අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 217
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)217 අසිරිමත් බුදුගුණ වරුණ 10 උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 04 අවකාශලෝකය බුදුරජාණන් වහන්සේ ඉහතින් සඳහන් කල සත්ව ලෝක සංස්කාර ලෝක මෙන්ම අවකාශලෝකය ගැනත් හොඳින්ම දැන සිටියා. මා හට ඇති මහත් වූ ගැටලුව නම් ඒ පිළිබඳව වදාරා ඇති එක් සුත්‍ර දේශනාවක් පවා එක් ලිපියක් සදහා
Ape Budu Hamuduruwo 218
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)218 අසිරිමත් බුදුගුණ වරුණ 11 උන්වහන්සේ මෙසේ “අනුත්තර” නම් වූ සේක. “තථාගතයන් වහන්සේ ගුණයෙන් තමන්වහන්සේට වඩා විශිෂ්ටතර වූ කිසිවකු නැති බැවින් අනුත්තර වන සේක.” යනුවෙන් අනුත්තර නම් ගුණය කෙටියෙන් විශුද්ධි මාර්ගයේ හඳුන්වා තිබෙනවා. “අනුත්තරෝ පුරිසදම්මසාරථී” නමින් බුදුරජාණන් වහන්සේගේ ගුණයක් ලෙස මෙම පද අර්ථ ගැන්නුවත් වෙන් වෙන්
Ape Budu Hamuduruwo 219
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)219 අසිරිමත් බුදුගුණ වරුණ 12 උන්වහන්සේ මෙසේ “අනුත්තර පුරිසදම්මසාරථී” නම් වූ සේක. මීට පෙර ලිපියේ සඳහන් වුනේ ” අනුත්තරෝ පුරිසධම්ම සාරථි” ගුණයේ “අනුත්තර” ගුණය පිළිබඳවයි. උන්වහන්සේට වඩා ගුණයෙන් උසස් කිසිවෙක් මෙන්ම උන්වහන්සේට සමාන කෙනකුත් තුන්ලොවෙහිම නැති හෙයින්, අනුත්තර නම් වන බව දැනගත්තා. ලෝකයෙහි කායබල ධනබල ඥානබල
Ape Budu Hamuduruwo 220
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)220 අසිරිමත් බුදුගුණ වරුණ 13 උන්වහන්සේ මෙසේ “සත්‍ථා දෙවමනුස්සාන” නම් වූ සේක. සත්ථා යනුවෙන් අදහස් වන්නේ ශාස්තෘ යන්නයි. දෙවිමිනිසුන් සහිත ලෝකයාට ශාස්තෘ (අනුශාසනා කරන්නේ යැයි) යන අරුතින් සත්ථා නම් වේ. භාග්‍යවතුන් වහන්සේ දෙවිමිනිසුන්ට ශාස්තෘ වනවා. උන් වහන්සේ කවර අර්‍ථයෙකින් ශාස්තෘ වන්නේද යන්න තව පැහැදිලි කරමින් විශුද්ධි
Ape Budu Hamuduruwo 221
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)221 අසිරිමත් බුදුගුණ වරුණ 14 උන්වහන්සේ මෙසේ “බුද්ධො” නම් වූ සේක. ‘කවර අර්‍ථයෙකින් බුද්ධ නම් වේ ද? යන්න විශුද්ධි මාර්ගයේ මෙලෙස දක්වනවා. දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් බුද්ධ නම් වන සේක. (“සියලු කෙලෙසුන් කෙරෙන් මුක්ත වන හෙයින්
Ape Budu Hamuduruwo 222
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)222 අසිරිමත් බුදුගුණ වරුණ 15 ෂට් අසාධාරණ ඤාණ 01 ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණං බුද්ධ ඤාණං සත්තානං ආසයානුසයේ ඤාණං බුද්ධ ඤාණං යමකපාටිහාරියේ ඤාණං බුද්ධ ඤාණං මහාකරුණා සමාපත්තියා ඤාණං බුද්ධ ඤාණං සබ්බඤ්ඞ්ත ඤාණං බුද්ධ ඤාණං අනාවරණ ඤාණං බුද්ධ ඤාණං ඉමානි චුද්දස බුද්ධඤාණානි, ඉමේසං අට්ඨ ඤාණානි සාවක සාධාරණානි – ඡ ̃ඤාණානි
Ape Budu Hamuduruwo 223
