Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 49

අපේ බුදුහාමුදුරුවෝ 49 නාරද බුදුහාමුදුරුවෝ 04 ඒ නාරද භාග්‍යයවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව  බුද්ධවංසපාළියේ මෙහෙම සංෂිප්ත කොට සදහන් වෙනවා. පදුම බුදුරජුන්ට පසුකාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙක් නැති, නමින් ’’නාරද’’ නම්වූ සම්බුදු රජතෙම වී. ඒ නාරද බුදුරජතෙම සක්විති රජුගේ ළයෙහි වැඩුණු ආදරණීය දෙටුපුත්ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ ධනඤ්ජය නම්

Read More »

Ape Budu Hamuduruwo 50

අපේ බුදුහාමුදුරුවෝ 50 නාරද බුදුන්ගේ ශාසනය අවුරුදු අනූ පන්දහසක් පැවතිලා අතුරුදහන් වුනා. එලෙස ඒ කල්පය ද විනාශ වුණා. ඉන් පසු ව අසංඛ්‍ය කල්පයක් බුදුවරු ලොව පහල උනේ නැහැ. එවැනි කල්ප බුද්ධ ශූන්‍ය කල්ප වශයෙන් හඳුන්වනවා. නැවතත් බුද්ධාලෝකයෙන් ලොව තොර වී අන්ධකාරය රජ කරන්න වුනා. සතර අපාය පිරී ඉතිරිමත් දිව්‍ය තල

Read More »

Ape Budu Hamuduruwo 51

අපේ බුදුහාමුදුරුවෝ 51 මාළිගය යානාවක් කොට බුදුබව පතා නික්මුණු  පදුමුත්තර බුදුහාමුදුරුවෝ 02. ඒ පදුමුත්තර බෝධිසත්ත්වයන් වහන්සේටත් තුන් ඍතුවට ම යෝග්‍ය වූ මහා ප්‍රාසාද තුනක් ලැබුණා. වසුදත්තා දේවිය ප්‍රමුඛ එක්ලක්ෂ විසි දාහක් ස්ත්‍රීහු උන්වහන්සේට උවැටන් කරනු ලැබුවා. වසුදත්තා දේවියට සියලු ගුණයෙන් උතුම් උත්තර කුමරු උපන් කල කළ සතර නිමිති දැක සසර

Read More »

Ape Budu Hamuduruwo 52

අපේ බුදුහාමුදුරුවෝ 52   තබන තබන පියවරක් පාසා පියුම් නැගවිත් ශ්‍රී පාදය පිළිගත්  පියුමතරා බුදුරජාණන් වහන්සේ 03 පදුමුත්තර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පැමිණි දින විශේෂ සිදුවීමක් වුනා කියලා මිට ඉහත සඳහන් කළා. ඒ දස දහසක් සක්වළ මත පියුම් වරුෂා පතිතවිමයි. ඒ දෙවැනි වරටයි. මිට පෙරත් උන්වහන්සේට නම් තබන දිනයේත් එවැනිම පියුම් වරුසාවකින්

Read More »

Ape Budu Hamuduruwo 53

අපේ බුදුහාමුදුරුවෝ 53   අප මහා බුදුපියාණන් වහන්සේ විසින් දේශිත සත්ධර්මය අද දින දක්වා පිරිසිදුව අඛන්ඩව පැවත ඒමට මේ ආකාරයට පිළිවෙළට වර්ගීකරණය කොට සංරක්ෂණය කිරීමට පෙරමුණගත් මහ රහතන් වහන්සේ කෙනෙකු වැඩ සිටියා. ඒ ප්‍රථම සංගායනාව පවත්වා විසිරී තිබූ ධර්මය විනය ඒකරාශී කොට වෙනස්කම් වලට භාජනය නොවීමට ඉඩ සැලසූ ඔබ අප

Read More »

Ape Budu Hamuduruwo 54

අපේ බුදුහාමුදුරුවෝ 54   පියුමතරා බුදුරජාණන් වහන්සේ 05 මෝනෙය්‍ය වත පූරණය කළ නාලක භික්‌ෂුන් වහන්සේ . විශේෂ හැකියාවන් විශේෂ ප්‍රාර්ථනාද පෙරදැරිව කල්ප කාලාන්තරයක් මහාණීය වූ පින්කම් කරමින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඒ ඒ බුද්ධ ශාසන වල අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් අනෙකුත් භික්‌ෂුන් වහන්සේලා අතුරින් අග තනතුරු ලබයි. එහෙත් එම අසූ

Read More »

