Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 361

අපේ බුදුහාමුදුරුවෝ 361 (සන්තිකේ නිධානය)   කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදි වීම 01 බුදුන් වහන්සේ විසින් අනු දැන වදාළ තවුස් පැවිද්දන් අට දෙනා. මෙලෙස අපගේ භාග්‍යවතුන් වහන්සේ ආපන නම් ග්‍රාමයට එක්දහස් දෙසිය පනහක් වූ භික්ෂු සංඝයා සමග වැඩම කරනු ලැබුවා. එවිට ඒ ග්‍රාමය තුල අප මහා බුදුරජාණන් වහන්සේ පිළිබන්ධව

Read More »

Ape Budu Hamuduruwo 362

අපේ බුදුහාමුදුරුවෝ 362 (සන්තිකේ නිධානය)   කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදිවීම 02 භික්ෂු සංඝයා හට හිරු අවරට ගිය පසු පානය කල හැකි ලෙස භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දැන වදාළ පැන් වර්ග. මේ අතර භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් කේණිය සහ සේල බමුණන් වෙනුවෙන්මද කොහෙද ආපණයේ වැඩ වාසය කරනවා. මේ බව ප්‍රථමයෙන්ම

Read More »

Ape Budu Hamuduruwo 363

අපේ බුදුහාමුදුරුවෝ 363 (සන්තිකේ නිධානය)   කෙණිය සහ සේල ජටිල තවුසන් පැවිදිවීම 03 ඇත්තෙන්ම ඒ කෙණිය නම් ජටිලයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ජටිලො කියන්නේ තවුසන්ට. ඔහු බමුණු මහසල් කුලයකට අයත් කෙනෙක්. ඒ අය තවුස් දිවියට පැමිණ තිබෙන්නේ තමන්ගේ ධනය රැකීම පිණිස තවුස් වත සමාදන්ව. ඔහු රජුට පඬුරු දී බිම් කොටසක් ලබාගෙන

Read More »

Ape Budu Hamuduruwo 364

අපේ බුදුහාමුදුරුවෝ 364 (සන්තිකේ නිධානය)   භාග්‍යවතුන් වහන්සේ ශුද්ධෝදන රජතුමා වෙත වැඩමකරවීමට කල්පයක් පෙරුම් පිරූ කාළුදායි මහරහතන් වහන්සේ. කාලය මෙසේ සෙමින් ගතවෙද්ද්දී ශුද්ධෝදන රජතුමා තම පුතුණුවන් පිළිබඳව සොයා බැලීම අතහැරියේ නැහැ. බෝසතාණන් වහන්සේ ගිහි ගෙන් නික්ම පැවිදි වූ තැන් සිට ම ශුද්ධෝදන රජතුමා උන් වහන්සේගේ තොරතුරු සොයා දැන අවුත් තමාට

Read More »

Ape Budu Hamuduruwo 365

අපේ බුදුහාමුදුරුවෝ 365 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 01 ඔබ හමුවේ දැන් මම තැබීමට යන්නේ ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳ අතීත කතා පුවතෙහි සිට වර්තමානයේ අපේ බුදුහාමුදුරුවෝ හමුවට පැමිණි මග පිළිබදවයි. එය බුදුවරුන් කිහිප දෙනෙකු හමුවූ

Read More »

Ape Budu Hamuduruwo 366

අපේ බුදුහාමුදුරුවෝ 366 (සන්තිකේ නිධානය) ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 02 මහාකාශ්‍යප මහා රහතන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානය පැතු රහතන් වහන්සේ මෙන්ම එම සුවිශේෂී තනතුරෙන් පුද ලැබූ ශ්‍රාවකයන් වහන්සේද වන බව ඔබ දන්නා කරුණක්. එමෙන්ම උන්වහන්සේ අපගේ සාසනයේ “තතිය

Read More »

Ape Budu Hamuduruwo 367

අපේ බුදුහාමුදුරුවෝ 367 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 03 එකසාටක බමුණා 01 ඔබට මේ වනවිට මහා කාශ්‍යප මහා රහතන් වහන්සේ විසින් ප්‍රාර්ථනය කරන ලද එම තනතුරෙහි ඇති වගකීම ගාම්බීරභාවය වැටහෙන්නට ඕනේ. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ සාසනයේ එලෙස විවරණ ලබාගත් උන්වහන්සේ මේ

Read More »

Ape Budu Hamuduruwo 368

අපේ බුදුහාමුදුරුවෝ 368  (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 04 එකසාටක බමුණා 02 (සබ්බට්ඨක දානය) ඉන්පස්සේ  බමුණා බැමිණිය ගෙහි තබා වස්ත්‍රය පොරවා විහාරයට ගියා. ඒ වෙලාවේ ශාස්තෘන්වහන්සේ පිරිස මැඳ සරසනලද ධර්මාසනයෙහි වැඩ සිටිමින්  විසිතුරු අවන්පත ගෙන අහස් ගඟට බසින්නාක් මෙන්,  මහමෙර

