Ape Budu Hamuduruwo

අපේ බුදු හාමුදුරුවෝ



පන්ලක්ෂ දොළොස්‌ දහස්‌ විසි අටක්‌ වූ සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා ට හිස තබා ආදරයෙන්‌ නමස්කාර කරමි.

එම සම්මා සම්බුදුරජාණන්‌ වහන්සේලා දේශනා කළ ධර්ම රත්නයන්ට ද පිහිටුවන ලද සංඝ රත්නයන්ට ද
සියලු පසේ බුදුරජාණන්‌ වහන්සේලාට ද සියලු බෝධිරාජයාණන්‌ වහන්සේලාට ද
මම ආදරයෙන්‌ නමස්කාර කරමි.

එමෙන්ම මෙම බුදු මඟ පිළිබඳ කරනු ලබන විස්තරයේ
යම් වරදක් අඩුපාඩුවක් වූවා නම්
මා හට කමා කරනු සේක්වා!!
සාධු සාධු සාධු !!

අපේ බුදු හාමුදුරුවෝ” යනුවෙන් ප්‍රංශය පදිංචි තුසිත රාජපක්ෂ මහත්මා විසින් පිටක, අට්ඨකථාව සහ ශ්‍රීමත් මහා සංඝ රත්නයේ අවවාද ගුරු කරමින් Facebook හි එතුමාගේ ගිණුමේ පළකල ලිපි පෙළ එතුමාගේ වාචික අවසරය මත පහසුවෙන් කියවීම සඳහා එක තැනකට එකතු කර ඔබ වෙත පිළිගන්වන්නෙමු.

මෙම ධර්ම දාන කුසළ ශක්තිය ශ්‍රීමත් මහා සංඝරත්නයට, ප්‍රංශයේ පදිංචි තුසිත රාජපක්ෂ මහත්මාට, මහත්මියට, එම දරුවන්ට, මේ ධර්ම දානය සඳහා මග පෙන්වීමෙන් උපකාර කළ මධුරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්,
මනෝරි අතපත්තු මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මේ ධර්ම ලිපි පෙළ කියවන ඔබ සැමටත්
ඉතාමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයට සැප සහගත
ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය වේවා…..!



 

Ape Budu Hamuduruwo 01

අපේ බුදුහාමුදුරුවෝ 01   රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 01 ( බෝසතාණන් වහන්සේගේ අවසන් ස්ත්‍රී ආත්ම භාවය යැයි අනුමාන කරනු ලබන වෘත්තාන්තය ) බුදු කෙනෙකුගේ ගුණ සමුදාය තවත් බුදුන් වහන්සේනමක් විසින් අනිකක් නො වදාරමින් කල්පයක් මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහිම නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ

Read More »

Ape Budu Hamuduruwo 02

අපේ බුදුහාමුදුරුවෝ 02   රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 02 ඇත්තෙන්ම “අපේ බුදුහාමුදුරුවෝ යන ලිපි පෙළ මම ලියන්න පටන්ගන්න හිටියේ ඉති කුමාරිගේ කතාවෙන් නෙවෙයි. දුරේ නිධානයෙන්. දුරේ නිධානය කියන්නේ ප්‍රථම නියත විවරණයේ සිට බෝසතුන්ගේ මෙලොව බිහිවීම දක්වා ඇති කොටසට. එත් හදිසියේම ගෞරවනීය අරියවිමල හිමිපාණන් වහන්සේ පළමුදා කතා කොට මොනයම් හෝ

Read More »

Ape Budu Hamuduruwo 03

අපේ බුදුහාමුදුරුවෝ 03   රූපාවතී නොහොත් ඉති කුමරියගේ කතාව 03 පුරාණ දීපංකර බුදුපියාණන් වහන්සේ වෙතින් නික්ම රජමාළිගයට ගිය ඇය තම අභිලාශය ඉෂ්ඨ කරගන්න යායුතු දුෂ්කර ගමන යෑමට සැරසුණා.  ඇය සුකුමාලත්වය පසෙකළා මහා පෞරුෂත්වයකින් ඒ භාරදුර කටයුත්ත සඳහා පිටව ගියා.  ඒ කියූ ආකාරයට දින සති මාස පසු කරමින් අබ ඇට ගව්වුවට

Read More »

Ape Budu Hamuduruwo 04

අපේ බුදුහාමුදුරුවෝ 04   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 01 දූරේ නිධානය දූරේ නිධානය, අවිදූරේ නිධානය, සහ සන්තිකේ නිධානය වශයෙන් අප සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ නියත විවරණ කාලයෙහි සිට පරිනිර්වාණය දක්වා වූ කාලය තුල වූ කතා පුවත් කොටස් තුනකට බෙදා දක්වනවා. දුරේ නිධානය කියලා කියන්නේ නියත විවරණ ලැබූ

