වැදගත් ධර්ම කරුණු
ගිහි ජිවිතයේ රහත්වුහොත්
ගිහිබන්ධනය භාණ්ඩවල ආශාවයි. ගිහි සංයෝජන අත්නොහැර දුක් කෙළවර කිරීමක් නම් නැත. සන්තතිමහා මාත්‍රයා උග්ගසේන සිටු පුත්‍රයා මීතසේත දාරකයා ගිහිබවෙහි සිටම රහත්බවට පත්වුහ. ඔවුහු මාර්ගයෙන් සියලු සංස්කාරයන්හි ආශාව වියලවාම රහත්බවට පත්වූහ. එසේ පැමිණ ගිහිබවෙන් නොසිටියහ. මේ ගිහිබව වනාහි හීනය උතුම් ගුණ දැරීමට නොහැකිය. ඒනිසා එහි සිටියේ රහත්බවට පැමිණ එදවසම එක්කෝ පැවිදිවෙයි
මුල මැද අග යන තුන් තැන දානය භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා බව
පඤ්චවග්ග දායක බ්‍රාහ්මණයා පිළිබඳ වූ කතා පුවත මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී පඤ්චවග්ග දායක නම් බමුණා නිමිති කරගෙන දේශනා කළහ. මේ තැනැත්තා නම් කෙත ශුද්ධ කළවිට ම “බෙත්තග්ග” දානය දෙයි. කමතට ගෙනෙන කල “බලග්ග” දානය දෙයි. කමතේ කොළ මඩින විට බලග්ග භණ්ඩග්ග නම් දානය දෙයි. සැළිවලට දමන කාලයේ දී “කුම්භග්ග” දානය දෙයි.
වන්‍ද්‍ය (වැන්ද යුතු) පුද්ගලයෝ කෙතෙක් ද?
උපාලි, මේ වන්‍ද්‍යපුද්ගලයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: පසුව උපසපන් වූවහු විසින් පළමු උපසපන් වූයේ වන්‍ද්‍ය යැ, නානාසංවාසක වෘද්ධකර ධර්‍මවාදී වූයේ වන්‍ද්‍ය යැ, ඇදුරු තෙර වන්‍ද්‍ය යැ, වත්තෙර වන්‍ද්‍ය යැ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ඇති ලෝකයෙහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුහු වන්‍ද්‍යයහ. උපාලි, මොහු පස්දෙන
අවන්‍ද්‍ය (නො වැන්දයුතු) පුද්ගලයෝ කෙතෙක් ද
උපාලි, මේ අවන්‍ද්‍යයෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: ඇතුළු ගමට පිවිසියේ අවන්‍ද්‍ය යැ. වීථියට ගියේ. අවන්‍ද්‍ය යැ, අඳුරෙහි හුන්නේ අවන්‍ද්‍ය යැ, (කෘත්‍යය නිරත බැවින්) වඳනා බව නො දන්නේ අවන්‍ද්‍ය යැ, නිදාගත වූයේ අවන්‍ද්‍ය යි. උපාලි, මොහු පස්දෙන අවන්‍ද්‍යයෝ යි. උපාලි, අනෙකුදු අවන්‍ද්‍යයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙකැ යත්: හුළුකැන් වළඳන සමයෙහි අවන්‍ද්‍ය යැ,
බුදු සසුනේ බහුශ්‍රැත තෙමේ යනු
නිස්සයමුච්චනකය, පරිසුපට්ඨාකය, භික්‍ඛුනොවාදකයයි තෙවැදෑරුම් වේ. එහි නිස්සයමුච්චනක වූ උපසම්පත්තියෙන් පස්වස් ඇතියහු විසින් යටත් පිරිසයින් භික්‍ෂු භික්‍ෂුණී මාතිකා දෙක ප්‍රගුණ කළ යුතුය. වාචොද්ගත කළයුතුය. පක්‍ෂ දිනයන්හි දහම් ඇස්වීම පිණිස සූත්‍ර පිටකයෙන් බණවර සතරක්ද, පැමිණියවුන්ට පරිකථනය පිණිස අන්‍ධකවින්‍ද මහාරාහුලොවාද අම්බට්ඨසූත්‍ර සමානවූ එක් කථාමාර්‍ගයක්ද. සඟබත් මගුල් අවමගුල්හි අනුමොදනා පිණිස සඟබත් ආදියෙහි දානානිසංස ප්‍රතිසංයුක්තවූ
අසම්පජාන කර්‍මය යනු
සඤ්චෙතනා සූත්‍ර වර්ණනාව එහි අසම්පජාන කර්‍මය මෙසේ දතයුතුය: කුඩාදරුවෝ මාපියන් කළ දෙය කරමැයි චෛත්‍ය වඳිත්, මල් පුදත්, භික්ෂු සංඝයා වඳිත්, කුසලයයි නොදන්නාවූ ද ඔවුනට එය කුසලයක්ම වෙයි, එසේම මෘගපක්‍ෂි ආදී තිරිසන්නු ධර්‍මය අසති, සංඝයා වඳිති, සෑ වඳිති, දන්නාවුව ද නොදන්නාවුව ද ඔවුනට එය කුසලයක්ම වෙයි, කුඩා දරුවෝ මාපියන්ට අත්පාවලින් පහරදෙත්, භික්ෂූන්ට තර්ජනය
සෝවාන් මාර්ගඵල පිළිබද
ශාරීපුත්‍රය, මේ සෝපාදිශේෂ පුද්ගලයෝ නවදෙනෙක් කලුරිය කරන්නාහු නිරයෙන් මිදුණාහු වෙති. තිරිසන් යෝනින් මිදුණාහු වෙති. ප්‍රේතවිෂයෙන් මිදුණාහු වෙති. අපාය දුර්‍ගතිවිනිපාතයෙන් මිදුණාහු වෙත්. ශාරීපුත්‍රය, මේ ධර්‍ම පරියායය භික්‍ෂූන්ට, භික්‍ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට මේතාක් නො වැටහිණි. (මම නො කීයෙමි) ඒ කවර හෙයින යත්: මේ ධර්‍මපර්‍ය්‍යාය අසා (මතුරහත් බව පිණිස වැර නොකරන ඔහු) ප්‍රමාදයට නොපැමිණෙත්වා
බෝසතුන් උපන් ඇසිල්ලෙහි පහළවු දෙතිසක් පෙරනිමිති
එතුමාගේ උපන් ඇසිල්ලෙහි පිළිසිඳ ගැනීමේ අවස්ථාවෙහිදී මෙන් දෙතිසක් පෙරනිමිති පහළ වීය. මේ දස දහසක් ලෝකධාතුව කම්පා විය. මොනවට ප්‍රකම්පා විය. වෙව්ලීය. දස දහසක් සක්වල අපමණ ආලෝකයක් පැතිරුනි. ඔහුගේ එම ඓශ්වර්යය දකිනු කැමැත්තාහු මෙන් අන්ධයෝ ඇස් ලැබූහ. බීරෝ ශබ්ද ඇසූහ. ගොලුවෝ මනාව කථා කළහ. කුදු ඇත්තෝ සෘජු ශරීර ඇත්තෝ වූහ. කොරු
පා වැදිය යුතු ආකාරය.
