වැදගත් ධර්ම කරුණු
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ රාහුල කුමාරුට සහ නන්ද කුමරුට ඇති බව
1).එකල්හි භාග්‍යවතුන් වහන්සේ පියවරෙහි පියවර තබමින් ලැසිගමනින් පෙරටුව පෙරටුව වඩනාසේක. රාහුල හිමියෝ බුදුහිමියන්ගේ පා අනුව පසුපසින් වඩිති. එහිදී භාග්‍යවතුන් වහන්සේ සුපිපි සල්වනයක් මැද සිට යහපත් බිමකට බැසීමට නික්මුණු උතුම් මත් ඇතකු මෙන් බැබලුණු සේක. රාහුලභද්‍ර උතුම් හස්තියාගේ පසුපසින් නික්මුණු ඇත්පැටවකු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේ සවස්යාමයෙහි මැණින් ගුහාවකින් නික්මී ගොදුරට පිළිපන්
චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ඔවුනට කුමක් වේද?
තථාගතයන්වහන්සේ පිරිනිවන් පෑකල්හි යමෙක් චෛත්‍යය බිඳිත්ද බෝධිය සිඳිත්ද ධාතූන් විෂයෙහි (පැහැරගැනීම් සඳහා) උපක්‍රම යොදත්ද ඔවුනට කුමක් වේද? ආනන්තර්යය සමානවූ බැරෑරුම් කර්‍මයක් වෙයි. ධාතු සහිතවූ ස්තූපයකට හෝ ප්‍රතිමාවකට හෝ බාධා කරන්නාවූ බෝඅත්තක් සිඳීම වටී. තවද එහි සැඟවුණු පක්‍ෂීහු චෛත්‍යයෙහි වසුරු හෙළත්ද සිඳීමට වටනේමය. පාරිභොගික චෛත්‍යයට වඩා ශරීර චෛත්‍යය මාහැඟි වෙයි. චෛත්‍යවස්තුවක්
කාන්තාවට ලාබාගත නොහැකි භවයන් / තනතුරු
ස්ත්‍රිය සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් සක්විතිරජ වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් ශක්‍රදේවේන්‍ද්‍ර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ නො වෙයි, පුරුෂයෙක් පාපිමත් මාර වන්නේයැ යන තෙල කරුණ වෙයි. ස්ත්‍රිය මහාබ්‍රහ්ම වන්නේයැ
යකුන්ට බුදුන් වහන්සේ ප්‍රිය නැති බව
මහණෙනි, පසෙක උන් ම වෙසවුණු මහ රජ මට මෙ පවත් කී ය: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහතෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත්මය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ
වෙසමුනි රජුන් විසින් දෙන දඩුවම්
යක්‍ෂයෙක් හෝ යක්‍ෂණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂ මහාමාත්‍රයෙක් හෝ යක්‍ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගන්‍ධර්‍වයෙක් හෝ ගන්‍ධර්වියක් හෝ ගන්‍ධර්‍ව පෝතකයෙක් හෝ ගන්‍ධර්‍වපෝතිකාවක් හෝ ගන්‍ධර්‍ව මහාමාත්‍රයෙක් හෝ ගන්‍ධර්‍ව පාරිෂද්‍යයෙක් හෝ ගන්‍ධර්‍ව පරිචාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ
යමරජු යනු
යමස්ස රඤ්ඤො :-යනු යමරජු යනු වෙමානික ප්‍රේතරාජයෙකි. එක් කලෙක දිව්‍යවිමානයක දිව්‍යකල්පවෘක්‍ෂ දිව්‍ය උද්‍යාන දිව්‍ය නාටක ස්ත්‍රීන් ආදි සම්පත් අනුභව කරයි. එක් කලෙක කර්‍මවිපාකය විඳියි. ධාර්මික රජෙකි. මෙතෙම හුදෙකලා වූයේම නොවේ. දොරටු සතරෙහි සතර දෙනෙක් වෙත්. මේ දේවදූතානුයෝගය කවරෙක් ලබා ද කවරෙක් නොලබා ද යමෙක් බොහෝ පාපයන් කරන ලද ද හෙතෙම
භාග්‍යවතුන් වහන්සේ දක්නට යෑම
එ සමයෙහි රජගහනුවර සිටුහුගේ සුහුරුබඩු වූ සැවැත් නුවරැ වැසි සුදත්ත සිටු කිසි කාරියක් සඳහා රජගහ නුවරට පැමිණියේ ය. පෙරැ තමා එහි ආ දවස්වලැ මෙන් නො ව එදා කටයුතු අධික බව ද රජගහ නුවර සිටු හට තමා හා පෙරැ සේ කතා බස් කැර කැර ඉඳීමට එදා කිසි අවකාශ පහසුවක් නැති බව
ආටානාටි සූත්‍රය කිවයුතු ආකාරය.
