පෙර බරණැස් නුවර සහෝදරවරු දෙදෙනෙක් මහත් උක් කුඹුරක් කළාහුය. අනතුරුව බාල සහෝදරයා උක් කුඹුරට ගොස් එකක් වැඩිමල් සහෝදරයාට දෙන්නෙමි. එකක් මටයයි සිතා උක්ගස් දෙකක් ගෙන රසය බැහැර නොයනු සඳහා කැපු තැන් බැඳ ගත්තේය. ඒ කාලයේදී උක්ගස් යන්ත්‍රයෙන් මැඩීමක් නැත. අග හෝ මුල සිඳීමෙන් පෙරහනෙන් දිය වැගිරෙන ලෙසට පැණි වැගිරේ.

මොහු කුඹුරෙන් උක් ගස් ගෙන ආපසු එන අවස්ථාවේ දී – ගන්ධමාදන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේ සමාපත්තියෙන් නැගිට අද කාටනම් අනුග්‍රහ කරමිදැයි විමසා බලන්නේ මේ සොහොයුරු තම ඤාණ ජාලයට හසුවිය. සංග්‍රහ කිරීමට සමර්ථ භාවය දැන පා සිවුරු ගෙන ඍද්ධියෙන් පැමිණ ඔහු ඉදිරියේ සිටියහ. බාල සොහොයුරු බුදුරජාණන් වහන්සේ දැක පැහැදුන සිත් ඇතිව උතුරු සළුව උස් වූ බිම් පෙදෙසක අතුරා ස්වාමීනි මෙහි වාඩි වන්නැයි පසේ බුදුන් වාඩි කරවා පාත්‍රය එළවන්නැයි ඉල්ලා උක් ගසේ බැමිලිහීය උග් ගසින් පැණි වැගිරි පාත්‍රයට වැටුනි. පසේ බුදුන් උක් පැනි පානය කළහ. ස්වාමීනි ඔබවහන්සේ උක්රස පානය කිරීම යහපති ඉදින් මගේ වැඩිමල් සොහොයුරා ද උක්ගස දුන්විට ඔහුද දන් දෙනු ඇතැයි සිතා ස්වාමීනි පාත්‍රය මේ දෙසට යොමුකරණු මැනව දෙවනුව ද උක්ගසේ බැඳ තුබු තැන ලිහා රසය පාත්‍රයට පෙරෙන්නට හැරියේය. පළමු උක්ගසේ පැණි වැළදු නිසා දෙවැනි උක්ගසේ පැණි පාත්‍රයේ පුරවා අනෙක් අය හා බෙදා ගැනීමට වාඩිවී සිටියහ. ඔහු බුදුන්ගේ ආකාරය දැනගෙන පසඟ පිහිටුවා වැද ස්වාමීනි මම දෙන ලද අග්ග රසය නිසා නිසැකවම මේ විපාකයෙන් දෙමිනිස් සම්පත් අනුභව කොට කෙළවර ඔබ විසින් පැතූ සම්පත් පැමිණෙන්නේ යයි ප්‍රාර්ථනා තැබුහ පසේ බුදුන්ද එසේ වේවායි පවසා ඉවජිතං පත්ථිතං ආදී දෙගාථාවෙන් අනුමෝදනා කර ඔහු ප්‍රාර්ථනා කරන ලෙසට අදිටන් කර අහසින් ගන්ධමාදන පර්වතයට වැඩම කරවා පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලාට එම රසය දුන්හ.

ඔහු මේ ප්‍රතිභාර්යය දැක සහෝදරයා ළඟට ගිය කල්හි කොහි ගියේ දැයි විමසු විට උක් කුඹුර බලන්ට යයි පැවසූ විට ඔබ වැනි කෙනෙකුන් කුඹුර බැලීමට යාමෙන් කවර ප්‍රයෝජනයක්ද එකක් හෝ දෙකක් ගෙන ආයුතු නො වන්නේද? සහෝදරයා පැවසු විට එය සොහොයුර මවිසින් උක්ගස් දෙකක් ගෙන ආමි. එකක් පසේ බුදුන් දැක රස දන් දුනිමි. කිම මුලින් ද අගින් ද රස දුන්නේ පසේ බුදුරදුන් කුමක් කළාහුද මගේ උක්ගසේ රසය පානය කර ඔබ සඳහා වූ උක්ගසේ රස පාත්‍රයට ගෙන ගන්ධමාදන පර්වතයට වැඩමවා පන්සියයක් පසේ බුදුවරුන්ට දන් දුන්හ. මේ සියළු කථා විස්තර අසමින් සිටින අතර මහත් ප්‍රීතියට පත්ව සතුට පැතිරි උන්වහන්සේට පිදීමෙන් මෙලොවදීම සම්පත් ලැබේයයි ප්‍රාර්ථනා තැබීය. බාලයා ත්‍රිවිධ සම්පත් පැතීය දෙවැන්නා රහත්බවකින්ම පැතීය. පත්විය.

