පද්ධතිය(පාරිභා.) [නා.] සමාන පටකවලින් යුත් ධමනි රාශිය.
ධම්ම1. [නා.ප්‍ර.] ලොව්තුරා දහම; ලෞකික තත්ත්වයෙන් මිදීමට උපකාරී වන ඥේය වස්තුව. 2. [නා.ප්‍ර.] පර්යාප්ති දේශනාව; ත්‍රිපිටක ධර්මය. 3. [නා.ප්‍ර.] චෛතසික ධර්ම; සිතේ උපදින කුසලාකුසල සිතිවිලි. 4. [නා.ප්‍ර.] පඤ්චස්කන්ධය; සත්ත්ව ශරීරයට අයත් කොටස්. 5. [නා.ප්‍ර.] ප්‍රඥාව; ලෞකික නුවණ. 6. [නා.ප්‍ර.] යුක්තිය; සාධාරණත්වය. 7. [නා.ප්‍ර.] ස්වභාවය; යථා තත්ත්වය. 8. [නා.ප්‍ර.] පිළිවෙත්; ආචාර විධි; ප්‍රතිපත්ති. 9. [නා.ප්‍ර.] දිය යුතු දෙය; දෙන වස්තුව.
ධම්ම නියාමය[නා.] ධර්ම ස්වභාවය; නියත වශයෙන් ම සිදුවන ස්වභාවය; හේතුව නිසා ඵලය අනිවාර්යයෙන් ම සිදුවන බව.
ධම්මචාරි[වි.] ධර්මය අනු ව හැසිරෙන.
ධර1. [වි.] උසුලන, දරන, දරා සිටින (ශිල්ප ශාස්ත්‍රාදිය) මනා සේ ධාරණය කර ගත්. 2. [වි.] එක දිගට ඇදහැලෙන ද්‍රව්‍ය.
ධරණ[වි.] උසුලන; දරණ.
ධරණය1. [නා.] පුරාතන බර මිනුමක්. 2. [නා.] පසෙහි ඇති දිරාපත් කාබනික ද්‍රව්‍ය කොටස. 3. [නා.] කෝණ මානයක යට සරල දාරය. 4. [නා.] සන්නායක ද්‍රව්‍යයක විදුලිය දැරීමේ ශක්තිය.
ධරණිතලය[නා.] පොළොව මතුපිට පෙදෙස; පෘථිවි පෘෂ්ඨය; පොළෝතලය.
ධරණීධර1. [නා.ප්‍ර.] කන්ද; කඳුවැටිය; පර්වතය. 2. [නා.ප්‍ර.] පෘථිවිය දරන්නා.
ධරණීපති[නා.ප්‍ර.] පොළවට අධිපතියා.
ධරනවා1. [ක්‍රි.] උසුලනවා; රඳා පවත්වා ගන්නවා; දරනවා. 2. [ක්‍රි.] පිළිගන්නවා; භාරගන්නවා 3. [ක්‍රි.] ඉගෙන ගන්නවා; ධාරණය කරනවා.
ධරමාන[වි.] පවතින; ජීවත් වන.
ධරය1. [නා.] යමක් උසුලන හෝ දරා සිටින දෙය. 2. (පාරිභා.) [නා.] ලීවරයක ස්ථාවර ව පිහිටි තැන; විවර්තනිය හෙවත් දරා සිටින ලක්ෂ්‍යය.
ධර්ම කථිකයා[නා.] ධර්ම දේශකයා; බණ කියන්නා; දහම් කතා කියන්නා.
ධර්ම චක්‍රය1. [නා.] බුදුදහම නිරූපණය කිරීමේ සංකේතයක් ලෙස දැක්වෙන චක්‍රාකාර රූපය. 2. [නා.] දම්සක් පැවතුම් සූත්‍රය. 3. [නා.] දහමේ අණසක; ධර්මයේ ආඥා බලය.
ධර්ම ජීවිකාව[නා.] වැරදි පැවතුම්වලින් මිදී ජීවත් වීම; ධර්මානුකූල ජීවිතය; දැහැමි පැවැත්ම.
ධර්ම ද්වීපය[නා.] ථෙරවාද බුද්ධ ධර්මය ආරක්ෂා කොට පවත්වාගෙන ආ දිවයින; දහම් දිවයින; ශ්‍රී ලංකාව.
ධර්ම දූතයා[නා.] ධර්මය පිළිබඳ පණිවුඩය ලොව නොයෙක් දිග් භාගවලට ගෙන යන්නා; ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන්නා.
ධර්ම දේශකයා[නා.] ධර්මය දේශනා කරන්නා; ධර්ම කථිකයා.
ධර්ම මණ්ඩපය[නා.] දහම් දෙසීම සඳහා භාවිත වන ශාලාව; බණ මඩුව.
ධර්ම යාත්‍රාව[නා.] ධර්මය දේශනා කිරීම සඳහා යෙදෙන චාරිකාව; ධර්ම ප්‍රචාරය සඳහා සැරිසැරීම.
ධර්ම යුක්තිය[නා.] අපක්ෂපාතී විසඳීම; සාධාරණ නඩු විසඳීම; ධාර්මික විසඳුම.
ධර්ම රත්නය[නා.] බුදුරදුන් විසින් වදාරන ලද ත්‍රිවිධ රත්නයෙන් දෙවැන්න වන ත්‍රිපිටක ධර්මය.
ධර්ම විජය[නා.] ධාර්මික භාවයෙන් ලබන ජය; යුද්ධයෙන් නොව දැහැමිබවෙන් ලබන දිනුම.
ධර්ම විනය[නා.ප්‍ර.] බුද්ධ ධර්ම දේශනාවලින් අන්තර්ගත සහ විනය කොට්ඨාස.
ධර්ම ශාසනය[නා.] බුදුරදුන් විසින් වදාරන ලද දහම; බුද්ධ දේශනාව හෙවත් ත්‍රිපිටක ධර්මය.
ධර්ම සංගායනාව[නා.] එක්රැස් ව ධර්මය සාකච්ඡා කිරීම; ධර්මය පිළිබඳ ව ඇති වන වැරදි මතවාද පරික්ෂා කොට ධර්මය සංස්ථාපනය සඳහා සම්මත කිරීම.
ධර්ම සභාව[නා.] ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදිය පවත්වන තැන; දම් සබය.
ධර්ම ස්කන්ධය[නා.] සමස්ත බුද්ධ ධර්මය; ත්‍රිපිටක බුද්ධ ධර්මය.
ධර්මකාමී[වි.] ධර්මයට කැමති; දහමට රිසි.
ධර්මකාය1. [නා.ප්‍ර.] බුදුරජාණන් වහන්සේගේ දසබල, චතුර් වෛශාරද්‍ය ආදි ගුණ සමූදාය. 2. [නා.ප්‍ර.] මහායානය අනු ව බුදුන් පිළිබඳ තුන් කායයෙන් එකක්.
ධර්මචින්තා1. [නා.ප්‍ර.] යහපත් අදහස්; දහමට නැඹුරු සිතිවිල්ල. 2. [නා.ප්‍ර.] මනෝ විඤ්ඤාණයට විෂය වන ධර්මතාව.
ධර්මතාව1. [නා.] ස්වභාවය; ස්වාභාවික ආකාරය. 2. [නා.] කලක් පුරුදු කළ චාරිත්‍ර ධර්ම; සිරිත් විරිත්
ධර්මදාන[නා.ප්‍ර.] ධර්මය (ප්‍රචාරයෙන්) අනුනට දීම; බණ කීම හා කියවීම.
ධර්මධරයා[නා.] ධර්මය මනා සේ දත් තැනැත්තා; ධර්මය දරන්නා; බුද්ධ ධර්මයෙහි විශාරදයා.
ධර්මය1. [නා.] බුදුන් දෙසූ දහම; බුද්ධ ධර්මය; පර්යාප්ති ශාසනය. 2. [නා.] දත යුතු දෙය; ඥෙය්‍යපථය. 3. [නා.] ස්වභාවය; දෙය; ප්‍රකෘතිය. 4. [නා.] නිවන; නිර්වාණය. 5. [නා.] ශීලය; ආචාර සම්ප්‍රදාය. 6. [නා.] යහපත; ගුණයහපත්කම. 7. [නා.] කුසල; පින්කම; පුණ්‍යකර්මය. 8. [නා.] යුක්තිය. 9. [නා.] හේතුව; ඵල උත්පාදක ශක්තිය. 10. [නා.] ආගමික ඉගැන්වීම්; චින්තනය; දර්ශනය. 11. (පාරිභා.) [නා.] නියමය; සිද්ධාන්තය (=law).
ධර්මවේදි[වි.] දහම පිළිබඳ දැන උගත්කම් ඇති; ධර්මය මැනවින් දන්නා.
ධර්මශාස්ත්‍ර1. [නා.ප්‍ර.] ආගම; ධර්මෝපදේශ. 2. [නා.ප්‍ර.] ධර්මය හා කලාශිල්ප. 3. [නා.ප්‍ර.] ධර්මානුකූල නීතිය.
ධර්මාචාර්යයා[නා.] ධර්මය ඉගැන්වීමෙහි හා පුහුණු කිරීමෙහි යෙදෙන ගුරුවරයා.
ධර්මාධිකරණය[නා.] යුක්තිය පසිඳින තැන; අධිකරණ ශාලාව; විනිශ්චය ශාලාව; උසාවිය.
ධර්මාධිපති[නා.ප්‍ර.] ධර්මයට නායකයා හෙවත් ධර්ම රාජයා වන බුදුරජාණන්වහන්සේ.
ධර්මානුකූල[වි.] ධර්මයට එකඟ; ධර්මය අනු ව පවත්නා; දහමට ගැළපෙන.
ධර්මානුස්මෘතිය[නා.] බුදුරජුන් විසින් වදාරන ලද ධර්මය නැවත නැවත මෙනෙහි කිරීම; අනුස්මෘති දහයෙන් එකක්.
ධර්මානුසාරි[වි.] ධර්මිෂ්ඨ; දහමට අනු ව හැසිරෙන්නා වූ; ධර්මය පිළිපදින්නා වූ; දැහැමි.
ධර්මාභියෝගය[නා.] ධර්මය නිතර පුරුදු පුහුණු කිරීම; ධර්මය අවබෝධ කර ගැනීම.
ධර්මාභිසමය[නා.ප්‍ර.] ධර්මය සපුරා අවබෝධ කර ගැනීම; මාර්ගඵලාවබෝධය.
ධර්මායතනය1. [නා.] ධර්මය උගන්වන ආයතනය. 2. [නා.] චක්ඛු, සෝත ආදි ආයතන දොළසින් එකක්.
ධර්මාසනය1. [නා.] ධර්ම දේශනාව සඳහා ම පිළියෙල කළ ආසනය. 2. [නා.] නඩු ඇසීමට හිඳිනා අසුන; විනිශ්චයාසනය.
ධර්මිෂ්ඨ[වි.] ධර්මයෙහි නියුතු; දහම්හි හැසිරෙන; දැහැමි.
ධරාග්‍රය[නා.] කඳු මුදුන; පර්වත මස්තකය; ගිරිහිස.
ධරාව(පාරිභා.) [නා.] ගර්භාශය; දරු බොක්ක.
ධව[නා.ප්‍ර.] ස්වාමි පුරුෂයා; භර්තෘ.
ධවල[වි.] සුදු; ශ්වේත; ශුභ්‍ර; හෙළ. [නා.] හක්ගෙඩිය; ශඞ්ඛය; සක.
ධවල පත්‍රිකාව[නා.] ඇතැම් අණ පනත් ආදිය නීතිගත කිරිමට පෙර ඒවා මහජනයාට කල් තබා දැනගැනීමට හැකි වීම සඳහා නිකුත් කෙරෙන නිල ලියවිල්ල.
ධවල මන්දිරය[නා.] අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිගේ නිල නිවාසය.
ධවලච්ඡත්‍රය[නා.] රජබවේ සංකේතයක් වශයෙන් පුරාණයේ දී සිංහාසනය මත නංවා තබන ලද සුදු කුඩය; සේසත.
ධවලාත පත්‍රය[නා.] සුදු කුඩය; ධවලච්ඡත්‍රය; සේසත.
ධ්වංසනය[නා.] විනාශ කිරීම; නසා දැමීම; වැනසීම.
ධ්වජ කේතුව[නා.] කොඩිය.
ධ්වජය1. [නා.] රටක හෝ ආයතනයක හෝ අනන්‍යතාව හඟවන සලකුණකින් යුත් රෙදි ආදියෙන් සකසා ගත් දෙය; කොඩිය. 2. [නා.] පුරුෂ නිමිත්ත. 3. [නා.] ලාඤ්ඡනය. 4. [නා.] වංචාව; කපටිකම.
ධ්වනි1. [නා.ප්‍ර.] ශබ්ද; හඬ; රාවය. 2. [නා.ප්‍ර.] වාච්‍ය අදහස ඉක්මවා මතු වන හැඟීම්; හැගෙන අදහස්; ගම්‍යමාන අර්ථ; ව්‍යංග්‍ය අර්ථ. 3. [නා.ප්‍ර.] භේරී තූර්ය භාණ්ඩ විශේෂයක්. 4. [නා.ප්‍ර.] කනෙට දැනෙන සංවේදකය; ශ්‍රවණ උත්තේජ ජනිත කරන කම්පන හා තරංග චලිත.
ධ්වනි තන්ත්‍රි(පාරිභා.) [නා.ප්‍ර.] ශ්වසනාලයේ ඉහළ කොටසේ ඇති සියුම් ශ්ලේෂ්මවත් පටල දෙක; ශබ්දතන්ත්‍රී (=vocal chords).
ධ්වනි තරංග(පාරිභා.) [නා.] ශබ්ද තරංගය.
ධ්වනි විද්‍යාව(පාරිභා.) [නා.] ධ්වනිය පිළිබඳ වූ හැදෑරීම; ශබ්ද විද්‍යාව.
ධ්වනි සණ්ඨානය(පාරිභා.) [නා.] තැටියකට ශබ්ද කැවීමාදියෙන් ධ්වනිය සටහන් කරගැනීම.
ධ්වනිචාරය(පාරිභා.) [නා.] ශාලාවක ධ්වනිය විසිරී යන ආකාරය.
ධ්වනිතාර්ථය[නා.] වචනයෙන් පැවසෙන අර්ථයට වඩා වැඩි අදහසක් (ව්‍යංග්‍යයෙන්) ප්‍රකාශවීම; වාව්‍යාර්ථය ඉක්මවා මතුවන ව්‍යංග්‍ය අර්ථය; ව්‍යංග්‍යාර්ථය.
ධ්වනිපේටිකාව[නා.] එක් පැත්තක ග්‍රැමෆෝන් නළාවක් හා අනෙක් පැත්තෙහි ඉදිකටුවකට සම්බන්ධ උපකරණයක් ද තිබෙන පටලයක් වටකොට පිහිටි අනුනාද පෙට්ටිය (=sound box).
ධ්වනිරෝධක(පාරිභා.) [වි.] ශබ්දය ගමන් නොකරන; හඬ පැතිරීම වළක්වන.
ධ්වනිවාදය[නා.] ධ්වනිය කාව්‍යයේ ආත්මය ලෙසට සැලකීමෙන් ආලංකාරිකයන් අතර ඇති වූ කාව්‍ය විචාරවාදය; කාව්‍යයක රස නිෂ්පාදනයේදී ව්‍යංග්‍යාර්ථය ප්‍රධානබවට පළ වූ මතය.
ධ්‍යාන සමාපත්ති[නා.ප්‍ර.] ධ්‍යාන සුවය.
ධ්‍යානය[නා.] භාවනාවෙන් ලබන දැඩි චෛතසික ඒකාග්‍රතාව; කිසියම් අරමුණක සිත යෙදීම.
ධ්‍යානලාභියා[නා.] ධ්‍යානයක් ලබා ගත් තැනැත්තා.
ධ්‍රැව1. [වි.] වෙනස් නොවන; නිත්‍ය; ස්ථිර. 2. [වි.] පෘථිවියේ හෝ ග්‍රහ ලෝකයක හෝ ධ්‍රැව ප්‍රදේශ හා සම්බන්ධ. 1. [නා.] පෘථිවියේ හෝ ග්‍රහ ලෝකයක හෝ අක්ෂයේ උතුරු දකුණු කෙළවර පිහිටි ලක්ෂ්‍ය. 2. [නා.] චුම්බකය මෙන් ආකර්ෂණ බලය හෝ විකර්ෂණ බලය එක් රැස් වුණු ලක්ෂ්‍ය දෙකින් එකක්; විද්‍යුත් අග්‍රයක්.
ධ්‍රැව තාරකාව[නා.] උත්තර ධ්‍රැවයට සම්පූර්ණයෙන් ම වාගේ මුදුන් වී පිහිටි තාරකාව (=polo star).
ධ්‍රැවණය(පාරිභා.) [නා.] අණුවක ධන හා ඍණ ආරෝපණය වෙන් වීම; ආලෝකයේ කම්පනය එක තලයක පමණක් සීමා කිරීම.
ධ්‍රැවිය දේහය[නා.] කිසියම් ජීවී විශේෂයකත් ජන්මාණුවකත් ධ්‍රැවය වටා ඇති ස්ථරය (=polocyte).
ධාතු1. [නා.ප්‍ර.] සෑම වස්තුවක් ම දරා සිටීමට උපකාරී වන මූල ද්‍රව්‍ය. 2. [නා.ප්‍ර.] බුද්ධාදි උතුමන්ගේ ශරීරයෙහි පූජනීය කොට සලකන ඇතැම් කොටස්. 3. [නා.ප්‍ර.] ශරීරයේ පැවැත්මට හේතුවන ශුක්‍ර ආදි පදාර්ථ. 4. (ව්‍යාක.) [නා.ප්‍ර.] ආඛ්‍යාත පදවල ප්‍රකෘතිය.
ධාතු කරඬුව[නා.] බුද්ධාදි පූජනීය උතුමන්ගේ ධාතු තැන්පත් කර ඇති මඤ්ජුසාව.
ධාතු ගර්භය[නා.] සර්වඥ ධාතු ආදි පූජනීය වස්තු තැන්පත් කිරීම සඳහා ස්තූපයක බඳෙහි මැද හිස් ව තබන කොටස.
ධාතු නිධානය1. [නා.] ශාරීරික ධාතු හා අන් පූජනීය වස්තු ආරක්ෂාව සඳහා නිධන් කොට තබන ස්ථානය. 2. [නා.] බුදුරදුන් ආදි උතුමන්ගේ ධාතු චෛත්‍යාදියක නිදන් කිරීම.
ධාතු පරිනිර්වාණය[නා.] (ශාසනය පවතින කාලසීමාව අවසානයෙහි) බුදුරදුන්ගේ ශාරීරික ධාතු සියල්ල මහ බෝමැඩට එක්රැස් ව ඉබේ ම ආදාහනය වීම.
ධාතු ප්‍රකෘතිය[නා.] (ව්‍යාක.) ප්‍රත්‍ය එක්වීමට කලින් ආඛ්‍යාතයක මූල ස්වභාවය; දාපියවිය.
ධාතු මන්දිරය[නා.] සර්වඥ ආදි උතුමන්ගේ ධාතු වඩා හිඳුවා ඇති මැදුර; ධාතු ගෘහය.
ධාතුක්ෂෝභය1. [නා.] ශරීරයේ තුන්දොස් කිපීම. 2. [නා.] පඨවි ආදි ධාතුන්ගේ කැළඹීම; පොළොවේ ධාතු කෝපවීම.
ධාතුඝර[නා.ප්‍ර.] දාගැබ්, චෛත්‍ය වටා ඉදි කරනු ලබන ආවරණ ගොඩනැගිල්ල.
ධාන්‍ය1. [නා.ප්‍ර.] තෘණ වර්ගයට අයත් වී, තිරිඟු. 2. (පාරිභා.) [නා.ප්‍ර.] එක් ඇටයක් සහිත කුඩා ඵලය.
ධාන්‍යාකාර[වි.] වී ගොඩක හැඩය ගත්.
ධාන්‍යාගාරය[නා.] ධාන්‍ය රැස් කර තබනු ලබන ගබඩා ගෙය; කොටුගෙය; ධාන්‍ය අටුව.
ධාරක[වි.] දරන; උසුලන; දරා සිටින. 1. [නා.] වාහකයා; උසුලන්නා; ගෙනයන්නා. 2. [නා.] ජීවියකු දරා සිටින ජීවියා; පරපෝෂකයා.
ධාරක චෙක්පත(පාරිභා.) [නා.] රැගෙන එන්නාට නියමිත බැංකුවට ඉදිරිපත් කිරීමෙන් මුදල් ලබාගත හැකි චෙක්පත.
ධාරක බිල්පත්(පාරිභා.) [නා.බහු.] ගෙවීමේ දී ඉදිරිපත් කරන්නාට ගෙවිය හැකි (නමක් සඳහන් නොකරන) බිල්පත්.
ධාරණ1. [වි.] රඳා පවතින; උසුලා සිටින; දරන; අල්ලා සිටින. 2. [වි.] මතකයේ සිටින.
ධාරණය1. [නා.] දැරීම; ඉසිලීම. 2. [නා.] සිතෙහි දැරීම. 3. [නා.] සිත නියමිත අරමුණක පිහිටුවා ගැනීම. 4. (පාරිභා.) [නා.] අහිතකර පරිසර තත්ත්වයන් දරා සිටීම සඳහා ශාකයකට ඇති හැකියාව. 5. [නා.] ශාක තුළ වැඩෙන පරපෝෂිත දරා සිටීම. 6. (පාරිභා.) [නා.] පිළිසිඳ ගැන්මේ සිට ප්‍රසූතිය දක්වා ගැබ දරා සිටීම. 7. (පාරිභා.) [නා.] මලමුත්‍ර පහ කිරීම වැනි වේගයන්ගෙන් වැළකී සිටීමේ හැකියාව.
ධාරණශීලතාව(පාරිභා.) [නා.] යකඩ, වානේ ආදියට කවන ලද කාන්දම් බලය රඳා පවත්වා ගැනීමේ ශක්තිය (=remanence).
ධාර්මික[වි.] දහමට අනුකූල; දැහැමි; ධර්මයෙන් යුක්ත; ධර්මානුකූල.
ධාරා ඌෂ්මකය(පාරිභා.) [නා.] වාතය ඇදෙන ගිනි උදුන (=blast burnance).
ධාරා ගෘහය[නා.] ස්නානය සඳහා වතුර මල් යොදා ඇති නාන කාමරය.
ධාරා මාපකය(පාරිභා.) [නා.] විදුලි ධාරාව මනින උපකරණය; ඇමීටරය.
ධාරාධර1. [නා.ප්‍ර.] ජල ධාරා දරා සිටින්නා; වලාකුළ; මේඝය. 2. [නා.ප්‍ර.] කඩුව; අසිපත.
ධාරානිපාතය[නා.] නොකඩවා ඇද හැලෙන වැසි දහර; මහවැස්ස.
ධාරාව1. [නා.] නොකඩවා ගලා යන දෙය; අඛණ්ඩ ප්‍රවාහය. 2. [නා.] ගලා යන විදුලි බලය; විද්‍යුත් ප්‍රවාහය.
ධාරිත නිෂ්පාදිතය(පාරිභා.) [නා.] නිෂ්පාදනය කරන ලද දෙයින් ඉතිරි කර ගන්නා ලද කොටස.
ධාරිතය[නා.] සිතෙහි ධාරණය කළ පෙළ දහම; ඇසූ පිරූ පිටකත්‍ර ධර්මය.
ධාරිතා බලය(පාරිභා.) [නා.] විද්‍යුත් ආරෝපණයක් ගබඩා කර තබා ගැනීමට ඇති හැකියාව.
ධාරිතාව[නා.] යමක් තුළ යමක් රඳවා තබා තවත් ගත හැකි ප්‍රමාණය; දරා සිටීමේ හැකියාව; ඉඩ ප්‍රමාණය; පරිමාව (=capacity).
ධාරී[වි.] උසුලා සිටින; දරා සිටින. [නා.] දරන්නා; උසුලන්නා; දරා සිටින්නා.
ධාවක[නා.ප්‍ර.] දුවන්නා; ධාවනයෙහි යෙදෙන්නා (=runner).
ධාවකය1. (පාරිභා.) [නා.] බිමට මුල් අල්ලමින් යන වැල. 2. [නා.] උපකරණයක ඒ මේ අත ගමන් කරවිය හැකි කොටස (=cursor).
ධාවනය1. [නා.] වේගයෙන් ගමන් කරවීම; ඉතා වේගවත් ගමන; දිවීම. 2. [නා.] ගලා යෑම; ගැලීම.
ධීමත්[වි.] ප්‍රඥාවන්ත; නැණවත්; බුද්ධිමත්. [නා.ප්‍ර.] බ්‍රහස්පති ග්‍රහයා.
ධීර1. [වි.] නුවණින් යුත්; ප්‍රාඥ. 2. [වි.] ධෛර්ය ඇති; දිරිමත්. 3. [වි.] හික්මුණු ගතියෙන් යුතු; ඉවසනසුලු. 4. [වි.] බලසම්පන්න.
ධීවරයා[නා.] කරදිය හා මිරිදිය මසුන් මැරීම පිළිබඳ කර්මාන්තයේ නියුක්තිකයා; මසුන් මරන්නා.
ධුත, ධූත[වි.] කම්පිත වූ; කෙලෙස් නැසූ.
ධුතඞ්ගය, ධුතංගය, ධුතාඞ්ගය[නා.] කෙලෙසුන් තැවීමේ අඞ්ගය; ක්ලේශයන් තැවීමට උපකාර වන චර්යාව.
ධුනනය[නා.] කම්පා කිරීම; සෙලවීම.
ධුර කාලය[නා.] තනතුරෙහි කටයුතු කරන කාලය; නිල කාලය; පදවිය; දරන කාලය.
ධුරන්ධර1. [වි.] පදවිය උසුලන; ධුරය දරන; නිලය දරන. 2. [වි.] ගැල් බර උහුලන; වියගස් දරන.
ධුරනික්ෂේපය1. [නා.] යම්කිසි වස්තුවක් හෝ කාර්යයක් පිළිබඳ ව ආශාව වගකීම හෝ භාරය අත්හැර දැමීම. 2. [නා.] බලාපොරොත්තුවක් නැතිකම; ධුරය අත්හැර දැමීම.
ධුරය1. [නා.] පදවිය; තනතුර; නිලය. 2. [නා.] ඉටු කළ යුතු කාර්යය; වගකීම; කාර්යය. 3. [නා.] වියගහ; රිය හිස; රථ ශීර්ෂය. 4. [නා.] දැරිය යුතු දෙය. 5. [නා.] උත්සාහය; වීර්යය; පරිශ්‍රමය.
ධුරාවලිය[නා.] තානාන්තර පද්ධතිය; තනතුර අනුපිළිවෙළ; නිල පන්තිය.
ධූපනය1. [නා.] දුම්ගැස්වීම; දුම් 2. [නා.] තෙල්වලින් තෙම්පරාදු කිරීම.
ධූපය1. [නා.] පූජා පිණිස දල්වන සුවඳ ද්‍රව්‍යය; ධූපන වර්ග; සුවඳ දුම් සඳහා ගන්නා ද්‍රව්‍යය. 2. [නා.] ඖෂධ ද්‍රව්‍ය දැවීමෙන් නඟින දුම ඉරීම.
ධූම1. [නා.ප්‍ර.] ගින්නෙන් නඟින දුම; යමක් පිලිස්සීමෙන් නඟින දුම. 2. [නා.ප්‍ර.] වාෂ්ප පටලය; මීදුම. 3. [නා.ප්‍ර.] ශරීරයේ පිත කෝප වීමෙන් හටගන්නා රෝග සතළිසෙන් එකක්.
ධූම කේතුව[නා.] වල්ගා තරුව.
ධූම පානය[නා.] දුම්කොළ ආදි කොළ වර්ග පිලිස්සීමෙන් නොහොත් තැම්බීමෙන් උපදින දුම ඉරීම; දුම්බීම.
ධූම යන්ත්‍රය[නා.] වාෂ්ප බලයෙන් ක්‍රියා කරන යන්ත්‍රය.
ධූම යාත්‍රාව[නා.] වාෂ්ප බලයෙන් ධාවනය වන යාත්‍රාව; දුම් බෝට්ටුව; දුම් නැව.
ධූම රථය[නා.] වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ඇන්ජිමකින් ධාවනය වන රථය; දුම්රිය.
ධූම රාජිය[නා.] දුම්රොද.
ධූමක ක්‍රියාව[නා.] විෂබීජ නාශනය සඳහා දුම්ගැස්වීමේ ක්‍රියාව; විෂබීජ නාශක ධූපනය.
ධූමකරය[නා.] කෘෂිකර්මයේ දී පසෙහි ජීවාණුකරණය සඳහා පාංශුධූම යෙදීම.
ධූමනය, ධූමායනය[නා.] දුම් ගැසීම; දුම් ඇල්ලීම; දුම්දීම.
ධූමලය[නා.] අහසට නැගුණු දූවිලි පටලය; ධූලි වලාකුළ.
ධූමවර්ණ[නා.ප්‍ර.] දුඹුරු පාට; දුඹුරු පැහැය.
ධූමසිඛා[නා.ප්‍ර.] ක්‍රමයෙන් සිහින් වී යන දුම් කඳ.
ධූමිකාව(පාරිභා.) [නා.] පොළොව මතුපිට හෝ ඊට ආසන්න වු තාවකාලික ව ඇතිවන ජල වාෂ්ප පටලය.
ධූර්තයාව[නා.] සුරාව, සූදුව, සල්ලාලකම ආදි දුසිරිත්වල ගැලුණු තැනැත්තා.
ධූලක රක්තිය(පාරිභා.) [නා.] ශරීරයේ පටක විෂ වීම; ලේ විෂ වීම.
ධූලකය(පාරිභා.) [නා.] සත්ත්වයන්ගේ සහ ශාකවල අභ්‍යන්තරයෙහි හටගන්නා රෝග කාරක ඓන්ද්‍රීය විෂ වර්ගයක්.
ධූලි, ධූලී[නා.ප්‍ර.] දූවිලි; දූවිල්ල; රජස්.
ධූසර1. [වි.] මඳ පඬු පැහැය ඇති; අළු පාටින් යුත්. 2. [වි.] ප්‍රසන්න නොවූ; නොපැහැදුණු.
ධූසරය[නා.] අළු පාට; අඳුරු පැහැය.
ධෘත[වි.] දරන ලද; පුරුදු කළ.
ධෘතරාස්ට්‍ර[නා.ප්‍ර.] සතරවරම් දෙවිවරු අතරින් එක් දෙවි කෙනෙකුගේ නාමය.
ධෘතිකය(පාරිභා.) [නා.] සමනලයන් වැනි කෘමින්ගේ ඉදිරිපස සහ පිටුපස පියාපත් එකට සම්බන්ධ කරන බද්ධය.
ධෘතිමත්[වි.] දිරිමත්; වීර්යවන්ත.
ධෘතිය1. [නා.] ධෛර්යය; වීර්යය. 2. [නා.] ස්ථිරසාරභාවය. 3. [නා.] සතුට; සන්තෝෂය; තෘප්තිය. 4. [නා.] යාගය.
ධෘෂ්ට[වි.] ගරු සරු නැති; බිය සැක නැති; පැකිලීමක් නොමැති.
ධේනුව[නා.] ගැහැනු සතා; සිව්පා සතුන්ගේ සහ පක්ෂීන්ගේ ගැහැනු සතා.
ධේය[වි.] දැරිය යුතු; ගත යුතු.
ධෛර්යය[නා.] නොවෙනස් ව ස්ථිර ව පැවතීමේ චිත්ත ශක්තිය; උත්සාහය; ධීරභාවය; විඳ දරා ගැනීමේ ශක්තිය.
ධෝත[වි.] සෝදන ලද; ධෝවනය කරන ලද.
ධෝතසඞ්ඛ[නා.ප්‍ර.] පිරිසිදු හක්ගෙඩිය.
ධෝවනය[නා.] ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා සේදීම; දෙවීම.
ධෞත[වි.] ධෝවනය කරන ලද.
සිංහල හෝඩියේ හතළිස් තුන් වැනි අකුර; විසිහතර වැනි ව්‍යඤ්ජනාක්ෂරය වූ මෙය අල්පප්‍රාණ ඝෝෂාක්ෂරයකි. දන්තජ අනුනාසිකයකි.
නං දොඩවනවා, නන්දොඩවනවා1. [ක්‍රි.] සිහිය විපරීත වීම නිසා දිගින් දිගට කියවනවා; විකාරයෙන් කතා කරනවා. 2. [ක්‍රි.] තේරුමක් නැති දේ පවසනවා; ප්‍රලාප දොඩනවා; හිස්බස් කියනවා.
නංගී1. [නා.] බාල සහෝදරිය; නැගණිය. 2. [නා.] වයසින් තමාට වඩා බාල ස්ත්‍රීන් සඳහා යොදන ආමන්ත්‍රණ පදයක්.
නංඩුව, නණ්ඩුව1. [නා.] වී, තිරිඟු ආදි ධාන්‍ය ඇටවල පවතින සිහින් දැඩි කෙන්ද; නරුව. 2. (පාරිභා.) [නා.] ඇණ ගැලවීම සහ තද කිරීම සදහා භාවිත කරන අඬුව.
නක, නඛ1. [නා.ප්‍ර.] නියපොත්ත; නිය. 2. [නා.ප්‍ර.] නිකාය; ආගමික නිකාය.
නකත, නැකත1. [නා.] අහසේ රාශි චක්‍රයෙහි පිහිටි විසි වැදෑරුම් තාරකා ගණ විසිහතෙන් එකක්. 2. [නා.] සුබ මොහොත; නැකත් වේලාව. 3. [නා.] තරුව; තාරකාව.
නකත් කෙළිය, නැකැත් කෙළිය[නා.] නක්ෂත්‍ර යෝගයක් මුල් කොට ගෙන පවත්වන ලද සැණකෙළියක්.
නක්කලය1. (කථා.) [නා.] අවහිරය; බාධාව; සම්බාධකය; කරදරය. 2. (කථා.) [නා.] සමච්චලය.
නක්කල්(කථා.) [වි.] නරක; නුසුදුසු; අශෝභන; අගෝචර.
නක්ත[නා.ප්‍ර.] රාත්‍රි කාලය; රාත්‍රිය; රැය.
නක්ෂත්‍ර ඒකකය(පාරිභා.) [නා.] සෞරග්‍රහ මණ්ඩලය තුළ දුර මැනීම සඳහා භාවිත කරන ප්‍රධාන ඒකකය.
නක්ෂත්‍ර දවස(පාරිභා.) [නා.] ධ්‍රැව තාරකාව වටා සම්පූර්ණ වටයක් යන පරිදි තාරකාවක දෘශ්‍ය ගමන සඳහා ගතවන කාලය.
නක්ෂත්‍ර මහාදශාව[නා.] මිනිසකුගේ පරමායුෂ අවුරුදු එකසිය විස්සක් කොට සලකා, කාලය පිළිවෙළින් රවි, චන්ද්‍ර, කුජ, රාහු, ගුරු, ශනි, බුධ, කේතු, කිවි යන ග්‍රහයන් අතර බෙදීමේ දශා ක්‍රමය; විංශෝත්තරී දශාව.
නක්ෂත්‍ර විද්‍යාව[නා.] ග්‍රහතාරකා සහ එයින් ලෝකයට වන බලපෑම පිළිබඳ වූ ශාස්ත්‍රය; ජ්‍යෝතිශ්ශාස්ත්‍රය.
නක්ෂත්‍රඥයා[නා.] ජ්‍යොතිශ්ශාස්ත්‍රඥයා; දෛවඥයා.
නක්ෂත්‍රය1. [නා.] තරුව; තරු සමූහය; නැකත. 2. [නා.] ආකාශ වස්තු පිළිබඳ උගන්වන ශාස්ත්‍රය; නැකැත් ශාස්ත්‍රය; ජ්‍යෝතිශ්ශාස්ත්‍රය. 3. [නා.] රාශි චක්‍රයේ විසි හතෙන් පංගුව. 4. [නා.] යම්කිසි සිදුවීමක වේලාව හෝ යම් කාර්යයක් සිදු කිරීම සඳහා යොදා ගන්නා සුබ වේලාව; නැකත.
නක්ෂත්‍රයෝගය[නා.] ඇතැම් නැකැත් සහ ග්‍රහයන් එක් ව යෙදීම.
නකුල[නා.ප්‍ර.] මාංශ භක්ෂක කුඩා සිවුපාවෙක් වන මුගටියා.
නඛපඤ්ජරය[නා.] සිවුපාවුන්ගේ සහ පක්ෂීන්ගේ නිය පොකුර; නියපඳුර.
නඛරය1. (පාරිභා.) [නා.] පෘෂ්ඨවංශීන්ගේ උල් නියපොත්ත; සිවුපාවන්ගේ හා පක්ෂීන්ගේ ගාත්‍රයක අග තිබෙන උල් වකුටු නිය. 2. [නා.] ඇතැම් මල්වල දලයේ සිහින් දිග පහටිය.
නඛායුධ[නා.ප්‍ර.] උල් වූ නිය ඇති සතා; සටනෙහි දී සහ ගොදුරු අල්ලා ගැනීමෙහි දී නිය ආයුධ කොට ගන්නා සතා.
නගණය[නා.] (ඡන්දස් ශාස්ත්‍රයෙහි එන ගණ අට අතුරෙන්) ලඝු අක්ෂර තුනක් ඇති ගණය.
නගනය[නා.] ඇස් පිහාටු පර්යන්තයෙහි මතු වී වේදනා ගෙන දෙමින් දින කීපයකින් සුව වන බිබිලි වෙසෙසක්.
නගනවා, නඟනවා1. [ක්‍රි.] ඉහළට ඔසොවනවා; උස්සනවා; උස් සිටිනසේ සාදනවා. 2. [ක්‍රි.] මතු කරනවා; ගොඩ ගන්නවා; උඩට ගන්නවා. 3. [ක්‍රි.] තනනවා; සාදනවා; ගොඩ නගනවා. 4. [ක්‍රි.] පිටුවහල් කරනවා; පිටත් කරනවා; නෙරපනවා. 5. [ක්‍රි.] වමාරනවා; පිට කරනවා. 6. [ක්‍රි.] ඇති කරනවා; උපදනවා; උපයනවා. 7. [ක්‍රි.] දමනවා; ලනවා; තැන්පත් කරනවා. 8. [ක්‍රි.] එක් භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කරනවා. 9. [ක්‍රි.] උසස් කරනවා; වැඩි දියුණු කරනවා.
නගර ද්වාරය[නා.] නගරයට ඇතුළුවීමට තිබෙන දොරටුව; නුවර දොරටුව.
නගරබද1. [වි.] නගරයට කිට්ටුව පිහිටි; නුවරට යාබද; නගරාසන්න. 2. (කථා.) [වි.] නගරයට අයත්; නුවර හා සම්බන්ධ; නාගරික.
නගරය[නා.] වැඩි ජනගහනයක් සහිත ජනතාවට අවශ්‍ය පහසුකම්වලින් යුක්ත කාර්යාල, ආයතන, කර්මාන්තශාලා, වෙළඳසැල්, වීදි මන්දිර ආදියෙන් පිරුණු ජනාවාස ප්‍රදේශය.
නගරවින්‍යාසය[නා.] නගරයක ව්‍යාප්තිය සහ සංවර්ධනය විධිමත් ලෙස කිරීම සඳහා සැලසුම් සම්පාදනය.
නගරශාලාව1. [නා.] නගර පාලනය පිළිබඳ මූලස්ථානය වශයෙන් යොදාගනු ගොඩනැගිල්ල ලබන; පුරහල. 2. [නා.] නගරසභා කාර්යාල භූමියේ පිහිටා ඇති ප්‍රධාන දේශනාදිය පැවැත්විය හැකි ගොඩනැගිලි කොටස; දෙසුම්හල.
නගරශෝභිනිය1. [නා.] පුරාණ සමාජයන්හි නගරයට අත්‍යවශ්‍ය අංගයන් සේ සැලකුණු නෘත්‍ය ගීතාදියෙන් අගතැන්පත් රූප සුන්දරිය. 2. [නා.] ඉහළ පෙළේ වෛශ්‍යාව.
නගරසභාව[නා.] නගර පාලනය සඳහා නගර වැසියන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරනු ලබන නියෝජිත මණ්ඩලය (=urban council).
නගරසභිකයා[නා.] නගරසභාවක කොට්ඨාසයක් නියෝජනය කිරීම සඳහා ඡන්දයෙන් තෝරා පත් කරන ලද තැනැත්තා; නගරසභාවේ සාමාජිකයා.
නගරාඞ්ගණය[නා.] නගරයක උත්සව, සමාජ සන්දර්ශන පොදු ක්‍රීඩා, සැණකෙළි ආදිය පැවැත්වීම සඳහා වෙන් කරන ලද ප්‍රධාන පිට්ටනිය.
නගරාධිපති[නා.ප්‍ර.] නගරවාසීන්ගේ ඡන්දයෙන් තේරී පත්වී නගරය පාලනය කරන සභාවේ සභාපති; නගරසභාවේ ප්‍රධානයා.
නගරාරක්ෂකයා[නා.] නුවර රැකවල් කිරීමේ යෙදී සිටින්නා; නගරය රැකබලා ගන්නා නිලධාරියා.
නග්න1. [වි.] විළි නොවසන; නිරුවත්; නිර්වස්ත්‍ර. 2. [වි.] ගහකොළ කිසිවක් නැති; මුඩු. 3. (පාරිභා.) [වි.] ඇවිරීමක් නැති; අනාරක්ෂිත; පරිවරණයෙන් තොර.
නග්නීකරණය1. (පාරිභා.) [නා.] ස්වාභාවික හේතු නිසා හෝ කෘත්‍රිම උපක්‍රමවලින් හෝ පෙදෙසක් ගස්වැල්වලින් තොර මුඩුබිමක් බවට පත්වීම. 2. [නා.] පාෂාණවල රසායනික හා යාන්ත්‍රික ඛණ්ඩනය; පෘථිවි පෘෂ්ඨය ගෙවී යෑම.
නඞ්ගලාස්ථිය(පාරිභා.) [නා.] නාස් කුහර දෙක එකිනෙකින් වෙන් කරන නඟුලක හැඩය ගත් මෘදු ඇටය. (=vomer).
නඟිනවා, නගිනවා1. [ක්‍රි.] කිසිවක් මතට ගොඩවෙනවා; ආරෝහණය වෙනවා. 2. [ක්‍රි.] උඩට එනවා; උදාවෙනවා; මතුවෙනවා. 3. (කථා.) [ක්‍රි.] උසස් දියුණුවට පත් වෙනවා. 4. (රූඪි.) [ක්‍රි.] කෝපයට පත් වෙනවා; කේන්ති යනවා; තරහ යනවා. 5. [ක්‍රි.] වැඩෙනවා.
නඟුට, නගුට[නා.] වලිගය; වාලධිය.
නඟුල, නගුල1. [නා.] සී සෑම සඳහා භාවිත කරන උපකරණයක්. 2. [නා.] වලග; වාලධිය.
නඟුල් තරුව[නා.] නගුලක හැඩය ගන්නා තරුපෙළ; මහවලස් තරුව; සප්තර්ෂි තාරුකා පංතිය.
නච්ච[නා.ප්‍ර.] නැටුම; නෘත්‍යය.
නටනවා1. [ක්‍රි.] නර්තනය කරනවා; රඟපානවා. 2. [ක්‍රි.] ද්‍රවයක් තාපාංශකයට රත් වෙනවා; කැකෑරෙනවා; පැසෙනවා. 3. [ක්‍රි.] සෙලවෙනවා; චලිත වෙනවා.
නටබුන්[නා.ප්‍ර.] යමක් විනාශයකට පත්වීමෙන් පසු ඉතිරි වී ඇති එහි කොටස්; කැඩී බිඳී විනාශ වී ඉතිරි ව ඇති කොටස්; නෂ්ටාවශේෂ.
නටරාජා[නා.] නැටුමට අධිපති දෙවියා වන ශිවදෙවි; ඊශ්වර.
නටු1. [වි.] කෙට්ටු; සිහින්; කෘශ. 2. [වි.] නාස්ති වූ; විනාශ වූ; නෂ්ට වූ.
නටුව, නැටිය, නැට්ට[නා.] ශාකයක කොළ, මල් ගෙඩි ආදිය අත්තට හෝ කඳකට සම්බන්ධ කරන සිහින් දිගැටි අවයවය; තුවටුව; වෘන්තය.
නඩංගු වෙනවා[ක්‍රි.] (කිසියම් කාර්යයක් සඳහා ) බෙහෙවින් වෙහෙස වෙනවා; හිරිහැර වෙනවා; කරදර වෙනවා.
නඩත්තුව1. [නා.] අවශ්‍යතා සපුරමින් පෝපෝෂණය කිරීම; ජීවිකාව සැලැස්වීම; රැකීම; පරිපෝෂණය 2. [නා.] යම්කිසි දෙයක් මැනවින් පවත්වා ගැනීම; නිසි ලෙස පවත්වා ගැනීම; ආරක්ෂා කරමින් රැකගැනීම.
නඩය, නඩේ1. [නා.] (වන්දනා, ගමන් ආදිය යාමේ දී) එකට එකතු වන පිරිස, කණ්ඩායම. 2. [නා.] ආලින්දය; පිළ; වටපිළ.
නඩලම[නා.] කෝලම; විකාරය; විහිළුව; විගඩම.
නඩාව[නා.] රෙදි විවීමේ දී දික් නූල් අතරෙන් හරස් නූල් යැවීම සඳහා යොදා ගන්නා උපකරණය; සටලය.
නඩු තීන්දුව[නා.] නඩු විභාගයක අවසානයෙහි අධිකරණය විසින් දෙනු ලබන තීරණය; නඩුවේ විසඳුම (=judgement).
නඩු විභාගය[නා.] අධිකරණයට ඉදිරිපත් වූ කරුණ පිළිබඳ ව තීරණයක් ගැනීම සඳහා පැමිණිලිකාර සහ විත්තිකාර දෙපක්ෂයෙන් කරුණු විමසීමේ ක්‍රියාවලිය.
නඩුකාරයා[නා.] නඩු ඇසීම සඳහා නිත්‍යනුකූල ව පත්වීමක් ලැබ සිටින පුද්ගලයා; අධිකරණ නායකයා; විනිසකරු; විනිසුරු.
නඩුව1. [නා.] විනිශ්චය සඳහා අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිල්ල. 2. [නා.] චෝදනාවක් පිළිබඳ ව අධිකරණය විසින් පවත්වනු ලබන විභාගය; නඩු විභාගය. 3. [නා.] යුක්තිය; සාධාරණත්වය; ධර්මය. 4. [නා.] පැමිණිල්ල; දුක්ගැනවිල්ල.
නඩේගුරා(කථා.) [නා.] පිරිසක ප්‍රධානියා (විශේෂයෙන් වන්දනා ගමනක දී); යමක් මෙහෙයවන පුද්ගලයා; මඟ පෙන්වන තැනැත්තා.
නත[වි.] නැමුණු; වක් වූ; වකුටු. 1. [නා.ප්‍ර.] විෂ්ණු දෙවි. 2. [නා.ප්‍ර.] ස්වාමියා; අධිපතියා; ප්‍රධානයා.
නත්තල[නා.] ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය නිමිති කොට ගෙන පවත්වනු ලබන උත්සවය.
නත්තා[නා.] හත්මුතු පරම්පරාවේ එක් පරම්පරාවක්; පියාගේ සීයා; හත්මුතුන්ගේ තුන්වැන්නා.
නත්තිරම(කථා.) [නා.] පතල් දෙකක් අතර ඇති බිම් කොටස.
නතිය1. (පාරිභා.) [නා.] ඇල වීම; නැමීම; ප්‍රවණතාව. 2. [නා.] බෑවුම; අවතරණය. 3. [නා.] පහත් තැන; අවපාතය; අවනමනය.
නතු1. [වි.] නැමුණු; නැඹුරු වූ; යොමු වූ; අවනත වූ. 2. [වි.] අයිති; සතු; අයත්; හිමි.
නතෝදර(පාරිභා.) [වි.] ඇතුළට නෙරා ගිය; මැදින් එබුණු; බොකු ගැසුණු; අවතල.
නද1. [නා.] නාදය; ශබ්දය; හඬ; ඝෝෂාව. 2. [නා.] තෙල; තෛලය. 3. [නා.] ගඟ; නඳිය. 4. [නා.] නිධානය; නිධිය.
නදන, නදන්1. [නා.] සුරක්ෂිත ව තැන්පත් කොට ඇති වස්තුව. 2. [නා.] දරුවා; පුත්‍රයා. [වි.] ප්‍රීතිය ගෙන දෙන; ප්‍රිය උපදවන; සන්තෝෂදායක.
