අඤ්ඤකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ.
සම්බුදුන්වහන්සේ හැර අඤ්ඤකොණ්ඩඤ්ඤ තෙරුන පළමුව පැවිදිවූ අන් සව්වෙක් නම් නැතැයි පැවිදිවූ කාලයෙහි පටන් තෙරුන්වහන්සේ බොහෝ කලක් රාත්‍රීන් දනිතැයි රත්තඤ්ඤූ වෙති. සියල්ලන්ට පළමුව ධර්මය අවබෝධකළ බැවින්, යම් විටෙක ඒ තෙරුන්වහන්සේ විසින් ධර්මය අවබෝධ කරනලද්දේද බොහෝ කලකසිට එම රාත්‍රි දනිතියි රත්තඤ්ඤු නමි. තවද ක්ෂීණාශ්රවයන් වහන්සේලාගේ රෑදාවල් පිරිසිඳීම ප්‍රකටවෙයිද මේ තෙරුන්වහන්සේද පළමුවැනි ක්ෂීණාශ්රවයායි. මෙසේද රාත්‍රීන් දන්නා ශ්‍රාවකයන් අතුරෙන් මේ තෙරුන්වහන්සේම අග්‍රය, පූර්ව කෙළවරෙහි වූයේය: ශේෂ්ඨය. එහෙයින්, රත්ත්ඤ්ඤූනං යදිදං අඤ්ඤාකොණ්ඩඤඤෙ’යි කියනලදී.
මෙයින් කල්ප ලක්ෂයකට මත්තෙහි පියුමුතුරා නම් බුදුකෙනෙක් පහළවූහ. අවබෝධකළ සර්වඥතාඥාන ඇති මහ බෝ පළඟින් නැගීසිටින්නාවූ උන්වහන්සේට මහපොළොවෙහි තැබීමට පා එසවූ කෙණෙහි පාපිළිගැනීම සඳහා මහත් නෙළුම් මලක් පැන නැංගේය. ඒමලේ පෙති රියන් අනූවක් වෙයි. මල් කෙසරැ තිස්රියනකි. කෙමිය දොළොස්රියනකි. පා පිහිටි තැන එකොළොස්රියනකි. ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශරීරය අටපනස් රියනක් උස්වූයේය. ඒ මල් කෙමියෙහි දකුණුපස පිහිටන කල්හි මහත් තිඹපමණවූ රේණු නැඟී සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසිරෙමින් බටුයේය. වම්පය තබන කල්හිද එබඳුමවූ පියුමක් මතුවී පය පිළිගත්තේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. එයිනුදු මතුවූ කියනලද පමණ ඇති රේණු සිරුරෙහි විසුරුණේය. ඒ රේණු අභිභවනය කරමින් ඒ භාග්‍යවතුන්වහන්සේගේ සිරුරු පැහැ නික්මී යන්ත්‍ර නාලිකාවකින් විසුරුණු රන්රසදහරක් මෙන් හාත්පසින් දොළොස් යොදුනක් තැන් ඒකාලෝක කළේය. තෙවැනි පය ඔසවන කල්හි පළමුව නැඟුණු පියුම අතුරුදහන් විය. පා පිළිගැනීම සඳහා වෙනත් අලුත් පියුමක් පැන නැංඟේය. මේ ක්‍රමයෙන්ම යම්යම් තැනකට යනු කැමැත්තේද පියෙන් පියට මහ පියුමක් නැඟෙයි. එහෙයින්ම උන්වහන්සේට පියුමුතුරා (පදුමුත්තර) සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය.
මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ සම්මාසම්බුදුන්වහන්සේයයි නමක්වූයේය. මෙසේ ඒ භාග්‍යවතුන්වහන්සේ ලොව ඉපිද භික්ෂූන් ලක්ෂයක් පිරිවර කොටඇතිසේක් මහජනයාට සංග්‍රහ පිණිස ගම්නියම් රජදහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු හංසවතී නගරයට සැපැමිණිසේක. ඉක්බිති උන්වහන්සේ පැමිණිබව අසා පියමහරජතෙමේ පෙරගමන්කළේය. ශාසතෘන්වහන්සේ ඔහුට ධර්මය ප්‍රකාශකළසේක. දේශනාවසානයෙහි ඇතැම්හු සෝවාන්වූවාහුය. ඇතැම්හු සකෘදාගාමී අනාගාමී භූමීන්ට පැමිණියාහුය. ඇතැම්හු රහත්බවට පත්වූවාහුය. රජතෙමේ හෙට දිනයට බුදුරදුන්ට ආරාධනාකොට දෙවන දිනයෙහි කල් දන්වා භික්ෂූන් ලක්ෂයක් පිරිවර කොට ඇති භාග්‍යවතුන්වහන්සේට සියනිවසෙහි මහදන් දුන්නේය. ශාස්තෘන්වහන්සේ භුත්තානුමොදනාවකොට විහාරයටම වැඩිසේක. එ ක්‍රමයෙන්ම දෙවන දිනයෙහි නුවරුද ඊලඟ දිනයෙහි රජ ද වශයෙන් දිගුකලක් මහදන් දුන්නාහුය.
