කලං නාග්ඝන්ති සොළසිං, සතිමං කලං උපෙති, සහස‍්සිමං කලං උපෙති, සතසහස‍්සිමං කලං උපෙති,

ත්‍රිපිටකය තුල ” කලාවක් ” යනුවෙන් බොහෝමයක් තැන් වල දකින්න පුළුවන්.
ඒ තැන් වල කලාව යන තැනට කලින් හෝ පසුව කවර ප්‍රමාණයක කොටසක් ද යන වග දැනගත හැක

 

කලාවක් යනු

 
  1. පදවීතිහාරය නම් සමාන ඇවිදීමෙහි පාද දෙක අතර ඇති දුර (අඟල් 12) පමණ ය. ඒ එක් පදවීතිහාරයක් සොළොස් (16) කොටසක් කොට, එයින් එක කොටසක් සොළොස් කොටසකට ද එයින් ද එක් කොටසක් තවත් සොළොස් කොටසකට යයි මෙසේ සොළොස් වරක් සොළොස් කොටසකට බෙදූ කල්හි එක් කොටසක් ‘සොළසී කලා’ (සොළොස් කලාව) නමිවේ.

  2. පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ ද, මෙය ම ඉබොහෝ ය. කුසතණ අගින් නගන ලද දිය ඉමඳ ය. පොකුණෙහි දිය හා සැසඳීමෙහි දී කුසතණ අගින් නගන ලද දිය සියවන කලාවටත් නො ම පැමිණෙ යි. දහස්වන කලාවටත් නො ම පැමිණෙයි. සියදහස්වන කලාවටත් නො ම පැමිණේ.

  3. භික්ෂූන් සහස්‍රයකගේ යාගය හෝ කහවනු සහස්‍රයකින් පවත්වනු ලැබූ යාගය වේ (දහස දහස කොට ගණන් කරන ලද පුරුෂයන්ගේ සියයක්, ශත සහස්‍ර (ලක්ෂය)).  ඒ සහස්‍රයාගීන්ගේ; එයින් කහවණු කෝටි දහයක පිණ්ඩපාතය හෝ දක්වන ලදි. යම් කෙනෙක් එපමණ දෙත් ද. යම්  පුද්ගලයෙක් වැටුණු ගොයම් කරල් එකතු කිරීමෙහි හැසිරෙන්නේ ම ධර්මයෙහි නියුතු වේ ද අඹුදරුවන් පෝෂණය කරමින් ස්වල්පයක් ඇති කල්හිත් දන් දෙන්නේ ද, සහස්‍රයාගීහු ඒ ආකාර වූ තැනැත්තාගේ කලාවක් වත් නො වටිත්. ඒ දිළින්දා විසින් එක් කොටසක් පමණ වූ හෝ සලාක බතක් පමණ වූ හෝ දෙන ලද යම් දානයක් වේ ද ඔහුගේ දානයේ කලාවක් වත් ඒ සියලු ම දෙනාගේ දානය නො වටී. කලං’ (කලාව) යනු දහසයෙන් පංගුව හෝ සියයෙන් පංගුව හෝ දහසෙන් පංගුව හෝ වේ. මෙහි සියයෙන් පංගුව ගන්නා ලදි. ඔහු විසින් දෙන ලද යම් දානයක් වේ ද එය සියයෙන් බෙදූ කල්හි, අන් අයගේ දශකෝටි සහස්‍ර දානය එයින් එක් කොටසක් වත් නො වටී යි කී ය.

  4. විශාඛාවෙනි, යම්සේ අඞ්ග ය, මගධ ය, කාශී ය, කෝශල ය, වජ්ජී ය, මල්‍ය ය, චෙතී ය, වඞ්ගය, කුරු ය, පඤ්චාල ය, මත්ස්‍ය ය, ශූරසේන ය, අශ්වක ය, අවන්ති ය, ගන්‍ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් රජ කරන්නේ නම්,ඒ රජකම අටඟින් (අංග අටකින් යුතු) යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය.

  5. සියලු දඹදිව්තලය බෙරතලයක් මෙන් කොට ඉඟ පමණවූ සත්රුවනින් පුරවනු ලද්දවුන්ගේ හෝ  සක්විති රජකම කරවන්නේය යන බව. එක් රෑදාවලක් සමාදන්ව විසූ උපොෂථයෙහි පින සොළොස් කොටසක් කොට එයින් එක් භාගයක් (පමණකුදු) නොවටියි. එක්දිනක පෙහෙවසක සොළොස් කලාවෙන් එකක යම් විපාකඵලයක් වේද? එයම ඊටවඩා වැඩිවේ යන අර්ථයයි.