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)223 අසිරිමත් බුදුගුණ වරුණ 16 ෂට් අසාධාරණ ඤාණ 02 මැදියම් රාත්‍රිය ආසන්න වනවිට දැනෙන අධික වෙහෙස මහන්සිය නිදිමත, ලිපිය දිර්ඝවිම වැනි කරුණු නිසා සමහර කරුණු නොලියා අතහැරෙනවා. ඒත් පහුවදාට ඒ පිළිබඳව සිත දොස් කියනවා. පෙර දින ලිපියෙත් ඒ දේම සිද්ධ වුනා. ඒ පිළිබඳව චිත්ත සන්තානයේ පැන
Ape Budu Hamuduruwo 224
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)224 අසිරිමත් බුදුගුණ වරුණ 17 ෂට් අසාධාරණ ඤාණ 03 ඔබ මිට පෙර දෙවිසි ඉන්ද්‍රිය ධර්ම සහ ඒ අතරෙහි ඇති පංච ඉන්ද්‍රිය ධර්ම ගැන ද කෙටියෙන් දැනගත්තා. දැන් කියන්නට යන්නේ සම්මා සම්බුදුවරයෙකු විසින් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඤාණයෙහි අනුභාවයෙන් පංච ඉන්ද්‍රිය ධර්මද යුගල වශයෙන් පහකටද ප්‍රභේධ වශයෙන් පනහකටද තව
Ape Budu Hamuduruwo 225
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)225 අසිරිමත් බුදුගුණ වරුණ 18 ෂට් අසාධාරණ ඤාණ 04 බුදුවරු ද පසසන, නිවණට ද කැන්දන, ඔබ සතුවියම යුතු ධනය අචල ශ්‍රද්ධාව පිළිබඳව. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසීම හෝ චතුරාර්ය සත්‍ය අවබෝධයට හෝ කැමැති පුද්ගලයා මුලින් ශ්‍රද්ධාවට පැමිණිය යුතු වනවා. ඒ ශ්‍රද්ධාව වැඩි දියුණු කරගෙන ශ්‍රද්ධා ධනයක් බවට
Ape Budu Hamuduruwo 226
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)226 අසිරිමත් බුදුගුණ වරුණ 19 ෂට් අසාධාරණ ඤාණ 05 බුදුවරු ද පසසන, නිවණට ද කැන්දන, ඔබ සතුවියම යුතු ධනය අචල ශ්‍රද්ධාව පිළිබඳව 02 සද්ධහන ලක්ඛණ සද්ධා සද්ධහන ලක්ඛණ සද්ධා කියන්නේ තුනුරුවන්ගේ ගුණය හදවතින්ම පිළිගැනීම. සම්පසාදන ලක්ඛණ සද්ධා සමෙවන් ශ්‍රද්ධාවට පැමිණි තැනැත්තා සෑම කටයුත්තක දී ම, තුනුරුවන්ගේම
Ape Budu Hamuduruwo 227
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)227 ෂට් අසාධාරණ ඤාණ 06 අසිරිමත් බුදුගුණ වරුණ 21 ආසයානුසයේ ඤාණය කතමං තථාගතස්ස සත්තානං ආසයානුසයේ ඤාණං තථාගතයන් වහන්සේගේ සන්තානයේ පිහිටි සත්වයන් පිළිබඳ ආසයානුසයේ ඤාණය නම් කුමක් ද? ඉධ තථාගතෝ සත්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත්තිං ජානාති, භබ්බාභබ්බේ සත්තේ පජානාති. මේ ආසයානුසයේ ඤාණයට මාතෘකාවයි. තථාගතයන් වහන්සේ
Ape Budu Hamuduruwo 228
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)228 ෂට් අසාධාරණ ඤාණ 07 අසිරිමත් බුදුගුණ වරුණ 22 03 යමක ප්‍රාතිහාර්ය ඤාණය. හැඳින්වීම ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අසාධාරණ ඤාණ හය අතරින් තුන්වන ඤාණය, යමක මහා ප්‍රාතිහාර්ය ඤාණයයි. ප්‍රතිහාර්ය ද්වයක් එකවර එකවිට දැක්වීමට ශක්‍යතාවය උදාකරන ඥානය යමක ප්‍රතිහාර්ය ඥානය ලෙස හඳුන්වනව. මෙය සම්මා බුදුරජාණන්
Ape Budu Hamuduruwo 229
