‘‘ද්වත්තිංසිමානි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති; සෙය්‍යථිදං, චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවට්ටච්ඡදො.
“මහණෙනි, මේ ලක්ෂණ දෙතිස මහාපුරුෂයාගේ මහාපුරුෂ ලක්ෂණයෝය. යම් ඒ ලක්ෂණවලින් යුක්තවූ මහාපුරුෂයාගේ මේ ගති දෙකක්ම වෙත්. අන් ගතියක් නොවන්නීය, ඉදින් (ඔහු) ගිහිගෙයි වාසය කෙරේද, සතර දිශාවට අධිපති වූයේ දිනූ රටවල් ඇත්තේ, ජනපදයන්හි ප්‍රධානයා වූයේ, රත්න සතකින් යුක්ත වූයේ, දැහැමි වූයේ, ධර්ම රාජයන්වූ සක්විති රජෙක් වෙයි.
ඔහුට මේ රත්න හත වෙති ඒ කවරේද? චක්‍ර රත්නය, ඇත් රත්නය, අස් රත්නය, මැණික් රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත්වැනිවූ පුත්‍ර රත්නය යන මොවුහුය. ඔහුට පරසේනාවන් මැඩිය හැකිවූ දෙව් පුතුන් හා සමානවූ ශරීර ඇති, සූරවූ දහසකට අධිකවූ පුත්‍රයෝ වෙති. හෙතෙම සයුර සීමාකොට වූ මේ පොළොව දඬුවම්කිරීම් නැතිව ආයුධ රහිතව ධර්මයෙන් සමාදානයෙන් දිනා වාසය කෙරෙයි.
ඉදින් (ඒ ලක්ෂණ ඇති) මහාපුරුෂයා ගිහිගෙන් නික්ම මහණ වේද, ලෝකයෙහි කෙලෙස් නමැති වැස්ම සිඳිනලද, අර්හත්වූ සම්‍යක් සම්බුදු වෙයි.
මහා පුරිස ලක්ෂණ තිබුණ පමණින් බුදු විය හැකි ද?
මෙය ඉහත පාඨය වරදවා තේරුම් ගැනීම නිසා ඇතිකරගත් මිථ්‍යා දිටිඨිය කි.
සක්විති රජුගේ ගතිය සක්විති රජ බවමයි. ගිහිගෙය නික්ම පැවිදි වුවද බුදුවිය නොහැක.
පාරමි ධර්ම සම්පුර්ණ කළ දෙතිස් මහාපුරුෂ ලක්ෂණ සහිත බෝසත් උතුමන් පමණක් බුද්ධත්වයට පත්වේ.
සක්විති රජු ද ගිහිගෙය හැරයයි නමුත් බුද්ධත්වය ලැබිය නොහැක.
- අනඳයෙනි, මහසුදසුන් රජ සුවාසූදහසක් හවුරුදු කුමරකෙළි කෙළීය. සුවාසූදහසක් හවුරුදු යුවරජය කැරැවිය. සුවාසූදහසක් හවුරුදු රජය කැරැවිය. ගිහි ව මැ සුවාසූ දහසක් හවුරුදු දහම් පායෙහි බඹසර හසළේ ය. හේ සතර බඹවෙහෙර බවා කාබුන් මරණින් මතු බඹලෝ ගියේ විය.
- ආනන්‍දයෙනි, මඛාදේව රජු ගේ පුත්‍ර කපුවාට ගම්වර දී දෙටුපුත් කුමරු මොනොවට රාජ්‍යයෙහි සමනුශාසනා කොට මෙ මැ මුවදෙව් අඹවෙනෙහි කෙස්මස් බහා කහවත් හැඳ පෙරෙවැ ගෙන් නික්ම තවුස්පැවිදි වන.
