- විස්සට්ඨො:- හමුනොවුයේ, බාධා නොකරන ලද්දේ, විශිෂ්ඨ වූයේ, නොපැකිළෙනුයේ වේ. ඒ ඒ තැන නැවත නැවතී කථා නොකරන. ( ගොත ගැසීමක්, බාධාවක්, උගුර පෑදීමක් නොමැතිව සුවසේ වචන නික්මෙයි)
- විඤ්ඤෙය්යො:- දන්වන ප්‍රකට විස්රැත බැවින්, මනාව දැනගත හැකි වන්නේය. අර්ථය දන්වන්නා ( අවබෝධය ඇතිවන අර්ථයෙන් වචන නික්මෙයි)
- මඤ්ජු:- මිහිරි, මෘදු ( මධුර ස්වරයෙන් යුත්ත වචන නික්මෙයි)
- සවනියො:- මිහිරිබව නිසාම කණට මිහිරි වේ. ඇසිය යුතු. කනට සැප ඇති. (සවන් යුග ඒ හඞට ඇදී යයි)
- බින්දු:- සම්පිණ්ඩිත, ඒකඝන වූ ( ඒ ස්වරය වචන හා හොදින් කැටි වී තිබේ)
- අවිසාරි:- නොවිසුරුණු, සම්පිණ්ඩිත බව නිසා, නො පැතුරුණු යථා පරිසං සිටිනතාක් පිරිසට දන්වයි, ශබ්දය ඇතුළත පිරිසට ඇසෙයි, පිටතට නො ඇසෙයි, සක්වළ කෙළවරටම ඒකාබද්ධවූ පිරිසට දන්වන සේක. බහිද්ධා අඟලක්වත් අඩ අඟලක්වත් පිරිසෙන් පිටට නොයයි. කුමක් නිසාද මෙවන් මිහිරි හඬක් නිකරුණේ නොනැසේවායි මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ හඬ පිරිස් මත්තෙන් මත්තෙන්ම හැසිරේ.
- ගම්භීරො:- ගැඹුරින් නැගුණු, (ඒ ස්වරය ගාම්භීර හඞකින් යුත්තයි)
- නින්නාදි:- නින්නාද වන, ගැඹුරු බව නිසාමහාමේඝ, (ගෙරවිලි හඬ) බෙර ශබ්ද මෙන් නින්නාදයෙන් යුක්ත ( ඒ ස්වරය දොංකාර දෙයි)
බ්රහ්මසරො:- අන්‍යයන්ට සිඳුණු ස්වර ඇත. බිඳුණු ස්වර ඇත. කාක ස්වර ඇත. බුදුරදුන් මහා බ්‍රහ්මයාගේ ස්වරය හා සමාන සවරයකින් යුක්තය. මහා බ්‍රහ්මයා වනාහි පිත්, සෙම් ආදී පීඩා නොවනක් වන නිසා ස්වරද ඉතා පිරිසිදු වූයේ වේ. කළ පින් බෙලෙන් බුදුරදුන්ගේ ශරීරාංග (වත්ථුං) ඉතා පිරිසිදුය. ශරීරාංගයන්ගේ පාරිශුද්ධභාවය නිසා නාභියේ සිට හටගන්නා වූ ස්වරය ඉතා පවිත්‍රය. අංග අටකින් සමන්විතව ම හටගනී. කෙවිල්ලන් (කොවුලන්) මෙන් හඬ ඇත්තේනුයි