Ape Budu Hamuduruwo 55

අපේ බුදුහාමුදුරුවෝ 55 පදුමුත්තර (පියුමතරා) බුදුරජාණන් වහන්සේ 06 ඒ පදුමුත්තර (පියුමතරා) භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංෂිප්ත කොට සදහන් වෙනවා. මහර්ෂීවූ පදුමුත්තර බුදුරදුන්ගේ උපන් නුවර “හංසවතී’’ නම්වී. පිය තෙම “ආනන්‍ද’’ නම් රජය. වැදූ මව “සුජාතා’’ නම් වූවාය. ඒ බුදුරජතෙම අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. “නාරිවාහනය, යශය, යසවතී’’ යයි උතුම් ප්‍රාසාද

Read More »

Ape Budu Hamuduruwo 56

අපේ බුදුහාමුදුරුවෝ 56   සුමේධ බුදුහාමුදුරුවෝ 01 පදුමුත්තර බුද්ධ වංශ කතාව අවසාන කරනකොට ඒ අටුවාචාරීන් වහන්සේලා මෙහෙම කතාවක් කියනවා. “මෙතැන් පටන් පාරමී පිරිමාදියෙහි නැවත නැවත ආ අරුත් හකුළුවා විශේෂ අර්ථ පමණක් දක්වමින් යමි. ඉදින් කී දේ ම පුන පුනා කියන්නම් ද එවිට කවදානම් මේ අර්ථ වර්ණනය නිම වන්නේ ද ?”

Read More »

Ape Budu Hamuduruwo 57

අපේ බුදුහාමුදුරුවෝ 57   සුමේධ බුදුහාමුදුරුවෝ 02 කුම්භකර්ණ යක්ෂ දමනය සුමේධ බුදුරජාණන් වහන්සේ අසූ අට රියනක් උස දේහධාරී දෙව්ලොව තැනූ රන් තොරණක් මෙන් බබළන විශේෂිත වූ මනුෂ්‍ය රත්නයක් බව මින් ඉහත ලිපියේ දී පැවසුවා. එවන් ප්‍රභාෂ්වර පුද්ගලයෙක් හමුවේ ඕනෑම පුද්ගලයෙකු දමනයවිම රහසක් නොවේ. එහෙත් ඒ මනුෂ්‍යත්වයට උත්තරීතර බුද්ධත්වයත් එකතු වූ

Read More »

Ape Budu Hamuduruwo 58

අපේ බුදුහාමුදුරුවෝ 58   සුමේධ බුදුහාමුදුරුවෝ 03 ශ්‍රාවක සන්නිපාත සුමේධ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවක සන්නිපාත තුනක් වුනා. යම් කලෙක ජිනරාජයන් වහන්සේ ’’සුදස්සන’’ නම් උතුම් නුවරට වැඩි සේක්ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්‍ෂය කළ (රහත්වූ) භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූනා. ඒ පළමු සන්නිපාතය වුනා. ඒ කාලයෙහි නැවත “දේව කූට” නම් භික්‍ෂූන්ට කඨින සිවුර ඇතිරීමේදී

Read More »

Ape Budu Hamuduruwo 59

අපේ බුදුහාමුදුරුවෝ 59   සුජාත බුදුහාමුදුරුවෝ 01 සුමේධ බුදුරජාණන්වහන්සේ පිරිනිවන්පෑවායින් පසුව නැවතත් බුද්ධ ශූන්‍ය කාලයක් ඇති වුනා. ආයුෂ අවුරුදු දහය දක්වා පිරිහී ගොස් නැවතත් අසංඛ්‍ය දක්වා දක්වා වැඩි වුනා. අප්‍රමාණ ආයු ඇති සත්වයන් අනුක්‍රමයෙන් පිරිහී පිරිහී ගොස් අනූ දහසක් අවුරුදු ආයුශ මේ දක්වා පැමිණි කල කළ මනා රූපකායෙන් හෙබි පිරිසිදු

Read More »

Ape Budu Hamuduruwo 60

අපේ බුදුහාමුදුරුවෝ 60   සුජාත බුදුහාමුදුරුවෝ 02  ඒ සුජාත භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව  බුද්ධවංසපාළියේ මෙලෙස සංශිප්ත කොට සදහන් වෙනවා. මහර්ෂීවූ (සුජාත) බුදුරදුන්ගේ උපන් නුවර ’’සුමඞ්ගල’’ නම් වී. (පියතෙම) ’’උග්ගහ’’ නම් රජය. මව් තොමෝ ’’ප්‍රභාවතී’’ නම් වූවාය. ඒ (සුජාත) බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිීය. ’’සිරී’’ය, ’’උපසිරී’’ ය, ’’නන්දා’’

