අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 385
අපේ බුදුහාමුදුරුවෝ 385 (සන්තිකේ නිදානය) ශුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශකයින් බුදුරජාණන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා පිළිගැනීම. 02 මෙලෙස නිග්‍රෝධ ශාක්‍ය වංශිකයාගේ පිනට පහල වූ නිග්‍රෝධ උයන කොතරම් රමණීය උයනක් වන්නට ඇතිද? ඒ නිසාම රජතුමා ඇතුළු සියලුම ශාක්‍ය වංශකයින් ඒකපාර්ශිකව නිග්‍රෝධ උයන බුදුරජුන් ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා
Ape Budu Hamuduruwo 386
අපේ බුදුහාමුදුරුවෝ 386 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශකයින් දමනය කිරීම 01 අභිඥාපාදක සතරවෙනි ධ්‍යානය ඔබ දන්නා අයුරින් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය යන සතර ධ්‍යානයන් යම්කෙනෙකුට චිත්ත සමාධිය පිණිස හේතුවනවා, තවත් කෙනෙකුට විදර්‍ශනා පාදක වනවා. තවත් කිසිවෙක්හට අභිඥාපාදක වනවා. තවත් උත්තමයෙකුට නිරෝධපාදක වනවා. තවත් ලෞකික පෘථග්ජනයෙකුට
Ape Budu Hamuduruwo 387
අපේ බුදුහාමුදුරුවෝ 387 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 02 ත්‍රිවිධ ප්‍රාතිහාර්යයෝ දැන් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මාන්‍යයෙන් පිරි ශාක්‍යයන්ට ඉහලින් අහසෙහි වැඩ සිටිනවා. ඒ යමක මහා ප්‍රාතිහාර්ය පෑමට. ප්‍රාතිහාර්යයෝ සෘද්ධි ප්‍රාතිහාර්ය, ආදේසනා ප්‍රාතිහාර්ය, අනුසාසනා ප්‍රාතිහාර්ය යයි ත්‍රිවිධාකාර වනවා. නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම ඉද්ධි ප්‍රාතිහාර්යයි. මෙයත් එවැන්නක්. උන්වහන්සේ මෙවැනි ප්‍රාතිහාර්යය
Ape Budu Hamuduruwo 388
අපේ බුදුහාමුදුරුවෝ 388 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 03 භවාග්‍රය දක්වා විහිදුණු තථාගත දේහ රශ්මීන් සුදොවුන් රජුගේ තෙවන වන්දනාව. මෙලෙස යමක මහා ප්‍රාතිහාර්ය පාන අවස්ථාවේ තවත් සුවිශේෂී දෙයක් වුණා. ඒ නම් සුවිශේෂී බුදුරැස් මාලාවක් උන්වහන්සේගේ දේහයේ විවිධ තැන් පාදකකොටගෙන නික්මීමයි. ඒ මෙලෙසයි. යමක මහා ප්‍රාතිහාර්ය කරන්නා වූ, තථාගතයන්
Ape Budu Hamuduruwo 389
අපේ බුදුහාමුදුරුවෝ 389 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 04 දෙව්ලොව බඹලොව අවීචිය මිනිසුනට ඇස් ඉදිරිපිට පෙන්වූ ලෝක විවරණය නම් පෙළහර මේ අසිරිමත් අවස්ථාවේ මනුලොව විතරක් නෙවෙයි, දෙවුලොවත් ප්‍රීතිඝෝසා පවත්වන්නවා. අහස්තලයත් දෙවුන් ඹබුන්ගෙන් පිරි පැවතියා. දෙවියන් ඉහල අහස්තලයෙහි සිට බුදුරජාණන් වහන්සේ විසින් පවත්වනු ලැබූ ඒ අසිරිමත් පෙළහර නරඹමින් සිටියේ.