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)229 ෂට් අසාධාරණ ඤාණ 08 අසිරිමත් බුදුගුණ වරුණ 23 මහාකරුණා සමාපත්ති ඤාණය 01 මහාකරුණා සමාපත්ති ඤාණය කියාපුවාම අපේ සන්තානවලට ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මැවී පෙනෙනව. ඒ කුමක් නිසාද? දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාරයක් ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මහාකරුණා සමාපත්තියට සමවදිනවා. භාග්‍යවතුන් වහන්සේගේ තිබුණ, පංචවිධ බුද්ධ
Ape Budu Hamuduruwo 230
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)230 ෂට් අසාධාරණ ඤාණ 09 අසිරිමත් බුදුගුණ වරුණ 24 මහාකරුණා සමාපත්ති ඤාණය 02 තථාගතයන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඤාණය නම් කවරේද? නොයෙක් ආකාරයෙන් ලොව දක්නාවූ භාග්‍යවත් බුදුවරයන් වහන්සේලාට සත්වයන් කෙරෙහි මහා කරුණාව පහළ වෙනවා. එය පටිසම්භිදාමග්ගපාළියෙහි සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙලෙස වර්ගකොට බෙදා දක්වා තිබෙනවා. 1. ආදිත්තෝ
Ape Budu Hamuduruwo 231
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)231 ෂට් අසාධාරණ ඤාණ 10 අසිරිමත් බුදුගුණ වරුණ 25 මහාකරුණා සමාපත්ති ඤාණය 03 අසරණිභූතෝ ලෝකසන්නිවාසෝ උපතින්ම මේ ලෝක සත්වයා අසරණයි. උපතින්ම තමාට තමා පිහිටක් නැති හැටියට උපන්නා. මේ උපන්න අසරණ ජීවිතය, අසරණව ගෙවල, අසරණව පරලොව යනව. අසරණව මේ සංසාර කාන්තාරයේ එහා මෙහා සැරිසරනව කියා සිහිපත් කරමින්
Ape Budu Hamuduruwo 232
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)232 ෂට් අසාධාරණ ඤාණ 11 අසිරිමත් බුදුගුණ වරුණ 26 මහාකරුණා සමාපත්ති ඤාණය 04 “තණ්හාජාලේන ඔත්ථටෝ ලෝකසන්නිවාසෝ” වටු වැද්දෙක් වටු රංචුවකට දැලක් දැම්මා වාගේ තෘෂ්ණා නැමති දැලෙන් වටවෙලා ඉන්නවා මේ ලෝක සත්වයා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව. “තණහාසෝතේන වුයිහති ලෝකසන්නිවාසෝ ….. ගංගාවකට
Ape Budu Hamuduruwo 233
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)233 ෂට් අසාධාරණ ඤාණ 12 අසිරිමත් බුදුගුණ වරුණ 27 මහාකරුණා සමාපත්ති ඤාණය 05 ජරාපාකාරපරික්ඛිත්තෝ ලෝකසන්නිවාසෝ….. ලෝක සත්වයා “ජරා නැමති පවුරකින් (ප්‍රාකාරයකන්) වටවෙලා වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව. “මච්චුපාසේන පරික්ඛිත්තෝ ලෝකසන්නිවාසෝ….. මේ ලෝක සත්වයා මරණය
Ape Budu Hamuduruwo 234
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)234 ෂට් අසාධාරණ ඤාණ 13 අසිරිමත් බුදුගුණ වරුණ 28 මහාකරුණා සමාපත්ති ඤාණය 06 “උන්තීතකෝ ලෝකසන්නිවාසෝ භඤ්ඤති නිච්චමතාණෝ පත්තදණ්ඩෝ තක්කරෝති….. වදයට නියම වුනා වූ පුද්ගලයෙකුට තමා කළ රාජ අපරාධයට අනුරූපව වද විඳින්නාක් මෙන්, මේ ලෝක සත්වයා උපන්න දා පටන් වද විඳිනව. උපන්න දා පටන් හුස්ම ගන්නව, හෙලනව,
Ape Budu Hamuduruwo 235
