අපේ බුදුහාමුදුරුවෝ 307 (සන්තිකේ නිධානය)
භද්‍රවර්ගික කුමාරවරු සහ ඔවුනගේ සසර ගමන කෙටිකල වෛශ්‍යාව
මාර දිව්‍ය පුත්‍රයා නැවත නැවතත් පරාජය වීම.
පසුගිය ලිපියෙන් කියවුනේ ප්‍රථම දර්මධුත පිරිස පිටත්කර හැරීම පිලිබඳ කතාවයි. බුදුරජාණන් වහන්සේ එම කාර්යය ඇරඹීමට පෙර නැවතත් මාර දිව්‍ය පුත්‍රයා පැමිණ උන්වහන්සේට බාධා කරන්නට වුනා. එය පිලිබන්ධව විනය පිටකයේ සඳහන් වන්නේ මෙලෙසයි.
මාර දිව්‍ය පුත්‍රයා
“දෙවියන්ද මිනිසුන්ද බන්ධනය කරන යම් මර උගුලක් වේද, (මාරපාශ කෙනෙක් වෙත් නම්) ඒ සියල්ලෝම මගේ ඒ මරුගුලට අසුවෙලා ඉන්නේ. ඒ මාරබන්‍ධනවලින් බැඳිලා ඉන්නේ. ඒ තමයි මගේ විෂය පථය. එයින් මිදිය හැකි දෙවියෙක් බ්‍රහ්මයෙක් මනුෂ්‍යයෙක් හෝ අමුනුෂ්‍යයෙක් නම් මේ ලෝක ධාතුවේ කොහෙවත් නැහැ. ශ්‍රරමණය, ඔබද මට අයත් ඒ විෂයයෙන් නොමිදුන කෙනෙක්.” ඔබද ඒ මර උගුලට තවමත් අසුවී සිටින්නේ.
බුදුරජාණන් වහන්සේ
“ මම දෙවියන්ද, මිනිසුන්ද, බන්ධනය කරන යම් මර උගුලක් වේද, (මාරපාශ කෙනෙක් වෙත් නම්) ඔබගේ ඒ සියලූම මරුඋගුල් වලින් ,මරබැඳුම්වලින් මිදුනෙම් වෙමි. මාරය, නුඹ මට පරාජය වුනා..”
මේ ලෝකධතුවට අධිපති වුද එහි බලය පතුරවන වුද ඔහුට තමා පරාජය වූ බව ඇසූ සැණින් පුදුම ලැජ්ජාවක් ඇති වුනේ. ඒ විතරක් නෙවෙයි මහත් වූ ශෝකයක් ද සිතේ හට ගත්තා. ඔහු නොසුතුටු සිතින් සැණෙකින් අතුරුදහන් වුණා.
ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර කැමැති තාක් කල් වාසය කොට උරුවෙල් දනව්ව දෙසට වැඩම කරන්නට වුණා. බරණැස පටන් උරුවෙලාව තෙක් පිහිටි මහා මාර්ගයෙන් වඩනා බුදුරජාණන් වහන්සේ මහ වනය පැත්තෙක පිහිටි කැප්පෙටියා ලැහැබක් දැක ඒ මගින් ඉවත් ව එහි වැඩ රුකක් මුලැ වැඩ සිටියේ ඊළඟ කණ්ඩායම ළඟ එන බව දිවසින් දුටුන් නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා.
