අපේ බුදුහාමුදුරුවෝ 90
රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය විහිදවූ
වෙස්සභු බුදුහාමුදුරුවෝ 03.
වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධවංශ කතාව බුද්ධවංසපාළියේ මෙලෙස සංක්ෂිප්ත කොට සදහන් වෙනවා.
මහර්ෂීවූ වෙස්සභූ බුදුරදුන්ගේ නුවර’’අනූපම’’ නම් වී. පිය තෙම’’සුප්පතීත’’ නම් රජය. වැදූ මව්’’යසවතී’’ නම් වූවාය.
(වෙස්සභූ) බුදුරජතෙම අවුරුදු හය දාහක් (බුදුවන්ට පෙර) ගිහිගෙයි වාසය කෙළේය. ’’රුචි’’ ය,’’සුරුචි’’ ය,’’වඩ්ඪමාන’’ ය යන උතුම් තුන් ප්‍රාසාද තුණක් වූහ.
මනාව සරසන ලද පිරිවර අඟනෝ තිස් දහසකි. ප්රසිද්ධවූ බිරින්ද’’සුචිත්තා’’ නම් වූවාය. පුත් තෙම ’’සුප්පබුද්ධ’’ නම් වී.
පුරුෂොත්තම තෙම සතර පෙර නිමිති දැක, සිවිකා (දෝලා විශෙෂයක්වූ) යානයෙන් මහබිනික්මන් කෙළේය. සය මාසයක් මුළුල්ලේ ප්‍රධාන වීර්‍ය්‍යය කෙළේය.
බඹහු විසින් අයදනා ලද්දේ, මහාවීරවූ, මිනිසුන්ට උතුම්වූ,’’වෙස්සභූ’’ නම් ලෝනාහිමිඳු’’අරුණ’’ නම් ආරාමයේදී දම්සක් පැවැත්වූ සේක.
මහර්ෂීවූ’’වෙස්සභූ’’ බුදුරදුන්ට,’’සෝණ’’ ද, ’’උත්තර’’ ද යන අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. උපස්ථායක තෙම’’උපසන්තා’’ නම් වී.
’’දාමා’’ ද,’’සමාලා’’ ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවත්හුගේ බෝරුක’’සල් ගස’’ යයි කියනු ලැබේ.
’’සොත්ථිත’’ ද,’’රම්ම’’ ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වුහ. ’’ගොතමී’’ ද,’’සිරිමා’’ ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක් වුහ.
උන්වහන්සේ සැට රියනක් උස්වූ, රන් යාග ටැඹකට සමාන උපමා ඇති සේක්, රාත්‍රියෙහි කඳු මුදුනක ගින්නක් මෙන් ශරීරයෙන් රශ්මිය නික්මෙයි.
ඒ කාලයෙහි අවුරුදු සැට දහසක් ආයුෂ ඇත්තේය. ඒතාක් කල් වැඩ සිටිමින් උන්වහන්සේ බොහෝ ජන සමූහයා (සසර සයුරෙන්) එතර කළ සේක.
ධර්මය පැතිරවීම කොට, මහජනයාට බෙදා, දහම් නමැති නැව තබා, ශ්රාවකයින් සහිතව ඒ බුදුරජතෙම පිරිනිවි සේක.
දැක්ක යුතු සියලු පිරිවර සහිත බුදුරජ තෙමේද, විහාරයද, ඉරියව්ද යන සියල්ල අතුරුදන් වී. සියලු සංස්කාරයෝ හිස්වූවාහු නොවෙත්ද?
ශාස්තෘවූ ඒ වෙස්සභූ ජිනරාජතෙම’’ඛෙම’’ නම් ආරාමයේදී පිරිනිවි සේක. ඒ ඒ පෙදෙස්වල ධාතු පැතිරීම වී.
[සිව්සස් අවබෝධ කළ’’සුඛී’’ මුනිසඳු’’දුස්ස’’ නම් ආරාමයෙහි පිරිනිවි සේක. එහිම උන්වහන්සේගේ උතුම් සෑය තුන් යොදුනක් උස්වී. (හෙවත් තුන් යොදුනක් උසට බඳින ලදී.)