නාලක මහරහතන් වහන්සේ.

 

පියුමතුරා බුදුසව්වකු මොනෙය්‍ය පිළිවෙත අනුගමනය කරනු දැක, එතැන් පටන් එසේ කිරීමට බලාපොරොත්තු වෙමින්, කප් සියදහසක් කල් පෙරුම් පිරූ අසිත ඉසිවරයාගේ බෑණනුවකු වන නාලක තවුසා (අප) භාග්‍යවතුන් වහන්සේ දම්සක් පැවැත්වූ දවසින් සත්වන දින ගාථා දෙකකින් මොනෙය්‍ය පිළිවෙත විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට මොනෙය්‍ය පිළිවෙත පැහැදිළි කළහ. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑමෙන් පසු සංගීතියට පැමිණ ගරුකටයුතු මහ කසුප් තෙරුන් විසින් ගරුකටයුතු ආනන්ද තෙරුන්ගෙන් නාලක තවුසා එය විමසා සමාදන් වූ අයුරු විමසන ලදී. ඒ සියල්ල හෙළිදරව් කරනු පිණිස, ගාථා විස්සක් කියන ලදුව, එය නාලක සූත්‍රය ලෙස හඳුන්වනු ලැබේ.

අසිත ඉසිවරයා සුද්ධෝදන රජුගේ පියා වූ සීහහනු රජුගේද පුරෝහිතව, සුද්ධෝදන (කුමරු) ඔටුනු පැළඳීමට පෙර, සිප් ඇදුරව, රජ බවට පත්වූ පසු පුරෝහිත තනතුරට පත්විය. අසිත ඉසිවරයා උදේ සවස රජුට උවටැන් පිණිස (උපදෙස් දීමේ සේවය පිණිස) පැමිණි විට, තරුණ කාලයේදී මෙන්, ගරුසත්කාර නොකොට ඇඳිලි බැඳ වැඳීම පමණක් කරයි. එය ඔටුනු පළඳා රජබවට පත්වන සැකිකුල රජ සිරිතකි. අසිත ඉසිවරයා එයින් කලකිරී, ‘මහරජ, මම පැවිදි වෙමි’යි කීය. රජු තවුසාගේ තීරණය දැන ‘එසේනම් ඇදුරුතුමනි, මට නිතර දැකිය හැකි පරිදි මගේම උයනෙහි විසිය යුතු’යැයි ඉල්ලා සිටියේය. තවුසා ‘එසේ’ යැයි පිළිවදන් දී, තවුස් පැවිද්දෙක්ව, රජුගෙන් උවටැන් ලබමින්, උයනෙහිම වෙසෙමින් කසිණ බවුන් වඩා සමාපත්ති අට හා අභිඤ්ඤා පහ උපදවා ගත්තේය. එතැන් පටන් රජමැදුරෙහි අහර ගෙන, හිමාලය, චාතුම්මහාරාජික දෙව්ලොව, ආදී තැනකට ගොස් දිවාකාලය ගතකරයි. එක් දවසක් තවුතිසාවට ගොස්, රුවන් විමනට පිවිස, දෙව්රුවන් පලඟෙහි හිඳිමින්, සමාධිසුව විඳ හවස් කල නැගිට, විමන් දොරටුවෙහි සිට වටපිට බලනවිට, සැටයොදුන් මහා වීදියෙහි පිළී හිස සිසාරාවමින් බෝසත් ගුණ සඳහන් තුති වදන් කියමින් කෙළිදෙලින් පසුවන සක්දෙව් පිරිවරා ගත් දෙවියන් දුටුවේය.

අසිත තවුසා ඒ දෙවියන් දැක…කුමක් නිසා එසේ (සතුටු වන්නේ දැයි ඇසීය.)

මගධ රට, මඩල නම් ගමෙහි විසූ මිනිසුන් තිස්තුන් දෙනෙකුට නායක වූ මඝ නම් තරුණයෙක් වත් සතක් සපුරා තම පිරිස සමග සක්දෙවිව තව්තිසාවෙහි උපන්නේය. එහිදී පෙර සිට වසන දෙවියෝ, ‘අමුත්තන් සේ දෙව්පුතුන් පැමිණ ඇත. ඔවුන්ට සත්කාර කරමු’යි කියා දෙව්ලොව පිපෙන පියුම් ගෙනාහ. දෙව් රජයෙන් අඩක් පාලනයට ඇරයුම් කළහ. සක්දෙවි එවන් පාලනයකට නොකැමතිව, තම පිරිසට කරුණු වටහා දී දිනක් සුරා මතින් මත්ව සිටි ඒ දෙවිවරුන් පාවලින් ගෙන සිනෙරු පව්වෙහි පාමුලට විසිකර දැමීය. එයින් සිනෙරු පව්වෙහි යටිතලයෙහි පරසතු මලින් වැසුනු මනහර පලොල් මලින් සුන්දර වූ සියක් යොදුන් පෙදෙසක අසුර භවන පිහිටියේය. එහිදී ඔව්හු පියවි සිහිය ලැබ, තව්තිසා භවන නොදැක, ‘අනේ, අපි බීමත් වූ වරදින් නැසුනෙමු. අපි සුරා පානය නොකෙළෙමු. අපි සුරා නොවූ – අසුර පානය කළෙමු. දැන් අපි සූරයෝ නොවෙමු. අපි දැන් අසුරයෝ ලෙසින් උපන්නෙමු’ යැයි එතැන් පටන් අසුර යනුවෙන් හැඳිනීමක් ඇතිව, ‘අපි දෙවියන් සමග යුද සටන් කරමු’යි සිනෙරු පව්ව හාත්පස සිසාර නැඟ සිටියහ. එහිදී සක්දෙවි, අසුරයන් ඉහළට නංවා, නැවත මුහුදෙහි දමා, සිවු දොරටුවෙහි තමා හා සමාන පිළිරූ මවා තැබීය. එවිට අසුරයෝ, ‘සක් දෙවි පමා නොවී, නිසැකවම, නිති රැකවරණය සලසමින් සිටිතැ’යි සිතා නැවත (අසුරයන්ගේ) නගරයටම ගියහ. එවිට දෙවියෝ තමන් වෙනුවෙන් ජය ගොස නඟමින්, පිළි හිස සිසාරමින් මහා වීදියෙහි නැකත් කෙළි කළහ. ඉක්බිති අසිත ඉසිවරයා අතීතයට සහ අනාගතයෙහි කප් සතළිහක් සිහි කිරිමට හැකි බැවින්, ‘මොවුන් පෙරද මෙසේ කෙළිදෙළින් සිටියාහුදැ’යි මෙනෙහි කරමින්, ඒ දෙව්-අසුර සටනෙහිදී දෙවියන් ජයගත් බව දැන,

ඒ කාලයෙහිද මෙබඳු ලොමුදැහැ ගැන්වෙන සතුටක් (ඊට පෙර) නොවීය. අද කිනම් පුදුම එළවන සුළු දෙයක් දැක මෙසේ දෙවියෝ සතුටු වූවාහුද?

