මහා කොට්ඨිත මහරහතන් වහන්සේ.

 

පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතී නුවරමහ ධනවත් කුලයක උපන්නේ පසුකලෙක බුදුන්වහන්සේගේ ධර්‍මකථා අසන්නේ එක් භික්‍ෂුවක පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරෙන් අග තන්හි තබන්නාවූ බුදුරජාණවහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පැතීය. හෙතෙම දිවිහිමියෙන් කුසල් කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධොත්පාදයෙහි සැවතෙහි බමුණු කුලයෙක උපන්නේය. කොට්ඨිත මානවකයයි ඔහුට කළාහුය. හෙතෙම වියට පත්වූයේ ත්‍රිවේදයන් උගෙන එක් දිනක් ශාස්තෘන්වහන්සේගේ ධර්‍ම කථාව අසාලද ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේය. හෙතෙම උපසපන් කාලයෙහි සිට විදර්‍ශනාවට කටයුතු කරන්නේ පිළිසිඹියා සමඟ රහත්බවට පත්ව නිබඳව පිළිසිඹියාවන්හි පුරුදු කරනලද වසිතාවෙන් යුක්තව පැන විමසන්නේ පිළිසිඹියාවන්හිම පැනව විමසයි. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි මහාවේදල්ල සූත්‍රය අර්‍ත්‍ථොත්පත්ති කොට තෙරුන් පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරින් අගතැන්හි තැබූසේක.

error: Content is protected !!