ධම්මික සූත්‍ර වර්ණනාව
මෙසේ පෙහෙවස් අංග දක්වා දැන් පෙහෙවස් කාලය සඳහන් කරමින් තතොච පක්‍ඛස්ස යන ගාථාව වදාළහ. තතො පද පිරවීමට යෙදූ නිපාතයකි. පක්‍ඛස්සුපවස්සුපොසථං යැයි මෙසේ පසුපදය යෙදිය යුතුය. පක්‍ඛස්ස චාතුද්දසී පඤ්චදසී අට්ඨමී මේ දින තුනෙහි පෙහෙවස් වසව, ඒ අටසිල් සමාදන්ව කල්ගතකොට, පාටිහාරිය පක්‍ඛඤ්ච වස් එළඹෙන මුල්කොටස වූ ඇසළ මාසයත්, වස් කාලයට ගැනෙන තුන් මාසයත්, ඉල් මාසයත් යන මාස පහ පාටිහාරිය පක්‍ඛ යැයි හඳුන්වනු ලබයි. ඇතමෙක් ඇසළ, ඉල්, මැදින් යන මාස තුන දක්වති. පෙහෙවස් සමාදන් වන (පොහොය යයි සම්මත) දිනවල පුරපස වැනි කොටස් අනුව, මුලින් හා පසු දවස් ලෙස, දහතුන්වන දිනය, පසළොස්වක දිනය, අමාවක දිනට පසු හත්වන, නවවන දිනය සේ දින සතර සතර බැගින් සැළකිය යුතු බව ඇතැම්වූ අදහස් කරති. එය කැමති පරිදි පිළිගත යුතුය. පින් කිරීමට බිය විය යුතු නොවේ. මෙම (පොහොය යැයි) සම්මත වෙසෙස් කාලය අනුවද මුළුමනින්ම එක්දිනක් හෝ අත්නොහැර, පෙහෙවස් වසන්නේ යැයි ගැළපිය යුතුය.
චතුමහාරාජ සුත‍්ත වණ‍්ණනා
පාටිහාරියපක්‍ඛංච යනු මෙහි පාටිබාරිය පක්‍ඛ නම් ඇතුළු වස තෙමස නිබඳ උපොෂථයයි. එය නොහැකිවන්නාට පවාරණ දෙක අතුරෙහි එක්මසක් නිබඳ පොහොයයි. එයද නොහැකිවන්නාට පළමුපවාරණයෙහි පටන් එක් අඩමසක් පාටිහාරිය පක්‍ෂයයි. අට්ඨඞ්ග සුසුමාගතං යනු ගුණ අටකින් යුක්තවූයි. යොපස්ස මාදිසො නරො යනු යම් සත්වයෙක් මාබඳුවන්නේය. ශක්‍රයා වනාහි කියනලද ආකාරඇති උපොෂථ කර්‍මයෙහි ගුණය දැන දෙදෙව්ලොව සැපත් අත්හැර මාසයට අටවරක් පෙහෙවස් රකියි. එබැවින් මෙසේ කියනලදි. මෙබඳුවූ උපොෂථකර්‍මයෙන් ශක්‍රසම්පත්තියට පැමිණීමට හැක්කේය යන මෙය මෙහි අදහසයි.
සානු සූත්‍ර වර්ණනාව
පාටිහාරියපක්‍ඛඤ්ච මිනිස්සු අටවක උපෝසථයට ඉදිරියෙනුත් පසුවත් කරන්නෙමු යි සත්වැනි දිනත් නව වැනි දිනත් උපෝසථ අංග සමාදන් වෙති. තුදුස්වක හා පසළොස්වක දිනවලත් පෙරත් පසුත් (උපෝසථ) කරන්නාහු දහතුන් වැනි දනිත්, පුරපස පළමු වන දිනත් සමාදන් වෙති. වස් විසීම අනුගමනය කරන්නමෝ යි පවාරණ දෙක අතරේ අඩමසක් නො කඩවවා පෙහෙවස් විසීම කරන්නාහු ය. මේ අරභයා ප්‍රාතිහාර්ය පක්ෂය යි කියන ලදි.