මුවෙන් සතුට දනවන හඬ පිටකරත්. නොයෙක් ආකාර ගීත ගායනා කරත්, වාදන භාණ්ඩ සැටඅට දහසක් වාදනය කරත්, අත්පොළසන් දෙති. තමන්ට මෙනෙහිකොට දැනගත හැකි වුවත්, ඔවුන්ගේම වචනයෙන් දැනගනු කැමතිව අසයි.

ඉක්බිතිව තවුසාට ඒ කරුණ සැලකරන දෙවියන් විසින් කියන ලදි ඒ බෝධිසත්‍ව තෙමේ දෙවිමිනිස්නට හිතසුව පිණිස මිනිස් ලොවැ ශාක්‍යයන්ගේ ජනපදයෙහි වූ ලුම්බිනී නම් ගම්හි උපන. එහෙයින් අතිශයින් සතුටු වෙමු. එතුමා බුදුබවට පත්ව, අනෙක් දේව සමූහයාටද, අපට ද මගපල හෝ රහත් බව ලබන ලෙසටද, දහම් දෙසන්නේය. දහම් අසා නිවන් ලැබීමට නොහැකි වුවහොත් මිනිස්සු දානාදී පින්කම් කොට දෙව්ලොව උපත ලබති.

කල්හි ඒ දේවවාක්‍යය අසා එ අසිත තෙම දේවපුරයෙන් බටුයේ ය. සුදොවුන් රජුගේ භවනයට එළැඹියේ ය. එහි කුමර කොහි යැ? මම් ද දක්නා කැමැතියෙමි”යි යන මෙ බස් ශාක්‍යයනට කී.

ඉක්බිති දක්‍ෂ වූ රන්කරුවකු විසින් කෝවා මුවෙහි ලා මොනොවට ඝටා තවනලද වූ ම දිලියෙන රණක් වන් ශෝභායෙන් බබලන නො ලමු රූසපුයෙන් යුත් පුත්කුමරු ශාක්‍යයෝ අසිත නම් තවුස්හට දැක්වූහ.

දිලෙන ගින්නක් බඳු වූ ද අහස්හි සරන පිරිසුදු තාරාපති බඳු වූ ද සරාකල්හි අභ්‍රමුක්ත වූ දිලියෙන හිරු බඳු වූ ද කුමරු දැක උපන් සතුටු ඇතියේ විපුල ප්‍රීතිය ලැබී.

මෙහිදී අතින් ගෙන ආ (වඩාගෙන ආ) කුමරුවා පිළිගන්නා ලෙස යොමු කිරීමේදී සියදහස් ගණනින් වටිනා ගන්‍ධාර දෙසයෙහි රත් කම්බිලියක තබන ලද රත්රන් පිඬක් බඳු වූ කුමාරයාට දෙවියන් මුදුනට සුදු සේසතක් දරා සිටිනු දැක, මේ අයුරින් දෑතින්ම පිළිගත්තේය. ඉසිවරයාට වැන්දවීමට කුමාරයා යොමුකළවිට, කුමරුගේ දෙපා හැරවී ඉසිවරයාගේ හිසමුදුනෙහි පිහිටියේය.

අසිත ඉසිවරයා මහපුරිස් ලකුණු ගැනද වේදයෙහිද පරතෙරටම ගියේය. මේ අසිත ඉසි උතුම් කෙනෙකි. තමාගේ ඉදිරියට ආ මහබෝසතුන්ගේ දෙපතුලෙහි සක්ලකුණු දැක, ඒ අනුව ඉතිරි ලකුණු ද විමසමින්, සියළුම මහ පුරිස් ලකුණු හඳුනාගෙන නිසැකවම මොහු බුදු වන්නේ’ යැයි දැන මෙසේ කීය.

ඊළග උපත ලෙස ඔහු තම අරූප බඹලොව උපත සිහිකොට ‘මම දැන් මෙතුමාගේ දහම් දේසනය අසන්නට නොලබමි’යි කඳුළු හෙළයි. ශාක්‍යයෝ වලප්නා තවුස් දැක “කුමරු කෙරෙහි අනතුරෙක් නොවේදෝ හො”යි කීහ.

නොසතුටු සැහැවි ඇති ශාක්‍යයන් දැක “මම කුමර කෙරෙහි අහිතයක් නො සමරමි, මේ කුමාරයා ලාමක වූ, සුළුකොට තැකිය හැකි තැනැත්තෙකු නොවේ.

මෙ කුමර අනුත්තර සම්බෝධියට පැමිණෙයි. පරමවිශුද්ධ නිර්‍වාණය දක්නාසුලු මෙතෙම බහුජන හිතානුකම්පා ඇතියේ දම්සක් පවත්වන්නේය. මොහුගේ ශාසනය පතළ වන්නේ යි.