Read More »

Ape Budu Hamuduruwo 369

අපේ බුදුහාමුදුරුවෝ 369 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබදව ඔබ නොදත් කරුණු. 05 පසේ බුදුවරයකුගේ පාත්‍රයට මඩ පුරවාදුන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පූර්ව ආත්මභාවයේ බිරිඳ මෙම සංසාරය කොතරම් දිර්ඝද? අනතුරුදායකද? කියල මේ කතාව කියවනවිට හිතෙනවා. මෙතරම් දීර්ඝ අතීත කතාපුවතක් මම මීටපෙර කියවලා නැහැ. මේ

Read More »

Ape Budu Hamuduruwo 370

අපේ බුදුහාමුදුරුවෝ 370 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 06 ඉන් අනතුරුව ඒ අඹුසැමි යුවළද දිවි ඇතිතෙක් කුසල් කොට දෙව්ලොව ඉපිද නැවතත් ඉන් නික්මී මේ මහා භද්‍ර කල්පයේම කාශ්‍යප සම්මාසම්බුදුන් වහන්සේගේ කාලයෙහි බරණැස අසූකෙළක් ධනය ඇති සිටිවරයකුගේ පුතෙක් වී, ඇය එබඳුවූම

Read More »

Ape Budu Hamuduruwo 371

අපේ බුදුහාමුදුරුවෝ 371 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 07 ඒක සාටක බුමුණා වශයෙන් තමන්ට හිමි එකම සළුව දන්දීමෙහි කුසල විපාකයෙන් රාජ්‍යයකට දුහුල් සළු ලැබීම. ඔවුන් දෙදෙනා එලෙස බොහෝ කලක් සැපවත්ව ජීවත්ව එයින් නික්ම ස්වර්‍ගයෙහි ඉපිද එයින් චුතව බරණැසින් යොදුනක් පමණවූ

Read More »

Ape Budu Hamuduruwo 372

අපේ බුදුහාමුදුරුවෝ 372 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 08 ක්ෂයවන කුසලය යලි පුර්ණය කරදෙන පින්වත් බිරිදෑවරු. ඉතින් මේ ආකාරයෙන් පූර්ව පිනෙහි මහිමයෙන් මේ යුවළ රාජකීය සත්කාර විදිමින් රාජ්‍ය පාලනය කරන්න වුනා. ඔහුගේ දිවිය රජකෙනෙකුට වඩා තපස් පවිද්දෙකුට සමාන වුනා. ඒ

Read More »

Ape Budu Hamuduruwo 373

අපේ බුදුහාමුදුරුවෝ 373 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 09 පසේ බුදුවරු පන්සියයක් එකවර පිරිනිවීම.  පසේබුදුවරයන් පන්සීයයක් තම රාජකීය උද්‍යානයේ වැඩමකොට තබාගෙන දිනපතාම උන්වහන්සේලාට ඇප උපස්ථාන කරමින් සියලු කටයුතු සොයා බලමින් මෙසේ සෙමින් සෙමින් කාලය ගතකලා. කොතරම් පිංකම් කරත් මේ සංසාර

Read More »

Ape Budu Hamuduruwo 374

අපේ බුදුහාමුදුරුවෝ 374 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 10 සාම ජාතකයෙහි බෝසතාණන් වහන්සේගේ මව වූ භද්දකාපිලානි කුමරිය මෙකල මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි බිරිඳ ලෙස අභිසේක ලැබීම. මේ දීර්ඝ විස්තරයක් ලෙස ඔබ හමුවේ තබන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සහ ඔහුගේ ගිහිකල

Read More »

Ape Budu Hamuduruwo 375

අපේ බුදුහාමුදුරුවෝ 375 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 11 දෛවය සහ සංසාර බැඳීම් කියන්නේ හරිම පුදුම දේවල්. පිප්ඵලි කුමාරයා රනින් ස්ත්‍රියකගේ මනරම් පිළිරුවක් නෙලා ඒ හා සමාන කන්‍යාවක් සොයා දුන්නොත් විවාහ වන බවට පොරොන්දු වුනේ එය කිසිදා කල නොහැක්කක් බව

Read More »

Ape Budu Hamuduruwo 376

අපේ බුදුහාමුදුරුවෝ 376 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 12 ඔහු සතුව තිබූ වස්තුවෙන් මදක් එලෙස විස්තරවුනා. එක්දිනක් ඔහු අලංකාරව සැරසූ අසකු පිට නැගී, ජනයා පිරිවරාගෙන කෘෂිකර්මාන්ත කරන්නා වූ වගා බිමකට ගොස්, කුඹුරු කෙළවර සිටගත්තා. මිනිසුන් සුපුරුදු පරිදී කෘෂිකර්මාන්තයේ යෙදී සිටියා.

