නන්‍ද මහරහතන් වහන්සේ.
ඉන්‍ද්‍රියසයෙහි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් නන්‍ද තෙරණුවෝ අග්‍රයහයි දක්වනුලැබේ. වැළිඳු ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෝ නොවැසූ දෙරටු ඇත්තෝ නම් නොවෙත්. නන්‍ද තෙරණුවෝ වනාහි දස දෙසෙහි යම් යම් දිසාවක් බලනු කැමැතතෝ වෙත්ද එදෙස චතුසම්ප්‍රජඥ වශයෙන් නොසිඳ නොබලත්, එහෙයින් ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් අග්‍ර නම්වූහ.
පියුමුතුරා බුදුන් සමයෙහි හංසවතියෙහි කුලගෙයක පිළිසිඳ ගෙන වියට පත්වූයේ ශාස්තෘන් සමීපයෙහි ධර්‍මය අසමින්, එක් භික්‍ෂුවක ඉඳුරන්හි වැසූ දොරටු ඇත්තවුන් අතුරෙන් අගතනතුරෙහි තබන්නාවූ ශාස්තෘන්වහන්සේ දැක පින්දහම් කොට ඒ තනතුර පැතුවේය. හෙතෙම දිවි ඇතිතෙක් පින්කම් කොට දෙව්මිනිසුන් අතුරෙහි සැරසරන්නේ කපිල පුරයෙහි මහාප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි පිළිසඳ ගත්තේය. ඉක්බිති මොහුට නම් ගන්වන දිනයෙහි ඥාතිසමූහයා ආනන්‍දයට පත්කරමින් තුටුකරමින් උපන්නේයයි නන්‍දකුමාර යනුවෙන් නම් කළාහුය.
මහසත් තුමෝද සර්‍වඥතා ඥානයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු ලෝකානුග්‍රහය කරමින් ජරගහ නුවරින් කිඹුල්වතට ගොස් පළමු දැක්මෙන්ම පියරජු සෝවාන් පෙලෙහි පිහිටවූහ. දෙවන දිනයෙහි පිය නිවෙසට ගොස් රහල් මවට අවවාදදී සෙසු ජනයාටද ධර්‍මදේශනා කළහ. දෙවැනි දිනයෙහි නන්‍දකුමරුගේ අභිෂේක ගෘහප්‍රවේශ ආවාහ යන මංගල්‍යයන් පවත්නා කල්හි ඔහුගේ නිවසට ගොස් කුමරු ලවා පාත්‍රයා ගන්වා ගෙන පැවිදි කරවීමට විහාරභිමුඛව පිටත්වූහ. අභිෂේක මංගල්‍යය නන්‍දකුමරු එසේ නොපෙළීය. (එහෙත්) පාත්‍රය ගෙන යන කල්හි ජනපදකල්‍යාණිය මතුමහල්තලයටවූවා සීමැදුරු කවුළුව හැර ‘ආර්‍ය්‍ය පුත්‍රය, ඉක්මණින් එන්නැ’යි යම් වචනයක් කීවාද එය අසා ගෙහසිත ඡන්‍දරාග වශයෙන් බලමින් මෙතෙම (නන්‍දකුමාර තෙමේ) ශාස්තෘන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් කැමති පරිද්දෙන් නිමිති ගැනීමට නොහැකි වූයේය. එයින් ඔහුට සිත් තැවුලක් වූයේය. ඉක්බිති මෙතැන්හි නවතින්නේය. මෙතැන්හි නවතින්නේයයි සිතන්නාවූම ඔහුට ශාස්තෘන්වහන්සේ විහාරයට පමුණුවා පැවිදි කරවූසේක. පැවිදි කරවන කල්හිද වළක්වන්නට නොහැකි වන්නේ නිශ්ශබ්ද වූයේය. පැවිදිවූ දිනයෙහි සිට ජනපද කල්‍යාණිය විසින් කියනලද වචනයම සිහිකරයි. ඉක්බිති ඔහුට ඇය අවුත් නුදුරෙහි සිටියා මෙන්විය. හෙතෙම උකටලීබවින් පෙළුනේ ටික දුරක් යයි. පදුරක් හෝ ලැහැබක් හෝ ඉක්මවද්දී ඔහුට බුදුන්වහන්සේ ඉදිරියෙහි සිටින්නාහු මෙන් පෙනෙයි. හෙතෙම ගින්නෙහි වැටුණු කුකුළ පියාපතක් මෙන් ආපසු හැරී තමන් වසන තැනටම පිවිසෙයි.