නදනිය, නඳනිය[නා.] දුව; දුවණිය; දුහිතෘව.
නදවනවා[ක්‍රි.] උණු කරනවා; කකාරවනවා; සිඳුවනවා; පැසවනවා.
නදිය[නා.] මුහුදට හෝ විශාල විලකට ගලා යන ජල ප්‍රවාහය; ගඟ; ගංගාව.
නදී[වි.] ගඟ හා සම්බන්ධ; ගඟ පිළිබඳ.
නදී කූලය[නා.] ගඟ දෙපසෙහි ඇති උස්බිම; ගං ඉවුරු.
නදී තීරය[නා.] ගංතෙර; ගංඉවුර.
නදීකූඤ්ජරය[නා.] පර්වතයකින් හැලෙන මහ දියපාර; ගිරිකඳුර; ජල නිර්ඣරය; මහ දියඇල්ල.
නදීතීර්ථය[නා.] ගඟකින් එතෙර මෙතෙර වන තැන; ගඟේ තොටුපොළ; ගංතොට.
නදීපති[නා.] ගංගාවන්ගේ ස්වාමියා වන මුහුද; සාගරය.
නදීශ්‍රෝතාවර්තය[නා.] ගඟෙහි දිය පහර කිසියම් තැනක වටේට කැරකීම; ගඟේ සළා වැටුම; ගඟේ දිය සුළිය.
නන[නා.ප්‍ර.] කුඩයේ රෙද්ද දරා සිටින කූරු. [වි.] නොයෙක්; විවිධ.
නනරුත්[නන්+අරුත්] [වි.] නොයෙක් තේරුම් ඇති; විවිධ අර්ථවලින් යුක්ත; නානාර්ථවාචී.
නනවරණ[නන්+අවරණ] [නා.ප්‍ර.] නොයෙක් උවදුරු; විවිධ උපද්‍රව.
නන්(කථා.) [වි.] නොයෙක්; අනේක; විවිධ. (කථා.) [නා.ප්‍ර.] සැකිල්ල; රාමුව.
නන්දන[වි.] ප්‍රීතිය ගෙන දෙන; මන පිනවන; සන්තෝෂදායක. 1. [නා.ප්‍ර.] ප්‍රීතිය; සතුට. 2. [නා.ප්‍ර.] ශක්‍රයාගේ උයන; නන්දනෝද්‍යානය. 3. [නා.ප්‍ර.] උණ දඬුවෙන් ඉදි කරන ලද නිවස.
නන්දනා, නන්දනීය[නා.] දුව; දියණිය; දුහිතෘව.
නන්දි[නා.ප්‍ර.] රූප ශබ්ද ආදි කාම වස්තු කෙරෙහි සිත් ඇලවීම; ආශාව; තෘෂ්ණාව.
නන්නත්තාරේ1. [ක්‍රි.වි.] නොයෙක් අත; තැන්තැන්වල; හිස් ලූ ලූ අත; ඉබාගාතේ; අරමුණක් නැති ව. 2. [ක්‍රි.වි.] නිකරුණේ.
නන්නාඳුනන[වි.] කිසිදු ඇඳිනීමක් නැති; තොරතුරු නොදන්නා; අඥාත.
නන්වැදෑරුම්[වි.] නානාප්‍රකාර; නොයෙක් ආකාර වූ; විවිධාකාර.
නඳ[වි.] සතුට උපදවන; ප්‍රීතිදායක.
නඳුන්1. [නා.ප්‍ර.] සතුට; සන්තෝෂය; නන්දනය. 2. [නා.ප්‍ර.] දෙව්ලොව ඇතැයි සැලකෙන ශක්‍රයාගේ උයන; නඳුන් උයන.
නප්තෘ[නා.ප්‍ර.] පුත්‍රයාගේ පුත්‍රයා හෝ දියණියගේ පුත්‍රයා; මුණුපුරා.
නපුංසක1. [වි.] ස්ත්‍රී හෝ පුරුෂ ලිංග නොමැති; ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොර. 2.(ව්‍යාක.) [වි.] ස්ත්‍රී ලිඞ්ගය හෝ පුරුෂ ලිඞ්ගයට අයත් නොවන.
නපුංසකයා[නා.] ස්ත්‍රී ලිංග හෝ පුරුෂ ලිංග ලක්ෂණ නැති තැනැත්තා.
නපුර1. [නා.] දෝෂය; අයහපත; අනර්ථය; විනාශය; විපත්තිය. 2. [නා.] පාපය; දුසිරිත.
නපුරු1. [වි.] ක්‍රෑර; දුෂ්ට; අධම; රෞද්‍ර. 2. [වි.] අපල සහිත; අනිෂ්ට; අනිටු; අරිටු; නපුරු.
නබ[නා.ප්‍ර.] අහස; ගුවන; නුබ.
නබි[නා.ප්‍ර.] දෙවියන්ගේ භාෂිතය මිනිස් ලොව ප්‍රකාශ කරන්නා; දිවස් ප්‍රසාදිවරයා; ඉස්ලාම් ආගමේ වක්තෘවරයා.
නබිනායක[නා.ප්‍ර.] ඉස්ලාම් ධර්මයේ ශාස්තෘවරයා වන මහම්මත්තුමා.
නභෝමණ්ඩලය[නා.] අහස; ගුවන.
නභෝමණි[නා.ප්‍ර.] අහසෙහි මැණික; හිරු; සූර්යයා; දිනකර.
නම1. [නා.] යමකු හෝ යම් ස්ථානයක්, යම් කිසිවක් හඳුනා ගැනීමට යොදන විශේෂ වචනය හෝ පදය; අභිධානය. 2. [නා.] භික්ෂූන් වහන්සේ හෝ කිතුනු පූජකවරයා හැඳින්වීමට යොදන ගෞරවාර්ථ පදයක්. 3. [නා.] පෙළපත් නාමය; වාසගම. 4. [නා.] හොඳ හෝ නරක ප්‍රසිද්ධිය; කීර්තිය හෝ අපකීර්තිය. 5. [නා.] නමස්කාරය; වැඳීම.
නමතුන්[නා.ප්‍ර.] නිමන්ත්‍රණය; ආරාධනය.
නමදිනවා[ක්‍රි.] වඳිනවා; නමස්කාර කරනවා; අභිවාදනය කරනවා.
නමනය[නා.] නැමෙන ස්වභාවය; නැමෙනසුලු බව; නැමීම.
නමනවා1. [ක්‍රි.] කෙළින් තිබෙන දෙයක් වක් කරනවා; වකුටු කරනවා; 2. [ක්‍රි.] පටවල් එකපිට එක සිටින සේ දෙකට හෝ කීප වතාවකට අකුලනවා. 3. [ක්‍රි.] (අතු ආදිය) පහතට හරවනවා; පාත් කරනවා; (භාජන ආදිය) ඇල කරනවා. 4. [ක්‍රි.] (භාජනාදියක තිබෙන ද්‍රවයක්) වක්කරවනවා; වගුරුවනවා; වැටෙන්නට සලස්වනවා. 5. [ක්‍රි.] අවනත කරනවා; නතු කරනවා; අභිමතයට යටත් කරනවා.
නමනීය[වි.] නැමෙනසුලු; නැමෙන ගතියෙන් යුක්ත; නම්‍ය.
නමස්කාරය[නා.] වැඳීම; වන්දනය; ප්‍රණාමය; අභිවාදනය.
නම් කරනවා1. [ක්‍රි.] නමක් දෙනවා; නම් තබනවා. 2. [ක්‍රි.] ඡන්දයෙන් නොව නිලබලයෙන් (මන්ත්‍රී පදවි ආදියකට) පත් කරනවා. 3. [ක්‍රි.] පාර්ලිමේන්තුව තුළ නියමයක් නොපිළිපැදීම නිසා කථානායකවරයා මන්ත්‍රීවරයකු සබාගැබින් ඉවත් කිරීමට යෝජනා කරනවා.
නම් ප්‍රසිද්ධ කරනවා[ක්‍රි.] විවාහ ගිවිසගත් පසු නීත්‍යනුකූල ලියවිල්ලකින් ප්‍රකාශයට පත් කරනවා; නම් දෙනවා.
නම්ගොත්[නා.ප්‍ර.] කෙනෙකුගේ නාමය හා ඒ සම්බන්ධ පරපුර විස්තරය.
නම්න[වි.] නැමුණා වූ; වක ගැසුණු; පහත් වුණු; අවනත වූ; දැමුණු.
නම්බුකාර1. [වි.] කාගේත් සැලකිලි ලබන; හොඳ නමක් පවතින; වැදගත් පරම්පරාවකට අයත්. 2. [වි.] හොඳ චරිතයක් ඇති; හොඳ නම රකින.
නම්බුකාරයා[නා.] ගරුකටයුතු තැනැත්තා; සම්භාවනීය පුද්ගලයා; වැදගතා; උසස් පෙළපතකින් පැවැත එන තැනැත්තා.
නම්බුනාමය[නා.] කරන ලද උදාර සේවාවක් හෝ උසස් ක්‍රියාවක් අගය කිරීම් වශයෙන් රජය විසින් හෝ වෙනත් පිළිගත් ආයතනයක් විසින් හෝ පිරිනමනු ලබන ගරු නාමය; පටබැඳි නාමය.
නම්බුව[නා.] ගෞරවය; වැදගත්කම; බුහුමන.
නම්වරය1. [නා.] යමකුගේ නම පදිංචිය ආදි විස්තරය; ලියුම් ලැබෙන පිළිවෙළ; ලිපිනය. 2. [නා.] අංකය; නොම්බරය.
නම්‍යතාව1. [නා.] නැමෙනසුලු ගතිය; වෙනස්වීම. 2. [නා.] ලිහිල්බව; තද භාවයෙන් තොර; මොළොක් ස්වභාවය. 3. (පාරිභා.) [නා.] ආර්ථික විද්‍යාවේ දැක්වෙන නියමයක්; කිසියම් කරුණක සිදුවන වෙනසකට තවත් කරුණක් දක්වන ප්‍රතිචාරය.
නමාගන්නවා1. [ක්‍රි.] පහතට ඇද ගන්නවා; හකුළා ගන්නවා; වක්‍රතාව ඇති කරනවා. 2. [ක්‍රි.] අවනත කරගන්නවා; කැමති කරගන්නවා; යොමු කරගන්නවා. 3. [ක්‍රි.] එක පැත්තකට ගමන කරනවා; ඇදී යනවා.
නමිත[වි.] නැමුණු; නමන ලද; අවනත වූ; ඇලවූ.
නමෝවිත්තියෙන්[ක්‍රි.වි.] මුලින් ම; පළමුවෙන් ම; ආරම්භයේ දී ම; හාපුරා.
නය1. [නා.ප්‍ර.] ක්‍රමය; ආකාරය; පිළිවෙළ; විධිය. 2. [නා.ප්‍ර.] න්‍යායය; නීතිය; සිද්ධාන්තය.
නයන1. [නා.ප්‍ර.] පැමිණවීම; ගෙනයාම. 2. [නා.ප්‍ර.] ඇස; අක්ෂිය; නුවන; නේත්‍රය.
නයනාරෝග්‍ය ශාලාව[නා.] ඇස්වල ඇති වන ආබාධ සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යායතනය; ඇස් රෝහල.
නයිට්රජන්[නා.ප්‍ර.] පාටක් හෝ ගඳක් හෝ නැති ලොව බහුල ම වායුමය මූල ධාතුව; ජීවාන්තක වායුව.
නයිදෙ, නයිදේ1. [නා.ප්‍ර.] ශිල්ප කුලවල පිරිස් භාවිතා කළ ගෞරව නාමයක්. 2. [නා.ප්‍ර.] සෙංකඩගල රාජධානි සමයෙහි ඇතැම් නිලධාරින් සහ කුලවතුන් භාවිත කළ ගෞරව නාමයක්.
නයිලෝන්1. [නා.ප්‍ර.] රසායනික මිශ්‍රණයකින් සාදනු ලබන ඉතා ශක්තිමත කෘත්‍රිම සේද කෙඳිවර්ගයක්. 2. [නා.ප්‍ර.] එම කෙඳිවලින් වියනු ලබන රෙදි ලණු ආදිය.
නයිසයි ආඥාව(පාරිභා.) [නා.] විනිශ්චයක් වෙනස් කිරීම සඳහා නියම කරනු ලබන දිනයට කලින් හේතු නොදැක්වුවහොත් වලංගු වන උසාවි ආඥාව.
නයු[නා.ප්‍ර.] නායක; ප්‍රධාන; අධිපති.
නර[නා.ප්‍ර.] මිනිසා; මනුෂ්‍යයා.
නර ඉසුරා[නා.] රජ; නිරිඳු.
නර කෙස්[නා.] පැසුණු හිස කෙස්.
නරංග[නා.ප්‍ර.] ආලයට අධිපති දෙවියා; අනංගයා; කාම දේවයා.
නරක1. [වි.] හොඳ යැයි සම්මත දේට විරුද්ධ; ගුණ ධර්මයෙන් තොර; පාප ක්‍රියාවල යෙදෙන. 2. [වි.] අප්‍රියකර; අසතුට දනවන; අහිතකර; අපථ්‍ය. 3. [වි.] බාල; තත්ත්වයෙන් පහත්; වටිනාකමක් නැති. [නා.ප්‍ර.] අයහපත; අයුක්තිය; නොමනා දෙය; අසාධරණය.
නරකය[නා.] පව්කළ අය උපදිතැයි සැලකෙන අතිශය දුක්බර භව තලය; අපාය; නිරය.
නරකාදිය1. [නා.] නරකය; නිරය. 2. [නා.] පිළිකුල් සහගත ස්ථානය හෝ දෙය; අපවිත්‍ර දෙය.
නරකුරු[නා.ප්‍ර.] නරාක්ෂර; මනුෂ්‍යාක්ෂර; ඉෂ්ට අනිෂ්ට අක්ෂර ගණයේ දී මධ්‍යම තරමින් යහපත් යැයි සැලකෙන උ, ප, බ, ග, හ යන අකුරු.
නරඟන[නා.ප්‍ර.] මනුෂ්‍ය ස්ත්‍රිය; ගැහැනිය.
නරණ1. [නා.ප්‍ර.] විෂ්ණු දෙවි. 2. [නා.ප්‍ර.] රජ.
නරතුර, නරතුරු1. [ක්‍රි.වි.] නිරතුරු; නිතර; නිරන්තරයෙන්. 2. අතරක් නැති ව; අතුරු සිදුරු නොමැති ව; එකින් එක හැප්පී.
නරද1. [නා.ප්‍ර.] ඊතලය; හීය; යහුල. 2. [නා.ප්‍ර.] නාගරාජයා.
නරදම්සැරි[නා.ප්‍ර.] දමනයට සුදුසු පුද්ගලයන් දමනය කොට ඔවුන් නිසි මග යවන්නා වන බුදුරජාණන් වහන්සේ.
නරදිපති[නා.ප්‍ර.] මිනිසුන්ගේ නායකයා; රජ.
නරනිඳු[නා.] රජු; නරේන්ද්‍රයා.
නරපවර1. [නා.ප්‍ර.] බුදුරද; මුනිරජ. 2. [නා.ප්‍ර.] රජ.
නරපා[නා.ප්‍ර.] නරනිඳු.
නරඹනවා[ක්‍රි.] ඇසින් බලනවා; අවලෝකනය කරනවා; නිරීක්ෂණය කරනවා.
නරඹු[නර+අඹු] [නා.ප්‍ර.] මනුෂ්‍ය ස්ත්‍රිය; ගැහැනිය.
නරයහන්[නා.ප්‍ර.] මිනිසකු වාහනය කොට ඇත්තා; වෙසවුණු දෙව්රජ; වෛශ්‍රවණ.
නරලොව[නා.] මිනිසුන් වාසය කරන ලෝකය; මිනිස් ලොව; මනුෂ්‍ය ලෝකය.
නරසිංහ1. [නා.ප්‍ර.] මිනිසුන් අතර සිංහයකු වැන්නා; ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා; බුදුහු. 2. [නා.ප්‍ර.] නර ශ්‍රේෂ්ඨයා; රජ.
නර්තකයා[නා.] නටන්නා; රඟ දක්වන්නා; නාට්‍ය ශිල්පියා; නළුවා.
නර්තනය1. [නා.] නැටුම; රඟපෑම; නෘත්‍යය; අභිනය. 2. [නා.] අලංකාර දර්ශනය. 3. [නා.] ගීතිකා කණ්ඩායම. 4. (පාරිභා.) [නා.] අතපය හෝ මුහුණ හෝ ඉබේ නැටවෙන ස්නායු රෝගයක්; කෝරියම.
නර්මාලාපය[නා.] නරුම බස්; අනුන් හාස්‍යයට භාජන කරන කතාව; ඇනුම්පදය.
නරාධමයා[නා.] ඉතා පහත් ගති පැවතුම් ඇති පුද්ගලයා; නීචයා.
නරාව1. [නා.] ගසක කඳ දිරා යාමෙන් ඇති වන සිදුර; රුක් බිලය; කෝටරය. 2. [නා.] ගස් මුල් දිරා ගිය තැන්වල බිම ඇති වූ වළ. 3. [නා.] ගිනි කඳු විවරය; යමහල් මුඛය.
නරාවළ1. [නා.] පල්වතුරෙන් පිරුණු ගැඹුරු වළ. 2. [නා.] කඳ දිරාගිය තැන වූ බිම් සිදුර.
නරි නාටකය[නා.] අවඥාවටත් හාස්‍යයටත් භාජන වන දෙය; විගඩම; විකාරය.
නරිවාදම[නා.] පුරසාරම් වචනය; ආත්ම වර්ණනාව; පුරාජේරුව.
නරු බලනවා[ක්‍රි.] ඇසින් ඉඟි කරනවා; ඇසක් කුඩා කොට බලනවා; ඉඟි මරනවා.
නරුපට[නා.ප්‍ර.] නෙරිපට.
නරුම[වි.] සාරධර්ම ප්‍රජා සම්මත සාධුචර්යා, චාරිත්‍ර වාරිත්‍ර ආදිය අවඥාවෙන් බැහැර කරන; මිනිසා විසින් රැකිය යුතු ගුණ ධර්ම පද්ධතියක් ඇතැයි නොපිළිගන්නා.
නරුව1. [නා.] (ස්ත්‍රීන්) රෙදි ඇඳීමේ දී ඉනෙන් පිටතට එල්ලී වැටෙන සේ තබන රැලිපොට. 2. [නා.] වී වැනි ධාන්‍ය ඇටවල මුල් කොනේ තිබෙන උලකට සමාන සිහින් කොටස; නංඩුව. 3. [නා.] ගස්වල අංකුර; අතු රිකිල්ල.
නල1. [නා.ප්‍ර.] වායුව; පවන; මඳ සුළඟ. 2. [නා.ප්‍ර.] ගින්න; අග්නිය. 3. [නා.ප්‍ර.] නටුව; මල් නටුව. 4. [නා.ප්‍ර.] කකුළුවා; කකුළු අණ්ඩ. 5. [නා.ප්‍ර.] ශරීරයෙහි වූ නාල; නහර. 6. [නා.ප්‍ර.] ප්‍රමාදය; පමාව. 7. [නා.ප්‍ර.] සොරුන් විසින් පැහැරගත් වස්තුව, 8. [නා.ප්‍ර.] වසන්තය. 9. [නා.ප්‍ර.] මල් කලස.
නලංගුව1. [නා.] කරදරය; හිරිහැරය; කනස්සල්ල. 2. [නා.] තෙහෙට්ටුව. 3. [නා.] සුනංගුව; ප්‍රමාදය; උදාසීනබව. නිකරුනේ ඇවිදීම; රස්තියාදුව.
නලකුබර[නා.ප්‍ර.] දිව්‍ය පුත්‍රයකුගේ නාමය; වෙසවුණු දෙවි රජුගේ පුත්‍රයා.
නලදෙවි[නා.] සුළඟට අධිපති දේවතාවා; වාත වලාහක දෙව්; වායුදෙවියා.
නලනල[නල+අනල] [නා.ප්‍ර.] සුළඟ නැමැති ගින්න.
නලින[නා.ප්‍ර.] නෙළුම් මල; පද්මය; පියුම්.
නව1. [වි.] අලුත්; නවීන; අභිනව; නූතන. 2. [වි.] ආධුනික; නවක. 3. [වි.] ළපටි; තුරුණු; නොමේරු.
නව රසය[නා.] ශෘඞ්ගාර, හාස්‍ය, කරුණ, වීර, භයානක, අද්භූත, ශාන්ත, බීභත්ස්‍ය යන නවවිධ කාව්‍ය රසය; නව නාට්‍ය රස; නව නළු රසය.
නව රැල්ල1. [නා.] අලුතෙන් ඇති වූ පිබිදීම; අභිනවයෙන් ඇති වූ උද්‍යෝගය; නව ප්‍රබෝධය. 2. [නා.] නව රැල්ලට අයත් පිරිස.
නව ලෝකය1. [නා.] නූතන ඉතිහාසයේ දී සොයා ගනු ලැබූ ලෝකාර්ධයට අයත් උතුරු සහ දකුණු ඇමෙරිකා මහාද්වීප දෙක. 2. [නා.] නූතන සමාජ පරිසරය.
නව වහර1. [නා.] අලුතින් භාෂාවකට එකතු වී ඇති වචන හා වාක් ප්‍රයෝග ආදිය; නූතන භාෂා ව්‍යවහාරය. 2. [නා.] සුළං, වැසි, පාෂාණ, ආයුධ, අඟුරු, අළු, වැලි, මඩ, අඳුරු යන නවවිධ වර්ෂාව.
නව විභේදනය(පාරිභා.) [නා.] ජීවියකු ස්වකීය වර්ගයේ පාරම්පරික ලක්ෂණවලට වෙනස් ලක්ෂණ ඇති ව සකස්ව යෑම.
නවක1. [වි.] අලුත්; අභිනව; නව; නවීන. 2. [වි.] බාල තරුණ; නොමේරූ. 3. [වි.] ආධුනික; පෙර පළපුරුද්දෙන් තොර; පළමු වරට සහභාගී වන.
නවකථාව[නා.] ගද්‍ය මාධ්‍යයෙන් කරනු ලබන නිර්මාණාත්මක ආඛ්‍යාන ප්‍රබන්ධ විශේෂය.
නවකම්1. [නා.ප්‍ර.] අලුත්වැඩියා කිරීම්; ප්‍රතිසංස්කරණ කටයුතු; පිළිසකර කිරීම්. 2. [නා.ප්‍ර.] අලංකාර කිරීම්; සැරසීම්.
නවකයා1. [නා.] අලුත මහණ වූ පැවිද්දා. 2. [නා.] ආධුනිකයා.
නවකවදය[නා.] ඇතැම් උසස් අධ්‍යාපන ආයතනයකට අලුතින් ඇතුළුවූවනට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් කරනු ලබන නීති විරෝධී බලපෑම්; හිංසාකාරී ක්‍රියා.
නවග්‍රහ බලිය[නා.] නවග්‍රහයන්ගෙන් වන අපල දුරු කිරීම සඳහා පවත්වනු ලබන බලියාගය.
නවගුණ[නා.ප්‍ර.] බුදුන්වන්සේගේ ගුණ නවය; නව අරහාදි බුදුගුණ.
නවගුණ වැල[නා.] නවගුණ පාඨය කියමින් භාවනා කිරීමේදී වාර ගණන දැනගැනීමට යොදා ගනු ලබන ඇට 108 කින් යුත් මාලය; අක්ෂ මාලාව.
නවජයා[නා.] අලුතින් උපත ලැබූ තැනැත්තා; නව බිලිඳා.
නවජීවනය[නා.] ජීවිතය සඳහා අලුතින් ලැබෙන ප්‍රබෝධය; අලුතින් ඇතිවන පිබිදීම.
නවත[නා.ප්‍ර.] දිය පාරකින් කුඹුරට වතුර ගන්නා වක්කඩ.
නවතම[වි.] ඉතාම අලුත්; වඩාත්ම අලුත්.
නවතිනවා1. [ක්‍රි.] (පවත්වාගෙන යන හෝ සිදුකරන යමක්) නතර කරනවා; අවසාන කරනවා; ඇණ හිටිනවා. 2. [ක්‍රි.] යම් ස්ථානයක නතර වෙනවා; සිටිනවා.
නවදැල්ල[නා.] අලුත ගිනි තබා පුලුස්සන ලද හේන; නව දැලි හේන.
නවදොර[නා.] ශරීරයේ අපවිත්‍ර දෑ පිට කිරීම සඳහා ශරීරයේ ඇති දොරටු නවය; දෙකන්, දෙනෙත්, නහස් සිදුරු, මුඛය, මල මාර්ගය සහ මූත්‍ර මාර්ගය යන නව දොරටුව.
නවනින්දාව[නා.] බරපතළ අවනම්බුව; තදබල අගෞරවය.
නවනීත1. [නා.] එළකිරෙහි යොදයෙන් සාදා ගනු ලබන ආහාර විශේෂයක්; වෙඬරු; බටර්. 2. [නා.] වෙඬරු මෙන් සියුම් මැටි වර්ගයක්; වෙඬරු මැටි.
නවපන්නය[නා.] අලුත් පිළිවෙළ; අභිනව ක්‍රමය; නවීන මෝස්තරය; අලුත් විලාසිතාව.
නවම්[නා.ප්‍ර.] බක්මසින් ඇරඹෙන සිංහල චන්ද්‍ර මාස ක්‍රමය අනු ව එකොළොස් වැනි මාසය.
නවයුවති[නා.ප්‍ර.] අලුත තරුණ දිවියට දිවියට පැමිණි කාන්තාව; නව යෞවනිය.
නවයොවුන්[වි.] මුල් තරුණ වයසෙහි සිටින; අභිනව තාරුණ්‍යයෙහි සිටින්නා වූ.
නවයෞවනය[නා.] භද්‍ර යෞවනය.
නවරත්න[නා.ප්‍ර.] රුවන් ජාති හෙවත් මැණික් වර්ග නවය, නව රුවන්; රතුකැට, මුතු, පද්මරාග, පච්ච, පුෂ්පරාග, සුදුනිල්, නිල්කැට, ගෝමේද, වෛරෝඩි.
නවරන්[නව+රන්] [නා.ප්‍ර.] වර්ෂා කාලයෙන් පසු දලු ලා අලුත් බවට පත් වනාන්තර; අභිනව කැලෑ.
නවසදල[නා.ප්‍ර.] අලුත ලියලා ගෙන එන තණ කොළ; ළපටි තණ කොළ.
නවසඳ[නා.] අමාවකින් පසු දක්නට ලැබෙන චන්ද්‍රකලාව; අලුත් හඳ.
නවස්තන්‍යය(පාරිභා.) [නා.] දරු ප්‍රසූතියෙන් පසු සූතිකාවට ප්‍රථමයෙන් ම එරෙන කිර; අලුත් කිර.
නවහම්1. [නා.ප්‍ර.] නවම් මාසය. 2. [නා.ප්‍ර.] අලංකරණය; සැරසීම.
නව්‍ය[වි.] අලුතින් ඇති වුණු; අලුත්; නව; නවීන.
නවාංශකය[නා.] (ජ්‍යෝති.) රාශියක් නවයට බෙදු කොටස; රාශියේ අංශක 3 1/2 ක ප්‍රමාණය.
නවාගත[නව+ආගත] [වි.] අලුතින් පැමිණි; ළඟදී ආ.
නවාතැන[නා.] වාසස්ථානය; රැඳී සිටින තැන; පදිංචි නිවස.
නවීකරණය[නා.] පැරණි දෙයක් අලුත් කිරීම; අලුත් ක්‍රමයට සකස් කිරීම; නවීන කාලයට හැඩ ගැස්වීම.
නවීන1. [වි.] අලුත්; අභිනව; නූතන; නව; අදට ගැළපෙන. 2. [වි.] පළපුරුද්දෙන් අඩු; ආධුනික; නවක.
නවෝදය[නා.] නව ප්‍රබෝධය; අලුත් පිබිදීම; නව ජීවනය.
නවෝද්භවය(පාරිභා.) [නා.] පරිසරයේ බලපෑම අනු ව නව සත්ත්ව ශාක වර්ගයක් පහළ වීම.
නෂ්ට1. [වි.] පෙර තිබී දැනට නොමැති; විනාශ වූ; වැනසුණු; අභාවයට ගිය. 2. [වි.] ව්‍යර්ථ වූ; කඩ වූ; ඉටු නොවූ; භඞ්ග වූ.
නෂ්ට කාමය[නා.] පුරුෂ ශක්තිය හීන වී යාම; ධ්වජ භංගය; ලිංගික බෙලහීනතාව.
නෂ්ටාවශේෂ[නා.] විනාශ වීමෙන් පසු ඉතිරි වූ දේ; කැඩී බිඳී යාමෙන් පසු අවශේෂව තිබෙන දෙය.
නසනවා1. [ක්‍රි.] විනාශ කරනවා; වනසනවා; නැති කරනවා. 2. [ක්‍රි.] දිවිතොර කරනවා; ප්‍රාණයට හානි කරනවා. 3. [ක්‍රි.] සැඟවෙනවා; නොපෙනීයනවා. 4. [ක්‍රි.] දිරනවා.
නස්නය1. [නා.] නාසය මගින් හිස තුළට බෙහෙත් තෙල් ආදිය ඇතුළු කරවීම. 2. [නා.] නාසයට උරන හෝ වත් කරන බෙහෙත.
නස්පැත්තිය, නැස්පැත්තිය[නා.] විපත; විපත්තිය; විනාශය; අන්තරාය; අනතුර.
නස්‍ය[වි.] නාසය හා සම්බන්ධ; නාසයට හිතකර; නාසයට උපයෝගී වන.
නසිනවා1. [ක්‍රි.] මැරෙනවා; ජීවිතක්ෂයට පත් වෙනවා. 2. [ක්‍රි.] නටනවා; රඟනවා.
නහ1. [නා.ප්‍ර.] බල්ලා; සුනඛයා; කුක්කුරයා. 2. [නා.ප්‍ර.] නාසය; නැහැය. 3. [නා.ප්‍ර.] නාගස. 4. [නා.ප්‍ර.] ස්නානය. 5. [නා.ප්‍ර.] නැසීම.
නහ ලණුව[නා.] ගවයකුගේ නහය විද දමන ලණුව; නැහැපට; නාස් ලණුව.
නහනවා1. [ක්‍රි.] මරනවා; දිවි තොර කරනවා; විනාශ කරනවා. 2. [ක්‍රි.] බරපතල විපතක් කරනවා. 3. [ක්‍රි.] නහනවා; නානවා; ස්නානය කරනවා.
නහමනවා[ක්‍රි.] දකිනවා; බලනවා; නරඹනවා.
නහඹ[වි.] අලුතින් පීදුණු; පළමුවෙන් හටගත්; නොඉඳුල්; නොමේරූ.
නහය[නා.] ගඳ-සුවඳ දැනීමේ ඉන්ද්‍රියය; ඝ්‍රාණේන්ද්‍රියය.
නහර1. [නා.] ලේ ගමන සඳහා සත්ත්ව ශරීරය පුරා විහිදී ඇති රුධිරවාහිනී. 2. [නා.] මොළයට සංවේදනය ගෙන යන නාල; ස්නායු.
නහස්නා පහණ, නාස්නං පහණ[නා.] රන්, රිදීවල අගය මැන බැලීමට යොදා ගනු ලබන උපකරණය; උරගල; නිකෂ පාෂාණය.
නහාපිතයා[නා.] හිස රැවුල් බාන පුද්ගලයා; කරනවෑමියා; බාබර්.
නහුතය[නා.] අති විශාල සංඛ්‍යාවක්; කෝටි ප්‍රකෝටි සියය; ප්‍රකෝටි දස දහස; කෝටි ලක්ෂය.
නළ1. [නා.ප්‍ර.] බටය; නාළය; පයිප්පය. 2. [නා.ප්‍ර.] උණ බට ආදියෙහි පර්වය; නෙළුඹු ආදියෙහි පුරුක. 3. [නා.ප්‍ර.] නෙළුම් නටුව; පියුම් දණ්ඩ. 4. [නා.ප්‍ර.] නාට්‍යය; රඟදක්වන්නා; නළුවා හෝ නිළිය. 5. [නා.ප්‍ර.] සමූහයා; රංචුව. 6. [නා.ප්‍ර.] නැළිය.
නළ කටුව(පාරිභා.) [නා.] ශරීරය හිල් කොට ද්‍රව පිටත ගැනීම සඳහා භාවිත ශල්‍ය උපකරණයක්.
නළ දත[නා.] දත් ඇන්දෙහි ඇතුළතින් හෝ පිටතින් තිබෙන දත; දත් පේළියෙන් පිට පැන තිබෙන දත.
නළ දරුවා[නා.] නළයක් තුළ සංසේවනය කොට කලලය මාතෘ ගර්භයකට ඇතුළු කිරීමෙන් ජනිත කරවනු ලබන දරුවා.
නළ පුඩුව(පාරිභා.) [නා.] ලෝහ හෝ වෙනත් ද්‍රව්‍යයකින් නිමවන ලද නළයක් සහිත පුඩුව (=piped loop).
නළ යතුර(පාරිභා.) [නා.] ලොකු ඉස්කුරුප්පු ඇණ ගැලවීම සහ සවි කිරීම සඳහා මැද නළයක් සහිතව සාදා ගැනෙන අඬුව.
නළ ළිඳ[නා.] පොළොව යටට නළයක් බස්වා, එහි මුදුනේ සවි කර ඇති පොම්පයක මාර්ගයෙන් ජලය ලබාගත හැකි ළිඳ.
නළකරුවා, නළකාරයා[නා.] උණ බට, වේවැල් ආදි පතුරුවලින් භාණ්ඩ සාදන්නා; නළකරුවා; කුළුපොත්තා.
නළඟන[නා.] නර්තනයෙහි යෙදෙන ස්ත්‍රිය; නාට්‍යයක රඟපෑමෙහි යෙදෙන කාන්තාව; නාටිකාඞ්ගනාව; නිළිය.
නළල[නා.] ඇස් බැම සහ කේශ පද්ධතිය අතර පිහිටි මුහුණ කොටස; ලලාටය.
නළල් පට[නා.] නළලෙහි පලඳිනු ලබන අලංකාර ආභරණයක්.
නළවනවා[ක්‍රි.] බිලිඳුන් සනසනවා; සුරතල් කරනවා; පරක් කරනවා. 2. රවටනවා; වංචා කරනවා; මුළා කරනවා.
නළාව1. [නා.] පිඹීමෙන් හඬ නංවන භාණ්ඩයක්. 2. [නා.] කටින් හෝ වෙනයම් ක්‍රමයකින් රන්ධුයක් තුළ වාතය චලනය කරවීමෙන් හඬ නංවන උපකරණය. 3. [නා.] කර්මාන්තශාලා වැඩපොළවල් ආදියෙහි වේලාව දැක්වීම ආදිය සඳහා නාද කරන උපකරණය. 4. [නා.] හෘද ස්පන්දනය මඟින් රෝගීන් පරික්ෂා කිරීම සඳහා වෛද්‍යවරුන් භාවිත කරන උපකරණය; වෙද නළාව; ස්ටෙතස්කෝපය.
නළියනවා[ක්‍රි.] ඒ මේ අතට ඇඹරෙනවා; දඟලනවා; පොපියනවා; දඟර දමනවා.
නළුව[නා.] රඟ දැක්වීම; රැඟුම; නාටකය.
නළුවා[නා.] නැටුම් නටන්නා; රඟපාන තැනැත්තා.
න්‍යෂ්ටිය1. [නා.] සෛලයක් තුළ ඇති ප්‍රධාන අවයවය. 2. [නා.] පරමාණුවක ධන අරෝපිත ප්‍රෝටෝන සහ ආරෝපිත නොවූ නියුට්‍රෝන යන දෙවර්ගයෙන් මූලික වශයෙන් සකස් වූ කේන්ද්‍රීය කොටස.
න්‍යස්ටිකාව(පාරිභා.) [නා.] සෛල න්‍යස්ටියක් තුළ පිහිටන ගෝලාකාර දේහයක්.
න්‍යාය1. [නා.ප්‍ර.] ක්‍රමය; පිළිවෙළ; විධිය. 2. [නා.ප්‍ර.] ප්‍රතිපත්තිය; නීතිය; නියමය; මූලධර්මය; සූත්‍රය; සිද්ධාන්තය. 3. [නා.ප්‍ර.] ආස්තික දර්ශනය; හේතු විද්‍යාව; විවාද ශාස්ත්‍රය; තර්ක ශාස්ත්‍රය.
න්‍යාය දර්ශනය[නා.] භාරතයේ පහළ වු දර්ශන ශාස්ත්‍රයක්.
න්‍යාය පත්‍රය[නා.] සභා රැස්වීම් ආදියෙහි සභාවාරයකදී කළ යුතු වැඩ කටයුතු අනුපිළිවෙළින් දක්වන ලේඛනය.
න්‍යායානුගත[වි.] නීතියට අනු පවතින.
න්‍යායානුසාර[ක්‍රි.වි.] ක්‍රමයට හෝ සම්මතයට අනුරූපවීම පිළිවෙළක් හා ගැළපීම.
න්‍යායානුසාරී[වි.] තර්කයට අනු ව යන; තර්කානුකූල.
න්‍යායාලය[නා.ප්‍ර.] නීති විසඳන ශාලාව; විනිශ්චය ශාලාව.
නා[වි.] නායක වූ; ප්‍රධාන; අධිපති; ශ්‍රේෂ්ඨ. 1. [නා.ප්‍ර.] නායකයා; ප්‍රධානයා. 2. [නා.ප්‍ර.] සර්පයා. 3. [නා.ප්‍ර.] නාගයා. 4. [නා.ප්‍ර.] නාගලෝකයේ ඇතැයි සැලකෙන දිව්‍ය නාගයා. 5. [නා.ප්‍ර.] උතුම් පුද්ගලයා; ආරක්ෂකයා. 6. [නා.ප්‍ර.] නාදය; රාවය. 7. [නා.ප්‍ර.] අනාගත කාලය.
නා තලය[නා.] නාග ලෝකය; නාග භවනය, රසාතලය.
නාකපනා වැස්ස[නා.] (කල්පය විනාශවීමට හේතුවන වර්ෂාව යනු වාච්‍යාර්ථයි) අධික වර්ෂාව; ඉතා තද වැස්ස.
නාග1. [නා.ප්‍ර.] දැඩි විස ඇති සර්ප විශේෂයක්; නයා: නාගයා. 2. [නා.ප්‍ර.] ඇතා; හස්තියා 3. [නා.ප්‍ර.] නාග ගෝත්‍රයට අයත් මිනිසා. 4. [නා.ප්‍ර.] උපසම්පදාපේක්ෂක භික්ෂුව. 5. [නා.ප්‍ර.] සුවඳැති රේණු සහිත සුදුමල් පිපෙන වෘක්ෂයක්; නාගස. 6. [නා.ප්‍ර.] පොළෝ සහ සාගර පත්ලෙහි විමානවල වසතැයි විශ්වාසයට පත් ඍධිබල සහිත අමනුෂ්‍ය පිරිසක්; දිව්‍ය නාගයෝ. 7. [නා.ප්‍ර.] කෙලෙස් නැසූ පුද්ගලයා; රහතුන් වහන්සේ.
නාග කන්‍යාව[නා.] (නාලොව වෙසෙතැයි සිතන) නාග මානවිකාව.
නාග දන්තය[නා.] ඇඳුම් ආදිය එල්වීම පිණීස ඇත් දළයක හැඩයෙන් තනා ඇති කොක්ක; බෝල කූඩුව.
නාගමාණික්‍යය[නා.] (කථා.) ඇතැම් නාගයන්ගේ කණ්ඨයෙහි ඇතැයි විශ්වාස කරන මැණික; කණ්ඨමාණික්‍යයය; නාගමිණ.
නාගර1. [නා.ප්‍ර.] සංස්කෘත භාෂාව ලිවීමේ දී භාවිත කරනු ලබන අකුරු; දේවනාගරී. 2. [නා.ප්‍ර.] අපභ්‍රංශ ගණයේ ප්‍රාකෘත උපභාෂාවක්. 3. [නා.ප්‍ර.] සර්ප විෂ. 4. [නා.ප්‍ර.] අමු කජු.
නාගරයා[නා.] ධූර්තයා; සල්ලාලයා.
නාගරික[වි.] නගරවැසි; නගරබද; නගරයෙහි වූ; නගරයට අයත්; නුවර ඇසුරු කරන.
නාගරික සමූහිතය(පාරිභා.) [නා.] නගරයක විවිධ ප්‍රදේශ සමූහය; නාගරික දිස්ත්‍රික්ක එකතුව.
නාගරේඛා[නා.ප්‍ර.] (භූගෝලීය චිත්‍රයක කඳු වැටි දැක්වීමට අඳින) සේයා රේඛා හෙවත් කඩ ඉරි.
නාගලතා[නා.ප්‍ර.] බුලත්වැල; නාලිය.
නාගලෝකය[නා.] (පොළෝ සාගර, විල් ආදිය යට පිහිටා ඇතැයි සැලකෙන) නාගයන්ගේ වාසස්ථානය; නාලොව.
නාගවිභ්‍රමය[නා.] ඇතාගේ ගමන් විලාසය; ගජ ගමනාකාරයෙන් යන ගමන.
නාටක[වි.] රඟන; නටන්නා වූ; නාට්‍ය පිළිබඳ.
නාටකය, නාටකේ1. [නා.] නාට්‍යය; නෘත්‍යය; නාඩගම. 2. [නා.] දෘශ්‍යකාව්‍යය; නාට්‍යග්‍රන්ථය. 3. [නා.] අයෝග්‍ය හැසිරීම. 4. [නා.] නොමනා ක්‍රියාකලාපය.
නාට්‍ය[වි.] නෘත්‍යයට අයත්; රැඟුමට සම්බන්ධ.
නාට්‍ය දර්ශකය(පාරිභා.) [නා.] සංගීත නාටක නැරඹීම සඳහා භාවිත කරන කුඩා දුර දක්නා කන්නාඩි විශේෂය.
නාට්‍ය රසය[නා.] නාට්‍යයක් නැරඹීමෙන් ලැබෙන සියුම් රස වින්දනය.
නාට්‍ය ශාස්ත්‍රය[නා.] නාට්‍ය පිළිබඳ ශාස්ත්‍රය; නාට්‍ය කලාව.
නාට්‍යකලාව[නා.] නෘත්‍ය ශිල්පය; රංගන විධි පිළිබඳ ශාස්ත්‍රය; සිවුසැට කලාවලින් එකක්.
නාට්‍යධර්ම[නා.ප්‍ර.] නාට්‍යයක ගැබ් විය යුතු ගුණාංග හෙවත් මූලධර්ම; නාට්‍යකලාවේ ධර්මතා.
නාට්‍යය[නා.] යම් පුවතක්, සිද්ධියක්, කථා වස්තුවක් රඟපා දැක්වීම; දෘශ්‍ය කාව්‍යය; නාටකය; නෘත්‍ය, රැඟුම.
නාටාමියා(කථා.) [නා.] කුලියට බඩු ඔසවන හෝ පටවන තැනැත්තා; බඩු ගෝනි කර ගසන්නා.
නාටිකාඞ්ගනාව, නාටිකාංගනාව[නාටිකා+අඞ්ගනාව] [නා.] නෘත්‍ය කරන ස්ත්‍රිය; නාටිකාව; නළඟන.
නාටු(කථා.) [වි.] කෘශ; කෙට්ටු; කැහැටු; කේඩෑරි; සිහින්.
නාඩගම1. [නා.] ජන නාටක විශේෂයක්. 2. [නා.] විහිළුව; විගඩම; කෝලම; අයෝග්‍ය හැසිරීම.
නාඩි1. (පාරිභා.) [නා.ප්‍ර.] හෘදයේ සිට ශරීරයේ සෙසු කොටස් කරා ලේ ගෙන යන වාහිනි; ලේ නහර ධමනි. 2. [නා.ප්‍ර.] ජීවියකුගේ හෘද ස්ඵන්දනය අනු ව ධමනි තුළ ඇතිවන සැලීම. 3. [නා.ප්‍ර.] ශාකයක පත්‍ර තලයේ විහිද ඇති පෝෂක කොටස් අන්තර්ගත නාල සමූහය. 4. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] පුද්ගලයකුගේ ජන්ම නැකත අනු ව කේන්දරයක සඳහන් ගණ යෝනිවලට අයත් අංගයක්. 5. (ජ්‍යෝති.) [නා.ප්‍ර.] කාලය මනින මිම්මක්; මුහුර්තියකින් භාගය, ක්ෂණ හයක පමණ කාලය.
නාඩි වින්‍යාසය(පාරිභා.) [නා.] නාඩි පද්ධතියේ සැකැස්ම; ධමනි විහිදී ඇති ආකාරය.
නාඩි ශාස්ත්‍රය1. [නා.] නාඩි ගැස්මේ ස්වභාවය පරික්ෂා කොට රෝග නිශ්චය කිරීමේ වෛද්‍ය ශාස්ත්‍රය. 2. [නා.] යෝගාභ්‍යාස පිළිබඳ ශාස්ත්‍ර විධියක්.
නාඩි ස්පන්දනය(පාරිභා.) [නා.] ධමනි සැලීම; නාඩි වැටීම; ධමනිවල සිදුවන ඉහිල්වීම හා සංකෝචනය.
නාඩික[නා.ප්‍ර.] කල්ක වර්ග ආදිය සිඳීමේ දී ඒවා පදම් වී ගෙන එන අවස්ථාව.
නාඩිකාව1. [නා.] ශාකයක නටුව හෝ නාළය. 2. [නා.] නහරය; රුධිරවාහිනිය. 3. (ජ්‍යෝති.) [නා.] කාල ප්‍රමාණයක්; ඉන්දියානු පැය; විනාඩි විසිහතරක සිංහල පැය.
නාඩිකෝෂය[නා.] පවිත්‍ර රුධිරය නාඩිවලට නිකුත් කරන හෘදයේ සංකෝචන කාමරවලින් එකක්.
නාඩිප්‍රදාහය(පාරිභා.) [නා.] නහරගත ආබාධයක්; නාඩිවල ඉදිමීම සහ දැවිල්ල.
නාඩිබිල[නා.] ස්නායු සෛල.
නාඩිමාත්‍රා(පාරිභා.) [නා.ප්‍ර.] ධමනිවල සැලීම් ප්‍රමාණය; හෘදයේ ස්පන්දන වේගය; නාඩි ගැහීමේ වාර ප්‍රමාණය.
නාඩිමානක යන්ත්‍රය(පාරිභා.) [නා.] රුධිර පීඩන මානකය; නාඩි ප්‍රකාශන යන්ත්‍රය.
නාඩිවණ, නාඩිව්‍රණ[නා.ප්‍ර.] ඔඩු දිවූ වණය; කල්යෑමෙන් බරපතළ වූ තුවාලය.
නාඩිවාක්‍ය[නා.] අනාවැකි සඳහන් ග්‍රන්ථයක්; අනාගතයේ පහළ වන පුද්ගලයන්ගේ විවිධ ජීවන තොරතුරු ඇතුළත් කොට පැරණි ඉසිවරයන් විසින් ලියන ලදැයි සැලකෙන ඉන්දියාවේ පමණක් දක්නට ලැබෙන දුබල ගණයේ ජ්‍යෝතිෂ්‍ය පොත් ගණය.
නාඩිසූචකය(පාරිභා.) [නා.] නාඩිගැස්ම හෙවත් හෘදස්පන්දනය පරික්ෂා කරන නළය; දොස්තර නළාව; උරසීක්ෂය: ස්ටෙතස්කෝපය.
නාඩු1. [නා.ප්‍ර.] රට; දේශය; පළාත; දිස්ත්‍රික්කය. 2. [නා.ප්‍ර.] දෝෂාරෝපණය; අපවාදය. 3. [නා.ප්‍ර.] තර්ජනය; සැරවැර වීම. 4. [නා.ප්‍ර.] කලහය; අවුල. 5. [නා.ප්‍ර.] සහල් වර්ගයක්.
නාණක[නා.ප්‍ර.] කාසිය; පදක්කම; මුද්‍රාපිත ලෝහ කැබැල්ල.
නාථ1. [නා.ප්‍ර.] බෝධිසත්වවරයකු වූ අවලෝකිතේශ්වර හෙවත් අවලෝකිතේශ්වර නාථ දෙවි. 2. [නා.ප්‍ර.] ලෝකයට පිහිටවන තැනැත්තා; බුදුරජාණන්වහන්සේ. 1. [වි.] පිහිට වන්නා වූ; සරණ වූ· 2. [වි.] ප්‍රධාන; නායක; ස්වාමි.
