සීලකථා යනු සිව්පිරිසිදු ශීලයයි.
සමාධිකථා විදර්ශනාව පාදක කොටගත් අෂ්ට සමාපත්තියයි.
පඤ්ඤකථා යනු ලොව්තුරා නුවණයි.
විමුත්තිකථා යනු ආර්ය ඵලයයි.
විමුත්තිඤාණදස්සනකථා යනු
මාර්ග ක්‍ෂණයෙහි හෝ ඵලක්‍ෂණයෙහි ප්‍රතිලාභ වශයෙන්ද ප්‍රතිවේධ වශයෙන්ද හටගත්, එක්තැන් වූ, සම්ප්‍රාප්ත වූ යුක්ත වූ මාර්ගඵල ධර්මයන්ද, චතුරාර්ය සත්‍ය ධර්මයන්ද බැලීම හා දැකීමේ ප්‍රඥාව පච්චවෙක්ඛණෙ ඤාණං ප්‍රත්‍යවේක්‍ෂා ඤාණයයි දක්වා, බොහෝ බැලීමේ දැනීමේ ඤාණය, මේ ඤාණයාගේ වශයෙන්ද, මේ ඤාණයාගේ වශයෙන්දැයි ඤාණ ද්වයයෙන් ප්‍රත්‍යවේක්‍ෂා ඤාණ යූසේයි. සෝවාන් වූවහුට මාර්ග වීථියෙහි සෝවාන් ඵල කෙළවරෙහි සිත භවංගයට බසී. ඉක්බිති භවංගය සිඳ මාර්ග ප්‍රත්‍යවේක්‍ෂා සඳහා මනෝද්වාරාවර්ජනය උපදී. එය නිරුද්ධ වූ කල්හි පිළිවෙළින් සත් මාර්ග ප්‍රත්‍යවේක්‍ෂා ජවන් වෙයි. නැවත භවංගයට බැස ඒ ක්‍රමයෙන්ම ඵල ආදීන් ප්‍රත්‍යවේක්‍ෂණය සඳහා ආවර්ජනාදීහු උපදිති. යම් මාර්ග ඵලාදීන්ගේ හටගැනීමෙන් පසු, මේ තෙමේ මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ප්‍රහීණ වූ කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ඉතිරි කෙලෙසුන් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. නිර්වාණය ප්‍රත්‍යවේක්‍ෂා කරයි. හෙතෙම ඒකාන්තයෙන් මම මේ මාර්ගයෙන් පැමිණියේ වෙමියි මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ඉක්බිති මම මේ අනුසස් ලද්දෙමියි ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ඉක්බිති මගේ මෙනම් ක්ලේශයෝ ප්‍රහීණ වූහයි ප්‍රහීණ කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ඉක්බිති මගේ මෙනම් කෙලෙස් ඉතිරිවූයේ යයි මතු මාර්ගයෙහිදී නැසිය යුතු කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂා කරයි. අවසානයෙහි මා විසින් මේ ධර්ම අරමුණු වශයෙන් ලද්දෙමියි නිර්වාණය ප්‍රත්‍යවේක්‍ෂා කරයි. මෙසේ සෝවාන් ආර්යශ්‍රාවකයාට ප්‍රත්‍යවේක්‍ෂා පහක් වෙයි. සෝවාන් වූවහුට යම්සේද සකෘදාගාමී, අනාගාමී ආදීන්ටද එසේය. රහතුන්ට වනාහි ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂණයක් නම් නැත. ප්‍රත්‍යවේක්‍ෂණ සංඛ්‍යාව සතරකි. මෙසේ සියලුම ප්‍රත්‍යවේක්‍ෂා ඤාණ සංඛ්‍යාව එකුන් විස්සකි