Read More »

Ape Budu Hamuduruwo 61

අපේ බුදුහාමුදුරුවෝ 61     පියදස්සි බුදුහාමුදුරුවෝ 01 සුජාත බුදුරජාණන් වහන්සේ පිරිනිවීමෙන් පසුව කල්ප සීයකට අධික කාලයක් මේ ලෝකයේ බුදුවරු පහළ වුණේ නැහැ. අවිද්‍යා අන්ධකාරයේ අඳුර මුළු ලෝකයම ගිල ගත්තා. ඊට පස්සේ ඒ අඳුර පහවෙන්නට වුනේ ලොවට යළිත් වර කල්පයක හිරු උදා වීමත් සමඟ. වර කල්පයක් කියන්නේ බුදුවරු තුන්නමක් ම

Read More »

Ape Budu Hamuduruwo 62

අපේ බුදුහාමුදුරුවෝ 62 පියදස්සි බුදුහාමුදුරුවෝ 02 මිථ්‍යාදෘෂ්ටික දෙවියන් දමනය කිරීම. අපි මෙතෙක් කල් වැඩි පුර අසා තිබුණේ බුදුරජාණන් වහන්සේලා යක්ෂයෝ මිනිස්සු, වගේම සත්තුත්  දමනය කරනවා කියලා. ඒ එක්කම බුදු වරු දෙවියන්ට බණ කියනවා මිසක් දෙවියොත් සමග යුද වදිනවා කියලා  අපි අහලා තිබුනෙත් නෑ. මේ එහෙම කතාවක්. ඒ කාලේ සුභවතී  නම් 

Read More »

Ape Budu Hamuduruwo 63

අපේ බුදුහාමුදුරුවෝ 63 පියදස්සි බුදුහාමුදුරුවෝ 03 වර්තමානයේ සමහර දේවල් කල්ප කාලාන්තරයකට එහා අතීතයේ දී ඒ විදියටම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අතීතයේ  සිදු වූ යම් යම් සිද්ධීන් වර්තමානයේ දීත් ඒ විදිහටම සිදුවෙනවා. මේ කියන්න යන්නේ පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදු වුණු  එවැනි ම සිදුවීමක් ගැන . පියදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ

Read More »

Ape Budu Hamuduruwo 64

අපේ බුදුහාමුදුරුවෝ 64   හස්තිරාජයෙකු හට ඔහුගේ මනසට වැටහෙන පරිදී ධර්ම දේශණා කරන ලද  පියදස්සි බුදුහාමුදුරුවෝ 04 ඒ මහා ප්‍රපාත වත් ඇත් රාජයා බුදුරජාණන් වහන්සේ අභියස දැන ගැහුවෙ පුංචි ළමයෙක් වගේ. තිරිසන් යෝනියේ උපන් සතෙකු සතෙකු එලෙස දන ගැසුවත්  මොලෙන් වැඩි මිනිසුන්ව දන ගස්සන්න සමහරවිට බුදු කෙනෙකුට වත් ඒ තරම්

Read More »

Ape Budu Hamuduruwo 65

අපේ බුදුහාමුදුරුවෝ 65 පියදස්සි බුදුහාමුදුරුවෝ 05 ප්‍රථම සන්නිපාතය පියදස්සී බුදුහාමුදුරුවෝ දෝණමුඛ හස්ති රාජයා දමනය කරපු වෙලාවේ අසූ කෙළක් මිනිස්සුන්ට ධර්මාවබෝධ වුණා කියලා මීට ඉහත කීවා. ඒ සියලුම දෙනා ඊට පස්සේ මහණ වෙලා රහත් වුණා. පියදස්සී බුදුහාමුදුරුවෝ ඉන්පසු දිගටම ධර්ම චාරිකාවේ යෙදුනේ ඒ අසූ අසූකෙළක් වූ මහරහතන් වහන්සේලා සමග.  ඒ අතරතුර

Read More »

Ape Budu Hamuduruwo 66

අපේ බුදුහාමුදුරුවෝ 66   පියදස්සි බුදුහාමුදුරුවෝ 06  පියදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා. ’’පියදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සුධඤ්ඤ’’ නම් වී. පියතෙම ’’සුදත්ත’’ නම් රජය. වැදූ මව ’’සුවන්දා’’ නම් වූවාය. ඒ බුදුරජතෙම අවුරුදු නව දහසක් ගිහිගෙයි විසිී. ’’සුනිමාල’’ ය, ’’විමල’’ ය, ’’ගිරිගුහා’’ ය යන උතුම්

Read More »

