පා වැදිය යුතු ආකාරය.

නවකතරෙන භන‍්තෙ භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන කති ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බාති?

වහන්ස, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් කෙතෙක් දහම් ස්වකීය සන්තානයෙහි එළවා පා වැන්දයුතු ද?

නවකතරෙනුපාලි, භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බා. කතමෙ පඤ‍්ච : නවකතරෙනුපාලි, භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන එකංසං උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වා උභොහි පාණිතලෙහි පාදානි පරිසම‍්බාහන‍්තෙන පෙමඤ‍්ච ගාරවඤ‍්ච උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බා. නවකතරෙනුපාලි භික‍්ඛුනා බුඩ‍්ඪතරස‍්ස භික‍්ඛුනො පාදෙ වන්‍දන‍්තෙන ඉමෙ පඤ‍්ච ධම‍්මෙ අජ‍්ඣත‍්තං උපට‍්ඨාපෙත්‍වා පාදා වන්‍දිතබ‍්බාති.

උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් දහම් පසක් සිත්සතන්හි එළවා පා වැන්දයුතු යැ. කවර පසෙක යත්: උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් උතුරුසඟ එකස් කොට ඇඳිලි බැඳගෙණ දෙඅත්ලෙන් දෙපත්ල පිරිමදිමින් ප්‍රේමයත් ආදරයත් එළවා පා වැන්දයුතු, උපාලි, වෘද්ධතර මහණක්හුගේ පා වඳනා නවකතර මහණහු විසින් මෙ පස්දහම් සිත්සතන්හි උපයා පා වැන්දයුතු.

තුදුස්වන කඨිනත්‍ථාර වර්‍ගය. – 265

 

පාද අල්ලා වැදීමට අවසර දීම.

තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො පුරිසෙහි අභිවාදනං කෙසච‍්ඡෙදනං නඛච‍්ඡෙදනං වණපටිකම‍්මං කුක‍්කුච‍්චායන‍්තා න සාදියන‍්ති. භගවතො එතමත්‍ථංආරොචෙසුං. “අනුජානාමි භික‍්ඛවෙ සාදිතුන‍්ති.

එසමයෙහි භික්‍ෂුණීහු කුකුස් කරන්නාහු පුරුෂයන්ගෙන් වැඳීම, කෙස් සිඳීම, නිය සිඳීම, වණ පිළියම් නො ඉවසත්, භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණසැලකළහ. “මහණෙනි, ඉවසන්නට අනුදනිමි” යි (වදාළහ.)

භික‍්ඛුනීක‍්ඛන්‍ධකං – 535

අභිවාදනන‍්තිආදීසු පුරිසා පාදෙ සම‍්බාහන‍්තා වන්‍දන‍්ති, කෙසෙ ඡින්‍දන‍්ති, නඛෙ ඡින්‍දන‍්ති, වණපටිකම‍්මං කරොන‍්ති, තං සබ‍්බං කුක‍්කුච‍්චායන‍්තා න සාදියන‍්තීති අත්‍ථො. තත්‍රෙකෙ ආචරියා “සචෙ එකතො වා උභතො වා අවස‍්සුතා හොන‍්ති සාරත‍්තා, යථාවත්‍ථුකමෙව”. එකෙ ආචරියා “නත්‍ථි එත්‍ථ ආපත‍්තී”ති වදන‍්ති. එවං ආචරියවාදං දස‍්සෙත්‍වා ඉදං ඔදිස‍්ස අනුඤ‍්ඤාතං වට‍්ටතීති අට‍්ඨකථාසු වුත‍්තං. තං පමාණං. “අනුජානාමි භික‍්ඛවෙ සාදිතු”න‍්ති හි වචනෙනෙව තං කප‍්පියං.