නාථ දේවාලය[නා.] නාථ දෙවි කෙරෙහි කැප වුණු දේවාලය; නාථ දෙවියන් උදෙසා කළ දෙවොල.
නාථකයා[නා.] (නීති.) භාරකරුවා; භාරකාරයා.
නාථපුත්‍ර[නා.ප්‍ර.] ජෛනාගමේ ශාස්තෘවරයා; නිගණ්ඨනාථ පුත්‍ර; ජෛන මහාවීර
නාදමානය[නා.] ශබ්දය මැනීමේ උපකරණයක්; ධ්වනිමානය.
නාදය[නා.] හඬ; අව්‍යක්ත ශබ්දය; රාවය; ධ්වනිය.
නාදැත්ත1. [නා.] කුහරයකට කා වැදීමෙන් සන්ධියක් සාදන්නා වූ නාදැත්තක් වැනි ඇටය. 2. [නා.] මුදුන ගුළියක් මෙන් වූ අස්ථිය. 3. [නා.] කුඤ්ඤය; ලී ඇණය. 4. (උද්භි.) [නා.] කැකිරි, පිපිඤ්ඤා ආදියේ අධඃකොටිලයේ තිබෙන ප්‍රසරයක්.
නාදිව, නාදිවයින[නා.] නාග ද්වීපය.
නාදේය[නා.ප්‍ර.] මුහුදු ලුණු; ලේවා ලුණු. [වි.] ගංගාවල වාසය කරන; ගඟෙහි සිටින; නදියෙහි හටගත්.
නානගෙය1. [නා.] දිය නෑම සඳහා සකස් කළ කුටිය; නාන කාමරය. 2. [නා.] වැසිකිළිය.
නානවා1. [ක්‍රි.] දිය නහනවා; ජල ස්නානය කරනවා. 2. [ක්‍රි.] සිරුර පුරා යමක් තවරා ගන්නවා.
නාන්තරීයක[න+අන්තරීයක] [වි.] අතරක් නැති වූ; ඉඩක් නැති ව ඒ සමග ම යෙදෙන.
නාන්දි[වි.] ප්‍රශංසාත්මක; ස්තුතිපූර්ව; වන්දනීය.
නානා[නි.] නොයෙක්; අනේකවිධ; නන් අයුරු.
නානාංගකරණය[නානා+අංගකරණය] (පාරිභා.) [නා.] අනේකාකාර කිරීම; විවිධත්වයට පැමිණවීම; නොයෙක් ආකාර ඇති කිරීම.
නානාකරණ[නා.ප්‍ර.] වෙනස.
නානාගතිය[නා.] නොයෙක් භවවල ඉපදීම; විවිධ උත්පත්තිය.
නානාත්වය[නා.] විවිධබව; වෙනස් ස්වභාවය; ඒකාකාර නොවන ගතිය.
නානානය[නා.ප්‍ර.] විවිධබව; වෙනස් ස්වභාවය; ඒකාකාර නොවන ගතිය.
නානාප්‍රකාර[වි.] නොයෙක් ආකාර; නන්වැදෑරුම්; විවිධ; අනේක ප්‍රකාර; නානාවිධ.
නානාභිධාන[නානා+අභිධාන] [නා.ප්‍ර.] නොයෙක් අයුරින් හැඳින්වීම හෝ කථනය.
නානාභිධේය[නානා+අභිධේය] [නා.ප්‍ර.] නානාවිධ අර්ථ; නොයෙක් තේරුම්.
නානාරූපේක්ෂය[නානා+රූප+ඊක්ෂය] [නා.] නැවත නැවතත් සෑදෙන ප්‍රතිබිම්බ නිසා රූප සමූහයක් අලංකාර ලෙස දිස්වන සේ සාදා ඇති උපකරණය.
නානු1. [නා.ප්‍ර.] හිස සේදීමට ජලස්නානය කිරීමේ දී භාවිත උකු දියර සංයෝගය. 2. [නා.ප්‍ර.] ඇතැම් ශාකවල අඩංගු බෙලසුල් ද්‍රව්‍යය; ශාක ද්‍රව්‍යවලින් ලැබෙන මැලියම් වැනි සංකීර්ණ කාබනික සංයෝග.
නානුමුර මංගල්‍යය1. [නා.] මහනුවර දළදා මාලිගාවේ බදාදා දිනවල දී කරනු ලබන පූජාවක්. 2. [නා.] හිස සේදීමේ උත්සවය.
නානුමුරය1. [නා.] ස්නානය පිළිබඳ මෙහෙය; ස්නාන වාරය සම්බන්ධ කාර්යය. 2. [නා.] නෑමේ දී හිස ඇඟ ගැල්වීම සඳහා ගනු ලබන ආලේප වර්ග.
නානුරෝම[නා.ප්‍ර.] පාසි ආදියේ ඇති වන මැලියම් වැනි කාබනික කේශර විශේෂයක්; නානු සහිත කෙඳි.
නාපට[නා.ප්‍ර.] නිල්පාට වස්ත්‍රය; නිල්පැහැ රෙද්ද.
නාපන්සී[නා.ප්‍ර.] හුස්ම ගැනීමත් හෙළීමත් පිළිබඳ මනා සිහිය; ආනාපාන සතිය.
නාපිතයා[නා.] කරණවෑමියා.
නාබරණ[නා.ප්‍ර.] නාගයකු ආභරණය වශයෙන් ඇති තැනැත්තා; මෙහෙසුරු; ශිව දෙවි.
නාභස[වි.] අහසෙහි පිහිටි; ආකාශයට අයත්.
නාභ්‍යන්තරය[නාභි+අන්තරය] (පාරිභා.) [නා.] කාචයක් හා ඒ කාචයේ නාභියත් අතර ඇති ඉඩ ප්‍රමාණය; යම්කිසි කාචයක තලයත් ඒ කාචයෙන් කිරණ අභිසරණය වී තැනෙන නාභියත් අතර ඇති (දුර) ඉඩ ප්‍රමාණය.
නාභි ශක්තිය(පාරිභා.) [නා.] කාචයකින් ආලෝකය අභිසරණය වී තැනෙන නාභියෙහි ඇති වැඩිමනත් තපෝගුණය.
නාභිචක්‍රය[නා.] පෙකණිය මධ්‍ය කේන්ද්‍රය වන්නා වූ හාත්පස ප්‍රදේශය; හැම අතට විහිදී ගිය නාඩි ආදියෙහි මූලස්ථානය.
නාභිදූරය(පාරිභා.) [නා.] කාචයක් පසු කර යවන ලද කිරණ ධාරාවක් නාභිගත වූ කේන්ද්‍රයේ සිට ඵ් කාච තලයට ඇති දුර.
නාභිනාඩිය[නා.] පෙකණිවැල; නාභි නාලය.
නාභිමණ්ඩලය1. [නා.] පෙකණිය හා එය හාත්පස පෙදෙස. 2. [නා.] රථ චක්‍රයක මධ්‍ය ප්‍රදේශය.
නාභිමධ්‍යය[නා.] ගෘහයක පදනමේ කොනින් කොනට අදින ලද ලණු පොට මුණ ගැහෙන ස්ථානය.
නාභිය1. [නා.] පෙකණිය; නැබ. 2. [නා.] රථ චක්‍රයක මධ්‍යය; බොස් ගෙඩිය. 3. (පාරිභා.) [නා.] ආලෝකය අභිසාරි ව රැස් වන ලක්ෂ්‍යය හෝ ප්‍රකාශ පද්ධතියක් තුළින් ගමන් කර අපසරණය වී විහිදෙන සේ දිස්වන ලක්ෂ්‍යය.
නාභිලක්ෂ්‍යය(පාරිභා.) [නා.] කාචයකින් කිරණ අභිසරණය වීමෙන් තැනෙන්නා වූ කේන්ද්‍රිය චිහ්නය; කැඩපතක හෝ කාචයක අක්ෂයට සමාන්තර ව එන කිරණ ධාරා එකිනෙක හමුවන්නා සේ පෙනෙන ලක්ෂ්‍යය.
නාභීය ලක්ෂ්‍යය(පාරිභා.) [නා.] කාචයක් හරහා ගමන් කරන කිරණ අභිසරණය වී ඵකතු වන ලක්ෂ්‍යය හෝ අපසරණය වී විහිදෙන ලක්ෂණය.
නාභීයදුර(පාරිභා.) [නා.ප්‍ර.] ප්‍රකාශ කේන්ද්‍රයේ හෝ ධ්‍රැවයේ හෝ සිට ලෙන්සයක හෝ ගෝලීය දර්පණයක හෝ ප්‍රධාන නාභියට දුර.
නාභීයනය[නා.] (කිරණාධාරා) එක්තැන් කරවීම; එක් ලක්ෂ්‍යයකට යොමු කිරීම.
නාභීරජ්ජුව(පාරිභා.) [නා.] පෙකණි වැල.
නාම ගෝත්‍රය[නා.] පුද්ගලයකුගේ නාමය හා කුලගෝත්‍රය; මවුපියන් විසින් දෙන ලද නම හා පරම්පරා නාමය.
නාම පදය[නා.] (ව්‍යාක.)ශබ්ද ප්‍රකෘතියකට ලිංග විභක්ති වචන ගැනීමෙන් සෑදෙන ශබ්ද හෙවත් පදයක් බවට පත්වන නාමය; ව්‍යාකරණයෙහි ක්‍රියා, නිපාත, උපසර්ග යන පද තුන් වර්ගයෙන් බාහිර වූ සියලුම පද; නමක් වශයෙන් ව්‍යවහාර වන වචනය.
නාම පුවරුව[නා.] ආයතන, කාර්යාල ආදි ස්ථානයක එය හැඳින්වීම සඳහා නම ලියා සිටුවා හෝ එල්ලා තබන පුවරුව.
නාම යෝජනාව[නා.] ජනතා ඡන්දයෙන් මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා අපේක්ෂකයන්ගෙ නම් නාමයෝජනා පත්‍රයක් මගින් නීත්‍යනුකූලව ඉදිරිපත් කිරීම; තනතුරක් උදෙසා සුදුස්සකුගේ නමක් යෝජනා කිරීම.
නාම ලේඛනය[නා.] ලැයිස්තු ගත කරන ලද නාමාවලිය; පුද්ගල ද්‍රව්‍ය ආදිය පිළිබඳ නම් ලැයිස්තුව.
නාම විශේෂණය[නා.] (ව්‍යාක.) නාමපදයක අර්ථය වෙසෙසන පදය; නාමපදවල ගුණ ලක්ෂණ හඟවන පදය.
නාමකථනය[නා.] නමක් දීම; නමක් තැබීම.
නාමකරණය1. [නා.] නම් තැබීම; නාමයක් නියම කිරීම; නමක් දීම. 2. [නා.] විශේෂයෙන් විද්‍යාත්මක වර්ගීකරණ ආදිය සලකා සකස් කළ ශබ්දමාලාව; නාමාවලිය.
නාමකාය1. (අභි.) [නා.ප්‍ර.] නාම ධර්ම සමූහය; වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර; චිත්ත චෛතසික ධර්ම සමූහය. 2. (ව්‍යාක.) [නා.ප්‍ර.] ශබ්ද වශයෙන් උච්චාරණය වන නාම සමූහය.
නාමජාම්බෝනද[නා.ප්‍ර.] රත්රන් වර්ගයක්; දඹරන්.
නාමධාතුක ක්‍රියාව1. (ව්‍යාක.) [නා.] නාමයකින් සෑදෙන ක්‍රියාරූපය. 2. [නා.] නාමයකින් පර ව ප්‍රත්‍යයන් පමණක් යෙදීමෙන් ක්‍රියාර්ථයක් ගෙන දෙන පදය.
නාමධේය[නා.ප්‍ර.] නම; නාමය; අභිධානය.
නාමනා[නා.ප්‍ර.] මනා-නොමනා දෙය; හොඳ - නරක.
නාමනාමය[නා.] (ව්‍යාක.) සත්ත්ව පුද්ගලාදි සජීව-අජීව වස්තු හා සංකල්පාදිය ප්‍රකාශ වන සාමාන්‍ය නාමය.
නාමනිඝණ්ඩු[නා.ප්‍ර.] නාමාවලිය; නාම කෝෂය; අකාරාදිය.
නාමප්‍රකෘති[නා.ප්‍ර.] (ව්‍යාක.) නාම පදයක ප්‍රකෘති රූපය; මූල රූපය; ශබ්ද ප්‍රකෘතිය.
නාමප්‍රත්‍යය[නා.] (ව්‍යාක.) නාමයක් යෙදෙන ප්‍රත්‍යය; සමඟ විභක්ත්‍යාර්ථය බෙදීමට ඉවහල් වන නාම ප්‍රකෘතිය.
නාමමාත්‍ර[වි.] නමින් පමණක් වූ; ද්‍රව්‍ය හෝ රූප හෝ වශයෙන් නොපවත්නා.
නාමමාත්‍ර අගය(පාරිභා.) [නා.] වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිණිස තිබිය යුතු නාමමාත්‍ර අරමුදලක එක් කොටසක අගය හෙවත් වටිනාකම.
නාමමාත්‍ර අරමුදල[නා.] වෙළඳ ව්‍යාපාරයක් පටන් ගැනීමේ දී ඊට අදාළ සමාගමේ නීති මගින් ඒ සඳහා තිබිය යුතු යැයි නියම කරන මුදල.
නාමමාත්‍ර ගිණුම(පාරිභා.) [නා.] මග පෙන්වීමක් සඳහා පමණක් පිළියෙල කරන ව්‍යාජ ගිණුම් විස්තරය.
නාමය1. [නා.] සත්ත්ව පුද්ගලාදින් හැඳින්වීමට තබන ලද නම; සංඥාව; ප්‍රඥප්තිය; අභිධානය. 2. [නා.] විභක්ති ප්‍රත්‍යය ඇසුරු කොට ප්‍රථමාදි අර්ථයන්ට නැමෙන ශබ්ද ප්‍රකෘතිය. 3. [නා.] සිත; චිත්තය; විඤ්ඤාණය. චිත්ත චෛතසික ධර්ම සමූහය; වේදනාදි ස්කන්ධ.
නාමරූපස්කන්ධය[නා.] (අභි.) නාම ධර්ම හා රූප ධර්ම සමූහය; පංචස්කන්ධය.
නාමසංඥා[නා.] (ව්‍යාක.) විභක්තියෙන් තොර වූ අර්ථවත් ශබ්ද රූපය.
නාමස්කන්ධය[නා.] (අභි.) චිත්තචෛතසික හා සම්බන්ධ වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර.
නාම්බා1. [නා.ප්‍ර.] තරුණ වස්සා; තරුණ පුෂ්ටිමත් සතා. 2. [නා.ප්‍ර.] ඉලන්දාරියා; නාඹරයා; තරුණයා.
නාමාඛ්‍යාතය[නා.] ක්‍රියා අර්ථයකින් යුතු වූ නාමය; ආඛ්‍යාත කාර්යයෙහි යෙදුණු නාමය; නාම ක්‍රියාව.
නාමාඞ්කිත[වි.] නම සඳහන් වූ; නම සලකුණු කොට ඇති.
නාමාන්තරය[නාම+අන්තරය] [නා.] අන්‍ය නාමය; වෙනත් නම්.
නාමාරෝපණය[නාම+ආරෝපණය] [නා.] නම් තැබීම; නම් ආරූඪ කිරීම.
නාමාවලිය[නාම+ආවලිය] 1. [නා.] නම්වැල; නම් ලැයිස්තුව; නම් වට්ටෝරුව. 2. (පාරිභා.) [නා.] පරිභාෂික වචන මාලාව; පාරිභාෂික ශබ්දාවලිය; නාමකරණය.
නාමාවශේෂ[නාම+අවශේෂ] [වි.] නම් වසයෙන් ඉතිරි වූ; නම පමණක් ශේෂ වූ.
නාමිණි[නා.] නායක මාණික්‍යය; අග්‍ර මාණික්‍යය.
නාමෝපලක්ෂිත[නාම+උපලක්ෂිත] [වි.] නමින් අලංකාර වූ; නමින් හඟවන ලද; නාමයෙන් යුතු වූ.
නාඹ, නාඹු[වි.] තරුණ; පෝතක.
නාඹර1. [වි.] නොමේරු; ළපටි; ළා. 2. [වි.] තරුණ, යෞවන.
නාඹුල්1. [වි.] කලින් ප්‍රයෝජනයට නොගත්; අලුත්; පළමුවෙන් හටගත්. 2. [වි.] තරුණ.
නාය[නා.] වැසි, භූමිකම්පා, කඳු හෙළිපෙහෙළි කිරීම ආදි සිද්ධි හේතුකොට ගෙන හෙමින් හෝ වේගයෙන් පහළට බැස යන විශාල භූමි ප්‍රදේශය (උස් මට්ටමක සිට පහළට බැස යන විශාල බිම් කොටස).
නාය ඉර[නා.] බිම් කොටසක් නාය යාමට ආසන්න ව තිබිය දී එහි ඉහළ සීමා දක්වමින් ඇති වන පැල්ම.
නායක[වි.] මඟ පෙන්වන; ප්‍රධාන; මූලික; ශ්‍රේෂ්ඨ.
නායකය1. [නා.] තරලයක් ගෙන යන නළය; ප්‍රණාලය. 2. [නා.] තාපය ගෙන යන සූත්‍රිකාව හෝ කම්බි ආදිය.
නායකයා1. [නා.] මඟ පෙන්වන්නා; ප්‍රධානයා; මූලිකයා; ශ්‍රේෂ්ඨයා. 2. [නා.] කථා නායකයා.
නායයෑම[නා.] උස් මට්ටමක ඇති විශාල බිම් කොටසක් ස්වභාවික විපර්යාස හේතුවෙන් තල්ලු වී යෑම.
නායහන්[නා.ප්‍ර.] නාගයෙකු යහන කොටගෙන වසන තැනැත්තා; විෂ්ණුදෙවි.
නායිකාව1. [නා.] අධිපති කාන්තාව; ප්‍රධාන තැනැත්තිය. 2. [නා.] කාව්‍ය, නාට්‍ය ආදියෙහි ප්‍රධාන ස්ත්‍රී චරිතය.
නාර[නා.ප්‍ර.] ජලය.
නාරටි වින්‍යාසය(පාරිභා.) [නා.] කොළයක නාරටි පිහිටා ඇති ආකාරය.
නාරටිය1. [නා.] කොළයක නටුවේ සිට අග දක්වා විහිදී යන දාරය ; පත්‍රයක සනාළ කලාපය. 2. [නා.] දාරය; ගැට්ට. 3.(පාරිභා.) [නා.] කෘමියකුගේ පියාපත් දරා සිටින හා ඊට ශක්තිය ගෙන දෙන කයිටිනීය දණ්ඩ.
නාරද[නා+රද] 1. [නා.ප්‍ර.] නාගරාජයා. 2. [නා.ප්‍ර.] අනන්ත නම් නාගරාජයා. 3. [නා.ප්‍ර.] හස්තිරාජයා; ගිජිඳු. 4. [නා.ප්‍ර.] වීණා වාදකයා; වීණාව දරන්නා.
නාරාචන1. [නා.ප්‍ර.] යකඩ ඉන්න; උල; අලවංගුව; නාරස්සනය. 2. [නා.ප්‍ර.] ඊතලය; ඊය; හීය.
නාරි කුම්භය[නා.] ස්ත්‍රී රූප භාවිතයෙන් නිර්මාණය වන කුම්භ රූපය.
නාරි ලාවණ්‍යය[නා.] කාන්තාවන් කෙරෙහි පවතින සුන්දරත්වය; සිත් ගන්නාසුලු බව.
නාරි, නාරී[නා.ප්‍ර.] ස්ත්‍රිය; වනිතාව; කාන්තාව.
නාරිකේල[නා.ප්‍ර.] පොල්; නෙරළු; මා රුක්.
නාරිලතා[නා.] මනඃකල්පිත මල්වැල් විශේෂයක්; කාන්තා උඩුකයක විලාසය ගත් මල් හටගන්වතැයි ද හිමාලයෙහි වැවෙතැයි ද විශ්වාස කරනු ලබන වැලක්.
නාරිලතා වැල[නා.] නාරිලතා වැල පිළිබඳ කල්පිතය ආශ්‍රිත කොට ගෙන සකස් කර ගත් චිත්‍ර මෝස්තරය.
නාරිලාලිත්‍යය[නා.] කාන්තා ශරීරය හා සම්බන්ධ ලාලිත භාවය.
නාරිවේදික(පාරිභා.) [වි.] කාන්තා රෝග සම්බන්ධ වූ (=gynaecological).
නාලරුහ(පාරිභා.) [වි.] නළයක ජීවත් වන (=tubicolous).
නාලස්ථුණය(පාරිභා.) [නා.] දණ්ඩක (මදය සහිත) සිලින්ඩරාකාර දඟර ප්‍රදේශය.
නාලි, නාළි1. [නා.ප්‍ර.] ධාන්‍ය වර්ග ආදිය මැනීම සඳහා භාවිත කරන මිනුම් භාජනය; නැලි. 2. [නා.ප්‍ර.] කුහරයක් සහිත දණ්ඩ; නළය. 3. [නා.ප්‍ර.] ලේ ගමන් කරන නහරය; ධමනිය. 4. [නා.ප්‍ර.] චර්ම රෝගයක නාමය.
නාලිකා යන්ත්‍රය(පාරිභා.) [නා.] ද්‍රව වර්ග ඇද ගැනීම සඳහා තනා ඇති චක්‍ර නළය.
නාලිකාග්‍රය(පාරිභා.) [නා.] කුක්ෂිවෘන්තය; කලංකය; ස්ත්‍රී කේසර දණ්ඩ කෙළවර පරාග ග්‍රහණය සඳහා පිහිටි කුක්ෂිය.
නාලිකාව1. [නා.ප්‍ර.] ගුවන් විදුලි සහ රූපවාහිනි සේවාවන් හඳුන්වන නාමය; ගුවන් විදුලි හා රූපවාහිනි තරංග සම්ප්‍රේෂණය උදෙසා වෙන් කොට දී ඇති සංඛ්‍යාත පරාසය. 2. (පාරිභා.) [නා.ප්‍ර.] වීදුරු නළය; කුහර සහිත වීදුරු දණ්ඩ. 3. [නා.ප්‍ර.] පැරණි ඉන්දියාවේ භාවිත වූ කාලය පිළිබඳ මිනුමක්.
නාලිකේය, නාලිකේර[නා.ප්‍ර.] පොල්; නෙරළු.
නාලිය1. [නා.ප්‍ර.] බුලත්; නාගලතා. 2. [නා.ප්‍ර.] නා දලුව; නාග පල්ලවය. 3. [නා.ප්‍ර.] ඇතින්න. 4. [නා.ප්‍ර.] නාගමාණවිකාව. 5. [නා.ප්‍ර.] සැපින්න.
නාලොව[නා.] නාගලෝකය; පොළොව යට ඇතැයි සැලකෙන නාගභවන; රසාතලය.
නාවර1. [නා.ප්‍ර.] අපිරිසිදු ද්‍රව; ඇඟේ ගෑවී ඇති අපද්‍රව්‍ය; ධාරා වශයෙන් වැගිරෙන අපිරිසිදු දියර. 2. [නා.ප්‍ර.] පොල්, කිතුල් ආදියෙහි පිතිවලින් ගලවා ගනු ලබන පට්ටය.
නාවා1. [නා.] නායකයා; ප්‍රධානයා. 2. [නා.] තිදෙනකුට යා හැකි අඟුල. 3. [නා.] නැව.
නාවාලකනය[නාවා+ලකනය] [නා.] නවත්වන ලද නැවක් ඔබ මොබ පා වී යෑමෙන් වළක්වන උපකරණය; නැංගුරම.
නාවැසි[නා+වැසි] [නා.ප්‍ර.] ඇත්ගොව්වා; ඇතරු.
නාවික[වි.] නැව් පිළිබඳ; නෞකාවලට සම්බන්ධ.
නාවික අවරෝධය(පාරිභා.) [නා.] නැව් හමුදාවක් විසින් වටලනු ලැබීම.
නාවික කඳවුර[නා.] යුද නැව් හමුදාවක් රඳවා ඇති තොට සහ තදාසන්න ආරක්ෂිත ප්‍රදේශය; නාවික හමුදාව රඳවා තබා ඇති බල ප්‍රදේශය.
නාවික කොම්පාසුව(පාරිභා.) [නා.] නැවියන් දිශා දැනගැනීම සඳහා භාවිත කරන මාලිමා යන්ත්‍රය; නැවියන්ගේ උතුරු කටුව.
නාවික හැතැප්ම[නා.] මුහුදේ දුර මැනීම සඳහා භාවිත වන අඩි 6080 ක් හෙවත් මීටර් 1852 ක් දිග මිම්ම.
නාවිකයා[නා.] නැව් පදවන්නා; නැවියා.
නාවිමන[නා.] නයින් වසන විමානය; නාග භවනය.
නාවිය[නා.] නෞකාව; විශාල මුහුදු යාත්‍රාව; නැව.
නාවියා[නා.] නැව් පදවන්නා; නාවිකයා.
නාවිසයා[නා.] දැළිරවුළු කපන්නා; කරනැවෑමියා; නහාපිතයා.
නාවුකාව[නා.] නැව.
නාශක[වි.] නසන; විනාශ කරන.
නාශකය[නා.] යමක් විනාශ කිරීම සඳහා ගැනෙන මාධ්‍යය.
නාසය, නාසාව[නා.] ගඳ සුවඳ දැන ගන්නා ඉන්ද්‍රිය; නහය.
නාස්කුහරය[නා.] නාසයෙහි සිදුර.
නාස්තික1. [වි.] නාස්තික දෘෂ්ටිය වැලඳ ගත් හෙවත් අනුගමනය කරන; නාස්තික දෘෂ්ටිය පිළිබඳ. 2. [වි.] විනාශදායක; වනසන; නැතිකරන.
නාස්තික දෘෂ්ටිය[නා.] කර්ම ඵලයක් හෝ පරලොවක් හෝ නැතැයි උගන්වන දර්ශනය; ලෝකායත දෘෂ්ටිය; උච්ඡේද දෘෂ්ටිය.
නාස්තික භ්‍රාන්තිය(පාරිභා.) [නා.] (දර්ශන.) සංවේද ඉන්ද්‍රියවලට අසු වන වස්තුවක් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නුපුළුවන්කම (=negative hallucination).
නාස්තිකාර[වි.] නැති කරන; වනසන; ප්‍රයෝජනයකට නැති.
නාස්තිය[නා.] තමා සතු දේ නැති භංග කරදැමීම; පමණට වඩා බඩුමුට්ටු සඳහා වියදම් කිරීම; තිබෙන දේපළ ගැන නොතකා සිටීමෙන් විනාශවන්ට ඉඩ හැරීම.
නාස්තෲත්මක[නාස්ති+ආත්මක] [වි.] (දර්ශන.) විනාශය ස්වභාව කොට ඇති; විනාශ කරනසුලු; විනාශය අවශ්‍යතාවක් කොට තකන (=destructive).
නාස්නා පහණ[නා.] රන් ආදි ලෝහ පරික්ෂා කිරීම සඳහා භාවිත කරන ගල් විශේෂයක්; උරගල.
නාස්නාලය[නා.] ස්වසන මාර්ගයෙහි බැහැරින් ම පිහිටි නාස් කුහරය.
නාස්ලණුව[නා.] (ගව ආදි සතුන්ගේ) නාසය විද දමන ලණුව.
නාසා ආයතනය[නා.] ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති ගුවන් විද්‍යාව හා අභ්‍යවකාශ පාලනය පිළිබඳ ආයතනය.
නාසා කුටීරය(පාරිභා.) [නා.] කපාලිකයන්ගේ මොළයෙහි තිබෙන ආඝ්‍රාණ ප්‍රදේශය; මස්තිෂ්ක කෝෂිකාව.
නාසා ග්‍රසනිකාව[නා.] තල්ලේ සීමාවට උසින් පිහිටි ඉහළ ග්‍රසනිකා කොටස.
නාසා ස්‍රාවය[නා.] නැහැයෙන් සොටු දිය ගැලීම.
නාසාග්‍රය[නා.] නාසයේ අග්‍රය; නහයේ කෙළවර.
නාසාදාරුව[නා.] උළුවස්සේ උඩ පඩිය; උඩෙළිපත.
නාසාධෝපාද[නාසා+අධෝපාද] (පාරිභා.) [වි.] නාසයෙහි පහත කොටසෙහි වූ.
නාසාන්තර ආවාරය(පාරිභා.) [නා.] නාසාපුට වෙන් කෙරෙන බිත්තිය.
නාසානාහ[නා.ප්‍ර.] නාසා මාර්ගය ඇහිරී යෑම; නාස් මග අපද්‍රව්‍ය වලින් වැසී යෑම.
නාසාපුටය1. [නා.] නහයෙහි සිදුර; නාස්පුඬුව. 2. [නා.] ඝ්‍රාණ රෝග විශේෂයක්; පීනස් රෝගය.
නාසික නායකය(පාරිභා.) [නා.] නාසයෙහි ද්‍රව මාර්ග නළය.
නාසික්‍ය[වි.] නාසයෙන් උපදනා; නැහැය ඇසුරු කළ.
නාසිකා ද්‍රවය[නා.] නාසයෙන් වැගිරෙන ද්‍රව්‍ය; සොටු.
නාසිකාක්ෂරය[නාසික+අක්ෂරය] [නා.] නාසය ඇසුරෙන් උපදනා ශබ්දයක් සඳහා යෙදෙන අකුර.
නාසිකාව[නා.] නාසය; නැහැය.
නාසේඛ[වි.] අසේඛ නුවූ; නොහික්මුණු; ශික්ෂා නොවූ.
නාහෙන් අඬනවා(කථා.) [ක්‍රි.] ඇවිටිලි කරනවා; කංකෙඳිරි ගානවා; බැගෑපත් ව ඉල්ලා සිටිනවා.
නාළ ආධමනය(පාරිභා.) [නා.] පෙනහැලි ආදියට නළ මගින් කරන වායු පිඹීම (=tubal insufflation).
නාළ ගබ්සාව(පාරිභා.) [නා.] (පැලෝපිය ආදි) නාළ වැසීමෙන් කරනු ලබන ගබ්සාව (=tubal abortion).
නාළය, නළය[නා.] සිදුරු සහිත සිලින්ඩරාකාර බටය.
නාළි1. [නා.ප්‍ර.] නහරය; නාඩිය. 2. [නා.ප්‍ර.] කුහරය සහිත දණ්ඩ.
නාළිකේර, නාලිකේර[නා.ප්‍ර.] පොල්; නෙරළු.
නාළු[වි.] අත් නොහළ; නොඇරි; නොහැරී.
නැංගුරම[නා.] මුහුදු යාත්‍රා නවත්වා තැබීමේ දී ආධාර කර ගන්නා විශාල ලෝහ උපකරණය.
නැංගුරම් කටුව(පාරිභා.) [නා.] මෝටර් රථයක අවරතල මුදුනේ රෝධක පලුවල පිහිටීම පාලනය කරන කටුව.
නැංගුරම් ලනවා[ක්‍රි.] නැවක් එක් තැනක රඳවා ගැනීම සඳහා අවශ්‍ය නැංගුරම මුහුදු පත්ලට දමනවා.
නැංගුරම් වලය(පාරිභා.) [නා.] නැංගුරමක දම්වැල් සවි කිරීමට ඇති වළල්ල (=anchor ring).
නැකත්, නැකැත්[නා.ප්‍ර.] නක්ෂත්‍ර; නැකත්; තාරකා; ශුභ මොහොත.
නැකත්කරුවා, නැකැත්කරුවා[නා.] නැකත් යෝග සාදන්නා; ජ්‍යෝතිශ්ශාස්ත්‍රයට අනුකූල ව නැකැත් හදන්නා.
නැකතියා1. [නා.] නක්ෂත්‍රය දන්නා තැනැත්තා; දෛවඥයා; ජ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා. 2. [නා.] නැකති කුලයට අයත් තැනැත්තා.
නැගටිව්(පාරිභා.) [නා.ප්‍ර.] විද්‍යුත් පරිපථයක ඍණ ධාරාව; කැමරා සේයාරූ ඡායාගත වී නොපිටට පෙනෙන රූපය (=negative).
නැගණි, නැඟණි[නා.ප්‍ර.] කනිෂ්ඨ සහෝදරිය; නංගී; නඟා.
නැගි උරුව[නා.] ළදරුවන්ගේ නාසය ආශ්වාස ප්‍රශ්වාස නොවන පරිදි ඇහිරීම; නාසිකාවරෝධය.
නැගිටිනවා, නැඟිටිනවා1. [ක්‍රි.] සිට ගන්නවා; නැඟී සිටිනවා. 2. [ක්‍රි.] අවදිවෙනවා; නින්දෙන් පිබිදෙනවා. 3. (කථා.) [ක්‍රි.] දියුණු වෙනවා; සමෘද්ධියට පත් වෙනවා.
නැගිවන්[වි.] වඩා උසස්; වඩා සමර්ථ; ඉහළට ගිය.
නැගී එනවා, නැඟී එනවා1. [ක්‍රි.] (සටනට) ආවේගයෙන් ඉදිරිපත් වෙනවා; රැහැණි ව ඉදිරියට එනවා. 2. [ක්‍රි.] පිටත් ව එනවා. 3. [ක්‍රි.] ධනය, බලය, අධ්‍යාපනය ආදි අංශයකින් ක්‍රමයෙන් දියුණු වෙනවා; අශ්වාදින්ගේ පිට නැගී හෝ වාහනවල නැඟී පිටත් ව යනවා.
නැගී යනවා, නැඟී යනවා1. [ක්‍රි.] පිටත් ව යනවා; පලා යනවා; පැන යනවා. 2. [ක්‍රි.] අශ්වාදීන් පිට නැගී හෝ වාහනවල නැගී පිටත් ව යනවා.
නැගී සිටිනවා1. [ක්‍රි.] රෝගාබාධ, දරිද්‍රතා ආදි දුඃඛිත තත්ත්ව නැති වීමෙන් නැඟිටිනවා. 2. [ක්‍රි.] නැඟිට සිටගන්නවා. 3. [ක්‍රි.] විරුද්ධ ව ඉදිරිපත් වෙනවා. 4. [ක්‍රි.] මතු ව පෙනෙනවා; (යම්කිසි තලයකින්) උඩට උස් ව තිබෙනවා.
නැගුම, නැඟුම, නැග්ම1. [නා.] පහත් ප්‍රදේශයක සිට උස් ප්‍රදේශයක් කරා නැගි මට්ටමෙහි පවතින බෑවුමේ ප්‍රමාණය. 2. [නා.] දියුණුව; වර්ධනය. 3. [නා.] යමක් මතට නැගීම.
නැගෙනහිර, නැඟෙනහිර[නා.] ඉර පායන දිශාව; පෙරදිග; පූර්ව දිශාව.
නැඟෙනහිර ගිනිකොන(පාරිභා.) [නා.] ගිනිකොනටත් නැඟෙනහිරටත් අතර අනු දිශාව (=east south east).
නැඟෙනහිර-ඊසාන(පාරිභා.) [නා.ප්‍ර.] ඊසානටත් නැඟෙනහිරටත් අතර අනුදිශාව (=east north east).
නැට්ට1. [නා.] නටුව. 2. (කථා.) [නා.] සිවුපා සතුන්ගේ වලිගය.
නැට්ටුක්කාරයා1. [නා.] නර්තනයෙහි යෙදෙන තැනැත්තා; නැටුම් නටන්නා; නැට්ටුවා. 2. (කථා.) [නා.] චණ්ඩාල කුලිකයා; හුලවාලියා.
නැට්ටුක්කාරි1. [නා.] නර්තනයෙහි යෙදෙන තැනැත්තී; නැටුම් නටන්නී. 2. [නා.] චණ්ඩාල ස්ත්‍රිය; සැඩොලිය.
නැට්ටුවා[නා.] නර්තනයෙහි යෙදෙන්නා; නැට්ටුක්කාරයා; නටන්නා.
නැටිත්ත1. (පාරිභා.) (උද්භි.) [නා.] උඩවැඩියා මලක පරාග, තුණ්ඩිකයට හා කරන නානු සහිත කෙඳිවලින් සැදුණු නටුව (=caudick). 2. [නා.] වමාරා කන සතුන්ගේ දෙවැනි ආමාශය; ධෘතිකය (=retinaculum).
නැටිය[නා.] කොළ, මල්, ගෙඩි ආදිය ගසේ අත්තට සම්බන්ධ වන හීන් දණ්ඩ; නටුව; වෘන්තය.
නැටීම1. [නා.] නැටුම් පැවැත්වීම; රංගනය. 2. [නා.] රත් වීමෙන් දිය පැසීම. 3. (කථා.) [නා.] අසංවර හැසිරීම; නැටිල්ල.
නැඩ[වි.] උස මහත ඇති; හොඳින් හැදුණු වැඩුණු; විශාල.
නැඩයා[නා.] උස මහත ශරීරයක් ඇත්තා.
නැඩුඹ[නා.] ආයුර්වේදයේ දැක්වෙන මිනුම් ප්‍රමාණයක්; නැළිය; පත හතර; පලං දහසය.
නැණ[නා.ප්‍ර.] නුවණ; ඥානය.
නැණග[නැණ+අග] [නා.] නුවණින් අගතැන්පත් තැනැත්තා; ගණදෙවි.
නැණපතර[නා.] පැතුරුණු නුවණ; ඥාන සම්භාරය; ඥාන සමුදාය.
නැණපහස[නා.] නුවණින් ලබන ප්‍රත්‍යක්ෂ අවබෝධය.
නැණබඳ[වි.] නුවණ හා බැඳුණ; නැණවත්; නුවණැති.
නැණලු[නැණ+අලු] [නා.] නැණ එළිය; නුවණ නමැති ආලෝකය; ඥානාලෝකය.
නැණවතා[නා.] නුවණ ඇති තැනැත්තා; ඥානවන්තයා.
නැණසක්[නා.ප්‍ර.] නුවණ නමැති ඇස; ප්‍රඥා චක්ෂූස.
නැණසර[නා.ප්‍ර.] නුවණැත්තා; ඥානවන්තයා; ප්‍රාඥයා. [වි.] ඉතා නුවණ ඇති; ඉතා නැණවත්; ප්‍රාඥ වූ; නුවණින් සාර වූ.
නැණසුන්[වි.] ඥාන ශුන්‍ය වූ; නුවණ නැති; අනුවණ; නුවණින් හිස් වූ.
නැණැති[නැණ+ඇති] [වි.] නුවණ ඇති; ඥානවන්ත; නැණවත්.
නැණැස[නැණ+ඇස] [නා.] නුවණ නැමැති ඇස; ඥාන චක්ෂූස.
නැතක්[නැත්+අක්] [වි.] අනන්ත; අප්‍රමාණ; පමණ නැති; කෙළවරක් නැති; බොහෝ.
නැතකින්[ක්‍රි.වි.] ඉක්මනින්; වහා; කඩිනමින්; යුහුසුලුව.
නැත්ත[නා.] නොපවත්නා දෙය; බොරුව; ඇත්තට පටහැනි දෙය.
නැති වෙනවා[ක්‍රි.] අභාවයට යනවා; අයිතියෙන් ගිලිහෙනවා; නොපෙනී යනවා.
නැතිබැරිකම[නා.] අගහිඟකම; දිළිඳුකම; දරිද්‍රතාව; දුගීබව.
නැතිභංග කර දමනවා[ක්‍රි.] මුළුමනින් ම විනාශ කර දමනවා; නැත්තට ම නැති කර දමනවා; සුනුවිසුනු කර දමනවා.
නැතිවාදම(කථා.) [නා.] නැතිකම ගැන නිතර පැවසීම; හැමවිට ම තමාගේ අගහිඟකම් ගැන කථා කිරීම.
නැතුර[න+අතුර] 1. [වි.] අතරක් නැති; නිරතුරු 2. [වි.] අනතුරක් රහිත; අන්තරායෙන් තොර; විපතින් මිදී.
නැදය[නා.] නාදය; හඬ; ධ්වනිය.
නැදවටය, නැදිවටය[නා.] දකුණට කරකැවුණු රේඛා ලක්ෂණය; නන්ද්‍යාවර්තය; බුදුන්වහන්සේගේ ශ්‍රී පතුලෙහි පිහිටි මංගල ලක්ෂණයක්.
නැදි[නා.ප්‍ර.] නැන්දා; පියාගේ සහෝදරිය.
නැදිමයිල්, නැඳිමයිල්[නා.ප්‍ර.] බිරිඳගේ හෝ සැමියාගේ හෝ මව්පිය දෙදෙනා; නැන්දා සහ මාමා.
නැදුන්[නා.ප්‍ර.] තද අරටුවක් හා සිත්කලු වෛරමක් සහිත දැව වර්ගයක්.
නැන්දණිය1. [නා.] පියාගේ සහෝදරිය; නැන්දම්මා; නැන්දා. 2. [නා.] බිරිඳගේ හෝ සැමියාගේ හෝ මව; නැන්දම්මා.
නැන්දා1. [නා.]රජක කුලයේ තලතුනා ස්ත්‍රිය. 2. [නා.] නැන්දණිය.
නැප්කිනය1. [නා.] ඉඳුල්කඩ; අත් පිස්නා කඩ. 2. [නා.] ළදරුවන්ගේ මලමූත්‍ර රැඳී සිටිනු පිණිස අන්දවන රෙදි කැබැල්ල.
නැප්චුන්[නා.] සෞරග්‍රහ මණ්ඩලයේ අටවැනි ග්‍රහයා.
නැප්තලින්(පාරිභා.) [නා.ප්‍ර.] කෘමි නාශකයක්; කපුරු බෝල; තාර කපුරු.
නැපිය(පාරිභා.) [නා.] (භූගෝ.) දරුණු පෘථිවි චලනයක ප්‍රතිඵලයක් වශයෙන් සැදුණු උලැඟි ස්කන්ධ තල්ලු වීම නිසා ඇති වූ විශාල කඳු රැලිය (=nappe).
නැබ නළය[නා.] මව් කුසෙහි වැඩෙන ළදරුවාගේ පෙකණිය සහ මවගේ වැදෑමස සම්බන්ධ කරන නාලය; පෙකණිවැල.
නැබ මඬල, නැඹ මඬල1. [නා.] රථ චක්‍රයක හෝ චක්‍රකාර ව බඳනා ලද මකුළු දැලක මධ්‍ය ලක්ෂ්‍යය; නාභිමණ්ඩලය. 2. [නා.] පෙකණි පෙදෙස.
නැබ, නැඹ1. [නා.] නාභිය; පෙකණිය. 2. [නා.] රථ චක්‍රයක මධ්‍ය ලක්ෂණය.
නැබල, නැබළ, නැඹුලු, නැඹුළු[වි.] මහත්; විශාල; ශක්තිමත්; ප්‍රබල
නැම්ම1. [නා.] නැම්ම; හැකිළීම; (ඇඳුමක රැළිගැන්වීමෙන් සකස් කරන) පටි නැම්ම. 2. (පාරිභා.) [නා.] භූචලනය නිසා පෘථිවි පෘෂ්ඨයේ ඇති වන නැම්ම; උඩුනැම්ම හෝ යටිනැම්ම. 3. (කථා.) [නා.] වරක්; සැරයක්.
නැමි1. [වි.] පහතට බර වූ; නැමුණු. 2. [වි.] ඇද; වක්. 3. [වි.] යොමු වූ; නම්නවූ.
නැමි ඔපනැල්ල[නා.] ඇඳුමක් කුඩා කර ගැනීම අවශ්‍ය වූ විට, වැඩි කොටස යටට නමා මසන ඔපනැලි වෙසෙසක්.
නැමි කන්ද(පාරිභා.) [නා.] භූචලන නිසා උඩට නෙරා නැමී ගිය පාෂාණ ස්තරවලින් සැදුණු කන්ද (=fold mountain).
නැමි කලම්පය(පාරිභා.) [නා.] උපකරණ කොටස් එකට අල්ලා තැබීමට හෝ සවි කිරීමට හෝ උපයෝගී කරගන්නා ආධාරකයක් (=bent clamp).
නැමි තට්ටු(පාරිභා.) [නා.ප්‍ර.] රැළි ආකාරයෙන් පිහිටි පස් තට්ටු.
නැමි පනාව[නා.] යුරෝපීය පාලන කාලය තුළ දී කොණ්ඩා බැඳි පහතරට පිරිමින් හිස් පලඳනාවක් වශයෙන් භාවිත කළ අර්ධ කවාකාර කැස්බෑ ලෙලිවලින් තැනූ පනා විශේෂයක්.
නැමි පිහිය(පාරිභා.) [නා.] ශල්‍යක්‍රම සඳහා භාවිත කරන ශල්‍ය උපකරණයක්.
නැමි බෑවුම(පාරිභා.) [නා.] පාෂාණ ස්තරවල සිදුවන ඇදවීම් හෙවත් රැළි ගැසීම්වල කෝණය (=pitch of fold).
නැමිවරණ(පාරිභා.) [නා.ප්‍ර.] ඇඳුම් රැළි ගැසීම වළක්වන්න; රැළි වාරකය.
නැමුම් යන්ත්‍රය(පාරිභා.) [නා.] මුද්‍රිත පත්‍ර නැමීම සඳහා මුද්‍රණාලයවල භාවිත කරන යන්ත්‍ර විශේෂයක් (=bending machine).
නැමෙනවා1. [ක්‍රි.] ('නමනවා' යන්නෙහි නිරුත්සාහක රූපය) නැඹුරු වෙනවා; නම්න වෙනවා; යොමු වෙනවා. 2. [ක්‍රි.] අවනත වෙනවා; යටත්බවට පත් වෙනවා.
නැඹුරු1. [වි.] නැමුණු; ඇලවුණු; පැත්තට බර වූ. 2. [වි.] පහත් වුණු; එල්ලා වැටුණු; නෙරා ගිය.
නැඹුරුව[නා.] පැත්තකට බර; ප්‍රවණතාව.
නැයින[නා.] ස්වාමිපුරුෂයාගේ හෝ භාර්යාවගේ සහෝදරිය; නෑනා.
නැයිනි1. [නා.] සැපින්න. 2. [නා.] ජලය බැස යන දොරටුව.
නැරඹීම[නා.] බැලීම.
නැල්[නා.ප්‍ර.] බටය; නළය.
නැලැල්ල[නා.] (කථා.) ගඟේ හෝ මුහුදේ පෑදුණු විශාල වැලිතලාව.
නැව[නා.] මුහුදු යාත්‍රා විශේෂයක්; නෞකාව; කප්පර; සම්බාන; සුලුප්පුව.
නැවඩ(කථා.) [වි.] කැපී පෙනෙන උස මහත ශරීරයක් ඇති; උස් මහත් වූ.
නැවතුම් පහන(පාරිභා.) [නා.] මෝටර් රථයක් නවත්වා තබන බව හැඟවීම පිණිස දල්වන විදුලි බුබුල (=stop light).
නැවතුම්පළ[නා.] නවතින ස්ථානය; නතර වන තැන; නවාතැන.
නැවතුම්රෝධකය(පාරිභා.) [නා.] වාහනයක් නැවැත්වීමට උපයෝගී කරගන්නා යාන්ත්‍රික උපකරණය; අත්රෝධකය; අත්තිරිංගය.
නැවහිස[නා.] නැව් තට්ටුව; නෞකාවේ මතුපිට; නෞකා ශීර්ෂය.
නැව් ඇපය(පාරිභා.) [නා.] නැව් ගමනාගමනයේ දී නැවෙහි ආරක්ෂාව සඳහා නැව් හිමියාට දෙන ඇප මුදල (=bottomry).
නැව් තටාකය[නා.] නැව්වලට බඩු පැටවීම, ඉන් පසු ගොඩ බෑම, නැව් අලුත්වැඩියා කිරීමාදිය සඳහා වරායේ ඇති විශේෂ ස්ථානය.
නැව් තණ්ඩලේ[නා.] කුඩා ජල යාත්‍රාවල නියමුවා.
නැව් තරුව[නා.] දීප්තිමත් තාරකාවක්; නැවියන්ට උතුරු දෙස දැන ගැනීමට උපකාර වන ධ්‍රැව තාරකාව.
නැව් තලය[නා.] නැවේ පතුල් තට්ටුව; නැව් පත්ල.
නැව් තහනම[නා.] විදේශීය නැවකට වරායකට ඇතුළු වීම හෝ ඉන් පිට වීම හෝ තහනම් කෙරෙන නියෝගය.
නැව් නඟිනවා1. [ක්‍රි.] නැවෙන් යනවා; පිටරට යනවා; විදේශගත වෙනවා. 2. [ක්‍රි.] නැවට ගොඩවෙනවා.