එකල්හි මේ තෙරුන්වහන්සේ හංසවතී නගරයෙහි ගෘහපති මහාසාර කුලයෙහි උපන්නේ එක්දිනක් බුදුරදුන් දහම් දෙසනකල්හි, ගඳමල් ආදිය අතැතිව බුදුන්වහන්සේ යම්තැනකද ධර්මය යම්තැනකද සංඝයා යම් තැනකද ඒ දෙසට යොමුව ඒ දෙසට නැඹුරුව යන්නාවූ, හංසවතී නුවරවැසියන් දැක ඒ මහජනයා සමඟම දම්දෙසනතැනට ගියේය. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ තම සසුනෙහි පළමුව ප්‍රතිවේධ කළ ධර්මය ඇති එක් භික්ෂුවක එතදග්‍රස්ථානයෙහි තැබූසේක. ඒ කුලපුත්‍රයා එකරුණ අසා, මේ භික්ෂුව වනාහි ආශ්චර්‍ය්‍යයකි. බුදුන්වහන්සේ හැර මොහුවිසින් පළමුව අවබෝධ කළ ධර්මය ඇති අන් භික්ෂුවක් නැත. මමද අනාගතයෙහි එක් බුදු සසුනක පළමුව ධර්මය අවබෝධකිරීමෙහි සමත්ථර්යෙක් වන්නෙනම් අහෝ යෙහෙකැයි සිතා දෙසුම අවසන භාග්‍යවතුන්වහන්සේ වෙත එළැඹ හෙට මගේ භික්ෂාව ගනුමැනවැයි ආරාධනා කළේය. ශාස්තෘන්වහන්සේ ඉවසූසේක.
හෙතෙම භාග්‍යවතුන් වැඳ පැදකුණුකොට සිය නිවසට ගොස් සියලු රැය බුදුන් හිඳින තැන ගඳමල්දම් ආදියෙන් සරසා මිහිරි කෑයුතු බිදියයුතු දෙය පිළියෙළ කරවා ඒ රාත්‍රියෙහි අවෑමෙන් සිය නිවසෙහි භික්ෂූන් ලක්ෂයක් පිරිවරනලද භාග්‍යවතුන්වහන්සේට විසිතුරු කැඳ කැවිලි පිරිවරකොට ඇති නොයෙක් රසැති හොදිවැංජන සහිත සුවඳැහැල් බොජුනක්දී බත්කිස අවසන්හි තුන්සිවුරකට පොහෝනා වංගරෙදි තථාගයන්වහන්සේගේ පාමුල තබා සිතුවේය: ‘මම සුළු තනතුරක් සඳහා නොහැසිරෙමි. මහත් තැනක් පතමින් හැසිරෙමි. එක්දිනක් පමණක් දනක්දී ඒ තනතුර පැතීමට නොහැකිය’යි අනුපිළිවෙළික් සත්දිනක් මහදන්දී බත්කිස අවසන්හි රෙදි ගබඩාව විවර කරවා උතුම් සියුම්වතක් බුදුපාමුල තබා භික්ෂූන් ලක්ෂය තුන් සිවුරෙන් හඳවා තථාගතයන්වහන්සේ වෙත එළඹ, ‘ස්වාමීනි, ඔබවහන්සේ විසින් මෙයින් දිනහතකට මතුයෙහි යම් ඒ භික්ෂුවක් එතදග්‍රස්ථානයෙහි තබනලද්දේද මමත් ඒ භික්ෂුව මෙන් අනාගතයෙහි උපදින බුදුවරයකුගේ සසුන්හි පැවිදිව පළමුව ධර්මය අවබෝධ කිරීමෙහි සමත් වෙම්වා’යි කියා බුදු පාමුල හිස තබා වැද හොත්තේය.
ශාස්තෘන් වහන්සේ ඔහුගේ වචනය අසා මේ කුලපුත්‍රයා විසින් මහත් ප්‍රාත්‍ථර්‍නයක් කරනලදී. මොහුගේ මේ ප්රාත්ථර්නාව ඉටුවන්නේද නැද්දැයි අනාගතංසඥානය යොමා ආවර්ජනයකරනසේක් ඉටුවන බව දුටුසේක. අතීතය හෝ අනාගතය හෝ වර්තමානය අරභයා ආවර්ජනයකරන්නාවූ බුදුන්වහන්සේලාට වනාහි කඩතුරාවක් නම් නැත. නොයෙක් කල්ප කෝටිලක්ෂයක් අතුරෙහිවූද අතීතය හෝ අනාගතය හෝ දහසක් සක්වළ අතුරෙහිවුවද වර්තමානය හෝ ආවර්ජනයට පිළිබැඳීයේම මෙනෙහි කිරීමට පිළිබඳීයේම වෙයි. මෙසේ ආපසු නොහැරෙන්නාවූ නුවණින් ඒ භාග්‍යවතුන්වහන්සේ, ‘අනාගතයෙහි කල්පලක්ෂයක් අවසන්හි ගෞතම නම් බුදු කෙනෙක් ලොව උපදිති. එකල්හි මොහුගේ පැතුම ඉටුවේය’ යන මෙය දුටුසේක. ඉක්බිති ඔහුට ‘පින්වත් කුලපුත්‍රය, අනාගතයෙහි කල්පලක්ෂයක් අවසන්හි ගෞතම නම් බුදුකෙනෙක් උපදිත්, නුඹ ඒ බුදුන්ගේ පළමු දෙසුම වන පිරිවැටුම් තුනක් ඇති දම්සක් පැවතුම් සුතුර කෙළවර අටළොස් බඹ කෙළක් සමඟ දහසක් නයින් යුතු උතුම් සෝවාන් පෙලෙහි පිහිටන්නේය’යි මෙසේ වදාළසේක.
