අපේ බුදු හාමුදුරුවෝ
පන්ලක්ෂ දොළොස් දහස් විසි අටක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ට හිස තබා ආදරයෙන් නමස්කාර කරමි.
එම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන් වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන් වහන්සේලාට ද
මම ආදරයෙන් නමස්කාර කරමි.
එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!
“අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.
මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!
Ape Budu Hamuduruwo 25
අපේ බුදුහාමුදුරුවෝ 25 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 08 සක්විති කිරුළ සඳහා පිරිය යුතු සක්විතිවත්. සක්විති රජකු තුළ තිබිය යුතු දස සක්විති වත් දැක්වෙන්නේ දීඝනිකායේ පාථිකවග්ගපාළියට අයත් “චක්කවත්ති – සීහනාද” සූත්‍රයෙහි යි. එහි සඳහන් කර ඇති අන්දමට ඉහත කියූ සත් රුවන් පහළ වීමෙන් සක්විති රජකමට පත් වන්නේ මේ
Ape Budu Hamuduruwo 26
අපේ බුදුහාමුදුරුවෝ 26 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 09 දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහ ඌර්ණ රෝමකූප ධාතුව විජිතාවී සක්විති රජ තුමා ගැන බොහෝ විස්තර මට ත්‍රිපිටකයේ හමුවුනේ නැහැ. ඒ නිසා ත්‍රිපිටකයේ අනෙකුත් සක්විති රජවරුන් ගැන ලියලා තියෙන පොදු කරුණු බොහෝ තැන් වලින් උපුටා ගත්තා. ඒ දීඝනිකාය » මහාවග්ගපාළි
Ape Budu Hamuduruwo 27
අපේ බුදුහාමුදුරුවෝ 27 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 10 ඉහතින් සුළු වශයෙන් සක්විති රජ කෙනෙකුගේ මහේශාක්‍යභාවය විස්තර කෙරුණා. ඒ සියලුම තේජාන්විත බල පරාක්‍රමයෙන් යුතු විජිතාවී සක්විති රජ නොහොත් අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ තවත් බෝසත් උපතක් ලබා උතුම් රාජ රාජ මැති අමාත්‍යවරුන් පිරිවරා චන්ද්‍රවතී නුවර සිට අපමණ රුවන් දරන
Ape Budu Hamuduruwo 28
අපේ බුදුහාමුදුරුවෝ 28 දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 01 කොණ්ඩඤ්ඤ ශාස්තෘන් වහන්සේ පිරිනිවුනායින් පසුව අවුරුදු ලක්ෂයක් ඒ සසුන සුරැකුනා. බුද්ධ අනුබුද්ධ ශ්‍රාවකයන්ගේ අතුරුදන් වීමෙන් පස්සේ උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වුනා. කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ට පස්සේ එක් අසංඛ්‍යයක් ඉක්මවා එකම එක කපෙක බුදුවරු සතර නමක් පහළ වුනා. බුදුවරු සතරනමක්
Ape Budu Hamuduruwo 29
අපේ බුදුහාමුදුරුවෝ 29 දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 02 මංගල සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර අලෝකදහරාව අනෙකුත් බුදුරජාණන් වහන්සේලාට වඩා මහත් වූ අධිකතරයි. අන් බුදුවරයන්ගේ ශරීර ප්‍රභාව අසූ රියන් හෝ බඹයක් පමණ වෙනවා. එහෙත් මංගල බුදුන් වහන්සේගේ ශරීර ප්‍රභාව දසදහසක් ලෝක ධාතු දක්වා පැතිර ගියා.