Ape Budu Hamuduruwo 390
අපේ බුදුහාමුදුරුවෝ 390 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 05 රුවන් සක්මන සහ නිර්මිත බුදුරුවක් මැවීම. 01 ඉතින් මේ විදිහට දෙවියන් මිනිසුන් බඹුන් විසින් ඔවුනොවුන් නොදුටු මිනිසුන් දෙවි බඹුන් වගේම නිරි සතුන් එකිනෙකා බුද්ධ ආනුභාවයෙන් දුටුවා. මිනිසුන්ට වගේම දෙවියන්ටත් සතර අපා බිය උපදින්නට ඇති. ඒ වගේම මිනිසුන්ට දෙව් තලයන්හි
Ape Budu Hamuduruwo 391
අපේ බුදුහාමුදුරුවෝ 391 (සන්තිකේ නිදානය) ශාක්‍ය වංශිකයින් දමනය කිරීම 06 රුවන් සක්මන සහ නිර්මිත බුදුරුවක් මැවීම. 02 මෙලෙස මිණිමුතුවැල්ලෙන් ගැවැසුණු මවනලද රුවන්මය සක්මන උදාහිරු මෙන් සියලු දිශා බබළවන්නට වුණා. ධීර වූ දෙතිස්මහපුරිස්ලකුණින් යුත් පස්මරුන් දිනූ සම්බුදුරජාණන් වහන්සේ ඒ සක්මන්හි බබළමින් සක්මන් කළා. ඉන් අනතුරුව අපගේ බුදුපියාණන් වහන්සේ “නිර්මිත බුදුරුවක්
Ape Budu Hamuduruwo 392
අපේ බුදුහාමුදුරුවෝ 392 (සන්තිකේ නිදානය) සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුගුණ පැවසෙන බුද්ධවංශ දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කිරීම. 01 අපේ ශාස්තෘවරයාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේත්, අභිනිෂ්ක්‍රමණයෙහිදීත්, බුද්ධත්වයේදීත්, දම්සක් පැවතුම් දේශනාව කරන අවස්ථාවේත්, යමා මහ පෙළහර, දේවාරොහන, ආයුසංස්කාර හරණ, යන අවස්ථාවන්හිත් පිරිනිවන් පානා කල්හිත් දසදහසක් ලෝකධාතුව කම්පාවූවා කියා පෙළෙහි
Ape Budu Hamuduruwo 393
අපේ බුදුහාමුදුරුවෝ 393 (සන්තිකේ නිදානය) සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුගුණ පැවසෙන බුද්ධවංශ දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කිරීම. 02 බුදුගුණ අනන්ත බවත් බුදුවරයනට පවා සිතා නිමකළ නොහැකි බවත් යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ප්‍රථම අවස්ථාව. මේ අවස්ථාවේ මහා නුවණැති, සමාධියෙහි හා ධ්‍යානයෙහි දක්‍ෂ වූ, ශ්‍රාවක පාරමී ඤාණයෙහි පරතෙරට
Ape Budu Hamuduruwo 394
අපේ බුදුහාමුදුරුවෝ 394 (සන්තිකේ නිදානය) සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් බුදුගුණ පැවසෙන බුද්ධවංශ දේශනාව සඳහා භාග්‍යවතුන් වහන්සේට ආයාචනා කිරීම. 03 බුදුගුණ අනන්ත බවත් බුදුවරයනට පවා සිතා නිමකළ නොහැකි බවත් යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ප්‍රථම අවස්ථාව. 02 බුදුරජාණන් වහන්සේගේ ගුණ නෙවෙයි. සාරිපුත්ත මහරහතන් වහන්සේහට උන්වහන්සේගේ ගුණ පවා සිතා නිමකළ
Ape Budu Hamuduruwo 395
අපේ බුදුහාමුදුරුවෝ 395 (සන්තිකේ නිදානය) පාවා නුවර ගෝධික, සුබාහු, වල්ලිය සහ උත්තිය යන මල්ල රජදරුවන් භාග්‍යවතුන් වහන්සේ දැක්වූ පෙළහර දැක පැවිදිවීම. එදා තවත් සුවිශේෂී සිදුවීමක් සිදුවුනා. එනම් මෙයින් කල්ප අනූ හතරකට පෙර සිට එකටම පැමිණි යාළුවො සතර දෙනෙක් එදින කපිලවස්තු පුරයෙහි ශාක්‍යයන් හමුවේ කල ප්‍රාතිහාර්ය දැක පැහැදී සසුන්ගත්විමයි. එයත්
