දාරුචීරිය මහරහතන් වහන්සේ.
පියුමුතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක කුලගෙයක උපන්නේ බුදුන්වහන්සේගේ දම් දෙසුම අසන්නේ එක් භික්‍ෂුවක වහා ලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නාවූ භාග්‍යවතුන්වහන්සේ දැක පින්කම් කොට ඒ තනතුර පතා දිවි ඇති තෙක් කුසල් කොට පිරිපුන් සිල් ඇත්තේ මියගොස් දෙව්ලොව උපන්නේය.
හෙතෙම එක් බුද්ධාන්තරයක් දෙව්ලොව වැස මේ බුද්ධෝත්පාදයෙහි බාහිය රටෙහි කුලගෙයක උපන්නේ වියට පැමිණ ගිහිගෙහි වසන්නේ වෙළදාම කරන්නෙමියි ස්වර්‍ණභූමියට යායුතු නැවට නැංගේය. නැව බලාපොරොත්තු දෙසට නොපැමිණම මුහුද මැදදී බිඳීගියේය. මහජනයා මාළු කැසුබු ආදීන්ට බත්විය. මෙතෙම වනාහි එක් දැව කඩක් ගෙන සත්වැනි දිනයෙහි සුප්පාරක පටුනෙහි ගොඩබැස්සේ මිනිස්වාසයක් බව දැන නිරුවත් බවින් මිනිසුන් දැකීම නුසුදුසුයයි නුදුරුතන්හිවූ මහ විලෙක සෙවල ගෙන සිරුරවෙළා එක් තැනක වැටුණු කබලක් රැගෙන අහර සිඟමනෙහි ගියේය.
මිනිස්සු ඔහු දැක සිතූහ: ‘ඉදින් ලෝකෙහි රහත්හු ඇත්නම් මෙබඳු වූවන් වියයුතුය. කිමෙක්ද ආර්‍ය්‍යතෙමේ උත්කෘෂ්ට භාවයෙන් වස්ත්‍ර නොගනීද? නැතහොත් දෙනු ලබන්න ගන්නේදැ’යි විමසන්නාහු නොයෙක් දෙසින් වස්ත්‍ර ගෙනාවාහුය. හෙතෙම සිතීය: ‘ඉදින් මම මේ ක්‍රමයෙන් නොආවෙමි නම් මොවුහු මා කෙරෙහි නොපහදින්නාහුය. යම් කිසිවක් කොට මොවුන් රවටා ජීවනොපාය කිරීමට වටනේය’යි (මෙසේ සිතා) වස්ත්‍ර නොපිළිගත්තේය. මිනිස්සු බොහෝ සෙයින් පැහැදුනාහු මහත් සත්කාර කළාහුය. හෙතෙමේත් බත්කිස කොට නුදුරු තැන්හිවූ දෙවොලකට ගියේය. මහජනයා ඔහු සමඟම ගොස් දෙවොල පිළිදැගුම් කොට දුන්නේය. මොවුහු මට සෙවල හැඳීම් මාත්‍රයෙන් පැහැද මෙබඳු සත්කාර කරත්, මොවුන්ට මම උත්කෘෂ්ට බවින්ම පැවැතීමට වටීයයි හෙතෙම සිතීය. (එසේ සිතා) සැහැල්ලු රුක් ගෙඩි ගෙන තලා වැහැරි අවුණා පට්ට්යක් කොට හැඳ ජීවිකාව කරමින් වාසය කළේය.
කාශ්‍යප බුද්ධකාලයෙහි සත්දෙනෙකු මහණදම් කරත්දී (ඔවුනතුරින්) එක් පුද්ගලයෙක් සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේද හෙතෙම ඉපදීමට අනතුරුවම තමන්ගේ බ්‍රහ්ම සම්පත්තිය බලා පැමිණි තැන සිහි කරන්නේ සත් දෙනා පව්වට නැඟ මහණදම් කරනතැන දැක සෙසු සයදෙනාගේ උපන් තැන සිහිකරන්නේ එකෙකු පිරිනිවන් පෑබවද සෙසු පස්දෙනා කාමාවචර දිවය ලෝකයෙහි උපන් බවද දැන කලින් කලට ඒ පස්දෙනා සිහි කරයි. මෙකල්හි කොහිදැයි සිහි කරන්නේ දාරුචීරක පුද්ගලයා සුප්පාරක පටුන ඇසුරුකොට වංචනික ක්‍රියාවෙන් දිවි ගෙවනු දැක, ‘මේ බාලයා නටුයේවන. පෙර මහණදම් කරන්නේ අති උත්කෘෂ්ටභාවයෙන් රහත්වහන්සේ විසිනුදු ගෙනඑනලද පිණ්ඩපාතය නොවළඳා දැන් උදරාත්‍ථර්‍ය සඳහා රහතෙක් නොවීම රහත්බව හඟවා ලොව රවටමින් හැසිරෙයි. බුදුන්වහන්සේ උපන්බවද නොදනියි. යමි. ඔහු සංවේග කරවා දසබලයන්වහන්සේ පහළවූබව හඟවන්නෙමි’යි ක්‍ෂණයකින්ම බඹලොවින් නික්ම සුප්පාරක පටුනෙහි රාත්‍රි භාගයට අනතුරුව දාරුචීරකගේ ඉදිරියෙහි පහළවූයේය.