Read More »

Ape Budu Hamuduruwo 05

අපේ බුදුහාමුදුරුවෝ 05   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 02 එදින රාත්‍රිය නිසැක වශයෙන්ම සුමේධ පඬිතුමාට  නොහොත් අපගේ බෝධිසත්ත්වයන් වහන්සේට දීර්ඝ රාත්‍රියක් වන්නට ඇති. ඔහු කලේ නිදන කාමරයට යාම වෙනුවට මාළිගාවේ ඉහළම මාලයේ ඇති නිසල කුටියකට පිවිස පලක් බැඳ සිටිමින් මෙලෙස සිතන්නට වීමයි. මගේ දෙමාපියන් මෙතරම් ධනයක් රැස්කොට තිබුණත්

Read More »

Ape Budu Hamuduruwo 06

අපේ බුදුහාමුදුරුවෝ 06   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 03 අසපුවෙහි අලංකාරය හිමවතෙහි පැවති ධම්මික පර්වතය කොහොමත් ස්වභාව සෞන්දර්යක ශ්‍රේෂ්ටත්වය පරිවාර කොට වැජබුන අති රමණීය නිර්මාණයක්. එම රමණීයත්වයට දිව්‍යමය පහස ලබාදෙමින් නිමවුන ඒ අසපුව පසෙකින් සක්මන ද ඒ සක්මන වටා මලින් හා ඵලින් පිරිණු ගස් පෙළින් සැඳුම්ලත් සිත්කළු ජලාශයන්ද,

Read More »

Ape Budu Hamuduruwo 07

අපේ බුදුහාමුදුරුවෝ 07   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 04 මෙතෙක් වත දරා සිටි යම් රාජකීය ආභරණ වටිනා සළුපිළි හිස්වැසුම් වේද මේ සියල්ල මුණි වැලෙහි බහා තබා දිව්‍යමය හස්තයකින් මවන ලද කොටකරඩු මල් දමක් වැනි වූ රතු වූ වැහිරි සිවුර ගෙන හැඳ ඒ මත්තෙහි රන්වන් වැහැරී සිවුරක් පොරවා දොඹ

Read More »

Ape Budu Hamuduruwo 08

අපේ බුදුහාමුදුරුවෝ 08 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 05 දිව්‍යමය අසපුව අතහැර යාම. මෙසේ එදින රාත්‍රිය පුරාවට තමා  විසින් කරන ලද අභිණික්මන ගැන සිතමින්, සියලු පහසුකමින් යුතු වූ ගෘහයකට කොටුවීම සත්‍ය ගවේෂණයට පළිබෝධයක් ලෙස සිතා පාන්දර යාමයේම ඒ අසපුවෙන් නික්මෙන්නට තීරණය කරනු ලැබුවා. තපස් පිරිකර ද රැගෙන එළියට පැමිණි

Read More »

Ape Budu Hamuduruwo 09

අපේ බුදුහාමුදුරුවෝ 09 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 06 පිඬු සිඟා වැඩීමෙන් ලද ප්‍රණීත අහාර ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතුව වැළඳු සුමේධ තවුසාණන් ඒ ශාන්ත පරිසරයේ වූ රුක්‍ෂ මුලයක වැඩ සිටිමින් එතැන් පටන් වැපුරූ හෝ සිටවන ලද පැල වලින් හට ගන්නා ආහාර අතහැර කැලයේම ඇති වූ විවිධ අනිසංසයන්ස්වගෙන් යුතු සවයංපතිත ඵලවැල වළඳමින්

Read More »

Ape Budu Hamuduruwo 10

අපේ බුදුහාමුදුරුවෝ 10   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 07 මේ කාලය තුල දීපංකර බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටියේ තුසිත දිව්ය ලෝකේ දෙවු සැප විඳිමින්.  නිසි කාලය පැමිණි කල දස දහසක් සක්වළ දෙවිවරුන් පැමිණ දීපංකර බෝසතාණන්හට “මහා වීරයාණනි, මේ ඔබට බුදුවීමට කාලයයි”. මවු කුස ඉපදී දෙවු මිනිසුන් සසර දුකින් එතෙර

Read More »