“අභිවාදනං” යනාදි තන්හි පුරුෂයෝ පාදසම්බාහනය කරමින් වඳිත්. කෙස් සිඳිත්. නියසිඳිත්. වණපිළියම් කෙරෙත්. කුකුස් කරන්නාවු ඒ සියල්ල නොඉවසත් යන අර්‍ත්‍ථයි. එහි සමහර ආචාර්‍ය්‍යයෝ එක් පක්‍ෂයකින් හෝ දෙපක්‍ෂයෙන් හෝ රාගයෙන් තෙත් වූවාහු ඇලුම් සහිත වූවාහු වෙත්ද, යථාවස්තුකමය. ඇතැම් ආචාර්‍ය්‍යයෝ මෙහි ඇවැත් නැතැ’යි කියන්නාහුයි මෙසේ ආචාර්‍ය්‍යවාදය දක්වා මෙය උදෙසා අනුදනාලද්දේ වටීයයි අර්‍ත්‍ථ කථාවන්හි කියන ලද්දේය. එය ප්‍රමාණ වේ. “අනුජානාමි භික්‍ඛවෙ සාදිතුං” යන වචනයෙන්ම එය කැපවේ.

භික්ඛුනීඋපසම්පදානුජානනකථා


 

භික්ෂුණීන් වහන්සේලාට විනය නීති තද වැඩියි. එහෙත් පුරුෂයන් පාද අල්ලා සම්බාහනය කර ගැනීම ක් ඉවසිය යුතු බව භාග්‍යවතුන් වහන්සේ විනය පිටකයේ සඳහන් කර තිබෙනවා.

පුරුශයන් විසින් කරන

  • අභිවාදනය
  • නියපොතු කැපීම
  • හිසකෙස් බෑම
  • තුවාල වලට බෙහෙත් දැමීම

ඉවසිය යුතු බව භාග්‍යවතුන් වහන්සේ විනය පිටකය සඳහන් කරනවා

භික්ෂුණීන් වහන්සේලාට කැප නම් භික්ෂූන් වහන්සේලාට කොහොමත් කැප බව සැලකිය යුතුයි

භාවනා.

භාවනා යන වචනය සාමාන්‍ය සම්මතයේදී භාවිතා වන්නේ යම් කිසි පුද්ගලයකු වාඩි වී සිටින ඉරියව්වෙන් දෙනෙත් පියා ගෙන කරන්නා වූ ක්‍රියාවක් ලෙස ය. එම නිසා “භාවනා” යන වචනය කියන විට බොහෝ දෙනකුට සිතට නැගෙන්නේ මෙම කාරණය යි.

නමුත් බුද්ධ ධර්මයේ “භාවනා” යන වචනය යෙදෙන්නෙ “සිත වැඩීම” / “සිත දියුණු කිරීම” යන තේරුම සහිතව ය.

වාඩි වී සිටීම පමණක් නොව සිට ගෙන සිටීම, ඇවිදීම, සැතපී සිටීම යන සතර ඉරියව්වෙන් ද

එම සතර ඉරියව් හැර අන්‍ය ඕනෑම ඉරියව්වකින් ද සිත වැඩිය හැකි බව සතිපට්ඨාන සූත්‍රයෙහි සඳහන් වේ.

( යථා යථා වා පනස්ස කායො පණිහිතො හොති තථා තථා නං පජානාති )

ඒ අනුව පැවසිය හැක්කේ “සිත වැඩීම” නොහොත් “භාවනා” කිරීමෙන් තොරව මාර්ග ඵල හෝ නිවන අවබෝධ කරගත නොහැකි බවයි.

අංගුත්තර පඤ්චක නිපාතයේ විමුක්තායතන සූත්‍රයේ සඳහන් වන පරිදි
නිවන අවබෝධ වන ප්‍රධාන ක්‍රම 5කි.

1 වන ක්‍රමය :- ශාස්තෘන් වහන්සේ හෝ ගරු ස්ථානයක සිටින්නාවූ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්මය දේශනා කරන විට අසා සිටින පුද්ගලයාට අර්ථය ධර්මය වැටහී ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සුවය සහ සමාධිය ඇතිවී නිර්වානය අවබෝධ වීම.

2 වන ක්‍රමය :- භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ම, පරම්පරානුගතව අසා ඇති පරිදි ම විස්තර වශයෙන් අනුන්ට ධර්මය දේශනා කිරීමේදී තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින් ) නිර්වානය අවබෝධ වීම.

