අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)234

 

ෂට් අසාධාරණ ඤාණ 13

අසිරිමත් බුදුගුණ වරුණ 28

මහාකරුණා සමාපත්ති ඤාණය 06

“උන්තීතකෝ ලෝකසන්නිවාසෝ භඤ්ඤති නිච්චමතාණෝ පත්තදණ්ඩෝ තක්කරෝති…..

වදයට නියම වුනා වූ පුද්ගලයෙකුට තමා කළ රාජ අපරාධයට අනුරූපව වද විඳින්නාක් මෙන්, මේ ලෝක සත්වයා උපන්න දා පටන් වද විඳිනව. උපන්න දා පටන් හුස්ම ගන්නව, හෙලනව, උපන්න දා පටන් අත්පා නමනව, දිගහරිනව, ඉරියව් මාරු කරනව, උපන්න දා පටන් කෑම බීම ගන්නට වෙනවා, උපන්න දා පටන් ක‍ෙළ, සොටු, මළ, මුත්‍රා බැහැර කරනව. උපන්න දා පටන් සීතල, උණුසුම, විඳින්න වෙනව. උපන්න දා පටන් මැසි, මදුරු, අවැසි, සුළං විෂඝෝර සර්පාදීන්ගේ ස්පර්ශ විඳින්න වෙනව. උපන්දා පටන් සාපිපාසාදී දුකට පත් වෙන්න සිදු වෙනව. උපන්දා පටන් වාත, පිත, සෙම තුන්දොස් කිපීමේ රෝගයන්ට මුහුණ පාන්න සිදුවෙනවා. ඒ වාගේ අනේක විධ වද වේදනාවන්ට මුහුණ පාමින් මේ ලෝක සත්වයා දුකෙන් පෙලෙනවා. දුකෙන් පෙලෙන මොවුනට පිහිට වෙන්නට මා හැර ලොව වෙන කෙනෙක් නෑ කියා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහා කරුණා සමවතට සමවදිනව.

“ වජ්ජබන්දනබද්ධෝ ලෝකසන්නිවාසෝ ආඝාතනපච්චුපට්ඨිතෝ…….

 මේ ලෝක සත්වයා තමා කළ වැරදින් බැඳීන්ගෙන දඬුවමක් විඳින වදක ස්ථානයට ගෙනයනු ලබමින් සිටිනව. උපන්දා පටන් මේ වදකස්ථානයට යන්නෙ. මරණ ස්ථානයට යන්නෙ. මොවුන් මේ බන්ධනයෙන් මුදවන්න, තමන් වහන්සේ හැර වෙන කෙනෙක් නැ කියා මෙනෙහි කරමින් මහා කරුණාවට සමවදිනව.

“අනාථෝ ලෝකසන්නිවාසෝ, පරමකාපඤ්ඤප්පතෝ …….

මේ ලෝක සත්වයා අතිශයින් ම අනාථයි. පරම කරුණාවට ලක් වූ අරමුණක් වෙනවා. මේ ලෝක සත්වයා මොවුනට මා පිහිට විය යුතු යැයි සිතා මහා කරුණාවට සමවදිනව.

“දුක්ඛාභිතුන්නෝ ලෝකසන්නිවාසෝ නිච්ච පිපාසිතෝති……

මේ ලෝක සත්වයා තෘෂ්ණාදී ලේශයන්ගෙන් ගිජු වෙලා වාසය කරනවා. ලුණු වතුර පිපාසයට පානය කරන්න වාගේ තව තවත් මේ තෘණා පිපාසයෙන් පිපාසිත වෙලා වාසය කරනව. මොවුනට මා පිහිට වෙන්නට ඕනෑ කියා මහා කරුණාවට සමවදිනව.

අන්ධෝ ලෝකසන්නිවාසෝ අචක්ඛුකෝ…..

මේ ලෝක සත්වයා අන්ධයි. ඇසක් නැහැ පෙනෙන්නේ. මෙලොව පේන්නෑ. පරලොව පේනෑ. කුසල් අකුසල් පේන්නෑ, හොඳ නරක පේන්නෑ, කර්මවිපාක පේන්නෑ. හේතුඵල පේන්නෑ. මෙලොව පරලොව පේන්නෑ. මේ විදිහේ නොපෙනෙන අන්ධභූත ජීවිතයක් මේ ලෝක සත්වයා ගෙවන්නේ. මොවුන්ගේ ඇස පාදන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියලා මහා කරුණාවට සමවදිනව.

“හතනෙත්තෝ ලෝකසන්නිවාසෝ අපරිනායකෝ ….