මාගේ ආයුෂත් මෙ මිනිස් ලොව්හි දිගුකල් නො වේ. මෙ අතුරෙහි මාගේ කාලක්‍රියා වන්නේ ය. එවන් මම අසම වීර්‍ය්‍යය ඇති බුදුන්ගේ දහම් නො අසන්නෙමි. එකරුණින් දුක් ඇතියෙමි

එසේ නික්මගිය ඔහු, තමාගේ බෑණනුවන්ට, තම සොහොයුරියගේ පුතාට, තමා සුළු කාලයක් ජීවත්වන බව දැන, කණිටු සොහොයුරියගේ පුත් නාලක නම් තරුණයා පින් රැස්කොට ඇති බව තම බලයෙන් දැන, (ඔහු) වැඩිවියට පත්වීමේදී පමාවනු ඇතැ’යි සොහොයුරියගේ ගෙට ගොස්, ‘නාලක කොහිදැ’යි (අසා) ‘හිමියනි, පිටත කෙළිලොල්ව ගතකරයි’ (කී විට) ‘ඔහු කැඳවා එව’යි ගෙන්වා ගෙන, අණ දී, එකෙණෙහිම තවුස් පැවිද්දෙන් පැවිදි කරවා, වත් පිළිවෙත්හි සමාදන් කරවීය, අවවාද කළේය,

එහි යද පරතො යම් දවසක වෙනත් කෙනෙකුගෙන්, ධම්මග්ගං නියම දහමෙහි නිවණට මඟ, දහම හෝ අග්ගං පිළිසිඹියා සමග නිවන, තස්මිං ඔහුගේ (ඒ උතුම් තැනැත්තාගේ) සමීපයෙහි, බ්‍රහ්මචරියං මහණදම්,

ඒ අසිත ඉසිවරයා මේ ආකාරයෙන් අනාගතයෙහි පරම පිවිතුරු බව දැක්කේ යැයි කියන ලදී. එයින් ඔහුද අනාගතයෙහි ඒ උතුම් පිවිතුරු බව දකින්නේය. පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් කරන ලද පින් රැස් කිරීම්, බලාපොරොත්තුවෙන්, පැවිදිව තවුස් වෙසින් විසීය. සවන් නම් වූ ඉන්‍ද්‍රිය රැකගෙන, ‘වතුරට පිවිස, කන නමැති ඉන්‍ද්‍රිය වැනසුනහොත්, දහම් ඇසීමට නොලැබේ’ යැයි සිතා, එතැන් පටන් දියෙහි ගිලුනේ නැත.

ඒ නාලක තවුසා මෙසේ වාසය කරන අතර, අනුපිළිවෙලින් සම්බුදු බවට පත් භාග්‍යවතුන් වහන්සේ, බරණැස දී දම්සක් පැවැත්වූ කල, ‘භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් සක පවත්වන ලදී. නිසැකවම භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (ලොව) පහළ වූහ’යි ආදී ලෙසින් තමන්ට හිතසුව කැමති දේවතාවුන් පැමිණ සැලකරන ලද කරුණු අසා, දේවතාවුන් විසින් සත්දවසක් මොනෙය්‍ය කෝලාහලය පවත්වනු ලබද්දී, සත්වන දිනයෙහි ඉසිපතනයට ගොස් ‘නාලක (මෙහි) පැමිණෙන්නේය. ඔහුට දහම් දෙසන්නෙමි’යි මෙසේ සුදුසු පරිදි සළකා උතුම් බුදු අස්නෙහි වැඩසිටි ඉසිවරුන් අතර ද උසස්තම වූ භගවත් හිමි දැක, දකිනවිටම පහන් සිතින් යුතුව, උතුම් නුවණ, සිවුසස් දැනීමේ මග-නුවණ යැයි කියන ලදී. අසිත ඉසිවරයාගේ අවවාදය අනුව කටයුතු කිරීමට කාලය පැමිණි කල්හි, අසිත ඉසිවරයා විසින් ‘දහම් මග හෙළිදරව් වන කාලයේදී, එහි ගොස්, ඒ ගැන විමසා, භාග්‍යවතුන් වහන්සේ උදෙසා බඹසර හැසිරෙව’යි (නාලකට) අවවාද කරන ලදී. මේ එයට කාලයයි. එහෙයින්, අසිත ඉසිවරයාගේ දැනුම් දීම අනුව පිළිපැදිය යුතු කල් පැමිණියේ යැයි කියන ලදී.

කරුණු විමසන ලද්දේ ගාථා දෙකකිනි. අසිත ඉසිවරයා ‘මේ කුමරු උතුම් සම්බුදුබව ලබන්නේ’ යැයි දැන, ‘බුද්ධ’ යන හඬ වෙනත් කෙනෙකුගෙන් යම්දිනක අසහිද, (එවිට) සම්බුදුවරයාණන් වෙත පැමිණ, දහම් මග හැසිරෙන්න’ යැයි මට කී අයුරු පිලිපැදීමට කාලයයි. ‘මා ඒ වචනයට අනුව පැමිණ ඇත. අද භාග්‍යවතුන් වහන්සේ ඇස් පනාපිටම දැක, පැමිණිය යුතු තැනට ආවෙමි’යි දැනගතිමි.

ගිහිගෙයින් නික්මුණු තැනැත්තකුට, පැවිදි වූවෙකුට. බුදුවරුන් ආදී උතුමන් විසින් පුරුදු කරන ලද නොකිලිටි පිණ්ඩපාතයෙහි යෙදෙන පැවිද්දාට, මොනෙය්‍ය මුනිවරයන්ට අයත්, උතුම් පිළිවෙත නාලක තවුසා විසින් විචාරන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ විසින් මුනිවරයකුගේ පිළිවෙත පැහැදිලි කළහ

 කිරීමට ද අපහසු. දුක් ගෙනදෙන, අනුගමනය කිරීමේදී එහි යෙදෙනවිට ද) දුක් ලැබෙන, ඒ දුක ඉවසා දරා ගැනීමද දුක බව කියන ලදී. එසේ කීමෙහි අදහස මෙයයි. ‘මම ඔබට මුනි පිළිවෙත පණවන්නෙම් නම්, එය පිළිපැදීමේදී හෝ මනාව එහි යෙදීමෙන් යහපතක් වන්නේය. එසේම එය අපහසුය. මගපල නොලද තැන සිටම කෙලෙස් සිතක් උපදවා නොගනිමින්, පිළිපැදිය යුතුමය. එසේ නාලක එක බුදුවරයකුගේ එක් සව්වෙකු බවට පත් කරයි. එම පිළිවෙතෙහි යොමු කරයි.

