අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)236

 

ෂට් අසාධාරණ ඤාණ 15

අසිරිමත් බුදුගුණ වරුණ 30

අසූනව ආකාර වූ මහා කරුණා සමාපත්ති ඤාණ විග්‍රහය 08 (අවසන් කොටස)

දසවත්ථුකාය මිච්ඡාදිට්ඨියා සමන්නාගතෝ ලෝකසන්නිවසේ….. මේ ලෝක සත්වයා දසවස්තුක මිථ්‍යා දෘෂ්ටියකින් සමන්නාගතව වාසය කරනවා. දසවත්ථුකාය අත්තග්ගාහිකාය, දිට්ඨියා, සමන්නාගතෝ ලෝකසන්නිවාසෝ…. ලෝක සත්වයා අන්ත්‍රග්‍රාහික මිත්‍යා දෘෂ්ටි දහයකින් බැඳීගෙන වාසය කරනවා. ද්වාසට්ඨියා දිට්ඨිගතේහි පරියුට්ඨිතෝ ලෝකසන්නිවාසෝ ……. මේ ලෝක සත්වයා හැට දෙකක් වූ මිථ්‍යා දෘෂ්ටින්ගෙන් ආවරණය වී මැඩලාගෙන වාසය කරනවා. අට්ඨසතතණ්භාපපඤ්චිසතේහි පපඤ්ච්තෝ ලෝකසන්නිවාසෝ…… මේ ලෝක සත්වයා එකසිය අට (108) වැදෑරුම් තණ්හා ප්‍රපඤචයකින් පපඤ්ච්ත වෙලා වාසය කරනවා. අහඤ්චම්හි තිණ්ණො, ලොකො ච අතිණ්ණො – මම වනාහි සංසාර සාගරයෙන් එතෙර වුනා, නමුත් ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතෙර වී නැහැ. අහං චම්හි මුත්තො, ලොකො ච අමුත්තො – මම සියලු දුක්ඛයෙන් අත මිදුනා, නමුත් ලෝක සත්වයා දුක්ඛයෙන් අත මිදී නැහැ. අහඤ්චම්හි දන්තො, ලොකො ච අදන්තො – මම ඉඳුරන් දමනය කළා, නමුත් ලෝක සත්වයා ඉඳුරන් දමනය කර නැහැ. අහං චම්හි සන්තො, ලොකො ච අසන්තො – මම කෙලෙසුන් සංසිඳවා ගත්තා, නමුත් ලෝක සත්වයා කෙලෙසුන් සංසිඳවාගෙන නැහැ. අහං චම්හි අස්සත්ථො, ලොකො ච අනස්සත්ථො – මම පරම අස්වසිල්ලට පත් වුනා, නමුත් ලෝක සත්වයා අස්වසිල්ලට පත් වී නැහැ. අහං චම්හි පරිනිබ්බුතො, ලොකො ච අපරිනිබ්බුතො – මම ක්ලේශ පරිනිර්වාණය කළා, නමුත් ලෝක සත්වයා පිරිනිවී නැහැ. පහොමි ඛ්වාහං තිණ්ණො තාරෙතුං, මුත්තො මොචෙතුං, දන්තො දමෙතුං, සන්තො සමෙතුං, අස්සත්ථො අස්සාසෙතුං, පරිනිබ්බුතො පරෙ ච පරිනිබ්බාපෙතුන්ති – පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්තෙසු මහාකරුණා ඔක්කමති. ඉදං තථාගතස්ස මහාකරුණාසමාපත්තියා ඤාණං.

මම සංසාරයෙන් එතෙර වී සිටින බැවින්, අන් අය සංසාරයෙන් එතෙර කරවීමට සමර්ථයි.

මම සියලු කෙලෙසුන්ගෙන් මිදී සිටගෙන, අන් අය ද මුදවන්නට සමර්ථයි.

මම ඉඳුරන් දමනය කරගත් බැවින්, අන් අය ද දමනය කරවීමට සමර්ථයි.

මම කෙලෙසුන් සන්සිඳ වූ බැවින්, අන් අයට ද සන්සිඳුවීමට සමර්ථයි.

මම පරම අස්වැසිල්ලට පත් වූ බැවින්, අන් අයට ද අස්වැසිල්ල ලබාදීමට සමර්ථයි.

මම ක්ලේශ පරිනිර්වාණය කළ බැවින්, අන් අයට ද ක්ලේශ පරිනිර්වාණය සලසාලීමට සමථයි කියා, මේ අයුරින් අර්ජාකාරයෙන් සලකන්නා වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේ සූවිසි කෝටි ලක්‍ෂවාරයක් දිනපතා මහා කරුණා සමාපත්තියට සමවදිනව.

“ඉදං තථාගතස්ස මහාකරුණා සමාපත්තියා ඥාණං” මෙන්න මේ කියන ලද්දේ අසූනව ආකාරයකින් පමණක් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඤාණයයි කියා, ධර්මසේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ මහා කරුණා සමාපත්ති දේශනාව නිමාකොට වදාළා. මේ දහම් කරුණු අසූනවය එකක් එකක් පාසා විස්තර වශයෙන් විග්‍රහ කරනවා නම්, දිනගණනාවක් සති, මාස ගණනාවක් යන්නට පුළුවන්. නමුත් තෝරා බේරා ගන්නට ධර්ම කරුණු රාශියක් මෙතන තිබෙනවා.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ

error: Content is protected !!