Read More »

Ape Budu Hamuduruwo 377

අපේ බුදුහාමුදුරුවෝ 377 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 13 තෙරුන් වහන්සේ මුලින් ම ගමන් කරමින් පසුපස හැරී බලා මෙසේ සිතුව. “මේ භද්‍රකාපිලානිය, මුළු දඹදිවට ම අගනා ස්ත්‍රියක් . ඇය මා පසුපස පැමිණීම සුදුසු දෙයක් නොවේ. ඇතමෙක් මෙසේ සිතීමටද පුළුවන් .

Read More »

Ape Budu Hamuduruwo 378

අපේ බුදුහාමුදුරුවෝ 378 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 14 නිකැළැල් ආදරයක මහිම. සංසාරය පුරවාටම දුක සැප බෙදාගනිමින් කුසල් දහම් පාරමී වඩමින් දිවිහිමියෙන් පතිවත රකිමින් පැමිණි පෙම්වතුන් දෙදෙනෙක් මෙම සංසර සාගරයෙන් සදහටම සමුගන්නා මොහොතේ මේ මහපොළව, “මහමෙර ආදිය දරාසිටි සක්වල ගල,

Read More »

Ape Budu Hamuduruwo 379

අපේ බුදුහාමුදුරුවෝ 379 (සන්තිකේ නිධානය)   ධුතංග දරන්නවුන් අතුරෙන් අග්‍රස්ථානයට පත් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිබඳව ඔබ නොදත් කරුණු. 15 ශාස්තෘන්වහන්සේගේ සිරුර දෙතිස් මහා පුරුෂලක්‍ෂයෙන් විචිත්‍රවත්. මහකසුප් තෙරුන්ගේ සිරුර සත්මහා පුරුෂලක්‍ෂණයෙන් විචිත්‍රවත්. ඒ උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ සතක් තිබූ නිසා. උන්වහන්සේ රන්මුවා මහ නැවක පසුපසෙන් බඳින ලද කුඩා නවුකාවක් සේ ශාස්තෘන්වහන්සේගේ

Read More »

Ape Budu Hamuduruwo 380

අපේ බුදුහාමුදුරුවෝ 380 (සන්තිකේ නිධානය)   කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට පැමිණීම. 01 මෙතැන් සිට ඔබ හට කියවන්නට ලැබෙන්නේ අප මහා බුදුපියාණන් වහන්සේව රජගහනුවර සිට කිඹුල්වත් පුරය දක්වා දින හැටක් තිස්සේ යොදුන් සැටක් මහා කාලුදායි තෙරුන්වහන්සේ විසින් වැඩමවාගෙන පැමිණි සුන්දර කතා වස්තුවයි

Read More »

Ape Budu Hamuduruwo 381

අපේ බුදුහාමුදුරුවෝ 381 (සන්තිකේ නිධානය)   කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 02 ලෝකයේ බොහෝ රටවල වසරකට දේශගුණික වශයෙන් ඍතු සතරක් පවතිනවා. ඒ ශීත ඍතුව, වසන්තය,ගිම්හානය, සහ සරත් ඍතුව යනුවෙන්. ශ්‍රී ලංකාවේ වෙසෙන අපිට මේ අත්දැකීම නැතත් විදේශීය රටවල වාසය කරන

Read More »

Ape Budu Hamuduruwo 382

අපේ බුදුහාමුදුරුවෝ 382 (සන්තිකේ නිධානය)   කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 03  අසූ මහා ශ්‍රාවකයන් අතර කුලයන් පහදවන්නවුන් අතරින් අග්‍රස්ථානය ලද්දේ කාළුදායි මහරහතන් වහන්සේයි.විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටක උසස් කුලයන්ට අයිති පිරිස් පහදවිම ලේසි කටයුත්තකුත් නොවන බව අපි සැවොම හොඳින් දන්නා

Read More »

Ape Budu Hamuduruwo 383

අපේ බුදුහාමුදුරුවෝ 383 (සන්තිකේ නිධානය)   කාළුදායි මහරහතන් වහන්සේගේ ආරාධනය පිළිගෙන බුදුරජුන් සුද්ධෝදන රජු , යසෝදරාව ඇතුළු ඥාතීන් බැලීමට වැඩම කිරීම. 04 බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රථම ධර්මදේශනාවේ සිට ගත වූ මේ අට මසක් පමණ වූ කාලය අතරතුර නානා දිශාවලට වඩිනලද භික්‍ෂූන්ද, පුරාණ ජටිල භික්ෂූන් එක දහස් තුන් දෙනෙක් ද, සැරියුත්

Read More »

Ape Budu Hamuduruwo 384

අපේ බුදුහාමුදුරුවෝ 384 (සන්තිකේ නිධානය)   ශුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශකයින් බුදුරජාණන් වහන්සේ ඇතුළු විසිදහසක් වූ රහතන් වහන්සේලා පිළිගැනීම. නීග්‍රෝධගේ අති රමණිය උයන පුරා මාස දෙකක් එනම් දින සැටක් පුරාවට අපේ බුදුපියාණන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝ පිරිස පිරිවරාගෙන ශුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන් මෙම සංසාර දුකින් එතෙර කිරීමට පැමිණියේ

Read More »