මහණෙනි, මෙලොව්හි එකෙක් ක්‍ෂත්‍රියකුට ද මෙහෙ කෙරෙයි. බ්‍රාහ්මණයකුට ද මෙහෙ කෙරෙයි. ගැහැවියකුට ද මෙහෙ කෙරෙයි. කුදු මහත් පුඟුලකුට හෝ මෙහෙ කෙරෙයි. මිථ්‍යාදෘෂ්ටික මිථ්‍යාප්‍රතිපන්න ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට මෙහෙ කෙරෙයි. මහණෙනි, තෙල පාරිචරියාව ඇත. තෙල නැතැයි නො කියමි. මහණෙනි, තෙල පාරිචරියාව හීන ය, ග්‍රාම්‍ය ය, පුහුදුන් සතු ය, අනාර්‍ය්‍ය ය, අනර්‍ත්‍ථයට වැටෙයි. නිර්වේදයට නො වැටෙයි … නිර්‍වාණයට නො වැටෙයි.
මහණෙනි, යමෙකුත් බැසගත් සැදැහැතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තයට ගියේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගතශ්‍රාවකයකුට හෝ මෙහෙ කෙරේ නම්, මහණෙනි, බැසගත් ශ්‍රද්ධා ඇතියේ බැසගත් ප්‍රේම ඇතියේ ඒකාන්තගත වූයේ අභිප්‍රසන්න වූයේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයකුට හෝ මෙහෙ කෙරෙයි යන යමෙක් වේ නම්, එය සත්ත්‍ව විශුද්ධියට ශෝකපරිදේවයන්ගේ සමතික්‍රමයට දුක් දොම්නසුන්ගේ අස්තගමයට න්‍යායයාගේ අධිගමයට නිර්‍වාණයාගේ සාක්‍ෂාත්කාරයට හිත වන හෙයින් තෙල පාරිචරියාවන් අතරෙහි අනුත්තරිය වෙයි.