අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 193
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 193 බෝසතුන් දුටු සිහින පස එදා තවත් එක් වෙසක් මසක පුර තුදුස්වක් දිනයක්. එ දින රාත්‍රියෙහි නිද්‍රෝපගත වූ බෝධිසත්ත්ව රාජර්ෂීන් වහන්සේ එළි වීගෙන එන වේලෙහි සුවිශේෂ සිහින පහක් දකිනවා. එම සිහිනත් එහි තේරුම් යයි සැළකෙන කරුනුත් පහත දැක්වෙන පරිදී කෙටියෙන් සඳහන් කරනවා. පළමු සිහිනය “මහ
Ape Budu Hamuduruwo 194
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 194 සුජාතාවගේ කිරිපිඩු දානයේ ඔබ නොදත් කරුණු 01 ලොව උතුම් වූ පිණ්ඩපාත දාන වර්ග දෙක චුන්දය, ලොව උතුම් වූ උසස් වූ මහත් වූ ආනිසංස ගෙනෙන අන් දානයන්ට සමකල නොහැකි පිණ්ඩපාත දාන වර්ග දෙකක් වෙත්. ඒ දෙපිණ්ඩපාතයෝ මහත් වූ ආනිසංස අතින්ද, කුසල විපාක අතින්ද, ශ්‍රේෂ්ඨ බැවින්ද
Ape Budu Hamuduruwo 195
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 195 සුජාතාවගේ කිරිපිඩු දානයේ ඔබ නොදත් කරුණු 02 සෙනානි නිගමය මහාමන්ධාතු රජු ගේ සේනාපති සෙනානී නම් වුනා . එ රජුට මනුලොව සිටියදීම දෙව්ලොව යන්න වාසනාව හිමිවුනා . ඒ ගැන පසුව මෙම ලිපිපෙලෙන් කියවන්නට ලැබේවි. ඔහු දෙව්ලොව ගොස් සක්දෙවිඳු හා එක්ව එහි ද රජකම් කළා. (
Ape Budu Hamuduruwo 196
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 196 ලක්ෂ ගණන් බෝසතාණන් වහන්සේලා බුදු බවට පත්වන දිනයෙහි ස්නානය කරන සුප්පතිට්ඨිත නම් නහන තොට කහවණු ලක්‍ෂයක් වටිනා රන් භාජනයද මෙතැකැයි මිළ නියම කල නොහැකි දෙවුන් බඹුන් හා එක්ව කල කිරි පිඩුද පුජා කරන ලද සුජාතාව අති මහත් වූ චිතප්‍රිතියෙන් යුතුව නිකම ගියේ තමන්ගේ සියලු
Ape Budu Hamuduruwo 197
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 197 නා, යක්, ගුරුළු ආදීන්ගේ දිව්‍යමය සුවඳ මල් වරුසා මත ඇසතු බෝ රුක වෙත වැඩම කිරීම. භද්‍ර වනයෙහි දිවා විහරණය සහ චිත්තවිසුද්ධි ලාභ ඉන්පසු මහා පුරුෂයාණන් වහන්සේ ගං තෙරැ පිහිටි පරම සුරභි කුසුම සමලංකෘත වූ, පත්‍රයන් ගේ නීලාවභාෂයෙන් ශෝභිත, මනෝරම්‍ය උත්තුංග ශාල වෘක්ෂ පංක්තීන් ගෙන්
Ape Budu Hamuduruwo 198
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 198 සියලු බෝධි සත්වයන් බුදුබව ලබන බෝධි මණ්ඩලයේ අනුහස්. සියලු මහා බෝධි සත්ත්වයන්වහන්සේලා බුදුබව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවෙහි ඇත්තේ ය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යි කියනු ලැබේ. එය එක් තණපතකුදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියකැ යි ද ඒ බිමට කිසිවකුට
Ape Budu Hamuduruwo 199
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 199 බෝධි මණ්ඩලය වෙත පැමිණීම සහ අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳීම. බෝධි මණ්ඩලය වෙත පැමිණීම. මෙලෙස දෙවියන් විසින් සරසනු ලැබූ මග ඔස්සේ දෙවුන් බඹුන් පිරිවරා අප මහා බෝසතාණන් වහන්සේ වැඩමකලේ යුද්දෙකෙට යන මහා සෙන්පතියකු චතුරංග සේනාව පිරිවරා යන ආකාරයට මාර පරාජය කොට බුද්ධත්වය සඳහා නියමිත බෝධිමන්ඩලය
