Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 337

අපේ බුදුහාමුදුරුවෝ 337 (සන්තිකේ නිධානය)   අපේ බුදු හාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 01 අපේ බුදුහාමුදුරුවෝ ලොව පහළවීමට පෙර, සැරියුත් මුගලන් අගසවු දෙදෙනා එක් අසංඛයකුත් කප් සියදහසක්ම පාරමිතා පුරා දෙව්ලොව ඉපිද ඔවුන්ගෙන් පළමු තැනැත්තා දෙව්ලොවින් චුතව, බමුණන්ට අයබදු ලබාගැනීමට වෙන් වූ ‘උපතිස්ස’ නම් වූ රජගහනුවරට නුදුරු බමුණු ගමෙහි හැටපන් කෝටි

Read More »

Ape Budu Hamuduruwo 338

අපේ බුදුහාමුදුරුවෝ 338 (සන්තිකේ නිධානය)   අපේ බුදුහාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 02 මෙලෙස 337 කොටසෙහි පැවසු පරිදී උපතිස්ස සහ කෝලිත අඹ යහළුවන් දෙදෙනා ‘නොමැරෙන බව’ ගැන සොයමින් හැසිරෙන කල, අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව උතුම් දම්සක් පවත්වා අනුපිළිවෙලින් රජගහ නුවරට පැමිණිය. ඒ පිරිවැජියෝද, මුළු දඹදිවම ඇවිද ‘නොමැරෙන කෙනෙකු නොලබාම,

Read More »

Ape Budu Hamuduruwo 339

අපේ බුදුහාමුදුරුවෝ 339 (සන්තිකේ නිධානය)   අපේ බුදුහාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 03 මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන්ම බුදුන් හමුවට එන්නෙමියි අස්සජී තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා උපතිස්ස පරිව්‍රාජකයා ආරාමය බලා පිටත්ව ගියා. කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා දුරසිටම දැක අද

Read More »

Ape Budu Hamuduruwo 340

අපේ බුදුහාමුදුරුවෝ 340 (සන්තිකේ නිධානය)   දහසක් නයින් ප්‍රතිමණ්ඩිත’ සෝවාන් මාර්ගය නොහොත් සෝවාන් මගට පැමිණිය හැකි මාර්ග දහස පසුගිය ලිපියෙහි “උපතිස්ස පරිබ්‍රාජක තෙමේ “යෙ ධම්මා හෙතුප‍්පභවා” ගාථාවේ පළමු දෙපදය අසා දහසක් නයින්යුතු සෝවාන් පෙලෙහි පිහිටියා.” යනුවෙන් සඳහන් කළා. එහි දහසක් නය ක්‍රමය බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමිපාණන් විසින් රචිත බුද්ධ චරිතය

Read More »

Ape Budu Hamuduruwo 341

අපේ බුදුහාමුදුරුවෝ 341 (සන්තිකේ නිධානය)   අපේ බුදු හාමුදුරුවන්ට සැරියුත් මුගලන් දෙනම හමුවීම 04 මගේ යහළුවාත් සමඟ ඔබ යන මගෙන් ම බුදුන් හමුවට එන්නෙමියි අස්සජී තෙරුන් පාමුල වැටී පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්ෂිණා කොට තෙරුන් පිටත් කර යවා උපතිස්ස පරිබ්‍රාජකයා එදා ආරාමය බලා පිටත්ව ගියා. කෝලිත පිරිවැජියා, තමන් වෙත එන යහළුවා

Read More »

Ape Budu Hamuduruwo 342

අපේ බුදුහාමුදුරුවෝ 342 (සන්තිකේ නිධානය)   මුගලන් තෙරණුවෝ නවම් පුර අටවක් දා රහත් වීම ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන්ගේ චරිතයට අනුරූපව සුවිශේෂී දර්ම දේශනාවක් සිදුකරනු ලැබුවා. අගසවුදෙනම හැර සෙස්සෝ රහත් භාවයට පත්වුණා. අගසවු දෙපළගේ ඉතිරිමාර්ගත්‍රය පිළිබඳ කටයුතු තවම නිමිවෙලා නැහැ.. ඊට හේතුව ශ්‍රාවක පාරමීඥානයේ මහත් බව නිසා කියලයි පෙළෙහි

Read More »

