අපේ බුදුහාමුදුරුවෝ 327 (සන්තිකේ නිධානය)
බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය
උතුරුකුරු දිවයිනෙන් ලත් පිණ්ඩපාත දානය හිමාලය පෙදෙසෙහි අනවතප්ත විල ඇසුරු කොට වළඳා අනාගතයෙහි සසුන පිහිටන්නේ ලංකාවෙහි බව දැන එහි යක්ෂයන් දමනය කිරීමට රට මැද මහවැලි ගඟ අසබඩ පිහිටි මහානාගවන නම් උයනට උන්වහන්සේ වැඩම කරනු ලැබුවා. බුද්ධත්වයට නව මසක් ගත වූ තැන සිදු වූ මෙය ප්‍රථම ලංකාගමනයයි. මහියංගණ, මහානාගවන, බිම්තැන්න යන නම්වලින් හඳුන්වන මෙම ඓතිහාසික ප්‍රදේශය වර්තමානයේ සිංහල ජනතාවට ආගමික, ජාතික හා ආර්ථික , සාමාජික වශයෙන්ද සුවිශේෂ වනවා.
යක්ෂයෝ කියූ සැනින්ම අපිට හැඟෙන්නේ සාමයට හෝ මෛත්‍රිය පෙරටු කොටගත් අය නෙවෙයි. නිරන්තරයෙන්ම යුධ කෝළාහල විපත් සඳහාම කර්මනුරුපව පහළ වූ වර්ගයක්. එදා බිතැනෙහි නැතහොත් මහියංගනයෙහි (මණිහෙද නම් දනවුවේ ) ශ්‍රී ලංකාවට මහා මුතුහරක් බඳු වූ තුන් යොදුනක් දික් වූ යොදුනක් පළල් වූ මහවැලි නිදිය (මහා වාලුකා) ඇසුරු කොට පැවති මහා නාගවනය නම් උද්‍යානයට රැස් වුනු මෙම යක්ෂ සේනාව කඳවුරු බැඳ ගෙනයි සිටියේ. මහානාග උයන කිවේ නාගයෝ සිටි නිසා නෙවෙයි. එම උයන නා ගස්වලින් පිරී තිබූ නිසයි. මහානාග නම් උයනට ඒ මහා සංග්‍රාමය සඳහා පැමිණි සිටියේ ලග්ගල, ලොග්ගල, කරඹගල, කුරගල, යක්දෙස්සාගල, දිඹුලාගල, මාරගල, මිහින්තලාගල, රිටිගල, බලගල, මහමුහුණුගල, යහන්ගල, තුන්කුළුගල යන පර්වතයන්හි වාසස්ථාන කොට විසු යක්‍ෂයෝයි. හැබැයි යක්ෂයන් මිස යක්ෂ ගෝත්‍රික මිනිසුන් යනුවෙන් කොහේවත් සඳහන් නැති බවත් හොඳින් මතකේ තබා ගැනීම වටිනවා. ලංකාවත් මේ කියන කරුණු අනුව එක අතකට උතුරුකුරු දිවයින වගේ. පැත්තක යක්ෂයෝ. තවත් පැත්තක් දෙවිවරු. තවත් පැත්තක් පින්වත් මනුෂ්‍යයෝ.
බුදුරජාණන් වහන්සේ මෙදිනම තෝරාගන්නට ඇත්තේ සමහර විට ලංකාව පුරාම සිටි යක්ෂයින් සංග්‍රාමය සඳහා මෙම භූමියට එක වී සිටි නිසා වන්නට ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඒ මහා යක්ෂ සේනාව නිසා බුදුරජාණන් වහන්සේට පත්කඩය එලා ගන්නටවත් ඉඩක් තිබ්බේ නැහැ. අනිත් අතට ඔවුන් බුදු කෙනෙකු කියන්නේ කවුද කියා හඳුනන්නේත් නැහැ. සාමාන්‍ය කෙනෙකු නම් අළු දුවිලි කර දැමිය හැකි තරම් බලවත් යක්ෂ්යොත් ඒ අතර ඉන්නට ඇති. ඒ විතරක් නෙවෙයි එහෙම අයව සාමානය කෙනෙකුට බියගන්වන්නටත් බැහැ. ඒත් මේ ආලවක දමනය වගේ එකෙක් නෙවෙයි. මහා සේනාවක්. උන්වහන්සේ කලේ ප්‍රථමයෙන්ම ඔවුන්ට ඉහලින් අහසේ තම පත්කඩය එලාගෙන වැඩ සිටීමයි.
බුදුරජාණන් වහන්සේ මෙදිනම තෝරාගන්නට ඇත්තේ සමහර විට ලංකාව පුරාම සිටි යක්ෂයින් සංග්‍රාමය සඳහා මෙම භූමියට එක වී සිටි නිසා වන්නට ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඒ මහා යක්ෂ සේනාව නිසා බුදුරජාණන් වහන්සේට පත්කඩය එලා ගන්නටවත් ඉඩක් තිබ්බේ නැහැ. අනිත් අතට ඔවුන් බුදු කෙනෙකු කියන්නේ කවුද කියා හඳුනන්නේත් නැහැ. සාමාන්‍ය කෙනෙකු නම් අළු දුවිලි කර දැමිය හැකි තරම් බලවත් යක්ෂ්යොත් ඒ අතර ඉන්නට ඇති. ඒ විතරක් නෙවෙයි, එහෙම අයව සාමානය කෙනෙකුට බියගන්වන්නටත් බැහැ. ඒත් මේ ආලවක දමනය වගේ එකෙක් නෙවෙයි. මහා සේනාවක්. උන්වහන්සේ කලේ ප්‍රථමයෙන්ම ඔවුන්ගේ හිසට ඉහලින් අහසේ තම පත්කඩය එලාගෙන වැඩ සිටීමයි.