Ape Budu Hamuduruwo 200
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 200 මාර පරාජය 01 බෝසතාණන් වහන්සේ පෙර කී පරිදී බුද්ධත්වය සඳහා වැඩ සිටිය යුතු නියමිත දිශාව තිරණය කල පසු බෝ කඳ ට පිටදී පෙරදිගට අභිමුඛව දැඩි සිත් ඇතිව මගේ ශරීරයෙහි සම්, නහර, ඇට විසි වේවා. මස්, ලේ, වියලේවා. සම්මා සම්බුද්ධත්වයට නොපැමිණ මේ බද්ධාශනය නොහරින්නෙමි සිතා
Ape Budu Hamuduruwo 201
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)201 මාර පරාජය 02 මෙසේ මාරයා සුළඟ ,වැස්ස, ගල්, ආයුධ, අඟුරු, අළු, වැලි ,මඩ ,අදුර යන නව වර්ෂාවෙන් බෝසතාණන් වහන්සේ පලවා හරින්නට නොහැකි ව මාර සෙනග අමතා තොප බලා සිටින්නේ ඇයි? සිදුහතුන් අල්ලා ගනු. නසනු, පලවා හරිවූ යැයි අණ කොට තමාද ගිරිමේඛලා ඇතු පිට සිට චක්‍රායුධය
Ape Budu Hamuduruwo 202
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)202 ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය පංච මාර 1.ස්කන්ධමාර (ඛන්ධ මාර – පංච උපාදානස්කන්ධය) 2.අභිසංස්කාර මාර, (අභිසංඛාර මාර, පිං පවු, කුසල් අකුසල්, පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙඤ්ජාභි සංඛාර) 3. මෘත්‍යු මාර, (මච්චු මාර – මරණය) 4. ක්ලේශ මාර (කිලේස මාර – 1500 ක් වූ කෙලෙස්) 5.දේව පුත්‍ර
Ape Budu Hamuduruwo 203
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)203 ප්‍රථම විද්‍යාව ලැබීම හා දෘෂ්ටි විශුද්ධිසම්පාදනය 02 පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය ලැබූ අන්‍යන්ට වඩා සම්මා සම්බුදුවරයෙකුගේ පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයේ සුවිශේෂතා ‘පූර්‍වෙ නිවාසය සිහි කෙරෙන හෝ පෙර විසූ කඳ පිළිවෙළ දක්නා සිහිකරනා ඤාණය පුබේබෙනිවාසානුස්මෘති ඤාණය නම් වනවා. සම්මා සම්බුද්ධත්වය සමග ලබන්නා වූ ඤාණ සාගරයේ ප්‍රථමයෙන්ම අවබෝධ කොට ගන්නා ඤාණය පූර්‍වෙනිවාසානුස්මෘතිඥානය නම්
Ape Budu Hamuduruwo 204
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)204 ද්විතීය විද්‍යාව ලැබීම හා කංඛාවිතරණ විසුද්ධි සම්පාදනය (මධ්‍යම යාමය) ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂු ඥානය පහළවීම. නැවැත මහබෝසතාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි ද පළමු පරිදි ම ආනාපාන චතුර්ථධ්‍යානයට සම වැද ඉන් නැගී සිට, සත්ත්වයන්ගේ ච්‍යුත්‍යුපපත්තීන් බැලීමට සිත යොමු කිරීමේදී ච්‍යුත්‍යුපපත්තී ඥානය නොහොත් දිව්‍ය චක්‍ෂුරභිඥානය පහලවුනා. මරණයට
Ape Budu Hamuduruwo 205
