අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 121
අපේ බුදුහාමුදුරුවෝ 121. මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 16 බෝධිසත්වයන් වහන්සේ වෙතට පලවැල ගෙනා වෘක්ෂ රාජයෝ සහ මසක පුරා යායුතු ගමන්මග දිනකට කෙටි කල දෙවිවරු. මග දෙපස හමුවන මිනිසුන් දුක්වී හඬා වැටීම. මිට ඉහත ලිපියේ කී පරිදිම කුමරා සහ කුමරිය විසින් දරුවන් දෙදෙනා උකුලමත තබාගෙන තෙරක් නැති මහා
Ape Budu Hamuduruwo 122
අපේ බුදුහාමුදුරුවෝ 122 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 17 අසල රාජ්‍යන්හි රජවරු පරිත්‍යාග කල රජකම පවා අත්හල වෙස්සන්තර කුමරු. මීට පෙර කී ලෙස හැටදහසක් වූ රජවරුන් ඇතුළු පිරිස වෙස්සන්තර ඇතුළු රජ පවුල අනාථව පැමිණි බව අසා මහත් වූ දුකෙන් පැමිණ විවිධ ප්‍රශ්න අසන්නට පටන්ගත්තා. ” දේවයිනි !කිම නිරෝගී
Ape Budu Hamuduruwo 123
අපේ බුදුහාමුදුරුවෝ 123 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 18 වෙසතුරු කුමරු හිමවතෙහි මුචලින්ද පොකුණ වෙතට පැමිණි මගෙහි අසිරිය. ඒ රාජකීය පිරිස ඇතුළු මහජනයාගෙන් සමුගත් වෙසතුරු යුවළ ඇතුළු දරුවන් සෙමින් සෙමින් ඒ වංකගිරියට යන වන පියසේ ඉදිරියට පියනගන්නට වුණා. ඔවුන් පසුපස පැමිණි පිරිස තවමත් මග ඈතින් බලා සිටිනවා. කෙමින්
Ape Budu Hamuduruwo 124
අපේ බුදුහාමුදුරුවෝ 124 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 19 සක් දෙව් අනින් විශ්වකර්ම දෙවියන් විසින් මැවූ අසපුව වෙසතුරු කුමරු මුචලින්ද විළ අසලට පැමිණීම මම ඔබ හට මිට පෙරද කී සක් දෙවිඳු බෝධිසත්ත්වයන් වහන්සේට නිරතුරුවම ආරක්ෂාව රැකවරණය ලබා දුන්නා පමණක් නෙවෙයි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පවා ඒ ඒ අවස්ථාවල ඒ
Ape Budu Hamuduruwo 125
අපේ බුදුහාමුදුරුවෝ 125 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 20 කහවනු සියයක ණය හිලව් කිරීමට ජූජක මහලු බමුණාට පාවා දුන් තරුණ රූමතිය. වෙසතුරු රජ ඇතුළු පවිලේ සියලු දෙන තපස් පැවිද්දෙන් පැවිදිව එලෙස බ්‍රහ්මචාරී ජිවිතයක් ගත කරද්දී තවත් පදෙසෙක ඔබ අප අසා ඇති තවත් අතීත වෘතාන්තයක් මෙලෙස ආරම්භ වෙමින් පැවතුණ.
