තෙචීවරිකඞ්ගය සමාදන් වන්නහු විසින් “චතුත්‍ථක චීවරං පටික්ඛිපාමි. තෙචීවරිකඞ්ගයං සමාදියාමි” යන මේ වාක්‍ය දෙකින් අභිමත වාක්‍යයක් කියා සමාදන් විය යුතුයි. ‘සතර වන සිවුරු ප්‍රතික්‍ෂෙප කරමි තෙචීවරිකඞ්ගය සමාදන් වෙමි’ යනු එහි අර්‍ථ යි.
තෙචීවරිකඞ්ග විධානය.
තෙචීවරිකඞ්ගය සමාදන්වූවහු විසින් සිව්රු පිණිස වස්ත්‍ර ලත් කල්හි අපහසු නිසා හෝ සිව්රුකර දෙන්නකු නැති නිසා හෝ හිදි ආදි උපකරණ නො ලත් නිසා හෝ ඒ වස්ත්‍රය තැන්පත් කොට තැබිය යුතු යි. එසේ තැබීමෙන් දෝෂයෙක් නැති. සිවුර කොට පඬු ගැසු කල් පටන් එසේ තබා ගන්නට නො වටනේ ය. ඉදින් තබා ගතහොත් ධුතාඞ්ගචෞර වන්නේ ය.
තෙචීවරික ප්‍රභේද
තෙචීවරික ද වනාහි උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුකය යි ත්‍රිවිධ වේ. උත්කෘෂ්ටයා විසින් සිව්රු පඬු පොවන කල අඳනය හෝ උත්තරාසඞ්ගය හෝ පළමු කොට පඬු පොවා ඉන් එකක් හැඳැ ගෙන පසු ව අනෙක පඬු පෙවිය යුතු යි. ඉන් එකක් පොරවා ගෙන සංඝටීය පඬු පෙවිය යුතු. සංඝටිය හැඳැගැන්ම නුසුදුසු යි. මේ දැක්වුණේ ග්‍රාමන්ත සේනාසනයෙහි වසන තෙචීවරිකයා පිළිබඳ වත බව දත යුතු යි. අරණ්‍යයෙහි වසන තෙචීවරිකයා හට හඳනය හා උත්තරසඞ්ගය යන දෙක ම එක විට පඬු පොවත හැකි ය. ඉදින් කිසිවෙක් හදිසියෙන් ආයේ නම් සිව්ර හැඳැ පොරවා ගන්නට හැකි තරම් ආසන්නයෙහි සිටිය යුතු යි.
මධ්‍යමයාට වනාහි පඬු ශාලායෙහි තබා තිබෙන හැඳැ ගෙන හෝ පෙරවැ ගෙන සිව්රු රඳන්නට වටනේ ය. (පඬුහල්හි පඬු පොවන්නන් ගේ ප්‍රයෝජනය සඳහා එ බඳු සිව්රු ඇති බැව් දත යුතුයි.)
මෘදුකයාට සභාග භික්‍ෂුන් ගේ සිව්රු හැඳැ ගෙන හෝ පෙර වැ ගෙන සිව්රු රඳන්නට වටනේ ය. එහි තිබෙන පසතුරුණක් හෝ හැඳැ ගත වටනේ යත එහෙත් එබන්ද නිත්‍ය පරිභෝගයට නුසුදුසු යි. මේ මෘදුකයා හට අතරින් පතර සභාග භික්‍ෂුන් ගේ සිව්රු ද පරිභෝග කළ හැකියි.
තෙචීවරික භේද
තෙචීවරික හට වටිතොත් වටින්නේ තුන් රියන් දික් එක් රියන් පුළුල් දත්කඩෙක් (අංසකඩක්) පමණෙකි. ඒ හැර අන් සතර වන සිව්රක් ඉවසු කෙණෙහි ඔහුගේ අඞ්ගය බිඳෙන්නේ ය.
තෙචීවරිකානිසංස
තෙචීවරික භික්‍ෂු වනාහි හඳනා පොරෝනා චීවර මාත්‍රයෙකින් සතුටු වන බැවින් පක්‍ෂියකුට සේ තම සතු තුන් සිව්ර ගෙන කැමැති දිසාවෙක යා හැකි බව ය, ස්වල්ප කෘත්‍ය ඇති බව ය, වස්ත්‍ර සන්නිධි නැති බව ය, (වස්ත්‍ර සන්නිධි නම් පසුව ප්‍රයෝජන ගැන්ම සඳහා වස්ත්‍ර එකතු කොට තබා ගැන්මය.) සැහැල්ලු පැවතුම් ඇති බව ය, අධික සිව්රු උදෙසා ලෝභ නො කරන බව ය. සිව්රු ද පමණ ගන්නා බව ය, කෙලෙස් ලියාලන පැවතුම් ඇති බවය, අල්පේච්ඡතාදීන් ගේ ඵල නිපදවන බවය යනාදි ආනිසංස තෙචීවරිකඞ්ග ධැරීමෙහි වන්නේ ය.
“අතිරෙකවත්‍ථ තණහං – පහාය සන් නිධිවවජ්ජිතො ධීරො සන්තොස සුඛරසඤ්ඤු – තිවීවරධරො භවති යොගි”
“අතිරේක වස්ත්‍රයන්හි තෘෂ්ණාව හැරැපියා වස්ත්‍ර සන්නිධියෙන් තොර වූ ධීර යෝගාවචර තෙම සන්තෝස සුඛයෙහි රස දන්නේ තෙචීවරිකඞ්ගය ධරන්නේ ය.
“තස්මා සපත්ත චරණො – පක්ඛීව සවීවරොව යොගිවරො සුඛමනුචිවරිතුකාමො – චීවර නියමෙ රතිං කයිරා”.
“එහෙයින් පියාපත් සහිත පක්‍ෂියකු මෙන් තුන්සිව්රු ධර යෝගාවචර තෙම සැපසේ හැසිරෙනු කැමැත්තේ චීවර නියමයෙහි ඇලුම් කරන්නේ යි.”