මෙසේ ශාස්තෘන්වහන්සේ කුලපුතුට විවරණදී අසූසාර දහසක් දම්කඳ දෙසා අනුපාදිශේෂ නීර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක. පිරිනිවන් පෑ උන්වහන්සේගේ ශරීරය ස්වර්ණස්කන්ධයක් මෙන් ඒකඝනවිය. උන්වහන්සේගේ ශරීරය තැන්පත් කළ චෛත්‍යය සත් යොදුන් උසැතිව තැනූහ. ගඩොල් රනින් කරනලද්දේවිය. හිරියල් මනෝසිලාවලින් මැටිකිසද තෙලෙන් දියකිසද කළාහුය. බුදුන්වහන්සේ ජීවමාන කාලයෙහි ශරීරප්‍රභාව දොළොස් යොදුනක් පැතුරුනේය. පිරිනිවන්පෑ උන්වහන්සේගේ (සිරුරෙන්) රශ්මිය නික්මී හාත්පසින් යොදුන් සියයක් පැතුරුණේය.
මේ සිටුතෙමේ බුදුන්වහන්සේගේ ශරීර චෛත්‍යය වටකොට දහසක් රන් ඇගෑ කරවූයේය. චෛත්‍යය පිහිටුවන දිනයෙහි චෛත්‍යය තුළ රන් ගෙයක් කරවූයේය. හෙතෙම අවුරුදු ලක්ෂයක් මහත් දානාදිමයවූ යහපත් කටයුතුකොට එයින් සැව දෙව්ලොව උපන්නේයි. දෙවියන් හා මිනිසුන් අතර සැරිසරන්නාවූ ඔහුට කල්ප අනූනවදහස් නවසිය නවයක් ඉක්මිණි. මෙපමණ කලක් ඇවෑමෙන් මෙයින් අනූඑක් කල්පයකට මත්තෙහි මේ කුලපුත් තෙමේ බන්ධුමතී නගර ද්වාරයෙහිවූ ගමක කෙළෙඹි ගෙයක උපන්නේය. ඔහුට මහාකාළයයි නම්විය. ඔහුගේ කනිටු සොහොයුරා චූලකාළ නම්විය.
එකල්හි විපස්සී බෝසතුන්වහන්සේ තුසීපුරෙන් සැව බන්ධුමතී නගරයෙහි බන්ධුම රජුගේ අගමෙහෙසියගේ කුසෙහි උපන්නේ අනුක්රමයෙන් සර්වඥබවට පත්ව දම්දෙසුම සඳහා මහබඹුවිසින් අයදින ලද්දාහු කවරකුට නම් පළමුව දහම් දෙසන්නේමිදැයි සිතා තමාගේ කනිටු ඛණ්ඩ නම් කුමරුද තිස්ස නම්වූ පුරෝහිත පුතුද පළමුව ධර්මය අවබෝධ කිරීමට සම ත්ථර්යයි. දැක ඔවුන්ටද දම් දෙසන්නෙමි පියාටද සංග්‍රහ කරන්නෙමියි බෝමැඩ සිටම අහසින්ම අවුත් ඛෙමනම්වූ මිගදායෙහි (අභයභූමියෙහි) බටවාහු ඔවුන් කැඳවා ධර්මදේශනා කළසේක. දෙසුම් කෙළවර ඒ දෙදෙනාද අසූසාරදහසක් ප්‍රාණීන් සමඟ රහත්පෙළෙහි පිහිටියාහුය.
බෝසත්කල්හි අනුව පැවිදිවූ වෙනත් අසූසාරදහසක් කුලපුත්‍රයෝ එපුවත අසා ශාස්තෘන් සමීපයට ආවාහු ධර්මදේශනය අසා රහත් බවෙහි පිහිටියාහුය. ශාස්තෘන්වහන්සේ එහිදීම ඒ ඛණ්ඩස්ථවිරයන් අගසව් තන්හිද තිස්සස්ථවිරයන් දෙවැනිසව්තන්හිද තැබූසේක. රජතෙමේද එපුවත අසා පුතු දකින්නෙමැයි උයනට ගොස් දම්දෙසුම අසා තිසරණයෙහි පිහිටා බුදුන්වහන්සේ හෙට දිනයට ඇරයුම්කොට වැඳ පැදකුණුකොට පිටත්ව ගියේය.