Ape Budu Hamuduruwo 126
අපේ බුදුහාමුදුරුවෝ 126 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 21 ජූජක බමුණා දරුවන් ලබාගැනීමට වෙස්සන්තර රජ සොයමින් පිටත්වීම. මෙසේ මා ආපසු එනතෙක් පරිස්සම් වන්නැයි අවවාද දී මාර්ගෝපකරණ පසුම්බිය උරයෙහි එල්ලාගෙන අමිත්තතාපව දෙසට හැරී අවසන් වතාවට ඇය දෙස බලා කදුළින් පිරුණු දෙනෙතින් යුතුව වෙසතුරු රජු මීට පෙර විසූ ජයතුරා නුවරට
Ape Budu Hamuduruwo 127
අපේ බුදුහාමුදුරුවෝ 127 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 22 ජූජක බමුණාට රැවටුණු වෙසතුරු කුමරුගේ ආරක්ෂක නිලධාරියා. ඒ කුලී හේවායා ජූජක බමුණාගේ වහසිබස් වලට රැවටී ඔහුව විශ්වාස කරනු ලැබුවා. ඇත්තෙන්ම ඔහු සිතුවේ ඔහු දෙමාපියන්ගේ පණිවිඩ කරුවෙකු කියායි. ඉතාමත් දුකට පත්වී සිටින මහලු රජ තුමා සහ දේවිය ගැන අනුකම්පාවෙන් වෙසතුරු
Ape Budu Hamuduruwo 128
අපේ බුදුහාමුදුරුවෝ 128 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 23 ආරක්‍ෂාවට සිටි කුලී හේවායා මග කියූ මග අනුව පූජක බමුණා වෙස්සන්තර තපස තුමා සොයමින් ඉදිරියටම ගමන් කළා. ඔහු කියූ මග සලකුණු අනුව යමින් සිටි ඔහුට ඔහු කියූ අයුරින්ම ඒ යන මග අතරමග සිටින අච්‍යුත නම් තවුසා ඔහුට මුණ ගැසුණා.
Ape Budu Hamuduruwo 129
අපේ බුදුහාමුදුරුවෝ 129 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 24 වෙස්සන්තර තාපස තුමාගේ අසපුවට නුදුරෙහි එක් කදුගැටයකට නැග සුව පහසුතැනක මීට ඉහත කියූ පරිදී රැය පහන් කරන්නට නැවතුනේ මද්‍රි දේවිය පසුදින පලවැල නෙලීමට යනතෙක් සැඟවී සිට දරුවන් වෙසතුරු තාපසයන්ගෙන් ඉල්ලාගෙන පළා යාමටයි. එහෙත් මවු සෙනෙහස කියන්නේ ඊට වැඩිය බල
Ape Budu Hamuduruwo 130
අපේ බුදුහාමුදුරුවෝ 130 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 25 බෝධිසත්ත්වයන්වහන්සේ ද පන්සලෙන් නික්ම ගල්තලාවක රන්පිළිමයක් මෙන් හිද පෙරදා මද්‍රී දේවිය දුටු සිහිනය අනුව සිතමින් දැන් දැන් යාචකයා එන්නේයැයි පිපාසිතයෙකු මෙන්, සුරාසොඩකු මෙන් ඔහු එනමග බලමින් සිටියේ නොවිසිල්ලෙන්. මේ කිසිවක් නොදත් සුරතල් දරුවන් දෙදෙනාද ඔහුගේ දෙපා ලග සෙල්ලම් කරමින්
Ape Budu Hamuduruwo 131
අපේ බුදුහාමුදුරුවෝ 131 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 26 ජූජක බමුණාහට දරුවන් දන්දීම. ඔවුන්ගේ කදුළු බෝධිසත්ත්වයන්වහන්සේගේ පිපුණු පියුමක් බදු පාමත වැටී හිමිදිරියේ රෝස පුෂ්පයක් මත පිහිටි පිණිකැට මෙන් දිළිසුණා. ඒ විතරක් නෙවෙයි. ඔබට දුක හිතේවි. දෙපාලග වැටි හඬමින් සිටි දරුවන්ගේ රන්පලකයක් මෙන් වූ පිට මතට වැගිරුණු අප මහා
