මණිරතනං

පුන චපරං ආනන්‍ද, රඤ‍්ඤො මහාසුදස‍්සනස‍්ස මණිරතනං පාතුරහොසි. සො අහොසි මණි වෙළුරියො සුභො ජාතිමා අට‍්ඨංසො සුපරිකම‍්මකතො අච‍්ඡො විප‍්පසන‍්නො සබ‍්බාකාරසම‍්පන‍්නො. තස‍්ස ඛො පනානන්‍ද, මණිරතනස‍්ස ආභා සමන‍්තා යොජනං ඵුටා අහොසි. භූතපුබ‍්බං ආනන්‍ද, රාජා මහාසුදස‍්සනො තමෙව මණිරතනං වීමංසමානො චතුරඞ‍්ගිනිං සෙනං සන‍්නය‍්හිත්‍වා මණිං ධජග‍්ගං ආරොපෙත්‍වා රත‍්තන්‍ධකාරතිමිසායං පායාසි. යෙ ඛො පනානන්‍ද, සමන‍්තා ගාමා අහෙසුං, තෙ තෙනොභාසෙන කම‍්මන‍්තෙ පයොජෙසුං දිවාති මඤ‍්ඤමානා. රඤ‍්ඤො ආනන්‍ද, මහාසුදස‍්සනස‍්ස එවරූපං මණිරතනං පාතුරහොසි.

මිණිරුවන

තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට මිණි රුවනෙක් පහළ විය. එය සොඳුරු වූ පිරිසිදු ආකරයෙහි උපන, අටැස්, මොනොවට පිරියම් කරන ලද, පැහැදිලි වූ, වෙසෙසින් පහන් වූ, සියලු අයුරින් සම්පූර්‍ණ වූ වෙරළුමිණෙක. අනඳයෙනි, ඒ මිණිරුවනේ එළිය හාත්පස යොත්නක් තැන් පැතිරැ පැවැත්තේ විය. අනඳයෙනි, ඒ පෙරැ දැයක් කියම්. මහසුදසුන් රජ එ ම මිණිරුවන විමසනුයේ, සිවුරඟ සෙන් සන්නාහ සන්නද්ධ කොට, මිණි රුවන දද මුදුනට නංවා, රෑ ගනඳුරෙහි නික්මුණේ ය. අනඳයෙනි, හාත්පසැ යම් ගම් කෙනෙක් වූහු ද, ඔහු ‘දහවලැ’ යි හඟනාහු, ඒ එළියෙන් වැඩ ඇරැඹුහු. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙ බඳු වූ මිණිරුවනෙක් පහළ විය.

“අනාවකුලා වෙළුරියූපනීලා, චතුද‍්දිසං අම‍්බවනං සුරම‍්මං;
පක‍්කා ච පෙසී ච ඵලා සුඵුල‍්ලා, නිච‍්චොතුකා ධාරයන‍්තී ඵලානී”ති.

එහි සමව පිහිටියා වූ භූමිය වේ. වෛධූර්ය බඳු නිල් පැහැ ඇති පොකුණු වේ. එහි සිව් දිග්හි ඉතා රම්‍ය වූ අඹ වනය වේ.
එහි ඇසුණා වූ ද, තරණ වූ ද ඵල හටගත් අඹ ගස් වේ. ඒ අඹගස් හැම සෘතුවේම ඵල දරන්නේය.

තත්‍ථ අසක‍්ඛරාති යා තත්‍ථ භූමි පාසාණසක‍්ඛරරහිතා මුදු සුභා කඤ‍්චනරජතමණිමයා සත‍්තරතනවාලුකාකිණ‍්ණා. නීචත‍්තිණාති ඉන්‍දගොපකපිට‍්ඨිසදිසවණ‍්ණෙහි නීචතිණෙහි සමන‍්නාගතා. අප‍්පරජාති පංසුරහිතා. යත්‍ථ ජහන‍්ති සොකන‍්ති යත්‍ථ පවිට‍්ඨමත‍්තාව නිස‍්සොකා හොන‍්ති. අනාවකුලාති න අවකුලා අඛාණුමා උපරි උක‍්කුලවිකුලභාවරහිතා වා සමසණ‍්ඨිතා. වෙළුරියූපනීලාති වෙළුරියෙන උපනීලා, තස‍්මිං නාගභවනෙ වෙළුරියමයා පසන‍්නසලිලා නීලොභාසා අනෙකවණ‍්ණකමලුප‍්පලසඤ‍්ඡන‍්නා පොක‍්ඛරණීති අත්‍ථො. චතුද‍්දිසන‍්ති තස‍්සා පොක‍්ඛරණියා චතූසු දිසාසු. පක‍්කා චාති තස‍්මිං අම‍්බවනෙ අම‍්බරුක‍්ඛා පක‍්කඵලා ච අඩ‍්ඪපක‍්කඵලා ච තරුණඵලා ච ඵුල‍්ලිතායෙවාති අත්‍ථො. නිච‍්චොතුකාති ඡන‍්නම‍්පි උතූනං අනුරූපෙහි පුප‍්ඵඵලෙහි සමන‍්නාගතාති.

