බුද්ධ කාලයෙහි ඒ ඒ තැන භික්‍ෂුවක් හෝ වාසය කළේය. ඒ සියළු තන්හිම බුද්ධාසන පනවන ලද්දේම වේ. කවර හෙයින්ද යත්, තමන් සමීපයෙන් කමටහන් ගෙන පහසු තැන්වලට ගිය භික්‍ෂූන් වහන්සේලා පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ (වරින්වර) සිහිකරන සේක. අසවල් භික්‍ෂුව මා සමීපයෙන් කමටහන් ගෙන ගියේය. ඔහුට මාර්ගාධිගමයක් උපදවන්නට හැකිවීද නැද්දැයි උන්වහන්සේ ඔවුන් පිළිබඳ බලති. එකල්හි ඔව්හූ කමටහන් හැර දමා අකුසල විපාකයක් උපදවාගෙන සිටීනම්, උන්වහන්සේ දකිති. නැවත, මා සමාන වූ ශාස්තෲවරයෙකු සමීපයෙන් කර්මස්ථාන ගෙන වසන්නා වූ මේ කුලපුත්‍රයා අකුශල විතර්කයන් මැඩපවත්වා අනවරාග්‍ර වූ මේ සංසාර දුකෙහි ගිල්වන්නේ කෙසේදැයි ඔහුට අනුග්‍රහ පිණිස ඒ කුලපුත්‍රයාට එහිදීම තමන් දක්වා ඒ කුලපුත්‍රයාට අවවාද කොට අහසින් තමන් වසන තැනටම වැඩමවන්නේ ය. එකල්හි ඔවදන් ලබන්නා වූ භික්‍ෂුව මෙසේ සිතයි. ශාස්තෲන් වහන්සේ අපගේ සිත් දැන වැඩමවා අපගේ සමීපයේ සිටම අපට දක්වන්නේ ය. ඒ අවස්ථාවේ මෙහි වැඩ සිටින්න, මෙහි වැඩ සිටින්න යැයි අසුන් සෙවීම කළ නො හැක්කේය. ඒ නිසා බුදුන් සඳහා ආසන පනවාම ඔහු වාසය කරති. යමෙකුට පුටුවක් ඇත්ද ඔහු එය පනවයි. යමෙකුට නැත්තේද, හෙතෙම ඇඳක් හෝ පුවරුවක් හෝ, ලී කොටයක් හෝ ගලක් හෝ වැලි ගොඩක් හෝ ඒ සඳහා පනවයි. එයත් නො ලබන්නාහු පැරණි පරණලා රැස්කොට ඒ මත පාංශුකූල රෙද්දක් අතුරා තබති. මේ වනාහි ස්වභාවිකවම පනවන ලද්දා වූ අසුනක් වන්නේ ය.