රජගහනුවර සුමන සිටුවරයාගේ සිටු මැදුරේ පුණ්ණ නම් දිළින්දා බැලමෙහෙකර ජීවත් වේ. උන්ගේ බිරිඳ උත්තරාය ඔවුන් හා දියණියද සිටියාය. මේ අතර දිනක් සත් දිනක් නැකැත් කෙළි පැවැත්විය යුතුයයි රජගෙදරින් අණක් නිකුත් වුනි. මෙය අසා සුමන සිටුවරයා උදේම පැමිණි පුණ්ණ අමතා දරුව අපේ සේවක ජනයා නැකැත් කෙළි කෙළිනු කැමතිය. ඔබ නැකත් කෙළියට කැමතිද නැතිනම් සේවය කරන්නේදැයි විමසීය. ස්වාමීනි නැකැත් ක්‍රීඩාව නම් ධනය ඇත්තවුන්ටය, නමුත් මගේ ගෙදර හෙට දිනය සඳහාද කැඳබත් නැත. මට නැකැත් කෙළියෙන් වැඩක් නැත. ගොනු ලැබේනම් මම සී සානු කැමැත්තෙමියි පැවසීය. එසේ නම් ගොණුන් ගන්නැයි පැවසීය. ඔහු ශක්තිමත් ගොනුන් ද නගුල ද ගෙන බිරිඳ අමතා – සොඳුර නාගරිකයෝ නැකත් උත්සව කරති. මම දිළිදු නිසා බැලමෙහෙ කිරීමට යන්නෙමි. මට ද අද දෙගුණයක් ආහාර පිළියෙළ කරගෙන ආහාර රැගෙන එන්නැයි බිරිඳට කියා කෙතට ගියේය.
සැරියුත් තෙරුණුවෝ ද සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද එදින ඉන් නැගිට මම අද කාටනම් සංග්‍රහ කරන්නේදැයි බලන්නේ පුණ්ණ දිළින්දා තමන්ගේ නුවණ දැලට හසුවී මොහු ශ්‍රද්ධාවන්තයෙක්ද? මට සංග්‍රහ කිරිමට මොහුට හැකිවේදැයි බලන්නේ. ඔහුගේ සැදැහැති බවත් එනිසාම ඔහුට මහාසම්පත් ලැබෙන බවත් දැන පා සිවුරු ගෙන සීසාන තැනට වැඩමවා ඉවුරුබඩ එක් වන ගුම්භයක් බලමින් වැඩසිටියහ.
පුණ්ණ, සැරියුත් තෙරුන් දැක සීසෑම නවතා පසඟ පිහිටුවා වැඳ දත්මැදීමට කෝටු අවශ්‍ය දැයි සිතා දැහැටි කූරක් කැපකර පිළිගැන්විය. අනතුරුව තෙරුන් පාත්‍රය ද පෙරහන ද එළියට ගෙන දුන්නේය. ඔහු පැන් අවශ්‍යව ඇතැයි සිතා පැන් පෙරා දුන්නේය. තෙරුන් සිතූහ. මොහු අනුන්ගේ වෙනත් ගෙයක වාසය කරයි. ඔහුගේ ගෙදොරට යන්නෙ නම් මොහුගේ බිරිඳට මා දැකීමට නොහැකි වන්නේය. ඇය බත් අරක්ගෙන මගට පිවිසේද එතෙක් මෙහිම සිටින්නෙමියි සිතූහ. එසේ එහිම ටිකවේලාවක් කවා ඇය මගට පිළිපන්බව දැන ඇතුළු නුවර දෙස බලා වැඩම කළහ.