3 වන ක්‍රමය :- භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ම, පරම්පරානුගතව අසා ඇති පරිදි ම විස්තර වශයෙන් ධර්මය සජ්ඣායනා කිරීමේදී තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින්) නිර්වානය අවබෝධ වීම.

4 වන ක්‍රමය:- භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇති පරිදි ම, පරම්පරානුගතව අසා ඇති පරිදි ම ධර්මය තම සිතින් අනුවිතර්කනය, අනුවිචාරය කර මනසට මනා ලෙස නගා ගැනීමේදී තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින්) නිර්වානය අවබෝධ වීම.

5 වන ක්‍රමය :- එක්තරා සමාධි නිමිත්තක් මනා ලෙස ග්‍රහණය කර මනා ලෙස මනසට නගා ගෙන මනා ලෙස මනසින් දරා ප්‍රඥාවෙන් විනිවිද දැකීමෙන් තමන්ට අර්ථය සහ ධර්මය වැටහී ( මුලින් කී අනුපිළිවෙලින්) නිර්වානය අවබෝධ වීම.

මෙම ක්‍රම පහේ දීම මනස දියුණු වීම එකම ආකාරයකින් සිදු වේ. ආරම්භ වන ක්‍රමය පමණක් වෙනස් වේ.

එම නිසා මෙම ක්‍රම පහේදීම “භාවනා” සිදු වේ යැයි පැවසිය හැකිය.

නමුත් සම්මත ක්‍රමයට කරන භාවනාවකට ආසන්නව හෝ සමාන වන්නේ පස්වෙනි ක්‍රමය පමණි.

අනෙකුත් ක්‍රම සම්මත ක්‍රමයට :-

1. ධර්ම ශ්‍රවණය

2. ධර්ම දේශනාව

3. ධර්ම සජ්ඣායනාව

4. ධර්මය මෙනෙහි කිරීම

ලෙස හැඳින්වීමට පුළුවන.

මජ්ඣිම නිකායෙහි රථ විනීත සූත්‍රයෙහි සඳහන් වන පරිදි සෝතාපන්න ආදී මාර්ග ඵල අවබෝධ වීමට ප්‍රථමයෙන් පියවර 7 කින් සිත පිරිසිදු විය යුතු ය.

1. සීල විසුද්ධිය

2. චිත්ත විසුද්ධිය

3. දිට්ඨි විසුද්ධිය

4. කංඛාවිතරණ විසුද්ධිය

5. මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධිය

6. පටිපදා ඤාණ දස්සන විසුද්ධිය

7. ඤාණ දස්සන විසුද්ධිය.

සීල විශුද්ධිය යනු අංග අටකින් යුත් ආර්යකාන්ත සීලය තමා තුළ පිරිසිදු වීම යි.

( බොහෝ මිත්‍යා දෘෂ්ටිකයන් සිතන්නේ සීලය පිරිසිදු නොකර අන්‍ය ක්‍රමවලින් මාර්ග ඵල ලැබිය හැකි බව ය )

චිත්ත විශුද්ධිය යනු ධ්‍යාන මට්ටම් වලට සමානව සිත සමාධි ගත වීමයි.

( බොහෝ මිත්‍යා දෘෂ්ටිකයන් සිතන්නේ සිතෙහි සමාධියක් ඇති කර ගැනීමෙන් තොරව බණ ඇසීම ආදී ක්‍රම වලින් මාර්ගඵල අවබෝධ කරගත හැකි බවය )

දිට්ඨි විසුද්ධිය යනු චිත්ත, චෛතසික, රූප යන පරමාර්ථ ධර්මයන් සිහිය සහ ප්‍රඥාව මුදුන් පැමිණීම හේතුවෙන් වෙන් කර හඳුනා ගැනීම ය.

( මෙකල මුලා වූ අන්ධ බාලයන් සිතන්නේ තමන්ට නාම රූප පිලිබඳ අවබෝධයක් නැති වුනත් වෙන ක්‍රමයකින් හෝ තමන් සෝවාන් ව ඇති බවයි )

මෙලෙස මෙකල මුලා වූවන් පිළිබඳව විස්තර නම් එමට ය.

