Siri Sugatha Sasana Bandumathi

“ සිරි සුගත ශාසන බන්දුමතී”

ශ්‍රී සන්නස් පත්‍රයයි.

 

ශ්‍රී සුගත ශාසන ධජ ප්‍රතිෂ්ඨාපිත අතිපාරිශුද්ධි ධර්ම ද්වීපයක් ලෙසින් ද
ඓතිහාසික අනුරාධපුර වරෙහි වැඩ වසන ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ,

රුවන් වැලි මහා සෑ රජුන්ගේ සහ
රාජ පූජිත සෙංකඩගල පුරවරයෙහි වැඩ වෙසෙන ශ්‍රී දන්ත ධාතුත් වහන්සේගේ
ආශීර්වාදයෙන් ද සමූපලක්ෂිතව ශතවර්ෂාධික කාලයක් විරාජමානව බැබළෙන්නා වූ ශ්‍රී ලංකා ධරණීය තලයෙහි ශ්‍රී සම්බුද්ධ සාසනයෙහි අපමණ ගෞරවයෙන්
බළංගොඩ, වටවල, මුල්ගම, ධම්මහදය සේනාසනයේ

අභිවෘද්ධි සාධනයෙහි නිරන්තර ව ඇප කැප වන්නා වු ද
සමස්ත සම්බුද්ධ සාසනය වෙනුවෙන් සිදු කරන ලද්දා වු අති උදාර මෙහෙවර අගයනු වස්
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි ශ්‍රී රෝහණ පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේ හා වින්සද් වර්ගික කාරක මහා සංඝ සභාවේ ද,
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි ශ්‍රී රෝහණ පාර්ශවයේ වනවාස මහා සංඝ සභාවේ ප්‍රධාන සංඝ නායක මා හිමිපාණන් වහන්සේ හා

වින්සද් වර්ගික කාරක මහා සංඝ සභාවේ අනුමැතියෙන් පිරිනමන ලබන ශාසන ගෞරව නාමය

 කොළඹ දිස්ත්‍රිකයේ, රාජගිරිය ග්‍රාමයේ පදිංචි

වෛද්‍ය ශ්‍රියානි අබේසූරිය මැතිනිය හට

සිරි සුගත ශාසන බන්දුමතී ” යන ශාසන ගෞරව නාම සම්මුතිය.

2025 මැයි මස 03 වෙනි දින,

බළංගොඩ, වටවල, මුල්ගම, ධම්මහදය සේනාසනයේ දී
පිරිනමන්නට යෙදුණ බවට නිවේදනය කරම්හ.
මේ වගත් මෙසේ ම සහතික කරන ලද්දේ

 මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ,
ශ්‍රී රෝහණ පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක,
මහාව්හාර වංශාලංකාර,
ශ්‍රී සුගත ශාසනධජ, සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මරක්ෂිත
විනය විශාරද, ශ්‍රාස්ත්‍රපති පණ්ඩිත, මහෝපාධ්‍යාය
ශ්‍රීමත් අගලබඩ පියසිරි මහා නායක මාහිමිපාණන් වහන්සේ

මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ,
ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක,
වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක,
ආරණ්‍යක සිරි සුගත පටිපත්ති සාසන සෝබන,
කීර්ති ශ්‍රී සුමංගල මහාව්හාර වංශාලංකාර,
සද්ධර්ම වාගීස්වර, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය, මහෝපාධ්‍යාය
අති ගෞරවනීය ගල්පාත සුමන අනුනායක මාහිමිපාණන් වහන්සේ.