Ape Budu Hamuduruwo 11

අපේ බුදුහාමුදුරුවෝ 11   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 08 දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම සහ සම්බුදු සිංහනාදය බුද්ධත්වයෙන් පසුව දසබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධ සිංහනාද පවත්වා සත්සතියක් බෝධි මුලයේ කල්ගෙවා සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් සුනන්දාරාමයේ දම්සක් පවත්වා කෙළ සියයක් දෙවිමිනිසුන් හට ධර්මාමෘතය පොවා චාතුර්ද්වීපික මහා මේඝයක් සේ දහම්

Read More »

Ape Budu Hamuduruwo 12

අපේ බුදුහාමුදුරුවෝ 12   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 09 මීට පෙර කී පරිදි සුමේධ තවුසාණන් රම්ම නගරය උඩින් අහසින් යමින් සිටියදී නගරයේ උත්සවශ්‍රීය දැක මිනිසුන් බලා සිටියදීම අහසින් බැස  මෙම උත්සවයට හේතු විමසන්නට වුනා. ඒ වනවිටත් රම්ම වැසියන් මහා සෘධි බලසම්පන්න සුමේධ තවුසාණන් ගැන හොඳින් දැන සිටියා. එවිට

Read More »

Ape Budu Hamuduruwo 13

අපේ බුදුහාමුදුරුවෝ 13   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 10 අපේ බුදුහාමුදුරුවෝ මේ වනවිටත් ඔබගේ නිවන වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි කාල පරිච්ඡේදය මිනිසෙකුට නොව බුදුවරයෙකුට වුවද සිතා අවසන් කල නොහැකි තරම් දීර්ඝ කාලයකි. එම දීර්ඝ කාල පරිච්ඡේදය බුදුබව පතන ආකාරය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදේ. එනම් මනො ප්‍රණිධාන වාග්

Read More »

Ape Budu Hamuduruwo 14

අපේ බුදුහාමුදුරුවෝ 14   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 11 අභිනිහාරය අනියත විවරණ පූරණය කරමින් පැමිණි බෝසත්වරයෙකු විසින් ප්‍රථමයෙන් ලබන නියත විවරණය නොහොත් මංගල නියත විවරණය අභිනිහාරය යනුවෙන් හඳුන්වනු ලබනවා. එය ආශ්චර්ය ජනක තවත් අපුරු මොහොතක්.  එක් බුදුවරයෙකු තම අභිලාශය සමුර්ධිමත් කොට මංගල චාරිකාවේ වඩිමින් අවසන් ආත්මභාවය මෙලෙස සනිටුහන්

Read More »

Ape Budu Hamuduruwo 15

අපේ බුදුහාමුදුරුවෝ 12   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 12 ඒ මොහොතේ රම්ම නුවරේ දීපංකර බුදුන් ඇතුළු ලක්ෂ හතක් පමණ සංඝ පිරිසට දානය පිළිගන්වනවා. එතැන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ ඒ මහා මල් ගංගාව මත” මාගේ පාරමී පරික්ෂා කරමි” යයි සිතමින් පර්යංකයෙන්

Read More »

Ape Budu Hamuduruwo 16

අපේ බුදුහාමුදුරුවෝ 16   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 13 බුද්ධ කාරක ධර්ම  විමසීම සහ යලිත් දෙතිස් පෙරනිමිත පහළවීම දීපංකර බුදුරජාණන් වහන්සේගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ වචනයෙන් ඔද වැඩුණු අප මහා බෝසතාණන් වහන්සේ තව තවත් විර්යය වඩමින් මෙසේද සිතන්නට වුනා. ”මම ධ්‍යාන සම්පත්ති විෂයෙහි ප්‍රගුණයෙක් වෙමි. ෂඩ් අභිඥා ඤාණ විෂයෙහි පරතරට

Read More »

Ape Budu Hamuduruwo 17

අපේ බුදුහාමුදුරුවෝ 17   සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 14 මේ අතරතුර දීපංකර බුදුපියාණන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත වූ රහතන් වහන්සේලා  දාන ශාලාවේ දාන වළදා අවසන් වෙමින් සිටියේ. එක වරම ඇති වූ භුමි කම්පාවෙන්  ඒ දාන ශාලාවේ ඇප උපස්ථාන සඳහා සිටිය ලක්ෂ සංඛ්‍යාත වූ ගිහි පිරිසත් වෙවුලමින් බිම වැතුරුනා. පොලොව

Read More »