ඇය අතර මගදී තෙරුන් දැකමෙසේ සිතුවාය. බොහෝ දිනවල දෙය්‍ය ධර්ම ඇතිවිට දෙන්නට කෙනෙක් නැත. අනෙක් දිනවල දෙන්නට දෙයක් නොමැති විට ආර්යන් වහන්සේ දකින්නට ලැබේ. නමුත් අද දෙය්‍ය ධර්මය ද ආර්යයන් ද ඇත. මුන්වහන්සේට සංග්‍රහ කරන්නෙමියි ඇය බත් භාජනය බිම තබා පසඟ පිහිටුවා තෙරුන් වැඳ ස්වාමීනි මෙය රළු හෝ ප්‍රනීත හෝ වේවා නොසිතා ඔබවහන්සේ මේ දාසයාට සංග්‍රහ කරනු මැනවයි. පැවසූහ. තෙරුන් පාත්‍රය පෙන්වා ඇය එක අතකින් භාජනය ඔසවාගෙන එක් අතකින් බත් දෙනවිට බත් බාගයක් දෙන විට ප්‍රමාණවත් යයි පවසා අත වැසුවේය. ඇය ස්වාමීනි ! එක කොටසක් පමණක් නොසෑහෙවි. ඔබවහන්සේගේ දාසයාට මෙලොව ලෝක සංග්‍රහය නොකොට පරලොව සංග්‍රහ කරන්න. ඉතිරියක් නොමැතිවම දෙනු කැමැත්තෙමියි. පවසා සියළුම බත් පාත්‍රයේ තැබීය. තෙපි මෙලොවදිම ලාභී වෙත්වායි පැතුවාය. තෙරුන් වහන්සේ එසේ වේවායි පවසා සිටගෙනම අනුශාසනය කර ජල පහසුව තිබෙන තැනෙක වාඩිවී බත් කිස කළහ. ඇය ද නැවත සහල් සොයාගෙන බත පිසුවාය. පුණ්ණ ද අඩකිරියක් පමණ තැන් සී සා බඩගින්න ඉවසා ගැනීමට නොහැකිව ගොනුන් මුදවා එක් සෙවන තැනකට පිවිස මාර්ගය බලන්නේ වාඩිවි සිටියේය.
බිරිඳ ද බොහෝ ප්‍රමාදවීයයි පවසා කෝපයට පත්ව මට කෙවිටෙන් තලන්නේ නම් මගේ කුශල කර්මය නිර්ථක වේයයි කල් ඇතිවම ඔහුට දන්වන්නෙමියි. සිතා මෙසේ හඩනගා කීවේය. ස්වාමීනි අද පමණක් සතුටු වන්න මා කළ කර්මය නිර්ථක නො කරන්න. සිත පහදවා ගන්න. මම උදේම ඔබට බත් ගෙන එන්නේ අතර ධර්මසේනාපති සැරියුත් හිමි දැක ඔබේ බත් වේල උන්වහන්සේට පිරිනමා නැවත ගොස් බත් උයාගෙන ආවෙමි. සිත පහදවා ගන්න. ඔහු සොඳුර කුමක් කියන්නද? විමසා දෙවනුව ද එම කරුණ අසා සොඳුරිය ඔබ යහපතක්ම කරන ලද්දේය. මගේ බත ආර්යන් වහන්සේට පිරිනැමුවේ. මම ද උදයේම දැහැටි කුරුද මුව සෝදන ජලය ද දෙන ලද්දෙමි. මෙසේ සිත සතුටු වී එම වචනයට සතුටුව – මහදවල් ලද බත නිසා ක්ලාන්ත වුයේ ඇගේ ඇකයේ හිස තබා නින්දට වැටුනි.