Ape Budu Hamuduruwo 132
අපේ බුදුහාමුදුරුවෝ 132 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 27 මෙලෙස නින්දා පරිභව කරමින් තලමින් තම දරුවන් රැගෙන යනතෙක් බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට දරුවන් අරභයා මහා ශෝකයක් උපන්නා. හෘදයමාංශයම රත්වුණා. කේශර සිංහයකු විසින් අල්ලාගත් මත්ඇතකු මෙන්, රාහු ගිලගත් චන්ද්‍රයා මෙන් කම්පා වෙමින් ස්වාභාවික ලෙස සිටින්නට අපොහොසත් වී
Ape Budu Hamuduruwo 133
අපේ බුදුහාමුදුරුවෝ 133 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 28 දරුවන් දන්දීමේ තොරතුර බඹලොව දක්වා පැතිරයාම සහ දෙවියන් මද්‍රි බිසවගේ පැමිණීමට බාධා කිරීම. මහාපොළොව කම්පා කරමින් රජු විසින් බමුණාට තම දරුවන් දීම බඹලොව දක්වා පැතිර ගියා. එයින් බිදුණු හදවත් ඇති හිමවත් වැසි දේවතොවෝ බමුණා විසින් ගෙනයනු ලබන ඔවුන්ගේ විලාපය
Ape Budu Hamuduruwo 134
අපේ බුදුහාමුදුරුවෝ 134 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 29 මෙසේ ඇය වැලපෙන්නී බෝධිසත්ත්වයන්වහන්සේ සමීපයට ගොස් පළතුරු පැස කරෙන් බහා නිහඩව සිටින බෝධිසත්ත්වයන්වහන්සේ දැක දරුවන්ද ඔහු ළග නැති බව දැක මෙසේ පවසමින් හඬා වැළපෙන්නටවුවා. ස්වාමිනි, ඔබ ඇයි අද නිහඬ? මාගේ සිත ඉතා අළුයම සිහිනයක් දුටු කලෙක මෙනි. අද වනකවූඩෝද
Ape Budu Hamuduruwo 135
අපේ බුදුහාමුදුරුවෝ 135 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 30 දරුවන් නොලද සොවින් සිහිසුන්වූ මද්‍රී දේවිය. ඉක්බිත බෝධිසත්ත්වයන්වහන්සේ ඇය සමග මෙපමණක්ම කථාකොට අරුණ නැගෙන තෙක් කිසිවක් කථා කළේ නැත. එතැන් පටන් මද්‍රි දේවිය නොයෙක් අයුරින් වැළෙපෙමින් සිට අවසානයේ සිහිවිකල් වූ කලෙක මෙන් දරුවන් සොයමින් විලාප නගමින් වනය පුරා දිව
Ape Budu Hamuduruwo 136
අපේ බුදුහාමුදුරුවෝ 136 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 31 හරිම පුදුමයි. මුළු රැයක් හැඬු ඇය දරුවන් දන්දුන් බව ඇසු සැණින් සිත සාදාගත් සැටි. යස පිරිවර ඇති උතුම් රැසපුවක් ඇති රාජදේවිය, මෙසේ වෙසතුරු මහරජුගේ උතුම් වූ පුත්‍ර දානය අනුමෝදන් වෙමින් අපව සසර දුකින් මිදීමට ඔහුට ඉඩ දී සිත තුල
Ape Budu Hamuduruwo 137
අපේ බුදුහාමුදුරුවෝ 137 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 32 අප මහා බෝසතාණන් වහන්සේ හට දුන් වර අට පිළිගැනීමෙන් පසු වෙස්සන්තර රජුගේ ඒ තෙපුල් අසා සක්දෙව් රජ මෙලෙස කීවා. ” ඔබගේ පියමහරජ නොබෝකල්හි ඔබ දක්නට කැමතිව මෙහි එන්නේය. නැවත ඔබව දිවිතුරා නුවරටම ගෙනයන්නේය. ඒ ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වන්නේය.