භද්‍රවර්ගික කුමාරවරු
ඒ වෙලාවේ තිහක් පමණ වූ භද්‍රවර්ගික කුමාරවරු බිරියන් සමග ඒ වනලැහැබෙහි ඔබිනොබ විනෝද වෙමින් හැසිරෙමින් සිටියේ. රූපයෙන් ද සිතෙන් ද භද්‍ර (යහපත්) බැවින් ඔවුන්ට “භද්”ර නම පටබැඳී ඇතිබවත්, වර්ග බන්ධනයෙන් (එක් ව) හැසිරෙන නිසා “වර්ගීය” නම් වන බවත් ඒ වචන දෙක එක් කොට භද්‍රවර්ගී ය යැයි ඔවුනට නමක් ඇති වූ බවත් කියනවා. එමෙන්ම මොවුන් කොසොල් රජු ගේ සහෝදරයෝ කියලත් කියනවා. මේ විස්තරය මම උපුටා ගත්තේ ආනන්ද මෛත්‍රී නාහිමිපාණන්ගේ “ගෞතම බුද්ධචරිතය” පොතේ උපග්‍රන්ත වලින්. ඉතින් මේ කණ්ඩායමේ එක්කෙනෙකුට බිරියක් ඉඳලා නැහැ. ඒකම තමයි මේ කණ්ඩායමට වාසනාව උදාකරගන්න හේතු වාසනා උනෙත් කියලා මට හිතෙනවා. ඉතින් අනිත් යහළුවෝ ටික එකතුවෙලා එයාට ඒ අඩුව මකාගන්න ගණිකාවක් ගෙනෙවිත් දුන්නා. දැන් සතුටින් හැමෝම ඒ වනලහැබ පුරාම ඇවිදිනවා. අවසානයේ හැමෝම වෙහෙස නිවමින් ඉන්නා අතරතුරේ කල්යල් බලා අර ගණිකාව ඔවුන්ගේ වටිනා රන් ආභරණද සළුපිලිද රැගෙන හොරෙන්ම පලා යනවා.
අනේ ඒ යහළුවෝ යහළුවාට උපකාර කරමින් ඒ ස්ත්‍රිය සොයමින් ඒ වනලැහැබ පිරන්නට වුණා. මෙසේ ඇවිදමින් යන ඒ පිරිසට එක්තරා ගසක් මුල වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ හමුවෙනවා. ඉන්පසු ඔවුන් සියලුම දෙනා භාග්‍යවතුන් වහන්සේ වෙතපැමිණෙනවා. ඔවුන් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණිලා අහන්නෙත් එකම එක ප්‍රශ්ණයයි.
කුමාරවරු – “ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස ස්ත්‍රියක දුටු සේක් දැ?” .
භාග්‍යවතුන් වහන්සේ – “කුමාරයෙනි, තොපට ස්ත්‍රියගෙන් කම් කිම?”
කුමාරවරු – “ස්වාමීනි, මෙහි තිසක් පමණ වූ භාර්‍ය්‍යාවන් සහිත වූ භද්‍රවර්ගික යහළුවෝ වූ අපි මේ වනලැහැබෙහි හැසුරුණෙමු. එකකුට භාර්‍ය්‍යයාවක් නො වූ ය. ඔහු පිණිස ගණිකාවක් ගෙණෙන ලද්දී ය. ඒ වෙසඟන තොමෝ අප පමා ව ඉඳුරන් පිණවන කල්හි අප සතු බඩු පැහැර ගෙණ පලා ගියා ය. ස්වාමීනි, යහළු වූ අපිඅපගේ යහළුවාගේ මෙහෙ කරමින් ඒ ස්ත්‍රිය සොයමින් මේ වන ලැහැබෙහි ඇවිදිමු” යි කියා සිටියා. එට පස්සේ බුදුපියාණන් වහන්සේ ලස්සන ප්‍රශ්ණයක් ඔවුන් වෙත යොමු කලේ හැමෝටම විවිධ පිළිතුරු දෙන්න බැරි වෙන්නට.
භාග්‍යවතුන් වහන්සේ – කුමාරයෙනි, තෙපි ඒ කුමැ යි සිතවු ද? තෙපි ස්ත්‍රියක හෝ සොයවු ද, තමන් හෝ සොයවු ද, යන යමක් ඇත් ද, මෙදෙකින් තොපට කවරක් උතුම් ද?”
කුමාරවරු – “ස්වාමීනි, යම් හෙයකින් අපි තමන් සොයන්නෙමු නම් මෙය ම අපට උතුම් වේ”. “කුමාරයිනි, එසේ වී නම්, තෙපි මෙහි හිඳිවු. තොපට මම දහම් දෙසන්නෙමි”. “ස්වාමීනි, එසේ ය” යි යහළු වූ ඒ භද්‍රවර්ගිකයෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ උන්වහන්සේ අසළින් හිඳ ගත්තා. .
