Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 265

අපේ බුදුහාමුදුරුවෝ 265 (සන්තිකේ නිධානය)   සත්සතිය 05 -04 පුරුෂයින්ගේ දුබලකම් බුදුවරයෙකු තුලින් සෙවූ මාර දුතියෝ. කැලයේ සිටින මහා ඇත්රාජයෙකු වෙත යවනු ලැබූ ගණිකා ඇතින්නියන් ස්ත්‍රී භාව දර්ශණයෙන් පොළඹවා එම ඇත් රාජයාව බැඳගෙන එත්ද එලෙසම අප ඔහුව රාග බැම්මෙන් බැඳ ඔබවෙත ගෙන එන්නෙමු යැයි තම පියාණන් හට දුන් පොරොන්දුව ඉෂ්ඨ

Read More »

Ape Budu Hamuduruwo 266

අපේ බුදුහාමුදුරුවෝ 266 (සන්තිකේ නිධානය)   සත්සතිය 05 -05 භාග්‍යවතුන් වහන්සේ ගුරුවරයකු පත්කර ගැනීම අජපල් රුක් මුලැ මෙසේ රහසිගතව විවේකව හුන්නාවූ බුදුරජාණන් වහන්සේ වහන්සේට මෙලෙස කල්පනාවක් පහල වූ බව පසුකලෙක සද්‍ධම්ම ගරුක සුත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස හමුවේ දේශණා කරනවා. “මහණෙනි ගුරුවරයෙකු නැතිව, වැඩි මහල්ලෙකු නැතිව, වාසය කරයිද, එය දුකකි.

Read More »

Ape Budu Hamuduruwo 267

අපේ බුදුහාමුදුරුවෝ 267 (සන්තිකේ නිධානය)   සත්සතිය 05 -06 මංගල ධර්ම දේශණය නොවූ ප්‍රථම දේශණය සහ බුදුරජාණන් වහන්සේට එල්ල වූ ප්‍රථම චෝදනාව බදුරජාණන් වහන්සේ තව දුරටත් උරුවේලාවෙහි, නේරඤ්ජරා නදී තීරයෙහි, අජපල් නුග රුක මුල වාසය කරමින් සිටියා. උරුවෙලාවෙහි නමෙහි නමෙහි අර්ථය උරුවෙලා යනු මහාතලයයි, මහවැලිගොඩය යන අර්ථයයි, නැතහොත් උරු යනු

Read More »

Ape Budu Hamuduruwo 268

අපේ බුදුහාමුදුරුවෝ 268 (සන්තිකේ නිධානය)   සත්සතිය 06 මුචලින්ද නාග දරණ මුචලින්ද නමෙහි තේරුම සයවන සතියෙහි අප මහා බුදුපියාණන් වහන්සේ උරුවේලාවෙහි නෙරඤ්ජරා ගංතෙර මුචලින්ද නම් වූ ගසක් මුලට වැඩම කළා. මුචලින්ද යන වචනයට අර්ථ කිහිපයක්ම අට්ඨ කතාවෙහි සදහන් වෙනවා. මුලින්ම මුචලින්ද නම් මිදෙල්ල ගස හඳුන්වන නමක් ලෙසින් හඳුන්වනවා. එය නිචූලයිද

Read More »

Ape Budu Hamuduruwo 269

අපේ බුදුහාමුදුරුවෝ 269 (සන්තිකේ නිධානය)   සත්සතිය 07 සත්වන සතිය  සවන සතියෙන් පසු බුදුරජාණන් වහන්සේ නුදුරෙහි වූ කිරිපලු රුක වෙත වැඩ එහි සමවත් සුව විඳිමින් සතියක් වැඩ සිටියා. මෙලෙස සත් සතිය හෙවත් බුද්ධත්වයෙන් පසු දින හතලිස් නවයක් ගතවී තිබුණා. බුදු වූ තැන් පටන් කොට ගත වූ සත් සතියෙහි භාග්‍යවතුන් වහන්සේ

Read More »