නැව් ලිත[නා.] නැවියන්ට අවශ්‍ය තොරතුරු සංග්‍රහ කළ ලිත; නාවිකයන්ගේ ලිත.
නැව් හඟුල[නා.] විශාල ඔරු දෙකක් එකට යාකර ඉදි කෙරෙන අඟුල.
නැව්කුලී ගිවිසුම[නා.] බඩු ගෙන යෑම සඳහා නැවක් කුලියට ගැනීමේ ගිවිසුම; නෞභාර ගිවිසුම.
නැව්තොට[නා.] නැව් නතර කර තබන මුහුදු විල් හෝ ගංතොට; වරාය.
නැව්පති[නා.ප්‍ර.] නැවේ ප්‍රධානයා; නැවේ නියමුවා.
නැව්බඩු බැඳුම්කරය[නා.] නැවක ප්‍රවාහනය කරනු ලබන බඩු සඳහා වූ ණයකරය.
නැවැණි[නැව්+ඇණි] [නා.ප්‍ර.] නැව් සමූහය; නැව් හමුදාව; නෞකා සේනාංකය.
නැවෑමියා1. [නා.] කරනැවෑමියා; දැළි රැවුල් කපන්නා; නභාපිතයා. 2. [නා.] ලෝහ කර්මාන්තකරුවා; කඹුරා. 3. [නා.] ගල් වඩුවා.
නැවියා1. [නා.] නැවෙහි සේවයෙහි නියුක්තයා; නැවෙහි කටයුතු කරන්නා; නාවිකයා. 2. [නා.] නැවෙහි ප්‍රධානයා; නැව පදවන්නා; කපිත්තා; නියමුවා. 3. [නා.] නායකයා; ප්‍රධානයා; පුරෝගාමියා.
නැවුම්[වි.] අලුත්; නව; නවමු.
නැවුම් ගඳ[නා.] නවමු සුවඳ; වියැලුණු පොළොවට හෝ අලුත් මැටි බඳුනකට වතුර වැටීමෙන් පසු නැඟෙන සුවඳ.
නැස්පෙන[වි.] පැළ නොවන; අංකුර හට නොගන්නා.
නැසින්න, නැයින්න[නා.] ජලය බැසයන දොරටුව; සොරොව්ව; දිය දොරටුව.
නැහැ1. [වි.] දැළි රැවුල් කපන; කරනැවෑමි. 2. [වි.] ගල්වන ලද; තැවරූ. 1. [නා.ප්‍ර.] නහය; නාසිකාව. 2. [නා.ප්‍ර.] බල්ලා; සුනඛයා. 3. [නා.ප්‍ර.] නෑයා; ඥාතියා.
නැහැදිච්ච[වි.] යහපත් ගතිගුණ හා ආචාර ධර්මයන්ගෙන් තොර; අශිෂ්ට; අශීලාචාර; හැදියාවක් නැති.
නැහැපට[නා.ප්‍ර.] ගව ආදි සතුන්ගේ නාසය විද දමන ලණුව; නාස්ලණුව.
නැහැපුටය, නැහැපුඩුව[නා.] නාස් සිදුර; නාසිකාඡිද්‍රය; නැහැඛිල.
නැහැපුලනවා(කථා.) [ක්‍රි.] නාසයෙන් පිඹිනවා; ගවයාගේ කිඹිහීම සම්බන්ධයෙන් යෙදේ.
නැහැබු[වි.] ඉතා තරුණ.
නැහැය[නා.] නහය; නාසිකාව.
නැහැරුම්1. [නා.ප්‍ර.] පිළිකුල් දෙය. 2. [නා.ප්‍ර.] නව නාට්‍ය රසවලින් එකක්; බීභත්ස රසය.
නැහැවියා[නා.] දැළි රැවුල් කපන්නා; කරනැවෑමියා; නහාපිතයා.
නැහැවුම1. (පාරිභා.) [නා.] නෑවීම; ධෝවනය. 2. [නා.] නාන බඳුන.
නැහැසුම[නා.] පරීක්ෂා කිරීම; උර ගෑම.
නැහැසුම් තලය(පාරිභා.) [නා.] විද්‍යාත්මක පරීක්ෂණ පැවැත්වීමේ දී උපයෝගී කර ගන්නා උපකරණයක්.
නැළවිලි1. [වි.] හඬන දරුවන් සනසවන ස්වභාවයෙන් යුත්; කුඩා දරුවන්ගෙ සිත සතන් සනසවන්නා වූ. 2. [වි.] රැවටිලිකාර; චාටු; පොලඹනවා.
නැළි1. [නා.ප්‍ර.] ධාන්‍ය, ද්‍රව්‍ය හෝ ද්‍රව මනින මිම්මක්; පත හතරක මනා දෙකක ප්‍රමාණය; කුරුණියෙන් හතරෙන් පංගුව; අවුන්ස තිස්දෙකක ප්‍රමාණය. 2. [නා.ප්‍ර.] නළය; කොපුව. 3. [නා.ප්‍ර.] පොල්; නෙරළු.
නැළි වහන[නා.] කෙණ්ඩා දක්වා පය වැසෙන සේ තැනූ වහන; පිට පතුල වැසෙන සේ සැදූ පා වහන; සපත්තුව.
නෑ පෙළවාසිය1. [නා.] ඥාතිත්වයෙන් ඇතිවන විවාහ මංගල්‍යය. 2. [නා.] නෑයකුගේ විවාහය.
නෑකම1. [නා.] ඥාතිත්වය; බන්ධුත්වය. 2. [නා.] වර්ගී සම්බන්ධය.
නෑකම් කියනවා1. [ක්‍රි.] ඥාති සම්බන්ධකම් දක්වනවා. 2. [ක්‍රි.] සමාන ලක්ෂණ ඇති බව පවසනවා.
නෑගම් යනවා[ක්‍රි.] විශේෂයෙන් අලුත් අවුරුදු හා විවාහ අවස්ථාවලදී තෑගි බෝග ගෙන නෑයන් බලන්න යනවා.
නෑදෑයා[නා.] නෑදෑකම් ඇත්තා.
නෑනා[නා.] මවගේ සහෝදරයාගේ හෝ පියාගේ සහෝදරියගේ දුව; සැමියාගේ හෝ බිරිඳගේ හෝ සොහොයුරිය.
නෑම්බිය1. [නා.] තරුණ වයසේ පසුවන සිව්පා ගැහැනු සත්ත්වයා. 2. [නා.] තරුණ වයසේ පසුවන (කෙළිලොල්, දඟකාර) අවිවාහක ස්ත්‍රිය.
නෑඹිලිය, නෑබිලිය[නා.] හාල් ආදිය ගැරීම, සේදීම සඳහා පතුලෙහි රේඛා රටා කපා ඇති මැටි හෝ ලෝහයෙන් සැදූ භාජනය.
නෑඹුල්[වි.] නොඉඳුල්; අලුත්.
නෑයා[නා.] ඥාතියා; බන්ධුවරයා; නෑදෑයා.
නෑරැහැන[නා.] ගවයාගේ නාසය විද දමන ලණුව; නාස්ලණුව; නැහැපට.
නෑවාසිය[නා.] නෑකම; ඥාතිත්වය; ඥාති සම්බන්ධය.
නෑසිය[නා.ප්‍ර.] තමන්ගේ නෑදෑ පිරිස; ස්වකීය ඥාති වර්ගයා.
නෑසෙවණ[නා.] ඥාතීන්ගේ ඇසුර; නෑයන්ගේ සමීපය; නෑයන්ගේ රැකවරණය.
නෑහේත්තුව[නා.] තෑගි බෝග රැගෙන නෑදෑයන් වෙත යන ගමන; නෑගමන.
නි[අව්‍ය.] අභාව, ප්‍රතිෂේධ, අතිශය, මහත්, විශාල, සමීප, අවධාරණ, උපමා ආදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.
නිංගිරාව(කථා.) [නා.] නිග්‍රහය; නින්දාව; අවමානය; අපහාසය.
නිඃ[අව්‍ය.] (සංස්කෘත තත්සම වචනවල) සංකල්‍ය, ප්‍රතිෂේධ, රහිත ආදි අර්ථවල යෙදෙන උපසර්ගයක්.
නිඃක්ෂිප්ත[වි.] බහාලන ලද; දමන ලද.
නිඃක්ෂේපය[නා.] ඉවත දැමීම; ඉවතලීම.
නිඃශ්වාස1. [නා.ප්‍ර.] හුස්ම පිටතට හැරීම; ප්‍රශ්වාසය. 2. [නා.ප්‍ර.] දුකින් සුසුම් හෙළීම.
නිඃශ්‍රීක1. [වි.] ශෝභාවක් නැති; සුන්දරත්වයෙන් තොර. 2. [වි.] අශුභ; අභාග්‍යසම්පන්න. 3. [වි.] ප්‍රභාවත් නැති; තේජසක් හෝ යසසක් නොමැති.
නිඃශ්‍රේණි[නා.ප්‍ර.] හිණිමඟ; හිණ; ඉනිමග; සෝපානය.
නිඃශේෂ[වි.] ඉතිරි නැති; සම්පූර්ණ.
නික1. [නා.] පැරණි රන්කාසි විශේෂයක්; නිෂ්කය. 2. [නා.] කළං පසළොසක බර 3. [නා.] ඉම; සීමාව.
නිකට[නා.ප්‍ර.] යටිතල්ලෙහි ඉදිරි කොටස.
නිකටින්(පාරිභා.) [නා.ප්‍ර.] දුම්කොළ ආශ්‍රිත විෂ සහිත ඇල්කලොයිඩයක් (=nicotine).
නිකටිනික් අම්ලය(පාරිභා.) [නා.] විටමින් 'බී' ඇතුළත් සක්‍රීය ධාතු දෙවර්ගයෙන් එකක් (=nicotinic acid).
නිකණ්ඨනය(පාරිභා.) [නා.] මණ්ඩි රැඳෙන සේ ද්‍රාවණයක ජලය බේරා ඉවත්කර ගැනීම. (=decantation).
නිකති[නා.ප්‍ර.] වංචාව; මායාව;රැවටීම.
නිකමට[ක්‍රි.වි.] අරමුණ විරහිත; තේරුමක් නැති ව.
නිකරමාපාංකය(පාරිභා.) [නා.] (භෞති.) කිසියම් පෘෂ්ඨයක සෑම ඉඩ කොටසකට ම සමාන බලයක් යෙදූ කල්හි එය ඇදීමෙන් හෝ පීඩනයට භාජන වීමෙන් හෝ එහි ඇති වූ වෙනස යථා තත්ත්වයට පැමිණීමට ඇති ශක්තියේ ප්‍රමාණය.
නිකරය1. [නා.] සමූහය; රාශිය; ගොඩ. 2. [නා.] රශ්මිය. 3. [නා.] බීජානුධානි පොකුර; සොරසය (=sorus). 4. [නා.] ඩිම්බයක් බෙදී යාමෙන් සෑදෙන ඝන සෛල ගෝලය; මොරුලාව (=morula).
නිකරුණෙහි, නිකරුණේ(කථා.) [ක්‍රි.වි.] කරුණු රහිත ව; හේතුවක් නොමැති ව; කාරණා විරහිත ව; නිෂ්කාරණව.
නිකල්[නා.ප්‍ර.] මිලින නොවන, දිලිසෙන ලෝහමය මූලද්‍රව්‍යයක්; ලෝහ ආලේපයට යොදා ගන්නා මල නොකන ලෝහයක්.
නිකල් රිදී[නා.ප්‍ර.] තඹ, තුත්තනාගම් හා නිකල් අඩංගු මිශ්‍ර ලෝහ විශේෂයක්.
නිකෂය, නිකසය1. [නා.] උරගල; නිකෂ පාෂාණය. 2. [නා.] ආයුධ මුවහත් කරන ගල; කරගල.
නිකසළ[නි+කසළ] 1. [වි.] කැලැල් නැති; අකලඞ්ක; නිර්මල. 2. [වි.] කෙලෙස්වලින් මිදුණු. 3. [වි.] පැහැදිලි; නිරවුල්; නිරවද්‍ය; අව්‍යාකූල.
නික්ඛ[නා.ප්‍ර.] මිනුම් ප්‍රමාණයක්; කළන් පසළොසක බර.
නික්ඛමනය[නා.] නික්මීම; ඉවත් ව යෑම; බැහැර යෑම; නිෂ්ක්‍රමණය.
නික්ඛිත්තිය(පාරිභා.) [නා.] රුධිරවාහිනී ඇහිරීම හෝ හිරවීම (=embolism).
නික්මයාම1. [ක්‍රි.] සමුගැනීම. 2. [ක්‍රි.] පිටත්ව යාම; බැහැර යාම.
නික්මෙනවා[ක්‍රි.] බැහැර ව යනවා; පිට වෙනවා; නිෂ්ක්‍රාන්ත වෙනවා; ඉවත් ව යනවා.
නික්ලේශි[වි.] කෙලෙස් නැති; නිකෙලෙස්; රහත් වූ. [නා.ප්‍ර.] කෙලෙස් නැත්තා; කෙලෙසුන් නැසූ තැනැත්තා.
නික්ෂය[නා.] දැමීම; තැන්පත් කිරීම.
නික්ෂිප්ත, නිඃක්ෂිප්ත1. [වි.] බහා තබන ලද; තැන්පත් කළ; දැමූ. 2. [වි.] සිටුවන ලද; රෝපණය කළ. 3. [වි.] එපා කරන ලද; අත් හරින ලද; අහක දමන ලද.
නික්ෂේපණ(න)ය1. [නා.] බහා තැබීම. 2. [නා.] මරණය; ච්‍යූතිය. 3. [නා.] බෙහෙත් විදීම.
නික්ෂේපය1. [නා.] දැමීම; බහා තැබීම; තැන්පත් කිරීම. 2. [නා.] තැන්පතුව; සඟවා තබන දෙය. 3. [නා.] අත් හැරීම; ඉවත දැමීම.
නිකා1. [නා.ප්‍ර.] දෙව්ලොව; දිව්‍යලෝකය. 2. [නා.ප්‍ර.] ඇතුන් බඳින දම්වැල.
නිකාය1. [නා.] සමූහය; රාශිය; ගොඩ. 2. [නා.] දේව අසුර ආදි යෝනිය. 3. [නා.] සූත්‍ර පිටකයේ ධර්ම කොට්ඨාස ඇතුළත් ග්‍රන්ථ පහ හඳුන්වන නම. 4. [නා.] කොටස් වශයෙන් බෙදීගිය භික්ෂු පිරිස; ආගමික පූජක සමාගම. 5. [නා.] වාසස්ථානය; නිවාසය; ගෘහය.
නිකැලල්[වි.] කිලුටක් නැති; පිරිසිදු; කලඞ්ක රහිත; අකලඞ්ක.
නිකිණි, නිකිනි1. [නා.ප්‍ර.] සාමාන්‍යයෙන් ජූලි මැද සිට අගෝස්තු මැද දක්වා පවතින චන්ද්‍ර මාසය. 2. (රූඪි.) [නා.ප්‍ර.] සොයා ගත නොහැකි දුර්ලභ දෙය; මනඃකල්පිතය.
නිකුජ්ජනය(පාරිභා.) [නා.] අත්ල හෝ බඳුනක කට පහතට හැරවීම; අධෝවර්තනය (=pronation).
නිකුඤ්ජය[නා.] වැල් ආදියෙන් ගැවසී ආවරණය වූ ස්ථානය; ලිය මඩුව.
නිකුටු[වි.] පහත්; නින්දිත; අධම.
නිකුත්[වි.] නික්මුණු; පිටත් වූ. [ක්‍රි.වි.] ඒකාන්තයෙන්; නිශ්චිත වශයෙන්.
නිකුත්තුව[නා.] නිකුත් කිරීම; පිටකිරීම; බෙදා හැරීම.
නිකුතු[වි.] නිකුත් කරන; පිට කරන; බෙදා හරින.
නිකෘන්තිය[නා.] ආශාව; ඇල්ම.
නිකෘෂ්ට[වි.] පහත්; නින්දිත; අධම; නිකුටු.
නිකෘෂ්ටයා[නා.] නින්දිත තැනැත්තා; අධමයා; පහත් තැනැත්තා.
නිකෙලෙස්[නි+කෙලෙස්] 1. [වි.] කෙලෙස් රහිත වූ; කෙලෙස් නැති; නොකිලිටි. 2. [වි.] රහත් වූ
නිකෙවුව(පාරිභා.) [නා.] උකස; පොලියට මුදල් ලබාගන්නා ණයකරය (=pawn).
නිකේතනය[නා.] ගෘහය; නිවාසය; වාසස්ථානය.
නිකොහොල[නි+කොහොල] [වි.] කෝල රහිත; බිය සැක නැති.
නිඛාත[වි.] හාරන ලද; කනින ලද.
නිඛිලය[නා.] දශම හෝ භාග රහිත පූර්ණ සංඛ්‍යාව.
නිගඩ[නා.ප්‍ර.] විලංගු; මාංචු; පයේ දමන යකඩ දම්වැල.
නිගණ්ඨයා[නා.] ජෛන ආගමට අයත් පැවිද්දා.
නිගන්නවා[ක්‍රි.] නිග්‍රහ කරනවා; නිගා කරනවා.
නිගම1. [නා.ප්‍ර.] ගම් කීපයකින් සැදුම්ලත් ගම; වෙළෙඳ පොළක් සහිත විශාල ග්‍රාමය. 2. [නා.ප්‍ර.] මාර්ගය; මාවත. 3. [නා.ප්‍ර.] ප්‍රතිඥාව; පොරොන්දුව. 4. [නා.ප්‍ර.] තීරණය; නිශ්චය.
නිගමනය[නා.] හේතු සාධක ඇසුරින් ගත් තීරණය; නිශ්චය; තීන්දුව.
නිගරණය, නිගිරණය1. [නා.] (ආහාර ආදිය) ගිලීම; කා දැමීම. 2. [නා.] වැගිරීම; වැමෑරීම; (මුවින් පහතට) බැහැර කිරීම.
නිගරු[නා.ප්‍ර.] අවමානය; නින්දාව; නිග්‍රහය.
නිගහළ[නි+ගහළ] [වි.] කසළ නැති; නොකිලිටි; නිකසළ; පිරිසිදු; පවිත්‍ර.
නිගළ[නා.ප්‍ර.] විලංගුව; පයේ දමන යකඩ දම්වැල; ඇතුන් බඳිනා දම්වැල.
නිග්ගණ්ඩි[වි.] ගැටවලින් තොර.
නිග්ගහීතය[නා.] අක්ෂර මාලාවට අයත් බින්දු වර්ණය; බින්දුව.
නිග්ඝෝසය[නා.] මහා ඝෝෂාව; (මහජනයා එක් වී) නඟන මහත් වූ හඬ.
නිග්‍රහ[වි.] නින්දා සහගත; අවඥාවෙන් යුත්.
නිග්‍රහණය(පාරිභා.) [නා.] වායුවේ ඇති නයිට්‍රජන්වලින් සංයෝග වර්ග සෑදීම; නයිට්‍රජන් ස්ථිරීකරණය (=fixing).
නිග්‍රහය1. [නා.] කායික හෝ මානසික හෝ පීඩාව; පෙළීම. 2. [නා.] නින්දාව; අවමානය. 3. [නා.] චෝදනාව; දොස් දැක්වීම. 4. [නා.] සන්සිඳුවීම; ශමනය. 5. [නා.] සංයමය; දමනය.
නිග්‍රහාත්මක[නිග්‍රහ+ආත්මක] [වි.] නින්දා සහගත; නිගාව ගැබ් කළ.
නිග්‍රාහකයා[නා.] නිගා කරන්නා; හෙළා දකින්නා; ගර්හා කරන්නා.
නිග්‍රාහ්‍යයා[නා.] නිගා කළ යුතු තැනැත්තා; හෙළා දැක්ක යුතු පුද්ගලයා; ගර්හාවට භාජන විය යුත්තා.
නිගාමි[වි.] නිගමනාත්මක; නිගමන වශයෙන් වන.
නිගාව, නිඟාව1. [නා.] අවමානය; අපහාසය; නින්දාව, 2. [නා.] දණ්ඩනය; දඬුවම.
නිගීර්ණ[වි.] අභ්‍යන්තරගත; ඇතුළත් වූ.
නිගූහනය[වි.] සැඟවීම; යටපත් කිරීම.
නිගොස්1. [නා.ප්‍ර.] නැවත මතු වන නාදය; ප්‍රතිරාවය. 2. [නා.ප්‍ර.] මහා ඝෝෂාව. 3. [නා.ප්‍ර.] වැළපීම; හැඬීම. [වි.] හඬ නැති; නිහඬ.
නිඝණ්ටු, නිඝණ්ඩු[නා.ප්‍ර.] පුරාණ පර්යාය ශබ්දකෝෂ විශේෂයක්.
නිඝණ්ඩුමාලාව[නා.] පර්යාය වචන ගොනු කළ ග්‍රන්ථ සමූහය.
නිඝර්ෂණය[නා.] තදින් එකට ගැටීම; හැපීම; ස්පර්ශ වීම.
නිඝාතිය(පාරිභා.) [නා.] කන් අඩිය තුළ පිහිටි කිණිහිරක හැඩය ගත් අස්ථිකාවක්; කිණිර ඇට. (=incus).
නිඝෝස[නා.ප්‍ර.] හඬ; ශබ්දය; නිර්ඝෝෂය; නින්නාදය.
නිචය[නා.] රාශිය; සමූහය; ගොඩ.
නිච්චිය[නා.] නිශ්චයක් ඇති බව; කල්පනාව; මතකය.
නිච්ඡන්දය[නා.] ආශාවෙන් දුරු වීම; තෘෂ්ණාවෙන් වෙන් වීම; ඡන්ද රාගයෙන් තොර වීම.
නිච්ඡාරය[නා.] විහිදුවීම; නිකුත් කිරීම; පිට කිරීම.
නිචිත1. [වි.] රැස් කළ; එකතු කළ; තැන්පත් කළ. 2. [වි.] පිපුණු.
නිජ[වි.] උපතින් අයත්; තමාගේ; තමන් පිළිබඳ වූ; ස්වකීය; ස්වීය.
නිජබිම[නා.] තමන්ගේ මුල් බිම; මව්බිම; ජන්මභූමිය; නිජභූමිය.
නිජර[නා.ප්‍ර.] ජරාවට පත් වීමක් හෙවත් මහලු වීමක් නැත්තා; අමරණීය වූ තැනැත්තා; දෙවියා.
නිජශක්තිය(පාරිභා.) [නා.] ද්‍රව්‍යමය පද්ධතියක තිබෙන ශක්තිය; නෛසර්ගික ශක්තිය (=intrinsic energy).
නිජ්ජට[නා.] අවුල් රහිත; වියවුල් නැති.
නිජ්ඣත්තිය[නා.] යමක තත්ත්වාකාරයෙන් තේරුම් ගැනීම; යථාර්ථ නිරූපණය; තත්ත්වාවබෝධය.
නිජ්ඣාන1. [නා.ප්‍ර.] විදර්ශනා ඥානය. 2. [නා.ප්‍ර.] වැටහීම; අවබෝධය; තීක්ෂ්ය බුද්ධිය.
නිජ්ඣාම[වි.] (කෙලෙසුන්) දවන; පුලුස්සන; විනාශ කරන.
නිජ්වලිත[වි.] (ගිනිසිළු මෙන්) දිලිසුණු; දැල්වුණු.
නිට[නා.ප්‍ර.] අනර්ඝ දෙය; මහඟු දේ.
නිට්ටාව[නා.] අවසානය; සම්පූර්ණබව; කෙළවර; නිට්ඨාව.
නිට්ඨුර[වි.] සැරපරුෂ; ඉතා රළු.
නිඩුහුරු[නා.ප්‍ර.] උඩුකුරු මුවින් නික්මෙන සුසුම; සුසුම් හෙළීම.
නිතම්බ අර්පණය(පාරිභා.) [නා.] (නිතඹ පෙදෙස පෙරටු කොට ගෙන) මව් කුසින් බිහිවන භ්‍රෑණයා (=breech presentation).
නිතම්බ කශේරුකා[නා.ප්‍ර.] කොඳු ඇට පෙළ බෙදෙන කොටස් පහෙන් එකක නාමය.
නිතම්බය, නිතඹය[නා.] උකුළ; කටිය; දුවන් පෙදෙස; ජඝනය.
නිතම්බිනී[නා.ප්‍ර.] මනා උකූල් (ප්‍රදේශයක්) ඇති ස්ත්‍රිය.
නිතඹ තලය(පාරිභා.) [නා.] කෘමීන්ගේ ගුද ප්‍රදේශයේ ඇති කාෂ්ටක දෙක.
නිතර, නිතොර[ක්‍රි.වි.] හැමවිට ම; නොනැවතීම; නිරතුරුව ම.
නිතරග[වි.] තරගයක් නොමැතිව.
නිතල(පාරිභා.) [වි.] මුහුදු පත්ල හෙවත් සාගර පතුල හා සම්බන්ධ. (=benthic).
නිත්ථරණ[නා.ප්‍ර.] එතර වීම; එගොඩ වීම.
නිත්‍ය1. [වි.] සැමදා පවතින; ස්ථිර; නියත; නොවෙනස්. 2. [වි.] නියමිත.
නිත්‍ය අනුප්‍රාප්තිය[නා.] ස්ථිර ව සිදු වන අනුක්‍රමික පැමිණීම; නියත වශයෙන් අන්තරාගමනය.
නිත්‍ය අනුපාතය[නා.] නියමිත අනුකූල ප්‍රමාණය; අනුපාත දෙකක් අතර ඇති ස්ථිර සමානත්වය.
නිත්‍ය ආඥාව[නා.] වෙනස් නොවන අණ; ස්ථිර නියෝගය.
නිත්‍ය ඉන්ජන්ෂන් තහනම[නා.] (නීති.) නඩු මාර්ගයෙන් පනවන ස්ථිර තහනම් ආඥාව.
නිත්‍ය චුම්බකය(පාරිභා.) [නා.] වරක් කාන්දම් කැවීමෙන් අනතුරු ව කාන්දම් ශක්තිය අඛණ්ඩ ව පවත්වා ගත හැකි වීම; ස්ථීර කාන්දම.
නිත්‍ය තාපාංකය(පාරිභා.) [නා.] ද්‍රවයක් වාෂ්පයට හැරෙන උෂ්ණත්වය.
නිත්‍ය දෘෂ්ටිය[නා.] ආත්මය සදාකාලිකය යන මතය; ශාස්වතවාදය.
නිත්‍ය භාරය(පාරිභා.) [නා.] (භෞති.) භාණ්ඩ පැටවීමට පෙර හා පසු පැවති විස්ථාපනයේ වෙනස (=dead weight).
නිත්‍ය ලෙජරය(පාරිභා.) [නා.] ව්‍යාපාරික කටයුතුවල හර සහ බැර සටහන් තැබීමේ මූලික පොත. (=perpetual ledger).
නිත්‍ය වාසය[නා.] ස්ථිර පදිංචිය.
නිත්‍ය විධානය(පාරිභා.) [නා.] ස්ථාවර තහනම් නියෝගය (=perpetual interdict).
නිත්‍ය ස්ථායිතාව[නා.] (මුදලේ අගය) වෙනස් නොවී පැවතීම; මූල්‍ය අගයේ ස්ථාවරත්වය.
නිත්‍යගති(පාරිභා.) [නා.] නොකඩවා පවත්නා වූ සුළඟ.
නිත්‍යග්‍රාහය[නා.] (අභි.) (පැවැත්ම) ස්ථිරය යන අදහස්හි පිහිටීම; සදාකාලිකය යන හැඟීම ඇති කර ගැනීම.
නිත්‍යතාව[නා.] (ක්‍රිස්ති.) සදාකාලිකබව; අමරණීයත්වය; ආනන්ත්‍යය.
නිත්‍යතුහින(පාරිභා.) [වි.] නිතරම දිය මිදී පවතින; නිතර හිම පවතින (=permafrost).
නිත්‍යද්‍රව්‍ය[නා.ප්‍ර.] (තර්ක.) ද්‍රව්‍ය පදාර්ථයට අයත් කොටස් නවය; පෘථිවිය, ජලය, තේජස, වායුව, ආකාශය, කාලය, දිශාව, ආත්මය, මනස යන භාව රූප.
නිත්‍යඵල[වි.] නිතොරව පල දරන; හැම විටම ගෙඩි හටගන්නා වූ.
නිත්‍යයෝගය1. [නා.] (ව්‍යාක.) නිරතුරුව එකට පැවැත්ම; සැමවිට එකට බැඳීම. 2. [නා.] නිරන්තර භාවිතය; නිතර (අනුභවය සඳහා) යෙදීම.
නිත්‍යලේකම්[නා.ප්‍ර.] අමාත්‍යාංශයක පරිපාලනය හා වගකීම භාර ප්‍රධාන නිලධාරියා; ස්ථිර ලේකම්.
නිත්‍යවිරෝධි[වි.] සදා විරුද්ධ වූ; සදා ප්‍රතිවාදී; ජන්ම සතුරු.
නිත්‍යවේතන[නා.ප්‍ර.] වෘත්තියක යෙදී සිටින්නකුට සියලු ම දීමනාවන් සහිත ව ලැබෙන ස්ථිර ගෙවීම.
නිතාන්ත[වි.] අත්‍යන්ත; ඉතා අධික.
නිතැත[නා.] තැතකින් හෙවත් යත්නයකින් තොරබව; නිරායාසය; නිරුත්සාහය.
නිතැතින්[ක්‍රි.වි.] නිරායාසයෙන්; නිරුත්සාහයෙන්; ඉබේ ම.
නිති[ක්‍රි.වි.] නිත්‍ය; නිරතුරු; හැමවිට; අනවරතයෙන්.
නිතිති[නා.ප්‍ර.] තිත්ත රස නොවු ව; පැණි රස.
නිතිපතා[ක්‍රි.වි.] නිරතුරුව; නොකඩවා ; අනවරතයෙන්.
නිතෙජ[වි.] තේජසින් තොර; බැගෑපත්; ලජ්ජාවට පත් වූ; උදාරබවෙන් තොර.
නිදන1. [වි.] නින්දෙහි යෙදී සිටින; නිදා සිටින; ශයනය කරන. 2. (පාරිභා.) [වි.] ක්‍රියාකාරී නොවන; නිෂ්ක්‍රීය; නිහඬ (=dormant). 3. [වි.] ධනය නැති; දුප්පත්; නිර්ධන. 1. [නා.] මුල් වූ කරුණ; මූලාශ්‍රය; උත්පත්තිය; (රෝග) කාරකය. 2. [නා.] (රහසිගත ව) තැන්පත් කොට තැබූ වස්තුව; නිධානය.
නිදන මල්ල[නා.] එළිමහනේ නිදා ගැනීම සඳහා ගුදිරියක හා පොරෝනයක කාර්යය ඉටු කරන ලොකු මලු විශේෂයක්.
නිදන මැදිරිය1. [නා.] නිදාගන්නා මැදිරිය. 2. [නා.] දිගු ගමනක් යාමේ දී දුම්රියේ නිදාගැනීම සඳහා වෙන් කර ඇති දුම්රිය මැදිරිය.
නිදන යමහල(පාරිභා.) [නා.] බොහෝ කලක් ක්‍රියා විරහිත වුවද, කවදා හෝ පිපිරීමට ඉඩ ඇති ගිනිකන්ද (=dormant volcano).
නිදනවා[ක්‍රි.] නින්දට වැටෙනවා; ශයනය කරනවා; සැතපෙනවා.
නිදන් අරමුදල[නා.] (ආර්ථි.) පොදු ණයක් ගෙවීම සඳහා රැස්කොට ඇති අරමුදල (=sinking fund).
නිදන් කරනවා1. [ක්‍රි.] චෛත්‍ය ප්‍රතිමා ආදියෙහි ධාතු හා වටිනා වස්තු තැන්පත් කරනවා. 2. [ක්‍රි.] රහසිගත ලෙස හෝ විශේෂ ආරක්ෂා සහිත ව ධනය, වස්තුව තැන්පත් කරනවා. 3. [ක්‍රි.] වළලනවා; මිහිදන් කරනවා.
නිදන් වදුල(කථා.) [නා.] රහසිගත ව තැන්පත් කරනු ලැබූ නිධාන පිළිබඳ තොරතුරු ඇතුළත් ලියවිලි විශේෂය.
නිදන්ගත1. [වි.] මුල් බැස ගත්; කල් අල්ලා සිටින; සුව නොවී පවත්නා. 2. [වි.] සුරක්ෂිත ව තබන ලද.
නිදර[නි+දර] 1. [නා.ප්‍ර.] දෙව්ලෝ වැසියා; දෙවියා. 2. [නා.ප්‍ර.] දිය ඇල්ල; කඳුරැලිය.
නිදර්ශකය[නා.] විශාල යමක් නියෝජනය කිරීමට ගනු ලබන සුළු කොටස; නියැදිය.
නිදර්ශනය1. [නා.] උදාහරණයක් වශයෙන් කිසියම් ද්‍රව්‍යයකින් ගන්නා කොටස; (=නියැඳිය) සංකීර්ණ හෝ එකවර අවබෝධ කර ගැනීමට අපහසු යමක් පැහැදිලි කිරීමට යොදා ගන්නා උපමාමය ප්‍රකාශනය. 2. [නා.] හේතුව; මුල් වූ කරුණ. 3.(පාරිභා.) [නා.] ආදර්ශය; නිදර්ශනය; ආකෘතිය; අනුරුව.
නිදර්ශි[වි.] විස්තර කරන; පෙන්වා දෙන; දකින.
නිදරැල්ල[නා.] දිය ඇල්ල.
නිදලය(පාරිභා.) [නා.] මලක පෙතිවලටත් නටුවටත් අතර ජායාංගය වටා පිහිටා ඇති කුඩා පත්‍ර; ඩිම්බ පත්‍රය; මණිපත්‍රය (=sepal).
නිදහස1. [නා.] නිවහල්බව; ස්වාධීනත්වය; ස්වෛරීභාවය; වගකීම් ආදියෙන් මිදීම; බාධාවක් නොමැති. 2. [නා.] ගාස්තු අය කිරීමක් නැති; මුදල් නොගන්නා.
නිදහස් අධ්‍යාපනය[නා.] මුදල් අයකිරීමෙන් තොර ව දෙනු ලබන අධ්‍යාපනය; රජයේ වියදමින් දෙනු ලබන අධ්‍යාපනය.
නිදහස් ආණ්ඩුව[නා.] බාහිර බලවේගයකට යටත් නොවී රටක පවත්නා ස්වතන්ත්‍ර පාලන ක්‍රමය.
නිදහස් චතුරශ්‍රය[නා.] නිදහස සැමරීම සඳහා තනන ලද නිදහස් මන්දිරයට අයත් සතරැස් භූමි භාගය.
නිදහස් චෙක්පත[නා.] මුදල් ගණන සඳහන් නොකළ චෙක්පත; ආදායකයාට කැමති මුදලක් ගත හැකි පරිදි දෙනු ලබන චෙක්පත.
නිදහස් පනත[නා.] නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා 1972 මැයි මස 22 දින සම්මත කර පනවා ප්‍රතිෂ්ඨාපනය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.
නිදහස් මන්දිරය[නා.] 1948 දී ශ්‍රී ලංකාවට ජාතික නිදහස ලැබීමේ අවස්ථාව අනුස්මරණය සඳහා කොළඹ 7 පෙදෙසේ තනවා ඇති ගොඩනැගිල්ල.
නිදහස් වෙළඳාම් ක්‍රමය[නා.] රජයේ බාධාවක් නොමැති ව කරන ආනයන හා අපනයන වෙළඳාම.
නිද්දන[වි.] ධනය නැති; දුප්පත්; දිළිඳු; නිර්ධන.
නිද්දානය1. [නා.] කැපීම. 2. [නා.] වල් පැළෑටි ඉවත් කිරීම; වල් නෙළීම.
නිද්දිට්ඨ[වි.] දක්වන ලද; නිර්දේශ කළ.
නිද්ධමනය[නා.] අපිරිසිදු ජලය පිට වන මඟ; ජලාපවහන මාර්ගය; කානුව.
නිද්ධාරණය1. [නා.]වෙන් කර ගැනීම; උපුටා එකතු කර ගැනීම. 2. (ව්‍යාක.) [නා.] සමූහයකින් එකක් වෙන් කර ගැනීම; නිර්ධාරණය.
නිද්‍රාකාරකය(පාරිභා.) [නා.] නින්ද ඇති කරන දෙය; නිද්‍රා ජනකය (=soporific).
නිද්‍රාචලනය(පාරිභා.) [නා.] ස්පර්ශය හේතු කොටගෙන නිදිකුම්බා, මී මොසොයිඩේ ආදි ශාකවල පත්‍රිකා හැකිළීම; සංයුක්ත පත්‍රයක පත්‍රිකා රාත්‍රියේ දී හැකිළීම. (=sleep movement).
නිද්‍රාජනක1. [වි.] නිදි උපදවනසුලු. 2. [වි.] ක්‍රියාශීලී නොවන; අලස; උදාසීන.
නිද්‍රානාශය, නිද්‍රානාසය[නා.] නිදි නැති වීම; නින්ද නොයාමේ ස්වභාවය.
නිද්‍රාපගමනය[නිද්‍රා+අපගමනය] [නා.] නින්ද පහවීම; නින්ද දුරු කිරීම; නිදි වැළැක්වීම.
නිද්‍රාව[නා.] නින්ද; නිදීම; සැතපීම.
නිද්‍රෝපගත[නිද්‍රා+උපගත] 1. [වි.] නින්දට වන්; නිඳි ගත්; නින්දට පැමිණි. 2.(රූඪි.) [වි.] කුසීත; අක්‍රිය; ක්‍රියාශීලී නොවන.
නිදාඝය1. [නා.] නියඟය; නියං සමය. 2. [නා.] ගිම්හානය; ගිම්හානයේ උණුසුම. 3. [නා.] උණුසුම.
නිදානය1. [නා.] මුල් වූ හේතුව; මුල් කරුණ. 2. [නා.] බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවල ඇති පරිදි ඒ දේශනා පැවැත්වීමට හේතු වූ අවස්ථාව දක්වන කොටස.
නිදැල්ලේ[ක්‍රි.වි.] අවහිර, බාධා නොමැති ව; බැඳීමකින් තොර ව; නිදහස්.
නිදැළියා[නා.] කරුණාව නැති තැනැත්තා; අකාරුණිකයා.
නිදි කිරනවා[ක්‍රි.] නිදිමත නිසා හිස පහත් වෙනවා හෝ කඩා වැටෙනවා; නිදි කිරා වැටෙනවා.
නිදි, නිඳි1. [නා.ප්‍ර.] නින්ද. 2. [නා.ප්‍ර.] නින්දා; අවමාන. 1. [වි.] නින්දිත; පහත්; ගර්හිත. 2. [වි.] නින්දට ගිය; නින්ද පිළිබඳ; නින්ද හා සම්බන්ධ.
නිදිකලන්ගාතේ[ක්‍රි.වි.] නින්ද සහිත ක්ලාන්තයෙන්; නිදිමත ඇති ව; නිදිබර ගතියෙන්; නින්දට බර වූ; නිදිමතේ.
නිදිගැට[නා.ප්‍ර.] නින්ද නමැති බන්ධනය; නිදිබර ගතිය.
නිදිමත[නා.] නින්දට නැඹුරු ගතිය; නිදිබරබව නිසා ඇති වන මත් ගතිය.
නිදිමරනවා[ක්‍රි.] නිදිවර්ජිත ව සිටිනවා; නොනිදා සිටිනවා; නිදි වරනවා.
නිදිවර්ජිත[වි.] නින්ද නොමැති; නිදි නොලබන; නිදා නොගත්.
නිදිවැරීම[නා.ප්‍ර.] නින්ද වැළැක්වීම; නිදිමැරීම.
නිදු1. [නා.ප්‍ර.] නින්ද; නිදාගැනීම. 2. [නා.ප්‍ර.] හීන කුල ඇත්තා; කුලහීනයා; සැඩොලා; වසලයා. 3. [නා.ප්‍ර.] සොරා.
නිදුක්[වි.] දුක් නැති; දුකින් තොර.
නිදුකා[නා.] දුක් නැති තැනැත්තා; දුකින් තොර පුද්ගලයා.
නිදෙස[නා.] හේතු දැක්වීම; විස්තර කිරීම; විස්තර විභාගය; නිර්දේශය.
නිදොස්[වි.] දොසින් තොර; වරද රහිත; නිවැරදි.
නිධන[නා.ප්‍ර.] අභාවය; මරණය.
නිධනප්‍රාප්ත[වි.] මියගිය; අභාවයට පත්.
නිධ්‍රැවකය(පාරිභා.) [නා.] විද්‍යුත් කෝෂයක හයිඩ්‍රජන් වායු බුබුලු හටගැන්ම වැළැක්වීම (=depolarisation (of cell)).
නිධාන මුදල(පාරිභා.) [නා.] රජයට හෝ වෙළඳ සමාගමකට හෝ ණයට දෙන මුදල (=stock).
නිධානය1. [නා.] සඟවා තැබූ වස්තුව; නිදන් වස්තුව, 2. [නා.] ස්වයංජාත රත්න සම්භාරය. 3. [නා.] ප්‍රභවයට හේතු වූ ස්ථානය; උත්පත්ති ස්ථානය. 4. [නා.] ආකරය.
නිධිකර්පර රේඛනය(පාරිභා.) [නා.] එක්ස් (X) කිරණ ආධාරයෙන් මස්තිෂ්කයේ හෙවත් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ රේඛීය සටහන් සකස් කර ගැනීම (=encephalography).
නිධිකර්පරදාහය(පාරිභා.) [නා.] මොළය ඉදිමීමෙන් වන ආබාධයක් (=encephalitis).
නිධිකර්පරය(පාරිභා.) [නා.] මොළය; මස්තිෂ්කය (=encephalon).
නිධිප්‍රාප්ත[වි.] නිදන් වස්තුව අත්පත් කරගත්; නිධානය ලබාගත්.
නිධිය1. [නා.] උත්පත්ති ස්ථානය; වාසස්ථානය. 2. [නා.] නිධානය; තැන්පත් කොට හෝ සඟවා තැබූ වස්තුව. 3. [නා.] ගංගා, සුළං ආදියෙන් ගෙනවුත් තැන්පත් වූ ද්‍රව්‍ය සම්භාරය.
නිධිසාධනය(පාරිභා.) [නා.] ගංගා, සුළං ආදි ස්වාභාවික කාරකයන් මගින් ගෙනවුත් නිධියක් වශයෙන් තැන්පත් කිරීම (=deposition).
නිධීශ[නා.ප්‍ර.] නිධිපතියා; කුවේරයා.
නිනද, නිදාද1. [නා.ප්‍ර.] නාදය; හඬ; ඝෝෂාව. 2. [නා.ප්‍ර.] බෙර ගී ආදියෙහි හඬ; භෘංග ආදින් නඟන රාවය.
නිනව්ව1. [නා.] නිගමනය; තීරණය. 2. [නා.] සිහිකල්පනාව; නිච්චිය; නිශ්චය; මතකය. 3. (කථා.) [නා.] නියම ස්ථානය; නිවැරදි ප්‍රදේශය.
නින්ද[නා.] නිද්‍රාව; චෛතසිකය හා ශරීරය අක්‍රියව ද, දෑස් වැසී ද පවතින අවස්ථාව; ස්වාභාවික විවේකි තත්ත්වය. 1. [වි.] ස්ථිර; නිත්‍ය ව පවතින. 2. [වි.] උරුමයෙන් සතු.
නින්ද පරවේණිය(කථා.) [නා.] වගා කිරීමට තමාට ප්‍රවේණියෙන් අයත් වූ ඉඩම හෝ කුඹුර.
නින්ද මුත්තෙට්ටුව[නා.] ඉඩම් හිමියාට මුළු අස්වැන්න ප්‍රමාණය ම දෙන පොරොන්දුව පිට අන්‍යයන් විසින් වගා කරන කුඹුර හෝ ගොවිපොළ.
නින්දගම[නා.] රාජ සේවය සඳහා සිංහල රජුන් විසින් පෞද්ගලික දේපළ වශයෙන් ප්‍රදානය කරන ලද ජනාවාස, වතු-පිටි, කුඹුරු ආදිය සහිත ප්‍රදේශය.
නින්දනය[නා.] නින්දා කිරීම; නිග්‍රහය; අපහාසය.
නින්දනීය[වි.] නින්දා කටයුතු; හෙළාදැකිය යුතු; අවමන් ලැබිය යුතු.
නින්ද්‍ය[වි.] නින්දා කටයුතු; ගර්හා කළ යුතු.
නින්දා පරිභවය[නා.] නින්දාව හා අපහාසය.
නින්දාව[නා.] ගර්හාව; හෙළා දැකීම; අපහාසය; නිගාව,
නින්දිත[වි.] ගරහන ලද; නින්දා සහගත.
නින්න1. [වි.] පහත්; මිටි. 2. [වි.] බෑවුම් සහිත; ගැඹුරු.
නින්නහුතය[නා.] නහුත ලක්ෂ සියයකින් යුත් සංඛ්‍යාව.
නින්නාදය[නා.] බෙර, ගී ආදියෙහි හඬ, ඝෝෂාව; භෘංගාදින්ගේ ශබ්දය; අබරණ ගැටීමේ ශබ්දය.
නිනාලය(පාරිභා.) [නා.] ජලය උරා ගැනීම හා පිට කිරීම සඳහා ඇතැම් ජලජ ජීවීන්ගේ ශරීරයෙහි පිහිටි, කුඩා නළ විශේෂයක්.
නිනීල1. (පාරිභා.) [නා.ප්‍ර.] ඉන්ඩිගෝපෙරා හෙවත් නිල් අවරිය නම් පැළෑටියේ යුෂයෙන් නිපදවා ගනු ලබන නිල් පැහැ ද්‍රව්‍යයක් (=indigo). 2. [නා.ප්‍ර.] නිල් වර්ණය.
නිඳු[නා.] නදීන්ට අධිපති වන මුහුද; සාගරය.
නිපක[නා.ප්‍ර.] ප්‍රඥාව; විශිෂ්ට ඥානය.
නිපක්ෂමධර(පාරිභා.) [වි.] පක්ෂම රහිත; සත්ත්ව, ශාකවල චලනයට, ක්‍රියාකාරිත්වයට උපකාරී වන සියුම් කෙඳි වැනි උපාංග නැති (=unciltate).
නිපතන[නා.ප්‍ර.] වැටීම; පතිත වීම.
නිපත්1. [නා.ප්‍ර.] ඉපදීම; නිපදීම. 2. [නා.ප්‍ර.] ඵලය; සමෘද්ධිය.
නිපත්‍රය(පාරිභා.) [නා.] පුෂ්පයක හෝ පුෂ්ප මංජරී ශාඛාවක හෝ හටගත් කක්ෂයෙන් විහිදෙන කුඩා පත්‍රය (=bract).
නිපත්‍රවලය(පාරිභා.) [නා.] පුෂ්පයක ඡත්‍ර පාදයෙහි වැඩෙන වලය යටින් ඇති කුඩා පත්‍ර සමූහය (=involucral).
නිපත්‍රශල්කය(පාරිභා.) [නා.] මලක ඩිම්බධර ශල්ක ආශ්‍රිත අක්ෂයෙන් කෙළින් ම විකසනය වන කුඩා කොරල පත්‍රය.
නිපත්‍රිකාව(පාරිභා.) [නා.] කුඩා නිපත්‍රය (=bracteole).
නිපදවනවා[ක්‍රි.] උපදවනවා; සම්පාදනය කරනවා; නිෂ්පාදනය කරනවා; තනනවා.
නිපන්1. [වි.] ඇති වූ; ජනිත වූ; හටගත්; ඉපදුණු. 2. (ව්‍යාක.) [වි.] වෙනත් භාෂාවකින් නොපැමිණි; දේශජ; ස්වදේශයේ ම උපන්; නිෂ්පන්න.
නිපයනවා[ක්‍රි.] උපදවනවා; නිෂ්පාදනය කරනවා; නිපදවනවා.
නිපරමාදි[වි.] සිතෙහි එකඟබව නොසිඳී; චිත්ත ඒකාග්‍රතාවෙන් යුත්; සිහියෙන් තොර නුවූ.
නිපාත1. [නා.] වැටීම; හෙළීම; පතනය. 2.(ව්‍යාක.) [නා.] පද වර්ගයක්. 3. [නා.] වාක්‍යයක නාම සහ ක්‍රියා යන පද අතරට එක් ව එයින් විවිධ අර්ථ ප්‍රකාශ කිරීමට පිහිට වන්නා වූ ද විභක්තිවල වර නොනැගෙන්නා වූ ද අව්‍යය පද, 4. [නා.] ඇතැම් පැරණි සම්භාව්‍ය ග්‍රන්ථවල පරිච්ඡේද. 5. [නා.] ක්ෂීරපායීන්ගේ ලක්ෂණයක් වශයෙන් ප්‍රසූතියෙන් පසු නිකුත් කෙරෙන, විතරණය වූ ගර්භාෂ පටලය (=decidua).
