වැදගත් ධර්ම කරුණු
යම් කල්පයක බුදුවරුන් පහළවන බව දැන ගන්නා අකාරය
බුදුවරයන් වහන්සේලා පස්නමක් පහළවන බැවින් සුන්දර වූ කල්පයෙහි සාරවත් වූ කල්පයෙහි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙහිදී කල්පය වර්ණනා කරමින් මෙසේ වදාළ සේක. යම්තැනක පටන් අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රාර්ථනා කරන ලද්දේ වන්නේද, ඒ අතර එක් කල්පයකදීවත් බුදුවරයන් පස්නමක් පහළවීමක් නම් නැත. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රාර්ථනාවට පෙර තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර යන
පෙර විසූ කඳපිළිවෙල කවරෙක් නම් සිහි කරන්නේද? කවරෙක් නම් සිහි නොකරන්නේද?
තීර්ථකයෝ සිහි කරති. ශ්‍රාවකයෝ සිහි කරති. පසේ බුදුවරයන් වහන්සේලා සිහි කරති. බුදුරජාණන් වහන්සේලා සිහි කරති. කොතරම් සීමාවක් තීර්ථකයෝ සිහිකරත්ද? යම් ඒ කර්මවාදී වූ අගතැන්පත් වූවාහු ද කල්ප හතලිහක් සිහිකරත්. කොතරම් සීමාවක් ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ශතසහස්‍රයක් සිහිකරත්. කොතරම් සීමාවක් අගසව් දෙදෙනා වහන්සේ අසංඛෙය්‍ය වූ කල්ප ශත සහස්‍රයක් සිහිකරත්. කොතරම් සීමාවක් පසේබුදුවරයන්
චෛත්‍ය වහන්සේ වන්දනා කළයුතු ආකාරය
යම් භික්ෂුවක් දවසක් සක්මනින් හිඳීමෙන් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කොට, එසේම රාත්‍රියෙහි ප්‍රථම යාමයද, මධ්‍යම යාමයෙහි සයනයකොට පශ්චිම යාමයෙහි හිඳීම් සක්මනින් කල්ගෙවා උදෑසනම සෑමළු බෝමළු වත් කොට බෝරුකෙහි ජලය ඉස පැන් බොජුන් එළවා ආචාර්ය උපාධ්‍යය වත් ආදී සියලු කඳුවත් සමාදන්ව සිටී. හේ සිරුරු පිරියම්කොට සෙනසුනට පිවිස උණුසුම් කරමින් කමටහන්හි යෙදී
පඤ්ඤත්තෙ ආසනෙ යනු
බුද්ධ කාලයෙහි ඒ ඒ තැන භික්‍ෂුවක් හෝ වාසය කළේය. ඒ සියළු තන්හිම බුද්ධාසන පනවන ලද්දේම වේ. කවර හෙයින්ද යත්, තමන් සමීපයෙන් කමටහන් ගෙන පහසු තැන්වලට ගිය භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ (වරින්වර) සිහිකරන සේක. අසවල් භික්‍ෂුව මා සමීපයෙන් කමටහන් ගෙන ගියේය. ඔහුට මාර්ගාධිගමයක් උපදවන්නට හැකිවීද නැද්දැයි උන්වහන්සේ ඔවුන් පිළිබඳ බලති.