මෙහි වනාහි පිරිත් පිළිවෙත් කිව යුතුය. පළමුවෙන්ම ආටානාටි සූත්‍රය නොකිව යුතුය. මෙත්තෙසූත්‍රය, ධජග්ග සූත්‍රය, රතන සූත්‍රය යන මේ සූත්‍ර දින හතක් කිව යුතුය. එයින් මිදේ (අමනුෂ්‍ය කරදර දුරුවේ) නම් යහපත්ය. නො මිදේ නම් ආටානාටිය සූත්‍රය කිව යුතුය. එය දේශනා කරන භික්ෂුව පිටි හෝ මස් හෝ නො කෑ යුතුය. සොහොනෙහි නොවිසිය
බුදුරජුන් මහා පුරුෂ ලක්ෂණ ලැබුනේ කෙසේද?
සුප්‍රතිෂ්ඨිත පාද ලක්‍ෂණය (1) මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි පෙර බෙවෙහි පෙරැ වුසූ තන්හි දී, පෙරැ මිනිස් වූයේ ම (පෙරැ මිනිස් වැ ඉපැද සිටි කල්හි) කුසල් දහම්හි දැඩි ගැනුම් ඇත්තේ, නිසල සමාදන් ඇත්තේ වී ද, කාය සුචරිතයෙහි ද වාක් සුචරිතයෙහි ද මනස්සුචරිතයෙහි ද, තමා ලත් කොටස බෙදා දී වැළඳීමෙහි ද,
මාණික්‍ය රතනය
මණිරතනං පුන චපරං ආනන්‍ද, රඤ‍්ඤො මහාසුදස‍්සනස‍්ස මණිරතනං පාතුරහොසි. සො අහොසි මණි වෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො අච‍්ඡො විප‍්පසන‍්නො සබ‍්බාකාරසම‍්පන‍්නො. තස‍්ස ඛො පනානන්‍ද, මණිරතනස‍්ස ආභා සමන‍්තා යොජනං ඵුටා අහොසි. භූතපුබ‍්බං ආනන්‍ද, රාජා මහාසුදස‍්සනො තමෙව මණිරතනං වීමංසමානො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා මණිං ධජග‍්ගං ආරොපෙත්‍වා රත‍්තන්‍ධකාරතිමිසායං පායාසි. යෙ ඛො පනානන්‍ද, සමන‍්තා ගාමා අහෙසුං, තෙ
සතර පටිසම්භිදා (සිව්පිළිසිඹියාපත්) ප්‍රභේද දෙකට බෙදේ
ඤාණෙසු ඤාණන‍්ති සබ‍්බත්‍ථකඤාණං ආරම‍්මණං කත්‍වා ඤාණං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පභෙදගතං ඤාණං පටිභානපටිසම‍්භිදාති. ඉමා පන චතස‍්සොපි පටිසම‍්භිදා ද‍්වීසු ඨානෙසු පභෙදං ගච‍්ඡන‍්ති, පඤ‍්චහි කාරණෙහි විසදා හොන‍්තීති වෙදිතබ‍්බා. කතමෙසු ද‍්වීසු? සෙක‍්ඛභූමියඤ‍්ච අසෙක‍්ඛභූමියඤ‍්ච. තත්‍ථ සාරිපුත‍්තත්‍ථෙරස‍්ස මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස මහාකස‍්සපත්‍ථෙරස‍්ස මහාකච‍්චායනත්‍ථෙරස‍්ස මහාකොට‍්ඨිතත්‍ථෙරස‍්සාති අසීතියාපි මහාථෙරානං පටිසම‍්භිදා අසෙක‍්ඛභූමියං පභෙදං ගතා. ආනන්‍දත්‍ථෙරස‍්ස චිත‍්තස‍්ස ගහපතිනො ධම‍්මිකස‍්ස උපාසකස‍්ස උපාලිස‍්ස ගහපතිනො ඛුජ‍්ජුත‍්තරාය උපාසිකායාති එවමාදීනං පටිසම‍්භිදා
සම්මාදිට්ඨි පස් ආකාරය.