නිපාත දාහය(පාරිභා.) [නා.] වකුගඩුවේ ශ්‍රෝණිය ඉදිමීම (=pyelitis).
නිපානය1. [නා.] ඝන ද්‍රව්‍යයක් මගින් ජලය අවශෝෂණය හෝ අධිශෝෂණය හෝ කිරීම. 2. [නා.] ගව ආදි සතුන්ට පැන් බොනු පිණිස තබන දිය බඳුන; දියවළ.
නිපාලිකාව(පාරිභා.) [නා.] උසස් පෘෂ්ඨවංශීන්ගේ අනුමස්තිෂ්කයේ පැත්තක වැඩී ඇති කුඩා ප්‍රසරයක් (=flocculus).
නිපැදවුම[නා.] නිෂ්පාදනය කිරීම.
නිපැදවුම් ගිණුම[නා.] නිෂ්පාදනය සම්බන්ධ අය-වැය දැක්වෙන ගිණුම.
නිපැයුම[නා.] නිෂ්පාදනය.
නිපීඩිත[වි.] බෙහෙවින් පෙළනු ලැබූ; අතිශයින් පීඩනය කරනු ලැබූ.
නිපුණ1. [වි.] ප්‍රවීණ; සමත්; ශූර; විශාරද. 2. [වි.] සියුම්; සූක්ෂ්ම.
නිපුල, නිපොල[නා.] ගිනිකණ; බෙහෙත් කොටන තුවක්කුවක කැප් කැටය තබන තැන.
නිපුස්1. [නා.ප්‍ර.] නපුංසකයා. 2. [නා.ප්‍ර.] නපුංසක ලිංගය. 3. [නා.ප්‍ර.] ඔසප් වූ ස්ත්‍රිය; මල්වර වී සිටින තැනැත්තිය.
නිපූතිය(පාරිභා.) [නා.] විෂබීජ හා බැක්ටීරියා ආදි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොර වීම; පූති විරහිතත්වය (=asepsis).
නිපේය[වි.] බීමට සුදුසු; පානයට යෝග්‍ය.
නිපොපි[වි.] කම්පා නොවූ; නොසැලුණු; සන්සුන්.
නිබද්ධ1. [වි.] එකට බැඳුණු; ඈඳුණු. 2. [වි.] රචනා කළ; විරචිත; නිබැඳුණු. 3. [වි.] අඛණ්ඩ; නොකැඩී පවත්වන.
නිබන්ධනය1. [නා.] බැඳීම; එකට යෙදීම; සංයුතිය. 2. [නා.] ගද්‍ය පද්‍ය රචනය; සාහිත්‍ය ලේඛනය. 3. [නා.] ඇලීම; අභිරතිය. 4. [නා.] තහවුරු අදහස; අධිෂ්ඨානය. 5. [නා.] අවහිරය; බාධකය. 6. [නා.] දීමනාව; පිරිනැමීම. 7. [නා.] හේතුව; කාරණය. 8. [නා.] යමක් ඔප්පු කිරීමට මූලික සාධකයක් කොට ගත් නිගමනය; පූර්ව සිද්ධාන්තය (=lemma).
නිබන්ධය1. [නා.] බැඳී පවත්නා බව; අස්තිත්වය; සංයුතිය. 2. [නා.] ගද්‍ය/පද්‍ය රචනය; සාහිත්‍ය /ශාස්ත්‍රීය කෘතිය.
නිබඳ[ක්‍රි.වි.] නිරතුරු; නිරන්තරයෙන්; නිතොර; හැම විට. [නා.ප්‍ර.] විරෝධය; දරදඬු ගතිය; මුරණ්ඩුකම.
නිබ්බකෝෂය[නා.] පියස අග; අගුකොන; වහල කොන.
නිබ්බානය[නා.] තෘෂ්ණාව මුළුමනින් ම නැති කිරීමෙන් ලබන අග්‍ර ඵලය; නිර්වාණය; නිවන; බුදු දහමේ ඉගැන්වෙන පරම විමුක්තිය.
නිබ්බුත1. [වි.] නිවන් සුවයෙන් නිවී සැනහුණු; කෙලෙස් ගිනි නිවූ; පිරිනිවුණු. 2. [වි.] නිවුණු; සැනසුණු.
නිබුල්, නිඹුල්[වි.] යුගල; නිවුන්; නිමුන්; නිඹුන්.
නිම1. [නා.] කෙළවර; අවසානය; අන්තිමය; තීන්දුව; සීමාව. 2. [නා.] රෝදයේ පට්ටම; නේමිය; නිම්වළල්ල 3. [නා.] වැටුප; වේතනය.
නිමග්න[වි.] (දියෙහි) ගිලුණු; කිමිදුණු; යට ගිය; එබුණු.
නිමජ්ජකය(පාරිභා.) [නා.] (මෝටර් ඇන්ජිමක කාබියුලේටරයෙහි ඉන්ධන පාලනය කිරීම සඳහා ඇති) ඉපියාව; බල පොම්පයක පිස්ටනය (=plunger).
නිමජ්ජනය[නා.] (දියෙහි) ගිලීම; ගැලීම; කිඳීම.
නිමත[නා.] අග; කෙළවර; අග්‍රය.
නිමතනවා[ක්‍රි.] කැඳවනවා; ආරාධනය කරනවා; අමතනවා.
නිමන[නා.] උඩඟු නැතිබව; මානයෙන් තොරබව.
නිමනවා1. [ක්‍රි.] අවසන් කරනවා; ඉවර කරනවා; නිෂ්ඨාවට පත් කරනවා. 2. [ක්‍රි.] (බදු) උපදිනවා; අය ලබා දෙනවා; ආදායම් සපයනවා. 3. [ක්‍රි.] සතුටු කරනවා; සනහනවා; සංසිඳුවනවා.
නිමන්[නි+මන්] [වි.] මානයෙන් තොර; උඩඟුකමක් නැති; විනීත.
නිමන්තනය, නිමන්ත්‍රණය[නා.] ආරාධනය; ඇරියුම; කැඳවීම; පැවරීම; නිමන්ත්‍රණය.
නිමන්ත්‍රණ පත්‍රය[නා.] නම ගම ආදි තමා හඳුනා ගැනීමට අවශ්‍ය කෙටි විස්තර ඇතුළත් කුඩා පත්‍රිකාව (=visiting card).
නිමල, නිමල්[වි.] මල රහිත; පිරිසිදු; නිදොස්; යහපත්; නිර්මල; පාරිශුද්ධ.
නිමහම[නා.] යම් නිෂ්පාදනයක් සම්පූර්ණයෙන් සාදා අවසන් කිරීම; කර්මාන්තයක් හෝ කාර්යයක් හෝ සම්පූර්ණ කිරීම.
නිම් වළල්ල[නා.] රෝදයේ පට්ටම.
නිම්න1. [වි.] නැමුණු; ඇලවුණු; නැඹුරුවුණු; බරවුණු. 2. [වි.] පහත්; එබුණු; වළගැසුණු; ගැඹුරු. 3. [වි.] නතු; සතු; අයිති.
නිම්න ග්ලැසියරය(පාරිභා.) [නා.] කඳු මුදුනකින් ගලා බස්නා හිම ප්‍රවාහය (=valley glacier).
නිම්න පථය(පාරිභා.) [නා.] ගඟක ඉහළ කොටස; ගංආර ගැඹුරු වී ඇති කොටස (=valley tract).
නිම්න භූමිය1. [නා.] පහත්බිම; මිටි තැන. 2. [නා.] මිටියාවත; දෙණිය; හෑරී ගිය දිග බිම් පෙදෙස; නිම්නය.
නිම්නොන්නත[නිම්න+උන්නත] [වි.] පහත් හා උස්; නැමුණු හා නැඟුණු; සමතලා නැති.
නිම්බ[නා.ප්‍ර.] ඖෂධීය ශාකයක්; කොහොඹ; නිඹ; නිබ.
නිම්බුර[නා.ප්‍ර.] දෙහි.
නිම්ම1. [නා.] මුදුන; ශීර්ෂය. 2. [නා.] කෙළවර; සීමාව.
නිම්මදන[නා.ප්‍ර.] මැඩලීම; යටපත් කිරීම.
නිම්මදය[නා.] උඩඟුකමින් තොර වීම; මාන රහිත භාවය; නිරහංකාරය.
නිම්මල[වි.] පිරිසිදු; පවිත්‍ර; නිර්මල.
නිමානය(පාරිභා.) [නා.] යම්කිසිවක අගය හෝ තරම හෝ සලකා බැලීම; නිර්ණනය (=estimation).
නිමායන්ත්‍රය(පාරිභා.) [නා.] භාණ්ඩයක නිමාව සකස් කරන යන්ත්‍රෝපකරණය (=finishing machine).
නිමාව, නිමාම1. [නා.] අවසානය; කෙළවර වීම; පරිසමාප්තිය. 2. [නා.] කාර්ය සිද්ධිය; නිෂ්පත්තිය. 3. [නා.] නිමැවුම; නිර්මාණය.
නිමැවුම1. [නා.] නිෂ්පාදන කටයුත්තක අවසානය; ක්‍රියා නිෂ්පත්තිය; පරිසමාප්තිය. 2. [නා.] නිර්මාණය; අමුතුවෙන් තැනීම. 3. [නා.] වෙළඳ ද්‍රව්‍යයක මුළු මහත් නිෂ්පාදිතය (=output).
නිමැවුම්කරු[නා.ප්‍ර.] යමක් අලුතෙන් නිපදවන්නා; නිර්මාපකයා; යමක් ප්‍රථම වශයෙන් නිපදවන්නා.
නිමි[නා.ප්‍ර.] අවසානය; කෙළවර; සමාප්තිය; නිෂ්ඨාව.
නිමි ටැප් කටුව(පාරිභා.) [නා.] සිදුරක පතුල තෙක් සම්පූර්ණයෙන් පොට කැපීමට භාවිත කරන උපකරණය; පතුල් කටුව.
නිමිත1. [නා.] සලකුණ; සංඥාව; සංකේතය; ඉඟිය. 2. [නා.] ලිංගේන්ද්‍රිය; පුරුෂ ලිංගය / යෝනිය. 3. [නා.] යෝගාවචරයකු අරමුණු වශයෙන් ලබා ගන්නා දෙය. 1. [වි.] නිර්මාණය කරන ලද; සාදනු ලැබූ. 2. [වි.] ප්‍රමාණය සලකනු ලැබූ; මනින ලද. 3. [වි.] සලකුණක් වශයෙන් ගැනෙන. 4. [වි.] මනින ලද.
නිමිත තාරබර(පාරිභා.) [නා.] ගණන් ගනු ලැබූ දැවටුම් ආදියෙහි බර (=estimated tare).
නිමිත මුදල්[නා.ප්‍ර.] සංකේතයක් ලෙස පමණක් භාවිත වන්නා වූ ද මතුපිට සඳහන් වටිනාකමට සමාන ලෝහ ප්‍රමාණයකින් නොසෑදූ කාසි.
නිමිත්ත1. [නා.] සිදුවිය හැකි ඉටුනිටු කරුණු පිළිබඳ ව පහළවන සලකුණ; පෙර නිමිත්ත. 2. [නා.] හේතුව; මුල් වූ කාරණය; නිදානය.
නිමිතිකරුවා[නා.] සලකුණු, තත්කාලය ආදිය අනු ව පලාපල කියන්නා; නිමිත්ත පාඨකයා; නෛමිත්තකයා.
නිමිභාණ්ඩ[නා.ප්‍ර.] අවශ්‍ය අමුද්‍රව්‍ය එක් කොට සාදා නිම කළ භාණ්ඩ.
නිමිස, නිමිෂ, නිමේෂ[නා.] කාලය මැනීමේ මිම්මක්; මාත්‍රාවක් උච්චාරණය කිරීමට ගතවන කාලය; ඇසිපියක් හෙළීමේ කාලය.
නිමිහිම්[නා.ප්‍ර.] අවසන් සීමාව; ප්‍රමාණය; මට්ටම; පරිමාණය.
නිමීලන පටලය[නා.] ඇස වසා ගැනීමට යොදා ගත හැකි වන සේ ඇතැම් සතුන්ගේ ඇස්වල අමතර ව පිහිටි සිවිය; තුන් වන ඇසිපිය.
නිමීලනය[නා.] (ඇසිපිය, මල්පෙති වැනි දේ) වැසීම; ඇසිපිය හෙළීම.
නිමීලයෝගය(පාරිභා.) [නා.] මණි විවෘත නොවී පරාග පෝෂණය වන කුඩා අසංකීර්ණ මල් හටගැනීම (=cleistogamy).
නිමීලිත[වි.] පියූ; වැසූ.
නිමුජ්ජනය[නා.] කිඳීම; ගිලීම.
නිමුන්[වි.] යුගල; යුග්ම; නිඹුල්; නිවුන්.
නිමුන්මිට[නා.ප්‍ර.] නඟුල් මිට.
නිමුවු, නිමුඬු, නිවුඩු[නා.ප්‍ර.] සහල් ඇටය වසා පවතින රතු පැහැති හෝ සුදු තුනී ආවරණය.
නිමෙනවා1. [ක්‍රි.] අවසන් වෙනවා; කෙළවර වෙනවා; නිම වෙනවා. 2. [ක්‍රි.] නිර්මාණය වෙනවා; මැවෙනවා; සෑදෙනවා; 3. [ක්‍රි.] නිවෙනවා; නිර්වාපණය වෙනවා; සන්හිඳෙනවා.
නිමේෂය1. [නා.] ඇසිපිය හෙළීම; ඇස්පිල්ලන් ගැසීම. 2. [නා.] ඇසිපියක් හෙළන කාලය; මාත්‍රාවක් උසුරුවන කාලය; මොහොත; නිමිසය.
නිමොක්[නා.ප්‍ර.] සර්පයා බැහැර කරන හම; හැවය; නිර්මෝකය.
නිඹුල්1. [වි.] එක් කුස එකට උපන්; නිබුල්. 2. [වි.] දෙබිඩි.
නිය1. [නා.ප්‍ර.] ඇඟිලි කෙළවර පිහිටි පොත්තක් වැනි තද කොටස; නියපොත්ත; නඛය. 2. [නා.ප්‍ර.] නුවණ; නැණ; ඤාණය. 3. [නා.ප්‍ර.] ආකාරය; ක්‍රමය; න්‍යාය; උපාය. 4. [නා.ප්‍ර.] නීතිය; රෙගුලාසිය; රීතිය. 5. [නා.ප්‍ර.] සුවඳ ද්‍රව්‍යයක්; තෝර; තුවරලා. 6. [නා.ප්‍ර.] කාන්තාර මාර්ගය. 7. [නා.ප්‍ර.] ගංගාව; නදිය. 8. [නා.ප්‍ර.] ජලය; වතුර. 9. [නා.ප්‍ර.] නිධානය; නිධිය.
නිය තලවුව(පාරිභා.) [නා.] ඇතැම් ක්ෂීරපායි සතුන්ගේ අඩිතලය; කුරය. (=sole plate).
නිය සැත1. [නා.] නියපොතු නමැති ආයුධය; නිය නමැති ශස්ත්‍රය. 2. [නා.] නියපොතු කපන පිහිය; නිය කපන උපකරණය.
නිය සිළ[නා.] නිය අග; නිය පොතු අග.
නියං[නා.ප්‍ර.] නියග; පෑවිල්ල; ඉඩෝරය; නිදාඝය.
නියං කඩනවා(කථා.) [ක්‍රි.] කොනිත්තනවා.
නියං දියාලුව[නා.] රුවල් ඔරුවල රුවල වියළෙන විට එය තෙත් කිරීමට යොදා ගන්නා උපකරණය.
නියං ප්‍රතිරෝධක(පාරිභා.) [වි.] ඉඩෝරයට ඔරොත්තු දෙන; නියඟයට ඔරොත්තු දීමේ ශක්තිය ඇති (=drought resistant).
නියං සාය[නා.] දැඩි නියඟය නිසා ඇති වන සාගතය; වැසි නැතිවීමෙන් ඇති වන දුර්භික්ෂය.
නියංකෝඩය(කථා.) [නා.] තද පෑවිල්ල; ඉඩෝරය.
නියඅස[නා.ප්‍ර.] ඤාණ අංශුව; අංශුවක් ප්‍රමාණ ඥානය.
නියකන, නියකන්න(කථා.) [නා.] නියපොත්ත කෙළවර, නියපොතු කොන; නඛාග්‍රය.
නියකය[නා.] තමා කෙරෙහි උපන් දෙය; තමාටම අයත් වුව.
නියඟ[නා.] වැසි නැති කාලය; ඉඩෝර සමය; පෑවිලි කාලය; වියලිබව.
නියත1. [නා.] ඒකාන්ත; නිශ්චිත; වෙනස් නොවන; නිසැක; නොඅනුමාන; ස්ථීර. 2. [නා.] නියම වූ; නියමිත; නිමය කරන ලද. 3. [නා.] ක්‍රමවත්; නිසි ලෙස පවත්වන.
නියත ගලනාංකය(පාරිභා.) [නා.] සමජාතීය සංයෝගයක් සම්බන්ධ නිශ්චිත ද්‍රවණාංකය.
නියත ප්‍රතිරෝධකය(පාරිභා.) [නා.] නියත වශයෙන් ම විදුලි ධාරාව ගලා යාමට ප්‍රතිරෝධ දක්වන උපකරණය; ස්ථාවර ප්‍රතිරෝධකය; (=fixed resistance).
නියත ප්‍රවේශය(පාරිභා.) [නා.] (ගණිත.) නොවෙනස් වන ප්‍රවේගය (=velocity constant).
නියත මිථ්‍යාදෘෂ්ටිය[නා.] නියම වශයෙන් ම වැරදි දැක්ම; සම්‍යක් දෘෂ්ටියට ඉඳුරා ප්‍රතිපක්ෂ මතවාදය.
නියත වේගය(පාරිභා.) [නා.] සෑම අවස්ථාවක ම එක ම ප්‍රමාණයෙන් පවත්නා ධාවනය; අඩු වැඩි නොවී ඒකාකාර ව පවත්නා වේගය. (=constant speed).
නියත හිමිකම(පාරිභා.) [නා.] (නීති.) සැකයක් නැති අයිතිය; උරුමකම් කීමට ඇති ස්ථිර වූත් නිසැක වූත් අයිතිවාසිකම (=certain claim).
නියතගාමී[වි.] නියත වශයෙන් ම හමා යන; නිශ්චිතගාමී; ඒකාන්ත යෙන් හමන.
නියතය1. [නා.] වෙනස් නොවන දෙය; නොවෙනස් වන සාධකය; ස්ථිර දෙය. 2. [නා.] නියමය; අණ; නියෝගය. 3. [නා.] තීරණය; තීන්දුව; විනිශ්චය; (ආරවුල්) සංසිඳවීම.
නියතවිවරණය[නා.] බෝධිසත්ත්ව කෙනකු ඒකාන්තයෙන් ම මතු බුදු වෙතියි බුදුවරයකු විසින් සම්මුඛයෙහි කරනු ලබන ප්‍රකාශය.
නියතාන්තර[වි.] නොවෙනස් වන අන්තර කාල සීමාවක් ඇති ව සිදුවන; නියත කාලාන්තරයකින් සිද්ධ වන්නාවූ.
නියතාර්ථය[නියත+අර්ථය] [නා.] නිශ්චිත තේරුම; යථාතථ්‍යතාව.
නියතිය[නා.] (අභි.) (ගති, ජාති ආදි මගින්) පෙර පසු වීමෙන් සුදුසු හට ගැනීම; හට ගැනීමේ ඒකාන්තබව; ඉදිරියෙහි සිද්ධ විය යුත්ත; නියමය; ඉරණම; දෛවය.
නියතිවාදය[නා.] (අභි.) යමක් පූර්වයේ නිශ්චිත වූ පරිදි නිශ්චිතව හෝ සිදුව ඇත යන මතවාදය.
නියන[නා.] ලීවල කුඩුම්බි කැපීම් හෑරීම ආදිය සඳහා ගැනෙන තියුණු කැපෙන මුවහතක් සහිත වඩු කාර්මික උපකරණයක්.
නියබලාව, නියඹලාව[නා.] ව්‍යඤ්ජන පිසින සූප ක්‍රමයක්; උකුවට සකස් කළ ව්‍යඤ්ජන විශේෂය.
නියම1. [වි.] ස්ථිර; නියත; නිශ්චිත; ඒකාන්ත; නියමිත. 2. [වි.] සුදුසු; උචිත; ගැළපෙන; යෝග්‍ය. 3. [වි.] සැබෑ; සත්‍ය; අව්‍යාජ; නීත්‍යනුකූල. 4. [වි.] ඉතා ම යෝග්‍ය; පංකාදු; කියාපු.
නියම කරනවා1. [ක්‍රි.] ස්ථිර කරනවා; නිශ්චය කරනවා; තීරණය කරනවා. 2. [ක්‍රි.] නියෝග කරනවා; අණ කරනවා; විධානය කරනවා.
නියම බලධාරි[නා.ප්‍ර.] කිසියම් කටයුත්තක් ඉටු කිරීම සඳහා අති විශේෂ හා අවසාන බලතල, වරප්‍රසාද ඇති ව පත් කරනු ලබන තැනැත්තා; නිසි බලධාරි.
නියම භාගය[නා.] (ගණිත.) හරයට වඩා වටිනාකමින් අඩු ලවයක් ඇති භාග ගණන; භාජකය භාජ්‍යයට වඩා විශාල වූ භාග සංඛ්‍යාව (=proper fraction).
නියම වෙනවා1. [ක්‍රි.] නිශ්චය වෙනවා; නිගමනය වෙනවා; තීරණය වෙනවා. 2. [ක්‍රි.] සැබෑ වෙනවා; නියත වෙනවා.
නියමන[වි.] විස්තර වන; පැහැදිලි වන; නියම වන. [නා.ප්‍ර.] විස්තරය; අර්ථකථනය; විවරණය.
නියමය1. [නා.] ස්ථිර භාවය; නියතබව; නිශ්චය. 2. [නා.] නිගමනය; තීන්දුව; විනිශ්චය. 3. [නා.] සුදුසුබව; යෝග්‍යතාව; උරුමය; ඉරණම. 4. [නා.] අණ; නියෝගය; විධානය; නීතිය; කොන්දේසි. 5. [නා.] සිද්ධාන්තය; න්‍යායය. 6. [නා.] ආකාරය; පිළිවෙළ; විධිය; ක්‍රමය. 7. [නා.] ඉම; සීමාව.
නියමල්[නා.] නියපොත්ත යට සෑදෙන සුදු ලපය; නඛ පුෂ්පය.
නියම් විදි[නා.ප්‍ර.] පද සාධනය පිළිබඳ ව සිදතෙහි ඉගැන්වෙන වියරණ විදිය.
නියමාතිරික්ත[නියම+අතිරික්ත] [වි.] සාමාන්‍ය නියමයක් ඉක්ම ගිය; අසාමාන්‍ය.
නියමාන්තරය[නියම+අන්තරය] [නා.] නියම බහු සංඛ්‍යාවක් පවතින තත්ත්වය; අන්‍ය නියමය.
නියමානුසාරී[නියම+අනුසාරි] [වි.] (ක්‍රිස්ති.) ආගමික නියම හා එකඟ වූ; ධර්ම නියමයක් හා ගැළපෙන්නා වූ (=canonical).
නියමාර්ථය[නියම+අර්ථය] [නා.] නිවැරදි අදහස; සැබෑ තේරුම.
නියමාවලිය[නියම+ආවලිය] [නා.] පිළිවෙළින් ගොනු කළ නියම සමූහය; නීතිරීති පද්ධතිය.
නියමිත1. [වි.] නියම වූ; නියම කළ; තීරණය කළ. 2. [වි.] වෙනස් නොවන, ස්ථිර; ස්ථාවර.
නියමිත අගය[නා.] (ගණිත.) බිල්පත්‍ර ආදියෙහි සඳහන් කර ඇති මුදල; ස්ථිර මිල.
නියමිතය1. [නා.] නියම කරනු ලැබූව; නියමිත වූව; නියම වූ දෙය. 2. [නා.] නියම කළ බේත් හේත් ආදිය.
නියමු[වි.] මුලින් යන; මඟ පෙන්වන; පෙර ගමන් කරන; පුරෝගාමී; මූලික ව යොදනු ලබන; නියාමක.
නියමු ඇන්ජිම(පාරිභා.) [නා.] පෙර ගමන් ගන්නා විශේෂ දුම්රිය යන්ත්‍රය (=pilot engine).
නියමු එළිය(පාරිභා.) [නා.] විදුලි පරිපථයක විදුලිය සජීවිබව හෙවත් ක්‍රියාත්මක ව පවත්නා බව දෘශ්‍යමාන කිරීමට යොදන කුඩා විදුලි පහන (=pilot light).
නියමු කටුව(පාරිභා.) [නා.] ලෝහ කර්මාන්තයේ දී භාවිත වන මිනුම් කටු විශේෂයක් (=pilot drill).
නියමු බැලු(ලූ)නය(පාරිභා.) [නා.] ඉහළ ආකාශයේ වායුවේ වේගයත්, හමන දිශාවත් නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගන්නා වූ ද, ජලකර හෝ හයිඩ්‍රජන් වායුව පුරවන ලද්දා වූ ද, කුඩා රබර් බැලුනය.
නියමු යාත්‍රාව[නා.] ගල්පර ආදියෙන් යුක්ත තොටක් තුළට ඇතුළු වන නැවකට මඟ පෙන්වීම සඳහා පෙරටු ව යන කුඩා යාත්‍රාව.
නියමු සේවය(පාරිභා.) [නා.] නැව්, ගුවන් යනාදියට මඟ පෙන්වීමේ සේවාව; නියාමක සේවය (=pilot service).
නියමුව1. [නා.ප්‍ර.] විදුලි වාහකය; සන්නාහනය. 2. [නා.ප්‍ර.] නියපොතු කෙළවර.
නියමුවා1. [නා.] නැව් පදවන්නා; ගුවන් නැව් පදවන්නා; නියාමකයා. 2. [නා.] තවලම් ගැල් සාත්තු ආදියේ පෙර ගමන කරන්නා හෝ ප්‍රධානයා. 3. [නා.] වාහන පේළියකට මඟ පෙන්නීම සඳහා පෙරටුව යන වාහනය. 4. [නා.] ගල්පර ආදියෙන් යුක්ත තොටක් තුළට ඇතුළු වන නැවකට මඟ පෙන්වීම සඳහා පෙරටු ව යන කුඩා යාත්‍රාව. 5. [නා.] වාහන පදවන්නා; රියැදුරු. 6. [නා.] (යමක) ප්‍රධානයා; මූලිකයා; පුරෝගාමියා.
නියර1. [නා.] කුඹුර හා ලියදි එකිනෙක වෙන් කිරීමටත්, ඒ තුළ දිය රැස් කිරීමටත් ඒ වටා බඳින වැටිය; මියර; වේල්ල, 2. [නා.] ආකාරය; ක්‍රමය; විධිය.
නියලෙනවා, නියැලෙනවා[ක්‍රි.] නියුක්ත වෙනවා; නිරත වෙනවා.
නියවත්[වි.] නැණවත්; ඥානවන්ත; පණ්ඩිත; නුවණැති.
නියවතා[නා.] ඥානවන්තයා; නුවණැත්තා; නැණවතා; පණ්ඩිතයා.
නියවනවා[ක්‍රි.] දත් විලිස්සනවා; විරිත්තනවා.
නියහනවා[ක්‍රි.] (බතින්) දිය පෙරනවා; කැඳ පෙරා ගන්නවා.
නියළුම්[නා.ප්‍ර.] දුක; ශෝකය; ඛේදය.
නියා[නි.] ආකාර; වැනි; බඳු.
නියාම ධර්ම[නා.ප්‍ර.] ස්වභාවයෙන් සිදු වන ධර්මතා; නියම්දම්.
නියාමක1. [වි.] මඟපෙන්වන; පුරෝගාමී. 2. [වි.] ආදර්ශක; මාදිලියේ වූ. 3. [වි.] පාලනය කරන; හසුරුවන.
නියාමක අක්ෂය(පාරිභා.) [නා.] (ගණිත.) කේතුවක හැම ලක්‍ෂ්‍යයකම සිට ඇති දුර නොවෙනස් ව නියතයක් ව සිටිනා අයුරු) තනි ලක්ෂ්‍යයක් ගත හැකි සේ පිහිටි රේඛාව (=directrix).
නියාමක රේඛාව(පාරිභා.) [නා.] (විවිධ ස්ථානවලට කිසියම් තැනක සිට ඇති දුරත්, ඵ් අතර ඇති කෝණයත් මැනීමට) පාදක කරගන්නා රේඛාව.
නියාමකය[නා.] ධාරාවක් හෝ වේගයක් පාලනය කරන උපකරණය; පාලකය.
නියාමකයා1. [නා.] මුල් වූ තැනැත්තා; පුරෝගාමියා. 2. [නා.] ගැල් ආදි රථවාහන මෙහෙයවන්නා; නියමුවා; (නැව්) කප්පිත්තා.
නියාමනය[නා.] නිරන්තරයෙන් ම සිදු කරන මඟ පෙන්වීම.
නියාමය[නා.] ස්වභාව ධර්මයෙන් ඇති වන නියමය.
නියාය[නා.] ආකාරය; අන්දම; ක්‍රමය; විධිය.
නියාලු1. [වි.] නිවට; මෝඩ; බැගෑපත්. 2. [වි.] දුප්පත්; දිලිඳු.
නියාලුව(කථා.) [නා.] නිවටකම; මූඪත්වය.
නියැතියා[නිය+ඇතියා] [නා.] ඥානවන්තයා; නුවණැත්තා.
නියැදිය(පාරිභා.) [නා.] ආදර්ශකය; සාම්පලය (=sample).
නියැදුරා[නිය+ඇදුරු] [නා.ප්‍ර.] නීතිය දන්නා තැනැත්තා; නීතිඥයා.
නියැළුම[නා.] කලකිරීම; වෙහෙසවීම; දුක්වීම.
නියුක්ත[වි.] යෙදුණු; තත්පර වූ; ව්‍යාවෘත වූ; නියුතු.
නියුක්තිය[නා.] යෙදීම; තත්පර වීම; නියැළීම.
නියුට්‍රෝනය[නා.] අනාරෝපිත අනු පරමාණුක අංශුව; හයිඩ්‍රජන්වල හැර අනික් හැම පරමාණු න්‍යෂ්ටිවලම අඩංගු විද්‍යුත් ආරෝපණ රහිත මූලික සංඝටක අංශුව; ප්‍රොටෝනයට වඩා ස්කන්ධය අතින් ස්වල්පයක් වැඩිය; මූලද්‍රව්‍ය ස්කන්ධය සහ පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමට මෙය හේතුවේ.
නියුත[නා.] දශ ලක්ෂය.
නියුතු, නියුත්[වි.] යෙදුණු; නිරත වූ; නියුක්ත.
නියුමෝනියාව, නිවුමෝනියාව[නා.] ශ්වාසනාලිකාව හා පුප්ඵුසය ආශ්‍රිත ව සෑදෙන රෝගයක්; වා-සෙම් සන්නිපාතය; පෙනහැලිවල ඇති වායුකෝෂවලට විෂබීජ ඇතුළු වීම නිසා ඒවා ඉදිමීමෙන් සෑදෙන රෝගය.
නියුරෝනය[නා.] ස්නායු සෛල; ස්නායු පද්ධතියේ අත්‍යවශ්‍ය මූලය.
නියුරෝමාව(පාරිභා.) [නා.] (වෛද්‍ය.) ස්නායු පද්ධති‍යේ සෑදෙන ශෛලමය ගඩු; සෛලවල අසාමාන්‍ය එකතුවකින් ස්නායු පද්ධතියේ වර්ධනය වන ස්ඵෝට විශේෂය (=neuroma).
නියුරෝසියාව(පාරිභා.) [නා.] (වෛද්‍ය.) ස්නායු හෝ මානසික රෝගයක් හා සම්බන්ධ වූ ස්නායු කෘත්‍යය; ස්නාස්‍යය (=neurosis).
නියුලුව[නා.] කනගාටුව; දුක.
නියොන් පහන(පාරිභා.) [නා.] (භෞති.) නියොන් වායුව පුරවන ලද විදුලි පහන (=neon lamp).
නියොන්, නියෝන්[නා.ප්‍ර.] නිෂ්ක්‍රිය වායුවක්; රසයක්, වර්ණයක් හෝ ගන්ධ රහිතය; ප්‍රතිදීප්ත විදුලි පහන් තැනීමේ දී බහුල ව යොදා ගැනේ (=neon).
නියොලිතික් මිනිසා[නා.] නව ශිලා සමයෙහි ජීවත් වූ ගල් ආයුධ වර්ග භාවිත කළ මනුෂ්‍ය වර්ගයා හඳුන්වන නාමය.
නියෝගය1. [නා.] විධානය; නියමය; අධිකරණ නියමය. 2. (පාරිභා.) [නා.] ප්‍රතිපත්ති කාර්ය පරිපාටි පිළිබඳ ව නිශ්චිත ලෙස මඟ පෙන්වීම සඳහා නිකුත් කරන ලේඛනය (=directive).
නියෝජකයා1. [නා.] මෙහෙයවන්නා; ක්‍රියා කරවන්නා. 2. (පාරිභා.) [නා.] බාර දෙන්නා; පිටරටක හෝ පිට පළාතක සිටින තම නියෝජිතයා වෙත තමාගේ වගකීම පිට විකිණීම සඳහා බඩු යවන්නා (=consignor).
නියෝජනය1. [නා.] යෙදවීම; මෙහෙයවීම. 2. [නා.] යමකු හෝ යමක් වෙනුවෙන් යොදවනු ලබන අය හෝ දෙය; (යමකු වෙනුවෙන්) ක්‍රියා කිරීම හෝ පෙනී සිටීම. 3. [නා.] කොමිස් පිට විකිණීම; නියෝජිතයකුට යවන හෝ බාර දුන් බඩු තොගය (=consignment).
නියෝජනය කරනවා1. [ක්‍රි.] (යමකු වෙනුවෙන්) පෙනී සිටිනවා; ක්‍රියා කරනවා; යොදවනවා. 2. (පාරිභා.) [ක්‍රි.] බාර කරනවා; බාර දෙනවා (=consign).
නියෝජ්‍ය1. [වි.] ප්‍රධානයා ළඟට සිටින; ප්‍රධානයා වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම භාර ව සිටින; උපප්‍රධාන. 2. [වි.] යමක් වෙනුවට යොදා ගනු ලබන.
නියෝජ්‍ය මුදල්[නා.ප්‍ර.] ප්‍රාමාණික මුදල්වලට පෙරළිය හැකි නෝට්ටු මුදල්.
නියෝජ්‍යයා1. [නා.] ප්‍රධානයා ළඟට සිටින තැනැත්තා; උප ප්‍රධානයා. 2. [නා.] (කොමිස් පිට විකිණීම පිණිස) බඩු භාර ගැනීම හෝ ලබා ගැනීම හෝ කරන තැනැත්තා. 3. [නා.] නියෝජකයකු වෙනුවෙන් පෙනී සිටීමට බලය ලත් හෝ තවෙකකු වෙනුවෙන් මිලට ගැනීම හෝ විකිණීම කරන තැනැත්තා.
නියෝජිත ආණ්ඩු ක්‍රමය(පාරිභා.) [නා.] තෝරා පත්කර ගත් නියෝජිතයන්ගෙන් යුත් ආණ්ඩුව (=government representative).
නියෝජිත බලය(පාරිභා.) [නා.] වෙනත් කෙනකු හෝ ආයතනයක් හෝ වෙනුවෙන් කටයුතු කිරීමට පවරා දෙනු ලබන බලය (=agency).
නියෝජිත මණ්ඩලය[නා.] නියෝජනය පිණිස තෝරා පත් කරගත් කණ්ඩායම.
නියෝජිත මන්ත්‍රණ සභාව[නා.] මහජන නියෝජිත පිරිසගෙන් සැදුම් ලත් සභාව; ජනතාව නියෝජනය කරන මන්ත්‍රී මණ්ඩලය.
නියෝජිත සභාව(පාරිභා.) [නා.] මහජනයා විසින් තෝරා පත් කර ගැනුණු නියෝජිතයන්ගෙන් සමන්විත සභාව (=chamber of).
නියෝජිතයා[නා.] පෙනී සිටින්නා; සමූහයක් ආයතනයක් හෝ පුද්ගලයෙකු වෙනුවට ක්‍රියා කිරීමට බලය ලත් තැනැත්තා; පුද්ගල හෝ පොදු අවශ්‍යතා සඳහා රජය හෝ පුද්ගල සංවිධානාදිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නා.
නියෝලිතික සමය[නා.] මානව පරිණාමයෙහි ගල් අවි භාවිත කළ යුගයේ මෑත අවදිය; නව පාෂාණ සමය.
නිරංකුශ, නිරඞ්කුශ1. [නා.] නිවහල්; නිදහස්; ස්වාධීන. 2. (පාරිභා.) [නා.] අවියෙන් නොසැරහුණු; දළ රහිත.
නිරංජන[වි.] ආසාව නැති; විරාගී; කෙලෙස් කසටින් තොර.
නිරක්ෂය[නා.] (භූගෝ.) පෘථිවියේ උතුරු අර්ධ ගෝලයත් දකුණු අර්ධ ගෝලයත් සම සේ වෙන් කරන කල්පිත මහා වෘත්තය; සමකය (=equator).
නිරක්ෂාංශ[නිරක්ෂ+අංශ] [නා.ප්‍ර.] නිරක්ෂයේ සිට උතුරට සහ දකුණට ඇති අක්ෂභාග.
නිරක්ෂීය[වි.] නිරක්ෂයට අයත්; නිරක්ෂය සම්බන්ධ වූ; සමකය පිළිබඳ.
නිරග්ගික[වි.] ගිනි නැති; අග්නියෙන් තොර.
නිරණය[නා.] සැක නැති බව; නිශ්චය.
නිරණරුත[නිරණ+අරුත] [නා.] නිශ්චිත අර්ථය; නියතාර්ථය; නිසැක තේරුම.
නිරත[නා.ප්‍ර.] (යමක) නියැළීම; නිතොර ව යෙදීම. [වි.] නියැළුණු; යෙදුණු; නියුක්ත.
නිරත්ථක[වි.] තේරුමක් නැති; ප්‍රයෝජනයක් නැති; නිෂ්ඵල; නිරර්ථක.
නිරත්‍යය[නා.ප්‍ර.] බාධා රහිතබව; වරද රහිතබව.
නිරතුර[නා.] අතරක් නැති බව.
නිරතුරු[ක්‍රි.වි.] අතරක් නැති; නොනැවති; නිතර; අනවරත; නිරන්තර.
නිරද[නා.ප්‍ර.] නදීවලට රජ වූ මුහුද; සාගරය.
නිරන්තර[වි.] අතරක් නැති; තොරක් නැති; නිතර; නිත්‍ය.
නිරන්තර අධිකය(පාරිභා.) [නා.] නොකඩවා පවත්නා ඉතිරිය (=persisting surplus).
නිරන්තර ජ්වරය[නා.] නිතොර පවත්නා උණ.
නිරන්තර සංයෝගය[නා.] අතරක් නැති ව පවත්නා එකතු වීම; සම්බන්ධය.
නිරන්තරේ[ක්‍රි.වි.] නොනැවතී; අතරක් නැති ව; නිතොරව.
නිරන්ධ්‍ර1. [වි.] සිදුරු නැති. 2. [වි.] අවකාශ නොවන; ඉඩ නැති.
නිරනාව(කථා.) [නා.] වගාවක දක්නට ලැබෙන පාලුව.
නිරනුකම්පක[නිර්+අනුකම්පක] [වි.] අනුකම්පා රහිත; කරුණාගුණයෙන් තොර.
නිරනුකම්පා[නිර්+අනුකම්ප්‍ය] [වි.] අනුකම්පාව නොලැබිය යුතු; කරුණාව නොදැක්විය යුතු.
නිරනුනාසික[වි.] (ව්‍යාක.) නාසය ආශ්‍රයෙන් උච්චාරණය නොවන; අනුනාසික භාවයෙන් තොර.
නිරනුපාත[වි.] අරමුණු රහිත; නිරාලම්බන
නිරනුබන්ධ[නා.] බැඳීමක් නැති; අනුබන්ධ අක්ෂර රහිත.
නිරනුභූත[නිර්+අනුභූත] [වි.] අනුභව නොකළ; විඳිනු නොලැබූ; නොවිඳි.
නිරනුමාන[වි.] සැක නැති; නොඅනුමාන; නිසැක.
නිරනුවර්තන[වි.] අනු ව නොපවත්නා; අනුකූල නොවන.
නිරනුවර්තී(පාරිභා.) [වි.] අනු ව නොපවත්නා; සුදුසු සේ සකස් කර නොගත් (=nonadaptive).
නිරනුශය1. [වි.] ඇල්මෙන් හෝ පක්ෂපාතිත්වයෙන් තොර; නිරනුසය. 2. [වි.] කෙලෙස් ප්‍රහීණ කළ.
නිරපරාද1. [වි.] වරදින් තොර; නිදොස්; 2. [වි.] වැඩක් නැති; යහපතක් නොවන; ප්‍රයෝජනයක් නැති; නිරපරාධ.
නිරපරාදේ1. [ක්‍රි.වි.] දොසක් නැති ව; වරදක් නැති ව. 2. [ක්‍රි.වි.] පලක් නැති ව; ප්‍රයෝජනයක් නොවන සේ.
නිරපරාධී[වි.] වරදින් තෙර; නිදොස් වූ; නිර්දෝෂි.
නිරපුර[නා.ප්‍ර.] (ක්‍රිස්ති.) සුරපුරයට හාත්පසින් වෙනස් තැන; නිරය.
නිරපේක්ෂ1. [වි.] බලාපොරොත්තු රහිත; අපේක්ෂා නොකරන; නොපතන. 2. [වි.] අනෙක් දේ හා සබඳකමක් හෝ එකමුතුවක් හෝ නැති; තනි; කේවල; හුදු; අමිශ්‍ර; සංශුද්ධ; යමක් සංසන්දනය කරලීමට පාදක වන සම්මතය.
නිරපේක්ෂ අගය(පාරිභා.) [නා.] කේවල වටිනාකම; අමිශ්‍ර අගය; වෙනස් නොවූ මුල් අගය.
නිරපේක්ෂ තාරකාව(පාරිභා.) [නා.] හුදු අඳුර; ශුද්ධ අන්ධකාරය (=absolute pitch).
නිරපේක්ෂ වාසිය(පාරිභා.) [නා.] යම්කිසි ගනුදෙනුවකින් ලබන ශුද්ධ ලාභය (=absolute advantage).
නිරපේක්ෂතාව, නිරපේක්ෂකත්වය[නා.] අපේක්ෂාවෙන් තොරබව; බලාපොරොත්තු රහිත භාවය.
නිරබ්බුදය1. [නා.] අබ්බුද සියයක් වන සංඛ්‍යාව; අක්ෂෞහිණී දසලක්ෂයක ප්‍රමාණය. 2. [නා.] අවීචි මහ නරකයට පරිවාර වූ උස්සද නිරය දහසයෙන් එකක්.
නිරභිමානත්වය[නිර්+අභිමාන+ත්වය] [නා.] අභිමානයෙන් තොරබව; අහංකාරයෙන් තොර බව; උඩඟු නැතිකම; නිරහංකාර භාවය.
නිරභිලාෂ[නා.ප්‍ර.] ආශා නැතිබව; රිසි නැතිබව; නොකැමැතිකම.
නිරය1. [නා.] ප්‍රීතියෙන් තොර වූ ස්ථානය; අපාය; නරකය. 2. [නා.] ක්‍රීඩාවක යෙදී සිටින පුද්ගලයකුට නොහොත් පිලකට හිමි වන වාරය; ක්‍රීඩා වාරය; අත; ඉනිම.
නිරය ගතිය[නා.] සතර දුගතියෙන් එකක් වශයෙන් නරකයෙහි ඉපදීම; නරකාත්මභාවය.
නිරයගාමිණී[වි.] නිරයට යනසුලු; නිරයට පැමිණෙන.
නිරයපාලයා[නා.] යමපල්ලා; නිරය පාලනය කරන්නා.
නිරර්ගල[වි.] අගුල් රහිත; යතුරු තරංගවලින් තොර; බාධාවකින් තොර.
නිරර්ථක[වි.] පලක් නැති; නිෂ්ප්‍රයෝජන.
නිරලඞ්කෘත[වි.] අලංකරණයෙන් තොර; සැරසීම් හැඩ වැඩ කිරීම් ආදිය රහිත.
නිරලඹ[වි.] ආලම්බයක් හෙවත් එල්බීමක් නැති; පිහිටක් නැති; ආධාර රහිත. 1. [නා.] අහස; ගුවන්ගැබ; ආකාශය. 2. [නා.] පොළොවින් යට පිහිටි සේ සැලකෙන රාජ්‍යය; රසාතලය; පාතාලය. 3. [නා.] කඳු බෑවුම; පර්වත ප්‍රපාතය. 4. [නා.] දිය වැගිරීම; ජලධාරා පතනය.
නිරලොව[නා.] නරකය; නිරාලොව; අපාය.
නිරවකාශ[වි.] ඉඩකඩ නැති; අවකාශයක් නැති; අනවකාශ.
නිරවග්‍රහ[වි.] නොවැළැක්විය හැකි හැසිරීම් ඇති; වෙනස් කළ නොහැකි පැවතුම් ඇති; මුරණ්ඩු.
නිරවච්ඡින්න[නා.] නොවෙන් වූ; වෙන කිරීමෙන් තොර; නොපිරිසිඳිනා ලද.
නිරවද්‍ය[වි.] වැරදි නැති; නිවැරදි; යහපත්; නිදොස්.
නිරවද්‍යය1. [නා.] වරදින් තොරවූව; දෝෂයක් නොමැති දෙය; අඩුලුහුඬුකමක් නොමැති දෙය; යහපත් දෙය. 2. [නා.] දෝෂයක්, අඩුලුහුඬුකමක්, වරදක් නොමැතිබව.
නිරවධි[වි.] සීමාවක් නැති; අප්‍රමාණ.
නිරවනත[වි.] නොනැමුණු; ඇද නැති; කෙළින්.
නිරවබෝධය[වි.] තේරුම් නොගත් බව; අවබෝධයක් නැතිකම; නොදත්කම.
නිරවයව[නිර්+අවයව] [වි.] අවයව නැති; කොටස් රහිත; උපාඞ්ග වලින් තොර.
නිරවරෝධ[වි.] බාධාවකින් තොර; විරුද්ධත්වයක් නැති.
නිරවශිෂ්ට1. [වි.] ඉතිරියක් නැති; සම්පූර්ණ; සියලු; අනූන. 2. [වි.] වෙනස් නොවන; ඒකාන්ත; සර්වග්‍රාහී 3. (දර්ශන.) [වි.] අවශ්‍ය වූ ද වැදගත් වූ ද සියල්ල ඇතුළත් වන; සවිස්තර.
නිරවශේෂය1. [නා.] සම්පූර්ණයෙන් අවසන් කිරීම; කම්මුතුව. 2. [නා.] විනාශය.
නිරවසාන[වි.] අවසන් නොවූ; කෙළවරකට පත් නොවූ.
නිරවැද්ද[නා.ප්‍ර.] නිවරැද්ද; නිරවද්‍ය.
නිරවුල්[වි.] අවුලක් නැති; පැටලීමක් නොමැති; නිරාකුල; පැහැදිලි.
නිරවුල් කරනවා1. [ක්‍රි.] අවුල් හරිනවා; දුෂ්කර ස්ථාන පැහැදිලි කරනවා; ගැටමුසු තැන් තේරුම් කරනවා. 2. [ක්‍රි.] බේරුම් කරනවා; සමථ කරනවා; සම්බාධක දුරු කරනවා. 3. [ක්‍රි.] වියවුලින් තොර කරනවා; සාමය ඇති කරනවා.
නිරස1. [වි.] රසයෙන් තොර; රස සුන්; අමිහිරි. 2. [වි.] දියර ගතිය නැති; යුෂ රහිත. 1. [නා.ප්‍ර.] රසයක් නැතිකම; නීරසබව. 2. [නා.ප්‍ර.] වියළි දෙය.
නිරසක්[නා.ප්‍ර.] සැක නැතිකම; ශඞ්කා රහිතබව.