ඔවුහු දිවි ඇතිතෙක් සිට ඉන් චුතව දෙලොව ඉපිද බුද්ධාන්තරයක් ගෙවුහ. ඔවුන් දෙලොව සිටි කාලයේදීම විපස්සී බුදුන් ලොව පහළ වුහ. ඔවුද දෙලොවින් චුතවී බන්ධුමතී නුවර එකම කුල ගෙයක ජ්‍යෙෂ්ඨයා ජ්‍යෙෂ්ඨ සහෝදරයා ලෙසටද බාලයා බාල සොහොයුරා ලෙසටද උපත ලැබුහ. ජ්‍යෙෂ්ඨයා සේන වීය. කණිෂ්ඨයා අපරාජිත නම් විය. ඔවුන් වයසට පත් වූ විට කුටුම්බය පිහිටුවා වාසය කරන අතර බුද්ධ රත්නය ලොව පහළ විය. ධර්ම රත්නය සංඝරත්නය ද පහළ විය. දන් දෙව් පින්කරවු අද අටවක, අද අමාවක – උපෝසථ සමාදන්වමු. ධර්මය අසවු මේ ආදී ධර්මඝෝෂා බන්ධුමතී නුවර ඝෝෂා අසා මහජනයා පෙරවරු දන් දී සවස බණ ඇසීමට යනු දැක කුටුම්බක ඔබ කොහේ යන්නේදැයි විමසා බුදුන් වෙත ධර්මය ඇසීමට යයි දැනගත්විට මමද යමියි ඔවුන් සමග ගොස් පිරිස කෙළවර වාඩිවිය.

බුදුහු ඔහුගේ අදහස දැනගෙන අනුපිළිවෙළ කථාව කළහ. ඔහු බුදුන්ගේ ධර්මය අසා උත්සාහවත් වුයේ බුදුන්ගෙන් පැවිද්ද ඉල්ලුවේය. අනතුරුව බුදුහු ඔබට දැන්විය යුතු ඥාතීන් සිටීදැයි විමසුහ. ඔහු බාල සොහොයුරා වෙත ගොස් මේ කුලයේ යම් ධන සම්පතක් තිබේ ද ඒ සියලු දේ ඔබට අයත් වේවායි පැවසුවේය. ඔබ ස්වාමි යැයි විමසුවිට මම බුදුන් වෙත පැවිදි වන්නෙමි. ස්වාමියා කුමක් කියන්නේ ද මව මිය ගියවිට මෑණියන් වැනි විය. පියා මිය ගියවිට පියා වැනි විය. ඔබ මෙහි සිටියදීම සම්පත් ඇති නිසා මෙහිදීම පිං කළ හැකිය. මෙලෙස පැවිදි නො වන්නැයි ඉල්ලා සිටියේය. මවිසින් බුදුන් සමීපයේ ධර්මය අසන ලදී එය ගිහි ගෙයි සිටිය දී සපුරන්නට නොහැකිය. ඔබ නවතින්න මම පැවිදි වන්නෙමි. මෙලෙස බාල සොහොයුරා ගෙදර නවතා බුදුන් වෙත පැවිදිවී ලබන ලද උපසම්පදා ඇත්තේ නොබෝ දිනකින් රහත්ඵලයට පත්වූහ. බාලයාද පැවිදි වූ සොහොයුරාට සත්කාර කරමියි දින හතරක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දී සහෝදරයාට වැඳ මෙලෙස කීවේ. ස්වාමීනි ඔබ විසින් භව නිස්සරණය කරන ලදී. මට පස්කම් ගුණයේ බැදී නික්මී පැවිදි වීමටද නො හැක්කෙමි. මම ගෙයි සිටියදීම සුදුසු වූ මහත් පිංකම් කියා දෙන්නැයි පැවසුවේය. එහි දී තෙරුන් වහන්සේ යහපත නුවණැත්ත බුදුන්ට ගඳකිළියක් කරන්නැයි පැවසුවේය. ඔහු යහපතැයි පිළිගෙන නොයෙක් දැව වර්ග ගෙන්වා ගෙන කුළුණු ආදිය එකක් රත්න ඔබ්බවා තවෙකක් රිදී ඔබ්බවා තව එකක මැණික් ඔබ්බවා සියල්ලම සියළු රන් ජාති යොදා කරවා ඒවායෙන් ගඳකිළිය කරන කාලයේ වනාහි තමන්ට සමාන නම් ඇති අපරාජිත නම් බෑනා පැමිණ මම ද කරමි. මට ද ප්‍රාප්තිය දෙන්න. මාමණ්ඩිය යනුවෙන් ඉල්ලා සිටි විට දරුව නොදෙමි අන්‍යයන්ට අසාධාරණ වුවක් කරන්නෙමි ඔහු බොහෝ කොට ඉල්ලු පිං නොලැබුන විට ගඳකිළිය ඉදිරියේ ඇති ශාලාවක් කිරීම වටීයයි සරුවන්නේමය හත්ථි ශාලාවක් කළේය. ඔහු මේ බුද්ධොත්පාද කාලයේ මෙණ්ඩක සිටුවරයා වී උපන්නේය.