ශාස්තෘන්වහන්සේ ‘නන්‍ද අතිශයින් පුමාදව වසයි. උකටලී බව සංසිදීමට නොහැක්කේය. මොහුගේ සිත නිවන්නට වටනේයයි සිතූසේක. ඉක්බිති ඔහුට ‘නන්‍දය. එන්න, දෙව්ලොව චාරිකාවක යන්නෙමු’යි පැවසූසේක. ‘භාග්‍යවතුන්වහන්ස, කෙසේ නම් මම සෘද්ධිමතුන් විසින් යායුතු තැනට යන්නෙම්ද?’ නුඹ, හුදෙක් යාමේ සිත උපදවා ගනුව. ගොස් බලන්නේය.’ හෙතෙම තථාගතයන්වහන්සේගේ ආනුභාවයෙන් තථාගතයන් වහන්සේ සමඟම දේවචාරිකාවෙහි ගොස් සක්දෙව් රජුගේ නිවාසය බලා අප්සරාවන් පන්සියයක් දුටුවේය. ශාස්තෘන්වහන්සේ නන්‍දතෙරුන් සුබ නිමිති වශයෙන් ඔවුන් දෙස බලනුදැක ‘නන්‍දය, මේ අප්සරාවෝ මනාප වූවෝද (නැතහොත්) ජනපද කල්‍යාණිය දැයි ඇසූ සේක. ‘ස්වාමීනි, ජනපදකල්‍යාණිය මේ අප්සරාවන් හා සමාන කිරීමෙන් කන්නාසා සිඳීගිය කණ වැදිරියක් මෙන් හැඟෙයි.’ ‘නන්‍දය, ඉදින් භාග්‍යවතුන්වහන්සේ මට ඇප කරුවෙක් වනසේක් නම් මම මහණදම් කරන්නෙමි.’ ‘නන්‍ද, ඔබ සැකරහිතවූයේ මහණදම් කරව. ඉදින් ඔබගේ ප්‍රතිසන්‍ධි සහිතවූ කාලක්‍රියාවක් වන්නේද මම මොවුන් ලබාගැනීම සඳහා ඇපකරුවා වෙමි.’ මෙසේ ශාස්තෘන්වහන්සේ කැමති පරිද්දෙන් දේවචාරිකාවෙහි හැසිර දෙව්රමටම පෙරළා පැමිණිසේක.
එතැන්පටන් නන්‍ද තෙරණුවෝ අප්සරාවන් හේතුවෙන් මහණදම් කරති. ශාස්තෘන්වහන්සේ, නුඹවහන්සේලා නන්ද වසන තැන ‘එක්භික්‍ෂුවක් තථාගතයන් වහන්සේ ඇපයට තබා දෙවඟනන් ලබැගැනීම සඳහා මහණදම් කරතැයි ඒ ඒ තැන කියමි හැසිරෙවු’යි භික්‍ෂූන්ට ඇණවූසේක. ඔවුහු ශාස්තෘ වචනය පිළිගෙන ‘ආයුෂ්මත් නන්‍ද කුලීකරුවෙකි. ආයුෂ්මත් නන්‍ද මිළටගනු ලැබුවෙකි. අප්සරාවන් හේතුකොටගෙන බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙයි. භාග්‍යවතුන්වහන්සේ පරෙවි පා ඇති අප්සරාවන් පන්සියයක් ලැබීම සඳහා ඇපවූසේකැ’යි තෙරුන්ගේ ශ්‍රවණෝපචාරයෙහි කියමින් හැසිරෙත්. නන්‍දතෙරණුවෝ ඒ කථාව අසා මේ භික්‍ෂුහු අනෙකකුට නොකියති. මා අරභයා කියති. මගේ ක්‍රියාව අයුතුය’යි ඥානය උපදවා විදසුන් වඩා රහත්බවට පැමිණියහ. ඉක්බිති උන්වහන්සේ රහත්බවට පත් කෙණෙහිම එක්තරා දෙවියෙක් භාග්‍යවතුන්වහන්සේට එකරුණ සැළ කළේය. භාග්‍යවතුන්වහන්සේත් තුමුම දත්සේක. දෙවන දිනයෙහි නන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹ මෙසේ කීය. ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට පරෙවිපා ඇති අප්සරාවන් පන්සියයක් ලබා ගැනීමට ඇපකරුවෙක් වූසේක්ද මම භාග්‍යවතුන්වහන්සේ ඒ ඇපයෙන් නිදහස් කරමි’ මෙසේ කතාවස්තුව නිමියේයි. ශාස්තෘන් වහන්සේ මෑත කාලයෙහි දෙව්රමෙහි වාසය කරනසේක් තෙරුන් ඉදුරන්හි වැසූදෙරටු ඇති අය අතුරින් අග තනතුරෙහි පිහිටවූසේක.