Ape Budu Hamuduruwo 18

අපේ බුදුහාමුදුරුවෝ 18 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 01 දිපංකර බුදුන් වහන්සේ පිරිනිවි වර්ෂ ලක්ෂයක් යනතෙක් උන්වහන්සේගේ සසුන පැවතුනා. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිවයාමෙන් උන්වහන්සේගේ සාසනය ද අතුරුදහන් වුනා. දිපංකර බුදුන්ගේ පරිනිර්වාණයෙන් එක් අසංඛ්‍යයක් ගෙවි එක් කපක කොණ්ඩඤ්ඤ නම් ශාස්තෘන්වහන්සේ කෙනෙක් ලොව පහල වුනා. ඒ භාග්‍යවතුන් වහන්සේ සොළසාසංඛ්‍යය කල්ප ලක්ෂයක්

Read More »

Ape Budu Hamuduruwo 19

අපේ බුදුහාමුදුරුවෝ 19 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 02 අනන්ත සතරකැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා තියනවා.  අනන්ත සතර එනම් සත්ව ජාතීන්ද, අහසද, සක්වළවල්ද, බුද්ධ ඥානයද යන මේ සතර අනන්ත බවයි. මේ තවත් එවන් බුදුවරයෙකුගේ අතීත කතාවයි. ත්‍රිපිටකයේ කොණ්ඩඤ්ඤ බුද්‍ධ වංශ කතාව පටන් ගන්නේ ලස්සන ගාථාවකින්. මම හිතන්නේ එය සෑම

Read More »

Ape Budu Hamuduruwo 20

අපේ බුදුහාමුදුරුවෝ 20 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජව චන්දවතී නුවර වාසය කළා. ඒ කාලෙත් අවුරුදු අනුදාහක් විතර ආයුෂ. ඒ රාජ්‍යය සශ්‍රීක භාවයෙන් සහ මිනිසුන්ගේ පුණ්‍ය මහිමයෙන් ඉහලම තලයේ තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි. සම්මා සම්බුදු වරයෙක් ඒ හා

Read More »

Ape Budu Hamuduruwo 21

අපේ බුදුහාමුදුරුවෝ 21 කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 04 දිව්‍යමය මාණික්‍ය රත්නය. අශ්වරත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුනා. ඒ නිසා සමහර දේ අත හැරුනා. මෙසේ පහළ වන සත් රුවන් අතර සතරවැනි රුවන් තමයි දිව්‍යමය මාණික්‍ය රත්නය. මාණික්‍යරත්නය කියන්නේ සක්විති රජුට පහල වෙන ආලෝකය විහිදෙන මැණිකක්. මුළු මහත් රාජධානියම

Read More »

Ape Budu Hamuduruwo 22

අපේ බුදුහාමුදුරුවෝ 22   කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 05 දිව්‍යමය ස්ත්‍රීරත්නය මෙසේ මිනිරුවණ පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අග්‍ර මෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. එය සමහර විට මදුරජ කුලයෙන් විය හැකියි. එසේත් නැතහොත් උතුරුකුරු දිවයිනෙන් විය හැකයි. එසේත් නැතහොත් පුණ්‍ය අනුහසින් තමා විසින්ම ආරාධනයකින් තොරව එනු

Read More »

Ape Budu Hamuduruwo 23

අපේ බුදුහාමුදුරුවෝ 23   කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 06 ගෘහපතිරත්නය, අද කියන්න යන්නේ විජිතාවී රජ්ජුරුවන්ගේ සත් රුවනේ සයවැන්න වන ගෘහපතිරත්නය ගැනයි. ගෘහපතිරත්නය කියන්නේ සක්විති රජතුමාගේ සියලු ධනය වස්තුව පහසුවෙන් පැවැත්වීම සඳහා පහළවෙන උත්තමයෙකුට. ඔහු උපදින්නේත් මහත් සම්පත් ඇති මහත් භවභෝග ඇති උසස් සිටු කුලයක සිටුවරයෙකු ලෙස. ඔහු රජතුමාගේ

Read More »

Ape Budu Hamuduruwo 24

අපේ බුදුහාමුදුරුවෝ 24   කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 07 පරිණායක රත්නය හත්වෙනි රත්නය ‘පරිණායක රත්නයයි’. මිට පෙර සඳහන් කල ගහපති රත්නය පහල වූවායින් පස්සේ සක්විති රජකෙනෙකුගේ සියලු කෘත්‍ය සම්පාදනය කිරීමේ සමර්ථ පරිණායක රත්නයක් පහළ වෙනවා. ඒ තමයි රජතුමාගේ වැඩිමහල් පුත්‍ර රත්නය. සාමාන්‍යයෙන් සක්විති රජ කෙනෙකුට පුතුන් දාහක් ලැබෙන

Read More »