භාග්‍යවතුන් වහන්සේ මුනි පිළිවෙතෙහි අපහසුතාව හා පහසුවෙන් ළංවිය නොහැකි බව පෙන්වා දෙමින්, නාලක තවුසා උත්සාහවත් කොට, ඔබට ඒ මුනිවරයාගේ පිළිවෙත පවසමි. එවැනි අපහසු දේ කිරීමට හැකිවීමෙන්ද, උත්සාහ ඇතිකර ගැනීමෙන් ද තමන්ට උපකාර කරගනුව. භව ලඟාකර ගැනීමට පහසු නොවන හෙයින්, ඒ සඳහා ඉවසීමෙන් යුතුව, ලිහිල් නොවූ, දැඩි උත්සාහයෙන් නොවෙනස්ව කටයුතු කරව.

ඔබ පෙර රැස්කරන ලද පින් ඇත්තෙකි. අපහසු වූ, පහසුවෙන් ලද නොහැකි ඒ මුනි පිළිවෙත ඔබට මෙසේ පවසමි. එහෙයින් නිසැකවම එහි යෙදෙමින් උත්සාහ වඩව.

මෙසේ කෙලෙස් දුරුවන, උතුම් මුනි පිළිවෙත පහදා දෙනු කැමතිව, නාලක තවුසා උත්සාහවත් කොට, දැඩි ලෙස එහි යොදවීමට මුලදීම ගම (හෙවත් තමන් හා සමාජය) හා බැඳුණු විට ඇතිවන කෙලෙස් නැතිකිරීම සදහා

නින්දා අපහාසද, වැඳීමද,දැන් එය සමානව සළකා ගතයුතු බව දක්වයි.

කෝප නොවී, වැඳුම් ලබද්දී, රජු විසින් වඳිනු ලබන විටද, ‘මට රජතුමාද වඳී’ යයි උඩඟු නො වන්නේ ය.

වනයෙහි විසීමේදී හටගැනෙන කෙලෙස් නැතිකිරීම දක්වමින්. ඒවා දැවීම ඇතිකරන අයුරින්, කැලෑව දවනු ලබන ගිනිදළු නොයෙක් අයුරින්, උස් පහත් ලෙසද දුම් සහිතවද, දුම් රහිතවද, නිල්, කහ, රත් පැහැයෙන්ද සුළුවෙන්ද, මහත්වද නැගේ. මෙසේ සිංහ, වග, මිනිස් හඬ හා නොයෙක් කුරුළු නාද, මල්, පල, දළු ආදී නොයෙක් ආකාරයෙන් බියජනක ලෙසින්ද ඇළුම් කරන ලෙසින් ද, කෝපය ඇතිවන අයුරින් හා මුළාවන අයුරින්ද අරමුණු හමුවෙයි. එහෙයින් වනයෙහි ඇතිවන ලැව්ගිනි සිළුවෙහි නොයෙක් අරමුණු ඇතිවේයැයි. මෙසේ නොයෙක් ආකාර අරමුණු හමුවනවිට, වනසිරි දැකීමට පැමිණි හෝ, එහි වෙසෙන වනලියන් හෝ, දර කඩාගෙන යන ලියන් හෝ, තනිව හිඳිනු දැක, සිනාවෙන්, කතාවෙන් හඬක් නැගීමෙන්, ඇඳුම් විවරකොට දැක්වීම් ආදියෙන් ඒ කාන්තාවෝ මට පෙළඹවීම් හෝ ආසා පහළ කිරීමක් හෝ නොකරත්වා! එසේ පෙළඹීම ඇති නොවන ලෙසට කටයුතු කරව

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගමෙහි ද, කැලෑවෙහි ද පිලිවෙත් විධි නාලක තවුසාට සඳහන් කොට, මීළඟට සීල සංවරය ගැන වදාළහ. ලිංගික කායික සබඳතා මෙන්ම, අනෙක් සොඳුරු වූත්, අයහපත් වූත් පස්කම් හැරදමා, එසේ ඒවායින් ඈත්වීමෙන්ම මෙවුන්දමින්ද ඉවත් වූයේ ද වේ. එහෙයින් කාම සේවනය හැරදමා යනුවෙන් කීහ.

තරහ නොමැති බව යැයි කියා ඇති පරිදි ‘නො නසන්නේ ය, නො මරන්නේ ය’ මෙහි සඳහන් වීමේදී, පණ ඇති ජීවීන් නැසීමෙන් වැළකීමේ වැදගත්, උතුම් බව පැහැදිලි වේ. මේ එහි කෙටි විස්තරයයි.

බාහිර වූ අනෙක් ජීවීන් කෙරෙහි ආසා ඇති සියල්ලන් කෙරෙහිම තණ්හා ආසා හැරදමා, ‘මා මෙන්ම අනෙක් සියලු ජීවීහූ, ජීවත්වනු කැමතිවූද, නොමැරෙනු කැමති වූද, සැපයට කැමති වූද දුක පිළිකුල් කරන්නාහ. මෙසේ තමා හා සමාන කොට ඔවුන් කෙරෙහි තරහක් නොසිතා, ඒ ආකාරයෙන් අනුන් හා සමානකොට, තමා කෙරෙහිද තරහ අවහිරතා වළක්වමින්, දෙකොටසටම විරෝධතා අවහිර නැතිව, මරණය නොකැමතිව තැතිගන්නා සුළු හෝ තැති නොගන්නා වූ සියළුම ජීවීන් අත්වලින් ආදී ලෙස (දඬමුගුරු ආදිය ගෙන) අණදීමකින් හෝ නො කරන්නේ ය.

මෙසේ කායික-ලිංගික සබඳතා හා පරපණ නැසීමෙන් වෙන්වීම ගැනද, පාමොක් සීලය ගැනද නාලක තවුසාට. කෙටියෙන් දක්වා, ඉඳුරන් සංවරයද පෙන්වා,

මීළඟට පිරිසිදු දිවිපැවැත්ම විස්තර කීහ. එහි අරුත මෙයයි. ‘මේ තණ්හාව වූ කලී එක් දෙයක් ලැබුණු විට දෙකක් ලැබීමට කැමති බව ඇතිකරයි. දෙකක් ලැබුණවිට තුනක් ද, සියදහසක් ලැබී, ඊටත් වැඩියෙන් ලබාගැනීමේ කැමැත්තයි. මෙසේ නොලැබෙන දෙයෙහි කැමතිවීම ඉච්ඡා යැයි කියනු ලැබේ. එසේ ලැබුන දෙයෙහි, දැඩිව මසුරුව ඇළුම් කෙරේද, ඒ ලෝභයයි. සිවුරු ආදී සිවුපසයෙහි කෙලෙස් දුරුනොකළ තැනැත්තෙක්, එහි කැමැත්තෙන් හා ආසාවෙන් ඇලී ගැලී, ඒ හා බැඳී සිටියද ඒ ආසාව හා ලෝභය අත්හැර, සිවුපසය සඳහා යහපත් හැසිරීම් පිළිවෙත් පිළිපදිමින්, වෙනස් නොවෙමින්, නුවණ නැමති ඇසින් යුතුව මෙම මොනෙය්‍ය පිළිවෙත මෙසේ පිළිපදින තැනැත්තා දුසිරිත පිරෙන බැවින් නරක යැයි හඳුනාගෙන ඇති වැරදි දිවි පෙවෙතට හේතුවන තණ්හාව ඉවත් කරන්නේ නම්, එසේ කළයුත්තේ මේ පිළිවෙතින් බව කියන ලදී.