සම‍්මාදිට‍්ඨියා සමන‍්නාගතාති එත්‍ථ කම‍්මස‍්සකතසම‍්මාදිට‍්ඨි, ඣානසම‍්මාදිට‍්ඨි, විපස‍්සනාසම‍්මාදිට‍්ඨි, මග‍්ගසම‍්මාදිට‍්ඨි, ඵලසම‍්මාදිට‍්ඨීති පඤ‍්චවිධා සම‍්මාදිට‍්ඨි. තත්‍ථ කම‍්මස‍්සකතසම‍්මාදිට‍්ඨි සම‍්පත‍්තිභවං ආකඩ‍්ඪති, ඣානසම‍්මාදිට‍්ඨි රූපාරූපභවෙ පටිසන්‍ධිං දෙති, මග‍්ගසම‍්මාදිට‍්ඨි වට‍්ටං විද‍්ධංසෙති, ඵලසම‍්මාදිට‍්ඨි භවං පටිබාහති. විපස‍්සනාසම‍්මාදිට‍්ඨි කිං කරොතීති? සාපි පටිසන්‍ධිං නාකඩ‍්ඪති. තිපිටකචූළාභයත්‍ථෙරො පනාහ “සචෙ විපස‍්සනාසම‍්මාදිට‍්ඨි භාවිතා දිට‍්ඨෙව ධම‍්මෙ අරහත‍්තං පාපෙතුං සක‍්කොති, ඉච‍්චෙතං කුසලං. සචෙ න සක‍්කොති, සත‍්ත භවෙ දෙති, ආවුසො”ති. එවමයං
තථාගත කාය බලය – නාරායන සංඝාත බලය
කාලාවකඤ්ච ගංගෙය්‍යං – පණ්ඩරං තම්බ පිංගලං ගන්‍ධ මංගල හෙමඤ්ච – උපොසථ ඡද්දන්ති මෙ දසා ති මොවුහු දස ඇත් කුලයෝ ය. එහි කාලාවක නම් නිතර පෙනෙන (ප්‍රකෘති) ඇත් කුලයයි. පුරුෂයන් දස දෙනකුගේ ශක්තිය එක් කාලාවක ඇතෙකු ඇත. කාලාවක ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය එක් ගංගෙය්‍ය ඇතෙකුට වේ. ගංගෙය්‍ය ඇතුන් දස දෙනකුගේ ශක්තිය
මහාපුරිස ලක්ඛණ
“ඉඩ භික්ඛවෙ, මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, යම්පි භික්ඛවෙ මහාපුරිසො සුප්පතිට්ඨීත පාදො හොති, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිස ලක්ඛණං භවති. පුන ව පරං භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨා පාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි, යම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනෙමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි, ඉදම්පි භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති. පුන
සතපුඤ්ඤ ලක්ෂණ
අනන්ත සක්වළවල සියලු සත්ත්වයෝ එක් එක් පින්කම සියවරක් කරන්නාහ. මෙතෙක් ජනයා විසින් කරන ලද කර්මය බෝසත්හු තමාම තනිව සියගුණයෙන් කොට උපන්හ. එහෙයින් සතපුඤ්ඤලක්‍ඛණයයි කියනු ලැබේ
පිං අනුමෝදන් වීම