Ape Budu Hamuduruwo 30
අපේ බුදුහාමුදුරුවෝ 30 දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 03 සුනන්ද සක්විති රජ සහ සක්රුවන මංගල බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පෙර අසුරියනක් වූ ශරීර ආලෝකය බුද්ධත්වයෙන් පසුව පසුව දහසක් සක්වළ දක්වා දිවා රෑ ඒකාලෝක කරමින් පැතිර ගිය සැටි මා මිට පෙර ලිපියේ ලීවා. ඒ මහා
Ape Budu Hamuduruwo 31
අපේ බුදුහාමුදුරුවෝ 31 දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 04 සුමංගල බුදුහාමුදුරුවන්ගේ දෑගසව්වුන්. හරිම පුදුමයි පසුගිය බුදුවරුන් හමුවට පැමිණි පිරිස් ගැන හිතනකොට. උන්වහන්සේලාට සම්මුඛ වන්නේ අඩුම වශයෙන් දස දහසක පමණ පිරිසක් විතරක් නෙවෙයි එකවර මාර්ගඵල ලබන්නේත් එලෙසම විශාල පිරිස්. ඒ මොහොතේ මංගල බුදුහාමුදුරුවෝ වැඩසිටියේ
Ape Budu Hamuduruwo 32
අපේ බුදුහාමුදුරුවෝ 32 දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 05 දානයට ආරාධනා කොට බමුණා ගෙදර යන්නට පිටත් වුනත් මහා වගකීමක බරක් හිස මත. බුදුරජාණන් වහන්සේ ඇතුළු කෙළ ලක්ෂයක් වූ සංඝ පිරිසකට දානය පිළියල කිරීම. ඔහුට මෙහෙම හිතුනා. මට මේ සියලු භික්ෂුන් වහන්සේලාට කැඳ, බත්, වස්ත්‍ර
Ape Budu Hamuduruwo 33
අපේ බුදුහාමුදුරුවෝ 33 දස දහසක් සක්වළ වසර අනුදහසක් ආලෝකය පැතිර වූ මංගල බුදුරජාණන් වහන්සේ 06 ඉතාමත් ශාන්ත වූ ඉන්ද්‍රියන් ඇති දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් අග තැන්පත් දිවා රාත්‍රී දෙකෙහිම සුර්යයා මෙන් ශරීර ආලෝකය විහදවූ මංගල බුදුරජුන් ඇතුළු කෙළ ලක්ෂයකට වැඩි භික්ෂු පිරස ඉතාමත් ශාන්ත වූ ගමනින් ඒ මහා මණ්ඩපය මතට
Ape Budu Hamuduruwo 34
අපේ බුදුහාමුදුරුවෝ 34 සුමන බුදුහාමුදුරුවෝ. මෙසේ එක්වරම දසසහශ්‍රී ලෝකධාතුව ඒකාන්ධකාර කොට ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමෙන් පසු කාලයේ අනුදහසක් ආයුෂ ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පරමායුෂ අවුරුදු දහය දක්වා අඩුවෙන්නට වුනා. නැවතත් අන්තර් කල්ප පසුකරමින් මිනිස් ආයුෂ අසංඛ්‍යක් දක්වා පැමිණ අවුරුදු අනුදහසක් දක්වා පිරිහුණු කල්හි සුමන බෝසතුන් තුසිත දෙවුලොවින් චුතව මේඛල
Ape Budu Hamuduruwo 35
අපේ බුදුහාමුදුරුවෝ 35 අසූරියනක් උස දහවල් සහ රාත්‍රියේ යොදුනක් දුර ආලෝකය පැතිර වූ රේවත බුදුරජාණන් වහන්සේ. සුමන භාග්‍යවතුන් වහන්සේට පසු කාලයෙහි උන්වහන්සේගේ සසුනත් අතුරුදහන් වීමෙන් පසුව අනුදහසක් ආයුෂ ඇති මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් පිරිහෙමින් පරමායුෂ අවුරුදු දහය දක්වා අඩුවෙන්නට වුනා. නැවතත් අන්තර් කල්ප පසුකරමින් මිනිස් ආයුෂ අසංඛ්‍යක් දක්වා පැමිණ අවුරුදු
Ape Budu Hamuduruwo 36
අපේ බුදුහාමුදුරුවෝ 36 මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල සෝභිත බුදුහාමුදුරුවෝ 01 එලෙස පසු කාලයේ රේවත බුදුරජාණන් වහන්සේගේ සසුනත් අතුරුදහන් වූවායින් පස්සේ සෝභිත නම් වූ බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා තුසිත පුරේ ඉපිද ආයු තාක් කල් එහි සිට දේවායාචනයෙන්
Ape Budu Hamuduruwo 37