අනතුරුව උදේම සී සෑ තැන පස් කැට සියල්ල රන්වී කිණිහිරි මල් සේ ශෝභාවත් විය. ඔහු අවදිවී බලන්නේ බිරියට මෙසේ කීවේය. සොඳුර මට සී සෑ තැන් රන් සේ පෙනේ. මේ කුමක්ද මට මහදවල් කෑ බත නිසා ඇස් භ්‍රමණයවීද? ස්වාමීනි මට ද එසේ පෙන්නේ ඔහු නැගිට කුඹුරට බැස එක් පස් පිඩුවක් ගෙන නගුල් ගසා රන් බව දැන අහෝ ධම්ම සේනාපති ආර්යන් වහන්සේට දුන් දානයේ විපාක අදම ලැබුනි. මට මෙතරම් ධනයක් පරිහරණය කිරීමට නොහැකිය. සියල්ල රන් බවට පත්වේ. රන් ගෙන ඒමට වටීයයි ගොස් රජුට දන්වා සිටියේය. ඔබ කවුරුන්දැයි විමසුවිට ම පුණ්ණය. ඔබ අද කුමක් කළේද? අද උදේම ධම්ම සේනාපති සැරියුත් හිමියන්ට දැහැටි දී පැන් පෙරා දී බිරිඳ විසින් මට ගෙන එන ලද බත පුදන ලද්දේය.
මේ තොරතුරු අසා රජු ඔබ ධර්මසේනාපති සැරියුත් හිමියන්ට පිරිනැමු දැනයේ ප්‍රතිවිපාක අදම ලබන ලද්දේයයි පවසා දරුව කුමක් කරදැයි විමසුවේය. බොහෝ ගැල් සිය ගණනක් යවා රන් ගෙන එන්නැයි පැවසීය. රජු ගැල් යැවීය. රාජ පුරුෂයන් රජු අයත් ඒවායි ගන්නවිට ගත් ගත් රන් මැටි පිඩු විය. ඔවුන් ගොස් මේ කරුණ රජුට දන්වා සිටිය විටදී කුමක් කියා ගත්තේ දැයි විමසා රජුගේ යයි කියා ගත් බව පැවසූවිට එලෙස නොව පුණ්ණගේ රන් යයි පවසා ගන්නා ලෙසට කියා නැවත යැවුහ. එසේ කියාගත් විට ගත් ගත් පස් පිඬු පිරවිය. ඒ සියලු රන් කැට ගෙනවුත් රාජාඞ්ගනයේ අසුරියනක් උසට ගොඩ ගැසුහ. රජු නගර වාසීන් එක්රැස්කර මෙම නගරයේ මෙතරම් ධනයක් ඇති කෙනෙක් සිටිදැයි විමසා නැතැයි පැවසුවිට මොහුට කුමක් දීම වටීදැයි විමසීය. සිටු තනතුර යයි පැවසුහ. (සෙට්ඨිජාතක) රජතුමා ඔහුට බහුධන සෙයි යනුවෙන් නම් කර මහත් භෝග සම්පත් සමග ඔහුට සිටු තනතුර දුන්නේය.
එහිදී පුණ්ණ රජුට මෙසේ පැවසුවේය. රජතුමනි ! මට මෙතෙක් කල් අනෙක් අයගේ ගෙවල්වල වාසය කළෙමි. මට නිවසක් දෙන්න යැයි පැවසුවේය. එසේනම් මේ වනරොද බලන්න. මේ වන ලැහැබ ශුද්ධකර ගෙයක් කරන්න. එය පැරණි සිටුවරයෙකුගේ මැදුරක් තිබුන තැනක. සාදන්නට කීවේය. ඔහු එතැන දින කීපයකින්ම ගෙයක් කරවා ගෙට පිවිසෙන උත්සවය ද සිටුතනතුර ලබන උත්සවයද එකට කරන්නේ සත් දිනක් බුද්ධ ප්‍රමුඛ මහාසංඝයාට දන් දුන්නේය. අනතුරුව බුදුහු දාන අනුසස් අනුමෝදනා දේශනය කරමින් අනුපිළිවල කථාව පැවසුහ. ධර්ම දේශනය අවසානයේ පුණ්ණ සිටු වරයා ද බිරිඳ ද – උක්තරා දියණිය ද යන තිදෙන සෝවාන් ඵලයට පත්වූහ.