Ape Budu Hamuduruwo 396
අපේ බුදුහාමුදුරුවෝ 396 (සන්තිකේ නිදානය) කැමැත්තෝ තෙමන අකමැත්තෝ නොතෙමන පොකුරු වැස්ස මෙලෙස බුදුන් වහන්සේ මහා ප්‍රාතිහාර්‍යන් සිදුකොට ඤාතීන් වන්දවා මෙතෙක් උන්වහන්සේ සමග දීර්ඝ වූ සසරේ බොහෝ දුක්ගැහැට විදිමින් බුද්ධත්වය සඳහා අනේකවිදි උදවුපකාර කරමින් පැමිණි ඤාතීන්ගේ මාන්නය බිඳ සංසාරික කුසලය මතුකොට නිවන් මග පිහිටුවා අහසින් බැස, පැන වූ අසුනෙහි වැඩ
Ape Budu Hamuduruwo 397
අපේ බුදුහාමුදුරුවෝ 397 (සන්තිකේ නිදානය) බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා “අපේ බුදුහාමුදුරුවෝ” නමින් ඔබ හමුවේ තැබූ බුද්ධවංශ කතා පෙළහරේ මේ දක්වා ලිවීමට සහ විශේෂයෙන් “දූරේ නිදානය” නමැති මුල්කොටස ලිවීමට බොහෝ සෙයින් උපකාර වූයේ මධුරත්‍ථවිලාසිනී බුද්ධවංස අර්ථකථාවෙහි ගොතම බුද්ධවංසයයි. එය ලියු ගුරුන් විසින් තබන ලද “බුද්ධදත්ත” යන නමින් ප්‍රකට ඒ
Ape Budu Hamuduruwo 398
අපේ බුදුහාමුදුරුවෝ 398 (සන්තිකේ නිදානය) බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 02 5.ශරීර රශ්මියේ වෙනස (රස‍්මිවෙමත‍්තං) මෙලෙස ශරීර රශ්මිය මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දසදහසක් සක්වළ පැතිර සිටියා කියලා කියනව. මේ සම්බන්ධව රසවත් තොරුතුරු මිට පෙර සුවිසිවිවරණ යටතේ ලියා තිබෙනවා. එහෙත් එයම පදුමුත්තර බුදුන්ගේ දොළොස් යොදුන් ප්‍රමාණක් පමණයි පැතුරුණේ. විපස්සී බුදුරජාණන්
Ape Budu Hamuduruwo 399
අපේ බුදුහාමුදුරුවෝ 399 (සන්තිකේ නිදානය) බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 03 සතර අවිජහිත භූමි ඒ වගේම සියලු බුදුවරුන් වහන්සේලා විසින් අත් නොහරින ස්ථාන සතරක් භාරතයේ ඇති බව කියවෙනවා. ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන සුවිශේෂ භාරතයේ ස්ථාන සතර බුද්ධගයාව, ඉසිපතනය, සැවැත්නුවර සහ සංකස්සපුරය නම් වනවා. 1 සියලු
Ape Budu Hamuduruwo 400
අපේ බුදුහාමුදුරුවෝ 400 (සන්තිකේ නිදානය) බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 04 සධම්මතා දැන් සියලු බුදුවරයන් වහන්සේලාගේ අසාධාරණ ධර්මතාව ප්‍රකාශ කරන්නෙමි යනුවෙන් මෙම කරුණු තිහද සඳහන් වෙනවා. ඒ මෙසේයි. 1.පශ්චිමභවික බෝසතාණන් වහන්සේගේ මනා සිහිනුවණින් මවුකුස පිළිසිඳ ගැනීම 2. මවුකුස පර්යංකයෙන් පිටත බලා හිඳීම 3. බෝසත් මව හිටගෙනම ප්‍රසූත කිරීම 4.අරුණයෙහිම
Ape Budu Hamuduruwo 401
අපේ බුදුහාමුදුරුවෝ 401 (සන්තිකේ නිදානය) මෙතරම් ආශ්චර්ය අද්භූත විවිධ දර්ශන දැකීමෙන් බුදුන් දැකීමට පැමිණි සියල්ලෝම වගේ මහත්වූ ශ්‍රද්ධාවෙන් මෙන්ම තුෂ්නිම්භූතව සිටියේ. ඒ වගේම දැනුන අධික වෙහෙසත් නිසා ඉක්මනින්ම වන්දනා කොට නිවෙස් බලා යන්නට ඇති. ඒ අතර තවත් රජවරු ඇමතියෝ සිටුවරු වගේ ප්‍රභූ පිරිස් විශාල ප්‍රමාණයක් ඉන්නට ඇති. පිය රජතුමා