එකමන්තං යනු
කෙසේ සිටි විට එකත් පස් ව සිටියේ නම් වේ ද? ස්ථාන දෝෂ හය මඟ හැර, එනම් – අති දූර, අති ආසන්න, උපරිවාත, උන්නත ප්‍රදේශ, අති සම්මුඛ, අති පශ්චාත් යනුවෙනි. අතිදූරේ (බොහෝ ඈතින්) සිටියේ: ඉදින් කථා කරනු කැමැත්තේ නම් උස් හඬින් කථා කළ යුතු වේ. අත්‍යාසන්න (ඉතා ළං වූ) තැනක සිටියේ
සම්මුති පරමාර්ථ දේශනා
සම්මුති දේශනා පරමත්‍ථ දේශනා යයි, භාග්‍යවත් බුදුරදුන්ගේ දේශනා ආකාර දෙකකි. එහි පුග්ගල – සත්ත – ඉත්‍ථි – පුරිස – ඛත්තිය, බ්‍රාහ්මණ දේව මාර යනාදි මෙවන් දේශනා සම්මුති දේශනා නම් වේ. අනිච්ච, දුක්ඛ, අනත්ත, ඛන්‍ධ, ධාතු ආයතන සතිපට්ඨාන යනාදි දේශනා පරමත්‍ථ දේශනා නම් වේ. එහි භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අතුරෙන් යමෙක් සම්මුති
සර්වඥතා ඤාණ බලයට පත්වූවකුට වුවද කර්ම විපාක ඵලදේමය
වර්ෂ හයක් දුෂ්කර ක්‍රියා කරන ලද්දේ අතීතයේ කාශ්‍යප සම්මා සම්බුදුරදුන්ගේ කාලයේ බෝධිසත්ත්ව තෙම ජෝතිපාල නම් බ්‍රාහ්මණ මානවකයා වී උපන්නේ, බ්‍රාහ්මණ ජාති වශයෙන් ශාසනයෙහි අප්‍රසන්න වන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේට කඩමාළු රෙද්දක් තුළින් උපන් බැවින් කාශ්‍යප භාග්‍යවතුන් යයි අසා, කරන ලද මුණ්ඩක ශ්‍රමණයාගේ බෝධිය ඉතාම දුර්ලභ යයි කීවේය. ඔහු ඒ කර්මය නිසාවෙන්
නාලාගිරි දමනය
දේවදත්ත විසින් තථාගත ජීවිතය විනාශ කිරීමට දුනුවායන් යොදවන කල්හි, සියල්ලට පළමුව යවන ලද්දා අවුත්, ස්වාමීනි; භාග්‍යවතුන්ගේ ජීවිතය විනාශ කිරීමට මට නො හැක්කේය. ඒ භාග්‍යවතුන් වහන්සේ, මහත් සෘද්ධි ඇති මහානුභාව සම්පන්න යයි කී කල්හි, දේවදත්ත, නුඹ ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ නො කරව. මම ම ශ්‍රමණ භවත් ගෞතම ජීවිතය විනාශ කරන්නෙමි
ආර්‍ය්‍යයන්ට හා බඹසර ඇත්තවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නාට.
බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධශ්‍රාවක වූ ආර්‍ය්‍යයන්ට. යටත්පිරිසෙයින් ගිහි ස්‍රොතාපන්නයන්හටද අනර්‍ත්‍ථ කැමතිව අන්තිම වස්තුවෙන් හෝ විද්‍යමාන ගුණ නැසීමෙන් දොස් නගන්නෝය. ආක්‍රෝශ කරන්නෝය. ගරහන්නෝ යයි වදාරණ ලද්දේ වේ. එහි ‘මොවුන්හට මහණදමක් නැත, මොවුහු අශ්‍රමණයෝ’යි කියනුයේ අන්තිම වස්තුවෙන් දොස් නැගීමම කරයි. ‘මොවුන්හට ධ්‍යානයක්, විමොක්‍ෂයක්, මාර්‍ගයක්, ඵලයක් හෝ නැතැ’යි කියනුයේ ගුණ නැසීමෙන් දොස් නැගීම කෙරේයයි
දස පාරමිතා
සම්බෝධියට පමුණුවන කුශලයෝ පාරමිතා නම් වෙති. ලෞකික සම්පත් පතා කරන කුශලයෙන් ලෞකික සම්පත් ම ලබා දෙනු මිස සම්බෝධියට නො පමුණුවනු ලැබේ. එ බැවින් ඒ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො ගැනෙති. සම්බෝධිය හෝ නිවන හෝ පතා කරන කුශලයෝ පාරමී සංඛ්‍යාවට යෙති. දානං සීලඤ්ච නෙක්ඛම්මං – පඤ්ඤා විරියෙන පඤ්චමං ඛන්ති සච්චමධිට්ඨානං – මෙත්තුපෙක්ඛාතිමා