හෙතෙම තමන් වසන තැන ආලෝකයක් දැක පිටතට නික්ම සිටියේ මහබඹුදැක ඇදිලි බැඳ නුඹවහන්සේ කවරහුදැයි ඇසුවේය. මම නුඹේ පැරණි යහළුවා වූයේ අනාගාමි ඵලයට පැමිණ බඹලොව උපන්නෙමි. අපගේ සියල්ලන්ට දෙටුවූ තැනැත්තා රහත් බවට පැමිණ පිරිනිවියේයි. නුඹලා පස්දෙනා දෙව්ලොව උපන්නාහුය. ඒ මම නුඹ මෙතැන්හි වංචනික ක්‍රියාවෙන් ජීවත්වනු දැක දමනය කරන්නට පැමිණියෙමි’යි කියා මේ කරුණ පැවසීය. ‘බාහිය, නුඹ රහතෙක් නොවෙහි. රහත් මගට පිළිපන්නෙහිද නොවේ. යම් පිළිවෙතකින් ඔබ රහතෙක් වන්නෙහිද රහත් මගට හෝ පිළිපන්නෙහිද ඒ පිළිවෙත ඔබට නැත.’ ඉක්බිති ඔහුට ශාස්තෘන්වහන්සේ පහළවූබවද සැවතෙහි වෙසෙනබද දන්වා ශාස්තෘන් සමීපයට යවයි ඔහු උනන්දු කරවා බඹලොවටම ගියේය.
දාරුචීරිය තෙමේද මහබඹු විසින් සංවේග දනවන ලද්දේ මොක්මග සොයන්නෙමැයි යොදුන් දෙදෙහසක් මග එක් රැයක් ගෙවීමෙන් ගොස් පිඬුවිස බුදුරජාණන්වහන්සේ ඇතළු ගෙට වැඩමවා උන්වහන්සේගේ පාමුල හෙව ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට ධර්‍මදේශනා කරත්වා! සුගතයන්වහන්සේ මට දහම් දෙසත්වා’යි තෙවෙනිවර දක්වා ඉල්ලා සිටියේය. ශාස්තෘන්වහන්සේ මෙපමණකින් බාහියගේ නුවන මිහිකිරීමටට ගියේයයි දැන. ‘එසේ නම් බාහිය, දුටු දෙයෙහි දුටුදෙය පමණක් වන්නේ යම්සේද එසේ ඔබ හික්මිය යුතුය’යි මේ අවවාදයෙන් ඔවදන් දුන්සේක. දෙසුම කෙළවර අතුරුවීථියෙහි සිටියේම දෙසුම අනුව නුවණ යොමා සිවුපිළිසිඹියා සමඟ රහත්බවට පැමිණියේය.
හෙතෙම තමන්ගේ කිස මුදුන්පත්වූබව දැන භාග්‍යවතුන්වහන්සේ වෙතින් පැවිද්ද ඉල්වා නොපිරිපුන් පාසිවුරු ඇති බැවින් පාසිවුරු සොයන්නේ කසළගොඩකින් රෙදි කැබලි අදියි. ඉක්බිති ඔහුව පෙර සතුරුවූ අමනුෂ්‍යයෙක් කුඩා පැටවකු ඇති දෙනකගේ සිරුරෙහි පිවිස ජීවිතක්‍ෂට පත් කළේය. ශාස්තෘන්වහන්සේ සැවතින් නික්මෙන සේක් අතුරුවීථියෙහි කසළගොඩ අසල වැටුණු බාහිය දැක ‘මහණෙනි, බාහිය දාරුචීරියගේ සිරුර ගනුව’යි ගෙන්වාගෙන ශරීරකෘත්‍යය කොට සිවුමංසලක චෛත්‍යයක් කරවූසේක. ඉක්බිති සඟ මැද කථාවක් ඇතිවිය. තථාගතයන්වහන්සේ බික්සඟන ලවා බාහියගේ සිරුර දැවීමේ කටයුතු කරවූසේක. ධාතූන් ගෙන චෛත්‍යයක් කරවූසේක. ඔහු විසින් කවරනම් මාර්‍ගයක් පසක් කරන ලද්දේද? හෙතෙම සාමණේරයෙක්ද භික්‍ෂුවක්දැයි අදහසක් ඉපදෙව්වාහුය. ශාස්තෘන්වහන්සේ එය අථෙර් ත්පත්ති කොට මහණෙනි, බාහිය පණ්ඩිතයෙකියි මත්තෙහි දම් දෙසුම වඩා ඔහු පිරිනිවන් පෑබව ප්‍රකාශකළසේක. යළි සඟමැද, ‘ශාස්තෘන්වහන්සේ විසින් බාහියට බොහෝ දහම් නොදෙස ලදී. රහත්බවට පත්වූවේයයිද කියනුලැබේ. මේ කුමක් නම් වේදැ’යි කථාවක් උපන්නේය. ශාස්තෘන්වහන්සේ, ‘ධර්‍මය ටිකය බොහෝය යනු කරුණක් නොවේ. මෙය විෂ බීවෙකුට බෙහෙතක් මෙනැයි පවසා ධර්‍මපදයෙහි ගාථාවක් දෙසූසේක:
“සහස‍්සමපි චෙ ගාථා, අනත්‍ථපදසංහිතා;
එකං ගාථාපදං සෙය්‍යො, යං සුත්‍වා උපසම‍්මතී”ති. (ධ· ප· 100);
‘අනත්‍ථර්‍පදයන්ගෙන් යුක්තවූ ගාථා දහසකටද වඩා යමක් අසා සංසිදේද එබඳුවූ එක්ගාථා පදයක් උතුමි.
දෙසුම අවසන්හි අසූසාර දහසක් ප්‍රාණීහු අමාපැන් බීවාහුය. බාහිය තෙරුන්ගේ මේ කථාවස්තුවද සූත්‍රයෙහි ආබැවින් විස්තර වශයෙන් නොකියනලදී. මෑතභාගයෙහි ශාස්තෘන්වහන්සේ සඟමැද වැඩහුන් සේක් බාහිය තෙරුන් වහාලැබූ අභිඥා ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.