හෙතෙම ප්රාසාදගත වූයේ, හිඳ මෙසේ සිතීය. ‘මගේ දෙටුපුත් (ගිහිගෙන්) නික්ම ගොස් බුදුවූයේය. මගේ දෙවැනි පුත් අගසව් වූයේය. පෙරෙවිපුත් දෙවැනි සව්වූයේය. මේ සෙසු භික්ෂූහුද ගිහිකල්හිද මගේ පුතුම පිරිවරා හැසුරුණාහුය. පෙරද දැනුදු මොවුහු මටම භාරයහ. මමම සිවුපසයෙන් උවටැන් කරන්නෙමි. අනුනට ඉඩක් නොදෙන්නෙමි’ යනුයි. වෙහෙර දොර කොටුවෙහි සිට රජගෙහි දොරටුව තෙක් දෙපසින් කිහිරි පවුරක් කරවා වස්ත්‍රයෙන් වස්වා මත්තෙහි රන්තරුවලින් විසිතුරුවූ එල්ඹෙන තල්කඳක් පමණවූ නොයෙක් මල්දම් විතානයන් කරවා යට පොළොව විසිතුරු ඇතිරිලිවලින් අතුරුවා කෙළවර මල්පැලෑටි ඇති දෙපසෙහි පුන් කලසද සියලු මඟ සුවඳ කරනු සඳහා සුවඳ අතුරෙහි මල්ද මල් අතුරෙහි සුවඳද තබවා භාග්‍යවතුන්වහන්සේට කල් දැනුවූයේය. භාග්‍යවතුන්වහන්සේ බික්සඟන පිරිවරණලදසේක කඩතුරා තුලින්ම රජගෙට පිවිස බත්කිසකොට වෙහෙරට පෙරළා වඩිනසේක. අනකිසිවෙක් (බුදුන්) දැකීමටවත් නොලබති. හික්ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ කෙසේනම් ලැබේද?
‘අදට ශාස්තෘන්වහන්සේ ලොව පහළ වී සත් අවුරුදු සත්මසක් විය. අපිදු (උන්වහන්සේ) දක්නට නොලබම්හ. හික්ෂාවක් දීමට හෝ පූජාවක් කිරීමට හෝ දහමක් ඇසීමට හෝ (ලැබීම ගැන) කියනුම කිම? රජතුමා බුදුන්වහන්සේ මගේමය, ධර්මය මගේය, සංඝයා මගේයයි මමායනය කොට තෙමේම උවටැන් කරයි. ශාස්තෘන්වහන්සේ පහළවනසේක් දෙවියන් සහිත ලෝකයට වැඩ සඳහා පහළවූසේක. රජුට පමණක්ම නිරය උණුසුමු වූයේත් අනෙකුන්ට නිලුපුල්වනයක් සමානවූයේත් නොවේ. එබැවින් රජුට කියමු. ඉදින් අපට ශාස්තෘන්වහන්සේ දෙයිනම් යෙනෙක. නොදේනම් රජුසමඟ යුදකොට හෝ සංඝයා ගෙන දානදී පින් කරමු. හුදු නගරවැසියන්ගෙන් පමණක්ම මෙසේ කිරීමට නොහැක්කෙමු. එක් දෙටු නගරවැසියන්ගෙන් පමණක්ම මෙසේ කිරීමට නොහැක්කෙමු. එක් දෙටු පුරුෂයකුද ගනිමි’යි නුවර වැසියෝ සිතූහ. (මෙසේ සිතා) සෙන්පති වෙත එළඹ ඔහුට එම අදහස දන්වා ‘ස්වාමීනි අපට පක්ෂවූවෙක් වෙමි. එතකුදුවූවත් පළමුදිනය මට දිය යුතුය”යි හෙතෙම කීවේය. ඔවුහු පිළිගත්හ.
හෙතෙම රජුවෙත එළඹ ‘දේවයන්වහන්ස, නුවරු ඔබට කිපුණාහැයි කීවේය. දරුව කුමක් නිසාදැයි රජ ඇසීය. නුඹවහන්සේම ශාස්තෘන්වහන්සේට උවටැන්කරන්නහුය. අපි නොලබම්හ’ කියායි සෙන්පති කීවේය. ඉදින් දැන්වත් ලබත්නම් නොකිපෙත්, නොලබන්නාහු නුඹ සමඟ යුදකරනු කැමැත්තෝ’යිද පැවසීය. ‘දරුව යුදකරමි, භික්ෂුසංඝයා නොදෙමි’යි කීය. දේවයිනි, නුඹගේ දාසයෝ නුඹ සමඟ යුද කරමැයි කියත් නුඹවහන්සේ කවරකු ගෙන යුද කරන්නහුදැ’යි සෙනෙවි ඇසීය. සෙන්පත් නුඹ නේදැයි රජ ඇසීය. නුවරුන්ගෙන් තොරව මම සමත් නොවෙමි, දේවයිනි’යි හෙතෙම පැවසීය. ඉක්බිති රජතෙමේ නුවරැ බලවත්, සෙන්පතිද ඔවුනටම පක්ෂවූවෙකැයි දැන අන්‍යවූ සත් අවුරුදු සත්මසක් මට භික්ෂූසංඝයා දෙත්වායි කීවේය. නුවරු නොපිළිගත්හ. රජතෙමේ හයවසක් පස්වසක්යයි මෙසේ අඩු කරන්නේ අනෙක් සත් දිනක් අයැදීය. නුවරු දැන් රජු සමඟ ඉතා රළු දෙයක් කිරීම නොසුදුසුයයි සිතා අනුදත්හ. රජතුමා සත්අවුරුදු සත්මසකට පිළියෙළ කළ දානමුඛය දින සතකටම පිළියෙළ කොට සදිනක් කිසිවකු නොදකිත්ම දන් දී සත්වැනි දිනයෙහි නුවරුන් කැඳවා, ‘දරුවනි, මෙසේ දන්දීමට හැකි වන්නාහුදැ’යි ඇසීය. ඔවුහුද අප නිසාම මෙය දේවයන්වහන්සේට උපන්නේ නොවේදැයි කියා හැකියයි කීවාහුය. රජතෙමේ පිටිඅතින් කඳුළු පිසිමින් භාග්‍යවතුන් වහන්සේ වැඳ, ‘ස්වාමීනි සැට අටලකෂයක් භික්ෂූන් වහන්සේ අනෙකකුට නොපවරා දිවි ඇති තෙක් සිවුපසයෙන් උවටැන් කරමැයි සිතීමි. දැන් මවින් නුවරුන්ට අනුදනිමි. භාග්‍යවතුන්වහන්ස, නුවරු, අපි දන්දීමට නොලම්භයි කිපෙත්. හෙට පටන් ඔවුන්ට අනුග්‍රහ කරනු මැනවැ’යි කීවේය.
