භද්දිය යනු අනුරුද්ධ තෙරුන් සමඟ ගිහිගෙන් නික්මුණු ශාකය රජෙකි. ‘කාලිගොධාය පුත්තො’ යනු ඒ දේවිය කලුවන්ය. ගොධා යනු ඇයගේ නමයි. එබැවින් කාලිගොධායයි කියනු ලබන්නීය. ඇයගේ පුතාය යනු අත්‍ථර්යි. කුමක් හෙයින් වනාහි මෙතෙම උසස් කුලයෙහි උපන්නවුන් අතුරින් අග්‍රයයි කියන ලද්දේද? කිම ඊට වඩා උසස් කුලයෙහි උපන්නාහු නැද්ද? එසේය නැත. ඔහුගේ මව ශාක්‍ය කුලකාන්තාවන් අතුරෙන් වයසින් සියල්ලන්ටම වඩා දෙටුවූවාය. හෙතෙමේද ශාක්‍යකුලයෙහි සපැමිණි රජසැපත් අතහැර පැවිදිවූයේය. එහෙයින් උසස්කුලයෙහි උපන්නවුන් අතුරෙන් අග්‍රයයි කියනලදී.
තවද පෙර පැතුම් බලයෙන් හෙතෙම අනුපිළිවෙළින් ජාති පන්සියයක් රජ කුලයෙහි ඉපිද රාජ්‍යය කරවූයේමය. මෙකරුණියන්ද උසස් කුලවතුන් අතුරෙන් අග්‍රයයි කියනලදී. මොහුගේ ප්‍රශ්න කර්‍මයෙහි මේ පිළිවෙළ කථාවයි: මෙතෙමේද අතීතයෙහි පියුමතුරා බුදුන්වහන්සේගේ කාලයෙහි මහධනවත් කුලයක උපන්නේ කියනලද ක්‍රමයෙන්ම දහම් ඇසීම සඳහා ගියේ එදවස එක් භික්‍ෂුවක උසස් කුලිකයන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක මාවිසින්ද අනාගතයෙහි එක් බුදුකෙනෙකුන්ගේ සසුනෙහි උසස් කුලික භික්‍ෂූන් අතුරෙන් අග තැන්පත්වීම සුදුසුයයි තථාගතයන් ආරාධනාකොට සත් දින බුදුපාමොක් බික් සඟනට මහ දන්දී ‘ස්වාමීනි, මම මේ දානයාගේ විපාකයෙන් වෙනත් සැපතක් බලාපොරෝතු නොවෙමි. අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි උසස් කුලයෙහි වූ භික්ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙමි’යයි ප්‍රත්‍ථර්‍නා කොට පාමුල වැදහොත්තේය.
ශාස්තෘන්වහන්සේ අනාගතය බලන සේක් (පැතුම) ඉටුවන බව දැන, ‘ඔබගේ මේ කර්‍මය ඉටුවන්නේය. මෙයින් කල්ප ලක්‍ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් උපදිති. නුඹ උන්වහන්සේගේ සසුන්හි උසස් කුලයෙහිවූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වන්නෙහියි විවරණදී භූත්තානුමෝදනාවකොට විහාරයට වැඩිසේක. හෙතෙමේද ඒ විවිරණය ලැබ උසස් කුලලාභයට හේතුවන කර්‍මයන් විමසා ධර්‍මාසනයන් කරවා ඒවායේපසු තුරුණු අතුරුවා දහම්විජනිපත්, ධර්‍මකථිකව්‍රත්ත, පෙහෙවස් ගෙහි පහන්තෙල් දීම් යන මෙසේ දිවි ඇති තෙක් බොහෝ ආකාරවූ යහපත් කටයුතු කොට එයින් කළුරිය කළේ දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප දශබලයන් වහන්සේගේද අපගේ බුදුන්වහන්සේගේද කාල අතුරෙහි කෙළෙඹිගෙයක උපන්නේය.
එකල්හි බොහෝ පසේබුදුවරු ගනධමාදන පර්‍වතයෙන් අවුත් බැරණැෂ ගංගා තෙරෙහි පහසුතැනක හිඳ පින්ඩපාතය වළඳිති. ඒ කෙළෙඹි තෙමේ උන්වහන්සේලාගේ නිරතුරුවම එතැන්හි දන් වැළදීම දැන පාෂාණ ඵලක අටක් අතුරා දිවි ඇතිතෙක් පසේබුදුවරුන්ට උපස්ථාන කළේය. ඉක්බිති එක් බුද්ධාන්තරයක් දෙවියන් අතරද මිනිසුන් අතරද සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කිඹුල්වත් නුවරෙහි ක්‍ෂත්‍රිය කුලයෙක උපන්නේය. නම් ගන්වන දිනයෙහි ඔහුට භද්දිය කුමරුයයි නම් කළහ. හෙතෙම වියට පැමින යට අනුරුද්ධ සූත්‍රයෙහි කියනලද පරිද්දෙන්ම ක්‍ෂත්‍රියයන් සදෙනාට ඇතුළත්ව ශාස්තෘන්වහන්සේ අනුපිය අඹ වෙනෙහි වසන කල්හි ශාස්තෘන් සමීපයෙහි පැවිදිව රහත්බවට පැමිණියේය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ මෑත කාලයෙහි දෙව්රමෙහි වැඩවසනසේක් මගේ සසුනෙහි උසස් කුලයෙහි උපන්නවුන් අතුරෙන් කාලි ගොධාවගේ පුත් වූ භද්දිය තෙරුන්වහන්සේ අග්‍ර වෙතියි අග්‍රස්ථානයෙහි තැබූසේක.