Honorable tribute

 

ගෞරව උපහාරයයි.


ශ්‍රී සුගත ශාසන ධජ ප්‍රතිෂ්ඨාපිත අතිපාරිශුද්ධි ධර්ම ද්වීපයක් ලෙසින් ද
ඓතිහාසික අනුරාධපුර වරෙහි වැඩ වසන ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ,

රුවන් වැලි මහා සෑ රජුන්ගේ සහ
රාජ පූජිත සෙංකඩගල පුරවරයෙහි වැඩ වෙසෙන ශ්‍රී දන්ත ධාතුත් වහන්සේගේ
ආශීර්වාදයෙන් ද සමූපලක්ෂිතව ශතවර්ෂාධික කාලයක් විරාජමානව බැබළෙන්නා වූ
ශිෂ්ඨසම්මත ජනතාවගේ හිත සුව සාධනයෙහි ලා
දශක ගණනාවක් මුළුල්ලේ මනා ලෙස ඇප කැපවී ස්වකීය පරිණතභාවය හා

විචක්ෂණශීලී බුද්ධිය අර්ථවත් කරමින්
ජාතික, ශාසනික, සාමාජික, භාෂා සාහිත්‍ය, අධ්‍යාපනික, ආගමික සහනශිලිත්වය,
දේශීය හා ජාත්‍යන්තර යන අංගයන්ගෙන් සිදු කරන ලද්දා වු
අති උදාර මෙහෙවර අගයනු වස්

අමරපුර මහා නිකායයේ උත්තරීතර මහා නායක, ප්‍රවචන කීර්ති ශ්‍රී සද්ධර්මාචාර්ය,
සම්බුද්ධ ශාසන කීර්ති ශ්‍රී, පර්යාප්ති ශාසන ධවජාග්‍ර, සිරි සුගත ශාසනවංශාලංකාර සද්ධර්ම විභූෂණ, කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද, ධම්මොසධ සොභිත, ආනන්ද මෛත්‍රෙය වංශාවතංශ, අධ්‍යාපනපති,
අමරපුර ගණපාමොක්ඛාචරිය
, මහෝපාධ්‍යාය
අතිගෞරවාර්හ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රීමත් මහා නායක මාහිමිපාණන් වහන්සේට

 ගෞරව බහුමානයෙන් යුතු ව හෘදයාංගම ආශීර්වාද පූර්වකව

බළංගොඩ, වටවල, මුල්ගම, ධම්මහදය සේනාසනයෙන්

මෙම ගෞරව උපහාරය පුද කරන ලද වගයි.