ගඳකිළිය සත් රුවන්මය විය. මහා ජනෙල් තුනක් විය. ඒවා ඉදිරියේ යට සුදුපැහැ ගැන් වූ පොකුණු තුනක් විය. සුවඳ වර්ග හතරක් ඇති ජලය පුරවා අපරාජිත ගෘහපති පස්වනක් පියුම් රෝපණය කළේය. බුදුරජාණන් වහන්සේ ඇතුළත වැඩ සිටින විට සුළඟින් නැගෙන මල්රේණු සිරුරට වැටීම සඳහා ගන්ධ කුටි මුදුනේ කපලු භාජනයක රත්න ස්වර්ණමය සුණු තිබුණි. පලුමය මුදුන් පත්යට මැණික්මය උළු කැට විය. නටන මොනරෙකුගේ රුව එහි වීය. සත් රුවන්වලින් කැටයම් කළයුතු දෑ කැටයම් කර ඉතිරි සියල්ලම ගෙන දණක් පමණ දුරට ගඳකිළිය වටකොට පිරිවෙණ පිරවීය

මෙලෙස ගඳකිළිය නිමාකොට අපරාජිත ගෘහපති සහෝදර තෙරුන් වෙත එළඹ මෙසේ පැවසුවේය. “ස්වාමීනි ගඳකිළියේ කටයුතු නිමා විය. එය පරිභෝග කිරීම අපේක්ෂා කරමි. පරිභෝග කිරීමෙන් මහත් පිනක් සිදුවේ. තෙරුන් වහන්සේ බුදුන් වෙත එළඹ ස්වාමීනි මේ කෙළඹියා විසින් ගඳ කිළිය නිමවන ලදී. දැන් එය පරිභෝග කිරීම අපේක්‍ෂා කරයි. යනුවෙන් පැවසුහ. බුදුරජාණන් වහන්සේ අසුනින් නැගී සිට ගඳකිළිය දෙසට ගොස් ගඳකිළිය වටා තබන ලද මැණික් රාශිය බලා දොරටු කොටුවෙහි වැඩසිටියහ. අනතුරුව කෙළෙඹියා ස්වාමීනි පිවිසෙන්නැයි පැවසුවේය. තථාගතයන් වහන්සේ එලෙසටම සිට තෙවැනි වර ඒ සහෝදර තෙරුන්දෙස බැලුහ. උන්වහන්සේ බැලු ආකාරයෙන්ම දැනගෙන කණිටු සොහොයුරාට (කෙළෙඹියාට) මෙසේ පැවසුවේය. එන්න දරුව මවිසින් ආරක්‍ෂාව සිදුකරනු ලැබේ. නුඹ වහන්සේ සුවසේ වාසය කරන සේක්වා යයි තථාගතයන් වහන්සේට කියන ලෙසට පැවසූහ. කෙළෙඹියා උන්වහන්සේගේ වචනය අසා බුදුන්ට පසඟ පිහිටුවා වැඳ ස්වවාමිනි යම් සේ මිනිස්සු ගස් මුල සිට අපේක්‍ෂාවක් නැතිවම ආපසු යන්නේද යම්සේ ගඟක් තරණය කර ඔරුව අතහැර බැහැ රයන්නේද එලෙසට අපේක්ෂාවක් නොමැතිවම ඔබ වහන්සේ වසන සේක්වායි පැවසුහ. කුමක් නිසා බුදුහු සිටගෙන සිටීද උන්වහන්සේට මෙබඳු අදහසක් ඇතිවිය. බුදුන් වෙතට පෙරවරුවේ ද සවස් කාලයේද බොහෝ දෙන පැමිණෙති. ඔවුන් මැණික් අරගෙන යනවිට වළක්වන්නට නොහැකිය. පිරිවෙන්හි මෙපමණ මැණික් විසුරුවා ඇතිවිට තව උපස්ථායකයින් ගෙනයනවිට වැළකිය නොහැකිය. කෙළෙඹියා මා කෙරෙහි වෛර බැඳ අපායගාමි වන්නේය. මේ කරුණ නිසා පළමුව ඇතුල් නොවී බලා සිටියහ. ඒවා මවිසින් රැකේ ඔබ වහන්සේ වාසය කරන්නැයි පැවසුවට පිවිසුනාහුය.