කල්ප විභංගය
කල්ප යනු කාලපරිච්ඡේදයන්ට නමෙකි. එහි විභාග දක්වා ඇත්තේ මෙසේ ය. අන්තඃකල්පය, අසඞ්ඛ්‍ය කල්පය, මහා කල්පය යි කල්පය තුන් ආකාර වේ. මේ මිනිස් ලොව මිනිසුන්ගේ ආයුෂය සෑම කල්හි එක ම ප්‍රමාණයකට නො නවතී. කලින් කල අඩු වැඩි වේ. මේ මිනිසුන් අතර පාප ධර්මයන් වැඩි වීමෙන් ආයුෂ පිරිහී දස අවුරුද්ද පරමායුෂය වන
තුරිත චාරිකා – අතුරිත චාරිකා
භාග්‍යවතුන් වහන්සේගේ චාරිකාව දෙවැදෑරුම් වෙයි. තුරිත චාරිකා, අතුරිත චාරිකා එහි අවබෝධ කළයුතු පුද්ගලයකු දැක ඔහුට අවබෝධ කරනු පිණිස වහා ගමන තුරිත චාරිකා නම් වේ. එය මහා කාශ්‍යප තෙරුන්ගේ පෙරගමන් ආදියෙහිදී දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මහකසුප් තෙරුන් පෙරගමන් කරද්දී මොහොතින් ගවු තුනක මගක් වැඩි සේක. ආලවක සඳහා තිස්යොදුනක් වැඩි සේක. අංගුලිමාල සඳහාද
අසදිස දානය
බුදුරජාණන් වහන්සේ දෙව්රම වැඩ සිටිය දී අසදෘශ දානය පිරිනැමීම පිළිබදව දේශනා කළහ. එක් දිනක් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ යෙදී පන්සියයක් භික්ෂූන් පිරිවරා ගෙන දෙව්රම් වෙහෙරට පිවිසියහ. රජතුමා විහාරයට ගොස් බුදුන්ට ආරාධනා කර දෙවන දිනයේ ආගන්තුක දානය සාදා මගේ දානය ඇවිත් බලන්නැයි නගර වැසියන් කැඳවීය. නුවර වැස්සෝ අවුත් රජුගේ දානය දැක දෙවන
පුද්ගල සරණ වශයෙන් භාග්‍යවතුන් වහන්සේම සරණ යන්න
ඝෝටමුඛ බ්‍රාහ්මණ ආයුෂ්මත් උදේනහට තෙල කී: “භවත් උදේනයෙනි, ඉතා කාන්ත යැ, භවත් උදේනයෙනි, ඉතා කාන්ත යි. භවත් උදේනයෙනි, යම්සේ යටිහුරු කරනලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත්ව’යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එසෙයින් මැ භවත් උදේනයන් විසින්
මහා පුරිස ලක්ෂණ තිබුණ පමණින් බුදු විය හැකි ද?
‘‘ද්වත්තිංසිමානි, භික්ඛවෙ, මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වෙව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති; සෙය්‍යථිදං, චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන
මහා බෝධි වර්ණනාව සහ බෝධිපූජා
බෝධි පූජාව. නමත්ථු බුද්ධානංනමත්ථු බෝධියානමෝ විමුත්තානංනමෝ විමුත්තියා බෝධි යන වචනයෙන් ලෝකෝත්තර මාර්ග ඥානය, සර්‍වඥතාඥානය, මහබෝසතුන්ට ලොවුතුරු බුදුබව ලැබීමට උපකාර වන ගස යන මේවා කියැ වේ. බෝධි යන වචනයේ නියම තේරුම නම් නිවැරදි වූ ද පැහැදිලි වූ ද සම්පූර්ණ වූ ද දැනීම ය. අවබෝධය ය. දැකීම ය. “ඇසින් දැකීම ය, නුවණින්
කාකවලිය සිටුවරයා
ඒ රජගහ නුවරෙහි ම කාළවිලංගික (කාකවලිය) නම් දුප්පත් මිනිහෙක් ඇත. ඔහුගේ බිරිඳ ඇඹුල් කොළ කැඳක් පිසුවාය. මහාකාශ්‍යප තෙරුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිට කවරෙකුට සංග්‍රහ කරන්නෙම් දැයි සිතන්නේ කැඳ පිසූ බව දැන ගොස් ගේදොර වැඩසිටියහ. ඇය පාත්‍රය ගෙන කැඳ සියල්ල පාත්‍රයට බෙදා තෙරුන් වහන්සේට දුන්නාය. තෙරුන් වහන්සේ විහාරයට ගොස් ශාස්තෘන් වහස්ට