අවංකව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද කරන ලද ක්‍රමය අනුවම නිවැරදි ව මාර්ග ඵල නිර්වානය අවබෝධ කිරීමට කැමති පින්වතුන් තේරුම් ගත යුත්තේ :-

මුලින් සඳහන් කරන ලද ක්‍රමවේද පහෙන් නිර්වාණය අවබෝධ කළ හැකි වුවත්, එම ක්‍රම පහ තුළ සප්ත විශුද්ධීන් අනුව තමන් ගේ සිත පිරිසිදු වීමෙන් තොර ව නිර්වානය අවබෝධ නො වන බව ය. “එකායනො අයං භික්ඛවෙ මග්ගො” යනුවෙන් මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන ලද මාර්ගයත් මෙය ම ය.

සංසාරයේ දිග.

බාල පණ්ඩිත සූත්‍රයෙහි දැක්වෙන පරිදි,

මේ මහා සාගරයට ම පාවෙන එකම වියසිදුරක් ඇත්නම්, එම වියසිදුර සියලු දිසාවන්ට හමන සුළඟ නිසා සියලු දිසාවන්ට පාවී යයි නම්,

අවුරුදු සියයකට වරක් සාගරය මතට පැමිණ අහස බලන එක ඇසක් පෙනෙන කැස්බෑවෙක් ඇත්නම්,

එම කණ කැස්බෑවා එම වියසිදුරෙන් ම අහස බැලීම සිදු විය හැකි වාර ගණන කොතරම් දුර්ලභද ?

( එය සිදුවිය නොහැකි යැයි කෙනෙකුට සිතන තරම් දුර්ලභ ය )

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එම කණකැස්බෑවා එම වියසිදුරෙන්ම අහස බලන වාර ගණනටත් වඩා අඩු වාර ගණනකින්, සතර අපායට වැටුණ මනුෂ්‍යයෙකු නැවත මනුෂ්‍ය ලෝකයෙහි උප්පත්තිය ලබන බව ය.

නමුත් අපි සියලු දෙනා බොහෝ වර මනුෂ්‍යයව ඉපදී ඇති බව පිළිගනිමු.

මේ අනුව,

සිදු විය නොහැකි මට්ටමේ දෙයක් පවා, ඉතා දීර්ඝ කාලයක් තුළ ( 1 වරක් හෝ ) සිදුවිය හැකි බව බොහෝ දෙනෙකු පිළිගනී.

මේ අනුව,

යම් කාලයක් තුළ, යම් දෙයක් එකවරක් සිදු විය හැකි නම්,

ඊට වඩා දීර්ඝ කාලයක් තුළ,

අතිදීර්ඝ කාලයක් තුළ එම දෙයම නැවත නැවත සිදු විය හැකි බව පිළිගැනීමට සිදු වේ.

උබ්බරී කථා වස්තුවේ ද දක්වා ඇත්තේ සසරෙහි ඇති අතිදීර්ඝ බව ය.

එකම නමකින්,

එකම ස්ථානයක,

එකම ස්වාමියාට බිරිඳ ව,

86,000 වතාවක් ඉපදී,

එකම ආකාරයෙන් වැලපීමට සිදුවීම බොහෝ දෙනෙකුට විශ්මයජනක කරුණක් ලෙස වැටහෙනු ඇත.

සංසාරය අති දීර්ඝ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත. එය ( සසරෙහි ඇති දීර්ඝ බව ) සාමාන්‍ය ජනයාට පැහැදිලි කර දීම පහසු නොවන තරම් අති දීර්ඝ බවකි.

බොහෝ දෙනෙකු විශ්මයට පත් වන්නේ එකම දෙය නැවත නැවත එකම ලෙස සිදුවීම පිළිබඳ ව ය.

නමුත් එහි ගැබ්ව ඇති, අතිශය විශ්මයජනක කරුණ නම්,

මෙවැනි ප්‍රකාශයක් කරන්නා වූ සෘෂි වරයෙක්ගේ අභිඥාවෙන් දැකිය හැකි පරාසයෙහි ඇති අතිපුළුල් බවයි.