කෙළෙඹියාද හාත්පස ආරක්ෂාව තබා මිනිසුන්ට කීහ. දරුවනි උකුලේ හෝ සෙම්බුවල හා ගෙනයන්නන් වළක්වවු අතින් ගෙන යන්නන් නො වළක්වමු. නගරය තුළ ද දැනුම් දුනි. මවිසින් ගන්ධකූට පිරික්වෙනේ සරුවන් විසුරුවා ඇත. බුදුන්ගෙන් ධර්මය අසා යන්නවුන් දුගී අය දෙඅත් පුරවා ගනිත්වා – සුවපත් අය එක් අතකින් පමණක් ගෙනයමු. ඔහු මෙසේ සිතා මේ ලෙසට අණදුනි. සැදැහැවත්හු ධර්මය ඇසීමට පැමිණෙති. ශ්‍රද්ධා නැති අය ධන ආශාවෙන් ගොස් බණ අසා දුකින් මිදෙති. මේ නිසා ජනතාවට සංග්‍රහ වශයෙන් මෙලෙස දැනුම් දුන්නේය. මහජනයා ඔහු විසින් කියන ලද පරිදිම මැණික් ගත්තේහ. වරක් අඩුවූ විට පිරවීය මේ ලෙසට තුන්වතාවක් පිරවීය. දණක් පමණට සප්තරත්න පුරවාලීය. බුදුරදුන්ගේ පා තබන තැන පුහුල් ගෙඩියක් තරම් වූ මැණිකක් තබා තිබුණි. ඔහු මෙසේ තබන ලද්දේ බුද්ධ ශරීරයෙන් රන්වන් වූ ප්‍රභාශ්වෙන් යුත් මැණික් ප්‍රභාව බලන අයට තෘප්තියක් ඇති නොවේ. එනිසා එම මැණික තබන ලදී. මහ ජනතාව ද තෘප්තියක් නොමැතිවම බලා සිටියහ.

මේ අතර එක් මිථ්‍යාදෘෂ්ටික බමුණෙක් බුදුන් පාමුල අතර මැණික ගන්නෙමියි බුදුන් වන්දනා වට පැමිණි පිරිස අතරින් රිංගා ගොස් කෙළෙඹියා ඔහු ඇතුල්වුන ආකාරයෙන්ම මැණික ගනීයයි සිතා එය නොගනිවායි සිතු වේ. බ්‍රාහ්මණයාද බුදුන් පා වඳින ලෙසට පාද මුලයට අතයවා මැණික ගෙන ඔඩොක්කුවේ තබාගෙන ගියේය. කෙළෙඹියාට සිත ප්‍රසාදයට පත්කර ගැනීම පහසු නොවීය. හේ ධර්ම දේශනය අවසන බුදුන් වෙත එළඹ ස්වාමීනි මම ගඳකිළිය වටා තුන්වතාවක්ම සත් රුවන් පුරවාලීමි. ඒවා ගැනීමේදී මට අවසානයක් ඇති නොවීය. සිත බහුලව බහුලව පැහැදුණේ විය. අද බ්‍රාහ්මණයා මැණික වෙත එනවිට අහෝ නොගනීවායි සිතුවෙමි. එහෙත් එය රැගෙන යන විට මගේ සිත ප්‍රසාදයට පත්කර ගැනීමට නොහැකිවිය බුදුරදුන් ඔහුගේ කථාව අසා උපාසකය තමන් සතු දේ අන් අය විසින් නොගෙන යන්නට කටයුතු කිරිම කළ නොහැකියයි න්‍යායක් දුන්නේය. හේ බුදුන් විසින් දෙන ලද න්‍යාය අනුව සිට බුදුන් වැඳ ස්වාමීනි අද පටන් මා සතු ඇදි වතක නූලක් පමණවත් මා අභිභවා නොයෙක් සියගණන් රජවරුද – සොරුන්ද ගැනීමට සමත් අය නොවේවායි ප්‍රාර්ථනයක් කළේය. බුදුරදුන්ද එලෙස වේවායි අනුමෝදනා කළහ. ඔහු ගඳකිළි මහ උත්සවය කරද්දී හැට අට දහසක් භික්ෂූන් වහන්සේලාට මහදන් පිරිනමා කෙළවර තුන් සිවුරු පුජා කළේය. නවක භික්ෂූන්ට සිවුරු රෙදි ලක්‍ෂයක් අගනා ඒවා පරිත්‍යාග කෙරුණි.

ඔහු මෙසේ දිවි ඇතිතෙක් පිංකර ඉන් චුතවුයේ දෙලොව ඉපදුණේ මෙපමණ කල් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාද කාලයේදී රජගහනුවර එක් සිටුකුලයක ප්‍රතිසන්ධි ගෙන දස එකඩ මසක් මවුකුස සිටියේය. ඔහු උපන්දින නගරයේ සියළු ආභරණ ද දිළිසුනි. ආලෝකයක් නිකුත් වුනි. නගරයම එකම ප්‍රභාවක් පැවතුනි. සිටාණෝ ද අළුයම රාජ්‍ය උපාස්ථානයට ගියේය. අනතුරුව රජු විසින් විමසන ලදී. අපේ සියළු ආයුධ දිළිසුණි. නගරයට එකම ආලෝකයක් විය. ඔබ මෙයට හේතු කාරණ දන්නේද? රජතුමන් දනිමි. කුමක්ද හේතුව මගේ ගෙයි ඔබේ දාසයෙක් උපන්නේය. ඔහුගේ පුතෙදින් මෙය සිදුවිය. කුමක්ද ඔහු හොරෙක් වන්නේද? නැත දේවයනි, කරන ලද අධිකාර ඇති පිංවතෙකි. එනිසා ඔහු වෑයමින් පෝෂණය කිරීම වටී. මෙය කිරි සඳහා වේවායි. දෛනිකව දහයක් නියම කර පැනවීය. මොහුට නම් තබන දින මුළු නගරයම බැබළුන නිසා ජෝතිය යනුවෙන් නම් කෙරුණි.