Ape Budu Hamuduruwo 138
අපේ බුදුහාමුදුරුවෝ 138 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 33 රජු විසින් ජූජක බමුණාට සත්මහල් ප්‍රසාදයක්ද දුන්නා. සුළු මොහොතකින් ඒ බමුණාට විශාල පිරිවරක් ඇති වුනා. අඩමසක් පුරා බොහෝ වෙහෙසට පත්ව සිටි ඒ බමුණා ධනයද ගෙන ප්‍රසාදයට නැගී මහාබොජුන් වළදා මහා සයනයෙහි දිග සුසුමක් හෙලා සැතපුණා. ජාලිය කුමරා මද්‍රී දේවිය
Ape Budu Hamuduruwo 139
අපේ බුදුහාමුදුරුවෝ 139 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 34 අජානීය අශ්වයෝ හේසරාව කරනු ලැබුවා. නිම්වළලු හඩ මතුවුණා. දුවිල්ලෙන් අහස වැසුනා. චතුරංගනී සේනාව ගමන්හි යෙදුනා. නිල් තණබිම් හරහා ගමනෙහි යෙදුණු ඒ සේනාව විශාල වුණා. ඒ සේනාවට මගපෙන්වන ජාලිය කුමරු හා සමග වංකගිරිය බලා පිටත්ව ගියා. ඔවුහු බොහෝ ශාක ඇති බොහෝ
Ape Budu Hamuduruwo 140
අපේ බුදුහාමුදුරුවෝ 140 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 35 මහජනයා පුදුමයට පත්වුණා. රැස් වූ නෑයන්ගෙන් මහා හඩක් උපන්නා. ඒ හඬ පර්වත මතට වැදී රැවු පිළිරැව් දුන්නා. පොළොව කම්පිත වුණා. ඒ කෙණෙහිම නැවතත් පොකුරු ජලදහර හොවමින් පොකුරු වැසි වැටුණා. එසද වෙසතුරු රජ නෑයන් හා සමග උද්දාමයට පත්වුණා. මුණුබුරෝද ලෙහෙලිද
Ape Budu Hamuduruwo 141
අපේ බුදුහාමුදුරුවෝ 141 මහා වෙස්සන්තර ජාතකයේ ඔබ නොඇසූ කරුණු. 36 අපේ බුදුහාමුදුරුවෝ පළමු කොටස නොහොත් දුරේ නිධානයේ අවසානය. මද්‍රි දේවියව අලංකාර කොට අභිෂේක කර ඇගේ හිසට අභිෂේක ජලය වත්කර වෙස්සන්තර රජු ඇයව රකීවා ආදී මංගල වචන පවසන්නට වුණා. “වෙසතුරු මහරජ ද ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනාද තොප පාලනය කෙරෙත්වා. ඒ දරුවෝද
Ape Budu Hamuduruwo 142
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 142 ඔබද යායුතු දෙවුලොව අපේ සක්වලෙහි පවතින ලෝක බුදු ඇසින් අප සක්වලෙහි සත්ත්වයන් වාසය කරන ලෝක 31 එකක් පවතින බව අපේ බුදුහාමුදුරුවන් දේශනා කොට තිබෙනවා. ඒ ලෝක තිස්එක ප්‍රධාන කොටස් තුනකට බෙදාදක්වනවා. ඒ කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය වශයෙන්. කාම ලෝකයට ලෝක එකොළහක් අයත්.
Ape Budu Hamuduruwo 143
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 143 ශක්‍ර භවන සහ සුධම්ම දේව සභාව බුද්ධවංශ කතාවෙහි නිතර කියවෙන චරිතයකි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවයාණන්ගේ චරිතය. ඔහුට ඒ මහා බලපරාක්‍රමයෙන් යුතු ඒ තනතුර ලැබුවේ ඔහු කල සමාජ සත්කාර ව්‍යාපෘති නිසාමයි. දෙව්ලොව යන්නට පෙරුම් පුරන ඔබට ඒ නිසාම එය කෙටියෙන් මෙහි ලියන්නට සිතුනා. ශක්‍ර දෙවිඳු ශක්‍ර
Ape Budu Hamuduruwo 144
අපේ බුදුහාමුදුරුවෝ (අවිදුරේ නිධානය) 144 දෙව්ලොවෙහි ධර්ම කථික සනඞ්කුමාර බ්‍රහ්මරාජයා මිට පෙර ලිපියෙහි සුධම්ම සභාවට දෙවිවරු රැස්වෙන කාරණා හතරක් කිවා. එයින් එකක් තමයි ධර්මශ්‍රවණය. මෙතැන් සිට ඔබ හට කියවන්නට ලැබෙන්නේ දෙව්ලොව එලෙස ධර්මය දේශණා කරනු ලබන ප්‍රධාන ධර්මකථිකයන් අතර අග්‍රස්ථාන වන සනඞ්කුමාර බ්‍රහ්මරාජයා පිළිබඳව. දෙව්ලොව දෙවිවරුත් අපවගේම සතර පෝයට සිල්ගන්නවා.