ඉක්බිති දෙවැනි දිනයෙහි සෙන්පති තෙමේ මහදන් දුන්නේය. අනතුරුව නුවරු රජුවිසින් කළ සත්කාරයන්ට වඩා උසස්වූ සත්කාරසම්මාන කොට දන්දුන්නාහු. මේ ක්‍රමයෙන්ම සියලු නගරයට පිළිවෙළින් ආවිට දොරගම්වැසියෝ සත්කාරසම්මාන පිළියෙළකළහ. මහාකාළ කෙළෙඹි තෙමේ, ‘බුදුන්වහන්සේට සත්කාර කිරීම හෙට අපට පැමිණෙයි. කිම සත්කාර කරමුදැ’යි චූලකාළට කීවේය. ‘සොයුර. ඔබම දන්නෙහිය’යි හෙතෙම කීවේය. ‘එසේ නම් මා කැමැත්තක් කරව, අපගේ සොළොස්කිරියක් පමණ වූ කෙතෙහි ගැබ්ගත් හැල් ඇත. හැල් ගැබ් පලවා ගෙන බුදුන්වහන්සේට සුදුසු පරිදි පිසවමු’යි (මහාකාළ කීවේය). මෙසේ කරනු ලබන කල්හි කිසිවකුට උපකාරයක් නොවේ. එහෙයින් එය මට රුචි නොවේය’යි (චූලකාළ) කීවේය. ‘ඉදින් ඔබ එසේ කියහිනම් මම මට අයත් දෙය මට අයත් කොට ලබමි’යි කියා සොළොස් කිරියක් පමණවූ කෙත මැදින් වෙන්කොට අටකිරියක් තන්හි සීමා තබවා හැල් ගැබ් පලවා ගෙන නොමුසු කිරෙහි පිසවා චතුමධුර බහා බුදුපාමොක් සඟනට දුන්නේය. ගැබ් පලවා ගත් ගත් තැන යළි පිරෙයි. ළපටි කල පුථුකග්ග නම් දානයක් දුන්නේය. ගම්වැසියන් සමඟ අග්ගසස්ස නම් දානයක් දුන්නේය. ගොයම් කැපීමෙහිදී දායග්ගදානයද වෙළු කිරීමේහිදී වෙණග්ගදානයද කලාපාදියෙහිදී කලාපග්ග, ඛලග්ග, ඛලභණ්ඩග්ග කොට්ඨග්ග යනුවෙන් මෙසේ එක් ශශ්යයෙක්හි නවවරෙක අග්‍රදාන දුන්නේය. ඒ ශශ්යයද වැඩියක් අභිවෘද්ධියෙන් යුක්ත වූයේවිය.
යම්තාක් බුදුන්වහන්සේ ජීවත්වෙත්ද යම්තාක් තෙමේ ජීවත් වේද ඒතාක් ඒ ක්‍රමයෙන්ම පින්කම් කොට එයින් සැව දෙව්ලොව ඉපිද දෙවි මිනිසුන් අතර සැරි සරන්නේ කල්ප අනූ එකක සැපත්විඳ අපගේ ශාස්තෘන්වහන්සේ ලොව උපන්කල්හි කිඹුල්වත් නුවරට නුදුරෙහි දොණවත්ථු නම් බමුණු ගමෙහි දොනවත්ථු බ්‍රාහ්මණ නම් වූ බ්‍රාහ්මණමහාසාර කුලයෙහි උපන්නේය. නම් තබන දිනයෙහි කොණ්ඩඤ්ඤ මානවකයයි නමක් කළාහුය. හෙතම වැඩිවිය පැමිණ ත්රවේදයන් උගෙන ලකුණුකීමේ මන්ත්‍රයන්හි තෙරට පැමිණියේය.