මෙසේ සිවුපසයෙහි තණ්හාව නැති කිරීමෙන්, පිරිසිදු හැසිරීම් රටාව පෙන්වා දී ආහාරයෙහි පමණ දැන හික්මීමට ද ඒ අනුසාරයෙන් අරහත් ඵලය දක්වා වූ පිළිවෙත පැහැදිළි කළහ. එහි අරුත නම්, දැහැමෙන් සෙමෙන් ලද සිවුරු ආදී කිසියම් සිවුපසය අතුරෙන් ආහාරය ගැනීමේදී

 ‘බත්පිඬු සතරක් පහක් නොවළඳා වතුර බොව, එය (නිවන සඳහා) බවුන් වඩන පැවිද්දකුගේ පහසු විහරණයට හේතුවේ’

යනුවෙන් කියා ඇති පරිදි ඌන උදරො වේ. සුළං පිරුණු මයිනහමක් මෙන් (ආහාර ගැනීමෙන්) පිපුණු උදරයෙන් නොසිටිය යුතුය. වැඩියෙන් බත් කෑමෙන් ඇතිවන මත සිත් මැලි බවට හේතු වේ. කුසට අඩුවෙන් ආහාර ගත්තද, කෑමෙහි තම පමණ දතයුතුය. ‘කෙළි පිණිස නොවේ ආදී මෙනෙහි කිරීමේ විමසුම් ගුණයෙන් යුතුව ආහාරය ගතයුතුය. මෙසේ ආහාරයෙහි පමණ දැනීම මෙන්ම, සිවුපසය, ධුතංග, පරියත්ති, අධිගම යනුවෙන් ලද පමණින් සෑහීමට පත්වීමෙන් මොනෙය්‍ය පිළිවෙත පිලිපදින මහණුන් විසින් මෙසේ ලද දෙයින් සෑහීමට පත්විය යුතුය. සිවුපසයෙහි එක් එක් දෙයක් ලැබීමේදී ද ලද පමණින් තුන් ආකාරයෙන් සෑහීමට පත්විය යුතු ධුතංග පිළිපදින්නේ නම්, ‘මා ධූතවාදී යැයි අනුන් දැනගනිත්වා’යි නොකැමති වීම ධුතංග පිළිබඳ සෑහීමට පත්වීමයි. ‘මා බොහෝ ඇසූ පිරූ තැන් ඇතැයි අනුන් දැනගැනීමට කැමති නොවී, දහම් දැනුමෙහි මජ්ඣන්තික තෙරුන් සේ සෑහීමට පත්විය යුතුය. සිතෙහි කිසියම් උසස් බවක් ලැබීමෙන්, ‘මේ යහපත් දහම මා කෙරෙහි ඇතැයි අනුන් දැනගනිත්වා’යි කැමති නොවීම අධිගමයෙහි සෑහීමට පත්වීමයි. එය අරහත් පල ලැබීමෙන් පසුවද ඈත් නොවේ යයි දතයුතුය. මෙය අරහත් පල ලබාගැනීමේ පිළිවෙත හෙයිනි. මෙසේ සැහැල්ලු දිවි පැවැත්මද ඇතිව අරහත් පල මගින් තණ්හා ගිජුබව හැරදමා ඒ ආසා අත්හරියි. සා පිපාසාවෙන් පෙළෙන ජීවීන් සේ, යම් දෙයකට කැමැත්තක් ඇතිවීනම්, ඒ කැමැතෙහි සෑහීමට පත්වීමක් නැති. ඒවායෙහි කැමැත්ත (සංසිඳෙනා) කැමැත්තක් නොවේ. ඒ නොසංසිඳෙනා කැමැත්ත ද නැතිකරන ලද බැවින්, (කායික-මානසික) පීඩාවකට නොපැමිණ, පරම සෑහීමට පත්ව, කෙලෙස් දැවිලි සමනය කිරිමෙන් සැනසුනේය. නිවුණේය දතයුතුය.

මෙසේ අරහත් ඵලයට පත්වීම තෙක් පිළිවෙත මග පවසා දැන් එය පිළිපදිනා මහණුන්ගේ අවසන් පලය වූ අරහත් බවට පත්වීමත්, ධුතංග සමාදානයත් හා සෙනසුන් වත් ද කීහ. ඒ මහණ පිඬු පිණිස හැසිර, බත් කිස හෝ කොට, ගිහි ජීවිතයේ කෙලෙස් බැඳීම්වලින් පමානොවී, කැලයටම යන්නේ ය. රුක්මුල්හි සිටීමෙන් හෝ, අසුනක හිඳ හෝ, මුනි මොනෙය්‍ය පිළිවෙත පිළිපදින, මෙහි පිඬු පිණිස හැසිරේ යැයි සඳහන් කිරීමෙන් (ධුතංග අතර) පිණ්ඩපාතිකංගය ගැන කියන ලදී. (ගෙපිළිවෙලින් ඉතා මැනවින් පිඬු පිණිස හැසිර, එක් අසුනෙහිම හිඳ, පාත්‍රයෙහිම වළඳමින්, ඒකාන්තයෙන් දෙවරක් පිඬු පිණිස නොයා සිටීමෙන්, තුන් සිවුරු දැරීම හා කසල ගොඩක් වැනි තැනකින් සපයාගත් රෙදිවලින් සකස් කරගත් සිවුරක් දැරීමද සමාදන් වන ලද්දේමය. ඒ අනුව ධුතංග සයක් දැක්වේ. වනයෙහිම ගතකිරීම ගැන සඳහන් කිරීමෙන් ආරඤ්ඤකංගය දැක්වේ. ගසක් මුල සිටීමෙන් රුක්‍ඛමූලිකංගය ද, හිඳගැනීමේ ආසනය සඳහන් කිරිමෙන් නෙසජ්ජිකංගයද – ඒවා පිළිපැදීම අනුව එළිමහනෙහි විසීම, ඇතිරිලි පරිහරණය හා සොහොනෙහි විසීමද යනුවෙන් ධුතාංග දහතුනම, මෙම ගාථාවෙන් නාලක හිමිට වදාළහ.

