Skip to content

Important Articles

වැදගත් ධර්ම කරුණු

අල්ලස් ගැනීම පිළිබඳ ඉතිහාසය

බුද්ධත්වයට පැමිණි මුල් කාලයෙහිම කීර්තියෙන් හා ලාභයෙන් අග පැමිණි ශාස්තෲන් වහන්සේ දැක තීර්ථකයෝ මෙසේ සිතූහ. “ශ්‍රමණ ගෞතම තෙමේ ලාභයෙන් ද කීර්තියෙන්ද අගතැන් පත්විය. මේ වනාහී අන් කිසි සීලයක් හෝ සමාධියක් හෝ නිසා සිදු වූ ලාභයෙන් අග්‍රප්‍රාප්ත වීමක් නොවේ. උස් බිම් කඩක් වූ ඒ ස්ථානය නිසා සිදුවූවකි. ඉදින් අපි ද දෙව්රම

Read More »

තෙලකටාහ ගාථා

පෙර මේ ලංකා ද්වීපයේ වාසය කල කැළණි තිස්ස නම් රජ කෙනෙකු ගේ අග බිසව හා අනියම් සබඳතාවක් ඇති කර ගෙන සිටි එක් රජ කුමරෙකු තම වරද රජු දැන ගත් බව දැන පළා ගියේ ය. මේ කුමරා රජතුමා හා එකට ම ශිල්ප හැදෑරීම් කළ අයෙකි. මේ දෙදෙනාට ම අකුරු ඉගැන්වූ  ශීල

Read More »

සෝවාන් ඵලයයේ ඇති අනුසස්

අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි අනේපිඬු ගෘහපතියාට, භාග්‍යවතුන් වහන්සේ, ’’ගෘහපතිය, යම් තැනක සිට ආර්‍ය්‍ය ශ්‍රාවකයාට භය වෛර පස සන්සිඳුනාහු වෙත්ද, සොතාපත්ති අඞ්ග සතරින් යුක්තවූයේ වේද, ආර්‍ය්‍ය ධර්‍මය ප්‍රඥාවෙන් මනාව දක්නා ලද්දේ වේද, අවබෝධ කරණ ලද්දේ වේද, ක්‍ෂය කළ

Read More »

චෝදනා කළ යුතු ආකාරය

චෝදනාව පිළිබඳ මුල් දෙක: සත්‍යයෙන්.අසත්‍යයෙන්. චෝදනාව පිළිබඳ වස්තු තුන: දැකපු නිසා.අසපු නිසා.සැකයෙන්. කවර අයුරකින් චෝදනා කෙරේ ද?: කයින් චෝදනා කෙරෙයි.වචනයෙන් චෝදනා කෙරෙයි. චෝදනාව කරන්නා විසින් මෙම කරුණු පස තමා කෙරෙහි තබා ගෙන අනෙක් කෙනාට චෝදනා කළ යුත්තේ ය (චෝදනාව පිළිබඳ භූමි පස) සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි,“මෙහි

Read More »

නෙසජ්ජිකඞ්ග සමාදානය

නේසජ්ජිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙය්‍යං පටික්ඛිපාමි. නෙසජ්ජිකඞ්ගං සමාදියාමි” යන වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සයනය කරන ඉරියව්ව හැරැ පියමි. නෙසජ්ජිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි. නෙසජ්ජිකඞ්ග විධානය නෙසජ්ජිකඞ්ගය සමාදන් වූවහු විසින් හිඳැගෙනැ මැ නො හිඳැ – රෑ තුන්යම අතුරෙන් එක් යාමයක නැගිට සක්මන් කළ යුතු. ඔහුට නුසුදුසු වන්නේ

Read More »

යථාසන්‍ථතිකඞ්ග සමාදානය

යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වන්නහු විසින් “සෙනාසන ලොලුප්පං පටික්ඛිමිපාමි. යථාසන්‍ථතිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙනාසන ලොලභාවය හැරැපියමි යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි. යථාසන්‍ථතිකඞ්ග විධානය යථාසන්‍ථතිකඞ්ගය සමාදන් වූවහු විසින් “මෙය නුඹ වහන්සේටය” යි කියා යම් සෙනස්නක් තමාට දෙන ලද්දේ නම් එයින් සතුටු විය යුතු.