එකල්හි අපගේ බෝසත්තෙමේ තුසී පුරෙන් සැව කිඹුල්වත් පුරයෙහි උපන්නේය. ඔහුට නම් තබන දිනයෙහි එකසිය අටක් බමුණන් අලුත් වස්ත්රයන්ගෙන් හඳවා දියරහිත මධුපායාස පොවා ඔවුන් අතුරෙන් තෝරා අට දෙනකු මහ මහලෙහි හිඳුවා අබරණින් සරසන ලද බෝසතුන් දුහුල් වතින් තැනූ ආධාරකයක හොවා ලකුණු විමසීම සඳහා ඔවුන් සමීපයට පැමිණවූවාහුය. ප්‍රධාන ආසනයෙහි හුන්නාවූ බ්‍රාහ්මණතෙමේ මහාපුරැෂයාගේ ශරීරසම්පත්තිය බලා ඇඟිලි දෙකක් එසවීය. මෙසේ පිළිවෙළින් සත්දෙනෙක් (ඇඟිලි දෙක බැගින්) එසවූවාහුය. ඔවුන්ගෙන් වනාහි සියල්ලන්ටම වඩා ළාබාලවූයේ කොණ්ඩඤ්ඤ මානවකයායි. හෙතෙම බෝසතුන්ගෙන් උතුම් ලක්ෂණයන්ගේ නිෂ්පත්තිය බලා ‘ගිහිගෙහි සිටීමේ කරුණක් නැත. ඒකාන්තයෙන්ම මෙතෙම දුරුකළ මෝහාදිය ඇතිව බුදුකෙනෙක් වෙතැ’යි එකම ඇඟිල්ලක් එසවීය. සෙසු සත්දෙනා වනාහි, ඉදින් ගිහිගෙහි වසයිනම් සක්විති රජ වන්නේය, ඉදින් පැවිදිවන්නේ නම් බුදුවන්නේයයිද ගති දෙකක් දැක ඇඟිලි දෙකක් එසවූහ. මේ කොණ්ඩඤ්ඤ තෙමේ වනාහි කරනලද ප්‍රාත්‍ථර්‍නා ඇත්තේ අන්තිමභවයට අයත් පුද්ගලයෙකුවූයේ නුවණින් සෙසු සත්දෙනා යටපත් කොට, ‘මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්තවූවහුට ගිහිගෙහි සිටීමක්නම් නැත. නිසැකවම බුදු වන්නේයයි එකම ගතියක් දුටුවේය. එබැවින් එක් ඇඟිල්ලක් එසවීය. ඉක්බිති ඒ බමුණෝ තම ගෙවලට ගොස් පුතුන් ඇමතූහ. දරුවනි, අපි මහළු වම්හ. අපි බුදුබවට පත් සුදෝධාධන රජුපුත් දැකීමට හැකිවන්නමෝ හෝ නොවන්නමෝ වෙමු. තෙපි එකුමරැ බුදුබවට පත් කල්හි ඔහුගේ සසුන්හි පැවිදිවන්නහු නම් යෙහෙක’ යනුවෙනි.
සුදොවුන් මහරජුද බෝසතුන්ට කිරිමවුන් ආදිකොට ආරක්ෂක විධාන යොදමින් බෝසතුන් වැඩිවියට පැමිණවීය. මහසත් තෙමේද වැඩිවියට පැමිණියේ දෙවියකු මෙන් සැපත් අනුභව කොට නුවණ මුහුකුරාගි විට කාමයන්හි ආදීනවයද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස්ද දැන රහල් කුමරුන් උපන්දිනයෙහි ඡන්න සහාය කොටගත්තේ කන්ථක අසුපිට නැඟ දෙවියන් විසින් හරනාලද දොරින් මහාභිනිෂ්ක්‍රමණය නික්ම ඒ රාත්රිකාලයෙහිම රාජ්යතුනක් ඉක්මවා අනොමා නදී තෙරෙහි පැවිදිව ඝටීකාර මහාබ්‍රහ්මයා විසින් ගෙනෙන ලදසිවුර ගත් කෙණෙහිම සියක්වසක් ඉක්මුණු තෙර කෙනෙකුමෙන් පහදවනසුලු ඉරියව්වෙන් රජගහ නුවරට පැමිණ එහි පිඬු පිණිස හැසිර පණ්ඩව පව් සෙවණැල්ලෙහි පිණ්ඩපාතය වළඳා මගධරජු විසින් රජසැපතින් ඇරයුම්කරනලද්දේවුවද එය පිළිකෙව්කොට අනු පිළිවෙළින් උරුවෙල් දනව්වට ගොස් ‘මේ බිම්පෙදෙස සිත්කළුය, භාවනා කැමති කුලපුත්‍රයකුට භාවනාව සඳහා සුදුසුයයි සිත් උපදවා එහි විසීමට එළඹියේය.