උන්වහන්සේ මුලින්ම කරනු ලැබුවේ බිය ජනක වැසි කුණාටු සහිත මහා අන්ධකාරයක් ඇති කිරීමයි. දැන් යුද්ධ කරනවා තබා එකිනෙකාව පෙන්නේනැති තත්වයක්. ගස්වැල් පෙරලාගෙන හමන මහා මෙඝයටයි එහි ශබ්දයටයි වැස්සටයි අඳුරටයි හතර වටේට වදින මහා විදුලි කෙටීම් වලටයි ඔවුන් හොඳටම බය වෙලා. භයෙන් පෙළුන යක්ෂයෝ නිර්භය වූ තථාගතයන් වහන්සේගෙන් අභයදානය ඉල්ලන්න පටන් ගත්තේ කවුරුත් තමන්ගේ ජිවිතයට ආශා හින්දා.
එවිට බුදුරජාණන් වහන්සේ මර භියෙන් පෙලෙන යක්ෂ සේනාවට මෙලෙස දේශනා කරනු ලැබුවා. “යක්ෂයෙනි, මම නුඹලාගේ බිය නසන්නෙමි. ඒ සඳහා නුඹලා සමගිව මා හට වැඩ සිටීමට ඉඩකඩක් ලබා දෙව” එවිට යක්ෂයන් “නිදුකාණෙනි ඔබහට මෙම භුමිය පමණක් නොව මුළු ලක්බිමම දෙන්නෙමු. අපහට අභය දෙනු මැනව” යනුවෙන් අයදෙනු ලැබුවා. පසුව ඔවුන්ට අභයදානය දුන් බුදුපියාණන්වහන්සේ තමන්වහන්සේගේ පත්කඩ ඍද්ධි බලයෙන් විශාල කොට එම භූමියෙහි එළා එහි වැඩ සිටිය.
ඔබ දන්නවා අමනුෂය යක්ෂ කොට්ටාස බොහෝ බොරු කියමින් දුන් පොරොන්දු කඩකරන බව. ඒ නිසාම උන්වහන්සේ එයින් නතර වුනේ නැහැ. ඉන්පසු තමන්වහන්සේගේ සම් කඩින් විශාල ගිනි ජාලාවක් පිටවන සේ ඍද්ධියෙන් මවනු ලැබුවා. සමහර උපග්‍රන්තවල කියනවා හතර කොනේ ගිනි කණු සතරක්ද මැවූ බව. ඒ එක්කම ඔවුන් පැන ගිය තැන්වලද ගිනිකඳු මැවෙන්නට වුනා. පසුව එම ගිනි ජාලාව ඍද්ධි බලයම කරණකොටගෙන මුහුද දක්වාම විශාල කරනු ලැබුවා. ඔවුනට වෙන යන්නට තැනක් මෙම භුමිය තුල තිබ්බේ නැහැ. යක්ෂ සේනාව ගිනි ජාලාවට බියව සියලු දෙනාම මුහුදු වෙරළට රැස්වූනා. ගිනිජාලා ඔවුන්ගේ පසුපස මුහුදු වෙරල දක්වා හඹා ගියා කිව්වත් නිවැරදියි. පසුව බුදු පියාණන් වහන්සේ විසින් තම ඍද්ධි බලයෙන් ගිරි දිවයින (ඈත සක්වලක ඇති දිවයිනකි) මෙහි ගෙනවුත් ඒ සියලුම යක්ෂයන් එම ගිරි දිවයිනට පලවා හැරියා කියනවා.
ඔබට හිතේවි ඇයි ඒ මහා කාරුණිකයාණන් වහන්සේ එහෙම කලේ කියලා. ඒ සඳහා පිළිතුරු ඔවුන් සියලු දෙනාටම අධිපති වෙසමුණි දිව්‍යරාජයා විසින් ආටානාටිය සුත්‍රයේ කියනු ලබනවා.
“වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්‍රාණඝාතයෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, සොරකමින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් ප්‍රාණඝාතයෙන් නො වැළැක්කාහු ම ය, සොරකමින් නො වැළැක්කාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසවායෙන් නො වැළැක්කාහු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය, ඔවුනට ඒ (භාග්‍යවතුන් වහන්සේ ගේ) දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ හුදෙකලා වැ කළ යුතු ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වනප්‍රස්ථයන් (ග්‍රාමෝපාචරයෙන් දුරැ වූ සෙනසුන්) ද, (මනුෂ්‍යෝපචාර විරහිත) බොහෝ දුරැ සෙනසුන් ද සේවනය කෙරෙත් ද භාග්‍යවතුන් වහන්සේ ගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි නො පහන් වූ ඒ සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස මහණුන් ගේ මෙහෙණන් ගේ උවසුවන්ගේ උවැසියන් ගේ ගුප්තිය පිණිස, ආරක්‍ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව” යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ වැ ඉවසූ සේක.
උපකාර වූ මුලාශ්‍ර – මහාවංශය, මහාවංශ ටීකාව, දාඨාවංශය, ආටානාටිය සූත්‍රය