- ආනන්‍දයෙනි, වැළිත් මඛාදේව රජු පුත් සූවාසුදහසක් හවුරුදුකුමරකෙළි කෙළියේ යැ. සූවාසුදහසක් හවුරුදු යුවරජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු රජය කෙළේ, සූවාසුදහසක් හවුරුදු මෙ මැ මඛාදේව අඹවෙනෙහි ගෙන් නික්ම තවුස්පැවිදි වන්නේ බඹසර සැරි. හෙ සිවුබඹවෙහෙර වඩා කාබුන් මරණින් මතු බඹලොව කරා ගියේ යි
- එ කලැ සක්විති රජ තෙම දෙටුපුත් කුමරහු බණවා, ‘දරුව, මගේ දෙව් සක්රුවන ඉවත් වී ල, තුබූ තැනින් පහ වී ල. යම් සක්විති රජක්හුගේ දෙව් සක්රුවන ඉවත් වේ ද, තුබූ තැනින් පහ වේ ද, දැන් එ සක්විති රජුහු විසින් බොහෝ කල් ජීවත් වියැ හැකි නො වේ’ යැ යි මෙය මා විසින් අසන ලද. මිනිසුන් විසින් වින්දැයුතු කාමයෝ මා විසින් විඳුනා ලදහ. දැන් දෙව් කම් සැපත් සොයන්නට කල් පැමිණියේ වෙයි. දරුව, කුමාරය, මෙහි එව. මේ මුහුදුහිම් පොළොව තෝ අනුභව කරව. මම් වනාහි කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදනෙමි’ යි කී ය. මහණෙනි, ඉක්බිති සක්විති රජ තෙම දෙටුපුත් කුමරහට රජයෙහි මොනවට අනුසැස, කෙහෙ රවුලු බහවා, කසාවත් හැඳ, ගිහි ගෙන් නික්මැ පැවිදි බිම් වනි. මහණෙනි, ඒ රාජර්ෂීහු පැවිදි වැ සතියක් ගිය කලැ දෙව් සක්රුවන අතුරුදහන් විය.
සක්විති රජ වීම සඳහා සක්විති වත සම්පුර්ණ කළ යුතු ය.
- අබිසෙස් ලත් එ කැත් රජ තහෙම දෙව් සක්රුවන අතුරුදහන් වූ කල්හි නො සතුටු විය. නො සතුටු බව පළ කෙළේ ය. එහෙත් රාජර්ෂීහු කරා එළැඹ අරී සක්විතිවත් නො විචාළේ ය. හේ සිය මතයෙන් ම රට පාලනය කෙරෙයි. සිය මතයෙන් ම රට පාලනය කරන ඔහුගේ දනවුහු පසු කලැ අරී සක්විති වත්හි පවත්නා පෙරැසිටි රජුන්ගේ දනවු සෙයින් නො වැඩෙත්.
- සක්විති රජු පැවිදි වූ කල්හි හෝ කළුරිය කළ කල්හි හෝ චක්‍ර රත්නය දින සතක් පමණක් තිබී අතුරුදහන් වෙයි. කෙසේ නම් මෙතෙම එම චක්‍රය අනුපවත්වයි නම් වේද? පියාගේ ප්‍රවේණියෙහි සිටසක්විතිවත් පුරා සක්විති රජකම කරන්නේද පියා විසින් පවත්වන ලද්දම අනුපවත්වයි.
- නන්ද කුමාරයා සහ රාහුල කුමාරයන්ට මහා පුරිස ලකුණු 32 සහිත වුවත් සක්විති පදවිය ලැබිම සඳහා අවස්ථාව තිබුනි. නමුත් තෙරිම ගන්නට භාග්‍යවතුන් වහන්සේ අවස්ථාව නොදේ (සක්විති පදවියට වඩා සෝවාන් ආධී මාර්ගඵල සමකොට පෙන්විය නොහැකි බැවින් – සෝවන් ආර්‍ය ශාවකයාගේ උපරිම භව ප්‍රමාණය හතක් වන අතර සක්විති රජුට එසේ වන්නේ නැත)
බුදු කෙනකුන් පහළවීමෙන් සක්විති රජ පැවිදි වී රහත් වු අවස්ථා.
- යම්දාක සුනන්‍ද නම් සක්විති රජ සුරභි නුවර සපිරූ සක්විතිවත් ඇත්තේ සක්රුවන ලැබීද එය මංගල බුදුන් ලොව පහළ වූ කල සැලෙනු දැක සුනන්‍ද රජ නොසතුටුව බමුණන් විමසීය. මාගේ කුසල බලයෙන් ජනිත මේ සක්රුවන කුමක් හෙයින් සැලිණිද කියායි. ඔවුහු ඒ රජුට සැලුණ හේතු පැවසූහ. සක්විති රජුගේ ආයු ගෙවීමෙන් හෝ පැවිදිවීමෙන් හෝ බුදු කෙනකුන් පහළවීමෙන් හෝ සක්රුවන තැනින් සැලේ යයි කියා මහරජ, ඔබගේ ආයු ගෙවීමක් නැත. ඔබ ඉතා දික් ආයු ඇත්තාහ. මංගල බුදුහු ලොව උපන්හ. එයින් ඔබගේ සක්රුවන සැලිණ කියායි. එයසා සුනන්‍ද සක්විති රජ පිරිවර ජනයා සහිතව සක්රුවන වැඳ ආයාචනා කළේය. යම්තාක් මම ඔබගේ අනුහසින් මංගල දසබලයන් වහන්සේට උවටැන් කරන්නෙම් ද ඔබ එතෙක් අතුරුදන් නොවුව මැනව කියායි. එවිට සක්රුවන නිසි තැනම පිහිටියේය.