එක් සත්වයෙක් බ්‍රහ්ම ලොකයන්, දිව්‍ය ලෝකයන්, මනුෂ්‍ය ලෝකය හා සතර අපායන් අතර මැරි මැරී ඉපදෙමින් ගෙවන සංසාරයෙහි විවිධත්වය අචින්ත්‍යය ය. උදාහරණයක් ලෙස තිරිසන් ලෝකයෙහි පමණක් තිරිසනුන් වර්ග ගණනය කළ නොහැකි ප්‍රමාණයක් ඇත. එම හැම භවයකම අප ඉපදී ඇත. සසර එතරම් දිග ය. ඒ ඕනෑම භවයක් ගත් කල, එම එක භවයක අප බොහෝ වාර ගණනක් ඉපදී ඇත. සසර එතරම් අති දීර්ඝ ය.

පැහැදිලි කරණ ලද මෙම ප්‍රමාණය මදි යැයි සිතේ නම් උදාහරණ සහිතව පැහැදිලි කළ හැකිය.

උබ්බරී කථාවස්තුවෙන් අවබෝධ කරගත යුත්තේ සසරෙහි ඇති අති දීර්ඝ බව හා ඕනෑම සිදුවීමක් බොහෝ වාර ගණනක් එකම ලෙස සිදු වී ඇති බව ය.

මේ අනුව,

අප කරන බොහෝ දේ සිදු කරන්නේ ද, මුහුණපෑමට සිදුවන බොහෝ අවස්ථාවන්ට ද මුහුණ පාන්නේ ද, පළමු වතාවට නො වන බව ය.

අති දීර්ඝ සසර තුල කවදාවත් සිදු නොවුන කරුණු කිහිපයක් ඇත.

1. සෝතාපන්න මාර්ග සිත, ඵල සිත අපගේ චිත්ත පරම්පරාවේ හි ඇති වී නොමැත.

2. සකදාගාමී මාර්ග සිත, ඵල සිත අප අත්දැක නැත.

3. අනාගාමී මාර්ග සිත, ඵල සිත අප අත්දැක නැත.

4. සුද්ධාවාස බ්‍රහ්ම තලයන්හි කිසි දා අප ඉපදී නැත.

5. අර්හත්වයෙහි සුවය අප අත්දැක නැත.

6. නිවනෙහි සුවය අප අත්විඳ නැත.

මහත් වූ පරාක්‍රමයකින්, මහත් වූ වීර්යයකින් පාරමී දම් පුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වන්නේ,

සියලු සත්වයන්හට කිසිදා නොලැබුන අතිශය සුව දායක නිවන් සුවය ලබා දෙනු පිණිස ය. සසරෙහි ඇති අති මහත් දුකෙන් ගලවා ගනු පිණිස ය.

මෙතරම් වෙහෙස වී භාග්‍යවතුන් වහන්සේ මනා කොට ධර්මය දේශනා කොට ඇති කල්හි ත් බොහෝ දෙනා ඉතා වැදගත් යැයි සිතා අතිශයින් වෙහෙස වන්නේ, පෙර සංසාරයේ බොහෝ වාර ගණනක් අත්විඳ ඇති සිදුවීම් ( අලුත් සිදුවීම් යැයි සිතා ) තව වරක් හෝ අත්විඳීමට ය.

අති දීර්ඝ සංසාරයේ තුළ නැවත නැවත කරන ලද කාර්යයන් ම,

මේ ජීවිතය තුළ ද නැවත නැවත කිරීමට වෙහෙස වීම පසෙක තබා,

කිසි දා අත් දැක නැති නිවන් සුවය සාක්ෂාත් කිරීම පිණිස සියල්ලෝ ම වෑයම් කරත් වා !

බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණක් ප්‍රතික්ෂේප කිරීම.

මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ මහාතණ්හාසඞ්ඛය සූත්‍ර අට්ඨකථාවෙහි සඳහන් වන්නේ මෙසේ ය.

