අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)235

 

ෂට් අසාධාරණ ඤාණ 14

අසිරිමත් බුදුගුණ වරුණ 29

මහාකරුණා සමාපත්ති ඤාණය 07

“පඤ්චහි නිවරණෙහි ඔත්ථටෝ ලෝකසන්නිවාසෝ ….

මේ ලෝක සත්වයා 1.කාමච්ඡන්ද නීවරණය 2.ව්‍යාපාද නීවරණය 3. ථීන මිද්ධ නීවරණය 4. උද්ධච්ච කුක්‌කුච්ච නීවරණය 5. විචිකිච්ඡා නීවරණය කියන පංචනීවරණයන්ගෙන් බැඳීගෙන ආවරණ වී ගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

“ පඤ්චහි කාමගුණේහිරජ්ජති ලෝකසන්නිවාසෝ …….

1.රූප 2. ශබ්ද, 3. ගන්ධ, 4. රස, 5. ස්පර්ශ යන පංච කාම ගුණයකින් ඇලීගෙන, බැඳීගෙන, වෙලීගෙන, පැටලීගෙන, එරීගෙන, මේ ලෝක සත්වයා වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

“ජහි විවාදමූලේහි විවදති ලෝකසන්නිවාසෝ…..

මේ ලෝක සත්වයා විවාද මූල හයකින් විවාද කරමින්, සංසාරය දිග් කරගන්නවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

ජහි දිට්ඨිගතේහි පරියුට්ඨිතෝ ලෝකසන්නිවාසෝ …..

මේ ලෝක සත්වයා දෘෂ්ටි හයකින් වටවී වාසය කරනවා. ආවරණය වී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

ඡහි තණ්හාකායේහි රජ්ජති ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා තෘෂ්ණා හයකින් ඇලීගෙන, බැඳීගෙන, වෙලීගෙන, පැටලීගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

සත්තහි මානේහින්නතෝ ලෝකසන්නිවාසෝ …..

ලෝක සත්වයා සප්තවිධ මාන්නයකින් උන්නත වෙලා, උඩගු වෙලා වාසය

කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

සත්තහි සංයෝජනේහි සංයුත්තෝ ලෝකසන්නිවාසෝ……

සංයෝජන හතකින් බැඳීගෙන ලෝක සත්වයා වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

සත්තෙහි අනුසයේහි අනුසටෝ ලෝකසන්නිවාසෝ…..

අප්‍රහීණ වශයෙන් ශක්තිමත් බවට පත් වූ කෙලෙස් හතකින් බැඳීන්ගෙන ලෝක සත්වයා වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

අට්ඨහි ලෝකධම්මේහි සම්පරිවත්තති ලෝකසන්නිවාසෝ …..

ලෝක සත්වයා අටලෝ දහමකින් කම්ප වෙවී, පෙරලි පෙරලී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

අට්ඨහි මිච්ඡතේහි නිය්‍යාතෝ ලෝකසන්නිවාසෝ ….

ලෝක සත්වයා මිච්ඡත්ත මාර්ග අටකින් අනුව ගමන් කරනවා.මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

“අට්ඨහි පූරසදෝසේහි දුස්සති ලෝකසන්නිවාසෝ……

ලෝක සත්වයා පුරුෂ දෝෂ අටකින් කිළිටි වෙවී, අපිරිසිදු වෙවී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

නවහි ආඝාත වත්ථුහි ආඝාතිතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා නව ආඝාත වස්තුවකින් බැඳීන්ගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

නවහි තණ්හාමූලකේහි ධම්මෙහි රජ්ජති ලෝකසනිවාසෝ….

මේ ලෝක සත්වයා තෘෂ්ණ මූලික ධර්ම නවයකින් ඇලීගෙන, බැඳීගෙන, වෙලීගෙන, පැටලීගෙන, මුලාවීන්ගෙන, යටවීගෙන වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

නවවිධමානේහි උන්නතෝ ලෝකසන්නිවාසෝ. ….

මේ ලෝක සත්වයා නව ආකාර මාන්නයකින් උඩඟු වී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

දසහි ආඝාත චත්ථූහි අඝාතිතෝ ලෝකසන්නිවාසෝ …..

ක්ලේශ වස්තු දහයකින්, මේ ලෝක සත්වයා කිලිටි වේවි. කිලිටි වෙවී අපිරිසිදු වේවී වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

දසහි සංයෝජනේහි සංයුතෝ ලෝකසන්නිවාසෝ ……

ලෝක සත්වයා දස අකුසලයකින් සමන්නාගතව වාසය කරනවා. මේ අසරණ සත්වයන්ට පිහිට වෙන්නට මා හැර වෙන සමතෙක් නෑ නේද කියා මහා කරුණික බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ

error: Content is protected !!