එවිට හටගත් සොම්නස් ඇති සුනන්‍ද සක්විති රජ සතිස් යොදුන් පිරිමඩුලු ඇති පිරිස් පිරිවරා සකලලෝකමංගල දසලබලයාණන් වෙත ගොස් ශ්‍රාවක සංඝයා සහිත ශාස්තෘන් වහන්සේ මහදනින් සතප්වා කෙළ ලක්‍ෂයක් රහතුන්ට කසීසළු පුදා තථාගතයන් වහන්සේට සියලු පිරිකර පුදා මුළුලොව විස්මය කරවන බුදුපුද කොට මංගල ලෝකනායකයාණන් වෙත එළඹ දසනඛසමොධානයෙන් බබළන විමල කමල කැකුළු වන් අඤ්ජලි හිස තබා වැඳ බණ ඇසීමට පසෙක හිඳගත්තේය. ඔහුගේ පුත් අනුරාජකුමාර ද හිඳගත්තේය.
එකල්හි සුනන්‍ද සක්විති රජු ප්‍රධාන ඔවුන්ට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කථාව වදාළ සේක. සුනන්‍ද රජ සහපිරිවරින් පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ පෙර සිරිත් බලන්නාහු ඍද්ධිමය පා සිවුරු සම්පත් දැක සක්දැලින් සුසැදි දකුණත දිගුකොට මහණෙනි, එව්හි වදාළහ. එකෙණෙහි සියල්ලෝ දෑඟුල් කෙස් ඇති පාසිවුරුධර සියවස්ගත තෙරවරුන් මෙන් ආකල්ප සම්පන්නව බුදුන් පිරිවරා ගත්හ. - නන්ද කුමාරයා සහ රාහුල කුමාරයන්ට මහා පුරිස ලකුණු 32 සහිත වුවත් රහත් බවට පැමිණියේය.
- මෛත්‍රෙය භාග්‍යවතුන්ගේ සමයෙහි ශංඛ නම් සක්විති රජු පැවිදව පිරිනිවෙන බව.
සක්විති රජු හා බෝසතුන් අතර ඇති වෙනස්කම්.
- උපදනා බෝසතුන් දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද?
- උපදනා බෝසත් සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද, එසේ ම උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද?
- උපදනා බෝසතුන් හා මවට දියකිස කරන සිහිල් වූත් උෂ්ණ වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද, එ පරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයාට සක්විතිදරු හා මවට දියකිස කරන සිහිල් වූත් උණු වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද?
- උපන් කෙණෙහි බෝසත් සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, ශ්වේතච්ඡත්‍ර ධරත් මැ ඔබ මොබ හැමදික් බලා ද, ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මේ අන්තිමජාති යැ, දැන් පුනර්‍භවයෙක්, නැති’ යි සිංහනාද කෙරේ ද, එ පරිදි මැ එකෙණෙහි උපන් චක්‍රවර්තිසත්ත්‍වයා සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, සේසත් ධරත් මැ හැමදික් ඔබ මොබ බලා ද, ‘මම ලෝකයට අග්‍රයෙමි … පුනර්‍භවයෙක් නැති’යි සිංහනාදත් කෙරේ ද?
- උපදනා බෝසත්හු පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් ඇද්ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් වේ ද?
- බෝසත්හුගේ පියවි කය හාත්පස බඹයක් එළිය කෙරේ ද, එපරිදි මැ සක්විතිහුගේ පියවිකය හාත්පස බඹයක් එළිය කෙරේ ද?
- බෝසත් මහාසුපින දක්නේ වේ ද, එපරිදි මැ සක්විති රජු මහාසුපින දක්නේ වේ ද?
- බෝසතුට එක දරුවෙක් පමණක් වන අතර සක්විති රජුට දරුවන් සහසක් ඉන්නා බව.
- බුද්ධත්වය සඳහා පාරමිතා ධර්ම සම්පුර්ණ කළ යුතු අතර භාග්‍යවතුන් වහන්සේට එක් මලක් පුජා කිරිමෙන් පමණක් අවස්ථා ගණනාවක් සක්විති රජවෙන බව.