අපේ බුදුහාමුදුරුවෝ 291 (සන්තිකේ නිධානය)
මොනෙය්‍ය වත පිරූ නාලක මහරහතන් වහන්සේ 01
මොනෙය්‍ය වත සඳහා විවරණ ලැබීම.
ලොව්තුර බුදුපියාණන් වහන්සේ නමක විසින් පිහිටුවනු ලබන උතුම් වූ බුද්ධ සාසනයක සියලුම ශ්‍රාවක පිරිස් විසින් රකින පිළිපදින අනුගමනය කරන අනුගමනය කලයුතු වත්පිළිවෙත් බොහොමයක් තිබෙනවා. ඒ අතරින් එකම එක ශ්‍රාවකයන් වහන්සේනමක විසින් පමණක්ම රකින උන්වහ්න්සේටම පමණක් සාධාරණ වූ සුවිශේෂ වත් පිළිවෙතක් තිබෙනවා. ඒ වත්පිළිවෙත මොනෙය්‍ය පිළිවෙත වශයෙන් අප සාසනයේ හඳුන්වනු ලබනවා. ඒ පිළිවෙත කෙලෙසද යන්න බුද්ධ වචනයෙන්ම මෙම ලිපිපෙලේ පසුව සඳහන් වෙනවා. එම මොනෙය්‍ය පිළිවෙත පිරීමට කල්ප සියදහසක් කල් පෙරුම් පුරමින් පැමිණි නාලක මහරහතන් වහන්සේ ගැනයි මේ ලියවෙන්නේ.
හරියටම බලනකොට තවත් සුවිශේෂ කරුණක් උන්වහන්සේ කෙරෙහි විද්‍යාමාන වෙනවා. ඒ තමයි අප මහා බුදුපියාණන් වහන්සේගේ සාසනයෙහි පැවිදි වීම වෙනුවෙන් ප්‍රථමයෙන්ම ගිහිගෙයින් නික්මී ප්‍රථමයෙන්ම තපස් පැවිද්දට පත් වූ ප්‍රථම පුද්ගලයා වනුයේ මේ නාලක මහරහතන් වහන්සේයි. එහෙත් ඔහුගේ අධිෂ්ඨානය වූයේ ප්‍රථම ධර්මාවබෝධය නොව මොනෙය්‍ය පිළිවෙත රකින්නා පමණක් වීම නිසා උන්වහන්සේ පසවග මහණුන් අතරට එක්වීමට අවස්ථාව උදාවුනේ නැහැ.
නාලක මහරහතන් වහන්සේට මෙම ආශාව හිතට පැමිණියේ පියුමතුරා බුදුපියාණන්ගේ කාලයෙහි මෙවැනිම මොනෙය්‍ය පිළිවෙත අනුගමනය කරනු තවත් භික්ෂුවක් දැකීමෙන්. එදා යම් සසනයක එවැනිම මොනෙය්‍ය පිළිවෙතරකින ශ්‍රාවකයෙකු වීමට තමා හට ඇති ආශාව පිළිබඳව පියුමතුරා බුදුපියාණන් වහන්සේ සමග පැවසීමෙන් උන්වහන්සේගේ විවරණ ලබමින්, එතැන් පටන් එසේ කිරීමට බලාපොරොත්තු වෙමින්, කප් සියදහසක් කල් පෙරුම් පිරූ උන්වහන්සේ අප මහා බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ නමින් බුද්ධත්වය සදහා මෙලොව පහල වූ විට නාලක නමින් අසිත ඉසිවරයාගේ බෑණනුවකු ලෙස මෙලොව උප්පත්තිය ලැබුවා.
පරම්පරා දෙකකට පුරෝහිත වූ අසිත තවුසා
අසිත තවුසාට සිද්ධාර්ත කුමුරුගේ රජපවුලට දීර්ඝ කාලයක පටන් සේවය කළා. ප්‍රථමයෙන්ම අසිත ඉසිවරයා සුද්ධෝදන රජුගේ පියා වූ සීහහනු රජුගේද පුරෝහිතව සිටියා. ඒ වගේම සුද්ධෝදන කුමරු ඔටුනු පැළඳීමට පෙර, ඔහුට ශිල්ප ඉගැන්වූ ඇදුරවද, රජ බවට පත්වූ පසු ඔහුගේ පුරෝහිත ලෙසද සේවය කරමින් භාවනා කටයුතු වලද නිරත වෙමින් ඒවා ප්‍රගුණ කරමින් කාලය ගතකලා.