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)205 ආසවක්ඛය ඤාණය පහළවීම සහ පටිපදාඤාණ දස්සණ විසුද්ධිය (පච්ඡිම යාමය) තථාගතයන් වහන්සේ විසින් බොහෝ සූත්‍රවල ත්‍රිවිද්‍යාවක් දක්වා වදාරා තිබෙනවා. අම්බට්ඨ සූත්‍රයෙහි පමණක් අෂ්ට විද්‍යාවක් දේශනය කර තිබෙනවා. මේ ත්‍රිවිද්‍යාවන් බුද්ධත්වය කරා යන ගමනේ ප්‍රථම යාමයේ මජ්ජිම යාමයේ සහ පච්ඡිම යාමයේ යන යාමයන්හි පහල වන්නේ අනුපිළිවෙලින්. ත්‍රිවිද්‍යාව
Ape Budu Hamuduruwo 206
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)206 ඥාන දර්ශන විශුද්ධිය සහ බුදුවීම (පච්ඡිම යාමය) සච්චානුලෝමික ඤාණය මිට පෙර ලිපිය නිම වුනේ සච්චානුලොමික ඤාණය පහලවුනා යනුවෙන්. සච්චානුලොමික ඤාණය හෙවත් අනුලෝම ඤාන යනුවෙන් හඳුන්වන්නේ අනිත්‍යාදි තිලකුණු විවිධාකාරයෙන් දැකීම් වශයෙන් පහළ වූ විදර්ශන ඤාන අටටත් ඉන් මත්තෙහි මාර්ග චිත්තක්ෂණයෙහි ලැබිය යුතු බෝධි පාක්ෂික ධර්මයනටත් යන
Ape Budu Hamuduruwo 207
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)207 මෙහිදී උන්වහන්සේ අවිජ්ජා ආදී පද දොළසකින් යුත් පටිච්චසමුප්පාදය පැවැත්ම නොපැවැත්ම වශයෙන් ද මුල සිට අගට ද අග සිට මුලට ද යන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ද විමර්ශනය කර ඉහත කී ආකාරයට බුද්ධත්වයට පැමිණෙන විට ජලය කෙළවර කොට ඇති දශ දහසක් ලෝක ධාතුව දොළොස් වරක් ම කම්පා
Ape Budu Hamuduruwo 208
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)208 බුද්ධ මෙම විශ්වය තුළ දත යුතුය යන යමෙක් ඇත්තන් ඒ සියල්ල අවබෝධ කළ බැවින් භාග්‍යවතුන් වහන්සේ විමොක්‍ෂාන්තිකඥාන වශයෙන් ද බුද්ධ නම් වනව. ඒ වගේම ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බෙලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාළා වූ කපක් මුළුල්ලෙහි බුදුවරයෙකු විසින්ම දේශණා කලද ඉවර
Ape Budu Hamuduruwo 209
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)209 අසිරිමත් බුදුගුණ වරුණ 02 උන්වහන්සේ මෙසේ “අරහං” නම් වූ සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කවර-කවර කාරණයෙකින් අර්‍හත් වන සේක් ද, යනුවෙන් සංකීර්ණ වූ විෂය පදාසයක් තුල කල මෙම මනරම් ගුණ වර්ණනාව මෙලෙස සංකිශිප්තව කෙටියෙන් සඳහන් කරන්නේ අද ලිපියට ගැලපෙන අයුරින්. උන්වහන්සේ සකල ක්ලේශයන් කෙරෙන් ආරකය. (ඉතා දුරස්ථය)
Ape Budu Hamuduruwo 210
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)210 අසිරිමත් බුදුගුණ වරුණ 03 උන්වහන්සේ මෙසේ “සම්මාසම්බුද්ධ” නම් වූ සේක. ‘කතමො ච පුග්ගලෝ සම්මාසම්බුඬො? ඉධෙකච්චො පුග්ගලෝ පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු සාමං සච්චානි අභිසම්බුජ්ක්‍ධති, තත්ථ ච සබ්බඤ්ඤුතං පාපුණාති, බලෙසු ච වසීභාවං, අයං වුච්චති පුග්ගලො සම්මාසම්බුඬො’ සම්මාසම්බුද්ධ නම් කවරදැයි විවරණය කරන මේ පාඨය පාලියෙහි සඳහන් අර්ථ ගැන්වීමට අනුව විස්තර
Ape Budu Hamuduruwo 211