අනතුරුව ඔහු වැඩිවියට පත්කල නිවසක් සැදීම සඳහා බිම සකස් කරන විට සක්දෙවිදු භවන උණුසුම් විය. සක්දෙවිදු මේ කුමක්දැයි සොයා බලන්නේ ජෝතියට ගෙයක් ගන්නේ යයි දැන මෙබඳු ගෙයක ඔහු නොවටීයයි මා විසින් එහි යායුතු යයි වඩුවෙකුගේ වේෂයෙන් එහි ගොස් කුමක් කරන්නේදැයි විමසා ජෝතියන්ගේ ගෙය හදන තැන ගන්නෙමුයි. පහවයවු මොහු තොප විසින් කරන ගෙයි නොවසයි කියා සොළොස් කරියක් පමණ භූමි ප්‍රදේශය බැලුවේය. එකෙණෙහිම එම ප්‍රදේශ කසිණ මණ්ඩලයක් ලෙස සමාන විය. නැවත මෙතැන පොළව බිඳ සප්ත රතනමය ප්‍රාකාර සහිත සත්මහල් පහයක් ඇතිවේයි සිතා බැලු වේ. එවෙලෙහිම සත්මහල් ප්‍රාසාදයක් පැන නැගුනි. නැවත මේ මන්දිරය වටකොට සප්ත රත්නමය ප්‍රාකාර හතක් වේවායි සිතා බැලුවේය. එබඳු වූ ප්‍රාකාර පැන නැගුනි. මේ මා අතර කල්පවෘක්‍ෂ හටගනිත්වායි ප්‍රාසාදයේ සතර කොන්හි ප්‍රාසාද හතරක් නැතැයි සිතා බැලුවේය. සියල්ල එසේම ඇතිවිය. එසේ සතර කොනෙහි සතර නිධිකුම්භ (නිධාන් පිරවූ මහතළ) ඇති වේවායි සිතා බැලුවිට එකක් යොදුනක් දිගවිය. එකක් ගවු තුනක්විය එකක් අඩයොදුනක් දුරට පිහිටියේය, එකක්ගවු පමණ දුරවිය. බෝසතුන්ට පහළ වු නිධිකුම්භ මේවාගේ කටටම සමානවිය. යටට පොළොව අවසානයට පැතුරුනි. ජෝතිය සිටුවරයාට පහළ වු නිධිකුම්භයන්ගේ මුඛ පරිමාව කියා නැත සියල්ලම කට කැපු තන්ගෙඩි සේ පිරිතිබුණි. සතර මුළුවල තරුණ තල් කඳක් ප්‍රමාණ වූ සතර රන්මය උක් යෂ්ඨි ඇතිවිය. ඒවායේ මැණික්මය කොළ ස්වර්ණමය උක් යෂ්ටි ඇතිවිය. පෙර කරන ලද කර්ම දැක්වීම මේ සියල්ල පහළ විය.

දොරවල් හතේ යක්ෂයෝ සත් දෙනෙක් ආරක්ෂාව ගත්හ. පළමු දොර කොටුවේ යමකවෝලි නම් යක්‍ෂයා පිරිවර යකුන් දහයක් සමග ආරක්ෂාව ගත්තේය. දෙවැනි දොරටුවේ “උප්පල” නම් යක්‍ෂයා තම යක්‍ෂ පිරිස දෙදහසක් සමග ආරක්ෂාව ගත්හ. තුන්වැනි දොරටුවේ “වජිර” නම් යක්‍ෂයා තුන් දහසක් පිරිස සමග ආරක්ෂාව ගත්තේය. හතර වැනි දොරටුවේ “වජිර බාහු” යක්‍ෂයා හාර දහසක් සමග ආරක්ෂාව ගත්තේය. පස්වැන්නේ පන්දහසක් සමග ද සයවැනෙහි කටත්ථ නම් යක්ෂයා සයදහසක් යක්ෂයන් ද සමගද හත් වැන්නේ දිසා මුඛ නම් යක්‍ෂයා හත් දහසක් සමග ආරක්ෂාව ගත්තේය මේ ලෙසට ප්‍රාසාදයේ ඇතුළත ද පිටතද දැඩි ආරක්ෂාවක් විය. මේ තොරතුරු අසා බිම්බිසාර රජු සෙට්ඨි ඡත්‍රය යැවීය. ඔහු ජෝතිය සිටු නමින් ප්‍රසිද්ධ විය.