සුද්ධෝදන රජු කෙරෙන් ලද ගරුබුහුමන් මදකම නිසා රාජ්‍ය සේවයෙන් සමුගත් අසිත ඉසිවරයා
ඉසිවරයා උදේ සවස රජුට උවටැන් පිණිස (උපදෙස් දීමේ සේවය පිණිස) පැමිණි විට, රජතුමා තරුණ කාලයේදී මෙන්, ගරුසත්කාර නොකොට ඇඳිලි බැඳ වැඳීම පමණක් කරන්නට වුනේ එය ඔටුනු පළඳා රජබවට පත්වන සැකිකුල රජ සිරිත නිසාවෙන්. එහෙත් අසිත ඉසිවරයාට එය රිස්සුවේ නැහැ. එයින් බොහෝදුරට කලකිරුණු ඉසිවරයා, ‘මහරජ, මම පැවිදි වෙමි’යි කියා සිටියා. රජු ද තවුසාගේ තීරණය දැන ‘එසේනම් ඇදුරුතුමනි, මට නිතර දැකිය හැකි පරිදි මගේම උයනෙහි විසිය යුතු’යැයි ඉල්ලා සිටිය. තවුසා ද ‘එසේ’ යැයි පිළිවදන් දී, තවුස් පැවිද්දෙක්ව, රජුගෙන් උවටැන් ලබමින්, උයනෙහිම වෙසෙමින් කසිණ බවුන් වඩා සමාපත්ති අට හා අභිඤ්ඤා පහ උපදවා ගත්ත.
දිව්‍ය සැණකෙළිය
එතැන් පටන් රජමැදුරෙහි අහර ගෙන, හිමාලය, චාතුම්මහාරාජික දෙව්ලොව, ආදී තැනකට ගොස් දිවාකාලය ගත කිරීම පුරුද්දක් කොට ගත්තා. එක් දවසක් තවුතිසාවට ගොස්, රුවන් විමනට පිවිස, දෙව්රුවන් පලඟෙහි හිඳිමින්, සමාධිසුව විඳ හවස් කල නැගිට, විමන් දොරටුවෙහි සිට වටපිට බලනවිට, සැටයොදුන් මහා වීදියෙහි පිළී හිස සිසාරාවමින් බෝසත් ගුණ සඳහන් තුති වදන් කියමින් කෙළිදෙලින් පසුවන සක්දෙව් පිරිවරා ගත් දෙවියන් දුටුවා. ඒ හරියටම මග මානවක නම් උපාසක තුමා තම පිරිවරද සමග මනුලොවින් සමුගෙන දෙව් ලොව පැමිණ අසුරයින් එලවා ජයගෙන සක්දෙව් පදවියට පත් දින පැවැත්වූ ප්‍රීති ඝෝසා පැවැත්වූ දිනයට පමණක්ම මෙම ප්‍රීති ඝෝසාව දෙවැනි වූ නිසා.
අසිත තවුසා ඒ දෙවියන් දැක…කුමක් නිසා මෙලෙස සතුටු වන්නේ දැයි අසා සිටියා.
ඔවුන් මුවෙන් සතුට දනවන හඬ පිපිට කරුවෙ මනු ලොවේ වගේ. නොයෙක් ආකාර ගීත දසත ගායනා කෙරෙමින් පැවතුන. වසන්තය පිළිගන්නට යුරෝපයේ පවත්වන සැණකෙලි දිනය මගේ සිතට යම් අදහසක් ගෙනාව. වාදන භාණ්ඩ සැටඅට දහසක් වාදනය කෙරුනා. ඒ වාදනයන්ට අනුව නගන අත්පොළසන් හඬ දසත පතුරුනා. අසිත ඉසිවරයාට මෙයට හේතුව තමන්ට මෙනෙහිකොට දැනගත හැකි වුවත්, ඔවුන්ගේම වචනයෙන් දැනගනු කැමතිව එලෙස ප්‍රශ්න කෙරුනා.
එවිට දෙවිවරු “බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් සතුටු වෙමු. එතුමා බුදුබවට පත්ව, අනෙක් දේව සමූහයාටද, අපට ද මගපල හෝ රහත් බව ලබන ලෙසටද, දහම් දෙසන්නේය. දහම් අසා නිවන් ලැබීමට නොහැකි වුවහොත් මිනිස්සු දානාදී පින්කම් කොට දෙව්ලොව උපත ලබති. ” යනුවෙන් කියා සිටියා.
එකල්හි ඒ දේවවාක්‍යය අසා එ අසිත තෙම දේවපුරයෙන් මනුලොවට බැස සුදොවුන් රජුගේ භවනයෙහි පෙනී සිටියා. “ඒ කුමර කොහි යැ? මම් ද දක්නා කැමැතියෙමි”යි යන මෙ බස් ශාක්‍යයනට කියා සිටියා.
උපකාරක ග්‍රන්ථ
සුත්තපිටකයේ/ සංයුක්තනිකාය/ ඛන්ධකවග්ග/ ඛන්ධසංයුත්ත/ උපයවග්ග