නවකතරෙන භන‍්තෙ භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන කති ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බාති? වහන්ස, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් කෙතෙක් දහම් ස්වකීය සන්තානයෙහි එළවා පා වැන්දයුතු ද? නවකතරෙනුපාලි, භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බා. කතමෙ පඤ‍්ච : නවකතරෙනුපාලි, භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන
භාවනා.
භාවනා යන වචනය සාමාන්‍ය සම්මතයේදී භාවිතා වන්නේ යම් කිසි පුද්ගලයකු වාඩි වී සිටින ඉරියව්වෙන් දෙනෙත් පියා ගෙන කරන්නා වූ ක්‍රියාවක් ලෙස ය. එම නිසා “භාවනා” යන වචනය කියන විට බොහෝ දෙනකුට සිතට නැගෙන්නේ මෙම කාරණය යි. නමුත් බුද්ධ ධර්මයේ “භාවනා” යන වචනය යෙදෙන්නෙ “සිත වැඩීම” / “සිත දියුණු කිරීම” යන
සංසාරයේ දිග.
බාල පණ්ඩිත සූත්‍රයෙහි දැක්වෙන පරිදි, මේ මහා සාගරයට ම පාවෙන එකම වියසිදුරක් ඇත්නම්, එම වියසිදුර සියලු දිසාවන්ට හමන සුළඟ නිසා සියලු දිසාවන්ට පාවී යයි නම්, අවුරුදු සියයකට වරක් සාගරය මතට පැමිණ අහස බලන එක ඇසක් පෙනෙන කැස්බෑවෙක් ඇත්නම්, එම කණ කැස්බෑවා එම වියසිදුරෙන් ම අහස බැලීම සිදු විය හැකි වාර
බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණක් ප්‍රතික්ෂේප කිරීම.
මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාතණ්හාසඞ්ඛය සූත්‍ර අට්ඨකථාවෙහි සඳහන් වන්නේ මෙසේ ය. තස්‌මා අයං භික්‌ඛු බුද්‌ධෙන අකථිතං කථෙති, ( එම නිසා මෙම භික්ෂුව බුදු රජුන් විසින් නොකියන ලද දෙයක් කියයි ) ජිනචක්‌කෙ පහාරං දෙති, ( { භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම චක්‍රය ට } ජිනචක්‍රයට ප්‍රහාරයක් දෙයි ) වෙසාරජ්‌ජඤාණං පටිබාහති, ( {භාග්‍යවතුන් වහන්සේගේ සතරක් වූ} විශාරද ඥානයන්
ධර්ම ස්කන්ධ ගණනය කරන්නේ කෙසේද?
“තත්‌ථ එකානුසන්‌ධිකං සුත්‌තං එකො ධම්‌මක්‌ඛන්‌ධො. යං අනෙකානුසන්‌ධිකං, තත්‌ථ අනුසන්‌ධිවසෙන ධම්‌මක්‌ඛන්‌ධගණනා. ගාථාබන්‌ධෙසු පඤ්‌හාපුච්‌ඡනං එකො ධම්‌මක්‌ඛන්‌ධො, විස්‌සජ්‌ජනං එකො. අභිධම්‌මෙ එකමෙකං තිකදුකභාජනං, එකමෙකඤ්‌ච චිත්‌තවාරභාජනං, එකමෙකො ධම්‌මක්‌ඛන්‌ධො. විනයෙ අත්‌ථි වත්‌ථු, අත්‌ථි මාතිකා, අත්‌ථි පදභාජනීයං, අත්‌ථි අන්‌තරාපත්‌ති, අත්‌ථි ආපත්‌ති, අත්‌ථි අනාපත්‌ති, අත්‌ථි තිකච්‌ඡෙදො. තත්‌ථ එකමෙකො කොට්‌ඨාසො එකමෙකො ධම්‌මක්‌ඛන්‌ධොති වෙදිතබ්‌බො. එවං ධම්‌මක්‌ඛන්‌ධවසෙන චතුරාසීතිසහස්‌සවිධං.” ” එහි එක්