Ape Budu Hamuduruwo 270

අපේ බුදුහාමුදුරුවෝ 270 (සන්තිකේ නිධානය)   අටවන සතිය සාම්පතී මහා බ්‍රහ්ම රාජෝත්තමයන් වහන්සේ විසින් ලෝකසත්වයා වෙනුවෙන් ධර්මය දේශණා කිරීමට ආරාධනය කිරීම භාග්‍යවතුන් වහන්සේ කිරිපලු රුක් මුලින් නැගිට යලිත් අජපාල නුගරුක වෙත වැඩම කරනු ලැබුවා. ඒ රුක්මුලැ ඉන්නා උන් වහන්සේට මෙලෙස කලපනාවක් පහලවුණා. ඒ පිළිබඳව බුද්ධ දේශණාවෙන්ම “අරියපරියෙසන සූත්‍රය” ඇසුරෙන් මෙලෙස

Read More »

Ape Budu Hamuduruwo 271

අපේ බුදුහාමුදුරුවෝ 271 (සන්තිකේ නිධානය)   මංගල ධර්ම දේශණය සඳහා සුදුස්සන් සෙවීම මෙලෙස ලෝක ධර්මතාවයනට අනුව බුදුරජාණන් වහන්සේට ආරාධනය කරනු ලැබූ සහම්පතී මහා බ්‍රහ්මරාජෝත්තමයන් වහන්සේ නික්ම ගිය පසු අප තථාගත බුදුපියාණන් වහන්සේ විසින් මහත් වූ කරුණාවෙන් යුක්තව මෙලෙස ලොව දෙස බලන්නට විය. එය තවදුරටත් සුත්‍ර දේශනාවේ උන්වහන්සේගේ වචනයෙන්ම මෙලෙස විස්තර

Read More »

Ape Budu Hamuduruwo 272

අපේ බුදුහාමුදුරුවෝ 272 (සන්තිකේ නිධානය)   “රහත් බවට පත් මා වැන්නෝ ඒකාන්තයෙන් ජින නම් වෙති. උපකය, සියලු පාපයෝ මා විසින් දිනන ලදහ. එ හෙයින් මම ජින වෙමි” යි යනුවෙන් වදාරනු ලැබුවා. එය ඇසූ උපක ආජීවකයා “එසේත් විය හැකි යි, ඇවැත්නි” යි කියා හිස සලා භාග්‍යවතුන් වහන්සේට වඩිනට මඟ හැරැ (පාරෙන්

Read More »

Ape Budu Hamuduruwo 273

අපේ බුදුහාමුදුරුවෝ 273 (සන්තිකේ නිධානය)   ප්‍රථම මහා සමාගම සහ මංගල ධර්ම දේශණය ආරම්භය දස දහසක් සක්වළ ගිගුම්දුන් දම්සක්පැවතුම් දේශනාවේ ප්‍රථම හඬ මෙලෙස අප මහා බුදුපියාණන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි වූ මිගදාය නම් වූ ඉසිපතනාරාමයට වැඩම කරනු ලැබුවා. ඒ සරාසන්ඛේයිය කල්පලක්ෂයක් පෙරුම් පුරා අප තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ලෝක සත්වයා

Read More »

Ape Budu Hamuduruwo 274

අපේ බුදුහාමුදුරුවෝ 274 (සන්තිකේ නිධානය)   මංගල ධර්ම දේශනයට ප්‍රථම කරනු ලැබූ ප්‍රථම අවවාදය දීපංකර සර්වඥ පාද මූලයෙහිදී කරන ලද ප්‍රාර්ථනාවෙහි පටන් පාරමිතා පුරමින් අනුපිළිවෙළින් පැමිණ අවසාන භවයෙහිදී සක්විති කිරුළ, ප්‍රියාදර බිරිඳ, කුළුදුල් දරුවා ආදී ලෞකික ජීවිතයක ලැබිය හැකි උතුම්ම වස්තූන් හැර දා අබිනික්මන් කොට අනු පිළිවෙළින් බෝ මැඩ වෙත

Read More »