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට පිළිවෙළකථාව දේශනා කරනු ලැබුවා.. එනම් (මීට පෙර විස්තර කොට ඇත.) දානකථාව සීලකථාව ස්වර්‍ගකථාව කාමයන්ගේ දෝෂය ලාමකභාවය කෙලෙසීම පැවිද්දෙහි අනුසස් ද යන මෙම උතුම් කරුණු ඔවුනට පහදා දෙනු ලැබුවා.
ඉන්පස්සේ භාග්‍යවතුන් වහන්සේට ඔවුන් සුදුසු සිත් ඇත්තන්, මොළොක් සිත් ඇත්තන්, නීවරණ රහිත වූ සිත් ඇත්තන්, ඔදවැඩි සිත් ඇත්තන්, පහන් සිත් ඇත්තන්, යි දත්සේක් ද, එවිට බුදුවරුන් උසස් කොට සළකන ධර්‍ම දේශනාවක් වී ද, දුඃඛසත්‍යය සමුදය සත්‍යය නිරෝධසත්‍යය මාර්‍ගසත්‍යය යන ඒ චතුස්සත්‍යය දේශනා කරනු ලැබුවා. . පහ වූ කිලිටි ඇති පිරිසිදු වස්ත්‍රයක් යම් සේ මනා කොට ම සායම් ගන්නේ ද, එ පරිද්දෙන් ම ඔවුන්ට ඒ ආසනයෙහි දී ම “යම් කිසිවක් හටගැණීම ස්වභාවය කොට ඇත්තේ ද ඒ සියල්ල නිරුද්ධ වීම ස්වභාවය කොට ඇතැ”යි පහ වූ රාගාදි රජස් ඇති පහ වූ කෙලෙස්මල ඇති අධිගමනයනට පත්වුණා. ඒ භද්දවග්ගිකයන් අතුරෙන් යමෙක් සෝවාන් මාර්ගයටද, කිසිවෙකු සකෘධා මාර්ගයටද , තවත් කෙනෙකු අනාගාමී මර්ගයනටද පත්වුණා. මේ ත්‍රිවිධ මාර්‍ගයෝම ධර්‍මචක්‍ෂුයැයි කියනු ලබනවා. එහෙත් ඒ අය ඒ අවස්ථාවේ අරහත්වයට පත්වුන බව කොහෙවත් සඳහන් නැහැ. තිසක් පමණ වූ ඒ භද්දවග්ගිකයෝ තුණ්ඩිල ජාතකයෙහි ධූර්‍තයෝ තිස් දෙනෙක් වුණා. එකල්හි තුණ්ඩිලොවාදය අසා පන්සිල් රැක්කා. ඒක හරිම ලස්සන ජාතක කතාවක්. එය පසු දිනක ලියන්නම්. හැකිනම් සොයාබලා කියවන්න. ඒ ඔවුන්ගේ පූර්‍වකර්‍මය කියවෙන කතා පුවතයි. .
දක්නාලද සිවුසස් දහම් ඇති පැමිණි සිවුසස්දහම් ඇති අවබෝධ කළ සිවුසස්දහම් ඇති හාත්පසින් බැස ගත් සිවුසස්දහම් ඇති දුරු කළ විචිකිච්ඡා ඇති පහ වූ කෙසේ කෙසේ දැ යි පැවති සැක ඇති විශාර ද භාවයට පැමිණි ශාස්තෘශාසනාවබෝධයෙහි අන් පිහිටක් වුවමනා නැති ඔවුන් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමු. උපසම්පදාව ලබන්නෙමු” යි දන්වා සිටියා. භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, එවු. ධර්‍මය මනා කොට දේශනා කරණ ලද්දේ ය. මනා කොට දුක් කෙළවර කරණ පිණිස බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙවු ය” යි වදාරනු ලැබුවා. එයම ඒ ආයුෂ්මත්වරුන්ට උපසම්පදාව ද වුණා.
විනය – අට‍්ඨකථා – මහාවග‍්ග – අට‍්ඨකථාමහාඛන්‍ධකං – භද‍්දවග‍්ගියකථා බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහනාහිමි පාණන්වහන්සේගේ “බුද්ධ චරිතය” කෘතියේ උප්ග්‍රන්තය