අප භාග්‍යවතුන් වහන්සේ පමණක් සහජාත පරිච්ඡේදයක් නක්‍ෂත්‍ර පරිච්ඡේදයක් දැක්වූහ.

අපගේ සර්වඥ බෝසතුන් සමග වනාහි රාහුලමාතාව, ඡන්න, කන්ථක, නිධන්සැළි, මහාබෝධිය, කාළුදායී යන මේ සත එක්ව උපන්නේය. මෙය සහජාත පරිච්ඡේද නමි.

මහපුරිස්සු වනාහි උතුරුසළ නකතින් මවුකුස පිළිසිඳ ගත්හ. මහබිනික්මන් නික්මුණහ. ධම්සක් පැවැත්වූහ. යමාමහ පෙළහර කළහ. විසා නැකතින් උපන්හ. බුදුවූහ. පිරිනිවියහ. මාඝ නැකතින් උන්වහන්ගේ ශ්‍රාවක සන්නිපාතයද ආයුසංස්කාර අතහැරීමද විය. අස්විද නැකතින් දෙවාරෝහණය විය. මෙය නක්‍ෂත්‍ර පරිච්ඡේදයයි.