පුණ්ණ සිටුවරයා
රජගහනුවර සුමන සිටුවරයාගේ සිටු මැදුරේ පුණ්ණ නම් දිළින්දා බැලමෙහෙකර ජීවත් වේ. උන්ගේ බිරිඳ උත්තරාය ඔවුන් හා දියණියද සිටියාය. මේ අතර දිනක් සත් දිනක් නැකැත් කෙළි පැවැත්විය යුතුයයි රජගෙදරින් අණක් නිකුත් වුනි. මෙය අසා සුමන සිටුවරයා උදේම පැමිණි පුණ්ණ අමතා දරුව අපේ සේවක ජනයා නැකැත් කෙළි කෙළිනු කැමතිය. ඔබ නැකත් කෙළියට
මෙණ්ඩක සිටුවරයා
බුදුහු අඞ්ගුත්තර පෙදෙසේ චාරිකාවේ යෙදෙමින් මෙණ්ඩක සිටුවරයාගේද භාර්යාව වු චන්ද පදුමාගේ ද පුතණුවන් වන ධනඤ්ජය සිටුවරයාගේ ද, ලේලිය වන, සුමනා දේවිය ගේද, මිණිබිරිය වු, විසාඛා වගේද, දාසයා වු පුණ්ණද, යන මේ අයගේ සෝවාන් ඵලයට උපනිශ්‍රය දැක භද්දිය නගරයට ගොස් ජාතිය වනයේ විසුහ. මෙණ්ඩක සිටුවරයා බුදුන් වැඩම කළ බව ඇසුවේ. මෙණ්ඩක
ජටිල සිටුවරයා
බරණැස එක් සිටුදුවක් රූමත් වුවාය. ඇය පහළොව දාසය වසර අතර කාලයේ ආරක්ෂාව සඳහා එක් දාසියක් දී සම්බුමු ප්‍රාසාදයක උපරිම තලයේ සිට යහනේ වාසය කරවීය. ඇය එක් දිනක් ජනේලය විවරකර පිටත බලන්නේ අහසින් යන එක් විද්‍යාධරයෙකු විසින් දැක උපන් ස්නේහ ඇතිව ජනේලයෙන් ඇතුළු වී ඇය සමග සන්ථවය කළේය. ඇය ඔහු හා
ජෝතිය සිටුවරයා
පෙර බරණැස් නුවර සහෝදරවරු දෙදෙනෙක් මහත් උක් කුඹුරක් කළාහුය. අනතුරුව බාල සහෝදරයා උක් කුඹුරට ගොස් එකක් වැඩිමල් සහෝදරයාට දෙන්නෙමි. එකක් මටයයි සිතා උක්ගස් දෙකක් ගෙන රසය බැහැර නොයනු සඳහා කැපු තැන් බැඳ ගත්තේය. ඒ කාලයේදී උක්ගස් යන්ත්‍රයෙන් මැඩීමක් නැත. අග හෝ මුල සිඳීමෙන් පෙරහනෙන් දිය වැගිරෙන ලෙසට පැණි වැගිරේ. මොහු
අමිතභෝගී සිටුවරුන් පස්දෙනා
අමිතභෝගී සිටුවරුන් පස්දෙනා නම්, ජෝතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක, කාකවලිය යන අයයි
සියලු බුදුවරුන් අත් නොහරින තැන් සතර
සියලු බුදුවරුන් වහන්සේලාටම අත් නොහරින තැන් සතරෙක් වෙයි. සියලු බුදුවරුන්ට බෝධිපර්යංකය අතනොහැරම එකම ස්ථානයක වෙයි. ධම්සක් පැවැත්වීම, ඉසිපතන මිගදායෙහි නොවෙනස්වම වෙයි. දෙවොරෝහණ වෙලාවෙහි සකස්පුර දොර පළමු පාතබන තැන නොවෙනස්ව වෙයි. දෙව්රම ගඳකිළියෙහි ඇඳෙහි සතර පා තැන නොවෙනස්වම වෙයි. විහාරය වනාහි කුඩා හෝ ලොකු හෝ වෙයි. නගරය වෙනස් නොවන්නේමය.
සහජාත පරිච්ඡේදය හා නක්‍ෂත්‍ර පරිච්ඡේදය
සහජාත පරිච්ඡේදය අපගේ සර්වඥ බෝසතුන් වහන්සේ සමග මහාබෝධිය, රාහුල මාතාව, ආනන්ද තෙරුන්, ඡන්න තෙරුන්, කාළුදායී තෙරුන්. කන්‍ථක අශ්වයා, ධන නිධාන යන මේ සත එක්ව උපන්නේය. නක්‍ෂත්‍ර පරිච්ඡේදය අපගේ සර්වඥ බෝසතුන් වහන්සේ උතුරුසළ නැකතින් මවුකුස පිළිසිඳ ගත්හ. මහබිනික්මන් නික්මුණහ. ධම්සක් පැවැත්වූහ. යමාමහ පෙළහර කළහ. විසා නැකතින් උපන්හ. බුදුවූහ. පිරිනිවියහ. මාඝ නැකතින් උන්වහන්ගේ ශ්‍රාවක සන්නිපාතයද ආයුසංස්කාර අතහැරීමද විය. අස්විද නැකතින් දෙවාරෝහණය