Ape Budu Hamuduruwo 275

අපේ බුදුහාමුදුරුවෝ 275 (සන්තිකේ නිධානය)   මංගල ධර්ම දේශනයට මිට ඉහත කී පරදී ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් මුලුන්ම දේශනා කරනු ලැබුවේ අවවාදයක්. ඒ නිර්වාන මාර්ගය සඳහා පිවිසීමේදී අත්හළ යුතු අන්ත දෙක පිළිබඳවයි. ඉන් අනතුරුව නිර්වානය ශාක්ෂාත් කරගත හැකි මෙතෙක් වැළලී පවතී සත්‍යතා පිළිබඳවත් එම සත්‍යතා අවබෝධය තුලින් පියමැනිය යුතු මැදුම්

Read More »

Ape Budu Hamuduruwo 276

අපේ බුදුහාමුදුරුවෝ 276 (සන්තිකේ නිධානය)   ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 01 ප්‍රථම සෝවාන් පුද්ගලයා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ එදින මුලින් ම මාර්ගඵල ප්‍රාප්ත ශ්‍රාවක යා යි. එම නිසා උන්වහන්සේ ට අඤ්ඤාකොණ්ඩඤ්ඤ, අඤ්ඤාසිකොණ්ඩඤ්ඤ යැ යි ද කියනු ලබනවා. ආඥාතකොණ්ඩිණ්‍ය යනු දඹදිව සියලූ සංස්කෘත පොත්හි එක සේ ම

Read More »

Ape Budu Hamuduruwo 277

අපේ බුදුහාමුදුරුවෝ 277 (සන්තිකේ නිධානය)   ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 02 කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුන්ගෙන් සමුගෙන ඡද්දන්ත වනයේ මන්දාකිනි විල්තෙරට වැඩම කිරීම. අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ භික්ෂු භාවය ලැබුවායින් පස්සේ ජීවත්වීමට හැකියාව ලැබුනේ අවුරුදු දොළහක් වැනි ඉතාමත් සුළු කාල පරිච්චේදයක්. ඒ සුළු කාල පරිච්චේදය උන්වහන්සේ කොහේ

Read More »

Ape Budu Hamuduruwo 278

අපේ බුදුහාමුදුරුවෝ 278 (සන්තිකේ නිධානය)   ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 03 හස්තයන්ගේ උන්සුම් පිළිගැනීම පාත්‍ර සිවුරු රැගෙන ඡද්දන්ත වනයෙ මන්දාකිනී ඉවුරට වැඩිය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දෙස ඡද්දන්ත ඇත් රාජයා සහ පිරිවර බලා සිටියා. පෙර පසේ බුදුවරුන්ගේ සිරිතට අනුව ඇති කර ගත් පුරුද්ද සහිත අට දහසක්

Read More »

Ape Budu Hamuduruwo 279

අපේ බුදුහාමුදුරුවෝ 279 (සන්තිකේ නිධානය)   ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 04 බුද්‍ධානුබුද්‍ධ නම් වූ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ නාගදත්ත දිව්‍ය පුත්‍රයාගේ දානය කෛලාස පර්වතයෙහි නාගදත්ත නම් දිව්‍ය පුත්‍රයෙක් වාසය කරනු ලබනවා. තෙරුන් වහන්සේ කලින් කල ඔහුගේ විමන් දොරටුව වෙත යන්නට පුරුදු වෙලා සිටියා. එවිට ඒ දිව්‍ය

Read More »

Ape Budu Hamuduruwo 280

අපේ බුදුහාමුදුරුවෝ 280 (සන්තිකේ නිධානය)   ප්‍රථම මාර්ගඵලලාභී කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු 05 පිරිනිවීම මෙසේ මහජනයාට අවවාද කොට මහා ජනයා බලා සිටියදී ම අහසට නැග එහිම අතුරුදන් වූ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මන්දාකිනී විල අසලින් මතු වුනේ තත්පර කිහිපයකින්. එහි බැස එම විලෙන්ම පැන් පහසු වී සිවුරු හැඳ

Read More »

Ape Budu Hamuduruwo 281

අපේ බුදුහාමුදුරුවෝ 281 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 01 ගන්ධමාදන පව්ව, සුළුකළු පව්ව, මහකළු පව්ව, නාවෙළුම, සඳගැබ, හිරුගැබ, රන් පස, හිමවත යන පව් හතම හිමාලයේ පිහිටා තිබුනා . ගන්ධමාදන පව්ව මෙම කඳු සියල්ල ඉක්මවා සිටින බව පවසනවා. මෙහි නන්දමූලක නම් තැන පසේ බුදුවරයන් වසන තැනයි.