නිරසනය1. [වි.] ඉවතලීම; බැහැර කිරීම; නෙරපීම. 2. [වි.] තහනම. 3. [වි.] විනාශය; ඝාතනය.
නිරස්ත[වි.] ඉවත් කරන ලද; දුරු කළා වූ; විධ්වංශනය කරනු ලැබූ.
නිරස්ථි[නිර්+අස්ථි] [වි.] ඇටකටු නැති; අස්ථි රහිත.
නිරහංකාර, නිරහඞ්කාර1. [වි.] උඩඟු නොවූ; ආඩම්බර නැති; නිහතමානි. 2. [වි.] සරල; ආටෝප රහිත.
නිර්[උ.] සිංහල භාෂාවෙහි තත්සම වශයෙන් නිෂේධ, නිෂ්ක්‍රාන්ත සහ නිශ්ශේෂ යන අර්ථවල යෙදෙන උපසර්ගයක්.
නිර්ගත[වි.] බැහැරට ගිය; පිටතට ගමන් කළ; ඉවත් ව ගිය.
නිර්ගම, නිර්ගමන[වි.] නික්ම යන; පිට වන; බැහැරට යන.
නිර්ගමන නලය(පාරිභා.) [නා.] පිට වෙන නලය; නිකුත් කරන නාලය (=exit tube).
නිර්ගමය1. [නා.] පිටවීම; නිකුත්වීම; ඉවත් ව යෑම. 2.(පාරිභා.) [නා.] නික්මවන උපකරණය; පිට කරන උපකරණය (=exhaust).
නිර්ග්‍රන්ථ[වි.] කෙලෙස් ගැට නැතැයි යන වාදය ඇති; නිගණ්ඨ.
නිර්ග්‍රන්ථික(පාරිභා.) [වි.] ග්‍රන්ථි නැති; ද්‍රව කූපවලින් තොර වූ.
නිර්ගුණ1. [වි.] යහපත් ගුණ නැති; ගුණවත්බවින් තොර; පහ වූ ගුණ ඇති. 2. (භා.දර්ශන.) [වි.] පදාර්ථ මත පිහිටි; පදාර්ථ විශේෂත්වය ප්‍රකට කරන ධර්මතාවලින් තොර; රූප රස ගන්ධ ආදි සූවිසි ගුණවලින් පහ වූ.
නිර්ගුම්බය[නා.] අවුල් නැතිබව; නිරවුල්බව; පැටලුම් නැතිබව.
නිර්ඝාත[නා.ප්‍ර.] අකුණ; හෙණපාර; අසනිය.
නිර්ඝාතනය[නා.] පහ කිරීම; ඉවත් කිරීම; පිට කිරීම.
නිර්ඝෝෂණය[නා.] රැව් පිළිරුව් හඬ; ඝෝෂාව.
නිර්ජට[වි.] ගැට නැති; අවුල්වලින් තොර.
නිර්ජන[වි.] ජනාවාසයෙන් තොර; ජනශූන්‍ය; පාළු.
නිර්ජර[වි.] ජරාවට නොයන; දිරාපත් නොවන. [නා.ප්‍ර.] දෙවියා.
නිර්ජල1. [වි.] ජලයෙන් තොර; ජලය නැති; වියළි; ශුෂ්ක. 2. [වි.] ස්ඵටිකායික හෝ සම්මිශ්‍රිත වූ ජල මාත්‍රයක් නොමැති (=anhydrous).
නිර්ජල ක්ලෝමීය(පාරිභා.) [වි.] කරමල රහිත; ශ්වසනය සඳහා කරමලක් නැති (=abranchiate).
නිර්ජල කෝෂය(පාරිභා.) [නා.] වියළි කෝෂය; ශුෂ්ක කෝෂය; නිරුදක බැටරිය (=dry cell).
නිර්ජලකය(පාරිභා.) [නා.] යම් ද්‍රව්‍යයකට බැඳී ඇති ජලය ඉවත් කළ විට ඉතිරි වන ද්‍රව්‍යය; ජලය රහිත (=anhydride).
නිර්ජාතිකත්වය[නා.] ජාතිකත්වයෙන් තොරබව.
නිර්ඣරය[නා.] උස් තැනකින් පහතට ඇද හැලෙන ජලධාරාව; දිය ඇල්ල; ගඟුලැල්ල.
නිර්ණය1. [නා.ප්‍ර.] නිශ්චය; අනුමිතිය; නිගමනය. 2. [නා.ප්‍ර.] විනිශ්චය; තීන්දුව; තීරණය.
නිර්ණාමික[වි.] (ලියූ තැනැත්තාගේ හෝ අයිතිකරුගේ) නම සඳහන් නොවන; නාමය නොදැක්වූ; කර්තෘ නාමය නොයෙදූ.
නිර්ණායක[වි.] නිශ්චය කරන; ප්‍රමාණ කරන; තීරණය කරන. [නා.ප්‍ර.] නිර්ණයට වහල් වන සාධකය; නිර්ණ හේතුව.
නිර්ණායනය[නා.] අගය කිරීම; අගය නිශ්චය කිරීම; තත්ත්වය ඇගයීම.
නිර්ණිත[වි.] තීරණය කරන ලද; නිශ්චය කරන ලද.
නිර්ණේජකයා[නා.] රෙදි සේදීම වෘත්තිය කරගත් තැනැත්තා; රජකයා.
නිර්දන්ත(පාරිභා.) [වි.] විදුරුමසින් උඩට වැඩුණු දත් නැති. [නා.ප්‍ර.] විදුරුමසින් උඩට දත් නැති ක්ෂීරපායී ගණයට අයත් සත්ත්ව විශේෂය (=edentate).
නිර්දය[වි.] දයාව නැති; කරුණාවෙන් තොර; අනුකම්පා විරහිත; දැඩි.
නිර්දශ[වි.] ආශ්‍රවයන් ක්ෂය කරන; අර්හත්වය ලබාදෙන.
නිර්ද්ධාරණය[නා.] (ව්‍යාක.) සමූහකින් එකක් වෙන් කොට ගැනීම; නිර්ධාරණ යෝගය.
නිර්ද්ධාරණාර්ථය[නා.] (ව්‍යාක.) ජාති, ගුණ, ක්‍රියා, සංඥා ආදි විශේෂයක් නිසා සමූහයකින් එකක් වෙන් කොට ගැනීම; නිර්ධාරණ යෝගය.
නිර්ද්‍රව[වි.] දියර ගතිය හෝ දියරයක ක්‍රියාකාරිත්වය හෝ නැති; අනාර්ද්‍ර.
නිර්දිශ්‍ය[වි.] දැක්වුව මනා; පෙන්වා දිය යුතු.
නිර්දිෂ්ට[වි.] දක්වන ලද; නිර්දේශ කළ; ඉදිරිපත් කළ.
නිර්දිෂ්ටය[නා.] ඉදිරිපත් කළ දෙය; නිර්දේශ කළ දෙය; දත්ත.
නිර්දිෂ්ටාර්ථය[නා.] ගෙනහැර දක්වන ලද තේරුම; නිදර්ශනවලින් දැක්වෙන අර්ථය.
නිර්දුඃඛ[වි.] දුක් නැති; දුකින් තොර; නිදුක්.
නිර්දුෂ්ට[වි.] දූෂිත භාවයෙන් තොර; සාවද්‍ය නොවන; දෝෂ විරහිත.
නිර්දේශ අක්ෂය(පාරිභා.) [නා.] ලක්ෂ්‍ය දෙකක් අතර සම්බන්ධය ඇති කරන රේඛාව (=axis of reference).
නිර්දේශ කරනවා1. [ක්‍රි.] ඉදිරිපත් කරනවා. 2. [ක්‍රි.] මැනවැයි දක්වනවා. 3. [ක්‍රි.] නියම කරනවා.
නිර්දේශ පත්‍රය[නා.] අධ්‍යාපන විෂයමාලා හෝ විභාග ආදිය පිළිබඳ නියමිත ව්‍යවස්ථා පාඨග්‍රන්ථ ආදි විස්තර දැක්වෙන ලේඛනය; නිර්දේශ පත්‍රිකාව.
නිර්දේශ පරිණාමය(පාරිභා.) [නා.] විවිධ ශාකවල හෝ සතුන්ගේ හෝ කිසියම් නියත න්‍යායක් ඔස්සේ සිදුවීගන එන පරිණාමය (=directive evolution).
නිර්දේශ ලක්ෂ්‍යය(පාරිභා.) [නා.] කිසියම් තැනක උස, පිහිටීම, දුර ආදිය ප්‍රකාශ කරන්නට මුල් කරගන්නා ලක්ෂ්‍යය (=reference point).
නිර්දේශක[වි.] දක්වන; ඉදිරිපත් කරන; විස්තර කොට දක්වන; නිර්දේශ කරන.
නිර්දේශකය1. [නා.] යමක් පෙන්නුම් කරන දෙය; යමක් ලකුණු කොට දැක්වීමට යොදා ගන්නා දෙය. 2.(පාරිභා.) [නා.] ඝාතාංකය; දර්ශකය (=index).
නිර්දේශකයා1. (පාරිභා.) [නා.] විස්තර ඉදිරිපත් කරන්නා (=commentator). 2. [නා.] පෞද්ගලික බිල්පත්‍ර ආදිය පරික්ෂා කොට බලා තීරණ දීම සඳහා පාලක මණ්ඩලයකින් බලය පැවරුණු තැනැත්තා.
නිර්දේශය1. [නා.] ඉදිරිපත් කිරීම. 2. [නා.] නියම කිරීම; නියමය; නියෝගය. 3. [නා.] විස්තර කථනය; විස්තර දැක්වීම; විස්තරය.
නිර්දේහ(පාරිභා.) [වි.] ශරීරයක් නැති; කොඳුඇට පෙළක් නැති වුව ද කොඳු ඇට නූලක ඇති (=acentrous).
නිර්දෝෂී[වි.] දොසින් යුක්ත නොවූ; නිදොස් වූ.
නිර්ධන[වි.] ධනය නැති; ධන හීන; දුප්පත්.
නිර්ධමනය[නා.] නෙරපා දැමීම; දුරු කිරීම; පලවා හැරීම.
නිර්ධ්මාපනය[නා.] කටින් හඬ ඇති ව වායුව පිට කිරීම; පිඹීම.
නිර්ධාරණය[නා.] වෙන් කිරීම; වර්ග කිරීම.
නිර්ධූත[වි.] පහ කළ; සොලවා ඉවත් කළ; ගසා දමන ලද.
නිර්ධූනන[නා.ප්‍ර.] උඩුකුරු කොට සෙලවීම; උඩට ඔසොවා බිම හෙළීම.
නිර්පාත්‍රි(පාරිභා.) [වි.] පහසුවෙන් රෝගාදිය නොවැලඳෙන; නීරෝගපාත්‍රී (=insusceptible).
නිර්බන්ධය1. [නා.] බලවත් අයැදුම; නැවත නැවත අයදීම; ඇවිටිල්ල. 2. [නා.] දෘඪ ග්‍රහණය; බලවත් ආශාව.
නිර්බාධිත[වි.] අවහිර නොකරනු ලැබූ; බාධා විරහිත
නිර්බෝධ[වි.] බුද්ධිමත් නොවූ; වැටහීමක් නැති; අනුවණ.
නිර්භක්ත ඖෂධය[නා.] ආහාර අනුභවයෙන් තොර ව ගනු ලබන බෙහෙත; නිරාහාර ව සිට බුදින ඔසුව.
නිර්භය[නා.] භය රහිත; බිය නැති; බිය නොවන.
නිර්භර[වි.] අතිශය; දැඩි; ඉතා වැඩි.
නිර්භරණය(පාරිභා.) [නා.] (වෛද්‍ය.) මන්දපෝෂණය නිසා ශරීරයේ ඇති වන වැහැරී යෑම; කායික ක්ෂයතාව (=atrophy).
නිර්භින්න1. [වි.] මුළුමනින් බිඳී ගිය; කැඩී විසුරුණු හෝ පිරුණු; පොඩි පට්ටම් වුණු. 2. [වි.] ඒකාකාර.
නිර්භීත[වි.] භය නැති; බිය නොවන.
නිර්භෞමික[වි.] පොළොවට හෝ මෙලොවට අයිති නැති.
නිර්මථනය[නා.] මැඩපැවැත්වීම; යටපත් කිරීම; පරාජය කිරීම; වැඩීම.
නිර්මද1. [වි.] මදයෙන් තොර; මද රහිත. 2. [වි.] මත්බව හෝ අභිමානය හෝ නැති.
නිර්මල1. [වි.] කිලුටෙන් තොර; පිරිසිදු; පවිත්‍ර. 2. [වි.] වරද නැති; දෝෂ රහිත; පවින් තොර; නිකෙලෙස්. 3. [වි.] පැහැදිලි; නිරවුල්.
නිර්මලීකරණය[නා.] අපද්‍රව්‍ය බැහැර කිරීම; පිරිසිදුබවට පත් කිරීම.
නිර්මාංශ භෝජක[නා.] මාංශ රහිත ආහාර අනුභව කරන්නා.
නිර්මාණ බුද්ධිය1. [නා.] නැති යමක් ඇති කිරීම; හටගැන්වීම; මැවීම.
නිර්මාණ රේඛා(පාරිභා.) [නා.ප්‍ර.] සැලැස්මවල් ඇඳීමේ දී භාවිත කරන රේඛා වර්ගයක් (=construction line).
නිර්මාණක[වි.] නිර්මාණය වන; නිමවන; සාදන හෝ සෑදෙන.
නිර්මාණකයා1. [නා.] අලුත් දේ සාදන තැනැත්තා. 2. [නා.] මැවුම්කරු; විශ්වයේ නිර්මාතෘ.
නිර්මාණක්ෂම[වි.] නිමැවුමෙහි දක්ෂ වූ; නිමැවීමට තුඩු දෙන.
නිර්මාණකාය[නා.ප්‍ර.] මහායාන ධර්මයෙහි දැක්වෙන පරිදි බුදුරදුන් පිළිබඳ අවස්ථා තුනෙන් එකක්; නිර්මිත බුද්ධ රූපය.
නිර්මාණය1. [නා.] සෑදීම; නිෂ්පාදනය; නිපදවීම. 2. [නා.] ප්‍රබන්ධය; රචනය.
නිර්මාණවාදය[නා.] විශ්වය සර්ව බලධාරී දෙවියෙකුගේ බලමහිමයෙන් නිමැවූවක්ය යන මතය.
නිර්මාණශිල්පි[නා.ප්‍ර.] ගෙවල් සහ වෙනත් ගොඩනැගිලි ආදිය තැනීම පිළිබඳ සැලසුම් ආකෘති පිළියෙල කරන්නා; ගෘහ නිර්මාණ ශිල්පියා.
නිර්මාණාත්මක[වි.] (අලුත් දේ) නිපදවීම සම්බන්ධ; නව නිපැයුම පිළිබඳ.
නිර්මාණෝපාය[නා.ප්‍ර.] තැනීම්, ඉදිකිරීම් පිළිබඳ උපාය.
නිර්මාත්‍ර[නා.ප්‍ර.] මාත්‍රයකුදු ඉතිරි නොකිරීම; මුළුමනින් නැති කිරීම.
නිර්මාතෘ1. [නා.ප්‍ර.] (යම්කිසිවක්) නිපදවන්නා; මවන්නා; නිර්මාණය කරන්නා; (යම්කිසිවක) ආරම්භය. 2. [නා.ප්‍ර.] (විශ්වය හෝ ලෝකය) මැවූ තැනැත්තා; මැවුම්කරුවා; නිර්මාපකයා.
නිර්මානය[නා.] නිරහංකාරය; උඩඟු බැවින් තොරවීම.
නිර්මාපිත[වි.] නිපදවන ලද; නිමවනු ලැබූ.
නිර්මාල්‍ය1. [වි.] මල රහිත; පවිත්‍ර. 2. [වි.] පූජාවෙන් පසු ඉවත ලූ මල්.
නිර්මිත[වි.] මවන ලද; නිෂ්පාදිත; නිමවන ලද.
නිර්මිතිය[නා.] නිර්මාණය කළ දෙය; නිමවුම.
නිර්මුක්ත[වි.] නිදහස් වුණු; මිදුණු.
නිර්මූල[වි.] මූලයක් නැති; හේතුවක් නැති; නිදානයක් නැති.
නිර්මූලනය[නා.] සහමුලින් විනාශ කිරීම; සමූල ඝාතනය, සම්පූර්ණයෙන් ම නැසීම.
නිර්මේද[වි.] මේද තෙල් රහිත; මේද නොමැති; වුරුණු තෙල් නැති.
නිර්මෝචනය[නා.] පක්ෂීන්ගේ පිහාටු හැලීම හෝ සර්පාදින්ගේ හැව ඇරීම.
නිර්යන්ත්‍රණ[වි.] බාධා නැති; අවහිරයක් නොමැති.
නිර්ය්‍යාණය, නිර්ය්‍යානය[නා.] නිවනට පමුණුවන ධර්මය; සසර දුකින් නිදහස් කරන දහම.
නිර්යාණ, නිර්යාන, නිර්ය්‍යාණ[වි.] සසරින් බැහැර කරවන; සසර දුකින් නිදහස් කරවන.
නිර්යාණාවරණ[වි.] නිවන්මඟ අවුරන; නිවනට බාධා කරන.
නිර්යාත[වි.] වෙළඳ භාණ්ඩ වශයෙන් විදේශයකට යවන ලද; අපනයනය කළ. [නා.ප්‍ර.] අපනයනය කරන ලද භාණ්ඩ සමූහය.
නිර්යාත ආර්ථික ක්‍රමය[නා.] වෙළඳ භාණ්ඩ වශයෙන් විදේශවලට යැවීමෙන් ආර්ථික සම්පත් ලබාගැනීමේ ක්‍රමය; අපනයන ආර්ථික සැලැස්ම.
නිර්යාත වෙළඳපොළ[නා.] පිටරට යවන ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානය; අපනයන ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානය.
නිර්යාත ස්ථානය[නා.] බැහැරවන තැන; පිටවන ස්ථානය.
නිර්යාතනය[නා.] පිටුදැකීම; බැහැර කිරීම; පාවාදීම.
නිර්යාසය[නා.] ගස්වැල් ආදියෙහි මැලියම් හා ලාටු; වෘක්ෂලතාදියෙහි කිරි.
නිර්යූහය[නා.] කසාය; ඍතය.
නිර්රෝගපාත්‍රි[වි.] රෝගයනට ඔරොත්තු දෙන.
නිර්ලජ්ජ, නිර්ලජ්ජා, නිර්ලැජ්ජා[වි.] ලැජ්ජා නැති; හිරියෙන් තොර.
නිර්ලම්බ[වි.] නොඑල්ලෙන; එල්බීමක් නැති.
නිර්ලිංගික[නා.] ලිංග ලක්ෂණ පැහැදිලි ව නැති ජීවියා; නපුංසකයා.
නිර්ලෝභ, නිර්ලෝභී[වි.] ලෝභ නැති; මසුරු නොවන; ආශා නොකරන; තණ්හාව නැති.
නිර්ලෝහිත(පාරිභා.) [වි.] ලේ සම්බන්ධ නැති; රුධිරය හා නොබැඳි (=blood less).
නිර්වචන[වි.] වචනයක හෝ පදයක හෝ අර්ථ විග්‍රහය පිළිබඳ.
නිර්වචනය[නා.] යම් වචනයක් හෝ වචන ව්‍යවහාරයක් පිළිබඳ ව සියුම් පැහැදිලි පරිපූර්ණ අර්ථ ප්‍රකාශනය; වචන ආදියෙහි නිෂ්පත්තිය අනු ව අරුත් කීම; පදයක හෝ වාක්‍යඛණ්ඩයක අර්ථය සූක්ෂ්ම ව දක්වන ප්‍රකාශනය; නිශ්චිත අර්ථ ප්‍රකාශනය.
නිර්වරණ(පාරිභා.) [වි.] තේරීමක් නැති; තෝරා නොගත්; විමසා බලා වෙන් කර ගැන්මක් නොකළ හැකි (=non-selective).
නිර්වර්ණක(පාරිභා.) [වි.] පැහැයෙන් තොර වූ; පාටක් නැති (=unpigmented).
නිර්වර්තක[වි.] හටගන්වන; නිපදවන්නා වූ; උපදවන. [නා.ප්‍ර.] ඉපිදවීම.
නිර්වර්තනය[නා.] හටගැන්වීම; ඉපැද්දීම; නිපැදවීම.
නිර්වර්ත්‍ය[වි.] නිපදවිය යුතු; හටගැන්වීමට සුදුසු.
නිර්වස්ත්‍ර[වි.] ඇඳුම් නො-ඇඳි; නග්න; නිරුවත්.
නිර්ව්‍යාකූල[වි.] වියවුල් නැති.
නිර්ව්‍යාජ[වි.] බොරු නැති; රැවටීමක් නැති; සත්‍ය වූ.
නිර්ව්‍යාධිගමය1. [නා.] නීරෝගීබවට පත් වීම. 2. [නා.] නිවන් සුවය ලැබීම; නිවන් දැකීම.
නිර්ව්‍රත[වි.] ධර්මයෙන් ලද; අනුන්ට පීඩාවක් නො කොට ලැබූ.
නිර්වාණ1. [වි.] නිවීයන; නිවෙන. 2. [වි.] නිවන පිළිබඳ; මෝක්ෂයට අයත්.
නිර්වාණය[නා.] ජාති, ජරා, ව්‍යාධි, මරණාදියෙන් තොර විශිෂ්ට ස්වභාවය; බුදු දහමෙන් ඉගැන්වෙන පරම විමුක්තිය.
නිර්වාණාධිගමය[නිර්වාණ+අධිගමය] [නා.] නිර්වාණය සාක්ෂාත් කිරීම; නිවන් අවබෝධය.
නිර්වාන්ත[වි.] ගලා හැලුණු; ඇද හැලුණු; වහනය වුණු; වැගුරුණු.
නිර්වාපණය[නා.] නිවීම; සංහිඳීම; නිවී සැනහීම.
නිර්වාපණීය[වි.] නිවිය හැකි.
නිර්වාපිත[වි.] නිවුණු; සැනහුණු; නිවී සැනහීම කළ.
නිර්වායු[වි.] වායුව නැති; වාතය නැති.
නිර්වාර[වි.] වළක්වනු ලැබූ; නවත්වන ලද.
නිර්වාහක1. [වි.] හටගන්නා; උපදනා; නිෂ්පාදනය වන. 2. [වි.] උෂ්ණය පිට කරන; (උණුසුම) උපද්දන; (රස්නය) ගලා යන්නට සලස්වන.
නිර්වාහකය(පාරිභා.) [නා.] උෂ්ණය පිට කරන ද්‍රවයය (=conductor).
නිර්වාහණය1. [නා.] ඉසිලීම; දැරීම. 2. [නා.] ඇදී යෑම; පැමිණවීම.
නිර්වාහය[නා.] මුළුමනින් නිමාවට පත්කිරීම; පරිසමාපත්තිය; නිෂ්පත්තිය.
නිර්වාහී(පාරිභා.) [වි.] කිසියම් ද්‍රව්‍යයක් හෝ ද්‍රවයක් හෝ එය තිබෙන තැනින් බැහැරට ගෙන යන; බැහැර කරන (=exportative).
නිර්විකරණය[නා.] සැක දුරු කිරීම; ගැටලු විසඳීම.
නිර්විකල්ප[වි.] නොවෙනස් ; නියත ලෙස සිදු වන.
නිර්විකාර[වි.] වෙනසක් නැති; එක සේ පවත්නා.
නිර්විඛාදක(පාරිභා.) [වි.] දිරාපත් නොවන; ජීර්ණ නොවන (=non-corrosive).
නිර්විඝ්න[වි.] අන්තරායක් නැති; උවදුරක් නොමැති; නිරුපද්‍රැත.
නිර්විඥාන[වි.] නොදැනුවත් ව සිතෙහි පවතින; (යටි සිතෙහි) සැඟවුණු; උපවිඥානයෙහි රැඳී පවත්නා.
නිර්විටමිනෝසියාව(පාරිභා.) [නා.] ආහාරවල විටමින් වර්ගයක් හෝ කීප වර්ගයක් අඩුවීම නිසා ඇති වන ආබාධය (=avitaminosis).
නිර්විදා[නා.ප්‍ර.] සංස්කාර පිළිබඳ උකටලී බව හෙවත් කලකිරීම; සියලු සංස්කාර ධර්ම පිළිබඳ ව උකටලී වීම.
නිර්වින්දකය(පාරිභා.) [නා.]නිර්වින්දන ලක්ෂණ ඇති කරන ඖෂධය; අසංවේදකය. (=anesthetic).
නිර්වින්දනය1. (පාරිභා.) [නා.] ස්පර්ශ සංවේදයත්, වේදනාව හා උෂ්ණත්වය දැනීමත් නැති වීම. 2. (පාරිභා.) [නා.] නිර්වින්දනයක් දීමේ ශාස්ත්‍රය (=anaesthesia).
නිර්විරෝධය[නා.] නොවෙනස්කම; විරුද්ධත්වයක් නොවීම; අවිරුද්ධතාව.
නිර්විශේෂ[වි.] විශේෂයක් නැති; සමාන වූ; සාමාන්‍ය.
නිර්විසාද[වි.] කලකිරීම් රහිත; බලවත් සිත් තැවුල් නැති.
නිර්වූඪ[වි.] අතිශයින් බලවත් වූ; තදින් නැගුණු.
නිර්වෘත, නිර්වෘන්ත[වි.] නිවුණු; නිවන් පත්.
නිර්වෘත්ත, නිර්වෘත්ක[වි.] නිපදවා දෙන; නිෂ්පත්තියට කාරණ වූ; උපදවන ලද.
නිර්වෘතිය, නිර්වෘත්තිය[නා.] නිවීම; සැනසීම; නිර්වාණය.
නිර්වෘන්ත පුෂ්පය(පාරිභා.) [නා.] නටුවක් නැති මල; වෘන්තයක් නැති පුෂ්පය (=sessile flower).
නිර්වෙෂ්ටනය[නා.] අවුල් හැරීම; ලිහීම.
නිර්වේඨනය[නා.] ලිහීම; අවුල් හැරීම; නිරවුල් කිරීම.
නිර්වේදය, නිර්වේධය[නා.] කලකිරීම; සංවේගය.
නිර්වේමතික[වි.] විමතියක් නැති; සැක නැති.
නිර්හරණය[නා.] බැහැර කිරීම; නොගැනීම; ඉවත් කිරීම.
නිර්හාරි[වි.] ඈතට ගමන් කරන; දූරගාමි ගන්ධය.
නිරා[නා.ප්‍ර.] නිරය; නරකාදිය.
නිරාකරණය1. [නා.] විසඳීම; බේරීම; අවුල් හැරීම; සමථය. 2. [නා.] දුරු කිරීම; වැළැක්වීම; තෙරපීම; නිවාරණය.
නිරාකර්ෂිත[නිර්+ආකර්ෂිත] [වි.] ඇදී ගොස් නැති; ආකර්ෂණය වී නැති.
නිරාකාර[වි.] ආකාරයක් නැති; රූපයක් නැති; ශරීරයක් නොමැති; හැඩයක් නොමැති.
නිරාකීර්ණ[නිර්+ආකීර්ණ] [වි.] ගහන වී නොමැති; ගැවැසී නොසිටින.
නිරාකූල1. [වි.] අවුල් නොවූ; වියවුල් නොමැති; සෙමෙහි පිහිටි. 2. [වි.] කලබල නැති; කරදර නැති. අසම්බාධිත. 3. [වි.] පැහැදිලි; සරල; ගැට මුසු නොවූ.
නිරාකෘත[වි.] නිරාකරණය කළ; නිරවුල් කරන ලද; විසර්ජිත.
නිරාගැබ[නා.] නිරයෙහි අභ්‍යන්තරය; නිරය; නරකය.
නිරාගින්න[නා.] නරකයෙහි ඇති වහ්නිය හෙවත් ගින්න; නරකාග්නිය.
නිරාචාරවත්(පාරිභා.) [වි.]ආචාරධර්ම සීමාවලින් බැහැර වූ; ආචාරධර්ම පක්ෂයෙන් උපේක්ෂාශීලී (=amoral).
නිරාඩම්බර[වි.] උඩඟුකමින් තොර; නිහතමානී. [නා.] නිහතමානී බව; නිරහංකාරකම.
නිරාතඞ්ක[නා.ප්‍ර.] භයින් හා රෝගයෙන් තොර බව; භය වේදනා නොඉපදවීම.
නිරාතපා[නා.ප්‍ර.] රාත්‍රිය; නිශාකාලය.
නිරාදර[නා.ප්‍ර.] ඇල්ම නොමැතිකම; සෙනෙහසින් තොරවීම; අනාදරය.
නිරාදීනව[නා.ප්‍ර.] ආදීනවයෙන් තොරබව; දෝෂ විරහිතබව; විපත් නැතිකම.
නිරාදුක[නා.] නිරයෙහි දී විඳීමට සිදුවන වධ වේදනාව; නිරය; දුඃඛය.
නිරාදූතයා[නා.] (ක්‍රිස්ති.) යමදූතයා; යක්ෂයා.
නිරාධාර1. [වි.] ආධාරයක් නැති; පිහිටක් නැති; කිසිවක එල්බී හෝ රැඳී නොපවන්නා. 2. [වි.] සාක්ෂ්‍ය විරහිත; ඔප්පු කළ නොහැකි. 3. [වි.] ස්වාධීන; අනුන්ගේ උපකාර අනවශ්‍ය.
නිරානන්ද[වි.] ප්‍රීතියෙන් තොර; සතුටක් නැති; දුක්මුසු.
නිරාපත්තිය[නිර්+ආපත්තිය] [නා.] ආපත්ති ඇති නොවීම; ඇවැත් සිදු නොවීම.
නිරාපද[වි.] අනතුරු රහිත; ආපදාවකට තුඩු නොදෙන; විපතකට හේතු නොවන.
නිරාපල්ලා[නා.] නිරය පාලකයා; යමපල්ලා.
නිරාබාධ[වි.] ආබාධ රහිත; ලෙඩ නැති; නිරෝගී.
නිරාමය[නා.] නිරෝගිබව; ලෙඩින් මිදීම; සුවපහසුව. [වි.] කෙලෙස්වලින් වෙන් වූ; පස්කම් සැපතට යොමු නොවන.
නිරාමිෂ1. [වි.] ආමිෂයෙන් තොර; කාම නිශ්‍රිත නොවූ; උතුම්; කෙලෙසුන්ගෙන් වෙන් වූ. 2. [වි.] මස් මාළු කෑමෙන් තොර; මාංසාහාරයෙන් වැළකුණු. 3. [වි.] ආහාර ගැනීමෙන් තොර.
නිරාමිෂ ප්‍රීතිය[නා.] පඤ්චකාමවලින් වෙන්වීමෙන් ලබන සතුට; ත්‍රිවිධ ආමිෂ හා නොබැඳුණු ප්‍රීතිය.
නිරාමිෂ පූජාව, නිරාමිස පූජාව[නා.] ප්‍රතිපත්ති පූජාව; උතුම් හැසිරීමෙන් කරන පූජාව; උසස් ගෞරවය.
නිරායාස[වි.] ආයාස රහිතබව; නිරුත්සාහය; වෑයමක් නොකිරීම.
නිරායුධ[වි.] ආයුධ රහිත; යුද අවි නැති; සටනට නොසැරසුණු.
නිරායුධකරණය[නා.] යුධ අවි තැනීම නවතා සටන් වැදීමේ ශක්තිය නැතිකර දැමීම; යුද්ධ සේනා සංවිධානය නතර කිරීම.
නිරායෝජනය(පාරිභා.) [නා.] ආයෝජනයෙන් ඉවත්වීම හෝ බැහැරවීම (=disinvestment).
නිරාරක්ෂිත[වි.] රැකවල් කරනු නොලැබූ; රැකවලක් නැති; අනාරක්ෂිත.
නිරාරෝපිත[වි.] ආරෝපණය නොකළ; නොනැංවූ; නොතබන ලද.
නිරාලම්බ1. [වි.] නොඑල්බෙන; තම බලයෙහි පිහිටි; නිදහස්. 2. [වි.] හිස්; එල්බීමට කිසිවක් නැති; ප්‍රතිෂ්ඨා විරහිත; පිහිටක් නැති. 3. [වි.] අරමුණක් නැති.
නිරාලය1. [නා.ප්‍ර.] නොඇලීම; අසතුට; පඤ්චකාමයෙහි නොඇලෙන බව. 2. [නා.ප්‍ර.] මඳ වෑයම; උදාසීනබව.
නිරාලස්‍ය[වි.] අලසබව නැති; කඩිසර.
නිරාලෝක[වි.] ආලෝකයෙන් තොර; එළියක් නැති; අඳුරු; නොපැහැදිලි.
නිරාවරණ[වි.] ඇවිරීමක් නැති; නොවැසුණු; විවෘත.
නිරාවරණය1. (පාරිභා.) [නා.] අනාවරණය; එළිදරව් කිරීම; ප්‍රකාශයට පත්වීම; හෙළිවීම. 2. [නා.] ආලෝකය වැටෙන්නට සැලැස්වීම; අවධානයට යොමු කිරීම (=exposure).
නිරාවර්ජන[වි.] ආවර්ජනය නොවන; මෙනෙහි නොකරන.
නිරාවර්ත(පාරිභා.) [වි.] ආවර්තනය නොවන; නොකරකැවෙන; යළි යළිත් නොලැබෙන (=non-recurring); කැරකී ඒමෙන් තවත් ළඟා නොවන.
නිරාවළ[නිරා+වළ] [නා.ප්‍ර.] නිරය; නරකාවාටය.
නිරාවේණික(පාරිභා.) [වි.] පාරම්පරික නොවන; පරම්පරාවෙන් උරුම නොවන; පරවේණියක් ලෙස නොලැබෙන (=non-inheritable).
නිරාවේණිය[නා.] පරම්පරාවෙන් පරම්පරාවට උරුම නොකිරීම; ප්‍රවේණියට අයත් නොකිරීම.
නිරාශ[වි.] ආශා රහිත; ඇලීම නැති; තෘෂ්ණා විරහිත.
නිරාශක[වි.] බලාපොරොත්තු කඩවුණු; අපේක්ෂා රහිත; උදාසීන.
නිරාශඞ්ක1. [වි.] නිසැක; අවිශ්වාසයට නොපැමිණි. 2. [වි.] බිය නැති; නිර්භය; පරසතුරු උවදුරු නැති. 3. [වි.] පිරිසිදු; නිවැරදි.
නිරාශද්‍ය[වි.] සිටගත නොහැකි; ගමන් කළ නොහැකි.
නිරාශ්වාසක[වි.] ආශ්වාස කිරීමෙන් තොර; හුස්ම ගැනීම නැවැත්වූ.
නිරාශ්‍රය[වි.] පිහිටක් නැති; ආශ්‍රයක් නැති; අසරණ; හුදෙකලා.
නිරාශා[නා.ප්‍ර.] ආශාවන්ගෙන් තොරවීම; තෘෂ්ණාව නැති කිරීම. [වි.] ආශාවලින් තොර; තෘෂ්ණාව නැති.
නිරාස[වි.] ආශා නැති; පිහිට නැති; අනාථ; බලාපොරොත්තු රහිත.
නිරාසය[නා.] බැහැර කිරීම; ඉවත් කිරීම; නැවැත්වීම; වැළැක්වීම.
නිරාසව[වි.] කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන චතුරාශ්‍රවයන් කෙරෙන් දුරු වූ; ආශාව රහිත; නිකෙලෙස්.
නිරාස්වාද[වි.] ආස්වාද රහිත; රස විඳීමක් නැති.
නිරාහාර[වි.] ආහාරයෙන් තොර; කෑම නැති ව සිටින; කෑමෙන් වැළකුණු.
නිරීක්ෂ්‍ය(පාරිභා.) [වි.] නිරීක්ෂණය කළ හැකි; නිරීක්ෂණය කළ යුතු; නිරීක්ෂණ ගෝචර (=observable).
නිරීක්ෂ්‍යය[නා.] නිරීක්ෂණයට ගෝචර වන වස්තුව.
නිරීශ්වර[වි.] සර්ව බලධාරී මැවුම්කරුවකු නැතැයි සලකන; නිර්මාතෘ දෙවියකු ගැන විශ්වාස නොකරන.
නිරීහ, නිරීහක[වි.] උත්සාහයක් නැති; අනුත්සාහික; නිෂ්ක්‍රීය.
නිරීහකත්වය[නා.] උත්සාහයක් නැති බව; ක්‍රියාකාරිත්වයෙන් තොරබව; අක්‍රියත්වය.
නිරු[නා.ප්‍ර.] නිරය; අපාය; නරකය.
නිරුක්ති1. [නා.ප්‍ර.] ශබ්දයක ප්‍රකෘති ප්‍රත්‍යයාදි ලක්ෂණ විභාග කොට අර්ථ දැක්වීම. 2. [නා.ප්‍ර.] නිරුක්ති ශාස්ත්‍රය. 3. [නා.ප්‍ර.] විභාග කොට අර්ථ දැක්වීම. 4. [නා.ප්‍ර.] චතුපටිසම්භිදා ඤාණ අතර එකක්.
නිරුක්ති ශාස්ත්‍රය[නා.] ශබ්දයක ප්‍රකෘතිය ප්‍රත්‍යය ආදින්හි ප්‍රභවය, වර්ධනය හා අර්ථය හැදෑරීමේ ක්‍රමවේදය.
නිරුච්ජ්වාස[නා.ප්‍ර.] ආශ්වාස ප්‍රශ්වාස රහිතබව.
නිරුජ්ඣයනය[නා.] නිරුද්ධ කිරීම; නැති කිරීම; වැනසීම.
නිරුත්1. [වි.] බස්නාහිරටත් දකුණටත් අතර ඇති අනුදිශාවෙහි වූ; නිරිත දිග වූ, 2. [වි.] නැතිවුණ; අභාවයට ගිය. [නා.ප්‍ර.] නිරුක්ති ශාස්ත්‍රය.
නිරුත්තර1. [වි.] උත්තර දිය නොහැකි; පිළිතුරු නැති. 2. [වි.] වඩා ශ්‍රේෂ්ඨයකු නැති; උත්තරීතර; අනුත්තර.
නිරුත්මරු[නා.ප්‍ර.] නිරිතදිගින් හමන සුළඟ.
නිරුත්සාහක[වි.] උත්සාහයක් නැති; පරිශ්‍රමයක් නැති.
නිරුත්සාහය[නා.] උත්සාහ නැතිබව; ධෛර්ය හීනතාව; උද්යෝගයක් නොමැතිබව.
නිරුත්සුක[වි.] උනන්දුවක් නැති; උත්සාහයෙන් තොර.
නිරුදක[වි.] දිය නැති; උදක රහිත; ජල ශූන්‍ය.
නිරුද්ධ[වි.] විනාශයට පත්; අභාවයට ගිය; වළක්වන ලද.
නිරුපක්ලේශ[වි.] කිලුටු නැති; කෙලෙස් රහිත; සිත කිලුටු කරන ධර්ම රහිත.
නිරුපකාර[වි.] උපකාර රහිත.
නිරුපඨිශේෂ[නා.ප්‍ර.] (අභි.) ශරීරය ශේෂ ව තිබියදී කෙලෙසුන් නැසීම.
නිරුපද[වි.] උවදුරු නැති; උපද්‍රව නැති.
නිරුපද්‍රතාව[නා.] උවදුරු නැතිබව; උපද්‍රව රහිතබව.
නිරුපද්‍රව1. [වි.] උවදුරු නැති; හානි නැති; උපද්‍රව රහිත; ක්ෂේම. 2. [වි.] අසාධ්‍ය නොවන; මාත්සරික නොවූ (=benign).
නිරුපදිසේස, නිරුපධිසේස[වි.] (අභි.) ශරීරය ශේෂ ව තිබියදී කෙලෙසුන් නැසූ.
නිරුපදෘත, නිරුපද්‍රැත, නිරුපද්දුත[වි.] උවදුරු රහිත.
නිරුපධි[වි.] උපධි සංඛ්‍යාත කෙලෙස් නැති කළ; උපධි රහිත.
නිරුපම[වි.] උපමා රහිත; උපමා කළ නොහැකි.
නිරුපහත[වි.] නොනැසූ; විනාශ නොකළ; නොමඬනා ලද.
නිරුපාදාන[වි.] (අභි.) තෘෂ්ණා, දෘෂ්ටි ආදි උපාදාන නැති; භව පැවැත්මට හේතු වන කරුණු විරහිත.
නිරුපාධික(පාරිභා.) [වි.] (දර්ශන.) නිශ්චිත; ඒකාන්ත; අවධාරාණාත්මක (=categorical, unconditional).
නිරුවත[නා.] වස්ත්‍ර නැතිව සිටීම; නග්නතාව; සෙළුව.
නිරුවත්[වි.] වස්ත්‍ර රහිත; නග්න; නිර්වස්ත්‍ර.
නිරුවත් ආක්‍රමණය[නා.] (රූඪි.) නිර්ලජ්ජි අයුරින් රටක් යටත් කර ගැනීමේ අදහසින් රටකට කඩා වැදීම.
නිරුවළ[නා.] කුණු කසළ එකතුවන වළ.
නිරූඪ[වි.] යෙදුණ; ව්‍යවහෘත; භාවිත.
නිරූඪි[නා.ප්‍ර.] ව්‍යවහාරය; ආරෝපණය; ප්‍රකටතාව.
නිරූපකයා[නා.] දක්වන්නා; විස්තර කර දෙන්නා; නිරූපණය කරන්නා; පැහැදිලි කරන්නා.
නිරූපණය1. [නා.] පැහැදිලි කිරීම; විස්තර කිරීම; දැක්වීම. 2. [නා.] ක්‍රියාත්මක කර පෙන්වීම; ප්‍රදර්ශනය. 3. [නා.] මානසික චිත්‍ර තනා ගැනීම; චෛතසික කාර්යය.
නිරූපිත[වි.] දක්වන ලද; නිරූපණය කරන ලද.
නිරූහණය1. (වෛද්‍ය.) [නා.] බඩට කසාය විදීම; උදරයට කසාය වස්ති කිරීම. 2. [නා.] පංචකර්ම විධියෙන් එකක්.
නිරේඛනය(පාරිභා.) [නා.] (කපන කටු ආදි ආයුධ භාවිතයෙන් තොර ව ක්ෂාර අම්ල භාවිතයෙන්) ලෝහ, වීදුරු ආදියෙහි විවිධ රූප කැපීම (=etching).
නිරොක්සිජනීකෘත(පාරිභා.) [වි.] ඔක්සිජනීකරණය නොකරන ලද; ඔක්සිජන් නොකැවුණු (=non-oxygenated).
නිරොද, නිරොදු[නා.ප්‍ර.] නිරෝධය; දුක නැති කිරීම.
නිරොස[වි.] රෝෂය නැති; කෝපය නොමැති.
නිරෝධ චිත්තය[නා.] නිවන පිළිබඳ වූ සිත; නිවන් අවබෝධ කිරීමේ දී නිවන ප්‍රත්‍යක්ෂ කරමින් පහළ වන සිත.
නිරෝධ ඤාණය[නා.] (අභි.) දුඃඛ නිරෝධය අවබෝධ කරවන නුවණ; නිරෝධ සත්‍යාවබෝධය සමඟ ඇති වන නුවණ.
නිරෝධ ධර්මය[නා.] (අභි.) නිරුද්ධ වන ස්වභාවය; නැති වීම ස්වභාව කොට ඇතිබව.
නිරෝධ සත්‍යය[නා.] (අභි.) තෘෂ්ණාව මඳකුත් ඉතිරි නොකොට නැති කිරීම; දුරලීම; තෘෂ්ණාවෙන් මිදීම පිළිබඳ සත්‍යය.
නිරෝධනය(පාරිභා.) [නා.] බාධා පැමිණවීම; එක වස්තුවක චලනයට තවත් වස්තුවකින් ඇති වන බාධාව (=interfere).
නිරෝධය1. [නා.] අභාවය; විනාශය; විධ්වංශනය. 2. [නා.] වැළැක්වීම; යටපත් කිරීම. 3. (අභි.) [නා.] දුක නැති කොට නිවන අවබෝධ කිරීම; නිවන; නිර්වාණය. 4. [නා.] චතුරාර්ය සත්‍ය අතුරින් තුන්වැන්න.
නිරෝධාඥා(පාරිභා.) [නා.ප්‍ර.] යමක් කිරීම වළක්වාලීමට උසාවියකින් කරන තහනම් නියෝගය; වළක්වාලීමේ විධානය.
නිරෝධාධිගමය[නා.] (අභි.) නිවන අවබෝධ කිරීම; නිර්වාණය සාක්ෂාත් කිරීම.
නිරෝධානුපස්සනාව[නා.] (අභි.) නිරෝධය අනු ව බැලීම; සියලු සංස්කාර නිරෝධයට පැමිණෙන සේ දැකීම.
නිරෝධිත[වි.] නිරුද්ධ වූ හෝ නිරෝධයට පැමිණි; විනාශයට හෙවත් අභාවයට පත් කළ.
නිරෝහි, නීරෝහී[නා.ප්‍ර.] සතුටෙන් ජයෙන් උදම් වී කරන ක්‍රීඩාව හෝ නර්තනය; ප්‍රීතිඝෝෂා කරමින් කරන උත්සවය.
නිල1. [වි.] නියම; උරුම; නිශ්චිත. 2. [වි.] රාජකාරිය පිළිබඳ; තනතුරට අයත්; සේවයට හිමි. 1. [නා.ප්‍ර.] තනතුර; පදවිය; ධුරය. 2. [නා.ප්‍ර.] රාජකාර්යය භාර වූ මණ්ඩලය; රාජකාරි අංශය. 3. [නා.ප්‍ර.] නියමය; අණ; නියෝගය. 4. [නා.ප්‍ර.] ආකාරය; ස්වභාවය; අලංකාරය. 5. [නා.ප්‍ර.] නීල වර්ණය. 6. [නා.ප්‍ර.] මිනිසුන් අලි ඇතුන් සතුන්ගේ ශරීරයේ පවතින අධිසංවේදන ස්ථාන. 7. [නා.ප්‍ර.] මැණික් වර්ගය.
නිල අල්ලනවා[ක්‍රි.] වෛද්‍ය චිකිත්සාවේදී රෝග නිවාරණයට අදාළ පරිද්දෙන් රෝගියාගේ මර්මස්ථාන අල්ලනවා.
නිල ආයිත්තම[නා.] නිලය අඟවන පලඳනාව.
නිල ඇඳුම[නා.] නිලයට නොහොත් පදවියට නියමිත ඇඳුම.
නිල ගමන[නා.] තනතුරට හෝ පදවියට හෝ අදාළ මෙහෙයක් සම්බන්ධයෙන් යන ගමන; රාජකාරියක් සඳහා යෑම.
නිල නිවාසය[නා.] නිලධරයකුට පැවරෙන නිවෙස; තනතුරක් දරන්නාගේ වාසයට වෙන් වූ නිවෙස.
නිල මැස්සා[නා.] ඩිප්ටෙරා ගෝත්‍රයට අයත් අපිරිසිදු දැයෙහි වහන, නිල්පැහැති මැසි වර්ගයක්.
නිල මුද්‍රාව[නා.] පදවිය පිළිබඳ සලකුණ; ලාංඡනය; පදවිය, නිලය දරන සහතික ලකුණ.
නිලංකාර වෙනවා[ක්‍රි.] තද ආලෝකය හමුවේ පෙනීම නොපැහැදිලි වෙනවා.
නිලංකාරය, නිලඞ්කාරය[නා.] ශාරීරික ක්ලාන්ත භාවයට පෙර මොහොතකට පමණ ඇති වන ඇස් අඳුරු වීම; විභ්‍රමය.
නිලංග[නා.ප්‍ර.] නිල්පැහැති සිරුරක් ඇත්තා; විෂ්ණු දෙවි.
නිලකට[නා.] නිල්පැහැති ගෙලක් ඇත්තා; ඊශ්වර දෙවි.
නිලකර[නා.ප්‍ර.] නිල් වූ ග්‍රීවයක් ඇත්තා; මොනරා.
නිලකාර මුළුව(පාරිභා.) [නා.] නියමිත නිලධාරි පිරිස (=cader).
නිලකාරයා1. [නා.] රාජකාරියෙහි නියුක්ත වූ තැනැත්තා; රාජසේවකයා. 2. [නා.] නිලපංකුව බුක්ති විඳිමින් සේවය කරන්නා; බදුකාරයා; (ඉඩම්හිමි) ගම්කාරයා.