Read More »

සොසානිකඞ්ග සමාදානය

සෝසානිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ න සුසානං පටික්ඛිපාමි. සොසානිකඞ්ග සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘නො සොහොන් හෙවත් සොහොන් ලකුණු නැති තැන් හැරැ පියමි. සොසානිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථයි. සොසානිකඞ්ග විධානය සෝසානිකඞ්ගය සමාදන් වූවහු විසින් මිනිසුන් ගම් පිහිටුවා ගෙන සොහොනය යි සම්මත කැරැ ගත් තන්හි නො

Read More »

අබ්භොකාසිකඞ්ග සමාදානය

අබේභාකාසිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ඡන්තං ච රුක්ඛමූලංච පටික්ඛිපාමි, අබ්භොකාසිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ ගෙය ද, වෘක්‍ෂමූල ද හැරැපියමි. අබේභාකාසිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි. අබ්භොකාසිකඞ්ග විධානය අබේභාකාසිකඞ්ග සමාදන් වූවහුට බණ අසනු පිණිස හා පොහෝ කරනු පිණිස උපෝසථාගාරයට ඇතුළුවන්නට වටනේ ය. ඇතුළු වූ කල

Read More »

රුක්ඛමූලිකඞ්ග සමාදානය

රුක්ඛමූලිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ජන්තං පටික්ඛිපාමි. රුක්ඛමූලිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘සෙවෙණි කළ (පියසි ඇති) ගේ හැරැපියමි. වෘක්‍ෂමූලිකාඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි. රුක්ඛමූලිකඞ්ග විධාන රුක්ඛමූලිකඞ්ගය සමාදන් වූවහු විසින් රාජ්‍ය සීමායෙහි පිහිටි රුක් ද, ‘දෙවියන් වෙසෙති යි’ මිනිසුන් විසින් පුද පවත්වන රුක් ද, ලාටු

Read More »

ආරඤ්ඤකඞ්ග සමාදානය

ආරඤ්ඤකඞ්ගය සමාදන් වන්නහු විසින් “ගාමන්ත සෙනාසනං පටික්ඛිපාමි. ආරඤ්ඤකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ග්‍රාමාන්ත සෙනාසනය හැරැ පියමි. ආරඤ්ඤකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි. ආරඤ්ඤකඞ්ග විධානය. ආරඤ්ඤකඞ්ගය සමාදන් වූවහු විසින් ග්‍රාමාන්ත සේනාසනය හැරැපියා අරණ්‍යයෙහි ඇරුණු නැංවිය යුතු. ග්‍රාමාන්ත සේනාසනය නම් උපචාරයත් සමඟ ගමයි. ගම නම් එක කුටියක් හෝ කුටි

Read More »

ඛලුපච්ඡාභතතිකඞ්ග සමාදානය

සමාදානයඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන් වන්නහු විසින් “අතිරිත්ත භොජනං පටික්ඛිපාමි. ඛලුපච්ඡාභත්තිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “පවාරණ වීමෙන් පසු වැළඳිය හැකි අතිරිත්ත භෝජනය හැරැ පියමි. ඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි. ඛලුපච්ඡාභත්තිකඞ්ග විධානය ඛලුපච්ඡාභත්තිකඞ්ගය සමාදන් වූවහු විසින් පවාරණය වූ විට නැවැත භෝජනය කැප කොට ගෙන නො වැළඳිය යුතුයි. (උපසපන්

Read More »

පත්තපිණ්ඩිකඞ්ග සමාදානය

පත්තපිණ්ඩිකඞ්ගය සමාදාන් වන්නහු විසින් “දුතියක භාජනං පටික්ඛිපාමි. පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි” යන වාක්‍ය දෙකින් අභිමත වාක්‍ය්‍යක් කියා සමාදන් විය යුතු. “දෙවන භාජන හැරැ පියමි. පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි. පත්තපිණ්ඩිකඞ්ග විධානය පත්තපිණ්ඩිකඞ්ගය සමාදන් වූවහු විසින් කැඳ වළඳන විට භාජනයෙක තබා යම් කිසි ව්‍යඤ්ජනයෙක් ලබන ලද්දේ නම් එය හෝ කැඳ හෝ පළමු කොට වැළඳිය යුතුයි.