Ape Budu Hamuduruwo 67

අපේ බුදුහාමුදුරුවෝ 67   පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 01 පියදස්සී බුදුරජාණන් වහන්සේ  පිරිනිවන්පා වර්ෂ ලක්ෂයක් පමණ  ගත වූවායින් පස්සේ උන්වහන්සේගේ සසුනත් ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වුනා. ඒ සමගම මිනිසුන්ගේ ආයුෂඅවුරුදු දහය දක්වා පිරිහී නැවත අසංඛ්‍ය දක්වා පැමිණ වර්ෂ  ලක්ෂයක් දක්වා ආයුෂ අඩුවන්නට වුණා. ඒ කාලේ  අත්ථදස්සි නම් බුදුරජාණන් වහන්සේ ලොව

Read More »

Ape Budu Hamuduruwo 68

අපේ බුදුහාමුදුරුවෝ 68 පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 02 අත්ථදස්සි බුදුරජුන්ගේ අගසවුවරුන්හට බුදුන් හමුවීම. සුචන්දක නුවර ශාන්ත රාජ පුත්‍රයාද උපශාන්ත  පුරෝහිත පුත්‍රයාද හොඳම යහළුවෝ. හරියටම සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ සසර පුරා පැමිණි මිත්‍රත්වය මෙනි. ඒ අත්ථදස්සි බුදුහාමුදුරුවන්ගේ අනාගත අගසවු දෙදෙනායි. ඔවුන් දෙදෙනාම ත්‍රිවේදයෙහි කෙල පැමිණිලයි සිටියේ. එහෙත් ඔවුන්ට ඒ

Read More »

Ape Budu Hamuduruwo 69

අපේ බුදුහාමුදුරුවෝ 69   පරසතු මලින් පුදනු ලැබූ අත්‍ථදස්සී බුදුහාමුදුරුවෝ 03  අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා. ’’අත්‍ථදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’සෝභන’’ නම් වී. පියතෙම ’’සාගර’’ නම් රජය. වැදූ මව ’’සුදස්නා’’ නම් වූවාය. ඒ බුදුරජතෙම අවුරුදු දස දහසක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කෙළේය. ’’අමරගිරිය’’

Read More »

Ape Budu Hamuduruwo 70

අපේ බුදුහාමුදුරුවෝ 70   අධිකරණ ව්‍යවහාර පුස්තකයන් හි තිබූ අධාර්මික ව්‍යවහාර අතුරුදහන් කරමින් මෙලොවට බිහිවූ ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 01. අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අන්තර් කල්පයක් ගත වූවායින් පස්සේ අපරිමිත ආයුෂ ඇති සත්ත්වයින් පිරිහී ගොසින් මිනිසුන්හට වසර ලක්ෂයක පරමායුෂයට පැමිණි කාලයේ ලෝකලොකතර, ලෝකමල නසාලන ලොවට එකම නායක වූ ධම්මදස්සි නම් ශාස්තෘන්

Read More »

Ape Budu Hamuduruwo 71

අපේ බුදුහාමුදුරුවෝ 71   ධම්මදස්සී බුදුහාමුදුරුවෝ 02සක්දෙවූ රජ ලෙසින් පැමිණ නියත විවරණ ලැබූ අප මහා බෝසතාණෝ. එදා ධම්මදස්සි බෝසතුන් වහන්සේත් සමග පිරිවර ස්ත්‍රී හැර  කෙළ ලක්ෂයක් පිරිවර පැවිදි වුනා. උන් වහන්සේ දුෂ්කරක් ක්‍රියා කලේ සතියක් පමණයි. උන් වහන්සේගේ බුද්ධත්වයට පෙර වළඳන අවසාන දානය වන මිකිරිබත්  පුජා කරනු ලබන්නේ සංසාරය පුරා

Read More »

Ape Budu Hamuduruwo 72

අපේ බුදුහාමුදුරුවෝ 72  ධම්මදස්සී භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව  බුද්ධවංසපාළියේ මෙලෙස  සංෂිප්ත කොට සදහන් වෙනවා. ’’ධම්මදස්සී’’ ශාස්තෲන් වහන්සේගේ උපන් නුවර ’’සරණ’’ නම් වී. පියතෙම ’’සරණ’’ නම් රජය. වැදූ මව් තොමෝ ’’සුනන්‍දා’’ නම් වූවාය. ඒ බුදුරජතෙම බුදුවන්ට පෙර අවුරුදු අට දහසක් ගිහිගෙයි විසී. ’’අරජ’’ ය, ’’’විරජ’’ ය, ’’සුදස්සන’’ ය යන උතුම් ප්‍රාසාද

Read More »