අපේ බුදුහාමුදුරුවෝ 287 (සන්තිකේ නිධානය)
බුදුන් සරණ ගිය හේමවත සහ සාතාගිරි යක්ෂයෝ 07
යක්ෂයන්ගෙන් බුදුගුණ අසා සාසනයේ පළමු මාර්ගඵල ලාභී පළමු සෝවාන් උපාසිකාව
සෝවාන් දිනයේම ගැබ්ගෙන සෝණ මහරහතන් වහන්සේ ලොවට බිහිකළ කාලි මාතාව. 04
පසුගිය පුරා මසකට වැඩිකාලයක් පුරාවට සංවිධානය කරනු ලැබූ බුදුගුණ සත්‍යක්‍රියාව නිසාඅපේ බුදුහාමුදුරුවෝ ලිපිපෙළ ඇන හිටීම සිදුවුනා. එම නිසා මෙතෙක් ලියමින් පැමිණි අනුපිලිවලට යම් බාධාවක් සිදුවුනා සේම යලි ලිවීමට කරුණු රැස්කිරීමට පින්තුර සෙවීම වැනි කරුණු කාරනා සඳහාද සෑහෙන වීර්යයක් දැරීමට සිදුවෙනවා. අවසාන ලිපියෙන් පසු ඊළඟ ලිපිය හා සම්බන්ධ කිරීමට සිතා සිටි කරුණු දැන් හරියටම මතකයේ නැතත් අද මෙලෙස ආරම්භයක් ගැනීමට සිත ගත්තා.
පසුගිය ලිපියෙන් …
ශාස්තෘන්වහන්සේ මධ්‍යම යාමයෙහි සිංහශය්‍යාවෙන් සැතපී උදෑසන නැගිට හිඳ “මෙපමණ වේච්චාවකින් සොනගේ කයෙහි වෙහෙස නිමියේ වන්නේන්යයි දැන” ආයුෂ්මත් සෝණ තෙරුන්ට ‘හික්ෂුව ඔබට දහම් දෙසීමට වැටහේවා’ යි වදාරනු ලැබුවා. සෝණ තෙරණුවෝ ද ඒ අවසරය ලද සැණින් මිහිරි සරින් එක් ව්‍යංජනයකුදු නොනසමින් අෂ්ටක වර්ගයන් දේශනා කරනු ලැබුවා. දේශනාව අවසානයෙහි භාග්‍යවතුන්වහන්සේ සාධුකාර දුන්නා. සාධුකාර දී මහණ, “ඔබ විසින් ධර්මය මනාව ගන්නා ලදි. මා දෙසන වේලාවෙහිද අදද එක් සමානවම දෙසුම කිසි අඩුවක් හෝ වැඩියක් නැතැයි පැහැදුණු බව පවසා සිටියා. සෝණ තෙරණුවෝද මේ සුදුසු වෙලාව යැයි සළකා උපාධ්‍යායයන්ගේ වචනයෙන්ම විනයදරයන් පස්දෙනෙකුම පරම කොට ඇති සංඝයා විසින් දෙන උපසම්පදාව ආදී කොට ඇති සියලු වරයන් ඉල්ලා සිටියා. සාස්තෘන් වහන්සේද ඒ වර ඔහුට ලබා දුන්නා. ඊට පසුව වූ දේ ඊළඟ ලිපියෙන් කියන්නම්.
බුදුරජාණන් වහන්සේ වෙතින් සමුගැනීම
ඉන්පස්සේ පැමිණියේ බුදුරජාණන් වහන්සේගෙන් සමුගන්න අවස්ථාවයි. සසරෙහි පිරු පාරමී ධර්ම නිසාම ඔහුට ලැබුනේ විරල අවස්ථාවක්. ඉන්පස්සේ සෝණ තෙරණුවෝ මවුඋවැසියගේ වචනයෙන් බුදුන් වැඳ ‘ස්වාමීනි, අපේ මව විසින් ඔඹවහන්සේ වසන ගඳකිළියෙහි බිම ඇතිරීම සඳහා මෙම කම්බිලිය එවනලදැයි කම්බිලියදී අසුනින් නැගිට ශාස්තෘන්වහන්සේ නමැඳ පැදකුණුකොට පිටත්වුනේ අසූ මහා ශ්‍රාවකයෙක් වශයෙන්. .