මේ ලෝක සත්වයා උපත්තේදී ඇස් තිබුණත් අතරකදී සම්පූර්ණයෙන් ම නුවණැස අන්ධ වී ගියා. තමාගේ කණවැල අල්ලන්න කෙනෙක් නැතුව වාගේ. මේ සංසාර ගමන්නේ මේකයි හරි මාර්ගයය, මේකයි වැරදි මාර්ගය කියලා පෙන්නන්නට කෙනෙක් නැති බැවින් අසරණව සංසාරයේ එහා මෙහා ජරා මරණාදී දුකෙන් පීඩා විඳිමින් වාසය කරනවා. මොවුන්ට මම පිහිට වෙන්නට ඕනෑ කියලා මහා කරුණාවට සමවදිනව.

“විපථපක්ඛන්තෝ ලෝකසන්නිවාසෝ අඤ්ජසාපරද්ධෝ….. තස්ස නත්ථඤෙඤ් කෝව් අරියපථං ආනේතා අඤ්ඤත්‍ර මයා ති. …..

මේ ලෝක සත්වයා වැරදි මාර්ගයක ගමන් කරනවා. ආර්ය මාර්ගයෙන් ඉවත්වෙලා ගමන් කරනවා. මේ ආර්ය මාර්ගයට කවුද වෙන ගන්නේ. මා හැර වෙන කෙනෙක් නෑ නේද? කියා මහා කරුණා සමවතට සමවදිනව.

“මහෝඝපක්ඛත්තෝ ලෝකසන්නිවාසෝ ……. මේ ලෝක සත්වයා ක්ලේශ ඕයන්ට බැසගෙන වාසය කරනවා. 1. කාමෝඝ, 2. දිට්ඨි ඕඝ, 3. අවිද්‍යා ඕඝ, 4. භව ඕඝ කියන මේ සතර මහා ඕඝයකින් පෙලෙන මේ සත්වයා ඕඝයෙන් එතෙර කරවන්නට තමන් වහන්සේ හැර වෙන සමතෙක් නැ කියා මහා කරුණා සමාපත්තියට සම වදිනව.

දව්හි දිට්ඨිගතේහි පරියුට්ඨිතෝ ලෝකසන්නිවාසෝ ……

සාස්වත සහ උච්ඡේද යන දෘෂ්ටි දෙකකින් මේ ලෝක සත්වයා අතරමං වී වාසය කරනවා. මොවුන්ගේ ඇස පාදන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියලා මහා කරුණාවට සමවදිනව.

“තීහි දුච්චරිතේහි විප්පටිපන්නේ ලෝක සන්නිවාසෝ….

ලෝක සත්වයා දුශ්චරිත තුනකින් නොමඟ ගමන් කරනවා. 1. කායදුශ්චරිත, 2. වාග්දුශ්චරිත, 3. මනෝදුශ්චරිත කියන දුශ්චරිත තුනකින් නොමග ගිහින් වාසය කරනවා. මොවුන්ගේ ඇස පාදන්නට මා හැර වෙන කෙනෙක් නෑ කියලා මහා කරුණාවට සමවදිනව.

  1. චතුහි යෝගේහි යුත්තෝ ලෝකසන්නිවාසෝ, චතුයෝගයෝජිතෝ…..
  2. කාමයෝග, 2. භවයෝග, 3. දිට්ඨියෝග, 4. අවිද්‍යා යෝග කියන සතර මහා යෝගයකින් මේ ලෝක සත්වයා බැඳීගෙන වාසය කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.
  3. චතුහි ගනයේ ගන්‍ථහි ගන්ථිතෝ ලෝකසන්නිවාසෝ ……
  4. අභිජ්ඣාකාය ග්‍රන්ථ, 2.ව්‍යාපාද, කාය ග්‍රන්ථ, 3. ඉදං පච්චාහි නිවේස කාය ග්‍රන්ථ 4. සීලබ්බත පරාමාස කාය ග්‍රන්ථ කියන මේ කාය ග්‍රන්ථ හතරකින්

මේ ලෝක සත්වයා ගැට ගැසී වාසය කරනව. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

චතුහි උපාදානේහි උපාදියති ලෝකසන්නිවාසෝ …….

1. කාම උපාදාන 2. දිට්ඨි උපාදාන 3. සීලබ්බත උපාදාන 4. අත්තවාද උපාදාන කියන මේ උපාදාන හතරකින් මේ සත්ත්වයා දැඩි ලෙස ගෙන සංසාරයේ වාසය කරනව. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

” පඤ්චගතිසමාමාරුළ්හෝ ලෝකසන්නිවාසෝ ……

1. නරක ගතිය, 2.ප්‍රේත ගතිය, 3. තිරස්චීන ගතිය, 4. මනුෂ්‍ය ගතිය, 5. දේව ගතිය, කියන පංච ගතියට පමණක් මේ ලෝක සත්වයා ගමන් කරනවා. මේ ලෝක සත්වයාට මා පිහිට විය යුතුයි කියා මහා කාරුණිකයන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිනව.

උපකාරක ග්‍රන්ථ සහ මුලාශ්‍ර

ඛුද්දකනිකාය » පටිසම්භිදාමග්ගපාළි » මහාවග්ගො » ඤාණකථා » මහාකරුණාඤාණ නිද්දේශය

error: Content is protected !!