අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)232

 

ෂට් අසාධාරණ ඤාණ 11

අසිරිමත් බුදුගුණ වරුණ 26

මහාකරුණා සමාපත්ති ඤාණය 04

“තණ්හාජාලේන ඔත්ථටෝ ලෝකසන්නිවාසෝ”

වටු වැද්දෙක් වටු රංචුවකට දැලක් දැම්මා වාගේ තෘෂ්ණා නැමති දැලෙන් වටවෙලා ඉන්නවා මේ ලෝක සත්වයා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“තණහාසෝතේන වුයිහති ලෝකසන්නිවාසෝ …..

ගංගාවකට වැටුණ අසරණයෙක් වාගේ, ලෝක සත්වයා තෘෂ්ණා නැමති ගංගාවේ සැඩ පහරේ පාවෙනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“තන්හාසංයෝජනේන සඤ්ඤත්‍තෝ ලෝක සන්නිවාසෝ……

ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහා බැම්මකින් සංයෝජනයකින් සංසාරයෙහි බැඳීන්ගෙන සිටිනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“තන්හානුසයේන අනුසටෝ ලෝකසන්නිවාසෝ…

ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහා අනුසය හතකින් එනම් 1.රාගානුසය, 2. පටිඝානුසය, 3. දිට්ඨානුසය, 4. විචිකිච්ඡානුසය, 5. මානානුසය, 6. භවරාගානුසය, 7. අවිඡ්ඡානුසය යන අනුසයන්ගෙන් බැඳී දැඩිලෙස කෙලෙස් බරින් වාසය කරනවා.

මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“තහාසත්තාපේන සන්තප්පති ලෝකසන්නිවාසෝ ….

මේ ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහ තැවීමකින්, දැවිමකින් දැවෙමින් වාසය කරනවා. මේ නිසා මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

තණ්හාපරිලාහේන පරිදයිහති ලෝකසන්නිවාසෝ ….

ලෝක සත්වයා තෘෂ්ණා නැමති මහා දාහයකින් දැවී දැවී වාසය කරනවා. මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

” දිට්ඨිසංඝාටපටිමුක්කෝ ලෝකසන්නිවසෝ…..

මේ ලෝක සත්වයා මිථ්‍යා දිට්ඨි නැමති දඬුකඳක බැදීන්ගෙන වාසය කරනවා. මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

“දිට්ඨිජාලේන ඔත්ථටෝ ලෝකසන්නිවසෝ…..

ලෝක සත්වයා දිට්ඨි නැමති දැලකට යටවී වාසය කරනවා. මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

“දිටඨිසෝතේන වුයිහති ලෝකසන්නිවසෝ…..

 ලෝක සත්වයා දිට්ඨි නමැති මහ සැඩපහරකට හසුවී ගහගෙන යනවා. ” මේ සත්වයාට මා හැර පිහිටවෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සම වදිනව.

දිෂ්ටිසංයෝජනේන සඤ්ඤුත්තෝ ලෝකසන්නිවසෝ…..

ලෝක සත්වයා දිට්ඨි නැමති සංයෝජනයකින් බැඳී වාසය කරනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“දිට්ඨානුසයේන අනුසතෝ ලෝකසන්නිවාසෝ….

අප්‍රහීණ වශයෙන් ශක්තිමත් බවට පත් වූ දිට්ඨියකින් ලෝක සත්වයා බැඳීගෙන වාසය කරනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“දිට්ඨිසන්තාපේන සන්තප්පති ලෝකසන්නිවාසෝ……

මේ ලෝක සත්වයා දිට්ඨි නැමති මහා දාහයකින් දැවෙමින් වාසය කරනවා. මොවුනට මම පිහිට වෙන්න ඕනෑ කියලා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“දිට්ඨිපරිළාහේන පරදයිහති ලෝකසන්නිවාසෝ…

මේ ලෝක සත්වයා දිට්ඨි නැමති මහා දැවිල්ලකින් දැවි දැවී වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“ජාතියා අනුගතෝ ලෝකසන්නිවාසෝ ……

මේ ලෝක සත්වයා ජාතිය නැමති දුකෙන් ගැලී ගමන් කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“ජරාය අනුසතෝ ලෝකසන්නිවාසෝ ……

මේ ලෝක සත්වයා ජරාවෙන් වැළඳී ගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“ව්‍යාධිනා අභිභූතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා ව්‍යාධියෙන් මැඬගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“මරණේන අබ්බාහතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා මරණයෙන් විනාශ වෙවී වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

” දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකසන්නිවාසෝ ….

මේ ලෝක සත්වයා විශාල දුක්ඛයක පිහිටා ගෙන වාසය කරනවා කියා මේ එකක් පාසා මෙනෙහි කරමින් ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට සමවදිනව.

“තණ්හාය උඩ්ඩිතෝ ලෝක සන්නිවාසෝ…

මේ ලෝක සත්වයා තෘෂ්ණා නැමති ඇණයක එල්ලීගෙන වාසය කරනවා. ඇඳුම් එල්ලන්නට ගෙවල් වල තිබෙනව “නාග දත්ත” කියල ඇත්දළවලින්, මුව අංවලින්, එල්ලන තැන් හදල තියෙනවා. ඒවාගේ එල්ලී ගෙන තෘෂ්ණාවෙන් වාසය කරනව. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය.

අතිගරු පූජනීය ත්‍රිපිටකාචාර්ය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදිත “සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවේණික ෂට් අසාධාරණ ඤාණ” ග්‍රන්ථය .

error: Content is protected !!