එසමයෙහි සෙසු බමුණන් සත්දෙන කම්වූ පරිදි මියපරලොව ගියාහුය. සියල්ලන්ගෙන් ළාබාලවූ ලක්ෂණවිධියෙහි දක්ෂවූ කොණ්ඩඤ්ඤ මානවක තෙමේ නීරෝගීවූවෙකි. හෙතෙම මහසත් පැවිදිවූයේයයි අසා ඒ බමුණන්ගේ පුතුන් වෙත එළඹ, ‘සිද්ධාත්ථර් කුමාරයා වනාහි පැවිදි වූයේය. හෙතෙම නිසැකවම බුදුවන්නේය. ඉදින් නුඹලාගේ පියවරු නීරෝගීවූවහු නම් අද නික්ම පැවිදිවන්නහුය. ඉදින් ඔබලාද කැමති වන්නහු නම් එවු. මම ඒ පුරුෂයා, අනුව (වෙනුවෙනු) පැවිදි වන්නෙමි’යි මෙසේ කීවේය. ඒ සියල්ලෝ ඒකමතික වීමට නොහැකිවූවාහුය. තිදෙනෙක් පැවිදි නොවූවාහුය. කොණ්ඩඤ්ඤ බමුණා දෙටුකොට ඉතිරි සතර දෙනා පැවිදිවූහ. මේ පැවිද්දෝ පස් දෙන ගම්නියම් රජ දහන්හි පිඬු පිණිස හැසිරෙන්නාහු බෝසතුන් වෙත ගියාහුය. ඔවුහු සවසක් බෝසතුන් කෙළෙස් තැවීමේ වීර්‍ය්‍යයෙහි නිරතවන විට දැන් බුදු වන්නේය: දැන් බුදු වන්නේයයි මහසතුනට උවටැන් කරමින් ඔහු සමීපයෙහි හැසිරෙන්නෝ වූහ. යම් විටෙක වනාහි බෝසත් තෙමේ එක් තලැටක් සහල් ඇටක් ආදියෙන් කල් ගෙවන්නේද දුෂ්කර ක්‍රියාවෙන් ආර්ය්යධර්මය අවබෝදකිරීමක් නොවනබව දැන රළු ආහාර ගත්තේය. එකල්හි ඔවුහු (බෝසතුන් අත්හැර) ගොස් ඉසිපතනයට ගියාහුය.
ඉක්බිති බෝසත්තෙමේ රළු ආහාර පරිභෝගයෙන් සම් මස් ලේ සපුරා ගෙන වෙසක් පුන්පොහොයෙහි සුජාතාව විසින් දෙනලද උතුම් බොජුන වළඳා රන් පාත්‍රය නදියෙන් උඩුගං යවා අද බුදු වෙමැයි කරන ලද සනිටුහන් ඇත්තේ සැදෑ සමයෙහි කාල නාරජු විසින් නොයෙක් තුතිගී සිය ගණනින් ආශිංසනය කරනුලබන්නේ මහබෝමැඬට නැඟ නොසෙල්වෙන තැනක පෙරදිග ලෝකධාතුවට අභිමුඛව පළඟින් හිඳ අංග සතරකින් යුක්ත වීර්‍ය්‍යය ඉටා හිරු පවතිත්දීම මාරබලය සොල්වා පෙරයමෙහි පෙරවිසූ කඳපිළිවෙළ සිහකොට මැඳුම්යමෙහි දිවැස පිරිසුදුකොට උදෑසන කාලයතුළ සිහිකොට මැඳුම්යමෙහි දිවැස පිරිසුදුකොට උදෑසන කාලයතුළ ප්‍රතීත්‍යසමුත්පාදයෙහි නුවණ යොමා අනුලොම් පිළිලොම්ව ප්රත්යයචක්රය විමසා බලන්නේ සියලු බුදුවරුන් විසින් අවබෝධ කරනලද අසාධාරණ සර්වඥතාඥානය අවබෝධකොට නිවන අරමුණු කරනලද ඵලසමාපත්තියෙන් එහිම සත් දිනක් කල් ගෙවීය.
මේ ක්‍රමයෙන්ම සත් සතියක් බෝමැඩ වාසයකොට රාජායතන මූලයෙහි මීපිඬු බොජුන වළදා යළි අජපල් නුගරුක මුලට අවුත් එහි හුන්නේ ධර්මයෙහි ගැඹුරුබව ප්රත්යවේක්ෂා කොට අල්පෝත්සුකබවට සිත යොමුවන කල්හි මහබඹු විසින් අයදිනලද්දේ බුදු ඇසින් ලොව බලා බලවත් ඉඳුරන් ඇති ආදි ප්‍රභේද සහිත සත්වයන් දැක මහබඹුට දම් දෙසුම සඳහා පිළිණ කොට කවරකුට නම් මම අද දහම් දෙසන්නෙමිදැයි අළාර සහ උද්දක යන දෙදෙන කළුරිය කළබව දැන යලි සිතන්නේ පස්වග මහණහු මට බොහෝ උපකාර ඇත්තෝය. ඔවුහු ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යෙදුනාවූ මට උවටැන් කළාහුය. පස්වග මහණුනට පළමුව දම් දෙසන්නෙම් නම් යෙහෙකැයි සිතක් උපද්දවීය. මෙය වනාහි සියලු බුදුවරුන්ගේ සිතිවිල්ලක් පමණක්ම නමි. අඤ්ඤාකොණ්ඩඤ්ඤ බමුණා හැර පළමුව ධර්මය අවබෝධ කිරීමට අන්කිසි සමතෙක් නම් නැත. මේ සඳහාම කල්ප ලක්ෂයක් ප්‍රාත්‍ථර්‍නා කළේය. බුදු පාමොක් බික්සඟනට නවවරක් අගසස් දන් දුන්නේය.