අපේ බුදුහාමුදුරුවෝ 37 මහපොළවෙන් අහසට එසවූ තම මාළිගාවද සිව් රඟ සේනාවද, හැත්තෑදහසක් වූ නළගනන්ද සමග අහසින් අභිනිෂ්ක්‍රමණය කල සෝභිත බුදුහාමුදුරුවෝ 02 සෝභිත බුදුහාමුදුරුවෝ බුදුවෙලා මහා බ්‍රහ්මයාගේ ධර්මාරාධනයෙන් පසුව කාහට ප්‍රථමයෙන් ධර්ම දේශනා කරන්නේ ද කියලා බලන්නට වුණා. සිය සුළු මවගේ පුතු බාල සොහොයුරු වන අසම කුමරු ද සුනේත්ත කුමරු ද
Ape Budu Hamuduruwo 38
අපේ බුදුහාමුදුරුවෝ 38 සත්රුවන් වරුසාවක් සමග මෙළොව පහළ වූ අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 01 සෝභිත බුදු හාමුදුරුවො පිරිනිවන් පෑමෙන් පස්සේ එක් අසංඛ්‍යයක් ලෝකය බුදුවරුන්ගෙන් ශුන්‍ය වුණා. අසංඛ්‍යයක් ගෙවීමෙන් පස්සේ අනෝමදස්සී පදුම නාරද නමින් බුදුවරු තුන් නමක් ලෝකයේ පහළ වුණා. බුදුවරු තුන් නමක් ලෝකයට ධර්මය දේශනා කරන කල්පයට කියනවා වර කල්පය කියලා. මේත්
Ape Budu Hamuduruwo 39
අපේ බුදුහාමුදුරුවෝ 39 යක්ෂ සේනාධිපතියෙක්ව සිට නියත විවරණලත් අප මහා බෝසතාණෝ අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 02 ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි ඇති ගාථා අතරෙන් ගාථා දෙකක අනෝමදස්සී බුදුහාමුදුරුවන් ගැන සඳහන් බුදුගුණ මගේ සිත ගත්තා. මට හිතෙන්නේ ඒ බුදු ගුණ සෑම බුදුවරයෙකුටම සමානයි කියලා. සොභිතස්ස අපරෙන, සම්බුද්ධො ද්විපදුත්තමො;අනොමදස්සී අමිතයසො, තෙජස්සී දුරතික්කමො. උන්වහන්සේ අනූපම දර්ශන ඇති අනූපම
Ape Budu Hamuduruwo 40
අපේ බුදුහාමුදුරුවෝ 40 අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 01 අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 03 මෙයින් ඒකාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර අප මහා බෝසතාණන් වහන්සේ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත් සමයේම වෙනත් ජනපදයක සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයින් වහන්සේලා ද ඉපිද සිටියා. සැරියුත් මහා තෙරණුවෝ බ්‍රාහ්මණ මහාසාර කුලයෙහි උපන්නා. සරද යනු ඔහුගේ
Ape Budu Hamuduruwo 41
අපේ බුදුහාමුදුරුවෝ 41 අප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව 02 අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 04 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ සසරේ කලාතුරකින් කෙනෙකුට ලැබෙන මහා සම්පතක්. ඔහු නිරන්තරයෙන්ම සසරේ තමාගේ යහළුවෝ තනිකර නිවන් පුරට යන්නේ නැහැ. එවැනි සම්පතක් මුගලන් හාමුදුරුවන්ටත් තිබුනා. ඒ විතරක් නෙවෙයි බොහෝ විට ඒ අය සසරේ ගමන් කරන්නේ
Ape Budu Hamuduruwo 42
අපේ බුදුහාමුදුරුවෝ 42 අනෝමදස්සී බුදුහාමුදුරුවෝ 05 සත්වන බුද්ධවංශය නොහොත් අනොමදස්සී බුදුරදුන්ගේ වංශ කතාව ත්‍රිපිටකයේ බුද්ධවංසපාළියෙහි මෙලෙස සාරාංශ ගත කොට තියෙනවා. අනෝමදස්සී ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර ’’චන්‍දවතී’’ නම් වී. පියතෙම ’’යසවන්ත’’ නම් රජය. මවු තොමෝ ’’යශොධරා’’ නම් වූවාය. ඒ අනෝමදස්සී බුදුරජතෙම (බුදුවන්ට පෙර) අවුරුදු දසදහසක් ගිහිගෙයි විසී. ’’සිරී’’ ය, ’’උපසිරී’’
Ape Budu Hamuduruwo 43
අපේ බුදුහාමුදුරුවෝ 43 මුළු දඹදිව තලය පුරා ද ඒ අවට මහා සාගරය ද පුරා ද මහා පියුම් වැස්සක් වස්සමින් ලොව පහල වූ පදුම බුදුහාමුදුරුවෝ 01 අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේට පසු කාලයේ අවුරුදු ලක්ෂයක් ආයු ඇති මිනිස්සු පිළිවෙලින් දස වස් ආයුෂ දක්වා කෙමෙන් අඩු වී නැවත අසංඛ්‍යයක් දක්වා ආයුෂ වැඩි වන්නට වුණා.