නිලඟ[නිල්+අඟ] [වි.] නීලවර්ණ වූ; නිල්පාටින් යුතු; සැඟවුණු අංග ඇති; මුවා වූ. 1. [නා.ප්‍ර.] නිල්පැහැති ශරීරයක් ඇත්තා; විෂ්ණු දෙවි. 2. [නා.ප්‍ර.] සෙනසුරු ග්‍රහයා; ශනි ග්‍රහයා. 3. [නා.ප්‍ර.] නීල කොබෙයියා.
නිලතලය[නා.] නිලය හා ඊට අදාළ බලතල තනතුර; පදවිය.
නිලධරයා, නිලධාරියා[නා.] තනතුරක් දරන්නා; මුලාදෑනියා.
නිලන[නා.ප්‍ර.] ලැගීම; රැඳීම; විසීම.
නිලනවා1. [ක්‍රි.] නිල්පාට වෙනවා; නිල්වන් වෙනවා. 2. [ක්‍රි.] නවාතැන් ගන්නවා; ලගිනවා.
නිලනාමය[නා.] රාජකාරිය හැඳින්වෙන නාමය; උසුලන තනතුරු නාමය.
නිලනොලත්[වි.] තනතුරු හා සම්බන්ධ කාර්යභාරයට අයත් නොවූ.
නිලනොලත් මන්ත්‍රී[නා.ප්‍ර.] ශ්‍රී ලංකාවේ පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට නිලබලයක් නැති ව පත් කරනු ලැබූ මන්ත්‍රීවරයා.
නිලඳුන්[නිල්+අඳුන්] [නා.ප්‍ර.] (ඇසෙහි ගල්වන) නිල්වන් අඳුන; නීලාඤ්ජනය.
නිලපට, නීලපට[නා.ප්‍ර.] නිල්පාට රෙද්ද; නිල්වන් වස්ත්‍රය.
නිලබ, නිලඹ[නිල්+අබ] [නා.] නිල්පාට වලාකුළ; අඳුරු පැහැති වලාව; මේඝකූටය.
නිලබලය[නා.] තනතුර නිසා හිමි වන අධිකාරය; නිලය නිසා පැවරෙන හිමිකම.
නිලමක්කාරයා[නා.] නිලයක් ලද තැනැත්තා; තනතුරක් දරන්නා; නිලධරයා.
නිලමණ්ඩලය[නා.] රාජකාරි සඳහා වූ කාර්ය මණ්ඩලය; නිලමඬුල්ල.
නිලමය[නා.] තනතුර නිලය.
නිලම්බය(පාරිභා.) [නා.] උදරයේ යටි කොනට සම්බන්ධ වූ ද වෘෂණ දරා සිටින්නා වූ ද, එයට ආවරණය දෙන්නා වූ ද තුනී පේශී කදම්බය (=cremaster).
නිලමෙ, නිලමේ1. [නා.] රජවරු විසින් පත් කරන ලද නිලධාරයා. 2. [නා.] උඩරට ප්‍රභූ පවුල්වලට අයත් තැනැත්තා.
නිලඹර[නිල්+අඹර] 1. [නා.] නිල්වන් අහස. 2. [නා.] නිල්පාට රෙද්ද; නීල පටලය; නිල් වස්ත්‍රය. 3. [නා.] විෂ්ණු දෙවි; බලභද්‍ර.
නිලය, නිලා1. [නා.] වාසය; වාසස්ථානය; ගෙය; ස්ථානය. 2. [නා.] නවාතැන; රැකවල් ලූ තැන; සැඟවී සිටින ස්ථානය. 3. [නා.] පොළොව; බිම.
නිලයනය1. [නා.] නවාතැන් ගැනීම; ලැගුම. 2. [නා.] සැඟවීම.
නිලයෂ්ටිය, නිලයෂ්ඨිය[නා.] තනතුර හඳුන්වන සංකේතය වශයෙන් දරන යෂ්ටිය; සෙංකෝලය.
නිලලකුණ[නා.] තමන් දරණ නිලය හැඳින්වීම සඳහා භාවිත කරන සලකුණ; නිල ලාඤ්ඡනය (=badge).
නිලලනවා[නිල+ලනවා] 1. [ක්‍රි.] අයත් කර ගන්නවා; හිමිකර ගන්නවා; තහවුරු කරගන්නවා. 2. [ක්‍රි.] රාජකාරියෙහි යොදවනවා; බලතල යොදනවා. 3. [ක්‍රි.] නොපෙනෙන්නට සලස්වනවා; සඟවනවා. 4. [ක්‍රි.] රකිනවා; වාඩිලනවා; රැකවල් දමනවා.
නිලවර[නා.ප්‍ර.] තනතුර; තානාන්තරය.
නිලස[නා.] ඉක්මන; නොපමාව.
නිල්1. [නා.ප්‍ර.] සෙවෙල; දියසෙවෙල; දිය හවරිය. 2. [නා.ප්‍ර.] ගසක නාමය; බෙලි. 3. [නා.ප්‍ර.] ළපටි ඵලය; මැලැස්ස.
නිල්කට, නිලකටා1. [නා.] ඊශ්වර; මහදෙවි. 2. [නා.] මොනරා.
නිල්කදාමිණි[නා.ප්‍ර.] නිල්පැහැති වීදුරු; විනිවිද පෙනෙන ශක්තිමත් මැටි විශේෂයක්.
නිල්ගල1. [නා.] මොනරා; නිල්ගෙල. 2. [නා.] නිල් පැහැති පාෂාණ.
නිල්ගහ[නිල්+ගහ] [නා.] නිල්පැහැති සිරුරක් ඇති ග්‍රහයා; සෙනසුරා.
නිල්දින[නා.] ශනි ග්‍රහයාගේ දිනය; සෙනසුරාදා; ශනිදින.
නිල්දෙව්[නා.ප්‍ර.] වැහිවලාකුළ; ජලධර වලාව; කළුපැහැය ගත් වලාකුළ.
නිල්නුවන්[නා.ප්‍ර.] නිල් පැහැ ඇස්; නීලනේත්‍ර.
නිල්බඳා[නා.] නිල් සිරුරක් ඇත්තා; විෂ්ණු; උවිඳු.
නිල්බැමලේ[නා.ප්‍ර.] නිල්පැහැ ඇස්බැම; නීල භ්‍රෑ රේඛාව.
නිල්ල අඹනවා(කථා.) [ක්‍රි.] ඉතා සාරවත් ව වැඩෙනවා.
නිල්වලා1. [නා.ප්‍ර.] නිල්පැහැති වලාකුළු; වැහි වලාකුළු. 2. [නා.ප්‍ර.] නීලවර්ණ ජලය.
නිල්වෛදූර්ය[නා.ප්‍ර.] මැණික් වර්ගයක්; බළල් ඇස් සේ නිලට හුරු වර්‍ණයෙන් යුත් සුදුනිල් මැණික් වර්ගය.
නිලා[නා.ප්‍ර.] දැල්වූ විට (නිල්වන්) ආලෝකයක් විහිදුවන ගිනිකෙළි විශේෂයක්.
නිලාපත[නා.ප්‍ර.] අහස් මඟ; අහස.
නිලාමිණි[නා.ප්‍ර.] ඉන්ද්‍රනීල මාණික්‍යය; නිල්වන් මැණික්; නිල්මිණි.
නිලි1. [නා.ප්‍ර.] නිල්පාට; නිල්පැහැය; නීලවර්ණය. 2. [නා.ප්‍ර.] වැසි වලාවෙන් වූ ගන අඳුර; ඝන වලාකුළු නිසා ඇති වූ තද අන්ධකාරය. 3. [නා.ප්‍ර.] නිවෙස; වාසස්ථානය; නිවාසය.
නිලිපුලැසි[වි.] නිල් මානෙල් වැනි ඇස් ඇති. 1. [නා.] මුව දෙන; මුවඟන. 2. [නා.] ගැහැනිය; ස්ත්‍රිය.
නිලිවැස්ස(කථා.) [නා.] නොකඩවා වසින සිහින් පොද සහිත වැස්ස; මඳ සුළඟ සහිත ඉතා හීන් පොද වරුසාව.
නිලීන[වි.] සැඟවුණු; නොපෙන්වන; රහස්; අප්‍රකට. [නා.ප්‍ර.] ශනි ග්‍රහයාගේ දිනය; ශනි දින; සෙනසුරාදා.
නිලීන ලක්ෂණය(පාරිභා.) [නා.] ජීවීන් හට පාරම්පරික ව උරුම වී, මුල් අවස්ථාවෙහි වැසී යට වී, පසු ව කිසියම් අවස්ථාවක මතු විය හැකි ලක්ෂණය (=recessive character).
නිලීනය[නා.] සිය පරපුරේ මූලිකයාට අයත් ව (සැඟවී) පැවති ඇතැම් ලක්ෂණ යම් තැනැත්තකු කෙරෙහි මතු වී පෙනෙන්නට වීම (=recessive).
නිලීයන[වි.] සැඟවෙන; නොපෙනී සිටින; අප්‍රකට ව සිටින.
නිවජ්[වි.] වැරදි නැති; දොස් නැති; නිරවද්‍ය.
නිවට[වි.] පහත්; දීන; බැගෑපත්; මෝඩ; අඥාන.
නිවටයා[නා.] දීනයා; මෝඩයා; අඥානයා; ළාමකයා; බියගුල්ලා.
නිවත්1. [නා.ප්‍ර.] ඉපදීම; හටගැනීම; පැවතීම. 2. [නා.ප්‍ර.] වස්ත්‍ර නොමැති. 3. [නා.ප්‍ර.] වස්ත්‍ර නොමැත්තා; නිඝණ්ඨයා. 1. [වි.] වස්තුව නැති; දිළිඳු; දුගී; නිර්ධන. 2. [වි.] නුවණැති; ප්‍රඥාසම්පන්න; බුද්ධිමත්. 3. [වි.] ගිලන්.
නිවන[නා.] රාගාදි ගිනි නිවාලීමෙන් ලබන සැනසිල්ල; තෘෂ්ණාව ක්ෂය කිරීමෙන් ලබන විමුක්තිය; නිර්වාණය.
නිවනවා1. [ක්‍රි.] ගින්න නැති කරනවා; උෂ්ණය නැති කරනවා; සිසිල් කරනවා; ඇල් කරනවා. 2. [ක්‍රි.] සන්සිඳුවනවා; වූපසමනය කරනවා; 3. [ක්‍රි.] නිර්වාණය අවබෝධ කරනවා; නිවන් දකිනවා.
නිවන් දකිනවා[ක්‍රි.] විදර්ශනා ඥානයෙන් නිර්වාණය අවබෝධ කරනවා; නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරනවා.
නිවන් මග[නා.] නිර්වාණය අවබෝධ කිරීමේ මාර්ගය; ආර්ය අෂ්ටාංගික මාර්ගය.
නිවන් සුව[නා.ප්‍ර.] රාගාදි ක්ලේශ සන්සිඳවීමෙන් ලබන ශ්‍රේෂ්ඨ සුඛය; නිර්වාණ සුඛය.
නිවරණ[නා.ප්‍ර.] ගවයන්ගේ සිරුරේ හම පුලුස්සා තබන සලකුණ; හන්වඩුව; අඩයාළම.
නිවරද, නිවරදි[වි.] දොස් නැති; වරද රහිත; නිදොස්; නිර්දෝෂී.
නිවර්තක[වි.] ආපසු හරවන; නවතන; වළක්වන.
නිවර්තක දණ්ඩනය(පාරිභා.) [නා.] නැවත අපරාධ කිරීම වළක්වන ලෙස දෙන බරපතළ දඬුවම. (=deterrent sentence).
නිවර්තන1. [වි.] නවතන; අවසන් වන; වළකන. 2. [වි.] කර්කටක නිවර්තනය සහ මකර නිවර්තනය අතර පිහිටි හෝ ඒවා හා සම්බන්ධ.
නිවර්තන කලාපය[නා.] පෘථිවියෙහි කර්කටක සහ මකර නිවර්තන අතර, සමකය දෙපස පවතින භූමි ප්‍රදේශය; උත්තරාක්ෂ 23 1/2 ත්, දක්ෂිණාක්ෂ 23 1/2 ත් අතර ප්‍රදේශය; ඝර්ම කලාපය.
නිවර්තන ජීරණය(පාරිභා.) [නා.] ඝර්ම කලාපයේ පවත්නා වායුගෝලීය බලපෑම්වලට භාජන වී පෘථිවි පාෂාණ දිරාපත් වීම (=tropical weathering).
නිවර්තන දේශගුණය[නා.] උෂ්ණ දේශගුණයක්; සමක තීරයටත් උෂ්ණ කාන්තාර තීරයටත් අතර ප්‍රදේශවල පවත්නා දේශගුණය.
නිවර්තන නිවාසය[නා.] කෙනෙකු සිර අඩස්සියේ තබා ගෙන මුදාහරින තෙක් රැක බලාගන්නා නිවෙස; රැඳවුම් නිවාසය.
නිවර්තනය1. [නා.] වැළැක්වීම; නැවැත්වීම. 2. [නා.] සූර්ය සංක්‍රමණය ආපසු හැරෙන සේ දිස්වන කර්කටක නිවර්තනය හෝ මකර නිවර්තනය.
නිවර්තිත[වි.] නැවතුණු; වැළකුණු.
නිවරැද්ද, නිවැරැද්ද[නා.] දෝෂ රහිත වූව; නිදොස්බව; නිරවද්‍යය.
නිවස[නා.] වසන තැන; නිවාසය; නිවෙස; නිවසනය.
නිවසනය[නා.] වසන තැන; නිවෙස; නිවස්න; නිවස.
නිවසනවා1. [ක්‍රි.] වසනවා; වාසය කරනවා. 2. [ක්‍රි.] හඳිනවා; ඇඳුමින් සැරසෙනවා; සිවුරු ආදිය පොරවනවා.
නිවහන[නා.ප්‍ර.] නිවාසය; නිවස; නිවස්න.
නිවහය[නා.] රාශිය; සමූහය; ගොඩ.
නිවහල්1. [වි.] අනුන්ගෙන් පිහිටක් නැති; අත් උදවුවක් නැති; අසරණ. 2. [වි.] යටත් නැති; වහල් නොවන; නිදහස්.
නිවහලුකම, නිවාලුකම, නියාලුබව(කථා.) [නා.] බියසුලු ගතිය.
නිව්ටනය(පාරිභා.) [නා.] මීටර කිලෝග්‍රෑම් තත්පර ක්‍රමය අනු ව බලය මැනීමේ ඒකකය (=newton unit).
නිව්මෝනියාව[නා.] පෙනහැල්ල ඉදිමීමෙන් හටගන්නා සන්නිපාත රෝගයක්; පෙනහැල්ලේ ප්‍රදාහය. (=pneumonia).
නිවාඩුපාඩුව[නා.] විවේකය; අවකාශය; ඉස්පාසුව.
නිවාඩුව1. [නා.] ඉඩ ඇති වේලාව; අවසරය; විවේකය. 2. [නා.] නිවාඩු කාලය; යම් වැඩක නොයෙදෙන කාලය.
නිවාත[නා.ප්‍ර.] වාතය රහිත ස්ථාන; වාතය නැති තැන. 1. [වි.] මාන විරහිත: තමා උසස් කොට නොසිතන; නිහතමාන. 2. [වි.] හමන සුළං නැති; නිසසල වාතය ඇති.
නිවාත ගුණය[නා.] යටහත් පැවැත්ම; නිහතමානී ගුණය; උඩඟු නොවන ස්වභාවය.
නිවාතතීරය[නා.] සමකය දෙපස 10° ක් පමණ උතුරටත් දකුණටත් පිහිටා ඇති අඩු වායු පීඩනයෙන් යුත් නිසල ප්‍රදේශය; ඩොල්ඩ්‍රම්ස් තීරය.
නිවාප1. [නා.ප්‍ර.] ආහාර; ගොදුර; කෑම. 2. [නා.ප්‍ර.] මළවුන් උදෙසා දෙන දානය. 3. [නා.ප්‍ර.] ධාන්‍ය.
නිවාපය(පාරිභා.) [නා.] මොළයේ යටිපැත්තේ වැඩෙන ප්‍රසරයක්; කාහලිකාව (=infundibulum).
නිවාරක ජාලය(පාරිභා.) [නා.] ගොඩනැගිලි බදාම ආදිය සකස් කර ගැනීමට වැලි, කළු ගල් ආදිය ගරා ගැනීම සඳහා පිළියෙල කර ගන්නා දැල (=gri screen).
නිවාරකය1. [නා.] නිවාරණය කරන දෙය; රෝගාදිය වැලඳීම වළක්වන දෙය. 2. [නා.] ආරක්ෂා කිරීම සඳහා ගන්නා ආවරණය; වැස්ම.
නිවාරණය1. [නා.] (රෝග භය ආදිය) දුරු කිරීම; (උපද්‍රවාදිය) සන්සිඳවීම; වැළැක්වීම. (ක්‍රිස්ති.) 2. (ක්‍රිස්ති.) [නා.] නිදහස.
නිවාරිත[වි.] වැළැක්වූ; වළක්වන ලද.
නිවාස1. [නා.ප්‍ර.] වසන තැන්; වාසස්ථාන; ගෘහ; නිවෙස්. 2. [නා.ප්‍ර.] තාවකාලික නවාතැන්; ළදරු නිවාස, වැඩිහිටි නිවාස ආදිය. 3. [නා.ප්‍ර.] පාසැල් ආදි ආයතනවල ක්‍රීඩා තරග ආදිය සඳහා සංවිධානය කරනු ලබන කණ්ඩායම්.
නිවාස අඩස්සිය[නා.] පදිංචි තැනින් පිටවීම නීතියෙන් තහනම් කිරීම; නිවාසයෙහි ම සිර කිරීම.
නිවාසන[වි.] (ඇඳුම්) අඳින.
නිවාසනය1. [නා.] (ඇඳුම්) ඇඳීම. 2. [නා.] (භික්ෂූන්ගේ තුන් සිවුරෙන් එකක් වූ) අඳනය. 3. [නා.] අඳින වස්ත්‍රය.
නිවාසාන්තර[නිවාස+අන්තර] [වි.] ‛නිවාස’ නමින් හැඳින්වෙන ශිෂ්‍ය කණ්ඩායම් අතර; නිවාස අතර.
නිවාසිත[වි.] විසූ; වාසය කළ; රැඳී හුන්; පදිංචි ව සිටි.
නිවැකුම්[නා.ප්‍ර.] ආලේප නොකිරීම; නොගෑම; අනාලේපය.
නිවැරදි අගය(පාරිභා.) [නා.] නියම අගය; නියම වටිනාකම (=accurate value).
නිවැරදි කරනවා[ක්‍රි.] වරද ඉවත් කරනවා; වැරැද්ද හරි ගස්සනවා; වැරදි අස් කර ශුද්ධ කරනවා.
නිවැරදි, නිවැරැදි[වි.] වරද නැති; නිදොස්; යහපත්.
නිවැරදිකාරයා[නා.] වරදක් නොකළ තැනැත්තා; අපරාධයක් නොකළ පුද්ගලයා; වරදින් මිදුණු තැනැත්තා.
නිවැරැද්ද[නා.] වැරදි නොවූව; නිදොස්බව; නිරවද්‍යය.
නිවැසි[වි.] වාසය කරන; ආවාසික; නේවාසික.
නිවැසිය(පාරිභා.) [නා.] කුලී ගෙවීමට පදිංචි වීම. (=tenancy).
නිවැසියා1. [නා.] වාසය කරන්නා; නේවාසිකයා; පදිංචිකරු. 2. [නා.] කුලී ගෙයක පදිංචිකාරයා; බදුකරු.
නිවි, නිවී[නා.ප්‍ර.] ගොවියා; කෘෂිකාර්මිකයා.
නිවිට්ඨ[වි.] ඇතුළු වූ; පිහිටි; නිවිෂ්ට.
නිවී1. [නා.ප්‍ර.] නෙරිය; නරුපට; රැළිපට. 2. [නා.ප්‍ර.] වෙළඳාම්; වෙළෙඳ බඩු.
නිවීග්‍රාහක[නා.ප්‍ර.] ගණන් ගැනීම හා ගණන් පිරික්සීම කරන්නා.
නිවීසැනහිල්ලේ[ක්‍රි.වි.] නිදහස්ව; විවේකීව; බාහිර කරදරයක් නැති ව.
නිවුගෙඩියා1. [නා.] විෂ වෛද්‍යවරයා; සර්ප වෙදා. 2. [නා.] නයින් අල්ලා නටවන්නා; අහිගුණ්ඨිකයා.
නිවුඩ්ඩ[නා.] සහල්, මුං ආදි ඇට වර්ගවල පිට පොත්තට යටින් බීජය වසා සිටින තුනී සිවිය; කුරුට්ට.
නිවුඩුහාල්, නිවුඩුසහල්, නිවුඩු සාල්[නා.ප්‍ර.] රතුපාට සිවිය සහිත සහල්; ශුද්ධ නොකරන ලද හාල්; නොපාහින ලද සහල්.
නිවුන[නා.] නගුල් මිට.
නිවුන්[වි.] එකවර උපන්; එකට බිහිවුණු.
නිවුන් දරුවා[නා.] තවත් බිලිඳකු හා උපන් දරුවා; නිඹුල් දරුවා.
නිවෘත1. [වි.] වැසුණු; වැළකුණු; වට වී ඇති. 2. [වි.] කිලිටු; අපිරිසිදු. [නා.] වැස්ම; තිරය; සළුව.
නිවෘත්ත[වි.] නැවතුණා වූ; වැළකුණු.
නිවෘත්තිය[නා.] නැවතීම; සන්සිඳීම; අභාවය; වැළකීම.
නිවෘන්ත[වි.] නටුව රහිත; නැටි නැති.
නිවෙනවා[ක්‍රි.] ගින්දර නිවී යනවා; සිසිල් වෙනවා; උණුසුම අඩු වෙනවා; ඇල් වෙනවා.
නිවෙස, නිවෙස්න[නා.] නිවාසය; ගෘහය, ගෙය.
නිවෙස්පති[නා.ප්‍ර.] නිවාසයෙහි හිමියා; ගෙහිමියා; ගෘහමූලිකයා.
නිවේදක(පාරිභා.) [නා.ප්‍ර.] නිවේදනය කරන්නා; දන්වන්නා (=announcer).
නිවේදනය[නා.] දැන්වීම; දැනුම්දීම; දන්වා සිටීම; රජයකින් හෝ ආයතනයකින් හෝ වගකිව යුත්තකු හෝ කරන නියමය; නීත්‍යනුකූල ප්‍රකාශනය; දැනුම් දිය යුත්ත.
නිවේද්‍ය[වි.] දැන්විය යුතු; දැනුම් දිය යුතු.
නිවේද්‍යරෝග(පාරිභා.) [නා.ප්‍ර.] යමකුට වැලඳුන හොත් ඒබව සෞඛ්‍ය හේතු සලකා රජයේ සෞඛ්‍ය බලධාරීන්ටත් මහජනතාවටත් දැන්විය යුතු රෝග (=notifiable diseases).
නිවේදිත[වි.] දන්වන ලද; නිවේදනයක් කරන ලද.
නිවේධනය(පාරිභා.) [නා.] ස්‍රාවයක් හෝ ස්‍රාවය විදින අවයවයක් හෝ ජීවියකුගේ ශරීරයට ඇතුළු වීම. (=penetration).
නිවේශනය1. [නා.] ඇතුළු කිරීම; ප්‍රවිෂ්ට කිරීම. 2. (පාරිභා.) [නා.] ජීවියකුගේ ශරීරයට හිඟ වී ඇති ලේ හෝ ලේ වලින් වෙන්කර ගත් කොටසක් හෝ ඇතුළු කිරීම (=transfusion).
නිවේශය1. [නා.] තැබීම; පිහිටුවීම; ප්‍රවේශය. 2. [නා.] යම්කිසි ස්ථානයක රැඳී සිටීම.
නිවේසනය[නා.] නිවාසය; නිවෙස; ගෘහය.
නිශරණ[වි.] අසරණ; පිහිටක් නැති; තනි.
නිශ්කේශර(පාරිභා.) [වි.] කේශර රහිත (=atrichous).
නිශ්චය[නා.ප්‍ර.] ස්ථීර ලෙස ගන්නා ලද නිගමනය; තීරණය; තීන්දුව; නිර්ණය.
නිශ්චය කරනවා[ක්‍රි.] ස්ථිර නිගමනයක් ගන්නවා; තීරණය කරනවා; නිර්ණය කරනවා.
නිශ්චල[වි.] සෙලවීමක් නැති; ස්ථාවර; කැලඹීමක් නැති; චංචල නොවන; අචල.
නිශ්චල භාවය1. [නා.] වංචල නොවන ස්වභාවය. 2. [නා.] අටලෝ දහම්හි නොසැලෙන ගුණය; අකම්ප්‍යතාව; තාදි ගුණය.
නිශ්චලදේපළ[නා.ප්‍ර.] ඉඩකඩම්, නිවාස ආදි ස්ථාවර දේපළ.
නිශ්චලනය(පාරිභා.) [නා.] ආයෝජන බාධක හේතුවෙන් නිෂ්පාදන හීන වී ආර්ථිකයේ ඉදිරි ගමන වැළැකීම. (=stagnation).
නිශ්චලීකරණය(පාරිභා.) [නා.] (සත්ව.) නිශ්චල කිරීම; අක්‍රියකරණය (=immobilization).
නිශ්චායක[වි.] නිශ්චය කරන.
නිශ්චායකය1. [නා.] යමක් කිරීමට සහාය වන සාධකය හෝ හේතුව; ආසන්න හේතුව. 2. [නා.] ගණිත ගැටලු ආදිය විසඳීමේ දී නිගමනයකට එළඹීමට, අවසාන නිශ්චයක් කිරීමට සහාය වන දෙය (=determinant).
නිශ්චිත[වි.] නියමිත; ඒකාන්ත; නොඅනුමාන; තීරණ වූ; නිශ්චය කළ.
නිශ්චිතාර්ථය[නිශ්චිත+අර්ථය] [නා.] නියත වසයෙන් ගත හැකි තේරුම; නියම අදහස; පැහැදිලි අරුත.
නිශ්චේතකය(පාරිභා.) [නා.] නිර්වින්දනය ඇති කරන ඖෂධය; නිර්වින්දකය (=anaesthetic).
නිශ්චේෂ්ට[වි.] ක්‍රියා නොකරන; උත්සාහ රහිත.
නිශ්චේෂ්ටිත[වි.] අක්‍රිය; නොසෙල්වෙන; අකම්ප්‍ය.
නිශ්ශඞ්ක, නිශ්ශංක[වි.] සැකයෙන් තොර; නිසැක.
නිශ්ශබ්ද[වි.] ශබ්දයක් නැති; නිහඬ; තුෂ්ණිම්භූත.
නිශ්ශාඛ(පාරිභා.) [වි.] අතු බෙදීමක් නැති; නිහඬ; තුෂ්ණිම්භූත.
නිශ්ශේෂ[වි.] ශේෂයක් නොමැති; සකල; සියලු.
නිශ්ශෝක, නිශ්ශෝකි, නිස්සෝක[වි.] ශෝක නොකරන; කනගාටුවක් නැති.
නිශ්ශෝභ[වි.] ශෝභා රහිත; කනගාටුවක් නැති.
නිශ්ශෝභා[නා.] ශෝභාවෙන් තොර වීම; බැබළීමක් නැතිකම.
නිශ්‍රය1. [නා.ප්‍ර.] ඇසුර; ආශ්‍රය; සබඳතාව. 2. [නා.ප්‍ර.] හේතුව; නිමිත්ත; මුල් වූ කරුණ.
නිශ්‍රයාක්ෂර[නා.බහු.] ප්‍රාණාක්ෂර; ස්වර.
නිශ්‍රිත[වි.] ඇසුරු කළ; ඇසුරු කොට පැවති; පිළිබඳ; ඇතුළත්; යුක්ත; යෙදුණු.
නිශ්‍රීක1. [වි.] නිසරු; හරවත්බවක් නැති. 2. [වි.] අභාග්‍ය සම්පන්න; අවාසනාවන්ත; කාලකණ්ණි.
නිශා1. [නා.ප්‍ර.] රාත්‍රිය; රැය; රෑ. 2. [නා.ප්‍ර.] ප්‍රකට ඖෂධ විශේෂයක්; කහ, කසා.
නිශා පුෂ්පය[නා.] චන්ද්‍රයා; සඳ; නිශානාථ; නිශාපති.
නිශා භාගය[නා.] රාත්‍රී කාලය; රාත්‍රිය.
නිශා මුඛය[නා.] සැන්දෑ කාලය; ගොම්මං වේලාව.
නිශාකරයා[නා.] චන්ද්‍රයා; සඳ.
නිශාකාශය[නිශා+ආකාශය] [නා.] රෑ අහස.
නිශාචර[වි.] රාත්‍රි කාලයේ හැසිරෙන; රාත්‍රියේ ඇවිදින; රෑ ගමන් ඇති.
නිශාචරයා1. [නා.] රාත්‍රියෙහි ඇවිදින පුද්ගලයා; රෑ හැසිරෙන්නා. 2. [නා.] සොරා. 3. [නා.] යක්ෂයා.
නිශාදිය[නිශා+ආදිය] [නා.] රාත්‍රියේ ආරම්භය; සන්ධ්‍යාව; සැඳෑ කල.
නිශාදීප්ත වලාකුළ(පාරිභා.) [නා.] පොළොවේ සිට කිලෝමීටර් 70ක් 90ක් අතර තරම් දුරින් අහසේ පෙනෙන වලාකුළු විශේෂය (=noctilucent cloud).
නිශාධීශ[නා.ප්‍ර.] චන්ද්‍රයා; සඳ; නිශානාථ; නිශාපති.
නිශාපුෂ්පී(පාරිභා.) [වි.] රෑට පිපෙන මල් ඇති (=nyctanthous).
නිශිත[වි.] මුවහත් කළ; තියුණු; තීක්ෂ්ණ.
නිශේන්ද්‍ර[නිශා+ඉන්ද්‍ර] [නා.ප්‍ර.] චන්ද්‍රයා; සඳ.
නිෂණ්ණ[වි.] හිඳගත්; වාඩිවුණු.
නිෂණ්ණය[නා.] හිඳගැනීම; නිසීදනය.
නිෂදනය[නා.] හිඳීම; වාඩි වීම.
නිෂද්‍ය[වි.] හිඳීම පිළිබඳ; ඉඳගැනීම සම්බන්ධ.
නිෂද්‍යදෝෂ[නා.ප්‍ර.] හිඳගැනීම පිළිබඳ දෝෂ; උතුමන් ඉදිරියේ හිඳ කථා කරන්නකු විසින් දුරු කළ යුතු දෝෂ.
නිෂද්‍යය, නිසද්‍යය[නා.] සතර ඉරියවුවෙන් එකක් වන හිඳ ගැනීම; වාඩි වීම.
නිෂ්කණ්ටක1. [වි.] කටු නැති. 2. [වි.] සොර සතුරු උවදුරු නැති; නිරවුල්.
නිෂ්කරණ[වි.] මුල් අරුතට සම්පූර්ණයෙන් ඈත් වූ; වෙන් වූ.
නිෂ්කර්දම[වි.] මඩ නැති; පිරිසුදු.
නිෂ්කර්මතාව[නා.] ක්‍රියා නොකරන තත්ත්වය; අක්‍රියශීලී භාවය.
නිෂ්කර්ෂණය1. [නා.] සාරය වෙන් කොට ලබා ගැනීම. 2.(පාරිභා.) [නා.] යම් සමස්ත වස්තුවකින් අංශයක් හෝ ගුණයක් හෝ පමණක් වෙන් කර ගැනීම (=abstraction).
නිෂ්කර්ෂය1. [නා.] අර්ථයෙහි හරය; අර්ථසාරය. 2. (පාරිභා.) [නා.] සාරකය (=extract).
නිෂ්කලඞ්ක, නිෂ්කලංක1. (පාරිභා.) [නා.] කැලැල් නැති; නිකැලැල්; නිර්මල· 2. [නා.] ආබාධ රහිත; සන්සුන්. 3. [නා.] සම්බාධවලින් තොර; විවේකී.
නිෂ්ක්‍රමණය1. [නා.] නික්මීම; නික්ම යෑම. 2.(පාරිභා.) [නා.] රටක් හැර අනෙක් රටකට යෑම; විගමනය (=emigration).
නිෂ්ක්‍රාන්ත1. [වි.] නික්මුණු; පහව ගිය. 2. [වි.] පෘථිවි අභ්‍යන්තරයේ ඇති මැග්වා පොළොව මතුපිටට අවුත් ඝනවීමෙන් සෑදෙන පාෂාණ හා සම්බන්ධ.
නිෂ්ක්‍රිය, නිෂ්ක්‍රීය[වි.] ක්‍රියාකාරී නොවන; අක්‍රියකාරී; ප්‍රතිඵලයක් නොදෙන.
නිෂ්ක්‍රියතාව, නිස්ක්‍රියතාව[නා.] ක්‍රියාකාරිත්වයෙන් තොරබව; උනන්දුවෙන් තොරබව; කුසීතභාවය.
නිෂ්කාම ක්‍රියාව(පාරිභා.) [නා.] පෞද්ගලික ලාභය ගැන නොතකන ක්‍රියාව (=disinterested action).
නිෂ්කාම, නිෂ්කාමී[වි.] ආශා රහිත; ආත්මාර්ථකාමී නොවූ.
නිෂ්කාරණ[වි.] කාරණ රහිත; හේතු රහිත; හේතුවක් නැති.
නිෂ්කාරණය1. [නා.] හේතුවක් නොවූව; ආකාරයණය. 2. [නා.] කාරණා රහිත බව.
නිෂ්කාසනය1. (පාරිභා.) [නා.] වරායකින් පිටත් ව යෑමට පෙර නැවක් ඒ වරායට තීරුබදු ආදිය ගෙවීම හා සියලු බැඳීම් වලින් නිදහස් වීම (=cleaning). 2. [නා.] බැංකුවක් මගින් චෙක්පත් සහ බිල්පත් හුවමාරු කර වෙනස පමණක් මුදලින් ගෙවීම.
නිෂ්කාසය(පාරිභා.) [නා.] පිට කිරීම; නිර්ගමය (=exhaust).
නිෂ්කෘතිය1. [නා.] කළ වරදට කමා කරවා, ඉන් නිදහස් වීම හෝ ඊට වන්දි ගෙවීම. 2. [නා.] යම් ක්‍රියාවක ඵල රහිතබව.
නිෂ්ඨා කාරණය(පාරිභා.) [නා.] අවසන් හේතුව (=cause final).
නිෂ්ඨාව1. [නා.] කෙළවර; අවසානය; පරතෙර. 2. [නා.] අර්හත් ඵලය; රහත්බව.
නිෂ්ඨුර[නා.ප්‍ර.] සැර; චන්ඩ; කඨින; තද.
නිෂ්ණාත[වි.] නිපුණ; දක්ෂ; හසල.
නිෂ්පත්තිය1. [නා.] හටගැනීම; උපත; ඇති වීම; ප්‍රභවය. 2. [නා.] නිමාව; අවසන; කෙළවර.
නිෂ්පන්න1. [වි.] උපන්; හටගත්; පහළ වූ; නිපන්. 2. (ව්‍යාක.) [වි.] තම රටෙහි ම පහළ වූ; දේශීය ශබ්ද හා සම්බන්ධ; තත්සම හෝ තද්භව හෝ නොවන. 3. [වි.] පෙර නොපැවති යමක් අලුතින් උපදවන.
නිෂ්ප්‍රපඤ්චය(අභි.) [නා.] ප්‍රමාද රහිතබව; අප්‍රමාදය.
නිෂ්ප්‍රභ කරනවා[ක්‍රි.] ඉවතලනවා; ප්‍රතික්ෂේප කරනවා.
නිෂ්ප්‍රභ කරනවා, නිෂ්ප්‍රභා කරනවා1. [ක්‍රි.] බැබළීම නවත්වනවා; එළිය නැති කරනවා. 2. [ක්‍රි.] බලරහිත කරනවා; නිෂ්ඵල කරනවා; ක්‍රියා විරහිත කරනවා.
නිෂ්ප්‍රභ, නිෂ්ප්‍රභා1. [නා.ප්‍ර.] කාන්ති රහිතබව; නොබැබළීම. 2. [නා.ප්‍ර.] බල රහිත; අක්‍රිය.
නිෂ්ප්‍රයෝජන[වි.] පල ප්‍රයෝජන රහිත; නිරර්ථක.
නිෂ්පාදක1. [නා.] උපදවන හෝ නිපදවන හෝ තැනැත්තා. 2. [නා.] පෙර නොපැවති යමක් අලුතින් උපදවන තැනැත්තා. [වි.] උපදවන; නිපදවන; නිෂ්පාදනය කරන.
නිෂ්පාදන[නා.ප්‍ර.] අලුතින් නිපදවීම; නිර්මාණය කිරීම. 1. [වි.] උපදවන හෝ නිපදවන; සම්පාදනය කරන. 2. [වි.] පෙර නොපැවති යමක් අලුතින් උපදවන.
නිෂ්පාදන අවදානම[නා.] නිපදවීම පිළිබඳ අස්ථීර තත්ත්වය.
නිෂ්පාදන සාධක(පාරිභා.) [නා.ප්‍ර.] නිෂ්පාදනයට මූලික වන කරුණු; නිපදවීම සඳහා උපකාරී වන දේ.
නිෂ්පාදනය[නා.] අලුතින් උපදවීම; නිපදවීම; නිර්මාණය.
නිෂ්පාදිත[වි.] සෑදූ; නිපදවන ලද.
නිෂ්පාදිතය[නා.] සාදන ලද දෙය; නිපද වූ ද්‍රව්‍යය.
නිෂ්පාප[වි.] පවින් තොර; පාප රහිත; පව් නැති; නිෂ්පාපී.
නිෂ්පාපියා[නා.] පවින් තොර තැනැත්තා; පව් කිරීමෙන් ඈත් වූ පුද්ගලයා.
නිෂ්පීඩන[නා.ප්‍ර.] පීඩන ගතියෙන් යුතු වීම; තෙරපීම; මිරිකීම.
නිෂ්පේෂණය(පාරිභා.) [නා.] ඇඹරීම; අඹරා සකස් කිරීම; ඖෂධ චූර්ණ සෑදීම.
නිෂ්ඵල[වි.] ඵලයක් නැති; වැඩකට නැති; ප්‍රයෝජන රහිත; නිරර්ථක.
නිෂේචනය, නිෂේකය[නා.] ඉසීම; වත් කිරීම; වැගිරැවීම.
නිෂේධ[වි.] වළක්වන; බාධා කරන; තහනම් කරන.
නිෂේධ බලය(පාරිභා.) [නා.] වැළැක්වීමට ඇති බලය; බාධා කිරීමේ බලය; තහනම් බලය (=veto).
නිෂේධකය[නා.] (රසා.) රසායනික ප්‍රතික්‍රියාවක් බාල කරන නැතහොත් වළක්වන ද්‍රව්‍යයක්; වැළැක්වීම; තහනම; තහනම් නියමය.
නිෂේධනය[නා.] වැළැක්වීම; බාධා කිරීම; තහනම.
නිෂේධය1. [නා.] වැළැකීම; බාධා කිරීම; ප්‍රතිෂේධය; තහනම. 2. [නා.] මොළයේ ප්‍රතික්‍රියාවක් නිසා ඇති වන චලනාදියේ දරුණු බව වළක්වා පාලනය කිරීම.
නිෂේධාර්ථය[නිෂේධ+අර්ථය] [නා.] විරුද්ධාර්ථය; ප්‍රතිෂේධාර්ථය.
නිෂේධිත[වි.] වළක්වන ලද; තහනම් කරන ලද.
නිස1. [නා.] උපසම්පදාව ලත් හිමිනමක් ආචාර්යවරයකු ඇසුරෙහි වසන පස් වසරක කාලය. 2. [නා.] එසේ සමාදන්ව විසීම. 3. [නා.] පිහිට; උදවුව. 4. [නා.] ප්‍රතිරාවය; නින්නාදය. [වි.] නිරන්තර; නිත්‍ය.
නිස ගන්නවා[ක්‍රි.] (විනය.) අන්තේවාසික භික්ෂූන් ආචාර්යවරයන් ආශ්‍රයෙන් නිස බණ දහම් ඉගෙනීම හා ඉගැන්වීම පිළිබඳ නිසවත් ලබා ගන්නවා; නිසවත් සමාදන් වෙනවා.
නිස දෙනවා[ක්‍රි.] (විනය.) නිස බණ දහම් උගන්වනවා.
නිසකත[නා.] රාත්‍රිය නමැති ස්ත්‍රිය; නිශා කාන්තාව.
නිසග[වි.] උපතින් ඇති වුණු; සහජ.
නිසග අගය(පාරිභා.) [නා.] කිසියම් සංඛ්‍යාවක ඇති ස්වභාවික අගය; අඩු-වැඩි නොකැරුණු, වෙනස් නොකැරුණු අගය; සහජ අගය.
නිසග ගුණය[නා.] ස්වාභාවික ගුණය; ස්වභාවයෙන් ම පිහිටි ගුණය.
නිසග දීප්තිය(පාරිභා.) [නා.] කිසියම් වස්තුවක ඇති ස්වභාවික දීප්තිය.
නිසග බර(පාරිභා.) [නා.] වස්තුවක හෝ වායුවක හෝ ඇති ස්වාභාවික බර.
නිසග ශක්තිය(පාරිභා.) [නා.] නිජ ශක්තිය; ද්‍රව්‍යමය පද්ධතියක තිබෙන ශක්තිය (=intrinsic energy).
නිසගය[නා.] ස්වාභාවය; ඇතිසැටිය; නිසර්ගය.
නිසඟල(පාරිභා.) [වි.] සඟල නොවූ; දෙකට නොබෙදුණු; ද්විත්ව නොවූ.
නිසද[වි.] ශබ්ද රහිත.
නිසදනවා[ක්‍රි.] අත් හරිනවා; හැරලනවා; පරිත්‍යාග කරනවා.
නිසදමස[නා.] තට්ටම් ප්‍රදේශයට අයත් මාංසය; තට්ටම.
නිසන[නා.ප්‍ර.] මුලාව; මෝහය.
නිසන්[නා.ප්‍ර.] සමීපය; අබියස; ආසන්නය; ළඟ.
නිසන්න[වි.] සංඥා නොමැති; සිහි නැති; විසංඥ.
නිසන්සල, නිසංසල[වි.] නොසෙල්වෙන; නොසැලෙන; නිසොල්මන්; නිශ්චල
නිසඳුරු[නා.ප්‍ර.] රාත්‍රි අන්ධකාරය.
නිසභ[නා.ප්‍ර.] ශ්‍රේෂ්ඨයා; උත්තමයා; මනුෂ්‍යයන් අතරෙහි ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ.
නිසයුරු, නිසයුර[නා.ප්‍ර.] රාත්‍රිය කරන්නා වන චන්ද්‍රයා; නිශාකරයා.
නිසරණ[වි.] පිහිටක් නැති; සරණක් නැති; අසරණ.
නිසර්ග[වි.] ස්වාභාවික; උපතින්ම වූ; නිසග.
නිසර්ගය[නා.] ස්වභාව ගතිය; ඇතිසැටිය.
නිසරු1. [වි.] හරයක් නැති; නිෂ්ඵල; නිස්සාර. 2. [වි.] නින්දා සහගත; නින්දනීය; ගර්හිත.
නිසරු කරනවා1. [ක්‍රි.] නිස්සාර කරනවා; පලක් නැති කරනවා; නිෂ්ඵල කරනවා. 2. [ක්‍රි.] නින්දා කරනවා; අවඥා කරනවා; හෙළා දකිනවා.
නිසරු දිය(පාරිභා.) [නා.] ඔක්සිජන් බහුල වශයෙන් ද්‍රාවණය වි ඇති පැළෑටි ආහාර හිඟ ජලය.
නිසරුබිම[නා.ප්‍ර.] වෘක්ෂ ජීවිතයට හෝ සත්ත්ව ජීවිතයට හෝ හිතකර නැති බිම.
නිසල[වි.] නොසෙල්වෙන; නිශ්චල,
නිසවත්ත, නිසවැත්ත[නා.] නිවසක ඉදිරිපස ශාලාව; ඉදිරි ආලින්දය; පෝටිකෝව.
නිසවර[නා.ප්‍ර.] රැයෙහි ශ්‍රේෂ්ඨයා; චන්ද්‍රයා; සඳ.
නිස්කම[වි.] නිෂ්ඵල; වැඩකට නැති; නිකරුණේ.
නිස්කරණේ[ක්‍රි.වි.] නිකරුණේ; නිශ්ඵල ව; වැඩකට නැති ව.
නිස්කලංක1. [වි.] කැළලින් තොර; නිර්මල; දෝෂ නැති. 2. [වි.] කරදර හිරිහැර නැති; විවේක පහසුව ඇති.
නිස්කලංකය[නා.] කරදර හිරිහැර නැතිබව; සැනසිල්ල.
නිස්ක්‍රියතාව[නා.] කුසීතභාවය; උනන්දු නැතිකම.
නිස්ටැග්මය(පාරිභා.) [නා.ප්‍ර.] අක්ෂිගෝලයේ ස්වයංක්‍රීය චලනය.
නිස්තබ්ධ[වි.] පණ නැති වූ; හිරිවැටුණු; මුර්ඡා වූ; සිහි නැති.
නිස්තරණය[නා.] (විනය.) එතරවීම; නිදහස්වීම.
නිස්තල1. [වි.] වටකුරු; ගෝලාකාර. 2. [වි.] චංචල.
නිස්ත්වවිකෘත[වි.] පොතු ගලවන ලද; පතුරු හරින ලද.
නිස්ත්‍රිංශ[නා.ප්‍ර.] ආයුධ විශේෂයක්; කඩුව.
නිස්තාදි[නා.බහු.] අතමිට හිඟකම; මුදල් හදල් නැති බව.
නිස්තාර(පාරිභා.) [වි.] දෙකොන සම්බන්ධ නොකොට ශබ්ද ධ්වනියක් යැවිය හැකි උපකරණය පිළිබඳ වූ; ගුවන් විදුලි යන්ත්‍ර පිළිබඳ.
නිස්තාරණ[වි.] එතෙර කරවන; තරණය කරවන.
නිස්තීර්ණ[වි.] (සංසාරයෙන්) එතෙර වූ; මිදුණු; නිදහස් වූ.
නිස්තුෂ[වි.] පිරිසුදු; පවිත්‍ර.
නිස්තෝදන[වි.] අනින; විදින.
නිස්පර්යාය[වි.] සමාන අර්ථවත් වචන නැති; පරියාය වචනයෙන්ගෙන් තොර.
නිස්ප්‍රපංච[නා.ප්‍ර.] ප්‍රමාදයෙන් තොරවීම; අප්‍රමාදබව.
නිස්ප්‍රභා[වි.] කාන්තිය නැති; රශ්මිය නැති; ප්‍රභාවෙන් තොර.
නිස්වාස[නා.ප්‍ර.] මුඛයෙන් පිටවන වායුව; සුසුම.
නිස්සංක්‍රාම්‍ය(පාරිභා.) [වි.] තැනින් තැනට මාරු නොවන; අචල; ස්ථිර.
නිස්සංකා[නා.ප්‍ර.] සැක නැතිබව.
නිස්සංග, නිස්සඞ්ග[වි.] ඇලීමකින් තොර; නොබැඳෙන; ආශා රහිත.
නිස්සංශය[වි.] සැකයෙන් තොර; අනුමාන කිරීමකින් තොර.
නිස්සග්ගිය1. [නා.ප්‍ර.] අදත්තාදාන පාරාජිකාවේ එන පස්විසි අවහාරයන් අතුරෙන් එකක්. 2. [නා.ප්‍ර.] මනුෂ්‍ය විග්‍රහ පාරාජිකාවේ එන, මිනිසකු මැරීමේ උපක්‍රම සයෙන් තෙවැන්නෙහි නාමය. 3. [නා.ප්‍ර.] පචිති ඇවැත් විශේෂයක්.
නිස්සඞ්කාව[නා.] සැක නැතිබව; විශ්වාසය; නිරනුමානය.
නිස්සජ්ජනය[නා.] (විනය.)මුදා හැරීම; ඉවත් කිරීම; අත්හැරීම.
නිස්සත්ත්ව[වි.] සත්ත්වයකු නොවූ; පුද්ගලයකු නොවූ; ආත්මයෙන් තොර.
නිස්සන්දඵලය[නා.] අනුරූප විපාකය; කරන ලද යහපත් හෝ අයහපත් ක්‍රියාවන්ගෙන් ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිඵලය.
නිස්සන්දය[නා.] ගලා යෑම; විපාකය; ඇතිවීම; උත්පත්තිය; නිෂ්පත්තිය.
නිස්සන්දේහ[නා.ප්‍ර.] නිසැකබව; සංශය විරහිතාව; විචිකිච්ඡාවෙන් තොරවීම.