දස පුණ්‍ය ක්‍රියා අතුරෙන් මොනයම් හෝ පුණ්‍ය ක්‍රියාවක් සිදු කරද්දී එම පුණ්‍ය ක්‍රියාව සිදු කරන පුද්ගලයාට ඇති වන ( ජවන ) සිත් වල ඇති වන චේතනාව ප්‍රධාන අනිකුත් චෛතසික වල ශක්තිය පුණ්‍ය ශක්තිය නමින් හැඳින්වේ. මෙම පුණ්‍ය ශක්තිය හැඳින්වීමට පින, කුසලය, පුණ්‍ය ක්‍රියාව, කුසල ක්‍රියාව යන නම් භාවිතා වේ. උදාහරණයක්
ගුණ දැක පැහැදීමෙන් ලද යසස
ඕ තොමෝ බණ අසා භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට, මන වඩන භික්‍ෂූන් ද වැඳ විහාරයෙන් නික්ම මදක් දුර ගොස් ‘දාසිය ආභරණ පළඳින්නෙම්, එම ආභරණ ගෙනෙව’යි කීවාය. ඒ දාසිය එය පොදියක් කොට බැඳ විහාරයෙහි තබා ඒ ඒ තැන්වල ඇවිද ආපසු යන කල්හි එය (මහලිය පළඳනාව) විහාරයේ අමතකව දමා ගිය බැවින්, උත්තමාවියනි, මට
පටිසාරණය කර්මය
බුදු සස්නෙහි පැහැදී සිටින සඞ් ඝයාහට උවටැන් කරන’චිත්ත’ නම් ගෘහපතියාට බැණ, ඔහුගේ ආවාසයද හැර ගිය, ‘සුධම්ම’ නම් භික්ෂුව නිමිත්ත කොට, තථාගතයන් වහන්සේ පටිසාරණීය කම්ය වදළ-සේක. එය කරනුයේ සඞ්‌ඝයාට ‘උපසථාන කරන, බුදු සස්නෙහි පැහැදී සිටින, ශාසනාලය ඇති ගිහියන්ට අපහාස කොට ඔවුන්ගේ සිත් රිදවන, ඔවුන් බුදුසස්නෙහි කලකිරවන භික්ෂූන්ට ය. එසේ කරන භික්ෂුව
යම් පුද්ගලයෙක් සරණ යාමේ දී
යම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් සුපටිපන්න නම් එම පුද්ගලයා සරණ යාම වරදක් නැත. නමුත් පුද්ගලයෙක් ඒකාන්තයෙන් ම සැම කල්හිම කල්‍යාණ දැයි නිශ්චය කරගැනීම අසීරුය. පසු කලෙක වෙනස් විය හැකි බැවිනි. භාග්‍යවතුන් වහන්සේ ගේ අවවාදයෙහි පිහිටන අප විසින් කළ යුත්තේ ; භාග්‍යවතුන් වහන්සේ සහ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය ඒකාන්තයෙන් ම සරණ ගොස්, එම
ස්ත්‍රී භාවයට පත් වීම
පිරිමියෙකු ස්ත්‍රී භාවයට පත් වීමට හේතු බොහෝ ගණනක් ඇත. නමුත් ඒ සියල්ල ම අකුසල් නොවේ. යම් කෙනෙක් බොහෝ කුසල් කළත් ස්ත්‍රියක වීමට කැමති නම් ස්ත්‍රී ජීවිතයක ඉපදීමට හැකිය. බොහෝ දෙනෙකු සිතන්නේ ස්ත්‍රියක් බවට පත් වන්නේ අකුසලයක් නිසා කියාය. “යදා පන ලිඞ්‌ගපරිවත්‌තනං හොති, තදා බලවතා අකුසලෙන පුරිසලිඞ්‌ගං අන්‌තරධායති, දුබ්‌බලෙන කුසලෙන ඉත්‌ථිලිඞ්‌ගං
දස්සනභූමිය යනු සොතාපත්ති (ප්‍රථම) මාර්ග ඵල ධර්මයන් ය.