ඉක්බිති ශාස්තෘන්වහන්සේ පසිවුරු ගෙන පිළිවෙළින් ඉසිපතනයට වැඩමවා පස්වග මහණුන් සිටි තැනට එළඹිසේක. ඔවුහු වඩින්නාවූ තථාගතයන්වහන්සේ දැක්ම තමන්ගේ කතිකාවෙහි සිටින්නට නොහැකිවූහ. එකෙක් පාසිවුරු පිළිගත්තෝය. එකෙක් අසුන පැනවූහ. එකෙක් පාදොවුනාදිය එළවූහ. එකෙක් පා දෙවූහ. එකෙක් තල්වැටක් ගෙන පවන්සලමින් සිටියහ. මෙසේ ඔවුන් වත් දක්වා සමීපයෙහි හුන් කල්හි කොණ්ඩඤ්ඤ තෙරුන් කායසාක්ෂකොට ශාස්තෘන්වහන්සේ අනුත්තරවූ ත්රිපරිවෘත්තවූ ධර්මචක්රප්රවර්තන සූත්‍රාන්තය ආරම්භකළසේක. මිනිස් පිරිස පස් දෙනෙක්ම වූහ. දෙවිපිරිස සීමාරහිතය. දෙශනාවගේ කෙළවර කොණ්ඩඤ්ඤ තෙරුන්වහන්සේ අටළොස් කෙළක් මහබඹුන් සමඟ සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉක්බිති ශාස්තෘන් වහන්සේ මවිසින් දුෂ්කරතා රාශියකින් ගෙනඑන ලද ධර්මය පළමුවම දත්තේයයි මෙතෙම අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම්යයි තෙරුන් අමතමින්, ‘භවත් කොණ්ඩඤ්ඤතෙමේ ඒකාන්තයෙන්ම දත්තේය, භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන්ම දත්තතේය’යි වදාළසේක. ඔහුට එම නමම විය. එහෙයින්, ‘ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන්ට අඤ්ඤාකොණ්ඩඤ්ඤයයි මෙසේ මේ නමවීය’යි කියනලදී.
මෙසේ තෙරුන්වහන්සේ ඇසළ පුන්පොහො දිනයෙහි සෝවාන් පෙලෙහි පිහිටියහ. පෑළවිය දිනයෙහි භද්දිය තෙරුන්වහන්සේද දියවක් දිනයෙහි වප්පතෙරුන්වහන්සේද තියවක් දිනයෙහි මහානාමතෙරුන්වහන්සේද සිව්වක් දිනයෙහි අස්සජි තෙරුන්වහන්සේද සෝවාන් පෙලෙහි පිහිටියහ. පක්ෂයෙහි පස්වැනි දිනයෙහි අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවසානයෙහි සියලු දෙනාම රහත් බවෙහි පිහිටියහ.
එකල්හි වනාහි ලෝකයෙහි රහත්වූ සදෙනෙක් වෙත්. එතැන් පටන් ශාස්තාන්වහන්සේ යසදාරක ප්‍රමුඛවූ පස්පනස් පුරුෂයන්ද කප්පාසිය වන ලැහැබ්හි තිසි දෙනකු පමණවූ පස්පනස් පුරුෂයන්ද කප්පාසිය වන ලැහැබ්හි තිස් දෙනෙකු පමණවූ භද්දවග්ගිකයන්ද ගයා ශීර්ෂයේහි ගල්තලයෙහි දහසක් පමණ පුරාණජටිලයන්දැයි මෙසේ මහජනයා ආර්‍ය්‍යභූමියට බස්වා බිම්බිසාර ප්‍රමුඛවූ එකොළොස් නහුතයක් සෝවාන් පෙලෙහිද එක් නහුතයක් රත්නත්රයෙහිද පිහිටුවා දඹදිව් තෙලෙහි සසුන මල්පල ගන්වා සියලු දඹදිව කසාවතින් බබළන්නක්, සෘෂීන්ගෙන් හමන සුළඟින් ගහණවූවක් කරමින් එක් කලෙක දෙව්රම් මහවෙහෙරට පැමින එහි වසනසේක් බික්සඟන මැද පනවන ලද උතුම් බුද්ධාසනගතවූ සේක් දහම් දෙසමින් පළමුව දහම් අවබෝධ කළ භික්ෂූන් අතුරෙහි මගේ පුත් කොණ්ඩඤ්ඤ තෙමේ අග්‍රයයි දැක්වීමට එතදග්‍රස්ථානයෙහි තැබුසේක.
තෙරුන් වහන්සේද තමන්ට ගරුසරු කම් දක්වන්නාවූ අගසව් දෙනම දැක බුදුන් සමීපයෙන් ඉවත්වනු කැමැත්තෝව, ‘පුණ්ණමානවක තෙමේ පැවිදිව සසුනෙහි අග්රධර්මකථිකයා වන්නේය’යි දැක දොණවත්ථු බමුණුගමට ගොස් තමන්ගේ බෑණණුවන් වන පුණ්ණමානවකයා පැවිදිකොට ‘මෙතෙම බුදුන්වහන්සේ සමීපයෙහි වසන්නේය’යි ඔහු බුදුන් සමීපයෙහි වසන්නෙකුබවට පත්කොට තෙමේ බුදුන්වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, මට ග්රාමාන්තසේනාසනය නොගැලපෙයි. පිරිස සමඟ එක්ව විසීමට නොහැක්කෙමි. ඡද්දන්ත විලට ගොස් වසන්නෙමි’යි භාග්‍යවතුන්වහන්සේ ලවා අනුදන්වා ගෙන අසුනෙන් නැඟිට ශාස්තෘන්වහන්සේ වැඳ ඡද්දන්ත විලට ගොස් ඡද්දන්ත ඇත්කුලය ඇසුරුකොට දොළොස්වසරක් ගෙවා එහිම අනුපාදිශේෂ නිර්වාණධාතුවෙන් පිරිනිවන්පෑහ.