Ape Budu Hamuduruwo 44
අපේ බුදුහාමුදුරුවෝ 44 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ පදුම බුදුහාමුදුරුවෝ 02 ප්‍රථම සන්නිපාතය උන්වහන්සේගේ සාසනයේත් ශ්‍රාවක සන්නිපාත තුනක් ඇති වුණා. යම් දාක මනාව වැඩු ජීවිත ඇති භාවිතාන රජ බුදුපියුම් මුහුණැති පදුම බුදුන් වෙත කෙළ ලක්ෂයක් දෙනා පිරිවරා පැමිණ බණ අසා ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේද ඒ
Ape Budu Hamuduruwo 45
අපේ බුදුහාමුදුරුවෝ 45 සිංහ රාජයෙකු වී නියත විවරණ ලබාගත් අපේ බෝසතාණෝ පදුම බුදුහාමුදුරුවෝ. 03 ඒ පදුම බුදුන්වහන්සේගේ ශීලය අසමය. සමාධියේත් කෙළවරක් නැත. උතුම් සර්‍වඥතාඥානය නොහොත් ෂට් අසාධාරණ ඥානයද අසංඛ්‍යය. නොගිණිය හැක. විමුක්තියද උපමා රහිතය. ඒ පදුම භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙහෙම සංෂිප්ත කොට සදහන් වෙනවා. මහර්ෂීවූ පදුම බුදුරදුන්ගේ උපන්
Ape Budu Hamuduruwo 46
අපේ බුදුහාමුදුරුවෝ 46 දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත් වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු නාරද බුදුහාමුදුරුවෝ 01 නාරද බෝසතාණන් වහන්සේ ලොව පහල වීම. පදුම සර්වඥයන් වහන්සේ පිරිනිවි කල උන් වහන්සේගේ සසුනද අතුරුදහන් වී ලක්ෂයක ආයුෂ ඇති මිනිසුන් අනුක්‍රමයෙන් අවුරුදු දහය දක්වා පිරිහෙන්නට වුණා. නැවත ආයුෂ ක්‍රමයෙන්
Ape Budu Hamuduruwo 47
අපේ බුදුහාමුදුරුවෝ 47 දඹදිව වැසියන් ට පරිභෝගයට ප්‍රමාණවත්වන පරිදි අලංකාර ආභරණ වර්ෂාවක් සමග මෙලොව එලිය දුටු නාරද බුදුහාමුදුරුවෝ 02 නාග දමනය ඒ නාරද බුදුරජාණන් වහන්සේ ගේ කාලේ මහාදොණ කියලා නුවරක් තිබුණා. සමහරවිට ඒ නුවරට මහාදොණ කියලා නම් කරන්න ඇත්තේ දොණ කියලා මහා නාගරාජයෙක් ඒ නුවර හිටපු නිසා වෙන්න ඇති.
Ape Budu Hamuduruwo 48
අපේ බුදුහාමුදුරුවෝ 48 අසුකෙළකට අසපුවක් මැවූ අප මහා බෝසතාණෝ නාරද බුදුහාමුදුරුවෝ 03 නිරන්තරයෙන් යොදුනක් බුදුරැස් විහිදුන නාරද බුදුහාමුදුරුවෝ. තවත් මුලදි කියන්න බැරි විශේෂ කරුණක් තිබුණා. ඒ තමයි නාරද බුදුරජාණන් වහන්සේගේ තාත්තා ගැන. නාරද බුදුරජාණන් වහන්සේ ගේ පියා සක්විති රජ කෙනෙක්. සක්විති රජ කෙනෙකුගේ පුතෙකුට තිබිච්ච ලෞකික සැප ගැන හිතන්න. නාරද