Read More »

ඒකාසනිකඞ්ග සමාදානය

ඒකාසනිකඞ්ගය සමාදන් වන්නහු විසින් “නානාසන භොජනං පටික්ඛිපාමි. එකාසනිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍ය්‍යක් කියා සමාදන් විය යුතු. “නොයෙක් අසුන්හි හිඳැ වැළඳීම හැරැ පියමි ඒකාසනිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථයි. ඒකාසනිකඞ්ග විධානය ඒකාසනිකඞ්ගය සමාදන් වූවහු විසින් වළඳනු සඳහා ආසන සාලයෙහි හිඳ ගන්නේ නම් ථේරාසනයෙහි නොහිඳ තමහට සුදුසු ආසනයක් ගෙන හිඳ ගත යුතුයි.

Read More »

සපදානචාරිකඞ්ග සමාදානය

සපදානචාරිකඞ්ග සමාදන් වන්නාහු විසින් “ලොලුප්ප චාරං පටික්ඛිපාමි. සපදානචාරිකඞ්ගං සමාදියාමි.” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. ‘තෘෂ්ණාදියෙන් ගෙපිළිවෙළ ඉක් මැ පිද්‍ධු සිඟීම හැරැ පියමි. සපදානචාරිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි. සපදානචාරිකඞ්ග විධානය සපදානචාරිකඞ්ගය සමාදන් වූවහු විසින් පිණ්ඩපාතයේ යාම සඳහා ගම්දොරට පැමිණ එහි සිට උපද්‍ර‍ව නැති බව සැලකිය යුතු.

Read More »

පිණ්ඩපාතිකඞ්ග සමාදානය

පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වන්නහු විසින් “අතිරෙක ලාභං පටික්ඛපාමි. පිණ්ඩපාතිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතුයි. ‘අතිරෙක ලාභ හැරපියමි. පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වෙමි.’ යනු එහි අර්‍ථයි. පිණ්ඩපාතිකඞ්ග විධානය පිණ්ඩපාතිකඞ්ගය සමාදන් වූවහු විසින් සංඝභත්තය, උදේදස භත්තය, නිමන්තනය, සලාක භත්තය, පක්ඛිකය, උපොසථිකය, පාටිපදිකය, අගන්තුක භත්තය, ගමික භත්තය, ගිලාන භත්තය, ගිලානුපට්ඨාන භත්තය, විහාර

Read More »

තෙචීවරිකඞ්ග සමාදානය

තෙචීවරිකඞ්ගය සමාදන් වන්නහු විසින් “චතුත්‍ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකඞ්ගයං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතුයි. ‘සතර වන සිවුරු ප්‍ර‍තික්‍ෂෙප කරමි තෙචීවරිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි. තෙචීවරිකඞ්ග විධානය. තෙචීවරිකඞ්ගය සමාදන්වූවහු විසින් සිව්රු පිණිස වස්ත්‍ර‍ ලත් කල්හි අපහසු නිසා හෝ සිව්රුකර දෙන්නකු නැති නිසා හෝ හිදි ආදි උපකරණ

Read More »

පංසුකූලිකඞ්ග සමාදානය

පංසුකූලිකඞ්ගය සමාදන් වන්නහු විසින් “ගහපතිදාන චීවරං පටික්ඛිපාමි. පංසුකූලිකඞ්ගං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතු. “ගෘහපතීන් විසින් දෙන සිව්රු හැරැපියමි පංසුකූලිකඞ්ගය සමාදන් වෙමි” යනු එහි අර්‍ථ යි. පංසුකූලිකඞ්ග විධානය :- පංසුකූලිකඞ්ගය සමාදන්වූවහු විසින් සෝසානිකය, පාපණිකය, රථියචොලය, සඞ්කාරචෝලය, සොත්‍ථිය, නහානචෝලය, තිත්‍ථචෝලය, ගතපච්චාගතය, අග්ගිදඩඨය, ගෝඛායිතය, උපචිකාඛායිතය, උන්‍දුරඛායිතය, අන්තචජින්නය, දසාච්ඡිනනය, ධජාහටය,

Read More »

ධුතාඞ්ග

ශීල සමාදන් වැ ගත් යෝගීහු විසින් අප්පිච්ඡතා දි ගුණයන් මැනෙවින් සම්පාදනය කරන්නට නම් ධුතාද්‍ධග සමාදන් විය යුතුය. ධුතාඞ්ග සමාදන් වූ කල ම ඔහුගේ ශීලය අප්පිච්ඡතා, සන්තුඨිතා, සල්ලෙඛ-පිවෙක-අපචය-විරියාරම්භ-සුභරතාදි ගුණ නමැති ජලයෙන් මල සේදී ගොස් පිරිසිදු වන්නේ ය. ව්‍ර‍ත සම්පාදනය වන්නේත් ඔහුට ම ය. භගවත් බුදුන් වහන්සේ විසින් ලෝකාමිෂය හැරැ පියා කාය ජීවිත