ඔහු සමග කරන ලද කුශල කර්ම නිසා ස්ත්‍රිය උතුරුකුරු ප්‍රදේශයේ උපන්නාය. අනතුරුව දෙවියෝ ඇය ගෙනවුත් ශ්‍රීයහන් ගබඩාවේ නිදිකර තැබුහ. ඇය එන විට එක් සහල් නැලියක් දිලිසෙන ගල් තුනක් ගත්තේය. ඔහුගේ දිවි ඇතිතෙක් ඒ සහල් නැලියේ බත්ම විය ඉදින් අවශ්‍යනම් ගැල් සියයක් මුව පිරීමට කැමතිවේ නම් එය නැලියක් ලෙසටම පවතී. බත් උයන විට සහල් සැළියේ තබා ඒ ගල්උඩ තබයි. ගල් ඒ වේලාවේ දිලිසී ඇවිල බත් උයන විට පැසී නිවීයයි මේ සංඥාවෙන් බත පැසීබව ඇති දනී. සුප ආදීය උයන විටද මේ ලෙසටම ඉදේ. ගෘහයේ මැණික් ආලෝකයෙන්ම වසන්නී ගින්නේ හෝ පහසේ හෝ ආලෝකය නො දන්නීය. ජෝතිය සිටුවරයාගේ මේ සම්පත් පිළිබඳව මුළු දඹදිවම ප්‍රසිද්ධවිය. මහජනයා යාන වාහන යොදාගෙන මන්දිරය බැලීමට එති. ජෝතිය සිටුවරයා පැමිණි සැමට උතුරු කුරු දේශයේ බත් පිසදෙයි කල්ප වෘක්‍ෂයෙන් වස්ත්‍ර ගනීවා ආභරණ ගනීවායි අණ කරයි. තුන්ගව් පමණ වූ නිධානවලින් කට විවෘත කරවා යැවීමට අවශ්‍ය මුදල්) ධනය ගන්නැයි නියෝග දුනි. මුළු දඹදිවවාසීන් ධනය ගත්තේ පමණක් දැගුලෙත් ගත් නොවීය. එය අඩු නොවේ. ගඳකිළියේ පිරිවෙනේ වැලි අතුරුවා විසිරුවන ලද මැණික් නිසා ලද සම්පත්තියයි.

මෙලෙස මහජනයා පැමිණ කැමති දැ අරගෙන යන විට බිම්බිසාර රජුටද මෙය බලන්නට සිතක් ඇතිවිය. ජෝතිය සිටුවරයාගේ පියාට මෙසේ කීවේය. ඔබේ පුතුගේ ප්‍රාසාදය දකිනු කැමැත්තෙමි. ඔහු දේවයන් යහපතැයි කියා ගොස් පුතුට පැවසුවේය. දරුව රජු ඔබේ ප්‍රාසාදය දකිනු කැමතිය. යහපත පැමිණෙයි දැන්වුවිට රජු මහත් පිරිවර සමග එහි ගියේය. පළමු දොරකොටුවේ දී අතුගා කසළ බැහැර කරන දාසිය රජුට අත දුන්නාය. රජු සිටුවරයාගේ බිරිඳ යයි සිතා ඇගේ බාහුවේ අත නොතැබුවේය. මේ ලෙසට අනෙක් දොරටුවල දාසීන් සිටු බිරිය යයි සිතමින් ඇගේ බාහුවේ අත නොතැබුවේ. ජෝතිය පැමිණ ඉදිරියට පෙර ගමන්කර නමස්කාර කර පසුපසින් සිට දේවයන් පෙරට යන්නැයි පැවසුවේය. රජු මැණික් ඇල්ලු පොළොවේ මිනිසුන් සියයක් මෙන් පෙනේ ඔහු මම ගැනීම සඳහා අවධානයක් කරන ලද්දේයයි සිතුවේ පා එසවීමට නොහැකි විය ජෝතිය දේවයනි මෙය අවමානයක් නොවේ. මා පසුපස එන්නැයි පෙරට ගියේය. රජු ඔහු නැගුපසු රජු පා තබා ඉහළම තලයේ සිට ප්‍රාසාදය බලන්නේ හැසිරුනේය. එදින අජාසත්ත කුමරුද පියාගේ ඇගිල්ලේ එල්ලී හැසිරෙන්නේ මෙසේ සිතුවේය. හෝ මගේ පියා කෙතරම් අද බාලයෙක්ද? පියාගේ සිටුවරයා සත්රුවන්මය ප්‍රාසාදයක වාසයකරයි. මම රජ වී මෙන් පසුව මොහුට මෙම මන්දිරයේ වාසය කිරිමට නොදෙමි.