ඒ පිළිවෙත් පුරන පැවිද්දා ලබානොගත් දැහැන් උපදවා ගැනීමෛන් ද, උපදවා ගත් දැහැන් මෙනෙහි කිරිමෙන්, එහි අදිටනින්, එයින් නැගී සිටීමෙන් හා නුවණින් සිහි කිරිමෙන් යුතුව කල්යවයි. නුවණින් යුතු, කැලයෙහි විසීමට කැමති වෙයි. ගම කෙළවර ඇති සෙනසුන්වල ඇලීමක් නැතැයි කියන ලදී. හුදෙක් මෙලොව ජීවිතයට අයත් දැහැන් ලැබීමට පමණක් යොමු නොවේ. එහෙයින්, ඒ සිටින රුක්මුල්හිදීම සෝවාන් ආදී ලොවුතුරු දැහැන්වලින්ද තමන් බොහෝ සතුටුව දැහැන් නතු වෙයි. උතුම් සැනසුමට පත්ද, වෙනත් දැහැනින් නොව, ලොවුතුරු දැහැනින්ම සිත බොහෝ සතුටු වෙයි. දැහැන් වඩමින්, වනගත සෙනසුන්හි ඇලීමත්, අරහත් බවත් කියා ඇත.

මෙම දහම් දෙසුම ඇසූ නාලක හිමි, වනයෙහිම ඇළුම්කොට, යම්ලෙසකින් ආහාර නොගෙනම, පිළිවෙත් පිරිමෙහි බොහෝ උත්සාහවත් වුවහොත් නිරාහාරව මහණ දම් පිරිය නොහැකිය. එවිට ජීවිතය නොපවතී. කෙලෙස් හටනොගන්නා ලෙසට ආහාර සොයාගත යුතුය. මෙය නිසි, දැනගතයුතු දෙයයි. එහෙයින් දිනපතා පිඬු පිණිස හැසිරිය යුතුයි. කෙලෙස් නොඉපිදවිය යුතුයැයි නාලක හිමිට පහදා දීමටත්, අරහත් පලය අවසන් (ඉලක්කය) කොට දැක්වීමටත්, ආහාර වත් අනුව, ‘පිඬු පිණිස හැසිර, වනයෙහිම ඇළුම් කරයි’. රැය ඉකුත්ව, ඊළඟ දවස ගැන කියන ලදී. ගාමන්තම්භිහාරයෙ උසස් හැසිරීමට අයත්, වත් ඉටුකොට, පිඬු පිණිස වේලාව තෙක් විවේකීව සිට ගතපච්චාගත වත අනුව කී අයුරු කමටහන් මෙනෙහි කරමින්, ගමට යන්නේය. හිමියනි, අපගේ නිවසෙහි වැළඳිය යුතු’යැයි ඇරයුම් කරයිද, ‘ආහාර දෙයිද, නොදෙයිද, මැනවින් සකසා දෙයිද, මනාසේ නොදෙයිද’ මෙබඳු දෙගිඩියා සිතිවිලි නැතිව ආහාරයෙහි පිළිවෙත් පුරන්නා වූ පැවිද්දා එහි නො ඇලෙන්නේ ය. නො පිළිගන්නේ යැයිද කියන ලදී. යම්සේ බලහත්කාරයෙන් පාත්‍රය ගෙන පුරවා දෙත් ද, එය වළඳා මහණදම් කළ යුතුය. ධුතංග නොබිඳෙයි. එය නිමිති කොට ඒ ගමට නොපිවිසිය යුතුය. ඉදින් ගමට පිවිසිවිට, පාත්‍ර සියයකිනුදු බත් ගෙනෙත්ද, එහි නොඇලී, එක බත්හුලකුදු නො පිළිගන්නේ ය. ගෙපිළිවෙලින් පිණ්ඩපාතයෙහිම හැසිරෙන්නේය.

ඒ මුනි පිළිවෙතට පිළිපන් මුනිවරයා ගමට ගොස් ඉක්මණින් ගෙවල්වල නොහැසිරෙන්නේය. එක්ව සෝකවීම වැනි ගිහියන් හා නුසුදුසු සබඳතාවනට නොපැමිණිය යුතු බවද කියන ලදී. ආහාරය ලබාගැනීම වෙනුවෙන් ඉඟි කිරීමක් හෝ දැනවීමක්, හැඟවීමක් ඇතිවන පරිදි කුහුල දනවන විසිතුරු කතා නො කියන්නේ ය. ගිලන්ව සිටියදී, කැමති නම්, ගිලන් බව වළකා ගැනීම අදහසින් ඒ ගැන කිවහැකි වුවද සෙනසුන් පිණිස හෝ එයින් ඇඟවීමක් නොවන ලෙසට (සැළකිලිමත් විය යුතුය.) වෙනත් දෙයක් ලබාගැනීමට ගිලන් නොවූවකු විසින් කිසිවක් නොපැවසිය යුතුය.

අහරක් නොලැබුණද, එයද කම්නැතැයි (මැනවැයි) සැළකීමයි. පිඬු පිණිස යම් දෙයක් සුළු ලෙසින් ලැබුණද සාධු යැයි සිතා, නොලැබුණත්, ‘මම කිසිත් නොලැබීමි, එයත් යහපතැයි සළකා ලැබීම්, නොලැබීම් දෙකෙහිම, සො සමානව, කම්පා නොවී සිටිය යුතුයි. (පලතුරු වැනි) පල සොයා යන මිනිසෙක් ගසක් ලඟට ගොස්, එහි ගෙඩි ලැබුණද – නොලැබුණද, කම්පා නොවී, මැදහත් සිතින් යයිද, එසේම (පැවිද්දා) ගෙවල් කරා එළඹ ලැබුණත් නොලැබුණත් මැදහත්ව යන්නේ ය.