Read More »

බුදුන් වහන්සේගේ දින චර්යාව

තුන් ලෝ වැසියන්ට පිහිට වීමට උතුම් බුද්ධ රාජ්‍යයට පැමිණි වදාළ බුදුරජාණන් වහන්සේද ප්‍රඥප්ති ධර්‍මයේ පිහිටා පරමාර්ථ ධර්‍මය ලොවට වදාළ සේක.ඒ අනුව බුදු රජුන්ගේ සතලිස්පස් (45) බුද්ධ ජීවිතය කාල සටහනකට අනුව පැවැත්වූ සේක. උන් වහන්සේගේ දිනයක් කෘත්‍යය පසකින් යුක්ත විය. උන් වහන්සේගේ දිනයේ කෘත්‍ය හා එම කාලපරිච්ඡේද මෙසේ දක්වා ඇත. මනුෂ්‍ය

Read More »

කලාවක් යනු කුමක්ද?

කලං නාග්ඝන්ති සොළසිං, සතිමං කලං උපෙති, සහස‍්සිමං කලං උපෙති, සතසහස‍්සිමං කලං උපෙති, ත්‍රිපිටකය තුල ” කලාවක් ” යනුවෙන් බොහෝමයක් තැන් වල දකින්න පුළුවන්. ඒ තැන් වල කලාව යන තැනට කලින් හෝ පසුව කවර ප්‍රමාණයක කොටසක් ද යන වග දැනගත හැක   කලාවක් යනු   පදවීතිහාරය නම් සමාන ඇවිදීමෙහි පාද දෙක

Read More »

පාරිචරියානුත්තරිය

මහණෙනි, මෙලොව්හි එකෙක් ක්‍ෂත්‍රියකුට ද මෙහෙ කෙරෙයි. බ්‍රාහ්මණයකුට ද මෙහෙ කෙරෙයි. ගැහැවියකුට ද මෙහෙ කෙරෙයි. කුදු මහත් පුඟුලකුට හෝ මෙහෙ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටික මිථ්‍යාප්‍රතිපන්න ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට මෙහෙ කෙරෙයි. මහණෙනි, තෙල පාරිචරියාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල පාරිචරියාව හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථයට වැටෙයි.

Read More »

සවණානුත්තරිය

මහණෙනි, මෙලොව්හි එකෙක් භේරීශබ්ද ඇසීමට යෙයි. වීණාශබ්ද ඇසීමට යෙයි. ගීතශබ්ද ඇසීමට යෙයි. කුදු මහත් ශබ්ද හෝ ඇසීමට යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකුගේ වේවයි, බමුණකුගේ වේවයි, ධර්‍මශ්‍රවණයට යෙයි. මහණෙනි තෙල ශ්‍රවණය ඇත් මැ යි. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල ශ්‍රවණය හීන ය, ග්‍රාම්‍ය ය, පෘථග්ජනයන් සතු ය, අනාර්‍ය්‍ය ය. අනර්‍ත්‍ථය

Read More »

දස්සනානුත්තරිය යනු

මහණෙනි, මෙලොව්හි එකෙක් හස්තිරත්න දක්නට ද යෙයි. අශ්වරත්න දක්නට ද යෙයි. මණිරතන දක්නට ද යෙයි. කුදුමහත් දැය හෝ දක්නට ද යෙයි. මිසදිටුගත් වරදවා පිළිපන් මහණකු හෝ බමුණකු හෝ දක්නට ද යෙයි. මහණෙනි, තෙල දර්‍ශනය ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල දර්‍ශනය හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍යය.

Read More »

පස්වන පාරාජිකාවක් පණවන්නේ නම් එය…..

“චුන්දය! යම්සේ දැන් මේ ලෝකයේ පහළ වූ යම් සමූහයක්, ගණයක් වේනම්, චුන්දය! භික්ෂු සංඝයා මෙන් ලබන ලද ලාභ, කීර්ති ප්‍රශංසාදියෙන් යුක්ත වූ අන්‍ය සමූහයක් හෝ ගණයක් මම නොදකිමි.” මෙලෙසින් භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු මහා සංඝරත්නයට ද උපන් (මහා සැඩපහර දෙකක් බඳු) ලාභ සත්කාර දෙක එක්වී, මහා නදී දෙකක ජලපාර මෙන්

Read More »