රජුද උපරිම තලයට නගින විට උදේ ආහාර ගන්නා වේලාව ළඟාවිය. රජු සිටුවරයාට කථා කොට මහ සිටුතුමනි මෙහිම ආහාර ගනිමු. දනිමි දේවයන් රජතුමාට ආහාර පිළියෙළ කර ඇත. ඔහු සොළොස් සුවඳ කළයකින් ස්නානය කර රන්මය වු සිටුවරයාගේ වාඩිවන මණ්ඩපයේ පනවා තිබු අසුනේ වාඩි වුයේය. අනතුරුව රජුට අතසෝදන ජලය දී ලක්ෂයක් වටිනා රන් බඳුනක තෙත් කිරිබත් බෙදා රජු ඉදිරියේ තැබුවේය. රජු භෝජනයකැයි හැගීමෙන් කන්නට පටන් ගති. සිටුවරයා දේවයෙනි, මෙය භෝජනයක් නොවේ. කිලින්න පයාස නම් අනෙක් රන් බඳුනක භෝජන වඩා මුල් භාජනය තැබුහ. උඩ තැබු බදුනේ උණු නිසා වැළදීම පහසුය. රජු මධුර ආහාර අනුභව කරන්නේ ප්‍රමාණයක් නො දන්නේය. අනතුරුව සිටුවරයා එයද ඇඳිලිබැඳ ඇත දේවයනි මෙය ප්‍රමාණවත් වේ. මෙයට වඩා ගැනීමෙන් දිරවිමට අපහසු වනු ඇතැයි පැවසුවේය. අනතුරුව රජු මෙසේ කීවේය. ඇයි ගෘහපතිය ගරුකොට කියන්නේ තමන්ගේ බත දේවයනි මේවා අපේ නොවේ. සියළුම බලකායට මෙයම බත මේ ව්‍යඤ්ජන ද මට අපකීර්තියට ද බිය වෙමි. ඇයි ඒ ඉදින් දේවයන් වහන්සේට කායික අලසවත්බවක් ඇතිවේ නම් ඊයේ රජතුමා සිටුවරයා බත අනුභව කරන ලදී. සිටුවරයා විසින් කිසිවක් කරන ලද්දේ යයි යන වචනවලට මට බියවෙමි. එසේ නම් බත් ගෙන යන්න. ජලය ගෙන එන්න. රජු බත්කිස අවසානයේ ඒ සියළු රජ පිරිවර රජු බත්කිස අවසානයේ ඒ සියළු රජ පිරිවර ද ඒ බත අනුභව කළහ.

රජ සුබ කථාවෙන් සිටියේ සිටුවරයා අමතා කිම මේ සිටු මැදුරේ බිරිඳක් නැත්දැයි විමසුවේය. දේවයෙහි ඇත. ඇය කොහේද සිරියහන් ගබඩාවේ සිටී දේවයන් පැමිණිබව නොදනී. රජු පිරිවර සහිතව පැමිණි බව නො දනී. රජතෙමේ ඔබ දකිනු කැමතිවේ. රජු දැකීමට නොවටින්නේදැයි සිටු බිරිඳට කීවේය. ඇය නිදාගෙන ගෙන ස්වාමීනි රජු කවුරුද ? රජු නම් අපේ ප්‍රධානියායි පැවසුවාට අකමැත්ත පවසමින් අපේ පිං දුබලය අපට වඩා ඉසුරෙන් නොසිටීමට ශ්‍රද්ධාවෙන් පිං නොකිරීම නිසා සිදුවිය. ඒකාන්තයෙන් නො අදහා දන් දෙන ලද්දේය මේ එහි ඵලයකි. ස්වාමීනි දැන් කුමක් කරන්නද – පවන් සැලිය යුතුය සොඳුර ඇය තල්වැට ගෙන අවුත් රජුට පවන්සලා සිටිය දී රජුගේ හිස් වෙළුමේ ගඳ මිශ්‍ර සුළඟ වේදනා විය. අනතුරුව ඇසේ කඳුළු ධාරා ඇතිවිය. මේ දැක රජු සිටුවරයාගෙන් විමසුවේය. ගැහැනුනම් අඩු නුවණ ඇති අයයි. රජු මගේ ස්වාමියාගේ සම්පත් ගනී යයි බියෙන් අඩනු ඇත. ඔබේ බිරිද අසන්න ඔබේ සම්පත්වලින් මට වැඩක් නැති බව කියන්න. නැහැ රජතුමනි. ඇය එනිසා අඩන්නේ නැත. එසේ නම් කුමක් නිසා ඇය අඩන්නේද? ඔබ වහන්සේගේ හිස් වෙළුමේ ගඳ ඇගේ ඇස පහරයි. ඇය ඉර එළිය පහන් එළිය නො ගනී. ඇය මැණික් ආලෝකයෙන් ආහාර ගනී. නිදා ගනී. රජ තුමා පහන් එළියෙන් සිටියේ වෙයි. එසේය සිටුවරය එසේම් දේවයනි අදින් පසු මැණික් එළියෙන් සිටින්නැයි මහත්වු පුහුල්ගෙඩියක් සමාන උතුම් මැණිකක් පිරිනැමීය. රජ ගෙය බලා ජෝතිය සිටුවරයාගේ සම්පත් ඉතා මහත් යයි කියා පිටත්ව ගියේය. අජාසත් රජු දෙව්දත් තෙරුන් සමග එකට එකතුවී පියා ඝාතනය කර රාජ්‍යයේ පිහිටියේ ජෝතිය සිටුතුමාගේ ප්‍රාසාදය ගන්නෙමියි සංග්‍රාම සන්නධ වූයේ නික්මී මැණික් ප්‍රාකාරයේ පිරිවර සහිත තම ඡායාව දැක ගෘහපති මා යුද්ධ කිරිමට සුදානම් වී බලසෙනග ගෙන නික්මී යයි සළකා ළඟට යාමට නොහැකි විය. සිටුවරයාද එදින උපෝසථ සමාදන් වී අළුයම පැහැර ගෙන විහාරයට ගොස් බුදුන්ගෙන් බණ අසමින් සිටියේය. පළමුවර කොටුව ආරක්ෂාව ගෙන සිටි යමකෝලි යක්‍ෂයා ඔහු දැක කොහේ යන්නේදැයි පිරිවර සහිතව විනාශ කොට දිසා විනිසාවන්හි ලුහු බැන්දේය. රජු විහාරයටම ගියේය,