මෙසේ ආහාර පිළිබඳ වත් සපුරත්ද, එපමණකින් සතුටට (සෑහීමකට නොපැමිණ) ඉතිරි පිළිවෙත් කෙරෙහිද සිත යොමන්නේ ය. සසුන යනු පිළිවෙත් සරු බවයි. ඒ දැක්වූ මග පටිපදා උසස්-ලාමක ලෙසින් බුදුවරයන් විසින් දක්වා ඇති පරිදි යහපත් පිළිවෙතින් ඉක්මණින් අවබෝධ-දැනගැනීම උසස්ය. අයහපත් දුක් නො දෙන පිළිවෙතෙහි නොදැනීම පහත්ය. මේ කොටස් දෙකෙන් එකක් අනික් කොටසට වඩා උසස්ය. අනික් කොටසට වඩා පහත්ය. පළමු අංගයම උසස්ය. අනෙක් කොටස් තුනම පහත්ය. මේ උසස් වූ හෝ ලාමක වූ හෝ පිළිවෙත යනුවෙන්ද දැක්වේ. එක මගකින් දෙවරක් නිවනට නොයති’. කවර හෙයින්ද? යම් මගකින් කෙලෙස් යම් පමණකට නසන ලද ද, ඒවා නැවත බැහැර කළ යුතු නොවේ. එයින් කෙලෙස් පිරිහී ඇති අයුරු දක්වයි. එහි මේවායේ පරතෙරට – ඈත් කිරිමට එකවරකම අරමුණු වීමක් නොවේ. කවර හෙයින්ද? එක මගකින් (සෝවාන් පල පමණින්) සියළුම කෙලෙස් නැසීම සිදුනොවන හෙයිනි. එයින් එකම මග ලෙසම අරහත් බව පෙන්වා දෙයි.

පිළිවෙතෙහි ආනිසංස වැදගත්කම දක්වා. එහි අරුත නම්, මෙසේ පිළිපදින පැවිද්දාට ඒ පිළිවෙත් මගින් එකසිය අටක් සේ ගැනෙන, ඇලෙන, ගැලෙන විසතා තණ්හා නැත. කෙලෙස් වාන්දොරටු කපාහළ බැවින් කුසල් අකුසල් දුරුකළ බැවින් රාගයෙන් හෝ තරහින් හටගන්නා සුළු වුවත් තණ්හා නැත.

මේ ගාථා ඇසූ නාලක තෙරුන්ට ‘මොනෙය්‍ය පිළිවෙත මෙපමණ වේනම්, එය පිළිපැදීම පහසුය. අපහසු නොවේ. නොබෝ කලකින්ම, පිරිය හැකිව’ යැයි සිතක් පහළවිය. (සිතුණි) භාග්‍යවතුන් වහන්සේ, ‘මොනෙය්‍ය වත අපහසුම’ යැයි නාලක හිමිට නැවත පෙන්වා දී (මොනෙය්‍ය වත) දැළිපිහියෙහි මුවහත මෙන් වන්නේ ය. මෙහි අදහස කුමක්ද? මුනි පිළිවෙතෙහි පිළිපන් පැවිද්දා සිවුපසය පරිහරණය කළයුත්තේ දැළිපිහියෙහි මුවහත සේ සළකාය. දැළිපිහි මුවහතෙහි තැවරුණු මී බිඳු ලෙවකන විට, දිව කැපීමෙන් රැකගන්නා සේම, දැහැමින් ලැබුණු සිවුපසය පරිහරණයෙහිදී කෙලෙස් හටගැනීමෙන් සිත රැකගනු ලැබේ යැයි කියන ලදී. සිවුපසයෙහි නිරවුල් දැනීමෙන්ද, එය නිවැරදිව පරිහරණයද පහසු නොවේ යැයි මේ පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ බොහෝ කරුණු දේසනා කරති. සිය දිවෙන් තල්ල මැඩගෙනම, රසයෙහි ආසාව දුරු කෙරෙමින්, ලද ආහාරය කිලිටි (නීරස) වුවත් කුස පමණට ගැනීමට හික්මිය යුතුය.

නිති කුසල් දහම් වැඩීම පිණිස වටහා ගැනීමෙන්, අනලස් වූ සිත පිහිටුවිය යුතුය. නෑයන්, ජනපද, දෙවියන් ආදීන් ගැන දෙගිඩියාවේ බොහෝ සෙයින් නොසිතන්නේය. නිකෙලෙස්ව තණ්හා දිට්ඨිවලින් සසරෙහි නොඇලී, හික්මීමෙන් යුතුව, මුළුමනින්ම සසුන් බඹසරම පිහිට කරගත්තේය.

ආසනයෙහි විවේකීව, ආසන යනුවෙන් මෙහිදී සියළුම ඉරියව් ඇතුලත් වන අතර, සියළුම ඉරියව් පැවතුම්වලදී එකාකාරවම හික්මේ යැයි කියන ලදැයි දතයුතුය. මහණුන් විසින් ඇසුරු කරන ලද, බවුන් වැඩීමට සුදුසු අරමුණු තිස්අට, පුරුදු කිරීම යන තේරුමයි. මෙහිදී එකාසන යනුවෙන් කයෙහි විවේකයද, සමණුපාසන යන්නෙන් සිතෙහි විවේකයද දතයුතුය. මෙහිද කය සිත විවේකය එක්කොට මොන හෙවත් මග නුවණ සේ කියන ලදී.

මේ පිළිවෙත වඩන තැනැත්තා පිළිබඳව සියළු දිසාවලම කිතුරැව් පැතිරෙන්නැයි කියන ලදී. ඒ කිතුගොසින් දස දෙසෙහි කියව. ඔබ ඒ කිතුගොසින් උඩඟු බවට නොපැමිණ, ඒ හඬින් ලජ්ජාවෙමින් ‘සසරින් නිදහස් වන පිළිවෙත මෙය’යැයි සැදැහැ උපදවා වැඩිදුරටත් ඒ පිළිවෙතම වඩන්නේය. මෙසේ කටයුතු කරනවිට මගේ අනුගාමිකයෙකු වෙයි.