නිස්සය1. (විනය.) [නා.ප්‍ර.] ඇසුරෙහි විසීම; පිහිටකොට ගෙන වාසය කිරීම; නිස දුන් ආචාර්යවරයා ආශ්‍රයෙහි නවක උපසපන් භික්ෂූන් බණදහම් පුහුණුවෙමින් විසීම. 2. [නා.ප්‍ර.] ඇලීම; බැඳීම; වැලඳ ගැනීම. 3. [නා.ප්‍ර.] භික්ෂු ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය සිවුපසය.
නිස්සරණ1. [නා.ප්‍ර.] සසරින් නික්මීම; නිවන; කෙලෙසුන්ගෙන් මිදීම; නොපැවතීම. 2. (පාරිභා.) [නා.ප්‍ර.] වායුවෙහි ගමන; තද විසරණයට ම සුදුසු සිදුරුවලට වඩා විශාල සිදුරු අතරෙන් සිදුවන වායු ස්‍රවය. 3. (පාරිභා.) [නා.ප්‍ර.] ගලයෑම; පැතිරීම. 4. [නා.ප්‍ර.] කාන්දුවීම; සෙමෙන් වැගිරීම.
නිස්සරණ ගුණකය(පාරිභා.) [නා.] විද්‍යුත් යන්ත්‍රයක වූ චුම්බක පරිපථයක සම්පූර්ණ ස්‍රාවය.
නිස්සරණ පාතය(පාරිභා.) [නා.] කාන්දුවීම නිසා සිදුවන බැස්ම; ගලායෑම.
නිස්සරණ මානය(පාරිභා.) [නා.] කුඩා ඡිද්‍රයකින් වායු අපගමනයට ගත වන කාලය; වායුවෙහි අණුක බර සැසඳීමේ උපකරණයක්.
නිස්සරණාධ්‍යාසය[නා.] ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාදියකින් තොර අදහස; පෙරලා කිසිවක් බලාපොරොත්තු නැතිකම.
නිස්ස්‍යන්දය[නා.] ගලාබැසීම; ද්‍රවයක් බින්දු බින්දු වශයෙන් ඇද හැලීම.
නිස්ස්‍රාවය(පාරිභා.) [නා.] ආශයකින් යමක් පිට වීම; නික්මීම හෝ ගලායාම; විහිදීම.
නිස්සාර[වි.] සාරයක් නැති; හරයක් නොමැති; ගත යුත්තක් නැති; අගය කිරීමට යමක් නැත්තා වූ.
නිස්සාරක(පාරිභා.) [නා.ප්‍ර.] දියරයක මිශ්‍ර වී ඇති රසායන ද්‍රව්‍යයන් එකිනෙක වෙන් කර ගැනීමේ ශක්තිය ඇති ද්‍රව. [වි.] ජලයෙහි මිශ්‍ර වී ඇති රසායන ද්‍රව්‍ය උද්ධරණය කරන.
නිස්සාරණය1. (විනය.) [නා.] යහපත් පැවතුම් නැති භික්ෂුව (ආයති සංවරය පිණිස) සංඝ සමාජයෙන් බැහැර කිරීම. 2. (පාරිභා.) [නා.] උද්ධරණය; උපුටා ගැනීම; වෙන් කර ඉවත් කිරීම.
නිස්සාරභාවය[නා.] නිසරුබව; හරයක් නැතිබව.
නිස්සාරිතය(පාරිභා.) [නා.] ද්‍රව්‍යයකින් වෙන් කර ගත් රසායන ද්‍රව්‍ය නිස්සාරණය කරනු ලැබූ දේ; උපුටන ලද දේ.
නිස්සිත[වි.] ආශ්‍රය කළ හෝ සඳහන් කළ; ආරක්ෂිත.
නිස්සේචනය(පාරිභා.) [නා.] සේදීම; ජලය පැමිණවීම.
නිස්සේය[වි.] ශේෂ රහිත; ඉතිරියක් නොමැති.
නිස්සෛලීය(පාරිභා.) [වි.] සෛල පිළිබඳ නොවූ; සජීවී සෛල හා බැඳීමක් නොමැති.
නිස්සෝක[වි.] ශෝක රහිත; දුකින් මිදුණු.
නිස්සෝභ[වි.] ශෝභාවෙන් තොර; බැබලීම නැති; ප්‍රභා විරහිත; හැඩ නැති.
නිසා[නා.ප්‍ර.] රැය; රාත්‍රිය. [නි.] හේතු කොට ගෙන; කරණ කොට ගෙන; බැවින්.
නිසාකර[නා.ප්‍ර.] රාත්‍රිය ඇති කරන්නා; සඳ; නිසයුර.
නිසාචර[නා.ප්‍ර.] රාත්‍රියෙහි හැසිරෙන්නා; සොරා; චෞරයා.
නිසානාථ[නා.ප්‍ර.] රාත්‍රියට අධිපති වන චන්ද්‍රයා; සඳ; නිශාකර.
නිසැක, නිසක[වි.] සැකයක් නැති; ශංකා රහිත; ස්ථිර.
නිසැදි[වි.] නිරතුරු; නිරන්තර; නිතර.
නිසැදු[වි.] නිස්සජ්ජනය කළ; පැවරූ; අත්හළ.
නිසැදුරු[නා.ප්‍ර.] (විනය.) නවක භික්ෂූන්ට නිස්සය හෙවත් නිස උගන්වන ආචාර්යවරයා.
නිසි1. [වි.] සුදුසු; යෝග්‍ය; ගැළපෙන; අවශ්‍ය. 2. [වි.] නිත්‍ය; ස්ථිර නියත.
නිසිණිය[නා.] ඉණිමඟ; හිණ; පඩිපෙළ.
නිසිත[නා.] ව්‍යංජනාක්ෂර; හල් අකුරු. [වි.] තියුණු කළ; තීක්ෂ්ණ වූ; මුවහත් කළ.
නිසිත රැය[නා.] මධ්‍යම රාත්‍රිය.
නිසිතා[වි.] සුදුසු; යෝග්‍ය.
නිසින්[ක්‍රි.වි.] නිතින්; නිත්‍ය වශයෙන්; සැබැවින්.
නිසින්න[වි.] හිඳගත්; වාඩිගත්.
නිසින්නාසනය1. [නා.] හිඳගත් අසුන. 2. [නා.] හිඳගත් විලාසය; හිඳගත් ඉරියවුව.
නිසිඳු[නා.ප්‍ර.] රාත්‍රියට අධිපතියා; සඳ; චන්ද්‍රයා.
නිසිපිය, නිසාපිය[නා.] රාත්‍රියෙහි ප්‍රියයා වූ චන්ද්‍රයා; සඳ.
නිසිම්[නා.ප්‍ර.] (විනය.)සීමාවක් නැති තැන; සීමාවෙන් පිටත; අසීමාව.
නිසියාකාර[නිසි+ආකාර] [ක්‍රි.වි.] යෝග්‍ය පරිදි; සුදුසු අන්දමින්; නියම ආකාරයෙන්.
නිසිරි1. [වි.] නිශ්‍රීක; නිසරු. 2. [වි.] ශ්‍රී නැති; අවාසනාවන්ත; කාලකණ්ණි; නින්දිත.
නිසීදනය1. [නා.] හිඳීම; හිඳ ගැනීම. 2. [නා.] භික්ෂූන් වැඩ හිඳිනා ඇතිරිය හෝ සම්කඩ; පත්කඩ; ඇතිරිල්ල.
නිසු, නිසූ[වි.] ඇසුරු කළ; ආශ්‍රයෙහි වාසය කරන; නිශ්‍රිත.
නිසෙනි[ක්‍රි.වි.] මුළුමනින්; ඉතිරි නැති ව; ශේෂයක් නැති ව.
නිසේවිත1. [වි.] ඇසුරු කරන ලද; වාසය කරනු ලැබූ; ගැවසී ගත්. 2. [වි.] පුරුදු කරන ලද; භාවිත කරන ලද.
නිසොර[වි.] සොර නොවන.
නිසොල්මන[නා.] නිසලබව; කතාබහක් නැතිබව; නිහඬතාව; නිශ්ශබ්දතාව.
නිසොල්මනේ[ක්‍රි.වි.] හොර රහසේ; නිහඬව.
නිහඬ[වි.] ශබ්දයක් නැති; නිශ්ශබ්ද. 1. [නා.] කළයුත්ත; කළ යුතු කාර්යය; කිරීමට අවශ්‍ය දෙය. 2. [නා.] සමෘද්ධිය; කාර්ය සිද්ධිය; සම්පූර්ණ කිරීම.
නිහඬුරු ලනවා[ක්‍රි.] සෝ සුසුම් හෙළනවා; දුක් සුසුම් ලනවා.
නිහත[වි.] නසන ලද; විනාශ කරන ලද.
නිහතමාන, නිහතමානී[වි.] නසන ලද මානය ඇති; මානය වනසා දැමූ; මාන රහිත; ආඩම්බර නැති.
නිහන්කාර(කථා.) [වි.] නිරහංකාර; උඩඟු නැති.
නිහර, නීහර[නා.ප්‍ර.] පිනි බින්දු; තුෂාර; හිම.
නිහාරිකා(පාරිභා.) [නා.ප්‍ර.] සෞරග්‍රහ මණ්ඩල සීමාවෙන් පිටත අතිදුර ආකාශයෙහි දක්නට ලැබෙන වලාකුළු බඳු නොපැහැදිලි තාරකාවලිය.
නිහාරිකාව(පාරිභා.) [නා.] තාරකා සමූහයක් නිසා හෝ වායුමය ද්‍රව්‍යයක් නිසා හෝ සෑදී සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඉතා ඈත පිහිටි යන්තමින් පෙනෙන නොපැහැදිලි තාරකාවලිය.
නිහාලු[වි.] නිවට; නියාලු.
නිහැඬියාය, නිහැඬියාව[නා.] නිහඬබව; නිශ්ශබ්දතාව; ඝෝෂා රහිත බව.
නිහිත[වි.] පිහිටුවා ගන්නා ලද; තැන්පත් කළ; තබන ලද; ස්ථාපිත.
නිහින්දු, නිහිඳු[වි.] පහත්; නිහීන; නින්දා සහගත.
නිහින්දුව[නා.] නින්දාව; පහත්කම.
නිහිම්[ක්‍රි.වි.] සීමා නැති ව; සම්පූර්ණයෙන් ම; මුළුමනින් ම.
නිහිය[ක්‍රි.වි.] සෙමෙන්; ඉක්මන් නොවී.
නිහීන[වි.] ලාමක; පහත්; දීන; නීච.
නිහීනයා[නා.] ලාමක පුද්ගලයා; පහත්ගති ඇත්තා; නීචයා.
නිහුණු[නා.ප්‍ර.] ආයුධ මුවහත් තබන ගල; හණගල.
නිහුණු ගානවා[ක්‍රි.] හණ ගහනවා; මුවහත් කරනවා.
නිළිය[නා.] නාටිකාංගනාව; නළඟන.
නී1. [නා.ප්‍ර.] වතුර; ජලය; දිය. 2. [නා.ප්‍ර.] නදිය; ගඟ. 3. [නා.ප්‍ර.] නිධානය; නිධිය. 4. [නා.ප්‍ර.] නාදය; හඬ; අහස් ගිගුරුම; මේඝ ගර්ජනාව. 5. [නා.ප්‍ර.] නියපොත්ත; නිය. 6. [නා.ප්‍ර.] නුවණ; ඥානය; ප්‍රඥාව. 7. [නා.ප්‍ර.] නීතිය.
නීකාර[වි.] කේලම් කියන; නින්දා කරන; ගැරහුම් කරන.
නීකාශ[වි.] සමාන; සම වූ; සදෘශ.
නීකාශය[නා.] නිශ්චිතය; සහතික භාවය.
නීකුසුම්[නා.ප්‍ර.] බක්මී මල්.
නීච1. [නා.] පහත්; හීන. 2. [නා.] ප්‍රමාණයෙන් කුඩා.
නීච භාණ්ඩ(පාරිභා.) [නා.ප්‍ර.] පහත් මිල පරිමාණයක් හා අඩු පාරිභෝගික සංඛ්‍යාවක් ඇති භාණ්ඩ.
නීච රාශිය[නා.] (ජ්‍යෝති.) ග්‍රහයකුට බලය අඩු ම රාශිය; ඒ ඒ ග්‍රහයාගේ උච්ච රාශියෙන් සත්වැනි රාශිය; නීචරැස.
නීච ලෝහය(පාරිභා.) [නා.] රිදී රත්රන් හැර, අනිකුත් ලෝහ.
නීචයා[නා.] අශිෂ්ටයා; පහත් ගති පැවතුම් ඇත්තා; අධමයා.
නීචායුෂ[නීච+ආයුෂ] [නා.ප්‍ර.] අඩු හෝ කෙටි ආයුෂ; හීනායුෂ.
නීචාසනය[නීච+ආසනය] [නා.] පහත් ආසනය; මිටි අසුන.
නීඩය1. [නා.] කූඩුව; කැදැල්ල. 2. [නා.] නවාතැන් පළ.
නීත[වි.] පමුණුවන ලද; හෙළි කරන ලද.
නීත්‍යනුකූල[නීති+අනුකූල] [වි.] නීතියට එකඟ; නීතියට අනුගත; නීති විරෝධී නොවන.
නීත්‍යනුකූල අයිතිය(පාරිභා.) [නා.] නීතියට අනු ව කිසියම් දේපළක් හෝ වස්තුවක් පිළිබඳ ව ලැබෙන හිමිකම; නීති ප්‍රතිපාදනවලට අනු ව ලැබෙන අයිතිය.
නීත්‍යනුකූල භාරය(පාරිභා.) [නා.] (දරුවකු පිළිබඳ) අධිකරණ තීරණයකින ලැබෙන භාරකාරත්වය ලැබීමේ අයිතිය.
නීත්‍යාවලිය[නීති+ආවලිය] [නා.] නීති මාලාව; නීති පද්ධතිය.
නීති කෙටුම්පත[නා.] නීති සැලසුම් ලේඛණය; නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කරන රාජ්‍ය පාලනයට අවශ්‍ය ව්‍යවස්ථා අණ පනත්.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව[නා.] පාලන තන්ත්‍රයට අදාළ සියලු ම ව්‍යවස්ථා අණපනත් ආදිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරන ආයතනය; නීති අණපණත් අවසන් වරට සකස් කරන ආයතනය.
නීති කෙටුම්පත්කරු[නා.] නීතිය සැලසුම් කරන්නා; රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය ව්‍යවස්ථා අණපනත් ආදිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සැලසුම් කරන්නා; නීති කෙටුම්පත් කරන තැනැත්තා.
නීති ග්‍රන්ථය[නා.] නීතිය ඇතුළත් පොත.
නීති පද්ධතිය[නා.] නීති පිළිවෙළ; නීති පරිපාටිය; අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධ නීති සමූහය.
නීති මාලාව[නා.] ජන ජීවිතයේ යහපත් චර්යාව සඳහා පනවනු ලබන රීති පද්ධතිය; පොදු ජන ජීවිතය විනයානුකූල ව, සදාචාරාත්මක ව, සාධාරණ ව පවත්වාගෙන යාමට යොදා ගන්නා විෂය; ජන සමාජයක් විසින් අවශ්‍යයෙන් ම පිළිපැදිය යුතු අධිකරණයක දී යොදා ගනු ලබන චර්යා ධර්ම සමූහය.
නීති වාක්‍යය[නා.] යහපත් ප්‍රකාශය; සදූපදේශය; සුභාෂිතය.
නීති වාර්තා[නා.බහු.] උසස් අධිකරණවල නඩු තීන්දු ඇතුළත් වාර්තා.
නීති විද්‍යාව[නා.] මිනිස් සමාජයෙහි පවත්නා සම්මත නීති සංගෘහිත ශාස්ත්‍රය; මානව නීති පිළිබඳ දර්ශනය පෙන්නුම් කරන ශාස්ත්‍රය.
නීති විරෝධී[වි.] නීතියට පටහැනි; නීතිමය විධිවිධානවලට එකඟ නොවන; ව්‍යවස්ථානුරූප නොවන.
නීති විරෝධී ක්‍රියාව[නා.] නීතියට එකඟ නොවන කාර්යය; නීතියට පටහැණි කටයුත්ත.
නීති ශාස්ත්‍රය[නා.] ආචාරධර්ම සංගෘහිත ශාස්ත්‍රය; සමාජධර්ම ආදි කරුණු උගන්වන ශාස්ත්‍රය; පාලනය පිළිබඳ බලපැවැත්වෙන ව්‍යවස්ථා රෙගුලාසි නියෝගය ආදිය පිළිබඳ ශාස්ත්‍රය; නීති විද්‍යාව.
නීති සංග්‍රහය[නා.] විවිධ නීති අණපනත් ආදිය එක්රැස් කොට සකස් කරන ලද කෘතිය; නීති ව්‍යවස්ථාපන සංගෘහිත ග්‍රන්ථය.
නීති සංස්ථාව[නා.] නීතිමය කාර්යයන් සඳහා පිහිටුවන ලද ආයතනය.
නීති සම්ප්‍රයෝගය(පාරිභා.) [නා.] සැබෑවට ම නොවූ හෝ නොපවතින හෝ කරුණක් කිසියම් ප්‍රයෝජනවත් අරමුණක් සඳහා, නීතියට අනු ව වී යැයි පිළිගැනීම.
නීති සම්පාදකයා[නා.] නීතිය සකස් කරන පුද්ගලයා; නීති කෙටුම්පත් කරන නිලධාරියා.
නීතිකරණය[නා.] නීති කෙටුම්පත් කිරීම; නීති සකස් කිරීම; නීති සම්පාදනය.
නීතිකාරක[වි.] නීතිය සකස් කරන; නීති සම්පාදනය කරන.
නීතිකාරකය[නා.] නීතිය සකස් කරන මණ්ඩලය හෝ සංස්ථාව; නීති සම්පාදක මණ්ඩලය.
නීතිගත කරනවා[ක්‍රි.] නීතිය යටතට පත් කරනවා; නීතියට අනුකූල ව ලියාපදිංචි කරනවා; නීතිමය වශයෙන් සංස්ථාපිත කරනවා.
නීතිගත සංස්ථාව[නා.] නීතියට යටත් කළ, එහෙත් ස්වාධීන ව ක්‍රියා කිරීමේ බලය ඇති ආයතනය.
නීතිගරුක[වි.] නීතියට ගරු කරන; නීතිය පිළිගන්නා; නීතිය අනුගමනය කරන.
නීතිඥ මණ්ඩලය(පාරිභා.) [නා.] නීතිඥයන්ගෙන් සමන්විත සභාව; නීතිඥයන්ගෙන් යුත් මණ්ඩලය.
නීතිඥයා[නා.] නීතිය හදාරා ඒ පිළිබඳ කටයුතු කිරීමට බලය ලත් තැනැත්තා; නීති න්‍යාය දන්නා පුද්ගලයා; නීතිවේදියා.
නීතිදායක[වි.] ව්‍යවස්ථා සම්පාදනය කරන; රාජ්‍ය පාලනය පිළිබඳ නීති සකස් කරන.
නීතිදායකයා[නා.] ව්‍යවස්ථා සම්පාදනය කරන්නා; නීති සකස් කරන තැනැත්තා.
නීතිනාථයා[නා.] නීතියට පිහිටවන්නා; නීතිය ක්‍රියාත්මක කිරීමට උපකාර වන පුද්ගලයා; විනිශ්චයකාරයා; නඩු අසන්නා.
නීතිනායක[නා.ප්‍ර.] නීතිය මෙහෙයවීමේ ප්‍රධානයා; අධිකරණ නායක.
නීතිපති[නා.ප්‍ර.] රජයේ ප්‍රධාන නීති නිලධරයා; ඇටර්නි ජනරාල්.
නීතිපදය[නා.] නීත්‍යනුකූල අර්ථය පැවසෙන පදය; නීතිමය වචනය.
නීතිපනත්[නා.ප්‍ර.] නීතියෙන් පනවන ලද ව්‍යවස්ථා.
නීතිමය[වි.] නීතියෙන් ම වූ; නීතිය හා බැඳුණු; නීත්‍යනූකූල.
නීතිමය බලතල[නා.ප්‍ර.] නීතිය මාර්ගයෙන් ම ලබාගත අයිතිවාසිකම්; නීත්‍යනුකූල හිමිකම්.
නීතිරීති1. [නා.බහු.] ප්‍රධාන නීති හා රෙගුලාසි. 2. [නා.බහු.] නීතිය පිළිබඳ රෙගුලාසි; නීතියට අනු ව පැනවෙන ව්‍යවස්ථා.
නීතිවේදියා[නා.] නීතිය උගත් තැනැත්තා; නීතිඥයා.
නීධ්‍රය1. [නා.] වහලේ අද්දර පලයේ කොන. 2. [නා.] වෘත්තයක හෝ රෝදයක හෝ වටය.
නීනා[නා.ප්‍ර.] ගංගාවලට නායකයා; මුහුද; සමුද්‍රය; සාගරය.
නීඳු[නී+ඉඳු] 1. [නා.ප්‍ර.] ජලයට ප්‍රධානයා; සාගරය; මුහුද; සමුද්‍රය. 2. [නා.ප්‍ර.] සමුද්‍රයට නායකයා වන කුවේරයා; වෛශ්‍රවණයා. 3. [නා.ප්‍ර.] සොරා; චෞරයා.
නීප[නා.ප්‍ර.] බක් මී.
නීපණයා[නා.] ජලයේ ප්‍රාණියා වන මත්ස්‍යයා; මාලුවා.
නීයාන1. [වි.] නික්ම යන; නික්මෙන. 2. [වි.] සසරින් මිදීමට හේතු වන.
නීයානික[වි.] නිවන කරා පමුණුවන; නිවනට පමුණුවන.
නීර[නා.ප්‍ර.] ජලය; දිය.
නීරක්තිය[නා.] රුධිරය හීන වීමේ රෝගය; රක්ත හීනකම.
නීරක්‍රීඩා[නා.ප්‍ර.] ජලක්‍රීඩාව; දියකෙළිය.
නීරජ[නී+රජ] [වි.] දියෙහි උපන්; ජලජ. 1. [නා.ප්‍ර.] ජලයෙහි හටගන්නා දෙය; නෙළුම්; පියුම්. 2. [නා.ප්‍ර.] නදීන්ගේ රාජයා.
නීරද1. [නා.] සමුද්‍රය; මුහුද. 2. [නා.] වළාකුළ; මේඝය. 3. [නා.] පියුම; පද්මය.
නීරස[වි.] රසවත් නොවූ; රුචිය හෙවත් ඇල්ම නැති; අප්‍රිය.
නීරූප[වි.] රූපයක් නැති; අරූප.
නීරෝග[වි.] ශරීරික ආබාධවලින් තොර; ලෙඩ රෝග නැති; නීරෝගී.
නීල1. [නා.ප්‍ර.] පාට විශේෂයක්; නිල්පැහැය. 2. [නා.ප්‍ර.] උගුර දෙපස හනුව ආශ්‍රිත ව පිහිටි ධමනි විශේෂය.
නීල ගුළිය(පාරිභා.) [නා.] රසදිය ගුළිය.
නීලකණ්ඨ1. [නා.ප්‍ර.] නිල් ගෙලක් ඇත්තා වන ඊශ්වර; මෙහෙසුරු. 2. [නා.ප්‍ර.] නිල් ගෙලක් ඇත්තා වන මොනරා; මයූරයා.
නීලකසිණ[නා.ප්‍ර.] යෝගාවචරයකු විසින් භාවනාවට අරමුණු කරගනු ලබන නිල් පැහැති මණ්ඩලය; සම සතළිස් කර්මස්ථානවලට අයත් දස කසිණ අතරින් එකක්.
නීලකහාපණ[නා.ප්‍ර.] කහවණු විශේෂයක්; නිල් කහවණු.
නීලකාන්ත[නා.ප්‍ර.] මැණික් වර්ගයක නාමය.
නීලග්‍රීවයා1. [නා.] මෙහෙසුරා. 2. [නා.] මොනරා.
නීලදල[නා.ප්‍ර.] නිල්පාට කොළ; නිල් කොළ.
නීලපට[නා.] නිල් වස්ත්‍රය.
නීලපත්‍ර[නා.ප්‍ර.] නිල්පාට කොළ; නිල් කොළ.
නීලපද්ම[නා.ප්‍ර.] නිල් මහනෙල්.
නීලමණි[නා.ප්‍ර.] ඉන්ද්‍රනීල මාණික්‍යය; නිල්මිණි; නීලමාණික්‍යය.
නීලමේහ[නා.ප්‍ර.] රෝගයක නාමය; පිත ඇසුරෙන් වැලඳෙන ප්‍රමේහ රෝගවලින් එකක්.
නීලලෝහිත[වි.] නිල් හා රතු මිශ්‍ර වර්ණය; දම්පාට.
නීලවර්ණතාව(පාරිභා.) [නා.] රුධිරය ඔක්සිජනීකෘත වීම නිසා හම සහ ශ්ලේෂ්මල පටල නිල්පාට වීම; සයිනෝසිස් (=cyanosis).
නීලවර්ණය[නා.] නිල්පාට; කවි සමයාගත කළුපාට.
නීලවලාහක[නා.ප්‍ර.] නිල් වලාකුළ; ජලවාෂ්පයෙන් බර වූ මේඝය.
නීලහරිත(පාරිභා.) [වි.] (උද්භි.) පහසුවෙන් පිස දැමිය හැකි ළා දුඹුරුපැහැ යුත් චූර්ණමය ආලේපයකින් වැසී ඇති.
නීලාංජනය, නීලාඤ්ජනය[නා.] නිල් පැහැති අංජනයෙන් කළ ආලේපය; නිලඳුන.
නීලාංශු[නීල+අංශු] [නා.ප්‍ර.] නිල්පාට රශ්මිය; නීලවර්ණ කාන්තිය.
නීලාක්ෂි[වි.] නිල් ඇස් ඇති.
නීලාභ[වි.] නිල් පැහැයට හුරු; නිල්පාට ඇති.
නීලාභ්‍ර[නා.ප්‍ර.] නිල්පැහැයෙන් යුත් වලාකුළ; අඳුරු වලාව.
නීලාම්බරය1. [නා.] නිල්පාට ආකාශය; නිල්වන් අහස; අඳුරු අහස. 2. [නා.] නීල වස්ත්‍රය; නිල් පැහැති රෙද්ද.
නීලෝත්පල[නා.] නිල් මහනෙල්; නිල් උපුල්.
නීවරණ[වි.] සිත කුසලයට යොමු වන්නට නොදී වසාගෙන සිටින ක්ලේශ ධර්ම; කාමච්ඡන්ද ආදි පංච නීවරණයන්ගෙන් එකක්.
නීව්‍රය[නා.] වහලේ බිත්තිවලට පිටතින් ඇති කොටස; පියසි කොන.
නීවි, නීවී1. [නා.ප්‍ර.] ඇතැම් කාන්තා ඇඳුම්වල ඉණ වටා වැටෙන සේ තිබෙන රැලි කොටස; නෙරිය; නෙරිපට. 2. [නා.ප්‍ර.] මූල ධනය.
නීවීභාරය[නා.] නෙරිය; නරු පොටෙහි බර.
නීහර[නා.ප්‍ර.] පිනි; තුෂාර; හිම.
නීහරණ1. [නා.ප්‍ර.] පැහැර ගැනීම; කොල්ලකෑම. 2. [නා.ප්‍ර.] පහ කිරීම; බැහැර කිරීම; ඉවත් කිරීම. 3. [නා.ප්‍ර.] ගෙන ඒම.
නීහාර1. [නා.] ක්‍රමය; පිළිවෙළ; ආකාරය. 2. [නා.] පිනි; තුහින.
නීහාරක[වි.] ගෙන එන; පමුණුවන.
නීහිමි[නා.ප්‍ර.] නදීවලට අධිපතියා; මුහුද; සමුද්‍රය.
නුකම්[නා.ප්‍ර.] පිළිවෙළ; අනුක්‍රමය.
නුකුල[වි.] කුලහීන; අකුලීන. [නා.ප්‍ර.] කුලහීනයා.
නුකුසී[වි.] කුසිත නොවන; අලස නොවන; නුකූසීත.
නුකුහුල[නා.] සැකයක් නැති බව; කුතුහලයෙන් තොර වීම.
නුගි1. [වි.] ඵකඟ; අනුකූල. 2. [වි.] අවනත; වසඟ; ළැදි.
නුගුණ1. [නා.ප්‍ර.] නොමනා ගුණ; අවගුණ; පහත් ගති; දුර්ගුණ. 2. [නා.ප්‍ර.] අයහපත; අවැඩ; හානිය; විපත. 3. [නා.ප්‍ර.] වරද; දෝෂය.
නුදුටුවිරී, නුදුටුවිරූ[වි.] කවදාවත් නොදුටු; කිසිකලෙක දැක නැති; අදෘෂ්ට පූර්ව.
නුදුර[නා.] දුර නොවූ තැන; සමීපය; ළඟ.
නුනුවණ[වි.] නුවණ නැති; අනුවණ; අඥාන; මෝඩ. [නා.] මෝඩකම; අඥානතාව.
නුපා[නා.ප්‍ර.] රජ; නිරිඳු.
නුපුන්1. [වි.] නොපැසුණු; නොමේරූ; ළා; ළපටි. 2. [වි.] නොපිබිදුණු; නොපිපුණු.
නුපුපුළ[වි.] නොපිපිරුණු; නොකැඩුණු.
නුපුරනවා[ක්‍රි.] සම්පූර්ණ නොකරනවා; නොපුරනවා.
නුපුව[නා.] අනුපූර්වතාව; පිළිවෙළ; අනුපිළිවෙළ; ක්‍රමය.
නුපුස්නා[වි.] නොපොහොනා; නොවටිනා; අගය රහිත.
නුපූ[වි.] නොබොන ලද; පානය නොකරන ලද.
නුබ අබ[නා.ප්‍ර.] අහස එළිය කරන්නා; කණමැදිරියා; කලාමැදිරියා.
නුබ මඬල[නා.ප්‍ර.] මණ්ඩලාකාර වූ ආකාශය; නභෝ මණ්ඩලය; අහස.
නුබ මැණ, නුබ මිණ[නා.] අහසෙහි මැණික වන සූර්යයා; හිරු.
නුබ, නුඹ1. [නා.ප්‍ර.] අහස; ආකාශය. 2. [නා.ප්‍ර.] ඔබ; යුෂ්මතා. 3. [නා.ප්‍ර.] මොබ; මෙතැන.
නුබකුස[නා.] අහස; අහස්තලය; අහස්හැබ; ආකාශ කුක්ෂිය.
නුබගබ, නුබගැබ[නා.] අහස්තලය; නභස්ථලය; අහස.
නුබමිණිකුල[නා.ප්‍ර.] සූර්යවංශය; හිරු ගොත් කුලය.
නුබයා[නා.ප්‍ර.] අහසින් යෑම; ආකාශ ගමන.
නුබරඟ[නා.] අහස නැමැති රංග භූමිය; අහස.
නුබවත්[නා.ප්‍ර.] චන්ද්‍රයා; සඳ.
නුබසර[වි.] අහසෙහි සැරිසරන; අහසේ ගමන් කරන; නභශ්චර.
නුබසරණ[නා.ප්‍ර.] අහසෙහි සැරිසරන්නා; නභශ්වරයා.
නුබි[වි.] භය නැති; නොබිය වූ; නිර්භීත වූ; අභීත වූ.
නුබුන්[වි.] නොබිඳුණු; භින්න නොවූ.
නුබුන් වත්කම(පාරිභා.) [නා.] ගෙන ඇති සියලු ණය ආපසු ගෙවීමේ හැකියාව.
නුමුත[වි.] පහ නොවූ; නොමිදුණා වූ; මුක්ත නොවූ.
නුමුලා, නුමුළා1. [වි.] මුළා නොවී; නොරැවටී; නොවරදවා. 2. [වි.] අප්‍රමාදව; නොපමාව.
නුමුස්නා[වි.] නොමිදුණා වූ; යුක්ත වූ.
නුමුසු[වි.] අමිශ්‍ර වූ; මිශ්‍ර නැති; මුහු නොවූ.
නුමුසු හෝඩිය[නා.] අමිශ්‍ර හෝඩි; කව් ලැකියට අදාළ අක්ෂර මාලාව.
නුමුහුකළ1. [වි.] නොමේරූ; නොපිරුණු. 2. [වි.] මුසු නොකරන ලද.
නුමුහුන්, නුමුහුම්[වි.] අන්‍ය වර්ගයක් හා මිශ්‍ර වී නැති; පිරිසිදු.
නුයුන්[නා.ප්‍ර.] නයන; ඇස; නුවන; නෙත.
නුයුළ[වි.] අනුකූල; එකඟ.
නුරා[වි.] අනුරාගයෙන් යුත්; ස්නේහය සහිත; ඇල්මෙන් යුත්; අනුරාගී.
නුරාමත[නා.] අනුරාගය නමැති මත් බව; ස්නේහයෙන් මත් වීම.
නුරාව[නා.] අනුරාගය; ආදරය; ඇල්ම.
නුරාවෑරි[නා.ප්‍ර.] ඕපාදූප.
නුරාසිත[නා.] ස්නේහබර සිත; ආදර චිත්තය; අනුරාගී සිත.
නුරු[නා.ප්‍ර.] ගිගිරි; පාසලඹ; නුපුර; සිලම්බු.
නුරුරැවු, නුරුරැව්[නා.ප්‍ර.] ගිගිරි හඬ; නුපුර රාවය.
නුරුව[නා.] අනුරුව; සමාන දෙය; අනුරූපය; උපමාව.
නුරුවළ, නුරුවැළ[නා.] සළඹ; නුපුර; ගෙජ්ජි වැල; නුරුවළාව.
නුරුස්සනවා[ක්‍රි.] නොකැමති වෙනවා; නොකැමැත්ත දක්වනවා; රුචි නොවෙනවා; නොරිසි වෙනවා; නුරුස්සනවා.
නුලඹ[වි.] එල්බෙන්නා වූ; ලම්බමාන වූ.
නුලස්[ක්‍රි.වි.] ප්‍රමාද නොවී; අනලස්ව.
නුලෙළු[වි.] චංචල වූ; සෙලවන ලද; ලෙල දුන්.
නුවණ[නා.] ඥානය; නැණ.
නුවණ පෙරුම්[නා.ප්‍ර.] ප්‍රඥා පාරමිතාව; බුදුබව ලබන්නට පිරිය යුතු දස පෙරුම්දම් අතරින් සිවුවැන්න.
නුවණක්කාරකම[නා.] ඥානවන්තකම; නුවණින් කටයුතු කරන බව.
නුවණදත්[නා.ප්‍ර.] වයස අවුරුදු 18- 25 අතර හෝ ඊටත් පසු ව මෝදු වන දත් සතර.
නුවණැත්තා[නා.] ඥානවන්තයා; නුවණින් යුත් තැනැත්තා; නැණැතියා.
නුවණැති[නුවණ+ඇති] [වි.] නුවණ යුතු; ඥානවන්ත; නැණැති.
නුවණැස[නුවණ+ඇස] [නා.ප්‍ර.] නුවණ නැමැති ඇස; ප්‍රඥා චක්ෂුස.
නුවන[නා.] නයන; ඇස; නුවන; නෙත; නේත්‍රය.
නුවනග[නුවන්+අග] [නා.] නෙත් කොන; ඇස් කෙළවර.
නුවනඹ[නුවන්+අඹ] [නා.ප්‍ර.] ඇසින් ගලන දිය; කඳුළු; අශ්‍රැධාරා.
නුවනවිය[නුවන්+අවිය] 1. [නා.] ඇස නමැති ආයුධය; නේත්‍රායුධය. 2. [නා.] ඇස ආයුධයක් කොටගත් ඇත්තා; ඊශ්වරයා.
නුවන් ගහ[නා.] නඟුලේ කඳ; නඟුල් කඳ.
නුවන්තුන[නා.] නෙත් තුනක් ඇති දෙවියා; ඊශ්වර.
නුවන්තුන්ලිය[නා.] ඊශ්වර දෙවියන්ගේ භාර්යාව; උමා දෙවඟන.
නුවන්පිය[නා.ප්‍ර.] ඇසිපිය; නෙත්පිය.
නුවන්බර[නා.ප්‍ර.] නෙත් දොළසක් ඇත්තා; කඳ කුමරු; ස්කන්ධ දෙවි.
නුවන්රස[නා.ප්‍ර.] ඇස පිනවන දේ.
නුවන්සහස්[නා.ප්‍ර.] ඇස් දහසක් ඇත්තා; සක්දෙවි.
නුවන්සැල[නා.ප්‍ර.] ශක්‍ර දේවේන්ද්‍රයා; සක්දෙවිඳු.
නුවරදොර[නා.ප්‍ර.] නගරයට පිවිසෙන දොරටුව; නගර ද්වාරය.
නුවරවඩු[නා.ප්‍ර.] නගර නිර්මාණ ශිල්පියා.
නුවළනවා[ක්‍රි.] කළකිරෙනවා; උකටලී වෙනවා.
නුවාව[නා.] සිවුරෙහි වාටිය.
නුසර[නා.ප්‍ර.] සිහිය; සැමරුම; ස්මරණය.
නුසුදුසු[වි.] සුදුසු නොවූ; අයෝග්‍ය; නිසි නොවූ.
නුසුන්1. [වි.] සුන් නොවූ; නොසිඳුණු; අවිච්ඡින්න. 2. [වි.] සිස් නොවූ; ශුන්‍ය නොවූ.
නුසුව[නා.ප්‍ර.] සුවයක් නැතිවීම; රෝගය; අසනීපය.
නුහුගුණය[නා.] ඔල්මාදය; මානසික විකෘතිතාව.
නුහුණු[වි.] නොහැකි වූ; නුපුළුවන් වූ.
නුහුරු[වි.] හුරු නොවූ; හුරු නැති; නුපුරුදු.
නුහුරු පාහිනවා[ක්‍රි.] කුරුඳු පඳුරු නැවත සුද්ධ කරනවා.
නුහුරු බඳිනවා[ක්‍රි.] පසු පස්සෙන් එළවා යනවා; ලුහුබඳිනවා.
නුහුස්, නූස්[නො+උස්] [වි.] උස නොවූ; මිටි.
නුහුසු[නා.ප්‍ර.] ගෝනුස්සා. [වි.] උචිත නොවූ; යෝග්‍ය නොවූ.
නුහුසුරැස[නා.ප්‍ර.] (ජ්‍යෝති.) රාශි දොළසෙන් අටවැන්න; වෘශ්චික රාශිය.
නූගත්[වි.] ඉගෙනීමක් නැති; උගත්කමක් නොලැබූ.
නූතන[වි.] නවීන; අලුත්; අභිනව.
නූතන යුගය[නා.] මෑත කාල පරිච්ජේදය; වර්තමාන කාලය.
නූන[න+ඌන] [වි.] අඩුවක් නැති; ඌනතාවයක් නැති.
නූපුර[නා.ප්‍ර.] පාදාභරණ විශේෂයක්; පාදාංගය.
නූර්ති[නා.ප්‍ර.] සිංහල සංගීත නාට්‍ය විශේෂයක්.
නූරාව[නා.] (කථා.) මහා වැස්ස; අනෝරා වැස්ස; ඉවරයක් නැති වර්ෂාව.
නූල1. [නා.] කපු, සේද, පට, කෘත්‍රිම කෙඳි ආදිය අඹරා සාදාගන්නා යොත; හුය; සුත්‍රය. 2. [නා.] වඩුවැඩ ආදිය කරන්නන්ගේ මිණුම් ක්‍රමයක්; අඟලෙන් අටෙන් පංගුව.
නූල් කටිනවා[ක්‍රි.] කපු පුළුන් නූල්බවට පෙරළනවා.
නූල් කලඹ(පාරිභා.) [නා.] සම්මත ප්‍රමාණයකට එක් කොට බැඳුණු නූල් පොදිය.
නූල් කැටය[නා.] නූල් බෝලය.
නූල් කැටීම[නා.] රෙදි විවීම හා මැසීම සඳහා අවශ්‍ය පරිදි කපුවලින් නූල් සාදා ගැනීම.
නූල් කැරැල්ල[නා.] අවුල් නොවන සේ වළල්ලක් ආකාරයෙන් සකස් කරන නූල් වෙලුම.
නූල් ගහනවා[ක්‍රි.] ලී ඉරීමේ දී ලකුණු යොදනවා.
නූල් බඳිනවා[ක්‍රි.] පිරිත් කියවා පේකර ගැනීමෙන්, මන්ත්‍ර ජප කිරීමෙන් හෝ සකස් කළ නූල ගෙල, දකුණත, ඉණ ආදි තැන්වල බඳිනවා.
නූල් බෙරය(පාරිභා.) [නා.] වියන රෙද්දේ රටාවට අනු ව නූල් සකස් ව කර ගැනුමට උපයෝගී කරගන්නා උපකරණය.
නූල් බෝලය[නා.] ගෝලාකාරව නූල් එතීමෙන් සකස් කරන පන්දුව; නූල් පන්දුව.
නූල් මතුරනවා[ක්‍රි.] ශාන්ති කර්මයක් සඳහා නූලක් ජප කරනවා.
නූල් සැදය, නූල් හැදය[නා.] රෙද්දක් විවීමට යොදා ගන්නා දික් නූල් සමූහය.
නූල්මල[නා.ප්‍ර.] කපුවලින් සහ සේදවලින් සාදන නූල් කැරැල්ල.
නූල්රෝදය[නා.] කරකැවීමට හැකිවන පරිදි රවුම් ලී බටයක් වැනි දෙයක ඔතන ලද නූල් පන්දුව.
නෘ[නා.ප්‍ර.] නර; මනුෂ්‍ය.
නෘත්‍ය1. [නා.ප්‍ර.] තාලාන්විත ව කරන නැටීම. 2. [නා.ප්‍ර.] රඟ දැක්වීම; නාට්‍යය; නැටුම් විශේෂයක්.
නෘත්‍ය ශාලාව[නා.] නාට්‍යදිය රඟ දක්වන ශාලාව; නාට්‍ය ශාලාව; නැටුම් හල.
නෘත්‍යගීත, නෘත්‍යගීතිකා[නා.ප්‍ර.] නැටුම් හා ගැයුම්; රඟ දැක්වීම හා ගායනය.
නෘත්‍යු[නා.ප්‍ර.] රඟපාන ස්ත්‍රිය; නාටිකාංගනාව; නිළිය.
නෘදේව[නා.ප්‍ර.] මනුෂ්‍ය දේවයා; රජ.
නෘපස්ත්‍රී[නා.ප්‍ර.] රාජකීය කාන්තාව; බිසොව; රාජ කුමාරිකාව.
නෘපාසනය[නා.] රජු හිඳගන්නා අසුන; සිංහනාසනය.
නෘමානය[නා.] කඩවසම් පෙනුම; ආරෝහ සම්පත්තිය.
නෘයුග්මය[නා.] රාශි දොළහෙන් එකක්; මිථුන රාශිය.
නෘවර[නා.ප්‍ර.] උතුම් පුද්ගලයා; මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨයා හෝ ප්‍රධානයා; රජ.
නෘසිංහ1. [නා.ප්‍ර.] විෂ්ණුගේ දශ අවතාර වලින් එකක් වන නරසිංහ ස්වරූපය. 2. [නා.ප්‍ර.] සිංහයකු වැනි මනුෂ්‍යයා; නිර්භීත මිනිසා.
නෙ[වි.] අනේක; බොහෝ.
නෙක, නෙක්[වි.] නොයෙක්; අනේක; බොහෝ.
නෙකත[නා.] ඇතින්න; හස්තිනී.
නෙකතුරු[නා.ප්‍ර.] නොයෙක්; අනතුරු; නානාවිධ උපද්‍රව,
නෙකරඟ[වි.] නොයෙක් ආකාර.
නෙකවග[වි.] නොයෙක් වර්ග.
නෙක්ඛම්ම[නා.ප්‍ර.] ගිහිගෙන් නික්මීම; ගෘහවාසය හැර දැමීම; නෛෂ්ක්‍රම්‍යය.
නෙක්නෙත්[නා.ප්‍ර.] අනන්ත නාගරාජයා.
නෙත[නා.] දර්ශනේන්ද්‍රිය; නේත්‍රය; ඇස.
නෙතග[නෙත්+අග] [නා.ප්‍ර.] ඇස් කෙළවර; නෙත් කොන.
නෙතඳුන[නෙත්+අඳුන] [නා.] ඇසෙහි ගල්වන අඳුන; නේත්‍රාඤ්ජනය.
නෙතඳුර[නෙත්+අඳුර] [නා.] ඇස් පෙනීම අඩු වීම; ඇස් ඇඳිරිය.
නෙත් පූජාව, නේත්‍ර පූජාව[නා.] බුදුරදුන් සිරිමා බෝරුකට කළ නේත්‍ර පූජාව; අනිමිසලෝචන පූජාව.
නෙත් සැරය[නා.] ඇස නමැති ඊතලය.
නෙත්අට[නා.ප්‍ර.] නෙත් අටක් ඇත්තා; මහා බ්‍රහ්මයා.
නෙත්කලු, නෙත්කල්[වි.] නෙත් පිනවන; ඇසට ප්‍රිය.
නෙත්ත[නා.ප්‍ර.] නෘත්‍යය; නැටීම.
නෙත්තම්[නා.ප්‍ර.] ප්‍රතිමාවල නෙත් තැබීම; නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය.
නෙත්ති1. [නා.ප්‍ර.] හික්මවිය යුතු ජනයා ලොවුතුරා දහමට පමුණුවන ධර්ම ශාස්ත්‍රය;බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය. 2. [නා.ප්‍ර.] කුඹුරුවලට ඇළ මාර්ගයෙන් ජලය සපයන්නා; දියාළුවා; උදකභාරකයා.
නෙත්ති කානුව1. [නා.] කුඩා හරස් කානු හා සම්බන්ධ මහා කානුව. 2. [නා.] කිරි පොල් කට්ටට වැටීම සඳහා රබර් ගසේ පොත්තෙහි කපන කැපුම.
නෙත්ති ලෑල්ල[නා.] පාරුවේ අද්දර ලෑල්ල.
නෙත්ති ශාස්ත්‍රය[නා.] බුදු දහමෙහි අර්ථ විමසීම පිණිස නෙත්තිප්පකරණයෙහි දක්වා ඇති න්‍යාය ක්‍රමය.
නෙත්ති සන්ධි(පාරිභා.) [නා.ප්‍ර.] අතුල් පතුල් ක්‍රියා කැරවිය හැකි සේ පිහිටා ඇති මැණික්කටු සන්ධි සහ වළලුකර සන්ධි; ප්‍රසර්පණ සන්ධි.
නෙත්තිප්පකරණය[නා.] මහා කච්චයාන නම් රහත් හිමි නම විසින් විරචිත යයි සලකනු ලබන න්‍යාය ඇතුළත් ත්‍රිපිටකයට අයත් ග්‍රන්ථයේ නාමය.
නෙත්තිය1. [නා.] අද්දර; ගැටිය; කෙළවර. 2. [නා.] කුඩ; පෙරමුණ; ඉදිරිය. 3. [නා.] නළය.
නෙත්දළ[නා.ප්‍ර.] ජටාවෙහි නේත්‍රයක් ඇත්තා වන ඊශ්වර දෙවි; තිනෙත්.
නෙත්සඟළ[නා.ප්‍ර.] ඇස් දෙක; දෙ ඇස.
නෙතුයුග[නා.ප්‍ර.] ඇස් දෙක; දෙනෙත.
නෙදිගු[නා.ප්‍ර.] නොයෙක් දිශා; විවිධ දිශා.
නෙමටෝඩාවා[නා.] ක්ෂුද්‍ර පණු විශේෂයක්;පට පණුවා.
නෙමිය, නේමිය1. [නා.] රෝදයක් වටා ඇති පට්ටම; නිම් වළල්ල. 2. [නා.] වෘත්තයක කවාකාර සටහන.
නෙය, නේය[වි.] නුවණ මෙහෙයා දත යුතු; අවබෝධ කටයුතු; පැමිණවිය යුතු; අධ්‍යාහාර වශයෙන් ගත යුතු.
නෙය්‍ය[වි.] පැමිණිය යුතු; යොමුවිය යුතු; (ආර්ය මාර්ග ඵලාධිගමය පිණිස) මෙහෙයවිය යුතු.
නෙයියාඩම[නා.] විකට කෙළිනළුව; නැටුම; විගඩම; විහිළුතහළුව.
නෙර[නා.] අකුලෙන් වැසුණු තැන; කැලෑව; වනය.
නෙරනවා1. [ක්‍රි.] පන්නා දමනවා; එ