අනතුරුව සිටුවරයා දැක දේවයනු කුමක්දැයි පවසා නැගිසිටියේය. ගෘහපතිය කිම ඔබ ඔබේ පුරුෂයන් මා හා යුද්ධ කිරීමට යොදා යුද්ධ කිරීමට අණකර මෙහි අවුත් බණ අසන ලෙස සිටියි. පැවසුවේය. එවිට සිටුවරයා ඇයි දේවයෙනි. මගේ ගෙය ගැනීමට ගියේද? ඔව් ගියෙමි. මම අකමැතිව මගේ ගෙය ගැනීමට රජවරු දහයකටවත් ගත නොහැකිය. එහිදී ඇය ඔබ රජුද? කියා විමසුවේය. රජතුමනි මා සන්තක නූල්පොටක් හෝ මගේ අකමැත්තෙන් රජවරුන් විසින් හෝ තෙරුන් විසින් හෝ ගැනීමට නොහැකිය. මම ඔබේ කැමැත්තෙන් ගන්නේ කුමක්දැයි විමසුවේය. හොඳයි දේවයති මේ ඇඟිලි දහසේ මුදු විස්සක් ඇත. මේවා ඔබට නොදෙමු හැකිනම් ඔබ ගන්නැයි පැවසුවේය. එහිදී රජු දණ ගසා උක්කුටුකයෙන් සිට පනින්නේනම් රියන් දහයක් උඩට නැගී සිටගෙන පනින්නේ නම් රියන් අසූවක් උඩට යන්නේය මෙබඳු බලසම්පන්න රජු එහෙ මෙහෙ පෙරළෙමින් එක මුදුවක්ද කඩාගැනීමට නොහැකි විය. අනතුරුව සිටුතුමා දේවයෙනි සළුව අතුරන්නැයි කියා ඇගිලි ඍජු ලෙසට තැබුවේය. මුදු විස්ස නික්මී වැටුනි. අනතුරුව සිටුවරයා දේවයෙන් මා සන්තක ද මගේ අකමැත්තෙන් ගත නොහැකියයි පවසා රජුගේ ක්‍රියාදාමයෙන් කළකිරුණ සිටුවරයා මට පැවිදිවීම අවසර දෙන්නැයි පැවසුවේය. ඔහු පැවිදි වූ විට සුබ ප්‍රාසාදය ගන්නෙමියි සිතා එක වචනයෙන්ම නුඹ පැවිදිවන්නෙයි පැවසුවේය. සිටුවරයා බුදුන් වෙත පැවිදි වී නොබෝ කලකින් රහත්බවට පත්විය. ජෝතික ථේර නමින් හැදින්වුනි. ඔහු රහත් බවට පත්වූ විගස සියලුම ඒ සම්පත් අතුරුදහන් විය. සතුලකාය නම් බිරිඳ ද දෙවියන් විසින් උතුරු කුරු දේශයට ගෙන ගියහ.

පසුදිනෙක භික්ෂූන් ඔහු අමතා ඇවැත්නි ජෝතිය එම ප්‍රාසාදය හෝ ස්ත්‍රිය කෙරෙහි තෘෂ්ණාවක් ඇත්දැයි විමසුහ. ඇවැත්නි නැතැයි පැවසු විට ඒ පිළිබඳව බුදුන්ට දැනුම් දුන්හ. සිදුනොවූවක් කියන බව පැවසු විට ඒ පිළිබඳව මහණෙනි මගේ පුතුට ඒවා පිළිබඳ තණ්හාවක් නොමැති බව පැවසුහ.

මෙලොව යමෙක් කාම තෘෂ්ණ බැහැර කොට ගිහිගෙයින් බැහැරව පැවිදිවේ ද කාමයන් හා භවයන් දුරුකළ ඔහු බ්‍රාහ්මණයයි මම පවසමි.මේ ජෝතිය සිටුවරයාගේ කථාවයි.