Ape Budu Hamuduruwo 402
අපේ බුදුහාමුදුරුවෝ 402 (සන්තිකේ නිදානය) අපගේ ශාස්තෲන් වහන්සේ කපිලවස්තුවට පැමිණි ඒ දීප්තිමත් දෙවෙනි දිනයේ විසිදහසක් භික්‍ෂූන් පිරිවරා තමනට ආසන්නයේ පිහිටා තුබූ නිවසේ පටන් සපිළිවෙළින් කපිලවස්තු නගර මාධ්‍යය දෙසට පිඬුසිඟා වඩිමින් ගමන් කරනු ලැබුවා. “ආර්ය සිද්ධාර්ථ කුමාරයා පිඬු පිණිස හැසිරේ” යනුවෙන් දෙමහල් තුන්මහල් ආදී පහයවල සිටි මිනිසුන්, සිහ කවුළුව විවෘතකොට
Ape Budu Hamuduruwo 403
අපේ බුදුහාමුදුරුවෝ 403 (සන්තිකේ නිදානය) සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත්වීම මේ ආදී නරසීහ ගාථා අටකින් ගුණ වර්ණනා කරමින් යසෝදරාව නොහොත් රාහුල මාතාව තම පුතණුවන් හට කිසිදා නොදුටු තම පියාණන් වහන්සේව හඳුන්වා දුන්නේ එහෙමයි. ඒ අතර තුර තමයි ඇය දැක්කේ බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිවර පිඬුසිගා වඩින බව. සමහරවිට ඇය සිතා
Ape Budu Hamuduruwo 405
අපේ බුදුහාමුදුරුවෝ 405 (සන්තිකේ නිදානය) සුද්ධෝදන රජතුමා සෝවාන් ඵලයට පත්වීම 02 කල්ප ලක්ෂයකට එහායින් ලැබුන තරුණවියේදී නොමැරෙන රහස ධර්මපාල මානවකයාගේ පරම්පරාවේ තරුණවියේ කිසිවෙකු නොමියන බව අසා දිසාපාමොක් ආචාර්ය වරයාද පුදුමයට පත්වුනා. ඔහු ඒ දිනවල සියල්ල දත් රටේ ප්‍රසිද්ධම අදුරු තුමාණන්. ඔහුත් ඒ රහස මොකක්ද කියලා දන්නේ නැහැ. ඔහු ධර්මපාල
Ape Budu Hamuduruwo 406
අපේ බුදුහාමුදුරුවෝ 406 (සන්තිකේ නිදානය) ශුද්ධෝදන රජතුමා මහා ධර්මපාල ජාතකය අවසානයේ අනාගාමි ඵලයට පත්වීම කල්ප ලක්ෂයකට එහායින් ලැබුන තරුණවියේදී නොමැරෙන රහස 02 දිසාපාමොක් ආචාර්‍යය වරයාට දැනගන්නට උවමනාවෙලා තිබුණේ ඔවුන්ගේ කුලයෙහි තරුණයන් පරම්පරා හතක කාල පරාසයක් තුල කිසිදින අඩුවයසින් මියදිනොයාමට හේතු වූ රහසයි. ඔහු ගුරුවරයෙක් නිසා සමහරවිට ඔවු යටතේ ඉගෙන
Ape Budu Hamuduruwo 407
අපේ බුදුහාමුදුරුවෝ 407 (සන්තිකේ නිදානය) ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 01 පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් එක්ව පැමිණි අප මහා බෝසතාණෝ සහ යසෝදරා යසෝධරාපදානයේ 998 වන ගාථාවෙහි සඳහන් “බ්‍රහ්මදේව නම් වු ලෝකනායක පුරාණ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අප දෙදෙනාම දුටුවා. අපරභාගයෙහි පහළ වූ අන්‍ය ලෝකනාථයන් වහන්සේලාගෙන්ද
Ape Budu Hamuduruwo 408
අපේ බුදුහාමුදුරුවෝ 408 (සන්තිකේ නිදානය) ලොව උතුම් ස්ත්‍රිය යසෝදරාව සොයා පැමිණි බුදුරජාණන් වහන්සේ 02 පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් එක්ව පැමිණි අප මහා බෝසතාණෝ සහ යසෝදරා 02 පුරාණ ශාක්‍යගෝතම බුදුරජාණන් වහන්සේ පටන් මධ්‍යම දීපංකර හෙවත් නියත විවරණ ලබාගත් බුදුරජාණන් වහන්සේ දක්වා අසංඛ්‍ය නවයක් පුරා වචනයෙන් පාරමී පුරාගෙන පැමිණි