ඒ පිළිවෙත් පුරන පැවිද්දාට මා විසින් ලජ්ජාවත්, සැදැහැ බවත් බෙහෙවින් දියුණු කොට වඩවයි කීවිට උඩඟුවීමද නොකළ යුතුයැයි කියන ලදී. එය නදිය ගැන කී මේ නිදසුනින් ඒ සියළුම කුඩා ගංගා, කුඩා වලවල්, දිය පිරුණු වලවල් විවර ආදියෙන් උඩට නැගී හඬ නගමින් ගලා යයි. ගංගා අතර මහා ගංගා නිහඬව ගලයි. මෙසේ ‘මොනෙය්‍ය වත පුරමි’යි (පැවිද්දා) මගේ යන හැඟුමෙන්, මමායනයෙන් තොරව උසස් ලෙස කටයුතු කරයි. මගේය යන කටයුතු කරන්නා ලජ්ජාව හා සැදැහැ බව ද උපදවා යටහත් සිතින් යුතු වෙයි.

හඬ නැගීමෙන් (තමා ගැනම කීමෙන්) අනුවණයෙකි. නුවණැත්තා පිරුණු විලක් මෙනි. සන්හුන්ය. එසේනම් කවරහෙයින් බුදුමග යන මහණෙක් මෙසේ දහම් දෙසීමේ නියැලිව, බොහෝ කොට කියන්නේ ද යන්න පිළිබඳව වදාළහ. යම් පැවිද්දකු බොහෝ කොට කථාකරතත් එය අරුත් සහිත, අරුත් දනවන, යහපත පෙන්වන, (දහම් කරුණින් යුතු) හිතකාමී වේ. එහෙත් උඩඟු, මානයෙන් නොවේ. දවසක් පුරාම දේසනා කරතත්, කිලිටි දොසින් තොරව ඒ කියන ඒ සියළු වචනම නුවණ පෙරදැරිව පවතී. මෙසේ දේසනා කරනවිටද මෙය හිතකාමී වේ. මෙය යහපතට හේතු වේයැයි නොයෙක් අයුරින් දැන, හුදෙක් බොහෝ කතා කිරීම පමණක් නොවේ.

සියල්ල දන්නා නුවණින් යුතු සියළු පව් දුරුකරන ලද හෙයින් බුදුරජාණන් වහන්සේ දැනගෙනම දහම් දෙසති. දැනගෙනම (ගැළපෙන අයුරින්) බොහෝ ලෙස කියති. ඒ දේසනා කරන ලද දහම අවබෝධ කරගැනීමේ අදහසින් නුවණින් දැන, එහි අරුත නම්, ඒ දහම දැන, උත්සාහවත්ව, (කෙලෙසින්) සිත රැකගෙන, කියන දෙය පුද්ගල හිතසුව පිණිස නොවේ නම්, එහිදී දැනගත් දෙය වුවත් බොහෝ කොට නොකියති. මේ අයුරින් නිහඬ බවින් යුතු මුනිවරයා මොනෙය්‍ය පිළිවෙත යැයි හඳුන්වනු ලබන, සිවුමග නුවණ ලැබීමට සුදුසුය. ඊට සුදුසු බව පමණක්ම නොවේ. ඒ මුනිවරයා අරහත් මග නුවණ යැයි හඳුන්වනු ලබන සිවුසස් අවබෝධ කරති’යි මෙසේ දතයුතු යැයි අරහත් බව කුළුගන්වා දේසනය නිමකළහ.

ඒ ඇසූ නාලක හිමි, දැකීමෙහි, ඇසීමෙහි, විමසීමෙහි යන තුන් තන්හි සෑහීමකට පත්ව කටයුතු කළහ. නාලක හිමි දේසනාව අවසානයෙහි පහන් සිතින් භාග්‍යවතුන් වහන්සේස්ට වැඳ වනයට පිවිස, නැවත, මම භාග්‍යවතුන් වහන්සේ දකින්නෙම් නම් මැනව’යි කැමැත්තක් නොදැක්වීය. මේ දැකීමෙහි සෑහීමට පත්වන අයුරුයි, එසේම, ‘මම නැවත දහම් අසන්නෙමි’යි කැමැත්තක් ඇතිකර නොගැනීම ඇසීමෙහි සෑහීමට පත්වීමයි. ‘මම නැවත මොනෙය්‍ය පිළිවෙත විමසන්නෙමි’යි කැමති නොවීම විමසීමෙහි සෑහීමට පත්වීමයි.

මෙසේ සෑහීමට පත්ව, පව්වෙහි පාමුලට පිවිස, එක වන පියසක දවස් දෙකක් නොසිටියේය. එක් ගසක් මුල දින දෙකක් නොසිටියේය. එකම ගමෙහි දින දෙකක් පිඬු පිණිස නොගියේය. මේ අයුරින් කැලයෙන් කැලයට, ගසෙන් ගසට, ගමෙන් ගමට ඇවිදිමින්, සුදුසු පිළිවෙත අනුව අග පලයෙහි පිහිටියේය. මොනෙය්‍ය පිළිවෙත දැඩිව උත්සාහවත්ව පුරන පැවිද්දා සත් මසක් ජීවත් වේ. සමව උත්සාහවත් වන පැවිද්දා ජීවත් වන්නේ සත් වසරකි. අඩුතරමින් පිළිවෙත් පුරන පැවිද්දා වසර දහසයකි. ඒ පිළිවෙතෙහි දැඩි උත්සාහ වූ නාලක හිමි සත් මසක් ගත වූ බැවින්, ආයු කාලය අවසන් බව දැන, දිය නා, සිවුරු හැඳ, පටිය බැඳ, සඟල සිවුර පොරවා, බුදුරජාණන් වහන්සේ වැඩසිටින දෙසට පසඟ පිහිටුවා වැඳ, ඇඳිලි බැඳ, සිටිනා ඉරියව්වෙන්ම රත්හිරියල් පව්වෙහි අනුපාදිසෙස පිරිනිවනට පත්විය. භාග්‍යවතුන් වහන්සේ නාලක පිරිනිවන්පෑ බව දැන, බික්සඟන පිරිවරා ගොස්, සිරුරු කිස කොට, ධාතු ගෙන සෑයක් පිහිටුවා ආපසු වැඩියහ.