Ape Budu Hamuduruwo 343

අපේ බුදුහාමුදුරුවෝ 343 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 01 වේදනා පරිග්‍රහ සුත්‍රය මේ වනවිටත් සැරියුත්තෙරණුවෝ පැවිදි වෙලා අඩමසක් පමණ ඉක්මවා ගිහින්. ඒ මොහොත වනවිට උන්වහන්සේ බුදුරදුන් සමඟ රජගහනුවර සමීපයෙහි තිබුන ගිජුකුළුපව්වෙහි සූකරඛත නම් වූ ලෙනෙහි වැඩ වාසය කරමින් සිටියේ. ඒ ලෙන ගැනත් ලස්සන නිධාන කතාවක්

Read More »

Ape Budu Hamuduruwo 344

අපේ බුදුහාමුදුරුවෝ 344 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 02 සාරිපුත්ත හිමිපාණන් වහන්සේ අරහත්යට පත් වූ සුත්‍ර දේශනාව කුමක්ද? අප විදේශ රටක සිටියත් ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුධය අපගේ සිත් තුළටත් රිංගලා. තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල ඇති නොසන්සුන්තාව තරමටම අපේ සිතත් නොසන්සුන්, වෙහෙසකාරීයි. ඒ නිසාම අකුරු කරන්නට

Read More »

Ape Budu Hamuduruwo 345

අපේ බුදුහාමුදුරුවෝ 345 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 03 එදා මා නැකතින් යුත් පුන්පොහෝ දිනයක්. ඉතින් 343 වෙනි කොටසෙහි කියූ ලෙස සාරිපුත්ත තෙරුන්වහන්සේගේ බෑණානුවන් වූ දීඝනඛ පරිව්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ ආගිය තොරතුරු කතාබස්කොට පසෙකින් සිටියා. ඒ වෙලාව වනවිටත් ගල්ලෙන මදක් රත්වී තිබුන නිසාදෝ සාරිපුත්ත

Read More »

Ape Budu Hamuduruwo 346

අපේ බුදුහාමුදුරුවෝ 346 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 04 බුදුරජාණන් වහන්සේ තව දුරටත් ඒ ගාම්භීර දේශනාව පවත්වාගෙන යනු ලැබුවේ සමහර විට ඔහු නිසාම නොවෙන්නත් ඇති. මහා ප්‍රඥාවන්ත සාරිපුත්ත තෙරුන්ගේ අවධානය නිසා වෙන්නට ඇති කියලා මට හිතෙනවා. උන්වහන්සේ තව දුරටත් මෙලෙස වදාරනු ලැබුවා. සමහරක් මට රුචිවෙයි.

Read More »

Ape Budu Hamuduruwo 347

අපේ බුදුහාමුදුරුවෝ 347 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත තෙරුන් ධර්මාවබෝධය ලද ගැඹුරු සුත්‍ර දේශනාව 05 බුදුරජාණන් වහන්සේ මෙලෙස දර්මය දේශනා කරමින් යනවිට දීඝ නඛ පරිබ්‍රාජකයා ගේ පමණක් නොවේයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේගේත් ප්‍රඥා ඇස විවිර වෙන්නට පටන් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඉන් අනතුරුව සත්වයා බෙහෙවින් ඇලුම් කරන රූප කය ගැනත්, එහි අනිත්‍ය දුක්ඛ

Read More »

Ape Budu Hamuduruwo 348

අපේ බුදුහාමුදුරුවෝ 348 (සන්තිකේ නිධානය)   චතුරංග සමන්නාගත මහා සංඝ සන්නිපාතය, අගසවු තනතුරු ප්‍රධානය , සහ ප්‍රථම පාමොක් දේශනය 01 ඉතින් ඔය අයුරින් තමයි සාරිපුත්ත හිමිපාණන් වහන්සේ අරහත්වයට පත්වුණේ. බුදුරජාණන් වහන්සේට මේ තත්වය පෙනෙන්නට ඇත්තේ දර්ම දේශනයට කලින්මයි කියලා මට හිතුනේ ඒ නිසාමයි. ඒ දැනටමත් අපට බුද්ධ ඥාන පිලිබන්ධව සුළු

Read More »

