අපේ බුදුහාමුදුරුවෝ 399 (සන්තිකේ නිදානය)
බුදුවරුන්ගේ සුවිශේෂතා, සමානතා, සහ අසමානතා 03
සතර අවිජහිත භූමි
ඒ වගේම සියලු බුදුවරුන් වහන්සේලා විසින් අත් නොහරින ස්ථාන සතරක් භාරතයේ ඇති බව කියවෙනවා. ලොව පහළ වන සියලු බුදුවරුන්ගේ පාද ස්පර්ශය ලබන සුවිශේෂ භාරතයේ ස්ථාන සතර බුද්ධගයාව, ඉසිපතනය, සැවැත්නුවර සහ සංකස්සපුරය නම් වනවා.
1 සියලු බුදුවරුන්ට බෝධිපර්යංකය එනම් වජ්රාසන භුමිය සෑම බුදුවරයෙකු විසින් අත්නොහරින එකම ස්ථානයක වනවා.
2.එමෙන්ම සෑම බුදුවරයෙකුම දම්සක් පැවැත්වීම, ඉසිපතන මිගදායෙහි ලෙස වර්තමානයේ හැඳින්වන භූමියේම සිදුකරනු ලබනවා.
3.මාතෘ දිව්‍යරාජයන් ඇතුලු දෙව්පිරිසට අභිධර්ම දේශනාව පවත්වා අවසානයේ දෙවොරෝහණ වෙලාවෙහි සකස්පුර දොර මෙළොවට පළමු පාතබන තැන සියලු බුදුවරුනට පොදු වනවා.
4.දෙව්රම ගඳකිළියෙහි ඇඳෙහි සතර පා තබන තැනත් සියලු බුදුරජාණන් වහන්සේලාට නොවෙනස්වම පවතිනවා. එහෙත් ඒ ඒ බුදුරජාණන් වහන්සේලාගේ විහාරය වනාහි කුඩා හෝ ලොකු හෝ වන අවස්ථා ඇතත් නගරය වෙනස් නොවන බව පවසනවා.
මෙය මෙම මාතෘකාව යටතේ සංග්‍රහ වන කරුණක් නොවුනත් හදිසියේ මතකයට පැමිණි කරුණක් නිසා වෙනම සඳහන් කිරීමට සිත්වුනා. ඒ තමයි බුද්ධත්වයට පත්ව සම්බඤ්ඤුත ඥානය හෙවත් සියල්ල දන්නා නුවණ අවබෝධ කොට සියලු බුදුවරයන් වහන්සේලා විසින් අත්නොහරින ලද ප්‍රීති වාක්‍යය එකක්ම වීම. එනම් අනෙකජාතිසංසාරං සන්‍ධාවිස‍්සං අනිබ‍්බිස යන ගාථා රත්නය. (අවිදූරෙ නිදාන කතා අවසානය)
සහජාතපරිච්ඡෙද සහ නක්ඛත්තපරිච්ඡෙදය
අප භාග්‍යවතුන් වහන්සේට පමණක් සහජාත පරිච්ඡේදයක් සහ නක්‍ෂත්‍ර පරිච්ඡේදයක් දක්වා තිබෙනවා. අපගේ සර්වඥ බෝසතුන් සමග
1.රාහුලමාතාව
2.ඡන්න ඇමති
3. කන්ථක අශ්වයා
4. හස්තයා
5.සිවුමහ නිදන්සැළි
6. මහාබෝධිය
7. කාළුදායී යන මේ සත එක්ව උපන්න. මෙය සහජාත පරිච්ඡේද නම් වනවා.
ඒ වගේම නැකත් සාස්තර අනුව අප මහා බෝධිසත්වයන් වහන්සේ මවුකුස පිළිසිඳ ගනු ලැබීම,. මහබිනික්මන, දම්සක් පැවැත්වීම, යමාමහ පෙළහර, යන මේවා උතුරුසළ නැකතින් වී තිබුනා. එමෙන්ම විසා නැකතෙන් ඉපදීම, බුදුවීම පිරිනිවීම, වී තිබුණා. මාඝ නැකතින් ද උන්වහන්ගේ ශ්‍රාවක සන්නිපාතයද ආයුසංස්කාර අතහැරීමද සිදුවී තිබුණා. අස්විද නැකතින් දෙවාරෝහණය සිදුවුණා. මෙය නක්‍ෂත්‍ර පරිච්ඡේදය යනුවෙන් හැඳින්වෙනවා.
උපකාර වූ මුලාශ්‍ර –
සන්තිකෙනිදානකථා – කුදුගත් සඟිය අටුවාව – බුද්ධවංශ අටුවාව – ගොතම බුද්ධවංස වර්ණනාව
සුත‍්ත අට‍්ඨකථා – වෙමත‍්තකථා – ඛුද‍්දකනිකායො -බුද‍්ධවංසඅට‍්ඨකථා – බුද‍්ධපකිණ‍්ණකකථා