මෙසේ සෝණ තෙරුන්වහන්සේ ශාස්තෘන් වහන්සේ සමීපයෙන් වරඅටක් ලබාගෙන ප්‍රථමයෙන්ම ගියේ තම උපාධ්‍යායයන් වහන්සේ වන මහා කච්චායන මහරහතන් වහන්සේ මුණ ගැසෙන්නට උන්වහන්සේ සමීපයට ගොස් සිදු වූ සියලු පුවත් සැළකොට සිටියා. දෙවන දිනයෙහි මවුඋවැසිගේ ගෙදොරට (කාලි මාතාව) ගොස් පිඬුපිණිස වැඩසිටිය. එතුමිය, ‘මගේ පුතා දොරටුවෙහි සිටියේයි අසා වේගයෙන් අවුත් නමැඳ අතින් පාත්‍රය ගෙන ඇතුළු නිවස්නෙහි හිඳුවා දානය පුජා කරනු ලැබුවා. ඉන්පසු දානය වළදා අවසානය වනතෙක් බලා සිටියා. ඉන්පසු තම පුතුණුවන් වන සෝණ තෙරුණුවන් හා සමග මෙලෙස දෙබසකට පිවිසියා.
‘දරුව ඔබ භාග්‍යවතුන්වහන්සේ දක්නාලද සේක්ද? ‘එසේ, උපාසිකාවනි’,
‘ඔබ විසින් මගේ වචනයෙන් වඳනා ලද සේක්ද? ‘එසේය, වඳනාලද සේක. මා විසින් ඒ කම්බිලියද තතාගතයන්වහන්සේ වසන තැන බුමුතුරුණක්කොට ඇතුරන ලදී.’
‘දරුව, ඔබ විසින් ශාස්තෘන්වහන්සේට ධර්‍මකථාව කියනලද්දේද? ශාස්තෘන්වහන්සේ විසින්ද ඔබට සාදුකාර දෙනලද්දේද?’ ‘උසිකාවනි, ඔබ විසින් එය කෙසේ දැනගන්නාලද්දේද?’ ‘දරුව මගේ ගෙහිඅධිගෘහීත දෙවියා දශබලයන්වහන්සේ විසින් ඔබට සාධුකාර දුන් දිනයෙහි ‘සියලු දසදහසක් සක්වළ දෙවියෝ සාධුකාර දුන්හ’යි කීවේය, දරුව ඔබ විසින් කියනලද ධර්‍මකථාව බුදුන්වහන්සේට කියනලද අයුරින්ම මටද කීම කැමැති වන්නෙමි’.
තෙරණුවෝ මවගේ කථාව පිළිගත්තා. ඕ ඔහුගේ පිළිගැනීම දැන දොරටුවෙහි මණ්ඩපයක් කරවා දශබලයන් වහන්සේට දෙසූ අයුරින්ම තමන්ට ධර්‍මකථාව කියවා ගත්තා. යනුවෙන් මෙම කථාවස්තුවෙහි සඳහන්. මෙලෙස ශාස්තෘන්වහන්සේ මෑතකාලයෙහි ආර්‍ය්‍යගණ මධ්‍යයෙහි වැඩසිටිසේක් සෝණ තෙරුන්වහන්සේ මිහිරිවදන් ඇත්තවුන් අතුරෙන් අගතන්හි තැබූසේක.
උපකාරක ග්‍රන්ථ
අඞ්ගුත්තරනිකාය අට්ඨකතා- සොන කුටිකණ්ණ තෙරණුවෝ