Ape Budu Hamuduruwo 349

අපේ බුදුහාමුදුරුවෝ 349 (සන්තිකේ නිධානය)   චතුරංග සමන්නාගත මහා සංඝ සන්නිපාතය, අගසවු තනතුරු ප්‍රධානය , සහ ප්‍රථම පාමොක් දේශනය 02 ආණා ප්‍රාතිමෝක්‍ෂය සහ ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ආණා ප්‍රාතිමෝක්‍ෂය  ආණා ප්‍රාතිමෝක්‍ෂය සහ ඕවාද ප්‍රාතිමෝක්‍ෂයැයි ප්‍රාතිමෝක්‍ෂය දෙවැදෑරුම් වනවා.. ඒවා අතර, ‘සුණාතු මෙ භන්තෙ’ ආදිකොට ඇත්තේ ආණා ප්‍රාතිමෝක්‍ෂයයි. එය බුදුවරුන් දේශනා කරනු ලබන්නේ නැහැ.

Read More »

Ape Budu Hamuduruwo 350

අපේ බුදුහාමුදුරුවෝ 350 (සන්තිකේ නිධානය)   අගසව් තනතුර දීමෙන් පසු මුහුණු බලා තනතුරු දෙනවා යැයි බුදුන් ලද චෝදනාව 01 එදා එලෙස බුදුපියාණන් වහන්සේ පිරිස පිරිවරා සවස් වේලාවෙහි ශ්‍රාවක සංඝයා එක්තැන් කොට ඒ තෙරවරුන් දෙනමට අගසවු තනතුරු දී පාමොක් ද දේශනා කරනු ලැබුවා. පසුව රැස්වුණ භික්ෂූන් හට මෙලෙස වැරදි අදහසක් පහල

Read More »

Ape Budu Hamuduruwo 351

අපේ බුදුහාමුදුරුවෝ 351 (සන්තිකේ නිධානය)   අගසව් තනතුර දීමෙන් පසු මුහුණු බලා තනතුරු දෙනවා යැයි බුදුන් ලද චෝදනාව 02 මෙලෙස අපේ බුදුහාමුදුරුවෝ මෙතරම් උදවු උපකාර කල පස්වග මහණුන් හට අගසව් තනතුර පිරිනැමුවේ නැත්තේ ඇයිද කියලා විස්තර කරනු ලැබුවා. වැඩසිටි පිරිසට දැන් අනිත් අයගෙත් අතීත ඉහත ආත්මභාව වල කතා අහන්න කුතුහලය.

Read More »

Ape Budu Hamuduruwo 352

අපේ බුදුහාමුදුරුවෝ 352 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 01 ඉන් පස්සේ උන්වහන්සේලා ඇසුවේ ස්වාමීනි, උරුවේල කාශ්‍යපාදීහු කුමක් කළාහුද? යනුවෙන්. මෙය ටිකක් දීර්ඝ විස්තරයක්. මීට සති කිහිපයකට පෙර මෙය උරුවෙල් කාශ්‍යප යටතේ ලියා තිබෙන නිසා ලියන්නේ නැහැ. කරුණාකර ඔවුන්ගේ අතීත කතා

Read More »

Ape Budu Hamuduruwo 353

අපේ බුදුහාමුදුරුවෝ 353 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 02 මෙලෙස අනෝමදස්සි බුදුහාමුදුරුවෝ තමා ඉදිරියෙන් අහසින් පැමිණ පොලව මත ශ්‍රී පාදය තබන දර්ශනය දෙස සරද තාපස තුමා බලාගෙන සිටියේ විස්මයෙන්. ඒ විතරක් නෙවෙයි, මේ වනවිටත් මහා ඉර්ධි සම්පන්න වූ තාපස තුමා

Read More »

Ape Budu Hamuduruwo 354

අපේ බුදුහාමුදුරුවෝ 354 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා  අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 03 අනෝමදස්සි බුදු හාමුදුරුවන්ගේ කාලයේ වාසයකළ මිනිසුන්ගේ ශරීරය ඉතා විශාලයි. ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් ඊටත් වඩා විශාල වෙන්න ඇති. උන්වහන්සේ වැඩ සිටි ආසනය කුඩා බව සරද තවුසාට පෙනී ගියේ පසුව. ඉන් පස්සේ

Read More »

Ape Budu Hamuduruwo 355

අපේ බුදුහාමුදුරුවෝ 355 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා  අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 04 තමන්ගේ ගෝල පිරිස අරහත් භාවයට පත් වෙද්දීත් සරද තවුසා අර්හත්භාවයට පත්නොවූයේ නැහැ. ඊට හේතුව වන්නේ විපිළිසර සිතක් ඇතිවූ හින්දා. ඔහු බුදුන් ළඟ දෙවෙනි අසුනේ හිඳිමින් ශ්‍රාවකපාරමීඥානයෙහිම පිහිටා දහම් දෙසන අග්‍රශ්‍රාවකයන්ගේ ධර්ම