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)235 ෂට් අසාධාරණ ඤාණ 14 අසිරිමත් බුදුගුණ වරුණ 29 මහාකරුණා සමාපත්ති ඤාණය 07 “පඤ්චහි නිවරණෙහි ඔත්ථටෝ ලෝකසන්නිවාසෝ …. මේ ලෝක සත්වයා 1.කාමච්ඡන්ද නීවරණය 2.ව්‍යාපාද නීවරණය 3. ථීන මිද්ධ නීවරණය 4. උද්ධච්ච කුක්‌කුච්ච නීවරණය 5. විචිකිච්ඡා නීවරණය කියන පංචනීවරණයන්ගෙන් බැඳීගෙන ආවරණ වී ගෙන වාසය කරනවා. මේ අසරණ
Ape Budu Hamuduruwo 236
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)236 ෂට් අසාධාරණ ඤාණ 15 අසිරිමත් බුදුගුණ වරුණ 30 අසූනව ආකාර වූ මහා කරුණා සමාපත්ති ඤාණ විග්‍රහය 08 (අවසන් කොටස) දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතෝ ලෝකසන්නිවසේ….. මේ ලෝක සත්වයා දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියකින් සමන්නාගතව වාසය කරනවා. දසවත්ථුකාය අත්තග්ගාහිකාය, දිට්ඨියා, සමන්නාගතෝ ලෝකසන්නිවාසෝ…. ලෝක සත්වයා අන්ත්‍රග්‍රාහික මිත්‍යා දෘෂ්ටි දහයකින් බැඳීගෙන වාසය
Ape Budu Hamuduruwo 237
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)237 ෂට් අසාධාරණ ඤාණ 16 අසිරිමත් බුදුගුණ වරුණ 31 අනාවරණ ඤාණය 01 තෙසැත්තෑ ඤාණ එකක් එකක් ගානේ ඉතාමත් පැහැදිලිව විස්තරාත්මකව පටිසම්භිදාමග්ග පාළියට ඇතුළත්ව තිබෙනවා. එයින් සර්වඥතාඥාණය සහ අනාවරණ ඥාණය යන ඤාණ දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව, පහත සඳහන් පරිදී ඉදිරිපත් කර තිබෙනවා. අපි සළකා බලමු මේ සූත්‍ර
Ape Budu Hamuduruwo 238
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)238 ෂට් අසාධාරණ ඤාණ 17 අසිරිමත් බුදුගුණ වරුණ 32 අනාවරණ ඤාණය 02 සර්වඥතාඥාණයත් අනාවරණ ඤාණයත් එකක් බව මිට පෙර ලිපියේ සඳහන් කළා. සියලු සංඛත, අසංඛතයන් සර්වප්‍රකාරයෙන් දැනීම, සර්වඥතාඥාණය නමිනුත් මෙහිලා අරමුණු කිරීමෙහිදී සංකත අසංකත වශයෙන් හෝ අතීත වර්තමාන අනාගත වශයෙන් කාල අවකාශ වශයෙන් හෝ එහිලා ආවරණයක්,
Ape Budu Hamuduruwo 239
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)239 ෂට් අසාධාරණ ඤාණ 18 අසිරිමත් බුදුගුණ වරුණ 33 අනාවරණ ඤාණය 03 යාවතා අභිඤ්ඤාය අභිඤ්ඤට්ඨං විශිෂ්ඨ ඤාණයෙන්දතයුතු සියල්ල දන්නා බව අභිඥාර්ථයයි. යාවතා පරිඤ්ඤාය පරිඤ්ඤට්ඨං “පරිඤ්ඤට්ඨ” යනු පිරිසිඳ, පිරිසිඳකොට, දතයුතු ලෞකික ධර්මයි. එනම් දුක්ඛ සත්‍යය පිළිබඳ සියල්ලයි. පහානට්ඨ නම් ප්‍රහාණය කළයුතු සියල්ල දැනීමේ ඤාණයයි. එනම් සමුදය
Ape Budu Hamuduruwo 240
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)240 ෂට් අසාධාරණ ඤාණ 19 අසිරිමත් බුදුගුණ වරුණ 34 අනාවරණ ඤාණය 04 යාවතා දුක්ඛස්ස දුක්ඛට්ඨං තං සබ්බං ජානාතීති සබ්බඤඤුත ඥාණං තත්ථ ආවරණං නත්ථිති අනාවරණඤාණං දුක්ඛය පිළිබඳව යම්තාක් දුක්ඛාර්ථයක් වෙයි නම් පීලන, සංඛත, සංතාප, විපරිණාම, ඒ සියලුම දුක්ඛාර්ථයන් තත්වාකාරයෙන් දක්නා ඥාණය, සර්වඥතා ඤාණයයි. සමුදය, නිරෝධය, මාර්ගය, අර්ථ ප්‍රතිසම්භිදාව,