එහි අසක්ඛරා යනු, එම භූමි භාගයෙහි, ගල්කැට කැබිලිති රහිත වූවේ, මෘදු යහපත් රත්රන් මැණික් රිදීමය වූ, සත්රුවන් වැල්ලෙන් ගැවසුණු පිරුණු යන අර්ථයයි. නීවතිණා යනු උඳුගොව්වන්ගේ පිටට සමාන වර්ණ ඇති නව තණකොළවලින් සමන්විත බවයි. අප්පරජා යනු පස් රහිත යනුයි. යත්‍ථ ජහන්ති සොකං යනු, යම්තැනක පිවිසි පමණින් ම නිශ්ශෝකි වෙත් ද? අනාවකුලා යනු, අවුල් වියවුල් නොවූ, උස් මිටි තැන් සම වූ භූමිය මනාව පිහිටියේ. වේළුරියූපනීලා යනු, ඒ නාග භවනයෙහි ඝනව වැඩුණු උණගස්වල නිල් සෙවනැල්ලෙන් ද ප්‍රසන්න වූ සිසිල් දියෙන් ද, නා නා වර්ණ පියුම් උපුල් ආදී මල්වලින්ද පිරී පවත්නා වූ පොකුණු ඇත්තාහ. චතුද්දිසං යන සතර දිශාවලම පැතිරුණු පොකුණුය. පක්කා වා යනු ඒ අඹ වනයේ අඹගස් පැසුණු ගෙඩිවලින් ද අඩක් පැසුණු ගෙඩිවලින් ද අළුත් ගෙඩිවලින් ද පිරී ඇත’ අර්ථයි. නිච්චොතුක යනු යම් සෘතුවක් මල්වලින් හා ගෙඩිවලින් සමන්විත වූයේ යන අර්ථයයි.

මණීති වෙළුරියාදිතො අඤ්ඤො ජොතිරසාදිභෙදො සබ්බො මණි. වෙළුරියොති අල්ලවෙළුවණ්ණො මණි, “මජ්ජාරක්ඛිමණ්ඩලවණ්ණො”තිපි වදන්ති. සඞ්ඛොති සාමුද්දිකසඞ්ඛො. සිලාති මුග්ගවණ්ණා අතිසිනිද්ධා කාළසිලා. මණිවොහාරං අගතා රත්තසෙතාදිවණ්ණා සුමට්ඨාපි සිලා අනාමාසා එවාති වදන්ති. සාරත්ථදීපනියං (සාරත්ථ· ටී· 2.281) පන “සඞ්ඛොති සාමුද්දිකසඞ්ඛො. සිලාති කාළසිලාපණ්ඩුසිලාසෙතසිලාදිභෙදා සබ්බාපි සිලා”ති වුත්තං. පවාළං සමුද්දතො ජාතනාතිරත්තමණි. රජතන්ති කහාපණමාසාදිභෙදං ජතුමාසාදිං උපාදාය සබ්බං වුත්තාවසෙසරූපියං ගහිතං. ජාතරූපන්ති සුවණ්ණං. ලොහිතඞ්කොති රත්තමණි. මසාරගල්ලන්ති කබරවණ්ණො මණි. “මරකත”න්තිපි වදන්ති.

 

  1. මෙහි පැහැදිලිවම මාණික්‍ය රතනය විස්තර කරද්දී පැති අටක් ඇති බව සඳහන් කර ඇත.
  2. මෙහි වෙළුරිය නම් මාණික්‍ය නිල් රශ්මිය විහිදුවන බව සඳහන් වෙයි.
  3. මෙහි බළල් අක්ෂි මණ්ඩලය වැනි යැයි අන්‍ය ( මිථ්‍යා ) මතවාදයක් ඇති බව සඳහන් ය.
  4. සඳහන් කළ යුත්තේ මාණික්‍ය රතනය , නිල් මැණිකක් බවයි. එය වෛරෝඩියක් නොවේ.
  5. නමුත් වෙළුරිය යන වචනය බොහෝමයක් ස්ථානයන් හි පරිවර්තනය කර ඇත්තේ වෛරෝඩි ලෙසය එය වැරදි පරිවර්ථනයකි. වෛරෝඩිය යනු වටකුරු, රවුම් හැඩයකට ආසන්න ලෙස නිමාවෙන මාණික්‍යකි. එය catseye ලෙස ( බළල් ඇස ) ද හදුන්වයි.