Read More »

Ape Budu Hamuduruwo 356

අපේ බුදුහාමුදුරුවෝ 356 (සන්තිකේ නිධානය)   සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා අගසවු තනතුරු පැතූ අතීත කතා පුවත බුද්ධ වචනයෙන් 05 එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සරද තාපස නමින් සිටි අපේ සාරිපුත්ත තෙරණුවන්ගේ එදත් හොඳම යහළුවා වුවේ අපේ බුදුන් කලද අඹ යහළුවා වූ මුගලන් තෙරුනුවන්මයි. උන්වහන්සේගේ නම එකල සිරිවඩ්ඪ නම් වුනා. බලන්න

Read More »

Ape Budu Hamuduruwo 357

අපේ බුදුහාමුදුරුවෝ 357  (සන්තිකේ නිධානය)   බුදුන් දැකීම ප්‍රතික්ෂේප කල  අගසවු දෙනමගේ ගුරුවරයා වූ සංජය ඉතින් මේ විදිහට සියල්ලම යහපත්ව සිදුවුනා. එවලෙහි අගසවු දෙනම බුදුරජාණන් වහන්සේට  වැඳගෙනම නිසලවම සිටියා. දැන් පරිසරයම නිහඬයි. සාරිපුත්ත මොගල්ලාන දෙනමට බුදුරජාණන් වහන්සේ වෙත පවසන්න යම්  කරුණක් තිබ්බා. ඒ තමයි ඔවුන්ගේ ගුරුවරයා සංජය පිළිබධව. දැන් තමයි

Read More »

Ape Budu Hamuduruwo 358

අපේ බුදුහාමුදුරුවෝ 358 (සන්තිකේ නිධානය)   විශාඛාව (මිගාරමාතාව) ප්‍රථම වතාවට බුදුරජාණන් වහන්සේ හමුවීම සහ සෝවාන් ඵලයට පත්වීම. දන් දීමෙහි ඇලුම් ඇති උවැසියන් අතුරින් අග්‍රය යන ආශීර්වාදය බුදුරජාණන් වහන්සේ වෙතින් විශාඛා මිගාරමාතාව ලබාගත්තත් එහි මූල බීජය හටගනු ලබන්නේ මීට කල්ප ලක්ෂගණනකට පෙර පියුමුතුරා බුදුරජාණන් වහන්සේ අභියසයි. පියුමුතුරා බුදුන්ගේ කාලයේ ඇය හංසවතියෙහි

Read More »

Ape Budu Hamuduruwo 359

අපේ බුදුහාමුදුරුවෝ 359 (සන්තිකේ නිධානය)   විලෙන් පැන නැගී මහාමාහී ගංගාව. බුදුරජාණන් වහන්සේ මෙලෙස අඞ්ගුත්තර පෙදෙසේ චාරිකාවේ යෙදෙමින් මෙණ්ඩක සිටුවරයාගේද භාර්යාව වු චන්ද පදුමාගේ ද පුතණුවන් වන ධනඤ්ජය සිටුවරයාගේ ද, ලේලිය වන, සුමනා දේවිය ගේද, මිණිබිරිය වු, විසාඛා වගේද, දාසයා වු පුණ්ණද, යන මේ අයගේ සෝවාන් ඵලයට උපනිශ්‍රය දැක භද්දිය

Read More »

Ape Budu Hamuduruwo 360

අපේ බුදුහාමුදුරුවෝ 360 (සන්තිකේ නිධානය)   තුරිත චාරිකා, අතුරිත චාරිකා අංගුත්තරාපෙසු ජනපදයට ආසන්නයේ ආපන නම් නියම් ගමක් පිහිටා තිබුණා. එම නියම ගම ආපන නමින් හැඳින්වීමට හේතුව ඒ නියම්ගමෙහි ආපන ශාලා විසි දහසක් පමණ තිබීමයි. මෙසේ එහි ආපණ බහුල බැවින් එම නියම් ගම ආපණ යනුවෙන් ම ප්‍රසිද්ධ ව තිබුණ බව පෝතලිය

Read More »