දස්‌සනභූමි පඨමමග්‌ගඵලධම්‌මා. භාවනාභූමි අවසිට්‌ඨමග්‌ගඵලධම්‌මා. දස්සනභූමිය යනු සොතාපත්ති (ප්‍රථම) මාර්ග ඵල ධර්මයන් ය. භාවනා භූමිය යනු අවශේෂ මාර්ග ඵල ධර්මයන් ය. එනම් සකදාගාමී අනාගාමී අර්හත් මාර්ග ඵල ධර්මයන් ය. මෙයින් කියවෙන්නේ ලෝකෝත්තර මාර්ග ඵල ධර්මයන් අතර ප්‍රථම මාර්ගයට “දස්සන” යන නාමයත් ඉතුරු මාර්ගයන්ට “භාවනා” යන නාමයත් යෙදෙන බවයි. අද කාලයේ මිත්‍යා
යම් පුද්ගලයකුට රහත් වන තෙක්ම අකුසල් සිදු විය හැකියි
යම් පුද්ගලයකුට රහත් වන තෙක්ම අකුසල් සිදු විය හැකියි. එම නිසා යම් පව් ප්‍රමාණයක් සිදු වන බව පිළිගත යුතු ය . නමුත් සෝතාපන්න වූ පුද්ගලයා ගේ පටන් අපායගාමී අකුසල කර්ම සිදු නො කරයි. සෝතාපන්න පුද්ගලයා කාමයන් සේවනය කරයි යනු ; විවාහ වෙයි, දරුවන් බිහි කරයි යනාදී කර්ම සාමාන්‍ය පුද්ගලයන් ගේ
භාග්‍යවතුන් වහන්සේට සිතිවිලි මාත්‍රයකින් අගෞරව කරන ලද මිත්‍යා දෘෂ්ටිකයන් අවීචියෙහි ඉපදුන බව
මෙකල විශේෂත්වය නම් සතර අපායෙන් මුදවා ගැනීම පිණිස ලෝ වැසියන්ට අනුකම්පාවෙන් , නිවැරදි ත්‍රිපිටකය අනුව ධර්මය දේශනා කරන විට පිළිගන්නා පිරිස, අනුගමනය කරන පිරිස අඩු බව ය. සද්ධාවෙන් තොරව තමනුත් පැටලී, අතරමංවී අනුන්ට අනුකම්පා නො කර තමන් අපායට යන ගමනේ අනුන්වත් අපායට කැදවා ගෙන යන, ධර්මයට විරුද්ධ කරුණු පවා තමන්ට
ගන්ධබ්බ යනු
ගන්ධබ්බ යනුවෙන් ගුරුළන්ටත්, නටන ගයන නළුවන්ටත්, ගන්ධබ්බ කායික දෙවියන්ටත්, ප්‍රතිසන්ධි චිත්තක්ෂණය හි සිටින සත්වයා ටත්, ඇතැම් තැනක ගස් වැල් ගෙඩි ආදියෙහි සුවඳ ආග්‍රහණය කොට ජීවත් වන අමනුෂ්‍යයන්ට ත් භාවිතා වේ. ථේරවාදී බුදු දහමෙහි කිසි තැනක ගන්ධබ්බ යනුවෙනි අන්තරා භවයක් ගැන සඳහන් නොවේ. අන්තරා භවයක් ඇති බව හෝ අන්තරාභවිකයෙක් ඇති බව