තස්‌මා අයං භික්‌ඛු බුද්‌ධෙන අකථිතං කථෙති,

( එම නිසා මෙම භික්ෂුව බුදු රජුන් විසින් නොකියන ලද දෙයක් කියයි )

ජිනචක්‌කෙ පහාරං දෙති,

( { භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම චක්‍රය ට } ජිනචක්‍රයට ප්‍රහාරයක් දෙයි )

වෙසාරජ්‌ජඤාණං පටිබාහති,

( {භාග්‍යවතුන් වහන්සේගේ සතරක් වූ} විශාරද ඥානයන් සම්පූර්ණයෙන් බැහැර කරයි )

සොතුකාමං ජනං විසංවාදෙති,

( {භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය} අසන්නට කැමැති වූ ජනතාව බොරුවෙන් මුලා කරයි )

අරියපථෙ තිරියං නිපතිත්‌වා මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය පටිපන්‌නො.

( ආර්ය මාර්ගයෙහි හරහට පතිත වී මහ ජනතාවට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ය )

යථා නාම රඤ්‌ඤො රජ්‌ජෙ මහාචොරො උප්‌පජ්‌ජමානො මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය උප්‌පජ්‌ජති,

( යම්සේ රජුගේ රාජ්‍යයෙහි මහ සොරෙකු උපදින්නේ මහජනතාවට අහිත පිණිස දුක් පිණිස ඉපදෙයි ද )

එවං ජිනසාසනෙ චොරො හුත්‌වා මහාජනස්‌ස අහිතාය දුක්‌ඛාය උප්‌පන්‌නොති වෙදිතබ්‌බො

( මෙසේ ජිනශාසනයෙහි සොරෙක් වී ජනතාවට අහිත පිණිස දුක් පිණිස ඉපදුනා යැයි දැන ගත යුතුයි )

භාග්‍යවතුන් වහන්සේ විසින් අති දීර්ඝ කාලයක් පාරමිතා පූරණය කරන ලද්දේ ඉතා නිවැරදි ව අන්‍යයන්ට ධර්මය දේශනා කිරීම පිණිසය. මෙසේ, අප්‍රමාණ වූ ත් අච්න්ත්‍ය වූ ත් මහා කුසල් ප්‍රමාණයක් රැස් කිරීම මගින් ලබාගත් සර්වඥතා ඥානයට නො සලකමින්, අන්‍යාගමිකයන් සේ අගෞරව කරමින්, එම අතුල්‍ය වූ ඥානයෙන් දේශිත එක ධර්ම ස්කන්ධයකුදු බැහැර කරන්නේ නම්, එම කර්මය අතිශයින් බැරෑරුම් වූ කර්මයකි. අතිශය භයානක ප්‍රතිඵල ගෙන දෙන්නකි. මෙම කර්මය රැස්කර ගන්නා පුද්ගලයා හට කවදා සෙතක් සුවයක් අත් වේද යන්න සිතා ගැනීමට ත් දුෂ්කර ය.

ධර්ම ස්කන්ධ ගණනය කරන්නේ කෙසේද?

“තත්‌ථ එකානුසන්‌ධිකං සුත්‌තං එකො ධම්‌මක්‌ඛන්‌ධො. යං අනෙකානුසන්‌ධිකං, තත්‌ථ අනුසන්‌ධිවසෙන ධම්‌මක්‌ඛන්‌ධගණනා. ගාථාබන්‌ධෙසු පඤ්‌හාපුච්‌ඡනං එකො ධම්‌මක්‌ඛන්‌ධො, විස්‌සජ්‌ජනං එකො. අභිධම්‌මෙ එකමෙකං තිකදුකභාජනං, එකමෙකඤ්‌ච චිත්‌තවාරභාජනං, එකමෙකො ධම්‌මක්‌ඛන්‌ධො. විනයෙ අත්‌ථි වත්‌ථු, අත්‌ථි මාතිකා, අත්‌ථි පදභාජනීයං, අත්‌ථි අන්‌තරාපත්‌ති, අත්‌ථි ආපත්‌ති, අත්‌ථි අනාපත්‌ති, අත්‌ථි තිකච්‌ඡෙදො. තත්‌ථ එකමෙකො කොට්‌ඨාසො එකමෙකො ධම්‌මක්‌ඛන්‌ධොති වෙදිතබ්‌බො. එවං ධම්‌මක්‌ඛන්‌ධවසෙන චතුරාසීතිසහස්‌සවිධං.”

