අපේ බුදුහාමුදුරුවෝ 96
රන් වැසි දඹදිව පුරා වස්වමින් මෙලොවට පහල වු කෝණාගමන බුදුහාමුදුරුවෝ 03
කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ
මෙලෙස සංක්‍ෂිප්ත කොට සදහන් වෙනවා.
කෝණාගමන බුදුරදුන් උපන් නුවර’’සෝණවතී’’ නම්. (එහි)’’සෝණ’’ නම් රජක් වී. ඒ නුවරෙහි බුදුරදුන්ගේ මහා නෑ කුලය වාසය කළේය.
ශාස්තෘවූ ඒ කෝණාගමන බුදුරදුන්ගේ ඒ පිය තෙම’’යඤ්ඤදත්ත’’ නම් බමුණු විය. ’’උත්තර’’ නම් බැමිණි තොමෝ මව් වූවාය.
ඒ බුදුරජතෙම අවුරුදු තුන් දහසක් ගිහිගෙයි විසී. ’’තුසිත’’ ය,’’සන්තුසිත’’ ය, ’’සන්තුට්ඨි’’ ය යන උතුම් තුන් පහයක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ නොඅඩුවූ සොළොස් දහසකි. බිරින්ද’’රුචිගත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’සත්‍ථාවාහ’’ නම් වී.
පුරුෂෝත්තම තෙම සතර පෙර නිමිති දැක, ඇත් යානයකින් මහබිනික්මන් කෙළේය. සය මසක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යයෙහි හැසුරුණේය.
මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ, කෝණාගමන නම් ලෝනා හිමිඳු, බඹහු විසින් අයදනා ලද්දේ, මිගදායෙහිදී දම්සක් පැවැත්වූ සේක.
කෝණාගමන නම් ශාස්තෘන් වහන්සේට’’භිය්‍ය’’ ද, ’’උත්තර’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’සොත්‍ථීජ’’ නම් වී.
’’සමුද්දා’’ ද,’’උත්තරා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය’’දිඹුල් ගස’’ යයි කියනු ලැබේ.
’’උග්ග’’ ද,’’සෝමදේව’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’සීවලා’’ ද,’’සාමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
ඒ බුදුරජතෙම උසින් තිස් අට රියනක් උස්වී. උදුන් මුවෙහි රත්රන් යම් සේද, එපරිද්දෙන් රශ්මියෙන් අලඞ්කාරවී.
ඒ කාලයෙහි (කොණාගමන) බුදුරදුන්ගේ ආයුෂය අවුරුදු තිස් දහසකි. ඒතාක් කල් උන්වහන්සේ වැඩ සිටිමින් බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
ධර්ම නමැති සෑයක් ගොඩනගා, සිවුසස් නමැති ධජ පතාකයෙන් හොබවා, දහම් නමැති මල්ගුළාවක් කොට, ශ්‍රාවකයන් සහිතවූ ඒ බුදුරජතෙම පිරිනිවි සේක.
උන්වහන්සේගේ ලොවුතුරු දහම් පළවන මහා විලාසයද, ශ්‍රාවක ජන සමූහයාද (යන) සියල්ල අතුරුදන් විය. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
’’කෝණාගමන’’ නම් බුදුරජතෙම’’පබ්බතාරාමයේ’’ දී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල උන්වහන්සේගේ ධාතු පැතිරීම වී.