Read More »

Ape Budu Hamuduruwo 282

අපේ බුදුහාමුදුරුවෝ 282 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 02 යක්ෂ සේනාධිපතීන් හට ආවේණික මෙවැනි කරුණක් තිබුනා. එනම් ඒ ඒ මාසයෙහි අටවන දිනයෙහි, යම් යම් කරුණු පිළිබඳ තීරණ ගැනීමට හිමාලයෙහි, රත්හිරියල් තලාවෙහි භගලවතී පව්වෙහි දෙවියන්ගේ රැස්වීමකට සහභාගි විය යුතුව තිබුණා. සාතාගිර සහ හේමවත පැරණි මිත්‍රයන් එහිදී

Read More »

Ape Budu Hamuduruwo 283

අපේ බුදුහාමුදුරුවෝ 283 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 03 මලෙස සාතාගිරි ඇතුළු පිරිස බුදුන් වෙති ඉවත්වුනේ තම හේමවත මිතුරාවත් රැගෙන ධර්මශ්‍රවණය සඳහා පැමිනිමටයි. දෙතිස් පෙරනිමිති බෝසත් කුමරු ඉපදීමේදී, අභිනිශ්ක්‍රමනයේදී සහ බුදුවිමේදී බොහෝ වේලාවක් නොපැවතුනත්, දම්සක් පවත්වනවිටදී ඊට වෙනස්ව ඒ පෙරනිමිති බොහෝ වෙලාවක් පැවතියා. මුළු හිමාලයම

Read More »

Ape Budu Hamuduruwo 284

අපේ බුදුහාමුදුරුවෝ 284 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 04 යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. මීට ඉහත කි පරිදී රජගහ නුවර ඉහල අහසේ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනාව සාතාගිරි යක්ෂ සේනාධිපතියා විසින්

Read More »

Ape Budu Hamuduruwo 285

අපේ බුදුහාමුදුරුවෝ 285 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 05 යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 02 ඒ දින රජගහ නුවර විශේෂ උත්සව පැවැත්වූ කාලයට අයත් දිනයක් කියා මිට පෙර ලීවා. දම්සක්

Read More »

Ape Budu Hamuduruwo 286

අපේ බුදුහාමුදුරුවෝ 286 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 06 යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 03 පියුමුතුරා බුදුන්වහන්සේන්ගේ කාලයෙහි සොණ තෙරුන් වහන්සේද ඉපිද අන් අය සමගින් බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් බණ

Read More »

Ape Budu Hamuduruwo 287

අපේ බුදුහාමුදුරුවෝ 287 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 07 යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 04 පසුගිය පුරා මසකට වැඩිකාලයක් පුරාවට සංවිධානය කරනු ලැබූ බුදුගුණ සත්‍යක්‍රියාව නිසාඅපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙළ ඇන හිටීම

Read More »

Ape Budu Hamuduruwo 288

අපේ බුදුහාමුදුරුවෝ 288 (සන්තිකේ නිධානය)   බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 08 දෙවෙනි ධර්ම දේශනාව මීට පෙර විස්තර කල පරිදී බරණැස් නුවර අහසෙහි එකිනෙක මුණගැසී බුදුරජාණන් වහන්සේ ගැන ගුනකතනයක යෙදුනු සතගිරි සහ හේමවත යක්ෂ සේනාධිපතියන් සහ ඔවුන්ගේ පිරිවර වෙසක් පුරපසොලොස්වක දිනට පසුදින අහසින්ම ඉසිපතයට පැමිණියා. පැමිණ දම්සක් පැවැත්තු

Read More »