” එහි එක් සූත්‍රයක් අනු සන්ධියක් ඇති සූත්‍රයක් එක ධර්මස්කන්ධය කි. අනුසන්ධි ගණනාවක් ඇති සූත්‍රයක අනුසන්ධි ගණනට ධර්මස්කන්ධ වේ. ගාථා බන්ධනයක ප්‍රශ්න ඇසීම එක ධර්මස්කන්ධය කි, විසඳීම එක ධර්මස්කන්ධය කි.

අභිධර්මයෙ හි එක තිකදුක කොටසක්, එක චිත්ත වාර කොටසක්, එක එක ධර්මස්කන්ධය කි.

විනෙයහි‍‍ වාස්තු, මාතිකා, පදභාජනීය, අන්තරාපත්ති, ආපත්ති, අනාපත්ති, තිකච්ඡේද ඇත. එහි එක එක කොටසක් එක එක ධර්ම ස්කන්ධයක් වේ. මෙසේ ධර්මස්කන්ධ වශයෙන් අසූ සාර දහසෙකි “

විනය පිටකයෙහි ධර්මස්කන්ධ 21,000

සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ 21,000

අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ 42,000

මජ්ඣිම නිකාය අට්ඨ කථා :-

“තත්‌ථ මජ්‌ඣිමසඞ්‌ගීති නාම පණ්‌ණාසතො මූලපණ්‌ණාසා මජ්‌ඣිමපණ්‌ණාසා උපරිපණ්‌ණාසාති පණ්‌ණාසත්‌තයසඞ්‌ගහා. වග්‌ගතො එකෙකාය පණ්‌ණාසාය පඤ්‌ච පඤ්‌ච වග්‌ගෙ කත්‌වා පන්‌නරසවග්‌ගසමායොගා. සුත්‌තතො දියඩ්‌ඪසුත්‌තසතං ද්‌වෙ ච සුත්‌තන්‌තා. පදතො තෙවීසුත්‌තරපඤ්‌චසතාධිකානි අසීතිපදසහස්‌සානි. තෙනාහු පොරාණා –

‘‘අසීතිපදසහස්‌සානි, භිය්‍යො පඤ්‌චසතානි ච;

පුන තෙවීසති වුත්‌තා, පදමෙවං වවත්‌ථිත’’න්‌ති.

අක්‌ඛරතො සත්‌ත අක්‌ඛරසතසහස්‌සානි චත්‌තාලීසඤ්‌ච සහස්‌සානි තෙපඤ්‌ඤාසඤ්‌ච අක්‌ඛරානි. භාණවාරතො අසීති භාණවාරා තෙවීසපදාධිකො ච උපඩ්‌ඪභාණවාරො. අනුසන්‌ධිතො පුච්‌ඡානුසන්‌ධි-අජ්‌ඣාසයානුසන්‌ධි-යථානුසන්‌ධිවසෙන සඞ්‌ඛෙපතො තිවිධො අනුසන්‌ධි. විත්‌ථාරතො පනෙත්‌ථ තීණි අනුසන්‌ධිසහස්‌සානි නව ච සතානි හොන්‌ති.”

ඉහත සඳහන් වන පරිදි මජ්ඣිම නිකායෙහි ;

පණ්ණාස 3 කි

වර්ග 15 කි

සූත්‍ර 152 කි

පද 80,523 කි

අකුරු 7,40,053 කි

බණවර 80.5 ට පද 23 ක් අධිකය

අනුසන්ධි වර්ග 3 කි

අනුසන්ධි ගණන 3900 කි.

මෙසේ ධර්මස්කන්ධ වශයෙන් 3900 කි වේ.