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)211 අසිරිමත් බුදුගුණ වරුණ 04 උන්වහන්සේ මෙසේ “විජ්ජා-චරණ සම්පන්න” නම් වූ සේක. නව අරහාදී සම්බුදුගුණ අතුරෙන් තෙවැන්න විජ්ජාචරණ සම්පන්න සම්බුදු ගුණය යි. තථාගතයන් වහන්සේ විද්‍යාවන්ගෙන් හා චරණයන්ගෙන් යුක්ත හෙයින් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න නමින් හඳුන්වනු ලබනවා. විසුද්ධිමග්ගයේ ජඅනුස්සති නිද්දේසයට අනුව “විජ්ජා” යන්නෙන් ත්‍රිවිද්‍යා හා අෂ්ටවිද්‍යා ගණනය කරණු
Ape Budu Hamuduruwo 212
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)212 අසිරිමත් බුදුගුණ වරුණ 05 උන්වහන්සේ මෙසේ “සුගත” නම් වූ සේක 01 හැඳින්වීම මෙහි සුගත යනුවෙන් හඳුන්වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර ගමනය. එනම් දීපංකර බුදුපියාණන් වහන්සේගේ පාදමූලයේ පටන් බුද්ධගයා බෝධි මණ්ඩලය දක්වාම ශාන්තව සුන්දර ගමණින් වැඩියා වූ ඒ සුන්දර නිවන් මගෙහි සම්මුති ලෝකයට අයත් එදිනෙදා ජිවන රටාව
Ape Budu Hamuduruwo 213
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)213 අසිරිමත් බුදුගුණ වරුණ 06 උන්වහන්සේ මෙසේ “සුගත” නම් වූ සේක 02 අප භාග්‍යවතුන් වහන්සේගේ “සුගත” නම් වූ ගුණය පිළිබඳව විශුද්ධි මාර්ගයේ සඳහන් පිළිවලින් සංශික්ප්ත වශයෙන් මිට පෙර සදහන් කළා. උන්වහන්සේගේ ඒ සුන්දර වූ වැඩපිළිවල ලෝකෝත්තර වූ ආර්යෂ්ඨාංගික මාර්ගයේ නිවන දක්වාත්, ලව්කික ලෝකයෙහි අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන්
Ape Budu Hamuduruwo 214
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)214 අසිරිමත් බුදුගුණ වරුණ 07 උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 01 එක් කලෙක රෝහිතස්ස නම් දේවපුත්‍රයෙක් භගවත් බුදුන් කරා එළඹැ “ස්වාමීනි! මම පෙර රොහිතස්ස නම් සෘෂියෙක් වැ සෘද්ධිබලයෙන් ලෝකාන්තය දක්මි”යි සිතා ගමන් කෙළෙමි. ඒ මම ලෝකාන්තය දැකැ ගන්නට නො හැකි වැ අතර දීම කාලක්‍රියා කෙළෙමි.
Ape Budu Hamuduruwo 215
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)215 අසිරිමත් බුදුගුණ වරුණ 08 උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 02 ලෝකවිදූ නම් වූ අපේ බුදුහාමුදුරුවෝ සත්ත්‍වලෝකය තව දුරටත් මෙලෙස විස්තර කරනවා. ‘සන්ති භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො’ යනාදීන් අංගුත්තර නිකාය සප්තක නිපාතයෙහි විඥානස්ථිතීන්ගේ වශයෙන් සත්ත්වලෝකය සත් අයුරකින් බෙදා වදාරා තිබේ. විඥානස්ථිති යනු ප්‍රතිසන්ධි විඥානය ඇතිවන
Ape Budu Hamuduruwo 216
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය)216 අසිරිමත් බුදුගුණ වරුණ 09 උන්වහන්සේ මෙසේ “ලෝකවිදූ” නම් වූ සේක 03 සංස්කාර හෙවත් සංඛාර යනු කුමක් දැයි තවදුරටත් හඳුන්වන බුදුරජාණන් වහන්සේ එහි මුලික වශයෙන් ලක්ෂණ තුනක් ඇති බව අඞ්ගුත්තරනිකායේ » තිකනිපාතපාළියෙහි » චූළවග්ගයෙහි » සංඛත ලක්‍ෂණ සූත්‍රයේ මෙලෙස පෙන්වා දෙනවා. “මහණෙනි, ප්‍රත්‍යයෙන් සකස්කළ ධර්‍මයාගේ ප්‍රත්‍යයෙන්